යෙදුමෙන් කියවන්න

10. උට‍්ඨාන සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

10. උට‍්ඨාන සුත‍්තවණ‍්ණනා

10. උට්ඨාන සූත්‍ර වර්ණනාව

උට‍්ඨහථාති උට‍්ඨානසුත‍්තං. කා උප‍්පත‍්ති? එකං සමයං භගවා සාවත්‍ථියං විහරන‍්තො රත‍්තිං ජෙතවනවිහාරෙ වසිත්‍වා පුබ‍්බණ‍්හසමයං භික‍්ඛුසඞ‍්ඝපරිවුතො සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පාචීනද‍්වාරෙන නගරා නික‍්ඛමිත්‍වා මිගාරමාතුපාසාදං අගමාසි දිවාවිහාරත්‍ථාය. ආචිණ‍්ණං කිරෙතං භගවතො රත‍්තිං ජෙතවනවිහාරෙ වසිත්‍වා මිගාරමාතුපාසාදෙ දිවාවිහාරූපගමනං, රත‍්තිඤ‍්ච මිගාරමාතුපාසාදෙ වසිත්‍වා ජෙතවනෙ දිවාවිහාරූපගමනං. කස‍්මා? ද‍්වින‍්නං කුලානං අනුග‍්ගහත්‍ථාය මහාපරිච‍්චාගගුණපරිදීපනත්‍ථාය ච. මිගාරමාතුපාසාදස‍්ස ච හෙට‍්ඨා පඤ‍්ච කූටාගාරගබ‍්භසතානි හොන‍්ති, යෙසු පඤ‍්චසතා භික‍්ඛූ වසන‍්ති. තත්‍ථ යදා භගවා හෙට‍්ඨාපාසාදෙ වසති, තදා භික‍්ඛූ භගවතො ගාරවෙන උපරිපාසාදං නාරුහන‍්ති. තං දිවසං පන භගවා උපරිපාසාදෙ කූටාගාරගබ‍්භං පාවිසි, තෙන හෙට‍්ඨාපාසාදෙ පඤ‍්චපි ගබ‍්භසතානි පඤ‍්චසතා භික‍්ඛූ පවිසිංසු. තෙ ච සබ‍්බෙව නවා හොන‍්ති අධුනාගතා ඉමං ධම‍්මවිනයං උද‍්ධතා උන‍්නළා පාකතින්‍ද්‍රියා. තෙ පවිසිත්‍වා දිවාසෙය්‍යං සුපිත්‍වා සායං උට‍්ඨාය මහාතලෙ සන‍්නිපතිත්‍වා “අජ‍්ජ භත‍්තග‍්ගෙ තුය‍්හං කිං අහොසි, ත්‍වං කත්‍ථ අගමාසි, අහං ආවුසො කොසලරඤ‍්ඤො ඝරං, අහං අනාථපිණ‍්ඩිකස‍්ස, තත්‍ථ එවරූපො ච එවරූපො ච භොජනවිධි අහොසී”ති නානප‍්පකාරං ආමිසකථං කථෙන‍්තා උච‍්චාසද‍්දමහාසද‍්දා අහෙසුං.

උට්ඨහථ යනු උට්ඨාන සූත්‍රයයි. එය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? එක් සමයෙක, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩ වසද්දී, රැය ජේතවන විහාරයෙහි ගතකොට උදෑසන බික්සඟන පිරිවරා පිඬු පිණිස හැසිර, බටහිර දොරටුවෙන් නගරයෙන් නික්ම දිවා කාලය ගතකිරීමට මිගාරමාතු පහයට වැඩියහ. ජේතවන විහාරයෙහි රැය ගතකොට දිවාකල විහරණයට මිගාරමාතු පහයට වැඩම කිරීමත්, රැය මිගාරමාතු පහයෙහි ගතකොට ජේතවනාරාමයෙහි දිවා විහරණයත් භාග්‍යවතුන් වහන්සේගේ පුරුද්දකි. කවර හෙයින්ද? කුල දෙකටම දහමෙන් උපකාර කිරීම පිණිසත්, දීමෙහි - ආසාව අත්හැර දැමීමේ ගුණ පැහැදිලි කර දෙනු පිණිසය. මිගාරමාතු පහයෙහි යට (බිම් මහලෙහි) කුළුගෙවල කාමර පන්සියයකි. පන්සියයක් මහසඟණ වසති. යම්විටක එහි භාග්‍යවතුන් වහන්සේ බිම් මහලෙහි වැඩසිටිත්ද, උන්වහන්සේට ගරු කරනු වස් උඩුමහලට මහසඟන නොනඟිති. එදින භාග්‍යවතුන් වහන්සේ මතු මහලෙහි කුළුගෙවල කාමරයට පිවිසියහ. එවිට යටමහලෙහි කාමර පන්සියයට පන්සියයක් මහණහු පිවිසියහ. ඒ මහණහු සියල්ලෝම මේ සසුනට එක්ව වැඩිකලක් ගත නොවූ, නවක, නොසන්සුන් උඩඟු අසංවර වූ ඉඳුරන් ඇත්තාහ. ඒ මහණහු එහි පිවිස, දහවල නිදා, සවස් කල පිබිද, බිම් මහලෙහි රැස්ව, ‘අද බත් හලෙහි ඔබ (නොසිටියේ) කුමක් වූවෙහි? ඔබ ගියේ කොහිද? ‘ඇවැත්නි, මම කොසොල් රජගෙදර සිටියෙමි. මම අනේපිඬු සිටු නිවසෙහි සිටියෙමි’, එහි මෙබඳු මෙබඳු ආහාර සකසා තිබුණි. ආදී නොයෙක් ලාභදායී-සුලබ කතා උස්හඬින් මහත් හඬින් කියමින් සිටියහ.

භගවා තං සද‍්දං සුත්‍වා “ඉමෙ මයා සද‍්ධිං වසන‍්තාපි එවං පමත‍්තා, අහො අයුත‍්තකාරිනො”ති මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස ආගමනං චින‍්තෙසි. තාවදෙව ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො භගවතො චිත‍්තං ඤත්‍වා ඉද‍්ධියා ආගම‍්ම පාදමූලෙ වන්‍දමානොයෙව අහොසි. තතො නං භගවා ආමන‍්තෙසි – “එතෙ තෙ, මොග‍්ගල‍්ලාන, සබ්‍රහ‍්මචාරිනො පමත‍්තා, සාධු නෙ සංවෙජෙහී”ති. “එවං භන‍්තෙ”ති ඛො සො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො භගවතො පටිස‍්සුණිත්‍වා තාවදෙව ආපොකසිණං සමාපජ‍්ජිත්‍වා කරීසභූමියං ඨිතං මහාපාසාදං නාවං විය මහාවාතො පාදඞ‍්ගුට‍්ඨකෙන කම‍්පෙසි සද‍්ධිං පතිට‍්ඨිතපථවිප‍්පදෙසෙන. අථ තෙ භික‍්ඛූ භීතා විස‍්සරං කරොන‍්තා සකසකචීවරානි ඡඩ‍්ඩෙත්‍වා චතූහි ද‍්වාරෙහි නික‍්ඛමිංසු. භගවා තෙසං අත‍්තානං දස‍්සෙන‍්තො අඤ‍්ඤෙන ද‍්වාරෙන ගන්‍ධකුටිං පවිසන‍්තො විය අහොසි, තෙ භගවන‍්තං දිස‍්වා වන්‍දිත්‍වා අට‍්ඨංසු . භගවා “කිං, භික‍්ඛවෙ, භීතත්‍ථා”ති පුච‍්ඡි, තෙ “අයං, භන‍්තෙ, මිගාරමාතුපාසාදො කම‍්පිතො”ති ආහංසු . “ජානාථ, භික‍්ඛවෙ, කෙනා”ති? “න ජානාම, භන‍්තෙ”ති. අථ භගවා “තුම‍්හාදිසානං, භික‍්ඛවෙ, මුට‍්ඨස‍්සතීනං අසම‍්පජානානං පමාදවිහාරීනං සංවෙගජනනත්‍ථං මොග‍්ගල‍්ලානෙන කම‍්පිතො”ති වත්‍වා තෙසං භික‍්ඛූනං ධම‍්මදෙසනත්‍ථං ඉමං සුත‍්තමභාසි.

භාග්‍යවතුන් වහන්සේ ඒ හඬ අසා ‘මොවුන් මා සමග සිටියදීත් හැසිරෙන්නේ මෙසේය, අහෝ! සිදු නොවිය යුතු දෙයකැ’යි, මුගලන් මහතෙරුන්ගේ පැමිණීම ගැන සිතූහ. එකෙණෙහිම මහමුගලන් හිමි භාග්‍යවතුන් වහන්සේගේ සිත දැන, ඉඳු බලෙන් අවුත් පා වඳිමින්ම සිටියේය. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මුගලන, මේ එක්ව වෙසෙන්නෝ (දහමෙහි) පමා වෙති. ඔවුන් ‘සංවේගයට පත් කරන්නේ නම් මැනවැ’යි මුගලන් හිමියන් ඇමතූහ. ‘එසේය, හිමියනි’යි පිළිවදන් දුන් ගරුකටයුතු මුගලන් හිමි, එකෙණෙහිම ආපො කසිණයට සමවැද, කාණුව පිහිටි තැන සිට මහ පහය මහා සුළඟට අසු වූ නැවක් මෙන් පා ඇඟිල්ලෙන් කම්පා කළහ. සෙලවූහ. එවිට ඒ මහණහු බයවී, විලාප නඟමින් තම තමන්ගේ සිවුරු ද ඉවත ලා දොරටු සතරින්ම නික්මුණහ. භාග්‍යවතුන් වහන්සේ, ඒ මහණුන්ට පෙනෙන පරිදි වෙනත් දොරටුවකින් සුවඳ කුටියට පිවිසෙන්නාක් මෙන් වූහ. ඒ මහණහු දැක වැන්දාහ. ‘මහණෙනි, කිනම් දෙයකට බිය වූවෝදැ’යි ඇසූහ. ‘හිමියනි, මේ මිගාරමාතු පහය කම්පා වී සෙලවුණේ’ යැයි සඟපිරිස කීය. ‘මහණෙනි, එය කවුරුන් විසින් කරන ලදදැ’යි ඔබලා දනිවුද?’ ‘හිමියනි, නොදනිමු’ එවිට භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, ඔබලා වැනි සිහියෙන් කටයුතු නොකරන, සිහි මුළාවූ පමාවූවන්ට සංවේගය දනවනු පිණිස මුගලන් තෙරුන් විසින් කම්පා කරන ලදැයි කියා ඒ මහණුන්ට දහම් දෙනු පිණිස මෙම සූත්‍රය වදාළහ.

තත්‍ථ උට‍්ඨහථාති ආසනා උට‍්ඨහථ ඝටථ වායමථ, මා කුසීතා හොථ. නිසීදථාති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා කම‍්මට‍්ඨානානුයොගත්‍ථාය නිසීදථ. කො අත්‍ථො සුපිතෙන වොති කො තුම‍්හාකං අනුපාදාපරිනිබ‍්බානත්‍ථාය පබ‍්බජිතානං සුපිතෙන අත්‍ථො. න හි සක‍්කා සුපන‍්තෙන කොචි අත්‍ථො පාපුණිතුං. ආතුරානඤ‍්හි කා නිද‍්දා, සල‍්ලවිද‍්ධාන රුප‍්පතන‍්ති යත්‍ර ච නාම අප‍්පකෙපි සරීරප‍්පදෙසෙ උට‍්ඨිතෙන චක‍්ඛුරොගාදිනා රොගෙන ආතුරානං එකද‍්වඞ‍්ගුලමත‍්තම‍්පි පවිට‍්ඨෙන අයසල‍්ලඅට‍්ඨිසල‍්ලදන‍්තසල‍්ලවිසාණසල‍්ලකට‍්ඨසල‍්ලානං අඤ‍්ඤතරෙන සල‍්ලෙන රුප‍්පමානානං මනුස‍්සානං නිද‍්දා නත්‍ථි, තත්‍ථ තුම‍්හාකං සකලචිත‍්තසරීරසන‍්තානං භඤ‍්ජිත්‍වා උප‍්පන‍්නෙහි නානප‍්පකාරකිලෙසරොගෙහි ආතුරානඤ‍්හි කා නිද‍්දා රාගසල‍්ලාදීහි ච පඤ‍්චහි සල‍්ලෙහි අන‍්තොහදයං පවිසිය විද‍්ධත‍්තා සල‍්ලවිද‍්ධානං රුප‍්පතං.

උට්ඨහථ අලස කමින් නැගිටිවු, උත්සාහ කරව්, වෑයම් කරවු, කම්මැලි නොවව්, නිසීදථ පලක් බැඳ කමටහනට ගැලපෙන අයුරු හිඳිවු, කො අත්‍ථො සුපිතෙන වො කෙලෙස් නැති කිරීම පිණිස පැවිදි වූ ඔබලාට නිදීමෙන් ඇති පලය කුමක්ද? නිදාගන්නා තැනැත්තෙකු විසින් කිසිදු යහපතක් මුදුන්පත් කරගත නොහැකිය. ආතුරානං කා නිද්දා සල්ල විද්ධාන රුප්පතං සිරුරෙහි ඉතා සුළු කොටසක හටගත් ඇස් රෝගයක් ආදියෙන් පෙළෙන විටද, අඟලක්, අඟල් දෙකක් තරම් වූ යකඩ උලක්, උල් වූ ඇට කැබැල්ලක්, උල් වූ දත් කැබැල්ලක්, උල් වූ අං කෑල්ලක්, උල් වූ දර කැබැල්ලක් වැනි එක්තරා උලක් ඇනී වේදනා දැනෙන විට ඒ මිනිසුන්ට නින්ද නැත. එසේම මුළු සිතත්, සිරුරත් බිඳගෙන හටගත් නොයෙක් ආකාර වූ කෙලෙස් රෝගවලින් පීඩිත වූ ඔබලාට කුමන නින්දක්ද? රාග ආදී උල් පහක් හදවත ඇතුලට පිවිස විඳින ලද බැවින් සල්ලවිද්ධාන රුප්පතං වේ.

එවං වත්‍වා පුන භගවා භිය්‍යොසොමත‍්තාය තෙ භික‍්ඛූ උස‍්සාහෙන‍්තො සංවෙජෙන‍්තො ච ආහ – “උට‍්ඨහථ…පෙ… වසානුගෙ”ති. තත්‍රායං සාධිප‍්පායයොජනා අත්‍ථවණ‍්ණනා – එවං කිලෙසසල‍්ලවිද‍්ධානඤ‍්හි වො, භික‍්ඛවෙ, කාලො පබුජ‍්ඣිතුං. කිං කාරණං? මණ‍්ඩපෙය්‍යමිදං, භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියං, සත්‍ථා සම‍්මුඛීභූතො, ඉතො පුබ‍්බෙ පන වො දීඝරත‍්තං සුත‍්තං, ගිරීසු සුත‍්තං, නදීසු සුත‍්තං, සමෙසු සුත‍්තං, විසමෙසු සුත‍්තං, රුක‍්ඛග‍්ගෙසුපි සුත‍්තං අදස‍්සනා අරියසච‍්චානං, තස‍්මා තස‍්සා නිද‍්දාය අන‍්තකිරියත්‍ථං උට‍්ඨහථ නිසීදථ දළ‍්හං සික‍්ඛථ සන‍්තියා.

මෙසේ කියා, භාග්‍යවතුන් වහන්සේ වඩ වඩාත් ඒ මහණුන් උත්සාහවත් කරමින් සංවේගයට පත් කරනු පිණිස නැවත උට්ඨහථ... වසානුගෙ යන ගාථාව වදාළහ. මේ එහි අදහස් කෙරෙන අරුත් විස්තර දැක්වීමයි. ‘මහණෙනි, මෙසේ කෙලෙස් උලෙන් විඳිනු ලබන ඔබලාට පිබිදීමට කාලයයි. ඊට හේතු කවරේද? ‘මහණෙනි, මගපෙන්වන නායකයෙකු හමුවී ඇති මෙම උසස් හැසිරීම හෙවත් බ්‍රහ්මචරිය හැම අතින්ම ඉහළය. මීට පෙර ඔබලා උතුම් ඇත්ත නොදැක (එය අවබෝධ කිරීමේ අදහසින්) දිගුකලක් උස්පව්වල නිදාගත්තහු, ගංගා (ඉවුරුවල) නිදාගත්තහු, සම නොසම රුක්මුදුන්හි නිදාගත්තහු, එහෙයින් නිදීම අවසන් කරනු පිණිස, (සිතෙහි) සන්සුන් බව පතා නැගී සිටිව්, හිඳිව්, දැඩිසේ හික්මෙව්,

තත්‍ථ පුරිමපාදස‍්සත්‍ථො වුත‍්තනයො එව. දුතියපාදෙ පන සන‍්තීති තිස‍්සො සන‍්තියො – අච‍්චන‍්තසන‍්ති, තදඞ‍්ගසන‍්ති, සම‍්මුතිසන‍්තීති, නිබ‍්බානවිපස‍්සනාදිට‍්ඨිගතානමෙතං අධිවචනං. ඉධ පන අච‍්චන‍්තසන‍්ති නිබ‍්බානමධිප‍්පෙතං, තස‍්මා නිබ‍්බානත්‍ථං දළ‍්හං සික‍්ඛථ, අසිථිලපරක‍්කමා හුත්‍වා සික‍්ඛථාති වුත‍්තං හොති. කිං කාරණං? මා වො පමත‍්තෙ විඤ‍්ඤාය, මච‍්චුරාජා අමොහයිත්‍ථ වසානුගෙ , මා තුම‍්හෙ “පමත‍්තා එතෙ”ති එවං ඤත්‍වා මච‍්චුරාජපරියායනාමො මාරො වසානුගෙ අමොහයිත්‍ථ, යථා තස‍්ස වසං ගච‍්ඡථ, එවං වසානුගෙ කරොන‍්තො මා අමොහයිත්‍ථාති වුත‍්තං හොති.

එහි මුල් පදයෙහි අරුත කියන ලද පරිදිය. දෙවන පදයෙහි සන්තී සන්හිඳීම් තුනකි. අච්චන්ත සන්ති, තදංග සන්ති, සම්මුති සන්ති යනුවෙනි. නිවන අරමුණු කොට විදසුන් දැක්වූවනට සමාන වචනයකි. මෙහි සසර සීමා ඉක්ම වූ (අච්චන්ත) නිවණ අදහස් වේ. එහෙයින් නිවන පිණිස දළ්හං සික්‍ඛථ දැඩි උත්සාහවත්ව හික්මෙවු යැයි කුමක් නිසා කියන ලදද? මා වො පමත්තෙ විඤ්ඤාය මච්චුරාජා අමොහයිත්‍ථ වසානුගෙ ඔබලා එසේ පමා වූ බව දැන, ‘මරණය’ නම් වූ මාර වසඟයට ගොස් මුළා නොවවු - යම්සේ මරු වසඟයට යවුද, ඊට අනුකූලව කටයුතු කිරීමට ගොස් මුලා නොවවු යැයි කියන ලදී.

යතො තස‍්ස වසං අනුපගච‍්ඡන‍්තා යාය දෙවා මනුස‍්සා ච…පෙ… සමප‍්පිතා, යාය දෙවා ච මනුස‍්සා ච අත්‍ථිකා රූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බත්‍ථිකා, තං රූපාදිං සිතා නිස‍්සිතා අල‍්ලීනා හුත්‍වා තිට‍්ඨන‍්ති, තරථ සමතික‍්කමථ එතං නානප‍්පකාරෙසු විසයෙසු විසටවිත්‍ථිණ‍්ණවිසාලත‍්තා විසත‍්තිකං භවභොගතණ‍්හං. ඛණො වො මා උපච‍්චගා, අයං තුම‍්හාකං සමණධම‍්මකරණක‍්ඛණො මා අතික‍්කමි. යෙසඤ‍්හි අයමෙවරූපො ඛණො අතික‍්කමති, යෙ ච ඉමං ඛණං අතික‍්කමන‍්ති, තෙ ඛණාතීතා හි සොචන‍්ති නිරයම‍්හි සමප‍්පිතා, නිරස‍්සාදට‍්ඨෙන නිරයසඤ‍්ඤිතෙ චතුබ‍්බිධෙපි අපායෙ පතිට‍්ඨිතා “අකතං වත නො කල්‍යාණ”න‍්තිආදිනා නයෙන සොචන‍්ති.

යම් හෙයකින් ඔහුගේ වසඟයට යන්නෝ, යාය දෙවා මනුස්සා දෙවියෝ ද මිනිසුන් ද ඇතුලත් වෙති. අත්‍ථිකා රුවට හඬට පහසට කැමති දෙවියෝද මිනිස්සු ද ඒ රූප දැකීම් ආදියෙහි සිතා තදින් ඇසුරුකොට, ඇලී ගැලී තිට්ඨන්ති, තරථ එය ඉක්මවා යවු, එතං ඒ නොයෙක් ආකාර වූ දේවල් කෙරෙහි, විසාල ලෙස පැතිර ගිය බැවින්, විහිද ගිය බැවින් වතුපිටි භවභෝග ආදී සම්පත්වලට ඇති ආසාව විසත්තිකං, ඛණෙ වො මා උපච්චගා මේ ඔබලාගේ මහණදම් සපුරන මොහොත කාලය ඉක්මවා නොයවු. යම් තැනැත්තෙක් මෙබඳු මොහොතක් ඉක්මවයිද, (මේ ලද මොහොතේ එසේ සුදුසු පරිදි කටයුතු නොකරයිද) තැනැත්තෝ මේ මොහොත ඉක්මවති. ඛණ්තීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා සැනසීමක් සැපයක් නොවන හෙයින් නිරය යැයි කියන ලද සතර අපායෙහි ඉපිද යහපත් කටයුතු නොකරන ලදැයි සෝක කරති.

එවං භගවා තෙ භික‍්ඛූ උස‍්සාහෙත්‍වා සංවෙජෙත්‍වා ච ඉදානි තෙසං තං පමාදවිහාරං විගරහිත්‍වා සබ‍්බෙව තෙ අප‍්පමාදෙ නියොජෙන‍්තො “පමාදො රජො”ති ඉමං ගාථමාහ. තත්‍ථ පමාදොති සඞ‍්ඛෙපතො සතිවිප‍්පවාසො, සො චිත‍්තමලිනට‍්ඨෙන රජො. තං පමාදමනුපතිතො පමාදානුපතිතො, පමාදානුපතිතත‍්තා අපරාපරුප‍්පන‍්නො පමාදො එව, සොපි රජො. න හි කදාචි පමාදො නාම අරජො අත්‍ථි. තෙන කිං දීපෙති? මා තුම‍්හෙ “දහරා තාව මයං පච‍්ඡා ජානිස‍්සාමා”ති විස‍්සාසමාපජ‍්ජිත්‍ථ. දහරකාලෙපි හි පමාදො රජො, මජ‍්ඣිමකාලෙපි ථෙරකාලෙපි පමාදානුපතිතත‍්තා මහාරජො සඞ‍්කාරකූටො එව හොති, යථා ඝරෙ එකද‍්වෙදිවසිකො රජො රජො එව, වඩ‍්ඪමානො පන ගණවස‍්සිකො සඞ‍්කාරකූටො එව හොති. එවං සන‍්තෙපි පන පඨමවයෙ බුද‍්ධවචනං පරියාපුණිත්‍වා ඉතරවයෙසු සමණධම‍්මං කරොන‍්තො, පඨමවයෙ වා පරියාපුණිත්‍වා මජ‍්ඣිමවයෙ සුණිත්‍වා පච‍්ඡිමවයෙ සමණධම‍්මං කරොන‍්තොපි භික‍්ඛු පමාදවිහාරී න හොති අප‍්පමාදානුලොමපටිපදං පටිපන‍්නත‍්තා. යො පන සබ‍්බවයෙසු පමාදවිහාරී දිවාසෙය්‍යං ආමිසකථඤ‍්ච අනුයුත‍්තො, සෙය්‍යථාපි තුම‍්හෙ, තස‍්සෙව සො පඨමවයෙ පමාදො රජො, ඉතරවයෙසු පමාදානුපතිතො මහාපමාදො ච මහාරජො එවාති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් උත්සාහවත් කොට සංවේගයට පත්කොට, දැන් පමාවී කල් ගතකිරිම ගැන නින්දා කොට, ඒ සියල්ලන්ම නොපමාව මහණදම්හි යොදවමින් පමාදො රජො යන ගාථාව වදාළහ. පමාදො යනු කෙටියෙන් සිහියෙන් නොසිටීමයි. එය සිත කිලිටිකරන අරුතින් රජො වේ. ඒ පමාවීමට නතු වූයේ පමාදානුපතිතො පමාවට යොමු වූ බැවින් මැරෙන - ඉපදෙන හෙයින් ඒ ලෙසින්ද රජො නම් වේ. කිසිවිටකත් පමාව නම් කෙලෙස්වලින් බැහැරව නැත්තේමය. එයින් පැහැදිලි කරන්නේ කුමක්ද? ‘අපි තවම තරුණ වෙමු. පසුව දැනගන්නෙමු’යි ඔබලා එබඳු තහවුරු කිරිමකට නොපැමිණෙවු, තරුණ කල පමාවද රජො හෙවත් කෙලෙස් වඩා ගැනීමකි. මැද වයසෙහිද තෙර කෙනෙකු බවට පත්කල්හිද පමාවටම නතු වූ බැවින් බොහෝ දුවිලි පිරි කසල ගොඩක්ම වෙයි. යම්සේ නිවසෙහි එක් දිනක්, දෙදිනක් දූවිලි එක්වීමෙන් වසර කිහිපයකදී කසල ගොඩක් එකතු වේද, මෙසේ ඇතිකල්හිදු මුල්කාලයෙහි බුදුවදන ඉගෙන, ඉතිරි කල්හි මහණදම් කිරීමද, මුල් කාලයෙහි ඉගෙන - මැදි වියෙහිදී අසා පැසුළුවියෙහි මහණදම් කරන පැවිද්දා ද පමාවී කල්ගත කරන්නෙක් නොවේ. පමා නොවී, නියම පිළිවෙතට පැමිණ සිටින හෙයිනි. යම් කෙනෙක් හැම වයසෙහිදීම පමාවී වාසය කරමින්, දවල් නිදමින්, අරුත් සුන් බොළඳ කතා කියමින්, ඔබලා මෙන්ම වෙත්ද, ඔහුගේ මුල් වියෙහි පමාවද කෙලෙස් සහිතය. ඉතිරි වයස් කාලවල පමාවෙමින් වැඩී, පමාවට පත්ව, මෙසේ මහාකෙලෙස් එකතු කරගත් කෙනෙකු වේ.

එවං තෙසං පමාදවිහාරං විගරහිත්‍වා අප‍්පමාදෙ නියොජෙන‍්තො ආහ – “අප‍්පමාදෙන විජ‍්ජාය, අබ‍්බහෙ සල‍්ලමත‍්තනො”ති, තස‍්සත්‍ථො – යස‍්මා එවමෙසො සබ‍්බදාපි පමාදො රජො, තස‍්මා සතිඅවිප‍්පවාසසඞ‍්ඛාතෙන අප‍්පමාදෙන ආසවානං ඛයඤාණසඞ‍්ඛාතාය ච විජ‍්ජාය පණ‍්ඩිතො කුලපුත‍්තො උද‍්ධරෙ අත‍්තනො හදයනිස‍්සිතං රාගාදිපඤ‍්චවිධං සල‍්ලන‍්ති අරහත‍්තනිකූටෙන දෙසනං සමාපෙසි. දෙසනාපරියොසානෙ සංවෙගමාපජ‍්ජිත්‍වා තමෙව ධම‍්මදෙසනං මනසි කරිත්‍වා පච‍්චවෙක‍්ඛමානා විපස‍්සනං ආරභිත්‍වා පඤ‍්චසතාපි තෙ භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසූති.

මෙසේ ඒ හිමිවරුන්ගේ පමා විහරණයෙහි දොස් දක්වා, පමානොවීමෙහි යොදවමින් අප්පමාදෙන විජ්ජාය අබ්බහෙ සල්ලමත්තනො යන ගාථාව වදාළහ. එහි අරුත නම්, යම් ආකාරයෙන්, හැමවිටම මේ සියළුම පමාවීම් කෙලෙස්ය. එහෙයින් සිහිය අත් නොහැරීම යයි කියන ලද අප්පමාදෙන, පැසවන කෙලෙස් නැතිකිරීමේ නුවණැයි කියන ලද විජ්ජාය, නුවණැති කුලපුතෙකු අත්තනො තම හදවත ඇසුරුකොට ලැගගත් රාගාදී පස්ආකාර වූ සල්ලං උදුරා දමන්නේ යැයි අරහත් පලය කුළුගන්වමින් දේසනය නිම කළහ. දේසනය අවසන සංවේගයට - තැතිගැනීමට පත්ව, එම දහම් දෙසුමම මෙනෙහි කොට සළකා බලමින් විදසුන් වඩා ඒ පන්සියයක් මහණහු අරහත් පලයෙහි පිහිටියාහ.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය උට‍්ඨානසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

උට්ඨාන සූත්‍ර විස්තරය නිමි.