9. කිංසීලසුත්තවණ්ණනා අට්ඨකථා
9. කිංසීලසුත්තවණ්ණනා
9. කිංසීල සූත්‍ර වර්ණනාව
කිංසීලොති කිංසීලසුත්තං. කා උප්පත්ති? ආයස්මතො සාරිපුත්තස්ස ගිහිසහායකො එකො ථෙරස්සෙව පිතුනො වඞ්ගන්තබ්රාහ්මණස්ස සහායස්ස බ්රාහ්මණස්ස පුත්තො සට්ඨිකොටිඅධිකං පඤ්චසතකොටිධනං පරිච්චජිත්වා ආයස්මතො සාරිපුත්තත්ථෙරස්ස සන්තිකෙ පබ්බජිත්වා සබ්බං බුද්ධවචනං පරියාපුණි. තස්ස ථෙරො බහුසො ඔවදිත්වා කම්මට්ඨානමදාසි, සො තෙන විසෙසං නාධිගච්ඡති. තතො ථෙරො “බුද්ධවෙනෙය්යො එසො”ති ඤත්වා තං ආදාය භගවතො සන්තිකං ගන්ත්වා තං භික්ඛුං ආරබ්භ පුග්ගලං අනියමෙත්වා “කිංසීලො”ති පුච්ඡි. අථස්ස භගවා තතො පරං අභාසි.
කිං සීලො යනු කිංසීල සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? ගරු කටයුතු සැරියුත් හිමිගේ ගිහිකල එක් යහළුවකු වූ, උන්වහන්සේගේ පියා වූ වංගන්ත බමුණාගේ ද යහළු බමුණකුගේ පුතෙක් විය. ඔහු සැටපන් කෝටියටත් වඩා ධනය හැරදමා ගරුකටයුතු සැරියුත් තෙරුන් සමීපයෙහි පැවිදිව සියළු බුදුවදන්ද ඉගෙන ගත්තේය. තෙරුන් වහන්සේ ඒ හිමිට බොහෝ අවවාද කොට කමටහන් දුන්හ. එයින් මගපල වැනි උසස් බවක් නොලැබීය. එවිට සැරියුත් තෙරුන්, ‘මේ හිමියන් ගැන දන්නේ බුදුරදුන්යැ’යි ඒ හිමිද සමග භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, ඒ හිමියන් මුල්කොට, පුද්ගලයෙකු නියම නොකොට, කිං සීලො යැයි ඇසීය. එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩිදුරට කරුණු පැහැදිළි කළහ.
තත්ථ කිංසීලොති කීදිසෙන වාරිත්තසීලෙන සමන්නාගතො, කීදිසපකතිකො වා. කිංසමාචාරොති කීදිසෙන චාරිත්තෙන යුත්තො. කානි කම්මානි බ්රූහයන්ති කානි කායකම්මාදීනි වඩ්ඪෙන්තො. නරො සම්මා නිවිට්ඨස්සාති අභිරතො නරො සාසනෙ සම්මා පතිට්ඨිතො භවෙය්ය. උත්තමත්ථඤ්ච පාපුණෙති සබ්බත්ථානං උත්තමං අරහත්තඤ්ච පාපුණෙය්යාති වුත්තං හොති.
කිං සීලො කෙබඳු වැළකිය යුතු (කරුණු අනුව) සීලයෙන් යුතු වේද? කෙබඳු ගතිගුණ සොබාව තිබිය යුතුද? කිං සමාචාරො කෙබඳු හැසිරිමෙන් යුතු වේද? කානි කම්මානි බ්රෑහයං කයෙන් කෙරෙන කටයුතු කෙබඳු ලෙස විය යුතුද? නරො සම්මා විනිට්ඨස්ස සසුනෙහි ඇල්මෙන් යුතු මිනිසා මැනවින් කටයුතු කරන්නේය. උත්තමත්ථඤ්ච පාපුණෙ හැමවිටම උතුම් අරහත් පලයටද පැමිණෙන්නේ යැයි කියන ලදී.
තතො භගවා “සාරිපුත්තො අඩ්ඪමාසූපසම්පන්නො සාවකපාරමිප්පත්තො, කස්මා ආදිකම්මිකපුථුජ්ජනපඤ්හං පුච්ඡතී”ති ආවජ්ජෙන්තො “සද්ධිවිහාරිකං ආරබ්භා”ති ඤත්වා පුච්ඡාය වුත්තං චාරිත්තසීලං අවිභජිත්වාව තස්ස සප්පායවසෙන ධම්මං දෙසෙන්තො “වුඩ්ඪාපචායී”තිආදිමාහ.
එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘සැරියුත් අඩමසකදී අරහත් පලයට පත්විය. මගපල පත් නොවූ කෙනෙකු මුලින්ම කළ යුතු දේ ගැන පැනයක් අසන්නේ කවර හෙයින්දැ’යි විමසා බලන්නේ, එක්ව වාසය කරන්නෙකු මුල්කොට ගෙන යැයි දැන, අසන ලද පරිදි හැසිරීම් පිළිබඳ වූ සීලය නොපවසාම, ඒ හිමියන්ට සුදුසු වන සේ දහම් දෙසමින්, වද්ධාපචායී ආදී ගාථා වදාළහ.
තත්ථ පඤ්ඤාවුඩ්ඪො, ගුණවුඩ්ඪො, ජාතිවුඩ්ඪො, වයොවුඩ්ඪොති චත්තාරො වුඩ්ඪා. ජාතියා හි දහරොපි බහුස්සුතො භික්ඛු අප්පස්සුතමහල්ලකභික්ඛූනමන්තරෙ බාහුසච්චපඤ්ඤාය වුඩ්ඪත්තා පඤ්ඤාවුඩ්ඪො. තස්ස හි සන්තිකෙ මහල්ලකභික්ඛූපි බුද්ධවචනං පරියාපුණන්ති, ඔවාදවිනිච්ඡයපඤ්හවිස්සජ්ජනානි ච පච්චාසීසන්ති. තථා දහරොපි භික්ඛු අධිගමසම්පන්නො ගුණවුඩ්ඪො නාම. තස්ස හි ඔවාදෙ පතිට්ඨාය මහල්ලකාපි විපස්සනාගබ්භං ගහෙත්වා අරහත්තඵලං පාපුණන්ති. තථා දහරොපි රාජා ඛත්තියො මුද්ධාවසිත්තො බ්රාහ්මණො වා සෙසජනස්ස වන්දනාරහතො ජාතිවුඩ්ඪො නාම. සබ්බො පන පඨමජාතො වයොවුඩ්ඪො නාම. තත්ථ යස්මා පඤ්ඤාය සාරිපුත්තත්ථෙරස්ස සදිසො නත්ථි ඨපෙත්වා භගවන්තං, තථා ගුණෙනපි අඩ්ඪමාසෙන සබ්බසාවකපාරමීඤාණස්ස පටිවිද්ධත්තා. ජාතියාපි සො බ්රාහ්මණමහාසාලකුලෙ උප්පන්නො, තස්මා තස්ස භික්ඛුනො වයෙන සමානොපි සො ඉමෙහි තීහි කාරණෙහි වුඩ්ඪො. ඉමස්මිං පනත්ථෙ පඤ්ඤාගුණෙහි එව වුඩ්ඪභාවං සන්ධාය භගවා ආහ – “වුඩ්ඪාපචායී”ති. තස්මා තාදිසානං වුඩ්ඪානං අපචිතිකරණෙන වුඩ්ඪාපචායී, තෙසමෙව වුඩ්ඪානං ලාභාදීසු උසූයවිගමෙන අනුසූයකො ච සියාති අයමාදිපාදස්ස අත්ථො.
එහි නුවණින් වැඩිහිටි බව, ගුණයෙන් වැඩිහිටි බව, උපතින් වැඩිහිටි බව, වයසින් වැඩිහිටි බව යයි කරුණු සතරකි. උපතින් තරුණ වුවද, බොහෝ දැනුමැති ගුණදම් සපිරූ මහණක නම්, උගත්කමින් අඩු, ගුණදම් සපුරා නැති වැඩිහිටි මහණක අතර, නුවණින් වැඩි බවින් (ඒ තරුණ මහණ) පඤ්ඤාවද්ධො වේ. ඒ තරුණ මහණ සමීපයෙහි මහළු මහණෙක් වුවද බුදුවදන් උගනිති. උපදෙස්, තීරණ, පැන විසඳුම්ද බලාපොරොත්තු වෙති. එසේ තරුණ මහණ ද අවබෝධයෙන් යුතු වූයේ ගුණවද්ධො නම් වේ. ඒ මහණගේ අවවාදයෙහි පිහිටා වැඩිමහල් මහණුද විදසුන් මග වඩා අරහත් පල ලබති. එසේ තරුණ වුවද, අබිසෙස් ලද කැත්කුල රජකු හෝ බමුණකුගේ හෝ අන් ජනයාගේ වැඳුම් ලැබීමට සුදුසු බැවින් ජාතිවද්ධො නම් වේ. සියල්ලටම කලින් මුලින්ම ඇති වූ බැවින් වයොවද්ධො වේ. එහි පැනවත් බවින් බුදුරදුන් හැර, සැරියුත් සමාන වූවෙකු නැත. එසේම අඩමසකින් සියළුම සාවක පාරමී නුවණ - රහත් පල අවබෝධ කළ බැවින් ගුණයෙන් ද උසස්ය. උපතින්ද බමුණු මහසල් කුලයක උපන්නේය. එහෙයින් ඒ මහණුන්ට වයසින් සමාන වුවද, සැරියුත් හිමි මේ කරුණු තුනෙන්ම වැඩිහිටියහ. මේ තේරුමෙන්ද, පැනවත් ගුණයෙන් මෙන්ම වැඩිහිටි බවද අනුව භාග්‍යවතුන් වහන්සේ වද්ධාපචායී යැයි වදාළහ. එහෙයින් මෙබඳු වැඩිහිටියන්ට ගරු කිරීම වද්ධාපචායී වේ. ඒ වැඩිහිටියන්ට ලැබීම් ආදී දේ කෙරෙහි (එබඳු වැඩිහිටි මහණුන්ට සිවුපසය ආදිය ලැබීමේදී) ඉරිසියා සහගත නොවීම ද අනුසුය්‍යකො සියා වන්නේය. මේ මුල් ගාථා පදයේ අරුතයි.
කාලඤ්ඤූ චස්සාති එත්ථ පන රාගෙ උප්පන්නෙ තස්ස විනොදනත්ථාය ගරූනං දස්සනං ගච්ඡන්තොපි කාලඤ්ඤූ, දොසෙ… මොහෙ… කොසජ්ජෙ උප්පන්නෙ තස්ස විනොදනත්ථාය ගරූනං දස්සනං ගච්ඡන්තොපි කාලඤ්ඤූ, යතො එවං කාලඤ්ඤූ ච අස්ස ගරූනං දස්සනාය. ධම්මිං කථන්ති සමථවිපස්සනායුත්තං. එරයිතන්ති වුත්තං. ඛණඤ්ඤූති තස්සා කථාය ඛණවෙදී, දුල්ලභො වා අයං ඊදිසාය කථාය සවනක්ඛණොති ජානන්තො. සුණෙය්ය සක්කච්චාති තං කථං සක්කච්චං සුණෙය්ය. න කෙවලඤ්ච තමෙව, අඤ්ඤානිපි බුද්ධගුණාදිපටිසංයුත්තානි සුභාසිතානි සක්කච්චමෙව සුණෙය්යාති අත්ථො.
කාලඤ්ඤූවස්ස රාගය ඇති වූ විට එය දුරුකරගැනීම පිණිස ගුරු (හිමිවරු) දැකීමට යාමද කාලය දන්නා කාලකඤඤූය. මෙසේ කාලඤ්ඤූ චස්ස ගරු දස්සනාය යැයි දැක්වේ. ධම්මී කථං සමථ විදසුන් කරුණු, එරයිතං කියන ලදී. බණඤ්ඤූ එම කතාවට කාලය දන්නේ, මෙබඳු කතා ඇසීමට කාලය, දුලබ, පහසුවෙන් ලබාගත නොහෙන බව දැනගැනීමෙන්, සුණෙය්ය සක්කච්ච ඒ කතාව මනාව අසන්නේය. එපමණක් නොවේ. බුදුගුණ ආදිය ඇතුලත් වෙනත් කතාද සුභාසිතානි, ඉතා මැනවින් අසන්නේය යන තේරුමයි.
“කාලඤ්ඤූ චස්ස ගරූනං දස්සනායා”ති එත්ථ වුත්තනයඤ්ච අත්තනො උප්පන්නරාගාදිවිනොදනකාලං ඤත්වාපි ගරූනං සන්තිකං ගච්ඡන්තො කාලෙන ගච්ඡෙ ගරූනං සකාසං, “අහං කම්මට්ඨානිකො ධුතඞ්ගධරො චා”ති කත්වා න චෙතියවන්දනබොධියඞ්ගණභික්ඛාචාරමග්ගඅතිමජ්ඣන්හිකවෙලාදීසු යත්ථ කත්ථචි ඨිතමාචරියං දිස්වා පරිපුච්ඡනත්ථාය උපසඞ්කමෙය්ය, සකසෙනාසනෙ පන අත්තනො ආසනෙ නිසින්නං වූපසන්තදරථං සල්ලක්ඛෙත්වා කම්මට්ඨානාදිවිධිපුච්ඡනත්ථං උපසඞ්කමෙය්යාති අත්ථො. එවං උපසඞ්කමන්තොපි ච ථම්භං නිරංකත්වා නිවාතවුත්ති ථද්ධභාවකරං මානං විනාසෙත්වා නීචවුත්ති පාදපුඤ්ඡනචොළකඡින්නවිසාණුසභඋද්ධතදාඨසප්පසදිසො හුත්වා උපසඞ්කමෙය්ය. අථ තෙන ගරුනා වුත්තං අත්ථං ධම්මං…පෙ… සමාචරෙ ච. අත්‍ථන්ති භාසිතත්ථං. ධම්මන්ති පාළිධම්මං. සංයමන්ති සීලං. බ්රහ්මචරියන්ති අවසෙසසාසනබ්රහ්මචරියං. අනුස්සරෙ චෙව සමාචරෙ චාති අත්ථං කථිතොකාසෙ අනුස්සරෙය්ය, ධම්මං සංයමං බ්රහ්මචරියං කථිතොකාසෙ අනුස්සරෙය්ය, අනුස්සරණමත්තෙනෙව ච අතුස්සන්තො තං සබ්බම්පි සමාචරෙ සමාචරෙය්ය සමාදාය වත්තෙය්ය. තාසං කථානං අත්තනි පවත්තනෙ උස්සුක්කං කරෙය්යාති අත්ථො. එවං කරොන්තො හි කිච්චකරො හොති.
‘ගුරුවරයෙකු දකිනු පිණිස ඔහුට කාලය යැයි’ එහි කියන ලද පරිදි තමන්ට හටගත්තා වූ රාග ආදිය දුරුකර ගැනීමට කාලයද දැන ගුරුවරුන් සමීපයට යන්නේ කාලෙන ගච්ජෙ ගරුනං සකාසං වේ. ‘මම කමටහන් අනුගමනය කරමි. ධුතංග පිලිපදිමි’යි සළකා දාගැබ බෝමළු වැඳීම, පිඬු පිණිස හැසිරිම, බොහෝ දවල් වී යැයි, යම් තැනක සිටි ගුරුවරයා දැක කරුණු විචාරීමට නො එළඹෙන්නේය. තමන් වසන සෙනසුනෙහි, තමන්ගේ අසපුවෙහි හිඳ සිත් තැවුල සමනය වූ සැටි සළකා කමටහන් ආදිය ගැන ඇසීමට පැමිණෙන්නේ යැයි තේරුමයි. මෙසේ පැමිණෙන්නේ ද ථම්භං නිරංකත්වා නිවාතවුත්ති තද ගතියෙන් යුතු මානය නැතිකොට, පා පිස්නා රෙදිකඩක්, අං කැඩුණු නායක ගොනෙකු, දළ උදුරා දමන ලද සතෙකු බඳුව එළඹෙන්නේය. එවිට ඒ ගුරුහිමියන් කියන ලද අත්ථං ධම්මං......සමාචාරෙ ච, අත්ථං කියන ලද දෙයෙහි අරුත, ධම්මං පෙළ දහම, සංයම සීලය, බ්රහ්මචරියං සාසනයෙහි ඉතිරි කරුණුවලට අදාල උසස් හැසිරීම, අනුස්සරෙ චෙව සමාචරෙ ච වටහා දුන් කල්හි සිහි කරන්නේ ය. පෙළ දහම, සීලය, උසස් හැසිරීම ගැන පහදා දුන් කල්හි සිහි කරන්නේය. සිහි කිරිමෙන්ද, අසතුටු නොවී, ඒ සියළු කරුණු සමාචරෙ පිලිපදින්නේය. මනාව පවත්නේය. එම ගුණ වැඩිදියුණු කරගැනීමෙන් තමා කෙරෙහි එම ගුණ පැවතීම ගැන උත්සාහවත් වන්නේ යැයි තේරුමයි. මෙසේ නියම අයුරින් කටයුතු කරන්නේ වේ.
තතො පරඤ්ච ධම්මාරාමො ධම්මරතො ධම්මෙ ඨිතො ධම්මවිනිච්ඡයඤ්ඤූ භවෙය්ය. සබ්බපදෙසු චෙත්ථ ධම්මොති සමථවිපස්සනා, ආරාමො රතීති එකොව අත්ථො, ධම්මෙ ආරාමො අස්සාති ධම්මාරාමො. ධම්මෙ රතො, න අඤ්ඤං පිහෙතීති ධම්මරතො. ධම්මෙ ඨිතො ධම්මං වත්තනතො. ධම්මවිනිච්ඡයං ජානාති “ඉදං උදයඤාණං ඉදං වයඤාණ”න්ති ධම්මවිනිච්ඡයඤ්ඤූ, එවරූපො අස්ස. අථ යායං රාජකථාදිතිරච්ඡානකථා තරුණවිපස්සකස්ස බහිද්ධාරූපාදීසු අභිනන්දනුප්පාදනෙන තං සමථවිපස්සනාධම්මං සන්දූසෙති, තස්මා “ධම්මසන්දොසවාදො”ති වුච්චති, තං නෙවාචරෙ ධම්මසන්දොසවාදං, අඤ්ඤදත්ථු ආවාසගොචරාදිසප්පායානි සෙවන්තො තච්ඡෙහි නීයෙථ සුභාසිතෙහි. සමථවිපස්සනාපටිසංයුත්තානෙවෙත්ථ තච්ඡානි, තථාරූපෙහි සුභාසිතෙහි නීයෙථ නීයෙය්ය, කාලං ඛෙපෙය්යාති අත්ථො.
එයින් දහමෙහි කැමති වූ, දහමෙහි ඇළුණේ, දහමෙහි පිහිටියේ, දහම අනුව තීරණය කෙරෙමින් අනුන් කෙරෙහිද පවතින්නේය. මෙහි සියළුම පදවල ධම්මො යනු සමථ විදසුන්ය. ආරාමො - රතී එකම තේරුමයි. දහමෙහි ඇළුනේ ධම්මාරාමො, දහමෙහි ඇළුම් කරනවිට වෙනත් දෙයකට කැමති නොවේ යනු ධම්මරතො, ධම්මෙ ඨිතො දහමට පැමිණ පවතින, දහමට අනුව කරුණු තීරණය කිරීමට දනී. යම්දෙයක හටගැනීම නිසිපරිදි දැනගැනීමේ නුවණ, මේ යම්දෙයක් නැතිවීම යයි නිසි අයුරින් දැනගැනීමේ නුවණින් යුතු වූයේ ධම්ම විනිච්ඡයඤ්ඤූ වේ. මෙබඳු කෙනෙකු විය යුතුය. එසේම රජවරුන් පිළිබඳව, තිරිසනුන් පිළිබඳ වූ හෝ (වැඩකට නැති නොසරුප්) කථාවලින් ද, පිටතින් දකින රූප ආදී අරමුණු කෙරෙහි සතුටක් ඇති වීමෙන්ද විදසුන් වඩන තරුණ යෝගාවචරයෙකුට සමථ විදසුන් දහම අපිරිසිදු වෙයි. එහෙයින් දහම කිලිටි බවට පත්කරන්නේ යැයි කියනු ලැබේ. එසේ පත්නොවීම නෙවාචරෙ ධම්මසන්දොසවාදං වෙයි. නීයෙථ තච්ඡෙහි සුභාසිතෙහි හුදෙක් අසපු ආදී බවුන් වඩනා කෙනෙකුට සුදුසු දෙය ඇසුරු කරමින්, සමථ විදසුන් පිළිබඳ වූ අරුත් ඇති ඇත්ත වූ යහපත් දෙයෙහි නීයෙථ යෙදෙන්නේය. කල්ගත කරන්නේය යන තේරුමයි.
ඉදානි “ධම්මසන්දොසවාද”න්ති එත්ථ අතිසඞ්ඛෙපෙන වුත්තං සමථවිපස්සනායුත්තස්ස භික්ඛුනො උපක්කිලෙසං පාකටං කරොන්තො තදඤ්ඤෙනපි උපක්කිලෙසෙන සද්ධිං “හස්සං ජප්ප”න්ති ඉමං ගාථමාහ. හාසන්තිපි පාඨො. විපස්සකෙන හි භික්ඛුනා හසනීයස්මිං වත්ථුස්මිං සිතමත්තමෙව කාතබ්බං, නිරත්ථකකථාජප්පො න භාසිතබ්බො, ඤාතිබ්යසනාදීසු පරිදෙවො න කාතබ්බො, ඛාණුකණ්ටකාදිම්හි මනොපදොසො න උප්පාදෙතබ්බො. මායාකතන්ති වුත්තා මායා, තිවිධං කුහනං, පච්චයෙසු ගිද්ධි, ජාතිආදීහි මානො, පච්චනීකසාතතාසඞ්ඛාතො සාරම්භො, ඵරුසවචනලක්ඛණං කක්කසං, රාගාදයො කසාවා, අධිමත්තතණ්හාලක්ඛණා මුච්ඡාති ඉමෙ ච දොසා සුඛකාමෙන අඞ්ගාරකාසු විය, සුචිකාමෙන ගූථඨානං විය, ජීවිතුකාමෙන ආසිවිසාදයො විය ච පහාතබ්බා. හිත්වා ච ආරොග්යමදාදිවිගමා වීතමදෙන චිත්තවික්ඛෙපාභාවා ඨිතත්තෙන චරිතබ්බං. එවං පටිපන්නො හි සබ්බුපක්කිලෙසපරිසුද්ධාය භාවනාය න චිරස්සෙව අරහත්තං පාපුණාති. තෙනාහ භගවා – “හස්සං ජප්පං…පෙ… ඨිතත්තො”ති.
ධම්මසන්දොසවාදං මෙහි ඉතා කෙටියෙන් සඳහන් කරන ලද සමථ විදසුනෙන් යුතු මහණ හට කෙලෙසුන් ඉස්මතු වෙමින් තවත් වෙනස් කෙලෙස් සමග පැවතෙන අයුරු පැහැදිලි කිරිමට හස්සං ජප්පං යන මේ ගාථාව වදාළහ. හාසං යනුද වචනයක් වේ. විදසුන් වඩන මහණ සිනහ උපදවන කරුණු කෙරෙහි මද සිනා පමණක් පහළ කළ යුතුය. හරවත් නොවන කථා නොකිය යුතුය. නෑයන්ට විපත් වූ කල පරිදෙවො නොකළ යුතුය. කැටකැබලිත්තකට හෝ සිතෙහි පදොසො නොඉපදවිය යුතුය. මායාකතං කපටිබවට කියන ලදී. තුන් ආකාර නැතිගුණ ඇතැයි පෙන්වීම කුහනං, සිවුපසය කෙරෙහි ආසාව ගිද්ධි, ජාතිය ආදියෙහි මානො, නිති සතුරුවන ගතිය යැයි කියන ලද සාරම්භො, නපුරු වචනයම ගතිය කොට ඇති කක්කසං, රාගාදිය කසාවා බොහෝ තණ්හාව යැයි කියන ලද මුච්ඡා මේ සියළු වැරදි, සැපය කැමැත්ත ගිනි අඟුරු වලකින් මෙන්ද, පිරිසිදු වීමට කැමැත්තා අසූචි තැනි තැනකින් මෙන්ද, ජීවත්වීමට කැමැත්තා සපුන්ගෙන් මෙන් ද හිත්වා ඈත්විය යුතුය. නිරෝගී යැයි මානයෙන්ද මත් නොවූයේ වීතමදෙන, සිත අවුලට පත්කර නොගැනීමෙන් ඨිතත්තෙචරි (හැසිරිය) යුතුය. මෙසේ පිළිපන් තැනැත්තා සියළු කෙලෙස්වලින් පිරිසිදුව නොබෝ කලකින්ම රහත්බවට පැමිණේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ භස්සං ජප්පං.... ඨිත්තතො ගාථාව වදාළහ.
ඉදානි ය්වායං “හස්සං ජප්ප”න්තිආදිනා නයෙන උපක්කිලෙසො වුත්තො, තෙන සමන්නාගතො භික්ඛු යස්මා සාහසො හොති අවීමංසකාරී, රත්තො රාගවසෙන දුට්ඨො දොසවසෙන ගච්ඡති, පමත්තො ච හොති කුසලානං ධම්මානං භාවනාය අසාතච්චකාරී, තථාරූපස්ස ච “සුණෙය්ය සක්කච්ච සුභාසිතානී”තිආදිනා නයෙන වුත්තො ඔවාදො නිරත්ථකො, තස්මා ඉමස්ස සංකිලෙසස්ස පුග්ගලාධිට්ඨානාය දෙසනාය සුතාදිවුද්ධිපටිපක්ඛභාවං දස්සෙන්තො “විඤ්ඤාතසාරානී”ති ඉමං ගාථමාහ.
හස්සං ජප්පං ආදී ලෙසින් කෙලෙස් හැඟීම් ගැන කියන ලදද, ඒ කෙලෙස් සහගත මහණ යම් හෙයකින් විමසා නොබලමින් නපුරු කටයුතුවල යෙදේද, රාගයෙන් රත්ව, තරහෙන් නපුරුව, යහපත් දෙයෙහි පුරුදු වීමට පමාවීමෙන් අමිහිරි දුක් උපදවන දෙයෙහිම නියැලුනේ වේ. එබඳු කෙනෙකුට ‘යහපත් වචන මනාව අසන්නේ’යැයි කීවත්, ඒ අවවාද පල රහිතය. එහෙයින් මෙම කෙලෙස් සහගත පුද්ගලයාට ගැළපෙන පරිදි දේසනයට සවන් දීම ආදී දියුණුව ඇතිවන දෙයට නොකැමති බව පෙන්වා දෙමින් විඤ්ඤාතසරානි යන මේ ගාථාව වදාළහ.
තස්සත්ථො – යානි හෙතානි සමථවිපස්සනාපටිසංයුත්තානි සුභාසිතානි, තෙසං විජානනං සාරො. යදි විඤ්ඤාතානි සාධු, අථ සද්දමත්තමෙව ගහිතං, න කිඤ්චි කතං හොති, යෙන එතානි සුතමයෙන ඤාණෙන විඤ්ඤායන්ති, තං සුතං, එතඤ්ච සුතමයඤාණං විඤ්ඤාතසමාධිසාරං, තෙසු විඤ්ඤාතෙසු ධම්මෙසු යො සමාධි චිත්තස්සාවික්ඛෙපො තථත්තාය පටිපත්ති, අයමස්ස සාරො. න හි විජානනමත්තෙනෙව කොචි අත්ථො සිජ්ඣති. යො පනායං නරො රාගාදිවසෙන වත්තනතො සාහසො , කුසලානං ධම්මානං භාවනාය අසාතච්චකාරිතාය පමත්තො, සො සද්දමත්තග්ගාහීයෙව හොති. තෙන තස්ස අත්ථවිජානනාභාවතො සා සුභාසිතවිජානනපඤ්ඤා ච, තථත්තාය පටිපත්තියා අභාවතො සුතඤ්ච න වඩ්ඪතීති.
එහි තේරුම නම්, සමථ, විදසුන් පිළිබඳ කරුණු සුභාසිතානි. ඒවා දැනගැනීම හරවත්ය. යම්සේ ඒවා මැනවින් දැනගත්තේ නම් යහපත්ය. එහෙත් එම වචනවල හඬ පමණක් සළකා ගතහොත්, කිසිදු (හරවත්) දෙයක් නොකරන ලදී. එම කරුණු ඇසීමේ නුවණින් දැනගනු ලබයි. එය සුතං නම් වේ. ඇසීමෙන් ලද නුවණ විඤ්ඤාතසමාධිසාරං ඒ දැනගන්නා ලද කරුණු කෙරෙහි යම් කෙනෙක් (යම් මහණක්) තම එකඟ වූ සිත අවුලකට පත් නොවන ලෙස පිහිටුවා ගනී. මේ එහි හරවත් බවයි. දැනගැනීමෙන් පමණක් කිසියම් වැදගත් දෙයක් සිදුනොවේ. යො නරො රාගාදි වසයෙන් යුතු යම් කෙනෙක්, සාහසො කුසල දහම් වැඩීමෙහි, යහපත් දෙයෙහි නොයෙදුනේ, පමත්තො ඔහු හඬ පමණක් සළකන ලදී. එයින් තස්ස අරුත් නොදැනීම නිසා ඒ යහපත් වූ කියන ලද දෙයෙහි දැනීමේ පඤ්ඤා හෝ එය ලබාගැනීමට පිළිවෙත්හි නොයෙදීමෙන් සුතං න වඩ්ඪති
එවං පමත්තානං සත්තානං පඤ්ඤාපරිහානිං සුතපරිහානිඤ්ච දස්සෙත්වා ඉදානි අප්පමත්තානං තදුභයසාරාධිගමං දස්සෙන්තො ආහ – “ධම්මෙ ච යෙ…පෙ… සාරමජ්ඣගූ”ති. තත්ථ අරියප්පවෙදිතො ධම්මො නාම සමථවිපස්සනාධම්මො. එකොපි හි බුද්ධො සමථවිපස්සනාධම්මං අදෙසෙත්වා පරිනිබ්බුතො නාම නත්ථි. තස්මා එතස්මිං ධම්මෙ ච යෙ අරියප්පවෙදිතෙ රතා නිරතා අප්පමත්තා සාතච්චානුයොගිනො, අනුත්තරා තෙ වචසා මනසා කම්මුනා ච, තෙ චතුබ්බිධෙන වචීසුචරිතෙන තිවිධෙන මනොසුචරිතෙන තිවිධෙන කායසුචරිතෙන ච සමන්නාගතත්තා වචසා මනසා කම්මුනා ච අනුත්තරා, අවසෙසසත්තෙහි අසමා අග්ගාවිසිට්ඨා. එත්තාවතා සද්ධිං පුබ්බභාගසීලෙන අරියමග්ගසම්පයුත්තං සීලං දස්සෙති. එවං පරිසුද්ධසීලා තෙ සන්තිසොරච්චසමාධිසණ්ඨිතා, සුතස්ස පඤ්ඤාය ච සාරමජ්ඣගූ, යෙ අරියප්පවෙදිතෙ ධම්මෙ රතා, තෙ න කෙවලං වාචාදීහි අනුත්තරා හොන්ති, අපිච ඛො පන සන්තිසොරච්චෙ සමාධිම්හි ච සණ්ඨිතා හුත්වා සුතස්ස පඤ්ඤාය ච සාරමජ්ඣගූ අධිගතා ඉච්චෙව වෙදිතබ්බා. ආසංසායං භූතවචනං. තත්ථ සන්තීති නිබ්බානං, සොරච්චන්ති සුන්දරෙ රතභාවෙන යථාභූතපටිවෙධිකා පඤ්ඤා, සන්තියා සොරච්චන්ති සන්තිසොරච්චං, නිබ්බානාරම්මණාය මග්ගපඤ්ඤායෙතං අධිවචනං. සමාධීති තංසම්පයුත්තොව මග්ගසමාධි. සණ්ඨිතාති තදුභයෙ පතිට්ඨිතා. සුතපඤ්ඤානං සාරං නාම අරහත්තඵලවිමුත්ති. විමුත්තිසාරඤ්හි ඉදං බ්රහ්මචරියං.
මෙසේ පමා වූ පුද්ගලයන්ගේ නුවණ පිරිහීමත්, ඇසීමෙහි පිරිහීමත් දක්වා, දැන් නොපමා වූවන් ඒ කරුණු දෙකෙන්ම හරවත් බව ලබන සැටි පහදමින් ධම්මෙ ච යෙ..........සාරමජ්ඣගු යන ගාථාව වදාළහ. එහි බුද්ධාදී උතුමන් මැනවින් දත් දහමනම්, සමථ විදසුන් කරුණුය. සමථ විදසුන් පිළිබඳ කරුණු දේසනා නොකොට පිරිනිවනට පත් එකම බුදුවරයෙකු වත් නොමැත. ධම්මෙ ච යෙ අරියප්පවෙදිතෙරතා එහෙයින් එහි නිරත වූ පමා නොවූ, නිරතුරුවම භාවනාවෙහි යෙදුනේ, අනනුත්තරා තෙ වචසා මනසාච කම්මනා ඔව්හු වචනයෙහි සිවුආකාරව මනා හික්මීමෙන් ද, සිත තුන් ආකාරව හික්මීමෙන් ද, කයෙහි තුන් ආකාරව හික්මීමෙන් ද යුතු බැවින්, වචනයෙන් ද සිතින් ද කරන කටයුතුවලින් ද අනෙක් පුද්ගලයන්ට වඩා උසස් වෙති. අසමාන වෙති. වෙසෙසින්ම උසස් වෙති. මෙපමණකින් සීලය මුල්කොට ඇති මගපල ලැබීමට හික්මිය යුතු අයුරු දැක්වූහ. මෙසේ පිරිසිදු සීලසම්පන්න වූ ඔව්හු සන්හුන් බව, සුවච බව, එකඟ බව පිහිටා ඇසීමෙන්ද - දැනීම හා නුවණින් ද සාරවත් දෙයම ලැබූහ. බුද්ධාදී උතුමන් අවබෝධ කරන ලද දහමෙහි ඇළුම් වූ ඔව්හු වචනයෙන් පමණක් උසස් වූවෝ නොවෙති. එමෙන්ම සන්හුන් බව, සුවච බවද, සිත එකඟ බවෙහිද පිහිටා ඇසීමෙන් ද නුවණින් ද හරවත් දේ ලබාගත් බව මෙසේ දතයුතුය. සැක නැති, ඇත්ත වචනය නම් සන්තී යන නිවණයි. සොරච්චං සොඳුරු යහපත් වූ ඇල්මෙන්, ඇති සැටියෙන් අවබෝධය ලබාදෙන නුවණයි. ඒ කරුණු දෙකම, සන්ති සොරච්චං නිවණ අරමුණු වූ මගපල ලබන නුවණට එය සමාන වචනයකි. සමාධී එයද ඇතුලත් මග්ග සමාධි - සමාධි මග වේ. සණ්ඨිතා ඒ කරුණු දෙකෙහිම පිහිටියේ, සුත පඤ්ඤානං සාරං නම් අරහත් පල විමුත්තියයි. මේ උසස් හැසිරීමෙහි, (බ්‍රහ්ම චරියාවෙහි) හරය හෙවත් (සසර දුකින්) මිදීමයි.
එවමෙත්ථ භගවා ධම්මෙන පුබ්බභාගපටිපදං, “අනුත්තරා වචසා”තිආදීහි සීලක්ඛන්ධං, සන්තිසොරච්චසමාධීහි පඤ්ඤාක්ඛන්ධසමාධික්ඛන්ධෙති තීහිපි ඉමෙහි ඛන්ධෙහි අපරභාගපටිපදඤ්ච දස්සෙත්වා සුතපඤ්ඤාසාරෙන අකුප්පවිමුත්තිං දස්සෙන්තො අරහත්තනිකූටෙන දෙසනං සමාපෙසි. දෙසනාපරියොසානෙ ච සො භික්ඛු සොතාපත්තිඵලං පත්වා පුන න චිරස්සෙව අග්ගඵලෙ අරහත්තෙ පතිට්ඨාසීති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දහමෙහි මුල් පිළිවෙත් කොටස සේ උතුම් වචනය මුල්කොට ඇති සිල් සමූහයද සන්හිඳුණු නිවණ අරමුණු වූ නුවණ හා සිත එකඟ බවද යන මේ සමූහ තුනෙහි (සීලක්ඛන්ධ පඤ්ඤාඛන්ධ සමාධික්ඛන්‍ධ) පසු පිළිවෙත් ද දක්වා, ඇසීමෙන් ලබන නුවණ ඇසුරෙන් නොවෙනස් වන මනා මිදීම ද පැහැදිලි කරමින් අරහත් පලය කුළුගන්වා දේසනය නිම කළහ. දේසනය අවසන ඒ මහණ සෝවාන් ඵලයට පත්ව, නොබෝ කලකින්ම උසස් වූ අරහත් බවෙහි පිහිටියේය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය කිංසීලසුත්තවණ්ණනා නිට්ඨිතා.
කිංසීල සූත්‍ර විස්තරය නිමි.