යෙදුමෙන් කියවන්න

8. ධම‍්ම නාවා සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

8. ධම‍්ම නාවා සුත‍්තවණ‍්ණනා

8. ධම්ම නාවා සූත්‍ර වර්ණනාව

යස‍්මා හි ධම‍්මන‍්ති ධම‍්මසුත‍්තං, “නාවාසුත‍්ත”න‍්තිපි වුච‍්චති. කා උප‍්පත‍්ති? ඉදං සුත‍්තං ආයස‍්මන‍්තං සාරිපුත‍්තත්‍ථෙරං ආරබ‍්භ වුත‍්තං. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන ද‍්වින‍්නං අග‍්ගසාවකානං උප‍්පත‍්තිතො පභුති වෙදිතබ‍්බො. සෙය්‍යථිදං – අනුප‍්පන‍්නෙ කිර භගවති ද‍්වෙ අග‍්ගසාවකා එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං කප‍්පසතසහස‍්සඤ‍්ච පාරමියො පූරෙත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තා. තෙසං පඨමො චවිත්‍වා රාජගහස‍්ස අවිදූරෙ උපතිස‍්සගාමො නාම බ්‍රාහ‍්මණානං භොගගාමො අත්‍ථි, තත්‍ථ සට‍්ඨිඅධිකපඤ‍්චකොටිසතධනවිභවස‍්ස ගාමසාමිනො බ්‍රාහ‍්මණස‍්ස රූපසාරී නාම බ්‍රාහ‍්මණී, තස‍්සා කුච‍්ඡියං පටිසන්‍ධිං අග‍්ගහෙසි. දුතියො තස‍්සෙවාවිදූරෙ කොලිතගාමො නාම බ්‍රාහ‍්මණානං භොගගාමො අත්‍ථි. තත්‍ථ තථාරූපවිභවස‍්සෙව ගාමසාමිනො බ්‍රාහ‍්මණස‍්ස මොග‍්ගල‍්ලානී නාම බ්‍රාහ‍්මණී, තස‍්සා කුච‍්ඡියං තං දිවසමෙව පටිසන්‍ධිං අග‍්ගහෙසි. එවං තෙසං එකදිවසමෙව පටිසන්‍ධිග‍්ගහණඤ‍්ච ගබ‍්භවුට‍්ඨානඤ‍්ච අහොසි. එකදිවසෙයෙව ච නෙසං එකස‍්ස උපතිස‍්සගාමෙ ජාතත‍්තා උපතිස‍්සො, එකස‍්ස කොලිතගාමෙ ජාතත‍්තා කොලිතොති නාමමකංසු.

යස්මා හි ධම්මං යනු ධම්ම සූත්‍රයයි. නාවා සූත්‍රය යැයි ද කියනු ලැබේ. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතුව කුමක්ද? ගරු කටයුතු සැරියුත් තෙරුන් අරබයා දෙසන ලදී. මේ එහි කෙටියෙන් සඳහන් කිරීමයි. විස්තර අගසවු දෙනම ඉපදුණු කල පටන්ම දතයුතුය. ඒ තොරතුරු කෙසේද යත්? (අප) භාග්‍යවතුන් වහන්සේ පහළවීමට පෙර, අගසවු දෙදෙනා එක් අසංඛයකුත් කප් සියදහසක්ම පාරමිතා පුරා දෙව්ලොව උපන්හ. ඔවුන්ගෙන් පළමු තැනැත්තා දෙව්ලොවින් චුතව, බමුණන්ට අයබදු ලබාගැනීමට වෙන් වූ ‘උපතිස්ස’ නම් වූ රජගහනුවරට නුදුරු බමුණු ගමෙහි හැටපන් කෝටි සියයක ධන සම්පත් ඇති ගම්දෙටු බමුණාගේ රූපසාරී බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේය. දෙවැන්නාද එම ගමට නුදුරු, බමුණන්ට අයබදු ලබාගැනීමට වෙන් වූ කෝලිත ගමෙහි එපමණ වූම ධන සම්පත් හිමි ගම් දෙටු බමුණාගේ මුගලන් නම් බැමිණියගේ කුස ඒ දවසෙහිම පිළිසිඳ ගත්තේය. මෙසේ එකම දිනක ඔවුන්ගේ පිළිසිඳ ගැනීමත්, බිහිවීමත් සිදුවිය. එකම දින උපතිස්ස ගමෙහි එක් දරුවකු උපන් බැවින් උපතිස්ස යැයිද, කෝලිත ගමෙහි එක් දරුවකු උපන් බැවින් කෝලිත යැයිද ඔවුන්ට නම් කළහ.

තෙ සහපංසුං කීළන‍්තා සහායකා අනුපුබ‍්බෙන වුඩ‍්ඪිං පාපුණිංසු, එකමෙකස‍්ස ච පඤ‍්චපඤ‍්චමාණවකසතානි පරිවාරා අහෙසුං. තෙ උය්‍යානං වා නදීතිත්‍ථං වා ගච‍්ඡන‍්තා සපරිවාරායෙව ගච‍්ඡන‍්ති. එකො පඤ‍්චහි සුවණ‍්ණසිවිකාසතෙහි, දුතියො පඤ‍්චහි ආජඤ‍්ඤරථසතෙහි. තදා ච රාජගහෙ කාලානුකාලං ගිරග‍්ගසමජ‍්ජො නාම හොති. සායන‍්හසමයෙ නගරවෙමජ‍්ඣෙ යත්‍ථ සකලඅඞ‍්ගමගධවාසිනො අභිඤ‍්ඤාතා ඛත‍්තියකුමාරාදයො සන‍්නිපතිත්‍වා සුපඤ‍්ඤත‍්තෙසු මඤ‍්චපීඨාදීසු නිසින‍්නා සමජ‍්ජවිභූතිං පස‍්සන‍්ති. අථ තෙ සහායකා තෙන පරිවාරෙන සද‍්ධිං තත්‍ථ ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙසු නිසීදිංසු. තතො උපතිස‍්සො සමජ‍්ජවිභූතිං පස‍්සන‍්තො මහාජනකායං සන‍්නිපතිතං දිස‍්වා “එත‍්තකො ජනකායො වස‍්සසතං අප‍්පත්‍වාව මරිස‍්සතී”ති චින‍්තෙසි. තස‍්ස මරණං ආගන‍්ත්‍වා නලාටන‍්තෙ පතිට‍්ඨිතං විය අහොසි, තථා කොලිතස‍්ස. තෙසං අනෙකප‍්පකාරෙසු නටෙසු නච‍්චන‍්තෙසු දස‍්සනමත‍්තෙපි චිත‍්තං න නමි, අඤ‍්ඤදත්‍ථු සංවෙගොයෙව උදපාදි.

ඔවුහු වැලි සෙල්ලම් කරන කාලයේ පටන්ම එකිනෙකා යහළුව, කෙමෙන් තුරුණු වියට පත්වූහ. දෙදෙනාටම පන්සියයක්, පන්සියයක් බැගින් තරුණයෝ පිරිවර වූහ. එක් තැනැත්තෙක් රන්දෝලා පන්සියයක්ද දෙවැන්නා අජානීය අසුන් බැඳි රිය පන්සියයක්ද පිරිවරින් යුතුව උයනට හෝ ගං තෙරට හෝ යති. එකල රජගහනුවර කලින් කලට පවත්වන ‘ගිරග්ග සමජ්ජ’ නම් රඟදැක්මක් වෙයි. සවස් කල මුළු අගු - මගධ වැසියෝ ද - පසිඳු කැත් කුමරුවෝ ද නුවර වීදි මැදට රැස්ව මනාව සැකසූ මැසි හා ආසනවල හිඳිමින් රැඟුම් අසිරිය නරඹති. උපතිස්ස කෝලිතද පිරිවර සමග එහි ගොස් පණවන ලද අසුන්වල හුන්හ. උපතිස්ස රැඟුම් අසිරිය දකිමින්ම, රැස්වූ මහා ජනකායද දැක, මෙපමණ ජනතාවක් අවුරුදු සියයක්වත් නොපැමිණ මැරෙන්නේ යැයි සිතුවේය. මරණය අවුත් නළලෙහි සිටියාක් මෙන් ඔහුට දැනිණ. කෝලිතටත් එසේම සිතුණේය. නන් අයුරු රඟන රැඟුම් පැවතියද දැකීමට පමණවත් සිත නොනැමුණි. හුදෙක් සංවේගයට පහළ විය.

අථ වුට‍්ඨිතෙ සමජ‍්ජෙ පක‍්කන‍්තාය පරිසාය සකපරිවාරෙන පක‍්කන‍්තෙසු තෙසු සහායෙසු කොලිතො උපතිස‍්සං පුච‍්ඡි – “කිං, සම‍්ම, නාටකාදිදස‍්සනෙන තව පමොදනමත‍්තම‍්පි නාහොසී”ති? සො තස‍්ස තං පවත‍්තිං ආරොචෙත්‍වා තම‍්පි තථෙව පටිපුච‍්ඡි. සොපි තස‍්ස අත‍්තනො පවත‍්තිං ආරොචෙත්‍වා “එහි, සම‍්ම, පබ‍්බජිත්‍වා අමතං ගවෙසාමා”ති ආහ. “සාධු සම‍්මා”ති උපතිස‍්සො තං සම‍්පටිච‍්ඡි. තතො ද‍්වෙපි ජනා තං සම‍්පත‍්තිං ඡඩ‍්ඩෙත්‍වා පුනදෙව රාජගහමනුප‍්පත‍්තා. තෙන ච සමයෙන රාජගහෙ සඤ‍්චයො නාම පරිබ‍්බාජකො පටිවසති. තෙ තස‍්ස සන‍්තිකෙ පඤ‍්චහි මාණවකසතෙහි සද‍්ධිං පබ‍්බජිත්‍වා කතිපාහෙනෙව තයො වෙදෙ සබ‍්බඤ‍්ච පරිබ‍්බාජකසමයං උග‍්ගහෙසුං. තෙ තෙසං සත්‍ථානං ආදිමජ‍්ඣපරියොසානං උපපරික‍්ඛන‍්තා පරියොසානං අදිස‍්වා ආචරියං පුච‍්ඡිංසු – “ඉමෙසං සත්‍ථානං ආදිමජ‍්ඣං දිස‍්සති, පරියොසානං පන න දිස‍්සති ‘ඉදං නාම ඉමෙහි සත්‍ථෙහි පාපුණෙය්‍යාති, යතො උත‍්තරි පාපුණිතබ‍්බං නත්‍ථී’”ති. සොපි ආහ – “අහම‍්පි තෙසං තථාවිධං පරියොසානං න පස‍්සාමී”ති. තෙ ආහංසු – “තෙන හි මයං ඉමෙසං පරියොසානං ගවෙසාමා”ති. තෙ ආචරියො “යථාසුඛං ගවෙසථා”ති ආහ. එවං තෙ තෙන අනුඤ‍්ඤාතා අමතං ගවෙසමානා ආහිණ‍්ඩන‍්තා ජම‍්බුදීපෙ පාකටා අහෙසුං. තෙහි ඛත‍්තියපණ‍්ඩිතාදයො පඤ‍්හං පුට‍්ඨා උත‍්තරුත‍්තරිං න සම‍්පායන‍්ති. “උපතිස‍්සො කොලිතො”ති වුත‍්තෙ පන “කෙ එතෙ, න ඛො මයං ජානාමා”ති භණන‍්තා නත්‍ථි, එවං විස‍්සුතා අහෙසුං.

රැඟුම නිමා වී ආපසු යන පිරිස අතරට එක්වූ ඒ යහළුවන් දෙදෙනා ද තම පිරිවර සමග එක්ව ‘මිතුර, කෙසේද? නැටුම් බැලීමෙන් ඔබ නොසතුටු වීදැ’යි කෝලිත උපතිස්සගෙන් ඇසීය. උපතිස්ස තම අදහස සැළකොට, ඒ කරුණුම කෝලිතගෙන් ද විචාළේය. ඔහුද තම අදහස පවසා, ‘මිතුර, පැවිදි වී නොමැරෙන මග (අමතං) සොයන්නෙමු, එන්නැ’යි කීය. ‘මිතුර, එය මැනවැ’යි උපතිස්ස එකඟ විය. දෙදෙනාම ඒ සම්පත් හැරදමා නැවත රජගහනුවරට පැමිණියහ. ඒ කාලයෙහි රජගහනුවර සංජය නම් පිරිවැජියෙක් වාසය කරයි. ඔවුහු තරුණයන් පන්සියයද සමග සංජය වෙත පැවිදිව කිහිප දිනකින්ම තුන්වේදය හා සියළුම පිරිවැජි දහමද උගත්හ. ඒ ඉගෙන ගත් දහමෙහි මුල-මැද-අවසානය විමසමින්, අවසානයක් නොදැක, ‘මේ දහමෙහි මුල, මැද පැහැදිලිය. අවසානය නො පෙනෙයි. මෙහි අප ඉගෙන ගත් දෙයට වඩා වැඩියෙන් දැනගත යුතු බවට පැමිණීමක් නැතැ’යි ගුරුතුමාගෙන් විචාළහ. ‘මම ද එසේ පැමිණිය යුතු අවසානයක් නොදකිමි’යි සංජය පිරිවැජි කීය. ‘එසේනම් අපි මෙහි අවසානය සොයන්නෙමු’යි ඔවුහු කීහ. ‘කැමති පරිදි සොයවු’ යැයි ගුරුතුමා ඔවුන්ට පැවසීය. මෙසේ ගුරුතුමාගෙන් අවසර ලත් ඔවුහු ‘නොමැරෙන බව’ සොයමින් ඇවිදිමින් දඹදිව පතළ වූහ. කැත් කුල ආදී වියතුන්ගෙන්ද පැන විචාරන ලදුව, මතු මතුත් ඒ ගැන විමසුවද අවසානයක් නොපෙනේ. උපතිස්ස, කෝලිත යැයි කී විට, ‘මොවුන් කවුරුන්ද? අප නම නොදනිමු’යි කියන අයෙකු නම් නැත. එපමණටම ඔවුන් හඳුනනු ලැබූහ.

එවං තෙසු අමතපරියෙසනං චරමානෙසු අම‍්හාකං භගවා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙන රාජගහමනුප‍්පත‍්තො. තෙ ච පරිබ‍්බාජකා සකලජම‍්බුදීපං චරිත්‍වා තිට‍්ඨතු අමතං, අන‍්තමසො පරියොසානපඤ‍්හවිස‍්සජ‍්ජනමත‍්තම‍්පි අලභන‍්තා පුනදෙව රාජගහං අගමංසු. අථ ඛො ආයස‍්මා අස‍්සජි පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වාති යාව තෙසං පබ‍්බජ‍්ජා, තාව සබ‍්බං පබ‍්බජ‍්ජාක‍්ඛන්‍ධකෙ (මහාව· 60) ආගතනයෙනෙව විත්‍ථාරතො දට‍්ඨබ‍්බං.

මෙසේ ඔවුන් ‘නොමැරෙන බව’ ගැන සොයමින් හැසිරෙන කල, අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව උතුම් දම්සක් පවත්වා අනුපිළිවෙලින් රජගහ නුවරට පැමිණියහ. ඒ පිරිවැජියෝද, මුළු දඹදිවම ඇවිද ‘නොමැරෙන කෙනෙකු නොලබාම, නැවත රජගහනුවරට ගියහ. ඉක්බිති ගරුකටයුතු අස්සජී තෙරුන් උදෑසන හැඳ, පොරවා...’ යැයි සඳහන් වූ තැන් පටන් ඔවුන්ගේ පැවිදිවීම දක්වා සියළුම කරුණු විස්තර සහිතව ඛන්‍ධකයෙන් දතයුතුය.

එවං පබ‍්බජිතෙසු තෙසු ද‍්වීසු සහායකෙසු ආයස‍්මා සාරිපුත‍්තො අඩ‍්ඪමාසෙන සාවකපාරමීඤාණං සච‍්ඡාකාසි. සො යදා අස‍්සජිත්‍ථෙරෙන සද‍්ධිං එකවිහාරෙ වසති, තදා භගවතො උපට‍්ඨානං ගන‍්ත්‍වා අනන‍්තරං ථෙරස‍්ස උපට‍්ඨානං ගච‍්ඡති “පුබ‍්බාචරියො මෙ අයමායස‍්මා, එතමහං නිස‍්සාය භගවතො සාසනං අඤ‍්ඤාසි”න‍්ති ගාරවෙන. යදා පන අස‍්සජිත්‍ථෙරෙන සද‍්ධිං එකවිහාරෙ න වසති, තදා යස‍්සං දිසායං ථෙරො වසති, තං දිසං ඔලොකෙත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ නමස‍්සති. තං දිස‍්වා කෙචි භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං – “සාරිපුත‍්තො අග‍්ගසාවකො හුත්‍වා දිසං නමස‍්සති, අජ‍්ජාපි මඤ‍්ඤෙ බ්‍රාහ‍්මණදිට‍්ඨි අප‍්පහීනා”ති. අථ භගවා දිබ‍්බාය සොතධාතුයා තං කථාසල‍්ලාපං සුත්‍වා පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසින‍්නංයෙව අත‍්තානං දස‍්සෙන‍්තො භික‍්ඛූ ආමන‍්තෙසි – “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති ? තෙ තං පවත‍්තිං ආචික‍්ඛිංසු. තතො භගවා “න, භික‍්ඛවෙ, සාරිපුත‍්තො දිසං නමස‍්සති, යං නිස‍්සාය සාසනං අඤ‍්ඤාසි, තං අත‍්තනො ආචරියං වන්‍දති නමස‍්සති සම‍්මානෙති, ආචරියපූජකො, භික‍්ඛවෙ, සාරිපුත‍්තො”ති වත්‍වා තත්‍ථ සන‍්නිපතිතානං ධම‍්මදෙසනත්‍ථං ඉමං සුත‍්තමභාසි.

මෙසේ පැවිදි වූ ඒ යහළුවන් දෙදෙනාගෙන් ගරුකටයුතු සැරියුත් හිමියෝ අඩමසකින් රහත්බව පසක් කළහ. සැරියුත් තෙර, යම්විටක, අස්සජී තෙරුන් සමග එකම විහාරයෙහි වාසය කරයිද, එවිට භාග්‍යවතුන් වහන්සේට උවටැන් පිණිස ගොස්, ඉන්පසු ‘මුලදී මට ගුරුවරයා වූ උන්වහන්සේට ගරුකළ යුතුයි, මම එතුමන් නිසා භගවත් සසුන දැනගතිමි’යි අස්සජී තෙරුන්ටද උවටැන් පිණිස යයි. යම්විටක අස්සජි තෙරුන් සමග එක විහාරයෙහි නොවසයිද, එවිට උන්වහන්සේ වැඩසිටින දිසාව බලා පසඟ පිහිටුවා වැඳ ඇඳිලි බැඳ නමස්කාර කරයි. ඒ දැක ඇතැම් හිමිවරු ‘සැරියුත් හිමි අගසව්වකු වුවත් දිසා නමදිනු ලබයි, තවමත් බමුණු හැඟුම් ඉවත් වී නැතැ’යි කතාබහ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දිව කණින් ඒ කතාබහ අසා, පණවන ලද උතුම් බුදු අසුනෙහි වැඩ හිඳිමින්ම, තමන් දක්වමින් ‘මහණෙනි, දැන් ඔබලා කුමන කතාවකින් සිටියාහුදැ’යි ඇසූහ. හිමිවරු ඒ පුවත කීහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, සැරියුත් දිසා නමදින්නේ නොවේ, යම් කෙනෙකු නිසා සසුන දැනගත්තේ ද තමන්ගේ ඒ ගුරුවරයාට නමස්කාර කරයි. ගරු කරයි. මහණෙනි, සැරියුත් ගුරුවරයාට පූජා කරන්නෙකි’යි එහි රැස්වූ පිරිසට දහම් දෙසනු පිණිස මෙම සූත්‍රය වදාළහ.

තත්‍ථ යස‍්මා හි ධම‍්මං පුරිසො විජඤ‍්ඤාති යතො පුග‍්ගලා පිටකත‍්තයප‍්පභෙදං පරියත‍්තිධම‍්මං වා, පරියත‍්තිං සුත්‍වා අධිගන‍්තබ‍්බං නවලොකුත‍්තරප‍්පභෙදං පටිවෙධධම‍්මං වා පුරිසො විජඤ‍්ඤා ජානෙය්‍ය වෙදෙය්‍ය. “යස‍්සා”තිපි පාඨො, සො එවත්‍ථො. ඉන්‍දංව නං දෙවතා පූජයෙය්‍යාති යථා සක‍්කං දෙවානමින්‍දං ද‍්වීසු දෙවලොකෙසු දෙවතා පූජෙන‍්ති, එවං සො පුග‍්ගලො තං පුග‍්ගලං කාලස‍්සෙව වුට‍්ඨාය උපාහනඔමුඤ‍්චනාදිං සබ‍්බං වත‍්තපටිවත‍්තං කරොන‍්තො පූජෙය්‍ය සක‍්කරෙය්‍ය ගරුකරෙය්‍ය. කිං කාරණං? සො පූජිතො…පෙ… පාතුකරොති ධම‍්මං, සො ආචරියො එවං පූජිතො තස‍්මිං අන‍්තෙවාසිම‍්හි පසන‍්නචිත‍්තො පරියත‍්තිපටිවෙධවසෙන බහුස‍්සුතො දෙසනාවසෙනෙව පරියත‍්තිධම‍්මඤ‍්ච, දෙසනං සුත්‍වා යථානුසිට‍්ඨං පටිපත‍්තියා අධිගන‍්තබ‍්බං පටිවෙධධම‍්මඤ‍්ච පාතුකරොති දෙසෙති, දෙසනාය වා පරියත‍්තිධම‍්මං, උපමාවසෙන අත‍්තනා අධිගතපටිවෙධධම‍්මං පාතුකරොති.

යස්මා හි ධම්මං පුරිසො විජඤ්ඤා තුන් පිටකය ඇතුලත් ඉගෙන ගතයුතු දහම හෝ එම දහම් කරුණු අසා අවබෝධ කටයුතු නව ලොවුතුරා දහමෙහි පරම ඇත්ත ඇති සැටියෙන් දැකීම හෝ, (එසේ දකින) තැනැත්තෝ විජඤ්ඤා දැනගනු ලබන්නේය. අවබෝධ කරන්නේය. යස්සා යනුද පාඨයකි. එය ද මෙම අරුතමය. ඉන්‍දං ව නං දෙවතා පූජයෙය්‍ය දෙව්ලෝ දෙකෙහි දෙවිවරු සක්දෙවිඳුට යම්සේ පූජා කරත්ද, ඒ තැනැත්තා ද අනෙක් තැනැත්තාට උදෑසනින් පිබිද, පාවහන් මුදාහැරීම ආදී සියළු වත් පිළිවෙත් කරමින් පූජා කරන්නේය, සත්කාර කරන්නේය. ගරු කරන්නේය. ඊට හේතු කවරේද? සො පූජිතො......පාතුකරොති ධම්මං ඒ ගුරුතුමා එසේ පූජා ලබන ලද්දේ, තස්මිං අතවැසියා කෙරෙහි, පසන්න චිත්තො ඉගෙනීම හා අවබෝධය ලෙසින් බහුස්සුතො දේසනය අවසන්හිම දහම ඉගෙන, අවවාද අනුව පිළිපැද දහම අවබෝධ කර ගනී. දේසනයෙන් හෝ පිළිවෙත් දහම උපමා කරගනිමින් තමන් අවබෝධ කරගත් දහම හෙළිදරව් කරයි.

තදට‍්ඨිකත්‍වාන නිසම‍්ම ධීරොති එවං පසන‍්නෙන ආචරියෙන පාතුකතං ධම‍්මං අට‍්ඨිකත්‍වාන සුණිත්‍වා උපධාරණසමත්‍ථතාය ධීරො පුරිසො. ධම‍්මානුධම‍්මං පටිපජ‍්ජමානොති ලොකුත‍්තරධම‍්මස‍්ස අනුලොමත‍්තා අනුධම‍්මභූතං විපස‍්සනං භාවයමානො. විඤ‍්ඤූ විභාවී නිපුණො ච හොතීති විඤ‍්ඤුතාසඞ‍්ඛාතාය පඤ‍්ඤාය අධිගමෙන විඤ‍්ඤූ, විභාවෙත්‍වා පරෙසම‍්පි පාකටං කත්‍වා ඤාපනසමත්‍ථතාය විභාවී, පරමසුඛුමත්‍ථපටිවෙධතාය නිපුණො ච හොති. යො තාදිසං භජති අප‍්පමත‍්තොති යො තාදිසං පුබ‍්බෙ වුත‍්තප‍්පකාරං බහුස‍්සුතං අප‍්පමත‍්තො තප‍්පසාදනපරො හුත්‍වා භජති.

තදට්ඨි කත්‍වාන නිසම්ම ධීරො මෙසේ පහන් සිතින් ඉගෙනීමෙන් හා අවබෝධ කිරීමෙන් ගුරුවරයා විසින් හෙළිදරව් කරන ලද දහම අරුත් මෙනෙහි කරමින් අසා, ඒ පිළිබඳව සැලකිලිමත් වීමේ හැකියාව ඇති නැණවත් තැනැත්තා, ධම්මානුධම්මං පටිපජ්ජමානො ලොවුතුරු දහමට වෙනස් නොවන බැවින් ඊට අනුකූලව විදසුන් වඩමින්, විඤ්ඤූ විභාවී නිපුණෙ ච හොති නුවණැති බව යැයි කියන ලද වියත් බව ලැබූයේ නුවණැත්තා වේ. එය මැනවින් අවබෝධ කොට, අනුන්ට ද පැහැදිලිව වටහාදීමට සමත් බැවින් විභාවී වේ. සියළු කරුණු ඉතා සියුම්ව (ඉතිරියක් නොමැතිව) පිරිසිඳ දැනීමේ හැකියාවෙන් යුතු වෙයි. යො තාදිසං භජතෙ අප්පමත්තො පෙර කියන ලද පරිදි බොහෝ ඇසූ පිරූ තැන් ඇති තැනැත්තකුගේ අවවාද අනුසාසනා ලබමින් නොපමාව ඇසුරු කරයි.

එවං පණ‍්ඩිතාචරියසෙවනං පසංසිත්‍වා ඉදානි බාලාචරියසෙවනං නින්‍දන‍්තො “ඛුද‍්දඤ‍්ච බාල”න‍්ති ඉමං ගාථමාහ. තත්‍ථ ඛුද‍්දන‍්ති ඛුද‍්දෙන කායකම‍්මාදිනා සමන‍්නාගතං, පඤ‍්ඤාභාවතො බාලං. අනාගතත්‍ථන‍්ති අනධිගතපරියත‍්තිපටිවෙධත්‍ථං. උසූයකන‍්ති ඉස‍්සාමනකතාය අන‍්තෙවාසිකස‍්ස වුඩ‍්ඪිං අසහමානං. සෙසමෙත්‍ථ පාකටමෙව පදතො. අධිප‍්පායතො පන යො බහුචීවරාදිලාභී ආචරියො අන‍්තෙවාසිකානං චීවරාදීනි න සක‍්කොති දාතුං, ධම‍්මදානෙ පන අනිච‍්චදුක‍්ඛානත‍්තවචනමත‍්තම‍්පි න සක‍්කොති. එතෙහි ඛුද‍්දතාදිධම‍්මෙහි සමන‍්නාගතත‍්තා තං ඛුද‍්දං බාලං අනාගතත්‍ථං උසූයකං ආචරියං උපසෙවමානො “පූතිමච‍්ඡං කුසග‍්ගෙනා”ති (ඉතිවු· 76; ජා· 1.15.183) වුත‍්තනයෙන සයම‍්පි බාලො හොති. තස‍්මා ඉධ සාසනෙ කිඤ‍්චි අප‍්පමත‍්තකම‍්පි පරියත‍්තිධම‍්මං පටිවෙධධම‍්මං වා අවිභාවයිත්‍වා ච අවිජානිත්‍වා ච යස‍්ස ධම‍්මෙසු කඞ‍්ඛා, තං අතරිත්‍වා මරණං උපෙතීති එවමස‍්ස අත්‍ථො වෙදිතබ‍්බො.

මෙසේ නුවණැතියන්ගේ හැසිරීම හා ඇසුර පසසා දැන් අනුවණයාගේ හැසිරීම් හා ඇසුර ගරහමින් ඛුද්දඤ්ච බාලං යන මේ ගාථාව වදාළහ. ඛුද්දං නොවැදගත් කයෙන් කෙරෙන කටයුතුවල යෙදුනු, නුවණ මෙහෙයා කටයුතු කිරීමෙන් තොර වූයේ බාලං, අනාගතත්‍ථං දහම් ඉගෙනීමක් නැති, අවබෝධ නොකරන ලද, උසුය්‍යකං අතවැසියාගේ දියුණුව නොකැමති වූ සිතින්, ඉතිරි කරුණු පහසුය. මෙහි අදහස් කෙරෙන්නේ ගුරු හිමියන්ට බොහෝ සිවුරු ආදිය ලැබේ ද, අතවැසි ගෝලයනට ඒ සිවුරු ආදිය දීමට නොහැකි බවත්, දහම ගැන කියා දීමේදී ‘කිසිවක් තිර නැත, කය, මගේ යැයි නොගත යුතුය යන වචනයකුදු කියාදීමට නොහැකි බවත්ය. මෙබඳු අඩු ගුණ ඇති බැවින්, එබඳු අනුවණ, ඉසි සිතින් පිරුණු ගුරුවරයකු ඇසුරු කරන්නා ද ‘කුසතණ පතින් ඔතන ලද කුණු වූ මස්’ යැයි කියා ඇති පරිදි ‘පූතිමච්ඡං කුසග්ගෙන’ තමාද මෝඩයකු බවට පත්වේ. එහෙයින් ඉධ මේ සාසනයෙහි කිසියම් කෙනෙකු මදක් හෝ ඉගෙනීමෙන් හෝ පිළිපැදීමෙන්, ධම්මං පිළිවෙත් දහම හෝ, අවිභාවයිත්‍වා නොදැනීමෙන් ද, ඒ දහමෙහි සැක ඇති තැන් දුරුකර නො ගැනීමෙන්ද මරණං උපෙති මෙසේ අරුත දතයුතුය.

ඉදානි තස‍්සෙවත්‍ථස‍්ස පාකටකරණත්‍ථං “යථා නරො”ති ගාථාද‍්වයමාහ. තත්‍ථ ආපගන‍්ති නදිං. මහොදකන‍්ති බහුඋදකං. සලිලන‍්ති ඉතො චිතො ච ගතං, විත්‍ථිණ‍්ණන‍්ති වුත‍්තං හොති. “සරිත”න‍්තිපි පාඨො, සො එවත්‍ථො. සීඝසොතන‍්ති හාරහාරිකං, වෙගවතින‍්ති වුත‍්තං හොති. කිං සොති එත්‍ථ “සො වුය‍්හමානො”ති ඉමිනා ච සොකාරෙන තස‍්ස නරස‍්ස නිද‍්දිට‍්ඨත‍්තා නිපාතමත‍්තො සොකාරො. කිං සූති වුත‍්තං හොති යථා “න භවිස‍්සාමි නාම සො, විනස‍්සිස‍්සාමි නාම සො”ති. ධම‍්මන‍්ති පුබ‍්බෙ වුත‍්තං දුවිධමෙව. අනිසාමයත්‍ථන‍්ති අනිසාමෙත්‍වා අත්‍ථං. සෙසමෙත්‍ථ පාකටමෙව පදතො.

දැන් එහිම අරුත තවත් පැහැදිලි කරනු පිණිස යථා නරො යන ගාථා දෙක වදාළහ. ආපගං ගඟ, මහොදිකං බොහෝ ජලය ඇති, සලිලං එහා මෙහා ගිය, පුළුල්ව පැතිරුණු යැයි කියන ලදී. සරිතං යනුවෙන්ද පාඨයකි. එයද මෙම තේරුමයි. සීඝසොතං බර ගෙනයන, වේගයෙන් (ගලායන) කිං සො මෙහි ‘ඔහු ගසාගෙන යනු ලබන්නේ’ සො යන මෙම පදයෙන් ඒ පුද්ගලයා දක්වන ලද බැවින් එය නිපාතයකි. කුමක් කියන ලදද? ‘ඔහු මෙන් නොවන්නෙමි. ඔහු මෙන් විනාස නොවන්නෙමි.’ (ඒ පරිදි යෙදී ඇත.) ධම්මං පෙර කී පරිදි දෙ ආකාරය. අනිසාමයත්‍ථ ඇහුම්කන් නොදී යන තේරුමයි. ඉතිරි වචන පැහැදිලිය.

අධිප‍්පායතො පන යථා යො කොචිදෙව නරො වුත‍්තප‍්පකාරං නදිං ඔතරිත්‍වා තාය නදියා වුය‍්හමානො අනුසොතගාමී සොතමෙව අනුගච‍්ඡන‍්තො පරෙ පාරත්‍ථිකෙ කිං සක‍්ඛති පාරං නෙතුං. “සක‍්කතී”තිපි පාඨො. තථෙව දුවිධම‍්පි ධම‍්මං අත‍්තනො පඤ‍්ඤාය අවිභාවයිත්‍වා බහුස‍්සුතානඤ‍්ච සන‍්තිකෙ අත්‍ථං අනිසාමෙත්‍වා සයං අවිභාවිතත‍්තා අජානන‍්තො අනිසාමිතත‍්තා ච අවිතිණ‍්ණකඞ‍්ඛො පරෙ කිං සක‍්ඛති නිජ‍්ඣාපෙතුං පෙක‍්ඛාපෙතුන‍්ති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. “සො වත, චුන්‍ද, අත‍්තනා පලිපපලිපන‍්නො”තිආදිකඤ‍්චෙත්‍ථ (ම· නි· 1.87) සුත‍්තපදං අනුස‍්සරිතබ‍්බං.

අදහස් කරන්නේ මෙයයි. යථා කියන ලද පරිදි කිසියම් මිනිසෙක් ගඟට ඔතරිත්‍වා ඒ ගඟෙහි වුය්හමානො අනුසොතගාමී දිය පහරටම අනුව යන්නේ, පරෙ එතෙර වීමට කැමතිව, කිං සක්කති එතරට ගෙනයාමට සක්‍ඛතී යනුවෙන්ද පාඨයකි. තථෙව දෙආකාර වූත්, ධම්මං තමන්ගේ නුවණින් අවිභාවයිත්‍වා බහුස්සුතානඤ්ච සමීපයෙහි අරුත් නොඅසා, සයං පුරුදු නොකරන ලද බැවින්, අජානන්තො නොඅසන ලද බැවින්ද, අවිතිණ්ණකංඛො පරෙ කිං සක්‍ඛති නිජ්ඣාපෙතුං බලාපොරොත්තු වීමට යැයි අරුත දතයුතුය. ‘චුන්‍ද, තමන් මඩෙහි එරුණේ’ –- ‘සො වත චුන්‍ද අත්තනා පලිප්පලිපන්නො ආදී තන්හි සූත්‍රවල යෙදුණු අයුරු සිහිපත් කළ යුතුය.

එවං බාලසෙවනාය බාලස‍්ස පරං නිජ‍්ඣාපෙතුං අසමත්‍ථතාය පාකටකරණත්‍ථං උපමං වත්‍වා ඉදානි “යො තාදිසං භජති අප‍්පමත‍්තො”ති එත්‍ථ වුත‍්තස‍්ස පණ‍්ඩිතස‍්ස පරෙ නිජ‍්ඣාපෙතුං සමත්‍ථතාය පාකටකරණත්‍ථං “යථාපි නාව”න‍්ති ගාථාද‍්වයමාහ. තත්‍ථ ඵියෙනාති දබ‍්බිපදරෙන. රිත‍්තෙනාති වෙළුදණ‍්ඩෙන. තත්‍ථාති තස‍්සං නාවායං. තත්‍රූපයඤ‍්ඤූති තස‍්සා නාවාය ආහරණපටිහරණාදිඋපායජානනෙන මග‍්ගපටිපාදනෙන උපායඤ‍්ඤූ. සික‍්ඛිතසික‍්ඛතාය සුකුසලහත්‍ථතාය ච කුසලො. උප‍්පන‍්නුපද‍්දවපටිකාරසමත්‍ථතාය මුතීමා. වෙදගූති වෙදසඞ‍්ඛාතෙහි චතූහි මග‍්ගඤාණෙහි ගතො. භාවිතත‍්තොති තායෙව මග‍්ගභාවනාය භාවිතචිත‍්තො. බහුස‍්සුතොති පුබ‍්බෙ වුත‍්තනයෙනෙව. අවෙධධම‍්මොති අට‍්ඨහි ලොකධම‍්මෙහි අකම‍්පනියසභාවො. සොතාවධානූපනිසූපපන‍්නෙති සොතඔදහනෙන ච මග‍්ගඵලානං උපනිස‍්සයෙන ච උපපන‍්නෙ. සෙසං උත‍්තානපදත්‍ථමෙව. අධිප‍්පායයොජනාපි සක‍්කා පුරිමනයෙනෙව ජානිතුන‍්ති න විත්‍ථාරිතා.

මෙසේ බාලයකු - අනුවණයකු ඇසුරෙන් අන් තැනැත්තන්ට කරුණු පහදා දීමට නොහැකි බව දැක්වීමට උපමාවක් දක්වා, දැන් ‘යම් පුද්ගලයෙකු එබඳු කෙනෙකු ඇසුරු කෙරේ නම් පමා නොවේ’ යැයි කියන ලද පරිදි, නුවණැති දැනුම් තේරුම් ඇති කෙනෙකුට අනෙක් තැනැත්තන්ට කරුණු පහදා දීමට හැකි බවට යථාපි නාවං යන ගාථා දෙක වදාළහ. පියෙන හබලෙන්, ලෑල්ලෙන්, අරිත්තෙන උණ ලීයෙන්, තත්‍ථ ඒ නැවෙහි තත්‍රැපායඤ්ඤු ඒ නැවෙහි ගෙනයන දෙයෙහි, ඒවා පිළිවෙලකට තැබීම වැනි කළයුතු දේ දැන, සුදුසු මග දැන සුදුසු පරිදි කටයුතු කිරීමෙහි උපාය කුසලතාවෙන් යුතු, මනා හික්මීමෙන් සැහැල්ලු බවින් යුතු කුසලො ඇතිවන අපහසුතා මගහරවා කටයුතු කිරිමේ හැකියාවෙන් මුතීමා, වෙදගු දැනීම හෙවත් වේද යැයි කියනු ලබන සිවුමග නුවණින් (එතරට) ගිය, භාවිතත්තො ඒ මග නුවණින් පුරුදු කරන ලද සිත ඇති, බහුස්සුතො (මෙහි තේරුම) පෙර කියන ලද පරිදිමය. අවෙධධම්මො අටලෝ දහමෙන් කම්පා නොවන බැවින්, සොතාවධානූපනිසූප්පනෙන සවන් යොමු කරමින්ද මගපල ලැබීම පිණිසද හේතුවන ආකාරයෙන්ද, ඉතිරි පද කලින් තේරුම් දී ඇති පරිදිමය. මෙහි අදහසද පෙර පරිදිම දැනගත හැකිවෙතැයි විස්තර නොකරන ලදී.

එවං පණ‍්ඩිතස‍්ස පරෙ නිජ‍්ඣාපෙතුං සමත්‍ථභාවපාකටකරණත්‍ථං උපමං වත්‍වා තස‍්සා පණ‍්ඩිතසෙවනාය නියොජෙන‍්තො “තස‍්මා හවෙ”ති ඉමං අවසානගාථමාහ. තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – යස‍්මා උපනිස‍්සයසම‍්පන‍්නා පණ‍්ඩිතසෙවනෙන විසෙසං පාපුණන‍්ති, තස‍්මා හවෙ සප‍්පුරිසං භජෙථ. කීදිසං සප‍්පුරිසං භජෙථ? මෙධාවිනඤ‍්චෙව බහුස‍්සුතඤ‍්ච, පඤ‍්ඤාසම‍්පත‍්තියා ච මෙධාවිනං වුත‍්තප‍්පකාරසුතද‍්වයෙන ච බහුස‍්සුතං. තාදිසඤ‍්හි භජමානො තෙන භාසිතස‍්ස ධම‍්මස‍්ස අඤ‍්ඤාය අත්‍ථං එවං ඤත්‍වා ච යථානුසිට‍්ඨං පටිපජ‍්ජමානො තාය පටිපත‍්තියා පටිවෙධවසෙන විඤ‍්ඤාතධම‍්මො සො මග‍්ගඵලනිබ‍්බානප‍්පභෙදං ලොකුත‍්තරසුඛං ලභෙථ අධිගච‍්ඡෙය්‍ය පාපුණෙය්‍යාති අරහත‍්තනිකූටෙන දෙසනං සමාපෙසීති.

මෙසේ නුවණැත්තාට අනුන්ට වටහාදීමට හැකි බව පැහැදිලි කරනු පිණිස උපමාවක් කියා, ඒ නුවණැති ඇසුරෙහි යොදවමින් තස්මා භවෙ යන මේ අවසාන ගාථාව වදාළහ. මේ එහි කෙටි අදහසයි. යම් හෙයකින් හේතු සම්පත් ඇතිව නුවණැත්තන් ඇසුරෙන් උසස් බවට පැමිණේද, තස්මා හවෙ සප්පුරිසං භජෙථ කෙබඳු යහපත් තැනැත්තෙක්ද? මෙධාවිනඤ්චෙව බහුසසුතඤ්ච නුවණ සම්පතද, ඇසීම ද යන කරුණු දෙකම නුවණැතියන් කියන ලද අයුරු බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවයි. එවැනි තැනැත්තන් ඇසුරෙන් ඒ කියන ලද කරුණු අඤ්ඤාය අත්‍ථං මෙසේ දැන අනුසාසනා පරිදි පටිපජ්ජමානො ඒ පිළිවෙතින් අවබෝධ කිරීම් ලෙසින් විඤ්ඤාත ධම්මො සො මගපල නිවන් ලෙසින් ලොවුතුරා සුඛං ලභෙථ ලබන්නේය, පැමිණෙන්නේ යැයි රහත් පලය කුළුගන්වමින් දේසනය නිමකළහ.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය ධම‍්මසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ධම්මසූත්‍ර විස්තරය නිමි.