7. බ්රාහ්මණධම්මික සුත්තවණ්ණනා අට්ඨකථා
7. බ්රාහ්මණධම්මික සුත්තවණ්ණනා
7. බ්රාහ්මණධම්මික සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති බ්‍රාහ්මණධම්මිකසුත්තං. කා උප්පත්ති? අයමෙව යාස්ස නිදානෙ “අථ ඛො සම්බහුලා”තිආදිනා නයෙන වුත්තා. තත්ථ සම්බහුලාති බහූ අනෙකෙ. කොසලකාති කොසලරට්ඨවාසිනො. බ්රාහ්මණමහාසාලාති ජාතියා බ්රාහ්මණා මහාසාරතාය මහාසාලා. යෙසං කිර නිදහිත්වා ඨපිතංයෙව අසීතිකොටිසඞ්ඛ්යං ධනමත්ථි, තෙ “බ්රාහ්මණමහාසාලා”ති වුච්චන්ති. ඉමෙ ච තාදිසා, තෙන වුත්තං “බ්රාහ්මණමහාසාලා”ති. ජිණ්ණාති ජජ්ජරීභූතා ජරාය ඛණ්ඩිච්චාදිභාවමාපාදිතා. වුඩ්ඪාති අඞ්ගපච්චඞ්ගානං වුඩ්ඪිමරියාදං පත්තා. මහල්ලකාති ජාතිමහල්ලකතාය සමන්නාගතා, චිරකාලප්පසුතාති වුත්තං හොති. අද්ධගතාති අද්ධානං ගතා, ද්වෙ තයො රාජපරිවට්ටෙ අතීතාති අධිප්පායො. වයො අනුප්පත්තාති පච්ඡිමවයං සම්පත්තා. අපිච ජිණ්ණාති පොරාණා, චිරකාලප්පවත්තකුලන්වයාති වුත්තං හොති. වුඩ්ඪාති සීලාචාරාදිගුණවුඩ්ඪියුත්තා. මහල්ලකාති විභවමහන්තතාය සමන්නාගතා මහද්ධනා මහාභොගා. අද්ධගතාති මග්ගපටිපන්නා බ්රාහ්මණානං වතචරියාදිමරියාදං අවීතික්කම්ම චරමානා. වයො අනුප්පත්තාති ජාතිවුඩ්ඪභාවම්පි අන්තිමවයං අනුප්පත්තාති එවම්පෙත්ථ යොජනා වෙදිතබ්බා. සෙසමෙත්ථ පාකටමෙව.
එවං මෙ සුතං බ්රාහ්මණධම්මික සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? ඊට අදාල කතාව අථ ඛො සම්බහුලා ආදී ලෙසින් කියන ලද්දේය. සම්බහුලා බොහෝ, නොයෙක්, කොසලකා කොසොල් රටවැසියෝ, බ්‍රාහ්මණ මහාසාළා මහත් සම්පත් ඇති බමුණු සම්මත කුලයක උපත ලද්දෝ, නිදන් කොට තබන ලද ඔවුන්ගේ ධනය අසූ කෙළකි. ඔවුන්ට බමුණු මහසල් යැයි කියනු ලැබේ. මොවුන් ද එසේය. එහෙයින් බ්‍රාහ්මණ මහාසාළා යැයි කියන ලදී. ජිණ්ණ ජරාවට පත්ව, දත් වැටීම ආදී කැඩුණු බවට පත්ව, වුද්ධා වයස්ගත වනවිට වැඩුණු අඟපසඟවල කටයුතු සීමිතව, මහල්ලකා උපතින් පසු මෙසේ වැඩිහිටිව මහළු බවට පත්වූවෝ, ඉපිද බොහෝ කලක් ගත වූ, අද්ධගතා දිගුකල් ගතකළ, රජවරුන් වෙනුවෙන් බමුණන් ඉටුකරන රාජකාරිවලින් දෙකොටසක්, තුන් කොටසක් සේවය කොට කල්ගත වූයේ, වයො අනුප්පත්තා (ජීවිතයේ) පසු වයසට පැමිණි, තව ද වෙනස් ලෙස සඳහන් කළොත්, ජීණ්ණ පැරණි, කුල පරම්පරාව බොහෝකලක් පවත්වා ගත් බව කියන ලදී. වුද්ධා හික්මුණු, යහපත් ගුණයෙන් වැඩුණු, මහල්ලකා මහත් වස්තු සම්පත් ඇති බැවින් මහා පොහොසත්තු වූවෝ, අද්ධගතා බමුණු පරපුරට අයත් වත්, හැසිරීම් ආදී සීමා නො ඉක්මවා හැසිරෙන, වයො අනුප්පත්තා උපතින් මේ වනවිට (දැන්) වැඩිහිටි බවට පත්ව, ජීවිතයේ අවසාන කොටසෙහි කල්ගත කරන්නාහු යන මේ අදහස දතයුතුය. ඉතිරි අරුත් පහසුය.
භගවතා සද්ධිං සම්මොදිංසූති ඛමනීයාදීනි පුච්ඡන්තා අඤ්ඤමඤ්ඤං සමප්පවත්තමොදා අහෙසුං. යාය ච “කච්චි භොතො ගොතමස්ස ඛමනීයං, කච්චි යාපනීයං, අප්පාබාධං, අප්පාතඞ්කං, බලං, ලහුට්ඨානං, ඵාසුවිහාරො”තිආදිකාය කථාය සම්මොදිංසු, තං පීතිපාමොජ්ජසඞ්ඛාතසම්මොදජනනතො සම්මොදිතුං අරහතො ච සම්මොදනීයං, අත්ථබ්යඤ්ජනමධුරතාය සුචිරම්පි කාලං සාරෙතුං නිරන්තරං පවත්තෙතුං අරහතො සරිතබ්බභාවතො ච සාරණීයං. සුය්යමානසුඛතො ච සම්මොදනීයං, අනුස්සරියමානසුඛතො සාරණීයං, තථා බ්යඤ්ජනපරිසුද්ධතාය සම්මොදනීයං, අත්ථපරිසුද්ධතාය සාරණීයන්ති එවං අනෙකෙහි පරියායෙහි සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා පරියොසාපෙත්වා නිට්ඨාපෙත්වා යෙනත්ථෙන ආගතා, තං පුච්ඡිතුකාමා එකමන්තං නිසීදිංසු. තං –
භගවතා සද්ධිං සම්මොදිංසු ඉවසිය හැකිද? සුවදුක් කෙසේද? ආදිය විමසමින් එකිනෙකා අතර සතුටුසාමීචි කතා කළහ. ‘පින්වත් ගෝතම, කෙසේද? (පරිසරය දේසගුණ රටාව) ඉවසිය හැකිද? යැපෙන පමණට සිවුපසය ලැබේද? අපහසුතා තිබේද? සුවසේ සිටිත්ද? පහසු විවේකයක් ඇත්ද?’ යනාදී කතාබහෙන් සතුටු වූහ. තුටුපහටු පියජනක බව ඇතිවන බැවින් එසේ සතුටුසාමීචි කතා කිරීම සුදුසුය. අරුත්බර වචනයේ මිහිර නිසාම බොහෝ කලක් සිහිපත් කරන්නට නිතර හේතුවන බැවින් සාරාණිය වේ. අසනවිට කණට සුව දනවන බැවින්, සම්මොදනීය වේ. සිහිකරන විට සිතට සුව දනවන බැවින් සාරාණීය වේ. එමෙන්ම පිරිසිදු යහපත් වචන සතුට දනවන බැවින් ද සම්මොදනීය වේ. යහපත් තේරුමක් ඇති බැවින් සාරාණිය වේ. මෙසේ නොයෙක් ආකාරයෙන් සම්මොදනීයං කථං සාරාණියං වීතිසාරෙත්වා (කතාබහ) අවසන්කොට, නිමවා යම් කරුණක් සඳහා පැමිණියාහුද, එය විමසනු කැමතිව, එකමන්තං නිසීදිංසු එය,
“න පච්ඡතො න පුරතො, නාපි ආසන්නදූරතො; න පස්සෙ නාපි පටිවාතෙ, න චාපි ඔණතුණ්ණතෙ”ති. –
‘න පච්ඡතො න පුරතො නපි ආසන්න දූරතො න පස්සෙ නාපි පටිවාතෙ න චාපි ඔනතුන්නතෙ’
ආදිනා නයෙන මඞ්ගලසුත්තවණ්ණනායං වුත්තමෙව.
ආදී ලෙසින් මංගල සූත්‍ර විස්තරයෙහි සඳහන් කර ඇති පරිදිමය.
එවං එකමන්තං නිසින්නා ඛො තෙ බ්රාහ්මණමහාසාලා භගවන්තං එතදවොචුං – “කිං ත”න්ති? “සන්දිස්සන්ති නු ඛො”තිආදි. තං සබ්බං උත්තානත්ථමෙව. කෙවලඤ්හෙත්ථ බ්රාහ්මණානං බ්රාහ්මණධම්මෙති දෙසකාලාදිධම්මෙ ඡඩ්ඩෙත්වා යො බ්රාහ්මණධම්මො, තස්මිංයෙව. තෙන හි බ්රාහ්මණාති යස්මා මං තුම්හෙ යාචිත්ථ, තස්මා බ්රාහ්මණා සුණාථ, සොතං ඔදහථ, සාධුකං මනසි කරොථ, යොනිසො මනසි කරොථ. තථා පයොගසුද්ධියා සුණාථ, ආසයසුද්ධියා සාධුකං මනසි කරොථ. අවික්ඛෙපෙන සුණාථ, පග්ගහෙන සාධුකං මනසි කරොථාතිආදිනා නයෙන එතෙසං පදානං පුබ්බෙ අවුත්තොපි අධිප්පායො වෙදිතබ්බො. අථ භගවතා වුත්තං තං වචනං සම්පටිච්ඡන්තා “එවං භො”ති ඛො තෙ බ්රාහ්මණමහාසාලා භගවතො පච්චස්සොසුං, භගවතො වචනං අභිමුඛා හුත්වා අස්සොසුං. අථ වා පටිස්සුණිංසු. “සුණාථ සාධුකං මනසි කරොථා”ති වුත්තමත්ථං කත්තුකාමතාය පටිජානිංසූති වුත්තං හොති. අථ තෙසං එවං පටිස්සුතවතං භගවා එතදවොච – “කිං ත”න්ති? “ඉසයො පුබ්බකා”තිආදි.
මෙසේ එකමන්තං නිසින්නා ඛො තෙ බ්රාහ්මණමහාසාළා භගවන්තං එතදවොචුං යැයි සැළකළේ කුමක් ගැනද? සන්දිස්සන්ති නූ ඛො ආදී ඒ සියළු තැන් කලින් පැහැදිලි කොට ඇත. බ්රාහ්මණනං බ්‍රාහ්මණ ධම්මෙහි හුදෙක්ම මෙහි රටතොට, කාලය ආදී කරුණු හැර බමුණු දහමක් වේද ඒ පිළිබඳ වූ, තෙන හි බ්රාහ්මණං බ්‍රාහ්මණයෙනි, යම් කරුණක් ඔබලා මගෙන් විමසවුද? සුණථ සවන් යොමා එය අසවු, සාධුකං මනසි කරොථ නුවණින් මෙනෙහි කරවු. සිත විසිර යා නොදී අසවු. මනාව සිතෙහි දරා ගනිමින් හොඳින් සිතා බලව යනාදී ලෙසින්, පෙර නොකියන ලද කරුණු අදහස් වේයැයි දතයුතුය. එවං භොති ඛො තෙ බ්‍රාහ්මණ මහාසාළා භගවතො පච්චසෙසාසුං භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචන මනාව පිළිගනිමින්, එයට මුල්තැන දෙමින් ඇසූහ. නැතහොත් එසේ අසන බවට තහවුරු කළහ. අසව, මැනවින් මෙනෙහි කරවයි කීමට එකඟ වන්නේ එසේ අනුගමනය කරන බවට පිළිවදන් දීමෙනි. ඉක්බිති ඔවුන්ගේ ඒ පිළිතුරෙන් පසුව ඉසයො පුබ්බකා ආදී ලෙසින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීහ.
තත්ථ පඨමගාථාය තාව සඤ්ඤතත්තාති සීලසංයමෙන සංයතචිත්තා. තපස්සිනොති ඉන්ද්රියසංවරතපයුත්තා. අත්තදත්ථමචාරිසුන්ති මන්තජ්ඣෙනබ්රහ්මවිහාරභාවනාදිං අත්තනො අත්ථං අකංසු. සෙසං පාකටමෙව.
එහි මුල් ගාථාවෙහි සංයත්තතා යනු සීලයෙන් හික්මුණු, සංවර වූ සිත් ඇති බවයි. තපස්සිනො ඉඳුරන් සංවරයෙහි තපසින් යුතු, අත්තදත්ථමචාරිංසු වේද මතුරු ඉගැන්වීමෙන්, බඹ විහරණයෙන්, භාවනාදියෙන් තම දියුණුව සලසා ගත්හ. ඉතිරි කරුණු පැහැදිළිය.
දුතියගාථාදීසුපි අයං සඞ්ඛෙපවණ්ණනා – න පසූ බ්රාහ්මණානාසුන්ති පොරාණානං බ්රාහ්මණානං පසූ න ආසුං, න තෙ පසුපරිග්ගහමකංසු. න හිරඤ්ඤං න ධානියන්ති හිරඤ්ඤඤ්ච බ්රාහ්මණානං අන්තමසො ජතුමාසකොපි නාහොසි , තථා වීහිසාලියවගොධූමාදි පුබ්බණ්ණාපරණ්ණභෙදං ධානියම්පි තෙසං නාහොසි. තෙ හි නික්ඛිත්තජාතරූපරජතා අසන්නිධිකාරකාව හුත්වා කෙවලං සජ්ඣායධනධඤ්ඤා අත්තනො මන්තජ්ඣෙනසඞ්ඛාතෙනෙව ධනෙන ධඤ්ඤෙන ච සමන්නාගතා අහෙසුං. යො චායං මෙත්තාදිවිහාරො සෙට්ඨත්තා අනුගාමිකත්තා ච බ්රහ්මනිධීති වුච්චති, තඤ්ච බ්රහ්මං නිධිමපාලයුං සදා තස්ස භාවනානුයොගෙන.
දෙවන ගාථා ආදියෙහි මේ කෙටි විස්තරයයි. න පසූ බ්රාහ්මණානාසු පෙර බමුණන්ට සත්තු නොසිටියහ. ඔවුහු සතුන් ඇති නොකළහ. න හිරඤ්ඤං න ධානියං බමුණන්ට අමුරන්ද, යටත් පිරිසෙයින් මසුරමක්වත් නොතිබුණි. එසේම දඹදිව පෙර අපර කොටසෙහි වැවෙන වී, හැල් වී, බාර්ලි, තිරිඟු වැනි දේවල් ද ඔවුනට නොවීය. ඔවුහු රන් රිදී රැස්කර තබා නොගෙන හුදෙක්ම සජ්ඣාය ධන ධඤ්ඤා වේද මන්ත්‍ර ඉගැන්වීමෙන්ම තමන්ට ලැබෙන ධනය හා වී ආදී අස්වැන්නෙන් සෑහීමට පත්වූහ. මෙත් වැඩීමෙන් කල් ගෙවූවෝ, උසස් බවටත්, බ්‍රහ්මයාගේ නියම අනුගාමික වූවෝ, බ්‍රහ්ම නිදානයක් සේ හැඳින්වූහ. එසේ බ්රහ්මං නිධිමපාලයුං හැම කල්හිම භාවනානුයෝගීව
එවං විහාරීනං යං නෙසං පකතං ආසි, යං එතෙසං පකතං එතෙ බ්රාහ්මණෙ උද්දිස්ස කතං අහොසි. ද්වාරභත්තං උපට්ඨිතන්ති “බ්රාහ්මණානං දස්සාමා”ති සජ්ජෙත්වා තෙහි තෙහි දායකෙහි අත්තනො අත්තනො ඝරද්වාරෙ ඨපිතභත්තං. සද්ධාපකතන්ති සද්ධාය පකතං, සද්ධාදෙය්යන්ති වුත්තං හොති. එසානන්ති එසන්තීති එසා, තෙසං එසානං, එසමානානං පරියෙසමානානන්ති වුත්තං හොති. දාතවෙති දාතබ්බං. තදමඤ්ඤිසුන්ති තං අමඤ්ඤිංසු, තං ද්වාරෙ සජ්ජෙත්වා ඨපිතං භත්තං සද්ධාදෙය්යං පරියෙසමානානං එතෙසං බ්රාහ්මණානං දාතබ්බං අමඤ්ඤිංසු දායකා ජනා, න තතො පරං. අනත්ථිකා හි තෙ අඤ්ඤෙන අහෙසුං, කෙවලං ඝාසච්ඡාදනපරමතාය සන්තුට්ඨාති අධිප්පායො.
මෙසේ කල්ගෙවන, යං තෙසං පකතං ආසි මේ බමුණන්ට දීමට මැනවින් සූදානම් කොට තබන ලද දෙයක් විය. ද්වාර භත්තං උපට්ඨිතං ‘බමුණන්ට දෙමු’යි ඒ ඒ දායකයන් විසින් තම තම ගෙයි දොරටුවෙහි පිළියෙල කොට තබන ලද බත්, සද්ධා පකතං සැදැහැයෙන් මනාව පිළියෙල කරන ලද, සැදැහැයෙන් දෙනු ලැබේ යැයි කියන ලද්දේ වෙයි. (එදිනෙදා ජීවත්වීමට අවැසි දේ සොයා ගනිති) දාතවෙ දිය යුතුය. තදමඤ්ඤිංසු එය සිතූහ. දොරටුවෙහි සකස්කොට තබන ලද ඒ බත, සොයනු ලබන එම බමුණන්ට සැදැහැයෙන් දිය යුතු යැයි සිතූහ. දායකයෝ, එය ඔවුන්ට උවමනා නැත්නම්, වෙනත් කෙනෙකුට (සුදුසු) වේ යැයි මිස, ඉන් එහා නොසිතූහ. හුදෙක්ම කුසගිනි නිවීමෙන් සෑහීමට පත්වේ යන අදහසයි.
නානාරත්තෙහීති නානාවිධරාගරත්තෙහි වත්ථෙහි විචිත්රත්ථරණත්ථතෙහි, සයනෙහි එකභූමිකද්විභූමිකාදිපාසාදවරෙහි. ආවසථෙහීති එවරූපෙහි උපකරණෙහි. ඵීතා ජනපදා රට්ඨා එකෙකප්පදෙසභූතා ජනපදා ච කෙචි කෙචි සකලරට්ඨා ච “නමො බ්රාහ්මණාන”න්ති සායං පාතං බ්රාහ්මණෙ දෙවෙ විය නමස්සිංසු.
නානාරත්තෙහි නොයෙක් පැහැයෙන් යුතු, වත්ථෙහි විසිතුරු ඇතිරිලි අතුරන ලද, සයනෙහි එක් මහලකින්, මහල් දෙකකින් යුත් මැදුරු ලෙසින්, ආවසථෙ මෙබඳු උපකරණවලින්, ඵීතා රටෙහි එක් එක් පෙදෙසෙහි පටන්, ජනපදා යම් යම් (පෙදෙස්වල) මුළු රටෙහිම ද රට්ඨා, ‘බමුණන්ට නමස්කාර වේවා’යි උදේ සවස බ්රාහ්මණෙ දෙවියන්ට මෙන් නමස්සිංසු
තෙ එවං නමස්සියමානා ලොකෙන අවජ්ඣා බ්රාහ්මණා ආසුං, න කෙවලඤ්ච අවජ්ඣා, අජෙය්‍යා විහිංසිතුම්පි අනභිභවනීයත්තා අජෙය්‍යා ච අහෙසුං. කිං කාරණා? ධම්මරක්ඛිතා, යස්මා ධම්මෙන රක්ඛිතා. තෙ හි පඤ්ච වරසීලධම්මෙ රක්ඛිංසු, “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි”න්ති (ජා· 1.10.102; 1.15.385) ධම්මරක්ඛිතා හුත්වා අවජ්ඣා අජෙය්‍යා ච අහෙසුන්ති අධිප්පායො. න නෙ කොචි නිවාරෙසීති තෙ බ්රාහ්මණෙ කුලානං ද්වාරෙසු සබ්බසො බාහිරෙසු ච අබ්භන්තරෙසු ච සබ්බද්වාරෙසු යස්මා තෙසු පියසම්මතෙසු වරසීලසමන්නාගතෙසු මාතාපිතූසු විය අතිවිස්සත්ථා මනුස්සා අහෙසුං, තස්මා “ඉදං නාම ඨානං තයා න පවිසිතබ්බ”න්ති න කොචි නිවාරෙසි.
මෙසේ ඔවුන්ට ලෝකයා විසින් වඳිනු ලබනවිට, වජ්ඣා බ්‍රාහ්මණ ආසුං (දඬුවම් ලබන තරම්) වැරදි සිදුනොවීම පමණක්ම නොවේ. අජෙය්‍යා වෙහෙසට පත්කළ නොහැකි බැවින්ද පැරදවිය නොහැකි වූහ. ඊට හේතු කවරේද? ධම්මරක්ඛිතා දහමෙන් රක්නා ලද බැවිනි. ඔවුහු උතුම් පන්සිල්හි සඳහන් කරුණු රැකගත්හ. ‘දැහැමිව හැසිරෙන තැනැත්තා දහමෙන්ම රැකෙයි’ -– ‘ධම්මො භවේ රක්ඛති ධම්මචාරි’ යනුවෙන් සඳහන් පරිදි දහමින් රකිනු ලැබ, දඬුවම් පැමිණවිය නොහැකි වූහ’යි අදහසයි. න තෙ කොචි නිවාරෙසි, කුලානං ද්වාරෙසු සබ්බසො, සීල සංවරයෙන් හා පියමනාප බවට පත්වූ ඒ බමුණන් කෙරෙහි මිනිස්සු සියළුම නිවෙස් ඇතුලතදීත්, පිටතදීත් මව්පියන් මෙන් බොහෝ විස්වාසවන්ත වූහ. එහෙයින් මෙතැනට ඔබලා නොපිවිසිය යුතුයැයි කිසිවෙකු වැළකුවේ නැත.
එවං ධම්මරක්ඛිතා කුලද්වාරෙසු අනිවාරිතා චරන්තා අට්ඨ ච චත්තාලීසඤ්චාති අට්ඨචත්තාලීසං වස්සානි කුමාරභාවතො පභුති චරණෙන කොමාරං බ්රහ්මචරියං චරිංසු තෙ. යෙපි බ්රාහ්මණචණ්ඩාලා අහෙසුං, කො පන වාදො බ්රහ්මසමාදීසූති එවමෙත්ථ අධිප්පායො වෙදිතබ්බො. එවං බ්රහ්මචරියං චරන්තා එව හි විජ්ජාචරණපරියෙට්ඨිං අචරුං බ්රාහ්මණා පුරෙ, න අබ්රහ්මචාරිනො හුත්වා. තත්ථ විජ්ජාපරියෙට්ඨීති මන්තජ්ඣෙනං. වුත්තඤ්චෙතං “සො අට්ඨචත්තාලීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරති මන්තෙ අධීයමානො”ති (අ· නි· 5.192). චරණපරියෙට්ඨීති සීලරක්ඛණං. “විජ්ජාචරණපරියෙට්ඨු”න්තිපි පාඨො, විජ්ජාචරණං පරියෙසිතුං අචරුන්ති අත්ථො.
මෙසේ දහමින් රකිනු ලැබූ ඒ බමුණෝ අට්ඨචත්තාරීසං වස්සානි අවුරුදු හතළිස් අටක් කුලගෙවල නොවැළකී හැසිර, කුමාර (තරුණ) කාලයේ පටන් කොමාරං බ්රහ්මචරියං චරිංසු තෙ උතුම් බඹසර හැසිරුණහ. යමෙක් බමුණු සැඬොල් වූවාහුද, බ්‍රහ්ම හා සම හැසිරිමක් තිබූ බමුණන් ගැන කිනම් වාදයක්ද? මෙසේ උතුම් හැසිරීමෙහි නියැලුණාහ. විජ්ජා පරියෙට්ඨිං අචරුං බ්රාහ්මණා පුරෙ ඒ උතුම් හැසිරීමෙහි ඈත්වූවෝ නොවූහ. විජ්ජා පරියෙට්ඨි මන්ත්‍ර ඉගෙනීම, ‘ඔහු අවුරුදු හතළිස් අටක්, තරුණ කල පටන්ම, මන්ත්‍ර ඉගෙන ගනිමින් බඹසර හැසිරෙතැ’යි ද කියන ලදී. චරණපරියෙට්ඨි සිල් රැකීම, විජ්ජාචරණ පරියෙට්ඨුං යනුද පාඨයකි. උසස් නුවණ හා උසස් හැසිරීම නොවළහා කරතියි තේරුමයි.
යථාවුත්තඤ්ච කාලං බ්රහ්මචරියං චරිත්වා තතො පරං ඝරාවාසං කප්පෙන්තාපි න බ්රාහ්මණා අඤ්ඤමගමුං ඛත්තියං වා වෙස්සාදීසු අඤ්ඤතරං වා, යෙ අහෙසුං දෙවසමා වා මරියාදා වාති අධිප්පායො. තථා සතං වා සහස්සං වා දත්වා නපි භරියං කිණිංසු තෙ, සෙය්යථාපි එතරහි එකච්චෙ කිණන්ති. තෙ හි ධම්මෙන දාරං පරියෙසන්ති. කථං? අට්ඨචත්තාලීසං වස්සානි බ්රහ්මචරියං චරිත්වා බ්රාහ්මණා කඤ්ඤාභික්ඛං ආහිණ්ඩන්ති – “අහං අට්ඨචත්තාලීස වස්සානි චිණ්ණබ්රහ්මචරියො, යදි වයප්පත්තා දාරිකා අත්ථි, දෙථ මෙ”ති. තතො යස්ස වයප්පත්තා දාරිකා හොති, සො තං අලඞ්කරිත්වා නීහරිත්වා ද්වාරෙ ඨිතස්සෙව බ්රාහ්මණස්ස හත්ථෙ උදකං ආසිඤ්චන්තො “ඉමං තෙ, බ්‍රාහ්මණ, භරියං පොසාවනත්ථාය දම්මී”ති වත්වා දෙති.
ඉහත කියන ලද පරිදි ඒ කාලයක් බඹසර වැස, එයින් පසු ගිහි ජීවිතයට පත් වූවද න බ්‍රාහ්මණ අඤ්ඤමගමුං කැත්කුල හෝ වෙළඳකුල හෝ වෙනත් කුලයක දෙවඟනක හා සමාන වූ කාන්තාවක සිටියත්, තමා පිළිබඳ සීමා තබාගත් බව අදහස් වේ. එසේ දැන් කාලයේ මෙන් මසුරන් සියයක් හෝ දහසක් හෝ ගෙවා මිලට නොගත්හ. නපි භරියං කිණිංසු තෙ මේ කාලයේ නම්, ඇතමෙක් (බිරිඳක්) මිලට ගනිති. (මුලදී) ඔවුහු දැහැමෙන් බිරියන් සොයති. ඒ කෙසේද? ‘අවුරුදු හතළිස් අටක් මම බඹසර පුරුදු කළෙමි. වියපත් දැරියක වේනම්, මට දෙව’යි කියමින් බමුණු ගෙවල දොරටුවෙහි අවිවාහක තරුණියක පවරා දෙන ලෙස ඉල්ලමින් (කඤ්ඤා භික්ඛං) ඇවිදිති. එහිදී යම් තැනැත්තෙකුට වියපත් දැරියක ඇත්නම්, ඔහු ඇය සරසවා ගෙයින් පිටතට ගෙන, දොරටුවෙහි සිටි බමුණාගේ අතෙහි පැන් වත්කොට, ‘බ්‍රාහ්මණය, මේ තැනැත්තිය, ආහාර ආදිය දෙමින් ඇතිදැඩි කිරීම පිණිස ඔබට බිරිය ලෙස දෙමි’යි කියා පවරා දෙයි.
කස්මා පන තෙ එවං චිරං බ්රහ්මචරියං චරිත්වාපි දාරං පරියෙසන්ති, න යාවජීවං බ්රහ්මචාරිනො හොන්තීති? මිච්ඡාදිට්ඨිවසෙන. තෙසඤ්හි එවංදිට්ඨි හොති – “යො පුත්තං න උප්පාදෙති, සො කුලවංසච්ඡෙදකරො හොති, තතො නිරයෙ පච්චතී”ති. චත්තාරො කිර අභායිතබ්බං භායන්ති ගණ්ඩුප්පාදො කිකී කුන්තනී බ්රාහ්මණාති. ගණ්ඩුප්පාදා කිර මහාපථවියා ඛයභයෙන මත්තභොජිනො හොන්ති, න බහුං මත්තිකං ඛාදන්ති. කිකී සකුණිකා ආකාසපතනභයෙන අණ්ඩස්ස උපරි උත්තානා සෙති. කුන්තනී සකුණිකා පථවිකම්පනභයෙන පාදෙහි භූමිං න සුට්ඨු අක්කමති. බ්රාහ්මණා කුලවංසූපච්ඡෙදභයෙන දාරං පරියෙසන්ති. ආහ චෙත්ථ –
මෙසේ ඔවුහු කුමක් නිසා කලක් බඹසරව සිටියද බිරියක් සොයන්නාහුද? ජීවත් වනතුරුම බඹසර නොහැසිරෙන්නේ ඇයි? වැරදි අදහසක් නිසාය. ‘යම් තැනැත්තෙකු පුතෙක් උපදවා නොදෙත්ද, ඔහු කුල පරම්පරාව සිඳින්නෙකි. ඒ නිසා නිරයට යති’යි ඒ වැරදි අදහසයි. ගණ්ඩුප්පාද, කිකී, කොන්තනී, බ්‍රාහ්මණ යැයි බිය නොවිය යුතු කරුණු සතරකට බිය වෙති. ගණ්ඩුප්පාදා - ගැඩවිල්ලු මහපොළව වැනසේ යන බියෙන් බොහෝ මැටි - පස් නො කති. කිරල් දෙන කිකී අහස කඩා වැටේය යන බියෙන් බිත්තර මතුයෙහි උඩුකුරුව නිදයි. කොන්තනී කිරිල්ල (දියකාවි?) පොළව සෙලවේ යැයි බියෙන් බිම ඉක්මනින් පා තබා යයි. බමුණෝ කුල පරම්පරාව නැති වේ යැයි බියෙන් අඹුවක සොයති.
“ගණ්ඩුප්පාදො කිකී චෙව, කුන්තී බ්රාහ්මණධම්මිකො; එතෙ අභයං භායන්ති, සම්මූළ්හා චතුරො ජනා”ති.
‘ගැඩවිලා ද, කිරලිය ද, කොන්තනී කිරිල්ලිය ද, දැහැමි බමුණා ද යන සතරදෙනා බොහෝ මුළා වී, බිය නොවිය යුතු දෙයට බිය වෙති’
එවං ධම්මෙන දාරං පරියෙසිත්වාපි ච සම්පියෙනෙව සංවාසං සඞ්ගන්ත්වා සමරොචයුං, සම්පියෙනෙව අඤ්ඤමඤ්ඤං පෙමෙනෙව කායෙන ච චිත්තෙන ච මිස්සීභූතා සඞ්ඝටිතා සංසට්ඨා හුත්වා සංවාසං සමරොචයුං, න අප්පියෙන න නිග්ගහෙන චාති වුත්තං හොති.
මෙසේ දැහැමෙන් අඹුවක සොයා, සම්පියෙනෙව සංවාසං සංගනත්වා මනා පියතාවයෙන් යුතුව, එකිනෙකා කෙරෙහි ආදරයෙන්, කයින් ද සිතින් ද මුසු වී, ඇලී ගැලී මෙවුන්දම් කැමති වූහ. අකමැත්තෙන් හෝ අවලාද නැගීම් හෝ නොමැති බව කියන ලදී.
එවං සම්පියෙනෙව සංවාසං කරොන්තාපි ච අඤ්ඤත්ර තම්හාති, යො සො උතුසමයො, යම්හි සමයෙ බ්රාහ්මණී බ්රාහ්මණෙන උපගන්තබ්බා, අඤ්ඤත්ර තම්හා සමයා ඨපෙත්වා තං සමයං උතුතො විරතං උතුවෙරමණිං පති භරියං, යාව පුන සො සමයො ආගච්ඡති, තාව අට්ඨත්වා අන්තරායෙව. මෙථුනං ධම්මන්ති මෙථුනාය ධම්මාය. සම්පදානවචනපත්තියා කිරෙතං උපයොගවචනං. නාස්සු ගච්ඡන්තීති නෙව ගච්ඡන්ති. බ්රාහ්මණාති යෙ හොන්ති දෙවසමා ච මරියාදා චාති අධිප්පායො.
මෙසේ පියතාවයෙන්ම මෙවුන්දමට කැමති වූවාහුද, අඤ්ඤත්ර තම්හා ඔසප් වීමෙන් පසු බැමිණිය කරා බමුණා පැමිණිය යුතුය. අඤ්ඤත්ර තම්හා සමයා ඔසප් වීමෙන් වෙන් වූ ඒ කාලය හැර, උතු වෙරමණී පරං බිරියට නැවත ඒ කාලය පැමිණෙන තුරු නොසිට, අන්තරා අතරෙහිම, (ඒ අතරතුර) මෙථූන ධම්මං මෙවුන්දහමෙහි, සම්පදාන අරුතෙහි දුතියාව යෙදුනි. නාස්සු ගච්ඡන්ති නොයත්මය. බ්‍රාහ්මණ ඔවුන් දෙවියන් හා සම වූ (තමන්ම) සීමා පනවා ගත් යන අදහසයි.
අවිසෙසෙන පන සබ්බෙපි බ්රහ්මචරියඤ්ච…පෙ… අවණ්ණයුං. තත්ථ බ්රහ්මචරියන්ති මෙථුනවිරති. සීලන්ති සෙසානි චත්තාරි සික්ඛාපදානි. අජ්ජවන්ති උජුභාවො, අත්ථතො අසඨතා අමායාවිතා ච. මද්දවන්ති මුදුභාවො, අත්ථතො අත්ථද්ධතා අනතිමානිතා ච. තපොති ඉන්ද්රියසංවරො. සොරච්චන්ති සුරතභාවො සුඛසීලතා අප්පටිකූලසමාචාරතා. අවිහිංසාති පාණිආදීහි අවිහෙසිකජාතිකතා සකරුණභාවො. ඛන්තීති අධිවාසනක්ඛන්ති. ඉච්චෙතෙ ගුණෙ අවණ්ණයුං. යෙපි නාසක්ඛිංසු සබ්බසො පටිපත්තියා ආරාධෙතුං, තෙපි තත්ථ සාරදස්සිනො හුත්වා වාචාය වණ්ණයිංසු පසංසිංසු.
මුළුමනින්ම සියල්ලෝම. බ්රහ්මචරියඤ්ච.. අවණ්ණයුං බ්රහ්මචරියං (මෙහි අදහස) මෙවුන්දමින් වැළකීමයි. සීලං ඉතිරි සිකපද හතර, අජ්ජවං කරන දෙයෙහි නොවක් බව, යහපත් ලෙස, කපටි බවින් තොරව, රැවටීමෙන් තොරව, මද්දවං මුදුබව, යහපත් ලෙස, නපුරු නොවී, නිහතමානීව, තපො ඉඳුරන් සංවරය, සොරච්ච කීකරු බව, සිල් පිරිසිදු බව, පිළිකුල් නොවන ගතිගුණයෙන් හෙබි, අවිහිංසා අත් ආදියෙන් පහර දී) හිංසා නොකරන, කරුණාවෙන් යුතු, ඛන්තී ඉවසීමේ කැමැත්ත, මෙබඳු ගුණ අවණ්ණයුං පිළිවෙතින් සියළු දෙනාම සතුටු කිරිමට නොහැකි වූහ. ඔවුහු එහි හරය දැක වචනයෙන් අගය කළහ. පැසසුම් කළහ.
එවං වණ්ණෙන්තානඤ්ච යො නෙසං…පෙ… නාගමා, යො එතෙසං බ්රාහ්මණානං පරමො බ්රහ්මා අහොසි, බ්රහ්මසමො නාම උත්තමො බ්රාහ්මණො අහොසි, දළ්හෙන පරක්කමෙන සමන්නාගතත්තා දළ්හපරක්කමො. ස වාති විභාවනෙ වා-සද්දො, තෙන සො එවරූපො බ්රාහ්මණොති තමෙව විභාවෙති. මෙථුනං ධම්මන්ති මෙථුනසමාපත්තිං. සුපිනන්තෙපි නාගමාති සුපිනෙපි න අගමාසි.
මෙසේ අගය කරනු ලබන්නන්ගේ යො නෙසං..... නාගමා ඒ බමුණන් අතර පරමො බ්රහ්මා අහොසි බ්රහ්මස්ම නම් උතුම් බමුණෙක් විය. දැඩි උත්සාහයෙන් යුතු බැවින් දළ්හ පරක්කමො, සවා විස්තර දැක්වීමේදී, ‘වා’ යනු එයින් මෙබඳු බමුණෙකැයි ඔහුට විස්තර කරයි. මෙථුනං ධම්මං මෙවුන්දම් සේවනයට පැමිණීමට, සුපිනෙන පි නාගමා සිහිනෙන්වත් නො ගියේය.
තතො තස්ස වත්තං…පෙ… අවණ්ණයුං. ඉමාය ගාථාය නවමගාථාය වුත්තගුණෙයෙව ආදිඅන්තවසෙන නිද්දිසන්තො දෙවසමෙ බ්රාහ්මණෙ පකාසෙති. තෙ හි විඤ්ඤුජාතිකා පණ්ඩිතා තස්ස බ්රහ්මසමස්ස බ්රාහ්මණස්ස වත්තං අනුසික්ඛන්ති පබ්බජ්ජාය ඣානභාවනාය ච, තෙ ච ඉමෙ බ්රහ්මචරියාදිගුණෙ පටිපත්තියා එව වණ්ණයන්තීති. තෙ සබ්බෙපි බ්රාහ්මණා පඤ්චකනිපාතෙ දොණසුත්තෙ (අ· නි· 5.192) වුත්තනයෙනෙව වෙදිතබ්බා.
එයින් තස්ස වත්තං.... අවණ්ණයුං මේ ගාථාවෙන් නවවෙනි ගාථාවෙහි කී ගුණම මුලසිට අග දක්වාම පෙන්වා දෙමින් දෙවියන් සම බමුණා ගැන පවසයි. විඤ්ඤුජාතිකා දැනුම් තේරුම් ඇති වියත්හු තස්ස ඒ බ්‍රහ්ම හා සමාන බමුණාගේ වත්තං අනුසික්ඛන්ති පැවිද්ද ද, දැහැන් ලැබීමට භාවනාවද යන මේ බ්රහ්මචරියා ගුණ පිළිවෙත්ම අගය කරනු ලබත්. ඒ සියළුම බමුණන් ගැන පඤ්චක නිපාතයෙහි ද්‍රෝණ සූත්‍රයෙහි කී පරිදි දතයුතුය.
ඉදානි මරියාදෙ බ්රාහ්මණෙ දස්සෙන්තො ආහ – “තණ්ඩුලං සයන”න්ති. තස්සත්ථො – තෙසු යෙ හොන්ති මරියාදා, තෙ බ්රාහ්මණා සචෙ යඤ්ඤං කප්පෙතුකාමා හොන්ති, අථ ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතත්තා නානප්පකාරකං තණ්ඩුලඤ්ච, මඤ්චපීඨාදිභෙදං සයනඤ්ච, ඛොමාදිභෙදං වත්ථඤ්ච, ගොසප්පිතිලතෙලාදිභෙදං සප්පිතෙලඤ්ච යාචිය ධම්මෙන, “උද්දිස්ස අරියා තිට්ඨන්ති, එසා අරියාන යාචනා”ති එවං වුත්තෙන උද්දිස්සඨානසඞ්ඛාතෙන ධම්මෙන යාචිත්වා, අථ යො යං ඉච්ඡති දාතුං, තෙන තං දින්නතණ්ඩුලාදිං සමොධානෙත්වා සංකඩ්ඪිත්වා. “සමුදානෙත්වා”තිපි පාඨො, එකොයෙවත්ථො. තතො යඤ්ඤමකප්පයුන්ති තතො ගහෙත්වා දානමකංසු .
දැන් සීමා පණවාගෙන ඒ අනුව කටයුතු කරන බමුණන් දක්වමින් තණ්ඩුලං සයනං යන ගාථාව කීහ. එහි අරුත නම් ඔවුන් අතුරෙන් සීමා පණවා ගත් බමුණෝ යාගයක් කරනු කැමැත්තෝ වෙත් ද, අමු අස්වැන්න පිළිගැනීමෙන් වැළකුණු බැවින් නොයෙක් ආකාරයෙන් සහල් ද ඇඳපුටු ලෙසින් සයනඤ්ච කොමු පිළි ආදියෙන් වත්ථඤ්ච ගිතෙල්, තල, තෙල් ආදී ලෙසින් සප්පිතෙලඤ්ච යාචිය ධම්මෙන ‘ලැබෙන දෙයක් බලාපොරොත්තුවෙන් උතුමෝ සිටිති. එය උතුමන්ගේ ඉල්ලීමයි.’ ‘උද්දිස්ස අරියා තිට්ඨන්ති එපා අරියාන යාචනා’ මෙසේ කියා ඇති අයුරු බලාපොරොත්තුවෙන් සිටිමින් දැහැමි ලෙස ඉල්ලා යම් කෙනෙක් යම් දෙයක් දීමට කැමති වේද, ඒ දෙන ලද සහල් ආදිය සමොධානෙත්වා එකතුකොට, සමුදානෙත්වා යැයිද පාඨයකි. එකම තේරුමයි. තතො යඤ්ඤමකප්පයුං එය ගෙන දානය දුන්හ.
කරොන්තා ච එවමෙතස්මිං උපට්ඨිතස්මිං දානසඞ්ඛාතෙ යඤ්ඤස්මිං නාස්සු ගාවො හනිංසු තෙ, න තෙ ගාවියො හනිංසු. ගාවීමුඛෙන චෙත්ථ සබ්බපාණා වුත්තාති වෙදිතබ්බා. කිංකාරණා න හනිංසූති? බ්රහ්මචරියාදිගුණයුත්තත්තා. අපිච විසෙසතො යථා මාතා…පෙ… නාස්සු ගාවො හනිංසු තෙ. තත්ථ යාසු ජායන්ති ඔසධාති යාසු පිත්තාදීනං භෙසජ්ජභූතා පඤ්ච ගොරසා ජායන්ති.
එසේ කරද්දීම, එවේලෙහි, උපට්ඨිතස්මිං දානයට ලැබුණු දේ, යඤ්ඤස්මිං නාස්සු ගාවො හනිංසුතෙ ඔව්හු ගවයන් නොමැරූහ. ගවයන් ගැන කීවද සියළුම පණ ඇති සතුන් (ජීවීන්) ඇතුලත් වේ යැයි දතයුතුය. කුමක් නිසා නො මැරුවාහුද? බ්රහ්මචරියාදී ගුණයෙන් යුතු බැවිනි. එහෙත් වෙනසක් ඇත. යථා මාතා -පෙ- නාස්සූ ගාවො හනිංසු තෙ එහි යාසු ජායන්ති ඔසධා පිත ආදියට බෙහෙතක් ලෙස පස්ගෝරස නිපදවති.
අන්නදාතිආදීසු යස්මා පඤ්ච ගොරසෙ පරිභුඤ්ජන්තානං ඛුදා වූපසම්මති, බලං වඩ්ඪති, ඡවිවණ්ණො විප්පසීදති, කායිකමානසිකං සුඛං උප්පජ්ජති , තස්මා අන්නදා බලදා වණ්ණදා සුඛදා චෙතාති වෙදිතබ්බා. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
අන්නදා යම් ආකාරයකින් පස්ගෝරස වළඳනවිට කුසගින්න සංසිඳේ. සවිය වඩයි. සිරුරු සම පැහැපත් වේ. සිරුරෙහි, මනසෙහි සුවය ඇතිවේ. තතො එයින්, අන්නදා බලදා වණ්ණදා සුබදාච යැයි දතයුතුය. ඉතිරි කරුණු පැහැදිලිය.
එවං තෙ යඤ්ඤෙසු ගාවො අහනන්තා පුඤ්ඤප්පභාවානුග්ගහිතසරීරා සුඛුමාලා…පෙ… සුඛමෙධිත්ථ යං පජා. තත්ථ සුඛුමාලා මුදුතලුණහත්ථපාදාදිතාය, මහාකායා ආරොහපරිණාහසම්පත්තියා, වණ්ණවන්තො සුවණ්ණවණ්ණතාය සණ්ඨානයුත්තතාය ච, යසස්සිනො ලාභපරිවාරසම්පදාය. සෙහි ධම්මෙහීති සකෙහි චාරිත්තෙහි. කිච්චාකිච්චෙසු උස්සුකාති කිච්චෙසු “ඉදං කාතබ්බං”, අකිච්චෙසු “ඉදං න කාතබ්බ”න්ති උස්සුක්කමාපන්නා හුත්වාති අත්ථො. එවං තෙ පොරාණා බ්රාහ්මණා එවරූපා හුත්වා දස්සනීයා පසාදනීයා ලොකස්ස පරමදක්ඛිණෙය්යා ඉමාය පටිපත්තියා යාව ලොකෙ අවත්තිංසු, තාව විගතඊතිභයුපද්දවා හුත්වා නානප්පකාරකං සුඛං එධිත්ථ පාපුණි, සුඛං වා එධිත්ථ සුඛං වුඩ්ඪිං අගමාසි. අයං පජාති සත්තලොකං නිදස්සෙති.
මෙසේ ඔවුහු යාගවලදී ගවයන් නොනසන බැවින්, පින් මහිමයෙන් පැහැපත් වූ සිරුරු ඇත්තාහ. සුඛුමාලා -පෙ- සුඛමෙධිත්ථයං පජා එහි සුඛුමාලා යනු මුදු යොවුන් අත් පා ආදිය, මහාකායා උසට සරිලන මහතින් යුතු, වණ්ණවන්තො රන්වන් පැහැයෙන් ඔපවත් වූ, යසස්සිනො ලාභ පිරිවර සම්පතින් යුතු, යෙහි ධම්මෙහි සිය සිරිත්වලින් කිච්චාකිච්චෙසු උස්සුකා ඒ ඒ කටයුතුවලදී මෙය කළයුතුයි, නොකළ යුතු කටයුතුවලදී මෙය නොකළ යුතුය ආදී ලෙසින් උත්සාහය දනවන යන අරුතයි. මෙසේ ඒ පැරණි බමුණෝ මෙබඳු දැකුම්කළු පහදනා සුළුව, මේ පිළිවෙතින් ලෝකයාගේ උතුම් වූ පූජාවට සුදුසු බවට පත්ව, යාව ලොකෙ අවතතිංසු ඒ ඇතිතාක් උවදුරු-බිය පහව නොයෙක් ආකාර වූ, සුඛං එධිත්ථ සුවයට පැමිණියාහ. සැප හෝ ලැබූහ. අයං පජා මිනිස් ලොව (සත්තලොකං) ගැන සඳහන් කිරීමයි.
කාලච්චයෙන පන සම්භින්නමරියාදභාවං ආපජ්ජිතුකාමානං තෙසං ආසි විපල්ලාසො…පෙ… භාගසො මිතෙ. තත්ථ විපල්ලාසොති විපරීතසඤ්ඤා. අණුතො අණුන්ති ලාමකට්ඨෙන පරිත්තට්ඨෙන අප්පස්සාදට්ඨෙන අණුභූතතො කාමගුණතො උප්පන්නං ඣානසාමඤ්ඤනිබ්බානසුඛානි උපනිධාය සඞ්ඛ්යම්පි අනුපගමනෙන අණුං කාමසුඛං, ලොකුත්තරසුඛං වා උපනිධාය අණුභූතතො අත්තනා පටිලද්ධලොකියසමාපත්තිසුඛතො අණුං අප්පකතොපි අප්පකං කාමසුඛං දිස්වාති අධිප්පායො. රාජිනො චාති රඤ්ඤො ච. වියාකාරන්ති සම්පත්තිං. ආජඤ්ඤසංයුත්තෙති අස්සාජානීයසංයුත්තෙ. සුකතෙති දාරුකම්මලොහකම්මෙන සුනිට්ඨිතෙ. චිත්තසිබ්බනෙති සීහචම්මාදීහි අලඞ්කරණවසෙන චිත්රසිබ්බනෙ. නිවෙසනෙති ඝරවත්ථූනි. නිවෙසෙති තත්ථ පතිට්ඨාපිතඝරානි. විභත්තෙති ආයාමවිත්ථාරවසෙන විභත්තානි. භාගසො මිතෙති අඞ්ගණද්වාරපාසාදකූටාගාරාදිවසෙන කොට්ඨාසං කොට්ඨාසං කත්වා මිතානි. කිං වුත්තං හොති? තෙසං බ්රාහ්මණානං අණුතො අණුසඤ්ඤිතං කාමසුඛඤ්ච රඤ්ඤො බ්යාකාරඤ්ච අලඞ්කතනාරියො ච වුත්තප්පකාරෙ රථෙ ච නිවෙසනෙ නිවෙසෙ ච දිස්වා දුක්ඛෙසුයෙව එතෙසු වත්ථූසු “සුඛ”න්ති පවත්තත්තා පුබ්බෙ පවත්තනෙක්ඛම්මසඤ්ඤාවිපල්ලාසසඞ්ඛාතා විපරීතසඤ්ඤා ආසි.
කල්යත්ම එතෙක් පැවති බමුණු දහම් සීමා වෙනස් කිරීමට කැමතිව, තෙසං ආසි විපල්ලාසො විපල්ලාස යනු වෙනස් වූ හැඟීම් හෝ අදහස් අණුතො අණුං බොළඳ වූත් අල්ප වූත්, ඒ අල්ප වින්දනයක් ඇති ඉතා සුළු වූ කාමගුණ දැක එය සැපයයි සළකමින්, දැහැන් ලැබීම - නිවන ඉතා සුළුකොට, තමන් ලද මෙලොව සම්පත් සැපයෙන් අඩු යැයි ටිකින් ටික කාමයෙහි ඇලීමෙන් යන අදහසයි. රාජිනොච රජවරුන්ද, වියාකාරං සම්පත්, ආජඤ්ඤ සංයුත්තෙ අජානීය අසුන් යොදන ලද, සුකතෙ ලීයෙන්, ලෝහයෙන් මනාව නිමවන ලද, චිත්තසිබ්බනෙ සිංහසම් ආදියෙන් අලංකාර වන පරිදි විසිතුරුව මැසූ වැනි, නිවෙසනෙ ගෙදර, නිවෙසෙති එහි පිහිටි ගෙවල්, විභතෙති දිගු, පුළුල් ලෙසින් බෙදන ලද්දා වූ, භාගසො මිතෙ මිදුල, දොරටු, මැදුරු, කුළුගෙවල් ලෙසින් ද වෙන් වෙන්කොට මණින ලද, කුමක් නිසා කියන ලදද? රජුට ආවතේව කරන, අලංකාරව සැරසුනු කාන්තාවන්ද ඉහත සඳහන් කරන ලද අසුන් යෙදූ රිය, ඉඩකඩම් හා මන්දිර දැක, ඒවා දුක් උපදවන දේ වුවත්, ඒ දේවල් කෙරෙහි සැපයයි පවත්නා හැඟීමෙන් පෙර තමන් පුරුදු කරන ලද ‘අත්හැර දැමීමට හුරු වූ’ විකාර වූ ඒ බමුණු අදහස්, මෙසේ අවුල් සහගත සිතිවිලිවලින් යුතු විය.
තෙ එවං විපරීතසඤ්ඤා හුත්වා ගොමණ්ඩලපරිබ්යූළ්හං…පෙ… බ්රාහ්මණා. තත්ථ ගොමණ්ඩලපරිබ්යූළ්හන්ති ගොයූථෙහි පරිකිණ්ණං. නාරීවරගණායුතන්ති වරනාරීගණසංයුත්තං. උළාරන්ති විපුලං . මානුසං භොගන්ති මනුස්සානං නිවෙසනාදිභොගවත්ථුං. අභිජ්ඣායිංසූති “අහො වතිදං අම්හාකං අස්සා”ති තණ්හං වඩ්ඪෙත්වා අභිපත්ථයමානා ඣායිංසු.
ඔවුහු මෙසේ අවුල් වූ, විකාර වූ සිතිවිලිවලින් යුතුව, ගොමණ්ඩල.. බ්‍රාහ්මණ, මේ ගාථාවේ ගොමණ්ඩල පරිබ්බූළ්හන්ති බොහෝ ගවරංචුවලින් ගැවසුණු, නාරීවරගණයුතං උසස් යයි සම්මත බොහෝ කාන්තාවන්ගෙන් යුතු, උළාරං මහත්, මානසං භොගං මිනිසුන් වසන තැන් ආදී පරිහරණය කරනු ලබන සම්පත්, ඉඩකඩම් ආදිය, අභිජ්ඣායිංසු ‘අනේ, මෙය අපට තිබේනම්.........යැයි ආසාව වඩමින්, බොහෝ බලාපොරොත්තු තබාගෙන, දැහැන් වැඩූහ.
එවං අභිජ්ඣායන්තා ච “එතෙ මනුස්සා සුන්හාතා සුවිලිත්තා කප්පිතකෙසමස්සූ ආමුත්තමණිආභරණා පඤ්චහි කාමගුණෙහි පරිචාරෙන්ති, මයං පන එවං තෙහි නමස්සියමානාපි සෙදමලකිලිට්ඨගත්තා පරූළ්හකච්ඡනඛලොමා භොගරහිතා පරමකාරුඤ්ඤතං පත්තා විහරාම. එතෙ ච හත්ථික්ඛන්ධඅස්සපිට්ඨිසිවිකාසුවණ්ණරථාදීහි විචරන්ති, මයං පාදෙහි. එතෙ ද්විභූමිකාදිපාසාදතලෙසු වසන්ති, මයං අරඤ්ඤරුක්ඛමූලාදීසු. එතෙ ච ගොනකාදීහි අත්ථරණෙහි අත්ථතාසු වරසෙය්යාසු සයන්ති, මයං තට්ටිකාචම්මඛණ්ඩාදීනි අත්ථරිත්වා භූමියං. එතෙ නානාරසානි භොජනානි භුඤ්ජන්ති, මයං උඤ්ඡාචරියාය යාපෙම. කථං නු ඛො මයම්පි එතෙහි සදිසා භවෙය්යාමා”ති චින්තෙත්වා “ධනං ඉච්ඡිතබ්බං, න සක්කා ධනරහිතෙහි අයං සම්පත්ති පාපුණිතු”න්ති ච අවධාරෙත්වා වෙදෙ භින්දිත්වා ධම්මයුත්තෙ පුරාණමන්තෙ නාසෙත්වා අධම්මයුත්තෙ කූටමන්තෙ ගන්ථෙත්වා ධනත්ථිකා ඔක්කාකරාජානමුපසඞ්කම්ම සොත්ථිවචනාදීනි පයුඤ්ජිත්වා “අම්හාකං, මහාරාජ, බ්රාහ්මණවංසෙ පවෙණියා ආගතං පොරාණමන්තපදං අත්ථි, තං මයං ආචරියමුට්ඨිතාය න කස්සචි භණිම්හා, තං මහාරාජා සොතුමරහතී”ති ච වත්වා අස්සමෙධාදියඤ්ඤං වණ්ණයිංසු. වණ්ණයිත්වා ච රාජානං උස්සාහෙන්තා “යජ, මහාරාජ, එවං පහූතධනධඤ්ඤො ත්වං, නත්ථි තෙ යඤ්ඤසම්භාරවෙකල්ලං, එවඤ්හි තෙ යජතො සත්තකුලපරිවට්ටා සග්ගෙ උප්පජ්ජිස්සන්තී”ති අවොචුං. තෙන නෙසං තං පවත්තිං දස්සෙන්තො ආහ භගවා “තෙ තත්ථ මන්තෙ…පෙ… බහු තෙ ධන”න්ති.
මෙසේ දැහැන් වඩන අතරම, ‘මේ මිනිස්සු මැනවින් දිය නා, සුවඳ තවරා, කෙස් රවුල් මනාව සරසාගෙන, මල් අබරණ පැළඳ පස්කම්ගුණෙහි හැසිරෙති. අපිනම්, ඔවුන් අපට නමස්කාර කරනු ලැබූවත්, දහදිය ගලන කිලිටි සිරුරුවලින් හා කිහිලිවල රෝම හා නියපොතුද වැඩී, වස්තු සම්පත් නැතිව බොහෝ කරුණාව පතුරුවමින් වාසය කරමු. මොවුහු ඇතුන් පිට, අසුන් පිට, දෝලාවල, රන්මුවා රියවලින් එහා මෙහා යති. අපි පයින් යමු, මොව්හු දෙමහල් පහ ආදියෙහි වසති. අපි කැලෑවේ රුක්මුල්වල වසමු, ‘මොවුහු සතුරගුල් පමණ දිග ලොම් ඇතිරිලි අතුරා, සුවසේ නිදති. අපි පත්කඩ (කුඩා පැදුරු), සම්කඩ බිම අතුරා නිදමු, මොව්හු රස බොජුන් අනුභව කරති. අපි පිඬුසිඟා ගොස් යැපෙමු. අපිත් මොවුන් හා කෙසේ සමාන වන්නෙමුදැ’යි සිතා, ‘ධනයට කැමතිවිය යුතුය, ධනය නැතිව මේ සැපසම්පත්වලට පැමිණීමට නොහැකි යයි තීරණය කොට, වේදය බිඳ, සුදුසු ලෙස පැවති දැහැමි පැරණි මන්ත්‍ර ඉවත්කොට, අයුතු පරිදි බොරු මන්ත්‍ර සකසා ධනය ලබාගනු කැමතිව, ඔක්කාක රජු හමුවී ආසිරිබර වදන් යොදා ‘මහරජ, අපේ බමුණු පරම්පරාවෙන් පැවත එන පැරණි මන්ත්‍ර ඇත, අපි ‘මිටෙහි රඳවා ගත් ගුරු රහස් ලෙස (ආචරිය මුට්ඨිනා) ඒවා ගැන කිසිවෙකුටත් නොකීවෙමු. මහරජ, ඒවා ඇසීම සුදුසු යැයි කියා අසකු මරා කරන යාග පැසසූහ. එසේ යාගය අගය කොට, රජු මෙහෙයවමින්, ‘මහරජ, යාග කරනු මැනවි, මෙසේ ඔබතුමන් ධනය, වී අස්වනු ආදියෙන් සෑහෙන තරම් පොහොසත් වේවි! යාග උපකරණවලින් ඔබතුමාට අඩුවීමක් නොවනු ඇත. ඔබතුමන් මෙසේ යාග කරනවිට සත්මුතු පරම්පරාවම බඹලොව උපදින බව පැවසූහ. බමුණන් රජුට ඒ පුවත පවසන අයුරු දක්වමින් භාග්‍යවතුන් වහන්සේ තෙ තත්ථ මන්තෙ.....බහු තෙ ධනං යන ගාථාව වදාළහ.
තත්ථ තත්ථාති තස්මිං, යං භොගමභිජ්ඣායිංසු, තන්නිමිත්තන්ති වුත්තං හොති. නිමිත්තත්ථෙ හි එතං භුම්මවචනං. තදුපාගමුන්ති තදා උපාගමුං. පහූතධනධඤ්ඤොසීති පහූතධනධඤ්ඤො භවිස්සසි, අභිසම්පරායන්ති අධිප්පායො. ආසංසායඤ්හි අනාගතෙපි වත්තමානවචනං ඉච්ඡන්ති සද්දකොවිදා. යජස්සූති යජාහි. විත්තං ධනන්ති ජාතරූපාදිරතනමෙව විත්තිකාරණතො විත්තං, සමිද්ධිකාරණතො ධනන්ති වුත්තං. අථ වා විත්තන්ති විත්තිකාරණභූතමෙව ආභරණාදි උපකරණං, යං “පහූතවිත්තූපකරණො”තිආදීසු (දී· නි· 1.331) ආගච්ඡති. ධනන්ති හිරඤ්ඤසුවණ්ණාදි. කිං වුත්තං හොති? තෙ බ්රාහ්මණා මන්තෙ ගන්ථෙත්වා තදා ඔක්කාකං උපාගමුං. කින්ති? “මහාරාජ, බහූ තෙ විත්තඤ්ච ධනඤ්ච, යජස්සු, ආයතිම්පි පහූතධනධඤ්ඤො භවිස්සසී”ති.
තත්ථ දැඩිව ආසා කළ සම්පතක් මුල්කොට කියන ලදී. එය අරමුණ කොට දක්වන අරුත සඳහා ආධාර විබත් යොදා ඇත. තදුපාගමුං එකල්හි පැමිණියහ. පහූතධනධඤ්ඤොසි මරණින් පසුද වස්තුව - වී අස්වනු ආදියෙන් සෑහෙන තරම් ලබන්නේ ය යන අදහසයි. සැකය, අනුමානය අරුත් දැක්වීමෙහිදී අනාගත කාලය වෙනුවෙන් වත්මන් වචනයෙන් යෙදීම වදන් පිළිබඳ වියත්හු කැමති වෙති. යජස්සු යාග කරන්න, විත්තං ධනං රන් ආදියට ඉතා වටිනා ලෙසින් ද, දියුණු වීමේ අදහසින් ධනය ලෙසද කියන ලදී. නැතහොත් විත්තං සතුට ඇති කරනු ලබන අබරණ ආදී දේ සතුට දනවන සෑහෙන තරම් උපකරණ හෝ යම් යම් දේ ‘පහූතවිත්තූපකරණෙ’ යනුවෙන් ගැනේ. ධනං අමුරන්, රන් ආදිය, කුමක් සඳහා කියන ලද ද? එකල ඒ බමුණෝ මන්ත්‍ර ගොතා ගෙන ඔක්කාක රජු වෙත ගියහ. කුමක් පිණිසද? ‘මහරජ, ඔබතුමාට බොහෝ සම්පත් ද ධනය ද ඇත. යාග කරනු මැනවි, මතුවටද සෑහෙන තරම් ධනය - සම්පත් ලබන්නේය.
එවං කාරණං වත්වා සඤ්ඤාපෙන්තෙහි තතො ච රාජා…පෙ… අදා ධනං. තත්ථ සඤ්ඤත්තොති ඤාපිතො. රථෙසභොති මහාරථෙසු ඛත්තියෙසු අකම්පියට්ඨෙන උසභසදිසො. “අස්සමෙධ”න්තිආදීසු අස්සමෙත්ථ මෙධන්තීති අස්සමෙධො, ද්වීහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස එකවීසතියූපස්ස ඨපෙත්වා භූමිඤ්ච පුරිසෙ ච අවසෙසසබ්බවිභවදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං. පුරිසමෙත්ථ මෙධන්තීති පුරිසමෙධො, චතූහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස සද්ධිං භූමියා අස්සමෙධෙ වුත්තවිභවදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං. සම්මමෙත්ථ පාසන්තීති සම්මාපාසො, දිවසෙ දිවසෙ සම්මං ඛිපිත්වා තස්ස පතිතොකාසෙ වෙදිං කත්වා සංහාරිමෙහි යූපාදීහි සරස්සතිනදියා නිමුග්ගොකාසතො පභුති පටිලොමං ගච්ඡන්තෙන යජිතබ්බස්ස සත්රයාගස්සෙතං අධිවචනං. වාජමෙත්ථ පිවන්තීති වාජපෙය්යො. එකෙන පරියඤ්ඤෙන සත්තරසහි පසූහි යජිතබ්බස්ස බෙලුවයූපස්ස සත්තරසකදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං. නත්ථි එත්ථ අග්ගළාති නිරග්ගළො, නවහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස සද්ධිං භූමියා ච පුරිසෙහි ච අස්සමෙධෙ වුත්තවිභවදක්ඛිණස්ස සබ්බමෙධපරියායනාමස්ස අස්සමෙධවිකප්පස්සෙතං අධිවචනං. සෙසමෙත්ථ පාකටමෙව.
මෙසේ කරුණු පහදන විට දී තතො ච රාජා.....අදා ධනං . සඤ්ඤත්තො කරුණු දක්වන ලදී. රථෙසභො මහා රථ කෙරෙහිද කැත් කුලවතුන් කෙරෙහිද කම්පා නොවන, ගවරැළක නායක ගොනකු හා සමාන වූ, මෙහි අසකු බිලි දී කරන යාගය අස්සමෙධො වෙයි. යාග කළ යුතු වූ විට, දෙකෙළවර සිට යාග කණු විසිඑකක් තබා, යාග බිමෙහි ද, මිනිසුන් ද වෙනත් සියළු පිදිය යුතු දේ ඇතුලත් යාගයට එය සමාන වචනයකි. පුරිසමෙධො පිරිමියෙකු බිලිදී කරන යාගයයි. අස්සමෙධයෙහි සඳහන් කරන ලද පරිදි, යාග බිම සතර කෙළවරෙහි යාගයට පිදිය යුතු අගනා දේවලට සමාන වචනයකි. සම්මාපාසො දවසින් දවස වියගහක් දමා, එය බිම වැටෙන තැන බටවලින් යාග පුදසුන සකසා, යාග කණු ආදිය රැගෙන යන්නවුන් විසින් සරසතී නදියෙහි ගිල් වූ යාග පුදසුන තිබූ තැන පටන් පිටුපසට යමින් කළයුතු (දියෙහි පාවෙන දෙයක සිට කරන) ‘රිය යාගයකට - යාත්‍රා යාග - මෙය සමාන වචනයකි. ‘සෝම’ පානය කරතී යනු වාජපෙය්යො එක් කෙළවරකින් තිරිසන් සතුන් දහහතක් බැගින් බිලිදී කළයුතු යාගයකදී. බෙලි කඳක් යොදා ගත් යාග කණුවෙහි සතුන් දහහතක්, දහහතක් පුද කළයුතු යාගයකට මෙය සමාන වදනකි. එහි අවහිර නැති අදහසින් නිරග්ගලො නවයක් බැගින් වූ යාග පූජාවක් කරනවිට, බිම ද පිරිමි තැනැත්තන් සමග, අස්සමෙධ යාගයෙහි කියන ලද පරිදි, සියළුම පිදිය යුතු දේ සහිත වූ, සියළු යාගවලට සමානවූම අස්සමෙධයට විකල්පයක් ලෙස මෙය අදහස් කෙරේ. ඉතිරි කරුණු පහසුය.
ඉදානි යං වුත්තං “බ්රාහ්මණානමදා ධන”න්ති, තං දස්සෙන්තො “ගාවො සයනඤ්චා”ති ගාථාද්වයමාහ. සො හි රාජා “දීඝරත්තං ලූඛාහාරෙන කිලන්තා පඤ්ච ගොරසෙ පරිභුඤ්ජන්තූ”ති නෙසං සපුඞ්ගවානි ගොයූථානෙව අදාසි, තථා “දීඝරත්තං ථණ්ඩිලසායිතාය ථූලසාටකනිවාසනෙන එකසෙය්යාය පාදචාරෙන රුක්ඛමූලාදිවාසෙන ච කිලන්තා ගොනකාදිඅත්ථතවරසයනාදීසු සුඛං අනුභොන්තූ”ති නෙසං මහග්ඝානි සයනාදීනි ච අදාසි. එවමෙතං නානප්පකාරකං අඤ්ඤඤ්ච හිරඤ්ඤසුවණ්ණාදිධනං අදාසි. තෙනාහ භගවා – “ගාවො සයනඤ්ච වත්ථඤ්ච…පෙ… බ්රාහ්මණානමදා ධන”න්ති.
‘බමුණන්ට ධනය දුන්නේයැ’යි කියන ලදද, මීළඟට එය පැහැදිලි කරමින්, ගාවො සයනඤ්ච යන ගාථා දෙක වදාළහ. දිගුකලක් රළු ආහාර නිසා දුබල වූ, වෙහෙස වූ ඒ බමුණන්ට රජතුමා, ‘පස්ගෝරස අනුභව කරත්වා’යි නායක ගවයන් ද සමග ගව පට්ටි ද දුන්නේ ය. එසේම, දිගුකලක් රළු පොළවෙහි නිදාගත් බැවින් ද, දළ රෙදි පොරවා ගැනීමෙන් ද, එකම ආකාරයෙන් පා ගමනින් ද, රුක්මුල්වල විසීමෙන් ද වෙහෙස වූ ඔවුන්ට, සතරගුල් පමණ දිගැති ලොම් පලස්, ඇතිරිලි යෙදු මාහැඟි යහන් ආදිය ‘සුවසේ පරිහරණය කරත්වා’යි සපයා දුන්නේ ය. මෙසේ නොයෙක් අයුරින් වෙනත් අමුරන්, (කහවණු) රත්රන් ආදී වටිනා දේ දුන්නේ ය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ, ගාවො සයනඤ්ච වත්ථඤ්ච.... බ්රාහ්මණං අදා ධනං යනුවෙන් වදාළහ.
එවං තස්ස රඤ්ඤො සන්තිකා තෙ ච තත්ථ…පෙ… පුන මුපාගමුං. කිං වුත්තං හොති? තස්ස රඤ්ඤො සන්තිකා තෙ බ්රාහ්මණා තෙසු යාගෙසු ධනං ලභිත්වා දීඝරත්තං දිවසෙ දිවසෙ එවමෙව ඝාසච්ඡාදනං පරියෙසිත්වා නානප්පකාරකං වත්ථුකාම සන්නිධිං සමරොචයුං. තතො තෙසං ඉච්ඡාවතිණ්ණානං ඛීරාදිපඤ්චගොරසස්සාදවසෙන රසතණ්හාය ඔතිණ්ණචිත්තානං “ඛීරාදීනිපි තාව ගුන්නං සාදූනි, අද්ධා ඉමාසං මංසං සාදුතරං භවිස්සතී”ති එවං මංසං පටිච්ච භිය්යො තණ්හා පවඩ්ඪථ. තතො චින්තෙසුං – “සචෙ මයං මාරෙත්වා ඛාදිස්සාම, ගාරය්හා භවිස්සාම, යංනූන මන්තෙ ගන්ථෙය්යාමා”ති. අථ පුනපි වෙදං භින්දිත්වා තදනුරූපෙ තෙ තත්ථ මන්තෙ ගන්ථෙත්වා තෙ බ්රාහ්මණා තන්නිමිත්තං කූටමන්තෙ ගන්ථෙත්වා ඔක්කාකරාජානං පුන උපාගමිංසු. ඉමමත්ථං භාසමානා “යථා ආපො ච…පෙ… බහු තෙ ධන”න්ති.
මෙසේ ඒ රජු සමීපයට තෙ ච තත්ථ.....පුනුපාගමුං, එසේ කියන ලද්දේ කුමක් නිසාද? ඒ රජුන්ගෙන් තෙ ඒ බමුණෝ ඒ යාගවලින් ධනං දිගු කලක් දවසින් දවස, එක් දවසකට සෑහෙන ආහාර හා රෙදි ද නොයෙක් ආකාර වූ එදිනෙදා පරිහරණයට ගැනෙන වෙනත් කැමති කැමති දේ ලැබ, සන්නිධිං සමරොචයුං, එයින් තෙසං ඉච්ඡාච තිණ්ණනං කිරි ආදී පස්ගෝරස තණ්හාවෙන් මැඩුණු සිතින් ඒ ගව දෙනුන්ගේ කිරි ආදිය ඉතා මැනව, ඒකාන්තයෙන්ම මොවුන්ගේ මස් ඊටත් වඩා රසවත් වන්නේ යැයි මස් නිසා භීයො තණ්හා පවඩ්ඪථ එවිට ‘අපි මරා කන්නෙමු නම්, ගැරහුම් ලබන්නෙමු, මන්ත්‍ර ගොතන්නේ නම් මැනවැ’යි සිතූහ. ඉක්බිතිව, නැවත වේදය බිඳ, ඊට සුදුසු වූ, තෙ තත්ථ මන්තෙ ගන්ථෙත්වා ඒ බමුණෝ එය අරමුණු කොට, කපටි මන්ත්‍ර ගොතා ඔක්කාක රජු වෙත නැවත ද පැමිණියහ. මෙම කරුණු දක්වමින්, යථා ආපොච.......බහූ තෙ ධනං යන ගාථාව වදාළහ.
කිං වුත්තං හොති? අම්හාකං, මහාරාජ, මන්තෙසු එතදාගතං යථා ආපො හත්ථධොවනාදිසබ්බකිච්චෙසු පාණීනං උපයොගං ගච්ඡති, නත්ථි තෙසං තතොනිදානං පාපං. කස්මා? යස්මා පරික්ඛාරො සො හි පාණිනං, උපකරණත්ථාය උප්පන්නොති අධිප්පායො. යථා චායං මහාපථවී ගමනට්ඨානාදිසබ්බකිච්චෙසු කහාපණසඞ්ඛාතං හිරඤ්ඤං සුවණ්ණරජතාදිභෙදං ධනං, යවගොධූමාදිභෙදං ධානියඤ්ච, සංවොහාරාදිසබ්බකිච්චෙසු උපයොගං ගච්ඡති, එවං ගාවො මනුස්සානං සබ්බකිච්චෙසු උපයොගගමනත්ථාය උප්පන්නා. තස්මා එතා හනිත්වා නානප්පකාරකෙ යාගෙ යජස්සු බහු තෙ විත්තං, යජස්සු බහු තෙ ධනන්ති.
කුමක් නිසා එසේ කියන ලදද? ‘මහරජතුමනි, අපගේ මන්ත්රවල මෙසේ සඳහන් වේ. යථා ආපො (ජලය) අත් සේදීම් ආදී සියළු කටයුතුවලදී ජීවත් වන්නන්ට උපකාර වෙයි. ඒ නිසා ඔවුන්ට පව් සිදුවන්නේ නැත. කවර හෙයින්ද? පරික්ඛාරො සො හි පාණිනං යම් ලෙසකින් ජලය උවමනා දෙයක් ලෙස ඇති වූ බැවිනි. පඨවී යම්සේ මේ මහපොළවද ගමන් කිරීම් ආදී කටයුතු සඳහා සම්බන්ධ වන්නාක් මෙන්ද, කහවණු යැයි ද හඳුන්වනු ලබන හිරඤ්ඤං, රන්රිදී ආදියෙන් ධනං, බාර්ලි, තිරිඟු වැති දේ ධානියඤ්ච ලෙසද වහරන පරිදි ඒ හා සියළු කටයුතුවලදී අදාල වේ. එවං ගාවො මනුස්සානං මෙසේ (ගවයන්ද) සියළු කටයුතුවලදී උපකාර හෝ සම්බන්ධවන ලෙසට පහළව ඇත. එහෙයින් ඒ ගවයන් මරා නොයෙක් ආකාර වූ යාගයෙහි යජස්සු බහූ තෙ විත්තං බහු තෙ ධනං,
එවං පුරිමනයෙනෙව තතො ච රාජා…පෙ… අඝාතයි, යං තතො පුබ්බෙ කඤ්චි සත්තං න පාදා…පෙ… ඝාතයි. තදා කිර බ්රාහ්මණා යඤ්ඤාවාටං ගාවීනං පූරෙත්වා මඞ්ගලඋසභං බන්ධිත්වා රඤ්ඤො මූලං නෙත්වා “මහාරාජ, ගොමෙධයඤ්ඤං යජස්සු, එවං තෙ බ්රහ්මලොකස්ස මග්ගො විසුද්ධො භවිස්සතී”ති ආහංසු. රාජා කතමඞ්ගලකිච්චො ඛග්ගං ගහෙත්වා පුඞ්ගවෙන සහ අනෙකසතසහස්සා ගාවො මාරෙසි. බ්රාහ්මණා යඤ්ඤාවාටෙ මංසානි ඡින්දිත්වා ඛාදිංසු, පීතකොදාතරත්තකම්බලෙ ච පාරුපිත්වා මාරෙසුං. තදුපාදාය කිර ගාවො පාරුතෙ දිස්වා උබ්බිජ්ජන්ති. තෙනාහ භගවා – “න පාදා…පෙ… ඝාතයී”ති.
මෙසේ පෙර පරිදිම, තතොච රාජා... අඝාතයී (ගාථාව වදාළහ.) ඊට පෙර කිසිම සතෙකු න පාදා.........ඝාතයී එකල්හි බමුණෝ යාග බිම (යාග මළුව) ගවදෙනුන්ගෙන් පුරවා, නායක ගවයා (යාග කණුවේ) බැඳ කණු මුලට රජු කැඳවාගෙන ගොස්, ‘මහරජතුමනි, ගොමෙධ යාගය ඉටු කරනු මැන, මෙසේ ඔබතුමාට බඹලොව මග පිරිසිදු වන්නේ යැයි කීහ. (ආසිරි පැතීම් වේද ගීතිකා ගායනා වැනි) මංගල යැයි බමුණන් සම්මත කටයුතුවලින් පසු, රජු කඩුව ගෙන, නායක ගවයා සහ, සියදහස් ගණන් ගවයන් මැරුවේය. බමුණෝ යාග මළුවෙහි මස් කපා කෑහ. කහ-සුදු-රත් පැහැ කම්බිලි ද පොරවා මැරූහ. ගවයෝ පොරෝනා දැක බියෙන් තැති ගනිති. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ, න පාදා..........ඝාතයි ගාථාව වදාළහ.
තතො දෙවාති එවං තස්මිං රාජිනි ගාවියො ඝාතෙතුමාරද්ධෙ අථ තදනන්තරමෙව තං ගොඝාතකං දිස්වා එතෙ චාතුමහාරාජිකාදයො දෙවා ච, පිතරොති බ්රාහ්මණෙසු ලද්ධවොහාරා බ්රහ්මානො ච, සක්කො දෙවානමින්දො ච, පබ්බතපාදනිවාසිනො දානවයක්ඛසඤ්ඤිතා අසුරරක්ඛසා ච “අධම්මො අධම්මො”ති එවං වාචං නිච්ඡාරෙන්තා “ධි මනුස්සා, ධි මනුස්සා”ති ච වදන්තා පක්කන්දුං. එවං භූමිතො පභුති සො සද්දො මුහුත්තෙන යාව බ්රහ්මලොකා අගමාසි, එකධික්කාරපරිපුණ්ණො ලොකො අහොසි. කිං කාරණං? යං සත්ථං නිපතී ගවෙ, යස්මා ගාවිම්හි සත්ථං නිපතීති වුත්තං හොති.
තතො දෙවා මෙසේ ඒ රජු ගවදෙනුන් මැරීමට පටන්ගත් විට, ඒ අතරතුර, ඒ ගව ඝාතනය දුටු චාතුම්මහාරාජිකාදී දෙවිවරු දෙවා ච, පිතරො බමුණන් විසින්ම හඳුන්වා ඇති පරිදි මහා බ්‍රහ්මයා ද, සක්දෙවිඳු ද ඉන්ද්රො, උස් ගිරිකුළුපව්හි වසන, දානවයකුන් යැයි හඳුන්වනු ලබන අසුර රක්ඛසා ච අධම්මො ‘අදැහැමි’යි යන වචන කියමින් ‘මිනිසුනි, නින්දා වේවා! මිනිසුනි, නින්දා වේවා! කියමින් පක්කන්දුං මෙසේ පොළොවෙන් ඇරඹි ඒ හඬ මොහොතකින් බඹලොව දක්වාම පැතිර ගියේය. ලොවම එකම පාලනයකට නතු විය. හේතුව කුමක්ද? යං සත්ථ නිපතී ගවෙ යම් ලෙසකින් ගවදෙනකට අවි පහරක් වැදුනි යැයි කියන ලදද,
න කෙවලඤ්ච දෙවාදයො පක්කන්දුං, අයමඤ්ඤොපි ලොකෙ අනත්ථො උදපාදි – යෙ හි තෙ තයො රොගා පුරෙ ආසුං, ඉච්ඡා අනසනං ජරා, කිඤ්චි කිඤ්චිදෙව පත්ථනතණ්හා ච ඛුදා ච පරිපාකජරා චාති වුත්තං හොති. තෙ පසූනඤ්ච සමාරම්භා, අට්ඨානවුතිමාගමුං, චක්ඛුරොගාදිනා භෙදෙන අට්ඨනවුතිභාවං පාපුණිංසූති අත්ථො.
එය දෙවියන්ට පමණක් වන (බලපෑමක්) නොවේ. මෙය වෙනත් ලෝකවලටද අයහපත උදාවීමකි. තයො රොගා පුරෙ ආසුං ඉච්ඡා අනසනං ජරා යම් යම් බලාපොරොත්තු හා ආසා ද, බඩගින්න හා වයස ගෙවෙනවිට ජරාවට පත්වීම කියන ලදී. පසූනඤ්ච සමාරම්හා අට්ඨානවුතිමාගමුං ඇස් රෝග ආදී රෝග අනූඅටක් පැමිණියේ යැයි තේරුමයි.
ඉදානි භගවා තං පසුසමාරම්භං නින්දන්තො ආහ “එසො අධම්මො”ති. තස්සත්ථො එසො පසුසමාරම්භසඞ්ඛාතො කායදණ්ඩාදීනං තිණ්ණං දණ්ඩානං අඤ්ඤතරදණ්ඩභූතො ධම්මතො අපෙතත්තා අධම්මො ඔක්කන්තො අහු, පවත්තො ආසි, සො ච ඛො තතො පභුති පවත්තත්තා පුරාණො, යස්ස ඔක්කමනතො පභුති කෙනචි පාදාදිනා අහිංසනතො අදූසිකායො ගාවො හඤ්ඤන්ති. යා ඝාතෙන්තා ධම්මා ධංසන්ති චවන්ති පරිහායන්ති යාජකා යඤ්ඤයාජිනො ජනාති.
දැන් භාග්‍යවතුන් වහන්සේ ඒ සතුන් මැරීමට නින්දා කරමින් එසො අධම්මො යන ගාථාව වදාළහ. එහි අරුත නම්, එසො සතුන් මැරීමට ගත් තැන් පටන් කයෙන් කෙරෙන දුසිරිත් ආදී තුන් ආකාර වූ දණ්ඩානං එක්තරා වැරැද්දක් වීමෙන් දහමෙන් - යහපත් බවෙන් ඉවත්වන බැවින්, අධම්මො ඔක්කන්තො අහූ (එසේ) පැවතුණේය. එතැන් පටන් ඒ වැරදි තවමත් පවත්නා බැවින්, පුරාණෙ, ඒ මරණවිටදී පවා කිසිම සතෙකු පාදයෙන් හෝ හිංසාවක් නොකරන බැවින් අදූසිකායො, එසේ වූ ගවයන්, හඤ්ඤන්ති එබඳු ගවයන් යම් කෙනෙක් මරත් ද ධම්මා ධංසෙනති දහමෙන් වැළකෙති. පිරිහෙති. යාජකා යාගයෙහි යෙදෙන්නෝ - යදින්නෝ දනිති.
එවමෙසො අණුධම්මොති එවං එසො ලාමකධම්මො හීනධම්මො, අධම්මොති වුත්තං හොති. යස්මා වා එත්ථ දානධම්මොපි අප්පකො අත්ථි , තස්මා තං සන්ධායාහ “අණුධම්මො”ති. පොරාණොති තාව චිරකාලතො පභුති පවත්තත්තා පොරාණො. විඤ්ඤූහි පන ගරහිතත්තා විඤ්ඤූගරහිතොති වෙදිතබ්බො. යස්මා ච විඤ්ඤුගරහිතො, තස්මා යත්ථ එදිසකං පස්සති, යාජකං ගරහතී ජනො. කථං? “අබ්බුදං බ්රාහ්මණෙහි උප්පාදිතං, ගාවො වධිත්වා මංසං ඛාදන්තී”ති එවමාදීනි වත්වාති අයමෙත්ථ අනුස්සවො.
එවමෙසො අණුධම්මො මෙසේ එය පහත් දෙයක් - ලාමක දෙයක් ලෙස කියන ලදී. යම් ආකාරයකින් හෝ එහිදී දෙනු ලබන මඳ වූ දෙයක් හෝ ඇතොත්, ඒ සඳහා අණු ධම්මො යැයි වදාළහ. පොරාණො බොහෝ කලක පටන් පැවත එන, පැරණි වියතුන් විසින් පැසසුම් නොකරන ලද බැවින් විඤ්ඤූගරහිතො යැයි දතයුතුය. යම්හෙයකින් නැණවතුන් විසින් පැසසුම් නොකරන ලදද, එහෙයින්, යත්ථ එදිසකං පස්සති යාජකං ගරහති ජනො යනුවෙන් පැසසුම් නොකරන්නේ කෙසේද? (ඒ අදහස්) බමුණන් බොරුවෙන් උපදවන ලද්දකි. ගවයන් මරා මස් කති’යි අසා ඇතැයි මෙහිදී අදහස් වේ.
එවං ධම්මෙ වියාපන්නෙති එවං පොරාණෙ බ්රාහ්මණධම්මෙ නට්ඨෙ. “වියාවත්තෙ”තිපි පාඨො, විපරිවත්තිත්වා අඤ්ඤථා භූතෙති අත්ථො. විභින්නා සුද්දවෙස්සිකාති පුබ්බෙ සමග්ගා විහරන්තා සුද්දා ච වෙස්සා ච තෙ විභින්නා. පුථූ විභින්නා ඛත්තියාති ඛත්තියාපි බහූ අඤ්ඤමඤ්ඤං භින්නා. පතිං භරියාවමඤ්ඤථාති භරියා ච ඝරාවාසත්ථං ඉස්සරියබලෙ ඨපිතා පුත්තබලාදීහි උපෙතා හුත්වා පතිං අවමඤ්ඤථ, පරිභවි අවමඤ්ඤි න සක්කච්චං උපට්ඨාසි.
එවං ධම්මෙ වියාපන්නෙ මෙසේ පැරණි බමුණු දහම නැසිණි. වියාපත්තෙ යනුද පාඨයකි. අදහස වෙනස්ව, වෙනත් අදහසක් වී යැයි තේරුමයි. විභින්නා සුද්ද වෙස්සිකා පෙර සමගිව වාසය කළ මෙහෙකරු වැනි සුද්ද යැයි හැඳින්වූවෝ ද - වෙස්ස යැයි කියන ලද වෙළඳ කොටස් ද බිඳුණාහ. පුථූ විභින්නා ඛත්තියා කැත් කුලවත්තු ද එකිනෙකා කෙරෙහි බිඳුණහ. පතිං භරියාව මඤ්ඤථා බිරින්දද නිවසෙහි මුල්තැන තබන ලද බැවින්, පුතුන්ගේ බලයෙන් ද යුතුව හිමියාට අවමන් කළහ. නින්දා කළාය. නොසැළකීය. මැනවින් උවටැන්, ගරු සැළකිලි නොකළාය.
එවං අඤ්ඤමඤ්ඤං විභින්නා සමානා ඛත්තියා බ්රහ්මබන්ධූ ච…පෙ… කාමානං වසමන්වගුන්ති. ඛත්තියා ච බ්රාහ්මණා ච යෙ චඤ්ඤෙ වෙස්සසුද්දා යථා සඞ්කරං නාපජ්ජන්ති, එවං අත්තනො අත්තනො ගොත්තෙන රක්ඛිතත්තා ගොත්තරක්ඛිතා. තෙ සබ්බෙපි තං ජාතිවාදං නිරංකත්වා, “අහං ඛත්තියො, අහං බ්රාහ්මණො”ති එතං සබ්බම්පි නාසෙත්වා පඤ්චකාමගුණසඞ්ඛාතානං කාමානං වසං අන්වගුං ආසත්තං පාපුණිංසු, කාමහෙතු න කිඤ්චි අකත්තබ්බං නාකංසූති වුත්තං හොති.
මෙසේ එකින්නෙකා බෙදී ගියා සේ, ඛත්තියා බ්රහ්මබන්ධුච... කාමානං වසමන්වගුං කැත් කුලවත්තු ද බමුණෝ ද යෙ චඤ්ඤෙ වෙස්ස වෛශ්‍ය හා ශුද්‍ර යන කොටස් එකතු වී කටයුතු නොකරති. මෙසේ තම තමන්ගේ පරම්පරාව රකින ලද බැවින් ගොත්තරක්ඛිතා ඒ සියල්ලෝම ජාතිවාදං නිරං කත්වා ‘මම කැත් කුල වෙමි. මම බමුණෙක්මි’ ආදී හැඟීම් වනසා පස්කම් සැපයෙහි දැඩි වසඟයට අන්වගූං පැමිණියහ. කාමයට වසඟ වීමෙන් කළයුතු දේවල් කිසිවක් නොකළාහු යැයි කියන ලදී.
එවමෙත්ථ භගවා “ඉසයො පුබ්බකා”තිආදීහි නවහි ගාථාහි පොරාණානං බ්රාහ්මණානං වණ්ණං භාසිත්වා “යො නෙසං පරමො”ති ගාථාය බ්රහ්මසමං, “තස්ස වත්තමනුසික්ඛන්තා”ති ගාථාය දෙවසමං, “තණ්ඩුලං සයන”න්තිආදිකාහි චතූහි ගාථාහි මරියාදං, “තෙසං ආසි විපල්ලාසො”තිආදීහි සත්තරසහි ගාථාහි සම්භින්නමරියාදං, තස්ස විප්පටිපත්තියා දෙවාදීනං පක්කන්දනාදිදීපනත්ථඤ්ච දස්සෙත්වා දෙසනං නිට්ඨාපෙසි. බ්රාහ්මණචණ්ඩාලො පන ඉධ අවුත්තොයෙව. කස්මා? යස්මා විපත්තියා අකාරණං. බ්රාහ්මණධම්මසම්පත්තියා හි බ්රහ්මසමදෙවසමමරියාදා කාරණං හොන්ති, විපත්තියා සම්භින්නමරියාදො. අයං පන දොණසුත්තෙ (අ· නි· 5.192) වුත්තප්පකාරො බ්රාහ්මණචණ්ඩාලො බ්රාහ්මණධම්මවිපත්තියාපි අකාරණං. කස්මා? විපන්නෙ ධම්මෙ උප්පන්නත්තා. තස්මා තං අදස්සෙත්වාව දෙසනං නිට්ඨාපෙසි. එතරහි පන සොපි බ්රාහ්මණචණ්ඩාලො දුල්ලභො. එවමයං බ්රාහ්මණානං ධම්මො විනට්ඨො. තෙනෙවාහ දොණො බ්රාහ්මණො – “එවං සන්තෙ මයං, භො ගොතම, බ්රාහ්මණචණ්ඩාලම්පි න පූරෙමා”ති. සෙසමෙත්ථ වුත්තනයමෙව.
මෙසේ මෙහිදී භාග්‍යවතුන් වහන්සේ, ඉසයො පුබ්බකා ආදී ගාථා නවයකින් පැරණි බමුණන්ගේ යහපත් ගුණ දක්වා, යො තෙසං පරමො යන ගාථාවෙන් බ්‍රහ්මයා හා සමානව ද තස්ස වත්ත මනුසික්ඛන්තා යන ගාථාවෙන් දෙවියන් හා සමානවද තණ්ඩූලං සයනං ආදී ගාථා හතරකින් ඔවුන් පණවා ගත් සීමා ද, තෙසං ආසි විපල්ලාසො ආදී ගාථා දහහතකින් ඒ සීමා ඉක්මවා කටයුතු කිරීමෙන් එතෙක් සුරැකි පිළිවෙත් මගින් බැහැර වීමෙන් දෙවියන් ආදීන්ගේ ඉවත් වීමද දක්වා දේශනය නිම කළහ. බමුණු සැඬොලා ගැන මෙහි කියා නැත. කවර හෙයින්ද? බ්‍රහ්මයාට සමානව, දෙවියන් හා සමව සහ (තමා කෙරෙහි) සීමා කොටගත් කරුණු වීද, යම් නොමග යාමකින් හෝ, නුසුදුසු දෙයක් අගනා බමුණු දහම ලෙසින් ගෙන සීමා ඉක්මවා විපතට පත් වූයේ ද්‍රෝණ සූත්‍රයෙහි කියා ඇති පරිදිය. බමුණු දහම නැසුණද බමුණු සැඬොලකු වීමට එය හේතු නොවේ. කවර හෙයින්ද? බමුණු දහම නොපිටට හරවා ගත් බැවිනි. එහෙයින් එය නොදක්වාම දේසනය නිම කළහ. දැනුදු ඒ බමුණු සැඩොලා දුලබය. මෙසේ ඒ බමුණු දහම වැනසුනි.’ ‘පින්වත් ගොතමයනි, කරුණු මෙසේ නම්, ‘බ්‍රාහ්මණ සැඩොලා වීමට අපි කටයුතු නො කරමු’යි ද්‍රෝණ බමුණා කීය. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය බ්රාහ්මණධම්මිකසුත්තවණ්ණනා නිට්ඨිතා.
බ්‍රාහ්මණ ධම්මික සූත්‍ර විස්තරය නිමි.