6. කපිලසුත්තවණ්ණනා අට්ඨකථා
6. කපිලසුත්තවණ්ණනා
6. කපිල සූත්‍ර වර්ණනාව
ධම්මචරියන්ති කපිලසුත්තං. කා උප්පත්ති? හෙමවතසුත්තෙ වුත්තනයෙනෙව පරිනිබ්බුතෙ කස්සපෙ භගවති ද්වෙ කුලපුත්තා භාතරො නික්ඛමිත්වා සාවකානං සන්තිකෙ පබ්බජිංසු. ජෙට්ඨො සොධනො නාම, කනිට්ඨො කපිලො නාම. තෙසං මාතා සාධනී නාම, කනිට්ඨභගිනී තාපනා නාම. තාපි භික්ඛුනීසු පබ්බජිංසු. තතො තෙ ද්වෙපි හෙමවතසුත්තෙ වුත්තනයෙනෙව “සාසනෙ කති ධුරානී”ති පුච්ඡිත්වා සුත්වා ච ජෙට්ඨො “වාසධුරං පූරෙස්සාමී”ති පඤ්ච වස්සානි ආචරියුපජ්ඣායානං සන්තිකෙ වසිත්වා පඤ්චවස්සො හුත්වා යාව අරහත්තං, තාව කම්මට්ඨානං සුත්වා අරඤ්ඤං පවිසිත්වා වායමන්තො අරහත්තං පාපුණි. කපිලො “අහං තාව තරුණො, වුඩ්ඪකාලෙ වාසධුරං පරිපූරෙස්සාමී”ති ගන්ථධුරං ආරභිත්වා තෙපිටකො අහොසි. තස්ස පරියත්තිං නිස්සාය පරිවාරො, පරිවාරං නිස්සාය ලාභො ච උදපාදි.
ධම්මචරියං යනු කපිල සූත්‍රයයි. මෙම සූත්‍රය දේසනා කිරීමට හේතුව කුමක්ද? හේමවත සූත්‍ර විස්තරයෙහි සඳහන් වූ පරිදි කසුප් බුදුරදුන් පිරිනිවන්පෑ කල්හී, සහෝදර කුලපුත්තු දෙදෙනෙක් ගිහිගෙයින් නික්ම සාවක හිමිවරුන් ළඟ පැවිදි වූහ. වැඩිමහල් තැනැත්තා සොධන නම් විය. කනිටු සොයුරු කපිලය. ඔවුන්ගේ මවු සාධනී ය. කණිටු සොයුරිය තාපනා වූවාය. මවත් දුවත් මෙහෙණි සස්නෙහි පැවිදි වූහ. හේමවත සූත්‍ර විස්තරයෙහි කී පරිදි ‘හිමියනි, සසුනෙහි ධුර කොපමණදැ’යි විචාරා, දෙටු සොයුරු හිමි, ‘විදසුන් ධුරය පුරන්නෙමි’යි පස් වසරක් ගුරු උපජ්ඣාය හිමිවරුන් ළඟ වැස, සපුරන ලද වස් පහක් ඇත්තෙක්ව, අරහත් පලය තෙක් කමටහන් අසා, කැලයට පිවිස උත්සාහ කරමින්, රහත්ඵල ලැබීය. කපිල හිමි ‘මම තවම තරුණ වෙමි, වැඩිහිටි වියෙහිදී විදසුන් ධූරය සපුරන්නෙමි’යි දහම ඉගෙන තුන්පිටකයෙහිම හසළ දැනුමක් ලැබීය. කපිල හිමින්ගේ දහමෙහි වියත් බව නිසා පිරිවර ද පිරිවර නිසා ලාභ සත්කාරද ලැබුණි.
සො බාහුසච්චමදෙන මත්තො පණ්ඩිතමානී අනඤ්ඤාතෙපි අඤ්ඤාතමානී හුත්වා පරෙහි වුත්තං කප්පියම්පි අකප්පියං, අකප්පියම්පි කප්පියං, සාවජ්ජම්පි අනවජ්ජං, අනවජ්ජම්පි සාවජ්ජන්ති භණති. සො පෙසලෙහි භික්ඛූහි, “මා, ආවුසො කපිල, එවං අවචා”තිආදිනා නයෙන ඔවදියමානො “තුම්හෙ කිං ජානාථ රිත්තමුට්ඨිසදිසා”තිආදීහි වචනෙහි ඛුංසෙන්තො වම්භෙන්තොයෙව චරති. භික්ඛූ තස්ස භාතුනො සොධනත්ථෙරස්සාපි එතමත්ථං ආරොචෙසුං. සොපි නං උපසඞ්කමිත්වා ආහ – “ආවුසො කපිල, සාසනස්ස ආයු නාම තුම්හාදිසානං සම්මාපටිපත්ති. මා, ආවුසො කපිල, කප්පියම්පි අකප්පියං, අකප්පියම්පි කප්පියං, සාවජ්ජම්පි අනවජ්ජං, අනවජ්ජම්පි සාවජ්ජන්ති වදෙහී”ති. සො තස්සපි වචනං නාදියි. තතො නං සොධනත්ථෙරො ද්වත්තික්ඛත්තුං වත්වා –
බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියතෙකැයි උඩඟු බවෙන් මත්ව, නොදන්නා දෙයක් වුවත් දන්නා බව අඟවමින්, වෙනත් හිමිවරුන් පිළිගැනීමට කැප දේ අකැප ලෙසත්, අකැප දේ කැප ලෙසත්, වැරදි දේ නිවැරදි ලෙසත් නිවැරදි දේ වැරදි ලෙසත් පවසයි. අනෙක් සිල්වත් මහණුන් ‘ඇවැත්නි, කපිල, මෙසේ නොකිව මැනව’යි ආදී ලෙසින් අවවාද කරනු ලබනවිට, ‘හිස් මුට්ටියක් වැනි ඔබලා කුමක් දනිවු’දැයි දොස් නගමින්, ගරහමින්ම හැසිරෙයි. හිමිවරු කපිල හිමිගේ සොයුරු සොධන තෙරුන්ටද ඒ කරුණ සැළකළහ. සොධන හිමිද කපිල හිමි වෙත එළඹ, ‘ඇවැත්නි, කපිල, සාසනය දිගුකලක් පවතින්නේ ඔබවැන්නන්ගේ මනා පිළිවෙත් නිසයි, කැප දේ අකැප ලෙසත්... නිවැරදි දේ වැරදි ලෙස නොකියව’යි කීය. කපිල හිමි එය පිළි නො ගත්තේය. එහිදී සොධන හිමි තෙවරක්ම එසේ නොකියව කියා හිමිකරුවෙක්, දාසයාට එක් වචනයක් හෝ වචන දෙකක් (එක් වරක් හෝ දෙවරක්) අනුකම්පාවෙන් කියන්නේ ය. ඊට වැඩියෙන් නො කියන්නේය.
“එකවාචම්පි ද්විවාචං, භණෙය්ය අනුකම්පකො; තතුත්තරිං න භාසෙය්ය, දාසොවය්යස්ස සන්තිකෙ”ති. (ජා· 2.19.34) –
‘එකං වාචං දුවෙ වාචා භණෙය්ය අනුකම්පකො තතුත්තරිං න භාසෙය්ය, දාසො අයිරස්ස සන්තිතෙ’
පරිවජ්ජෙත්වා “ත්වමෙව, ආවුසො, සකෙන කම්මෙන පඤ්ඤායිස්සසී”ති පක්කාමි. තතො පභුති නං පෙසලා භික්ඛූ ඡඩ්ඩෙසුං.
‘ඇවැත්නි, ඔබම කරන දෙය, ඔබම බලාගත මැනවැ’යි ද පවසා එතැනින් ඉවත්ව ගියේය. එතැන් පටන් යහළු පැවිදි හිමිවරු කපිල හිමි හැර ගියහ.
සො දුරාචාරො හුත්වා දුරාචාරපරිවුතො විහරන්තො එකදිවසං “උපොසථං ඔසාරෙස්සාමී”ති සීහාසනං අභිරුය්හ චිත්රබීජනිං ගහෙත්වා නිසින්නො “වත්තති, ආවුසො, එත්ථ භික්ඛූනං පාතිමොක්ඛො”ති තික්ඛත්තුං ආහ. අථෙකො භික්ඛුපි “මය්හං වත්තතී”ති න අවොච. න ච තස්ස තෙසං වා පාතිමොක්ඛො වත්තති. තතො සො “පාතිමොක්ඛෙ සුතෙපි අසුතෙපි විනයො නාම නත්ථී”ති ආසනා වුට්ඨාසි. එවං කස්සපස්ස භගවතො සාසනං ඔසක්කාපෙසි විනාසෙසි. අථ සොධනත්ථෙරො තදහෙව පරිනිබ්බායි. සොපි කපිලො එවං තං සාසනං ඔසක්කාපෙත්වා කාලකතො අවීචිමහානිරයෙ නිබ්බත්ති, සාපිස්ස මාතා ච භගිනී ච තස්සෙව දිට්ඨානුගතිං ආපජ්ජිත්වා පෙසලෙ භික්ඛූ අක්කොසමානා පරිභාසමානා කාලං කත්වා නිරයෙ නිබ්බත්තිංසු.
කපිල හිමි අයහපත්ව, අයහපත් ලෙසින් කටයුතු කරන පිරිස පිරිවරා, වෙසෙමින්, එක් දවසක් ‘පොහොය විචාරන්නෙමි’යි මුල් අසුනෙහි හිඳ විසිතුරු වටපොත රැගෙන, ‘ඇවැත්නි, මෙහි පැවිදි හිමිවරුන්ට පාමොක් දෙසුම වේ’ යැයි තෙවරක් කීය. එවිට එක මහණක හෝ ‘මම ඒ අනුව පවතිමි හෝ, ඒ හිමිවරුන් කෙරෙහි පාමොක් පවත්නා බවක් හෝ නො පැවසීය. කපිල හිමි ‘පාමොක් ඇසුවත්, නොඇසුවත්, විනය නම් නැතැයි’ කියා අසුනින් නැගිට්ටේය. මෙසේ කසුප් බුදුරදුන්ගේ සාසනය පිරිහී ගියේ ය. වැනසුණේය. සෝධන තෙරුන් වහන්සේ ද එදිනම පිරිනිවන් පෑහ. ඒ කපිල හිමි ද මෙසේ ඒ සසුන පිරිහීමට කටයුතුකොට, අවීචි මහා නිරයෙහි උපන්නේ ය. කපිල හිමිගේ මව ද සොහොයුරිය ද එම වැරදි අදහස ගෙන සිල්වත් මහණුන්ට දොස් නගමින්, නින්දා කරමින්, කළුරිය කොට නිරයෙහි උපන්හ.
තස්මිංයෙව ච කාලෙ පඤ්චසතා පුරිසා ගාමඝාතාදීනි කත්වා චොරිකාය ජීවන්තා ජනපදමනුස්සෙහි අනුබද්ධා පලායමානා අරඤ්ඤං පවිසිත්වා තත්ථ කිඤ්චි ගහනං වා පටිසරණං වා අපස්සන්තා අවිදූරෙ පාසාණෙ වසන්තං අඤ්ඤතරං ආරඤ්ඤිකං භික්ඛුං දිස්වා වන්දිත්වා “අම්හාකං, භන්තෙ, පටිසරණං හොථා”ති භණිංසු. ථෙරො “තුම්හාකං සීලසදිසං පටිසරණං නත්ථි, සබ්බෙ පඤ්ච සීලානි සමාදියථා”ති ආහ. තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා සීලානි සමාදියිංසු. ථෙරො “තුම්හෙ සීලවන්තො, ඉදානි අත්තනො ජීවිතං විනාසෙන්තෙසුපි මා මනො පදූසයිත්ථා”ති ආහ. තෙ “සාධූ”ති සම්පටිච්ඡිංසු. අථ තෙ ජානපදා සම්පත්තා ඉතො චිතො ච මග්ගමානා තෙ චොරෙ දිස්වා සබ්බෙව ජීවිතා වොරොපෙසුං. තෙ කාලං කත්වා කාමාවචරදෙවලොකෙ නිබ්බත්තිංසු. තෙසු ජෙට්ඨකචොරො ජෙට්ඨකදෙවපුත්තො අහොසි, ඉතරෙ තස්සෙව පරිවාරා.
ඒ කාලයෙහිම, මිනිස්සු පන්සියයක්, ගම් වනසමින්, සොරකමින් ජීවත් වී, ජනපදවාසීන් ලුහුබඳනා විට පලායද්දී, කැලයට වැදී, එහි කිසිවක් ලබාගැනීමට හෝ පිළිසරණක් නොදැක, ඒ අසළ වූ ගල් පව්වෙක වසන එක් වනවාසී මහණකු දැක, වැඳ ‘හිමියනි, අපට පිළිසරණක් වනු මැනව’යි කීහ. ‘ඔබලාට සීලය හා සමාන අන් පිළිසරණක් නැත, පන්සිල් සමාදන් වෙව’යි කීය. ඔවුහු සියල්ලෝම ‘යහපතැ’යි පිළිගෙන, සිල් සමාදන් වූහ. තෙරුන් වහන්සේ, ‘දැන් ඔබ හැම සිල්වත් ය. දැන් තමන්ගේ ජීවිත විනාස වෙතත්, සිත කිලිටි කර නොගනිවු’ යැයි පැවසූහ. ඔවුහු ‘යහපතැ’යි පිළිගත්හ. පසුව ජනපදයට පැමිණ, එහා මෙහා ගමන් කරන ඒ මිනිසුන් දුටු ජනපදිකයෝ ඒ සියල්ලන්ගේම ජීවිත වැනසූහ. ඔවුහු කාමාවචර දෙව්ලෝකවල උපන්හ. ඔවුන්ගේ දෙටු සොරා ඒ දෙව් පිරිස අතර දෙටු දෙව් පුත් විය. අනෙක් සියල්ලෝම ඔහුගේ පිරිවර වූහ.
තෙ අනුලොමපටිලොමං සංසරන්තා එකං බුද්ධන්තරං දෙවලොකෙ ඛෙපෙත්වා අම්හාකං භගවතො කාලෙ දෙවලොකතො චවිත්වා ජෙට්ඨකදෙවපුත්තො සාවත්ථිද්වාරෙ කෙවට්ටගාමො අත්ථි, තත්ථ පඤ්චසතකුලජෙට්ඨස්ස කෙවට්ටස්ස පජාපතියා කුච්ඡිම්හි පටිසන්ධිං අග්ගහෙසි, ඉතරෙ අවසෙසකෙවට්ටපජාපතීනං. එවං තෙසං එකදිවසංයෙව පටිසන්ධිග්ගහණඤ්ච ගබ්භවුට්ඨානඤ්ච අහොසි. අථ කෙවට්ටජෙට්ඨො “අත්ථි නු ඛො ඉමස්මිං ගාමෙ අඤ්ඤෙපි දාරකා අජ්ජ ජාතා”ති විචිනන්තො තෙ දාරකෙ දිස්වා “ඉමෙ මෙ පුත්තස්ස සහායකා භවිස්සන්තී”ති සබ්බෙසං පොසාවනිකං අදාසි. තෙ සබ්බෙ සහායකා සහපංසුං කීළන්තා අනුපුබ්බෙන වයප්පත්තා අහෙසුං. යසොජො තෙසං අග්ගො අහොසි.
ඔවුහු සසරෙහි, දෙව්ලොව හා මනුලොව අතර සැරිසරමින්, එක් බුදුවරයකුගේ කාලයක් දෙව්ලොව කල්යවා, අප ගොතම බුදුන් කල, එයින් චුත වූහ. දෙටු දෙව්පුතු, සැවැත්පුර දොරටුව අසළ පිහිටි ධීවර ගමක, පවුල් පන්සියයකට දෙටු වූ මසුන් මරන්නාගේ බිරියගේ කුස පිළිසිඳ ගත්තේය. අනික් දෙවිවරු අනෙක් පවුල්වල බිරියන්ගේ කුස්හි පිළිසිඳ ගත්හ. මෙසේ ඔවුන්ගේ පිළිසිඳ ගැනීම් ද, බිහිවීම ද එකම දිනක විය. ඉක්බිති දෙටු මසුන් මරන්නා ‘අද දින උපන් තවත් දරුවන් මේ ගමෙහි වෙත්දැ’යි සොයන විට, ඒ දරුවන් දැක, ‘මොවුන් මගේ පුතුට සහායකයන් වන්නාහ’යි සියල්ලන්ටම ඇතිදැඩි කිරීමට මුදල් ආදිය දුන්නේය. වැළිකෙළියෙහි පටන්ම යහළු වූ ඒ සියළු දරුවෝ කල්යත්ම වැඩිවියට පත්වූහ. ඔවුන්ගෙන් නායකයා වූයේ යසෝජය.
කපිලොපි තදා නිරයෙ පක්කාවසෙසෙන අචිරවතියා සුවණ්ණවණ්ණො දුග්ගන්ධමුඛො මච්ඡො හුත්වා නිබ්බත්ති. අථෙකදිවසං සබ්බෙපි කෙවට්ටදාරකා ජාලානි ගහෙත්වා “මච්ඡෙ බන්ධිස්සාමා”ති නදිං ගන්ත්වා ජාලානි පක්ඛිපිංසු. තෙසං ජාලං සො මච්ඡො පාවිසි. තං දිස්වා සබ්බො කෙවට්ටගාමො උච්චාසද්දමහාසද්දො අහොසි – “අම්හාකං පුත්තා පඨමං මච්ඡෙ බන්ධන්තා සුවණ්ණමච්ඡං බන්ධිංසු, වුඩ්ඪි නෙසං දාරකානං, ඉදානි ච නො රාජා පහූතං ධනං දස්සතී”ති. අථ තෙ පඤ්චසතාපි දාරකසහායකා මච්ඡං නාවාය පක්ඛිපිත්වා නාවං උක්ඛිපිත්වා රඤ්ඤො සන්තිකං අගමංසු. රාජා දිස්වා “කිං එතං භණෙ”ති ආහ. “මච්ඡො දෙවා”ති. රාජා සුවණ්ණවණ්ණං මච්ඡං දිස්වා “භගවා එතස්ස වණ්ණකාරණං ජානිස්සතී”ති මච්ඡං ගාහාපෙත්වා භගවතො සන්තිකං අගමාසි. මච්ඡස්ස මුඛවිවරණකාලෙ ජෙතවනං අතිවිය දුග්ගන්ධං හොති.
කපිල ද එකල්හී නිරයෙහි පැසුණු කාලය අවසන්ව, අචිරවතී නදියෙහි, රන්වන් පැහැ ඇති, මුවින් දුගඳ හමන මාළුවෙක්ව උපන්නේය. දිනක්, සියළු මසුන් මරන දරුවෝ දැල් ගෙන, ‘මසුන් අල්ලා ගන්නෙමු’යි ගඟට ගොස් දැල් දැමූහ. ඔවුන්ගේ දැලට ඒ මාළුවා ඇතුළු විය. ඒ දුටු සියළු ධීවර ගම්වාසීහු ‘අපේ මුතුන් මුල්වරටම අල්ලා ගත්තේ රන් මාළුවෙකි, එය ඒ දරුවන්ගේ දියුණුවට හේතුවෙයි. දැන් රජතුමා ඔවුන්ට සෑහෙන තරම් ධනය දෙනු ඇතැ’යි මහ හඩින් කෑගැසූහ. ඒ දරුවෝ පන්සියයම මාළුවා නැවක තබා, නැව ඔසවා ගෙන, රජතුමා වෙත ගියහ. රජු එය දැක, ‘දරුවනි, අර කුමක්දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, මාළුවෙකැ’යි කීහ. රජු රන්වන් පැහැ මාළුවා දැක, මාළුවා රැගෙන බුදුරජාණන් වහන්සේ කරා ගියේය. මාළුවා මුව විවර කරනවිට, ජේතවන පෙදෙසම තද දුගඳ පැතිරිණි.
රාජා භගවන්තං පුච්ඡි – “කස්මා, භන්තෙ, මච්ඡො සුවණ්ණවණ්ණො ජාතො, කස්මා චස්ස මුඛතො දුග්ගන්ධො වායතී”ති? අයං, මහාරාජ, කස්සපස්ස භගවතො පාවචනෙ කපිලො නාම භික්ඛු අහොසි, බහුස්සුතො ආගතාගමො. අත්තනො වචනං අගණ්හන්තානං භික්ඛූනං අක්කොසකපරිභාසකො. තස්ස ච භගවතො සාසනවිනාසකො. යං සො තස්ස භගවතො සාසනං විනාසෙසි, තෙන කම්මෙන අවීචිමහානිරයෙ නිබ්බත්ති, විපාකාවසෙසෙන ච ඉදානි මච්ඡො ජාතො. යං දීඝරත්තං බුද්ධවචනං වාචෙසි, බුද්ධස්ස වණ්ණං කථෙසි, තස්ස නිස්සන්දෙන ඊදිසං වණ්ණං පටිලභි. යං භික්ඛූනං අක්කොසකපරිභාසකො අහොසි, තෙනස්ස මුඛතො දුග්ගන්ධො වායති. “උල්ලපාපෙමි නං මහාරාජා”ති? “ආම භගවා”ති. අථ භගවා මච්ඡං ආලපි – “ත්වංසි කපිලො”ති? “ආම භගවා, අහං කපිලො”ති. “කුතො ආගතොසී”ති? “අවීචිමහානිරයතො භගවා”ති. “සොධනො කුහිං ගතො”ති? “පරිනිබ්බුතො භගවා”ති. “සාධනී කුහිං ගතා”ති? “මහානිරයෙ නිබ්බත්තා භගවා”ති. “තාපනා කුහිං ගතා”ති? “මහානිරයෙ නිබ්බත්තා භගවා”ති. “ඉදානි ත්වං කුහිං ගමිස්සසී”ති? “මහානිරයං භගවා”ති. තාවදෙව විප්පටිසාරාභිභූතො නාවං සීසෙන පහරිත්වා කාලකතො මහානිරයෙ නිබ්බත්ති. මහාජනො සංවිග්ගො අහොසි ලොමහට්ඨජාතො. අථ භගවා තත්ථ සම්පත්තගහට්ඨපබ්බජිතපරිසාය තඞ්ඛණානුරූපං ධම්මං දෙසෙන්තො ඉමං සුත්තමභාසි.
‘හිමියනි, කුමක් නිසා මාළුවා රන් පැහැ වීද? කුමක් නිසා උගේ මුවින් දුගඳ හමන්නේදැ’යි බුදුරදුන්ගෙන් ඇසීය. ‘මහරජ, මේ මාළුවා කස්සප බුදුරදුන්ගේ සාසනයෙහි, කපිල නමින් පැවිදිව සිටියේය. දහමෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව, තම වචනය පිළිනොගන්නා මහණුන්ට නින්දා අපහාස කරමින් සසුන වැනසීය. ඒ විපාකයෙන් අවීචි මහා නිරයෙහි උපන්නේ ය. ඉතිරි විපාක ලෙසින්, දැන් මසෙක්ව උපනි. දිගු කලක් බුදු වචන කියා දුන් බැවින් ද, බුදුගුණ කී බැවින් ද ඒ විපාකය අනුව මෙබඳු පැහැය ලැබීය. මහණුන්ට බැන වැදී, නින්දා අපහාස කළ හෙයින් මුවින් දුගඳ හමයි. මහරජ, මොහු ලවාම එය ඉදිරිපත් කරවමි’යි පැවසූහ. ‘එසේය, හිමියනි’ රජු පිළිවදන් දුන්නේය. ‘ඔබ කපිල නේද?’ භාග්‍යවතුන් වහන්සේ මාළුවා ඇමතූහ. ‘එසේය හිමියනි, මම කපිල වෙමි.’ ‘කොහි සිට පැමිණියෙහිද?’ ‘භගවත් හිමියනි, අවීචි මහා නිරයෙහි සිටය.’ ‘සෝධන කොහි ගියේ ද?’ ‘භගවත් හිමියනි, පිරිනිවන් පෑවේය.’, ‘සාධනී ගියේ කොහේද?’ භගවත් හිමියනි, නිරයේ ඉපදුණාය’, ‘තපනා කොහි ගියේද?’ ‘මහා නිරයෙහි උපන්නේය’, ‘දැන් ඔබ යන්නේ කොහේද?’ ‘භාග්‍යවතුන් වහන්ස, මහා නිරයටයි’, එකෙණෙහිම විපිළිසර වූ කපිල මාළුවා හිසෙන් නැවට පහර දී මියගොස්, මහා නිරයෙහි උපන්නේය. මහජනයා ලොමුදැහැ ගනිමින් සංවේගයට පත් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණි ගිහි පැවිදි පිරිසට, ඒ මොහොතට සුදුසු පරිදි දහම් දෙසමින්, මෙම සූත්‍රය වදාළහ.
තත්ථ ධම්මචරියන්ති කායසුචරිතාදි ධම්මචරියං. බ්රහ්මචරියන්ති මග්ගබ්රහ්මචරියං. එතදාහු වසුත්තමන්ති එතං උභයම්පි ලොකියලොකුත්තරං සුචරිතං සග්ගමොක්ඛසුඛසම්පාපකත්තා වසුත්තමන්ති ආහු අරියා. වසුත්තමං නාම උත්තමරතනං, අනුගාමිකං අත්තාධීනං රාජාදීනං අසාධාරණන්ති අධිප්පායො.
ධම්මචරියං කයෙන් සුචරිතවත් වීම ආදී ලෙසින් දැහැමි හැසිරීම. බ්රහ්මචරියං මගපල සඳහා වූ උතුම් හැසිරීමයි. එතදාහු වසුත්තමං එසේ මනා හැසිරිමෙන් ලොවී ලොවුතුරු-සගමොක් සුව සාදාලන බැවින් බුදුවරු ආදී උතුමෝ එහි උසස් බව කීහ. වසුත්තමං වටිනා උතුම් රුවනයි. එය අනුගමනය කරන, තම බලය මුල්කොට කටයුතු කරන රජවරුන් ආදීනටද සමනොවන අදහසයි.
එත්තාවතා “ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා සම්මාපටිපත්තියෙව පටිසරණ”න්ති දස්සෙත්වා ඉදානි පටිපත්තිවිරහිතාය පබ්බජ්ජාය අසාරකත්තදස්සනෙන කපිලං අඤ්ඤෙ ච තථාරූපෙ ගරහන්තො “පබ්බජිතොපි චෙ හොතී”ති එවමාදිමාහ.
මෙපමණකින් ගිහියෙකුගේ හෝ පැවිද්දකුගේ හෝ මනා පිළිවෙත්හි පිහිටීම ඒ තැනැත්තාට පිළිසරණ වේ යැයි දක්වා, දැන් පිළිවෙත් නොරකින පැවිදි ජීවිතයෙහි නිසරු බව දක්වමින්, කපිලට හා එබඳු වෙනත් තැනැත්තන්ට දොස් නගමින් පබ්බජිතොපි චෙ හොතී ආදී ලෙසින් වදාළහ.
තත්රායං අත්ථවණ්ණනා – යො හි කොචි ගිහිබ්යඤ්ජනානි අපනෙත්වා භණ්ඩුකාසාවාදිගහණමත්තං උපසඞ්කමනෙන පබ්බජිතොපි චෙ හොති පුබ්බෙ වුත්තත්ථං අගාරස්මා අනගාරියං, සො චෙ මුඛරජාතිකො හොති ඵරුසවචනො, නානප්පකාරාය විහෙසාය අභිරතත්තා විහෙසාභිරතො, හිරොත්තප්පාභාවෙන මගසදිසත්තා මගො, ජීවිතං තස්ස පාපියො, තස්ස එවරූපස්ස ජීවිතං අතිපාපං අතිහීනං. කස්මා? යස්මා ඉමාය මිච්ඡාපටිපත්තියා රාගාදිමනෙකප්පකාරං රජං වඩ්ඪෙති අත්තනො.
මේ එහි තේරුම් විස්තර කිරීමයි. යමෙක් ගිහි බව අත්හැර, හිස මුඩුකොට, කසාවත් හැඳි පමණින් පැවිදි බවට පත්වීමෙන් පබ්බජිතොපි චෙ හොති පෙර කියන ලද අරුතින්, අගාරස්මා අනගාරියං, සො චෙ මුඛරජාතිකො නපුරු වචන කියන, නොයෙක් ආකාරයෙන් වෙහෙස පත් කිරීමෙහි තදින් ඇළුනේ විහෙසාභිරතො, ලජ්ජා බය නොමැති වීමෙන් තිරිසනකුට සමාන වූ මගො, ජීවිතං තස්ස පාපියො මෙබඳු තැනැත්තකුගේ ජීවිතය ඉතා පව්කාරය. ඉතා පහත්ය. කවර හෙයින්ද? මේ මිසදිටු පිළිවෙතින් රාගාදී නොයෙක් ආකාර වූ කෙලෙස් දූවිලි රජං වඩ්ඪෙති අත්තනො
න කෙවලඤ්ච ඉමිනාව කාරණෙනස්ස ජීවිතං පාපියො, අපිච ඛො පන අයං එවරූපො මුඛරජාතිකත්තා කලහාභිරතො භික්ඛු සුභාසිතස්ස අත්ථවිජානනසම්මොහනෙන මොහධම්මෙන ආවුතො, “මා, ආවුසො කපිල, එවං අවච, ඉමිනාපි පරියායෙන තං ගණ්හාහී”ති එවමාදිනා නයෙන පෙසලෙහි භික්ඛූහි අක්ඛාතම්පි න ජානාති ධම්මං බුද්ධෙන දෙසිතං. යො ධම්මො බුද්ධෙන දෙසිතො, තං නානප්පකාරෙන අත්තනො වුච්චමානම්පි න ජානාති. එවම්පිස්ස ජීවිතං පාපියො.
හුදෙක් ජීවිතය පව්කාර වන්නේ මේ කරුණින් පමණක් නොවේ. තව ද මෙබඳු මහණ දොඩමළු ගති ඇති බැවින් කලහාභිරතො භික්ඛූ වේ. යහපත් පිය වචන දැනගත නොහී, මුළා වීමෙන් මොහධම්මෙන ආවටො, ‘ඇවැත්නි, කපිල, මෙසේ නොකියව, මේ ආකාරයෙන් ද එය තේරුම් ගනුව’යි සිල්වත් මහණුන් විසින් කියනු ලබද්දී, අක්ඛාතම්පි න ජානාති ධම්මං බුද්ධෙන දෙසිතං යම් මහණක, බුදුරදුන් දෙසූ දහම නොයෙක් ආකාරයෙන් පැහැදිලිකොට කියන නමුදු නොදනිති. මේ අයුරින්ද ඔහුගේ ජීවිතය පව්කාරය. පහත්ය.
තථා සො එවරූපො විහෙසාභිරතත්තා විහෙසං භාවිතත්තානං භාවිතත්තෙ ඛීණාසවභික්ඛූ සොධනත්ථෙරපභුතිකෙ “න තුම්හෙ විනයං ජානාථ, න සුත්තං න අභිධම්මං, වුඩ්ඪපබ්බජිතා”තිආදිනා නයෙන විහෙසන්තො . උපයොගප්පවත්තියඤ්හි ඉදං සාමිවචනං. අථ වා යථාවුත්තෙනෙව නයෙන “විහෙසං භාවිතත්තානං කරොන්තො”ති පාඨසෙසො වෙදිතබ්බො. එවං නිප්පරියායමෙව සාමිවචනං සිජ්ඣති. අවිජ්ජාය පුරක්ඛතොති භාවිතත්තවිහෙසනෙ ආදීනවදස්සනපටිච්ඡාදිකාය අවිජ්ජාය පුරක්ඛතො පෙසිතො පයොජිතො සෙසපබ්බජිතානං භාවිතත්තානං විහෙසභාවෙන පවත්තං දිට්ඨෙව ධම්මෙ චිත්තවිබාධනෙන සඞ්කිලෙසං, ආයතිඤ්ච නිරයසම්පාපනෙන මග්ගං නිරයගාමිනං න ජානාති.
එසේ ඒ මහණ මෙබඳු වෙහෙසකට (අනුන්) පත්කිරීමෙහි කැමති වීමෙන් විහෙසං භාවිතත්තානං තම ජීවිතය භාවනා ආදියෙන් දියුණුවට පත්කරගන්නා ලද සොධන රහතන් වහන්සේගේ පටන්, ‘ඔබලා විනය - සුත්ත අබිදහම නොදනිවු. වයස්ගතව පැවිදි වූවන්’ යැයි වෙහෙසට (හිරිහැරයට) පත් කරමින්, දුතියා විබත් අරුතින් ජට්ඨි විබතින් යෙදුණි. නැතහොත් කියා ඇති පරිද්දෙන්, විහෙසං භාවිතත්තානං කරන්නා වූ (කරොන්තො) කරමින් යන ඉතිරි කොටස දතයුතුය. මෙසේ සම්මත ලෙසින්ම ජට්ඨි විබත්ම යෙදේ. අවිජ්ජාය පුරක්ඛතො එසේ (සිත) වඩනා ලද උසස් කෙනෙකුට, වෙහෙස කිරිමෙන් ලැබෙන විපාක නොදැනීමෙන් මුළාවෙන් වැසී, එයින් මෙහෙයවන ලදුව, පොළඹවනු ලදුව, වෙහෙසට පත්කොට මෙලොවදීම සිතට හිරිහැර පමුණුවා ගනිමින්, සංකිලෙසං නැවත මතු නිරයට පැමිණීමෙන්, මග්ගං නිරයගාමිනං න ජානාති [join here?]
අජානන්තො ච තෙන මග්ගෙන චතුබ්බිධාපායභෙදං විනිපාතං සමාපන්නො. තත්ථ ච විනිපාතෙ ගබ්භා ගබ්භං තමා තමං එකෙකනිකායෙ සතක්ඛත්තුං සහස්සක්ඛත්තුම්පි මාතුකුච්ඡිතො මාතුකුච්ඡිං චන්දිමසූරියෙහිපි අවිද්ධංසනීයා අසුරකායතමා තමඤ්ච සමාපන්නො. ස වෙ තාදිසකො භික්ඛු පෙච්ච ඉතො පරලොකං ගන්ත්වා අයං කපිලමච්ඡො විය නානප්පකාරං දුක්ඛං නිගච්ඡති.
සතර අපායට යන මග නොදැන, විනිපාතං සමාපන්නො එහි දරුණු ලෙස වැටී, ගබ්හා ගබ්භං තමා තමං එක් එක් අපායවල සියක්වර හෝ දහස් වරක්ද, මවුකුසින් මවුකුසටද, සඳහිරුගෙන්ද, විනාසනොවන අසුර කායිකයන් මෙන් අඳුරේ අඳුරටම ගැලී, ස වෙ තාදිසකො භික්ඛූ පෙච්ච මෙලොවින් පරලොව ගොස් මේ කපිල මාළුවා මෙන් නොයෙක් ආකාර වූ දුක්ඛං නිගච්ඡති
කිං කාරණා? ගූථකූපො යථා අස්ස, සම්පුණ්ණො ගණවස්සිකො,යථා වච්චකුටිගූථකූපො ගණවස්සිකො අනෙකවස්සිකො බහූනි වස්සානි මුඛතො ගූථෙන පූරියමානො සම්පුණ්ණො අස්ස, සො උදකකුම්භසතෙහි උදකකුම්භසහස්සෙහි ධොවියමානොපි දුග්ගන්ධදුබ්බණ්ණියානපගමා දුබ්බිසොධො හොති, එවමෙව යො එවරූපො අස්ස දීඝරත්තං සංකිලිට්ඨකම්මන්තො ගූථකූපො විය ගූථෙන පාපෙන සම්පුණ්ණත්තා සම්පුණ්ණො පුග්ගලො, සො දුබ්බිසොධො හි සාඞ්ගණො, චිරකාලං තස්ස අඞ්ගණස්ස විපාකං පච්චනුභොන්තොපි න සුජ්ඣති. තස්මා වස්සගණනාය අපරිමාණම්පි කාලං ස වෙ තාදිසකො භික්ඛු පෙච්ච දුක්ඛං නිගච්ඡතීති. අථ වා අයං ඉමිස්සා ගාථාය සම්බන්ධො – යං වුත්තං “ස වෙ තාදිසකො භික්ඛු, පෙච්ච දුක්ඛං නිගච්ඡතී”ති, තත්ර සියා තුම්හාකං “සක්කා පනායං තථා කාතුං, යථා පෙච්ච දුක්ඛං න නිගච්ඡෙය්යා”ති. න සක්කා. කස්මා? යස්මා ගූථකූපො…පෙ… සාඞ්ගණොති.
(දුකට පත්වන) හේතුව කුමක්ද? ගූථකූපො යථා අස්ස සම්පූණ්ණෙ ගණවස්සිකො යම්සේ වැසිකිළිවලක් අසූචි එකතු වෙමින්, බොහෝ වසර ගණනකට පසු මුවවිට දක්වාම අසූචියෙන් පිරී, උතුරා යයිද, වතුර කළ සියයකින් හෝ දහසකින් හෝ සෝදනු ලැබූවත්, දුගඳ - කිළිටි පැහැය ඉවත් නොවී, පිරිසිදු බව නොවේද, එපරිද්දෙන්ම, යො එවරූපො අස්ස දිගුකලක් අයහපත් කටයුතුවලින් - අසූචි වළක් මෙන් අසූචි නම් වූ පාපයෙන් පිරුණු බැවින්, සාංගණෙ ඒ පුද්ගලයා දුබ්බිසොධො බොහෝ කලක් ඒ කෙලෙස් නිසා වූ කටයුතුවල විපාක විඳිනු ලැබුවද පිරිසිදු නොවේ. එහෙයින් වසර ගණනාවක් හෝ කිව නොහැකි තරම් කාලයක් එබඳු මහණ මරණින් පසු දුකට පත්වෙයි. එමෙන්ම මේ සඳහන් කරන්නේ මේ ගාථාවෙහි සම්බන්ධයයි. ‘මෙබඳු මහණ මරණින් පසු දුකට පත්වේයැයි කියන විට - මරණින් පසු දුක් නොලබන සේ කටයුතු කිරීම් හැකියාවක් ඇත්දැයි ඔබලාට සිතෙනු ඇත. එසේ නොහැකිය. කුමක් හෙයින්ද? යම් හෙයකින් ගූථකූපො - සාංගණෙ....
යතො පටිකච්චෙව යං එවරූපං ජානාථ, භික්ඛවො ගෙහනිස්සිතං, යං එවරූපං පඤ්චකාමගුණනිස්සිතං ජානෙය්යාථ අභූතගුණපත්ථනාකාරප්පවත්තාය පාපිකාය ඉච්ඡාය සමන්නාගතත්තා පාපිච්ඡං, කාමවිතක්කාදීහි සමන්නාගතත්තා පාපසඞ්කප්පං, කායිකවීතික්කමාදිනා වෙළුදානාදිභෙදෙන ච පාපාචාරෙන සමන්නාගතත්තා පාපාචාරං, වෙසියාදිපාපගොචරතො පාපගොචරං, සබ්බෙ සමග්ගා හුත්වාන අභිනිබ්බජ්ජියාථ නං. තත්ථ අභිනිබ්බජ්ජියාථාති විවජ්ජෙය්යාථ මා භජෙය්යාථ, මා චස්ස අභිනිබ්බජ්ජනමත්තෙනෙව අප්පොස්සුක්කතං ආපජ්ජෙය්යාථ, අපිච ඛො පන කාරණ්ඩවං නිද්ධමථ, කසම්බුං අපකස්සථ, තං කචවරභූතං පුග්ගලං කචවරමිව අනපෙක්ඛා නිද්ධමථ, කසටභූතඤ්ච නං ඛත්තියාදීනං මජ්ඣෙ පවිට්ඨං පභින්නපග්ඝරිතකුට්ඨං චණ්ඩාලං විය අපකස්සථ, හත්ථෙ වා සීසෙ වා ගහෙත්වා නික්කඩ්ඪථ. සෙය්යථාපි ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං පාපධම්මං බාහාය ගහෙත්වා බහිද්වාරකොට්ඨකා නික්ඛාමෙත්වා සූචිඝටිකං අදාසි, එවං අපකස්සථාති දස්සෙති. කිං කාරණා? සඞ්ඝාරාමො නාම සීලවන්තානං කතො, න දුස්සීලානං.
ඒ අයුරින් මුලදී සඳහන් කළ පරිදිය. යං එවරූපං ජානාථ භික්ඛවො ගෙහනිස්සිතං මෙබඳු පස්කම්හි ගැලී ඇති සැටි දැනගනුව. නැති යහගුණ බලාපොරොත්තුවෙන්, පාපී වූ සිතැඟිවලින් පිරී ඇති බැවින් පාපිච්ඡං, කාම සිතිවිලිවලින් යුතු පාපසංකප්පං කයෙන් වන වැරදිවලින් හා (විනයෙහි දැක්වෙන පරිදි) උණගස් දානයක් සේ ලබාදීම ආදී අයහපත් පාපී හැසිරීමෙන් යුතු පාපචාරං, ගණිකා ඇසුර වැනි අයහපතට යොමුවීමෙන් පාපගොචරං, සබ්බෙ සමග්ගහුත්වාන අභිනිබ්බිජ්ජයාථ නං එහි අභිනිබ්බිජ්ජයාථ යනු අත්හැර දමව, ඇසුරු නොකරව, එසේ අත්හැර දැමීමෙන් පමණක් උත්සාහය අඩු නොකරව. කාරණඩවං නිදධමථ කසම්බුඤ්ච අවකස්සථ තව ද, කසල බවට පත් තැනැත්තා කසල ගොඩක් මෙන් බලාපොරොත්තු නොතබාම ඉවත් කරව. ඔහු කැත්කුලවතුන් මැදට පිවිසි සැරව වැගිරෙන, වණ -තුවාල සෑදුණු බිඳුණු සිරුරැති සැඬොලකු මෙන් ඉවත් කරව. ඔහුගේ අතින් හෝ හිසින් හෝ ඇද බැහැරට දමව, යම්සේ ගරු කටයුතු මහ මුගලන් තෙරුන් ඒ (පැවිදි) පවිටු තැනැත්තා අතින් අල්ලාගෙන දොරකොටුවෙන් එළියට දමා, දොරගුළු දැමූ පරිදිම මේ පවිටු කසල තැනැත්තා ද බැහැර කළ යුතු යැයි දක්වයි. කුමක් නිසාද? සංඝාරාමය කරන ලද්දේ සිල්වත් මහණුන්ට මිස දුසිලන්ට නොවන බැවිනි.
යතො එතදෙව තතො පලාපෙ වාහෙථ, අස්සමණෙ සමණමානිනෙ, යථා හි පලාපා අන්තො තණ්ඩුලරහිතාපි බහි ථුසෙහි වීහී විය දිස්සන්ති, එවං පාපභික්ඛූ අන්තො සීලාදිවිරහිතාපි බහි කාසාවාදිපරික්ඛාරෙන භික්ඛූ විය දිස්සන්ති. තස්මා “පලාපා”ති වුච්චන්ති. තෙ පලාපෙ වාහෙථ, ඔපුනාථ, විධමථ පරමත්ථතො අස්සමණෙ වෙසමත්තෙන සමණමානිනෙ . එවං නිද්ධමිත්වාන…පෙ… පතිස්සතා. තත්ථ කප්පයව්හොති කප්පෙථ, කරොථාති වුත්තං හොති. පතිස්සතාති අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා. තතො සමග්ගා නිපකා, දුක්ඛස්සන්තං කරිස්සථාති අථෙවං තුම්හෙ සුද්ධා සුද්ධෙහි සංවාසං කප්පෙන්තා, දිට්ඨිසීලසාමඤ්ඤතාය සමග්ගා, අනුපුබ්බෙන පරිපාකගතාය පඤ්ඤාය නිපකා, සබ්බස්සෙවිමස්ස වට්ටදුක්ඛාදිනො දුක්ඛස්ස අන්තං කරිස්සථාති අරහත්තනිකූටෙනෙව දෙසනං නිට්ඨපෙසි.
තතො පලාපෙ වාහෙථ අස්සමණෙ සමණමානිනෙ එය එසේමය. බොල් වී ඇතුලෙහි සහල් ඇටය නොමැති වුවද, දහයියාවලට (පොතුර) පිටතින් වී ඇටය මෙන් පෙනෙන්නා සේ, පවිටු මහණ ඇතුලතින් සීලාදී ගුණ නැතිවුවද, කසාවත හැඳීමෙන් හා පිරිකර දැරීමෙන් බාහිර පෙනුම මහණකු ලෙසයි. එහෙයින් බොල් - හරයක් නැතැයි යන අදහසින් පලාප යැයි කියනු ලැබේ. ඒ බොල් දියෙහි පාකර හරිවු. පොළා ඉවත් කරවු, වනසා දමවු, සියළු ආකාරයෙන්ම පැවිද්දකු නොවී, මහණ වෙසින් සිට මහණකු යයි සිතන්නන් ඉවත් කරව. නිද්ධමිත්වාන....පතිස්සතා එහි කප්පයව්හො යනු පිළියෙල කරවු, කරව යන තේරුමයි. පතිස්සා එකිනෙකා කෙරෙහි ගරු කිරිමෙන් සිහියෙන් යුතුව, තතො සමග්ගා නිපකා දුක්ඛස්සන්තං කරිස්සථ මෙසේ ඔබලා සීලයෙන් පිරිසිදුව සිල්වත් ගුණවත් මහණුන් සමග ඇසුරු කරමින්, යහපත් හැඟීමෙන් හා මහණදමට අනුකූල සීල සංවරයෙන් යුතුව, සමගිව, කෙමෙන් කෙමෙන් පැසුණු නුවණින් පිරිපුන්ව සියළු සසර දුක් කෙළවර කරවු යැයි අරහත් පලය කුළුගන්වමින් දේසනය නිම වූ සේක.
දෙසනාපරියොසානෙ තෙ පඤ්චසතා කෙවට්ටපුත්තා සංවෙගමාපජ්ජිත්වා දුක්ඛස්සන්තකිරියං පත්ථයමානා භගවතො සන්තිකෙ පබ්බජිත්වා නචිරස්සෙව දුක්ඛස්සන්තං කත්වා භගවතා සද්ධිං ආනෙඤ්ජවිහාරසමාපත්තිධම්මපරිභොගෙන එකපරිභොගා අහෙසුං. සා ච නෙසං එවං භගවතා සද්ධිං එකපරිභොගතා උදානෙ වුත්තයසොජසුත්තවසෙනෙව වෙදිතබ්බාති.
දේසනය අවසන ඒ මසුන් මරණ දරුවෝ පන්සියයම සංවේගයට පත්ව, නොබෝ කලකින්ම දුක් කෙළවරකොට, භාග්‍යවතුන් වහන්සේ සමග ආනඤ්ජවිහාර සමාපත්තිධම්ම සේ හඳුන්වන කෙලෙස් සිඳ එකම අරමුණ වූ නිවන ලදහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සමග ‘එකම දේ පරිහරණය’ නම් වූ ඒ තතු උදානයෙහි සඳහන් යසොජ සූත්‍රය අනුව දතයුතුය.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය කපිලසුත්තවණ්ණනා නිට්ඨිතා.
කපිල සූත්‍ර විස්තරය නිමි.