5. සූචිලොම සුත්තවණ්ණනා අට්ඨකථා
5. සූචිලොම සුත්තවණ්ණනා
5. සූචිලොම සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති සූචිලොමසුත්තං. කා උප්පත්ති? අත්ථවණ්ණනානයෙනෙවස්ස උප්පත්ති ආවි භවිස්සති. අත්ථවණ්ණනායඤ්ච “එවං මෙ සුත”න්තිආදි වුත්තත්ථමෙව. ගයායං විහරති ටඞ්කිතමඤ්චෙ සූචිලොමස්ස යක්ඛස්ස භවනෙති එත්ථ පන කා ගයා, කො ටඞ්කිතමඤ්චො, කස්මා ච භගවා තස්ස යක්ඛස්ස භවනෙ විහරතීති? වුච්චතෙ – ගයාති ගාමොපි තිත්ථම්පි වුච්චති, තදුභයම්පි ඉධ වට්ටති. ගයාගාමස්ස හි අවිදූරෙ දෙසෙ විහරන්තොපි “ගයායං විහරතී”ති වුච්චති, තස්ස ච ගාමස්ස සමීපෙ අවිදූරෙ ද්වාරසන්තිකෙ සො ටඞ්කිතමඤ්චො. ගයාතිත්ථෙ විහරන්තොපි “ගයායං විහරතී”ති වුච්චති, ගයාතිත්ථෙ ච සො ටඞ්කිතමඤ්චො. ටඞ්කිතමඤ්චොති චතුන්නං පාසාණානං උපරි විත්ථතං පාසාණං ආරොපෙත්වා කතො පාසාණමඤ්චො . තං නිස්සාය යක්ඛස්ස භවනං ආළවකස්ස භවනං විය. යස්මා වා පන භගවා තං දිවසං පච්චූසසමයෙ මහාකරුණාසමාපත්තිතො වුට්ඨාය බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සූචිලොමස්ස ච ඛරලොමස්ස චාති ද්වින්නම්පි යක්ඛානං සොතාපත්තිඵලූපනිස්සයං අද්දස, තස්මා පත්තචීවරං ආදාය අන්තොඅරුණෙයෙව නානාදිසාහි සන්නිපතිතස්ස ජනස්ස ඛෙළසිඞ්ඝාණිකාදිනානප්පකාරාසුචිනිස්සන්දකිලින්නභූමිභාගම්පි තං තිත්ථප්පදෙසං ආගන්ත්වා තස්මිං ටඞ්කිතමඤ්චෙ නිසීදි සූචිලොමස්ස යක්ඛස්ස භවනෙ. තෙන වුත්තං “එකං සමයං භගවා ගයායං විහරති ටඞ්කිතමඤ්චෙ සූචිලොමස්ස යක්ඛස්ස භවනෙ”ති.
එවං මෙ සුතං යනු සුචිලොම සූත්‍රයයි. එම සූත්‍රයට මුල් වූ කරුණ කුමක්ද? විස්තර සඳහන් කරන අතරම ඒ කරුණ පැහැදිලි කරනු ඇත. එහිදී එවං මෙ සුතං කියන ලද්දේමය. ගයායං විහරති ටංකිතමඤ්චෙ සුචිලොමස්ස යක්ඛස්ස භවනෙ, මෙහි ගයා යනු කුමක්ද? ටංකිත මඤ්ච යනු කුමක්ද? කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ යකුගේ භවනයෙහි වැඩසිටි සේක්ද? ඊට අදාළ කරුණු දක්වනු ලැබේ. ගයා යනු ගමකට ද තොටුපොළකට ද කියනු ලැබේ. ඒ දෙකම මෙහිදී යොදාගැනීම වටී. ඒ ගම්දොර ආසන්නයේ ටංකිතමඤ්ච පිහිටියේය. ගයා තොටෙහි වාසය කළද, ගයාවෙහි වැඩ වසතියි කියනු ලබයි. ගයා තොටෙහිම ඒ ටංකිතමඤ්ච පිහිටියේය. ටංකිතමඤ්චො යනු ගල් සතරක් මත පළල් ගලක් නංවා සකස් කරන ලද ගල් ඇඳකි. එය ආලවකගේ භවන මෙන් මේ යකුගේද වසන තැන විය. භාග්‍යවතුන් වහන්සේ එදින උදෑසන මහා කරුණා සමවතින් නැගිට බුදු ඇසින් ලොව බලන සේක්, සූචිලොම සහ ඛර නම් වූ යකුන් දෙදෙනාට සෝවාන් ඵලයට පැමිණීමේ හේතු සම්පත් දැක, පාසිවුරු ගෙන උදෑසනම, නොයෙක් දිසාවලින් රැස්වූ මිනිසුන්ගේ කෙළ, සොටු ආදී අපිරිසිදු දේවලින් කිලිටි වූවත් ඒ තොටුපල පිහිටි බිම්පෙදෙසට පැමිණ, සුචිලොම යකුගේ නිවහන වූ ඒ ගල්ඇඳෙහි හුන් සේක. එහෙයින්, එකං සමයං භගවා ගයායං විහරති ටංකිතමඤ්චෙ සූචිලොමස්ස යක්ඛස්ස භවනෙ යැයි කියන ලදී.
තෙන ඛො පන සමයෙනාති යං සමයං භගවා තත්ථ විහරති, තෙන සමයෙන. ඛරො ච යක්ඛො සූචිලොමො ච යක්ඛො භගවතො අවිදූරෙ අතික්කමන්තීති. කෙ තෙ යක්ඛා, කස්මා ච අතික්කමන්තීති? වුච්චතෙ – තෙසු තාව එකො අතීතෙ සඞ්ඝස්ස තෙලං අනාපුච්ඡා ගහෙත්වා අත්තනො සරීරං මක්ඛෙසි. සො තෙන කම්මෙන නිරයෙ පච්චිත්වා ගයාපොක්ඛරණිතීරෙ යක්ඛයොනියං නිබ්බත්තො. තස්සෙව චස්ස කම්මස්ස විපාකාවසෙසෙන විරූපානි අඞ්ගපච්චඞ්ගානි අහෙසුං , ඉට්ඨකච්ඡදනසදිසඤ්ච ඛරසම්ඵස්සං චම්මං. සො කිර යදා පරං භිංසාපෙතුකාමො හොති, තදා ඡදනිට්ඨකසදිසානි චම්මකපාලානි උක්ඛිපිත්වා භිංසාපෙති. එවං සො ඛරසම්ඵස්සත්තා ඛරො යක්ඛොත්වෙව නාමං ලභි.
තෙන ඛො පන සමයෙන භාග්‍යවතුන් වහන්සේ යම් වේලාවක එහි වැඩ සිටි සේක් ද, ඒ කාලයෙහි, ඛරොච යක්ඛො සූචිලොමො ච යක්ඛො භගවතො අවිදූරෙ අතික්කමන්ති ඒ යක්කු කවරහුද? කවර හෙයින් (ඉවත්ව) පසුකොට යත්ද? ඊට කරුණු මෙසේය. ඒ යකුන් දෙදෙනාගෙන් එකෙක් පෙර සංඝයා වහන්සේ නමකගේ තෙලක් නො විමසා රැගෙන තම සිරුරෙහි ගැල්වීය. ඔහු ඒ කළ දෙයෙහි විපාක සේ නිරයෙහි පැසී, ගයා පොකුණුතෙර යකෙක්ව උපන්නේය. ඒ කම් විපාකය ඉතිරිව තිබූ බැවින්, අඟපසඟ විරූපී විය. ගල් ඉබ්බෙකුගේ මතුපිට සේ, සම රළු පහස ඇති විය. ඔහු අනුන්ට හිංසා කිරීමට කැමති වූ විට, උළු සෙවිල්ලක් බඳු හම් කබල ඔසවා හිංසා පමුණුවයි. මෙසේ ඔහු රළු-ගොරෝසු පහස ඇති බැවින් ‘ඛර’ ‘යකු’ යැයි නම් ලැබීය.
ඉතරො කස්සපස්ස භගවතො කාලෙ උපාසකො හුත්වා මාසස්ස අට්ඨ දිවසෙ විහාරං ගන්ත්වා ධම්මං සුණාති. සො එකදිවසං ධම්මස්සවනෙ ඝොසිතෙ සඞ්ඝාරාමද්වාරෙ අත්තනො ඛෙත්තං කෙලායන්තො උග්ඝොසනං සුත්වා “සචෙ න්හායාමි, චිරං භවිස්සතී”ති කිලිට්ඨගත්තොව උපොසථාගාරං පවිසිත්වා මහග්ඝෙ භුම්මත්ථරණෙ අනාදරෙන නිපජ්ජිත්වා සුපි. භික්ඛු එවායං, න උපාසකොති සංයුත්තභාණකා. සො තෙන ච අඤ්ඤෙන කම්මෙන ච නිරයෙ පච්චිත්වා ගයාපොක්ඛරණියා තීරෙ යක්ඛයොනියං නිබ්බත්තො. සො තස්ස කම්මස්ස විපාකාවසෙසෙන දුද්දසිකො අහොසි, සරීරෙ චස්ස සූචිසදිසානි ලොමානි අහෙසුං. සො හි භිංසාපෙතබ්බකෙ සත්තෙ සූචීහි විජ්ඣන්තො විය භිංසාපෙති. එවං සො සූචිසදිසලොමත්තා සූචිලොමො යක්ඛොත්වෙව නාමං ලභි. තෙ අත්තනො ගොචරත්ථාය භවනතො නික්ඛමිත්වා මුහුත්තං ගන්ත්වා ගතමග්ගෙනෙව නිවත්තිත්වා ඉතරං දිසාභාගං ගච්ඡන්තා භගවතො අවිදූරෙ අතික්කමන්ති.
කසුප් බුදුන් කල උපාසකයෙක්ව සිටි එක්තරා යකෙක් මාසයේ අට දිනක් විහාරයට ගොස් දහම් අසයි. එක් දවසක් දහම් අසන වේලාව නිවේදනය කළ විටදී, සංඝාරාමයෙහි දොරටුව අසල (ඉදිරිපිට පිහිටි) තම කුඹුරෙහි (වල් නෙලීම්) ආදී වැඩකටයුතු කරමින් සිට, ඒ හඬ අසා, ‘නෑමට ගියොත් පමා වේ’ යැයි (සිතා) කිලිටි සිරුරෙන් ම, පාමොක් දේසනා කරන සාලාවට පිවිස, මාහැඟි බුමුතුරුණෙහි නොසැළකිලිමත්ව වැතිරී නිදාගත්තේය. සංයුත්ත නිකාය (කටපාඩමෙන්) දරණ හිමිවරු ‘මොහු උපාසකයෙකු නොවේ’ යැයි කියති. ඔහු එසේ කළ දෙයින් හා වෙනත් (අයහපත්) කටයුතුවලින් නිරයෙහි පැසී, ගයා පොකුණුතෙර, යකෙක්ව ඉපදුණේය. ඉතිරි විපාක පරිදි දැකීමට නොහෙන තරම් විරූපී විය. සිරුරෙහි ඉඳිකටු වැනි ලොම් (රෝම) විය. ඔහු ඉඳිකටුවලින් අනින්නාක් මෙන් ජීවත් වන්නන්ට හිංසා පමුණුවයි. මෙසේ ඉඳිකටු මෙන් වූ රෝම ඇති බැවින්, ‘සුචිලොම’ යකු යැයි නම ලැබීය. ඔහු තම ආහාර සඳහා වසන තැනින් නික්ම මද දුරක් ගොස් නැවතී, ගිය මගෙහිම අනෙක් යකු හමුවී භාග්‍යවතුන් වහන්සේ සමීපව (එකිනෙකා) පසුකොට ගෙන යති.
අථ ඛො ඛරොති කස්මා තෙ එවමාහංසු? ඛරො සමණකප්පං දිස්වා ආහ. සූචිලොමො පන “යො භායති න සො සමණො, සමණපටිරූපකත්තා පන සමණකො හොතී”ති එවංලද්ධිකො. තස්මා තාදිසං භගවන්තං මඤ්ඤමානො “නෙසො සමණො, සමණකො එසො”ති සහසාව වත්වාපි පුන වීමංසිතුකාමො ආහ – “යාවාහං ජානාමී”ති. “අථ ඛො”ති එවං වත්වා තතො. සූචිලොමො යක්ඛොති ඉතො පභුති යාව අපිච ඛො තෙ සම්ඵස්සො පාපකොති, තාව උත්තානත්ථමෙව කෙවලඤ්චෙත්ථ භගවතො කායන්ති අත්තනො කායං භගවතො උපනාමෙසීති එවං සම්බන්ධො වෙදිතබ්බො.
අථ ඛො ඛරො යැයි කුමක් නිසා කීවාහුද? බර යකා ශ්‍රමණ ආකල්පය දැක, ‘සුචිලොමට යමෙකු බය වෙත්ද, ඔහු මහණෙක් නොවේ. බොරු මහණ වෙස් ගත්තෙකියි කියන එබඳු අදහස් ඇත්තෙක් විය. එහෙයින් ඒ අදහස පරිදි, භාග්‍යවතුන් වහන්සේ ගැනද සිතමින්, නෙසො සමණො සමණකො එසො යැයි එක්වරම සිතා, යාව ජානාමී යැයි විමසනු කැමතිව කීය. අථ ඛො මෙසේ කීමෙන් පසු, සූචිලොමො යක්ඛො මෙතැන් පටන් අපිච ඛො තෙ සම්ඵස්සො පාපකො මේ අදාල කොටස මුලින් පැහැදිලි කරන ලද්දේය. භගවතො කායං හුදෙක්ම මෙහිදී තම සිරුර, භාග්‍යවතුන් වහන්සේ වෙතට ළං කළේ යැයි මෙසේ කතාවේ සම්බන්ධය දතයුතුය.
තතො අභායන්තං භගවන්තං දිස්වා “පඤ්හං තං සමණා”තිආදිමාහ. කිං කාරණා? සො හි චින්තෙසි – “ඉමිනාපි නාම මෙ එවං ඛරෙන අමනුස්සසම්ඵස්සෙන මනුස්සො සමානො අයං න භායති, හන්දාහං එතං බුද්ධවිසයෙ පඤ්හං පුච්ඡාමි, අද්ධා අයං තත්ථ න සම්පායිස්සති, තතො නං එවං විහෙඨෙස්සාමී”ති. භගවා තං සුත්වා “න ඛ්වාහං තං ආවුසො”තිආදිමාහ. තං සබ්බං ආළවකසුත්තෙ වුත්තනයෙනෙව සබ්බාකාරෙහි වෙදිතබ්බං.
එහිදී භාග්‍යවතුන් වහන්සේ බිය නොවනු දැක, පඤ්හං තං සමණ යැයි කීය. ඊට කරුණු කෙසේද? ‘මාගේ මේ නොමිනිස් වූ ගොරහැඩි පහසින් මිනිසකු හා සමාන මොහු බය නොවෙයි. එහෙයින් මම බුදු කෙනෙකුගේ නුවණට අදාළ වන පැනයක් අසමි. ඒකාන්තයෙන්ම එයට මුහුණ දිය නොහැකි වනු ඇත. එයින් වෙහෙසට පත් කරන්නෙමි’යි සුචිලොම සිතුවේය. භාග්‍යවතුන් වහන්සේ එය අසා, න ඛවාහන්තං ආවුසො ආදී ලෙස කීහ. ඒ සියල්ල ආලවක සූත්‍රයෙහි දී කියා ඇති පරිදි දතයුතුය.
අථ ඛො සූචිලොමො යක්ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි “රාගො ච දොසො චා”ති. තත්ථ රාගදොසා වුත්තනයා එව. කුතොනිදානාති කිංනිදානා කිංහෙතුකා. කුතොති පච්චත්තවචනස්ස තො-ආදෙසො වෙදිතබ්බො, සමාසෙ චස්ස ලොපාභාවො. අථ වා නිදානාති ජාතා උප්පන්නාති අත්ථො, තස්මා කුතොනිදානා, කුතොජාතා, කුතොඋප්පන්නාති වුත්තං හොති. අරතී රතී ලොමහංසො කුතොජාති යායං “පන්තෙසු වා සෙනාසනෙසු අඤ්ඤතරඤ්ඤතරෙසු වා අධිකුසලෙසු ධම්මෙසු අරති අරතිතා අනභිරති අනභිරමණා උක්කණ්ඨිතා පරිතස්සිතා”ති (විභ· 856) එවං විභත්තා අරති, යා ච පඤ්චසු කාමගුණෙසු රති, යො ච ලොමහංසසමුට්ඨාපනතො “ලොමහංසො”ත්වෙව සඞ්ඛ්‍යං ගතො චිත්තුත්රාසො. ඉමෙ තයො ධම්මා කුතොජා කුතොජාතාති පුච්ඡති . කුතො සමුට්ඨායාති කුතො උප්පජ්ජිත්වා. මනොති කුසලචිත්තං, විතක්කාති උරගසුත්තෙ වුත්තා නව කාමවිතක්කාදයො. කුමාරකා ධඞ්කමිවොස්සජන්තීති යථා ගාමදාරකා කීළන්තා කාකං සුත්තෙන පාදෙ බන්ධිත්වා ඔස්සජන්ති ඛිපන්ති, එවං කුසලමනං අකුසලවිතක්කා කුතො සමුට්ඨාය ඔස්සජන්තීති පුච්ඡති.
අථ ඛො සූචිලොමො යක්ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි රාගොච දොසො ච යන ගාථාව කීය. එම ගාථාවෙහි රාගදොසා කලින් විස්තර පරිදිය. කුතො නිදානා ඇතිවීමට පසුබිම කුමක්ද? හේතුවූයේ කුමක්ද? කුතො යන වත්මන් අදහස දෙන වචනයට ‘තො’ එකතුවී යැයි දතයුතුය. සමාස වීමේදී ලොප් නොවේ. නැතහොත් නිදානා හටගැනීම - ඉපදීම යන තේරුමයි. එහෙයින් කුතො නිදානා ඇතිවූයේ, උපන්නේදැ’යි කියන ලදී. අරතී රතී ලොමහංසො කුතොජා විවේක ඇති තැන්වල, සෙනසුන්වල හෝ වෙනත් වෙනත් තැන්වල හෝ, උසස් කුසල් දහම් පිළිබඳ නොඇලීමක්, නොඇළුණු බවක්, නොකැමැත්තක්, කලකිරීමක් තැතිගැන්මක්’ යනුවෙන් මෙසේ අරති බෙදා දක්වා ඇත. ‘පන්තෙසු වා සෙනාසනෙසු අඤ්ඤතරඤ්ඤතරෙසු වා අධිකුසලෙසු ධම්මෙසු අරති අරතිතා අනභිරති, අනභිරමණ උක්කණ්ඨිතා පරිතස්සිතා’, පස්කම් පිළිබඳ වූ රති, යම් ලොමු දැහැගැනීමක් හටගනීද ලොමහංසො නමින්ම සිතෙහි තැති ගැන්ම හඳුන්වනු ලබයි. මේ කරුණු තුන කුතො ජා හටගත්තේ කොතැනින්දැයි විමසයි. කුතො සමුට්ඨාය කොතැනින් ඉපිද, මනො කුසල සිත, විතක්කා අභය සූත්‍රයෙහි කියන ලද කාම සිතිවිලි නවය ආදියයි. කුමාරකා ධංකමිවොස්සජන්තී යම්සේ කෙළිදෙළින් පසුවන ගම්දරුවෝ කපුටකුගේ පාද නූලෙන් බැඳ ඉහළට පහළට දමත් ද, මෙසේම කුසල සිතට අකුසල සිතිවිලි කොතැනින් හටගෙන සිත සසල කරත්දැයි විමසයි.
අථස්ස භගවා තෙ පඤ්හෙ විස්සජ්ජෙන්තො “රාගො චා”ති දුතියගාථමභාසි. තත්ථ ඉතොති අත්තභාවං සන්ධායාහ. අත්තභාවනිදානා හි රාගදොසා. අරතිරතිලොමහංසා ච අත්තභාවතො ජාතා, කාමවිතක්කාදිඅකුසලවිතක්කා ච අත්තභාවතොයෙව සමුට්ඨාය කුසලමනො ඔස්සජන්ති, තෙන තදඤ්ඤං පකතිආදිකාරණං පටික්ඛිපන්තො ආහ – “ඉතොනිදානා ඉතොජා ඉතො සමුට්ඨායා”ති. සද්දසිද්ධි චෙත්ථ පුරිමගාථාය වුත්තනයෙනෙව වෙදිතබ්බා.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ පැන විසඳමින් රාගොච යන දෙවන ගාථාව වදාළහ. එහි ඉතො (කෙලෙස් නැති නොකළ) පුද්ගල ජීවිත සොබාව (අත්තභාව) ගැන සළකා කීහ. තමන්ම හේතුකොට - මුල්කොට ඇති, රාග දොසා, අරති රතිලොමහංසා ඒ තමාම මුල්කොට ඇති ‘කාම සිතිවිලි ආදී අකුසල් ද විතක්කා තමාගෙන්ම හටගෙන කුසල සිත පහළ දමයි. මනො ඔස්සජන්ති එයින් වෙනත් හටගන්නා කරුණු පිළිකෙව් කරමින්, ඉතො නිදානා, ඉතො ජා, ඉතො සමුට්ඨාය යැයි කීහ. වචන සකස්වන අයුරු මුල් ගාථාවෙහි කී ලෙසින් දතයුතුය.
එවං තෙ පඤ්හෙ විස්සජ්ජෙත්වා ඉදානි ය්වායං “ඉතොනිදානා”තිආදීසු “අත්තභාවනිදානා අත්තභාවතො ජාතා අත්තභාවතො සමුට්ඨායා”ති අත්ථො වුත්තො, තං සාධෙන්තො ආහ – “ස්නෙහජා අත්තසම්භූතා”ති. එතෙ හි සබ්බෙපි රාගාදයො විතක්කපරියොසානා තණ්හාස්නෙහෙන ජාතා, තථා ජායන්තා ච පඤ්චුපාදානක්ඛන්ධභෙදෙ අත්තභාවපරියායෙ අත්තනි සම්භූතා. තෙනාහ – “ස්නෙහජා අත්තසම්භූතා”ති. ඉදානි තදත්ථජොතිකං උපමං කරොති “නිග්රොධස්සෙව ඛන්ධජා”ති. තත්ථ ඛන්ධෙසු ජාතා ඛන්ධජා, පාරොහානමෙතං අධිවචනං. කිං වුත්තං හොති? යථා නිග්රොධස්ස ඛන්ධජා නාම පාරොහා ආපොරසසිනෙහෙ සති ජායන්ති, ජායන්තා ච තස්මිංයෙව නිග්රොධෙ තෙසු තෙසු සාඛප්පභෙදෙසු සම්භවන්ති, එවමෙතෙපි රාගාදයො අජ්ඣත්තතණ්හාස්නෙහෙ සති ජායන්ති, ජායන්තා ච තස්මිංයෙව අත්තභාවෙ තෙසු තෙසු චක්ඛාදිභෙදෙසු ද්වාරාරම්මණවත්ථූසු සම්භවන්ති. තස්මා වෙදිතබ්බමෙතං “අත්තභාවනිදානා අත්තභාවජා අත්තභාවසමුට්ඨානා ච එතෙ”ති.
මෙසේ ඒ පැන විසඳා දැන් ඉතො නිදානා ආදී ලෙසින් තමා නිසා තමාගෙන් හටගත් යන අදහසින් කියන ලදී. එය පහදා දෙමින්, සෙන්හජා අත්තසම්භූතා යැයි කීහ. මේ සියළුම රාගාදී සිතිවිලි අවසන ආසා නැමති සෙනහසින් හටගති. එසේ හටගැනීමේදී ද, රූප ආදී උපාදාන පසෙහි ද තමා මුල්කොට, තමා කෙරෙන්ම හටගන්නා බැවින්, සෙනහ්ජා අත්ත සම්භූතා යැයි කීහ. දැන් එය පැහැදිලි කිරීමට නිග්රොධස්සෙව ඛන්ධජා යැයි උපමාවක් දක්වයි. කඳෙහි හටගත් බැවින් ඛන්ධජා එය වැඩීම යන්නට සමාන වචනයකි. කුමක් නිසා කියන ලද ද? යම්සේ නුග ගසෙහි කඳින් හටගත්, පහළට ඇදෙන මුල් (අරළු) පොළවෙහි රස සෙනහස ලබනවිට වැඩෙමින්, ඒ නුගයෙහිම ඒ ඒ අතුපතර හටගනීද, එපරිදිම තමා තුළ පවත්නා රාගය ආදිය තමාගේම ආසා සෙනහස ඇතිවිට හටගනී, ඒ ඒ ඉපදීමේදීම ඇස් ආදී කොටස්වලට අරමුණු ලබන දොරටු සකස් වෙයි. එහෙයින් තමාම හේතුකොට, තමාගෙන්ම හටගන්නා, තමා කෙරෙන්ම, ඒ රාගාදිය පිහිටන්නේ යැයි දතයුතුය.
අවසෙසදියඩ්ඪගාථාය පන අයං සබ්බසඞ්ගාහිකා අත්ථවණ්ණනා – එවං අත්තසම්භූතා ච එතෙ පුථූ විසත්තා කාමෙසු. රාගොපි හි පඤ්චකාමගුණිකාදිවසෙන, දොසොපි ආඝාතවත්ථාදිවසෙන, අරතිආදයොපි තස්ස තස්සෙව භෙදස්ස වසෙනාති සබ්බථා සබ්බෙපිමෙ කිලෙසා පුථූ අනෙකප්පකාරා හුත්වා වත්ථුද්වාරාරම්මණාදිවසෙන තෙසු තෙසු වත්ථුකාමෙසු තථා තථා විසත්තා ලග්ගා ලග්ගිතා සංසිබ්බිත්වා ඨිතා. කිමිව? මාලුවාව විතතා වනෙ, යථා වනෙ විතතා මාලුවා තෙසු තෙසු රුක්ඛස්ස සාඛපසාඛාදිභෙදෙසු විසත්තා හොති ලග්ගා ලග්ගිතා සංසිබ්බිත්වා ඨිතා, එවං පුථුප්පභෙදෙසු වත්ථුකාමෙසු විසත්තං කිලෙසගණං යෙ නං පජානන්ති යතොනිදානං, තෙ නං විනොදෙන්ති සුණොහි යක්ඛ .
ඉතිරි ගාථා අඩකින් හා අනික් ගාථාවෙහි මේ සියළු කරුණු එක්කොට මෙසේ විස්තර දැක්වෙයි. තමන් හා බැඳී හටගන්නා බැවින්, පුථු විසතතා කාමෙසු රාගයද පස්කම් ගුණ ලෙසින් ද, තරහව ඊට ගැටෙන තැන් ලෙසින් ද, අරති ආදිය ද ඒ ඒ කොටස් ලෙසින් (සිරුරේ) දොරටු හා බැඳෙන අරමුණු ඒ ඒ කැමති දෙයෙහි ඇලී, ගැලී, පැටලී පවතී. කුමක් ලෙසින්ද? මාලුවාව විතතා වනෙ කැලෑවෙහි ‘මාලුවා’ නම් වැල වැඩී, ඒ ඒ ගස් අතු රිකිලි ආදියෙහි වෙලී, පැටලී පැතිරී යන්නා සේ, බොහෝ දෙනා ඒ ඒ දෙයට කැමති වෙමින් කෙලෙසින් පිරි සිටිති. එය නියමාකාරව දන්නා තැනැත්තෝ එය දුරු කරති. සුචිලොම යකුනි, අසව,
තත්ථ යතොනිදානන්ති භාවනපුංසකනිද්දෙසො, තෙන කිං දීපෙති? යෙ සත්තා නං කිලෙසගණං “යතොනිදානං උප්පජ්ජතී”ති එවං ජානන්ති, තෙ නං “තණ්හාස්නෙහස්නෙහිතෙ අත්තභාවෙ උප්පජ්ජතී”ති ඤත්වා තං තණ්හාස්නෙහං ආදීනවානුපස්සනාදිභාවනාඤාණග්ගිනා විසොසෙන්තා විනොදෙන්ති පජහන්ති බ්යන්තීකරොන්ති ච, එතං අම්හාකං සුභාසිතං සුණොහි යක්ඛාති. එවමෙත්ථ අත්තභාවජානනෙන දුක්ඛපරිඤ්ඤං තණ්හාස්නෙහරාගාදිකිලෙසගණවිනොදනෙන සමුදයප්පහානඤ්ච දීපෙති.
යතො නිදානං යනු භාව නපුංසක වචනයයි. එයින් අදහස් කරන්නේ කුමක්ද? යෙ පුද්ගලයෝ, තං කෙලෙස් සමූහය, යතො නිදානං හටගන්නේ යැයි මෙසේ දැනගනිති. තෙ නං තෘෂ්ණා නම් වූ ඇලීම් සෙනෙහස නිසා ඊළඟ භවය ලැබෙන බව දැන, ඒ ඇලීම් සෙනෙහසෙහි ආදීනව විපාක නුවණින් මෙනෙහි කර භාවනා නුවණ නමැති ගින්නෙන් වියළමින්, විනොදෙන්ති අත්හරිති. දුරු කරති. එය අපගේ යහපත් වචනයයි. සුණෙහි යක්ඛ මෙසේ මෙහි තමන් නිසා වන දුක දැන, තණ්හා සෙනහස් රාගාදී කෙලෙස් සමූහය දුරු කිරීමෙන්, හටගැනීමේ හේතුව නැති කිරීමද, පෙන්වයි.
යෙ ච නං විනොදෙන්ති, තෙ දුත්තරං ඔඝමිමං තරන්ති අතිණ්ණපුබ්බං අපුනබ්භවාය. එතෙන මග්ගභාවනං නිරොධසච්ඡිකිරියඤ්ච දීපෙති. යෙ හි නං කිලෙසගණං විනොදෙන්ති, තෙ අවස්සං මග්ගං භාවෙන්ති. න හි මග්ගභාවනං විනා කිලෙසවිනොදනං අත්ථි. යෙ ච මග්ගං භාවෙන්ති, තෙ දුත්තරං පකතිඤාණෙන කාමොඝාදිං චතුබ්බිධම්පි ඔඝමිමං තරන්ති. මග්ගභාවනා හි ඔඝතරණං. අතිණ්ණපුබ්බන්ති ඉමිනා දීඝෙන අද්ධුනා සුපිනන්තෙනපි අවීතික්කන්තපුබ්බං. අපුනබ්භවායාති නිබ්බානාය. එවමිමං චතුසච්චදීපිකං ගාථං සුණන්තා “සුත්වා ධම්මං ධාරෙන්ති, ධතානං ධම්මානං අත්ථමුපපරික්ඛන්තී”තිආදිකං කථං සුභාවිනියා පඤ්ඤාය අනුක්කමමානා තෙ ද්වෙපි සහායකා යක්ඛා ගාථාපරියොසානෙයෙව සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු, පාසාදිකා ච අහෙසුං සුවණ්ණවණ්ණා දිබ්බාලඞ්කාරවිභූසිතාති.
යමෙක් එය දුරු කරත්ද, තෙ දුත්තරං ඔඝමිමං තරන්ති අතිණ්ණපුබ්බං අපුනබ්භවාය එයින් පිළිවෙත් මග වැඩීමේදී ‘නැතිකිරීම’ අවබෝධ කර ගැනීමද පෙන්වයි. යමෙක් ඒ කෙලෙස් සමූහය දුරු කරන්නේ, ඔවුහු ඊට පාදක වන මග වඩති. ඒ මග වැඩීම හැර, කෙලෙස් දුරු කිරීමට වෙනත් මගක් නැත. මේ මග වඩන්නෝ, තමා තුළ පවත්නා වූ නුවණින්, එතරවීමට අපහසු කාමාදී සැඩපහර සතර තරණය කරති. මග්ග භාවනාව යනු සැඬ පහර තරණයයි. අතිණ්ණ පුබ්බං මේ ඉතා දිග වූ, කල්ගතවන, සිහිනෙනුදු ඉක්මවිය නොහැකි විරූ, අපුනබ්භවාය නිවන පිණිස, මෙසේ මෙම සිවුසස් දැක්වෙන ගාථාව අසමින්, ‘අසා, දහම සිත දරා ගනිති. එසේ සිත තබා ගත් දහම මැනවින් විමසා බලති. ‘සුත්වා ධම්මං ධාරෙන්ති’, ධතානං ධම්මානං අත්ථමුප්පරික්ඛන්ති යැයි කියා ඇති පරිදි, නුවණ මෙහෙයවමින් ඒ යහළු යකුන් දෙදෙනා ද සෝවාන් පලයෙහි පිහිටියහ. රන්වන් වූ පහදන සුළු බවින් දෙවියන් මෙන් අලංකාරවත් වූහ.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය සූචිලොමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සුචිලොම සුත්‍ර විස්තරය නිමි.