4. මංගලසුත්තවණ්ණනා අට්ඨකථා
4. මංගලසුත්තවණ්ණනා
4. මහාමඞ්ගල සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මඞ්ගලසුත්තං. කා උප්පත්ති? ජම්බුදීපෙ කිර තත්ථ තත්ථ නගරද්වාරසන්ථාගාරසභාදීසු මහාජනා සන්නිපතිත්වා හිරඤ්ඤසුවණ්ණං දත්වා නානප්පකාරං සීතාහරණාදිබාහිරකකථං කථාපෙන්ති, එකෙකා කථා චතුමාසච්චයෙන නිට්ඨාති. තත්ථ එකදිවසං මඞ්ගලකථා සමුට්ඨාසි – “කිං නු ඛො මඞ්ගලං, කිං දිට්ඨං මඞ්ගලං, සුතං මඞ්ගලං, මුතං මඞ්ගලං, කො මඞ්ගලං ජානාතී”ති?
එවං මෙ සුතං යනු මංගල සූත්‍රයයි. එය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? දඹදිව, මහජනයා නගර දොරටු, රැස්වීම් සාලා, රැස්වීම් ආදී ඒ ඒ තැන රැස් වී අමු රන් දී සීතාවන්ගේ පැහැරගෙන යාම් ආදී නොයෙක් ආකාර බාහිර කතා කියවා ගනී. ඒ එක් එක් කතාවක් සිවුමසකින් නිමාවෙයි. ‘දකින ලද දේ යහපත් වේද? අසන ලද දේ යහපත් වේද? පහස ලද දේ යහපත් වේද? කවරෙක් යහපත දකිත්දැයි එක් දවසක් එහිදී මංගල හෙවත් යහපත් දේ ගැන කතාවක් ඇතිවිය.
අථ දිට්ඨමඞ්ගලිකො නාමෙකො පුරිසො ආහ – “අහං මඞ්ගලං ජානාමි, දිට්ඨං ලොකෙ මඞ්ගලං, දිට්ඨං නාම අභිමඞ්ගලසම්මතං රූපං. සෙය්යථිදං – ඉධෙකච්චො කාලස්සෙව වුට්ඨාය චාතකසකුණං වා පස්සති, බෙලුවලට්ඨිං වා ගබ්භිනිං වා කුමාරකෙ වා අලඞ්කතපටියත්තෙ පුණ්ණඝටං වා අල්ලරොහිතමච්ඡං වා ආජඤ්ඤං වා ආජඤ්ඤරථං වා උසභං වා ගාවිං වා කපිලං වා, යං වා පනඤ්ඤම්පි කිඤ්චි එවරූපං අභිමඞ්ගලසම්මතං රූපං පස්සති, ඉදං වුච්චති දිට්ඨමඞ්ගල”න්ති. තස්ස වචනං එකච්චෙ අග්ගහෙසුං, එකච්චෙ නාග්ගහෙසුං. යෙ නාග්ගහෙසුං, තෙ තෙන සහ විවදිංසු.
එහිදී දිට්ඨමංගලික නම් එක් මිනිසෙක්, ‘මම මංගල යැයි කියන දේ දනිමි, ලොව යහපත වන්නේ දුටු දේය. ඉතා උතුම් යැයි සම්මත මෙබඳු රූප දැකීම නම්, යහපත් වෙයි. ඇතැම් කෙනෙක් උදැසන පිබිද කතාකරන සුළු කුරුල්ලකු දකිති. තරුණ බෙලිගසක් හෝ ගැබිණියක, අලංකාරවත්ව සැරසුණු කුමාරවරුන් හෝ පුන්කලසක් හෝ අළුත් රේමසකු හෝ අජානීය අසකු හෝ අජානීය අසකු යෙදූ රියක් හෝ, දුඹුරුවන් ගවයෙකු හෝ දුඹුරුවන් එළදෙනක හෝ මේ හා සමාන වෙනත් උතුම් යැයි සම්මත රූප දකී ද මෙය දිට්ඨමංගලං යැයි කියනු ලැබේ. ඔහුගේ වචනය ඇති පිළිගත්හ. ඇතැම්හු නොපිළිගත්හ. එසේ නොපිළිගත්තෝ අනික් තැනැත්තන් හා වාද වූහ.
අථ සුතමඞ්ගලිකො නාමෙකො පුරිසො ආහ – “චක්ඛු නාමෙතං, භො, සුචිම්පි අසුචිම්පි පස්සති, තථා සුන්දරම්පි අසුන්දරම්පි, මනාපම්පි අමනාපම්පි. යදි තෙන දිට්ඨං මඞ්ගලං සියා, සබ්බම්පි මඞ්ගලං සියා, තස්මා න දිට්ඨං මඞ්ගලං, අපිච ඛො පන සුතං මඞ්ගලං, සුතං නාම අභිමඞ්ගලසම්මතො සද්දො. සෙය්යථිදං – ඉධෙකච්චො කාලස්සෙව වුට්ඨාය වඩ්ඪාති වා වඩ්ඪමානාති වා පුණ්ණාති වා ඵුස්සාති වා සුමනාති වා සිරීති වා සිරිවඩ්ඪාති වා අජ්ජ සුනක්ඛත්තං සුමුහුත්තං සුදිවසං සුමඞ්ගලන්ති එවරූපං වා යංකිඤ්චි අභිමඞ්ගලසම්මතං සද්දං සුණාති, ඉදං වුච්චති සුතමඞ්ගල”න්ති. තස්සපි වචනං එකච්චෙ අග්ගහෙසුං, එකච්චෙ නාග්ගහෙසුං. යෙ නාග්ගහෙසුං, තෙ තෙන සහ විවදිංසු.
සුතමංගලික නම් එක් මිනිසෙක්, ‘පින්වතුනි, ඇස පිරිසිදු දේද, අපිරිසිදු දේද දකී. එසේම ලස්සන, අවලස්සන දේත්, කැමති අකැමති දේත් දකී. ඒ අනුව දකින ලද දෙය යහපත් නම්, ඒ හැම දෙයමත් යහපත් වන්නේය. නොදුටු දේ යහපත් නොවේ. එසේ වුවද ඇසූ දේ යහපත්ය. ඒ මේ ආකාර වූ උසස් යැයි සම්මත ආසිරිදායක නාදයි. ඇතැම් කෙනෙක් උදෑසන පිබිද ‘දියුණු වේවා හෝ, දියුණුවට හේතු වේවා හෝ, බලාපොරොත්තු ඉටුවේවා හෝ යහපත් දේ ඇසේවා හෝ සතුටු සිත් ඇතිවේවා, සිරිමත් වේවා, සිරියාව ඇතිවේවා හෝ අද නැකැත් හොඳය, වේලාව හොඳය, දවස හොඳය, යහපත උදාවේ යැයි, මෙබඳු ඉතා යහපතැයි සම්මත හඬ අසති. මෙය සුතමංගල නම් වේ. ඔහුගේ වචනය ඇතැම්හු පිළිගත්හ. ඇතමෙක් නොපිළිගත්හ. එසේ නොපිළිගත්තෝ අනෙක් තැනැත්තන් හා වාද වූහ.
අථ මුතමඞ්ගලිකො නාමෙකො පුරිසො ආහ – “සොතම්පි හි නාමෙතං භො සාධුම්පි අසාධුම්පි මනාපම්පි අමනාපම්පි සුණාති. යදි තෙන සුතං මඞ්ගලං සියා, සබ්බම්පි මඞ්ගලං සියා, තස්මා න සුතං මඞ්ගලං, අපිච ඛො පන මුතං මඞ්ගලං, මුතං නාම අභිමඞ්ගලසම්මතං ගන්ධරසඵොට්ඨබ්බං. සෙය්යථිදං – ඉධෙකච්චො කාලස්සෙව වුට්ඨාය පදුමගන්ධාදිපුප්ඵගන්ධං වා ඝායති, ඵුස්සදන්තකට්ඨං වා ඛාදති, පථවිං වා ආමසති, හරිතසස්සං වා අල්ලගොමයං වා කච්ඡපං වා තිලවාහං වා පුප්ඵං වා ඵලං වා ආමසති, ඵුස්සමත්තිකාය වා සම්මා ලිම්පති, ඵුස්සසාටකං වා නිවාසෙති, ඵුස්සවෙඨනං වා ධාරෙති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි එවරූපං අභිමඞ්ගලසම්මතං ගන්ධං වා ඝායති, රසං වා සායති, ඵොට්ඨබ්බං වා ඵුසති, ඉදං වුච්චති මුතමඞ්ගල”න්ති. තස්සපි වචනං එකච්චෙ අග්ගහෙසුං, එකච්චෙ නාග්ගහෙසුං.
මුතමංගලික නම් වූ එක් මිනිසෙක්, පින්වත, කන හොඳ දෙයද, නරක දෙයද, කැමති දෙයද අකැමති දෙයද අසයි. ඒ අනුව අසන ලද දෙයම යහපත් නම්, හැමදෙයම යහපත් වන්නේය. ඒ නිසා ඇසූ දෙය මංගල හෙවත් යහපත් නොවේ. එසේ වුවත් පහස ලද දේ, විඳින ලද දේ යහපත්ය. උසස්යැයි පිළිගත්, සුවඳ -රස පහස විඳීම මෙයින් අදහස් වේ. ඇතැම් කෙනෙක් උදෑසනම පිබිද පියුම් සුවඳ වැනි මල්සුවඳ විඳගනිති. හොඳ දැහැටි කයි, (නැවුම්) පොළව හෝ අතගායි. අළුත් වී ආදිය හෝ අමුගොම හෝ කැස්බෑවෙකු හෝ තල පිරවූ ගැලක් හෝ අතපතගායි. උසස් මැටි හෝ තවරා ගනු ලබයි. අළුත් සළුවක් හෝ හැඳගනී. අළුත් හිස්වෙළුමක් දරයි. මෙබඳු හොඳයැයි සම්මත වෙනත් සුවඳක් හෝ රසයක් විඳියි. පහස හෝ ලබයි. මේ මුතමංගල යැයි කීය. ඇතැම් කෙනෙක් ඔහුගේ වචනය පිළිගත්හ. ඇතමෙක් නොපිළිගත්හ.
තත්ථ න දිට්ඨමඞ්ගලිකො සුතමුතමඞ්ගලිකෙ අසක්ඛි සඤ්ඤාපෙතුං. න තෙසං අඤ්ඤතරො ඉතරෙ ද්වෙ. තෙසු ච මනුස්සෙසු යෙ දිට්ඨමඞ්ගලිකස්ස වචනං ගණ්හිංසු, තෙ “දිට්ඨංයෙව මඞ්ගල”න්ති ගතා. යෙ සුතමුතමඞ්ගලිකානං වචනං ගණ්හිංසු, තෙ “සුතංයෙව මුතංයෙව මඞ්ගල”න්ති ගතා. එවමයං මඞ්ගලකථා සකලජම්බුදීපෙ පාකටා ජාතා.
දුටු දේ යහපත් යැයි පිළිගත් තැනැත්තාට ඒ අදහස, ඇසූ දේ-පහස ලැබූ දේ යහපත් යැයි කියන තැනැත්තන්ට වටහාදීමට නොහැකි විය. අනෙක් දෙදෙනාටද තම තම අදහස් එකිනෙකාට වටහා දීමටද හැකි නොවීය. දිට්ඨමංගලිකගේ වචනය පිළිගත් මිනිස්සු ඒ අනුව හැඳින්වූහ. සුතමංගලිකගේද මුතමංගලිකගේද වචනය පිළිගත් මිනිස්සුද ඒ ඒ ලෙසටම හඳුනා ගත්හ. මෙසේ මෙම මංගල (කරුණු) පිළිබඳව මුළු දඹදිවම පතළ වීය.
අථ සකලජම්බුදීපෙ මනුස්සා ගුම්බගුම්බා හුත්වා “කිං නු ඛො මඞ්ගල”න්ති මඞ්ගලානි චින්තයිංසු . තෙසං මනුස්සානං ආරක්ඛදෙවතා තං කථං සුත්වා තථෙව මඞ්ගලානි චින්තයිංසු. තාසං දෙවතානං භුම්මදෙවතා මිත්තා හොන්ති, අථ තතො සුත්වා භුම්මදෙවතාපි තථෙව මඞ්ගලානි චින්තයිංසු. තාසම්පි දෙවතානං ආකාසට්ඨදෙවතා මිත්තා හොන්ති, ආකාසට්ඨදෙවතානං චාතුමහාරාජිකදෙවතා. එතෙනෙව උපායෙන යාව සුදස්සීදෙවතානං අකනිට්ඨදෙවතා මිත්තා හොන්ති, අථ තතො සුත්වා අකනිට්ඨදෙවතාපි තථෙව ගුම්බගුම්බා හුත්වා මඞ්ගලානි චින්තයිංසු. එවං දසසහස්සචක්කවාළෙසු සබ්බත්ථ මඞ්ගලචින්තා උදපාදි. උප්පන්නා ච සා “ඉදං මඞ්ගලං ඉදං මඞ්ගල”න්ති විනිච්ඡියමානාපි අප්පත්තා එව විනිච්ඡයං ද්වාදස වස්සානි අට්ඨාසි. සබ්බෙ මනුස්සා ච දෙවා ච බ්රහ්මානො ච ඨපෙත්වා අරියසාවකෙ දිට්ඨසුතමුතවසෙන තිධා භින්නා. එකොපි “ඉදමෙව මඞ්ගල”න්ති යථාභුච්චතො නිට්ඨඞ්ගතො නාහොසි, මඞ්ගලකොලාහලං ලොකෙ උප්පජ්ජි.
ඉක්බිති මුළු දඹදිවම මිනිස්සු සමූහ සමූහව, යහපත් දේ කුමක්ද? යහපත් දේ කුමක්දැයි සිතූහ. ඒ මිනිසුන් රක්නා දේවතාවෝ ද ඒ කතාව අසා, එසේ සිතූහ. ඒ දේවතාවෝ මිහිකත් දෙවිවරුන් හා මිතුරු වෙති. මිහිකත් දෙවිවරුද ඒ අසා මංගල හෙවත් යහපත් දේ ගැන එපරිදිම සිතූහ. අහසෙහි වසන දෙවිවරු ඒ දෙවිවරුන්ගේ මිතුරෝ වෙති. චාතුම්මහාරාජික දෙවියෝ අහසෙහි වසන දෙවිවරුන්ගේ මිතුරෝ වෙති. මේ අයුරින් අකනිටා දෙවිවරු සුදස්සී දෙවිවරුන්ගේ මිතුරෝ වෙති. අකනිටා දෙවිවරුද ඒ කතාව අසා සමූහ සමූහව රැස්ව මංගල යනු කුමක්දැයි සිතූහ. මෙසේ දසදහසක් සක්වළ හැමතැනම මංගල පිළිබඳව අදහස් පළවිය. මේ මංගල කරුණුයැයි තීරණයකට නොපැමිණ දොළොස් වසරක්ම ගතවිය. මගපල ලද සාවක පිරිස හැර, මිනිස්සුද දෙවියෝද බ්‍රහ්මයෝද දුටු දේ - ඇසූ දේ - පහස ලද දේ යහපතැයි කියමින් තෙකොටසකට බෙදුණහ. එක් තැනැත්තකුට හෝ ‘යහපත් දේ මේ’ යැයි නිසි පරිදි තීරණය කළ නොහැකි විය. මංගල කෝලාහලය ලොව හටගත්තේය.
කොලාහලං නාම පඤ්චවිධං – කප්පකොලාහලං, චක්කවත්තිකොලාහලං, බුද්ධකොලාහලං, මඞ්ගලකොලාහලං, මොනෙය්යකොලාහලන්ති. තත්ථ කාමාවචරදෙවා මුත්තසිරා විකිණ්ණකෙසා රුදම්මුඛා අස්සූනි හත්ථෙහි පුඤ්ඡමානා රත්තවත්ථනිවත්ථා අතිවිය විරූපවෙසධාරිනො හුත්වා, “වස්සසතසහස්සස්ස අච්චයෙන කප්පුට්ඨානං භවිස්සති. අයං ලොකො විනස්සිස්සති, මහාසමුද්දො සුස්සිස්සති, අයඤ්ච මහාපථවී සිනෙරු ච පබ්බතරාජා උඩ්ඪය්හිස්සති විනස්සිස්සති, යාව බ්රහ්මලොකා ලොකවිනාසො භවිස්සති. මෙත්තං, මාරිසා, භාවෙථ, කරුණං මුදිතං උපෙක්ඛං, මාරිසා, භාවෙථ, මාතරං උපට්ඨහථ, පිතරං උපට්ඨහථ, කුලෙ ජෙට්ඨාපචායිනො හොථ, ජාගරථ මා පමාදත්ථා”ති මනුස්සපථෙ විචරිත්වා ආරොචෙන්ති. ඉදං කප්පකොලාහලං නාම.
කොලාහලං කප්ප කෝලාහලය, චක්කවත්ති කෝලාහලය, බුද්ධ කෝලාහලය, මංගල කෝලාහලය, මොනෙය්‍ය කෝලාහල යැයි පස් ආකාරය. කාමාවචර දෙවිවරු හිසකෙස් මුදා - කෙස් විසුරුවාගෙන, හඬමින්, අත්වලින් කඳුළු පිසිමින්, රතුවත් හැඳ බොහෝ විරූපී වූ වෙසින් මේ ලෝකය වැනසෙන්නේය, මහ මුහුද වියළෙන්නේය. මේ මහපොළවද මහාමේරු පව්වද උඩට නැගී වැනසෙන්නේය. බඹලොව දක්වා ලොව වැනසෙයි. වසර සියදහසකින් පසු කල්පය හටගන්නේය. පින්වතුනි, මෙත්වඩවු, කරුණා, මුදිතා, මැදහත් බව වඩවු. මවට උවටැන් කරවු. පියාට උවටැන් කරවු. කුලදෙටුවන් පුදවු. අවදියෙන් (කල්පනාකාරිව) කල්ගත කරවු. පමා නොවවු යනුවෙන් මිනිස් ලොවෙහි සැරිසරමින් දැනුම් දෙති. මෙය කප්ප කොලාහලං නම් වේ.
කාමාවචරදෙවායෙව “වස්සසතස්සච්චයෙන චක්කවත්තිරාජා ලොකෙ උප්පජ්ජිස්සතී”ති මනුස්සපථෙ විචරිත්වා ආරොචෙන්ති. ඉදං චක්කවත්තිකොලාහලං නාම.
කාමාවචර දෙවිවරුම, ‘මෙතැන්සිට අවුරුදු සියයකට පසු සක්විති රජ ලොව පහළවන්නේය’යි මිනිස්ලොව සැරිසරමින් සැළකරති. මේ චක්කවත්ති කොලාහලං නම් වෙයි.
සුද්ධාවාසා පන දෙවා බ්රහ්මාභරණෙන අලඞ්කරිත්වා බ්රහ්මවෙඨනං සීසෙ කත්වා පීතිසොමනස්සජාතා බුද්ධගුණවාදිනො “වස්සසහස්සස්ස අච්චයෙන බුද්ධො ලොකෙ උප්පජ්ජිස්සතී”ති මනුස්සපථෙ විචරිත්වා ආරොචෙන්ති. ඉදං බුද්ධකොලාහලං නාම.
සුද්ධාවාස දෙවියෝ බඹ අබරණින් අලංකාරවත්ව, බඹ වෙළුම් - උතුම් වෙළුම් හිස පැළඳ සොම්නස්ව, බුදුගුණ කියමින්, ‘වසර දහසක් ඇවෑමෙන් බුදුවරයකු ලොව උපදින්නාහ’යි මිනිස්ලොව සැරිසරමින් දන්වති. මෙය බුද්ධ කොලාහලං නම් වෙයි.
සුද්ධාවාසා එව දෙවා මනුස්සානං චිත්තං ඤත්වා “ද්වාදසන්නං වස්සානං අච්චයෙන සම්මාසම්බුද්ධො මඞ්ගලං කථෙස්සතී”ති මනුස්සපථෙ විචරිත්වා ආරොචෙන්ති. ඉදං මඞ්ගලකොලාහලං නාම.
සුද්ධාවාස දෙවියෝම, දෙව් මිනිසුන්ගේ සිත් දැන, (බුදුවරයෙකුගේ පහළවීමෙන්) දොළොස් වසරකට පසු, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මංගල හෙවත් සුබ කරුණු වදාරන සේකැ’යි මිනිස්ලොව හැසිර සැළකරති. මෙය මංගල කොලාහලං නම් වේ.
සුද්ධාවාසා එව දෙවා “සත්තන්නං වස්සානං අච්චයෙන අඤ්ඤතරො භික්ඛු භගවතා සද්ධිං සමාගම්ම මොනෙය්යපටිපදං පුච්ඡිස්සතී”ති මනුස්සපථෙ විචරිත්වා ආරොචෙන්ති. ඉදං මොනෙය්යකොලාහලං නාම. ඉමෙසු පඤ්චසු කොලාහලෙසු දිට්ඨමඞ්ගලාදිවසෙන තිධා භින්නෙසු දෙවමනුස්සෙසු ඉදං මඞ්ගලකොලාහලං ලොකෙ උප්පජ්ජි.
‘වසර සතකට පසුව, එක්තරා පැවිදි හිමිනමක ඒ සම්මා සම්බුදුරදුන් හමුව (උසස් හික්මීමේ පිළිවෙත) මොනෙය්‍ය පිළිවෙත විමසන්නේ’ යැයි සුද්ධාවාස දෙවියෝ මිනිස්ලොව සැරිසරමින් දැනුම් දෙති. මොනෙය්‍ය කොලාහලං නමින් මෙය හැඳින්වේ. මේ කොලාහල පහෙන් දකින ලද දේ යහපත් වේ යන ආදී ලෙසින් දෙව් මිනිසුන් තුන් කොටසකට බෙදී මෙම මංගල කොලාහලය ලොව පැතිර ගියේය.
අථ දෙවෙසු ච මනුස්සෙසු ච විචිනිත්වා විචිනිත්වා මඞ්ගලානි අලභමානෙසු ද්වාදසන්නං වස්සානං අච්චයෙන තාවතිංසකායිකා දෙවතා සඞ්ගම්ම සමාගම්ම එවං සමචින්තෙසුං – “සෙය්යථාපි නාම, මාරිසා, ඝරසාමිකො අන්තොඝරජනානං, ගාමසාමිකො ගාමවාසීනං, රාජා සබ්බමනුස්සානං, එවමෙවං අයං සක්කො දෙවානමින්දො අම්හාකං අග්ගො ච සෙට්ඨො ච යදිදං පුඤ්ඤෙන තෙජෙන ඉස්සරියෙන පඤ්ඤාය ද්වින්නං දෙවලොකානං අධිපති. යංනූන මයං සක්කං දෙවානමින්දං එතමත්ථං පුච්ඡෙය්යාමා”ති. තා සක්කස්ස සන්තිකං ගන්ත්වා සක්කං දෙවානමින්දං තඞ්ඛණානුරූපනිවාසනාභරණසස්සිරිකසරීරං අඩ්ඪතෙය්යකොටිඅච්ඡරාගණපරිවුතං පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලවරාසනෙ නිසින්නං අභිවාදෙත්වා එකමන්තං ඨත්වා එතදවොචුං – “යග්ඝෙ, මාරිස, ජානෙය්යාසි, එතරහි මඞ්ගලපඤ්හා සමුට්ඨිතා, එකෙ දිට්ඨං මඞ්ගලන්ති වදන්ති, එකෙ සුතං මඞ්ගලන්ති වදන්ති, එකෙ මුතං මඞ්ගලන්ති වදන්ති. තත්ථ මයඤ්ච අඤ්ඤෙ ච අනිට්ඨඞ්ගතා, සාධු වත නො ත්වං යාථාවතො බ්යාකරොහී”ති. දෙවරාජා පකතියාපි පඤ්ඤවා “අයං මඞ්ගලකථා කත්ථ පඨමං සමුට්ඨිතා”ති ආහ. “මයං දෙව චාතුමහාරාජිකානං අස්සුම්හා”ති ආහංසු. තතො චාතුමහාරාජිකා ආකාසට්ඨදෙවතානං, ආකාසට්ඨදෙවතා භුම්මදෙවතානං, භුම්මදෙවතා මනුස්සාරක්ඛදෙවතානං, මනුස්සාරක්ඛදෙවතා “මනුස්සලොකෙ සමුට්ඨිතා”ති ආහංසු.
මංගල කරුණු පිළිබඳව දෙවියන්ද මිනිසුන්ද කතා කළද, විමසුවද එකඟ බවක් නොවූ විට, දොළොස් වසරක් ගත වූ පසු තව්තිසා දෙවිවරු රැස්වී මෙසේ සමව සිතූහ. ‘පින්වතුනි, නිවසක වාසය කරන්නන්ට එහි මූලිකයා මෙන් ද, ගම්වාසීන්ට ගම්මුලාදෑනියා මෙන්ද, සියළුම මිනිසුන්ට රජ මෙන්ද, දෙදෙව්ලොවකට අධිපති, මේ සක්දෙවිඳු පින්බලෙන්ද, සම්පතින්ද නුවණින් ද අපට වඩා උසස්ය. මුල්තැන ගනී. අපි සක්දෙවිඳුගෙන් ඒ කරුණු විමසන්නෙමු’ නම් මැනවි. අසූතුන් කෙළක් දෙවඟනන් පිරිවරා, ඒ වේලාවට සුදුසු සළුපිළි හැඳ, අබරණ පැළඳි ගතින් සැරසි සක්දෙවිඳුන් පරසතු රක්මුල පඬුඇඹුල් අසුනෙහි හිඳිද්දී, දෙවිවරු ඔහු වෙත ගොස්, වැඳ එකත්පස්ව සිට, ‘නිදුකාණනි, දැන් මංගල කරුණු පිළිබඳ පැනයක් පැන නැගී ඇති බව දැනගන්නේ නම් යෙහෙකි, ඇතමෙක් දකින ලද දේ මංගල යැයි කියති. තවත් කෙනෙක් ඇසූ දේ මංගල යැයි කියති. ඇතැම් කෙනෙක් පහස ලද දේ මංගල යැයි කියති. මෙහිදී අනෙක් තැනැත්තෝද අපිද එක තීරණයකට නොපැමිණියෙමු. එහෙයින් ඔබතුමා අපට එය නිසි අයුරින් පහදා දෙන්නේ නම් මැනවැ’යි දන්වා සිටියහ. සක්දෙව් රද සැබවින්ම නුවණැති බැවින්, ‘මේ මංගල කතාව පළමුවෙන්ම කොතැනදී ඇතිවීදැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, අපි එය චාතුම්මහාරාජික දෙවියන්ගෙන් ඇසුවෙමු’යි කීහ. ඒ අනුව පිළිවෙලින් චාතුම්මහාරාජික දෙවියන්, අහසෙහි වසන දේවතාවුන්ගෙන්ද, අහස් දේවතාවුන් පොළවෙහි වසන දේවතාවුන්ගෙන්, පොළවෙහි දේවතාවුන් මිනිසුන්ට රැකවරණ සලසන දේවතාවුන්ගෙන් (අසන ලද අතර) මිනිසුන් රක්නා දේවතාවෝ එය මිනිස්ලොවෙන් ඇතිවූ කරුණකැයි පැවසූහ.
අථ දෙවානමින්දො “සම්මාසම්බුද්ධො කත්ථ වසතී”ති පුච්ඡි. “මනුස්සලොකෙ, දෙවා”ති ආහංසු. “තං භගවන්තං කොචි පුච්ඡී”ති ආහ. “න කොචි දෙවා”ති. “කිං නු ඛො නාම තුම්හෙ මාරිසා අග්ගිං ඡඩ්ඩෙත්වා ඛජ්ජොපනකං උජ්ජාලෙථ, යෙ අනවසෙසමඞ්ගලදෙසකං තං භගවන්තං අතික්කමිත්වා මං පුච්ඡිතබ්බං මඤ්ඤථ? ආගච්ඡථ, මාරිසා, තං භගවන්තං පුච්ඡාම, අද්ධා සස්සිරිකං පඤ්හබ්යාකරණං ලභිස්සාමා”ති එකං දෙවපුත්තං ආණාපෙසි – “ත්වං භගවන්තං පුච්ඡා”ති. සො දෙවපුත්තො තඞ්ඛණානුරූපෙන අලඞ්කාරෙන අත්තානං අලඞ්කරිත්වා විජ්ජුරිව විජ්ජොතමානො දෙවගණපරිවුතො ජෙතවනමහාවිහාරං ආගන්ත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං ඨත්වා මඞ්ගලපඤ්හං පුච්ඡන්තො ගාථාය අජ්ඣභාසි. භගවා තස්ස තං පඤ්හං විස්සජ්ජෙන්තො ඉමං සුත්තමභාසි.
එවිට සක්දෙවිඳු ‘සම්මා සම්බුදුරදුන් කොහි වසදැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, මිනිස්ලොව යැ’යි කීහ. ‘එය කවුරුන් හෝ භාග්‍යවතුන් වහන්සේගෙන් අසා ඇත්ද’ නැත, දේවයන් වහන්ස’ දෙවියෝ පිළිතුරු දුන්හ. ‘පින්වත් දෙවිවරුනි, ඔබලා ගිනි අත්හැර දමා කණාමැදිරියන්ගෙන් ආලෝකය ලබවුද? හැමවිටම යහපත ගැන දේසනා කරන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා යම් කරුණක් ගැන මා විමසීමට සිතුවාහුද? එවු එය භාග්‍යවතුන් වහන්සේගෙන් අසමු. ඒකාන්තයෙන් අද ඉතා අගනා - විසිතුරු පැන විසඳීමක් ලබන්නෙමු’යි (කියා) ‘ඔබ භාග්‍යවතුන් වහන්සේගෙන් අසව’යි එක් දෙව්පුතෙකුට අණ කළේය. ඒ දෙව්පුතු ඒ වේලාවට සුදුසු අලංකාරයෙන් සැරසී විදුලියක් මෙන් බබළමින්, දේව පිරිස පිරිවරා, ජේතවන මහා විහාරයට පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව සිට මංගල පැනය අසමින් ගාථාවක් කීය. භාග්‍යවතුන් වහන්සේ ඒ පැනය විසඳමින් මේ සූත්‍රය වදාළහ.
තත්ථ එවං මෙ සුතන්තිආදීනමත්ථො සඞ්ඛෙපතො කසිභාරද්වාජසුත්තවණ්ණනායං වුත්තො, විත්ථාරං පන ඉච්ඡන්තෙහි පපඤ්චසූදනියා මජ්ඣිමට්ඨකථායං වුත්තනයෙන ගහෙතබ්බො. කසිභාරද්වාජසුත්තෙ ච “මගධෙසු විහරති දක්ඛිණාගිරිස්මිං එකනාළායං බ්රාහ්මණගාමෙ”ති වුත්තං, ඉධ “සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ”ති. තස්මා “සාවත්ථිය”න්ති ඉමං පදං ආදිං කත්වා ඉධ අපුබ්බපදවණ්ණනං කරිස්සාම.
එවං මෙ සුතං යන්නෙහි අරුත කසීභාරද්වාජ සූත්‍ර විස්තරයෙහි කෙටියෙන් කියන ලදී. විස්තර දැනගැනීමට කැමති වන්නන්, පපඤ්චසූදනී නම් වූ මැඳුම්සඟි අටුවාවෙහි සඳහන් පරිදි දතයුතුය. කසීභාරද්වාජ සූත්‍රයෙහි ‘මගධයෙහි දකුණුගිරි පෙදෙසෙහි ඒකනාළා නම් බමුණුගමෙහි වැඩවසති’යි සඳහන්ව තිබේද, සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ යැයි මෙහි කියන ලදී. ඒ අනුව සාවත්ථියං යන මේ වචනයේ පටන්, කලින් සඳහන් නොවූ වචන පැහැදිලි කරන්නෙමි.
සෙය්යථිදං, සාවත්ථියන්ති එවංනාමකෙ නගරෙ. තං කිර සවත්ථස්ස නාම ඉසිනො නිවාසට්ඨානං අහොසි. තස්මා යථා කුසම්බස්ස නිවාසො කොසම්බී, කාකණ්ඩස්ස නිවාසො කාකණ්ඩීති, එවං ඉත්ථිලිඞ්ගවසෙන “සාවත්ථී”ති වුච්චති. පොරාණා පන වණ්ණයන්ති – යස්මා තස්මිං ඨානෙ සත්ථසමායොගෙ “කිංභණ්ඩමත්ථී”ති පුච්ඡිතෙ “සබ්බමත්ථී”ති ආහංසු, තස්මා තං වචනමුපාදාය “සාවත්ථී”ති වුච්චති. තස්සං සාවත්ථියං. එතෙනස්ස ගොචරගාමො දීපිතො හොති. ජෙතො නාම රාජකුමාරො, තෙන රොපිතසංවඩ්ඪිතත්තා තස්ස ජෙතස්ස වනන්ති ජෙතවනං, තස්මිං ජෙතවනෙ. අනාථානං පිණ්ඩො එතස්මිං අත්ථීති අනාථපිණ්ඩිකො, තස්ස අනාථපිණ්ඩිකස්ස. අනාථපිණ්ඩිකෙන ගහපතිනා චතුපණ්ණාසකොටිපරිච්චාගෙන නිට්ඨාපිතාරාමෙති අත්ථො. එතෙනස්ස පබ්බජිතානුරූපනිවාසොකාසො දීපිතො හොති.
කෙසේද යත්? සාවත්ථියං එම නම ඇති නගරයෙහි, එය සවත්ථ නම් ඉසිවරයා වසන තැන විය. කුසම්බ විසූ තැන කොසම්බී වූවා සේ, කාකන්ද විසූ තැන කාකන්දී නමින් හැඳින්වූ පරිද්දෙනි. මෙසේ ඉත්ථිලිංග වචන සේ ගෙන සාවත්ථි යැයි කියනු ලැබේ. එකතැනකට තවලම් මගින් භාණ්ඩ රැස්කරන විට, කුමන බඩුවක් තිබේදැයි අසද්දී, ‘හැමදෙයම තිබේයැ’යි කීහ. එහෙයින් ඒ වචනයද අනුව, සාවත්ථි යැයි කියනු ලැබීය යනු පැරණි ඇදුරන් දක්වා ඇත. ඒ සැවත් නුවරම (අවට) ගොදුරු ගමද ඇතුලත් විය. ජේත නම් වූ රජ කුමරෙකු විසින් ගස්වැල් රෝපණය කොට එය සකස්කොට වැඩිදියුණු කරන ලදුව ජේතවන නම් වීය. එහි ජෙතවනෙ ඒ ජේත (කුමරු) ගේ උයන, පිහිටවිය යුතු තැනැත්තන්ට ආහාර සැපයෙන අරුතින් - අනාථපිණ්ඩිකො - ඒ අනාථපිණ්ඩිකගේ, අනාථපිණ්ඩිකස්ස ඒ අනාථපිණ්ඩික ගහපතියා විසින් පනස්සතර කෝටියක් ධනය වැයකොට නිමවන ලද ආරාමය යන අදහසයි, එතැන පැවිදි වූවනට වාසයට සුදුසු ඉඩ ඇති තැනක් ලෙස දක්වන ලදී.
අථාති අවිච්ඡෙදත්ථෙ, ඛොති අධිකාරන්තරනිදස්සනත්ථෙ නිපාතො. තෙන අවිච්ඡින්නෙයෙව තත්ථ භගවතො විහාරෙ “ඉදමධිකාරන්තරං උදපාදී”ති දස්සෙති. කිං තන්ති? අඤ්ඤතරා දෙවතාතිආදි. තත්ථ අඤ්ඤතරාති අනියමිතනිද්දෙසො. සා හි නාමගොත්තතො අපාකටා, තස්මා “අඤ්ඤතරා”ති වුත්තා. දෙවො එව දෙවතා, ඉත්ථිපුරිසසාධාරණමෙතං. ඉධ පන පුරිසො එව සො දෙවපුත්තො, කින්තු සාධාරණනාමවසෙන “දෙවතා”ති වුත්තො.
අථ යනු සිදුවීම - කතාව එකදිගට සබඳතාව පවත්වා ගැනීමේ අරුතින් යෙදුවකි. ඛො එසේ උපකාරවන අයුරින් නිදසුන්කොට යෙදුන නිපාතයකි. ඒ අතරතුරදීම භාග්‍යවතුන් වහන්සේ එහි විහාරයෙහි වාසය කිරීමත් (සක්දෙවිඳුගේ උපදෙස් අනුව කටයුතු කිරීමට) මීට අදාල දේ සඳහා පහසු විය. අඤ්ඤතරා දෙවතා ආදී ලෙසිනි. අඤ්ඤතරා නම නියමකොට දක්වා නැති, නම් ගොත් කුමක්දැයි හෙළිදරව් නොවේ. එහෙයින් එක්තරා යැයි කියා ඇත. දෙවියාම දෙවතා ගැහැණු පිරිමි දෙකොටසම ගැනේ. මෙහි පිරිමි බව ලද දෙව්පුතෙකි.
අභික්කන්තාය රත්තියාති එත්ථ අභික්කන්තසද්දො ඛයසුන්දරාභිරූපඅබ්භනුමොදනාදීසු දිස්සති. තත්ථ “අභික්කන්තා, භන්තෙ, රත්ති, නික්ඛන්තො පඨමො යාමො, චිරනිසින්නො භික්ඛුසඞ්ඝො. උද්දිසතු, භගවා භික්ඛූනං පාතිමොක්ඛ”න්ති එවමාදීසු (චූළව· 383; අ· නි· 8.20; උදා· 45) ඛයෙ දිස්සති. “අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චා”ති එවමාදීසු (අ· නි· 4.100) සුන්දරෙ.
අභික්කන්තාය රත්තියා, අභික්කන්ත යන වචනය අවසානය, යහපත් සොඳුරු බව, ලස්සන, උවමනාවෙන්ම පිළිගැනීම ආදී තේරුම්වල යෙදේ. ‘හිමියනි, රැය ඉකුත් වීය. රැයෙහි මුල් යාමය නික්මියේය. සඟ පිරිස බොහෝ වේලා (මෙහි) සිටියාහ. භාග්‍යවතුන් වහන්සේ සඟ පිරිසට පාමොක් වදාරන සේක්වා. ‘අභික්කන්තා භන්තෙ රත්ති, නික්ඛන්තො පඨමො යාමො, චිරනිසින්නො භික්ඛූසංඝො, උද්දිස්සතු භගවා පාතිමොක්ඛං’ මෙබඳු තන්හි අවසානය යන අරුත දීමට යොදා ඇත. ‘සතරාකාර පුද්ගලයන් අතුරෙන්, මේ කියන ලද පුද්ගලයා වඩාත් සුදුසුය, උසස්ය’ - ‘අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තරොච පණිත්තරොච’ මෙබඳු තැන්වල යහපත්, සොඳුරු අරුතින් යෙදේ.
“කො මෙ වන්දති පාදානි, ඉද්ධියා යසසා ජලං; අභික්කන්තෙන වණ්ණෙන, සබ්බා ඔභාසයං දිසා”ති. (වි· ව· 857) –
කො මෙ වන්දති පාදානි, ඉද්ධියා යස්සා ජලං අහික්කන්තො වණ්ණෙන සබ්බා ඔභාසයං දිසා
‘ඉඳුබලයෙන් ඉතා උසස්, කිතුරාවයට පත්, පැහැයෙන් මුළු දිසා ඉක්මවා බබළවමින්, මුළු පෙදෙසම ආලෝකමත් කරමින්, මගේ පාද වඳින්නේ කවරෙක්ද?
එවමාදීසු අභිරූපෙ. “අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතමා”ති එවමාදීසු (අ· නි· 2.16; පාරා· 15) අබ්භනුමොදනෙ. ඉධ පන ඛයෙ. තෙන අභික්කන්තාය රත්තියා, පරික්ඛීණාය රත්තියාති වුත්තං හොති.
මෙබඳු තැන්වල මනා පැහැපත් රුව අරුතිනි. ‘පින්වත් ගෝතමයන් වහන්ස, ඉතා කදිමයි, පින්වත් ගෝතමයන් වහන්ස, ඉතා කදිමයි’ අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම මෙහි දැඩි උවමනාවෙන්ම, හදවතින්ම, නොවෙනස් වූ පිළිගැනීමේ අරුතිනි. මෙම සූත්‍රයෙහි ඉකුත් වූ රැය - රැය ගෙවීයාමෙන් පසු යන තේරුමෙන් යෙදී ඇත.
අභික්කන්තවණ්ණාති එත්ථ අභික්කන්තසද්දො අභිරූපෙ, වණ්ණසද්දො පන ඡවිථුතිකුලවග්ගකාරණසණ්ඨානප්පමාණරූපායතනාදීසු දිස්සති. තත්ථ “සුවණ්ණවණ්ණොසි භගවා”ති එවමාදීසු (ම· නි· 2.399; සු· නි· 553) ඡවියං. “කදා සඤ්ඤූළ්හා පන තෙ, ගහපති, ඉමෙ සමණස්ස ගොතමස්ස වණ්ණා”ති එවමාදීසු (ම· නි· 2.77) ථුතියං. “චත්තාරොමෙ, භො ගොතම, වණ්ණා”ති එවමාදීසු (දී· නි· 3.115) කුලවග්ගෙ. “අථ කෙන නු වණ්ණෙන, ගන්ධත්ථෙනොති වුච්චතී”ති එවමාදීසු (සං· නි· 1.234) කාරණෙ. “මහන්තං හත්ථිරාජවණ්ණං අභිනිම්මිනිත්වා”ති එවමාදීසු (සං· නි· 1.138) සණ්ඨානෙ. “තයො පත්තස්ස වණ්ණා”ති එවමාදීසු පමාණෙ. “වණ්ණො ගන්ධො රසො ඔජා”ති එවමාදීසු රූපායතනෙ. සො ඉධ ඡවියං දට්ඨබ්බො. තෙන අභික්කන්තවණ්ණා අභිරූපච්ඡවීති වුත්තං හොති.
අභික්කන්තවණ්ණ මෙහි අභික්කන්ත වචනය ලස්සන අරුතිනි. වණ්ණ යන වචනය සම, තුති කිරීම, කුලය, සමූහය, කාරණය, පිහිටීම, ගණන, රූප, එකතුව ආදී අරුත්හි පෙනේ. ‘භාග්‍යවතුන් වහන්සේ රන්වන් පැහැ ඇතියහ.’ ‘සුවණ්ණවණ්ණෙසි භගවා’ මෙහි සම ගැන කියවේ. ‘ගහපතිය, මේ මහණ භවත් ගෝතමයන් පිළිබඳ ගුණ සමූහය එකතු කරගත්තේ කවදාද? කදා සංව්යුළ්හා පන තෙ ගහපති, ඉමෙ සමණස්ස ගොතමස්ස වණ්ණ’ මේ ආදී තැන්වල තුති ගුණයෙහි දැක්වේ. ‘පින්වත් ගොතම, කුල සතරකි’, ‘චත්තාරො භො ගොතම වණ්ණ’ - මේ තැන්වල කුලය ගැනයි. එසේනම්, කිනම් අදහසින් ‘ගන්ධත්ථෙන’ යැයි කියනු ලබයිද? ‘අථ කෙන නු වණ්ණෙන ගන්ධත්ථෙනාති වුච්චති’ මේ ආදී තැන කාරණයෙහි යෙදේ. ‘මහත් වූ ඇත්වෙසක් මවාගෙන, ‘මහන්තං හත්ථිරාජවණ්ණං අභිනිම්මිණිත්වා’ - මෙහි පිහිටි ආකාරයයි. ගණන දැක්වෙන අයුරින් ‘තයො පත්තස්ස වණ්ණ’ යැයි යෙදී ඇත. සුවඳ, රසය, ඉස්ම මෙබඳු තැන සමූහයක එකතුවක් ලෙස ‘වණ්ණෙ ගන්ධො රසො ඔජා’ - වණ්ණ යෙදී ඇත. මෙම සූත්‍රයෙහිදී සම ගැන සඳහන් වේ යැයි දතයුතුය. ඒ අනුව මනා බබළන පැහැයෙන්, මනාවූ පැහැපත් සමක් ඇති බව කියා ඇත.
කෙවලකප්පන්ති එත්ථ කෙවලසද්දො අනවසෙසයෙභුය්යඅබ්යාමිස්සඅනතිරෙකදළ්හත්ථවිසංයොගාදිඅනෙකත්ථො. තථා හිස්ස “කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරිය”න්ති එවමාදීසු (දී· නි· 1.255; පාරා· 1) අනවසෙසතා අත්ථො. “කෙවලකප්පා ච අඞ්ගමාගධා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය උපසඞ්කමිස්සන්තී”ති එවමාදීසු (මහාව· 43) යෙභුය්යතා. “කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී”ති එවමාදීසු (විභ· 225) අබ්යාමිස්සතා. “කෙවලං සද්ධාමත්තකං නූන අයමායස්මා”ති එවමාදීසු (මහාව· 244) අනතිරෙකතා. “ආයස්මතො භන්තෙ අනුරුද්ධස්ස බාහිකො නාම සද්ධිවිහාරිකො කෙවලකප්පං සඞ්ඝභෙදාය ඨිතො”ති එවමාදීසු (අ· නි· 4.243) දළ්හත්ථතා. “කෙවලී වුසිතවා උත්තමපුරිසොති වුච්චතී”ති එවමාදීසු (සං· නි· 3.57) විසංයොගො. ඉධ පනස්ස අනවසෙසතො අත්ථො අධිප්පෙතො.
කෙවලකප්පං යන්නෙහි කෙවල වචනය - මුළුමනින්ම, බොහෝ සෙයින්, එයටම බැඳුණු, පමණ වූ, දැඩිබව, වෙන්කිරීම් ආදී නොයෙක් තේරුම්වල යෙදේ. ‘මනා පිරිපුන්, පිරිසිදු වූ බඹසර’ –- ‘කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං’ - මෙහි මුළුමනින්ම යන අරුතිනි. ‘අඟුමගධ දෙරටින් (ඇති තරම්) සෑහෙන පමණ කෑයුතු - බුදිය යුතු ආහාර ගෙන පැමිණෙන්නාහ’ ‘කෙවලකප්පාච අංගමගධා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය උපසංකමිස්සන්ති’ මේ ආදී තැන බොහෝසෙයින් යන තේරුමයි. ‘මේ සියළුම දුක් ගොඩම (රැසම) හටගැනීමට හේතු ඇත’ -– ‘කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ මෙහි එයටම බැඳුණු අදහසින් යෙදී ඇත. ‘මේ ගරුකටයුතු තැනැත්තා සැදැහැ බව පමණ වේද?’ කෙවලං සද්ධාමත්තකං නූන අයමායස්මා’- මෙහි නොවැඩි වූ අරුතිනි. ‘ගරු කටයුතු අනුරුද්ධ හිමිගේ ගෝල හිමිනමක වූ මේ බාහික හිමි, සඟ පිරිස බිඳවීමට පිණිස සිටියේ වෙයි. ‘අයං ආයස්මතො අනුරුද්ධස්ස බාහිකො නාම සද්ධිවිහාරිකො කෙවලකප්පං සංඝභෙදාය ඨිතො’ මෙහි දැඩි අරුතින් යෙදී ඇත. ‘හුදෙක්ම සිල්ගුණදම් සපිරූ තැනැත්තා උතුම් පුද්ගලයෙකැයි කියනු ලැබේ. මෙහි වෙන්කොට දැක්වීමෙහි යෙදේ. ‘කෙවලී වුසිතවා උත්තම පුරිසොති වුච්චති. මෙම සූත්‍රයෙහිදී කෙවල යන වචනය මුළුමනින්ම (ඉතිරි නොකොට) යන අදහස දේ.
කප්පසද්දො පනායං අභිසද්දහනවොහාරකාලපඤ්ඤත්තිඡෙදනවිකප්පලෙසසමන්තභාවාදිඅනෙකත්ථො. තථා හිස්ස “ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස, යතා තං අරහතො සම්මාසම්බුද්ධස්සා”ති එවමාදීසු (ම· නි· 1.387) අභිසද්දහනමත්ථො. “අනුජානාමි, භික්ඛවෙ, පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතු”න්ති එවමාදීසු (චූළව· 250) වොහාරො. “යෙන සුදං නිච්චකප්පං විහරාමී”ති එවමාදීසු (ම· නි· 1.387) කාලො. “ඉච්චායස්මා කප්පො”ති එවමාදීසු (සු· නි· 1098; චූළනි· කප්පමාණවපුච්ඡා 117) පඤ්ඤත්ති. “අලඞ්කතො කප්පිතකෙසමස්සූ”ති එවමාදීසු (ජා· 2.22.1368) ඡෙදනං. “කප්පති ද්වඞ්ගුලකප්පො”ති එවමාදීසු (චූළව· 446) විකප්පො. “අත්ථි කප්පො නිපජ්ජිතු”න්ති එවමාදීසු (අ· නි· 8.80) ලෙසො. “කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා”ති එවමාදීසු (සං· නි· 1.94) සමන්තභාවො. ඉධ පනස්ස සමන්තභාවො අත්ථොති අධිප්පෙතො. යතො කෙවලකප්පං ජෙතවනන්ති එත්ථ අනවසෙසං සමන්තතො ජෙතවනන්ති එවමත්ථො දට්ඨබ්බො.
කප්ප යන වචනය, දැඩිව ඇදහීම, පරිහරණය, කාලය, හැඳින්වීම, කැපීම, විකල්පය, සුළු ඉඩ, හාත්පස වැනි නොයෙක් තේරුම්වල යෙදේ. ‘පින්වත් ගෝතමයන් අරහත් සම්මා සම්බුදුවරයන් වහන්සේ ලෙස තද පිළිගැනීමක්, තහවුරුවීමක් ඇත. ‘ඔකප්පනීයමෙතං භොතො ගොතමස්ස යථා තං අරහතො සම්මා සම්බුද්ධස්ස’, ‘මහණෙනි, පස්ආකාර මහණුන් විසින් ගෙඩි අනුභවය අනුදනිමි’ - අනුජානාමි භික්ඛවෙ පඤ්චහි සමණ කප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං - මේ ආදී තැන්වල පරිහරණයෙහි අරුතිනි. ‘යම්තැනක නිතරම වසමි’ - යෙන සුදං නිච්චකප්පං විහරාමි’ ‘මෙහි අදහස් වන්නේ කාලයයි. ‘මේ ගරුකටයුතු කප්ප ය - ‘ඉච්චායස්මා කප්පො’ මෙබඳු තැන හඳුන්වා ඇති අයුරින් නම කියැවේ. ‘කෙස්රවුල් කැපීමෙන් මනාව සකසා සරසන ලද’ - අලංකතො කප්පිත කෙසමස්සු’ මෙහි කැපීම අරුතින් යෙදේ. ‘ඉර හැරී අඟල් දෙකක් සෙවනැල්ල ඉක්මවා යනතුරු ආහාර ගැනීම සුදුසුය. ‘කප්පති දවංගුල කප්පං’ - මෙබඳු තැනක විකල්ප අරුතිනි. ‘වැතිර සිටීමට ඉඩක් ඇත’ -– ‘අත්ථි කප්පො නිපජ්ජිතුං’ - මෙහි ඉඩකඩ තිබීම අරුතිනි. ‘වෙළුවන පෙදෙස හාත්පස බබුළුවා’ -– ‘කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා’ - ‘මෙහිදී හාත්පස, පරිසරය යන අරුතිනි. මෙම සූත්‍රයෙහිද හාත්පස යන්න අදහස් වේ. කෙවලකප්පං ජෙතවනං හාත්පස මුළු ජේතවන පෙදෙසම මෙයින් හැඟෙන බව දතයුතුය.
ඔභාසෙත්වාති ආභාය ඵරිත්වා, චන්දිමා විය සූරියො විය ච එකොභාසං එකපජ්ජොතං කරිත්වාති අත්ථො.
ඔභාසෙත්වා ආලෝකය පතුරුවා, සඳ මෙන් ද, හිරු මෙන් ද එකම ආලෝකයක්, එකවර එළියකොට,
යෙන භගවා තෙනුපසඞ්කමීති භුම්මත්ථෙ කරණවචනං, යතො යත්ථ භගවා, තත්ථ උපසඞ්කමීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. යෙන වා කාරණෙන භගවා දෙවමනුස්සෙහි උපසඞ්කමිතබ්බො, තෙනෙව කාරණෙන උපසඞ්කමීති එවම්පෙත්ථ අත්ථො දට්ඨබ්බො. කෙන ච කාරණෙන භගවා උපසඞ්කමිතබ්බො? නානප්පකාරගුණවිසෙසාධිගමාධිප්පායෙන සාදුඵලූපභොගාධිප්පායෙන දිජගණෙහි නිච්චඵලිතමහාරුක්ඛො විය. උපසඞ්කමීති ච ගතාති වුත්තං හොති. උපසඞ්කමිත්වාති උපසඞ්කමනපරියොසානදීපනං. අථ වා එවං ගතා තතො ආසන්නතරං ඨානං භගවතො සමීපසඞ්ඛාතං ගන්ත්වාතිපි වුත්තං හොති. භගවන්තං අභිවාදෙත්වාති භගවන්තං වන්දිත්වා පණමිත්වා නමස්සිත්වා.
යෙන භගවා තෙනුපසංකමි ආධාර විබත් අරුතින් කරණ විබතින් යෙදී ඇත. යම්තැනක භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක්ද, එතැනට පැමිණියේ යැයි තේරුම දතයුතුය. යම් කරුණක් නිසා දෙව් මිනිසුන් විසින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිය යුතු වීද, ඒ කරුණ සඳහා පැමිණියේ යැයි ද තේරුම දතයුතුය. කුමන කරුණකට භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිය යුතු වේද? මිහිරි පල ලබාගැනීමේ අදහසින් බොහෝ නොයෙක් කුරුල්ලන් නිතරම පැමිණෙන මහා රුකකට මෙන්, නොයෙක් ආකාර වූ යහගුණ වෙසෙසක් ළඟාකර ගැනීමේ අදහසින් පැමිණිය යුතුය. උපසංකමී ගියේ යැයි කියන ලදී. උපසංකමිත්වා පැමිණ, අවසානයේ - නැතහොත්, එසේ ආසන්නම තැනට - භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් යන අදහසින් කියන ලදී. භගවන්තං අභිවාදෙත්වා භාග්‍යවතුන් වහන්සේට ගරුබුහුමන් දක්වා වැඳ නමස්කාර කොට,
එකමන්තන්ති භාවනපුංසකනිද්දෙසො, එකොකාසං එකපස්සන්ති වුත්තං හොති. භුම්මත්ථෙ වා උපයොගවචනං. අට්ඨාසීති නිසජ්ජාදිපටික්ඛෙපො, ඨානං කප්පෙසි, ඨිතා අහොසීති අත්ථො.
එකමන්තං භාව නපුංසකව දැක්වේ. එක් ඉඩ ඇති තැනක, එකත්පසෙක, ආධාර විබත් සඳහා කම් විබතින් යෙදී ඇත. අට්ඨාසි, හිඳගැනීමෙන් තොරව, එක් තැනකට වී සිටගෙන සිටියේය.
කථං ඨිතා පන සා එකමන්තං ඨිතා අහූති?
එකත්පස්ව සිටියේ යැයි කියන්නේ කෙසේද?
“න පච්ඡතො න පුරතො, නාපි ආසන්නදූරතො; න කච්ඡෙ නොපි පටිවාතෙ, න චාපි ඔණතුණ්ණතෙ; ඉමෙ දොසෙ විවජ්ජෙත්වා, එකමන්තං ඨිතා අහූ”ති.
‘පසුපසින් නොවේ, ඉදිරියෙන්ද නොවේ, එතරම් ළඟින්ද නොවේ. එතරම් ඈතින්ද නොවේ. උසකින්ද නොවේ. උඩුසුළඟ අනුවද නොවේ. එකත්පස්ව සිටීම වනුයේ මේ දොස් ඇති නොවන පරිදි සිටීමයි.
කස්මා පනායං අට්ඨාසි එව, න නිසීදීති? ලහුං නිවත්තිතුකාමතාය. දෙවතා හි කඤ්චිදෙව අත්ථවසං පටිච්ච සුචිපුරිසො විය වච්චට්ඨානං මනුස්සලොකං ආගච්ඡන්ති. පකතියා පනෙතාසං යොජනසතතො පභුති මනුස්සලොකො දුග්ගන්ධතාය පටිකූලො හොති, න තත්ථ අභිරමන්ති. තෙන සා ආගතකිච්චං කත්වා ලහුං නිවත්තිතුකාමතාය න නිසීදි. යස්ස ච ගමනාදිඉරියාපථපරිස්සමස්ස විනොදනත්ථං නිසීදන්ති, සො දෙවානං පරිස්සමො නත්ථි, තස්මාපි න නිසීදි. යෙ ච මහාසාවකා භගවන්තං පරිවාරෙත්වා ඨිතා, තෙ පතිමානෙසි, තස්මාපි න නිසීදි. අපිච භගවති ගාරවෙනෙව න නිසීදි. දෙවානඤ්හි නිසීදිතුකාමානං ආසනං නිබ්බත්තති, තං අනිච්ඡමානා නිසජ්ජාය චිත්තම්පි අකත්වා එකමන්තං අට්ඨාසි.
කවර හෙයින් නොහිඳ සිටගෙන සිටියේද? ඉක්මණින් ආපසු යාමේ කැමැත්ත නිසාය. දේවතාවෝ කිසියම් වැදගත් කරුණක් නිසා, පිරිසිදු මිනිසෙකු මෙන් අපිරිසිදු තැනක් වූ මිනිස්ලොවට එති. යොදුන් සියයක දුරක පටන් මිනිස්ලොවෙහි දුගඳ දැනෙන බැවින්, පිළිකුල් වෙයි. මිනිස්ලොවෙහි ඇළුම් නොකරති. එහෙයින් පැමිණි කරුණ අවසන්කොට, ඉක්මනින් ආපසු යාමට කැමතිව හිඳගත්තේ නැත. ගමන් කිරිමේදී ඉරියව් පවත්වා ගැනීමේදී ඇතිවන වෙහෙස දුරුකරගැනීම පිණිස, යම් කෙනෙකුට හිඳගැනීම අවැසි වේද, දෙවියන්ට එබඳු වෙහෙස නැත. මහා සව්වන් පිරිවරා බුදුරජාණන් වහන්සේ වැඩසිටි බැවින්, ගරුසැළකිලි දැක්වීමටද හිඳගත්තේ නැත. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගරුබුහුමන් දක්වනු පිණිස ද හිඳගත්තේ නැත. හිඳගනු කැමති දේවතාවුන්ට ආසන පහළ වේ. ඊට නොකැමතිව, හිඳගැනීමට සිතකුදු ඇතිකර නොගෙන, එකත්පස්ව සිටියේය.
එකමන්තං ඨිතා ඛො සා දෙවතාති එවං ඉමෙහි කාරණෙහි එකමන්තං ඨිතා ඛො සා දෙවතා. භගවන්තං ගාථාය අජ්ඣභාසීති භගවන්තං ගාථාය අක්ඛරපදනියමිතගන්ථිතෙන වචනෙන අභාසීති අත්ථො.
එකමන්තං ඨිතා ඛො සා දෙවතා මෙසේ මේ කරුණු අනුව එකත්පස්ව සිටි ඒ දේවතාවා, භගවන්තං ගාථාය අජ්ඣභාසි භාග්‍යවතුන් වහන්සේ, නියමිත අකුරු යොදා ගළපන ලද වචනයෙන් (ගාථාවෙන්) කීවේය යන තේරුමයි.
තත්ථ බහූති අනියමිතසඞ්ඛ්යානිද්දෙසො. තෙන අනෙකසතා අනෙකසහස්සා අනෙකසතසහස්සාති වුත්තං හොති. දිබ්බන්තීති දෙවා, පඤ්චහි කාමගුණෙහි කීළන්ති, අත්තනො වා සිරියා ජොතන්තීති අත්ථො. අපිච තිවිධා දෙවා සම්මුතිඋපපත්තිවිසුද්ධිවසෙන. යථාහ –
එම ගාථාවෙහි බහූ යනු නියමිත නොවූ ගණනක් නොදැක්වූ, එයින් නොයෙක් සියගණන්, නොයෙක් දහස් ගණන්, නොයෙක් සියදහස් ගණන් කියන ලදී. දෙව්ලොවෙහි වසන්නෝ දෙවා, පස්කම් ගුණයෙහි ඇලෙමින්, කෙළිදෙලින් තුටුවෙති. තම සිරියාවෙන් බබලති අරුතද ඇත. තවද, සම්මුති, උප්පත්ති, විසුද්ධි යැයි දෙවා තුන් කොටසකි. එහෙයින් කියන ලදී -
“දෙවාති තයො දෙවා සම්මුතිදෙවා, උපපත්තිදෙවා, විසුද්ධිදෙවා. තත්ථ සම්මුතිදෙවා නාම රාජානො, දෙවියො, රාජකුමාරා. උපපත්තිදෙවා නාම චාතුමහාරාජිකෙ දෙවෙ උපාදාය තදුත්තරිදෙවා. විසුද්ධිදෙවා නාම අරහන්තො වුච්චන්තී”ති (චූළනි· ධොතකමාණවපුච්ඡානිද්දෙස 32, පාරායනානුගීතිගාථානිද්දෙස 119).
‘සම්මුති, උප්පත්ති, විසුද්ධි යැයි දෙවා තුන් කොටසකි. සම්මුතිදෙවා නම් රජවරු, බිසෝවරු, කුමාරවරු, උප්පත්තිදෙවා නම්, චාතුම්මහාරාජික දෙවියන් පටන්, ඊටත් ඈතින් සිටින දෙවිවරු, විසුද්ධිදෙවා නම් රහත්බව ලැබුවෝ වෙති’යි කියන ලදී.’
තෙසු ඉධ උපපත්තිදෙවා අධිප්පෙතා. මනුනො අපච්චාති මනුස්සා. පොරාණා පන භණන්ති – මනස්ස උස්සන්නතාය මනුස්සා. තෙ ජම්බුදීපකා, අපරගොයානකා, උත්තරකුරුකා, පුබ්බවිදෙහකාති චතුබ්බිධා. ඉධ ජම්බුදීපකා අධිප්පෙතා. මඞ්ගලන්ති ඉමෙහි සත්තාති මඞ්ගලානි, ඉද්ධිං වුද්ධිඤ්ච පාපුණන්තීති අත්ථො. අචින්තයුන්ති චින්තෙසුං. ආකඞ්ඛමානාති ඉච්ඡමානා පත්ථයමානා පිහයමානා. සොත්ථානන්ති සොත්ථිභාවං, සබ්බෙසං දිට්ඨධම්මිකසම්පරායිකානං සොභනානං සුන්දරානං කල්යාණානං ධම්මානමත්ථිතන්ති වුත්තං හොති. බ්රූහීති දෙසෙහි පකාසෙහි ආචික්ඛ විවර විභජ උත්තානීකරොහි. මඞ්ගලන්ති ඉද්ධිකාරණං වුද්ධිකාරණං සබ්බසම්පත්තිකාරණං. උත්තමන්ති විසිට්ඨං පවරං සබ්බලොකහිතසුඛාවහන්ති අයං ගාථාය අනුපුබ්බපදවණ්ණනා.
මෙහිදී අදහස් වන්නේ උප්පති දෙවියන්ය. මනුගෙන් පසුව පැවත එන අදහසින් මනුස්සා, ‘උසස් මනසක් ඇති බැවින් මිනිසුන් වූහ’යි පැරණි ඇදුරෝ කියති. මිනිස්සු දඹදිව වැසි, අපරගෝයන වැසි, ‘උතුරුකුරු වාසී හා පුබ්බවිදේහික යැයි සිවු ආකාර වෙති. මෙහි අදහස් වන්නේ දඹදිව වාසීන්ය. මංගලං යනු මේ මිනිසුන් විසින් සොයන ලද, මංගලානි යහපත උදාව සහ වැඩිදියුණුවට පැමිණෙතියි තේරුමයි. අචින්තයුං සිතූහ, ආකංඛමානා කැමතිවෙමින්, බලාපොරොත්තු වෙමින්, ආසා වෙමින්, සොත්ථානං සුවතාවය, මෙලොව පරලොවට යහපත් වූත්, වැඩදායී වූත්, හරවත් වූත් කරුණු දැනගැනීමට සියල්ලගේම උවමනාව කියන ලදී. බ්‍රෑහි දේසනා කරනු මැනව, පවසනු මැනව, කියනු මැනව, හෙළිදරව් කරනු මැනව, බෙදා දක්වනු මැනව, පැහැදිලි කරනු මැනව. මංගලං යහපත උදාකරන, වැඩිදියුණු කරන, සියළු සම්පත් ළඟාකර දෙන කරුණු, උත්තමං සියළු ලෝකවාසීන්ගේ හිතසුව පිණිස උසස් වූ, උතුම් වූ, මේ එම ගාථාවෙහි වචන අනුව සඳහන් කිරීමයි.
අයං පන පිණ්ඩත්ථො – සො දෙවපුත්තො දසසහස්සචක්කවාළෙසු දෙවතා මඞ්ගලපඤ්හං සොතුකාමතාය ඉමස්මිං එකචක්කවාළෙ සන්නිපතිත්වා එකවාලග්ගකොටිඔකාසමත්තෙ දසපි වීසම්පි තිංසම්පි චත්තාලීසම්පි පඤ්ඤාසම්පි සට්ඨිපි සත්තතිපි අසීතිපි සුඛුමත්තභාවෙ නිම්මිනිත්වා සබ්බදෙවමාරබ්රහ්මානො සිරියා ච තෙජසා ච අධිගය්හ විරොචමානං පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නං භගවන්තං පරිවාරෙත්වා ඨිතා දිස්වා තස්මිං ච සමයෙ අනාගතානම්පි සකලජම්බුදීපකානං මනුස්සානං චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සබ්බදෙවමනුස්සානං විචිකිච්ඡාසල්ලසමුද්ධරණත්ථං ආහ – “බහූ දෙවා මනුස්සා ච, මඞ්ගලානි අචින්තයුං, ආකඞ්ඛමානා සොත්ථානං අත්තනො සොත්ථිභාවං ඉච්ඡන්තා, බ්රූහි මඞ්ගලමුත්තමං, තෙසං දෙවානං අනුමතියා මනුස්සානඤ්ච අනුග්ගහෙන මයා පුට්ඨො සමානො යං සබ්බෙසමෙව අම්හාකං එකන්තහිතසුඛාවහනතො උත්තමං මඞ්ගලං, තං නො අනුකම්පං උපාදාය බ්රූහි භගවා”ති.
මේ දැක්වෙන්නේ කෙටි අරුතයි. දස දහසක් සක්වළ දෙවියන් මංගල පැනය අසනු කැමතිව, මේ එකම සක්වළෙහි රැස්වී, එකම සක්වළෙහිම කෙළවර පටන් ලද ඉඩ පමණින්, දහයක්, විස්සක්, තිහක්, හතළිහක්, පනහක්, හැටක්, හැත්තෑවක්, අසූවක් තරම් සියුම් රූ මවාගෙන සිටි සියළු දෙව්බඹමරුන් අබිබවා, සිරියෙන්ද, තේජසින්ද බබළමින්, පණවන ලද උතුම් බුදු අසුනෙහි වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ පිරිවර සමග දැක, ඒ කාලයෙහි මෙන්ම අනාගතයෙහිද මුළු දඹදිව මිනිසුන්ගේ සිතිවිලි, සැක දැන, සියළුම දෙව් මිනිසුන්ගේ සැකය නැමති උල උදුරාදමනු පිණිස, ඒ දේවතාවා (මෙසේ) කීය. ‘බොහෝ දෙවියෝ ද, මිනිස්සු ද මංගල කරුණු යහපතට හේතු සිතූහ. ඒ සුවදායී බව කැමති වූවන්ට ඒ දෙවියන්ගේ අනුමැතියෙන්ද - මිනිසුන්ගේ උපකාරයෙන්ද මා විසින් අසන කරුණු වේද, අපට ඒකාන්ත වූ හිතසුව ගෙනදෙමින්, ඒ යහපත් දේ ඔබවහන්සේ අනුකම්පාකොට වදාරනු මැනව.’
එවමෙතං දෙවපුත්තස්ස වචනං සුත්වා භගවා “අසෙවනා ච බාලාන”න්ති ගාථමාහ. තත්ථ අසෙවනාති අභජනා අපයිරුපාසනා. බාලානන්ති බලන්ති අස්සසන්තීති බාලා, අස්සසිතපස්සසිතමත්තෙන ජීවන්ති, න පඤ්ඤාජීවිතෙනාති අධිප්පායො. තෙසං බාලානං පණ්ඩිතානන්ති පණ්ඩන්තීති පණ්ඩිතා, සන්දිට්ඨිකසම්පරායිකෙසු අත්ථෙසු ඤාණගතියා ගච්ඡන්තීති අධිප්පායො. තෙසං පණ්ඩිතානං. සෙවනාති භජනා පයිරුපාසනා තංසහායතා තංසම්පවඞ්කතා. පූජාති සක්කාරගරුකාරමානනවන්දනා. පූජනෙය්යානන්ති පූජාරහානං. එතං මඞ්ගලමුත්තමන්ති යා ච බාලානං අසෙවනා, යා ච පණ්ඩිතානං සෙවනා, යා ච පූජනෙය්යානං පූජා, තං සබ්බං සම්පිණ්ඩෙත්වා ආහ එතං මඞ්ගලමුත්තමන්ති. යං තයා පුට්ඨං “බ්රූහි මඞ්ගලමුත්තම”න්ති, එත්ථ තාව එතං මඞ්ගලමුත්තමන්ති ගණ්හාහීති වුත්තං හොති. අයමෙතිස්සා ගාථාය පදවණ්ණනා.
මෙසේ ඒ දෙව්පුතුගේ වචනය අසා, භාග්‍යවතුන් වහන්සේ අසෙවනාච බාලානං යන ගාථාව කීහ. අසෙවනා ඇසුරු නොකිරීම, සහ සබඳතා නොපැවැත්වීම, බාලානං බලය (ජීවත්වීමේ) ඉහළට ගනු ලබන්නෝ, ඔවුහු හුස්ම ඉහළ පහළ කරන පමණින් ජීවත් වෙති. නුවණින් ජීවත් නොවෙතියි අදහසයි. එබඳු නුවණ නැති තැනැත්තන්, පණ්ඩිතානං පණ්ඩිත බව ඇත්තන් - පණ්ඩිතයන්, මෙලොව පරලොව වැඩදායී කරුණු කෙරෙහි නුවණින් කටයුතු කරන්නන් මෙහි අදහස් වේ. එබඳු නුවණැත්තන් සෙවනා ඇසුරු කිරීමෙන්, සහ සබඳතා පැවැත්වීමෙන්, ඔවුන් හා සහයෝගීතාවයෙන්, සමීප වීමෙන්, පූජා ගරුබුහුමන් කිරීමෙන් හා වැඳීමෙන්, පූජනීයානං එසේ පිදීමට සුදුසු තැනැත්තන්, එතං මංගලමුත්තමං අනුවණයන් හා ඇසුරක් නොවේද, පණ්ඩිතයන් හා යම්බඳු ඇසුරක් වේද, ගරුබුහුමනට සුදුස්සන්ට පූජා කරයිද, ඒ සියළු කරුණු එක්කොට එතං මංගල මුත්තමං යැයි වදාළහ. ඒවා යහපත් කරුණු ලෙස ගතයුතු යැයි කියන ලදී. මේ ඒ ගාථාවේ වචනවල අදහසයි.
අත්ථවණ්ණනා පනස්සා එවං වෙදිතබ්බා – එවමෙතං දෙවපුත්තස්ස වචනං සුත්වා භගවා ඉමං ගාථමාහ. තත්ථ යස්මා චතුබ්බිධා කථා පුච්ඡිතකථා, අපුච්ඡිතකථා, සානුසන්ධිකථා, අනනුසන්ධිකථාති. තත්ථ “පුච්ඡාමි තං, ගොතම, භූරිපඤ්ඤං, කථංකරො සාවකො සාධු හොතී”ති (සු· නි· 378) ච, “කථං නු ත්වං, මාරිස, ඔඝමතරී”ති (සං· නි· 1.1) ච එවමාදීසු පුච්ඡිතෙන කථිකා පුච්ඡිතකථා. “යං පරෙ සුඛතො ආහු, තදරියා ආහු දුක්ඛතො”ති එවමාදීසු (සු· නි· 767) අපුච්ඡිතෙන අත්තජ්ඣාසයවසෙනෙව කථිතා අපුච්ඡිතකථා. සබ්බාපි බුද්ධානං කථා “සනිදානාහං, භික්ඛවෙ, ධම්මං දෙසෙමී”ති (අ· නි· 3.126; කථා· 806) වචනතො සානුසන්ධිකථා. අනනුසන්ධිකථා ඉමස්මිං සාසනෙ නත්ථි. එවමෙතාසු කථාසු අයං දෙවපුත්තෙන පුච්ඡිතෙන භගවතා කථිතත්තා පුච්ඡිතකථා. පුච්ඡිතකථායඤ්ච යථා ඡෙකො පුරිසො කුසලො මග්ගස්ස, කුසලො අමග්ගස්ස, මග්ගං පුට්ඨො පඨමං විජහිතබ්බං ආචික්ඛිත්වා පච්ඡා ගහෙතබ්බං ආචික්ඛති – “අසුකස්මිං නාම ඨානෙ ද්වෙධාපථො හොති, තත්ථ වාමං මුඤ්චිත්වා දක්ඛිණං ගණ්හථා”ති, එවං සෙවිතබ්බාසෙවිතබ්බෙසු අසෙවිතබ්බං ආචික්ඛිත්වා සෙවිතබ්බං ආචික්ඛති. භගවා ච මග්ගකුසලපුරිසසදිසො. යථාහ –
එහි විස්තර මෙසේ දතයුතුය. ඒ දෙව්පුතුගේ වචනය අසා භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාව වදාළහ. පුච්ඡිත කථා, අපුච්ඡිත කථා, සානුසන්ධි කථා, අනනුසන්ධි කථා යැයි අදාළ වන කථා සතරාකාරය. ‘මහපොළව සේ පැතිරුණු මහා නුවණැති ගෝතමයන් වහන්ස, යහපත් සාවකයෙකු (අනුගාමිකයෙකු) වීමට කෙසේ කටයුතු කළයුතුද?’ ‘පුච්ඡාමි තං ගොතම භූරිපඤ්ඤ කථං කරො සාවකො සාධු හොති’ යැයිද ‘නිදුකාණෙනි, ඔබවහන්සේ කෙසේ සැඩපහර තරණය කළෙහිද? ‘කථං නු ත්වං මාරිස ඔඝමතරී’ මේ ආදී තැන අසන ලද අදහසින් පුච්ඡිත කථා වේ. ‘වෙනත් තැනැත්තන් යම් දෙයක් සැපය සේ කියත්ද, බුදුවරු ආදී උතුමෝ එය දුක සේ කියති’ – ‘යං පර සුබතො ආහූ, තදරියා ආහු දුක්ඛතො’ -– ‘මෙබඳු තැන නොඅසන ලද නමුත්, තම අදහස අනුව කියන ලද දේ අපුච්ඡිත කථා ය. සියළුම බුදුවරුන්ගේ කතා, ‘මහණෙනි, මම කරුණු සහිතව (තැනට උචිත පරිදි) හේතු ඇතිව දහම් දෙසමි’ - සනිදානාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි’ - දක්වන ලද පරිදි සානුසන්ධිකථා නම් වේ. (එයට වෙනස්වන) අනනුසන්ධිකථා මේ සසුනෙහි නැත. මෙබඳු කථා අතරින්, මේ දෙව්පුතු විසින් අසන ලදුව, භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද බැවින් මෙය පුච්ඡිත කථා ලෙස ගැනේ. යහපත් මග, අයහපත් මග ගැන විමසීමේදී, වියත් තැනැත්තෙක් මුලින් අත්හළ යුතු මග කියා පසුව යායුතු මග කියයි. ‘අසවල් නම් තැන මාවත් දෙකක් වෙයි. එහි වම් පැත්තට ඇති මාවත හැර දකුණුපසට ඇති මාවතෙහි යව’යි පහදා දෙයි. මෙසේම ඇසුරු කළයුතු හා ඇසුරු නොකළයුතු අයුරු කියා දී, ඇසුරු කළයුතු දෙය පැවසිය යුතුය. භාග්‍යවතුන් වහන්සේද මග කියාදීමෙහි සමත් තැනැත්තෙකු වැනිය.
“පුරිසො මග්ගකුසලොති ඛො, තිස්ස, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්සා”ති (සං· නි· 3.84).
‘තිස්ස, මග කියාදීමෙහි සමත් තැනැත්තෙකු යනු, තථාගත අරහත් සම්මා සම්බුදුන්ට සමාන වචනයකි.’
සො හි කුසලො ඉමස්ස ලොකස්ස, කුසලො පරස්ස ලොකස්ස, කුසලො මච්චුධෙය්යස්ස, කුසලො අමච්චුධෙය්යස්ස, කුසලො මාරධෙය්යස්ස, කුසලො අමාරධෙය්යස්සාති. තස්මා පඨමං අසෙවිතබ්බං ආචික්ඛිත්වා සෙවිතබ්බං ආචික්ඛන්තො ආහ – “අසෙවනා ච බාලානං, පණ්ඩිතානඤ්ච සෙවනා”ති. විජහිතබ්බමග්ගො විය හි පඨමං බාලා න සෙවිතබ්බා න පයිරුපාසිතබ්බා, තතො ගහෙතබ්බමග්ගො විය පණ්ඩිතා සෙවිතබ්බා පයිරුපාසිතබ්බාති.
මේ ලෝකය පිළිබඳවත්, පරලොව පිළිබඳවත්, මරණයට යටත් පෙදෙස ගැනත්, මරණය නොමැති පෙදෙස ගැනත්, මාරයාට යටත් පෙදෙස ගැනත්, මාරයාට යටත් නොවන පෙදෙස ගැනත් කියාදීමට තථාගතයන් වහන්සේ සමත්වෙති’යි එසේ හෙයින් කියන ලදී. එහෙයින් පළමුකොට, ඇසුරු නොකළ යුතු දේ ගැන පැහැදිලි කරමින්, අසෙවනාච බාලානං පණ්ඩිතානඤ්ච සෙවනා යැයි කීහ. අත්හළ යුතු මග මෙන්ම, මුලින්ම නුවණැත්තන් ඇසුරු නොකළ යුතුය. ඒ අනුව යා යුතු මාවත මෙන්, නුවණ ඇත්තන් ඇසුරු කළ යුතුය. සහසබඳතා පැවැත්විය යුතුයැයි වදාළහ.
කස්මා පන භගවතා මඞ්ගලං කථෙන්තෙන පඨමං බාලානං අසෙවනා පණ්ඩිතානඤ්ච සෙවනා කථිතාති? වුච්චතෙ – යස්මා ඉමං දිට්ඨාදීසු මඞ්ගලදිට්ඨිං බාලසෙවනාය දෙවමනුස්සා ගණ්හිංසු, සා ච අමඞ්ගලං, තස්මා නෙසං තං ඉධලොකත්ථපරලොකත්ථභඤ්ජකං අකල්යාණමිත්තසංසග්ගං ගරහන්තෙන උභයලොකත්ථසාධකඤ්ච කල්යාණමිත්තසංසග්ගං පසංසන්තෙන භගවතා පඨමං බාලානං අසෙවනා පණ්ඩිතානඤ්ච සෙවනා කථිතාති.
කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින්, මංගල කරුණු කීමේදී මුලදීම නුවණ නැත්තවුන් ඇසුරු නොකිරිම හා නුවණැත්තන් ඇසුර ගැන වදාරන ලදද? (යම් කරුණක් නිසි පරිදි වටහාගත නොහැකි) අනුවණයන් ඇසුරින් දෙවියෝද මිනිස්සු ද දක්නා ලද නොදක්නා ලද දේ මංගල යැයි යහපත් යැයි පිළිගත්හ. එයද අයහපත් කරුණකි. එහෙයින් ඔවුනට මෙලොවත්, පරලොවත් දියුණුව නොපවත්නා හෙයින්ද, දෙලොවම දියුණුව උදෙසා යහපත්, කලණ මිතුරු ඇසුර පසසමින්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් මුලින්ම, නුවණ නැත්තන් ඇසුරු නොකිරීමද, නුවණැත්තන් ඇසුරද වදාරණ ලදී.
තත්ථ බාලා නාම යෙ කෙචි පාණාතිපාතාදිඅකුසලකම්මපථසමන්නාගතා සත්තා. තෙ තීහාකාරෙහි ජානිතබ්බා. යථාහ – “තීණිමානි, භික්ඛවෙ, බාලස්ස බාලලක්ඛණානී”ති (අ· නි· 3.3; ම· නි· 3.246) සුත්තං. අපිච පූරණකස්සපාදයො ඡ සත්ථාරො දෙවදත්තකොකාලිකකටමොදකතිස්සඛණ්ඩදෙවියාපුත්තසමුද්දදත්තචිඤ්චමාණවිකාදයො අතීතකාලෙ ච දීඝවිදස්ස භාතාති ඉමෙ අඤ්ඤෙ ච එවරූපා සත්තා බාලාති වෙදිතබ්බා.
එම ගාථාවෙහි බාලා නම්, පරපණ නැසීම ආදී අයහපත් කටයුතුවල යෙදුණු පුද්ගලයෝ වෙති. ඔවුන් තුන් ආකාරයෙන් දතයුතුය. ‘මහණෙනි, බාලයන් හඳුනාගැනීමේ ලකුණු තුනකැ’යි සූත්‍ර සඳහනයි. ‘තීණිමානි භික්ඛවෙ බාලස්ස බාල්ලක්ඛණානි’ ඒ අතර, පූර්ණ කස්සප ආදී සමයවාදී නායකයන් හයදෙනා දෙව්දත්, කොකාලික, කටමොරකතිස්ස, ඛණ්ඩදෙවියා පුත්ත, සමුද්දදත්ත, චිඤ්චිමානවිකාව ආදීහු වෙති. අතීතයෙහිදී දීඝවීදගේ සහෝදරයා යන මෙබඳු වෙනත් තැනැත්තෝ බාලයන් යැයි දතයුතුය.
තෙ අග්ගිපදිත්තමිව අඞ්ගාරං අත්තනා දුග්ගහිතෙන අත්තානඤ්ච අත්තනො වචනකාරකෙ ච විනාසෙන්ති, යථා දීඝවිදස්ස භාතා චතුබුද්ධන්තරං සට්ඨියොජනමත්තෙන අත්තභාවෙන උත්තානො පතිතො මහානිරයෙ පච්චති, යථා ච තස්ස දිට්ඨිං අභිරුචිකානි පඤ්ච කුලසතානි තස්සෙව සහබ්යතං උපපන්නානි නිරයෙ පච්චන්ති. වුත්තං හෙතං –
ඔවුහු ගින්නෙහි දිලෙන අඟුරු මෙන් තමන් වැරදි ලෙස කටයුතු කිරීමෙන් තමාද, තමන් කියන පරිදි කටයුතු කරන්නන්ද වනසති. එසේම දීඝවිදගේ සොහොයුරා බුදුවරුන් සිවුදෙනෙකුගේ කාලය තුල, සැටයොදුනක් පමණ වූ සිරුරක් ලැබ, උඩුයටිකුරු වෙමින් මහා නිරයෙහි පැසෙයි. එමෙන්ම ඔහුගේ හැඟීම්වලට කැමති වූ පවුල් පන්සියක පිරිසද ඔහු සමග එක්ව, මහා නිරයෙහි පැසෙති. මෙසේද කියන ලදී -
“සෙය්යථාපි, භික්ඛවෙ, නළාගාරා වා තිණාගාරා වා අග්ගි මුත්තො කූටාගාරානිපි ඩහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුසිතග්ගළානි පිහිතවාතපානානි, එවමෙව ඛො, භික්ඛවෙ, යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති…පෙ… යෙ කෙචි උපසග්ගා…පෙ… නො පණ්ඩිතතො. ඉති ඛො, භික්ඛවෙ, සප්පටිභයො බාලො, අප්පටිභයො පණ්ඩිතො. සඋපද්දවො බාලො, අනුපද්දවො පණ්ඩිතො, සඋපසග්ගො බාලො, අනුපසග්ගො පණ්ඩිතො”ති (අ· නි· 3.1).
‘යම්සේ, බටකොළ සෙවිළි කළ හෝ තණ (ඉළුක්) සෙවිලි කළ ගෙයක් මෙන්ම මැනවින් පාට ආලේප කළ, පිරිසිදු වාතය ලැබෙන, වාකවුළු වසන ලද කුළුගෙවල් සහිත ගෙයක් වුවත්, ඇවිලෙන ගින්නෙන් දවයිද, එමෙන්ම මහණෙනි, යම් බියක් ඇතිවන්නේ නම්, ඒ සියළුම බිය අනුවණ බව නිසාම හටගනී. වියත් නුවණැති බවින් නොවේ. යම් උවදුරක් හටගනීද, යම් හිරිහැරයක් හටගනීද, ඒ අනුවණ බව නිසාවෙනි. මහණෙනි, මේ අනුව බාලයා බයෙන් යුතුය. පණ්ඩිතයා බයෙන් තොරය. බාලයා උවදුරු සහිතය. පණ්ඩිතයා උවදුරු රහිතය. ඒ බාලයා හිරිහැර ලබයි. නුවණැත්තා හිරිහැරවලින් තොරය.’
අපිච පූතිමච්ඡසදිසො බාලො, පූතිමච්ඡබන්ධපත්තපුටසදිසො හොති තදුපසෙවී, ඡඩ්ඩනීයතං ජිගුච්ඡනීයතඤ්ච ආපජ්ජති විඤ්ඤූනං. වුත්තඤ්චෙතං –
තව ද අනුවණ බාලයා කුණු වූ මාළු වැනිය. ඔහු ඇසුරු කරන්නා කුණුමාළු දවටනයක් හා සමානය. වියතුන් විසින් ඉවත හළයුතු, පිළිකුල් කටයුතු ලෙස බාලයන් ඇසුරු කරන්නාද සැළකෙයි. ඒ ගැන මෙසේද කියා ඇත.
“පූතිමච්ඡං කුසග්ගෙන, යො නරො උපනය්හති; කුසාපි පූතී වායන්ති, එවං බාලූපසෙවනා”ති. (ඉතිවු· 76; ජා· 1.15.183; 2.22.1257);
පූතිමච්ඡං කුසග්ගෙන යො නරො උපනය්හති කුසාපි පූති වායන්ති, එවං බාලූපසෙවනා
යම් තැනැත්තෙකු කුණු වූ මාළු කුසතණවලින් දවටා ගෙන යයිද, ඒ කුසතණද ගඳ ගසයි. බාලයන් ඇසුරද එසේය.
අකිත්තිපණ්ඩිතො චාපි සක්කෙන දෙවානමින්දෙන වරෙ දිය්යමානෙ එවමාහ –
සක්දෙවිඳුන් විසින් වර දෙනු ලබද්දී, අකිත්ති පණ්ඩිතයෝද මෙසේ කීහ.
“බාලං න පස්සෙ න සුණෙ, න ච බාලෙන සංවසෙ; බාලෙනල්ලාපසල්ලාපං, න කරෙ න ච රොචයෙ.
‘බාලයකු - අනුවණයෙකු ඇසුරු නොකරන්නෙමි’ ‘බාලයා (වෙනත් කෙනෙකු) කියන හොඳ දෙයකට ඇහුම්කන් නොදෙන්නේය. බාලයා සමග එකතුවීමක්, කතාබහක් නොකරන්නේය. ඊට කැමති නොවන්නේය.’
“කින්නු තෙ අකරං බාලො, වද කස්සප කාරණං; කෙන කස්සප බාලස්ස, දස්සනං නාභිකඞ්ඛසි.
‘බාලයා ඔබට කුමක් කළේද? කස්සප, ඊට කරුණු කිව මැනවි. කවර හෙයින් ඔබ අනුවණයාගේ දැක්ම කැමති නොවන්නෙහිද?’
“අනයං නයති දුම්මෙධො, අධුරායං නියුඤ්ජති; දුන්නයො සෙය්‍යසො හොති, සම්මා වුත්තො පකුප්පති; විනයං සො න ජානාති, සාධු තස්ස අදස්සන”න්ති. (ජා· 1.13.90-92);
‘අනුවණ බාලයා (අන් හැම) විපතට පමුණුවයි. අයහපතෙහි යොදවයි. ඔහු උතුම්කොට සලකන්නේ අයහපත් දේ කිරිමයි. හොඳ දෙයක් කී විට කිපෙයි. ඔහු හික්මීම නොදනී. එවැනි කෙනෙකු නොදැක සිටීම මැනවි.’
එවං භගවා සබ්බාකාරෙන බාලූපසෙවනං ගරහන්තො බාලානං අසෙවනං “මඞ්ගල”න්ති වත්වා ඉදානි පණ්ඩිතසෙවනං පසංසන්තො “පණ්ඩිතානඤ්ච සෙවනා මඞ්ගල”න්ති ආහ. තත්ථ පණ්ඩිතා නාම යෙ කෙචි පාණාතිපාතාවෙරමණිආදිදසකුසලකම්මපථසමන්නාගතා සත්තා, තෙ තීහාකාරෙහි ජානිතබ්බා. යථාහ – “තීණිමානි, භික්ඛවෙ, පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානී”ති (අ· නි· 3.3; ම· නි· 3.253) වුත්තං. අපිච බුද්ධපච්චෙකබුද්ධඅසීතිමහාසාවකා අඤ්ඤෙ ච තථාගතස්ස සාවකා සුනෙත්තමහාගොවින්දවිධුරසරභඞ්ගමහොසධසුතසොමනිමිරාජ- අයොඝරකුමාරඅකිත්තිපණ්ඩිතාදයො ච පණ්ඩිතාති වෙදිතබ්බා.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ හැම ආකාරයෙන්ම අයහපත් තැනැත්තන්ගේ ඇසුර ගරහමින්, ඒ බාලයන් ඇසුරු නොකිරීම මංගල කරුණකැයි කියා, දැන් නුවණැත්තන් ඇසුර පසසමින් පණ්ඩිතානඤ්ච සෙවනා මංගලං යැයි කීහ. පණ්ඩිතයෝ නම්, යම්කිසිවෙක්, පරපණ නැසීමෙන් වැළකීම ආදී දසකුසල් දහමෙහි හැසිරෙන පුද්ගලයෝ වෙති. තුන් ආකාරයකින් ඔවුන් දතයුතුය. ‘මහණෙනි, පණ්ඩිතයාගේ ගති ලකුණු තුන් ආකාරය’ යැයි සූත්‍ර දේසනයෙහි දැක්වෙන්නේ එහෙයිනි. ‘තීණිමානි භික්ඛවෙ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්ඛණානි’ - තවද, බුදු, පසේබුදු, අසූමහ සව්වන්, වෙනත් තථාගත සවුවන්, සුනෙත්ත, මහාගෝවින්ද, විධුර, සරභංග, මහොසධ, සුතසොම, නිමිරජ, අයොඝර කුමරු, අකිත්ත පණ්ඩිත ආදීහු නුවණැත්තෝ වෙති.
තෙ භයෙ විය රක්ඛා, අන්ධකාරෙ විය පදීපො, ඛුප්පිපාසාදිදුක්ඛාභිභවෙ විය අන්නපානාදිපටිලාභො, අත්තනො වචනකරානං සබ්බභයඋපද්දවූපසග්ගවිද්ධංසනසමත්ථා හොන්ති. තථා හි තථාගතං ආගම්ම අසඞ්ඛ්යෙය්යා අපරිමාණා දෙවමනුස්සා ආසවක්ඛයං පත්තා, බ්රහ්මලොකෙ පතිට්ඨිතා, දෙවලොකෙ පතිට්ඨිතා, සුගතිලොකෙ උප්පන්නා. සාරිපුත්තත්ථෙරෙ චිත්තං පසාදෙත්වා චතූහි පච්චයෙහි ථෙරං උපට්ඨහිත්වා අසීති කුලසහස්සානි සග්ගෙ නිබ්බත්තානි. තථා මහාමොග්ගල්ලානමහාකස්සපප්පභුතීසු සබ්බමහාසාවකෙසු, සුනෙත්තස්ස සත්ථුනො සාවකා අප්පෙකච්චෙ බ්රහ්මලොකෙ උප්පජ්ජිංසු, අප්පෙකච්චෙ පරනිම්මිතවසවත්තීනං දෙවානං සහබ්යතං…පෙ… අප්පෙකච්චෙ ගහපතිමහාසාලකුලානං සහබ්යතං උපපජ්ජිංසු. වුත්තඤ්චෙතං –
ඔවුහු බියෙහිදී රැකවරණයද, අඳුරට පහනක් මෙන් ද, සා පිපාසාදී දුක් මැඬලීම පිණිස ආහාරපාන ලබාදීමද, තම අවවාද පරිදි කටයුතු කරන්නන්ගේ සියළු බය උවදුරු දුරුකිරීමට සමත් වූවෝ වෙති. එසේම, අපමණ වූ, ගිණිය නොහැකි තරම් දෙව් මිනිස්සු තථාගතයන් වහන්සේ වෙතට පැමිණ කෙලෙසුන් නැසූ බවට පත්වූහ. (මරණින් පසු) බඹලොව පහළ වූහ. දෙව්ලොව පහළ වූහ. සැප ඇති තන්හි - සුගතියෙහි උපන්හ. සැරියුත් තෙරුන් කෙරෙහි සිත පහදවා සිවුපසයෙන් උවටැන්කොට පවුල් අසූදහසක පිරිස දෙව්ලොව උපන්හ. මහමුගලන්, මහ කසුප් ආදී පටන් සියළුම මහ සව්වන් කෙරෙහිද සිත පහදවා, සිවුපසයෙන් උවටැන් කළෝද, එසේම වූහ. සුනෙත්ත බුදුරදුන්ගේ සව්වන්ගෙන් ඇතැම් කෙනෙක් බඹලොව පහළ වූහ. ඇතැම් කෙනෙක් පරනිම්මිත වසවත්තී දෙව්ලොවද ඇතැම් කෙනෙක් ගැහැවි මහසල් කුලවලද උපන්හ. මෙසේද සඳහන් කරන ලදී.
“නත්ථි, භික්ඛවෙ, පණ්ඩිතතො භයං, නත්ථි පණ්ඩිතතො උපද්දවො, නත්ථි පණ්ඩිතතො උපසග්ගො”ති (අ· නි· 3.1).
මහණෙනි, නුවණැත්තාගෙන් බියක් නොවේ. නුවණැත්තාගෙන් උවදුරු නොවේ. නුවණැත්තාගෙන් කරදර නොවේ’ යැයි (මෙසේද වදාරා ඇත.)
අපිච තගරමාලාදිගන්ධභණ්ඩසදිසො පණ්ඩිතො, තගරමාලාදිගන්ධභණ්ඩපලිවෙඨනපත්තසදිසො හොති තදුපසෙවී, භාවනීයතං මනුඤ්ඤතඤ්ච ආපජ්ජති විඤ්ඤූනං. වුත්තඤ්චෙතං –
තවද, යම් පුද්ගලයෙකු තුවරලා සුවඳ ජාති ගෙන යයිද, එම බඳුනෙන්ද, දවටනයද සුවඳ හමයි. නුවණැත්තන් හා ඇසුරද එබඳුය. වියතුන් හා ඇසුර සිත ඇළුම් කරයි.
“තගරඤ්ච පලාසෙන, යො නරො උපනය්හති; පත්තාපි සුරභී වායන්ති, එවං ධීරූපසෙවනා”ති. (ඉතිවු· 76; ජා· 1.15.184; 2.22.1258);
තගරඤ්ච පලාසෙන යො නරො උපනය්හති පත්තාපි සුරභි වායන්ති එවං ධීරූපසෙවනා
අකිත්තිපණ්ඩිතො චාපි සක්කෙන දෙවානමින්දෙන වරෙ දිය්යමානෙ එවමාහ –
සක්දෙවිඳුන් විසින් වර දෙනු ලබද්දී, අකිත්ති පණ්ඩිතයෝද මෙසේ පැවසූහ.
“ධීරං පස්සෙ සුණෙ ධීරං, ධීරෙන සහ සංවසෙ; ධීරෙනල්ලාපසල්ලාපං, තං කරෙ තඤ්ච රොචයෙ.
නුවණැත්තෙකු ඇසුරු කරන්නේය. ඔහු කියන හොඳ දෙයට සවන් දෙන්නේය. නුවණැත්තා සමග එකමුතුව ඇසුරු කරන්නේය. නුවණැත්තා සමග සතුටුසාමීචි, කතාබහ කරන්නේය. ඊට කැමති වන්නේය.
“කින්නු තෙ අකරං ධීරො, වද කස්සප කාරණං; කෙන කස්සප ධීරස්ස, දස්සනං අභිකඞ්ඛසි.
‘නුවණැත්තා ඔබට කුමක් කළේද? ඊට කරුණු කිව මැනව, කවර හෙයින් නුවණැත්තාගේ දැක්ම කැමති වන්නෙහිද?’
“නයං නයති මෙධාවී, අධුරායං න යුඤ්ජති; සුනයො සෙය්‍යසො හොති, සම්මා වුත්තො න කුප්පති; විනයං සො පජානාති, සාධු තෙන සමාගමො”ති. (ජා· 1.13.94-96);
‘නුවණැත්තා සැපයට පමුණුවයි. යහපතෙහි යොදවයි. ඔහු උතුම්කොට සළකන්නේ යහපත් දේ කිරීමයි. හොඳ දෙයක් කී විට නොකිපෙයි. ඔහු හික්මීම දනී. ඔහු සමග එක්ව සිටීම මැනවි.’
එවං භගවා සබ්බාකාරෙන පණ්ඩිතසෙවනං පසංසන්තො, පණ්ඩිතානං සෙවනං “මඞ්ගල”න්ති වත්වා ඉදානි තාය බාලානං අසෙවනාය පණ්ඩිතානං සෙවනාය ච අනුපුබ්බෙන පූජනෙය්යභාවං උපගතානං පූජං පසංසන්තො “පූජා ච පූජනෙය්යානං එතං මඞ්ගලමුත්තම”න්ති ආහ. තත්ථ පූජනෙය්යා නාම සබ්බදොසවිරහිතත්තා සබ්බගුණසමන්නාගතත්තා ච බුද්ධා භගවන්තො, තතො පච්ඡා පච්චෙකබුද්ධා අරියසාවකා ච. තෙසඤ්හි පූජා අප්පකාපි දීඝරත්තං හිතාය සුඛාය හොති, සුමනමාලාකාරමල්ලිකාදයො චෙත්ථ නිදස්සනං.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, හැම ආකාරයෙන්ම පණ්ඩිතයන්ගේ ඇසුර පසසමින්, පණ්ඩිත ඇසුර යහපත් කරුණකැයි කියා, මීළඟට අනුවණ ඇසුරද, නුවණැත්තන් ඇසුරද, පිදිය යුත්තන්ට පිදීම පසසමින් පූජාච පූජනීයානං එතං මංගලමුත්තමං යැයිද වදාළහ. කිසිදු ලෙසකින් වැරදි නැති බැවින්ද, සියළු යහගුණයෙන් යුතු බැවින්ද භගවත් බුදුරජාණන් වහන්සේලාද, ඒ හැර පසේබුදුවරු, මගපල ලත් අරිය සාවකයෝ පිදිය යුත්තෝ වෙති. ඒ උතුමනට කරන ලද මද වූ පූජා දිගුකලක් හිතසුව පවතී. සුමන මල්කරු, මල්ලිකාවන් ආදීන් නිදසුන්ය. එහි එක් නිදසුනක් පමණක් කියමු.
තත්ථෙකං නිදස්සනමත්තං භණාම. භගවා කිර එකදිවසං පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අථ ඛො සුමනමාලාකාරො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස පුප්ඵානි ගහෙත්වා ගච්ඡන්තො අද්දස භගවන්තං නගරද්වාරං අනුප්පත්තං පාසාදිකං පසාදනීයං ද්වත්තිංසමහාපුරිසලක්ඛණාසීතානුබ්යඤ්ජනපටිමණ්ඩිතං බුද්ධසිරියා ජලන්තං. දිස්වානස්ස එතදහොසි – “රාජා පුප්ඵානි ගහෙත්වා සතං වා සහස්සං වා දදෙය්ය, තඤ්ච ඉධලොකමත්තමෙව සුඛං භවෙය්ය, භගවතො පන පූජා අප්පමෙය්යඅසඞ්ඛ්යෙය්යඵලා දීඝරත්තං හිතසුඛාවහා හොති. හන්දාහං ඉමෙහි පුප්ඵෙහි භගවන්තං පූජෙමී”ති පසන්නචිත්තො එකං පුප්ඵමුට්ඨිං ගහෙත්වා භගවතො පටිමුඛං ඛිපි, පුප්ඵානි ආකාසෙන ගන්ත්වා භගවතො උපරි මාලාවිතානං හුත්වා අට්ඨංසු. මාලාකාරො තං ආනුභාවං දිස්වා පසන්නතරචිත්තො පුන එකං පුප්ඵමුට්ඨිං ඛිපි, තානි ගන්ත්වා මාලාකඤ්චුකො හුත්වා අට්ඨංසු. එවං අට්ඨ පුප්ඵමුට්ඨියො ඛිපි, තානි ගන්ත්වා පුප්ඵකූටාගාරං හුත්වා අට්ඨංසු. භගවා අන්තොකූටාගාරෙ විය අහොසි, මහාජනකායො සන්නිපති. භගවා මාලාකාරං පස්සන්තො සිතං පාත්වාකාසි. ආනන්දත්ථෙරො “න බුද්ධා අහෙතු අප්පච්චයා සිතං පාතුකරොන්තී”ති සිතකාරණං පුච්ඡි. භගවා ආහ – “එසො, ආනන්ද, මාලාකාරො ඉමිස්සා පූජාය ආනුභාවෙන සතසහස්සකප්පෙ දෙවෙසු ච මනුස්සෙසු ච සංසරිත්වා පරියොසානෙ සුමනිස්සරො නාම පච්චෙකබුද්ධො භවිස්සතී”ති. වචනපරියොසානෙ ච ධම්මදෙසනත්ථං ඉමං ගාථං අභාසි –
භාග්‍යවතුන් වහන්සේ එක් දවසක් උදෑසන, හැඳ පොරවා, පාසිවුරු ගෙන රජගහනුවර පිඬු පිණිස පිවිසියහ. එවිට සුමන නම් මල්කරු මගධ රජුට මල් ගෙන යද්දී, බුදුසිරින් බබළන, දුටුවන් පැහැදෙන, පහදනසුළු භාග්‍යවතුන් වහන්සේ නගර දොරටුවට පැමිණෙනු දුටුවේය. දැක මෙසේ සිතීය. ‘රජතුමා මල් ගෙන කහවණු සියයක් හෝ දහසක් හෝ දෙන්නේය. භාග්‍යවතුන් වහන්සේට කරන පූජා අපමණ වූ කිව නොහැකි පරිදි පලදායීව දිගුකලක් හිතසුව පිණිස වෙයි. එබැවින් මම මේ මලින් භාග්‍යවතුන් වහන්සේට පූජා කරමි’යි පැහැදුණු සිතින් එක් මල්මිටක් ඉදිරියට දැමීය. එය අහසට නැගී බුදුරදුන් මතුයෙහි මල් වියනක් සේ සැදුණි. මල්කරු ඒ අසිරිමත් බලය දැක, වඩාත් පැහැදුණු සිතින් නැවත තවත් මල් මිටක් දැමීය. එය මල් ආවරණයක් සේ සැදුණි. මෙසේ මල් අටමිටක්ම දැමීය. ඒවා මල්කුළුගෙවල සේ සෑදුණි. භාග්‍යවතුන් වහන්සේ කුළුගෙයක් තුළ වැඩසිටිනා සේ විය. මහජනයාද රැස්විය. භාග්‍යවතුන් වහන්සේ මල්කරු දෙස බලමින් සිනා පහළ කළහ. ‘බුදුවරු නිකරුනේ සිනා පහළ නොකරති’යි සිතු අනඳ හිමි සිනහ පහළ කිරීමට හේතුව විමසීය. ‘ආනන්ද ඒ මල්කරු මෙම පූජාවේ බලයෙන් සියදහසක් දෙවි මිනිස් ලොව සැරිසරා, අවසන මුනිස්සර නම් පසේබුදු වන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ පැවසූහ. ඒ වචන අවසාන වත්ම දහම් දෙසනු පිණිස මේ ගාථාව කීහ. ‘යම් දෙයක් කළ පසුව පසුතැවිලි නොවේද, එවැනි කටයුතු යහපත්ය. එයින් සතුටු සිත් ඇතිව යහපත් දේ කිරීමෙන් ලද පල ඇසුරු කරයි. (යහපත් පල ලබයි.)
“තඤ්ච කම්මං කතං සාධු, යං කත්වා නානුතප්පති; යස්ස පතීතො සුමනො, විපාකං පටිසෙවතී”ති. (ධ· ප· 68);
‘තඤ්ච කම්මං කතං සාධූ යං කත්වා නානුතප්පතී යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවතී’
ගාථාපරියොසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසි, එවං අප්පකාපි තෙසං පූජා දීඝරත්තං හිතාය සුඛාය හොතීති වෙදිතබ්බා. සා ච ආමිසපූජාව කො පන වාදො පටිපත්තිපූජාය. යතො යෙ කුලපුත්තා සරණගමනෙන සික්ඛාපදපටිග්ගහණෙන උපොසථඞ්ගසමාදානෙන චතුපාරිසුද්ධිසීලාදීහි ච අත්තනො ගුණෙහි භගවන්තං පූජෙන්ති, කො තෙසං පූජාය ඵලං වණ්ණයිස්සති. තෙ හි තථාගතං පරමාය පූජාය පූජෙන්තීති වුත්තා. යථාහ –
ගාථාව අවසානයෙහි අසුහාර දහසකට දහම් අවබෝධ විය. මෙසේ මද වුවත් පූජා කිරීමෙන් ඔවුන්ට දිගුකලක් හිතසුව පිණිස වේයැයි දතයුතුය. ඒ ආමිස පූජාවය. එසේනම් දහම් පිළිවෙත් පිළිපැදීම ගැන (පටිපත්ති පූජා) කිසිදු වාදයක් නැත. (තෙරුවන්) සරණ යෑමෙන්, සිකපද පිළිගැනීමෙන් (රැකීමෙන්), අටසිල් ආදී පෙහෙවස් සමාදානයෙන්, සිවු පිරිසිදු සීලාදියෙන් යුතු තම ගුණගරුක පිළිවෙතින් කිසියම් කුලපුත්හු භාග්‍යවතුන් වහන්සේට යම් පූජා කරති. කවරෙක් ඔවුන්ගේ පූජාවෙහි පලය අගය කරත්ද? ඔවුන් තථාගතයන් වහන්සේට උතුම් වූ පූජාවෙන්ම පූජා කරතියි කියන ලදහ.
“යො ඛො, ආනන්ද, භික්ඛු වා භික්ඛුනී වා උපාසකො වා උපාසිකා වා ධම්මානුධම්මපටිපන්නො විහරති සාමීචිප්පටිපන්නො අනුධම්මචාරී, සො තථාගතං සක්කරොති ගරුං කරොති මානෙති පූජෙති අපචියති පරමාය පූජායා”ති.
‘ආනන්ද, යම් මහණක හෝ, මෙහෙණියක හෝ උවසුවෙක් හෝ උවැසියක හෝ දහමට අනුව පිළිවෙත්හි පිහිටා මනා දිවිපැවැත්මෙන් යුතුව, දහමට අනුව හැසිරෙයි ද, වාසය කරයි ද ඔහු තථාගතයන්ට සත්කාර කරයි. ගරු කරයි. උතුම් පූජාවෙන් පූජා කරයි.’
එතෙනානුසාරෙන පච්චෙකබුද්ධඅරියසාවකානම්පි පූජාය හිතසුඛාවහතා වෙදිතබ්බා.
මේ අනුසාරයෙන්, පසේ බුදුවරුනට, මගපලලත් ආරිය සව්වන්ටද පූජා කිරීමෙහි හිතසුව වේයැයි දතයුතුය.
අපිච ගහට්ඨානං කනිට්ඨස්ස ජෙට්ඨො භාතාපි භගිනීපි පූජනෙය්යා, පුත්තස්ස මාතාපිතරො, කුලවධූනං සාමිකසස්සුසසුරාති එවම්පෙත්ථ පූජනෙය්යා වෙදිතබ්බා. එතෙසම්පි හි පූජා කුසලධම්මසඞ්ඛාතත්තා ආයුආදිවඩ්ඪිහෙතුත්තා ච මඞ්ගලමෙව. වුත්තඤ්හෙතං –
එමෙන්ම ගැහැවියන් අතුරෙන් වයසින් බාල - කණිටු වූවන් දෙටු සොයුරුටද සොහොයුරියටද පිදිය යුතු වේ. පුතු විසින් මවුපියන්ට ද - කුලවමිය විසින් හිමියා සහ නැදිමයිලන්ද මෙසේ පිදිය යුතු බව දතයුතුය. මොවුනට කරන පූජා කුසල් දහම් යැයි කියන ලද බැවින්, දිගුකලක් ජීවත්වීම ආදී දියුණුවට හේතුවන නිසා යහපත් කරුණු වේමය.
“තෙ මත්තෙය්යා භවිස්සන්ති පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ තෙසං කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති, වණ්ණෙනපි වඩ්ඪිස්සන්තී”තිආදි.
‘යම් තැනැත්තෝ මවුවරුන්ට ගරු කරන්නෝද, පියවරුනට ගරු කරන්නෝද, මහණුන්ට, උසස් දැහැමි දිවි පෙවෙතක් ගතකරන්නවුන්ට, පවුලෙහි වැඩිහිටියන්ට ගරු බුහුමන් කරත්ද, ඔවුහු මේ කුසල් දහමට අනුව පවතින්නාහ. ඒ කුසල් දහම්හි යෙදීමේ හේතුවෙන් දිගුකල් ජීවත්වෙති. (සිරුරු) පැහැයෙන් වැඩෙති’ - ‘යෙ තෙ මත්තෙය්යා භවිස්සන්ති, පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලජෙට්ඨාපචායිනො, ඉමං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති, තෙ තෙසං කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති, වණ්ණෙනපි වඩ්ඪිස්සන්ති’ ආදී ලෙසින් දක්වා ඇත.
එවමෙතිස්සා ගාථාය බාලානං අසෙවනා පණ්ඩිතානං සෙවනා පූජනෙය්යානං පූජාති තීණි මඞ්ගලානි වුත්තානි. තත්ථ බාලානං අසෙවනා බාලසෙවනපච්චයභයාදිපරිත්තාණෙන උභයලොකහිතහෙතුත්තා පණ්ඩිතානං සෙවනා පූජනෙය්යානං පූජා ච තාසං ඵලවිභූතිවණ්ණනායං වුත්තනයෙනෙව නිබ්බානසුගතිහෙතුත්තා “මඞ්ගල”න්ති වෙදිතබ්බා. ඉතො පරං තු මාතිකං අදස්සෙත්වා එව යං යත්ථ මඞ්ගලං, තං වවත්ථපෙස්සාම, තස්ස ච මඞ්ගලත්තං විභාවයිස්සාමාති.
මෙසේ මේ ගාථාවෙන් බාලයන් ඇසුරු නොකිරීමත්, පණ්ඩිතයන් ඇසුරු කිරීමත්, පිදිය යුත්තන් පිදීමත් යන යහපතට හේතුවන කරුණු තුනක් කියන ලදී. ඒ අනුව බාලයන් ඇසුරු නොකිරීමෙන්ද බාලයන් ඇසුර නිසා වන බියෙන් රැකවරණය ලැබීමෙන් දෙලොවටම වැඩදායී වන බැවින්ද පණ්ඩිත ඇසුර හා පිදිය යුත්තන් පිදීම යහපත් පලගෙන දෙන බැවින්ද, කී පරිද්දෙන්ම නිවන සුගතිය පිණිස හේතුවන බැවින්ද ‘මංගල’ යැයි දතයුතුය. ඉදිරියට සිරස්තල (මාතිකං) නොදක්වාම, මංගල කරුණු පමණක් නියමකොට කියන්නෙමි, එහි යහපත් බව පැහැදිලි කරන්නෙමි.
නිට්ඨිතා අසෙවනා ච බාලානන්ති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
අසෙවනාච බාලානං යන මේ ගාථාවෙහි අරුත විවරණය නිමියේය.
එවං භගවා “බ්රූහි මඞ්ගලමුත්තම”න්ති එකං අජ්ඣෙසිතොපි අප්පං යාචිතො බහුදායකො උළාරපුරිසො විය එකාය ගාථාය තීණි මඞ්ගලානි වත්වා තතො උත්තරිපි දෙවතානං සොතුකාමතාය මඞ්ගලානඤ්ච අත්ථිතාය යෙසං යෙසං යං යං අනුකූලං, තෙ තෙ සත්තෙ තත්ථ තත්ථ මඞ්ගලෙ නියොජෙතුකාමතාය ච “පතිරූපදෙසවාසො චා”තිආදීහි ගාථාහි පුනපි අනෙකානි මඞ්ගලානි වත්තුමාරද්ධො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, බ්‍රෑහි මංගල මුත්තමං යැයි (දේවතාවා) එක් කරුණක් ගැන අදහස් කළ ද, සුළු දෙයක් ඉල්ලූ කෙනෙකුට බොහෝ දේ දෙන උදාර මිනිසෙකු මෙන්, එක් ගාථාවකින් මංගල කරුණු තුනක් කියා, ඊටත් වැඩියෙන් දේවතාවුන්ට අසනු පිණිසද, යහපත බලාපොරොත්තු වන්නන්ට යම් යම් ආකාරයෙන් ගැළපේද, ඒ ඒ පුද්ගලයන් එම යහපතෙහි යොමුකරනු කැමතිවද පතිරූපදෙසවාසො ආදී ගාථාවලින් නැවතද නොයෙක් යහපත් කරුණු පැවසීම ඇරඹූහ.
තත්ථ පඨමගාථාය තාව පතිරූපොති අනුච්ඡවිකො. දෙසොති ගාමොපි නිගමොපි නගරම්පි ජනපදොපි යො කොචි සත්තානං නිවාසොකාසො. වාසොති තත්ථ නිවාසො. පුබ්බෙති පුරා අතීතාසු ජාතීසු. කතපුඤ්ඤතාති උපචිතකුසලතා. අත්තාති චිත්තං වුච්චති, සකලො වා අත්තභාවො. සම්මාපණිධීති තස්ස අත්තනො සම්මා පණිධානං නියුඤ්ජනං, ඨපනන්ති වුත්තං හොති. සෙසං වුත්තනයමෙවාති අයමෙත්ථ පදවණ්ණනා.
එහි පළමු ගාථාවෙහි පතිරූපො සුදුසු, දෙසො කිසියම් මිනිසුන් වසන ගම, නියම්ගම, නගරය, ජනපදය වේ. වාසො එහි වාසය කිරිමයි. පුබ්බෙ පෙර, ඉපදුණු අතීත භවවලදී කතපුඤ්ඤතා රැස්කරන ලද කුසල් අත්තා සිතට කියනු ලැබේ. මුළු ජීවිතයම හෝ, සම්මා පණිධි එහි තමා මනා පිහිටුවා ගැනීමයි. යෙදීම - පැවතීම කියන ලදි. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය. මෙය මෙහි වචනවල තේරුමයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා පතිරූපදෙසො නාම යත්ථ චතස්සො පරිසා විහරන්ති, දානාදීනි පුඤ්ඤකිරියාවත්ථූනි වත්තන්ති, නවඞ්ගං සත්ථු සාසනං දිප්පති. තත්ථ නිවාසො සත්තානං පුඤ්ඤකිරියාය පච්චයත්තා “මඞ්ගල”න්ති වුච්චති. සීහළදීපපවිට්ඨකෙවට්ටාදයො චෙත්ථ නිදස්සනං.
විස්තර මෙසේ දතයුතුය. පතිරූප දෙසවාසො යම්තැනක සිවු පිරිස වසත්ද, දන් පිරිනැමීම ආදී පින් කරගත හැකි ඉඩක් වේද, බුදුරදුන්ගේ නව වැදෑරුම් සසුන බබළයිද, එහි වැසියන්ට පින්කර ගැනීමට හේතු වන බැවින් මංගල යැයි කියනු ලැබේ. සිංහල දිවයිනට පිවිසි මසුන් මරන්නන් ආදීන් නිදසුන්ය.
අපරො නයො – පතිරූපදෙසො නාම භගවතො බොධිමණ්ඩප්පදෙසො, ධම්මචක්කප්පවත්තිතප්පදෙසො, ද්වාදසයොජනාය පරිසාය මජ්ඣෙ සබ්බතිත්ථියමතං භින්දිත්වා යමකපාටිහාරියදස්සිතකණ්ඩම්බරුක්ඛමූලප්පදෙසො, දෙවොරොහනප්පදෙසො, යො වා පනඤ්ඤොපි සාවත්ථිරාජගහාදිබුද්ධාදිවාසප්පදෙසො. තත්ථ නිවාසො සත්තානං ඡඅනුත්තරියපටිලාභපච්චයතො “මඞ්ගල”න්ති වුච්චති.
වෙනත් අයුරින් කිවහොත්, පතිරූපදෙසො නම් භාග්‍යවතුන් වහන්සේගේ බෝමැඩ පෙදෙසයි. දම්සක් පවත්වන ලද පෙදෙසයි. දොළොස් යොදුනක් පැතිර සිටි පිරිස මැද, සියළු මිසදිටු සමණවාදීන්ගේ අදහස් බිඳ යමාමහ පෙළහර දක්වන ලද ගඳඹරුක්මුල් පෙදෙසයි. දෙව්ලොවින් පොළවට බට පෙදෙසයි. සැවැත්පුර, රජගහනුවර ආදී බුදුරජාණන් වහන්සේ ආදී උතුමන් විසූ අනෙක් පෙදෙස්ය. එහි නිවැසි මිනිස්සු උතුම් අරිය වූ ලැබීම් හයක් හේතුවෙන් මංගල යැයි කියනු ලැබේ.
අපරො නයො – පුරත්ථිමාය දිසාය කජඞ්ගලං නාම නිගමො, තස්ස අපරෙන මහාසාලා, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. දක්ඛිණපුරත්ථිමාය දිසාය සල්ලවතී නාම නදී, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. දක්ඛිණාය දිසාය සෙතකණ්ණිකං නාම නිගමො, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. පච්ඡිමාය දිසාය ථූණං නාම බ්රාහ්මණගාමො, තතො පරං පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. උත්තරාය දිසාය උසිරද්ධජො නාම පබ්බතො, තතො පරං පච්චන්තිමා ජනපදා , ඔරතො මජ්ඣෙ (මහාව· 259). අයං මජ්ඣිමප්පදෙසො ආයාමෙන තීණි යොජනසතානි, විත්ථාරෙන අඩ්ඪතෙය්යානි, පරික්ඛෙපෙන නවයොජනසතානි හොන්ති, එසො පතිරූපදෙසො නාම.
තවත් ආකාරයකට කියන්නේ නම්, නැගෙනහිර දෙසින් කජංගල නම් නියම්ගමක් ඇත. එයින් බටහිර දෙස මහාසාලා නම් ගමය. එයින් එහා මැද ඉතා දුරින් ජනපද පිහිටියේය. දකුණු නැගෙනහිර (ගිනිකොණ) දෙසින් සල්ලවතී නම් ගඟත්, එයින් හා මැද ඈත ජනපද පිහිටියේය. දකුණු දෙසින් සෙතකණණකා නම් නියම් ගමත් එයින් එහා මැද ඈත ජනපද පිහිටියේය. ථූන නම් බමුණුගම බටහිර දෙසින්ද, ඉන් එහා මැද ඉතා දුරින් පිහිටි ජනපද වේ. උතුරු දෙසින් උසිරද්ධජ නම් පව්ව හා එයින් එහා මැද ඈත පිහිටි ජනපද ඇත්තේය. මේ (දඹදිව) මැද පෙදෙසයි. දිගින් යොදුන් තුන්සියයක්ද, පළලින් යොදුන් දෙසිය පණහක්ද මුළු වටපමණින් යොදුන් නවසියයක්ද වන මැද (මජ්ඣිම) දේසය පිහිටියේය. සුදුසු පෙදෙස මෙය වෙයි.
එත්ථ චතුන්නං මහාදීපානං ද්විසහස්සානං පරිත්තදීපානඤ්ච ඉස්සරියාධිපච්චකාරකා චක්කවත්තී උප්පජ්ජන්ති, එකං අසඞ්ඛ්යෙය්යං කප්පසතසහස්සඤ්ච පාරමියො පූරෙත්වා සාරිපුත්තමහාමොග්ගල්ලානාදයො මහාසාවකා උප්පජ්ජන්ති, ද්වෙ අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පාරමියො පූරෙත්වා පච්චෙකබුද්ධා, චත්තාරි අට්ඨ සොළස වා අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පාරමියො පූරෙත්වා සම්මාසම්බුද්ධා ච උප්පජ්ජන්ති. තත්ථ සත්තා චක්කවත්තිරඤ්ඤො ඔවාදං ගහෙත්වා පඤ්චසු සීලෙසු පතිට්ඨාය සග්ගපරායණා හොන්ති, තථා පච්චෙකබුද්ධානං ඔවාදෙ පතිට්ඨාය. සම්මාසම්බුද්ධසාවකානං පන ඔවාදෙ පතිට්ඨාය සග්ගපරායණා නිබ්බානපරායණා ච හොන්ති. තස්මා තත්ථ වාසො ඉමාසං සම්පත්තීනං පච්චයතො “මඞ්ගල”න්ති වුච්චති.
මේ මහා දිවයින් සතරටද කුඩා දිවයින් දෙදහසටද බලය පතුරුවන සක්විති රජවරු උපදනාහ. එක් අසංඛයකුත් කප් සියදහසක් පාරමිතා පුරා සැරියුත් මුගලන් ආදී මහසව්වෝ උපදනාහ. අසංඛෙය්‍ය දෙකකුත් කප් සියදහසක් පාරමිතා පුරා පසේ බුදුවරු උපදනාහ. අසංඛෙය්‍ය හතරක්, අසංඛෙය්‍ය අටක් හෝ අසංඛෙය්‍ය දහසයකුත් කප් සියදහසක් පාරමී පුරා සම්මා සම්බුදුවරු උපදනාහ. මිනිස්සු සක්විති රජුගේ අවවාද ලබා පන්සිල් පිහිටා (මරණින් මතු) දෙව්සැප ලබති. එසේම පසේ බුදුවරුන්ගේ ද අවවාදයෙහි පිහිටා දෙව් සැප ලබති. සම්මා සම්බුදු, බුදු සව්වන්ගේ අවවාදයෙහි පිහිටා දෙව් සැපද නිවනද ලබති. එහෙයින් එබඳු පෙදෙසක විසීම මෙම සම්පතට හේතුවන බැවින් මංගල යැයි කියනු ලැබේ.
පුබ්බෙ කතපුඤ්ඤතා නාම අතීතජාතියං බුද්ධපච්චෙකබුද්ධඛීණාසවෙ ආරබ්භ උපචිතකුසලතා, සාපි මඞ්ගලං. කස්මා? බුද්ධපච්චෙකබුද්ධෙ සම්මුඛතො දස්සෙත්වා බුද්ධානං වා බුද්ධසාවකානං වා සම්මුඛා සුතාය චතුප්පදිකායපි ගාථාය පරියොසානෙ අරහත්තං පාපෙතීති කත්වා. යො ච මනුස්සො පුබ්බෙ කතාධිකාරො උස්සන්නකුසලමූලො හොති, සො තෙනෙව කුසලමූලෙන විපස්සනං උප්පාදෙත්වා ආසවක්ඛයං පාපුණාති යථා රාජා මහාකප්පිනො අග්ගමහෙසී ච. තෙන වුත්තං “පුබ්බෙ ච කතපුඤ්ඤතා මඞ්ගල”න්ති.
පුබ්බෙ කතපුඤ්ඤතා නම් පෙර ඉපිද සිටි කල්හී, බුදු, පසේබුදු මහරහතුන් වහන්සේලා අරබයා රැස්කරන ලද කුසල්ය. එය මංගල කරුණක් වන්නේ කුමක් නිසාද? බුදු, පසේ බුදුවරු හමුවීමෙන්, දැක හෝ බුදුවරුන්ගෙන් හෝ බුදු සව්වන් හමුව හෝ පද සතරකින් යුතු ගාථාවක් ඇසීමෙන් අවසානයේ රහත් පලයට පැමිණිය හැකි හෙයිනි. යම් මිනිසෙක්, පෙර කරන ලද මහත් කුසල් බලයෙන්, විදසුන් උපදවා, මහා කප්පින රජු මෙන් ද, අගමෙහෙසිය මෙන් ද කෙලෙස් දුරුකරති. එහෙයින් පෙර කරන ලද පින් ඇති බව යහපතකි.
අත්තසම්මාපණිධි නාම ඉධෙකච්චො අත්තානං දුස්සීලං සීලෙ පතිට්ඨාපෙති, අස්සද්ධං සද්ධාසම්පදාය පතිට්ඨාපෙති, මච්ඡරිං චාගසම්පදාය පතිට්ඨාපෙති. අයං වුච්චති “අත්තසම්මාපණිධී”ති. එසො ච මඞ්ගලං. කස්මා? දිට්ඨධම්මිකසම්පරායිකවෙරප්පහානවිවිධානිසංසාධිගමහෙතුතොති.
අත්තසම්මා පණිධි මේ ලෝකයේ ඇතැම් කෙනෙක් තමන් දුසිල්ව සීලයෙහි පිහිටුවයි. සැදැහැ නොමැතිව, සැදැහැ සම්පතෙහි පිහිටුවයි. මසුරු බව හැර දීමෙහි පිහිටුවයි. මෙය තමන් (ජීවිතය) මැනවින් පිහිටුවා ගැනීමයි. එයද මංගල කරුණක් වන්නේ කුමක් හෙයින්ද? මෙලොවත් මරණින් පසුවත් තරහ නැතිකම ආදී නොයෙක් යහපත් පල ලබන බැවිනි.
එවං ඉමිස්සාපි ගාථාය පතිරූපදෙසවාසො, පුබ්බෙ ච කතපුඤ්ඤතා, අත්තසම්මාපණිධීති තීණියෙව මඞ්ගලානි වුත්තානි, මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මෙම ගාථාවෙන්ද, සුදුසු පෙදෙසක විසීම, පෙර කරන ලද පින් ඇති බව තමාගේ ජීවිතය මනාව පිහිටුවා ගැනීම යැයි මංගල කරුණු තුනක් කියන ලදී. ඒවා යහපත සිදුකෙරෙන අයුරු ඒ ඒ තැන්හි පැහැදිලි කර ඇත.
නිට්ඨිතා පතිරූපදෙසවාසො චාති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
පතිරූපදෙසවාසො යනාදී මේ ගාථාවෙහිද අරුත් විවරණ නිමියේය.
ඉදානි බාහුසච්චඤ්චාති එත්ථ බාහුසච්චන්ති බහුස්සුතභාවො. සිප්පන්ති යංකිඤ්චි හත්ථකොසල්ලං. විනයොති කායවාචාචිත්තවිනයනං. සුසික්ඛිතොති සුට්ඨු සික්ඛිතො. සුභාසිතාති සුට්ඨු භාසිතා. යාති අනියමනිද්දෙසො. වාචාති ගිරා බ්යප්පථො. සෙසං වුත්තනයමෙවාති. අයමෙත්ථ පදවණ්ණනා.
මීළඟට බාහුසච්චඤ්ච ගාථාවයි. බාහුසච්ච යනු බොහෝ (යහපත් කරුණු) අසා ඒ අනුව දිවිය සකස්කර ගැනීමයි. සිප්පං කිසියම් අත් හුරුවීමකි. විනයො (කය සිත) හික්මවා ගැනීම, සුසික්ඛිතො මනාව සංවර වීම, සුභාසිතා මැනවින් කියන ලද, යා අනියම් ලෙස දැක්වීමයි. වාචා වහරන වචන, ඉතිරි කරුණු ඉහත කී පරිදිය. මේ මෙහි වචනවල තේරුමයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – බාහුසච්චං නාම යං තං “සුතධරො හොති සුතසන්නිචයො”ති (ම· නි· 1.339; අ· නි· 4.22) ච “ඉධ, භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස බහුකං සුතං හොති සුත්තං ගෙය්යං වෙය්‍යාකරණ”න්ති (අ· නි· 4.6) ච එවමාදිනා නයෙන සත්ථුසාසනධරත්තං වණ්ණිතං, තං අකුසලප්පහානකුසලාධිගමහෙතුතො අනුපුබ්බෙන පරමත්ථසච්චසච්ඡිකිරියහෙතුතො ච “මඞ්ගල”න්ති වුච්චති. වුත්තඤ්හෙතං භගවතා –
එහි විස්තර මෙසේ දතයුතුයි. අසන ලද දේ හොඳින් සිත්හි දරා ගනිමින් ඒ අනුව පුරුදු පුහුණු වීම බාහුසච්ච නම් වේ. ‘සුතධරො හොති සුත සන්නිචයො’ - ‘මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සූත්‍ර, ගාථා, විස්තර කොටස් කරුණු පැහැදිලිකොට ඇති අයුරු (නවංග සත්ථු සාසන) මනාව අසන ලද්දේ’ යැයි ‘ඉධෙකච්චස්ස බහු සුතං හොති, සුත්තං ගෙය්ය වෙය්යාකරණං’ මේ ආදී නයින් බුදුරජාණන් වහන්සේ විසින් සසුනෙහි මනා පිහිටි බව පසස්නා ලදී. එය අකුසල් නැති කරමින්, කුසල් රැස්කර ගනිමින්, අනුපිළිවෙලින් සිවුසස් අවබෝධ කරගැනීමට හේතුවන බැවින් මංගල යැයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ වදාරන ලදී -
“සුතවා ච ඛො, භික්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධමත්තානං පරිහරතී”ති (අ· නි· 7.67).
‘මහණෙනි, මනාව අසා (ඒ අනුව) කටයුතු කරන අරිය සාවකයා අකුසලය දුරු කරයි. කුසලය දියුණු කරයි. වරද ඉවතලයි. නිවැරදි දේ පුරුදු කරයි. තම පිරිසිදු බව පවත්වා ගනී’ යැයි
අපරම්පි වුත්තං –
වෙනත් ලෙසකින්ද සඳහන් කරන ලදී -
“ධතානං ධම්මානං අත්ථමුපපරික්ඛති, අත්ථං උපපරික්ඛතො ධම්මා නිජ්ඣානං ඛමන්ති, ධම්මනිජ්ඣානක්ඛන්තියා සති ඡන්දො ජායති, ඡන්දජාතො උස්සහති, උස්සහන්තො තුලයති, තුලයන්තො පදහති, පදහන්තො කායෙන චෙව පරමත්ථසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සතී”ති (ම· නි· 2.432).
‘අසා සිත දරාගත් දහමෙහි අරුත විමසා බලයි, එසේ අරුත විමසත්ම දහම වැටහෙනු දැනෙයි, දහම වැටහෙන කල්හී තවත් දැනගැනීමේ කැමැත්ත ඇතිවෙයි. කැමැත්ත ඇති නිසා උත්සාහවත් වෙයි, උත්සාහවත් වීමෙන් (ඒ කරුණු) සසඳා බලයි. සසඳා බැලීමෙන් කරුණු තදින් සිත රඳවා ගනී. සිත රඳවා ගනිමින්, කයෙන්ද (එයට අදාල කර ගනිමින්) ඇති තතු නියමාකාරයෙන් අවබෝධ කරගනිමින්, සියුම් නුවණින්ද විනිවිද දකී’ යැයි
අපිච අගාරිකබාහුසච්චම්පි යං අනවජ්ජං, තං උභයලොකහිතසුඛාවහනතො “මඞ්ගල”න්ති වෙදිතබ්බං.
තවද ගිහි ජීවිතයේදී නිවැරදි වූ බොහෝ යහපත් කරුණු අසා දැනගැනීම මෙලොව පරලොව හිතසුව එළවන බැවින් මංගල යැයි දතයුතුය.
සිප්පං නාම අගාරිකසිප්පඤ්ච අනගාරිකසිප්පඤ්ච. තත්ථ අගාරිකසිප්පං නාම යං පරූපරොධවිරහිතං අකුසලවිවජ්ජිතං මණිකාරසුවණ්ණකාරකම්මාදි, තං ඉධලොකත්ථාවහනතො මඞ්ගලං. අනගාරිකසිප්පං නාම චීවරවිචාරණසිබ්බනාදි සමණපරික්ඛාරාභිසඞ්ඛරණං, යං තං “ඉධ, භික්ඛවෙ, භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛො හොතී”තිආදිනා නයෙන තත්ථ තත්ථ සංවණ්ණිතං, යං “නාථකරණො ධම්මො”ති (දී· නි· 3.345; අ· නි· 10.17) ච වුත්තං, තං අත්තනො ච පරෙසඤ්ච උභයලොකහිතසුඛාවහනතො “මඞ්ගල”න්ති වෙදිතබ්බං.
සිප්පං නම් ගිහි ජීවිතයෙහි හා පැවිදි ජීවිතයෙහි (දිවි පැවැත්මට) අදාල හැකියාවන්ය. කිසිම කෙනෙකුට හානිදායක නොවන, අකුසල් සිදු නොවන, මැණික්, රත්රන්වලින් කෙරෙන සිප්කම් ගිහි ජීවිතයට අදාලය. එය මෙලොව ජීවිතයට යහපතක් බැවින් මංගල කරුණකි. ගිහිගෙයින් නික්ම පැවිදිවීමෙන් - සිවුරු පරිහරණය, මැහීම, පිරිකර සකස් කරගැනීම, මෙහිලා අදාල වේ. ‘මහණෙනි, මෙහි (පැවිදි සස්නෙහි) කිසියම් පැවිද්දෙක් තමා හා එක්ව මහණදම් පුරන, හැමදෙනා කෙරෙහි ඉටුකරදිය හැකි, කුදුමහත් කටයුතු වේද, එහිලා හැකියාව ඇවැසි’ යයි කියන ලදී. ‘ඉධ භික්ඛවෙ භික්ඛුං යානි තානි සබ්‍රහ්මචාරිනං උච්චාවචානි කිංකරණියානි, තත්ථ දක්ඛො හොති’ මේ ආදී ලෙසින් ඒ ඒ තන්හි පහදා දී තිබේ. එය තමාටද, අනුන්ටද මෙලොව පරලොව හිතසුව එළවන, එහිලා උපකාරී වන කරුණක් ලෙසද කියන ලදී.
විනයො නාම අගාරිකවිනයො ච අනගාරිකවිනයො ච. තත්ථ අගාරිකවිනයො නාම දසඅකුසලකම්මපථවිරමණං, සො තත්ථ අසංකිලෙසාපජ්ජනෙන ආචාරගුණවවත්ථානෙන ච සුසික්ඛිතො උභයලොකහිතසුඛාවහනතො මඞ්ගලං. අනගාරිකවිනයො නාම සත්තාපත්තික්ඛන්ධෙ අනාපජ්ජනං, සොපි වුත්තනයෙනෙව සුසික්ඛිතො. චතුපාරිසුද්ධිසීලං වා අනගාරිකවිනයො. සො යථා තත්ථ පතිට්ඨාය අරහත්තං පාපුණාති, එවං සික්ඛනෙන සුසික්ඛිතො ලොකියලොකුත්තරසුඛාධිගමහෙතුතො “මඞ්ගල”න්ති වෙදිතබ්බො.
විනයො - ගිහි, පැවිදි ලෙස දැක්වේ. දස අකුසලයෙන් වෙන්වීම ගිහි දිවියට අදාළය. එය අනුගමනය කරන තැනැත්තාට, හැඟීම් ආදියෙන් කිලුටට පත් නොවෙමින්, (ඉරියව් පවත්වා ගැනීමේදී) යහගුණවත් හැසිරීමෙන් යුතුව, මැනවින් සංවර බවටම පත්කරමින්, මෙලොව පරලොව හිතසුව සලසන බැවින්, මංගල කරුණක් වේ. පැවිදි විනය නම්, නිතර ඇවැත් සමූහයෙහි වැරදිවලට හසු නොවීමයි. එහි කියා ඇති පරිද්දෙන්ම මනා හික්මීමෙන් සිවු පිරිසිදු සීලයෙහි පිහිටීම පැවිදි විනයට අදාළය. පැවිද්දා එහි මනාව පිහිටීමෙන් අරහත් බවට පැමිණේ. මෙසේ විනයානුකූල ඇතිවන සංවරයෙන් ලොවී ලොවුතුරා සුව ලබන බැවින් මංගල කරුණකැයි දතයුතුය.
සුභාසිතා වාචා නාම මුසාවාදාදිදොසවිරහිතා වාචා. යථාහ – “චතූහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොතී”ති. අසම්ඵප්පලාපා වාචා එව වා සුභාසිතා. යථාහ –
සුභාසිතා වාචා නම් බොරු කීම වැනි වැරදිවලින් තොර වචනයි. ‘මහණෙනි, කොටස් හතරකින් යුතු වචනය යහපත් වේ’ යැයි එහෙයින් වදාරා ඇත. ‘චතුහි භික්ඛවෙ අංගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොති’ දහම මුල්කොට ගත් වචනද යහපත් වේ.
“සුභාසිතං උත්තමමාහු සන්තො, ධම්මං භණෙ නාධම්මං තං දුතියං; පියං භණෙ නාප්පියං තං තතියං, සච්චං භණෙ නාලිකං තං චතුත්ථ”න්ති. (සං· නි· 1.213; සු· නි· 452);
‘බුද්ධාදී උතුමෝ යහපත් වචනය උතුම් බව කීහ. යහපත් කරුණු ඇතුලත් දේ පැවසීම දෙවැන්නයි. තුන්වන අංගය සතුට - පියබව වඩන වචන කීමයි. බොරු නොකියා ඇත්ත කීම සතරවන අංගයයි.
අයම්පි උභයලොකහිතසුඛාවහනතො “මඞ්ගල”න්ති වෙදිතබ්බා. යස්මා ච අයං විනයපරියාපන්නා එව, තස්මා විනයග්ගහණෙන එතං අසඞ්ගණ්හිත්වා විනයො සඞ්ගහෙතබ්බො. අථවා කිං ඉමිනා පරිස්සමෙන පරෙසං ධම්මදෙසනාවාචා ඉධ “සුභාසිතා වාචා”ති වෙදිතබ්බා. සා හි යථා පතිරූපදෙසවාසො, එවං සත්තානං උභයලොකහිතසුඛනිබ්බානාධිගමපච්චයතො “මඞ්ගල”න්ති වුච්චති. ආහ ච –
මෙයද මෙලොව පරලොව හිතසුව ලබාදෙන බැවින්, මංගල කරුණකි. හික්මීමට - විනයට මෙය අදාල වේමය. එහෙයින් විනයට අදාල කොට සඳහන් කළ යුතු වුවත්, මෙහිදී දැක්වීමට උත්සුක වූයේ කුමක් හෙයින්ද? අනුනට දහම් සේ දෙසන වචන මෙහි යහපත් වචන සේ දතයුතුය. සුදුසු පෙදෙසක වාසය මෙනි. මෙසේ යහපත් වචනයද අදාළ වන අයුරු සැළකිය යුතුවේ. සත්වගට ලොවී ලොවුතුරු සුව - නිවන අවබෝධයට හේතුවන බැවින් මංගල කරුණකැයි කියනු ලැබේ.
“යං බුද්ධො භාසති වාචං, ඛෙමං නිබ්බානපත්තියා; දුක්ඛස්සන්තකිරියාය, සා වෙ වාචානමුත්තමා”ති. (සං· නි· 1.213; සු· නි· 456);
‘බුදුරජාණන් වහන්සේ (සසර) බිය නැතිකරන, දුක කෙළවර කිරිමෙන් නිවනට පත්වන යම් වචනයක් පැවසූ සේක්ද, එම වචනය ඒකාන්තයෙන්ම උතුම්’ යැයි ද දැක්වේ.
එවං ඉමිස්සා ගාථාය බාහුසච්චං, සිප්පං, විනයො සුසික්ඛිතො, සුභාසිතා වාචාති චත්තාරි මඞ්ගලානි වුත්තානි, මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ (මංගල සූත්‍රයට අයත්) ගාථාවෙන් බොහෝ ඇසූ දේ දරා ගැනීමටත්, යහපත් කුසලතා වැඩිදියුණු කරගැනීමටත්, මනා හික්මීමත්, යහපත් වචන කතාබහත් යන කරුණු සතරක් කියන ලදී. එහි යහපත් බවද ඒ ඒ තන්හී විස්තර කරන ලදී.
නිට්ඨිතා බාහුසච්චඤ්චාති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
බාහුසච්චඤ්ච ආදී මේ ගාථාවෙහි විස්තර නිමියේය.
ඉදානි මාතාපිතුඋපට්ඨානන්ති එත්ථ මාතු ච පිතු චාති මාතාපිතු. උපට්ඨානන්ති උපට්ඨහනං. පුත්තානඤ්ච දාරානඤ්චාති පුත්තදාරස්ස. සඞ්ගණ්හනං සඞ්ගහො. න ආකුලා අනාකුලා. කම්මානි එව කම්මන්තා. සෙසං වුත්තනයමෙවාති අයං පදවණ්ණනා.
දැන් මාතාපිතු උපට්ඨානං ගාථාවයි. මව ද පියා ද මාතාපිතු උපට්ඨානං උවටැන් කිරිම - උදව් කිරීමයි. දූ පුතුන්ට ද අඹුදරුවනට පුත්තදාරස්ස සැළකීම සංගහො, නිරවුල් වූ අනාකුලා, කටයුතු කම්මන්තා අනික් කරුණු පෙර කියා ඇත. මේ වචන තේරුමයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – මාතා නාම ජනිකා වුච්චති, තථා පිතා. උපට්ඨානං නාම පාදධොවනසම්බාහනඋච්ඡාදනන්හාපනෙහි චතුපච්චයසම්පදානෙන ච උපකාරකරණං. තත්ථ යස්මා මාතාපිතරො බහූපකාරා පුත්තානං අත්ථකාමා අනුකම්පකා, යං පුත්තකෙ බහි කීළිත්වා පංසුමක්ඛිතසරීරකෙ ආගතෙ දිස්වා පංසුකං පුඤ්ඡිත්වා මත්ථකං උපසිඞ්ඝායන්තා පරිචුම්බන්තා ච සිනෙහං උප්පාදෙන්ති, වස්සසතම්පි මාතාපිතරො සීසෙන පරිහරන්තා පුත්තා තෙසං පටිකාරං කාතුං අසමත්ථා. යස්මා ච තෙ ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො බ්රහ්මසම්මතා පුබ්බාචරියසම්මතා, තස්මා තෙසං උපට්ඨානං ඉධ පසංසං පෙච්ච සග්ගසුඛඤ්ච ආවහති, තෙන “මඞ්ගල”න්ති වුච්චති. වුත්තඤ්හෙතං භගවතා –
විස්තර මෙසේ දතයුතුය. උපදවන්නී යන අරුතින් මවට ජනිකා යැයි ද කියනු ලැබේ. පියා ද එසේය. උවටැන් නම්, පා සේදීම්, ඇඟ පිරිමැදීම්, ඇඟ ඉලීම්, නෑවීම්, සිවුපසයෙන් උපකාර කිරීමයි. මවුපියෝ දූපුතුන්ට බොහෝ උපකාර වෙති. දූපුතුන්ගේ දියුණුව කැමති වෙති. අනුකම්පා කරති. දරුවකු පිටත සෙල්ලම් කොට, දූවිලි තැවරුණු සිරුරින් පැමිණෙනු දැක, දූවිලි පිසදමා, හිස්මුදුන පිරිමැද, සිඹිමින් සෙනෙහස පළ කරති. වසර සියයක් තිස්සේ වුවත්, මවුපියන් හිස මත තබාගෙන සිටියත්, ඔවුනට පෙරළා උපකාර කරන්නට පුත්තු අපොහොසත් වෙති. යම් ලෙසකින් මවුපියෝ දරුවන් (බිම) දන ගගා යන කාලයේ සිට කවා පොවා ඇතිදැඩි කරමින්, මේ ලොව හොඳ නරක පෙන්වා දෙමින්, බ්‍රහ්මයා සේ සම්මතව, මුල් ගුරුවරු ලෙස ද පිළිගත්හ. එහෙයින් ඔවුනට උවටැන් කිරීම මෙලොව පැසසුමත්, පරලොව සග සැපත් ලැබදෙයි. එහෙයින් මංගල යැයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී -
“බ්‍රහ්මාති මාතාපිතරො, පුබ්බාචරියාති වුච්චරෙ; ආහුනෙය්යා ච පුත්තානං, පජාය අනුකම්පකා.
‘මවුපියෝ බ්‍රහ්මයා යනුවෙන්ද, පෙර ගුරුවරු ලෙසද හඳුන්වති. දූදරුවන්ගේ ගරු බුහුමනට සුදුසු ඔවුහු මිනිස් සංහතියටම අනුකම්පාව දක්වති.’
“තස්මා හි නෙ නමස්සෙය්ය, සක්කරෙය්ය ච පණ්ඩිතො; අන්නෙන අථ පානෙන, වත්ථෙන සයනෙන ච.
‘එබැවින්, නුවණැති තැනැත්තා ඔවුන්ට නමස්කාර කරන්නේය. ආහාර, පානාදියෙන්, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් පහසුකම් සැලසීමෙන් ඇඟ ඉලීමෙන් සහ නෑවීමෙන්, පා දෝවනයෙන් නුවණැත්තෝ මව්පියන් කෙරෙහි කටයුතු ඉටුකරන්නාහ. ඔවුහු ඒ නිසා මෙලොවෙහිදී පැසසුම් ලබති. මරණින් මතු දෙව්ලොව සතුටු වෙති’. යනුවෙන්
“උච්ඡාදනෙන න්හාපනෙන, පාදානං ධොවනෙන ච; තාය නං පාරිචරියාය, මාතාපිතූසු පණ්ඩිතා;
ඉධෙව නං පසංසන්ති, පෙච්ච සග්ගෙ පමොදතී”ති. (අ· නි· 3.31; ඉතිවු· 106; ජා· 2.20.181-183);
අපරො නයො – උපට්ඨානං නාම භරණකිච්චකරණකුලවංසට්ඨපනාදිපඤ්චවිධං, තං පාපනිවාරණාදිපඤ්චවිධදිට්ඨධම්මිකහිතහෙතුතො “මඞ්ගල”න්ති වෙදිතබ්බං. වුත්තඤ්හෙතං භගවතා –
වෙනත් අයුරින් දක්වන්නේ නම්, උවටැන් කිරිම නම්, ඇතිදැඩි කිරීම, ආහාරපාන ලබාදීම (ඉටුකරගත නොහැකි) කටයුතුවලට උපකාර වීම, කුල පරම්පරාව රැකගැනීම, ආදී සේ පස්වැදෑරුම්ය. එය පවින් වැළකීම ආදී පස්ආකාරව මෙලොව හිතසුව සලසන බැවින් මංගල යැයි දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ වදාරන ලදී -
“පඤ්චහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි පුත්තෙන පුරත්ථිමා දිසා මාතාපිතරො පච්චුපට්ඨාතබ්බා ‘භතො නෙ භරිස්සාමි, කිච්චං නෙසං කරිස්සාමි, කුලවංසං ඨපෙස්සාමි, දායජ්ජං පටිපජ්ජිස්සාමි, අථ වා පන පෙතානං කාලකතානං දක්ඛිණං අනුප්පදස්සාමී’ති . ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි පුත්තෙන පුරත්ථිමා දිසා මාතාපිතරො පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි පුත්තං අනුකම්පන්ති, පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවෙසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපෙන දාරෙන සංයොජෙන්ති, සමයෙ දායජ්ජං නිය්යාදෙන්තී”ති (දී· නි· 3.267).
‘ගැහැවි පුතුනි, නැගෙනහිර දිසාව යයි නම් කරන ලද මවුපියන්ට පුතකු විසින් (දූදරුවන් විසින්) මවුපියන්ට පෙරළා උවටැන් කළ යුතුය. ඔවුන්ට ආහාරපාන සපයා දෙන්නෙමි, ඔවුන්ගේ උවමනා කටයුතු (තනිව කළ නොහැකි දේ) ඉටු කරන්නෙමි, කුල පරපුර ඉදිරියට පවත්වා ගන්නෙමි, උරුමයෙන් ලැබෙන දේ මැනවින් පරිහරණය කරන්නෙමි, එමෙන්ම මියගිය මවුපියන් වෙනුවෙන් දානාදී දීමට සුදුස්සන් වෙත පිරිනමමින් පින් අනුමෝදන් කරන්නෙමි’යි මෙසේ කරුණු පහකින් උවටැන් කරනවිට මවුපියෝ (තම දරුවන් කෙරෙහි) අනුකම්පාවෙන් අයහපත් දෙයින් වළක්වති, යහපතෙහි යොදවති, සිප් සතරෙහි හික්මවති, (හැකියාවක් ඇති දෙයෙහි හෝ ඉගෙන ගැනීම් ආදියට යොමු කරවති.) සුදුසු කල සුදුසු පරිදි ආවාහ විවාහ කර දෙති. සුදුසු කාලයෙහි උරුම වූ දේපල ආදිය පවරා දෙති’යි
අපිච යො මාතාපිතරො තීසු වත්ථූසු පසාදුප්පාදනෙන සීලසමාදාපනෙන පබ්බජ්ජාය වා උපට්ඨහති, අයං මාතාපිතුඋපට්ඨාකානං අග්ගො, තස්ස තං මාතාපිතුඋපට්ඨානං මාතාපිතූහි කතස්ස උපකාරස්ස පච්චුපකාරභූතං අනෙකෙසං දිට්ඨධම්මිකානං සම්පරායිකානඤ්ච අත්ථානං පදට්ඨානතො “මඞ්ගල”න්ති වුච්චති.
එමෙන්ම මවුපියන් තෙරුවනෙහි පැහැදීම ඇතිකරවීමෙන්, සිල් සමාදන් කරවීමෙන්, පැවිදි වීමෙහි යොමු කරවීමෙන් හෝ උවටැන් කෙරේද, මෙය මවුපිය උවටැනින් උසස්ය. මවුපියන් විසින් (තමාට) කරන ලද උපකාරයට පෙරළා උපකාර වීමක් බඳු ඒ මවුපිය උවටැන ඔහුට මෙලොව පරලොව වැඩදායී වන ලෙසින් මංගල යැයි කියනු ලැබේ.
පුත්තදාරස්සාති එත්ථ අත්තනා ජනිතා පුත්තාපි ධීතරොපි “පුත්තා” ත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡන්ති. දාරාති වීසතියා භරියානං යා කාචි භරියා. පුත්තා ච දාරා ච පුත්තදාරං, තස්ස පුත්තදාරස්ස. සඞ්ගහොති සම්මානනාදීහි උපකාරකරණං. තං සුසංවිහිතකම්මන්තතාදිදිට්ඨධම්මිකහිතහෙතුතො “මඞ්ගල”න්ති වෙදිතබ්බං. වුත්තඤ්හෙතං භගවතා – “පච්ඡිමා දිසා පුත්තදාරා වෙදිතබ්බා”ති (දී· නි· 3.266) එත්ථ උද්දිට්ඨං පුත්තදාරං භරියාසද්දෙන සඞ්ගණ්හිත්වා –
පුත්තදාරස්ස මෙහි තමාට දා වූ පුත්තු ද දූවරුද පුතුන් ලෙසම සළකති. බිරියන් විසිදෙනාගෙන් යම් බිරියක දාරා නම් වේ. පුත්තුද බිරින්දෝද අඹුදරුවෝ, ඒ අඹුදරුවන්ට, සංගහො ගරු කිරීම් ආදියෙන් උපකාර කිරීමයි. එය මනාව පිළියෙල කර දෙන ලෙස ආයෝජන කටයුතු ආදී මෙලොව දියුණුවට හේතුවන හෙයින් මංගල යැයි දතයුතය. ‘බටහිර දිසාව සේ අඹුදරුවන් දතයුතු’ යැයි - ‘පච්ඡිමා දිසා පුත්තදාරා වෙදිතබ්බා’ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත. මෙහි දක්වන ලද පුතුන්, අඹුවන් බිරිය යන වචනයෙහි ඇතුලත් කොට,
“පඤ්චහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි සාමිකෙන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨාතබ්බා, සම්මානනාය අනවමානනාය අනතිචරියාය ඉස්සරියවොස්සග්ගෙන අලඞ්කාරානුප්පදානෙන. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි සාමිකෙන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි සාමිකං අනුකම්පති, සුසංවිහිතකම්මන්තා ච හොති, සඞ්ගහිතපරිජනා ච, අනතිචාරිනී ච, සම්භතඤ්ච අනුරක්ඛති, දක්ඛා ච හොති අනලසා සබ්බකිච්චෙසූ”ති (දී· නි· 3.269).
‘ගැහැවිපුත, කරුණු පහකින්, පැසුළු දිසාවෙහි ලා සැළකෙන බිරිඳට හිමියා විසින් සැළකිය යුතු’ යැයි දක්වා ඇත. ‘පඤ්චහි ඛො ගහපතිපුත්ත ඨානෙහි සාමිතෙන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨාතබ්බා (ඇයට) ‘ගරු සැළකිලි දැක්වීමෙන්, අවමන් නොකිරීමෙන්, ඇය ඉක්මවා නොයෑමෙන්, ධනය ආදී ඉසුරු ලබාදීමෙන්, ඇඳුම් පැළඳුම් ආදිය සපයා දීමෙන් යන කරුණු සැමියා විසින් බටහිර දිසාව ලෙස හඳුන්වන ලද බිරියට සළකනු ලබන විට බිරියද කරුණු පහකින් සැමියාට කරුණාවෙන් සළකන්නීය. (සැමියාගේ) කටයුතු මැනවින් සකසන්නීය. අදාල හැමට මැනවින් සළකන්නීය. සැමියා ඉක්මවා නොයන්නීය. සරිකරගත් ධනය ආදිය මනාව රැකගන්නීය. සියළු කටයුතුවල අනලස්ව මනාව යෙදෙන්නීය.
අයං වා අපරො නයො – සඞ්ගහොති ධම්මිකාහි දානපියවාචඅත්ථචරියාහි සඞ්ගණ්හනං. සෙය්යථිදං – උපොසථදිවසෙසු පරිබ්බයදානං, නක්ඛත්තදිවසෙසු නක්ඛත්තදස්සාපනං, මඞ්ගලදිවසෙසු මඞ්ගලකරණං, දිට්ඨධම්මිකසම්පරායිකෙසු අත්ථෙසු ඔවාදානුසාසනන්ති. තං වුත්තනයෙනෙව දිට්ඨධම්මිකහිතහෙතුතො සම්පරායිකහිතහෙතුතො දෙවතාහිපි නමස්සනීයභාවහෙතුතො ච “මඞ්ගල”න්ති වෙදිතබ්බං. යථාහ සක්කො දෙවානමින්දො –
මීළඟට වෙනත් අයුරින් සඳහන් කිරීමකි. සංගහො යනු දැහැමි දීමෙන්, පිය වදනින්, ඔවුන් කෙරෙහි යහපත් හැසිරීමෙන් වැළකීමයි. ඒ කෙසේදැයි කිවහොත් පෙහෙවස් සමාදන්වන දිනවල, තමා උපයාගත් දෙය වැයකොට ආහාර ආදිය ලබාදීම, නැකැත් දිනවල, නැකත් පහදා දීමෙන්, සුබ දිනවල යහපත් කටයුතු කිරීමෙන් ද, මෙලොව පරලොව දියුණුවට උපදෙස් දෙති. ඒ කියන ලද පරිදිම මෙලොව දියුණුව හා පරලොව දියුණුව සළකා දෙවියන් විසින්ද (එබඳු යහපත් තැනැත්තන්ට) නමස්කාර කරනු ලබන බැවින් ද මංගල යැයි දතයුතුය. ‘මාතලී පින්දහම් කරන්නා වූ යම් සිල්වත් ගිහි උපාසකවරුන් දැහැමින්, ආහාරපානාදිය ලබාදී අඹුදරුවන් මැනවින් රැකබලා ගනිත්ද, මම ඔවුන්ට වඳින්නෙමි’යි සක්දෙවිඳු කීය.
“යෙ ගහට්ඨා පුඤ්ඤකරා, සීලවන්තො උපාසකා; ධම්මෙන දාරං පොසෙන්ති, තෙ නමස්සාමි මාතලී”ති. (සං· නි· 1.264);
‘යෙ ගහට්ඨා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා ධම්මෙන දාරං පොසොන්ති තෙ නමස්සාමි මාතලී’
අනාකුලා කම්මන්තා නාම කාලඤ්ඤුතාය පතිරූපකාරිතාය අනලසතාය උට්ඨානවීරියසම්පදාය අබ්යසනීයතාය ච කාලාතික්කමනඅප්පතිරූපකරණාකරණසිථිලකරණාදිආකුලභාවවිරහිතා කසිගොරක්ඛවණිජ්ජාදයො කම්මන්තා. එතෙ අත්තනො වා පුත්තදාරස්ස වා දාසකම්මකරානං වා බ්යත්තතාය එවං පයොජිතා දිට්ඨෙව ධම්මෙ ධනධඤ්ඤවුඩ්ඪිපටිලාභහෙතුතො “මඞ්ගල”න්ති වුත්තා. වුත්තඤ්චෙතං භගවතා –
අනාකුලා කම්මන්තා නම් සුදුසු කල් දැන, නිසි පිළිවෙලකට අලස නොවී, පටන්ගත් උත්සාහයෙන් යුතුව, නිසි වේලාවට - කල් නොඉක්මවා අයහපත් නොවූ, අකුසල් සිදුනොවන ගොවිතැන, ගව පාලනය, වෙළඳ කටයුතුවල නියැලීමයි. මේ අයුරින් තමන්ගේ හෝ දැසිදස් කම්කරුවන්ගේ හෝ පුහුණු හැකියාවෙන් මෙසේ දියුණුවට යොදවනු ලදුව, මේ ජීවිතයෙහිදීම ධනය, බෝග අස්වනු ලැබ වැඩිදියුණු වන බැවින් මංගල යැයි කියන ලදී. බුදුහු වදාළහ -
“පතිරූපකාරී ධුරවා, උට්ඨාතා වින්දතෙ ධන”න්ති. (සු· නි· 189; සං· නි· 1.246) ච;
‘පටන්ගන්නා ලද උත්සාහයෙන් යුතුව, සුදුසු පරිදි කටයුතු කරන උත්සාහවන්තයා ධනය ලබයි’ –- ‘පතිරූපකාරී ධුරවා උට්ඨාතා වින්දති ධනං’ යැයි .
“න දිවා සොප්පසීලෙන, රත්තිමුට්ඨානදෙස්සිනා; නිච්චං මත්තෙන සොණ්ඩෙන, සක්කා ආවසිතුං ඝරං.
‘දිවාකල නිදා නොගැනීම, රැයෙහි (තම කටයුතුවල) එදින කළ දේ හා පසුදින කළයුතු දේ විමසා දැකීමෙන්ද, ඒ අනුව නිති, තමා කැමති පරිදි නියැලේ නම්, (ඔහුට) ගිහිගෙයි විසීමට හැකිය.
“අතිසීතං අතිඋණ්හං, අතිසායමිදං අහු; ඉති විස්සට්ඨකම්මන්තෙ, අත්ථා අච්චෙන්ති මාණවෙ.
‘දැන් බොහෝ සීතලය කියා හෝ උණුසුම්ය, දැන් කුසගිනි ඇතැයි කටයුතු හැරදමන මිනිස්සු දියුණුව ඉක්මවති.’
“යොධ සීතඤ්ච උණ්හඤ්ච, තිණා භිය්යො න මඤ්ඤති; කරං පුරිසකිච්චානි, සො සුඛා න විහායතී”ති. ච (දී· නි· 3.253);
‘යම් තැනැත්තෙක් සීතලය කිහා හෝ, උණුසුම් යැයි ඒ ගැන වැඩිදුර නොසිතා, තමාට අයත් කටයුතු කරයිද ඒ තැනැත්තා සැපය අත් නොහරි.’
“භොගෙ සංහරමානස්ස, භමරස්සෙව ඉරීයතො; භොගා සන්නිචයං යන්ති, වම්මිකොවූපචීයතී”ති. (දී· නි· 3.265) –
‘සම්පත් එක්රැස් කිරීමේදී බඹරකු මෙන් ඉරියව් පවත්නේය. වේයන් තුඹසක් ගොඩනගනු සේ, සම්පත් රැස් කරන්නේය.
ච එවමාදි.
මේ ආදී ලෙසින්ද බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
එවං ඉමිස්සාපි ගාථාය මාතුපට්ඨානං, පිතුපට්ඨානං, පුත්තදාරස්ස සඞ්ගහො, අනාකුලා ච කම්මන්තාති චත්තාරි මඞ්ගලානි වුත්තානි, පුත්තදාරස්ස සඞ්ගහං වා ද්විධා කත්වා පඤ්ච, මාතාපිතුඋපට්ඨානං වා එකමෙව කත්වා තීණි. මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මේ ගාථාවෙන් මවට උවටැන් කිරීමද, පියාට උවටැන් කිරීමද, අඹුදරුවනට සැළකීම හා නිරවුල් දිවිපෙවෙතට අදාල කටයුතු යැයි මංගල කරුණු සතරක් කියන ලදී. අඹු-දරුවනට සැලකීම දෙකක් සේ ගත්විට කරුණු පහකි. මව පිය උවටැන එක්ව ගත්විට කරුණු තුනකි. ඒවා මංගල කරුණු වන සැටි ඒ ඒ තන්හි පැහැදිලි කරන ලදී.
නිට්ඨිතා මාතාපිතුඋපට්ඨානන්ති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
මාතාපිතු උපට්ඨානං යන මේ ගාථාවෙහි විස්තර නිමියේය.
ඉදානි දානඤ්චාති එත්ථ දීයතෙ ඉමිනාති දානං, අත්තනො සන්තකං පරස්ස පටිපාදීයතීති වුත්තං හොති. ධම්මස්ස චරියා, ධම්මා වා අනපෙතා චරියා ධම්මචරියා. ඤායන්තෙ “අම්හාකං ඉමෙ”ති ඤාතකා. න අවජ්ජානි අනවජ්ජානි, අනින්දිතානි අගරහිතානීති වුත්තං හොති. සෙසං වුත්තනයමෙවාති අයං පදවණ්ණනා.
මීළඟට දානඤ්ච ආදී ගාථාවයි. මේ දේ දෙනු ලබන්නේ (දෙන දේ) දානං, තමන්ට අයිති දෙය අනුන්ට පවරා දෙනු ලැබේ යැයි කී පරිදිය. දැහැමි හැසිරිම හෝ දහමෙහි පෙන්වා දෙන පරිදි හැසිරෙන ධම්මචරියා මොවුන් අපගේ යැයි දැනගනු ලබන්නේ ඤාතකා වැරදි නොවන අනවජ්ජා නින්දා නොව, අපහාස නොවන බව කියන ලදී. ඉතිරි වචන ගැන කලින් සඳහන් වූ පරිදිය. මේ වචනවල තේරුමයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – දානං නාම පරං උද්දිස්ස සුබුද්ධිපුබ්බිකා අන්නාදිදසදානවත්ථුපරිච්චාගචෙතනා තංසම්පයුත්තො වා අලොභො. අලොභෙන හි තං වත්ථුං පරස්ස පටිපාදෙති. තෙන වුත්තං “දීයතෙ ඉමිනාති දාන”න්ති. තං බහුජනපියමනාපතාදීනං දිට්ඨධම්මිකසම්පරායිකානං ඵලවිසෙසානං අධිගමහෙතුතො “මඞ්ගල”න්ති වුත්තං. “දායකො සීහ දානපති බහුනො ජනස්ස පියො හොති මනාපො”ති එවමාදීනි චෙත්ථ සුත්තානි (අ· නි· 5.34) අනුස්සරිතබ්බානි.
තේරුම් විස්තර මෙසේ දතයුතුය. දානං යනු අනුන් උදෙසා, නුවණ පෙරදැරිව ආහාර ආදී දීමට සුදුසු දේ දහයක් තෑගි සේ දීමේ සිතිවිල්ලෙන් හෝ ඒවාට ඇති ලෝභය අත්හැර, ආසාව අත්හැර යම් දෙයක් අනුන්ට පවරා දෙයි ද, දෙනු ලබන දෙය දානය යැයි එබැවින් කියන ලදී. එයට බොහෝදෙනා කැමතිවන හෙයින්ද, මෙලොව පරලොව යහපත සලසන හෙයින්ද මංගල යැයි කියන ලදී. ‘දීමෙහිම නියැලුනු සිහ දීමෙන්ම බොහෝදෙනාට පියමනාප වෙයි. ‘දායකො සීහදානපති බහූනො ජනස්ස පියො හොති මනාපො’ මෙබඳු සූත්‍ර සඳහන් තැන් සිහිකළ යුතුය.
අපරො නයො – දානං නාම දුවිධං ආමිසදානඤ්ච, ධම්මදානඤ්ච. තත්ථ ආමිසදානං වුත්තප්පකාරමෙව. ඉධලොකපරලොකදුක්ඛක්ඛයසුඛාවහස්ස පන සම්මාසම්බුද්ධප්පවෙදිතස්ස ධම්මස්ස පරෙසං හිතකාමතාය දෙසනා ධම්මදානං. ඉමෙසඤ්ච ද්වින්නං දානානං එතදෙව අග්ගං. යථාහ –
වෙනත් අයුරින් කිවහොත්, ආමිස දානය ධම්මදාන යනුවෙන් දානය දෙවැදෑරුම්ය. එහි ආමිස දානය ඉහත කියා ඇති පරිදිය. දුක නැතිකිරීමෙන් මේ ලොවෙහිද පරලොවෙහිද සුවය ගෙනෙන, සම්මා සම්බුදුවරයකු විසින් දෙසන ලද දහම අනුන්ට හිතසුව කැමතිව පහදා දීම දහම් දානයයි. මේ දාන දෙකින් එයම උසස් වේ.
“සබ්බදානං ධම්මදානං ජිනාති, සබ්බරසං ධම්මරසො ජිනාති; සබ්බරතිං ධම්මරතී ජිනාති, තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාතී”ති. (ධ· ප· 354);
‘දෙනු ලබන සියළුම දේ අතුරින් දහම් දානය ජයගනී. සියළු රස අතුරින් දහම් රසය ජයගනී. සියළු ඇලීම් අතුරින් දහමෙහි ඇලීම ජයගනී. තණ්හාව - ආසාව නැතිකිරීම සියලු දුක් ජයගනී’ යැයි වදාළේ එබැවිනි.
තත්ථ ආමිසදානස්ස මඞ්ගලත්තං වුත්තමෙව. ධම්මදානං පන යස්මා අත්ථපටිසංවෙදිතාදීනං ගුණානං පදට්ඨානං, තස්මා “මඞ්ගල”න්ති වුච්චති. වුත්තඤ්හෙතං භගවතා –
ආමිස දානයෙහි යහපත් බව කියා ඇත. දහම් දානය වන්නේ දහමෙහි (නිවැරදි) අරුත් දනවන පරිදි එහි ගුණයෙහි පිහිටුවීමයි. එහෙයින් එය යහපත් යැයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ වදාළහ -
“යථා යථා, භික්ඛවෙ, භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී චා”ති එවමාදි (දී· නි· 3.355; අ· නි· 5.26).
‘මහණෙනි, පැවිද්දෙක් අසා ඇති පරිදි පුහුණු කර ඇති පරිදි යම් පරිද්දෙන් අනුන්ට විස්තර සහිතව දහම දේසනා කරයිද ඒ මහණ එසේ එම දහමෙහි මනා අරුත් දැනීමෙන්ද, මනා වැටහීමෙන් ද යුතු වේ’ යැයි.
ධම්මචරියා නාම දසකුසලකම්මපථචරියා. යථාහ – “තිවිධං ඛො, ගහපතයො, කායෙන ධම්මචරියාසමචරියා හොතී”ති එවමාදි. සා පනෙසා ධම්මචරියා සග්ගලොකූපපත්තිහෙතුතො “මඞ්ගල”න්ති වෙදිතබ්බා. වුත්තඤ්හෙතං භගවතා – “ධම්මචරියාසමචරියාහෙතු ඛො, ගහපතයො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී”ති (ම· නි· 1.441).
ධම්මචරියා නම් දසකුසල් සඳහා යොමුවන කටයුතුයි. ‘ගැහැවියෙනි, කයෙන් සිදුකෙරෙන දැහැමි හා සම හැසිරීම් තුන් ආකාරයැ’යි වදාළ පරිදිය. ‘තිවිධං ඛො ගහපතියො කායෙන ධම්මචරියා සමචරියා හොති’ ඒ දැහැමි හැසිරීම් දෙව්ලොව උපත ලැබීමට හේතුවන බැවින්, මංගල යැයි දතයුතුය. ‘ගහපතිවරුනි, මේ ලොවෙහි ඇතැම් පුද්ගලයෝ දැහැමි හා සන්සුන් හැසිරීමෙන් යුතුව කය බිඳී මරණින් පසු දුගති නොවූ දෙව්ලොව උපදිත්’ යැයි ‘ධම්මචරියා සමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්සභෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති’ - භාග්‍යවතුන් වහන්සේ වදාරන ලදී.
ඤාතකා නාම මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා සම්බන්ධා. තෙසං භොගපාරිජුඤ්ඤෙන වා බ්යාධිපාරිජුඤ්ඤෙන වා අභිහතානං අත්තනො සමීපං ආගතානං යථාබලං ඝාසච්ඡාදනධනධඤ්ඤාදීහි සඞ්ගහො පසංසාදීනං දිට්ඨධම්මිකානං සුගතිගමනාදීනඤ්ච සම්පරායිකානං විසෙසාධිගමානං හෙතුතො “මඞ්ගල”න්ති වුච්චති.
ඤාතකා නම් මවගෙන් හෝ පියාගේ පටන් සත් මුතු මව්පිය පරපුර තෙක් සබඳතාවයි. ඔවුන්ට සම්පත් හීනවීමෙන් හෝ රෝගී වීමෙන් ඇතිවන කය දුබලතා හෝ තමන් වෙතට පැමිණි විට කුසගිනි නිවා, රෙදි පිළි ලබා දී මුදල්, අස්වනු, සහල් ආදියෙන් සැළකීම මෙලොවදීම පැසසුම් ලැබීමටත්, පරලොව දී සැප ඇතැයි සළකනු ලබන වෙසෙස් තැන් ලැබීමටත් හේතුවන බැවින් මංගල යැයි කියනු ලැබේ.
අනවජ්ජානි කම්මානි නාම උපොසථඞ්ගසමාදානවෙය්යාවච්චකරණආරාමවනරොපනසෙතුකරණාදීනි කායවචීමනොසුචරිතකම්මානි. තානි හි නානප්පකාරහිතසුඛාධිගමහෙතුතො “මඞ්ගල”න්ති වුච්චති. “ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්යතං උපපජ්ජෙය්යා”ති එවමාදීනි චෙත්ථ සුත්තානි (අ· නි· 8.43) අනුස්සරිතබ්බානි.
අනවජ්ජ කම්මානි පෙහෙවස් සමාදානය, වතාවත් කිරීම, උයන් වතු, පැල සිටුවීම, ඒදඬු තැනීම ආදී කය, සිත, මනස හා බැඳුණු යහපත් කටයුතුය. ඒවා නොයෙක් අයුරින් හිතසුව ලබාදෙන බැවින් මංගල යැයි කියනු ලබයි. ‘විසාඛ, මෙලොව ඇතැම් ගැහැණියක හෝ පිරිමියෙකු අටසිල් සමාදානය (පුරුදු කළේ නම්) කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන් හා සහවාසව උපදනා බව සඳහන් මෙබඳු සූත්‍ර ද සිහිකළ යුතුය. ‘ඨානංඛො පනෙතං විසාඛෙ විජ්ජති, යං ඉධෙකච්චො ඉත්ථි වා පුරිසො වා අට්ඨංග සමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උප්පජ්ජෙය්ය’
එවං ඉමිස්සා ගාථාය දානං, ධම්මචරියා, ඤාතකානං සඞ්ගහො, අනවජ්ජානි කම්මානීති චත්තාරි මඞ්ගලානි වුත්තානි, මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මෙම ගාථාවෙන් දානය, දැහැමි හැසිරීම, නෑදැයන්ට සැළකීම, නිරවුල් ජීවනෝපාය යන මංගල කරුණු හතරක් කියන ලදී. එහි යහපත් බව අදාල වන පරිදි පැහැදිලි කරන ලද්දේය.
නිට්ඨිතා දානඤ්චාති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
දානඤ්ච ආදී මේ ගාථාවෙහි විස්තරය නිමි.
ඉදානි ආරතී විරතීති එත්ථ ආරතීති ආරමණං. විරතීති විරමණං, විරමන්ති වා එතාය සත්තාති විරති. පාපාති අකුසලා. මදනීයට්ඨෙන මජ්ජං, මජ්ජස්ස පානං මජ්ජපානං, තතො මජ්ජපානා. සංයමනං සංයමො. අප්පමජ්ජනං අප්පමාදො. ධම්මෙසූති කුසලෙසු. සෙසං වුත්තනයමෙවාති අයං පදවණ්ණනා.
දැන් ආරති විරති ගාථාවයි. ආරති - නොඇලීමයි. වෙන්වීමයි, විරති වැළකීමයි. පුද්ගලයන් මෙයින් වැළකෙතියි යන අරුතින් විරති වේ. පාපා අයහපත, අකුසලය, මත් කරවන අරුතින් මජ්ජං, එය පානය කිරීම මජ්ජපානා, හික්මීම සංයමො, පමා නොවීම අප්පමාදො, ධම්මෙසු කුසලයෙහි, ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය. මේ වචන තේරුම්ය.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – ආරති නාම පාපෙ ආදීනවදස්සාවිනො මනසා එව අනභිරති. විරති නාම කම්මද්වාරවසෙන කායවාචාහි විරමණං. සා චෙසා විරති නාම සම්පත්තවිරති සමාදානවිරති සමුච්ඡෙදවිරතීති තිවිධා හොති. තත්ථ යා කුලපුත්තස්ස අත්තනො ජාතිං වා කුලං වා ගොත්තං වා පටිච්ච “න මෙ එතං පතිරූපං, ය්වාහං ඉමං පාණං හනෙය්යං, අදින්නං ආදියෙය්‍ය”න්තිආදිනා නයෙන සම්පත්තවත්ථුතො විරති, අයං සම්පත්තවිරති නාම. සික්ඛාපදසමාදානවසෙන පන පවත්තා සමාදානවිරති නාම, යස්සා පවත්තිතො පභුති කුලපුත්තො පාණාතිපාතාදීනි න සමාචරති. අරියමග්ගසම්පයුත්තා සමුච්ඡෙදවිරති නාම, යස්සා පවත්තිතො පභුති අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති. පාපං නාම යං තං “පාණාතිපාතො ඛො, ගහපතිපුත්ත, කම්මකිලෙසො අදින්නාදානං…පෙ… කාමෙසුමිච්ඡාචාරො…පෙ… මුසාවාදො”ති එවං විත්ථාරෙත්වා –
විස්තර මෙසේ දතයුතුය. ආරති නම් පාපයෙහි ආදීනවය දකිමින් ඊට සිත නො ඇලීමයි. විරති කය, වචන ආදී දොරටුවලින් කෙරෙන එබඳු කටයුතුවලින් වැළකීමයි. සම්පත්ත විරති, සමාදාන විරති, සමුච්ඡෙද විරති යැයි එය තුන් ආකාරය. යම් කුල පුතකු උපත හෝ කුලය හෝ පරම්පරාව හෝ නිසා, ‘මෙසේ පරපණ නසන්නෙම් නම්, මේ නුදුන් දෙය ගන්නෙම් නම්, මෙය මට සුදුසු නොවේ’ ආදී ලෙසින් කරුණු සළකා වෙන් වෙයිද එය සම්පත්ත විරති නමි. සිකපද සමාදන්ව ඒ අනුව පැවැත්ම සමාදාන විරති වේ. එය සමාදන් වූ තැන් පටන් කුල පුතු පරපණ නැසීම් ආදියෙන් වැළකෙයි. උතුමන් ගත් මග අනුරූපව කටයුතු කිරීම සමුච්ඡෙද විරති වේ. එසේ කටයුතු කිරීමේදී ඒ අරියසාවකයාට බිය පහක්, ඒ හා බැඳෙන තරහත් සංසිඳේ. ‘ගහපති පුතුනි, පරපණ නැසීම, නුදුන් දේ ගැනීම, පස්කම්හි වැරදි හැසිරීම, බොරු කීම’ ආදී ලෙසින් කියා ඇති පරිදි පාපං නම් වේ. මේවා දැනුම් තේරුම් ඇති නුවණැත්තෝ පැසසුම් නො කරති.
“පාණාතිපාතො අදින්නාදානං, මුසාවාදො ච වුච්චති; පරදාරගමනඤ්චෙව, නප්පසංසන්ති පණ්ඩිතා”ති. (දී· නි· 3.245) –
‘පාණාතිපාතො අදින්නාදානං මුසාවාදොච වුච්චති පරදාර ගමනඤ්චෙ නප්පසංසන්ති පණ්ඩිතා’
එවං ගාථාය සඞ්ගහිතං කම්මකිලෙසසඞ්ඛාතං චතුබ්බිධං අකුසලං, තතො පාපා. සබ්බාපෙසා ආරති ච විරති ච දිට්ඨධම්මිකසම්පරායිකභයවෙරප්පහානාදිනානප්පකාරවිසෙසාධිගමහෙතුතො “මඞ්ගල”න්ති වුච්චති. “පාණාතිපාතා පටිවිරතො ඛො, ගහපතිපුත්ත, අරියසාවකො”තිආදීනි චෙත්ථ සුත්තානි අනුස්සරිතබ්බානි.
මේ ගාථාවෙහි ඇතුලත් කෙලෙස් සහිත වූ ඒ කටයුතුවල යෙදීම සතරාකාර වූ අකුසල්ය. එහෙයින් පව්කම් ද වේ. හැම අතින්ම එයින් වෙන්වීම ද - වැළකීම ද මෙලොව පරලොව බිය - තරහ - නැති කිරීම වැනි නොයෙක් අයුරින් වෙසෙස් බවක් ලැබීම හේතුවෙන් මංගල යැයි කියනු ලැබේ. ‘ගැහැවි පුතුනි, පරපණ නැසීමෙන් ආරිය සාවකයා වැළකේ’ යන, ‘පාණාතිපාතා පටිවිරතො ඛො ගහපති පුත්ත, අරියසාවකො’ ආදී කරුණු දැක්වෙන සූත්‍ර ගෙනහැර පෑ යුතුය.
මජ්ජපානා ච සංයමො නාම පුබ්බෙ වුත්තසුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණියාවෙතං අධිවචනං. යස්මා පන මජ්ජපායී අත්ථං න ජානාති, ධම්මං න ජානාති, මාතුපි අන්තරායං කරොති, පිතු බුද්ධපච්චෙකබුද්ධතථාගතසාවකානම්පි අන්තරායං කරොති, දිට්ඨෙව ධම්මෙ ගරහං, සම්පරායෙ දුග්ගතිං, අපරාපරියායෙ උම්මාදඤ්ච පාපුණාති. මජ්ජපානා පන සංයතො තෙසං දොසානං වූපසමං තබ්බිපරීතගුණසම්පදඤ්ච පාපුණාති. තස්මා අයං මජ්ජපානා සංයමො “මඞ්ගල”න්ති වෙදිතබ්බො.
මජ්ජපානා සංයමො කලින් කියන ලද පරිදි, පමාවට හේතුවන, මත්බව ඇති කරන, පෙරන ලද හෝ පැසවන ලද සුරා පානයෙන් වැළකීම යන්නට සමාන වචනයකි. එසේ මත්වන තැනැත්තා වැටහීමක්, අරුතක් නොදනී. දහම - හොඳ නරක නොදනී. මවට අනතුරක් කරයි. පියාට, බුදු පසේ බුදු තථාගත සව්වනටද අනතුරක් කරයි. මේ ජීවිත කාලය තුල ගැරහීමටත්, මරණින් පසු දුගතියටත් ඇතැම්විට උමතුවටද පැමිණේ. මත්වන දෑ ගැනීමෙන් හෝ පානයෙන් තොර වූ තැනැත්තා එබඳු වරදට පත් නොවන හෙයින්, උසස් ගුණ සමුදායකට පත්වෙයි. එහෙයින් මතින් හික්මීම මංගල යැයි දතයුතුය.
කුසලෙසු ධම්මෙසු අප්පමාදො නාම “කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනට්ඨිතකිරියතා ඔලීනවුත්තිතා නික්ඛිත්තඡන්දතා නික්ඛිත්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං අනධිට්ඨානං අනනුයොගො පමාදො. යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං, අයං වුච්චති පමාදො”ති (විභ· 846) එත්ථ වුත්තස්ස පමාදස්ස පටිපක්ඛනයෙන අත්ථතො කුසලෙසු ධම්මෙසු සතියා අවිප්පවාසො වෙදිතබ්බො. සො නානප්පකාරකුසලාධිගමහෙතුතො අමතාධිගමහෙතුතො ච “මඞ්ගල”න්ති වුච්චති. තත්ථ “අප්පමත්තස්ස ආතාපිනො”ති (ම· නි· 2.18-19; අ· නි· 5.26) ච “අප්පමාදො අමතපද”න්ති (ධ· ප· 21) ච එවමාදි සත්ථුසාසනං අනුස්සරිතබ්බං.
[missing trans]
එවං ඉමිස්සා ගාථාය පාපා විරති, මජ්ජපානා සංයමො, කුසලෙසු ධම්මෙසු අප්පමාදොති තීණි මඞ්ගලානි වුත්තානි, මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මේ ගාථාවෙන් පාපයෙන් වැළකීම, මත්වන දේ පානයෙන් වැළකීම, කුසල් දහම්හි නොපමාව නියැලීම යන මංගල කරුණු තුනක් කියන ලදී. එහි යහපත් බවද පැහැදිලි කරන ලදී.
නිට්ඨිතා ආරතී විරතීති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
ආරති විරති පාපා යන මේ ගාථාවෙහි විස්තර නිමියේය.
ඉදානි ගාරවො චාති එත්ථ ගාරවොති ගරුභාවො. නිවාතොති නීචවුත්තිතා. සන්තුට්ඨීති සන්තොසො. කතස්ස ජානනතා කතඤ්ඤුතා. කාලෙනාති ඛණෙන සමයෙන. ධම්මස්ස සවනං ධම්මස්සවනං. සෙසං වුත්තනයමෙවාති අයං පදවණ්ණනා.
දැන් ගාරවොච යන ගාථාවයි. ගාරවො ගරු කටයුතු බවයි. නිවාතො යටත් පැවතුම් ඇති බව, සන්තුට්ඨි සතුට, කළගුණය දන්නා බව, කතඤ්ඤුතා, කාලෙන සුදුසු කාලයෙහි, දහම් ඇසීම ධම්ම සවණං ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය. මේ වචනවල තේරුමය.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – ගාරවො නාම ගරුකාරපයොගාරහෙසු බුද්ධපච්චෙකබුද්ධතථාගතසාවකආචරියුපජ්ඣායමාතාපිතුජෙට්ඨභාතිකභගිනිආදීසු යථානුරූපං ගරුකාරො ගරුකරණං සගාරවතා. ස්වායං ගාරවො යස්මා සුගතිගමනාදීනං හෙතු. යථාහ –
විස්තර මෙසේ දතයුතුය. ගාරවො ගරු කටයුතු බවට සුදුසු වූ බුදු, පසේ බුදු, තථාගත සාවකයන්, ගුරුවරුන්, උපජ්ඣාය හෙවත් ගුරු හිමිවරුන්, දෙටු සොයුරු සොයුරියන් ආදීන්ට ගැළපෙන පරිදි ගරු කිරීම, ගරු බුහුමන් දැක්වීම, ඒ ගරුසැළකිලි දැක්වීම සුගති ගමනට හේතු වේ.
“ගරුකාතබ්බං ගරුං කරොති, මානෙතබ්බං මානෙති, පූජෙතබ්බං පූජෙති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා…පෙ… උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, උච්චාකුලීනො හොතී”ති (ම· නි· 3.295).
‘ගරු කළ යුත්තාට ගරු කිරීමද, බුහුමන් දැක්විය යුත්තාට බුහුමන් කරයිද, පිදිය යුත්තන්ට පූජා කරයිද, ඒ තැනැත්තා ඒ කටයුතුවලින්, ඒ බලයෙන් කය බිඳී මරණින් පසු සුගති වූ දෙව්ලොව ඉපදී. යම්ලෙසකින් දෙව්ලොව නූපදී නම්, මිනිසත් බව ලැබ, යම් යම් තැන ඉපදෙයිද, උසස් යයි සම්මත පවුලකට අයත් වෙතැ’යි කීහ.
යථා චාහ – “සත්තිමෙ, භික්ඛවෙ, අපරිහානියා ධම්මා. කතමෙ සත්ත? සත්ථුගාරවතා”තිආදි (අ· නි· 7.32-33). තස්මා “මඞ්ගල”න්ති වුච්චති.
එසේම, ‘මහණෙනි, පිරිහීමට හේතු නොවන කරුණු සතකි. ඒ කවරේද? නායකයාට ගරුකිරීම ආදී ලෙසින්’ යැයි ද කියා ඇත. එහෙයින් මංගල යැයි කියනු ලැබේ.
නිවාතො නාම නීචමනතා නිවාතවුත්තිතා, යාය සමන්නාගතො පුග්ගලො නිහතමානො නිහතදප්පො පාදපුඤ්ඡනචොළකසමො ඡින්නවිසාණුසභසමො උද්ධටදාඨසප්පසමො ච හුත්වා සණ්හො සඛිලො සුඛසම්භාසො හොති, අයං නිවාතො. ස්වායං යසාදිගුණපටිලාභහෙතුතො “මඞ්ගල”න්ති වුච්චති. ආහ ච – “නිවාතවුත්ති අත්ථද්ධො, තාදිසො ලභතෙ යස”න්ති එවමාදි (දී· නි· 3.273).
නිවාතො යටත් බව, යටහත් පැවතුම් ඇති බවයි, මෙබඳු තැනැත්තා නිහතමානීව, ආඩම්බර නොවී, පා පිස්නා රෙදිකඩක් බඳුව, අං බිඳුණු ගොනෙකු බඳුව, දළ උදුරා දැමූ සපෙකු බඳුව, මුදු වදනින් කතාබහ කරයි. මෙය යටහත් බවයි. මෙසේ කිතුරාව පැතිරීම් ආදී ගුණ ලබන බැවින් මංගල යැයි කියනු ලැබේ.
සන්තුට්ඨි නාම ඉතරීතරපච්චයසන්තොසො, සො ද්වාදසවිධො හොති. සෙය්යථිදං – චීවරෙ යථාලාභසන්තොසො, යථාබලසන්තොසො, යථාසාරුප්පසන්තොසොති තිවිධො. එවං පිණ්ඩපාතාදීසු.
සන්තුට්ඨි ලැබෙන සිවුපසය කෙබඳු ආකාර වුවත්, එහි සතුටට පත්විමයි, එය දොළොස් ආකාරය, ඒ කෙසේද? ලැබෙන ආකාරයට සිවුරු පිළිබඳවත්, සිවුරෙහි සොබාවය ගැනත්, සිවුරෙහි සුදුසු බව ගැනත්, යන තුන් ආකාරයෙන් සෑහීමට පත්වේ. පිඬු පිණිස ලැබෙන ආහාරය ගැනද මෙසේමය.
තස්සායං පභෙදවණ්ණනා – ඉධ භික්ඛු චීවරං ලභති සුන්දරං වා අසුන්දරං වා, සො තෙනෙව යාපෙති, අඤ්ඤං න පත්ථෙති, ලභන්තොපි න ගණ්හාති, අයමස්ස චීවරෙ යථාලාභසන්තොසො. අථ පන ආබාධිකො හොති, ගරුං චීවරං පාරුපන්තො ඔණමති වා කිලමති වා. සො සභාගෙන භික්ඛුනා සද්ධිං තං පරිවත්තෙත්වා ලහුකෙන යාපෙන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස චීවරෙ යථාබලසන්තොසො. අපරො භික්ඛු පණීතපච්චයලාභී හොති, සො පට්ටචීවරාදීනං අඤ්ඤතරං මහග්ඝං චීවරං ලභිත්වා “ඉදං ථෙරානං චිරපබ්බජිතානං බහුස්සුතානඤ්ච අනුරූප”න්ති තෙසං දත්වා අත්තනා සඞ්කාරකූටා වා අඤ්ඤතො වා කුතොචි නන්තකානි උච්චිනිත්වා සඞ්ඝාටිං කත්වා ධාරෙන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස චීවරෙ යථාසාරුප්පසන්තොසො.
එහි බෙදා දක්වන විස්තරයයි මේ. පැවිද්දෙක් යහපත් හෝ අයහපත් වූ සිවුරක් ලැබෙයිද, ඒ පැවිද්දා එයින්ම යැපෙයි. වෙනත් සිවුරක් බලාපොරොත්තු නොවේ. ලැබුණද එය පිළි නොගනී. මෙය චීවරෙ යථාලාභ සන්තොසො, විටක රෝගී වුවහොත්, ඝන-දළ-බර සිවුරක් පොරවනවිට, අපහසුතාවකට හෝ වෙහෙසට හෝ පත්වේද, ඒ පැවිද්දා සමාන පැවතුම් ඇති වෙනත් පැවිද්දකු සමග මාරුකොට සැහැල්ලුවෙන් සිටිමින් සෑහීමට පත්වෙයි. මෙයද චීවරෙ යථාබල සන්තොසො වේ. තවත් පැවිද්දෙක් අගනා පටපිළි ආදියෙන් නිමවන ලද වෙනත් වටිනා සිවුරක් ලැබ, ‘මෙය දිගු කලක් පැවිදිව වෙසෙන, බොහෝ ඇසූ පිරූ බවට පත් තෙරුන් වහන්සේලාට සුදුසු’ යැයි උන්වහන්සේලාට දී, තමා කසල ගොඩකින් හෝ වෙනත් කිසියම් තැනක හැර දමන ලද පළුදු වූ රෙදි තෝරාගෙන, සඟල සිවුරක් සේ දරන නමුදු සෑහීමට පත්වෙයි. මෙය චීවරෙ යථාසාරුප්පසන්තොසො වේ.
ඉධ පන භික්ඛු පිණ්ඩපාතං ලභති ලූඛං වා පණීතං වා, සො තෙනෙව යාපෙති, අඤ්ඤං න පත්ථෙති, ලභන්තොපි න ගණ්හාති, අයමස්ස පිණ්ඩපාතෙ යථාලාභසන්තොසො. අථ පන ආබාධිකො හොති, ලූඛං පිණ්ඩපාතං භුඤ්ජිත්වා බාළ්හං රොගාතඞ්කං පාපුණාති, සො සභාගස්ස භික්ඛුනො තං දත්වා තස්ස හත්ථතො සප්පිමධුඛීරාදීනි භුඤ්ජිත්වා සමණධම්මං කරොන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස පිණ්ඩපාතෙ යථාබලසන්තොසො. අපරො භික්ඛු පණීතං පිණ්ඩපාතං ලභති, සො “අයං පිණ්ඩපාතො ථෙරානං චිරපබ්බජිතානං අඤ්ඤෙසඤ්ච පණීතපිණ්ඩපාතං විනා අයාපෙන්තානං සබ්රහ්මචාරීනං අනුරූපො”ති තෙසං දත්වා අත්තනා පිණ්ඩාය චරිත්වා මිස්සකාහාරං භුඤ්ජන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස පිණ්ඩපාතෙ යථාසාරුප්පසන්තොසො.
මෙහිදී පැවිද්දා පිඬු පිණිස රළු හෝ රසවත් හෝ අහරක් ලැබ, එයින්ම යැපෙයිද, වෙනත් ආහාරයක් බලාපොරොත්තු නොවෙයි ද, වෙනත් අහරක් ලැබුණද එය පිළිනොගනීද මෙය පිණ්ඩපාතෙ යථාලාභසන්තොසො වේ. ඉක්බිති රෝගීව, පිඬු පිණිස ලද රළු ආහාරය වළඳා දැඩිසේ ගිලන් බවට පැමිණේද, සමාන පැවතුම් ඇති පැවිද්දෙකුට එය දී, ඒ පැවිද්දාගේ අතින් ගිතෙල්, මීපැණි, කිරි ආදිය අනුභවකොට මහණ දම් පුරමින් සෑහීමට පත්වෙයි. මෙය පිණ්ඩපාතෙ යථාබලසන්තොසො වේ. තවත් මහණක් රසවත් පිඬු අහරක් ලබයි, ‘මේ පිඬු පිණිස ලද ආහාරය, දිගු කලක සිට පැවිදිව සිටින, රසවත් පිඬු අහරක් නොලද, එක්ව බඹසර හැසිරෙන වෙනත් මහණුන්ට සුදුසු’ යැයි දී තමන් පිඬු පිණිස හැසිර, නොයෙක් කවලම් වූ ආහාර වළඳමින් ද සෑහීමට පත්වෙයි. මෙය පිණ්ඩපාතෙ යථාසාරුප්ප සන්තොසො වේ.
ඉධ පන භික්ඛුනො සෙනාසනං පාපුණාති, සො තෙනෙව සන්තුස්සති, පුන අඤ්ඤං සුන්දරතරම්පි පාපුණන්තං න ගණ්හාති, අයමස්ස සෙනාසනෙ යථාලාභසන්තොසො. අථ පන ආබාධිකො හොති, නිවාතසෙනාසනෙ වසන්තො අතිවිය පිත්තරොගාදීහි ආතුරීයති, සො සභාගස්ස භික්ඛුනො තං දත්වා තස්ස පාපුණනකෙ සවාතසීතලසෙනාසනෙ වසිත්වා සමණධම්මං කරොන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස සෙනාසනෙ යථාබලසන්තොසො. අපරො භික්ඛු සුන්දරං සෙනාසනං පත්තම්පි න සම්පටිච්ඡති “සුන්දරසෙනාසනං පමාදට්ඨානං, තත්ර නිසින්නස්ස ථිනමිද්ධං ඔක්කමති, නිද්දාභිභූතස්ස ච පුන පටිබුජ්ඣතො කාමවිතක්කා සමුදාචරන්තී”ති, සො තං පටික්ඛිපිත්වා අබ්භොකාසරුක්ඛමූලපණ්ණකුටීසු යත්ථ කත්ථචි නිවසන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස සෙනාසනෙ යථාසාරුප්පසන්තොසො.
මේ අතර මහණුන් වහන්සේ සෙනසුනකට පැමිණෙති. එයින්ම සෑහීමට පත්ව, නැවත ඒ සෙනසුනට වඩා හොඳ සෙනසුනක් ලැබුණද, එය නොසළකයි. මෙය ඒ මහණන්ගේ සෙනාසනෙ යථාලාභ සන්තොසො වෙයි. ඉක්බිතිව වාතය හරිහැටි නොලබන, සෙනසුනක වසමින්, පිත් රෝගාදියෙන් දැඩි සේ ගිලන් වේද, සමාන පැවතුම් ඇති මහණක් හට ඒ සෙනසුන දී, ඒ මහණ පැමිණිවිට (තමන්) සීතල වාතය ලැබෙන සෙනසුනෙක වැස, මහණදම් පුරයිද එයින් සෑහීමට පත්වේමය. මෙය ඒ මහණගේ, සෙනාසනෙ යථාබලසන්තොසො වේ. තවද පැවිද්දා හොඳ සෙනසුනකට පැමිණියද, එය පිළිනොගනී. ඒ යහපත් සෙනසුන (මහණදම් වැඩීම) අතපසු කරන තැනකි. එහි හිඳිනවිට අලස බව හා නිදිමත ඇතිකරයි. නිදා පිබිදිවිට ආසා සිතිවිලි හටගනී’ යැයි එය පිළිකෙව් කොට, එළිමහනෙහි, රුක්මුල්හි, තණසෙවිලි කුටි වැනි කොතැනක වාසය කළද, සෑහීමට පත්වෙයි. මේ පැවිද්දාගේ සෙනාසනෙ යථාසාරුප්පසන්තොසො වේ.
ඉධ පන භික්ඛු භෙසජ්ජං ලභති හරීතකං වා ආමලකං වා, සො තෙනෙව යාපෙති, අඤ්ඤෙහි ලද්ධං සප්පිමධුඵාණිතාදිම්පි න පත්ථෙති, ලභන්තොපි න ගණ්හාති, අයමස්ස ගිලානපච්චයෙ යථාලාභසන්තොසො. අථ පන ආබාධිකො තෙලෙන අත්ථිකො ඵාණිතං ලභති, සො තං සභාගස්ස භික්ඛුනො දත්වා තස්ස හත්ථතො තෙලෙන භෙසජ්ජං කත්වා සමණධම්මං කරොන්තොපි සන්තුට්ඨොව හොති, අයමස්ස ගිලානපච්චයෙ යථාබලසන්තොසො. අපරො භික්ඛු එකස්මිං භාජනෙ පූතිමුත්තහරීතකං ඨපෙත්වා එකස්මිං චතුමධුරං “ගණ්හථ, භන්තෙ, යදිච්ඡසී”ති වුච්චමානො සචස්ස තෙසං ද්වින්නං අඤ්ඤතරෙනපි බ්යාධි වූපසම්මති, අථ “පූතිමුත්තහරීතකං නාම බුද්ධාදීහි වණ්ණිතං, අයඤ්ච පූතිමුත්තභෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා, තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයො”ති (මහාව· 128) වුත්තන්ති චින්තෙන්තො චතුමධුරභෙසජ්ජං පටික්ඛිපිත්වා මුත්තහරීතකෙන භෙසජ්ජං කරොන්තොපි පරමසන්තුට්ඨොව හොති, අයමස්ස ගිලානපච්චයෙ යථාසාරුප්පසන්තොසො.
මෙහිදී පැවිද්දා අරළු හෝ නෙල්ලි හෝ බෙහෙත් සේ ලැබ එයින්ම යැපෙයි. වෙනත් මහණුන් ලද ගිතෙල්, මීපැණි ආදිය ද බලාපොරොත්තු නොවෙයි. ඒවා ලැබුණද පිළිනොගනී. මෙය ගිලානපච්චයෙ යථාබලසන්තොසො වේ. ඉක්බිති ගිලන් වූ විටක තෙල් අවැසි ව, (උක්) පැණි ආදිය ලැබෙයි. ඒ මහණ එය සමාන පැවතුම් ඇති පැවිද්දෙකුට දී, ඒ පැවිද්දා වෙතින් තෙල් බෙහෙත් ගෙන මහණදම් පුරන්නේ සෑහීමට පත්වෙයි. තවද පැවිද්දා, එකම බඳුනක ගවමුත්ර හා අරළු බහා, තවත් බඳුනක චතුමධුර (ගිතෙල්, මීපැණි, උක්සකුරු, තල) බහා ‘හිමියනි, කැමති යම් දෙයක් පිළිගත මැනවැ’යි කියද්දී, ‘ඒ බෙහෙත් දෙකෙන් එකකින් රෝගය සුවවේද, එයින් ගවමුත්ර - අරළු නම් බුදුවරුන් අගය කරන ලද, මෙහිද, ‘පැවිදි ජීවිතයෙහි බෙහෙත් ගවමුත්රය, එබැවින් එය පරිහරණයෙහි ඔබ දිවිහිමියෙන් උත්සාහ කළ යුතු වෙයි’ යැයි කියා ඇති පරිදි ‘පූතිමුත්ත-භෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා - තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණියො’ සිහිකරමින්, චතුමධුර බෙහෙත් පිළිකෙව් කොට, ගවමුත්ර, අරළු බෙහෙත් සේ ගනිමින් ඉහළම සෑහීමක් ලබයි. මේ ඒ මහණගේ ගිලානපච්චයෙ යථාරූපසන්තොසො වෙයි.
එවං පභෙදො සබ්බොපෙසො සන්තොසො සන්තුට්ඨීති වුච්චති. සා අත්රිච්ඡතාපාපිච්ඡතාමහිච්ඡතාදීනං පාපධම්මානං පහානාධිගමහෙතුතො සුගතිහෙතුතො අරියමග්ගසම්භාරභාවතො චාතුද්දිසාදිභාවහෙතුතො ච “මඞ්ගල”න්ති වෙදිතබ්බා. ආහ ච –
මේ සියළු අයුරින්ම ලබන සතුටින් යුතු සෑහීමකට පත්වීම සන්තුට්ඨි යැයි කියනු ලැබේ. එසේ සෑහීමට පත්වීම, පමණට වඩා එක්රැස් කරගැනීම, කැමති දේ අඩුවීම සහ පවිටු බව නැති කිරීමට හේතුවන බැවින්ද, සුගතියට හේතුවන බැවින්ද, උතුම් නිවන්මඟට පිළිවෙත් වැඩීමෙන් සිවුදෙසම (තමාට) නතුවන බැවින්ද මංගල යැයි දතයුතුය.
“චාතුද්දිසො අප්පටිඝො ච හොති, සන්තුස්සමානො ඉතරීතරෙනා”ති. (සු· නි· 42; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 128) එවමාදි;
ඒ ඒ පරිදි සිවුපසයෙන් සෑහීමට පත්වීම (ඒවා නොලැබීමෙන් වන දුක-තරහ ද නැතිකරයි. ආදී ලෙසිනි.
කතඤ්ඤුතා නාම අප්පස්ස වා බහුස්ස වා යෙන කෙනචි කතස්ස උපකාරස්ස පුනප්පුනං අනුස්සරණභාවෙන ජානනතා. අපිච නෙරයිකාදිදුක්ඛපරිත්තාණතො පුඤ්ඤානි එව පාණීනං බහූපකාරානි, තතො තෙසම්පි උපකාරානුස්සරණතා “කතඤ්ඤුතා”ති වෙදිතබ්බා. සා සප්පුරිසෙහි පසංසනීයතාදිනානප්පකාරවිසෙසාධිගමහෙතුතො “මඞ්ගල”න්ති වුත්තා. ආහ ච – “ද්වෙමෙ, භික්ඛවෙ, පුග්ගලා දුල්ලභා ලොකස්මිං. කතමෙ ද්වෙ? යො ච පුබ්බකාරී, යො ච කතඤ්ඤූ කතවෙදී”ති (අ· නි· 2.120).
කතඤ්ඤුතා යම් කෙනෙකු විසින් කරන ලද මද වූ හෝ බොහෝ උපකාර නැවත නැවත සිහිකරන බැවින් අමතක නොවීමයි. එහෙත් නිරයාදී දුකෙහි රැකවරණ සේ මිනිසුන්ට බොහෝ උපකාර වන්නේ පින්දහම්ය. එහෙයින් එයද උපකාරයක් ලෙස සිහිකරන බැවින් කළගුණ දන්නා බව යැයි දතයුතුය. එය යහපත් උතුමන්ගෙන් පැසසුම් ලබන, නොයෙක් ලෙසින් උදව්වන කරුණක් බැවින් මංගල යැයි දතයුතුය. ‘මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනා ලොව දුලබ වෙති. ඒ දෙදෙනා කවරේද? පෙරළා උදව් උපකාර කරන තැනැත්තා සහ කළ උපකාරය අමතක නොවන තැනැත්තාය. ‘ද්වෙ මෙ භික්ඛවෙ පුග්ගලා දුල්ලභා ලොකස්මිං, කතමෙ ද්වෙ ? යො ච පුබ්බකාරි යො ච කතඤ්ඤු කතවෙදී’
කාලෙන ධම්මස්සවනං නාම යස්මිං කාලෙ උද්ධච්චසහගතං චිත්තං හොති, කාමවිතක්කාදීනං වා අඤ්ඤතරෙන අභිභූතං, තස්මිං කාලෙ තෙසං විනොදනත්ථං ධම්මස්සවනං. අපරෙ ආහු – පඤ්චමෙ පඤ්චමෙ දිවසෙ ධම්මස්සවනං කාලෙන ධම්මස්සවනං නාම. යථාහ ආයස්මා අනුරුද්ධො “පඤ්චාහිකං ඛො පන මයං, භන්තෙ, සබ්බරත්තිං ධම්මියා කථාය සන්නිසීදාමා”ති (ම· නි· 1.327; මහාව· 466).
කාලෙන ධම්ම සවණං යම්විටක කාමසිතිවිලිවලින් හෝ වෙනත් හැඟීම්වලින් මඬනා ලදුව, සිත උඩඟු බවට පත්වේද, එවිට එය දුරුකර ගැනීමට දහම් ඇසීම අදහස් වේ. දවස් පහෙන් පහට දහම් ඇසීම කාලෙන යන්නෙන් හැඟෙන බව’ තවත් කෙනෙක් කීහ. ‘හිමියෙනි, අපි පස්වන දවසෙහි මුළු රැයම දහම් කතාවෙන් කල් යවමු’යි ‘පඤ්චාහිකං ඛො පන මයං භන්තෙ සබ්බරත්තිං ධම්මියාකථාය සන්නිසීදාම’ ගරු අනුරුද්ධ තෙරණුවෝ කීහ.
අපිච යස්මිං කාලෙ කල්යාණමිත්තෙ උපසඞ්කමිත්වා සක්කා හොති අත්තනො කඞ්ඛාපටිවිනොදකං ධම්මං සොතුං, තස්මිං කාලෙපි ධම්මස්සවනං “කාලෙන ධම්මස්සවන”න්ති වෙදිතබ්බං. යථාහ – “තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හතී”තිආදි (දී· නි· 3.358). තදෙතං කාලෙන ධම්මස්සවනං නීවරණප්පහානචතුරානිසංසආසවක්ඛයාදිනානප්පකාරවිසෙසාධිගමහෙතුතො “මඞ්ගල”න්ති වෙදිතබ්බං. වුත්තඤ්හෙතං –
එහෙත් යම්විටක, යහපත් කලණ මිතුරෙකු වෙත පැමිණ, තම සැක දුරුකර ගැන්ම සඳහා දහම් ඇසීමට හැකිවේද, එයද කාලයෙහි දහම් ඇසීම යැයි දතයුතුය. ‘ඔවුහු වරින්වර පැමිණ විමසති, ගැටළු ගැන අසති’ ‘තෙ කාලෙන කාලං උපසංකමිත්වා පරිපුච්ඡති. පරිපඤ්හති’ යනුවෙන් සඳහන්ව ඇත. ඒ අනුව (සුදුසු) කාලයෙහි දහම් ඇසීම නීවරණ දුරු කිරිමටද, සිතේ පැසවනු ලබන කෙලෙස් නැති කිරීමෙන් මගපල ආදී නොයෙක් ආකාර වූ උසස් බවක් ලැබීමටත් හේතුවන බැවින් මංගල යැයි දතයුතුය. මෙසේ ද කියා ඇත.
“යස්මිං, භික්ඛවෙ, සමයෙ අරියසාවකො අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බං චෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති, පඤ්චස්ස නීවරණානි තස්මිං සමයෙ න හොන්තී”ති (සං· නි· 5.219) ච.
‘මහණෙනි, යම්විටක, අරිය සාවකයා සියළු සිතිවිලි එක් අරමුණකට ගෙන, අරුත් විමසා, මෙනෙහි කරමින්, මනාව සවන් යොමා දහම් අසයිද, නිවන අවුරාලන කරුණු පහ ඒ වේලාවේම නැතැ’යි වදාරන ලදී.
“සොතානුගතානං, භික්ඛවෙ, ධම්මානං…පෙ… සුප්පටිවිද්ධානං චත්තාරො ආනිසංසා පාටිකඞ්ඛා”ති (අ· නි· 4.191) ච.
මහණෙනි, සවනට යොමු වුනු දහම මැනවින් සිත දරාගැනීමෙන් අනුසස් හතරක් බලාපොරොත්තු විය යුතුය යනුවෙන්ද
“චත්තාරොමෙ, භික්ඛවෙ, ධම්මා කාලෙන කාලං සම්මා භාවියමානා සම්මා අනුපරිවත්තියමානා අනුපුබ්බෙන ආසවානං ඛයං පාපෙන්ති. කතමෙ චත්තාරො? කාලෙන ධම්මස්සවන”න්ති ච එවමාදීනි (අ· නි· 4.147).
‘මහණෙනි, වරින්වර දහම පුරුදු කිරීමෙන්ද, මනාව ඒ අනුව හැඩගැසීමෙන් ද, කෙමෙන් කෙමෙන් දැඩිව සිත පැසවන කෙලෙස් නැතිකිරීමේ දී කරුණු සතරක් වේ. ඒ කරුණු සතර කුමක්ද? සුදුසු කල්හි දහම් ඇසීම ආදී ලෙසිනි.
එවං ඉමිස්සා ගාථාය ගාරවො, නිවාතො, සන්තුට්ඨි, කතඤ්ඤුතා, කාලෙන ධම්මස්සවනන්ති පඤ්ච මඞ්ගලානි වුත්තානි, මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මේ ගාථාවෙන් ගරුකිරීම, යටත් පැවතුම් ඇති බව, සෑහීමට පත්වීමෙන් ලබන සතුට, කළගුණ දත් බව හා (ඉඩ ලැබෙන) සුදුසු කාලයේදී දහම් ඇසීම යැයි මංගල කරුණු පහක් කියන ලදී. එහි යහපත් බව ඒ ඒ පරිදි පැහැදිලි කර ඇත.
නිට්ඨිතා ගාරවො ච නිවාතො චාති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
ගාරවො ආදී මේ ගාථාවෙහි විස්තර නිමියේය.
ඉදානි ඛන්තී චාති එත්ථ ඛමනං ඛන්ති. පදක්ඛිණග්ගාහිතාය සුඛං වචො අස්මින්ති සුවචො, සුවචස්ස කම්මං සොවචස්සං, සොවචස්සස්ස භාවො සොවචස්සතා. කිලෙසානං සමිතත්තා සමණා. දස්සනන්ති පෙක්ඛනං. ධම්මස්ස සාකච්ඡා ධම්මසාකච්ඡා. සෙසං වුත්තනයමෙවාති අයං පදවණ්ණනා.
දැන් ඛන්තී ආදී ගාථාවයි. ඛන්තී ඉවසීමයි, ගරුකිරීමෙන් යුතුව, යහපත් (වැඩදායී) වචනයකැයි පිළිගනිමි’යි සුවච නම් වේ. එසේ කටයුතු කිරිම, ඒ කීකරු බව - සොවචස්සතා, කෙලෙස් සංසිඳවන බැවින් සමණ දස්සනං දැකීම, දහම පිළිබඳ කතාබහ - ධම්ම සාකච්ඡා ඉතිරි කරුණු කලින් කියන ලදී. මේ වචන තේරුමයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා ඛන්ති නාම අධිවාසනක්ඛන්ති, යාය සමන්නාගතො භික්ඛු දසහි අක්කොසවත්ථූහි අක්කොසන්තෙ, වධබන්ධාදීහි වා විහිංසන්තෙ පුග්ගලෙ අසුණන්තො විය ච අපස්සන්තො විය ච නිබ්බිකාරො හොති ඛන්තිවාදී විය. යථාහ –
විස්තර මෙසේ දතයුතුය. ඛන්ති නම් ඉවසීමේ ගුණයයි. ඉවසීමෙන් යුතු මහණුන් වහන්සේ අපහාස දනවන කරුණු දහයෙන්ම අනුන් විසින් අපහාස කරද්දී එය නොඇසුණ සේ ද, බැඳ දැමීම් වැනි දෙයින් හිංසා කරද්දී නොදුටු සේ ඛන්තිවාදී - ඉවසීම ගැනම කතා කළ තවුසා මෙන් වෙනස් නොවේ. එහෙයින් කීය -
“අහූ අතීතමද්ධානං, සමණො ඛන්තිදීපනො; තං ඛන්තියායෙව ඨිතං, කාසිරාජා අඡෙදයී”ති. (ජා· 1.4.51);
‘පෙර ඛන්තිදීපන නම් තවුස් පැවිද්දෙක් විය. කසී රජු ඒ තවුසා කඩ කඩ කොට කැපීය. තවුසා (තරහ නොගෙන) ඉවසීමෙන්ම සිටියේ’ යැයි.
භද්දකතො වා මනසි කරොති තතො උත්තරි අපරාධාභාවෙන ආයස්මා පුණ්ණත්ථෙරො විය. යථාහ –
ගරු කටයුතු පුණ්ණ තෙරුන් මෙන් (එවැනි දේ) වරදක්, අපරාධයක් ලෙස තරහ නොගනිමින් වඩාත් යහපත් ලෙස මෙනෙහි කරයි. ඒ ගැන මෙසේ සඳහන්ය.
“සචෙ මං, භන්තෙ, සුනාපරන්තකා මනුස්සා අක්කොසිස්සන්ති පරිභාසිස්සන්ති, තත්ථ මෙ එවං භවිස්සති ‘භද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ පාණිනා පහාරං දෙන්තී’”තිආදි (ම· නි· 3.396; සං· නි· 4.88).
‘හිමියෙනි, මට සුණාපරන්තයෙහි මිනිසුන් අපහාස කරත්ද, උපහාසයට ලක් කරත්ද, මෙසේ සිතෙයි. මේ සුණාපරන්තයෙහි මිනිසුන් අතින් පහර නොදෙනු ඇත. සුණාපරන්ත මිනිසුන් ඉතා හොඳය.’
යාය ච සමන්නාගතො ඉසීනම්පි පසංසනීයො හොති. යථාහ සරභඞ්ගො ඉසි –
මෙබඳු ගුණයෙන් යුතු තැනැත්තා ඉසිවරුන්ගේ ද පැසසුමට ලක්වෙයි. සරභංග ඉසිවරයා කීය -
“කොධං වධිත්වා න කදාචි සොචති, මක්ඛප්පහානං ඉසයො වණ්ණයන්ති; සබ්බෙසං වුත්තං ඵරුසං ඛමෙථ, එතං ඛන්තිං උත්තමමාහු සන්තො”ති. (ජා· 2.17.64);
‘තරහෙන් කරනු ලබන වද වේදනා ගැන කිසිකලකත් කණගාටු නොවේ, ඉසිවරුන් විසින් ගුණමකු බවින් තොරවීම පසසනු ලබයි. නපුරු වචන පවසන ලද සියල්ලන්ටම කමා කරව, ඒ ඉවසීම උතුම් යැයි.
දෙවතානම්පි පසංසනීයො හොති. යථාහ සක්කො දෙවානමින්දො –
ඉවසීම දේවතාවුන්ද පැසසුම් කරන ලදී. සක්දෙවිඳු කීය -
“යො හවෙ බලවා සන්තො, දුබ්බලස්ස තිතික්ඛති; තමාහු පරමං ඛන්තිං, නිච්චං ඛමති දුබ්බලො”ති. (සං· නි· 1.250-251);
‘යම් බලවත් තැනැත්තෙක් දුබලයාට (ඔහු කරන කියන නපුරු දෙයට) ඉවසයිද, දුබලයාට එසේ නිති කමා කරයිද, එය උසස්ම ඉවසීම යැයි.
බුද්ධානම්පි පසංසනීයො හොති. යථාහ භගවා –
බුදුවරුන්දගේද පැසසුම් ලැබීමට සුදුසුය. භාග්‍යවතුන් වහන්සේ කීහ -
“අක්කොසං වධබන්ධඤ්ච, අදුට්ඨො යො තිතික්ඛති; ඛන්තීබලං බලානීකං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති. (ධ· ප· 399);
‘අපහාසයද, වධහිංසා හා බැඳ දැමීමද, යම් පුද්ගලයෙක් නොකිපී ඉවසයිද, ඉවසීම බල ඇණියක් කොට ඇති (කෙලෙස් නැසූ) ඒ තැනැත්තා බමුණකැයි මම කියමි’.
සා පනෙසා ඛන්ති එතෙසඤ්ච ඉධ වණ්ණිතානං අඤ්ඤෙසඤ්ච ගුණානං අධිගමහෙතුතො “මඞ්ගල”න්ති වෙදිතබ්බා.
මෙසේ අගය කරන ලද මෙම ඉවසීමේ ගුණයද, වෙනත් යහගුණද ලැබීමේ හේතුවෙන් මංගල යැයි දතයුතුය.
සොවචස්සතා නාම සහධම්මිකං වුච්චමානෙ වික්ඛෙපං වා තුණ්හීභාවං වා ගුණදොසචින්තනං වා අනාපජ්ජිත්වා අතිවිය ආදරඤ්ච ගාරවඤ්ච නීචමනතඤ්ච පුරක්ඛත්වා “සාධූ”ති වචනකරණතා. සා සබ්රහ්මචාරීනං සන්තිකා ඔවාදානුසාසනීපටිලාභහෙතුතො දොසප්පහානගුණාධිගමහෙතුතො ච “මඞ්ගල”න්ති වුච්චති.
සොවචස්සතා නම් (දියුණුවට) යහපත් අවවාද කරනු ලබනවිට සිත අවුලට පත්කර නොගෙන, නිහඬව නොසිට හෝ එහි ගුණදොස් සිතීමට හෝ නොපැමිණ, ඉමහත් ආදරයෙන් හා ගරු සැළකිලිමත්ව, යටහත් සිත පෙරදැරිව ‘යහපතැ’යි කියා පිළිගැනීමයි. එය එක්ව වාසය කරන්නන්ගේ ඇසුරින් අවවාද උපදෙස් ලැබීමට හේතුවන බැවින්ද වැරදි නැතිකර ගැනීමට ලැබෙන හෙයින්ද මංගල යැයි කියනු ලැබේ.
සමණානං දස්සනං නාම උපසමිතකිලෙසානං භාවිතකායවචීචිත්තපඤ්ඤානං උත්තමදමථසමථසමන්නාගතානං පබ්බජිතානං උපසඞ්කමනුපට්ඨානඅනුස්සරණසවනදස්සනං, සබ්බම්පි ඔමකදෙසනාය “දස්සන”න්ති වුත්තං. තං “මඞ්ගල”න්ති වෙදිතබ්බං. කස්මා? බහූපකාරත්තා. ආහ ච – “දස්සනම්පහං, භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහූපකාරං වදාමී”තිආදි (ඉතිවු· 104). යතො හිතකාමෙන කුලපුත්තෙන සීලවන්තෙ භික්ඛූ ඝරද්වාරං සම්පත්තෙ දිස්වා යදි දෙය්යධම්මො අත්ථි, යථාබලං දෙය්යධම්මෙන පතිමානෙතබ්බා. යදි නත්ථි, පඤ්චපතිට්ඨිතං කත්වා වන්දිතබ්බා. තස්මිං අසම්පජ්ජමානෙ අඤ්ජලිං පග්ගහෙත්වා නමස්සිතබ්බා, තස්මිම්පි අසම්පජ්ජමානෙ පසන්නචිත්තෙන පියචක්ඛූහි සම්පස්සිතබ්බා. එවං දස්සනමූලකෙනාපි හි පුඤ්ඤෙන අනෙකානි ජාතිසහස්සානි චක්ඛුම්හි රොගො වා දාහො වා උස්සදා වා පිළකා වා න හොන්ති, විප්පසන්නපඤ්චවණ්ණසස්සිරිකානි හොන්ති චක්ඛූනි රතනවිමානෙ උග්ඝාටිතමණිකවාටසදිසානි , සතසහස්සකප්පමත්තං දෙවෙසු ච මනුස්සෙසු ච සබ්බසම්පත්තීනං ලාභී හොති. අනච්ඡරියඤ්චෙතං, යං මනුස්සභූතො සප්පඤ්ඤජාතිකො සම්මා පවත්තිතෙන සමණදස්සනමයෙන පුඤ්ඤෙන එවරූපං විපාකසම්පත්තිං අනුභවෙය්ය, යත්ථ තිරච්ඡානගතානම්පි කෙවලං සද්ධාමත්තකජනිතස්ස සමණදස්සනස්ස එවං විපාකසම්පත්තිං වණ්ණයන්ති –
සමණානං දස්සනං - කෙලෙසුන් නසන ලද, වඩනා ලද පුරුදු කරන ලද කය, සිත වචනයෙහි තියුණු නුවණැති ඒ අනුවම ඉඳුරන් දමනයෙහි යුතු, පැවිදි හිමිවරුන් වෙත එළඹීම, සිහිකිරිම, කියන දෙයට සවන් යොමුකිරීම හා බැහැදැකීමයි. සියල්ලම ඔමක දේශනාවෙන් දර්ශනයයි දේශනා කරන ලදී. (“ඔමක” යන වචනයේ අර්ථය නම් වටිනාකමින් අඩු ය යන්නයි. අටුවාවේ “සමණානං දස්සනං නාම උපසමිතකිලෙසානං භාවිතකායවචීචිත්තපඤ්ඤානං උත්තමදමථසමථසමන්නාගතානං පබ්බජිතානං උපසඞ්කමනුපට්ඨානානුස්සරණස්සවනදස්සනං“ යනුවෙන් අර්ථ සමණානං දස්සනං පදයට අර්ථ දී ඇත. ඒ අනුව “සමණානං දස්සනං - ශ්රමණයන් දැකීම” යන මෙයින් සංසිඳුණු කෙළෙස් ඇති, වඩනා ලද සිත්, ප්‍රඥා ඇති, උසස් වූ හික්මීමකින්, සමථයකින් සමන්විත පැවිද්දන් වෙත එළඹීම, උපස්ථානය කිරීම, ගුණ සිහි කිරීම, ශ්‍රවණය, දර්ශනය යන සියල්ල ම සංග්‍රහ වේ. වෙත එළඹීම ආදී උසස් කුසලයන්ට වඩා දර්ශන කුසලය (දැකීමේ කුසලය) වටිනාකමින් අඩු ය. ඒ වටිනාකමෙන් අඩු කුසලයාගේ වශයෙන් සූත්‍ර පාළියෙහි “සමණානඤ්ච දස්සනං“ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.) එය මංගල යැයි දතයුතුය. කවර හෙයින්ද? බොහෝ උපකාර සලසන බැවිනි. ‘මහණෙනි, ඒ පැවිදි හිමිවරුන් දැකීමද බොහෝ වැඩදායක යැයි මම කියමි. ‘දස්සනම්පහං භික්ඛවෙ තෙසං භික්ඛූනං බහුකාරන්ති වදාමි’ ආදී ලෙසින් දක්වා ඇත. තම හිතසුව කැමති වන කුලපුතකු විසින් සිල්වත් පැවිදි හිමිනමක් නිවසෙහි දොරටුව ළඟට පැමිණි බව දැක, දීමට සුදුසු දෙයක් වේ නම්, හැකි අයුරින් එයින් පිදිය යුතුය. දීමට දෙයක් නොමැති නම්, පසඟ පිහිටුවා වැඳිය යුතුය. එයද ඉටුකළ නොහැකි නම්, පහන් සිතින් පියකරු ඇසින් දැකිය යුතුය. මෙසේ දැකීම පමණින්ම ඇතිවන, සිත පිනා යාමෙන්, මතු උපදනා සියදහස් වාරයකදී රෝගයක් හෝ දැවිල්ලක් හෝ විකල් බවක් හෝ ගෙඩි-ඉන්නන් හට නොගනී. නෙත්, රන් විමනක විවර වූ, පස්වල්පැහැයෙන් පැහැබරව දිදුලන, මැණික් කවුළුවක සිරි ගනී. කප් සියදහසක් පමණ දෙවියන් අතරද මිනිසුන් අතරද සියළු සැප සම්පත් ලබයි. මනා පැවතුම් ඇති පැවිදි නමක දැකීම පමණක් වූ පිනින් යමෙකු මිනිසත් බව ලැබ මෙබඳු සම්පත් විඳින්නේ ද එය අරුමයක් නොවේ. තිරිසන් බව ලැබූවන් ද, හුදෙක් හටගත් සැදැහැයෙන් පැවිදි හිමිවරු දැකීමෙන් මෙබඳු සම්පත් ලැබූහයි අගයනු ලැබේ.
“උලූකො මණ්ඩලක්ඛිකො, වෙදියකෙ චිරදීඝවාසිකො; සුඛිතො වත කොසියො අයං, කාලුට්ඨිතං පස්සති බුද්ධවරං.
‘වෙදියක (පව්වෙහි) බොහෝ කලක් වාසය කරන, රවුම් ඇස් ඇති මේ බකමූණා (බස්සා) ඒකාන්තයෙන්ම සුවපත් වූයේ, උදෑසන පිබිදුණු උතුම් බුදුරජාණන් වහන්සේ දකී.’
“මයි චිත්තං පසාදෙත්වා, භික්ඛුසඞ්ඝෙ අනුත්තරෙ; කප්පානං සතසහස්සානි, දුග්ගතිං සො න ගච්ඡති.
‘මා කෙරෙහි ද උතුම් බික්සඟන කෙරෙහි ද සිත පහදවා, කප් සියදහසක් දුගතියට නොයයි.’
“දෙවලොකා චවිත්වාන, කුසලකම්මෙන චොදිතො; භවිස්සති අනන්තඤාණො, සොමනස්සොති විස්සුතො”ති. (ම· නි· අට්ඨ· 1.144; ඛු· පා· අට්ඨ· 5.10);
‘දෙව්ලොවින් චුතව, යහපත් කටයුතුවලින් මෙහෙයවන ලදුව, අනාගතයෙහි අපමණ නුවණ ලැබ සොමනස්ස යැයි පසිඳු වේ’
කාලෙන ධම්මසාකච්ඡා නාම පදොසෙ වා පච්චූසෙ වා ද්වෙ සුත්තන්තිකා භික්ඛූ අඤ්ඤමඤ්ඤං සුත්තන්තං සාකච්ඡන්ති, විනයධරා විනයං, ආභිධම්මිකා අභිධම්මං , ජාතකභාණකා ජාතකං, අට්ඨකථිකා අට්ඨකථං, ලීනුද්ධතවිචිකිච්ඡාපරෙතචිත්තවිසොධනත්ථං වා තම්හි තම්හි කාලෙ සාකච්ඡන්ති, අයං කාලෙන ධම්මසාකච්ඡා. සා ආගමබ්යත්තිආදීනං ගුණානං හෙතුතො “මඞ්ගල”න්ති වුච්චතීති.
කාලෙන ධම්මසාකච්ඡා - අඳුරු වැටෙන වේලාවෙහි හෝ අළුයම හෝ සූත්‍ර කටපාඩමෙන් දරන පැවිදි හිමිවරු දෙදෙනෙක් එහි කරුණු එකිනෙකා අතර සාකච්ඡා කරති. විනය දරන්නෝ විනයද, අබිදහම දරන්නෝ අබිදහමද, ජාතක කට පාඩමෙන් දරන්නෝ ජාතක ගාථා ද, අටුවාචාරීහු අටුවාද ගැන අඩුලුහුඩුකම් හා එකිනෙකාට මතු වූ සැක දුරුකර ගැනීම පිණිස, ඒ ඒ කාලයෙහි කතාබහ කරති. මෙය කාලයෙහි දහම් සාකච්ඡාවයි. එය ආගම පිළිබඳ වියත්බව ඇතිකර ගැනීම ආදී ගුණ හේතුවෙන් මංගල යැයි කියනු ලැබේ.
එවං ඉමිස්සා ගාථාය ඛන්ති, සොවචස්සතා, සමණදස්සනං, කාලෙන ධම්මසාකච්ඡාති චත්තාරි මඞ්ගලානි වුත්තානි, මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙසේ මේ ගාථාවෙහි ඉවසීම, කීකරු බව, පැවිදි හිමිවරුන් දැකීම, කාලයෙහි දහම් සාකච්ඡාව යැයි යහපත් කරුණු සතරක් කියන ලදී. එහි යහපත් බව අදාළ පරිදි පැහැදිලි කර ඇත.
නිට්ඨිතා ඛන්තී චාති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
ඛන්ති ආදී මේ ගාථාවෙහි විස්තරය නිමි.
ඉදානි තපො චාති එත්ථ පාපකෙ අකුසලෙ ධම්මෙ තපතීති තපො. බ්රහ්මං චරියං, බ්රහ්මානං වා චරියං බ්රහ්මචරියං, සෙට්ඨචරියන්ති වුත්තං හොති. අරියසච්චානං දස්සනං අරියසච්චාන දස්සනං. අරියසච්චානි දස්සනන්තිපි එකෙ, තං න සුන්දරං. නික්ඛන්තං වානතොති නිබ්බානං, සච්ඡිකරණං සච්ඡිකිරියා, නිබ්බානස්ස සච්ඡිකිරියා නිබ්බානසච්ඡිකිරියා. සෙසං වුත්තනයමෙවාති අයං පදවණ්ණනා.
දැන් තපො ච ආදී ගාථාවයි. පාපී-අකුසල දේ තවන බැවින්, තපො උතුම් හැසිරීම හෝ බ්‍රහ්මයන්ගේ හැසිරීම බ්රහ්මචරියං ඇත්ත (ඇති සැටියෙන්) දැකීම අරියසච්චාන දස්සනං ඇතැම් කෙනෙක් අරියසච්චානි දස්සනං යැයි කියති. එය සුදුසු නැත. වාන නම් වූ තණ්හා ආසාවෙන් නික්මුණු යන තේරුමෙන් නිබ්බාණං, අවබෝධ කිරීම - සච්ඡිකිරියා - නිබ්බාණ සච්ඡිකිරියා ඉතිරි කරුණු කියා ඇති පරිදිය. මේ වචන තේරුමයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – තපො නාම අභිජ්ඣාදොමනස්සාදීනං තපනතො ඉන්ද්රියසංවරො, කොසජ්ජස්ස වා තපනතො වීරියං. තෙන හි සමන්නාගතො පුග්ගලො ආතාපීති වුච්චති. ස්වායං අභිජ්ඣාදිප්පහානඣානාදිපටිලාභහෙතුතො “මඞ්ගල”න්ති වෙදිතබ්බො.
තේරුම් විස්තර මෙසේ දතයුතුය. තපො දැඩි ලෝභය, දොම්නස ආදිය තැවීමේ අරුතින් ඉඳුරන් හික්මවා ගැනීමයි. කුසීත බව මැඩපැවැත්වීමේ ද උත්සාහයයි. එයින් යුතු තැනැත්තා ආතාපී යනුවෙන් ද කියනු ලැබේ. මෙය දැඩි ලෝභය නැති කිරිමත්, දැහැන් ආදිය ලැබීමටත් හේතුවන බැවින් මංගල යැයි දතයුතුය.
බ්රහ්මචරියං නාම මෙථුනවිරතිසමණධම්මසාසනමග්ගානං අධිවචනං. තථා හි “අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොතී”ති (දී· නි· 1.194; ම· නි· 1.292) එවමාදීසු මෙථුනවිරති බ්රහ්මචරියන්ති වුච්චති. “භගවති නො, ආවුසො, බ්රහ්මචරියං වුස්සතී”ති එවමාදීසු (ම· නි· 1.257) සමණධම්මො. “න තාවාහං, පාපිම, පරිනිබ්බායිස්සාමි, යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධඤ්චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤ”න්ති එවමාදීසු (දී· නි· 2.168; සං· නි· 5.822; උදා· 51) සාසනං. “අයමෙව ඛො, භික්ඛු, අරියො අට්ඨඞ්ගිකො මග්ගො බ්රහ්මචරියං. සෙය්යථිදං, සම්මාදිට්ඨී”ති එවමාදීසු (සං· නි· 5.6) මග්ගො. ඉධ පන අරියසච්චදස්සනෙන පරතො මග්ගස්ස ගහිතත්තා අවසෙසං සබ්බම්පි වට්ටති. තඤ්චෙතං උපරූපරි නානප්පකාරවිසෙසාධිගමහෙතුතො “මඞ්ගල”න්ති වෙදිතබ්බං.
බ්රහ්මචරියං මෙථුනයෙන් වැළකීම හෙවත් (කායික) ලිංගික කටයුතුවලින් වැළකීමයි. මෙය මහණදම් පුරන සසුන් මගට සමාන වචනයකි. ‘අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති’ යනුවෙන් මෙබඳු තැන අදහස් වන්නේ කායික එක්වීමෙන් වැළකීමයි. ‘භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේද? ඇවැත්නි, එසේය ‘භවති නො ආවුසො බ්රහ්මචරියං වුස්සතී ති? එවමාවුසො’ මෙවැනි තැන මහණදම් අදහස් වේ. ‘පවිටු මාරය, මගේ සාසනය වැඩිදියුණු වී, බොහෝ දෙනා එහි පල ලබනතුරු, වැඩිදෙනා දැනගන්නාතුරු, මම පිරිනිවන් නොපාන්නෙමි’ - ‘න තාවාහං පාපිම, පරිනිබ්බායිස්සාමි, යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉධඤ්චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බහුජඤ්ඤං’ – ‘මෙබඳු තැන බ්රහ්මචරියං යෙදී ඇත්තේ සසුන පිළිබඳවයි. ‘මහණ, බඹසර නම් උතුම් වූ අටැඟි මගයි, කෙසේද? ඒ යහපත් දැකීම’ ආදී ලෙසිනි. ‘අයමෙ භික්ඛූ අරියො අට්ඨංගිකො මග්ගො බ්රහ්මචරියං, සෙය්යථිදං? සම්මාදිට්ඨි’ මෙබඳු තැන මග අදහස් වේ. අරි අටැඟි මග උතුම් ඇත්ත දැකීමට හේතුවන හෙයින් මෙම සූත්‍රයටද ඇතුලත් කරන ලද අනෙක් සියළු කරුණු ද වැදගත් වන අතර, මතු මතුත් (මගපල ආදී) නොයෙක් අයුරින් උසස් බවට පත්වීමට ලැබෙන බැවින් මංගල යැයි දතයුතුය.
අරියසච්චාන දස්සනං නාම කුමාරපඤ්හෙ වුත්තත්ථානං චතුන්නං අරියසච්චානං අභිසමයවසෙන මග්ගදස්සනං. තං සංසාරදුක්ඛවීතික්කමහෙතුතො “මඞ්ගල”න්ති වුච්චති.
අරියසච්චානං දස්සනං යනු විසුද්ධිමග්ගයෙහි සඳහන් කරන ලද පරිදි උතුම් ඇත්ත අවබෝධ කිරීම නම් වූ ඒ දැකීම ‘සසර දුක ඉක්මවීමට හේතුවන බැවින්ද මංගල යැයි කියනු ලැබේ.
නිබ්බානසච්ඡිකිරියා නාම ඉධ අරහත්තඵලං “නිබ්බාන”න්ති අධිප්පෙතං. තම්පි හි පඤ්චගතිවානනෙන වානසඤ්ඤිතාය තණ්හාය නික්ඛන්තත්තා “නිබ්බාන”න්ති වුච්චති. තස්ස පත්ති වා පච්චවෙක්ඛණා වා “සච්ඡිකිරියා”ති වුච්චති. ඉතරස්ස පන නිබ්බානස්ස අරියසච්චානං දස්සනෙනෙව සච්ඡිකිරියා සිද්ධා, තෙනෙතං ඉධ න අධිප්පෙතං. එවමෙසා නිබ්බානසච්ඡිකිරියා දිට්ඨධම්මසුඛවිහාරාදිහෙතුතො “මඞ්ගල”න්ති වෙදිතබ්බා.
නිබ්බාණ සච්ඡිකිරියා මෙහි රහත් පලය නිවන යැයි අදහස් වේ. එයද සසර උපත සිදුවන පස් ආකාරව දක්වා ඇති තැන්වල රඳවන (ගති) ‘වාණ’ යනුවෙන් කියනු ලබන තණ්හාව ඉක්මවන ලද බැවින් නිබ්බාණ යැයි දැක්වේ. ඒ නිවණට පැමිණීම හෝ පිරිසිඳ දැකීම හෝ අවබෝධය මින් අදහස් වේ. දුක ආදී සිවුසස් නුවණින් දැකීමෙන්ම ඒ අවබෝධය ලබනු ඇත. එහෙයින් එය මෙහිදී අදහස් නො කෙරේ. මෙම නිවන අවබෝධය මෙලොව ජීවිතයේ සුවයට හේතුවන බැවින් මංගල යැයි දතයුතුය.
එවං ඉමිස්සාපි ගාථාය තපො, බ්රහ්මචරියං, අරියසච්චාන දස්සනං, නිබ්බානසච්ඡිකිරියාති චත්තාරි මඞ්ගලානි වුත්තානි, මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මෙම ගාථාවෙන් තපස, බඹසර, උතුම් ඇත්ත දැකීම, නිවන අවබෝධය යන මංගල කරුණු සතර කියන ලදී. එහි යහපත් බවද ඒ ඒ තැන්හි පැහැදිළි කර ඇත.
නිට්ඨිතා තපො චාති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
තපො ආදී මේ ගාථාවෙහි විස්තරය නිමි.
ඉදානි ඵුට්ඨස්ස ලොකධම්මෙහීති එත්ථ ඵුට්ඨස්සාති ඵුසිතස්ස ඡුපිතස්ස සම්පත්තස්ස. ලොකෙ ධම්මා ලොකධම්මා, යාව ලොකප්පවත්ති, තාව අනිවත්තකා ධම්මාති වුත්තං හොති. චිත්තන්ති මනො මානසං. යස්සාති නවස්ස වා මජ්ඣිමස්ස වා ථෙරස්ස වා. න කම්පතීති න චලති, න වෙධති. අසොකන්ති නිස්සොකං අබ්බූළ්හසොකසල්ලං. විරජන්ති විගතරජං විද්ධංසිතරජං. ඛෙමන්ති අභයං නිරුපද්දවං. සෙසං වුත්තනයමෙවාති අයං තාව පදවණ්ණනා.
දැන් ඵුට්ඨස්ස ලොකධම්මෙහි යන ගාථාවයි. ඵුට්ඨස්ස යනු දැනෙන, පහස ලබන, (තමන් කර) පැමිණෙන, ලෝකයෙහි පවත්නා සොබාවය, (සොබා) දහම - ලොකධම්මා ලොව පැවැත්මට අදාල, නොනවතින සොබාවයි, චිත්ත සිත, සිතිවිලි, යස්ස අළුත හෝ මැද වයසේ හෝ තෙර බවට (පැවිදි) පත් වූ, න කම්පති නොසෙල්වෙයි, කම්පා නොවෙයි, අසොකං කණගාටු නොවන, සෝකය නැමති උල් උදුරා දැමූ, විරජං කෙලෙස් පහකළ, දුරුකළ, ඛෙමං බිය නැති, උවදුරු නැති, ඉතිරි කරුණු කියා ඇති පරිදිය, මේ වචන තේරුමයි.
අත්ථවණ්ණනා පන එවං වෙදිතබ්බා – ඵුට්ඨස්ස ලොකධම්මෙහි යස්ස චිත්තං න කම්පති, යස්ස ලාභාලාභාදීහි අට්ඨහි ලොකධම්මෙහි ඵුට්ඨස්ස අජ්ඣොත්ථටස්ස චිත්තං න කම්පති, න චලති, න වෙධති, තස්ස තං චිත්තං කෙනචි අකම්පනීයලොකුත්තරභාවාවහනතො “මඞ්ගල”න්ති වෙදිතබ්බං.
තේරුම් විස්තර මෙසේ දතයුතුය. ඵුට්ඨස්ස ලොක ධම්මෙහි යස්ස චිත්තං න කම්පති ලාභ අලාභ ආදී අට ලෝ දහමෙහි යම් තැනැත්තෙකුට බලපාන විට, ඒවාට මුහුණපෑමේදී එයින් සිත පීඩාවට පත් කර නොගනීද, නොසැලේද, කම්පා නොවේද, ඔහුගේ ඒ සිත කම්පානොවන - ලොවුතුරු බවට පත්කරන හෙයින්, මංගල යැයි දතයුතුය.
කස්ස පන එතෙහි ඵුට්ඨස්ස චිත්තං න කම්පති? අරහතො ඛීණාසවස්ස, න අඤ්ඤස්ස කස්සචි. වුත්තඤ්හෙතං –
මෙම අටලෝ දහමේ බලපෑමෙන් කවරකුගේ සිත කම්පා නොවේද? කෙලෙසුන් නැතිකළ අරහත් බවට පත් තැනැත්තාගේ ය. කිසිවිටකත් වෙනත් කෙනෙකුගේ නොවේ.
“සෙලො යථා එකග්ඝනො, වාතෙන න සමීරති; එවං රූපා රසා සද්දා, ගන්ධා ඵස්සා ච කෙවලා.
‘ඉතා තද ගල් පව්වක් සුළඟින් නොසෙල්වෙන්නා සේ, රූපය, හඬ, රසය, සුවඳ හා පහස ද යන සිත හා බැඳෙන, සතුටු අසතුටු (මිහිරි අමිහිරි) හැම දෙයකදීම රහතන් වහන්සේ කම්පා නොවෙති. කෙලෙසුන්ගෙන් මිදුණු සිත ඒවායේ හටගැනීම - නැතිවීම මැනවින් හඳුනාගෙන දකිත්’ යැයි කියන ලදී.
“ඉට්ඨා ධම්මා අනිට්ඨා ච, න පවෙධෙන්ති තාදිනො; ඨිතං චිත්තං විප්පමුත්තං, වයඤ්චස්සානුපස්සතී”ති. (අ· නි· 6.55; මහාව· 244);
අසොකං නාම ඛීණාසවස්සෙව චිත්තං. තඤ්හි යො “සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො චෙතසො පරිනිජ්ඣායිතත්ත”න්තිආදිනා (විභ· 237) නයෙන වුච්චති සොකො, තස්ස අභාවතො අසොකං. කෙචි නිබ්බානං වදන්ති, තං පුරිමපදෙන නානුසන්ධියති. යථා ච අසොකං, එවං විරජං ඛෙමන්තිපි ඛීණාසවස්සෙව චිත්තං. තඤ්හි රාගදොසමොහරජානං විගතත්තා විරජං, චතූහි ච යොගෙහි ඛෙමත්තා ඛෙමං. යතො එතං තෙන තෙනාකාරෙන තම්හි තම්හි පවත්තික්ඛණෙ ගහෙත්වා නිද්දිට්ඨවසෙන තිවිධම්පි අප්පවත්තක්ඛන්ධතාදිලොකුත්තමභාවාවහනතො ආහුනෙය්යාදිභාවාවහනතො ච “මඞ්ගල”න්ති වෙදිතබ්බං.
අසොකං රහත් බවට පත්වූවකුගේ සිතයි, එය සෝක කිරීම, සෝක කළ බව, සෝකයෙන් වෙළී සිටීම, යළි යළිත් සෝකයට පත්වීම, එම සිතිවිලිවලින් නැවත නැවතත් පසුතැවිල්ලට පත්වීම යනුවෙන්, ‘සොකො සොචනා, සොතිතතතං, අන්තො සොකො, අන්තො පරිසොකො, වෙතසො, පරිනිජ්ඣායිතත්තං’ ආදී ලෙසින් කියනු ලැබේ. ඒ සෝකය රහතන් වහන්සේට නොමැති බැවින්, අසෝක නම් වේ. ඇතමෙක් නිවන යයි ද කියති. එය මුල් වචනය හා නොගැළපේ. යම්සේ සෝක රහිත වූ සේම, දූවිලි ද නැති, බිය ද නැති, කෙලෙස් සිඳලන ලද තැනැත්තාගේ සිත රාග, දෝස, මෝහ යන ඇලෙන දූවිල්ලෙන් පහ වූ බැවින් විරජං සසර රඳවන කාමාදී බැඳීම් සතරින් නිදහස් වූ බැවින්, ඛෙමං මෙසේ ඒ ඒ ආකාරයෙන් ඒ ඒ තන්හි පවත්නා (ඉපදී ඇති) මොහොත දක්වා, තුන් ආකාර වූ (භවයන්හි) නොරැඳෙමින් ලොවෙහි උසස් බවටම කැඳවනු ලබන බැවින්ද, පූජා කිරීමට සුදුසු වන හෙයින්ද මංගල යැයි දතයුතුය.
එවං ඉමිස්සා ගාථාය අට්ඨලොකධම්මෙහි අකම්පිතචිත්තං, අසොකචිත්තං, විරජචිත්තං, ඛෙමචිත්තන්ති චත්තාරි මඞ්ගලානි වුත්තානි, මඞ්ගලත්තඤ්ච නෙසං තත්ථ තත්ථ විභාවිතමෙවාති.
මේ ගාථාවෙහි අටලෝ දහමෙන් කම්පා නොවූ සිත, සෝක රහිත සිත, කෙලෙස් දූවිලි නොරඳන සිත, බිය නැති සිත යැයි මංගල කරුණු සතරක් කියන ලදී. එහි යහපත් බව අදාල තන්හි පැහැදිලි කරන ලදී.
නිට්ඨිතා ඵුට්ඨස්ස ලොකධම්මෙහීති ඉමිස්සා ගාථාය අත්ථවණ්ණනා.
ඵුට්ඨස්ස ලොකධම්මෙහි යන මේ ගාථාවෙහි විස්තරය නිමි.
එවං භගවා “අසෙවනා ච බාලාන”න්තිආදීහි දසහි ගාථාහි අට්ඨතිංස මඞ්ගලානි කථෙත්වා ඉදානි එතානෙව අත්තනා වුත්තමඞ්ගලානි ථුනන්තො “එතාදිසානි කත්වානා”ති ඉමං අවසානගාථමභාසි.
භාග්‍යවතුන් වහන්සේ, මෙසේ අසෙවනා ච බාලානං ආදී ගාථා දහයකින්, තිස් අටක් මංගල කරුණු දක්වා, දැන් තමන් විසින් කියන ලද එම කරුණු මුළුමනින්ම අගයමින් එතාදිසානි කත්වාන යන මෙම අවසාන ගාථාව වදාළහ.
තස්සායං අත්ථවණ්ණනා – එතාදිසානීති එතානි ඊදිසානි මයා වුත්තප්පකාරානි බාලානං අසෙවනාදීනි. කත්වානාති කත්වා. කත්වාන කත්වා කරිත්වාති හි අත්ථතො අනඤ්ඤං. සබ්බත්ථමපරාජිතාති සබ්බත්ථ ඛන්ධකිලෙසාභිසඞ්ඛාරදෙවපුත්තමාරප්පභෙදෙසු චතූසු පච්චත්ථිකෙසු එකෙනපි අපරාජිතා හුත්වා, සයමෙව තෙ චත්තාරො මාරෙ පරාජෙත්වාති වුත්තං හොති. මකාරො චෙත්ථ පදසන්ධිකරණමත්තොති විඤ්ඤාතබ්බො.
මේ එහි තේරුම් දැක්වීමයි. එතාදිසානි අනුවණ -අයහපත් තැනැත්තන් ඇසුරු නොකිරීම වැනි මා විසින් කියන ලද එබඳු කරුණු, කත්වානි අනුගමනය කොට, වෙනසක් නොකොට, සබ්බත්ථ මපරාජිතා රූපාදි සමූහ (ඛන්ධ), කෙලෙස් අභිසංඛාර මාර, දෙවපුත්ත මාර යැයි (සසර ගමන නැවතීමට) සතුරුකාරක වූ, සතරාකාරව බෙදා දක්වා ඇති පරිදි, එකකිනුදු නොපැරදී, මුළුමනින්ම තමන් විසින් සිවුමරුන් පරාජය කොට ඇතැයි කියන ලදී. ‘ම’ අකුර වචන සන්ධි කිරීමෙහි යෙදී ඇතැයි දතයුතුය.
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්තීති එතාදිසානි මඞ්ගලානි කත්වා චතූහි මාරෙහි අපරාජිතා හුත්වා සබ්බත්ථ ඉධලොකපරලොකෙසු ඨානචඞ්කමනාදීසු ච සොත්ථිං ගච්ඡන්ති, බාලසෙවනාදීහි යෙ උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා , තෙසං අභාවා සොත්ථිං ගච්ඡන්ති, අනුපද්දුතා අනුපසට්ඨා ඛෙමිනො අප්පටිභයා ගච්ඡන්තීති වුත්තං හොති. අනුනාසිකො චෙත්ථ ගාථාබන්ධසුඛත්ථං වුත්තොති වෙදිතබ්බො.
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති මෙබඳු කරුණු අනුගමනය කොට සිවු මරුන් පරදවා මෙලොවෙහි සිටීම්, සක්මන් කිරිම් ආදී ඉරියව්වලදී ද, පරලොවෙහිදී මුළුමනින්ම සැපවත් වෙති. බාලයන් ඇසුරට ලැබුණද, කෙලෙස් දැවිලි, වෙහෙස නොවන බැවින් සැපවත් වෙති. උවදුරු නැතිව, ඇලීම් නැතිව, බිය නැතිව යති’යි කියන ලදී. අනුනාසිකය එහි ගාථාව සකස්වීමේ පහසුව සඳහා කියන ලදැයි ද දතයුතුය.
තං තෙසං මඞ්ගලමුත්තමන්ති ඉමිනා ගාථාපාදෙන භගවා දෙසනං නිට්ඨාපෙසි. කථං? එවං දෙවපුත්ත යෙ එතාදිසානි කරොන්ති, තෙ යස්මා සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති, තස්මා තං බාලානං අසෙවනාදි අට්ඨතිංසවිධම්පි තෙසං එතාදිසකාරකානං මඞ්ගලං උත්තමං සෙට්ඨං පවරන්ති ගණ්හාහීති.
තං තෙසං මංගලමුත්තමං මේ ගාථා පදයෙන් භාග්‍යවතුන් වහන්සේ දේසනය නිම කළහ. ඒ කෙසේද? දෙව්පුතුනි, මෙබඳු කරුණු අනුගමනය කරන සියල්ලෝම හැමතැනකදීම සැපවත් වෙති. එහෙයින් බාලයන් ඇසුරු නොකිරීම ආදී කරුණු තිස්අට යහපත්ය. උසස්ය. වටිනා බව දැන පිළිගෙන කටයුතු කරන ලෙස පහදා දුන්හ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේසනය නිමකරන ලදුව, කෙළසිය දහසක් දේවතාවෝ රහත් බවට පත් වූහ. සෝවාන්, සකදාගාමී, අනාගාමී ඵලයට පත්වූවෝ මෙතෙකැයි කිව නොහැකි විය.
එවඤ්ච භගවතා නිට්ඨාපිතාය දෙසනාය පරියොසානෙ කොටිසතසහස්සදෙවතා අරහත්තං පාපුණිංසු, සොතාපත්තිසකදාගාමිඅනාගාමිඵලප්පත්තානං ගණනා අසඞ්ඛ්යෙය්යා අහොසි. අථ භගවා දුතියදිවසෙ ආනන්දත්ථෙරං ආමන්තෙසි – “ඉමං, ආනන්ද, රත්තිං අඤ්ඤතරා දෙවතා මං උපසඞ්කමිත්වා මඞ්ගලපඤ්හං පුච්ඡි. අථස්සාහං අට්ඨතිංස මඞ්ගලානි අභාසිං, උග්ගණ්හ, ආනන්ද, ඉමං මඞ්ගලපරියායං, උග්ගහෙත්වා භික්ඛූ වාචෙහී”ති. ථෙරො උග්ගහෙත්වා භික්ඛූ වාචෙසි. තයිදං ආචරියපරම්පරාභතං යාවජ්ජතනා පවත්තති, එවමිදං බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතන්ති වෙදිතබ්බං.
භාග්‍යවතුන් වහන්සේ ඊට පසුදින, ආනන්ද තෙරුන් අමතා, ‘ආනන්ද, මේ (ඉකුත් වූ) රැයෙහි එක්තරා දේවතාවෙකු මා වෙත එළඹ මංගල කරුණු ගැන පැනයක් අසන ලදී. ඔහුට මම මංගල කරුණු තිස්අටක් කීවෙමි. ආනන්ද, මේ මංගල කරුණු ඉගෙන අනෙක් මහණුන්ට කියා දෙන්නැ’යි වදාළහ. ආනන්ද හිමි, මෙම මංගල කරුණු ඉගෙන අනෙක් සඟ පිරිසට පැවසූහ. එය ගුරු පරම්පරාවෙන් ගෙන එන ලදුව අද දක්වාම පවතී. මෙසේ මෙම සසුන වැඩිදියුණු වී, බොහෝ සෙයින් පතළව පැතිරී ගොස්, තවත් බොහෝ දෙනා දැනගැනීමෙන් ද, දෙව් මිනිසුන් වෙනුවෙන්ම මනාව පවසන ලදැයි දතයුතුය.
ඉදානි එතෙස්වෙව මඞ්ගලෙසු ඤාණපරිචයපාටවත්ථං අයං ආදිතො පභුති යොජනා – එවමිමෙ ඉධලොකපරලොකලොකුත්තරසුඛකාමා සත්තා බාලජනසෙවනං පහාය, පණ්ඩිතෙ නිස්සාය, පූජනෙය්යෙ පූජෙන්තා, පතිරූපදෙසවාසෙන පුබ්බෙ කතපුඤ්ඤතාය ච කුසලප්පවත්තියං චොදියමානා, අත්තානං සම්මා පණිධාය, බාහුසච්චසිප්පවිනයෙහි අලඞ්කතත්තභාවා, විනයානුරූපං සුභාසිතං භාසමානා , යාව ගිහිභාවං න විජහන්ති, තාව මාතාපිතුඋපට්ඨානෙන පොරාණං ඉණමූලං විසොධයමානා, පුත්තදාරසඞ්ගහෙන නවං ඉණමූලං පයොජයමානා, අනාකුලකම්මන්තතාය ධනධඤ්ඤාදිසමිද්ධිං පාපුණන්තා, දානෙන භොගසාරං ධම්මචරියාය ජීවිතසාරඤ්ච ගහෙත්වා, ඤාතිසඞ්ගහෙන සකජනහිතං අනවජ්ජකම්මන්තතාය පරජනහිතඤ්ච කරොන්තා, පාපවිරතියා පරූපඝාතං මජ්ජපානසංයමෙන අත්තූපඝාතඤ්ච විවජ්ජෙත්වා, ධම්මෙසු අප්පමාදෙන කුසලපක්ඛං වඩ්ඪෙත්වා, වඩ්ඪිතකුසලතාය ගිහිබ්යඤ්ජනං ඔහාය පබ්බජිතභාවෙ ඨිතාපි බුද්ධබුද්ධසාවකුපජ්ඣාචරියාදීසු ගාරවෙන නිවාතෙන ච වත්තසම්පදං ආරාධෙත්වා, සන්තුට්ඨියා පච්චයගෙධං පහාය, කතඤ්ඤුතාය සප්පුරිසභූමියං ඨත්වා, ධම්මස්සවනෙන චිත්තලීනතං පහාය, ඛන්තියා සබ්බපරිස්සයෙ අභිභවිත්වා, සොවචස්සතාය සනාථමත්තානං කත්වා, සමණදස්සනෙන පටිපත්තිපයොගං පස්සන්තා, ධම්මසාකච්ඡාය කඞ්ඛාට්ඨානියෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙත්වා, ඉන්ද්රියසංවරතපෙන සීලවිසුද්ධිං සමණධම්මබ්රහ්මචරියෙන චිත්තවිසුද්ධිං තතො පරා ච චතස්සො විසුද්ධියො සම්පාදෙන්තා, ඉමාය පටිපදාය අරියසච්චදස්සනපරියායං ඤාණදස්සනවිසුද්ධිං පත්වා අරහත්තඵලසඞ්ඛාතං නිබ්බානං සච්ඡිකරොන්ති. යං සච්ඡිකත්වා සිනෙරුපබ්බතො විය වාතවුට්ඨීහි අට්ඨහි ලොකධම්මෙහි අවිකම්පමානචිත්තා අසොකා විරජා ඛෙමිනො හොන්ති. යෙ ච ඛෙමිනො, තෙ සබ්බත්ථ එකෙනාපි අපරාජිතා හොන්ති, සබ්බත්ථ ච සොත්ථිං ගච්ඡන්ති. තෙනාහ භගවා –
මෙම මංගල කරුණු පිළිබඳව නුවණ වැඩීමටත්, ඊට යොමු වීමේ හැකියාව පිණිසත්, මීළඟට මෙසේ යෝජනා කෙරේ. මේ අයුරින් මෙලොව පරලොව සුවය හා ලොවුතුරු සුවය කැමති පුද්ගලයෝ අනුවණ ජන ඇසුර හැර, නුවණැත්තවුන් නිසා පිදිය යුත්තන් පුදමින් සුදුසු පෙදෙස්හි වසමින්, පෙර කරන ලද පින් බෙලෙන්, තව තවත් යහපත් වූ පැවැත්මකට අනුබල ලබමින්, තමා එහි මනාව පිහිටමින්, බොහෝ ඇසූ දේ අනුව යහමග යමින්, මනාව හික්මී, දිවිය සරසාගෙන, යහපත් වචන පවසමින්, යම්තාක් ගිහි ජීවිතය අත් නොහරීද, ඒතාක් පැරණි ණයක් ගෙවන්නාක් මෙන් මවුපිය උවටැනින් ද, අළුත් ණයක් ලබා ගන්නාක් මෙන් අඹුදරුවන්ට සත්කාර කිරීමෙන් ද, නිරවුල් ජීවන කටයුතුවලින් ධනය, බෝග, අස්වනු ආදී සම්පත් ලබමින්, දීමෙන් (දානය) හරවත් සම්පත් ලැබීමද, දැහැමි හැසිරීමෙන් ජීවිත හරයද ගෙන, නෑදැයනට උදව්, සැළකිලි දැක්වීමෙන්, තමාට හිතවත් බවද, නිවැරදි කටයුතුවලින් අනුන් කෙරෙහි හිතවත් බවද, ඇතිකර ගනිමින්, පවින් තොරවීමෙන් අනුන් නැසීමද, මතින් වෙන්වීමෙන් තමන් නැසීමද හැරදමා, කුසල් දහමෙහි පමානොවී, කුසල් දියුණු කර ගනිමින්, ගිහිබව අත්හැර පැවිදි වී සිටියත්, බුදුරදුන්, බුද්ධ සාවකයන්, ගුරුවරුන්, උපජ්ඣායවරුන් කෙරෙහි ගරුබවින් හා යටහත් පැවතුම් ඇතිව, වත්පිළිවෙතින් සතුටුකොට සෑහීමට පත්වීමෙන්, සිවුපසයෙහි ආසා හැර, කළගුණ දත් බැවින්, යහපත් කෙනෙකු ලෙස සිට, දහම් ඇසීමෙන් සිතෙහි රහස් බව හැර, ඉවසීමෙන් සියළු උවදුරු මැඬලමින්, සුවච බවින් තමාට පිහිට කොටගෙන, මහණුන් දැකීමෙන් පිළිවෙත් දකිමින්, දහම් සාකච්ඡාවෙන් දහමෙහි සැක ඇති තැන් විසඳා ගනිමින්, ඉඳුරන් සංවරයෙන් සීලයෙහි පිරිසිදු බවද, මහණදම් සපුරමින් සිත පිරිසිදු බවද, එයින් පසු සිවු පිරිසිදු බව සකසා ගනිමින්, මේ පිළිවෙතින් උතුම් සිවුසස් දැක්මෙන් පිරිසිදු නුවණ ලැබ, අරහත් පලය යැයි හඳුන්වනු ලබන නිවන අවබෝධ කරති. එබඳු දෙය අවබෝධකොට, තද සුළං හා වැස්සෙන් කම්පානොවන සිතින්, සෝක රහිත, කෙලෙස් දූවිලි නොතැවරී, බිය නැති වෙත් ද, ඒ බිය නැත්තෝ හැමතන්හිම නොපැරදෙති. හැම තැන්හිදීම සුවපත් වෙති. එහෙයින් බුදුරජාණන් වහන්සේ වදාළහ -
“එතාදිසානි කත්වාන, සබ්බත්ථමපරාජිතා; සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති, තං තෙසං මඞ්ගලමුත්තම”න්ති.
‘එතාදිසානි කත්වාන සබ්බත්ථ මපරාජිතා සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති තං තෙසං මංගල මුත්තමං’ යැයි.
ඉති පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය මඞ්ගලසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහාමංගල සූත්‍ර විස්තරය නිමි.