යෙදුමෙන් කියවන්න

3. හිරිසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

3. හිරිසුත‍්තවණ‍්ණනා

3. හිරි සූත්‍ර වර්ණනාව

හිරිං තරන‍්තන‍්ති හිරිසුත‍්තං. කා උප‍්පත‍්ති? අනුප‍්පන‍්නෙ භගවති සාවත්‍ථියං අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණමහාසාලො අඩ‍්ඪො අහොසි අසීතිකොටිධනවිභවො. තස‍්ස එකපුත‍්තකො අහොසි පියො මනාපො. සො තං දෙවකුමාරං විය නානප‍්පකාරෙහි සුඛූපකරණෙහි සංවඩ‍්ඪෙන‍්තො තං සාපතෙය්‍යං තස‍්ස අනිය්‍යාතෙත්‍වාව කාලමකාසි සද‍්ධිං බ්‍රාහ‍්මණියා. තතො තස‍්ස මාණවස‍්ස මාතාපිතූනං අච‍්චයෙන භණ‍්ඩාගාරිකො සාරගබ‍්භං විවරිත්‍වා සාපතෙය්‍යං නිය්‍යාතෙන‍්තො ආහ – “ඉදං තෙ, සාමි, මාතාපිතූනං සන‍්තකං, ඉදං අය්‍යකපය්‍යකානං සන‍්තකං, ඉදං සත‍්තකුලපරිවට‍්ටෙන ආගත”න‍්ති. මාණවො ධනං දිස‍්වා චින‍්තෙසි – “ඉදං ධනංයෙව දිස‍්සති, යෙහි පන ඉදං සඤ‍්චිතං, තෙ න දිස‍්සන‍්ති, සබ‍්බෙව මච‍්චුවසං ගතා. ගච‍්ඡන‍්තා ච න ඉතො කිඤ‍්චි ආදාය අගමංසු, එවං නාම භොගෙ පහාය ගන‍්තබ‍්බො පරලොකො, න සක‍්කා කිඤ‍්චි ආදාය ගන‍්තුං අඤ‍්ඤත්‍ර සුචරිතෙන. යංනූනාහං ඉමං ධනං පරිච‍්චජිත්‍වා සුචරිතධනං ගණ‍්හෙය්‍යං, යං සක‍්කා ආදාය ගන‍්තු”න‍්ති. සො දිවසෙ දිවසෙ සතසහස‍්සං විස‍්සජ‍්ජෙන‍්තො පුන චින‍්තෙසි – “පහූතමිදං ධනං, කිං ඉමිනා එවමප‍්පකෙන පරිච‍්චාගෙන, යංනූනාහං මහාදානං දදෙය්‍ය”න‍්ති. සො රඤ‍්ඤො ආරොචෙසි – “මහාරාජ, මම ඝරෙ එත‍්තකං ධනං අත්‍ථි, ඉච‍්ඡාමි තෙන මහාදානං දාතුං. සාධු, මහාරාජ, නගරෙ ඝොසනං කාරාපෙථා”ති. රාජා තථා කාරාපෙසි. සො ආගතාගතානං භාජනානි පූරෙත්‍වා සත‍්තහි දිවසෙහි සබ‍්බධනමදාසි , දත්‍වා ච චින‍්තෙසි – “එවං මහාපරිච‍්චාගං කත්‍වා අයුත‍්තං ඝරෙ වසිතුං, යංනූනාහං පබ‍්බජෙය්‍ය”න‍්ති. තතො පරිජනස‍්ස එතමත්‍ථං ආරොචෙසි. තෙ “මා, ත්‍වං සාමි, ‘ධනං පරික‍්ඛීණ’න‍්ති චින‍්තයි, මයං අප‍්පකෙනෙව කාලෙන නානාවිධෙහි උපායෙහි ධනසඤ‍්චයං කරිස‍්සාමා”ති වත්‍වා නානප‍්පකාරෙහි තං යාචිංසු. සො තෙසං යාචනං අනාදියිත්‍වාව තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජි.

හිරිං තරන්තං යනු හිරි සූත්‍රයයි. එම සූත්‍රය දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ උපතට පෙර, සැවැත්නුවර අසූකෙළක් ධනය හා මහත් සම්පත් හිමි එක්තරා බමුණෙක් විය. ඔහුට පියමනාප වූ එක් පුතෙක්ද සිටියේය. බමුණ ඒ කුමරු දෙව් කුමරුකුට මෙන් නොයෙක් සැප සලසමින් මැනවින් හදාවඩා ගනිද්දී, ඒ සම්පත් ඔහුට පවරා නොදීම බමුණාද බැමිණියද මළහ. එවිට ඒ තරුණයාගේ මවුපියන් ඇවෑමෙන් පසු, භාණ්ඩාගාරික ධන සම්පත් ඇති ගබඩා කාමරය විවරකොට, ‘හිමියනි, මේ ඔබගේ මවුපිය සතුදේය, මේ මීමුතුන්ගෙන් පැවරී ඇති දේය, මේ සත්කුල පරපුරෙන් පැවතෙන දේ’ යැයි, සම්පත් පෙන්වාදෙමින් තරුණයාට පැවසීය. තරුණයාද, ‘මෙහි ධන සම්පතම පෙනේ, මේවා රැස්කරනු ලැබුවෝ නොපෙනෙති. සියල්ලෝම මරු වසඟයට ගියහ. එසේ යද්දී මේ කිසිවක් රැගෙන නොගියහ. මෙබඳු සියළු සම්පත් හැරදමා පරලොව යා යුතුය. යහපත්ව ජීවත්වීම හැර, කිසිවක් ගෙනයාමට නොහැකිය, මම මේ ධනය තෑගි ලෙසින් බෙදා දී පරලොව ගෙන යා හැකි, යහපත්ව හැසිරීමෙන් ලබන ‘ධනය’ රැස්කර ගන්නෙම් නම් මැනවැ’යි සිතුවේය. ඔහු දවසින් දවස කහවණු සියදහසක් වැය කරමින් ‘මේ ධනය බොහෝය. මෙතරම් සුළුවෙන් දීමෙන් කුමන පලක්ද? මහා දානයක් දෙන්නෙම්’ නම් මැනවැයි නැවත සිතුවේය. ‘රජතුමනි, මගේ නිවසෙහි මෙපමණ ධනය ඇත, එයින් මහා දානයක් දීමට කැමැත්තෙමි, ඒ බැව් නගරයෙහි දැනුම්දීමක් කරන්නේ නම් යහපතැ’යි ඔහු රජුට සැළකළේය. රජු එසේ කරවීය. ඔහු පැමිණි පැමිණි තැනැත්තන්ට බඳුන් පුරවා සත්දිනක්ම සියළු ධනය බෙදා දුන්නේය. ‘මෙබඳු මහා තෑගි දී, ගිහිගෙයි විසීම නුසුදුසුය. පැවිදිවන්නේ නම් මැනවැ’යි නැවතද සිතුවේය. තම සේවක පිරිසට ඔහු මෙම කරුණ දැන්වීය. ‘ඔව්හු, හිමියනි, ධනය අවසන් වීයැයි නොසිතනු මැනව, අපි ටික කලකින්ම, නොයෙක් ආකාරයෙන් ධනය රැස් කරන්නෙමු’යි කියා, නොයෙක් ලෙසින් පැවිදි නොවන සේ ඉල්ලා සිටියහ. ඔහු ඔවුන්ගේ ඉල්ලීම නොසළකා තවුස් පැවිද්දෙන් පැවිදි වූයේය.

තත්‍ථ අට‍්ඨවිධා තාපසා – සපුත‍්තභරියා, උඤ‍්ඡාචාරිකා, සම‍්පත‍්තකාලිකා, අනග‍්ගිපක‍්කිකා, අස‍්මමුට‍්ඨිකා, දන‍්තලුය්‍යකා, පවත‍්තඵලිකා, වණ‍්ටමුත‍්තිකා චාති (දී· නි· අට‍්ඨ· 1.280). තත්‍ථ සපුත‍්තභරියාති පුත‍්තදාරෙන සද‍්ධිං පබ‍්බජිත්‍වා කසිවණිජ‍්ජාදීහි ජීවිකං කප‍්පයමානා කෙණියජටිලාදයො. උඤ‍්ඡාචාරිකාති නගරද‍්වාරෙ අස‍්සමං කාරාපෙත්‍වා තත්‍ථ ඛත‍්තියබ්‍රාහ‍්මණකුමාරාදයො සිප‍්පාදීනි සික‍්ඛාපෙත්‍වා හිරඤ‍්ඤසුවණ‍්ණං පටික‍්ඛිපිත්‍වා තිලතණ‍්ඩුලාදිකප‍්පියභණ‍්ඩපටිග‍්ගාහකා, තෙ සපුත‍්තභරියෙහි සෙට‍්ඨතරා. සම‍්පත‍්තකාලිකාති ආහාරවෙලාය සම‍්පත‍්තං ආහාරං ගහෙත්‍වා යාපෙන‍්තා, තෙ උඤ‍්ඡාචාරිකෙහි සෙට‍්ඨතරා. අනග‍්ගිපක‍්කිකාති අග‍්ගිනා අපක‍්කපත‍්තඵලානි ඛාදිත්‍වා යාපෙන‍්තා, තෙ සම‍්පත‍්තකාලිකෙහි සෙට‍්ඨතරා. අස‍්මමුට‍්ඨිකාති මුට‍්ඨිපාසාණං ගහෙත්‍වා අඤ‍්ඤං වා කිඤ‍්චි වාසිසත්‍ථකාදිං ගහෙත්‍වා විචරන‍්තා යදා ඡාතා හොන‍්ති, තදා සම‍්පත‍්තරුක‍්ඛතො තචං ගහෙත්‍වා ඛාදිත්‍වා උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙන‍්ති, තෙ අනග‍්ගිපක‍්කිකෙහි සෙට‍්ඨතරා. දන‍්තලුය්‍යකාති මුට‍්ඨිපාසාණාදීනිපි අගහෙත්‍වා චරන‍්තා ඛුදාකාලෙ සම‍්පත‍්තරුක‍්ඛතො දන‍්තෙහි උප‍්පාටෙත්‍වා තචං ඛාදිත්‍වා උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය බ්‍රහ‍්මවිහාරෙ භාවෙන‍්ති, තෙ අස‍්මමුට‍්ඨිකෙහි සෙට‍්ඨතරා. පවත‍්තඵලිකාති ජාතස‍්සරං වා වනසණ‍්ඩං වා නිස‍්සාය වසන‍්තා යං තත්‍ථ සරෙ භිසමුළාලාදි, යං වා වනසණ‍්ඩෙ පුප‍්ඵකාලෙ පුප‍්ඵං, ඵලකාලෙ ඵලං, තමෙව ඛාදන‍්ති. පුප‍්ඵඵලෙ අසති අන‍්තමසො තත්‍ථ රුක‍්ඛපපටිකම‍්පි ඛාදිත්‍වා වසන‍්ති, න ත්‍වෙව ආහාරත්‍ථාය අඤ‍්ඤත්‍ර ගච‍්ඡන‍්ති. උපොසථඞ‍්ගාධිට‍්ඨානං බ්‍රහ‍්මවිහාරභාවනං ච කරොන‍්ති, තෙ දන‍්තලුය්‍යකෙහි සෙට‍්ඨතරා. වණ‍්ටමුත‍්තිකා නාම වණ‍්ටමුත‍්තානි භූමියං පතිතානි පණ‍්ණානියෙව ඛාදන‍්ති, සෙසං පුරිමසදිසමෙව, තෙ සබ‍්බසෙට‍්ඨා.

සපුත්තභරියා, උඤ්ජාචාරිකා, සම්පත්තකාලිකා, අනග්ගි පක්කිකා, අස්සමුට්ඨිකා, දන්තලුය්‍යකා, පවත්තඵලිකා, වණ්ටමුත්තිකා යනුවෙන් තවුසන් තාපසා අටවැදෑරුම්ය. සපුත්තභරියා යනු අඹුදරුවන් සමග පැවිදිව, ගොවිතැන, වෙළඳාම් ආදියෙන් ජීවිකාව කරන කෙණියජටිල වැනි තැනැත්තන්ය. නගර දොරටුවෙහි අසපුවක් කරවා, එහි කැත්, බමුණු කුමරුන් ආදීන්ට සිප්සතර උගන්වා, අමුරන් පිළිකෙව් කොට, තල, සහල් ආදී කැප දේවල් පිළිගන්නාහු උඤ්ජාචාරිකා නම් වෙති. ඔවුහු මුලින් කී සපුත්තභරිය තවුසන්ට වඩා උසස් වෙති. සම්පත්තකාලිකා යනු ආහාර වේලාවේදී ලැබෙන අහරින් යැපෙන තවුසන්ය. ඔවුහු උඤ්ජාචාරිකයන්ට වඩා උසස්ය. නොඉදුණු (අමු) වැටුණු ගෙඩි ආදිය ගින්නෙන් පලහා කා යැපෙන්නෝ අනග්ගිපක්කිකා නම් වෙති. ඔවුහු සම්පත්තකාලිකයන්ට වඩා උසස් වෙති. ගලක් (ගල් පතුරක්) අතමිට මොලවාගෙන, වෙනත් වෑයක් හෝ ආයුධයක් ගෙන, හැසිරෙමින්, කුසගිනි දැනුණ විටකදී හමුවන ගහකින් පොතු ලබාගෙන කමින් සමාදන් වූ පෙහෙවස් මෙනෙහිකොට, සිවු බඹ විහරණ වඩන්නෝ අස්සමුට්ඨිකා නම් වෙති. ඔවුහු අනග්ගපක්කියනට වඩා උසස් වෙති. දන්තලුය්‍යකා නමින් හැඳින්වෙන්නේ ගලක් හෝ අතමිට මොලවා නොගෙන, ඇවිදිනවිටදී කුසගිනි වූ විට හමුවන ගසකින් පොතු දත්වලින් උදුරා කා පෙහෙවස් සමාදානය මෙනෙහිකොට බඹවිහරණ වඩන්නන්ය. ඔවුහු අස්සමුට්ඨිකයනට වඩා උසස් වෙති. පවත්තඵලිකා යනු සොබාවිකව හටගත් විලක් හෝ කැලෑවක් හෝ ඇසුරුකොට වාසය කරන්නාහ. ඒ විලෙහි නෙළුඹුදැලි ආදිය හෝ කැලෑවෙහි මල් හටගන්නා කල මල්ද, ගෙඩි හටගන්නා කල ගෙඩිද කති. මල්පල නැතිවිට යටත් පිරිසෙයින් එහි ගස්වල පොතු හෝ කා වසති. ආහාර පිණිස වෙනතකට නොයති. සමාදන් වූ කරුණුද, බඹවිහරණ වැඩීමද කරති. ඔවුහු දන්තලුය්‍යක වූවන්ට වඩා උසස් වෙති. වණ්ටමුත්තිකා නම් නටුවෙන් මිදී බිම වැටුණු වැටුණු කොළ ආදියම කති. අනෙක් කරුණු ඉහත කී පරිදිය. ඔවුහු සියල්ලන්ටම වඩා උසස් වෙති.

අයං පන බ්‍රාහ‍්මණකුලපුත‍්තො “තාපසපබ‍්බජ‍්ජාසු අග‍්ගපබ‍්බජ‍්ජං පබ‍්බජිස‍්සාමී”ති වණ‍්ටමුත‍්තිකපබ‍්බජ‍්ජමෙව පබ‍්බජිත්‍වා හිමවන‍්තෙ ද‍්වෙ තයො පබ‍්බතෙ අතික‍්කම‍්ම අස‍්සමං කාරාපෙත්‍වා පටිවසති. අථ භගවා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙන සාවත්‍ථිං ගන‍්ත්‍වා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්‍ථිවාසී එකො පුරිසො පබ‍්බතෙ චන්‍දනසාරාදීනි ගවෙසන‍්තො තස‍්ස අස‍්සමං පත්‍වා අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. සො තං දිස‍්වා “කුතො ආගතොසී”ති පුච‍්ඡි. “සාවත්‍ථිතො, භන‍්තෙ”ති. “කා තත්‍ථ පවත‍්තී”ති? “තත්‍ථ, භන‍්තෙ, මනුස‍්සා අප‍්පමත‍්තා දානාදීනි පුඤ‍්ඤානි කරොන‍්තී”ති. “කස‍්ස ඔවාදං සුත්‍වා”ති? “බුද‍්ධස‍්ස භගවතො”ති. තාපසො බුද‍්ධසද‍්දස‍්සවනෙන විම‍්හිතො “බුද‍්ධොති ත්‍වං, භො පුරිස, වදෙසී”ති ආමගන්‍ධෙ වුත‍්තනයෙනෙව තික‍්ඛත‍්තුං පුච‍්ඡිත්‍වා “ඝොසොපි ඛො එසො දුල‍්ලභො”ති අත‍්තමනො භගවතො සන‍්තිකං ගන‍්තුකාමො හුත්‍වා චින‍්තෙසි – “න යුත‍්තං බුද‍්ධස‍්ස සන‍්තිකං තුච‍්ඡමෙව ගන‍්තුං, කිං නු ඛො ගහෙත්‍වා ගච‍්ඡෙය්‍ය”න‍්ති. පුන චින‍්තෙසි – “බුද‍්ධා නාම ආමිසගරුකා න හොන‍්ති, හන්‍දාහං ධම‍්මපණ‍්ණාකාරං ගහෙත්‍වා ගච‍්ඡාමී”ති චත‍්තාරො පඤ‍්හෙ අභිසඞ‍්ඛරි –

‘මේ බමුණු කුලපුතු තවුස් පැවිද්දෙහි උසස්ම පැවිදිවත අනුව පැවිදි වන්නෙමි’යි වණ්ටමුත්තිකව පැවිදි වී, හිමාලයෙහි උස් පව් දෙකතුනක් පසුකොට ගොස් අසපුවක් කරවා වසයි. මේ අතර, (අප ගොතම) බුදුරජාණන් වහන්සේ, ලෝ පහළව, උතුම් දම්සක් පවත්වා, අනුපිළිවෙලින් සැවැත්පුරට පැමිණ අනේපිඬු සිටු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසති. එකල්හි සැවැත්පුර වැසි එක් මිනිසෙක් හිමාල පව්වෙහි සඳුන්හර ආදිය සොයමින්, ඒ අසපුවටද පැමිණ, තවුසාට වැඳ එකත්පස්ව සිටියේය. තවුසා ඔහු දැක ‘කොහි සිට ආවෙහිදැ’යි විචාළේය. ‘හිමියනි, සැවැත්පුර සිට’ යැයි කීය. එහි තොරතුරු කෙසේදැයි තවුසා ඇසීය. ‘එහි මිනිස්සු නොපමාව දානාදී පින්කම් කරති.’ ‘ඒ කවරකුගේ අවවාද අසාද?’ භගවත් බුදුරජාණන් වහන්සේගෙන්’ යැයි මිනිසා කීය. තවුසා බුද්ධ යන වචනයෙන් විස්මිතව පින්වත, ඔබ බුදුරජාණන් වහන්සේ ගැන කියහිදැ’යි අසා, ආමගන්‍ධ සූත්‍ර විස්තරයෙහි කී පරිදි තෙවරක්ම එසේ විචාරා, ‘එබඳු හඬක් වුවද ලොව ඇසීම දුලබ’ යැයි සතුටුව, භාග්‍යවතුන් වහන්සේ හමුවීමට යනු කැමතිව, ‘බුදු කෙනෙකු සමීපයට හිස්අතින් යෑම සුදුසු නොවේ, කුමක් ගෙන යන්නෙම් දැ’යි සිතුවේය. නැවතද මෙසේ සිතීය. ‘බුදුවරු නම් ලාභසත්කාරයට ගරු නොකරති. එහෙයින් මම දහම් පඬුරක් ගෙන යමි’යි ගැටළු සතරක් සැකසීය.

“කීදිසො මිත‍්තො න සෙවිතබ‍්බො, කීදිසො මිත‍්තො සෙවිතබ‍්බො; කීදිසො පයොගො පයුඤ‍්ජිතබ‍්බො, කිං රසානං අග‍්ග”න‍්ති.

‘කෙබඳු මිතුරකු ඇසුරු නොකළ යුතුද? ඇසුරු කළයුත්තේ කෙබඳු මිතුරෙකුද? කෙබඳු අයුරින් කටයුතු කළයුතුද? රස අතුරෙන් උසස් රසය කුමක්ද?

සො තෙ පඤ‍්හෙ ගහෙත්‍වා මජ‍්ඣිමදෙසාභිමුඛො පක‍්කමිත්‍වා අනුපුබ‍්බෙන සාවත්‍ථිං පත්‍වා ජෙතවනං පවිට‍්ඨො. භගවාපි තස‍්මිං සමයෙ ධම‍්මදෙසනත්‍ථාය ආසනෙ නිසින‍්නොයෙව හොති. සො භගවන‍්තං දිස‍්වා අවන්‍දිත්‍වාව එකමන‍්තං අට‍්ඨාසි. භගවා “කච‍්චි, ඉසි, ඛමනීය”න‍්තිආදිනා නයෙන සම‍්මොදි. සොපි “ඛමනීයං, භො ගොතමා”තිආදිනා නයෙන පටිසම‍්මොදිත්‍වා “යදි බුද‍්ධො භවිස‍්සති, මනසා පුච‍්ඡිතෙ පඤ‍්හෙ වාචාය එව විස‍්සජ‍්ජෙස‍්සතී”ති මනසා එව භගවන‍්තං තෙ පඤ‍්හෙ පුච‍්ඡි. භගවා බ්‍රාහ‍්මණෙන පුට‍්ඨො ආදිපඤ‍්හං තාව විස‍්සජ‍්ජෙතුං හිරිං තරන‍්තන‍්ති ආරභිත්‍වා අඩ‍්ඪතෙය්‍යා ගාථායො ආහ.

යන මේ ගැටළු සිත තබාගෙන, (රටෙහි) මැද පෙදෙසට මුහුණලා පිටත්විය. අනුපිළිවෙලින් සැවැත්පුරට පැමිණ, ජේතවනාරාමයට පිවිසියේය. භාග්‍යවතුන් වහන්සේද ඒ වේලාවෙහි දහම් දෙසනු පිණිස අසුනෙහි වැඩසිටි සේක. ඔහු භාග්‍යවතුන් වහන්සේ දැක, නොවැඳ එකත්පස්ව සිටියේය. උන්වහන්සේ, ‘තවුසාණනි, සැපදුක් කෙසේදැ’යි සතුටු සාමීචියෙහි යෙදුනාහ. ඔහුද, ‘පින්වත් ගොතම, සුවෙන් සිටිමි’ ආදී ලෙසින් පිළිසඳර කතාකොට, ‘යම්සේ බුදුවරයෙකු වන්නේ නම්, සිතින් විමසන පැන, වචනයෙන් විසඳනු ඇතැ’යි ඒ පැන සිතින් ඇසීය. භාග්‍යවතුන් වහන්සේ, බමුණු තවුසා විසින් සිතින් විමසන ලද පැන මුලසිටම විසඳීමට හිරි තරන්තං යනුවෙන් පටන්ගෙන ගාථා දෙකක් හා තවත් ගාථා අඩක්ද වදාළහ.

තාසං අත්‍ථො – හිරිං තරන‍්තන‍්ති හිරිං අතික‍්කමන‍්තං අහිරිකං නිල‍්ලජ‍්ජං. විජිගුච‍්ඡමානන‍්ති අසුචිමිව පස‍්සමානං. අහිරිකො හි හිරිං ජිගුච‍්ඡති අසුචිමිව පස‍්සති, තෙන නං න භජති න අල‍්ලීයති. තෙන වුත‍්තං “විජිගුච‍්ඡමාන”න‍්ති. තවාහමස‍්මි ඉති භාසමානන‍්ති “අහං, සම‍්ම, තව සහායො හිතකාමො සුඛකාමො, ජීවිතම‍්පි මෙ තුය‍්හං අත්‍ථාය පරිච‍්චත‍්ත”න‍්ති එවමාදිනා නයෙන භාසමානං. සය‍්හානි කම‍්මානි අනාදියන‍්තන‍්ති එවං භාසිත්‍වාපි ච සය‍්හානි කාතුං සක‍්කානිපි තස‍්ස කම‍්මානි අනාදියන‍්තං කරණත්‍ථාය අසමාදියන‍්තං. අථ වා චිත‍්තෙන තත්‍ථ ආදරමත‍්තම‍්පි අකරොන‍්තං, අපිච ඛො පන උප‍්පන‍්නෙසු කිච‍්චෙසු බ්‍යසනමෙව දස‍්සෙන‍්තං. නෙසො මමන‍්ති ඉති නං විජඤ‍්ඤාති තං එවරූපං “මිත‍්තපටිරූපකො එසො, නෙසො මෙ මිත‍්තො”ති එවං පණ‍්ඩිතො පුරිසො විජානෙය්‍ය.

එම ගාථාවල අරුත නම්, හිරිං තරන්තං ලජ්ජාව ඉක්මවා යන, ලජ්ජා නැති බව, විජිගුච්ඡමානං අසූචි මෙන් දක්වා වූ, ලජ්ජා නැති තැනැත්තා ලජ්ජාව පිළිකුල් කරයි. අසූචි සේ සළකයි. එයින් ලජ්ජා නැතිකම ඇසුරු නොකරයි, එහි නොඇලේ. (විලිබිය නැත.) එහෙයින් විජිගුච්ඡමානං යැයි කියන ලදී. සඛාහමස්මි ඉති භාසමානං ‘මිතුර, මම ඔබට හිතසුව කැමති යහළුවෙක්මි, මගේ ජීවිතයද ඔබ වෙනුවෙන් අත්හරිමි’, ආදී ලෙසින් කියනු ලබන, සය්හානි කච්චානි අනාදියන්තං එසේ කීවත්, සහයෝගය දීමට හැකියාව තිබියදීත්, ඒ මිතුරාගේ කටයුතු මැනවින් ඉටුකරගන්නට අතහිත නොදෙමින්, නැතහොත් සිතින්වත් ඊට කැමති බවක්වත් පළ නොකරමින්, එසේ වුවත් කළ යුතු දෙයක් ඇතිවූ විට, එහි අයහපතම පෙන්වමින්, නෙසො මමන්ති ඉති තං විජඤ්ඤා ‘එබඳු මිතුරකු, මිතුරු වෙසින් එන්නෙකු මිස, මගේ නියම, කලණ මිතුරකු නොවේයැ’යි මෙසේ නුවණැති මිනිසා දැනගන්නේය.

අනන්‍වයන‍්ති යං අත්‍ථං දස‍්සාමි, කරිස‍්සාමීති ච භාසති, තෙන අනනුගතං. පියං වාචං යො මිත‍්තෙසු පකුබ‍්බතීති යො අතීතානාගතෙහි පදෙහි පටිසන්‍ථරන‍්තො නිරත්‍ථකෙන සඞ‍්ගණ‍්හන‍්තො කෙවලං බ්‍යඤ‍්ජනච‍්ඡායාමත‍්තෙනෙව පියං මිත‍්තෙසු වාචං පවත‍්තෙති. අකරොන‍්තං භාසමානං, පරිජානන‍්ති පණ‍්ඩිතාති එවරූපං යං භාසති, තං අකරොන‍්තං, කෙවලං වාචාය භාසමානං “වචීපරමො නාමෙස අමිත‍්තො මිත‍්තපටිරූපකො”ති එවං පරිච‍්ඡින්‍දිත්‍වා පණ‍්ඩිතා ජානන‍්ති.

අනන්‍වයං යම් දෙයකදී, ‘දෙන්නම්, කරන්නම්, කරයි, එයින් මිතුරා අනුව නොයන බව දැක්වේ. පිය වාචං යො මිත්තෙසු පකුබ්බති එබඳු තැනැත්තා අතීතයට, අනාගතයට ගැලපෙන වචනයෙන් පිළිසඳර කතාකරමින්, හුදෙක්ම සුන්දර වචනයෙන් පමණක්ම පිය මිතුරකු සේ වදන් හසුරුවයි. අකරොන්තං භාසමානං පරිජානන්ති පණ්ඩිතා මෙබඳු කියන දේ නොකොට, හුදෙක් වචනයටම සීමාවෙමින්, ‘වචීපරම’ නමින්ද, මිතුරකු නොවූවත්, මිතුරු විලාස ඇත්තෙකැයි නුවණැත්තෝ ඔහු ගැන පිරිසිඳ දනිති.

න සො මිත‍්තො යො සදා අප‍්පමත‍්තො, භෙදාසඞ‍්කී රන්‍ධමෙවානුපස‍්සීති යො භෙදමෙව ආසඞ‍්කමානො කතමධුරෙන උපචාරෙන සදා අප‍්පමත‍්තො විහරති, යංකිඤ‍්චි අස‍්සතියා අමනසිකාරෙන කතං, අඤ‍්ඤාණකෙන වා අකතං, “යදා මං ගරහිස‍්සති, තදා නං එතෙන පටිචොදෙස‍්සාමී”ති එවං රන්‍ධමෙව අනුපස‍්සති, න සො මිත‍්තො සෙවිතබ‍්බොති.

න සො මිත්තො යො සදා අප්පමත්තො භෙදාසංකී රන්‍ධමෙවානුපස්සී මිහිරි කතාබහෙන් යුතුව, අනෙකා බිඳවීම ගැනම හැමවිටම බලාපොරොත්තු වෙමින්, නොපමාව කල්ගෙවයි. එබඳු කිසිම කරුණක් නොමැති වූ විට, කල්පනා නොකරන ලද (සිතාමතා නොකරන ලද) හෝ නොදන්නා නිසා නොකළ දෙයකට හෝ තමාට නින්දා කරන්නේ නම්, එවිට මේ අයුරින් පෙරළා චෝදනා කරන්නෙමි’යි සිදුරුතැන්ම (වැරැද්දක්ම) විමසා බලයි. එබඳු මිතුරකු ඇසුරු නොකළ යුතුය.

එවං භගවා “කීදිසො මිත‍්තො න සෙවිතබ‍්බො”ති ඉමං ආදිපඤ‍්හං විස‍්සජ‍්ජෙත්‍වා දුතියං විස‍්සජ‍්ජෙතුං “යස‍්මිඤ‍්ච සෙතී”ති ඉමං උපඩ‍්ඪගාථමාහ. තස‍්සත්‍ථො යස‍්මිඤ‍්ච මිත‍්තෙ මිත‍්තො තස‍්ස හදයමනුපවිසිත්‍වා සයනෙන යථා නාම පිතු උරසි පුත‍්තො “ඉමස‍්ස මයි උරසි සයන‍්තෙ දුක‍්ඛං වා අනත‍්තමනතා වා භවෙය්‍යා”තිආදීහි අපරිසඞ‍්කමානො නිබ‍්බිසඞ‍්කො හුත්‍වා සෙති, එවමෙවං දාරධනජීවිතාදීසු විස‍්සාසං කරොන‍්තො මිත‍්තභාවෙන නිබ‍්බිසඞ‍්කො සෙති. යො ච පරෙහි කාරණසතං කාරණසහස‍්සම‍්පි වත්‍වා අභෙජ‍්ජො, ස වෙ මිත‍්තො සෙවිතබ‍්බොති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ, ඇසුරු නොකළයුතු කෙබඳු මිතුරන්දැයි පහදා දෙවැනි පැනය විසඳීමට යසමිඤ්ච සෙතී යන අඩ කොටසකින් යුතු (පද දෙකකින් යුතු) ගාථාව වදාළහ. එහි අදහස නම් යසමිඤ්ච මිතුරා (අනෙක්) මිතුරන් කෙරෙහි හදවතින් ලැදිව, නිදා ගැනීමෙන් (හදවතින්ම වැළඳගනු ලැබීද - එක යහනෙහි නිදාගැනීමෙන්ද) පිතු උරසි යම්සේ ‘මගේ ළයෙහි හොවා පුතු නිදිකරනවිට, දුකක් හෝ නොසතුටු බවක් හෝ ඇතිවේ’ යැයි සැකයක් නොමැති වේද, සෙති එපරිද්දෙන් දරුවන්, ධනය ජීවිත ආදිය කෙරෙහි මිතුරු බවින් සැක නොකොට, මිතුරා අදහා ගනී. යො ච පරෙහි කරුණු සියයක්, කරුණු දහසක් වුවත් කියා, අභෙජ්ජො, ස වෙ මිත්තො එබඳු මිතුරකු ඇසුරු කළ යුතුය.

එවං භගවා “කීදිසො මිත‍්තො සෙවිතබ‍්බො”ති එවං දුතියපඤ‍්හං විස‍්සජ‍්ජෙත්‍වා තතියං විස‍්සජ‍්ජෙතුං “පාමුජ‍්ජකරණ”න‍්ති ගාථමාහ. තස‍්සත්‍ථො – පාමුජ‍්ජං කරොතීති පාමුජ‍්ජකරණං. ඨානන‍්ති කාරණං. කිං පන තන‍්ති? වීරියං. තඤ‍්හි ධම‍්මූපසඤ‍්හිතං පීතිපාමොජ‍්ජසුඛමුප‍්පාදනතො පාමුජ‍්ජකරණන‍්ති වුච‍්චති. යථාහ “ස‍්වාඛාතෙ, භික‍්ඛවෙ, ධම‍්මවිනයෙ යො ආරද‍්ධවීරියො, සො සුඛං විහරතී”ති (අ· නි· 1.319). පසංසං ආවහතීති පසංසාවහනං. ආදිතො දිබ‍්බමානුසකසුඛානං , පරියොසානෙ නිබ‍්බානසුඛස‍්ස ආවහනතො ඵලූපචාරෙන සුඛං. ඵලං පටිකඞ‍්ඛමානො ඵලානිසංසො. භාවෙතීති වඩ‍්ඪෙති. වහන‍්තො පොරිසං ධුරන‍්ති පුරිසානුච‍්ඡවිකං භාරං ආදාය විහරන‍්තො එතං සම‍්මප‍්පධානවීරියසඞ‍්ඛාතං ඨානං භාවෙති, ඊදිසො පයොගො සෙවිතබ‍්බොති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ, ඇසුරු කළයුතු කෙබඳු මිතුරන්දැයි යන දෙවැනි පැනය විසඳා තුන්වන පැනය විසඳීමට පාමුජ්ජකරණං යන ගාථාව වදාළහ. එහි තේරුම නම්, සතුට ඇතිවීමට හේතුවෙයි. සතුටු කරයි අරුතින් පාමුජ්ජකරණං, ඨානං කරුණු, ඒ කුමක්ද? උත්සාහයයි. එය දහම හා බැඳීමෙන් සතුට, සුව දනවන බැවින් පාමුජ්ජකරණං යැයි කියනු ලැබේ. ‘මහණෙනි, මනාව දේසනා කරන ලද දහම් විනයෙහි, යම්කෙනෙක් අරඹන ලද උත්සාහය පවත්වා ගනිත්ද ඔහු සැපසේ කල්යවයි’ යනුවෙන් වදාළේ එහෙයිනි. ‘ස්වාක්‍ඛාතෙ භික්‍ඛවෙ ධම්මවිනයෙ යො ආරද්ධවිරියො, සො සුඛං විහරති’ පැසසුම ගෙනෙන අදහසින් පසංසාවහනං මුලදී දෙව්මිනිස් සැප අවසන නිවන්සුව ළඟාකර ගැනීමේ පිළිවෙත අනුව සුඛං වේ. පලය බලාපොරොත්තුවීම, ඵලානිසංසො, භාවෙති වඩයි. වහන්තො පොරිසං ධුරං පුද්ගලයාට සුදුසු පරිදි අනුගමනය කරන පිළිවෙල හෝ කටයුතු තුලින් යහපත් උත්සාහය යැයි කියන ලද ‘කරුණ’ දියුණු කරයි. (උත්සාහය තවත් දියුණු කරගනී.) මෙබඳු උත්සාහයක් යෙදිය යුතුයි.

එවං භගවා “කීදිසො පයොගො පයුඤ‍්ජිතබ‍්බො”ති තතියපඤ‍්හං විස‍්සජ‍්ජෙත්‍වා චතුත්‍ථං විස‍්සජ‍්ජෙතුං “පවිවෙකරස”න‍්ති ගාථමාහ. තත්‍ථ පවිවෙකොති කිලෙසවිවෙකතො ජාතත‍්තා අග‍්ගඵලං වුච‍්චති, තස‍්ස රසොති අස‍්සාදනට‍්ඨෙන තංසම‍්පයුත‍්තං සුඛං. උපසමොපි කිලෙසූපසමන‍්තෙ ජාතත‍්තා නිබ‍්බානසඞ‍්ඛාතඋපසමාරම‍්මණත‍්තා වා තදෙව, ධම‍්මපීතිරසොපි අරියධම‍්මතො අනපෙතාය නිබ‍්බානසඞ‍්ඛාතෙ ධම‍්මෙ උප‍්පන‍්නාය පීතියා රසත‍්තා තදෙව. තං පවිවෙකරසං උපසමස‍්ස ච රසං පිත්‍වා තදෙව ධම‍්මපීතිරසං පිවං නිද‍්දරො හොති නිප‍්පාපො, පිවිත්‍වාපි කිලෙසපරිළාහාභාවෙන නිද‍්දරො, පිවන‍්තොපි පහීනපාපත‍්තා නිප‍්පාපො හොති, තස‍්මා එතං රසානමග‍්ගන‍්ති. කෙචි පන “ඣානනිබ‍්බානපච‍්චවෙක‍්ඛණානං කායචිත‍්තඋපධිවිවෙකානඤ‍්ච වසෙන පවිවෙකරසාදයො තයො එව එතෙ ධම‍්මා”ති යොජෙන‍්ති , පුරිමමෙව සුන්‍දරං. එවං භගවා චතුත්‍ථපඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්තො අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි. දෙසනාපරියොසානෙ බ්‍රාහ‍්මණො භගවතො සන‍්තිකෙ පබ‍්බජිත්‍වා කතිපාහෙනෙව පටිසම‍්භිදාප‍්පත‍්තො අරහා අහොසීති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ තුන්වන පැනය විසඳා හතරවන පැනය විසඳීමට පවිවෙක රසං යන ගාථාව කීහ. පවිවෙකො යනුවෙන් කෙලෙස් නැති කිරීමෙන් හටගන්නා විවේකයෙහි උසස් පලය කියනු ලබයි. රසො විඳිය හැකිවන පරිදි එහි ඇති සුවයයි. උපසමො කෙලෙස් නැතිකිරිමෙන් ලබන නිවන යැයි හඳුන්වන සන්සුන් අරමුණ ඇති බැවින් හෝ නිවනට පත්, ධම්මපීතිරසො උතුම් දහමෙන් ඉවත් නොවී, නිවනට පත්ව, උපන් සතුට නම් වූ රසය ඇති බවයි. විවෙකරසං උපසමස්සච රසං පීත්‍වා එමෙන්ම, ධම්මපීති රසං පිවං නිද්දරො හොති නිප්පාපො දහම් රසය පානය කළත්, කෙලෙස් දැවීම් නොමැති බැවින්, දැවීම් රහිත, දහම් රසය පානයෙන් පව් දුරුකරන ලදින් නිප්පාපො වෙයි. එහෙයින් දහම් රසය රස අතුරෙන් උසස්ය. ඇතැම් කෙනෙක්, දැහැන්ද, නිවනද විමසිලිමත්ව බලද්දී, කාය-චිත්ත-උපධි විවේක ලෙසින්, කයෙන් දහම් සතුටින් වූ විවේකයද, සිතින් සංසිඳවීමේ විවේකයද, රහත්පල විවේකයද යන කරුණු තුනම දහමෙහි ඇතුලත් කරති. එහෙත් මුලින් කී අදහස වඩා සුදුසුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ, සිවුවන පැනය විසඳමින්, අරහත් ඵලය කුළුගන්වා දේසනය නිමකළහ. දේසනය අවසන බමුණා පැවිදිව, කිහිප දිනකින්ම පිළිසිඹියා පත්ව රහත් බව ලැබීය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය හිරිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

හිරි සූත්‍ර විස්තරය නිමි.