2. ආමගන්ධසුත්තවණ්ණනා අට්ඨකථා
2. ආමගන්ධසුත්තවණ්ණනා
2. ආමගන්ධ සූත්‍ර වර්ණනාව
සාමාකචිඞ්ගූලකචීනකානි චාති ආමගන්ධසුත්තං. කා උප්පත්ති? අනුප්පන්නෙ භගවති ආමගන්ධො නාම බ්රාහ්මණො පඤ්චහි මාණවකසතෙහි සද්ධිං තාපසපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තං පවිසිත්වා පබ්බතන්තරෙ අස්සමං කාරාපෙත්වා වනමූලඵලාහාරො හුත්වා තත්ථ පටිවසති, න කදාචි මච්ඡමංසං ඛාදති. අථ තෙසං තාපසානං ලොණම්බිලාදීනි අපරිභුඤ්ජන්තානං පණ්ඩුරොගො උප්පජ්ජි. තතො තෙ “ලොණම්බිලාදිසෙවනත්ථාය මනුස්සපථං ගච්ඡාමා”ති පච්චන්තගාමං සම්පත්තා. තත්ථ මනුස්සා තෙසු පසීදිත්වා නිමන්තෙත්වා භොජෙසුං, කතභත්තකිච්චානං නෙසං මඤ්චපීඨපරිභොගභාජනපාදමක්ඛනාදීනි උපනෙත්වා “එත්ථ, භන්තෙ, වසථ, මා උක්කණ්ඨිත්ථා”ති වසනට්ඨානං දස්සෙත්වා පක්කමිංසු. දුතියදිවසෙපි නෙසං දානං දත්වා පුන ඝරපටිපාටියා එකෙකදිවසං දානමදංසු. තාපසා චතුමාසං තත්ථ වසිත්වා ලොණම්බිලාදිසෙවනාය ථිරභාවප්පත්තසරීරා හුත්වා “මයං, ආවුසො, ගච්ඡාමා”ති මනුස්සානං ආරොචෙසුං. මනුස්සා තෙසං තෙලතණ්ඩුලාදීනි අදංසු. තෙ තානි ආදාය අත්තනො අස්සමමෙව අගමංසු. තඤ්ච ගාමං තථෙව සංවච්ඡරෙ සංවච්ඡරෙ ආගමිංසු. මනුස්සාපි තෙසං ආගමනකාලං විදිත්වා දානත්ථාය තණ්ඩුලාදීනි සජ්ජෙත්වාව අච්ඡන්ති, ආගතෙ ච නෙ තථෙව සම්මානෙන්ති.
සමාකචිංගුලචීනකා යනු ආමගන්ධ සූත්‍රයයි. එහි නිදාන කතාව කුමක්ද? (අප) භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ නොවූ කල්හි, ආමගන්ධ නම් බමුණෙක්, තරුණයන් පන්සියයක් සමග තවුස් පැවිද්දෙන් පැවිදිව හිමාලයට පිවිස උස්බිම් අතරෙහි අසපුවක් කරවා වනමුල්පල ආහාරයට ගනිමින් වාසය කරයි. කිසිවිටකත් මස් මාළු නොකයි. ලුණු ඇඹුල් ආදියද අනුභව නොකරන බැවින්, ඒ තවුසන්ට පාණ්ඩු රෝගය වැළඳුණි. එවිට ඔවුහු ‘ලුණු ඇඹුල් ආදිය ලබාගනු පිණිස මිනිස් වාසයකට යමු’යි (කතිකාකොට) ඈත ගමකට පැමිණියහ. මිනිස්සු ඒ තවුසන් දැක, ආරාධනා කොට වැළඳවූහ. බත්කිස අවසානයෙහි, තවුසන්ට පරිහරණය සඳහා ඇඳ, පුටු, බඳුන්, පාපුටු ආදිය දී, ‘හිමියනි, මෙහි වාසය කරනු මැනව, කලකිරිමට පත් නොවනු මැනවැ’යි වසන තැන්ද සකසා ගියහ. පසුදිනද තවුසන්ට දානය දී, නැවත නිවෙස් පිළිවෙලින් එක් එක් දින දානය දුන්හ. සිවුමසක් එහි වැස, ලුණු ඇඹුල් ආදිය සහිත ආහාර ලැබීමෙන් සිරුරු පැහැපත් වූ තවුසෝ ඇවැත්නි, අපි යමු යි මිනිසුන්ට සැළකළහ. මිනිස්සු තවුසන්ට තෙල්, සහල් ආදිය දුන්හ. ඔවුහු ඒවා රැගෙන තම අසපුවලට ගියහ. එසේම වසරින් වසර ඒ ගමටද පැමිණියහ. මිනිස්සුද තවුසන් පැමිණෙන කාලය දැන, දානය පිණිස, සහල් ආදිය පිළියෙල කොට තබති. තවුසන් පැමිණිවිට එසේ පිළිගන්වති.
අථ භගවා ලොකෙ උප්පජ්ජිත්වා පවත්තිතවරධම්මචක්කො අනුපුබ්බෙන සාවත්ථිං ගන්ත්වා තත්ථ විහරන්තො තෙසං තාපසානං උපනිස්සයසම්පත්තිං දිස්වා තතො නික්ඛම්ම භික්ඛුසඞ්ඝපරිවුතො චාරිකං චරමානො අනුපුබ්බෙන තං ගාමං අනුප්පත්තො. මනුස්සා භගවන්තං දිස්වා මහාදානානි අදංසු. භගවා තෙසං ධම්මං දෙසෙසි. තෙ තාය ධම්මදෙසනාය අප්පෙකච්චෙ සොතාපන්නා, එකච්චෙ සකදාගාමිනො, එකච්චෙ අනාගාමිනො අහෙසුං, එකච්චෙ පබ්බජිත්වා අරහත්තං පාපුණිංසු. භගවා පුනදෙව සාවත්ථිං පච්චාගමාසි. අථ තෙ තාපසා තං ගාමං ආගමිංසු. මනුස්සා තාපසෙ දිස්වා න පුබ්බසදිසං කොතූහලමකංසු. තාපසා තං පුච්ඡිංසු – “කිං, ආවුසො, ඉමෙ මනුස්සා න පුබ්බසදිසා, කිං නු ඛො අයං ගාමො රාජදණ්ඩෙන උපද්දුතො, උදාහු දුබ්භික්ඛෙන, උදාහු අම්හෙහි සීලාදිගුණෙහි සම්පන්නතරො කොචි පබ්බජිතො ඉමං ගාමමනුප්පත්තො”ති? තෙ ආහංසු – “න, භන්තෙ, රාජදණ්ඩෙන, න දුබ්භික්ඛෙනායං ගාමො උපද්දුතො, අපිච බුද්ධො ලොකෙ උප්පන්නො, සො භගවා බහුජනහිතාය ධම්මං දෙසෙන්තො ඉධාගතො”ති.
ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව, උතුම් දම්සක් පවත්වන ලදුව, අනුපිළිවෙලින් සැවැත්නුවරට ගොස්, එහි වසන සේක්, ඒ තවුසන්ගේ (දහම් අවබෝධයට) හේතුසම්පත් දැක, එතැනින් නික්ම, බික්සඟන පිරිවරා ගම් සැරිසරා, ඒ ගමටද පැමිණියහ. මිනිස්සු උන්වහන්සේ දැක මහදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට දහම් දෙසූහ. ඒ දහම් ඇසූ ඇතමෙක් සෝවාන්, සකදාගාමී, අනාගාමී පල ලැබූහ. ඇතමෙක් පැවිදිව රහත්බවට පත්වූහ. භාග්‍යවතුන් වහන්සේ නැවත සැවැත් නුවරට වැඩියහ. පසුව ඒ තාපසවරු එම ගමට ආහ. මිනිස්සු තවුසන් දැක, පෙර පරිදි ඔවුන්ගේ තොරතුරු දැනගැනීමට උනන්දුවක්, වෙසෙසක් නොපෙන්වූහ. ‘ඇවැත්නි, මේ මිනිස්සු දැන් පෙර පරිදි නොවෙති, කිම? ගමට රජු දඬුවම් නියම කිරීමෙන් උවදුරු වීද? නැතිනම් ආහාර ආදිය හිඟවීමනක්ද? නැතිනම්, අපටත් වඩා සීලාදී ගුණයුත් කිසියම් පැවිද්දෙක් මේ ගමට පැමිණියේදැයි තවුසෝ ඇසූහ. ‘හිමියනි, රාජ දඬුවමකින්, ආහාර හිඟයකින් මේ ගමට උවදුරු නැත. බුදුවරයෙක් ලොව උපන්හ. ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස දහම් දෙසමින් මෙහි පැමිණිසේකැ’යි මිනිස්සු කීහ.
තං සුත්වා ආමගන්ධතාපසො “බුද්ධොති, ගහපතයො, වදෙථා”ති? “බුද්ධොති, භන්තෙ, වදාමා”ති තික්ඛත්තුං වත්වා “ඝොසොපි ඛො එසො දුල්ලභො ලොකස්මිං, යදිදං බුද්ධො”ති අත්තමනො අත්තමනවාචං නිච්ඡාරෙත්වා පුච්ඡි – “කිං නු ඛො සො බුද්ධො ආමගන්ධං භුඤ්ජති, න භුඤ්ජතී”ති? “කො, භන්තෙ, ආමගන්ධො”ති? “ආමගන්ධො නාම මච්ඡමංසං, ගහපතයො”ති. “භගවා, භන්තෙ, මච්ඡමංසං පරිභුඤ්ජතී”ති. තං සුත්වා තාපසො විප්පටිසාරී අහොසි – “මාහෙව ඛො පන බුද්ධො සියා”ති . පුන චින්තෙසි – “බුද්ධානං පාතුභාවො නාම දුල්ලභො, ගන්ත්වා බුද්ධං දිස්වා පුච්ඡිත්වා ජානිස්සාමී”ති. තතො යෙන භගවා ගතො, තං මග්ගං මනුස්සෙ පුච්ඡිත්වා වච්ඡගිද්ධිනී ගාවී විය තුරිතතුරිතො සබ්බත්ථ එකරත්තිවාසෙන සාවත්ථිං අනුප්පත්වා ජෙතවනමෙව පාවිසි සද්ධිං සකාය පරිසාය. භගවාපි තස්මිං සමයෙ ධම්මදෙසනත්ථාය ආසනෙ නිසින්නො එව හොති. තාපසා භගවන්තං උපසඞ්කම්ම තුණ්හීභූතා අනභිවාදෙත්වාව එකමන්තං නිසීදිංසු. භගවා “කච්චි වො ඉසයො ඛමනීය”න්තිආදිනා නයෙන තෙහි සද්ධිං පටිසම්මොදි. තෙපි “ඛමනීයං, භො ගොතමා”තිආදිමාහංසු. තතො ආමගන්ධො භගවන්තං පුච්ඡි – “ආමගන්ධං, භො ගොතම, භුඤ්ජසි, න භුඤ්ජසී”ති? “කො සො, බ්‍රාහ්මණ, ආමගන්ධො නාමා”ති? “මච්ඡමංසං, භො ගොතමා”ති. භගවා “න, බ්‍රාහ්මණ, මච්ඡමංසං ආමගන්ධො. අපිච ඛො ආමගන්ධො නාම සබ්බෙ කිලෙසා පාපකා අකුසලා ධම්මා”ති වත්වා “න, බ්‍රාහ්මණ, ඉදානි ත්වමෙව ආමගන්ධං පුච්ඡි, අතීතෙපි තිස්සො නාම බ්රාහ්මණො කස්සපං භගවන්තං පුච්ඡි. එවඤ්ච සො පුච්ඡි, එවඤ්චස්ස භගවා බ්යාකාසී”ති තිස්සෙන ච බ්රාහ්මණෙන කස්සපෙන ච භගවතා වුත්තගාථායො එව ආනෙත්වා තාහි ගාථාහි බ්රාහ්මණං සඤ්ඤාපෙන්තො ආහ – “සාමාකචිඞ්ගූලකචීනකානි චා”ති. අයං තාව ඉමස්ස සුත්තස්ස ඉධ උප්පත්ති.
ඒ ඇසූ ආමගන්ධ තවුසා, ‘ගහපතිවරුනි, බුදුකෙනෙකු ගැන කියවුද?’ ‘හිමියනි, බුදුකෙනෙකු ගැන කියමු’යි තෙවරක්ම කියා, ‘ලෝකයෙහි බුද්ධ යැයි ඇසෙන හඬ දුලබ යැයි’ සතුට පළකොට, ‘ඒ බුදුවරයා ‘ආමගන්ධය’ අනුභව කරත්ද, නැද්දැ’යි ඇසීය. ‘හිමියනි, ‘ආමගන්ධ’ යනු කුමක්දැයි මිනිස්සු විමසූහ. ‘ගහපතිවරුනි, ආමගන්ධ නම් මාළුමස් යැයි කීය. ‘හිමියනි, භාග්‍යවතුන් වහන්සේ මාළුමස් වළඳති’යි මිනිස්සු කීහ. ‘එසේනම් බුදු කෙනෙකු විය නොහැකි’ යැයි තවුසා විපිළිසර විය. එවිටම බුදුවරුන්ගේ පහළවීම නම් දුලබය. විමසා දැනගන්නෙමි’යි නැවත සිතීය. එහිදී භාග්‍යවතුන් වහන්සේ වැඩිය මග ඒ මිනිසුන්ගෙන් විචාරා වසුපැටවාට ආසා වූ එළදෙනක මෙන් වහ වහා එක රැයකින්ම තම පිරිස සමග සැවැත්නුවරට පැමිණ, ජේතවනාරාමයට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේද එවේලෙහි දහම් දෙසනු පිණිස ආසනයෙහි වැඩසිටියහ. තවුසෝ බුදුහිමි වෙත පැමිණ, නොවැඳම, නිහඬව එකත්පස්ව හුන්හ. භාග්‍යවතුන් වහන්සේ ‘ඉසිවරුනි, ඔබලාගේ සුවදුක් කෙසේද?’ ආදී ලෙසින් ඔවුන් හා පිළිසඳර කතා කළහ. ඔවුහුද ‘පින්වත් ගොතම, සුවෙන් සිටිමු’යි කීහ. එහිදී ආමගන්ධ නම් බමුණා (තවුසා) ‘පින්වත් ගොතම, ආමගන්ධය අනුභව කරහිද? නොකරහිදැ’යි විචාළේය. ‘බමුණ, ඒ ආමගන්ධය නම් කුමක්ද? (බුදුහු ඇසූහ.) ‘පින්වත් ගොතම, මස් මාළු’ යැයි පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ, ‘බමුණ, ආමගන්ධ යනු මාළු, මස් නොවේ. එහෙත් ආමගන්ධ යනු සියළුම පාපී, අයහපත් කෙලෙස්’ යැයි පවසා ‘බමුණ, ආමගන්ධය ගැන විමසුවේ ඔබ පමණක්ම නොවේ. අතීතයේද තිස්ස නම් බමුණා කසුප් බුදුරදුන්ගෙන් මෙලෙසම විමසන ලදින්, ඒ කසුප් බුදුරදුන් මෙසේ පැහැදිලි කරන ලදැයි සාමාකචිංගුලකචීන්තානි යන ගාථාව ගෙනහැර දැක්වූහ. මෙය මෙම සූත්‍රයෙහි නිදාන කථාවයි.
අතීතෙ පන කස්සපො කිර බොධිසත්තො අට්ඨාසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පාරමියො පූරෙත්වා බාරාණසියං බ්රහ්මදත්තස්ස බ්රාහ්මණස්ස ධනවතී නාම බ්රාහ්මණී, තස්සා කුච්ඡිම්හි පටිසන්ධිං අග්ගහෙසි. අග්ගසාවකොපි තං දිවසංයෙව දෙවලොකා චවිත්වා අනුපුරොහිතබ්රාහ්මණස්ස පජාපතියා කුච්ඡිම්හි නිබ්බත්ති. එවං තෙසං එකදිවසමෙව පටිසන්ධිග්ගහණඤ්ච ගබ්භවුට්ඨානඤ්ච අහොසි, එකදිවසමෙව එතෙසං එකස්ස කස්සපො, එකස්ස තිස්සොති නාමමකංසු. තෙ සහපංසුකීළනකා ද්වෙ සහායා අනුපුබ්බෙන වුඩ්ඪිං අගමිංසු. තිස්සස්ස පිතා පුත්තං ආණාපෙසි – “අයං, තාත, කස්සපො නික්ඛම්ම පබ්බජිත්වා බුද්ධො භවිස්සති, ත්වම්පිස්ස සන්තිකෙ පබ්බජිත්වා භවනිස්සරණං කරෙය්යාසී”ති. සො “සාධූ”ති පටිස්සුණිත්වා බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා “උභොපි, සම්ම, පබ්බජිස්සාමා”ති ආහ. බොධිසත්තො “සාධූ”ති පටිස්සුණි. තතො වුඩ්ඪිං අනුප්පත්තකාලෙපි තිස්සො බොධිසත්තං ආහ – “එහි, සම්ම, පබ්බජිස්සාමා”ති බොධිසත්තො න නික්ඛමි. තිස්සො “න තාවස්ස ඤාණං පරිපාකං ගත”න්ති සයං නික්ඛම්ම ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අරඤ්ඤෙ පබ්බතපාදෙ අස්සමං කාරාපෙත්වා වසති. බොධිසත්තොපි අපරෙන සමයෙන ඝරෙ ඨිතොයෙව ආනාපානස්සතිං පරිග්ගහෙත්වා චත්තාරි ඣානානි අභිඤ්ඤායො ච උප්පාදෙත්වා පාසාදෙන බොධිමණ්ඩසමීපං ගන්ත්වා “පුන පාසාදො යථාඨානෙයෙව පතිට්ඨාතූ”ති අධිට්ඨාසි, සො සකට්ඨානෙයෙව පතිට්ඨාසි. අපබ්බජිතෙන කිර බොධිමණ්ඩං උපගන්තුං න සක්කාති. සො පබ්බජිත්වා බොධිමණ්ඩං පත්වා නිසීදිත්වා සත්ත දිවසෙ පධානයොගං කත්වා සත්තහි දිවසෙහි සම්මාසම්බොධිං සච්ඡාකාසි.
අතීත කථාව නම්, අසංඛෙය්‍ය අටකුත් කප් සුවහසක් පෙරුම් පිරූ කසුප් බෝසත්තුමා බඹදත් නම් බමුණාගේ, ධනවතී බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේය. අගසව් බවට පත්වන තැනැත්තාද, එදිනම දෙව්ලොවෙන් චුතව, දෙවන පුරෝහිත බමුණාගේ, බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේය. මෙසේ ඔවුන් එක දවසෙහිම කුස පිළිසිඳ ගැනීමද - බිහිවීමද සිදුවිය. එකම දිනයෙහිම, ඔවුන්ගෙන් එක් දරුවෙකුට කස්සප යැයි ද, අනෙක් දරුවාට තිස්ස යයිද නම් කළහ. ඔවුහු පස් තවරාගෙන කෙළිදෙලින් පසුවන කාලයේ පටන්ම (වැලි කෙළියේ පටන්) එකිනෙකා මිතුරුව කෙමෙන් වැඩුණහ. ‘දරුව, මේ කස්සප ගිහිගෙයින් නික්ම, පැවිදිව බුදුබව ලබන්නේය. ඔබද එතුමන් ළඟ පැවිදිව සසර දුක කෙළවර කරව’යි තිස්සගේ පියා පුතුට අණකළේය. ඔහු යහපතැ’යි පිළිවදන් දී, බෝසතුන් ළඟට ගොස්, මිතුර, අපි දෙදෙනාම පැවිදි වන්නෙමුදැ’යි කීහ. බෝසත් කසුප් ‘යහපතැ’යි පිළිවදන් දුන්නේය. වැඩිවියට පත් කල්හිද තිස්ස බෝසතුන් ළඟට පැමිණ, ‘එන්න මිතුර, පැවිදි වන්නෙමු’යි කීය. බෝසත් ගිහිගෙයින් නික්මුණේ නැත. තිස්ස, ‘තවමත් තම මිතුරාගේ නුවණ මෝරා නැතැ’යි සිතා, ගිහිගෙයින් නික්ම, තවුස් පැවිද්දෙන් පැවිදිව, කැලයෙහි පව්වක පාමුල අසපුවක් සකස්කොට, වසයි. බෝසත්ද නිවසෙහිදීම ආනාපානසතිය වඩා, දැහැන් සතර හා වෙසෙස් නුවණ (අභිඤ්ඤා) උපදවා, පහයෙන්ම බෝමැඩ කරා ගොස්, ‘පහය පිහිටි තැනම නැවත තිබේවා’යි අදිටන් කළේය. එය පෙර තිබූ තන්හිම පිහිටියේය. පැවිදි බව නොලබා බෝමැඩට පැමිණීමට නොහැකිය. කසුප් පැවිදිව බෝමැඩට පැමිණ, හිඳ සත්දිනක් උත්සාහ වඩා සත්වන දින සම්මා සම්බුදුබව අවබෝධ කළහ.
තදා ඉසිපතනෙ වීසතිසහස්සා පබ්බජිතා පටිවසන්ති. අථ කස්සපො භගවා තෙ ආමන්තෙත්වා ධම්මචක්කං පවත්තෙසි. සුත්තපරියොසානෙ සබ්බෙව අරහන්තො අහෙසුං. සො සුදං භගවා වීසතිභික්ඛුසහස්සපරිවුතො තත්ථෙව ඉසිපතනෙ වසති. කිකී ච නං කාසිරාජා චතූහි පච්චයෙහි උපට්ඨාති. අථෙකදිවසං බාරාණසිවාසී එකො පුරිසො පබ්බතෙ චන්දනසාරාදීනි ගවෙසන්තො තිස්සස්ස තාපසස්ස අස්සමං පත්වා තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. තාපසො තං දිස්වා “කුතො ආගතොසී”ති පුච්ඡි. “බාරාණසිතො, භන්තෙ”ති. “කා තත්ථ පවත්තී”ති? “තත්ථ, භන්තෙ, කස්සපො නාම සම්මාසම්බුද්ධො උප්පන්නො”ති. තාපසො දුල්ලභවචනං සුත්වා පීතිසොමනස්සජාතො පුච්ඡි – “කිං සො ආමගන්ධං භුඤ්ජති, න භුඤ්ජතී”ති? “කො භන්තෙ, ආමගන්ධො”ති? “මච්ඡමංසං ආවුසො”ති. “භගවා, භන්තෙ, මච්ඡමංසං භුඤ්ජතී”ති. තං සුත්වා තාපසො විප්පටිසාරී හුත්වා පුන චින්තෙසි – “ගන්ත්වා තං පුච්ඡිස්සාමි, සචෙ ‘ආමගන්ධං පරිභුඤ්ජාමී’ති වක්ඛති, තතො නං ‘තුම්හාකං, භන්තෙ, ජාතියා ච කුලස්ස ච ගොත්තස්ස ච අනනුච්ඡවිකමෙත’න්ති නිවාරෙත්වා තස්ස සන්තිකෙ පබ්බජිත්වා භවනිස්සරණං කරිස්සාමී”ති සල්ලහුකං උපකරණං ගහෙත්වා සබ්බත්ථ එකරත්තිවාසෙන සායන්හසමයෙ බාරාණසිං පත්වා ඉසිපතනමෙව පාවිසි. භගවාපි තස්මිං සමයෙ ධම්මදෙසනත්ථාය ආසනෙ නිසින්නොයෙව හොති. තාපසො භගවන්තං උපසඞ්කම්ම අනභිවාදෙත්වා තුණ්හීභූතො එකමන්තං අට්ඨාසි. භගවා තං දිස්වා පුබ්බෙ වුත්තනයෙනෙව පටිසම්මොදි. සොපි “ඛමනීයං, භො කස්සපා”තිආදීනි වත්වා එකමන්තං නිසීදිත්වා භගවන්තං පුච්ඡි – “ආමගන්ධං, භො කස්සප, භුඤ්ජසි, න භුඤ්ජසී”ති? “නාහං, බ්‍රාහ්මණ, ආමගන්ධං භුඤ්ජාමී”ති. “සාධු, සාධු, භො කස්සප, පරකුණපං අඛාදන්තො සුන්දරමකාසි, යුත්තමෙතං භොතො කස්සපස්ස ජාතියා ච කුලස්ස ච ගොත්තස්ස චා”ති. තතො භගවා “අහං කිලෙසෙ සන්ධාය ‘ආමගන්ධං න භුඤ්ජාමී’ති වදාමි, බ්රාහ්මණො මච්ඡමංසං පච්චෙති, යංනූනාහං ස්වෙ ගාමං පිණ්ඩාය අපවිසිත්වා කිකීරඤ්ඤො ගෙහා ආභතං පිණ්ඩපාතං පරිභුඤ්ජෙය්යං, එවං ආමගන්ධං ආරබ්භ කථා පවත්තිස්සති. තතො බ්රාහ්මණං ධම්මදෙසනාය සඤ්ඤාපෙස්සාමී”ති දුතියදිවසෙ කාලස්සෙව සරීරපරිකම්මං කත්වා ගන්ධකුටිං පාවිසි. භික්ඛූ ගන්ධකුටිද්වාරං පිහිතං දිස්වා “න භගවා අජ්ජ භික්ඛූහි සද්ධිං පවිසිතුකාමො”ති ඤත්වා ගන්ධකුටිං පදක්ඛිණං කත්වා පිණ්ඩාය පවිසිංසු.
එකල්හි ඉසිපතනයෙහි විසිදහසක් පැවිදි වූවෝ වෙති. කස්සප බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා අමතා දම්සක් දෙසූහ. සියල්ලෝම දෙසුම අවසන රහත් බව ලදහ. කස්සප බුදුරදහු විසිදහසක් මහසඟ පිරිවරා ඉසිපතනයෙහිම වසති. කිකී නම් කාසි ජනපදයෙහි රජු සිවුපසයෙන් උවටැන් කරයි. දිනක්, බරණැස වැසි එක් මිනිසෙක්, පව්වෙහි සඳුන්හර ආදිය සොයමින්, තිස්ස තවුසාගේ අසපුවට පැමිණ, වැඳ එකත්පස්ව සිටියේය. තවුසා ඔහු දැක, ‘කොහි සිට පැමිණියෙහි දැ’යි විමසීය. ‘හිමියනි, බරණැස සිටය.’ ‘එහි තොරතුරු කෙසේදැ’යි (තවුසා ඇසීය) ‘හිමියනි, කස්සප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහි උපන්හ’යි කීය. තවුසා (බුද්ධ නම් වූ) දුලබ වදන අසා සතුටට පත්ව, ‘කිම, එතුමන් ආගමන්ධය අනුභව කරත්ද, නැද්ද’යි විචාළේය. ‘හිමියනි, ආමගන්ධය නම් කුමක්ද? ‘ඇවැත්නි, මස් මාලුය’, ‘ඒ බුදුරජාණන් වහන්සේ මස්, මාළු වළඳති’යි (මිනිසා කීවේය.) ඒ ඇසූ තවුසා විපිළිසරව, ‘එහි ගොස් විමසමි’යි සිතීය. ‘ආමගන්ධය වළඳමි’යි කීවොත්, එය ඔබවහන්සේටද, ජාතියටද, කුලයට ද පරම්පරාවට ද නුසුදුසු වේ යැයි කියා, එයින් වළක්වාගෙන, උන්වහන්සේ ළඟ පැවිදිව, සසරින් මිදෙන්නෙමි’යි (තවුස් පිරිකර වැනි) සැහැල්ලු දෑ රැගෙන එක් රැයකින්ම බරණැස ඉසිපතනයට පිවිසියේය. භාග්‍යවතුන් වහන්සේද ඒ වේලාවෙහි දහම් දෙසනු පිණිස අසුනෙහි වැඩසිටියහ. තවුසා එහි පැමිණ, නොවැඳම නිහඬවී එකත්පස්ව සිටියේය. බුදුහු ඔහු දැක පෙර කී පරිදි පිළිසඳර කතා කළහ. තවුසාද ‘පින්වත් කස්සය, සැප දුක් කෙසේද?’ ආදී ලෙසින් කතාකොට, ‘පින්වත් කස්සප, ඔබ ආමගන්ධය අනුභව කරහි ද? නොකරහිදැ’යි ඇසුවේය. ‘බමුණ, මම ආමගන්ධය අනුභව නොකරමි’යි කීහ. ‘කස්සප ඉතා යහපත්ය, ඉතා යහපත්ය, අනුන්ගේ මළකුණු නොකෑමෙන් ඔබතුමන් යහපත් දෙයක්ම කළෙහිය, පින්වත් කස්සප, එය ජාතියටද, කුලයටද පරම්පරාවට ද සාධාරණ වූවකි.’ තවුසා පැවසීය. එහිදී කසුප් බුදුරජාණන් වහන්සේ ‘මම කෙලෙස් යන තේරුමෙන් ආමගන්ධය අනුභව නොකරමි’යි කියමි, මේ බමුණා එයින් මස්මාළු අදහස් කරයි, මම හෙට ගමෙහි පිඬු නොහැසිර, කිකී රජුගේ මැදුරින් ගෙනෙන ලද පිණ්ඩපාත ආහාරය අනුභව කරන්නෙම් නම් මැනවි. මෙසේ ආමගන්ධය පිළිබඳව කතාබහ ඇතිවන්නේය. එහිදී බමුණාට දහම් දෙසීමෙන් කරුණු පහදා දීමට හැකිවන්නෙමි’යි පසුදින කලින්ම සිරුර කිස නිමවා සුවඳකිළියට පිවිසියහ. සංඝයා වහන්සේලා සුවඳකිළියෙහි දොර වසා ඇති බව දැක, භාග්‍යවතුන් වහන්සේ, අද බික්සඟණ සමග නොපිවිසෙනු කැමති සේකැ’යි දැන, සුවඳකිළිය පැදකුණුකොට පිඬු පිණිස ගියහ.
භගවාපි ගන්ධකුටිතො නික්ඛම්ම පඤ්ඤත්තාසනෙ නිසීදි. තාපසොපි ඛො පත්තසාකං පචිත්වා ඛාදිත්වා භගවතො සන්තිකෙ නිසීදි. කිකී කාසිරාජා භික්ඛූ පිණ්ඩාය චරන්තෙ දිස්වා “කුහිං භගවා, භන්තෙ”ති පුච්ඡිත්වා “විහාරෙ, මහාරාජා”ති ච සුත්වා නානාබ්යඤ්ජනරසමනෙකමංසවිකතිසම්පන්නං භොජනං භගවතො පාහෙසි. අමච්චා විහාරං නෙත්වා භගවතො ආරොචෙත්වා දක්ඛිණොදකං දත්වා පරිවිසන්තා පඨමං නානාමංසවිකතිසම්පන්නං යාගුං අදංසු, තාපසො දිස්වා “ඛාදති නු ඛො නො”ති චින්තෙන්තො අට්ඨාසි. භගවා තස්ස පස්සතොයෙව යාගුං පිවන්තො මංසඛණ්ඩං මුඛෙ පක්ඛිපි. තාපසො දිස්වා කුද්ධො. පුන යාගුපීතස්ස නානාරසබ්යඤ්ජනං භොජනමදංසු, තම්පි ගහෙත්වා භුඤ්ජන්තං දිස්වා අතිවිය කුද්ධො “මච්ඡමංසං ඛාදන්තොයෙව ‘න ඛාදාමී’ති භණතී”ති. අථ භගවන්තං කතභත්තකිච්චං හත්ථපාදෙ ධොවිත්වා නිසින්නං උපසඞ්කම්ම “භො කස්සප, මුසා ත්වං භණසි, නෙතං පණ්ඩිතකිච්චං. මුසාවාදො හි ගරහිතො බුද්ධානං, යෙපි තෙ පබ්බතපාදෙ වනමූලඵලාදීහි යාපෙන්තා ඉසයො වසන්ති, තෙපි මුසා න භණන්තී”ති වත්වා පුන ඉසීනං ගුණෙ ගාථාය වණ්ණෙන්තො ආහ “සාමාකචිඞ්ගූලකචීනකානි චා”ති.
භාග්‍යවතුන් වහන්සේද සුවඳකිළියෙන් නික්ම පනවන ලද අස්නෙහි වැඩහුන්හ. තවුසාද පත්තසාක (පලාකොළ) පිස (මලවා) කා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි හුන්නේය. කාසි ජනපදයෙහි කිකී රජුද පිඬු පිණිස හැසිරෙන සඟපිරිස දැක, ‘හිමියනි, භාග්‍යවතුන් වහන්සේ කොහිදැ’යි විචාරා, ‘මහරජතුමනි, විහාරයේ වැඩසිටිති’යි අසා, නොයෙක් එළවළු හා නොයෙක් රසින් මස් යොදා පිළියෙල කරන ලද බොජුන් උන්වහන්සේට යැවීය. ඇමතිවරු විහාරයට ගෙනගොස්, බුදුහිමියන්ට දන්වා, පැන් පිළිගන්වා, වළඳනු පිණිස මුලින්ම නොයෙක් මසින් පිළියෙල කරන ලද කැඳ දුන්හ. තවුසා ඒ දැක, ‘වළඳයිද, නොවළඳීදැ’යි සිතමින් සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහු දකිද්දීම කැඳ පානය කරමින්ම මස් කැබල්ලක් මුවෙහි තබාගත්හ. තවුසා ඒ දැක කෝප විය. නැවත කැඳ පානය කළ බුදුරජාණන් වහන්සේට නා නා රසැති බොජුන් පිරිනැමූහ. එය පිළිගෙන වළඳනු දැකීමෙන් ‘මස්මාළු කමින්ම නොකමි’යි කියතැයි තදින්ම කෝපයට පත්විය. ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසන අත්පා සේදීමෙන් පසු, තවුසා එහි ගොස්, ‘පින්වත් කස්සප, ඔබ බොරු කියහි, එය පණ්ඩිතයන්ගේ කටයුත්තක් නොවේ. බොරුකීම බුදුවරුන් ගරහන ලද්දකි. උස්බිම් පාමුල වසන ඒ ඉසිවරුන් වනමුල්පල ආදියෙන් යැපෙමින්, බොරු නොකියන බවද කියා, නැවත ඉසිවරුන්ගේ ගුණ අගයමින් සාමාකචිංගුලකචීනකානි යන ගාථා කීය.
තත්ථ සාමාකාති ධුනිත්වා වා සීසානි උච්චිනිත්වා වා ගය්හූපගා තිණධඤ්ඤජාති. තථා චිඞ්ගූලකා කණවීරපුප්ඵසණ්ඨානසීසා හොන්ති. චීනකානීති අටවිපබ්බතපාදෙසු අරොපිතජාතා චීනමුග්ගා. පත්තප්ඵලන්ති යංකිඤ්චි හරිතපණ්ණං. මූලඵලන්ති යංකිඤ්චි කන්දමූලං. ගවිප්ඵලන්ති යංකිඤ්චි රුක්ඛවල්ලිඵලං. මූලග්ගහණෙන වා කන්දමූලං, ඵලග්ගහණෙන රුක්ඛවල්ලිඵලං, ගවිප්ඵලග්ගහණෙන උදකෙ ජාතසිඞ්ඝාතකකසෙරුකාදිඵලං වෙදිතබ්බං. ධම්මෙන ලද්ධන්ති දූතෙය්යපහිණගමනාදිමිච්ඡාජීවං පහාය වනෙ උඤ්ඡාචරියාය ලද්ධං. සතන්ති සන්තො අරියා. අස්නමානාති භුඤ්ජමානා. න කාමකාමා අලිකං භණන්තීති තෙ එවං අමමා අපරිග්ගහා එතානි සාමාකාදීනි භුඤ්ජමානා ඉසයො යථා ත්වං සාදුරසාදිකෙ කාමෙ පත්ථයන්තො ආමගන්ධං භුඤ්ජන්තොයෙව “නාහං, බ්‍රාහ්මණ, ආමගන්ධං භුඤ්ජාමී”ති භණන්තො අලිකං භණසි, තථා න කාමකාමා අලිකං භණන්ති, කාමෙ කාමයන්තා මුසා න භණන්තීති ඉසීනං පසංසාය භගවතො නින්දං දීපෙති.
එහි සාමකා යනු පොතු ඉවත්කර හෝ, (පැළෑටියෙහි) කරටියෙන් කපා, ලබාගත යුතු තණකොළ පවුලට අයත් ඇට ජාතිය. චිංගුලක කනේරු මල් පොකුරු හා සමාන, චීනකානි කැලෑ උස්බිම් බෑවුම්වල හැදී වැඩෙන හීන් මුං, පත්තපලං කොළ පැහැයෙන් යුතු පලාකොල ජාති, මූලඵලං ගස්වැල්වල හටගන්නා ගෙඩි, මූල යනුවෙන් මුලෙහි අල හටගෙන ඇති, ඵල ගස්වල හටගන්නා ගෙඩි, ගවිප්ඵල යැයි දියෙහි හටගන්නා ඕලු නෙළුම් ආදී ඇට ආදිය දතයුතුය. ධම්මෙන ලද්ධං පණිවුඩකරුවන් යැවීම, (යම් යම් වාසි ලැබීමේ අදහසින්) ආපසු ගෙන්වා ගැනීම වැනි වැරදි දිවිපැවැත්ම හැර, කැලයෙහි හැසිර හෝ, පිඬු පිණිස හැසිරීමෙන් ලැබුණු, සතං සන්හුන්, යහපත් උතුමන්, අසමානා අනුභව කරමින්, න කාමකාමා අලිකං භණන්ති මෙසේ, ‘මගේය’ යන හැඟීමෙන් තොරව, උවදුරු නැතිව, ඒ බඩහමූ ආදිය අනුභව කරන ඉසිවරුන්, ඔබ මනා රසවත් ආහාරයට කැමතිව, ඒ දේ පතමින්, ආමගන්ධ හෙවත් මස්මාළු අනුභව කරමින්, ‘බමුණ, මම ආමගන්ධය අනුභව නොකරමි’යි බොරු කියයි. එසේ අකමැත්තෙන් බොරු නොකියත් ද - කැමති දේ පතමින් බොරු නොකියතැයිද ඉසිවරුන්ට පසසනු පිණිස භාග්‍යවතුන් වහන්සේට නින්දා පමුණුවයි.
එවං ඉසීනං පසංසාපදෙසෙන භගවන්තං නින්දිත්වා ඉදානි අත්තනා අධිප්පෙතං නින්දාවත්ථුං දස්සෙත්වා නිප්පරියායෙනෙව භගවන්තං නින්දන්තො ආහ “යදස්නමානො”ති තත්ථ ද-කාරො පදසන්ධිකරො. අයං පනත්ථො – යං කිඤ්චිදෙව සසමංසං වා තිත්තිරමංසං වා ධොවනච්ඡෙදනාදිනා පුබ්බපරිකම්මෙන සුකතං, පචනවාසනාදිනා පච්ඡාපරිකම්මෙන සුනිට්ඨිතං, න මාතරා න පිතරා, අපිච ඛො පන “දක්ඛිණෙය්යො අය”න්ති මඤ්ඤමානෙහි ධම්මකාමෙහි පරෙහි දින්නං, සක්කාරකරණෙන පයතං පණීතමලඞ්කතං, උත්තමරසතාය ඔජවන්තතාය ථාමබලභරණසමත්ථතාය ච පණීතං අස්නමානො ආහාරයමානො, න කෙවලඤ්ච යංකිඤ්චි මංසමෙව, අපිච ඛො පන ඉදම්පි සාලීනමන්නං විචිතකාළකං සාලිතණ්ඩුලොදනං පරිභුඤ්ජමානො සො භුඤ්ජසි, කස්සප, ආමගන්ධං, සො ත්වං යංකිඤ්චි මංසං භුඤ්ජමානො ඉදඤ්ච සාලීනමන්නං පරිභුඤ්ජමානො භුඤ්ජසි, කස්සප, ආමගන්ධන්ති භගවන්තං ගොත්තෙන ආලපති.
මෙසේ ඉසිවරුන්ට පැසසුම් කරමින්, භාග්‍යවතුන් වහන්සේට ගරහා, තමන් අදහස් කරන පරිදි නින්දාවට හේතුවන ආකාරය දක්වා වෙනස් කළ නොහැකියැයි (තවත්) නින්දා පැමිණවීමට යදඤ්හමානො යන ගාථාව කීය. එහි ‘ද’ කාරය පද එක්කිරීමෙහි යොදා ඇත. මේ එහි තේරුමයි. කැටකිරිලි මස් හෝ වටුකුරුළු මස් හෝ කිසියම් මසක් සේදීම, කැපීම වැනි මුලදී කරන කටයුතු සුකතං, පිසීම, තුනපහ ආදී රසකාරක යෙදීම වැනි පසුව කරන කටයුතු සුනිට්ඨිතං, මව, පියා ලෙස සළකා නොව, එහෙත් ‘මේ තැනැත්තාට දීමට සුදුසු යැයි සිතන දැහැමි පුද්ගලයන් විසින් පරෙහි දින්නං, ගරු සත්කාර කරන අයතං රසවත් වූ, එමෙන්ම ඉතාම රසවත් බවින්, රසනහර පිනවන ඕජෝ ගුණැති, සවිබල ගෙනදීමටද සමත් බැවින්ද පණීතං අඤ්හමානො ආහාරයට ගනිමින්, හුදෙක් යම් මස් ජාතියක් පමණක්ම නොවේ. කළුපැහැ (ඇට) නොමැති, හැල්සහලින් පිසන ලද බත, සාලීනමන්නං ආහාරයට ගනිමින් පරිභුඤ්ජමානො සො භුඤ්ජසි කස්සප ආමගන්ධං ඔබතුමා කිසියම් මස් ජාතියක් අනුභව කරමින්, මෙම හැල්සහල් බත්ද ආහාරයට ගනිමින්, භූඤ්ජසි කස්සප ආමගන්ධං යැයි භාග්‍යවතුන් වහන්සේට පරම්පරා නාමයෙන් අමතයි.
එවං ආහාරතො භගවන්තං නින්දිත්වා ඉදානි මුසාවාදං ආරොපෙත්වා නින්දන්තො ආහ “න ආමගන්ධො…පෙ… සුසඞ්ඛතෙහී”ති. තස්සත්ථො – පුබ්බෙ මයා පුච්ඡිතො සමානො “න ආමගන්ධො මම කප්පතී”ති ඉච්චෙව ත්වං භාසසි, එවං එකංසෙනෙව ත්වං භාසසි බ්රහ්මබන්ධු බ්රාහ්මණගුණවිරහිතජාතිමත්තබ්රාහ්මණාති පරිභාසන්තො භණති. සාලීනමන්නන්ති සාලිතණ්ඩුලොදනං. පරිභුඤ්ජමානොති භුඤ්ජමානො. සකුන්තමංසෙහි සුසඞ්ඛතෙහීති තදා භගවතො අභිහටං සකුණමංසං නිද්දිසන්තො භණති.
මෙසේ ආහාරයෙන් භාග්‍යවතුන් වහන්සේට නින්දා කොට, දැන් බොරු කියන බවටද නින්දා කරමින්, න ආමගන්ධො - සුසංඛතෙහි ආදී ගාථාව කීය. එහි අදහස නම්, න ආමගන්ධො මම කප්පතීති ඉච්චෙව ඔබ (මෙසේ) කියහි, එක්වරටම තහවුරුකොට ඔබ කියහි, බ්‍රහ්ම බන්ධු බමුණු ගුණ නොමැති, ජාතිය පමණක් උසස් සේ සළකන බමුණකැයි අපහාසයෙන් කියයි. සාලීනමන්නං හැල් සහලින් පිසූ බත්, පරිභුඤ්ජමානො අනුභව කරමින්, සකුන්ත මංසෙහි සුසංඛතෙහි ඒ වේලාවෙහි භාග්‍යවතුන් වහන්සේට ගෙනෙන ලද කුරුළු මසක් පෙන්වමින් කියයි.
එවං භණන්තො එව ච භගවතො හෙට්ඨා පාදතලා පභුති යාව උපරි කෙසග්ගා සරීරමුල්ලොකෙන්තො ද්වත්තිංසවරලක්ඛණාසීතිඅනුබ්යඤ්ජනසම්පදං බ්යාමප්පභාපරික්ඛෙපඤ්ච දිස්වා “එවරූපො මහාපුරිසලක්ඛණාදිපටිමණ්ඩිතකායො න මුසා භණිතුං අරහති. අයං හිස්ස භවන්තරෙපි සච්චවාචානිස්සන්දෙනෙව උණ්ණා භමුකන්තරෙ ජාතා ඔදාතා මුදු තූලසන්නිභා, එකෙකානි ච ලොමකූපෙසු ලොමානි. ස්වායං කථමිදානි මුසා භණිස්සති. අද්ධා අඤ්ඤො ඉමස්ස ආමගන්ධො භවිස්සති, යං සන්ධාය එතදවොච – ‘නාහං, බ්‍රාහ්මණ, ආමගන්ධං භුඤ්ජාමී’ති, යංනූනාහං එතං පුච්ඡෙය්ය”න්ති චින්තෙත්වා සඤ්ජාතබහුමානො ගොත්තෙනෙව ආලපන්තො ඉමං ගාථාසෙසං ආහ –
මෙසේ කියමින්ද භාග්‍යවතුන් වහන්සේගේ යටිපත්ලේ පටන් හිසකෙස් අග තෙක් සිරුර පිරික්සමින්, දෙතිස් පුරිස් ලකුණින් හා අනුලකුණු අසූවකින්ද යුතු, බඹයක් පමණ වටකොට විහිදෙන රැස්මාලාවත් දැක, මෙබඳු මහපුරිස් ලකුණු ඇත්තෙකු බොරු කීමට සුදුසු නොවේ. මේ තැනැත්තාගේ දෙබැම අතරෙහි සුදුපැහැ මුදුමොළොක් පුළුන් වන් සිහින් උණුරෝමයද, එක් එක් රෝම කූපයක එක් එක් රෝමය බැගින්ද හටගත්තේ පෙර සසරේදී ඇත්ත කතාකිරිමේ යහපත් විපාක බලයෙනි. මෙබඳු තැනැත්තෙකු දැන් කෙසේ බොරු කියන්නේද? මොහු ‘ආමගන්ධ’ යැයි පවසනුයේ ඒකාන්තයෙන් වෙනත් දෙයකටය. ‘බමුණ, මම ආමගන්ධය’ අනුභව නොකරමි’යි මෙසේ යම් දෙයක් සඳහා කීවේද, එය විමසන්නෙම් මැනවැයි සිතා, ගරු බුහුමනින් යුතුව, පරම්පරා නමින්ම අමතමින් පුච්ඡාමි තං කස්සප එතමත්ථං කථමපකාරො තව ආමගන්ධො යැයි (ඉහත දැක්වූ ගාථාවේ) ඉතිරි කොටස කීය.
“පුච්ඡාමි තං කස්සප එතමත්ථං, කථංපකාරො තව ආමගන්ධො”ති.
අථස්ස භගවා ආමගන්ධං විස්සජ්ජෙතුං “පාණාතිපාතො”ති එවමාදිමාහ. තත්ථ පාණාතිපාතොති පාණවධො. වධඡෙදබන්ධනන්ති එත්ථ සත්තානං දණ්ඩාදීහි ආකොටනං වධො, හත්ථපාදාදීනං ඡෙදනං ඡෙදො, රජ්ජුආදීහි බන්ධො බන්ධනං. ථෙය්යං මුසාවාදොති ථෙය්යඤ්ච මුසාවාදො ච. නිකතීති “දස්සාමි, කරිස්සාමී”තිආදිනා නයෙන ආසං උප්පාදෙත්වා නිරාසාකරණං. වඤ්චනානීති අසුවණ්ණං සුවණ්ණන්ති ගාහාපනාදීනි. අජ්ඣෙනකුත්තන්ති නිරත්ථකමනෙකගන්ථපරියාපුණනං. පරදාරසෙවනාති පරපරිග්ගහිතාසු චාරිත්තාපජ්ජනං. එසාමගන්ධො න හි මංසභොජනන්ති එස පාණාතිපාතාදිඅකුසලධම්මසමුදාචාරො ආමගන්ධො විස්සගන්ධො කුණපගන්ධො. කිං කාරණා? අමනුඤ්ඤත්තා කිලෙසඅසුචිමිස්සකත්තා සබ්භි ජිගුච්ඡිතත්තා පරමදුග්ගන්ධභාවාවහත්තා ච. යෙ හි උස්සන්නකිලෙසා සත්තා, තෙ තෙහි අතිදුග්ගන්ධා හොන්ති, නික්කිලෙසානං මතසරීරම්පි දුග්ගන්ධං න හොති, තස්මා එසාමගන්ධො. මංසභොජනං පන අදිට්ඨමසුතමපරිසඞ්කිතඤ්ච අනවජ්ජං, තස්මා න හි මංසභොජනං ආමගන්ධොති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආමගන්ධය පැහැදිලි කිරීමට පාණාතිපාතො ආදී ගාථා වදාළහ. පාණාතිපාතො පණ ඇති කෙනෙකුට වදහිංසා කිරීමයි. වධච්ඡෙද බන්ධනං එසේ පණ සහිත වූ සත්වගට දඬු ආදියෙන් පහර දී වද දීමයි. අත්පාදිය කැපීමයි. රැහැන් ආදියෙන් බැඳීම බන්ධන නම් වේ. ථෙය්යා මුසාවාදො සොරකම හා බොරු කීමද නිකති දෙන්නෙමි, කරන්නෙමි ආදී ලෙසින් (කියා) ආසාව උපදවා බලාපොරොත්තු නිසැකව ඇතිකිරිමෙන්, වඤ්චනානි රත්රන් නොවූ දේ රත්රන් බවට කරුණු දැක්වීම, අජ්ඣෙන කුජ්ජං වැඩකට නැති, අයහපතට හේතුවන දේවල් ඉගෙනීම, පරදාරසෙවනා අනුන්ගේ අඹුවන් හා වරදෙහි බැඳීම, එසාමගන්ධො න හි මංසභොජනං එම පරපණ නැසීම අකුසල ලෙස ගැනෙන ආමගන්ධ හෙවත් මස්මාළු ලෙස පිළීගඳ ඇත. කුණුගඳ ඇත. ඊට හේතුව කුමක්ද? සිත් ඇළුම් නොකරන බැවින්ද, කෙලෙස් නම් වූ අපිරිසිදුතාව මුසු වූ බැවින්ද, යහගුණදම් ඇත්තවුන් (ආදීනව දැන) පිළිකුල් කරන ලද බැවින්ද, ඉතා දුගඳ පතුරුවන බැවින්ද වෙයි. කෙලෙස් දුරුකළ උතුමන්ගේ සිරුරද දුගඳ නොවේ. එහෙයින් එය ආමගන්ධයයි. මස් ආහරය නම්, නොදුටු, නොඇසූ, සැක කළ නොහැකි නම් නිවැරදිය. එහෙයින් මස් ආහාරය ආමගන්ධය නොවේ.
එවං ධම්මාධිට්ඨානාය දෙසනාය එකෙන නයෙන ආමගන්ධං විස්සජ්ජෙත්වා ඉදානි යස්මා තෙ තෙ සත්තා තෙහි තෙහි ආමගන්ධෙහි සමන්නාගතා, න එකො එව සබ්බෙහි, න ච සබ්බෙ එකෙනෙව, තස්මා නෙසං තෙ තෙ ආමගන්ධෙ පකාසෙතුං “යෙ ඉධ කාමෙසු අසඤ්ඤතා ජනා”තිආදිනා නයෙන පුග්ගලාධිට්ඨානාය තාව දෙසනාය ආමගන්ධෙ විස්සජ්ජෙන්තො ද්වෙ ගාථායො අභාසි.
මෙසේ දහම් කරුණු ඇතුළත් දේසනා මගින්, එක් ආකාරයකට ආමගන්ධය විසඳා, මීළඟට යම් ලෙසකින් ඒ ඒ පුද්ගලයන් ඒ ඒ ආමගන්ධවලින් හෙවත් කෙලෙස්වලින් පිරී ඇති බැවින්, එක් පුද්ගලයෙක් අන් සියල්ලන් මෙන් නොවේ. සියල්ලෝම එක් ආකාරද නොවෙති. එහෙයින්, ඒ ඒ කෙලෙස් පිළිබඳව පවසන්නට යෙ ඉධ කාමෙසු අසඤ්ඤතා ජනා ආදී ලෙසින් පුද්ගලයකුට යොමු කෙරෙමින්, ආමගන්ධය ගාථා දෙකකින් පැහැදිලි කළහ.
තත්ථ යෙ ඉධ කාමෙසු අසඤ්ඤතා ජනාති යෙ කෙචි ඉධ ලොකෙ කාමපටිසෙවනසඞ්ඛාතෙසු කාමෙසු මාතිමාතුච්ඡාදීසුපි මරියාදාවිරහෙන භින්නසංවරතාය අසංයතා පුථුජ්ජනා. රසෙසු ගිද්ධාති ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු ගිද්ධා ගධිතා මුච්ඡිතා අජ්ඣොසන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා රසෙ පරිභුඤ්ජන්ති. අසුචිභාවමස්සිතාති තාය රසගිද්ධියා රසපටිලාභත්ථාය නානප්පකාරමිච්ඡාජීවසඞ්ඛාතඅසුචිභාවමිස්සිතා. නත්ථිකදිට්ඨීති “නත්ථි දින්න”න්තිආදිදසවත්ථුකමිච්ඡාදිට්ඨිසමන්නාගතා. විසමාති විසමෙන කායකම්මාදිනා සමන්නාගතා. දුරන්නයාති දුවිඤ්ඤාපයා සන්දිට්ඨිපරාමාසීආධානග්ගාහීදුප්පටිනිස්සග්ගිතාසමන්නාගතා. එසාමගන්ධොති එස එතාය ගාථාය පුග්ගලෙ අධිට්ඨාය නිද්දිට්ඨො “කාමෙසු අසංයතතා රසගිද්ධතා ආජීවවිපත්තිනත්ථිකදිට්ඨිකායදුච්චරිතාදිවිසමතා දුරන්නයභාවතා”ති අපරොපි පුබ්බෙ වුත්තෙනෙවත්ථෙන ඡබ්බිධො ආමගන්ධො වෙදිතබ්බො. න හි මංසභොජනන්ති මංසභොජනං පන යථාවුත්තෙනෙවත්ථෙන න ආමගන්ධොති.
යෙ ඉධ කාමෙසු අසංයතා ජනා මේ ලෝකයෙහි කාමසේවනයයි කියනු ලබන කාමයන් පිළිබඳව මව, සුළුමව කෙරෙහි වුවත් සීමා නොකොට, හික්මීම බිඳගනිමින්, අවිනීත වූ, අනුවණව හැසිරෙන කෙලෙස් පිරි මිනිසුන්, රසෙසු ගිද්ධා දිවට දැනෙන, රසයෙන් කෑදරව, එහි ගැලී, තදින් ඇලී, එයට වැරදි ලෙස යොමුවීමෙන් ඇතිවන හානි නොදකිමින්, අනුවණව රසයම විඳිති. අසූචීක මිස්සිතා ඒ රසයෙහි කෑදරව, ඒ රසය යළි යළිත් ලබනු පිණිස නොයෙක් වැරදි දිවිපැවැත්මෙන් අපිරිසිදු බවට පත් නත්ථික දිට්ඨි ‘දෙන ලද දෙයෙහි විපාක නැත’ ආදී ලෙසින් දස ආකාර වූ මිසදිටු බවින් යුතු, විසමා කය, වචන ආදිය අයහපත්ව යොදවන, දූරන්නයා වැරදි ලෙසට වටහාගත් දැකීම් තුළින් (අදහස්) දැඩිව පිළිගනිමින්, අත්නොහැර සිටින, එසාමගන්ධො ඒ ගාථාවෙන් පුද්ගලයකු තුළ පහළවන, කැමතිවන, ගිජුවන දේ කෙරෙහි හැඟීම් හා රසයට ලොල්වීමෙන් විපතට පත්වන ජීවිත පැවැත්මත්, කරන දෙයෙහි විපාක නැතැයි සිතීම, (කම්පල නොඇදහීම) දුරදක්නා වූ අවබෝධයෙන් තොරව දුසිරිතෙහි යෙදීම ආදී පෙර කී පරිදි සය ආකාර වූ ‘ආමගන්ධය’ තේරුම් දතයුතුය. න හි මංස භොජනං මස් ආහාර යනු මේ කියන ලද ආමගන්ධ යන අදහසින් නොවේ.
දුතියගාථායපි යෙ ලූඛසාති යෙ ලූඛා නිරසා, අත්තකිලමථානුයුත්තාති අත්ථො. දාරුණාති කක්ඛළා දොවචස්සතායුත්තා. පිට්ඨිමංසිකාති පුරතො මධුරං භණිත්වා පරම්මුඛෙ අවණ්ණභාසිනො . එතෙ හි අභිමුඛං ඔලොකෙතුමසක්කොන්තා පරම්මුඛානං පිට්ඨිමංසඛාදකා විය හොන්ති, තෙන “පිට්ඨිමංසිකා”ති වුච්චන්ති. මිත්තද්දුනොති මිත්තදූහකා, දාරධනජීවිතෙසු විස්සාසමාපන්නානං මිත්තානං තත්ථ මිච්ඡාපටිපජ්ජනකාති වුත්තං හොති. නික්කරුණාති කරුණාවිරහිතා සත්තානං අනත්ථකාමා. අතිමානිනොති “ඉධෙකච්චො ජාතියා වා…පෙ… අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පරෙ අතිමඤ්ඤති, යො එවරූපො මානො කෙතුකම්යතා චිත්තස්සා”ති (විභ· 880) එවං වුත්තෙන අතිමානෙන සමන්නාගතා. අදානසීලාති අදානපකතිකා, අදානාධිමුත්තා අසංවිභාගරතාති අත්ථො. න ච දෙන්ති කස්සචීති තාය ච පන අදානසීලතාය යාචිතාපි සන්තා කස්සචි කිඤ්චි න දෙන්ති, අදින්නපුබ්බකකුලෙ මනුස්සසදිසා නිජ්ඣාමතණ්හිකපෙතපරායණා හොන්ති. කෙචි පන “ආදානසීලා”තිපි පඨන්ති, කෙවලං ගහණසීලා, කස්සචි පන කිඤ්චි න දෙන්තීති. එසාමගන්ධො න හි මංසභොජනන්ති එස එතාය ගාථාය පුග්ගලෙ අධිට්ඨාය නිද්දිට්ඨො “ලූඛතා, දාරුණතා , පිට්ඨිමංසිකතා, මිත්තදූභිතා, නික්කරුණතා, අතිමානිතා, අදානසීලතා, අදාන”න්ති අපරොපි පුබ්බෙ වුත්තෙනෙවත්ථෙන අට්ඨවිධො ආමගන්ධො වෙදිතබ්බො, න හි මංසභොජනන්ති.
දෙවන ගාථාවෙහි යෙ ලූඛසා රළු, සැනසීමක් නැති, දුක් ගෙන දෙන, වෙහෙසට පත්කරන යම් පිළිවෙතක්, දාරුණ නපුරු, අකීකරු බවින් යුතු, පිට්ඨිමංසිකා ඉදිරියෙහි මිහිරි දේ කියා, අනුන් හමුවේදී නුගුණ, වැරදි කියන්නා වූ - මොවුහු අනික් තැනැත්තා දෙස එක එල්ලේ බැලීමට හෝ, අනුන් ඉදිරියේ නුගුණ කියමින් ‘පිටෙහි මස් කන්නෝ’ වෙති. එහෙයින් පිට්ඨිමංසිකා යැයි කියනු ලැබේ. මිත්තදදුනො මිතුරන්ට සතුරුකම් කරන, මිතුරන් සමග බොහෝ හිතවත්ව, ඔවුන්ගේ යහපත් දිවියෙහි අඹුදරුවන්, වත්පොසොහත්කම් පිළිබඳව දොස් කියමින් වැරදි ලෙස කටයුතු කරතියි කියනු ලබයි. නික්කරුණ කරුණා සහගත නොවන බැවින් හැමදෙනාටම අයහපත කැමති, අතිමානිනො ‘මේ ලොව ඇතමෙක් උපතින් හෝ...... වෙනත් වෙනත් දේවලින් අනුන් පහත්කොට සිතයි. මෙබඳු යම් මැනීමක් සිතෙහි කොඩියක් නංවා ඇති සේය.’ ‘ඉධෙකච්චො ජාතියා වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පරෙ අතිමඤ්ඤති, යො එවරූපො මානො කෙතුකම්යතා චිත්තස්ස’, මේ කියන ලද පරිදි, දැඩි මානයෙන් යුතුව, අදානසීලා නොදෙනසුළු ගති සොබාවෙන්ම, මෙහි කිසිදු අදහසක් නොමැතිව, තමාට අයිති කිසිම දෙයක් බෙදාහදා ගැනීමට අකමැති යන තේරුමයි. නච දෙන්ති කස්සචි දෙන ලෙස ඉල්ලීමක් කළද, ඒ නොදෙන ගතිය නිසාම කිසිම කෙනෙකුට කිසිම දෙයක් නොදෙති. අදින්න පුබ්බක බමුණාගේ පරම්පරාවට අයත් මිනිස්සු මරණින් මතු නිජ්ඣාම තණ්හික හෙවත් නොසංසිඳෙන පිපාසයෙන් යුතු පේත දිවිය පිහිටකොට ගනිති. ඇතැම්හු ආදානසීලා යනුවෙන්ද කියති. එයින් කැමති වචනයක් යොදාගත හැකියි. කස්සචි කිසිවක් නදෙන්ති එසමාගන්ධො න හි මංසභොජනං මේ ගාථාවෙන්, රළු නපුරු, අනුන්ගේ නුගුණ කියන, මිතුරන් බේද කරන, අකාරුණික, බොහෝ සේ අනුන් පහත්කරන, කිසිවක් නොදෙනසුළු, පුද්ගලයකු යොමුවන, පෙර කියන ලද පරිදි අටආකාර වූ අරුතින් කෙලෙස් දතයුතුය. ආමගන්ධය නම් මස් ආහාරය නොවේ.
එවං පුග්ගලාධිට්ඨානාය දෙසනාය ද්වෙ ගාථායො වත්වා පුන තස්ස තාපසස්ස ආසයානුපරිවත්තනං විදිත්වා ධම්මාධිට්ඨානායෙව දෙසනාය එකං ගාථං අභාසි. තත්ථ කොධො උරගසුත්තෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. මදොති “ජාතිමදො, ගොත්තමදො, ආරොග්‍යමදො”තිආදිනා (විභ· 832) නයෙන විභඞ්ගෙ වුත්තප්පභෙදො චිත්තස්ස මජ්ජනභාවො. ථම්භොති ථද්ධභාවො. පච්චුපට්ඨාපනාති පච්චනීකට්ඨාපනා, ධම්මෙන නයෙන වුත්තස්ස පටිවිරුජ්ඣිත්වා ඨානං. මායාති “ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරිත්වා”තිආදිනා (විභ· 894) නයෙන විභඞ්ගෙ විභත්තා කතපාපපටිච්ඡාදනතා. උසූයාති පරලාභසක්කාරාදීසු ඉස්සා. භස්සසමුස්සයොති සමුස්සිතං භස්සං, අත්තුක්කංසනතාති වුත්තං හොති. මානාතිමානොති “ඉධෙකච්චො ජාතියා වා…පෙ… අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පුබ්බකාලං පරෙහි සදිසං අත්තානං දහති, අපරකාලං අත්තානං සෙය්යං දහති, පරෙ හීනෙ දහති, යො එවරූපො මානො…පෙ… කෙතුකම්යතා චිත්තස්සා”ති (විභ· 880) විභඞ්ගෙ විභත්තො. අසබ්භි සන්ථවොති අසප්පුරිසෙහි සන්ථවො. එසාමගන්ධො න හි මංසභොජනන්ති එස කොධාදි නවවිධො අකුසලරාසි පුබ්බෙ වුත්තෙනෙවත්ථෙන ආමගන්ධොති වෙදිතබ්බො, න හි මංසභොජනන්ති.
මෙසේ පුද්ගලයකු යොමුවන පරිදි ගාථා දෙකක් කියා, නැවත ඒ තවුසාගේ සිතෙහි කෙලෙස් මතුවන අයුරු දැන, ඒ ගතිසොබාවට අනුකූල වන පරිදි එක් ගාථාවක් වදාළහ. එම ගාථාවේ සඳහන් කොධො පිළිබඳව (මෙහි) උරග සූත්‍රයෙහි සඳහන් අයුරින් දතයුතුය. මදො උපතින් තමා උසස්යැයි ඇතිවන හැඟීම, පරම්පරාවෙන් උසස්ය යන හැඟීම, නිරෝගී යැයි ඇතිවන හැඟීම ආදිය මැනීම් ලෙසින් විභංගයෙහි දක්වා ඇති පරිදි සිත මත්කරවන බවයි. ථම්භො තද බවයි. පච්චුට්ඨපනා දහම් කරුණු අනුව දැක්වෙන පරිදි විරුදුව නැගී සිටින, පසමිතුරු බවට පත්ව, මායා මෙලොව ඇතැමෙක් කයින් දුසිරිතෙහි යෙදී, ‘ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරිත්වා.......ආදී ලෙසින්, විභංගයෙහි විස්තර වූ පරිදි අයහපත් කටයුතු කොට සඟවන බවයි. උසුය්යා අනුන් ලබන ගරු සැලකිලි ආදිය නොරිසි ගතියයි. භස්ස සමුස්සයො පුරසාරම් දෙඩීම තමන් උසස්කොට දැක්වීමට කියන ලදී. මානාතිමානො ‘මෙලොව ඇතැම් කෙනෙක් ඉපදීමෛන් හෝ......වෙනත් වෙනත් දේවලින්, පෙර අනුන් හා සමාන වීයැයි තමන් ගැන සිතයි. පසුකාලයෙහි තමන් හා සමානව සිතයි. පසුව අනුන් පහත් යැයි සිතයි. මෙබඳු මැනීම සිතෙහි කෙඩි නංවා ඇති සේ යැයි විභංගයෙහි විස්තර කරන ලදී. ‘ඉධෙකච්චො ජාතියා වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා පුබ්බකාලෙ පරෙහි සදිසං අත්තානං දහති, අපරකාලෙ අත්තානං සෙය්යං දහති, පරෙ හීනෙ දහති, යො එවරූපො මානො -පෙ- කෙතුකම්යතා චිත්තස්ස’, අසබ්භි සන්ථවො දුදනන් හා ඇසුරයි. එසාමගන්ධො න හි මංසභොජනං මේ අයුරින් තරහව ආදී අයහපත් කරුණු නවයක් පෙර කියන ලද අරුතින් ආමගන්ධ යැයි දතයුතුය. මස් ආහාරය ලෙසට නොවේ.
එවං ධම්මාධිට්ඨානාය දෙසනාය නවවිධං ආමගන්ධං දස්සෙත්වා පුනපි පුබ්බෙ වුත්තනයෙනෙව පුග්ගලාධිට්ඨානාය දෙසනාය ආමගන්ධෙ විස්සජ්ජෙන්තො තිස්සො ගාථායො අභාසි. තත්ථ යෙ පාපසීලාති යෙ පාපසමාචාරතාය “පාපසීලා”ති ලොකෙ පාකටා. ඉණඝාතසූචකාති වසලසුත්තෙ වුත්තනයෙන ඉණං ගහෙත්වා තස්ස අප්පදානෙන ඉණඝාතා, පෙසුඤ්ඤෙන සූචකා ච. වොහාරකූටා ඉධ පාටිරූපිකාති ධම්මට්ටට්ඨානෙ ඨිතා ලඤ්ජං ගහෙත්වා සාමිකෙ පරාජෙන්තා කූටෙන වොහාරෙන සමන්නාගතත්තා වොහාරකූටා, ධම්මට්ඨපටිරූපකත්තා පාටිරූපිකා. අථ වා ඉධාති සාසනෙ. පාටිරූපිකාති දුස්සීලා. තෙ හි යස්මා නෙසං ඉරියාපථසම්පදාදීහි සීලවන්තපටිරූපං අත්ථි, තස්මා පටිරූපා, පටිරූපා එව පාටිරූපිකා. නරාධමා යෙධ කරොන්ති කිබ්බිසන්ති යෙ ඉධ ලොකෙ නරාධමා මාතාපිතූසු බුද්ධපච්චෙකබුද්ධාදීසු ච මිච්ඡාපටිපත්තිසඤ්ඤිතං කිබ්බිසං කරොන්ති. එසාමගන්ධො න හි මංසභොජනන්ති එස එතාය ගාථාය පුග්ගලෙ අධිට්ඨාය නිද්දිට්ඨො “පාපසීලතා, ඉණඝාතතා, සූචකතා, වොහාරකූටතා, පාටිරූපිකතා, කිබ්බිසකාරිතා”ති අපරොපි පුබ්බෙ වුත්තෙනෙවත්ථෙන ඡබ්බිධො ආමගන්ධො වෙදිතබ්බො, න හි මංසභොජනන්ති.
මෙසේ ගතිසොබා අනුව ආමගන්ධ යැයි කරුණු නවයක් දක්වා, නැවතද පෙර කී පරිදි එය පුද්ගලයා හා යොමුවන පරිදි දේසනයෙන් ආමගන්ධය පැහැදිලි කරමින්, ගාථා තුනක් වදාළහ. එහි පාපසීලා යම් තැනැත්තෙකු අයහපත් හැසිරීමෙන් යුතුනම්, පව්කාරයෙකැයි සමාජයේ පතළ වෙයි. ඉණඝාතසූචකා වසල සූත්‍රයෙහි කී පරිදි ණය ලබාගෙන, ආපසු නොගෙවීමෙන්, ණයකරුවෙකුව, කේලාම් ද කියති. වොහාරකුටා ඉධ පාටිරූපකා සාධාරණව නඩු තීරණය කරනු ලබතැයි සිතුවත් අල්ලස් ගෙන හිමිකරු (නිවැරදිකරු) පරාජය වන සේ, කපටිව කටයුතු කිරිමෙන්, සාධාරණය මින් පෙනීසිටින අනුරුවක් මෙන්, නැතහොත් ඉධා සසුනෙහි, පාටිරූපිකා දුසිල් වූවෝ, යම්ලෙසකින් ඉරියව් පැවතුම් ආදියෙහි සිල්වත් ලෙස පෙන්වත්ද එහෙයින් පටිරූපා - පිළිරූ වෙති. (සිල්වතුන් ලෙස පෙනී සිටින දුසිලන්ය.) පාටිරූපිකා වචනයද එම අදහසමය. නරාධමා යෙධ කරෙන්ති කිබ්බිසං යම් තැනැත්තෙක් මෙලොවෙහි මිනිකමට නිගාවන පරිදි මව්පියන්, බුදු-පසේබුදුවරු ආදීන් කෙරෙහි වැරදි සේ පිළිපැද දරුණු, නපුරු දේ කරති. එසාමගන්ධො න හි මංසභොජනං මේ ගාථාවෙන්, පුද්ගලයා යොමුකොට පෙන්වාදුන් පරිදි, පව්කම්හි ලොල් වූ, ණය ආපසු නොගෙවන, කේලාම් කියන, කපටි ලෙස තීරණය කරන, නැති ගුණදම් පෙන්වන, දරුණු කටයුතුවල නියැලීම ඉහත කියන ලද අයුරු ආමගන්ධ කරුණු හයක් යැයි දතයුතුය. මස් ආහාරය ආමගන්ධය නොවේ.
යෙ ඉධ පාණෙසු අසඤ්ඤතා ජනාති යෙ ජනා ඉධලොකෙ පාණෙසු යථාකාමචාරිතාය සතම්පි සහස්සම්පි මාරෙත්වා අනුද්දයාමත්තස්සාපි අකරණෙන අසංයතා. පරෙසමාදාය විහෙසමුය්යුතාති පරෙසං සන්තකං ආදාය ධනං වා ජීවිතං වා තතො “මා එවං කරොථා”ති යාචන්තානං වා නිවාරෙන්තානං වා පාණිලෙඩ්ඩුදණ්ඩාදීහි විහෙසං උය්යුතා. පරෙ වා සත්තෙ සමාදාය “අජ්ජ දස, අජ්ජ වීස”න්ති එවං සමාදියිත්වා තෙසං වධබන්ධනාදීහි විහෙසමුය්යුතා. දුස්සීලලුද්දාති නිස්සීලා ච දුරාචාරත්තා , ලුද්දා ච කුරූරකම්මන්තා ලොහිතපාණිතාය, මච්ඡඝාතකමිගබන්ධකසාකුණිකාදයො ඉධාධිප්පෙතා. ඵරුසාති ඵරුසවාචා. අනාදරාති “ඉදානි න කරිස්සාම, විරමිස්සාම එවරූපා”ති එවං ආදරවිරහිතා . එසාමගන්ධො න හි මංසභොජනන්ති එස එතාය ගාථාය පුග්ගලෙ අධිට්ඨාය නිද්දිට්ඨො “පාණාතිපාතො වධඡෙදබන්ධන”න්තිආදිනා නයෙන පුබ්බෙ වුත්තො ච අවුත්තො ච “පාණෙසු අසංයතතා පරෙසං විහෙසතා දුස්සීලතා ලුද්දතා ඵරුසතා අනාදරො”ති ඡබ්බිධො ආමගන්ධො වෙදිතබ්බො, න හි මංසභොජනන්ති. පුබ්බෙ වුත්තම්පි හි සොතූනං සොතුකාමතාය අවධාරණතාය දළ්හීකරණතායාති එවමාදීහි කාරණෙහි පුන වුච්චති. තෙනෙව ච පරතො වක්ඛති “ඉච්චෙතමත්ථං භගවා පුනප්පුනං, අක්ඛාසි නං වෙදයි මන්තපාරගූ”ති.
යෙ ඉධ පාණෙසු අසංයතා ජනා මිනිස්සු මේ ලෝකයෙහි ජීවී සත්වග කෙරෙහි කිසිදු දයාවක් නොමැතිව, කැමති කැමති පරිදි සියදහස් ගණනින් මරා නොහික්මුණු බව දක්වති. පරෙසමාදාය විහෙසමුය්යුතා අනුන්ට අයත් ධනය ගැනීමේදී හෝ ජීවිතයට හිරිහැර කරනවිට හෝ ‘එසේ නොකරනු මැනවැ’යි ඉල්ලනවිට හෝ වළක්වන විට හෝ අතින්, කැටකැබලිති පොලු ආදියෙන් වධහිංසා කිරීමෙහි නියැලුනේ, පරෙ සතුන් කෙරෙහි (අනුන් කෙරෙහි) සමාදාය අද දහයක්, අද විස්සක් ලබාගන්නේ යැයි (අනුන් සතු ධනය කහවණු හෝ වස්තුව ලබාගැනීමට) ඔවුන් වදහිංසා බැඳීම්වලින් වෙහෙසට පත් කරන, දුස්සීලලුද්දා සිලවත් බවක් නැතිව, දුසිරිතෙහි ලොල්ව, නපුරු, දරුණු කටයුතුවල යෙදෙමින් අත්වල ලේ තවරාගෙන, මසුන්, සතුන්, කුරුල්ලන් ආදීන් නැසීම මෙහිලා අදහස් වේ. ඵරුසා නපුරු වචනයි. අනාදරා දැන් නොකරන්නෙමු. වළකාලන්නෙමු. මෙබඳු දයාවක් නොමැති බව දැක්වීමෙන්, එසාමගන්ධො න හි මංසභොජනං මේ ගාථාවෙන් පුද්ගලයා අරමුණුකොට පෙන්වා දුන් පරිදි, පරපණ නැසීමෙන්, හිංසාවෙන් හා තුවාල සිදුකිරීමෙන්, බැඳ තැබීමෙන්, පෙර කියන ලද අයුරු ජීවීන් කෙරෙහි හික්මීමක් නැතිව, අනුන්ට හිරිහැර කරමින්, දුසිල්බවෙන්, නපුරුකමෙන්, නපුරු වචනයෙන් හා ආදරයක් නොමැතිවීම යන සයආකාර ආමගන්ධය දතයුතුය. මස් ආහාරය නොවේ. පෙර කියන ලද නමුත්, අසනු කැමති වූවන්ට ඇසීමටත්, වෙන් වෙන්ව පැහැදිලි කිරීම පිණිසත්, තවදුරටත් තහවුරුවනු පිණිසත්, මේ කරුණු නැවත කියනු ලැබේ. වේදයෙහි පරතෙරට පත් ඒ බමුණාට මෙසේ මෙම කරුණු භාග්‍යවතුන් වහන්සේ නැවත නැවතත් කියතැයි වෙනත් කෙනෙකුට අදහසක් එයින් ඇතිවිය හැකි බැවිනි.
එතෙසු ගිද්ධා විරුද්ධාතිපාතිනොති එතෙසු පාණෙසු ගෙධෙන ගිද්ධා, දොසෙන විරුද්ධා, මොහෙන ආදීනවං අපස්සන්තා පුනප්පුනං අජ්ඣාචාරප්පත්තියා අතිපාතිනො, එතෙසු වා “පාණාතිපාතො වධඡෙදබන්ධන”න්තිආදිනා නයෙන වුත්තෙසු පාපකම්මෙසු යථාසම්භවං යෙ ගෙධවිරොධාතිපාතසඞ්ඛාතා රාගදොසමොහා, තෙහි ගිද්ධා විරුද්ධා අතිපාතිනො ච. නිච්චුය්යුතාති අකුසලකරණෙ නිච්චං උය්යුතා, කදාචි පටිසඞ්ඛාය අප්පටිවිරතා. පෙච්චාති අස්මා ලොකා පරං ගන්ත්වා. තමං වජන්ති යෙ, පතන්ති සත්තා නිරයං අවංසිරාති යෙ ලොකන්තරිකන්ධකාරසඞ්ඛාතං නීචකුලතාදිභෙදං වා තමං වජන්ති, යෙ ච පතන්ති සත්තා අවීචිආදිභෙදං නිරයං අවංසිරා අධොගතසීසා. එසාමගන්ධොති තෙසං සත්තානං තමවජනනිරයපතනහෙතු එස ගෙධවිරොධාතිපාතභෙදො සබ්බාමගන්ධමූලභූතො යථාවුත්තෙනත්ථෙන තිවිධො ආමගන්ධො. න හි මංසභොජනන්ති මංසභොජනං පන න ආමගන්ධොති.
එතෙසුගිද්ධා විරුද්ධාතිපාතිනො මේ පණ ඇත්තවුන් කෙරෙහි තද ඇලීමෙන් ගිජුව, තරහින් සතුරු වී, පලවිපාක නොදැක මුළා වී (රාග-දෝස-මෝහයෙන්) නැවත නැවත වරදෙහි යෙදෙමින්, අනුන් නැසීමට කටයුතු කරන, පරපණ නැසීමෙන්, හිංසාවෙන්, තුවාල සිදුකිරීමෙන්, බැඳ තැබීමෙන් ආදී මෙබඳු අයහපත් දේ පිළිබඳ කියනවිට, ඒවා ඇතිවීමට හේතුවන රාග-දෝස-මෝහයෙන්, ඒවාට ගිජුව, තරහින් අනෙක් තැනැත්තකු වැනසීමට කටයුතු කරන, නිච්චුය්යුතා කිසිවිටකත් සිදුවන අයහපත ගැන නුවණින් සළකන්නේ නැතිව, නිතර අයහපත් දෙයෙහිම යෙදෙන, පෙච්චා මෙලොවින් පරලොව ගොස්, තමං වජන්ති යෙ පතන්ති සත්තා නිරයං අවංසිරා එබඳු තැනැත්තෝ ලෝකාන්ධකාර යැයි කියනු ලබන නිරයට හෝ පහත්තැයි සම්මත කුලයක හෝ ඉපිද අඳුරට යති. අවීචිය ආදී කොට ඇති නිරයට යටිකුරු වූ හිසින් (ඔළුව පහළට) වැටෙති. එසාමගන්ධො අඳුරට යන - නිරයට වැටෙන ඒ තැනැත්තන්ට, එහි (උපතට) හේතුවන, අයහපතට ගිජුවීම, සතුරුබව හා නැසීම වූ සියළු ආමගන්ධයට මූලික වන අයුරු ඉහත දක්වා ඇති පරිදි තුන් ආකාර වේ. නහි මංසභොජනං මස් ආහාරය ආමගන්ධ නොවේ.
එවං භගවා පරමත්ථතො ආමගන්ධං විස්සජ්ජෙත්වා දුග්ගතිමග්ගභාවඤ්චස්ස පකාසෙත්වා ඉදානි යස්මිං මච්ඡමංසභොජනෙ තාපසො ආමගන්ධසඤ්ඤී දුග්ගතිමග්ගසඤ්ඤී ච හුත්වා තස්ස අභොජනෙන සුද්ධිකාමො හුත්වා තං න භුඤ්ජති, තස්ස ච අඤ්ඤස්ස ච තථාවිධස්ස සොධෙතුං අසමත්ථභාවං දස්සෙන්තො “න මච්ඡමංස”න්ති ඉමං ඡප්පදං ගාථමාහ. තත්ථ සබ්බපදානි අන්තිමපාදෙන යොජෙතබ්බානි – න මච්ඡමංසං සොධෙති මච්චං අවිතිණ්ණකඞ්ඛං, න ආහුතියඤ්ඤමුතූපසෙවනා සොධෙති මච්චං අවිතිණ්ණකඞ්ඛන්ති එවං. එත්ථ ච න මච්ඡමංසන්ති අඛාදියමානං මච්ඡමංසං න සොධෙති, තථා අනාසකත්තන්ති එවං පොරාණා වණ්ණෙන්ති. එවං පන සුන්දරතරං සියා “න මච්ඡමංසානං අනාසකත්තං න මච්ඡමංසානානාසකත්තං, මච්ඡමංසානං අනාසකත්තං න සොධෙති, මච්ච”න්ති අථාපි සියා, එවං සන්තෙ අනාසකත්තං ඔහීයතීති? තඤ්ච න, අමරතපෙන සඞ්ගහිතත්තා. “යෙ වාපි ලොකෙ අමරා බහූ තපා”ති එත්ථ හි සබ්බොපි වුත්තාවසෙසො අත්තකිලමථො සඞ්ගහං ගච්ඡතීති. නග්ගියන්ති අචෙලකත්තං. මුණ්ඩියන්ති මුණ්ඩභාවො. ජටාජල්ලන්ති ජටා ච රජොජල්ලඤ්ච. ඛරාජිනානීති ඛරානි අජිනචම්මානි. අග්ගිහුත්තස්සුපසෙවනාති අග්ගිපාරිචාරියා. අමරාති අමරභාවපත්ථනතාය පවත්තකායකිලෙසා. බහූති උක්කුටිකප්පධානාදිභෙදතො අනෙකෙ. තපාති සරීරසන්තාපා. මන්තාති වෙදා. ආහුතීති අග්ගිහොමකම්මං. යඤ්ඤමුතූපසෙවනාති අස්සමෙධාදියඤ්ඤා ච උතූපසෙවනා ච. උතූපසෙවනා නාම ගිම්හෙ ආතපට්ඨානසෙවනා, වස්සෙ රුක්ඛමූලසෙවනා, හෙමන්තෙ ජලප්පවෙසසෙවනා. න සොධෙන්ති මච්චං අවිතිණ්ණකඞ්ඛන්ති කිලෙසසුද්ධියා වා භවසුද්ධියා වා අවිතිණ්ණවිචිකිච්ඡං මච්චං න සොධෙන්ති. කඞ්ඛාමලෙ හි සති න විසුද්ධො හොති, ත්වඤ්ච සකඞ්ඛොයෙවාති. එත්ථ ච “අවිතිණ්ණකඞ්ඛ”න්ති එතං “න මච්ඡමංස”න්තිආදීනි සුත්වා “කිං නු ඛො මච්ඡමංසානං අභොජනාදිනා සියා විසුද්ධිමග්ගො”ති තාපසස්ස කඞ්ඛාය උප්පන්නාය භගවතා වුත්තං සියාති නො අධිප්පායො. යා චස්ස “සො මච්ඡමංසං භුඤ්ජතී”ති සුත්වාව බුද්ධෙ කඞ්ඛා උප්පන්නා, තං සන්ධායෙතං වුත්තන්ති වෙදිතබ්බං.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, නිවැරදි, උසස් අදහස් ලෙසට (දහම්නය පරිදි) ආමගන්ධය පහදා, දුගති මගද පහදා, යම් මස් මාළු ආහාරයක් ඒ තාපසයා අයහපත මග යැයිද, ඒවා නොකෑමෙන් පිරිසිදු වේ යැයි සිතා අනුභව නොකරන්නේ නම්, ඔහුටත්, ඔහු වැනි වෙනත් තැනැත්තන්ටත්, එයින් පිරිසිදු බවක් නොවන බව දක්වමින්, න මච්ඡමංසං යන මේ පේළි හයකින් යුතු ගාථාව කීහ. එහි සියළුම පද අවසන් පේළියට ගැළපිය යුතුය. සැකය දුරු නොකළේ නම්, මස්මාළු කෑමෙන් පිරිසිදු නොවේ. සැකය දුරු නොකළේ නම් පූජා, යාග ආදියෙන්ද පිරිසිදු නොවේ. මෙසේ මෙහිලා න මච්ඡමංසං මස්මාළු නොකෑවත් පිරිසිදු වන්නේ නැත. අනාසකත්තං මේ මස්මාළු නොකෑමෙන් පමණක්ම මිනිස්සු පිරිසිදු නොවෙතියි පැරණි වියත්හු (පොරාණ) දක්වති. එය වඩාත් සුදුසුය. එහෙත් මස්මාළු අනුභව නොකිරීම වෙනත් කරුණද වේ. ඒ තවුස්දම් රැකීමෙන් බාහිර මිනිසුන් (ඔවුන් කෙරෙහි) රඳවාගන්නා ලද බැවිනි. මේ ලෝකයෙහි සිරුර තවනු ලබන - පීඩාවට පත්කරන තපස්කම් ඇතැයි සඳහන් වූ අයුරින් කියන ලද ඉතිරි සියළු කරුණු සිරුරට දැඩිව දුක් දීමෙහිලා ගැනේ. නග්ගියං ඇදුම් නොහඳිනා බව, මුණ්ඩියං (හිස) මුඩුකිරිම, ජටාඡල්ලං හිසෙහි ජටාව හෝ හැඩපළු ගෙතුණ කෙස්, දූවිලි - කුණු බැඳී ඇති, ඛරාජිනානි කුර සහිත වූ අඳුන් දිවියන්ගේ සම්, න අග්ගිහුත්තස්සුපසෙවනා ගිනි පිදීමෙහි යෙදෙන, අමරා පවත්නා වූ සිරුරු කෙලෙසින් දෙව් බව පතනු පිණිස බහූ බිම ඇන තබා හිඳීම හෙවත් උක්කුටික ආදී නොයෙක් ආකාර වූ තවුස් වත්, තපා (එවැනි තවුස් වතවලින්) සිරුර තැවීම. මන්තා වේද (ගීතිකා) ආහූති ගිනිපිදීමේ පූජා යාගය. යඤ්ඤමුතූපසෙවනා අසුන් මරා කරන යාගයද උතුපසෙවනයද, උණුසුම් කාලයෙහි තද අව්වේ සිටීම, වැහිකාලයෙහි ගස්යට සිටීම, සීත කාලයෙහි ජලයෙහි සිටීම උතූපසෙවනයයි. න සොධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං සැකය දුරුනොකළ තැනැත්තාට කෙලෙස් පිරිසිදුවීමක් හෝ උපතෙහි පිරිසිදු බවක් හෝ නැත. සැකයෙන් අපිරිසිදු වීමෙන් මනා පිරිසිදුබවක් නොවේ. ඒ පිළිබඳවද සැකයම වේ. මෙහි දැක්වෙන අවිතිණ්ණකංඛං හා න මච්ඡමංසං ආදිය අසා ‘මස්මාළු අනුභව නොකිරීමෙන් මනාව පිරිසිදු වීමට මඟ වේදැ’යි තවුසාට ඇති වූ සැකය නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරන ලදැයි අදහස් නොකළ යුතුය. උන්වහන්සේ මස්මාළු අනුභව කරතියි අසත්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වූ සැකය නිසා ඒ අනුව එසේ දේසනා කරන ලදැයි දතයුතුය.
එවං මච්ඡමංසානාසකත්තාදීනං සොධෙතුං අසමත්ථභාවං දස්සෙත්වා ඉදානි සොධෙතුං සමත්ථෙ ධම්මෙ දස්සෙන්තො “සොතෙසු ගුත්තො”ති ඉමං ගාථමාහ. තත්ථ සොතෙසූති ඡසු ඉන්ද්රියෙසු. ගුත්තොති ඉන්ද්රියසංවරගුත්තියා සමන්නාගතො. එත්තාවතා ඉන්ද්රියසංවරපරිවාරසීලං දස්සෙති. විදිතින්ද්රියො චරෙති ඤාතපරිඤ්ඤාය ඡළින්ද්රියානි විදිත්වා පාකටානි කත්වා චරෙය්ය, විහරෙය්යාති වුත්තං හොති. එත්තාවතා විසුද්ධසීලස්ස නාමරූපපරිච්ඡෙදං දස්සෙති. ධම්මෙ ඨිතොති අරියමග්ගෙන අභිසමෙතබ්බචතුසච්චධම්මෙ ඨිතො. එතෙන සොතාපත්තිභූමිං දස්සෙති. අජ්ජවමද්දවෙ රතොති උජුභාවෙ ච මුදුභාවෙ ච රතො. එතෙන සකදාගාමිභූමිං දස්සෙති. සකදාගාමී හි කායවඞ්කාදිකරානං චිත්තථද්ධභාවකරානඤ්ච රාගදොසානං තනුභාවා අජ්ජවමද්දවෙ රතො හොති. සඞ්ගාතිගොති රාගදොසසඞ්ගාතිගො. එතෙන අනාගාමිභූමිං දස්සෙති. සබ්බදුක්ඛප්පහීනොති සබ්බස්ස වට්ටදුක්ඛස්ස හෙතුප්පහානෙන පහීනසබ්බදුක්ඛො. එතෙන අරහත්තභූමිං දස්සෙති. න ලිප්පති දිට්ඨසුතෙසු ධීරොති සො එවං අනුපුබ්බෙන අරහත්තං පත්තො ධිතිසම්පදාය ධීරො දිට්ඨසුතෙසු ධම්මෙසු කෙනචි කිලෙසෙන න ලිප්පති. න කෙවලඤ්ච දිට්ඨසුතෙසු, මුතවිඤ්ඤාතෙසු ච න ලිප්පති, අඤ්ඤදත්ථු පරමවිසුද්ධිප්පත්තො හොතීති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි.
මෙසේ මස්මාළු අනුභව නොකිරීමෙන් පිරිසිදු බව ලබාගැනීමට නොහැකි බව දක්වා, දැන් පිරිසිදු බව ලැබිය හැකි ආකාරයට දහම් දෙසමින්, සොතෙසු ගුත්තො යන මේ ගාථාව කීහ. සොතෙසු ඉඳුරන් සයෙහි ගුත්තො ඉඳුරන් සංවරව, රැකගැනීමෙන් යුතුව, මෙපමණකින් ඉඳුරන් හික්මවා ගැනීමට අවැසි සීලය දක්වයි. විදිතින්ද්රියො චරෙ ඉඳුරන් සයෙන් අරමුණු ලබන අයුරු නුවණින් දැන - කරන කියන දේ නොසඟවා කරන්නේය, වාසය කරන්නේ යැයි කියන ලදී. මෙපමණකින් පිරිසිදු සීලයට අයත් නාමරූප කොටස දක්වයි. ධම්මෙ ඨිතො අරිඅටැඟි මගින් අවබෝධ කළයුතු සිවුසස් දහමෙහි පිහිටියේ, මෙයින් සෝවාන්පලය දක්වයි. අජ්ජමද්දවෙ රතො නොවෙනස්වන (කය සිත වචනයෙහි) ඇද නොවන බව හා බුදුබවෙහි ඇළුනේ, මෙයින් සකදාගාමි ඵලය දක්වයි. සකදාගාමී වීමෙන් කයෙන් කරන කටයුතු ආදියෙහි නොවක් බවද සිතෙහි තදබව නැතිබවද, රාග දෝස තුනීවන බවද අදහස් වේ. සංගාතිගො රාග දෝසයෙහි ඇලීම් දුරුකරන ලද, එයින් අනාගාමි පලය දක්වයි. සබ්බදුක්ඛ පහීණො සසර සියළුම දුක්වලට හේතුව නැති කිරිමෙන් සියළුම දුක් නසන ලද, එයින් අරහත් බව දක්වයි. න ලිප්පති දිට්ඨමුතෙසු ධීරො මෙසේ අනුපිළිවෙලින් අරහත්බවට පැමිණියේ, ඊට උත්සාහවත් වූයෙන් ධීරො අසන, දකින දේවල් කෙරෙහි හැඟීම් නොගන්නා බැවින්, එය සිතෙහි රඳවා නොගන්නා බැවින් නොඇලේ. එපමණකුදු නොව, දක්නා ලද, අසන ලද, පහස ලබන කිසිදු දෙයක නොඇලෙයි. හුදෙක්ම උතුම් පිරිසිදු බවට පත්වූයේ යැයි අරහත් බව කුළුගන්වමින් දේසනය නිමවූහ.
ඉතො පරං “ඉච්චෙතමත්ථ”න්ති ද්වෙ ගාථා සඞ්ගීතිකාරෙහි වුත්තා. තාසමත්ථො – ඉති භගවා කස්සපො එතමත්ථං පුනප්පුනං අනෙකාහි ගාථාහි ධම්මාධිට්ඨානාය පුග්ගලාධිට්ඨානාය ච දෙසනාය යාව තාපසො අඤ්ඤාසි, තාව සො අක්ඛාසි කථෙසි විත්ථාරෙසි. නං වෙදයි මන්තපාරගූති සොපි තඤ්ච අත්ථං මන්තපාරගූ, වෙදපාරගූ, තිස්සො බ්රාහ්මණො වෙදයි අඤ්ඤාසි. කිං කාරණා? යස්මා අත්ථතො ච පදතො ච දෙසනානයතො ච චිත්රාහි ගාථාහි මුනී පකාසයි. කීදිසො? නිරාමගන්ධො අසිතො දුරන්නයො, ආමගන්ධකිලෙසාභාවා නිරාමගන්ධො, තණ්හාදිට්ඨිනිස්සයාභාවා අසිතො, බාහිරදිට්ඨිවසෙන “ඉදං සෙය්යො ඉදං වර”න්ති කෙනචි නෙතුං අසක්කුණෙය්යත්තා දුරන්නයො. එවං පකාසිතවතො චස්ස සුත්වාන බුද්ධස්ස සුභාසිතං පදං සුකථිතං ධම්මදෙසනං සුත්වා නිරාමගන්ධං නික්කිලෙසයොගං, සබ්බදුක්ඛප්පනූදනං සබ්බවට්ටදුක්ඛප්පනූදනං, නීචමනො නීචචිත්තො හුත්වා වන්දි තථාගතස්ස, තිස්සො බ්රාහ්මණො තථාගතස්ස පාදෙ පඤ්චපතිට්ඨිතං කත්වා වන්දි. තත්ථෙව පබ්බජ්ජමරොචයිත්ථාති තත්ථෙව ච නං ආසනෙ නිසින්නං කස්සපං භගවන්තං තිස්සො තාපසො පබ්බජ්ජමරොචයිත්ථ, අයාචීති වුත්තං හොති. තං භගවා “එහි භික්ඛූ”ති ආහ. සො තඞ්ඛණංයෙව අට්ඨපරික්ඛාරයුත්තො හුත්වා ආකාසෙනාගන්ත්වා වස්සසතිකත්ථෙරො විය භගවන්තං වන්දිත්වා කතිපාහෙනෙව සාවකපාරමිඤාණං පටිවිජ්ඣිත්වා තිස්සො නාම අග්ගසාවකො අහොසි, පුන දුතියො භාරද්වාජො නාම. එවං තස්ස භගවතො තිස්සභාරද්වාජං නාම සාවකයුගං අහොසි.
මෙම ගාථාවෙන් පසුව ඇති ඉච්චෙතමත්ථං ආදී ගාථා දෙක සංගායනාවට සහභාගී වූ හිමිවරුන් කියන ලදී. එහි අරුත මෙසේය. ඉති භගවා කසුප් බුදුහු, එතමත්ථං පුනප්පුනං ඒ තවුසා නිසි තතු දැනගන්නා තෙක්, දහම මුල්කොටද, පුද්ගලයා මුල්කොටද නොයෙක් ගාථාවලින් අක්ඛාසි කීය. සවිස්තරව දැක්වීය. තං වෙදයී මන්තපාරගු ඒ තිස්ස නම් බමුණාද වේදයෙහි කොටස් තුනෙහිම පරතෙරට පත් හෙයින්, මෙය අවබෝධ කළේය. ඊට හේතු කවරේද? අරුතින්ද, දේසනයට යොදා ගත් වචනවලින්ද යුතු වූ හෙයිනි. චිත්රාහි ගාථාහි මුනි පකාසයී කෙබඳු අයුරින්ද? නිරාමගන්ධො අසිතො දුරන්නයො ආමගන්ධ යනුවෙන් හැඳින්වූ කෙලෙස් නොමැති බව නිරාමගන්‍ධ වේ. තණ්හා දිට්ඨි ඇසුරක් නොවන හෙයින් අසිත නම් වේ. මෙය උතුම්ය, මෙය උසස් යැයි බාහිර දැකීම් ලෙස දැඩිව ගත් හැඟීම් ලෙස ඉදිරියට ගෙන යා නොහැකිය. ඔහුට මෙසේ පවසන ලදින්, සුත්වාන බුද්ධස්ස සුභාසිතං පදං මනාව පවසන ලද දම් දෙසුම අසා, නිරාගමන්ධං කෙලෙස් එකතු නොවන, සබ්බදුක්ඛ පනූදනං සසර සියළු දුක් දුරුකරන, නීචමනො යටහත් සිත් ඇතිව, වන්දි තථාගතස්ස තිස්ස බමුණ පසඟ පිහිටුවා තථාගතයන් වහන්සේගේ පා වැන්දේය. තත්ථෙව පබ්බජ්ජ මරොචයිත්ථ එතැනදීම, ඒ ආසනයෙහි වැඩසිටි කසුප් බුදුරදුන්ට තිස්ස තවුසා තමාගේ පැවිදිවීම සැළකළේය. පැවිද්ද ඉල්ලූයේ යැයි කියන ලදී. භාග්‍යවතුන් වහන්සේ ‘එව මහණ’ යැයි ඔහුට ඇමතූහ. එකෙණෙහිම අටපිරිකර දරා අහසින් අවුත්, සියවස් සපිරි තෙරනමක මෙන් උන්වහන්සේට වැඳ කිහිප දිනකින්ම රහත් බව ලබා තිස්ස නම් අගසවු බවටද පත්විය. දෙවැන්නා භාරද්වාජ නම් විය. මෙසේ කසුප් බුදුරදුන්ට තිස්ස, භාරද්වාජ යැයි අගසවු දෙනම වූහ.
අම්හාකං පන භගවා යා ච තිස්සෙන බ්රාහ්මණෙන ආදිතො තිස්සො ගාථා වුත්තා, යා ච කස්සපෙන භගවතා මජ්ඣෙ නව, යා ච තදා සඞ්ගීතිකාරෙහි අන්තෙ ද්වෙ, තා සබ්බාපි චුද්දස ගාථා ආනෙත්වා පරිපුණ්ණං කත්වා ඉමං ආමගන්ධසුත්තං ආචරියප්පමුඛානං පඤ්චන්නං තාපසසතානං ආමගන්ධං බ්යාකාසි. තං සුත්වා සො බ්රාහ්මණො තථෙව නීචමනො හුත්වා භගවතො පාදෙ වන්දිත්වා පබ්බජ්ජං යාචි සද්ධිං පරිසාය. “එථ භික්ඛවො”ති භගවා අවොච. තෙ තථෙව එහිභික්ඛුභාවං පත්වා ආකාසෙනාගන්ත්වා භගවන්තං වන්දිත්වා කතිපාහෙනෙව සබ්බෙව අග්ගඵලෙ අරහත්තෙ පතිට්ඨහිංසූති.
අපගේ භාග්‍යවතුන් වහන්සේ, තිස්ස බමුණා වෙනුවෙන් මුලදී යම් ගාථා තුනක් වදාළ සේක්ද, කසුප් බුදුරජාණන් වහන්සේ විසින් සූත්‍රය මැද දී යම් ගාථා නවයක් වදාළ සේක් ද, එදා සංගීතියට සහභාගී වූ තෙරුන් වහන්සේලා විසින් ගාථා දෙකක් සූත්‍ර අවසානයට සකස් කරන ලද ද, ඒ සියළුම ගාථා දහහතර මෙම සූත්‍රයට ඇතුළත් විය. මෙම ආමගන්ධ සූත්‍රය, ඒ ගුරුවරයා ඇතුළු තවුසන් පන්සියයකට, කෙලෙස් පිළිබඳ අරුත් දක්වමින් දේසනා කළ සේක. ඒ ඇසූ ආමගන්ධ බමුණා, යටහත් සිත් ඇතිව, බුදුරදුන්ගේ දෙපා නැමද පිරිසත් සමග තමන් පැවිදි කරන ලෙස ඉල්ලා සිටියේය. ‘එව මහණ’ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ඔවුහු එහිදීම පාසිවුරු දරා, පැවිදිව අහසින් අවුත් භාග්‍යවතුන් වහන්සේ වැන්දාහ. නොබෝ දිනකින්ම සියල්ලෝම උතුම් රහත් පලයෙහි පිහිටියහ.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය ආමගන්ධසුත්තවණ්ණනා නිට්ඨිතා.
ආමගන්ධ සූත්‍ර විස්තරය නිමි.