යෙදුමෙන් කියවන්න

ආමගන්‍ධසුත‍්තං

2. 2.

2. 2.

ආමගන්‍ධසුත‍්තං

ආමගන්‍ධ සූත්‍රය

241. සාමාකචිඞ‍්ගුළකචීනකානි ච පත‍්තප‍්ඵලං මූලප‍්ඵලං ගවිප‍්ඵලං, ධම‍්මෙන ලද‍්ධං සතමස‍්නමානා න කාමකාමා අලිකං භණන‍්ති.

241. දැහැමින් ලත් බොඩහමුය, කර හමුය, චීනමුංය, නිල් පළාය, අල මුල්ය, රුක් ලිය පලතුරුය යන මෙ දෑ වළඳන, කම්සුව නො පතන ශාන්ත පුරුෂයෝ මුසවා නො බණන්නාහ.

242. යදස‍්නමානො සුකතං සුනිට‍්ඨිතං පරෙහි දින‍්නං පයතං පණීතං, සාලීනමන‍්නං පරිභුඤ‍්ජමානො සො භුඤ‍්ජතී කස‍්සප ආමගන්‍ධං.

242. කාශ්‍යපයන් වහන්ස, (කපා සෝදා ගැනීම් විසින්) මොනොවට පිළියෙළ කරන ලද, (පිසුම් සුවඳ කුළුබඩු බැහීම් විසින්) මනාසේ නිමවන ලද, මෙරමා විසින් දෙන ලද පිවිතුරු වූ යම් පිණි සුවඳ හැල් බොජුනක් වළඳනා හේ ආමගන්‍ධය වළඳන්නේය.

243. න ආමගන්‍ධො මම කප‍්පතීති ඉච‍්චෙව ත්‍වං භාසසි බ්‍රහ‍්මබන්‍ධු, සාලීනමන‍්නං පරිභුඤ‍්ජමානො සකුන‍්තමංසෙහි සුසංඛතෙහි, පුච‍්ඡාමි තං කස‍්සප එතමත්‍ථං කථංපකාරො තව ආමගන්‍ධො.

243. බ්‍රාහ්මණ ගුණ නැතිව (බ්‍රාහ්මණජාතිමාත්‍රවූ) බ්‍රහ්මබන්‍ධුයෙනි, මොනොවට පිළියෙළ කරන ලද, ලිහිණි මස් හා සුවඳහැල් බත් වළඳනුවෝ මැ (තොපි) “මට ආමගන්‍ධය නො සරුප් වේය” මෙසේ කියව, කාශ්‍යපයෙනි, තෙල අරුත් තොප පුළුවුස්මි, තොපගේ ආමගන්‍ධය කවර ප්‍රකාර ඇත්තේ ද?

244. පාණාතිපාතො වධඡෙදබන්‍ධනං ථෙය්‍යං මුසාවාදො නිකතී වඤ‍්චනානි, අජ‍්ඣෙනකුජ‍්ඣං පරදාරසෙවනා එසාමගන්‍ධො න හි මංසභොජනං.

244. ප්‍රාණඝාත ය, (දඬු මුගුරු ආදියෙන්) හිංසා කිරීම ය, හස්තපාදාදිච්ඡේද ය, (යදම් හැකිලි ආදියෙන්) බැඳුම ය, අයිනාදන් ය, මුසවා ය, ප්‍රතිඥාඝාත ය, වඤ්චනා ය, නිරර්‍ත්‍ථක ශ්‍රන්ථ පිරිවැහුම්ය, පරඹුන් සෙවුම් ය යන තෙල ආමගන්‍ධ වෙයි. මාංස භෝජන (ආමගන්‍ධ) නො වේ.

245. යෙ ඉධ කාමෙසු අසඤ‍්ඤතා ජනා රසෙසු ගිද‍්ධා අසුචීකමිස‍්සිතා, නත්‍ථිකදිට‍්ඨි විසමා දුරන‍්නයා එසාමගන්‍ධො න හි මංසභොජනං.

245. මෙලො වැ කාමයන් හි අසංයත වූ රසයන්හි ගිජු වූ (මිථ්‍යාජීවිකා සංඛ්‍යාත) අපවිත්‍රභාවයෙන් මුසු වූ, දශවස්තුක නාස්තිකදෘෂ්ටිගත්තාවූ (සන්‍දිට්ඨිපරමාසිතාදී හේතුයෙන්) කරුණු ගැන්විය නොහෙන, (දුර්විඥාප්‍ය) යම් ජන කෙනෙක් වෙත් නම්, තෙල ආමගන්‍ධ වෙයි. මාංසභෝජන (ආමගන්‍ධ) නො වේ.

246. යෙ ලූඛසා දාරුණා පිට‍්ඨිමංසිකා, මිත‍්තද‍්දුනො නික‍්කරුණා තිමානිනො අදානසීලා න ච දෙන‍්ති කස‍්සචි එසාමගන්‍ධො න හි මංසභොජනං.

246. යම් කෙනෙක් (ආත්මක්ලමථානුයෝගයෙන්) රූක්‍ෂ වූවාහු දරුණු (කැකුළු) වූවාහු, පිටුමස් කන්නාහු, මිත්‍රද්‍රෝහී වූවාහු, කුළුණුගුණ නැතියාහු, අතිමාන ඇත්තාහු, පරා අයත් ධන පැහැර ගන්නාහු, කවරකුහටවත් කිසි වතකුත් නො දෙත් නම්, තෙල ආමගන්‍ධ වෙයි. මාංසභෝජන (ආමගන්‍ධ) නො වේ.

247. කොධො මදො ථම‍්භො පච‍්චුට‍්ඨාපනා ච මායා උසූයා භස‍්සසමුස‍්සයො ව, මානාතිමානො ච අසබ‍්භි සන්‍ථවො එසාමගන්‍ධො න හි මංසයොජනං.

247. ක්‍රෝධය ද, මදය ද, (චිත්තයාගේ තදබව වූ) ථම්භය ද (ධර්‍මව්‍යාය කෙට විරුද්ධව) නැගී සිටුම ද, (තමා කළ පව් සැඟවීම ලක්‍ෂණ කොට ඇති) මායාව ද, (පරලාභ සත්කාරාදියෙහි) ඊර්‍ෂ්‍යාව ද, (ආත්මොත්කර්‍ෂණ සංඛ්‍යාත) ඵප්සුනුඛස ද මානාති මානය ද, අසත්පුරුෂ ආශ්‍රය ද යන මේ ආමගන්‍ධය වෙයි. මාංසභෝජනය ආමගන්‍ධ නො වේ.

248. යෙ පාපසීලා ඉණඝාතසුචකා වොහාරකූටා ඉධ පාටිරූපිකා නරාධමා යෙ’ධ කරොන‍්ති කිබ‍්බිසං එසාමගන්‍ධො න හි මංසභොජනං.

248. යම් කෙනෙක් පව් සැහැවි ඇත්තාහු ද, ගත් ණය නසනසුලු වෙත් ද. (නය්‍යායාධිකරණයෙහි දී අල්ලස් ගැනීම් ආදී) කූට ව්‍යවහාර ඇත්තාහු ද, ඉහාත්මයෙහි ම දැහැමි පිළිරූ ඇත්තාහු (දුශ්ශීල) වෙත් ද, මෙලොව් හි යම් අධම නර කෙනෙකුන් අපරාධ කෙරෙත් ද, මේ ආමගන්‍ධය වෙයි. මාංසභෝජනය ආමගන්‍ධ නො වේ.

249. යො ඉධ පාණෙසු අසඤ‍්ඤතා ජනා පරෙසමා’දාය විහෙසමුය්‍යුතා, දුස‍්සීලලුද‍්දා ඵරුසා අනාදරා එසාමගන්‍ධො න හි මංසභොජනං.

249. මෙලොව්හි, යම් ජන කෙනෙක් ප්‍රාණීන් කෙරෙහි සංයම නැත්තාහු මෙරමාගේ වස්තු පැහැර ගෙන (ඔවුන්ට) වෙහෙස කිරීමෙහි උත්සුක වූවාහු, දුශ්ශීල වූවාහු, කුරුරිකම් ඇත්තාහු, පරොස් බස් බණන්නාහු, ආදර රහිත වූවාහු වෙත් ද මේ ආමගන්‍ධය වෙයි. මාංසභෝජනය ආමගන්‍ධ නො වේ.

250. එතෙසු ගිද‍්ධා විරුද‍්ධාතිපාතිනො නිච‍්චුය්‍යුතා පෙච‍්ච තමං වජන‍්ති යෙ, පතන‍්ති සත‍්තා නිරයං අවංසිරා එසාමගන්‍ධො න හි මංසභොජනං.

250. මේ ප්‍රාණීන් කෙරෙහි (ලෝභයෙන්) ගිජු වූවාහු (ද්වේෂයෙන්) විරුද්ධ වූවාහු, (මෝහයෙන්) අතිපාත කරන්නාහු, (අකුසල් කිරීමෙහි) නිතර උත්සුක වූවාහු යම් සත්ත්‍ව කෙනෙක් (මෙයින් සැව) පරලොව ගොස් ලෝකාන්තරිකාන්‍ධකාර, (නීච කුලාදී ) අඳුරට යෙත් ද, යටිහුරු හිස් ඇත්තාහු නිරයෙහි හෙත් ද, මේ ආමගන්‍ධය වෙයි. මාංසභෝජනය ආමගන්‍ධ නො වේ.

251. න මච‍්ඡමංසං නානසකත‍්තං න නග‍්ගියං න මුණ‍්ඩියං ජටාජල‍්ලං ඛරාජිනානි නාග‍්ගිහුත‍්තස‍්සුපසෙවනා වා යෙ චාපි ලොකෙ අමරා බහූ තපා මන‍්තා’හුතී යඤ‍්ඤමුතූපවෙසනා සොධෙන‍්ති මච‍්චං අවිතිණ‍්ණකඞ‍්ඛං.

251. මසු මස් නොවැළඳීම ද, නග්නතාව ද, හිස මුඩුකිරීම් හා දළමඬුලු දැරීම ද, දූවිලි දැලි ඇඟ තවරාගැනීම ද, රළු ගෝණසම් දැරීම ද, යම්බඳු ගිනි දෙවියා පිදීම ද, ලෝකයෙහි යම්බඳු නොයෙක් අමරතප වේ ද, වේද මන්ත්‍රහෝ හෝම කර්‍ම ද අශ්වමේධාදි යඥයන් හා ඍතුපසේවනය ද තරණ කළ සැක නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්.

252. සොතෙසු ගුත‍්තො විදිතින්‍ද්‍රියො චරෙ ධම‍්මෙ ඨිතො අජ‍්ජවමද‍්දචෙ රතො, සඞ‍්ගාතිගො සබ‍්බදුක‍්ඛප‍්පහීනො න ලිප‍්පතී දිට‍්ඨසුතෙසු ධීරො.

252. ධෘතිමත් සයිඳුරන්හි ගෝපනයෙන් (ඉන්‍ද්‍රිය සංවර ශීලයෙන්) යුක්ත වූයේ (ඥාත පරිඥාවෙන්) දැනගත් ඉඳුරන් ඇත්තේ හැසිරෙන්නේය. (ආර්‍ය්‍යමාර්‍ගයෙන් දතයුතු වූ) සිවුසස් දහම්හි පිහිටියේ (සෙද ගැමි නැණින්) ඉදු මුදු බව්හි රැඳීයේ (අනගැමි මගින්) රාග, ද්වේෂ සඞ්ගයන් ඉක්මවූයේ (රහත් මගින්) පැහූ සව් දුක් ඇත්තේ දෘෂ්ටශ්‍රැත ධර්‍මයන්හි නො ලැගෙයි.

253. ඉච‍්චෙතමත්‍ථං භගවා පුනප‍්පුනං අක‍්ඛාසි නං වෙදයි මන‍්තපාරගූ, චිත්‍රාහි ගාථාහි මුනීපකාසයී නිරාමගන්‍ධො අසිතො දුරන‍්නයො.

253. මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ අර්‍ත්‍ථය පුනපුනා වදාළ සේක, වෙද මන්ත්‍රයන්හි පරතෙර පත් ඒ (තිෂ්‍ය) බ්‍රාහ්මණ, එය දැනගත්තේය. ආමගන්‍ධ (සංඛ්‍යාත ක්ලේශ) යන්ගෙන් මිදුනු, තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රයන් නැති (බාහිර දෘෂ්ටි වශයෙන් කිසිවෙකු විසිනුදු) නොපැමිණවිය හැකි මුනිරජ විසිතුරු වූ ගයින් මෙය පැවසීය.

254. සුත්‍වාන බුද‍්ධස‍්ස සුභාසිතං පදං නිරාමගන්‍ධං සබ‍්බදුක‍්ඛප‍්පනූදනං, නීචමනො වන්‍දි තථාගතස‍්ස තත්‍ථෙව පබ‍්බජ‍්ජමරොචයිත්‍ථාති.

254. බුදුරජුන් ගේ සියලු දුක් දුරලන නිකෙලෙස් වූ සුභාෂිත (ධර්‍ම) පදය අසා නැමුණු සිතැත්තේ තථාගතයන් වහන්සේගේ (සිරිපා) වැන්දේය. ඒ අස්නෙහිදී ම පැවිද්ද සැලකෙළේය.

ආමගන්‍ධසුත‍්තං නිට‍්ඨිතං.

ආමගන්‍ධ සූත්‍රය නිමි.