යෙදුමෙන් කියවන්න

හිරිසුත‍්තං

2. 3.

2. 3.

හිරිසුත‍්තං

හිරි සූත්‍රය

255. හිරිං තරන‍්තං විජිගුච‍්ඡමානං සඛා හමස‍්මි ඉති භාසමානං, සය‍්හානි කම‍්මානි අනාදියන‍්තං නෙ සො මමන‍්ති ඉති තං විජඤ‍්ඤා.

255. ලජ්ජාව ඉක්මවා යන්නාවූ (නිර්ලජ්ජවූ), (හිරියට) පිළිකුල් කරන්නාවූ, “මම ඔබගේ යහළුවෙකිමි”යි කියන්නා වූ කළ හැකි කර්‍ම නො පිළිගන්නාවූ, ඒ මිත්‍ර ප්‍රතිරූපකයා තෙල මාගේ යහළු නොවේ”යි (පණ්ඩිත තෙමේ) දන්නේ ය.

256. අනන්‍වයං පියං වාචං යො මිත‍්තෙසු පකුබ‍්බති, අකරොන‍්තං භාසමානං පරිජානන‍්ති පණ‍්ඩිතා.

256. යමෙක් මිතුරන් අතරදී අනුගත නො වන ප්‍රිය වචන කථා කෙරේ ද, (ක්‍රියාවෙන්) නො කරණ, (වචනයෙන් පමණක්) කථාකරණ, ඔහු පණ්ඩිතයෝ (මේ වචීපරමයෙකැයි) හඳුනා ගනිත්.

257. න සො මිත‍්තො යො සදා අප‍්පමත‍්තො භෙදා සඞ‍්කි රන්‍ධමෙවානුපස‍්සී, යස‍්මිඤ‍්ච සෙති උරසීව පුත‍්තො ස වෙ මිත‍්තො සො පරෙහි අභෙජ‍්ජො.

257. යමෙක් හැම කල්හි භේදය ම පතන්නේ (යහළුවාගේ) සිදුරක් ම බලන්නේ. සිදුරු සෙවීමෙහි ම නො පමා වේද, හේ මිත්‍රයෙක් නොවේ. (යමෙක්) යම් මිතුරකු කෙරෙහි උරෙයිදා පුතකු සෙයින් වෙසේ ද, යමෙකු ත් (කරුණු දහසක් නමුදු කියා) මෙරමා විසින් නො බිඳිය හේ ද, ඒකාන්තයෙන් හේ මිත්‍රවෙයි.

258. පාමුජ‍්ජකරණං ඨානං පසංසාවහනං සුඛං, ඵලානිසංසො භාවෙති වහන‍්තො පොරිසං ධුරං.

258. පුරුෂයකු හට අනුරූ බර උසුලන්නේ, නිර්‍වාණ ඵල (සඞ්ඛ්‍යාත) අනුසස් පතන්නේ, ප්‍රමෝදය දනවන්නා වූ සුඛහේතු වූ ප්‍රශංසා එළවන්නාවූ, (සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) කාරණය වඩා නම් -

259. පවිවෙකරසං පීත්‍වා රසං උපසමස‍්ස ච, නිද‍්දරො හොති නිප‍්පාපො ධම‍්මපීති රසං පිබන‍්ති.

259. හේ ආර්‍ය්‍ය ධර්‍ම ප්‍රීතිරස පානය කරන්නේ (අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) ප්‍රකර්‍ෂ විවේක රසය ද (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) උපසමයාගේ රසය ද පානය කොට කෙලෙස් පිරිතැවුලි නැත්තේ නිෂ්පාපයෙක් (පව් නැත්තෙක්) වේ.

හිරිසුත‍්තං නිට‍්ඨිතං.

හිරි සූත්‍රය නිමි.