1. රතනසුත්තවණ්ණනා අට්ඨකථා
1. රතනසුත්තවණ්ණනා
1. රතන සූත්‍ර වර්ණනාව
යානීධ භූතානීති රතනසුත්තං. කා උප්පත්ති? අතීතෙ කිර වෙසාලියං දුබ්භික්ඛාදයො උපද්දවා උප්පජ්ජිංසු. තෙසං වූපසමනත්ථාය ලිච්ඡවයො රාජගහං ගන්ත්වා, යාචිත්වා, භගවන්තං වෙසාලිමානයිංසු. එවං ආනීතො භගවා තෙසං උපද්දවානං වූපසමනත්ථාය ඉදං සුත්තමභාසි. අයමෙත්ථ සඞ්ඛෙපො. පොරාණා පනස්ස වෙසාලිවත්ථුතො පභුති උප්පත්තිං වණ්ණයන්ති. සා එවං වෙදිතබ්බා – බාරාණසිරඤ්ඤො කිර අග්ගමහෙසියා කුච්ඡිම්හි ගබ්භො සණ්ඨාසි. සා තං ඤත්වා රඤ්ඤො නිවෙදෙසි. රාජා ගබ්භපරිහාරං අදාසි. සා සම්මා පරිහරියමානගබ්භා ගබ්භපරිපාකකාලෙ විජායනඝරං පාවිසි. පුඤ්ඤවතීනං පච්චූසසමයෙ ගබ්භවුට්ඨානං හොති, සා ච තාසං අඤ්ඤතරා, තෙන පච්චූසසමයෙ අලත්තකපටලබන්ධුජීවකපුප්ඵසදිසං මංසපෙසිං විජායි. තතො “අඤ්ඤා දෙවියො සුවණ්ණබිම්බසදිසෙ පුත්තෙ විජායන්ති, අග්ගමහෙසී මංසපෙසින්ති රඤ්ඤො පුරතො මම අවණ්ණො උප්පජ්ජෙය්යා”ති චින්තෙත්වා තෙන අවණ්ණභයෙන තං මංසපෙසිං එකස්මිං භාජනෙ පක්ඛිපිත්වා අඤ්ඤෙන පටිකුජ්ජිත්වා රාජමුද්දිකාය ලඤ්ඡෙත්වා ගඞ්ගාය සොතෙ පක්ඛිපාපෙසි. මනුස්සෙහි ඡඩ්ඩිතමත්තෙ දෙවතා ආරක්ඛං සංවිදහිංසු. සුවණ්ණපට්ටිකඤ්චෙත්ථ ජාතිහිඞ්ගුලකෙන “බාරාණසිරඤ්ඤො අග්ගමහෙසියා පජා”ති ලිඛිත්වා බන්ධිංසු. තතො තං භාජනං ඌමිභයාදීහි අනුපද්දුතං ගඞ්ගාය සොතෙන පායාසි.
යානීධ භූතානි යනු රතන සූත්‍රයයි. එය දේසනා කිරිමට හේතු වූ කරුණ කුමක්ද? අතීතයේ විසල් පුර දැඩි ආහාර හිඟවීම ආදී උවදුරු ඇතිවිය. ඒ උවදුරු දුරුකරගනු පිණිස ලිච්ඡවීහු රජගහ නුවරට ගොස් ආයාචනාකොට භාග්‍යවතුන් වහන්සේ විසාලාවට වැඩම කරවූහ. මෙසේ වැඩමවාගෙන ආ භාග්‍යවතුන් වහන්සේ ඒ උවදුරු දුරුකරනු පිණිස මෙම සූත්‍රය දේසනා කළහ. මේ එහි කෙටි සඳහනයි. පැරණි ඇදුරෝ මෙහිදී විසල්පුර ගොඩනැගුන අයුරු මුල පටන්ම විස්තර කරති. ඒ විස්තර මෙසේ දතයුතුය. බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරුගැබක් පිහිටියේය. ඇය එය දැන රජුට දැන්වූවාය. රජ ගැබිනියක වෙනුවෙන් කළයුතු සියළු කටයුතු හා රැකවරණ (ගැබ් පෙරහර) සැලසීය. ඇය මැනවින් ගැබ දරාගනිමින්, ගැබ මේරූ කල වදනාගෙට පිවිසියාය. පින් ඇති තැනැත්තියන්ට දරු උපත සිදුවන්නේ අළුයම් කාලයේදීය. එබඳු තැනැත්තියන් අතර ඇයද වූවාය. අළුයම් වේලෙහි ලාකඩ පටලයක් (වැසුණු) වැනි බඳු වදමලක් මෙන් මස්වැදැල්ලක් ඇය බිහිකළාය. එවිට, ඇය, ‘අනික් බිසෝවරුන් රන් පිළිම බඳු පුත්තු වදති. අග මෙහෙසිය මස් වැදැල්ලක් වැදුවා’ යැයිද රජු ඉදිරියේ අපහාසයට ලක්වන්නේ යැයි ද සිතා, ඒ අපහාසයට බියෙන්, එම මස්වැදැල්ල එක්තරා බඳුනක බහා, වෙනත් බඳුනකින් වසා, රාජකීය සලකුණු තබා, (ගඟෙහි) දැමූවිටම, දේවතාවෝ රැකවරණ සැලසූහ. රන් තහඩුවක, රත්සිරියල්වලින් ‘බරණැස රජුගේ අග මෙහෙසියගේ දරුවන්’ යැයිද එහි ලියා තැබූහ. එම බඳුන දියසුළි ආදී උවදුරු නැතිව ගඟ පහළට පාවී ගියේය.
තෙන ච සමයෙන අඤ්ඤතරො තාපසො ගොපාලකුලං නිස්සාය ගඞ්ගාය තීරෙ වසති. සො පාතොවගඞ්ගං ඔතිණ්ණො තං භාජනං ආගච්ඡන්තං දිස්වා පංසුකූලසඤ්ඤාය අග්ගහෙසි. තතො තත්ථ තං අක්ඛරපට්ටිකං රාජමුද්දිකාලඤ්ඡනඤ්ච දිස්වා මුඤ්චිත්වා තං මංසපෙසිං අද්දස. දිස්වානස්ස එතදහොසි – “සියා ගබ්භො, තථා හිස්ස දුග්ගන්ධපූතිභාවො නත්ථී”ති තං අස්සමං නෙත්වා සුද්ධෙ ඔකාසෙ ඨපෙසි. අථ අඩ්ඪමාසච්චයෙන ද්වෙ මංසපෙසියො අහෙසුං. තාපසො දිස්වා සාධුකතරං ඨපෙසි. තතො පුන අද්ධමාසච්චයෙන එකමෙකිස්සා පෙසියා හත්ථපාදසීසානමත්ථාය පඤ්ච පඤ්ච පිළකා උට්ඨහිංසු. අථ තතො අද්ධමාසච්චයෙන එකා මංසපෙසි සුවණ්ණබිම්බසදිසො දාරකො; එකා දාරිකා අහොසි. තෙසු තාපසස්ස පුත්තසිනෙහො උප්පජ්ජි, අඞ්ගුට්ඨතො චස්ස ඛීරං නිබ්බත්ති, තතො පභුති ච ඛීරභත්තං ලභති. සො භත්තං භුඤ්ජිත්වා ඛීරං දාරකානං මුඛෙ ආසිඤ්චති. තෙසං යං යං උදරං පවිසති, තං සබ්බං මණිභාජනගතං විය දිස්සති. එවං නිච්ඡවී අහෙසුං. අපරෙ පන ආහු – “සිබ්බිත්වා ඨපිතා විය නෙසං අඤ්ඤමඤ්ඤං ලීනා ඡවි අහොසී”ති. එවං තෙ නිච්ඡවිතාය වා ලීනච්ඡවිතාය වා ලිච්ඡවීති පඤ්ඤායිංසු.
මේ කාලයෙහි එක්තරා තාපසයෙක් ගොපළු පවුල්වලින් සත්කාර ලබමින්, ගංතෙර වසයි. ඔහු උදැසනම ගඟට බසිද්දී ඒ භාජනය පාවී එනු දැක, පංසුකූල හැඟීමෙන් (කුණු ගොඩක් එතූ රෙදි යැයි සළකා) අතට ගත්තේය. ඒ අකුරු සඳහන් තහඩුව හා රාජකීය සලකුණු ද දැක, එය ඉවත්කළ පසු මස් වැදැල්ල දුටුවේය. මෙය දරු (ගැබක්) කලලයක් විය යුතුය. එසේම මෙහි දුගඳක් හෝ කුණු වූ බවක් නැතැ’යි ඒ දුටු තවුසාට සිතුණි. ඔහු එය ගෙනගොස් පිරිසිදු තැනක තැබීය. අඩමසක් ගත වූ විට එම මස්වැදැල්ල මස්වැදලි දෙකක් සේ බෙදුණි. තාපසයා ඒ දැක වඩාත් හොඳින් සුදුසු තැනක තැබීය. නැවත අඩමසකට පසුව එක් එක් මස්වැදැල්ලක අත්, පා, හිස පිණිස ගැට (ගඩු) පහක් පහක් බැගින් මතුවිය. තවත් අඩමසකින්, එක් මස් වැදැල්ලකින් රන් පිළිමයක් බඳු පිරිමි දරුවෙක්ද, අනෙක් මස් වැදැල්ලෙන් දැරියක්ද ඇතිවිය. තාපසයාට ඔවුන් කෙරෙහි දරු සෙනෙහස පහළ විය. ඔහුගේ මහපටඇඟිලි තුඩින් කිරි වැගිරේ. එතැන් පටන් කිරිබත්ද ලබයි. තාපසයා බත් කා ඒ දරුවන්ගේ මුවෙහි කිරි තවරයි. ඔවුන්ගේ කුස තුළට පිවිසෙන ඒ සියල්ලම මැණික් බඳුනකට දැමුවා සේ විනිවිද පෙනේ. (සිරුරෙහි) සමක් නොමැති විය. මසා තැබුවාක් මෙන් ඔවුන් එකිනෙකාගේ සම තුනී වී යැයි ඇතැම්හු කියති. මෙසේ ඔවුහු සම නොමැති බැවින් හෝ තුනී සම ඇති බැවින් හෝ ‘ලිච්ඡවී’ යැයි හැඳින්වූහ.
තාපසො දාරකෙ පොසෙන්තො උස්සූරෙ ගාමං පිණ්ඩාය පවිසති, අතිදිවා පටික්කමති. තස්ස තං බ්යාපාරං ඤත්වා ගොපාලකා ආහංසු – “භන්තෙ, පබ්බජිතානං දාරකපොසනං පලිබොධො, අම්හාකං දාරකෙ දෙථ, මයං පොසෙස්සාම, තුම්හෙ අත්තනො කම්මං කරොථා”ති. තාපසො “සාධූ”ති පටිස්සුණි. ගොපාලකා දුතියදිවසෙ මග්ගං සමං කත්වා, පුප්ඵෙහි ඔකිරිත්වා; ධජපටාකා උස්සාපෙත්වා තූරියෙහි වජ්ජමානෙහි අස්සමං ආගතා. තාපසො “මහාපුඤ්ඤා දාරකා, අප්පමාදෙන වඩ්ඪෙථ, වඩ්ඪෙත්වා ච අඤ්ඤමඤ්ඤං ආවාහවිවාහං කරොථ, පඤ්චගොරසෙන රාජානං තොසෙත්වා භූමිභාගං ගහෙත්වා නගරං මාපෙථ, තත්ර කුමාරං අභිසිඤ්චථා”ති වත්වා දාරකෙ අදාසි. තෙ “සාධූ”ති පටිස්සුණිත්වා දාරකෙ නෙත්වා පොසෙසුං.
දරුවන් ඇති දැඩි කරන තාපසයා හිරු පෑයූ කල පිඬු පිණිස ගමට පිවිසෙයි. මහ දාවලෙහි ආපසු එයි. තවුසාගේ එම වැඩකටයුතු දැනගත් ගොපල්ලෝ ‘හිමියනි, පැවිද්දන්ට දරුවන් ඇතිදැඩි කිරීම අවහිරයකි. දරුවන් අපට දෙන්න, ඇතිදැඩි කරන්නෙමු, ඔබතුමාට සුදුසු කටයුතු කරනු මැනවැ’යි කීහ. තාපසයා ‘යහපතැයි පිළිතුරු දුනි. ගොපල්ලෝ මග වලගොඩැලි සමකොට, මල් අතුරා, දද කොඩි ඔසවා වාදන භාණ්ඩ වයමින් පසුදින අසපුවට පැමිණියහ. තාපසයා ද, ‘මහත් පින් ඇති දරුවන්ය, මහත් සැළකිල්ලෙන් නොපමාවම ඇතිදැඩි කරව, ඇතිදැඩිකොට එකිනෙකා ආවාහ විවාහ කටයුතු කරන, පස්ගෝ රසින් රජු සතුටුකොට, බිම් කොටසක් (ලබා) ගෙන, නගරයක් සකසව, එහි කුමරු ඔටුනු පළඳවයි කියා දරුවන් (ඔවුන්ට) දුන්නේය. ඔවුහු යහපතැයි කියා දරුවන් ගෙන ගොස් ඇතිදැඩි කළහ.
දාරකා වඩ්ඪිමන්වාය කීළන්තා විවාදට්ඨානෙසු අඤ්ඤෙ ගොපාලදාරකෙ හත්ථෙනපි පාදෙනපි පහරන්ති, තෙ රොදන්ති. “කිස්ස රොදථා”ති ච මාතාපිතූහි වුත්තා “ඉමෙ නිම්මාතාපිතිකා තාපසපොසිතා අම්හෙ අතීව පහරන්තී”ති වදන්ති. තතො තෙසං මාතාපිතරො “ඉමෙ දාරකා අඤ්ඤෙ දාරකෙ විහෙඨෙන්ති දුක්ඛාපෙන්ති, න ඉමෙ සඞ්ගහෙතබ්බා, වජ්ජෙතබ්බා ඉමෙ”ති ආහංසු. තතො පභුති කිර සො පදෙසො “වජ්ජී”ති වුච්චති යොජනසතං පරිමාණෙන. අථ තං පදෙසං ගොපාලකා රාජානං තොසෙත්වා අග්ගහෙසුං. තත්ථෙව නගරං මාපෙත්වා සොළසවස්සුද්දෙසිකං කුමාරං අභිසිඤ්චිත්වා රාජානං අකංසු. තාය චස්ස දාරිකාය සද්ධිං වාරෙය්යං කත්වා කතිකං අකංසු – “න බාහිරතො දාරිකා ආනෙතබ්බා, ඉතො දාරිකා න කස්සචි දාතබ්බා”ති. තෙසං පඨමසංවාසෙන ද්වෙ දාරකා ජාතා ධීතා ච පුත්තො ච, එවං සොළසක්ඛත්තුං ද්වෙ ද්වෙ ජාතා. තතො තෙසං දාරකානං යථාක්කමං වඩ්ඪන්තානං ආරාමුය්යානනිවාසනට්ඨානපරිවාරසම්පත්තිං ගහෙතුං අප්පහොන්තං තං නගරං තික්ඛත්තුං ගාවුතන්තරෙන ගාවුතන්තරෙන පාකාරෙන පරික්ඛිපිංසු. තස්ස පුනප්පුනං විසාලීකතත්තා වෙසාලීත්වෙව නාමං ජාතං. ඉදං වෙසාලීවත්ථු.
එසේ ඇතිදැඩිවන දරුවෝ අනෙක් ගොපළු දරුවන් හා කෙළි සෙල්ලම් කරමින්, (එකිනෙකා අතර) මතභේදාත්මක කරුණු ඇතිවූ විට අතින් පයින් පහර දෙති. ඒ ගොපළු දරුවෝ හඬති. ඔවුන්ගේ මව්පියන්, ‘කුමක් නිසා හඬවුදැ’යි ඇසූවිට, ‘මව්පියන් නැති, තාපසයා හදාවඩා ගත් මොවුන් අපට තදින් පහර දෙති’යි කියති. එවිට ඔවුන්ගේ මව්පියෝ, ‘මේ දරුවන් අනෙක් දරුවන් පීඩාවට පත්කරති. දුකට පත්කරති. මොවුන්ට උදව් නොකළ යුතුය, මොවුන් දුරුකළ යුතුය. ඈත් කළ යුතුයැ’යි කීහ. (ඉමෙ වජ්ජෙතබ්බා) එතැන් පටන් යොදුන් තුන්සියයක් වූ ඒ ජනපදය ‘වජ්ජි’ යැයි කියනු ලැබේ. ඉක්බිති ගොපල්ලෝ රජු සතුටුකොට ඒ පෙදෙස මිලට ගත්හ. එහි නගරයක් සකසා, සොළොස් වයසැති කුමරා අබිසෙස් කොට රජබවට පත්කළහ. ‘පිටතින් දැරියක කැඳවා නොආ යුතුය. මේ දැරිය වෙනත් කෙනෙකුට ද නොදිය යුතුයැයි’ ඇය හා කතිකාකොට (විවාහය සඳහා) වෙන්කොට ගත්හ. ඔවුන්ගේ පළමු එක්වීමෙන්ම, දුවක්ද පුතෙකුද ලදහ. මෙසේ දහසය වාරයක්ම දෙදෙනා බැගින් උපත ලදහ. ඔවුන්ගේ දරුවන් නිසි පරිදි වැඩෙනවිට, පළතුරු උයන්, වාසය කරන තැන් සඳහා පිරිවර ජනතාවට ඉඩකඩ මද වූ බැවින්, ඒ නගරය තෙවරක්ම ගවුවක්, ගවුවක් අතර පවුරකින් වටකළහ. එය නැවත නැවත (දිග-පළලින්) විසාල කරන ලද බැවින් වෙසාලී හෙවත් විසාලා නම් විය. මේ විසල්පුර ඇති වූ අයුරුයි.
අයං පන වෙසාලී භගවතො උප්පන්නකාලෙ ඉද්ධා වෙපුල්ලප්පත්තා අහොසි. තත්ථ හි රාජූනංයෙව සත්ත සහස්සානි සත්ත ච සතානි සත්ත ච රාජානො අහෙසුං, තථා යුවරාජසෙනාපතිභණ්ඩාගාරිකප්පභුතීනං. යථාහ –
මේ විසාලා නුවර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ කල්හි මහත් යසඉසුරින් සපිරිණ. එහි රජවරුම හත්දහස් හත්සිය දෙනෙක් වූහ. එසේම යුවරජවරු, සේනාපතිවරු, භාණ්ඩාගාරික තනතුරු දරන්නෝ ද වූහ. එහෙයින් කියන ලදී -
“තෙන ඛො පන සමයෙන වෙසාලී ඉද්ධා චෙව හොති ඵීතා ච බහුජනා ආකිණ්ණමනුස්සා සුභික්ඛා ච, සත්ත ච පාසාදසහස්සානි, සත්ත ච පාසාදසතානි, සත්ත ච පාසාදා, සත්ත ච කූටාගාරසහස්සානි, සත්ත ච කූටාගාරසතානි, සත්ත ච කූටාගාරානි, සත්ත ච ආරාමසහස්සානි, සත්ත ච ආරාමසතානි, සත්ත ච ආරාමා, සත්ත ච පොක්ඛරණිසහස්සානි, සත්ත ච පොක්ඛරණිසතානි, සත්ත ච පොක්ඛරණියො”ති (මහාව· 326).
‘ඒ කාලයෙහි විසාලාව යසඉසුරින් පිරුණු, බොහෝ ජනගහණයෙන් යුතු, නිති මිනිසුන් ගැවසෙන, ආහාර සුලබ වූ, හත්දහස් හත්සිය සතක් පහයෙන්ද, එපමණම වූ කුළුගෙවලින්ද, මල්පලතුරු උයන්වලින්ද, එපමණ පොකුණුවලින්ද යුතු විය.
සා අපරෙන සමයෙන දුබ්භික්ඛා අහොසි දුබ්බුට්ඨිකා දුස්සස්සා. පඨමං දුග්ගතමනුස්සා මරන්ති, තෙ බහිද්ධා ඡඩ්ඩෙන්ති. මතමනුස්සානං කුණපගන්ධෙන අමනුස්සා නගරං පවිසිංසු. තතො බහුතරා මීයන්ති, තාය පටිකූලතාය ච සත්තානං අහිවාතකරොගො උප්පජ්ජි. ඉති තීහි දුබ්භික්ඛඅමනුස්සරොගභයෙහි උපද්දුතාය වෙසාලියා නගරවාසිනො උපසඞ්කමිත්වා රාජානමාහංසු – “මහාරාජ, ඉමස්මිං නගරෙ තිවිධං භයමුප්පන්නං, ඉතො පුබ්බෙ යාව සත්තමා රාජකුලපරිවට්ටා එවරූපං අනුප්පන්නපුබ්බං, තුම්හාකං මඤ්ඤෙ අධම්මිකත්තෙන එතරහි උප්පන්න”න්ති. රාජා සබ්බෙ සන්ථාගාරෙ සන්නිපාතාපෙත්වා, “මය්හං අධම්මිකභාවං විචිනථා”ති ආහ. තෙ සබ්බං පවෙණිං විචිනන්තා න කිඤ්චි අද්දසංසු.
පසුකලෙක ඒ විසල්පුරය ආහාර දුලබ වීය. වැසි නොමැතිව අස්වැන්න පාළු විය. මුලදීම දුගී මිනිස්සු මැරෙති. ඔවුන් පිටතට ගෙනගොස් දමති. මළසිරුරු කුණුව හමන ගඳින් භූතයෝ නුවරට පිවිසියහ. එයින්ද බොහෝ මිනිසුන් මැරෙති. එහි පිළිකුල නිසා, ඉතිරිව සිටි වැසියන්ට මහාමාරිය රෝගය වැළඳුණි. මෙසේ ආහාර දුලබවීම, භූත බිය සහ රෝග බියෙන් උවදුරු ඇති වූ විට නගරවාසීහු රජු හමු වී ‘මහරජතුමනි, මේ නගරයෙහි තුන් බියක් හටගෙන ඇත. මීට පෙර, සත් කුල රජ පරපුරක පටන් මෙබඳු දෙයක් නොවූ විරූය. ඔබවහන්සේගේ අදැහැමි බවෙන් දැන් එසේ සිදුවී යැයි පැවසූහ. රජු සියළුදෙනා පුරහලට රැස්කරවා, ‘මගේ අදැහැමි බවක් ඇතොත් එය පෙන්වා දෙව’යි කීය. ඔව්හු මුළු රජ පරපුරම ගැනම විමසමින් කිසිදු දොසක් නුදුටුවහ.
තතො රඤ්ඤො දොසං අදිස්වා “ඉදං භයං අම්හාකං කථං වූපසමෙය්යා”ති චින්තෙසුං. තත්ථ එකච්චෙ ඡ සත්ථාරො අපදිසිංසු – “එතෙහි ඔක්කන්තමත්තෙ වූපසමිස්සතී”ති. එකච්චෙ ආහංසු – “බුද්ධො කිර ලොකෙ උප්පන්නො, සො භගවා සබ්බසත්තහිතාය ධම්මං දෙසෙති මහිද්ධිකො මහානුභාවො, තෙන ඔක්කන්තමත්තෙ සබ්බභයානි වූපසමෙය්යු”න්ති. තෙන තෙ අත්තමනා හුත්වා “කහං පන සො භගවා එතරහි විහරති, අම්හෙහි වා පෙසිතෙ ආගච්ඡෙය්‍යා”ති ආහංසු. අථාපරෙ ආහංසු – “බුද්ධා නාම අනුකම්පකා, කිස්ස නාගච්ඡෙය්යුං, සො පන භගවා එතරහි රාජගහෙ විහරති, රාජා ච බිම්බිසාරො තං උපට්ඨහති, කදාචි සො ආගන්තුං න දදෙය්යා”ති. “තෙන හි රාජානං සඤ්ඤාපෙත්වා ආනෙස්සාමා”ති ද්වෙ ලිච්ඡවිරාජානො මහතා බලකායෙන පහූතං පණ්ණාකාරං දත්වා රඤ්ඤො සන්තිකං පෙසෙසුං – “බිම්බිසාරං සඤ්ඤාපෙත්වා භගවන්තං ආනෙථා”ති. තෙ ගන්ත්වා රඤ්ඤො පණ්ණාකාරං දත්වා තං පවත්තිං නිවෙදෙත්වා “මහාරාජ, භගවන්තං අම්හාකං නගරං පෙසෙහී”ති ආහංසු. රාජා න සම්පටිච්ඡි – “තුම්හෙ එව ජානාථා”ති ආහ. තෙ භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා එවමාහංසු – “භන්තෙ, අම්හාකං නගරෙ තීණි භයානි උප්පන්නානි. සචෙ භගවා ආගච්ඡෙය්ය, සොත්ථි නො භවෙය්යා”ති. භගවා ආවජ්ජෙත්වා “වෙසාලියං රතනසුත්තෙ වුත්තෙ සා රක්ඛා කොටිසතසහස්සචක්කවාළානි ඵරිස්සති, සුත්තපරියොසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො භවිස්සතී”ති අධිවාසෙසි. අථ රාජා බිම්බිසාරො භගවතො අධිවාසනං සුත්වා “භගවතා වෙසාලිගමනං අධිවාසිත”න්ති නගරෙ ඝොසනං කාරාපෙත්වා භගවන්තං උපසඞ්කමිත්වා ආහ – “කිං, භන්තෙ, සම්පටිච්ඡිත්ථ වෙසාලිගමන”න්ති? “ආම, මහාරාජා”ති. “තෙන හි, භන්තෙ, ආගමෙථ, යාව මග්ගං පටියාදෙමී”ති.
එහිදී රජුගේ වරදක් නොදැක, ‘මේ බිය අප කෙසේ සංසිඳවන්නෙමු’දැයි සිතූහ. ‘මගපෙන්වන නායකයන් ලෙස සැළකු පූරණ කස්සප ආදී හයදෙනා නගරයට පමුණුවා ගත්විට බිය සංසිඳෙන්නේ’ යැයි ඇතමෙක් පැවසූහ. ‘ලොව බුදුවරයෙකු පහළවී ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේ සියළු සත්වගට හිතසුව පිණිස දහම් දෙසති. මහත් ඉඳුබල ඇතියහ. මහා බලසම්පන්න වෙති. එතුමන් මේ පුරයට කැඳවනු ලබන්නේ නම් බිය සංසිඳේ යැයි ඇතමෙක් කීහ. එයින් සතුටට පත් නගරවාසීහු, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩවසන්නේ කොතැනද? අප පණිවුඩ යැවූකල පැමිණේවිදැ’යි ඇසූහ. ‘බුදුවරු නම් අනුකම්පා ඇතියහ. නොපැමිණෙන්නේ කවර කරුණක් නිසාද? ඇතමෙක් ඇසූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් රජගහනුවර වැඩ වසති. බිම්බිසාර රජුද උන්වහන්සේට උවටැන් කරයි. ඇතැම්විට රජු පැමිණීමට ඉඩ නොදෙනු ඇතැ’යි (කෙනෙක් කීය) ‘එසේනම්, රජුට කරුණු පහදා දී කැඳවාගෙන එන්නෙමු’යි ලිච්ඡවී රජවරු දෙදෙනෙකු මහත් බලයෙන් පිරිවරා, තුටුපඬුරු දී බිම්බිසාර රජු වෙත යැවූහ. ඔහු බිම්බිසාර රජුට පඬුරු පිළිගන්වා ඒ තොරතුරු දන්වා, ‘මහරජ, භාග්‍යවතුන් වහන්සේ අපගේ නගරයට වැඩම කරවීමට (උපකාර වන ලෙස) කීහ. රජු එය නොපිළිගත්තේය. ‘ඔබම (ඊට සුදුසු පරිදි) දැනගනුව’යි කීය. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ වැඳ ‘හිමියනි, අපගේ නගරයෙහි තුන් බියක් හටගෙන ඇත. ඔබවහන්සේ වැඩම කරන්නේ නම්, අපට යහපතක් වන්නේ’ යැයි කීහ. භාග්‍යවතුන් වහන්සේ (දිවැසින්) බලා ‘විසාලාවෙහි රතන සූත්‍රය දේසනා කළවිට, එහි රැකවරණය කළ සියදහසක් සක්වළ පැතිර යන්නේය. දේසනය නිමවන විට, අසූහාර දහසකට දහම් අවබෝධ වන්නේ යැයි (ආරාධනය) පිළිගත්හ. බිම්බිසාර රජු, භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනය පිළිගත් බව අසා, ‘විසල්පුරට බුදුරදුන් වඩිනා බව නගරයෙහි පතුරුවා, උන්වහන්සේ වෙත එළඹ, ‘හිමියනි, විසල්පුරට පැමිණීමට කරන ලද ආරාධනය භාරගන්නා ලදදැ’යි ඇසීය. ‘එසේය මහරජ’යි වදාළ විට, ‘එසේනම් හිමියනි, වඩිනා මග පිළියෙල කරන තෙක් ඉවසනු මැනවැ’යි පැවසීය.
අථ ඛො රාජා බිම්බිසාරො රාජගහස්ස ච ගඞ්ගාය ච අන්තරා පඤ්චයොජනං භූමිං සමං කත්වා, යොජනෙ යොජනෙ විහාරං මාපෙත්වා, භගවතො ගමනකාලං පටිවෙදෙසි. භගවා පඤ්චහි භික්ඛුසතෙහි පරිවුතො පායාසි. රාජා පඤ්චයොජනං මග්ගං පඤ්චවණ්ණෙහි පුප්ඵෙහි ජාණුමත්තං ඔකිරාපෙත්‍වා ධජපටාකාපුණ්ණඝටකදලිආදීනි උස්සාපෙත්වා භගවතො ද්වෙ සෙතච්ඡත්තානි, එකෙකස්ස ච භික්ඛුස්ස එකමෙකං උක්ඛිපාපෙත්වා සද්ධිං අත්තනො පරිවාරෙන පුප්ඵගන්ධාදීහි පූජං කරොන්තො එකෙකස්මිං විහාරෙ භගවන්තං වසාපෙත්වා මහාදානානි දත්වා පඤ්චහි දිවසෙහි ගඞ්ගාතීරං නෙසි. තත්ථ සබ්බාලඞ්කාරෙහි නාවං අලඞ්කරොන්තො වෙසාලිකානං සාසනං පෙසෙසි – “ආගතො භගවා, මග්ගං පටියාදෙත්වා සබ්බෙ භගවතො පච්චුග්ගමනං කරොථා”ති. තෙ “දිගුණං පූජං කරිස්සාමා”ති වෙසාලියා ච ගඞ්ගාය ච අන්තරා තියොජනං භූමිං සමං කත්වා භගවතො චත්තාරි, එකෙකස්ස ච භික්ඛුනො ද්වෙ ද්වෙ සෙතච්ඡත්තානි සජ්ජෙත්වා පූජං කුරුමානා ගඞ්ගාතීරෙ ආගන්ත්වා අට්ඨංසු.
බිම්බිසාර රජු ඉක්බිතිව, රජගහනුවර සිට ගංගා නදිය තෙක් පස්යොදුන් බිම සමකොට යොදුනෙන් යොදුන විහරණයට සුදුසු තැන් සකසා, ගමනට සුදුසු කාලය දැන්වීය. පන්සියයක් බික්සඟණ පිරිවරා භාග්‍යවතුන් වහන්සේ වැඩියහ. රජු පස්යොදුනක් පමණ වූ මග පස්පැහැ මල් දණක් පමණට විසිරුවා, දද කොඩි, පුන්කලස්, කෙසෙල්ගස් ආදිය ඔසවා, භාග්‍යවතුන් වහන්සේට සුදු සේසත් දෙකක්ද, එක් එක් හිමිනමකට එක් සේසත බැගින්ද සේසත් රැගෙන යන්නවුන් යොදවා, තමන් ද පිරිවර සමග මල් සුවඳ ආදියෙන් පූජා කෙරෙමින්, එක් එක් විහාරයෙහි බුදුරදුන් විහරණයට සලස්ව මහදන් පිරිනමා, දින පහකින් ගංතෙරට වැඩමවීය. එහි සියළු ආකාරයෙන්ම, අලංකාර වූ නැවක් සකසා, ‘භාග්‍යවතුන් වහන්සේ, පැමිණියහ. මග පිළියෙල කොට, සියල්ලන්ම උන්වහන්සේට පෙරගමන් කරව’යි විසල්පුර වාසීනට පණිවුඩයක් යැවීය. ඔවුහුද ‘පුද පූජා දෙගුණ කොට කරන්නෙමු’යි විසල්පුර හා ගංගා නදිය අතර තුන්යොදුන් මග සමකොට කරන්නෙමු’යි විසල්පුර හා ගංගා නදිය අතර තුන්යොදුන් මග සමකොට, භාග්‍යවතුන් වහන්සේට සුදු සේසත් සතරක්ද, එක් එක් හිමිනමකට සුදු සේසත් දෙක බැගින්ද රැගෙන යන්නවුන් යොදවා පූජා කරමින් ගංතෙරට පැමිණියහ.
බිම්බිසාරො ද්වෙ නාවායො සඞ්ඝාටෙත්වා, මණ්ඩපං කත්වා, පුප්ඵදාමාදීහි අලඞ්කරිත්වා තත්ථ සබ්බරතනමයං බුද්ධාසනං පඤ්ඤාපෙසි. භගවා තස්මිං නිසීදි. පඤ්චසතා භික්ඛූපි නාවං අභිරුහිත්වා යථානුරූපං නිසීදිංසු. රාජා භගවන්තං අනුගච්ඡන්තො ගලප්පමාණං උදකං ඔරොහිත්වා “යාව, භන්තෙ, භගවා ආගච්ඡති, තාවාහං ඉධෙව ගඞ්ගාතීරෙ වසිස්සාමී”ති වත්වා නිවත්තො. උපරි දෙවතා යාව අකනිට්ඨභවනා පූජමකංසු, හෙට්ඨා ගඞ්ගානිවාසිනො කම්බලස්සතරාදයො නාගා පූජමකංසු. එවං මහතියා පූජාය භගවා යොජනමත්තං අද්ධානං ගඞ්ගාය ගන්ත්වා වෙසාලිකානං සීමන්තරං පවිට්ඨො.
බිම්බිසාර රජු නැව් දෙකක් එක්කොට වේදිකාවක් තනා, මල්දම් ආදියෙන් අලංකාර කොට, එහි මුළුමනින්ම රනින් නිම වූ බුදු අසුන පැනවීය. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩසිටියහ. පන්සියක් බික්සඟණද නැවට නංවා සුදුසු පරිදි වඩා හිඳවූහ. රජු, භාග්‍යවතුන් වහන්සේ පසුපසින් ගොස්, ගෙල පමණ දියෙහි බැස, ‘හිමියනි, ඔබවහන්සේ ආපසු වඩිනා තෙක් මම මේ ගංතෙරෙහිම නැවතී සිටින්නෙමි’යි කීය. ගඟ ඉහළින් සිට දේවතාවෝ අකනිටා භවන තෙක්ම පූජා කළහ. ගඟ පත්ලෙහි වෙසෙන කම්බල අස්සතර ආදී නාරජවරු ද පූජා කළහ. මෙසේ මහත් පූජා ලබමින් භාග්‍යවතුන් වහන්සේ ගඟෙන් යොදුනක මග ගෙවා, විසාලා නුවර සීමාවට පැමිණියහ.
තතො ලිච්ඡවිරාජානො තෙන බිම්බිසාරෙන කතපූජාය දිගුණං කරොන්තා ගලප්පමාණෙ උදකෙ භගවන්තං පච්චුග්ගච්ඡිංසු. තෙනෙව ඛණෙන තෙන මුහුත්තෙන විජ්ජුප්පභාවිනද්ධන්ධකාරවිසටකූටො ගළගළායන්තො චතූසු දිසාසු මහාමෙඝො වුට්ඨාසි. අථ භගවතා පඨමපාදෙ ගඞ්ගාතීරෙ නික්ඛිත්තමත්තෙ පොක්ඛරවස්සං වස්සි. යෙ තෙමෙතුකාමා, තෙ එව තෙමෙන්ති, අතෙමෙතුකාමා න තෙමෙන්ති. සබ්බත්ථ ජාණුමත්තං ඌරුමත්තං කටිමත්තං ගලප්පමාණං උදකං වහති, සබ්බකුණපානි උදකෙන ගඞ්ගං පවෙසිතානි පරිසුද්ධො භූමිභාගො අහොසි.
එහිදී ලිච්ඡවී රජවරු, බිම්බිසාර රජු විසින් කරන ලද ඒ පූජා දෙගුණ කරමින්, ගෙලවටක් පමණම දියට බැස භාග්‍යවතුන් වහන්සේ පෙරගමන් කළහ. එකෙණෙහිම විදුලිය පැහැයෙන් අඳුර දුරු කෙරෙන අතර, සිවුදෙසම දෝර ගලායන මහ වැසි වැස්සේය. ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ ගංතෙරෙහි මුල් පියවර තැබූවිටම පොකුරු වැසි වැස්සේය. එයින් තෙමෙනු කැමැත්තෝම තෙමෙති. නොකැමැත්තෝ නොතෙමෙති. හැමතැනකම දනක් පමණට, කලවා පමණට, ඉඟටිය පමණට, ගෙල පමණට වතුර ගලයි. මළ සිරුරු ආදී සියළු අපිරිසිදු දෑ වතුරින් ගඟට ගසාගෙන අවුත්, බිම් පෙදෙස ඉතා පිරිසිදු විය.
ලිච්ඡවිරාජානො භගවන්තං අන්තරා යොජනෙ යොජනෙ වාසාපෙත්වා මහාදානානි දත්වා තීහි දිවසෙහි දිගුණං පූජං කරොන්තා වෙසාලිං නයිංසු. වෙසාලිං සම්පත්තෙ භගවති සක්කො දෙවානමින්දො දෙවසඞ්ඝපුරක්ඛතො ආගච්ඡි, මහෙසක්ඛානං දෙවානං සන්නිපාතෙන අමනුස්සා යෙභුය්යෙන පලායිංසු. භගවා නගරද්වාරෙ ඨත්වා ආනන්දත්ථෙරං ආමන්තෙසි – “ඉමං ආනන්ද, රතනසුත්තං උග්ගහෙත්වා බලිකම්මූපකරණානි ගහෙත්වා ලිච්ඡවිකුමාරෙහි සද්ධිං වෙසාලියා තීසු පාකාරන්තරෙසු විචරන්තො පරිත්තං කරොහී”ති රතනසුත්තං අභාසි. එවං “කෙන පනෙතං සුත්තං, කදා, කත්ථ, කස්මා ච වුත්ත”න්ති එතෙසං පඤ්හානං විස්සජ්ජනා විත්ථාරෙන වෙසාලිවත්ථුතො පභුති පොරාණෙහි වණ්ණියති.
ලිච්ඡවී රජවරු භාග්‍යවතුන් වහන්සේ යොදුනෙන් යොදුන නවතාගෙන මහදන් දී දෙගුණයක් පූජා පවත්වමින් තෙදිනකින් විසල් පුරට කැඳවාගෙන ගියහ. භාග්‍යවතුන් වහන්සේ විසල්පුර පැමිණිවිට සක්දෙවිඳු දෙව් පිරිස පිරිවරා එහි ආවේය. මහා බලවත් දෙවියන් රැස්වෙද්දී, නොමිනිස් යක් භූතයෝ සියල්ලෝම පලාගියහ. භාග්‍යවතුන් වහන්සේ නගර දොරටුවෙහි සිට, ‘ආනන්ද, මේ රුවන් සුතුර ඉගෙන, පූජා උපකරණ ගෙන, ලිච්ඡවී කුමාරවරුන් සමග විසාලාවෙහි තුන්පවුරු ඇතුලතම සැරිසරමින් පිරිත් කරව’යි අනඳ තෙරුන්ට එය වදාළහ. මෙසේ මෙම සූත්‍රය කවුරුන් විසින්, කවදා, කොහිදී කුමක් නිසා පවසන ලදැයිද යන මේ පැන විසඳමින් (අදාල) විස්තර ලෙස විසල්පුරය ගොඩනැංවීමේ පටන් පැරණි වියත් ඇදුරන් පහදා දෙනු ලබති.
එවං භගවතො වෙසාලිං අනුප්පත්තදිවසෙයෙව වෙසාලිනගරද්වාරෙ තෙසං උපද්දවානං පටිඝාතත්ථාය වුත්තමිදං රතනසුත්තං උග්ගහෙත්වා ආයස්මා ආනන්දො පරිත්තත්ථාය භාසමානො භගවතො පත්තෙන උදකං ආදාය සබ්බනගරං අබ්භුක්කිරන්තො අනුවිචරි. “යං කිඤ්චී”ති වුත්තමත්තෙයෙව ච ථෙරෙන යෙ පුබ්බෙ අපලාතා සඞ්කාරකූටභිත්තිප්පදෙසාදිනිස්සිතා අමනුස්සා, තෙ චතූහි ද්වාරෙහි පලායිංසු, ද්වාරානි අනොකාසානි අහෙසුං. තතො එකච්චෙ ද්වාරෙසු ඔකාසං අලභමානා පාකාරං භින්දිත්වා පලාතා. අමනුස්සෙසු ගතමත්තෙසු මනුස්සානං ගත්තෙසු රොගො වූපසන්තො, තෙ නික්ඛමිත්වා සබ්බගන්ධපුප්ඵාදීහි ථෙරං පූජෙසුං. මහාජනො නගරමජ්ඣෙ සන්ථාගාරං සබ්බගන්ධෙහි ලිම්පිත්වා විතානං කත්වා සබ්බාලඞ්කාරෙහි අලඞ්කරිත්වා තත්ථ බුද්ධාසනං පඤ්ඤාපෙත්වා භගවන්තං ආනෙසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසප්පුරට පැමිණි දවසේම, ඒ උවදුරු වැළකීම පිණිස, නගර දොරටුවෙහි වැඩසිට වදාරන ලද මෙම රතන සූත්‍රය ඉගෙන ගත් ගරු කටයුතු ආනන්ද හිමි රැකවරණ සලසනු පිණිස කියමින්, භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයෙන් මුළු නගරයෙහිම පිරිත් පැන් ඉසිමින් සැරිසැරූහ. උන්වහන්සේ විසින් යං කිඤ්චි යැයි කී පමණින්ම, එතෙක් ඉවත් නොවූ, කසල ගොඩවල බිත්ති මුළුවල ආදී තන්හි සිටි යක් භූතයෝ දොරටු සතරෙන්ම පලාගියහ. (පිටවීමට) දොරටු අවහිර විය. ඇතැම් දොරටුවල ඉඩ නොලැබ, පවුර බිඳගෙන ද පලාගියහ. යක් බූ නොමිනිසුන් පලාගිය කෙණෙහිම, මිනිස් සිරුරුවල රෝග සංසිඳුණි. ඔවුහු පැමිණ, සියළු සුවඳ මලින් තෙරුන් පිදූහ. මහජනයා නගර මැද පිහිටි රැස්වීම්වල සියළු සුවඳ තවරා, වියන් බැඳ, සියළු අලංකාරයෙන්ම සරසා, එහි බුදුරජාණන් වහන්සේට අසුනක් පණවා වැඩම කරවූහ.
භගවා සන්ථාගාරං පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. භික්ඛුසඞ්ඝොපි ඛො රාජානො මනුස්සා ච පතිරූපෙ ඔකාසෙ නිසීදිංසු. සක්කොපි දෙවානමින්දො ද්වීසු දෙවලොකෙසු දෙවපරිසාය සද්ධිං උපනිසීදි අඤ්ඤෙ ච දෙවා. ආනන්දත්ථෙරොපි සබ්බං වෙසාලිං අනුවිචරන්තො ආරක්ඛං කත්වා වෙසාලිනගරවාසීහි සද්ධිං ආගන්ත්වා එකමන්තං නිසීදි. තත්ථ භගවා සබ්බෙසං තදෙව රතනසුත්තං අභාසීති.
භාග්‍යවතුන් වහන්සේ රැස්වීම්හලට පිවිස පණවන ලද අසුනෙහි වැඩහුන්හ. සංඝයා වහන්සේද, රජවරුද නගරවාසීහුද සුදුසු පරිදි ඉඩ ඇති තැන්වල හුන්හ. සක්දෙව්ද දෙව්ලෝකවල දෙව් පිරිස සමග සිටියේය. වෙනත් දෙව්යෝද පැමිණියහ. ආනන්ද තෙරණුවෝද මුළු විසාලාවෙහිම සැරිසරමින්, රැකවරණය සලසා, නගරවාසීන්ද සමග පැමිණ එක සිටියහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ සියල්ලන්ටම ඒ රතන සූත්‍රයම දේසනා කළහ.
තත්ථ යානීධ භූතානීති පඨමගාථායං යානීති යාදිසානි අප්පෙසක්ඛානි වා මහෙසක්ඛානි වා. ඉධාති ඉමස්මිං පදෙසෙ, තස්මිං ඛණෙ සන්නිපතිතට්ඨානං සන්ධායාහ. භූතානීති කිඤ්චාපි භූතසද්දො “භූතස්මිං පාචිත්තිය”න්ති එවමාදීසු (පාචි· 69) විජ්ජමානෙ, “භූතමිදන්ති, භික්ඛවෙ, සමනුපස්සථා”ති එවමාදීසු (ම· නි· 1.401) ඛන්ධපඤ්චකෙ, “චත්තාරො ඛො, භික්ඛු, මහාභූතා හෙතූ”ති එවමාදීසු (ම· නි· 3.86) චතුබ්බිධෙ පථවීධාත්වාදිරූපෙ, “යො ච කාලඝසො භූතො”ති එවමාදීසු (ජා· 1.2.190) ඛීණාසවෙ, “සබ්බෙව නික්ඛිපිස්සන්ති, භූතා ලොකෙ සමුස්සය”න්ති එවමාදීසු (දී· නි· 2.220) සබ්බසත්තෙ, “භූතගාමපාතබ්යතායා”ති එවමාදීසු (පාචි· 90) රුක්ඛාදිකෙ, “භූතං භූතතො සඤ්ජානාතී”ති එවමාදීසු (ම· නි· 1.3) චාතුමහාරාජිකානං හෙට්ඨා සත්තනිකායං උපාදාය වත්තති. ඉධ පන අවිසෙසතො අමනුස්සෙසු දට්ඨබ්බො.
එහි යානීධ භූතානි මුල් ගාථාවෙහි යානී යම් ආකාරයකින් උසස්කමින්, බලයෙන් අඩුවූ හෝ, උසස්කමින්, බලයෙන් වැඩි හෝ ඉධ මේ පෙදෙසෙහි, ඒ වේලාවෙහි රැස්වූ තැන උදෙසා කීය. භූතානි-භූත යන වචනය කිසියම් දෙයක් සිදුවූ විට, ඇතිවූ විට, ‘මෙසේ වූ විට පචිති ඇවැතක් වේ’ ‘භූතස්මිං පාචිත්තියං’ යැයි සඳහන් වේ. තවද ‘මහණෙනි, මෙය ඇති තතු පරිද්දෙන් සළකා බලව’ ‘භූතමිදන්ති භික්ඛවෙ සමනුපස්සථ’ යනුවෙන් ඛන්ධ පඤ්චකය හෙවත් සිරුර පිළිබඳවද, ‘මහණ, සතරාකාර වූ මහාභූත හේතුකොටගෙන, ‘චත්තාරො ඛො භික්ඛූ මහාභූතා හෙතු’ යන තැන පඨවී ආදී කොට ඇති ධාතු කොටස් සඳහාද, ‘යමෙක් (ජීවිත) කාලය නසා ඇත්ද’ ‘යො ච කාලඝසො භූතො’ මෙබඳු තැන කෙලෙස් නසන ලද අරුතින්ද ‘ලොව හටගත් සියල්ලම හැර දමති’ ‘සබ්බෙව නික්ඛිප්පිස්සන්ති භූතා ලොකෙ සමුස්සයං’ යන තැන සියළු සතුන් අරුතෙහිද, ‘භූතගාමපාතව්යතාය’ යන තැන ගස් ආදියටද, ‘හටගත් ජීවීන් ඒ ඒ පරිදි හඳුනාගනිති’, ‘භූතං භූතතො සඤ්ජානාති’ - මේ ආදී තන්හී චතුම්මහාරාජික දෙව්ලොවෙන් පහළ සජීවීන් - සජීවී සිරුරු ඇතියවුන් දැක්වීමට යෙදේ. මෙසේ අරුත් කිහිපයක භූත යන්න යෙදුණත්, මෙහිදී පොදුවේ මිනිසුන් නොවන ජීවීන් යැයි දතයුතුය.
සමාගතානීති සන්නිපතිතානි. භුම්මානීති භූමියං නිබ්බත්තානි. වාති විකප්පනෙ. තෙන යානීධ භුම්මානි වා භූතානි සමාගතානීති ඉමමෙකං විකප්පං කත්වා පුන දුතියං විකප්පං කාතුං “යානි වා අන්තලික්ඛෙ”ති ආහ. අන්තලික්ඛෙ වා යානි භූතානි නිබ්බත්තානි, තානි සබ්බානි ඉධ සමාගතානීති අත්ථො. එත්ථ ච යාමතො යාව අකනිට්ඨං, තාව නිබ්බත්තානි භූතානි ආකාසෙ පාතුභූතවිමානෙසු නිබ්බත්තත්තා “අන්තලික්ඛෙ භූතානී”ති වෙදිතබ්බානි. තතො හෙට්ඨා සිනෙරුතො පභුති යාව භූමියං රුක්ඛලතාදීසු අධිවත්ථානි පථවියඤ්ච නිබ්බත්තානි භූතානි, තානි සබ්බානි භූමියං භූමිපටිබද්ධෙසු ච රුක්ඛලතාපබ්බතාදීසු නිබ්බත්තත්තා “භුම්මානි භූතානී”ති වෙදිතබ්බානි.
සමාගතානි රැස්වූ, භුම්මානි පොළවෙහි උපන්, වා යනු විකල්පයෙහි, එයින් මෙහි පොළවෙහි උපන් හෝ රැස් වූ යම් නොමිනිස් කොටස් යනුවෙන් එක විකල්පයක් දක්වා නැවත දෙවැනි විකල්ප කරුණක් දැක්වීමට යානිව අන්තලික්ඛෙ යැයි කීය. අහසෙහි යම් භූත කොටසක් උපන්නාහුද, ඒ සියල්ලෝම මෙහි රැස්වූහයි තේරුමයි. මෙහිදී යාම දෙව්ලොව පටන්, අකනිටා බඹලොව පටන් උපන් භූතයන්ද, අහසෙහි පහළ වූ විමානවල උපන් බැවින් අහසෙහි භූතයන් ලෙසද දතයුතුය. එමෙන්ම මහාමේරු පව්වෙන් යට පොළව දක්වා ගස්වැල්වල අරක්ගත්තා වූ පොළවෙහිද උපන් භූතයන්ද, ඒ සියල්ලන්ම බිම හා සම්බන්ධ වූ ගස්වැල් පව් ආදියෙහි උපන් බැවින් පොළවෙහි භූතයන් ලෙස දතයුතුය.
එවං භගවා සබ්බානෙව අමනුස්සභූතානි “භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ”ති ද්වීහි පදෙහි විකප්පෙත්වා පුන එකෙන පදෙන පරිග්ගහෙත්වා “සබ්බෙව භූතා සුමනා භවන්තූ”ති ආහ. සබ්බෙති අනවසෙසා. එවාති අවධාරණෙ, එකම්පි අනපනෙත්වාති අධිප්පායො. භූතාති අමනුස්සා. සුමනා භවන්තූති සුඛිතමනා, පීතිසොමනස්සජාතා භවන්තූති අත්ථො. අථොපීති කිච්චන්තරසන්නියොජනත්ථං වාක්යොපාදානෙ නිපාතද්වයං. සක්කච්ච සුණන්තු භාසිතන්ති අට්ඨිං කත්වා, මනසි කත්වා, සබ්බචෙතසො සමන්නාහරිත්වා දිබ්බසම්පත්තිලොකුත්තරසුඛාවහං මම දෙසනං සුණන්තු.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන් ලෙස නොසැළකෙන සියලුම ජීවීන් භුම්මානි වා යානිවඅන්තලික්ඛෙ යැයි පද දෙකකින් අදහස් දක්වා නැවත එක වචනයකට ගෙන, සබ්බෙව භූතා සුමනා භවන්තු යැයි කීහ. සබ්බෙ එක් කොටසක් අමුතුවෙන් නොදක්වා, එව අවධාරණයෙන්, එක කොටසක් හෝ අත් නොහැරෙන පරිදි යන අදහසයි. භූතා මිනිස් නොවූ, සුමනා භවන්තු යහපත් සිතින්, සතුටු සොම්නස් ඇත්තෝ වෙත්වා! අථොපි ඒ අතර, හඳුනාදීම සඳහා වැකි සම්බන්ධවීමේ නිපාත දෙකකි. සක්කච්ච සුණන්තු භාසිතං අරුත් තේරුම් ගෙන, මෙනෙහිකොට, සියළු යහපත් සිතිවිලි එක්කොටගෙන, දිවසැප හා ලොවුතුරු සැප ගෙනදෙන මගේ දේසනය අසත්වා!
එවමෙත්ථ භගවා “යානීධ භූතානි සමාගතානී”ති අනියමිතවචනෙන භූතානි පරිග්ගහෙත්වා පුන “භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ”ති ද්විධා විකප්පෙත්වා තතො “සබ්බෙව භූතා”ති පුන එකජ්ඣං කත්වා “සුමනා භවන්තූ”ති ඉමිනා වචනෙන ආසයසම්පත්තියං නියොජෙන්තො “සක්කච්ච සුණන්තු භාසිත”න්ති පයොගසම්පත්තියං, තථා යොනිසොමනසිකාරසම්පත්තියං පරතොඝොසසම්පත්තියඤ්ච, තථා අත්තසම්මාපණිධිසප්පුරිසූපනිස්සයසම්පත්තීසු සමාධිපඤ්ඤාහෙතුසම්පත්තීසු ච නියොජෙන්තො ගාථං සමාපෙසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ යානීධ භූතානි සමාගතානී යැයි අනියම් වචනයකින් භූතයන් දක්වා, නැවත පොළවෙහි හෝ අහසෙහි දෙආකාරව කියා, එයින්ද සබ්බෙව භූතා යැයි නැවත එක් අදහසක් සේ ගෙන, සුමනා භවන්තු යනුවෙන් මෙහිදී ඇතිවන (සිතෙහි) යහපත් සොබාවය පෙන්වමින්, සක්කච්ච සුණන්තු භාසිතං යයි එසේ උත්සාහවත්ව කටයුතු කිරීමෙන් ලබන පලයෙන්, එසේ නුවණින් මෙනෙහි කිරිම, වෙනත් කෙනෙකුගෙන් (මේ පිළිබඳව) ඇසීමෙන් ලබන වැටහීම, යහපත් පුද්ගල ඇසුර ලැබීම හා තම සිත මනාව පිහිටුවා ගැනීමටත්, ගැඹුරු නුවණ වැඩිදියුණු කරගැනීමේ හැකියාවත් මෙහි සම්පත් ලෙසින් ලැබෙන බව දක්වමින් ගාථාව නිමා කළහ.
තස්මා හි භූතාති දුතියගාථා. තත්ථ තස්මාති කාරණවචනං. භූතාති ආමන්තනවචනං. නිසාමෙථාති සුණාථ. සබ්බෙති අනවසෙසා . කිං වුත්තං හොති? යස්මා තුම්හෙ දිබ්බට්ඨානානි තත්ථ උපභොගසම්පදඤ්ච පහාය ධම්මස්සවනත්ථං ඉධ සමාගතා, න නටනච්චනාදිදස්සනත්ථං, තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙති. අථ වා “සුමනා භවන්තු සක්කච්ච සුණන්තූ”ති වචනෙන තෙසං සුමනභාවං සක්කච්චං සොතුකම්යතඤ්ච දිස්වා ආහ – යස්මා තුම්හෙ සුමනභාවෙන අත්තසම්මාපණිධියොනිසොමනසිකාරාසයසුද්ධීහි සක්කච්චං සොතුකම්යතාය සප්පුරිසූපනිස්සයපරතොඝොසපදට්ඨානතො පයොගසුද්ධීහි ච යුත්තා, තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙති. අථ වා යං පුරිමගාථාය අන්තෙ “භාසිත”න්ති වුත්තං, තං කාරණභාවෙන අපදිසන්තො ආහ – “යස්මා මම භාසිතං නාම අතිදුල්ලභං අට්ඨක්ඛණපරිවජ්ජිතස්ස ඛණස්ස දුල්ලභත්තා, අනෙකානිසංසඤ්ච පඤ්ඤාකරුණාගුණෙන පවත්තත්තා, තඤ්චාහං වත්තුකාමො ‘සුණන්තු භාසිත’න්ති අවොචං. තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ”ති ඉදං ඉමිනා ගාථාපදෙන වුත්තං හොති.
තස්මා හි භූතා දෙවන ගාථාවයි. තස්මා (ඊට) හේතුවන අයුරු දක්වන වචනයකි. භූතා ඇමතීමට යෙදූ වචනයයි. නිසාමෙථ - අසව. සබ්බෙ වෙන්කොට සඳහන් කිරීමක් නැතිව, කුමක් නිසා එසේ කියන ලදද? ඔබ හැමදෙනම දෙව්විමන් හැර, එහි විඳින සැප සම්පත්ද හැරදමා මෙහි පැමිණියේ දහම් අසනු පිණිසය. එසේ නැතිව, නැටුම් ගැයුම් බැලීමට නොවේ. එහෙයින් භූතයනි, සියල්ලන්ම අසත්වා!යි දැක්වූහ. නැතහොත් සුමනා භවන්තු මනාකොට අසත්වා! යන වචනයෙන් ඔවුන් සතුටුවන බවද, හොඳින් ඇසීමට කැමති බවද දැක ‘ඔබහැම සතුටෙන්, තම සිත එකඟ කරගෙන, නුවණින් මෙනෙහි කරමින්, පිරිසිදු සිතැතිව, මනාව අසනු කැමතිව, (බුදුවරයෙකු වැනි) යහපත් කෙනෙකු ඇසුරෙන් ඇසීමෙන් ලබන පිරිසිදු දැකීමෙන් යුතුව (අසනු මැනව) අසත්වා! නැතහොත්, කලින් කියන ලද ගාථාවෙහි භාසිතං යනුවෙන් අදහස් වන දේ පිළිබඳ කරුණු දක්වමින්, ‘මගේ මේ කීම ඉතා දුලබයි, දහම් ඇසීම නොලබන කෙනෙකුට ද (බුදුවරයෙකු පහළවන කාලයද) අදාල එවන් මොහොතක් ලැබීම දුලබ බැවින්ද, නොයෙක් ලෙසින් වැඩදායී වන, නුවණ හා කරුණා ගුණය පවත්නා බැවින්ද, එය කීමට කැමතිව සුණන්තු භාසිතං යනුවෙන් මම කියමි. එහෙයින් (මෙය) සියළුම භූතයෝ අසත්වා! යනුවෙන් මේ ගාථාපදයෙන් කියන ලදී.
එවමෙතං කාරණං නිරොපෙන්තො අත්තනො භාසිතනිසාමනෙ නියොජෙත්වා නිසාමෙතබ්බං වත්තුමාරද්ධො “මෙත්තං කරොථ මානුසියා පජායා”ති. තස්සත්ථො – යායං තීහි උපද්දවෙහි උපද්දුතා මානුසී පජා, තස්සා මානුසියා පජාය මිත්තභාවං හිතජ්ඣාසයතං පච්චුපට්ඨාපෙථාති. කෙචි පන “මානුසියං පජ”න්ති පඨන්ති, තං භුම්මත්ථාසම්භවා න යුජ්ජති. යම්පි චඤ්ඤෙ අත්ථං වණ්ණයන්ති, සොපි න යුජ්ජති. අධිප්පායො පනෙත්ථ – නාහං බුද්ධොති ඉස්සරියබලෙන වදාමි, අපිච පන තුම්හාකඤ්ච ඉමිස්සා ච මානුසියා පජාය හිතත්ථං වදාමි – “මෙත්තං කරොථ මානුසියා පජායා”ති. එත්ථ ච –
මෙසේ මේ කරුණු ඉස්මතු කරමින්, තමන් කියන දෙය ඇසීමට යොමුකොට, මෙත්තං කරොථ මානුසියා පජාය යනුවෙන් දේසනය ඇරඹි සේක. එහි තේරුම නම්, උවදුරු තුනකින් පීඩිත වූ මිනිස් සමූහයක් වේද, එම මිනිස් සමූහයා කෙරෙහි හිතවත් බව පෙරදැරිව කටයුතු කරන යනුයි. ඇතමෙක් මානුසියං යනුවෙන්ද කියති. එය පොළවෙහි හටගත් ජීවින් හා නොයෙදේ. වෙනත් අයුරින් විස්තර කිරීමද එසේ නුසුදුසුය. මෙයින් අදහස් කෙරෙන්නේ ‘මම බුද්ධ’ යැයි එහි ඉසුරුමත් බවකින් නොකියමි. එහෙත් ඔබහැමදෙනාටද මේ මිනිස් වගටද හිතවත්ව, මෙත්තං කරොථ මානුසියා පජාය යැයි කියන බවයි.
“යෙ සත්තසණ්ඩං පථවිං විජෙත්වා, රාජිසයො යජමානා අනුපරියගා; අස්සමෙධං පුරිසමෙධං, සම්මාපාසං වාජපෙය්යං නිරග්ගළං.
‘යම් තැනැත්තෙකු සත්වග සහිත මහපොළව ජයගෙන (මුළු පොළෝ තලයම) රජබවට පත්ව, (ඒ වෙනුවෙන්) අසුන් බිලි දී කරන යාගය, (පිරිමි) මිනිසුන් බිලි දී කරන යාගය, මහා යාගය, ගීතිකා කියමින් කරන යාගය, සියළු බාධා - උවදුරු දුරලන යාගය, (පිළිවෙලින් අස්සමෙධ, පුරිසමෙධ, සම්මාපස, වාජපෙය්‍ය, නිරග්ගල) යන පස්මහා යාග පවත්වමින් හැමතැනම ගියද, වඩනා ලද මෙත් සිත ඇත්තෙකු හා සළකන විට දහසයෙන් එක කොටසක්වත් නොවටී.’
“මෙත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස, කලම්පි තෙ නානුභවන්ති සොළසිං. “එකම්පි චෙ පාණමදුට්ඨචිත්තො, මෙත්තායති කුසලී තෙන හොති;
සබ්බෙ ච පාණෙ මනසානුකම්පී, පහූතමරියො පකරොති පුඤ්ඤ”න්ති. (අ· නි· 8.1) –
‘සියළු ජීවීන් කෙරෙහි නපුරු සිත නැතිව, මෙත් සිත පතුරුවයිද, එයින් යහපත වෙයි. සියළුම ජීවීන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් යුතු උසස් තැනැත්තා පින් රැස්කර ගනී.’
(සෘෂින් සමාන වූ යම් දැහැමි රජ කෙනෙක්, නිරග්ගල නම් වූ සප්තමේධය, පුරිසමේධ සම්මාපාස, වාජපෙය්‍ය යන සිවු සහරාවතින් යාග කරමින්ද, දන් දෙමින් හැසිරුනාහු වෙති. ඒ මෛත්‍රී සහගත චිත්තයාගේ විපාක මහත්මය. සොළොස්වන කලාව ද නො අනිත්. එකම සත්ත්වයකු කෙරෙහිවත් දුෂ්ට නොවූ සිතින් මෙත් වඩා නම්, ඒ මගින් පින් කරන්නෙක් වේ. සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරන ආර්යයා බොහෝ පින් කරයි.)
එවමාදීනං සුත්තානං එකාදසානිසංසානඤ්ච වසෙන යෙ මෙත්තං කරොන්ති, තෙසං මෙත්තා හිතාති වෙදිතබ්බා.
මේ ආදී සූත්‍රවල දැක්වෙන පරිදි අනුසස් එකොළහක් ලැබෙන මෙත වඩන තැනැත්තෝ මෙත් සිත් ඇත්තාහ’යි දතයුතුය.
“දෙවතානුකම්පිතො පොසො, සදා භද්‍රානි පස්සතී”ති. (දී· නි· 2.153; උදා· 76; මහාව· 286) –
‘දේවතාවන්ගේ අනුකම්පාව ලබන තැනැත්තා හැමකල්හි යහපත දකී’
එවමාදීනං වසෙන යෙසු කරීයති, තෙසම්පි හිතාති වෙදිතබ්බා.
මේ ආදී ලෙසින් මෙත් වඩනු ලබයිද එය ඔහුටද හිතසුව පිණිස වේ යැයිද දතයුතුය.
එවං උභයෙසම්පි හිතභාවං දස්සෙන්තො “මෙත්තං කරොථ මානුසියා පජායා”ති වත්වා ඉදානි උපකාරම්පි දස්සෙන්තො ආහ “දිවා ච රත්තො ච හරන්ති යෙ බලිං, තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා”ති. තස්සත්ථො – යෙ මනුස්සා චිත්තකම්මකට්ඨකම්මාදීහිපි දෙවතා කත්වා චෙතියරුක්ඛාදීනි ච උපසඞ්කමිත්වා දෙවතා උද්දිස්ස දිවා බලිං කරොන්ති, කාළපක්ඛාදීසු ච රත්තිං බලිං කරොන්ති. සලාකභත්තාදීනි වා දත්වා ආරක්ඛදෙවතා උපාදාය යාව බ්රහ්මදෙවතානං පත්තිදානනිය්යාතනෙන දිවා බලිං කරොන්ති, ඡත්තාරොපනදීපමාලා සබ්බරත්තිකධම්මස්සවනාදීනි කාරාපෙත්වා පත්තිදානනිය්යාතනෙන ච රත්තිං බලිං කරොන්ති, තෙ කථං න රක්ඛිතබ්බා. යතො එවං දිවා ච රත්තො ච තුම්හෙ උද්දිස්ස කරොන්ති යෙ බලිං, තස්මා හි නෙ රක්ඛථ. තස්මා බලිකම්මකාරණාපි තෙ මනුස්සෙ රක්ඛථ ගොපයථ, අහිතං තෙසං අපනෙථ, හිතං උපනෙථ අප්පමත්තා හුත්වා තං කතඤ්ඤුභාවං හදයෙ කත්වා නිච්චමනුස්සරන්තාති.
මෙසේ දෙපසටම හිතවත් බව දක්වමින් මෙත්තං කරොථ මානුසියා පජාය කියා, මීළඟට උපකාර කෙරෙන බවද පහදමින් දිවා ච රත්තො ච හරන්ති යෙ බලිං තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා යැයි කීහ. එහි තේරුම නම්, යම් යම් මිනිස්සු (උවදුරු වළකා ගැනීමට) දේවරූප සිතුවම් කොටගෙන හෝ, ලීයෙන් දේවරුප සකස් කොටගෙන හෝ දෙවියන් අරක් ගත් යැයි සළකන වඳින පුදන තැන් හෝ (ඇසතු, නුග වැනි) ගස් ආදිය පිහිටි තැන් කරා ගොස් ඒ දේවතාවුන් උදෙසා දහවල පුද පූජා කරති. අමාවක වැනි (කළුවරපස දිනවල) දවස්වල රෑ කාලයෙහි පහන් දල්වා පුදපූජා පවත්වති. (ඒ ඒ තැනැත්තන්ට පැවරෙන පරිදි) සලාක බත් ආදිය දී රැකවරණ සලසතැයි සළකන දේවතාවුන් උදෙසා බ්‍රහ්ම දෙවියන් දක්වාම පින් දී දිවා කාලයෙහි පූජා කරති. සේසත් නංවා, පහන් දල්වා, මල් පුදා මුළු රැයෙහිම දහම් ඇසීමේ ආදියෙහි යෙදෙමින් පින් අනුමෝදන් කරමින් රෑ කාලයෙහි පූජා පවත්වති. මෙසේ දිවා රෑ ඔබලා උදෙසා පුද පූජා කරන ඔවුන් රැකගත යුතු නොවන්නේ මන්ද? තස්මා හි නෙ රක්ඛථ එහෙයින් පුද පූජා පවත්වන හෙයින්ද ඒ මිනිසුන් රකිවු, රැකවරණ සලසවු, ඔවුන්ට අහිතක් නොසිතවු, හිතසුව සලසව, නොපමාවම, කළගුණ හදවතෙහි දරා නිතර සිහිකරව.
එවං දෙවතාසු මනුස්සානං උපකාරකභාවං දස්සෙත්වා තෙසං උපද්දවවූපසමනත්ථං බුද්ධාදිගුණප්පකාසනෙන ච දෙවමනුස්සානං ධම්මස්සවනත්ථං “යංකිඤ්චි විත්ත”න්තිආදිනා නයෙන සච්චවචනං පයුජ්ජිතුමාරද්ධො. තත්ථ යංකිඤ්චීති අනියමිතවසෙන අනවසෙසං පරියාදියති යංකිඤ්චි තත්ථ තත්ථ වොහාරූපගං . විත්තන්ති ධනං. තඤ්හි විත්තිං ජනෙතීති විත්තං. ඉධ වාති මනුස්සලොකං නිද්දිසති, හුරං වාති තතො පරං අවසෙසලොකං. තෙන ච ඨපෙත්වා මනුස්සෙ සබ්බලොකග්ගහණෙ පත්තෙ “සග්ගෙසු වා”ති පරතො වුත්තත්තා ඨපෙත්වා මනුස්සෙ ච සග්ගෙ ච අවසෙසානං නාගසුපණ්ණාදීනං ගහණං වෙදිතබ්බං. එවං ඉමෙහි ද්වීහි පදෙහි යං මනුස්සානං වොහාරූපගං අලඞ්කාරපරිභොගූපගඤ්ච ජාතරූපරජතමුත්තාමණිවෙළුරියපවාළලොහිතඞ්කමසාරගල්ලාදිකං, යඤ්ච මුත්තාමණිවාලුකත්ථතාය භූමියා රතනමයවිමානෙසු අනෙකයොජනසතවිත්ථතෙසු භවනෙසු උප්පන්නානං නාගසුපණ්ණාදීනං විත්තං, තං නිද්දිට්ඨං හොති.
මෙසේ දේවතාවන් කෙරෙහි (මිනිසුන් දක්වන ගරු සැළකිලි අනුව) මිනිසුන්ට උපකාර වන අයුරු දක්වා, ඔවුන්ගේ උවදුරු දුරුකරනු පිණිසද බුදුගුණ ආදිය පවසනු පිණිසද, දෙව් මිනිසුනට යහපත් කරුණු අසනු පිණිසද යං කිඤ්චි චිත්තං ආදී ලෙසින් මුසා නොවන වචනයේ (ඇති බලය) මැනවින් යොදා ගැනීම ඇරඹි සේක. එහි යං කිඤ්චි යනු නියම කිරිමක් නොමැතිව, පොදුවේ සඳහන් කිරීමයි. කිසියම් දෙයක් වේද, එය ඒ ඒ ආකාරයෙන් කතාබහට එවෙයි. විත්තං ධනයයි. එය සතුට උපදවන අරුතින් කියා ඇත. ඉධ වා මිනිස් ලොව දක්වයි. හුරං වා එයින් එහා ඉතිරි වෙනත් ලෝක, ඒවා හැර, මිනිස් ලොව සියළු ලෝක හා සළකන විට, සග්ගෙසු වා, එසේ මුලින් සඳහන් කරන ලද මිනිස් ලොව හා දෙව් ලෝකද හැර ඉතිරි නාග, ගුරුළු සමූහද මෙහිලා ඇතුළත් කළ යුතුය. මෙසේ මේ පද දෙකෙන් මිනිසුන් අතර අලංකාරය පිණිස පරිහරණය කරන රන්, රිදී, මුතු, මැණික්, දියමන්ති, පබළු, පද්මරාග, වෙරළුමිණි, මැසිරිගල් යනුවෙන් හඳුනාගෙන ඇති දේද, මුතු මැණික් වැලි ඇතිරූ බිමෙහි යොදුන් සිය ගණනක් පළල නොයෙක් රුවන්මය විමන්වල උපන් නාගගුරුළු ආදීන්ගේ ධන සම්පතද දක්වන ලද්දේය.
සග්ගෙසු වාති කාමාවචරරූපාවචරදෙවලොකෙසු. තෙ හි සොභනෙන කම්මෙන අජීයන්ති ගම්මන්තීති සග්ගා, සුට්ඨු වා අග්ගාතිපි සග්ගා. යන්ති යං සස්සාමිකං වා අස්සාමිකං වා. රතනන්ති රතිං නයති, වහති, ජනයති, වඩ්ඪෙතීති රතනං, යංකිඤ්චි චිත්තීකතං මහග්ඝං අතුලං දුල්ලභදස්සනං අනොමසත්තපරිභොගඤ්ච, තස්සෙතං අධිවචනං. යථාහ –
සග්ගෙසු වා කාමාවචර, රූපාවචර දේවලෝකවල, සුන්දර වූ කටයුතුවලින් ඉරියව් පවත්වනු ලබන බැවින් ‘සග්ගා’, ඉක්මණින් (එබඳු සැපයකට) පැමිණි යන අරුතින්ද ‘සග්ගා’ නම් වේ. යං අයත් කෙනෙකු හෝ, රතනං යනු ඇල්ම ඇති කරයි. උසුලයි. උපදවයි. දියුණු කරයි යන අදහසයි. විසිතුරු වූ, ඉතා වටිනා, අසමාන වූ, දැකීමට දුලබ, උසස් තැනැත්තන් පරිහරණය කරනු ලබන යම්කිසිවක් වේද, මෙය ඊට සමාන වචනයකි. එසේ හෙයින් කියන ලදී -
“චිත්තීකතං මහග්ඝඤ්ච, අතුලං දුල්ලභදස්සනං; අනොමසත්තපරිභොගං, රතනං තෙන වුච්චතී”ති.
චිත්තීකතං මහග්ඝඤ්ච අතුලං දුල්ලභ දස්සනං අනොමසත්ත පරිභොගං රතනං තෙන වුච්චතී
පණීතන්ති උත්තමං, සෙට්ඨං, අතප්පකං. එවං ඉමිනා ගාථාපදෙන යං සග්ගෙසු අනෙකයොජනසතප්පමාණසබ්බරතනමයවිමානෙසු සුධම්මවෙජයන්තප්පභුතීසු සස්සාමිකං, යඤ්ච බුද්ධුප්පාදවිරහෙන අපායමෙව පරිපූරෙන්තෙසු සත්තෙසු සුඤ්ඤවිමානපටිබද්ධං අස්සාමිකං, යං වා පනඤ්ඤම්පි පථවීමහාසමුද්දහිමවන්තාදිනිස්සිතං අස්සාමිකං රතනං, තං නිද්දිට්ඨං හොති.
පණීතං උතුම්, උසස්, බොහෝ වූ, මෙසේ මෙම ගාථා පදයෙන් දේව ලෝකවල යොදුන් සියගණන් වූ, මුළුමනින්ම රුවන්මය වූ අපමණ විමන්හි ඇති සුදම්හල් විජයොත් පහ පටන් හිමිකම් ඇති දෙයක් වේද, බුදු උපත සිදුනොවන අපායවල ජීවීන් අතර හිස් විමන් හා බැඳුණු හිමිකම් නොමැති යම් දෙයක් වේද, පොළව, මහ මුහුද, හිමාලය ආදී තන්හි ඇති හිමිකම් නොමැති යම් රුවනක් වේද,
න නො සමං අත්ථි තථාගතෙනාති න-ඉති පටිසෙධෙ, නො-ඉති අවධාරණෙ. සමන්ති තුල්යං. අත්ථීති විජ්ජති. තථාගතෙනාති බුද්ධෙන. කිං වුත්තං හොති? යං එතං විත්තඤ්ච රතනඤ්ච පකාසිතං, එත්ථ එකම්පි බුද්ධරතනෙන සදිසං රතනං නෙවත්ථි. යම්පි හි තං චිත්තීකතට්ඨෙන රතනං, සෙය්යථිදං – රඤ්ඤො චක්කවත්තිස්ස චක්කරතනං මණිරතනඤ්ච, යම්හි උප්පන්නෙ මහාජනො න අඤ්ඤත්ථ චිත්තීකාරං කරොති, න කොචි පුප්ඵගන්ධාදීනි ගහෙත්වා යක්ඛට්ඨානං වා භූතට්ඨානං වා ගච්ඡති, සබ්බොපි ජනො චක්කරතනමණිරතනමෙව චිත්තිං කරොති පූජෙති, තං තං වරං පත්ථෙති, පත්ථිතපත්ථිතඤ්චස්ස එකච්චං සමිජ්ඣති, තම්පි රතනං බුද්ධරතනෙන සමං නත්ථි. යදි හි චිත්තීකතට්ඨෙන රතනං, තථාගතොව රතනං. තථාගතෙ හි උප්පන්නෙ යෙ කෙචි මහෙසක්ඛා දෙවමනුස්සා, න තෙ අඤ්ඤත්ර චිත්තීකාරං කරොන්ති, න කඤ්චි අඤ්ඤං පූජෙන්ති. තථා හි බ්රහ්මා සහම්පති සිනෙරුමත්තෙන රතනදාමෙන තථාගතං පූජෙසි, යථාබලඤ්ච අඤ්ඤෙ දෙවා මනුස්සා ච බිම්බිසාරකොසලරාජඅනාථපිණ්ඩිකාදයො. පරිනිබ්බුතම්පි ච භගවන්තං උද්දිස්ස ඡන්නවුතිකොටිධනං විස්සජ්ජෙත්වා අසොකමහාරාජා සකලජම්බුදීපෙ චතුරාසීති විහාරසහස්සානි පතිට්ඨාපෙසි, කො පන වාදො අඤ්ඤෙසං චිත්තීකාරානං. අපිච කස්සඤ්ඤස්ස පරිනිබ්බුතස්සාපි ජාතිබොධිධම්මචක්කප්පවත්තනපරිනිබ්බානට්ඨානානි පටිමාචෙතියාදීනි වා උද්දිස්ස එවං චිත්තීකාරගරුකාරො වත්තති යථා භගවතො. එවං චිත්තීකතට්ඨෙනාපි තථාගතසමං රතනං නත්ථි.
න නො සමං අත්ථි තථාගතෙන මෙහි න නැත යන තේරුමයි. නො අවධාරණය කොට දක්වයි. සමං සමාන වන, අත්ථි ඇත, දැකිය හැකි, තථාගතෙන බුදුරජාණන් වහන්සේ හා (සමාන) මෙයින් අදහස් කරන ලද්දේ කුමක්ද? මෙහි ධනය ලෙසද, රුවනක් ලෙසද යම් දෙයක් සඳහන් කරන ලදද, බුදු රුවන හා සමාන වෙනත් වටිනා දෙයක් නැත. යම්සේ ගරු බුහුමන් දක්වන, වටිනා අරුතින් රුවන් වන්නේ කෙසේද? සක්විති රජුට සක්රුවන හා මිණිරුවනද අගනේය. එවැනි දෙයක් පහළ වූ විට හෝ (වටිනා දෙයක් ලද විට) මහජනයා වෙනත් දෙයකට ගරුබුහුමන් නොකරයි. කිසිවෙක් මල්සුවඳ ආදිය ගෙන යකුන් අරක් ගත් තැනකට හෝ භූතයන් අරක්ගත් තැනකට හෝ නොයති. සියළුම ජනයා සක්රුවනට - මිණිරුවනට ගරුබුහුමන් කරයි. පූජා කරයි. යම් යම් බලාපොරොත්තු ඉටුකරගැනීම හෝ වර ඉල්ලයි. පැතූ පැතූ දේ ඇතැම්විට ඉටුවෙයි. ඒ රුවන ද, බුදුරුවන හා සමාන නැත. ගරු බුහුමන් දක්වන රුවනක් වේනම්, ඒ තථාගතයන් වහන්සේමය. තථාගතයන් වහන්සේ (ලොව) පහළ වූ කල්හී මහා බලවත් දෙව් මිනිස්සු වෙනත් කෙනෙකුට ගරුබුහුමන් නොකරති. වෙනත් කිසිවකුට පූජා නොකරති. එපරිද්දෙන් සම්පතී බ්‍රහ්මයා මහමෙර හා සමාන රුවන්දමකින් තථාගතයන් වහන්සේට පූජා කළේය. අනෙක් දෙවියෝද හැකි හැකි අයුරින් පූජා කළහ. මිනිස්සුද, බිම්බිසාර-කොසොල් රජවරුද, අනේපිඬු සිටු ආදීහුද තථාගතයන් වහන්සේ පිදූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑවද, උන්වහන්සේ උදෙසා අනූහය කෙළක් වැයකොට, මුළු දඹදිවෙහිම විහාර අසූහාරදහසක් පිහිටුවූයේය. (එසේනම්) වෙනත් කෙනෙකු ගරුබුහුමන් දැක්වීම ගැන කවර කතාද? එසේම, පිරිනිවන්පෑවත්, බිහිවුන තැන, දම්සක් පැවැත්වූ තැන, පිරිනිවනට පත්වූ තැන පිළිම, සෑ ආදිය තනා, එපරිදිම මෙසේ ගරුබුහුමන් පුද සත්කාර තථාගතයන් වහන්සේට මෙන් වෙනත් කවරකු උදෙසා නම් පැවැත්වේද? මෙසේ ගරුබුහුමන් කෙරෙන අරුතින් තථාගතයන් වහන්සේ හා සමාන රුවනක් නැත.
තථා යම්පි තං මහග්ඝට්ඨෙන රතනං, සෙය්යථිදං – කාසිකං වත්ථං. යථාහ – “ජිණ්ණම්පි, භික්ඛවෙ, කාසිකං වත්ථං වණ්ණවන්තඤ්චෙව හොති සුඛසම්ඵස්සඤ්ච මහග්ඝඤ්චා”ති, තම්පි බුද්ධරතනෙන සමං නත්ථි. යදි හි මහග්ඝට්ඨෙන රතනං, තථාගතොව රතනං. තථාගතො හි යෙසං පංසුකම්පි පටිග්ගණ්හාති, තෙසං තං මහප්ඵලං හොති මහානිසංසං, සෙය්යථාපි අසොකස්ස රඤ්ඤො. ඉදමස්ස මහග්ඝතාය. එවං මහග්ඝතාවචනෙ චෙත්ථ දොසාභාවසාධකං ඉදං තාව සුත්තපදං වෙදිතබ්බං –
කසී සළුව වටිනාකමෙන් රුවන් මෙන් අගනේය. ‘මහණෙනි, කසී සළුව දිරා ඇතත්, පැහැයෙන්ද, සුවපහසින්ද, වටිනාකමෙන්ද ඉහළය. ‘ජිණ්ණම්පි භික්ඛවෙ, කාසිකං වත්ථං වණ්ණවන්තඤ්චෙව හොති සුඛසම්ඵස්සච මහග්ඝඤ්ච’ එයින්ද බුදුරුවන හා සමාන නොවේ. මහත් වටිනාකමින් රුවන් අගනේද, තථාගතයන් වහන්සේ රුවනක්මය. තථාගතයන් වහන්සේ යමෙකුගේ පස් වැකුණු රෙදිකඩක් පිළිගන්නා සේක්ද, අසෝක රජුට මෙන් එය ඒ තැනැත්තාට මහත්පල මහත් ආනිසංස පිණිස පවතී. මෙය මහත් වටිනා දෙයක් වන්නේය. මෙසේ වටිනා-මාහැඟි යන වචනයෙහි වරදක් නොවන අයුරු සූත්‍රයෙහි සඳහන් පරිදි ද දතයුතුය.
“යෙසං ඛො පන සො පටිග්ගණ්හාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං, තෙසං තං මහප්ඵලං හොති මහානිසංසං. ඉදමස්ස මහග්ඝතාය වදාමි. සෙය්යථාපි තං, භික්ඛවෙ, කාසිකං වත්ථං මහග්ඝං, තථූපමාහං, භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමී”ති (අ· නි· 3.100).
‘සිවුරු.....පිරිකර යම් (බුදු) කෙනෙකුට පිළිගන්වයිද, එය ඔහුට මහත්පල මහානිසංස වේ. මෙය ඒ (උසස්) තැනැත්තාගේ මාහැඟි වටිනාකම බව කියමි. මහණෙනි, කසී සළුවෙක මාහැඟි වටිනාකම යම්සේද, මහණෙනි, මම එය උපමාකොට ඒ පුද්ගලයා ගැන කියමි.’
එවං මහග්ඝට්ඨෙනාපි තථාගතසමං රතනං නත්ථි.
මෙසේ මාහැඟි වටිනාකමින් තථාගතයන් වහන්සේ හා සමාන රුවනක් නැත.
තථා යම්පි තං අතුලට්ඨෙන රතනං. සෙය්යථිදං – රඤ්ඤො චක්කවත්තිස්ස චක්කරතනං උප්පජ්ජති ඉන්දනීලමණිමයනාභි සත්තරතනමයසහස්සාරං පවාළමයනෙමි, රත්තසුවණ්ණමයසන්ධි, යස්ස දසන්නං දසන්නං අරානං උපරි එකං මුණ්ඩාරං හොති වාතං ගහෙත්වා සද්දකරණත්ථං, යෙන කතො සද්දො සුකුසලප්පතාළිතපඤ්චඞ්ගිකතූරියසද්දො විය හොති. යස්ස නාභියා උභොසු පස්සෙසු ද්වෙ සීහමුඛානි හොන්ති, අබ්භන්තරං සකටචක්කස්සෙව සුසිරං, තස්ස කත්තා වා කාරෙතා වා නත්ථි, කම්මපච්චයෙන උතුතො සමුට්ඨාති. යං රාජා දසවිධං චක්කවත්තිවත්තං පූරෙත්වා තදහුපොසථෙ පන්නරසෙ පුණ්ණමදිවසෙ සීසංන්හාතො උපොසථිකො උපරිපාසාදවරගතො සීලානි සොධෙන්තො නිසින්නො පුණ්ණචන්දං විය සූරියං විය ච උට්ඨෙන්තං පස්සති, යස්ස ද්වාදසයොජනතො සද්දො සුය්යති, යොජනතො වණ්ණො දිස්සති, යං මහාජනෙන “දුතියො මඤ්ඤෙ චන්දො සූරියො වා උට්ඨිතො”ති අතිවිය කොතූහලජාතෙන දිස්සමානං නගරස්ස උපරි ආගන්ත්වා රඤ්ඤො අන්තෙපුරස්ස පාචීනපස්සෙ නාතිඋච්චං නාතිනීචං හුත්වා මහාජනස්ස ගන්ධපුප්ඵාදීහි පූජෙතුං යුත්තට්ඨානෙ අක්ඛාහතං විය තිට්ඨති.
එසේ අසමාන වන අරුතින් ‘රුවන’ ලෙස හඳුන්වන්නේ කෙසේද? සක්විති රජුට ඉඳුනිල් මිණි වූ නැබ ඇති, සත්රුවන්මය වූ අරදහසකින් යුතු පබළු නිම්වලල්ලෙන් යුතු, රත්රනින් එකිනෙකට බැඳුණු, සක්රුවන පහළ වේ. එහි අර දහයක් දහයක් මතුයෙහි සුළඟින් නැගෙන හඬ, මනා වාදන හැකියාව ඇති, වාදකයෙකුගේ පසඟතුරු නද මෙනි. ඒ සකෙහි නැබ දෙපස සිංහ මුව ඇත. ඇතුලත කරත්ත රෝදයක මෙන් සිදුරකි. එම සක කරන ලද කෙනෙකු හෝ කරවන්නෙකු (කරකවන කෙනෙකු හෝ එය මෙහෙයවන්නකු) නැත. කැරකෙන්නේ සොබාවිකව සුළගේ බලපෑමෙනි. දස සක්විති වත් සපිරූ කිසියම් රජෙක් පසළොස්වක පෝ දිනයෙහි, හිස පටන් නා, පෙහෙවස් සමාදන්ව, මතු මහලට ගොස් සිල් මෙනෙහි කරමින් හිඳිනවිට, පුන්සඳ මෙන්ද, හිරු මෙන් ද වූ යම් දෙයක් ඉදිරියට මතුව එනු දකී. යොදුන් දොළසක දුරසිටම කිසියම් හඬක් අසන්නට ලැබේ. යොදුනක දුර සිට පැහැය පෙනේ. මහජනයා දෙවන සඳක් හෝ දෙවන ඉරක් උදාවූයේදැයි කුතුහලයට පත්කරමින්, දකිනු ලබන සක්රුවන නගරයට ඉහළින් රජුගේ ඇතුළු නුවරට බටහිර දෙසින් වඩා උසින් හෝ වඩා පහළින්ද නොව, මහජනයාට සුවඳමලින් පිදීමට සුදුසු තැනකට පැමිණ පසඇටක් දැමූ සේ නැවතිණ.
තදෙව අනුබන්ධමානං හත්ථිරතනං උප්පජ්ජති, සබ්බසෙතො රත්තපාදො සත්තප්පතිට්ඨො ඉද්ධිමා වෙහාසඞ්ගමො උපොසථකුලා වා ඡද්දන්තකුලා වා ආගච්ඡති. උපොසථකුලා ආගච්ඡන්තො හි සබ්බජෙට්ඨො ආගච්ඡති, ඡද්දන්තකුලා සබ්බකනිට්ඨො සික්ඛිතසික්ඛො දමථූපෙතො. සො ද්වාදසයොජනං පරිසං ගහෙත්වා සකලජම්බුදීපං අනුසංයායිත්වා පුරෙපාතරාසමෙව සකං රාජධානිං ආගච්ඡති.
ඒ අනුව යමින්, රත්පා ඇති, අඟපසඟ සතක් මනාව පිහිටි, ඉඳුබල යුත්, අහසින් යා හැකි, උපෝසථ කුල හෝ ඡද්දන්ත කුලයට අයත් සුදෝසුදු ඇත්රුවන පැමිණේ. උපෝසථ කුලයෙන් නම්, සියළු ඇතුන්ට නායක ඇතාම පැමිණෙයි. ඡද්දන්ත කුලයෙන් නම්, සියළු ඇතුන්ගෙන්ම කණිටු වූ, මනාව හික්මුණු, දමනය වූ ඇතු එයි. රජු දොළොස් යොදුනක් දුර පැතිර ඇති පිරිස ගෙන මුළු දඹදිවටම අනුසාසනා කොට, උදය අහරට පෙරම තම රාජධානියට එයි.
තම්පි අනුබන්ධමානං අස්සරතනං උප්පජ්ජති, සබ්බසෙතො රත්තපාදො කාකසීසො මුඤ්ජකෙසො වලාහකස්ස රාජකුලා ආගච්ඡති. සෙසමෙත්ථ හත්ථිරතනසදිසමෙව.
ඒ අනුව යමින්, රත්පා ඇති, කපුටකුගේ බඳු හිස ඇති, මුඤ්ජ තණ වැනි දිගු ලොම් ඇති, වලාහක නම් අසුන්ගේ කුලයට අයත් සුදෝසුදු අස්රුවන පැමිණේ. ඉතිරි කරුණු (ඉහත දැක්වූ) ඇත්රුවනට හා සමානය.
තම්පි අනුබන්ධමානං මණිරතනං උප්පජ්ජති. සො හොති මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො ආයාමතො චක්කනාභිසදිසො, වෙපුල්ලපබ්බතා ආගච්ඡති, සො චතුරඞ්ගසමන්නාගතෙපි අන්ධකාරෙ රඤ්ඤො ධජග්ගතො යොජනං ඔභාසෙති, යස්සොභාසෙන මනුස්සා “දිවා”ති මඤ්ඤමානා කම්මන්තෙ පයොජෙන්ති, අන්තමසො කුන්ථකිපිල්ලිකං උපාදාය පස්සන්ති.
ඒ අනුව යමින් මිණිරුවන පහළවේ. වෙරළුමිණක් වූ එය, යහපත් පැති අටකින් යුතු, මනාව සකස් වූ, දිගින් රෝදයක නැබ හා සමානව, වේපුල්ල පව්වෙන් පැමිණේ. සක්විති රජු සිවුරඟ සෙන් පිරිවරා සිවු වැදෑරුම් අඳුරෙහි ගියද, එම මිණිරුවන රජුගේ කොඩිය බැඳි කණුවෙහි (රැඳි) යොදුනක් දුර ආලෝක කරයි. මිනිස්සු ඒ ආලෝකයෙන් දිවාකාලය යැයි සිතමින් කටයුතුවල යෙදෙති. යටත් පිරිසෙයින් කුරාකුහුඹුවන් පවා මතුවන අයුරු දකිති.
තම්පි අනුබන්ධමානං ඉත්ථිරතනං උප්පජ්ජති. පකතිඅග්ගමහෙසී වා හොති, උත්තරකුරුතො වා ආගච්ඡති මද්දරාජකුලතො වා, අතිදීඝාදිඡදොසවිවජ්ජිතා අතික්කන්තා මානුසං වණ්ණං අප්පත්තා දිබ්බං වණ්ණං, යස්සා රඤ්ඤො සීතකාලෙ උණ්හානි ගත්තානි හොන්ති, උණ්හකාලෙ සීතානි, සතධා ඵොටිතතූලපිචුනො විය සම්ඵස්සො හොති, කායතො චන්දනගන්ධො වායති, මුඛතො උප්පලගන්ධො, පුබ්බුට්ඨායිතාදිඅනෙකගුණසමන්නාගතා ච හොති.
මිණිරුවන අනුව යමින් කාන්තා රුවන පහළවෙයි. සොබාවිකවම අගමෙහෙසිය හෝ වන්නීය. (ඇය) උතුරුකුරු දිවයිනෙන් හෝ මදුරජ කුලයෙන් හෝ පැමිණෙන්නීය. ඉතා උස ආදී දොස් හයකින් මිදී, මිනිස් සිරුරු පැහැය ඉක්මවුවද, දෙවියන්ගේ පැහැයට සම නොවන්නීය. ඇයගේත්, රජුගේත් සිරුරු සීත කාලයේ උණුසුම් වේ. උණුසුම් කාලයෙහි සීතල වෙයි. සත්වර පෙලූ පුළුන් මෙන් ගත මුදු පහස වෙයි. සිරුරෙන් සඳුන් සුවඳ, මුවින් උපුල් මල් සුවඳ හමයි. (රජුට කලින්) උදයෙහි කලින්ම පිබිදීම වැනි නොයෙක් ගුණයෙන් යුතු වන්නීය.
තම්පි අනුබන්ධමානං ගහපතිරතනං උප්පජ්ජති රඤ්ඤො පකතිකම්මකරො සෙට්ඨි, යස්ස චක්කරතනෙ උප්පන්නමත්තෙ දිබ්බං චක්ඛු පාතුභවති, යෙන සමන්තතො යොජනමත්තෙ නිධිං පස්සති සස්සාමිකම්පි අස්සාමිකම්පි. සො රාජානං උපසඞ්කමිත්වා පවාරෙති “අප්පොස්සුක්කො ත්වං, දෙව, හොහි, අහං තෙ ධනෙන ධනකරණීයං කරිස්සාමී”ති.
ඒ කාන්තා රුවන අනුව යමින් රජුගේ කටයුතු ඉටු කරනු පිණිස නොවෙනස්වන ගැහැවි සිටුරුවනද පහළවෙයි. සක්රුවන පහළ වූ කෙණෙහිම, දිවැස ලබන රජු හාත්පස යොදුනක පමණ දුරට පිහිටි හිමි අහිමි නිදන් සම්පත් දකී. ඔහු රජු වෙත පැමිණ, ‘දේවයන් වහන්ස, කරදර නොවුව මැනවි. ඔබවහන්සේට ධනයෙන් කළයුතු දේ ඉටු කරන්නෙමි’යි බාර ගනී. ගැහැවි සිටු රුවට අනුව යමින් (රජුට) උපදෙස් දෙන, රැකවරණය සලසන නායක රුවන පහළවෙයි.
තම්පි අනුබන්ධමානං පරිණායකරතනං උප්පජ්ජති රඤ්ඤො පකතිජෙට්ඨපුත්තො, චක්කරතනෙ උප්පන්නමත්තෙ අතිරෙකපඤ්ඤාවෙය්යත්තියෙන සමන්නාගතො හොති, ද්වාදසයොජනාය පරිසාය චෙතසා චිත්තං පරිජානිත්වා නිග්ගහපග්ගහසමත්ථො හොති. සො රාජානං උපසඞ්කමිත්වා පවාරෙති – “අප්පොස්සුක්කො ත්වං, දෙව, හොහි, අහං තෙ රජ්ජං අනුසාසිස්සාමී”ති. යං වා පනඤ්ඤම්පි එවරූපං අතුලට්ඨෙන රතනං, යස්ස න සක්කා තුලයිත්වා තීරයිත්වා අග්ඝො කාතුං “සතං වා සහස්සං වා අග්ඝති කොටිං වා”ති. තත්ථ එකරතනම්පි බුද්ධරතනෙන සමං නත්ථි. යදි හි අතුලට්ඨෙන රතනං, තථාගතොව රතනං. තථාගතො හි න සක්කා සීලතො වා සමාධිතො වා පඤ්ඤාදීනං වා අඤ්ඤතරතො කෙනචි තුලයිත්වා තීරයිත්වා “එත්තකගුණො වා ඉමිනා සමො වා සප්පටිභාගො වා”ති පරිච්ඡින්දිතුං. එවං අතුලට්ඨෙනාපි තථාගතසමං රතනං නත්ථි.
රජුගේ නියම දෙටුපුත් සක්රුවන පහළ වූ කෙණෙහිම, වඩාත් පුළුල් නැණ බලයෙන් යුතු වෙයි. යොදුන් දොළසක වෙසෙන පිරිසගේ සිතිවිලි (තම) සිතින් මැනවින් දැන, ඒ අනුව දොස් පැවරීමටත්, නිවැරදි බවට පත්කර ගැනීමටත් සමත් වෙයි. ඔහු රජු වෙත පැමිණ, ‘දේවයන් වහන්ස, කරදර නොවනු මැනවි, දේවයන් වහන්ස, මම ඔබතුමාට රජකමට අදාළ උපදෙස් දෙමි’යි පවරා ගනී. මෙබඳු අසමාන වූ අරුතින්, වෙනත් රුවනක් සේ හඳුන්වන ලද දේවල් වේනම්, බුදුරුවන හා ඒ කිසිදු රුවනක් සමාන නැත. බුදුරුවන ඒ කිසිදු රුවනක් හා සියදහසක් හෝ කෝටියක් හෝ අගනේ යැයි සමකළ නොහැකිය. අගය කළ නොහැකිය. අසමාන වන අරුතින්ද රුවනක් වේ නම්, ඒ තථාගතයන් වහන්සේමය. සීලයෙන්ද, සමාධියෙන්ද, පඤ්ඤාවෙන්ද වෙනත් කෙනෙකු හා සමානකොට, තීරණය කොට මෙපමණ ගුණයෙන් හෝ මෙබඳු හෝ වේයැයි ගළපා කීමට හෝ, තථාගතයන් වහන්සේ පිළිබඳව සීමා කිරීමටද නොහැකිය. මෙසේ අසමාන වන අරුතින්ද තථාගතයන් වහන්සේට සමාන රුවනක් නැත.
තථා යම්පි තං දුල්ලභදස්සනට්ඨෙන රතනං. සෙය්යථිදං – දුල්ලභපාතුභාවො රාජා චක්කවත්ති චක්කාදීනි ච තස්ස රතනානි, තම්පි බුද්ධරතනෙන සමං නත්ථි. යදි හි දුල්ලභදස්සනට්ඨෙන රතනං, තථාගතොව රතනං, කුතො චක්කවත්තිආදීනං රතනත්තං, යානි එකස්මිංයෙව කප්පෙ අනෙකානි උප්පජ්ජන්ති. යස්මා පන අසඞ්ඛ්යෙය්යෙපි කප්පෙ තථාගතසුඤ්ඤො ලොකො හොති, තස්මා තථාගතො එව කදාචි කරහචි උප්පජ්ජනතො දුල්ලභදස්සනො. වුත්තං චෙතං භගවතා පරිනිබ්බානසමයෙ –
එසේම දැකීමට දුලබ අරුතින් රුවන නම් වේද, සක්විති රජකු පහළ වීමත්, ඔහුට සක්රුවන ආදිය පහලවීමත් දුලබ වුව, එය බුදුරුවන් හා සමාන නැත. එසේ දැකීමට දුලබ රුවන සක්විති රජු ආදීන්ට කොයින්ද? එකම කල්පයෙහි නොයෙක් දේ උපදීද, කප් අසංඛයකදී වුවත්, තථාගතයන් වහන්සේ (පහළ නොවීමෙන්) ලෝකය හිස්වෙයි. එහෙයින් කවරකලක හෝ තථාගතයන් වහන්සේගේ ඉපදීමද දුලබ දැකුමක් වෙයි. පිරිනිවන්පාන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලදී.
“දෙවතා, ආනන්ද, උජ්ඣායන්ති – ‘දූරා ච වතම්හ ආගතා තථාගතං දස්සනාය, කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා, අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති, අයඤ්ච මහෙසක්ඛො භික්ඛු භගවතො පුරතො ඨිතො ඔවාරෙන්තො, න මයං ලභාම පච්ඡිමෙ කාලෙ තථාගතං දස්සනායා’”ති (දී· නි· 2.200).
‘අපි තථාගතයන් දකිනු පිණිස ඒකාන්තවම දුරසිට පැමිණියෙමු. කවරකලක හෝ ලොව පහළවන අරහත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගේ පිරිනිවන අද රෑ (ඉකුත්ව) අළුයම් වේලෙහි සිදුවන්නේය. මේ මහා බලවත් මහණකු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිට වළක්වන හෙයින් පසුකාලයෙහි උන්වහන්සේ දැකීම අපට නොලැබේයැයි ආනන්ද, දේවතාවෝ දොස් නගති.
එවං දුල්ලභදස්සනට්ඨෙනපි තථාගතසමං රතනං නත්ථි.
මෙසේ දුලබව දක්නට ලැබීමේ අරුතින්ද තථාගතයන් වහන්සේ හා සමාන රුවනක් නැත.
තථා යම්පි තං අනොමසත්තපරිභොගට්ඨෙන රතනං. සෙය්යථිදං – රඤ්ඤො චක්කවත්තිස්ස චක්කරතනාදි. තඤ්හි කොටිසතසහස්සධනානම්පි සත්තභූමිකපාසාදවරතලෙ වසන්තානම්පි චණ්ඩාලවෙනනෙසාදරථකාරපුක්කුසාදීනං නීචකුලිකානං ඔමකපුරිසානං සුපිනන්තෙපි පරිභොගත්ථාය න නිබ්බත්තති. උභතො සුජාතස්ස පන රඤ්ඤො ඛත්තියස්සෙව පරිපූරිතදසවිධචක්කවත්තිවත්තස්ස පරිභොගත්ථාය නිබ්බත්තනතො අනොමසත්තපරිභොගංයෙව හොති, තම්පි බුද්ධරතනෙන සමං නත්ථි. යදි හි අනොමසත්තපරිභොගට්ඨෙන රතනං, තථාගතොව රතනං. තථාගතො හි ලොකෙ අනොමසත්තසම්මතානම්පි අනුපනිස්සයසම්පන්නානං විපරීතදස්සනානං පූරණකස්සපාදීනං ඡන්නං සත්ථාරානං අඤ්ඤෙසඤ්ච එවරූපානං සුපිනන්තෙපි අපරිභොගො, උපනිස්සයසම්පන්නානං පන චතුප්පදායපි ගාථාය පරියොසානෙ අරහත්තමධිගන්තුං සමත්ථානං නිබ්බෙධිකඤාණදස්සනානං බාහියදාරුචීරියප්පභුතීනං අඤ්ඤෙසඤ්ච මහාකුලප්පසුතානං මහාසාවකානං පරිභොගො. තෙ හි තං දස්සනානුත්තරියසවනානුත්තරියපාරිචරියානුත්තරියාදීනි සාධෙන්තා තථා තථා පරිභුඤ්ජන්ති. එවං අනොමසත්තපරිභොගට්ඨෙනාපි තථාගතසමං රතනං නත්ථි.
එමෙන්ම උසස් තැනැත්තන් පරිහරණය කරන අරුතින්ද රුවන් නම් වේ. සක්විති රජුගේ සක්රුවන ආදී ලෙසිනි. එය කෝටි සයදහස් ගණනින් ඇති ධනවතුන්ටද, සත්මහල් පහයන්හි මතු මහලෙහි වසන්නවුන්ටද, සැඩොල්, කුළුපොතු, වැදි, රියකරු, කසලසෝධක වැනි කුලහීන ලාමක මිනිසුන්ටද සිහිනෙනුදු පරිහරණයට පහල නොවේ. මව්පිය කුල දෙපසම පිරිසිදු බැවින්, මැනවින් උපතලද, දස සක්විතිවත් පුරන ලද, කැත්කුල රජෙකුටම පරිහරණය පිණිස පහළවන අරුතින් උසස් තැනැත්තන්ටම සුදුසු වේමය. ලොවෙහි උසස් යැයි සම්මත වූ, ඇති සැටියෙන් කරුණු තේරුම් ගත නොහැකි වූ, අවුල් සහගත දැක්මෙන් යුතු, පූරණකසුප් ආදී සාමයික නායකයන් හයදෙනාටත්, වෙනත් එබඳු නායකයන්ටත් තථාගතයන් වහන්සේ වෙත සිහිනෙන්වත් සමීපවිය නොහැකිය. ඇති සැටියෙන් කරුණු අවබෝධයට හේතුසම්පත් ඇත්තවුනට සතරපද ගාථාවක් අවසානයේදී වුවත්, අරහත් පල ලබන්නට හැකි තියුණු නුවණින් යුතු බාහිය දාරුචීරියගේ පටන්, වෙනත් උසස් කුලවල උපන් හැමටත්, මහා සව්වන්ටත් ඇසුරු කළ හැකිය. ඔවුහු තථාගතයන් වහන්සේ කෙරෙහි උසස් දැක්මෙන්, උසස් (දහම්) ඇසීමෙන්, උසස් පිළිවෙත්හි හැසිරීමෙන් අරමුණු සපුරාගෙන ඒ ඒ අයුරින් (අනුරූප ලෙස) අත්විඳිති. මෙසේ උසස් තැනැත්තන් ඇසුරු කිරීමේ අරුතින්ද තථාගතයන් වහන්සේ හා සමාන රුවනක් නැත.
යම්පි තං අවිසෙසතො රතිජනනට්ඨෙන රතනං. සෙය්යථිදං – රඤ්ඤො චක්කවත්තිස්ස චක්කරතනං. තඤ්හි දිස්වා රාජා චක්කවත්ති අත්තමනො හොති, එවම්පි තං රඤ්ඤො රතිං ජනෙති. පුන චපරං රාජා චක්කවත්ති වාමෙන හත්ථෙන සුවණ්ණභිඞ්කාරං ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන චක්කරතනං අබ්භුක්කිරති “පවත්තතු භවං චක්කරතනං, අභිවිජිනාතු භවං චක්කරතන”න්ති. තතො චක්කරතනං පඤ්චඞ්ගිකං විය තූරියං මධුරස්සරං නිච්ඡරන්තං ආකාසෙන පුරත්ථිමං දිසං ගච්ඡති, අන්වදෙව රාජා චක්කවත්ති චක්කානුභාවෙන ද්වාදසයොජනවිත්ථිණ්ණාය චතුරඞ්ගිනියා සෙනාය නාතිඋච්චං නාතිනීචං උච්චරුක්ඛානං හෙට්ඨාභාගෙන, නීචරුක්ඛානං උපරිභාගෙන, රුක්ඛෙසු පුප්ඵඵලපල්ලවාදිපණ්ණාකාරං ගහෙත්වා ආගතානං හත්ථතො පණ්ණාකාරඤ්ච ගණ්හන්තො “එහි ඛො මහාරාජා”තිඑවමාදිනා පරමනිපච්චකාරෙන ආගතෙ පටිරාජානො “පාණො න හන්තබ්බො”තිආදිනා නයෙන අනුසාසන්තො ගච්ඡති. යත්ථ පන රාජා භුඤ්ජිතුකාමො වා දිවාසෙය්‍යං වා කප්පෙතුකාමො හොති, තත්ථ චක්කරතනං ආකාසා ඔතරිත්වා උදකාදිසබ්බකිච්චක්ඛමෙ සමෙ භූමිභාගෙ අක්ඛාහතං විය තිට්ඨති. පුන රඤ්ඤො ගමනචිත්තෙ උප්පන්නෙ පුරිමනයෙනෙව සද්දං කරොන්තං ගච්ඡති, යං සුත්වා ද්වාදසයොජනිකාපි පරිසා ආකාසෙන ගච්ඡති. චක්කරතනං අනුපුබ්බෙන පුරත්ථිමං සමුද්දං අජ්ඣොගාහති, තස්මිං අජ්ඣොගාහන්තෙ උදකං යොජනප්පමාණං අපගන්ත්වා භිත්තීකතං විය තිට්ඨති. මහාජනො යථාකාමං සත්ත රතනානි ගණ්හාති. පුන රාජා සුවණ්ණභිඞ්කාරං ගහෙත්වා “ඉතො පට්ඨාය මම රජ්ජ”න්ති උදකෙන අබ්භුක්කිරිත්වා නිවත්තති. සෙනා පුරතො හොති, චක්කරතනං පච්ඡතො, රාජා මජ්ඣෙ. චක්කරතනස්ස ඔසක්කිතොසක්කිතට්ඨානං උදකං පරිපූරති. එතෙනෙව උපායෙන දක්ඛිණපච්ඡිමඋත්තරෙපි සමුද්දෙ ගච්ඡති.
එසේම සක්විති රජුගේ සක්රුවන මෙන් පොදුවේ ඇල්ම වඩන අරුතින්ද රුවන නම් වේ. සක්රුවන දැක රජ සතුටු වෙයි. එයින්ම රජුට ඇල්මක් හටගනී. එවිට සක්විති රජු ‘උතුම් සක්රුවන කැරකී යනු මැනව, උතුම් සක්රුවන ජයගෙන දේවා’යැයි (පවසමින්) වම්අතින් රන්කෙණ්ඩිය ගෙන දකුණතින් (පැන්) වත්කරයි. සක්රුවන පසඟතුරු ගොස වන් මියුරු නද නංවමින් නැගෙනහිර දෙසට අහසින් යයි. දොළොස් යොදුන් පුළුල්ව විහිද යන සිවුරඟ සෙන් සමග, බොහෝ උස් නොවූ ගලට උඩින්ද, බොහෝ ගලට යටින්ද සක්රුවනේ බලයෙන් ඒ අනුව යමින්, සක්විති රජු, ගස්වල මල්කොළ, පලතුරු ආදී පඬුරු ගෙන පැමිණි තැනැත්තන්ගෙන් ඒ පඬුරු ලබමින්ද, ‘මහරජතුමනි, වඩිනු මැනවැ’යි කියමින් මහත් ගරුසැළකිලි දක්වමින් පැමිණෙන සතුරු රජුනට ‘පරපණ නොනැසිය යුතුයි’ ආදී ලෙසින් අවවාද කරයි. යම්තැනකදී රජු අනුභව කරනු කැමතිව හෝ දහවල නිදාගැනීමට හෝ කැමතිවේද, එහිදී සක්රුවන අහසින් බැස, ජලය ආදී සියළු පහසුකම් ඇති සමතලා බිමක පසඇටක් දැමූ සේ සිටී. නැවත රජුට ගමන් ඇරඹීමට සිත් වූ කල, පෙර පරිදිම හඬ නගමින්, යයි. ඒ හඬ අසා දොළොස් යොදුනක් පිරිසද අහසින් යයි. සක්රුවන (ඒ ඒ පෙදෙස් පසුකර) අනුපිළිවෙලින් ගොස් නැගෙනහිර මුහුදට බසී. එය බැසගත් කල්හී යොදුනක් පමණ ජලය ඉවත්ව (පොළව) බිත්තියක් බඳු වෙයි. මහජනයා කැමති පරිදි (එහි) සත්රුවන් ගනී. රජු නැවත කෙණ්ඩිය ගෙන ‘මෙතැනට වනතුරු මගේ රජය’ යැයි පැන් වත්කොට (එතැන) නවතී. සේනාව ඉදිරියෙන්ද, රජු මැදි කොටගෙන සක්රුවන රජුට පිටුපසින්ද වෙයි. සක්රුවන (බිමට) බසින තැන් ජලයෙන් පිරේ. මේ අයුරින් දකුණ, බටහිර, උතුරටද මුහුදෙහි යයි.
එවං චතුද්දිසං අනුසංයායිත්වා චක්කරතනං තියොජනප්පමාණං ආකාසං ආරොහති. තත්ථ ඨිතො රාජා චක්කරතනානුභාවෙන විජිතං පඤ්චසතපරිත්තදීපපටිමණ්ඩිතං සත්තයොජනසහස්සපරිමණ්ඩලං පුබ්බවිදෙහං, තථා අට්ඨයොජනසහස්සපරිමණ්ඩලං උත්තරකුරුං, සත්තයොජනසහස්සපරිමණ්ඩලංයෙව අපරගොයානං, දසයොජනසහස්සපරිමණ්ඩලං ජම්බුදීපඤ්චාති එවං චතුමහාදීපද්විසහස්සපරිත්තදීපපටිමණ්ඩිතං එකං චක්කවාළං සුඵුල්ලපුණ්ඩරීකවනං විය ඔලොකෙති. එවං ඔලොකයතො චස්ස අනප්පිකා රති උප්පජ්ජති. එවම්පි තං චක්කරතනං රඤ්ඤො රතිං ජනෙති, තම්පි බුද්ධරතනසමං නත්ථි. යදි හි රතිජනනට්ඨෙන රතනං, තථාගතොව රතනං. කිං කරිස්සති එතං චක්කරතනං? තථාගතො හි යස්සා දිබ්බාය රතියා චක්කරතනාදීහි සබ්බෙහිපි ජනිතා චක්කවත්තිරති සඞ්ඛම්පි කලම්පි කලභාගම්පි න උපෙති, තතොපි රතිතො උත්තරිතරඤ්ච පණීතතරඤ්ච අත්තනො ඔවාදප්පතිකරානං අසඞ්ඛ්යෙය්යානම්පි දෙවමනුස්සානං පඨමජ්ඣානරතිං, දුතියතතියචතුත්ථපඤ්චමජ්ඣානරතිං, ආකාසානඤ්චායතනරතිං, විඤ්ඤාණඤ්චායතනආකිඤ්චඤ්ඤායතනනෙවසඤ්ඤානාසඤ්ඤායතනරතිං, සොතාපත්තිමග්ගරතිං, සොතාපත්තිඵලරතිං, සකදාගාමිඅනාගාමිඅරහත්තමග්ගඵලරතිඤ්ච ජනෙති. එවං රතිජනනට්ඨෙනාපි තථාගතසමං රතනං නත්ථීති.
මෙසේ සිවු දෙසටම රජු අනුසාසනා කොට, තුන් යොදුනක් අහසට නැගි සක්රුවනෙහි බලයෙන් එහි සිටි රජු, යොදුන් සත්දහසකින් වටවූ, කුඩා දිවයින් පන්සියයකින් යුත් පෙර විදේහ රාජධානියද, යොදුන් අටදහසක් වට වූ උතුරුකුරු දිවයින හා යොදුන් හත්දහසක් වටවූ අපරගෝයානයද, යොදුන් දසදහසක් වට වූ දඹදිව යන සිවුමහා දිවයින් හා කුඩා දිවයින්වලින් යුතු සක්වළම මනාව පිපුණු නෙළුම් මල් උයනක් මෙන් දකී. මේ දකින රජුට දැඩි ආසාව උපදී. එමෙන්ම,ඒ සක්රුවනටද රජුගේ ආසාව-ඇල්ම වඩයි. එයද බුදුරුවන හා සමාන නැත. ආසාව උපදවන අරුතින් ද රුවන නම් වේනම්, තථාගතයන් වහන්සේම රුවනකි. එක සක් රුවනක් කුමකටද? තථාගතයන් වහන්සේගේ දිවමය වූ (ගති පිළිබඳව යම් කෙනෙකුට ඇතිවන) ඇල්ම හා සසඳන විට, සක්රුවන ආදී සියළුම රුවන් කෙරෙහි සක්විති රජුට ඇතිවන ආසාව සොළොසකින් එක් කොටසක් හෝ ඉන් අඩක් හෝ නොවටී. ඊටත් වඩා, තමන්වහන්සේගේ අවවාද අනුව කටයුතු කරන අසංඛෙය්‍යක් වූ දෙවි මිනිසුන්ට, පළමු දැහැනෙහි, දෙවන දැහැනෙහි, තුන්වැනි දැහැනෙහි, සිවුවන දැහැනෙහි, පස්වන දැහැනෙහි ඇල්ම - ‘ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ඇල්ම, සෝවාන් මගෙහි ඇල්ම, සෝවාන් පලෙහි ඇල්ම, සකදාගාමි, අනාගාමි, අරහත් මගෙහි හා පලයෙහි ඇල්මත් ඇතිකරයි. මෙසේ ඇල්ම ඇතිකරන අරුතින්ද තථාගතයන් වහන්සේ සමාන රුවනක් නැත.
අපිච රතනං නාමෙතං දුවිධං හොති සවිඤ්ඤාණකං අවිඤ්ඤාණකඤ්ච. තත්ථ අවිඤ්ඤාණකං චක්කරතනං මණිරතනං, යං වා පනඤ්ඤම්පි අනින්ද්රියබද්ධං සුවණ්ණරජතාදි, සවිඤ්ඤාණකං හත්ථිරතනාදි පරිණායකරතනපරියොසානං, යං වා පනඤ්ඤම්පි එවරූපං ඉන්ද්රියබද්ධං. එවං දුවිධෙ චෙත්ථ සවිඤ්ඤාණකරතනං අග්ගමක්ඛායති. කස්මා? යස්මා අවිඤ්ඤාණකං සුවණ්ණරජතමණිමුත්තාදිරතනං, සවිඤ්ඤාණකානං හත්ථිරතනාදීනං අලඞ්කාරත්ථාය උපනීයති.
එසේම මෙම රුවන ‘හැඟීම් සහිත, හැගීම් රහිත’ යැයි දෙයාකාරය. එහි හැඟීම් රහිත (අජීවී ලෙස) සක්රුවන, මැණික් රුවන හෝ රන්රිදී වැනි, ඉඳුරන් හෝ නොබැඳුණු වෙනත් දේ ගැනේ. හැඟීම් සහිත ලෙස ඇත්රුවන, නායක රුවන හෝ ඉඳුරන් හා බැඳුණු එබඳු දේ සැළකේ. මේ කොටස් දෙකෙන් හැඟීම් සහිත යැයි දැක්වූ රුවන් අගයෙන් වැඩිය. කවර හෙයින්ද? අජීවී රන්, රිදී, මිණි, මුතු ආදී රුවන්, ඇත්රුවන ආදිය අලංකාරය පිණිස ගනු ලබන හෙයිනි.
සවිඤ්ඤාණකරතනම්පි දුවිධං තිරච්ඡානගතරතනං, මනුස්සරතනඤ්ච. තත්ථ මනුස්සරතනං අග්ගමක්ඛායති. කස්මා? යස්මා තිරච්ඡානගතරතනං මනුස්සරතනස්ස ඔපවය්හං හොති. මනුස්සරතනම්පි දුවිධං ඉත්ථිරතනං, පුරිසරතනඤ්ච. තත්ථ පුරිසරතනං අග්ගමක්ඛායති. කස්මා? යස්මා ඉත්ථිරතනං පුරිසරතනස්ස පරිචාරිකත්තං ආපජ්ජති. පුරිසරතනම්පි දුවිධං අගාරිකරතනං, අනගාරිකරතනඤ්ච. තත්ථ අනගාරිකරතනං අග්ගමක්ඛායති. කස්මා? යස්මා අගාරිකරතනෙසු අග්ගො චක්කවත්තීපි සීලාදිගුණයුත්තං අනගාරිකරතනං පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා උපට්ඨහිත්වා පයිරුපාසිත්වා ච දිබ්බමානුසිකා සම්පත්තියො පාපුණිත්වා අන්තෙ නිබ්බානසම්පත්තිං පාපුණාති.
ජීවී ලෙස දැක්වූ රුවනද කොටස් දෙකකි. තිරිසන් ලෙස ගැනෙන රුවන් හා මිනිස් රුවන ලෙසිනි. එහිදී මිනිස්රුවන අගයෙන් වැඩිය. තිරිසනුන් ලෙස ගැනෙන (වටිනා දේ හෙවත් ඇත් අස් රුවන) රුවන පිට නැගී යාමට මිනිස් රුවනට උපකාරී වන හෙයිනි. මිනිස් රුවනද දෙආකාරය. කාන්තා හා පිරිමි රුවන ලෙසිනි. පිරිමි රුවන අගයෙන් වැඩිය. කුමක් නිසාද? කාන්තා රුවන පිරිමි රුවනට සේවක බවට පත්වන හෙයිනි. පිරිමි රුවන ද දෙආකාරය. ගිහිව වසන පිරිමි රුවන හා ගිහිබවෙන් වෙන්ව - අනගාරිකව වසන පිරිමි රුවන ලෙසිනි. මෙහි ගිහිව නොවසන තැනැත්තා අගයෙන් වැඩිය. කුමක් හෙයින්ද? ගිහිව වසන්නන්ගෙන් රුවන් සේ වටිනා සක්විති රජ වුවත්, සීලාදී ගුණ පිහිටි, ගිහිගෙයින් වෙන්වූවෙකුට, පසඟ පිහිටුවා වැඳ උවටැන්කොට, ඇසුරුකොට, දෙව්මිනිස් සම්පත් ලැබ, අනතුරුව, නිවන් සම්පතට පැමිණෙන හෙයිනි.
එවං අනගාරිකරතනම්පි දුවිධං – අරියපුථුජ්ජනවසෙන. අරියරතනම්පි දුවිධං සෙක්ඛාසෙක්ඛවසෙන. අසෙක්ඛරතනම්පි දුවිධං සුක්ඛවිපස්සකසමථයානිකවසෙන, සමථයානිකරතනම්පි දුවිධං සාවකපාරමිප්පත්තං, අප්පත්තඤ්ච. තත්ථ සාවකපාරමිප්පත්තං අග්ගමක්ඛායති. කස්මා? ගුණමහන්තතාය. සාවකපාරමිප්පත්තරතනතොපි පච්චෙකබුද්ධරතනං අග්ගමක්ඛායති. කස්මා? ගුණමහන්තතාය. සාරිපුත්තමොග්ගල්ලානසදිසාපි හි අනෙකසතා සාවකා එකස්ස පච්චෙකබුද්ධස්ස ගුණානං සතභාගම්පි න උපෙන්ති. පච්චෙකබුද්ධරතනතොපි සම්මාසම්බුද්ධරතනං අග්ගමක්ඛායති. කස්මා? ගුණමහන්තතාය. සකලම්පි හි ජම්බුදීපං පූරෙත්වා පල්ලඞ්කෙන පල්ලඞ්කං ඝට්ටෙන්තා නිසින්නා පච්චෙකබුද්ධා එකස්ස සම්මාසම්බුද්ධස්ස ගුණානං නෙව සඞ්ඛං න කලං න කලභාගං උපෙන්ති. වුත්තම්පි චෙතං භගවතා – “යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා…පෙ… තථාගතො තෙසං අග්ගමක්ඛායතී”තිආදි (සං· නි· 5.139; අ· නි· 4.34; 5.32; ඉතිවු· 90). එවං කෙනචිපි පරියායෙන තථාගතසමං රතනං නත්ථි. තෙනාහ භගවා “න නො සමං අත්ථි තථාගතෙනා”ති.
ඒ ගිහිගෙයින් වෙන්වූ රුවන් කොටසද මගපල ලද හා කෙලෙස් සහගත (එහෙත්) පිළිවෙත් මගෙහි යන තැනැත්තන් ලෙස කොටස් දෙකකි. ඒ මගපල ලබන තැනැත්තන්ද සේඛ-අසේඛ යැයි දෙකොටසකි. අසේඛ රුවනද සාවක පාරමී බවට පත්වූ හා එසේ නොපැමිණි යනුවෙන් දෙආකාරය. එයින් සාවක පාරමී බවට පැමිණීම අගනේය. කවර හෙයින්ද? බොහෝ යහගුණ පවත්නා බැවිනි. සාවක පාරමී බවට පත් රුවන් අතුරෙන් පසේ බුදුරුවන අගයනු ලබයි. කුමක් නිසාද? බොහෝ යහගුණ පවත්නා බැවිනි. සැරියුත් මුගලන් තෙරුන් සමාන සියගණන් වූ සාවක පිරිස එක් පසේබුදුවරයෙකුගේ ගුණ සමුදායට සියයෙන් අඩක් හෝ සම නොවේ. පසේ බුදුවරුන් අතුරෙන් සම්මා සම්බුදුරුවන අගයෙන් උසස්ය. කවර හෙයින්ද? බොහෝ යහගුණ පවත්නා හෙයිනි. මුළු දඹදිවෙහිම පලඟින් පලඟට වැදෙමින් වැඩසිටිනා පසේබුදුවරුන් හා එක් සම්මා සම්බුදුවරයන් වහන්සේගේ ගුණ හා සමකර බලනවිට පසේ බුදුගුණ සොළොස් කලාවක් හෝ අඩ කලාවක් වේයැයි අගය කළ නොහැකිය. ‘මහණෙනි, යම් තරමක් පාරහිත වූවන් වෙත්ද.... තථාගතයන් වහන්සේ ඔවුන්ගෙන්ද උසස්ය’ ආදී ලෙසින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. ‘යාවතා භික්ඛවෙ සත්තා අපදා වා -පෙ තථාගතො තෙසං අග්ගමක්ඛායති’ මෙසේ කිසිදු ආකාරයකින් තථාගතයන් වහන්සේට සමවන වෙනත් රුවනක් නොමැත. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ න නො සමං අත්ථි තථාගතෙන යැයි වදාළහ.
එවං භගවා බුද්ධරතනස්ස අඤ්ඤෙහි රතනෙහි අසමතං වත්වා ඉදානි තෙසං සත්තානං උප්පන්නඋපද්දවවූපසමනත්ථං නෙව ජාතිං න ගොත්තං න කොලපුත්තියං න වණ්ණපොක්ඛරතාදිං නිස්සාය, අපිච ඛො අවීචිමුපාදාය භවග්ගපරියන්තෙ ලොකෙ සීලසමාධික්ඛන්ධාදීහි ගුණෙහි බුද්ධරතනස්ස අසදිසභාවං නිස්සාය සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි බුද්ධෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතූ”ති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ බුදුරුවනට සමාන වෙනත් රුවනක් නොමැති බව වදාරා, මීළඟට, ඒ සත්වගට හටගත් උවදුරු දුරුකිරීමට, උපත නිසා නොව, කුලගොත් නිසා නොව, කුලවතකු නිසා නොව, මනා පෙනුම නිසා නොව, හුදෙක් අවීචි නිරයෙහි පටන් බව කෙළවර දක්වා වූ ලොවෙහි, සීල සමාධි ආදී ගුණ සමූහයෙන් යුතු බුදුරුවනෙහි අසමාන බව පරම ඇත්ත බැවින් ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු යැයි දක්වති.
තස්සත්ථො – ඉදම්පි ඉධ වා හුරං වා සග්ගෙසු වා යංකිඤ්චි අත්ථි විත්තං වා රතනං වා, තෙන සද්ධිං තෙහි තෙහි ගුණෙහි අසමත්තා බුද්ධරතනං පණීතං. යදි එතං සච්චං, එතෙන සච්චෙන ඉමෙසං පාණීනං සොත්ථි හොතු, සොභනානං අත්ථිතා හොතු, අරොගතා නිරුපද්දවතාති. එත්ථ ච යථා “චක්ඛුං ඛො, ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා”තිඑවමාදීසු (සං· නි· 4.85) අත්තභාවෙන වා අත්තනියභාවෙන වාති අත්ථො. ඉතරථා හි චක්ඛු අත්තා වා අත්තනියං වාති අප්පටිසිද්ධමෙව සියා. එවං රතනං පණීතන්ති රතනත්තං පණීතං, රතනභාවො පණීතොති අයමත්ථො වෙදිතබ්බො. ඉතරථා හි බුද්ධො නෙව රතනන්ති සිජ්ඣෙය්ය. න හි යත්ථ රතනං අත්ථි, තං රතනන්ති සිජ්ඣති. යත්ථ පන චිත්තීකතාදිඅත්ථසඞ්ඛාතං යෙන වා තෙන වා විධිනා සම්බන්ධගතං රතනත්තං අත්ථි, යස්මා තං රතනත්තමුපාදාය රතනන්ති පඤ්ඤාපීයති, තස්මා තස්ස රතනත්තස්ස අත්ථිතාය රතනන්ති සිජ්ඣති. අථ වා ඉදම්පි බුද්ධෙ රතනන්ති ඉමිනාපි කාරණෙන බුද්ධොව රතනන්ති එවම්පෙත්ථ අත්ථො වෙදිතබ්බො. වුත්තමත්තාය ච භගවතා ඉමාය ගාථාය රාජකුලස්ස සොත්ථි ජාතා, භයං වූපසන්තං. ඉමිස්සා ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
එහි අදහස නම්, ඉදම්පි මේ ලෝකයෙහි හෝ පරලොවෙහි හෝ දෙව්ලොව හෝ යම්කිසි වටිනා දෙයක්, සම්පතක් හෝ රුවනක් හෝ ඇත්ද, ඒ හා සමාන හෝ එහි ගුණයෙහිද සමාන නොවන බැවින්, බුද්ධෙ රතනං පණීතං එය ඇත්තයි. එහෙයින් එතෙන සච්චෙන මේ ජීවත් වන්නන්ට සොත්ථි හොතු යහපත උදාවේවා! නිරෝගීව, උවදුරු නැතිවේවා’ ආනන්ද, ඇස තමාගේ යැයි හෝ, තමා කෙරෙහි (තමාට අයිති යැයි) සැළකීම හිස් දෙයකැයි’ - චක්ඛුං ඛො ආනන්ද සුඤ්ඤං අත්තෙන වා, අත්තිනියෙන වා’ මෙහිදී දැක්වේ. මේ ආදී තැන්වලින් අදහස් වන්නේ, තමාගේ හෝ තමාට අයත් යයි සිතා කටයුතු කිරීමයි. වෙනත් අයුරින් කිවහොත් ඇස තමාගේ හෝ තමාට අයත් යයි සැළකීම හෝ අයහපතට හේතුය. රතනං පණීතං මෙසේ රුවන උසස් දෙයකි. රුවන් සේ සැළකීම - රුවන් බව උසස්ව සැළකේ යැයි මෙහි අරුත දතයුතුය. අනෙක් අතට, බුදුරජාණන් වහන්සේ රුවනක් යැයි නොසළකන්නේ නම්, රුවන් යැයි සළකනු ලබන වෙනත් දෙයක් මෙහි නැත. ගරු බුහුමන් කරන ලද අරුතින් රුවන් යයි කියනු ලබන යම් දෙයක් යම්තැනක වේද ඒ රුවන් බව සළකාම රතනං යයි හඳුන්වනු ලබයි. ඒ අනුව රුවන යයි හඳුන්වනු ලබන දෙයක් ඇති බැවින්, එසේ හැඳින්වීමට සිදුවේ. ඉදම්පි බුද්ධෙ රතනං පණීතං, නැතහොත් මේ කරුණින්ද බුදුරජාණන් වහන්සේ රුවනකැයි මෙහි අරුත දතයුතුය. මෙම ගාථාව වදාළ කල්හිම රජකුලය සුවපත්ව, බිය දුරුවිය. ගාථාවෙහි අණ - බලය කෙළසිය දහසක් සක්වළ භූතාදී නොමිනිසුන් පිළිගන්නා ලදී.
එවං බුද්ධගුණෙන සච්චං වත්වා ඉදානි නිබ්බානධම්මගුණෙන වත්තුමාරද්ධො “ඛයං විරාග”න්ති. තත්ථ යස්මා නිබ්බානසච්ඡිකිරියාය රාගාදයො ඛීණා හොන්ති පරික්ඛීණා, යස්මා වා තං තෙසං අනුප්පාදනිරොධක්ඛයමත්තං, යස්මා ච තං රාගාදිවියුත්තං සම්පයොගතො ච ආරම්මණතො ච, යස්මා වා තම්හි සච්ඡිකතෙ රාගාදයො අච්චන්තං විරත්තා හොන්ති විගතා විද්ධස්තා , තස්මා “ඛය”න්ති ච “විරාග”න්ති ච වුච්චති. යස්මා පනස්ස න උප්පාදො පඤ්ඤායති, න වයො න ඨිතස්ස අඤ්ඤථත්තං, තස්මා තං න ජායති න ජීයති න මීයතීති කත්වා “අමත”න්ති වුච්චති, උත්තමට්ඨෙන පන අතප්පකට්ඨෙන ච පණීතන්ති. යදජ්ඣගාති යං අජ්ඣගා වින්දි, පටිලභි, අත්තනො ඤාණබලෙන සච්ඡාකාසි. සක්‍යමුනීති සක්යකුලප්පසුතත්තා සක්යො, මොනෙය්යධම්මසමන්නාගතත්තා මුනි, සක්යො එව මුනි සක්‍යමුනි. සමාහිතොති අරියමග්ගසමාධිනා සමාහිතචිත්තො. න තෙන ධම්මෙන සමත්ථි කිඤ්චීති තෙන ඛයාදිනාමකෙන සක්යමුනිනා අධිගතෙන ධම්මෙන සමං කිඤ්චි ධම්මජාතං නත්ථි. තස්මා සුත්තන්තරෙපි වුත්තං “යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා, විරාගො තෙසං ධම්මානං අග්ගමක්ඛායතී”තිආදි (අ· නි· 4.34; ඉතිවු· 90).
මෙසේ බුදුගුණයෙහි ඇත්ත පවසා, මීළඟට නිවනෙහි යහපත කීම ඇරඹියේ ඛයං විරාගං යනුවෙනි. එහිලා නිවන අවබෝධය පිණිස රාගාදිය නැතිකරන ලදී. නැවත හට නොගන්නා ලෙසටම නැතිකරන ලදුව, යළි නැවත එකතුවීමක් නොවේ. ඊට අරමුණු නොවන හෙයින්ද, නිවන අවබෝධ කළ කල්හී රාගාදිය මුළුමනින්ම ඈත්කරන ලද්දේ වෙයි. හැරදමන ලද්දේ වෙයි. සිඳබිඳ දමන ලද්දේද වෙයි. එහෙයින් ඛය යනුවෙන්ද විරාගං යයිද කියනු ලැබේ. එහි යම් ආකාරයකින් හටගැනීමක් නොපෙනේද, නැතිවීම හා පැවැත්මෙහි වෙනසක් නොපෙනේද, එහෙයින් එය හට නොගනී. ජීවත් නොවෙයි. මරණයට පත් නොවේයැයි සළකා අමතං යැයි කියනු ලැබේ. උතුම් අරුතින්ද, පමණ නොකළ හැකි අරුතින්ද පණිතං වේ. යදජ්ඣගා යම් දෙයක් ලැබුවේය, අත්වින්දේය, මනාව ලැබුවේය, තම නුවණ බලයෙන් පැහැදිලිවම අවබෝධ කළේය. සක්‍යමුනී සැකිකුල උපන් බැවින් සක්ය වේ. උසස් හික්මීම ලබන (මුනිවරයකු බවට පත්වන) ගුණදහමින් යුතු බැවින් මුනි, සැකිකුලම උපන් මුනිවරයා සක්‍යමුනි, සමාහිතො උතුම් වූ මගපල සමාධියෙන් එකඟ වූ සිත් ඇති, නතෙන ධම්මෙන සමත්ථි කිඤ්චී ඒ ඛය ආදී ලෙස නම් වූ රාගාදී (කෙලෙස්) දුරුකරන ලද සැකි මුනිවරයා විසින් අවබෝධයෙන් ලද දහමට සමාන කිසිදු දෙයක හටගැන්මක් නැත. ‘මහණෙනි, සකස් වූ හෝ සකස් නොවූ හෝ, යම් පමණකට පවත්නා වූ හෝ හැමදෙයකටම වඩා විරාගය වටිනා බව කියනු ලැබේ’ යනුවෙන් ‘යාවතා භික්ඛවෙ ධම්මා සංඛතා වා අසංඛතා විරාගො තෙසං ධම්මානං අග්ගමක්ඛායති’ සූත්‍ර අතර සඳහන් වේ.
එවං භගවා නිබ්බානධම්මස්ස අඤ්ඤෙහි ධම්මෙහි අසමතං වත්වා ඉදානි තෙසං සත්තානං උප්පන්නඋපද්දවවූපසමනත්ථං ඛයවිරාගාමතපණීතතාගුණෙහි නිබ්බානධම්මරතනස්ස අසදිසභාවං නිස්සාය සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතූ”ති. තස්සත්ථො පුරිමගාථාය වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ නිවන නම් වූ දහමට වෙනත් දෙයක් සමනොවන බව දක්වා, මීළඟට, මිනිස් සත්වගට හටගත් ඒ උවදුරු දුරුකරනු පිණිස (ඉහත කී) බය, විරාග අමත, පණීත ගුණයෙන් යුතු නිවන්දහම් රුවනෙහි අසමාන බව ඇත්ත යැයි සහතික කොට ඉදම්පි ධම්මෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථිහොතු යැයි පවසති. එහි අරුත මුල් ගාථාවට කරුණු දැක්වූ අයුරින් දතයුතුය. මෙම ගාථාවෙහි අණද කෙළසිය දහසක් සක්වළ භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
එවං නිබ්බානධම්මගුණෙන සච්චං වත්වා ඉදානි මග්ගධම්මගුණෙන වත්තුමාරද්ධො “යං බුද්ධසෙට්ඨො”ති. තත්ථ “බුජ්ඣිතා සච්චානී”තිආදිනා (මහානි· 192; චූළනි· පාරායනත්ථුතිගාථානිද්දෙස 97; පටි· ම· 1.162) නයෙන බුද්ධො, උත්තමො පසංසනීයො චාති සෙට්ඨො, බුද්ධො ච සො සෙට්ඨො චාති බුද්ධසෙට්ඨො. අනුබුද්ධපච්චෙකබුද්ධසඞ්ඛාතෙසු වා බුද්ධෙසු සෙට්ඨොති බුද්ධසෙට්ඨො. සො බුද්ධසෙට්ඨො යං පරිවණ්ණයී, “අට්ඨඞ්ගිකො ච මග්ගානං, ඛෙමං නිබ්බානප්පත්තියා”ති (ම· නි· 2.215) ච “අරියං වො, භික්ඛවෙ, සම්මාසමාධිං දෙසෙස්සාමි සඋපනිසං සපරික්ඛාර”න්ති (ම· නි· 3.136) ච එවමාදිනා නයෙන තත්ථ තත්ථ පසංසි පකාසයි. සුචින්ති කිලෙසමලසමුච්ඡෙදකරණතො අච්චන්තවොදානං. සමාධිමානන්තරිකඤ්ඤමාහූති යඤ්ච අත්තනො පවත්තිසමනන්තරං නියමෙනෙව ඵලදානතො “ආනන්තරිකසමාධී”ති ආහු. න හි මග්ගසමාධිඤ්හි උප්පන්නෙ තස්ස ඵලුප්පත්තිනිසෙධකො කොචි අන්තරායො අත්ථි. යථාහ –
මෙසේ නිවන් දහම් ගුණයෙන් ඇත්ත පහදා දැන් (එය ලබන පිළිවෙත්) මගෙහි ගුණ කීමට යං බුද්ධසෙට්ඨො (ආදී ගාථාව) කීම ඇරඹූහ. ඇති තතු - ඇත්තටම අවබෝධ කළ යන අරුතින් බුද්ධො, උතුම් පැසසිය යුතු අරුතින් සෙට්ඨො, බුදුබවට පත්, උසස්ම තැනැත්තාම බුද්ධසෙට්ඨො අනුබුදු වූ පසේ බුදු යැයි කියන ලද බුදුවරුන් අතරෙන්ද උසස් වන බැවින්ද බුද්ධසෙට්ඨො නම් වේ. යං පරිවරණ්ණයී ‘නිවන නමැති කෙම්බිමට පැමිණීමට මග අරිඅටැඟි මගයි. ‘අට්ඨංගිකො ච මග්ගානං ඛෙමං නිබ්බාණපත්තියා’ යනුවෙන්ද, ‘මහණෙනි, උතුම් වූ සිවුසස් අවබෝධයට හේතුවන ඊට උපකාර වන යහපත් වූ සිත එකඟතාව - සමාධිය ඔබලාට දේසනා කරන්නෙමි’, ‘අරියං වො භික්ඛවෙ සම්මා සමාධියං දෙසිස්සාමි, සඋපනිසං, සපරික්ඛාරං’ මේ ආදී ලෙසින් ඒ ඒ තැන්හිදී එය පැසසූහ. සුචිං අපිරිසිදු කෙලෙස් මුළුමනින්ම නසා මනාව පිරිසිදු වීමයි. සමාධිමානන්තරිකඤ්ඤමාහු තම සිතෙහි උසස් සමාධිය පවත්නා කල්හි පලය උපදවාලීම (එයින් බලාපොරොත්තුවන අරමුණ ඉටුවීම) නොවෙන සිදුවන බැවින් (ළඟටම පැමිණි අරුතින්) ආනන්තරිය සමාධි යැයි කීහ. අරිඅටැඟි මගෙහි සමාධිය ඇති වූ කල්හි ඒ තැනැත්තාට අරහත්පලය ලැබීමේ කිසිදු අවහිරයක් නැත. එහෙයින් කියන ලදී -
“අයඤ්ච පුග්ගලො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො අස්ස, කප්පස්ස ච උඩ්ඩය්හනවෙලා අස්ස, නෙව තාව කප්පො උඩ්ඩය්හෙය්ය, යාවායං පුග්ගලො න සොතාපත්තිඵලං සච්ඡිකරොති, අයං වුච්චති පුග්ගලො ඨිතකප්පී. සබ්බෙපි මග්ගසමඞ්ගිනො පුග්ගලා ඨිතකප්පිනො”ති (පු· ප· 17).
‘යම් තැනැත්තෙක් සෝවාන් පලය අවබෝධ කරගැනීමට පිළිපන්නේ වේද, ගින්නෙන් කල්පය දැවෙන විටකදී වුවත්, ඒ තැනැත්තා සෝවාන් ඵලය අවබෝධ කරන තෙක්, කල්පය නොදැවෙන්නේය. මහණෙනි, කල්පය පිහිටි පුද්ගලයා යැයි මොහුට කියනු ලැබේ. අරිඅටැඟි මගට පිළිපන් සියළුම තැනැත්තෝ එසේ කල්පයෙහි පිහිටියාහු වෙති.’
සමාධිනා තෙන සමො න විජ්ජතීති තෙන බුද්ධසෙට්ඨපරිවණ්ණිතෙන සුචිනා ආනන්තරිකසමාධිනා සමො රූපාවචරසමාධි වා අරූපාවචරසමාධි වා කොචි න විජ්ජති. කස්මා? තෙසං භාවිතත්තා තත්ථ තත්ථ බ්රහ්මලොකෙ උප්පන්නස්සාපි පුන නිරයාදීසු උප්පත්තිසම්භවතො, ඉමස්ස ච අරහත්තසමාධිස්ස භාවිතත්තා අරියපුග්ගලස්ස සබ්බුප්පත්තිසමුග්ඝාතසම්භවතො. තස්මා සුත්තන්තරෙපි වුත්තං “යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායතී”තිආදි (අ· නි· 4.34; ඉතිවු· 90).
සමාධිනා තෙන සමො න විජ්ජති බුදුරජාණන් වහන්සේ විසින් උසස් ලෙස පසස්නා ලද, පිරිසිදු කෙලෙස් මල නසන ඒ ආනන්තරික සමාධියට සමාන රූපාවචර සමාධි හෝ අරූපාවචර සමාධි හෝ කිසිතැනක නොවේ. කවර හෙයින්ද? රූපාවචර, අරූපාවචර ලෝකවල උපත ලබන දැහැන් වඩා ඒ ඒ බඹලොව්හි උපන් තැනැත්තාට වුවද නැවත නිරය ආදියෙහි ඉපදීමට ඉඩ ඇති බැවිනි. මෙම අරහත්පල ලබන ‘සමාධි පිළිවෙත’ වඩනා ලද උසස් තැනැත්තා සියළුම ඉපදීම් මුළුමනින්ම අවසන් කරන ලදී. (සසර ඉපදීමට ඇති හේතු මුළුමනින්ම උදුරා දමන ලදී.) ‘මහණෙනි, සකස් වූ දෙයක් යම් පමණකට ඇත්නම්, ඒ අතරින් අරිඅටැඟි මග උසස්යැයි කියනු ලබයි. ‘යාවතා භික්ඛවෙ ධම්මා සංඛතා වා, අරියො අට්ඨංගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායති’ යනුවෙන් සූත්‍රවල දක්වන ලදී.
එවං භගවා ආනන්තරිකසමාධිස්ස අඤ්ඤෙහි සමාධීහි අසමතං වත්වා ඉදානි පුරිමනයෙනෙව මග්ගධම්මරතනස්ස අසදිසභාවං නිස්සාය සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි ධම්මෙ…පෙ… හොතූ”ති. තස්සත්ථො පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
භාග්‍යවතුන් වහන්සේ, අනෙක් සමාධිවලින් ආනන්තරික සමාධිය සමාන නොවන බව දක්වා දැන් පෙර පරිදි මගපල දහම් රුවනෙහි අසමානතාව ඉදම්පි ධම්මෙ ආදී ලෙසින් ඇත්තකැයි තහවුරු කරති. මේ ගාථාවෙහි අණ කෙළසිය දහසක් සක්වළ භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
එවං මග්ගධම්මගුණෙනාපි සච්චං වත්වා ඉදානි සඞ්ඝගුණෙනාපි වත්තුමාරද්ධො “යෙ පුග්ගලා”ති. තත්ථ යෙති අනියමෙත්වා උද්දෙසො. පුග්ගලාති සත්තා. අට්ඨාති තෙසං ගණනපරිච්ඡෙදො. තෙ හි චත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතාති අට්ඨ හොන්ති. සතං පසත්ථාති සප්පුරිසෙහි බුද්ධපච්චෙකබුද්ධසාවකෙහි අඤ්ඤෙහි ච දෙවමනුස්සෙහි පසත්ථා. කස්මා? සහජාතසීලාදිගුණයොගා. තෙසඤ්හි චම්පකවකුලකුසුමාදීනං සහජාතවණ්ණගන්ධාදයො විය සහජාතසීලසමාධිආදයො ගුණා. තෙන තෙ වණ්ණගන්ධාදිසම්පන්නානි විය පුප්ඵානි දෙවමනුස්සානං සතං පියා මනාපා පසංසනීයා ච හොන්ති. තෙන වුත්තං “යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා”ති.
මෙසේ මගදහම් ගුණයෙහිද ඇත්ත දක්වා, මීළඟට යෙ පුග්ගලා ආදී ලෙස සඟ ගුණද කීම ඇරඹි සේක. යෙ පොදුවේ සඳහන් වීමකි. පුග්ගලා යම් තැනැත්තන් - පුද්ගලයන්, අට්ඨා ඔවුන්ගේ ගණන හෝ පමණ කොටස, පිළිවෙත් මගට පත් සතරදෙනෙක්ද, පලයෙහි පිහිටි සතරදෙනෙක් ඔවුහු අටදෙනෙක් වෙති. සතං පසත්ථා යහගුණ පත් බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා විසින්ද, අනෙක් දෙව් මිනිසුන් විසින්ද පසස්නා ලදහ. ඒ කවර හෙයින්ද? (පෙර සසර පුරුදු පරිදි) උපතින්ම පිහිටන සීලාදී ගුණ දහම්හි එකතුවීමයි. සපුමල්, මූණමල් ආදියෙහි සොබාවයෙන්ම පැහැය, සුවඳ ඇතිවන්නා සේ, ඒ අටදෙනාද (සතරමග සතරපලයට පත්) සීල, සමාධි ආදී ගුණයෙන් යුතු වෙති. ඒ මල් පැහැපත්, සුවඳවත් සේ, දෙව් මිනිසුන්ට පියමනාප වෙමින් පැසසුම් ලබති. එහෙයින් යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා යැයි කියන ලදී.
අථ වා යෙති අනියමෙත්වා උද්දෙසො. පුග්ගලාති සත්තා. අට්ඨසතන්ති තෙසං ගණනපරිච්ඡෙදො. තෙ හි එකබීජී කොලංකොලො සත්තක්ඛත්තුපරමොති තයො සොතාපන්නා, කාමරූපාරූපභවෙසු අධිගතප්ඵලා තයො සකදාගාමිනො, තෙ සබ්බෙපි චතුන්නං පටිපදානං වසෙන චතුවීසති, අන්තරාපරිනිබ්බායී, උපහච්චපරිනිබ්බායී, සසඞ්ඛාරපරිනිබ්බායී, අසඞ්ඛාරපරිනිබ්බායී, උද්ධංසොතො අකනිට්ඨගාමීති, අවිහෙසු පඤ්ච, තථා අතප්පසුදස්සසුදස්සීසු. අකනිට්ඨෙසු පන උද්ධංසොතවජ්ජා චත්තාරොති චතුවීසති අනාගාමිනො, සුක්ඛවිපස්සකො සමථයානිකොති ද්වෙ අරහන්තො, චත්තාරො මග්ගට්ඨාති චතුපඤ්ඤාස. තෙ සබ්බෙපි සද්ධාධුරපඤ්ඤාධුරානං වසෙන දිගුණා හුත්වා අට්ඨසතං හොන්ති. සෙසං වුත්තනයමෙව.
නැතහොත්, යෙ නියමයක් නොකොට පොදුවේ දැක්වීමකි. පුග්ගලා පුද්ගලයෝ, අට්ඨසතං ඔවුන්ගේ ගණන හෝ පමණ කොටස, එකබීජී (හෙවත් එක්වරක් පමණක් කාමභවයෙහි ඉපිද රහත්පලයට පත්වන) කොලංකාල (හෙවත් දෙවාරයක සිට සයවාරයක් දක්වා කාම භවයන්හි ඉපිද රහත්පලයට පත්වන) සත්තක්ඛත්තුපරම (හෙවත් සත්වරක් පමණක් කාමභවයන්හි ඉපිද රහත්පලයට පත්වන) යනුවෙන් සෝවාන් බවට පත්වන්නන් තුන් ආකාරය. කාම, රූප, අරූප භවවල සකදාගාමි පල ලද්දෝ තුන්ආකාර වෙති. ඒ සියල්ලන්ම සතරාකාර වූ පිළිවෙතින් විසිහතර දෙනෙකි. අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, සසංඛාර පරිනිබ්බායි, අසංඛාර පරිනිබ්බායි, උද්ධංසොත, අකනිට්ඨගාමී යැයි අවීහ බඹලොව පස්දෙනෙකි. එසේම අතප්ප, සුදස්ස, සුදස්සී යන බඹලෙව්හිද වෙති. අකනිටාවෙහි උද්ධංසොත ‘උතුමා’ හැර - සතරදෙනෙකි. ඒ අනුව අනාගාමී බවට පත්වූවන් විසිහතර (කොටසකි) සුක්ඛ විපස්සක, සමථයානික යනුවෙන් රහත් බවට පත්වූවන් විසිහතර (කොටසකි) සුක්ඛ විපස්සක, සමථයානික යනුවෙන් රහත් බවට පත්වූවන් දෙදෙනෙකි. සතරමගෙහි පිහිටි සතරදෙනෙකු සමග පනස් හතරකි. මේ සියල්ලෝම සද්ධාධුර, පඤ්ඤාධුර යනුවෙන් ඒ දෙගුණ වූ විට එකසිය අටක් වෙති. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.
චත්තාරි එතානි යුගානි හොන්තීති තෙ සබ්බෙපි අට්ඨ වා අට්ඨසතං වාති විත්ථාරවසෙන උද්දිට්ඨපුග්ගලා, සඞ්ඛෙපවසෙන සොතාපත්තිමග්ගට්ඨො ඵලට්ඨොති එකං යුගං, එවං යාව අරහත්තමග්ගට්ඨො ඵලට්ඨොති එකං යුගන්ති චත්තාරි යුගානි හොන්ති. තෙ දක්ඛිණෙය්යාති එත්ථ තෙති පුබ්බෙ අනියමෙත්වා උද්දිට්ඨානං නියමෙත්වා නිද්දෙසො. යෙ පුග්ගලා විත්ථාරවසෙන අට්ඨ වා අට්ඨසතං වා, සඞ්ඛෙපවසෙන චත්තාරි යුගානි හොන්තීති වුත්තා, සබ්බෙපි තෙ දක්ඛිණං අරහන්තීති දක්ඛිණෙය්යා. දක්ඛිණා නාම කම්මඤ්ච කම්මවිපාකඤ්ච සද්දහිත්වා “එස මෙ ඉදං වෙජ්ජකම්මං වා ජඞ්ඝපෙසනිකං වා කරිස්සතී”ති එවමාදීනි අනපෙක්ඛිත්වා දීයමානො දෙය්යධම්මො, තං අරහන්ති නාම සීලාදිගුණයුත්තා පුග්ගලා. ඉමෙ ච තාදිසා, තෙන වුච්චන්ති තෙ “දක්ඛිණෙය්යා”ති.
චත්තාරි එතානි යුගානි හොන්ති අටදෙනෙක් හෝ, එකසිය අටදෙනෙක් යැයි විස්තර ලෙස දැක්වූ ඒ සියල්ලෝම, කෙටියෙන් දක්වතොත්, සෝවාන් මගෙහි පිහිටි, සෝවාන් පලයෙහි පිහිටි, යනුවෙන් එක් යුගලක් ලෙසින් අරහත් මග - අරහත් ඵලය දක්වා සතර යුගලක් වෙති. තෙ දක්ඛිණෙය්යො මෙහි තෙ යනුවෙන් මුලින් නම් නොකොට පොදුවේ දැක්වූ ඔවුන් ‘දැන් නම් කොට පෙන්වා දෙති. විස්තර අනුව අටක් හෝ එකසිය අටකැයිද, කෙටියෙන් යුගල සතරක් ලෙසින්ද දැක්වූ යම් පුද්ගලයෝ වෙත්ද, ඒ සියල්ලෝම දානාදිය පිළිගැනීමට සුදුසු වෙති. ඒ අදහසින් දක්ඛිණෙය්යො වේ. ‘මොහු මට මේ වෙදකම හෝ පණිවුඩය හෝ ඉටුකරනු ඇතැයි ‘මෙවැනි බලාපොරොත්තු නැතිව, (කරන කියන දෙයෙහි) කම්පල අදහාගෙන, දෙනු ලබන දීමට සුදුසු දේ දක්ඛිණ නම් වේ. සීලාදී ගුණෙන් යුතු පුද්ගලයෝ හා ඉහත දැක්වූ උතුමෝද එසේ දීමට සුදුසු බවට පත්වෙති.
සුගතස්ස සාවකාති භගවා සොභනෙන ගමනෙන යුත්තත්තා, සොභනඤ්ච ඨානං ගතත්තා, සුට්ඨු ච ගතත්තා සුට්ඨු එව ච ගදත්තා සුගතො, තස්ස සුගතස්ස. සබ්බෙපි තෙ වචනං සුණන්තීති සාවකා. කාමඤ්ච අඤ්ඤෙපි සුණන්ති, න පන සුත්වා කත්තබ්බකිච්චං කරොන්ති. ඉමෙ පන සුත්වා කත්තබ්බං ධම්මානුධම්මපටිපත්තිං කත්වා මග්ගඵලානි පත්තා, තස්මා “සාවකා”ති වුච්චන්ති. එතෙසු දින්නානි මහප්ඵලානීති එතෙසු සුගතසාවකෙසු අප්පකානිපි දානානි දින්නානි පටිග්ගාහකතො දක්ඛිණාවිසුද්ධිභාවං උපගතත්තා මහප්ඵලානි හොන්ති. තස්මා සුත්තන්තරෙපි වුත්තං –
සුගතස්ස සාවකා භාග්‍යවතුන් වහන්සේ සොඳුරු ගමනින්ද, යහපත් තැනකට ගිය බැවින්ද මැනවින් ගිය බැවින්ද, හොඳ වචන පවසන බැවින්ද සුගත නම් වෙති. ඒ සුගතයන් වහන්සේගේ, උන්වහන්සේගේ වචනය අසන සියල්ලෝද සාවකයෝය. වෙනත් පුද්ගලයෝද ඇසීමට කැමති වෙති. ඒ අසා නැවත කළයුතු කටයුතු නොකරති. එහෙත් මොවුහු නම් අසා, දහමට අනුව කළයුතු පිළිවෙත්හි හැසිර, මගපලවලට පැමිණියහ. එහෙයින් සාවකයන් යැයි කියනු ලබති. එතෙසු දින්නානි මහප්ඵලානි ඒ සුගත සාවකයන් කෙරෙහි සුළුවෙන් හෝ දෙනු ලබන දානයක් පිළිගන්නා තැනැත්තා එය පිළිගැනීමට සුදුසු වන සේ මගපල ලැබ පිරිසිදු බවට පත්ව ඇති බැවින්, මහත් ආනිසංස වේ. සූත්‍රවලද මෙසේ වදාරන ලදී -
“යාවතා, භික්ඛවෙ, සඞ්ඝා වා ගණා වා, තථාගතසාවකසඞ්ඝො තෙසං අග්ගමක්ඛායති, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො…පෙ… අග්ගො විපාකො හොතී”ති (අ· නි· 4.34; 5.32; ඉතිවු· 90).
‘මහණෙනි, යම් පමණක සංඝයා හෝ සමූහයක් හෝ වේද, ඔවුන් අතුරෙන් යුග හතරක් වූ, පුද්ගල කොටස් අටක් වන, භාග්‍යවතුන් වහන්සේගේ එබඳු සාවක පිරිසම වඩා උසස් වේ. (දෙනු ලබන දෙයෙහි) මහත් ආනිසංස වේ.’ යනුවෙන්.
එවං භගවා සබ්බෙසම්පි මග්ගට්ඨඵලට්ඨානං වසෙන සඞ්ඝරතනස්ස ගුණං වත්වා ඉදානි තමෙව ගුණං නිස්සාය සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි සඞ්ඝෙ”ති. තස්සත්ථො පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මගපලයෙහි පිහිටීම අනුව සියළුම මහ සඟරුවනෙහි ගුණ කියා, මීළඟට එම ගුණය නිසාම එහි ඇත්ත සහතික කරමින් ඉදම්පි සංඝෙ යැයි ද වදාළහ. එහි අරුත පෙර කී අයුරින් දතයුතුය. මේ ගාථාවෙහි අණ කෙළසිය දහසක් සක්වළ භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
එවං මග්ගට්ඨඵලට්ඨානං වසෙන සඞ්ඝගුණෙන සච්චං වත්වා ඉදානි තතො එකච්චියානං ඵලසමාපත්තිසුඛමනුභවන්තානං ඛීණාසවපුග්ගලානංයෙව ගුණෙන වත්තුමාරද්ධො “යෙ සුප්පයුත්තා”ති. තත්ථ යෙති අනියමිතුද්දෙසවචනං. සුප්පයුත්තාති සුට්ඨු පයුත්තා, අනෙකවිහිතං අනෙසනං පහාය සුද්ධාජීවිතං නිස්සාය විපස්සනාය අත්තානං පයුඤ්ජිතුමාරද්ධාති අත්ථො. අථ වා සුප්පයුත්තාති පරිසුද්ධකායවචීපයොගසමන්නාගතා. තෙන තෙසං සීලක්ඛන්ධං දස්සෙති. මනසා දළ්හෙනාති දළ්හෙන මනසා, ථිරසමාධියුත්තෙන චෙතසාති අත්ථො. තෙන තෙසං සමාධික්ඛන්ධං දස්සෙති. නික්කාමිනොති කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛා හුත්වා පඤ්ඤාධුරෙන වීරියෙන සබ්බකිලෙසෙහි කතනික්කමනා. තෙන තෙසං වීරියසම්පන්නං පඤ්ඤාක්ඛන්ධං දස්සෙති.
මෙසේ මගපල ලද ලෙසට සාවක සඟ ගුණ දක්වා, දැන් ඇතැම් පලසමවත් සුව විඳින, කෙලෙස් දුරුකරන ලද තැනැත්තන්ගේ ගුණ කීමට යෙ සුප්පයුත්තා යනුවෙන් ගාථාව ඇරඹූහ. යෙ නියමකොට නොදැක්වූ වචනයකි. සුප්පයුත්තා මනාව යෙදුණු, නොයෙක් ආකාර වූ, ආසාවලින් හා (ඒවා ලබාගැනීම) අත්හැර, පිරිසිදු ජීවන පැවැත්මෙන් යුතුව තමන්ම විදසුන් වැඩීමෙහි නියැලීමට පටන්ගෙන, නැතහොත් සුප්පයුත්තා යනු කය වචනය පිරිසිදු ලෙස හසුරුවාගැනීමයි. එයින් ඔවුන්ගේ සිල් සමූහය පෙන්වා දෙයි. මනසාදළ්හෙන තිරව, නොසෙල්වෙන සිතිවිලිවලින්ම එකඟ කොටගත්, සකස් කරගත් මනසින් යුතුව, එයින් ඔවුන්ගේ සමාධි කොටස පෙන්වා දෙයි. නික්කාමිනො සිරුර ගැනද ජීවිතය ගැනද බලාපොරොත්තු නැතිව, නුවණ පෙරදැරි වූ උත්සාහයෙන් සියළු කෙලෙසුන්ගෙන් ඉවත් වූ මෙයින් ඔවුන්ගේ උත්සාහවත් වූ නුවණ රැස (පඤ්ඤාක්ඛන්ධ) දැක්වෙයි.
ගොතමසාසනම්හීති ගොත්තතො ගොතමස්ස තථාගතස්සෙව සාසනම්හි. තෙන ඉතො බහිද්ධා නානප්පකාරම්පි අමරතපං කරොන්තානං සුප්පයොගාදිගුණාභාවතො කිලෙසෙහි නික්කමනාභාවං දීපෙති. තෙති පුබ්බෙ උද්දිට්ඨානං නිද්දෙසවචනං. පත්තිපත්තාති එත්ථ පත්තබ්බාති පත්ති, පත්තබ්බා නාම පත්තුං අරහා, යං පත්වා අච්චන්තයොගක්ඛෙමිනො හොන්ති, අරහත්තඵලස්සෙතං අධිවචනං, තං පත්තිං පත්තාති පත්තිපත්තා. අමතන්ති නිබ්බානං. විගය්හාති ආරම්මණවසෙන විගාහිත්වා. ලද්ධාති ලභිත්වා. මුධාති අබ්‍යයෙන කාකණිකමත්තම්පි බ්යයං අකත්වා. නිබ්බුතින්ති පටිප්පස්සද්ධකිලෙසදරථං ඵලසමාපත්තිං. භුඤ්ජමානාති අනුභවමානා. කිං වුත්තං හොති? යෙ ඉමස්මිං ගොතමසාසනම්හි සීලසම්පන්නත්තා සුප්පයුත්තා, සමාධිසම්පන්නත්තා මනසා දළ්හෙන, පඤ්ඤාසම්පන්නත්තා නික්කාමිනො, තෙ ඉමාය සම්මාපටිපදාය අමතං විගය්හ මුධා ලද්ධා ඵලසමාපත්තිසඤ්ඤිතං නිබ්බුතිං භුඤ්ජමානා පත්තිපත්තා නාම හොන්තීති.
ගොතමසාසනම්හි පරම්පරාවෙන් ගොතම නම් වූ තථාගතයන්ගේම සසුනෙහි, එයින්, මේ සසුනෙන් පිටත, විමුක්තිය සිතා, නොයෙක් ලෙසින් තවුස්දම් කරන්නන් අතර, මනා ගුණ නොමැතිව කෙලෙස්වලින් ඉවත් නොවීම පැහැදිලි කරයි. තෙ පෙර දක්වන ලද ගෞතම ශ්‍රාවකයෝ පත්තිපත්තා මෙහි පත්තබ්බා යනු පැමිණීමට සුදුසු, ‘යම් දෙයකට - ස්වභාවයකට පැමිණ, මුළුමනින්ම කාමාදී බැමිවලින් නිදහස් වෙති. අරහත් පලයට සමාන වචනයකි. එබඳු තැනට පැමිණියේ යැයි පත්තිපත්තා, අමතං නිවන, විගය්හ අරමුණු ලෙසින් එය රඳවා බැසගෙන, ලද්ධා ලැබ, මුධා වැය නොකොට, තුට්ටුවක් හෝ වැය නොකොට නොමිලයේ, නිබ්බුතිං කෙලෙස් දැවිල්ල නිවාලන ලද පල සමවත් සුව, භූඤ්ජමානා අනුභව කරමින්, කුමක් නිසා කියන ලදද? මෙම ගෝතම සාසනයෙහි සීල සංයමයෙන් යුතුව, කය වචනයෙන් සංවරව, සිත සමාධියටම යොමුකොට, නුවණින් යුතුව, මනාව පිළිවෙත් සපුරා, නිවන අරමුණු කොට, ගත් ඔවුහු නොමිලේ ලබන පල සමවතින් හඳුන්වා ඇති නිවන විඳිමින් පැමිණිය යුතු තැනටම පැමිණියහ.
එවං භගවා ඵලසමාපත්තිසුඛමනුභවන්තානං ඛීණාසවපුග්ගලානංයෙව වසෙන සඞ්ඝරතනස්ස ගුණං වත්වා ඉදානි තමෙව ගුණං නිස්සාය සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි සඞ්ඝෙ”ති. තස්සත්ථො පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ පලසමවත් විඳින, කෙලෙස් දුරුකළ තැනැත්තන් ලෙසින් සඟරුවනෙහි ගුණ කියා, දැන් එය ඇත්තක් බව දක්වමින්, ඉදම්පි සංඝෙ යැයි සහතික කොට පවසති. එහි අරුත පෙර කී පරිදි දතයුතුය. මෙම ගාථාවෙහි අණද කෙළසිය දහසක් සක්වල භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
එවං ඛීණාසවපුග්ගලානං ගුණෙන සඞ්ඝාධිට්ඨානං සච්චං වත්වා ඉදානි බහුජනපච්චක්ඛෙන සොතාපන්නස්සෙව ගුණෙන වත්තුමාරද්ධො “යථින්දඛීලො”ති. තත්ථ යථාති උපමාවචනං. ඉන්දඛීලොති නගරද්වාරනිවාරණත්ථං උම්මාරබ්භන්තරෙ අට්ඨ වා දස වා හත්ථෙ පථවිං ඛණිත්වා ආකොටිතස්ස සාරදාරුමයථම්භස්සෙතං අධිවචනං. පථවින්ති භූමිං. සිතොති අන්තො පවිසිත්වා නිස්සිතො. සියාති භවෙය්ය. චතුබ්භි වාතෙහීති චතූහි දිසාහි ආගතවාතෙහි. අසම්පකම්පියොති කම්පෙතුං වා චාලෙතුං වා අසක්කුණෙය්යො. තථූපමන්ති තථාවිධං. සප්පුරිසන්ති උත්තමපුරිසං. වදාමීති භණාමි. යො අරියසච්චානි අවෙච්ච පස්සතීති යො චත්තාරි අරියසච්චානි පඤ්ඤාය අජ්ඣොගාහෙත්වා පස්සති. තත්ථ අරියසච්චානි විසුද්ධිමග්ගෙ වුත්තනයෙනෙව වෙදිතබ්බානි.
මෙසේ කෙලෙසුන් නසන ලද තැනැත්තන්ගේ ගුණයෙන් ශ්‍රාවක සංඝයා පිළිබඳව ඇත්ත පහදා, බොහෝ දෙනාට තහවුරු වන පරිදි, දැන් සෝවාන් ඵලයට පත්වූවන්ගේ ගුණ දැක්වීමට යථින්දඛීලො යන ගාථාව කීම) ඇරඹුහ. එහි යථා යනු උපමා වචනයයි. ඉන්දඛීලො නගර දොරටුවෙහි (උවදුරු) වැළකීම පිණිස එළිපත්ත අතරෙහි අටරියනක් හෝ දසරියනක් (ගැඹුරට) පොළව සාරා, සිටුවන ලද සවිමත් දැව කුළුණකට සමාන වචනයකි. පඨවී බිමෙහි සිතො ඇතුලට පිවිස සිටියේ, සියා වන්නේ, චතුබ්භි වාතෙහි සිවුදෙසින් හමන සුළඟින්, අසම්පකම්පියො කම්පනය කිරීමට හෝ සෙලවීමට හෝ නොහැකි වන්නේය. තථූපමං එසේ, ඒ පරිදි, සප්පුරිසං උසස් මිනිසෙකු වදාමි කියමි. යො අරියසච්චානි අවෙච්ච පස්සතී යමෙක් උතුම් සිවුසස් නුවණින් තහවුරු කොට පිරිසිඳ දකී. (අවබෝධ කරයි.) ඒ උතුම් සිවුසස් පිළිබඳව විසුද්ධිමග්ගයෙහි දක්වා ඇති පරිදි දතයුතුය.
අයං පනෙත්ථ සඞ්ඛෙපත්ථො – යථා හි ඉන්දඛීලො ගම්භීරනෙමතාය පථවිස්සිතො චතුබ්භි වාතෙහි අසම්පකම්පියො සියා, ඉමම්පි සප්පුරිසං තථූපමමෙව වදාමි, යො අරියසච්චානි අවෙච්ච පස්සති. කස්මා? යස්මා සොපි ඉන්දඛීලො විය චතූහි වාතෙහි සබ්බතිත්ථියවාදවාතෙහි අසම්පකම්පියො හොති, තම්හා දස්සනා කෙනචි කම්පෙතුං වා චාලෙතුං වා අසක්කුණෙය්යො. තස්මා සුත්තන්තරෙපි වුත්තං –
මෙය එහි කෙටි තේරුමයි. නගර දොරටුවෙහි තදින් සිටවූ කණුව පොළව ඇතුලත ගැඹුරට තිබෙන බැවින්, සිවුදෙසින් හමන සුළඟින් නොසෙල්වෙන්නා සේ, සිවුසස් දහම අවබෝධ කරන ලද මේ තැනැත්තා එයට උපමා කොට කියමි. කවර හෙයින්ද? සිවුදිගින් හමන සුළඟට කම්පා නොවන නගර දොරටුවෙහි කුළුණ මෙන්, ඒ උතුම් තැනැත්තාද වෙනත් සියළු තීර්ථක ආදීන්ගේ වාද නැමැති සුළඟින් කම්පා නොවේ. එහෙයින් ඔවුන්ගේ මතවාදවලින් ඒ කිසිකෙනෙකු කම්පනයට හෝ සෙලවීමට හෝ නොහැකි වන්නේය. සූත්‍රවලද මෙසේ වදාරන ලදී -
“සෙය්යථාපි , භික්ඛවෙ, අයොඛීලො වා ඉන්දඛීලො වා ගම්භීරනෙමො සුනිඛාතො අචලො අසම්පකම්පී, පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි, නෙව නං සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය න සම්පචාලෙය්ය. පච්ඡිමාය…පෙ… දක්ඛිණාය… උත්තරාය චෙපි…පෙ… න සම්පචාලෙය්ය. තං කිස්ස හෙතු? ගම්භීරත්තා, භික්ඛවෙ, නෙමස්ස සුනිඛාතත්තා ඉන්දඛීලස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, යෙ ච ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා ‘ඉදං දුක්ඛන්ති…පෙ… පටිපදා’ති යථාභූතං පජානන්ති, තෙ න අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා මුඛං ඔලොකෙන්ති ‘අයං නූන භවං ජානං ජානාති පස්සං පස්සතී’ති. තං කිස්ස හෙතු? සුදිට්ඨත්තා, භික්ඛවෙ, චතුන්නං අරියසච්චාන”න්ති (සං· නි· 5.1109).
‘මහණෙනි, ගැඹුරට හාරා සිටුවා ඇති යකඩ කණුවක් හෝ ඉන්ද්‍රඛීලයක් හෝ නැගෙනහිර දෙසින්, පැසුළු දෙසින්, දකුණු දෙසින්, උතුරු දෙසින් හමන සුළඟින් කම්පා නොවන්නේය. තදින් කම්පා නොවන්නේය. මඳක් හෝ නොසෙල්වෙන්නේය. ඊට හේතු කවරේද? ‘මහණෙනි, පොළවෙහි ගැඹුරට සාරා, ඒ ඉන්ද්‍රඛීලය පිහිටුවා ඇති බැවිනි. ‘මහණෙනි, එපරිද්දෙන්ම, යම්කිසි මහණන් හෝ බමුණන් හෝ මේ දුක යැයි....පිළිවෙත යැයි ඇති සැටියෙන් දැනගනිත්ද, ඔවුහු ‘මේ පින්වත් තැනැත්තා ඒකාන්තයෙන් දතයුතු දේ දනී, දැකිය යුතු දේ දකී යැයි (සළකා) වෙනත් මහණකුගේ හෝ බමුණකුගේ හෝ මුහුණ දෙසවත් නොබලති. ඊට හේතු කවරේද? මහණෙනි, උතුම් වූ සිවුසස් මනාව දකින ලද (අවබෝධ කරන ලද) හෙයිනි.’ යනුවෙනි.
එවං භගවා බහුජනපච්චක්ඛස්ස සොතාපන්නස්සෙව වසෙන සඞ්ඝරතනස්ස ගුණං වත්වා ඉදානි තමෙව ගුණං නිස්සාය සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි සඞ්ඝෙ”ති. තස්සත්ථො පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ බොහෝදෙනාට පිළිගත හැකි පරිදි සඟරුවනෙහි ගුණයට අදාලව සෝවාන් ඵලයට පත් තැනැත්තකු පිළිබඳව පැහැදිලිකොට, එම ගුණ නිසාම ඉදම්පි සංඝෙ යනුවෙන් ඇත්ත වූ වචන සහතික කොට දක්වති. එහි අදහස පෙර කී පරිදි දතයුතුය. මේ ගාථාවෙහි අණ කෙළ සියදහසක් සක්වළ භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
එවං අවිසෙසතො සොතාපන්නස්ස ගුණෙන සඞ්ඝාධිට්ඨානං සච්චං වත්වා ඉදානි යෙ තෙ තයො සොතාපන්නා එකබීජී කොලංකොලො සත්තක්ඛත්තුපරමොති. යථාහ –
මෙසේ සෝවාන් බවට පත්වූවන්ගේ ගුණයෙන් පොදුවේ සඟ පිරිස පිළිබඳ වූ ඇත්ත පවසා, දැන් ඒකබීජි, කොලංකෝල, සත්තක්ඛත්තු පරම යයි හැඳින්වෙන සෝවාන්පල ලද තිදෙනා ගැන දක්වති. ඒ පිළිබඳව මෙසේ සඳහන්ය -
“ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති…පෙ… සො එකංයෙව භවං නිබ්බත්තිත්වා දුක්ඛස්සන්තං කරොති, අයං එකබීජී. තථා ද්වෙ වා තීණි වා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති, අයං කොලංකොලො. තථා සත්තක්ඛත්තුං දෙවෙසු ච මනුස්සෙසු ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති, අයං සත්තක්ඛත්තුපරමො”ති (පු· ප· 31-33).
“මේ ලෝකයේ ඇතැම් කෙනෙක් සසර බැඳීම් හෙවත් සංයෝජන තුනක් නසා සෝවාන් බවට පත්වෙති. ඔහු එකම භවයෙක ඉපිද, දුක් කෙළවර කරයි. මේ ‘ඒකබීජී’ යැයි හැඳින්වේ. (ඇතැම් කෙනෙක්) දෙවරක් හෝ තෙවරක් භවයෙහි ඒ ඒ තැන්හි සැරිසරා (ඉපිද) දුක කෙළවර කරති. ඔහු හැඳින්වෙන්නේ ‘කොලංකොල’ යනුවෙනි. එසේම සත්වරක් පමණක් දෙව් මිනිස් ලෝකවල සැරිසරා, දුක් කෙළවර කරති. මේ ‘සත්තක්ඛත්තුපරම’ වේ.”
තෙසං සබ්බකනිට්ඨස්ස සත්තක්ඛත්තුපරමස්ස ගුණෙන වත්තුමාරද්ධො “යෙ අරියසච්චානී”ති. තත්ථ යෙ අරියසච්චානීති එතං වුත්තනයමෙව. විභාවයන්තීති පඤ්ඤාඔභාසෙන සච්චපටිච්ඡාදකං කිලෙසන්ධකාරං විධමිත්වා අත්තනො පකාසානි පාකටානි කරොන්ති. ගම්භීරපඤ්ඤෙනාති අප්පමෙය්යපඤ්ඤතාය සදෙවකස්සපි ලොකස්ස ඤාණෙන අලබ්භනෙය්යපතිට්ඨපඤ්ඤෙන, සබ්බඤ්ඤුනාති වුත්තං හොති. සුදෙසිතානීති සමාසබ්යාසසාකල්යවෙකල්යාදීහි තෙහි තෙහි නයෙහි සුට්ඨු දෙසිතානි. කිඤ්චාපි තෙ හොන්ති භුසං පමත්තාති තෙ විභාවිතඅරියසච්චා පුග්ගලා කිඤ්චාපි දෙවරජ්ජචක්කවත්තිරජ්ජාදිප්පමාදට්ඨානං ආගම්ම භුසං පමත්තා හොන්ති, තථාපි සොතාපත්තිමග්ගඤාණෙන අභිසඞ්ඛාරවිඤ්ඤාණස්ස නිරොධා ඨපෙත්වා සත්ත භවෙ අනමතග්ගෙ සංසාරෙ යෙ උප්පජ්ජෙය්යුං නාමඤ්ච රූපඤ්ච , තෙසං නිරුද්ධත්තා අත්ථඞ්ගතත්තා න අට්ඨමං භවං ආදියන්ති, සත්තමභවෙ එව පන විපස්සනං ආරභිත්වා අරහත්තං පාපුණන්තීති.
මේ සියල්ලන් අතරෙන් කණිටු තැන් ගන්නා ‘සත්තක්ඛත්තුපරම’ යැයි හැඳින්වෙන සෝවාන් පල ලද තැනැත්තාගේ ගුණ කීම යෙ අරියච්චානි යන ගාථාවෙන් ඇරඹූහ. එහි යෙ අරියච්චානි පිළිබඳව කලින් කියා ඇති පරිදිමය. විභාවයන්ති නුවණ නැමති ආලෝකයෙන්, ඇත්ත වසාලන කෙලෙස් අඳුර දුරුකොට, තමන් විසින් මැනවින් අවබෝධ කරති. ගම්භීර පඤ්ඤෙන අපමණ නුවණැති බැවින්, දෙවියන් සහිත ලෝකයෙහි (හැම කෙනෙකුටම) නොලැබිය හැකි සේ පිහිටි නුවණින් සියල්ල දන්නා බව කියන ලදී. සුදෙසිතානි හැමවිටම ගැලපෙන පරිදි, කරුණු එක්රැස් කොට, අඩුපාඩු නොමැතිව ඒ ඒ තන්හි මැනවින් දෙසන ලදහ. කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා වඩනා ලද සිතැති මගපලයට පත්, සෝවාන් මග නුවණින් යුතු, ඒ තැනැත්තෝ, සසර ගමන කෙළවර කිරිමට පමාවන දෙව්රජුන් හෝ සක්විති රජුන් සේ පැමිණ (ඉපිද) බොහෝ (නිවනට) පමාවෙත් ද, පවත්නා වූ විඤ්ඤාණයෙහි නැති නොකිරීම නිසා කෙළවරක් නොමැති සසරෙහි හත්වරක් උපත ලැබ, නාමයද රූපයද එහිදී නැතිකරන ලද බැවින්, කෙළවර කරන ලද බැවින්, න අට්ඨමං භවං ආදියන්ති සත්වන භවයෙහි විදසුන් වඩා අරහත් බවට පැමිණෙති.
එවං භගවා සත්තක්ඛත්තුපරමවසෙන සඞ්ඝරතනස්ස ගුණං වත්වා ඉදානි තමෙව ගුණං නිස්සාය සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි සඞ්ඝෙ”ති. තස්සත්ථො පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, සත්වරක් පමණක් භවගාමී වන, සෝවාන් පල ලද සාවක සඟරුවනෙහි ගුණ දක්වා, ඒ ගුණ නිසාම ඉදම්පි සංඝෙ යනුවෙන් එය ඇත්තක් සේ සහතික කොට වදාරති. එහි අරුත පෙර කී පරිදිම දතයුතුය. මෙම ගාථාවෙහි අණ කළ සියදහසක් සක්වළ භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
එවං සත්තක්ඛත්තුපරමස්ස අට්ඨමං භවං අනාදියනගුණෙන සඞ්ඝාධිට්ඨානං සච්චං වත්වා ඉදානි තස්සෙව සත්ත භවෙ ආදියතොපි අඤ්ඤෙහි අප්පහීනභවාදානෙහි පුග්ගලෙහි විසිට්ඨෙන ගුණෙන වත්තුමාරද්ධො “සහාවස්සා”ති. තත්ථ සහාවාති සද්ධිංයෙව. අස්සාති “න තෙ භවං අට්ඨමමාදියන්තී”ති වුත්තෙසු අඤ්ඤතරස්ස. දස්සනසම්පදායාති සොතාපත්තිමග්ගසම්පත්තියා. සොතාපත්තිමග්ගො හි නිබ්බානං දිස්වා කත්තබ්බකිච්චසම්පදාය සබ්බපඨමං නිබ්බානදස්සනතො “දස්සන”න්ති වුච්චති. තස්ස අත්තනි පාතුභාවො දස්සනසම්පදා, තාය දස්සනසම්පදාය සහ එව. තයස්සු ධම්මා ජහිතා භවන්තීති එත්ථ සුඉති පදපූරණමත්තෙ නිපාතො. “ඉදංසු මෙ, සාරිපුත්ත, මහාවිකටභොජනස්මිං හොතී”තිඑවමාදීසු (ම· නි· 1.156) විය. යතො සහාවස්ස දස්සනසම්පදාය තයො ධම්මා ජහිතා භවන්ති පහීනා භවන්තීති අයමෙවෙත්ථ අත්ථො.
මෙසේ සත්වරක් පමණක් භවගාමීව, අටවැනි උපතක් නොලබන සාවක සඟගුණ ඇත්ත බව කියා, මීළඟට, ඒ සත්වන භවයෙහි උපත ලබන වෙනත් පුද්ගලයන් විසින් ඊට පෙර භවයන්හි උපත් ලැබීමෙහිදී දැඩිකොට ගනු ලබන, එතෙක් ඉවත් නොවූ කරුණුද (ඒවාද දුරුකොට ඉතිරි) මගපල ලබන්නන්ගේ ගුණ දැක්වීමට සහාවස්ස ආදී ගාථාව වදාළහ. එහි සහාවා සමගම අස්සා අටවන වරට උපතක් නොවේයැයි කියනවිට, ඒ අතර භවයක උපත ලබන්නාට, දස්සන සම්පදාය සෝවාන් මගපල පැමිණීමෙන්, සෝවාන්මගට පැමිණීමෙන් නිවන දැක, කළයුතු කටයුතු පරිදි සියල්ලන්ට පළමුව නිවන දැකීම නිසා එසේ කියනු ලැබේ. එය තමන් කෙරෙහි පහළවන අවබෝධාත්මක වූ දැකීමයි. ඒ දැකීමත් සමගම තයස්සු ධම්මා ජහිතා භවන්ති මෙහි සු යනු අකුරු අඩුවක් පිරවීමට නිපාත පදයකි. ‘සාරිපුත්ත, මේ මගේ ‘මහා විකට’ නම් ආහාරය වෙයි. ‘ඉදං සු මෙ සාරිපුත්ත මහා විකට භොජනස්මිං හොති’ ආදී තැන් මෙනි. මේ දැකීම හෙවත් සෝවාන් ඵලයට පැමිණීමත් සමගම, එතෙක් බැඳී තිබුණු කරුණු තුනක් අත්හරිති. දුරු කරති. එහි අදහස මෙසේය.
ඉදානි ජහිතධම්මදස්සනත්ථං ආහ “සක්කායදිට්ඨී විචිකිච්ඡිතඤ්ච, සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චී”ති. තත්ථ සති කායෙ විජ්ජමානෙ උපාදානක්ඛන්ධපඤ්චකසඞ්ඛාතෙ කායෙ වීසතිවත්ථුකා දිට්ඨි සක්කායදිට්ඨි, සතී වා තත්ථ කායෙ දිට්ඨීතිපි සක්කායදිට්ඨි, යථාවුත්තප්පකාරෙ කායෙ විජ්ජමානා දිට්ඨීති අත්ථො. සතියෙව වා කායෙ දිට්ඨීතිපි සක්කායදිට්ඨි, යථාවුත්තප්පකාරෙ කායෙ විජ්ජමානෙ රූපාදිසඞ්ඛාතො අත්තාති එවං පවත්තා දිට්ඨීති අත්ථො. තස්සා ච පහීනත්තා සබ්බදිට්ඨිගතානි පහීනානියෙව හොන්ති. සා හි නෙසං මූලං. සබ්බකිලෙසබ්යාධිවූපසමනතො පඤ්ඤා “චිකිච්ඡිත”න්ති වුච්චති, තං පඤ්ඤාචිකිච්ඡිතං ඉතො විගතං, තතො වා පඤ්ඤාචිකිච්ඡිතා ඉදං විගතන්ති විචිකිච්ඡිතං, “සත්ථරි කඞ්ඛතී”තිආදිනා (ධ· ස· 1008; විභ· 915) නයෙන වුත්තාය අට්ඨවත්ථුකාය විමතියා එතං අධිවචනං. තස්සා පහීනත්තා සබ්බවිචිකිච්ඡිතානි පහීනානි හොන්ති. තඤ්හි නෙසං මූලං. “ඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි වතෙන සුද්ධී”තිඑවමාදීසු (ධ· ස· 1222; විභ· 938) ආගතං ගොසීලකුක්කුරසීලාදිකං සීලං ගොවතකුක්කුරවතාදිකඤ්ච වතං “සීලබ්බත”න්ති වුච්චති. තස්ස පහීනත්තා සබ්බම්පි නග්ගියමුණ්ඩිකාදි අමරතපං පහීනං හොති. තඤ්හි තස්ස මූලං. තෙන සබ්බාවසානෙ වුත්තං “යදත්ථි කිඤ්චී”ති. දුක්ඛදස්සනසම්පදාය චෙත්ථ සක්කායදිට්ඨි, සමුදයදස්සනසම්පදාය විචිකිච්ඡිතං, මග්ගදස්සනනිබ්බානදස්සනසම්පදාය සීලබ්බතං පහීයතීති විඤ්ඤාතබ්බං.
දැන් ඒ අත්හරින ලදැයි දකිනු ලබන කරුණු පහදා දෙනු පිණිස සක්කායදිට්ඨි, විචිකිච්ඡිතඤ්ච සීලබ්බතංවාපි යදත්ථි කිඤ්චී යැයි වදාළහ. උපාදාන පහකින් යුතුව සිරුර පවත්නා කල්හී, සිරුර පිළිබඳව ඇතිවන විසිවැදෑරුම් වූ හැගීම් අනුව දක්නා ආකාරය සක්කාය දිට්ඨි වේ. සිරුර කියා දෙයක් ඇතැයි සැළකීම සක්කාය දිට්ඨිය. ඉහත කියන ලද පරිදි සිරුර දකිනවිට හැඟීම් ඇතිකර ගැනීම සක්කාය දිට්ඨිය. ඒ කියන ලද පරිදි, කයෙහි රූප ආදී ලෙස සළකමින් ‘තමාගේ’ යැයි සිතා පවත්නා වූ හැඟීම යන තේරුමයි. එම හැඟීම නැතිකරන ලද බැවින් සියළු දැකීම්, හැඟීම් දුරුකරන ලද්දේම වේ. තමාගේ යැයි සැළකීම එයට මුල්වන හෙයිනි. සියළු කෙලෙස් රෝග සමනය කරන බැවින් (විදසුන්) නුවණ විචිකිච්ඡිත (හෙවත් ඉවත් කිරිමට ඇති බලාපොරොත්තුව) යැයි කියනු ලැබේ. ඒ නුවණින් මේ භවයේදී ඒවා දුරුකරන ලදී. ඒ ලෙසින් හෝ නුවණින් ඒවා දුරුකිරීමේ බලාපොරොත්තුව ඉටුකර ගත් බැවින්, ජීවත්වන විටද ඒවා ඉවත්ව ඇති බැවින් විචිකිච්ඡිතං වේ. (මග පෙන්වන) බුදුරජාණන් වහන්සේ පිළිබඳ විමතිය-සැකය ආදී ලෙසින් අටවැදෑරුම් වූ කරුණු ගැන සමාන වචනයකි. ඒ සැකය දුරුකරන ලද බැවින්, අනෙක් සියළුම සැක සහගත කරුණු ද දුරුකරන ලද්දේය. එයම සැකයෙහි මුල නොවේ. මේ සසුනෙන් පිටත, මහණ බමුණන් සීලයෙන් පිරිසිදු වේ. වත්පිළිවෙතින් පිරිසිදු වේ යැයි (පවසමින්) ගවයන්, බල්ලන් මෙන් කටයුතු කර, එය සීලය සේ සමාදන්ව, ගවයන්ගේ, බල්ලන්ගේ හැසිරීම් වතාවත් සේ පිළිපදිත්ද, සීලබ්බත යැයි කියනු ලැබේ. එබඳු සීලවත අනුගමනය නොකරන බැවින්, රෙදි නොහැඳ සිටීම, මුඩුකිරීම් ආදී දරුණු තවුස්දම් නැත. එය සැකයටද මුල්වේ. එහෙයින් ඒ සියල්ල අවසාන බැවින් යදත්ථි කිඤ්චි යැයි කියන ලදී. දුක දැකීමෙන් මෙහි සක්කාය දිට්ඨියද, දුකට හේතුව දැකීමෙන් විචිකිච්ඡාවද, දුක නැතිකිරිම හා දුක නැතිකිරීමේ පිළිවෙත් මගින් හෙවත් නිවනින් සීලබ්බතද දුරුවේ යයි දතයුතුය.
එවමස්ස කිලෙසවට්ටප්පහානං දස්සෙත්වා ඉදානි තස්මිං කිලෙසවට්ටෙ සති යෙන විපාකවට්ටෙන භවිතබ්බං, තප්පහානා තස්සාපි පහානං දීපෙන්තො ආහ “චතූහපායෙහි ච විප්පමුත්තො”ති. තත්ථ චත්තාරො අපායා නාම නිරයතිරච්ඡානපෙත්තිවිසයඅසුරකායා, තෙහි එස සත්ත භවෙ උපාදියන්තොපි විප්පමුත්තොති අත්ථො.
මෙසේ ඒ සෝවාන් ඵලයට පත් තැනැත්තාගේ සසර ගමනේ කෙලෙස් නැතිවන අයුරු දක්වා, තවදුරටත් කෙලෙස් ඇතිකල්හී එය ඉතිරිව ඇති විපාක ලෙසින් දතයුතුය. එයද නැති කළ යුතු බැවින් එහි නැතිකිරීමද දක්වමින් චතූහපායෙහි ච විප්පමුත්තො යැයි වදාළහ. නිරය, තිරිසන් යෝනිය, පේත හා අසුරකාය යනු සතර අපායයි. ඒ සෝවාන් ඵලයට පත් තැනැත්තා සත්වරක් උපදින්නේ නමුදු ඒ සතර අපායෙන් මිදුනේ වේ.
එවමස්ස විපාකවට්ටප්පහානං දස්සෙත්වා ඉදානි යං ඉමස්ස විපාකවට්ටස්ස මූලභූතං කම්මවට්ටං, තස්සාපි පහානං දස්සෙන්තො ආහ “ඡච්චාභිඨානානි අභබ්බ කාතු”න්ති. තත්ථ අභිඨානානීති ඔළාරිකට්ඨානානි, තානි එස ඡ අභබ්බො කාතුං. තානි ච “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙය්යා”තිආදිනා (අ· නි· 1.271; ම· නි· 3.128; විභ· 809) නයෙන එකකනිපාතෙ වුත්තානි මාතුඝාතපිතුඝාතඅරහන්තඝාතලොහිතුප්පාදසඞ්ඝභෙදඅඤ්ඤසත්ථාරුද්දෙසකම්මානි වෙදිතබ්බානි. තානි හි කිඤ්චාපි දිට්ඨිසම්පන්නො අරියසාවකො කුන්ථකිපිල්ලිකම්පි ජීවිතා න වොරොපෙති, අපිච ඛො පන පුථුජ්ජනභාවස්ස විගරහණත්ථං වුත්තානි. පුථුජ්ජනො හි අදිට්ඨිසම්පන්නත්තා එවංමහාසාවජ්ජානි අභිඨානානිපි කරොති, දස්සනසම්පන්නො පන අභබ්බො තානි කාතුන්ති. අභබ්බග්ගහණඤ්චෙත්ථ භවන්තරෙපි අකරණදස්සනත්ථං. භවන්තරෙපි හි එස අත්තනො අරියසාවකභාවං අජානන්තොපි ධම්මතාය එව එතානි වා ඡ, පකතිපාණාතිපාතාදීනි වා පඤ්ච වෙරානි අඤ්ඤසත්ථාරුද්දෙසෙන සහ ඡ ඨානානි න කරොති, යානි සන්ධාය එකච්චෙ “ඡඡාභිඨානානී”ති පඨන්ති. මතමච්ඡග්ගාහාදයො චෙත්ථ අරියසාවකගාමදාරකානං නිදස්සනං.
මෙසේ විපාක නැති කිරීමද දක්වා දැන්, යම් විපාක දීමකට මුල්වන කටයුතුද (කම්ම) නැතිකිරීමද පහදමින් ඡ චාභිඨානානි අභබ්බො කාතුං යැයි කීහ. එහි අභිඨානානි යනු ලාමක පහත් තැන්ය. ඒ තැන් හයෙහි ඉපදීම ලබාදෙන දේ ඔහු වෙතින් සිදුවනු නොහැකිය. ඒ ගැන, ‘මහණෙනි, මෙම යහපත් දැකීම ලබන තැනැත්තාගෙන්, මවගේ දිවි තොර කිරිමක් සිදුවීමට ඉඩක් නැත’ ‘අට්ඨාන මෙතං භික්ඛවෙ අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙය්යා’... ආදී ලෙසින් ඒකක නිපාතයේ කී පරිදි, මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, (බුදු සිරුරෙන්) ලේ සෙලවීම, සංඝ භේදය, වෙනත් සමයක මගපෙන්වන නායකයකු ඇදහීම නොකරන්නේ යැයි දතයුතුය. මනා දැකීමෙන් යුතු අරියසාවකයා කුරාකුහුඹුවෙකුගේ වුවත් දිවි තොර නොකරයි. එයද කෙලෙස් සහිත ජනයාට නිගරු පිණිස කියන ලදී. කෙලෙස් සහිත වූවෝ මනා දැකීමක් නොමැති බැවින් මෙසේ මහත් වැරදි සහගත දේ කරති. දැකීමෙන් යුතු තැනැත්තා වෙතින් එවැනි දේ සිදුනොවේ. පසු ඉපදෙන ජාතිවලදීද ඒවා නොකිරීමේ දැක්මක් ඇත. ඉපදෙන අතරතුර, තමන්ගේ උසස් සාවක බව (සෝවාන් බව) නොදන්නා නමුදු, පරපණ නැසීම ආදී පස්ආකාර වූ විරමණයෙන් හා මව මැරීම වැනි තරහ මුල්කොට ගත් කරුණු පහක්ද, වෙනත් සමයවාදයක් නොපිළිගැනීමත් යන සවැදෑරුම් දේද සොබාවයෙන්ම නොකරයි. ඒ අනුව ඇතැම් කෙනෙක් ඡ චාභිඨානානි යැයි ද කියති. මළ මසුන් ගෙන යන්නන්ද, උසස් පැවතුම් ඇති (අරියසාවක) ගම්දරුවන්ද මෙහිලා නිදසුන්ය.
එවං භගවා සත්ත භවෙ ආදියතොපි අරියසාවකස්ස අඤ්ඤෙහි අප්පහීනභවාදානෙහි පුග්ගලෙහි විසිට්ඨගුණවසෙන සඞ්ඝරතනස්ස ගුණං වත්වා ඉදානි තමෙව ගුණං නිස්සාය සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි සඞ්ඝෙ”ති. තස්සත්ථො පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, භව සතක් දක්වා උපත ලබන සෝවාන් බවට පත් උසස් සාවක ගුණ ලෙසින් මුලපටන්ම සඟරුවනෙහි ගුණ කියා දැන් ඒ ගුණ නිසාම, ඉදම්පි සංඝෙ යනුවෙන් ඇත්ත වූ වචන සහතික කොට දක්වති. මේ ගාථාවෙහි අණ ද කෙළ සියදහසක් සක්වළ භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
එවං සත්ත භවෙ ආදියතොපි අඤ්ඤෙහි අප්පහීනභවාදානෙහි පුග්ගලෙහි විසිට්ඨගුණවසෙන සඞ්ඝාධිට්ඨානං සච්චං වත්වා ඉදානි “න කෙවලං දස්සනසම්පන්නො ඡ අභිඨානානි අභබ්බො කාතුං, කිං පන අප්පමත්තකම්පි පාපං කම්මං කත්වා තස්ස පටිච්ඡාදනායපි අභබ්බො”ති පමාදවිහාරිනොපි දස්සනසම්පන්නස්ස කතපටිච්ඡාදනාභාවගුණෙන වත්තුමාරද්ධො “කිඤ්චාපි සො කම්මං කරොති පාපක”න්ති.
මෙසේ මුලපටන්ම සත්භවයක ඉපදීම නැති නොකරන ලද පුද්ගලයන් පිළිබඳ උසස් ගුණයෙන් සාවක සංඝයා කෙරෙහි වූ තීරණයෙන් හා ඇත්තම වූ වචනයෙන් සහතික කොට දක්වා, දැන්, ඒ සෝවාන්පලය ලද තැනැත්තා වෙතින් සයවැදෑරුම් කරුණු සිදුනොවීම, පමණක් නොව, සුළු හෝ පවක් කොට එය සැඟවීමත් සිදුවිය නොහැකි යයිද, කිසියම් පමාවීමකින් හෝ කරන ලද එබඳු දෙයක් නොසඟවන ගුණය කිඤ්චාපි සො කම්මං කරොති පාපකං යනුවෙන් වදාළහ.
තස්සත්ථො – සො දස්සනසම්පන්නො කිඤ්චාපි සතිසම්මොසෙන පමාදවිහාරං ආගම්ම යං තං භගවතා ලොකවජ්ජසඤ්චිච්චානතික්කමනං සන්ධාය වුත්තං “යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්තී”ති (චූළව· 385; අ· නි· 8.19; උදා· 45), තං ඨපෙත්වා අඤ්ඤං කුටිකාරසහසෙය්යාදිං වා පණ්ණත්තිවජ්ජවීතික්කමසඞ්ඛාතං බුද්ධපටිකුට්ඨං කායෙන පාපකම්මං කරොති, පදසොධම්මඋත්තරිඡප්පඤ්චවාචාධම්මදෙසනාසම්ඵප්පලාපඵරුසවචනාදිං වා වාචාය, උද චෙතසා වා කත්ථචි ලොභදොසුප්පාදනජාතරූපාදිසාදියනං චීවරාදිපරිභොගෙසු අපච්චවෙක්ඛණාදිං වා පාපකම්මං කරොති. අභබ්බො සො තස්ස පටිච්ඡදාය, න සො තං “ඉදං අකප්පියමකරණීය”න්ති ජානිත්වා මුහුත්තම්පි පටිච්ඡාදෙති, තඞ්ඛණඤ්ඤෙව පන සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු ආවි කත්වා යථාධම්මං පටිකරොති, “න පුන කරිස්සාමී”ති එවං සංවරිතබ්බං වා සංවරති. කස්මා? යස්මා අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා, එවරූපං පාපකම්මං කත්වා තස්ස පටිච්ඡාදාය දිට්ඨනිබ්බානපදස්ස දස්සනසම්පන්නස්ස පුග්ගලස්ස අභබ්බතා වුත්තාති අත්ථො.
එහි තේරුම නම්, සො සෝවාන් තැනැත්තා, කිඤ්චාපි සිහි මුළාවකින් පමාවීමකට පැමිණ, ලෝකයා වරද යයි සම්මත කරුණු දැන දැන නොඉක්මවිය හැකි බැවින්, භාග්‍යවතුන් වහන්සේ ඒ පවත්නා වහර සැළකිල්ලට ගෙන එසේ වදාරන ලදී. ‘මා විසින්, මගේ සාවක පිරිසට යම් පමණ සිකපද පණවන ලදද, ඒ සාවක පිරිස ජීවිතය අත්හළද, ඒවා නොඉක්මවති.’ ‘යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතුපි නාතික්කමන්තී’, එසේ දක්වා ඇති සේම, කුටි සැකසීම, එක්ව නිදීම ආදී පණවන ලද වැරදි ඉක්මවා යන, කායෙන පාපකම්මං කරොති පද පිළිවෙලින් දහම හැදෑරිමෙන්, මතුවට වචන පහ හයකින් (සුදුසු නොවන ආකාරයෙන්) දහම් දෙසීම, වැඩකට නැති කතා හෝ නපුරු වචනයෙන් හෝ වාචාය උද චෙතසා වා කිසිවිටක ආසා උපදවන රන්රිදී ආදිය පිළිගැනීමෙන් හෝ, සිවුරු ආදිය පරිහරණයෙහිදී විමසීමකින් තොරව (සීතල, උණුසුම වළකා ගැනීම ආදී පච්චවෙක්ඛනයෙන් තොරව) හෝ පාපයක් කෙරේද, අභබ්බො සො තස්ස පටිච්ඡාදාය ඒ සෝවාන් ඵලයට පත් තැනැත්තා මේ දෙය අකැපය, නොකළ යුතුයැයි දැන, මොහොතකුදු නොසඟවයි. එකෙණෙහිම තම මගපෙන්වන නායකයාට හෝ (තථාගතයන් හෝ) වියත් දැනුමැති කෙනෙකුට හෝ, තමා හා එක්ව වසන කෙනෙකුට හෝ හෙළිකොට, දහමට අනුකූලව කටයුතු කරයි. නැවත නොකරන්නෙමි’යි සංවර වෙයි. නැතිනම් එසේ සංවර විය යුතුයි. කවර හෙයින්ද? අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා මෙබඳු පව්කම් කොට, එය වළක්වනු පිණිස, නිවන පෙනෙන මානයේ සිටි දැක්මෙන් යුතු ඒ තැනැත්තාට නොහැකි වේයැයි කියන ලදැයි තේරුමයි.
කථං –
ඒ කෙසේද?
“සෙය්යථාපි, භික්ඛවෙ, දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො හත්ථෙන වා පාදෙන වා අඞ්ගාරං අක්කමිත්වා ඛිප්පමෙව පටිසංහරති , එවමෙව ඛො, භික්ඛවෙ, ඝම්මතා එසා දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස, කිඤ්චාපි තථාරූපිං ආපත්තිං ආපජ්ජති, යථාරූපාය ආපත්තියා වුට්ඨානං පඤ්ඤායති, අථ ඛො නං ඛිප්පමෙව සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු දෙසෙති විවරති උත්තානීකරොති, දෙසෙත්වා විවරිත්වා උත්තානීකත්වා ආයතිං සංවරං ආපජ්ජතී”ති (ම· නි· 1.496).
‘මහණෙනි, උඩුකුරුව නිදන ළදරු කුමරකු අතින් හෝ පාදයෙහි ගිනි අඟුරක් (තවරා) ගත්විට ඉක්මණින්ම ඉවතට ඇදගන්නේ යම්සේද, ඒ දැකීමෙන් යුතු තැනැත්තාද එබඳු ඇවැතකට පැමිණේද, එයින් ඈත්වීමට වැටහේද, ඉක්මණින්ම තම නායකයා හෝ තථාගතයන් වහන්සේ හෝ වියත් දැනුමැති කෙනෙකු හෝ තමා හා එක්ව වසන කෙනෙකු වෙත හෝ එය කියයි. විවරණය කරයි. පැහැදිළි කරයි. එසේ කියා, විවරණය කොට, පැහැදිළිකොට නැවත එවැනි දෙයක් සිදුනොවීමට හික්මෙයි. එය මෙබඳු තැනැත්තන් කෙරෙහි වූ නියාම දහමකි.
එවං භගවා පමාදවිහාරිනොපි දස්සනසම්පන්නස්ස කතපටිච්ඡාදනාභාවගුණෙන සඞ්ඝරතනස්ස ගුණං වත්වා ඉදානි තමෙව ගුණං නිස්සාය සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි සඞ්ඝෙ”ති. තස්සත්ථො පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, පමාදව ගත කරන්නකු වුවද, නිවන දැක්මෙන් යුතු ඒ සෝවාන් බවට පත් තැනැත්තාගේ වරද නොසඟවන ලද ගුණය දක්වා, දැන් ඒ ගුණ නිසා ඉදම්පි සංඝෙ යැයි ඇත්ත වචනය සහතික කොට කියති. එහි අරුත කලින් කියා ඇති පරිදි දතයුතුය. මේ ගාථාවෙහි අණ ද කෙළ සියදහසක් සක්වළ භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
එවං සඞ්ඝපරියාපන්නානං පුග්ගලානං තෙන තෙන ගුණප්පකාරෙන සඞ්ඝාධිට්ඨානං සච්චං වත්වා ඉදානි ය්වායං භගවතා රතනත්තයගුණං දීපෙන්තෙන ඉධ සඞ්ඛෙපෙන අඤ්ඤත්ර ච විත්ථාරෙන පරියත්තිධම්මො දෙසිතො, තම්පි නිස්සාය පුන බුද්ධාධිට්ඨානං සච්චං වත්තුමාරද්ධො “වනප්පගුම්බෙ යථ ඵුස්සිතග්ගෙ”ති. තත්ථ ආසන්නසන්නිවෙසවවත්ථිතානං රුක්ඛානං සමූහො වනං, මූලසාරඵෙග්ගුතචසාඛාපලාසෙහි පවුඩ්ඪො ගුම්බො පගුම්බො, වනෙ පගුම්බො වනප්පගුම්බො, ස්වායං “වනප්පගුම්බෙ”ති වුත්තො . එවම්පි හි වත්තුං ලබ්භති “අත්ථි සවිතක්කසවිචාරෙ, අත්ථි අවිතක්කවිචාරමත්තෙ, සුඛෙ දුක්ඛෙ ජීවෙ”තිආදීසු විය. යථාති ඔපම්මවචනං. ඵුස්සිතානි අග්ගානි අස්සාති ඵුස්සිතග්ගො, සබ්බසාඛාපසාඛාසු සඤ්ජාතපුප්ඵොති අත්ථො. සො පුබ්බෙ වුත්තනයෙනෙව “ඵුස්සිතග්ගෙ”ති වුත්තො. ගිම්හාන මාසෙ පඨමස්මිං ගිම්හෙති යෙ චත්තාරො ගිම්හමාසා, තෙසං චතුන්නං ගිම්හානං එකස්මිං මාසෙ. කතමස්මිං මාසෙ ඉති චෙ? පඨමස්මිං ගිම්හෙ, චිත්රමාසෙති අත්ථො. සො හි “පඨමගිම්හො”ති ච “බාලවසන්තො”ති ච වුච්චති. තතො පරං පදත්ථතො පාකටමෙව.
මෙසේ සාවක සංඝබවට පිළිපන් තැනැත්තාගේ ඒ ඒ ගුණ සමූහය අනුව, තීරණය කොට ඇත්ත කියා, මීළඟට භාග්‍යවතුන් වහන්සේ විසින් තෙරුවන් ගුණ පහදා දෙමින්, මෙහිදී සැකෙවින්ද, වෙනත් තන්හි සවිස්තරවද උගත යුතු දැනගත යුතු ලෙස දෙසන ලද දහම අනුව (තම අවබෝධය හෙවත් බුදු අදිටන බලයෙන්) ඇත්ත තහවුරු කොට වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ ආදී ගාථාව ඇරඹූහ. එකිනෙකට ළං ළංව පිහිටි, වැඩුණු ගස් සමූහය වනයයි. මුල්වලින් හා අරටුව එළය හා පොතු සහිත අතුපතරින් යුතු වූයේ ගුම්බයි. (මෙසේ) පඳුරු පඳුරු සේ එකට බැඳී වැඩී ඇති හෙයින් වනෙ පගුම්බො = වනප්පගුම්බෙ යැයි කියා ඇත. ‘විතක්කය විචාරය. ද ඇත, ‘විතක්ක හැර විචාරය පමණකට ඇත.’ අත්ථි සවිතක්ක සවිචාරෙ - අත්ථි අවිතක්ක විචාරමත්තො, ‘සැපෙහිද දුකෙහිද ජීවත් වේ, ‘සුඛෙ දුක්ඛෙ ජීවෙ’ ආදී තැන්හි මෙන් මෙසේ කිව හැකි අයුරිනි. යථා උපමාව දැක්වීමේ වචනයයි. අතු අග පිපුණු මලින් යුතු - ඵුස්සිතානි අග්ගානි අස්සා = ඵුස්සිතග්ගෙ, අතුඉති සෑම තැනකම මල් පිපුණු යන අදහසයි. කලින් සඳහන් වූ පරිදි ඵුස්සිතග්ගෙ යැයි කියා ඇත. ගිම්හාන මාසෙ පඨමස්මිං ගිම්හෙ උණුසුම් කාලයට ගැනෙන මාස හතරක යම් මාසයක්, ඒ කිනම් මාසයද? ගිම්භානයෙහි මුල්ම මාසය - බක් මාසය අදහස් වේ. එය පළමු ගිම්හානය වසන්ත සමයෙහි පටන්ගැන්ම සේ, ‘බාල වසන්තය’ සේ ගැනේ. මින්පසු පදවල තේරුම පහසුය.
අයං පනෙත්ථ පිණ්ඩත්ථො – යථා පඨමගිම්හනාමකෙ බාලවසන්තෙ නානාවිධරුක්ඛගහනෙ වනෙ සුපුප්ඵිතග්ගසාඛො තරුණරුක්ඛගච්ඡපරියායනාමො පගුම්බො අතිවිය සස්සිරිකො හොති, එවමෙවං ඛන්ධායතනාදීහි සතිපට්ඨානසම්මප්පධානාදීහි සීලසමාධික්ඛන්ධාදීහි වා නානප්පකාරෙහි අත්ථප්පභෙදපුප්ඵෙහි අතිවිය සස්සිරිකත්තා තථූපමං නිබ්බානගාමිමග්ගදීපනතො නිබ්බානගාමිං පරියත්තිධම්මවරං නෙව ලාභහෙතු න සක්කාරාදිහෙතු, කෙවලඤ්හි මහාකරුණාය අබ්භුස්සාහිතහදයො සත්තානං පරමංහිතාය අදෙසයීති. පරමංහිතායාති එත්ථ ච ගාථාබන්ධසුඛත්ථං අනුනාසිකො, අයං පනත්ථො “පරමහිතාය නිබ්බානාය අදෙසයී”ති.
මේ කෙටි අරුතයි. යම්සේ පළමු ගිම්හානය නම් වූ බාල වසන්තයෙහි, නොයෙක් නොයෙක් ගස්වලින් යුතු කැලෑවෙහි නොමේරු ගස් අතුඅග පිපුණු මලින් එකම පඳුරක් මෙන් සිරියාවක් වේද, එසේම, රූප ආදී කොටස්වලින් යුතු, පිහිටුවා ගන්නා ලද සිහිය වන් සීල සමාධි කඳින් හා නොයෙක් ආකාර වූ අරුත් කොටස් නැමති මලින් බොහෝ සොඳුරු සිරියා ඇති බැවින් තථූපමං, ඒ නිවන් සලසන මග පහදා දෙමින්, නිබ්බාණගාමිං, ඉගෙන දරාගත යුතු ධම්මවරං වාසි ලබාගැනීමට නොව, සත්කාර ලබාගැනීමට නොව, හුදෙක්ම හැමදෙනා කෙරෙහි මහා කරුණාව පෙරදැරි කොටගත් හදවතින් පරමං හිතාය අදෙසයී, මෙහි ගාථාවේ වචන ගැළපීමේ පහසුව සළකා පරමංහිතාය යනුවෙන් අනුනාසිකව යොදා ඇත. තේරුම මෙයයි. පරම හිතාය - හැමදෙනා කෙරෙහි හිතානුකම්පාවෙන්ම නිවන්මග දක්වනු පිණිස දේසනා කළහ.
එවං භගවා ඉමං සුපුප්ඵිතග්ගවනප්පගුම්බසදිසං පරියත්තිධම්මං වත්වා ඉදානි තමෙව නිස්සාය බුද්ධාධිට්ඨානං සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි බුද්ධෙ”ති. තස්සත්ථො පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො, කෙවලං පන ඉදම්පි යථාවුත්තප්පකාරපරියත්තිධම්මසඞ්ඛාතං බුද්ධෙ රතනං පණීතන්ති යොජෙතබ්බං. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, අතුඅග මල් පිපුණු වනලැහැබක් බඳුවූ, ඉගෙන-පිළිපැදිය යුතු දහම පිළිබඳව කරුණු කියා, දැන් ඒ නිසාම බුදු අදිටන තීරණය වන ඇත්ත වචනය ඉදම්පි බුද්ධෙ යනුවෙන් සහතික කොට දක්වති. එහි අරුත කියන ලද පරිදි දතයුතුය. හුදෙක්ම ඉදම්පි යනුවෙන් ඉහත සඳහන් කරන ලද ඉගෙන දරාගත යුතුයයි සළකනු ලබන දහම හා, බුද්ධෙ රතනං පණීතං යැයි මේ අනුව යොදාගත යුතුය. මේ ගාථාවෙහි අණ ද කළ සියදහසක් සක්වළ භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
එවං භගවා පරියත්තිධම්මෙන බුද්ධාධිට්ඨානං සච්චං වත්වා ඉදානි ලොකුත්තරධම්මෙන වත්තුමාරද්ධො “වරො වරඤ්ඤූ”ති. තත්ථ වරොති පණීතාධිමුත්තිකෙහි ඉච්ඡිතො “අහො වත මයම්පි එවරූපා අස්සාමා”ති, වරගුණයොගතො වා වරො, උත්තමො සෙට්ඨොති අත්ථො. වරඤ්ඤූති නිබ්බානඤ්ඤූ. නිබ්බානඤ්හි සබ්බධම්මානං උත්තමට්ඨෙන වරං, තඤ්චෙස බොධිමූලෙ සයං පටිවිජ්ඣිත්වා අඤ්ඤාසි. වරදොති පඤ්චවග්ගියභද්දවග්ගියජටිලාදීනං අඤ්ඤෙසඤ්ච දෙවමනුස්සානං නිබ්බෙධභාගියවාසනාභාගියවරධම්මදායීති අත්ථො. වරාහරොති වරස්ස මග්ගස්ස ආහටත්තා වරාහරොති වුච්චති. සො හි භගවා දීපඞ්කරතො පභුති සමතිංස පාරමියො පූරෙන්තො පුබ්බකෙහි සම්මාසම්බුද්ධෙහි අනුයාතං පුරාණං මග්ගවරං ආහරි, තෙන වරාහරොති වුච්චති. අපිච සබ්බඤ්ඤුතඤ්ඤාණපටිලාභෙන වරො, නිබ්බානසච්ඡිකිරියාය වරඤ්ඤූ, සත්තානං විමුත්තිසුඛදානෙන වරදො, උත්තමපටිපදාහරණෙන වරාහරො, එතෙහි ලොකුත්තරගුණෙහි අධිකස්ස කස්සචි අභාවතො අනුත්තරො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, ඉගෙන පිළිපදිනා දහමෙන් තීරණය වන අයුරින් බුදුඅදිටන පරිදි තීරණය වන ඇත්ත වචන පවසා, දැන්, වරො වරඤ්ඤු යන ගාථාවෙන් ලොවුතුරා දහම පිළිබඳව කරුණු පහදාදීම ඇරඹූහ. වරො ‘අහා! අපිද මෙබඳු උතුම් ගුණ ඇත්තන් වෙමු’යි උතුම් දහම පිළිගැනීමට කැමති තරම් උසස් අදහස් ඇති, එබඳු ගුණ (තමා කෙරෙහි) පිහිටුවා ගැනීමෙන් හෝ උතුමෙකුව, ඉතා උසස් යන අදහසයි. වරඤ්ඤු නිවන ගැන දන්නා වූ, හැම දෙයකටම වඩා නිවන උතුම් යන අරුතින් වරං නම් වේ. ඒ බව බෝමැඩදී තමන් විසින්ම පිරිසිඳ දන්නා ලදී. වරදො පස්වග මහණුන්, භද්දවග්ගිය කුමාරවරුන් හා ජටිල ආදීන්ටද, අනෙක් දෙව් මිනිසුන්ට ද කරුණු පෙන්වාදීමෙන් ලබාදුන් අවබෝධයෙන්ද, පෙර කරන ලද යහපත් කටයුතුවලට අනුරූප වූ වාසනා ගුණයෙන්ද, ඒ නිවන මග කියාදෙන, වරාහරො එම නිවන ලබාදෙන පිළිවෙත් මග හෙළිකරන ලද බැවින් වරාහරො යැයි කියනු ලැබේ. එසේම ඒ භාග්‍යවතුන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි පටන්, සමතිස් පෙරුම් පුරමින් පෙර බුදුවරුන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද පැරණි උතුම් මග ගෙනහැර දැක්වූහ. එහෙයින් වරාහරො යැයි කියනු ලැබේ. එමෙන්ම සියල්ල දන්නා වූ නුවණ ලැබීමෙන් වරො නම් වේ. නිවන අවබෝධයෙන් වරඤ්ඤූ සත්වගට සසරින් මිදීමේ සුවය ලබාදීමෙන් වරදො, උතුම් පිළිවෙත පෙන්වාදීමෙන් වරාහරො, මෙබඳු ලොව්තුරු ගුණවලින් වැඩි කිසිවකු නොවන බැවින් අනුත්තරො
අපරො නයො – වරො උපසමාධිට්ඨානපරිපූරණෙන, වරඤ්ඤූ පඤ්ඤාධිට්ඨානපරිපූරණෙන, වරදො චාගාධිට්ඨානපරිපූරණෙන, වරාහරො සච්චාධිට්ඨානපරිපූරණෙන, වරං මග්ගසච්චමාහරීති. තථා වරො පුඤ්ඤුස්සයෙන, වරඤ්ඤූ පඤ්ඤුස්සයෙන, වරදො බුද්ධභාවත්ථිකානං තදුපායසම්පදානෙන, වරාහරො පච්චෙකබුද්ධභාවත්ථිකානං තදුපායාහරණෙන, අනුත්තරො තත්ථ තත්ථ අසදිසතාය, අත්තනා වා අනාචරියකො හුත්වා පරෙසං ආචරියභාවෙන, ධම්මවරං අදෙසයි සාවකභාවත්ථිකානං තදත්ථාය ස්වාඛාතතාදිගුණයුත්තස්ස වරධම්මස්ස දෙසනතො. සෙසං වුත්තනයමෙවාති.
වෙනත් අයුරින් කියන්නේ නම්, වරො සිත කිලිටි වන සියළු කරුණුවලින් මිදී, සිත එකඟ කරගැනීමේ අදහස සපුරා ගැනීමෙන් යන අරුතයි. වරඤ්ඤූ තියුණු නුවණ සපුරා ගැනීමෙන් වරාහරො කියන ලද දෙයෙහි ඇත්ත හැමවිට තහවුරු කරන අදහස සපුරා ගැනීමෙන් උසස් වූ පිළිවෙත් මග හෙවත් අරිඅටැඟි මග ඇත්ත වන බව ගෙනහැර දක්වති. එසේම උසස් පින් මහිම ඇති බැවින් වරො නම් වේ. එසේ බොහෝ පින් මහිම ඇති බැවින්ද වරො නම් වේ. උසස් නැණ මහිමයෙන්ද එසේ වෙයි. බුදුබව ලබනු කැමති වූවනට එයට සුදුසු කටයුතු පෙන්වාදීම වරදො නමි. පසේ බුදුබව කැමති වූවන්ට එම වැඩපිළිවෙල ගෙනහැර පෑමෙන් වරාහරො නම් වේ. ඒ ඒ කරුනින් අසමාන බැවින්ද, තමාට ගුරුවරයෙකු නොමැති වුවත් අනෙක් හැමටම ගුරුවරයෙකු වීමෙන් (තථාගතයන්) අනුත්තර ය. ධම්මවරං අදෙසයී සාවකයෙකු වීමට කැමති වූවන්ට ඒ සඳහා මැනවින් කියන ලදැයි අරුත දෙන ස්වාක්ඛාත ආදී ගුණවලින් යුතු උතුම් දහම දේසනා කරන ලදින්, ඉතිරි කරුණු ඉහත දැක්වූ අයුරිනි.
එවං භගවා නවවිධෙන ලොකුත්තරධම්මෙන අත්තනො ගුණං වත්වා ඉදානි තමෙව ගුණං නිස්සාය බුද්ධාධිට්ඨානං සච්චවචනං පයුඤ්ජති “ඉදම්පි බුද්ධෙ”ති. තස්සත්ථො පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. කෙවලං පන යං වරං නවලොකුත්තරධම්මං එස අඤ්ඤාසි, යඤ්ච අදාසි, යඤ්ච ආහරි, යඤ්ච අදෙසයි, ඉදම්පි බුද්ධෙ රතනං පණීතන්ති එවං යොජෙතබ්බං. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ නව ලොවුතුරු දහමෙන් තම ගුණ දක්වා, දැන් ඒ ගුණ නිසාම බුදු අදිටනින් තීරණය වන ඇත්ත වචනය ඉදම්පි බුද්ධෙ යැයි සහතික කොට දක්වති. එහි අදහස පෙර කියන ලද අයුරින් දතයුතුය. හුදෙක්, ඒ තථාගතයන් වහන්සේ උතුම් වූ යම් ලොවුතුරු දහමක් අවබෝධ කළේද, යම් දෙයක් ලබාදුන්නේද, යම්දෙයක් ගෙනහැර පෑවේද යම් දෙයක් දේසනා කළේද, ඉදම්පි බුද්ධෙ රතනං පණීතං යැයි මෙසේ යෙදිය යුතුය. මේ ගාථාවෙහි අණ කළ සියදහසක් භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
එවං භගවා පරියත්තිධම්මං ලොකුත්තරධම්මඤ්ච නිස්සාය ද්වීහි ගාථාහි බුද්ධාධිට්ඨානං සච්චං වත්වා ඉදානි යෙ තං පරියත්තිධම්මං අස්සොසුං සුතානුසාරෙන ච පටිපජ්ජිත්වා නවප්පකාරම්පි ලොකුත්තරධම්මං අධිගමිංසු, තෙසං අනුපාදිසෙසනිබ්බානප්පත්තිගුණං නිස්සාය පුන සඞ්ඝාධිට්ඨානං සච්චං වත්තුමාරද්ධො “ඛීණං පුරාණ”න්ති. තත්ථ ඛීණන්ති සමුච්ඡින්නං. පුරාණන්ති පුරාතනං. නවන්ති සම්පති වත්තමානං. නත්ථිසම්භවන්ති අවිජ්ජමානපාතුභාවං. විරත්තචිත්තාති විගතරාගචිත්තා. ආයතිකෙ භවස්මින්ති අනාගතමද්ධානං පුනබ්භවෙ. තෙති යෙසං ඛීණං පුරාණං නවං නත්ථිසම්භවං, යෙ ච ආයතිකෙ භවස්මිං විරත්තචිත්තා, තෙ ඛීණාසවා භික්ඛූ. ඛීණබීජාති උච්ඡින්නබීජා. අවිරූළ්හිඡන්දාති විරූළ්හිඡන්දවිරහිතා. නිබ්බන්තීති විජ්ඣායන්ති. ධීරාති ධිතිසම්පන්නා. යථායං පදීපොති අයං පදීපො විය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, ඉගෙන දරාගත යුතු දහමද, නව ලොවුතුරා දහමද අනුව බුදුබලය පවත්වා ඇත්ත කරුණු ගාථා දෙකකින් කියා, ඒ ඇසූ-ඉගෙන දරාගත යුතු දහම පිළිපැද නව ලොවුතුරු දහම පසක් කළ ඒ උතුමන්ගේ මතු සසර නූපදනා ගුණ නිසා, නැවතත් ඒ සාවක සඟ ගුණයෙන්ද සහතික වන ඇත්ත ඛීණං පුරාණං ආදී ලෙසින් පහදා දුන්හ. ඛීණං සහමුලින්ම සිඳ දැමීමයි. පුරාණං පෙර, නවං පවත්නා (වත්මන්) කාලය, නත්ථි සම්භවං හටගැනීමක් නොපෙනෙන, විරත්ත චිත්තා කැමැත්ත -රාගය පහ වූ සිත ඇති, ආයතිකෙ භවස්මිං මතු නැවත ඉපදීමක්, තෙ පෙර භවයන්හී කළ කම් නැති කළ, අළුතින් කම්පල පැවැත්මක් නොමැති, නැවත භවයෙක ඇලීම් දුරුකළ සිතැති, කෙලෙසුන් නැසූ ඒ රහතන් වහන්සේලා, ඛීණබීජා (උපතට අවැසි හේතුව) බිජුවට සිඳින ලදී. අවිරූළ්හිච්ඡන්දා එසේ මතු ඉපදීමෙහි වැඩෙන ආසා රහිත වූ, නිබ්බන්ති නිවීමට පත්වෙති, ධීරා උත්සාහවත් වූවෝ, යථායම්පදීපො මේ පහන මෙන්,
කිං වුත්තං හොති? යං තං සත්තානං උප්පජ්ජිත්වා නිරුද්ධම්පි පුරාණං අතීතකාලිකං කම්මං තණ්හාසිනෙහස්ස අප්පහීනත්තා පටිසන්ධිආහරණසමත්ථතාය අඛීණංයෙව හොති, තං පුරාණං කම්මං යෙසං අරහත්තමග්ගෙන තණ්හාසිනෙහස්ස සොසිතත්තා අග්ගිනා දඩ්ඪබීජමිව ආයතිං විපාකදානාසමත්ථතාය ඛීණං. යඤ්ච නෙසං බුද්ධපූජාදිවසෙන ඉදානි පවත්තමානං කම්මං නවන්ති වුච්චති, තඤ්ච තණ්හාපහානෙනෙව ඡින්නමූලපාදපපුප්ඵමිව ආයතිං ඵලදානාසමත්ථතාය යෙසං නත්ථිසම්භවං, යෙ ච තණ්හාපහානෙනෙව ආයතිකෙ භවස්මිං විරත්තචිත්තා, තෙ ඛීණාසවා භික්ඛූ “කම්මං ඛෙත්තං විඤ්ඤාණං බීජ”න්ති (අ· නි· 3.77) එත්ථ වුත්තස්ස පටිසන්ධිවිඤ්ඤාණස්ස කම්මක්ඛයෙනෙව ඛීණත්තා ඛීණබීජා. යොපි පුබ්බෙ පුනබ්භවසඞ්ඛාතාය විරූළ්හියා ඡන්දො අහොසි, තස්සාපි සමුදයප්පහානෙනෙව පහීනත්තා පුබ්බෙ විය චුතිකාලෙ අසම්භවෙන අවිරූළ්හිඡන්දා ධිතිසම්පන්නත්තා ධීරා චරිමවිඤ්ඤාණනිරොධෙන යථායං පදීපො නිබ්බුතො, එවං නිබ්බන්ති, පුන “රූපිනො වා අරූපිනො වා”ති එවමාදිං පඤ්ඤත්තිපථං අච්චෙන්තීති. තස්මිං කිර සමයෙ නගරදෙවතානං පූජනත්ථාය ජාලිතෙසු පදීපෙසු එකො පදීපො විජ්ඣායි, තං දස්සෙන්තො ආහ – “යථායං පදීපො”ති.
කුමක් නිසා එසේ කියන ලද ද? සසර සැරිසරන හැම සතෙකුම ඉපිද, නැසුණද, පෙර කළ කම්හි ‘තණ්හා’ නම් සෙනෙහස් දියෙන් නොවියලන ලද බැවින්, යළි උපතක් ගෙනදීමට සමත් හෙයින්, එය නොසිඳී පවත්නේමය. ඒ පෙර කළ කම් අරහත් මගින් වියලන ලද හෙයින්, ගින්නේ දැවූ බීජයක් මෙන් නැවත විපාක දීමට අසමත් වන බැවින්, ඛීණං වේ. ඒ රහතුන්ගේ බුදුපුද ආදී ලෙසින් දැන් (පවත්නා ජීවිතයෙහි) කරන දේවල් නවං යැයි කියනු ලැබේ. එහිදී තණ්හාව නැතිකරන ලද බැවින්, මුල සිඳින ලද ගසක මල් හටනොගන්නා සේ, නැවත විපාක දීමට සමත්වන ඉපදීමක් යම් කෙනෙකුට නැත්තේද, තණ්හාව නැති කළ, නැවත භවයක් නොකැමති සිතැති ඒ රහතන් වහන්සේ, ‘කම්ම නම් වූ කෙතට විඤ්ඤාණය බීජය වේ’ යැයි කී පරිදි ‘කම්මං ඛෙත්තං විඤ්ඤාණං’ නැවත මවුකුසක පිළිසීමේදී යොමුවන විඤ්ඤාණය - කම්ම නැතිවීමත් සමගම නසන ලදින්, ඛීණ බීජා නම් වේ. පෙර නැවත ඉපදීම යැයි කියනු ලබන (බීජය) වැඩිදියුණු කිරීමට කැමැත්ත වීද, එහි හේතුව නැතිකිරීමෙන්ම නසන ලද බැවින්, පෙරදී මෙන් මැරෙන මොහොතෙහි ඒ වැඩෙන ආසාවද නැත. එහෙයින් අවිරූළ්හිච්ඡන්දා උත්සාහවත් වූ බැවින් ධීරා අවසන්වරට විඤ්ඤාණය නැති කිරීමෙන් මේ පහන නිවුණ සේ (කෙලෙස් දැවීමෙන්) නිවෙති. රූපී හෝ අරූපී හෝ මේ ආදී ලෙසින් සම්මතව ඇති උපත ලබන භව ඉක්මවා ඇත්තාහ. ඒ වේලාවෙහි දේවතාවුන්ට පූජා පිණිස දල්වන ලද පහන්වලින් එක් පහනක් නිවුණි. එය (නිදසුන් සේ) දක්වමින් යථායම්පදීපො යැයි වදාළහ.
එවං භගවා යෙ තං පුරිමාහි ද්වීහි ගාථාහි වුත්තං පරියත්තිධම්මං අස්සොසුං, සුතානුසාරෙනෙව පටිපජ්ජිත්වා නවප්පකාරම්පි ලොකුත්තරධම්මං අධිගමිංසු, තෙසං අනුපාදිසෙසනිබ්බානප්පත්තිගුණං වත්වා ඉදානි තමෙව ගුණං නිස්සාය සඞ්ඝාධිට්ඨානං සච්චවචනං පයුඤ්ජන්තො දෙසනං සමාපෙසි “ඉදම්පි සඞ්ඝෙ”ති. තස්සත්ථො පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො, කෙවලං පන ඉදම්පි යථාවුත්තෙන පකාරෙන ඛීණාසවභික්ඛූනං නිබ්බානසඞ්ඛාතං සඞ්ඝෙ රතනං පණීතන්ති එවං යොජෙතබ්බං. ඉමිස්සාපි ගාථාය ආණා කොටිසතසහස්සචක්කවාළෙසු අමනුස්සෙහි පටිග්ගහිතාති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, මුල් ගාථා දෙකින්, කියන ලද පරිදි ඉගෙන දරාගත යුතු දහම් අසා, ඇසූ අයුරින්ම පිළිපැද නව ලොවුතුරා දහම අවබෝධ කළ ඒ උතුමන්ගේ, නැවත නූපදනා සේ නිවනට පත්වීමේ ගුණ කියා, දැන් ඒ ගුණ සාවක සංඝයා පිළිබඳ තීරණය වන ඇත්ත වචනය සහතික කරමින් දේසනය නිමකළහ. ඉදම්පි සංඝෙ මෙහි තේරුම පෙර කියන ලද පරිදි දතයුතුය. හුදෙක්ම ඉදම්පි යනු (ඉහත) කියා ඇති පරිදි රහතන් වහන්සේ අවබෝධ කොටගත් නිවනයි. සංඝෙ රතනං පණීතං යැයි මෙසේ යෙදිය යුතුය. මේ ගාථාවෙහි අණද කෙළසියදහසක් සක්වළ භූතාදී නොමිනිසුන් විසින් පිළිගන්නා ලදී.
දෙසනාපරියොසානෙ රාජකුලස්ස සොත්ථි අහොසි, සබ්බූපද්දවා වූපසමිංසු චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසි.
දේසනය අවසන රජපවුලෙහි සියළුදෙනා සුවපත් වූහ. උවදුරු සියල්ල සන්සිඳුණි. අසූහාර දහසකට දහම් අවබෝධය විය.
අථ සක්කො දෙවානමින්දො “භගවතා රතනත්තයගුණං නිස්සාය සච්චවචනං පයුඤ්ජමානෙන නාගරස්ස සොත්ථි කතා, මයාපි නාගරස්ස සොත්ථිත්ථං රතනත්තයගුණං නිස්සාය කිඤ්චි වත්තබ්බ”න්ති චින්තෙත්වා අවසානෙ ගාථාත්තයං අභාසි “යානීධ භූතානී”ති. තත්ථ යස්මා බුද්ධො යථා ලොකහිතත්ථාය උස්සුක්කං ආපන්නෙහි ආගන්තබ්බං, තථා ආගතතො, යථා ච එතෙහි ගන්තබ්බං, තථා ගතතො, යථා වා එතෙහි ආජානිතබ්බං, තථා ආජානනතො, යථා ච ජානිතබ්බං, තථා ජානනතො, යඤ්ච තථෙව හොති, තස්ස ගදනතො ච “තථාගතො”ති වුච්චති. යස්මා ච සො දෙවමනුස්සෙහි පුප්ඵගන්ධාදිනා බහිනිබ්බත්තෙන උපකරණෙන, ධම්මානුධම්මප්පටිපත්තාදිනා ච අත්තනි නිබ්බත්තෙන අතිවිය පූජිතො, තස්මා සක්කො දෙවානමින්දො සබ්බදෙවපරිසං අත්තනා සද්ධිං සම්පිණ්ඩෙත්වා ආහ “තථාගතං දෙවමනුස්සපූජිතං, බුද්ධං නමස්සාම සුවත්ථි හොතූ”ති.
ඉක්බිති සක්දෙවිඳු, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් තෙරුවන් ගුණය පිහිටුවමින් එහි ඇත්ත සහතික කොට පැවසීමෙන් නගරය සුවපත් කරන ලදැ’යි සිතා ‘මා ද නගරයෙහි හිතසුව පිණිස තෙරුවන් ගුණය පිළිබඳව යම්කිසිවක් කිවයුතු’ යැයි අවසානයේදී යානීධ භූතානි ආදී ගාථා තුනක් කීය. බුදුරජාණන් වහන්සේ ලොවට හිතසුව පිණිස උත්සාහවත්ව පැමිණිය යුතු විටකදී එසේ පැමිණි බැවින්ද - හිතසුව සැලසීමට සුදුසු තැනැත්තන් වෙත ගිය බැවින්ද (සසර තතු ආදිය) නොදත්තවුන් අතර දන්නා බැවින් ද - දැනගත යුතු දේ දැනසිටි බැවින් ද කරුණු ඇති සැටියෙන් පහදා පවසන බැවින්ද තථාගත යැයි කියනු ලැබේ. දෙව් මිනිසුන් විසින් මලින්, සුවඳින් වැනි බාහිරව සකස් වූ දෙයින්ද, දෙසන ලද දහම් කරුණු අනුව පිළිපැද, ඒවා තමන් කෙරෙහි පිහිටුවා ගැනීමේ පිළිවෙතින්ද තථාගතයන් වහන්සේ පූජා ලබන ලදහ. එහෙයින් සක්දෙවිඳු සියළුම දෙව් පිරිස සමග එක්ව ඒ අදහස් ගොනුකොට, තථාගතං දෙවමනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ථි හොතු යනුවෙන් කීය.
යස්මා පන ධම්මෙ මග්ගධම්මො යථා යුගනන්ධ සමථවිපස්සනාබලෙන ගන්තබ්බං කිලෙසපක්ඛං සමුච්ඡින්දන්තෙන, තථා ගතොති තථාගතො. නිබ්බානධම්මොපි යථා ගතො පඤ්ඤාය පටිවිද්ධො සබ්බදුක්ඛවිඝාතාය සම්පජ්ජති, බුද්ධාදීහි තථා අවගතො, තස්මා “තථාගතො”ති වුච්චති. යස්මා ච සඞ්ඝොපි යථා අත්තහිතාය පටිපන්නෙහි ගන්තබ්බං තෙන තෙන මග්ගෙන, තථා ගතො, තස්මා “තථාගතො” ත්වෙව වුච්චති. තස්මා අවසෙසගාථාද්වයෙපි තථාගතං ධම්මං නමස්සාම සුවත්ථි හොතු, තථාගතං සඞ්ඝං නමස්සාම සුවත්ථි හොතූති වුත්තං. සෙසං වුත්තනයමෙවාති.
දහමෙහි පිළිවෙත් මග පරිදි සමථ-විදසුන් යන දෙයාකාර බල එක් කොට කෙලෙස් පැති මුළුමනින්ම සිඳලීමෙන් යායුතු තැනට ගිය බැවින්ද තථාගත වේ. නිවන් දහම නුවණින් පිරිසිඳ දැන, සියළු දුක් නැතිකරනු පිණිස, පැමිණ බුදුවරුන් ආදී උතුමන් විසින් එසේ අවබෝධ කරන ලද බැවින්ද තථාගත යැයි කියනු ලැබේ. සාවක පිරිසද තම හිතසුව පිණිස ඒ පිළිවෙත් මගට පැමිණ එසේ (සෝවාන් ආදී) ඒ ඒ මගින් (සසරින් එතරට) ගිය බැවින්ද තථාගත නම් වේ. ඒ අනුව තථාගතම වේ යැයි කියනු ලැබේ. අවසාන ගාථා දෙකින්ද ‘තථාගතයන් (වහන්සේගේ) දහමට නමස්කාර කරන්නෙමු. සෙත්වේවා! තථාගතයන් වහන්සේගේ සාවක රහත් උතුමන්ට නමස්කාර කරන්නෙමු, සැපවේවා’යි කියන ලදී. ඉතිරි කරුණු ඉහතින් සඳහන් වූ පරිදිමය.
එවං සක්කො දෙවානමින්දො ඉමං ගාථාත්තයං භාසිත්වා භගවන්තං පදක්ඛිණං කත්වා දෙවපුරමෙව ගතො සද්ධිං දෙවපරිසාය. භගවා පන තදෙව රතනසුත්තං දුතියදිවසෙපි දෙසෙසි, පුන චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසි. එවං භගවා යාව සත්තමං දිවසං දෙසෙසි, දිවසෙ දිවසෙ තථෙව ධම්මාභිසමයො අහොසි. භගවා අඩ්ඪමාසමෙව වෙසාලියං විහරිත්වා රාජූනං “ගච්ඡාමා”ති පටිවෙදෙසි. තතො රාජානො දිගුණෙන සක්කාරෙන පුන තීහි දිවසෙහි භගවන්තං ගඞ්ගාතීරං නයිංසු. ගඞ්ගායං නිබ්බත්තා නාගරාජානො චින්තෙසුං – “මනුස්සා තථාගතස්ස සක්කාරං කරොන්ති, මයං කිං න කරිස්සාමා”ති සුවණ්ණරජතමණිමයා නාවායො මාපෙත්වා සුවණ්ණරජතමණිමයෙ එව පල්ලඞ්කෙ පඤ්ඤාපෙත්වා පඤ්චවණ්ණපදුමසඤ්ඡන්නං උදකං කරිත්වා “අම්හාකං අනුග්ගහං කරොථා”ති භගවන්තං උපගතා. භගවා අධිවාසෙත්වා රතනනාවමාරූළ්හො පඤ්ච ච භික්ඛුසතානි සකං සකං නාවං. නාගරාජානො භගවන්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙන නාගභවනං පවෙසෙසුං. තත්ර සුදං භගවා සබ්බරත්තිං නාගපරිසාය ධම්මං දෙසෙසි. දුතියදිවසෙ දිබ්බෙහි ඛාදනීයභොජනීයෙහි මහාදානං අදංසු. භගවා අනුමොදිත්වා නාගභවනා නික්ඛමි.
සක්දෙව් මෙසේ මෙම ගාථා තුන කියා භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට දෙව් පිරිස සමග දෙව්පුරයටම ගියේය. බුදුරජාණන් වහන්සේ ඒ රුවන් සුතුරම දෙවන දිනයෙහිද දේසනා කළහ. නැවතද අසූහාර දහසකට දහම් අවබෝධ විය. මෙසේ සත්දිනක්ම දේසනා කළහ. ඒ ඒ දිනවල දේසනාව අවසානයෙහි එපරිදිම දහම් අවබෝධය ලදහ. භාග්‍යවතුන් වහන්සේ අඩමසක් විසාලාවෙහි වාසය කොට, ‘නගරයෙන් පිටවන්නෙමු’යි රජවරුන්ට දැන්වූහ. එවිට රජවරු (පෙරටත් වඩා) දෙගුණ වූ ගරුසකාරයෙන් නැවත තෙදිනකින් ගංතෙරට කැඳවාගෙන ගියහ. ගඟෙහි උපන් නා රජවරුද ‘තථාගතයන් වහන්සේට මිනිස්සු සත්කාර කරති, අපි කිනම් හෝ සත්කාරයක් නොකරන්නෙමුදැ’යි රන් රිදී මැණික් නැව් මවා, රන්, රිදී මැණික් අසුන් පනවා පස්පැහැ පස්පියුමෙන් දිය මතුපිට සකසා, ‘අපට (පුදසත්කාර සඳහා) උපකාර වුව මැනවැයි ‘භාග්‍යවතුන් වහන්සේ වෙත සැළකළහ. එය ඉවසූ බුදුරජාණන් වහන්සේ රුවන්මය නැවට පිවිසුනහ. පන්සියයක් සඟ පිරිසද නැව් පන්සියයකට පිවිසියහ. නා රජවරු බුදුපාමොක් මහ සඟ පිරිස නාග විමනට කැඳවාගෙන ගියහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ නා පිරිසට මුළු රැයම දහම් දෙසූහ. පසුදින නාගයෝ කෑයුතු බුදිය යුතු දිව බොජුනින් මහදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා කොට නා බවනින් නික්මුණහ.
භූමට්ඨා දෙවා “මනුස්සා ච නාගා ච තථාගතස්ස සක්කාරං කරොන්ති, මයං කිං න කරිස්සාමා”ති චින්තෙත්වා වනගුම්බරුක්ඛපබ්බතාදීසු ඡත්තාතිඡත්තානි උක්ඛිපිංසු. එතෙනෙව උපායෙන යාව අකනිට්ඨබ්රහ්මභවනං, තාව මහාසක්කාරවිසෙසො නිබ්බත්ති. බිම්බිසාරොපි ලිච්ඡවීහි ආගතකාලෙ කතසක්කාරතො දිගුණමකාසි, පුබ්බෙ වුත්තනයෙනෙව පඤ්චහි දිවසෙහි භගවන්තං රාජගහං ආනෙසි.
පොළවෙහි වැසි දෙවිවරු ‘මිනිස්සු ද නාගයෝ ද තථාගතයන් වහන්සේට සත්කාර කරති, අපි කිනම් බඳු සත්කාර නොකරන්නෙමුදැ’යි සිතා වනලැහැබ්වල, ගස් පව් මුදුන් ආදියෙහි සේසත් පිට සේසත් නැංවූහ. මේ ආකාරයෙන් අකනිටා බඹලෝ දක්වා මහත් සත්කාර පැවැත්වීය. බිම්බිසාර රජුද, ලිච්ඡවී රජවරුන් පැමිණි කල කරන ලද සත්කාරවලට වඩා දෙගුණ වන පරිදි සත්කාර කළේය. පෙර කී පරිද්දෙන්ම පස්දිනකින් භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට වැඩම කරවන ලදී.
රාජගහමනුප්පත්තෙ භගවති පච්ඡාභත්තං මණ්ඩලමාළෙ සන්නිපතිතානං භික්ඛූනං අයමන්තරකථා උදපාදි – “අහො බුද්ධස්ස භගවතො ආනුභාවො, යං උද්දිස්ස ගඞ්ගාය ඔරතො ච පාරතො ච අට්ඨයොජනො භූමිභාගො නින්නඤ්ච ථලඤ්ච සමං කත්වා වාලුකාය ඔකිරිත්වා පුප්ඵෙහි සඤ්ඡන්නො, යොජනප්පමාණං ගඞ්ගාය උදකං නානාවණ්ණෙහි පදුමෙහි සඤ්ඡන්නං, යාව අකනිට්ඨභවනා ඡත්තාතිඡත්තානි උස්සිතානී”ති. භගවා තං පවත්තිං ඤත්වා ගන්ධකුටිතො නික්ඛමිත්වා තඞ්ඛණානුරූපෙන පාටිහාරියෙන ගන්ත්වා මණ්ඩලමාළෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි – “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති? භික්ඛූ සබ්බං ආරොචෙසුං. භගවා එතදවොච – “න, භික්ඛවෙ, අයං පූජාවිසෙසො මය්හං බුද්ධානුභාවෙන නිබ්බත්තො, න නාගදෙවබ්රහ්මානුභාවෙන, අපිච ඛො පුබ්බෙ අප්පමත්තකපරිච්චාගානුභාවෙන නිබ්බත්තො”ති. භික්ඛූ ආහංසු – “න මයං, භන්තෙ, තං අප්පමත්තකං පරිච්චාගං ජානාම, සාධු නො භගවා තථා කථෙතු, යථා මයං තං ජානෙය්යාමා”ති.
භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට පැමිණිවිට, පසුබත් කාලයෙහි වටරවුම් සාලාවෙහි රැස් වූ සඟ පිරිස අතර, ‘යම් තැනැත්තකු වෙනුවෙන් ගඟෙහි එතෙර මෙතෙර, අටයොදුනක් වූ බිම් පෙදෙසෙහි දියෙහිද ගොඩබිමෙහිද සමකොට වැලි අතුරා, මලින් ගැවසී තිබුණේද, යොදුනක් පමණ ගංගා ජලයෙහි නන් පැහැති පියුමින් ගැවසුණද, අකනිටා බවන දක්වා සේසත් පිට සේසත් නැංවීද, ඒ භගවත් බුදුරජාණන් වහන්සේගේ බලමහිමය හරි පුදුමයි’ යනුවෙන් මේ අතුරු කතාබහ ඇතිවිය. භාග්‍යවතුන් වහන්සේ ඒ බව දැන, සුවඳ කුටියෙන් නික්ම, ඒ මොහොතට සුදුසු අයුරින් පැමිණ පනවන ලද උතුම් බුදුඅසුන්හි වැඩසිටියහ. එසේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, දැන් කිනම් කතාබහකින් සිටියාහුදැ’යි සඟ පිරිස ඇමතූහ. සංඝයා වහන්සේලා ඒ සියළු තොරතුරු සැළකළහ. ‘මහණෙනි, මේ වෙසෙස් වූ පූජා මගේ බුදු බලයෙන් පැවැතියේ නොවේ. නාගයන්ගේ, දෙවියන්ගේ, බඹුන්ගේ බලයෙන්ද නොවේ. එතෙකුදු වුවත්, පෙර, අපමණ වූ දේ (පවරා) දෙනු ලැබූ බැවින්, ඒ බලයෙනැ’යි වදාළහ. ‘හිමියනි, ඒ අපමණ දෙන ලද දේ පිළිබඳව අපි නොදනිමු. අපට දැනගැනීමට එය වදාරන්නේ නම් මැනවැයි සඟ පිරිස කීහ.
භගවා ආහ – භූතපුබ්බං, භික්ඛවෙ, තක්කසිලායං සඞ්ඛො නාම බ්රාහ්මණො අහොසි. තස්ස පුත්තො සුසීමො නාම මාණවො සොළසවස්සුද්දෙසිකො වයෙන, සො එකදිවසං පිතරං උපසඞ්කමිත්වා අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. තං පිතා ආහ – “කිං, තාත සුසීමා”ති? සො ආහ – “ඉච්ඡාමහං, තාත, බාරාණසිං ගන්ත්වා සිප්පං උග්ගහෙතු”න්ති. “තෙන හි, තාත සුසීම, අසුකො නාම බ්රාහ්මණො මම සහායකො, තස්ස සන්තිකං ගන්ත්වා උග්ගණ්හාහී”ති කහාපණසහස්සං අදාසි. සො තං ගහෙත්වා මාතාපිතරො අභිවාදෙත්වා අනුපුබ්බෙන බාරාණසිං ගන්ත්වා උපචාරයුත්තෙන විධිනා ආචරියං උපසඞ්කමිත්වා අභිවාදෙත්වා අත්තානං නිවෙදෙසි. ආචරියො “මම සහායකස්ස පුත්තො”ති මාණවං සම්පටිච්ඡිත්වා සබ්බං පාහුනෙය්යමකාසි. සො අද්ධානකිලමථං පටිවිනොදෙත්වා තං කහාපණසහස්සං ආචරියස්ස පාදමූලෙ ඨපෙත්වා සිප්පං උග්ගහෙතුං ඔකාසං යාචි. ආචරියො ඔකාසං කත්වා උග්ගණ්හාපෙසි.
භාග්‍යවතුන් වහන්සේ (මෙසේ) වදාළහ. ‘මහණෙනි, පෙර තක්සලාවෙහි සංඛ නම් බමුණෙක් විය. ඔහුගේ සුසීම නම් සොළොස් වියැති තරුණ පුතු දිනක් පියා ළඟට අවුත් එකත්පස්ව සිටියේය. ‘සුසීම, කුමක්ද දරුව’ පියා ඇසීය. ‘පියාණනි, මම බරණැසට ගොස් සිප්සතර ඉගෙනීමට කැමැත්තෙමි’යි කීය. එවිට බමුණා, ‘එසේනම් දරුව, අසවල් නම් ඇති බමුණා මගේ යහළුවෙකි. ඔහු වෙතින් උගනුව’යි කහවණු දහසක් දුන්නේය. ඔහු එය රැගෙන මව්පියන් වැඳ අනුපිළිවෙලින් බරණැසට ගොස් කළයුතු සිරිත් අනුව ගුරුතුමා වෙත එළඹ, වැඳ තමන් හඳුන්වා දුන්නේය. ඇදුරුතුමා, ‘මගේ යහ යහළුවාගේ පුතු’ යැයි තරුණයා පිළිගෙන සියළු ආගන්තුක සත්කාර කළේය. සුසීම ගමන් විඩාව දුරු වූ පසු ඒ කහවණු දහස ඇදුරුතුමාගේ පාමුල තබා සිප්සතර ඉගෙනීමට අවසර ඉල්ලීය. ඇදුරුතුමා එය පිළිගෙන උගැන්වීය.
සො ලහුඤ්ච ගණ්හන්තො බහුඤ්ච ගණ්හන්තො ගහිතගහිතඤ්ච සුවණ්ණභාජනෙ පක්ඛිත්තමිව සීහතෙලං අවිනස්සමානං ධාරෙන්තො ද්වාදසවස්සිකං සිප්පං කතිපයමාසෙනෙව පරියොසාපෙසි. සො සජ්ඣායං කරොන්තො ආදිමජ්ඣංයෙව පස්සති, නො පරියොසානං. අථ ආචරියං උපසඞ්කමිත්වා ආහ – “ඉමස්ස සිප්පස්ස ආදිමජ්ඣමෙව පස්සාමි, පරියොසානං න පස්සාමී”ති. ආචරියො ආහ – “අහම්පි, තාත, එවමෙවා”ති. “අථ කො, ආචරිය, ඉමස්ස සිප්පස්ස පරියොසානං ජානාතී”ති? “ඉසිපතනෙ, තාත, ඉසයො අත්ථි, තෙ ජානෙය්යු”න්ති. තෙ උපසඞ්කමිත්වා “පුච්ඡාමි, ආචරියා”ති. “පුච්ඡ, තාත, යථාසුඛ”න්ති. සො ඉසිපතනං ගන්ත්වා පච්චෙකබුද්ධෙ උපසඞ්කමිත්වා පුච්ඡි – “ආදිමජ්ඣපරියොසානං ජානාථා”ති? “ආමාවුසො, ජානාමා”ති. “තං මම්පි සික්ඛාපෙථා”ති. “තෙන, හාවුසො, පබ්බජාහි, න සක්කා අපබ්බජිතෙන සික්ඛිතු”න්ති. “සාධු, භන්තෙ, පබ්බාජෙථ වා මං, යං වා ඉච්ඡථ, තං කත්වා පරියොසානං ජානාපෙථා”ති. තෙ තං පබ්බාජෙත්වා කම්මට්ඨානෙ නියොජෙතුං අසමත්ථා “එවං තෙ නිවාසෙතබ්බං, එවං පාරුපිතබ්බ”න්තිආදිනා නයෙන ආභිසමාචාරිකං සික්ඛාපෙසුං. සො තත්ථ සික්ඛන්තො උපනිස්සයසම්පන්නත්තා න චිරෙනෙව පච්චෙකබොධිං අභිසම්බුජ්ඣි. සකලබාරාණසියං “සුසීමපච්චෙකබුද්ධො”ති පාකටො අහොසි ලාභග්ගයසග්ගප්පත්තො සම්පන්නපරිවාරො. සො අප්පායුකසංවත්තනිකස්ස කම්මස්ස කතත්තා න චිරෙනෙව පරිනිබ්බායි. තස්ස පච්චෙකබුද්ධා ච මහාජනකායො ච සරීරකිච්චං කත්වා ධාතුතො ගහෙත්වා නගරද්වාරෙ ථූපං පතිට්ඨාපෙසුං.
තරුණයා සුළුවෙන් හෝ වැඩියෙන් හෝ අසා දරා ගත් දේ රන්බඳුනෙහි දැමූ සිංහතෙල් මෙන් අමතක නොකොට සිත දරමින් දොළොස් වසරකින් ඉගෙන ගතයුතු සිප්සතර මාස කීපයකින් ඉගෙන අවසන් කළේය. ඔහු එය වනපොත් කරනවිට එහි මුල, මැද මිස අවසානය නොදකී. ඉක්බිති ඇදුරු වෙතට ගොස්, ‘මේ සිප්සතර මුල, මැද දකිමි, අවසානය නොදකිමි’යි කීය. ‘දරුව, මමද එසේ වෙමි’යි ඇදුරුතුමා කීය. ‘එසේනම්, මේ සිප්සතරෙහි අවසානය දන්නේ කවරෙකුදැ’යි ඇසීය. ‘දරුව, ඉසිපතනයෙහි ඉසිවරු ඇත්තාහ, ඔවුන් දනිති’යි පැවසීය. ‘ඇදුරුතුමනි, ඔවුන්ගෙන් විමසමි’යි කීය. ‘ඔබට පහසු වේනම් විමසන්නැ’යි ඇදුරුතුමා අවසර දුන්නේය. ඔහු ඉසිපතනයට ගොස්, පසේබුදුවරුන් හමුවී ‘මුල-මැද-අවසානය දන්නෙහුදැ’යි ඇසීය. ‘ඇවැත්නි, එසේය, දනිමු’යැයි කීය. ‘එය මට ද උගන්වනු මැනව’, ‘එසේනම් ඇවැත්නි, පැවිදිවන්න, පැවිදි නොවන්නන්ට ඉගැන්වීමට නොහැකි’ යැයි පැවසූහ. ‘හොඳයි, හිමියනි, පැවිදිකොට හෝ, ඔබවහන්සේලාට කැමති ලෙස කටයුතු කොට හෝ අවසානය දැනගැනීමට සැලැස්වුව මැනවැ’යි කීය. පසේ බුදුවරු ඔහු පැවිදිකොට, කමටහන් පෙන්වාදීමට නොහැකිව, ‘ඔබ මෙසේ සිවුරු හැඳිය යුතුය, මෙසේ සිවුරු පෙරවිය යුතුයි, ආදී ලෙසින් උසස් හැසිරීම් වත්පිළිවෙත්හි හික්මවූහ. ඒ තරුණ හිමි, එසේ හික්මී, මගපල හේතු සම්පත් ඇති බැවින්, නොබෝ කලකින්ම පසේ බුදුබව අවබෝධ කළේය. දානමානාදි පුදසත්කාර ලැබීමෙන් හා පැතිරුණු කිත් රාවයෙන්ද, පිරිවරද යුතුව සුසීම පසේබුදු නමින් පතළ වූහ. පෙර කරන ලද කම්විපාක අනුව කලක් ජීවත්වීමට තරම් ආයු නොලද සුසීම පසේබුදුහු නොබෝ කලකින්ම පිරිනිවන් පෑහ. අනෙක් පසේබුදුවරුද, මහජනයාද සුසීම පසේබුදුන් ආදාහනය කොට, ධාතු තැත්පත් කොට, නගරදොරටුවෙහි ථූපයක් පිහිටවූහ.
අථ ඛො සඞ්ඛො බ්රාහ්මණො “පුත්තො මෙ චිරගතො, න චස්ස පවත්තිං ජානාමී”ති පුත්තං දට්ඨුකාමො තක්කසිලාය නික්ඛමිත්වා අනුපුබ්බෙන බාරාණසිං පත්වා මහාජනකායං සන්නිපතිතං දිස්වා “අද්ධා බහූසු එකොපි මෙ පුත්තස්ස පවත්තිං ජානිස්සතී”ති චින්තෙන්තො උපසඞ්කමිත්වා පුච්ඡි – “සුසීමො නාම මාණවො ඉධ ආගතො අත්ථි, අපි නු තස්ස පවත්තිං ජානාථා”ති? තෙ “ආම, බ්‍රාහ්මණ, ජානාම, අස්මිං නගරෙ බ්රාහ්මණස්ස සන්තිකෙ තිණ්ණං වෙදානං පාරගූ හුත්වා පච්චෙකබුද්ධානං සන්තිකෙ පබ්බජිත්වා පච්චෙකබුද්ධො හුත්වා අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි, අයමස්ස ථූපො පතිට්ඨාපිතො”ති ආහංසු. සො භූමිං හත්ථෙන පහරිත්වා, රොදිත්වා ච පරිදෙවිත්වා ච තං චෙතියඞ්ගණං ගන්ත්වා තිණානි උද්ධරිත්වා උත්තරසාටකෙන වාලුකං ආනෙත්වා, පච්චෙකබුද්ධචෙතියඞ්ගණෙ ආකිරිත්වා, කමණ්ඩලුතො උදකෙන සමන්තතො භූමිං පරිප්ඵොසිත්වා වනපුප්ඵෙහි පූජං කත්වා උත්තරසාටකෙන පටාකං ආරොපෙත්වා ථූපස්ස උපරි අත්තනො ඡත්තං බන්ධිත්වා පක්කාමීති.
සංඛ බමුණාද ‘මගේ පුතු (සිප්සතර ඉගෙනීමට) ගොස් බොහෝ කල් ගතවීය. ඔහුගේ තොරතුරක් නොදනිමි’ යි පුතු දකිනු කැමතිව, තක්සලාවෙන් පිටත්ව, අනුපිළිවෙලින් මග ගෙවා, බරණැසට පැමිණ, මහජනයා රැස්ව සිටිනු දැක, මේ බොහෝ දෙනාගෙන් එක් තැනැත්තකු හෝ මගේ පුතාගේ තොරතුරක් ඒකාන්තයෙන්ම දන්නවා ඇතැ’යි සිතමින්, එතැනට පැමිණ, ‘සුසීම නම් තරුණයෙකු මෙහි පැමිණ ඇති, ඔහු ගැන තොරතුරක් දනිවුදැ’යි ඇසීය. ‘එසේය, බමුණ දනිමු, නගරයෙහි බමුණකු වෙතින් තුන් වේදයෙහිම පරතෙරට පත්ව, පසේ බුදුවරුන් ළඟ පැවිදිව, අනුපදිසෙසව පිරිනිවන් පෑහ. මේ උන්වහන්සේ වෙනුවෙන් පිහිටුවන ලද ථූපය’ යැයි ඔවුහු කීහ. ඔහු පොළවෙහි අත්ගසා හඬාවැලපී, ඒ සෑමළුව තණකොළ උදුරා, උතුරු සළුවෙන් වැලි ගෙනවුත් පසේබුදු සෑමළුවෙහි අතුරා, බිම හාත්පස කෙණ්ඩියෙන් පැන් ඉස, වනමලින් පූජාකොට, උතුරු සළුවෙන් කොඩියක් නංවා, ථූපය මතුයෙහි තම කුඩය සවිකොට පිටත්ව ගියේය.
එවං අතීතං දස්සෙත්වා තං ජාතකං පච්චුප්පන්නෙන අනුසන්ධෙන්තො භික්ඛූනං ධම්මකථං කථෙසි – “සියා ඛො පන වො, භික්ඛවෙ, එවමස්ස අඤ්ඤො නූන තෙන සමයෙන සඞ්ඛො බ්රාහ්මණො අහොසී”ති, න ඛො පනෙතං එවං දට්ඨබ්බං, අහං තෙන සමයෙන සඞ්ඛො බ්රාහ්මණො අහොසිං, මයා සුසීමස්ස පච්චෙකබුද්ධස්ස චෙතියඞ්ගණෙ තිණානි උද්ධටානි, තස්ස මෙ කම්මස්ස නිස්සන්දෙන අට්ඨයොජනමග්ගං විගතඛාණුකණ්ටකං කත්වා සමං සුද්ධමකංසු, මයා තත්ථ වාලුකා ඔකිණ්ණා, තස්ස මෙ නිස්සන්දෙන අට්ඨයොජනමග්ගෙ වාලුකං ඔකිරිංසු. මයා තත්ථ වනකුසුමෙහි පූජා කතා, තස්ස මෙ නිස්සන්දෙන නවයොජනමග්ගෙ ථලෙ ච උදකෙ ච නානාපුප්ඵෙහි පුප්ඵසන්ථරං අකංසු. මයා තත්ථ කමණ්ඩලුදකෙන භූමි පරිප්ඵොසිතා, තස්ස මෙ නිස්සන්දෙන වෙසාලියං පොක්ඛරවස්සං වස්සි. මයා තස්මිං චෙතියෙ පටාකා ආරොපිතා, ඡත්තඤ්ච බද්ධං, තස්ස මෙ නිස්සන්දෙන යාව අකනිට්ඨභවනා පටාකා ච ආරොපිතා, ඡත්තාතිඡත්තානි ච උස්සිතානි. ඉති ඛො, භික්ඛවෙ, අයං මය්හං පූජාවිසෙසො නෙව බුද්ධානුභාවෙන නිබ්බත්තො, න නාගදෙවබ්රහ්මානුභාවෙන, අපිච ඛො අප්පමත්තකපරිච්චාගානුභාවෙන නිබ්බත්තො”ති. ධම්මකථාපරියොසානෙ ඉමං ගාථමභාසි –
මෙසේ අතීතය දක්වා, ඒ ජාතකය වත්මන් කාලය හා ගළපමින්, සඟ පිරිසට දහම් කථා කළහ. ‘මහණෙනි, එකල සංඛ බමුණා වෙනත් කෙනෙකැයි ඔබලාට සිතිය හැකියි, මහණෙනි, එසේ නොදත යුතුයි, එකල සංඛ බමුණා නම් මම වීමි. මා විසින් සුසීම පසේබුදුන්ගේ සෑමළුවෙහි තණකොළ උදුරන ලද්දේය. ඒ කම්විපාකයෙන් අටයොදුන් මග කැටකැබලිති ආදිය ඉවත්වී, සමව පිරිසිදු බවට පත්විය. මා එහි වැලි අතුරන ලදී. වනමලින් පුදන ලදී. ඒ කම්විපාකයෙන් නවයොදුන් මග ජලයෙහිද, ගොඩබිමෙහිද නානාවලින් සෑදුණු මල් ඇතිරිල්ලක් විය. මා එහි කෙණ්ඩියෙන් පැන් ඉසින ලදී. ඒ කම්විපාකයෙන් විසාලාවෙහි පොකුරු වැසි වැස්සේය. මා විසින් සෑයෙහි කොඩි නංවන ලදී. (සෑයෙහි කොත පරිදි) කුඩයක් බඳින ලදී. ඒ විපාකයෙන් අකනිටා බවන තෙක් කොඩි නංවා, සේසත් ඔසවනු ලැබීය. මහණෙනි, මේ ආකාරයෙන් මා මහත් වූ වෙසෙස් පූජා ලද්දේ බුදුබලයකින් නොවේ. නාග-දේව-බ්‍රහ්ම ආනුභාවයෙන් නොවේ. ඉතා සුළු වුවත් දීමෙහි බලයෙන්’ යැයි දහම් කතාව අවසානයෙහි මෙම අදහස ඇති ගාථාවක්ද වදාළහ.
“මත්තාසුඛපරිච්චාගා, පස්සෙ චෙ විපුලං සුඛං; චජෙ මත්තාසුඛං ධීරො, සම්පස්සං විපුලං සුඛ”න්ති. (ධ· ප· 290);
මත්තාසුබ පරිච්චාගා පස්සෙ චෙ විපුලං සුඛං වජෙ මත්තාසුඛං ධීරො සම්පස්සං විපුලං සුඛං
‘ඉතා සුළු වූ සැපදෙන දෙයක් වුවත් අත්හැරීමෙන් උදාර වූ (නිවන්) සුවය දක්නේ වේද, ඒ උදාර වූ නිවන් සුව දකිනු කැමති නුවණැති තැනැත්තා ඒ ඉතා සුළු වූ සැපය වුවද අත්හරින්නේය.’
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය රතනසුත්තවණ්ණනා නිට්ඨිතා.
රතන සූත්‍ර විස්තරය නිමි.