12. මුනි සුත්තවණ්ණනා අට්ඨකථා
12. මුනි සුත්තවණ්ණනා
12. මුනි සූත්‍ර වර්ණනාව
සන්ථවාතො භයං ජාතන්ති මුනිසුත්තං. කා උප්පත්ති? න සබ්බස්සෙව සුත්තස්ස එකා උප්පත්ති, අපිචෙත්ථ ආදිතො තාව චතුන්නං ගාථානං අයමුප්පත්ති – භගවති කිර සාවත්ථියං විහරන්තෙ ගාමකාවාසෙ අඤ්ඤතරා දුග්ගතිත්ථී මතපතිකා පුත්තං භික්ඛූසු පබ්බාජෙත්වා අත්තනාපි භික්ඛුනීසු පබ්බජි. තෙ උභොපි සාවත්ථියං වස්සං උපගන්ත්වා අභිණ්හං අඤ්ඤමඤ්ඤස්ස දස්සනකාමා අහෙසුං. මාතා කිඤ්චි ලභිත්වා පුත්තස්ස හරති, පුත්තොපි මාතු. එවං සායම්පි පාතොපි අඤ්ඤමඤ්ඤං සමාගන්ත්වා ලද්ධං ලද්ධං සංවිභජමානා, සම්මොදමානා, සුඛදුක්ඛං පුච්ඡමානා, නිරාසඞ්කා අහෙසුං. තෙසං එවං අභිණ්හදස්සනෙන සංසග්ගො උප්පජ්ජි, සංසග්ගා විස්සාසො, විස්සාසා ඔතාරො, රාගෙන ඔතිණ්ණචිත්තානං පබ්බජිතසඤ්ඤා ච මාතුපුත්තසඤ්ඤා ච අන්තරධායි. තතො මරියාදවීතික්කමං කත්වා අසද්ධම්මං පටිසෙවිංසු, අයසප්පත්තා ච විබ්භමිත්වා අගාරමජ්ඣෙ වසිංසු. භික්ඛූ භගවතො ආරොචෙසුං. “කිං නු සො, භික්ඛවෙ, මොඝපුරිසො මඤ්ඤති න මාතා පුත්තෙ සාරජ්ජති, පුත්තො වා පන මාතරී”ති ගරහිත්වා “නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමී”තිආදිනා (අ· නි· 5.55) අවසෙසසුත්තෙනපි භික්ඛූ සංවෙජෙත්වා “තස්මාතිහ, භික්ඛවෙ –
සන්ථවාතො භයං ජාතං යනු මුනි සූත්‍රයයි. එය දේශනා කිරිමට හේතුව කුමක්ද? මෙම සූත්‍රයෙහි සියළුම ගාථාවලට හේතු වූයේ එකම කරුණක් නොවේ. එහෙත් එහි මුල පටන් සිවුවන ගාථාවට අදාල වන කතාවයි මේ, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයෙහි ගම්වැසි එක් දිළිඳු, වැන්දඹු ගැහැණියක් තම පුතු පැවිදිකොට, මෙහෙණින් අතර පැවිදි වූවාය. ඒ දෙදෙනාම සැවැත් නුවරම වස් එළඹ නිතර එකිනෙකා දකිනු කැමති වූහ. මව කිසියම් දෙයක් ලැබුණු විට පුතුට ගෙන යන්නීය. පුතුද ලද දෙයක් මවට ගෙන යයි. මෙසේ උදේත්, සවසත්, එකිනෙකා හමුව ලද ලද දේ බෙදා ගනිමින්, සතුටුසාමීචියෙහි යෙදෙමින්, සැප දුක විමසමින්, බිය සැක නොමැතිව සිටියහ. නිතර නිතර දැකීමෙන් ඔවුන් අතර ඇසුර වැඩිවිය. ඒ ඇසුර එකිනෙකා තදින් ඇදහීමත්, ඒ ඇදහීමෙන් වැරදි සිදුවීමට ඇති ඉඩකඩත්, රාගයෙන් මැඩුණු සිත්වලට පැවිදි ජීවිතය ගැනද, මව පුතු හැඟීමද අතුරුදන් කරනු ලැබීය. එයින් සීමා ඉක්මවා අයහපත් දෙයෙහි නියැලුණහ. අවමානයට පත්ව, උපැවිදි වී ගිහිව වාසය කළහ. සංඝයා වහන්සේලා එය භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. ‘මහණෙනි, කිමෙක්ද? මව පුතු කෙරෙහි රාගයෙන් නොඇලිය යුතු බවත්, පුතු මව කෙරෙහි රාගයෙන් නොඇලිය යුතු බවත්, ඒ හිස් මිනිසා නොදනීදැ’යි ගරහා, ‘මහණෙනි, මම වෙනත් එකම රූපයක් නොදකිමි. ‘නාහං භික්ඛවෙ අඤ්ඤං එක රූපම්පි සමනුපස්සාමි’ ආදී ලෙසින් වෙනත් සූත්‍ර දේසනයෙන්ද මහණුන් (දහමෙහි) උනන්දු කොට, ‘එබැවින් මහණෙනි, ඉතා නපුරු වසවිසක් මෙන්ද, තඹලෝ සැලියක උණුවෙන තෙල් මෙන්ද කාන්තාව දුරුකළ (යුතු) වන්නේය.
“විසං යථා හලාහලං, තෙලං පක්කුථිතං යථා; තම්බලොහවිලීනංව, මාතුගාමං විවජ්ජයෙ”ති ච. –
විසං යථා හලාහලං තෙල මුක්කථිතං යථා තම්බලොහ විලීනංව මාතුගාමං විවජ්ජයෙ
වත්වා පුන භික්ඛූනං ධම්මදෙසනත්ථං – “සන්ථවාතො භයං ජාත”න්ති ඉමා අත්තුපනායිකා චතස්සො ගාථා අභාසි.
යනුවෙන්ද කියා නැවත දහම් දෙසනු පිණිස සන්ථවාතො භයං ජාතං යන තමා උපමා කෙරෙන ගාථා සතරක් වදාළහ.
තත්ථ සන්ථවො තණ්හාදිට්ඨිමිත්තභෙදෙන තිවිධොති පුබ්බෙ වුත්තො. ඉධ තණ්හාදිට්ඨිසන්ථවො අධිප්පෙතො. තං සන්ධාය භගවා ආහ – “පස්සථ, භික්ඛවෙ, යථා ඉදං තස්ස මොඝපුරිසස්ස සන්ථවාතො භයං ජාත”න්ති. තඤ්හි තස්ස අභිණ්හදස්සනකාමතාදිතණ්හාය බලවකිලෙසභයං ජාතං, යෙන සණ්ඨාතුං අසක්කොන්තො මාතරි විප්පටිපජ්ජි. අත්තානුවාදාදිකං වා මහාභයං, යෙන සාසනං ඡඩ්ඩෙත්වා විබ්භන්තො. නිකෙතාති “රූපනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො, ගහපති, ‘නිකෙතසාරී’ති වුච්චතී”තිආදිනා (සං· නි· 3.3) නයෙන වුත්තා ආරම්මණප්පභෙදා. ජායතෙ රජොති රාගදොසමොහරජො ජායතෙ. කිං වුත්තං හොති? න කෙවලඤ්ච තස්ස සන්ථවාතො භයං ජාතං, අපිච ඛො පන යදෙතං කිලෙසානං නිවාසට්ඨෙන සාසවාරම්මණං “නිකෙත”න්ති වුච්චති, ඉදානිස්ස භින්නසංවරත්තා අතික්කන්තමරියාදත්තා සුට්ඨුතරං තතො නිකෙතා ජායතෙ රජො, යෙන සංකිලිට්ඨචිත්තො අනයබ්යසනං පාපුණිස්සති. අථ වා පස්සථ, භික්ඛවෙ, යථා ඉදං තස්ස මොඝපුරිසස්ස සන්ථවාතො භයං ජාතං, යථා ච සබ්බපුථුජ්ජනානං නිකෙතා ජායතෙ රජොති එවම්පෙතං පදද්වයං යොජෙතබ්බං.
එම ගාථාවෙහි සන්ථවො තණ්හා, දිට්ඨි, මාන ලෙස තුන්ආකාර යැයි පෙර කියන ලදී. මෙහි තණ්හා, දිට්ඨි අදහස් කෙරේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සන්ථවාතො භයං ජාතං යැයි කීහ. ‘බලවු, මහණෙනි, නිතර දැකීමට කැමතිව, ඇලීම් ආදී ආසාවෙන් ඒ හිස් මිනිසාට බලවත් කෙලෙස් බය හටගත්තේය. එය දරාගත නොහැකිව මව කෙරෙහි වැරදි ලෙස කටයුතු කළේය. තමාට එල්ලවන අපහාස හෝ මහත් බය නිසා හෝ සසුන අතහැර ගිහි බවට පත්විය. නිකෙතා ‘ගහපතිය, රූපය නිමිතිකොට ගිහිගෙයි වාසය කිරීමේ බැඳීම නිකෙතසාරි යැයි කියනු ලැබේ. රූපනිමිත්තනිකෙන විඝාරනිවිබන්ධා ඛො ගහපති, නිකෙතසාරීති වුච්චති යනුවෙන් කියන ලද පරිදි ඒ අරමුණ දැඩිව සිතට ගැනීමයි. ජායතෙ රජො රාග, දෝස, මෝහ නැමති දූවිලි හටගැනීමේදී, කුමක් නිසා කියන ලද ද? හුදෙක් එබඳු තැනැත්තාට එක්ව ඇසුරු කිරීමෙන් පමණක් බිය ඇති නොවේ. එම කෙලෙස්වලට වසන තැනක් (රැඳෙන තැනක්) සේ ඒවා අරමුණු කොට නිකෙත යැයි කියනු ලබයි. දැන් ඔහුගේ සංවර බව බිඳී ඇති බැවින්, සංවර සීමා ඉක්මවා ඇති බැවින්, පහසුවෙන්ම කෙලෙස් දූවිලි හටගන්නා නිවහනක් වෙයි. එයින් කිලිටි වූ සිතින් බොහෝ දුකට පැමිණෙන්නේය. නැතහොත් ‘බලව, මහණෙනි, එක්ව ඇසුර නිසා මේ හිස් මිනිසාට බය ඇති වූවා සේම, මග පලයකට නොපත් සියළුම ජනයාට කෙලෙස් දූවිලිවලට නිවහන වේයැයි මෙසේ පද දෙකට යෙදිය යුතුය.
සබ්බථා පන ඉමිනා පුරිමද්ධෙන භගවා පුථුජ්ජනදස්සනං ගරහිත්වා අත්තනො දස්සනං පසංසන්තො “අනිකෙත”න්ති පච්ඡිමද්ධමාහ. තත්ථ යථාවුත්තනිකෙතපටික්ඛෙපෙන අනිකෙතං, සන්ථවපටික්ඛෙපෙන ච අසන්ථවං වෙදිතබ්බං. උභයම්පෙතං නිබ්බානස්සාධිවචනං. එතං වෙ මුනිදස්සනන්ති එතං අනිකෙතමසන්ථවං බුද්ධමුනිනා දිට්ඨන්ති අත්ථො. තත්ථ වෙති විම්හයත්ථෙ නිපාතො දට්ඨබ්බො. තෙන ච යං නාම නිකෙතසන්ථවවසෙන මාතාපුත්තෙසු විප්පටිපජ්ජමානෙසු අනිකෙතමසන්ථවං, එතං මුනිනා දිට්ඨං අහො අබ්භුතන්ති අයමධිප්පායො සිද්ධො හොති. අථ වා මුනිනො දස්සනන්තිපි මුනිදස්සනං, දස්සනං නාම ඛන්ති රුචි, ඛමති චෙව රුච්චති චාති අත්ථො.
භාග්‍යවතුන් වහන්සේ මේ මුල් පද දෙකෙන් පුහුදුන් මිනිසාගේ (කරුණු) තේරුම් ගන්නා අයුරු දොස් දක්වා තම දැකීම පසසමින් අනිකෙතං යැයි පසු පද දෙක වදාළහ. ඉහත කියන ලද පරිදි, ගිහිගෙයි පිළිකෙව් කිරීම අනිකෙතං කෙලෙස් සහගත ඇසුරක් නොවීම අසන්ථවං යැයි දතයුතුය. මේ නිවනට සමාන පද දෙකකි. එතං වෙ මුනි දස්සනං මෙම ගිහිගෙය පිළිකෙව් කිරීම සහ කෙලෙස් සහගත ඇසුර බුදුමුනිවරුන් විසින් දක්නා ලදැයි තේරුමයි. වෙ යනු පුදුමය අරුත දනවන නිපාතයකැයි දතයුතුය. එයින්ද ගිහිගෙයි ඇසුරු කිරිමෙන්, මව පුතු කෙරෙහි වැරදි අයුරින් පිළිපදිනවිටකදී. ගිහි නිවස හා ඇසුරෙන් ඈත්වී මුනිවරයන් වහන්සේ විසින් දක්නා ලද්දේ, අහා! පුදුම දෙයකි යන අදහස මුල් වේ. නැතහොත් මුනිවරයාගේ එම දැක්මම - මුනිදැකුමයි - මුනිදස්සනං - දස්සන නම් කැමැත්ත හෝ පියතාවයයි.
දුතියගාථාය යො ජාතමුච්ඡිජ්ජාති යො කිස්මිඤ්චිදෙව වත්ථුස්මිං ජාතං භූතං නිබ්බත්තං කිලෙසං යථා උප්පන්නාකුසලප්පහානං හොති, තථා වායමන්තො තස්මිං වත්ථුස්මිං පුන අනිබ්බත්තනවසෙන උච්ඡින්දිත්වා යො අනාගතොපි කිලෙසො තථාරූපප්පච්චයසමොධානෙ නිබ්බත්තිතුං අභිමුඛීභූතත්තා වත්තමානසමීපෙ වත්තමානලක්ඛණෙන “ජායන්තො”ති වුච්චති, තඤ්ච න රොපයෙය්‍ය ජායන්තං, යථා අනුප්පන්නාකුසලානුප්පාදො හොති, තථා වායමන්තො න නිබ්බත්තෙය්යාති අත්ථො. කථඤ්ච න නිබ්බත්තෙය්ය? අස්ස නානුප්පවෙච්ඡෙ, යෙන පච්චයෙන සො නිබ්බත්තෙය්ය තං නානුප්පවෙසෙය්ය න සමොධානෙය්ය. එවං සම්භාරවෙකල්ලකරණෙන තං න රොපයෙය්‍ය ජායන්තං. අථ වා යස්මා මග්ගභාවනාය අතීතාපි කිලෙසා උච්ඡිජ්ජන්ති ආයතිං විපාකාභාවෙන වත්තමානාපි න රොපීයන්ති තදභාවෙන, අනාගතාපි චිත්තසන්තතිං නානුප්පවෙසීයන්ති උප්පත්තිසාමත්ථියවිඝාතෙන, තස්මා යො අරියමග්ගභාවනාය ජාතමුච්ඡිජ්ජ න රොපයෙය්‍ය ජායන්තං, අනාගතම්පි චස්ස ජායන්තස්ස නානුප්පවෙච්ඡෙ, තමාහු එකං මුනිනං චරන්තං, සො ච අද්දක්ඛි සන්තිපදං මහෙසීති එවම්පෙත්ථ යොජනා වෙදිතබ්බා. එකන්තනික්කිලෙසතාය එකං, සෙට්ඨට්ඨෙන වා එකං. මුනිනන්ති මුනිං, මුනීසු වා එකං. චරන්තන්ති සබ්බාකාරපරිපූරාය ලොකත්ථචරියාය අවසෙසචරියාහි ච චරන්තං. අද්දක්ඛීති අද්දස. සොති යො ජාතමුච්ඡිජ්ජ අරොපනෙ අනනුප්පවෙසනෙ ච සමත්ථතාය “න රොපයෙය්‍ය ජායන්තමස්ස නානුප්පවෙච්ඡෙ”ති වුත්තො බුද්ධමුනි. සන්තිපදන්ති සන්තිකොට්ඨාසං, ද්වාසට්ඨිදිට්ඨිගතවිපස්සනානිබ්බානභෙදාසු තීසු සම්මුතිසන්ති, තදඞ්ගසන්ති, අච්චන්තසන්තීසු සෙට්ඨං එවං අනුපසන්තෙ ලොකෙ අච්චන්තසන්තිං අද්දස මහෙසීති එවමත්ථො වෙදිතබ්බො.
යම් මහණකු කිසියම් දෙයක් කෙරෙහි ඇතිකරගන්නා, උපදවා ගත් කෙලෙස් හැඟීම් මෙන්ම උපන් අකුසල් දුරු කරන්නේද, එසේ උත්සාහ කරමින්, ඒ දේ කෙරෙහි නැවත හටනොගන්නා ලෙස ඒවා ඉවත ලන්නේද, වත්මනෙහි (ඒ වේලාවෙහි) පවතින්නා වූ ඒ කෙලෙස් අනාගතයටද (තවදුරටත්-මතුවටද) පැවැතීමට ඉඩ ඇති බැවිනැයි දෙවන ගාථාවෙහි යො ඡාතමුච්ඡිජ්ජා යනුවෙන් කියනු ලැබේ. න රොපයෙය්‍ය ජායන්තං යම්සේ නූපන් අකුසල් ඇති නොවීමට වෑයම් කරමින්, නැවත අකුසල් ඇතිකර නොගන්නේ යැයි තේරුමයි. එසේ උපදවා නොගන්නේ කෙසේද? අස්ස නානුප්පවෙච්ඡෙ කෙලෙස් හටගැනීමට හේතුවන කරුණු මතුවීමට ඉඩ නොදෙන්නේය. ඒ කරුණු එක්තැන් නොකරන්නේය. මෙසේ එක්රැස් නොකරන බැවින්, ඒවා හටගෙන වැඩිදියුණු වීමටද ඉඩ නොතබන්නේය. නැතහොත්, මගපල සඳහා වන භාවනාවෙන්, කලින් තිබූ කෙලෙස් උදුරා, සිඳ දමනු ලබයිද, එවිට මතු විපාක නොමැති බැවින්, වත්මනෙහිද (කෙලෙස් සිඳ දමන ලද මොහොත) වැඩි දියුණු වීමක් එහි නොමැත. කෙලෙස් ඉපදවීම නසන ලදින්, අනාගතයෙහිද පවත්නා වූ සිත් පරම්පරාවකටද පිවිසීමට ඉඩක් නැත. එහෙයින් යම් මහණෙක්, උතුම් මගපල ලබන භාවනාවෙන්, හටගත් කෙලෙස් උදුරා දමා, යළි ඇති නොවන ලෙස, වැඩිදියුණු වීමට කටයුතු නොකරයි. මතුවටද එහෙයින් මතුවටද ඒවා හටගැනීමේ ඉඩක් නැත. තමාහු එකං මුනිනං චරන්තං අද්දක්ඛි සන්තිපදං මහෙසී ඒකාන්තයෙන්ම කෙලෙස් රහිත බැවින් මෙහි යෙදෙන අයුරු මෙසේද දතයුතුය. එකං උසස් යන අරුතින් හෝ එකං නම් වේ. මුනිනං මුනිවරයකු, මුනිවරුන් අතර හෝ එක් මුනිවරයෙකු චරන්තං හැම අතින්ම පිරිපුන්ව ලොවට හිතසුව පිණිසද, මුනිවරයාට අදාල වන හැසිරීම් රටාව අනුව යන, අද්දක්ඛි දුටුවේය. සො හටගත් කෙලෙස් උදුරා හරිමින්, නැවත හටගැනීම වැළැක්වීමට සමත් වූ ඒ මුනිවරයා, න රොපයෙය්‍ය, ජායන්තමස්ස නානුප්පවෙච්ඡෙ යනු (ඉහත) සඳහන් කරන ලද බුදුවරයා, රහතන් වහන්සේ හෙවත් මුනිවරයා, සනතිපදං සන්සිඳුණු කොටස, දෙසැටක් වැරදි දැකීම්, විදසුන්, නිවන යන කරුණු තුනක් අතරින්, සම්මතයක් ලෙස සැළකෙන සන්සිඳීම කෙලෙස් යටපත් කිරිමෙන් ලබන සන්සිඳීම හා මුළුමනින්ම (කෙලෙස් නැතිකොට) ලබන සන්සිඳීම උසස්ය. මෙසේ කලබලකාරි ලෝකයෙහි සියළු දෙයින්ම නිදහස්ව ලබන - ඒවා ඉක්මවා ලබන සන්සිඳීම උසස් බව පසක්ව දුටුයේ මහෙසී යැයි මෙසේ අරුත දතයුතුය.
තතියගාථාය සඞ්ඛායාති ගණයිත්වා, පරිච්ඡින්දිත්වා වීමංසිත්වා යථාභූතතො ඤත්වා, දුක්ඛපරිඤ්ඤාය පරිජානිත්වාති අත්ථො. වත්ථූනීති යෙසු එවමයං ලොකො සජ්ජති, තානි ඛන්ධායතනධාතුභෙදානි කිලෙසට්ඨානානි. පමාය බීජන්ති යං තෙසං වත්ථූනං බීජං අභිසඞ්ඛාරවිඤ්ඤාණං, තං පමාය හිංසිත්වා, බාධිත්වා, සමුච්ඡෙදප්පහානෙන පජහිත්වාති අත්ථො. සිනෙහමස්ස නානුප්පවෙච්ඡෙති යෙන තණ්හාදිට්ඨිසිනෙහෙන සිනෙහිතං තං බීජං ආයතිං පටිසන්ධිවසෙන තං යථාවුත්තං වත්ථුසස්සං විරුහෙය්ය, තං සිනෙහමස්ස නානුප්පවෙච්ඡෙ, තප්පටිපක්ඛාය මග්ගභාවනාය තං නානුප්පවෙසෙය්යාති අත්ථො. ස වෙ මුනි ජාතිඛයන්තදස්සීති සො එවරූපො බුද්ධමුනි නිබ්බානසච්ඡිකිරියාය ජාතියා ච මරණස්ස ච අන්තභූතස්ස නිබ්බානස්ස දිට්ඨත්තා ජාතික්ඛයන්තදස්සී තක්කං පහාය න උපෙති සඞ්ඛං. ඉමාය චතුසච්චභාවනාය නවප්පභෙදම්පි අකුසලවිතක්කං පහාය සඋපාදිසෙසනිබ්බානධාතුං පත්වා ලොකත්ථචරියං කරොන්තො අනුපුබ්බෙන චරිමවිඤ්ඤාණක්ඛයා අනුපාදිසෙසනිබ්බානධාතුප්පත්තියා “දෙවො වා මනුස්සො වා”ති න උපෙති සඞ්ඛං. අපරිනිබ්බුතො එව වා යථා කාමවිතක්කාදිනො විතක්කස්ස අප්පහීනත්තා “අයං පුග්ගලො රත්තො”ති වා “දුට්ඨො”ති වා සඞ්ඛං උපෙති, එවං තක්කං පහාය න උපෙති සඞ්ඛන්ති එවම්පෙත්ථ අත්ථො දට්ඨබ්බො .
තුන්වන ගාථාවෙහි සංඛාය ගණනය කොට, පිරිසිඳ, විමසා ඇති සැටියෙන් දැන, මුළුමනින්ම දුක මනාව දැනගෙන, යන තේරුමයි. වත්ථුනි, මේ ලෝකය ඛන්ධ-ධාතු-ආයතන ලෙසින්, කෙලෙස් කෙලෙස් හටගන්නා තැන් සේ සකස් වී ඇත. පමාය බීජං ඉහත දක්වන ලද, ඒ ඒ කොටස්වලට මුල්වන - සකස්වන කරුණු දැන, (ඒ දුක්) ඇතිවීමට මුල හිංසාකොට - වද දී මුළුමනින්ම නැතිකිරීමෙන්, නැවත නොවැඩෙනා සේ, නැවත ඇති නොවන සේ, නැත්තටම නැති කිරීමෙන් යන තේරුමයි. සිනෙහමස්ස නානුප්පවෙච්ඡෙ යම් ලෙසකින් ආසාව දැඩිව ගත් හැඟීම් දැකීම් (තණ්හා දිට්ඨි) යන සෙනෙහසින් තෙත් කරන ලද එම මූලබීජය නැවත වැඩෙන ලෙසින්, (ඉහත) කියන ලද ඛන්ධ ආයතන ආදී අස්වනු වැඩිදියුණු වන්නේ ද, ඒ සෙනේහයට ඇතුළුවීමට පිවිස රැඳී සිටීමට ඉඩ නොදේ. එයට වෙනස්වන පරිදි මගපල අරමුණු වන භාවනා මගින් ඇතුළුවීමට ඉඩ නොදෙන්නේය යන තේරුමයි. ස වෙ මුනි ජාතිඛයන්ති දස්සී මෙබඳු වූ බුද්ධ මුනිවරයා නිවන අවබෝධයෙන් ඉපදීම, මරණය කෙළවර කරන නිවන දක්නා ලද බැවින්, ඉපදීම ඇති නොවීමද දුටු සේක. තක්කං පහාය න උපෙති සංඛං මෙම සිවුසස් අධිගමය වන භාවනාවෙන්, නව ආකාර වූ අකුසල සිතිවිලි හැරදමා, සෝපාදිසෙස විඤ්ඤාණය හැරදැමීමෙන්, අනුපාදිසේස නිවනට පත්ව, (මතු භවයක) දෙවියෙකු හෝ මිනිසෙකු හෝ ලෙසට හඳුන්වනු නොලබන බවට පත්වෙයි. කෙලෙස් නැති කිරීමෙන් හෝ කාම සිතිවිලි ආදිය නැති නොකරන ලද බැවින් මේ අනුවණ තැනැත්තෝ (රාගයෙන්) රත් වූ හෝ නපුරු හෝ යැයි පිළිගැනේ. එවං තක්කං පහාය න උපෙති සංඛං යන තේරුම මෙසේ දතයුතුය.
චතුත්ථගාථාය අඤ්ඤායාති අනිච්චාදිනයෙන ජානිත්වා. සබ්බානීති අනවසෙසානි, නිවෙසනානීති කාමභවාදිකෙ භවෙ. නිවසන්ති හි තෙසු සත්තා, තස්මා “නිවෙසනානී”ති වුච්චන්ති. අනිකාමයං අඤ්ඤතරම්පි තෙසන්ති එවං දිට්ඨාදීනවත්තා තෙසං නිවෙසනානං එකම්පි අපත්ථෙන්තො සො එවරූපො බුද්ධමුනි මග්ගභාවනාබලෙන තණ්හාගෙධස්ස විගතත්තා වීතගෙධො, වීතගෙධත්තා එව ච අගිද්ධො, න යථා එකෙ අවීතගෙධා එව සමානා “අගිද්ධම්හා”ති පටිජානන්ති, එවං. නායූහතීති තස්ස තස්ස නිවෙසනස්ස නිබ්බත්තකං කුසලං වා අකුසලං වා න කරොති. කිං කාරණා? පාරගතො හි හොති, යස්මා එවරූපො සබ්බනිවෙසනානං පාරං නිබ්බානං ගතො හොතීති අත්ථො.
සිවුවෙනි ගාථාවෙහි අඤ්ඤාය තිර පැවැත්මක් නැතැයි, අනිස ලෙසින්, සබ්බානි - ඉතිරි නැතිව - සියල්ලම, නිවෙසනා කාමාදි භවයන්හි, එහි විසීමෙහි, එහි වාසය කරන්නවුන් කෙරෙහි, එහෙයින් නිවෙසනා කියනු ලබයි. අනිකාමයං අඤ්ඤතරම්පි තෙසං මෙසේ දැඩිව ගත් හැඟීම් අදහස් ආදිය කෙලෙස් ලෙස රඳවා ගැනීමට බලාපොරොත්තු නොවෙමින්, සො එබඳු ආකාර වූ බුදු මුනි, මගපල භාවනා බලයෙන් තණ්හාවෙහි ඇලීමෙන් මුළුමනින්ම ඈත්වූ බැවින් විගතගෙධො ඇලීම දුරුකරන ලද බැවින් අගිද්ධො වේ. තණ්හා ඇලීමෙන් ඈත්නොවූ කෙනෙක් ‘මා ඇලීම් දුරුකරන ලදැයි’ නොදැනීමය. නාහූහතී යනු ඒ ඒ කෙලෙස් රඳන, ඇතිවන තැන්හී හටගන්නා කුසල හෝ අකුසල නොකරයි, හේතුව කුමක්ද? පාරගතො හොති මෙබඳු කෙලෙස් රඳනා තැන්වලින් එතර වූ නිවනට ගියේය යන අරුතයි.
එවං පඨමගාථාය පුථුජ්ජනදස්සනං ගරහිත්වා අත්තනො දස්සනං පසංසන්තො දුතියගාථාය යෙහි කිලෙසෙහි පුථුජ්ජනො අනුපසන්තො හොති, තෙසං අභාවෙන අත්තනො සන්තිපදාධිගමං පසංසන්තො තතියගාථාය යෙසු වත්ථූසු පුථුජ්ජනො තක්කං අප්පහාය තථා තථා සඞ්ඛං උපෙති, තෙසු චතුසච්චභාවනාය තක්කං පහාය අත්තනො සඞ්ඛානුපගමනං පසංසන්තො චතුත්ථගාථාය ආයතිම්පි යානි නිවෙසනානි කාමයමානො පුථුජ්ජනො භවතණ්හාය ආයූහති, තෙසු තණ්හාභාවෙන අත්තනො අනායූහනං පසංසන්තො චතූහි ගාථාහි අරහත්තනිකූටෙනෙව එකට්ඨුප්පත්තිකං දෙසනං නිට්ඨාපෙසි.
මෙසේ මගපල නොලදවුන්ගේ දැක්ම හෙවත් පිළිවෙත අගය නොකොට තම දැකීම පළමු ගාථාවෙන් පසසමින්, දෙවන ගාථාවෙන් යම්බඳු කෙලෙස්වලින් මගපල නොලැබූවන් සැනසීමට පත් නොවේද, ඒවා නැතිකිරීමෙන් තමන් ලද සැනසීම පසසමින් ද, තුන්වන ගාථාවෙන් යම් ඛන්ධධාතු ආදියෙහි විවාද කිරීම් අත්නොහැර, ඒ ඒ දේ ගැන සැක උපදවා ගනීද, සිවුසස් භාවනා මගින් ඒ විවාද හැර, සැක ඉවතලීම ගැන පසසමින්, සිවුවන ගාථාවෙන් නැවත යම් කෙලෙස් හැඟුම් හෙවත් නිවෙසන එක්කර ගැනීමට කැමති පුහුදුන් තැනැත්තා සසර බැඳ තබන ආසා රැස් කරයිද, එබඳු ආසා රහිත බැවින්, තම එක්රැස් නොකිරීම් පසසමින්ද රහත් බව කුළුගන්වමින්ම ඒ එකම අදහස දෙන පරිදි දේසනය නිම කළහ.
සබ්බාභිභුන්ති කා උප්පත්ති? මහාපුරිසො මහාභිනික්ඛමනං කත්වා අනුපුබ්බෙන සබ්බඤ්ඤුතං පත්වා ධම්මචක්කප්පවත්තනත්ථාය බාරාණසිං ගච්ඡන්තො බොධිමණ්ඩස්ස ච ගයාය ච අන්තරෙ උපකෙනාජීවකෙන සමාගච්ඡි. තෙන ච “විප්පසන්නානි ඛො තෙ, ආවුසො, ඉන්ද්රියානී”තිආදිනා (ම· නි· 1.285; මහාව· 11) නයෙන පුට්ඨො “සබ්බාභිභූ”තිආදීනි ආහ. උපකො “හුපෙය්යාවුසො”ති වත්වා, සීසං ඔකම්පෙත්වා, උම්මග්ගං ගහෙත්වා පක්කාමි . අනුක්කමෙන ච වඞ්කහාරජනපදෙ අඤ්ඤතරං මාගවිකගාමං පාපුණි. තමෙනං මාගවිකජෙට්ඨකො දිස්වා – “අහො අප්පිච්ඡො සමණො වත්ථම්පි න නිවාසෙති, අයං ලොකෙ අරහා”ති ඝරං නෙත්වා මංසරසෙන පරිවිසිත්වා භුත්තාවිඤ්ච නං සපුත්තදාරො වන්දිත්වා “ඉධෙව, භන්තෙ, වසථ, අහං පච්චයෙන උපට්ඨහිස්සාමී”ති නිමන්තෙත්වා, වසනොකාසං කත්වා අදාසි. සො තත්ථ වසති.
සබ්බාභිභූ යන ගාථාව දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? මහබෝසතාණෝ මහබිනික්මන් කොට අනුපිළිවෙලින් බුදුබවට පත්ව දම්සක් පැවැත්වීමට බරණැසට යද්දී බෝමැඩටත් ගයාවටත් අතර උපක ආජීවක හමුවූහ. උපක, ‘ඇවැත්නි, ඔබගේ ඉඳුරන් පැහැපත්ය’ යනුවෙන් පැවසූ විටදී ‘විප්පසන්නානි ඛො තෙ ආවුසො ඉන්ද්රියානි’ ‘සියල්ල මම මැඩ පැවැත්වීමි’ ‘සබ්බාභිභූ’ යැයි වදාළහ. උපක ‘ඇවැත්නි, එසේද විය හැකියි’ -– ‘හුවෙය්යපාවුසො’ කියා හිස සොලවා වෙනත් මගකට පිවිසියේය. පසුව වංගහාර ජනපදයෙහි එක්තරා (දඩයම්කොට ජීවත්වන) වැදිගමකට පැමිණියේය. එහි වැදි නායකයා, උපක දැක, ‘අහා! මේ මහණ ආසා අඩු, චාම් දිවිපෙවෙතක් ඇත්තෙකි, රෙද්දක් හෝ නොහඳී. මොහු ලොවෙහි අරහත් කෙනෙකැ’යි ගෙට කැඳවා ගොස්, මස් රස මුසු ආහාර වළඳවා, අනුභවයෙන් පසු, අඹුදරුවන් සමග නමස්කාර කොට, ‘හිමියනි, මෙහිම වාසය කරනු මැනවි, මම සිවුපසයෙන් උවටැන් කරන්නෙමි’යි ආරාධනා කොට, වාසය කිරීමට සුදුසු තැනක් සකසා දුන්නේය. ඔහු එහි වාසය කරයි.
මාගවිකො ගිම්හකාලෙ උදකසම්පන්නෙ සීතලෙ පදෙසෙ චරිතුං දූරං අපක්කන්තෙසු මිගෙසු තත්ථ ගච්ඡන්තො “අම්හාකං අරහන්තං සක්කච්චං උපට්ඨහස්සූ”ති ඡාවං නාම ධීතරං ආණාපෙත්වා අගමාසි සද්ධිං පුත්තභාතුකෙහි. සා චස්ස ධීතා දස්සනීයා හොති කොට්ඨාසසම්පන්නා. දුතියදිවසෙ උපකො ඝරං ආගතො තං දාරිකං සබ්බං උපචාරං කත්වා, පරිවිසිතුං උපගතං දිස්වා, රාගෙන අභිභූතො භුඤ්ජිතුම්පි අසක්කොන්තො භාජනෙන භත්තං ආදාය වසනට්ඨානං ගන්ත්වා, භත්තං එකමන්තෙ නික්ඛිපිත්වා – “සචෙ ඡාවං ලභාමි, ජීවාමි, නො චෙ, මරාමී”ති නිරාහාරො සයි. සත්තමෙ දිවසෙ මාගවිකො ආගන්ත්වා ධීතරං උපකස්ස පවත්තිං පුච්ඡි. සා – “එකදිවසමෙව ආගන්ත්වා පුන නාගතපුබ්බො”ති ආහ. මාගවිකො “ආගතවෙසෙනෙව නං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාමී”ති තඞ්ඛණඤ්ඤෙව ගන්ත්වා – “කිං, භන්තෙ, අඵාසුක”න්ති පාදෙ පරාමසන්තො පුච්ඡි. උපකො නිත්ථුනන්තො පරිවත්තතියෙව. සො “වද, භන්තෙ, යං මයා සක්කා කාතුං, සබ්බං කරිස්සාමී”ති ආහ. උපකො – “සචෙ ඡාවං ලභාමි, ජීවාමි, නො චෙ, ඉධෙව මරණං සෙය්යො”ති ආහ. “ජානාසි පන, භන්තෙ, කිඤ්චි සිප්ප”න්ති? “න ජානාමී”ති . “න, භන්තෙ, කිඤ්චි සිප්පං අජානන්තෙන සක්කා ඝරාවාසං අධිට්ඨාතු”න්ති? සො ආහ – “නාහං කිඤ්චි සිප්පං ජානාමි, අපිච තුම්හාකං මංසහාරකො භවිස්සාමි, මංසඤ්ච වික්කිණිස්සාමී”ති. මාගවිකොපි “අම්හාකං එතදෙව රුච්චතී”ති උත්තරසාටකං දත්වා, ඝරං ආනෙත්වා ධීතරං අදාසි. තෙසං සංවාසමන්වාය පුත්තො විජායි. සුභද්දොතිස්ස නාමං අකංසු. ඡාවා පුත්තතොසනගීතෙන උපකං උප්පණ්ඩෙසි. සො තං අසහන්තො “භද්දෙ, අහං අනන්තජිනස්ස සන්තිකං ගච්ඡාමී”ති මජ්ඣිමදෙසාභිමුඛො පක්කාමි.
මුව වැදි නායකයා පායන කාලයෙහි ජල පහසුව ඇති සීතල පෙදෙස්වල සතුන් දඩයමෙහි යනවිට, ‘අපගේ රහතුන්ට මැනවින් උවටැන් කරව’යි ජාව නම් දුවට අණකොට, පුතුන් හා සොහොයුරියන් සමග ගියේය. ඒ දියණිය මනා අඟපසඟින් යුතු දැකුම්කළු තැනැත්තියකි. පසුදින, ගෙට ආ උපක, ඒ දැරිය සියළු ගරුබුහුමන් දක්වා අහර වැළඳවීමට පැමිණෙනු දැක, රාගයෙන් මැඩුණේ අනුභව කිරීමට ද නොහැකිව අහර බඳුන ද රැගෙන වසන තැනට ගොස් බඳුන පසෙක තබා, ‘ජාවා ලදොත් ජීවත් වෙමි. නැතහොත් මැරෙමි’යි නිරාහාරව නිදාගත්තේය. සත්වන දවසෙහි දඩයම් වැදි නායකයා පැමිණ, දියණියගෙන් උපක ගැන තොරතුරු ඇසුවේය. එක් දවසක් අවුත් නැවත නොපැමිණි බව ඇය කීවාය. දඩයම් වැදි නායකයා පැමිණි අයුරින්ම උපක වෙත පැමිණ විමසන්නෙමි’යි එකෙණෙහිම ගොස් ‘හිමියනි, අපහසුතාව කුමක්දැ’යි දෙපා පිරිමදිමින්ම ඇසුවේය. උපක කෙඳිරිගාමින් අනික් ඇලයට හැරුණේය. ‘හිමියනි, කියනු මැනවි, මට කළ හැකි සියළු දෙයක්ම කරන්නෙමි’යි වැදි නායකයා කීය. ‘ජාවා ලබන්නේ නම්, ජීවත් වෙමි, නොලබන්නේ නම් මෙතැනම මරණයම වේ’ යැයි උපක පැවසීය. ‘හිමියනි, ඔබ කිසියම් ජීවත්වන මගක් දන්නෙහිද?’ ‘නොදනිමි’යි උපක (පිළිතුරු දුන්නේය) ‘හිමියනි, ජීවත්වීමේ කිසිදු මගක් නොදත්තකුට ගිහිගෙයි විසීමට අදිටන් කළ නොහැකියැ’යි වැදි නායකයා කීය. එවිට ‘මම කිසිදු ජීවත්වන මගක් නොදනිමි. එහෙත් ඔබලා දඩයම් කරන (සතුන්) මස්, ගෙන එන්නෙක් වෙමි. මස් ද විකුණන්නෙමි’ යැයි ද උපක කීවේය. දඩයම් නායකයාද ‘අපද එයට කැමතියැ’යි උතුරුසළුව දී ගෙට කැඳවාගෙන ගොස් දියණිය පාවා දුන්නේය. ඔවුන්ගේ සහවාසයෙන් ඈ පුතකු වැදුවාය. පුතුට සුභද්ද යැයි නම් කළහ. ජාවා පුතු නලවන ගීතයෙන් උපකට කවටකම් කළාය. ඔහු එය ඉවසිය නොහැකිව, ‘සොඳුර, මම අනන්තජින වෙතට යමි’යි මැද රට පෙදෙස දෙසට නික්මුණේය.
භගවා ච තෙන සමයෙන සාවත්ථියං විහරති ජෙතවනමහාවිහාරෙ. අථ ඛො භගවා පටිකච්චෙව භික්ඛූ ආණාපෙසි – “යො, භික්ඛවෙ, අනන්තජිනොති පුච්ඡමානො ආගච්ඡති, තස්ස මං දස්සෙය්යාථා”ති. උපකොපි ඛො අනුපුබ්බෙනෙව සාවත්ථිං ආගන්ත්වා විහාරමජ්ඣෙ ඨත්වා “ඉමස්මිං විහාරෙ මම සහායො අනන්තජිනො නාම අත්ථි, සො කුහිං වසතී”ති පුච්ඡි. තං භික්ඛූ භගවතො සන්තිකං නයිංසු. භගවා තස්සානුරූපං ධම්මං දෙසෙසි. සො දෙසනාපරියොසානෙ අනාගාමිඵලෙ පතිට්ඨාසි. භික්ඛූ තස්ස පුබ්බප්පවත්තිං සුත්වා කථං සමුට්ඨාපෙසුං – “භගවා පඨමං නිස්සිරිකස්ස නග්ගසමණස්ස ධම්මං දෙසෙසී”ති. භගවා තං කථාසමුට්ඨානං විදිත්වා ගන්ධකුටිතො නික්ඛම්ම තඞ්ඛණානුරූපෙන පාටිහාරියෙන බුද්ධාසනෙ නිසීදිත්වා භික්ඛූ ආමන්තෙසි – “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති? තෙ සබ්බං කථෙසුං. තතො භගවා – “න, භික්ඛවෙ, තථාගතො අහෙතුඅප්පච්චයා ධම්මං දෙසෙති, නිම්මලා තථාගතස්ස ධම්මදෙසනා, න සක්කා තත්ථ දොසං දට්ඨුං. තෙන, භික්ඛවෙ, ධම්මදෙසනූපනිස්සයෙන උපකො එතරහි අනාගාමී ජාතො”ති වත්වා අත්තනො දෙසනාමලාභාවදීපිකං ඉමං ගාථමභාසි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයෙහි වැඩවසති. ‘මහණෙනි, යම් කෙනෙකු ‘අනන්තජින’ යැයි අසමින් එයිද, ඔහුට මා පෙන්වව’යි කලින්ම භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට දැන්වූහ. උපකද පිළිවෙලින් (මග ගෙවා) සැවැත්පුරට පැමිණ, විහාර මළුවෙහි සිට, ‘මේ විහාරයෙහි ‘අනන්ත ජින’ නම් මගේ යහළුවකු ඇත. ඔහු කොතැන වාසය කරත්දැ’යි ඇසීය. මහණහු උපක භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන ගියහ. ඔහුට ගැළපෙන අයුරින් උන්වහන්සේ දහම් දෙසූහ. දේසනය අවසන උපක අනාගාමි පලයෙහි පිහිටියේය. ‘භාග්‍යවතුන් වහන්සේ මුලදීම කැත පෙනුමක් ඇති නිරුවත් සමණයකුට දහම් දෙසන ලදැ’යි උපකගේ මුල් තොරතුරු ඇසූ හිමිවරු කතාබහ කළහ. භාග්‍යවතුන් වහන්සේ ඒ කතිකාව දැන, සුවඳකිළියෙන් නික්ම, ඒ මොහොතට අනුව සුදුසු පෙළහර පාමින්, බුදුඅස්නෙහි වැඩහිඳ, ‘ඔබලා දැන් කුමන කතාවකින් සිටියාහුදැ’යි සංඝයා වහන්සේලා ඇමතූහ. ඒ කතාබහ සියල්ලම පැවසූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, තථාගතයන් වහන්සේ හේතු රහිතව, නිකරුණේ දහම් දේසනා නොකරති. තථාගත දේසනය ඉතා පිරිසිදුය. එහි වරදක් දැකිය නොහැකිය. එහෙයින් මහණෙනි, දහම් දේසනය නිසා උපක දැන් අනාගාමි බවට පත්වූයේ යැයි පවසා, තමන්ගේ දේසනයෙහි පිරිසිදු බව පහදා දීමට මෙම ගාථාව වදාළහ.
තස්සත්ථො – සාසවෙසු සබ්බඛන්ධායතනධාතූසු ඡන්දරාගප්පහානෙන තෙහි අනභිභූතත්තා සයඤ්ච තෙ ධම්මෙ සබ්බෙ අභිභුය්ය පවත්තත්තා සබ්බාභිභුං. තෙසඤ්ච අඤ්ඤෙසඤ්ච සබ්බධම්මානං සබ්බාකාරෙන විදිතත්තා සබ්බවිදුං. සබ්බධම්මදෙසනසමත්ථාය සොභනාය මෙධාය සමන්නාගතත්තා සුමෙධං. යෙසං තණ්හාදිට්ඨිලෙපානං වසෙන සාසවඛන්ධාදිභෙදෙසු සබ්බධම්මෙසු උපලිම්පති, තෙසං ලෙපානං අභාවා තෙසු සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තං. තෙසු ච සබ්බධම්මෙසු ඡන්දරාගාභාවෙන සබ්බෙ තෙ ධම්මෙ ජහිත්වා ඨිතත්තා සබ්බඤ්ජහං. උපධිවිවෙකනින්නෙන චිත්තෙන තණ්හක්ඛයෙ නිබ්බානෙ විසෙසෙන මුත්තත්තා තණ්හක්ඛයෙ විමුත්තං, අධිමුත්තන්ති වුත්තං හොති. තං වාපි ධීරා මුනි වෙදයන්තීති තම්පි පණ්ඩිතා සත්තා මුනිං වෙදයන්ති ජානන්ති. පස්සථ යාව පටිවිසිට්ඨොවායං මුනි, තස්ස කුතො දෙසනාමලන්ති අත්තානං විභාවෙති . විභාවනත්ථො හි එත්ථ වාසද්දොති. කෙචි පන වණ්ණයන්ති – “උපකො තදා තථාගතං දිස්වාපි ‘අයං බුද්ධමුනී’ති න සද්දහී”ති එවං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං , තතො භගවා “සද්දහතු වා මා වා, ධීරා පන තං මුනිං වෙදයන්තී”ති දස්සෙන්තො ඉමං ගාථමභාසීති.
එහි තේරුම නම්, කෙලෙස් සහිත සියළුම ඛන්ධ ආයතන ධාතු කෙරෙහි ඡන්දරාගය දුරු කිරීමෙන් ඒවා මැඩනොපැවැත්වූ සියල්ලන් අතරින් තමන් (වහන්සේ) ඒ කරුණු සියල්ලම මැඩපවත්වා ඒවා ඉක්මවා පවතින හෙයින් සබ්බාභිභූං වේ. ඒවාද, වෙනත් ආකාර වූ සියළුම කරුණු හෝ සියළුම දේ සියළු ආකාරයෙන් අවබෝධ කරන ලද බැවින් සබ්බවිදුං ඒ සියළු කරුණු පහදා දීමට හැකි, දේසනා කළ හැකි සොඳුරු වූ, තියුණු නුවණින් යුතු බැවින් සුමෙධං කෙලෙස්වලින් පිරුණු ඛන්ධ ආයතන ආදියෙහි තණ්හා දිට්ඨි ආලේපනයක් ලෙස තවරනු ලබයිද, එබඳු ආලේපන නොමැති බැවින් සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තං ඒ සියළුම දේවල් කෙරෙහි ඡන්දරාගය අත්හළ බැවින්, ඒ සියළුම දේවල් හැර දැමූ බැවින් සබ්බඤ්ජහං කෙලෙස් දුරුකොට, සන්සුන් බවට නැඹුරු වූ සිතින්, තණ්හාව නැති කිරීමෙන් වෙසෙසින්ම මිදුණ බැවින් තණ්හක්ඛයෙ විමුත්තං හැම ලෙසින්ම, මනාව මිදුණ ලදැයි කියන ලදී. තං වාපි ධීරා මුනිං වෙදයන්ති එබඳු දැනුම් තේරුම් ඇති තැනැත්තෝ මුනිවරයෙකු ලෙස දනිති. මේ මුනිවරයාගේ ඉතා උසස් ගුණ දකිමු. ඒ මුනිවරයා පවසන දෙයෙහි කොතැන වරදක් ඇත්දැයි තමන් ගැනම පැහැදිලි කරයි. මෙහි ‘වා’ යන පදය පැහැදිලි කිරීම තේරුමෙහි යෙදේ. උපක එදා තථාගතයන් වහන්සේ දුටුවද, මේ බුද්ධ මුනි යැයි අදහා නොගත්තේය. එහිදී සංඝයා වහන්සේලා අතර පැවති කතා අනුව, අදහා ගත්තත්, නොගත්තත්, නුවණැත්තන් ඒ මුනිවරයා හඳුනා ගනිති’යි දක්වමින් භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළ බව ඇතමෙක් විස්තර කරති.
පඤ්ඤාබලන්ති කා උප්පත්ති? අයං ගාථා රෙවතත්ථෙරං ආරබ්භ වුත්තා. තත්ථ “ගාමෙ වා යදි වාරඤ්ඤෙ”ති ඉමිස්සා ගාථාය වුත්තනයෙනෙව රෙවතත්ථෙරස්ස ආදිතො පභුති පබ්බජ්ජා, පබ්බජිතස්ස ඛදිරවනෙ විහාරො, තත්ථ විහරතො විසෙසාධිගමො, භගවතො තත්ථ ගමනපච්චාගමනඤ්ච වෙදිතබ්බං. පච්චාගතෙ පන භගවති යො සො මහල්ලකභික්ඛු උපාහනං සම්මුස්සිත්වා පටිනිවත්තො ඛදිරරුක්ඛෙ ආලග්ගිතං දිස්වා සාවත්ථිං අනුප්පත්තො විසාඛාය උපාසිකාය “කිං, භන්තෙ, රෙවතත්ථෙරස්ස වසනොකාසො රමණීයො”ති භික්ඛූ පුච්ඡමානාය යෙහි භික්ඛූහි පසංසිතො, තෙ අපසාදෙන්තො “උපාසිකෙ, එතෙ තුච්ඡං භණන්ති, න සුන්දරො භූමිප්පදෙසො, අතිලූඛකක්ඛළං ඛදිරවනමෙවා”ති ආහ. සො විසාඛාය ආගන්තුකභත්තං භුඤ්ජිත්වා පච්ඡාභත්තං මණ්ඩලමාළෙ සන්නිපතිතෙ භික්ඛූ උජ්ඣාපෙන්තො ආහ – “කිං, ආවුසො, රෙවතත්ථෙරස්ස සෙනාසනෙ රමණීයං තුම්හෙහි දිට්ඨ”න්ති . භගවා තං ඤත්වා ගන්ධකුටිතො නික්ඛම්ම තඞ්ඛණානුරූපෙන පාටිහාරියෙන පරිසමජ්ඣං පත්වා, බුද්ධාසනෙ නිසීදිත්වා භික්ඛූ ආමන්තෙසි – “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති? තෙ ආහංසු – “රෙවතං, භන්තෙ, ආරබ්භ කථා උප්පන්නා ‘එවං නවකම්මිකො කදා සමණධම්මං කරිස්සතී’”ති. “න, භික්ඛවෙ, රෙවතො නවකම්මිකො, අරහා රෙවතො ඛීණාසවො”ති වත්වා තං ආරබ්භ තෙසං භික්ඛූනං ධම්මදෙසනත්ථං ඉමං ගාථමභාසි.
පඤ්ඤාබලං යන ගාථාව දේසනා කිරීමට මුල් වූ කරුණ කුමක්ද? මේ ගාථාව රේවත තෙරුන් අරබයා දේසනා කරන ලදී. ‘ගමෙහි හෝ, නැතිනම් වනයෙහි හෝ ‘ගාමෙ වා යදිවා’රඤ්ඤෙ යන මේ ගාථාවෙන් විස්තර වන පරිදි, මුලසිටම රේවත තෙරුන්ගේ පැවිදිවීමත්, පැවිදි වූ පසු කිහිරි වනයෙහි වාසය කිරිමත්, එහි වසද්දී මගපල ලැබීමත්, භාග්‍යවතුන් වහන්සේ එහි වැඩමකිරීම හා ආපසු පැමිණීමත් (ඒ අනුව) දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ ආපසු පැමිණි කල්හි, ඒ මහළු පැවිද්දෙක් සෙරෙප්පු අමතකව ආපසු හැරී ගොස්, කිහිරි රුකෙක එල්ලා තිබෙනු දැක යළි සැවැත්පුරට ආවේය. විසාඛා උපාසිකාව කෙසේද? හිමියනි, රේවත තෙරුන් වසන තැන රමණීය වේදැ’යි ඇසූවිට, මහණුන් විසින් එය පසසනු ලැබූවත්, ඒ හිමිවරුන්ටද අවමන් කරමින්, ඒ මහළු හිමි, උපාසිකාවනි, මොවුන් හිස්වචන කියති. ඒ බිම් පෙදෙස ලස්සන නැත. ඉතා රළුය. කටුකය. කිහිරි වනයකැ’යි කීය. විසාඛාවගේ නිවසින් ආගන්තුක දානය වළඳා පැමිණි ඒ මහණ, රවුම් සාලාවෙහි රැස්ව සිටි සඟ පිරිසට දොස් නඟමින්, ‘ඇවැත්නි, ඔබලා රේවත හිමියන්ගේ සෙනසුනෙහි ඇති ලස්සන දක්නා ලද්දෙහුදැ’යි ඇසීය. භාග්‍යවතුන් වහන්සේ, ඒ දැන, සුවඳ කුටියෙන් නික්ම, ඒ මොහොතට ගැළපෙන පෙළහර පාමින්, පිරිස මැදට පැමිණ, බුදු අසුනෙහි හිඳ ‘මහණෙනි, දැන් කිනම් කතාවකින් සිටියාහුදැ’යි මහණුන් ඇමතූහ. ‘හිමියනි, අළුත පැවිදි වූවෙකු කවදා මහණ දම් කරන්නේදැ’යි රේවත හිමි පිළිබඳව කතාබහ ඇතිවී යැ’යි කීහ. ‘මහණෙනි, රේවත අළුතින් මහණදම් පුරන්නෙක් නොවේ. කෙලෙස් දුරුකළ රහත් කෙනෙකැ’යි පවසා ඒ තෙරුන් මුල්කොට සඟ පිරිසට දහම් දෙසනු පිණිස මෙම ගාථාව වදාළහ.
තස්සත්ථො – දුබ්බලකරකිලෙසප්පහානසාධකෙන විකුබ්බනඅධිට්ඨානප්පභෙදෙන වා පඤ්ඤාබලෙන සමන්නාගතත්තා පඤ්ඤාබලං, චතුපාරිසුද්ධිසීලෙන ධුතඞ්ගවතෙන ච උපපන්නත්තා සීලවතූපපන්නං, මග්ගසමාධිනා ඵලසමාධිනා ඉරියාපථසමාධිනා ච සමාහිතං, උපචාරප්පනාභෙදෙන ඣානෙන ඣානෙ වා රතත්තා ඣානරතං, සතිවෙපුල්ලප්පත්තත්තා සතිමං, රාගාදිසඞ්ගතො පමුත්තතා සඞ්ගා පමුත්තං, පඤ්චචෙතොඛිලචතුආසවාභාවෙන අඛිලං අනාසවං තං වාපි ධීරා මුනිං වෙදයන්ති. තම්පි එවං පඤ්ඤාදිගුණසංයුත්තං සඞ්ගාදිදොසවිසංයුත්තං පණ්ඩිතා සත්තා මුනිං වා වෙදයන්ති. පස්සථ යාව පටිවිසිට්ඨොවායං ඛීණාසවමුනි, සො “නවකම්මිකො”ති වා “කදා සමණධම්මං කරිස්සතී”ති වා කථං වත්තබ්බො. සො හි පඤ්ඤාබලෙන තං විහාරං නිට්ඨාපෙසි, න නවකම්මකරණෙන, කතකිච්චොව සො, න ඉදානි සමණධම්මං කරිස්සතීති රෙවතත්ථෙරං විභාවෙති. විභාවනත්ථො හි එත්ථ වා-සද්දොති.
එහි තේරුම නම් (සිත) දුබල කරන කෙලෙස් දුරු කිරිමේදී, දැහැන් බල අදිටනෙන් හෝ බලවත් නුවණින් යුතු බැවින් පඤ්ඤාබලං සිවු පිරිසිදු සීලයෙන් හෝ ධුතංග වත් පිළිපදිනා හෙයින් සීලවතුප්පන්නං (සෝවාන් ආදී) මගෙහි සිත එකඟ බවින් හෝ එහි පලයෙන් එකඟ බවින් හෝ ඉරියව් පවත්වාගැනීමේ එකඟ බවින් හෝ යුතු වූයේ සමාහිතං, උපචාර, අප්පණ ලෙසින් (පළමු, දෙවන) ආදී දැහැනෙන් දැහැනට පත්ව, දැහැන් වැඩීමෙහි ඇළුන බැවින් ඣානරතං සිහිය මනාව දියුණු කළ බැවින් සතීමං රාගාදියෙන් එක්තැන්වීමක් නොමැති බැවින් සංගා පමුත්තං පස්ආකර වූ කෙලෙස් උල් හා සිවු වැදෑරුම් ආසවයන් නැති බැවින් අඛිලං අනාසවං තං වාපි ධීරා මුනිං වෙදයන්ති මෙසේ තියුණු නුවණ ආදී ගුණයෙන් යුතු, රාගාදී වැරදිවලින් තොර වූ ඒ උසස් පැණවත්හු මුනිවරයකු ලෙසින් (ලොවෙහි) හඳුන්වනු ලබති. මේ කෙලෙසුන් නැසූ මුනිවරයාගේ ඉතා උසස් ගුණ දකිමු. එබඳු කෙනෙකුට අළුතින් පැවිදි වූවෙකැයි හෝ, කවදා මහණදම් කරන්නෙකැයි කිවයුත්තේ කෙසේද? අළුතින් පැවිදිව කටයුතු කිරීමෙන් නොව, නුවණෙහි බලමහිමයෙන් ඒ (සසර) විසීම නිම කළේය. ඒ තැනැත්තා (පැවිදි වීමේ අරමුණ ඉටු කරගත් බැවින්) කළයුතු දේ කළේය. එහෙයින් දැන් මහණදම් නොකරති’යි රේවත තෙරුන් ගැන පැහැදිලි කළහ. මෙහි ‘වා’ යනු පැහැදිලි කිරීමේ අරුතෙහිය.
එකං චරන්තන්ති කා උප්පත්ති? බොධිමණ්ඩතො පභුති යථාක්කමං කපිලවත්ථුං අනුප්පත්තෙ භගවති පිතාපුත්තසමාගමෙ වත්තමානෙ භගවා සම්මොදමානෙන රඤ්ඤා සුද්ධොදනෙන “තුම්හෙ, භන්තෙ, ගහට්ඨකාලෙ ගන්ධකරණ්ඩකෙ වාසිතානි කාසිකාදීනි දුස්සානි නිවාසෙත්වා ඉදානි කථං ඡින්නකානි පංසුකූලානි ධාරෙථා”ති එවමාදිනා වුත්තො රාජානං අනුනයමානො –
එකං චරන්තං යන ගාථාව දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? බෝමැඩදී (බුදුවූ තැන් පටන්) කල් ගතකොට, භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් කිඹුල්වත්පුරට පැමිණ පියපුතු හමුවීමේදී තුටු පිළිසඳර කතාවෙන් පසුවන සුදොවුන් රජ විසින්, ‘හිමියනි, ගිහිකල, සුවඳ කරඬුවල බහා තිබූ, සුවඳ ගැන්වූ කසීසළු පිළි ආදී සියුම් රෙදි, ඇඳුම් හැඳි ඔබවහන්සේ දැන් කෙසේ දිරාගිය, පස් වැකුණු රෙදි අඳින්නෙහිදැ’යි ඇසූවිට රජුට කරුණු පහදමින්,
“යං ත්වං තාත වදෙ මය්හං, පට්ටුණ්ණං දුකූලකාසිකං; පංසුකූලං තතො සෙය්යං, එතං මෙ අභිපත්ථිත”න්ති. –
යං ත්වං තාත වදෙසි, පත්තුණ්ණං තූලකාසිකං පංසුකූලං තතො සෙය්යං එතං මෙ අභිපත්ථිතං
‘පියාණනි, ඔබතුමා සිනිඳු ලෝම රෙදි, මනාව පෙලූ කපු රෙදි, කසී සළුපිළි ගැන කියූවත් පස්වැකුණු රෙදිකඩ මට අගනේය. මා පතන ලද්දේ එයයි.
ආදීනි වත්වා ලොකධම්මෙහි අත්තනො අවිකම්පභාවං දස්සෙන්තො රඤ්ඤො ධම්මදෙසනත්ථං ඉමං සත්තපදගාථමභාසි.
යනුවෙන් පහදා දී ලෝ දහමෙහි තමන් කම්පා නොවන බව දක්වා රජුට දහම් දෙසනු පිණිස මේ පේළි සතකින් යුතු ගාථාව වදාළහ.
තස්සත්ථො – පබ්බජ්ජාසඞ්ඛාතාදීහි එකං, ඉරියාපථාදීහි චරියාහි චරන්තං. මොනෙය්යධම්මසමන්නාගමෙන මුනිං. සබ්බට්ඨානෙසු පමාදාභාවතො අප්පමත්තං. අක්කොසනගරහනාදිභෙදාය නින්දාය වණ්ණනථොමනාදිභෙදාය පසංසාය චාති ඉමාසු නින්දාපසංසාසු පටිඝානුනයවසෙන අවෙධමානං. නින්දාපසංසාමුඛෙන චෙත්ථ අට්ඨපි ලොකධම්මා වුත්තාති වෙදිතබ්බා. සීහංව භෙරිසද්දාදීසු සද්දෙසු අට්ඨසු ලොකධම්මෙසු පකතිවිකාරානුපගමෙන අසන්තසන්තං, පන්තෙසු වා සෙනාසනෙසු සන්තාසාභාවෙන. වාතංව සුත්තමයාදිභෙදෙ ජාලම්හි චතූහි මග්ගෙහි තණ්හාදිට්ඨිජාලෙ අසජ්ජමානං, අට්ඨසු වා ලොකධම්මෙසු පටිඝානුනයවසෙන අසජ්ජමානං. පදුමංව තොයෙන ලොකෙ ජාතම්පි යෙසං තණ්හාදිට්ඨිලෙපානං වසෙන සත්තා ලොකෙන ලිප්පන්ති, තෙසං ලෙපානං පහීනත්තා ලොකෙන අලිප්පමානං, නිබ්බානගාමිමග්ගං උප්පාදෙත්වා තෙන මග්ගෙන නෙතාරමඤ්ඤෙසං දෙවමනුස්සානං. අත්තනො පන අඤ්ඤෙන කෙනචි මග්ගං දස්සෙත්වා අනෙතබ්බත්තා අනඤ්ඤනෙය්යං තං වාපි ධීරා මුනි වෙදයන්ති බුද්ධමුනිං වෙදයන්තීති අත්තානං විභාවෙති. සෙසමෙත්ථ වුත්තනයමෙව.
එම ගාථාවෙහි අරුත නම්, පැවිදිවීම යැයි කියන ලද පරිදි, (නැතහොත්) පැවිදි වූ තැනැත්තෙක් යන අදහසින් එකං ඉරියව් පැවැත්වීම්, ඉරියව් හැසිරීම් අනුව චරන්තං, උසස් හික්මීමෙන් යුතු වූ, මුනි යන නමට සුදුසු කරුණුවලින් යුතු මුනිං, හැමවිටම පමා නොවීමෙන් අප්පමත්තං බැණවැදීම, අවමන් කිරීම් ආදී නින්දාවෙහිද, ගුණකීම්, තුති කිරීම් ආදී පැසසුම් කිරීමෙහිද, නින්දා පසංසාසු කෝප සහගත නොවීමෙන් අවෙධමානං, නින්දා පැසසුම් ආදී අටලෝ දහමෙහි කම්පා නොවීම ගැන මෙහි කියන ලදැයි දතයුතුය. සීහං ව බෙරහඬ ආදියෙන්, සද්දෙසු, අටලෝ දහමෙහි සොබාවයත්, වෙනස්වීමේදීත් අසන්තසන්තං විවේකී තැන්වල හෝ සෙනසුන්වල තැති නොගෙන, වාතං ව නූල් ආදී දෙයින් කරන ලද දැලක් (සුළඟින් සෙලවෙන සේ) ජාලම්හි සිවු මගෙහි තණ්හා දිට්ඨි (නම් වූ) දැලෙහි අසජ්ජමානං අටලෝ දහමෙහි කෝපයට පත්ව නොගැටෙමින්, පදුමං ව තොයෙන තණ්හා දිට්ඨි නම් ලාටු තැවරීමෙන් ජීවත්වන්නෝ ලොවෙහි ඇලෙති, ලොව උපන්නද (මුනිවරයා) එබඳු ලාටු තවරාගැනීම් ලෝකයා සමග නොමැති බැවින්, අලිප්පමානං නිවන් මග මතුකොට, ඒ මගින් නෙතාරමඤ්ඤෙසං වෙනත් (සමයවාදීන් මෙන් නොව) දෙව් මිනිසුන්ටද තමන් ගත් මග පෙන්වා, අනඤ්ඤනෙය්යං තං වාපි ධීරා මුනිං වෙදයන්ති බුද්ධ මුනිවරයා ඒ මග දැනගන්නා ලදැයි තමා ගැන පැහැදිළි කරයි. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිමය.
යො ඔගහණෙති කා උප්පත්ති? භගවතො පඨමාභිසම්බුද්ධස්ස චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පූරිතදසපාරමිදසඋපපාරමිදසපරමත්ථපාරමිප්පභෙදං අභිනීහාරගුණපාරමියො පූරෙත්වා තුසිතභවනෙ අභිනිබ්බත්තිගුණං තත්ථ නිවාසගුණං මහාවිලොකනගුණං ගබ්භවොක්කන්තිං ගබ්භවාසං ගබ්භනික්ඛමනං පදවීතිහාරං දිසාවිලොකනං බ්රහ්මගජ්ජනං මහාභිනික්ඛමනං මහාපධානං අභිසම්බොධිං ධම්මචක්කප්පවත්තනං චතුබ්බිධං මග්ගඤාණං ඵලඤාණං අට්ඨසු පරිසාසු අකම්පනඤාණං, දසබලඤාණං, චතුයොනිපරිච්ඡෙදකඤාණං, පඤ්චගතිපරිච්ඡෙදකඤාණං, ඡබ්බිධං අසාධාරණඤාණං, අට්ඨවිධං සාවකසාධාරණබුද්ධඤාණං, චුද්දසවිධං බුද්ධඤාණං, අට්ඨාරසබුද්ධගුණපරිච්ඡෙදකඤාණං, එකූනවීසතිවිධපච්චවෙක්ඛණඤාණං, සත්තසත්තතිවිධඤාණවත්ථු එවමිච්චාදිගුණසතසහස්සෙ නිස්සාය පවත්තං මහාලාභසක්කාරං අසහමානෙහි තිත්ථියෙහි උය්යොජිතාය චිඤ්චමාණවිකාය “එකං ධම්මං අතීතස්සා”ති ඉමිස්සා ගාථාය වත්ථුම්හි වුත්තනයෙන චතුපරිසමජ්ඣෙ භගවතො අයසෙ උප්පාදිතෙ තප්පච්චයා භික්ඛූ කථං සමුට්ඨාපෙසුං “එවරූපෙපි නාම අයසෙ උප්පන්නෙ න භගවතො චිත්තස්ස අඤ්ඤථත්තං අත්ථී”ති. තං ඤත්වා භගවා ගන්ධකුටිතො නික්ඛම්ම තඞ්ඛණානුරූපෙන පාටිහාරියෙන පරිසමජ්ඣං පත්වා, බුද්ධාසනෙ නිසීදිත්වා, භික්ඛූ ආමන්තෙසි – “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති? තෙ සබ්බං ආරොචෙසුං. තතො භගවා – “බුද්ධා නාම, භික්ඛවෙ, අට්ඨසු ලොකධම්මෙසු තාදිනො හොන්තී”ති වත්වා තෙසං භික්ඛූනං ධම්මදෙසනත්ථං ඉමං ගාථමභාසි.
යො ඔගහනෙ යන ගාථාව කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ පළමුකොටම බුදු බව ලැබීම පිණිස අසංඛෙය්‍ය සතරකුත් කප් සියදහසක් දස පාරමිතා, දස උපපාරමිතා, හා දස පරමත්ථ පාරමිතා ලෙසින් ඉදිරියට රැස් කරගත් ගුණ සමුදා පාරමී පුරා, තුසිත දෙව්ලොව උපන් සැටි, එහි වාසය කළ සැටි, පස්මහ බැලුම් විමසා බැලූ සැටි, කුස පිළිසිඳ ගැනීම, ගැබෙහි විසීම, බිහිවීම, ඇවිදීම, අවට-දිසා විමසීමෙන් බැලීම, උසස් හඬ පතුරුවාලීම, මහබිනික්මන, මහා වෙර වැඩුම, සම්බුදු බව ලැබීම, දම්සක් පැවැත්වීම, සිවු ආකාර වූ මග නුවණ, සිවු ආකාර පල නුවණ, අට වැදෑරුම් පිරිස කෙරෙහි නොසැලෙන නුවණ, දසබල නුවණ, සිවු වැදෑරුම් උපදනා ආකාරය පිළිබඳ නුවණ, පස් ආකාරයෙන් යුතු උපදනා තැන් (ගති) පිළිබඳ නුවණ, බුදුවරුන්ටම පමණක් සීමා වූ සවැදෑරුම් නුවණ, සාවකයන්ට ද (සිවුමග-සිවු පලයට පත්) පවත්නා වූ අටවැදෑරුම් බුදුනුවණ, දහහතරාකාර වූ බුදුනුවණ, බුදුගුණ කොටස් සේ ගැනෙන දහඅට වැදෑරුම් වූ නුවණ, දහනව වැදෑරුම් විමසීමේ නුවණ, හැත්තෑහතක් වූ නන් ආකාරයෙන් පැතිර පවත්නා නුවණ, ආදී මෙබඳු සියදහස් වූ ගුණ නිසා ලද මහා ලාභ සත්කාර ඉවසාගත නොහැකි මිසදිටු වෙනත් ආගමික පිරිස විසින් මෙහෙයවනු ලැබූ චිඤ්චා නම් තරුණියට ‘එකම කරුණ නම් ඇත්තය’ - එකං ධම්මං අතීතස්ස’ යනුවෙන් වදාළ කතා පුවතෙහි ද සඳහන් වන පරිදි, සිවු පිරිස මැද භාග්‍යවතුන් වහන්සේට නින්දා කරනු ලැබීම නිමිතිකොට, ‘මෙබඳු අවමානයකදී ද උන්වහන්සේගේ සිතෙහි වෙනසක් නොවීයැ’යි සංඝයා වහන්සේලා කතාබහ කළහ. ඒ දැන භාග්‍යවතුන් වහන්සේ සුවඳ කුටියෙන් නික්ම, ඒ මොහොතට සුදුසු පෙළහරින් පිරිස මැදට පැමිණ, බුදු අස්නෙහි හිඳ ‘මහණෙනි, ඔබලා දැන් කෙබඳු කතාවක යෙදී සිටියාහුදැ’යි මහණුන් ඇමතූහ. උන්වහන්සේලා සියළු කරුණු දැක්වූහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘බුදුවරු නම් අටලෝ දහමෙහි කම්පා නොවන්නාහ’යි පවසා ඒ මහණුන්ට දහම් දෙසනු පිණිස මේ ගාථාව වදාළහ.
තස්සත්ථො – යථා නාම ඔගහණෙ මනුස්සානං න්හානතිත්ථෙ අඞ්ගඝංසනත්ථාය චතුරස්සෙ වා අට්ඨංසෙ වා ථම්භෙ නිඛාතෙ උච්චකුලීනාපි නීචකුලීනාපි අඞ්ගං ඝංසන්ති, න තෙන ථම්භස්ස උන්නති වා ඔනති වා හොති. එවමෙවං යො ඔගහණෙ ථම්භොරිවාභිජායති යස්මිං පරෙ වාචාපරියන්තං වදන්ති. කිං වුත්තං හොති? යස්මිං වත්ථුස්මිං පරෙ තිත්ථියා වා අඤ්ඤෙ වා වණ්ණවසෙන උපරිමං වා අවණ්ණවසෙන හෙට්ඨිමං වා වාචාපරියන්තං වදන්ති, තස්මිං වත්ථුස්මිං අනුනයං වා පටිඝං වා අනාපජ්ජමානො තාදිභාවෙන යො ඔගහණෙ ථම්භොරිව භවතීති. තං වීතරාගං සුසමාහිතින්ද්රියන්ති තං ඉට්ඨාරම්මණෙ රාගාභාවෙන වීතරාගං, අනිට්ඨාරම්මණෙ ච දොසමොහාභාවෙන සුසමාහිතින්ද්‍රියං, සුට්ඨු වා සමොධානෙත්වා ඨපිතින්ද්රියං, රක්ඛිතින්ද්රියං, ගොපිතින්ද්රියන්ති වුත්තං හොති. තං වාපි ධීරා මුනි වෙදයන්ති බුද්ධමුනිං වෙදයන්ති, තස්ස කථං චිත්තස්ස අඤ්ඤථත්තං භවිස්සතීති අත්තානං විභාවෙති. සෙසං වුත්තනයමෙව.
එහි තේරුම නම්, නානතොටෙහි දියට බසින මිනිසුන්ට සිරුරේ අඟපසඟ ඇතිල්ලීම පිණිස සිටුවන ලද හතරැස් වූ හෝ අටපට්ටම් වූ කණුවක කුලීනයෝ ද කුලහීනයෝ ද සිරුර අතුල්ලති. එයින් එම කණුව උඩ ඒමක් හෝ යට යෑමක් නොවේද, එසේ යො ඔගහනෙ ථම්භොරිවාභිජායති, යස්මිං පරෙ වාචාපරියන්තං වදන්ති යැයි කුමක් නිසා කියන ලදද? යස්මිං කිසියම් කරුණකදී පරෙ මිසදිටු වෙනත් ආගමික පිරිස් හෝ ඉතා ඉහළින් ගුණ කියන්නේ නම් හෝ, ඉතා පහත් අයුරින් නුගුණ කියන්නේ හෝ වාචා පරියන්තං වදන්ති ඒ කාරණයෙහිලා, එකඟ බවක් හෝ කෝපයක් හෝ නොපෙන්වමින්, කම්පා නොවී, තොටෙහි පිහිටුවන ලද කණුවක් මෙන් වේ යැයි (දක්වයි) තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං ඒ බලාපොරොත්තු වන අරමුණෙහි රාගය නොමැතිවීමද, බලාපොරොත්තු ඉටු නොවූ අරමුණෙහි තරහ හා මුලාවෙන් තොරව, තැන්පත් ඉඳුරන් ඇතිව, මනාව සංවර කරගත් ඉඳුරන් ඇතිව, කලබලයට පත් නොවූ ඉඳුරන් ඇතිව, මනාව සංවර කරගත් ඉඳුරන් ඇතිව, කලබලයට පත් නොවූ ඉඳුරන් ඇතිව, ලොල්බවට පත් නොවූ ඉඳුරන් ඇතිව යැයි කියන ලදී. තං වාපි ධීරා මුනිං වෙදයන්ති බුද්ධ මුනිවරයා (එසේ) විඳිනු ලබයි. එබැවින් ඒ සිත කෙසේ වෙනස් බවට පත්වන්නේදැයි තමන් පිළිබඳව පහදයි. ඉතිරි කරුණු කලින් කියන ලද පරිදිය.
යො වෙ ඨිතත්තොති කා උප්පත්ති? සාවත්ථියං කිර අඤ්ඤතරා සෙට්ඨිධීතා පාසාදා ඔරුය්හ හෙට්ඨාපාසාදෙ තන්තවායසාලං ගන්ත්වා තසරං වට්ටෙන්තෙ දිස්වා තස්ස උජුභාවෙන තප්පටිභාගනිමිත්තං අග්ගහෙසි – “අහො වත සබ්බෙ සත්තා කායවචීමනොවඞ්කං පහාය තසරං විය උජුචිත්තා භවෙය්යු”න්ති. සා පාසාදං අභිරුහිත්වාපි පුනප්පුනං තදෙව නිමිත්තං ආවජ්ජෙන්තී නිසීදි. එවං පටිපන්නාය චස්සා න චිරස්සෙව අනිච්චලක්ඛණං පාකටං අහොසි, තදනුසාරෙනෙව ච දුක්ඛානත්තලක්ඛණානිපි. අථස්සා තයොපි භවා ආදිත්තා විය උපට්ඨහිංසු. තං තථා විපස්සමානං ඤත්වා භගවා ගන්ධකුටියං නිසින්නොව ඔභාසං මුඤ්චි. සා තං දිස්වා “කිං ඉද”න්ති ආවජ්ජෙන්තී භගවන්තං පස්සෙ නිසින්නමිව දිස්වා උට්ඨාය පඤ්ජලිකා අට්ඨාසි. අථස්සා භගවා සප්පායං විදිත්වා ධම්මදෙසනාවසෙන ඉමං ගාථමභාසි.
යො වෙ ඨිතත්තො යන ගාථාව දේසනා කිරීමට හේතුව කුමක්ද? සැවැත්නුවර එක්තරා සිටුදුවක්, පහයෙහි (මතු මහලින්) බැස බිම් මහලෙහි රෙදි වියන හලට ගොස්, නූල් දිග් ගසා බඳින ලීයෙහි නූල් ඔතනු දැක, එම ලීය කෙළින්, නොවක්ව මනාව පිහිටි බව දැන, ‘අහා, සියළුම සතුන්, ඒ නූල් එළන දඬුව මෙන් වංකබව හැර, කය වචන හසුරුවමින් කෙළින් කටයුතු කිරීමට සිත් වේනම්, (කොතරම් අගීදැයි) එය සමාන නිමිත්තක් කොට ගත්තාය. ඇය මතු මහලට ගියද, යළි යළිත් එයම මෙනෙහි කරමින් හුන්නීය. මෙසේ පිළිපන් ඇයට නොබෝ කලකින්ම, අනිස ලකුණු පැහැදිලි විය. ඒ අනුවම දුක හා අනාත්ම ලකුණු ද පැහැදිලි විය. ඉක්බිති ඒ අනුවම දුකෙහි අනාත්ම බවද දැනුණි. තුන් භවයම (සසර) ගිනිගත් සේ වැටහිණ. එසේ විදසුන් වඩන බව දැන භාග්‍යවතුන් වහන්සේ සුවඳ කුටියෙහි හිඳිමින්ම, ආලෝකයක් මුදාහළහ. ඇය ආලෝකය දැක, මේ කුමක්දැයි මෙනෙහි කරන්නේ, උන්වහන්සේ පසෙක වැඩ සිටිසේ දැක, නැගිට දොහොත්මුදුන් තබා සිටියාය. ඇගේ අදහස අනුව සුදුසු අයුරු දහම් දෙසුම අවසාන භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාව වදාළහ.
තස්සත්ථො – යො වෙ එකග්ගචිත්තතාය අකුප්පවිමුත්තිතාය ච වුඩ්ඪිහානීනං අභාවතො වික්ඛීණජාතිසංසාරත්තා භවන්තරූපගමනාභාවතො ච ඨිතත්තො, පහීනකායවචීමනොවඞ්කතාය අගතිගමනාභාවෙන වා තසරංව උජු, හිරොත්තප්පසම්පන්නත්තා ජිගුච්ඡති කම්මෙහි පාපකෙහි, පාපකානි කම්මානි ගූථගතං විය මුත්තගතං විය ච ජිගුච්ඡති, හිරීයතීති වුත්තං හොති. යොගවිභාගෙන හි උපයොගත්ථෙ කරණවචනං සද්දසත්ථෙ සිජ්ඣති. වීමංසමානො විසමං සමඤ්චාති කායවිසමාදිවිසමං කායසමාදිසමඤ්ච පහානභාවනාකිච්චසාධනෙන මග්ගපඤ්ඤාය වීමංසමානො උපපරික්ඛමානො. තං වාපි ඛීණාසවං ධීරා මුනිං වෙදයන්තීති. කිං වුත්තං හොති? යථාවුත්තනයෙන මග්ගපඤ්ඤාය වීමංසමානො විසමං සමඤ්ච යො වෙ ඨිතත්තො හොති, සො එවං තසරංව උජු හුත්වා කිඤ්චි වීතික්කමං අනාපජ්ජන්තො ජිගුච්ඡති කම්මෙහි පාපකෙහි. තං වාපි ධීරා මුනිං වෙදයන්ති. යතො ඊදිසො හොතීති ඛීණාසවමුනිං දස්සෙන්තො අරහත්තනිකූටෙන ගාථං දෙසෙසි. දෙසනාපරියොසානෙ සෙට්ඨිධීතා සොතාපත්තිඵලෙ පතිට්ඨහි. එත්ථ ච විකප්පෙ වා සමුච්චයෙ වා වාසද්දො දට්ඨබ්බො.
එහි තේරුම නම්, යො චෙ එකඟ වූ සිත් ඇතිව, කෝප රහිත සිතිවිලි නිසා, දියුණුවට හානි නොමැති බැවින්, සසරෙහි ඉපදීම නවතාලූ බැවින්, භවයන්හි ආවේණික ජීවනරූප ලබන්නා වූ ඒ සසර ගමනද නොමැති හෙයින් ඨිතත්තො කය, වචන සිතෙහි ඇද බවක් නොමැති බැවින්, අයහපතට යොමු නොවීම හෝ තසරං ව උජු, ලජ්ජාව, බය ඇති බැවින් ඡිගුච්ඡති කම්මෙහි පාපකෙහි සිරුරෙහි අසූචි තැවරුනාක් මෙන්, මුත්‍ර තැවරුනාක් මෙන් පව්කම් පිළිකුල් කරයි. ඊට ලජ්ජා වේ යැයි කියන ලදී. එකිනෙක සබඳතා යෙදීමෙහිදී කරණ විබතින් යෙදීම වියරණ රීතියයි. වීමංසමානො විසමං සමඤ්ච කයෙහි වැරදි හැසිරිම් වූ දුසිරිතද, කයෙහි නිවැරදි හැසිරීම් වූ සුචරිතයද (කුසල-අකුසල ලෙසින්) දුරුකිරීමේ භාවනා කටයුතු ලෙස මගපල නම් නුවණින් විමසමින්, මැනවින් විමසමින්, තං වාපි කෙලෙසුන් නැසූ තැනැත්තා ධීරා මුනිං වෙදයන්ති කුමක් නිසා (එසේ) කියන ලදද? ඉහත සඳහන් පරිදි මගපල නුවණින් වැරදි-නිවැරදි විමසමින් (සසර ගමන) නවතා සිටියේ වේද, ඒ තැනැත්තා රෙදි නූල් ඔතන ලද ලීය මෙන් ඇද නැතිව, කිසිදු (සීමා) ඉක්මවා නොයමින් පව්කම් පිළිකුල් කරයි. තං වාපි ධීරා මුනිං වෙදයන්ති ඒ කෙලෙස් නැසූ මුනිවරයා මෙබඳු යැයි දක්වමින්, අරහත් බව කුළුගන්වමින් ගාථාව දේසනා කළහ. දේසනාව අවසානයෙහි, සිටුදුව සෝවාන් පලයෙහි පිහිටියාය. මෙහි ‘වා’ විකල්පය හෝ, එක් කිරීම අරුතෙහි යෙදේ යැයි දතයුතුය.
යො සඤ්ඤතත්තොති කා උප්පත්ති? භගවති කිර ආළවියං විහරන්තෙ ආළවීනගරෙ අඤ්ඤතරො තන්තවායො සත්තවස්සිකං ධීතරං ආණාපෙසි – “අම්ම, හිය්යො අවසිට්ඨතසරං න බහු, තසරං වට්ටෙත්වා ලහුං තන්තවායසාලං ආගච්ඡෙය්යාසි, මා ඛො චිරායී”ති. සා “සාධූ”ති සම්පටිච්ඡි. සො සාලං ගන්ත්වා තන්තං විනෙන්තො අට්ඨාසි. තං දිවසඤ්ච භගවා මහාකරුණාසමාපත්තිතො වුට්ඨාය ලොකං වොලොකෙන්තො තස්සා දාරිකාය සොතාපත්තිඵලූපනිස්සයං දෙසනාපරියොසානෙ චතුරාසීතියා පාණසහස්සානඤ්ච ධම්මාභිසමයං දිස්වා පගෙව සරීරපටිජග්ගනං කත්වා පත්තචීවරමාදාය නගරං පාවිසි. මනුස්සා භගවන්තං දිස්වා – “අද්ධා අජ්ජ කොචි අනුග්ගහෙතබ්බො අත්ථි, පගෙව පවිට්ඨො භගවා”ති භගවන්තං උපගච්ඡිංසු. භගවා යෙන මග්ගෙන සා දාරිකා පිතුසන්තිකං ගච්ඡති, තස්මිං අට්ඨාසි. නගරවාසිනො තං පදෙසං සම්මජ්ජිත්වා, පරිප්ඵොසිත්වා, පුප්ඵූපහාරං කත්වා, විතානං බන්ධිත්වා, ආසනං පඤ්ඤාපෙසුං. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ, මහාජනකායො පරිවාරෙත්වා අට්ඨාසි. සා දාරිකා තං පදෙසං පත්තා මහාජනපරිවුතං භගවන්තං දිස්වා පඤ්චපතිට්ඨිතෙන වන්දි. තං භගවා ආමන්තෙත්වා – “දාරිකෙ කුතො ආගතාසී”ති පුච්ඡි. “න ජානාමි භගවා”ති. “කුහිං ගමිස්සසී”ති? “න ජානාමි භගවා”ති. “න ජානාසී”ති? “ජානාමි භගවා”ති. “ජානාසී”ති? “න ජානාමි භගවා”ති.
යො සඤ්ඤතත්තො යන ගාථාව දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ අලව් පෙදෙසෙහි අලව් නුවර වැඩවසන සමයෙහි, එහි එක්තරා රෙදිවියන්නෙක්, සත් හැවිරිදි දියණියට ‘දුව, ඊයේ ඔතනු නොලැබූ, නූල් ටිකක් ඉතිරිව ඇත, එය සකසා ඉක්මනින් පෙහෙකම්පලට ගෙන එන්න, පමා නොවන්නැයි අණ කළේය. ඈ යහපතැ’යි පිළිගත්තාය. රෙදි වියන්නාද පෙහෙකම්හලට ගොස්, නූල් සකසමින් සිටියේය. එදින භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා සමවතින් නැගී ලොව බලනවිට, ඒ දැරියට සෝවාන් පල හේතු සම්පත්ද, දේසනාව අවසන අසූහාර දහසකට දහම් අවබෝධය ලබන බවද දැක, කලින්ම සිරුරු පිළිදැගුම් කොට, පා සිවුරු ගෙන නගරයට පිවිසි සේක. මිනිස්සු උන්වහන්සේ දැක, ‘ඒකාන්තයෙන්ම කවරකුට හෝ උපකාර ලබනු ඇති. භාග්‍යවතුන් වහන්සේ කලින්ම වැඩිසේකැ’යි උන්වහන්සේ වෙත එළඹියහ. බුදුහුද ඒ දැරිය පියා හමුවට යන මගෙහි සිටියහ. නගරවාසීහු ඒ පෙදෙස ඇමද, දිය ඉස, මලින් සැරසිලි කොට, වියනක් බැඳ අසුනක් පැනවූහ. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අසුනෙහි වැඩහුන්හ. මහජනයා පිරිවරා සිටියේය. දැරිය ඒ පෙදෙසට පැමිණ, මහජනතාව පිරිවරා සිටි භාග්‍යවතුන් වහන්සේ දැක, ‘පසඟ පිහිටුවා වැන්දාය. ‘දැරිය, (ඔබ) කොහි සිට ආවෙහිදැ’යි ඇය ඇමතූහ. ‘භාග්‍යවතුන් වහන්ස, නොදනිමි’ (ඈ කීවාය) ‘කොහි යන්නෙහිද?’ ‘නොදනිමි, භාග්‍යවතුන් වහන්ස’ ‘නොදන්නෙහිද?’ ‘දනිමි, භාග්‍යවතුන් වහන්ස’, ‘දන්නෙහිද?’ ‘නොදනිමි, භාග්‍යවතුන් වහන්ස’ යැයි (පිළිතුරු දුන්නාය.)
තං සුත්වා මනුස්සා උජ්ඣායන්ති – “පස්සථ, භො, අයං දාරිකා අත්තනො ඝරා ආගතාපි භගවතා පුච්ඡියමානා ‘න ජානාමී’ති ආහ, තන්තවායසාලං ගච්ඡන්තී චාපි පුච්ඡියමානා ‘න ජානාමී’ති ආහ, ‘න ජානාසී’ති වුත්තා ‘ජානාමී’ති ආහ, ‘ජානාසී’ති වුත්තා ‘න ජානාමී’ති ආහ, සබ්බං පච්චනීකමෙව කරොතී”ති. භගවා මනුස්සානං තමත්ථං පාකටං කාතුකාමො තං පුච්ඡි – “කිං මයා පුච්ඡිතං, කිං තයා වුත්ත”න්ති? සා ආහ – “න මං, භන්තෙ, කොචි න ජානාති, ඝරතො ආගතා තන්තවායසාලං ගච්ඡතී”ති; අපිච මං තුම්හෙ පටිසන්ධිවසෙන පුච්ඡථ, “කුතො ආගතාසී”ති, චුතිවසෙන පුච්ඡථ, “කුහිං ගමිස්සසී”ති අහඤ්ච න ජානාමි. “කුතො චම්හි ආගතා; නිරයා වා දෙවලොකා වා”ති, න හි ජානාමි, “කුහිම්පි ගමිස්සාමි නිරයං වා දෙවලොකං වා”ති, තස්මා “න ජානාමී”ති අවචං. තතො මං භගවා මරණං සන්ධාය පුච්ඡි – “න ජානාසී”ති, අහඤ්ච ජානාමි. “සබ්බෙසං මරණං ධුව”න්ති, තෙනාවොචං “ජානාමී”ති. තතො මං භගවා මරණකාලං සන්ධාය පුච්ඡි “ජානාසී”ති, අහඤ්ච න ජානාමි “කදා මරිස්සාමි කිං අජ්ජ වා උදාහු ස්වෙ වා”ති, තෙනාවොචං “න ජානාමී”ති. භගවා තාය විස්සජ්ජිතං පඤ්හං “සාධු සාධූ”ති අනුමොදි. මහාජනකායොපි “යාව පණ්ඩිතා අයං දාරිකා”ති සාධුකාරසහස්සානි අදාසි. අථ භගවා දාරිකාය සප්පායං විදිත්වා ධම්මං දෙසෙන්තො –
ඒ අසා මිනිස්සු, ‘පින්වතුනි, බලවු, මේ දැරිය තම ගෙදර සිට ආවත්, භාග්‍යවතුන් වහන්සේ විමසන ලදුව, නොදනිමි’යි කීවාය. පෙහෙකම්භලට යන නමුත් නොදනිමි යැයිද, නොදන්නෙහිදැයි කීවිට, දනිමි යැයිද, දන්නෙහිදැයි කීවිට නොදනිමි යයිද හැමදෙයටම නොගැළපෙන දේ කරන්නී යැයි ඇයට දොස් නැගූහ. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට ඒ කරුණු පහදා දෙනු කැමතිව, ‘මා කුමක් අසන ලදද? ඔබ කුමක් කියන ලදදැ’යි ඇගෙන් විමසූහ. භාග්‍යවතුන් වහන්ස, මා ගෙදරින් අවුත්, පෙහෙකම්හලට යන්නේ යැයි නොදන්නා කිසිවෙකු නැත. එහෙත් ඔබවහන්සේ ආවේ කොතැන සිටදැයි විමසන්නේ මා මෙසේ (උපත ලැබීමට පෙර වූ ජීවිතයෙන්) පිළිසිඳ ගැනීම ගැනයි. කොහි යන්නෙහිදැයි, මරණින් පසු මාගේ ඉපදීම විමසන සේක. නිරයෙහි හෝ දෙව්ලොව සිට හෝ පැමිණි බවක් මමද නොදනිමි. එහෙයින් නොදන්නා බව කීවෙමි. (මරණින් පසු) නිරයට හෝ දෙව්ලොව හෝ කොතැනක යන්නෙම්දැ’යි ඔබවහන්සේ මගෙන් මරණය ගැන ඇසූහ. මටද අන් සියල්ලන්ටද මරණය නියත බව දනිමි. එහෙයින් දනිමියි කීවෙමි. දන්නෙහිදැයි ඔබවහන්සේ විමසුවේ මා මැරෙන මොහොතයි. අද හෝ හෙට හෝ කවදා හෝ මැරෙන්නෙම්දැයි නොදනිමි. එහෙයින් නොදන්නා බව කීවෙමි.’ (දැරිය එසේ පිළිතුරු දුන්නාය.) භාග්‍යවතුන් වහන්සේ ඇය විසින් පැන විසඳන ලද අයුරු ඉතා මැනවැ’යි එකඟ බව පළ කළහ. මහජනයාද, ‘මේ දැරිය. දැනුම් තේරුම් ඇති තැනැත්තියකැ’යි සාධුකාර දහසක් දුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැරියගේ සිත් සතන් දැන,
“අන්ධභූතො අයං ලොකො, තනුකෙත්ථ විපස්සති; සකුණො ජාලමුත්තොව, අප්පො සග්ගාය ගච්ඡතී”ති. (ධ· ප· 174) –
අන්ධභූතො අයං ලොකො තනුකෙත්ථ විපස්සතී සකුන්තො ජාලමුත්තොව අප්පො සග්ගාය ගච්ඡති
‘මේ ලොව (නුවණ මද හෙයින්) අඳ වූ සේ වෙති, ඒ (මිනිසුන් අතරින්) ටිකදෙනෙක් විදසුන් අනුව (කරුණු) දකිති. දැලින් මිදුණු කුරුල්ලෙකු (වටු කුරුල්ලකු) සේ ටික දෙනෙක් සුගතියට - නිවනට යති.’
ඉමං ගාථමාහ. සා ගාථාපරියොසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨාසි, චතුරාසීතියා පාණසහස්සානඤ්ච ධම්මාභිසමයො අහොසි.
මෙම ගාථාව වදාළහ. ගාථාව අවසානයෙහි ඇය සෝවාන් පලයෙහි පිහිටියාය. අසූහාර දහසකට දහම් අවබෝධ විය.
සා භගවන්තං වන්දිත්වා පිතු සන්තිකං අගමාසි. පිතා තං දිස්වා “චිරෙනාගතා”ති කුද්ධො වෙගෙන තන්තෙ වෙමං පක්ඛිපි. තං නික්ඛමිත්වා දාරිකාය කුච්ඡිං භින්දි. සා තත්ථෙව කාලමකාසි. සො දිස්වා – “නාහං මම ධීතරං පහරිං, අපිච ඛො ඉමං වෙමං වෙගසා නික්ඛමිත්වා ඉමිස්සා කුච්ඡිං භින්දි. ජීවති නු ඛො නනු ඛො”ති වීමංසන්තො මතං දිස්වා චින්තෙසි – “මනුස්සා මං ‘ඉමිනා ධීතා මාරිතා’ති ඤත්වා උපක්කොසෙය්යුං, තෙන රාජාපි ගරුකං දණ්ඩං පණෙය්ය, හන්දාහං පටිකච්චෙව පලායාමී”ති. සො දණ්ඩභයෙන පලායන්තො භගවතො සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤෙ වසන්තානං භික්ඛූනං වසනොකාසං පාපුණි. තෙ ච භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. තෙ තං පබ්බාජෙත්වා තචපඤ්චකකම්මට්ඨානං අදංසු. සො තං උග්ගහෙත්වා වායමන්තො න චිරස්සෙව අරහත්තං පාපුණි, තෙ චස්ස ආචරියුපජ්ඣායා. අථ මහාපවාරණාය සබ්බෙව භගවතො සන්තිකං අගමංසු – “විසුද්ධිපවාරණං පවාරෙස්සාමා”ති. භගවා පවාරෙත්වා වුත්ථවස්සො භික්ඛුසඞ්ඝපරිවුතො ගාමනිගමාදීසු චාරිකං චරමානො අනුපුබ්බෙන ආළවිං අගමාසි. තත්ථ මනුස්සා භගවන්තං නිමන්තෙත්වා දානාදීනි කරොන්තා තං භික්ඛුං දිස්වා “ධීතරං මාරෙත්වා ඉදානි කං මාරෙතුං ආගතොසී”තිආදීනි වත්වා උප්පණ්ඩෙසුං. භික්ඛූ තං සුත්වා උපට්ඨානවෙලායං උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං. භගවා – “න, භික්ඛවෙ , අයං භික්ඛු ධීතරං මාරෙසි, සා අත්තනො කම්මෙන මතා”ති වත්වා තස්ස භික්ඛුනො මනුස්සෙහි දුබ්බිජානං ඛීණාසවමුනිභාවං පකාසෙන්තො භික්ඛූනං ධම්මදෙසනත්ථං ඉමං ගාථමභාසි.
ඇය භාග්‍යවතුන් වහන්සේට වැඳ පියා සමීපයට ගියාය. පියා ඇය දැක, ‘ඉක්මනින් පැමිණියේ නැතැ’යි කිපී. නූල් ඔතන ලද රෙදි වියන දණ්ඩ වේගයෙන් ගැස්සීය. එය ගැලවී, දැරියගේ කුසෙහි වැදිණි. ඇය එතැනම මියගියාය. ඔහු එය දැක, ‘මම දුවට නොගැසුවෙමි, එම දණ්ඩ වැදී මැයගේ කුස තුවාල විය. ජීවත්වෙයිද, නැත්දැයි විමසා බලා, මළ බැව් දැන, ‘මිනිස්සු මේ දියණිය මා විසින් මරණ ලදැයි දොස් කියන්නාහ, රජුද දැඩි දඬුවම් පමුණුවන්නේය, එහෙයින් කලින්ම පලායාම මැනවැයි සිතුවේය. ඔහු දඬුවමට බියෙන් පලායන අතර, භාග්‍යවතුන් වහන්සේ හමුව කමටහන් ගෙන, කැලයෙහි හිමිවරුන් වසන තැනකට පැමිණියේය. ඔහු හිමිවරුන් වෙත ගොස්, වැඳ පැවිදි කරන ලෙස ඉල්ලීය. හිමිවරු ඔහු පැවිදිකොට, තචපඤ්වක නම් වූ (කෙස්, ලොම්, නිය, දත් හා සම දක්වා වූ) සිරුරේ කොටස් පහ පිළිබඳව මෙනෙහි කිරීමට උපදෙස් දුන්හ. (අළුත පැවිදි වූ ඒ හිමියෝ) උත්සාහවත්, එය ඉගෙන නොබෝ කලකින්ම අරහත් පල ලදහ. උන්වහන්සේගේ ගුරු උපාධ්‍යායන් වහන්සේලාද රහත් පල ලැබූහ. ඒ සියළුම හිමිවරු විනයානුකූලව පවාරණය කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. බුදුරජාණන් වහන්සේද වස් පවාරණය කොට, මහසඟ පිරිවරා ගම් නියම්ගම්හි සැරිසරමින්, පිළිවෙලින් අලව් නුවරට පැමිණියහ. අලව් වාසීහු භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට, දන් ආදිය පිරිනමද්දී, ඒ මහණුන් දැක, ‘දුව මරා, දැන් කවුරු කරන්නට ආවෙහිදැ’යි කියා නින්දා කළහ. හිමිවරු උවටැන් වේලාවෙහි පැමිණ ඒ කරුණු සැළකළවිට, භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, ඒ හිමි දුව මැරුවේ නැත. ඇය, තමන් කරන ලද දෙයක විපාක පරිදි මළා යැයි වදාරා, ඒ හිමියන් රහතන් වහන්සේ නමක බව මිනිසුන් නොදන්නා බැවින්, කෙලෙස් නසා රහත් බවට පත්වූ බව සඟ පිරිසට පහදා දෙමින් දහම් දෙසනු පිණිස මේ ගාථාව වදාළහ.
තස්සත්ථො – යො තීසුපි කම්මද්වාරෙසු සීලසංයමෙන සංයතත්තො කායෙන වා වාචාය වා චෙතසා වා හිංසාදිකං න කරොති පාපං, තඤ්ච ඛො පන දහරො වා දහරවයෙ ඨිතො, මජ්ඣිමො වා මජ්ඣිමවයෙ ඨිතො, එතෙනෙව නයෙන ථෙරො වා පච්ඡිමවයෙ ඨිතොති කදාචිපි න කරොති. කිං කාරණා? යතත්තො, යස්මා අනුත්තරාය විරතියා සබ්බපාපෙහි උපරතචිත්තොති වුත්තං හොති.
එහි තේරුම නම්, යො තුන්දොරෙහි හික්මීම - සීල සංවරය ඇති බැවින් සංයතත්තො කයෙන් හෝ වචනයෙන් හෝ සිතිවිලිවලින් හෝ හිංසා ආදිය න කරොති පාපං එසේ දහරොවා තරුණ වියෙහි පසුවන කෙනෙකු හෝ, මජ්ඣිමො වා මැදිවියෙහි වූවකු හෝ, මේ ආකාරයෙන් තෙර නමක හෝ වැඩිමහළු වූවත් කිසිවිටකත් පව් නොකරති. ඊට හේතු මොනවාද? යතත්තො යම්හෙයකින් ඇලීම් ආදියෙන් තොරව, සියළු පාපයෙන් මිදීමේ-වැළකීමේ සිත ඇති බව කියන ලදී.
ඉදානි මුනි අරොසනෙය්යො න සො රොසෙති කඤ්චීති එතෙසං පදානං අයං යොජනා ච අධිප්පායො ච – සො ඛීණාසවමුනි අරොසනෙය්යො “ධීතුමාරකො”ති වා “පෙසකාරො”ති වා එවමාදිනා නයෙන කායෙන වා වාචාය වා රොසෙතුං, ඝට්ටෙතුං, බාධෙතුං අරහො න හොති. සොපි හි න රොසෙති කඤ්චි, “නාහං මම ධීතරං මාරෙමි, ත්වං මාරෙසි, තුම්හාදිසො වා මාරෙතී”තිආදීනි වත්වා කඤ්චි න රොසෙති, න ඝට්ටෙති, න බාධෙති, තස්මා සොපි න රොසනෙය්යො. අපිච ඛො පන “තිට්ඨතු නාගො, මා නාගං ඝට්ටෙසි, නමො කරොහි නාගස්සා”ති (ම· නි· 1.249) වුත්තනයෙන නමස්සිතබ්බොයෙව හොති. තං වාපි ධීරා මුනි වෙදයන්තීති එත්ථ පන තම්පි ධීරාව මුනිං වෙදයන්තීති එවං පදවිභාගො වෙදිතබ්බො. අධිප්පායො චෙත්ථ – තං “අයං අරොසනෙය්යො”ති එතෙ බාලමනුස්සා අජානිත්වා රොසෙන්ති. යෙ පන ධීරා හොන්ති, තෙ ධීරාව තම්පි මුනිං වෙදයන්ති, අයං ඛීණාසවමුනීති ජානන්තීති.
ඊළඟට මුනි අරොසනෙය්යො න රොසෙති කඤ්චි මේ පදවලින් මෙබඳු අදහසක් ද හැඟවේ. කෙලෙස් නැසූ ඒ මුනිවරයා, මුනි අරොසනෙය්යො දුවගේ මිනීමරුවා හෝ රෙදි වියන්නෙකැයි හෝ කයෙන්, වචනයෙන් වුවත් කෝපයට පත්ව ගැටුම් ඇතිකර ගැනීමට, හිරිහැර කිරිමට සුදුසු නොවේ. සො ඒ මුනිවරයාද න රොසෙති කඤ්චි ‘මම දියණිය නොමැරුවෙමි, ඔබ මැරුවෙහි, ඔබ වැන්නෙකු මැරුවෙහි’ කියා කිසිවෙකු කෝප නොකරයි, නොගටයි, හිරිහැර නොකරයි, එහෙයින් ඔහුද කෝපයට පත් නොවන්නේය, එතකුදු වුවත්, ‘නාගයාට ඉඩ දෙන්න, නාගයාට හිංසා නොකරන්න, නාගයාට නමස්කාර කරන්න’ ‘තිට්ඨතු නාගො, මා නාගං ඝට්ටෙසි, නමො කරොහි නාගස්ස’ යනුවෙන් කියා ඇති පරිදි, නමස්කාර කළයුතුම වන්නේය. තං වාපි ධීරා මුනිං වෙදයන්ති මෙහි (නාග නමින්ද) ඒ උත්සාහවත් වූ මුනිවරයා රහතන් වහන්සේ සඳහන් කරති’යි මෙසේ පද විස්තර දතයුතුය. මේ අදහස නම්, ඒ තැනැත්තා කෝප නොවන්නෙකු බවට පත්වන්නේ යැයි ඒ අනුවණ මිනිස්සු නොදන්නා නිසා කෝප වෙති. නුවණැති, (කෙලෙස් දුරු කිරීමෙහි) උත්සාහවත් වූවෝම මුනිවරයා යැයි දන්නා ලබති. මෙයින් කෙලෙස් දුරුකළ මුනිවරයා හෙවත් රහතන් වහන්සේ යැයි දැනගන්න.
යදග්ගතොති කා උප්පත්ති? සාවත්ථියං කිර පඤ්චග්ගදායකො නාම බ්රාහ්මණො අහොසි. සො නිප්ඵජ්ජමානෙසු සස්සෙසු ඛෙත්තග්ගං, රාසග්ගං, කොට්ඨග්ගං, කුම්භිඅග්ගං, භොජනග්ගන්ති ඉමානි පඤ්ච අග්ගානි දෙති. තත්ථ පඨමපක්කානියෙව සාලි-යව-ගොධූම-සීසානි ආහරාපෙත්වා යාගුපායාසපුථුකාදීනි පටියාදෙත්වා “අග්ගස්ස දාතා මෙධාවී, අග්ගං සො අධිගච්ඡතී”ති එවංදිට්ඨිකො හුත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දානං දෙති, ඉදමස්ස ඛෙත්තග්ගදානං. නිප්ඵන්නෙසු පන සස්සෙසු ලායිතෙසු මද්දිතෙසු ච වරධඤ්ඤානි ගහෙත්වා තථෙව දානං දෙති, ඉදමස්ස රාසග්ගදානං . පුන තෙහි ධඤ්ඤෙහි කොට්ඨාගාරානි පූරාපෙත්වා පඨමකොට්ඨාගාරවිවරණෙ පඨමනීහටානි ධඤ්ඤානි ගහෙත්වා තථෙව දානං දෙති, ඉදමස්ස කොට්ඨග්ගදානං. යං යදෙව පනස්ස ඝරෙ රන්ධෙති, තතො අග්ගං අනුප්පත්තපබ්බජිතානං අදත්වා අන්තමසො දාරකානම්පි න කිඤ්චි දෙති, ඉදමස්ස කුම්භිඅග්ගදානං. පුන අත්තනො භොජනකාලෙ පඨමූපනීතං භොජනං පුරෙභත්තකාලෙ සඞ්ඝස්ස, පච්ඡාභත්තකාලෙ සම්පත්තයාචකානං, තදභාවෙ අන්තමසො සුනඛානම්පි අදත්වා න භුඤ්ජති, ඉදමස්ස භොජනග්ගදානං. එවං සො පඤ්චග්ගදායකොත්වෙව අභිලක්ඛිතො අහොසි.
යදග්ගතො යන ගාථාව දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? සැවැත්නුවර පඤ්චග්ගදායක නම් බමුණෙක් විය. ඔහු අස්වනු හටගන්නා කල්හි, කෙතින් ලද අස්වැන්නෙන් මුල් කොටස, අස්වැන්න එක්රැස් කිරිමේදී වෙන්කරන ලද මුල්කොටස, අටුවෙහි තබනවිට මුලින්ම වෙන්කළ කොටස, සැලියට දැමීමේදී වෙන්කෙරෙන මුල් කොටස, අනුභවයේදී මුල් කොටස යනුවෙන් පස් ආකාරයෙන් දෙයි. කෙතෙහි මුලින්ම පැසුණු හැල්, යව (බාර්ලි), තිරිඟු, හිස තබා ගෙනවුත්, කැඳ, කිරිබත්, හබලපෙති ආදිය පිළියෙල කොට, ‘මෙසේ අගසස් දාන දෙන තැනැත්තා නුවණ ලැබීමෙන් මුල්තැන ගනී.’ ‘අග්ගස්ස දාතා මෙධාවී අග්ගං සො අධිගච්ඡතී’ මෙබඳු හැඟීමෙන් බුදුපාමොක් මහසඟනට දන් දෙයි. මේ ඔහුගේ අස්වනු හටගත් කල කෙතෙහි තිබියදී (අස්වැන්න) කොටසක් ගෙන දෙනු ලබන දානයයි. පැසුණු කල්හී, කැපීමේදී, පෑගීමේදී මුලින්ම කොටසක් වෙන්කොට එසේම දානය දෙයි. මෙය ඔහුගේ අස්වනු එක්රැස් කිරීමේදී දෙන දානයයි. නැවත ඒ අස්වනු අටුවල පුරවා (ගබඩා කිරීමේදී) ඉන් පසුව පළමුකොටම අටුව විවරකොට, පළමුව පිටතට ගන්නා අස්වනුවලින් දානය දෙයි. එය අටුවෙහි අගසස් දානයයි. එසේ කිසියම් කොටසක් ගෙදර (එදිනෙදා පිසීම සඳහා) තබාගනීද, එයින් මුල්කොටස පැමිණෙන පැවිද්දන්ට නොදී, යටත් පිරිසෙයින් දරුවන්ටවත් නොදෙයි. මේ සැළියෙහි අගසස් දානයයි. නැවත අනුභව කරන මොහොතෙහි, පෙරබත් කාලය නම් තමන්ට ලැබෙන ආහාරය පැමිණි පැවිද්දන්ටද, පසුබත් කාලයේ නම් පැමිණෙන යාචකයන්ටද, එසේ නොමැතිනම්, යටත් පිරිසෙයින් බල්ලෙකුට හෝ නොදී අනුභව නොකරයි. මෙය අනුභවයෙහිදී මුලින්ම දෙන දානයයි. මෙසේ මුල්ම දාන පහක දායකයෙකැයි ‘පඤ්චග්ගදායක’ නමින්ම හැඳින්වීය.
අථෙකදිවසං භගවා පච්චූසසමයෙ බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො තස්ස බ්රාහ්මණස්ස බ්රාහ්මණියා ච සොතාපත්තිමග්ගඋපනිස්සයං දිස්වා සරීරපටිජග්ගනං කත්වා අතිප්පගෙව ගන්ධකුටිං පාවිසි. භික්ඛූ පිහිතද්වාරං ගන්ධකුටිං දිස්වා – “අජ්ජ භගවා එකකොව ගාමං පවිසිතුකාමො”ති ඤත්වා භික්ඛාචාරවෙලාය ගන්ධකුටිං පදක්ඛිණං කත්වා පිණ්ඩාය පවිසිංසු. භගවාපි බ්රාහ්මණස්ස භොජනවෙලායං නික්ඛමිත්වා සාවත්ථිං පාවිසි. මනුස්සා භගවන්තං දිස්වා එවං – “නූනජ්ජ කොචි සත්තො අනුග්ගහෙතබ්බො අත්ථි, තථා හි භගවා එකකොව පවිට්ඨො”ති ඤත්වා න භගවන්තං උපසඞ්කමිංසු නිමන්තනත්ථාය. භගවාපි අනුපුබ්බෙන බ්රාහ්මණස්ස ඝරද්වාරං සම්පත්වා අට්ඨාසි. තෙන ච සමයෙන බ්රාහ්මණො භොජනං ගහෙත්වා නිසින්නො හොති, බ්රාහ්මණී පනස්ස බීජනිං ගහෙත්වා ඨිතා. සා භගවන්තං දිස්වා “සචායං බ්රාහ්මණො පස්සෙය්ය, පත්තං ගහෙත්වා සබ්බං භොජනං දදෙය්ය, තතො මෙ පුන පචිතබ්බං භවෙය්යා”ති චින්තෙත්වා අප්පසාදඤ්ච මච්ඡෙරඤ්ච උප්පාදෙත්වා යථා බ්රාහ්මණො භගවන්තං න පස්සති, එවං තාලවණ්ටෙන පටිච්ඡාදෙසි. භගවා තං ඤත්වා සරීරාභං මුඤ්චි. තං බ්රාහ්මණො සුවණ්ණොභාසං දිස්වා “කිමෙත”න්ති උල්ලොකෙන්තො අද්දස භගවන්තං ද්වාරෙ ඨිතං. බ්රාහ්මණීපි “දිට්ඨොනෙන භගවා”ති තාවදෙව තාලවණ්ටං නික්ඛිපිත්වා භගවන්තං උපසඞ්කමිත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දි, වන්දිත්වා චස්සා උට්ඨහන්තියා සප්පායං විදිත්වා –
මේ අතර, දිනක් භාග්‍යවතුන් වහන්සේ අළුයම් වේලෙහි බුදු ඇසින් ලොව බලනවිට, ඒ බමුණාත්, බැමිණියත් සෝවාන් ඵලයට පත්වීමට හේතුසම්පත් ඇති බව දැන, සිරුර පිළිදැගුම් කොට, කල්ඇතිවම සුවඳ කුටියට පිවිසියහ. මහණහු සුවඳ කුටියෙහි දොර වසා ඇති බව දැක, අද භාග්‍යවතුන් වහන්සේ තනිවම ගමට පිවිසෙනු කැමති සේකැ’යි දැන, පිඬු පිණිස කල් පැමිණිවිට, සුවඳ කුටිය පැදකුණු කොට පිඬුසිඟා වැඩියහ. භාග්‍යවතුන් වහන්සේද බමුණාගේ ආහාර වේලාවෙහි නික්ම සැවත් නුවරට පිවිසියහ. මිනිස්සු බුදුරදුන් තනිවම වැඩියේ කවරකුට හෝ (දහම් අවබෝධයෙන්) උපකාර පිණිසම නොවේදැයි දැන, දානයට ආරාධනා කිරීමට උන්වහන්සේ කරා නොගියහ. භාග්‍යවතුන් වහන්සේද අනුපිළිවෙලින්. බමුණාගේම ගෙයි දොරටුව අසළට පැමිණ සිටියහ. ඒ වේලාවෙහි බමුණා අහර බඳුන ගෙන වාඩිවී සිටියේය. බැමිණිය තල්වට ගෙන සිටියාය. ඇය භාග්‍යවතුන් වහන්සේ දැක, ‘දැන් බමුණා දුටුවහොත් පාත්‍රය ගෙන මුළු ආහාරයම දෙන්නේය. එවිට මට නැවතත් කෑම පිසීමට සිදුවන්නේ යැයි සිතා නොසතුටද, මසුරුබවද උපදවා බමුණාට භාග්‍යවතුන් වහන්සේ නොපෙනෙනා ලෙසට තල්විටින් මුවහ කළාය. (සැඟවූවාය.) භාග්‍යවතුන් වහන්සේ ඒ බව දැන, සිරුරෙන් ආලෝකයක් මුදාහළහ. ඒ රත්පැහැ ආලෝකය දුටු බමුණා ‘එය කුමක්දැ’යි බලද්දී, භාග්‍යවතුන් වහන්සේ දොරකඩ වැඩසිටිනු දැක්කේය. බැමිණියද, බමුණා බුදුරදුන් දක්නා ලදැයි දැන, එකෙණෙහිම තල්වට පසෙක තබා, උන්වහන්සේ වෙත එළඹ, පසඟ පිහිටුවා වැන්දාය. ඇය වැඳ නැගී සිටිද්දී, ඇගේ සිත දහම් අවබෝධයට සුදුසු බව දත් භාග්‍යවතුන් වහන්සේ,
“සබ්බසො නාමරූපස්මිං, යස්ස නත්ථි මමායිතං; අසතා ච න සොචති, ස වෙ භික්ඛූති වුච්චතී”ති. (ධ· ප· 367) –
සබ්බසො නාමරූපස්මිං යස්ස නත්ථි මමායිතං අසතා ච න සොචති ස වෙ භික්ඛූති වුච්චතී
‘නාමරූප (රූප-වේදනා ආදී කොටස් පහ) කෙරෙහි මමය-මගේය යන හැඟීමක් මුළුමනින්ම නැත්ද, ඒ නාමරූප නැතිව ගියවිට-වැනසුන විට සෝක නොකරයිද, එසේ කෙලෙස් නසන ලද තැනැත්තා (නියම) මහණෙක් ලෙස හඳුන්වනු ලැබේ’
ඉමං ගාථමභාසි. සා ගාථාපරියොසානෙයෙව සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. බ්රාහ්මණොපි භගවන්තං අන්තොඝරං පවෙසෙත්වා, වරාසනෙ නිසීදාපෙත්වා, දක්ඛිණොදකං දත්වා, අත්තනො උපනීතභොජනං උපනාමෙසි – “තුම්හෙ, භන්තෙ, සදෙවකෙ ලොකෙ අග්ගදක්ඛිණෙය්යා, සාධු, මෙ තං භොජනං අත්තනො පත්තෙ පතිට්ඨාපෙථා”ති. භගවා තස්ස අනුග්ගහත්ථං පටිග්ගහෙත්වා පරිභුඤ්ජි. කතභත්තකිච්චො ච බ්රාහ්මණස්ස සප්පායං විදිත්වා ඉමං ගාථමභාසි.
යන අරුත් ඇති ගාථාව දේසනා කළහ. ඇය ගාථාව අවසාන වනවිටම සෝවාන් පලෙහි පිහිටියාය. බමුණාද භාග්‍යවතුන් වහන්සේ ගෙතුළට වඩමවා මාහැඟි අසුනක හිඳුවා, (දානය පිළිගැන්වීමට පෙර) පැන් පිළිගන්වා තමාට පිළියෙල කර ඇති (අනෙක්) ආහාර ගෙන ‘හිමියනි, දෙවියන් සහිත ලෝකයෙහි දෙනු ලබන දේ පිළිගැනීමට සුදුසු උතුමන් අතර, ඔබවහන්සේ මුල්තැන ගනිති, මේ භෝජනය ඔබවහන්සේගේ පාත්‍රයෙහි තැබීමට අවසර ලැබේවා’යි කීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට උපකාර පිණිස එය පිළිගෙන වැළඳූහ. වළඳා අවසන, බමුණාද දහම් අවබෝධයට සුදුසුව සිටීයැයි දැන යදග්ගතො යන ගාථාව වදාළහ.
තස්සත්ථො – යං කුම්භිතො පඨමමෙව ගහිතත්තා අග්ගතො, අද්ධාවසෙසාය කුම්භියා ආගන්ත්වා තතො ගහිතත්තා මජ්ඣතො, එකද්විකටච්ඡුමත්තාවසෙසාය කුම්භියා ආගන්ත්වා තතො ගහිතත්තා සෙසතො වා පිණ්ඩං ලභෙථ. පරදත්තූපජීවීති පබ්බජිතො. සො හි උදකදන්තපොණං ඨපෙත්වා අවසෙසං පරෙනෙව දත්තං උපජීවති, තස්මා “පරදත්තූපජීවී”ති වුච්චති. නාලං ථුතුං නොපි නිපච්චවාදීති අග්ගතො ලද්ධා අත්තානං වා දායකං වා ථොමෙතුම්පි නාරහති පහීනානුනයත්තා. සෙසතො ලද්ධා “කිං එතං ඉමිනා දින්න”න්තිආදිනා නයෙන දායකං නිපාතෙත්වා අප්පියවචනානි වත්තාපි න හොති පහීනපටිඝත්තා. තං වාපි ධීරා මුනි වෙදයන්තීති තම්පි පහීනානුනයපටිඝං ධීරාව මුනිං වෙදයන්තීති බ්රාහ්මණස්ස අරහත්තනිකූටෙන ගාථං දෙසෙසි. ගාථාපරියොසානෙ බ්රාහ්මණො සොතාපත්තිඵලෙ පතිට්ඨහීති.
එහි තේරුම නම් - යං සැළියෙන් මුලින්ම ගන්නා ලද බැවින්, අග්ගතො පැමිණි (විට) සැළියෙහි අඩක් ඉතිරිව තිබී, එයින් ගන්නා ලද බැවින්, මජ්ඣතො එක් හැන්දක්, හැඳි දෙකක් තරම් ඉතිරිව තිබී, එයින් ගන්නා ලද බැවින්, සෙසතො වා පිණ්ඩං ලභෙථ, පරදත්තූපජීවී යනු පැවිදි වූවෙක්, පැවිද්දා ජලය, දැහැටි හැර, අනෙක් සියළු දෙයම අනුන් විසින් දෙනු ලබන බැවින් ජීවත් වෙයි. එහෙයින් පරදත්තූපජීවී යැයි කියනු ලැබේ. නාලං ථුතුං නොපි නිපච්චවාදී එබඳු බලාපොරොත්තු නොමැති බැවින්, මුල් කොටසම ලැබුණත් තමන්ට හෝ දෙන තැනැත්තාට හෝ තුති කිරීමක් නොවේ. ඉතිරි වූ දෙයින් ලැබුණත්, තරහ දුරුකරන ලද බැවින්, ‘මේ දෙන ලද්දේ මොනවාදැ’යි ආදී ලෙසින් දායකයා පහත්කොට (බාල්දුකොට) අසතුටු වචන නොකියයි. තං වාපි ධීරා මුනිං වෙදයන්ති - බලාපොරොත්තු, තරහ දුරුකරන ලද උත්සාහවත් ඒ මුනිවරයා ලෙසින් හඳුන්වතියි, අරහත් පල කුළුගන්වා බමුණාට ගාථාව දේසනා කළහ. ගාථාව අවසානයෙහි බමුණා සෝවාන් පලෙහි පිහිටියේය.
මුනිං චරන්තන්ති කා උප්පත්ති? සාවත්ථියං කිර අඤ්ඤතරො සෙට්ඨිපුත්තො උතුවසෙන තීසු පාසාදෙසු සබ්බසම්පත්තීහි පරිචාරයමානො දහරොව පබ්බජිතුකාමො හුත්වා, මාතාපිතරො යාචිත්වා, ඛග්ගවිසාණසුත්තෙ “කාමා හි චිත්‍රා”ති (සු· නි· 50) ඉමිස්සා ගාථාය අට්ඨුප්පත්තියං වුත්තනයෙනෙව තික්ඛත්තුං පබ්බජිත්වා ච උප්පබ්බජිත්වා ච චතුත්ථවාරෙ අරහත්තං පාපුණි. තං පුබ්බපරිචයෙන භික්ඛූ භණන්ති – “සමයො, ආවුසො, උප්පබ්බජිතු”න්ති. සො “අභබ්බො දානාහං, ආවුසො, විබ්භමිතු”න්ති ආහ. තං සුත්වා භික්ඛූ භගවතො ආරොචෙසුං. භගවා “එවමෙතං, භික්ඛවෙ, අභබ්බො සො දානි විබ්භමිතු”න්ති තස්ස ඛීණාසවමුනිභාවං ආවිකරොන්තො ඉමං ගාථමාහ.
මුනිං චරන්තං යන ගාථාව දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? සැවැත් නුවර එක්තරා සිටු පුතෙක් සීත, උණුසම් කාල අනුව, තුන් පහයක, සියළු පිරිවර සම්පත් විඳිමින් සිටින අතර, තුරුණු වියෙහිදීම පැවිදිවනු කැමතිව, මාපිය අවසර ඉල්ලා, ඛග්ගවිසාණ සූත්‍රයෙහි කාමා හි චිත්‍රා යන මේ ගාථාවට අදාල වූ කතාවෙහි සඳහන් වූ පරිදිම තෙවරක් පැවිදිව - උපැවිදිව, සිවුවන වර පැවිදිව රහත් පල ලැබීය. අනෙක් හිමිවරු ‘ඇවැත්නි, දැන් උපැවිදිවීමට කාලය යැයි’ පෙර පුරුද්ද සිහිගන්වති. උන්වහන්සේ, ‘ඇවැත්නි, දැන් සිවුරු හැර ගිහිබවට පත්වීම සිදුනොවන බව පැවසූහ. ඒ ඇසූ හිමිවරු, බුදුරජාණන් වහන්සේට සැළ කළවිට, ‘එසේය, මහණෙනි, දැන් ඒ තෙරුන් වහන්සේගෙන් සිවුරු හැර ගිය බවට පත්වීමක් සිදුනොවන බවත්, නිකෙලෙස් මුනි බව පැහැදිළි කරමින් මෙම ගාථාව දේසනා කළහ.
තස්සත්ථො – මොනෙය්යධම්මසමන්නාගමෙන මුනිං, එකවිහාරිතාය, පුබ්බෙ වුත්තප්පකාරාසු වා චරියාසු යාය කායචි චරියාය චරන්තං, පුබ්බෙ විය මෙථුනධම්මෙ චිත්තං අකත්වා අනුත්තරාය විරතියා විරතං මෙථුනස්මා. දුතියපාදස්ස සම්බන්ධො – කීදිසං මුනිං චරන්තං විරතං මෙථුනස්මාති චෙ? යො යොබ්බනෙ නොපනිබජ්ඣතෙ ක්වචි, යො භද්රෙපි යොබ්බනෙ වත්තමානෙ ක්වචි ඉත්ථිරූපෙ යථා පුරෙ, එවං මෙථුනරාගෙන න උපනිබජ්ඣති. අථ වා ක්වචි අත්තනො වා පරස්ස වා යොබ්බනෙ “යුවා තාවම්හි, අයං වා යුවාති පටිසෙවාමි තාව කාමෙ”ති එවං යො රාගෙන න උපනිබජ්ඣතීති අයම්පෙත්ථ අත්ථො. න කෙවලඤ්ච විරතං මෙථුනස්මා, අපිච ඛො පන ජාතිමදාදිභෙදා මදා, කාමගුණෙසු සතිවිප්පවාසසඞ්ඛාතා පමාදාපි ච විරතං, එවං මදප්පමාදා විරතත්තා එව ච විප්පමුත්තං සබ්බකිලෙසබන්ධනෙහි. යථා වා එකො ලොකිකායපි විරතියා විරතො හොති, න එවං, කිං පන විප්පමුත්තං විරතං, සබ්බකිලෙසබන්ධනෙහි විප්පමුත්තත්තා ලොකුත්තරවිරතියා විරතන්තිපි අත්ථො. තං වාපි ධීරා මුනි වෙදයන්තීති තම්පි ධීරා එව මුනිං වෙදයන්ති, තුම්හෙ පන නං න වෙදයථ, තෙන නං එවං භණථාති දස්සෙති.
එහි අරුත නම්, උසස් හික්මීමෙන් යුතු වූයේ මුනිං, තනිව වසමින්, පෙර කියන ලද ආකාරයෙන් හෝ උසස් හැසිරීම් රටාවකට කය සිත යොදවමින් චරන්තං පෙර පරිදි මෙවුන්දම්හි සිත යොමු නොකොට, ආසාරාග අත්හැර දමන ලද උතුම් බවට පත්වූයේ විරතං මෙථුනස්මා දෙවන පේළිය හා බැඳේ. මෙවුන්දම්හි වෙන්ව හැසිරෙන මුනිවරයා කෙබඳුදැයි කී අයුරුය. යො යොබ්බනෙන න උපනිබජ්ඣතෙ කච්චි යමෙක් සුන්දර නව යොවුන් වියෙහිදීම කිසියම් ලලනා රුවක් දැක, පෙර පරිදි මෙවුන්දමෙහි ආසාවෙන් සිත නොබැඳේද, නැතහොත් ක්වචි යනු තමාගේ හෝ අනුන්ගේ හෝ, යොබ්බනෙ - ‘මම තවම තරුණ වෙමි, හෝ මේ තැනැත්තා තරුණය, ඒ තාක් ආසාවෙන් ඇසුරු කරමි’යි, මෙසේ රාගයෙන් නොබැඳේ යනු මෙහි තේරුමයි. හුදෙක්ම ලිංගික කටයුතුවලින් වෙන්වීම පමණක් නොව, උපතින් උසස් ආදී ලෙසින් මත්වීම මදා, කාමයන්හි සිත නොපවත්වා - එයින් වෙන්ව වාසය කිරීමෙන් පමාදා විරතං මෙසේ මදප්පමාදා විරතත්තා එයින් වෙන් වූයේ, විප්පමුත්ත එදිනෙදා ජීවිතයට අයත් එක් කටයුත්තකින් පමණක් නොව, සියළුම කෙලෙස්වලින් මනාව මිදුණේ, එසේ නොවේ නම්, විප්පමුත්තං විරතං යනු කුමක්ද? සියළුම කෙලෙස් බැඳුම්වලින් මනාව මිදුණු බැවින්, ලොවුතුරු ආසාවෙන්ද මිදුණේය යන තේරුමයි. තං වාපි ධීරා (ඒ පැමිණි ලොවුතුරා උසස් බවටද ආසා රහිත වූ) නැණවත් තැනැත්තෝ මුනිං වෙදයන්ති ඔබලා එසේ ඒ නැණවත් තැනැත්තාට එසේ නොකියවු නම්, මේ ආකාරයෙන් කියවයි පහදා දෙති.
අඤ්ඤාය ලොකන්ති කා උප්පත්ති? භගවා කපිලවත්ථුස්මිං විහරති. තෙන සමයෙන නන්දස්ස ආභරණමඞ්ගලං, අභිසෙකමඞ්ගලං, ආවාහමඞ්ගලන්ති තීණි මඞ්ගලානි අකංසු. භගවාපි තත්ථ නිමන්තිතො පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං තත්ථ ගන්ත්වා භුඤ්ජිත්වා නික්ඛමන්තො නන්දස්ස හත්ථෙ පත්තං අදාසි. තං නික්ඛමන්තං දිස්වා ජනපදකල්යාණී “තුවට්ටං ඛො, අය්යපුත්ත, ආගච්ඡෙය්යාසී”ති ආහ. සො භගවතො ගාරවෙන “හන්ද භගවා පත්ත”න්ති වත්තුං අසක්කොන්තො විහාරමෙව ගතො. භගවා ගන්ධකුටිපරිවෙණෙ ඨත්වා “ආහර, නන්ද, පත්ත”න්ති ගහෙත්වා “පබ්බජිස්සසී”ති ආහ. සො භගවතො ගාරවෙන පටික්ඛිපිතුං අසක්කොන්තො “පබ්බජාමි, භගවා”ති ආහ. තං භගවා පබ්බාජෙසි. සො පන ජනපදකල්යාණියා වචනං පුනප්පුනං සරන්තො උක්කණ්ඨි. භික්ඛූ භගවතො ආරොචෙසුං. භගවා නන්දස්ස අනභිරතිං විනොදෙතුකාමො “තාවතිංසභවනං ගතපුබ්බොසි, නන්දා”ති ආහ. නන්දො “නාහං, භන්තෙ, ගතපුබ්බො”ති අවොච.
අඤ්ඤාය ලොකං යන ගාථාව දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර වැඩ වසති. ඒ කාලයෙහි නන්ද කුමරුගේ තෙමඟුල වූ අභරණ පැළඳවීම, ඔටුනු පැළඳීම සහ අතිනත් ගැනීම සිදුවිය. භාග්‍යවතුන් වහන්සේද එහි ආරාධනා ලැබ, පන්සියයක් මහසඟණ සමග ගොස්, වළඳා නික්මෙන විට නන්දගේ අතට පාත්‍රය දුන්හ. ඔහු නික්ම යනු දුටු ජනපදකලණිය ‘අරියපුතුනි, ඉක්මනින් එන්න’ යැයි කීවාය. ඔහු බුදුරජාණන් වහන්සේ දක්වන ගරු සැළකිලි නිසා ‘භාග්‍යවතුනි, පාත්‍රය ගනු මැනවැ’යි කීමට නොහැකිව විහාරයටම ගියේය. භාග්‍යවතුන් වහන්සේ සුවඳ කුටියට පිවිසෙන තැන සිට, නන්ද, පාත්‍රය ගෙන එන්නැ’යි කියා (එය) රැගෙන, පැවිදි වන්නෙහිදැ’යි ඇසූහ. ඔහු උන්වහන්සේට දක්වන ගරුසැළකිලි නිසාම පිළිකෙව් කිරිමට නොහැකිව, ‘භාග්‍යවතුනි, පැවිදිවෙමි’යි කීය. ඔහු පැවිදි කළහ. නන්ද හිමි ජනපදකලණියගේ වදන් යළි යළිත් සිහිකරමින් කළකිරුණේය. මහණහු එය බුදුහිමිට සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ, නන්ද හිමිගේ උකටලී බව දුරලනු පිණිස, ‘නන්ද, ඔබ කලින් තව්තිසා දෙව්ලොවට ගොස් තිබේදැයි ඇසූහ. ‘හිමියනි, කලින් නොගියෙමි’යි නන්ද හිමියෝ කීහ.
තතො නං භගවා අත්තනො ආනුභාවෙන තාවතිංසභවනං නෙත්වා වෙජයන්තපාසාදද්වාරෙ අට්ඨාසි. භගවතො ආගමනං විදිත්වා සක්කො අච්ඡරාගණපරිවුතො පාසාදා ඔරොහි. තා සබ්බාපි කස්සපස්ස භගවතො සාවකානං පාදමක්ඛනතෙලං දත්වා කකුටපාදිනියො අහෙසුං. අථ භගවා නන්දං ආමන්තෙසි – “පස්සසි නො, ත්වං නන්ද, ඉමානි පඤ්ච අච්ඡරාසතානි කකුටපාදානී”ති සබ්බං විත්ථාරෙතබ්බං. මාතුගාමස්ස නාම නිමිත්තානුබ්යඤ්ජනං ගහෙතබ්බන්ති සකලෙපි බුද්ධවචනෙ එතං නත්ථි. අථ ච පනෙත්ථ භගවා උපායකුසලතාය ආතුරස්ස දොසෙ උග්ගිලෙත්වා නීහරිතුකාමො වෙජ්ජො සුභොජනං විය නන්දස්ස රාගං උග්ගිලෙත්වා නීහරිතුකාමො නිමිත්තානුබ්යඤ්ජනග්ගහණං අනුඤ්ඤාසි යථා තං අනුත්තරො පුරිසදම්මසාරථි. තතො භගවා අච්ඡරාහෙතු නන්දස්ස බ්රහ්මචරියෙ අභිරතිං දිස්වා භික්ඛූ ආණාපෙසි – “භතකවාදෙන නන්දං චොදෙථා”ති. සො තෙහි චොදියමානො ලජ්ජිතො යොනිසො මනසි කරොන්තො පටිපජ්ජිත්වා න චිරස්සෙව අරහත්තං සච්ඡාකාසි. තස්ස චඞ්කමනකොටියං රුක්ඛෙ අධිවත්ථා දෙවතා භගවතො එතමත්ථං ආරොචෙසි. භගවතොපි ඤාණං උදපාදි. භික්ඛූ අජානන්තා තථෙවායස්මන්තං චොදෙන්ති. භගවා “න, භික්ඛවෙ, ඉදානි නන්දො එවං චොදෙතබ්බො”ති තස්ස ඛීණාසවමුනිභාවං දීපෙන්තො තෙසං භික්ඛූනං ධම්මදෙසනත්ථං ඉමං ගාථමභාසි.
එවිට භාග්‍යවතුන් වහන්සේ තම බුදුබලයෙන් නන්ද හිමි තව්තිසාවට කැඳවාගෙන ගොස්, විජයොත් පහ දොරටුවෙහි සිටියහ. භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම දැන සක්දෙව් දෙවඟනන් පිරිවරා පහයෙන් බැස්සේය. ඒ සියළුම දෙවඟනෝ කසුප් බුදුරදුන්ගේ සඟ පිරිසට පාදවල ගැල්වීටම තෙල් ලබා දී (ඒ පිනින්) පරෙවියන්ගේ පා වැනි පාද ඇත්තියෝ වුහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘නන්ද, ඔබ මේ පරෙවිපා ඇති දෙවඟනන් පන්සියය දුටුවෙහිදැ’යි නන්ද හිමි ඇමතූහ. මෙම විමසීමට අදාල සියළු කරුණු විස්තර කළයුතුය. කාන්තාවගේ අඟපසඟ නිමිතිසේ ගතයුතු යැයි මුළු බුදුවදනෙහිම - බුද්ධ දේසනයෙහිම නැත. එහෙත් මෙහිදී භාග්‍යවතුන් වහන්සේ නන්ද හිමිට ගැලපෙන අයුරින් කරුණු පහදා දීමේ හැකියාව අනුව, රෝගියකුගේ (පිත්-සෙම්) දොස් වමනය කොට බැහැර කරනු කැමති වෙදෙකු ඊට සුදුසු ආහාර නියම කරන්නාක් මෙන්, නන්ද හිමිගේ රාගය ඉවතලීමට අඟපසග නිමිති සේ උපයෝගී කළහ. ඒ වූ කලී අධම මිනිසුන් දමනය කොට හික්මවන උතුම් යහමඟ පෙන්වන්නෙකු පරිද්දෙනි. එහිදී භාග්‍යවතුන් වහන්සේ, දෙවඟනන් නිසා නන්ද හිමිගේ බඹසර හැසිරිමෙහි ඇල්ම දැන, කුළියකට මෙහෙ කරන්නෙකු සේ සළකා දොස් නගන ලෙස මහණුන්ට දැන්වූහ. නන්ද හිමි, ඒ හිමිවරුන් දොස් නගනු ලබද්දී, ලජ්ජාවට පත්ව, දහමට අනුව නුවණින් විමසා බලා කටයුතු කොට නොබෝ කලකින්ම අරහත් බව අවබෝධ කළේය. නන්ද තෙරුන් සක්මන් කරන මළුවෙහි කෙළවර පිහිටි ගසක වසන දේවතාවා ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැළකළේය. උන්වහන්සේද නුවණින් දත්හ. නන්ද තෙරුන් රහතන් වහන්සේ කෙනෙකු බව නොදන්නා ඒ හිමිවරු පෙර පරිදිම දොස් නගති. භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, දැන් නන්ද තෙරුන්ට එසේ දොස් නොනැඟිය යුතුයැ’යි කියා, කෙලෙසුන් නසා මුනිවරයකු වූ බව පහදා, දහම් දෙසනු පිණිස මහණුන් අමතා මෙම ගාථාව වදාළහ.
තස්සත්ථො – දුක්ඛසච්චවවත්ථානකරණෙන ඛන්ධාදිලොකං අඤ්ඤාය ජානිත්වා වවත්ථපෙත්වා නිරොධසච්චසච්ඡිකිරියාය පරමත්ථදස්සිං, සමුදයප්පහානෙන චතුබ්බිධම්පි ඔඝං, පහීනසමුදයත්තා රූපමදාදිවෙගසහනෙන චක්ඛාදිආයතනසමුද්දඤ්ච අතිතරිය අතිතරිත්වා අතික්කමිත්වා මග්ගභාවනාය, “තන්නිද්දෙසා තාදී”ති ඉමාය තාදිලක්ඛණප්පත්තියා තාදිං. යො වායං කාමරාගාදිකිලෙසරාසියෙව අවහනනට්ඨෙන ඔඝො, කුච්ඡිතගතිපරියායෙන සමුද්දනට්ඨෙන සමුද්දො, සමුදයප්පහානෙනෙව තං ඔඝං සමුද්දඤ්ච අතිතරිය අතිතිණ්ණොඝත්තා ඉදානි තුම්හෙහි එවං වුච්චමානෙපි විකාරමනාපජ්ජනතාය තාදිම්පි එවම්පෙත්ථ අත්ථො ච අධිප්පායො ච වෙදිතබ්බො. තං ඡින්නගන්ථං අසිතං අනාසවන්ති ඉදං පනස්ස ථුතිවචනමෙව, ඉමාය චතුසච්චභාවනාය චතුන්නං ගන්ථානං ඡින්නත්තා ඡින්නගන්ථං, දිට්ඨියා තණ්හාය වා කත්ථචි අනිස්සිතත්තා අසිතං, චතුන්නං ආසවානං අභාවෙන අනාසවන්ති වුත්තං හොති. තං වාපි ධීරා මුනි වෙදයන්තීති තම්පි ධීරාව ඛීණාසවමුනිං වෙදයන්ති තුම්හෙ පන අවෙදයමානා එවං භණථාති දස්සෙති.
එම ගාථාවේ අරුත නම්, දුක පිළිබඳ වූ නියම ඇත්ත තහවුරු කිරීමෙන්, ඛන්ධ ආදී වූ රූප වේදනා ලෙසින් දැක්වූ ලොකං අඤ්ඤාය එය දැන-වෙන්කොට-තහවුරු කොට, දුක නැතිකිරීම නම් වූ ඇත්ත අවබෝධ කරනු පිණිස පරමත්ථ දස්සිං දුක ඇතිවීමට හේතුව නැති කිරිමෙන් සිවු වැදෑරුම් වූ ද ඔඝං හේතුව නැතිකරන ලද බැවින්, රූප ආදියෙන් වන මත්වීමේ වේගයට (හෙවත් තද මානය) අනුව ඇස් ආදී අදාල ආයතන (සබඳතා මත) සමුද්දඤ්ච අතිතරිය මගපල අරමුණු කෙරෙන භාවනා මගින් මුළුමනින්ම එතෙරව, ඉක්මවා, ඉහත දැක්වූ පරිදි මේ ආකාරයෙන් කෙලෙස් දුරුකළ අරුතින් තාදී, යම් කෙනෙක් මේ රාගාදී කෙලෙස් රැසම ගසාගෙන යන අදහසින් ඕඝ නම් වේ. ඇතුලට බැසයන ගතිසොබාවෙන් යුතුව, ජලය රඳවාගනු ලබන අරුතින් සමුද්ද වේ. අදාල හේතුව නැති කිරීමෙන්ම ඒ සැඩ පහරින් යුතු මුහුද තරණයකොට, සැඩපහරින්ද එතර වූ බැවින් දැන් ඔබලා විසින් (ඒ ගැන) මෙසේ කියනු ලබද්දිත්, සිතෙහි අහිතක්, වෙනසක් නැතිව, එකාකාරව පවතී යැයි මෙසේ මෙහි අරුතද, එයින් හැඟෙන කරුණුද දතයුතුය. තං ඡින්නගත්ථං අසිතං අනාසවං මෙය තුති පැසසුම් වචනයි. මේ සිවුසස් භාවනාවෙන් (දැඩි ලෝභාදී සිරුරෙහි බැඳී පවත්නා) සතරාකාර වූ ගැට ලිහා දමන ලද බැවින්, කෙලෙස් ගැට කපා දැමූ, කිසිම දෙයක දැඩිව ගත් හැඟීම් හා ආසා නොමැති හෙයින්, (අසිතං) සතරාකාර වූ කෙලෙස් නොමැති බැවින්ද අනාසවං යැයි ද කියන ලදී. තං වාපි ධීරා මුනිං වෙදයන්ති කෙලෙස් නැතිකළ එබඳු පැණවත් තැනැත්තා මුනි යයි දක්වති. ඔබලා ඒ බව නොදන්නා හෙයින් මෙසේ කියන්නාහුයැයි දැක්වෙයි.
අසමා උභොති කා උප්පත්ති? අඤ්ඤතරො භික්ඛු කොසලරට්ඨෙ පච්චන්තගාමං නිස්සාය අරඤ්ඤෙ විහරති. තස්මිඤ්ච ගාමෙ මිගලුද්දකො තස්ස භික්ඛුනො වසනොකාසං ගන්ත්වා මිගෙ බන්ධති. සො අරඤ්ඤං පවිසන්තො ථෙරං ගාමං පිණ්ඩාය පවිසන්තම්පි පස්සති, අරඤ්ඤා ආගච්ඡන්තො ගාමතො නික්ඛමන්තම්පි පස්සති. එවං අභිණ්හදස්සනෙන ථෙරෙ ජාතසිනෙහො අහොසි. සො යදා බහුං මංසං ලභති, තදා ථෙරස්සාපි රසපිණ්ඩපාතං දෙති. මනුස්සා උජ්ඣායන්ති – “අයං භික්ඛු ‘අමුකස්මිං පදෙසෙ මිගා තිට්ඨන්ති, චරන්ති, පානීයං පිවන්තී’ති ලුද්දකස්ස ආරොචෙති. තතො ලුද්දකො මිගෙ මාරෙති, තෙන උභො සඞ්ගම්ම ජීවිකං කප්පෙන්තී”ති. අථ භගවා ජනපදචාරිකං චරමානො තං ජනපදං අගමාසි. භික්ඛූ ගාමං පිණ්ඩාය පවිසන්තා තං පවත්තිං සුත්වා භගවතො ආරොචෙසුං. භගවා ලුද්දකෙන සද්ධිං සමානජීවිකාභාවසාධකං තස්ස භික්ඛුනො ඛීණාසවමුනිභාවං දීපෙන්තො තෙසං භික්ඛූනං ධම්මදෙසනත්ථං ඉමං ගාථමභාසි.
අස්මා උභො යන ගාථාව දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? එක්තරා මහණෙක්, කොසොල් රට පිටිසර ගමක කැලයෙහි වසයි. ඒ ගමෙහි මුව වැද්දෙක් ඒ මහණුන් වසන පෙදෙසට ගොස් මුවන් කොටු කරයි. ඔහු කැලයට පිවිසෙන විට, ඒ හිමියන් පිඬු පිණිස යාම ද දකී. ඔහු කැලයෙන් ආපසු පැමිණෙන විට ඒ හිමියන් ගමෙන් නික්ම යන අයුරු ද දකී. මෙසේ නිතර දැකීමෙන් හිමියන් කෙරෙහි සෙනෙහසක් ඇතිවිය. ඔහු බොහෝ මස් ලැබෙන විටක ඒ තෙරුන්ටද රසවත් පිණ්ඩපාත දානය පිළිගන්වයි. ‘මේ මහණ අසවල් පෙදෙසෙහි මුවන් සිටිතියි ද, බොහෝ සෙයින් මුවන් හැසිරෙන පෙදෙසකැයිද දිය බොතියිද? වැද්දාට දැනුම්දීම අනුව මුවන් මරමින්, දෙදෙනාම මේ අයුරින් එකතුව ජීවත් වෙතියිද, මිනිස්සු දොස් නගති. භාග්‍යවතුන් වහන්සේද මේ අතර, ජනපද චාරිකාවෙහි යෙදෙමින් ඒ ජනපදයට වැඩියහ. ගමෙහි පිඬු පිණිස ගිය ‘මහණහු ඒ තොරතුරු අසා, භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. මුව වැද්දා සමග ඒ හිමියන් සමාන දිවි පැවතුම් නොමැති බවත්, ඒ හිමියන් කෙලෙසුන් නසන ලදින් මුනිවරයෙකු බව පැහැදිලි කරමින්, එම සඟ පිරිසට දහම් දෙසනු පිණිස භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාව දෙසූහ.
තස්සත්ථො – යො ච, භික්ඛවෙ, භික්ඛු, යො ච ලුද්දකො, එතෙ අසමා උභො. යං මනුස්සා භණන්ති “සමානජීවිකා”ති, තං මිච්ඡා. කිං කාරණා? දූරවිහාරවුත්තිනො, දූරෙ විහාරො ච වුත්ති ච නෙසන්ති දූරවිහාරවුත්තිනො. විහාරොති වසනොකාසො, සො ච භික්ඛුනො අරඤ්ඤෙ, ලුද්දකස්ස ච ගාමෙ. වුත්තීති ජීවිකා, සා ච භික්ඛුනො ගාමෙ සපදානභික්ඛාචරියා, ලුද්දකස්ස ච අරඤ්ඤෙ මිගසකුණමාරණා. පුන චපරං ගිහී දාරපොසී, සො ලුද්දකො තෙන කම්මෙන පුත්තදාරං පොසෙති. අමමො ච සුබ්බතො, පුත්තදාරෙසු තණ්හාදිට්ඨිමමත්තවිරහිතො සුචිවතත්තා සුන්දරවතත්තා ච සුබ්බතො සො ඛීණාසවභික්ඛු. පුන චපරං පරපාණරොධාය ගිහී අසඤ්ඤතො, සො ලුද්දකො ගිහී පරපාණරොධාය තෙසං පාණානං ජීවිතින්ද්රියුපච්ඡෙදාය කායවාචාචිත්තෙහි අසංයතො. නිච්චං මුනී රක්ඛති පාණිනෙ යතො, ඉතරො පන ඛීණාසවමුනි කායවාචාචිත්තෙහි නිච්චං යතො සංයතො පාණිනො රක්ඛති. එවං සන්තෙ තෙ කථං සමානජීවිකා භවිස්සන්තීති?
එහි තේරුම නම්, ‘මහණෙනි, යම් මහණක්ද, යම් වැද්දෙක්ද යන දෙදෙනා අස්මා උභො සමාන අයුරින් ජීවත්වේ යැයි මිනිසුන් කියත්ද, එය වැරදිය. කුමක් හෙයින්ද? දූරවිහාර වුත්තිනො එකිනෙකාට සමීප නොවූ තැනක වසන බැවින්ද, දිවි පැවැත්මෙන්ද වෙනස් බැවින් විහාරො වාසය කරන තැනයි, ඒ මහණ කැලයෙහිද වැද්ද ගමෙහිද වසයි. වුත්ති දිවිපැවැත්මයි, ජීවිකාව ගෙන යෑමයි, ගෙපිළිවෙලින් ආහාර ලබාගැනීමට යාම ඒ මහණගේ ජීවිකාවයි. කැලයෙහි මුව ආදී සිවුපාවුන් හා කුරුල්ලන් මරා වැද්දා ජීවිකාව කරයි. ගිහී දාරපොසී එමෙන්ම වැද්දා ඒ සතුන් මැරීමෙන් අඹුදරුවන් ද ජීවත් කරයි. අම්මො ච සුබ්බතො අඹුදරුවන් කෙරෙහි ආසා බලාපොරොත්තු හා මට - මගේ යන හැඟීම් දුරුකොට, යහපත් වූත් සොඳුරු වූත් පැවතුම් ඇති ඒ කෙලෙසුන් නැසූ පැවිදි තැනැත්තා පරපාණරොධාය ගිහී අසංයතො නැවතද, ඒ දඩයම්කාර වැද්දා කය, වචනය හා සිතින් අසංවරව, ගිහියෙක්ව අනුන් ජීවත් කරවනු පිණිස ඒ සතුන්ගේ ජීවිතය වනසාලයි. නිච්චං මුනී රක්ඛති පාණිනො යතො අනෙක් තැනැත්තා වූ කෙලෙස් නැසූ මුනිවරයා කය, වචන, සිත නිති සංවරව, ජීවීන් හැමදෙනාම රැකගනී. කරුණු මෙසේ හෙයින් ඔවුන් සමානව ජීවත්වෙතියි කෙසේ සිදුවේද?
සිඛී යථාති කා උප්පත්ති? භගවති කපිලවත්ථුස්මිං විහරන්තෙ සාකියානං කථා උදපාදි – “පඨමකසොතාපන්නො පච්ඡා සොතාපත්තිං පත්තස්ස ධම්මෙන වුඩ්ඪතරො හොති, තස්මා පච්ඡා සොතාපන්නෙන භික්ඛුනා පඨමසොතාපන්නස්ස ගිහිනො අභිවාදනාදීනි කත්තබ්බානී”ති තං කථං අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු සුත්වා භගවතො ආරොචෙසි. භගවා “අඤ්ඤා එව හි අයං ජාති, පූජනෙය්යවත්ථු ලිඞ්ග”න්ති සන්ධාය “අනාගාමීපි චෙ, භික්ඛවෙ, ගිහී හොති, තෙන තදහුපබ්බජිතස්සාපි සාමණෙරස්ස අභිවාදනාදීනි කත්තබ්බානෙවා”ති වත්වා පුන පච්ඡා සොතාපන්නස්සාපි භික්ඛුනො පඨමසොතාපන්නගහට්ඨතො අතිමහන්තං විසෙසං දස්සෙන්තො භික්ඛූනං ධම්මදෙසනත්ථං ඉමං ගාථමභාසි.
සිඛී යථා යන ගාථාව දේසනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුර වැඩවසන කල, ‘මුලින් සෝවාන් පල ලද තැනැත්තා, පසුව සෝවාන් පල ලද තැනැත්තාට වඩා දහමෙන් වැඩිමහල්ය. එහෙයින් පසුව සෝවාන් පල ලද පැවිද්දෙකු වුවත්, කලින් සෝවාන් පල ලද ගිහියාට නමස්කාර කළ යුතුයැ’යි සැකි කුලවතුන් අතර කතාබහ ඇතිවිය. පිඬු පිණිස පිවිසි එක්තරා මහණෙක් ඒ කතාව අසා භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය. භාග්‍යවතුන් වහන්සේ, ‘මේ කරුණෙහිලා මුල් හේතුව වෙනත් එකකි. පිදිය යුතු දෙය පිළිබඳව සළකා ‘මහණෙනි, අනාගාමී වූ ගිහියෙකු වුවත්, ඔහු විසින් එදිනම පැවිදි වූ සාමණේර හිමි නමකට වුවද නැමදීම් ආදිය කළයුතු වේමැ’යි කියා, නැවතත්, පසුව සෝවාන් පල ලද මහණක වුවත්, ඊට කලින් සෝවාන් පලයට පත් ගිහියෙකුට වඩා බොහෝ වෙසෙස් වෙනසක් දක්වමින් සඟ පිරිසට දහම් දෙසනු පිණිස මෙම ගාථාව වදාළහ.
තස්සත්ථො – ය්වායං මත්ථකෙ ජාතාය සිඛාය සබ්භාවෙන සිඛී, මණිදණ්ඩසදිසාය ගීවාය නීලගීවොති ච මයූරවිහඞ්ගමො වුච්චති. සො යථා හරිතහංසතම්බහංසඛීරහංසකාළහංසපාකහංසසුවණ්ණහංසෙසු ය්වායං සුවණ්ණහංසො, තස්ස හංසස්ස ජවෙන සොළසිම්පි කලං න උපෙති. සුවණ්ණහංසො හි මුහුත්තකෙන යොජනසහස්සම්පි ගච්ඡති, යොජනම්පි අසමත්ථො ඉතරො. දස්සනීයතාය පන උභොපි දස්සනීයා හොන්ති, එවං ගිහී පඨමසොතාපන්නොපි කිඤ්චාපි මග්ගදස්සනෙන දස්සනීයො හොති. අථ ඛො සො පච්ඡා සොතාපන්නස්සාපි මග්ගදස්සනෙන තුල්යදස්සනීයභාවස්සාපි භික්ඛුනො ජවෙන නානුකරොති. කතමෙන ජවෙන? උපරිමග්ගවිපස්සනාඤාණජවෙන. ගිහිනො හි තං ඤාණං දන්ධං හොති පුත්තදාරාදිජටාය ජටිතත්තා, භික්ඛුනො පන තික්ඛං හොති තස්සා ජටාය විජටිතත්තා. ස්වායමත්ථො භගවතා “මුනිනො විවිත්තස්ස වනම්හි ඣායතො”ති ඉමිනා පාදෙන දීපිතො. අයඤ්හි සෙක්ඛමුනි භික්ඛු කායචිත්තවිවෙකෙන ච විවිත්තො හොති, ලක්ඛණාරම්මණූපනිජ්ඣානෙන ච නිච්චං වනස්මිං ඣායති. කුතො ගිහිනො එවරූපො විවෙකො ච ඣානඤ්චාති අයඤ්හෙත්ථ අධිප්පායොති?
එහි තේරුම නම්, යම් දෙයක මුදුනෙහි හටගන්නා ලද සිළුවක් (කුඩුම්බියක්) ඇති බැවින් එය සිඛී නම් වේ. මැණික් දඬුවක් හා සමාන ගෙලින් යුතු නීලගීවො මොනරා විහංගමො (ඉගිලී යන අදහසින්) කියනු ලැබේ. යම්සේ, කොළපැහැ හංස, තඹ හංස, කිරිහංස, කළුහංස, මේරු හංස, රන් හංසයන් අතරින් වේගය අනුව හංසස්ස ජවෙන දහසයෙන් පංගුවක් ලෙසින් න උපෙති රන් හංසයා මොහොතකින් යොදුන් දහසක් වුවත් යයි. අනෙක් හංසයෝ යොදුනක් තරම්වත් යාමට නොහැකි වෙති. දැකුම්කළු බවින් නම් හංසයන් අගනේය. එවං ගිහී පළමු සෝවාන් පල ලද තැනැත්තා මග දැකීමෙන් ලස්සන වේ. ඉක්බිති, පසුව සෝවාන් පල ලද තැනැත්තාද මග දැක්මෙන්, දැකුම්කළු බවින් නම් සමාන වේ. භික්ඛූනො දිවයන වේගයෙන් අනුකරණය නොකරයි. කුමන වේගයෙන්ද? මග විදසුන් නුවණෙහි වැඩිම වේගයෙන්, ගිහියෝ අඹුදරු ආදීන්ගෙන් අවුලෙන් බැඳී අවුලටම පත්ව ඇති බැවින්, එම නුවණින් අඳ මෝඩ වෙති. මහණහු එබඳු අවුල් ලිහා දමන ලද බැවින්, ඉතා බලවත් වෙති. මේ අරුත භාග්‍යවතුන් වහන්සේ විසින් මුනිනො විවිතතස්ස වනස්මිං ඣායතො යන මේ පදයෙන් පෙන්වා දෙන ලදී. මෙහිදී මගපල ලබන මුනිවරයා කය, සිත විවේකයෙන් යුතුය. ලකුණු, අරමුණු නැවත නැවත සිහිපත් කරමින් වනයෙහි නිතර දැහැන් වඩයි. ගිහියෙකුට මෙබඳු විවේකයද, දැහැන්ද කොයින්ද? මේ කරුණු මෙයින් අදහස් කෙරේ.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය මුනිසුත්තවණ්ණනා නිට්ඨිතා.
මුනි සූත්‍ර විස්තරය නිමි.
නිට්ඨිතො ච පඨමො වග්ගො අත්ථවණ්ණනානයතො, නාමෙන උරගවග්ගොති.
විස්තර තේරුම් සහිත පළමු කොටස වූ උරග වග්ග නිමි.