යෙදුමෙන් කියවන්න

11. විජයසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

11. විජයසුත‍්තවණ‍්ණනා

11. විජය සූත්‍ර වර්ණනාව

චරං වා යදි වා තිට‍්ඨන‍්ති නන්‍දසුත‍්තං. “විජයසුත‍්තං කායවිච‍්ඡන්‍දනිකසුත‍්ත”න‍්තිපි වුච‍්චති. කා උප‍්පත‍්ති? ඉදං කිර සුත‍්තං ද‍්වීසු ඨානෙසු වුත‍්තං, තස‍්මා අස‍්ස දුවිධා උප‍්පත‍්ති.

චරං වා යදි වා තිට්ඨං යනු විජය සූත්‍රයයි. කායවිච්ඡන්‍දනික සූත්‍රය යයිද කියනු ලැබේ. එය දේශනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? මෙම දේශනය දෙතැනකදී පවත්වන ලද බැවින් නිදාන කතා දෙකකි.

තත්‍ථ භගවතා අනුපුබ‍්බෙන කපිලවත්‍ථුං අනුප‍්පත්‍වා, සාකියෙ විනෙත්‍වා නන්‍දාදයො පබ‍්බාජෙත්‍වා, අනුඤ‍්ඤාතාය මාතුගාමස‍්ස පබ‍්බජ‍්ජාය ආනන්‍දත්‍ථෙරස‍්ස භගිනී නන්‍දා, ඛෙමකසක‍්කරඤ‍්ඤො ධීතා අභිරූපනන්‍දා, ජනපදකල්‍යාණී නන්‍දාති තිස‍්සො නන්‍දායො පබ‍්බජිංසු. තෙන ච සමයෙන භගවා සාවත්‍ථියං විහරති. අභිරූපනන්‍දා අභිරූපා එව අහොසි දස‍්සනීයා පාසාදිකා, තෙනෙවස‍්සා අභිරූපනන්‍දාති නාමමකංසු. ජනපදකල්‍යාණී නන්‍දාපි රූපෙන අත‍්තනා සදිසං න පස‍්සති. තා උභොපි රූපමදමත‍්තා “භගවා රූපං විවණ‍්ණෙති, ගරහති, අනෙකපරියායෙන රූපෙ ආදීනවං දස‍්සෙතී”ති භගවතො උපට‍්ඨානං න ගච‍්ඡන‍්ති, දට‍්ඨුම‍්පි න ඉච‍්ඡන‍්ති. එවං අප‍්පසන‍්නා කස‍්මා පබ‍්බජිතාති චෙ? අගතියා. අභිරූපනන්‍දාය හි වාරෙය්‍යදිවසෙයෙව සාමිකො සක්‍යකුමාරො කාලමකාසි. අථ නං මාතාපිතරො අකාමකං පබ‍්බාජෙසුං. ජනපදකල්‍යාණී නන්‍දාපි ආයස‍්මන‍්තෙ නන්‍දෙ අරහත‍්තං පත‍්තෙ නිරාසා හුත්‍වා “මය‍්හං සාමිකො ච මාතා ච මහාපජාපති අඤ‍්ඤෙ ච ඤාතකා පබ‍්බජිතා, ඤාතීහි විනා දුක‍්ඛො ඝරාවාසො”ති ඝරාවාසෙ අස‍්සාදමලභන‍්තී පබ‍්බජිතා, න සද‍්ධාය.

භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් කිඹුල්වත් පුරයට පැමිණ, සැකි කුලවතුන් හික්මවා නන්ද කුමරු ආදීන් පැවිදිකොට, (ඒ වනවිට) කාන්තාවනටද පැවිදිවීමට අනුදත් බැවින් ආනන්ද හිමින්ගේ සොහොයුරිය වූ නන්දා ද, සැකිකුල ඛෙමක රජුගේ දියණිය වූ අභිරූප නන්දා ද, ජනපදකල්‍යාණිය වූ නන්දා ද (නන්දා නමින්ම තිදෙනෙක්) පැවිදි වූහ. මේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසති. අභිරූප නන්දා රුවින් අගපත්ව, දැකුම්කළු, පහදනසුළු වූවා, ඒ නමින්ම හඳුන්වන ලදී. ජනපදකලණිය වූ නන්දා ද තමා හා රුවින් සම වූ අන් තැනැත්තියක් නොදන්නේය. ‘භාග්‍යවතුන් වහන්සේ රූපය වැණුම් නොකරති. නින්දා කරති. නොයෙක් ලෙසින් රූපයෙහි දොස්ම දක්වති’යි මේ දෙදෙනාම උන්වහන්සේට උවටැන් කිරීමට නොයති. දැකීමටවත් නොකැමති වෙති. මෙසේ නොපැහැදී කුමක් නිසා පැවිදි වූවෝද? වැරදි අදහසිනි. අභිරූප නන්දා විවාහ ගිවිස ගැනීමට යෙදුනු දවසෙහිම (තමාට) හිමි සැකි කුල කුමරා මිය ගියේය. එවිට ඇගේ මවුපියෝ ඇය නොකැමති වුවත් පැවිදි කළහ. ජනපදකලණ නන්දා ද, ගරුකටයුතු නන්ද තෙරුන් අරහත් බවට පත් වූ කල, (ගිහි දිවියෙහි) ආසා නැතිව, ‘මගේ හිමියන් ද මව මහා පජාපතිද. අනෙක් නෑදෑයන්ද පැවිදිව ඇත. නෑදෑයන් නොමැතිව, ගෙදර වාසය කිරීම දුකකි. ගිහි දිවියෙහි අස්වැසුමක් නොලැබ, සැදැහැයෙන් තොරව පැවිදි වූවාය.

අථ භගවා තාසං ඤාණපරිපාකං විදිත්‍වා මහාපජාපතිං ආණාපෙසි “සබ‍්බාපි භික‍්ඛුනියො පටිපාටියා ඔවාදං ආගච‍්ඡන‍්තූ”ති . තා අත‍්තනො වාරෙ සම‍්පත‍්තෙ අඤ‍්ඤං පෙසෙන‍්ති. තතො භගවා “සම‍්පත‍්තෙ වාරෙ අත‍්තනාව ආගන‍්තබ‍්බං, න අඤ‍්ඤා පෙසෙතබ‍්බා”ති ආහ. අථෙකදිවසං අභිරූපනන්‍දා අගමාසි. තං භගවා නිම‍්මිතරූපෙන සංවෙජෙත්‍වා “අට‍්ඨීනං නගරං කත”න‍්ති ඉමාය ධම‍්මපදගාථාය –

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, දහම් අවබෝධයට ඒ මෙහෙණින්ගේ නුවණ පිරිපුන් බව දැන, ‘සියළුම මෙහෙණින් පිළිවෙලින් අවවාද ලබාදීමට එවන ලෙස මහා පජාපති තෙරණියට අණ කළහ. ඒ මෙහෙණියෝ අවවාද ලබාගැනීමට තම වාරය පැමිණි විට වෙනත් මෙහෙණක යවන්නාහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ‘වාරය පැමිණි විට අදාල මෙහෙණියම පැමිණිය යුතු බවත්, වෙනත් මෙහෙණියක නොඑවිය යුතු බවත් කීහ. එක් දිනක් අභිරූප නන්දා මෙහෙණිය අවවාද ලබාගැනීමට ගියාය. භාග්‍යවතුන් වහන්සේ (ඉඳු බලෙන් පෙන්වූ) රුවකින් සංවේගයට හා (අවබෝධයට උත්සාහවත් කොට) ‘ඇටවලින් කරන ලද නගරයක් බඳු’....... මෙම ධම්මපද ගාථාවෙන් ද

“ආතුරං අසුචිං පූතිං, පස‍්ස නන්‍දෙ සමුස‍්සයං; උග‍්ඝරන‍්තං පග‍්ඝරන‍්තං, බාලානං අභිපත්‍ථිතං. (ථෙරීගා· 19);

‘ගිලන් බවට පත්වන, නොයෙක් රෝග වැළඳෙන, ඉතා පිළිකුල් සහගත, කුණුවන, (ලේ, සැරව, මල මූ) කාන්දුවන, ගලන, අනුවණයන් සතුටුවනු ලබන මේ සිරුර දෙස නන්දාවනි බලන්න.’

“අනිමිත‍්තඤ‍්ච භාවෙහි, මානානුසයමුජ‍්ජහ; තතො මානාභිසමයා, උපසන‍්තා චරිස‍්සසී”ති. (සු· නි· 344; ථෙරීගා· 20) –

රූමත් යැයි ඇතිකර ගන්නා මානය - උඩඟුකම අත්හැර, මෙහි කිසිවක් සදාකාලික හෝ නිති පැවැත්මක් නැති බව, අනිසි ලෙස නුවණින් මෙනෙහි කරන්න. එවිට මානය නැතිකිරිමෙන් සන්සුන්ව හැසිරෙන්න.’

ඉමාහි ථෙරීගාථාහි ච අනුපුබ‍්බෙන අරහත‍්තෙ පතිට‍්ඨාපෙසි. අථෙකදිවසං සාවත්‍ථිවාසිනො පුරෙභත‍්තං දානං දත්‍වා සමාදින‍්නුපොසථා සුනිවත්‍ථා සුපාරුතා ගන්‍ධපුප‍්ඵාදීනි ආදාය ධම‍්මස‍්සවනත්‍ථාය ජෙතවනං ගන‍්ත්‍වා ධම‍්මස‍්සවනපරියොසානෙ භගවන‍්තං වන්‍දිත්‍වා නගරං පවිසන‍්ති. භික‍්ඛුනිසඞ‍්ඝොපි ධම‍්මකථං සුත්‍වා භික‍්ඛුනිඋපස‍්සයං ගච‍්ඡති. තත්‍ථ මනුස‍්සා ච භික‍්ඛුනියො ච භගවතො වණ‍්ණං භාසන‍්ති. චතුප‍්පමාණිකෙ හි ලොකසන‍්නිවාසෙ සම‍්මාසම‍්බුද‍්ධං දිස‍්වා අප‍්පසීදන‍්තො නාම නත්‍ථි. රූපප‍්පමාණිකා හි පුග‍්ගලා භගවතො ලක‍්ඛණඛචිතමනුබ්‍යඤ‍්ජනවිචිත්‍රං සමුජ‍්ජලිතකෙතුමාලාබ්‍යාමප‍්පභාවිනද‍්ධමලඞ‍්කාරත්‍ථමිව ලොකස‍්ස සමුප‍්පන‍්නං රූපං දිස‍්වා පසීදන‍්ති, ඝොසප‍්පමාණිකා අනෙකසතෙසු ජාතකෙසු කිත‍්තිඝොසං අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං කරවීකමධුරනිග‍්ඝොසං බ්‍රහ‍්මස‍්සරඤ‍්ච සුත්‍වා, ලූඛප‍්පමාණිකා පත‍්තචීවරාදිලූඛතං දුක‍්කරකාරිකලූඛතං වා දිස‍්වා, ධම‍්මප‍්පමාණිකා සීලක‍්ඛන්‍ධාදීසු යංකිඤ‍්චි ධම‍්මක‍්ඛන්‍ධං උපපරික‍්ඛිත්‍වා. තස‍්මා සබ‍්බට‍්ඨානෙසු භගවතො වණ‍්ණං භාසන‍්ති. ජනපදකල්‍යාණී නන්‍දා භික‍්ඛුනිපස‍්සයං පත්‍වාපි අනෙකපරියායෙන භගවතො වණ‍්ණං භාසන‍්තානං තෙසං සුත්‍වා භගවන‍්තං උපගන‍්තුකාමා හුත්‍වා භික‍්ඛුනීනං ආරොචෙසි. භික‍්ඛුනියො තං ගහෙත්‍වා භගවන‍්තං උපසඞ‍්කමිංසු.

යන මෙම ථෙරී ගාථාවලින්ද අනුපිළිවෙලින් අරහත් පලෙහි පිහිටියාය. එක්දිනක් සැවැත්නුවර වාසීහු පෙරබත් කාලයෙහි දානය දී, පෙහෙවස් සමාදන්ව, මනාව හැඳ පොරවාගෙන, සුවඳ මල්ගෙන, දහම් ඇසීමට ජේතවන විහාරයට ගොස්, දහම් දෙසුමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ වැඳ නගරයට පිවිසෙති. මෙහෙණින් වහන්සේලාද දහම් කතා අසා අසපුවට යති. ඒ අතර මෙහෙණිහුද මිනිස්සුද භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කියති. සිවුලෝ ධාතුවෙහි අපමණ වූ වසන්නන් අතර, සම්මා සම්බුදුරදුන් දැක නොපැහැදුණු කෙනෙක් නැත්තාහ. රූපයම මුල්කොට ගෙන බොහෝසයින් සිතන පුද්ගලයෝ පුරිස් ලකුණින් හා අනුසලකුණුවලින් විසිතුරු වූ, කේතුමාලාවෙන් හා බඹයක් පමණ විහිදෙන. බැබළෙන රැස්වලල්ලකින් අලංකාරවත් වූ ලොවට වැඩදායී වූ බුදුරජාණන් වහන්සේගේ රුව දැක පහදිති. කටහඬ ගැන අගයකොට සිතන්නෝ අපමණ ජාතක කතාවල අංග අටකින් යුතු කුරවිකෙවිල්ලන්ගේ බඳු මිහිරි හඬින් යුතු කටහඬ අසා පහදිති. රළු දිවිමග අගය කරන්නෝ රළු බවින් යුතු පාසිවුරු ආදියත්, අපහසුකාරී (පැවිදි) දිවිපෙවෙතත් දැක පහදිති. යහගුණ දම් අගයන්නෝ සීලාදී කිසියම් ගුණ සමුදායක් මෙනෙහිකොට පහදිති. එහෙයින් හැමතැනකම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කියති. ජනපදකලණ නන්දා මෙහෙණියද අසපුවට පැමිණ, නොයෙක් අයුරින් කියන බුදුගුණ අසා බුදුරදුන් වෙත යනු කැමතිව, මෙහෙණින්ට සැළ කළාය. මෙහෙණියෝ නන්දා මෙහෙණිය සමග බුදුහිමියන් වෙත පැමිණියාහ.

භගවා පටිකච‍්චෙව තස‍්සාගමනං විදිත්‍වා කණ‍්ටකෙන කණ‍්ටකං, ආණියා ච ආණිං නීහරිතුකාමො පුරිසො විය රූපෙනෙව රූපමදං විනෙතුං අත‍්තනො ඉද‍්ධිබලෙන පන‍්නරසසොළසවස‍්සුද‍්දෙසිකං අතිදස‍්සනීයං ඉත්‍ථිං පස‍්සෙ ඨත්‍වා බීජමානං අභිනිම‍්මිනි. නන්‍දා භික‍්ඛුනීහි සද‍්ධිං උපසඞ‍්කමිත්‍වා, භගවන‍්තං වන්‍දිත්‍වා, භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස අන‍්තරෙ නිසීදිත්‍වා, පාදතලා පභුති යාව කෙසග‍්ගා භගවතො රූපසම‍්පත‍්තිං දිස‍්වා පුන තං භගවතො පස‍්සෙ ඨිතං නිම‍්මතරූපඤ‍්ච දිස‍්වා “අහො අයං ඉත්‍ථී රූපවතී”ති අත‍්තනො රූපමදං ජහිත්‍වා තස‍්සා රූපෙ අභිරත‍්තභාවා අහොසි. තතො භගවා තං ඉත්‍ථිං වීසතිවස‍්සප‍්පමාණං කත්‍වා දස‍්සෙසි. මාතුගාමො හි සොළසවස‍්සුද‍්දෙසිකොයෙව සොභති, න තතො උද‍්ධං. අථ තස‍්සා රූපපරිහානිං දිස‍්වා නන්‍දාය තස‍්මිං රූපෙ ඡන්‍දරාගො තනුකො අහොසි. තතො භගවා අවිජාතවණ‍්ණං, සකිංවිජාතවණ‍්ණං, මජ‍්ඣිමිත්‍ථිවණ‍්ණං, මහිත්‍ථිවණ‍්ණන‍්ති එවං යාව වස‍්සසතිකං ඔභග‍්ගං දණ‍්ඩපරායණං තිලකාහතගත‍්තං කත්‍වා, දස‍්සෙත්‍වා පස‍්සමානායෙව නන්‍දාය තස‍්සා මරණං උද‍්ධුමාතකාදිභෙදං කාකාදීහි සම‍්පරිවාරෙත්‍වා ඛජ‍්ජමානං දුග‍්ගන්‍ධං ජෙගුච‍්ඡපටිකූලභාවඤ‍්ච දස‍්සෙසි . නන්‍දාය තං කමං දිස‍්වා “එවමෙවං මමපි අඤ‍්ඤෙසම‍්පි සබ‍්බසාධාරණො අයං කමො”ති අනිච‍්චසඤ‍්ඤා සණ‍්ඨාසි, තදනුසාරෙන ච දුක‍්ඛනත‍්තසඤ‍්ඤාපි, තයො භවා ආදිත‍්තමිව අගාරං අප‍්පටිසරණා හුත්‍වා උපට‍්ඨහිංසු. අථ භගවා “කම‍්මට‍්ඨානෙ පක‍්ඛන‍්තං නන්‍දාය චිත‍්ත”න‍්ති ඤත්‍වා තස‍්සා සප‍්පායවසෙන ඉමා ගාථායො අභාසි –

භාග්‍යවතුන් වහන්සේද මුලදීම නන්දා මෙහෙණියගේ පැමිණීම දැන, කටුවකින් කටුවක්, ඇණයකින් තවත් ඇණයක් ඉවත් කරන මිනිසෙකු මෙන්, රූපයෙන්ම රූප මදය ඉවතලීමට, තම ඉඳු බෙලෙන්, පසළොස්-සොළොස්විය තරම් වූ ඉතා රූමත් කාන්තාවක් පසෙක සිට පවන් සලන අයුරු දැකීමට සැලැස්වූහ. මෙහෙණින් සමග පැමිණි නන්දා මෙහෙණියද භාග්‍යවතුන් වහන්සේට වැඳ උන්වහන්සේගේ පා තලයේ පටන් හිසකේ අග දක්වා රූ සිරි දැක, නැවත, පිටිපස සිටි, ඉඳු බලයෙන් දක්වන ඒ රුව ද දැක, ‘අහා! මේ කාන්තාව (මටත් වඩා) රූමත් යැයි තම රූ මානය ඉවත ලා, ඒ රූපය කෙරෙහි දැඩි ඇල්ම පෑවාය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ කාන්තාව අවුරුදු විස්සක් තරම් දැකීමට සැලැස්වූහ. කාන්තාව සුන්දර පෙනුම ඇත්තේ අවුරුදු දහසයේදීමය. ඊට පසු එසේ නොවේ. ඇගේ රුව එසේ පිරිහෙනු දැක, නන්දා මෙහෙණියගේ රූපයෙහි ඇති දැඩි ඇල්ම හීන විය. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ඒ තැනැත්තිය දරුවකු බිහිනොකළ ලෙසින්, එක් දරුවකු වැදූ තැනැත්තියක ලෙසින්, මැදිවියේ, වැඩිමහළු ගැහැණියක ලෙසින් මෙන්ම අවුරුදු සියය දක්වා, කුදු ගැසුණු හැරමිටිය උදව් කරගන්නා, කැලැල් පිරි සිරුරෙන් යුතු අයුරුද දක්වා, බලා සිටියදීම, ඒ ගැහැණියගේ මරණයත්, ඉදිමුනු මළ සිරුරත්, කපුටන් රංචු ගැසී මස් කන සැටිත්, දුගඳ හා පිළිකුල් බවත් දැකගැනීමට සැලැස්වූහ. නන්දා ඒ සිදුවීම දැක, ‘මේ අයුරින් මට ද, අනෙක් හැමට ද එකසේ හැමදා පැවතිය නොහැකියැයි අනිස හැඟීම් ඇතිවිය. ඒ අනුව දුකත්, තමාටම කියා අයත් නොවන බවත් වටහා ගත්තාය. තුන්භවයම (ගිනි) ඇවිලගත් ගෙයක් බඳුව පිළිසරණක් නොමැති සේ වැටහිණ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘නන්දාවගේ සිත කමටහන් සඳහා සුදුසු වේ’ යැයි දැන, ඇයට ගැළපෙන පරිදි මෙම ගාථා වදාළහ.

“ආතුරං අසුචිං පූතිං, පස‍්ස නන්‍දෙ සමුස‍්සයං; උග‍්ඝරන‍්තං පග‍්ඝරන‍්තං, බාලානං අභිපත්‍ථිතං. (ථෙරීගා· 19);

‘ගිලන් බවට පත්වන, නොයෙක් රෝග වැළඳෙන, ඉතා පිළිකුල් සහගත, කුණුවන (ලේ, සැරව, මල මූ) කාන්දුවන, ගලන, අනුවනයන් සතුටුවනු ලබන, මේ සිරුර දෙස නන්දාවෙනි, බලන්න.’

“යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං; ධාතුසො සුඤ‍්ඤතො පස‍්ස, මා ලොකං පුනරාගමි; භවෙ ඡන්‍දං විරාජෙත්‍වා, උපසන‍්තා චරිස‍්සසී”ති. (සු· නි· 205);

‘මේ කය යම්සේ වේද, ඒ කය ද එසේමය. කය පිළිබඳව ධාතු ලෙසින් ද, හිස් දෙයක් ලෙස ද විමසා බලන්න. ලෝකයට නැවත නොපැමිණෙන්න. (සසර ඉපදීම නවතන්න) සසරෙහි කැමැත්ත අත්හැර දමා, සන්සුන්ව හැසිරෙන්න. (කටයුතු කරන්න.)

ගාථාපරියොසානෙ නන්‍දා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි. අථස‍්සා භගවා උපරිමග‍්ගාධිගමත්‍ථං සුඤ‍්ඤතපරිවාරං විපස‍්සනාකම‍්මට‍්ඨානං කථෙන‍්තො ඉමං සුත‍්තමභාසි. අයං තාවස‍්ස එකා උප‍්පත‍්ති.

ගාථා අවසානයෙහි නන්දා මෙහෙණිය සෝවාන් පලෙහි පිහිටියාය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට මගපල ලබනු පිණිසත්, ජීවිතයේ හිස් බවත් පැහැදිලි කෙරෙන විදසුන් කමටහනක් සේ මෙම සූත්‍රය වදාළහ. මේ එහි එක් නිදාන කතාවකි.

භගවති පන රාජගහෙ විහරන‍්තෙ යා සා චීවරක‍්ඛන්‍ධකෙ (මහාව· 326) විත්‍ථාරතො වුත‍්තසමුට‍්ඨානාය සාලවතියා ගණිකාය ධීතා ජීවකස‍්ස කනිට‍්ඨා සිරිමා නාම මාතු අච‍්චයෙන තං ඨානං ලභිත්‍වා “අක‍්කොධෙන ජිනෙ කොධ”න‍්ති (ධ· ප· 223; ජා· 1.2.1) ඉමිස‍්සා ගාථාය වත්‍ථුම‍්හි පුණ‍්ණකසෙට‍්ඨිධීතරං අවමඤ‍්ඤිත්‍වා, භගවන‍්තං ඛමාපෙන‍්තී ධම‍්මදෙසනං සුත්‍වා, සොතාපන‍්නා හුත්‍වා අට‍්ඨ නිච‍්චභත‍්තානි පවත‍්තෙසි. තං ආරබ‍්භ අඤ‍්ඤතරො නිච‍්චභත‍්තිකො භික‍්ඛු රාගං උප‍්පාදෙසි. ආහාරකිච‍්චම‍්පි ච කාතුං අසක‍්කොන‍්තො නිරාහාරො නිපජ‍්ජීති ධම‍්මපදගාථාවත්‍ථුම‍්හි වුත‍්තං. තස‍්මිං තථානිපන‍්නෙයෙව සිරිමා කාලං කත්‍වා යාමභවනෙ සුයාමස‍්ස දෙවී අහොසි. අථ තස‍්සා සරීරස‍්ස අග‍්ගිකිච‍්චං නිවාරෙත්‍වා ආමකසුසානෙ රඤ‍්ඤා නික‍්ඛිපාපිතං සරීරං දස‍්සනාය භගවා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො අගමාසි, තම‍්පි භික‍්ඛුං ආදාය, තථා නාගරා ච රාජා ච. තත්‍ථ මනුස‍්සා භණන‍්ති “පුබ‍්බෙ සිරිමාය අට‍්ඨුත‍්තරසහස‍්සෙනාපි දස‍්සනං දුල‍්ලභං , තං දානජ‍්ජ කාකණිකායාපි දට‍්ඨුකාමො නත්‍ථී”ති. සිරිමාපි දෙවකඤ‍්ඤා පඤ‍්චහි රථසතෙහි පරිවුතා තත්‍රාගමාසි. තත්‍රාපි භගවා සන‍්නිපතිතානං ධම‍්මදෙසනත්‍ථං ඉමං සුත‍්තං තස‍්ස භික‍්ඛුනො ඔවාදත්‍ථං “පස‍්ස චිත‍්තකතං බිම‍්බ”න‍්ති (ධ· ප· 147) ඉමඤ‍්ච ධම‍්මපදගාථං අභාසි. අයමස‍්ස දුතියා උප‍්පත‍්ති.

භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වැඩවසන සමයෙහි, චීවරක්‍ඛන්‍ධකයෙහි විස්තර වන පරිදි සාලවතී ගණිකාවගේ දුව, ජීවකගේ කණිටු සොයුරිය වූ සිරිමා මවගෙන් පසුව ඒ තනතුර ලැබ, තරහා නොගැනීමෙන් ජය ගන්නේය’ -– ‘අක්කොධෙන ජීනෙ කොධං’ ආදී මේ ගාථා දෙසුමට අදාල වූ පුණ්ණක සිටු දියණියට අවමන්කොට, භාග්‍යවතුන් වහන්සේ කමා කරගනිමින්, දහම් අසා සෝවාන් බවට පත්ව, නිතිපතාම අටනමකට දන් පිරිනැමුවාය. ඒ දානයට නිරතුරුවම පැමිණෙන මහණෙක් ඈ කෙරෙහි රාග සිතිවිලි ඇතිකර ගත්තේය. ආහාරද නොගෙන නිරාහාරව වැතිර සිටි බව ධම්මපද අටුවාවෙහි කියන ලදී. එසේ හිඳින කල්හිම, සිරිමා කළුරිය කොට යාම දෙව්ලොව සුයාම දෙවියාගේ දේවිය වුවාය. මේ අතර, රජු විසින් ආදාහනය වළකා අමු සොහොනෙහි වෙන්කර තබන ලද සිරිමාගේ මළසිරුර දැකීමට භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුද කැටුව, මහසඟ පිරිවරා වැඩියහ. එසේම රජු ද නුවරවාසීහු ද පැමිණියහ. ‘පෙර (කහවණු) එක්දහස් අටක් වැයකළද, දැකීමත් දුලබය. අද ඇය තුට්ටුවක් දී හෝ දැකීමට කැමති කෙනෙකු නැතැ’යි එහි මිනිස්සු කතාබහ කරති. සිරිමා දෙවඟන ද පන්සියක් (දෙව් රථ) පිරිවරා එහි ගියාය. එහිදී භාග්‍යවතුන් වහන්සේ රැස්වූ පිරිසට දහම් දෙසීමේදී මෙම සූත්‍රයද, ඒ (රාගී හැඟුම් ඇතිවූ) මහණට අවවාද පිණිස ‘මේ විසිතුරු කොට ඇති සිරුර බලව’ -– ‘පස්ස විත්තකතං බිම්බං’ යන ධම්මපද ගාථාවද වදාළහ. මේ දෙවන නිදාන කතාවයි.

තත්‍ථ චරං වාති සකලරූපකායස‍්ස ගන‍්තබ‍්බදිසාභිමුඛෙනාභිනීහාරෙන ගච‍්ඡන‍්තො වා. යදි වා තිට‍්ඨන‍්ති තස‍්සෙව උස‍්සාපනභාවෙන තිට‍්ඨන‍්තො වා. නිසින‍්නො උද වා සයන‍්ති තස‍්සෙව හෙට‍්ඨිමභාගසමිඤ‍්ජනඋපරිමභාගසමුස‍්සාපනභාවෙන නිසින‍්නො වා, තිරියං පසාරණභාවෙන සයන‍්තො වා. සමිඤ‍්ජෙති පසාරෙතීති තානි තානි පබ‍්බානි සමිඤ‍්ජෙති ච පසාරෙති ච.

මෙම සූත්‍රයෙහි චරං වා යනු මුළු රූපකාය හෙවත් සිරුර යා යුතු දෙසට මුහුණ හරවාගෙන ගමන් කිරීමයි. ඒ ආකාරයෙන් යෑම හෝ, යදි වා තිට්ඨං ඒ සිරුරම එසවීම් ආකාරයෙන් සිටගෙන සිටීම හෝ, නිසින්නො උද වා සයං ඒ සිරුරම යට කොටස හකුළුවන, උඩ කොටස එසවීම් අයුරින් හිඳිමින් හෝ හරහට දිගා වී සිටිනා අයුරින් නිදාගැනීම හෝ, සමිඤ්ජෙති පසාරෙති ඒ ඒ ඉරියව් අනුව (අත් පා ආදී අඟ පසඟ) හකුළුවයිද, දිගහරියිද,

එසා කායස‍්ස ඉඤ‍්ජනාති සබ‍්බාපෙසා ඉමස‍්සෙව සවිඤ‍්ඤාණකස‍්ස කායස‍්ස ඉඤ‍්ජනා චලනා ඵන්‍දනා, නත්‍ථෙත්‍ථ අඤ‍්ඤො කොචි චරන‍්තො වා පසාරෙන‍්තො වා, අපිච ඛො පන “චරාමී”ති චිත‍්තෙ උප‍්පජ‍්ජන‍්තෙ තංසමුට‍්ඨානා වායොධාතු කායං ඵරති, තෙනස‍්ස ගන‍්තබ‍්බදිසාභිමුඛො අභිනීහාරො හොති, දෙසන‍්තරෙ රූපන‍්තරපාතුභාවොති අත්‍ථො. තෙන “චර”න‍්ති වුච‍්චති. තථා “තිට‍්ඨාමී”ති චිත‍්තෙ උප‍්පජ‍්ජන‍්තෙ තංසමුට‍්ඨානා වායොධාතු කායං ඵරති, තෙනස‍්ස සමුස‍්සාපනං හොති, උපරූපරිට‍්ඨානෙන රූපපාතුභාවොති අත්‍ථො. තෙන “තිට‍්ඨ”න‍්ති වුච‍්චති. තථා “නිසීදාමී”ති චිත‍්තෙ උප‍්පජ‍්ජන‍්තෙ තංසමුට‍්ඨානා වායොධාතු කායං ඵරති, තෙනස‍්ස හෙට‍්ඨිමභාගසමිඤ‍්ජනඤ‍්ච උපරිමභාගසමුස‍්සාපනඤ‍්ච හොති, තථාභාවෙන රූපපාතුභාවොති අත්‍ථො. තෙන “නිසින‍්නො”ති වුච‍්චති. තථා “සයාමී”ති චිත‍්තෙ උප‍්පජ‍්ජන‍්තෙ තංසමුට‍්ඨානා වායොධාතු කායං ඵරති, තෙනස‍්ස තිරියං පසාරණං හොති, තථාභාවෙන රූපපාතුභාවොති අත්‍ථො. තෙන “සය”න‍්ති වුච‍්චති.

එසා කායස්ස ඉඤ්ජනා මේ පණනල සහිත, හැඟීම් දනවන, සියළුම අයුරින් සිරුරෙහි සිදුවන කම්පන, සෙලවීම්, ගැස්සීම්, මෙහි වෙන කිසිවෙකු ඇවිදින්නේ හෝ දිග හරින්නේ නැත. එහෙත් ‘ඇවිදිමි’යි සිතක් පහළ වූ කල, ඒ හේතුකොට කයෙහි වාතය පිරේ. ඒ අනුව, යා යුතු දිසාව දෙසට සිරුර ඉදිරියට ගෙනයෑම වෙයි. දිසාවට අනුව, රූපයට (කයට) ඇතුළු වේයැයි, පහළවේය යන තේරුමයි. එහෙයින් චරං යැයි කියනු ලැබේ. එසේම නැගී සිටිමියි සිත පහළ වූ කල, ඒ හේතුකොට කයෙහි වාතය පිරේ. එයින් සිරුර එසවීමක් වෙයි. ඒ ඒ අයුරින් රූපය (හෙවත් ඉරියව්වේ සොබාවය) පහළවීම වේ. ඒ අනුව තිට්ඨං යැයි කියනු ලැබේ. එසේම හිඳගනිමියි සිත ඇති වූ විට, ඒ හේතුකොට කයෙහි වාතය පිරේ. එයින් සිරුර යටි කොටස හැකිළීමද, උඩ කොටසෙහි එසවීමද සිදුවෙයි. එයින් නිසින්නො යැයි කියනු ලැබේ. එසේම නිදාගනිමියි සිත පහළ වූ විට, ඒ හේතුකොට කයෙහි වාතය පිරේ. එයින් සිරුර හරහට දිගහැරීම වෙයි. ඒ ආකාරයෙන් රූපය (ඉරියව්ව) පහළ වේ. එහෙයින් සයං යැයි කියනු ලබයි.

එවං චායමායස‍්මා යො කොචි ඉත්‍ථන‍්නාමො චරං වා යදි වා තිට‍්ඨං, නිසින‍්නො උද වා සයං යමෙතං තත්‍ථ තත්‍ථ ඉරියාපථෙ තෙසං තෙසං පබ‍්බානං සමිඤ‍්ජනප‍්පසාරණවසෙන සමිඤ‍්ජෙති පසාරෙතීති වුච‍්චති. තම‍්පි යස‍්මා සමිඤ‍්ජනප‍්පසාරණචිත‍්තෙ උප‍්පජ‍්ජමානෙ යථාවුත‍්තෙනෙව නයෙන හොති, තස‍්මා එසා කායස‍්ස ඉඤ‍්ජනා, නත්‍ථෙත්‍ථ අඤ‍්ඤො කොචි, සුඤ‍්ඤමිදං කෙනචි චරන‍්තෙන වා පසාරෙන‍්තෙන වා සත‍්තෙන වා පුග‍්ගලෙන වා. කෙවලං පන –

මෙසේ යම් ආකාරයෙන් මේ නම ඇති යම් කෙනෙක් ඇවිදීමට හෝ සිටීම හෝ හිඳගැනීම හෝ නැතිනම්, නිදාගැනීම යන ඒ ඒ ඉරියව් පවත්වාගෙන යෑමේ ආකාරය අනුව හැකිලීම හා දිගහැරිම ලෙසින් හකුළුවයි. දිගහරියි කියනු ලැබේ. එහිදී යම් ආකාරයකින් හකුළුවන දිගහරින සිත ඇතිවූ කල (කලින්) කියන ලද පරිදිම වේ. එහෙයින් එය සිරුරෙහි කම්පනයයි. ඒ හැර වෙනත් කිසිවෙකු නැත. පුද්ගලයෙකු හෝ නැත.

“චිත‍්තනානත‍්තමාගම‍්ම, නානත‍්තං හොති වායුනො; වායුනානත‍්තතො නානා, හොති කායස‍්ස ඉඤ‍්ජනා”ති. –

‘නොයෙක් නොයෙක් සිත් පහළව, ඒ ඒ ආකාරයට වායුවද වෙනස් වේ. ඒ ඒ වෙනස්වන වායුවේ සොබාවය අනුව සිරුරෙහි කම්පන සෙලවීම් ඇතිවේ.’

අයමෙත්‍ථ පරමත්‍ථො.

මෙය මෙහි නියම තේරුමයි.

එවමෙතාය ගාථාය භගවා යස‍්මා එකස‍්මිං ඉරියාපථෙ චිරවිනියොගෙන කායපීළනං හොති, තස‍්ස ච විනොදනත්‍ථං ඉරියාපථපරිවත‍්තනං කරීයති, තස‍්මා “චරං වා”තිආදීහි ඉරියාපථපටිච‍්ඡන‍්නං දුක‍්ඛලක‍්ඛණං දීපෙති, තථා චරණකාලෙ ඨානාදීනමභාවතො සබ‍්බමෙතං චරණාදිභෙදං “එසා කායස‍්ස ඉඤ‍්ජනා”ති භණන‍්තො සන‍්තතිපටිච‍්ඡන‍්නං අනිච‍්චලක‍්ඛණං. තාය තාය සාමග‍්ගියා පවත‍්තාය “එසා කායස‍්ස ඉඤ‍්ජනා”ති ච අත‍්තපටික‍්ඛෙපෙන භණන‍්තො අත‍්තසඤ‍්ඤාඝනපටිච‍්ඡන‍්නං අනත‍්තලක‍්ඛණං දීපෙති.

(මෙම සූත්‍රයේ මුල් ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කරති.) යම් ආකාරයෙන් එකම ඉරියව්වක දිගු වේලාවක් සිටීමෙන් සිරුරට වේදනාවක් වෙයි. එය දුරුකර ගැනීම පිණිස ඉරියව් වෙනස් කරයි. එහෙයින් චරං වා යැයි ඉරියව්වල දුක් සහගත බව පෙන්වා දෙති. එසේ ඇවිදින කල්හි නැවතී සිටීමක් සිදුනොවන බැවින් සියළුම දේ ඇවිදීම ආදිය මූලිකව ගෙන (නිදසුනක් සේ) එය සිරුරෙහි සෙලවීම යැයි කීමෙන් නිතියෙන්ම සැඟවී පවත්නා වෙනස්වන සොබාවද ඒ ඒ ඉරියව් සමගම යෙදෙන බැවින් එසා කායස්ස ඉඤ්ජනා යැයි ආත්මවාදය බැහැරකොට දක්වමින් ආත්මීය හැඟීමෙන් තදින් වැසී ඇති ආත්ම රහිත බව පෙන්වති.

එවං ලක‍්ඛණත‍්තයදීපනෙන සුඤ‍්ඤතකම‍්මට‍්ඨානං කථෙත්‍වා පුන සවිඤ‍්ඤාණකාවිඤ‍්ඤාණකඅසුභදස‍්සනත්‍ථං “අට‍්ඨිනහාරුසංයුත‍්තො”ති ආරභි. තස‍්සත්‍ථො – යස‍්ස චෙසා කායස‍්ස ඉඤ‍්ජනා, ස‍්වායං කායො විසුද‍්ධිමග‍්ගෙ ද‍්වත‍්තිංසාකාරවණ‍්ණනායං වණ‍්ණසණ‍්ඨානදිසොකාසපරිච‍්ඡෙදභෙදෙන අබ්‍යාපාරනයෙන ච පකාසිතෙහි සට‍්ඨාධිකෙහි තීහි අට‍්ඨිසතෙහි නවහි න‍්හාරුසතෙහි ච සංයුත‍්තත‍්තා අට‍්ඨිනහාරුසංයුත‍්තො. තත්‍ථෙව පකාසිතෙන අග‍්ගපාදඞ‍්ගුලිතචාදිනා තචෙන ච නවපෙසිසතප‍්පභෙදෙන ච මංසෙන අවලිත‍්තත‍්තා තචමංසාවලෙපනො පරමදුග‍්ගන්‍ධජෙගුච‍්ඡපටිකූලොති වෙදිතබ‍්බො . කිඤ‍්චෙත්‍ථ වෙදිතබ‍්බං සියා, යදි එස යා සා මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස සකලසරීරතො සංකඩ‍්ඪිතා බදරට‍්ඨිප‍්පමාණා භවෙය්‍ය, තාය මක‍්ඛිකාපත‍්තසුඛුමච‍්ඡවියා නීලාදිරඞ‍්ගජාතෙන ගෙහභිත‍්ති විය පටිච‍්ඡන‍්නො න භවෙය්‍ය, අයං පන එවං සුඛුමායපි ඡවියා කායො පටිච‍්ඡන‍්නො පඤ‍්ඤාචක‍්ඛුවිරහිතෙහි බාලපුථුජ‍්ජනෙහි යථාභූතං න දිස‍්සති. ඡවිරාගරඤ‍්ජිතො හිස‍්ස පරමජෙගුච‍්ඡපටිකූලධම‍්මසඞ‍්ඛාතො තචොපි තචපලිවෙඨිතං යං තං පභෙදතො –

මෙසේ තිලකුණු පෙන්වා දෙමින්, (ජීවිතයේ) හිස්බව හැඟෙන කමටහන - (සුඤ්ඤතා) වදාරා, නැවත හැඟීම් සහිත, හැගීම් රහිත, අසුභ පිළිකුල දක්වනු පිණිස අට්ඨිනහාරු සංයුත්තො යැයි දේශනය ඇරඹූහ. එහි අරුත නම්, කයෙහි කම්පන, සෙලවීම් වෙයි. විසුද්ධිමග්ගයෙහි මෙම කය පිළිබඳ දෙතිස් ආකාර විස්තරයෙහිදී පැහැය, පිහිටීම, ආදී කොටස් ආකාරයෙන් (ඇති තතු හඳුනා සසර වටහා ගැනීම) උත්සාහවත් කරමින් සඳහන් කරන ලද තුන්සිය හැටක් වූ ඇටවලින්ද, නහර නවසියයකින්ද, එකට බැඳී පවත්නා බැවින්, අට්ඨිනහාරු සංයුත්තො එහිම සඳහන් කර ඇති පරිදි පාද කෙළවර ඇඟිලි සමෙන්ද, නවසියයක් මස්පිඬුවලින්ද තවරන ලදුව එකට බැඳී පවත්නා බැවින් තචමංසාවලෙපනො ඉතා දුගඳ පිළිකුල් සහගත යයිද දතයුතුය. එය කෙසේ දැනගත යුතුද? (ඉතා උස් නොවූත්, ඉතා මිටි නොවූත්) මැද පමණට හැදුණු වැඩුණු මිනිසකුගේ මුළු සිරුරෙන් උලුප්පා ගන්නා ලද සිවිය ඩෙබර ඇටයක් තරම් වේ. මැස්සකු අවුත් සියුම් සමෙහි වැසූ විට, සම නිල් ආදී පැහැයෙන් යුතුව, ගෙයක බිත්තියක් මෙන් ආවරණ නො වන්නේය. මෙබඳු සියුම් බවක් තිබුණද, ඡවියා කායො පටිච්ඡන්නො නුවණ නැමති ඇස නොමැති බැවින්, අනුවණ බොහෝදෙනා යථාභූතං න දිස්සති සම පිළිබඳව රාගයෙන් ඇලුන තැනැත්තෙක්, ඉතා පිළිකුල් කටයුතු ‘සම’ යැයි කියන ලද උඩු හමද, සම හා වෙලුනු ඒ සිරුරත් පහත සඳහන් පරිදි කොටස් ලෙසින් ඇති තතු පරිද්දෙන් නියම අයුරින් නොදකිති.

“නවපෙසිසතා මංසා, අවලිත‍්තා කළෙවරෙ; නානාකිමිකුලාකිණ‍්ණං, මිළ‍්හට‍්ඨානංව පූතිකා”ති. –

‘මස් පේසි - නව සියයකින් හා මසින් අවුලන ලද සිරුර, නොයෙක් පණුවන් ගැවසුනු අසූචි පිරුණු කුණුගොඩක් වැන්න’

එවං වුත‍්තං නවමංසසතම‍්පි, මංසාවලිත‍්තා යෙ තෙ –

[missing trans]

“නවන‍්හාරුසතා හොන‍්ති, බ්‍යාමමත‍්තෙ කළෙවරෙ; බන්‍ධන‍්ති අට‍්ඨිසඞ‍්ඝාතං, අගාරමිව වල‍්ලියා”ති. –

‘බඹයක් පමණ වූ සිරුරෙහි නහර නවසියයකි. වැල්වලින් බඳින ලද ගෙයක් මෙන් ඇටසැකිල්ලකින් බැඳී පවතී.

තෙපි, න‍්හාරුසමුට‍්ඨිතානි පටිපාටියා අවට‍්ඨිතානි පූතීනි දුග‍්ගන්‍ධානි තීණි සට‍්ඨාධිකානි අට‍්ඨිසතානිපි යථාභූතං න දිස‍්සන‍්ති යතො අනාදියිත්‍වා තං මක‍්ඛිකාපත‍්තසුඛුමච‍්ඡවිං. යානි පනස‍්ස ඡවිරාගරත‍්තෙන තචෙන පලිවෙඨිතත‍්තා සබ‍්බලොකස‍්ස අපාකටානි නානප‍්පකාරානි අබ‍්භන‍්තරකුණපානි පරමාසුචිදුග‍්ගන්‍ධජෙගුච‍්ඡනීයපටිකූලානි, තානිපි පඤ‍්ඤාචක‍්ඛුනා පටිවිජ‍්ඣිත්‍වා එවං පස‍්සිතබ‍්බො “අන‍්තපූරො උදරපූරො…පෙ… පිත‍්තස‍්ස ච වසාය චා”ති.

මෙසේ සිරුර පිළිවෙලින් නහර හා බැඳී, කුණුවන, දුගඳ හමන ඇට තුන්සියයකින් වැසී තිබුණත් එය ඇති සැටියෙන් නොදකී. ඒ සියුම් හමෙහි මැස්සකු අවුත් වැහුවත්, සමෙහි ඇති තතු නොසළකා, සම පිළිබඳව ආසාවක් ඇතිකර ගත්තද, උඩුහමකින් වැසී ඇති බැවින්, හැමදෙනාටම නොපෙනෙන්නා වූ, ඇතුලත කුණුවන සොබාවෙන් යුතු ඉතා පිළිකුල් දුගඳ වහනය වන දේ ගැන නුවණ නැමති ඇසින් අන්තපුරො උදර පූරො -පෙ- පිත්තස්ස ච වසාය ච ආදී ලෙසින් විමසා බැලිය යුතුය.

තත්‍ථ අන‍්තස‍්ස පූරො අන‍්තපූරො. උදරස‍්ස පූරො උදරපූරො. උදරන‍්ති ච උදරියස‍්සෙතං අධිවචනං. තඤ‍්හි ඨානනාමෙන “උදර”න‍්ති වුත‍්තං. යකනපෙළස‍්සාති යකනපිණ‍්ඩස‍්ස. වත්‍ථිනොති මුත‍්තස‍්ස. ඨානූපචාරෙන පනෙතං “වත්‍ථී”ති වුත‍්තං. පූරොති අධිකාරො, තස‍්මා යකනපෙළස‍්ස පූරො වත්‍ථිනො පූරොති එවං යොජෙතබ‍්බං. එස නයො හදයස‍්සාතිආදීසු. සබ‍්බානෙව චෙතානි අන‍්තාදීනි වණ‍්ණසණ‍්ඨානදිසොකාසපරිච‍්ඡෙදභෙදෙන අබ්‍යාපාරනයෙන ච විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තනයවසෙනෙව වෙදිතබ‍්බානි.

එහි බඩවැලින් පිරුණේ - අනතස්ස පූරො = අන්තපූරො, උදරයෙන් පිරුණේ උදර පූරො උදර යනු කුසට සමාන වචනයකි. එය පිහිටීම අනුව උදර යයි කියන ලදී. යකපෙලස්ස අක්මාව යයි හඳුන්වන ‘එක්ව බැඳුණු මස් පිඬුවකි. වත්‍ථිනො මුත්‍ර ය. පිහිටි තැන සළකා ‘වත්‍ථි යැයි කියන ලදී. එහෙයින් අක්මාව පිරෙන විට මුත්තාසය පිරේයැයි යොදාගත යුතුය. හදය- ආදිය පිළිබඳවද මේ අයුරිනි. අතුනු ආදී සියළුම දේවල පැහැය, පිහිටීම, බෙදා දක්වා ඇති ආකාරය විසුද්ධිමග්ගයෙහි සඳහන් පරිදි දතයුතුය.

එවං භගවා “න කිඤ‍්චෙත්‍ථ එකම‍්පි ගය‍්හූපගං මුත‍්තාමණිසදිසං අත්‍ථි, අඤ‍්ඤදත්‍ථු අසුචිපරිපූරොවායං කායො”ති අබ‍්භන‍්තරකුණපං දස‍්සෙත්‍වා ඉදානි තමෙව අබ‍්භන‍්තරකුණපං බහිනික‍්ඛමනකුණපෙන පාකටං කත්‍වා දස‍්සෙන‍්තො පුබ‍්බෙ වුත‍්තඤ‍්ච සඞ‍්ගණ‍්හිත්‍වා “අථස‍්ස නවහි සොතෙහී”ති ගාථාද‍්වයමාහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මුතු, මැණික් සේ මෙහි ගතයුතු එකම දෙයක් හෝ නොමැති බවත්, හුදෙක් මේ සිරුර ඇතුලත කුණුවන, අපිරිසිදු පිළිකුල් සහගත දෙයින්ම යුතු බවත් දක්වා, දැන් ඒ ඇතුළත පිළිකුල් සහගත දෙයම පිටතට නික්මෙන පිළිකුල් දේ හා පැහැදිලි කරමින්, මුලදී සඳහන් වූ කරුණුද එක්කොට අථස්ස නවහි සොතෙහී යන ගාථා දෙක වදාළහ.

තත්‍ථ අථාති පරියායන‍්තරනිදස‍්සනං, අපරෙනාපි පරියායෙන අසුචිභාවං පස‍්සාති වුත‍්තං හොති. අස‍්සාති ඉමස‍්ස කායස‍්ස. නවහි සොතෙහීති උභොඅක‍්ඛිච‍්ඡිද‍්දකණ‍්ණච‍්ඡිද‍්දනාසාඡිද‍්දමුඛවච‍්චමග‍්ගපස‍්සාවමග‍්ගෙහි. අසුචි සවතීති සබ‍්බලොකපාකටනානප‍්පකාරපරමදුග‍්ගන්‍ධජෙගුච‍්ඡඅසුචියෙව සවති, සන්‍දති, පග‍්ඝරති, න අඤ‍්ඤං කිඤ‍්චි අගරුචන්‍දනාදිගන්‍ධජාතං වා මණිමුත‍්තාදිරතනජාතං වා. සබ‍්බදාති තඤ‍්ච ඛො සබ‍්බදා රත‍්තිම‍්පි දිවාපි පුබ‍්බණ‍්හෙපි සායන‍්හෙපි තිට‍්ඨතොපි ගච‍්ඡතොපීති. කිං තං අසුචීති චෙ? “අක‍්ඛිම‍්හා අක‍්ඛිගූථකො”තිආදි. එතස‍්ස හි ද‍්වීහි අක‍්ඛිච‍්ඡිද‍්දෙහි අපනීතතචමංසසදිසො අක‍්ඛිගූථකො, කණ‍්ණච‍්ඡිද‍්දෙහි රජොජල‍්ලසදිසො කණ‍්ණගූථකො, නාසාඡිද‍්දෙහි පුබ‍්බසදිසා සිඞ‍්ඝාණිකා ච සවති, මුඛෙන ච වමති. කිං වමතීති චෙ? එකදා පිත‍්තං, යදා අබද‍්ධපිත‍්තං කුප‍්පිතං හොති, තදා තං වමතීති අධිප‍්පායො. සෙම‍්හඤ‍්චාති න කෙවලඤ‍්ච පිත‍්තං, යම‍්පි උදරපටලෙ එකපත්‍ථපූරප‍්පමාණං සෙම‍්හං තිට‍්ඨති, තම‍්පි එකදා වමති. තං පනෙතං වණ‍්ණාදිතො විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.203-204, 210-211) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. “සෙම‍්හඤ‍්චා”ති ච-සද‍්දෙන සෙම‍්හඤ‍්ච අඤ‍්ඤඤ‍්ච එවරූපං උදරියලොහිතාදිඅසුචිං වමතීති දස‍්සෙති. එවං සත‍්තහි ද‍්වාරෙහි අසුචිවමනං දස‍්සෙත්‍වා කාලඤ‍්ඤූ පුග‍්ගලඤ‍්ඤූ පරිසඤ‍්ඤූ ච භගවා තදුත‍්තරි ද‍්වෙ ද‍්වාරානි විසෙසවචනෙන අනාමසිත්‍වා අපරෙන පරියායෙන සබ‍්බස‍්මාපි කායා අසුචිසවනං දස‍්සෙන‍්තො ආහ “කායම‍්හා සෙදජල‍්ලිකා”ති. තත්‍ථ සෙදජල‍්ලිකාති සෙදො ච ලොණපටලමලභෙදා ජල‍්ලිකා ච, තස‍්ස “සවති සබ‍්බදා”ති ඉමිනා සද‍්ධිං සම‍්බන්‍ධො.

අථ යනු කරුණු දක්වන ආකාරය අතර නිදසුනකි. වෙනත් ලෙසකින් කිවහොත්, අපිරිසිදු බව දකින්නැයි කියා ඇති පරිදිය. අස්ස මේ සිරුරෙහි, නවහි සොතෙහි ඇස් සිදුරු දෙකින්, කන් සිදුරු දෙකින්, නාස්පුඩු දෙකෙන්, කට, මළපහ මග සහ මුත්‍රා මගින්, අසූචි සවතී මුළු ලොවෙහිම පතළ, නොයෙක් ලෙසින්, ඉතාම පිළිකුල්, දුගඳ හමන අපිරිසිදු දෙයම ගලා බසියි. වැගිරෙයි. අගිල්, සඳුන් වැනි සුවඳ හමන දෙයක් හෝ මුතු, මැණික්, රන් රිදී ආදී අන්කිසි වෙනත් දෙයකින් නොවේ. සබ්බදා ඒවා හැමවිටම, රැයද, දවාලෙහිද උදයෙහිද, සවස්කලද (නැවතී) සිටින විටද, ගමන්කරන විට (සිදුවෙයි) අපිරිසිදු යැයි කියන්නේ කුමක් නිසාද? අක්‍ඛිමහා අක්‍ඛිගූථකො ඒවා අතර, ඇස් සිදුරු දෙකෙන් ඉවත හළ හමෙහි මස මෙන් (කබ), කන්සිදුරුවලින්, බැඳුණු කුණු තට්ටුවක් මෙන් වූ (කලාඳුරු) කණ්ණගූථකො, නාස්පුඩුවලින් සැරව බඳු, සිංඝාණිකා (සොටු) ද ගලයි. මුඛෙන ච වම කුමක් වමනය කරයිද? එකදා පිත්තං යම්විටක පිත කෝප වූ කල - වෙනස්කම් (සිරුරේ) ඇතිවෙයි. එය වමනය යැයි අදහස් කෙරේ. සෙම්හඤ්ව පිත පමණක් නොවේ, සෙම සිරුරෙහි, පාත්‍රයක් පිරෙන තරමට ඇත. ඒ සෙමද එක්විටක (වැඩියෙන්) වැගිරෙන ‘වමන’ සොබාවට පත්වෙයි. එහි පැහැය ආදිය විසුද්ධිමග්ගයෙහි සඳහන් පරිදි දතයුතුය. සෙම්හඤ්ච යන තන්හි ච අකුරෙන් සෙමද ලේ ආදී වෙනත් අපිරිසිදු දියර සොබාවයෙන් යුතු දේවල් ඇතුළත් වෙයි. මෙසේ දොරටු සතකින් අපිරිසිදු දේ පිටවන අයුරු දක්වා, සුදුසු කාලය හා පුද්ගල ලෙසින් දැන භාග්‍යවතුන් වහන්සේ දොරටු දෙකක් වෙනම වචනයකින් සඳහන් නොකොට, වෙනත් අයුරින්, මුළු සිරුරෙහිම අපිරිසිදු දේ ගලන සැටි කායම්හා සෙදජල්ලිකා යැයි වදාළහ. එහි සෙදජල්ලිකා දහඩිය ද ලුණු රස මුසු ඇලෙන සුළු අපිරිසිදු තට්ටුවක් මෙන් මේ සිරුරෙහි සවති සබ්බදා යන මෙම වචන සමඟ එක්විය යුතුය.

එවං භගවා යථා නාම භත‍්තෙ පච‍්චමානෙ තණ‍්ඩුලමලඤ‍්ච උදකමලඤ‍්ච ඵෙණෙන සද‍්ධිං උට‍්ඨහිත්‍වා උක‍්ඛලිමුඛං මක‍්ඛෙත්‍වා බහි ගළති, තථා අසිතපීතාදිභෙදෙ ආහාරෙ කම‍්මජෙන අග‍්ගිනා පච‍්චමානෙ යං අසිතපීතාදිමලං උට‍්ඨහිත්‍වා “අක‍්ඛිම‍්හා අක‍්ඛිගූථකො”තිආදිනා භෙදෙන නික‍්ඛමන‍්තං අක‍්ඛිආදීනි මක‍්ඛෙත්‍වා බහි ගළති, තස‍්සාපි වසෙන ඉමස‍්ස කායස‍්ස අසුචිභාවං දස‍්සෙත්‍වා ඉදානි යං ලොකෙ උත‍්තමඞ‍්ගසම‍්මතං සීසං අතිවිසිට‍්ඨභාවතො පච‍්චෙන‍්තා වන්‍දනෙය්‍යානම‍්පි වන්‍දනං න කරොන‍්ති, තස‍්සාපි නිස‍්සාරතාය අසුචිතාය චස‍්ස අසුචිභාවං දස‍්සෙන‍්තො “අථස‍්ස සුසිරං සීස”න‍්ති ඉමං ගාථමාහ.

යම්සේ බත් පිසිනවිට, සහල්ද, සැලියෙහි මලද පෙණ සමග උඩට නැගී, සැලියෙහි කට ඉක්මවා පිටතට ගලයි ද එසේම අනුභව කරන ලද ආහාර, පානය කරන ලද (දියර) දේ කුසෙහි ගින්නක් පැසවන කල්හී, ඒ ආහාරපානවල මල නැගී අක්‍ඛිම්හා අක්‍ඛිගුථකො ආදී ලෙසින් නික්ම ඇස් ඉක්මවා පිටතට ගලයි. මෙසේ මේ සිරුරෙහි අපිරිසිදු බව දක්වා මීළඟට, ලොව උතුම්ම කොටස යැයි සම්මත හිසෙහි ඉතා උසස් බවම සිතමින් වැඳිය යුත්තන්ට ද (හිස නමා) නොවඳිත්ද, එහි නිසරු බවත්, අපිරිසිදු බවත් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ අථස්ස සුසිරං සීසං යන මේ ගාථාව වදාළහ.

තත්‍ථ සුසිරන‍්ති ඡිද‍්දං. මත්‍ථලුඞ‍්ගස‍්ස පූරිතන‍්ති දධිභරිතඅලාබුකං විය මත්‍ථලුඞ‍්ගභරිතං. තඤ‍්ච පනෙතං මත්‍ථලුඞ‍්ගං විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. සුභතො නං මඤ‍්ඤති බාලොති තමෙනං එවං නානාවිධකුණපභරිතම‍්පි කායං දුච‍්චින‍්තිතචින‍්තී බාලො සුභතො මඤ‍්ඤති, සුභං සුචිං ඉට‍්ඨං කන‍්තං මනාපන‍්ති තීහිපි තණ‍්හාදිට‍්ඨිමානමඤ‍්ඤනාහි මඤ‍්ඤති. කස‍්මා? යස‍්මා අවිජ‍්ජාය පුරක‍්ඛතො චතුසච‍්චපටිච‍්ඡාදකෙන මොහෙන පුරක‍්ඛතො, චොදිතො, පවත‍්තිතො, “එවං ආදිය, එවං අභිනිවිස එවං මඤ‍්ඤාහී”ති ගාහිතොති අධිප‍්පායො. පස‍්ස යාව අනත්‍ථකරා චායං අවිජ‍්ජාති.

එහි සුසිරං-සිදුරයි. මත්‍ථලූංගස්ස පූරිතං දීකිරි පිරුණ කැකිරි (මද) මෙන් වූ හිස්කබල අතර මිදුළු රැසකින් පිරුණු (හිස්මොළය) ඒ හිස්මොළය ගැන ද විසුද්ධි මග්ගයෙහි සඳහන් පරිද්දෙන් දතයුතුය. සුභතො නං මඤ්ඤති බාලො මෙසේ නොයෙක් ලෙසින් අපිරිසිදු දෙයින් පිරුණු සිරුර, අනුවණ තැනැත්තා වරදවා වටහාගෙන, යහපත්, පිරිසිදු, කැමැත්ත වඩවන, සතුට දනවන දෙයකැයි ආසාවෙන්, දැඩිව එබඳු අදහසින්ම, උසස් පහත් ලෙස සළකමින් (තණ්හා-දිට්ඨි-මාන) යන තුන් ආකාරයෙන් කල්පනා කරයි. කවර හෙයින්ද? අවිජ්ජාය පුරක්‍ඛතො සිවුසස් සඟවන මෝහයෙන් (සිත) පෙරටුකොට, යටත්කොට පවත්නා ලද හෙයිනි. මෙසේ අදහාගෙන, එම අදහස දැඩිසේ ගෙන ‘මෙසේ හඟිමි’යි (තවදුරටත්) සිතාගැනීමයි. ඒ නොදැනීමේ-මුළාවීමේ අයහපත (කෙතෙක්දැයි) බලන්න.

එවං භගවා සවිඤ‍්ඤාණකවසෙන අසුභං දස‍්සෙත්‍වා ඉදානි අවිඤ‍්ඤාණකවසෙන දස‍්සෙතුං, යස‍්මා වා චක‍්කවත‍්තිරඤ‍්ඤොපි කායො යථාවුත‍්තකුණපභරිතොයෙව හොති, තස‍්මා සබ‍්බප‍්පකාරෙනපි සම‍්පත‍්තිභවෙ අසුභං දස‍්සෙත්‍වා ඉදානි විපත‍්තිභවෙ දස‍්සෙතුං “යදා ච සො මතො සෙතී”ති ගාථමාහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ සජීවීව (සිරුරෙහි) පිළිකුල් සහගත බව දක්වා, සක්විති රජුගේ සිරුර වුවද ඒ කියන ලද පරිදි පිළිකුල් සහගතම වේයැයි, සියළු ආකාරයෙන් සම්පත් ඇතිව ඉපදුණද, අයහපත දක්වා, දැන් අජීවී ලෙසින් සිරුරේ අයහපත්-විපත් බව ද පෙන්වාදීමට යදා ච සො මතො සෙති යන ගාථාව කීහ.

තස‍්සත්‍ථො – ස‍්වායමෙවංවිධො කායො යදා ආයුඋස‍්මාවිඤ‍්ඤාණාපගමෙන මතො වාතභරිතභස‍්තා විය උද‍්ධුමාතකො වණ‍්ණපරිභෙදෙන විනීලකො සුසානස‍්මිං නිරත්‍ථංව කලිඞ‍්ගරං ඡඩ‍්ඩිතත‍්තා අපවිද‍්ධො සෙති, අථ “න දානිස‍්ස පුන උට‍්ඨානං භවිස‍්සතී”ති එකංසතොයෙව අනපෙක‍්ඛා හොන‍්ති ඤාතයො. තත්‍ථ මතොති අනිච‍්චතං දස‍්සෙති, සෙතීති නිරීහකත‍්තං. තදුභයෙන ච ජීවිතබලමදප‍්පහානෙ නියොජෙති. උද‍්ධුමාතොති සණ‍්ඨානවිපත‍්තිං දස‍්සෙති, විනීලකොති ඡවිරාගවිපත‍්තිං. තදුභයෙන ච රූපමදප‍්පහානෙ වණ‍්ණපොක‍්ඛරතං පටිච‍්ච මානප‍්පහානෙ ච නියොජෙති. අපවිද‍්ධොති ගහෙතබ‍්බාභාවං දස‍්සෙති, සුසානස‍්මින‍්ති අන‍්තො අධිවාසෙතුමනරහං ජිගුච‍්ඡනීයභාවං. තදුභයෙනපි “මම”න‍්ති ගාහස‍්ස සුභසඤ‍්ඤාය ච පහානෙ නියොජෙති. අනපෙක‍්ඛා හොන‍්ති ඤාතයොති පටිකිරියාභාවං දස‍්සෙති, තෙන ච පරිවාරමදප‍්පහානෙ නියොජෙති.

එහි අරුත නම්, මෙබඳු වූ මේ සිරුර, යදා ආයුස, උණුසුම, හුස්ම ඉවත්වීමෙන්, මතො, වාතය පිරුණු මයිනහමක් මෙන් ව උද්ධුමාතකො පැහැය වෙනස් වීමෙන් විනීලකො සුසානස්මිං වැඩකට නැති ලී කොටයක් මෙන්, අත්හැර දමන ලද බැවින් අපවිද්ධො සෙති ඉක්බිති, දැන් මොහුගේ නැවත නැගිටීමක් නැතැයි තරයේම සිතා අනපෙක්‍ඛා හොන්ති ඤාතයො මළේ යැයි තිර නොමැති බව-අනිස බව දක්වයි. සෙති යනු හුස්ම ගැනීම නතරවීම අදහස් වේ. මේ වචන දෙකින්ම ජීවිතයෙහි සවිය, බලය නොමැති බව පෙන්වයි. උද්ධුමාතො යැයි පවත්නා වෙනස පෙන්වයි. විනීලකො සමෙහි රාගය-ඇලීම දුකයි. මේ වචන දෙකෙන්ම රූපයට ඇති මානය නැති කිරීමද (සමෙහි) පැහැපත් බව නිසා වූ මානය නැති කිරීමද දක්වයි. අපවිද්ධො ගතයුතු දේ දක්වයි. සුසානස්මිං ඉවසා දරාගැනීමට අපහසු, නුසුදුසු ඇතුළත, පිළිකුල් බවයි. මේ දෙකෙන්ම මගේ යැයි යහපත් ලෙස සිතාගැනීම ඉවත් කරයි, අනපෙක්‍ඛා හොන්ති ඤාතයො (මළ පසු) පෙරදී මෙන් කළයුතු දෙයක් නොමැති බව දක්වයි. එයින්ද (ජීවත්වන විට) පිරිවර නිසා ඇති වූ මානයද නැති වීම අදහස් කරයි.

එවමිමාය ගාථාය අපරිභින‍්නාවිඤ‍්ඤාණකවසෙන අසුභං දස‍්සෙත්‍වා ඉදානි පරිභින‍්නවසෙනාපි දස‍්සෙතුං “ඛාදන‍්ති න”න‍්ති ගාථමාහ. තත්‍ථ යෙ චඤ‍්ඤෙති යෙ ච අඤ‍්ඤෙපි කාකකුලලාදයො කුණපභක‍්ඛා පාණිනො සන‍්ති, තෙපි නං ඛාදන‍්තීති අත්‍ථො. සෙසං උත‍්තානමෙව.

මෙසේ මෙම ගාථාවෙන් වෙන් නොවූ හැඟීම් සහිත වූ පිළිකුල් බව දක්වා දැන් වෙන්ව යන ආකාරයද දැක්වීමට ඛාදන්ති නං යන ගාථාව කීහ. එම ගාථාවෙහි යෙ ච’ඤ්ඤෙ කපුටන්, උකුස්සන් වැනි මළකුණු ආහාරයට ගන්නා වෙනත් සත්තු පාණිනො සන්ති එබඳු සත්තුද ඒ මළ සිරුර කති යන අදහසයි. ඉතිරි කරුණු පැහැදිලිය.

එවං “චරං වා”තිආදිනා නයෙන සුඤ‍්ඤතකම‍්මට‍්ඨානවසෙන, “අට‍්ඨිනහාරුසංයුත‍්තො”තිආදිනා සවිඤ‍්ඤාණකාසුභවසෙන “යදා ච සො මතො සෙතී”තිආදිනා අවිඤ‍්ඤාණකාසුභවසෙන කායං දස‍්සෙත්‍වා එවං නිච‍්චසුඛත‍්තභාවසුඤ‍්ඤෙ එකන‍්තඅසුභෙ චාපි කායස‍්මිං “සුභතො නං මඤ‍්ඤති බාලො, අවිජ‍්ජාය පුරක‍්ඛතො”ති ඉමිනා බාලස‍්ස වුත‍්තිං පකාසෙත්‍වා අවිජ‍්ජාමුඛෙන ච වට‍්ටං දස‍්සෙත්‍වා ඉදානි තත්‍ථ පණ‍්ඩිතස‍්ස වුත‍්තිං පරිඤ‍්ඤාමුඛෙන ච විවට‍්ටං දස‍්සෙතුං “සුත්‍වාන බුද‍්ධවචන”න‍්ති ආරභි.

මෙසේ චරං වා ආදී ලෙසින් ‘හිස් බව’ සැළකෙන සුඤ්ඤත කමටහන ද අට්ඨි නහාරු සංයුත්තො ආදී ලෙස සජීව (සිරුර) යහපත් දෙයක් ලෙස ද, යදා ච සො මතො සෙති ආදී ලෙසින් අජීවී සිරුරෙහි අයහපත ද දක්වා, එකම පැවැත්මක්, තිර බවක්, සැපයක් නොමැති ඒකාන්තයෙන්ම සිරුරෙහි අසුබ පැත්ත, සුභතො නං මඤ්ඤති බාලො අවිජ්ජාය පුරක්‍ඛතො මෙයින් අනුවණයාගේ ගතිසොබාව පවසා, කරුණු හරිහැටි නොදැනීම නිසා සසර ගැන ඔහුගේ අදහස දක්වා, දැන් එම කරුණු ගැන නුවණැත්තාගේ ගති සොබාව වන වෙසෙස් දැනීමත්, සසර ගමනින් මිදීම පෙන්වාදීමට සුත්‍වාන බුද්ධවචනං යනුවෙන් (පහදා දීම) ඇරඹූහ.

තත්‍ථ සුත්‍වානාති යොනිසො නිසාමෙත්‍වා. බුද‍්ධවචනන‍්ති කායවිච‍්ඡන්‍දනකරං බුද‍්ධවචනං. භික‍්ඛූති සෙක‍්ඛො වා පුථුජ‍්ජනො වා. පඤ‍්ඤාණවාති පඤ‍්ඤාණං වුච‍්චති විපස‍්සනා අනිච‍්චාදිප‍්පකාරෙසු පවත‍්තත‍්තා, තාය සමන‍්නාගතොති අත්‍ථො. ඉධාති සාසනෙ. සො ඛො නං පරිජානාතීති සො ඉමං කායං තීහි පරිඤ‍්ඤාහි පරිජානාති. කථං? යථා නාම කුසලො වාණිජො ඉදඤ‍්චිදඤ‍්චාති භණ‍්ඩං ඔලොකෙත්‍වා “එත‍්තකෙන ගහිතෙ එත‍්තකො නාම උදයො භවිස‍්සතී”ති තුලයිත්‍වා තථා කත්‍වා පුන සඋදයං මූලං ගණ‍්හන‍්තො තං භණ‍්ඩං ඡඩ‍්ඩෙති, එවමෙවං “අට‍්ඨින‍්හාරුආදයො ඉමෙ කෙසලොමාදයො චා”ති ඤාණචක‍්ඛුනා ඔලොකෙන‍්තො ඤාතපරිඤ‍්ඤාය පරිජානාති, “අනිච‍්චා එතෙ ධම‍්මා දුක‍්ඛා අනත‍්තා”ති තුලයන‍්තො තීරණපරිඤ‍්ඤාය පරිජානාති, එවං තීරයිත්‍වා අරියමග‍්ගං පාපුණන‍්තො තත්‍ථ ඡන්‍දරාගප‍්පහානෙන පහානපරිඤ‍්ඤාය පරිජානාති. සවිඤ‍්ඤාණකාවිඤ‍්ඤාණකඅසුභවසෙන වා පස‍්සන‍්තො ඤාතපරිඤ‍්ඤාය පරිජානාති, අනිච‍්චාදිවසෙන පස‍්සන‍්තො තීරණපරිඤ‍්ඤාය, අරහත‍්තමග‍්ගෙන තතො ඡන්‍දරාගං අපකඩ‍්ඪිත්‍වා තං පජහන‍්තො පහානපරිඤ‍්ඤාය පරිජානාති.

සුත්‍වාන නුවණින් මෙනෙහි කරමින් අසා, බුද්ධවචනං සිරුර (සසරින්) සිඳ දමන පිළිවෙල (නැවත භවයක නොඉපදීම) ඇතුළත් බුදු වදන, භික්‍ඛූ මුල් මග පල තුන ලැබූ මහණ හෝ මගපල නොලද මහණ හෝ, පඤ්ඤාණ වා විදසුන් මගින් (හැම දෙයකම) තිර නොවන බව දැකීමෙහි යුතු නුවණ පඤ්ඤාණ යැයි කියනු ලැබේ. එම නුවණින් යුතු යන තේරුමයි. ඉධ සසුනෙහි, සො ඛො නං පරිජානාති මේ සිරුර තුන් ආකාරයකින් වෙසෙසින් දැන ගනී. ඒ කෙසේද? යම්සේ අත්දැකීම් ඇති වෙළෙන්දෙකු, භාණ්ඩයක සුදුසු නුසුදුසු බව - හොඳ නරක (ඉදංඤ්චිදං) සළකා බලා, මෙපමණකට ගත් කල මෙපමණ ලාභයක් වන්නේ යැයි සසඳා එසේ කොට ඒ ලාභය සහිතව (විකුණා) භාණ්ඩය අත්හැර දමයි. එපරිදිම ‘මේ ඇට, නහර ආදී ඒවාය. මේ කෙස් ලොම් ආදියයි, යනුවෙන් නුවණ නැමති ඇසින් බලමින්, වෙසෙසින් හඳුනා ගනී. මේ සියළු දේ සදාකල් තිරව නොපවතී. (එහෙයින්) දුක ඇතිවේ. (මට) අයත් නොවේ යැයි සසඳමින් නුවණින් තීරණය කොට දැනගනී. මෙසේ තීරණය කොට, බුද්ධාදී උතුමන්ගේ මගට පැමිණෙමින්, එහි කැමැත්ත හෙවත් ඡන්‍දරාගය දුරු කිරීමෙන්, එය දුරුකරන ලදැයි පිරිසිඳ දැනගනී. ජීවී හා අජීවී ලෙස අසුබ ලකුණු දකිමින්, ඒ පිළිබඳව වෙසෙසින් පිරිසිඳ දැනගනී. තිර වූ පැවැත්මක් නැතැයි (අනිච්චා) මැනවින් දැන තීරණය කරයි. අරහත් මගින් ඒ දැඩි කැමැත්ත ඉවතට ඇද දමා, එය ඉවතලමින්, එසේ ඉවත හළ බවද වෙසෙසින් පිරිසිඳ දැනගනී.

කස‍්මා සො එවං පරිජානාතීති චෙ? යථාභූතඤ‍්හි පස‍්සති, යස‍්මා යථාභූතං පස‍්සතීති අත්‍ථො. “පඤ‍්ඤාණවා”තිආදිනා එව ච එතස‍්මිං අත්‍ථෙ සිද‍්ධෙ යස‍්මා බුද‍්ධවචනං සුත්‍වා තස‍්ස පඤ‍්ඤාණවත‍්තං හොති, යස‍්මා ච සබ‍්බජනස‍්ස පාකටොපායං කායො අසුත්‍වා බුද‍්ධවචනං න සක‍්කා පරිජානිතුං, තස‍්මා තස‍්ස ඤාණහෙතුං ඉතො බාහිරානං එවං දට‍්ඨුං අසමත්‍ථතඤ‍්ච දස‍්සෙතුං “සුත්‍වාන බුද‍්ධවචන”න‍්ති ආහ. නන්‍දාභික‍්ඛුනිං තඤ‍්ච විපල‍්ලත්‍ථචිත‍්තං භික‍්ඛුං ආරබ‍්භ දෙසනාපවත‍්තිතො අග‍්ගපරිසතො තප‍්පටිපත‍්තිප‍්පත‍්තානං භික‍්ඛුභාවදස‍්සනතො ච “භික‍්ඛූ”ති ආහ.

මෙසේ ඒ මහණ දැනගන්නේ කවර ආකාරයෙන්ද? යථාභූතං හි පස්සති නියම අයුරින්ම - ඇති සැටියෙන්ම දැනගනී යනු අදහසයි. පඤ්ඤාණවා ආදී ලෙසින් කී පරිදි ඒ කාරණයෙහිලා අදහස මුදුන්පත් වූ කල්හී, බුදුවදන් අසා ඒ මහණ හට පැණවත් බව ඇතිවෙයි. සියළු ජනයාට පැහැදිලි වන ආකාරයට කය පිළිබඳව නොඅසා බුද්ධ වචනය මැනවින් ඉගෙනීමට නොහැකිය. එහෙයින් ඒ නුවණ හේතුකොට මෙයින් පිටතද කරුණු දැනීමට ඒ මහණට ඇති හැකියාව පෙන්වාදීමට සුත්‍වාන බුද්ධවචනං යැයි වදාළහ. නන්දා මෙහෙණියටද, සිත් පෙරළියක් ඇතිවූ මහණ ද අරබයා පවත්වන ලද දේසනයෙන්, ඒ ඉතා උසස් පිළිවෙතට පත්වන පැවිද්දෙකුගේ සොබාවය දක්වමින් භික්‍ඛූ යැයි වදාළහ.

ඉදානි “යථාභූතඤ‍්හි පස‍්සතී”ති එත්‍ථ යථා පස‍්සන‍්තො යථාභූතං පස‍්සති, තං දස‍්සෙතුං ආහ “යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉද”න‍්ති. තස‍්සත්‍ථො – යථා ඉදං සවිඤ‍්ඤාණකාසුභං ආයුඋස‍්මාවිඤ‍්ඤාණානං අනපගමා චරති, තිට‍්ඨති, නිසීදති, සයති; තථා එතං එතරහි සුසානෙ සයිතං අවිඤ‍්ඤාණකම‍්පි පුබ‍්බෙ තෙසං ධම‍්මානං අනපගමා අහොසි. යථා ච එතං එතරහි මතසරීරං තෙසං ධම‍්මානං අපගමා න චරති, න තිට‍්ඨති, න නිසීදති, න සෙය්‍යං කප‍්පෙති, තථා ඉදං සවිඤ‍්ඤාණකම‍්පි තෙසං ධම‍්මානං අපගමා භවිස‍්සති. යථා ච ඉදං සවිඤ‍්ඤාණකං එතරහි න සුසානෙ මතං සෙති, න උද‍්ධුමාතකාදිභාවමුපගතං, තථා එතං එතරහි මතසරීරම‍්පි පුබ‍්බෙ අහොසි. යථා පනෙතං එතරහි අවිඤ‍්ඤාණකාසුභං මතං සුසානෙ සෙති, උද‍්ධුමාතකාදිභාවඤ‍්ච උපගතං, තථා ඉදං සවිඤ‍්ඤාණකම‍්පි භවිස‍්සතීති.

දැන් යථාභූතං හි පස්සති යන තන්හි, නුවණින් ඇති සැටියෙන් දකී ද එය පැහැදිලි කිරීමට යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං යැයි වදාළහ. එහි අදහස නම්, යථා ඉදං (මේ සිරුර) ජීවය සහිත යහපත් සේ දකින, වයස, (ජීවිත කාලය) උණුසුම, හුස්ම (ගැනීම-හෙළීම) වැනි දේ ගැන නොසළකා ඇවිදියි, සිටියි, හිඳියි, නිදාගනී, තථා එතං දැන් සොහොනෙහි දමන ලද මේ අජීව සිරුර පිළිබඳවද මෙසේ සිදුවන බව කලින් නොසැළකීය. යථා එතං දැන් මළ සිරුරක් බැවින්, නොඇවිදී, නොසිටී, නොහිදී, නිදා නොගනී. තථා ඉදං හුස්ම ගන්නාවිට (ජීවත්ව සිටිද්දී) එබඳු සොබාවයට පත්වන බව හෝ, මේ සිරුරෙහි ජීවය නොමැතිව මළ බවට පත්වන තෙක් පෙර එසේ නොවූ බවත්, සොහොනෙහි නොදමන බවත්, ඉදිමීමේ සොබාවයකට පත් නොවීමත්, දැන් ජීවය නොමැතිව මළ බවට පත්ව, සොහොනෙහි දමා ඇති අතර, ඉදිමීම් ආදී ස්වභාවයට පැමිණ ඇත. ජීවය සහිත සිරුරකට ද මෙසේ වන්නේ යැයි (මෙනෙහි කළ යුතුය.)

තත්‍ථ යථා ඉදං තථා එතන‍්ති අත‍්තනා මතස‍්ස සරීරස‍්ස සමානභාවං කරොන‍්තො බාහිරෙ දොසං පජහති. යථා එතං තථා ඉදන‍්ති මතසරීරෙන අත‍්තනො සමානභාවං කරොන‍්තො අජ‍්ඣත‍්තිකෙ රාගං පජහති. යෙනාකාරෙන උභයං සභං කරොති, තං පජානන‍්තො උභයත්‍ථ මොහං පජහති. එවං යථාභූතදස‍්සනෙන පුබ‍්බභාගෙයෙව අකුසලමූලප‍්පහානං සාධෙත්‍වා, යස‍්මා එවං පටිපන‍්නො භික‍්ඛු අනුපුබ‍්බෙන අරහත‍්තමග‍්ගං පත්‍වා සබ‍්බං ඡන්‍දරාගං විරාජෙතුං සමත්‍ථො හොති, තස‍්මා ආහ “අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච, කායෙ ඡන්‍දං විරාජයෙ”ති. එවං පටිපන‍්නො භික‍්ඛු අනුපුබ‍්බෙනාති පාඨසෙසො.

යථා ඉදං තථා එතං තමා හා සමාන කරමින් අනුන්ගේ දොස් දැකීම දුරු කරයි. යථා එතං තථා ඉදං මළසිරුර හා තමා සමාන කරමින්, තමා කෙරෙහි වූ ඇල්ම දුරුකරයි. යම් අයුරින් තමා හා අනුන් සමව සිතයිද, එය දැනගැනීමෙන් දෙකොටසෙහිම මෝහය දුරුවෙයි. මෙසේ ඇති තතු ඒ ආකාරයෙන්ම දැකීමෙන්, පෙර තිබූ අකුසල මුල් නැතිකොට ඊට පිළිපන් මහණහට අනුපිළිවෙලින් අරහත් බවට පත්ව, සියළුම කාමරාග මුළුමනින්ම ඉවතලීමට හැකිවේද, එහෙයින් අජ්ඣත්තඤ්ච බහිද්ධා ච කායෙ ඡන්‍දං විරාජයෙ යනුවෙන් වදාළහ. එවං පටිපන්නො භික්‍ඛූ අනුපුබ්බෙන ඉතිරි වූ පාඨයකි. (සූත්‍රයෙහි නොදැක්වේ.)

එවං සෙක‍්ඛභූමිං දස‍්සෙත්‍වා ඉදානි අසෙක‍්ඛභූමිං දස‍්සෙන‍්තො ආහ “ඡන්‍දරාගවිරත‍්තො සො”ති. තස‍්සත්‍ථො – සො භික‍්ඛු අරහත‍්තමග‍්ගඤාණෙන පඤ‍්ඤාණවා මග‍්ගානන‍්තරං ඵලං පාපුණාති, අථ සබ‍්බසො ඡන්‍දරාගස‍්ස පහීනත‍්තා “ඡන්‍දරාගවිරත‍්තො”ති ච, මරණාභාවෙන පණීතට‍්ඨෙන වා අමතං සබ‍්බසඞ‍්ඛාරවූපසමනතො සන‍්තිං තණ‍්හාසඞ‍්ඛාතවානාභාවතො නිබ‍්බානං, චවනාභාවතො අච‍්චුතන‍්ති සංවණ‍්ණිතං පදමජ‍්ඣගාති ච වුච‍්චති. අථ වා සො භික‍්ඛු අරහත‍්තමග‍්ගඤාණෙන පඤ‍්ඤාණවා මග‍්ගානන‍්තරඵලෙ ඨිතො ඡන්‍දරාගවිරත‍්තො නාම හොති, වුත‍්තප‍්පකාරඤ‍්ච පදමජ‍්ඣගාති වෙදිතබ‍්බො. තෙන “ඉදමස‍්ස පහීනං, ඉදඤ‍්චානෙන ලද‍්ධ”න‍්ති දීපෙති.

මේ ආකාරයෙන්, සෝවාන්, සකදාගාමි, අනාගාමි පල දක්වා (සෙක්‍ඛ භූමි) අරහත් පල දක්වමින් ඡන්‍දරාග විරත්තො සො යැයි වදාළහ. එහි අරුත නම්, ඒ මහණ අරහත් මග නුවණින් පඤ්ඤාණ වා මග අතර වන ඡන්‍දරාග විරත්තො වෙයි. මරණය නොමැති බැවින්, (ඒ නිසාම දුක ද නැති බැවින්) උසස් රසයක් වන අදහසින් හෝ අමතං සියළු එක්රැස් කරන දෙයින් (සංඛාර) නිදහස් වීමෙන් සන්තිං ‘වාන’ යනුවෙන් හඳුන්වනු ලබන තණ්හාවද දුරුකරන ලද බැවින්, නොමැති බැවින් නිබ්බාණං චුතවීම, අභාවය නැති බැවින් අච්චුතං යයි පසස්නා ලද පරිදි පදමජ්ඣගා කියනු ලැබේ. නැතහොත් ඒ මහණ අරහත් මග නුවණින් මගපල අතර සිටියේ, ඡන්‍දරාගය දුරුකළේ නම් වෙයි. ඉහත කියන ලද පරිදි නිවන අවබෝධ කළේ යැයි දතයුතුය. මෙයින් ඒ මහණගේ (කෙලෙස්) නැතිකිරිමද වෙයි. මෙය ඒ මහණ විසින් ලබන ලදැයි පැහැදිලි කරයි.

එවං සවිඤ‍්ඤාණකාවිඤ‍්ඤාණකවසෙන අසුභකම‍්මට‍්ඨානං සහ නිප‍්ඵත‍්තියා කථෙත්‍වා පුන සඞ‍්ඛෙපදෙසනාය එවං මහතො ආනිසංසස‍්ස අන‍්තරායකරං පමාදවිහාරං ගරහන‍්තො “ද‍්විපාදකොය”න‍්ති ගාථාද‍්වයමාහ. තත්‍ථ කිඤ‍්චාපි අපාදකාදයොපි කායා අසුචීයෙව, ඉධාධිකාරවසෙන පන උක‍්කට‍්ඨපරිච‍්ඡෙදවසෙන වා, යස‍්මා වා අඤ‍්ඤෙ අසුචිභූතාපි කායා ලොණම‍්බිලාදීහි අභිසඞ‍්ඛරිත්‍වා මනුස‍්සානං භොජනෙපි උපනීයන‍්ති, න ත්‍වෙව මනුස‍්සකායො, තස‍්මා අසුචිතරභාවමස‍්ස දස‍්සෙන‍්තොපි “ද‍්විපාදකො”ති ආහ.

මෙසේ ජීව අජීව ලෙස (සළකා) අසුභ කමටහන් ද, එහි අවසානය (හෙවත් නිවන) ගැනද කියා, නැවත කෙටියෙන් දේශනා කරමින්, ඒ මහත් වූ උතුම් වූ ආනිසංසයට අනතුරුදායක වූ (දහම් නිය අනුව ජීවිතය පවත්වා ගැනීමෙහි) පමාවීමට ගරහමින් දිපාදකො යන (ගාථාව) වදාළහ. පාද නොමැති වුවත් සිරුරු අපිරිසිදුමය. මෙහිදී පාද රහිත අපිරිසිදු (කුණුවන සොබාවට පත්වන) සිරුරු වුවත් (මාළු වැනි) යම් ආකාරයෙන් ලුණු, ඇඹුල් ආදිය යොදා වෙනත් ‘අමුතු’ ලෙස හෝ ‘වෙසස් රසවත්’ ලෙස, (උක්කට්ඨ වසෙන) (ජාඩි / ටින් මාළු වැනි) මිනිස් පරිභෝජනය පිණිස සකස් කරගත්තද, මිනිස් සිරුර එසේ කළ නොහැකිය. අපිරිසිදු, පිළිකුල් බවම පෙන්වා දෙමින්, දිපාදකො යැයි කීහ.

අයන‍්ති මනුස‍්සකායං දස‍්සෙති. දුග‍්ගන්‍ධො පරිහීරතීති දුග‍්ගන්‍ධො සමානො පුප‍්ඵගන්‍ධාදීහි අභිසඞ‍්ඛරිත්‍වා පරිහීරති. නානාකුණපපරිපූරොති කෙසාදිඅනෙකප‍්පකාරකුණපභරිතො. විස‍්සවන‍්තො තතො තතොති පුප‍්ඵගන්‍ධාදීහි පටිච‍්ඡාදෙතුං ඝටෙන‍්තානම‍්පි තං වායාමං නිප‍්ඵලං කත්‍වා නවහි ද‍්වාරෙහි ඛෙළසිඞ‍්ඝාණිකාදීනි, ලොමකූපෙහි ච සෙදජල‍්ලිකං විස‍්සවන‍්තොයෙව. තත්‍ථ දානි පස‍්සථ – එතාදිසෙන කායෙන යො පුරිසො වා ඉත්‍ථී වා කොචි බාලො මඤ‍්ඤෙ උණ‍්ණමෙතවෙ තණ‍්හාදිට‍්ඨිමානමඤ‍්ඤනාහි “අහ”න‍්ති වා “මම”න‍්ති වා “නිච‍්චො”ති වාතිආදිනා නයෙන යො උණ‍්ණමිතුං මඤ‍්ඤෙය්‍ය, පරං වා ජාතිආදීහි අවජානෙය්‍ය අත‍්තානං උච‍්චෙ ඨානෙ ඨපෙන‍්තො, කිමඤ‍්ඤත්‍ර අදස‍්සනා ඨපෙත්‍වා අරියමග‍්ගෙන අරියසච‍්චදස‍්සනාභාවං කිමඤ‍්ඤං තස‍්ස එවං උණ‍්ණමාවජානනකාරණං සියාති.

අයං මිනිස් සිරුර ගැන සඳහන් කරයි. දුග්ගන්‍ධො පරිහීරති දුගඳට සමානව මලින්, සුවඳින් තවරා (සුවඳ විලවුන් ඉස) පරිහරණය කරනු ලබයි. නානා කුණප පරිපූරො කෙස් ආදී නොයෙක් ආකාර වූ අපිරිසිදු වන දෙයින් පිරුණු, විස්සවන්තො තතො තතො මලිත් සුවඳ ආදියෙන් සඟවන්නට උත්සාහ කළද, ඒ උත්සාහය පල රහිතකොට, දොරටු නවයකින් කෙළ, සොටු ආදියත්, රෝම කූපවලින් ලාටු මෙන් ඩහදිය ද වැගිරේ. දැන් ඒ දෙස බලන්න, එතාදිසෙන කායෙන යො කිසියම් අනුවණ පිරිමියකු හෝ ගැහැණියක හෝ, මඤ්ඤෙ උන්නමෙතවෙ තණ්හා දිට්ඨි මානයෙන් යුතුව ‘මම’ය හෝ මාගේය හෝ නොවෙනස්ව පවතීය යනුවෙන් යම් කෙනෙක් උසස් පහත් ලෙස සළකනු ලබන්නේ නම්, පරං වා (ඉපදුණු) කුල ආදිය අවජානෙය්‍ය තමන්ගේම උසස් බව පෙන්වමින්, කිමඤ්ඤත්‍ර අදස්සනා බුද්ධාදී උතුමන් ගත් මග හැරදමා, උතුම් ඇත්ත නොදැකීමෙන්, මෙසේ උසස් පහත් ලෙස සලකනු ලබන්නේ කුමක් නිසාද?

දෙසනාපරියොසානෙ නන්‍දා භික‍්ඛුනී සංවෙගමාපාදි – “අහො වත රෙ, අහං බාලා, යා මංයෙව ආරබ‍්භ එවං විවිධධම‍්මදෙසනාපවත‍්තකස‍්ස භගවතො උපට‍්ඨානං නාගමාසි”න‍්ති. එවං සංවිග‍්ගා ච තමෙව ධම‍්මදෙසනං සමන‍්නාහරිත්‍වා තෙනෙව කම‍්මට‍්ඨානෙන කතිපයදිවසබ‍්භන‍්තරෙ අරහත‍්තං සච‍්ඡාකාසි. දුතියට‍්ඨානෙපි කිර දෙසනාපරියොසානෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි, සිරිමා දෙවකඤ‍්ඤා අනාගාමිඵලං පත‍්තා, සො ච භික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහීති.

‘අහෝ! මම ඇත්තෙන්ම අනුවණ වූයෙමි. මටම ගැලපෙන සේ නොයෙක් දහම් දෙසුම් පවත්වන භාග්‍යවතුන් වහන්සේට උවටැන් කිරිමට නොපැමිණියෙමි’යි දේසනය අවසානයෙහි නන්දා මෙහෙණිය සංවේගයට පත්වූවාය. මෙසේ සංවේගයට පත්ව, ඒ දහම් දෙසුමටම සිත යොමුකරමින් එයම භාවනා අරමුණු කොට, කිහිප දිනකින්ම අරහත් බව අවබෝධ කළාය. දෙවන වරටද පවත්වන ලද දේසනය අවසානයෙහි, අසූහාර දහසකට දහම් අවබෝධ විය. සිරිමා දෙව් කුමරිය අනාගාමී පලයෙහිද, (ඇයට ඇළුම් කළ) ඒ මහණ සෝවාන් පලයෙහිද පිහිටියේය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය විජයසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

කායවිච්ඡන්‍දනික සූත්‍ර විස්තරය නිමි.