විජයසුත‍්තං
1. 11.
1. 11.
විජයසුත‍්තං
විජය සූත්‍රය
195. චරං වා යදි වා තිට‍්ඨං නිසින‍්නො උද වා සයං, සම‍්මිඤ‍්ජෙති පසාරෙති එසා කායස‍්ස ඉඤ‍්ජනා.
195. යන්නේ හෝ ඉදින් සිටිනේ හෝ හුන්නේ හෝ නොහොත් හෝනේ වේ ද, (අත්-පා) හකුළුවනු ද විදහනු ද වේ. තෙල ශරීරයාගේ චලනය යි.
196. අට‍්ඨි නහාරු සංයුත‍්තො තචමංසාවලෙපනො, ඡවියා කායො පටිච‍්ඡන‍්නො යථාභූතං න දිස‍්සති.
196. ඇටින් නහරින් හා බැඳුනු, සමින් හා මසින් හා අවලිප්ත වූ සිවියෙන් පිළිසන් වූ සිරුර තත් වූ පරිදි නො පැණේ.
197. අන‍්තපූරොදරපූරො යකපෙළස‍්ස වත්‍ථිනො, හදයස‍්ස පප‍්ඵාසස‍්ස වක‍්කස‍්ස පිහකස‍්ස ච.
197. (මේ සිරුර) අතුනුයෙන් පිරුණේ නො පැසුනු අහරින් පිරුණේ අක්මායෙන් ද වටනින් ද හදවතින් ද පපුකැණින් ද වකුගඩුයෙන් ද බඩදිවෙන් ද -
198. සිඞ‍්ඝාණිකාය ඛෙළස‍්ස සෙදස‍්ස මෙදස‍්ස ච, ලොහිතස‍්ස ලසිකාය පිත‍්තස‍්ස ච වසාය ච.
198. මුකුනුයෙන් ද කෙළෙන් ද ඩහදියෙන් ද මේදසින් ද ලෙහෙයින් ද සඳමිදුලෙන් ද පිතින් ද වුරුණු තෙලෙන් ද පිරුණේ වෙයි.
199. අථස‍්ස නවහි සොතෙහි අසුචි සවති සබ‍්බදා, අක‍්ඛිම‍්භා අක‍්ඛිගූථකො කණ‍්ණම‍්හා කණ‍්ණගූථකො.
199. යලිදු මේ ශරීරයාගේ නවදොරින් හැමකල්හි මල වෑහෙයි, ඇසින් කබ ද කණින් කාරලු ද වෑහෙයි.
200. සිඞ‍්ඝාණිකා ච නාසාතො මුඛෙන චමතෙ’කදා, පිත‍්තං සෙම‍්හඤ‍්ච වමති කායම‍්හා සෙදජල‍්ලිකා.
200. නැහැයෙන් සොටු ද කලෙක මුවින් පිත ද සෙම ද වමයි, කයින් සෝදිය හා දැලි ද වැගිරෙයි.
201. අථස‍්ස සුසිරං සීසං මත්‍ථජුඞ‍්ගස‍්ස පූරිතං, සුභතො නං මඤ‍්ඤතී බාලො අවිජ‍්ජාය පුරක‍්ඛතො.
201. වැලිදු මේ ශරීරයාගේ සිදුරු සහිත හිස හිස්මුලින් පිරුණේ වෙයි. අවිද්‍යායෙන් පෙරටුකරණ ලද බාල එය ශුභ විසින් හඟනේ ය.
202. යදාච සො මතො සෙති උද‍්ධුමාතො විනීලකො, අපවිද‍්ධො සුසානස‍්මිං අනපෙක‍්ඛා හොන‍්ති ඤාතයො.
202. යම් විටෙක ඒ කය ආයු උෂ්මා විඥානපගමයෙන් මළේ ඉදිමුනේ නිල් වූයේ හෝනේ වේ ද, එකල්හි අමු සොහොන්හි හැරදමන ලදුයේ ඥාතීහු අපේක්‍ෂා රහිත වූවාහු වෙති.
203. ඛාදන‍්ති නං සුවාණා ච සිගාලා ච වකා කිමී, කාකා ගිජ‍්ඣා ච ඛාදන‍්ති යෙ චඤ‍්ඤෙ සන‍්ති පාණිනො.
203. ශුනකයෝ ද සිවල්ලු ද වෘකයෝ ද, පණුවෝ ද කවුඩෝ ද ගිජුලිහිණි ද කති. වෙනත් ප්‍රාණීහු වෙත් නම් ඔහු ද එය කති.
204. සුත්‍වාන බුද‍්ධවචනං භික‍්ඛු පඤ‍්ඤාණවා ඉධ, සො ඛො නං පරිජානාති යථාභූතං හි පස‍්සති.
204. මෙසස්නෙහි විදසුන් නුවණින් යුත් මහණ බුදු වදන් අසා එය පිරිසිඳ දැනගනී. තත් වූ පරිදි අනිත්‍යාදි විසින් දක්නා හෙයිනි.
205. යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං, අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච කායෙ ඡන්‍දං විරාජයෙ.
205. මේ සවිඥානක අශුභය යම් සේ ද තෙල අවිඥානක අශුභය ද එබඳු වෙයි. තෙල අවිඥානක අශුභය යම් බඳු ද, මේ සවිඥානක අශුභය ද එබඳු වේයයි. (එහෙයින්) ආධ්‍යාත්මික වූ ද බාහ්‍ය වූ ද සිරුරෙහි ඡන්‍ද රාගය දුරලන්නේය.
206. ඡන්‍දාරාගවිරත‍්තො සො භික‍්ඛු පඤ‍්ඤාණවා ඉධ, අජ‍්ඣගා අමතං සන‍්තිං නිබ‍්බානපද මච‍්චුතං.
206. මෙ සස්නෙහි රහත්මග නුවණින් යුත් එ මහණ ඡන්‍දරාගයෙන් වෙන් වූයේ අමෘත නම් වූ ශාන්තිය වූ ච්‍යුති රහිත වූ, නිර්‍වාණයට ද පැමිණියේ ය.
207. දිපාදකො යං අසුචි දුග‍්ගන්‍ධො පරිහීරති, නානා කුණප පරිපූරො විස‍්සවන‍්නො තතො තතො.
207. අපවිත්‍ර වූ දුගඳ වහනය කරණ නොයෙක් කුණපයෙන් පිරුණු ඒ ඒ දොරින් මලවහන දෙපායුත් මේ කය (සුවඳ කැවීම් ආදියෙන්) පරිහරණය කරනු ලබයි.
208. එතාදිසෙන කායෙන යො මඤ‍්ඤෙ උණ‍්ණමෙතවෙ, පරං වා අවජානෙය්‍ය කිමඤ‍්ඤත්‍ර අදස‍්සනාති.
208. යමෙක් මෙබඳු වූ සිරුරින් යුක්තව තෘෂ්ණාදි විසින් තමා හුවා දක්වන්නට සිතා ද, මෙරමා හට හෝ අවමන් කරන්නේ ද මෙහිලා ආර්‍ය්‍යමාර්‍ගයෙන් සත්‍යය නො දැක්ම විනා අන් කවරෙක් ද?
විජයසුත‍්තං නිට‍්ඨිතං.
විජය සූත්‍රය නිමි.