මුනි සුත‍්තං
1. 12.
1. 12.
මුනි සුත‍්තං
මුනි සූත්‍රය
209. සන්‍ථවාතො භයං ජාතං නිකෙතා ජායතෙ රජො, අනිකෙතමසන්‍ථවං එතං වෙ මුනිදස‍්සනං.
209. (තෘෂ්ණා - දෘෂ්ටි - මිත්‍ර සඞ්ඛ්‍යාත ත්‍රිවිධ) සන්‍ථවයෙන් (කෙලෙස්) බිය උපන. (රූපාදි අරමුණු නමැති) නිකේතයෙන් (ගෙයින්) රාගාදි කෙලෙස් රජස් උපන. නිකෙත නැති, සන්‍ථවයෙන් තොර වූ තෙල නිර්‍වාණය ඒකාන්තයෙන් (බුද්ධ) මුනිහුගේ දර්‍ශනය වෙයි.
210. යො ජාතමුච‍්ඡිජ‍්ජ න රොපයෙය්‍ය ජායන‍්තමස‍්ස නානුප‍්පවෙච‍්ඡෙ, තමාහු එකං මුනිනං චරන‍්තං අද‍්දක‍්ඛි සො සන‍්තිපදං මහෙසී.
210. යමෙක් උපන් කෙලෙස් නසා මතු උපදනා කෙලෙස් නූපදවා ද, (අනාගතයෙහි උපදනා) ඒ ක්ලේශයට යලි ප්‍රවේශ නොදෙන්නේ ද, (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාවෙහි) හැසිරෙන ඔහු ශ්‍රේෂ්ඨ මුනිවරයෙකැයි (බුදුවරු) කීහු. ඒ මහර්ෂී අත්‍යන්ත ශාන්ති පදය (පසක් විසින්) දුටුයේ ය.
211. සඞ‍්ඛාය වත්‍ථූනි පහාය බීජං සිනෙහ මස‍්ස නානුප‍්පවෙච‍්ඡෙ, ස චෙ මුනි ජාතිඛයන‍්තදස‍්සී තක‍්කං පහාය න උපෙති සඞ‍්ඛං.
211. (ස්කන්‍ධායතනාදි) ක්ලේශවස්තූන් පිරිසිඳ දැන (අභිසංස්කාර විඥාන සඞ්ඛ්‍යාත) වස්තු බීජය සමුච්ඡේද විසින් නසා එයට නැවත තෘෂ්ණා දෘෂ්ටි නමැති සෙනහය (දිය ) නොවැද්දේ ද, ජාතිමරණයන්ගේ අන්තය වන නිවන දක්නා සුලු ඒ මුනි ඒකාන්තයෙන් නවවිධ අකුශල විතර්‍කය ප්‍රහීණ කොට (දෙවියෙමි, මිනිසෙකිමි යන ආදි) සඞ්ඛ්‍යාවට නො පැමිණෙයි.
212. අඤ‍්ඤාය සබ‍්බානි නිවෙසනානි අනිකාමයං අඤ‍්ඤතරම‍්පිතෙසං, ස වෙ මුනී වීතගෙධො අගිද‍්ධො නායූහතී පාරගතො හි හොති.
212. (කාමාභවාදි) හැම නිවේසනයන් (අනිත්‍යාදිවශයෙන්) දැන, ඔවුනතුරෙහි එකකුදු නො පතනුයේ ඒ බුද්ධමුනි පහකළ තෘෂ්ණා ඇතියේ (එහෙයින්ම) ගිජු නො වූයේ ඒකාන්තයෙන් කුශලාකුශල කර්‍ම රැස් නොකෙරෙයි. යම් හෙයකින් නිවන් පරතෙරට හේ ගියේ ද එහෙයිනි.
213. සබ‍්බාභිභූං සබ‍්බවිදුං සුමෙධං සබ‍්බෙසු ධම‍්මෙසු අනූපලිත‍්තං, සබ‍්බඤ‍්ජහං තණ‍්හක‍්ඛයෙ විමුත‍්තං තං වාපි ධීරා මුනිං වෙදයන‍්ති.
213. (ඡන්‍දරාගප්‍රහාණයෙන් ස්කන්‍ධ ධාතු ආයතන සඞ්ඛ්‍යාත) සියලු ධර්‍මයන් මැඩ ලූ, සර්‍වාකාරයෙන් ඒ සියලු ධර්‍මයන් දන්නා වූ, (සර්‍වධර්‍මයන් දෙසීමෙහි සමත් වූ මහා ප්‍රඥා ඇති හෙයින්) සුමේධ වූ සර්‍වධර්‍මයන්හි (ඡන්‍දරාගාභාවයෙන්) නො ඇලුනු සර්‍වධර්‍මයන්හි ඡන්‍දරාගය හළ, තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි විමුක්ත වූ ඒ බුදුහු මුනි යයි බුද්ධාදි පණ්ඩිතයෝ දනිති.
214. පඤ‍්ඤාබලං සීලවතූපපන‍්නං සමාහිතං ඣානරතං සතිමං, සඞ‍්ගාපමුත‍්තං අඛිලං අනාසවං තං වාපි ධීරා මුනිං වෙදයන‍්ති.
214. (ක්ලේශප්‍රහාණය කරණ) ප්‍රඥාබලය ඇති, චතුපාරිශුද්ධි ශීලයෙන් හා තෙළෙස් දුහඟින් යුත්, මාර්‍ගඵල ඊර්‍ය්‍යාපථසමාධියෙන් සමාහිත වූ, (උපචාර - අර්‍පණා) ධ්‍යානයන්හි ඇලුනු, ස්මෘතිමත් වූ රාගාදි සඞ්ගයෙන් මිදුනු (පඤ්චචේතෝඛීල සඞ්ඛ්‍යාත) කෙලෙස් හුල් නැති, ඔහු මුනියයි පණ්ඩිතයෝ දනිති.
215. එකං චරන‍්තං මුනිං අප‍්පමත‍්තං නින්‍දාපසංසාසු අවෙධමානං, සීහංව සද‍්දෙසු අසන‍්තසන‍්තං වාතංව ජාලම‍්හි අසජ‍්ජමානං, පදුමං ව තොයෙන අලිප‍්පමානං නෙතාරමඤ‍්ඤෙසමනඤ‍්ඤ නෙය්‍යං තං වාපි ධීරා මුනිං වෙදයන‍්ති.
215. ( ප්‍රව්‍රජ්‍යා සඞ්ඛ්‍යාතාදියෙන්) එකලාව හැසිරෙන මෝනෙය්‍යධර්‍මයෙන් යුක්ත වූ, (හැමතන්හි) නොපමා වූ, නින්‍දා ප්‍රශංසායෙහි (ප්‍රතිඝානුනය දෙකින්) නො සැලෙනු වූ, සිංහයෙකු සෙයින් (අටලෝදම්හි) තැති නො ගන්නා වූ, දැලෙහි සුළං සෙයින් (තෘෂ්ණා-දෘෂ්ටි ජාලයෙහි) නො ලැගෙන, දියෙන් නො තැවරෙන පියුමක් සෙයින් ලෝකය හා තෘෂ්ණා-දෘෂ්ටි ලේපයෙන් නො තැවරෙන, මෙරමා නිවනට පමුණුවන, අනිකකු විසින් (නිවන් මඟට) නො පැමිණැවිය හැකි, ඒ බුදුහු මුනි යයි බුද්ධාදි පණ්ඩිතයෝ දනිත්.
216. යො ගාහණෙ ථම‍්භොරිවාභිජායතී යස‍්මිං පරෙ වාචාපරියන‍්තං වදන‍්ති, තං වීතරාගං සුසමාහිතින්‍ද්‍රියං තං වාපි ධීරා මුනිං වෙදයන‍්ති.
216. යමෙක් යම් වස්තුවක් කෙරෙහි අන්‍ය තීර්‍ත්‍ථකයෝ (ගුණාගුණ වශයෙන්) නින්‍දා ප්‍රශංසා වචන කියත් ද, එබන්දෙහි නානතොටෙහිලූ ටැඹක් මෙන් ස්ථිර වේ ද, (ඉටු අරමුණෙහි) පහ වූ රාග ඇති, (ද්වේෂ මෝහ අභාවයෙන්) සමාහිත වූ ඉඳුරන් ඇති, ඒ බුදුහු මුනි යයි පණ්ඩිතයෝ දනිත්.
217. යො වෙ ඨිතත‍්තො තසරංව උජ‍්ජුං ජිගුච‍්ඡති කම‍්මෙහි පාපකෙහි, වීමංසමානො විසමං සමඤ‍්ච තං වාපි ධීරා මුනිං වෙදයන‍්ති.
217. යමෙක් ඒකාන්තයෙන් (භාවාන්තරෝපගමන නැති හෙයින්) ස්ථිත වූ සිත් ඇත්තේ, හූවෙලුවක් (පිළි වියන තරස් දණ්ඩක්) සෙයින් ඍජු වූයේ පව්කම් පිළිකුල් කෙරේ ද, සම විසම දෙක මාර්‍ග ප්‍රඥායෙන් විමසා බලන්නේත් වේ ද, ඒ බුදුහු මුනි යයි පණ්ඩිතයෝ දනිති.
218. යො සඤ‍්ඤතත‍්තො න කරොති පාපං දහරො ච මජ‍්ඣිමො ච මුනී යතත‍්තො, අරොසනෙය්‍යො සො න රොසෙති කඤ‍්චි තං වාපි ධීරා මුනිං වෙදයන‍්ති.
218. යමෙක් (සීල සංයමයෙන්) සංයත වූයේ තරුණ වූයේ හෝ මැදුම් වියෙහි වූයේ හෝ දැමුනු සිත් ඇත්තේ මෝනෙය්‍ය ධර්‍මයෙන් සමන්‍විත වූයේ, නො පෙළියයුතු වූයේ කිසිවකු නො ගටා ද, ඔහු මුනි යයි පණ්ඩිතයෝ පවසත්.
219. යදග‍්ගතො මජ‍්ඣතො සෙසතො වා පිණ‍්ඩං ලභෙථ පරදත‍්තූපජීවි, නාලං ථුතුං නොපි නිපච‍්චවාදී තං වාපි ධීරා මුනිං වෙදයන‍්ති:
219. මෙරමා විසින් දුන් දිවිවටනා සැළි මුවින් හෝ මැදින් හෝ සෙසු තැනින් ගත් පිඬු ලබා ද, හේ (තමා හෝ දායකයා) පැසසීමට නො නිසිවේ ද, දායකයා පහත් කොට බණන්නේ හෝ නොවේ ද, ඔහු මුනි යයි පණ්ඩිතයෝ පවසත්.
220. මුනිං චරන‍්තං විරතං මෙථුනස‍්මා යො යොබ‍්බනෙන උපනිබජ‍්ඣතෙ ක්‍වචි, මදප‍්පමාදා විරතං විප‍්පමුත‍්තං තං වාපි ධීරා මුනිං වෙදයන‍්ති.
220. යමෙක් යොවුන් වියෙහි (ස්ත්‍රී රූපාදි) කිසි අරමුණක (කෙලෙස් විසින්) නො බැඳේ ද, මුනි වූ ඒකවිහාරීව හැසිරෙන, මෙවුන් දමින් දුරු වූ මදයෙන් හා ප්‍රමාදයෙන් විරත වූ, සියලු කෙලෙස් බැඳුමෙන් මිදුනු ඔහු මුනි යයි පණ්ඩිතයෝ පවසත්.
221. අඤ‍්ඤාය ලොකං පරමත්‍ථදස‍්සිං ඔඝං සමුද‍්දං අතිතරිය තාදිං, තං ඡින‍්නගන්‍ථං අසිතං අනාසවං තං වාපි ධීරා මුනිං වෙදයන‍්ති.
221. (ස්කන්‍ධාදි) ලෝකය (දුකැයි) දැන, (නිරෝධසත්‍යය සාක්‍ෂාත් කිරීමෙන්) පරමාර්‍ත්‍ථය දක්නා සුලු (සමුදය ප්‍රහාණයෙන්) චතුරෝඝයද (චක්‍ෂුරාදි ආයතනය) සමුදාය ද (මාර්‍ගභාවනාවෙන්) තරණය කොට තාදි වූ, සිඳින ලද චතුර්ග්‍රන්‍ථ ඇති තෘෂ්ණා-දෘෂ්ටි විසින් ඇසුරු නො කරණලද, ඔහු මුනි යයි පණ්ඩිතයෝ පවසත්.
222. අස‍්මා චුභො දූරවිහාරවුත‍්තිනො ගිහී දාරපොසී අමමො ච සුබ‍්බතො, පරපාණරොධාය ගිහී අසඤ‍්ඤතො නිච‍්චං මුනී රක‍්ඛති පාණිනො යතො.
222. ( ගිහි-පැවිදි ) දෙදෙන නො සම වූවාහු උනුන්ගෙන් දුර වූවාහු හෝ දිවි වැටුම් ඇති වෙති. ගෘහී තෙමේ අඹුදරුවන් පුස්නේ වෙයි. පවිත්‍ර ව්‍රත ඇති පැවිදි (අඹුදරුවන් කෙරෙහි) මමත්‍ව නැති වෙයි. ගිහි පරපණ නැසීමෙන් අසංයත වෙයි. මුනි සංයත වූයේ ප්‍රාණීන් රක්නේ ය.
223. සිඛී යථා නීලගීවො විහඞ‍්ගමො හංසස‍්ස නොපෙති ජවං කුදාචනං, එවං ගිහී නානුකරොති භික‍්ඛුනො මුනිනො විවිත‍්තස‍්ස වනම‍්හි ඣායතොති.
223. අහස්හි සරණා නිල් ගෙල ඇති මොණර කිසිකලෙකත් හංසයාගේ ජවයට යම් සේ නො පැමිණේ ද, එසෙයින් ගෘහී වෙනෙහි ධ්‍යාන කරණසුලු කාය-චිත්ත විවේක ඇති, මුනි වූ මහණහු අනුකරණ නො කෙරෙයි.
මුනිසුත‍්තං නිට‍්ඨිතං.
මුනි සූත්‍රය නිමි.
උරගවග‍්ගො පඨමො.
පළමු වැනි උරගවර්‍ගය.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
උරගො ධනියො චෙව විසාණඤ‍්ච තථා කසී, චුන්‍දො පරාභවො චෙව වසලො මෙත‍්තභාවනා. සාතාගිරො ආළවකො විජයො ච තථා මුනි, ද‍්වාදසෙතානි සුත‍්තානි උරගවග‍්ගොති වුච‍්චති.
උරග සූත්‍රය ද, ධනිය සූත්‍රය ද, ඛග්ගවිසාණ සූත්‍රය ද, සූත්‍රය ද, එසේ ම කසීභාරද්වාජ සූත්‍රය ද, චුන්‍ද සූත්‍රය ද, පරාභව සූත්‍රය ද, වසල සූත්‍රය ද, (කරණීය) මෙත්ත සූත්‍රය ද, සාතාගිරි සූත්‍රය ද, ආළවක සූත්‍රය ද, විජය සූත්‍රය ද, එසේම මුනි සූත්‍රය ද යන මේ දොළොස් සුතුරු උරගවගැයි කියනු ලැබේ.