ආළවකසුත්තං
1. 10.
1. 10.
ආළවකසුත්තං
ආළවක සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා ආළවියං විහරති ආළවකස්ස යක්ඛස්ස භවනෙ අථ ඛො ආළවකො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච:
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළවුරට ආළවක නම් යක්හුගේ භවනයෙහි වැඩවසන සේක. ඉක්බිති අළවු යක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට වෙත තෙල කීය:
නික්ඛම සමණාති.
“මහණ, නික්ම යා,”යි.
සාධාවුසොති භගවා නික්ඛමී,
“මැනැවැ ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක.
පවිස සමණාති,
“එව මහණැ”යි.
සාධාවුසොති භගවා පාවිසි,
“මැනැවැ, ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.
දුතියම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච. නික්ඛම සමණාති,
දෙවන වට ද අළ වු යක් භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: “නික්ම යා මහණ”යි.
සාධාවුසොති භගවා නික්ඛමි,
“මැනැවැ, ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ නික්ම ගිය සේක.
පවිස සමණාති,
“එව මහණැ”යි.
සාධාවුසොති භගවා පාවිසි,
“මැනැවැ, ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.
තතියම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච: නික්ඛම සමණාති,
තෙවනවට ද අළවු යක් භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: “නික්ම යා මහණැ” යි.
සාධාවුසොති භගවා නික්ඛමි,
“මැනැවැ ඇවැතැ” යි භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි සේක.
පවිස සමණාති,
“එව මහණැ” යි.
සාධාවුසොති භගවා පාවිසි,
“මැනැවැ, ඇවැතැ” යි භාග්‍යවතුන් වහන්සේ පිළිවිසි සේක.
චතුත්ථම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච: නික්ඛම සමණාති,
සතරවන වට ද අළවු යක් භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: “නික්ම යා මහණැ”යි.
නඛ්වාහං තං ආවුසො නික්ඛමිස්සාමි යං තෙ කරණීයං තං කරොහීති,
“එ කරුණින් ම ඇවැත, මම් නොයමි, තා විසින් යමක් කට හැකි නම්, එය කරව”යි
පඤ්හං තං සමණ පුච්ඡිස්සාමි, සචෙ මෙ න ව්යාකරිස්සසි චිත්තං වා තෙ ඛිපිස්සාමි. හදයං වා තෙ ඵාලෙස්සාමි, පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපිස්සාමීති,
“මහණ, තා පැන පුළුවුස්මි. ඉදින් තෝ එය මට නො විසඳනෙහි නම්, තාගේ සිත හෝ පෙරලන්නෙමි, තාගේ හදවත හෝ පළන්නෙමි, දෙපය අල්වා ගෙණ ගඟිනෙතර හෝ දමාපියමි”යි.
නඛ්වාහං තං ආවුසො පස්සාමා සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යො මෙ චිත්තං වා ඛිපෙය්ය හදයං වා ඵාලෙය්ය පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපෙය්ය, අපි ච ත්වං ආවුසො පුච්ඡ, යදාකඞ්ඛසීති.
ඇවැත යමෙක් මාගේ සිත හෝ පෙරළා නම් හදවත හෝ පලානම් දෙපය හෝ අල්වා ගෙන ගඟිනෙතර හෝ දමාගසා නම් එබන්දකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි හෝ මහණ බඹුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි, නො මැ දක්මි. එහෙත් ඇවැත, යමක් කැමැත්තෙහි නම් විචාර”යි.
අථ ඛො ආළවකො යක්ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
එකල්හි අළවු යක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
183. කිංසූධ විත්තං පුරිසස්ස සෙට්ඨං කිංසූ සුචිණ්ණං සුඛමාවහාති, කිංසූ හවෙ සාදුතරං රසානං කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨං.
183. මෙලොව්හි පුරුෂ හට කවර ධනයෙක් ශ්‍රේෂ්ඨ වේ ද? මොනොවට පුරුදු කරන ලද කවරෙක් සුව එළවා ද? කවරෙක් රසයන් අතුරෙන් ඉතා මියුරු වේද? කිසෙයින් දිවිවටනහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කීහු ද?”යි
184. සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මො සුචිණ්ණො සුඛමාවහාති සච්චං භවෙ සාදුතරං රසානං පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨං.
184. මෙලො වැ ශ්‍රද්ධාව පුරුෂ හට ශ්‍රේෂ්ඨ ධනය වේ, (දාන, ශීල, භාවනා) ධර්මය මොනොවට පුරුදු කරණ ලදුයේ සුව එළවයි, රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් මියුරු වෙයි. ප්‍රඥාවෙන් දිවිවටනුවහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කීහු,
185. කථං සු තරති ඔඝං කථං සු තරති අණ්ණවං, කථං සු දුක්ඛං අච්චෙති කථං සු පරිසුජ්ඣති.
185. කිසෙයින් ඕඝතරණය කෙරේ ද? කිසෙයින් සසර සයුරු තරණය කෙරේ ද? කිසෙයින් වෘත්තදුඃඛය ඉක්මයේ ද? කිසෙයින් පිරිසිදු වේ ද?යි.
186. සද්ධාය තරතී ඔඝං අප්පමාදෙන අණ්ණවං, විරියෙන දුක්ඛමච්චෙති පඤ්ඤාය පරිසුජ්ඣති.
186. ශ්‍රද්ධායෙන් දෘෂ්ටිසඞ්ඛ්‍යාත ඕඝතරණය කෙරෙයි. අප්‍රමාදයෙන් භවාර්ණව තරණය කෙරෙයි. අනාගාමී මාර්‍ගවධ්‍ය වූ කාමදුඃඛය වීර්‍ය්‍යයෙන් තරණය කෙරෙයි. අර්හන්මාර්ගප්රඥාවෙන් පිරිසිදු වෙයි.
187. කථං සු ලභතෙ පඤ්ඤං කථ සු වින්දතෙ ධනං, කථං සු කිත්තිං පප්පොති කථං මිත්තානි ගන්ථති. අස්මා ලොකා පරං ලොකං කථං පෙච්ච න සොචති.
187. කිසෙයින් ප්‍රඥා ලබා ද? කිසෙයින් ධනය ලබා ද? කිසෙයින් කීර්තියට පැමිණේ ද? කිසෙයින් මිතුරන් සපයා ද? මෙලොවින් පරලොව ගොස් කිසෙයින් ශෝක නො කෙරේ ද?”යි
188. සද්දාහානො අරහතං ධම්මං නිබ්බානපත්තියා, සුස්සූසා ලභතෙ පඤ්ඤං අප්පමත්තො විචක්ඛණො.
188. නිවනට පැමිණීම පිණිස (බුද්ධාදී) රහතුන්ගේ ධර්මය හදහනුයේ (දහම්) අසනු කැමැත්තේ අප්‍රමත්ත වැ විචක්ෂණ වූයේ ලෞකික ලෝකෝත්තර ප්‍රඥා ලබා,
189. පතිරූපකාරී ධුරවා උට්ඨාතා වින්දතෙ ධනං, සච්චෙන කිත්තිං පප්පොති දදං මිත්තානි ගන්ථති.
189. ලෞකික ලෝකෝත්තර ධනයට ප්රතිරූප වැ ක්‍රියා කරණ සුලු වූයේ රුකුළු වැර ඇතිසේ නොලිහිල් පැරකුම් ඇත්තේ ලොවිලොවුතුරු ධනය ලබා. වාක්සත්‍යයෙන් කීර්තියට පැමිණේ. කැමති දෑ දෙන්නේ මිතුරන් සපයා.
190. යස්සෙතෙ චතුරො ධම්මා සද්ධස්ස ඝරමෙසිනො, සච්චං ධම්මො ධිතී චාගො ස වෙ පෙච්ච න සොචති.
190. ගිහිගෙයි වසන යම් සැදැහැතියකුහට වාක්සත්‍ය හා ප්‍රඥාව හා වීර්‍ය්‍යය හා ත්‍යාගය හා මේ සිව් දහම්හු ඇත් ද, හේ ඒකාන්තයෙන් පරලොව ගොස් ශෝක නො කෙරේ. මෙලොවින් පරලොව ගිය හේ ඒකාන්තයෙන් ශෝක නො කෙරේ.
191. ඉඞ්ඝ අඤ්ඤෙපි පුච්ඡස්සු පුථු සමණබ්රාහ්මණෙ, යදි සච්චා දමා චාගා ඛන්ත්‍යා භීනෙයා විජ්ජති.
191. ඉදින් වාක්සත්‍යයෙන් වැඩි තරම් වූ ප්‍රඥා සඞ්ඛ්‍යාත දමයෙන් වැඩි තරම් වූ ත්‍යාගයෙන් වැඩිතරම් වූ වීර්‍ය්‍යසඞ්ඛ්‍යාත ක්ෂාන්තියෙන් වැඩිතරම් වූ අනෙක් දහමෙක් මේ ලෝකයෙහි ඇත් නම්, වැලිත් අන්‍ය වූ නොයෙක් මහණ බමුණන් විචාරවයි.
192. කථං නු දානි පුච්ඡෙය්යං පුථු සමණබ්රාහ්මණෙ, සො හං අජ්ජ පජානාමි යො චත්ථො සම්පරායිකො.
192. මෙලොවැ නුවණ ලැබීම් ඈ යම් කරුණෙක් වේ නම්, එ ද පරලොව පිළිබඳ යම් අර්‍ත්‍ථයෙක් වේ නම්, එ ද, අද මම දැන ගතිමි. එබඳු මම දැන් කිසෙයින් නම් අන් බොහෝ මහණ බමුණන් විචාරම් ද?
193. අත්ථාය වත මෙ බුද්ධො වාසායා’ ළවිමාගමී, සො හං අජ්ජ පජානාමි යත්ථ දින්නං මහප්ඵලං.
193. ඒකාන්තයෙන් බුදුහු මට වැඩ පිණිස අළවු පුරට වැඩියහ. (එහෙයින්) යම් පින් කෙතෙක්හි දෙන ලද් ද මහත් ඵල වේ නම්, මම ඒ පින් කෙත දැනගතිමි.
194. සො අහං විවරිස්සාමි ගාමා ගාමං පුරාපුරං, නමස්සමානො සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතන්ති.
194. මම බුදුන් නමදිමින් ධර්මයාගේ සුධර්මත්වය ද කියමින් ගමින් ගම නුවරින් නුවර හැසිරෙම් යයි.
එවං වුත්තෙ ආළවකො යක්ඛො භගවන්තං එතදවොච. අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පචිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගා ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො, එසාහං භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ වදාළ කල්හි අළවු යක් භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැ වැ. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව, යම් සේ භවත් ගෞතමයන් වහන්ස, යටිහුරු කරණ ලද්දක් උඩුහුරු කෙරෙන්නේ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ වේද, මුළා වූවකුට මග පවසන්නේ හෝ වේ ද, ‘ඇස් ඇත්තාහු රූ දක්නාහ’යි අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ හෝ වේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් ධර්මය පවසන ලද, තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යමි, ධර්මය ද භික්ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් ව සරණගත උපාසකයකු කොට ධරණ සේක්ව යි.
ආළවකසුත්තං නිට්ඨිතං.
ආළවක සූත්‍රය නිමි.