යෙදුමෙන් කියවන්න

හෙමවතසුත‍්තං

1. 9.

1. 9.

හෙමවතසුත‍්තං

හේමවත සූත්‍රය

153. අජ‍්ජ පණ‍්ණරසො උපොසථො (ඉති සාතාගිරො යක‍්ඛො) දිව්‍යා රත‍්ති උපට‍්ඨිතා අනොමනාමං සාත්‍ථරං හන්‍දපස‍්සාම ගොතමං.

153. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: අද පණුරැසි පොහෝ දවස යි. දිව්‍ය වූ රාත්‍රිය එළඹ සිටියා වෙයි. එහෙයින් නො ලමු නම් ඇති ගෞතම ශාස්තෘන් වහන්සේ දකුම්හ.

154. කච‍්චි මනො සුපණිහිතො (ඉති හෙමවතො යක‍්ඛො) සබ‍්බභූතෙසු තාදිනො, කච‍්චි ඉට‍්ඨෙ අනිට‍්ඨෙ ච සංකප‍්පස‍්ස වසීකතා.

154. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම! (ඒ ශාස්තෘහුගේ) සිත මොනොවට සමාහිත වේ ද? සව් සතුන් කෙරෙහි සමසිත් ඇද්ද? (නොහොත්) නැද්ද? කිම, අනිටු අරමුණෙහි ඔබගේ සංකල්පයෝ වශීකෘත වෙද්ද?

155. මනො චස‍්ස සුපණිහිතො (ඉති සාතාගිරො යක‍්ඛො) සබ‍්බභූතෙසු තාදිනො, අථො ඉට‍්ඨෙ අනිට‍්ඨෙ ච සඞ‍්කප‍්පාස‍්ස වසීකතා.

155. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: සියල් සතුන් කෙරෙහි සමසිත් ඇති උන්වහන්සේ සිත ද මොනොවට සමාහිත වෙයි. වැලිත් ඉටු අනිටු අරමුණෙහි උන්වහන්සේගේ විතර්‍කයෝ වශීකෘතයහ.

156. කච‍්චි අදින‍්නං නාදියති (ඉති හෙමවතො යක‍්ඛො) කච‍්චි පාණෙසු සඤ‍්ඤතො, කච‍්චි ආරා පමාදම‍්හා කච‍්චි ඣානං න රිඤ‍්චති.

156. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, ඔබ අයිනාදන් දෑ නො ගන්නේ ද? කිම, ප්‍රාණීන් විෂයයෙහි සංයත ද? කිම, (අබ්‍රහ්මචර්‍ය්‍ය සංඛ්‍යාත) ප්‍රමාදයෙන් (පාඨාන්තරයෙහි මාගම් කෙරෙන්) දුරු වූයේ ද? කිම, ධ්‍යානය නොසිස් කෙරේ ද?

157. න සො අදින‍්නං ආදියති (ඉතී සාතාගිරො යක‍්ඛො) අථො පාණෙසු සඤ‍්ඤතො, අථො ආරා පමාදම‍්හා බුද‍්ධො ඣානං න රිඤ‍්චති.

157. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හෙ අයිනාදන් නො ගන්නේය. යළි ප්‍රාණීන් කෙරෙහි සංයත ද වෙයි. යළිදු අබ්‍රම්සරින් (නොහොත් මාගම් කෙරෙන්) දුරු වූයේ ය. ඒ බුදුරජ දැහැන් සිස් නොකෙරේ.

158. කච‍්චි මුසා න භණති (ඉති හෙමවතො යක‍්ඛො) කච‍්චි න ඛිණව්‍යප‍්පථො, කච‍්චි වෙභූතියං නාහ කච‍්චි සම‍්ඵං න භාසති.

158. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, මුසවා නො බෙණේ ද? කිම, පරොස් බස් නැත්තේ ද? කිම. වෙභූතිය යි කියූ බස් නො කියා ද? කිම, පලප් නො බෙණේ ද?

159. මුසා ච සො න භණති (ඉති සාතාගිරො යක‍්ඛො) අථො න ඛීණව්‍යප‍්පථො අථො වෙභූතියං නාහ මන‍්තා අත්‍ථං සො භාසති.

159. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හේ මුසා නො බෙණෙයි, වැලි පරොස් බස් නැත්තේ වෙයි, තවද පිසුනු ද නො තෙපලයි, හෙතෙම නුවණින් පිරිසිඳ දැන අරුත්ම බෙණෙයි.

160. කච‍්චි න රජ‍්ජති කාමෙසු (ඉති හෙමවතො යක‍්ඛො) කච‍්චි චිත‍්තං අනාවිලං, කච‍්චි මොහං අතික‍්කන‍්තො කච‍්චි ධම‍්මෙසු චක‍්ඛුමා.

160. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, (ක්ලේශකාමයෙන්) වස්තුකාමයන්හි නො ඇලේ ද? කිම, සිත (ව්‍යාපාදයෙන්) නො කැලඹුනේ ද? කිම, මෝහය ඉක්ම වූයේ ද? කිම, සියලු දහම් හි (සවන්නැණ) නුවණැස් ඇත්තේ ද?

161. න සො රජ‍්ජති කාමෙසු (ඉති සාතාගිරො යක‍්ඛො) අථො චිත‍්තං අනාවිලං, සබ‍්බමොහං අතික‍්කන‍්තො බුද‍්ධො ධම‍්මෙසු චක‍්ඛුමා.

161. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හේ කාමයන්හි නො ඇලෙයි, වැලිදු සිත නො කැලඹුණේ වෙයි. සියලු මෝහය ඉක්ම වූයේ වෙයි, බුදුරජ සියලු දහම්හු (අප්‍රතිහත) නුවණැස ඇත්තේ ය.

162. කච‍්චි විජ‍්ජාය සම‍්පන‍්නො (ඉති හෙමවතො යක‍්ඛො) කච‍්චි සංසුද‍්ධචාරණො, කච‍්චිස‍්ස ආසවා ඛීණා කච‍්චි නත්‍ථි පුනබ‍්භවො.

162. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, (ඒ බුදු රජ) (අෂ්ට) විද්‍යායෙන් සමන්‍වාගත වේ ද? කිම, සුපිරිසිදු පසළොස් චරණධර්‍ම ඇත්තේ ද? කිම, ඔබගේ ආස්‍රවයෝ ක්‍ෂීණ වූහු ද? කිම, පුනර්‍භවයෙක් නැත් ද?

163. විජ‍්ජාය චෙව සම‍්පන‍්නො (ඉති සාතාගිරො යක‍්ඛො) අථො සංසුද‍්ධචාරණො, සබ‍්බස‍්ස ආසවා ඛීණා නත්‍ථි තස‍්ස පුනබ‍්භවො.

163. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හේ අෂ්ට විද්‍යායෙන් ද සමන්‍වාගත වෙයි, යලිදු සුපිරිසුදු වූ පසළොස් චරණධර්‍ම ඇත්තේය, ඔබගේ සියලු ආස්‍රවයෝ ක්‍ෂීණ වෙති, උහුට පුනර්‍භවයෙක් නැත.

164. සම‍්පන‍්නං මුනිනො චිත‍්තං කම‍්මනා ව්‍යප‍්පථෙන ච, විජ‍්ජාචරණසම‍්පන‍්නං ධම‍්මතො නං පසංසසි.

164. මුනිහුගේ සිත ශුද්ධ කායකර්‍මයෙන් ද ශුද්ධ වාක් කර්‍මයෙන් ද සපන් වෙයි. එහෙයින් ම විදුසරණසපන් ඒ ගෞතම බුදුන් තථ්‍යධර්‍මයෙන් පසස්නෙහි,

165. සම‍්පන‍්නං මුනිනො චිත‍්තං කම‍්මනා ව්‍යප‍්පථෙන ච, විජ‍්ජාචරණසම‍්පන‍්නං ධම‍්මතො අනුමොදසි.

165. මුනිහුගේ සිත ශුද්ධ කායකර්‍මයෙන් හා ශුද්ධ වාක් කර්‍මයෙන් හා සපන් වෙයි. විද්‍යාචරණ සම්පන්න වූ ඒ ගෞතම බුදුන් තථ්‍යධර්‍ම හෙයින් සමාරාධන කරහි.

166. සම‍්පන‍්නං මුනිනො චිත‍්තං කම‍්මනා ව්‍යප‍්පථෙන ච, විජ‍්ජාචරණසම‍්පන‍්නං හන්‍ද පස‍්සාම ගොතමං.

166. මුනිහුගේ සිත ශුද්ධ කායවාක් කර්‍මයෙන් සපන් වෙයි. විද්‍යාචරණ සම්පන්න වූ ඒ ගොතම බුදුන් ඒකාන්තයෙන් දකුම්හ.

167. එණීජඞ‍්ඝං කිසං වීරං අප‍්පාහාරං අලොලුපං, මුනිං වනස‍්මිං ඣායන‍්තං එහි පස‍්සාම ගොතමං.

167. ඉළුමුවකුට බඳු කෙංඩා ඇති (මොනොවට ලියූ කෙලෙස් ඇති හෙයින්) කෘශ වූ (පස්මරුන් දිනූ හෙයින්) වීර වූ (ඒකාසන භෝජන පරිමිත භෝජන ඇති හෙයින්) අල්පාහාර වූ ආහාරයෙහි ඡන්‍දරාග නැති සෙයින් අලෝල වූ විවේකයෙහි ඇලුනු බැවින් වෙනෙහි ධ්‍යාන කරණ ගෞතම මුනිහු එව, දකුම්හ.

168. සීහංවෙකචරං නාගං කාමෙසු අනපෙක‍්ඛිනං, උපසංකම‍්ම පුච‍්ඡාම මච‍්චුපාසා පමොචනං.

168. සිංහයෙකු සේ එකලාව හැසිරෙණ (පුනර්‍භවයට නොයන හෙයින්) නාග වූ, ද්විවිධකාමයන්හි (ඡන්‍දරාගය) අපේක්‍ෂා නැති බුදුන් කරා එළැඹැ (සසර වටින් මිදුම) මෘත්‍යුපාශයෙන් මිදීම හෙවත් නිවණ පුළුවුස්මහ.

169. අක‍්ඛාතාරං පවත‍්තාරං සබ‍්බධම‍්මාන පාරගුං, බුද‍්ධං වෙරභයාතීතං මයං පුච‍්ඡාම ගොතමං.

169. සිවුසස් දහම් දෙසන්නාවූ (එයම කිච්චඥාණ කතඥාණ විසින්) පවසන්නාවූ, චාතුර්භූමකධර්මයන්ගේ පරතෙර පත් (පස්විද) හැම වෙර බිය ඉක්මවූ, ගෞතම බුදුන් අපි විචාරම්හ.

170. කිස‍්මිං ලොකො සමුප‍්පන‍්නො (ඉති හෙමවතො යක‍්ඛො) කිස‍්මිං කුබ‍්බති සන්‍ථවං, කිස‍්ස ලොකො උපාදාය කිස‍්මිං ලොකො විහඤ‍්ඤති.

170. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කවරක් උපන් කල්හි (සත්ත්‍වසංකාර) ලෝකය උපන්නේ ද? කවරෙක්හි ලා (තණ්හා මාන දිට්ඨි) සන්‍ථව කෙරේ ද? කවරක් ඇසුරු කොට ලොව පවත්නේ ද? කුමක් ඇති කල්හි (කවර කරුණෙකින්) ලෝකය පෙළේ ද?

171. ඡස‍්සු ලොකො සමුප‍්පන‍්නො (හෙමවතාති භගවා) ඡස‍්සු කුබ‍්බති සන්‍ථවං, ඡන‍්නමෙව උපාදාය ඡස‍්සු ලොකො විහඤ‍්ඤති.

171. (බුදුහු හේමවත යි, අමතා මෙසේ වදාළහ;) ෂඩායතන උපන් කල්හි ලෝකය උපන්නේ වෙයි. ෂඩායතන පවත්නා කල්හි (ක්ලේශ) සන්‍ථව කෙරෙයි. ෂඩායතනයන් ම ඇසුරු කොට ලෝකය පවත්නේ ය, ෂඩායතන ඇති කල්හි ම ලෝකය පෙළෙයි.

172. කතමං තං උපාදානං යත්‍ථ ලොකො විහඤ‍්ඤති, නීය්‍යානං පුච‍්ඡිතො බ්‍රූහි කථං දුක‍්ඛා පමුච‍්චති.

172. යම් තැනෙක ලෝකය වැනසේ නම්, ඒ උපාදානය (දුඃඛසත්‍යය) කවරේ ද? (මාර්‍ග සත්‍ය සඞ්ඛ්‍යාත) නිර්‍ය්‍යාණය පුළුවුස්නාලදහු කෙසේ සසර දුකින් මිදේදැයි වදාළ මැනැව.

173. පඤ‍්ච කාමගුණා ලොකෙ මනො ඡට‍්ඨා පමොදිතා, එත්‍ථ ඡන්‍දං විරාජෙත්‍වා එවං දුක‍්ඛා පමුච‍්චති.

173. මනායතනය සවන කොට ඇති (පඤ්චායතන සඞ්ඛ්‍යාත) පස්කම් ගුණයෝ (මාවිසින්) පවසනලද වෙති. මේ (දොළොස් ආයතන සඞ්ඛ්‍යාත) දුඃඛසත්‍යයෙහි (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) ඡන්‍දය දුරලා මෙසේ සසර දුකින් මිදෙයි.

174. එතං ලොකස‍්ස නිය්‍යානං අක‍්ඛාතං වො යථා තථං, එතං වො අහමක‍්ඛාමි එවං දුක‍්ඛා පමුච‍්චති.

174. මා විසින් තොපට ලෝකයාගේ මේ නිර්‍ය්‍යාණය තත්වූ පරිදි පවසන ලද. මෙසේ සසර දුකින් මෙදෙයින තෙල කරුණ මම තොපට පවසමි.

175. කො සූධ තරතී ඔඝං කො සූධ තරති අණ‍්ණවං, අප‍්පතිට‍්ඨෙ අනාලම‍්බෙ කො ගම‍්භීරෙ න සීදති.

175. මේ ලොව්හි කවරෙක් (කාමාදි) චතුරෝඝ තරණය කෙරේ ද? කවරෙක් භවසාගර තරණය කෙරේද? ප්‍රතිෂ්ඨාරහිත පිහිටක් නැති අනාලම්බන වූ ගැඹුරු සයුරෙහි කවරෙක් නොගැලේ ද?

176. සබ‍්බදා සීලසම‍්පන‍්නො පඤ‍්ඤවා සුසමාහිතො, අජ‍්ඣත‍්තචින‍්තී සතිමා ඔඝං තරති දුත‍්තරං.

176. හැම කල්හි ශීල සම්පන්න වූයේ ලොවිලොවුතුරු නුවණින් ප්‍රඥාවත් වූයේ (සමථ විපස්සනා මාර්‍ගඵල සමාධියෙන්) මොනොවට සමාහිත වූයේ අධ්‍යාත්ම චින්තනය සැහැවි කොට ඇති (අප්‍රමාද සඞ්ඛ්‍යාත) ස්මෘති ඇත්තේ තරණය කිරීමට දුෂ්කර වූ චතුරෝඝය තරණය කෙරෙයි.

177. විරතො කාමසඤ‍්ඤාය සබ‍්බසංයොජනාතිගො, නන්‍දී භව පරික‍්ඛීණො සො ගම‍්භීරෙ න සීදති.

177. කාමසංඥායෙන් (චතුර්‍ත්‍ථ මාර්‍ග සම්ප්‍රයුක්ත සමුච්ඡේද විරතියෙන්) විරත වූ (සිවුමග නුවණින් මැ) සියලු (දශවිධ) සංයෝජනයන් ඉක්ම වූ (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) නන්‍දිය හා භවයත් ක්‍ෂය කළ ඒ ක්‍ෂීණාස්‍රව මහණ ගැඹුරු (සසර) සයුරෙහි නො ගැලෙයි.

178. ගම‍්භීරපඤ‍්ඤං නිපුණත්‍ථදස‍්සිං අකිඤ‍්චනං කාමභවෙ අසත‍්තං, තං පස‍්සථ සබ‍්බධි විප‍්පමුත‍්තං දිබ‍්බෙ පථෙ කමමානං මහෙසිං.

178. (ස්කන්‍ධාදියෙහි) ගාම්භීර ප්‍රඥා ඇති, නිපුණ වූ (පණ්ඩිතයන් විසින් ගොතන ලද) ප්‍රශ්නයන්ගේ අරුත් දක්නා වූ, රාගාදිකිඤ්චන රහිත (ද්විවිධ) කාමයන්හි හා (ත්‍රිවිධ) භවයෙහි නො ඇලුනු (ස්කන්‍ධාදි අරමුණුවල ඡන්‍දරාගය නැති හෙයින්) සියලු තන්හි මිදුනු (අෂ්ටසමාපත්ති සඞ්ඛ්‍යාත) දිව්‍ය මාර්‍ගයෙහි යන ඒ මහාර්ෂීන් බලව.

179. අනොමනාමං නිපුණත්‍ථදස‍්සිං පඤ‍්ඤාදදං කාමාලයෙ අසත‍්තං තං පස‍්සථ සබ‍්බවිදුං සුමෙධං අරියෙ පථෙ කමමානං මහෙසිං.

179. අලාමක නාම ඇති, නිපුණාර්‍ත්‍ථදක්නා වූ (නුවණ ලබන පිළිවෙත දෙන හෙයින්) ප්‍රඥාදායක වූ කාමාලයෙහි නොලැගුණා වූ (සර්‍වඥභාවයට මාර්‍ග වූ පාරමී ප්‍රඥා ඇති හෙයින්) සුමේධ වූ, සර්‍වඥ වූ (ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ග හෝ ඵලසමාපත්ති සඞ්ඛ්‍යාත) ආර්‍ය්‍යමාර්‍ගයෙහි යන ඒ මහාර්ෂීන් බලව.

180. සුදිට‍්ඨං වත නො අජ‍්ජ සුප‍්පභාතං සුවුට‍්ඨීතං, යං අද‍්දසාම සම‍්බුද‍්ධං ඔඝතිණ‍්ණමනාසවං.

180. ඒකාන්තයෙන් අද අපට මනා දර්‍ශනයෙක් විය. අද අපට සොඳුරු උදෑසෙණක් වීය, ශෝභන උත්‍ථානයෙක් විය. යම් හෙයෙකින් ඕඝ තරණය කළ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දුටුමෝද, එහෙයිනි.

181. ඉමෙ දසසතා යක‍්ඛා ඉද‍්ධිමන‍්තො යසස‍්සිනො, සබ‍්බෙ තං සරණං යන‍්ති ත්‍වං නො සත්‍ථා අනුත‍්තරො.

181. ඍද්ධිමත් වූ යශස්වී වූ දහසක් වූ මේ හැම යක්‍ෂයෝ ඔබ සරණ කොට යෙති. ඔබ වහන්සේ අපගේ නිරුත්තර ශාස්තෘ වහු.

182. තෙ මයං විචරිස‍්සාම ගාමා ගාමං නගා නගං, නමස‍්සමානා සම‍්බුද‍්ධං ධම‍්මස‍්ස ච සුධම‍්මතන‍්ති.

182. අපි සම්බුදුන් නමදිමින් ධර්‍මයාගේ ස්වාක්ඛ්‍යාත භාවය ද වණමින් ගමින් ගමට පවින් පවියට යම්හයි.

හෙමවතසුත‍්තං නිට‍්ඨිතං.

හේමවත සූත්‍රය නිමි.