යෙදුමෙන් කියවන්න

9. හෙමවතසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

9. හෙමවතසුත‍්තවණ‍්ණනා

9. හේමවත සූත්‍ර වර්ණනාව

අජ‍්ජ පන‍්නරසොති හෙමවතසුත‍්තං. කා උප‍්පත‍්ති? පුච‍්ඡාවසිකා උප‍්පත‍්ති. හෙමවතෙන හි පුට‍්ඨො භගවා “ඡසු ලොකො සමුප‍්පන‍්නො”තිආදීනි අභාසි. තත්‍ථ “අජ‍්ජ පන‍්නරසො”තිආදි සාතාගිරෙන වුත‍්තං, “ඉති සාතාගිරො”තිආදි සඞ‍්ගීතිකාරෙහි, “කච‍්චිමනො”තිආදි හෙමවතෙන, “ඡසු ලොකො”තිආදි භගවතා, තං සබ‍්බම‍්පි සමොධානෙත්‍වා “හෙමවතසුත‍්ත”න‍්ති වුච‍්චති. “සාතාගිරිසුත‍්ත”න‍්ති එකච‍්චෙහි.

අජ්ජ පණ්ණරසො යනු හේමවත සුත්‍රයයි. එම සූත්‍රයට හේතු වූ කරුණු කෙසේද? විමසීමකට කරුණු පහදා දීමකි. හේමවත විසින් විමසන ලද, විමසන ලද පරිදි භාග්‍යවතුන් වහන්සේ ඡස්සු ලොකො සමුප්පන්නො යැයි වදාළහ. එහි අජ්ජ පණ්ණරසො ආදිය සාතාගිර විසින් කියන ලදී. ඉති සාතාගිරො සංගායනාවට සහභාගී වූ තෙරුන් වහන්සේලා විසින් පවසා ඇත. කච්චි මනො ආදිය හේමවත විසින් කියන ලදී. ඡස්සු ලොකෙ භාග්‍යවතුන් වහන්සේ විසිනි. ඒ සියළු ගාථා එක්කොට හේමවත සුත්ත යැයි කියනු ලැබේ. ඇතැමෙක් සාතාගිර සුත්ත යැයි ද කියති.

තත්‍ථ යායං “අජ‍්ජ පන‍්නරසො”තිආදි ගාථා. තස‍්සා උප‍්පත‍්ති – ඉමස‍්මිංයෙව භද‍්දකප‍්පෙ වීසතිවස‍්සසහස‍්සායුකෙසු පුරිසෙසු උප‍්පජ‍්ජිත්‍වා සොළසවස‍්සසහස‍්සායුකානි ඨත්‍වා පරිනිබ‍්බුතස‍්ස භගවතො කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධස‍්ස මහතියා පූජාය සරීරකිච‍්චං අකංසු. තස‍්ස ධාතුයො අවිකිරිත්‍වා සුවණ‍්ණක‍්ඛන්‍ධො විය එකග‍්ඝනා හුත්‍වා අට‍්ඨංසු. දීඝායුකබුද‍්ධානඤ‍්හි එසා ධම‍්මතා. අප‍්පායුකබුද‍්ධා පන යස‍්මා බහුතරෙන ජනෙන අදිට‍්ඨා එව පරිනිබ‍්බායන‍්ති, තස‍්මා ධාතුපූජම‍්පි කත්‍වා “තත්‍ථ තත්‍ථ ජනා පුඤ‍්ඤං පසවිස‍්සන‍්තී”ති අනුකම‍්පාය “ධාතුයො විකිරන‍්තූ”ති අධිට‍්ඨහන‍්ති. තෙන තෙසං සුවණ‍්ණචුණ‍්ණානි විය ධාතුයො විකිරන‍්ති, සෙය්‍යථාපි අම‍්හාකං භගවතො.

එහි අජ්ජපණ්ණරසො යැයි ගාථාව මේ සූත්‍රයට මුල් විය. මේ යහපත් කපෙහිම අවුරුදු විසිදහසක් ආයු ඇති මිනිසුන් අතර ඉපිද, අවුරුදු දහසය දහසක් වැඩසිට පිරිනිවන් පා වදාළ කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවසන් කටයුතු මහත් පුදසත්කාර සහිතව පැවැත්වූහ. උන්වහන්සේගේ ධාතු නොවිසිරි, රන් කඳක් මෙන් ඝනව පිහිටියේය. එය දිගුකලක් ජීවත් වූ බුදුවරුන්ට ආවේණික කරුණකි. අඩු ආයු කාලයක් ඇති බුදුවරු බොහෝ ජනයාට දැකීමට නොලැබ, පිරිනිවන් පාති. එබැවින් ධාතු පූජා පවත්වා ඒ ඒ මිනිසුන්ට පින් රැස් කරගැනීමට හැකිවෙතියි අනුකම්පාවෙන් ධාතු විසිරි යන පරිදි ඒ බුදුවරු අදිටන් කරති. ඒ අදිටන අනුව උන්වහන්සේලාගේ ධාතු රන් කුඩු මෙන් විසිරෙති. අපගේ (ගොතම) භාග්‍යවතුන් වහන්සේගේ ධාතු මෙනි.

මනුස‍්සා තස‍්ස භගවතො එකංයෙව ධාතුඝරං කත්‍වා චෙතියං පතිට‍්ඨාපෙසුං යොජනං උබ‍්බෙධෙන පරික‍්ඛෙපෙන ච. තස‍්ස එකෙකගාවුතන‍්තරානි චත‍්තාරි ද‍්වාරානි අහෙසුං. එකං ද‍්වාරං කිකී රාජා අග‍්ගහෙසි; එකං තස‍්සෙව පුත‍්තො පථවින්‍ධරො නාම; එකං සෙනාපතිපමුඛා අමච‍්චා; එකං සෙට‍්ඨිපමුඛා ජානපදා රත‍්තසුවණ‍්ණමයා එකග‍්ඝනා සුවණ‍්ණරසපටිභාගා ච නානාරතනමයා ඉට‍්ඨකා අහෙසුං එකෙකා සතසහස‍්සග‍්ඝනිකා. තෙ හරිතාලමනොසිලාහි මත‍්තිකාකිච‍්චං සුරභිතෙලෙන උදකකිච‍්චඤ‍්ච කත්‍වා තං චෙතියං පතිට‍්ඨාපෙසුං.

මිනිස්සු කසුප් බුදුරදුන්ගේ ධාතු තැන්පත් කිරීමට එකම දාගෙයක් (ධාතුඝරං) කොට, යොදුනක් උස, යොදුනක වටරවුමක් ඇති සෑයක්ද පිහිටවූහ. එහි එක් එක් ගවුවක දුරින් දොරටු සතරකි. එක් දොරටුවක් කිකී රජුට වෙන් විය. ඔහුගේ පුත් පඨවින්‍ධරට එක් දොරටුවක්ද තවත් දොරටුවක් සෙන්පති හා මැති ඇමතිවරුන්ට වෙන්විය. අනෙක් දොරටුව සිටුවරුන් හා ජනපදවාසීන් වෙනුවෙනි. රත්පැහැ රනින් කරන ලද (මෙන්ම) එකට කැටිවූ රන් පිඬුවන්, කාන්තියෙන් බබළන, නා නා මැණික්වලින් සකසන ලද ගඩොල්, එක එකක් සියදහසක අගයක් වූ අතර, ඒවා හිරියල් රත්සිරියල් මැටියෙන් සුවඳ තෙලින් දියකිස කොට දාගැබ තැනවූහ.

එවං පතිට‍්ඨිතෙ චෙතියෙ ද‍්වෙ කුලපුත‍්තා සහායකා නික‍්ඛමිත්‍වා සම‍්මුඛසාවකානං ථෙරානං සන‍්තිකෙ පබ‍්බජිංසු. දීඝායුකබුද‍්ධානඤ‍්හි සම‍්මුඛසාවකායෙව පබ‍්බාජෙන‍්ති, උපසම‍්පාදෙන‍්ති, නිස‍්සයං දෙන‍්ති, ඉතරෙ න ලභන‍්ති. තතො තෙ කුලපුත‍්තා “සාසනෙ, භන‍්තෙ, කති ධුරානී”ති පුච‍්ඡිංසු. ථෙරා “ද‍්වෙ ධුරානී”ති කථෙසුං – “වාසධුරං, පරියත‍්තිධුරඤ‍්චා”ති. තත්‍ථ පබ‍්බජිතෙන කුලපුත‍්තෙන ආචරියුපජ‍්ඣායානං සන‍්තිකෙ පඤ‍්ච වස‍්සානි වසිත්‍වා, වත‍්තපටිවත‍්තං පූරෙත්‍වා, පාතිමොක‍්ඛං ද‍්වෙ තීණි භාණවාරසුත‍්තන‍්තානි ච පගුණං කත්‍වා, කම‍්මට‍්ඨානං උග‍්ගහෙත්‍වා, කුලෙ වා ගණෙ වා නිරාලයෙන අරඤ‍්ඤං පවිසිත්‍වා, අරහත‍්තසච‍්ඡිකිරියාය ඝටිතබ‍්බං වායමිතබ‍්බං, එතං වාසධුරං. අත‍්තනො ථාමෙන පන එකං වා නිකායං පරියාපුණිත්‍වා ද‍්වෙ වා පඤ‍්ච වා නිකායෙ පරියත‍්තිතො ච අත්‍ථතො ච සුවිසදං සාසනං අනුයුඤ‍්ජිතබ‍්බං, එතං පරියත‍්තිධුරන‍්ති. අථ තෙ කුලපුත‍්තා “ද‍්වින‍්නං ධුරානං වාසධුරමෙව සෙට‍්ඨ”න‍්ති වත්‍වා “මයං පනම‍්හා දහරා, වුඩ‍්ඪකාලෙ වාසධුරං පරිපූරෙස‍්සාම, පරියත‍්තිධුරං තාව පූරෙමා”ති පරියත‍්තිං ආරභිංසු. තෙ පකතියාව පඤ‍්ඤවන‍්තො නචිරස‍්සෙව සකලෙ බුද‍්ධවචනෙ පකතඤ‍්ඤනො විනයෙ ච අතිවිය විනිච‍්ඡයකුසලා අහෙසුං. තෙසං පරියත‍්තිං නිස‍්සාය පරිවාරො උප‍්පජ‍්ජි, පරිවාරං නිස‍්සාය ලාභො, එකමෙකස‍්ස පඤ‍්චසතපඤ‍්චසතා භික‍්ඛූ පරිවාරා අහෙසුං. තෙ සත්‍ථුසාසනං දීපෙන‍්තා විහරිංසු, පුන බුද‍්ධකාලො විය අහොසි.

මෙසේ දාගැබ පිහිටුවනු ලැබූ කල්හි, යහළු කුල පුතුන් දෙදෙනෙක් ගෙයින් නික්ම (යද්දී) හමුවූ සාවක තෙරුන් වහන්සේලා වෙත පැවිදි වූහ. දිගුකලක් වැඩවසන බුදුවරුන්ගේ එසේ හමුවීමට ලැබෙන සාවකයන් වහන්සේලා ලවා පැවිද්ද ලබති. උපසම්පදා ලබති. නිස හෙවත් අවවාද හා උපකාරද ලබති. අඩු ආයු ඇති බුදුවරුන්ගෙන් එලෙස සිදු නොවේ. මෙහිදී ද ඒ කුලපුත්තු ‘සසුනෙහි ධුර මොනවාදැයි විමසූහ. තෙරුන් වහන්සේලා ‘වාසධූර, පරියත්ති ධූර යනුවෙන් දෙකක් ඇතැයි කීහ. පැවිදි වූ කුලපුතකු විසින් ගුරු හිමියන් සහ අවවාද අනුසාසනා කරන හිමියන් සමීපයෙහි පස් වසරක් වාසය කරමින් වත්පිළිවෙත් සපුරා පාමොක්ද, බණවර දෙකක් හෝ තුනක සූත්‍ර මැනවින් දැන, කමටහන් ඉගෙන, කුල (නැදැයන් හෝ) (තමා හා වෙසෙන අනෙක්) පිරිස ගැන හෝ නොඇලී, වනයට පිවිස අරහත් බව අවබෝධ කරනු පිණිස උත්සාහ කළ යුතුය. වෑයම් කළ යුතුය. මෙය වාස ධූරය නම් වේ. තමාට හැකි පරිදි (දීඝ ආදී) එක් නිකායක් හෝ මනාව පුහුණු වී, නිකාය දෙකක් හෝ පහක්ම හෝ ඉතා පැහැදිලිව අරුත් වටහා ගනිමින් ඉගෙන සසුනෙහි කටයුතුවල යෙදීම පරියත්ති ධූරයයි. එවිට ඒ කුලපුත් හිමිවරු, එම ධුර දෙකින් වාස ධුරයම උසස්යැයි කියා, ‘අපි තවම තරුණ වෙමු, වියපත් වූ කල වාස ධුරය මනාව පිළිපදින්නෙමු. එතෙක් පරියත්තිධුරය පුරමු’ යැයි ඒ අනුව සසුනෙහි උත්සාහවත් වූහ. ඒ හිමිවරු සහජයෙන්ම නුවණැත්තෝය. නොබෝ කලකින්ම, මුළු බුදුවදනම මනාව දැන, විනයද මැනවින් ඉගෙන, විනය කරුණු තීරණයෙහිද සමත් වූහ. උන්වහන්සේලාගේ දහමෙහි පිරිපුන් දැනුම නිසා, පිරිවරද ඇතිවිය. පිරිවර නිසා සිවුපසයද පහසුවෙන් ලැබුණි. එක් හිමිනමකට පන්සියක් පිරිවර මහණහු වූහ. උන්වහන්සේලා බුදු සසුන බබළවමින් වැඩ සිටියහ. යළිත් බුදුවරයකු ජීවමාන කාලයක් මෙන් විය.

තදා ද‍්වෙ භික‍්ඛූ ගාමකාවාසෙ විහරන‍්ති ධම‍්මවාදී ච අධම‍්මවාදී ච. අධම‍්මවාදී චණ‍්ඩො හොති ඵරුසො, මුඛරො, තස‍්ස අජ‍්ඣාචාරො ඉතරස‍්ස පාකටො හොති. තතො නං “ඉදං තෙ, ආවුසො, කම‍්මං සාසනස‍්ස අප‍්පතිරූප”න‍්ති චොදෙසි. සො “කිං තෙ දිට‍්ඨං, කිං සුත”න‍්ති වික‍්ඛිපති. ඉතරො “විනයධරා ජානිස‍්සන‍්තී”ති ආහ. තතො අධම‍්මවාදී “සචෙ ඉමං වත්‍ථුං විනයධරා විනිච‍්ඡිනිස‍්සන‍්ති, අද‍්ධා මෙ සාසනෙ පතිට‍්ඨා න භවිස‍්සතී”ති ඤත්‍වා අත‍්තනො පක‍්ඛං කාතුකාමො තාවදෙව පරික‍්ඛාරෙ ආදාය තෙ ද‍්වෙ ථෙරෙ උපසඞ‍්කමිත්‍වා සමණපරික‍්ඛාරෙ දත්‍වා තෙසං නිස‍්සයෙන විහරිතුමාරද‍්ධො. සබ‍්බඤ‍්ච නෙසං උපට‍්ඨානං කරොන‍්තො සක‍්කච‍්චං වත‍්තපටිවත‍්තං පූරෙතුකාමො විය අකාසි. තතො එකදිවසං උපට‍්ඨානං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා තෙහි විස‍්සජ‍්ජියමානොපි අට‍්ඨාසියෙව. ථෙරා “කිඤ‍්චි වත‍්තබ‍්බමත්‍ථී”ති තං පුච‍්ඡිංසු. සො “ආම, භන‍්තෙ, එකෙන මෙ භික‍්ඛුනා සහ අජ‍්ඣාචාරං පටිච‍්ච විවාදො අත්‍ථි. සො යදි තං වත්‍ථුං ඉධාගන‍්ත්‍වා ආරොචෙති, යථාවිනිච‍්ඡයං න විනිච‍්ඡිනිතබ‍්බ”න‍්ති. ථෙරා “ඔසටං වත්‍ථුං යථාවිනිච‍්ඡයං න විනිච‍්ඡිනිතුං න වට‍්ටතී”ති ආහංසු. සො “එවං කරියමානෙ, භන‍්තෙ, මම සාසනෙ පතිට‍්ඨා නත්‍ථි, මය‍්හෙතං පාපං හොතු, මා තුම‍්හෙ විනිච‍්ඡිනථා”ති. තෙ තෙන නිප‍්පීළියමානා සම‍්පටිච‍්ඡිංසු. සො තෙසං පටිඤ‍්ඤං ගහෙත්‍වා පුන තං ආවාසං ගන‍්ත්‍වා “සබ‍්බං විනයධරානං සන‍්තිකෙ නිට‍්ඨිත”න‍්ති තං ධම‍්මවාදිං සුට‍්ඨුතරං අවමඤ‍්ඤන‍්තො ඵරුසෙන සමුදාචරති. ධම‍්මවාදී “නිස‍්සඞ‍්කො අයං ජාතො”ති තාවදෙව නික‍්ඛමිත්‍වා ථෙරානං පරිවාරං භික‍්ඛුසහස‍්සං උපසඞ‍්කමිත්‍වා ආහ – “නනු, ආවුසො, ඔසටං වත්‍ථු යථාධම‍්මං විනිච‍්ඡිනිතබ‍්බං, අනොසරාපෙත්‍වා එව වා අඤ‍්ඤමඤ‍්ඤං අච‍්චයං දෙසාපෙත්‍වා සාමග‍්ගී කාතබ‍්බා. ඉමෙ පන ථෙරා නෙව වත්‍ථුං විනිච‍්ඡිනිංසු, න සාමග‍්ගිං අකංසු. කිං නාමෙත”න‍්ති? තෙපි සුත්‍වා තුණ‍්හී අහෙසුං – “නූන කිඤ‍්චි ආචරියෙහි ඤාත”න‍්ති. තතො අධම‍්මවාදී ඔකාසං ලභිත්‍වා “ත්‍වං පුබ‍්බෙ ‘විනයධරා ජානිස‍්සන‍්තී’ති භණසි. ඉදානි තෙසං විනයධරානං ආරොචෙහි තං වත්‍ථු”න‍්ති ධම‍්මවාදිං පීළෙත්‍වා “අජ‍්ජතග‍්ගෙ පරාජිතො ත්‍වං, මා තං ආවාසං ආගච‍්ඡී”ති වත්‍වා පක‍්කාමි. තතො ධම‍්මවාදී ථෙරෙ උපසඞ‍්කමිත්‍වා “තුම‍්හෙ සාසනං අනපෙක‍්ඛිත්‍වා ‘අම‍්හෙ උපට‍්ඨෙසි පරිතොසෙසී’ති පුග‍්ගලමෙව අපෙක‍්ඛිත්‍ථ, සාසනං අරක‍්ඛිත්‍වා පුග‍්ගලං රක‍්ඛිත්‍ථ, අජ‍්ජතග‍්ගෙ දානි තුම‍්හාකං විනිච‍්ඡයං විනිච‍්ඡිනිතුං න වට‍්ටති, අජ‍්ජ පරිනිබ‍්බුතො කස‍්සපො භගවා”ති මහාසද‍්දෙන කන්‍දිත්‍වා “නට‍්ඨං සත්‍ථු සාසන”න‍්ති පරිදෙවමානො පක‍්කාමි.

එකල දහමට ගරුකරන පැවිද්දෙක් හා අදැහැමි පැවිද්දෙක්ද ගමෙහි ආවාසයක වසති. අදැහැමි මහණ නපුරු, රළුවචන කියන, දොඩමළු සුළු වූවෙකි. ඒ මහණුගේ හැසිරීම අනෙක් මහණ හට දැනගැනීමට ලැබිණ. එහිදී ‘ඔබේ මේ කටයුතු සසුනට සුදුසු නොවේ’ යැයි චෝදනා කළේය. ඒ මහණ, කුමක්ද? ඔබ දුටුවෙහිද? කුමක් ඇසුවෙහිදැ’යි අවුලට පත් විය. ‘විනයධර හිමිවරු එය දැනගන්නාහ’යි දැහැමි මහණ කීය. එවිට අදැහැමි මහණ, ‘මේ කරුණ විනයධර හිමිවරුන් තීරණය කරන්නාහු නම්, නිසැකවම මට සසුනෙහි විසුමක් නොවන්නේ’ යැයි දැන තම අදහස ඉවත් කර ගැනීමට නොකැමතිව, එකෙණෙහිම පිරිකර ගෙන, ඒ විනයධර හිමිවරුන් දෙනම වෙත පැමිණ පිරිකර දී උන්වහන්සේලා ඇසුරෙහි වාසය කිරීමට පටන් ගත්තේය. ඒ හිමිවරුන් දෙදෙනාටම සියළු උවටැන් කරමින්, මනාව වත්පිළිවෙත් සපුරනු කැමති සේ කටයුතු කළේය. එක් දවසක් උවටැන් පිණිස ගොස් වැඳ, උන්වහන්සේලා විසින් (එතැනින්) ඉවත්ව යාමට අවසර දෙනු ලැබුවත්, නැවතී සිටියේය. විනයධර හිමිවරු, කිවයුතු කිසියම් දෙයක් ඇත්දැයි විමසූහ. ‘හිමියනි, සිකපද වැරදි හැසිරිමක් නිසා, එක් මහණක සමග විවාදයක් ඇත, ඒ මහණ එම කරුණ ඔබවහන්සේලා වෙත සැළ කළහොත්, එය නියමිත අයුරින් තීරණය නොකළ යුතුයැයි කීය. විනයධර හිමිවරු කරුණු දැනගත්විට, නිවැරදි අයුරින් තීරණය කරනු මිස, වැරදි ලෙස තීරණය කිරීම නුසුදුසු බව කීහ. එවිට ඒ මහණ, ‘හිමියනි, එසේ කරනු ලැබුවහොත්, සස්නෙහි මට පැවැත්මක් නැත, එහි පාපය මටම වේවා! ඔබවහන්සේ, මා ගැන එසේ තීරණය නොකරනු මැනවැ’යි පැවසීය. විනයධර හිමිවරු දෙනම, ඒ මහණගේ ඇවිටිල්ල නිසා (ඉල්ලීම) පිළිගත්හ. මෙසේ උන්වහන්සේලා පොරොන්දු කරවාගෙන, නැවත ඒ ආවාසයට ගොස්, ‘සියළු විනයධර හිමිවරුන් හමුව එය අවසාන වී’ යැයි කියා, ඒ ධම්මවාදී මහණට පෙරටත් වඩා අවමන් කරමින්, නපුරු වචනයෙන් අවමන් කරයි. ධම්මවාදී වූ මහණ, ‘සැකයක් මේ ගැන ඇතිවී’ යැයි එකෙණෙහිම නික්ම, (විනයධර) තෙරුන් වහන්සේලාගේ පිරිවර වූ පන්සියක් මහණුන් වෙත පැමිණ, ‘ඇවැත්නි, කිසියම් කරුණක් ඇතිවූ විට එය දහමට අනුකූල අයුරින් තීරණය කළයුතු නොවේද? නැවත සිහි නොකරවා හෝ එකිනෙකා අතර ඇවැත් දේසනා කරවා හෝ සමගි කළයුතුය. මේ තෙරුන් වහන්සේලා කරුණ ගැන තීරණය නොකළාහ. සමගි නොකළාහ. මෙහි තේරුම කුමක්දැ’යි පැවසීය. ඒ හිමිවරු නිහඬව සිටියහ. ‘මෙය කිසියම් ගුරු හිමිවරුන් හෝ දැනසිටිය යුතු නොවේද? (එසේ සිදු නොවූ බැවින් අධම්මවාදී මහණ ඒ අවසරයෙන් ‘ඔබ, කලින්ම විනයධර හිමිවරුන් ගැන දැන සිටිති’යි (මට) කියහි. එසේනම් දැන් ඒ විනයධර හිමිවරුන්ට ඒ කරුණ සැළකරව’යි ධම්මවාදී හිමි එසේ අසහනයට පත් කරමින්, ‘අද පටන් ඔබ පැරදුණෙහි’ය, ආවාසයට නොපැමිණෙව’යි ඉවත්ව ගියේය. එවිට ධම්මවාදී මහණ තෙරුන් වහන්සේලා වෙත පැමිණ, ‘ඔබවහන්සේලා සසුනෙහි (පැවැත්ම) නොබලා, අපගෙන් උවටැන් ලැබුවෙහු (එයින්) සතුටු වූවහු, එක් තැනැත්තෙක් ගැනම බලාපොරොත්තු වූවෙහු, සසුන නොරැක පුද්ගලයෙකු රකිවුද? අද මෙතැන් පටන් ඔබවහන්සේලාගේ තීරණය නොවටනේය. කසුප් බගවත් හිමි අද පිරිනිවන්පෑහ’යි මහ හඬින් හඬා, ‘බුදුසසුන නැසුනේ’ යැයි වැළපෙමින් ගියේය.

අථ ඛො තෙ භික‍්ඛූ සංවිග‍්ගමානසා “මයං පුග‍්ගලමනුරක‍්ඛන‍්තා සාසනරතනං සොබ‍්භෙ පක‍්ඛිපිම‍්හා”ති කුක‍්කුච‍්චං උප‍්පාදෙසුං . තෙ තෙනෙව කුක‍්කුච‍්චෙන උපහතාසයත‍්තා කාලං කත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තිතුමසක‍්කොන‍්තා එකාචරියො හිමවති හෙමවතෙ පබ‍්බතෙ නිබ‍්බත‍්ති හෙමවතො යක‍්ඛොති නාමෙන. දුතියාචරියො මජ‍්ඣිමදෙසෙ සාතපබ‍්බතෙ සාතාගිරොති නාමෙන. තෙපි නෙසං පරිවාරා භික‍්ඛූ තෙසංයෙව අනුවත‍්තිත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තිතුමසක‍්කොන‍්තා තෙසං පරිවාරා යක‍්ඛාව හුත්‍වා නිබ‍්බත‍්තිංසු. තෙසං පන පච‍්චයදායකා ගහට‍්ඨා දෙවලොකෙ නිබ‍්බතිංසු. හෙමවතසාතාගිරා අට‍්ඨවීසතියක‍්ඛසෙනාපතීනමබ‍්භන‍්තරා මහානුභාවා යක‍්ඛරාජානො අහෙසුං.

ඉක්බිති ඒ (විනයධර) මහණහු සංවේගයට පත්ව, ‘අප පුද්ගලයෙකු රකිමින්, සසුන නැමති මැණික මඩවළෙහි දැමුවෙමු’යි කුකුස් ඉපිදවූහ. ඒ කුකුසෙන්ම එම හිමිවරුන් තම දිවි පළුදු කරගත් අතර, වැඩිමහළු හිමි කළුරිය කොට, දෙව්ලොව හෝ ඉපදීමට නොහැකි වූයේ, හිමාලයෙහි හේමවත පව්වෙහි හේමවත නම් යකෙක්ව උපන්නේය. ඒ දෙවැනි විනයධර ගුරු හිමි (කළුරිය කොට) මැද දේසයෙහි පිහිටි සාත පව්වෙහි සාතාගිර නම් (යක්ව) උපන්නේය. පිරිවර මහණහුද, දෙව්ලොව ඉපදීමට නොහැකිව, ගුරුහිමිවරුන් දෙදෙනා අනුව යමින්, පිරිවර යක්කුව උපත ලදහ. හිමිවරුන්ට සිවුපසය ලබාදුන් ගිහි පිරිස දෙව්ලොව උපන්හ. යක් සෙන්පතියන් විසිඅට දෙනෙකු අතර, හේමවත සාතාගිර ද මහත් බලවත් යක් රජවරු වූහ.

යක‍්ඛසෙනාපතීනඤ‍්ච අයං ධම‍්මතා – මාසෙ මාසෙ අට‍්ඨ දිවසානි ධම‍්මවිනිච‍්ඡයත්‍ථං හිමවති මනොසිලාතලෙ නාගවතිමණ‍්ඩපෙ දෙවතානං සන‍්නිපාතො හොති, තත්‍ථ සන‍්නිපතිතබ‍්බන‍්ති. අථ සාතාගිරහෙමවතා තස‍්මිං සමාගමෙ අඤ‍්ඤමඤ‍්ඤං දිස‍්වා සඤ‍්ජානිංසු – “ත්‍වං, සම‍්ම, කුහිං උප‍්පන‍්නො, ත්‍වං කුහි”න‍්ති අත‍්තනො අත‍්තනො උප‍්පත‍්තිට‍්ඨානඤ‍්ච පුච‍්ඡිත්‍වා විප‍්පටිසාරිනො අහෙසුං. “නට‍්ඨා මයං, සම‍්ම, පුබ‍්බෙ වීසති වස‍්සසහස‍්සානි සමණධම‍්මං කත්‍වා එකං පාපසහායං නිස‍්සාය යක‍්ඛයොනියං උප‍්පන‍්නා, අම‍්හාකං පන පච‍්චයදායකා කාමාවචරදෙවෙසු නිබ‍්බත‍්තා”ති. අථ සාතාගිරො ආහ – “මාරිස, හිමවා නාම අච‍්ඡරියබ‍්භුතසම‍්මතො, කිඤ‍්චි අච‍්ඡරියං දිස‍්වා වා සුත්‍වා වා මමාපි ආරොචෙය්‍යාසී”ති. හෙමවතොපි ආහ – “මාරිස, මජ‍්ඣිමදෙසො නාම අච‍්ඡරියබ‍්භුතසම‍්මතො, කිඤ‍්චි අච‍්ඡරියං දිස‍්වා වා සුත්‍වා වා මමාපි ආරොචෙය්‍යාසී”ති. එවං තෙසු ද‍්වීසු සහායෙසු අඤ‍්ඤමඤ‍්ඤං කතිකං කත්‍වා, තමෙව උප‍්පත‍්තිං අවිවජ‍්ජෙත්‍වා වසමානෙසු එකං බුද‍්ධන‍්තරං වීතිවත‍්තං, මහාපථවී එකයොජනතිගාවුතමත‍්තං උස‍්සදා.

යක් සේනාපතීන් මෙවන් ආවේණික කරුණක් විය. ඒ ඒ මාසයෙහි අටවන දිනයෙහි, යම් යම් කරුණු පිළිබඳ තීරණ ගැනීමට හිමාලයෙහි, රත්හිරියල් තලාවෙහි භගලවතී පව්වෙහි දෙවියන්ගේ රැස්වීමකට සහභාගි විය යුතුව තිබිණි. සාතාගිර-හේමවත එහිදී හමුවී එකිනෙකා දැන හඳුනා ගත්හ. ‘මිතුර, ඔබ කොහි උපන්නෙහිද? ඔබ උපන්නේ කොහිද?’ ආදී උපන් තැන් අසා, පසුතැවිලි වූහ. ‘මිතුර, අපි වැනසුනෙමු. අවුරුදු විසිදහසක් මහණදම්කොට, එක පාපී සහායකයෙකු නිසා යකුන්ව උපත ලදිමු. අපට සිවුපසය දුන්නෝ කාමාවචර දෙව්ලෝකවල උපන්හ’යි කීය. ‘නිදුකාණනි, හිමාලය නම්, පුදුම, ඇදහිය නොහැකි දේ සිදුවෙතැයි සම්මතව ඇත. කිසියම් අසිරිමත් දෙයක් ඇසුවොත් හෝ දුටුවොත් හෝ මට ද සැළකරනු මැනවැ’යි සාතාගිර කීවේය. ‘නිදුකාණනි, හිමාලයෙහි මැද (ඔබ වසන) පෙදෙසද පුදුම, ඇදහිය නොහැකි දේ සිදුවෙතැ’යි සම්මතය, කිසියම් අසිරිමත් දෙයක් ඇසුවොත් හෝ දුටුවොත් හෝ මටද කිවමැනව’යි හේමවතද පැවසීය. මෙසේ මිතුරන් දෙදෙනා එකිනෙකා කතිකා කොට ද එසේ යක් සෙන්පතියන් ලෙස වාසය කරනවිටම, මහපොළව එක් යොදුනක් හා ගවු තුනක් වැඩුණු කලදීම, එක් බුද්ධාන්තරයක්ද ඉක්ම ගියේය.

අථම‍්හාකං බොධිසත‍්තො දීපඞ‍්කරපාදමූලෙ කතපණිධානො යාව වෙස‍්සන‍්තරජාතකං, තාව පාරමියො පූරෙත්‍වා, තුසිතභවනෙ උප‍්පජ‍්ජිත්‍වා, තත්‍ථ යාවතායුකං ඨත්‍වා, ධම‍්මපදනිදානෙ වුත‍්තනයෙන දෙවතාහි ආයාචිතො පඤ‍්ච මහාවිලොකනානි විලොකෙත්‍වා, දෙවතානං ආරොචෙත්‍වා, ද‍්වත‍්තිංසාය පුබ‍්බනිමිත‍්තෙසු වත‍්තමානෙසු ඉධ පටිසන්‍ධිං අග‍්ගහෙසි දසසහස‍්සිලොකධාතුං කම‍්පෙත්‍වා. තානි දිස‍්වාපි ඉමෙ රාජයක‍්ඛා “ඉමිනා කාරණෙන නිබ‍්බත‍්තානී”ති න ජානිංසු. “ඛිඩ‍්ඩාපසුතත‍්තා නෙවාද‍්දසංසූ”ති එකෙ. එස නයො ජාතියං අභිනික‍්ඛමනෙ බොධියඤ‍්ච. ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙ පන පඤ‍්චවග‍්ගියෙ ආමන‍්තෙත්‍වා භගවති තිපරිවට‍්ටං ද‍්වාදසාකාරං වරධම‍්මචක‍්කං පවත‍්තෙන‍්තෙ මහාභූමිචාලං පුබ‍්බනිමිත‍්තං පාටිහාරියානි ච එතෙසං එකො සාතාගිරොයෙව පඨමං අද‍්දස. නිබ‍්බත‍්තිකාරණඤ‍්ච තෙසං ඤත්‍වා සපරිසො භගවන‍්තං උපසඞ‍්කම‍්ම ධම‍්මදෙසනං අස‍්සොසි, න ච කිඤ‍්චි විසෙසං අධිගච‍්ඡි. කස‍්මා? සො හි ධම‍්මං සුණන‍්තො හෙමවතං අනුස‍්සරිත්‍වා “ආගතො නු ඛො මෙ සහායකො, නො”ති පරිසං ඔලොකෙත්‍වා තං අපස‍්සන‍්තො “වඤ‍්චිතො මෙ සහායො, යො එවං විචිත්‍රපටිභානං භගවතො ධම‍්මදෙසනං න සුණාතී”ති වික‍්ඛිත‍්තචිත‍්තො අහොසි. භගවා ච අත්‍ථඞ‍්ගතෙපි ච සූරියෙ දෙසනං න නිට‍්ඨාපෙසි.

මේ අතර, අප බෝසත් දීපංකර බුදුපාමුල විවරණ ලැබ, වෙසතුරුව ඉපදෙන තෙක් (සසර) පාරමී දම් පුරා, තුසිත භවනයෙහි ඉපිද, එහි ආයු ඇතිතාක් වැස, දෙවියන් විසින් ආයාචනා කරන ලද පරිදි, පස්මහ බැලීම් විමසා බලා, දෙවියන්ට සැළකොට පෙරනිමිති දෙතිසක් පහළ වනවිට, දසදහසක් ලෝධාතු කම්පාකොට මනුලොව පිළිසිඳ ගත්තේය. සාතාගිර, හේමවතද ඒ පෙරනිමිති දුටුවද, එයට නිසිපරිදි හේතුව නොදත්හ. ඔවුන් කෙළිදෙළින් යුතුව සිටි නිසා එය නොදුටු බව ඇතැමෙක් කියති. මේ ආකාරයෙන් බෝසතුන් ඉපදීමේදීද, අබිනික්මණෙහිදී ද, බුදුබවට පත්වීමෙහිදී ද (බුදුබව ලබා) පස්වග මහණුන් අමතා, වට තුනකින් හා දොළොස් ආකාර වූ උතුම් දහම් සක දේශනා කරන කල්හිද, පොළව සෙලවීම හා පෙරනිමිති පෙළහරද ඒ දෙදෙනාගෙන් සාතාගිර පළමුව දුටුවේය. ඊට හේතුව දැනගත් සාතාගිර සහ පිරිස, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දහම් දෙසුම ඇසුවද මගපල කිසිත් නොලැබීය. ඒ කවර හෙයින්ද? ඔහු දහම් අසන විට, හේමවත සිහිව ‘මාගේ සහායකයා පැමිණියේද, නැත්දැ’යි, පිරිස දෙස බලා ඔහු නොදැක, ‘මෙබඳු විසිතුරු වැටහෙන සුළු භාග්‍යවතුන් වහන්සේගේ දේශනය ඇසීමට නොලැබීමෙන් මා යහළුවා රවටනු ලැබීයැයි සිත අවුලට පත්විය. (මෙබඳු විසිතුරු දෙසුමක් ඇසීමට යහළුවාට නොදැන්වීම ඔහු සිතන්නේ යහළුවා රැවටීමක් ලෙසයි.) භාග්‍යවතුන් වහන්සේද හිරු අවරට ගියද දෙසුම නිමා නොකළහ.

අථ සාතාගිරො “සහායං ගහෙත්‍වා තෙන සහාගම‍්ම ධම‍්මදෙසනං සොස‍්සාමී”ති හත්‍ථියානඅස‍්සයානගරුළයානාදීනි මාපෙත්‍වා පඤ‍්චහි යක‍්ඛසතෙහි පරිවුතො හිමවන‍්තාභිමුඛො පායාසි, තදා හෙමවතොපි. යස‍්මා පටිසන්‍ධිජාති-අභිනික‍්ඛමන-බොධිපරිනිබ‍්බානෙස‍්වෙව ද‍්වත‍්තිංස පුබ‍්බනිමිත‍්තානි හුත්‍වාව පතිවිගච‍්ඡන‍්ති, න චිරට‍්ඨිතිකානි හොන‍්ති, ධම‍්මචක‍්කපවත‍්තනෙ පන තානි සවිසෙසානි හුත්‍වා, චිරතරං ඨත්‍වා නිරුජ‍්ඣන‍්ති, තස‍්මා හිමවති තං අච‍්ඡරියපාතුභාවං දිස‍්වා “යතො අහං ජාතො, න කදාචි අයං පබ‍්බතො එවං අභිරාමො භූතපුබ‍්බො, හන්‍ද දානි මම සහායං ගහෙත්‍වා ආගම‍්ම තෙන සහ ඉමං පුප‍්ඵසිරිං අනුභවිස‍්සාමී”ති තථෙව මජ‍්ඣිමදෙසාභිමුඛො ආගච‍්ඡති. තෙ උභොපි රාජගහස‍්ස උපරි සමාගන‍්ත්‍වා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ආගමනකාරණං පුච‍්ඡිංසු. හෙමවතො ආහ – “යතො අහං, මාරිස, ජාතො, නායං පබ‍්බතො එවං අකාලකුසුමිතෙහි රුක‍්ඛෙහි අභිරාමො භූතපුබ‍්බො, තස‍්මා එතං පුප‍්ඵසිරිං තයා සද‍්ධිං අනුභවිස‍්සාමීති ආගතොම‍්හී”ති . සාතාගිරො ආහ – “ජානාසි, පන, ත්‍වං මාරිස, යෙන කාරණෙන ඉමං අකාලපුප‍්ඵපාටිහාරියං ජාත”න‍්ති? “න ජානාමි, මාරිසා”ති. “ඉමං, මාරිස, පාටිහාරියං න කෙවල හිමවන‍්තෙයෙව, අපිච ඛො පන දසසහස‍්සිලොකධාතූසු නිබ‍්බත‍්තං, සම‍්මාසම‍්බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො, අජ‍්ජ ධම‍්මචක‍්කං පවත‍්තෙසි, තෙන කාරණෙනා”ති. එවං සාතාගිරො හෙමවතස‍්ස බුද‍්ධුප‍්පාදං කථෙත්‍වා, තං භගවතො සන‍්තිකං ආනෙතුකාමො ඉමං ගාථමාහ. කෙචි පන ගොතමකෙ චෙතියෙ විහරන‍්තෙ භගවති අයමෙවමාහාති භණන‍්ති “අජ‍්ජ පන‍්නරසො”ති.

මේ අතර, සාතාගිරද ‘යහළුවා සමග එහි අවුත් දහම් දෙසුම අසන්නෙමි’යි ඇත්, අස්, ගුරුළු වාහන ආදිය මවා, යකුන් පන්සියයක් පිරිවරා හිමවත දෙසට ගියේය. එවිට හේමවතද (බෝසතුන්) පිළිසිඳ ගැනීමේදී, අබිනික්මන, බුදුවීම, පිරිනිවන්පෑමෙහිදී පහළවන දෙතිස් පෙරනිමිති බොහෝ වේලාවක් නොපැවතුනත්, දම්සක් පවත්වනවිටදී ඊට වෙනස්ව, ඒ පෙරනිමිති බොහෝ වේලාවක් තිබී අතුරුදන් වන ඒ පුදුම අසිරිය හිමාලයෙහිද දැක, ‘මා උපන් කල සිටම (උපන් හඳවියක) කිසිම දිනක මෙබඳු අසිරිමත් සිත්කළු දෑ නොවූවිරූය, මාගේ යහළුවාද සමග අවුත් මේ මල් අසිරිය විඳගන්නෙමි’යි (හිමාලයෙහි) මැද (ඔහු වසන) පෙදෙසට එයි. දෙදෙනාම රජගහනුවර ඉහළ අහසෙහිදී හමුවී එකිනෙකා පැමිණෙන කරුණු විමසූහ. ‘සිරිමතාණනි, මා ඉපදුණු කල පටන්ම, මේ පව්වෙහි අකාලයෙහි මල් පිපුණු ගස්වලින් මෙලෙස හැඩ වූ පෙළහරක් නොවූ විරූය. එහෙයින් මේ මල් අසිරිය ඔබ සමග විඳගැනීමට සිතා පැමිණියෙමි’යි හේමවත කීවේය. ‘සිරිමතාණනි, මේ අකාලයේ මල් පිපුණු පුදුම පෙළහර සිදුවූයේ කිනම් කරුණක් නිසාදැයි දන්නෙහිදැ’යි සාතාගිර ඇසීය. ‘නොදනිමි, සිරිමතාණනි’ (හේමවත කීය) ‘මේ පෙළහර සිදුවූයේ හිමාලයෙහි පමණක් නොවේ. දසදහසක් ලෝධාතුවෙහිම පහළවීය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව උපන්හ. අද දම්සක් පැවැත්වූහ, ඒ කරුණ’ යැයි සාතාගිර හේමවතට බුදු උපත ගැන කියා, ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන යනු කැමතිව, මෙම ගාථාව කීය. ඇතමෙක්, භාග්‍යවතුන් වහන්සේ ගෝතමක චේතියෙහි වැඩවසන දිනක අජ්ජ පණ්ණාරසො යන ගාථාව කී බව පවසති.

තත්‍ථ අජ‍්ජාති අයං රත‍්තින්‍දිවො පක‍්ඛගණනතො පන‍්නරසො, උපවසිතබ‍්බතො උපොසථො. තීසු වා උපොසථෙසු අජ‍්ජ පන‍්නරසො උපොසථො, න චාතුද‍්දසී උපොසථො, න සාමග‍්ගීඋපොසථො. යස‍්මා වා පාතිමොක‍්ඛුද‍්දෙසඅට‍්ඨඞ‍්ගඋපවාසපඤ‍්ඤත‍්තිදිවසාදීසු සම‍්බහුලෙසු අත්‍ථෙසු උපොසථසද‍්දො වත‍්තති. “ආයාමාවුසො, කප‍්පින, උපොසථං ගමිස‍්සාමා”තිආදීසු හි පාතිමොක‍්ඛුද‍්දෙසෙ උපොසථසද‍්දො. “එවං අට‍්ඨඞ‍්ගසමන‍්නාගතො ඛො විසාඛෙ උපොසථො උපවුත්‍ථො”තිආදීසු (අ· නි· 8.43) පාණාතිපාතා වෙරමණිආදිකෙසු අට‍්ඨඞ‍්ගෙසු. “සුද‍්ධස‍්ස වෙ සදා ඵග‍්ගු, සුද‍්ධස‍්සුපොසථො සදා”තිආදීසු (ම· නි· 1.79) උපවාසෙ. “උපොසථො නාම නාගරාජා”තිආදීසු (දී· නි· 2.246; ම· නි· 3.258) පඤ‍්ඤත‍්තියං. “තදහුපොසථෙ පන‍්නරසෙ සීසංන‍්හාතස‍්සා”තිආදීසු (දී· නි· 3.85; ම· නි· 3.256) දිවසෙ. තස‍්මා අවසෙසත්‍ථං පටික‍්ඛිපිත්‍වා ආසාළ‍්හීපුණ‍්ණමදිවසංයෙව නියාමෙන‍්තො ආහ – “අජ‍්ජ පන‍්නරසො උපොසථො”ති. පාටිපදො දුතියොති එවං ගණියමානෙ අජ‍්ජ පන‍්නරසො දිවසොති අත්‍ථො.

අජ්ජ මේ දිවා රෑ, පුරපස, අවපස ආදිය දැක්වීමේ අයුරින් පණ්ණරසො, පිළිපැදිය යුතු, රැකිය යුතු හෙයින් උපසථො, එවැනි තුන්ආකාර වූ පෙහෙවස් දින අතර අද පසළොස් (වක) දිනයි. දහහතරවන පෙහෙවස් දිනය නොවේ. පොහොය කරන දින ද නොවේ. යම් ආකාරයකින්, පාමොක් උදෙසීම, අංග අටකින් යුතු (සීල සමාදානය) (විකාලයෙහි) ආහාර නොගැනීම, පැනවීම, දවස ආදී ලෙස බොහෝ තේරුම් උපොසථ යන වචනයෙහි ඇත. ‘ඇවැත්නි, කස්සප, එන්න උපොසථය සඳහා යන්නෙමු’ ‘ආයාමාවුසො කප්පින, උපොසථං ගමිස්සාම’ ආදී තැන්හි උපොසථ වචනය පාමොක් උදෙසීම අරුතින් යෙදිණ. ‘විසාඛ, මේ අංග අටකින් යුත් උපොසථයෙහි විසිය යුතු - අට්ඨගසමන්නාගතො බො විසාඛෙ උපොසථො උපවුත්‍ථො’ ආදී තැන්හි පරපණ නැසීමෙන් වැළකීම ආදී (අටසිල්) කොටස් අදහස් වේ. ‘පිරිසිදු තැනැත්තාට හැම දවසම පෙහෙවස්ය. ‘සුද්ධස්ස වෙ සදා එග්ගු සුද්ධස්සු පොසථො සදා’, උපොසථ නම් නා රජ ‘උපොසථො නාම නාගරාජා’ ආදී තැන්හි පැනවීමෙහි හෙවත් හැඳින්වීමෙහි ද, ‘ඒ පසළොස්වක පෙහෙවස් දින හිස පටන් දිය නා ‘තදහුපොසථෙ පණ්ණරසෙ සීසං නහාතස්ස’ ආදී තැන උපොසථ යන වචනයෙන් දවස අදහස් වේ. මේ අනුව, වෙනත් අරුත් හැර, ඇසළ පුණු පොහෝ දවස ගැනම සළකා අජ්ජ පණ්ණරසො උපොසථො යැයි කීය. පිළිවෙලින් (පසළොස්වක දිනට පසුදින සිට ගණිනවිට එළඹෙන ඊළඟ පසළොස්වක දිනය) අද පසළොස්වක දවසයි යනුයි.

දිවි භවානි දිබ‍්බානි, දිබ‍්බානි එත්‍ථ අත්‍ථීති දිබ‍්බා. කානි තානි? රූපානි. තඤ‍්හි රත‍්තිං දෙවානං දසසහස‍්සිලොකධාතුතො සන‍්නිපතිතානං සරීරවත්‍ථාභරණවිමානප‍්පභාහි අබ‍්භාදිඋපක‍්කිලෙසවිරහිතාය චන්‍දප‍්පභාය ච සකලජම‍්බුදීපො අලඞ‍්කතො අහොසි. විසෙසාලඞ‍්කතො ච පරමවිසුද‍්ධිදෙවස‍්ස භගවතො සරීරප‍්පභාය. තෙනාහ “දිබ‍්බා රත‍්ති උපට‍්ඨිතා”ති.

දෙව් විමනක් මෙන් මෙහි බබළයි, යන අරුතින් දිව්‍යා, ඒවා මොනවාද? රූප වේ. ඒ රැය දස දහසක් ලෝක ධාතුවලින් රැස්වූ දෙවිවරුන්ගේ සිරුරු, ඇඳුම්, අබරණ සහ විමන්වල ආලෝකයෙන්ද, වලාකුළු ආදී අවහිරතාවයෙන් මිදුණු සඳෙහි ආලෝකයෙන්ද මුළු දඹදිවම අලංකාරවත් විය. වෙසෙසින්ම අලංකාරවත් වූයේ, දෙවියන්ටත් වඩා අති උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරේ බැබළෙන පැහැයෙනි. දිව්‍යා රත්ති උපට්ඨිතා යැයි එහෙයින් කීය.

එවං රත‍්තිගුණවණ‍්ණනාපදෙසෙනාපි සහායස‍්ස චිත‍්තප‍්පසාදං ජනෙන‍්තො බුද‍්ධුප‍්පාදං කථෙත්‍වා ආහ “අනොමනාමං සත්‍ථාරං, හන්‍ද පස‍්සාම ගොතම”න‍්ති. තත්‍ථ අනොමෙහි අලාමකෙහි සබ‍්බාකාරපරිපූරෙහි ගුණෙහි නාමං අස‍්සාති අනොමනාමො. තථා හිස‍්ස “බුජ‍්ඣිතා සච‍්චානීති බුද‍්ධො, බොධෙතා පජායාති බුද‍්ධො”තිආදිනා (මහානි· 192; චූළනි· පාරායනත්‍ථුතිගාථානිද‍්දෙස 97; පටි· ම· 1.162) නයෙන බුද‍්ධොති අනොමෙහි ගුණෙහි නාමං, “භග‍්ගරාගොති භගවා, භග‍්ගදොසොති භගවා”තිආදිනා (මහානි· 84) නයෙන ච අනොමෙහි ගුණෙහි නාමං. එස නයො “අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො”තිආදීසු. දිට‍්ඨධම‍්මිකාදීසු අත්‍ථෙසු දෙවමනුස‍්සෙ අනුසාසති “ඉමං පජහථ, ඉමං සමාදාය වත‍්තථා”ති සත්‍ථා. අපිච “සත්‍ථා භගවා සත්‍ථවාහො, යථා සත්‍ථවාහො සත‍්තෙ කන‍්තාරං තාරෙතී”තිආදිනා (මහානි· 190) නිද‍්දෙසෙ වුත‍්තනයෙනාපි සත්‍ථා. තං අනොමනාමං සත්‍ථාරං. හන්‍දාති බ්‍යවසානත්‍ථෙ නිපාතො. පස‍්සාමාති තෙන අත‍්තානං සහ සඞ‍්ගහෙත්‍වා පච‍්චුප‍්පන‍්නවචනං. ගොතමන‍්ති ගොතමගොත‍්තං. කිං වුත‍්තං හොති ? “සත්‍ථා, න සත්‍ථා”ති මා විමතිං අකාසි, එකන‍්තබ්‍යවසිතො හුත්‍වාව එහි පස‍්සාම ගොතමන‍්ති.

මෙසේ රෑ කල සොබා වැණුමෙන්ද දේශනයෙන්ද තම සහායකයාගේ සිත පැහැදීම ඇතිකරමින්, බුදුරදුන් ලොව පහළවීම ගැන කියා අනොමනාමං සත්‍ථාරං හන්‍ද පස්සාම ගොතමං යැයි කීය. උසස් වූ, ලාමක නොවූ හැම ලෙසින්ම පිරිපුන් ගුණවලින් සඳහන් කරන අරුතින් අනොම නාමො එසේම ‘ඇති තතු ඇති පරිදිම අවබෝධ කරන ලදින් බුද්ධ නම් වේ. අවබෝධය ලද නිසා බුද්ධ නම් වේ’ ‘බුජ්ඣිතා සච්චානීති බුද්ධො, බොධෙතා පජායාති බුද්ධො’ - රාගය බිඳින ලද හෙයින්, තරහ බිඳ දමන ලද හෙයින් භගවා යන උසස් ගුණ නාමයෙන් යුතුය. අරහ - සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න ආදී ගුණ පිළිබඳවද එසේමය. මෙය දුරු කරව, මෙසේ ජීවිතය පවත්වා ගනුව’යි මේ ජීවිත කාලය තුල දැහැමිව ගතකිරීමට දෙව් මිනිසුන්ට අවවාද, අනුශාසනා කරන බැවින් සත්‍ථා නම් වේ. එමෙන්ම සත්‍ථවාහ නමින්ද හැඳින්වේ. මඟ පෙන්වාදෙන නායකයෙකු යම්සේ කාන්තාරයේ ගමන් කරන්නන් එතර කරනු ලබන්නේ යැයි නිද්දෙසයෙහි දක්වා ඇති පරිදි සත්‍ථා හෙවත් මගපෙන්වන නායකයෙකි. ඒ අනොම නාමං සත්‍ථාරං, හන්‍ද යනු යම් කටයුත්තක නියැලීමේ අදහස දෙන නිපාත පදයකි. පස්සාම (හේමවත) ඔහු තමන් සමග සබඳතා ඇතිකොට, වත්මන් කාලීන අදහස දෙන වචනයකි. ගොතමං ගොතම නම් පරම්පරාවට අයත්, කුමක් නිසා කියන ලදද? මගපෙන්වන නායකයෙකු වූ උන්වහන්සේ පිළිබඳව එසේ නොවේ යැයි සැක නොකරනු, එකම සිතින්, එකම හැඟීමෙන් යුතුව එන්න, පස්සාම ගොතමං

එවං වුත‍්තෙ හෙමවතො “අයං සාතාගිරො ‘අනොමනාමං සත්‍ථාර’න‍්ති භණන‍්තො තස‍්ස සබ‍්බඤ‍්ඤුතං පකාසෙති, සබ‍්බඤ‍්ඤුනො ච දුල‍්ලභා ලොකෙ, සබ‍්බඤ‍්ඤුපටිඤ‍්ඤෙහි පූරණාදිසදිසෙහෙව ලොකො උපද‍්දුතො. සො පන යදි සබ‍්බඤ‍්ඤූ, අද‍්ධා තාදිලක‍්ඛණප‍්පත‍්තො භවිස‍්සති, තෙන තං එවං පරිග‍්ගණ‍්හිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තාදිලක‍්ඛණං පුච‍්ඡන‍්තො ආහ – “කච‍්චි මනො”ති.

මෙසේ කී විට හේමවත, ‘මේ සාතාගිර උසස් නම් ලබා ඇති, මගපෙන්වාදෙන නායකයෙකු ලෙස සියල්ල දන්නා බව පවසයි. සියල්ල දත්තවුන් ලොව දුලබ වෙත්, සියල්ල දන්නා බවට සහතික ඇති පූරණ කසුප් වැනියවුන් ලෝකයෙහි උවදුරකි. මේ කියන තැනැත්තා සියල්ල දන්නේ නම්, ඒකාන්තයෙන්ම කම්පා නොවන බවට (කෙලෙස් රහිත බවට) පත්වූවෙකු විය යුතුය. එහෙයින් මෙසේ විමසිය යුතු යැයි සිතා, ඒ ගැන විචාරමින් කච්චි මනො යන ගාථාව කීය.

තත්‍ථ කච‍්චීති පුච‍්ඡා. මනොති චිත‍්තං. සුපණිහිතොති සුට‍්ඨු ඨපිතො, අචලො අසම‍්පවෙධී. සබ‍්බෙසු භූතෙසු සබ‍්බභූතෙසු. තාදිනොති තාදිලක‍්ඛණප‍්පත‍්තස‍්සෙව සතො. පුච‍්ඡා එව වා අයං “සො තෙ සත්‍ථා සබ‍්බභූතෙසු තාදී, උදාහු නො”ති. ඉට‍්ඨෙ අනිට‍්ඨෙ චාති එවරූපෙ ආරම‍්මණෙ. සඞ‍්කප‍්පාති විතක‍්කා. වසීකතාති වසං ගමිතා. කිං වුත‍්තං හොති? යං ත්‍වං සත්‍ථාරං වදසි, තස‍්ස තෙ සත්‍ථුනො කච‍්චි තාදිලක‍්ඛණප‍්පත‍්තස‍්ස සතො සබ‍්බභූතෙසු මනො සුපණිහිතො, උදාහු යාව චලනපච‍්චයං න ලභති, තාව සුපණිහිතො විය ඛායති. සො වා තෙ සත්‍ථා කච‍්චි සබ‍්බභූතෙසු සමචිත‍්තෙන තාදී, උදාහු නො, යෙ ච ඛො ඉට‍්ඨානිට‍්ඨෙසු ආරම‍්මණෙසු රාගදොසවසෙන සඞ‍්කප‍්පා උප‍්පජ‍්ජෙය්‍යුං, ත්‍යාස‍්ස කච‍්චි වසීකතා, උදාහු කදාචි තෙසම‍්පි වසෙන වත‍්තතීති.

කච්චි විචාරීමයි. මනො සිත, සුපණිහිතො මනාව පුරුදු කරන ලද, ඊට සුදුසු ලෙස තබා ගන්නා ලද, නොසැලෙන, කම්පා නොවන, සබ්බභූතෙසු තාදිනො එබඳු ගුණයෙන් යුතු, ‘ඔබේ ඔය කියන නායකයාණන් සියළු සතුන් කෙරෙහි සම සිතින් කටයුතු කරන්නේද නැද්දැ’යි විමසයි. ඉට්ඨෙ අනිට්ඨෙ ච මෙබඳු අරමුණෙහි සංකප්ප සිතිවිලි, වසීකතා යටතට ගන්නා ලද, කුමක් නිසා කියන ලදද? ඔබ යම් නායක මගපෙන්වන්නකු ගැන කියහිද? ඒ තැනැත්තා කිසියම් නොවෙනස්වන, නොසැලෙන ලෙස සියළු දෙනා කෙරෙහි මනාව පිහිටුවා ගත්තේද, නැතිනම් කම්පාවන, සසලවන කරුණක් ඇතිවනතුරු පමණක් එසේ මනාව සිත කම්පා නොවී ඇතැයිද (මට) වැටහෙයි. ඔබේ ඒ මගපෙන්වන නායකයා කෙසේ සබ්බභූතෙසු සමසිතින් තාදී, නැතිනම් නො, යනුවෙනි. දකින-නොදකින අරමුණු කෙරෙහි රාග දෝස ආදී ලෙසට සිතිවිලි-අදහස් ඇතිකර නොගනීද, ඔහුගේ වසඟයෙහි එසේ තබා ගත්තේද, නැතිනම් ඒවාට යටත්ව පවතීද යනුවෙනි.

තතො සාතාගිරො භගවතො සබ‍්බඤ‍්ඤුභාවෙ බ්‍යවසිතත‍්තා සබ‍්බෙ සබ‍්බඤ‍්ඤුගුණෙ අනුජානන‍්තො ආහ “මනො චස‍්ස සුපණිහිතො”තිආදි. තත්‍ථ සුපණිහිතොති සුට‍්ඨු ඨපිතො, පථවීසමො අවිරුජ‍්ඣනට‍්ඨෙන, සිනෙරුසමො සුප‍්පතිට‍්ඨිතාචලනට‍්ඨෙන, ඉන්‍දඛීලසමො චතුබ‍්බිධමාරපරවාදිගණෙහි අකම‍්පියට‍්ඨෙන. අනච‍්ඡරියඤ‍්චෙතං, භගවතො ඉදානි සබ‍්බාකාරසම‍්පන‍්නත‍්තා සබ‍්බඤ‍්ඤුභාවෙ ඨිතස‍්ස මනො සුපණිහිතො අචලො භවෙය්‍ය. යස‍්ස තිරච‍්ඡානභූතස‍්සාපි සරාගාදිකාලෙ ඡද‍්දන‍්තනාගකුලෙ උප‍්පන‍්නස‍්ස සවිසෙන සල‍්ලෙන විද‍්ධස‍්ස අචලො අහොසි, වධකෙපි තස‍්මිං නප‍්පදුස‍්සි, අඤ‍්ඤදත්‍ථු තස‍්සෙව අත‍්තනො දන‍්තෙ ඡෙත්‍වා අදාසි; තථා මහාකපිභූතස‍්ස මහතියා සිලාය සීසෙ පහටස‍්සාපි තස‍්සෙව ච මග‍්ගං දස‍්සෙසි; තථා විධුරපණ‍්ඩිතභූතස‍්ස පාදෙසු ගහෙත්‍වා සට‍්ඨියොජනෙ කාළපබ‍්බතපපාතෙ පක‍්ඛිත‍්තස‍්සාපි අඤ‍්ඤදත්‍ථු තස‍්සෙව යක‍්ඛස‍්සත්‍ථාය ධම‍්මං දෙසෙසි. තස‍්මා සම‍්මදෙව ආහ සාතාගිරො – “මනො චස‍්ස සුපණිහිතො”ති.

එවිට සාතාගිර, භාග්‍යවතුන් වහන්සේ සියළු දෙයම පිරිසිඳ දන්නා බැවින්, සියළු (රාග දෝසාදිය) තම වසඟයෙහි පවත්නා බැවින් ඒ ගුණ අනුමත කරමින් මනොචස්ස සුපණ්හිතො යැයි කීය. සුපණ්හිතො විරුදුව නොයන අරුතින් මහපොළව මෙන් මනාව පවත්වා ගන්නා ලද, නොසැලෙන අරුතින් මහමෙර මෙන් මැනවින් පිහිටි, සිවුආකාර වූ මාර සේනා වැනි දොස් නගනවුන් හමුවෙහි කම්පා නොවන අරුතින් නුවර දොරටුවෙහි පිහිටුවන ලද කණුවක් සේ සවිමත්ය. මෙසේ සියළු ආකාරයෙන්ම, උසස් ගුණයෙන් යුතුව, සියල්ල දන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ සිත නොවෙනස්ව, මැනවින් පිහිටියේද එය පුදුමයට කරුණු නොවන්නේ, තිරිසන් භවයෙහි ඡද්දන්ත නම් කුලයෙහි ඇතකුව ඉපිද මද වැගිරෙන කාලයෙහිදී විස පොවන ලද හී පහරක් විදින ලද වධකයාටද නොවෙනස්ව අහිතක් නොසිතීමයි. හුදෙක්ම ඔහුට තමන්ගේ කැමැත්තෙන්ම දළ කපා දුන්නේය. එසේ, මහා වඳුරකුව ඉපදිකල මහා ගල් පහර හිසට වැදෙද්දීත්, ඒ පහර දුන් තැනැත්තාටද මග පෙන්වීය. එසේම විදුර පඬිව උපන් කල, දෙපයින් ගෙන කාල පව්වෙහි සැට යොදුනක් වූ මහා බෑවුමෙහි පහළට හෙළනු ලැබූ විටද, හුදෙක්ම ඒ යකුගේම හිතසුව පිණිසම දහම් දෙසීය. එහෙයින් සාතාගිර, මනො චස්ස සුපණිහිතො යැයි කීය.

සබ‍්බභූතෙසු තාදිනොති සබ‍්බසත‍්තෙසු තාදිලක‍්ඛණප‍්පත‍්තස‍්සෙව සතො මනො සුපණිහිතො, න යාව පච‍්චයං න ලභතීති අත්‍ථො . තත්‍ථ භගවතො තාදිලක‍්ඛණං පඤ‍්චධා වෙදිතබ‍්බං. යථාහ –

සබ්බභූතෙසු තාදිනො හැමදෙනා කෙරෙහිම, (හැම දෙයක් කෙරෙහිම) නොසැලෙන සම ගුණයෙන් යුතුව, සිත පිහිටුවා ගැනීමයි. සිවුපසය නොලැබෙන විටද එසේම තේරුම් ගත යුතුයි. එහිලා භාග්‍යවතුන් වහන්සේගේ තාදී ගුණය කරුණු පහකින් දත යුතුය.

“භගවා පඤ‍්චහාකාරෙහි තාදී, ඉට‍්ඨානිට‍්ඨෙ තාදී, චත‍්තාවීති තාදී, මුත‍්තාවීති තාදී, තිණ‍්ණාවීති තාදී, තන‍්නිද‍්දෙසාති තාදී. කථං භගවා ඉට‍්ඨානිට‍්ඨෙ තාදී? භගවා ලාභෙපි තාදී”ති (මහානි· 38). එවමාදි සබ‍්බං නිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව ගහෙතබ‍්බං. ලාභාදයො ච තස‍්ස මහාඅට‍්ඨකථායං විත්‍ථාරිතනයෙන වෙදිතබ‍්බා.

‘භාග්‍යවතුන් වහන්සේ පස් ආකාරයකින් තාදී වෙති. ඉටු අනිටු අරමුණුවලදී කම්පා නොවෙති. කෙලෙසුන් අත්හළ බැවින් සමාන සිත ඇතියහ. සසරින් එතර වූ බැවින් සමාන සිත ඇතියහ. එය පහදා දීමේදී වෙනසක් නොකරති. ඉටු අනිටු අරමුණුවලදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ සමව සිටිත්ද? සිවුපසය ලැබීම ආදියෙහිද තාදී ගුණින් යුතු බව වැනි සියළු කරුණු නිද්දෙසයෙහි කී පරිදි සළකාගත යුතුය. මහ අටුවාවෙහි සඳහන් විස්තර අනුව ලැබීම් ආදී දේ දතයුතුය.

“පුච‍්ඡා එව වා අයං. සො තෙ සත්‍ථා සබ‍්බභූතෙසු තාදී, උදාහු නො”ති ඉමස‍්මිම‍්පි විකප‍්පෙ සබ‍්බභූතෙසු සමචිත‍්තතාය තාදී අම‍්හාකං සත්‍ථාති අත්‍ථො. අයඤ‍්හි භගවා සුඛූපසංහාරකාමතාය දුක‍්ඛාපනයනකාමතාය ච සබ‍්බසත‍්තෙසු සමචිත‍්තො, යාදිසො අත‍්තනි, තාදිසො පරෙසු, යාදිසො මාතරි මහාමායාය, තාදිසො චිඤ‍්චමාණවිකාය, යාදිසො පිතරි සුද‍්ධොදනෙ, තාදිසො සුප‍්පබුද‍්ධෙ, යාදිසො පුත‍්තෙ රාහුලෙ, තාදිසො වධකෙසු දෙවදත‍්තධනපාලකඅඞ‍්ගුලිමාලාදීසු. සදෙවකෙ ලොකෙපි තාදී. තස‍්මා සම‍්මදෙවාහ සාතාගිරො – “සබ‍්බභූතෙසු තාදිනො”ති.

ඒ මග පෙන්වාදෙන නායකයාණන් වහන්සේ ගැන, සබ්බභූතෙසු තාදී නැතිනම් නො යැයි මතය විමසීමේදී අපගේ නායකයාණෝ, සියළු සතුන් කෙරෙහි සමසිත් ඇති බැවින් තාදී ගුණයෙන් යුතු වෙති’යි පහදා දිය යුතුව ඇත. මෙම භාග්‍යවතුන් වහන්සේ, සැප එක්රැස් කරගනු කැමතිවන හෝ දුක නැතිකර ගැනීමට කැමතිවන සියළු සතුන් කෙරෙහි ද තමන් ගැන කටයුතු කරන ආකාරයටම, සමතාවයෙන් සිටිති. මහමායා දේවියට මෙන්ම, චිංචිමාණවිකාවටත් එකසේමය. පියා වූ සුද්ධෝදන (රජුට) ද සුප්පබුද්ධටද එකසේමය. රාහුල පුතුට මෙන්ම (තමාට) හිරිහැර කරන ලද, දේවදත්ත-ධනපාලක ඇතු, අංගුලිමාල හා සදෙව්ලෝ වාසී හැමටම එකසේ සම සිත පවත්වති. එහෙයින් සබ්බභූතෙසු තාදිනො යැයි සාතාගිර මනාව පැවසීය.

අථො ඉට‍්ඨෙ අනිට‍්ඨෙ චාති. එත්‍ථ පන එවං අත්‍ථො දට‍්ඨබ‍්බො – යං කිඤ‍්චි ඉට‍්ඨං වා අනිට‍්ඨං වා ආරම‍්මණං, සබ‍්බප‍්පකාරෙහි තත්‍ථ යෙ රාගදොසවසෙන සඞ‍්කප‍්පා උප‍්පජ‍්ජෙය්‍යුං, ත්‍යාස‍්ස අනුත‍්තරෙන මග‍්ගෙන රාගාදීනං පහීනත‍්තා වසීකතා, න කදාචි තෙසං වසෙ වත‍්තති. සො හි භගවා අනාවිලසඞ‍්කප‍්පො සුවිමුත‍්තචිත‍්තො සුවිමුත‍්තපඤ‍්ඤොති. එත්‍ථ ච සුපණිහිතමනතාය අයොනිසොමනසිකාරාභාවො වුත‍්තො. සබ‍්බභූතෙසු ඉට‍්ඨානිට‍්ඨෙහි සො යත්‍ථ භවෙය්‍ය, තං සත‍්තසඞ‍්ඛාරභෙදතො දුවිධමාරම‍්මණං වුත‍්තං. සඞ‍්කප‍්පවසීභාවෙන තස‍්මිං ආරම‍්මණෙ තස‍්ස මනසිකාරාභාවතො කිලෙසප‍්පහානං වුත‍්තං. සුපණිහිතමනතාය ච මනොසමාචාරසුද‍්ධි, සබ‍්බභූතෙසු තාදිතාය කායසමාචාරසුද‍්ධි, සඞ‍්කප‍්පවසීභාවෙන විතක‍්කමූලකත‍්තා වාචාය වචීසමාචාරසුද‍්ධි. තථා සුපණිහිතමනතාය ලොභාදිසබ‍්බදොසාභාවො , සබ‍්බභූතෙසු තාදිතාය මෙත‍්තාදිගුණසබ‍්භාවො, සඞ‍්කප‍්පවසීභාවෙන පටිකූලෙ අප‍්පටිකූලසඤ‍්ඤිතාදිභෙදා අරියිද‍්ධි, තාය චස‍්ස සබ‍්බඤ‍්ඤුභාවො වුත‍්තො හොතීති වෙදිතබ‍්බො.

අථො ඉට්ඨෙ අනිට්ඨෙ වා මෙහි තේරුම මෙසේ දතයුතුය. ඉටු අනිටු.... කැමති අකැමති යම් අරමුණක, මුළුමනින්ම රාගදෝස ලෙසින් සංකප්පා හැඟීම් හෝ සිතිවිලි උපදවා ගනීද, උතුම් වූ (ඤාණ) මගින් රාගාදිය දුරුකරන ලද හෙයින් වසීකතා කිසිවිටකත් ඒ හැඟීම්වලට වසඟ වී නොපවතී. ඒ භාග්‍යවතුන් වහන්සේ නොකැළඹුණු සිතිවිලි ඇතිව, කෙලෙසින් මිදුණු සිතින්, කෙලෙසින් මිදුණු බව දන්නා නුවණින් යුතු වෙයි. මෙහිදී සිත මනාව පිහිටුවා ගන්නා ලද බැවින් නුවණින් මෙනෙහි කිරීම ගැනද කියන ලදී. සියළු සතුන් පිළිබඳ වූ ඉටු අනිටු අරමුණු කෙරෙහි යම් තැනැත්තෙක් පවත්නා වූ ආකාරය, ඒ ඒ පුද්ගලයන්ගේ හැඩගැසීම (හැසිරීම් රටා) අනුව දෙයාකාර අරමුණු කියන ලදී. හැගීම්-කල්පනාවකට වසඟවන අරමුණෙහි බුදුරජාණන් වහන්සේ මෙනෙහි නොකරන බැවින් කෙලෙස් නැතිකිරිම ගැනද එයින් පැහැදිලි කරන ලදී. මනාව පිහිටුවා ගන්නා ලද සිත අනුව, පිරිසිදු සිත් හසරද, සියළු සතුන් කෙරෙහි එම සිත පවත්නා අයුරින්, පිරිසිදු කය හැසිරවීමද කල්පනාවන්ට යටත්ව මතවාදී නොවන බැවින් පිරිසිදු වචනයෙන් යුතු බැවින්ද, එසේ මනාව පිහිටුවා ගත් සිතෙහි ලෝභාදී සියළු දොස් නැති බැවින් ද සියළු සතුන් කෙරෙහි සමසිත ඇතිව, මෙත් ආදී යහගුණද, හැගීම් යටපත් කරන ලදින් පිළිකුල් දෙයෙහි පිළිකුල් නොවී, උතුම් ඉඳුබලයද නිසා බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කරගත් බව කියන ලදැයි දත යුතුය.

එවං හෙමවතො පුබ‍්බෙ මනොද‍්වාරවසෙනෙව තාදිභාවං පුච‍්ඡිත්‍වා තඤ‍්ච පටිජානන‍්තමිමං සුත්‍වා දළ‍්හීකම‍්මත්‍ථං ඉදානි ද‍්වාරත‍්තයවසෙනාපි, පුබ‍්බෙ වා සඞ‍්ඛෙපෙන කායවචීමනොද‍්වාරසුද‍්ධිං පුච‍්ඡිත්‍වා තඤ‍්ච පටිජානන‍්තමිමං සුත්‍වා දළ‍්හීකම‍්මත්‍ථමෙව විත්‍ථාරෙනාපි පුච‍්ඡන‍්තො ආහ “කච‍්චි අදින‍්න”න‍්ති. තත්‍ථ ගාථාබන්‍ධසුඛත්‍ථාය පඨමං අදින‍්නාදානවිරතිං පුච‍්ඡති. ආරා පමාදම‍්හාති පඤ‍්චසු කාමගුණෙසු චිත‍්තවොස‍්සග‍්ගතො දූරීභාවෙන අබ්‍රහ‍්මචරියවිරතිං පුච‍්ඡති. “ආරා පමදම‍්හා”තිපි පඨන‍්ති, ආරා මාතුගාමාති වුත‍්තං හොති. ඣානං න රිඤ‍්චතීති ඉමිනා පන තස‍්සායෙව තිවිධාය කායදුච‍්චරිතවිරතියා බලවභාවං පුච‍්ඡති. ඣානයුත‍්තස‍්ස හි විරති බලවතී හොතීති.

මෙසේ හේමවත, මුලින් සිත නැමති දොරටුව ලෙසින් තාදී බව විචාරා, ඒ ගැන දැනගැනීමේදී මෙම කරුණු ද අසා, වැඩිදුර තේරුම් ගැනීමේදී, දැන් (කය වචනයද සමග) දොරටු තුනක් සේ දැන, කලින්, කය වචන සිතෙහි පිරිසිදු බව ගැන කෙටියෙන් අසා, ඒ පිළිබඳව තවත් දැනගැනීමට කච්චි අදින්නං යැයි විස්තර විමසීය. එහි ගාථාව බැඳීමේ පහසුව සළකා පළමුකොට නුදුන් දෙය ගැනීමෙන් වැළකීම අසයි. ආරා පමාදම්හා යනුවෙන් පස්කම්හි සිත තදින් මුල්බැස, එයට වසඟ වීමෙන් වැළකී, අබ්‍රහ්මචරියාවෙන් වෙන්වීම ගැන විමසයි. ආරාපම්දම්භා යැයි ද කියති. ආරා යැයි කාන්තාවන් ගැන කියන ලදී. ඣානං න රිඤ්චති දැහැනෙහි නියුතු කෙනෙකුට (ඒවායින්) ඇලීම් රහිත බව බලවත් වේ යැයි තුන් ආකාර වූ කයෙහි දුසිරිතෙන් වැළකීමෙන් ඇතිවන බලවත් බව අසයි.

අථ සාතාගිරො යස‍්මා භගවා න කෙවලං එතරහි, අතීතෙපි අද‍්ධානෙ දීඝරත‍්තං අදින‍්නාදානාදීහි පටිවිරතො, තස‍්සා තස‍්සායෙව ච විරතියා ආනුභාවෙන තං තං මහාපුරිසලක‍්ඛණං පටිලභි, සදෙවකො චස‍්ස ලොකො “අදින‍්නාදානා පටිවිරතො සමණො ගොතමො”තිආදිනා නයෙන වණ‍්ණං භාසති. තස‍්මා විස‍්සට‍්ඨාය වාචාය සීහනාදං නදන‍්තො ආහ “න සො අදින‍්නං ආදියතී”ති. තං අත්‍ථතො පාකටමෙව. ඉමිස‍්සාපි ගාථාය තතියපාදෙ “පමාදම‍්හා පමදම‍්හා”ති ද‍්විධා පාඨො. චතුත්‍ථපාදෙ ච ඣානං න රිඤ‍්චතීති ඣානං රිත‍්තකං සුඤ‍්ඤකං න කරොති, න පරිච‍්චජතීති අත්‍ථො වෙදිතබ‍්බො.

එවිට සාතාගිර, භාග්‍යවතුන් වහන්සේ වත්මනෙහි පමණක් නොව, අතීතයෙහිද සසර ගමනේදී දිගු කලක් නුදුන් දේ ගැනීම ආදියෙන් වැළකුණහ. ඒ වැළකීමේ බලයෙන් ඒ ඒ මහා පුරිස් ලකුණු ලදහ. සදෙව්ලෝ වාසීහු ‘සමණ ගොතමයන් නුදුන් දේ ගැනීමෙන් වැළකුණහ’ ‘අදින්නාදානා පටිවිරතො සමණො ගොතමො’ ආදී ලෙසින් ගුණ වනති. එහෙයින් එය තහවුරු කරන වදනින්, සිංහ නාදයක් කරන්නාක් මෙන් න සො අදින්නං ආදියති යැයි කීය. එහි තේරුම පැහැදිලිය. මේ ගාථාවෙහි තුන්වන පේළිවල පමාදම්හා පමදම්හා යැයි වචන දෙකකි. සිවුවන පේළියෙහි ඣානං න රිඤ්චති දැහැන හිස් නොකරයි, අත්හැර නොදමයි අරුත දතයුතුය.

එවං කායද‍්වාරෙ සුද‍්ධිං සුත්‍වා ඉදානි වචීද‍්වාරෙ සුද‍්ධිං පුච‍්ඡන‍්තො ආහ – “කච‍්චි මුසා න භණතී”ති. එත්‍ථ ඛීණාතීති ඛීණො, විහිංසති බධතීති අත්‍ථො. වාචාය පථො බ්‍යප‍්පථො, ඛීණො බ්‍යප‍්පථො අස‍්සාති ඛීණබ්‍යප‍්පථො. තං න-කාරෙන පටිසෙධෙත්‍වා පුච‍්ඡති “න ඛීණබ්‍යප‍්පථො”ති, න ඵරුසවාචොති වුත‍්තං හොති. “නාඛීණබ්‍යප‍්පථො”තිපි පාඨො, න අඛීණවචනොති අත්‍ථො. ඵරුසවචනඤ‍්හි පරෙසං හදයෙ අඛීයමානං තිට‍්ඨති. තාදිසවචනො කච‍්චි න සොති වුත‍්තං හොති. විභූතීති විනාසො, විභූතිං කාසති කරොති වාති විභූතිකං, විභූතිකමෙව වෙභූතිකං, වෙභූතියන‍්තිපි වුච‍්චති, පෙසුඤ‍්ඤස‍්සෙතං අධිවචනං. තඤ‍්හි සත‍්තානං අඤ‍්ඤමඤ‍්ඤතො භෙදනෙන විනාසං කරොති. සෙසං උත‍්තානත්‍ථමෙව.

මෙසේ කය නම් වූ දොරටුවෙහි පිරිසිදු බව අසා, මීළඟට වචනය නම් දොරටුවෙහි පිරිසිදු බව විමසමින් කච්චි මුසා න භණති කීය. ඛීණ යනු හීන, හිංසා කරයි, බාධා පමුණුවයි යන අරුතයි. වචන මග හෙවත් වාචාය පථ = ව්‍යප්පථො, ඛීණව්‍යප්පථ යන වචනයට ‘න’ කාරයෙන් වළක්වන තේරුම දැක්වීමට යොදමින් න ඛීණව්‍යප්පථො යැයි කියයි. නපුරු වචන නොකියන තේරුමයි. නා ඛීණව්‍යප්පථො යනුවෙන්ද පාඨයකි. නපුරු වචනය අනුගේ හදවතෙහි රැඳී පවතී. එවැනි වචනයක් කෙසේත් උන්වහන්සේ විසින් නොකියන ලදී. විභූති යනු විනාශයයි. වැනසීමක් කරනු ලබයි හෝ කරයි හෝ විභූතිතං, ඒ වචනයම වෙභුතියං, වෙභූතිකං යැයිද කියනු ලැබේ. එය කේලමට සමාන වචනයකි. එය මිනිසුන් එකිනෙකා භේද කිරීමෙන් වැනසීමට පත් කරයි. ඉතිරි වචන පැහැදිලිය.

අථ සාතාගිරො යස‍්මා භගවා න කෙවලං එතරහි, අතීතෙපි අද‍්ධානෙ දීඝරත‍්තං මුසාවාදාදීහි පටිවිරතො, තස‍්සා තස‍්සායෙව ච විරතියා ආනුභාවෙන තං තං මහාපුරිසලක‍්ඛණං පටිලභි, සදෙවකො චස‍්ස ලොකො “මුසාවාදා පටිවිරතො සමණො ගොතමො”ති වණ‍්ණං භාසති. තස‍්මා විස‍්සට‍්ඨාය වාචාය සීහනාදං නදන‍්තො ආහ, “මුසා ච සො න භණතී”ති. තත්‍ථ මුසාති විනිධාය දිට‍්ඨාදීනි පරවිසංවාදනවචනං. තං සො න භණති. දුතියපාදෙ පන පඨමත්‍ථවසෙන න ඛීණබ්‍යප‍්පථොති, දුතියත්‍ථවසෙන නාඛීණබ්‍යප‍්පථොති පාඨො. චතුත්‍ථපාදෙ මන‍්තාති පඤ‍්ඤා වුච‍්චති. භගවා යස‍්මා තාය මන‍්තාය පරිච‍්ඡින්‍දිත්‍වා අත්‍ථමෙව භාසති අත්‍ථතො අනපෙතවචනං, න සම‍්ඵං . අඤ‍්ඤාණපුරෙක‍්ඛාරඤ‍්හි නිරත්‍ථකවචනං බුද‍්ධානං නත්‍ථි. තස‍්මා ආහ – “මන‍්තා අත්‍ථං සො භාසතී”ති. සෙසමෙත්‍ථ පාකටමෙව.

එවිට සාතාගිර, භාග්‍යවතුන් වහන්සේ දැන් පමණක් නොව, අතීතයෙහිදී සසර ගමනේ දිගුකලක් බොරුකීම් ආදියෙන් වෙන්වූයේ ඒ වැළකීමේ බලයෙන් ඒ ඒ මහපුරිස් ලකුණු ලද සේක. සදෙව්ලෝ වාසීහු උන්වහන්සේට ‘සමණ ගොතම බොරු කීමෙන් වැළකුණහ’යි මුසාවාදා පටිවිරතො සමණො ගොතමො යනුවෙන් ගුණ වණති. එහෙයින් එය තහවුරු කරන වචනයෙන් සිංහනාද කරමින් මුසා ච යො න භණ්ති යැයි කීය. එය මුසා යනු දුටු දේ ආදියෙහි වැරදි සේ සළකා අනික් තැනැත්තන් මුළාකරන - රවටන වචනයකි. එබඳු වචන සො න භණ්ති දෙවන පාදය මුලින් අරුත් ගෙන, න ඛීණව්‍යප්පථො දෙවන අරුත ලෙසින් නා ඛීණව්‍යප්පථො යැයිද පාඨයකි. සිවුවන පේලියෙහි මන්තා යනු නුවණට කියයි. භාග්‍යවතුන් වහන්සේ එබඳු බොරු වචන හැරදමා, අත්‍ථං නිවැරදි දෙයම භාසති අරුත් සහිත, ඉවත දැමිය නොහැකි වචනම පවසති. අනුවණ බව පෙරටුවන, පලදායී නොවන වචන බුදුවරුන්ට නැත. එහෙයින් මන්තා අත්‍ථං සො භාසති යැයි කීය. ඉතිරි අරුත් පැහැදිලිය.

එවං වචීද‍්වාරසුද‍්ධිම‍්පි සුත්‍වා ඉදානි මනොද‍්වාරසුද‍්ධිං පුච‍්ඡන‍්තො ආහ “කච‍්චි න රජ‍්ජති කාමෙසූ”ති. තත්‍ථ කාමාති වත්‍ථුකාමා. තෙසු කිලෙසකාමෙන න රජ‍්ජතීති පුච‍්ඡන‍්තො අනභිජ‍්ඣාලුතං පුච‍්ඡති. අනාවිලන‍්ති පුච‍්ඡන‍්තො බ්‍යාපාදෙන ආවිලභාවං සන්‍ධාය අබ්‍යාපාදතං පුච‍්ඡති. මොහං අතික‍්කන‍්තොති පුච‍්ඡන‍්තො යෙන මොහෙන මූළ‍්හො මිච‍්ඡාදිට‍්ඨිං ගණ‍්හාති, තස‍්සාතික‍්කමෙන සම‍්මාදිට‍්ඨිතං පුච‍්ඡති. ධම‍්මෙසු චක‍්ඛුමාති පුච‍්ඡන‍්තො සබ‍්බධම‍්මෙසු අප‍්පටිහතස‍්ස ඤාණචක‍්ඛුනො, පඤ‍්චචක‍්ඛුවිසයෙසු වා ධම‍්මෙසු පඤ‍්චන‍්නම‍්පි චක‍්ඛූනං වසෙන සබ‍්බඤ‍්ඤුතං පුච‍්ඡති “ද‍්වාරත‍්තයපාරිසුද‍්ධියාපි සබ‍්බඤ‍්ඤූ න හොතී”ති චින‍්තෙත්‍වා.

මෙසේ වචනය නැමති දොරටුවෙහි පිරිසිදු බව අසා, මීළඟට සිත නැමති දොරටුවෙහි පිරිසිදු බව විමසමින් කච්චි න රජ්ජති කාමෙසු යැයි කීය. එහි කාමා යන්නෙන් වත්‍ථුකාම හෙවත් ඒ ඒ දෙයට ඇති තදබල කැමැත්ත ගැනේ. ඒවා කෙරෙහි කෙලෙස් සිතිවිලි ඇතිව නොඇලේදැයි ‘දැඩි ආසා රහිත බව ගැන අසයි. අනාවිලං තරහෙන් (සිත) නොකැළඹුණු බව සළකා, තරහ නොමැති වීම ගැන අසයි. මොහං අතික්කන්තො යම් කෙනෙකු කරුණු හරිහැටි තේරුම් නොගැනීමෙන් මුළා වී වැරදි අදහස් දරනු ලබයි. එය ඉවත් කිරීමෙන්, නිවැරදි දැකීම පිළිබඳව අසයි. ධම්මෙසු චක්‍ඛුමා යැයි අසන්නේ, සියළු දේ කෙරෙහි නොගැටෙන නැණසින්, ඇස් කන් ආදී පසිඳුරන් හා ගෝචරවන රූපාදී අරමුණු පහ කෙරෙහි සියල්ල දන්නා බව පිළිබඳවයි. කය ආදී දොරටු තුනෙහි පිරිසිදු බවම නොවේයැයි සිතීය.

අථ සාතාගිරො යස‍්මා භගවා අප‍්පත්‍වාව අරහත‍්තං අනාගාමිමග‍්ගෙන කාමරාගබ්‍යාපාදානං පහීනත‍්තා නෙව කාමෙසු රජ‍්ජති, න බ්‍යාපාදෙන ආවිලචිත‍්තො, සොතාපත‍්තිමග‍්ගෙනෙව ච මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයස‍්ස සච‍්චපටිච‍්ඡාදකමොහස‍්ස පහීනත‍්තා මොහං අතික‍්කන‍්තො, සාමඤ‍්ච සච‍්චානි අභිසම‍්බුජ‍්ඣිත්‍වා බුද‍්ධොති විමොක‍්ඛන‍්තිකං නාමං යථාවුත‍්තානි ච චක‍්ඛූනි පටිලභි, තස‍්මා තස‍්ස මනොද‍්වාරසුද‍්ධිං සබ‍්බඤ‍්ඤුතඤ‍්ච උග‍්ඝොසෙන‍්තො ආහ “න සො රජ‍්ජති කාමෙසූ”ති.

ඉක්බිති සාතාගිර, භාග්‍යවතුන් වහන්සේ අරහත් බවට නොපැමිණ, අනාගාමි මගින්, කාමරාගය තරහව නැති කළ බැවින්, මෝහය ඉක්මවමින්, තමා විසින්ම ඇති තතු - ඇත්ත අවබෝධ කොට, සියළු කෙලෙසුන්ගෙන් මිදුණු, බුද්ධ යැයි හඳුන්වන (පඤ්ඤා) ඇස් ලැබූහ. ඒ ආකාරයෙන් සිත හැසිරවීමේ නිවැරදි පිරිසිදු බවද, සියල්ල දන්නා බවද න සො රජ්ජති කාමෙසු යැයි හඬනගා කීය.

එවං හෙමවතො භගවතො ද‍්වාරත‍්තයපාරිසුද‍්ධිං සබ‍්බඤ‍්ඤුතඤ‍්ච සුත්‍වා හට‍්ඨො උදග‍්ගො අතීතජාතියං බාහුසච‍්චවිසදාය පඤ‍්ඤාය අසජ‍්ජමානවචනප‍්පථො හුත්‍වා අච‍්ඡරියබ‍්භුතරූපෙ සබ‍්බඤ‍්ඤුගුණෙ සොතුකාමො ආහ “කච‍්චි විජ‍්ජාය සම‍්පන‍්නො”ති. තත්‍ථ විජ‍්ජාය සම‍්පන‍්නොති ඉමිනා දස‍්සනසම‍්පත‍්තිං පුච‍්ඡති, සංසුද‍්ධචාරණොති ඉමිනා ගමනසම‍්පත‍්තිං. ඡන්‍දවසෙන චෙත්‍ථ දීඝං කත්‍වා චාකාරමාහ, සංසුද‍්ධචරණොති අත්‍ථො. ආසවා ඛීණාති ඉමිනා එතාය දස‍්සනගමනසම‍්පත‍්තියා පත‍්තබ‍්බාය ආසවක‍්ඛයසඤ‍්ඤිතාය පඨමනිබ‍්බානධාතුයා පත‍්තිං පුච‍්ඡති, නත්‍ථි පුනබ‍්භවොති ඉමිනා දුතියනිබ‍්බානධාතුපත‍්තිසමත්‍ථතං, පච‍්චවෙක‍්ඛණඤාණෙන වා පරමස‍්සාසප‍්පත‍්තිං ඤත්‍වා ඨිතභාවං.

මෙසේ හේමවත භාග්‍යවතුන් වහන්සේගේ කය සිත වචනය යන දොරටු තුනෙහිම පිරිසිදු බවද, සියල්ල දන්නා බවද අසා තුටු පහටුව පෙර ජාතියෙහි බොහෝ සෙයින්ම ඇත්ත කීමටම මුල්තැන දෙමින්, නුවණින් යුතුව, නොගැටෙන වචන කතා කරමින්, ඇදහිය නොහැකි තරම් පුදුම සහගත සියල්ල දන්නා ගුණ අසනු කැමතිව, කච්චි විජ්ජාය සම්පන්නො යැයි කීය. විජ්ජාය සම්පන්නො යනු මෙම දක්නා ලද සඵලතාවය - ලද උසස් දැක්මෙහි අගය ගැන අසයි. සංසුද්ධචාරණො මේ (සසර) ගමනෙහි සාරවත් සඵල බවයි. ඡන්‍දස් ලෙසින් මෙහි ‘ච’ කාරය දිගුකොට කීය. පිරිසිදු හැසිරීම යන තේරුමයි. ආසවා ඛීණ මේ දැකීමෙන් හා සසර ගමනින් පැමිණිය යුතු කෙලෙසුන් නැසීම යැයි කියන ලද පළමු නිවනට පත්වීම (සෝපාදිසෙස) ගැන අසයි. නත්‍ථි පුනබ්භවො යැයි මෙම දෙවන නිවනට (අනුපාදිසෙස) පත්වීමේ හැකියාව විමසුම් නුවණින් හෝ පරම සැනසීමට පැමිණි බව හෝ දැන,

තතො යා එසා “සො අනෙකවිහිතං පුබ‍්බෙනිවාස”න‍්තිආදිනා (ම· නි· 1.52) නයෙන භයභෙරවාදීසු තිවිධා, “සො එවං සමාහිතෙ චිත‍්තෙ…පෙ… ආනෙඤ‍්ජප‍්පත‍්තෙ ඤාණදස‍්සනාය චිත‍්තං අභිනීහරතී”තිආදිනා (දී· නි· 1.279) නයෙන අම‍්බට‍්ඨාදීසු අට‍්ඨවිධා විජ‍්ජා වුත‍්තා, තාය යස‍්මා සබ‍්බායපි සබ‍්බාකාරසම‍්පන‍්නාය භගවා උපෙතො. යඤ‍්චෙතං “ඉධ, මහානාම, අරියසාවකො සීලසම‍්පන‍්නො හොති, ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො හොති, භොජනෙ මත‍්තඤ‍්ඤූ හොති , ජාගරියං අනුයුත‍්තො හොති, සත‍්තහි සද‍්ධම‍්මෙහි සමන‍්නාගතො හොති, චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොතී”ති එවං උද‍්දිසිත්‍වා “කථඤ‍්ච, මහානාම, අරියසාවකො සීලසම‍්පන‍්නො හොතී”තිආදිනා (ම· නි· 2.24) නයෙන සෙඛසුත‍්තෙ නිද‍්දිට‍්ඨං පන‍්නරසප‍්පභෙදං චරණං. තඤ‍්ච යස‍්මා සබ‍්බූපක‍්කිලෙසප‍්පහානෙන භගවතො අතිවිය සංසුද‍්ධං. යෙපිමෙ කාමාසවාදයො චත‍්තාරො ආසවා, තෙපි යස‍්මා සබ‍්බෙ සපරිවාරා සවාසනා භගවතො ඛීණා. යස‍්මා ච ඉමාය විජ‍්ජාචරණසම‍්පදාය ඛීණාසවො හුත්‍වා තදා භගවා “නත්‍ථි දානි පුනබ‍්භවො”ති පච‍්චවෙක‍්ඛිත්‍වා ඨිතො, තස‍්මා සාතාගිරො භගවතො සබ‍්බඤ‍්ඤුභාවෙ බ්‍යවසායෙන සමුස‍්සාහිතහදයො සබ‍්බෙපි ගුණෙ අනුජානන‍්තො ආහ “විජ‍්ජාය චෙව සම‍්පන‍්නො”ති.

ඒ අනුව, ‘ඒ තැනැත්තා පෙර තමන් පෙර ඉපිද සිටි තැන් විමසා බැලීම’ ආදී ලෙසින් ‘සො අනෙක විහිතං පුබ්බෙනිවාසං...’ භයභෙරව සූත්‍රයෙහි දැක්වූ තුන් ආකාරයද, ‘ඒ තැනැත්තා සිත එකඟ වූ කල්හි..... කම්පා නොවන බවට පත් වූ විට නුවණින් (ඇති තතු) දැකීම පිණිස සිත යොමු කරයි’. සො එවං සමාහිතෙ චිත්තෙ, -පෙ- ආනෙජ්ජප්පත්තෙ ඤාණදස්නාය චිත්තං අභිනීහරති ආදී ලෙසින් අම්බට්ඨ සූත්‍රාදියෙහි දැක්වූ අට ආකාර වූ විදුනැණ (ලබයි) එහිදී සියළුම දේ නියම ලෙසින් දැනගත හැකි බවට පත්වීමට භාග්‍යවතුන් වහන්සේ (මේ කරුණුවලින්) සපුරා තිබිය යුතු බව දක්වති. ‘මහානාම, මේ ලෝකයෙහි තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා සිල්වත් බවට පත්වූයේද, ඉඳුරන් නැමති දොරටු රැක ගත්තේද, ආහාර ගැනීමේදී තමාට සෑහෙන පමණ දන්නේ වේද, කෙලෙස් නැති කිරිමෙහි අවදියෙන් (මනා සිහිනුවණින්) සිටිත්ද සත්ආකාර වූ යහපත් කරුණුවලින් යුතුද, උසස් සිතිවිලිවලින් හෙබි, සිවුවන දැහැන පහසුවෙන්ම මේ ජීවිතය තුලදීම ලැබ එසේ සැප විහරණයෙහි යෙදෙන්නන් අතරට එක්වෙයි. මෙසේ කරුණු දක්වා, ‘මහානාම, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා සිල්වත් බවට පත්වන්නේ කෙසේද?’ යැයි සෙඛ සූත්‍රයේ දැක්වූ පසළොස් චරණ කරුණුද, සියළුම කෙලෙස් නැති කිරීමෙන්, භාග්‍යවතුන් වහන්සේගේ අති පිරිසිදු බවද, කාමයන්හි සතුටු වීමක් හෝ සතරාකාර ආසවවලින්ද තොරව, මුළුමනින්ම පෙර භවයන්හි පුරුදු පුහුණු යහගුණවලින් ඉදිරි භවයක පැවැත්මට ඇති ඉඩකඩද (වාසනා) නැති කළ සේක. මෙම විජ්ජාචරණ ගුණයෙන් කෙලෙසුන් නසන ලද උතුමෙකු බවට පත්ව, එවිට භාග්‍යවතුන් වහන්සේ දැන් නැවත ඉපදීමක් නැතැ’යි තහවුරු කළහ. එහෙයින් සාතාගිර, උන්වහන්සේගේ සියල්ල දන්නා නුවණ කෙරෙහි උනන්දු වීමෙන් තවත් දිරිමත්ව, ඒ සියළු ගුණ අනුමත කරමින් විජ්ජාය චෙව සම්පන්නො යැයි කීය.

තතො හෙමවතො “සම‍්මාසම‍්බුද‍්ධො භගවා”ති භගවති නික‍්කඞ‍්ඛො හුත්‍වා ආකාසෙ ඨිතොයෙව භගවන‍්තං පසංසන‍්තො සාතාගිරඤ‍්ච ආරාධෙන‍්තො ආහ “සම‍්පන‍්නං මුනිනො චිත‍්ත”න‍්ති. තස‍්සත්‍ථො – සම‍්පන‍්නං මුනිනො චිත‍්තං, “මනො චස‍්ස සුපණිහිතො”ති එත්‍ථ වුත‍්තතාදිභාවෙන පුණ‍්ණං සම‍්පුණ‍්ණං, “න සො අදින‍්නං ආදියතී”ති එත්‍ථ වුත‍්තකායකම‍්මුනා, “න සො රජ‍්ජති කාමෙසූ”ති එත්‍ථ වුත‍්තමනොකම‍්මුනා ච පුණ‍්ණං සම‍්පුණ‍්ණං, “මුසා ච සො න භණතී”ති එත්‍ථ වුත‍්තබ්‍යප‍්පථෙන ච වචීකම‍්මුනාති වුත‍්තං හොති. එවං සම‍්පන‍්නචිත‍්තඤ‍්ච අනුත‍්තරාය විජ‍්ජාචරණසම‍්පදාය සම‍්පන‍්නත‍්තා විජ‍්ජාචරණසම‍්පන‍්නඤ‍්ච ඉමෙහි ගුණෙහි “මනො චස‍්ස සුපණිහිතො”තිආදිනා නයෙන ධම‍්මතො නං පසංසසි, සභාවතො තච‍්ඡතො භූතතො එව නං පසංසසි, න කෙවලං සද‍්ධාමත‍්තකෙනාති දස‍්සෙති.

එවිට හේමවත, සම්මා සම්බුදුරජාණන් වහන්සේ භගවත් යැයි නිසැකවම දැන, අහසෙහි සිටම, උන්වහන්සේ පසසමින් සාතාගිරද මැනවින් සතුටු කරමින්, සම්පන්නං මුනිනො චිත්තං යැයි කීය. එහි තේරුම නම් බුදුරජාණන් වහන්සේ සිත මනාව පිහිටුවා ගත් අයුරු මෙහි දැක්වූ පරිදි නොවෙනස්වන, කම්පානොවන බවයි. උන්වහන්සේ නොදුන් දේ නොගන්නාහ. කය වෙහෙසා කරන එම කටයුතු කම්මනා (යන වචනයට) ‘උන්වහන්සේ කාමයන්හි නොඇලෙති යනුවෙන් සිතින් කෙරෙන කටයුතුද (මනො) කම්මනා ද ‘උන්වහන්සේ බොරු නොකියති’ යනුවෙන් මෙහි කියන ලද ව්‍යප්පථෙන ච වචනයෙන් කෙරෙන කටයුතු ගැනද සඳහන් වෙයි. මෙසේ ගුණ සපිරුණු සිතද, අතිඋතුම් විජ්ජාචරණ ගුණ යුතු බැවින්ද විජ්ජාචරණ සම්පන්නං වෙති. මෙම ගුණවලින් ‘උන්වහන්සේගේ සිත මනාව සකස් වූයේ’ යැයි ධම්මතො නං පසංසසි ඇති සැටියෙන්, ඇති තතු පරිද්දෙන්ම, ඇත්තටම, ඔබ උන්වහන්සේ දුටුවෙහිය. ඇදහීමෙන් පමණක්ම නොවේ.

තතො සාතාගිරොපි “එවමෙතං, මාරිස, සුට‍්ඨු තයා ඤාතඤ‍්ච අනුමොදිතඤ‍්චා”ති අධිප‍්පායෙන තමෙව සංරාධෙන‍්තො ආහ – “සම‍්පන‍්නං මුනිනො…පෙ… ධම‍්මතො අනුමොදසී”ති. එවඤ‍්ච පන වත්‍වා පුන භගවතො දස‍්සනෙ තං අභිත්‍ථවයමානො ආහ “සම‍්පන‍්නං…පෙ… හන්‍ද පස‍්සාම ගොතම”න‍්ති.

එහිදී සාතාගිරද, ‘එසේය, සිරිමතුනි, ඔබ මැනවින් දැනගෙනම (උන්වහන්සේ) පිළිගන්නා ලදැයි යන අදහසින් ඔහු සතුටු කරමින්, සම්පන්නං මුනිනො -පෙ- ධම්මතො අනුමොදසි යැයි කීය. මෙසේද කියා භාග්‍යවතුන් වහන්සේ දැකීමෙහි ඔහු යුහුසුළුව මෙහෙයවමින් සම්පන්නං -පෙ- හන්‍ද පස්සාම ගොතමං යැයි කීය.

අථ හෙමවතො අත‍්තනො අභිරුචිතගුණෙහි පුරිමජාතිබාහුසච‍්චබලෙන භගවන‍්තං අභිත්‍ථුනන‍්තො සාතාගිරං ආහ – “එණිජඞ‍්ඝං…පෙ… එහි පස‍්සාම ගොතම”න‍්ති. තස‍්සත්‍ථො – එණිමිගස‍්සෙව ජඞ‍්ඝා අස‍්සාති එණිජඞ‍්ඝො. බුද‍්ධානඤ‍්හි එණිමිගස‍්සෙව අනුපුබ‍්බවට‍්ටා ජඞ‍්ඝා හොන‍්ති, න පුරතො නිම‍්මංසා පච‍්ඡතො සුසුමාරකුච‍්ඡි විය උද‍්ධුමාතා. කිසා ච බුද‍්ධා හොන‍්ති දීඝරස‍්සසමවට‍්ටිතයුත‍්තට‍්ඨානෙසු තථාරූපාය අඞ‍්ගපච‍්චඞ‍්ගසම‍්පත‍්තියා, න වඨරපුරිසා විය ථූලා. පඤ‍්ඤාය විලිඛිතකිලෙසත‍්තා වා කිසා. අජ‍්ඣත‍්තිකබාහිරසපත‍්තවිද‍්ධංසනතො වීරා. එකාසනභොජිතාය පරිමිතභොජිතාය ච අප‍්පාහාරා, න ද‍්වත‍්තිමත‍්තාලොපභොජිතාය. යථාහ –

ඉක්බිති හේමවත තමා වඩා කැමති ගුණවලින් හා පෙර ජාතීන්හි බොහෝ ඇසූ පිරූ තැන් ඇති හෙයින්ද භාග්‍යවතුන් වහන්සේට තුති පැසසුම් කරමින් එණිජංඝං -පෙ- එහි පස්සාම ගොතමං යයි කීය. එහි තේරුම නම්, එණි නම් වූ මුවකුගේ හා සමාන කෙණ්ඩා පිහිටි එණිජංඝො, බුදුවරුන්ට එණිමුවාට මෙන් අනුපිළිවෙලින් වටව පිහිටි කෙණ්ඩා ඇත. ඉදිරි කොටස මසින් නොපිරී ඇති අතර, පසු කොටස කිඹුලකුගේ උදරය මෙන් පිම්බුණු බවක් නැත. කිසා දික්ව, කෙටිව, සමව හා වටව පිහිටිය යුතු ඒ ඒ අඟපසඟ, බොහෝ මිනිසුන්ගේ මෙන් තරව (මහත්ව) පිහිටීමක් බුදුවරුන්ට නැත. තියුණු නුවණින් කෙලෙස් සූරා දැමීමෙන් හෝ, කිසා නම් වේ. තමාගේද පිටත ද (කෙලෙස්) සතුරන් බිඳින ලදින් වීරා එක් වේලක් ආහාර ගැනීමද, පමණ දැන ආහාර ගැනීමද අප්පා හාරා වෙයි. අහර පිඬක් දෙවරක් අනුභව නොකෙරේ. එසේ හෙයින් කියන ලදී -

“අහං ඛො පන, උදායි, අප‍්පෙකදා ඉමිනා පත‍්තෙන සමතිත‍්තිකම‍්පි භුඤ‍්ජාමි, භිය්‍යොපි භුඤ‍්ජාමි. ‘අප‍්පාහාරො සමණො ගොතමො අප‍්පාහාරතාය ච වණ‍්ණවාදී’ති ඉති චෙ මං, උදායි, සාවකා සක‍්කරෙය්‍යුං, ගරුං කරෙය්‍යුං, මානෙය්‍යුං, පූජෙය්‍යුං, සක‍්කත්‍වා, ගරුං කත්‍වා, උපනිස‍්සාය විහරෙය්‍යුං. යෙ තෙ, උදායි, මම සාවකා කොසකාහාරාපි අඩ‍්ඪකොසකාහාරාපි බෙලුවාහාරාපි අඩ‍්ඪබෙලුවාහාරාපි, න මං තෙ ඉමිනා ධම‍්මෙන සක‍්කරෙය්‍යුං…පෙ… උපනිස‍්සාය විහරෙය්‍යු”න‍්ති (ම· නි· 2.242).

‘උදායී, මම ඇතැම්විට මේ පාත්‍රයෙන් මුවවිට දක්වා පුරවා අනුභව කරමි. ඊට වැඩියෙනුත් අනුභව කරමි. සමණ ගොතම අඩු ආහාරයෙන් යැපෙයි. අඩුවෙන් ආහාර ගැනීමෙහි යහපත අගය කරතියි ශ්‍රාවකයෝ මට සත්කාර කරන්නාහ, ගරු කරන්නාහ, බුහුමන් කරන්නාහ, පූජා කරන්නාහ, සත්කාර කොට, ගරුකොට, ඒ ඇසුරුකොට වාසය කරති. උදායී, මාගේ ශ්‍රාවකයෝ කුඩා කෝප්පයක් පමණ ආහාරයෙන්ද, එයින් අඩක් පමණ ආහාරයෙන් ද, බෙලි ගෙඩියක අහරින්ද, බෙලි ගෙඩියක අඩක් පමණ ආහාරයෙන්ද (මා යැපෙන්නේ නම්) මට මේ ආකාරයෙන් සත්කාර නොකරති. ඒ ඇසුරුකොට නොවසති.

ආහාරෙ ඡන්‍දරාගාභාවෙන අලොලුපා අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං ආහාරං ආහාරෙන‍්ති මොනෙය්‍යසම‍්පත‍්තියා මුනිනො. අනගාරිකතාය විවෙකනින‍්නමානසතාය ච වනෙ ඣායන‍්ති. තෙනාහ හෙමවතො යක‍්ඛො “එණිජඞ‍්ඝං…පෙ… එහි පස‍්සාම ගොතම”න‍්ති.

ආහාරයෙහි දැඩි ඇල්මක් නොමැති බව අලොලුපා, කරුණු අටක් සපුරන ආහාර ගනිති. උසස් හික්මීමෙන් යුතු වූයේ මුනිනො ගිහිගෙයින් නික්ම, අනගාරික ජීවිතයත්, විවේකී වූ, සන්සුන් මනසින් යුතුව වනෙ ඣායන්ති එහෙයින් හෙමවත යකු එනිජංඝං -පෙ- එහි පස්සාම ගොතමං යැයි කීය.

එවඤ‍්ච වත්‍වා පුන තස‍්ස භගවතො සන‍්තිකෙ ධම‍්මං සොතුකාමතාය “සීහංවෙකචර”න‍්ති ඉමං ගාථමාහ. තස‍්සත්‍ථො – සීහංවාති දුරාසදට‍්ඨෙන ඛමනට‍්ඨෙන නිබ‍්භයට‍්ඨෙන ච කෙසරසීහසදිසං. යාය තණ‍්හාය “තණ‍්හාදුතියො පුරිසො”ති වුච‍්චති, තස‍්සා අභාවෙන එකචරං, එකිස‍්සා ලොකධාතුයා ද‍්වින‍්නං බුද‍්ධානං අනුප‍්පත‍්තිතොපි එකචරං. ඛග‍්ගවිසාණසුත‍්තෙ වුත‍්තනයෙනාපි චෙත්‍ථ තං තං අත්‍ථො දට‍්ඨබ‍්බො. නාගන‍්ති පුනබ‍්භවං නෙව ගන‍්තාරං නාගන‍්තාරං. අථ වා ආගුං න කරොතීතිපි නාගො. බලවාතිපි නාගො. තං නාගං. කාමෙසු අනපෙක‍්ඛිනන‍්ති ද‍්වීසුපි කාමෙසු ඡන්‍දරාගාභාවෙන අනපෙක‍්ඛිනං. උපසඞ‍්කම‍්ම පුච‍්ඡාම, මච‍්චුපාසප‍්පමොචනන‍්ති තං එවරූපං මහෙසිං උපසඞ‍්කමිත්‍වා තෙභූමකවට‍්ටස‍්ස මච‍්චුපාසස‍්ස පමොචනං විවට‍්ටං නිබ‍්බානං පුච‍්ඡාම. යෙන වා උපායෙන දුක‍්ඛසමුදයසඞ‍්ඛාතා මච‍්චුපාසා පමුච‍්චති, තං මච‍්චුපාසප‍්පමොචනං පුච‍්ඡාමාති. ඉමං ගාථං හෙමවතො සාතාගිරඤ‍්ච සාතාගිරපරිසඤ‍්ච අත‍්තනො පරිසඤ‍්ච සන්‍ධාය ආහ.

මෙසේද කියා, ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසනු කැමතිව, සීහං වෙකචරං යන මේ ගාථාව කීය. එහි තේරුම නම් සීහං වා ළංවීමට අපහසු, ඉවසා දරා සිටින බැවින්ද, බය නැති හෙයින්ද කෙසුරු සහිත සිංහයෙකු වැනිය. යම් ආකාර වූ තණ්හා ආසා හැඟීම් ඇති නිසා තණ්හාව මිනිසාගේ දෙවැන්නකු ‘තණ්හා දුතියො පුරිසො’ ලෙස දැක්වේ. ඒ තණ්හාව නොමැති හෙයින් එකචරං, එක් ලෝක ධාතුවෙක බුදුවරුන් දෙදෙනෙකු උපදින්නේ නැති හෙයින්ද එකචරං වෙයි. ඛග්ගවිසාණ සූත්‍රයෙහි කියා ඇති පරිදි ද මෙහි තේරුම් දත යුතුය. නාගං නැවත ඉපදීමක් නොවන්නේය. නැතහොත් අපරාධයක් නොකරයි යනුවෙන් ද නාගො, බලවත් බවින්ද නාගො නම් වේ. ඒ නාගයා (හෙවත් රහතන් වහන්සේ) කාමෙසු අනපෙක්‍ඛිනං කැමැත්ත ඇතිකරන දෙයාකාර වූ දෙයෙහි දැඩි ආසා, බලාපොරොත්තු නොමැති, උපසංකම්ම පුච්ඡාම මච්චුපාසප්පමොචනං මෙබඳු උසස් ඉසිවරයෙකු බඳු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ, තුන් භවයෙහි සසර සැරිසරන්නන්ට මරණය නැමති උගුලෙන් මිදෙන, සසර ගමන අහුරන, නිවන ගැන අසමු. දුක හටගන්නේ යැයි කියනු ලබන මරණය නම් උගුලෙන් යම් උපායකින් මිදෙත්ද, ඒ මර උගුලෙන් මිදීම අසමුයි මේ ගාථාව හේමවත සාතාගිරටද සාතාගිර පිරිසටද, හේමවතගේ පිරිස වෙනුවෙන්ද කීය.

තෙන ඛො පන සමයෙන ආසාළ‍්හීනක‍්ඛත‍්තං ඝොසිතං අහොසි. අථ සමන‍්තතො අලඞ‍්කතපටියත‍්තෙ දෙවනගරෙ සිරිං පච‍්චනුභොන‍්තී විය රාජගහෙ කාළී නාම කුරරඝරිකා උපාසිකා පාසාදමාරුය‍්හ සීහපඤ‍්ජරං විවරිත්‍වා ගබ‍්භපරිස‍්සමං විනොදෙන‍්තී සවාතප‍්පදෙසෙ උතුග‍්ගහණත්‍ථං ඨිතා තෙසං යක‍්ඛසෙනාපතීනං තං බුද‍්ධගුණපටිසංයුත‍්තං කථං ආදිමජ‍්ඣපරියොසානතො අස‍්සොසි. සුත්‍වා ච “එවං විවිධගුණසමන‍්නාගතා බුද‍්ධා”ති බුද‍්ධාරම‍්මණං පීතිං උප‍්පාදෙත්‍වා තාය නීවරණානි වික‍්ඛම‍්භෙත්‍වා තත්‍ථෙව ඨිතා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි. තතො එව භගවතා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවිකානං උපාසිකානං අනුස‍්සවප‍්පසන‍්නානං, යදිදං කාළී උපාසිකා කුරරඝරිකා”ති (අ· නි· 1.267) එතදග‍්ගෙ ඨපිතා.

ඒ කාලයෙහි රජගහනුවර ඇසළ නැකැත් උළෙල දන්වන ලද්දේය. එවිට මුළු නගරය පුරාම අලංකාරව සරසන ලද්දේ ද දෙව් පුරයක් මෙනි. (උකුස්සකුගේ හැඩයට තනන ලද ගෙයක වසන) කාලී නම් උපාසිකාව පහයට නැගී සීහ කවුළුව විවරකොට සුළඟ හමන දෙසට මුහුණලා, සිසිලස විඳගනිමින් මැනවින් තම විඩාව දුරුකෙරෙමින් සිටිනවිට, ඒ යක් සෙන්පතීගේ බුදුගුණ පිළිබඳ වූ කතාබහ මුල-මැද-අවසානය දක්වාම ඇසුවාය. ‘බුදුරජාණන් වහන්සේ මෙබඳු ගුණවලින් පිරිපුන්හ’යි, අරමුණු කොට සතුට උපදවා, කෙලෙස් යටපත් කොට එහිම සිට සෝවාන් පලයට පත්වූවාය. එහෙයින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, ඇසීම් පමණකින් සතුටු සිතින් පැහැදුණු සාවිකාවන් අතරින් කුරඝරික කාලී උපාසිකාව මුල්තැන ගත්තී’ යැයි අග තනතුරෙහි තබන ලදී.

තෙපි යක‍්ඛසෙනාපතයො සහස‍්සයක‍්ඛපරිවාරා මජ‍්ඣිමයාමසමයෙ ඉසිපතනං පත්‍වා, ධම‍්මචක‍්කප‍්පවත‍්තිතපල‍්ලඞ‍්කෙනෙව නිසින‍්නං භගවන‍්තං උපසඞ‍්කම‍්ම වන්‍දිත්‍වා, ඉමාය ගාථාය භගවන‍්තං අභිත්‍ථවිත්‍වා ඔකාසමකාරයිංසු “අක‍්ඛාතාරං පවත‍්තාර”න‍්ති. තස‍්සත්‍ථො – ඨපෙත්‍වා තණ‍්හං තෙභූමකෙ ධම‍්මෙ “ඉදං ඛො පන, භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්ච”න‍්තිආදිනා (සං· නි· 5.1081; මහාව· 14) නයෙන සච‍්චානං වවත්‍ථානකථාය අක‍්ඛාතාරං, “‘තං ඛො පනිදං දුක‍්ඛං අරියසච‍්චං පරිඤ‍්ඤෙය්‍ය’න‍්ති මෙ භික‍්ඛවෙ”තිආදිනා නයෙන තෙසු කිච‍්චඤාණකතඤාණප‍්පවත‍්තනෙන පවත‍්තාරං. යෙ වා ධම‍්මා යථා වොහරිතබ‍්බා, තෙසු තථා වොහාරකථනෙන අක‍්ඛාතාරං, තෙසංයෙව ධම‍්මානං සත‍්තානුරූපතො පවත‍්තාරං. උග‍්ඝටිතඤ‍්ඤුවිපඤ‍්චිතඤ‍්ඤූනං වා දෙසනාය අක‍්ඛාතාරං, නෙය්‍යානං පටිපාදනෙන පවත‍්තාරං. උද‍්දෙසෙන වා අක‍්ඛාතාරං, විභඞ‍්ගෙන තෙහි තෙහි පකාරෙහි වචනතො පවත‍්තාරං. බොධිපක‍්ඛියානං වා සලක‍්ඛණකථනෙන අක‍්ඛාතාරං, සත‍්තානං චිත‍්තසන‍්තානෙ පවත‍්තනෙන පවත‍්තාරං. සඞ‍්ඛෙපතො වා තීහි පරිවට‍්ටෙහි සච‍්චානං කථනෙන අක‍්ඛාතාරං, විත්‍ථාරතො පවත‍්තාරං. “සද‍්ධින්‍ද්‍රියං ධම‍්මො, තං ධම‍්මං පවත‍්තෙතීති ධම‍්මචක‍්ක”න‍්ති (පටි· ම· 2.40) එවමාදිනා පටිසම‍්භිදානයෙන විත්‍ථාරිතස‍්ස ධම‍්මචක‍්කස‍්ස පවත‍්තනතො පවත‍්තාරං.

ඒ යක්සෙන්පතියෝද යකුන් දහසක පිරිවර සමග, මැදියම්හි ඉසිපතනයට පැමිණ, දම්සක් පවත්වන ලද අසුනෙහිම වැඩසිටි පලගෙහිම වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ අක්‍ඛාතාරං පවත්තාරං යන මේ ගාථාවෙන් තුති පැසසුම් කොට අවසර ලබාගත්හ. එම ගාථාවේ අරුත නම්, තණ්හාව හැර, තුන්ලොවෙහි පවත්නා කරුණු පිළිබඳව ‘මහණෙනි, බුදුවරුන් විසින් අවබෝධ කරන ලද දුක පිළිබඳ ඇත්ත මේ’ යැයි ඇති තතු පහදා දෙන බැවින්, ‘ඉදං ඛො පන භික්‍ඛවෙ දුක්‍ඛං අරියසච්චං’ - අක්‍ඛාතාරං වේ. ‘මහණෙනි, මේ දුක පිළිබඳ ඇත්ත මා පිරිසිඳ දක්නා ලදී. ‘තං ඛො පනිදං දුක්‍ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍යං’ යනුවෙන් සඳහන් කරන ලද තන්හී කළයුතු හා කරන ලදැයි නුවණින් නොදැන පහදා දුන් බුදුවදන පවත්තාරං වේ. (ඊට අදාළ කරුණු) පැවසිය යුතුනම්, එය වහරට අනුව පහදා දී ඇත. (ලොවුතුරු කරුණු ලොවෙහි පවත්නා බස් වහරින් පවසා ඇත.) ඒ ඒ කරුණු, ඒ ඒ තැනැත්තන්ට ගැලපෙන පරිදි පහදා දීම පවත්තාරං, ඉක්මනින්ම තේරුම් ගෙන, අවබෝධය ලද හැකි තැනැත්තාට කෙටියෙන් කියාදීමත්, විස්තර ලෙසින් කිවයුතු තැනැත්තාට විස්තර සහිතව කීමත් අක්‍ඛාතාරං, ඒ ඒ පුද්ගල සිත් සතන්වලට පැවතිය යුතු, සුදුසු පරිදි කරුණු පහදා දීම පවත්තාරං, කෙටියෙන් හෝ එකිනෙකට ගැලපෙන පරිදි ඇති තතු ඇත්ත ලෙසින්ම කීම අක්‍ඛාතාරං, ඉන්‍ද්‍රියන් සේ දැවෙන සද්ධාව ආදිය පිළිබඳව පවත්නා කරුණු තවදුරටත් පහදා දෙමින් ‘දහම් සක’ යැයි ලොව පවත්නා නියමය වෙසෙස් නුවණින් විස්තර කරමින් ඒ ‘දහම් සක’ ඉදිරියට ලොව පවත්වාගෙන යාමේ අදහසින් පවත්තාරං,

සබ‍්බධම‍්මානන‍්ති චතුභූමකධම‍්මානං. පාරගුන‍්ති ඡහාකාරෙහි පාරං ගතං අභිඤ‍්ඤාය, පරිඤ‍්ඤාය, පහානෙන, භාවනාය, සච‍්ඡිකිරියාය, සමාපත‍්තියා. සො හි භගවා සබ‍්බධම‍්මෙ අභිජානන‍්තො ගතොති අභිඤ‍්ඤාපාරගූ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ පරිජානන‍්තො ගතොති පරිඤ‍්ඤාපාරගූ, සබ‍්බකිලෙසෙ පජහන‍්තො ගතොති පහානපාරගූ, චත‍්තාරො මග‍්ගෙ භාවෙන‍්තො ගතොති භාවනාපාරගූ, නිරොධං සච‍්ඡිකරොන‍්තො ගතොති සච‍්ඡිකිරියාපාරගූ, සබ‍්බා සමාපත‍්තියො සමාපජ‍්ජන‍්තො ගතොති සමාපත‍්තිපාරගූ. එවං සබ‍්බධම‍්මානං පාරගුං. බුද‍්ධං වෙරභයාතීතන‍්ති අඤ‍්ඤාණසයනතො පටිබුද‍්ධත‍්තා බුද‍්ධං, සබ‍්බෙන වා සරණවණ‍්ණනායං වුත‍්තෙනත්‍ථෙන බුද‍්ධං, පඤ‍්චවෙරභයානං අතීතත‍්තා වෙරභයාතීතං. එවං භගවන‍්තං අතිත්‍ථවන‍්තා “මයං පුච‍්ඡාම ගොතම”න‍්ති ඔකාසමකාරයිංසු.

සබ්බධම්මානං සිවුසස් දහමෙහි, පාරගූං කරුණු හයකින් (සසරින්) එතර ගිය බව දැක්වෙන අදහසයි. සියළු දත යුතු දේ දැනගැනීමෙන්, මැනවින් පිරිසිඳ අවබෝධයෙන් හා සමවතින් සිත එක්තැන් කිරිමෙන් යනුවෙනි. ඒ භාග්‍යවතුන් වහන්සේ සියළුම දේ දැනගැනීමෙන් එතරට ගියහයි අභිඤ්ඤා පාරගු නම් වේ. රූපාදී පස්කඳ පිළිබඳව මනාව දැනගයි, පරිඤ්ඤා පාරගු ය. සෝවාන් ආදී සිවුමග පල වඩමින් ගියහයි භාවනා පාරගු ය. (දුක) නැතිකිරිම අවබෝධයෙන් කළහයි සච්ඡිකිරියාය පාරගු ය. සමවත්හි සමවදිමින් ගියහයි සමාපත්ති පාරගු වේ. මෙසේ සියළු කරුණින්ම එතර ගිය බව (අදහස් වේ). බුද්ධං වෙරභයාතීතං නොදැනීම නමැති නින්දෙන් පිබිදුණු බැවින් බුද්ධ නම් වේ. සියළු ආකාරයෙන්ම, සසර දුකින් එතෙරවීමට පිහිටවන-උපකාර වන සේ මග කියා දුන් අරුතින් බුද්ධ වේ. (පරපණ නැසීම් ආදී) පස් ආකාර තරහ හා බිය ඉක්මවන ලදහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේට තුති පැසසුම් කරමින් මයං පුච්ඡාම ගොතමං යැයි අවසර ඉල්ලූහ.

අථ නෙසං යක‍්ඛානං තෙජෙන ච පඤ‍්ඤාය ච අග‍්ගො හෙමවතො යථාධිප‍්පෙතං පුච‍්ඡිතබ‍්බං පුච‍්ඡන‍්තො “කිස‍්මිං ලොකො”ති ඉමං ගාථමාහ. තස‍්සාදිපාදෙ කිස‍්මින‍්ති භාවෙනභාවලක‍්ඛණෙ භුම‍්මවචනං, කිස‍්මිං උප‍්පන‍්නෙ ලොකො සමුප‍්පන‍්නො හොතීති අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො. සත‍්තලොකසඞ‍්ඛාරලොකෙ සන්‍ධාය පුච‍්ඡති. කිස‍්මිං කුබ‍්බති සන්‍ථවන‍්ති අහන‍්ති වා මමන‍්ති වා තණ‍්හාදිට‍්ඨිසන්‍ථවං කිස‍්මිං කුබ‍්බති, අධිකරණත්‍ථෙ භුම‍්මවචනං. කිස‍්ස ලොකොති උපයොගත්‍ථෙ සාමිවචනං, කිං උපාදාය ලොකොති සඞ‍්ඛ්‍යං ගච‍්ඡතීති අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො. කිස‍්මිං ලොකොති භාවෙනභාවලක‍්ඛණකාරණත්‍ථෙසු භුම‍්මවචනං. කිස‍්මිං සති කෙන කාරණෙන ලොකො විහඤ‍්ඤති පීළීයති බාධීයතීති අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො.

ඉක්බිති ඒ යකුන් අතුරෙන් තේජසින් හා නුවණින් මුල්තැන ගත් හේමවත අදහස් කළ අයුරින් විමසිය යුතු කරුණු ගැන කිස්මිං ලොකෙ යන මේ ගාථාව කීය. එහි මුල් පදයෙහි කිස්මිං යනු පවත්නා තතු විමසීමෙහි ආධාර විබත් වචනයකි. කුමක් උපන් කල්හී, හටගත් කල්හී ලොකො සමුප්පන්නො යනුවෙන් අදහස් වේ. සජීවී හා එහි සබඳතාවයෙන් සකස්වන ලෝකය (සත්ත සංඛාර) පිළිබඳව අසයි. කිස්මිං කුබ්බති සන්‍ථවං මම හෝ මගේ හෝ යැයි දැඩි ආසාව හා දැඩිව ගත් හැඟීම් එකතුවෙන් කුමක් කෙරේද? හේතු දැක්වීමේ අරුත දෙන ආධාර විබත්ය. කිස්ස ලොකො සම්බන්ධ විබත් අරුතින් යෙදී ඇත. කුමක් නිසා උපාදාය ලෝකය යැයි නම වේද? මෙහි අදහස් කරන්නේ මෙයයි. කිස්මිං ලොකො යැයි පවත්නා තතු දක්වන තේරුමෙන් ආධාර විබත් යෙදී ඇත. කුමක් පවත්නා කල්හී, කුමක් ඇතිවිට, කිනම් කරුණින් ලෝකය විහඤ්ඤති පීඩාවට පත්වේද, අවහිරතාවට පත්වේදැයි අදහසයි.

අථ භගවා යස‍්මා ඡසු අජ‍්ඣත‍්තිකබාහිරෙසු ආයතනෙසු උප‍්පන‍්නෙසු සත‍්තලොකො ච ධනධඤ‍්ඤාදිවසෙන සඞ‍්ඛාරලොකො ච උප‍්පන‍්නො හොති, යස‍්මා චෙත්‍ථ සත‍්තලොකො තෙස‍්වෙව ඡසු දුවිධම‍්පි සන්‍ථවං කරොති. චක‍්ඛායතනං වා හි “අහං මම”න‍්ති ගණ‍්හාති අවසෙසෙසු වා අඤ‍්ඤතරං. යථාහ – “චක‍්ඛු අත‍්තාති යො වදෙය්‍ය, තං න උපපජ‍්ජතී”තිආදි (ම· නි· 3.422). යස‍්මා ච එතානියෙව ඡ උපාදාය දුවිධොපි ලොකොති සඞ‍්ඛ්‍යං ගච‍්ඡති, යස‍්මා ච තෙස‍්වෙව ඡසු සති සත‍්තලොකො දුක‍්ඛපාතුභාවෙන විහඤ‍්ඤති. යථාහ –

ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ, (ඒ ඒ තැනැත්තන් තමන් තමන් ලෙසට හා ඉන් බාහිරවද ඇස් ආදී වූ ආයතන හයෙහි සජීව ලෝකයක් ලෙසද සම්පත්, අස්වනු ආදිය රැස්කරන (සංඛාර) ලෝකය සකස් කරගනු ලැබේද, එසේ ජීව ලෝකය තුල ඒ හය ආකාර වූ ආයතන පිළිබඳව (තමා හා බාහිර ලෙස) දෙවදෑරුම් සබඳතා ඇතිකර ගනීද, ඇස - මට - මගේ යැයි සළකමින් ඉතිරි ආයතන ගැන හෝ වෙනත් සේ සිතන අයුරු සඳහන් කරන්නේ මෙසේය. ‘ඇස (තමාගේ හෝ) තමාට අයත් යැයි යමෙකු කියත්ද, එවැනි දෙයක් ඇතිවන්නේ නොවේ’ ‘චක්‍ඛුං අත්තාති යො වදෙය්‍ය, තං න උප්පජ්ජතී’ ආදී ලෙසිනි. එපරිද්දෙන්ම එම ආයතන හය ඇසුරු කොට දෙයාකාරව ලෝකය යැයි හඳුන්වයි. ඒ ආයතන හය ඇති කල්හි මේ ජීව ලෝකය - ජීවීන් දුක හටගැනීමෙන්, දුකට පත්වීමෙන් වෙහෙසට පත්කරනු ලබයි. එහෙයින් මෙසේ වදාරා ඇත -

“හත්‍ථෙසු, භික‍්ඛවෙ, සති ආදානනික‍්ඛෙපනං හොති, පාදෙසු සති අභික‍්කමපටික‍්කමො හොති, පබ‍්බෙසු සති සමිඤ‍්ජනපසාරණං හොති, කුච‍්ඡිස‍්මිං සති ජිඝච‍්ඡාපිපාසා හොති; එවමෙව ඛො, භික‍්ඛවෙ, චක‍්ඛුස‍්මිං සති චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති අජ‍්ඣත‍්තං සුඛං දුක‍්ඛ”න‍්තිආදි (සං· නි· 4.237).

‘මහණෙනි, අත් තිබෙන කල අල්ලාගැනීම, අතහැරීම සිදුවෙයි. (අත්වලින් අල්ලා ගනී. අත හරි) පාවලින් ඉදිරියට - පසුපසට යාම වෙයි. (ඇඟිලි) ආදියෙහි සබඳතා ඇතිවිට හැකිලීම, දිගහැරීම් වෙයි. කුස ඇති කල සා පිපාසා වෙයි. මහණෙනි, මේ අයුරින්ම ඇස ඇති කල, ඇසට ගැටෙන අරමුණු පහස හේතුකොටගෙන තමා කෙරෙහි සැප දුක (විඳීම්) හටගනී’

තථා තෙසු ආධාරභූතෙසු පටිහතො සඞ‍්ඛාරලොකො විහඤ‍්ඤති. යථාහ –

එසේ ඒවා අරමුණු හා ගැටුනු කල සංඛාර ලෝකයද පීඩාවට පත්වෙයි.

“චක‍්ඛුස‍්මිං අනිදස‍්සනෙ සප‍්පටිඝෙ පටිහඤ‍්ඤි වා”ඉති (ධ· ස· 597-8) ච.

‘ඇස නොපෙනෙනා කල තරහව ඇතිවීමෙන් බොහෝ පීඩාවට හෝ පත්වේ යැයි එබැවින් වදාරන ලදී.

“චක‍්ඛු, භික‍්ඛවෙ, පටිහඤ‍්ඤති මනාපාමනාපෙසු රූපෙසූ”ති (සං· නි· 4.238) එවමාදි.

එසේම, ‘මහණෙනි, කැමති අකමැති රූප දැකීමේදී ද ඇස වෙහෙසට පත්වේ. මේ ආදී ලෙසිනි.

තථා තෙහියෙව කාරණභූතෙහි දුවිධොපි ලොකො විහඤ‍්ඤති. යථාහ –

එසේ ඒ කරුණු එකතු වූ විට (කලින් දැක්වූ පරිදි) ලෝකයා වෙහෙසට පත්වනු ඇත.

“චක‍්ඛු විහඤ‍්ඤති මනාපාමනාපෙසු රූපෙසූ”ති (සං· නි· 4.238) ච.

‘මහණෙනි, කැමති අකමැති රූපවල ඇස කළඹයි’ යනුවෙන්ද වදාරා ඇත්තේ එහෙයිනි.

“චක‍්ඛු, භික‍්ඛවෙ, ආදිත‍්තං, රූපා ආදිත‍්තා. කෙන ආදිත‍්තං? රාගග‍්ගිනා”ති (සං· නි· 4.28; මහාව· 54) එවමාදි.

‘මහණෙනි, ඇස ඇවිලගෙන ඇත. රූපය ඇවිලී ඇත. එසේ ඇවිලී ඇත්තේ කුමකින්ද? රාගය නැමති ගින්නෙන් ඇවිලගෙන ඇත’. මේ අයුරින්ද වදාරන ලදි.

තස‍්මා ඡඅජ‍්ඣත‍්තිකබාහිරායතනවසෙන තං පුච‍්ඡං විස‍්සජ‍්ජෙන‍්තො ආහ “ඡසු ලොකො සමුප‍්පන‍්නො”ති.

එහෙයින් තමාට අයත් හා බාහිරව ආයතන හය පිළිබඳව ඒ විචාළ කරුණු පැහැදිලි කරමින් ඡස්සු ලොකො සමුප්පන්නො යැයි වදාළහ.

අථ සො යක‍්ඛො අත‍්තනා වට‍්ටවසෙන පුට‍්ඨපඤ‍්හං භගවතා ද‍්වාදසායතනවසෙන සඞ‍්ඛිපිත්‍වා විස‍්සජ‍්ජිතං න සුට‍්ඨු උපලක‍්ඛෙත්‍වා තඤ‍්ච අත්‍ථං තප‍්පටිපක‍්ඛඤ‍්ච ඤාතුකාමො සඞ‍්ඛෙපෙනෙව වට‍්ටවිවට‍්ටං පුච‍්ඡන‍්තො ආහ “කතමං ත”න‍්ති. තත්‍ථ උපාදාතබ‍්බට‍්ඨෙන උපාදානං, දුක‍්ඛසච‍්චස‍්සෙතං අධිවචනං. යත්‍ථ ලොකො විහඤ‍්ඤතීති “ඡසු ලොකො විහඤ‍්ඤතී”ති එවං භගවතා යත්‍ථ ඡබ‍්බිධෙ උපාදානෙ ලොකො විහඤ‍්ඤතීති වුත‍්තො, තං කතමං උපාදානන‍්ති? එවං උපඩ‍්ඪගාථාය සරූපෙනෙව දුක‍්ඛසච‍්චං පුච‍්ඡි. සමුදයසච‍්චං පන තස‍්ස කාරණභාවෙන ගහිතමෙව හොති. නිය්‍යානං පුච‍්ඡිතොති ඉමාය පන උපඩ‍්ඪගාථාය මග‍්ගසච‍්චං පුච‍්ඡි. මග‍්ගසච‍්චෙන හි අරියසාවකො දුක‍්ඛං පරිජානන‍්තො, සමුදයං පජහන‍්තො, නිරොධං සච‍්ඡිකරොන‍්තො, මග‍්ගං භාවෙන‍්තො ලොකම‍්හා නිය්‍යාති, තස‍්මා නිය්‍යානන‍්ති වුච‍්චති. කථන‍්ති කෙන පකාරෙන. දුක‍්ඛා පමුච‍්චතීති “උපාදාන”න‍්ති වුත‍්තා වට‍්ටදුක‍්ඛා පමොක‍්ඛං පාපුණාති. එවමෙත්‍ථ සරූපෙනෙව මග‍්ගසච‍්චං පුච‍්ඡි, නිරොධසච‍්චං පන තස‍්ස විසයභාවෙන ගහිතමෙව හොති.

එවිට ඒ යකු, තමන් විසින් සසර සම්බන්ධව අසන ලද පැනය, භාග්‍යවතුන් වහන්සේ විසින් ආයතන දොළහක් ලෙසින් ගෙන කෙටියෙන් විසඳනු ලැබ, මැනවින් වෙන්කොට නොදක්වන ලදැයි, එහි අරුත හා එම කරුණ වෙනස් ලෙසින් දැනගනු කැමතිව, සසර ගමන හා එය වෙනස් වන අයුරු (සසර ගමන හා නැවතුම) විමසමින් කතමං තං යන ගාථාව කීය. දැඩිව අල්ලා ගන්නා අරුතින් උපාදානං එය දුක නම් වූ ඇත්ත හා සමාන වචනයකි. යත්‍ථ ලොකො විහඤ්ඤතී, ඡස්සු ලොකො විහඤ්ඤතී යනුවෙන් මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් සවැදෑරුම් දැඩි අල්ලා ගැනීමෙන් ලෝකය වෙහෙසට පත්වන්නේ යැයි කියන ලදී. තං කතමං උපාදාන යනුවෙන් මෙසේ ගාථා දෙපදයෙන් ඇති සැටියෙන්ම දුක ගැන විචාළේය. දුකට හේතුව හෙවත් සමුදය සච්ච - ඒ කරුණටම ඇතුලත් කරන ලද්දේය. නිය්‍යාණං පුච්ඡිතො මේ ගාථාවෙහි ඉතිරි පද දෙකින් දුක නැතිකරන මග විචාළේය. බුදු වදන පිළිගත් ශ්‍රාවකයා, ඇත්ත වූ මගෙන් දුක දැන, දුකට හේතුව හැර දමමින්, එය නැති කිරීම අවබෝධ කර ගනිමින්, ඒ මග අනුව යමින් ලෝකයෙන් එතරට ගෙන යයි. එහෙයින් නිය්‍යාණං යැයි කියනු ලැබේ. කථං කිනම් ආකාරයෙන්, දුක්‍ඛා පමුච්චතී දැඩි අල්ලා ගැනීම යයි කියන සසර දුක්වලින් මිදීමට පැමිණේ. මෙසේ ඇති සැටියෙන්ම ඇත්ත මග පිළිබඳව ඇසීය. දුක නැති කිරීම නම් වූ ඇත්ත එහි මූලිකව ඇතුලත් වූයේමය.

එවං යක‍්ඛෙන සරූපෙන දස‍්සෙත්‍වා ච අදස‍්සෙත්‍වා ච චතුසච‍්චවසෙන පඤ‍්හං පුට‍්ඨො භගවා තෙනෙව නයෙන විස‍්සජ‍්ජෙන‍්තො ආහ “පඤ‍්ච කාමගුණා”ති. තත්‍ථ පඤ‍්චකාමගුණසඞ‍්ඛාතගොචරග‍්ගහණෙන තග‍්ගොචරානි පඤ‍්චායතනානි ගහිතානෙව හොන‍්ති. මනො ඡට‍්ඨො එතෙසන‍්ති මනොඡට‍්ඨා. පවෙදිතාති පකාසිතා. එත්‍ථ අජ‍්ඣත‍්තිකෙසු ඡට‍්ඨස‍්ස මනායතනස‍්ස ගහණෙන තස‍්ස විසයභූතං ධම‍්මායතනං ගහිතමෙව හොති. එවං “කතමං තං උපාදාන”න‍්ති ඉමං පඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්තො පුනපි ද‍්වාදසායතනානං වසෙනෙව දුක‍්ඛසච‍්චං පකාසෙසි. මනොගහණෙන වා සත‍්තන‍්නං විඤ‍්ඤාණධාතූනං ගහිතත‍්තා තාසු පුරිමපඤ‍්චවිඤ‍්ඤාණධාතුග‍්ගහණෙන තාසං වත්‍ථූනි පඤ‍්ච චක‍්ඛාදීනි ආයතනානි, මනොධාතුමනොවිඤ‍්ඤාණධාතුග‍්ගහණෙන තාසං වත්‍ථුගොචරභෙදං ධම‍්මායතනං ගහිතමෙවාති එවම‍්පි ද‍්වාදසායතනවසෙන දුක‍්ඛසච‍්චං පකාසෙසි. ලොකුත‍්තරමනායතනධම‍්මායතනෙකදෙසො පනෙත්‍ථ යත්‍ථ ලොකො විහඤ‍්ඤති, තං සන්‍ධාය නිද‍්දිට‍්ඨත‍්තා න සඞ‍්ගය‍්හති.

මෙසේ යකු විසින් සිවුසස් ලෙසින් කරුණු (එකවරටම) සඳහන් කොට හෝ සඳහන් නොකොට, විචාරන ලද පැන, භාග්‍යවතුන් වහන්සේද ඒ ආකාරයෙන් විසඳමින් පඤ්ච කාමගුණ යන ගාථාව වදාළහ. එහි පඤ්චකාම ගුණ යනුවෙන් ඊට අදාල අරමුණු ගනිමින්, ඊට නැඹුරු වන ඇස ආදී ආයතන පහද සැළකේ. ඒ අතර, මනසද සයවැන්න ලෙසට ගෙන, මනො ඡට්ඨා, පවෙදිතා කියන ලදී. මෙහි සයවැනිව මනස සඳහන් කිරීමෙන් එයට සම්බන්ධ වන අරමුණුවල පැවැත්ම ගන්නා ලද්දේමය. මෙසේ ඒ දැඩිව අල්ලා ගැනීම කවරේද? යන පැනය විසඳමින්, නැවත ආයතන දොළහක් සේ ගෙන දුක පිළිබඳ ඇත්ත වදාළහ. මනස ඇතුලත්ව කරුණු දැක්වීමෙන් ජීවීගේ හැඟීම් සහගත බව හෙවත් ‘විඤ්ඤාණ ධාතුව’ ගන්නා ලදී. එබැවින් මුලදී එහි (රූපාදී) පස් ආකාර වූ හැඟීම් සහගත බව සළකා, ඒ ඒ තැන්හී ඇස ආදී කොට ඇති ආයතන පහ මනස හා බැඳී පවතින අයුරුද සළකා ඒවායෙහි අරමුණු වන ලෙසට ආයතන දොළහකට අදාළ කොට දුකෙහි ඇත්ත වදාළහ. ලොවුතුරු මනස (මගපල ලත්) හා අරමුණු එක් ආකාරයකට ගෙන, ‘යම් තැනක ලෝකය වෙහෙසට පත් වේ යැයි පෙන්වා දී ඇති බැවින් ඒ පිළිබඳව මෙහිදී නොසැළකේ.

එත්‍ථ ඡන්‍දං විරාජෙත්‍වාති එත්‍ථ ද‍්වාදසායතනභෙදෙ දුක‍්ඛසච‍්චෙ තානෙවායතනානි ඛන්‍ධතො ධාතුතො නාමරූපතොති තථා තථා වවත්‍ථපෙත්‍වා, තිලක‍්ඛණං ආරොපෙත්‍වා, විපස‍්සන‍්තො අරහත‍්තමග‍්ගපරියොසානාය විපස‍්සනාය තණ‍්හාසඞ‍්ඛාතං ඡන්‍දං සබ‍්බසො විරාජෙත්‍වා විනෙත්‍වා විද‍්ධංසෙත්‍වාති අත්‍ථො. එවං දුක‍්ඛා පමුච‍්චතීති ඉමිනා පකාරෙන එතස‍්මා වට‍්ටදුක‍්ඛා පමුච‍්චතීති . එවමිමාය උපඩ‍්ඪගාථාය “නිය්‍යානං පුච‍්ඡිතො බ්‍රූහි, කථං දුක‍්ඛා පමුච‍්චතී”ති අයං පඤ‍්හො විස‍්සජ‍්ජිතො හොති, මග‍්ගසච‍්චඤ‍්ච පකාසිතං සමුදයනිරොධසච‍්චානි පනෙත්‍ථ පුරිමනයෙනෙව සඞ‍්ගහිතත‍්තා පකාසිතානෙව හොන‍්තීති වෙදිතබ‍්බානි. උපඩ‍්ඪගාථාය වා දුක‍්ඛසච‍්චං, ඡන්‍දෙන සමුදයසච‍්චං, “විරාජෙත්‍වා”ති එත්‍ථ විරාගෙන නිරොධසච‍්චං, “විරාගාවිමුච‍්චතී”ති වචනතො වා මග‍්ගසච‍්චං. “එව”න‍්ති උපායනිදස‍්සනෙන මග‍්ගසච‍්චං, දුක‍්ඛනිරොධන‍්ති වචනතො වා. “දුක‍්ඛා පමුච‍්චතී”ති දුක‍්ඛපමොක‍්ඛෙන නිරොධසච‍්චන‍්ති එවමෙත්‍ථ චත‍්තාරි සච‍්චානි පකාසිතානි හොන‍්තීති වෙදිතබ‍්බානි.

එත්‍ථ ඡන්‍දං විරාඡෙත්‍වා මෙහි දොළොස් ආයතනවලට අදාලව දුක නම් වූ ඇත්ත පිළිබඳව, ඒ ආයතන කොටසින්ම සමූහ ලෙසින්, ධාතු ලෙසින් හා නාමරූප ලෙසින් ඒ ඒ අයුරින් වෙන්කොට, තිලකුණු සළකා ඒ අනුවද විමසීමෙන්, අරහත් මග කෙළවර කොට ඇති විදසුන් නුවණින් තණ්හාව යැයි කියනු ලබන කැමති බව, නොඇලෙන සේ අත්හැර දමා, දුරුකොට, සිඳ බිඳ දමන ලදැයි යන තේරුමයි. එවං දුක්‍ඛා පමුච්චතී යනුවෙන් මේ ආකාරයෙන් ඒ සසර දුකෙන් මිදේ. මේ ගාථා දෙපදයෙන් නිය්‍යාණං පුච්‍ඡිතො බ්‍රෑහි කථං දුක්‍ඛා පමුච්චතී යැයි මේ පැනය විසඳන ලද්දේය. (සිවු සස් දහම්හි) මගද පවසන ලදී. සමුදය හා නිරොධ සච්චයද පෙර පරිද්දෙන්ම ඇතුලත් වූ බැවින්, ඒ ගැනද පවසා ඇතැයි දතයුතුය. ගාථා ඉතිරි පද දෙකෙන් ඡන්‍ද යන්නෙන් දුකත්, හැරදමා යන්නෙන් දුක හටගැනීමේ හේතුවත්, විරාග යන්නෙන් දුක නැති කිරීමද මිදුනේය යන වචනයෙන් මගද, (තවත් අයුරකින් කිවහොත්) මෙසේ යැයි කරුණු පෙන්වා දීමෙන් මගද දුක නැතිකිරීම යන වචනයෙන් හෝ, දුකින් මිදුනේයැයි, දුකින් මිදීමෙන් දුක නැසීමද ලෙසින් මෙහි සිවුසස් වදාරන ලදැයි දතයුතුය.

එවං චතුසච‍්චගබ‍්භාය ගාථාය ලක‍්ඛණතො නිය්‍යානං පකාසෙත්‍වා පුන තදෙව සකෙන නිරුත‍්තාභිලාපෙන නිගමෙන‍්තො ආහ “එතං ලොකස‍්ස නිය්‍යාන”න‍්ති. එත්‍ථ එතන‍්ති පුබ‍්බෙ වුත‍්තස‍්ස නිද‍්දෙසො, ලොකස‍්සාති තෙධාතුකලොකස‍්ස. යථාතථන‍්ති අවිපරීතං. එතං වො අහමක‍්ඛාමීති සචෙපි මං සහස‍්සක‍්ඛත‍්තුං පුච‍්ඡෙය්‍යාථ, එතං වො අහමක‍්ඛාමි, න අඤ‍්ඤං. කස‍්මා? යස‍්මා එවං දුක‍්ඛා පමුච‍්චති, න අඤ‍්ඤථාති අධිප‍්පායො. අථ වා එතෙන නිය්‍යානෙන එකද‍්වත‍්තික‍්ඛතුං නිග‍්ගතානම‍්පි එතං වො අහමක‍්ඛාමි, උපරිවිසෙසාධිගමායපි එතදෙව අහමක‍්ඛාමීති අත්‍ථො. කස‍්මා? යස‍්මා එවං දුක‍්ඛා පමුච‍්චති අසෙසනිස‍්සෙසාති අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි. දෙසනාපරියොසානෙ ද‍්වෙපි යක‍්ඛසෙනාපතයො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු සද‍්ධිං යක‍්ඛසහස‍්සෙන.

මෙසේ සිවුසස් ඇතුලත් ගාථාවෙන් (ලෝකයෙන් - සසරින්) ඉවත යෑම දක්වා නැවත එයම තම බස්වහර අනුව එතං ලොකස්ස නිය්‍යාණං යැයි පැවසූහ. එතං කලින් දක්වා ඇති පරිදිය. ලොකස්ස තුන් ලෝකයෙන්, යථාතථං නොවෙනස් වූ (යම්සේ ද එසේ), එතං වො අහමක්‍ඛාමී දහස් වාරයක් වුවත් මගෙන් අසන්නහු නම්, මම එය ඔබලාට කියාදෙමි. වෙනත් දෙයක් නොකියමි. කවර හෙයින්ද, යම් ආකාරයකින්, එවං දුක්‍ඛා පමුච්චතී වෙනත් ආකාරයකින් නොවේයැයි අදහසයි. නැතහොත්, මේ නික්මයෑම ගැන එක්වරක්, දෙවරක් හෝ තුන්වාරයක්ම මම ඔබලාට කියමි. ඉදිරියට සුවිශේෂ වූ මගපල ආදිය ගැනද මම කියමි යන තේරුමයි. කවර හෙයින්ද? මෙසේ දුකින් මිදේ යැයි කිසිවක් ඉතිරි නොකොට (පහදා දෙමින්) අරහත් බව කුළුගන්වා දේශනය නිමකරන ලද බැවිනි. දේශනාව අවසානයෙහි යක් සේනාපති දෙදෙනා යකුන් දහසක් සමග සෝවාන් පලයෙහි පිහිටියහ.

අථ හෙමවතො පකතියාපි ධම‍්මගරු ඉදානි අරියභූමියං පතිට‍්ඨාය සුට‍්ඨුතරං අතිත‍්තො භගවතො විචිත්‍රපටිභානාය දෙසනාය භගවන‍්තං සෙක‍්ඛාසෙක‍්ඛභූමිං පුච‍්ඡන‍්තො “කො සූධ තරතී”ති ගාථමභාසි. තත්‍ථ කො සූධ තරති ඔඝන‍්ති ඉමිනා චතුරොඝං කො තරතීති සෙක‍්ඛභූමිං පුච‍්ඡති අවිසෙසෙන. යස‍්මා අණ‍්ණවන‍්ති න විත්‍ථතමත‍්තං නාපි ගම‍්භීරමත‍්තං අපිච පන යං විත්‍ථතතරඤ‍්ච ගම‍්භීරතරඤ‍්ච, තං වුච‍්චති. තාදිසො ච සංසාරණ‍්ණවො. අයඤ‍්හි සමන‍්තතො පරියන‍්තාභාවෙන විත්‍ථතො, හෙට‍්ඨා පතිට‍්ඨාභාවෙන උපරි ආලම‍්බනාභාවෙන ච ගම‍්භීරො, තස‍්මා “කො ඉධ තරති අණ‍්ණවං, තස‍්මිඤ‍්ච අප‍්පතිට‍්ඨෙ අනාලම‍්බෙ ගම‍්භීරෙ අණ‍්ණවෙ කො න සීදතී”ති අසෙක‍්ඛභූමිං පුච‍්ඡති.

එවිට, මුලසිටම දහමට ගරුකළ හේමවත, දැන් මගපලයෙහි හෙවත් අරිය බිමෙහි සිට වඩාත් තුටු පහටුව, භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරු හරවත් දේශනයෙහි, රහත් බව හැර, ඉතිරි මගපල ලැබූවන් සහ රහත් බව ලැබූවන් පිළිබඳ විමසමින් කොසූධ තරතී යන ගාථාව කීය. එහි කො සූධ තරතී ඔඝං යනු ‘මේ සතර ආකාර වූ සැඩපහරින් කවුරු එතර වෙත්දැ’යි, පොදුවේ මගපල පත්වීම ගැන අසයි. අණ්ණවං පළල, ගැඹුර මෙපමණ යැයි නොදැක්වුවත්, සාගරයෙහි යම් තරමකට පළල හා ගැඹුර වේ යැයි කියනු ලැබේ ද සංසාර සාගරයද එබඳුය. මෙය හාත්පස කෙළවරක් නොමැති වූ (පළල මෙතෙකැයි ගැඹුරින් පෙන්විය නොහැකි) මත්තෙහි (ආධාරකයක් සේ) රැඳී සිටිය නොහැකි බවින්ද ගැඹුරුය. එහෙයින් මේ සාගරය කවුරු තරණය කරත්ද? එහෙයින්ම, අප්පතිට්ඨෙ අනාලම්බෙ ගම්භීරෙ සාගරයෙහි කො න සීදති රහත් පලය ගැන විමසයි.

අථ භගවා යො භික‍්ඛු ජීවිතහෙතුපි වීතික‍්කමං අකරොන‍්තො සබ‍්බදා සීලසම‍්පන‍්නො ලොකියලොකුත‍්තරාය ච පඤ‍්ඤාය පඤ‍්ඤවා, උපචාරප‍්පනාසමාධිනා ඉරියාපථහෙට‍්ඨිමමග‍්ගඵලෙහි ච සුසමාහිතො, තිලක‍්ඛණං ආරොපෙත්‍වා විපස‍්සනාය නියකජ‍්ඣත‍්තචින‍්තනසීලො, සාතච‍්චකිරියාවහාය අප‍්පමාදසතියා ච සමන‍්නාගතො. යස‍්මා සො චතුත්‍ථෙන මග‍්ගෙන ඉමං සුදුත‍්තරං ඔඝං අනවසෙසං තරති, තස‍්මා සෙක‍්ඛභූමිං විස‍්සජ‍්ජෙන‍්තො “සබ‍්බදා සීලසම‍්පන‍්නො”ති ඉමං තිසික‍්ඛාගබ‍්භං ගාථමාහ. එත්‍ථ හි සීලසම‍්පදාය අධිසීලසික‍්ඛා, සතිසමාධීහි අධිචිත‍්තසික‍්ඛා, අජ‍්ඣත‍්තචින‍්තිතාපඤ‍්ඤාහි අධිපඤ‍්ඤාසික‍්ඛාති තිස‍්සො සික‍්ඛා සඋපකාරා සානිසංසා ච වුත‍්තා. උපකාරො හි සික‍්ඛානං ලොකියපඤ‍්ඤා සති ච, අනිසංසො සාමඤ‍්ඤඵලානීති.

එවිට භාග්‍යවතුන් වහන්සේ, සෝවාන් ආදී මගපල තතු පහදමින් සබ්බදා සීලසම්පන්නො යන සීලාදී, තෙවැදෑරුම් හික්මීම පදනම් වන ගාථාව වදාළහ. යම් මහණකු දිවි රැකගැනීමට හෝ සීලයෙහි කඩවීමක් නොකරමින් සබ්බදා සීලසම්පන්නො, මෙලොව මෙන්ම මගපල ආදියෙහි නුවණින් යුතු පඤ්ඤවා, පුරුදු කරන ලද උසස් හැසිරීමෙන් ද, සිත එකඟ කිරීමෙන්ද ලබන සමාධියෙන්ද ඉරියව් මනාව හික්මවා ගැනීමෙන් අවම මගපල වලින්ද සුසමාහිතො තිලකුණු වඩන විදසුන් මගින් නොවෙනස් අජ්ඣත්ත චින්තන සීලො සීලයෙන් යුතුව නොපසුබස්නා උත්සාහයෙන් පමා නොවූ සති සිහියෙන්, ඒ මහණ අරහත් මගෙන් මෙම දුත්තරං ඔඝං මුළුමනින්ම දුෂ්කර වූ චතුරෝඝය තරති, තරණය කෙරෙයි මෙම ගාථාවෙහි සීල සම්පදා යටතේ අධි සීලයෙහි හික්මීමද, සති සමාධියෙහි අධි චිත්ත හික්මීමද අජ්ඣත්ත චින්තී නුවණින් අධිපඤ්ඤා යන තෙවැදෑරුම් හික්මීම උපකාර වන අයුරු හා එහි වැදගත්කම (ආනිසංස) පවසන ලදී. හික්මීමෙහි උපකාරයෙන් මෙලොව දිවියට අදාලව නුවණ ලබන කල මහණකමෙහි උතුම් පල ලැබීම එහි ආනිසංසයයි.

එවං පඨමගාථාය සෙක‍්ඛභූමිං දස‍්සෙත්‍වා ඉදානි අසෙක‍්ඛභූමිං දස‍්සෙන‍්තො දුතියගාථමාහ. තස‍්සත්‍ථො විරතො කාමසඤ‍්ඤායාති යා කාචි කාමසඤ‍්ඤා, තතො සබ‍්බතො චතුත්‍ථමග‍්ගසම‍්පයුත‍්තාය සමුච‍්ඡෙදවිරතියා විරතො. “විරත‍්තො”තිපි පාඨො. තදා “කාමසඤ‍්ඤායා”ති භුම‍්මවචනං හොති, සගාථාවග‍්ගෙ පන “කාමසඤ‍්ඤාසූ”තිපි (සං· නි· 1.96) පාඨො. චතූහිපි මග‍්ගෙහි දසන‍්නං සංයොජනානං අතීතත‍්තා සබ‍්බසංයොජනාතිගො, චතුත්‍ථෙනෙව වා උද‍්ධම‍්භාගියසබ‍්බසංයොජනාතිගො , තත්‍රතත්‍රාභිනන්‍දිනීතණ‍්හාසඞ‍්ඛාතාය නන්‍දියා තිණ‍්ණඤ‍්ච භවානං පරික‍්ඛීණත‍්තා නන්‍දීභවපරික‍්ඛීණො සො තාදිසො ඛීණාසවො භික‍්ඛු ගම‍්භීරෙ සංසාරණ‍්ණවෙ න සීදති නන්‍දීපරික‍්ඛයෙන සඋපාදිසෙසං, භවපරික‍්ඛයෙන ච අනුපාදිසෙසං නිබ‍්බානථලං සමාපජ‍්ජ පරමස‍්සාසප‍්පත‍්තියාති.

මෙසේ පළමු ගාථාවෙන් රහත් පලය තෙක් කරුණු දක්වා රහත් පලය පිළිබඳව දෙවන ගාථාව වදාළහ. එහි තේරුම නම්, විරතො කාම සඤ්ඤාය යම්කිසි කාම හැඟීමක් මුළුමනින්ම ඒ සියල්ල සිවුවෙන් මගෙන් (රහත්පල පත්ව) නැවත ඇතිවීමට ඉඩ නොතබා දුරු කරන ලදී. විරත්තො යනුද පාඨයකි. එවිට කාමසඤ්ඤාය යනු ආධාර විබත්ය. සගාථක වග්ගයෙහි කාමසඤ්ඤාසු යයිද සඳහන්ය. රහත්පල ලැබීමෙන් සංයෝජන දහය ඉක්ම වූ බැවින් සබ්බසංයොජනාතිගො, සිවුවන මගපලය වූ, රහත් බව ලැබීමෙන්, රූපරාග ආදී උද්ධම්භාගිය සියළු සංයොජන හෙවත් සසර බැඳ තබන බැමි ඉක්මවීය. ඒ ඒ භවවල ඉපදීමට ඇළුම් කරන, තණ්හාව යයි කියන ලද ආසාව කාම ආදී තුන් භවයෙහිම දුරු කරන ලද බැවින් නන්‍දිභව පරික්‍ඛීණෙ සො එබඳු කෙලෙස් නැසූ මහණ ගම්භීරෙ සංසාර සාගරයෙහි න සීදති තණ්හා ආසා නොමැති බැවින් නැවත නූපදනා ලෙස නිවන් පලය හා බැඳී උතුම් සැනසීමට පැමිණේ.

අථ හෙමවතො සහායඤ‍්ච යක‍්ඛපරිසඤ‍්ච ඔලොකෙත්‍වා පීතිසොමනස‍්සජාතො “ගම‍්භීරපඤ‍්ඤ”න‍්ති එවමාදීහි ගාථාහි භගවන‍්තං අභිත්‍ථවිත්‍වා සබ‍්බාවතියා පරිසාය සහායෙන ච සද‍්ධිං අභිවාදෙත්‍වා, පදක‍්ඛිණං කත්‍වා, අත‍්තනො වසනට‍්ඨානං අගමාසි.

ඉක්බිති හේමවත සහායකද යක් පිරිස දෙසද බලා, සතුටු සොම්නසින්, ගම්භීර පඤ්ඤං ආදී ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේට තුති පුදකොට, සියළු පිරිස හා සහායකද සමඟ වැඳ පැදකුණු කොට තමන් වසන තැනට ගියේය.

තාසං පන ගාථානං අයං අත්‍ථවණ‍්ණනා – ගම‍්භීරපඤ‍්ඤන‍්ති ගම‍්භීරාය පඤ‍්ඤාය සමන‍්නාගතං. තත්‍ථ පටිසම‍්භිදායං වුත‍්තනයෙන ගම‍්භීරපඤ‍්ඤා වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හි තත්‍ථ “ගම‍්භීරෙසු ඛන්‍ධෙසු ඤාණං පවත‍්තතීති ගම‍්භීරපඤ‍්ඤා”තිආදි (පටි· ම· 3.4). නිපුණත්‍ථදස‍්සින‍්ති නිපුණෙහි ඛත‍්තියපණ‍්ඩිතාදීහි අභිසඞ‍්ඛතානං පඤ‍්හානං අත්‍ථදස‍්සිං අත්‍ථානං වා යානි නිපුණානි කාරණානි දුප‍්පටිවිජ‍්ඣානි අඤ‍්ඤෙහි තෙසං දස‍්සනෙන නිපුණත්‍ථදස‍්සිං. රාගාදිකිඤ‍්චනාභාවෙන අකිඤ‍්චනං. දුවිධෙ කාමෙ තිවිධෙ චෙ භවෙ අලග‍්ගනෙන කාමභවෙ අසත‍්තං. ඛන්‍ධාදිභෙදෙසු සබ‍්බාරම‍්මණෙසු ඡන්‍දරාගබන්‍ධනාභාවෙන සබ‍්බධි විප‍්පමුත‍්තං. දිබ‍්බෙ පථෙ කමමානන‍්ති අට‍්ඨසමාපත‍්තිභෙදෙ දිබ‍්බෙ පථෙ සමාපජ‍්ජනවසෙන චඞ‍්කමන‍්තං. තත්‍ථ කිඤ‍්චාපි න තාය වෙලාය භගවා දිබ‍්බෙ පථෙ කමති, අපිච ඛො පුබ‍්බෙ කමනං උපාදාය කමනසත‍්තිසබ‍්භාවෙන තත්‍ථ ලද‍්ධවසීභාවතාය එවං වුච‍්චති. අථ වා යෙ තෙ විසුද‍්ධිදෙවා අරහන‍්තො, තෙසං පථෙ සන‍්තවිහාරෙ කමනෙනාපෙතං වුත‍්තං. මහන‍්තානං ගුණානං එසනෙන මහෙසිං.

ඒ ගාථාවල තේරුම් දැක්වීමයි මේ, ගම්භීර පඤ්ඤං ගැඹුරු නුවණින් යුතු, එය පටිසම්භිදාවෙහි කී පරිදි දතයුතුය. ‘රූපාදී සමූහ පසෙහි දැනුම ගැඹුරින් පවතින නිසා ගම්භීර පඤ්ඤා නම් වේ’ යැයි ‘ගම්භීරෙසු ඛන්‍ධෙසු ඤාණං පවත්තතීති ගම්භීර පඤ්ඤා’ දක්වා ඇත. නිපුණත්‍ථ දස්සිං කැත් කුල ආදී වියත් පඬිවරුන් විසින් මනාව පිළියෙල කොට ඉදිරිපත් කරන ලද ගැටළු පැනවල ෆේරුම් දකින හෝ එසේ තේරුම් හෝ වියත් බව දනවන කරුණු අන් හැම කෙනෙකුම නොදන්නා නමුදු, ඒවා විමසනවිටම උන්වහන්සේට අරුත මනාව වැටහේ. රාගාදී (කෙලෙස්) කිසිවක් නොමැති බැවින් අකිඤ්චනං, දෙයාකාර වූ කාමයෙහිද තුන් භවයෙහි නොඇලෙන බැවින් කාමභවෙ අසත්තං රූප ආදී සමූහ පසෙහි සියළු අරමුණුවල ඡන්‍දරාගයෙන් නොබැඳුණු හෙයින් සබ්බධී විප්පමුත්තං දිබ්බෙ පථෙ කම්මානං සමවත් අටෙහි වෙනස්කම් අනුව, දෙව්ලෝ මගෙහිද සමවදනා අයුරින් සක්මනෙහි යෙදෙනවිට, භාග්‍යවතුන් වහන්සේ එසේ සක්මන් කරන්නේ නම් (සමවත්ලාභී) වෙනත් කිසිම කෙනෙක් ඒ කාලය තුල එසේ නොකරති. එතකුදු වුවත්, පෙර සක්මනෙහි යෙදීමෛත්, එහි යහපත් බවින් ලද මනා පුහුණු බව ගැන හෝ මෙසේ විමසයි. නැතහොත් (අපිරිසිදු කෙලෙස් වලින් තොරවීමෙන්) සුපිරිසිදු දෙවියන් බවට පත්, හෙවත් ‘විසුද්ධි දෙව’ වූ රහත් පල ලැබුවෝ වෙති. එහෙයින් උන්වහන්සේලාගේ දිවි පැවතුම් මගෙහි සන්හුන් විහරණ පිළිවෙල පරිදි සක්මනෙහි යෙදීම ගැන ද කියන ලදී. උදාර ගුණ සෙවීමෙහි මහෙසිං,

දුතියගාථාය අපරෙන පරියායෙන ථුති ආරද‍්ධාති කත්‍වා පුන නිපුණත්‍ථදස‍්සිග‍්ගහණං නිදස‍්සෙති. අථ වා නිපුණත්‍ථෙ දස‍්සෙතාරන‍්ති අත්‍ථො. පඤ‍්ඤාදදන‍්ති පඤ‍්ඤාපටිලාභසංවත‍්තනිකාය පටිපත‍්තියා කථනෙන පඤ‍්ඤාදායකං. කාමාලයෙ අසත‍්තන‍්ති ය‍්වායංකාමෙසු තණ‍්හාදිට‍්ඨිවසෙන දුවිධො ආලයො, තත්‍ථ අසත‍්තං. සබ‍්බවිදුන‍්ති සබ‍්බධම‍්මවිදුං, සබ‍්බඤ‍්ඤුන‍්ති වුත‍්තං හොති. සුමෙධන‍්ති තස‍්ස සබ‍්බඤ‍්ඤුභාවස‍්ස මග‍්ගභූතාය පාරමීපඤ‍්ඤාසඞ‍්ඛාතාය මෙධාය සමන‍්නාගතං. අරියෙ පථෙති අට‍්ඨඞ‍්ගිකෙ මග‍්ගෙ, ඵලසමාපත‍්තියං වා. කමමානන‍්ති පඤ‍්ඤාය අජ‍්ඣොගාහමානං මග‍්ගලක‍්ඛණං ඤත්‍වා දෙසනතො, පවිසමානං වා ඛණෙ ඛණෙ ඵලසමාපත‍්තිසමාපජ‍්ජනතො, චතුබ‍්බිධමග‍්ගභාවනාසඞ‍්ඛාතාය කමනසත‍්තියා කමිතපුබ‍්බං වා.

දෙවන ගාථාවෙන් වෙනත් ලෙසකින් තුති පිදීම අරඹමින් නැවත නිපුණත්‍ථදස්සී යැයි කීම වරදක් නොවේ. නැතහොත් උසස් අදහස් පෙන්වා දෙතියි අරුතයි. පඤ්ඤාදදං නුවණ ලැබීම පිණිස පවත්නා පිළිවෙත පහදා දීමෙන් එයට දායකවීමයි. කාමාලයෙ අසත්තං තණ්හා දිට්ඨි ලෙස මේ දෙයාකාර වූ ඇලීමක් වේද, එහි නොඇලෙන බවයි. සබ්බවිදූ දතයුතු සියළුම කරුණු දන්නා, සබ්බඤ්ඤූ යනුද මීට නමකි. සුමෙධං ඒ සියල්ල දන්නා බවට පදනම් වන මග ලෙස, පාරමී හෙවත් පුරන ලද නුවණ වූ, ඉතා තියුණු විදසුන් නුවණින් යුතු, අරියෙ පථෙ අටැඟි මගෙහි පල සමවත හෝ, කම්මානං තදින් මුල්බැස ගත් නුවණම ඇති, සෝවාන් ආදී මගලකුණු දැක, දේසනයෙන් හෝ ඊට පිවිසවනු කැමති හෝ, මොහොතක් මොහොතක් පාසා පල සමවතට සමවදිමින්, භාවනාදියෙහි නිරතව සිවුපාකාර වූ මගෙහි සුදුසු අයුරින් යෙදීම හෝ,

සුදිට‍්ඨං වත නො අජ‍්ජාති. අජ‍්ජ අම‍්හෙහි සුන්‍දරං දිට‍්ඨං, අජ‍්ජ වා අම‍්හාකං සුන්‍දරං දිට‍්ඨං, දස‍්සනන‍්ති අත්‍ථො. සුප‍්පභාතං සුහුට‍්ඨිතන‍්ති අජ‍්ජ අම‍්හාකං සුට‍්ඨු පභාතං සොභනං වා පභාතං අහොසි. අජ‍්ජ ච නො සුන්‍දරං උට‍්ඨිතං අහොසි, අනුපරොධෙන සයනතො උට‍්ඨිතං. කිං කාරණං? යං අද‍්දසාම සම‍්බුද‍්ධං, යස‍්මා සම‍්බුද‍්ධං අද‍්දසාමාති අත‍්තනො ලාභසම‍්පත‍්තිං ආරබ‍්භ පාමොජ‍්ජං පවෙදෙති.

සුදිට්ඨං වත නො අජ්ජ අද අප විසින් යහපත දකින ලදී, හෝ අද අපට සොඳුරු දැක්මකි. දැකීම යන අදහසයි. සුප්පභාතං සුවුට්ඨිතං උදෑසන කලින්ම යහනින් පිබිදීමේදී අද අපට සුන්දර උදෑසනක් හෝ, මනරම් උදය කාලයක් හෝ විය. අද අපගේ සොඳුරු පිබිදීමකි, ඒ කුමක් හෙයින්ද? යං අද්දසාම සම්බුද්ධං සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නෙමු’යි තමන්ට ලැබෙන ජීවන සැනසුම පහසුව සළකා සතුට දනවයි.

ඉද‍්ධිමන‍්තොති කම‍්මවිපාකජිද‍්ධියා සමන‍්නාගතා. යසස‍්සිනොති ලාභග‍්ගපරිවාරග‍්ගසම‍්පන‍්නා. සරණං යන‍්තීති කිඤ‍්චාපි මග‍්ගෙනෙව ගතා, තථාපි සොතාපන‍්නභාවපරිදීපනත්‍ථං පසාදදස‍්සනත්‍ථඤ‍්ච වාචං භින්‍දති.

ඉද්ධිමන්තො කරන ලද යහපත් කටයුතුවලින් එහි විපාක ලෙසින් ලද ඉද්ධි බලයෙන් යුතු, යසස්සිනො (පුද සත්කාර) ලැබීම සහ පිරිවර සහිත වූ, සරණං යන්ති කුමන මගකින් ගියද, සෝවාන් බව පැහැදිලි කිරිමටත්, පැහැදීම - සතුට දැක්වීමටත් වචනයෙන් සඳහන් කරයි.

ගාමා ගාමන‍්ති දෙවගාමා දෙවගාමං. නගා නගන‍්ති දෙවපබ‍්බතා දෙවපබ‍්බතං. නමස‍්සමානා සම‍්බුද‍්ධං, ධම‍්මස‍්ස ච සුධම‍්මතන‍්ති “සම‍්මාසම‍්බුද‍්ධො වත භගවා, ස‍්වාක‍්ඛාතො වත භගවතො ධම‍්මො”තිආදිනා නයෙන බුද‍්ධසුබොධිතඤ‍්ච ධම‍්මසුධම‍්මතඤ‍්ච. “සුප‍්පටිපන‍්නො වත භගවතො සාවකසඞ‍්ඝො”තිආදිනා සඞ‍්ඝ-සුප‍්පටිපත‍්තිඤ‍්ච අභිත්‍ථවිත්‍වා අභිත්‍ථවිත්‍වා නමස‍්සමානා ධම‍්මඝොසකා හුත්‍වා විචරිස‍්සාමාති වුත‍්තං හොති. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

ගාමා ගාමං දෙවියන්ගේ ගම්වලින් දෙවියන්ගේ ගම්වලට, නගා නගං දෙවියන් වෙසෙන උස් ගිරිකුළු වෙතින් දෙවියන් වෙසෙන උස් තැන්, හිරි කුළු වෙතට, නමස්සමානා සම්බුද්ධං ධම්මස්සච සුධම්මතං නිසැකවම ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් නිසැකවම මැනවින් දහම පවසන ලදැයි ආදී ලෙසින් බුදුරජාණන් වහන්සේගේ සියල්ල අවබෝධයෙන් දන්නා ලද බවත්, දහමෙහි යහපත් ගැළපීමත්, සාවක පිරිස මනා පිළිවෙත් ගරුක යැයි ඒ පිළිවෙත අගය කොට, පසසා නමස්කාර කරමින් දහම් පණිවුඩය පතුරුවන දූතයන් වෙමු. විචරිස්සාම යනුවෙන් කියන ලදී. ඉතිරි කරුණු පැහැදිලි කර ඇති පරිදිය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය හෙමවතසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

හේමවත සූත්‍ර විස්තරය නිමි.