යෙදුමෙන් කියවන්න

10. ආළවකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

10. ආළවකසුත‍්තවණ‍්ණනා

10. ආළවක සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති ආළවකසුත‍්තං. කා උප‍්පත‍්ති? අත්‍ථවණ‍්ණනානයෙනෙවස‍්ස උප‍්පත‍්ති ආවිභවිස‍්සති. අත්‍ථවණ‍්ණනාය ච “එවං මෙ සුතං, එකං සමයං භගවා”ති එතං වුත‍්තත්‍ථමෙව. ආළවියං විහරති ආළවකස‍්ස යක‍්ඛස‍්ස භවනෙති එත්‍ථ පන කා ආළවී, කස‍්මා ච භගවා තස‍්ස යක‍්ඛස‍්ස භවනෙ විහරතීති? වුච‍්චතෙ – ආළවීති රට‍්ඨම‍්පි නගරම‍්පි වුච‍්චති, තදුභයම‍්පි ඉධ වට‍්ටති. ආළවීනගරස‍්ස හි සමීපෙ විහරන‍්තොපි “ආළවියං විහරතී”ති වුච‍්චති. තස‍්ස ච නගරස‍්ස සමීපෙ අවිදූරෙ ගාවුතමත‍්තෙ තං භවනං, ආළවීරට‍්ඨෙ විහරන‍්තොපි “ආළවියං විහරතී”ති වුච‍්චති, ආළවීරට‍්ඨෙ චෙතං භවනං.

එවං මෙ සුතං ආලවක සූත්‍රයයි. එම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? අරුත් විවරණය කරමින්ම, ඊට මූලික වූ නිදාන කතාවද දැක්වෙයි. අරුත් විවරණයෙහිදී එවමෙම සුතං එකං සමයං භගවා එය සඳහන් කොට ඇත. ආලවියං විහරති ආලවකස්ස යක්‍ඛස්ස භවනෙ මෙහි ආලවිය නම් කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ කුමන කරුණක් නිසා ඒ යකුගේ මැදුරෙහි වැඩසිටි සේක්ද? මේ පිළිබඳව සඳහන් කළ යුතුයි. ආලවී යැයි ඒ රටටද, නගරයටද කියනු ලැබේ. මෙහිදී රටත්, නගරයත් යන දෙකම සැළකිය හැකිය. අලව් නගරය ආසන්නව වැඩ සිටියද, ‘අලව් නුවර වැඩවසති’යි කියනු ලැබේ. ඒ නගරය ආසන්නව ගවුවක පමණ දුරින් ඒ මැදුර පිහිටියේය. අලව් රටෙහි වැඩසිටියද, ආලවියෙහි වැඩවසතියි කියනු ලබන්නේ අලව් යකුගේ මැදුරද එහි පිහිටි බැවිනි.

යස‍්මා පන ආළවකො රාජා විවිධනාටකූපභොගං ඡඩ‍්ඩෙත්‍වා චොරපටිබාහනත්‍ථං පටිරාජනිසෙධනත්‍ථං බ්‍යායාමකරණත්‍ථඤ‍්ච සත‍්තමෙ සත‍්තමෙ දිවසෙ මිගවං ගච‍්ඡන‍්තො එකදිවසං බලකායෙන සද‍්ධිං කතිකං අකාසි – “යස‍්ස පස‍්සෙන මිගො පලායති, තස‍්සෙව සො භාරො”ති. අථ තස‍්සෙව පස‍්සෙන මිගො පලායි, ජවසම‍්පන‍්නො රාජා ධනුං ගහෙත්‍වා පත‍්තිකොව තියොජනං තං මිගං අනුබන්‍ධි. එණිමිගා ච තියොජනවෙගා එව හොන‍්ති. අථ පරික‍්ඛීණජවං තං මිගං උදකං පවිසිත්‍වා, ඨිතං වධිත්‍වා, ද‍්විධා ඡෙත්‍වා, අනත්‍ථිකොපි මංසෙන “නාසක‍්ඛි මිගං ගහෙතු”න‍්ති අපවාදමොචනත්‍ථං කාජෙනාදාය ආගච‍්ඡන‍්තො නගරස‍්සාවිදූරෙ බහලපත‍්තපලාසං මහානිග්‍රොධං දිස‍්වා පරිස‍්සමවිනොදනත්‍ථං තස‍්ස මූලමුපගතො. තස‍්මිඤ‍්ච නිග්‍රොධෙ ආළවකො යක‍්ඛො මහාරාජසන‍්තිකා වරං ලභිත්‍වා මජ‍්ඣන‍්හිකසමයෙ තස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය ඵුට‍්ඨොකාසං පවිට‍්ඨෙ පාණිනො ඛාදන‍්තො පටිවසති. සො තං දිස‍්වා ඛාදිතුං උපගතො. අථ රාජා තෙන සද‍්ධිං කතිකං අකාසි – “මුඤ‍්ච මං, අහං තෙ දිවසෙ දිවසෙ මනුස‍්සඤ‍්ච ථාලිපාකඤ‍්ච පෙසෙස‍්සාමී”ති. යක‍්ඛො “ත්‍වං රාජූපභොගෙන පමත‍්තො සම‍්මුස‍්සසි, අහං පන භවනං අනුපගතඤ‍්ච අනනුඤ‍්ඤාතඤ‍්ච ඛාදිතුං න ලභාමි, ස‍්වාහං භවන‍්තම‍්පි ජීයෙය්‍ය”න‍්ති න මුඤ‍්චි. රාජා “යං දිවසං න පෙසෙමි, තං දිවසං මං ගහෙත්‍වා ඛාදාහී”ති අත‍්තානං අනුජානිත්‍වා තෙන මුත‍්තො නගරාභිමුඛො අගමාසි.

අලව් රජු, නොයෙක් කෙළි නළු වින්දන ඉවතලා, සොර බිය වළකා ගැනීමටත්, සතුරු රජවරුන්ගෙන් වන කරදරවලින් බේරීමටත්, දින සතකට වරක් මුව කෙළියට යද්දී, ‘යම් කෙනෙකු අසළින් මුවකු පලාගියහොත්, ඌ අල්වා ගැනීම ඔහුට භාර යැයි’ එක් දවසක් බලසෙන් හා කතිකාවක් කළේය. එක්වරෙක රජු අසළින් මුවකු ඉවතට දිව්වේය. වේගයෙන් දිවීමට හැකි රජු, දුනු හී ගෙන, ඒ මුවා තුන් යොදුනක්ම ලුහුබැඳ ගියේය. ‘එණි’ මුවෝ තුන් යොදුනක වේගයෙන් දුවති. (ඒ දුර දිවගිය) මුවා දිවීම අවසන් කොට දියට බැස සිටිනු දුටු රජු, (තමාට) මස් අවැසි නැතත්, ‘මුවා අල්ලා ගැනීමට නොහැකි වීය’ යන අපවාදයෙන් මිදීමට, ඌට වද දී, දෙකට කොට, කදක් බැඳගෙන එද්දී, නගරයට නුදුරු, අතුපතර විහිදි බොහෝ කොළ සහිත මහ නුග රුකක් දැක, වෙහෙස දුරු කිරීමට එහි සෙවනට ආවේය. ඒ නුග රුකෙහි ආලවක යකු (ඔහුගේ) මහ රජුගෙන් වරයක් ලැබ, මැදියම් කල එහි සෙවනැති තැනකට පිවිසි මිනිසුන් මරා කමින් වාසය කරයි. අලව් යකු රජු දැක, කෑමේ අදහසින් එතැනට ආවේය. ‘මා නිදහස් කරන්න, මම ඔබට දිනපතාම මිනිසෙකුද, බත් තලියක්ද එවන්නෙමි’යි රජු යකු හා කතිකා කළේය. අලව් යකාද, ‘රජෙකු ලෙස ඔබට ඇති කටයුතු අනුව එය පමා වී අමතක විය හැකියි. මම, මගේ වසන තැනට නොපැමිණීමෙන්ම අනුමැතිය නොලද මිනිසුන් මරා කෑමට නොලබමි. මම ඔබතුමන් නිදහස් කරන්නෙම් නම්, (අද) මා ජීවත්වන්නේ කෙසේද? (එහෙයින්) නිදහස් නොකරන’ බව කීය. ‘මිනිසකු නොඑවූ දිනක් වේනම් එදින මා අල්ලාගෙන කව’යි තමාම අනුමැතිය දී යකුගෙන් මිදී නගරයට දෙසට ගියේය.

බලකායො මග‍්ගෙ ඛන්‍ධාවාරං බන්‍ධිත්‍වා ඨිතො රාජානං දිස‍්වා – “කිං, මහාරාජ, අයසමත‍්තභයා එවං කිලන‍්තොසී”ති වදන‍්තො පච‍්චුග‍්ගන‍්ත්‍වා පටිග‍්ගහෙසි. රාජා තං පවත‍්තිං අනාරොචෙත්‍වා නගරං ගන‍්ත්‍වා, කතපාතරාසො නගරගුත‍්තිකං ආමන‍්තෙත්‍වා එතමත්‍ථං ආරොචෙසි. නගරගුත‍්තිකො – “කිං, දෙව, කාලපරිච‍්ඡෙදො කතො”ති ආහ. රාජා “න කතො, භණෙ”ති ආහ. “දුට‍්ඨු කතං, දෙව, අමනුස‍්සා හි පරිච‍්ඡින‍්නමත‍්තමෙව ලභන‍්ති, අපරිච‍්ඡින‍්නෙ පන ජනපදස‍්ස ආබාධො භවිස‍්සති. හොතු, දෙව, කිඤ‍්චාපි එවමකාසි, අප‍්පොස‍්සුක‍්කො ත්‍වං රජ‍්ජසුඛං අනුභොහි, අහමෙත්‍ථ කාතබ‍්බං කරිස‍්සාමී”ති. සො කාලස‍්සෙව වුට‍්ඨාය බන්‍ධනාගාරං ගන‍්ත්‍වා යෙ යෙ වජ‍්ඣා හොන‍්ති, තෙ තෙ සන්‍ධාය – “යො ජීවිතත්‍ථිකො හොති, සො නික‍්ඛමතූ”ති භණති. යො පඨමං නික‍්ඛමති තං ගෙහං නෙත්‍වා, න‍්හාපෙත්‍වා, භොජෙත්‍වා ච, “ඉමං ථාලිපාකං යක‍්ඛස‍්ස දෙහී”ති පෙසෙති. තං රුක‍්ඛමූලං පවිට‍්ඨමත‍්තංයෙව යක‍්ඛො භෙරවං අත‍්තභාවං නිම‍්මිනිත්‍වා මූලකන්‍දං විය ඛාදති . යක‍්ඛානුභාවෙන කිර මනුස‍්සානං කෙසාදීනි උපාදාය සකලසරීරං නවනීතපිණ‍්ඩො විය හොති. යක‍්ඛස‍්ස භත‍්තං ගාහාපෙත‍්තුං ගතපුරිසා තං දිස‍්වා භීතා යථාමිත‍්තං ආරොචෙසුං. තතො පභුති “රාජා චොරෙ ගහෙත්‍වා යක‍්ඛස‍්ස දෙතී”ති මනුස‍්සා චොරකම‍්මතො පටිවිරතා. තතො අපරෙන සමයෙන නවචොරානං අභාවෙන පුරාණචොරානඤ‍්ච පරික‍්ඛයෙන බන්‍ධනාගාරානි සුඤ‍්ඤානි අහෙසුං.

මග කඳවුරු ලා සිටි බලසෙනග රජු දැක, ‘කුමක්ද? අපවාදයට බය වී මෙතරම් වෙහෙස වූයෙහි’දැයි කියමින් පෙරගමන් කොට රජු පිළිගත්තේය. රජු ඒ තොරතුරු නොපවසා, නගරයට ගොස්, උදේ ආහාර ගෙන, නගරයෙහි රැකවල්කරුට එය සැළකළේය. ‘දේවයනි කාලවේලාවක් නියමකොට කීවෙහිදැ’යි ඔහු ඇසීය. ‘දරුව, එසේ නොකළෙමි.’ ‘දේවයන් වහන්ස, නොමනා දෙයක් කර ඇත. නොමිනිසුන් වෙන් කරන ලද දෙයම ලබති. එසේ වෙන්කොට දී නැති බැවින් ජනපදයට හිරිහැර වන්නේය. කම් නැත දේවයන් වහන්ස’ (යකු) එසේ කළද, ඒ ගැන කලබල නොවී ඔබතුමන් රජසුව විඳිනු මැනව. මම එයට කළයුතු දේ කරමි’යි කීය. ඔහු උදැසනම සිරගෙට ගොස්, (නිදහසේ) ජීවත්වීමට කැමති කෙනෙකු වෙත්නම්, පිටව යේවා’යි වරදකරුවන්ට කියයි. එවිට, පළමුව නික්මෙන තැනැත්තා තම ගෙදරට කැඳවාගෙන ගොස්, නාවා, අනුභව කරවා, ‘මේ බත් තලිය යකුට දෙව’යි ඔහු පිටත්කර යවයි. ඔහු නුගරුක වෙත පැමිණිවිටම යකු අල කැබැල්ලක් සේ කයි. යකුගේ බලයෙන්, හිසකෙස්වල පටන් මුළු මිනිස් සිරුරම වෙඬරු පිඬක් මෙන් වෙයි. යකුට බත් ගෙනගිය මිනිස්සු ඒ දැක බියව ඒ බව යහළුවකුට සැළකළහ. ‘එතැන් පටන් රජු, සොරුන් ගෙන ගොස් යකුට දෙති’යි මිනිස්සුද සොරකමින් වැළකුණහ. මේ නිසා ටික කලකින් (අළුත) සොරකම් කරන්නන් නොමැති වීමෙන්ද කලින් සිටි සොරුන් නොමැති වීමෙන් සිරගෙවල්ද හිස්විය.

අථ නගරගුත‍්තිකො රඤ‍්ඤො ආරොචෙසි. රාජා අත‍්තනො ධනං නගරරච‍්ඡාසු ඡඩ‍්ඩාපෙසි – “අප‍්පෙව නාම කොචි ලොභෙන ගණ‍්හෙය්‍යා”ති. තං පාදෙනපි න කොචි ඡුපි. සො චොරෙ අලභන‍්තො අමච‍්චානං ආරොචෙසි. අමච‍්චා “කුලපටිපාටියා එකමෙකං ජිණ‍්ණකං පෙසෙම, සො පකතියාපි මච‍්චුමුඛෙ වත‍්තතී”ති ආහංසු. රාජා “‘අම‍්හාකං පිතරං, අම‍්හාකං පිතාමහං පෙසෙතී’ති මනුස‍්සා ඛොභං කරිස‍්සන‍්ති, මා වො එතං රුච‍්චී”ති නිවාරෙසි. “තෙන හි, දෙව, දාරකං පෙසෙම උත‍්තානසෙය්‍යකං, තථාවිධස‍්ස හි ‘මාතා මෙ පිතා මෙ’ති සිනෙහො නත්‍ථී”ති ආහංසු. රාජා අනුජානි. තෙ තථා අකංසු. නගරෙ දාරකමාතරො ච දාරකෙ ගහෙත්‍වා ගබ‍්භිනියො ච පලායිත්‍වා පරජනපදෙ දාරකෙ සංවඩ‍්ඪෙත්‍වා ආනෙන‍්ති. එවං සබ‍්බානිපි ද‍්වාදස වස‍්සානි ගතානි.

නගර රැකවල්කරු ඒ බව රජුට දැන්වීය. රජු තම ධනය නගරයෙහි වීදිවල විසිකෙරුවේද කිසිවෙකු හෝ ඊට ආසාවෙන් ගනීවි යැයි සිතාය. කිසිම කෙනෙකු එය පාදයවත් තැවරුවේ නැත. රජු සොරුන් නොමැති බව ඇමතිවරුන්ට දැන්වීය. සොබාවයෙන්ම (වයස්ගතව) මරණයට ළංව ඇති නිසා එක් එක් මහළු තැනැත්තකු පවුල් පවුල් පිළිවෙලකට අනුව යවමු’යි ඇමතිවරු කීහ. ‘අපගේ පියා, අපගේ සීයා යවන්නේ’ යැයි මිනිසුන් තමා කෙරෙහි තරහ අමනාප වෙති’යි රජු එයට නොකැමතිව වැළැක්වීය. එසේනම් දේවයන් වහන්ස, උඩුකුරුව සිටින ළදරුවකු යවමු, එවැන්නකුට මගේ මවය, මගේ පියා යැයි සෙනහසක් නැතැ’යි කීහ. රජු එය අනුමත කළේය. ඔවුහු එසේ කළහ. නගරයෙහි ළදරුවන් සිටින මවුවරු ඒ ළදරුවන් සමගද, ගැබිණියෝද වෙනත් ජනපදයකට පලාගොස්, දරුවන් ඇති දැඩි කොට, ආපසු රැගෙන එති. මේ සියල්ලටම දොළොස් වසරක් ගතවිය.

තතො එකදිවසං සකලනගරං විචිනිත්‍වා එකම‍්පි දාරකං අලභිත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං – “නත්‍ථි, දෙව, නගරෙ දාරකො ඨපෙත්‍වා අන‍්තෙපුරෙ තව පුත‍්තං ආළවකකුමාර”න‍්ති. රාජා “යථා මම පුත‍්තො පියො, එවං සබ‍්බලොකස‍්ස, අත‍්තනා පන පියතරං නත්‍ථි, ගච‍්ඡථ, තම‍්පි දත්‍වා මම ජීවිතං රක‍්ඛථා”ති ආහ. තෙන ච සමයෙන ආළවකකුමාරස‍්ස මාතා පුත‍්තං න‍්හාපෙත්‍වා, මණ‍්ඩෙත්‍වා, දුකූලචුම‍්බටකෙ කත්‍වා, අඞ‍්කෙ සයාපෙත්‍වා, නිසින‍්නා හොති. රාජපුරිසා රඤ‍්ඤො ආණාය තත්‍ථ ගන‍්ත්‍වා විප‍්පලපන‍්තියා තස‍්සා සොළසන‍්නඤ‍්ච ඉත්‍ථිසහස‍්සානං සද‍්ධිං ධාතියා තං ආදාය පක‍්කමිංසු “ස‍්වෙ යක‍්ඛභක‍්ඛො භවිස‍්සතී”ති. තං දිවසඤ‍්ච භගවා පච‍්චූසසමයෙ පච‍්චුට‍්ඨාය ජෙතවනමහාවිහාරෙ ගන්‍ධකුටියං මහාකරුණාසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා පුන බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙන‍්තො අද‍්දස ආළවකස‍්ස කුමාරස‍්ස අනාගාමිඵලුප‍්පත‍්තියා උපනිස‍්සයං, යක‍්ඛස‍්ස ච සොතාපත‍්තිඵලුප‍්පත‍්තියා උපනිස‍්සයං දෙසනාපරියොසානෙ ච චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මචක‍්ඛුපටිලාභස‍්සාති. තස‍්මා විභාතාය රත‍්තියා පුරෙභත‍්තකිච‍්චං කත්‍වා අනිට‍්ඨිතපච‍්ඡාභත‍්තකිච‍්චොව කාළපක‍්ඛඋපොසථදිවසෙ වත‍්තමානෙ ඔග‍්ගතෙ සූරියෙ එකකොව අදුතියො පත‍්තචීවරමාදාය පාදගමනෙනෙව සාවත්‍ථිතො තිංස යොජනානි ගන‍්ත්‍වා තස‍්ස යක‍්ඛස‍්ස භවනං පාවිසි. තෙන වුත‍්තං “ආළවකස‍්ස යක‍්ඛස‍්ස භවනෙ”ති.

එක් දිනක් මුළු නුවරම සොයා බැලුවත් එකදු ළදරුවකු හෝ නොලැබ, ‘දේවයන් වහන්ස, ඇතොවුරෙහි ඔබතුමාගේ පුතු, ආලවක කුමරා හැර, නුවර වෙනත් ළදරුවකු නම් නැතැ’යි පැවසූහ. ‘මපුතු මුළු ලෝකයාට පිය වුවත්, තමන්ට තමා තරම් කැමති වෙනත් කෙනෙකු නැත, යව, කුමරු (යකුට) දී මගේ ජීවිතය රැකගනුව’යි රජු කීය. ඒ වේලාවෙහි අලව් කුමරුගේ මව, පුතු නහවා, අලංකාර කොට, දුහුල් සළුවෙන් සැකසූ කොට්ටයක තබා ඇකයෙහි හොවා නිදි කරවමින් සිටියාය. රජ අණ ලද භටයෝ එහි ගොස්, ඇයත්, සොළොස් දහසක් දේවියන් සහ කිරි මවුන් විලාප නගද්දීම ‘හෙට යකුට ආහාර වන්නේ’ යැයි දරුවා ගෙන ගියහ. එදවස භාග්‍යවතුන් වහන්සේ, අළුයම් වේලෙහි පිබිද ජේතවන මහ වෙහෙරෙහි සුවඳ කිළියෙහි මහා කරුණා සමවතට සමවැද නැවත බුදු ඇසින් ලොව බලන සේක්, අලව් කුමරුට අනාගාමි බවට පත්වීමට හේතුසම්පත් ඇති බවත්, යකු සෝවාන් ඵලයට පත්වන බවත්, දේශනාව අවසන අසූහාරදහසක් ජීවීන්ට දහම් ඇස ලබන බවත් දුටහ. එහෙයින් රැය පහන් වූ කල, පෙරබත් කිස කොට, පසුබත් කිස අවසන් නොවෙද්දීම, අමාවක පෝ දින හිරු අවරට යද්දී, පා සිවුරු ගෙන, තනිවම පාගමනින්ම සැවැත් නුවරින් තිස්යොදුන් මග ගෙවා ඒ අලව් යකුගේ විමනෙහි වැඩ සිටිති. [missing trans]

කිං පන භගවා යස‍්මිං නිග්‍රොධෙ ආළවකස‍්ස භවනං, තස‍්ස මූලෙ විහාසි, උදාහු භවනෙයෙවාති? වුච‍්චතෙ – භවනෙයෙව. යථෙව හි යක‍්ඛා අත‍්තනො භවනං පස‍්සන‍්ති, තථා භගවාපි. සො තත්‍ථ ගන‍්ත්‍වා භවනද‍්වාරෙ අට‍්ඨාසි. තදා ආළවකො හිමවන‍්තෙ යක‍්ඛසමාගමං ගතො හොති. තතො ආළවකස‍්ස ද‍්වාරපාලො ගද්‍රභො නාම යක‍්ඛො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා, වන්‍දිත්‍වා – “කිං, භන‍්තෙ, භගවා විකාලෙ ආගතො”ති ආහ. “ආම, ගද්‍රභ, ආගතොම‍්හි. සචෙ තෙ අගරු, විහරෙය්‍යාමෙකරත‍්තිං ආළවකස‍්ස භවනෙ”ති. “න මෙ, භන‍්තෙ, ගරු, අපිච ඛො සො යක‍්ඛො කක‍්ඛළො ඵරුසො, මාතාපිතූනම‍්පි අභිවාදනාදීනි න කරොති, මා රුච‍්චි භගවතො ඉධ වාසො”ති. “ජානාමි, ගද්‍රභ, තස‍්ස කක‍්ඛළත‍්තං, න කොචි මමන‍්තරායො භවිස‍්සති, සචෙ තෙ අගරු, විහරෙය්‍යාමෙකරත‍්ති”න‍්ති .

භාග්‍යවතුන් වහන්සේ, ආලවකගේ විමන නුග රුකෙහි වී නම්, ඒ ගස මුල වැඩ සිටිසේක්ද, නැතිනම් විමනෙහිදැයි ඇසිය හැකිය. එයට කිවයුත්තේ විමනෙහිම වැඩසිටි බවයි. යකුන් තම විමන දකින්නා සේ භාග්‍යවතුන් වහන්සේද එසේමය. බුදුහු එහි ගොස් විමන් දොරටුවෙහි සිටියහ. එකල්හි ආලවක හිමවතෙහි යකුන්ගේ රැස්වීමකට ගොස් තිබුණි. එහිදී ආලවක යකුගේ ගද්‍රභ නම් දොරටුපල්ලා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ, හිමි, අකාලයෙහි පැමිණි සේක්දැ’යි ඇසීය. ‘එසේය ගද්‍රභ, පැමිණියෙමි. ඔබට අපහසුවක් නොවේනම්, ආලවකගේ විමනෙහි එක් රැයක් වසමි’යි කීහ. ‘මට අපහසුවක් නොවේ. එසේ වුවත් ඒ යකු රළු, නපුරු මව්පියන්ටද මැනවින් වැඳීම් ආදිය නොකරන්නෙකි. භාග්‍යවතුන් වහන්සේට මෙහි වාසය කැමති නොවේනම් (මැනව) යි කීය. ‘ගද්‍රභ, ආලවක නපුරු, රළු බව දනිමි. මට කිසිදු අනතුරක් නොවන්නේය. ඔබට අපහසුවක් නොවේ නම්, එක රැයක් වසන්නෙමි’යි වදාළහ.

දුතියම‍්පි ගද්‍රභො යක‍්ඛො භගවන‍්තං එතදවොච – “අග‍්ගිතත‍්තකපාලසදිසො, භන‍්තෙ, ආළවකො, ‘මාතාපිතරො’ති වා ‘සමණබ්‍රාහ‍්මණා’ති වා ‘ධම‍්මො’ති වා න ජානාති, ඉධාගතානං චිත‍්තක‍්ඛෙපම‍්පි කරොති, හදයම‍්පි ඵාලෙති, පාදෙපි ගහෙත්‍වා පරසමුද‍්දෙ වා පරචක‍්කවාළෙ වා ඛිපතී”ති. දුතියම‍්පි භගවා ආහ – “ජානාමි, ගද්‍රභ, සචෙ තෙ අගරු, විහරෙය්‍යාමෙකරත‍්ති”න‍්ති. තතියම‍්පි ගද්‍රභො යක‍්ඛො භගවන‍්තං එතදවොච – “අග‍්ගිතත‍්තකපාලසදිසො, භන‍්තෙ, ආළවකො, ‘මාතාපිතරො’ති වා ‘සමණබ්‍රාහ‍්මණා’ති වා ‘ධම‍්මො’ති වා න ජානාති, ඉධාගතානං චිත‍්තක‍්ඛෙපම‍්පි කරොති, හදයම‍්පි ඵාලෙති, පාදෙපි ගහෙත්‍වා පරසමුද‍්දෙ වා පරචක‍්කවාළෙ වා ඛිපතී”ති. තතියම‍්පි භගවා ආහ – “ජානාමි, ගද්‍රභ, සචෙ තෙ අගරු, විහරෙය්‍යාමෙකරත‍්ති”න‍්ති. “න මෙ, භන‍්තෙ, ගරු, අපිච ඛො සො යක‍්ඛො අත‍්තනො අනාරොචෙත්‍වා අනුජානන‍්තං මං ජීවිතා වොරොපෙය්‍ය, ආරොචෙමි, භන‍්තෙ, තස‍්සා”ති. “යථාසුඛං, ගද්‍රභ, ආරොචෙහී”ති. “තෙන හි, භන‍්තෙ, ත්‍වමෙව ජානාහී”ති භගවන‍්තං අභිවාදෙත්‍වා හිමවන‍්තාභිමුඛො පක‍්කාමි. භවනද‍්වාරම‍්පි සයමෙව භගවතො විවරමදාසි. භගවා අන‍්තොභවනං පවිසිත්‍වා යත්‍ථ අභිලක‍්ඛිතෙසු මඞ‍්ගලදිවසාදීසු නිසීදිත්‍වා ආළවකො සිරිං අනුභොති, තස‍්මිංයෙව දිබ‍්බරතනපල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා සුවණ‍්ණාභං මුඤ‍්චි. තං දිස‍්වා යක‍්ඛස‍්ස ඉත්‍ථියො ආගන‍්ත්‍වා, භගවන‍්තං වන්‍දිත්‍වා, සම‍්පරිවාරෙත්‍වා නිසීදිංසු. භගවා “පුබ‍්බෙ තුම‍්හෙ දානං දත්‍වා, සීලං සමාදියිත්‍වා, පූජනෙය්‍යං පූජෙත්‍වා, ඉමං සම‍්පත‍්තිං පත‍්තා, ඉදානිපි තථෙව කරොථ, මා අඤ‍්ඤමඤ‍්ඤං ඉස‍්සාමච‍්ඡරියාභිභූතා විහරථා”තිආදිනා නයෙන තාසං පකිණ‍්ණකධම‍්මකථං කථෙසි. තා ච භගවතො මධුරනිග‍්ඝොසං සුත්‍වා, සාධුකාරසහස‍්සානි දත්‍වා, භගවන‍්තං පරිවාරෙත්‍වා නිසීදිංසුයෙව. ගද්‍රභොපි හිමවන‍්තං ගන‍්ත්‍වා ආළවකස‍්ස ආරොචෙසි – “යග‍්ඝෙ, මාරිස, ජානෙය්‍යාසි, විමානෙ තෙ භගවා නිසින‍්නො”ති. සො ගද්‍රභස‍්ස සඤ‍්ඤමකාසි “තුණ‍්හී හොහි, ගන‍්ත්‍වා කත‍්තබ‍්බං කරිස‍්සාමී”ති. පුරිසමානෙන කිර ලජ‍්ජිතො අහොසි, තස‍්මා “මා කොචි පරිසමජ‍්ඣෙ සුණෙය්‍යා”ති වාරෙසි.

‘හිමියනි, ආලවක යකු ගින්නෙන් රත්වූ කබලක් මෙනි. මව්පියන් හෝ, මහණ බමුණන් හෝ ගුණදහමක් හෝ නොසළකයි. නොදනී. මෙහි පැමිණිවුන්ගේ සිත් වියරු බවට පමුණුවයි. හදවතද පලුදු කරයි. පාදයෙන් අල්ලා මුහුදෙන් එතෙරට හෝ සක්වළින් එතරට හෝ විසිකරයි. ‘දෙවන වරට ගද්‍රභ යකු භාග්‍යවතුන් වහන්සේට පැවසීය. ‘දනිමි, ගද්‍රභ, ඔබට අපහසුවක් නොවේනම්, එක රැයක් වසමි’යි දෙවන වර භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ‘හිමියනි, මට අපහසුවක් නම් නොවේ. එහෙත්, ඒ යකු, ඔහුට නොදන්වා (මා ඔබවහන්සේට) අවසර දුනහොත්, මගේ දිවි තොර කරන්නේය, හිමියනි, ඔහුට දැනුම් දෙමි’යි කීය. ‘ගද්‍රභ ඔබට පහසු වේනම් දන්වව’යි කීහ. ‘එසේනම් හිමියනි, ඔබවහන්සේ දැනගනු මැනවැ’යි භාග්‍යවතුන් වහන්සේට වැඳ හිමවත දෙසට ගියේය. විමන් දොරටුවද විවරව උන්වහන්සේට ඉඩ ලබාදුනි. යහපත් යැයි සම්මත වෙන් වූ දිනවල ආලවක යම්තැනක හිඳ පරිසර සිරියෙන් උද්දාම වේද, බුදුරජාණන් වහන්සේද විමන තුලට පිවිස, යකුගේ ඒ දිවරුවන් අසුන්හි හිඳ රන්පැහැ ආලෝකයක් මුදාහළහ. ඒ දුටු යකුගේ කාන්තාවෝ අවුත්, වැඳ පිරිවරා හිඳගත්හ. භාග්‍යවතුන් වහන්සේ ‘ඔබ හැම පෙර දන් දී සිල් සමාදන්ව, පිදිය යුත්තන් පුදා, මෙබඳු සැපතට පත්වූවෙහුය, දැනුදු එසේ කටයුතු කරව, එකිනෙකා කෙරෙහි ඉසිමසුරු බවින් පෙළී නොවසව, ආදී ලෙසින් නොයෙක් කරුණු ඇතුළත්ව දහම් කතාවක් කළහ. කාන්තාවෝ භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි කටහඬ අසා සාධුකාර දහසක් දී උන්වහන්සේ පිරිවරාම හුන්හ. ගද්‍රභ ද හිමවතට ගොස්, ‘සිරිමතුනි, ඔබතුමන්ගේ විමනෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින බව දැනගන්නේ නම්, මැනවැයි ආලවකට දැනුම් දුනි. ‘නිහඬ වෙව, ගොස්, කළයුතු දේ කරන්නෙමි’යි ආලවක ගද්‍රභට සන් කළේය. (තමාද) පිරිමියෙකු යන උඩඟුකමින් ලජ්ජාවට පත්විය. එහෙයින් පිරිස මැද කිසිවෙකුට නොඇසෙන සේ වැළැක්වීය.

තදා සාතාගිරහෙමවතා භගවන‍්තං ජෙතවනෙයෙව වන්‍දිත්‍වා “යක‍්ඛසමාගමං ගමිස‍්සාමා”ති සපරිවාරා නානායානෙහි ආකාසෙන ගච‍්ඡන‍්ති. ආකාසෙ ච යක‍්ඛානං න සබ‍්බත්‍ථ මග‍්ගො අත්‍ථි, ආකාසට‍්ඨානි විමානානි පරිහරිත්‍වා මග‍්ගට‍්ඨානෙනෙව මග‍්ගො හොති. ආළවකස‍්ස පන විමානං භූමට‍්ඨං සුගුත‍්තං පාකාරපරික‍්ඛිත‍්තං සුසංවිහිතද‍්වාරට‍්ටාලකගොපුරං, උපරි කංසජාලසඤ‍්ඡන‍්නං මඤ‍්ජූසසදිසං තියොජනං උබ‍්බෙධෙන. තස‍්ස උපරි මග‍්ගො හොති. තෙ තං පදෙසමාගම‍්ම ගන‍්තුං අසමත්‍ථා අහෙසුං. බුද‍්ධානඤ‍්හි නිසින‍්නොකාසස‍්ස උපරිභාගෙන යාව භවග‍්ගා, තාව කොචි ගන‍්තුං අසමත්‍ථො. තෙ “කිමිද”න‍්ති ආවජ‍්ජෙත්‍වා භගවන‍්තං දිස‍්වා ආකාසෙ ඛිත‍්තලෙඩ‍්ඩු විය ඔරුය‍්හ වන්‍දිත්‍වා, ධම‍්මං සුත්‍වා, පදක‍්ඛිණං කත්‍වා “යක‍්ඛසමාගමං ගච‍්ඡාම භගවා”ති තීණි වත්‍ථූනි පසංසන‍්තා යක‍්ඛසමාගමං අගමංසු. ආළවකො තෙ දිස‍්වා “ඉධ නිසීදථා”ති පටික‍්කම‍්ම ඔකාසමදාසි. තෙ ආළවකස‍්ස නිවෙදෙසුං “ලාභා තෙ, ආළවක, යස‍්ස තෙ භවනෙ භගවා විහරති, ගච‍්ඡාවුසො භගවන‍්තං පයිරුපාසස‍්සූ”ති. එවං භගවා භවනෙයෙව විහාසි, න යස‍්මිං නිග්‍රොධෙ ආළවකස‍්ස භවනං, තස‍්ස මූලෙති. තෙන වුත‍්තං “එකං සමයං භගවා ආළවියං විහරති ආළවකස‍්ස යක‍්ඛස‍්ස භවනෙ”ති.

එකල්හි සාතාගිර හා හේමවත ජේතවනාරාමයෙහිදීම භාග්‍යවතුන් වහන්සේ වැඳ ‘යකුන්ගේ සමුළුවට යන්නෙමු’යි පිරිවර සහිතව, නොයෙක් යානාවලින් අහසින් යති. අහසෙහිදී යකුන්ට හැමතැනකම ගමන් මග නොවේ. අහසින් විමන්වලින් ගමන් කිරීමෙන්ම ඒ ගමන්මග සැකසේ. පොළවෙහි පිහිටි ආලවක විමන, පවුරින් වට වූ, මැනවින් රැකවල් යෙදූ, මැනවින් සකසන ලද දොරටු අටලු හෙවත්, මුරගෙවල් හා දොරකොටුද මුදුනෙහි රන්දැලින් වැසුනු, පෙට්ටියක් බඳු තුන් යොදුනක් උස්ය. එයට ඉහළින් යාමට තිබුණත් සාතාගිර හේමවතට ඒ පෙදෙස ඉක්මවා යාමට නොහැකි විය. බුදුවරුන් වැඩහිඳිනා තැනක, ඊට ඉහළින් භව කෙළවර දක්වා යාමට හැකියාවක් නැත. ඔවුහු මේ කිමෙක්දැයි විමසා බලනවිට, භාග්‍යවතුන් වහන්සේ දැක, අහසෙහි දැමූ කැටකැබලිත්තක් සේ, එහි බැස, වැඳ, දහම් අසා, පැදකුණු කොට, හිමියනි, යකුන්ගේ රැස්වීමට යමු’යි පවසා තෙරුවනට පැසසුම්කොට ගියහ. ආලවක ඔවුන් දැක, ‘මෙහි හිඳුව’යි ඉවත්ව ඉඩ ලබාදුන්නේය. ‘ආලවකයනි, ඔබට මහත් වාසනාවකි, ඔබගේ විමනෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ වසති. ඇවැත්නි, උන්වහන්සේ ඇසුරු කරව’යි දැන්වූහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විමනෙහිම විසූහ. ආලවකගේ විමන පිහිටි නුගයෙහි මුල නොවේ. එකං සමයං භගවා ආලවියං විහරති ආලවකස්ස යක්‍ඛස්ස භවනෙ යැයි එහෙයින් කියන ලදී.

අථ ඛො ආළවකො…පෙ… භගවන‍්තං එතදවොච “නික‍්ඛම සමණා”ති. “කස‍්මා පනායං එතදවොචා”ති? වුච‍්චතෙ – රොසෙතුකාමතාය. තත්‍රෙවං ආදිතො පභුති සම‍්බන්‍ධො වෙදිතබ‍්බො – අයඤ‍්හි යස‍්මා අස‍්සද‍්ධස‍්ස සද‍්ධාකථා දුක‍්කථා හොති දුස‍්සීලාදීනං සීලාදිකථා විය, තස‍්මා තෙසං යක‍්ඛානං සන‍්තිකා භගවතො පසංසං සුත්‍වා එව අග‍්ගිම‍්හි පක‍්ඛිත‍්තලොණසක‍්ඛරා විය අබ‍්භන‍්තරකොපෙන තටතටායමානහදයො හුත්‍වා “කො සො භගවා නාම, යො මම භවනං පවිට‍්ඨො”ති ආහ. තෙ ආහංසු – “න ත්‍වං, ආවුසො, ජානාසි භගවන‍්තං අම‍්හාකං සත්‍ථාරං, යො තුසිතභවනෙ ඨිතො පඤ‍්ච මහාවිලොකනානි විලොකෙත්‍වා”තිආදිනා නයෙන යාව ධම‍්මචක‍්කප‍්පවත‍්තනං කථෙන‍්තා පටිසන්‍ධිආදිනා ද‍්වත‍්තිංස පුබ‍්බනිමිත‍්තානි වත්‍වා “ඉමානිපි ත්‍වං, ආවුසො , අච‍්ඡරියානි නාද‍්දසා”ති චොදෙසුං. සො දිස‍්වාපි කොධවසෙන “නාද‍්දස”න‍්ති ආහ. ආවුසො ආළවක පස‍්සෙය්‍යාසි වා ත්‍වං, න වා, කො තයා අත්‍ථො පස‍්සතා වා අපස‍්සතා වා, කිං ත්‍වං කරිස‍්සසි අම‍්හාකං සත්‍ථුනො, යො ත්‍වං තං උපනිධාය චලක‍්කකුධමහාඋසභසමීපෙ තදහුජාතවච‍්ඡකො විය, තිධාපභින‍්නමත‍්තවාරණසමීපෙ භිඞ‍්කපොතකො විය, භාසුරවිලම‍්බකෙසරඋපසොභිතක‍්ඛන්‍ධස‍්ස මිගරඤ‍්ඤො සමීපෙ ජරසිඞ‍්ගාලො විය, දියඩ‍්ඪයොජනසතප‍්පවඩ‍්ඪකායසුපණ‍්ණරාජසමීපෙ ඡින‍්නපක‍්ඛකාකපොතකො විය ඛායසි, ගච‍්ඡ යං තෙ කරණීයං, තං කරොහීති. එවං වුත‍්තෙ කුද‍්ධො ආළවකො උට‍්ඨහිත්‍වා මනොසිලාතලෙ වාමපාදෙන ඨත්‍වා “පස‍්සථ දානි තුම‍්හාකං වා සත්‍ථා මහානුභාවො, අහං වා”ති දක‍්ඛිණපාදෙන සට‍්ඨියොජනමත‍්තං කෙලාසපබ‍්බතකූටං අක‍්කමි, තං අයොකූටපහටො නිද‍්ධන‍්තඅයොපිණ‍්ඩො විය පපටිකායො මුඤ‍්චි. සො තත්‍ර ඨත්‍වා “අහං ආළවකො”ති ඝොසෙසි, සකලජම‍්බුදීපං සද‍්දො ඵරි.

අථ ඛො ආලවකො -පෙ- එතදවොච : නික්‍ඛම සමණ යැයි කුමක් නිසා මෙසේ කීවේද? නපුරු බව පෙන්වීමට යැයි කියනු ලැබේ. එහි මුල පටන් කරුණු දතයුතුය. යම් ලෙසකින්, සැදැහැ නැති කෙනෙකුට සැදැහැව පිළිබඳ කතා නපුරු-නුසුදුසු කතා ලෙස හැඟේද, දුසිල් තැනැත්තාට සීලාදි කතා නපුරු-නුසුදුසු වේද, එපරිදිම ඒ යකුන් පිරිස හමුවෙහි භාග්‍යවතුන් වහන්සේට කියන ලද පැසසුම් අසත්ම, ගින්නෙහි දමන ලද ලුණු කැටයක් මෙන්, හදතුල ඇවිලෙන කෝපයෙන් වෙවුලන ගැහෙන හදින් යුතුවම, ‘මාගේ විමනට පිවිස ඇතැයි කියන ඒ ‘භගවත්’ යැයි කියන්නේ කවුදැ’යි ඇසීය. ‘ඇවැත්නි, අපගේ නායකයාණන් වූ භාග්‍යවතුන් වහන්සේ ගැන ඔබ නොදන්නෙහිද? තුසිත භවනයෙහි සිට පස්මහ බැලීමේ පටන්, පිළිසිඳ ගැනීම් ආදී සිදුවීම්වලදී පහළ වූ දෙතිසක් පෙරනිමිති ගැන හා දම්සක් පැවැත්වීම තෙක් පවසා, ‘ඇවැත්නි, ඔබ මේ පුදුම අසිරිය නුදුටුවෙහිදැ’යි දොස් නැගූහ. ආලවක ඒ අසිරිය දැක තිබුණද කෝපය නිසා නොදුටු බව කීය. ‘ඇවැත්නි, ආලවක දුටුවෙහි හෝ නොදුටුවෙහි හෝ දැක්කත්, නොදැක්කත් ඔබට ඇති පලය කිම? අපට මගපෙන්වන, අපගේ නායකයාණන්ට ඔබ කුමක් කරන්නෙහිද? එතුමාණන් හා සමකරන විට, ඔබනම්, සෙලවෙන මොල්ලියක් ඇති මහා ගොනකු ළඟ එදින උපන් වසුපැටවෙකු මෙනි. තුන් පොළකින් මද වැගිරෙන මත් ඇතකු ළඟ කුඩා කුකුළු පැටවකු මෙනි. බබළමින්, පහළට වැටෙන කෙසරුවලින් ගැවසුණු මනරම් සිරුරැති සිහරදකු ළඟ කැණහිලකු මෙනි. යොදුන් එකසිය පණහක් වට සිරුරැති ගුරුළු රදකු ළඟ පියාපත් සිඳුණු කුරුළු පැටවකු මෙන් වැටහෙයි. යව, ඔබට කළහැකි දෙයක් ඇතොත් කරව’යි කීය. මෙසේ කී විට කිපුණු ආලවක, නැගිට හිරියල් තලයෙහි වම්පසින් සිට, ‘බලව, දැන් මහත් ආනුභාවය-බලය ඇත්තේ, ඔබලාගේ නායකයාණන්ගේ ද, මගේදැයි’ කියා දකුණු පසින් සැටයොදුනක් වූ කෙලාස පව්මුදුන පෑගිය. යකඩ උලකින් ගසන ලද, රත්කොට පිරිසිදු යකඩ පිඬුවක් මෙන් එයින් පතුරු ගිලිහිණ. ඔහු එහි සිට ‘මම ආලවක වෙමි’යි මහ හඬ නැගීය. මුළු දඹදිවෙහිම ඒ හඬ පැතිරිණ.

චත‍්තාරො කිර සද‍්දා සකලජම‍්බුදීපෙ සුය්‍යිංසු – යඤ‍්ච පුණ‍්ණකො යක‍්ඛසෙනාපති ධනඤ‍්චයකොරබ්‍යරාජානං ජූතෙ ජිනිත්‍වා අප‍්ඵොටෙත්‍වා “අහං ජිනි”න‍්ති උග‍්ඝොසෙසි, යඤ‍්ච සක‍්කො දෙවානමින්‍දො කස‍්සපස‍්ස භගවතො සාසනෙ පරිහායමානෙ විස‍්සකම‍්මං දෙවපුත‍්තං සුනඛං කාරෙත්‍වා “අහං පාපභික‍්ඛූ ච පාපභික‍්ඛුනියො ච උපාසකෙ ච උපාසිකායො ච සබ‍්බෙව අධම‍්මවාදිනො ඛාදාමී”ති උග‍්ඝොසාපෙසි, යඤ‍්ච කුසජාතකෙ පභාවතිහෙතු සත‍්තහි රාජූහි නගරෙ උපරුද‍්ධෙ පභාවතිං අත‍්තනා සහ හත්‍ථික‍්ඛන්‍ධං ආරොපෙත්‍වා නගරා නික‍්ඛම‍්ම “අහං සීහස‍්සරකුසමහාරාජා”ති මහාපුරිසො උග‍්ඝොසෙසි, යඤ‍්ච ආළවකො කෙලාසමුද‍්ධනි ඨත්‍වා “අහං ආළවකො”ති. තදා හි සකලජම‍්බුදීපෙ ද‍්වාරෙ ද‍්වාරෙ ඨත්‍වා උග‍්ඝොසිතසදිසං අහොසි, තියොජනසහස‍්සවිත්‍ථතො ච හිමවාපි සඞ‍්කම‍්පි යක‍්ඛස‍්ස ආනුභාවෙන.

මුළු දඹදිවම පතළ හඬ සතරකි. පුණ්ණක යක් සෙන්පති, කුරුරට ධනංජය රජු දූ කෙළියෙන් පරදවා අත්පොළසන් දී ‘මම දිනුවෙමි’ හඬ නැගීමද, සක්දෙවිඳු, කසුප් බුදුරදුන්ගේ සසුන පිරිහෙනවිට, විස්කම් දෙව්පුතු බල්ලකු බවට පත්කොට, ‘දුසිල් මහණුන්ද, දුසිල් මෙහෙණන්ද දුසිල් උපාසක උපාසිකාවන්ද අයහපත් කටයුතුවල යෙදෙන සියල්ලන්ද (ඌ ලවා) සපා කවමි’යි හඬ නැගීමද, කුස ජාතකයෙහි (සඳහන් පරිදි) පබාවතිය නිසා රජුන් සත්දෙනා නගරය වැටලූ කල, පබාවතිය හා තමන් ඇතුපිට නැගී, නගරයෙන් නික්ම, ‘මම සිහනද ඇති කුස මහ රජවෙමි’යි මහබෝසත් හඬ නැගීමද, කෙලාස පවු මුදුන්හි සිට ‘ආලවක’ යැයි හඬ නැගීමද (මුළු දඹදිවම ඇසූ හඬ හතරය) ආලවකගේ ඒ හඬ මුළු දඹදිව ගෙයක් ගෙයක් පාසා සිට නැගූ හඬක් මෙන් විය. යොදුන් තුන්දහසක් පළල හිමාලයද යකුගේ තෙදබලයෙන් තදින් කම්පා විය.

සො වාතමණ‍්ඩලං සමුට‍්ඨාපෙසි – “එතෙනෙව සමණං පලාපෙස‍්සාමී”ති. තෙ පුරත්‍ථිමාදිභෙදා වාතා සමුට‍්ඨහිත්‍වා අඩ‍්ඪයොජනයොජනද‍්වියොජනතියොජනප‍්පමාණානි පබ‍්බතකූටානි පදාලෙත්‍වා වනගච‍්ඡරුක‍්ඛාදීනි උම‍්මූලෙත්‍වා ආළවීනගරං පක‍්ඛන‍්තා ජිණ‍්ණහත්‍ථිසාලාදීනි චුණ‍්ණෙන‍්තා ඡදනිට‍්ඨකා ආකාසෙ භමෙන‍්තා. භගවා “මා කස‍්සචි උපරොධො හොතූ”ති අධිට‍්ඨාසි. තෙ වාතා දසබලං පත්‍වා චීවරකණ‍්ණමත‍්තම‍්පි චාලෙතුං නාසක‍්ඛිංසු. තතො මහාවස‍්සං සමුට‍්ඨාපෙසි “උදකෙන අජ‍්ඣොත්‍ථරිත්‍වා සමණං මාරෙස‍්සාමී”ති. තස‍්සානුභාවෙන උපරූපරි සතපටලසහස‍්සපටලාදිභෙදා වලාහකා උට‍්ඨහිත්‍වා වස‍්සිංසු, වුට‍්ඨිධාරාවෙගෙන පථවී ඡිද‍්දා අහොසි, වනරුක‍්ඛාදීනං උපරි මහොඝො ආගන‍්ත්‍වා දසබලස‍්ස චීවරෙ උස‍්සාවබින්‍දුමත‍්තම‍්පි තෙමෙතුං නාසක‍්ඛි. තතො පාසාණවස‍්සං සමුට‍්ඨාපෙසි, මහන‍්තානි මහන‍්තානි පබ‍්බතකූටානි ධූමායන‍්තානි පජ‍්ජලන‍්තානි ආකාසෙනාගන‍්ත්‍වා දසබලං පත්‍වා දිබ‍්බමාලාගුළානි සම‍්පජ‍්ජිංසු. තතො පහරණවස‍්සං සමුට‍්ඨාපෙසි, එකතොධාරාඋභතොධාරා අසිසත‍්තිඛුරප‍්පාදයො ධූමායන‍්තා පජ‍්ජලන‍්තා ආකාසෙනාගන‍්ත්‍වා දසබලං පත්‍වා දිබ‍්බපුප‍්ඵානි අහෙසුං. තතො අඞ‍්ගාරවස‍්සං සමුට‍්ඨාපෙසි, කිංසුකවණ‍්ණා අඞ‍්ගාරා ආකාසෙනාගන‍්ත්‍වා දසබලස‍්ස පාදමූලෙ දිබ‍්බපුප‍්ඵානි හුත්‍වා විකිරිංසු. තතො කුක‍්කුලවස‍්සං සමුට‍්ඨාපෙසි, අච‍්චුණ‍්හො කුක‍්කුලො ආකාසෙනාගන‍්ත්‍වා දසබලස‍්ස පාදමූලෙ චන්‍දනචුණ‍්ණං හුත්‍වා නිපති. තතො වාලුකාවස‍්සං සමුට‍්ඨාපෙසි, අතිසුඛුමා වාලුකා ධූමායන‍්තා පජ‍්ජලන‍්තා ආකාසෙනාගන‍්ත්‍වා දසබලස‍්ස පාදමූලෙ දිබ‍්බපුප‍්ඵානි හුත්‍වා නිපතිංසු. තතො කලලවස‍්සං සමුට‍්ඨාපෙසි, තං කලලවස‍්සං ධූමායන‍්තං පජ‍්ජලන‍්තං ආකාසෙනාගන‍්ත්‍වා දසබලස‍්ස පාදමූලෙ දිබ‍්බගන්‍ධං හුත්‍වා නිපති. තතො අන්‍ධකාරං සමුට‍්ඨාපෙසි “භිංසෙත්‍වා සමණං පලාපෙස‍්සාමී”ති. තං චතුරඞ‍්ගසමන‍්නාගතන්‍ධකාරසදිසං හුත්‍වා දසබලං පත්‍වා සූරියප‍්පභාවිහතමිවන්‍ධකාරං අන‍්තරධායි.

‘මෙයින්ම සමණයා පලවා හරින්නෙමි’යි ආලවක මහා වාතයෙන් කැළඹුණු කුණාටුවක් (වාසුළි) නැංවීය. ඒ සුළි සුළඟ නැගෙනහිර ආදී දිසාවෙන් පැන නැගී, අඩ යොදුනක්, යොදුන් දෙකක්, තුනක් පමණ මහ ගල්කුළු පලා කැලෑවේ මහා ගස් පඳුරු ආදිය මුලින් උදුරා, අලව් නුවර සිසාරමින්, අබලන් වූ ඇත්හල් ආදිය සුණුවිසුණු කරමින්, වහලවල් හා ගඩොල්ද අහසෙහි පාවී කැරකී යනවිට, භාග්‍යවතුන් වහන්සේ ‘කිසිවකුටත් හිරිහැරයක් නොවේවා’යි අදිටන් කළහ. ඒ සුළඟට දසබලධාරි බුදුරදුන්ගේ සිවුරු කොනකුදු සෙලවීමට නොහැකි විය. ඉක්බිති ‘දියෙහි ගිල්වා මහණ මරන්නෙමි’යි මහා වැස්සක් ඇතිකර වීය. යකුගේ බලයෙන් සියදහස් ගණනින් වැහිවලා නැගෙමින් මහා වැසි වැස්සවීය. වැසි පතිතවන වේගයට පොළව හෑරිණ. කැලෑවේ මහ ගස් මතුයෙහි සිසාරා මහ වැසි වැස්සත්, දසබලධාරී බුදුරදුන්ගේ සිවුරෙහි පිනිබිඳුවකුදු තරමට තෙමන්නට නොහැකි විය. ඊළඟට ගල් වැස්සක් ඇති කරලීය. මහත් මහත් ගිරිකුළු දුම් දමමින්, ඇවිළෙමින් අහසින් අවුත් දසබලධාරී බුදුරදුන් ළඟ දිවමල් පොකුරු බවට පත්විය. ඊළගට තදින් පහර වැදෙන පරිදි ආයුධ වැස්සක් ඇතිකරලීය. එක් පැත්තක් මුවහත් වූ, දෙපැත්තම මුවහත් වූ කඩු, සැත්, ඊතල ආදිය දුම් දමමින්, ඇවිලෙමින් අහසින් අවුත් දසබලධාරී බුදුරදුන් හමුවේ දිවමල් බවට පත්විය. ඊළඟට අඟුරු වැස්සක් නංවාලීය. එරබදු මල් පැහැ රත් වූ අඟුරු අහසින් අවුත් දසබලධාරි බුදුහිමි පාමුල දිවමල්ව විසිරිණ. ඉක්බිති උණු අළු වැස්සකි. ඉතා උණුසුම් උණු අළු අහසින් අවුත්, දසබල බුදුහිමි පාමුල සඳුන් සුණුව පතිත වුණි. මීළඟට වැලි වැස්සකි. ඉතා සියුම් වැලි දුම් දමමින්, ඇවිලෙමින් අහසින් අවුත් දසබල බුදුහිමි පාමුල දිවමල් බවට පත්විය. මඩ වැස්සක් ඊළගට නැංවීය. එය දුම් දමමින්, ඇවිලෙමින් අහසින් අවුත්, දසබල බුදුහිමි පාමුල දිවසුවඳ පතුරුවමින් පතිත විය. ‘බිය ගන්වා මහණ පලවා හරින්නෙමි’යි ඊට පසු මහා අඳුරක් නැංවීය. එය සිවුආකාර වූ මහා අඳුරක් වුවත්, දසබල බුදුහිමි වෙත පැමිණ, හිරු රැසින් අඳුරු දුරු වන්නා සේම අතුරුදන් විය.

එවං යක‍්ඛො ඉමාහි නවහි වාතවස‍්සපාසාණපහරණඞ‍්ගාරකුක‍්කුලවාලුකකලලන්‍ධකාරවුට‍්ඨීහි භගවන‍්තං පලාපෙතුං අසක‍්කොන‍්තො නානාවිධපහරණහත්‍ථාය අනෙකප‍්පකාරරූපභූතගණසමාකුලාය චතුරඞ‍්ගිනියා සෙනාය සයමෙව භගවන‍්තං අභිගතො. තෙ භූතගණා අනෙකප‍්පකාරෙ විකාරෙ කත්‍වා “ගණ‍්හථ හනථා”ති භගවතො උපරි ආගච‍්ඡන‍්තා විය හොන‍්ති, අපිච තෙ නිද‍්ධන‍්තලොහපිණ‍්ඩං විය මක‍්ඛිකා, භගවන‍්තං අල‍්ලීයිතුං අසමත්‍ථා එවං අහෙසුං. එවං සන‍්තෙපි යථා බොධිමණ‍්ඩෙ මාරො ආගතවෙලායමෙව නිවත‍්තො, තථා අනිවත‍්තිත්‍වා උපඩ‍්ඪරත‍්තිමත‍්තං බ්‍යාකුලමකංසු. එවං උපඩ‍්ඪරත‍්තිමත‍්තං අනෙකප‍්පකාරවිභිංසනදස‍්සනෙනපි භගවන‍්තං චාලෙතුමසක‍්කොන‍්තො ආළවකො චින‍්තෙසි – “යංනූනාහං කෙනචි අජෙය්‍යං දුස‍්සාවුධං මුඤ‍්චෙය්‍ය”න‍්ති.

මෙසේ ආලවක යකු සුළං, ගල්, ආයුධ, අඟුරු, උණු අළු, වැලි, මඩ, අඳුර යන වැසි නවයකින්ද භාග්‍යවතුන් වහන්සේ පලවා හැරිමට නොහැකිව, නොයෙක් ආකාර වූ විසුළු පෙනුමෙන් යුතු භූතයන්ද පිරිවරා, සිවුරඟ සෙන් සමග තමාම එඩිතරව ඉදිරියට ගියේය. ඒ භූත පිරිස් නොයෙක් අයුරින් විසුළු පෙන්වමින්, ‘අල්ලා ගනිවු වනසවු’ කියමින් භාග්‍යවතුන් වහන්සේ ඉහළින් පැමිණෙන්නාක් මෙන් විය. එහෙත් රත්කොට පිරිසිදු කරන ලද ලෝහ පිඬක මැස්සන් නොරඳන සේ, භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි ඇලීමට හෝ නොහැකි විය. (එදා) බෝමැඩදී මාරයා පැමිණිවිට මෙබඳු දේ නැවතුණද (දැන්) එසේ නොනැවතී, අඩ රැයක් මුළුල්ලේ අවුල් සහගත බවක් ඇතිවිය. මෙසේ අඬ රැයක් පුරාම නොයෙක් බිය දනවන දසුන්වලින්ද භාග්‍යවතුන් වහන්සේ තිගැස්සීමකට හෝ නොහැකිව, ‘කිසි කෙනෙකුට ජයගත නොහැකි, චේලායුධය මුදාහරීම් නම් මැනවැ’යි ආලවක සිතුවේය.

චත‍්තාරි කිර ආවුධානි ලොකෙ සෙට‍්ඨානි – සක‍්කස‍්ස වජිරාවුධං, වෙස‍්සවණස‍්ස ගදාවුධං, යමස‍්ස නයනාවුධං, ආළවකස‍්ස දුස‍්සාවුධන‍්ති. යදි හි සක‍්කො කුද‍්ධො වජිරාවුධං සිනෙරුමත්‍ථකෙ පහරෙය්‍ය අට‍්ඨසට‍්ඨිසහස‍්සාධිකයොජනසතසහස‍්සං සිනෙරුං විනිවිජ‍්ඣිත්‍වා හෙට‍්ඨතො ගච‍්ඡෙය්‍ය . වෙස‍්සවණස‍්ස පුථුජ‍්ජනකාලෙ විස‍්සජ‍්ජිතගදා බහූනං යක‍්ඛසහස‍්සානං සීසං පාතෙත්‍වා පුන හත්‍ථපාසං ආගන‍්ත්‍වා තිට‍්ඨති. යමෙන කුද‍්ධෙන නයනාවුධෙන ඔලොකිතමත‍්තෙ අනෙකානි කුම‍්භණ‍්ඩසහස‍්සානි තත‍්තකපාලෙ තිලා විය විප‍්ඵුරන‍්තානි විනස‍්සන‍්ති. ආළවකො කුද‍්ධො සචෙ ආකාසෙ දුස‍්සාවුධං මුඤ‍්චෙය්‍ය, ද‍්වාදස වස‍්සානි දෙවො න වස‍්සෙය්‍ය. සචෙ පථවියං මුඤ‍්චෙය්‍ය, සබ‍්බරුක‍්ඛතිණාදීනි සුස‍්සිත්‍වා ද‍්වාදසවස‍්සන‍්තරං න පුන රුහෙය්‍යුං. සචෙ සමුද‍්දෙ මුඤ‍්චෙය්‍ය, තත‍්තකපාලෙ උදකබින්‍දු විය සබ‍්බමුදකං සුස‍්සෙය්‍ය. සචෙ සිනෙරුසදිසෙපි පබ‍්බතෙ මුඤ‍්චෙය්‍ය, ඛණ‍්ඩාඛණ‍්ඩං හුත්‍වා විකිරෙය්‍ය. සො එවං මහානුභාවං දුස‍්සාවුධං උත‍්තරීයකතං මුඤ‍්චිත්‍වා අග‍්ගහෙසි . යෙභුය්‍යෙන දසසහස‍්සිලොකධාතුදෙවතා වෙගෙන සන‍්නිපතිංසු – “අජ‍්ජ භගවා ආළවකං දමෙස‍්සති, තත්‍ථ ධම‍්මං සොස‍්සාමා”ති. යුද‍්ධදස‍්සනකාමාපි දෙවතා සන‍්නිපතිංසු. එවං සකලම‍්පි ආකාසං දෙවතාහි පුරිපුණ‍්ණමහොසි.

සක්දෙවිඳුගේ වජිරායුධය, වෙස්සවණගේ ගද්‍රායුධය, යමගේ පාරා වළල්ල සහ ආලවකගේ චේලායුධය ලොව බලවත්ම ආයුධ සතරකි. සක්දෙව් කිපී වජිරායුධය මහමෙර මත ගැසුවොත් යොදුන් එක් ලක්ෂ සැටඅටදහසක් මහමෙර ගිලා බැස්සාක් මෙන් යට යන්නේය. මගපල ලැබීමට පෙර, වෙස්සවණ මුදාහරින ලද ගද්‍රායුධය දහසකටත් වඩා බොහෝ යකුන්ගේ හිස් පලා, නැවත තමන් අතටම පැමිණ සිටියේය. යම කෝපයෙන් තම පාරා වළල්ල දෙස බැලූ පමණින්ම, කුම්භාණ්ඩයෝ දහස් ගණනින්, රත්වූ යකඩ තැටියක දැමූ තල ඇට මෙන් පිපිරි විනාශ වෙති. යම් හෙයකින්, ආලවක කිපී, චේලායුධය අහසට විසිකළහොත්, දොළොස් වසරක් වැසි නොවසී. පොළවට විසිකළහොත්, සියළුම ගස්, තණ ආදිය වියළී දොළොස් වසරක් පුරා නැවත නොවැඩෙන්නේය. මුහුදට දමා ගසන්නේ නම්, රත්වූ යකඩ තැටියක දියබිඳු මෙන්, මුළු මුහුදු ජලයම වියළෙන්නේය. මහමෙර හා සමාන පව්වකට දමා ගසන්නේ නම්, එය සීසීකඩව විසිරෙන්නේය. ආලවක මෙබඳු බල ඇති වේලායුධය දමා ගසන්නට සූදානම්ව අතට ගත්තේය. බොහෝසෙයින්ම දසදහසක් ලෝධාතුවල දේවතාවෝ ‘අද භාග්‍යවතුන් වහන්සේ ආලවක දමනය කරන්නාහ, එහිදී දහම් අසන්නෙමු’යි වහ වහා රැස්වූහ. යුද්ධය දැකීමට කැමති දේවතාවෝද රැස්වූහ. මෙසේ මුළු අහස් තලයම දේවතාවුන්ගෙන් පිරී ගියේය.

අථ ආළවකො භගවතො සමීපෙ උපරූපරි විචරිත්‍වා වත්‍ථාවුධං මුඤ‍්චි. තං අසනිවිචක‍්කං විය ආකාසෙ භෙරවසද‍්දං කරොන‍්තං ධූමායන‍්තං පජ‍්ජලන‍්තං භගවන‍්තං පත්‍වා යක‍්ඛස‍්ස මානමද‍්දනත්‍ථං පාදමුඤ‍්ඡනචොළකං හුත්‍වා පාදමූලෙ නිපති. ආළවකො තං දිස‍්වා ඡින‍්නවිසාණො විය උසභො, උද‍්ධටදාඨො විය සප‍්පො, නිත‍්තෙජො නිම‍්මදො නිපතිතමානද‍්ධජො හුත්‍වා චින‍්තෙසි – “දුස‍්සාවුධම‍්පි සමණං නභිභොසි, කිං නු ඛො කාරණ”න‍්ති? ඉදං කාරණං, මෙත‍්තාවිහාරයුත‍්තො සමණො, හන්‍ද නං රොසෙත්‍වා මෙත‍්තාය වියොජෙමීති. ඉමිනා සම‍්බන්‍ධෙනෙතං වුත‍්තං – “අථ ඛො ආළවකො යක‍්ඛො යෙන භගවා…පෙ… නික‍්ඛම සමණා”ති. තත්‍රායමධිප‍්පායො – කස‍්මා මයා අනනුඤ‍්ඤාතො මම භවනං පවිසිත්‍වා ඝරසාමිකො විය ඉත්‍ථාගාරස‍්ස මජ‍්ඣෙ නිසින‍්නොසි, නනු අයුත‍්තමෙතං සමණස‍්ස යදිදං අදින‍්නපටිභොගො ඉත්‍ථිසංසග‍්ගො ච, තස‍්මා යදි ත්‍වං සමණධම‍්මෙ ඨිතො, නික‍්ඛම සමණාති. එකෙ පන “එතානි අඤ‍්ඤානි ච ඵරුසවචනානි වත්‍වා එවායං එතදවොචා”ති භණන‍්ති.

ඉක්බිති ආලවක භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් එහා මෙහා ගොස් චේලායුධය දමා ගැසීය. එය හෙණ ගුළියක් මෙන්, බිය දනවන හඬක් නංවමින්, දුම් දමමින්, අහසෙහි ඇවිලෙමින් භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ, යකුගේ උඩඟු බව මඬිනු පිණිස පාපිස්නා රෙදිකඩක්ව පාමුල වැටිණ. එය දුටු ආලවක, අං කැඩුණු ගොනෙකු මෙන්, දළ උදුරා දැමූ සපෙකු මෙන් තෙද සිඳුණු, බල රහිත, මානය නම් වූ කොඩිය පහත හෙළන ලදුව ‘චෙලායුධයටද සමණයා මැඩපවත්වනු නොහැකි විය. එයට හේතු මොනවාදැයි සිතුවේය. ඊට කරුණු මේවාය. මහණ මෙත් සිතින් වාසය කරයි, එහෙයින් කෝප ගන්වා මෙත් බව ඉවත් කරමි’යි (සිතීය) මේ අනුව අථ ඛො ආලවකො යක්‍ඛො යෙන භගවා -පෙ- නික්‍ඛම සමණ යැයි කියන ලදී. එයින් අදහස් කරන ලද්දේ මෙයයි. ‘කුමක් නිසා, මගේ අනුදැනුමෙන් තොරව, මගේ විමනට පිවිස, ගෙයි හිමිකරු සේ ගැහැණුන් වසන තැනට වී හුන්නෙහිද? නුදුන් දෙයක් පරිහරණයත්, ගැහැණුන් හා එක්ව සිටීමත්, මහණකට සුදුසු වේද? ඔබේ මහණකම එසේනම්, නික්ම යව, මහණ, යැයි කීය. මෙබඳු වෙනත් නපුරු වචන කියා, මේ ලෙසද කීවේ යැයි ඇතැමෙක් පවසති.

අථ භගවා “යස‍්මා ථද‍්ධො පටිථද‍්ධභාවෙන විනෙතුං න සක‍්කා, සො හි පටිථද‍්ධභාවෙ කරියමානෙ සෙය්‍යථාපි චණ‍්ඩස‍්ස කුක‍්කුරස‍්ස නාසාය පිත‍්තං භින්‍දෙය්‍ය, සො භිය්‍යොසො මත‍්තාය චණ‍්ඩතරො අස‍්ස, එවං ථද‍්ධතරො හොති, මුදුනා පන සො සක‍්කා විනෙතු”න‍්ති ඤත්‍වා “සාධාවුසො”ති පියවචනෙන තස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා නික‍්ඛමි . තෙන වුත‍්තං “සාධාවුසොති භගවා නික‍්ඛමී”ති.

එවිට භාග්‍යවතුන් වහන්සේ, කෝපයෙන් පිරුණු තැනැත්තකු කෝපවීමෙන් හික්මවිය නොහැකිය, පෙරළා ඔහු කෙරෙහි කෝපවීම, නපුරු බල්ලකුගේ නාසයෙහි පිත් (සෙම්) බිදී, ඌ තවත් නපුරු වන්නාක් මෙනි. තද බවක් නොපෙන්වීමෙන් ඔහු හික්මවිය හැකි බව දැන, ‘ඇවැත්නි, යහපතැ’යි කියා ඔහුගේ වචනය පිළිගෙන විමනින් නික්මුණහ. එහෙයින් සාධාවුසොති භගවා නික්‍ඛමි යැයි කියන ලදී.

තතො ආළවකො “සුවචො වතායං සමණො එකවචනෙනෙව නික‍්ඛන‍්තො, එවං නාම නික‍්ඛමෙතුං සුඛං සමණං අකාරණෙනෙවාහං සකලරත‍්තිං යුද‍්ධෙන අබ‍්භුය්‍යාසි”න‍්ති මුදුචිත‍්තො හුත්‍වා පුන චින‍්තෙසි “ඉදානිපි න සක‍්කා ජානිතුං, කිං නු ඛො සුවචතාය නික‍්ඛන‍්තො, උදාහු කොධෙන, හන්‍ද නං වීමංසාමී”ති. තතො “පවිස සමණා”ති ආහ. අථ “සුවචො”ති මුදුභූතචිත‍්තවවත්‍ථානකරණත්‍ථං පුනපි පියවචනං වදන‍්තො සාධාවුසොති භගවා පාවිසි. ආළවකො පුනප‍්පුනං තමෙව සුවචභාවං වීමංසන‍්තො දුතියම‍්පි තතියම‍්පි “නික‍්ඛම පවිසා”ති ආහ. භගවාපි තථා අකාසි. යදි න කරෙය්‍ය, පකතියාපි ථද‍්ධයක‍්ඛස‍්ස චිත‍්තං ථද‍්ධතරං හුත්‍වා ධම‍්මකථාය භාජනං න භවෙය්‍ය. තස‍්මා යථා නාම මාතා රොදන‍්තං පුත‍්තකං යං සො ඉච‍්ඡති, තං දත්‍වා වා කත්‍වා වා සඤ‍්ඤාපෙති, තථා භගවා කිලෙසරොදනෙන රොදන‍්තං යක‍්ඛං සඤ‍්ඤාපෙතුං යං සො භණති, තං අකාසි. යථා ච ධාතී ථඤ‍්ඤං අපිවන‍්තං දාරකං කිඤ‍්චි දත්‍වා උපලාළෙත්‍වා පායෙති, තථා භගවා යක‍්ඛං ලොකුත‍්තරධම‍්මඛීරං පායෙතුං තස‍්ස පත්‍ථිතවචනකරණෙන උපලාළෙන‍්තො එවමකාසි. යථා ච පුරිසො ලාබුම‍්හි චතුමධුරං පූරෙතුකාමො තස‍්සබ‍්භන‍්තරං සොධෙති, එවං භගවා යක‍්ඛස‍්ස චිත‍්තෙ ලොකුත‍්තරචතුමධුරං පූරෙතුකාමො තස‍්ස අබ‍්භන‍්තරෙ කොධමලං සොධෙතුං යාව තතියං නික‍්ඛමනපවෙසනං අකාසි.

එවිට ආලවක, ‘මේ මහණ ඒකාන්තයෙන්ම කීකරුය. එක වචනයෙන්ම නික්මුණේය. පන්නා දැමීමට පහසු මෙබඳු මහණකු නිකරුනේ මුළු රැයක්ම යුදකොට නෙරපීමට මම උත්සාහ කළෙමි’යි මුදු සිත් ඇතිවුවත්, නැවත ‘නික්මුනේ කීකරුකම නිසාද? නැතහොත් තරහෙන් නික්මුණේදැ’යි දැන් දැනගැනීමට නොහැකියි, විමසන්නෙම් නම් මැනවැ’යි පවිස සමණ යැයි කීවේය. ඉක්බිති, කීකරුව, මොළොක්ව සිත පවත්නා සැටි ඔහුට පැහැදිලි වනු පිණිස, නැවත පියවදන් කියමින්, සාධාවුසොති භගවා පාවිසි ආලවක නැවත නැවතත්, එලෙසටම කීකරු බව විමසමින් දුතියම්පි තතියම්පි නික්‍ඛම පවිස යැයි කීය. භාග්‍යවතුන් වහන්සේද එසේ කළහ. ආලවක කියන ලද පරිදි නොකළේ නම්, මුලසිටම තද දැඩි බවට පත් යකුගේ සිත වඩාත් දැඩි බවට පත්ව, දහම් කතාවට සුදුසු නොවනු ඇත. එහෙයින්, මවක පුතු හඬන විට කැමති දෙයක් දී හෝ කැමති දෙයක් කොට ඔහු සන්සුන් කරන්නීද, එසේම භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් නිසා හඬන යකු සන්සුන් කරන්නට ඔහු කී පරිදි කළහ. තනකිරි නොබොන ළදරුවකු යම් දෙයක් දී නලවා කිරිමව ඔහුට කිරි පොවන්නීද, එසේම භාග්‍යවතුන් වහන්සේ යකුට ලොවුතුරු දහම් කිරි පෙවීමට ඔහු පතන ලද වචනවලින් නලවමින් එසේ කටයුතු කළහ. ලබු කැටයක සිවු මිහිරි දේ (චතුමධුර) පුරවනු කැමති මිනිසෙක්, ලබු කැටයෙහි ඇතුලත සෝදා පිරිසිදු කරයිද, එසේ භාග්‍යවතුන් වහන්සේ යකුගේ සිතෙහි සිවු ලොව්තුරු මිහිරි දෑ පුරවනු කැමතිව, ඔහුගේ සිත්සතන් තුළ තරහ කිළුටු සෝදා හරින්නට, තුන්වරක් දක්වා නික්මුණහ. පිවිසුණහ.

අථ ආළවකො “සුවචො අයං සමණො, ‘නික‍්ඛමා’ති වුත‍්තො නික‍්ඛමති, ‘පවිසා’ති වුත‍්තො පවිසති, යංනූනාහං ඉමං සමණං එවමෙවං සකලරත‍්තිං කිලමෙත්‍වා, පාදෙ ගහෙත්‍වා, පාරගඞ‍්ගාය ඛිපෙය්‍ය”න‍්ති පාපකං චිතං උප‍්පාදෙත්‍වා චතුත්‍ථවාරං ආහ – “නික‍්ඛම සමණා”ති. තං ඤත්‍වා භගවා “න ඛ‍්වාහං ත”න‍්ති ආහ. “එවං වුත‍්තෙ තදුත‍්තරිං කරණීයං පරියෙසමානො පඤ‍්හං පුච‍්ඡිතබ‍්බං මඤ‍්ඤිස‍්සති, තං ධම‍්මකථාය මුඛං භවිස‍්සතී”ති ඤත්‍වා “න ඛ‍්වාහං ත”න‍්ති ආහ. තත්‍ථ නඉති පටික‍්ඛෙපෙ, ඛොඉති අවධාරණෙ. අහන‍්ති අත‍්තනිදස‍්සනං, න‍්ති හෙතුවචනං. තෙනෙත්‍ථ “යස‍්මා ත්‍වං එවං චින‍්තෙසි, තස‍්මා අහං ආවුසො නෙව නික‍්ඛමිස‍්සාමි, යං තෙ කරණීයං, තං කරොහී”ති එවමත්‍ථො දට‍්ඨබ‍්බො.

ඉක්බිති ආලවක, ‘මේ මහණ කීකරුය. නික්ම යව’යි කී විට නික්මෙයි. පිවිසෙව’යි කී විට ඇතුළු වෙයි. මේ මහණ මුළු රැයම මෙසේ වෙහෙසට පත්කොට, පාවලින් අල්ලා ගඟෙන් එතරට දමන්නෙමි’යි පාපී සිත උපදවා සිවුවන වරටද නික්‍ඛම සමණ යැයි කීය. එය දැන භාග්‍යවතුන් වහන්සේ නඛ්වාහන්තං යැයි කීහ. මෙසේ (යකු කී විට) එයටත් වඩා කළයුතු දෙයක් සළකමින්, (යකු) පැනයක් විමසිය යුතු යැයි සිතා අසන පැනය දහම් කතාවට මුල් වන්නේ යැයි දැන, නකවාහන්තං යැයි කීහ. එහි න යනු පිළිකෙව් කිරිමෙහි යොදා ඇත. ඛො තහවුරු කිරිමෙහි, අහං තමා නිදසුන් කරයි, තං යනු හේතු දනවන වචනයයි. ‘එසේනම්, ඔබ (යම් කරුණක්) සිතුවෙහිද? එබැවින්, ඇවැත්නි, මම නික්ම නොයන්නෙමි, ඔබට කළහැකි දෙයක් කරනු’ යැයි මෙසේ මෙහි තේරුම දතයුතුය.

තතො ආළවකො යස‍්මා පුබ‍්බෙපි ආකාසෙනාගමනවෙලායං “කිං නු ඛො, එතං සුවණ‍්ණවිමානං, උදාහු රජතමණිවිමානානං අඤ‍්ඤතරං, හන්‍ද නං පස‍්සාමා”ති එවං අත‍්තනො විමානං ආගතෙ ඉද‍්ධිමන‍්තෙ තාපසපරිබ‍්බාජකෙ පඤ‍්හං පුච‍්ඡිත්‍වා විස‍්සජ‍්ජෙතුමසක‍්කොන‍්තෙ චිත‍්තක‍්ඛෙපාදීහි විහෙඨෙති. කථං? අමනුස‍්සා හි භිංසනකරූපදස‍්සනෙන වා හදයවත්‍ථුපරිමද‍්දනෙන වාති ද‍්වීහාකාරෙහි චිත‍්තක‍්ඛෙපං කරොන‍්ති. අයං පන යස‍්මා “ඉද‍්ධිමන‍්තො භිංසනකරූපදස‍්සනෙන න තසන‍්තී”ති ඤත්‍වා අත‍්තනො ඉද‍්ධිප‍්පභාවෙන සුඛුමත‍්තභාවං නිම‍්මිනිත්‍වා, තෙසං අන‍්තො පවිසිත්‍වා හදයවත්‍ථුං පරිමද‍්දති, තතො චිත‍්තසන‍්තති න සණ‍්ඨාති, තස‍්සා අසණ‍්ඨමානාය උම‍්මත‍්තකා හොන‍්ති ඛිත‍්තචිත‍්තා. එවං ඛිත‍්තචිත‍්තානං එතෙසං උරම‍්පි ඵාලෙති, පාදෙපි නෙ ගහෙත්‍වා පාරගඞ‍්ගාය ඛිපති “මාස‍්සු මෙ පුන එවරූපා භවනමාගමිංසූ”ති, තස‍්මා තෙ පඤ‍්හෙ සරිත්‍වා “යංනූනාහං ඉමං සමණං ඉදානි එවං විහෙඨෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා ආහ “පඤ‍්හං තං සමණා”තිආදි.

පෙර ඉඳුබල ඇති තවුසන් පිරිවැජියන් අහසින් යද්දී (ආලවකගේ) විමන රනින් නිමවීද, නැතිනම් රිදියෙන්, මැණික්වලින් කර ඇත්දැයි, බැලීමට තම විමනට පැමිණි විට ආලවක ඔවුන්ගෙන් පැන විමසා, ඒවා විසඳීමට නොහැකි තැන, ඔවුන්ගේ සිත් අවුල්කොට වෙහෙසට පත් කරයි. ඒ කෙසේද? නොමිනිස් වූ (භූතාදීන්) ලවා බියජනක රූ පෙන්වීමෙන් හෝ, හදවත පිරිමැදීමෙන් හෝ යන දෙයාකාරයෙන්ම සිත වියරු බවට පත් කරයි. ඉඳුබල ඇති යම් තැනැත්තකු බිය දනවන රූප දැක්මෙන් තැති නොගනිති’යි දැනගත් විට ආලවක තම ඉඳු බලයෙන් සියුම් ආත්මයක් මවා ඔවුන් තුලට පිවිස හදවත පිරිමදී. එයින් සිත් සතන් මනාව නොපවතී. එසේ සිත මනාව නොපවත්නා තැනැත්තෝ උමතු වෙති. මෙසේ විකල් සිත් ඇත්තවුන්ගේ ළයද පලයි. ‘නැවත මාගේ විමනට නොපැමිණෙව’යි ඔවුන්ගේ පාදයෙන් අල්ලා ගඟෙන් එතරට විසිකර දමයි. එහෙයින් එම පැන සිහිකොට ‘මේ මහණ, දැන් ඒ ගැන විමසා වෙහෙසට පත් කරමි’යි සිතා පඤ්හං තං සමණ ආදී ලෙසින් කීය.

කුතො පනස‍්ස තෙ පඤ‍්හාති? තස‍්ස කිර මාතාපිතරො කස‍්සපං භගවන‍්තං පයිරුපාසිත්‍වා අට‍්ඨ පඤ‍්හෙ සවිස‍්සජ‍්ජනෙ උග‍්ගහෙසුං. තෙ දහරකාලෙ ආළවකං පරියාපුණාපෙසුං. සො කාලච‍්චයෙන විස‍්සජ‍්ජනං සම‍්මුස‍්සි. තතො “ඉමෙ පඤ‍්හාපි මා විනස‍්සන‍්තූ”ති සුවණ‍්ණපට‍්ටෙ ජාතිහිඞ‍්ගුලකෙන ලිඛාපෙත්‍වා විමානෙ නික‍්ඛිපි. එවමෙතෙ බුද‍්ධපඤ‍්හා බුද‍්ධවිසයා එව හොන‍්ති. භගවා තං සුත්‍වා යස‍්මා බුද‍්ධානං පරිච‍්චත‍්තලාභන‍්තරායො වා ජීවිතන‍්තරායො වා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණබ්‍යාමප‍්පභානං පටිඝාතො වා න සක‍්කා කෙනචි කාතුං, තස‍්මා තං ලොකෙ අසාධාරණං බුද‍්ධානුභාවං දස‍්සෙන‍්තො ආහ “න ඛ‍්වාහං තං, ආවුසො, පස‍්සාමි සදෙවකෙ ලොකෙ”ති.

ආලවකට එම පැන ලැබුණේ කෙසේද? ඔහුගේ මවුපියෝ කසුප් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරද්දී, පැන අටක් විසඳන අයුරු උගත්හ. ඒවා තරුණ කල්හි ආලවකට පුරුදු කළහ. කල්ගතවත්ම ඔහුට එය අමතක විය. එහෙයින් ‘මේ පැන හෝ වැනසී නොයේවා’යි රන් තහඩුවක රන්සිරියල්වලින් ලියවා විමනෙහි තැබීය. එහෙයින් එය බුදුවරුන්ටම වෙන්වූ, බුදුවරුන්ම විසඳිය යුතු වෙයි. භාග්‍යවතුන් වහන්සේ, ආලවකගේ කීම අසා, එය බුදුවරුන්ට ලැබෙන සිවුපසය ආදිය වැළකීම හෝ, ජීවිත අනතුරක් හෝ, සියල්ල දන්නා වූ නුවණෙහි ආලෝකයට ගැටීමක් හෝ තරහ බවක් හෝ කිසිවෙකුට කළ නොහැකි බැවින්, ලෝකයෙහි ඒ අසමසම බුදු බලය දක්වමින්, න ඛවාහං තං ආවුසො පස්සාමි සදෙවකෙ ලොකෙ යැයි කීහ.

තත්‍ථ “සදෙවකවචනෙන පඤ‍්චකාමාවචරදෙවග‍්ගහණ”න‍්තිආදිනා නයෙන එතෙසං පදානං අත්‍ථමත‍්තදස‍්සනෙන සඞ‍්ඛෙපො වුත‍්තො, න අනුසන්‍ධියොජනාක‍්කමෙන විත්‍ථාරො. ස‍්වායං වුච‍්චති – සදෙවකවචනෙන හි උක‍්කට‍්ඨපරිච‍්ඡෙදතො සබ‍්බදෙවෙසු ගහිතෙසුපි යෙසං තත්‍ථ සන‍්නිපතිතෙ දෙවගණෙ විමති අහොසි “මාරො මහානුභාවො ඡකාමාවචරිස‍්සරො වසවත‍්තී පච‍්චනීකසාතො ධම‍්මදෙස‍්සී කුරුරකම‍්මන‍්තො, කිං නු ඛො, සොපිස‍්ස චිත‍්තක‍්ඛෙපාදීනි න කරෙය්‍යා”ති, තෙසං විමතිපටිබාහනත්‍ථං “සමාරකෙ”ති ආහ. තතො යෙසං අහොසි – “බ්‍රහ‍්මා මහානුභාවො එකඞ‍්ගුලියා එකචක‍්කවාළසහස‍්සෙ ආලොකං කරොති, ද‍්වීහි…පෙ… දසහි අඞ‍්ගුලීහි දසසු චක‍්කවාළසහස‍්සෙසු, අනුත‍්තරඤ‍්ච ඣානසමාපත‍්තිසුඛං පටිසංවෙදෙති, කිං සොපි න කරෙය්‍යා”ති, තෙසං විමතිපටිබාහනත්‍ථං “සබ්‍රහ‍්මකෙ”ති ආහ. අථ යෙසං අහොසි “පුථු සමණබ්‍රාහ‍්මණා සාසනස‍්ස පච‍්චත්‍ථිකා පච‍්චාමිත‍්තා මන‍්තාදිබලසමන‍්නාගතා, කිං තෙපි න කරෙය්‍යු”න‍්ති, තෙසං විමතිපටිබාහනත්‍ථං “සස‍්සමණබ්‍රාහ‍්මණියා පජායා”ති ආහ. එවං උක‍්කට‍්ඨට‍්ඨානෙසු කස‍්සචි අභාවං දස‍්සෙත්‍වා ඉදානි සදෙවමනුස‍්සායාති වචනෙන සම‍්මුතිදෙවෙ අවසෙසමනුස‍්සෙ ච උපාදාය උක‍්කට‍්ඨපරිච‍්ඡෙදවසෙනෙව සෙසසත‍්තලොකෙපි කස‍්සචි අභාවං දස‍්සෙසීති එවමෙත්‍ථ අනුසන්‍ධියොජනාක‍්කමො වෙදිතබ‍්බො.

එහි සදෙවක යන වචනයෙන් පස්කම්සුව විඳින දේව සමූහය ආදී ලෙස, ඒ පදවලට කෙටියෙන් අරුත පමණක් දක්වමින් කියන ලදී. වචන සබඳතා ගලපමින් විස්තර නොදැක්වේ. ඒ පිළිබඳව (දැන්) මෙසේ සඳහන් කරනු ලැබේ. සදෙවක වචනයෙන් ඉතා උසස් ලෙස කොටස් කරනු ලබන සියළුම දෙවිවරුන් මෙහි නොගැනෙතත්, එහි රැස්වූ දේව සමූහයාට සැකයක් ඇතිවිය. සය වැදෑරුම් කාමාවචර දෙවියන්ද වසඟයට ගන්නා ලද, යහපතට අකුල් හෙලන, නපුරු දේ කරන මහබලැති මාරයාගේ සිතද වියවුලට පත් නොකෙරේදැ’යි ඔවුන්ගේ ඒ සැකය දුරුකරනු පිණිස සමාරකෙ යැයි කීහ. ‘බ්‍රහ්මයා මහා බලවත්ය. එක ඇඟිල්ලකින් එක් සක්වළ දහසක් එළිය කරයි. (පිළිවෙලින්) ඇඟිලි දෙකකින්, ඇඟලි දහයකින් දස දහසක් සක්වළ එළිය කරයි. උතුම් දැහැන් සමවත් සුවය අත්විඳියි. ඔහුගේ සිතද වියවුල් බවට පත් නොකරයිද යන ඔවුන්ගේ සැකය දුරුකරනු පිණිස සබ්‍රහ්මකෙ යැයි කීහ. සාසනයෙහි දියුණුව දැකීමට අකමැති, ඊට සතුරුවන, මන්ත්‍ර ආදී බලයෙන් යුතු බොහෝ මහණ බමුණන් එබඳු දෙයක් නොදන්නාහුදැයි ඇතිවූ ඔවුන්ගේ සැකය දුරුකරනු පිණිස සස්සමණ බ්‍රාහ්මණියා පජාය යැයි කීහ. මෙසේ උසස් උසස් ලෙසින් කිසිවකුටත් එසේ විය නොහැකි බව පෙන්වා දැන් සදෙව මනුස්සාය යන වචනයෙන් දෙවියන් යැයි පිළිගෙන ඇති කොටස හැර ඉතිරි මිනිසුන්ද සළකා ඒ උසස් උසස් කොටස් අනුව, ඉතිරි ජීව ලෝකයෙහිද කිසිවකුටවත් සිදුවිය නොහැකි බව පැහැදිළි කළහයි මෙසේ මෙහි පද ගැලපීම් දතයුතුය.

එවං භගවා තස‍්ස බාධනචිත‍්තං පටිසෙධෙත්‍වා පඤ‍්හපුච‍්ඡනෙ උස‍්සාහං ජනෙන‍්තො ආහ “අපිච ත්‍වං, ආවුසො, පුච‍්ඡ යදාකඞ‍්ඛසී”ති. තස‍්සත්‍ථො – පුච‍්ඡ, යදි ආකඞ‍්ඛසි, න මෙ පඤ‍්හවිස‍්සජ‍්ජනෙ භාරො අත්‍ථි. අථ වා “පුච‍්ඡ යං ආකඞ‍්ඛසි, තෙ සබ‍්බං විස‍්සජ‍්ජෙස‍්සාමී”ති සබ‍්බඤ‍්ඤුපවාරණං පවාරෙසි අසාධාරණං පච‍්චෙකබුද‍්ධඅග‍්ගසාවකමහාසාවකෙහි. තෙ හි “පුච‍්ඡාවුසො සුත්‍වා වෙදිස‍්සාමා”ති වදන‍්ති. බුද‍්ධා පන “පුච‍්ඡාවුසො යදාකඞ‍්ඛසී”ති (සං· නි· 1.237, 246) වා,

මෙසේ භාග්‍යවතුන් වහන්සේ, අවහිර කරන්නට, බාධා කරන්නට යොමුව තිබූ ආලවකගේ සිත, පැන විමසීමෙහි උත්සාහවත් කරමින්, අපි ච ත්‍වං ආවුසො, පුච්ඡ, යදාකංඛසි යැයි කීහ. එහි තේරුම නම්, කැමති දෙයක් අසව, මට පැන විසඳීමෙහි අපහසුවක් නැත, ඒ සියල්ලම, පසේබුදු, අගසව්, මහරහත් සව්වන් කෙරෙහි නොපවන්නා, බුදුවරුන්ට පමණක් පවත්නා සියළු දෙයම දන්නා නුවණින් පතළ කරන්නෙමි’යි පෙන්වා දුන්හ. පසේ බුදුවරු ආදීහු ‘ඇවැත්නි, (මගෙන්) විමසන්න, අසා පවසන්නෙමු’යි කියති, බුදුවරුනම්, ‘ඇවැත්නි, දැනගැනීමට කැමති දෙයක් ඇතොත් විමසන්න’ යැයි කියති.

“පුච‍්ඡ වාසව මං පඤ‍්හං, යං කිඤ‍්චි මනසිච‍්ඡසී”ති වා. (දී· නි· 2.356);

‘ඔබේ සිතට නැගෙන කැමති පැනයක්, වාසව, (සක්‍රය) මගෙන් විමසව’

“බාවරිස‍්ස ච තුය‍්හං වා, සබ‍්බෙසං සබ‍්බසංසයං; කතාවකාසා පුච‍්ඡව‍්හො, යං කිඤ‍්චි මනසිච‍්ඡථා”ති වා. (සු· නි· 1036) –

‘බාවරීගේ හෝ ඔබේ හෝ සියල්ලන්ගේම හෝ සිතට නැගෙන කිසියම් කැමති සැක සහිත දෙයක් (මගෙන්) විමසව, එයට අවසර ලබා දී ඇත.

එවමාදිනා නයෙන දෙවමනුස‍්සානං සබ‍්බඤ‍්ඤුපවාරණං පවාරෙන‍්ති. අනච‍්ඡරියඤ‍්චෙතං, යං භගවා බුද‍්ධභූමිං පත්‍වා එවං පවාරණං පවාරෙය්‍ය, යො බොධිසත‍්තභූමියං පදෙසඤාණෙ වත‍්තමානොපි –

ආදී ලෙසින් දෙවි මිනිසුන්ට සියල්ල දන්නා බව තහවුරු කරමින් විමසීමට ඉඩ දෙති. බුදුබවට පත් වූ භාග්‍යවතුන් වහන්සේ එසේ කරුණු විමසීමට ඉඩ ලබාදෙන ලෙසටම බෝසත් කල්හිද ඊට අදාළ නුවණ මෙහෙයවමින් (පැන විමසුමට අවසර දුනි)

“කොණ‍්ඩඤ‍්ඤ පඤ‍්හානි වියාකරොහි, යාචන‍්ති තං ඉසයො සාධුරූපා; කොණ‍්ඩඤ‍්ඤ එසො මනුජෙසු ධම‍්මො, යං වුද‍්ධමාගච‍්ඡති එස භාරො”ති. (ජා· 2.17.60) –

‘කොණ්ඩඤ්ඤය, ඒ ඉසිවරුන් ඉල්ලන පරිදි මැනවින් පැන විසඳව, නුවණැති කෙනෙකුට ඒ පැන ඉදිරිපත් කිරීම මිනිසුන් අතර ඇති සොබාවයයි.

එවං ඉසීහි යාචිතො –

මෙසේ ඉසිවරුන් විසින් පැන විසඳා දෙන ලෙස සරභංග බෝසත්ගෙන් ඉල්ලා සිටින ලදී.

“කතාවකාසා පුච‍්ඡන‍්තු භොන‍්තො, යං කිඤ‍්චි පඤ‍්හං මනසාභිපත්‍ථිතං; අහඤ‍්හි තං තං වො වියාකරිස‍්සං, ඤත්‍වා සයං ලොකමිමං පරඤ‍්චා”ති. –

මනසෙහි පැන නැගුණ, පිළිතුරු පතන කිසියම් පැන ඇතොත්, (විමසීමට) ඉඩ ලබා දී ඇති බැවින් විමසත්වා! මෙලොව මෙන්ම පරලොව ගැනද මම දැනගෙන, එය ඔබලාට පහදා දෙන්නෙමි’

එවං සරභඞ‍්ගකාලෙ සම‍්භවජාතකෙ ච සකලජම‍්බුදීපෙ තික‍්ඛත‍්තුං විචරිත්‍වා පඤ‍්හානං අන‍්තකරං අදිස‍්වා ජාතියා සත‍්තවස‍්සිකො රථිකාය පංසුකීළිකං කීළන‍්තො සුචිරතෙන බ්‍රාහ‍්මණෙන පුට‍්ඨො –

සම්භව ජාතකයෙහි දැක්වෙන පරිදි, මුළු දඹදිවම තෙවරක් සැරිසරා, පැනවල කෙළවරක් නොදැක, (නිසි පිළිතුරක්) නොලැබ, වීදියෙහි වැලිකෙළියෙහි පසුවන, අවුරුදු හතක් වූ කුමරුවාගෙන් අසන ලද සුචිරත නම් බමුණාට

“තග‍්ඝ තෙ අහමක‍්ඛිස‍්සං, යථාපි කුසලො තථා; රාජා ච ඛො නං ජානාති, යදි කාහති වා න වා”ති. (ජා· 1.16.172) –

‘මාගේ හැකියාව පරිදි ඔබට මම එය කියන්නෙමි. රජුද දන්නා අයුරු කිරීම හෝ නොකිරීම හෝ රජ අතම වේ’

එවං සබ‍්බඤ‍්ඤුපවාරණං පවාරෙසි. එවං භගවතා ආළවකස‍්ස සබ‍්බඤ‍්ඤුපවාරණාය පවාරිතාය අථ ඛො ආළවකො යක‍්ඛො භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි “කිං සූධ විත‍්ත”න‍්ති.

මෙසේ (බෝසත් කලද) සියල්ල දන්නා බව තහවුරු කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සියල්ල දන්නා නුවණ මෙහෙයා ආලවකට පැන විමසීමට ඉඩ දුන් විට අථ ඛො ආලවකො යක්‍ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි: කිංසූධ විත්තං යැයි කීය.

තත්‍ථ කින‍්ති පුච‍්ඡාවචනං. සූති පදපූරණමත‍්තෙ නිපාතො. ඉධාති ඉමස‍්මිං ලොකෙ. විත‍්තන‍්ති විදති, පීතිං කරොතීති විත‍්තං, ධනස‍්සෙතං අධිවචනං. සුචිණ‍්ණන‍්ති සුකතං. සුඛන‍්ති කායිකචෙතසිකං සාතං. ආවහාතීති ආවහති, ආනෙති, දෙති, අප‍්පෙතීති වුත‍්තං හොති හවෙති දළ‍්හත්‍ථෙ නිපාතො. සාදුතරන‍්ති අතිසයෙන සාදුං. “සාධුතර”න‍්තිපි පාඨො. රසානන‍්ති රසසඤ‍්ඤිතානං ධම‍්මානං. කථන‍්ති කෙන පකාරෙන, කථංජීවිනො ජීවිතං කථංජීවිජීවිතං, ගාථාබන්‍ධසුඛත්‍ථං පන සානුනාසිකං වුච‍්චති. “කථංජීවිං ජීවත”න‍්ති වා පාඨො. තස‍්ස ජීවන‍්තානං කථංජීවින‍්ති අත්‍ථො. සෙසමෙත්‍ථ පාකටමෙව. එවමිමාය ගාථාය “කිං සු ඉධ ලොකෙ පුරිසස‍්ස විත‍්තං සෙට‍්ඨං, කිං සු සුචිණ‍්ණං සුඛමාවහාති, කිං රසානං සාදුතරං, කථංජීවිනො ජීවිතං සෙට‍්ඨමාහූ”ති ඉමෙ චත‍්තාරො පඤ‍්හෙ පුච‍්ඡි.

(ආලවක කී) ඒ ගාථාවෙහි කිං යනු විමසීම හඟවන වචනයයි. සූ යනු පද පිරවීමට යොදන නිපාතයකි. ඉධ - මේ ලෝකයෙහි විත්තං විඳියි, සතුටු කරයි, යන අදහසින් විතතං, ධනයට කියන වචනයකි. සුචිණ්ණං මැනවින් කරන ලද, සුඛං කායික මානසික සැපයයි. ආවහති (සුව) එළවයි. ගෙනෙයි. ලැබදෙයි, පමුණුවයි යනුවෙන් කියන ලද්දේය. භවෙ දැඩි යන අරුත් ඇති නිපාතයි. සාදුතරං වඩා යහපත්, සාධුතරං යැයිද වචනයකි. රසානං රසය දනවන කරුණු, කථං කුමන ආකාරයෙන් කිනම් ලෙසින්, කෙසේ ජීවිතය පවත්වාගෙන යයිද කථං ජීවිජීවිතං, ගාථා සැකසීමේදී පහසුව සළකා අනුනාසික අකුරක් සේ කියනු ලැබේ. කථං ජීවිං ජීවිතං යනුද පාඨයකි. ජීවත්වන ආකාරය කෙබඳු විය යුතුද? වැනි අරුතකි. ඉතිරි කරුණු පහසුය. මෙසේ මෙම ගාථාවෙහි, මේ ලෝකයෙහි මිනිසාට උසස්ම ධනය කුමක්ද? කුමක් පුරුදු කිරීමෙන් සැප ගෙනදෙයිද? රස අතුරෙන් යහපත් (මිහිරි) රසය කුමක්ද? කෙසේ ජීවත් වනවිට උසස් ජීවිතයක් ලැබේද? යන පැන සතර විචාළේය.

අථස‍්ස භගවා කස‍්සපදසබලෙන විස‍්සජ‍්ජිතනයෙනෙව විස‍්සජ‍්ජෙන‍්තො ඉමං ගාථමාහ “සද‍්ධීධ විත‍්ත”න‍්ති. තත්‍ථ යථා හිරඤ‍්ඤසුවණ‍්ණාදි විත‍්තං උපභොගපරිභොගසුඛං ආවහති, ඛුප‍්පිපාසාදිදුක‍්ඛං පටිබාහති, දාලිද‍්දියං වූපසමෙති, මුත‍්තාදිරතනපටිලාභහෙතු හොති, ලොකසන්‍ථුතිඤ‍්ච ආවහති, එවං ලොකියලොකුත‍්තරා සද‍්ධාපි යථාසම‍්භවං ලොකියලොකුත‍්තරවිපාකසුඛමාවහති, සද‍්ධාධුරෙන පටිපන‍්නානං ජාතිජරාදිදුක‍්ඛං පටිබාහති, ගුණදාලිද‍්දියං වූපසමෙති, සතිසම‍්බොජ‍්ඣඞ‍්ගාදිරතනපටිලාභහෙතු හොති.

එවිට භාග්‍යවතුන් වහන්සේ ද කස්සප බුදුරදුන් විසින් විසඳන ලද අයුරින්ම සද්ධීධ විත්තං යන මේ ගාථාව වදාළහ. රත්රන්, රිදී ආදිය පරිහරණය කිරීමේදී හා එයින් (ආදායම පරිදි) ජීවත්වීමේදී සිතට සුව ගෙන දෙයි. සාගිනි, පිපාස ආදී දුක වළකයි. දිළිඳුකම පහව යයි. මුතු, මැණික් ආදිය ලැබීමෙන් ලෝකයාගේ සැළකිල්ල ලබයි. මෙසේ ලොවී ලොවුතුරු සද්ධා ද (ජීවිතයට) එක්වූ විට මෙලොව-පරලොව සුව ගෙනෙයි. සැදැහැයෙන් කටයුතු කරන තැනැත්තන්ට ඉපදීම-ජරා-දුක වැළකෙයි. සිහිය හා (දහම්) අවබෝධයට අවැසි මැණික් ලැබීමෙන් (සති සම්බොජ්ඣංග) අයහපත්-අගුණ නිසා වූ දිළිඳු බව වළකයි.

“සද‍්ධො සීලෙන සම‍්පන‍්නො, යසො භොගසමප‍්පිතො; යං යං පදෙසං භජති, තත්‍ථ තත්‍ථෙව පූජිතො”ති. (ධ· ප· 303) –

‘සැදැහැයෙන්, සීලයෙන් යුතු, (එයින් ලබන) කිතුරාව නැමති ධන සම්පතින් හෙබි තැනැත්තා යම් යම් පෙදෙසක් ඇසුරු කරයිද, ඒ ඒ තැන්වලදී ඔහු ගරු සැළකිලි උපහාර ලබයි’

වචනතො ලොකසන්‍ථුතිඤ‍්ච ආවහතීති කත්‍වා “විත‍්ත”න‍්ති වුත‍්තා. යස‍්මා පනෙතං සද‍්ධාවිත‍්තං අනුගාමිකං අනඤ‍්ඤසාධාරණං සබ‍්බසම‍්පත‍්තිහෙතු, ලොකියස‍්ස හිරඤ‍්ඤසුවණ‍්ණාදිවිත‍්තස‍්සාපි නිදානං. සද‍්ධොයෙව හි දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා විත‍්තං අධිගච‍්ඡති, අස‍්සද‍්ධස‍්ස පන විත‍්තං යාවදෙව අනත්‍ථාය හොති, තස‍්මා “සෙට‍්ඨ”න‍්ති වුත‍්තං. පුරිසස‍්සාති උක‍්කට‍්ඨපරිච‍්ඡෙදදෙසනා; තස‍්මා න කෙවලං පුරිසස‍්ස , ඉත්‍ථිආදීනම‍්පි සද‍්ධාවිත‍්තමෙව සෙට‍්ඨන‍්ති වෙදිතබ‍්බං.

ලෝකයාගෙන් වාචිකව ලැබෙන තුති පැසසුම් සළකා විත්තං යැයි කියන ලදී. එදිනෙදා, ලෝකිය ජීවිතයේදී රන් රිදී ආදී සම්පත් ලැබීමට හේතුවන පරිදිම, සැදැහැ සම්පතින් යුතු තැනැත්තා ද ඒ අනුව දන් පිරිනැමීම් ආදී පින්කම් කොට (මෙලොව-පරලොව) සම්පත් ලබා ගනී. සැදැහැ බව නොමැති තැනැත්තාට තිබෙන ධනය අයහපත පිණිස පවතී. එහෙයින් (සද්ධාව) සෙට්ඨං යැයි දක්වන ලදී. පුරිසස්ස (සද්ධාවේ) උසස් බවට පමුණුවන කොටස්කරුවන් ලෙස පෙන්වයි. හුදෙක් පිරිමියෙකුට පමණක් නොව, සැදැහැ ධන සම්පත උසස් බව දතයුතුය.

ධම‍්මොති දසකුසලකම‍්මපථධම‍්මො, දානසීලභාවනාධම‍්මො වා. සුචිණ‍්ණොති සුකතො සුචරිතො . සුඛමාවහාතීති සොණසෙට‍්ඨිපුත‍්තරට‍්ඨපාලාදීනං විය මනුස‍්සසුඛං, සක‍්කාදීනං විය දිබ‍්බසුඛං, පරියොසානෙ ච මහාපදුමාදීනං විය නිබ‍්බානසුඛඤ‍්ච ආවහතීති.

ධම්මො (දාන, සීල, භාවනා) දි ලෙස දැක්වෙන දසකුසල්හි ලා ගැනෙන කරුණුය. සුචිණ්ණෙ මනාව පිළිපදිනා ලද, මනාව හැසිරෙන ලද, සුඛමාවහාති සෝණ සිටුපුත්, රට්ඨපාල සිටුපුත් ආදීන්ට මෙන්, මිනිසකු ලෙසින් ලබන සැපද, සක්දෙවිඳුට මෙන් දෙව් සැපද, අවසානයෙහි මහා පදුම කුමරුට මෙන් නිවන් සුව ද ගෙන දෙයි.

සච‍්චන‍්ති අයං සච‍්චසද‍්දො අනෙකෙසු අත්‍ථෙසු දිස‍්සති. සෙය්‍යථිදං – “සච‍්චං භණෙ න කුජ‍්ඣෙය්‍යා”තිආදීසු (ධ· ප· 224) වාචාසච‍්චෙ. “සච‍්චෙ ඨිතා සමණබ්‍රාහ‍්මණා චා”තිආදීසු (ජා· 2.21.433) විරතිසච‍්චෙ. “කස‍්මා නු සච‍්චානි වදන‍්ති නානා, පවාදියාසෙ කුසලාවදානා”තිආදීසු (සු· නි· 891) දිට‍්ඨිසච‍්චෙ. “චත‍්තාරිමානි, භික‍්ඛවෙ, බ්‍රාහ‍්මණසච‍්චානී”තිආදීසු (අ· නි· 4.185) බ්‍රාහ‍්මණසච‍්චෙ. “එකඤ‍්හි සච‍්චං න දුතීයමත්‍ථී”තිආදීසු (සු· නි· 890) පරමත්‍ථසච‍්චෙ. “චතුන‍්නං සච‍්චානං කති කුසලා”තිආදීසු (විභ· 216) අරියසච‍්චෙ. ඉධ පන පරමත්‍ථසච‍්චං නිබ‍්බානං, විරතිසච‍්චං වා අබ‍්භන‍්තරං කත්‍වා වාචාසච‍්චං අධිප‍්පෙතං, යස‍්සානුභාවෙන උදකාදීනි වසෙ වත‍්තෙන‍්ති ජාතිජරාමරණපාරං තරන‍්ති. යථාහ –

සච්චං යන මෙම වචනය, නොයෙක් තේරුම් ඇත. ඒ කෙසේද? සච්චං භණෙ න කුජෙඣය්‍ය ආදී තන්හි ඇත්ත කතා කිරීමද, සච්චෙ ඨිතා සමණබ්‍රාහ්මණා ච මුසා බසින් වැළකීමද, කස්මා වූ සච්චානි වදන්ති නා නා පවාදියාසෙ කුසලාවදානා යනුවෙන් නිසි දැකීමෙහිද, චත්තාරිමානි භික්‍ඛවෙ බ්‍රාහ්මණ සච්චානි තැන්වල රහතන් වහන්සේ කෙරෙහිද, එකං හි සච්චං න දුතීයමත්‍ථි එකම-නියම ඇත්ත පිළිබඳවද, ‘චතුන්නං සච්චානං කති කුසලා’ ආදි තැන උතුම් ඇත්ත (හෙවත් සිවුසස්) දැක්වේ. එහෙත් මෙහිදී ඇත්ත කීම අදහස් වේ. යම් තැනැත්තෙක් තම බලයෙන් ජලය ආදිය තම වසඟයෙහි පවත්වා ගනිති. ඉපදීම -ජරා-මරණින් එතරට යති. එහෙයින් මෙසේ කියා ඇත -

“සච‍්චෙන වාචෙනුදකම‍්පි ධාවති, විසම‍්පි සච‍්චෙන හනන‍්ති පණ‍්ඩිතා; සච‍්චෙන දෙවො ථනයං පවස‍්සති, සච‍්චෙ ඨිතා නිබ‍්බුතිං පත්‍ථයන‍්ති.

‘ඇත්ත වචන කතා කිරීමේ බලයෙන් ජලයෙහි නොගැටෙයි. (දිය මතුපිට සිටිය හැකියි.) ඇත්ත කතා කිරීමේ බලයෙන් දැනුම් තේරුම් ඇති තැනැත්තෝ වස විස හානි වළකා ගනිති. ඇත්ත කතා කිරීමේ බලයෙන් අහස ගොරවා වැසි වැස්සවිය හැකිය. ඇත්ත වචනයෙහි පිහිටි නිවන පතති.’

“යෙ කෙචිමෙ අත්‍ථි රසා පථබ්‍යා, සච‍්චං තෙසං සාදුතරං රසානං; සච‍්චෙ ඨිතා සමණබ්‍රාහ‍්මණා ච, තරන‍්ති ජාතිමරණස‍්ස පාර”න‍්ති. (ජා· 2.21.433);

‘මේ පොළෝතලයෙහි යම් රස ඇත්ද, ඒවා අතරින් ඇත්ත (කථාකිරීම) වඩාත්ම රසය වේ. ඇත්ත වචනයෙහි පිහිටා මහණ බමුණෝ ඉපදීම හා මරණයෙන් එතරට (සසර) තරණය කරති.’

සාදුතරන‍්ති මධුරතරං, පණීතතරං. රසානන‍්ති යෙ ඉමෙ “මූලරසො, ඛන්‍ධරසො”තිආදිනා (ධ· ස· 628-630) නයෙන සායනීයධම‍්මා, යෙ චිමෙ “අනුජානාමි, භික‍්ඛවෙ, සබ‍්බං ඵලරසං (මහාව· 300) අරසරූපො භවං ගොතමො, යෙ තෙ, බ්‍රාහ‍්මණ, රූපරසා, සද‍්දරසා (අ· නි· 8.11; පාරා· 3), අනාපත‍්ති රසරසෙ (පාචි· 607-609), අයං ධම‍්මවිනයො එකරසො විමුත‍්තිරසො (අ· නි· 8.19; චූළව· 385), භාගී වා භගවා අත්‍ථරසස‍්ස ධම‍්මරසස‍්සා”තිආදිනා (මහානි· 149; චූළනි· අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 2) නයෙන වාචාරසූපවජ‍්ජා අවසෙසබ්‍යඤ‍්ජනාදයො ධම‍්මා “රසා”ති වුච‍්චන‍්ති, තෙසං රසානං සච‍්චං හවෙ සාදුතරං සච‍්චමෙව සාදුතරං, සාධුතරං වා සෙට‍්ඨතරං, උත‍්තමතරං. මූලරසාදයො හි සරීරං උපබ්‍රූහෙන‍්ති, සංකිලෙසිකඤ‍්ච සුඛමාවහන‍්ති. සච‍්චරසෙ විරතිසච‍්චවාචාසච‍්චරසා සමථවිපස‍්සනාදීහි චිත‍්තමුපබ්‍රූහෙන‍්ති, අසංකිලෙසිකඤ‍්ච සුඛමාවහන‍්ති, විමුත‍්තිරසො පරමත්‍ථසච‍්චරසපරිභාවිතත‍්තා සාදු, අත්‍ථරසධම‍්මරසා ච තදධිගමූපායභූතං අත්‍ථඤ‍්ච ධම‍්මඤ‍්ච නිස‍්සාය පවත‍්තිතොති.

සාදුතරං මිහිරිතම, ඉතා රසවත්, රසානං මුලෙහි රසය, කඳෙහි රසය ආදී ලෙසින් විඳිය යුතු රසයයි. ‘මහණෙනි, මම සියළුම පල රසය අනුදනිමි. ‘අනුජානාමි භික්‍ඛවෙ සබ්බං පල රසං’ ‘බමුණ, රූපයෙහි, හඬෙහි යම් රසයක් වේද, පින්වත් ගෝතමයන් වහන්සේ රසයෙහි ඇළුම් නොකරති.’ ‘අරසරූපො භවං ගොතමො, යෙ ඛො බ්‍රාහ්මණ රූප රසා සද්දරසා’ -– ‘රස රසයන්හි වැරැද්දකට නොපැමිණේ’ ‘අනාපත්ති රසරසෙ’, ‘මේ දහම් විනයෙහි එකම රසය විමුත්ති රසයයි, ‘අයං ධම්මවිනයො එකරසො විමුත්ති රසා’, ‘භාග්‍යවතුන් වහන්සේ අරුත් රසයටද දහම් රසයටද හිමිකරුවෙක් වූහ’ –- ‘භාගී වා භගවා අත්‍ථරසස්ස ධම්මරසස්සා’ මේ ආදී ලෙසින්, දියර සොබාව, පිසන ලද එළවළු, කැවිලි හා වෙනත් වෑංජන ආදියෙහි ඇති රස සොබාවය කියනු ලැබේ. ඒ සියළු රස අතරින් සච්චං භවෙ සාදුතරං ඇත්ත (වචනයම) ඉතා උසස්ය. ඉතා උතුම්ය. මුල්වල රස ආදියෙන් සිරුරද වඩයි. කෙලෙස් වැඩීමටද මනාව ඉඩකඩ ලැබෙයි. ඇත්ත නම් වූ රසයෙන් යුතුව, මුසාවෙන් වෙන්ව, ඇත්ත රසය මුසු සමථ විදසුන් ආදියෙන් සිත වඩයි. කෙලෙස් හැඟුම් නැති කිරීමෙන් සුව දනවයි. විමුත්ති රසය උතුම් ඇත්ත නම් වූ රසය මුසුව පුරුදු කරන ලද බැවින් යහපත්ය. එය ලබාගැනීම පිණිස අරුත් රසයද දහම් රසයද උපකාර වී, දහම අනුවම පවතින්නේය.

පඤ‍්ඤාජීවින‍්ති එත්‍ථ පන ය‍්වායං අන්‍ධෙකචක‍්ඛුද‍්විචක‍්ඛුකෙසු ද‍්විචක‍්ඛුපුග‍්ගලො ගහට‍්ඨො වා කම‍්මන‍්තානුට‍්ඨානසරණගමනදානසංවිභාගසීලසමාදානඋපොසථකම‍්මාදිගහට‍්ඨපටිපදං, පබ‍්බජිතො වා අවිප‍්පටිසාරකරසීලසඞ‍්ඛාතං තදුත‍්තරිචිත‍්තවිසුද‍්ධිආදිභෙදං වා පබ‍්බජිතපටිපදං පඤ‍්ඤාය ආරාධෙත්‍වා ජීවති, තස‍්ස පඤ‍්ඤාජීවිනො ජීවිතං, තං වා පඤ‍්ඤාජීවිං ජීවිතං සෙට‍්ඨමාහූති එවමත්‍ථො දට‍්ඨබ‍්බො.

පඤ්ඤාජීවී මෙහි, එක් ඇසක් අඳ වූ හෝ දෑසම අඳ වූ තැනැත්තන් අතුරින් දෑස පෙනෙන, නිවැරදි කටයුතුවල උත්සාහ වී, තෙරුවන් සරණ ගොස්, දාන පිරිනැමීම්, පන්සිල් පද රැකීම හා පෙහෙවස් සමාදානය වැනි ගිහි පිළිවෙත්හි යෙදෙන ගිහියෙකු හෝ පැවිද්දෙකු නම්, පසුතැවිලි නොවී (අධි) සීලයෙන් යුතුව, එයින් තවත් ඉදිරියට ගොස්, සිතෙහි උසස් පිරිසිදු බව හෙවත්, චිත්ත විසුද්ධිය ආදී කොට ඇති පැවිදි පිළිවෙත නුවණින් ළගාකොට වාසය කිරීම අදාළය. ඒ නුවණින් ජීවත්වන තැනැත්තාගේ දිවිමග හෝ, නුවණ නිසා ජීවත්වන ආකාරය උසස්යැයි කියා ඇති බව දතයුතුය.

එවං භගවතා විස‍්සජ‍්ජිතෙ චත‍්තාරොපි පඤ‍්හෙ සුත්‍වා අත‍්තමනො යක‍්ඛො අවසෙසෙපි චත‍්තාරො පඤ‍්හෙ පුච‍්ඡන‍්තො “කථං සු තරති ඔඝ”න‍්ති ගාථමාහ. අථස‍්ස භගවා පුරිමනයෙනෙව විස‍්සජ‍්ජෙන‍්තො “සද‍්ධාය තරතී”ති ගාථමාහ. තත්‍ථ කිඤ‍්චාපි යො චතුබ‍්බිධං ඔඝං තරති, සො සංසාරණ‍්ණවම‍්පි තරති, වට‍්ටදුක‍්ඛම‍්පි අච‍්චෙති, කිලෙසමලාපි පරිසුජ‍්ඣති, එවං සන‍්තෙපි පන යස‍්මා අස‍්සද‍්ධො ඔඝතරණං අසද‍්දහන‍්තො න පක‍්ඛන්‍දති, පඤ‍්චසු කාමගුණෙසු චිත‍්තවොස‍්සග‍්ගෙන පමත‍්තො තත්‍ථෙව සත‍්තවිසත‍්තතාය සංසාරණ‍්ණවං න තරති, කුසීතො දුක‍්ඛං විහරති වොකිණ‍්ණො අකුසලෙහි ධම‍්මෙහි, අප‍්පඤ‍්ඤො සුද‍්ධිමග‍්ගං අජානන‍්තො න පරිසුජ‍්ඣති, තස‍්මා තප‍්පටිපක‍්ඛං දස‍්සෙන‍්තෙන භගවතා අයං ගාථා වුත‍්තා.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පැන සතර විසඳන ලද පරිදි අසා සතුටුවූ ආලවක යකු ඉතිරි සතර පැනයද කථං සු තරතී ඔඝං යන ගාථාවෙන් විමසීය. භාග්‍යවතුන් වහන්සේද පෙර පරිදිම සද්ධාය තරතී යන ගාථාවෙන් එය පැහැදිලි කළහ. එහි (දැක්වෙන පරිදි) සතරාකාර වූ සැඩපහර තරණය කරන තැනැත්තා සංසාරය නැමති මහා මුහුදද තරණය කරයි. සසර ගමනද ඉක්මවයි. අපිරිසිදු කෙලෙස්වලින්ද මනාව පිරිසිදු වෙයි. කරුණු මෙසේ නමුදු, සැදැහැ නොමැති, සැඩපහරින් එතරවීම පිළිනොගනිමින්, පස්කම් සැපයෙහි සිත වසඟකොට, යහපත් කුසල දහමෙහි පමා වූ, එහිම ඇලීගැලී, එයින් ඉවත් නොවෙමින් සිටින යම් තැනැත්තෙක් සංසාර සාගරය තරණය නොකරති. අකුසල් දෙයෙහිම නියැලෙමින්, අලසව දුකින් කල් යවති. අනුවණ බැවින් පිරිසිදු බවට මග නොදැන මනා පිරිසිදු බවට පත් නොවෙති. එහෙයින් එයට වෙනස්වන කරුණු පෙන්වාදෙන භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ගාථාව දේශනා කරන ලදී.

එවං වුත‍්තාය චෙතාය යස‍්මා සොතාපත‍්තියඞ‍්ගපදට‍්ඨානං සද‍්ධින්‍ද්‍රියං, තස‍්මා “සද‍්ධාය තරති ඔඝ”න‍්ති ඉමිනා පදෙන දිට‍්ඨොඝතරණං සොතාපත‍්තිමග‍්ගං සොතාපන‍්නඤ‍්ච පකාසෙති. යස‍්මා පන සොතාපන‍්නො කුසලානං ධම‍්මානං භාවනාය සාතච‍්චකිරියාසඞ‍්ඛාතෙන අප‍්පමාදෙන සමන‍්නාගතො දුතියමග‍්ගං ආරාධෙත්‍වා ඨපෙත්‍වා සකිදෙව ඉමං ලොකං ආගමනමත‍්තං අවසෙසං සොතාපත‍්තිමග‍්ගෙන අතිණ‍්ණං භවොඝවත්‍ථුං සංසාරණ‍්ණවං තරති, තස‍්මා “අප‍්පමාදෙන අණ‍්ණව”න‍්ති ඉමිනා පදෙන භවොඝතරණං සකදාගාමිමග‍්ගං සකදාගාමිඤ‍්ච පකාසෙති. යස‍්මා සකදාගාමී වීරියෙන තතියමග‍්ගං ආරාධෙත්‍වා සකදාගාමිමග‍්ගෙන අනතීතං කාමොඝවත්‍ථුං; කාමොඝසඤ‍්ඤිතඤ‍්ච කාමදුක‍්ඛමච‍්චෙති, තස‍්මා “වීරියෙන දුක‍්ඛමච‍්චෙතී”ති ඉමිනා පදෙන කාමොඝතරණං අනාගාමිමග‍්ගං අනාගාමිඤ‍්ච පකාසෙති. යස‍්මා පන අනාගාමී විගතකාමපඞ‍්කතාය පරිසුද‍්ධාය පඤ‍්ඤාය එකන‍්තපරිසුද‍්ධං චතුත්‍ථමග‍්ගපඤ‍්ඤං ආරාධෙත්‍වා අනාගාමිමග‍්ගෙන අප‍්පහීනං අවිජ‍්ජාසඞ‍්ඛාතං පරමමලං පජහති, තස‍්මා “පඤ‍්ඤාය පරිසුජ‍්ඣතී”ති ඉමිනා පදෙන අවිජ‍්ජොඝතරණං අරහත‍්තමග‍්ගං අරහන‍්තඤ‍්ච පකාසෙති. ඉමාය ච අරහත‍්තනිකූටෙන කථිතාය ගාථාය පරියොසානෙ යක‍්ඛො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි.

මෙසේ කියන ලද පරිදි යම් ආකාරයකින් සෝවාන්මගෙහි පිහිටන, සද්ධාඉන්‍ද්‍රිය ඇති කරගැනීමේ සිතිවිල්ලෙන් යුතුවේද, ඒ අනුව සද්ධාය තරතී ඔඝං යන මේ පදයෙන් දැඩිව ගන්නා ලද මිසදිටු දැකීම නම් වූ සැඩපහර තරණය කරන සෝවාන් මගද සෝවාන් පලයද වදාළහ. සෝවාන් ඵලයට පත් තැනැත්තා යම් හෙයකින් කුසල දහම් වැඩීමෙන් භාවනා කටයුතුවල නිරත වූයේ, එහි පමානොවී, එක්වරක් පමණක් ලොව උපත ලබන දෙවැනි මග සළකා, සසර සැඩපහරෙහි ඉතිරි වූ දැද සහිත වූ සසර සයුර තරණය කරත් ද, ඒ ආකාරයෙන් අප්පමාදෙන අණ්ණවං යන මේ පදයෙන් ඒ සැඩපහර තරණයේදී සකදාගාමී මගද එම පලයට පත්වන අයුරුද වදාරති. එසේ සකදාගාමී බවට පත්වූ උත්සාහයෙන් පසු, එයින් ඉවත්නොවූ කාම සැඩපහර යැයි සම්මත වූ කාමය නිසා වන දුක ඉවතලයිද විරියෙන දුක්‍ඛමච්චෙති යන මේ පදයෙන් ඒ කාම සැඩපහර තරණය හා අනාගාමි මගද අනාගාමි පලයද වදාළහ. අනාගාමි බවට පත්ව, කාමය නැමති මඩ ඉවත්කොට පිරිසිදු නුවණින් යුතුව, නිසැකවම පිරිසිදු වූ සිවුවන මගෙහි නුවණ මෙහෙයා, අනාගාමි මගෙන් ඉවත් නොකරන ලද අවිජ්ජා යැයි කියන ලද අපිරිසිදුම වූ කිළිටි බව ඊළඟට දුරු කරයි. ඒ ආකාරයෙන් පඤ්ඤාය පරිසුජ්ඣති යන මේ පදයෙන් අවිජ්ජා නම් සැඩපහර තරණයත්, අරහත් මග හා අරහත් පලයත් වදාළහ. මේ අරහත් පලය කුළුගන්වන අයුරින් දේශනා කරන ලද ගාථාව අවසානයෙහිදී අලව් යකු සෝවාන් පලයෙහි පිහිටියේය.

ඉදානි තමෙව “පඤ‍්ඤාය පරිසුජ‍්ඣතී”ති එත්‍ථ වුත‍්තං පඤ‍්ඤාපදං ගහෙත්‍වා අත‍්තනො පටිභානෙන ලොකියලොකුත‍්තරමිස‍්සකං පඤ‍්හං පුච‍්ඡන‍්තො “කථං සු ලභතෙ පඤ‍්ඤ”න‍්ති ඉමං ඡප‍්පදගාථමාහ. තත්‍ථ කථං සූති සබ‍්බත්‍ථෙව අත්‍ථයුත‍්තිපුච‍්ඡා හොති. අයඤ‍්හි පඤ‍්ඤාදිඅත්‍ථං ඤත්‍වා තස‍්ස යුත‍්තිං පුච‍්ඡති “කථං කාය යුත‍්තියා කෙන කාරණෙන පඤ‍්ඤං ලභතී”ති. එස නයො ධනාදීසු.

මීළඟට, ඒ නුවණින්ම පිරිසිදු වේයැයි මෙහි කියන ලද ‘පඤ්ඤා’ නම් වචනය ගෙන තම වැටහීම අනුව ලොවී ලොවුතුරා කරුණු මුසු වූ පැන අසමින් කථං සු ලභතෙ පඤ්ඤං යනුවෙන් පේළි සයකින් යුතු මෙම ගාථාව කීය. එහි කථං යනුවෙන් මුළුමනින්ම තේරුම් යෙදෙන සැටි අසන ලදී. මෙහිදී පඤ්ඤා යන අරුත දැන එය යෙදෙන අයුරු අසයි. කථං කුමන ආකාරයෙන්, කිනම් කාරණයකින්, පඤ්ඤං ලභති යනුවෙනි. ධනං පිළිබඳවද එසේය.

අථස‍්ස භගවා චතූහි කාරණෙහි පඤ‍්ඤාලාභං දස‍්සෙන‍්තො “සද‍්දහානො”තිආදිමාහ. තස‍්සත්‍ථො – යෙන පුබ‍්බභාගෙ කායසුචරිතාදිභෙදෙන, අපරභාගෙ ච සත‍්තතිංසබොධිපක‍්ඛියභෙදෙන ධම‍්මෙන අරහන‍්තො බුද‍්ධපච‍්චෙකබුද‍්ධසාවකා නිබ‍්බානං පත‍්තා, තං සද‍්දහානො අරහතං ධම‍්මං නිබ‍්බානප‍්පත‍්තියා ලොකියලොකුත‍්තරං පඤ‍්ඤං ලභති. තඤ‍්ච ඛො න සද‍්ධාමත‍්තකෙනෙව, යස‍්මා පන සද‍්ධාජාතො උපසඞ‍්කමති, උපසඞ‍්කමන‍්තො පයිරුපාසති, පයිරුපාසන‍්තො සොතං ඔදහති, ඔහිතසොතො ධම‍්මං සුණාති, තස‍්මා උපසඞ‍්කමනතො පභුති යාව ධම‍්මස‍්සවනෙන සුස‍්සූසං ලභති. කි වුත‍්තං හොති – තං ධම‍්මං සද‍්දහිත්‍වාපි ආචරියුපජ‍්ඣායෙ කාලෙන උපසඞ‍්කමිත්‍වා වත‍්තකරණෙන පයිරුපාසිත්‍වා යදා පයිරුපාසනාය ආරාධිතචිත‍්තා කිඤ‍්චි වත‍්තුකාමා හොන‍්ති. අථ අධිගතාය සොතුකාමතාය සොතං ඔදහිත්‍වා සුණන‍්තො ලභතීති. එවං සුසූසම‍්පි ච සතිඅවිප‍්පවාසෙන අප‍්පමත‍්තො සුභාසිතදුබ‍්භාසිතඤ‍්ඤුතාය විචක‍්ඛණො එව ලභති, න ඉතරො. තෙනාහ “අප‍්පමත‍්තො විචක‍්ඛණො”ති.

මීළඟට භාග්‍යවතුන් වහන්සේ කරුණු හතරකින්, නුවණ ලැබීම ගැන පහදා දෙමින්, සද්දහානො යන ගාථාව වදාළහ. එහි තේරුම නම්, මුලදී යම් පරිද්දෙන් යහපත් ලෙස කටයුතු කිරීමෙන්, පසුකල්හී සිවුසස් අවබෝධයට හේතුවන කරුණු තිස්හතක් සපුරා අරහත්ව, බුදු, පසේබුදු, උපාසක උපාසිකාවෝ නිවනට පැමිණියහ. සද්දහානො අරහතං ධම්මං නිබ්බාණපත්තියා ඒ ලොවී ලොවුතුරු, පඤ්ඤං ලභති එය හුදෙක් සැදැහැ බව තිබූ පමණින්ම නොවේ. ඒ බවට තහවුරුකොට, ඇදහීමෙන් යුතුව, ඒ සැදැහැ බවෙන් යුතුව (දැනුම් තේරුම් ඇති කෙනෙකු වෙත) පැමිණෙයි. පැමිණ ඇසුරු කරයි. ඇසුරු කරමින් සවන් යොමු කරයි. සවන් යොමා දහම් අසයි. ඒ ආකාරයෙන් පැමිණීමේ පටන් දහම් ඇසීම දක්වා සුසසූසං ලබයි. එසේ කියන ලද්දේ කුමක් නිසාද? (මුලින්) ඒ දහම ගැන අදහා තහවුරු කර ගනිමින්ද, ගුරු උපජ්ඣායන් වෙත පුද්ගලිකවම ගොස්, වත් පිළිවෙත් ඉටුකරමින්, ඇසුරුකොට, යම් කලක් ඇසුරු කිරිමෙන් (ඔවුන්ගේ) සිත් ගෙන, කිසිවක් පවසනු කැමති වේද, ඉක්බිති එය ඇසීමට කැමතිව සවන් යොමා ඇසීමෙන් (නුවණ-දැනුම) ලබන්නේය. මෙසේ කියන දෙයට ඇහුම්කන් දීමෙන්ද එහි මනාව සිහිය පවත්වා ගැනීමෙන්ද, අප්පමත්තො යහපත්ව කියන ලද හා අයහපත් ලෙස කියන ලද දේ දැනගැනීමට හැකිවීම විචක්‍ඛණො එය දැනගත හැක්කේ ඒ අයුරින් මිස අන් ලෙසකින් නොවේ. එහෙයින් අප්පමත්තො විචක්‍ඛණො යැයි වදාළහ.

එවං යස‍්මා සද‍්ධාය පඤ‍්ඤාලාභසංවත‍්තනිකං පටිපදං පටිපජ‍්ජති, සුස‍්සූසාය සක‍්කච‍්චං පඤ‍්ඤාධිගමූපායං සුණාති, අප‍්පමාදෙන ගහිතං න සම‍්මුස‍්සති, විචක‍්ඛණතාය අනූනාධිකං අවිපරීතඤ‍්ච ගහෙත්‍වා විත්‍ථාරිකං කරොති. සුස‍්සූසාය වා ඔහිතසොතො පඤ‍්ඤාපටිලාභහෙතුං ධම‍්මං සුණාති, අප‍්පමාදෙන සුත්‍වා ධම‍්මං ධාරෙති , විචක‍්ඛණතාය ධතානං ධම‍්මානං අත්‍ථමුපපරික‍්ඛති, අථානුපුබ‍්බෙන පරමත්‍ථසච‍්චං සච‍්ඡිකරොති, තස‍්මාස‍්ස භගවා “කථං සු ලභතෙ පඤ‍්ඤ”න‍්ති පුට‍්ඨො ඉමානි චත‍්තාරි කාරණානි දස‍්සෙන‍්තො ඉමං ගාථමාහ – “සද‍්දහානො…පෙ… විචක‍්ඛණො”ති.

මෙසේ යම් ආකාරයකින් සැදැහැයෙන් නුවණ ලැබීමේ පිළිවෙතට පැමිණේද, කියන දෙය මැනවින් නුවණ ලබනු රිසින් අසයි. එසේ නොපමා වූ සිහි ඇතිව සිත දරාගන්නා ලද බැවින් අමතක නොවේ. යහපත් කරුණු, අයහපත් කරුණු මෙන්ම, එම කරුණු අඩුවෙන් හා වැඩියෙන්ද ගැටළු සහගත තැන් ද සළකා විස්තර ලෙස දැනගනී. සවන් යොමුකොට නුවණ-දැනුම ලබනු කැමතිව දහම් අසයි. නොපමාව අසා දහම දරා ගනී. එසේ දරා ගත් දහමෙහි නුවණින් අරුත් විමසා බලයි. ඉක්බිති අනුපිළිවෙළින් උතුම් සිවුසස් අවබෝධ කරයි. එහෙයින් කථං සු ලභතෙ පඤ්ඤං යැයි ආලවක විචාළ විට මේ කරුණු සතර දක්වමින් සද්දහානො නො -පෙ- විචක්‍ඛණො යන ගාථාව වදාළහ.

ඉදානි තතො පරෙ තයො පඤ‍්හෙ විස‍්සජ‍්ජෙන‍්තො “පතිරූපකාරී”ති ඉමං ගාථමාහ. තත්‍ථ දෙසකාලාදීනි අහාපෙත්‍වා ලොකියස‍්ස ලොකුත‍්තරස‍්ස වා ධනස‍්ස පතිරූපං අධිගමූපායං කරොතීති පතිරූපකාරී. ධුරවාති චෙතසිකවීරියවසෙන අනික‍්ඛිත‍්තධුරො. උට‍්ඨාතාති “යො ච සීතඤ‍්ච උණ‍්හඤ‍්ච, තිණා භිය්‍යො න මඤ‍්ඤතී”තිආදිනා (ථෙරගා· 232; දී· නි· 3.253) නයෙන කායිකවීරියවසෙන උට‍්ඨානසම‍්පන‍්නො අසිථිලපරක‍්කමො. වින්‍දතෙ ධනන‍්ති එකමූසිකාය න චිරස‍්සෙව ද‍්වෙසතසහස‍්සසඞ‍්ඛං චූළන‍්තෙවාසී විය ලොකියධනඤ‍්ච, මහල‍්ලකමහාතිස‍්සත්‍ථෙරො විය ලොකුත‍්තරධනඤ‍්ච ලභති. සො හි “තීහි ඉරියාපථෙහි විහරිස‍්සාමී”ති වත‍්තං කත්‍වා ථිනමිද‍්ධාගමනවෙලාය පලාලචුම‍්බටකං තෙමෙත්‍වා, සීසෙ කත්‍වා, ගලප‍්පමාණං උදකං පවිසිත්‍වා, ථිනමිද‍්ධං පටිබාහෙන‍්තො ද‍්වාදසහි වස‍්සෙහි අරහත‍්තං පාපුණි. සච‍්චෙනාති වචීසච‍්චෙනාපි “සච‍්චවාදී භූතවාදී”ති, පරමත්‍ථසච‍්චෙනාපි “බුද‍්ධො පච‍්චෙකබුද‍්ධො අරියසාවකො”ති එවං කිත‍්තිං පප‍්පොති. දදන‍්ති යංකිඤ‍්චි ඉච‍්ඡිතපත්‍ථිතං දදන‍්තො මිත‍්තානි ගන්‍ථති, සම‍්පාදෙති කරොතීති අත්‍ථො. දුද‍්දදං වා දදං ගන්‍ථති, දානමුඛෙන වා චත‍්තාරිපි සඞ‍්ගහවත්‍ථූනි ගහිතානීති වෙදිතබ‍්බානි. තෙහි මිත‍්තානි කරොතීති වුත‍්තං හොති.

ඊට පසුව තවත් පැන තුනක් පැහැදිලි කොට විසඳමින් පතිරූපකාරී යන ගාථාව වදාළහ. එම ගාථාවෙහි, පෙදෙස - කාලය ආදිය නොසළකා, මෙලොව හෝ ලොවුතුරු ධනය ලැබීමට සුදුසු කටයුතු කරන්නේ යැයි පතිරූපකාරී, ධුරවා යනු උත්සාහවත් බව දියුණුකරන සිතිවිලි ඇතිවීමයි. උට්ඨාතා - යමෙක්, (දැන්) සීතලයි, උණුසුමයි, තණපතක් තරමටවත් නොසළකති. ‘යො ච සීතඤ්ච උණහඤ්ච තිණං භිය්‍යො න මඤ්ඤති - ආදී ලෙසින් කය වෙහෙසමින්, උත්සාහවත්ව අත්නොහළ දැඩි වෙර යොදමින්, වින්‍දතෙ ධනං එක මීයෙකුගෙන් නොබෝ කලකින්ම, සියදහසක්, සියදහසක් (කහවණු) - එදිනෙදා ජීවිතයෙහි ධනය ලද සුළු අතවැසියා මෙන්ද, මිලක්‍ඛ මහාතිස්ස තෙරුන් මෙන් ලොවුතුරු ධනයද ලබයි. උන්වහන්සේ ‘තුන් ඉරියව්වෙන් වසන්නෙමි’යි අදිටන්කොට, නිදිමත මැලිබව ඇතිවන විට, පිදුරු වෙණියක් තෙමා හිස තබා, ගෙල දක්වා දියට බැස, මැලිබව වළකාලමින් දොළොස් වසරකින් අරහත් බවට පත්වූහ. සච්චෙන මුසා බස් නොකියා, ඇදහිය යුතු, ඇත්තම කියන, බුදු, පසේබුදු, මහරහත් සව්වෝ පරම ඇත්ත පහදා දෙති. කිත්තිං පප්පොති දදං කැමති, බලාපොරොත්තු වන කැමති යම් දෙයක් දෙන, මිත්තානි ගන්‍ථති සකස් කරයි. කටයුතු කරයි යන අරුතයි. නුදුන් දෙයක් හෝ දිය යුතු දෙයක් දීමට කටයුතු කරයි. දීමේ අදහස මුල්කොට ගෙන හෝ සතර සංග්‍රහ කරුණු මෙහිදී අදාළ වේයැයි දතයුතුය. එබඳු දෙයින් මිතුරන් ඇතිකර ගනීයැයි කියන ලදී.

එවං ගහට‍්ඨපබ‍්බජිතානං සාධාරණෙන ලොකියලොකුත‍්තරමිස‍්සකෙන නයෙන චත‍්තාරො පඤ‍්හෙ විස‍්සජ‍්ජෙත්‍වා ඉදානි “කථං පෙච‍්ච න සොචතී”ති ඉමං පඤ‍්චමං පඤ‍්හං ගහට‍්ඨවසෙන විස‍්සජ‍්ජෙන‍්තො ආහ “යස‍්සෙතෙ”ති. තස‍්සත්‍ථො – යස‍්ස “සද‍්දහානො අරහත”න‍්ති එත්‍ථ වුත‍්තාය සබ‍්බකල්‍යාණධම‍්මුප‍්පාදිකාය සද‍්ධාය සමන‍්නාගතත‍්තා සද‍්ධස‍්ස ඝරමෙසිනො ඝරාවාසං පඤ‍්ච වා කාමගුණෙ එසන‍්තස‍්ස ගවෙසන‍්තස‍්ස කාමභොගිනො ගහට‍්ඨස‍්ස “සච‍්චෙන කිත‍්තිං පප‍්පොතී”ති එත්‍ථ වුත‍්තප‍්පකාරං සච‍්චං, “සුස‍්සූසං ලභතෙ පඤ‍්ඤ”න‍්ති එත්‍ථ සුස‍්සූසපඤ‍්ඤානාමෙන වුත‍්තො ධම‍්මො, “ධුරවා උට‍්ඨාතා”ති එත්‍ථ ධුරනාමෙන උට‍්ඨානනාමෙන ච වුත‍්තා ධීති, “දදං මිත‍්තානි ගන්‍ථතී”ති එත්‍ථ වුත‍්තප‍්පකාරො චාගො චාති එතෙ චතුරො ධම‍්මා සන‍්ති. ස වෙ පෙච‍්ච න සොචතීති ඉධලොකා පරලොකං ගන‍්ත්‍වා ස වෙ න සොචතීති.

මෙසේ ගිහියන්ට, පැවිදි වූවන්ට ගැලපෙන සේ ලොවී ලොවුතුරු බව මුසුවෙන පරිදි පැන සතර විසඳා දැන් කථං පෙච්ච න සොචතී යන මෙම පස්වන පැනය ගිහි ජීවිතයට අදාල කොට විසඳමින් යස්සෙතෙ යන ගාථාව වදාළහ. එහි තේරුම නම් සද්දහානො අරහතං මෙහි කියන ලද පරිදි සියළු යහපත් ගතිගුණ ඇතිකර ගැනීමෙන්, සැදැහැයෙන් යුතු බැවින්, සද්ධස්ස, ඝරමෙසිනො ගිහිගෙයි වසන පස්කම් ගුණ සොයන කම්සුව විඳින ගිහියන්ට, සච්චෙන කිත්තිං පප්පොති, මෙහි කියන ලද පරිදි (ඇත්ත කථාබහ පිළිබඳව) සච්චං සුසසූසං ලභතෙ පඤ්ඤං, මෙහි ඇහුම්කන් දීමෙන් ලබන දැනුම-නුවණ පඤ්ඤා නමින් සඳහන් කොට ඇති ධම්මො, ධුරවා උට්ඨාතා ධුර හා උට්ඨාන නමින් උත්සාහය දක්වයි. දදං මිත්තානි ගන්‍ථතී මෙහි ඉහත සඳහන් කරන ලද පරිදි (තමන්ට අයිති දේ සතුටින්) දීම - (චාග) යන කරුණු හතරින් යුත්තාහ. ස වෙ පෙච්ච න සොචති මේ ලොවින් පරලොවට ගොස් ඒකාන්තයෙන් කණගාටු නොවේ යනුයි.

එවං භගවා පඤ‍්චමම‍්පි පඤ‍්හං විස‍්සජ‍්ජෙත්‍වා තං යක‍්ඛං චොදෙන‍්තො ආහ – “ඉඞ‍්ඝ අඤ‍්ඤෙපී”ති. තත්‍ථ ඉඞ‍්ඝාති චොදනත්‍ථෙ නිපාතො. අඤ‍්ඤෙපීති අඤ‍්ඤෙපි ධම‍්මෙ පුථූ සමණබ්‍රාහ‍්මණෙ පුච‍්ඡස‍්සු, අඤ‍්ඤෙපි වා පූරණාදයො සබ‍්බඤ‍්ඤුපටිඤ‍්ඤෙ පුථූ සමණබ්‍රාහ‍්මණෙ පුච‍්ඡස‍්සු. යදි අම‍්හෙහි “සච‍්චෙන කිත‍්තිං පප‍්පොතී”ති එත්‍ථ වුත‍්තප‍්පකාරා සච‍්චා භිය්‍යො කිත‍්තිප‍්පත‍්තිකාරණං වා, “සුස‍්සූසං ලභතෙ පඤ‍්ඤ”න‍්ති එත්‍ථ සුස‍්සූසනපඤ‍්ඤාපදෙසෙන වුත‍්තා දමා භිය්‍යො ලොකියලොකුත‍්තරපඤ‍්ඤාපටිලාභකාරණං වා. “දදං මිත‍්තානි ගන්‍ථතී”ති එත්‍ථ වුත‍්තප‍්පකාරා චාගා භිය්‍යො මිත‍්තගන්‍ථනකාරණං වා, “ධුරවා උට‍්ඨාතා”ති එත්‍ථ තං තං අත්‍ථවසං පටිච‍්ච ධුරනාමෙන උට‍්ඨානනාමෙන ච වුත‍්තාය මහාභාරසහනට‍්ඨෙන උස‍්සොළ‍්හීභාවප‍්පත‍්තාය වීරියසඞ‍්ඛාතාය ඛන‍්ත්‍යා භිය්‍යො ලොකියලොකුත‍්තරධනවින්‍දනකාරණං වා, “සච‍්චං ධම‍්මො ධිති චාගො”ති එවං වුත‍්තෙහි ඉමෙහෙව චතූහි ධම‍්මෙහි භිය්‍යො අස‍්මා ලොකා පරං ලොකං පෙච‍්ච අසොචනකාරණං වා ඉධ විජ‍්ජතීති අයමෙත්‍ථ සද‍්ධිං සඞ‍්ඛෙපයොජනාය අත්‍ථවණ‍්ණනා. විත්‍ථාරතො පන එකමෙකං පදං අත්‍ථුද‍්ධාරපදුද‍්ධාරවණ‍්ණනානයෙහි විභජිත්‍වා වෙදිතබ‍්බා.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පස්වෙනි පැනයද විසඳා ඒ ආලවක යකු තවත් උනන්දු කරවමින් ඉංඝ අඤ්ඤෙසු යන ගාථාව වදාළහ. ඉංඝ උනන්දු කරවීම අරුත් දනවන නිපාතයකි. අඤ්ඤෙපි වෙනත් කරුණක්, පුථු සමණ බ්‍රාහ්මණෙ පුච්ඡස්සු පූරණ කස්සප වැනි සියළු දෙයම දන්නා බවට සහතික වන වෙනත් බොහෝ මහණ බමුණන්ගෙන් හෝ අසව, යදි ඇත්ත කතා කිරීමෙන් කීර්තියට පත්වේ යැයි අප විසින් මෙහි කියන ලද ආකාරයට වඩා, සච්චා භිය්‍යො (යම් කෙනෙකු ගැන) කිතුරාවයට පැමිණෙන කරුණ නම් ඇත්ත කීමයි. සුසසූසං ලභතෙ පඤ්ඤං මෙහි ඇසීමෙන් නුවණ ලැබේයැයි කියා ඇත. දමා මෙම කරුණුවලට වඩා ලොවී ලොවුතුරු නුවණ ලබන ආකාරයක් (මේ කරුණුවලට වඩා වෙනස් කරුණු ඇත්දැයි අසව) දදං මිත්තානි ගන්‍ථතී මෙහි කියන ලද පරිදි චාගා දීමෙන් මිතුරන් ඇතිකර ගැනීම යන කරුණට වඩා වෙනත් කරුණක් හෝ ධුරවා උට්ඨාතා මෙහි ඒ ඒ අරුත් පරිදි ධුර නමින්ද උට්ඨාන නමින්ද කියා ඇති විරිය නම් වූ උත්සාහයට වඩා (වෙනත් කරුණක්) ඛන්ත්‍යා ලොවීලොවුතුරු සම්පත් ලබන (මෙහි දැක්වූ කරුණට වඩා වෙනස් වූ අදහසක්) සච්චං ධම්මො ධිතී චාගො සඳහන් කර ඇති මෙම කරුණු සතරටද වැඩියෙන්, මේ ලෝකයෙහි හෝ පරලොවෙහිදී සොක නොවන කරුණක් හෝ ඉධ විජ්ජති යනුවෙන් මේ කරුණු කෙටියෙන් යෙදුනු සැටිය. විස්තර ලෙසින් නම්, එකක් එකක් සේ වචනයත්, එහි තේරුමත් අනුව බෙදා දක්වමින් වචන විස්තර කරන ආකාරය අනුව දතයුතුය.

එවං වුත‍්තෙ යක‍්ඛො යෙන සංසයෙන අඤ‍්ඤෙ පුච‍්ඡෙය්‍ය, තස‍්ස පහීනත‍්තා “කථං නු දානි පුච‍්ඡෙය්‍යං, පුථූ සමණබ්‍රාහ‍්මණෙති වත්‍වා යෙපිස‍්ස අපුච‍්ඡනකාරණං න ජානන‍්ති, තෙපි ජානාපෙන‍්තො “යොහං අජ‍්ජ පජානාමි, යො අත්‍ථො සම‍්පරායිකො”ති ආහ. තත්‍ථ අජ‍්ජාති අජ‍්ජාදිං කත්‍වාති අධිප‍්පායො. පජානාමීති යථාවුත‍්තෙන පකාරෙන ජානාමි. යො අත්‍ථොති එත‍්තාවතා “සුස‍්සූසං ලභතෙ පඤ‍්ඤ”න‍්තිආදිනා නයෙන වුත‍්තං දිට‍්ඨධම‍්මිකං දස‍්සෙති සම‍්පරායිකොති ඉමිනා “යස‍්සෙතෙ චතුරො ධම‍්මා”ති වුත‍්තං පෙච‍්ච සොකාභාවකරං සම‍්පරායිකං. අත්‍ථොති ච කාරණස‍්සෙතං අධිවචනං. අයඤ‍්හි අත්‍ථසද‍්දො “සාත්‍ථං සබ්‍යඤ‍්ජන”න‍්ති එවමාදීසු (පාරා· 1; දී· නි· 1.255) පාඨත්‍ථෙ වත‍්තති. “අත්‍ථො මෙ, ගහපති, හිරඤ‍්ඤසුවණ‍්ණෙනා”තිආදීසු (දී· නි· 2.250; ම· නි· 3.258) කිච‍්චත්‍ථෙ “හොති සීලවතං අත්‍ථො”තිආදීසු (ජා· 1.1.11) වුඩ‍්ඪිම‍්හි. “බහුජනො භජතෙ අත්‍ථහෙතූ”තිආදීසු (ජා· 1.15.89) ධනෙ. “උභින‍්නමත්‍ථං චරතී”තිආදීසු (ජා· 1.7.66; සං· නි· 1.250; ථෙරගා· 443) හිතෙ. “අත්‍ථෙ ජාතෙ ච පණ‍්ඩිත”න‍්තිආදීසු (ජා· 1.1.92) කාරණෙ. ඉධ පන කාරණෙ. තස‍්මා යං පඤ‍්ඤාදිලාභාදීනං කාරණං දිට‍්ඨධම‍්මිකං, යඤ‍්ච පෙච‍්ච සොකාභාවස‍්ස කාරණං සම‍්පරායිකං, තං යොහං අජ‍්ජ භගවතා වුත‍්තනයෙන සාමංයෙව පජානාමි, සො කථං නු දානි පුච‍්ඡෙය්‍යං පුථූ සමණබ්‍රාහ‍්මණෙති එවමෙත්‍ථ සඞ‍්ඛෙපතො අත්‍ථො වෙදිතබ‍්බො.

මෙසේ වදාළ කල, ආලවක යකු, සැක සහිත වූ ඇසිය යුතු වෙනත් දේ පිළිබඳ සැක දුරු වූ බැවින්, කථන්නුදානි පුච්ඡෙය්‍යං පුථුසමණ බ්‍රාහ්මණෙ යැයි කියා, වෙනත් කෙනෙකුගෙන් විමසන්නට තරම් කරුණු නොමැති බැවින්, ඔවුන්ද (මේ කරුණු ගැන) දැනුවත් කරවමින් සොහං අජ්ජ පජානාමි, යො අත්‍ථො සම්පරායිකො යැයි කීය. අජ්ජා යනු අද පටන්, පජානාමි යම්සේ කියන ලද පරිදි දැනගතිමි. යො අත්‍ථො එපමණකින්, සුසසූසං ලභතෙ පඤ්ඤං ආදී ලෙසින් මේ ජීවත්වන කාලය තුලදීම, සම්පරායිකො මේ කියන ලද කරුණු සතරට අනුව මරණින් පසු සෝකය නොමැති වේද, අත්‍ථො කරුණ-කාරණය යන්නට සමාන වචනයකි. මේ අත්‍ථ යන වචනය, ‘හරවත් වූ අකුරු, ගැළපෙන අයුරු හොඳ අදහස් දෙන’ -– ‘සාත්‍ථං සව්‍යඤ්ජනං’ වැනි තැනක සඳහන් වනුයේ කිසියම් කොටසක තේරුමක් ලෙසිනි. ‘ගහපතිය, මට රන්රිදී ඇත’ -– ‘අත්‍ථො මෙ ගහපති හිරඤ්ඤ සුවණ්ණෙන’ වැනි තැන්වල උපකාර වන තේරුමෙනි. ‘සිල්වත් වීමෙහි වැදගත්කමක් වේ’ - ‘හොති සීලවතං අත්‍ථො’ වැනි තැන දියුණුවෙහි, ‘බොහෝ දෙනා ලාභ නිසා ඇසුරු කෙරේ’ ‘බහුජනො භජතෙ අත්‍ථහෙතු’ ආදී තැන්වල ධනය පිළිබඳවද එලොව මෙලොව වැඩ පිණිස හැසිරේ’ -– ‘උභින්නමත්‍ථං චරති’ යන තැන්වල හිතවැඩ පිණිස අදහසින් ද, ‘පඬිතුමනි, යම් කරුණක් සිදුවූ විට ‘අත්‍ථෙ ජාතෙ ච පණ්ඩිත’ තැන කාරණයෙහිද සඳහන්ව ඇත. මෙම සූත්‍රයෙහි අත්‍ථ - යෙදී ඇත්තේ කරුණු යන අදහසිනි. එහෙයින් නුවණ ලැබීම වැනි කරුණු මේ ජීවිතයෙහිදීම ලැබිය හැකිය. එමෙන්ම මරණින් පසු සෝකය නොමැති බැවින්, ‘එය මම අද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද අයුරින්ම තමන් විසින්ම දැනගතිමි’ - ඒ නිසා කථන්නුදානි පුච්ඡෙය්‍යං පුථු සමණ බ්‍රාහ්මණං මෙසේ මෙහි අරුත කෙටියෙන් දතයුතුය.

එවං යක‍්ඛො “පජානාමි යො අත්‍ථො සම‍්පරායිකො”ති වත්‍වා තස‍්ස ඤාණස‍්ස භගවංමූලකත‍්තං දස‍්සෙන‍්තො “අත්‍ථාය වත මෙ බුද‍්ධො”ති ආහ. තත්‍ථ අත්‍ථායාති හිතාය, වුඩ‍්ඪියා වා. යත්‍ථ දින‍්නං මහප‍්ඵලන‍්ති “යස‍්සෙතෙ චතුරො ධම‍්මා”ති (ජා· 1.1.97) එත්‍ථ වුත‍්තචාගෙන යත්‍ථ දින‍්නං මහප‍්ඵලං හොති, තං අග‍්ගදක‍්ඛිණෙය්‍යං බුද‍්ධං පජානාමීති අත්‍ථො. කෙචි පන “සඞ‍්ඝං සන්‍ධාය එවමාහා”ති භණන‍්ති.

මෙසේ යකු පජානාමි යො අත්‍ථො සම්පරායිකො යැයි කියා ඔහුට එම නුවණ ලැබීමට භාග්‍යවතුන් වහන්සේ මූලික බව දක්වමින් අත්‍ථාය වත මෙ බුද්ධො යන ගාථාද කීවේය. එම ගාථාවෙහි අත්‍ථාය හිත වැඩ පිණිස, දියුණුව පිණිස යත්‍ථ දින්නං මහප්ඵලං ‘යස්සෙතෙ චතුරො ධම්මො’ යැයි කියන ලද පරිදි, යම් කෙනෙකුට දෙන ලද දෙය මහත් පලදායී වේද ඒ දීමට උසස්ම සුදුස්සා වන්නේ බුදුරජාණන් වහන්සේම යැයි දනිමි’ යන අදහසයි. මෙසේ කියන්නේ සංඝයා වහන්සේ ගැන සළකා යයිද ඇතමෙක් පවසති.

එවං ඉමාය ගාථාය අත‍්තනො හිතාධිගමං දස‍්සෙත්‍වා ඉදානි පරහිතාය පටිපත‍්තිං දීපෙන‍්තො ආහ “සො අහං විචරිස‍්සාමී”ති. තස‍්සත්‍ථො හෙමවතසුත‍්තෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

මෙසේ මේ ගාථාවෙන් තමා යහපත උදාකරගත් බව දක්වා දැන් අනුන් කෙරෙහි තම හිතවත් පිළිවෙත පැහැදිලි කරමින් සො අහං විචරිස්සාමි යන ගාථාවද කීය. එහි තේරුම හේමවත සූත්‍රයෙහිදී සඳහන් වූ පරිදි දතයුතුය.

එවමිමාය ගාථාය පරියොසානඤ‍්ච රත‍්තිවිභායනඤ‍්ච සාධුකාරසද‍්දුට‍්ඨානඤ‍්ච ආළවකකුමාරස‍්ස යක‍්ඛස‍්ස භවනං ආනයනඤ‍්ච එකක‍්ඛණෙයෙව අහොසි. රාජපුරිසා සාධුකාරසද‍්දං සුත්‍වා “එවරූපො සාධුකාරසද‍්දො ඨපෙත්‍වා බුද‍්ධෙ න අඤ‍්ඤෙසං අබ‍්භුග‍්ගච‍්ඡති, ආගතො නු ඛො භගවා”ති ආවජ‍්ජෙන‍්තා භගවතො සරීරප‍්පභං දිස‍්වා, පුබ‍්බෙ විය බහි අට‍්ඨත්‍වා, නිබ‍්බිසඞ‍්කා අන‍්තොයෙව පවිසිත්‍වා, අද‍්දසංසු භගවන‍්තං යක‍්ඛස‍්ස භවනෙ නිසින‍්නං, යක‍්ඛඤ‍්ච අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා ඨිතං. දිස‍්වාන යක‍්ඛං ආහංසු – “අයං තෙ, මහායක‍්ඛ, රාජකුමාරො බලිකම‍්මාය ආනීතො, හන්‍ද නං ඛාද වා භුඤ‍්ජ වා, යථාපච‍්චයං වා කරොහී”ති. සො සොතාපන‍්නත‍්තා ලජ‍්ජිතො විසෙසතො ච භගවතො පුරතො එවං වුච‍්චමානො, අථ තං කුමාරං උභොහි හත්‍ථෙහි පටිග‍්ගහෙත්‍වා භගවතො උපනාමෙසි – “අයං භන‍්තෙ කුමාරො මය‍්හං පෙසිතො, ඉමාහං භගවතො දම‍්මි, හිතානුකම‍්පකා බුද‍්ධා, පටිග‍්ගණ‍්හාතු, භන‍්තෙ, භගවා ඉමං දාරකං ඉමස‍්ස හිතත්‍ථාය සුඛත්‍ථායා”ති. ඉමඤ‍්ච ගාථමාහ –

මෙසේ, මෙම ගාථාව කියා අවසන්වීමත්, (එදා) රැය පහන්වීමත්, සාදු නාද හඬ පැතිරීමත්, ආලවක කුමරු යකු වෙතට ගෙන ඒමත් එකවිටම සිදුවිය. රාජ සේවකයෝ සාදු නාදය අසා ‘මෙබඳු සාදු නාදයක් බුදුවරයෙකුට හැර, වෙනත් කෙනෙකු උදෙසා පැතිර නොයයි. භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක්දැ’යි කල්පනා කරද්දී, බුදු සිරුරෙන් විහිදෙනා කාන්තිය දැක, පෙර මෙන් පිටත නොසිට, සැක නැතිව ඇතුලටම පිවිසි විට, යකුගේ විමන්හි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින අයුරුත්, ඇඳිලි බැඳ සිටිනා යකු ද දුටහ. ‘මහා යකුනි, මේ කුමරුවා ඔබට බිලි පිණිස ගෙනෙන ලදී. ඔහු (කෑලි කෑලිවලට කඩා) කෑමට හෝ (එකවර) අනුභව කිරීම හෝ කැමති දෙයක් කරනු මැනව’යි යකුට කීහ. ආලවක යකු සෝවාන් පලයට පැමිණි බැවින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ එසේ කීම ගැන වෙසෙසින්ම ලජ්ජා වූයේය. එවිට ආලවක ඒ කුමරු දෝතින්ම බාරගෙන, ‘හිමියනි, මේ කුමරු මට එවන ලදී. මම මොහු භාග්‍යවතුන් වහන්සේට දෙමි, බුදුවරු හිතසුව කැමැත්තෝය. ඔබවහන්සේම දරුවාගේ හිතසුව පිණිස පිළිගන්නා සේක්වා’යි යොමු කළේය. මේ ගාථාවද කීය.

“ඉමං කුමාරං සතපුඤ‍්ඤලක‍්ඛණං, සබ‍්බඞ‍්ගුපෙතං පරිපුණ‍්ණබ්‍යඤ‍්ජනං; උදග‍්ගචිත‍්තො සුමනො දදාමි තෙ, පටිග‍්ගහ ලොකහිතාය චක‍්ඛුමා”ති.

ඉමං කුමාරං සත පුඤ්ඤ’ ලක්‍ඛණං සබ්බංගුපෙතං පරිපුණ්ණව්‍යඤ්ජනං උදග්ගචිත්තො සුමනො දදාමි තෙ පටිග්ග හ ලොකහිතාය චක්‍ඛුමා

සිය පින් ලකුණුවලින් හෙබි, පිරිපුන් සියළු අඟපසගින් යුතු මේ කුමරුන් සතුටු ඔදවැඩි සිතින් ඔබවහන්සේට දෙමි, නුවණැත්තාණනි, ලොව හිත සුව පිණිස මොහු පිළිගන්නා සේක්වා !

පටිග‍්ගහෙසි භගවා කුමාරං, පටිග‍්ගණ‍්හන‍්තො ච යක‍්ඛස‍්ස ච කුමාරස‍්ස ච මඞ‍්ගලකරණත්‍ථං පාදූනගාථං අභාසි. තං යක‍්ඛො කුමාරං සරණං ගමෙන‍්තො තික‍්ඛත‍්තුං චතුත්‍ථපාදෙන පූරෙති. සෙය්‍යථිදං –

භාග්‍යවතුන් වහන්සේ කුමරු පිළිගත්හ. පිළිගන්නා අතරම, යකුටද, කුමාරයාටද යහපත පිණිස පේළියක් අඩුවෙන් ගාථාවක් ද වදාළහ. ඒ යකු කුමාරයාද තිසරණයෙහි යොමුකරමින් තුන්වරක්ම කියා සිවුවන පේළිය පුරවයි. ඒ කෙසේද?

“දීඝායුකො හොතු අයං කුමාරො, තුවඤ‍්ච යක‍්ඛ සුඛිතො භවාහි; අබ්‍යාධිතා ලොකහිතාය තිට‍්ඨථ, අයං කුමාරො සරණමුපෙති බුද‍්ධං…පෙ… ධම‍්මං…පෙ… සඞ‍්ඝ”න‍්ති.

‘මේ කුමරු දිගුකල් ජීවත් වේවා! යකුනි, ඔබද සුවසේ ජීවත් වේවා!හිංසා නොකොට ලොවට හිතසුව පිණිස කටයුතු කරන්න. (එවිට යකු ඉහත සඳහන් කළ පරිදි) මේ කුමරු බුදු සරණ යයි, දහම් සරණ යයි, සඟුන් සරණ යයි’ කීවේය.

භගවා කුමාරං රාජපුරිසානං අදාසි – “ඉමං වඩ‍්ඪෙත්‍වා පුන මමෙව දෙථා”ති. එවං සො කුමාරො රාජපුරිසානං හත්‍ථතො යක‍්ඛස‍්ස හත්‍ථං යක‍්ඛස‍්ස හත්‍ථතො භගවතො හත්‍ථං, භගවතො හත්‍ථතො පුන රාජපුරිසානං හත්‍ථං ගතත‍්තා නාමතො “හත්‍ථකො ආළවකො”ති ජාතො. තං ආදාය පටිනිවත‍්තෙ රාජපුරිසෙ දිස‍්වා කස‍්සකවනකම‍්මිකාදයො “කිං යක‍්ඛො කුමාරං අතිදහරත‍්තා න ඉච‍්ඡතී”ති භීතා පුච‍්ඡිංසු. රාජපුරිසා “මා භායථ, ඛෙමං කතං භගවතා”ති සබ‍්බමාරොචෙසුං. තතො “සාධු සාධූ”ති සකලං ආළවීනගරං එකකොලාහලෙන යක‍්ඛාභිමුඛං අහොසි. යක‍්ඛොපි භගවතො භික‍්ඛාචාරකාලෙ අනුප‍්පත‍්තෙ පත‍්තචීවරං ගහෙත්‍වා උපඩ‍්ඪමග‍්ගං ආගන‍්ත්‍වා නිවත‍්ති.

භාග්‍යවතුන් වහන්සේ, ‘මොහු හදාවඩා නැවත මටම දෙව’යි වදාරා, රාජ සේවකයන්ට දුන්හ. මෙසේ ඒ කුමරු රාජ සේවයන් අතින් යකුගේ අතටද යකුගේ අතින් බුදුහිමියන් අතටද, බුදුහිමි අතින් නැවත රාජ සේවකයන් අතට ගත් බැවින් ‘හත්‍ථ ආලවක’ යැයි නම් විය. කුමරු ද රැගෙන ආපසු පැමිණෙන රාජ්‍ය සේවකයන් දුටු ගොවියෝ, වනයෙහි වැඩ කරන්නෝ කිමද? කුමාරයා ඉතා ළදරු බැවින් ආලවකයා කැමති නොවීදැ’යි බිය වී විචාළහ. ‘භය නොවවු’ කී රාජ සේවකයෝ, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් කුමරුට අභය ලබාදීමට කටයුතු කරන ලදැ’යි සියළු තොරතුරු සැළකළහ. සාදු! සාදු හඬින් මුළු අලව් නුවරම එකකෝලාහලයක් බඳු විය. නුවර වාසීහු යකු ඉදිරියට ආහ.

අථ භගවා නගරෙ පිණ‍්ඩාය චරිත්‍වා කතභත‍්තකිච‍්චො නගරද‍්වාරෙ අඤ‍්ඤතරස‍්මිං විවිත‍්තෙ රුක‍්ඛමූලෙ පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසීදි. තතො මහාජනකායෙන සද‍්ධිං රාජා ච නාගරා ච එකතො සම‍්පිණ‍්ඩිත්‍වා භගවන‍්තං උපසඞ‍්කම‍්ම වන්‍දිත්‍වා පරිවාරෙත්‍වා නිසින‍්නා “කථං, භන‍්තෙ, එවං දාරුණං යක‍්ඛං දමයිත්‍ථා”ති පුච‍්ඡිංසු. තෙසං භගවා යුද‍්ධමාදිං කත්‍වා “එවං නවවිධවස‍්සං වස‍්සි, එවං විභිංසනකං අකාසි, එවං පඤ‍්හං පුච‍්ඡි, තස‍්සාහං එවං විස‍්සජ‍්ජෙසි”න‍්ති තමෙවාළවකසුත‍්තං කථෙසි. කථාපරියොසානෙ චතුරාසීතිපාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. තතො රාජා ච නාගරා ච වෙස‍්සවණමහාරාජස‍්ස භවනසමීපෙ යක‍්ඛස‍්ස භවනං කත්‍වා පුප‍්ඵගන්‍ධාදිසක‍්කාරූපෙතං නිච‍්චං බලිං පවත‍්තෙසුං. තඤ‍්ච කුමාරං විඤ‍්ඤුතං පත‍්තං “ත්‍වං භගවන‍්තං නිස‍්සාය ජීවිතං ලභි, ගච‍්ඡ, භගවන‍්තංයෙව පයිරුපාසස‍්සු භික‍්ඛුසඞ‍්ඝඤ‍්චා”ති විස‍්සජ‍්ජෙසුං. සො භගවන‍්තඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච පයිරුපාසමානො න චිරස‍්සෙව අනාගාමිඵලෙ පතිට‍්ඨාය සබ‍්බං බුද‍්ධවචනං උග‍්ගහෙත්‍වා පඤ‍්චසතඋපාසකපරිවාරො අහොසි. භගවා ච නං එතදග‍්ගෙ නිද‍්දිසි “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං උපාසකානං චතූහි සඞ‍්ගහවත්‍ථූහි පරිසං සඞ‍්ගණ‍්හන‍්තානං යදිදං හත්‍ථකො ආළවකො”ති (අ නි· 1.251).

ආලවක, භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස කල් පැමිණිවිට, පා සිවුරු ගෙන, මද දුරක් අවුත් නැවතුණේය. නගරයෙහි පිඬු හැසිර වළඳා අවසන, නගර දොරටුවෙහි විවේකයට සුදුසු එක් ගසක් මුල පනවන ලද බුදු අසුනෙහි වැඩහුන්හ. එහිදී මහජනයා සමග රජුද නුවරවාසීහුද එක්ව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, වැඳ පිරිවරා සිට ‘හිමියනි, මෙබඳු දරුණු යකෙකු කෙසේ දමනය කළසේක්දැ’යි ඇසූහ. භාග්‍යවතුන් වහන්සේ ‘මෙසේ නව ආකාරයෙන් වැසි වැස්සවීය. මෙසේ බිහිසුණු දේ කළේය. මෙසේ පැන විචාළේය. මම ඒවා මෙසේ විසඳුවෙමි’යි (ආලවක කරනු ලැබූ) ‘යුද්ධය’ මුලසිටම දක්වා, ඒ ආලවක සූත්‍රය වදාළහ. දේසනය අවසන අසූහාර දහසකට දහම් අවබෝධ විය. ඉන්පසු රජු ද නගරවාසිහුද වෙස්සවණ මහ රජුගේ විමන අසළ යකුටද විමනක් කරවා, මල්, සුවඳ ආදී සත්කාර සහිත, ආහාර ආදී නිති පූජා පැවැත්වූහ. ඒ කුමරුද, වැඩිවියට පත්වූ විට ‘ඔබ භාග්‍යවතුන් වහන්සේ නිසා ජීවිතය ලැබුවෙහි, යන්න උන්වහන්සේ ඇසුරු කරව’යි පිටත්කර හැරියහ. ඔහු භාග්‍යවතුන් වහන්සේද සංඝයා වහන්සේ ද ඇසුරු කරමින්, නොබෝ කලකින්ම අනාගාමි පලයෙහි පිහිටා, සියළු බුද්ධ වචනය ඉගෙන පන්සියයක් උපාසක පිරිවර ඇතිවිය. ‘මහණෙනි, මගේ සසුනෙහි උපාසක පිරිස අතර සිවු සඟරාවතින් පිරිසට සත්කාර කිරීමෙන් හත්‍ථක ආලවක අගතැන් ගනී’ යැයි තනතුර දී වදාළහ.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය ආළවකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ආලවක සූත්‍ර විස්තරය නිමි.