8. මෙත්තසුත්තවණ්ණනා අට්ඨකථා
8. මෙත්තසුත්තවණ්ණනා
8. මෙත්ත සූත්‍ර වර්ණනාව
කරණීයමත්ථකුසලෙනාති මෙත්තසුත්තං. කා උප්පත්ති? හිමවන්තපස්සතො කිර දෙවතාහි උබ්බාළ්හා භික්ඛූ භගවතො සන්තිකං සාවත්ථිං ආගච්ඡිංසු. තෙසං භගවා පරිත්තත්ථාය කම්මට්ඨානත්ථාය ච ඉමං සුත්තං අභාසි. අයං තාව සඞ්ඛෙපො.
කරණීයමත්ථකුසලෙන මෙත්ත සූත්‍රයයි. එය දේශනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? හිමාලයෙහි දී දේවතාවුන්ගෙන් හිරිහැරයට පත් පැවිදි පිරිස සැවැත්නුවර, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. උන්වහන්සේලාට රැකවරණය පිණිසද, භාවනාවට අරමුණ හෙවත් කමටහන් පිණිසද මෙම සූත්‍රය වදාළහ. මේ කෙටියෙනි. විස්තර මෙසේය.
අයං පන විත්ථාරො – එකං සමයං භගවා සාවත්ථියං විහරති උපකට්ඨාය වස්සූපනායිකාය. තෙන ඛො පන සමයෙන සම්බහුලා නානාවෙරජ්ජකා භික්ඛූ භගවතො සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා තත්ථ තත්ථ වස්සං උපගන්තුකාමා භගවන්තං උපසඞ්කමන්ති. තත්ර සුදං භගවා රාගචරිතානං සවිඤ්ඤාණකාවිඤ්ඤාණකවසෙන එකාදසවිධං අසුභකම්මට්ඨානං, දොසචරිතානං චතුබ්බිධං මෙත්තාදිකම්මට්ඨානං, මොහචරිතානං මරණස්සතිකම්මට්ඨානාදීනි, විතක්කචරිතානං ආනාපානස්සතිපථවීකසිණාදීනි, සද්ධාචරිතානං බුද්ධානුස්සතිකම්මට්ඨානාදීනි, බුද්ධිචරිතානං චතුධාතුවවත්ථනාදීනීති ඉමිනා නයෙන චතුරාසීතිසහස්සප්පභෙදචරිතානුකූලානි කම්මට්ඨානානි කථෙති.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වස් එළඹ සැවැත් නුවර වැඩවසති. එහිදී, වේරඤ්ජා නුවර බොහෝ හිමිවරු භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ලබා, ඒ ඒ සුදුසු තැන්හි වස් එළඹීමට කැමතිව, උන්වහන්සේ වෙතට පැමිණෙති. රාග චරිත ඇත්තවුන්ට ජීව අජීව ආදී ලෙසින්, එකොළොස් ආකාර පිළිකුල් ලෙස මෙනෙහි කිරීමේ අරමුණ ද, කෝපවන චරිත ඇත්තන්ට සිවු ආකාර වූ මෙත් සහගත අරමුණ ද, මුලාවන චරිත ඇත්තන්ට මරණය සිහිගැන්වීමේ අරමුණද, ගැටෙන අදහස් ඇත්තන්ට හුස්ම ඉහළට ගැනීම, හුස්ම පහළට හෙළීම ගැන අරමුණු කිරීමට හා කසිණ ආදී භාවනාද සැදැහැ ඇත්තන්ට බුදුගුණ සිහිකිරීම ආදියද, නුවණැත්තන්ට ධාතු කොටස් සතර පිළිබඳවද යන මේ ආකාරයෙන් අසූහාර දහසක් ගති සොබාවනට ගැලපෙන පරිදි උපදෙස් දෙති.
අථ ඛො පඤ්චමත්තානි භික්ඛුසතානි භගවතො සන්තිකෙ කම්මට්ඨානං උග්ගහෙත්වා සප්පායසෙනාසනඤ්ච ගොචරගාමඤ්ච පරියෙසමානානි අනුපුබ්බෙන ගන්ත්වා පච්චන්තෙ හිමවන්තෙන සද්ධිං එකාබද්ධං නීලකාචමණිසන්නිභසිලාතලං සීතලඝනච්ඡායනීලවනසණ්ඩමණ්ඩිතං මුත්තාතලරජතපට්ටසදිසවාලුකාකිණ්ණභූමිභාගං සුචිසාතසීතලජලාසයපරිවාරිතං පබ්බතමද්දසංසු. අථ ඛො තෙ භික්ඛූ තත්ථෙකරත්තිං වසිත්වා පභාතාය රත්තියා සරීරපරිකම්මං කත්වා තස්ස අවිදූරෙ අඤ්ඤතරං ගාමං පිණ්ඩාය පවිසිංසු. ගාමො ඝනනිවෙසසන්නිවිට්ඨකුලසහස්සයුත්තො, මනුස්සා චෙත්ථ සද්ධා පසන්නා, තෙ පච්චන්තෙ පබ්බජිතදස්සනස්ස දුල්ලභතාය භික්ඛූ දිස්වා එව පීතිසොමනස්සජාතා හුත්වා තෙ භික්ඛූ භොජෙත්වා “ඉධෙව, භන්තෙ, තෙමාසං වසථා”ති යාචිත්වා පඤ්චපධානකුටිසතානි කාරාපෙත්වා තත්ථ මඤ්චපීඨපානීයපරිභොජනීයඝටාදීනි සබ්බූපකරණානි පටියාදෙසුං.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වෙතින් කමටහන් ලද පන්සියයක් පමණ වූ පැවිදි පිරිස, සුදුසු සෙනසුන් ද පිණ්ඩපාතය ආදිය ලැබිය හැකි, ගොදුරු ගම්ද පිරික්සමින්, පිළිවෙලින් ගොස්, ඈත හිමාලයෙහි නිල්මැණික් වන් එකට යාවුනු ගල්තලාවෙන් හෙබි, තද සිහිලැල් සෙවණින් යුතු, කැලෑවෙන්, අලංකාරවත් වූ, මුතුදැල් රිදී පටක් බඳු වැලිතලා බිම් පෙදෙසකින්ද යුතු මනහර සිහිල් දිය පිරි ගිරිකුළක් දුටහ. ඒ පැවිදි හිමිවරු එහි එක් රැයක් වැස, රැය පහන් වූ කල, සිරුරු කටයුතු කොට, එක් නුදුරු ගමකට පිඬු පිණිස ගියහ. ඒ ගම අධික ජනගහණයෙන් යුතු පවුල් දහසකින් යුතුය. එහි මිනිස්සුද පහන් සැදැහැතියහ. පැවිදි දසුනක් දුලබව, ඈත පෙදෙසක වසන ඔවුහු ඒ පැවිදි පිරිස දැක, සොම්නස් සිතැතිව, උන්වහන්සේලා වළඳවා, ‘හිමිවරුනි, තුන් මසම මෙහිම වාසය කරනු මැනවැ’යි ඉල්ලා, භාවනා කුටි පන්සියයක් කරවා, එහි ඇඳ, පුටු ද පානයට සුදුසු පැන් කළවලද පුරවා තබා, සියළු උපකරණ පිළියෙල කළහ.
භික්ඛූ දුතියදිවසෙ අඤ්ඤං ගාමං පිණ්ඩාය පවිසිංසු. තත්ථාපි මනුස්සා තථෙව උපට්ඨහිත්වා වස්සාවාසං යාචිංසු. භික්ඛූ “අසති අන්තරායෙ”ති අධිවාසෙත්වා තං වනසණ්ඩං පවිසිත්වා සබ්බරත්තින්දිවං ආරද්ධවීරියා හුත්වා යාමගණ්ඩිකං කොට්ටෙත්වා යොනිසොමනසිකාරබහුලා විහරන්තා රුක්ඛමූලානි උපගන්ත්වා නිසීදිංසු. සීලවන්තානං භික්ඛූනං තෙජෙන විහතතෙජා රුක්ඛදෙවතා අත්තනො අත්තනො විමානා ඔරුය්හ දාරකෙ ගහෙත්වා ඉතො චිතො ච විචරන්ති. සෙය්යථාපි නාම රාජූහි වා රාජමහාමත්තෙහි වා ගාමකාවාසං ගතෙහි ගාමවාසීනං ඝරෙසු ඔකාසෙ ගහිතෙ ඝරමානුසකා ඝරා නික්ඛමිත්වා අඤ්ඤත්ර වසන්තා “කදා නු ඛො ගමිස්සන්තී”ති දූරතො ඔලොකෙන්ති; එවමෙව දෙවතා අත්තනො අත්තනො විමානානි ඡඩ්ඩෙත්වා ඉතො චිතො ච විචරන්තියො දූරතොව ඔලොකෙන්ති – “කදා නු ඛො භදන්තා ගමිස්සන්තී”ති. තතො එවං සමචින්තෙසුං “පඨමවස්සූපගතා භික්ඛූ අවස්සං තෙමාසං වසිස්සන්ති. මයං පන තාව චිරං දාරකෙ ගහෙත්වා ඔක්කම්ම වසිතුං න සක්ඛිස්සාම. හන්ද මයං භික්ඛූනං භයානකං ආරම්මණං දස්සෙමා”ති. තා රත්තිං භික්ඛූනං සමණධම්මකරණවෙලාය භිංසනකානි යක්ඛරූපානි නිම්මිනිත්වා පුරතො පුරතො තිට්ඨන්ති, භෙරවසද්දඤ්ච කරොන්ති. භික්ඛූනං තානි රූපානි පස්සන්තානං තඤ්ච සද්දං සුණන්තානං හදයං ඵන්දි, දුබ්බණ්ණා ච අහෙසුං උප්පණ්ඩුපණ්ඩුකජාතා. තෙන තෙ චිත්තං එකග්ගං කාතුං නාසක්ඛිංසු. තෙසං අනෙකග්ගචිත්තානං භයෙන ච පුනප්පුනං සංවිග්ගානං සති සම්මුස්සි. තතො නෙසං මුට්ඨස්සතීනං දුග්ගන්ධානි ආරම්මණානි පයොජෙසුං. තෙසං තෙන දුග්ගන්ධෙන නිම්මථියමානමිව මත්ථලුඞ්ගං අහොසි, බාළ්හා සීසවෙදනා උප්පජ්ජිංසු, න ච තං පවත්තිං අඤ්ඤමඤ්ඤස්ස ආරොචෙසුං.
උන්වහන්සේලා දෙවන දවස්හි වෙනත් ගමකට පිඬු පිණිස වැඩියහ. එහි මිනිස්සුද එසේ උවටැන් කොට වස් කාලය එහි ගතකරනු පිණිස ඉල්ලා සිටියහ. හිමිවරු ‘අනතුරු නැතැ’යි ඉවසා, ඒ කැලැ පෙදෙසට පිවිස, දිවා රෑ තිස්සේම නොපසුබස්නා උත්සාහයෙන් යුතුව, කාලය හඟවන ගෙඩිය (වත් පිළිවෙත් සඳහා දැනුම් දීමට හඬ නැවීමට ලී කොටයකින් තැනූ එල්ලා ඇති උපකරණයකි) සකසා, කමටහන් නුවණින් මෙනෙහි කරමින් රුක්මුල් කරා එළඹ හිඳිති. සිල්වත් මහණුන්ගේ බලයෙන්, බල රහිත වූ රුක් දේවතාවියෝ තම විමන්වලින් බැස, දරුවන්ද රැගෙන එහා මෙහා සැරිසරති. රජවරුන් හෝ රජ මැති ඇමතිවරුන් ගමක වාසයට ගියවිටදී (රාජකාරි කටයුතු සඳහා තාවකාලික නවාතැන්) ගම්වාසීන්ගේ නිවෙස්වල ඉඩ ලබාගත්විට, නිවැසියන් ඒවායින් නික්ම, වෙනත් තැන්හි වසමින්, කවදා යන්නාහුදැයි දුර සිට බලා සිටිනා සේ, දේවතාවියෝ තම විමන් හැරදමා, එහා මෙහා සැරිසරමින්, හිමිවරුන් ආපසු කවදා යතිදැ’යි බලා සිටිති. දේවතාවියෝ එකම අයුරින් සිතූහ. මුල් වස් එළඹි මහණහු අවැසි ලෙසම තෙමසම මෙහි වසන්නාහ. අපට එතෙක් කල් දරුවන් රැගෙන ඉවත්ව විසීමට නොහැකිය. අපි මහණුන්ට බය උපදවන අරමුණු දක්වන්නෙමු නම් මැනවයි රෑ කල මහණුන් භාවනා කරනවිට බිය දනවන යක් රූප මවාගෙන ඉදිරියෙන් ඉදිරියෙන් සිටිති. බිය ගන්වන හඬ නංවති. ඒ රූප දැක, ඒ හඬද අසා හිමිවරුන්ගේ හදවත සැලිණ. සිරුර පැහැ වෙනස් විය. සුදුමැලිව නහර ඉල්පිණ. සිත එක් අරමුණක පිහිටුවා ගැනීමට නොහැකි විය. උන්වහන්සේලාගේ සිත් නොයෙක් බියෙන්ද යළි යළිත් සංවේගයට ද, මුළා බවටද පත්විය. මුලා වූ සිතින් සිටි ඒ හිමිවරුන්ට දුගඳ වහනය වන අරමුණු ද යෙදවූහ. ඒ ගඳ මැඩලීමට (හිස්) මොළයට සිදුවූයෙන්, බලවත් හිස වේදනා ඇතිවිය. ඒ තොරතුරු ඒ හිමිවරු එකිනෙකාට නො පැවසූහ.
අථෙකදිවසං සඞ්ඝත්ථෙරස්ස උපට්ඨානකාලෙ සබ්බෙසු සන්නිපතිතෙසු සඞ්ඝත්ථෙරො පුච්ඡි – “තුම්හාකං, ආවුසො, ඉමං වනසණ්ඩං පවිට්ඨානං කතිපාහං අතිවිය පරිසුද්ධො ඡවිවණ්ණො අහොසි පරියොදාතො, විප්පසන්නානි ච ඉන්ද්රියානි එතරහි පනත්ථ කිසා දුබ්බණ්ණා උප්පණ්ඩුපණ්ඩුකජාතා, කිං වො ඉධ අසප්පාය”න්ති? තතො එකො භික්ඛු ආහ – “අහං, භන්තෙ, රත්තිං ඊදිසඤ්ච ඊදිසඤ්ච භෙරවාරම්මණං පස්සාමි ච සුණාමි ච, ඊදිසඤ්ච ගන්ධං ඝායාමි, තෙන මෙ චිත්තං න සමාධියතී”ති. එතෙනෙව උපායෙන සබ්බෙ තං පවත්තිං ආරොචෙසුං. සඞ්ඝත්ථෙරො ආහ – “භගවතා ආවුසො ද්වෙ වස්සූපනායිකා පඤ්ඤත්තා, අම්හාකඤ්ච ඉදං සෙනාසනං අසප්පායං, ආයාමාවුසො භගවතො සන්තිකං, ගන්ත්වා අඤ්ඤං සප්පායං සෙනාසනං පුච්ඡාමා”ති. “සාධු භන්තෙ”ති තෙ භික්ඛූ ථෙරස්ස පටිස්සුණිත්වා සබ්බෙ සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය අනුපලිත්තත්තා කුලෙසු කඤ්චි අනාමන්තෙත්වා එව යෙන සාවත්ථි තෙන චාරිකං පක්කමිංසු. අනුපුබ්බෙන සාවත්ථිං ගන්ත්වා භගවතො සන්තිකං අගමිංසු.
නායක හිමියන්ට උවටැන් කරන්නට ඒ සියළු හිමිවරුන් රැස්වූ කල, උන්වහන්සේ, ‘ඇවැත්නි, ඔබවහන්සේලා මේ කැලෑ පෙදෙසට පිවිස කිහිප දිනකින්ම හම පිරිසිදුව පැහැපත්ව, බබලන සේ තිබිණි. ඉඳුරන් පැහැබරව දිස්විය. දැන් නම්, හැකිළුණු, පඬුපැහැව, නහර ඉල්පී ඇත. කිසියම් අපහසුතාවක් වේදැ’යි විමසූහ. මෙහිදී එක් හිමිනමක් ‘හිමියනි, රෑ කාලයෙහි දී මම මෙබඳු මෙබඳු බිය දැනෙන අරමුණු දකිමි. (බිය දනවන) හඬ අසමි. මෙවන් ගඳක් විඳිමි. එයින් මගේ සිත එකඟ නොවේ යැයි පැවසීය. මේ අයුරින් සියළු දෙන කරුණු සැළකළහ. එවිට නායක හිමි, ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් වස් එළඹීම් දෙකක් පනවන ලදී. අපට ද මෙම වන සෙනසුන සුදුසු නොවේ. ඇවැත්නි, යමු, භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, වෙනත් සුදුසු සෙනසුනක් විමසමු’ යැයි පැවසූහ. ‘යහපත, හිමියනි එකඟ වූ සඟ පිරිස උන්වහන්සේට පිළිවදන් දී, සෙනසුන් පිළිවෙලකට සකසා, පා සිවුරු ගෙන, එතෙක් උවටැන් කරන ලද දායක පවුල් කෙරෙහි නොඇලෙමින්, කිසිවකුටත් නොදන්වාම, සැවැත් නුවර බලා පිටත් වූහ. පිළිවෙලින් ගම් නියම් ගම් හැසිර, සැවැත්නුවරට ගොස්, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ.
භගවා තෙ භික්ඛූ දිස්වා එතදවොච – “න, භික්ඛවෙ, අන්තොවස්සං චාරිකා චරිතබ්බාති මයා සික්ඛාපදං පඤ්ඤත්තං, කිස්ස තුම්හෙ චාරිකං චරථා”ති. තෙ භගවතො සබ්බං ආරොචෙසුං. භගවා ආවජ්ජෙන්තො සකලජම්බුදීපෙ අන්තමසො චතුප්පාදපීඨකට්ඨානමත්තම්පි තෙසං සප්පායං සෙනාසනං නාද්දස. අථ තෙ භික්ඛූ ආහ – “න, භික්ඛවෙ, තුම්හාකං අඤ්ඤං සප්පායං සෙනාසනං අත්ථි, තත්ථෙව තුම්හෙ විහරන්තා ආසවක්ඛයං පාපුණෙය්යාථ. ගච්ඡථ, භික්ඛවෙ, තමෙව සෙනාසනං උපනිස්සාය විහරථ. සචෙ පන දෙවතාහි අභයං ඉච්ඡථ, ඉමං පරිත්තං උග්ගණ්හථ, එතඤ්හි වො පරිත්තඤ්ච කම්මට්ඨානඤ්ච භවිස්සතී”ති ඉමං සුත්තමභාසි.
ඒ පැවිදි පිරිස දුටු භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, වස් කාලය තුල චාරිකාවෙහි නොයා යුතුයැයි, ම විසින් සික පදයක් පනවන ලදී. ඔබලා කුමක් නිසා මෙසේ චාරිකාවෙහි හැසිරෙවුදැ’යි ඇසූහ. උන්වහන්සේලා සියළු කරුණු සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ විමසා බලන සේක්, මුළු දඹදිවෙහිම, යටත් පිරිසෙයින් පා සතරකින් යුතු පුටුවක් තබන තරම්වත් සුදුසු තැනක් නොදුටුවාහ. ‘මහණෙනි, ඔබලාට වෙනත් සුදුසු සෙනසුනක් නැත. එතැනම වසමින් කෙලෙසුන් දුරුකිරිමට කටයුතු කරවු, යව මහණෙනි, ඒ සෙනසුනෙහිම වාසය කරව දේවතාවන්ගෙන් බියක් ඇති වේ යැයි බලාපොරොත්තු වේ නම්, මේ පිරිත උගනිමු. එයම ඔබලාට කමටහනක්ද වන්නේ යැයි මෙම සූත්‍රය වදාළහ.
අපරෙ පනාහු – “ගච්ඡථ, භික්ඛවෙ, තමෙව සෙනාසනං උපනිස්සාය විහරථා”ති ඉදඤ්ච වත්වා භගවා ආහ – “අපිච ඛො ආරඤ්ඤකෙන පරිහරණං ඤාතබ්බං. සෙය්යථිදං – සායංපාතං කරණවසෙන ද්වෙ මෙත්තා, ද්වෙ පරිත්තා, ද්වෙ අසුභා, ද්වෙ මරණස්සතී අට්ඨ මහාසංවෙගවත්ථුසමාවජ්ජනඤ්ච. අට්ඨ මහාසංවෙගවත්ථූනි නාම ජාති ජරා බ්යාධි මරණං චත්තාරි අපායදුක්ඛානීති . අථ වා ජාතිජරාබ්යාධිමරණානි චත්තාරි, අපායදුක්ඛං පඤ්චමං, අතීතෙ වට්ටමූලකං දුක්ඛං, අනාගතෙ වට්ටමූලකං දුක්ඛං, පච්චුප්පන්නෙ ආහාරපරියෙට්ඨිමූලකං දුක්ඛ”න්ති. එවං භගවා පරිහරණං ආචික්ඛිත්වා තෙසං භික්ඛූනං මෙත්තත්ථඤ්ච පරිත්තත්ථඤ්ච විපස්සනාපාදකඣානත්ථඤ්ච ඉමං සුත්තං අභාසීති.
ඇතැම් කෙනෙකු කියා ඇත්තේ මෙසේ වදාළ බවයි, ‘යව, මහණෙනි, ඒ සෙනසුනම ඇසුරුකොට වසව්. එසේ වදාරා, කැලෑවෙහි වසන භාවනා යෝගියකු විසින් එහි පැවතිය යුතු සැටි දතයුතුය. ඒ කෙසේද? උදේ සවස දෙවරක් මෙත් වැඩීමද, පිරිත් (සජ්ඣායන) ලෙසින් දෙවරක්ද, සිරුරේ පිළිකුල් බව දෙවරක්ද, මරණය පිළිබඳව දෙවරක්ද, අටමහා සංවේග කරුණු දෙවරක්ද මෙනෙහි කළයුතුයි. ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය සහ සතර අපා දුක හා පස්වැනිව අතීතයෙහි සසර පිළිබඳ දුක, අනාගත සසර දුක සහ වත්මනෙහි ආහාර සෙවීම (ජීවත්වීම) මුල්කොට ඇතිවන දුකයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පැවතිය යුතු සැටි පෙන්වා දී ඒ පැවිදි හිමිවරුනට මෙත් වඩනු පිණිසද, රැකවරණය පිණිසද, විදසුන් මුල්කොට දැහැන් වඩා මගපල ලැබීමටද මෙම සූත්‍රය වදාළහ.
තත්ථ කරණීයමත්ථකුසලෙනාති ඉමිස්සා පඨමගාථාය තාව අයං පදවණ්ණනා – කරණීයන්ති කාතබ්බං, කරණාරහන්ති අත්ථො. අත්ථොති පටිපදා, යං වා කිඤ්චි අත්තනො හිතං, තං සබ්බං අරණීයතො අත්ථොති වුච්චති, අරණීයතො නාම උපගන්තබ්බතො. අත්ථෙ කුසලෙන අත්ථකුසලෙන, අත්ථඡෙකෙනාති වුත්තං හොති. යන්ති අනියමිතපච්චත්තං. න්ති නියමිතඋපයොගං. උභයම්පි වා යං තන්ති පච්චත්තවචනං. සන්තං පදන්ති උපයොගවචනං. තත්ථ ලක්ඛණතො සන්තං, පත්තබ්බතො පදං, නිබ්බානස්සෙතං අධිවචනං. අභිසමෙච්චාති අභිසමාගන්ත්වා. සක්කොතීති සක්කො, සමත්ථො පටිබලොති වුත්තං හොති. උජූති අජ්ජවයුත්තො. සුට්ඨු උජූති සුහුජු. සුඛං වචො අස්මින්ති සුවචො. අස්සාති භවෙය්ය. මුදූති මද්දවයුත්තො. න අතිමානීති අනතිමානී.
කරණීයමත්ථකුසලෙන මේ පළමු ගාථාවෙහි පටන් වචන තේරුම් දැක්වීමයි. කරණීයං කළයුතුය. කිරිමට සුදුසු යන තේරුමයි. අත්ථො පිළිවෙතයි. තමාට යහපත පිණිස යම්කිසි දෙයක් වේද, ඒ සියල්ල අරණීයතො හෙවත් පැමිණිය යුතු, ලබාගත යුතු යන තේරුමෙන් කියනු ලැබේ. එහි හැකියාව ඇති, යහපත, (එලොව-මෙලොව) දියුණුව සඳහා සමත් වන, අත්ථෙ කුසලෙන = අත්ථ කුසලෙන, යං අනියම් වූ කරුණක් ලෙස දැනගැනීමට ඉවහල් වන වචනයකි. කං නියම ලෙස පැහැදිලි කරනු ලබන කරුණක සම්බන්ධතාව දැක්වීමට ඉවහල් වන වචනයකි. සන්තං පදං එහි සම්බන්ධ කළයුතු වචනයයි. එයින් දැක්වෙන්නේ සන්හුන් බවයි. පැමිණිය යුතු අරුතින් පදං, එය නිවනට සමාන වචනයකි. අභිසමෙච්ච මනාව එක්තැන්කොට, සක්කො හැකිවෙයි, සමත්, ඊට හැකියාව ඇති, උජූ අවංක බවින් යුතු, සූජූ මනාව අවංක වීම, එම ගුණය මැනවින් පවත්වා ගැනීමය. යහපත්, සුවදායී වචන ඇත්තෙක්මි. සුවචො, අස්ස වන්නේය. මුදු මොළොක් බවින් යුතු, න අතිමානී - අනතිමානී උඩඟු නොවූයේ,
අයං පනෙත්ථ අත්ථවණ්ණනා – කරණීයමත්ථකුසලෙන යන්ත සන්තං පදං අභිසමෙච්චාති. එත්ථ තාව අත්ථි කරණීයං, අත්ථි අකරණීයං. තත්ථ සඞ්ඛෙපතො සික්ඛත්තයං කරණීයං, සීලවිපත්ති, දිට්ඨිවිපත්ති, ආචාරවිපත්ති, ආජීවවිපත්තීති එවමාදි අකරණීයං. තථා අත්ථි අත්ථකුසලො, අත්ථි අනත්ථකුසලො.
මේ එහි විස්තර දැක්වීමයි. කරණීය මත්ථ කුසලෙන යන්තං සන්තං පදං අභිසමෙච්ච මෙහිලා, තවදුරටත්, කළයුතු දේ ඇත. නොකළ යුතු දේ ඇත. එය කෙටියෙන් දක්වතොත්, හික්මීම පිණිස කළ යුතුය, සීලයට විපතක් වන, තම උසස් අරමුණට නිවැරදි දැකීමට විපතක් වන, හැදියාවට විපතක් වන, (එදිනෙදා) දිවි පැවැත්මට හානි කරන දේවල් නොකළ යුතුය. එසේ හරවත් දෙයෙහි වටහා ගැනීමට හැකියාව මෙන්ම, අසාරවත් දෙයෙහි වටහා ගැනීමටද, හැකියාව තිබිය යුතුය.
තත්ථ යො ඉමස්මිං සාසනෙ පබ්බජිත්වා න අත්තානං සම්මා පයොජෙති, ඛණ්ඩසීලො හොති, එකවීසතිවිධං අනෙසනං නිස්සාය ජීවිකං කප්පෙති. සෙය්යථිදං – වෙළුදානං, පත්තදානං, පුප්ඵදානං, ඵලදානං, දන්තකට්ඨදානං, මුඛොදකදානං, සිනානදානං, චුණ්ණදානං, මත්තිකාදානං, චාටුකම්යතං, මුග්ගසූප්යතං, පාරිභටුතං, ජඞ්ඝපෙසනියං, වෙජ්ජකම්මං, දූතකම්මං, පහිණගමනං, පිණ්ඩපටිපිණ්ඩදානානුප්පදානං, වත්ථුවිජ්ජං, නක්ඛත්තවිජ්ජං, අඞ්ගවිජ්ජන්ති. ඡබ්බිධෙ ච අගොචරෙ චරති . සෙය්යථිදං – වෙසියගොචරෙ විධවාථුල්ලකුමාරිකපණ්ඩකභික්ඛුනිපානාගාරගොචරෙති. සංසට්ඨො ච විහරති රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි අනනුලොමිකෙන ගිහිසංසග්ගෙන. යානි වා පන තානි කුලානි අසද්ධානි අප්පසන්නානි අනොපානභූතානි අක්කොසකපරිභාසකානි අනත්ථකාමානි අහිතඅඵාසුකඅයොගක්ඛෙමකාමානි භික්ඛූනං…පෙ… උපාසිකානං, තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති. අයං අනත්ථකුසලො.
මේ සස්නෙහි පැවිදි වූවෙක් මැනවින් ඊට අදාල කටයුතු නොකරයි. කැඩුණු සිල් ඇත්තේ වෙයි. විසිඑක් ආකාර වූ, නොසෙවිය යුතු නුසුදුසු දේවලින් ජීවත්වෙයි. ඒ කෙසේද? (ඇතැම් පැවිදි වූවෙක්) උණ ගස්, කොළ, මල්, ගෙඩි, දැහැටි, මුව සේදීම ජලය, දිය නෑමෙහිදී අවැසි දේ, (සිරුර තැවරීමෙහි හුණු, මැටි-ගිහියන්ගේ සිත් ගැනීමට දෙයි. චාටු බස් කීම, මුං තැම්බූ විට කොටසක් නොපැසී තිබෙන්නා සේ, සැබෑ, බොරු මුසුව කතාබහ කිරීම, කුඩා දරුවන් සුරතල් කිරීම, පණිවුඩ ගෙනයෑම, වෙදකම, නියෝජිතයකු සේ කටයුතු කිරීම, දූත මෙහෙවර, නැවත නැවත ආහාර දීමෙහි යෙදීම, ගොඩනැගිලි තැනීම් ආදියෙහි සුබ අසුබ දක්වන නැකත් කීම, සිරුරු ලකුණු බලා සුබ අසුබ-පලාපල කීම හා සය ආකාර වූ නුසුදුසු තැන්හි හැසිරීමද වෙයි. ඒ නුසුදුසු තැන් මොනවාද? වෙසඟනුන්, වැන්දඹුවන්, වැඩිවිය පත්, විවාහ නොවූ කාන්තාවන්, නපුංසකයන්, මෙහෙණින් හා මත්පැන්හල් ඇසුරුකොට විසීමයි. රජවරුන් සමග, මැති ඇමතිවරුන් සමග, වෙනස් සමයවාදීන් (තීර්ථකයන්) ඔවුන්ගේ අනුගාමිකයන් සමගද (ගිහි) පිරිසද සමග එක්වී, තදින් ඇළුම් කරමින් නුසුදුසු පරිදි වසයි. මහණුන්ට - උපාසිකාවන්ට ආදී (සිවු පිරිසට) සැදැහැ බවක් නැති, නොපැහැදුණු, (ඕනෑඑපාකම් නොසොයන) පැන්හලක් බඳු නොවූ, නින්දා අපහාස කරන, දියුණුව නොකැමති, අහිත වූ පිළිවෙතින් යුතු කාමාදී බැමිවලින් මිදීමට අකමැති කුලගෙවල් (පවුල්) ඇසුරු කරයි. සබඳතා පවත්වයි. මැනවින් ඇසුරු කරයි. [missing trans]
යො පන ඉමස්මිං සාසනෙ පබ්බජිත්වා අත්තානං සම්මා පයොජෙති, අනෙසනං පහාය චතුපාරිසුද්ධිසීලෙ පතිට්ඨාතුකාමො සද්ධාසීසෙන පාතිමොක්ඛසංවරං, සතිසීසෙන ඉන්ද්රියසංවරං, වීරියසීසෙන ආජීවපාරිසුද්ධිං, පඤ්ඤාසීසෙන පච්චයපටිසෙවනං පූරෙති අයං අත්ථකුසලො.
මේ සසුනෙහි පැවිදි වූවෙකු මනා ඇවතුම් පැවතුම් ඇතිව තම කටයුතු කරත් ද, නුසුදුසු දේ සෙවීමෙන් තොරව, සිවු පිරිසිදු සිල්හි පිහිටීමේ කැමැත්ත ඇතිව (තිසරණ) සැදැහැ නොවෙනස් වූ පාමොක් සංවරයෙන් ද, මැනවින් සිහිය පවත්වාගැනීම මුල්කොට ඉඳුරන් සංවරයද, උත්සාහය මුල්කොට ජීවිතයෙහි යහපත් හැසිරීම් රටාවද, නුවණ මුල්කොට සිවුපසය ද පරිහරණය කරයි. මෙය දියුණුවෙහි සමත්කම හෙවත් අත්ථකුසල නම් වෙයි.
යො වා සත්තාපත්තික්ඛන්ධසොධනවසෙන පාතිමොක්ඛසංවරං, ඡද්වාරෙ ඝට්ටිතාරම්මණෙසු අභිජ්ඣාදීනං අනුප්පත්තිවසෙන ඉන්ද්රියසංවරං, අනෙසනපරිවජ්ජනවසෙන විඤ්ඤුපසත්ථබුද්ධබුද්ධසාවකවණ්ණිතපච්චයපටිසෙවනෙන ච ආජීවපාරිසුද්ධිං, යථාවුත්තපච්චවෙක්ඛණවසෙන පච්චයපටිසෙවනං, චතුඉරියාපථපරිවත්තනෙ සාත්ථකාදීනං පච්චවෙක්ඛණවසෙන සම්පජඤ්ඤඤ්ච සොධෙති, අයම්පි අත්ථකුසලො.
යම් පැවිද්දෙකු ඇවැත් සතකට හසුනොවන සේ පාමොක් සංවරයෙන් ද, සිරුරේ දොරටු සයෙහි ගැටෙන අරමුණු කෙරෙහි දැඩි ලෝභය ආදිය හට නොගන්නා ලෙසින් ඉඳුරන් සංවරයද, නුසුදුසු දේ දුරුකරන ලෙසින් බුදු මහරහත් ආදී පැණවත් සව්වන් විසින් අගයන ලද සිවුපසය මනා පරිහරණයද, සතර ඉරියව් පැවැත්ම ජීවිතයට වැදගත් වන සිවුපසය මනා පරිහරණයද, සතර ඉරියව් පැවැත්ම ජීවිතයට වැදගත් වන සැටි නුවණින් මෙනෙහිකොට පිරිසිදුව සිටිත්ද, එය අත්ථකුසලයයි.
යො වා යථා ඌසොදකං පටිච්ච සංකිලිට්ඨං වත්ථං පරියොදායති, ඡාරිකං පටිච්ච ආදාසො, උක්කාමුඛං පටිච්ච ජාතරූපං, තථා ඤාණං පටිච්ච සීලං වොදායතීති ඤත්වා ඤාණොදකෙන ධොවන්තො සීලං පරියොදාපෙති. යථා ච කිකී සකුණිකා අණ්ඩං, චමරීමිගො වාලධිං, එකපුත්තිකා නාරී පියං එකපුත්තකං, එකනයනො පුරිසො තං එකනයනං රක්ඛති, තථා අතිවිය අප්පමත්තො අත්තනො සීලක්ඛන්ධං රක්ඛති, සායංපාතං පච්චවෙක්ඛමානො අණුමත්තම්පි වජ්ජං න පස්සති, අයම්පි අත්ථකුසලො.
යම්කෙනෙක් ලුණු මුසු දියෙන් ඇඳුමක් පිරිසිදු කරයිද, අළුවලින් කැඩපතද, ගිනි උදුනක් නිසා රන් රිදී පිරිසිදු කරයිද, එපරිදිම නුවණ හේතුවෙන් සීලය බබලන්නේ යැයි දැන, නුවණ නැමති දියෙන් සෝදමින් සීලය පිරිසිදු කරගනී. කිරල් දෙන බිත්තර රකිනා සේ, සෙමර මුවා වල්ගය රක්නා සේ, එක් ඇසක් ඇති මිනිසා ඒ ඇස රකිනා සේ, නිරතුරු නොපමාවම (සිකපද) සියල්ල රැක ගනී. උදේ සවසද නුවණින් මෙනෙහි කරමින්, ඉතා සුළු හෝ වරදක් (තම සීලයෙහි) නොදකී. මෙය ද අත්ථකුසලයයි.
යො වා පන අවිප්පටිසාරකරසීලෙ පතිට්ඨාය කිලෙසවික්ඛම්භනපටිපදං පග්ගණ්හාති, තං පග්ගහෙත්වා කසිණපරිකම්මං කරොති, කසිණපරිකම්මං කත්වා සමාපත්තියො නිබ්බත්තෙති, අයම්පි අත්ථකුසලො. යො වා පන සමාපත්තිතො වුට්ඨාය සඞ්ඛාරෙ සම්මසිත්වා අරහත්තං පාපුණාති, අයං අත්ථකුසලානං අග්ගො.
යම් පැවිද්දෙක් පසුතැවිලි නොවන අයුරු, සීලයෙහි පිහිටා, කෙලෙස් යටපත් කරන පිළිවෙතෙහි දැඩි උත්සාහවත්ව යෙදෙයි. එසේ උත්සාහවත්ව කසිණ අරමුණ කරා සිත මෙහෙයයි. කසිණ වඩා සමාපත්ති උපදවා ගනී. මෙයද අත්ථ කුසලයයි. යම් පැවිද්දෙක් සමවතින් නැගී (යම් දෙයක ඇතිවීමේ හේතු තිර පැවැත්මක් නැතැයි අනිසි ලෙස බලා) සංඛාර නුවණින් විමසා අරහත් බවට පැමිණෙයි. මෙය අත්ථ කුසලයෙහි උසස්ම තැනයි.
තත්ථ යෙ ඉමෙ යාව අවිප්පටිසාරකරසීලෙ පතිට්ඨානෙන, යාව වා කිලෙසවික්ඛම්භනපටිපදාය පග්ගහණෙන මග්ගඵලෙන වණ්ණිතා අත්ථකුසලා, තෙ ඉමස්මිං අත්ථෙ අත්ථකුසලාති අධිප්පෙතා. තථාවිධා ච තෙ භික්ඛූ. තෙන භගවා තෙ භික්ඛූ සන්ධාය එකපුග්ගලාධිට්ඨානාය දෙසනාය “කරණීයමත්ථකුසලෙනා”ති ආහ.
මෙයින් අදහස් වන්නේ යම් කෙනෙක් (පැවිදි -ගිහි) පසුතැවිලි නොවන පරිදි සීලයෙහි පිහිටා, කෙලෙස් දුරුකරන පිළිවෙතෙහි දැඩි උත්සාහයෙන් යෙදී මගපලයට පත්වීම හරවත් වූ දියුණුවේ සමත්කම ලෙස අගය කරන බවයි. මේ අදහසින් ඔවුන් අත්ථකුසල යැයි අදහස් කරනු ලබයි. ඒ පැවිදි පිරිස එසේ වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ පැවිදි පිරිස සළකා, එක් පුද්ගලයකුට ගැලපෙන පරිදි ද කරණීයමත්ථ කුසලෙන යැයි දේශනා කළහ.
තතො “කිං කරණීය”න්ති තෙසං සඤ්ජාතකඞ්ඛානං ආහ “යන්ත සන්තං පදං අභිසමෙච්චා”ති. අයමෙත්ථ අධිප්පායො – තං බුද්ධානුබුද්ධෙහි වණ්ණිතං සන්තං නිබ්බානපදං පටිවෙධවසෙන අභිසමෙච්ච විහරිතුකාමෙන යං කරණීයන්ති. එත්ථ ච යන්ති ඉමස්ස ගාථාපාදස්ස ආදිතො වුත්තමෙව කරණීයන්ති. අධිකාරතො අනුවත්තති තං සන්තං පදං අභිසමෙච්චාති. අයං පන යස්මා සාවසෙසපාඨො අත්ථො, තස්මා “විහරිතුකාමෙනා”ති වුත්තන්ති වෙදිතබ්බං.
ඒ අනුව කළ යුත්තේ කුමක්ද? ඒ ගැන නොදැන සිටි ඒ පැවිදි හිමිවරුන්ට යන්තං සන්තං පදං අභිසමෙච්ච යැයි වදාළහ. එහි අදහස මෙසේය. බුදු අනුබුදුවරයන් වහන්සේලා විසින් පසස්නා ලද ඒ සාන්ත වූ නිවන අවබෝධයෙන් දැන, වාසය කරනු කැමති වූවකු විසින් යං කරණීයං එහි යං යනුවෙන් මේ ගාථාපදයෙහි මුලදීම කියන ලද්දේ කරණීයං යනුවෙනි. කරුණු පැහැදිලි කිරීමට උදව් වන ලෙසින් පවතී. ඒ සාන්ත පදය දැනගෙන - මෙය ඉතිරි පාඨයක අරුතයි. එලෙස වාසය කරනු කැමතිවන කෙනෙකු විසින් යන අදහසට කියන ලදැයි දතයුතුය.
අථ වා සන්තං පදං අභිසමෙච්චාති අනුස්සවාදිවසෙන ලොකියපඤ්ඤාය නිබ්බානපදං සන්තන්ති ඤත්වා තං අධිගන්තුකාමෙන යන්තං කරණීයන්ති අධිකාරතො අනුවත්තති, තං කරණීයමත්ථකුසලෙනාති එවම්පෙත්ථ අධිප්පායො වෙදිතබ්බො. අථ වා “කරණීයමත්ථකුසලෙනා”ති වුත්තෙ “කි”න්ති චින්තෙන්තානං ආහ “යන්ත සන්තං පදං අභිසමෙච්චා”ති. තස්සෙවං අධිප්පායො වෙදිතබ්බො – ලොකියපඤ්ඤාය සන්තං පදං අභිසමෙච්ච යං කරණීයං, තන්ති. යං කාතබ්බං, තං කරණීයං, කරණාරහමෙව තන්ති වුත්තං හොති.
නැතහොත් සන්තං පදං අභිසමෙච්ච යනු අසා ඇති පරිදි ලද දැනුමෙන් නිවන සාන්ත යැයි පිළිගෙන, එය අවබෝධය පිණිස එයට හේතුකාරක වන කටයුතු කළ යුතුයැයි අදහසයි. නැතහොත් කරණීයමත්ථකුසලෙන යැයි කී කල්හි එය කුමක්දැයි සිතන්නට යන්තං සන්තං පදං අභිසමෙච්ච යනුවෙන් වදාළහ. එහි අදහස මෙසේ ද දතයුතුය. පවත්නා නුවණින් - දැනීමෙන් සාන්ත වූ නිවන පිළිගෙන, යං කරණියං, තං, යම් දෙයක් කළයුතු වේද එය කළ යුතුය.
කිං පන තන්ති? කිමඤ්ඤං සියා අඤ්ඤත්ර තදධිගමූපායතො. කාමඤ්චෙතං කරණාරහත්ථෙන සික්ඛත්තයදීපකෙන ආදිපදෙනෙව වුත්තං. තථා හි තස්ස අත්ථවණ්ණනායං අවොචුම්හා “අත්ථි කරණීයං අත්ථි අකරණීයං. තත්ථ සඞ්ඛෙපතො සික්ඛත්තයං කරණීය”න්ති. අතිසඞ්ඛෙපදෙසිතත්තා පන තෙසං භික්ඛූනං කෙහිචි විඤ්ඤාතං, කෙහිචි න විඤ්ඤාතං. තතො යෙහි න විඤ්ඤාතං, තෙසං විඤ්ඤාපනත්ථං යං විසෙසතො ආරඤ්ඤකෙන භික්ඛුනා කාතබ්බං, තං විත්ථාරෙන්තො “සක්කො උජූ ච සුහුජූ ච, සුවචො චස්ස මුදු අනතිමානී”ති ඉමං තාව උපඩ්ඪගාථං ආහ.
‘තං’ යනුවෙන් හැඟෙන්නේ කුමක් ද? ඒ ආකාරයට හැර, එය අවබෝධ කරගත හැකි වෙනත් මගක් ඇත්ද? මේ කරුණුවලට සුදුසු පරිදි තමන් තමන් හික්මීමට පත්වන අයුරු දැක්වීම, නිසැකවම මුල් පදයෙන්ම කියන ලදී. එහි තේරුම් විස්තර (මෙතෙක්) කීවෙමු. කළයුතු දේ ඇත. නොකළ යුතු දේ ඇත. එය කෙටියෙන් දක්වතොත්, හික්මීම පිණිස කළයුතු දේය. ඉතා කෙටියෙන් දේශනා කරන ලද බැවින්, එය ඇතැම් මහණුන්ට වැටහුනේ නැත. ඇතැම් මහණුන්ට වැටහුණි. එහෙයින් නොවැටහුණු මහණුන්ගේ වැටහීම පිණිසත්, වෙසෙසින්ම වනවාසී මහණුන් විසින් කළ යුතු කටයුතු විස්තර කරමින්, සක්කො උජූ ච සූජූ ච සුවචො චස්ස මුදු අනතිමානී යැයි මේ ගාථා කොටස වදාළහ.
කිං වුත්තං හොති? සන්තං පදං අභිසමෙච්ච විහරිතුකාමො ලොකියපඤ්ඤාය වා තං අභිසමෙච්ච තදධිගමාය පටිපජ්ජමානො ආරඤ්ඤකො භික්ඛු දුතියචතුත්ථපධානියඞ්ගසමන්නාගමෙන කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛො හුත්වා සච්චපටිවෙධාය පටිපජ්ජිතුං සක්කො අස්ස, තථා කසිණපරිකම්මවත්තසමාදානාදීසු, අත්තනො පත්තචීවරපටිසඞ්ඛරණාදීසු ච යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිං කරණීයානි, තෙසු අඤ්ඤෙසු ච එවරූපෙසු සක්කො අස්ස දක්ඛො අනලසො සමත්ථො. සක්කො හොන්තොපි ච තතියපධානියඞ්ගසමන්නාගමෙන උජු අස්ස. උජු හොන්තොපි ච සකිං උජුභාවෙන සන්තොසං අනාපජ්ජිත්වා යාවජීවං පුනප්පුනං අසිථිලකරණෙන සුට්ඨුතරං උජු අස්ස. අසඨතාය වා උජු, අමායාවිතාය සුහුජු. කායවචීවඞ්කප්පහානෙන වා උජු, මනොවඞ්කප්පහානෙන සුහුජු. අසන්තගුණස්ස වා අනාවිකරණෙන උජු, අසන්තගුණෙන උප්පන්නස්ස ලාභස්ස අනධිවාසනෙන සුහුජු. එවං ආරම්මණලක්ඛණූපනිජ්ඣානෙහි පුරිමද්වයතතියසික්ඛාහි පයොගාසයසුද්ධීහි ච උජු ච සුහුජු ච අස්ස.
කුමක් නිසා කියන ලදද? සාන්ත පදය හෙවත් නිවන (ඇතැයි) දැන වාසය කරනු කැමතිව, තම දැනුම-නුවණ මෙහෙයා, එය මගපල නුවණින් අවබෝධ කරගැනීමට උත්සාහ දරන වනවාසී මහණෙකුට දෙවන, සතරවන සමථ භාවනාවෙන් ලද (දියුණුවෙන්) කයෙහි හෝ ජීවිතයෙහි හෝ බලාපොරොත්තු නැතිව, උතුම් සිවුසස් දහම අවබෝධ කරගැනීමට හැකියාව තිබිය යුතුය. එසේම, කසිණ පිරියම්, වත් සමාදන්වීම, තමන්ගේ පාසිවුරු සකසා ගැනීමෙහි, පරිහරණයෙහි ද, තමා හා එක්ව වාසය කරන අනෙක් මහණන්ටද කුදුමහත් කටයුතු කිරීමේදී හා වෙනත් ඒ හා සමාන කරුණු ඉටුකිරිමේදී හැකියාව තිබිය යුතුය. එහි සමත් විය යුතුය. අලස නොවිය යුතුය. එසේ හැකියාව තිබීම මෙන්ම, තුන්වන පදන් අංගයෙන් අවංක තැනැත්තෙක් වන්නේය. අවංක වීමේදී එක් වරක් පමණක් එයින් සතුටට නොපැමිණ, දිවි ඇතිතෙක් නැවත නැවතත් පිළිවෙත් මගෙහි තදින්ම නියැලෙමින් තව තවත් මැනවින් අවංක වන්නේය. කපටිකමෙන් තොර වූයේ අවංක වේ. මුළා කිරීමෙන්, රැවටීමෙන් තොරවූයේ වඩාත් අවංක වේ. කයෙහි පැවැත්ම සහ වචනයෙහි නිවැරදි බව ද උජූ සේ ගැනේ. අවංක සිත ඇති බව සූජු ද වේ. නැති ගුණ දහම් (මගපල) හෙළිදරව් නොකිරීමද ‘උජූ’ වේ. නැති ගුණදහම් නිසා ලැබෙන ලාභ-වාසි ආදිය නොඉවසීමත් සූජු ය. මෙසේ අරමුණ, එහි පවත්නා සොබාව සහ දැහැන් වැඩීමෙන් මුලින්, දෙවන හෝ තුන්වන දැහැන්වල හික්මීමට පත්වීම මනා පිරිසිදු බවට පත්වීමද අවංක හා මැනවින් අවංක වීමද වෙයි.
න කෙවලඤ්ච උජු ච සුහුජු ච, අපිච පන සුබ්බචො ච අස්ස. යො හි පුග්ගලො “ඉදං න කාතබ්බ”න්ති වුත්තො “කිං තෙ දිට්ඨං, කිං තෙ සුතං, කො මෙ හුත්වා වදසි, කිං උපජ්ඣායො ආචරියො සන්දිට්ඨො සම්භත්තො වා”ති වදති, තුණ්හීභාවෙන වා තං විහෙඨෙති, සම්පටිච්ඡිත්වා වා න තථා කරොති, සො විසෙසාධිගමස්ස දූරෙ හොති. යො පන ඔවදියමානො “සාධු, භන්තෙ, සුට්ඨු වුත්තං, අත්තනො වජ්ජං නාම දුද්දසං හොති, පුනපි මං එවරූපං දිස්වා වදෙය්යාථ අනුකම්පං උපාදාය, චිරස්සං මෙ තුම්හාකං සන්තිකා ඔවාදො ලද්ධො”ති වදති, යථානුසිට්ඨඤ්ච පටිපජ්ජති, සො විසෙසාධිගමස්ස අවිදූරෙ හොති. තස්මා එවං පරස්ස වචනං සම්පටිච්ඡිත්වා කරොන්තො සුබ්බචො ච අස්ස.
එපමණක්ද නොවේ. එසේම, සුවචො ච’ස්ස යම් තැනැත්තකු විසින්, ‘මෙය නොකළ යුතු’ යැයි කී විට, එය ඔබ දුටුවෙහිද? ඇසුවේ කුමක්ද? කවරෙක් මට (එසේ විය යුතු යැයි) කියත්ද? අවවාද දෙන්නේ කවුද? (ඔබ මගේ) ගුරුවරයාද, දැක පුරුදු මිතුරෙක්ද? එක්ව සිටි යහළුවෙක්ද?’ යනුවෙන් කියයි. නිහඬව සිට හෝ අවවාද දෙන තැනැත්තා අපහසුතාවට පත්කරයි. පිළිගන්නා බවක් හෝ නොදක්වයි. මෙබඳු තැනැත්තා මගපල ආදී වෙසෙස් ලැබීමෙන් ඈත් වෙයි. යම්කෙනෙකු විසින් අවවාද දෙනු ලබන විට, ‘හොඳයි හිමියනි, පහදා දුන මැනව, තමන්ගේ වරද තමාට දැකිය නොහැකියි. නැවතත් මෙබඳු වරදක් දැක, අනුකම්පා උපදවා මට පෙන්වා දුන මැනව, ඔබගෙන් බොහෝ කලක්ම අවවාද ලැබුණේ’ යැයි පවසයි. ඒ අවවාද අනුශාසනා පිළිපදියි. ඒ තැනැත්තා මගපල ආදී උසස් බවක් ලැබීමට ආසන්න වෙයි. එහෙයින්, මෙසේ අනුන්ගේ යහපත් අවවාද පිළිගෙන කටයුතු කරන්නේ සුවචො නම් වෙයි.
යථා ච සුවචො, එවං මුදු අස්ස. මුදූති ගහට්ඨෙහි දූතගමනප්පහිණගමනාදීසු නියුඤ්ජියමානො තත්ථ මුදුභාවං අකත්වා ථද්ධො හුත්වා වත්තපටිපත්තියං සකලබ්රහ්මචරියෙ ච මුදු අස්ස සුපරිකම්මකතසුවණ්ණං විය තත්ථ තත්ථ විනියොගක්ඛමො. අථ වා මුදූති අභාකුටිකො උත්තානමුඛො සුඛසම්භාසො පටිසන්ථාරවුත්ති සුතිත්ථං විය සුඛාවගාහො අස්ස. න කෙවලඤ්ච මුදු, අපිච පන අනතිමානී අස්ස, ජාතිගොත්තාදීහි අතිමානවත්ථූහි පරෙ නාතිමඤ්ඤෙය්ය, සාරිපුත්තත්ථෙරො විය චණ්ඩාලකුමාරකසමෙන චෙතසා විහරෙය්යාති.
එසේ කීකරු වීම මෙන්ම මුදුගති ඇත්තෙකු ද වන්නේය. මුදු යනු, ගිහියන් විසින් දූතයන් ලෙස පණිවුඩ යැවීමාදියෙහි යොදවන්නේ නම්, එහි මොළොක් බව නොපෙන්වා, දැඩිව මුළු සසුන් බඹසර වත්පිළිවෙතෙහි මොළොක් ගති තිබිය යුතු වෙයි. මනාව පිරිසිදු කරන ලද රත්රන් මෙන් ඒ ඒ තන්හිදී කටයුතු කළයුතු වන්නේය. නැතහොත් මුදු යනු ඇහිබැම හකුළුවන්නේ නැතිව, (රවා බැලීම් පමණකුදු නැතිව) එකඑල්ලේ මුහුණ යොමුකරමින් සුව දනවන කතාබහෙන්, පිළිසඳරින් යුතුව, සුවසේ බැසිය හැකි මනාව පිහිටි තොටුපළක් මෙන් වන්නේය. මුදුබව පමණක් නොවේ. අනතිමානි විය යුතු උපතින්, කුලගොතින් දැඩි උඩඟුකමෙන් අනුන් හෙළා නොදකින්නේය. සැරියුත් තෙරුන් සැඩොල් කුමරකුව ඉපිද සිටි කලක තිබූ සිතිවිලිවලින් යුතුව වාසය කරන්නේය.
එවං භගවා සන්තං පදං අභිසමෙච්ච විහරිතුකාමස්ස තදධිගමාය වා පටිපජ්ජමානස්ස විසෙසතො ආරඤ්ඤකස්ස භික්ඛුනො එකච්චං කරණීයං වත්වා පුන තතුත්තරිපි වත්තුකාමො “සන්තුස්සකො චා”ති දුතියං ගාථමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, ශාන්තපදය දැන වාසය කරනු කැමති කෙනෙකුට එය අවබෝධය පිණිස පිළිපැදිය යුතු සැටි හා වෙසෙසින්ම වනවාසීව මහණුන්ට කළයුතු එක් කරුණක් ගැන වදාරා, නැවත, එයින් ඉදිරියටද පහදා දෙනු කැමතිව සන්තුස්සකො ච යන දෙවැනි ගාථාව වදාළහ.
තත්ථ “සන්තුට්ඨී ච කතඤ්ඤුතා”ති එත්ථ වුත්තප්පභෙදෙන ද්වාදසවිධෙන සන්තොසෙන සන්තුස්සතීති සන්තුස්සකො. අථ වා තුස්සතීති තුස්සකො, සකෙන තුස්සකො, සන්තෙන තුස්සකො, සමෙන තුස්සකොති සන්තුස්සකො. තත්ථ සකං නාම “පිණ්ඩියාලොපභොජනං නිස්සායා”ති (මහාව· 73) එවං උපසම්පදමාළකෙ උද්දිට්ඨං අත්තනා ච සම්පටිච්ඡිතං චතුපච්චයජාතං. තෙන සුන්දරෙන වා අසුන්දරෙන වා සක්කච්චං වා අසක්කච්චං වා දින්නෙන පටිග්ගහණකාලෙ පරිභොගකාලෙ ච විකාරමදස්සෙත්වා යාපෙන්තො “සකෙන තුස්සකො”ති වුච්චති. සන්තං නාම යං ලද්ධං හොති අත්තනො විජ්ජමානං, තෙන සන්තෙනෙව තුස්සන්තො තතො පරං න පත්ථෙන්තො අත්රිච්ඡතං පජහන්තො “සන්තෙන තුස්සකො”ති වුච්චති. සමං නාම ඉට්ඨානිට්ඨෙසු අනුනයපටිඝප්පහානං. තෙන සමෙන සබ්බාරම්මණෙසු තුස්සන්තො “සමෙන තුස්සකො”ති වුච්චති.
එය සන්තුට්ඨිච කතඤ්ඤු යැයි වදාළ පරිදි දොළොස් ආකාර වූ කරුණින් සතුටුවීම සන්තුස්සකො නැතහොත් සතුටුවෙයි. එහෙයින් තුස්සකො, තමා පිළිබඳ සතුට, තමාට ඇති (යහගුණ) පිළිබඳ සතුට, සමව පවත්නා සැටියෙන් සතුටුවීම සන්තුස්සකො ‘පිණ්ඩපාතයෙන් ලැබෙන ආහාරය නිසා පැවිදි ජීවිතය පවත්නේ’ යැයි ‘පිණ්ඩියාලොප භොජනං නිස්සාය පබ්බජ්ජා උපසම්පදා මාලකයෙහිදී පහදා දෙන ලද පරිදි, තමා විසින් පිළිගන්නා ලද සිවුපසයෙන් හටගත්, එය හොඳ හෝ නරක හෝ මනාව පිළියෙල වූ හෝ මනාව පිළියෙල නොවූ හෝ දෙනු ලබන විටත්, එය පිළිගන්නා විටත්, අනුභව කරන විටත් වෙනසක් නොපෙන්වා යැපෙන පමණට සතුටුවීම - සෑහීමට පත්වීම ‘තමාගෙන් සතුටුවීම’ යැයි කියනු ලැබේ. සන්තං යනුවෙන් අදහස් වන්නේ, යම් දෙයක් ලැබුණ ද, තමාට එය ලැබී ඇති නිසා (අමුතු) සතුටක් නොවෙමින් ද, මතුවට බලාපොරොත්තු නොමැති වීමද, ඇති දෙයක් වුවත් එහි කැමැත්ත දුරු කරමින්, ලද පමණින් සෑහීමට පත්වීමයි. ඉටු අනිටු දේවල් කෙරෙහි තරහ දුරුකිරීම ‘සමාන’ යනුවෙන් ගැනේ. ඒ ආකාරයට ලැබෙන සියළු දේ කෙරෙහි සමානව සතුටුවීම එයින් අදහස් වේ.
සුඛෙන භරීයතීති සුභරො, සුපොසොති වුත්තං හොති. යො හි භික්ඛු සාලිමංසොදනාදීනං පත්තෙ පූරෙත්වා දින්නෙපි දුම්මුඛභාවං අනත්තමනභාවමෙව ච දස්සෙති, තෙසං වා සම්මුඛාව තං පිණ්ඩපාතං “කිං තුම්හෙහි දින්න”න්ති අපසාදෙන්තො සාමණෙරගහට්ඨාදීනං දෙති, එස දුබ්භරො. එතං දිස්වා මනුස්සා දූරතොව පරිවජ්ජෙන්ති “දුබ්භරො භික්ඛු න සක්කා පොසිතු”න්ති. යො පන යංකිඤ්චි ලූඛං වා පණීතං වා අප්පං වා බහුං වා ලභිත්වා අත්තමනො විප්පසන්නමුඛො හුත්වා යාපෙති, එස සුභරො. එතං දිස්වා මනුස්සා අතිවිය විස්සත්ථා හොන්ති – “අම්හාකං භදන්තො සුභරො ථොකථොකෙනපි තුස්සති, මයමෙව නං පොසෙස්සාමා”ති පටිඤ්ඤං කත්වා පොසෙන්ති. එවරූපො ඉධ සුභරොති අධිප්පෙතො.
පහසුවෙන් ඇතිදැඩි කළ හැකි අරුතින් ‘සුභරො’ හොඳින් ආහාරදියෙන් වැඩෙන අයුරු එයින් දැවේ. යම් මහණකු ඇල්සහල් බත් හා රසමසවුලෙන් පිරි අහරින් පාත්‍රය පුරවා දුන්නත්, නොපහන් මුහුණින් අසතුටු බවම දක්වත්ද, ඔවුන් හමුව හෝ ‘කුමක් නිසා ඒ පිණ්ඩපාතය දෙනු ලැබුවෙහිදැ’යි, අසතුටු බව පළකොට, එය සාමණේර ගිහි ආදීන්ට දෙයි. එය පහසුවෙන් ඇතිදැඩිවීම නොවේ. මිනිස්සු ඒ බව දැක, ‘මේ මහණට ආහාරපාන ලබාදීම අපහසුයැ’යි දුරසිටම ඉවත් වෙති. යම් මහණකු, කිසියම් දෙයක් රළු හෝ මිහිරි හෝ, මද හෝ බොහෝ සෙයින් හෝ ලැබ ලද පමණින් සතුටුව, පහන් මුහුණෙන් යුතුව සිටිත්ද පහසුවෙන් පෝෂණය කළ හැකිය. ඒ දන්නා මිනිස්සු ‘අපේ ගරු හිමියන් පහසුවෙන් පෝෂණය කළ හැකියි. මද අහරකින් වුවත් සෑහීමට පත්වෙයි. අපි උන්වහන්සේ (සිවුපසයෙන්) රැකබලා ගනිමු’ යැයි පොරොන්දු වී පෝෂණය කරති. මෙබඳු කෙනෙකු ‘සුභරො’ යනුවෙන් අදහස් වේ.
අප්පං කිච්චමස්සාති අප්පකිච්චො, න කම්මාරාමතාභස්සාරාමතාසඞ්ගණිකාරාමතාදිඅනෙකකිච්චබ්යාවටො. අථ වා සකලවිහාරෙ නවකම්මසඞ්ඝභොගසාමණෙරආරාමිකවොසාසනාදිකිච්චවිරහිතො, අත්තනො කෙසනඛච්ඡෙදනපත්තචීවරපරිකම්මාදිං කත්වා සමණධම්මකිච්චපරො හොතීති වුත්තං හොති.
අල්ප වැඩකටයුතු තිබීම අප්පකිච්චො විහාරයෙහි නවකම් ආදියටම ඇලීගැලී නොසිට, කෙලෙස් සහගත කතාබහෙන් නිතරම දොඩමළු නොවී, හැමදෙනා සමගම එක්ව වාසය කිරීමට කැමති නොවීම (එයින් හැඟේ) නැතහොත් මුළු විහාරයෙහි නවකම්, විහාරයට අයත් වතුපිටි ආදී සම්පත්, සාමණේර හිමිවරුන් හා ආරාමයෙහි වැඩකටයුතුවල නිරත වූවන් ගැන හා බාහිර කටයුතු පිළිබඳ බරක් නොගෙන, තමගේ කෙස්. නිය කැපීම්, පා සිවුරු සකසා ගැනීමේ කටයුතුවල යෙදී, මහණදම් පිරීමට අදාල දෙයෙහි නිරත විය යුතු බව කියන ලදී.
සල්ලහුකා වුත්ති අස්සාති සල්ලහුකවුත්ති. යථා එකච්චො බහුභණ්ඩො භික්ඛු දිසාපක්කමනකාලෙ බහුං පත්තචීවරපච්චත්ථරණතෙලගුළාදිං මහාජනෙන සීසභාරකටිභාරාදීහි උච්චාරාපෙත්වා පක්කමති, එවං අහුත්වා යො අප්පපරික්ඛාරො හොති, පත්තචීවරාදිඅට්ඨසමණපරික්ඛාරමත්තමෙව පරිහරති, දිසාපක්කමනකාලෙ පක්ඛී සකුණො විය සමාදායෙව පක්කමති, එවරූපො ඉධ සල්ලහුකවුත්තීති අධිප්පෙතො. සන්තානි ඉන්ද්රියානි අස්සාති සන්තින්ද්රියො, ඉට්ඨාරම්මණාදීසු රාගාදිවසෙන අනුද්ධතින්ද්රියොති වුත්තං හොති. නිපකොති විඤ්ඤූ විභාවී පඤ්ඤවා, සීලානුරක්ඛණපඤ්ඤාය චීවරාදිවිචාරණපඤ්ඤාය ආවාසාදිසත්තසප්පායපරිජානනපඤ්ඤාය ච සමන්නාගතොති අධිප්පායො.
සැහැල්ලු පැවතුම් ඇත්තේ සල්ලහුකවුත්තී යම්සේ බොහෝ බඩුබාහිරාදිය ඇති ඇතැම් මහණක් වෙනත් පෙදෙසකට යන විටකදී (දින කිහිපයක් ගතකිරිමේදී) බොහෝ පාසිවුරු, ඇතිරිලි, තෙල්, සකුරු ආදිය මහජනයා ලවා හිසෙන් හෝ කරෙන් උසුලවාගෙන යාමට කටයුතු කරයි. යම් මහණකු එසේ නොව, අඩු පිරිකර ඇතිව, මහණකමට අදාල පාසිවුරු ආදී අටපිරිකර පමණක් පරිහරණය කරත්ද, වෙනත් පෙදෙසකට යනවිට, පියාපත් බර පමණක් දරන කුරුල්ලකු මෙන් සැහැල්ලුවෙන් නික්මෙයි. මෙබඳු ආකාරය මෙහි සල්ලහුකවුත්තී යැයි අදහස් කෙරේ. සන්හුන් ඉඳුරන් ඇති සන්තින්ද්රියො බලාපොරොත්තු අරමුණුවල රාගාදී ලෙසින් නොසන්සුන් බවට පත්නොවූ ඉඳුරන් ඇති බව කියන ලදී. නිපකො දැන උගත්, නුවණැති පැණවත් වූ, සීලය රැකගත යුතුය යන දැනුමෙන් ද, සිවුරු ආදිය ගැන විචාරීමේ නුවණින් ද, ආවාස ආදියෙහි සුදුසු නුසුදුසු බව ගැන නුවණද අදහස් කෙරේ.
න පගබ්භොති අප්පගබ්භො, අට්ඨට්ඨානෙන කායපාගබ්භියෙන, චතුට්ඨානෙන වචීපාගබ්භියෙන, අනෙකට්ඨානෙන මනොපාගබ්භියෙන ච විරහිතොති අත්ථො.
පගබ්භ නැති - අප්පබ්භො ඉදිරියට පැන, කැපී පෙනෙන පරිදි නුසුදුසු ලෙස කටයුතු නොකරන, එය කය සම්බන්ධව අටවැදෑරුම්වද, වචනයෙහි සිවුවැදෑරුම්ව ද මනසෙහි නොයෙක් ආකාරවද ඉදිරියට ඒ. එයින් තොරවීම අදහස් වේ.
අට්ඨට්ඨානං කායපාගබ්භියං (මහානි· 87) නාම සඞ්ඝගණපුග්ගලභොජනසාලාජන්තාඝරන්හානතිත්ථභික්ඛාචාරමග්ගඅන්තරඝරපවෙසනෙසු කායෙන අප්පතිරූපකරණං. සෙය්යථිදං – ඉධෙකච්චො සඞ්ඝමජ්ඣෙ පල්ලත්ථිකාය වා නිසීදති, පාදෙ පාදමොදහිත්වා වාති එවමාදි, තථා ගණමජ්ඣෙ, ගණමජ්ඣෙති චතුපරිසසන්නිපාතෙ, තථා වුඩ්ඪතරෙ පුග්ගලෙ. භොජනසාලායං පන වුඩ්ඪානං ආසනං න දෙති, නවානං ආසනං පටිබාහති, තථා ජන්තාඝරෙ. වුඩ්ඪෙ චෙත්ථ අනාපුච්ඡා අග්ගිජාලනාදීනි කරොති. න්හානතිත්ථෙ ච යදිදං “දහරො වුඩ්ඪොති පමාණං අකත්වා ආගතපටිපාටියා න්හායිතබ්බ”න්ති වුත්තං , තම්පි අනාදියන්තො පච්ඡා ආගන්ත්වා උදකං ඔතරිත්වා වුඩ්ඪෙ ච නවෙ ච බාධෙති. භික්ඛාචාරමග්ගෙ පන අග්ගාසනඅග්ගොදකඅග්ගපිණ්ඩත්ථං වුඩ්ඪානං පුරතො පුරතො යාති බාහාය බාහං පහරන්තො, අන්තරඝරප්පවෙසනෙ වුඩ්ඪානං පඨමතරං පවිසති, දහරෙහි කායකීළනං කරොතීති එවමාදි.
කයෙන් එසේ නුසුදුසු ලෙස කටයුතු කිරීම - සංඝයා මැද, පිරිසක් මැද, පුද්ගලයන් කිහිපදෙනෙකු මැද, බොජුන්හලෙහි (දාන සාලාවෙහි), ගිනිහල්ගෙයි, නානතොටෙහි, පිඬු පිණිස යාමෙහි, ඇතුළුගෙට පිවිසීමෙහි යනුවෙන් අටවැදෑරුම්ය. මෙහිලා කායික නොසරුප් බව කෙසේ වේද? මෙහි ඇතැම් මහණක්, අත් මතුපිට තබාගෙන හෝ, ඇනබාගෙන හෝ, ඇලව, දිග ඇදී පයෙන් පය යොමුකොට (පය පිටපය දා) සඟමැද හිඳී. සමූහයක් මැද ද එසේමය. සමූහයා මැද යනු සිවුවනක් පිරිස රැස්වූ කල්හිය. වැඩිහිටි තැනැත්තන් අතරද එසේමය. භෝජන ශාලාවෙහිදී ද වැඩිහිටි හිමිවරුන්ට අසුනක් නොදෙයි. නවක පැවිදිවූවන්ට ආසන වළක්වයි. ගිනිහල්ගෙයිද එසේමය. වැඩිහිටි මහණුන්ගෙන් නොවිමසා ගිනි දැල්වීම ආදිය කරයි. නානතොටෙහි තරුණ, වැඩිහිටි යයි නොසළකා, පැමිණි පිළිවෙලට නෑම යුතුයැයි කියයි. එයද පිළිනොපදිමින්, පසුව අවුත් දියට බැස, වැඩිහිටි මහණුන්ටද නවක මහණුන්ටද අවහිර කරයි. ආහාර ලබාගැනීමට යාමේදී, මුල්ම අසුන, මුල්ම පැන්බඳුන (තමාට පිළිගැන්වේනම්) මුල්ම ආහාර කොටස ලබාගැනීමට වැඩිහිටි හිමිවරුන් අත දිගුකර, පසුපසට කරමින් (පස්සට තල්ලු කරමින්) ඉදිරියට ඉදිරියට යයි. ඇතුළු ගෙට පිවිසීමේදී වැඩිහිටි හිමිවරුන්ට පළමුවෙන් යයි. තරුණ පැවිද්දන් සමග කය වෙහෙසා කෙළිදෙලෙන් ගතකරයි ආදී ලෙසිනි.
චතුට්ඨානං වචීපාගබ්භියං නාම සඞ්ඝගණපුග්ගලඅන්තරඝරෙසු අප්පතිරූපවාචානිච්ඡාරණං. සෙය්යථිදං – ඉධෙකච්චො සඞ්ඝමජ්ඣෙ අනාපුච්ඡා ධම්මං භාසති, තථා පුබ්බෙ වුත්තප්පකාරෙ ගණෙ වුඩ්ඪතරෙ පුග්ගලෙ ච. තත්ථ මනුස්සෙහි පඤ්හං පුට්ඨො වුඩ්ඪතරං අනාපුච්ඡා විස්සජ්ජෙති. අන්තරඝරෙ පන “ඉත්ථන්නාමෙ කිං අත්ථි, කිං යාගු උදාහු ඛාදනීයං භොජනීයං, කිං මෙ දස්සසි, කිමජ්ජ ඛාදිස්සාමි, කිං භුඤ්ජිස්සාමි, කිං පිවිස්සාමී”ති එදමාදිං භාසති.
වචනයෙහි සිවුවැදෑරුම් නොසරුප් බව නම්, සඟ මැද, සමූහයක් මැද, පුද්ගලයන් කිහිප දෙනෙකු අතර, ඇතුළු ගෙවල නුසුදුසු වචන කතා කිරීමය. ඒ කෙසේද? මෙහි ඇතැම් මහණෙක් සඟ මැද අනවසරයෙන් බණ කියයි. එසේම පෙර සඳහන් වූ පරිදි පිරිස අතර, වැඩිමහළු පැවිද්දන් හා පුද්ගලයන් අතරද, නොවිමසා බණ කියයි. එහි මිනිසුන් පැන අසද්දී වැඩිමහළු හිමිවරුන් නොවිමසා ඒවා විසඳයි. ඇතුළුගෙයිදී ‘මේ නම් ඇති දෙය තිබේද?’ ‘කැඳ තිබේද?’ (ඇත්තේ කිනම් කැඳ ද?) නැතිනම් කැවිලි ජාති හෝ ආහාර තිබේද?’ ‘මට කුමක් දෙන්නෙහිද?’ අද කුමක් අනුභව කරමුද? කුමක් පානය කරමුද?’ ආදී ලෙස කියයි.
අනෙකට්ඨානං මනොපාගබ්භියං නාම තෙසු තෙසු ඨානෙසු කායවාචාහි අජ්ඣාචාරං අනාපජ්ජිත්වාපි මනසා එව කාමවිතක්කාදිනානප්පකාරඅප්පතිරූපවිතක්කනං.
නොයෙක් ආකාර වූ සිතෙහි නොසරුප් බව නම්, ඒ ඒ තැන්වල, ඒ ඒ දේ කෙරෙහි කය වචනයෙන් වැරදි ලෙස හැසිරීමක් නොවූවද, සිතෙහිම දෙගිඩියාවට පත් කාමසිතිවිලි වැනි නුසුදුසු අදහස් ඇතිවීමයි.
කුලෙස්වනනුගිද්ධොති යානි කුලානි උපසඞ්කමති, තෙසු පච්චයතණ්හාය වා අනනුලොමියගිහිසංසග්ගවසෙන වා අනනුගිද්ධො, න සහසොකී, න සහනන්දී, න සුඛිතෙසු සුඛිතො, න දුක්ඛිතෙසු දුක්ඛිතො, න උප්පන්නෙසු කිච්චකරණීයෙසු අත්තනා වා යොගමාපජ්ජිතාති වුත්තං හොති. ඉමිස්සා ච ගාථාය යං “සුවචො චස්සා”ති එත්ථ වුත්තං “අස්සා”ති වචනං, තං සබ්බපදෙහි සද්ධිං “සන්තුස්සකො ච අස්ස, සුභරො ච අස්සා”ති එවං යොජෙතබ්බං.
කුලෙසු අනනුගිද්ධො යම් කුලයකට (නිවෙසකට) එළඹීමේදී ඔවුන්ගෙන් සිවුපසය බලාපොරොත්තු ආසාවෙන් හෝ, ගිහියන් හා නොගැළපෙන සහසබඳතා සඳහා හෝ නොඇලෙන්නේය. සෝකයක් ඇතිවූ විට සෝක නොවී, සතුටක් ඇතිවූ විට සතුටු නොවී, (ඔවුන්ගේ දුකෙහිදී තමාද සෝක වන බවත් සතුටෙහිදී සතුටුවන බවක් හැඟවීම) සැපයට පත්වූවන් අතර සැපවත් නොවී, දුකට පත්වූවන් අතර දුකට පත් නොවී, (ඒ පවුල්වල) හට නොගත්තා වූ, මතුනොවූ යම් යම් තමන් මුලින්ම උත්සාහවත් නොවීම ගැන කියන ලදී. සුවචො ච’ස්ස මෙහි ‘අස්ස’ යන වචනය (වන්නේය - විය යුතුය යන අදහස) ඒ සියළු පද සමග, සන්තුස්සකොච අස්ස, සුභරොච අස්ස යනුවෙන් මෙසේ යෙදිය යුතුය.
එවං භගවා සන්තං පදං අභිසමෙච්ච විහරිතුකාමස්ස තදධිගමාය වා පටිපජ්ජිතුකාමස්ස විසෙසතො ආරඤ්ඤකස්ස භික්ඛුනො තතුත්තරිපි කරණීයං ආචික්ඛිත්වා ඉදානි අකරණීයම්පි ආචික්ඛිතුකාමො “න ච ඛුද්දමාචරෙ කිඤ්චි, යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්යු”න්ති ඉමං උපඩ්ඪගාථමාහ. තස්සත්ථො – එවමිමං කරණීයං කරොන්තො යං තං කායවචීමනොදුච්චරිතං ඛුද්දං ලාමකන්ති වුච්චති, තං න ච ඛුද්දං සමාචරෙ. අසමාචරන්තො ච න කෙවලං ඔළාරිකං, කිං පන කිඤ්චි න සමාචරෙ, අප්පමත්තකං අණුමත්තම්පි න සමාචරෙති වුත්තං හොති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ නිවන දැන වාසය කරනු කැමති වූවෙකුට එය අවබෝධය පිණිස හෝ, පිළිපදිනු කැමති වූවකුට හෝ, වෙසෙසින්ම වනවාසී මහණකු හට ඉන් ඉදිරියටද කළයුතු දේ පහදා, මිළගට නොකළ යුතු දේ ද දක්වනු කැමතිව න ච ඛුද්දං සමාචරෙ කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්‍යුං යන ගාථා පද දෙක වදාළහ. එහි තේරුම මෙසේ මේ කළයුතු දේ කරනවිට, කය වචනය සිත හා බැඳෙන යම් ආකාර දුසිරිතක් වේද, එය කුඩා-පහත් (වරදක්) යැයි කියනු ලැබේ, න ච බුද්දං සමාචරෙ එබඳු දෙයෙහි නොයෙදී, හුදෙක්ම එය කුමන ආකාර වුවත් කිඤ්චි කිසිදු වරදක නොහැසිරෙයි. අල්ප ලෙස වුවත්, ඉතාම සුළුවෙන් වුවත් එබඳු දෙයක නොයෙදෙන්නේ යැයි කියන ලදී.
තතො තස්ස සමාචාරෙ සන්දිට්ඨිකමෙවාදීනවං දස්සෙති “යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්යු”න්ති. එත්ථ ච යස්මා අවිඤ්ඤූ පරෙ අප්පමාණං. තෙ හි අනවජ්ජං වා සාවජ්ජං කරොන්ති, අප්පසාවජ්ජං වා මහාසාවජ්ජං. විඤ්ඤූ එව පන පමාණං. තෙ හි අනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසන්ති, වණ්ණාරහස්ස ච වණ්ණං භාසන්ති, තස්මා “විඤ්ඤූ පරෙ”ති වුත්තං.
එසේ වරදෙහි යෙදෙන්නාට ඇස් ඉදිරිපිටදීම ආදීනව පෙන්වයි. යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්‍යුං පොදු ජනතාව අතර අනුවණ තැනැත්තෝ බොහෝ වෙති. ඔවුහු නිවැරදි දෙය හෝ වැරැද්දක් බවට, කුඩා වරදක් වුවත් ‘මහා වරදක්’ බවට පත් කරති. නුවණැත්තා එහි තරම දනී. ඔවුහු කරුණු විමසා හොඳින් වටහාගෙන වැරැද්ද වැරදි බවත්, නිවැරදි දේ නිවැරදි බවත් කියති. එහෙයින් නුවණැත්තෝ අනුන් කෙරෙහි... යනුවෙන් කියන ලදී.
එවං භගවා ඉමාහි අඩ්ඪතෙය්යාහි ගාථාහි සන්තං පදං අභිසමෙච්ච විහරිතුකාමස්ස, තදධිගමාය වා පටිපජ්ජිතුකාමස්ස විසෙසතො ආරඤ්ඤකස්ස ආරඤ්ඤකසීසෙන ච සබ්බෙසම්පි කම්මට්ඨානං ගහෙත්වා විහරිතුකාමානං කරණීයාකරණීයභෙදං කම්මට්ඨානූපචාරං වත්වා ඉදානි තෙසං භික්ඛූනං තස්ස දෙවතාභයස්ස පටිඝාතාය පරිත්තත්ථං විපස්සනාපාදකජ්ඣානවසෙන කම්මට්ඨානත්ථඤ්ච “සුඛිනො ව ඛෙමිනො හොන්තූ”තිආදිනා නයෙන මෙත්තකථං කථෙතුමාරද්ධො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගාථා දෙකක් සහ ගාථා අඩකින්ද නිවන නුවණින් දැන වසනු කැමති කෙනෙකුට හා නිවන අවබෝධයට හෝ පිළිවෙත් මග අනුව යන කෙනෙකුට හෝ වෙසෙසින්ම වනවාසී පැවිද්දෙකුට වනය මුල්කොටද, කමටහන ලබාගෙන ඒ අනුව වසනු කැමති සියල්ලන්ටද කළයුතු නොකළ යුතු ලෙසින් කමටහන වඩන සැටි වදාරා, මීළගට ඒ මහණුන්ට දේවතා බිය දුරුකරනු පිණිස රැකවරණයක් ලෙසටද, විදසුන් මුල්වන දැහැනක් ලෙසද, කමටහන අරුතින්ද සුඛිනො වා ඛෙමිනො හොන්තු යන අයුරින් මෙත් කතාව ඇරඹූහ.
තත්ථ සුඛිනොති සුඛසමඞ්ගිනො. ඛෙමිනොති ඛෙමවන්තො, අභයා නිරුපද්දවාති වුත්තං හොති. සබ්බෙති අනවසෙසා. සත්තාති පාණිනො. සුඛිතත්තාති සුඛිතචිත්තා. එත්ථ ච කායිකෙන සුඛෙන සුඛිනො, මානසෙන සුඛිතත්තා, තදුභයෙනාපි සබ්බභයූපද්දවවිගමෙන වා ඛෙමිනොති වෙදිතබ්බා. කස්මා පන එවං වුත්තං? මෙත්තාභාවනාකාරදස්සනත්ථං. එවඤ්හි මෙත්තා භාවෙතබ්බා “සබ්බෙ සත්තා සුඛිනො හොන්තූ”ති වා, “ඛෙමිනො හොන්තූ”ති වා, “සුඛිතත්තා හොන්තූ”ති වා.
එහි සුඛිනො යනු සැපයෙන් යුතු, ඛෙමිනො බිය රහිත, රැකවරණය ඇති, උවදුරු නැතැයි කියන ලදී. සබ්බෙ වෙන්කොට නොදක්වා, සත්තා ජීවය සහිත වූවෝ, සුඛිත්තකා සැපවත් සිත් ඇත්තෝ, එසේ කායික සුවයෙන්ද, මානසික සුවයද ඇති බැවින් මේ දෙයාකාරයෙන්ම සියළු උවදුරු පහවීමෙන් හෝ බියරහිත යැයි දතයුතුයි. කවරහෙයින් එසේ කියන ලදද? මෙත් වඩන අයුරු දැක්වීමටය. මේ ලෙසින් මෙත් වැඩිය යුතුයි. ජීවය ඇති සියල්ලෝම සැපවත් වෙත්වා! යැයි
එවං යාව උපචාරතො අප්පනාකොටි, තාව සඞ්ඛෙපෙන මෙත්තාභාවනං දස්සෙත්වා ඉදානි විත්ථාරතොපි තං දස්සෙතුං “යෙ කෙචී”ති ගාථාද්වයමාහ. අථ වා යස්මා පුථුත්තාරම්මණෙ පරිචිතං චිත්තං න ආදිකෙනෙව එකත්තෙ සණ්ඨාති, ආරම්මණප්පභෙදං පන අනුගන්ත්වා කමෙන සණ්ඨාති, තස්මා තස්ස තසථාවරාදිදුකතිකප්පභෙදෙ ආරම්මණෙ අනුගන්ත්වා අනුගන්ත්වා සණ්ඨානත්ථම්පි “යෙ කෙචී”ති ගාථාද්වයමාහ. අථ වා යස්මා යස්ස යං ආරම්මණං විභූතං හොති, තස්ස තත්ථ චිත්තං සුඛං තිට්ඨති. තස්මා තෙසං භික්ඛූනං යස්ස යං විභූතං ආරම්මණං, තස්ස තත්ථ චිත්තං සණ්ඨාපෙතුකාමො තසථාවරාදිදුකත්තිකආරම්මණප්පභෙදදීපකං “යෙ කෙචී”ති ඉමං ගාථාද්වයමාහ.
පටන් ගැනීමේ සිට දැහැන් ලැබීම තෙක්, සැකෙවින් දක්වා එය සවිස්තරව දැක්වීමට යෙ කෙ චි යයි ගාථා දෙකක් වදාළහ. නැතහොත් බොහෝ අරමුණුවලට පුරුදු කරන ලද සිත එකවරටම එකම අරමුණක නොසිටී. අරමුණ සොබාවය අනුව යෙදී (පුද්ගල සොබාව අනුව සුදුසු භාවනා අරමුණක) කෙමෙන් පිහිටයි. එහෙයින් එයට තැති ගනු ලබන, නොසෙල්වෙන (කම්පා නොවන) ආදී ලෙසින් දෙකේ කොටස්, තුනේ කොටස් යැයි අරමුණ පිහිටුවීමේ අරුතින්ද යෙ කෙ චි යන ගාථා දෙක වදාළහ. නැතහොත් යම්කෙනෙකුට යම් අරමුණක් ගැළපේද එහිදී ඔහුගේ සිත පහසුවෙන් සකස් වෙයි. එබැවින් ඒ මහණුන්ගේ ඕනෑම කෙනෙකුට යම් ගැලපෙන අරමුණක සිත පිහිටුවනු කැමතිව, තැතිගනු ලබන නොසෙල්වෙන (දිග - මහත) ආදී දෙකේ කොටස්, තුන් කොටස් ලෙස අරමුණු පෙන්වාදීමට යෙ කෙ චි ගාථා දෙක වදාළහ.
එත්ථ හි තසථාවරදුකං දිට්ඨාදිට්ඨදුකං දූරසන්තිකදුකං භූතසම්භවෙසිදුකන්ති චත්තාරි දුකානි, දීඝාදීහි ච ඡහි පදෙහි මජ්ඣිමපදස්ස තීසු, අණුකපදස්ස ච ද්වීසු තිකෙසු අත්ථසම්භවතො දීඝරස්සමජ්ඣිමත්තිකං මහන්තාණුකමජ්ඣිමත්තිකං ථූලාණුකමජ්ඣිමත්තිකන්ති තයො තිකෙ දීපෙති. තත්ථ යෙ කෙචීති අනවසෙසවචනං. පාණා එව භූතා පාණභූතා. අථ වා පාණන්තීති පාණා. එතෙන අස්සාසපස්සාසපටිබද්ධෙ පඤ්චවොකාරසත්තෙ ගණ්හාති. භවන්තීති භූතා. එතෙන එකවොකාරචතුවොකාරසත්තෙ ගණ්හාති. අත්ථීති සන්ති, සංවිජ්ජන්ති.
(පසුව තේරුම් දක්වන පරිදි) මේ ගාථාවෙහි, තස-ථාවර, දිට්ඨ අදිට්ඨ, දුර-සන්තික හා භූත-සම්භවෙසී යන පද කොටස් දෙක දෙක බැගින් සතරාකාරවද, දීඝ යන පදයේ සිට ථූලා දක්වා කොටස් හයක්ද, මජ්ඣිමා යන පදය, දීඝරස්ස මජ්ඣිම, මහනත අණුක මජ්ඣිම, ථූල අණුක මජ්ඣිම ලෙසද (හැඩය හා පමණ අනුව) කොටස් තුනක් ලෙසද දැක්වෙයි. යෙ කෙ චි යනු පොදුවේ යෙදුනකි. ජීවයක් ඇති වූයේ පාණ භූතා නැතහොත් ජීවය ඇත්තේ පාණ, වාතය (සිරුර) ඇතුලට ගන්නා වූ නැවත පිටකරන්නා වූ රූපාදී සමූහ පහකින් යුතු ජීවින් ගැනේ. පහළ වී ඇත්තේ භූතා, එයින් රූපය පමණක් ඇති සහ, අරූප තලයෙහි පහළ වූවන් ගැනේ. අත්ථි යනු ඇත, දක්නට ලැබේ.
එවං “යෙ කෙචි පාණභූතත්ථී”ති ඉමිනා වචනෙන දුකත්තිකෙහි සඞ්ගහෙතබ්බෙ සබ්බෙ සත්තෙ එකජ්ඣං දස්සෙත්වා ඉදානි සබ්බෙපි තෙ තසා වා ථාවරා වා අනවසෙසාති ඉමිනා දුකෙන සඞ්ගහෙත්වා දස්සෙති.
මෙසේ යෙ කෙ චි පාණභූතත්ථි යන මේ වචනයෙන් දෙයාකාර, තුන්ආකාර සේ සියළුම ජීවින් එකසේ ඇතුලත් කොට, දැන් ඒ සියල්ලන්ම තසා වා ථාවරා වා අනවසෙසා යැයි දෙආකාරව දක්වයි.
තත්ථ තසන්තීති තසා, සතණ්හානං සභයානඤ්චෙතං අධිවචනං. තිට්ඨන්තීති ථාවරා, පහීනතණ්හාභයානං අරහතං එතං අධිවචනං. නත්ථි තෙසං අවසෙසන්ති අනවසෙසා, සබ්බෙපීති වුත්තං හොති. යඤ්ච දුතියගාථාය අන්තෙ වුත්තං, තං සබ්බදුකතිකෙහි සම්බන්ධිතබ්බං – යෙ කෙචි පාණභූතත්ථි තසා වා ථාවරා වා අනවසෙසා, ඉමෙපි සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා. එවං යාව භූතා වා සම්භවෙසී වා ඉමෙපි සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තාති.
තැති ගනී යන තේරුමෙන් තසා තණ්හාව ඇති, බය ඇත්තවුන්ට සමාන වචනයකි. (නොවෙනස්ව) සිටිති යනු ථාවරා, තණ්හාව ඇතිවන මග වැළැක්වූ - නැතිකළා වූ, රහත් උතුමනට සමාන වචනයකි. මේ හැර, ඉතිරි කොටසක් නොමැති බැවින් අනවසෙසා (සියළු සතුන්ම මේ පද දෙකට ඇතුළත් වේ) එහෙයින් එසේ කියන ලදී. යම් කරුණක් දෙවන ගාථාවෙහි අවසානයෙහි සඳහන් කරන ලදද, ඒ සියල්ල ඉහත දැක්වූ දෙආකාර, තුන් ආකාර වන පරිදි සම්බන්ධ විය යුතුය. ජීවය ඇති, තැති ගන්නා සුළු වූද, ජීවය ඇති තැති නොගන්නා වූද සියළුම ජීවීහු (සත්තු) සැපවත් වෙත්වා! යනුයි. මෙසේ රූපී අරූපී වූ ලොව පහළ වූ සියළුම සතුන්ගේ පටන්, උපතක් බලාපොරොත්තුවෙන්, සොයමින් සිටින්නෝද සැපවත් වෙත්වා’යි (ඒ සම්බන්ධවන අයුරු දතයුතුය)
ඉදානි දීඝරස්සමජ්ඣිමාදිතිකත්තයදීපකෙසු දීඝා වාතිආදීසු ඡසු පදෙසු දීඝාති දීඝත්තභාවා නාගමච්ඡගොධාදයො. අනෙකබ්යාමසතප්පමාණාපි හි මහාසමුද්දෙ නාගානං අත්තභාවා අනෙකයොජනප්පමාණාපි මච්ඡගොධාදීනං අත්තභාවා හොන්ති. මහන්තාති මහන්තත්තභාවා ජලෙ මච්ඡකච්ඡපාදයො, ථලෙ හත්ථිනාගාදයො, අමනුස්සෙසු දානවාදයො. ආහ ච – “රාහුග්ගං අත්තභාවීන”න්ති (අ· නි· 4.15). තස්ස හි අත්තභාවො උබ්බෙධෙන චත්තාරි යොජනසහස්සානි අට්ඨ ච යොජනසතානි, බාහූ ද්වාදසයොජනසතපරිමාණා, පඤ්ඤාසයොජනං භමුකන්තරං, තථා අඞ්ගුලන්තරිකා, හත්ථතලානි ද්වෙ යොජනසතානීති. මජ්ඣිමාති අස්සගොණමහිංසසූකරාදීනං අත්තභාවා. රස්සකාති තාසු තාසු ජාතීසු වාමනාදයො දීඝමජ්ඣිමෙහි ඔමකප්පමාණා සත්තා. අණුකාති මංසචක්ඛුස්ස අගොචරා, දිබ්බචක්ඛුවිසයා උදකාදීසු නිබ්බත්තා සුඛුමත්තභාවා සත්තා, ඌකාදයො වා. අපිච යෙ තාසු තාසු ජාතීසු මහන්තමජ්ඣිමෙහි ථූලමජ්ඣිමෙහි ච ඔමකප්පමාණා සත්තා, තෙ අණුකාති වෙදිතබ්බා. ථූලාති පරිමණ්ඩලත්තභාවා මච්ඡකුම්මසිප්පිකසම්බුකාදයො සත්තා.
මීළඟට දීඝරස්ස මජ්ඣිම ආදී කොටස් තුනකට අදාල පද විස්තර වේ. දීඝා වා ආදී වචන හය අතරින් දීඝා යනු සොබාවයෙන් දිග වූ නාගයන් මසුන් තලගොයි වැනි සතුන්, මහමුහුදෙහි බඹ සිය ගණනින් යුත් නොයෙක් නාගයෝද, යොදුන් ගණන් නොයෙක් මසුන් තලගොයින්ගේ උපත් ලද ගණයට අයත් වෙති. මහන්තා යනු ජලයෙහි මහත්-මාළු ආදීන් මෙන්ම ගොඩබිමෙහි ඇතුන්, නාගයන් ද මිනිසුන් නොවන්නා වූ අසුරයන් විශාල සිරුරු ඇති සේ සැළකේ. එසේ සිරුර ඇතියවුන්ගෙන් රාහු (අසුරයා) අගතැන් ගනී. ‘රාහග්ගං අත්තභාවීනං’ ඔහුගේ සිරුර උසින් හාරදහස් අටසිය යොදුනකි. අතක දිග යොදුන් එක්දහස් දෙසීයකි. දෙබැම අතර යොදුන් පණහකි. ඇඟිලි ද එපමණය. දෙ අත්ල යොදුන් දෙසීයකි. මජ්ඣිමා යන්නෙන් අසුන්, ගවයන්, කුළු මීමුන්, ඌරන් ආදීන් ගැනේ. රස්සකා ඒ ඒ ජාතිවල, දිග හා මැද සතුන් අතර (කුරු වූ) මිටි, කොට සතුන්ය. අණුක යනු මසැසින් දැකිය නොහැකි, දිවැසින් දැකිය හැකි, ජලය ඇති ආදී තැන්වල සිටින සියුම් සිරුරු දරන්නන්, උකුණන් ආදීන්ද මෙහිලා ගැනේ. එමෙන්ම, ඒ ඒ ජාතිවල ලොකු සිරුරු ඇති සතුන් අතර ද මුදු සිරුරු ඇති සතුන් අතර ද මැද පමණට වැඩුණු මිටි සතුන් අණුක යනුවෙන් දතයුතුය. ථූලා රවුම් හැඩය බඳු යුතු සිරුරු ඇති, මසුන්, ඉබ්බන්, සක් මුතුබෙලි, කවඩි ආදී ජීවීන්ය.
එවං තීහි තිකෙහි අනවසෙසතො සත්තෙ දස්සෙත්වා ඉදානි “දිට්ඨා වා යෙව අදිට්ඨා”තිආදීහි තීහි දුකෙහිපි තෙ සඞ්ගහෙත්වා දස්සෙති.
මෙසේ පොදුවේ තුන් කොටසක් ලෙස සියළු ජීවීන් දක්වා, දැන් දිට්ඨා වා යෙව අද්දිට්ඨා ආදී යුගල තුනකට ඒවා ඇතුලත් කොට දක්වයි.
තත්ථ දිට්ඨාති යෙ අත්තනො චක්ඛුස්ස ආපාථමාගතවසෙන දිට්ඨපුබ්බා. අදිට්ඨාති යෙ පරසමුද්දපරසෙලපරචක්කවාළාදීසු ඨිතා. “යෙව දූරෙ වසන්ති අවිදූරෙ”ති ඉමිනා පන දුකෙන අත්තනො අත්තභාවස්ස දූරෙ ච අවිදූරෙ ච වසන්තෙ සත්තෙ දස්සෙති. තෙ උපාදායුපාදාවසෙන වෙදිතබ්බා. අත්තනො හි කායෙ වසන්තා සත්තා අවිදූරෙ, බහිකායෙ වසන්තා දූරෙ. තථා අන්තොඋපචාරෙ වසන්තා අවිදූරෙ, බහිඋපචාරෙ වසන්තා දූරෙ. අත්තනො විහාරෙ ගාමෙ ජනපදෙ දීපෙ චක්කවාළෙ වසන්තා අවිදූරෙ, පරචක්කවාළෙ වසන්තා දූරෙ වසන්තීති වුච්චන්ති.
දිට්ඨා යනු තම ඇසට හමුවන දකින ලද, අද්දිට්ඨා මුහුදෙන් එතෙර, පව්වෙන් එහා, පරසක්වල වසන, යෙ ච දූරෙ වසන්ති අවිදූරෙ මේ දෙකොටසින් තමාට දුරින් ද, ලඟින් ද වසන ජීවීන් දක්වයි. ඔවුන් පාද සහිත, පාද රහිත ලෙස ද දතයුතුය. තම සිරුරෙහි, සිරුර ඇසුරු කරමින් වසන සතුන් අවිදූර ලෙසත්, තමාට ඈත්ව වසන සතුන් දූර ලෙසත් සැළකේ. වෙනත් අයුරකින් කිවහොත්, තම සීමාවෙහි (නෙත ගැටෙන මානයෙහි) වසන ජීවින් සමීපවද, එබඳු සීමාවකින් බැහැර වසන්නන් දුර ලෙසද දැක්වෙයි. එසේම, තම විහාරයෙහි, ගමෙහි, ජනපදයෙහි, සක්වළෙහි වෙසෙන්නෝ සමීප වෙති. වෙනත් විහාරයක... සක්වළක වසන්නෝ දුර ලෙසද ගැනෙති.
භූතාති ජාතා, අභිනිබ්බත්තා. යෙ භූතා එව, න පුන භවිස්සන්තීති සඞ්ඛ්‍යං ගච්ඡන්ති, තෙසං ඛීණාසවානමෙතං අධිවචනං. සම්භවමෙසන්තීති සම්භවෙසී. අප්පහීනභවසංයොජනත්තා ආයතිම්පි සම්භවං එසන්තානං සෙක්ඛපුථුජ්ජනානමෙතං අධිවචනං. අථ වා චතූසු යොනීසු අණ්ඩජජලාබුජා සත්තා යාව අණ්ඩකොසං වත්ථිකොසඤ්ච න භින්දන්ති, තාව සම්භවෙසී නාම. අණ්ඩකොසං වත්ථිකොසඤ්ච භින්දිත්වා බහි නික්ඛන්තා භූතා නාම. සංසෙදජා ඔපපාතිකා ච පඨමචිත්තක්ඛණෙ සම්භවෙසී නාම. දුතියචිත්තක්ඛණතො පභුති භූතා නාම. යෙන වා ඉරියාපථෙන ජායන්ති, යාව තතො අඤ්ඤං න පාපුණන්ති, තාව සම්භවෙසී නාම. තතො පරං භූතාති.
භූතා හටගත්, උපන්, එබඳු උපන් ජීවියෙකු නැවත (සසර) ඇති නොවන්නාහයි අදහසක් ඇත. එය කෙලෙසුන් නැතිකරන ලද රහත් උතුමන්ට සමාන හැඳින්වීමකි. සම්භවයක් හෙවත් පැවැත්මට තැනක් සොයන අරුතින් සම්භවෙසී සසර බැඳීම් සිඳ බිඳ නොදැමූ බැවින්, නැවතද හටගැන්මක් හෝ පැවැත්මක් සොයන, (මග පලයෙහි) හික්මෙන හා කෙලෙස් දුරු නොකරන ලද සැමටම (සෙඛ-පුථුජ්ජන) සමාන වචනයකි. නැතහොත්, සතරාකාර වූ උපත් අතර, බිජුවටින් හා (මවු) කුසින් උපන්නෝ, යම්තාක් කල් බිත්තර කටුව හෝ වැදෑමස හෝ නොබිඳිත්ද ඒතාක් සම්භවෙසී නම් වෙත්. බිත්තර කටුවද, වැදෑමස ද බිඳ පිටතට නික්මෙන්නෝ භූතා නම් වෙත්. සංසේදජ, ඕපපාතික උපත් ලබන්නන් මුල් සිත පහළවන ඉතා සුළු මොහොත සම්භවෙසී නම් වන අතර, දෙවැනි සිත් පහළවන මොහොතේදී පටන් භූතා යැයි හැඳින්වේ.
එවං භගවා “සුඛිනො වා”තිආදීහි අඩ්ඪතෙය්යාහි ගාථාහි නානප්පකාරතො තෙසං භික්ඛූනං හිතසුඛාගමපත්ථනාවසෙන සත්තෙසු මෙත්තාභාවනං දස්සෙත්වා ඉදානි අහිතදුක්ඛානාගමපත්ථනාවසෙනාපි තං දස්සෙන්තො ආහ “න පරො පරං නිකුබ්බෙථා”ති. එස පොරාණපාඨො, ඉදානි පන “පරං හී”තිපි පඨන්ති, අයං න සොභනො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සුඛිනො වා ආදී ලෙසින් ගාථා දෙකකින් සහ පද දෙකකින් ද ඒ මහණුන්ගේ හිතසුවය පතමින්, සතුන් කෙරෙහි මෙත් වැඩීම දක්වා මීළගට අහිත බව - දුක නොපතමින් ඒ ගැන දැක්වීමට න පරො පරං නිකුබ්බෙථ යැයි වදාළහ. එය පැරණි වියතුන්ගේ පාඨයකි. දැන් පරං හි යයි ද කියති. මෙය සුදුසු නැත.
තත්ථ පරොති පරජනො. පරන්ති පරජනං. න නිකුබ්බෙථාති න වඤ්චෙය්ය. නාතිමඤ්ඤෙථාති න අතික්කමිත්වා මඤ්ඤෙය්ය. කත්ථචීති කත්ථචි ඔකාසෙ, ගාමෙ වා නිගමෙ වා ඛෙත්තෙ වා ඤාතිමජ්ඣෙ වා පූගමජ්ඣෙ වාතිආදි. නන්ති එතං. කඤ්චීති යං කඤ්චි ඛත්තියං වා බ්රාහ්මණං වා ගහට්ඨං වා පබ්බජිතං වා සුගතං වා දුග්ගතං වාතිආදි. බ්යාරොසනා පටිඝසඤ්ඤාති කායවචීවිකාරෙහි බ්යාරොසනාය ච, මනොවිකාරෙන පටිඝසඤ්ඤාය ච. “බ්යාරොසනාය පටිඝසඤ්ඤායා”ති හි වත්තබ්බෙ “බ්යාරොසනා පටිඝසඤ්ඤා”ති වුච්චති යථා “සම්ම දඤ්ඤාය විමුත්තා”ති වත්තබ්බෙ “සම්ම දඤ්ඤා විමුත්තා”ති, යථා ච “අනුපුබ්බසික්ඛාය අනුපුබ්බකිරියාය අනුපුබ්බපටිපදායා”ති වත්තබ්බෙ “අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා”ති (අ· නි· 8.19; උදා· 45; චූළව· 385). නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්යාති අඤ්ඤමඤ්ඤස්ස දුක්ඛං න ඉච්ඡෙය්ය. කිං වුත්තං හොති? න කෙවලං “සුඛිනො වා ඛෙමිනො වා හොන්තූ”තිආදි මනසිකාරවසෙනෙව මෙත්තං භාවෙය්ය. කිං පන “අහො වත යො කොචි පරපුග්ගලො යං කඤ්චි පරපුග්ගලං වඤ්චනාදීහි නිකතීහි න නිකුබ්බෙථ, ජාතිආදීහි ච නවහි මානවත්ථූහි කත්ථචි පදෙසෙ යං කඤ්චි පරපුග්ගලං නාතිමඤ්ඤෙය්ය, අඤ්ඤමඤ්ඤස්ස ච බ්යාරොසනාය වා පටිඝසඤ්ඤාය වා දුක්ඛං න ඉච්ඡෙය්යා”ති එවම්පි මනසි කරොන්තො භාවෙය්යාති.
එහි පරො යනු වෙනත් කෙනෙක්, පරං යනු වෙනත් කෙනෙකුට න නිකුබ්බෙථ වංචා, කපටිකම් නොකරන්නෝය. (නොකෙරේවා) නාතිමඤ්ඤෙථ ඉක්මවා නොසිතන්නේය. කත්ථචි ගමෙහි හෝ, කෙතෙහි හෝ (තම සීමාවෙහි) නෑයන් අතර හෝ, පිරිසක් මැද හෝ කිසියම් තැනක, න - එය කඤ්චි කැත් හෝ බමුණු හෝ ගිහි හෝ පැවිදි හෝ යහපත් කෙනෙකු හෝ අයහපත් කෙනෙකුට ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා කය, වචන වැරදි ලෙස තරහින් හසුරුවන්නේය. නපුරු ලෙස සිත වැරදි ලෙස මෙහෙයවමින්, ඛ්යාරොසණ පටිඝසඤ්ඤා යැයි කිවයුතු නමුදු ඛ්යාරොසණ පටිඝසඤ්ඤා යැයි කියයි. යම්සේ ‘සම්මදඤ්ඤාය විමුත්තා’ යැයි කිවයුතු නමුදු සම්මදඤ්ඤා විමුත්තා ලෙසද අනුපුබ්බසික්ඛාය අනුපුබ්බකිරියාය අනුපුබ්බ පටිපදාය කිවයුතු කල්හි අනුපුබබ සික්ඛා, අනුපුබ්බකිරියා අනුපුබබ පටිපදා යැයි කියනු මෙනි. නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්ය ඔවුනොවුන්ට දුකක් වනු දැකීම කැමති නොවන්නේය. කුමක් නිසා එසේ කියන ලදද? හුදෙක් සැපයට පත්වේවා, භයට පත් නොවේවා යැයි මෙනෙහි කිරිම් ලෙස මෙත් වැඩීම පමණක් නොවේ. එසේ නම් කුමක්ද? ‘අහෝ, යම්කිසි වෙනත් තැනැත්තෙක් තවත් කෙනෙකු වංචාවෙන්, කපටිකමෙන් නොරවටත්ද, ඉපදීම උසස් යැයි ආදී ලෙසින් නව ආකාර වූ මානයෙන් කිසියම් පෙදෙසක වෙනත් පුද්ගලයෙකු ඉක්මවා උඩඟුව කටයුතු නොකරන්නේ නම් (මැනවි) එකිනෙකාට නපුරු වූ සිතින් රළු කතාවෙන් හෝ කෝපය මුසු හැඟුමෙන් හෝ දුකක් වීම නොකැමති වන්නේ යැයි මෙනෙහි කරමින් මෙත් වඩන්නේය.
එවං අහිතදුක්ඛානාගමපත්ථනාවසෙන අත්ථතො මෙත්තාභාවනං දස්සෙත්වා ඉදානි තමෙව උපමාය දස්සෙන්තො ආහ “මාතා යථා නියං පුත්ත”න්ති.
මෙසේ අහිත වූ දුක් නොපැමිණියේ යැයි බලාපොරොත්තු ලෙසින් මෙත් වැඩීම දක්වා, දැන් එය උපමාවකින් පැහැදිලි කිරීමට මාතා යථා නියං යැයි වදාළහ.
තස්සත්ථො – යථා මාතා නියං පුත්තං අත්තනි ජාතං ඔරසං පුත්තං, තඤ්ච එකපුත්තමෙව ආයුසා අනුරක්ඛෙ, තස්ස දුක්ඛාගමපටිබාහනත්ථං අත්තනො ආයුම්පි චජිත්වා තං අනුරක්ඛෙ, එවම්පි සබ්බභූතෙසු ඉදං මෙත්තමානසං භාවයෙ, පුනප්පුනං ජනයෙ වඩ්ඪයෙ, තඤ්ච අපරිමාණසත්තාරම්මණවසෙන එකස්මිං වා සත්තෙ අනවසෙසඵරණවසෙන අපරිමාණං භාවයෙති.
එහි අරුත නම්, යථා මාතා නියං පුත්තං තමා කෙරෙන් උපන්, තමාට දාවූ ඒ පුතු එකපුත්තං මෙන්, ආයුසා අනුරක්ඛෙ ඔහුට දුක් ඇතිවීම වළකනු පිණිස තම ජීවිතයද නොසළකා, එකම පුතු මැනවින් රකින්නීය. එවම්පි සබ්බභූතෙසු මේ මෙත, මානසං භාවයෙ නැවත නැවත උපදවා ගන්නේය. වඩන්නේය. එයද අපමණ වූ සතුන් අරමුණු කොට, එකම සතකු හෝ ඉවත් නොවන සේ පැතිරෙන අයුරින් වැඩිය යුතුය. අපරිමාණං.
එවං සබ්බාකාරෙන මෙත්තාභාවනං දස්සෙත්වා ඉදානි තස්සෙව වඩ්ඪනං දස්සෙන්තො ආහ “මෙත්තඤ්ච සබ්බලොකස්මී”ති.
මෙසේ මුළුමනින් මෙත් වඩන අයුරු දක්වා මීළඟට ඒ කරුණාව (තවදුරටත්) පෙන්වා දෙමින් මෙත්තඤ්ච සබ්බලොකස්මිං යැයි කීහ.
තත්ථ මිජ්ජති තායති චාති මිත්තො, හිතජ්ඣාසයතාය සිනිය්හති, අහිතාගමතො රක්ඛති චාති අත්ථො. මිත්තස්ස භාවො මෙත්තං. සබ්බස්මින්ති අනවසෙසෙ. ලොකස්මින්ති සත්තලොකෙ. මනසි භවන්ති මානසං. තඤ්හි චිත්තසම්පයුත්තත්තා එවං වුත්තං. භාවයෙති වඩ්ඪයෙ. නාස්ස පරිමාණන්ති අපරිමාණං, අප්පමාණසත්තාරම්මණතාය එවං වුත්තං. උද්ධන්ති උපරි. තෙන අරූපභවං ගණ්හාති. අධොති හෙට්ඨා. තෙන කාමභවං ගණ්හාති. තිරියන්ති වෙමජ්ඣං. තෙන රූපභවං ගණ්හාති. අසම්බාධන්ති සම්බාධවිරහිතං, භින්නසීමන්ති වුත්තං හොති. සීමා නාම පච්චත්ථිකො වුච්චති, තස්මිම්පි පවත්තන්ති අත්ථො. අවෙරන්ති වෙරවිරහිතං, අන්තරන්තරාපි වෙරචෙතනාපාතුභාවවිරහිතන්ති වුත්තං හොති. අසපත්තන්ති විගතපච්චත්ථිකං. මෙත්තාවිහාරී හි පුග්ගලො මනුස්සානං පියො හොති, අමනුස්සානං පියො හොති, නාස්ස කොචි පච්චත්ථිකො හොති, තෙනස්ස තං මානසං විගතපච්චත්ථිකත්තා “අසපත්ත”න්ති වුච්චති. පරියායවචනඤ්හි එතං, යදිදං පච්චත්ථිකො සපත්තොති. අයං අනුපදතො අත්ථවණ්ණනා.
ආදරයෙන් සිතයි, රකියි යන අරුතින් මිතුරා නම් වෙයි. හිතවත් අදහස්වලින් සෙනෙහස ඇතිකරයි. අහිත වූ දෙයට යොමු නොකොට රැකගනී යන තේරුමයි. එවැනි හිතමිතුරු බව මෙත්තං, සබ්බස්මිං කිසිවක් වෙන් නොකොට, හැමදෙනා කෙරෙහිම ලොකස්මිං - සියළු ජීව ලෝකයෙහි, මෙනෙහි කරයි, මානසං එහි සිතම ඇතුලත් වන බැවින්, යෙදෙන බැවින් එසේ කියන ලදී. භාවයෙ එසේ වඩන්නේය. මෙපමණ යැයි නොවන්නේ අපරිමාණං අපමණ වූ ජීවීන් අරමුණු කොට මෙසේ කියන ලදී. උද්ධං උඩ, එයින් අරූපභවය සැළකේ. අධො පහළ එයින් කාමභවය සැළකේ. තිරියං මැද, එයින් රූප භවය සැළකේ. අසම්බාධං හිරිහැර නැති, සීමා බිඳ දමන ලද බව කියන ලදී. සීමා නම් සතුරාට කියනු ලබයි. සතුරා කෙරෙහි ද මෙත් පතුරුවයි. පවත්වයි යන තේරුමයි. අවෙරං - තරහ නොමැති බවයි. වරින් වර වුවද අතරින් පතර තරහ සිතිවිලි පහළ නොවන බව කියන ලදී. අසපත්තං සතුරකු නැති, මෙත් සිතින් වාසය කරන තැනැත්තා මිනිසුන්ට පිය වෙයි. නොමිනිස් කැලටද පියවෙයි. ඔහුට කිසිම සතුරෙක් නැත. සතුරන් නොමැති ඔහුගේ සිත අසපත්ත යනුවෙන් කියනු ලබයි. පච්චත්ථික, සපත්ත හෙවත් පසමිතුරු, සතුරු යනු ඊට වෙනස් වචනයි. මෙය වචනය අනුව තේරුම් කිරිමයි.
අයං පනෙත්ථ අධිප්පෙතත්ථවණ්ණනා – යදෙතං “එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමාණ”න්ති වුත්තං. තඤ්චෙතං අපරිමාණං මෙත්තං මානසං සබ්බලොකස්මිං භාවයෙ වඩ්ඪයෙ, වුඩ්ඪිං, විරූළ්හිං, වෙපුල්ලං ගමයෙ. කථං? උද්ධං අධො ච තිරියඤ්ච, උද්ධං යාව භවග්ගා, අධො යාව අවීචිතො, තිරියං යාව අවසෙසදිසා. උද්ධං වා ආරුප්පං, අධො කාමධාතුං, තිරියං රූපධාතුං අනවසෙසං ඵරන්තො. එවං භාවෙන්තොපි ච තං යථා අසම්බාධං, අවෙරං, අසපත්තඤ්ච, හොති තථා සම්බාධවෙරසපත්තාභාවං කරොන්තො භාවයෙ. යං වා තං භාවනාසම්පදං පත්තං සබ්බත්ථ ඔකාසලාභවසෙන අසම්බාධං. අත්තනො පරෙසු ආඝාතපටිවිනයෙන අවෙරං, අත්තනි ච පරෙසං ආඝාතපටිවිනයෙන අසපත්තං හොති, තං අසම්බාධං අවෙරං අසපත්තං අපරිමාණං මෙත්තං මානසං උද්ධං අධො තිරියඤ්චාති තිවිධපරිච්ඡෙදෙ සබ්බලොකස්මිං භාවයෙ වඩ්ඪයෙති.
මීළඟට සඳහන් වන්නේ එයින් අදහස් කෙරෙන විස්තරයයි. මෙසේ සියලු සතුන් කෙරෙහි සමව, අපමණ මෙත් සිත වඩන අයුරු කියන ලදී. ඒ අපමණ වූ මෙත් පිරි සිත මුළු ලොවෙහිම පතුරුවන විට, එය වැඩි දියුණුවට මහත් බවට පත් වන්නේය. ඒ කෙසේද? උද්ධං අධොච තිරියඤ්ච උඩින් භව මුදුන්හි සිට යටින් අවීචියද අතරමැද වූ සියළු පෙදෙස් ද, උඩින් අරූපී තලයේ සිට යට කාමලෝකය දක්වාද, මැද රූප ලෝකයෙහිද ඇතුලත් වන පරිදි ඉතිරි නොකොට (මෙත) වැඩීමෙන් කරදර නැති, තරහක් නැති, සතුරන් නොමැති බවට පත්වෙයි. මෙසේ භාවනාවෙන් ලබන උසස් බවක් වුවද හැමතැන්හිම හිරිහැර නොමැති, අනුන් කෙරෙහි කෝපය දුරුවීමෙන්, තමාටද සතුරන් නොමැති බවටද පත්වේද, ඒ කරදර බාධා නොමැති, තරහ නැති, සතුරු බල රහිත අපමණ වූ මෙත් සිත මුළු තුන්ලොව වසා පැතිර යන පරිදි වඩන්නේය.
එවං මෙත්තාභාවනාය වඩ්ඪනං දස්සෙත්වා ඉදානි තං භාවනමනුයුත්තස්ස විහරතො ඉරියාපථනියමාභාවං දස්සෙන්තො ආහ “තිට්ඨං චරං…පෙ… අධිට්ඨෙය්යා”ති.
මෙසේ මෙත් සිත වඩන අයුරු දක්වා, මීළඟට එය වඩනා විට ඉරියව් පැවතිය යුතු අයුරු ද පහදමින් තිට්ඨං චරං -පෙ- අධිට්ඨෙය්‍ය යැයි වදාළහ.
තස්සත්ථො – එවමෙතං මෙත්තං මානසං භාවෙන්තො සො “නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධායා”තිආදීසු (දී· නි· 2.374; ම· නි· 1.107; විභ· 508) විය ඉරියාපථනියමං අකත්වා යථාසුඛං අඤ්ඤතරඤ්ඤතරඉරියාපථබාධනවිනොදනං කරොන්තො තිට්ඨං වා චරං වා නිසින්නො වා සයානො වා යාවතා විගතමිද්ධො අස්ස, අථ එතං මෙත්තාඣානස්සතිං අධිට්ඨෙය්‍ය.
එහි තේරුම මෙසේය. ඒ මෙත වඩන තැනැත්තා (මහණක්) පලඟ බැඳ (එරමිණිය ගොතාගෙන) කය කෙළින්ම තබාගෙන........ ආදී ලෙස නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කාය පණිධාය සඳහන් කරන ලද පරිදි ඉරියව් නියමයක් නොකොට, පහසු පරිදි, ඒ ඒ ආකාර වූ ඉරියව් (ආයාසයෙන් පිහිටුවා ගැනීමෙන් වන) අපහසුතා දුරුවන ලෙසද තිට්ඨං වා චරං වා සයානො වා යාවතා විගතමිද්ධො අස්ස යැයි වදාළහ. ඉක්බිතිව එතං ඒ මෙත් අදහස සතං අධිට්ඨෙය්‍ය
අථ වා එවං මෙත්තාභාවනාය වඩ්ඪනං දස්සෙත්වා ඉදානි වසීභාවං දස්සෙන්තො ආහ “තිට්ඨං චර”න්ති. වසිප්පත්තො හි තිට්ඨං වා චරං වා නිසින්නො වා සයානො වා යාවතා ඉරියාපථෙන එතං මෙත්තාඣානස්සතිං අධිට්ඨාතුකාමො හොති. අථ වා තිට්ඨං වා චරං වාති න තස්ස ඨානාදීනි අන්තරායකරානි හොන්ති, අපිච ඛො සො යාවතා එතං මෙත්තාඣානස්සතිං අධිට්ඨාතුකාමො හොති, තාවතා විතමිද්ධො හුත්වා අධිට්ඨාති, නත්ථි තස්ස තත්ථ දන්ධායිතත්තං. තෙනාහ “තිට්ඨං චරං නිසින්නො ව සයානො, යාවතාස්ස විතමිද්ධො. එතං සතිං අධිට්ඨෙය්යා”ති.
නැතහොත් එම මෙත් වැඩීම දක්වා දැන් එහි මැනවින් පුරුදු වූ, හුරු වූ බව පහදමින් තිට්ඨං චරං යයි දැක්වූහ. එසේ හුරු බවට පත් මෙත් වැඩුම සිටගෙන සිටින විට හෝ ඇවිදිමින් හෝ යම් යම් ඉරියව්වකින් මෙම මෙත් සිත අදිටන් කරනු කැමති වේද, නැතහොත් සිටගෙන හෝ ඇවිදිමින් සිටියදී ඔහුට එහි අනතුරුදායී හිරිහැරයක් (කායික අපහසුතා) නොවේද, ඒ තාක් මෙත් සිත පෙරදැරිව, මැලි බව දුරුකොට උනන්දුවෙන් මෙත් අදිටන කරයි. එය වඩන තැනැත්තාට මුළාවීමක් නැත. එබැවින් තිට්ඨං චරං නිසින්නොවා සයානො වා යාවතස්ස විගතමිද්ධො එතං සතිං අධිට්ඨෙය්‍ය යැයි වදාළහ.
තස්සායමධිප්පායො – යං තං “මෙත්තඤ්ච සබ්බලොකස්මි, මානසං භාවයෙ”ති වුත්තං, තං තථා භාවයෙ, යථා ඨානාදීසු යාවතා ඉරියාපථෙන, ඨානාදීනි වා අනාදියිත්වා යාවතා එතං මෙත්තාඣානස්සතිං අධිට්ඨාතුකාමො අස්ස, තාවතා විතමිද්ධො හුත්වා එතං සතිං අධිට්ඨෙය්යාති.
එහි අදහස මෙසේය. මුළු ලොව පුරාම ආවරණය වන පරිදි, (ඉහත) කී අයුරු මෙත් සිත වඩන්නේය. [missing trans] යම්සේ පිබිදි මොහොතේ සිටම මෙත් සිත පිහිටුවා ගැනීමට අදිටන් කරන්නේය යනුයි.
එවං මෙත්තාභාවනාය වසීභාවං දස්සෙන්තො “එතං සතිං අධිට්ඨෙය්යා”ති තස්මිං මෙත්තාවිහාරෙ නියොජෙත්වා ඉදානි තං විහාරං ථුනන්තො ආහ “බ්‍රහ්මමෙතං විහාරමිධමාහූ”ති.
මෙසේ මෙත් වැඩීමෙහි නියැලීම හුරුවන බව පහදමින් එතංසතිං අධිට්ඨෙය්‍ය යැයි මෙත් විහරණයෙහිද යොදවා දැන් එසේ වාසය කිරීම අගය කරමින්, බ්‍රහ්මමෙතං විහාරං ඉධමාහු යැයි වදාළහ.
තස්සත්ථො – ය්වායං “සුඛිනොව ඛෙමිනො හොන්තූ”තිආදිං කත්වා යාව “එතං සතිං අධිට්ඨෙය්යා”ති සංවණ්ණිතො මෙත්තාවිහාරො, එතං චතූසු දිබ්බබ්රහ්මඅරියඉරියාපථවිහාරෙසු නිද්දොසත්තා අත්තනොපි පරෙසම්පි අත්ථකරත්තා ච ඉධ අරියස්ස ධම්මවිනයෙ බ්රහ්මවිහාරමාහු, සෙට්ඨවිහාරමාහූති. යතො සතතං සමිතං අබ්බොකිණ්ණං තිට්ඨං චරං නිසින්නො වා සයානො වා යාවතාස්ස විතමිද්ධො, එතං සතිං අධිට්ඨෙය්යාති.
එහි තේරුම නම්, යම් කෙනෙකු ‘සැපවත් වෙත්වා! බිය නැත්තන් වෙත්වා!යි මුලින් පටන්ගෙන, ඒ සිහිය අදිටන් කරන්නේය යනුවෙන් මෙත් විහරණය අගයන ලදී. එතං දෙව්, බඹ, සම්බුදු ආදී උතුමන්ගේ ද සිවු ආකාර වූ නිවැරදි ඉරියව් පැවතුම්වලින් තමන්ටද අනුන්ටද යහපතක් සිදුවන බැවින්, ඉධ උතුම් දහම් විනයෙහි බ්‍රහ්ම විහාරමහු උසස් විහරණය යැයි කීය. නිතර රැස්වූ විට, එළිමහනෙහි සිටින විට, සිටගෙන සිටින විට, එහා මෙහා යනවිට හිඳින විට හෝ නිදාගන්නා විට මැලිබව දුරලමින් මේ සිහිය පවත්වාගැනීමට අදිටන් කරන්නේය.
එවං භගවා තෙසං භික්ඛූනං නානප්පකාරතො මෙත්තාභාවනං දස්සෙත්වා ඉදානි යස්මා මෙත්තා සත්තාරම්මණත්තා අත්තදිට්ඨියා ආසන්නා හොති තස්මා දිට්ඨිගහණනිසෙධනමුඛෙන තෙසං භික්ඛූනං තදෙව මෙත්තාඣානං පාදකං කත්වා අරියභූමිප්පත්තිං දස්සෙන්තො ආහ “දිට්ඨිඤ්ච අනුපග්ගම්මා”ති. ඉමාය ගාථාය දෙසනං සමාපෙසි.
භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන්ට නොයෙක් ආකාරයෙන් මෙත් වැඩිම පහදා දී මෙත් අරමුණක් සේ ගත් බැවින් එය තමාගේ දැඩිව ගත් හැඟීමක් සේ (අත්තදිට්ඨි) සමීප වේද ඒ දැඩිව ගන්නා හැගීම වැළැක්වීම සළකා එයම දැහැනක් කොට උතුම් තැනක උපතක් දක්වමින්, දිට්ඨිඤ්ච අනුපගම්ම යන දේශනය අවසන් කළ සේක.
තස්සත්ථො – ය්වායං “බ්‍රහ්මමෙතං විහාරමිධමාහූ”ති සංවණ්ණිතො මෙත්තාඣානවිහාරො, තතො වුට්ඨාය යෙ තත්ථ විතක්කවිචාරාදයො ධම්මා, තෙ, තෙසඤ්ච වත්ථාදිඅනුසාරෙන රූපධම්මෙ පරිග්ගහෙත්වා ඉමිනා නාමරූපපරිච්ඡෙදෙන “සුද්ධසඞ්ඛාරපුඤ්ජොයං, න ඉධ සත්තූපලබ්භතී”ති (සං· නි· 1.171) එවං දිට්ඨිඤ්ච අනුපග්ගම්ම අනුපුබ්බෙන ලොකුත්තරසීලෙන සීලවා හුත්වා ලොකුත්තරසීලසම්පයුත්තෙනෙව සොතාපත්තිමග්ගසම්මාදිට්ඨිසඞ්ඛාතෙන දස්සනෙන සම්පන්නො. තතො පරං යොපායං වත්ථුකාමෙසු ගෙධො කිලෙසකාමො අප්පහීනො හොති, තම්පි සකදාගාමිඅනාගාමිමග්ගෙහි තනුභාවෙන අනවසෙසප්පහානෙන ච කාමෙසු ගෙධං විනෙය්ය විනයිත්වා වූපසමෙත්වා න හි ජාතු ගබ්භසෙය්ය පුන රෙති එකංසෙනෙව පුන ගබ්භසෙය්යං න එති, සුද්ධාවාසෙසු නිබ්බත්තිත්වා තත්ථෙව අරහත්තං පාපුණිත්වා පරිනිබ්බාතීති.
එහි තේරුම නම්, මෙම බ්‍රහ්මමෙතං විහාරං ඉධමාහු යැයි මෙත් දැහැනින් යුතු විහරණය මැනවින් විස්තර කරන ලදී. එම දැහැනට සමවැද එයින් නැගී, එය පවත්වා ආකාරය අනුව, විතක්ක විචාරාදී ගති සොබා සළකා බලමින්, ‘මෙය නාම රූප කොටස්මය. මෙය ඒවායින් සකස් වූ එකම සමූහ කොටසක් මිස ‘සතෙකු’ කියා කෙනෙකු නැතැයි දිට්ඨිඤ්ච අනුපගම්ම අනුපිළිවෙලින් ලොවුතුරු සීලයෙන් සීලවා යහපත් දැකීම යයි කියන ලද සෝවාන් මගපලයෙන් යුතුව, දස්සනෙන සම්පන්නො, ඉන් ඉදිරියට කාම සම්පත් ආදිය කෙරෙහි ඇලීමක්, කෙලෙස් සහිත බව ඉවත නොහරින ලද නම්, සකදාගාමි, අනාගාමි මගපල පත්ව, ඉතිරි නැතිව දුරු කිරීමෙන්, කාමෙසු ගෙධං, විනෙය්ය දුරුකොට, ඉවත්කොට, සංසිඳුවා න හි ජාතු ගබ්භසෙය්යං පුනරෙතී යනු එක් වාරයක් හෝ නැවත මවුකුස පිළිසිඳ නොගැනීමයි. සුද්ධාවාසයෙහි උපත ලැබ එහිම අරහත් බවට පත්ව පිරිනිවන් පාන්නේය.
එවං භගවා දෙසනං සමාපෙත්වා තෙ භික්ඛූ ආහ – “ගච්ඡථ, භික්ඛවෙ, තස්මිංයෙව වනසණ්ඩෙ විහරථ. ඉමඤ්ච සුත්තං මාසස්ස අට්ඨසු ධම්මස්සවනදිවසෙසු ගණ්ඩිං ආකොටෙත්වා උස්සාරෙථ, ධම්මකථං කරොථ, සාකච්ඡථ, අනුමොදථ, ඉදමෙව කම්මට්ඨානං ආසෙවථ, භාවෙථ, බහුලීකරොථ. තෙපි වො අමනුස්සා තං භෙරවාරම්මණං න දස්සෙස්සන්ති, අඤ්ඤදත්ථු අත්ථකාමා හිතකාමා භවිස්සන්තී”ති. තෙ “සාධූ”ති භගවතො පටිස්සුණිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා, පදක්ඛිණං කත්වා, තත්ථ ගන්ත්වා, තථා අකංසු. දෙවතායො ච “භදන්තා අම්හාකං අත්ථකාමා හිතකාමා”ති පීතිසොමනස්සජාතා හුත්වා සයමෙව සෙනාසනං සම්මජ්ජන්ති, උණ්හොදකං පටියාදෙන්ති, පිට්ඨිපරිකම්මපාදපරිකම්මං කරොන්ති, ආරක්ඛං සංවිදහන්ති. තෙ භික්ඛූ තථෙව මෙත්තං භාවෙත්වා තමෙව ච පාදකං කත්වා විපස්සනං ආරභිත්වා සබ්බෙව තස්මිංයෙව අන්තොතෙමාසෙ අග්ගඵලං අරහත්තං පාපුණිත්වා මහාපවාරණාය විසුද්ධිපවාරණං පවාරෙසුන්ති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දෙසුම නිමාකොට, ‘යව, මහණෙනි, ඒ වන පෙදෙසෙහිම වාසය කරව. මෙම සූත්‍රය, මාසයෙහි දහම් අසන දවස් අටෙහි ගෙඩිය ගසා කියව, දහම් කථා (ඒ කරුණු ගැන) කරව, සාකච්ඡා කරව, ඒ පිළිබඳ තුටු පහටුව පිළිගනුව, මෙය කමටහනක් සේ දරා ඇසුරු කරව, පුරුදු කරව, වඩ වඩාත් දියුණු කරගනුව, ඒ නොමිනිසුන් ඔබලාට බිය දනවන අරමුණු නොපෙන්වනු ඇති, හුදෙක්ම ඔබලාගේ දියුණුව, හිතසුව කැමති වනු ඇතැයි ද වදාළහ. උන්වහන්සේලා ‘යහපති’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී වැඳ පැදකුණු කොට එහි ගොස් එසේ කටයුතු කළහ. දේවතා දේවතාවියෝ ‘මේ හිමිවරුන් අපට හිතවත් යැයි සතුටට පත්ව තමන් විසින්ම සෙනසුන් අමදිනු ලබති. උණුදිය පිළියෙළ කොට දෙති. පිට පිරිමැදීම්, පා මිරිකීම් කරනු ලබති. රැකවරණ යොදනු ලබති. ඒ මහණහු එහිදීම මෙත් වැඩීම මුල්කොට විදසුන් නුවණ මෙහෙයා ඒ තෙමස ඇතුලත අරහත් බවට පත්ව, මහා පවාරණයෙන්, සීල පවාරණයද කළහ. (සීල සමාධියෙන් නුවණ ලැබ සසර ගමන නිමා කළහ.)
එවඤ්හි අත්ථකුසලෙන තථාගතෙන, ධම්මිස්සරෙන කථිතං කරණීයමත්ථං; කත්වානුභුය්ය පරමං හදයස්ස සන්තිං, සන්තං පදං අභිසමෙන්ති සමත්තපඤ්ඤා.
‘මෙසේ යහපත් කරුණු දැන දියුණුවීමේ හැකියාව ඇත්තෝ, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පරිදි මෙම ජීවිතයේ දියුණුවට සහ පරලොව වැඩදායී වන කටයුතුවල යෙදී පිරුණු නුවණින් හද සෙත සලසන උතුම් නිවන අවබෝධ කර ගනිති.’
තස්මා හි තං අමතමබ්භුතමරියකන්තං, සන්තං පදං අභිසමෙච්ච විහරිතුකාමො; විඤ්ඤූ ජනො විමලසීලසමාධිපඤ්ඤා, භෙදං කරෙය්ය සතතං කරණීයමත්ථන්ති.
‘එබැවින් උතුමන් විසින් පසස්නා ලද අසිරිමත් වූ අමා නිවන දැන, අවබෝධ කොට වාසය කරනු කැමති නුවණැති ජනයා පිරිසිදු සීල, සමාධි පඤ්ඤාවෙන් යුතුව එලොව මෙලොව දියුණුව සඳහා කටයුතු කරන්නාහ.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය මෙත්තසුත්තවණ්ණනා නිට්ඨිතා.
මෙත්තසුත්ත විස්තරය නිමි.