යෙදුමෙන් කියවන්න

7. වසල සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

7. වසල සුත‍්තවණ‍්ණනා

7. වසල සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති අග‍්ගිකභාරද‍්වාජසුත‍්තං, “වසලසුත‍්ත”න‍්තිපි වුච‍්චති. කා උප‍්පත‍්ති? භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. කසිභාරද‍්වාජසුත‍්තෙ වුත‍්තනයෙන පච‍්ඡාභත‍්තකිච‍්චාවසානෙ බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙන‍්තො අග‍්ගිකභාරද‍්වාජං බ්‍රාහ‍්මණං සරණසික‍්ඛාපදානං උපනිස‍්සයසම‍්පන‍්නං දිස‍්වා “තත්‍ථ මයි ගතෙ කථා පවත‍්තිස‍්සති, තතො කථාවසානෙ ධම‍්මදෙසනං සුත්‍වා එස බ්‍රාහ‍්මණො සරණං ගන‍්ත්‍වා සික‍්ඛාපදානි සමාදියිස‍්සතී”ති ඤත්‍වා, තත්‍ථ ගන‍්ත්‍වා, පවත‍්තාය කථාය බ්‍රාහ‍්මණෙන ධම‍්මදෙසනං යාචිතො ඉමං සුත‍්තං අභාසි. තත්‍ථ “එවං මෙ සුත”න‍්තිආදිං මඞ‍්ගලසුත‍්තවණ‍්ණනායං වණ‍්ණයිස‍්සාම, “අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමය”න‍්තිආදි කසිභාරද‍්වාජසුත‍්තෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

එවං මෙ සුතං යනු අග්ගික භාරද්වාජ සූත්‍රය වසල සූත්‍රය ලෙසද හඳුන්වනු ලබයි. එය දේශනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටු විසින් කරවන ලද ජේතවන අරමෙහි වැඩ වසති. කසීභාරද්වාජ සූත්‍ර විස්තරයෙහි දැක්වූ පරිදි, පසුබත් කිස අවසන බුදු ඇසින් ලොව බලද්දී අග්ගික භාරද්වාජ බමුණාට තෙරුවන් සරණ සිල්හි පිහිටීමේ හේතු සම්පත් දැක, ‘මා එහි ගියවිට සංවාදයක් පවත්නේය. ඒ කතාබහ අවසානයෙහි දහම් දෙසුම අසා ඒ බමුණා සරණයෙහි පිහිටා සිකපද සමාදන් වන්නේ යැයි දැන, එහි ගොස්, කතාබහ අතරතුර බමුණා දහම් දෙසන සේ ඉල්ලා සිටින ලදුව මෙම සූත්‍රය වදාළහ. එහි එවං මෙ සුතං ආදිය මංගල සූත්‍ර විස්තරයෙහිදී සඳහන් කරන්නෙමි. අථ ඛො භගවා පුබ්බණ්හසමයං ආදී කරුණු කසීභාරද්වාජ සූත්‍ර විස්තරය අනුව දතයුතුය.

තෙන ඛො පන සමයෙන අග‍්ගිකභාරද‍්වාජස‍්සාති යං යං අවුත‍්තපුබ‍්බං, තං තදෙව වණ‍්ණයිස‍්සාම. සෙය්‍යථිදං – සො හි බ්‍රාහ‍්මණො අග‍්ගිං ජුහති පරිචරතීති කත්‍වා අග‍්ගිකොති නාමෙන පාකටො අහොසි, භාරද‍්වාජොති ගොත‍්තෙන. තස‍්මා වුත‍්තං “අග‍්ගිකභාරද‍්වාජස‍්සා”ති. නිවෙසනෙති ඝරෙ. තස‍්ස කිර බ්‍රාහ‍්මණස‍්ස නිවෙසනද‍්වාරෙ අන‍්තරවීථියං අග‍්ගිහුතසාලා අහොසි. තතො “නිවෙසනද‍්වාරෙ”ති වත‍්තබ‍්බෙ තස‍්සපි පදෙසස‍්ස නිවෙසනෙයෙව පරියාපන‍්නත‍්තා “නිවෙසනෙ”ති වුත‍්තං. සමීපත්‍ථෙ වා භුම‍්මවචනං, නිවෙසනසමීපෙති අත්‍ථො. අග‍්ගි පජ‍්ජලිතො හොතීති අග‍්ගියාධානෙ ඨිතො අග‍්ගි කතබ‍්භුද‍්ධරණො සමිධාපක‍්ඛෙපං බීජනවාතඤ‍්ච ලභිත්‍වා ජලිතො උද‍්ධං සමුග‍්ගතච‍්චිසමාකුලො හොති. ආහුති පග‍්ගහිතාති සසීසං න‍්හායිත්‍වා මහතා සක‍්කාරෙන පායාසසප‍්පිමධුඵාණිතාදීනි අභිසඞ‍්ඛතානි හොන‍්තීති අත්‍ථො. යඤ‍්හි කිඤ‍්චි අග‍්ගිම‍්හි ජුහිතබ‍්බං, තං සබ‍්බං “ආහුතී”ති වුච‍්චති. සපදානන‍්ති අනුඝරං. භගවා හි සබ‍්බජනානුග‍්ගහත්‍ථාය ආහාරසන‍්තුට‍්ඨියා ච උච‍්චනීචකුලං අවොක‍්කම‍්ම පිණ‍්ඩාය චරති. තෙන වුත‍්තං “සපදානං පිණ‍්ඩාය චරමානො”ති.

තෙන ඛො පන සමයෙන අග්ගික භාරද්වාජස්ස යන්නෙහි විස්තර නොදැක්වූ කරුණක් වේ නම්, ඒ ගැන සඳහන් කරන්නෙමි. ඒ කෙබඳු අයුරින්ද? ඒ බමුණා ගිනි දල්වා ගරු පූජා පවත්වන හෙයින් අග්ගිකො නමින් පතළ විය. භාරද්වාජො පරම්පරාවයි. එහෙයින් අග්ගික භාරද්වාජ යැයි කියන ලදී. නිවෙසනෙ වසන ගෙයි, ඒ බමුණාගේ ගෙදර දොරටුවෙහි ඇතුළු පෙදෙසෙහි ගිනි පිදීම සඳහා සාලාවක් විය. එය ගෙදර දොරටුවේම යැයි කිවයුතු වුවත්, ඒ පිහිටි පෙදෙසෙහි ගෙයම ඇතුලත් කොට, නිවෙසනෙ යනුවෙන් කියන ලදී. සමීප අරුතෙහි ආධාර විබත් වචනයි. ගෙදර සමීපයෙහි යන අදහසයි. අග්ගි පජ්ජලිතො හොති ගිනි දල්වා, එතැන සිටියේ, ගින්න දැල්වීමට දර ඇතුළුකොට, හමන සුළඟින් දැක්වෙමින් ඉහළට නැගෙන ගිනිජාලාවෙන් ගැවසිණ. ආහුති පග්ගහිතා හිසෙහි පටන් දිය නා, මහත් ගරු බුහුමනින් කිරිබත්, ගිතෙල්, මීපැණි ආදිය ගෙනැවිත් (තැන්පත් කොට) ගින්නෙහි පූජා කිරීමට ගෙනෙන ලද සියල්ල ආහූතී යැයි කියනු ලැබේ. සපදානං ගෙයක් පාසා, භාග්‍යවතුන් වහන්සේ සියළු ජනයාටම උදව් කිරීම පිණිස ආහාර (ලද තරමින්) සතුටුවීමටද, උසස් පහත් යැයි සම්මත කුල නොසළකා පිඬු පිණිස හැසිරෙති. සපදාන පිණ්ඩාය චරමානො යැයි එහෙයින් කියන ලදී.

අථ කිමත්‍ථං සබ‍්බාකාරසම‍්පන‍්නං සමන‍්තපාසාදිකං භගවන‍්තං දිස‍්වා බ්‍රාහ‍්මණස‍්ස චිත‍්තං නප‍්පසීදති? කස‍්මා ච එවං ඵරුසෙන වචනෙන භගවන‍්තං සමුදාචරතීති? වුච‍්චතෙ – අයං කිර බ්‍රාහ‍්මණො “මඞ‍්ගලකිච‍්චෙසු සමණදස‍්සනං අවමඞ‍්ගල”න‍්ති එවංදිට‍්ඨිකො, තතො “මහාබ්‍රහ‍්මුනො භුඤ‍්ජනවෙලාය කාළකණ‍්ණී මුණ‍්ඩකසමණකො මම නිවෙසනං උපසඞ‍්කමතී”ති මන‍්ත්‍වා චිත‍්තං නප‍්පසාදෙසි, අඤ‍්ඤදත්‍ථු දොසවසංයෙව අගමාසි. අථ කුද‍්ධො අනත‍්තමනො අනත‍්තමනවාචං නිච‍්ඡාරෙසි “තත්‍රෙව මුණ‍්ඩකා”තිආදි. තත්‍රාපි ච යස‍්මා “මුණ‍්ඩො අසුද‍්ධො හොතී”ති බ්‍රාහ‍්මණානං දිට‍්ඨි, තස‍්මා “අයං අසුද‍්ධො, තෙන දෙවබ්‍රාහ‍්මණපූජකො න හොතී”ති ජිගුච‍්ඡන‍්තො “මුණ‍්ඩකා”ති ආහ. මුණ‍්ඩකත‍්තා වා උච‍්ඡිට‍්ඨො එස, න ඉමං පදෙසං අරහති ආගච‍්ඡිතුන‍්ති සමණො හුත්‍වාපි ඊදිසං කායකිලෙසං න වණ‍්ණෙතීති ච සමණභාවං ජිගුච‍්ඡන‍්තො “සමණකා”ති ආහ. න කෙවලං දොසවසෙනෙව, වසලෙ වා පබ‍්බාජෙත්‍වා තෙහි සද‍්ධිං එකතො සම‍්භොගපරිභොගකරණෙන පතිතො අයං වසලතොපි පාපතරොති ජිගුච‍්ඡන‍්තො “වසලකා”ති ආහ – “වසලජාතිකානං වා ආහුතිදස‍්සනමත‍්තසවනෙන පාපං හොතී”ති මඤ‍්ඤමානොපි එවමාහ.

(එසේ වැඩම වූ බුදුන් දැක බ්‍රාහ්මණයාගේ සිත සතුටු නොවී රළු නපුරු වචනයෙන් බුදුන්ට කථා කළේය.) හැම අයුරින්ම හැමදෙනා පහදනසුළු භාග්‍යවතුන් වහන්සේ දැක, බමුණාගේ සිත නොපැහැදුනේ ඇයි? කුමක් නිසා මෙසේ නපුරු වචනයෙන් කතා කළේද? ඒ පිළිබඳ කිවයුතු මෙයයි. මේ බමුණා යහපත් කටයුතුවලදී මහණුන් දැකීම අයහපත් දෙයකැයි දැඩි අදහසින් යුතුය. මහා බ්‍රහ්මයා අනුභව කරන වේලාවෙහි කාලකණ්ණි, හිස මුඩුකරන ලද මහණුන් මගේ නිවහනට පැමිණියේ යැයි සිතා සිත කිලිටි කර ගත්තේය. හුදෙක්ම නපුරු තරහව ඇතිකර ගත්තේය. ඉක්බිති, නපුරුව, නොසතුටුව, එම හැඟීම් පිට කරන ලද්දේ තත්‍රෙව මුණ්ඩක ආදී ලෙසිනි. හිස මුඩු කිරීම අසුබ අයහපත් යැයි බමුණන්ගේ හැඟීමයි. එහෙයින් මෙහි පැමිණියේ අයහපත් කෙනෙකි. එහෙයින් මොහු දෙවියන්ගේ, බමුණන්ගේ පූජකයකු නොවේ යැයි පිළිකුල් කරමින් මුණ්ඩක යැයි කීය. හිස මුඩු කරන ලද බැවින්, ඉතිරි වන (ඉඳුල්) ආහාර ලබාගැනීමට මොහු මේ පෙදෙසට ඒම සුදුසු නැත. මහණකු වුවත්, කයෙහි කිලිටි බව අගය නොකරත්දැ’යි මහණකමටද පිළිකුල් කරමින් සමණක යැයි කීය. හුදෙක් තරහෙන්ම නොව, වසලයෙකු හෝ පැවිදිව ඔවුන් හා එක්ව ආහාර අනුභව කිරීම් ආදියෙන්, මේ තැනැත්තා වසලයෙකුටත් වඩා පව්කාරයෙකැයි පිළිකුල් කරමින් වසලක යැයිද කීය. උපතින්ම වසලයන් වූවන්ට හෝ පූජා ලැබීම, දැකීම, වේද මතුරු ඇසීම පව් සිදුවේ යැයි හඟිමින් එසේ කීය.

භගවා තථා වුත‍්තොපි විප‍්පසන‍්නෙනෙව මුඛවණ‍්ණෙන මධුරෙන සරෙන බ්‍රාහ‍්මණස‍්ස උපරි අනුකම‍්පාසීතලෙන චිත‍්තෙන අත‍්තනො සබ‍්බසත‍්තෙහි අසාධාරණතාදිභාවං පකාසෙන‍්තො ආහ “ජානාසි පන, ත්‍වං බ්‍රාහ‍්මණා”ති. අථ බ්‍රාහ‍්මණො භගවතො මුඛප‍්පසාදසූචිතං තාදිභාවං ඤත්‍වා අනුකම‍්පාසීතලෙන චිත‍්තෙන නිච‍්ඡාරිතං මධුරස‍්සරං සුත්‍වා අමතෙනෙව අභිසිත‍්තහදයො අත‍්තමනො විප‍්පසන‍්නින්‍ද්‍රියො නිහතමානො හුත්‍වා තං ජාතිසභාවං විසඋග‍්ගිරසදිසං සමුදාචාරවචනං පහාය “නූන යමහං හීනජච‍්චං වසලන‍්ති පච‍්චෙමි, න සො පරමත්‍ථතො වසලො, න ච හීනජච‍්චතා එව වසලකරණො ධම‍්මො”ති මඤ‍්ඤමානො “න ඛ‍්වාහං, භො ගොතමා”ති ආහ. ධම‍්මතා හෙසා, යං හෙතුසම‍්පන‍්නො පච‍්චයාලාභෙන ඵරුසොපි සමානො ලද‍්ධමත‍්තෙ පච‍්චයෙ මුදුකො හොතීති.

බමුණා එලෙස කිවූවත්, භාග්‍යවතුන් වහන්සේ පහන් වූ මුහුණින් යුතුව, මිහිරි හඬින් බමුණා කෙරේ අනුකම්පාවෙන් සිහිල් වූ සිතින් තමා හැමදෙනාටම සමානතාවයෙන් නොවෙනස්ව පවතින බව පහදා දෙමින් ජනාසි පන ත්‍වං බ්‍රාහ්මණ යැයි කීහ. එවිට බමුණා භාග්‍යවතුන් වහන්සේ එයින් කම්පා නොවන බව පසන් මුහුණින් පිළිබිඹු වන අයුරු දැන, අනුකම්පාවෙන් සිහිල් වූ සිතින් නිකුත් මිහිරි හඬ අසා, අමාවෙන් අබිසෙස් ලද සේ සතුටු හදින්, පැහැදුනු ඉඳුරන් ඇතිව, නිහතමානීව, බමුණකුව ඉපදීමෙන් හටගත් විස පිටකිරීමක් බඳු නිතර කී රළු වචන හැර ‘මම යම් ආකාරයකට පහත් ඉපදීමකින් වසලයකැයි බලාපොරොත්තු වූයෙම්ද? ඔහු උසස් අදහස් ඇති බව පෙනෙන හෙයින් වසලයෙකු නොවේ. පහත් ඉපදීමක් ඇත්තෙකු ද නොවේ. වසලයෙකැයි මේ සළකනු ලබන කරුණු සළකා, න ඛො අහං භො ගොතම යැයි කීය. යම් කෙනෙකුට උසස් අවබෝධය ලැබීමට හේතු සම්පත් ඇත්තේ නම්, එය ලැබීමේදී නපුරු කෙනෙකු වුවත්, මොළොක් බවට පත්වීම (සොබා) දහමට අනුකූල වූවකි.

තත්‍ථ සාධූති අයං සද‍්දො ආයාචනසම‍්පටිච‍්ඡනසම‍්පහංසනසුන්‍දරදළ‍්හීකම‍්මාදීසු දිස‍්සති. “සාධු මෙ, භන‍්තෙ, භගවා සංඛිත‍්තෙන ධම‍්මං දෙසෙතූ”තිආදීසු (සං· නි· 4.95; අ· නි· 7.83) හි ආයාචනෙ. “සාධු, භන‍්තෙති ඛො සො භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා”තිආදීසු (ම· නි· 3.86) සම‍්පටිච‍්ඡනෙ. “සාධු, සාධු, සාරිපුත‍්තා”තිආදීසු (දී· නි· 3.349) සම‍්පහංසනෙ.

සාධූ - මෙම වචනය, ඉල්ලීම, පිළිගැනීම, සතුට පළකිරීම, එකඟතාව දැක්වීම, යහපත, අවධාරණය කොට දක්වන තැන යෙදේ. සාධු මෙ භන්තෙ භගවා - සංඛිත්තෙන ධම්මං දෙසෙතු ‘භාග්‍යවතුන් වහන්ස, මට සැකෙවින් දහම් දෙසන සේක්වා! - මෙහි ඉල්ලීමක් ලෙස යෙදී ඇත. ‘සාධු භන්තෙ ති ඛො සො භික්‍ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා...’ ‘යහපති හිමියෙනි, ඒ බමුණා භාග්‍යවතුන් වහන්සේ කියන ලද කරුණු කෙරෙහි අනුමෝදන්ව......’ ආදී තැන්වල (එම අදහස) පිළිගැනීමේදී යෙදී ඇත. ‘සාධු... සාධු සාරිපුත්ත...’ ‘හොඳයි, මැනවි සාරිපුත්තය - සතුට දැක්වීමටය.

“සාධු ධම‍්මරුචී රාජා, සාධු පඤ‍්ඤාණවා නරො; සාධු මිත‍්තානමද‍්දුබ‍්භො, පාපස‍්සාකරණං සුඛ”න‍්ති. (ජා· 2.18.101) –

‘සාධු ධම්මරුචි රාජා - සාධු පඤ්ඤාණ වා නරො සාධු මිත්තාන මද්දූභො - පාපානං අකරණං සුඛං’

‘රජ දහමට කැමතිවීම හොඳය, නුවණැත්තෙකැයි හඳුනා ගැනීමට ලකුණු තිබීම මිනිසාට හොඳය. සුහද මිතුරු බව හොඳය. පව් නොකිරීම සුවයකි’

ආදීසු සුන්‍දරෙ. “තං සුණාථ, සාධුකං මනසි කරොථා”තිආදීසු (ම· නි· 1.1) දළ‍්හීකම‍්මෙ. ඉධ පන ආයාචනෙ.

මෙහි යහපත - හොඳය යන අදහසටය. ‘සාධුකං සුණෙව මනසි කරොම’ ‘මැනවින් අසමු, මෙනෙහි කරමු’ යන තැන අවධාරණයෙන් දැක්වීමටය. මෙම සූත්‍රයෙහි යෙදුනේ ඉල්ලීමක් ලෙසයි.

තෙන හීති තස‍්සාධිප‍්පායනිදස‍්සනං, සචෙ ඤාතුකාමොසීති වුත‍්තං හොති. කාරණවචනං වා, තස‍්ස යස‍්මා ඤාතුකාමොසි, තස‍්මා, බ්‍රාහ‍්මණ, සුණාහි, සාධුකං මනසි කරොහි, තථා තෙ භාසිස‍්සාමි, යථා ත්‍වං ජානිස‍්සසීති එවං පරපදෙහි සද‍්ධිං සම‍්බන්‍ධො වෙදිතබ‍්බො. තත්‍ර ච සුණාහීති සොතින්‍ද්‍රියවික‍්ඛෙපවාරණං, සාධුකං මනසි කරොහීති මනසිකාරෙ දළ‍්හීකම‍්මනියොජනෙන මනින්‍ද්‍රියවික‍්ඛෙපවාරණං. පුරිමඤ‍්චෙත්‍ථ බ්‍යඤ‍්ජනවිපල‍්ලාසග‍්ගාහවාරණං, පච‍්ඡිමං අත්‍ථවිපල‍්ලාසග‍්ගාහවාරණං . පුරිමෙන ච ධම‍්මස‍්සවනෙ නියොජෙති, පච‍්ඡිමෙන සුතානං ධම‍්මානං ධාරණත්‍ථූපපරික‍්ඛාදීසු. පුරිමෙන ච “සබ්‍යඤ‍්ජනො අයං ධම‍්මො, තස‍්මා සවනීයො”ති දීපෙති, පච‍්ඡිමෙන “සාත්‍ථො, තස‍්මා මනසි කාතබ‍්බො”ති. සාධුකපදං වා උභයපදෙහි යොජෙත්‍වා “යස‍්මා අයං ධම‍්මො ධම‍්මගම‍්භීරො ච දෙසනාගම‍්භීරො ච, තස‍්මා සුණාහි සාධුකං. යස‍්මා අත්‍ථගම‍්භීරො පටිවෙධගම‍්භීරො ච, තස‍්මා සාධුකං මනසි කරොහී”ති එතමත්‍ථං දීපෙන‍්තො ආහ – “සුණාහි සාධුකං මනසි කරොහී”ති.

තෙන හි යනු ඔහුගේ අදහස් දැක්වීමයි. ඔබ දැනගැනීමට කැමතිවෙහි නම්, යන අදහසින් කියන ලදී. ඊට අදාල වන පරිදි ඔහුට දැනගැනීමට කැමති වන ආකාරයට ‘බමුණ අසන්න, හොඳින් මෙනෙහි කරන්න. ඔබට දැනගැනීමට හැකිවන පරිදි ඔබට කියන්නෙමි’යි පසුපදය හා සම්බන්ධකොට දතයුතුය. එහි සුණාහි කණ නම් වූ ඉන්‍ද්‍රිය අසන කරුණට අදාලව මිස වෙනත් දෙයකට යොමුවීම වැළකීමයි. සාධුකං මනසිකරොහි (අසන දේ) ගැන නුවණ මෙහෙයා කල්පනා කරමින්, මනස නම් වූ ඉන්‍ද්‍රිය වෙනත් අරමුණකට ඇදී යාම වැළකීමයි. මෙහි මුලින් පෙන්වූයේ කරුණු වෙනස් අයුරින් තේරුම් ගැනීම වැළකීමයි. පසුව පෙන්වූයේ තේරුම් ලෙස වරදවා ගැනීම වැළකීමය. මුලදී දහම් ඇසීමෙහි (සූදානම් වීම) පෙන්වයි. පසුව, ඇසූ දහම් කරුණු සිත දරා විමසා බැලීමද ලෙසිනි. මුලින්, ‘මෙම දහම කරුණුවලට අදාලව මනා පද ගැළපීම සහිතය. එබැවින් ඇසිය යුතු යැයි ද පෙන්වා දෙයි. පසුව දැක්වූයේ එහි අරුත් සහිත බවය. එහෙයින් මෙනෙහි කළ යුතුය. යහපති, හෙවත් ‘සාධු’ යන්න පද දෙකෙහිම යොදා, මේ දහමෙහි ගැඹුරු බවද දේශනාවේ උසස් බවද (සළකා) හොඳින් අසන්න. තවදුරටත් ගැඹුරු අරුත්ද, අවබෝධයෙහි ගැඹුරු බවද (සළකා) හොඳින් මෙනෙහි කරන්නැයි පහදමින් සූණහි, සාධුකං මනසිකරොහි යැයි වදාළහ.

තතො “එවං ගම‍්භීරෙ කථමහං පතිට‍්ඨං ලභිස‍්සාමී”ති විසීදන‍්තමිව තං බ්‍රාහ‍්මණං සමුස‍්සාහෙන‍්තො ආහ – “භාසිස‍්සාමී”ති. තත්‍ථ “යථා ත්‍වං ඤස‍්සසි, තථා පරිමණ‍්ඩලෙහි පදබ්‍යඤ‍්ජනෙහි උත‍්තානෙන නයෙන භාසිස‍්සාමී”ති එවමධිප‍්පායො වෙදිතබ‍්බො. තතො උස‍්සාහජාතො හුත්‍වා “එවං භො”ති ඛො අග‍්ගිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො භගවතො පච‍්චස‍්සොසි, සම‍්පටිච‍්ඡි පටිග‍්ගහෙසීති වුත‍්තං හොති, යථානුසිට‍්ඨං වා පටිපජ‍්ජනෙන අභිමුඛො අස‍්සොසීති. අථස‍්ස “භගවා එතදවොචා”ති ඉදානි වත‍්තබ‍්බං සන්‍ධාය වුත‍්තං “කොධනො උපනාහී”ති එවමාදිකං.

ගැඹුරු වූ දහමෙහි මා කෙසේ පිහිට ලබන්නෙම්දැ’යි මෙසේ කලකිරීමෙන් සිටි ඒ බමුණා උත්සාහවත් කරමින්, භාසිස්සාමී යැයි කීහ. ‘ඔබ ඒ කරුණු වටහාගන්නා ආකාරයට මම පදවහර මනාව ගළපා අදහස් මුදුන්පත් වන ලෙසින් කියන්නෙමි’ යන අදහස දතයුතුය. එයින් උත්සාහවත්ව, එවං හොති ඛො අග්ගිකභාරද්වාජො බ්‍රාහ්මණෙ භගවතො පච්චස්සොසි, පිළිගත්තේ යැයි කියන ලදී. දේශනයෙන් දැක් වූ පරිදි පිළිපැදීමේ අදහසින් ඉදිරියේ සිට ඇසුවේය යනුයි. ඉක්බිති ඔහුට භගවා එතදවොච දැන් කිවයුතු දේ සඳහා කොධනො උපනාහි ආදී ලෙසින් වදාරන ලදී.

තත්‍ථ කොධනොති කුජ‍්ඣනසීලො. උපනාහීති තස‍්සෙව කොධස‍්ස දළ‍්හීකම‍්මෙන උපනාහෙන සමන‍්නාගතො. පරෙසං ගුණෙ මක‍්ඛෙති පුඤ‍්ඡතීති මක‍්ඛී, පාපො ච සො මක‍්ඛී චාති පාපමක‍්ඛී. විපන‍්නදිට‍්ඨීති විනට‍්ඨසම‍්මාදිට‍්ඨි, විපන‍්නාය වා විරූපං ගතාය දසවත්‍ථුකාය මිච‍්ඡාදිට‍්ඨියා සමන‍්නාගතො. මායාවීති අත‍්තනි විජ‍්ජමානදොසපටිච‍්ඡාදනලක‍්ඛණාය මායාය සමන‍්නාගතො. තං ජඤ‍්ඤා වසලො ඉතීති තං එවරූපං පුග‍්ගලං එතෙසං හීනධම‍්මානං වස‍්සනතො සිඤ‍්චනතො අන්‍වාස‍්සවනතො “වසලො”ති ජානෙය්‍යාති, එතෙහි සබ‍්බෙහි බ්‍රාහ‍්මණමත්‍ථකෙ ජාතො. අයඤ‍්හි පරමත්‍ථතො වසලො එව, අත‍්තනො හදයතුට‍්ඨිමත‍්තං, න පරන‍්ති. එවමෙත්‍ථ භගවා ආදිපදෙනෙව තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස කොධනිග‍්ගහං කත්‍වා “කොධාදිධම‍්මො හීනපුග‍්ගලො”ති පුග‍්ගලාධිට‍්ඨානාය ච දෙසනාය කොධාදිධම‍්මෙ දෙසෙන‍්තො එකෙන තාව පරියායෙන වසලඤ‍්ච වසලකරණෙ ච ධම‍්මෙ දෙසෙසි. එවං දෙසෙන‍්තො ච “ත්‍වං අහ”න‍්ති පරවම‍්භනං අත‍්තුක‍්කංසනඤ‍්ච අකත්‍වා ධම‍්මෙනෙව සමෙන ඤායෙන තං බ්‍රාහ‍්මණං වසලභාවෙ, අත‍්තානඤ‍්ච බ්‍රාහ‍්මණභාවෙ ඨපෙසි.

කොධනො යනු කිපෙනසුළු බවයි. උපනාහි ඒ කිපීම දැඩි ලෙස ගෙන දිගින් දිගට පවත්වා ගැනීමයි. අනුන්ගේ ගුණ මකයි. පිසදා හරියි. මක්‍ඛී වේ. අයහපත් පවිටු ගති ඇති එබඳු තැනැත්තා, පාපමක්‍ඛී විපන්න දිට්ඨි යහපත් දැකීම නොමැති, අත්හරින ලද බවයි. වැරදි ලෙස ගත් හෝ නිවැරදි යයි සිතාගත් කරුණු දහයක් වූ වැරදි හැඟීම්වලින් යුතු වූයේ, මායාවී තමන්ගේ ඇති දොස් සඟවන ලකුණින්, කපටිබවෙන් යුතු, තං ජඤ්ඤා වසලො මෙබඳු පහත් ගතිවලට වසඟව, එය ජීවිතයෙහි (ආලේපයක්) මෙන් තබාගෙන සිටින තැනැත්තා වසලයා යැයි දැනගනුව. ඉදින් බ්‍රහ්මයාගේ (මුවින් උපන්නේ) යැයි මුදුනින් පිළිගත්තද, මොහුගේ අදහස අනුව (මූලික අදහස) වසලයකුමය. (එයින්) තම හදවතේ සතුට මිස වෙනත් තැනැත්තන්ට එසේ සතුටක් ඇති නොවේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මුල් පදයෙන්ම ඒ බමුණාට කෝපයෙහි දොස් දක්වා, කෝප ආදී පවිටු ගුණවලින් යුතු තැනැත්තන්ගේ සිතැඟි පහදාදීමත්, ඒ ගැන විස්තර කරමින්, ඒ අනුව වසලයකු හා වසලයකු සේ සැළකෙන කරුණු දෙසූ සේක. ‘ඔබ හා මා යැයි සැළකීමක් නොකොට, තමා උසස් බව හඟවා අනුන් පහත්කොට සැළකීමද නොකොට, දහම් නය අනුව තමන්වහන්සේ බ්‍රාහ්මණයකු වන අයුරුත්, භාරද්වාජ බමුණාගේ වසල බවත් පහදා දුන්හ.

ඉදානි යායං බ්‍රාහ‍්මණානං දිට‍්ඨි “කදාචි පාණාතිපාතඅදින‍්නාදානාදීනි කරොන‍්තොපි බ්‍රාහ‍්මණො එවා”ති. තං දිට‍්ඨිං පටිසෙධෙන‍්තො, යෙ ච සත‍්තවිහිංසාදීසු අකුසලධම‍්මෙසු තෙහි තෙහි සමන‍්නාගතා ආදීනවං අපස‍්සන‍්තා තෙ ධම‍්මෙ උප‍්පාදෙන‍්ති, තෙසං “හීනා එතෙ ධම‍්මා වසලකරණා”ති තත්‍ථ ආදීනවඤ‍්ච දස‍්සෙන‍්තො අපරෙහිපි පරියායෙහි වසලඤ‍්ච වසලකරණෙ ච ධම‍්මෙ දෙසෙතුං “එකජං වා ද‍්විජං වා”ති එවමාදිගාථායො අභාසි.

මීළඟට ‘කවර විටක හෝ පරපණ නැසීම, නුදුන් දේ ගැනීම ආදියෙහි යෙදුනත්, ඔහු බමුණකුම වේ’ යැයි යන බමුණන්ගේ දැඩිව ගන්නා හැඟීමක් වේද, ඒ හැඟීම ඉවත් කෙරෙමින්ද, හිංසා කිරීම් ආදී අයහපත් දෙයෙහි යෙදෙන කෙනෙකු එහි විපාක නොදැක, ඒවා අත් නොහරිත්ද, ඒ පුද්ගලයා පවිටු වූ වසලයකු වන බවද එහි පලවිපාකද දක්වමින් වෙනත් අයුරින් වසල බව හා වසලයකු වන සැටි දේශනා කරන්නට එකජං වා ද්විජං වා ආදී මෙබඳු ගාථා වදාළහ.

තත්‍ථ එකජොති ඨපෙත්‍වා අණ‍්ඩජං අවසෙසයොනිජො. සො හි එකදා එව ජායති. ද‍්විජොති අණ‍්ඩජො. සො හි මාතුකුච‍්ඡිතො අණ‍්ඩකොසතො චාති ද‍්වික‍්ඛත‍්තුං ජායති. තං එකජං වා ද‍්විජං වාපි. යොධ පාණන‍්ති යො ඉධ සත‍්තං. විහිංසතීති කායද‍්වාරිකචෙතනාසමුට‍්ඨිතෙන වා වචීද‍්වාරිකචෙතනාසමුට‍්ඨිතෙන වා පයොගෙන ජීවිතා වොරොපෙති. “පාණානි හිංසතී”තිපි පාඨො. තත්‍ථ එකජං වා ද‍්විජං වාති එවංපභෙදානි යොධ පාණානි හිංසතීති එවං සම‍්බන්‍ධො වෙදිතබ‍්බො. යස‍්ස පාණෙ දයා නත්‍ථීති එතෙන මනසා අනුකම‍්පාය අභාවං ආහ. සෙසමෙත්‍ථ වුත‍්තනයමෙව. ඉතො පරාසු ච ගාථාසු, යතො එත‍්තකම‍්පි අවත්‍වා ඉතො පරං උත‍්තානත්‍ථානි පදානි පරිහරන‍්තා අවණ‍්ණිතපදවණ‍්ණනාමත‍්තමෙව කරිස‍්සාම.

එකජො යනු බිත්තරයකින් උපත ලබන්නන් හැර, ඉතිරි යොනිවලින් (වෙනත් ආකාරයට) ඉපදෙන්නන්, එය ද එක්වරක් ඉපදීමකි. ද්විජො යනු බිත්තරයකින් ඉපදෙන, මවුකුසින් ද බිජුවටින්දැයි දෙවරකට උපදී. ඒ එකජං වා ද්විජං වාපි වේ. යොධ පාණං මේ ලෝකයෙහි යම් ජීවියකුට විහිංසති සිතිවිලි අනුව කය නම් දොරටුවෙන්ද සිතිවිලි අනුව වචනය නම් දොරටුවෙන්ද එක්කොට ජීවිත තොර කරයි. (සිත කය වචන මෙහෙයා යම් කෙනෙකු නසයි) පාණනි හිංසති යනුවෙන්ද සඳහන්ව ඇත. එහිදී බිත්තරයකින් හැර වෙනත් ලෙස ඉපදෙන හෝ, බිජුවටින් උපදින හෝ මෙම කොටස් දෙකටම අයත් ජීවීන්ට හිංසා කරයි යනුවෙන් ගළපා ගතයුතුය. යස්ස පාණෙ දයා නත්‍ථි එබඳු සිතින් අනුකම්පාවක් ඇති නොවන බව කීය. මෙතැන් සිට ඉදිරියට දැක්වෙන ගාථාවල, කලින් කියා ඇති පද විස්තර හැර, පැහැදිළි කළයුතු, විස්තර නොකරන ලද පද පමණක් සඳහන් කරන්නෙමි.

හන‍්තීති හනති විනාසෙති. පරිරුන්‍ධතීති සෙනාය පරිවාරෙත්‍වා තිට‍්ඨති. ගාමානි නිගමානි චාති එත්‍ථ ච-සද‍්දෙන නගරානීතිපි වත‍්තබ‍්බං. නිග‍්ගාහකො සමඤ‍්ඤාතොති ඉමිනා හනනපරිරුන්‍ධනෙන ගාමනිගමනගරඝාතකොති ලොකෙ විදිතො.

හන්ති නසයි, හානියට පත්කරයි. පරිරුන්‍ධති සේනාව පිරිවරා සිටී. ගාමානි නිගමානිච මෙහි ‘ච’ අකුරෙන් නගරද කිවයුතුය. නිග්ගාහකො සමඤ්ඤාතො මෙසේ හානි කිරිමෙහිදී සේනාව හා වටලා, ගම්නියම් නගර අවහිර කරන්නෙකැයි ලෝකයා දැනගනු ලබයි.

ගාමෙ වා යදි වාරඤ‍්ඤෙති ගාමොපි නිගමොපි නගරම‍්පි සබ‍්බොව ඉධ ගාමො සද‍්ධිං උපචාරෙන, තං ඨපෙත්‍වා සෙසං අරඤ‍්ඤං. තස‍්මිං ගාමෙ වා යදි වාරඤ‍්ඤෙ යං පරෙසං මමායිතං, යං පරසත‍්තානං පරිග‍්ගහිතමපරිච‍්චත‍්තං සත‍්තො වා සඞ‍්ඛාරො වා. ථෙය්‍යා අදින‍්නමාදෙතීති තෙහි අදින‍්නං අනනුඤ‍්ඤාතං ථෙය්‍යචිත‍්තෙන ආදියති, යෙන කෙනචි පයොගෙන යෙන කෙනචි අවහාරෙන අත‍්තනො ගහණං සාධෙති.

ගාමෙ වා යදි වාරඤ්ඤෙ ගම ද, නියම්ගමද නගරයද යන සියල්ලම ගම යන වචනය හා සැළකෙයි. ඒවා හැර මෙහි කැලය අදහස් වේ. ඒ ගමෙහි හෝ නැතිනම් කැලයෙහි හෝ, යං පරෙසං මමායිතං අනුන්ට අයිති, රැකගනු ලබන, නොදුන් යම් ඕනෑම දෙයක්, ථෙය්‍ය අදින්නං ආදියති (අයිතිකරුවන්) නොදෙන ලද, අනුදැනුමක් නොලද දෙයක් සොර සිතින් ගැනීමයි. යම්කිසි උපායකින්, යම්කිසි සොර මගකින් තම කොටසට එකතුකර ගැනීමයි.

ඉණමාදායාති අත‍්තනො සන‍්තකං කිඤ‍්චි නික‍්ඛිපිත්‍වා නික‍්ඛෙපග‍්ගහණෙන වා, කිඤ‍්චි අනික‍්ඛිපිත්‍වා “එත‍්තකෙන කාලෙන එත‍්තකං වඩ‍්ඪිං දස‍්සාමී”ති වඩ‍්ඪිග‍්ගහණෙන වා, “යං ඉතො උදයං භවිස‍්සති, තං මය‍්හං මූලං තවෙව භවිස‍්සතී”ති වා “උදයං උභින‍්නම‍්පි සාධාරණ”න‍්ති වා එවං තංතංආයොගග‍්ගහණෙන වා ඉණං ගහෙත්‍වා. චුජ‍්ජමානො පලායති න හි තෙ ඉණමත්‍ථීති තෙන ඉණායිකෙන “දෙහි මෙ ඉණ”න‍්ති චොදියමානො “න හි තෙ ඉණමත්‍ථි, මයා ගහිතන‍්ති කො සක‍්ඛී”ති එවං භණනෙන ඝරෙ වසන‍්තොපි පලායති.

ඉණ මාදාය තමාට අයත් කිසියම් දෙයක් (ඇපයට මෙන්) තබා වෙනත් දෙයක් ලබාගැනීම හෝ, කිසියම් දෙයක් නොතබා මෙපමණ කලකින්, මෙපමණ දෙයක් වැඩියෙන් (පොලියක්) දෙමි’යි අගය වැඩිකිරීමෙන් හෝ මෙයින් යම් ලාභයක් වේද, ‘එය මටය, මුදල ඔබටම වන්නේ’ යැයි ලාභය දෙදෙනාටම සමවන සේ හෝ මෙසේ සම්මතයකට පැමිණ ණය ගෙන, චුජ්ජමානො පලායති, න හි තෙ ඉණමත්‍ථි ඒ ණයහිමියා ‘මගේ ණය දෙව’යි, ඉල්ලනු ලබද්දී, ‘මා ඔබෙන් ගන්නා ලද ණයක් නැතැ’යි ද, කවරෙකු සාක්කි වේදැ’යි මෙසේ කියමින් ගෙදර සිටියද ඉවතට යයි.

කිඤ‍්චික‍්ඛකම්‍යතාති අප‍්පමත‍්තකෙපි කිස‍්මිඤ‍්චිදෙව ඉච‍්ඡාය. පන්‍ථස‍්මිං වජන‍්තං ජනන‍්ති මග‍්ගෙ ගච‍්ඡන‍්තං යංකිඤ‍්චි ඉත්‍ථිං වා පුරිසං වා. හන‍්ත්‍වා කිඤ‍්චික‍්ඛමාදෙතීති මාරෙත්‍වා කොට‍්ටෙත්‍වා තං භණ‍්ඩකං ගණ‍්හාති.

කිඤ්චික්‍ඛකම්‍යතා ඉතා අල්ප ලෙසින් වුවද කිසියම් දෙයක්ම කැමතිව, පන්‍ථසමිං වජතං ජනං පාරෙහි යන කිසියම් ගැහැණියක හෝ පිරිමියකු හෝ, හනත්‍වා කිඤ්චික්‍ඛමාදෙති මරා කපා කොටා ඒ බඩු පැහැර ගනී.

අත‍්තහෙතූති අත‍්තනො ජීවිතකාරණා, තථා පරහෙතු. ධනහෙතූති සකධනස‍්ස වා පරධනස‍්ස වා කාරණා. ච-කාරො සබ‍්බත්‍ථ විකප‍්පනත්‍ථො. සක‍්ඛිපුට‍්ඨොති යං ජානාසි, තං වදෙහීති පුච‍්ඡිතො. මුසා බ්‍රූතීති ජානන‍්තො වා “න ජානාමී”ති අජානන‍්තො වා “ජානාමී”ති භණති, සාමිකෙ අසාමිකෙ, අසාමිකෙ ච සාමිකෙ කරොති.

අත්තහෙතු තම ජීවිකාව පිණිස, පරහෙතු ධනහෙතු එසේම තම ධනයට හෝ අනුන්ගේ ධනය වෙනුවෙන්, ‘ච’ හැමතැනටම විකල්ප ලෙසින් යෙදේ. සක්‍ඛි පුට්ඨො ‘දන්නා දෙයක් වේනම්, එය කියව’යි පවසන ලදුව, මුසා බ්‍රෑති දැනගෙන ‘නොදනිමි’ හෝ නොදැන ‘දනිමි’ හෝ කියයි. හිමිකරුවන් අහිමි වූවන් ලෙසට පත් කරයි.

ඤාතීනන‍්ති සම‍්බන්‍ධීනං. සඛීනන‍්ති වයස‍්සානං දාරෙසූති පරපරිග‍්ගහිතෙසු. පටිදිස‍්සතීති පටිකූලෙන දිස‍්සති, අතිචරන‍්තො දිස‍්සතීති අත්‍ථො. සාහසාති බලක‍්කාරෙන අනිච‍්ඡං. සම‍්පියෙනාති තෙහි තෙසං දාරෙහි පත්‍ථියමානො සයඤ‍්ච පත්‍ථයමානො, උභයසිනෙහවසෙනාපීති වුත‍්තං හොති.

ඤාතීනං ඒ හා බැඳුණු (නෑදෑ) ආදී, සඛානං සමවයස් වූ යහළුවන්ගේ, දාරෙසු අයිතිවූවන් කෙරෙහි හෙවත් බිරියන් කෙරෙහි, පතිදිස්සති පිළිකුල් ලෙස කටයුතු කරයි. ඉක්මවා හැසිරෙන ඇල්මක් දක්වයි. සහසා තම බලපුළුවන්කාරකමින්, (ඒ තැනැත්තිය) නොකැමතිව, සම්පියෙන ඔවුන් විසින් ඒ බිරියන් පතමින් දෙදෙනා කෙරෙහි ඇතිවන ආදරය ගැනද කියන ලද්දේ වේ.

මාතරං පිතරං වාති එවං මෙත‍්තාය පදට‍්ඨානභූතම‍්පි, ජිණ‍්ණකං ගතයොබ‍්බනන‍්ති එවං කරුණාය පදට‍්ඨානභූතම‍්පි . පහු සන‍්තො න භරතීති අත්‍ථසම‍්පන‍්නො උපකරණසම‍්පන‍්නො හුත්‍වාපි න පොසෙති.

මාතරං වා පිතරං වා මෙසේ මෙත් හැඟීමක් නැතිව, ජීණ්ණකං ගත යොබ්බනං මෙසේ කරුණ සහගත නොවී, පහුසන්තො න භරති සම්පත් උපකරණ ආදී සියළු පහසුකම් තිබුණද, රැකබලා නොගෙන, ආහාරපානාදිය නොදෙයි.

සසුන‍්ති සස‍්සුං. හන‍්තීති පාණිනා වා ලෙඩ‍්ඩුනා වා අඤ‍්ඤෙන වා කෙනචි පහරති. රොසෙතීති කොධමස‍්ස සඤ‍්ජනෙති වාචාය ඵරුසවචනෙන.

සසු බිරියගේ, හිමියාගේ මවට, හන්ති අතින් හේ කැටකැබිලිති ආදියෙන් හෝ වෙනත් කිසියම් දෙයකින් ගසයි. රොසෙති ඔහුට තරහම උපදවයි. වාචාය නපුරු වචනයෙන්,

අත්‍ථන‍්ති සන්‍දිට‍්ඨිකසම‍්පරායිකපරමත්‍ථෙසු යංකිඤ‍්චි. පුච‍්ඡිතො සන‍්තොති පුට‍්ඨො සමානො. අනත්‍ථමනුසාසතීති තස‍්ස අහිතමෙව ආචික‍්ඛති. පටිච‍්ඡන‍්නෙන මන‍්තෙතීති අත්‍ථං ආචික‍්ඛන‍්තොපි යථා සො න ජානාති, තථා අපාකටෙහි පදබ්‍යඤ‍්ජනෙහි පටිච‍්ඡන‍්නෙන වචනෙන මන‍්තෙති, ආචරියමුට‍්ඨිං වා කත්‍වා දීඝරත‍්තං වසාපෙත්‍වා සාවසෙසමෙව මන‍්තෙති.

අත්‍ථං මෙලොව පරලොවදී, උසස් අරමුණු ඉටුකරගත හැකි යම් දෙයක්, පුච්ඡිතො සන්තො ඇසූවිටක, අනත්‍ථමනුසාසති ඔහුට අයහපතක් වන ලෙසටම කරුණු කියයි. පටිච්ඡනෙන මන්තෙති දියුණුවට අදාල දෙයක් හෝ කියයිද, තමා නොදන්නා වුවත්, නොඇසූ, සැඟවූ අදහස් ඇති වචන යොදමින්, වටහාගත නොහැකි ලෙස කතා කරයි. ගුරුවරයකු එළිදරව් නොකරන, රහස් මෙන්, දිගුකලක් සඟවාගෙන සිට, වෙනත් කරුණු කියයි.

යො කත්‍වාති එත්‍ථ මයා පුබ‍්බභාගෙ පාපිච‍්ඡතා වුත‍්තා. යා සා “ඉධෙකච‍්චො කායෙන දුච‍්චරිතං චරිත්‍වා, වාචාය දුච‍්චරිතං චරිත්‍වා, මනසා දුච‍්චරිතං චරිත්‍වා, තස‍්ස පටිච‍්ඡාදනහෙතු පාපිකං ඉච‍්ඡං පණිදහති, මා මං ජඤ‍්ඤාති ඉච‍්ඡතී”ති එවං ආගතා. යථා අඤ‍්ඤෙ න ජානන‍්ති, තථා කරණෙන කතානඤ‍්ච අවිවරණෙන පටිච‍්ඡන‍්නා අස‍්ස කම‍්මන‍්තාති පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො.

යො කත්‍වා අටුවාවෙහි මුල් කොටසෙහිදී පවිටු දෙයට කැමති බවක් ගැන මා විසින් සඳහන් කරන ලද පරිදි, ‘මේ ලොවෙහි ඇතැම් කෙනෙක් කයෙන්, වචනයෙන්, සිතින් දුසිරිත්හි හැසිර, එය සැඟවීමට පවිටු, ලාමක හැඟීම අනුව බලාපොරොත්තුව කටයුතු කරයි. මා මං ජඤ්ඤාති ඉච්ඡතී මෙසේ සිදුවී යැයි අනුන්ට දැන නොගන්නා ලෙසට, කරන ලද දේ හෙළිනොවන ලෙස රහසක් සේ තැබීම පටිච්ඡන්න කම්මන්තො වෙයි.

පරකුලන‍්ති ඤාතිකුලං වා මිත‍්තකුලං වා. ආගතන‍්ති යස‍්ස තෙන කුලෙ භුත‍්තං, තං අත‍්තනො ගෙහමාගතං පානභොජනාදීහි නප‍්පටිපූජෙති, න වා දෙති, අවභුත‍්තං වා දෙතීති අධිප‍්පායො.

පරකුලං යනු නෑදෑ පවුලක් හෝ මිතුරු පවුලක් හෝ, ආගතං - එබඳු යම් පවුලකින් අනුභවකොට, එබඳු තැනකින් කෙනෙකු තම ගෙදරට පැමිණි විට, ආහාරපාන ආදියෙන් න පටිපූජෙති පෙරළා නොසළකයි. නොදෙයි. මනාව ආහාර නොදෙයි.

යො බ්‍රාහ‍්මණං වාති පරාභවසුත‍්තෙ වුත‍්තනයමෙව.

යො බ්‍රාහ්මණං වා පරාභව සූත්‍රයෙහි කියන ලද පරිදිය.

භත‍්තකාලෙ උපට‍්ඨිතෙති භොජනකාලෙ ජාතෙ. උපට‍්ඨිතන‍්තිපි පාඨො, භත‍්තකාලෙ ආගතන‍්ති අත්‍ථො. රොසෙති වාචා න ච දෙතීති “අත්‍ථකාමො මෙ අයං බලක‍්කාරෙන මං පුඤ‍්ඤං කාරාපෙතුං ආගතො”ති අචින‍්තෙත්‍වා අප‍්පතිරූපෙන ඵරුසවචනෙන රොසෙති, අන‍්තමසො සම‍්මුඛභාවමත‍්තම‍්පි චස‍්ස න දෙති, පගෙව භොජනන‍්ති අධිප‍්පායො.

භත්තකාලෙ උපට්ඨිතෙ අනුභව කරන කල ඇතිවූ, උපට්ඨිතං යනුවෙන්ද පාඨයකි. රොසෙති වාචා න ච දෙති මොහු මගේ දියුණුව කැමතිව මා පොළඹවාගෙන යහපත් දේ කරවීමට පැමිණියේ යැයි නොසිතා, නොගැළපෙන, රළු වචනයෙන් දොස් කියයි. යටත් පිරිසෙයින් හමුවීමටවත් ඔහුට ඉඩ නොදේ. ආහාරයෙහිද මෙසේම සැළකිය යුතුය.

අසතං යොධ පබ්‍රූතීති යො ඉධ යථා නිමිත‍්තානි දිස‍්සන‍්ති “අසුකදිවසෙ ඉදඤ‍්චිදඤ‍්ච තෙ භවිස‍්සතී”ති එවං අසජ‍්ජනානං වචනං පබ්‍රූති. “අසන‍්ත”න‍්තිපි පාඨො, අභූතන‍්ති අත්‍ථො. පබ්‍රූතීති භණති “අමුකස‍්මිං නාම ගාමෙ මය‍්හං ඊදිසො ඝරවිභවො, එහි තත්‍ථ ගච‍්ඡාම, ඝරණී මෙ භවිස‍්සසි, ඉදඤ‍්චිදඤ‍්ච තෙ දස‍්සාමී”ති පරභරියං පරදාසිං වා වඤ‍්චෙන‍්තො ධුත‍්තො විය. නිජිගීසානොති නිජිගීසමානො මග‍්ගමානො, තං වඤ‍්චෙත්‍වා යංකිඤ‍්චි ගහෙත්‍වා පලායිතුකාමොති අධිප‍්පායො.

අසතං යොධ පබ්‍රෑති මේ ලෝකයෙහි යම් තැනැත්තෙකු, ‘අසවල් දින මේ මේ දේ ඔබට සිදුවන්නේ’ යැයි අයහපත් වචන කියයි. අසන්තං යනුද පාඨයකි. සිදුනොවන, නොවිය හැකි යන තේරුමයි. පබ්‍රෑති කියයි, ‘අසවල් ගමේ, සැපසේ ජීවත්වීමට හැකි පරිදි මෙබඳු සැප සම්පත් තිබේ. එන්න, එහි යමු, මාගේ නිවසෙහි පතිනිය වන්න. මේ මේ දේවල් ඔබට දෙන්නෙමි’යි අනුන්ගේ බිරියක හෝ අනුන්ගේ දාසියක හෝ සලෙලකු මෙන් වංචා කරමින්, නිජිංගිසානො බලාපොරොත්තු ඇතිකරමින්, කැමැත්ත ඇතිකරවමින්, ඇය රවටා යම් කිසිවක් ගෙන පලායාමට අදහස් කරයි.

යො චත‍්තානන‍්ති යො ච අත‍්තානං. සමුක‍්කංසෙති ජාතිආදීහි සමුක‍්කංසති උච‍්චට‍්ඨානෙ ඨපෙති. පරෙ ච මවජානාතීති තෙහියෙව පරෙ අවජානාති, නීචං කරොති. ම-කාරො පදසන්‍ධිකරො . නිහීනොති ගුණවුඩ‍්ඪිතො පරිහීනො, අධමභාවං වා ගතො. සෙන මානෙනාති තෙන උක‍්කංසනාවජානනසඞ‍්ඛාතෙන අත‍්තනො මානෙන.

යොච’ත්තානං යම් තැනැත්තකු තමන්ගේ, සමුක්කංසෙති උසස් ඉපදීමක් ඇතැ’යි තමා ඉහළ තත්ත්වයක බව පෙන්වයි. පරඤ්චමවජානති ඒ ආකාරයෙන් අනුන් පහත් කොට සළකා කටයුතු කරයි. ‘ම’ අකුර වචන සන්‍ධිවීමේදී වූවකි. නිහීනො ගුණදහම් සපුරන්නේ නැතිව, ඉතා පහත් බවට ගිය, සෙන මානෙන එසේ තමා උසස්කොට, අනුන් පහත්කොට සලකන මානයෙන් යුතු,

රොසකොති කායවාචාහි පරෙසං රොසජනකො. කදරියොති ථද‍්ධමච‍්ඡරී, යො පරෙ පරෙසං දෙන‍්තෙ අඤ‍්ඤං වා පුඤ‍්ඤං කරොන‍්තෙ වාරෙති, තස‍්සෙතං අධිවචනං. පාපිච‍්ඡොති අසන‍්තගුණසම‍්භාවනිච‍්ඡාය සමන‍්නාගතො. මච‍්ඡරීති ආවාසාදිමච‍්ඡරියයුත‍්තො. සඨොති අසන‍්තගුණප‍්පකාසනලක‍්ඛණෙන සාඨෙය්‍යෙන සමන‍්නාගතො, අසම‍්මාභාසී වා අකාතුකාමොපි “කරොමී”තිආදිවචනෙන. නාස‍්ස පාපජිගුච‍්ඡනලක‍්ඛණා හිරී, නාස‍්ස උත‍්තාසනතො උබ‍්බෙගලක‍්ඛණං ඔත‍්තප‍්පන‍්ති අහිරිකො අනොත‍්තප‍්පී.

රොසකො කය වචනයෙන් අනුන්ට කෝපය ඇතිකරන, කදරියො තද මසුරුබවින්, වෙන කෙනෙකු විසින් අනෙකෙකුට යම්දෙයක් දෙනු ලබනවිට, යහපත් දෙයක් කරනවිට යම් තැනැත්තෙකු එය වළකත්ද, මෙය ඊට සමාන වචනයකි. පාපිච්ඡො අයහපත් පවිටු දෙයට කැමතිව, ඒ ගතිගුණවලින් යුතු වූයේ, මච්ඡරී ආවාස ආදියෙහි මසුරු බවින් යුතු සඨො තමා තුළ නොමැති ගුණදහම් ඇතැයි පෙන්වන, කපටිබවින් යුතු, යහපත් කතාබහක් නැති, නොකරනු කැමති වුවත් ‘කරමි’ ආදී ලෙසින් පවසන, ඔහුට පවෙහි පිළිකුල් කිරිමේ, ලජ්ජාවක් නැත. එහෙයින්ම එහි තැතිගැනීමක්, සංවේගයක්, බියක් නැති බැවින් අහිරීකො අනොත්තාපී,

බුද‍්ධන‍්ති සම‍්මාසම‍්බුද‍්ධං. පරිභාසතීති “අසබ‍්බඤ‍්ඤූ”තිආදීහි අපවදති, සාවකඤ‍්ච “දුප‍්පටිපන‍්නො”තිආදීහි. පරිබ‍්බාජං ගහට‍්ඨං වාති සාවකවිසෙසනමෙවෙතං පබ‍්බජිතං වා තස‍්ස සාවකං, ගහට‍්ඨං වා පච‍්චයදායකන‍්ති අත්‍ථො. බාහිරකං වා පරිබ‍්බාජකං යංකිඤ‍්චි ගහට‍්ඨං වා අභූතෙන දොසෙන පරිභාසතීති එවම‍්පෙත්‍ථ අත්‍ථං ඉච‍්ඡන‍්ති පොරාණා.

බුද්ධං සම්මා සම්බුදුන් වහන්සේට, පරිහාසති දතයුතු සියළු දෙය නොදන්නා බවට ආදී ලෙසින් දොස් නගයි. සාවකඤ්ච බුදුසව්වන්ට ද දුසිල් පිළිවෙතින් යුතු බව කියමින් දොස් නගයි. පරිබ්බාජං ගහට්ඨං වා මෙය සව්වන්ටම අදාළ පදයකි. පැවිද්දෙකුට හෝ, උන්වහන්සේගේ සාවක ගිහි තැනැත්තකුට හෝ, සිවුපසය සපයා දෙන කෙනෙකුට, වෙනත් සස්නෙක පිරිවැජියකුට හෝ කිසියම් ගිහියෙකුට හෝ බොරුවට දොස් කීමෙන්, චෝදනා කිරීමෙන්, නින්දා කරයිද යන අදහස පැරණි වියත්හු (පොරාණ) කැමති වෙති.

අනරහං සන‍්තොති අඛීණාසවො සමානො. අරහං පටිජානාතීති “අහං අරහා”ති පටිජානාති, යථා නං “අරහා අය”න‍්ති ජානන‍්ති, තථා වාචං නිච‍්ඡාරෙති, කායෙන පරක‍්කමති, චිත‍්තෙන ඉච‍්ඡති අධිවාසෙති. චොරොති ථෙනො. සබ්‍රහ‍්මකෙ ලොකෙති උක‍්කට‍්ඨවසෙන ආහ – සබ‍්බලොකෙති වුත‍්තං හොති . ලොකෙ හි සන්‍ධිච‍්ඡෙදනනිල‍්ලොපහරණඑකාගාරිකකරණපරිපන්‍ථතිට‍්ඨනාදීහි පරෙසං ධනං විලුම‍්පන‍්තා චොරාති වුච‍්චන‍්ති. සාසනෙ පන පරිසසම‍්පත‍්තිආදීහි පච‍්චයාදීනි විලුම‍්පන‍්තා. යථාහ –

අනරහා සන්තො කෙලෙස් දුරු නොකළද, එසේ හඟවමින්, අරහං පටිජානති මා රහත් යැයි හඟවයි. අනෙක් තැනැත්තන්ටද, ‘මේ පුද්ගලයා රහත් කෙනෙකැ’යි හැඟවෙන පරිදි වචන කියයි. ඉරියව් මගින් පෙන්වීමට උත්සාහ කරයි. සිතින්ද ඒ බව කැමති වෙයි. චොරො සොරා, සබ්‍රහ්මකෙ ලොකෙ උසස් අදහසින් කීය. මුළු ලොවෙහිම යැයි කියන ලදී. ගෙවල් බිඳීම් මංකොල්ලකෑම්, ගෙවල් කඩාබිඳ දැමීම්, සැඟව සිට අනුන්ගේ ධනය පැහැර ගන්නට ලොවෙහි සොරා යැයි හඳුන්වනු ලබයි. සසුනෙහිදී (අදාල සාවක) පිරිසගෙන් සිවුපසය ආදිය පැහැර ගැනීම සැළකේ. එහෙයින් මෙසේ වදාළහ.

“පඤ‍්චිමෙ, භික‍්ඛවෙ, මහාචොරා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ පඤ‍්ච? ඉධ, භික‍්ඛවෙ, එකච‍්චස‍්ස මහාචොරස‍්ස එවං හොති ‘කුදාස‍්සු නාමාහං සතෙන වා සහස‍්සෙන වා පරිවුතො ගාමනිගමරාජධානීසු ආහිණ‍්ඩිස‍්සාමි හනන‍්තො, ඝාතෙන‍්තො, ඡින්‍දන‍්තො, ඡෙදාපෙන‍්තො, පචන‍්තො පාචෙන‍්තොති, සො අපරෙන සමයෙන සතෙන වා සහස‍්සෙන වා පරිවුතො ගාමනිගමරාජධානීසු ආහිණ‍්ඩති හනන‍්තො…පෙ… පාචෙන‍්තො. එවමෙව ඛො, භික‍්ඛවෙ, ඉධෙකච‍්චස‍්ස පාපභික‍්ඛුනො එවං හොති ‘කුදාස‍්සු නාමාහං සතෙන වා…පෙ… රාජධානීසු චාරිකං චරිස‍්සාමි සක‍්කතො, ගරුකතො, මානිතො, පූජිතො, අපචිතො, ගහට‍්ඨානඤ‍්චෙව පබ‍්බජිතානඤ‍්ච ලාභී චීවර…පෙ… පරික‍්ඛාරාන’න‍්ති. සො අපරෙන සමයෙන සතෙන වා සහස‍්සෙන වා පරිවුතො ගාමනිගමරාජධානීසු චාරිකං චරති සක‍්කතො…පෙ… පරික‍්ඛාරානං. අයං, භික‍්ඛවෙ, පඨමො මහාචොරො සන‍්තො සංවිජ‍්ජමානො ලොකස‍්මිං.

මහණෙනි, මේ ලෝකයෙහි සොරුන් පස්දෙනෙකු දක්නා ලැබේ. ඒ පස්දෙන කවුද? ‘කවදා මට සියයක් හෝ දහසක් හෝ පිරිවරා හිංසා කරමින්, මරා දමමින්, කප්පවමින්, කප්පවමින්, තදබල පීඩා පමුණුවමින්, ගම් නියම්ගම් රාජධානිවල ඇවිදින්නෙම් දැ’යි එක් මහා හොරෙකුට සිතෙහි. පසුකලක ඔහු සියයක් හෝ දහසක් හෝ පිරිවරා, හිංසා කරමින්..... ඇවිදි. මහණෙනි, එපරිද්දෙන්ම, මේ සස්නෙහි ඇතැම් පාපී මහණුන්ටද ‘කවදා මම සියයක් හෝ..... පිරිවරා ගිහියන්ගෙන්ද පැවිද්දන්ගෙන්ද සත්කාර ගරු බුහුමන් පුද පූජා ලබමින් සිවුරු පිඬු අහර පිරිකර..... ලබන්නෙම්දැ’යි සිතති. මහණෙනි, මේ ලෝකයෙහි දක්නට ලැබෙන පළමුවන මහා සොරාය.

“පුන චපරං, භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පාපභික‍්ඛු තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං පරියාපුණිත්‍වා අත‍්තනො දහති, අයං, භික‍්ඛවෙ, දුතියො…පෙ… ලොකස‍්මිං.

මහණෙනි, නැවතද ඇතැම් පවිටු මහණෙකු තථාගතයන් විසින් මනාව පවසන ලද දහම් විනය ඉගෙන (තමන් පිළිනොපැද) තමන්ම දවා (වැනසෙයිද) මහණෙනි, ඒ දෙවන සොරාය.

“පුන චපරං, භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පාපභික‍්ඛු සුද‍්ධං බ්‍රහ‍්මචාරිං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරන‍්තං අමූලකෙන අබ්‍රහ‍්මචරියෙන අනුද‍්ධංසෙති. අයං, භික‍්ඛවෙ, තතියො…පෙ… ලොකස‍්මිං.

[missing trans]

“පුන චපරං, භික‍්ඛවෙ, ඉධෙකච‍්චො, පාපභික‍්ඛු යානි තානි සඞ‍්ඝස‍්ස ගරුභණ‍්ඩානි ගරුපරික‍්ඛාරානි, සෙය්‍යථිදං – ආරාමො, ආරාමවත්‍ථු, විහාරො, විහාරවත්‍ථු, මඤ‍්චො, පීඨං, භිසි, බිම‍්බොහනං, ලොහකුම‍්භී, ලොහභාණකං, ලොහවාරකො, ලොහකටාහං, වාසි, ඵරසු, කුඨාරී, කුදාලො, නිඛාදනං, වල‍්ලි, වෙළු, මුඤ‍්ජං, පබ‍්බජං, තිණං, මත‍්තිකා, දාරුභණ‍්ඩං, මත‍්තිකාභණ‍්ඩං, තෙහි ගිහිං සඞ‍්ගණ‍්හාති උපලාපෙති. අයං, භික‍්ඛවෙ, චතුත්‍ථො…පෙ… ලොකස‍්මිං.

නැවතද පවිටු මහණකු සඟ පිරිසට අයත් උයන්වතු, එහි දේපල, වසන තැන්, විහාර දේපල, ඇඳ, පුටු, කොට්ට, ගුදිරි, තඹ කළ, තඹහැලි, තඹජෝගු, තඹ තාච්චි, වෑය, පොරොව, කෙටේරිය, උදැල්ල, අලවංගුව, වැල් උණ, සැවන්න, තණකොළ, මැටි, ලී බඩු, මැටි බඩු ආදිය (සැහැල්ලු) බර බඩු බාහිරාදිය හා පිරිකර, ගිහියන් ලවා රැස්කර ගනිත්ද, ඒවා ලබාගැනීමට චාටුකමින් පොළඹවා ගනිත්ද, ඔහු මේ ලෝකයෙහි දක්නට ලැබෙන සිවුවන සොරාය.

“සදෙවකෙ, භික‍්ඛවෙ, ලොකෙ…පෙ… සදෙවමනුස‍්සාය අයං අග‍්ගො මහාචොරො, යො අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපතී”ති (පාරා· 195).

මහණෙනි, සදෙව්ලොව හා දෙව් මිනිසුන් ‘අතර, යම් කෙනෙකු තමාට නොමැති මිනිස් ගති ඉක්මවා ලබන ‘මගපල ආදිය ඇතැ’යි බොරුවෙන් මුලාකොට කියත් ද ඔහු සොරුන් අතර මුල්තැන ගන්නා සොරාය.

තත්‍ථ ලොකියචොරා ලොකියමෙව ධනධඤ‍්ඤාදිං ථෙනෙන‍්ති. සාසනෙ වුත‍්තචොරෙසු පඨමො තථාරූපමෙව චීවරාදිපච‍්චයමත‍්තං, දුතියො පරියත‍්තිධම‍්මං, තතියො පරස‍්ස බ්‍රහ‍්මචරියං, චතුත්‍ථො සඞ‍්ඝිකගරුභණ‍්ඩං, පඤ‍්චමො ඣානසමාධිසමාපත‍්තිමග‍්ගඵලප‍්පභෙදං ලොකියලොකුත‍්තරගුණධනං, ලොකියඤ‍්ච චීවරාදිපච‍්චයජාතං. යථාහ – “ථෙය්‍යාය වො, භික‍්ඛවෙ, රට‍්ඨපිණ‍්ඩො භුත‍්තො”ති. තත්‍ථ ය‍්වායං පඤ‍්චමො මහාචොරො, තං සන්‍ධායාහ භගවා “චොරො සබ්‍රහ‍්මකෙ ලොකෙ”ති. සො හි “සදෙවකෙ, භික‍්ඛවෙ, ලොකෙ…පෙ… සදෙවමනුස‍්සාය අයං අග‍්ගො මහාචොරො, යො අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපතී”ති (පාරා· 195) එවං ලොකියලොකුත‍්තරධනථෙනනතො අග‍්ගො මහාචොරොති වුත‍්තො, තස‍්මා තං ඉධාපි “සබ්‍රහ‍්මකෙ ලොකෙ”ති ඉමිනා උක‍්කට‍්ඨපරිච‍්ඡෙදෙන පකාසෙසි.

එදිනෙදා සොරු පොදුවේ මිල මුදල් සම්පත්, අස්වනු ආදිය සොරකම් කරති. ශාසනයෙහි කියන ලද මෙම සොරුන් අතර පළමු සොරා ඒ අයුරින් සිවුපසය ආදියද දෙවැනි සොරා උගතයුතු දහමෙහිද, තුන්වන සොරා (තමා නොහැසිරෙන බඹසරෙහි) අනුන්ට පවසමින්ද, සිවුවන සොරා පැවිද්දන්ට ලැබෙන බඩු බාහිරාදියෙහිද, පස්වන සොරා ‘දැහැන්, සමාධි, සමවත්, මගපලවලින්ද එලොව හා මෙලොව (යහපතට හේතුවන) ගුණදහම් නැමති ධනයද, එදිනෙදා ලැබෙන සිවුරු හා පහසුකම් ආදියද සොරකම් කරයි. ‘මහණෙනි, ඔබලා විසින් සොරබවෙන් යුතුව රටවැසියන් දෙන අහර අනුභව කරන ලද්දේ’ යැයි එහෙයින් කියන ලදහ. ‘ථෙය්‍යාය වො භික්‍ඛවෙ රට්ඨපිණ්ඩො භුත්තො’ එහි පස්වන මහ සොරා යම් කෙනෙකු වෙත් ද, ඔහු උදෙසා භාග්‍යවතුන් වහන්සේ චොරො සබ්‍රහ්මකෙ ලොකෙ යැයි වදාළහ. ‘මහණෙනි, යම් තැනැත්තෙකු තමාට නැති මගපල ආදිය තමන්ට ඇතැයි බොරුවෙන් උසස්කොට කියත්ද, ඔහු සදෙව්ලෝ දෙවියන් සහ මිනිසුන් අතර මහා හොරෙක් වෙති’යි (හොර දෙටුවෙකු) මෙසේ වදාළහ. ‘සදෙවකෙ භික්‍ඛවෙ ලොකෙ සදෙව මනුස්සාය අයං අග්ගො මහාචොරො යො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපතී’ මෙසේ එලොව මෙලොව ධනය හොරකමෙහි හොර දෙටුවක ලෙස කියන ලදී. එය මෙහිදීද සබ්‍රහ්මකෙ ලොකෙ යැයිද තවත් තහවුරුකොට පැවසූහ.

එසො ඛො වසලාධමොති. එත්‍ථ ඛොති අවධාරණත්‍ථො, තෙන එසො එව වසලාධමො. වසලානං හීනො සබ‍්බපච‍්ඡිමකොති අවධාරෙති. කස‍්මා? විසිට‍්ඨවත්‍ථුම‍්හි ථෙය්‍යධම‍්මවස‍්සනතො, යාව තං පටිඤ‍්ඤං න විස‍්සජ‍්ජෙති, තාව අවිගතවසලකරණධම‍්මතො චාති.

එසො බො වසලාධමො මෙහි ඛො යනු තදින්ම තේරුම් ගතයුතු හෙවත් අවධාරණය කිරිමයි. එයින්, එය (එම කරුණ) වසලයකු බවට පත්වන බව, හැම කරුණකට පසුව යෙදීමෙන් දැඩිසේ පෙන්වා දෙයි. කවර හෙයින්ද? උසස් දෙයෙහි සොර ගතිය දැක්වෙන බැවිනි. ඒ අදහස ඉවත නොහරින තාක් කල් වසල බවට හේතුවන කරුණු ද පවතී.

එතෙ ඛො වසලාති. ඉදානි යෙ තෙ පඨමගාථාය ආසයවිපත‍්තිවසෙන කොධනාදයො පඤ‍්ච, පාපමක‍්ඛිං වා ද‍්විධා කත්‍වා ඡ, දුතියගාථාය පයොගවිපත‍්තිවසෙන පාණහිංසකො එකො, තතියාය පයොගවිපත‍්තිවසෙනෙව ගාමනිගමනිග‍්ගාහකො එකො, චතුත්‍ථාය ථෙය්‍යාවහාරවසෙන එකො, පඤ‍්චමාය ඉණවඤ‍්චනවසෙන එකො, ඡට‍්ඨාය පසය‍්හාවහාරවසෙන පන්‍ථදූසකො එකො, සත‍්තමාය කූටසක‍්ඛිවසෙන එකො, අට‍්ඨමාය මිත‍්තදුබ‍්භිවසෙන එකො, නවමාය අකතඤ‍්ඤුවසෙන එකො, දසමාය කතනාසනවිහෙසනවසෙන එකො, එකාදසමාය හදයවඤ‍්චනවසෙන එකො, ද‍්වාදසමාය පටිච‍්ඡන‍්නකම‍්මන‍්තවසෙන ද‍්වෙ, තෙරසමාය අකතඤ‍්ඤුවසෙන එකො, චුද‍්දසමාය වඤ‍්චනවසෙන එකො, පන‍්නරසමාය විහෙසනවසෙන එකො, සොළසමාය වඤ‍්චනවසෙන එකො, සත‍්තරසමාය අත‍්තුක‍්කංසනපරවම‍්භනවසෙන ද‍්වෙ, අට‍්ඨාරසමාය පයොගාසයවිපත‍්තිවසෙන රොසකාදයො සත‍්ත, එකූනවීසතිමාය පරිභාසනවසෙන ද‍්වෙ, වීසතිමාය අග‍්ගමහාචොරවසෙන එකොති එවං තෙත‍්තිංස චතුත‍්තිංස වා වසලා වුත‍්තා. තෙ නිද‍්දිසන‍්තො ආහ “එතෙ ඛො වසලා වුත‍්තා, මයා යෙ තෙ පකාසිතා”ති. තස‍්සත්‍ථො – යෙ තෙ මයා පුබ‍්බෙ “ජානාසි පන ත්‍වං, බ්‍රාහ‍්මණ, වසල”න‍්ති එවං සඞ‍්ඛෙපතො වසලා වුත‍්තා, තෙ විත්‍ථාරතො එතෙ ඛො පකාසිතාති. අථ වා යෙ තෙ මයා පුග‍්ගලවසෙන වුත‍්තා, තෙ ධම‍්මවසෙනාපි එතෙ ඛො පකාසිතා. අථ වා එතෙ ඛො වසලා වුත‍්තා අරියෙහි කම‍්මවසෙන, න ජාතිවසෙන, මයා යෙ තෙ පකාසිතා “කොධනො උපනාහී”තිආදිනා නයෙන.

එතෙ ඛො වසලා මීළගට ඒවා, (වෙන් වෙන්ව) පළමු ගාථාවෙන් සිතේ පවත්නා විපතක් ලෙස තරහ ආදී කරුණු පහක් ද පවිටු ගුණමකු බවද වෙන්කොට හයක් ලෙසද, දෙවන ගාථාවෙහි වැරදි පිළිවෙතක් ලෙස පණ ඇති කෙනෙකුට හිංසා කිරිම එකක් ලෙසද, තුන්වන ගාථාවෙහි වැරදි පිළිවෙතක් ලෙස ගම් නියම්ගම් පැහැරිම එකක් ලෙසද, සොරකම ලෙසින් සතරවන ගාථාවෙහි එකක්ද පස්වැන්නෙහි ණය ගෙන රැවටීම එකක්ද, හයවැන්නෙහි බලහත්කාරව, මග සැඟවී පැහැර ගැනීම එකක් ලෙසද, හත්වැන්නෙහි වංචා සහගතව කරුණු තහවුරු කිරීම එකක් ද, අටවැන්නෙහි මිතුරන් භේද කිරීම එකක්ද, නව වැන්නෙහි කළගුණ නොදැනීම එකක්ද, දසවැන්නෙහි හානිකිරීම්, හිංසා පීඩා කිරිම් ලෙසින් එකක්ද, එකොළොස්වැන්නෙහි හදවතින්ම රැවටීම එකක්ද, දොළොස් වැන්නෙහි කරන කටයුතු සැඟවීම ලෙස දෙකක්ද දහතුන් වැන්නෙහි කළගුණ නොදත් ලෙසින් එකක්ද, දහහතර වැන්නෙහි රැවටීම ලෙස එකක්ද, පහළොස් වැන්නෙහි පීඩාකිරිම් ලෙසින් එකක්ද, දහසය වැන්නෙහි රැවටීම් ලෙසින් එකක්ද දහහත් වැන්නෙහි තමා උසස්කොට අනුන් හෙළා දැකීම් ලෙසින් දෙකක්ද දහඅටවැන්නෙහි වැරදි පිළිවෙත් කටයුතු නිසා වන විපත් ලෙස කෝප කරවීම් ආදී සතකින්ද, දහනව වැන්නෙහි අපහාස ලෙස දෙකක්ද, විසිවැන්නෙහි මුල්ම සොරා ලෙස එකක්දැයි මෙසේ කරුණු තිස්තුනක් හෝ හතරක් දක්වා වසලයෙකු වන අයුරු නිදසුන්කොට පෙන්වූහ. එතෙ ඛො වසලා වුත්තා මයා යෙ වො පකාසිතා එහි තේරුම නම්, යෙ වො මයා බමුණ, වසලයකු වන කරුණු ඔබ කලින් දැන සිටියෙහිද? මෙසේ කෙටියෙන් (දැක්වෙයි) වසලා වුත්තා ඒවා විස්තර ලෙසින්, එතෙ ඛො පකාසිතා නැතහොත් යෙ වො මයා පුද්ගලයකු සළකා කියනු ලැබීය. ඒවා කරුණු ලෙසින් එතෙ බො පකාසිතා නැතහොත් එතෙ බො වසලා වුත්තා උසස්, උතුම් කටයුතු ලෙසින් මිස උපතින් නොවේ. මයා යෙ වො පකාසිතා යනු කොධනො උපනාහි ආදී වසයෙනි.

එවං භගවා වසලං දස‍්සෙත්‍වා ඉදානි යස‍්මා බ්‍රාහ‍්මණො සකාය දිට‍්ඨියා අතීව අභිනිවිට‍්ඨො හොති, තස‍්මා තං දිට‍්ඨිං පටිසෙධෙන‍්තො ආහ “න ජච‍්චා වසලො හොතී”ති. තස‍්සත්‍ථො – පරමත්‍ථතො හි න ජච‍්චා වසලො හොති, න ජච‍්චා හොති බ්‍රාහ‍්මණො, අපිච ඛො කම‍්මුනා වසලො හොති, කම‍්මුනා හොති බ්‍රාහ‍්මණො, අපරිසුද‍්ධකම‍්මවස‍්සනතො වසලො හොති, පරිසුද‍්ධෙන කම‍්මුනා අපරිසුද‍්ධවාහනතො බ්‍රාහ‍්මණො හොති. යස‍්මා වා තුම‍්හෙ හීනං වසලං උක‍්කට‍්ඨං බ්‍රාහ‍්මණං මඤ‍්ඤිත්‍ථ, තස‍්මා හීනෙන කම‍්මුනා වසලො හොති, උක‍්කට‍්ඨෙන කම‍්මුනා බ්‍රාහ‍්මණො හොතීති එවම‍්පි අත්‍ථං ඤාපෙන‍්තො එවමාහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ වසලයා හඳුන්වා, යම් ලෙසකින් බමුණ තම දැඩිව ගත් හැඟීමෙන්, තදින්ම ඇලී සිටිත් ද, ඒ අයුරින්ම හැඟීම ඉවත් කෙරෙමින්, න ජච්චා වසලො යැයි කීහ. එහි තේරුම නම්, ඇත්තටම න ජච්චා වසලො හොති, න ජච්චා හොති බ්‍රාහ්මණෙ එතකුදු වුවත් කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණෙ අපිරිසිදු කටයුතුවල යෙදී ඊට වසඟ වූයේ වසලයෙක් වෙයි. පිරිසිදු කටයුතුවල යෙදී, අපිරිසිදු දෙය බහා තැබීමෙන් බ්‍රාහ්මණයෙක් වෙයි. ඔබලා වසලයකු පහත් ලෙසද බමුණකු ඉතා උසස් ලෙසද යම් ආකාරයකින් සිතවුද, එසේනම්, වසලයකු වන්නේ (ඔහුගේ) පහත් කටයුතු නිසාය. උසස් කටයුතු නිසා බමුණකු වේ යැයි මෙසේද තේරුම් කොට දෙමින් මෙසේ කීහ.

ඉදානි තමෙවත්‍ථං නිදස‍්සනෙන සාධෙතුං “තදමිනාපි ජානාථා”තිආදිකා තිස‍්සො ගාථායො ආහ. තාසු ද‍්වෙ චතුප‍්පාදා, එකා ඡප‍්පාදා, තාසං අත්‍ථො – යං මයා වුත‍්තං “න ජච‍්චා වසලො හොතී”තිආදි, තදමිනාපි ජානාථ, යථා මෙදං නිදස‍්සනං, තං ඉමිනාපි පකාරෙන ජානාථ, යෙන මෙ පකාරෙන යෙන සාමඤ‍්ඤෙන ඉදං නිදස‍්සනන‍්ති වුත‍්තං හොති. කතමං නිදස‍්සනන‍්ති චෙ? චණ‍්ඩාලපුත‍්තො සොපාකො…පෙ… බ්‍රහ‍්මලොකූපපත‍්තියාති.

මීළඟට එම අදහසම නිදසුන්කොට තහවුරු කරන්නට තදමිනාපි ජානාථ ආදී ගාථා තුනක් වදාළහ. ඒවා අතරින් ගාථා දෙකක් සතර පදයි. එක් ගාථාවක් පාද හයකි. එහි තේරුම මෙසේය. න ජච්චා වසලො හොති යනුවෙන් මා විසින් යම් කරුණක් කියන ලද ද, තදමිනාපි ජානාථ යථාමෙදං නිදස්සනං එය මේ ආකාරයෙන් දැනගනුව, මාගේ මහණකම අනුව මේ නිදසුන කියන ලදී. කෙබඳු නිදසුනක්ද? චණ්ඩාලපුත්තො සොපාකො -පෙ- බ්‍රහ්මලොකූප්පත්තියා

චණ‍්ඩාලස‍්ස පුත‍්තො චණ‍්ඩාලපුත‍්තො. අත‍්තනො ඛාදනත්‍ථාය මතෙ සුනඛෙ ලභිත්‍වා පචතීති සොපාකො. මාතඞ‍්ගොති එවංනාමො විස‍්සුතොති එවං හීනාය ජාතියා ච ජීවිකාය ච නාමෙන ච පාකටො.

සැඩොලාගේ පුතු = චණ්ඩාල පුත්තො, මළසිරුරු කන බල්ලන් ලවා තමන්ද කා දමනු පිණිස, සොපාකො, මාතංගො යනු එම නම්වලින් හඳුන්වනු ලබන, විස්සුතො මෙසේ පහත් උපතින්ද, දිවි පැවැත්මෙන්ද, නමින්ද පතළව,

සොති පුරිමපදෙන සම‍්බන්‍ධිත්‍වා සො මාතඞ‍්ගො යසං පරමං පත‍්තො, අබ‍්භුතං උත‍්තමං අතිවිසිට‍්ඨං යසං කිත‍්තිං පසංසං පත‍්තො. යං සුදුල‍්ලභන‍්ති යං උළාරකුලූපපන‍්නෙනාපි දුල‍්ලභං, හීනකුලූපපන‍්නෙන සුදුල‍්ලභං. එවං යසප‍්පත‍්තස‍්ස ච ආගච‍්ඡුං තස‍්සුපට‍්ඨානං, ඛත‍්තියා බ්‍රාහ‍්මණා බහූ, තස‍්ස මාතඞ‍්ගස‍්ස පාරිචරියත්‍ථං ඛත‍්තියා ච බ්‍රාහ‍්මණා ච අඤ‍්ඤෙ ච බහූ වෙස‍්සසුද‍්දාදයො ජම‍්බුදීපමනුස‍්සා යෙභුය්‍යෙන උපට‍්ඨානං ආගමිංසූති අත්‍ථො.

සො දෙවැනි පදය හා සම්බන්ධකොට, සො මාතංගො යසං පරමං පත්තො පුදුම ඇදහිය නොහැකි තරම්, උතුම් ඉතා උසස් කිත් පැසසුමට පත්ව, යං සුදුල්ලභං උසස් යැයි සම්මත කුලයක උපන්නද ලැබිය නොහැකි, පහත් යැයි සම්මත කුලයක උපන් බැවින් ඉතා දුලබ වූ මෙබඳු යසසට පත්ව, ආගඤ්ජුං තස්සුපට්ඨානං ඛත්තියා බ්‍රාහ්මණ බහූ ඒ මාතංගට මෙහෙවර පිණිසද උවටැන් පිණිස ද කැත් කුලවත්හුද, බමුණෝද, වෙළඳ, සුද්ද ආදී කුලවලට අයත් (යැයි සැළකෙන) බොහෝ දඹදිව මිනිස්සු පැමිණියහ යන තේරුමයි.

එවං උපට‍්ඨානසම‍්පන‍්නො සො මාතඞ‍්ගො විගතකිලෙසරජත‍්තා විරජං, මහන‍්තෙහි බුද‍්ධාදීහි පටිපන‍්නත‍්තා මහාපථං, බ්‍රහ‍්මලොකසඞ‍්ඛාතං දෙවලොකං යාපෙතුං සමත්‍ථත‍්තා දෙවලොකයානසඤ‍්ඤිතං අට‍්ඨසමාපත‍්තියානං අභිරුය‍්හ, තාය පටිපත‍්තියා කාමරාගං විරාජෙත්‍වා, කායස‍්ස භෙදා බ්‍රහ‍්මලොකූපගො අහු, සා තථා හීනාපි න නං ජාති නිවාරෙසි බ්‍රහ‍්මලොකූපපත‍්තියා, බ්‍රහ‍්මලොකූපපත‍්තිතොති වුත‍්තං හොති.

මෙසේ උවටැන් ලබන හේතු සම්පත් ඇති සො මාතංගො, කෙලෙස් දූවිලි පහකරන ලද බැවින් විරජං, ගරු කටයුතු බුදුවරු ආදී උතුමන්ගේ මගට පිළිපන් බැවින් මහාපථං බඹලොවට, දෙව්ලොවට යාමට හැකි බැවින් දෙව ලොක යාන යෑම කියන ලද සමවත් අටනම් යානයට අභිරුය්හ, ඒ පිළිවෙතින්, කාමරාගං විරාජෙත්‍වා කය බිඳීමෙන් හෙවත් මරණින් පසු බ්‍රහ්මලොකූපගො අහු එය එසේ උසස් යැයි සම්මත නොවූවත්, න නං ජාති නිවාරෙසි, බ්‍රහ්මලොකුප්පත්තියා බඹලොව උපත ලදැයි කියන ලදී. මේ තේරුම මෙසේ දතයුතුය.

අයං පනත්‍ථො එවං වෙදිතබ‍්බො – අතීතෙ කිර මහාපුරිසො තෙන තෙනුපායෙන සත‍්තහිතං කරොන‍්තො සොපාකජීවිකෙ චණ‍්ඩාලකුලෙ උප‍්පජ‍්ජි. සො නාමෙන මාතඞ‍්ගො , රූපෙන දුද‍්දසිකො හුත්‍වා බහිනගරෙ චම‍්මකුටිකාය වසති, අන‍්තොනගරෙ භික‍්ඛං චරිත්‍වා ජීවිකං කප‍්පෙති. අථෙකදිවසං තස‍්මිං නගරෙ සුරානක‍්ඛත‍්තෙ ඝොසිතෙ ධුත‍්තා යථාසකෙන පරිවාරෙන කීළන‍්ති. අඤ‍්ඤතරාපි බ්‍රාහ‍්මණමහාසාලධීතා පන‍්නරසසොළසවස‍්සුද‍්දෙසිකා දෙවකඤ‍්ඤා විය රූපෙන දස‍්සනීයා පාසාදිකා “අත‍්තනො කුලවංසානුරූපං කීළිස‍්සාමී”ති පහූතං ඛජ‍්ජභොජ‍්ජාදිකීළනසම‍්භාරං සකටෙසු ආරොපෙත්‍වා සබ‍්බසෙතවළවයුත‍්තං යානමාරුය‍්හ මහාපරිවාරෙන උය්‍යානභූමිං ගච‍්ඡති දිට‍්ඨමඞ‍්ගලිකාති නාමෙන. සා කිර “දුස‍්සණ‍්ඨිතං රූපං අවමඞ‍්ගල”න‍්ති දට‍්ඨුං න ඉච‍්ඡති, තෙනස‍්සා දිට‍්ඨමඞ‍්ගලිකාත්‍වෙව සඞ‍්ඛා උදපාදි.

ඒ ඒ අයුරින් සතට හිතසුව සලසන මහ බෝසතාණෝ පෙර, පහත් යැයි සම්මත සැඩොල් කුල උපන්නාහ. මාතංග නම් වූ ඔහු විරූපීව, නුවරින් පිටත, සමින් කරන ලද කුටියක වාසය කරයි. ඇතුළු නුවර ආහාර පිණිස හැසිර, ජීවිතය ගෙන යයි. මේ අතර, එක්දිනක, ඒ නුවර සුරා නැකැත් උළෙල දැන්වූ කල, සුරාලෝලීහු තමන්ට හැකි අයුරින් පිරිවර සමග කෙළිදෙලෙන් ගත කරති. දැකුම්කළු, පහදනා සුළු රූ සපුවෙන් යුතු, දෙවඟනක බඳු දිට්ඨමංගලිකා නම් වූ, පසළොස් විය සපිරි එක් බමුණු මහසල් කුල දුවක් ද, තම කුල පරම්පරාවට සුදුසු පරිදි කෙළිදෙලෙන් ගතකරන්නෙමි’යි රසකැවිලි ආදී බොහෝ නොයෙක් දේ ගැල්වල පටවා, සුදුපැහැ ගොනුන් යෙදූ යානාවකට නැගී මහ පිරිවරින් උයනට යන්නීය. ඇය “විරූපී දේ යහපත් නොවේ” යැයි දැකීමට අකමැතිය. එහෙයින් ඇය ‘දිට්ඨ මංගලිකා’ නම් වූවාය.

තදා සො මාතඞ‍්ගො කාලස‍්සෙව වුට‍්ඨාය පටපිලොතිකං නිවාසෙත්‍වා, කංසතාළං හත්‍ථෙ බන්‍ධිත්‍වා, භාජනහත්‍ථො නගරං පවිසති, මනුස‍්සෙ දිස‍්වා දූරතො එව කංසතාළං ආකොටෙන‍්තො. අථ දිට‍්ඨමඞ‍්ගලිකා “උස‍්සරථ, උස‍්සරථා”ති පුරතො පුරතො හීනජනං අපනෙන‍්තෙහි පුරිසෙහි නීයමානා නගරද‍්වාරමජ‍්ඣෙ මාතඞ‍්ගං දිස‍්වා “කො එසො”ති ආහ. අහං මාතඞ‍්ගචණ‍්ඩාලොති. සා “ඊදිසං දිස‍්වා ගතානං කුතො වුඩ‍්ඪී”ති යානං නිවත‍්තාපෙසි. මනුස‍්සා “යං මයං උය්‍යානං ගන‍්ත්‍වා ඛජ‍්ජභොජ‍්ජාදිං ලභෙය්‍යාම, තස‍්ස නො මාතඞ‍්ගෙන අන‍්තරායො කතො”ති කුපිතා “ගණ‍්හථ චණ‍්ඩාල”න‍්ති ලෙඩ‍්ඩූහි පහරිත්‍වා “මතො”ති පාදෙ ගහෙත්‍වා එකමන‍්තෙ ඡඩ‍්ඩෙත්‍වා කචවරෙන පටිච‍්ඡාදෙත්‍වා අගමංසු. සො සතිං පටිලභිත්‍වා උට‍්ඨාය මනුස‍්සෙ පුච‍්ඡි – “කිං, අය්‍යා, ද‍්වාරං නාම සබ‍්බසාධාරණං, උදාහු බ්‍රාහ‍්මණානංයෙව කත”න‍්ති? මනුස‍්සා ආහංසු – “සබ‍්බෙසං සාධාරණ”න‍්ති. “එවං සබ‍්බසාධාරණද‍්වාරෙන පවිසිත්‍වා භික‍්ඛාහාරෙන යාපෙන‍්තං මං දිට‍්ඨමඞ‍්ගලිකාය මනුස‍්සා ඉමං අනයබ්‍යසනං පාපෙසු”න‍්ති රථිකාය රථිකං ආහිණ‍්ඩන‍්තො මනුස‍්සානං ආරොචෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස ඝරද‍්වාරෙ නිපජ‍්ජි – “දිට‍්ඨමඞ‍්ගලිකං අලද‍්ධා න වුට‍්ඨහිස‍්සාමී”ති.

එකල මාතංග උදෑසනම පිබිද, පටරෙදිකඩක් හැඳ, පිත්තල සීනුවක් අතෙහි බැඳ, දුරසිටම මිනිසුන් දුටුවිට එය නාද කරමින්, ආහාර සඳහා නගරයට පිවිසෙයි. එවිට දිට්ඨමංගලිකාද (මොහු) ‘ඉවත් කරව, ඉවත් කරව’ යැයි පහත් ලෙස සිතන ජනයා ඉවත් කිරීමෙහි නියුතු මිනිසුන්ට නියෝග කරන්නී, නගර දොරටුව මැද දී මාතංග දැක ‘අර කවුරුන්දැ’යි ඇසුවාය. ‘මා මාතංග නම් සැඩොලා වෙමි’යි ඔහු කීය. ඇය ‘මෙබඳු කෙනෙකු දැක ගියවිට කිනම් යහපතක් වේදැ’යි රිය නැවැත්වූවාය. එවිට මිනිස්සුද ‘අපට උයනට ගොස් කෑමබීම ආදිය ලැබීමටද ඉඩ තිබුණි. මාතංගයා අපට අනතුරු කරන ලදැ’යි කිපී ‘සැඩොලා අල්ලා ගනිවු’යි කැටකැබලිතිවලින් පහර දී (ගල්මුල් ගසා) ‘මළේ යැයි පාදයෙන් ගෙන පසෙකට ඇද දමා කසළින් වසා ගියහ. ඔහු සිහිය ලැබ නැගිට, ‘උතුමනි, මේ දොරටුව සියල්ලන්ටම අයත්ද? නැතිනම් බමුණන්ටම පමණක් වෙන්කරන ලද්දක්දැ’යි මිනිසුන්ගෙන් ඇසීය. ‘සියල්ලන්ටම පොදු යැ’යි ඔවුහු කීහ. ‘මෙසේ සියල්ලන්ටම පොදු දොරටුවෙන් පිවිස, ආහාර ඉල්ලාගෙන යැපෙන මට දිට්ඨමංගලිකාගේ මිනිසුන් මේ මහ විපත කරන ලදැ’යි වීදියක් වීදියක් පුරා ඇවිදිමින්, ජනතාවට පවසමින්, ‘දිට්ඨමංගලිකාව නොලැබ මිස නොනැගිටිමි’යි බමුණාගේ ගෙදර දොරටුවෙහි වැතිරුණේය.

බ්‍රාහ‍්මණො “ඝරද‍්වාරෙ මාතඞ‍්ගො නිපන‍්නො”ති සුත්‍වා “තස‍්ස කාකණිකං දෙථ, තෙලෙන අඞ‍්ගං මක‍්ඛෙත්‍වා ගච‍්ඡතූ”ති ආහ. සො තං න ඉච‍්ඡති, “දිට‍්ඨමඞ‍්ගලිකං අලද‍්ධා න වුට‍්ඨහිස‍්සාමි”ච‍්චෙව ආහ. තතො බ්‍රාහ‍්මණො “ද‍්වෙ කාකණිකායො දෙථ, කාකණිකාය පූවං ඛාදතු, කාකණිකාය තෙලෙන අඞ‍්ගං මක‍්ඛෙත්‍වා ගච‍්ඡතූ”ති ආහ. සො තං න ඉච‍්ඡති, තථෙව වදති. බ්‍රාහ‍්මණො සුත්‍වා “මාසකං දෙථ, පාදං, උපඩ‍්ඪකහාපණං, කහාපණං ද‍්වෙ තීණී”ති යාව සතං ආණාපෙසි. සො න ඉච‍්ඡති, තථෙව වදති. එවං යාචන‍්තානංයෙව සූරියො අත්‍ථඞ‍්ගතො. අථ බ්‍රාහ‍්මණී පාසාදා ඔරුය‍්හ සාණිපාකාරං පරික‍්ඛිපාපෙත්‍වා තං උපසඞ‍්කමිත්‍වා යාචි – “තාත මාතඞ‍්ග, දිට‍්ඨමඞ‍්ගලිකාය අපරාධං ඛම, සහස‍්සං ගණ‍්හාහි, ද‍්වෙ තීණී”ති යාව “සතසහස‍්සං ගණ‍්හාහී”ති ආහ. සො තුණ‍්හීභූතො නිපජ‍්ජියෙව.

බමුණාද තම ගෙදර දොරටුවෙහි මාතංග වැතිර සිටිති’යි අසා ‘ඔහුට තුට්ටුවක් දී (ඉතාම සුළු මුදලක්) සිරුර තෙලෙන් ආලේප කරගනුව’යි කියා ඉවත් කරන ලෙස කීය. ඔහු ඊට නොකැමති විය. දිට්ඨමංගලිකාව නොලැබ නොනැගිටිමි’යි කීය. එවිට බමුණා, තුට්ටු දෙකක මුදල් දෙව, තුට්ටුවකින් කැවුමක් කෑමටත්, අනික් තුට්ටුවෙන් සිරුරෙහි (රුදා ඇති තැන්) තෙලින් ආලේප කරගනුව’යි දැන්වීය. ඔහු ඊටද නොකැමතිව, දිට්ඨමංගලිකාව ගැනම කියයි. බමුණා එය අසා, මසුරමක් දෙව, කහවණුවකින් සතරෙන් කොටසක්, අඩ කහවණුවක්, කහවණුවක්, කහවණු දෙකක්, තුනක්, සියයක් දක්වා (දීමට) අණ කළේය. මාතංගද ඊට නොකැමතිව දිට්ඨමංගලිකාවම ඉල්ලද්දී හිරු ද අවරට ගියේය. ඉක්බිති බැමිණිය පහයෙන් බැස, තිරවලින් වටකරවා ඔහු වෙතට ගොස්, ‘දරුව මාතංග, දිට්ඨමංගලිකාවගෙන් වූ වරදට කමා කරන්න. කහවණු දහසක් ගනුව, දෙදහසක්, තුන්දහසක් බැගින් මෙසේ සියදහසක් දක්වා ගනුව’යි කීවාය. ඔහු නිහඬවම වැතිර සිටියේය.

එවං චතූහපඤ‍්චාහෙ වීතිවත‍්තෙ බහුම‍්පි පණ‍්ණාකාරං දත්‍වා දිට‍්ඨමඞ‍්ගලිකං අලභන‍්තා ඛත‍්තියකුමාරාදයො මාතඞ‍්ගස‍්ස උපකණ‍්ණකෙ ආරොචාපෙසුං – “පුරිසා නාම අනෙකානිපි සංවච‍්ඡරානි වීරියං කත්‍වා ඉච‍්ඡිතත්‍ථං පාපුණන‍්ති, මා ඛො ත්‍වං නිබ‍්බිජ‍්ජි, අද‍්ධා ද‍්වීහතීහච‍්චයෙන දිට‍්ඨමඞ‍්ගලිකං ලච‍්ඡසී”ති. සො තුණ‍්හීභූතො නිපජ‍්ජියෙව. අථ සත‍්තමෙ දිවසෙ සමන‍්තා පටිවිස‍්සකා උට‍්ඨහිත්‍වා “තුම‍්හෙ මාතඞ‍්ගං වා උට‍්ඨාපෙථ, දාරිකං වා දෙථ, මා අම‍්හෙ සබ‍්බෙ නාසයිත්‍ථා”ති ආහංසු. තෙසං කිර අයං දිට‍්ඨි “යස‍්ස ඝරද‍්වාරෙ එවං නිපන‍්නො චණ‍්ඩාලො මරති, තස‍්ස ඝරෙන සහ සමන‍්තා සත‍්තසත‍්තඝරවාසිනො චණ‍්ඩාලා හොන‍්තී”ති. තතො දිට‍්ඨමඞ‍්ගලිකං නීලපටපිලොතිකං නිවාසාපෙත්‍වා උළුඞ‍්කකළොපිකාදීනි දත්‍වා පරිදෙවමානං තස‍්ස සන‍්තිකං නෙත්‍වා “ගණ‍්හ දාරිකං, උට‍්ඨාය ගච‍්ඡාහී”ති අදංසු. සා පස‍්සෙ ඨත්‍වා “උට‍්ඨාහී”ති ආහ, සො “හත්‍ථෙන මං ගහෙත්‍වා උට‍්ඨාපෙහී”ති ආහ. සා නං උට‍්ඨාපෙසි. සො නිසීදිත්‍වා ආහ – “මයං අන‍්තොනගරෙ වසිතුං න ලභාම, එහි මං බහිනගරෙ චම‍්මකුටිං නෙහී”ති. සා නං හත්‍ථෙ ගහෙත්‍වා තත්‍ථ නෙසි. “පිට‍්ඨියං ආරොපෙත්‍වා”ති ජාතකභාණකා. නෙත්‍වා චස‍්ස සරීරං තෙලෙන මක‍්ඛෙත්‍වා, උණ‍්හොදකෙන න‍්හාපෙත්‍වා, යාගුං පචිත්‍වා අදාසි. සො “බ්‍රාහ‍්මණකඤ‍්ඤා අයං මා විනස‍්සී”ති ජාතිසම‍්භෙදං අකත්‍වාව අඩ‍්ඪමාසමත‍්තං බලං ගහෙත්‍වා “අහං වනං ගච‍්ඡාමි, ‘අතිචිරායතී’ති මා ත්‍වං උක‍්කණ‍්ඨී”ති වත්‍වා ඝරමානුසකානි ච “ඉමං මා පමජ‍්ජිත්‍ථා”ති ආණාපෙත්‍වා ඝරා නික‍්ඛම‍්ම තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා, කසිණපරිකම‍්මං කත්‍වා, කතිපාහෙනෙව අට‍්ඨ සමාපත‍්තියො පඤ‍්ච ච අභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වා “ඉදානාහං දිට‍්ඨමඞ‍්ගලිකාය මනාපො භවිස‍්සාමී”ති ආකාසෙනාගන‍්ත්‍වා නගරද‍්වාරෙ ඔරොහිත්‍වා දිට‍්ඨමඞ‍්ගලිකාය සන‍්තිකං පෙසෙසි.

මෙසේ සතර පස් දිනක් ගත වූ විට, බොහෝ පඬුරු (තෑගි) ආදිය දුන්නත් දිට්ඨමංගලිකාව නොලද රජ කුමාරවරු ‘පිරිමියෙකු නම්, අවුරුදු කීපයක් වුවත් උත්සාහ කොට කැමති දේ ලබාගනිති, ඔබ කලකිරීමට පත් නොවන්න, ඒකාන්තයෙන්ම දින දෙක තුනකින් ඔබ දිට්ඨමංගලිකා ලබන්නෙහි’ යැයි මාතංගට කණට කොඳුරා කීහ. ඔහු නිහඬවම වැතිර ගත් ලෙසම සිටියේය. ඉක්බිති සත්වන දිනයෙහි ඒ අවට සිටින අසල්වාසීහු එක්ව ‘ඔබලා මාතංග නැගිටුවා (ඉවත් කරව) දැරිය හෝ දෙව, අප සියල්ලන් නොනසව’යි කීහ. යම් තැනැත්තකුගේ ගෙදර දොරටුවෙහි, මෙසේ වැතිර හුන් අයෙකු මැරෙත්ද, ඒ ගෙදර සහ හාත්පස ගෙවල් හතක, ගෙවල් හතක වසන්නෝ සැඩොල් බවට පත්වෙති’යි ඔවුන්ට මෙබඳු හැඟීමක් විය. එවිට දිට්ඨමංගලිකාට නිල්පැහැ රෙදිකඩක් පොරවා, බත්හැන්දක් දැමූ බඳුන් ආදිය අතට දී හඬද්දීම ඔහු ළඟට ගෙන ගොස්, එසේනම් දැරිය මෙන්න, නැගිට යව’යි (භාර) දුන්හ. ඇය පසෙක සිට ‘නැගිටින්න’ යැයි කීවාය. ‘අතින් අල්වා නැගිටුව’යි මාතංග කීය. ඈ ඔහු නැගිට වූවාය. ඔහු හිඳගනිමින්, ‘අපි ඇතුළුනුවර විසීමට ඉඩ නොලබමු, එන්න, මා නුවරින් පිටත සම් කුටියට ගෙන යන්නැ’යි කීය. ඈ ඔහු අතින් අල්ලාගෙන එහි ගියාය. පිටෙහි තබාගෙන ගිය බව ජාතක භාණකයෝ කියති. මාතංග එහි ගෙන ගොස්, සිරුරෙහි තෙල් ගල්වා, උණු දියෙන් නාවා, කැඳ පිස දුන්නාය. ඔහු, ‘මේ බමුණු දැරිය නොනැසේවා’යි කුල මුසුකිරීමක් නොකොට (පහස නොලැබ) අඩමසක් පමණ සිරුරට සවිබල ගෙන, ‘මම කැලයට යමි, ආපසු ඒමට කල්ගත වේයැයි ඔබ කලකිරීමට පත් නොවව’යි කියා, (අවට) ගෙවල්වල වසන මිනිසුන්ට ‘මැය රැකගනුව’යි අණකොට, ගෙයින් නික්ම, තවුස් වෙසින් පැවිදිව, කසිණ බවුන් වඩා, කිහිප දිනකින් සමවත් අට ද අභිඤ්ඤා පහ ද උපදවා, දැන් මා දිට්ඨමංගලිකාවගේ මනාපය වන්නේ’ යැයි අහසින් අවුත් නුවර දොරටුවෙහි බැස, දිට්ඨමංගලිකාවට (තමා වෙත) පැමිණෙන ලෙස දැන්වීය.

සා සුත්‍වා “කොචි මඤ‍්ඤෙ මම ඤාතකො පබ‍්බජිතො මං දුක‍්ඛිතං ඤත්‍වා දට‍්ඨුං ආගතො භවිස‍්සතී”ති චින‍්තයමානා ගන‍්ත්‍වා, තං ඤත්‍වා, පාදෙසු නිපතිත්‍වා “කිස‍්ස මං අනාථං තුම‍්හෙ අකත්‍ථා”ති ආහ. මහාපුරිසො “මා ත්‍වං දිට‍්ඨමඞ‍්ගලිකෙ දුක‍්ඛිනී අහොසි, සකලජම‍්බුදීපවාසීහි තෙ සක‍්කාරං කාරෙස‍්සාමී”ති වත්‍වා එතදවොච – “ගච‍්ඡ ත්‍වං ඝොසනං කරොහි – ‘මහාබ්‍රහ‍්මා මම සාමිකො න මාතඞ‍්ගො, සො චන්‍දවිමානං භින්‍දිත්‍වා සත‍්තමෙ දිවසෙ මම සන‍්තිකං ආගමිස‍්සතී’”ති. සා ආහ – “අහං, භන‍්තෙ, බ්‍රාහ‍්මණමහාසාලධීතා හුත්‍වා අත‍්තනො පාපකම‍්මෙන ඉමං චණ‍්ඩාලභාවං පත‍්තා, න සක‍්කොමි එවං වත‍්තු”න‍්ති. මහාපුරිසො “න ත්‍වං මාතඞ‍්ගස‍්ස ආනුභාවං ජානාසී”ති වත්‍වා යථා සා සද‍්දහති, තථා අනෙකානි පාටිහාරියානි දස‍්සෙත්‍වා තථෙව තං ආණාපෙත්‍වා අත‍්තනො වසතිං අගමාසි. සා තථා අකාසි.

ඇය එය අසා, ‘පැවිදිව සිටින කිසියම් මගේ නෑදෑයෙකු මගේ අසරණ බව දැන, දැකීමට පැමිණියාහ’යි සිතන්නී, එහි ගොස් ඔහු හඳුනා දෙපා මුල වැතිර, ‘මා අනාථ කළේ ඇයිදැ’යි ඇසුවාය. මහ බෝසත් මාතංග ‘දිට්ඨමංගලිකාවනි, ඔබ දුක් නොවන්න. මුළු දඹදිව වැසියන්ගෙන් ඔබට ගරු සැළකිලි ලබාදෙන්නෙමි’ මෙසේද පැවසීය. ‘මගේ සැමියා මහා බ්‍රහ්මය, මාතංග නොවේ. මහා බ්‍රහ්ම දින හතකින් සඳ විමන පලාගෙන මා ළඟට එන්නේයැ’යි ඔබ ගොස් එම ආරංචිය පතුරුවා හළ මැනවැ’යි ද දැන්වීය. ‘හිමියනි, බමුණු මහසල් කුලදුවක් වූ මම මගේ පව නිසා මෙවන් දිළිඳු බවට පත්වීමි. එසේ කිව නොහැකි යයි ඈ කීවාය. මහ බෝසත්, ‘ඔබ මාතංගගේ බලය නොදන්නෙහි’ යැයි කියා, ඇයට එය තහවුරු වන අයුරින් නොයෙක් පෙළහර දක්වා, එසේම ඇයට අණකොට තමා වසන තැනට ගියේය. ඇය ඔහු කී ලෙස කළාය.

මනුස‍්සා උජ‍්ඣායන‍්ති හසන‍්ති – “කථඤ‍්හි නාමායං අත‍්තනො පාපකම‍්මෙන චණ‍්ඩාලභාවං පත්‍වා පුන තං මහාබ්‍රහ‍්මානං කරිස‍්සතී”ති. සා අධිමානා එව හුත්‍වා දිවසෙ දිවසෙ ඝොසන‍්තී නගරං ආහිණ‍්ඩති “ඉතො ඡට‍්ඨෙ දිවසෙ, පඤ‍්චමෙ, චතුත්‍ථෙ, තතියෙ, සුවෙ, අජ‍්ජ ආගමිස‍්සතී”ති. මනුස‍්සා තස‍්සා විස‍්සත්‍ථවාචං සුත්‍වා “කදාචි එවම‍්පි සියා”ති අත‍්තනො අත‍්තනො ඝරද‍්වාරෙසු මණ‍්ඩපං කාරාපෙත්‍වා, සාණිපාකාරං සජ‍්ජෙත්‍වා, වයප‍්පත‍්තා දාරිකායො අලඞ‍්කරිත්‍වා “මහාබ්‍රහ‍්මනි ආගතෙ කඤ‍්ඤාදානං දස‍්සාමා”ති ආකාසං උල‍්ලොකෙන‍්තා නිසීදිංසු. අථ මහාපුරිසො පුණ‍්ණමදිවසෙ ගගනතලං උපාරූළ‍්හෙ චන්‍දෙ චන්‍දවිමානං ඵාලෙත්‍වා පස‍්සතො මහාජනස‍්ස මහාබ්‍රහ‍්මරූපෙන නිග‍්ගච‍්ඡි. මහාජනො “ද‍්වෙ චන්‍දා ජාතා”ති අතිමඤ‍්ඤි. තතො අනුක‍්කමෙන ආගතං දිස‍්වා “සච‍්චං දිට‍්ඨමඞ‍්ගලිකා ආහ, මහාබ්‍රහ‍්මාව අයං දිට‍්ඨමඞ‍්ගලිකං දමෙතුං පුබ‍්බෙ මාතඞ‍්ගවෙසෙනාගච‍්ඡී”ති නිට‍්ඨං අගමාසි. එවං සො මහාජනෙන දිස‍්සමානො දිට‍්ඨමඞ‍්ගලිකාය වසනට‍්ඨානෙ එව ඔතරි. සා ච තදා උතුනී අහොසි. සො තස‍්සා නාභිං අඞ‍්ගුට‍්ඨකෙන පරාමසි. තෙන ඵස‍්සෙන ගබ‍්භො පතිට‍්ඨාසි. තතො නං “ගබ‍්භො තෙ සණ‍්ඨිතො , පුත‍්තම‍්හි ජාතෙ තං නිස‍්සාය ජීවාහී”ති වත්‍වා පස‍්සතො මහාජනස‍්ස පුන චන්‍දවිමානං පාවිසි.

තම පව්කම්වලින් සැඩොලියක වූ මැයට, මහා බ්‍රහ්මයා (ඇගේ කුලවත් බව) කෙසේ නැවත ඇති කරන්නේදැ’යි අපහාස කරමින් මිනිස්සු සිනාසුණහ. ඇය තද උඩඟු බවින් යුතුව, ‘මෙයින් හයවන දින, පස්වන දින, සිවුවන, තුන්වන දින, හෙට, අද එන්නේ’ යැයි දවසින් දවස හඬ නගා කියමින් නගරයෙහි ඇවිදින්නීය. මිනිස්සු ඇය පවසන දේ විය හැකි යැයි දැන, තම නිවෙස් දොරටුවල වේදිකාවක් කරවා, (මහා බ්‍රහ්මගේ) අත අල්ලා ගැනීමට කටයුතු සලස්වා, වියපත් දැරියන් සරසවා ‘මහා බ්‍රහ්ම පැමිණි කල, (තවමත් විවාහ නොවූ කුමරි බඹසර රක්නා) කඤ්ඤා දානයක් දෙමු’යි, අහස දෙස බලමින් හුන්හ. ඉක්බිති මාතංග මහ බෝසත්, පොහෝ දිනයෙහි අහස් තලයට නැගී, ජනයා බලා සිටියදීම, සඳෙහි සඳවිමන පලාගෙන, මහාබ්‍රහ්ම රුවෙන් පිටතට ආවේය. මිනිස්සු සඳවල් දෙකක් පායා ඇතැයි සිතූහ. එහිදී කෙමෙන් කෙමෙන් පැමිණෙනු දැක, දිට්ඨමංගලිකා කීවේ ඇත්තකි. මහාබ්‍රහ්මයාම මේ දිට්ඨමංගලිකාව හික්මවීමට මාතංග ලෙසින් ආවේ’ යැයි තීරණය කළේය. මෙසේ ඔහු මහජනයා බලා සිටියදීම, දිටඨමංගලිකා සිටින තැනටම බැස්සේය. එදිනම ඇය ගැබ් ගැනීමට සුදුසුව සිටියාය. ඔහු ඇගේ නැබ ඇඟිලිතුඩින් පිරිමැදීය. ඒ පහසින් දරු ගැබක් පිහිටියේය. එහිදී, ‘ඔබට දරුගැබක් පිහිටියේය. පුතකු ලද විට, ඔහු නිසා ජීවත් වන්නැ’යි ඇයට පැවසූ (මාතංග) මහජනයා බලා සිටියදීම සඳ විමනට පිවිසියේය.

බ්‍රාහ‍්මණා “දිට‍්ඨමඞ‍්ගලිකා මහාබ්‍රහ‍්මුනො පජාපති අම‍්හාකං මාතා ජාතා”ති වත්‍වා තතො තතො ආගච‍්ඡන‍්ති. තං සක‍්කාරං කාතුකාමානං මනුස‍්සානං සම‍්පීළනෙන නගරද‍්වාරානි අනොකාසානි අහෙසුං. තෙ දිට‍්ඨමඞ‍්ගලිකං හිරඤ‍්ඤරාසිම‍්හි ඨපෙත්‍වා, න‍්හාපෙත්‍වා, මණ‍්ඩෙත්‍වා, රථං ආරොපෙත්‍වා, මහාසක‍්කාරෙන නගරං පදක‍්ඛිණං කාරාපෙත්‍වා, නගරමජ‍්ඣෙ මණ‍්ඩපං කාරාපෙත්‍වා, තත්‍ර නං “මහාබ්‍රහ‍්මුනො පජාපතී”ති දිට‍්ඨට‍්ඨානෙ ඨපෙත්‍වා වසාපෙන‍්ති “යාවස‍්සා පතිරූපං වසනොකාසං කරොම, තාව ඉධෙව වසතූ”ති. සා මණ‍්ඩපෙ එව පුත‍්තං විජායි. තං විසුද‍්ධදිවසෙ සද‍්ධිං පුත‍්තෙන සසීසං න‍්හාපෙත්‍වා මණ‍්ඩපෙ ජාතොති දාරකස‍්ස “මණ‍්ඩබ්‍යකුමාරො”ති නාමං අකංසු. තතො පභුති ච නං බ්‍රාහ‍්මණා “මහාබ්‍රහ‍්මුනො පුත‍්තො”ති පරිවාරෙත්‍වා චරන‍්ති. තතො අනෙකසතසහස‍්සප‍්පකාරා පණ‍්ණාකාරා ආගච‍්ඡන‍්ති, තෙ බ්‍රාහ‍්මණා කුමාරස‍්සාරක‍්ඛං ඨපෙසුං, ආගතා ලහුං කුමාරං දට‍්ඨුං න ලභන‍්ති.

බමුණෝ, ‘දිට්ඨමංගලිකාව මහා බ්‍රහ්මගේ බිරිඳය. අපගේ මව පහළ වූවායැ’යි කියා, සත්කාර කරනු කැමතිව ඒ ඒ තැනට කැඳවමින්, මිනිසුන් එක්රැස් වීමෙන් නගර දොරටු අවහිර විය. ඔවුහු දිට්ඨමංගලිකා අමුරන් ගොඩක තබා, නහවා, සරසා අලංකාර කොට, රියක නංවා, මහත් හරසරින් නගරය වටා ගෙනගොස්, නගරය මැද වේදිකාවක් කොට, ඇය එහි ‘මහා බ්‍රහ්මයාගේ බිරිඳ’ යැයි දෙවඟනක මෙන් තබා, වාසය කරවීය. ‘ඔබට වාසය කිරීමට සුදුසු තැනක් කරමු, එතෙක් මෙහි වාසය කරනු මැනවැ’යිද කීහ. ඈ එම වේදිකාවෙහිම පුතකු බිහිකළාය. ඒ උතුම් පිරිසිදු දවසෙහි, පුතු සමග (ඇයද) හිස පටන් නහවා, ‘මණ්ඩපයෙහි උපන් බැවින්, ‘මණඩව්‍ය කුමරු’ යැයි දරුවාට නම් තැබූහ. එතැන් පටන් බමුණෝ මහා බ්‍රහ්මගේ පුතු යැයි ඔහු පිරිවරා හැසිරෙති. එමෙන්ම, නොයෙක් සිය දහස් ගණනින් පඬුරු ගෙන පැමිණෙති. ඒ බමුණෝ කුමරුට රැකවරණ සැලසූහ. එහි පැමිණෙන්නෝ ඉක්මණින් කුමරු බැහැදැකීමට ඉඩ නොලබති.

කුමාරො අනුපුබ‍්බෙන වුඩ‍්ඪිමන්‍වාය දානං දාතුං ආරද‍්ධො. සො සාලාය සම‍්පත‍්තානං කපණද‍්ධිකානං අදත්‍වා බ්‍රාහ‍්මණානංයෙව දෙති. මහාපුරිසො “කිං මම පුත‍්තො දානං දෙතී”ති ආවජ‍්ජෙත්‍වා බ්‍රාහ‍්මණානංයෙව දානං දෙන‍්තං දිස‍්වා “යථා සබ‍්බෙසං දස‍්සති, තථා කරිස‍්සාමී”ති චීවරං පාරුපිත්‍වා පත‍්තං ගහෙත්‍වා ආකාසෙන ආගම‍්ම පුත‍්තස‍්ස ඝරද‍්වාරෙ අට‍්ඨාසි. කුමාරො තං දිස‍්වා “කුතො අයං එවං විරූපවෙසො වසලො ආගතො”ති කුද‍්ධො ඉමං ගාථමාහ –

කෙමෙන් කෙමෙන් වැඩෙන කුමරු දන් දීමටද පටන් ගත්තේය. දෙනු ලබන දෑ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් පැමිණෙන දුගී දිළින්දන් ආදීන්ට නොදී, මණ්ඩව්‍ය කුමරු බමුණන්ටම දෙයි. මහ බෝසත් ද ‘මගේ පුතු කෙසේ දන් දෙයිද, නොදේ දැ’යි විමසා බලද්දී, බමුණන්ටම දෙන බව දැක, ‘සියල්ලන්ටම ලැබෙන පරිදි කටයුතු යොදමි’යි සිවුර පොරවා, පාත්‍රය ගෙන, අහසින් අවුත් පුතුගේ ගෙයි දොරකඩ සිටියේය. කුමරු ඔහු දැක, ‘මෙබඳු විකාර රූ ඇති සැඩොලකු කොහෙන් පැමිණියේදැ’යි කිපී මේ ගාථාව කීය.

“කුතො නු ආගච‍්ඡසි දුම‍්මවාසී, ඔතල‍්ලකො පංසුපිසාචකොව; සඞ‍්කාරචොළං පටිමුඤ‍්ච කණ‍්ඨෙ, කො රෙ තුවං හොසි අදක‍්ඛිණෙය්‍යො”ති.

කුතො නු ආගච්ඡසි රුම්මවාසී ඔතල්ලකො පංසුපිසාචකොව, සංකාරචොලං පටිමුච්ච කණෙඨ කො’රෙ තුවං හොසි අදක්‍ඛිණෙය්‍යො

‘කසල ගොඩකින් අහුලා ගත්, පිළිවෙලකට නැති පරණ රෙදි වැරහැලි සඟල සිවුරක් ගෙලෙහි සිට හැඳගෙන, නොවටිනා පාත්‍රයක් එල්ලාගත්, කසල ගොඩක පේතයකු වැනි දන් පිළිගන්නා තැනකට ඒමට නුසුදුසු බොල කොහි සිට ආවෙහිද? තා කවරෙක්ද?’

බ්‍රාහ‍්මණා “ගණ‍්හථ ගණ‍්හථා”ති තං ගහෙත්‍වා ආකොටෙත්‍වා අනයබ්‍යසනං පාපෙසුං. සො ආකාසෙන ගන‍්ත්‍වා බහිනගරෙ පච‍්චට‍්ඨාසි . දෙවතා කුපිතා කුමාරං ගලෙ ගහෙත්‍වා උද‍්ධංපාදං අධොසිරං ඨපෙසුං. සො අක‍්ඛීහි නිග‍්ගතෙහි මුඛෙන ඛෙළං පග‍්ඝරන‍්තෙන ඝරුඝරුපස‍්සාසී දුක‍්ඛං වෙදයති. දිට‍්ඨමඞ‍්ගලිකා සුත්‍වා “කොචි ආගතො අත්‍ථී”ති පුච‍්ඡි. “ආම, පබ‍්බජිතො ආගච‍්ඡී”ති. “කුහිං ගතො”ති? “එවං ගතො”ති. සා තත්‍ථ ගන‍්ත්‍වා “ඛමථ, භන‍්තෙ, අත‍්තනො දාසස‍්සා”ති යාචන‍්තී තස‍්ස පාදමූලෙ භූමියා නිපජ‍්ජි. තෙන ච සමයෙන මහාපුරිසො පිණ‍්ඩාය චරිත්‍වා, යාගුං ලභිත්‍වා, තං පිවන‍්තො තත්‍ථ නිසින‍්නො හොති, සො අවසිට‍්ඨං ථොකං යාගුං දිට‍්ඨමඞ‍්ගලිකාය අදාසි. “ගච‍්ඡ ඉමං යාගුං උදකකුම‍්භියා ආලොලෙත්‍වා යෙසං භූතවිකාරො අත්‍ථි, තෙසං අක‍්ඛිමුඛකණ‍්ණනාසාබිලෙසු ආසිඤ‍්ච, සරීරඤ‍්ච පරිප‍්ඵොසෙහි, එවං නිබ‍්බිකාරා භවිස‍්සන‍්තී”ති. සා තථා අකාසි. තතො කුමාරෙ පකතිසරීරෙ ජාතෙ “එහි, තාත මණ‍්ඩබ්‍ය, තං ඛමාපෙස‍්සාමා”ති පුත‍්තඤ‍්ච සබ‍්බෙ බ්‍රාහ‍්මණෙ ච තස‍්ස පාදමූලෙ නික‍්කුජ‍්ජිත්‍වා නිපජ‍්ජාපෙත්‍වා ඛමාපෙසි.

බමුණෝ ‘අල්වා ගනිවු, අල්වා ගනිවු’ කියමින් ඔහු අල්ලාගෙන තලා මහත් විපතට පත්කළහ. ඔහු අහසින් ගොස්, නගරයෙන් පිටත තැනක සිටියේය. කිපුණු දේවතාවෝ කුමාරයා බෙල්ලෙන් අල්ලා, දෙපා ඉහළටත්, හිස පහළටත් තැබූහ. පිටතට නික්මුණු ඇස්දෙකින් හා මුවෙන් කෙළ වගුරුවමින්, ‘සුරු සුරු හඬින් හුස්ම හෙළමින් දුක්විඳිනු ලබයි. දිට්ඨමංගලිකා ඒ අසා ‘කිසිවෙකු පැමිණ ඇත්දැ’යි ඇසුවාය. ‘එසේය, පැවිද්දෙකු පැමිණියේ යැයි කීය. ගියේ කොතැනටද?’ ‘මේ දෙසට ගියේය’ ඇය ඒ අනුව ගොස්, ‘හිමියනි, තමා වන් දාසයාට කමා කළ මැනවැ’යි ඔහුගේ පාමුල බිම වැතිරුණාය. එවේලෙහි මහබෝසත් පිඬු පිණිස හැසිර, ලැබුණු කැඳ පානය කරමින් සිටියේය. ඔහු ඉතිරි කැඳ ටිකක්, දිට්ඨමංගලිකාට දුන්නේය. ‘යව, මේ කැඳවතුර කළයකට දමා කලතා, භූත විකාරයක් ඇති තැනැත්තාගේ මුහුණ, ඇස්, කන්, නාසා පුඩුවල ඉසව, සිරුරෙහි ද තැවරෙන සේ කැඳ විසුරුවනු, මෙසේ සුව වන්නේ යැයි ද කීය. ඇය එසේ කළාය. කුමරුට පෙර පරිදි සිහි ලද විට, ‘එන්න, පුත, පණ්ඩිතයන් කමාකරවන්නෙමු’යි පුතු ද බමුණාද ඔහුගේ පාමුල මුණින් හොවා හිඳුවා කමා කරවීය.

සො “සබ‍්බජනස‍්ස දානං දාතබ‍්බ”න‍්ති ඔවදිත්‍වා, ධම‍්මකථං කත්‍වා, අත‍්තනො වසනට‍්ඨානංයෙව ගන‍්ත්‍වා, චින‍්තෙසි “ඉත්‍ථීසු පාකටා දිට‍්ඨමඞ‍්ගලිකා දමිතා, පුරිසෙසු පාකටො මණ‍්ඩබ්‍යකුමාරො, ඉදානි කො දමෙතබ‍්බො”ති. තතො ජාතිමන‍්තතාපසං අද‍්දස බන්‍ධුමතීනගරං නිස‍්සාය කුම‍්භවතීනදීතීරෙ විහරන‍්තං. සො “අහං ජාතියා විසිට‍්ඨො, අඤ‍්ඤෙහි පරිභුත‍්තොදකං න පරිභුඤ‍්ජාමී”ති උපරිනදියා වසති. මහාපුරිසො තස‍්ස උපරිභාගෙ වාසං කප‍්පෙත්‍වා තස‍්ස උදකපරිභොගවෙලායං දන‍්තකට‍්ඨං ඛාදිත්‍වා උදකෙ පක‍්ඛිපි. තාපසො තං උදකෙන වුය‍්හමානං දිස‍්වා “කෙනිදං ඛිත‍්ත”න‍්ති පටිසොතං ගන‍්ත්‍වා මහාපුරිසං දිස‍්වා “කො එත්‍ථා”ති ආහ. “මාතඞ‍්ගචණ‍්ඩාලො, ආචරියා”ති. “අපෙහි, චණ‍්ඩාල, මා උපරිනදියා වසී”ති. මහාපුරිසො “සාධු, ආචරියා”ති හෙට‍්ඨානදියා වසති, පටිසොතම‍්පි දන‍්තකට‍්ඨං තාපසස‍්ස සන‍්තිකං ආගච‍්ඡති. තාපසො පුන ගන‍්ත්‍වා “අපෙහි, චණ‍්ඩාල, මා හෙට‍්ඨානදියං වස, උපරිනදියායෙව වසා”ති ආහ. මහාපුරිසො “සාධු, ආචරියා”ති තථා අකාසි, පුනපි තථෙව අහොසි. තාපසො පුනපි “තථා කරොතී”ති දුට‍්ඨො මහාපුරිසං සපි “සූරියස‍්ස තෙ උග‍්ගමනවෙලාය සත‍්තධා මුද‍්ධා ඵලතූ”ති. මහාපුරිසොපි “සාධු, ආචරිය, අහං පන සූරියුට‍්ඨානං න දෙමී”ති වත්‍වා සූරියුට‍්ඨානං නිවාරෙසි . තතො රත‍්ති න විභායති, අන්‍ධකාරො ජාතො, භීතා බන්‍ධුමතීවාසිනො තාපසස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “අත්‍ථි නු ඛො, ආචරිය, අම‍්හාකං සොත්‍ථිභාවො”ති පුච‍්ඡිංසු. තෙ හි තං “අරහා”ති මඤ‍්ඤන‍්ති. සො තෙසං සබ‍්බමාචික‍්ඛි. තෙ මහාපුරිසං උපසඞ‍්කමිත්‍වා “සූරියං, භන‍්තෙ, මුඤ‍්චථා”ති යාචිංසු. මහාපුරිසො “යදි තුම‍්හාකං අරහා ආගන‍්ත්‍වා මං ඛමාපෙති, මුඤ‍්චාමී”ති ආහ.

මාතංග පඬිතුමා සියළු දෙනාටම දානය දිය යුතුයැයි අවවාද කොට, තමන් වසන තැනට ගොස්, ‘දිට්ඨමංගලිකාව දමනය කරන ලද බව කාන්තාවන් අතර පතළය, මිනිසුන් අතර පතළව ඇත්තේ මණ්ඩව්‍ය කුමරු දමනය කරන ලද බවයි. දැන් කවරෙකු දමනය කළ යුතුදැ’යි සිතුවේය. එහිදී, බන්‍ධුමතී නුවර, බන්‍ධුමතී ගංතෙර වසන, උපතින් උසස් යැයි උඩඟු තවුසෙකු දුටුවේය. ඔහු ‘මම උපතින් ඉතා උසස් වෙමි. වෙනත් කෙනෙකු පරිහරණය කරන ජලය නොගනිමි’යි ගඟෙහි ඉහළ පෙදෙසේ වසයි. මහ බෝසත්, ඒ තවුසා වසන තැනටත් ඉහළ පෙදෙසක වාසයට සුදුසු සේ පිළියෙල කොට, උඩඟු තවුසා ජලය පරිහරණය කරනවිට, දැහැටි සපා ජලයට දැමීය. එය ගඟෙහි පාවී එනු දුටු තවුසා, ‘මෙය දැමුවේ කවුරුන්දැ’යි උඩුගං බලා ගොස්, මහ බෝසත් දැක, ‘මෙහි ඉන්නේ කවුදැයි ඇසීය. ‘ඇඳුරුතුමනි, මාතංග නම් සැඩොලාය. ‘සැඩොලා ඉවත යව, ගඟ ඉහළින් වාසය නොකරව’යි කීය. මහබෝසත් ද ‘යහපත, ඇඳුරුතුමනි’, යැයි (පිළිගෙන) ගඟ පහළ වසයි. පහළට ගසා ගෙන යන දැහැටි දඬු ආදිය (උඩඟු) තවුසා ළඟට පාවී එයි. තවුසා නැවත සැඩොලා ඉවතට යව, ගඟ පහළින් වාසය නොකරනු, ගඟ ඉහළින්ම වාසය කරනු යැයි කීය. බෝසත් තවුසා ‘යහපත ඇඳුරුතුමනි’ යැයි එසේ කළේය. නැවත ද එසේම සිදුවිය. (උඩඟු) තවුසා නැවත ද එසේම කරති’යි කිපී, ‘හිරු උදාවන වේලෙහි ඔබේ හිස සත්කඩකට පැලේවා’යි බෝසත් තවුසාට සාප කළේය. ‘යහපත, ඇඳුරුතුමනි, මම හිරු උදාවීමට නොදෙමි’යි හිරු නැගීම වැළැක්වීය. එයින් රැය ඉක්ම නොයයි. කළුවර පවතී’ යැයි බිය වූ බන්‍ධුමතීවාසීහු තවුසා වෙත ගොස්, ‘ඇඳුරුතුමනි, අපට යහපතක් වේදැ’යි ඇසූහ. ඔවුහු ඒ තවුසා රහත් වූවෙකැ’යි සිතති. තවුසා ඔවුන්ට සියල්ල පැවසීය. වැසියෝ මහබෝසත් තවුසා වෙත ගොස්, ‘හිමියනි, හිරු මුදාහළ මැනවැ’යි ඉල්ලූහ. ‘ඔබලාගේ රහත් වූ තැනැත්තා අවුත් මා කමා කරත්ද, හිරු මුදා හරිමි’යි කීය.

මනුස‍්සා ගන‍්ත්‍වා තාපසං ආහංසු – “එහි, භන‍්තෙ, මාතඞ‍්ගපණ‍්ඩිතං ඛමාපෙහි, මා තුම‍්හාකං කලහකාරණා මයං නස‍්සිම‍්හා”ති. සො “නාහං චණ‍්ඩාලං ඛමාපෙමී”ති ආහ. මනුස‍්සා “අම‍්හෙ ත්‍වං නාසෙසී”ති තං හත්‍ථපාදෙසු ගහෙත්‍වා මහාපුරිසස‍්ස සන‍්තිකං නෙසුං. මහාපුරිසො “මම පාදමූලෙ කුච‍්ඡියා නිපජ‍්ජිත්‍වා ඛමාපෙන‍්තෙ ඛමාමී”ති ආහ. මනුස‍්සා “එවං කරොහී”ති ආහංසු. තාපසො “නාහං චණ‍්ඩාලං වන්‍දාමී”ති. මනුස‍්සා “තව ඡන්‍දෙන න වන්‍දිස‍්සසී”ති හත්‍ථපාදමස‍්සුගීවාදීසු ගහෙත්‍වා මහාපුරිසස‍්ස පාදමූලෙ සයාපෙසුං. සො “ඛමාමහං ඉමස‍්ස, අපිචාහං තස‍්සෙවානුකම‍්පාය සූරියං න මුඤ‍්චාමි, සූරියෙ හි උග‍්ගතමත‍්තෙ මුද‍්ධා අස‍්ස සත‍්තධා ඵලිස‍්සතී”ති ආහ. මනුස‍්සා “ඉදානි, භන‍්තෙ, කිං කාතබ‍්බ”න‍්ති ආහංසු. මහාපුරිසො “තෙන හි ඉමං ගලප‍්පමාණෙ උදකෙ ඨපෙත්‍වා මත‍්තිකාපිණ‍්ඩෙනස‍්ස සීසං පටිච‍්ඡාදෙථ, සූරියරස‍්මීහි ඵුට‍්ඨො මත‍්තිකාපිණ‍්ඩො සත‍්තධා ඵලිස‍්සති. තස‍්මිං ඵලිතෙ එස අඤ‍්ඤත්‍ර ගච‍්ඡතූ”ති ආහ. තෙ තාපසං හත්‍ථපාදාදීසු ගහෙත්‍වා තථා අකංසු. සූරියෙ මුඤ‍්චිතමත‍්තෙ මත‍්තිකාපිණ‍්ඩො සත‍්තධා ඵලිත්‍වා පති, තාපසො භීතො පලායි. මනුස‍්සා දිස‍්වා “පස‍්සථ, භො, සමණස‍්ස ආනුභාව”න‍්ති දන‍්තකට‍්ඨපක‍්ඛිපනමාදිං කත්‍වා සබ‍්බං විත්‍ථාරෙත්‍වා “නත්‍ථි ඊදිසො සමණො”ති තස‍්මිං පසීදිංසු. තතො පභුති සකලජම‍්බුදීපෙ ඛත‍්තියබ්‍රාහ‍්මණාදයො ගහට‍්ඨපබ‍්බජිතා මාතඞ‍්ගපණ‍්ඩිතස‍්ස උපට‍්ඨානං අගමංසු. සො යාවතායුකං ඨත්‍වා කායස‍්ස භෙදා බ්‍රහ‍්මලොකෙ උප‍්පජ‍්ජි. තෙනාහ භගවා “තදමිනාපි ජානාථ…පෙ… බ්‍රහ‍්මලොකූපපත‍්තියා”ති.

එවිට මිනිස්සු, ‘හිමියනි, එන්න, මාතංග පඬිතුමන් කමා කරගනුව, ඔබගේ කලහය අප වැනසීමට පත් නොකරනු මැනව’යි තවුසාට කීහ. (උඩඟු) තවුසා ‘මම සැඩොලා කමා කර නොගනිමි’යි කීය. මිනිස්සු, ‘ඔබ අප වනසන ලද්දෙහි’ යැයි අත්පා වලින් අල්වාගෙන, මහා බෝසත් තවුසා ළඟට ගෙන ගියහ. මාතංග තවුසාද ‘මගේ පාමුල දිගාවී වැතිර, කමා කරන්නේ නම්, සමාව දෙමි’යි කීය. මිනිස්සු එසේ කරන ලෙස තවුසාට පැවසූහ. ‘මම සැඩොලාට නොවඳිමි’යි (නැවත) පැවසීය. එවිට, මිනිස්සු ‘ඔබේ කැමැත්තෙන් නම්, නොවඳින්නෙහි’ යැයි අත්, පා, රැවුල, බෙල්ල ආදී තැන්වලින් අල්ලාගෙන, බෝසත් තවුසා පාමුල නිදි කරවූහ. බෝසත් තවුසාද, ‘මොහුට මම කමා කරමි, එහෙත් ඔහුට අනුකම්පාවෙන්ම හිරු උදාවීමට නොදෙමි. හිරු උදාවනවිට ඔහුගේ හිස සත්කඩකට පැලෙන්නේ’ යැයි ද පැවසීය. මිනිස්සු දැන් කුමක් කළයුතු දැයි ඇසූහ. ‘එසේනම් මොහුගේ ගෙල පමණට වතුරෙහි තබා, මැටිවලින් හිස ආවරණය කරව, හිරු රැස් පහස ලබනවිටම මැටි වැස්ම සත්කඩකට පැලෙන්නේය. එසේ පැලුනු විට, ඔහු වෙනතකට යේවා’යි මාතංග තවුසා පැවසීය. (ඔවුහු) තවුසාගේ අත් පා ආදියෙන් අල්වාගෙන එසේ කළහ. මැටි වැස්ම සත් කඩක්ව පැලී දියට වැටුණු විට තවුසා බියවී පලා ගියේය. ඒ දුටු මිනිස්සු ‘පින්වතුනි, බලව, මහණකුගේ බලය’ යැයි, දැහැටි ආදිය පිරිනමා සියළු කරුණු වටහාගෙන, (කලින් සිටි තවුසා) මෙබඳු මහණකු නොවේයැ’යිද සළකා තවුසා කෙරෙහි පැහැදුණහ. එතැන් පටන් මුළු දඹදිව රජ බමුණු ආදී ගිහියෝ, පැවිදෝ මාතංග පඬිතුමන්ට උවටැන් සඳහා පැමිණියහ. තවුසා ආයු ඇති තෙක් ජීවත්ව, මරණින් පසු බඹලොව උපන්නේය. එහෙයින් තදමිනාපි ජානාථ -පෙ- බ්‍රහ්මලොකුප්පත්තියා යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

එවං “න ජච‍්චා වසලො හොති, කම‍්මුනා වසලො හොතී”ති සාධෙත්‍වා ඉදානි “න ජච‍්චා හොති බ්‍රාහ‍්මණො, කම‍්මුනා හොති බ්‍රාහ‍්මණො”ති එතං සාධෙතුං ආහ “අජ‍්ඣායකකුලෙ ජාතා …පෙ… දුග‍්ගත්‍යා ගරහාය වා”ති.

මෙසේ න ජච්චා වසලො හොති, කම්මනා වසලො හොතී යන කරුණු පහදා මීළඟට න ජච්චා හොති බ්‍රාහ්මණෙ - කම්මනා හොති බ්‍රාහ්මණෙ යන්න තහවුරු කරන්නට අජ්ඣායක කුලෙ ජාතා - දුග්ගච්චා ගරහාය වා වදාළහ.

තත්‍ථ අජ‍්ඣායකකුලෙ ජාතාති මන‍්තජ‍්ඣායකෙ බ්‍රාහ‍්මණකුලෙ ජාතා. “අජ‍්ඣායකාකුළෙ ජාතා”තිපි පාඨො. මන‍්තානං අජ‍්ඣායකෙ අනුපකුට‍්ඨෙ ච බ්‍රාහ‍්මණකුලෙ ජාතාති අත්‍ථො. මන‍්තා බන්‍ධවා එතෙසන‍්ති මන‍්තබන්‍ධවා. වෙදබන්‍ධූ වෙදපටිස‍්සරණාති වුත‍්තං හොති. තෙ ච පාපෙසු කම‍්මෙසු අභිණ‍්හමුපදිස‍්සරෙති තෙ එවං කුලෙ ජාතා මන‍්තබන්‍ධවා ච සමානාපි යදි පාණාතිපාතාදීසු පාපකම‍්මෙසු පුනප‍්පුනං උපදිස‍්සන‍්ති, අථ දිට‍්ඨෙව ධම‍්මෙ ගාරය‍්හා සම‍්පරායෙ ච දුග‍්ගති තෙ එවමුපදිස‍්සමානා ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ මාතාපිතූහිපි “නයිමෙ අම‍්හාකං පුත‍්තා, දුජ‍්ජාතා එතෙ කුලස‍්ස අඞ‍්ගාරභූතා, නික‍්කඩ‍්ඪථ නෙ”ති, බ්‍රාහ‍්මණෙහිපි “ගහපතිකා එතෙ, න එතෙ බ්‍රාහ‍්මණා, මා නෙසං සද‍්ධයඤ‍්ඤථාලිපාකාදීසු පවෙසං දෙථ, මා නෙහි සද‍්ධිං සල‍්ලපථා”ති, අඤ‍්ඤෙහිපි මනුස‍්සෙහි “පාපකම‍්මන‍්තා එතෙ, න එතෙ බ්‍රාහ‍්මණා”ති එවං ගාරය‍්හා හොන‍්ති. සම‍්පරායෙ ච නෙසං දුග‍්ගති නිරයාදිභෙදා, දුග‍්ගති එතෙසං පරලොකෙ හොතීති අත්‍ථො. සම‍්පරායෙ වාතිපි පාඨො. පරලොකෙ එතෙසං දුක‍්ඛස‍්ස ගති දුග‍්ගති, දුක‍්ඛප‍්පත‍්තියෙව හොතීති අත්‍ථො. න නෙ ජාති නිවාරෙති, දුග‍්ගත්‍යා ගරහාය වාති සා තථා උක‍්කට‍්ඨාපි යං ත්‍වං සාරතො පච‍්චෙසි, ජාති එතෙ පාපකම‍්මෙසු පදිස‍්සන‍්තෙ බ්‍රාහ‍්මණෙ “සම‍්පරායෙ ච දුග‍්ගතී”ති එත්‍ථ වුත‍්තප‍්පකාරාය දුග‍්ගතියා වා, “දිට‍්ඨෙව ධම‍්මෙ ගාරය‍්හා”ති එත්‍ථ වුත‍්තප‍්පකාරාය ගරහාය වා න නිවාරෙති.

අජ්ඣායක කුලෙ ජාතා යනු වේද මතුරු ඉගෙන, ඒ අනුව කටයුතු කරන, බමුණු යයි සම්මත පවුලක ඉපිද, අජ්ඣායකා කුලෙ ජාතා යයිද පාඨයකි. මන්ත්‍ර ඉගෙනුම ලද, නොකිලිටි වූ බමුණු කුලයක උපන් යන තේරුමයි. මන්ත්‍ර සකස්කොට ගත්තෝ යන අරුතින්, මත්තබන්‍ධවා, වේදයෙහි නෑයෙකු බඳු, වේදය පිහිටකොට ඇති බව කියන ලදී. තෙච පාපෙසු කම්මෙසු අභිණ්හමුපදිස්සරෙ ඔවුහු මෙබඳු කුලයක උපත ලදද මන්ත්‍ර සකස්කොට තිබුණද, පරපණ නැසීම ආදී පව්කම්හි නැවත නැවත යෙදෙති. දිට්ඨෙව ධම්මෙ ගාරය්හා සම්පරායෙ ච දුග්ගති ඔවුහු මෙසේ පතළ වෙමින්, (ඒ කටයුතුවල යෙදෙමින්) මේ ජීවිත කාලය තුල මවුපියන් විසින්ද ‘මොවුන් අපගේ පුත්තු නොවෙති. ඔවුන් කුලයට නිගරු කරමින්, අවජාතකව උපන්නාහ, ඔවුන් පලවා හරිවු’ යනුවෙන් ද, බ්‍රාහ්මණයන් විසින්, ‘මොවුන් ගැහැවියෝය, ඔවුන් බමුණෝ නොවෙති. ඔවුන්ට මලවුන් උදෙසා දෙන දාන (සද්ධ) යාග, කිරිබත් හැළි ආදිය පිරිනමන තැන්වලට පිවිසීමට ඉඩ නොදෙව, ඔවුන් හා කතාබහ නොකරව’ යනුවෙන් ද, අනෙක් මිනිසුන් විසින් ‘මොවුන් පව් කරන්නෝය, මොවුන් බමුණෝ නොවෙති’ යනුවෙන් ද ගැරහුම් ලබති. පරලොවෙහිදී ද ඔවුන්ට දුක් ලැබේ. නිරය ආදී ලෙසින් මරණින් පසු උපත ලබයි යන තේරුමයි. සම්පරායෙ වා යනුද පාඨයකි. ඔවුන්ට පරලොව ද දුක් සහිත වේ යැයි, දුක උරුම වේ යැයි අදහසයි. න තෙ ජාති එය එසේ උසස් යැයි සිතුවද, ඔබ එහි යම් හරයක් ඇතැයි බලාපොරොත්තු වුවද, ජාති හෙවත් (සම්මත ඕනෑම කුලයක) ඉපදීමෙන් අයහපත් කටයුතුවල යෙදීම බමුණකු වුවත්, සම්පරායෙ ච දුග්ගතී මේ කියන ලද පරිදි දුග්ගච්වා හෝ ඇස් ඉදිරිපිටම ගැරහීමට පත්වීම වැළැක්විය නොහැකි සේ ගාරය්හ වා න නිවාරෙති කියා ඇති අයුරුය.

එවං භගවා අජ‍්ඣායකකුලෙ ජාතානම‍්පි බ්‍රාහ‍්මණානං ගාරය‍්හාදිකම‍්මවසෙන දිට‍්ඨෙව ධම‍්මෙ පතිතභාවං දීපෙන‍්තො දුග‍්ගතිගමනෙන ච සම‍්පරායෙ බ්‍රාහ‍්මණජාතියා අභාවං දීපෙන‍්තො “න ජච‍්චා හොති බ්‍රාහ‍්මණො, කම‍්මුනා හොති බ්‍රාහ‍්මණො”ති එතම‍්පි අත්‍ථං සාධෙත්‍වා ඉදානි දුවිධම‍්පි අත්‍ථං නිගමෙන‍්තො ආහ, එවං බ්‍රාහ‍්මණ –

මෙසේ භාග්‍යවතුන් වහන්සේ, වේදය ඉගෙනීමට සම්මත කුලයක උපත ලැබුවද, ඒ බමුණන්ගේ ද ගැරහිය යුතු කරුණු ඇස් ඉදිරියෙහිම ඇතැයි දක්වමින්, (ඊට අනුකූලව) දුගතියට යාමෙන් මරණින් පසුවද බමුණු කුලයෙහි පැවැත්මක් නොමැති බව දක්වමින් න ජච්චා හොති බ්‍රාහ්මණො කම්මනා හොති බ්‍රාහ්මණො යැයි මෙහිද තේරුම පහදා දී, දැන් තවත් අයුරින් එහි තේරුම නිගමනය කරමින් ‘බමුණ මෙලෙසම

“න ජච‍්චා වසලො හොති, න ජච‍්චා හොති බ්‍රාහ‍්මණො; කම‍්මුනා වසලො හොති, කම‍්මුනා හොති බ්‍රාහ‍්මණො”ති.

න ජච්චා වසලො හොති න ජච්චා හොති බ්‍රාහ්මණො කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො

සෙසං කසිභාරද‍්වාජසුත‍්තෙ වුත‍්තනයමෙව. විසෙසතො වා එත්‍ථ නික‍්කුජ‍්ජිතං වාතිආදීනං එවං යොජනා වෙදිතබ‍්බා – යථා කොචි නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, එවං මං කම‍්මවිමුඛං ජාතිවාදෙ පතිතං “ජාතියා බ්‍රාහ‍්මණවසලභාවො හොතී”ති දිට‍්ඨිතො වුට‍්ඨාපෙන‍්තෙන, යථා පටිච‍්ඡන‍්නං විවරෙය්‍ය, එවං ජාතිවාදපටිච‍්ඡන‍්නං කම‍්මවාදං විවරන‍්තෙන, යථා මූළ‍්හස‍්ස මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, එවං බ්‍රාහ‍්මණවසලභාවස‍්ස අසම‍්භින‍්නඋජුමග‍්ගං ආචික‍්ඛන‍්තෙන, යථා අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය, එවං මාතඞ‍්ගාදිනිදස‍්සනපජ‍්ජොතධාරණෙන මය‍්හං භොතා ගොතමෙන එතෙහි පරියායෙහි පකාසිතත‍්තා අනෙකපරියායෙන ධම‍්මො පකාසිතොති.

යැයි වදාළහ. ඉතිරි කරුණු කසීභාරද්වාජ සූත්‍රයට අදාලව කී පරිදි දතයුතුය. එහෙත් මෙහි අමුතුවෙන් සඳහන් කිරිමෙහිදී, නික්කුජ්ජීතං වා ආදී පදවලට මේ කරුණුද දතයුතුය. යම් තැනැත්තකු යටිකුරු කරන ලද දෙයක් උඩුකුරු කරන්නාක් මෙන්, එසේ මට වරදවා යොමු වූ කරුණු (වසල යැයි කීම) උපතින් උසස් වේ යැයි ජාතිවාදයට නතුව, උපතින්ම බමුණකු හෝ වසලයෙකු වේ යැයි තිබූ හැඟීම ඉවත් කිරීමයි. ඒ දැඩිව ගත් හැඟීමෙන් නගා සිටුවීම සැඟවූ දෙයක් හෙළිදරව් කිරීම වනුයේ ජාතිවාදයෙන් වැසුණු කම්මවාදය පැහැදිළි කිරීම නිසාය. බමුණකු, වසලයකු වීමට - මුසු නොවන, නොවක් මග එක එල්ලේම කියාදීම මං මුළාවූවකුට මඟ පෙන්වන්නාක් වැනිය. අඳුරෙහි තෙල් පහනක් දරන්නා සේ, මාතංග කතා ආදිය නිදසුන් කොට (මගේ) නැණ එළිය දැල්වීමෙන් පින්වත් ගෞතමයන් වහන්සේ විසින් ඒ ඒ ආකාරයට මට පහදා දෙන ලද බැවින් අනෙක පරියායෙන ධම්මො පකාසිතො වෙයි.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය අග‍්ගිකභාරද‍්වාජසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අග්ගික භාරද්වාජ (වසල) සූත්‍ර විස්තරය නිමි.