යෙදුමෙන් කියවන්න

6. පරාභවසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

6. පරාභවසුත‍්තවණ‍්ණනා

6. පරාභව සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති පරාභවසුත‍්තං. කා උප‍්පත‍්ති? මඞ‍්ගලසුත‍්තං කිර සුත්‍වා දෙවානං එතදහොසි – “භගවතා මඞ‍්ගලසුත‍්තෙ සත‍්තානං වුඩ‍්ඪිඤ‍්ච සොත්‍ථිඤ‍්ච කථයමානෙන එකංසෙන භවො එව කථිතො, නො පරාභවො. හන්‍ද දානි යෙන සත‍්තා පරිහායන‍්ති විනස‍්සන‍්ති, තං නෙසං පරාභවම‍්පි පුච‍්ඡාමා”ති. අථ මඞ‍්ගලසුත‍්තං කථිතදිවසතො දුතියදිවසෙ දසසහස‍්සචක‍්කවාළෙසු දෙවතායො පරාභවසුත‍්තං සොතුකාමා ඉමස‍්මිං එකචක‍්කවාළෙ සන‍්නිපතිත්‍වා එකවාලග‍්ගකොටිඔකාසමත‍්තෙ දසපි වීසම‍්පි තිංසම‍්පි චත‍්තාලීසම‍්පි පඤ‍්ඤාසම‍්පි සට‍්ඨිපි සත‍්තතිපි අසීතිපි සුඛුමත‍්තභාවෙ නිම‍්මිනිත්‍වා සබ‍්බදෙවමාරබ්‍රහ‍්මානො සිරියා ච තෙජෙන ච අධිගය‍්හ විරොචමානං පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසින‍්නං භගවන‍්තං පරිවාරෙත්‍වා අට‍්ඨංසු. තතො සක‍්කෙන දෙවානමින්‍දෙන ආණත‍්තො අඤ‍්ඤතරො දෙවපුත‍්තො භගවන‍්තං පරාභවපඤ‍්හං පුච‍්ඡි. අථ භගවා පුච‍්ඡාවසෙන ඉමං සුත‍්තමභාසි.

එවං මෙ සුතං යනු පරාභව සූත්‍රයයි. එය දේශනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? ‘භාග්‍යවතුන් වහන්සේ මංගල සූත්‍රයෙන් මිනිසුන්ගේ දියුණුවද සැප ලබන මගද ලෙස එක් කොටසක් පමණක් පවසන ලදී. පිරිහෙන කරුණු පෙන්වා දී නැත. මිනිසුන් පිරිහී, විපතට පත්ව වැනසෙන හේතු විමසන්නෙමු නම් මැනවැ’යි මංගල සූත්‍රය ඇසූ දෙවියන්ට සිතුණි. ඉක්බිති, මංගල සූත්‍රය දේශනා කරන ලද දිනට පසුදින දස දහසක් සක්වළ දෙවියෝ පිරිහීමට හේතු අසනු කැමතිව, මෙම එකම සක්වළෙහි රැස්ව, එක හිසකේ අගක තරම් තැනක දහසක්, විස්සක් තිහක්, හතළිහක්, පනහක්, හැටක්, හැත්තෑවක්, අසූවක් සියුම් රූ මවාගෙන, සියළු දෙව් බඹ මිනිසුන්ගේ සිරියාවද තේජසද වඩාත් මැඩලමින්, පිරිහීමට හේතු අසනු පිණිස, පනවන ලද උතුම් අසුනෙහි වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටියහ. එහිදී සක්දෙවිඳුගෙන් අණ ලද එක්තරා දෙව්පුතෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් පිරිහීමේ කරුණු විචාළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඇසූ දෙයට පිළිතුරු ලෙසින් මෙම සූත්‍රය දේශනා කළහ.

තත්‍ථ “එවං මෙ සුත”න‍්තිආදි ආයස‍්මතා ආනන්‍දෙන වුත‍්තං. “පරාභවන‍්තං පුරිස”න‍්තිආදිනා නයෙන එකන‍්තරිකා ගාථා දෙවපුත‍්තෙන වුත‍්තා, “සුවිජානො භවං හොතී”තිආදිනා නයෙන එකන‍්තරිකා එව අවසානගාථා ච භගවතා වුත‍්තා, තදෙතං සබ‍්බම‍්පි සමොධානෙත්‍වා “පරාභවසුත‍්ත”න‍්ති වුච‍්චති. තත්‍ථ “එවං මෙ සුත”න‍්තිආදීසු යං වත‍්තබ‍්බං, තං සබ‍්බං මඞ‍්ගලසුත‍්තවණ‍්ණනායං වක‍්ඛාම.

එහි එවං මෙ සුතං යයි ගරුකටයුතු ආනන්ද හිමි විසින් කියන ලදී. පරාභවන්තං පුරිසං යනුවෙන් කරුණු ඇතුළත් එක් ගාථාවක් කියන ලද්දේ දෙව් පුතු විසිනි. සුවිජානො භවං හොති ආදී ලෙස එක් ගාථාවක් අතර ඇති ගාථා මෙන්ම අවසාන ගාථාවද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. ඒ සියල්ල එක්කොට පරාභව සූත්‍රය යැයි කියනු ලැබේ. එවං මෙ සුතං ආදී තන්හි කිවයුතු සියළු කරුණු මංගල සූත්‍ර විස්තරයෙහිදී කියමු.

පරාභවන‍්තං පුරිසන‍්තිආදීසු පන පරාභවන‍්තන‍්ති පරිහායන‍්තං විනස‍්සන‍්තං. පුරිසන‍්ති යංකිඤ‍්චි සත‍්තං ජන‍්තුං. මයං පුච‍්ඡාම ගොතමාති සෙසදෙවෙහි සද‍්ධිං අත‍්තානං නිදස‍්සෙත්‍වා ඔකාසං කාරෙන‍්තො සො දෙවපුත‍්තො ගොත‍්තෙන භගවන‍්තං ආලපති. භවන‍්තං පුට‍්ඨුමාගම‍්මාති මයඤ‍්හි භවන‍්තං පුච‍්ඡිස‍්සාමාති තතො තතො චක‍්කවාළා ආගතාති අත්‍ථො. එතෙන ආදරං දස‍්සෙති. කිං පරාභවතො මුඛන‍්ති එවං ආගතානං අම‍්හාකං බ්‍රූහි පරාභවතො පුරිසස‍්ස කිං මුඛං, කිං ද‍්වාරං, කා යොනි, කිං කාරණං, යෙන මයං පරාභවන‍්තං පුරිසං ජානෙය්‍යාමාති අත්‍ථො. එතෙන “පරාභවන‍්තං පුරිස”න‍්ති එත්‍ථ වුත‍්තස‍්ස පරාභවතො පුරිසස‍්ස පරාභවකාරණං පුච‍්ඡති. පරාභවකාරණෙ හි ඤාතෙ තෙන කාරණසාමඤ‍්ඤෙන සක‍්කා යො කොචි පරාභවපුරිසො ජානිතුන‍්ති .

පරාභවන්තං පුරිසං යන්නෙහි පරාභවන්තං පිරිහීමට විනාශයට තේරුමයි. පුරිසං කිසියම් පුද්ගලයෙකු පිළිබඳ දැනගැනීමට, මයං පුච්ඡාම ගොතමං අනෙක් දෙවියන් සමග තමන් දක්වමින් අවසර ලබාගැනීමට ඒ දෙව්පුතු ‘ගොතම’ යන පරම්පරා නමින් භාග්‍යවතුන් වහන්සේ අමතයි. භගවන්තං පුට්ඨුමාගම්ම’ අපි භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නෙමු’යි ඒ ඒ සක්වළින් පැමිණියෙමු යන තේරුමයි. එයින් (උන්වහන්සේට ඇති) ඇල්ම ආදරය දැක්වෙයි. කිං පරාභවතො මුඛං එසේ පැමිණි අපට මිනිසාගේ පිරිහීමට හේතු මොනවාද? පිරිහීමට පිවිසෙන දොරටු මොනවාද? පිරිහීමේ මුල කුමක්ද? ඒ කරුණු මොනවාද? ඒ ආකාරයෙන් අපි මිනිසා පිරිහෙන අයුරු දැනගන්නෙමු යන තේරුමයි. පරාභවන්තං පුරිසං එසේ කියන ලද පිරිහීමට පත්වන මිනිසාට ඊට මුල්වන කරුණු විමසයි. පිරිහෙන කරුණු දැනගත් විට, ඒ කරුණු සමානකොට, පිරිහෙන කිසියම් මිනිසකු ගැන වටහා ගැනීමට හැකිවෙයි.

අථස‍්ස භගවා සුට‍්ඨු පාකටීකරණත්‍ථං පටිපක‍්ඛං දස‍්සෙත්‍වා පුග‍්ගලාධිට‍්ඨානාය දෙසනාය පරාභවමුඛං දීපෙන‍්තො ආහ “සුවිජානො භව”න‍්ති. තස‍්සත්‍ථො – ය‍්වායං භවං වඩ‍්ඪන‍්තො අපරිහායන‍්තො පුරිසො, සො සුවිජානො හොති, සුඛෙන අකසිරෙන අකිච‍්ඡෙන සක‍්කා විජානිතුං. යොපායං පරාභවතීති පරාභවො, පරිහායති විනස‍්සති, යස‍්ස තුම‍්හෙ පරාභවතො පුරිසස‍්ස මුඛං මං පුච‍්ඡථ, සොපි සුවිජානො. කථං? අයඤ‍්හි ධම‍්මකාමො භවං හොති දසකුසලකම‍්මපථධම‍්මං කාමෙති, පිහෙති, පත්‍ථෙති, සුණාති, පටිපජ‍්ජති, සො තං පටිපත‍්තිං දිස‍්වා සුත්‍වා ච ජානිතබ‍්බතො සුවිජානො හොති. ඉතරොපි ධම‍්මදෙස‍්සී පරාභවො, තමෙව ධම‍්මං දෙස‍්සති, න කාමෙති, න පිහෙති, න පත්‍ථෙති, න සුණාති, න පටිපජ‍්ජති, සො තං විප‍්පටිපත‍්තිං දිස‍්වා සුත්‍වා ච ජානිතබ‍්බතො සුවිජානො හොතීති. එවමෙත්‍ථ භගවා පටිපක‍්ඛං දස‍්සෙන‍්තො අත්‍ථතො ධම‍්මකාමතං භවතො මුඛං දස‍්සෙත්‍වා ධම‍්මදෙස‍්සිතං පරාභවතො මුඛං දස‍්සෙතීති වෙදිතබ‍්බං.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම කරුණු පහදා දීමේ පහසුව සළකා ඊට වෙනස්වන කරුණුවලට පුද්ගලයකු යොමුවන අයුරු සුවිජානො භවං යන ගාථාවෙන් (මුලදී) පැවසූහ. එහි තේරුම මෙසේය. භවං (ගුණ දහම් වැඩෙන, නොපිරිහෙන මිනිසා, සුවිජානො හොති පහසුවෙන්, නිසැකවම මනාව දැනගැනීමට හැකිවේ. යම් කෙනෙක් පිරිහීමට පත්වේද, පරාභවො ඔහු පිරිහෙයි. වැනසෙයි. ඔබලා මිනිසා පිරිහීමට පිවිසෙන දොරටු මගෙන් විමසුවෙහු නම්, එය ද සුවිජානො ඒ කෙසේ ද? ඒ තැනැත්තා ධම්මකාමො භවං හොති (නොපිරිහෙන තැනැත්තා) දසකුසල දහමෙහි යෙදීමට කැමති වෙයි. සතුටු වෙයි. අසයි. පිළිපදියි. ඔහු ඒ පිළිවෙත දැක, දැනගත යුතු දේ මැනවින් දැනගත්තේය. අනෙක් තැනැත්තා ධම්මදෙස්සී පරාභවො ඒ යහපත් දහමට රුචි නොකරයි. කැමති නොවෙයි. බලාපොරොත්තු නොවෙයි නො අසයි. පිළිනොපදී. ඒ දුසිරිත් පිළිවෙත දැකීමටත්, ඇසීමටත් (ලැබෙන අතර) පහසුවෙන් දැනගත යුතු බැවින් සුවිජානො නම් වෙයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ (දියුණුවට) සතුරු වන කරුණු දක්වමින්ද, දහමට කැමති සැටිද වැටහෙන අයුරු පෙන්වා දුන් බව දතයුතුය.

අථ සා දෙවතා භගවතො භාසිතං අභිනන්‍දමානා ආහ “ඉති හෙත”න‍්ති. තස‍්සත්‍ථො – ඉති හි යථා වුත‍්තො භගවතා, තථෙව එතං විජානාම, ගණ‍්හාම, ධාරෙම, පඨමො සො පරාභවො සො ධම‍්මදෙස‍්සිතාලක‍්ඛණො පඨමො පරාභවො. යානි මයං පරාභවමුඛානි විජානිතුං ආගතම‍්හා, තෙසු ඉදං තාව එකං පරාභවමුඛන‍්ති වුත‍්තං හොති. තත්‍ථ විග‍්ගහො, පරාභවන‍්ති එතෙනාති පරාභවො. කෙන ච පරාභවන‍්ති? යං පරාභවතො මුඛං, කාරණං, තෙන. බ්‍යඤ‍්ජනමත‍්තෙන එව හි එත්‍ථ නානාකරණං, අත්‍ථතො පන පරාභවොති වා පරාභවතො මුඛන‍්ති වා නානාකරණං නත්‍ථි. එවමෙකං පරාභවතො මුඛං විජානාමාති අභිනන්‍දිත්‍වා තතො පරං ඤාතුකාමතායාහ “දුතියං භගවා බ්‍රූහි, කිං පරාභවතො මුඛ”න‍්ති. ඉතො පරඤ‍්ච තතියං චතුත්‍ථන‍්තිආදීසුපි ඉමිනාව නයෙනත්‍ථො වෙදිතබ‍්බො.

ඉක්බිති ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයට සතුටුව ඉතිහෙතං යන ගාථාව කීය. එහි තේරුම මෙසේය. ඉති හි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද පරිදි, එසේම එතං විජානාම පිළිගනිමු, දරාගනිමු. පඨමො සො පරාභවො ඒ යහපත් දහමෙහි දොස් දැකීම, රුචි නොවීම පළමු පිරිහීමේ ලකුණයි. අප පිරිහීමට පිවිසෙන දොරටු දැනගැනීමට පැමිණියෙමු ද, ඒවා අතරින් මෙය එක් පිරිහීමේ හේතුවකැයි කියන ලද පරිදිය. එහි කරුණු තවත් විස්තර කළොත්, එය පිරිහීමට හේතුවේ යනුවෙන් පරාභවො කුමකින් පිරිහෙත්ද, ඒ පිරිහීමට හේතුවන කරුණකි. ඒ එකම වචනය වුවත් (පරාභව) ඊට නොයෙක් වෙනස් කරුණු ඇත. එහෙත් පරාභවො යන වචනය හෝ පරාභවතො මුඛං යන්නෙහි වෙනසක් නැත. මෙසේ පිරිහීමට හේතුවන එක් කරුණක් දනිමුයැයි බොහෝ සතුටුව, තවදුරටත් දැනගනු කැමතිව, දුතියං භගවා බ්‍රෑහි, කිං පරාභවතො මුඛං යැයි කීය. මෙයින් පසු තතියං චතුත්‍ථං ආදී වචනවලදී මේ අයුරින්ම අරුතද, වියරණයද (වාර ගණන තුන්වන, සතරවන ආදී සේ) දතයුතුය.

බ්‍යාකරණපක‍්ඛෙපි ච යස‍්මා තෙ තෙ සත‍්තා තෙහි තෙහි පරාභවමුඛෙහි සමන‍්නාගතා, න එකොයෙව සබ‍්බෙහි, න ච සබ‍්බෙ එකෙනෙව, තස‍්මා තෙසං තෙසං තානි තානි පරාභවමුඛානි දස‍්සෙතුං “අසන‍්තස‍්ස පියා හොන‍්තී”තිආදිනා නයෙන පුග‍්ගලාධිට‍්ඨානාය එව දෙසනාය නානාවිධානි පරාභවමුඛානි බ්‍යාකාසීති වෙදිතබ‍්බා.

යම් ලෙසකින් (පොදුවේ) මිනිසුන් ඒ ඒ පිරිහෙන කරුණුවලින් යුතු වෙත් ද, ඉන් එක් අයෙකු පිරිහීමට හේතු වන සියළුම කරුණු අනුගමනය නොකරනු ඇත. එමෙන්ම සියළුම දෙනා පිරිහෙන එකම කරුණින්ද යුතු නොවේ. එහෙයින් මිනිසුන් පිරිහීමට පත්වන ඒ ඒ කරුණු දැක්වීමට අසන්තස්ස පියා හොන්ති ආදී ලෙසින් පුද්ගලයාට තීරණය කළ හැකි පරිදි නොයෙක් අයුරින් පිරිහෙන කරුණු වදාළ බව දතයුතුය.

තත්‍රායං සඞ‍්ඛෙපතො අත්‍ථවණ‍්ණනා – අසන‍්තො නාම ඡ සත්‍ථාරො, යෙ වා පනඤ‍්ඤෙපි අවූපසන‍්තෙන කායවචීමනොකම‍්මෙන සමන‍්නාගතා, තෙ අසන‍්තො අස‍්සපියා හොන‍්ති සුනක‍්ඛත‍්තාදීනං අචෙලකකොරඛත‍්තියාදයො විය. සන‍්තො නාම බුද‍්ධපච‍්චෙකබුද‍්ධසාවකා. යෙ වා පනඤ‍්ඤෙපි වූපසන‍්තෙන කායවචීමනොකම‍්මෙන සමන‍්නාගතා, තෙ සන‍්තෙ න කුරුතෙ පියං, අත‍්තනො පියෙ ඉට‍්ඨෙ කන‍්තෙ මනාපෙ න කුරුතෙති අත්‍ථො. වෙනෙය්‍යවසෙන හෙත්‍ථ වචනභෙදො කතොති වෙදිතබ‍්බො. අථ වා සන‍්තෙ න කුරුතෙති සන‍්තෙ න සෙවතීති අත්‍ථො, යථා “රාජානං සෙවතී”ති එතස‍්මිඤ‍්හි අත්‍ථෙ රාජානං පියං කුරුතෙති සද‍්දවිදූ මන‍්තෙන‍්ති. පියන‍්ති පියමානො, තුස‍්සමානො, මොදමානොති අත්‍ථො. අසතං ධම‍්මො නාම ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි, දසාකුසලකම‍්මපථා වා. තං අසතං ධම‍්මං රොචෙති, පිහෙති, පත්‍ථෙති, සෙවති. එවමෙතාය ගාථාය අසන‍්තපියතා, සන‍්තඅප‍්පියතා, අසද‍්ධම‍්මරොචනඤ‍්චාති තිවිධං පරාභවතො මුඛං වුත‍්තං. එතෙන හි සමන‍්නාගතො පුරිසො පරාභවති පරිහායති, නෙව ඉධ න හුරං වුඩ‍්ඪිං පාපුණාති, තස‍්මා “පරාභවතො මුඛ”න‍්ති වුච‍්චති. විත්‍ථාරං පනෙත්‍ථ “අසෙවනා ච බාලානං, පණ‍්ඩිතානඤ‍්ච සෙවනා”ති ගාථාවණ‍්ණනායං වක‍්ඛාම.

මෙය එහි කෙටියෙන් සඳහන් කිරීමයි. අසන්තො නම් සාමයික ගුරුවරුන් ලෙස සිටි (පූරණ කස්සප ආදී) හයදෙනා එමෙන්ම, අසංවර වූ කය, වචන, සිත මෙහෙයවන කටයුතු කරන වෙනත් පිරිස්ය. ඔවුහු අසන්තො අස්ස පියා හොන්ති සුනක්ඛත්ත ආදීන් හා අචේලක කෝරක්ඛත්තිය ආදීන් මෙන්, සන්තො නම්, බුදුවරුන්, පසේ බුදුවරුන් හා (අරිය) සාවකවරුන්, කය, වචන, සිත සංවරව කටයුතු කරන වෙනත් පිරිස්, සන්තෙ න කුරුතෙ පියං ඒ බුද්ධාදී යහපත් උතුමන්ට තමන්ගේ කැමැත්තක්, මනාපයක් නොපෙන්වයි, හික්මවීම් ලෙසින් මෙහිදී වචන වෙනසක් කරන ලදැයි දතයුතුය. නැතහොත් සන්තෙ න තුරුතෙ එබඳු යහපත් තැනැත්තන් ඇසුරු නොකරයි යන තේරුමයි. යම්සේ රජෙකු ඇසුරු කිරිමෙන් (රජුගේ) අදාල කටයුතු පිළියෙල කිරීමේදී අරුත් දැක්වීමට පකුරුතෙ යැයි යෙදුම ගැන බස්වහර ගැන වියත්හු කථාකරති. පියං කැමතිවෙමින්, සතුටුවෙමින්, තුටුවෙමින් යැයි තේරුමයි. අයහපත් දහම නම් සැටදෙකක් වූ මිසදිටු අදහස් හෝ දස අකුසල්ය. අසතං ධම්මං රොචෙති එබඳු දේ කැමති වෙයි. බලාපොරොත්තු වෙයි. අයහපත් පුද්ගලයන්ට කැමතිවීම, යහපත් පුද්ගලයන්ට කැමති නොවීම, අයහපත් පුද්ගලයන්ගේ අයහපත් කටයුතුවලට කැමතිවීම යැයි, මේ ගාථාවෙහි තුන්ආකාර වූ පිරිහෙන කරුණු කියන ලදී. මේ කරුණුවලින් යුතු තැනැත්තා පිරිහෙයි, පිරිහීමට පත්කරනු ලබයි. මේ ජීවිතයෙහිදී හෝ පරලොව ජීවිතය හෝ දියුණුවකට නොපැමිණෙයි. එහෙයින් පිරිහීමේ පිවිසුම් දොරටුව යැයි කියනු ලැබේ. මෙහි විස්තර, ‘අසෙවනා ච බාලානං......... යන ගාථාවෙහිලා කියමු.

නිද‍්දාසීලී නාම යො ගච‍්ඡන‍්තොපි, නිසීදන‍්තොපි, තිට‍්ඨන‍්තොපි, සයානොපි නිද‍්දායතියෙව. සභාසීලී නාම සඞ‍්ගණිකාරාමතං, භස‍්සාරාමතමනුයුත‍්තො. අනුට‍්ඨාතාති වීරියතෙජවිරහිතො උට‍්ඨානසීලො න හොති, අඤ‍්ඤෙහි චොදියමානො ගහට‍්ඨො වා සමානො ගහට‍්ඨකම‍්මං , පබ‍්බජිතො වා පබ‍්බජිතකම‍්මං ආරභති. අලසොති ජාතිඅලසො, අච‍්චන‍්තාභිභූතො ථිනෙන ඨිතට‍්ඨානෙ ඨිතො එව හොති, නිසින‍්නට‍්ඨානෙ නිසින‍්නො එව හොති, අත‍්තනො උස‍්සාහෙන අඤ‍්ඤං ඉරියාපථං න කප‍්පෙති. අතීතෙ අරඤ‍්ඤෙ අග‍්ගිම‍්හි උට‍්ඨිතෙ අපලායනඅලසා චෙත්‍ථ නිදස‍්සනං. අයමෙත්‍ථ උක‍්කට‍්ඨපරිච‍්ඡෙදො, තතො ලාමකපරිච‍්ඡෙදෙනාපි පන අලසො අලසොත්‍වෙව වෙදිතබ‍්බො. ධජොව රථස‍්ස, ධූමොව අග‍්ගිනො, කොධො පඤ‍්ඤාණමස‍්සාති කොධපඤ‍්ඤාණො. දොසචරිතො ඛිප‍්පකොපී අරුකූපමචිත‍්තො පුග‍්ගලො එවරූපො හොති. ඉමාය ගාථාය නිද‍්දාසීලතා, සභාසීලතා, අනුට‍්ඨානතා, අලසතා, කොධපඤ‍්ඤාණතාති පඤ‍්චවිධං පරාභවමුඛං වුත‍්තං. එතෙන හි සමන‍්නාගතො නෙව ගහට‍්ඨො ගහට‍්ඨවුඩ‍්ඪිං, න පබ‍්බජිතො පබ‍්බජිතවුඩ‍්ඪිං පාපුණාති, අඤ‍්ඤදත්‍ථු පරිහායතියෙව පරාභවතියෙව, තස‍්මා “පරාභවතො මුඛ”න‍්ති වුච‍්චති.

නිද්දාසීලී නම්, යම් තැනැත්තකු යමින් ද, හිඳින විටදී ද, සිටගෙනද, ඇඳෙහි ද නිදාගනු ලබන්නේමය. සභාසීලි නම්, පිරිසක් හා එක්ව, දොඩමළු වීමෙහි යෙදීමයි. අනුට්ඨාතා, උත්සාහයෙහි බලවත් බවක් නැතිව, උත්සාහයෙන් කටයුතු නොකරන බවයි. කිසියම් විටකදී වෙනත් කෙනෙකුන් විසින් දොස් නගනු ලැබූ කල්හි ගිහියෙක් නම්, ගිහි ජීවිතයට අදාල කටයුතුවලදී ද, පැවිද්දෙක් නම්, පැවිදි බවට අදාල කටයුතුවලදීද උනන්දු නොවෙති. අලසො යනු සහජයෙන්ම කම්මැලිව, තදින්ම කම්මැලි බවෙහිම ඇලී, කුසීතවම, සිටිතැනම සිටියේ වෙයි. හිඳිනා තැන හිඳින්නේමය. තම උත්සාහයෙන් වෙනත් ඉරියව්වකට හෝ නොයයි. පෙර, කැලයෙහි ගිනි හටගත් විට, එතැනින් ඉවත්ව පලා නොයන කම්මැලියා මෙහිලා නිදසුන්ය. මෙය කලකිරීමෙන් ඇතිවන දෙයකි. ඒ අනුව, ලාමක වීමද ඒ තැනැත්තා කම්මැලියෙක්ම වේ යැයි දතයුතුය. රියට කොඩිය මෙන්ද ගින්නට දුම මෙන්ද තරහ බව (පැහැදිලිව) හඳුනාගත හැකිවීම කොධපඤ්ඤාණො නම් වෙයි. නිති තරහව චරිතයෙහි අංගයක් කොටගත් ඉක්මණින් කෝපවන (එයින් පෑරෙන) තුවාලයක් වන් සිත් ඇති තැනැත්තා මෙබඳුය. මෙම ගාථාවෙහි නිදනසුළු බව, දොඩමළු වීමේ ඇළුණු බව, උත්සාහ නොවීම, කුසීත බව හා කෝපය යන කරුණු පහ පිරිහෙන පිවිසුම් දොරටු ලෙස කියන ලදී. මේ කරුණුවලින් යුතු ගිහියෙක් නම්, ගිහි ජීවිතයට අදාල කටයුතුද, පැවිද්දෙක් නම්, පැවිදි දිවියෙහිද දියුණුවක් නොලබන්නේය. හුදෙක්ම පිරිහීමට පත්වෙයි. පිරිහේමය. එහෙයින් පරාභවතො මුඛං යැයි කියනු ලැබේ.

මාතාති ජනිකා වෙදිතබ‍්බා. පිතාති ජනකොයෙව. ජිණ‍්ණකං සරීරසිථිලතාය. ගතයොබ‍්බනං යොබ‍්බනාතික‍්කමෙන ආසීතිකං වා නාවුතිකං වා සයං කම‍්මානි කාතුමසමත්‍ථං. පහු සන‍්තොති සමත්‍ථො සමානො සුඛං ජීවමානො. න භරතීති න පොසෙති. ඉමාය ගාථාය මාතාපිතූනං අභරණං, අපොසනං, අනුපට‍්ඨානං එකංයෙව පරාභවමුඛං වුත‍්තං. එතෙන හි සමන‍්නාගතො යං තං –

මාතා යනු බිහිකරන තැනැත්තිය යැයි දතයුතුය. පිතා යනු බිහිකරන තැනැත්තාය. ඡිණ්ණකං සිරුරෙහි බර ලිහිල්වීම හෙවත් වයස්ගත වීමය. ගතයොබ්බනං යොවුන් බව ඉක්මවා අවුරුදු අසූවක් හෝ අනූවක්ව තම කටයුතු කරගැනීමට නොහැකි බව. පහු සන්තො (තමන්ට) යම් දෙයක් කරගැනීමට හැකියාව ඇති, ඉසුරුමත්, සැපසේ ජීවත්වන, න භරති - ආහාරපාන ලබා දී රැකබලා නොගනී. මේ ගාථාවෙන් මව්පියන්ට, ඇඳුම් පැලඳුම්, ආහාර, බෙහෙත් ආදිය නොදී, උවටැන් නොකිරීම, එක් පිරිහෙන පිවිසුම් දොරටුවක් ලෙස වදාරන ලදී.

“තාය නං පාරිචරියාය, මාතාපිතූසු පණ‍්ඩිතා; ඉධෙව නං පසංසන‍්ති, පෙච‍්ච සග‍්ගෙ පමොදතී”ති. (ඉතිවු· 106; අ· නි· 4.63) –

‘තාය නං පාරිචරියාය මාතාපිතුසු පණ්ඩිතා ඉධ චෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙච මොදති’

නුවණැත්තෝ මවුපියන් කෙරෙහි උවටැන් කිරීම් ආදී සේවය කිරිමෙන් මෙලොවදීම ඔවුහු පැසසුම් ලබති. මියගිය පසුව දෙව්ලොව ඉපිද සතුටු වෙති’

මාතාපිතුභරණෙ ආනිසංසං වුත‍්තං. තං න පාපුණාති, අඤ‍්ඤදත්‍ථු “මාතාපිතරොපි න භරති, කං අඤ‍්ඤං භරිස‍්සතී”ති නින්‍දඤ‍්ච වජ‍්ජනීයතඤ‍්ච දුග‍්ගතිඤ‍්ච පාපුණන‍්තො පරාභවතියෙව, තස‍්මා “පරාභවතො මුඛ”න‍්ති වුච‍්චති.

යනුවෙන් මව්පියන්ට ගරු සත්කාරයෙහි, උවටැන් කිරීමෙහි ඵලවිපාක කියන ලදී. ‘එසේ හුදෙක්ම මවුපියන්ට සත්කාර නොකොට වෙන කවරකුට කරන්නේදැ’යි අපහාසයට ද දොස් නැගීමට ද දුගතියට ද පත්ව, පිරිහෙයි. යහපත් පලවිපාක නොපැමිණෙයි. එහෙයින් පරාභවතො මුඛං යැයි කියනු ලැබේ.

පාපානං බාහිතත‍්තා බ්‍රාහ‍්මණං, සමිතත‍්තා සමණං. බ්‍රාහ‍්මණකුලප‍්පභවම‍්පි වා බ්‍රාහ‍්මණං, පබ‍්බජ‍්ජුපගතං සමණං, තතො අඤ‍්ඤං වාපි යංකිඤ‍්චි යාචනකං. මුසාවාදෙන වඤ‍්චෙතීති “වද, භන‍්තෙ, පච‍්චයෙනා”ති පවාරෙත්‍වා යාචිතො වා පටිජානිත්‍වා පච‍්ඡා අප‍්පදානෙන තස‍්ස තං ආසං විසංවාදෙති. ඉමාය ගාථාය බ්‍රාහ‍්මණාදීනං මුසාවාදෙන වඤ‍්චනං එකංයෙව පරාභවමුඛං වුත‍්තං. එතෙන හි සමන‍්නාගතො ඉධ නින්‍දං, සම‍්පරායෙ දුග‍්ගතිං සුගතියම‍්පි අධිප‍්පායවිපත‍්තිඤ‍්ච පාපුණාති. වුත‍්තඤ‍්හෙතං –

පව් බැහැර කරන ලද බැවින් බ්‍රාහ්මණ පව් සංසිඳවන බැවින් සමණං, බමුණු කුලයෙන් පැවත ඒමද බ්‍රාහ්මණං පැවිදි බවට පත්වූවන් සමණං, එමෙන්ම අඤ්ඤං වාපි යම්කිසි ඉල්ලනු ලබන දෙයක්, මුසාවාදෙන වඤ්චෙති ‘කියනු මැනව, හිමියනි’, යැයි සිවුපසය පවරා දී, එසේ ඉල්ලා ගැනීමෙන් හෝ දැනගෙන, පසුව අඩුවෙන් දී ඔහුට ඇතිකරන ලද ඒ බලාපොරොත්තුව - ආසාව - ඉටු නොවන පරිදි මුළාකොට රවටා බොරු කියයි. මේ ගාථාවෙන් මහණ බමුණන් ආදීන් බොරුවෙන් රැවටීම එක් පිරිහෙන පිවිසුම් දොරටුවක් සේ කියන ලදී. මේ ආකාර වූ තැනැත්තා මෙම ජීවිතයෙහි අපහාසයටත්, මරණින් පසු දුගතියටත්, සැප ඇති තැනක උපත ලදොත්, අදහස් වූ පරිදිම විපතටද පැමිණේ. එසේ හෙයින් කියන ලදී -

“දුස‍්සීලස‍්ස සීලවිපන‍්නස‍්ස පාපකො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡතී”ති (දී· නි· 2.149; අ· නි· 5.213; මහාව· 285).

‘සිල් වරදවා ගත් දුසිල්වතා ගැන නරක, අයහපත් රාවයක් පැතිරේ’ යැයි

තථා –

එසේම,

“චතූහි, භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. කතමෙහි චතූහි? මුසාවාදී හොතී”තිආදි (අ· නි· 4.82).

‘මහණෙනි, කරුණු සතරකින් යුතු තැනැත්තා, ගෙනෙන ලද බර බිම තබනනා සේ, (මරණින් මතු) නිරයට යයි. ඒ කරුණු සතර කවරේද? බොරු කීම....’ ආදී ලෙසින් වදාරා ඇත.

තථා –

එසේම,

“ඉධ, සාරිපුත‍්ත, එකච‍්චො සමණං වා බ්‍රාහ‍්මණං වා උපසඞ‍්කමිත්‍වා පවාරෙති, ‘වද, භන‍්තෙ, පච‍්චයෙනා’ති, සො යෙන පවාරෙති, තං න දෙති. සො චෙ තතො චුතො ඉත්‍ථත‍්තං ආගච‍්ඡති. සො යං යදෙව වණිජ‍්ජං පයොජෙති, සාස‍්ස හොති ඡෙදගාමිනී. ඉධ පන සාරිපුත‍්ත…පෙ… සො යෙන පවාරෙති, න තං යථාධිප‍්පායං දෙති. සො චෙ තතො චුතො ඉත්‍ථත‍්තං ආගච‍්ඡති. සො යං යදෙව වණිජ‍්ජං පයොජෙති, සාස‍්ස න හොති යථාධිප‍්පායා”ති (අ· නි· 4.79).

සාරිපුත්තය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් පැවිද්දකු හෝ බමුණකු වෙත එළඹ, ‘කියන්න, හිමියනි, යැයි සිවුපසය දෙන බව කියා, ඒ පවරන ලද යම් දෙයක් නොදෙයි ද, ඔහු මියගොස් මේ මිනිස් බවයම ලබයිද, යම් පමණකට වෙළඳ කටයුතු ආදියෙහි යෙදෙයිද, එයම ඔහුගේ අත්පාදිය කැපීමේ (විපතට) පත්වෙයි. සාරිපුත්තය, යමෙක් යම් දෙයකින් මහණ බමුණන් පවරා (දෙන බව දන්වා) එය අදහස් කළ පරිදි නොදෙයිද, ඔහු මියගොස් මිනිසත් බව ලබයිද, යම් දෙයක් වෙළඳ කටයුතුවල යොදවයිද, එය අදහස් කළ පරිදි සිදුනොවේ’ යැයි (වදාළහ.)

එවමිමානි නින්‍දාදීනි පාපුණන‍්තො පරාභවතියෙව, තස‍්මා “පරාභවතො මුඛ”න‍්ති වුත‍්තං.

මෙසේ නින්දා අපහාසයට පැමිණෙමින් පිරිහීමට පත්වේමය. එහෙයින් පරාභවතො මුඛං යැයි කියන ලදී.

පහූතවිත‍්තොති පහූතජාතරූපරජතමණිරතනො. සහිරඤ‍්ඤොති සකහාපණො. සභොජනොති අනෙකසූපබ්‍යඤ‍්ජනභොජනසම‍්පන‍්නො. එකො භුඤ‍්ජති සාදූනීති සාදූනි භොජනානි අත‍්තනො පුත‍්තානම‍්පි අදත්‍වා පටිච‍්ඡන‍්නොකාසෙ භුඤ‍්ජතීති එකො භුඤ‍්ජති සාදූනි. ඉමාය ගාථාය භොජනගිද‍්ධතාය භොජනමච‍්ඡරියං එකංයෙව පරාභවමුඛං වුත‍්තං. එතෙන හි සමන‍්නාගතො නින්‍දං වජ‍්ජනීයං දුග‍්ගතින‍්ති එවමාදීනි පාපුණන‍්තො පරාභවතියෙව, තස‍්මා “පරාභවතො මුඛ”න‍්ති වුත‍්තං. වුත‍්තනයෙනෙව සබ‍්බං සුත‍්තානුසාරෙන යොජෙතබ‍්බං, අතිවිත්‍ථාරභයෙන පන ඉදානි යොජනානයං අදස‍්සෙත්‍වා අත්‍ථමත‍්තමෙව භණාම.

පහූත විත්තො බොහෝ රන් රිදී මුතු මැණික් ඇති, සහිරඤ්ඤො කහවණු සහිත, සභොජනා නොයෙක් පිසන ලද හොදි, එළවළු ආදී රසමසවුළු සමග බොජුනින්, එකො භුඤ්ජති සාදුනී රසවත් හොඳ ආහාර තම පුතුන්ට ද නොදී සැඟව හිඳ අනුභව කරයි. තනිවම රසවත් ආහාර අනුභව කරයි. මේ ගාථාවෙන්, ආහාරයෙහි ගිජුබවත්, ආහාරයෙහි මසුරු බවත් එක් පිරිහීමේ පිවිසුම් දොරටුවක් සේ කියන ලදී. මෙබඳු තැනැත්තා නින්දාව දුරු කරන්නට මෙන් සැප නොලබා දුකට පත්වෙමින් පිරිහේමය. එහෙයින් පරාභවතො මුඛං යැයි කියන ලදී. කියා ඇති පරිද්දෙන්, සියළු කරුණු සූත්‍රය අනුසාරයෙන් යොදාගත යුතුය. බොහෝ විස්තර සඳහන් කොට (අටුවාව විසාල වේයයි) බියෙන්, මෙතැන් සිට, මෙතෙක් අනුගමනය කළ පිළිවෙල නොදක්වා තේරුම පමණක්ම කියමු.

ජාතිත්‍ථද‍්ධො නාම යො “අහං ජාතිසම‍්පන‍්නො”ති මානං ජනෙත්‍වා තෙන ථද‍්ධො වාතපූරිතභස‍්තා විය උද‍්ධුමාතො හුත්‍වා න කස‍්සචි ඔනමති. එස නයො ධනගොත‍්තත්‍ථද‍්ධෙසු. සඤ‍්ඤාතිං අතිමඤ‍්ඤෙතීති අත‍්තනො ඤාතිම‍්පි ජාතියා අතිමඤ‍්ඤති සක්‍යා විය විටටූභං. ධනෙනාපි ච “කපණො අයං දලිද‍්දො”ති අතිමඤ‍්ඤති, සාමීචිමත‍්තම‍්පි න කරොති, තස‍්ස තෙ ඤාතයො පරාභවමෙව ඉච‍්ඡන‍්ති. ඉමාය ගාථාය වත්‍ථුතො චතුබ‍්බිධං, ලක‍්ඛණතො එකංයෙව පරාභවමුඛං වුත‍්තං.

ජාතිත්‍ථද්ධො නම් යමෙකු ‘මම උපතින් උසස්වෙමි’යි උඩඟු බවක් උපදවාගෙන, එයින් ඔද වැඩිව, සුළං පිරුණ මයිනහමක් මෙන් පිම්බී. කිසිම කෙනෙකුට හිස නොනමයි. ධනගොත්තත්‍ථද්ධෙසු මේ ගැනද එසේ සඳහන් වූ අයුරු සළකා ගතයුතුයි. සඤ්ඤාතිං අති මඤ්ඤෙ සැකිකුල විඩූඩභ මෙන් තම නෑදෑයින් ද උපතින් පහත්කොට සිතයි. ‘මේ තැනැත්තා බැගෑපත් වන දිළින්ඳෙකි, දුප්පතෙකි’ යැයි පොහොසත්කම අනුව, තමාට වඩා පහත්කොට සිතයි, ‘ඒ නෑදැයින් තම පිරිහීම කැමති වෙති’යි කතාබහක්වත් නොකරයි, මෙම ගාථාවෙන් කරුණු සතරක් වුවත්, (මානය) එකම අරමුණ සේ සළකා පිරිහීමේ එක් කරුණක් ලෙස පෙන්වයි.

ඉත්‍ථිධුත‍්තොති ඉත්‍ථීසු සාරත‍්තො, යංකිඤ‍්චි අත්‍ථි, තං සබ‍්බම‍්පි දත්‍වා අපරාපරං ඉත්‍ථිං සඞ‍්ගණ‍්හාති. තථා සබ‍්බම‍්පි අත‍්තනො සන‍්තකං නික‍්ඛිපිත්‍වා සුරාපානපයුත‍්තො සුරාධුත‍්තො. නිවත්‍ථසාටකම‍්පි නික‍්ඛිපිත්‍වා ජූතකීළනමනුයුත‍්තො අක‍්ඛධුත‍්තො. එතෙහි තීහි ඨානෙහි යංකිඤ‍්චිපි ලද‍්ධං හොති, තස‍්ස විනාසනතො ලද‍්ධං ලද‍්ධං විනාසෙතීති වෙදිතබ‍්බො. එවංවිධො පරාභවතියෙව, තෙනස‍්සෙතං ඉමාය ගාථාය තිවිධං පරාභවමුඛං වුත‍්තං.

ඉත්‍ථි ධුත්තො ගැහැණුන් කෙරෙහි ඇලුනේ, තමා සතුව ඇති සියළු දෙයම වෙනත් ගැහැණියක වසඟයට ගනී. සබඳතා ඇතිකර ගනී. එමෙන්ම තමාට අයත් සියල්ල උකසට තබා හෝ රහමෙර පානයෙහි (මත්කුඩු, මත්පෙති වැනි දෑ) ලොල්වූයේ සුරාධුත්තො වේ. ඇඳිවත හෝ උකසට තබා දූකෙළියෙහි, සූදු ආදියෙහි යෙදුනේ අක්‍ඛධුත්තො වේ. මේ කරුණු තුනෙන් කිසියම් (වාසිදායක) දෙයක් ලැබුවේද, එය වැනසීමට, විපතට පත්වීම ලද්ධං ලද්ධං විනාසෙති යැයි දතයුතුය. මෙසේ කටයුතු කරන තැනැත්තා පිරිහේමය. මේ ගාථාවෙන් ඒ පිළිබඳව පිරිහීමේ පිවිසුම් දොරටු තුනක් කියන ලදී.

සෙහි දාරෙහීති අත‍්තනො දාරෙහි. යො අත‍්තනො දාරෙහි අසන‍්තුට‍්ඨො හුත්‍වා වෙසියාසු පදුස‍්සති, තථා පරදාරෙසු, සො යස‍්මා වෙසීනං ධනප‍්පදානෙන පරදාරසෙවනෙන ච රාජදණ‍්ඩාදීහි පරාභවතියෙව, තෙනස‍්සෙතං ඉමාය ගාථාය දුවිධං පරාභවමුඛං වුත‍්තං.

සෙහි දාරෙහි තමන්ගේ බිරිඳගෙන්, යමෙකු තම බිරියගෙන් අසන්තුට්ඨො සතුටු නොවී, සෑහීමකට පත් නොවී වෙසියාසු පදිස්සති එසේම පරදාරෙසු ඔහු යම් ගණිකාවනට ධනය දීමෙන් ද අනුන්ගේ බිරියන් ඇසුරෙන්ද රජුගෙන් දඬුවම් ලැබීම ආදියෙන් (නීතිය මගින් වැරැදිවලට දඬුවම් ලැබීමෙන්) පිරිහේමය. ඒ අනුව මේ ගාථාවෙන් පිරිහීමේ පිවිසුම් දොරටු දෙකක් කියන ලදී.

අතීතයොබ‍්බනොති යොබ‍්බනමතිච‍්ච ආසීතිකො වා නාවුතිකො වා හුත්‍වා ආනෙති පරිග‍්ගණ‍්හාති. තිම‍්බරුත්‍ථනින‍්ති තිම‍්බරුඵලසදිසත්‍ථනිං තරුණදාරිකං. තස‍්සා ඉස‍්සා න සුපතීති “දහරාය මහල‍්ලකෙන සද‍්ධිං රති ච සංවාසො ච අමනාපො, මා හෙව ඛො තරුණං පත්‍ථෙය්‍යා”ති ඉස‍්සාය තං රක‍්ඛන‍්තො න සුපති. සො යස‍්මා කාමරාගෙන ච ඉස‍්සාය ච ඩය‍්හන‍්තො බහිද‍්ධා කම‍්මන‍්තෙ ච අප‍්පයොජෙන‍්තො පරාභවතියෙව, තෙනස‍්සෙතං ඉමාය ගාථාය ඉමං ඉස‍්සාය අසුපනං එකංයෙව පරාභවමුඛං වුත‍්තං.

අතීතයොබ්බනො යොවුන් බව ඉක්මවූ අවුරුදු අසූවක් හෝ අනූවක් වූ ආනෙති ගෙන එයි. තිම්බරුත්‍ථනිං තිඹිරිඵල වන් පියයුරු ඇති යොවුන් දැරියක් තස්සා ඉස්සා න සුපති ඒ නව යොවුන් දැරිය එබඳු මහල්ලෙකු සමග ආලවන්ත බවක් හෝ ලිංගික ඇසුරද කැමති නොවන්නීය. වෙනත් තරුණයන් විසින් ඈ නොපැතිය යුතුයැයි, ඉරිසියාවෙන් ඇය රැකගැනීමට අවදියෙන් සිටී. ඔහු කාමුක රාගී බවින්ද, ඉරිසියාවෙන්ද දැවෙමින් (ආදායමක් ගෙන දෙන) බාහිර කටයුත්තක හෝ නොයෙදෙමින් පිරිහේමය. මෙසේ ඔහු ඉරිසියාවෙන් නිදිවැරීම එක් පිරිහීමේ පිවිසුම් දොරටුවක් ලෙස කියන ලදී.

සොණ‍්ඩින‍්ති මච‍්ඡමංසාදීසු ලොලං ගෙධජාතිකං. විකිරණින‍්ති තෙසං අත්‍ථාය ධනං පංසුකං විය විකිරිත්‍වා නාසනසීලං. පුරිසං වාපි තාදිසන‍්ති පුරිසො වාපි යො එවරූපො හොති, තං යො ඉස‍්සරියස‍්මිං ඨපෙති, ලඤ‍්ඡනමුද‍්දිකාදීනි දත්‍වා ඝරාවාසෙ කම‍්මන‍්තෙ වා වණිජ‍්ජාදිවොහාරෙසු වා තදෙව වාවටං කාරෙති. සො යස‍්මා තස‍්ස දොසෙන ධනක‍්ඛයං පාපුණන‍්තො පරාභවතියෙව, තෙනස‍්සෙතං ඉමාය ගාථාය තථාවිධස‍්ස ඉස‍්සරියස‍්මිං ඨපනං එකංයෙව පරාභවමුඛං වුත‍්තං.

සොණ්ඩිං යනු මාළු-මස්, මත්වන දේවලට ඇලී. ගිජුවීමයි. විකිරණිං ඒ සඳහා ධනය පස් මෙන් විසිරුවා නැතිකරන සුළු, පුරිසං වා පි තාදිසං එබඳු තැනැත්තෙකු, ඉස්සරියස්මිං ඨාපෙති (අධිපති බව තහවුරු කරන අදාල) සංකේත, සලකුණු (සීල් තැබීමේ උපකරණ යතුරු ආදී) මුද්දක් වැනි දේ භාර දී ගෙදරක හෝ ආදායම් ලබන කටයුත්තක හෝ වෙළහෙළඳාම් ව්‍යාපාර ආදියෙහි මුලින් සඳහන් නාස්තිකාර ගති ඇති අයෙකු මුල්තැන තබයිද, ඔහු ඒ වරදින් ධනය නැතිකර ගැනීමෙන් පිරිහේමය. ඒ අනුව එබඳු වූවකු ඉසුරු තන්හි, අධිපති බවට පත්කිරීම පිරිහීමේ, එක් දොරටුවක් ලෙස කියන ලදී.

අප‍්පභොගො නාම සන‍්නිචිතානඤ‍්ච භොගානං ආයමුඛස‍්ස ච අභාවතො. මහාතණ‍්හොති මහතියා භොගතණ‍්හාය සමන‍්නාගතො, යං ලද‍්ධං, තෙන අසන‍්තුට‍්ඨො. ඛත‍්තියෙ ජායතෙ කුලෙති ඛත‍්තියානං කුලෙ ජායති. සො ච රජ‍්ජං පත්‍ථයතීති සො එතාය මහාතණ‍්හතාය අනුපායෙන උප‍්පටිපාටියා අත‍්තනො දායජ‍්ජභූතං අලබ‍්භනෙය්‍යං වා පරසන‍්තකං රජ‍්ජං පත්‍ථෙති, සො එවං පත්‍ථෙන‍්තො යස‍්මා තම‍්පි අප‍්පකං භොගං යොධාජීවාදීනං දත්‍වා රජ‍්ජං අපාපුණන‍්තො පරාභවතියෙව, තෙනස‍්සෙතං ඉමාය ගාථාය රජ‍්ජපත්‍ථනං එකංයෙව පරාභවමුඛං වුත‍්තං.

අප්පභොගො රැස් කරගන්නා ලද සම්පත් යොදවා නැවත ආදායමක් ලබා නොගැනීමයි. මහා තණ්හො දැඩිව සම්පත් ලබාගැනීමේ ආසාවෙන් යුතු ලද යම් දෙයකින් සෑහීමට පත්නොවී, ඛත්තියෙ ජායතෙ කුලෙ කැත් කුලයෙහි (රජ කුලයෙහි) ඉපිද සොච රජ්ජං පත්‍ථයති ඔහු ඒ සා බලවත් තණ්හාවෙන් යුතුව වැරදි ආකාරයෙන්, වැරදි වැඩ පිළිවෙලින් තම උරුම වූ දේ හෝ, නොලැබෙන අනුන්ට අයත් රජකම බලාපොරොත්තු වෙයි. ඔහු මෙසේ පතමින්, යම් ආකාරයෙන් තමාට අයිති ඉතා අඩු සම්පත් යුද භටයන් ආදීනට දී රජබවට පත් නොවීමෙන් පිරිහේමය. මෙම ගාථාවෙන් එබඳු කෙනෙකු රජකම පැතීම එක් පිරිහීමට පිවිසුම් දොරටුවක් ලෙස කියන ලදී.

ඉතො පරං යදි සා දෙවතා “තෙරසමං භගවා බ්‍රූහි…පෙ… සතසහස‍්සිමං භගවා බ්‍රූහී”ති පුච‍්ඡෙය්‍ය, තම‍්පි භගවා කථෙය්‍ය. යස‍්මා පන සා දෙවතා “කිං ඉමෙහි පුච‍්ඡිතෙහි, එකමෙත්‍ථ වුඩ‍්ඪිකරං නත්‍ථී”ති තානි පරාභවමුඛානි අසුය්‍යමානා එත‍්තකම‍්පි පුච‍්ඡිත්‍වා විප‍්පටිසාරී හුත්‍වා තුණ‍්හී අහොසි, තස‍්මා භගවා තස‍්සාසයං විදිත්‍වා දෙසනං නිට‍්ඨාපෙන‍්තො ඉමං ගාථං අභාසි “එතෙ පරාභවෙ ලොකෙ”ති.

මෙයින් පසුවද, ඒ දේවතාවා ‘දහතුන්වන පිරිහීමට හේතුවන කරුණ, භාග්‍යවතුන් වහන්ස වදාළ මැනව, සියදහස් වන කරුණ වදාළ මැනව’යි විචාරන්නේ නම්, එපමණම කරුණු පහදා දෙන්නේය. ඒ දේවතාවා ‘මේ කරුණු ඇසීමෙන් (තවදුරටත්) කිනම් පලයක්ද? මෙහි එකක්වත් දියුණුවට අදාළ බවක් නැතැ’යි ඒ පිරිහීමේ පිවිසුම් දොරටු ගැන ඇසීම (මින් ඉදිරියට) පලක් නැතැයි මෙපමණ කරුණු අසා පසුතැවිලිව නිහඬව හුන්නේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ දේවතාවාගේ අදහස දැන, දෙසුම නිමා කෙරෙමින් එතෙ පරාභවෙ ලොකෙ යන මේ ගාථාව වදාළහ.

තත්‍ථ පණ‍්ඩිතොති පරිවීමංසාය සමන‍්නාගතො. සමවෙක‍්ඛියාති පඤ‍්ඤාචක‍්ඛුනා උපපරික‍්ඛිත්‍වා. අරියොති න මග‍්ගෙන, න ඵලෙන, අපිච ඛො, පන එතස‍්මිං පරාභවසඞ‍්ඛාතෙ අනයෙ න ඉරියතීති අරියො. යෙන දස‍්සනෙන යාය පඤ‍්ඤාය පරාභවෙ දිස‍්වා විවජ‍්ජෙති, තෙන සම‍්පන‍්නත‍්තා දස‍්සනසම‍්පන‍්නො. ස ලොකං භජතෙ සිවන‍්ති සො එවරූපො සිවං ඛෙමමුත‍්තමමනුපද‍්දවං දෙවලොකං භජති, අල‍්ලීයති, උපගච‍්ඡතීති වුත‍්තං හොති. දෙසනාපරියොසානෙ පරාභවමුඛානි සුත්‍වා උප‍්පන‍්නසංවෙගානුරූපං යොනිසො පදහිත්‍වා සොතාපත‍්තිසකදාගාමිඅනාගාමිඵලානි පත‍්තා දෙවතා ගණනං වීතිවත‍්තා. යථාහ –

එම ගාථාවෙහි පණ්ඩිතො මනා විමසුම් බවින් කටයුතු කරන තැනැත්තකු සමවෙක්‍ඛියා නුවණැසින් පිරික්සා, අරියො මගද, පලයද (හෙවත් නිවනද) නොලදත්, මෙම පිරිහීමේ පිවිසුම් දොරටු යැයි කියන ලද දෙයින් වැළකෙත් නම් විපත් නොපවතී යනුවෙන් ‘අනයෙන ඉරීයති අරියො’ වෙයි. ඒ දැකීමෙන්ද, නුවණින් ද පිරිහීම දැක ඒවායෙහි නොයෙදීමෙන් දස්සන සම්පන්නො, සලොකං භජතෙ සිවං ඔහු සැනසිලිදායී, රැකවරණ බඳු, උවදුරු නැති දෙව්ලොව ඇසුරු කරයි. ඇලෙයි, පැමිණේ යැයි කියන ලදී. දෙසුම අවසන්හි, පිරිහීමේ පිවිසුම් අසා සංවේගයට පත්ව, නුවණින් මෙනෙහි කොට සෝවාන්, සකදාගාමී, අනාගාමි ඵලයට පත් දේවතාවෝ මෙතෙකැයි පමණ කළ නොහැකි වූහ. එසේ හෙයින් කියන ලදී.

“මහාසමයසුත‍්තෙ ච, අථො මඞ‍්ගලසුත‍්තකෙ; සමචිත‍්තෙ රාහුලොවාදෙ, ධම‍්මචක‍්කෙ පරාභවෙ.

‘මහාසමය සුත්තෙ ච අථො මංගල සුත්තකෙ සමචිත්තෙ රාහුලොවාදෙ ධම්මචක්කෙ පරාභවෙ

“දෙවතාසමිතී තත්‍ථ, අප‍්පමෙය්‍යා අසඞ‍්ඛියා; ධම‍්මාභිසමයො චෙත්‍ථ, ගණනාතො අසඞ‍්ඛියො”ති.

දෙවතාසමිතී තත්‍ථ අප්පමෙය්‍යා අනප්පිකා ධම්මාභිසමයො චෙත්‍ථ ගුණනාතො අසංඛියො’

මහා සමය සූත්‍ර දේශනයෙහිද, එමෙන්ම මංගල, සමචිත්ත, රාහුලොවාද, ධම්මචකක, පරාභව සූත්‍ර දේශනාවලදී ද එහි රැස්වූ දේවතාවෝ ගණනින් අපමණ වෙති. (ඒ අසා) දහම අවබෝධ කොටගත් දේවතාවන්ද මෙපමණකැයි ගණනින් කිව නොහැකිය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය පරාභවසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පරාභව සූත්‍ර විස්තරය නිමි.