යෙදුමෙන් කියවන්න

5. චුන්‍දසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

5. චුන්‍දසුත‍්තවණ‍්ණනා

5. චුන්ද සූත්‍ර වර්ණනාව

පුච‍්ඡාමි මුනිං පහූතපඤ‍්ඤන‍්ති චුන්‍දසුත‍්තං. කා උප‍්පත‍්ති? සඞ‍්ඛෙපතො තාව අත‍්තජ‍්ඣාසයපරජ‍්ඣාසයඅට‍්ඨුප‍්පත‍්තිපුච‍්ඡාවසිකභෙදතො චතූසු උප‍්පත‍්තීසු ඉමස‍්ස සුත‍්තස‍්ස පුච‍්ඡාවසිකා උප‍්පත‍්ති. විත්‍ථාරතො පන එකං සමයං භගවා මල‍්ලෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං යෙන පාවා තදවසරි. තත්‍ර සුදං භගවා පාවායං විහරති චුන්‍දස‍්ස කම‍්මාරපුත‍්තස‍්ස අම‍්බවනෙ. ඉතො පභුති යාව “අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන යෙන චුන්‍දස‍්ස කම‍්මාරපුත‍්තස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි; උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදී”ති (දී· නි· 2.189), තාව සුත‍්තෙ ආගතනයෙනෙව විත්‍ථාරෙතබ‍්බං.

පුච්ඡාමි මුනිං පහූතපඤ්ඤං යනු චුන්‍ද සූත්‍රයයි. එය දේශනා කිරීමට හේතු වූ කරුණ කුමක්ද? තම අදහස පරිදි, අනුන්ගේ අදහස පරිදි, අදාල තැනට ගැළපෙන පරිදි, විමසීමකට පිළිතුරු ලෙස යන සිවු ආකාරයෙන් වූ (දහම් දෙසුම් අනුව) කෙටියෙන් සඳහන් කළොත්, මෙම සූත්‍රය විමසූ කරුණකට පිළිතුරකි. සවිස්තරව දක්වතොත් මෙසේය. එක් කලක භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි චාරිකා කරද්දී, බොහෝ පැවිදි පිරිසක් සමග පාවා නුවර වැඩ විසූහ. භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්‍ද නම් ලෝකුරු පුතුගේ අඹවනයෙහි වෙසෙති. ‘ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පා සිවුරු ගෙන, බික්සඟන සමග චුන්‍ද නම් ලෝකුරු පුතුගේ නිවසට වැඩියහ. පැමිණ පනවන ලද අසුනෙහි වැඩහුන්හ’ යනුවෙන් මෙතැන් පටන් (උදාන) සූත්‍රයෙහි සඳහන් අයුරින්ම විස්තර කළ යුතුය.

එවං භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං නිසින‍්නෙ භගවති චුන්‍දො කම‍්මාරපුත‍්තො බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පරිවිසන‍්තො බ්‍යඤ‍්ජනසූපාදිගහණත්‍ථං භික‍්ඛූනං සුවණ‍්ණභාජනානි උපනාමෙසි. අපඤ‍්ඤත‍්තෙ සික‍්ඛාපදෙ කෙචි භික‍්ඛූ සුවණ‍්ණභාජනානි පටිච‍්ඡිංසු කෙචි න පටිච‍්ඡිංසු. භගවතො පන එකමෙව භාජනං අත‍්තනො සෙලමයං පත‍්තං, දුතියභාජනං බුද‍්ධා න ගණ‍්හන‍්ති. තත්‍ථ අඤ‍්ඤතරො පාපභික‍්ඛු සහස‍්සග‍්ඝනකං සුවණ‍්ණභාජනං අත‍්තනො භොජනත්‍ථාය සම‍්පත‍්තං ථෙය්‍යචිත‍්තෙන කුඤ‍්චිකත්‍ථවිකාය පක‍්ඛිපි. චුන්‍දො පරිවිසිත්‍වා හත්‍ථපාදං ධොවිත්‍වා භගවන‍්තං නමස‍්සමානො භික‍්ඛුසඞ‍්ඝං ඔලොකෙන‍්තො තං භික‍්ඛුං අද‍්දස, දිස‍්වා ච පන අපස‍්සමානො විය හුත්‍වා න නං කිඤ‍්චි අභණි භගවති ථෙරෙසු ච ගාරවෙන, අපිච “මිච‍්ඡාදිට‍්ඨිකානං වචනපථො මා අහොසී”ති. සො “කිං නු ඛො සංවරයුත‍්තායෙව සමණා, උදාහු භින‍්නසංවරා ඊදිසාපි සමණා”ති ඤාතුකාමො සායන‍්හසමයෙ භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා ආහ “පුච‍්ඡාමි මුනි”න‍්ති.

මෙසේ බික්සඟන හා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කල චුන්‍ද ලෝකුරු පුතු උන්වහන්සේලා මනාව වළඳවමින්, එළවළු හොදි ආදිය සඳහා රත්රන් බඳුන් පිළිගැන්වීය. (මේ පිළිබඳ) සිකපද පනවා නොතිබූ බැවින්, ඇතැම් හිමිවරු රන් බඳුන් පිළිගත්හ. ඇතැම් හිමිවරු නොපිළිගත්හ. භාග්‍යවතුන් වහන්සේගේ එකම බඳුන ගලින් කරන ලද පාත්‍රයයි. ඒ හැර වෙනත් බඳුනක් බුදුවරු පරිහරණය නොකරති. එහිදී එක් පවිටු මහණෙක්, සොර සිතින් තමන්ට ලබාදුන් දහසක් අගනා රන් බඳුන යතුරු බහාලූ පසුම්බියෙහි තැබුවේය. වළඳා අත සෝදා සිටි භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරන චුන්‍ද, බික්සඟන දෙස බලන විට ඒ මහණ දැක, නොදුටුවාක් මෙන්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත්, තෙරුන් වහන්සේලා කෙරෙහිත් ඇති ගරුසරු බව නිසාත්, මිසදිටුවන්ට දොස් නොනැගීම පිණිසත් කිසිවක් නොපැවසීය. චුන්‍ද සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, ‘පැවිදි වූවන් සංවර විය යුතු නොවෙත්ද? නැතහොත් බිඳුනු සංවරය ඇත්තේ මෙබඳු පැවිද්දන් දැ’යි පුච්ඡාමි මුනිං යනුවෙන් විමසීය.

තත්‍ථ පුච‍්ඡාමීති ඉදං “තිස‍්සො පුච‍්ඡා අදිට‍්ඨජොතනා පුච‍්ඡා”තිආදිනා (චූළනි· පුණ‍්ණකමාණවපුච‍්ඡානිද‍්දෙස 12) නයෙන නිද‍්දෙසෙ වුත‍්තනයමෙව. මුනින‍්ති එතම‍්පි “මොනං වුච‍්චති ඤාණං. යා පඤ‍්ඤා පජානනා…පෙ… සම‍්මාදිට‍්ඨි, තෙන ඤාණෙන සමන‍්නාගතො මුනි, මොනප‍්පත‍්තොති, තීණි මොනෙය්‍යානි කායමොනෙය්‍ය”න‍්තිආදිනා (මහානි· 14) නයෙන තත්‍ථෙව වුත‍්තනයමෙව . අයම‍්පනෙත්‍ථ සඞ‍්ඛෙපො. පුච‍්ඡාමීති ඔකාසං කාරෙන‍්තො මුනින‍්ති මුනිමුනිං භගවන‍්තං ආලපති. පහූතපඤ‍්ඤන‍්තිආදීනි ථුතිවචනානි, තෙහි තං මුනිං ථුනාති. තත්‍ථ පහූතපඤ‍්ඤන‍්ති විපුලපඤ‍්ඤං. ඤෙය්‍යපරියන‍්තිකත‍්තා චස‍්ස විපුලතා වෙදිතබ‍්බා. ඉති චුන්‍දො කම‍්මාරපුත‍්තොති ඉදං ද‍්වයං ධනියසුත‍්තෙ වුත‍්තනයමෙව. ඉතො පරං පන එත‍්තකම‍්පි අවත්‍වා සබ‍්බං වුත‍්තනයං ඡඩ‍්ඩෙත්‍වා අවුත‍්තනයමෙව වණ‍්ණයිස‍්සාම.

පුච්ඡාමි විමසීම් තුන් ආකාරය. ඒ පිළිබඳව, නොදුටු දෙයක් එළිදරව් කරගැනීම ආදී ලෙසින් නිද්දෙසයෙහි දක්වා ඇති පරිදි වේ. මෙහිදී මුනි යන වචනයට ‘මොන යනු නුවණට කියයි, යහපත් දැකීම ආදිය තියුණු නුවණින් දැකීමෙන් යුතු වූයේ ‘මොන බවට පත්’ - නුවණැති බවට පත් මුනිවරයා මේ, කය පිළිබඳ නුවණින් දැනීම ආදී ලෙස එය තුන් ආකාරය. ‘මේ එහි සඳහන්ව ඇති පරිදි කෙටියෙන් දැක්වීමයි. පුච්ඡාමී අවසර ලබා ගැනීම පිණිස, මුනිං මුනිවරයාණෙනි, භාග්‍යවතුන් වහන්සේට ඇමතීමයි. පහූත පඤ්ඤං ආදිය තුති වචනයි. අගය කිරීමයි. එහි පහූත පඤ්ඤං - මහත් නුවණැති බවයි. දැනීම කෙළවර කොට ඇති බැවින් බුදුරදුන්ගේ නුවණෙහි පිරිපුන් බව දතයුතුය. ඉති චුන්‍දො කම්මාර පුත්තො මෙය ධනිය සූත්‍රයෙහි කියන ලද පරිදිය. මෙයින් පසු එපමණ කරුණු නොදක්වා, කලින් විස්තර වූ කරුණු අත්හැර සඳහන් නොකළ කරුණු දක්වන්නෙමි.

බුද‍්ධන‍්ති තීසු බුද‍්ධෙසු තතියබුද‍්ධං. ධම‍්මස‍්සාමින‍්ති මග‍්ගධම‍්මස‍්ස ජනකත‍්තා පුත‍්තස‍්සෙව පිතරං අත‍්තනා උප‍්පාදිතසිප‍්පායතනාදීනං විය ච ආචරියං ධම‍්මස‍්ස සාමිං, ධම‍්මිස‍්සරං ධම‍්මරාජං ධම‍්මවසවත‍්තින‍්ති අත්‍ථො. වුත‍්තම‍්පි චෙතං –

බුද්ධං තුන් බුදුවරුන් අතුරෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ධම්මස්සාමි මගපල දහම උපදවන ලද බැවින්, පුතකුට පියකු මෙන්, සිප්හල් ආදියට ගුරුවරයෙකු මෙන්, දහමට හිමිකරු වූ, දහමට ඉසුරු වූ දහමෙහි රජ වූ දහමෙහි වසඟයෙහි පවත්නා වූ යන තේරුමයි. මෙසේ ද කියන ලදී.

“සො හි, බ්‍රාහ‍්මණ, භගවා අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා, අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජනෙතා, අනක‍්ඛාතස‍්ස මග‍්ගස‍්ස අක‍්ඛාතා, මග‍්ගඤ‍්ඤූ, මග‍්ගවිදූ, මග‍්ගකොවිදො. මග‍්ගානුගා ච පන එතරහි සාවකා විහරන‍්ති පච‍්ඡා සමන‍්නාගතා”ති (ම· නි· 3.79).

‘බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ, නොතිබූ මගක් සකස් කරන ලදහ. හඳුනා නොගත් මගක් හඳුන්වා දෙමින්, නොකියූ මගක් පහදා දෙමින්, ඒ මග දන්නා වූ, එහි නුවණැති වූ, එම මගෙහි සමත්කම් දැක්වූ සේක. දැන් උන්වහන්සේගේ සව්වෝද ඒ මග අනුගමනය කරති.’

වීතතණ‍්හන‍්ති විගතකාමභවවිභවතණ‍්හං. ද‍්විපදුත‍්තමන‍්ති ද‍්විපදානං උත‍්තමං. තත්‍ථ කිඤ‍්චාපි භගවා න කෙවලං ද‍්විපදුත‍්තමො එව, අථ ඛො යාවතා සත‍්තා අපදා වා ද‍්විපදා වා…පෙ… නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤිනො වා, තෙසං සබ‍්බෙසං උත‍්තමො. අථ ඛො උක‍්කට‍්ඨපරිච‍්ඡෙදවසෙන ද‍්විපදුත‍්තමොත්‍වෙව වුච‍්චති. ද‍්විපදා හි සබ‍්බසත‍්තානං උක‍්කට‍්ඨා චක‍්කවත‍්තිමහාසාවකපච‍්චෙකබුද‍්ධානං තත්‍ථ උප‍්පත‍්තිතො, තෙසඤ‍්ච උත‍්තමොති වුත‍්තෙ සබ‍්බසත‍්තුත‍්තමොති වුත‍්තොයෙව හොති. සාරථීනං පවරන‍්ති සාරෙතීති සාරථි, හත්‍ථිදමකාදීනමෙතං අධිවචනං. තෙසඤ‍්ච භගවා පවරො අනුත‍්තරෙන දමනෙන පුරිසදම‍්මෙ දමෙතුං සමත්‍ථභාවතො. යථාහ –

වීත්තණ්හං කාම, භව, විභව තණ්හා දුරු කරන ලද, දීපදුත්තමං දෙපා ඇත්තවුන් අතුරෙන් උතුම්, භාග්‍යවතුන් වහන්සේ දෙපා ඇතියවුන් අතුරෙන් පමණක් උතුම් නොවේ. යම්තාක් හිඳ නොමැති හෝ හැඟීම් රහිත (බ්‍රහ්මාදීන්) දක්වාම ඒ සියල්ලන්ටම වඩා උතුම්ය. එමෙන්ම සියළුම ලෝකවාසීනට වඩා උසස්ම යැයි දැක්වීමට දෙපා ඇත්තවුන් අතුරෙන් උතුම්ම යැයි කියති. දෙපා ඇත්තවුන් අතර, උසස් වූ සක්විති රජු, පසේ බුදුවරුන් උපදනා බැවින් ඔවුන් අතුරෙන් ද, හැමදෙනාටම වඩා උසස්ම යැයි කියන ලදී. සාරථීනං පවරං හසුරුවයි, හසුරුවන්නා යන තේරුමෙන් සාරථි ය. ඇතුන් හික්මවන්නන් ආදීනට සමාන වදනකි. භාග්‍යවතුන් වහන්සේ සියළු කෙලෙසුන් දමනය කරන ලද බැවින්, මිනිසුන් ඇතුන් ආදීන්ද හික්මවීමට හැකියාව ඇති බැවින්, ඔවුන්ටද වඩා උසස් වෙති. එහෙයින් කියන ලදී -

“හත්‍ථිදමකෙන, භික‍්ඛවෙ, හත්‍ථිදම‍්මො සාරිතො එකං එව දිසං ධාවති පුරත්‍ථිමං වා පච‍්ඡිමං වා උත‍්තරං වා දක‍්ඛිණං වා. අස‍්සදමකෙන, භික‍්ඛවෙ, අස‍්සදම‍්මො…පෙ… ගොදමකෙන, භික‍්ඛවෙ, ගොදම‍්මො…පෙ… දක‍්ඛිණං වා. තථාගතෙන හි, භික‍්ඛවෙ, අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන පුරිසදම‍්මො සාරිතො අට‍්ඨ දිසා විධාවති, රූපී රූපානි පස‍්සති, අයමෙකා දිසා…පෙ… සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති, අයං අට‍්ඨමී දිසා”ති (ම· නි· 3.312).

‘මහණෙනි, ඇතුන් හික්මවන, ඇතුන් හසුරුවන්නෙක්, නැගෙනහිර දිසාවට හෝ බටහිර දිසාවට හෝ උතුරු දිසාවට හෝ දකුණු දිසාවට හෝ එවන් එක් දිසාවකට දුවයි ද, මහණෙනි, අසුන් දමනය කරන්නෙක් එම ගවයන් හික්මවන්නෙක්...... දුවයිද, මිනිසුන් දමනය කරන, හික්මවන, තථාගත අරහත් සම්මා සම්බුදුවරයාණන් විසින් (සත්වග හික්මවමින්, හසුරුවමින්) අට දිසාවටම යොමුවෙති. රූපී (ලොවෙහි) රූ දකී. මේ එක් දිසාවකි. දැනීම් විරහිතව, ඒ බව දන්නා සමවතට පැමිණ වාසය කරයි. මේ අටවන දිසාවයි’ යනුවෙන්.

කතීති අත්‍ථප‍්පභෙදපුච‍්ඡා. ලොකෙති සත‍්තලොකෙ. සමණාති පුච‍්ඡිතබ‍්බඅත්‍ථනිදස‍්සනං. ඉඞ‍්ඝාති යාචනත්‍ථෙ නිපාතො. තදිඞ‍්ඝාති තෙ ඉඞ‍්ඝ. බ්‍රූහීති ආචික‍්ඛ කථයස‍්සූති.

කතී විස්තර සහිතව තේරුම විචාරීමයි. ලොකෙ ජීව ලෝකයෙහි සමණ යනුවෙන් විචාරීමට අදාල වන කරුණ දක්වයි. ඉංඝ - පවසන ලෙස හඟවන නිපාත පදයකි. තදිංඝ එය කියනු මැන. බ්‍රෑහි කියනු මැන, පවසනු මැනවි.

එවං වුත‍්තෙ භගවා චුන්‍දං කම‍්මාරපුත‍්තං “කිං, භන‍්තෙ, කුසලං, කිං අකුසල”න‍්තිආදිනා (ම· නි· 3.296) නයෙන ගිහිපඤ‍්හං අපුච‍්ඡිත්‍වා සමණපඤ‍්හං පුච‍්ඡන‍්තං දිස‍්වා ආවජ‍්ජෙන‍්තො “තං පාපභික‍්ඛුං සන්‍ධාය අයං පුච‍්ඡතී”ති ඤත්‍වා තස‍්ස අඤ‍්ඤත්‍ර වොහාරමත‍්තා අස‍්සමණභාවං දීපෙන‍්තො ආහ “චතුරො සමණා”ති. තත්‍ථ චතුරොති සඞ‍්ඛ්‍යාපරිච‍්ඡෙදො. සමණාති කදාචි භගවා තිත්‍ථියෙ සමණවාදෙන වදති; යථාහ – “යානි තානි පුථුසමණබ්‍රාහ‍්මණානං වතකොතූහලමඞ‍්ගලානී”ති (ම· නි· 1.407). කදාචි පුථුජ‍්ජනෙ; යථාහ – “සමණා සමණාති ඛො, භික‍්ඛවෙ, ජනො සඤ‍්ජානාතී”ති (ම· නි· 1.435). කදාචි සෙක‍්ඛෙ; යථාහ – “ඉධෙව, භික‍්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො”ති (ම· නි· 1.139; දී· නි· 2.214; අ· නි· 4.241). කදාචි ඛීණාසවෙ; යථාහ – “ආසවානං ඛයා සමණො හොතී”ති (ම· නි· 1.438). කදාචි අත‍්තානංයෙව; යථාහ – “සමණොති ඛො, භික‍්ඛවෙ, තථාගතස‍්සෙතං අධිවචන”න‍්ති (අ· නි· 8.85). ඉධ පන තීහි පදෙහි සබ‍්බෙපි අරියෙ සීලවන‍්තං පුථුජ‍්ජනඤ‍්ච , චතුත්‍ථෙන ඉතරං අස‍්සමණම‍්පි භණ‍්ඩුං කාසාවකණ‍්ඨං කෙවලං වොහාරමත‍්තකෙන සමණොති සඞ‍්ගණ‍්හිත්‍වා “චතුරො සමණා”ති ආහ. න පඤ‍්චමත්‍ථීති ඉමස‍්මිං ධම‍්මවිනයෙ වොහාරමත‍්තකෙන පටිඤ‍්ඤාමත‍්තකෙනාපි පඤ‍්චමො සමණො නාම නත්‍ථි.

මෙසේ කී කල භාග්‍යවතුන් වහන්සේ, චුන්‍ද ලෝකුරු පුතු විසින්, හිමියනි, කුසලය කුමක්ද? අකුසලය කුමක්ද? ආදී ලෙසින් ගිහි ජීවිතයට අදාල පැනයක් නො අසා, මහණකමට අදාල පැනයක් විචාරනු ද විමසා බලනවිට, ‘ඒ පාපී පැවිද්ද නිසා මෙසේ අසන’ බව දැන, වහරට අනුව මහණකු නොවන අයුරු චතුරො සමණා යැයි වදාළහ. චතුරො යනු ගණනින් දැක්වීමයි. (සිවු ආකාරයැයි කීහ). සමණා මේ වචනයෙන් ඇතැම්විට භාග්‍යවතුන් වහන්සේද, තීර්ථකයන් හඳුන්වනු ලබති. ‘බොහෝ මහණ බමුණන්ගේ ඒ ඒ වත් පුදුම එළවන සුළු යහපත් දේය’ යානා තානි පුථු සමණ බ්‍රාහ්මණනං වතකුතුහලමංගලානි’ යැයි එසේ දැක්වේ. ඇතැම්විට පොදු ජනතාව මෙසේ කියනු ඇත. ‘මහණෙනි, මහණුන් මහණුන් ලෙස ඔබලා ජනයා හඳුන්වයි’ ‘සමණ සමණති වො භික්‍ඛවෙ ජනො සඤ්ජානාති’ ‘මහණෙනි, පළමු මහණ ද මේ සසුනෙහිමය. දෙවන මහණද මේ සාසනයෙහිය.’ ‘ඉධෙව භික්‍ඛවෙ සමණෙ ඉධ දුතියො සමණෙ’ එයින් මගපල ලැබීම පිණිස දහමෙහි හික්මෙන අරුතින් යෙදේ. ඇතැම්විටක කෙලෙසුන් දුරුකරන ලද උතුමන් හැඳින්වීමටද ‘ආසවානං ඛයා සමණො හොති’ යැයි සමණ වචනය සඳහන්ය. තවත් තැනක තමන් වහන්සේ ගැන දැක්වීමටද සමාන වචනයක් ලෙස ‘සමණෙති, භික්‍ඛවෙ තථාගතස්සෙතං අධිවචනං’ යොදති. මෙහි පද තුනකින්, උතුම් සිල්වත් මගපල නොලත් සියල්ලන් ද, සිවුවන පදයෙන් නියම පැවිදි දිවිය නොවූවත්, හිස බූ ගා කහවතක් කරෙහි දැමූ, නමින් පමණක් සමණයෙකැයි වහරට අනුව සැළකෙන බැවින්, චතුරො සමණ යැයි කීහ. න පඤ්චමත්‍ථි මේ දහම් විනයෙහි නමින් පමණක් හඳුන්වන හෝ, මහණකු නොවී හැඳින්වීමක් ලෙස හෝ පස්වැනි මහණ කෙනෙකු නැත.

තෙ තෙ ආවිකරොමීති තෙ චතුරො සමණෙ තව පාකටෙ කරොමි. සක‍්ඛිපුට‍්ඨොති සම‍්මුඛා පුච‍්ඡිතො. මග‍්ගජිනොති මග‍්ගෙන සබ‍්බකිලෙසෙ විජිතාවීති අත්‍ථො. මග‍්ගදෙසකොති පරෙසං මග‍්ගං දෙසෙතා. මග‍්ගෙ ජීවතීති සත‍්තසු සෙක‍්ඛෙසු යො කොචි සෙක‍්ඛො අපරියොසිතමග‍්ගවාසත‍්තා ලොකුත‍්තරෙ, සීලවන‍්තපුථුජ‍්ජනො ච ලොකියෙ මග‍්ගෙ ජීවති නාම, සීලවන‍්තපුථුජ‍්ජනො වා ලොකුත‍්තරමග‍්ගනිමිත‍්තං ජීවනතොපි මග‍්ගෙ ජීවතීති වෙදිතබ‍්බො. යො ච මග‍්ගදූසීති යො ච දුස‍්සීලො මිච‍්ඡාදිට‍්ඨි මග‍්ගපටිලොමාය පටිපත‍්තියා මග‍්ගදූසකොති අත්‍ථො.

තෙ තෙ ආවිකරොමි ඒ මහණුන් සිවුදෙනා ගැන ඔබට පැහැදිලි කරමි. සක්‍ඛි පුට්ඨො හමුවී විමසන ලද්දෙ, මග්ගජිනො මගපලයෙන් සියළු කෙලෙස් පරදවන ලදැයි යන තේරුමයි. මග්ග දෙසකො අනුන්ට ඒ මග පෙන්වාදෙන මග්ගෙ ජීවති (සතරමග සතර පලයෙහි) හික්මෙන්නා වූ සත් කොටසම ලොවුතුරා බවට පත්වුවත්, (රහත් පලය ලබන තෙක්) මුළුමනින් ගමන් මග අවසන් නොකරයි. මගපල නොලත් සිල්වත් ජනයා ලෝකයෙහි (සසර) ගමන් මගෙහිම ජීවත් වෙයි. (සසර සැරිසරයි) ඔවුන් ලොවුතුරා මග නිමිතිකොට කටයුතු කරත්ද මගෙහි ජීවත් වෙතියි දතයුතුය. යො ච මග්ගදුසී සිල්වත් නොවූ මිසදිටු තැනැත්තෙකු නොමග පිළිවෙතෙහි හැසිරීම මග අපිරිසිදු කරන්නේ යැයි තේරුමයි.

“ඉමෙ තෙ චතුරො සමණා”ති එවං භගවතා සඞ‍්ඛෙපෙන උද‍්දිට‍්ඨෙ චතුරො සමණෙ “අයං නාමෙත්‍ථ මග‍්ගජිනො, අයං මග‍්ගදෙසකො, අයං මග‍්ගෙ ජීවති, අයං මග‍්ගදූසී”ති එවං පටිවිජ‍්ඣිතුං අසක‍්කොන‍්තො පුන පුච‍්ඡිතුං චුන්‍දො ආහ “කං මග‍්ගජින”න‍්ති. තත්‍ථ මග‍්ගෙ ජීවති මෙති යො සො මග‍්ගෙ ජීවති, තං මෙ බ්‍රූහි පුට‍්ඨොති. සෙසං පාකටමෙව.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ, ‘මේ මග දිනූ තැනැත්තාය, මේ මග පෙන්වාදෙන තැනැත්තාය, මේ මග ජීවත්වන තැනැත්තාය, මේ මග අපිරිසිදු කරන තැනැත්තා යැයි කෙටියෙන් පෙන්වා දුන්විට, එය වටහාගත නොහැකි වූ චුන්‍ද කං මග්ගජිනං යනුවෙන් ඇසීය. එම ගාථාවෙහි මග්ගෙ ජීවති මෙ ඒ මගෙහි ජීවත්වන තැනැත්තා ගැන මට බ්‍රෑහි පුට්ඨො වදාළ මැනවි. ඉතිරි කරුණු පැහැදිලිය.

ඉදානිස‍්ස භගවා චතුරොපි සමණෙ චතූහි ගාථාහි නිද‍්දිසන‍්තො ආහ “යො තිණ‍්ණකථංකථො විසල‍්ලො”ති. තත්‍ථ තිණ‍්ණකථංකථො විසල‍්ලොති එතං උරගසුත‍්තෙ වුත‍්තනයමෙව. අයං පන විසෙසො. යස‍්මා ඉමාය ගාථාය මග‍්ගජිනොති බුද‍්ධසමණො අධිප‍්පෙතො, තස‍්මා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන කථංකථාපතිරූපකස‍්ස සබ‍්බධම‍්මෙසු අඤ‍්ඤාණස‍්ස තිණ‍්ණත‍්තාපි “තිණ‍්ණකථංකථො”ති වෙදිතබ‍්බො. පුබ‍්බෙ වුත‍්තනයෙන හි තිණ‍්ණකථංකථාපි සොතාපන‍්නාදයො පච‍්චෙකබුද‍්ධපරියොසානා සකදාගාමිවිසයාදීසු බුද‍්ධවිසයපරියොසානෙසු පටිහතඤාණප‍්පභාවත‍්තා පරියායෙන අතිණ‍්ණකථංකථාව හොන‍්ති. භගවා පන සබ‍්බප‍්පකාරෙන තිණ‍්ණකථංකථොති. නිබ‍්බානාභිරතොති නිබ‍්බානෙ අභිරතො, ඵලසමාපත‍්තිවසෙන සදා නිබ‍්බානනින‍්නචිත‍්තොති අත්‍ථො. තාදිසො ච භගවා. යථාහ –

මීළඟට භාග්‍යවතුන් වහන්සේ සමණ හතරදෙනා ගැන ගාථා හතරකින් පෙන්වා දෙමින් යො තිණ්ණකථංකතො යැයි කීහ. එහි තිණ්ණකථංකතො විසල්ලො යන්න උරග සූත්‍රයෙහි සඳහන් වූ පරිදිය. වෙනස් මෙයයි. යම් හෙයකින් මේ ගාථාවෙහි මග්ගජිනො යැයි සමණයෙකු වූ බුදුරදුන් වහන්සේ අදහස් කරන ලද්දේද (බුද්ධ සමණ) ඒ අනුව සියල්ල දන්නා නුවණින් සැක දුරු කිරීමට සුදුසු සියළු කරුණු මනාව දත් බැවින්ද සැකයෙන් වෙන්වී ඇතැයි දතයුතුය. පෙර කියන ලද පරිදි, සැක දුරු කරන ලද මුත්, සෝවාන් පල ලද්දෝ, පසේ බුදුබවට පත්වූවෝ, සකෘදාගාමි බවෙහි හෝ, බුදුබවට අදාලව ලබන ලද නුවණ අනුව ඒ ඒ ආකාරයෙන් සැක දුරු කරති. (බුදු බව ලත් බැවින්) භාග්‍යවතුන් වහන්සේ මුළුමනින්ම සැක දුරුකරන ලදහ. නිබ්බාණභිරතො නිවණෙහි ඇලුණේ, පල සමවත් ලෙසින් හැමකල්හිම, නිවණට නැඹුරු සිත ඇතැයි යන අරුතයි. භාග්‍යවතුන් වහන්සේ එබඳු වෙති.

“සො ඛො අහං, අග‍්ගිවෙස‍්සන, තස‍්සා එව කථාය පරියොසානෙ, තස‍්මිංයෙව පුරිමස‍්මිං සමාධිනිමිත‍්තෙ අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සණ‍්ඨපෙමි, සන‍්නිසාදෙමි, එකොදිං කරොමි, සමාදහාමී”ති (ම· නි· 1.387).

‘අග්ගිවෙස්සන, ඒ මම ඒ කතාව අවසානයෙහි, මුලින්ම වූ ඒ සමාධි නිමිත්තෙහි මමම සිත පිහිටුවමි. එක්තැන් කර ගනිමි. රඳවා තබා ගනිමි’යි

අනානුගිද‍්ධොති කඤ‍්චි ධම‍්මං තණ‍්හාගෙධෙන අනනුගිජ‍්ඣන‍්තො. ලොකස‍්ස සදෙවකස‍්ස නෙතාති ආසයානුසයානුලොමෙන ධම‍්මං දෙසෙත්‍වා පාරායනමහාසමයාදීසු අනෙකෙසු සුත‍්තන‍්තෙසු අපරිමාණානං දෙවමනුස‍්සානං සච‍්චපටිවෙධසම‍්පාදනෙන සදෙවකස‍්ස ලොකස‍්ස නෙතා, ගමයිතා, තාරෙතා, පාරං සම‍්පාපෙතාති අත්‍ථො. තාදින‍්ති තාදිසං යථාවුත‍්තප‍්පකාරලොකධම‍්මෙහි නිබ‍්බිකාරන‍්ති අත්‍ථො. සෙසමෙත්‍ථ පාකටමෙව.

අනනුගිද්ධො කිසියම් දෙයක් පිළිබඳව ආසාවෙන්, ගිජුබවෙන් නොඇලෙයි. ලොකස්ස සදෙවකස්ස නෙතා කෙලෙස් දුරුවෙන අයුරින් දහම් දෙසා පාරායණ, මහාසමය ආදී නොයෙක් දේශනාවලදී අපමණ දෙවි මිනිසුන්ට සිවුසස් අවබෝධයට මගපෙන්වා දෙමින් දෙවියන් සහිත ලෝකයා නිවණට යොමු කරවමින්, සසරින් එතර කරනු ලබන බැවින්, එතරට පමුණුවනු ලබන්නේය යන තේරුමයි. තාදී (ඉහත) කියන ලද පරිදි (අට) ලෝදහම්හි වෙනස් නොවන, කම්පා නොවන යන අදහසයි. ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉමාය ගාථාය “මග‍්ගජින”න‍්ති බුද‍්ධසමණං නිද‍්දිසිත්‍වා ඉදානි ඛීණාසවසමණං නිද‍්දිසන‍්තො ආහ “පරමං පරමන‍්තී”ති. තත්‍ථ පරමං නාම නිබ‍්බානං, සබ‍්බධම‍්මානං අග‍්ගං උත‍්තමන‍්ති අත්‍ථො. පරමන‍්ති යොධ ඤත්‍වාති තං පරමං පරමමිච‍්චෙව යො ඉධ සාසනෙ ඤත්‍වා පච‍්චවෙක‍්ඛණඤාණෙන. අක‍්ඛාති විභජතෙ ඉධෙව ධම‍්මන‍්ති නිබ‍්බානධම‍්මං අක‍්ඛාති, අත‍්තනා පටිවිද‍්ධත‍්තා පරෙසං පාකටං කරොති “ඉදං නිබ‍්බාන”න‍්ති, මග‍්ගධම‍්මං විභජති “ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා…පෙ… අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො”ති. උභයම‍්පි වා උග‍්ඝටිතඤ‍්ඤූනං සඞ‍්ඛෙපදෙසනාය ආචික‍්ඛති, විපඤ‍්චිතඤ‍්ඤූනං විත්‍ථාරදෙසනාය විභජති. එවං ආචික‍්ඛන‍්තො විභජන‍්තො ච “ඉධෙව සාසනෙ අයං ධම‍්මො, න ඉතො බහිද‍්ධා”ති සීහනාදං නදන‍්තො අක‍්ඛාති ච විභජති ච. තෙන වුත‍්තං “අක‍්ඛාති විභජතෙ ඉධෙව ධම‍්ම”න‍්ති. තං කඞ‍්ඛඡිදං මුනිං අනෙජන‍්ති තං එවරූපං චතුසච‍්චපටිවෙධෙන අත‍්තනො, දෙසනාය ච පරෙසං කඞ‍්ඛච‍්ඡෙදනෙන කඞ‍්ඛච‍්ඡිදං , මොනෙය්‍යසමන‍්නාගමෙන මුනිං, එජාසඞ‍්ඛාතාය තණ‍්හාය අභාවතො අනෙජං දුතියං භික‍්ඛුනමාහු මග‍්ගදෙසින‍්ති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මග ජයගෙන යන්නට මහණ වූ බුදුවරයා දක්වා මීළඟට කෙලෙස් නැතිකරන ලද මහණ ගැන කරුණු පහදමින්, පරමං පරමන්ති යැයි වදාළහ. පරමං නම් නිවනය. සියළුම කරුණකින්ම උතුම් යන අදහසයි. පරමන්ති යොධ ඤත්‍වා යම් කෙනෙක් ඒ උතුම් බව දැන මෙම සසුනෙහි විමසුම් නුවණ මෙහෙයා, අක්‍ඛති, විභජති ඉධෙව ධම්මං නිවන තමා විසින් අවබෝධ කරන ලද බැවින්, අනුන්ටද ‘මේ නිවන’ යැයි මගපිළිවෙත විස්තර කොට දක්වයි. ‘මේ සිවු ආකාර වූ සිහිය පිහිටුවා ගන්නා අයුරුය, මේ අරි අටැඟි මගයැ’යි අවබෝධ කරගත හැකි නුවණැත්තන්ට මේ දෙආකාරයටම කෙටියෙන් පෙන්වා දෙයි. නුවණ මෙහෙයවිය හැකි තැනැත්තන්ට වැඩියෙන් කරුණු සවිස්තරව බෙදා දක්වයි. මෙසේ පහදා දෙමින්, කරුණු බෙදා පැහැදිලි කරමින්ද ‘මේ දහම මෙම සසුනෙහි මිස වෙනත් බාහිර සසුනෙක නැතැ’යි සීහනාද දෙමින් පහදයි. අක්‍ඛති විභජති ඉධෙව ධම්මං යැයි එහෙයින් කීහ. තං කංඛච්ඡිදං මුනිං අනෙජං මෙබඳු සිව්සසු දැනවෙන - අවබෝධ වන තම දේශනයෙන් අනුන්ගේ සැක දුරුවීමෙන් සැක පහව යයි. උසස් හික්මීමෙන් යුතු මුනිවරයා ‘එජා’ යැයි කියන ලද තණ්හාව නැති කළ බැවින් ‘අනෙජ’ නම් වේ - දුතියං භික්‍ඛුනමාහු මග්ගදෙසි යැයි

එවං ඉමාය ගාථාය සයං අනුත‍්තරං මග‍්ගං උප‍්පාදෙත්‍වා දෙසනාය අනුත‍්තරො මග‍්ගදෙසී සමානොපි දූතමිව ලෙඛවාචකමිව ච රඤ‍්ඤො අත‍්තනො සාසනහරං සාසනජොතකඤ‍්ච “මග‍්ගදෙසි”න‍්ති ඛීණාසවසමණං නිද‍්දිසිත්‍වා ඉදානි සෙක‍්ඛසමණඤ‍්ච සීලවන‍්තපුථුජ‍්ජනසමණඤ‍්ච නිද‍්දිසන‍්තො ආහ “යො ධම‍්මපදෙ”ති. තත්‍ථ පදවණ‍්ණනා පාකටායෙව. අයං පනෙත්‍ථ අත්‍ථවණ‍්ණනා – යො නිබ‍්බානධම‍්මස‍්ස පදත‍්තා ධම‍්මපදෙ, උභො අන‍්තෙ අනුපගම‍්ම දෙසිතත‍්තා ආසයානුරූපතො වා සතිපට‍්ඨානාදිනානප‍්පකාරෙහි දෙසිතත‍්තා සුදෙසිතෙ, මග‍්ගසමඞ‍්ගීපි අනවසිතමග‍්ගකිච‍්චත‍්තා මග‍්ගෙ ජීවති, සීලසංයමෙන සඤ‍්ඤතො, කායාදීසු සූපට‍්ඨිතාය චිරකතාදිසරණාය වා සතියා සතිමා, අණුමත‍්තස‍්සාපි වජ‍්ජස‍්ස අභාවතො අනවජ‍්ජත‍්තා, කොට‍්ඨාසභාවෙන ච පදත‍්තා සත‍්තතිංසබොධිපක‍්ඛියධම‍්මසඞ‍්ඛාතානි අනවජ‍්ජපදානි භඞ‍්ගඤාණතො පභුති භාවනාසෙවනාය සෙවමානො, තං භික‍්ඛුනං තතියං මග‍්ගජීවින‍්ති ආහූති.

මේ ගාථාවෙන් මෙසේ උතුම් මග පහදා දෙන්නෙක් හා සමාන වේ. ලියකියවිලි කියවන රාජදූතයෙකු මෙන්, තම සසුන පවත්වාගෙන යමින් සසුන බබුළුවයිද, මග්ගදෙසී යැයි රහත් සමණයෙකුද පෙන්වා දී මීළඟට මගපිළිවෙතෙහි හික්මෙන සමණයාද සිල්වත්, මගපල නොලත් සමණයාද සඳහන් කරමින් යො ධම්මපදෙ යන ගාථාව වදාළහ. එහි පද විස්තර පැහැදිළිය. මේ තේරුම් දැක්වීමයි. යො නිවන් දහම දෙන ලද, ධම්මපදෙ අන්ත දෙකම හැර, දේශනා කරන ලද බැවින් හෝ ඒ ඒ පුද්ගල අදහස් අනුව හෝ සිහිය පිහිටුවා ගැනීම ආදී ලෙස, නොයෙක් ආකාරයෙන් දේශනා කරන ලද පරිදි සුදෙසිතෙ, මගෙහි මනාව පිළිපන් බැවින් මග්ගෙ ජීවති වේ. සිල සංවරයෙන් යුතු වූයේ සංයතො, කය ආදී (දොරටු) මනාව පිහිටුවා ගත් (මනාව හික්මවා ගෙන) බැවින් සිහියෙන් යුතුව සතිමා ඉතාම සුළු වරදක් වුව සිදු නොවී නිවරද බැවින්, කොටස් ලෙසින්ද පැමිණ අවබෝධය සඳහා වන කරුණු තිස්හතක්, අනවජ්ජපදානි (යැයි දැක්වෙයි) කෙලෙස් දුරුවන අයුරු නුවණින් දැනගැනීමේ පටන් භාවනාවෙහි ඇසුර ලබන්නේ, එහි යෙදෙන්නේ සෙවමානො එබඳු මහණ භික්‍ඛූනං තතියං මග්ගජීවිං යැයි ආහු කීහ.

එවං භගවා ඉමාය ගාථාය “මග‍්ගජීවි”න‍්ති සෙක‍්ඛසමණං සීලවන‍්තපුථුජ‍්ජනසමණඤ‍්ච නිද‍්දිසිත්‍වා ඉදානි තං භණ‍්ඩුං කාසාවකණ‍්ඨං කෙවලං වොහාරමත‍්තසමණං නිද‍්දිසන‍්තො ආහ “ඡදනං කත්‍වානා”ති. තත්‍ථ ඡදනං කත්‍වානාති පතිරූපං කරිත්‍වා, වෙසං ගහෙත්‍වා, ලිඞ‍්ගං ධාරෙත්‍වාති අත්‍ථො. සුබ‍්බතානන‍්ති බුද‍්ධපච‍්චෙකබුද‍්ධසාවකානං. තෙසඤ‍්හි සුන්‍දරානි වතානි, තස‍්මා තෙ සුබ‍්බතාති වුච‍්චන‍්ති. පක‍්ඛන්‍දීති පක‍්ඛන්‍දකො, අන‍්තො පවිසකොති අත්‍ථො. දුස‍්සීලො හි ගූථපටිච‍්ඡාදනත්‍ථං තිණපණ‍්ණාදිච‍්ඡදනං විය අත‍්තනො දුස‍්සීලභාවං පටිච‍්ඡාදනත්‍ථං සුබ‍්බතානං ඡදනං කත්‍වා “අහම‍්පි භික‍්ඛූ”ති භික‍්ඛුමජ‍්ඣෙ පක‍්ඛන්‍දති, “එත‍්තකවස‍්සෙන භික‍්ඛුනා ගහෙතබ‍්බං එත”න‍්ති ලාභෙ දීයමානෙ “අහං එත‍්තකවස‍්සො”ති ගණ‍්හිතුං පක‍්ඛන්‍දති, තෙන වුච‍්චති “ඡදනං කත්‍වාන සුබ‍්බතානං පක‍්ඛන්‍දී”ති. චතුන‍්නම‍්පි ඛත‍්තියාදිකුලානං උප‍්පන‍්නං පසාදං අනනුරූපපටිපත‍්තියා දූසෙතීති කුලදූසකො. පගබ‍්භොති අට‍්ඨට‍්ඨානෙන කායපාගබ‍්භියෙන, චතුට‍්ඨානෙන වචීපාගබ‍්භියෙන, අනෙකට‍්ඨානෙන මනොපාගබ‍්භියෙන ච සමන‍්නාගතොති අත්‍ථො. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරං පන මෙත‍්තසුත‍්තවණ‍්ණනායං වක‍්ඛාම.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවෙන් මග්ගජීවිං යනුවෙන් ‘සෙඛ, සීලවන්ත පුථුජ්ජන සමණ ගැන පෙන්වා දී දැන්, හිස බූ ගෑ කහවතක් කරෙහි දැරූ නමට පමණක් හඳුන්වන මහණකු ගැන ඡදනං කත්‍වා යනුවෙන් කීහ. එම ගාථාවේ ඡදනං කත්‍වාන යනු සුදුසු ලෙස පැවිද්දෙකු යැයි හැඟවෙන ආකාරයට, හඳුනාගැනීමට හැකි පරිදි පැවිදි ලකුණු දරා, සුබ්බතා බුදු පසේබුදු සව්වන්ගේ සොඳුරු පිළිවෙත් කියනු ලැබේ. පක්‍ඛන්‍දි ඉදිරියට පනින ඇතුලට පිවිසෙන්නා යන අරුතය. සිල්වත් නොවූ තැනැත්තා තම දුසිල් බව වසාගනු පිණිස, තණකොළ ආදියෙන් අසූචි වසාලන්නා සේ මනා පැවතුම් ඇති බව ආවරණය කොට, ‘මමත් පැවිද්දෙක්මි’යි පැවිදි පිරිස මැදට පිවිසෙයි. ලාභ හෙවත් ලැබුනු දේවල් බෙදා දෙන කල්හී ‘මෙපමණ වස් ඇති පැවිද්දා මෙපමණ ගතයුතුය. මා මෙපමණ වස් ඇතියෙමි’යි ලබාගැනීමට ඉදිරියට පැන එයි. ඡදනං කත්‍වාන සුබ්බතානං පක්‍ඛන්‍දි යැයි එහෙයින් කියන ලදී. කැත් කුල ආදී කුල සතරෙන් ලද පැහැදීමට නුසුදුසු වන පිළිවෙතින් කිලිටි වේ යැයි කුල දූසකො වේ. පගබ්භො අට ආකාර වූ කයෙහි උඩඟු බවින්, සතර ආකාර වූ වචනය නිසා වන උඩඟු බවෙන්, නොයෙක් ලෙසින් වන සිතෙහි උඩඟු බවින් යුතු යැයි තේරුමයි. මේ මෙහිදී කෙටියෙන් සඳහන් කිරීමයි. වැඩි විස්තර මෙත්ත සූත්‍රයෙහිදී කියමු.

කතපටිච‍්ඡාදනලක‍්ඛණාය මායාය සමන‍්නාගතත‍්තා මායාවී. සීලසංයමාභාවෙන අසඤ‍්ඤතො. පලාපසදිසත‍්තා පලාපො. යථා හි පලාපො අන‍්තො තණ‍්ඩුලරහිතොපි බහි ථුසෙන වීහි විය දිස‍්සති, එවමිධෙකච‍්චො අන‍්තො සීලාදිගුණසාරවිරහිතොපි බහි සුබ‍්බතච‍්ඡදනෙන සමණවෙසෙන සමණො විය දිස‍්සති. සො එවං පලාපසදිසත‍්තා “පලාපො”ති වුච‍්චති. ආනාපානස‍්සතිසුත‍්තෙ පන “අපලාපායං, භික‍්ඛවෙ, පරිසා, නිප‍්පලාපායං, භික‍්ඛවෙ, පරිසා, සුද‍්ධා සාරෙ පතිට‍්ඨිතා”ති (ම· නි· 3.146) එවං පුථුජ‍්ජනකල්‍යාණොපි “පලාපො”ති වුත‍්තො . ඉධ පන කපිලසුත‍්තෙ ච “තතො පලාපෙ වාහෙථ, අස‍්සමණෙ සමණමානිනෙ”ති (සු· නි· 284) එවං පරාජිතකො “පලාපො”ති වුත‍්තො. පතිරූපෙන චරං සමග‍්ගදූසීති තං සුබ‍්බතානං ඡදනං කත්‍වා යථා චරන‍්තං “ආරඤ‍්ඤිකො අයං රුක‍්ඛමූලිකො, පංසුකූලිකො, පිණ‍්ඩපාතිකො, අප‍්පිච‍්ඡො, සන‍්තුට‍්ඨො”ති ජනො ජානාති, එවං පතිරූපෙන යුත‍්තරූපෙන බාහිරමට‍්ඨෙන ආචාරෙන චරන‍්තො පුග‍්ගලො අත‍්තනො ලොකුත‍්තරමග‍්ගස‍්ස, පරෙසං සුගතිමග‍්ගස‍්ස ච දූසනතො “මග‍්ගදූසී”ති වෙදිතබ‍්බො.

තමා කරන දෙය සඟවන ලෙස කටයුතු කරන කපටි බවින් යුතු වූයේ මායාවී, සීලයෙන් හික්මුණු බවක් නැති, සංවරය නොමැති බැවින් අසංයතො වේ. හරයක් නැති කතාබහ පලාපො, ඇතුලත සහල් ඇටය නැති වුවත්, දහයියා පොත්ත නිසා වී ඇටය මෙන් දක්නා සේ, ඇතැම් කෙනෙක් ඇතුලතින් සීලාදී හරවත් ගුණදහම් නැතිවද, බාහිරව, හික්මුණු සිල්වතුන් සේ කය වසා පොරවා සමණ වෙස් ගෙන පෙන්වයි. ඒ මහණ හරයක් නොමැති බැවින් පලාපො යැයි කියනු ලැබේ. ආනාපාන සූත්‍රයෙහිදී ‘මහණෙනි, පලාප බවින් තොරය. මහණෙනි, පලාප බවින් තොර වූ මේ පිරිස පිරිසිදුය. හරවත් බවෙහි පිහිටියේ යැයි ‘අපලාපායං භික්‍ඛවෙ පරිසා, නිප්පලාපායං භික්‍ඛවෙ, පරිසා සුද්ධා සාරෙ පතිට්ඨිතා’ වදාළහ. මෙසේ මගපල නොලද යහපත් තැනැත්තාද පලාප යැයි කියන ලදී. කපිල සූත්‍රයෙහිදී ‘නියම අයුරින් මහණකු නොවී මහණකැයි සිතන බොල් අදහස පලවා හරිවු ‘තතො පලාපෙ වාහෙථ, අස්සමණෙ සමණමානිනො’ - මෙසේ (මහණදමින්) පැරදුන තැනැත්තාටද පලාපො යැයි කියා ඇත. පතිරූපෙන චරං ස මග්ගදුසී ඒ යහපත් හික්මුණු බව සෙවනක් කොට හැසිරෙන තැනැත්තෙකු වෙත්ද, ‘මොහු කැලයෙහි වාසය කරන්නෙකි, ගස්මුල්හි වසන්නෙකි, කසළ ගොඩවලින් සොයාගත් රෙදිවලින් සකස් කරගත් සිවුරු දරන්නෙකි. පිණ්ඩපාතයෙන් යැපෙන්නෙකි. අල්ප දිවිපෙවතක් ගතකරන, ලද දෙයින් සෑහීමට පත්වන්නෙකි යැයි ජනතාව දනී. මෙසේ මහණකමට සුදුසු පිළිවෙත පිටතට පෙනෙන පරිදි යහපත් හැසිරීම ඇතත්, නිසි ලෙස එසේ නොහැසිරෙන ඒ තැනැත්තා තමාගේ ලොවුතුරු මගටද, අනුන්ගේ යහපත් මගටද කෙලෙසන බැවින් මග කිලුටට පත් කරන්නේ යැ’යි දතයුතුය.

එවං ඉමාය ගාථාය “මග‍්ගදූසී”ති දුස‍්සීලං වොහාරමත‍්තකසමණං නිද‍්දිසිත්‍වා ඉදානි තෙසං අඤ‍්ඤමඤ‍්ඤං අබ්‍යාමිස‍්සීභාවං දීපෙන‍්තො ආහ “එතෙ ච පටිවිජ‍්ඣී”ති. තස‍්සත්‍ථො – එතෙ චතුරො සමණෙ යථාවුත‍්තෙන ලක‍්ඛණෙන පටිවිජ‍්ඣි අඤ‍්ඤාසි සච‍්ඡාකාසි යො ගහට‍්ඨො ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා අඤ‍්ඤො වා කොචි, ඉමෙසං චතුන‍්නං සමණානං ලක‍්ඛණස‍්සවනමත‍්තෙන සුතවා, තස‍්සෙව ලක‍්ඛණස‍්ස අරියානං සන‍්තිකෙ සුතත‍්තා අරියසාවකො, තෙයෙව සමණෙ “අයඤ‍්ච අයඤ‍්ච එවංලක‍්ඛණො”ති පජානනමත‍්තෙන සප‍්පඤ‍්ඤො, යාදිසො අයං පච‍්ඡා වුත‍්තො මග‍්ගදූසී, ඉතරෙපි සබ‍්බෙ නෙතාදිසාති ඤත්‍වා ඉති දිස‍්වා එවං පාපං කරොන‍්තම‍්පි එතං පාපභික‍්ඛුං දිස‍්වා. තත්‍ථායං යොජනා – එතෙ ච පටිවිජ‍්ඣි යො ගහට‍්ඨො සුතවා අරියසාවකො සප‍්පඤ‍්ඤො, තස‍්ස තාය පඤ‍්ඤාය සබ‍්බෙ “නෙතාදිසා”ති ඤත්‍වා විහරතො ඉති දිස‍්වා න හාපෙති සද‍්ධා, එවං පාපකම‍්මං කරොන‍්තං පාපභික‍්ඛුං දිස‍්වාපි න හාපෙති, න හායති, න නස‍්සති සද‍්ධාති.

මෙසේ මේ ගාථාවෙන් මග කිලිටි කරන්නේ යැයි දුසිල් යැයි හඳුන්වනු ලබන මහණකු දක්වා, දැන් ඒ මහණුන් එකිනෙකට නොගැලපෙන බව සඳහන් කරමින්, එතෙ ච පටිවිජ්ඣි යැයි කීහ. එහි අරුත මෙසේය. එතෙ සතරාකාර වූ මහණුන් ගැන ඉහත කියන ලද කරුණු අනුව පටිවිජ්ඣි දැනගත්තේය, වටහා ගත්තේය. යො ගහට්ඨො කැත් කුල හෝ බමුණකු හෝ වෙනත් කිසියම් කුලයකට අයත් තැනැත්තෙක්, මේ මහණුන් සතරදෙනාගේ ගති ලකුණු ඇසූ පමණින්ම සුතවා එම ලකුණුම බුද්ධාදී උතුමන්ගෙන් අසන ලද, බැවින්, අරියසාවකො ඒ සමණුන්ම මේ මේ ලකුණුවලින් හඳුනාගැනීමෙන් සපඤ්ඤො මේ පසුව කියන ලද මග කිලිටි කරන්නා, අනික් සමණයන්ද සබ්බෙ නෙතා දිසාති ඤත්‍වා ඉති දිස්වා මෙසේ පව් කරන්නා වූද එම පවිටු මහණ දැක, එයින් අදහස් කරන්නේ මෙම කරුණය. ඇසූ පිරූ තැන් ඇති තෙරුවන් සරණ ගිය යම් නුවණැති ගිහියෙක් ඒ අයුරින් මුළුමනින්ම දැනගනී. තසස ඒ නුවණින්, සියල්ලන්ම එසේ නොවී වාසය කරති’යි දැන, න හාපෙති සද්ධා මෙසේ පව්කම් කරන පවිටු මහණකු දැක සැදැහැ බව (සිතින්) ඉවත් නොකරයි. නොනසයි.

එවං ඉමාය ගාථාය තෙසං අබ්‍යාමිස‍්සීභාවං දීපෙත්‍වා ඉදානි ඉති දිස‍්වාපි “සබ‍්බෙ නෙතාදිසා”ති ජානන‍්තං අරියසාවකං පසංසන‍්තො ආහ “කථඤ‍්හි දුට‍්ඨෙනා”ති. තස‍්ස සම‍්බන්‍ධො – එතදෙව ච යුත‍්තං සුතවතො අරියසාවකස‍්ස, යදිදං එකච‍්චං පාපං කරොන‍්තං ඉති දිස‍්වාපි සබ‍්බෙ “නෙතාදිසා”ති ජානනං. කිං කාරණා? කථඤ‍්හි දුට‍්ඨෙන අසම‍්පදුට‍්ඨං, සුද‍්ධං අසුද‍්ධෙන සමං කරෙය්‍යාති? තස‍්සත්‍ථො – කථඤ‍්හි සුතවා අරියසාවකො සප‍්පඤ‍්ඤො, සීලවිපත‍්තියා දුට‍්ඨෙන මග‍්ගදූසිනා අදුට‍්ඨං ඉතරං සමණත‍්තයං, සුද‍්ධං සමණත‍්තයමෙවං අපරිසුද‍්ධකායසමාචාරතාදීහි අසුද‍්ධෙන පච‍්ඡිමෙන වොහාරමත‍්තකසමණෙන සමං කරෙය්‍ය සදිසන‍්ති ජානෙය්‍යාති. සුත‍්තපරියොසානෙ උපාසකස‍්ස මග‍්ගො වා ඵලං වා න කථිතං. කඞ‍්ඛාමත‍්තමෙව හි තස‍්ස පහීනන‍්ති.

මෙසේ මේ ගාථාවෙන් ඒ ඒ වෙනස් බව දක්වා, එසේ දුටුවද, මෙබඳු නොවේ යැයි දන්නා වූ උතුම් - අරිය සාවකයා අගයමින් කථං හි දුට්ඨෙන යැයි කීහ. එහි අරුත් සබඳතාව නම්, මෙසේ ඇසූ පිරූ තැන් ඇති කරුණු දන්නා අරියසාවකයාට, එබඳු එක් පවිටු දෙයක් කරන්නකු දැකද, සියල්ලන්ම එසේ නොවන බව දැනගනී. ඊට හේතු කවරේද? කථං හි දුට්ඨෙන අසම්පදුට්ඨං සුද්ධං අසුද්ධෙන සමං කරෙය්‍ය එහි අදහස නම් දහම් අසා පුරුදු, තෙරුවන් සරණ ගිය නුවණැති සාවකයෙක්, දුසිල් වූ, කිලිටි පිළිවෙතින් යුතු, අපිරිසිදු කය වචන හැසිරීමෙන් යුතු යැයි හඳුන්වනු ලබන මහණකු සහ අනෙක් පිරිසිදු මහණුන් සමග කෙසේනම් සමාන කෙරෙත්ද? සමං කරෙය්‍ය සූත්‍ර දේශනය අවසානයෙහි චුන්‍ද උපාසක මග හෝ පලයක් හෝ ලද බව නො කියැවේ. ඔහුගේ සැක දුරුවීම පමණක් ඉටුවීය.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය චුන්‍දසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

චුන්‍ද සූත්‍ර විස්තරය නිමි.