යෙදුමෙන් කියවන්න

4. කසීභාරද‍්වාජසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

4. කසීභාරද‍්වාජසුත‍්තවණ‍්ණනා

4. කසීභාරද්වාජ සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති කසිභාරද‍්වාජසුත‍්තං. කා උප‍්පත‍්ති? භගවා මගධෙසු විහරන‍්තො දක‍්ඛිණාගිරිස‍්මිං එකනාලායං බ්‍රාහ‍්මණගාමෙ පුරෙභත‍්තකිච‍්චං පච‍්ඡාභත‍්තකිච‍්චන‍්ති ඉමෙසු ද‍්වීසු බුද‍්ධකිච‍්චෙසු පුරෙභත‍්තකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා පච‍්ඡාභත‍්තකිච‍්චාවසානෙ බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙන‍්තො කසිභාරද‍්වාජං බ්‍රාහ‍්මණං අරහත‍්තස‍්ස උපනිස‍්සයසම‍්පන‍්නං දිස‍්වා “තත්‍ථ මයි ගතෙ යථා පවත‍්තිස‍්සති, තතො කථාවසානෙ ධම‍්මදෙසනං සුත්‍වා එස බ්‍රාහ‍්මණො පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිස‍්සතී”ති ච ඤත්‍වා, තත්‍ථ ගන‍්ත්‍වා, කථං සමුට‍්ඨාපෙත්‍වා, ඉමං සුත‍්තං අභාසි.

එවං මෙ සුතං යනු කසීභාරද්වාජ සූත්‍රයයි. එයට හේතු වූ කරුණ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි දකුණුගිරි පෙදෙසෙහි ඒකනාලා නම් බමුණු ගමෙහි (වැඩ වසද්දී) පෙර බත්කිස හා පසුබත්කිස යන බුදුරදුන්ගේ වැඩපිළිවෙල අතුරින් පසුබත්කිස අවසානයෙහි, බුදු ඇසින් ලොව බලනවිට භාරද්වාජ පෙළපතට අයත් කසී නම් බමුණා අරහත් ඵල ලැබීමට නුවණ මුහුකුරා ඇතැයි දැන ‘එහි මා ගිය කල, සංවාදයක් පවතින්නේය, ඒ කතාව අවසානයෙහි දහම් දෙසුම අසා ඒ බමුණා පැවිදිව රහත් බවට පත්වන්නේ යැයි’ එහි ගොස් කතාබහ කොට මෙම සූත්‍රය වදාළහ.

තත්‍ථ සියා “කතමං බුද‍්ධානං පුරෙභත‍්තකිච‍්චං, කතමං පච‍්ඡාභත‍්තකිච‍්ච”න‍්ති? වුච‍්චතෙ – බුද‍්ධො භගවා පාතො එව උට‍්ඨාය උපට‍්ඨාකානුග‍්ගහත්‍ථං සරීරඵාසුකත්‍ථඤ‍්ච මුඛධොවනාදිසරීරපරිකම‍්මං කත්‍වා යාව භික‍්ඛාචාරවෙලා, තාව විවිත‍්තාසනෙ වීතිනාමෙත්‍වා, භික‍්ඛාචාරවෙලාය නිවාසෙත්‍වා, කායබන්‍ධනං බන්‍ධිත්‍වා, චීවරං පාරුපිත්‍වා, පත‍්තමාදාය කදාචි එකකොව කදාචි භික‍්ඛුසඞ‍්ඝපරිවුතො ගාමං වා නිගමං වා පිණ‍්ඩාය පවිසති, කදාචි පකතියා, කදාචි අනෙකෙහි පාටිහාරියෙහි වත‍්තමානෙහි. සෙය්‍යථිදං – පිණ‍්ඩාය පවිසතො ලොකනාථස‍්ස පුරතො පුරතො ගන‍්ත්‍වා මුදුගතියො වාතා පථවිං සොධෙන‍්ති; වලාහකා උදකඵුසිතානි මුඤ‍්චන‍්තා මග‍්ගෙ රෙණුං වූපසමෙත්‍වා උපරි විතානං හුත්‍වා තිට‍්ඨන‍්ති. අපරෙ වාතා පුප‍්ඵානි උපසංහරිත්‍වා මග‍්ගෙ ඔකිරන‍්ති, උන‍්නතා භූමිප‍්පදෙසා ඔනමන‍්ති, ඔනතා උන‍්නමන‍්ති, පාදනික‍්ඛෙපසමයෙ සමාව භූමි හොති, සුඛසම‍්ඵස‍්සානි රථචක‍්කමත‍්තානි පදුමපුප‍්ඵානි වා පාදෙ සම‍්පටිච‍්ඡන‍්ති, ඉන්‍දඛීලස‍්ස අන‍්තො ඨපිතමත‍්තෙ දක‍්ඛිණපාදෙ සරීරා ඡබ‍්බණ‍්ණරස‍්මියො නිච‍්ඡරිත්‍වා සුවණ‍්ණරසපිඤ‍්ජරානි විය චිත්‍රපටපරික‍්ඛිත‍්තානි විය ච පාසාදකූටාගාරාදීනි කරොන‍්තියො ඉතො චිතො ච විධාවන‍්ති, හත්‍ථිඅස‍්සවිහඞ‍්ගාදයො සකසකට‍්ඨානෙසු ඨිතායෙව මධුරෙනාකාරෙන සද‍්දං කරොන‍්ති, තථා භෙරිවීණාදීනි තූරියානි මනුස‍්සානං කායූපගානි ච ආභරණානි, තෙන සඤ‍්ඤාණෙන මනුස‍්සා ජානන‍්ති “අජ‍්ජ භගවා ඉධ පිණ‍්ඩාය පවිට‍්ඨො”ති. තෙ සුනිවත්‍ථා සුපාරුතා ගන්‍ධපුප‍්ඵාදීනි ආදාය ඝරා නික‍්ඛමිත්‍වා අන‍්තරවීථිං පටිපජ‍්ජිත්‍වා භගවන‍්තං ගන්‍ධපුප‍්ඵාදීහි සක‍්කච‍්චං පූජෙත්‍වා වන්‍දිත්‍වා – “අම‍්හාකං , භන‍්තෙ, දස භික‍්ඛූ, අම‍්හාකං වීසති, අම‍්හාකං භික‍්ඛුසතං දෙථා”ති යාචිත්‍වා භගවතොපි පත‍්තං ගහෙත්‍වා, ආසනං පඤ‍්ඤාපෙත්‍වා සක‍්කච‍්චං පිණ‍්ඩපාතෙන පටිමානෙන‍්ති.

බුදුවරුන්ගේ පෙරබත් කිස කවරේද? පසුබත්කිස කවරේද? එය මෙසේ විස්තර කරනු ලැබේ. භගවත් බුදුරජාණන් වහන්සේ උදෑසනම පිබිද, උවටැන් කරන්නවුන්ට උපකාර පිණිසද, සිරුරට පහසුව පිණිසද, මුව සේදීම් ආදී සිරුරු කටයුතු කොට, පිඬු පිණිස කාලය එළඹෙන තෙක් විවේකීව අසුනක හිඳ සුදුසු කාලයෙහි (අඳනය) හැඳ පටිය බැඳ සිවුරු පොරවා පාත්‍රය ගෙන, ඇතැම් විටක තනිවමද, තවත් විටක බික්සඟන පිරිවරා ද වරෙක නොයෙක් පෙළහර සිදුවෙමින් පවත්නා අතරද, වරෙක එවන් වෙසෙස් බවක් නොමැතිවද ගමකට හෝ නියම්ගමකට හෝ පිවිසෙති. ඒ තතු කෙසේද යත්, ලොවට පිහිටවන බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස වඩිනවිට මුදු සුළං ඉදිරියෙන් ඉදිරියෙන් හමමින් බිම පිරිසිදු කරයි. වළාකුළු දිය මුදාහරිමින් මගෙහි දුවිලි ඉවත්කොට (අහසෙහි) මුදුන්හි වියනක් සේ පැතිර සිටී. සුළඟට පාවී එන මල් මගෙහි විසිරෙයි. බිම උස්ව පිහිටි තැන් පහත් වේ. වලගොඩැලි තැන් උඩට මතුව සම වෙයි. පා තබනවිට බිම සමව පිහිටයි. සුව පහස දෙමින් පියුම් හෝ මතුව පා පිළිගනී. එළිපත්ත අතරෙහි දකුණු පා තැබූ විට සිරුරෙන් සවණක් රැස් නික්ම, මැදුරු, කුළුගෙවල් රන්වන් රත්පැහැ මුසු ගුලාවක් කරමින්, එහා මෙහා දිවෙයි. ඇත් අස් කුරුළු ආදීහු තමන් තමන් සිටි තැන්වලම සිටි මිහිරි ලෙස නාද කරති. එසේම බෙර වීණා ආදී වාදන භාණ්ඩද මිනිසුන් පැළඳි අබරණ ද නද දෙයි. ඒ සළකුණින් මිනිස්සු අද බුදුරදුන් මෙහි පිඬු පිණිස වැඩිසේකැ’යි දැනගනිති. ඔවුහු මැනවින් ඇඳුම් හැඳ-පෙරව සුවඳ මල් ආදිය ගෙන, නිවෙස්වලින් නික්ම, අතුරු විදියට පිවිස, සුවඳ මලින් බුදුන්වහන්සේ ගරු බුහුමනින් පුදා, වැඳ ‘හිමියනි, අපට දසනමක්, අපට විසි නමක්, අපට සියක් නමක් ලබාදෙනු මැනව’යි ඉල්ලා, බුදුරදුන්ගේ පාත්‍රය ද ගෙන, ආසන පනවා මනාව ආහාර පිළිගන්වති.

භගවා කතභත‍්තකිච‍්චො තෙසං සන‍්තානානි ඔලොකෙත්‍වා තථා ධම‍්මං දෙසෙති, යථා කෙචි සරණගමනෙ පතිට‍්ඨහන‍්ති, කෙචි පඤ‍්චසු සීලෙසු, කෙචි සොතාපත‍්තිසකදාගාමිඅනාගාමිඵලානං අඤ‍්ඤතරස‍්මිං, කෙචි පබ‍්බජිත්‍වා අග‍්ගඵලෙ අරහත‍්තෙති. එවං තථා තථා ජනං අනුග‍්ගහෙත්‍වා උට‍්ඨායාසනා විහාරං ගච‍්ඡති. තත්‍ථ මණ‍්ඩලමාළෙ පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසීදති භික‍්ඛූනං භත‍්තකිච‍්චපරියොසානං ආගමයමානො. තතො භික‍්ඛූනං භත‍්තකිච‍්චපරියොසානෙ උපට‍්ඨාකො භගවතො නිවෙදෙති. අථ භගවා ගන්‍ධකුටිං පවිසති. ඉදං තාව පුරෙභත‍්තකිච‍්චං. යඤ‍්චෙත්‍ථ න වුත‍්තං, තං බ්‍රහ‍්මායුසුත‍්තෙ වුත‍්තනයෙනෙව ගහෙතබ‍්බං.

භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසන, සිත්සතන් බලා දහම් දෙසති. එවිට ඇතමෙක් තෙරුවන් සරණ යති, ඇතමෙක් පන්සිල්හි පිහිටති. ඇතමෙක් සෝවාන්, සකදාගාමි, අනාගාමි ඵල අතරින් එක් ඵලයකට පත්වෙති. ඇතමෙක් තෙරුවන් සරණ යති, ඇතමෙක් පන්සිල්හි පිහිටති, ඇතමෙක් සෝවාන්, සකදාගාමි, අනාගාමි ඵල අතරින් එක් ඵලයකට පත්වෙති. ඇතමෙක් පැවිදිව උසස්ම පලය වූ අරහත් බව ලබති. මෙසේ ඒ ඒ අයුරින් ජනතාවට උපකාර කොට, අසුනින් නැගිට විහාරයට වඩිති. අනෙක් හිමිවරුන් වළඳා අවසන් වනතුරු එහි රවුම් හැඩයට තනා ඇති සාලාවෙහි පනවා ඇති උතුම් බුදු අසුනෙහි වැඩ හිඳිති. හිමිවරුන් වළඳා අවසන් බව උවටැන් කරනු ලබන හිමියෝ උන්වහන්සේට දන්වති. එවිට උන්වහන්සේ සුවඳ කුටියට පිවිසෙති. මේ පෙර බත් කිසයි. මෙහි සඳහන් නොකරන ලද කරුණු බ්‍රහ්මායු සූත්‍රයෙහි දක්වා ඇති අයුරින් දතයුතුය.

අථ භගවා එවං කතපුරෙභත‍්තකිච‍්චො ගන්‍ධකුටියා උපට‍්ඨානෙ නිසීදිත්‍වා, පාදෙ පක‍්ඛාලෙත්‍වා, පාදපීඨෙ ඨත්‍වා, භික‍්ඛුසඞ‍්ඝං ඔවදති – “භික‍්ඛවෙ, අප‍්පමාදෙන සම‍්පාදෙථ, බුද‍්ධුප‍්පාදො දුල‍්ලභො ලොකස‍්මිං, මනුස‍්සපටිලාභො දුල‍්ලභො, සද‍්ධාසම‍්පත‍්ති දුල‍්ලභා, පබ‍්බජ‍්ජා දුල‍්ලභා, සද‍්ධම‍්මස‍්සවනං දුල‍්ලභං ලොකස‍්මි”න‍්ති. තතො භික‍්ඛූ භගවන‍්තං වන්‍දිත්‍වා කම‍්මට‍්ඨානං පුච‍්ඡන‍්ති. අථ භගවා භික‍්ඛූනං චරියවසෙන කම‍්මට‍්ඨානං දෙති. තෙ කම‍්මට‍්ඨානං උග‍්ගහෙත්‍වා, භගවන‍්තං අභිවාදෙත්‍වා, අත‍්තනො අත‍්තනො වසනට‍්ඨානං ගච‍්ඡන‍්ති; කෙචි අරඤ‍්ඤං, කෙචි රුක‍්ඛමූලං, කෙචි පබ‍්බතාදීනං අඤ‍්ඤතරං, කෙචි චාතුමහාරාජිකභවනං…පෙ… කෙචි වසවත‍්තිභවනන‍්ති. තතො භගවා ගන්‍ධකුටිං පවිසිත්‍වා සචෙ ආකඞ‍්ඛති, දක‍්ඛිණෙන පස‍්සෙන සතො සම‍්පජානො මුහුත‍්තං සීහසෙය්‍යං කප‍්පෙති. අථ සමස‍්සාසිතකායො උට‍්ඨහිත්‍වා දුතියභාගෙ ලොකං වොලොකෙති. තතියභාගෙ යං ගාමං වා නිගමං වා උපනිස‍්සාය විහරති, තත්‍ථ ජනො පුරෙභත‍්තං දානං දත්‍වා පච‍්ඡාභත‍්තං සුනිවත්‍ථො සුපාරුතො ගන්‍ධපුප‍්ඵාදීනි ආදාය විහාරෙ සන‍්නිපතති. තතො භගවා සම‍්පත‍්තපරිසාය අනුරූපෙන පාටිහාරියෙන ගන‍්ත්‍වා ධම‍්මසභායං පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසජ‍්ජ ධම‍්මං දෙසෙති කාලයුත‍්තං පමාණයුත‍්තං. අථ කාලං විදිත්‍වා පරිසං උය්‍යොජෙති.

මෙසේ පෙරබත් කිස අවසන් වූ පසු භාග්‍යවතුන් වහන්සේ සුවඳ කුටියෙහි උවටැන් කරන තැන්හි හිඳ පා සෝදා පා පුටුවෙහි තබා පැවිදි පිරිස අමතා, ‘මහණෙනි, නොපමාවම සාසන කටයුතුවල නියැලෙවු. බුදුකෙනෙකුගේ පහළවීම, මිනිසත් බව (යහපත් දෙයකට) සුදුසු මොහොත පැවිදි බව, සදහම් ඇසීම ලොවෙහි දුලබයැයි අවවාද කරති. එහිදී හිමිවරු භාග්‍යවතුන් වහන්සේට වැඳ කමටහන් විමසති. එවිට භාග්‍යවතුන් වහන්සේ සුදුසු පරිදි කමටහන් දෙති. උන්වහන්සේලා කමටහන් ඉගෙන, බුදුහිමිට වැඳ තම තමන් වසන තැන්වලට යති. ඇතැම් හිමිවරු කැලයටද, ඇතැම්හු රුක්මල් කරාද, ඇතැම්හු ගිරිගුහා වෙතද, ඇතැම්හු චාතුම්මහා රාජිකයටද, වසවත් භවනටද යති. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ, කැමති සේක්නම්, මැනවින් සිහිය පිහිටුවාගෙන, දකුණු පසට හැරි සිංහයකුගේ විලාසයෙන් මොහොතක් සැතපෙති. ඉක්බිති සිරුර සනහා පිබිද දෙවන වර ලොව බලති. (මෙම කාලයෙහි) තෙවන කොටසෙහිදී, බුදුහිමි (එවකට) වැඩවසන ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ගම්වාසීහු පෙර බත් කාලයෙහි දානය දී මනාව හැඳ පෙරව, සුවඳමල් ආදිය රැගෙන විහාරයට රැස් වෙති. එහිදී භාග්‍යවතුන් වහන්සේ පැමිණි පිරිසට අනුරූප වන අයුරු පෙළහරින් ගොස් දම්සභාවෙහි පනවන ලද උතුම් අසුනෙහි වැඩහිඳ කාලවේලාවට සීමාවන පරිදි දහම් දෙසති. සුදුසු කල් දැන පිරිස කුසල් දහම්හි යොදවති.

තතො සචෙ ගත‍්තානි ඔසිඤ‍්චිතුකාමො හොති. අථ බුද‍්ධාසනා උට‍්ඨාය උපට‍්ඨාකෙන උදකපටියාදිතොකාසං ගන‍්ත්‍වා, උපට‍්ඨාකහත්‍ථතො උදකසාටිකං ගහෙත්‍වා, න‍්හානකොට‍්ඨකං පවිසති. උපට‍්ඨාකොපි බුද‍්ධාසනං ආනෙත්‍වා ගන්‍ධකුටිපරිවෙණෙ පඤ‍්ඤාපෙති. භගවා ගත‍්තානි ඔසිඤ‍්චිත්‍වා, සුරත‍්තදුපට‍්ටං නිවාසෙත්‍වා , කායබන්‍ධනං බන්‍ධිත්‍වා, උත‍්තරාසඞ‍්ගං කත්‍වා, තත්‍ථ ආගන‍්ත්‍වා, නිසීදති එකකොව මුහුත‍්තං පටිසල‍්ලීනො. අථ භික‍්ඛූ තතො තතො ආගම‍්ම භගවතො උපට‍්ඨානං ගච‍්ඡන‍්ති. තත්‍ථ එකච‍්චෙ පඤ‍්හං පුච‍්ඡන‍්ති, එකච‍්චෙ කම‍්මට‍්ඨානං, එකච‍්චෙ ධම‍්මස‍්සවනං යාචන‍්ති. භගවා තෙසං අධිප‍්පායං සම‍්පාදෙන‍්තො පඨමං යාමං වීතිනාමෙති.

ඉක්බිතිව සිරුර දියෙන් සිහින් කරනු කැමැත්තේ නම්, අසුනින් නැගිට, උවටැන් කාරක හිමියන් විසින් පිළියෙල කරන ලද තැනට ගොස්, උවටැන් කාරක හිමි අතින් දිය සළුව ගෙන, නාන කොටුවට පිවිසෙති. උවටැන් කාරක හිමි ද බුදුඅසුන ගෙනැවිත් සුවඳ කුටියෙහි ආලින්දයෙහි තබයි. භාග්‍යවතුන් වහන්සේ ගත සිහිල්කොට, රත්පැහැ දෙපට සිවුර පොරවා, පටිය බැඳ තනිපට සිවුර සකසාගෙන, එහි අවුත් මොහොතක් තනිවම විවේකීව හිඳිති. එවිට හිමිවරු ඒ ඒ තැන් සිට පැමිණ භාග්‍යවතුන් වහන්සේට උවටැන් පිණිස කටයුතු කරති. ඇතැම් හිමිවරු පැණ විචාරති. කමටහන් අසති. දහම් දෙසන ලෙස ඉල්ලති. උන්වහන්සේ ඒ හිමිවරුන්ගේ අදහස් ඉටුකරමින් (රැයේ) මුල් කොටස ගතකරති.

මජ‍්ඣිමයාමෙ සකලදසසහස‍්සිලොකධාතුදෙවතායො ඔකාසං ලභමානා භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති යථාභිසඞ‍්ඛතං අන‍්තමසො චතුරක‍්ඛරම‍්පි. භගවා තාසං දෙවතානං පඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්තො මජ‍්ඣිමයාමං වීතිනාමෙති. තතො පච‍්ඡිමයාමං චත‍්තාරො භාගෙ කත්‍වා එකං භාගං චඞ‍්කමං අධිට‍්ඨාති, දුතියභාගං ගන්‍ධකුටිං පවිසිත්‍වා දක‍්ඛිණෙන පස‍්සෙන සතො සම‍්පජානො සීහසෙය්‍යං කප‍්පෙති, තතියභාගං ඵලසමාපත‍්තියා වීතිනාමෙති, චතුත්‍ථභාගං මහාකරුණාසමාපත‍්තිං පවිසිත්‍වා බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙති අප‍්පරජක‍්ඛමහාරජක‍්ඛාදිසත‍්තදස‍්සනත්‍ථං. ඉදං පච‍්ඡාභත‍්තකිච‍්චං.

මැදියමෙහි සියළු දසදහසක් සක්වළ දේවතාවෝ අවසර ලැබ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැන විචාරති. යටත් පිරිසෙයින් තම සිතැඟි පරිදි අතුරු (වචන) හතරක් හෝ (කතාබහ කරති) බුදුහු ඒ දේවතාවුන්ගේ පැන විසඳමින් මැදියම ගතකරති. අවසාන යාමට කොටස් සතරකට බෙදාගෙන, එක් කොටසක් සක්මනෙහි යෙදෙති. දෙවැනි කොටස ලෙස, සුවඳ කුටියට පිවිස, සිහිනුවණින් යෙදී දකුණු පසට හැරි, සිංහයකුගේ විලාසයෙන් සැතපෙති. තෙවන කොටස ඵල සමවතින් ගතකරති. සිවුවන කොටස තුල (අළුයම) මහා කරුණා සමවතට පිවිස, කෙලෙස් අඩු, කෙලෙස්බරව ජීවත් වන්නන් දැකීම පිණිස බුදු ඇසින් ලොව බලා වදාරති. මේ පසුබත් කිසය.

එවමිමස‍්ස පච‍්ඡාභත‍්තකිච‍්චස‍්ස ලොකවොලොකනසඞ‍්ඛාතෙ චතුත්‍ථභාගාවසානෙ බුද‍්ධධම‍්මසඞ‍්ඝෙසු දානසීලඋපොසථකම‍්මාදීසු ච අකතාධිකාරෙ කතාධිකාරෙ ච අනුපනිස‍්සයසම‍්පන‍්නෙ උපනිස‍්සයසම‍්පන‍්නෙ ච සත‍්තෙ පස‍්සිතුං බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙන‍්තො කසිභාරද‍්වාජං බ්‍රාහ‍්මණං අරහත‍්තස‍්ස උපනිස‍්සයසම‍්පන‍්නං දිස‍්වා “තත්‍ථ මයි ගතෙ කථා පවත‍්තිස‍්සති, තතො කථාවසානෙ ධම‍්මදෙසනං සුත්‍වා එස බ්‍රාහ‍්මණො පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිස‍්සතී”ති ච ඤත්‍වා, තත්‍ථ ගන‍්ත්‍වා, කථං සමුට‍්ඨාපෙත්‍වා ඉමං සුත‍්තමභාසි.

මෙසේ පසුබත් කිසෙහි සිවුවන කොටස අවසන ලොව බලනසේක්, තෙරුවනෙහි පිහිටා දන් සිල් භාවනාදියෙහි බෙහෙවින් හෝ අල්පව හෝ නියැලෙන හා (දහම් දැකීමට) හේතු සම්පත් ඇති හෝ නැති හෝ සත්වග දැකීමට බුදු ඇස යොමු කරද්දී කසීභාරද්වාජ බමුණාට රහත්ඵල ලැබීමේ වාසනාව දැක, ‘මා ගියකල කතා සංවාදයක් ඇති වන්නේය. එය අවසානයෙහි දහම් අසා ඒ බමුණු පැවිදිව රහත් බවට පත්වන්නේ යැයි දැන, එහි ගොස් කතා සල්ලාපය අරඹා මෙම සූත්‍රය දෙසූහ.

තත්‍ථ එවං මෙ සුතන‍්තිආදි ආයස‍්මතා ආනන්‍දෙන පඨමමහාසඞ‍්ගීතිකාලෙ ධම‍්මසඞ‍්ගීතිං කරොන‍්තෙන ආයස‍්මතා මහාකස‍්සපත්‍ථෙරෙන පුට‍්ඨෙන පඤ‍්චන‍්නං අරහන‍්තසතානං වුත‍්තං, “අහං, ඛො, සමණ කසාමි ච වපාමි චා”ති කසිභාරද‍්වාජෙන වුත‍්තං, “අහම‍්පි ඛො බ්‍රාහ‍්මණ කසාමි ච වපාමි චා”තිආදි භගවතා වුත‍්තං. තදෙතං සබ‍්බම‍්පි සමොධානෙත්‍වා “කසිභාරද‍්වාජසුත‍්ත”න‍්ති වුච‍්චති.

එහි එවම්මෙසුතං යනු පළමු මහා සංගීතියෙහිදී දහම් සංගායනාව මෙහෙයවන ගරු කටයුතු මහා කසුප් තෙරුන්වහන්සේ විසින් විචාරන ලදුව, ගරුකටයුතු ආනන්ද තෙරුන් වහන්සේ විසින් පවසන ලදී. අහං ඛො සමණ, කසාමි ච වපාමි ච යැයි කසීභාරද්වාජ විසින් ද අහම්පි බො බ්‍රාහ්මණ, කසාමි ච යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ද පවසන ලදී. ඒ සියල්ල එක්කොට කසීභාරද්වාජ සූත්‍රය යැයි කියනු ලැබේ.

තත්‍ථ එවන‍්ති අයං ආකාරනිදස‍්සනාවධාරණත්‍ථො එවං-සද‍්දො. ආකාරත්‍ථෙන හි එතෙන එතමත්‍ථං දීපෙති – නානානයනිපුණමනෙකජ‍්ඣාසයසමුට‍්ඨානං අත්‍ථබ්‍යඤ‍්ජනසම‍්පන‍්නං විවිධපාටිහාරියං ධම‍්මත්‍ථදෙසනාපටිවෙධගම‍්භීරං සබ‍්බසත‍්තෙහි සකසකභාසානුරූපමුපලක‍්ඛණියසභාවං තස‍්ස භගවතො වචනං, තං සබ‍්බාකාරෙන කො සමත්‍ථො විඤ‍්ඤාතුං; අථ, ඛො, “එවං මෙ සුතං, මයාපි එකෙනාකාරෙන සුත”න‍්ති. නිදස‍්සනත්‍ථෙන “නාහං සයම‍්භූ, න මයා ඉදං සච‍්ඡිකත”න‍්ති අත‍්තානං පරිමොචෙන‍්තො “එවං මෙ සුතං, මයා එවං සුත”න‍්ති ඉදානි වත‍්තබ‍්බං සකලසුත‍්තං නිදස‍්සෙති. අවධාරණත්‍ථෙන “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං බහුස‍්සුතානං යදිදං ආනන්‍දො, ගතිමන‍්තානං, සතිමන‍්තානං, ධිතිමන‍්තානං, උපට‍්ඨාකානං යදිදං ආනන්‍දො”ති (අ· නි· 1.219-223) එවං භගවතා පසත්‍ථභාවානුරූපං අත‍්තනො ධාරණබලං දස‍්සෙන‍්තො සත‍්තානං සොතුකම්‍යතං ජනෙති “එවං මෙ සුතං තඤ‍්ච අත්‍ථතො වා බ්‍යඤ‍්ජනතො වා අනූනමනධිකං, එවමෙව, න අඤ‍්ඤථා දට‍්ඨබ‍්බ”න‍්ති. මෙ සුතන‍්ති එත්‍ථ මයාසද‍්දත්‍ථො මෙ-සද‍්දො, සොතද‍්වාරවිඤ‍්ඤාණත්‍ථො සුතසද‍්දො. තස‍්මා එවං මෙ සුතන‍්ති එවං මයා සොතවිඤ‍්ඤාණපුබ‍්බඞ‍්ගමාය විඤ‍්ඤාණවීථියා උපධාරිතන‍්ති වුත‍්තං හොති.

එවං යනු ආකාරය, නිදසුන හා දැඩි උවමනාවෙන් පැවසීමේ දී යෙදී ඇත. ආකාරය යන්නෙන් එහි ඒ කාරණය පෙන්වයි. නොයෙක් නොයෙක් ලෙසට අදහස් ඉදිරිපත් කරමින්, ඒ ඒ අසන්නන්ගේ සිත් හසර දැන, ඔවුන්ට ගැළපෙන සේ වෙන් වෙන් පිළිවෙළින් යුතුව, පිළිවෙත් මග සහිත ගැඹුරු දහම් කරුණු තම තමන්ගේ බස්වහර අනුව වටහාගත හැකි පරිදි වූ ඒ භගවත් බුදුරදුන්ගේ වචනය මුළුමනින්ම හඳුන්වා දීමට කවුරු සමත් වේද? එහිදී ‘මා මෙසේ අසන ලද්දේය, යනු ‘ම විසින්ද (ආනන්ද තෙරුන්) එක් ආකාරයකට අසා ඇතැ’යි අදහස් වේ. නිදසුනක් ලෙස මම සියල්ල දන්නා කෙනෙක් නොවෙමි, මෙය මා විසින් (මාගේ නුවණින්) අවබෝධ නොකරන ලද දෙයකැයි (තමන් වෙත එන චෝදනා ඇතොත්) තමන් ආනන්ද තෙරුන්) නිදහස් වෙමින් එවං මෙ සුතං මා විසින් මෙසේ අසන ලදැයි දැන් කිවයුතු යැයි මුළු සූත්‍රයම පෙන්වා දෙයි. වෙන්ව, පැහැදිලි කොට කිවහොත්, “මහණෙනි, මගේ පැවිදි සව්වන් අතර, ආනන්ද හිමි, බොහෝ (දහම් කරුණු) අසා, ඒ අනුව ජීවිතය සකසාගත් යහපත් පැවතුම් ඇති, මනා සිහි නුවණින් යුතු, උවටැන් කරන්නන්ගෙන් මුල්තැන ගනිති. ‘එතදග්ගං භික්‍ඛවෙ මම සාවකානං භික්‍ඛූනං බහුස්සුතානං යදිදං ආනන්‍දො, ගතිමන්තානං, සතිමන්තානං, ධිතිමන්තානං, උපට්ඨාකානං යදිදං ආනන්‍දො’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් පැසසුම් ලැබ, ඇසූ කරුණු සිත දරාගැනීමේ තම හැකියාව පෙන්වමින් මෙය මා අසා ඇති පරිදි යැයි ජනතාවට (ඒ දහම් කරුණු) ඇසීමට කැමැත්ත ඇති කරයි. එයද අරුතින් හෝ පද යෙදීම් ලෙසින් හෝ අඩුවීමක්, වැඩිවීමක් නොමැතිව ඒ ආකාරයෙන්ම මිස වෙනසක් නොවන ලෙස බව දතයුතුය. මෙ සුතං යනු මෙහි මා විසින් තේරුමයි. කණ නමැති දොරෙන් (හඬ) හඳුනා ගැනීමේ අරුතින් අසන ලදී. එහෙයින් එවං මෙ සුතං යනු මා විසින් මෙසේ කණින් හඳුනා ගැනීමට මුල්තැන දී සැළකීම යැයි කියන ලදී.

එකං සමයන‍්ති එකං කාලං. භගවාති භාග්‍යවා, භග‍්ගවා, භත‍්තවාති වුත‍්තං හොති. මගධෙසු විහරතීති මගධා නාම ජනපදිනො රාජකුමාරා, තෙසං නිවාසො එකොපි ජනපදො රුළ‍්හීසද‍්දෙන “මගධා”ති වුච‍්චති. තස‍්මිං මගධෙසු ජනපදෙ. කෙචි පන “යස‍්මා චෙතියරාජා මුසාවාදං භණිත්‍වා භූමිං පවිසන‍්තො ‘මා ගධං පවිසා’ති වුත‍්තො, යස‍්මා වා තං රාජානං මග‍්ගන‍්තා භූමිං ඛනන‍්තා පුරිසා ‘මා ගධං කරොථා’ති වුත‍්තා, තස‍්මා මගධා”ති එවමාදීහි නයෙහි බහුධා පපඤ‍්චෙන‍්ති. යං රුච‍්චති, තං ගහෙතබ‍්බන‍්ති. විහරතීති එකං ඉරියාපථබාධනං අපරෙන ඉරියාපථෙන විච‍්ඡින්‍දිත්‍වා අපරිපතන‍්තං අත‍්තභාවං හරති, පවත‍්තෙතීති වුත‍්තං හොති. දිබ‍්බබ්‍රහ‍්මඅරියවිහාරෙහි වා සත‍්තානං විවිධං හිතං හරතීති විහරති. හරතීති උපසංහරති, උපනෙති, ජනෙති, උප‍්පාදෙතීති වුත‍්තං හොති. තථා හි යදා සත‍්තා කාමෙසු විප‍්පටිපජ‍්ජන‍්ති, තදා කිර භගවා දිබ‍්බෙන විහාරෙන විහරති තෙසං අලොභකුසලමූලුප‍්පාදනත්‍ථං – “අප‍්පෙව නාම ඉමං පටිපත‍්තිං දිස‍්වා එත්‍ථ රුචිං උප‍්පාදෙත්‍වා කාමෙසු විරජ‍්ජෙය්‍යු”න‍්ති. යදා පන ඉස‍්සරියත්‍ථං සත‍්තෙසු විප‍්පටිපජ‍්ජන‍්ති, තදා බ්‍රහ‍්මවිහාරෙන විහරති තෙසං අදොසකුසලමූලුප‍්පාදනත්‍ථං – “අප‍්පෙව නාම ඉමං පටිපත‍්තිං දිස‍්වා එත්‍ථ රුචිං උප‍්පාදෙත්‍වා අදොසෙන දොසං වූපසමෙය්‍යු”න‍්ති. යදා පන පබ‍්බජිතා ධම‍්මාධිකරණං විවදන‍්ති, තදා අරියවිහාරෙන විහරති තෙසං අමොහකුසලමූලුප‍්පාදනත්‍ථං – “අප‍්පෙව නාම ඉමං පටිපත‍්තිං දිස‍්වා එත්‍ථ රුචිං උප‍්පාදෙත්‍වා අමොහෙන මොහං වූපසමෙය්‍යු”න‍්ති. ඉරියාපථවිහාරෙන පන න කදාචි න විහරති තං විනා අත‍්තභාවපරිහරණාභාවතොති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරං පන මඞ‍්ගලසුත‍්තවණ‍්ණනායං වක‍්ඛාම.

එකං සමයං එක් කාලයක, භගවා (සිවුසස් අවබෝධයෙන්) උසස් බවට පත්, කෙලෙස් සිඳ බිඳ දැමූ, උසස් ගුණ දහමින් යුතු බව කියන ලදී. මගධෙසු විහරති මගධ නම් ජනපදයෙහි රජකුමරුවෝ, ඔවුන් වාසය කරන බවද සළකා එකම නමින්ම ‘මගධා’ යැයි කියනු ලැබේ. එම මගධ ජනපදයෙහි (යන අදහසයි) චේතිය රජු බොරුවක් කියා (අහසින්) බිමට වැටෙන විට ‘ගැඹුරු වළකට වැටෙන්නට එපා’ යයි (මා ගධං පවිස) කියන ලද බැවින්, ‘මගධ’ නම් වූ බව ඇතමෙක් (අදහස් කරති) මග කෙළවර බිම සාරමින් සිටි මිනිසුන් ඒ රජුට ‘වළක් සකසන්නට එපා’ යැයි (මා ගධං කරොථ) කියා ඇති බැවින් (මගධ නම් වී යැයි ද අදහසකි.) කැමති අයුරින් එය පිළිගත යුතුය. විහරති, එක් ඉරියව්වකින් වන අපහසුතාව වෙනත් ඉරියව්වකින් වළක්වා බිඳ නොවැටෙන පරිදි ජීවිතය පවත්වාගැනීම කියන ලදී. දෙව්, බඹ, රහතුන්ගේ විහරණයෙන් හෝ ජීවින් කෙරෙහි නොයෙක් අයුරින් හිතසුව සලසන බැවින් ද විහරති නම් වේ. ගෙනයයි, උවමනාවෙන් ගෙනයයි, පමුණුවනු ලබයි, බිහිකරයි, උපදවයි යනුවෙන් ද කියන ලද්දේ වෙයි. යම්විටක මිනිසුන් සිය කැමැත්ත වැරදි ලෙස හසුරුවත්ද, එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට අලෝභ ආදී නිදොස් වූ කුසල් වැඩෙනු පිණිස ‘මේ පිළිවෙත දැක එහි ඇල්ම උපදවා කාමයෙහි නොගැලෙන්නාහ’යි දෙව් විහරණයෙන් වෙසෙති. යම්විටක සත්වග සැප සම්පතෙහි වැරදි මගට පත්වන විට ඔවුන්ගේ අදෝස කුසල් මුල් උපදවනු පිණිස, ‘මේ පිළිවෙත දැක එහි කැමැත්ත උපදවා අදෝසයෙන් දෝසය දුරු කරන්නාහු නම්, මැනවයි බඹ විහරණයෙන් වෙසෙති. යම්විටක පැවිදි වූවන් දහම් විනය කරුණු ගැන විවාද කරත්ද, ඔවුන්ගේ අමෝහ කුසල් මුල් උපදවනු පිණිස මේ පිළිවෙත දැක එහි කැමැත්ත උපදවා මුළා නොවීමෙන් මුළාව නැති කරන්නාහු නම් මැනවැ’යි අරිය විහරණයෙන් (බුදු පසේබුදු මහරහත් උතුම් මග අනුව) වෙසෙති. ඉරියාපථ විහරණයෙන් හෙවත්, සිහි නුවණින් ඉරියව් පැවැත්වීම (සොපදිසෙස) පිරිනිවනින් හැර වෙන කිසිවිටකත් අත් නොහරිති. මේ එහි කෙටියෙන් සඳහන් කිරීමයි. වැඩි විස්තර මංගල සූත්‍ර විස්තරයෙහි කියමු.

දක‍්ඛිණාගිරිස‍්මින‍්ති යො සො රාජගහං පරිවාරෙත්‍වා ඨිතො ගිරි, තස‍්ස දක‍්ඛිණපස‍්සෙ ජනපදො “දක‍්ඛිණාගිරී”ති වුච‍්චති, තස‍්මිං ජනපදෙති වුත‍්තං හොති. තත්‍ථ විහාරස‍්සාපි තදෙව නාමං. එකනාළායං බ්‍රාහ‍්මණගාමෙති එකනාළාති තස‍්ස ගාමස‍්ස නාමං. බ්‍රාහ‍්මණා චෙත්‍ථ සම‍්බහුලා පටිවසන‍්ති, බ්‍රාහ‍්මණභොගො වා සො, තස‍්මා “බ්‍රාහ‍්මණගාමො”ති වුච‍්චති.

දක්‍ඛිණගිරිස්මිං රජගහනුවර වටා පිහිටා ඇති පව්වෙහි, එයට දකුණු පසින් වූ ජනපදය දක්‍ඛිණගිරි හෝ දක්‍ඛිණාගිරි යැයි කියනු ලැබේ. එම නම ඇති ජනපදය, එහි විහාර ආදියද ඒ නමින්ම වේ. ඒකනාලායං බ්‍රාහ්මණගාමෙ, ඒකනාලා යනු ඒ ගමෙහි නමය. බොහෝ බමුණෝ එහි වාසය කරති. බමුණෝ ආදායම් ලබමින් එහිම වෙසෙති. එහෙයින් බමුණු ගම යැයිද කියනු ලබයි.

තෙන ඛො පන සමයෙනාති යං සමයං භගවා අපරාජිතපල‍්ලඞ‍්කං ආභුජිත්‍වා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො මගධරට‍්ඨෙ එකනාළං බ්‍රාහ‍්මණගාමං උපනිස‍්සාය දක‍්ඛිණාගිරිමහාවිහාරෙ බ්‍රාහ‍්මණස‍්ස ඉන්‍ද්‍රියපරිපාකං ආගමයමානො විහරති, තෙන සමයෙන කරණභූතෙනාති වුත‍්තං හොති. ඛො පනාති ඉදං පනෙත්‍ථ නිපාතද‍්වයං පදපූරණමත‍්තං, අධිකාරන‍්තරදස‍්සනත්‍ථං වාති දට‍්ඨබ‍්බං. කසිභාරද‍්වාජස‍්ස බ්‍රාහ‍්මණස‍්සාති සො බ්‍රාහ‍්මණො කසියා ජීවති, භාරද‍්වාජොති චස‍්ස ගොත‍්තං, තස‍්මා එවං වුච‍්චති. පඤ‍්චමත‍්තානීති යථා – “භොජනෙ මත‍්තඤ‍්ඤූ”ති එත්‍ථ මත‍්තසද‍්දො පමාණෙ වත‍්තති, එවමිධාපි, තස‍්මා පඤ‍්චපමාණානි අනූනානි අනධිකානි, පඤ‍්චනඞ‍්ගලසතානීති වුත‍්තං හොති. පයුත‍්තානීති පයොජිතානි, බලිබද‍්දානං ඛන්‍ධෙසු ඨපෙත්‍වා යුගෙ යොත‍්තෙහි යොජිතානි හොන‍්තීති අත්‍ථො.

තෙන ඛො පන සමයෙන යම් කලක භාග්‍යවතුන් වහන්සේ නොපරදින පලඟ හිඳ උතුම් වූ සම්මා සම්බුදු බව මැනවින් අවබෝධ කොට, උතුම් දම්සක් පවත්වා මගධ රට එකනාලා නම් බමුණු ගමෙහි දකුණු ගිරි මහ වෙහෙරෙහි, (කසීභාරද්වාජ) බමුණන්ගේ ඉඳුරන් මේරූ බවට (දහම් අවබෝධයට සුදුසුම පරිදි මනස සැකසෙන තුරු) පත්වන අයුරු සළකමින් වැඩවසති. ඒ කාලය සළකා කරණ විබතින් සඳහන් කර ඇත. ඛො පන නිපාත දෙක පද පූරණයෙහිලා යොදා ඇතැයි දතයුතුය. කසීභාරද්වාජ බ්‍රහ්මණස්ස ඒ බමුණා කුඹුරු ගොවිතැනින් ජීවත් වෙයි. භාරද්වාජො ඔහුගේ පෙළපත බැවින් එසේ කියයි. පඤ්චමත්තානි යම්සේ ආහාරයෙහි (තමන්ට සෑහෙන) පමණ දැනගැනීම (භොජනෙ මත්තඤ්ඤු) මෙන් මෙහි මත්ත ගණන දැක්වීමට යෙදෙයි. මෙහිද එසේ යෙදුණු අයුරින් පහක් පමණි. ඒ අනුව නො අඩුවද, නොවැඩිවද නගුල් පන්සියයක් පමණ යැයි කියන ලද්දේය. පයුත්තානි යොදන ලද, ගොනුන් (නගුලට සම්බන්ධ වන සේ) කඳෙහි තබා වියදඬුවෙහි රැහැනින් බඳින ලද යන තේරුමයි.

වප‍්පකාලෙති වපනකාලෙ, බීජනික‍්ඛිපකාලෙති වුත‍්තං හොති. තත්‍ථ ද‍්වෙ වප‍්පානි කලලවප‍්පඤ‍්ච, පංසුවප‍්පඤ‍්ච. පංසුවප‍්පං ඉධ අධිප‍්පෙතං. තඤ‍්ච ඛො පඨමදිවසෙ මඞ‍්ගලවප‍්පං. තත්‍ථායං උපකරණසම‍්පදා – තීණි බලිබද‍්දසහස‍්සානි උපට‍්ඨාපිතානි හොන‍්ති, සබ‍්බෙසං සුවණ‍්ණමයානි සිඞ‍්ගානි පටිමුක‍්කානි, රජතමයා ඛුරා, සබ‍්බෙ සෙතමාලාහි සබ‍්බගන්‍ධසුගන්‍ධෙහි පඤ‍්චඞ‍්ගුලිකෙහි ච අලඞ‍්කතා පරිපුණ‍්ණඞ‍්ගපච‍්චඞ‍්ගා සබ‍්බලක‍්ඛණසම‍්පන‍්නා, එකච‍්චෙ කාළා අඤ‍්ජනවණ‍්ණායෙව, එකච‍්චෙ සෙතා ඵලිකවණ‍්ණා, එකච‍්චෙ රත‍්තා පවාළවණ‍්ණා, එකච‍්චෙ කම‍්මාසා මසාරගල‍්ලවණ‍්ණා. පඤ‍්චසතා කස‍්සකපුරිසා සබ‍්බෙ අහතසෙතවත්‍ථනිවත්‍ථා මාලාලඞ‍්කතා දක‍්ඛිණඅංසකූටෙසු ඨපිතපුප‍්ඵචුම‍්බටකා හරිතාලමනොසිලාලඤ‍්ඡනුජ‍්ජලිතගත‍්තභාගා දස දස නඞ‍්ගලා එකෙකගුම‍්බා හුත්‍වා ගච‍්ඡන‍්ති. නඞ‍්ගලානං සීසඤ‍්ච යුගඤ‍්ච පතොදා ච සුවණ‍්ණවිනද‍්ධා. පඨමනඞ‍්ගලෙ අට‍්ඨ බලිබද‍්දා යුත‍්තා, සෙසෙසු චත‍්තාරො චත‍්තාරො, අවසෙසා කිලන‍්තපරිවත‍්තනත්‍ථං ආනීතා. එකෙකගුම‍්බෙ එකමෙකං බීජසකටං එකෙකො කසති, එකෙකො වපති.

වප්පකාලෙ වපුරන කාලය - බීජ (කෙතෙහි) ඉසීම ගැන කියන ලදී. එහි මඩෙහි වැපිරිම සහ පසෙහි (ගොඩ) වැපිරීම යැයි දෙකොටසකි. මෙහි පසෙහි වැපිරීම අදහස් වේ. එහිද මුල් දිනයෙහි මංගල වැපිරීමය. එයට යොදා ගන්නා උපකරණ මේවාය. ගොනුන් තුන්දහසක මෙහෙයුමකි. සියළුම ගොනුන්ගේ අංවල රනින් කළ (කොපු, මුදු) අබරණ පළඳා ඇත. කුර රිදියෙන් සරසා ඇත. සුදුමලින් සරසා, සියළු සුවඳ ජාති වලින් පසැඟිලි ලකුණු තැවරූ, අලංකාර කරන ලද පිරිපුන් අගපසඟින් යුතු වෙති. ඇතැම් ගොන්නු අඳුන් මෙන් කළු පැහැ වෙති. ඇතැම් ගොන්නු වළාකුළු මෙන් සුදු පැහැ වෙති. පබළුවන් රත්පැහැ ගොන්නුද සිටිති. ඇතැම් ගොන්නු පළිඟු මෙන් නොයෙක් පැහැ වෙති. ගොවිතැනෙහි නියුතු පන්සියයක් මිනිස්සු හැමදෙනාම අළුත් සුදුවතින් සැරසී, මලින් හැඩව, හිසෙහි දකුණුපස තබන ලද මල්කළඹින් හා සිරුරෙහි අඩක රත්සිරියල්, රන් සිරියල් ලකුණින් බබලමින්, නඟුල් දහය දහය බැගින් ගෙන එක් එක් සමූහයක් සේ යති. නඟුල්වල මුදුනද, වියදඬුව හා කෙවිටිද රනින් වෙළා ඇත. මුල් නගුල ගොනුන් අටදෙනෙකුගෙන් යුතුය. අනික් නගුල්වල ගොනුන් සිවුදෙනා බැගිනි. ඉතිරි ගොනුන් වෙහෙසට පත්වන ගොනුන් වෙනුවටද, කොටස් කොටස් ලෙස යෙදවීමටද ගෙන එන ලදහ. එක් එක් සමූහයකට එක් එක් බිත්තර වී කරත්තයකි. එක් සමූහයක් සී සායි. එක් සමූහයක් වපුරයි.

බ්‍රාහ‍්මණො පන පගෙව මස‍්සුකම‍්මං කාරාපෙත්‍වා න‍්හත්‍වා සුගන්‍ධගන්‍ධෙහි විලිත‍්තො පඤ‍්චසතග‍්ඝනකං වත්‍ථං නිවාසෙත්‍වා සහස‍්සග‍්ඝනකං එකංසං කරිත්‍වා එකමෙකිස‍්සා අඞ‍්ගුලියා ද‍්වෙ ද‍්වෙ කත්‍වා වීසති අඞ‍්ගුලිමුද‍්දිකායො, කණ‍්ණෙසු සීහකුණ‍්ඩලානි, සීසෙ ච බ්‍රහ‍්මවෙඨනං පටිමුඤ‍්චිත්‍වා සුවණ‍්ණමාලං කණ‍්ඨෙ කත්‍වා බ්‍රාහ‍්මණගණපරිවුතො කම‍්මන‍්තං වොසාසති. අථස‍්ස බ්‍රාහ‍්මණී අනෙකසතභාජනෙසු පායාසං පචාපෙත්‍වා මහාසකටෙසු ආරොපෙත්‍වා ගන්‍ධොදකෙන න‍්හායිත්‍වා සබ‍්බාලඞ‍්කාරවිභූසිතා බ්‍රාහ‍්මණීගණපරිවුතා කම‍්මන‍්තං අගමාසි. ගෙහම‍්පිස‍්ස සබ‍්බත්‍ථ ගන්‍ධෙහි සුවිලිත‍්තං පුප‍්ඵෙහි සුකතබලිකම‍්මං, ඛෙත‍්තඤ‍්ච තෙසු තෙසු ඨානෙසු සමුස‍්සිතපටාකං අහොසි. පරිජනකම‍්මකාරෙහි සහ කම‍්මන‍්තං ඔසටපරිසා අඩ‍්ඪතෙය්‍යසහස‍්සා අහොසි. සබ‍්බෙ අහතවත්‍ථනිවත්‍ථා, සබ‍්බෙසඤ‍්ච පායාසභොජනං පටියත‍්තං අහොසි.

බමුණාද කලින්ම රැවුල සකසවාගෙන, දිය නා සුවඳ ගත තවරා, පන්සියයක් අගනා වත් හැඳ, දහසක් අගනා සළුවක් එක් පසකින් පොරවාගෙන, එක් එක් ඇඟිල්ලක මුදු දෙක බැගින්, ඇඟිලිවල මුදු විස්සක්ද, කන්පෙතිවල සිහ කොඬොල් අබරණද හිස අගනා වෙළුමක් දරා, රන් මාලයක් ගෙල පැළඳ, බමුණු පිරිස පිරිවරා සී සෑමේ කටයුතු පිරික්සා බලයි. මේ අතර, ඔහුගේ බැමිණියද සුවඳ පැනින් නා සියළු අබරණ පැළඳ, බැමිණි පිරිස පිරිවරා, නොයෙක් සිය ගණන් බඳුන්වල කිරිබත් පිසවා, ලොකු කරත්තවල පුරවා සීසානා තැනට ගියාය. ඔහුගේ නිවස ද සියළුම සුවඳින් සුවඳවත් කොට ඇත. මනාව මලින් සරසන ලද්දේය. කුඹුරෙහි ද ඒ ඒ තැන්වල කොඩි ඔසවන ලද්දේය. පිරිවර කම්කරුවන් සහ සී සෑමෙහි යෙදුනු පිරිස දෙදහස් පන්සියයකි. සියල්ලෝම අළුත් ඇඳුම් හැඳ සිටියහ. හැමදෙනාටම කිරිබත් පිළියෙල කරන ලදී.

අථ බ්‍රාහ‍්මණො යත්‍ථ සාමං භුඤ‍්ජති, තං සුවණ‍්ණපාතිං ධොවාපෙත්‍වා පායාසස‍්ස පූරෙත්‍වා සප‍්පිමධුඵාණිතාදීනි අභිසඞ‍්ඛරිත්‍වා නඞ‍්ගලබලිකම‍්මං කාරාපෙසි. බ්‍රාහ‍්මණී පඤ‍්ච කස‍්සකසතානි සුවණ‍්ණරජතකංසතම‍්බමයානි භාජනානි ගහෙත්‍වා නිසින‍්නානි සුවණ‍්ණකටච‍්ඡුං ගහෙත්‍වා පායාසෙන පරිවිසන‍්තී ගච‍්ඡති. බ්‍රාහ‍්මණො පන බලිකම‍්මං කාරාපෙත්‍වා රත‍්තසුවණ‍්ණබන්‍ධූපාහනායො ආරොහිත්‍වා රත‍්තසුවණ‍්ණදණ‍්ඩං ගහෙත්‍වා “ඉධ පායාසං දෙථ, ඉධ සප‍්පිං, ඉධ සක‍්ඛරං දෙථා”ති වොසාසමානො විචරති. අථ භගවා ගන්‍ධකුටියං නිසින‍්නොව බ්‍රාහ‍්මණස‍්ස පරිවෙසනං වත‍්තමානං ඤත්‍වා “අයං කාලො බ්‍රාහ‍්මණං දමෙතු”න‍්ති නිවාසෙත්‍වා, කායබන්‍ධනං බන්‍ධිත්‍වා, සඞ‍්ඝාටිං පාරුපිත්‍වා, පත‍්තං ගහෙත්‍වා, ගන්‍ධකුටිතො නික‍්ඛමි යථා තං අනුත‍්තරො පුරිසදම‍්මසාරථි. තෙනාහ ආයස‍්මා ආනන්‍දො “අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා”ති.

බමුණා තමා අනුභව කරන තැන හිඳ රන් තලිය සෝදවා කිරිබතින් පුරවා ගිතෙල් මීපැණි ආදියෙන් මුසුව පිළියෙල කොට නගුල් යෙදවීමට අදාල පූජාවිධි කටයුතු කරවීය. රන්, රිදී, ලෝකඩ, තඹ බඳුන් ගෙන සිටි පන්සියයක් ගොවීන්ට බැමිණිය රන් හැන්දෙන් බෙදන්නීය. බමුණා පූජා පවත්වා, රත්පැහැ රත්රන් සෙරෙප්පු පැළඳ, රත්පැහැ රන් සැරයටියක් ගෙන, ‘මෙතැනට කිරිබත් දෙව, මෙතැනට ගිතෙල් දෙව, මෙතැනට හකුරු දෙව’යි අඩුපාඩු පෙන්වා උපදෙස් දෙමින් හැසිරෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, සුවඳ කුටියෙහි හිඳිමින්ම, බමුණු ආහාර පිරිනැමීමෙහි යෙදුනු දැක, ‘බමුණු දහමෙහි හික්මවීමට මේ කාලය’ යැයි හැඳ පටිය බැඳ, සඟල සිවුර පොරවා පාත්‍රය ගෙන, ‘මිනිසුන් දමනය කරන, අති උතුම් මග පෙන්වන්නකු ලෙස නික්මුණු සේක. එහෙයින් අථ ඛො භගවා පුබ්බණ්හ සමයං නිවාසෙත්‍වා යැයි ගරුකටයුතු ආනන්ද හිමි (සංගීතියෙහිදී) කීහ.

තත්‍ථ අථ ඉති නිපාතො අඤ‍්ඤාධිකාරවචනාරම‍්භෙ ඛොති පදපූරණෙ. භගවාති වුත‍්තනයමෙව. පුබ‍්බණ‍්හසමයන‍්ති දිවසස‍්ස පුබ‍්බභාගසමයං, පුබ‍්බණ‍්හසමයෙති අත්‍ථො, පුබ‍්බණ‍්හෙ වා සමයං පුබ‍්බණ‍්හසමයං, පුබ‍්බණ‍්හෙ එකං ඛණන‍්ති වුත‍්තං හොති. එවං අච‍්චන‍්තසංයොගෙ උපයොගවචනං ලබ‍්භති. නිවාසෙත්‍වාති පරිදහිත්‍වා, විහාරනිවාසනපරිවත‍්තනවසෙනෙතං වෙදිතබ‍්බං. න හි භගවා තතො පුබ‍්බෙ අනිවත්‍ථො ආසි. පත‍්තචීවරමාදායාති පත‍්තං හත්‍ථෙහි, චීවරං කායෙන ආදියිත්‍වා, සම‍්පටිච‍්ඡිත්‍වා ධාරෙත්‍වාති අත්‍ථො. භගවතො කිර පිණ‍්ඩාය පවිසිතුකාමස‍්ස භමරො විය විකසිතපදුමද‍්වයමජ‍්ඣං, ඉන්‍දනීලමණිවණ‍්ණං සෙලමයං පත‍්තං හත්‍ථද‍්වයමජ‍්ඣං ආගච‍්ඡති. තස‍්මා එවමාගතං පත‍්තං හත්‍ථෙහි සම‍්පටිච‍්ඡිත්‍වා චීවරඤ‍්ච පරිමණ‍්ඩලං පාරුතං කායෙන ධාරෙත්‍වාති එවමස‍්ස අත්‍ථො වෙදිතබ‍්බො. යෙන වා තෙන වා හි පකාරෙන ගණ‍්හන‍්තො ආදාය ඉච‍්චෙව වුච‍්චති යථා “සමාදායෙව පක‍්කමතී”ති.

අථ යනු වෙනත් කරුණක් ගැන දැක්වීමේදී ආරම්භයේදී යොදන නිපාත පදයකි. භගවා කලින් සඳහන් කරන ලද පරිදයි. පුබ්බණ්හසමයං දවසෙහි මුල් කොටසයි. උදය කාලයෙහි එක් මොහොතක් ගැන කියන ලදී. මෙසේ එකිනෙක ආසන්න සිදුවන කරුණු දැක්වීමකදී (පාලි වියරණයේ) දුතියා - විබත් (කම්ම) යෙදේ. නිවාසෙත්‍වා හැඳ, විහාරයෙහි වැඩ සිටින විට සිවුරු හැඳ සිටීම හා සිවුර මාරු කිරීම (තනිපට සිවුර - දෙපට සිවුර හැඳීම) ලෙසින් එය දතයුතුය. ඊට පෙර භාග්‍යවතුන් වහන්සේ සිවුර නොහැඳ නොසිටි බවක් මෙයින් අදහස් නොකෙරේ. භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස පිවිසීමට කැමති වූවිට, පිපුණු නෙළුම් මල් දෙකක් මැදට එන බඹරකු මෙන්, ඉඳුනිල් මිණිපැහැ ගලින් නිමවූ පාත්‍රය අන්දෙක මැදට පැමිණේ. එසේ ආ පාත්‍රය අතින් පිළිගෙන, සිවුර සිරුරේ පිරිමඬුලු කොට, දරාගෙන යනුවෙන් මෙසේ එහි අරුත දතයුතුය. යම්තැනකට හෝ, ඒ තැනකට හෝ එසේ එය රැගෙනයෑම මෙලෙසම කියයි. එය ගෙන යයි’ (සමුදායෙව පක්කමති) කියා ඇති පරිද්දෙනි.

යෙනාති යෙන මග‍්ගෙන. කම‍්මන‍්තොති කම‍්මකරණොකාසො. තෙනාති තෙන මග‍්ගෙන. උපසඞ‍්කමීති ගතො, යෙන මග‍්ගෙන කසිභාරද‍්වාජස‍්ස බ්‍රාහ‍්මණස‍්ස කම‍්මන‍්තො ගම‍්මති, තෙන මග‍්ගෙන ගතොති වුත‍්තං හොති. අථ කස‍්මා, භික‍්ඛූ, භගවන‍්තං නානුබන්‍ධිංසූති? වුච‍්චතෙ – යදා භගවා එකකොව කත්‍ථචි උපසඞ‍්කමිතුකාමො හොති, භික‍්ඛාචාරවෙලායං ද‍්වාරං පිදහිත්‍වා අන‍්තොගන්‍ධකුටිං පවිසති. තතො භික‍්ඛූ තාය සඤ‍්ඤාය ජානන‍්ති – “අජ‍්ජ භගවා එකකොව ගාමං පවිසිතුකාමො, අද‍්ධා කඤ‍්චි එව විනෙතබ‍්බපුග‍්ගලං අද‍්දසා”ති. තෙ අත‍්තනො පත‍්තචීවරං ගහෙත්‍වා, ගන්‍ධකුටිං පදක‍්ඛිණං කත්‍වා, භික‍්ඛාචාරං ගච‍්ඡන‍්ති. තදා ච භගවා එවමකාසි. තස‍්මා භික‍්ඛූ භගවන‍්තං නානුබන්‍ධිංසූති.

යෙන යම් මගකින්, කම්මන්තො (අදාල) කටයුතු කරන තැනට, තෙන ඒ මගින්, උපසංකමී ගියේ, යම් මගකින් කසීභාරද්වාජ බමුණාගේ කටයුතු සිදුවන තැනට (සීසාන තැනට) ළඟාවිය හැකිද, එමගින් ගියේ යැයි කී සැටියි. මෙහිදී කවර හෙයින් අනෙක් හිමිවරු භාග්‍යවතුන් වහන්සේ අනුව නොගියාහුද, යම් වේලාවක භාග්‍යවතුන් වහන්සේ තනිවම කිසියම් තැනකට වඩිනු කැමැත්තේ නම්, පිඬු පිණිස යන වේලාවෙහි දොර වසා ඇතුළු සුවඳ කුටියට පිවිසෙති. හිමිවරු, ඒ සළකුණින් ‘අද භාග්‍යවතුන් වහන්සේ තනිවම ගමට පිවිසෙනු කැමති වෙති. නිසැකවම කිසියම් හික්මවිය යුතු තැනැත්තකු දුටහ’යි දැනගනිති. හිමිවරු තම පා සිවුරු ගෙන සුවඳ කුටිය පැදකුණු කොට පිඬු පිණිස යති. එදා භාග්‍යවතුන් වහන්සේ එසේ කළ හෙයින්, හිමිවරු උන්වහන්සේ අනුව නොගියහ.

තෙන ඛො පන සමයෙනාති යෙන සමයෙන භගවා කම‍්මන‍්තං උපසඞ‍්කමි, තෙන සමයෙන තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පරිවෙසනා වත‍්තති, භත‍්තවිස‍්සග‍්ගො වත‍්තතීති අත්‍ථො. යං පුබ‍්බෙ අවොචුම‍්හ – “බ්‍රාහ‍්මණී පඤ‍්ච කස‍්සකසතානි සුවණ‍්ණරජතකංසතම‍්බමයානි භාජනානි ගහෙත්‍වා නිසින‍්නානි සුවණ‍්ණකටච‍්ඡුං ගහෙත්‍වා පායාසෙන පරිවිසන‍්තී ගච‍්ඡතී”ති. අථ ඛො භගවා යෙන පරිවෙසනා තෙනුපසඞ‍්කමි. කිං කාරණාති? බ්‍රාහ‍්මණස‍්ස අනුග‍්ගහකරණත්‍ථං. න හි භගවා කපණපුරිසො විය භොත‍්තුකාමතාය පරිවෙසනං උපසඞ‍්කමති. භගවතො හි ද‍්වෙ අසීතිසහස‍්සසඞ‍්ඛ්‍යා සක්‍යකොලියරාජානො ඤාතයො, තෙ අත‍්තනො සම‍්පත‍්තියා නිබද‍්ධභත‍්තං දාතුං උස‍්සහන‍්ති. න පන භගවා භත‍්තත්‍ථාය පබ‍්බජිතො, අපිච ඛො පන “අනෙකානි අසඞ‍්ඛ්‍යෙය්‍යානි පඤ‍්ච මහාපරිච‍්චාගෙ පරිච‍්චජන‍්තො පාරමියො පූරෙත්‍වා මුත‍්තො මොචෙස‍්සාමි, දන‍්තො දමෙස‍්සාමි; සන‍්තො සමෙස‍්සාමි, පරිනිබ‍්බුතො පරිනිබ‍්බාපෙස‍්සාමී”ති පබ‍්බජිතො. තස‍්මා අත‍්තනො මුත‍්තත‍්තා…පෙ… පරිනිබ‍්බුතත‍්තා ච පරං මොචෙන‍්තො…පෙ… පරිනිබ‍්බාපෙන‍්තො ච ලොකෙ විචරන‍්තො බ්‍රාහ‍්මණස‍්ස අනුග‍්ගහකරණත්‍ථං යෙන පරිවෙසනා තෙනුපසඞ‍්කමීති වෙදිතබ‍්බං.

තෙන ඛො පන සමයෙන යම් වේලාවක භාග්‍යවතුන් වහන්සේ, ඒ කටයුතු පවත්නා තැනට එළඹියේද ඒ කාලයෙහි බ්‍රාහ්මණස්ස පරිවෙසනා වත්තති එම බමුණාගේ බත් බෙදාදීම සිදුවෙමින් පවතී යැයි තේරුමයි. රන්, රිදී, ලෝකඩ, තඹ බඳුන් ගෙන සිටි ගොවීන් පන්සියයට බැමිණිය රන් හැන්දෙන් කිරිබත් බෙදා දෙන්නී යැයි කලින් කීවෙමු. අථ ඛො භගවා යෙන පරිවෙසනා තෙනුපසංකමි කුමක් නිසාද? බමුණාට උපකාර පිණිසය. භාග්‍යවතුන් වහන්සේ දිළිඳු මිනිසකු මෙන් කෑමට ආසාවෙන් එතැනට නොවැඩිසේක්මය. උන්වහන්සේට සැකි-කෝලිය රජ පරපුර දෙකෙහිම අසූදහසක් අසූදහසක් තරම් නෑදැයෝ වෙති. ඔවුහු තම තම වත් පොහොසත්කම් අනුව නිතර දානය පිරිනැමීමට උත්සාහ කරති. භාග්‍යවතුන් වහන්සේ ආහාරය උදෙසා පැවිදි නොවූහ. එහෙත් කිවනොහැකි තරම් කාලයක් පස් ආකාරයෙන් (ඇස්, ඉස්, මස්, ලේ, ජීවිතය) හැර දමමින්, දානාදි පාරමී පුරා (සසරින්) මිදුණෙමි, මුදන්නෙමි, දමනය වූයෙමි, සැනසුණෙමි, සැනසීම දෙමි, කෙලෙස් දුරු කළෙමි, කෙලෙස් දුරුකරවන්නෙමි’යි පැවිදි වූ සේක. එහෙයින් තමන් (කෙලෙස්වලින්, සසරින්) මිදුණු බැවින්, දුරුකරන ලද බැවින්, අනෙක් හැමදෙනාද මුදවමින්, කෙලෙස් නැති කරවමින් ලොවට (හිතසුව පිණිස) සැරිසරමින්, බමුණාටද උපකාර කරනු පිණිස ඒ ආහාර බෙදන තැනට පැමිණිසේකැ’යි දතයුතුය.

උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං අට‍්ඨාසීති එවං උපසඞ‍්කමිත්‍වා ච එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තන‍්ති භාවනපුංසකනිද‍්දෙසො, එකොකාසං එකපස‍්සන‍්ති වුත‍්තං හොති. භුම‍්මත්‍ථෙ වා උපයොගවචනං, තස‍්ස දස‍්සනූපචාරෙ කථාසවනට‍්ඨානෙ, යත්‍ථ ඨිතං බ්‍රාහ‍්මණො පස‍්සති, තත්‍ථ උච‍්චට‍්ඨානෙ අට‍්ඨාසි. ඨත්‍වා ච සුවණ‍්ණරසපිඤ‍්ජරං සහස‍්සචන්‍දසූරියොභාසාතිභාසයමානං සරීරාභං මුඤ‍්චි සමන‍්තතො අසීතිහත්‍ථපරිමාණං, යාය අජ‍්ඣොත්‍ථරිතත‍්තා බ්‍රාහ‍්මණස‍්ස කම‍්මන‍්තසාලාභිත‍්තිරුක‍්ඛකසිතමත‍්තිකාපිණ‍්ඩාදයො සුවණ‍්ණමයා විය අහෙසුං. අථ මනුස‍්සා පායාසං භුත‍්තා අසීතිඅනුබ්‍යඤ‍්ජනපරිවාරද‍්වත‍්තිංසවරලක‍්ඛණපටිමණ‍්ඩිතසරීරං බ්‍යාමප‍්පභාපරික‍්ඛෙපවිභූසිතබාහුයුගළං කෙතුමාලාසමුජ‍්ජලිතසස‍්සිරිකදස‍්සනං ජඞ‍්ගමමිව පදුමස‍්සරං, රංසිජාලුජ‍්ජලිතතාරාගණමිව ගගනතලං, ආදිත‍්තමිව ච කනකගිරිසිඛරං සිරියා ජලමානං සම‍්මාසම‍්බුද‍්ධං එකමන‍්තං ඨිතං දිස‍්වා හත්‍ථපාදෙ ධොවිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ සම‍්පරිවාරෙත්‍වා අට‍්ඨංසු. එවං තෙහි සම‍්පරිවාරිතං අද‍්දස ඛො කසිභාරද‍්වාජො බ්‍රාහ‍්මණො භගවන‍්තං පිණ‍්ඩාය ඨිතං. දිස‍්වාන භගවන‍්තං එතදවොච “අහං ඛො, සමණ, කසාමි ච වපාමි චා”ති.

උපසංකමිත්‍වා එකමන්තං අට්ඨාසි මෙසේ පැමිණ එකත්පසෙක සිටි සේක. එකමන්තං භාව නපුංසක යෙදුමකි. එක් ඉඩ ඇති තැනක, එක් පැත්තක් යැයි කියන ලදී. ආධාර විබත්හි කම්ම විබත් යෙදින. දැකීමට පහසු පරිදි, කතාබහ ඇසෙන පරිදි යම්තැනක සිට බමුණා දකීද, එබඳු උස්තැනක සිටි සේක. එහිදී රන් රස ගුලාවක්ව, සඳහිරු දහසක ආලෝකය සේ බොහෝ සෙයින් බබළන, හාත්පස අසූරියන් පමණ වන පරිදි රැස් දහරක් බුදු සිරුරින් නිකුත් වීය. බමුණාගේ සීසෑමේ කටයුතු සිදුවන තැන (අවට) වූ සාලා, බිත්ති, ගස්, නගුල්වලින් ගොඩගැසුණු මැටි පස් ආදිය ඒ ආලෝකය විනිවිදව ගොස්, රනින් නිමා වූ සේ වී ඉක්බිති මිනිස්සු කිරිබත් අනුභව කරමින්ම, අසූවක් අනූ ලකුණු පිරිවරා, දෙතිස් උතුම් ලකුණින් හෙබි, සිරුරින් හා, බඹයක් පමණ වටා කාන්තිය විහිදෙන දෑතින්ද, සිරියාවෙන් බබළන කේතූමාලාවෙන්ද, සරන පියුම් විලක් බඳු රැස් දහරින් බබළන අහසෙහි තරු කැලක් බඳු, කාන්තිමත් රන්වන් ගිරිකුලක් බඳු සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්පසෙක වැඩසිටිනු දැක, අත් පා සෝදා ඇඳිලි බැඳ පිරිවරා සිටියහ. මෙසේ (බුදුහිමි වටා) ඔවුන් පිරිවරන ලදුව, අද්දසා බො කසීභාරද්වාජො බ්‍රාහ්මණෙ භගවන්තං පිණ්ඩාය, ඨිතං, දිස්වාන භගවන්තං එතදවොච, අහං ඛො සමණ කසාමි ච වපාමි ච යනුවෙන්

කස‍්මා පනායං එවමාහ? කිං සමන‍්තපාසාදිකෙ පසාදනීයෙ උත‍්තමදමථසමථමනුප‍්පත‍්තෙපි භගවති අප‍්පසාදෙන, උදාහු අඩ‍්ඪතෙය්‍යානං ජනසහස‍්සානං පායාසං පටියාදෙත්‍වාපි කටච‍්ඡුභික‍්ඛාය මච‍්ඡෙරෙනාති? උභයථාපි නො, අපිච ඛ‍්වාස‍්ස භගවතො දස‍්සනෙන අතිත‍්තං නික‍්ඛිත‍්තකම‍්මන‍්තං ජනං දිස‍්වා “කම‍්මභඞ‍්ගං මෙ කාතුං ආගතො”ති අනත‍්තමනතා අහොසි. තස‍්මා එවමාහ. භගවතො ච ලක‍්ඛණසම‍්පත‍්තිං දිස‍්වා “සචායං කම‍්මන‍්තෙ පයොජයිස‍්ස, සකලජම‍්බුදීපෙ මනුස‍්සානං සීසෙ චූළාමණි විය අභවිස‍්ස, කො නාමස‍්ස අත්‍ථො න සම‍්පජ‍්ජිස‍්ස, එවමෙවං අලසතාය කම‍්මන‍්තෙ අප‍්පයොජෙත්‍වා වප‍්පමඞ‍්ගලාදීසු පිණ‍්ඩාය චරිත්‍වා භුඤ‍්ජන‍්තො කායදළ‍්හීබහුලො විචරතී”තිපිස‍්ස අහොසි. තෙනාහ – “අහං ඛො, සමණ, කසාමි ච වපාමි ච, කසිත්‍වා ච වපිත්‍වා ච භුඤ‍්ජාමී”ති. න මෙ කම‍්මන‍්තා බ්‍යාපජ‍්ජන‍්ති, න චම‍්හි යථා ත්‍වං එවං ලක‍්ඛණසම‍්පන‍්නොති අධිප‍්පායො. ත්‍වම‍්පි සමණ…පෙ… භුඤ‍්ජස‍්සු, කො තෙ අත්‍ථො න සම‍්පජ‍්ජෙය්‍ය එවං ලක‍්ඛණසම‍්පන‍්නස‍්සාති අධිප‍්පායො.

කවර හෙයින් කියන ලද ද? හැම දෙයින්ම පහදින සුළු, දමනය කරන ලද (ඉඳුරන් යුතු) එකඟ සිත ඇති උතුම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අසතුටෙන්ද? නැතිනම් දෙදහස් පන්සියක් වූ පිරිසට කිරිබත් පිළියෙල කොටදීත්, බත්හැන්දක් දීමට මසුරු වීද? මේ කරුණු දෙකම නොවේ. කෙසේ වුවත් භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන් සෑහීමකට පත් නොවූ, කරමින් සිටි වැඩකටයුතු නවතා (උන්වහන්සේ දෙසම බලා සිටි) පිරිස දැක, ‘මාගේ වැඩ අඩාල කිරිමට පැමිණියේ යැ’යි බමුණා නොසතුටට පත්වූ බැවින් එසේ කීය. භාග්‍යවතුන් වහන්සේගේ හැඩරුව ලකුණු දැක, ‘මේ තැනැත්තා කිසියම් (ආදායමක් ලබන) කටයුත්තක යෙදෙන්නාහු නම්, මුළු දඹදිව් වාසීන්ගේ හිස්වල සිළුමිණක්ව උසස් බවට පත්වන්නේමය. එසේ නොකිරිමෙන් ඇතිවන පලය කුමක්ද? මෙසේ අලසව, කිසියම් වැඩක නොයෙදී වප්මඟුල් ආදී තැන්වල ආහාර ඉල්ලමින්, අනුභව කරමින්, සිරුර සවිමත්ව වඩවා ගැනීමට කල්ගත කරති’යි බමුණාට සිතුණි. එසේ හෙයින්, අහං ඛො සමණ කසාමි ච, වපාමි ච වපිත්‍වා ච භුඤ්ජාමි යැයි කීය. ‘යම්සේ ඔබට මෙන් මෙබඳු උසස් ලකුණු (මට) තිබේනම් මගේ වැඩකටයුතු සඵල නොවෙති’යි නොසිතමි යන අදහසයි. ත්‍වම්පි සමණ -පෙ- භුඤ්ජස්සු මෙබඳු ලකුණුවලින් යුතු වුවත්, එසේ නොයෙදෙන්නෙහු ඔබට ඇති යහපත කුමක්ද?

අපිචායං අස‍්සොසි – “සක්‍යරාජකුලෙ කිර කුමාරො උප‍්පන‍්නො, සො චක‍්කවත‍්තිරජ‍්ජං පහාය පබ‍්බජිතො”ති. තස‍්මා “ඉදානි අයං සො”ති ඤත්‍වා “චක‍්කවත‍්තිරජ‍්ජං කිර පහාය කිලන‍්තොසී”ති උපාරම‍්භං කරොන‍්තො ආහ “අහං ඛො සමණා”ති. අපිචායං තික‍්ඛපඤ‍්ඤො බ්‍රාහ‍්මණො, න භගවන‍්තං අවක‍්ඛිපන‍්තො භණති, භගවතො පන රූපසම‍්පත‍්තිං දිස‍්වා පඤ‍්ඤාසම‍්පත‍්තිං සම‍්භාවයමානො කථාපවත‍්තනත්‍ථම‍්පි එවමාහ – “අහං ඛො සමණා”ති. තතො භගවා වෙනෙය්‍යවසෙන සදෙවකෙ ලොකෙ අග‍්ගකස‍්සකවප‍්පකභාවං අත‍්තනො දස‍්සෙන‍්තො ආහ “අහම‍්පි ඛො බ්‍රාහ‍්මණා”ති.

එසේ වුවත් සැකි රජ කුලයෙහි කුමාරයෙකු උපන්නේය. සක්විති රජකම හැර පැවිදි වූයේ යැයි මෙසේද අසා ඇත. එහෙයින් මේ එතුමා යැයි දැන, ‘සක්විති රජකම හැර, වෙහෙසට - පීඩාවට පත්වූයෙහිදැ’යි දොස් නගමින්, අහං ඛො සමණ යැයි කීය. එසේ වුවත් තියුණු නුවණැති බමුණ භාග්‍යවතුන් වහන්සේට වචනයෙන් ‘දමාගසන’ ලෙසින් නොකියයි. උන්වහන්සේගේ රූසිරි දැක, නුවණින් සළකා බලමින්, කතා සල්ලාපයට අහං ඛො සමණ යැයි කීය. එවිට භාග්‍යවතුන් වහන්සේ (ලෝවාසීන්) හික්මවන කෙනෙකු ලෙසට දෙවියන් සහිත ලෝකයෙහි උතුම් (කෙත) සීසාන, වපුරන බවට තමන් දක්වමින්, අහම්පි ඛො බ්‍රාහ්මණ යැයි කීහ.

අථ බ්‍රාහ‍්මණස‍්ස චින‍්තා උදපාදි – “අයං සමණො ‘කසාමි ච වපාමි චා’ති ආහ. න චස‍්ස ඔළාරිකානි යුගනඞ‍්ගලාදීනි කසිභණ‍්ඩානි පස‍්සාමි, සො මුසා නු ඛො භණති, නො”ති භගවන‍්තං පාදතලා පට‍්ඨාය යාව උපරි කෙසන‍්තා සම‍්මාලොකයමානො අඞ‍්ගවිජ‍්ජාය කතාධිකාරත‍්තා ද‍්වත‍්තිංසවරලක‍්ඛණසම‍්පත‍්තිමස‍්ස ඤත්‍වා “අට‍්ඨානමෙතං අනවකාසො, යං එවරූපො මුසා භණෙය්‍යා”ති තාවදෙව සඤ‍්ජාතබහුමානො භගවති සමණවාදං පහාය ගොත‍්තෙන භගවන‍්තං සමුදාචරමානො ආහ “න ඛො පන මයං පස‍්සාම භොතො ගොතමස‍්සා”ති.

බමුණාට මෙබඳු සිතිවිලි පහළ විය. ‘මේ මහණ සීසාමි, වපුරමි’යි කියයි. ඊට අවැසි වියදඬු, නඟුල් ආදී ගොවි උපකරණ නොදකිමි. ඔහු බොරු කියත්ද, නැද්දැ’යි උන්වහන්සේගේ දෙපතුල පටන් හිසකෙස් කෙළවරටම මැනවින් විමසා බලමින්, අඟපසඟ පිළිබඳ වූ විදු දැනුමෙහිද මනා දැනුමක් ඇති බැවින්, උතුම් දෙතිස් ලකුණු හඳුනා, ‘මෙබඳු කෙනෙකු බොරු කීමට කිසිදු හේතුවක් නැතැ’යි එකෙණෙහිම, ගරුබුහුමන් දක්වන සිතැතිව, ‘මහණ’ යැයි ඇමතීම හැර පරපුරේ නමින් කතාබහ කරමින්, න ඛො පන මයං භොතො ගොතමස්ස කීය. ‘පින්වත්, ගෞතමයාණනි, ඔබගේ (ගොවි උපකරණ) අප නොදකිමු’යි කීය.

එවඤ‍්ච පන වත්‍වා තික‍්ඛපඤ‍්ඤො බ්‍රාහ‍්මණො “ගම‍්භීරත්‍ථං සන්‍ධාය ඉමිනා එතං වුත‍්ත”න‍්ති ඤත්‍වා පුච‍්ඡිත්‍වා තමත්‍ථං ඤාතුකාමො භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි. තෙනාහ ආයස‍්මා ආනන්‍දො “අථ ඛො කසිභාරද‍්වාජො බ්‍රාහ‍්මණො භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසී”ති. තත්‍ථ ගාථායාති අක‍්ඛරපදනියමිතෙන වචනෙන. අජ‍්ඣභාසීති අභාසි.

මෙසේ ද කියූ තියුණු නුවණැති බමුණා ‘මෙතුමන් විසින් එසේ කියන ලද්දේ ගැඹුරු තේරුමක් ඇතිව බව දැක, එය විමසා දැනගනු කැමතිව, භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කරුණු සැළකළේය. එහෙයින් ගරු කටයුතු ආනන්ද තෙරුන් වහන්සේ අථ ඛො කසීභාරද්වාජො බ්‍රාහ්මණෙ භගවන්තං ගාථාය අජ්ඣභාසි යැයි කීහ. එහි ගාථාය යනු අකුරු පද සහිත වචනයෙන් අජ්ඣභාසි කීවේය.

තත්‍ථ බ්‍රාහ‍්මණො “කසි”න‍්ති යුගනඞ‍්ගලාදිකසිසම‍්භාරසමායොගං වදති. භගවා පන යස‍්මා පුබ‍්බධම‍්මසභාගෙන රොපෙත්‍වා කථනං නාම බුද‍්ධානං ආනුභාවො, තස‍්මා බුද‍්ධානුභාවං දීපෙන‍්තො පුබ‍්බධම‍්මසභාගෙන රොපෙන‍්තො ආහ – “සද‍්ධා බීජ”න‍්ති. කො පනෙත්‍ථ පුබ‍්බධම‍්මසභාගො, නනු බ්‍රාහ‍්මණෙන භගවා යුගනඞ‍්ගලාදිකසිසම‍්භාරසමායොගං පුච‍්ඡිතො අථ ච පන අපුච‍්ඡිතස‍්ස බීජස‍්ස සභාගෙන රොපෙන‍්තො ආහ – “සද‍්ධා බීජ”න‍්ති, එවඤ‍්ච සති අනනුසන්‍ධිකාව අයං කථා හොතීති? වුච‍්චතෙ – න බුද‍්ධානං අනනුසන්‍ධිකා නාම කථා අත්‍ථි, නාපි බුද‍්ධා පුබ‍්බධම‍්මසභාගං අනාරොපෙත්‍වා කථෙන‍්ති. එවඤ‍්චෙත්‍ථ අනුසන්‍ධි වෙදිතබ‍්බා – අනෙන හි බ්‍රාහ‍්මණෙන භගවා යුගනඞ‍්ගලාදිකසිසම‍්භාරවසෙන කසිං පුච‍්ඡිතො. සො තස‍්ස අනුකම‍්පාය “ඉදං අපුච‍්ඡිත”න‍්ති අපරිහාපෙත්‍වා සමූලං සඋපකාරං සසම‍්භාරං සඵලං කසිං ඤාපෙතුං මූලතො පට‍්ඨාය කසිං දස‍්සෙන‍්තො ආහ – “සද‍්ධා බීජ”න‍්ති. බීජඤ‍්හි කසියා මූලං තස‍්මිං සති කත‍්තබ‍්බතො, අසති අකත‍්තබ‍්බතො, තප‍්පමාණෙන ච කත‍්තබ‍්බතො. බීජෙ හි සති කසිං කරොන‍්ති, අසති න කරොන‍්ති. බීජප‍්පමාණෙන ච කුසලා කස‍්සකා ඛෙත‍්තං කසන‍්ති, න ඌනං “මා නො සස‍්සං පරිහායී”ති, න අධිකං “මා නො මොඝො වායාමො අහොසී”ති. යස‍්මා ච බීජමෙව මූලං, තස‍්මා භගවා මූලතො පට‍්ඨාය කසිං දස‍්සෙන‍්තො තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස කසියා පුබ‍්බධම‍්මස‍්ස බීජස‍්ස සභාගෙන අත‍්තනො කසියා පුබ‍්බධම‍්මං රොපෙන‍්තො ආහ – “සද‍්ධා බීජ”න‍්ති. එවමෙත්‍ථ පුබ‍්බධම‍්මසභාගො වෙදිතබ‍්බො.

එහිදී බමුණා කසීං යනුවෙන් කුඹුරෙහි වැඩකටයුතුවලට උපකාර වන වියදඬු නඟුල් ආදිය කියයි. ‘පුබ්බධම්ම සභාගයෙන් ගලපා කතා කිරීම බුදුවරුන්ගේ උසස් බව පෙන්වීමකි. එහෙයින් උසස් බුදුබලය පෙන්වමින් සද්ධා බීජං යැයි ‘පුබ්බධම්ම සභාගයෙන්’ ගලපා කීහ. ඒ පුබ්බධම්ම සභාගය නම් කුමක්ද? බමුණා විසින් වියදඬු නඟුල් ආදී ගොවි උපකරණ ගැන විමසනු ලැබීය. එහෙත් නො අසන ලද වපුරන දෑ හෙවත් බීජ සම්බන්ධකොට සද්ධා බීජං යැයි (දහම් කරුණු රූපක හා ගලපමින්) කීහ. මෙසේ කරුණු දැක්වීමේදී ඒ විස්තර නොගැළපෙන අයුරු වේදැ’යි (මතු වුවහොත්) මේ ඊට කිවයුතු ආකාරයයි. බුදුවරුන්ගේ නොගැලපෙන කතා නැත. දහම් කරුණු මුලදීම රූපක හා ගලපමින්ද හැමවිටම කතා නොකරති. මේ අයුරින් එහි ගැළපෙන සැටි දතයුතුය. ඒ බමුණා වියදඬු, නඟුල් ආදී ගොවි උපකරණ සඳහන් කොට, ගොවිතැන ගැන එසේ අසන ලදැයි පරිභාස නොකොට, ඔහුට අනුකම්පාවෙන්, නොසැලෙන පල සහිත වූ (නියම) ගොවිතැන අවබෝධ කරවීමට මුල පටන්ම ඒ ගැන පැහැදිලි කරමින් සද්ධා බීජං යැයි කීහ. බීජ හෙවත් වපුරන දේ (බිත්තර වී) ගොවිතැනෙහි මූලය. බීජ ඇති කල ඉදිරි කටයුතු කළ යුතුය. එය නැති විට නොකළ යුතුය. එයද නිසි පරිදි පමණ දැන කළ යුතුය. බීජ ඇති කල ගොවිතැන ඇරඹිය හැකිය. උවමනා පමණ බීජ ගැන දන්නා ගොවියෝ කෙත සීසාති. ‘අපගේ අස්වැන්න කෙත නොපිරිහේවා’යි අඩුවෙන් නොයොදති. ‘අපගේ උත්සාහය හිස් නොවේවා’යි වැඩියෙන් ද නොයොදති. භාග්‍යවතුන් වහන්සේ, ගොවිතැනට බීජය මුල් හේතුව වන පරිදි මුල පටන්ම ඒ බමුණාට ගොවිතැන සඳහන් කරමින්, ඒ සමග බමුණාගේ ගොවිතැන් කටයුතු ද සසඳමින් සද්ධා බීජං යැයි කීහ. ඒ අයුරින් පුබ්බධම්ම සභාග හෙවත් පෙර කරුණ හා සම්බන්ධකොට දහම් නයින් සසඳා දැක්වීම දතයුතුය.

පුච‍්ඡිතංයෙව වත්‍වා අපුච‍්ඡිතං පච‍්ඡා කිං න වුත‍්තන‍්ති චෙ? තස‍්ස උපකාරභාවතො ධම‍්මසම‍්බන්‍ධසමත්‍ථභාවතො ච. අයඤ‍්හි බ්‍රාහ‍්මණො පඤ‍්ඤවා, මිච‍්ඡාදිට‍්ඨිකුලෙ පන ජාතත‍්තා සද‍්ධාවිරහිතො. සද‍්ධාවිරහිතො ච පඤ‍්ඤවා පරෙසං සද‍්ධාය අත‍්තනො විසයෙ අපටිපජ‍්ජමානො විසෙසං නාධිගච‍්ඡති, කිලෙසකාලුස‍්සියභාවාපගමප‍්පසාදමත‍්තලක‍්ඛණාපි චස‍්ස දුබ‍්බලා සද‍්ධා බලවතියා පඤ‍්ඤාය සහ වත‍්තමානා අත්‍ථසිද‍්ධිං න කරොති, හත්‍ථිනා සහ එකධුරෙ යුත‍්තගොණො විය. තස‍්මා තස‍්ස සද‍්ධා උපකාරිකා. එවං තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස සඋපකාරභාවතො තං බ්‍රාහ‍්මණං සද‍්ධාය පතිට‍්ඨාපෙන‍්තෙන පච‍්ඡාපි වත‍්තබ‍්බො අයමත්‍ථො පුබ‍්බෙ වුත‍්තො දෙසනාකුසලතාය යථා අඤ‍්ඤත්‍රාපි “සද‍්ධා බන්‍ධති පාථෙය්‍ය”න‍්ති (සං· නි· 1.79) ච, “සද‍්ධා දුතියා පුරිසස‍්ස හොතී”ති (සං· නි· 1.59) ච, “සද‍්ධීධ විත‍්තං පුරිසස‍්ස සෙට‍්ඨ”න‍්ති (සං· නි· 1.73, 246; සු· නි· 184) ච, “සද‍්ධාය තරති ඔඝ”න‍්ති (සං· නි· 1.246) ච, “සද‍්ධාහත්‍ථො මහානාගො”ති (අ· නි· 6.43; ථෙරගා· 694) ච, “සද‍්ධෙසිකො ඛො, භික‍්ඛවෙ, අරියසාවකොති චා”ති (අ· නි· 7.67). බීජස‍්ස ච උපකාරිකා වුට‍්ඨි, සා තදනන‍්තරඤ‍්ඤෙව වුච‍්චමානා සමත්‍ථා හොති . එවං ධම‍්මසම‍්බන්‍ධසමත්‍ථභාවතො පච‍්ඡාපි වත‍්තබ‍්බො අයමත්‍ථො පුබ‍්බෙ වුත‍්තො, අඤ‍්ඤො ච එවංවිධො ඊසායොත‍්තාදි.

ඇසූ දෙයම කියා, නොඅසන ලද දෙය පසුව නොකීවේ කුමක් නිසාද? ඔහුට උපකාර වන පරිදි හා දහම් කරුණ පෙන්වා දීමේ හැකියාවද නිසාය. මේ බමුණා නුවණැත්තෙකි. මිසදිටු පවුලක උපන් බැවින් සැදැහැවත් බව නැත. සැදැහැ නොමැති වූ නුවණැත්තා අනුන් කෙරෙහි සැදැහැවත්ව තමාගේ අරමුණ හා එක් නොවන්නේ නම්, උසස් බවට පත් නොවේ. කෙලෙසින් කිලිටි වූ බැවින්, පැහැදෙන පමණකුදු ලකුණු නොමැතිව, නුවණ පමණක් බලවත්වීම යහපත සිදු නොකරයි. එක වියගහක බැඳි ඇතකු හා ගොනකු මෙනි. එහෙයින් බමුණාට සැදැහැ බව උපකාරි වෙයි. මෙසේ ඒ බමුණාට උපකාර වන බැවින්, ඒ බමුණා සැදැහැ බවෙහි පිහිටුවීමේදී (කරුණු) පසුව කිවයුතු වුවත්, දෙසන කුසලතාව නිසා, මුලදී කියන ලද්දේය. යම්සේ වෙනත් තැන්වලදී ‘සැදැහැ බව (සසර ගමනට) උපකරණ සපයා දෙයි’, ‘සද්ධා ඛන්‍ධති පාථෙය්‍යං, ‘සැදැහැ බව මිනිසාට දෙවැනි වේ’, ‘සද්ධා දුතියා පුරිසස්ස හොති’, ‘මේ ලෝකයෙහි සැදැහැ බව මිනිසාට ඇති සම්පතයි. ‘සද්ධීධ විත්තං පූරිසස්ස සෙට්ඨං’ ‘සැදැහැයෙන් සසර සැඩපහර තරණය කරයි’ - ‘සද්ධාය තරතී ඔඝං’, ‘සැදැහැව නම් අත මහා ඇතෙකි’, ‘සද්ධා හත්‍ථො මහා නාගො’, ‘මහණෙනි, සැදැහැ ඇත්තා බුද්ධාදී උතුමන්ගේ සව්වකු වේ.’ ‘සද්ධායිකො භික්‍ඛවෙ අරියසාවකො’ යනුවෙන් සඳහන්ව ඇත. බීජය වැඩීමට ද වැස්ස උපකාරි වේ. බීජස්ස ච උපකාරිකා වුටයි’ එය ඒ ඒ කරුණුවලට අදාලව වෙනස් අයුරින් ද කිවහැකි වේ. මෙසේ දහම් කරුණු හා දැක්වීමට හැකි බැවින් පසුව කිවයුතු මෙම අරුත් මෙහි කලින් කියන ලදී. මේ අයුරුම ඒරියා කඳ, රැහැන ආදී සේ වෙනත් තැනක සඳහන් පරිද්දෙනි.

තත්‍ථ සම‍්පසාදනලක‍්ඛණා සද‍්ධා, ඔකප‍්පනලක‍්ඛණා වා, පක‍්ඛන්‍දනරසා, අධිමුත‍්තිපච‍්චුපට‍්ඨානා, අකාලුස‍්සියපච‍්චුපට‍්ඨානා වා, සොතාපත‍්තියඞ‍්ගපදට‍්ඨානා, සද‍්දහිතබ‍්බධම‍්මපදට‍්ඨානා වා, ආදාසජලතලාදීනං පසාදො විය චෙතසො පසාදභූතා, උදකප‍්පසාදකමණි විය උදකස‍්ස, සම‍්පයුත‍්තධම‍්මානං පසාදිකා. බීජන‍්ති පඤ‍්චවිධං – මූලබීජං, ඛන්‍ධබීජං, ඵලුබීජං, අග‍්ගබීජං, බීජබීජමෙව පඤ‍්චමන‍්ති. තං සබ‍්බම‍්පි විරුහනට‍්ඨෙන බීජංත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. යථාහ – “බීජඤ‍්චෙතං විරුහනට‍්ඨෙනා”ති.

සද්ධා යනු පැහැදෙන සුළු බව හෝ හිතට එකඟව පිළිගැනීමයි. තමා තුළ පිහිටුවා ගැනීමයි. දැඩිව එල්බ ගන්නා ලද එම අදහසින් (සිත) නොකිළිටි බවට පත්කර ගැනීම හෝ, සෝවාන් ආදියෙහි පිහිටුවීමට හෝ ඇදහිය යුතු හෙවත් නොවෙනස්වන අයුරු දහමෙහි පිහිටීම හෝ කැඩපතක පැහැදිලි බව මෙන් ද, කැළඹුණු ජලය පැදෙනු පිණිස ජලයට දමන දිය පහදන මැණික මෙන් ද, පහන් සිතිවිලි ඇති බවයි. බීජං (මෙය) පස් ආකාරය. මුලෙන්, කඳෙන්, ගෙඩියෙන් මුදුනින්, ඇටවලිනි. ඒ සියල්ලම වැඩෙන තේරුමෙන් බීජ නමින්ම හැඳින්වෙයි. එසේ හෙයින් ‘බීජඤ්චෙතං විරූහනට්ඨෙන’ යනුවෙන් කීය.

තත්‍ථ යථා බ්‍රාහ‍්මණස‍්ස කසියා මූලභූතං බීජං ද‍්වෙ කිච‍්චානි කරොති, හෙට‍්ඨා මූලෙන පතිට‍්ඨාති, උපරි අඞ‍්කුරං උට‍්ඨාපෙති; එවං භගවතො කසියා මූලභූතා සද‍්ධා හෙට‍්ඨා සීලමූලෙන පතිට‍්ඨාති, උපරි සමථවිපස‍්සනඞ‍්කුරං උට‍්ඨාපෙති. යථා ච තං මූලෙන පථවිරසං ආපොරසං ගහෙත්‍වා නාළෙන ධඤ‍්ඤපරිපාකගහණත්‍ථං වඩ‍්ඪති; එවමයං සීලමූලෙන සමථවිපස‍්සනාරසං ගහෙත්‍වා අරියමග‍්ගනාළෙන අරියඵලධඤ‍්ඤපරිපාකගහණත්‍ථං වඩ‍්ඪති. යථා ච තං සුභූමියං පතිට‍්ඨහිත්‍වා මූලඞ‍්කුරපණ‍්ණනාළකණ‍්ඩප‍්පසවෙහි වුඩ‍්ඪිං විරූළ‍්හිං වෙපුල‍්ලං පත්‍වා, ඛීරං ජනෙත්‍වා, අනෙකසාලිඵලභරිතං සාලිසීසං නිප‍්ඵාදෙති; එවමයං චිත‍්තසන‍්තානෙ පතිට‍්ඨහිත්‍වා සීලචිත‍්තදිට‍්ඨිකඞ‍්ඛාවිතරණමග‍්ගාමග‍්ගඤාණදස‍්සනපටිපදාඤාණදස‍්සනවිසුද‍්ධීහි වුඩ‍්ඪිං විරූළ‍්හිං වෙපුල‍්ලං පත්‍වා ඤාණදස‍්සනවිසුද‍්ධිඛීරං ජනෙත්‍වා අනෙකපටිසම‍්භිදාභිඤ‍්ඤාභරිතං අරහත‍්තඵලං නිප‍්ඵාදෙති. තෙනාහ භගවා – “සද‍්ධා බීජ”න‍්ති.

එහි බමුණාගේ ගොවිතැනෙහි මූලික වන බීජ කරුණු දෙකක් ඉටු කරයි. (මඩ) යට මුල් ඇදී පිහිටීමත්, මතුපිටට පැලය මතුවීමයි. එපරිද්දෙන්ම, භාග්‍යවතුන් වහන්සේ සී සෑමෙහි මුල බීජය මෙන්, සැදැහැවත් බව (සිත) යට සිල් නැමති මුලෙන් පිහිටුවන අතර, මත්තෙහි සමථ විදසුන් නැමති පැල හටගන්වති. (වපුරන ලද) බීජය මුලින් පොළවෙහි රසය, දිය රසය (උරා) ගෙන කරල් බරව, අස්වනු පැසී වැඩෙන අයුරින් සැකසේ. එපරිද්දෙන්ම මොහු සිල් නැමති මුලෙන් සමථ විදසුන් නැමති රසය උරාගෙන, උතුම් මග පිළිවෙත් නමැති කරලින් උතුම් (සෝවාන් ආදී) පල නැමති අස්වැන්න පැසුණු බවට සලස්වයි. බීජය පොළවෙහි පිහිටුවා, මුල්, පැල, කොළ, දඬු, ඇට ආදියෙන් මනාසේ වැඩී, කිරිවැදී, නොයෙක් හැල් වී අස්වනු නිපදවයි ද එසේම මොහුගේ සිත් සතන්හි, සීලයෙහි සුපිරිසිදු බව, (සීල විසුද්ධි) සිතෙහි පිරිසිදු බව (චිත්ත විසුද්ධි) ඇති සැටියෙන් දැකීමේ පිරිසිදු බව (දිට්ඨි විසුද්ධි) සැක දුරුවීමෙහි පිරිසිදු බව (කංබා විතරණ විසුද්ධි) මග නොමග දැනීමේ පිරිසිදු බව (මග්ගාමග්ග ඤාණ දස්සන) පිළිවෙත් නුවණින් දැකීමේ පිරිසිදු බව (පටිපදා ඤාණ දස්සන) යන කරුණුවලින් වැඩිදියුණු කොට, තියුණු නුවණ වූ විදසුන් මගින් ලබන පිරිසිදු බව (ඤාණ දස්සන විසුද්ධි) නැමති කිරි උපදවා, පිළිසිඹියා හා උසස්තම නුවණින් (පටිසම්භිදා අභිඤ්ඤා) බර වූ අරහත් ඵලය නිපදවයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සද්ධා බීජං යැයි වදාළහ.

තත්‍ථ සියා “පරොපඤ‍්ඤාසකුසලධම‍්මෙසු එකතො උප‍්පජ‍්ජමානෙසු කස‍්මා සද‍්ධාව බීජන‍්ති වුත‍්තා”ති? වුච‍්චතෙ – බීජකිච‍්චකරණතො. යථා හි තෙසු විඤ‍්ඤාණංයෙව විජානනකිච‍්චං කරොති, එවං සද‍්ධා බීජකිච‍්චං, සා ච සබ‍්බකුසලානං මූලභූතා. යථාහ –

එසේ නම්, නුවණ කුසල-දහම් හා යෙදෙමින්, මතු මතුත් ඇතිවන විට සැදැහැ බවම බීජය ලෙස කියනු ලැබුවේද? මෙහිදී බීජයක වැඩෙන පිළිවෙල (නිදසුන්ය.) එම කුසල දහම් පිළිබඳව හැඳිනීමක්, හැඟීමක් දැනගැනීමට සැලසේද, සැදැහැව නම් වූ බීජයද එබඳුය. එයද සියළුම යහපත් දෙයට මුල් වෙයි. එහෙයින් මෙසේද සඳහන් වේ.

“සද‍්ධාජාතො උපසඞ‍්කමති, උපසඞ‍්කමන‍්තො පයිරුපාසති, පයිරුපාසන‍්තො සොතං ඔදහති , ඔහිතසොතො ධම‍්මං සුණාති, සුත්‍වා ධම‍්මං ධාරෙති, ධතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛති , අත්‍ථං උපපරික‍්ඛතො ධම‍්මා නිජ‍්ඣානං ඛමන‍්ති, ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තියා සති ඡන්‍දො ජායති, ඡන්‍දජාතො උස‍්සහති, උස‍්සාහෙත්‍වා තුලයති, තුලයිත්‍වා පදහති, පහිතත‍්තො සමානො කායෙන චෙව පරමසච‍්චං සච‍්ඡිකරොති, පඤ‍්ඤාය ච නං අතිවිජ‍්ඣපස‍්සතී”ති (ම· නි· 2.183, 432).

‘සැදැහැවත් බව ඇති වූ විට පැමිණෙයි. පැමිණ ඇසුර කරයි. ඇසුරු කිරීමෙන් සවන් යොමයි. එසේ සවන් යොමා දහම් අසයි. දහම් අසා සිතෙහි මතක තබා ගනී. මතක තබාගත් දහම්හි අරුත් මෙනෙහි කරයි. අරුත් මෙනෙහි කරමින් දහමෙහි වැටහීමක් ලබයි. වැටහීමෙන් (ඒ පිළිබඳ තවදුරටත්) කැමැත්ත හටගනී. කැමැත්ත නිසා උත්සාහවත් වෙයි. උත්සාහවත්ව කරුණු සසඳා බලයි. සසඳා බලා තමා තුළින්ම (කායෙන) ඇති තතු තමාම අවබෝධ කරයි. තියුණු නුවණින් ද ඇත්ත විනිවිද දකියි.’

තපති අකුසලෙ ධම‍්මෙ කායඤ‍්චාති තපො; ඉන්‍ද්‍රියසංවරවීරියධුතඞ‍්ගදුක‍්කරකාරිකානං එතං අධිවචනං. ඉධ පන ඉන්‍ද්‍රියසංවරො අධිප‍්පෙතො. වුට‍්ඨීති වස‍්සවුට‍්ඨිවාතවුට‍්ඨීතිආදිනා අනෙකවිධා. ඉධ වස‍්සවුට‍්ඨි අධිප‍්පෙතා. යථා හි බ්‍රාහ‍්මණස‍්ස වස‍්සවුට‍්ඨිසමනුග‍්ගහිතං බීජං බීජමූලකඤ‍්ච සස‍්සං විරුහති න මිලායති නිප‍්ඵත‍්තිං ගච‍්ඡති, එවං භගවතො ඉන්‍ද්‍රියසංවරසමනුග‍්ගහිතා සද‍්ධා සද‍්ධාමූලා ච සීලාදයො ධම‍්මා විරුහන‍්ති න මිලායන‍්ති නිප‍්ඵත‍්තිං ගච‍්ඡන‍්ති. තෙනාහ – “තපො වුට‍්ඨී”ති. “පඤ‍්ඤා මෙ”ති එත්‍ථ ච වුත‍්තො මෙ-සද‍්දො ඉමෙසුපි පදෙසු යොජෙතබ‍්බො “සද‍්ධා මෙ බීජං, තපො මෙ වුට‍්ඨී”ති. තෙන කිං දීපෙති? යථා, බ්‍රාහ‍්මණ, තයා වපිතෙ බීජෙ සචෙ වුට‍්ඨි අත්‍ථි, සාධු, නො චෙ අත්‍ථි, උදකම‍්පි දාතබ‍්බං හොති, තථා මයා හිරි-ඊසෙ පඤ‍්ඤායුගනඞ‍්ගලෙ මනොයොත‍්තෙන එකාබද‍්ධෙ කතෙ වීරියබලිබද‍්දෙ යොජෙත්‍වා සතිපාචනෙන විජ‍්ඣිත්‍වා අත‍්තනො චිත‍්තසන‍්තානඛෙත‍්තෙ සද‍්ධාබීජෙ වපිතෙ වුට‍්ඨි-අභාවො නාම නත්‍ථි. අයං පන මෙ සතතං සමිතං තපො වුට‍්ඨීති.

අයහපත් කරුණු සිරුරෙන් ද තැවීමට පත්කරන අරුතින් තපො නම් වේ. ඉඳුරන් සංවරය, උත්සාහය, කෙලෙසුන් දුරු කිරීමට අනුගමනය කරන වත් හෙවත් ධුතාංග, දුක් සහිත අපහසුතාවට යොමුවීම එයට සමාන වචනයි. මෙහිදී අදහස් වන්නේ ඉඳුරන් සංවරයයි. වුට්ඨි සුළං වැසි හා වහින වැස්ස යනුවෙන් නොයෙක් ආකාරය. මෙහි අදහස් කෙරෙන්නේ වහින වැස්ස යි. මෙසේ වසින වැස්සෙන් බීජ මුල් ඇදී වැඩේද, මැලවී නොයේද බමුණා බලාපොරොත්තු වන පරිදි ඉටු වේද, එපරිදිම භාග්‍යවතුන් වහන්සේගේ ද ඉඳුරන් සංවරයෙන් උපකාර වන සැදැහැ බවද සැදැහැ බවට මුල් වූ සීලාදී ගුණදහම් වැඩේ. මිලාන නොවේ. බලාපොරොත්තු ඉටුවෙයි. එහෙයින් තපො වුට්ඨි යැයි වදාළහ. පඤ්ඤා මෙ යන තැන ‘මෙ’ පදය සද්ධා මෙ බීජං, තපො මෙ වුට්ඨි - සැදැහැ බව මගේ වපුරන බීජයයි. ඉඳුරන් සංවරය මගේ වැස්ස යයි, මේ අයුරු යෙදිය යුතුය. (ඉඳුරන් සංවරය මට වැස්ස වෙයි.) එයින් කුමක් හැඟේද? බමුණ, ඔබ වපුරනු ලබන බීජයට වැස්ස ලදොත් හොඳය, ජලය නොලැබේ නම්, ජලය සැපයිය යුතුය. එසේම මා විසින් ලජ්ජාව නැමති නගුල් හිසින්, නුවණ නැමති වියදඬු නගුලෙන්, සිත නැමති රැහැනින් එකට බැඳි, උත්සාහය නැමති ගොනුන් යොදා සිහිය නැමති කෙවිටෙන් ඇන, තම සිත නැමති කෙතෙහි සැදැහැ බිජු වැපිරූ විට, වැසි නොලැබීමක් නම් නැත. මගේ මේ ඉඳුරන් දමනය නිරතුරුවම වැස්සය.

පජානාති එතාය පුග‍්ගලො, සයං වා පජානාතීති පඤ‍්ඤා, සා කාමාවචරාදිභෙදතො අනෙකවිධා. ඉධ පන සහ විපස‍්සනාය මග‍්ගපඤ‍්ඤා අධිප‍්පෙතා. යුගනඞ‍්ගලන‍්ති යුගඤ‍්ච නඞ‍්ගලඤ‍්ච. යථා හි බ්‍රාහ‍්මණස‍්ස යුගනඞ‍්ගලං, එවං භගවතො දුවිධාපි පඤ‍්ඤා. තත්‍ථ යථා යුගං ඊසාය උපනිස‍්සයං හොති, පුරතො හොති, ඊසාබද‍්ධං හොති, යොත‍්තානං නිස‍්සයං හොති, බලිබද‍්දානං එකතො ගමනං ධාරෙති, එවං පඤ‍්ඤා හිරිපමුඛානං ධම‍්මානං උපනිස‍්සයා හොති. යථාහ – “පඤ‍්ඤුත‍්තරා සබ‍්බෙ කුසලා ධම‍්මා”ති (අ· නි· 8.83) ච, “පඤ‍්ඤා හි සෙට‍්ඨා කුසලා වදන‍්ති, නක‍්ඛත‍්තරාජාරිව තාරකාන”න‍්ති (ජා· 2.17.81) ච. කුසලානං ධම‍්මානං පුබ‍්බඞ‍්ගමට‍්ඨෙන පුරතො ච හොති. යථාහ – “සීලං හිරී චාපි සතඤ‍්ච ධම‍්මො, අන්‍වායිකා පඤ‍්ඤවතො භවන‍්තී”ති. හිරිවිප‍්පයොගෙන අනුප‍්පත‍්තිතො ඊසාබද‍්ධා හොති, මනොසඞ‍්ඛාතස‍්ස සමාධියොත‍්තස‍්ස නිස‍්සයපච‍්චයතො යොත‍්තානං නිස‍්සයො හොති, අච‍්චාරද‍්ධාතිලීනභාවපටිසෙධනතො වීරියබලිබද‍්දානං එකතො ගමනං ධාරෙති. යථා ච නඞ‍්ගලං ඵාලයුත‍්තං කසනකාලෙ පථවිඝනං භින්‍දති, මූලසන‍්තානකානි පදාලෙති, එවං සතියුත‍්තා පඤ‍්ඤා විපස‍්සනාකාලෙ ධම‍්මානං සන‍්තතිසමූහකිච‍්චාරම‍්මණඝනං භින්‍දති, සබ‍්බකිලෙසමූලසන‍්තානකානි පදාලෙති. සා ච ඛො ලොකුත‍්තරාව ඉතරා පන ලොකියාපි සියා. තෙනාහ – “පඤ‍්ඤා මෙ යුගනඞ‍්ගල”න‍්ති.

(ඒ බව) වෙනත් කෙනෙකු හෝ තමා විසින් හෝ එය දැනගනී ද පඤ්ඤා නම් වේ. එය කාමාවචර ආදී ලෙසින් නොයෙක් ආකාරය. මෙහිදී ඒ කාමාවචර ලෙසින්ද, විදසුන් මගින් ලබන මගපල නුවණද අදහස් වේ. යුගනංගල - වියගහ සහ නගුලය. බමුණාගේ වියගහ සහ නගුල සේම, භාග්‍යවතුන් වහන්සේගේ දෙආකාර වූ ඒ නුවණය. යම්සේ වියගස නගුල් ඉස මත්තෙහි (පිහිටාද) ඉදිරියෙහි වේද, නගුල් ඉසට බැඳී තිබේද, රැහැන ඊට ඉවහල් වෙයි. එයින් ගොනුන් එක්තැන්ව ගමන් කිරීම වළකී. මෙසේ නුවණ ලජ්ජාව මුල් ඉදිරියට යයි. ‘සියළු යහපත් කරුණු අතර නුවණ උසස්ම වේ.’ ‘පඤ්ඤුත්තරා සබ්බෙ කුසලා ධම්මා’, නකත් තාරකාවලට සඳ මෙන් නුවණින් උතුම් බවට පත්වීම ඉතා යහපතැ’යි ‘පඤ්ඤාභිසෙට්ඨො කුසලා වදන්ති, නක්‍ඛත්තරාජාරිව තාරකානං’ කියති. නුවණ කුසල දහම්වලට මුල්ව ඉදිරියෙන්ම සිටීයැයි එසේ හෙයින් කියන ලදී. එමෙන්ම සීලය හා ලජ්ජාව අනුව යන යහපත් කරුණින් නුවණැත්තකු වෙතියිද කියා ඇත. ‘සීලං හිරීචාපි සතඤ්ච ධම්මා අන්‍වායිකා පඤ්ඤවතො භවන්ති’ ලජ්ජාව නැතිවිට නොබැඳි නගුලිස මෙනි. සිත යැයි කියන ලද සමාධි නම් වූ රැහැන නගුල හා ගොනුන් බැඳෙන රැහැනද මෙනි. දැඩිව පටන් ගත් උත්සාහයෙන් කුසීත බව වැළකීමෙන් උත්සාහය නැමති ගොනුන්ගේ එකවිට (වේගයෙන්) යන ගමන ද වළකී. සීසාන විට නගුල් තලයෙන් පොළව මතුපිට බිඳෙන්නා සේ ම, වැඩී ඇති (තණ ආදිය) පැළෑටි මුල පිටින්ම උදුරා විසුරුවාලයිද, මෙසේම, සිහිය නැමති නගුල් තලයෙන් යුතු විදසුන් නුවණ වඩන කල්හි, සිතිවිලි පරම්පරාවේ එකතුවන අරමුණ මතුපිට බිඳී සියළු කෙලෙස් මුල් පරපුරම උදුරා දමයි. එය ලොවුතුරු ලෙසින්ද (මගපල-නිවන) ජීවිත වටපිටාව තුලද (මෙලොව) වෙයි. එහෙයින් පඤ්ඤා මෙ යුග නංගලං යැයි කීහ.

හිරීයති එතාය පුග‍්ගලො, සයං වා හිරීයති අකුසලප‍්පවත‍්තිං ජිගුච‍්ඡතීති හිරී. තග‍්ගහණෙන සහචරණභාවතො ඔත‍්තප‍්පං ගහිතංයෙව හොති. ඊසාති යුගනඞ‍්ගලසන්‍ධාරිකා දාරුයට‍්ඨි. යථා හි බ්‍රාහ‍්මණස‍්ස ඊසා යුගනඞ‍්ගලං සන්‍ධාරෙති, එවං භගවතොපි හිරී ලොකියලොකුත‍්තරපඤ‍්ඤාසඞ‍්ඛාතං යුගනඞ‍්ගලං සන්‍ධාරෙති හිරියා අසති පඤ‍්ඤාය අභාවතො. යථා ච ඊසාපටිබද‍්ධං යුගනඞ‍්ගලං කිච‍්චකරං හොති අචලං අසිථිලං, එවං හිරිපටිබද‍්ධා ච පඤ‍්ඤා කිච‍්චකාරී හොති අචලා අසිථිලා අබ‍්බොකිණ‍්ණා අහිරිකෙන. තෙනාහ “හිරී ඊසා”ති.

ඒ තැනැත්තා තමන්ම හෝ ලජ්ජාවට පත්ව, අයහපත් පැවතුම් කෙරෙහි පිළිකුල් කරයි යනු හිරී නම් වෙයි. එයට බැඳුනු, එකට හැසිරෙන හෙවත් එක්ව යෙදෙන, අදහසින් පවට ඇති බියද මෙහිදී සැළකේ. ඊසා වියනගුල සවිවන ලී දඬුවය. බමුණාගේ වියනගුල සවිවන ලී දඬුවෙන් හෙවත් විය බානෙන් උසුළයිද එසේම භාග්‍යවතුන් වහන්සේද අයහපත් පැවතුම් පිළිකුල්කොට, ලොවී ලොවුතුරා නුවණ යැයි කියන ලද වියනගුල උසුළති. ලජ්ජාව = (පවට) බිය නොමැති නම් නුවණද නැති, යම්සේ ලී දඬුව හා මනාව බැඳුණු නගුල නොවෙනස්ව, මැනවින් (සීසෑමේ) කටයුතු කෙරේද, එසේම ලජ්ජා බිය හා මැනවින් බැඳුණු නුවණද නොසෙල්වී, තිරව, ලජ්ජා නොමැති බවට මුසු නොවමින් නුවණින් කටයුතු මෙහෙයවයි. එහෙයින් හිරි ඊසා යැයි කීහ.

මුනාතීති මනො, චිත‍්තස‍්සෙතං අධිවචනං. ඉධ පන මනොසීසෙන තංසම‍්පයුත‍්තො සමාධි අධිප‍්පෙතො. යොත‍්තන‍්ති රජ‍්ජුබන්‍ධනං. තං තිවිධං ඊසාය සහ යුගස‍්ස බන්‍ධනං, යුගෙන සහ බලිබද‍්දානං බන්‍ධනං, සාරථිනා සහ බලිබද‍්දානං බන්‍ධනන‍්ති. තත්‍ථ යථා බ්‍රාහ‍්මණස‍්ස යොත‍්තං ඊසායුගබලිබද‍්දෙ එකාබද‍්ධෙ කත්‍වා සකකිච‍්චෙ පටිපාදෙති, එවං භගවතො සමාධි සබ‍්බෙව තෙ හිරිපඤ‍්ඤාවීරියධම‍්මෙ එකාරම‍්මණෙ අවික‍්ඛෙපභාවෙන බන්‍ධිත්‍වා සකකිච‍්චෙ පටිපාදෙති. තෙනාහ – “මනො යොත‍්ත”න‍්ති.

දැනගනී යන අරුතින් මනො වේ. එය සිතට සමාන වචනයකි. මෙහිදී මනස මුල්කොට යෙදුනු සිත එකඟ බව අදහස් කෙරේ. යොත්තං යනු රැහැනින් බැඳීමයි. එය තුන් ආකාරය. ලීදඬු තද හා නගුලේ බැඳීම, නගුල හා ගොනුන්ගේ බැඳීම, ගොනුන් හා නගුල ගෙනයන්නා හා බැඳීම යනුවෙනි. එහිදී බමුණා, රැහැන, ලීදඬුව නගුල එකට බැඳ තම සීසෑමේ කටයුතු මනාව සිදුකරයි. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ ලජ්ජාබිය, නුවණ, උත්සාහය යන සියල්ලම නොවෙනස්වන සේ එකතුකොට සිතෙහි එකඟ බවින් තම කටයුතු පිළියෙල කරති. එසේ හෙයින් මනො යොත්තං යැයි කීහ.

සරති එතාය චිරකතාදිමත්‍ථං පුග‍්ගලො, සයං වා සරතීති සති, සා අසම‍්මුස‍්සනලක‍්ඛණා. ඵාලෙතීති ඵාලො. පාජෙති එතෙනාති පාජනං. තං ඉධ “පාචන”න‍්ති වුච‍්චති, පතොදස‍්සෙතං අධිවචනං. ඵාලො ච පාචනඤ‍්ච ඵාලපාචනං. යථා හි බ්‍රාහ‍්මණස‍්ස ඵාලපාචනං, එවං භගවතො විපස‍්සනායුත‍්තා මග‍්ගයුත‍්තා ච සති. තත්‍ථ යථා ඵාලො නඞ‍්ගලමනුරක‍්ඛති, පුරතො චස‍්ස ගච‍්ඡති, එවං සති කුසලානං ධම‍්මානං ගතියො සමන්‍වෙසමානා ආරම‍්මණෙ වා උපට‍්ඨාපයමානා පඤ‍්ඤානඞ‍්ගලං රක‍්ඛති, තථා හි “සතාරක‍්ඛෙන චෙතසා විහරතී”තිආදීසු (අ· නි· 10.20) “ආරක‍්ඛා”ති වුත‍්තා. අසම‍්මුස‍්සනවසෙන චස‍්ස පුරතො හොති. සතිපරිචිතෙ හි ධම‍්මෙ පඤ‍්ඤා පජානාති, නො සම‍්මුට‍්ඨෙ. යථා ච පාචනං බලිබද‍්දානං විජ‍්ඣනභයං දස‍්සෙන‍්තං සංසීදනං න දෙති, උප‍්පථගමනඤ‍්ච වාරෙති, එවං සති වීරියබලිබද‍්දානං අපායභයං දස‍්සෙන‍්තී කොසජ‍්ජසංසීදනං න දෙති, කාමගුණසඞ‍්ඛාතෙ අගොචරෙ චාරං නිවාරෙත්‍වා කම‍්මට‍්ඨානෙ නියොජෙන‍්තී උප‍්පථගමනඤ‍්ච වාරෙති. තෙනාහ – “සති මෙ ඵාලපාචන”න‍්ති.

යම් තැනැත්තෙකු කලක් තිස්සේ කරන ලද දේ සිහිකරයි. තමා කළ දේ හෝ සිහිකරයි යන තේරුමෙන් සති නම් වේ. එය මුළා නොවීම දක්වයි. පතුරුවයි, විවර කරයි = ඵාලො, එයින් ගෙනයයි, පදවයි, දක්කයි යන අදහසින් පාජනං වෙයි. කෙවිට යන්නට සමාන වචනයකි. ඵාල ද පාචනද යන සමාසවීමෙන් ඵාලපාචනං යැයි කියනු ලැබේ. බමුණාගේ හීවැල හා කෙවිට මෙන්, භාග්‍යවතුන් වහන්සේගේ විදසුන් මගින් යුත් සිහිය ගැන දැක්වෙයි. හීවැල යම්සේ නගුල රැකගෙනම ඉදිරියෙන් යයි ද, එසේම, කුසල දහම්හි පැවැත්ම විමසමින් (එක්) අරමුණෙහි හෝ පිහිටුවමින්, නුවණ නැමති නගුල රකියි. එසේම, ‘සිහිය පවත්වා ගැනීමේ, රැක ගැනීමේ සිතිවිල්ලෙන් යුතුවම වැඩවසයි.’ - ‘සතාරකෙඛන චෙතසා විහරති’ ආදී තැන රැකීම යනුවෙන් කියන ලදී. මුළා නොවූ සිහිය ඉදිරියෙන්ම වෙයි. මනා සිහිය ඇති කල දහම මැනවින් වටහා ගනී. මුළා වූ සිහියෙන් නොවේ. ගොනුන්ට කෙවිටෙන් අනින විට, බිය දක්වමින්, පසුබට නොවෙත්ද, වැරදි මග නොයත්ද, එසේම සිහිය, උත්සාහය නැමති ගොන්නු අපායට බිය දක්වමින්, කුසීත වීමට, පසුබට වීමට ඉඩ නොදෙති. පස්කම් සැපයයි කියන ලද නුසුදුසු දොරටු වළකා, කමටහනෙහි යොදවති. වැරදි (ජීවන) මගද වළකයි. එහෙයින් සති මෙ ඵාලපාචනං යැයි කීහ.

කායගුත‍්තොති තිවිධෙන කායසුචරිතෙන ගුත‍්තො. වචීගුත‍්තොති චතුබ‍්බිධෙන වචීසුචරිතෙන ගුත‍්තො. එත‍්තාවතා පාතිමොක‍්ඛසංවරසීලං වුත‍්තං. ආහාරෙ උදරෙ යතොති එත්‍ථ ආහාරමුඛෙන සබ‍්බපච‍්චයානං සඞ‍්ගහිතත‍්තා චතුබ‍්බිධෙපි පච‍්චයෙ යතො සංයතො නිරුපක‍්කිලෙසොති අත්‍ථො. ඉමිනා ආජීවපාරිසුද‍්ධිසීලං වුත‍්තං. උදරෙ යතොති උදරෙ යතො සංයතො මිතභොජී, ආහාරෙ මත‍්තඤ‍්ඤූති වුත‍්තං හොති. ඉමිනා භොජනෙ මත‍්තඤ‍්ඤුතාමුඛෙන පච‍්චයපටිසෙවනසීලං වුත‍්තං. තෙන කිං දීපෙති? යථා ත්‍වං, බ්‍රාහ‍්මණ, බීජං වපිත්‍වා සස‍්සපරිපාලනත්‍ථං කණ‍්ටකවතිං වා රුක‍්ඛවතිං වා පාකාරපරික‍්ඛෙපං වා කරොසි, තෙන තෙ ගොමහිංසමිගගණා පවෙසං අලභන‍්තා සස‍්සං න විලුම‍්පන‍්ති, එවමහම‍්පි සද‍්ධාබීජං වපිත්‍වා නානප‍්පකාරකුසලසස‍්සපරිපාලනත්‍ථං කායවචීආහාරගුත‍්තිමයං තිවිධපරික‍්ඛෙපං කරොමි. තෙන මෙ රාගාදිඅකුසලධම‍්මගොමහිංසමිගගණා පවෙසං අලභන‍්තා නානප‍්පකාරකුසලසස‍්සං න විලුම‍්පන‍්තීති.

කායගුත්තො තුන්ආකාර වූ කාය සුචරිතයෙන් රක්නා ලද වචීගුත්තො සිවුආකාර වූ වචනය හික්මවීමෙන් රක්නා ලද, මෙපමණකින් පාමොක් සංවර සීලය ගැන කියන ලදී. ආහාරෙ උදරෙ යතො මෙහි ආහාර මුල්කොට, සිව්පසයම ඇතුලත් වන බැවින්, එහි සංයමයෙන් යුතුව කෙලෙස් බවින් තොරවීමයි. මෙයින් ආජීව පාරිසුද්ධි සීලය හෙවත් දිවි පැවැත්මේ පිරිසිදු බව කියන ලදී. උදරෙ යතො කුසෙහි පමණ සළකා අනුභව කිරීමයි. ආහාරයෙහි තමන්ට සෑහෙන පමණ දන්නා බව කියන ලදී. එයින් කුමක් අදහස් කෙරේද? ‘බමුණ, ඔබ බීජ වපුරා (සරු) අස්වනු ලබා ගැනීමේ අදහසින්, එය රැකගනු සඳහා කටු වැටක් හෝ ගස් අතු යෙදූ වැටක් හෝ දඬු වැටකින් හෝ වටකරයිද, එයින් හරකුන්, මීමුන්, වෙනත් සිවුපාවුන්ට පිවිසීමට නොලැබීමෙන් ගොයම රැකෙයි. ඒ අයුරින් මමද සැදැහැ බීජ වපුරා, නොයෙක් ආකාර වූ කුසල දහම් නැමති අස්වැන්න මනාව පාලනය පිණිස කය-වචන-ආහාර යන තුන්ආකාර ආවරණයෙන් වට කරමි. එයින් මා කෙරෙහි අයහපත් රාගාදිය නමැති ගොණුන්, මීමුන් හා වෙනත් සිවුපාවුන් පිවිසීමට ඉඩක් නොලබමින් නොයෙක් ආකාර වූ කුසල් නැමති (ගොයම) අස්වනු වැනසීමට පත් නොවේ.

සච‍්චං කරොමි නිද‍්දානන‍්ති එත්‍ථ ද‍්වීහි ද‍්වාරෙහි අවිසංවාදනං සච‍්චං. නිද‍්දානන‍්ති ඡෙදනං ලුනනං උප‍්පාටනං, කරණත්‍ථෙ චෙතං උපයොගවචනං වෙදිතබ‍්බං. අයඤ‍්හි එත්‍ථ අත්‍ථො “සච‍්චෙන කරොමි නිද‍්දාන”න‍්ති. කිං වුත‍්තං හොති? යථා ත්‍වං බාහිරං කසිං කසිත්‍වා සස‍්සදූසකානං තිණානං හත්‍ථෙන වා අසිතෙන වා නිද‍්දානං කරොසි; එවමහම‍්පි අජ‍්ඣත‍්තිකං කසිං කසිත්‍වා කුසලසස‍්සදූසකානං විසංවාදනතිණානං සච‍්චෙන නිද‍්දානං කරොමි. ඤාණසච‍්චං වා එත්‍ථ සච‍්චන‍්ති වෙදිතබ‍්බං, යං තං යථාභූතඤාණන‍්ති වුච‍්චති. තෙන අත‍්තසඤ‍්ඤාදීනං තිණානං නිද‍්දානං කරොමීති එවං යොජෙතබ‍්බං. අථ වා නිද‍්දානන‍්ති ඡෙදකං ලාවකං, උප‍්පාටකන‍්ති අත්‍ථො. එවං සන‍්තෙ යථා ත්‍වං දාසං වා කම‍්මකරං වා නිද‍්දානං කරොසි, “නිද‍්දෙහි තිණානී”ති තිණානං ඡෙදකං ලාවකං උප‍්පාටකං කරොසි; එවමහං සච‍්චං කරොමීති උපයොගවචනෙනෙව වත‍්තුං යුජ‍්ජති. අථ වා සච‍්චන‍්ති දිට‍්ඨිසච‍්චං. තමහං නිද‍්දානං කරොමි, ඡින්‍දිතබ‍්බං ලුනිතබ‍්බං උප‍්පාටෙතබ‍්බං කරොමීති එවම‍්පි උපයොගවචනෙනෙව වත‍්තුං යුජ‍්ජති.

සච්චං කරොමි නිද්දානං මෙයින් දෙආකාර වූ බොරු නොකීම හා ඇත්ත සැළකේ. නිද්දානං යනු කැඩීම-කැපීම-උදුරා දැමීමයි. කරණ අරුතෙහි කම්ම විබත් යැයි දතයුතුය. එහි අරුත මෙසේය. සච්චෙන කරොමි නිද්දානං යැයි කුමක් හෙයින් කියන ලදද? ‘යම් සේ ඔබ සී සා, බාහිරව ගොයම වනසන තණ ආදී (වල් පැළෑටි) අතින් හෝ දෑකැත්තකින් හෝ උදුරා දැමීම කරහි, මම ද එසේ (සිරුර හා) සිත නම් වූ මට අයත් (කොටස) සී සා, යහපත විපතට පත් කරන, බොරුව නැමති නොගැළපෙන තණකොළ ඇත්ත කීමෙන් උදුරා දමමි. එහිදී නුවණ ඇත්ත සේ දතයුතුය. එයට සියළු දේ ඇති සැටියෙන්ම දන්නා නුවණ හෙවත් යථාභූත ඤාණ යැයි කියනු ලබයි. එයින් තමාගේ වැනි හැඟීම් ආදිය නැමති වල්පැළෑටි උදුරා දැමීම කරමියි යෙදිය යුතුය. නැතහොත් නිද්දානං යනු කඩන්නා, කපන්නා, උදුරා දමන්නා යන තේරුම වේ. එවිට, ‘යම්සේ ඔබ දාසයකු හෝ කම්කරුවකු හෝ ලවා තණකොළ ආදිය උදුරවන්නෙහි නම්, තණකොළ අතින් හෝ දෑකැත්තකින් හෝ උදුරවයි. (උපදෙස් දෙයි) මෙසේ මම ඇත්ත කියමි’ කරමි’යි කම්ම විබත් වචනයෙන්ම යෙදීම නුසුදුසුය. නැතහොත් සච්චං ඇත්ත දැකීමයි. එසේ මම (අයහපත) උදුරා දමමි. සිඳිය යුතුය. කැපිය යුතුය, උදුරා දැමිය යුතුවෙමි’යි මෙසේ දුතියා විබතින්ම කීම සුදුසුය.

සොරච‍්චං මෙ පමොචනන‍්ති එත්‍ථ යං තං “කායිකො අවීතික‍්කමො, වාචසිකො අවීතික‍්කමො”ති, එවං සීලමෙව “සොරච‍්ච”න‍්ති වුත‍්තං, න තං ඉධ අධිප‍්පෙතං, වුත‍්තමෙව එතං “කායගුත‍්තො”තිආදිනා නයෙන, අරහත‍්තඵලං පන අධිප‍්පෙතං. තම‍්පි හි සුන්‍දරෙ නිබ‍්බානෙ රතභාවතො “සොරච‍්ච”න‍්ති වුච‍්චති. පමොචනන‍්ති යොග‍්ගවිස‍්සජ‍්ජනං. කිං වුත‍්තං හොති? යථා තව පමොචනං පුනපි සායන‍්හෙ වා දුතියදිවසෙ වා අනාගතසංවච‍්ඡරෙ වා යොජෙතබ‍්බතො අප‍්පමොචනමෙව හොති, න මම එවං. න හි මම අන‍්තරා මොචනං නාම අත්‍ථි. අහඤ‍්හි දීපඞ‍්කරදසබලකාලතො පභුති පඤ‍්ඤානඞ‍්ගලෙ වීරියබලිබද‍්දෙ යොජෙත්‍වා චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි කප‍්පසතසහස‍්සඤ‍්ච මහාකසිං කසන‍්තො තාව න මුඤ‍්චිං, යාව න සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣි. යදා ච මෙ සබ‍්බං තං කාලං ඛෙපෙත්‍වා බොධිරුක‍්ඛමූලෙ අපරාජිතපල‍්ලඞ‍්කෙ නිසින‍්නස‍්ස සබ‍්බගුණපරිවාරං අරහත‍්තඵලං උදපාදි, තදා මයා තං සබ‍්බුස‍්සුක‍්කපටිප‍්පස‍්සද‍්ධිප‍්පත‍්තියා පමුත‍්තං, න දානි පුන යොජෙතබ‍්බං භවිස‍්සතීති. එතමත්‍ථං සන්‍ධායාහ භගවා – “සොරච‍්චං මෙ පමොචන”න‍්ති.

සොරච්චං මෙ පමොචනං මෙහි කය ඉක්මවා වචනය ඉක්මවා නොයාමයි. හෙවත් කයෙන් කෙරෙන කටයුතු හා වචනය නිවැරදි ලෙස යොදා ගැනීමයි. මෙසේ සීලයම සුවච බව යැයි කියන ලදී. එහෙත් එය එකවරම අදහස් නොකොට කය රැකගැනීම ආදී ලෙස සඳහන් කරන ලද්දේමය. රහත්ඵලය අදහස් වෙයි. එයින්ද යහපත් නිවණෙහි ඇළුණු බව සොරච්චං යනුවෙන් කියනු ලැබේ. පමොචනං ගොනුන් මුදාලීමයි. කුමක් නිසා කියන ලදද? යම්සේ ගොනුන් ඔබ මුදාහැරියද, නැවත සවස් කාලයෙහි හෝ පසුදින හෝ ඉදිරි දින හෝ ඊළඟ වසරෙහි හෝ (ඊළඟ සීසාන කාලය) නගුලෙහි යෙදිය යුතුය. ගොනුන් මුදාලීම ටික කලකටය. (තාවකාලිකය) මට එසේ නොවේ. මගේ (එබඳු) අතරතුර මුදාහැරීමක් නැත. මම දීපංකර බුදුසසුනෙහි පටන්, නුවණ නැමති නගුලෙහි උත්සාහය-වීරිය නැමති ගොනුන් යොදා අසංඛෙය්‍ය සතරකුත් කප් සියදහසක් මහා පරිමාණයෙන් ගොවිතැනෙහි යෙදෙමින්, (සසර ගමනෙහි) යම් කලක සම්මා සම්බුදු බව අවබෝධ නොකෙළෙම්ද, ඒතාක් ගොනුන් මුදා නොහළෙමි. යම්කලක ඒ මුළු කාලයම අවසන්කොට, ඇසතු රුක් මුල්හි, නොපැරදුණු පලගෙහි හිඳ සියළු ගුණයෙන් පිරිවරන ලද අරහත් බව මට අවබෝධ විය. එදා මා විසින් ඒ සියල්ල උත්සාහයෙන් සන්සිඳීමට පැමිණ, මුදාහරින ලදී. දැන් නැවත යෙදිය යුතු නොවන්නේ යැයි දැක්වීමට සොරච්චං මෙ පමොචනං යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

වීරියං මෙ ධුරධොරය‍්හන‍්ති එත්‍ථ වීරියන‍්ති “කායිකො වා, චෙතසිකො වා වීරියාරම‍්භො”තිආදිනා නයෙන වුත‍්තපධානං. ධුරායං ධොරය‍්හං ධුරධොරය‍්හං, ධුරං වහතීති අත්‍ථො. යථා හි බ්‍රාහ‍්මණස‍්ස ධුරායං ධොරය‍්හාකඩ‍්ඪිතං නඞ‍්ගලං භූමිඝනං භින්‍දති, මූලසන‍්තානකානි ච පදාලෙති, එවං භගවතො වීරියාකඩ‍්ඪිතං පඤ‍්ඤානඞ‍්ගලං යථාවුත‍්තං ඝනං භින්‍දති, කිලෙසසන‍්තානකානි ච පදාලෙති. තෙනාහ – “වීරියං මෙ ධුරධොරය‍්හ”න‍්ති. අථ වා පුරිමධුරං වහන‍්තා ධුරා, මූලධුරං වහන‍්තා ධොරය‍්හා; ධුරා ච ධොරය‍්හා ච ධුරධොරය‍්හා. තත්‍ථ යථා බ්‍රාහ‍්මණස‍්ස එකමෙකස‍්මිං නඞ‍්ගලෙ චතුබලිබද‍්දප‍්පභෙදං ධුරධොරය‍්හං වහන‍්තං උප‍්පන‍්නානුප‍්පන‍්නතිණමූලඝාතං සස‍්සසම‍්පත‍්තිඤ‍්ච සාධෙති, එවං භගවතො චතුසම‍්මප‍්පධානවීරියප‍්පභෙදං ධුරධොරය‍්හං වහන‍්තං උප‍්පන‍්නානුප‍්පන‍්නාකුසලමූලඝාතං කුසලසම‍්පත‍්තිඤ‍්ච සාධෙති. තෙනාහ – “වීරියං මෙ ධුරධොරය‍්හ”න‍්ති.

විරියං මෙ ධුරධොරය්හං මෙහි කායික, මානසික ලෙසින් පටන් ගන්නා ලද උත්සාහය විරිය වේ. වියගසෙහි බර දැරීම, උසුලා සිටීම යන තේරුමයි. යම්සේ බමුණාගේ වියගහ දරමින් ඇදගෙන යන නගුල පොළව මතුපිට (පස්) බිඳියිද, මුල් පස්කැට ආදිය කුඩා කැබලිවලට පත් කරයිද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ උත්සාහයෙන් අදින ලද නුවණ නැමති නගුලෙන් ඉහත කී (සසර ගමන) මතුපිට බිඳියි. ඇතුලත රැඳුන කෙලෙස් කැබලි කර (පොඩිකර) දමයි. විරියං මෙ ධුර ධොරය්හං යැයි එහෙයින් කියන ලදී. එසේ නැතිනම්, මුලින් උසුළන බැවින්ද, මුලින් වියගහ දරන බැවින්ද (වචන දෙකම එක්කොට) ධුරධොරය්හ නම් වේ. බමුණා එක් එක් නගුලෙහි ගොනුන් සිවුදෙනා බැගින් වියනගුල් දරා (ඇදගෙන යමින්) වැඩී ඇති තණකොළ ආදියද නොවැඩෙන ලෙස මුළුමනින්ම නසාදමා අස්වනු සරු කර ගනීද, එසේ භාග්‍යවතුන් වහන්සේද සිවු ආකාර වූ වෑයම-උත්සාහය නම් වියනගුල් දරමින්, උපන් නූපන් අකුසල මුල් නිසා කුසල සම්පත ලබා ගනිති. එසේ හෙයින්ද විරියං මෙ ධුර ධොරය්හං යැයි කීහ.

යොගක‍්ඛෙමාධිවාහනන‍්ති එත්‍ථ යොගෙහි ඛෙමත‍්තා “යොගක‍්ඛෙම”න‍්ති නිබ‍්බානං වුච‍්චති, තං අධිකත්‍වා වාහීයති, අභිමුඛං වා වාහීයතීති අධිවාහනං. යොගක‍්ඛෙමස‍්ස අධිවාහනං යොගක‍්ඛෙමාධිවාහනං. තෙන කිං දීපෙති? යථා තව ධුරධොරය‍්හං පුරත්‍ථිමං දිසං පච‍්ඡිමාදීසු වා අඤ‍්ඤතරං අභිමුඛං වාහීයති, තථා මම ධුරධොරය‍්හං නිබ‍්බානාභිමුඛං වාහීයති.

[missing trans] යොගක්‍ඛෙමාධිවාහනං මෙයින් අදහස් වන්නේ කුමක්ද? යම්සේ ඔබගේ වියනගුල නැගෙනහිර දෙසට හෝ, බටහිර දෙසට හෝ වෙනත් දෙයකට ඉදිරියටම ගෙනයනු ලබයිද, එම උත්සාහය-වීරිය නැමති මගේ වියනගුල නිවන ඉදිරියට ගෙනයනු ලබයි.

එවං වාහියමානඤ‍්ච ගච‍්ඡති අනිවත‍්තන‍්තං. යථා තව නඞ‍්ගලං වහන‍්තං ධුරධොරය‍්හං ඛෙත‍්තකොටිං පත්‍වා පුන නිවත‍්තති, එවං අනිවත‍්තන‍්තං දීපඞ‍්කරකාලතො පභුති ගච‍්ඡතෙව. යස‍්මා වා තෙන තෙන මග‍්ගෙන පහීනා කිලෙසා පුනප‍්පුනං පහාතබ‍්බා න හොන‍්ති, යථා තව නඞ‍්ගලෙන ඡින‍්නානි තිණානි පුනපි අපරස‍්මිං සමයෙ ඡින්‍දිතබ‍්බානි හොන‍්ති, තස‍්මාපි එතං පඨමමග‍්ගවසෙන දිට‍්ඨෙකට‍්ඨෙ කිලෙසෙ, දුතියවසෙන ඔළාරිකෙ, තතියවසෙන අනුසහගතෙ කිලෙසෙ, චතුත්‍ථවසෙන සබ‍්බකිලෙසෙ පජහන‍්තං ගච‍්ඡති අනිවත‍්තන‍්තං. අථ වා ගච‍්ඡති අනිවත‍්තන‍්ති නිවත‍්තනරහිතං හුත්‍වා ගච‍්ඡතීති අත්‍ථො. න‍්ති තං ධුරධොරය‍්හං. එවම‍්පෙත්‍ථ පදච‍්ඡෙදො වෙදිතබ‍්බො. එවං ගච‍්ඡන‍්තඤ‍්ච යථා තව ධුරධොරය‍්හං න තං ඨානං ගච‍්ඡති, යත්‍ථ ගන‍්ත්‍වා කස‍්සකො අසොකො නිස‍්සොකො විරජො හුත්‍වා න සොචති, එතං පන තං ඨානං ගච‍්ඡති, යත්‍ථ ගන‍්ත්‍වා න සොචති. යත්‍ථ සතිපාචනෙන එතං වීරියධුරධොරය‍්හං චොදෙන‍්තො ගන‍්ත්‍වා මාදිසො කස‍්සකො අසොකො නිස‍්සොකො විරජො හුත්‍වා න සොචති, තං සබ‍්බසොකසල‍්ලසමුග‍්ඝාතභූතං නිබ‍්බානාමතසඞ‍්ඛාතං ඨානං ගච‍්ඡතීති.

එසේ ගෙනයනු ලැබීම ගච්ඡති අනිවත්තනං වෙයි. ඔබේ නගුල ගෙන යන ගොනුන් කෙත කෙළවරට පැමිණ නවතින්නාක් මෙන් මා එසේ (සසරෙහි) නොනවතිමින්, දීපංකර බුදුකල පටන් ඉදිරියට ගියේමය. යම් ආකාරයෙන් ඒ ඒ මගපලින් නැති කළ කෙලෙස් නැවත නැවත ඉවත හළ යුතු නැත. එහෙත් ඔබේ වියනගුලින් සිඳුණු, කැඩුණු තණකොළ නැවතද පසුකලක (වැඩෙන බැවින්) සිඳිය යුතු වේ. එසේ මා පළමු මගෙන් (සෝවාන්) මගේය යන හැඟීම් ආදී කෙලෙස්ද, දෙවැනි මගින් (ඉතිරි කෙලෙස්) දළ ලෙසින්ද, තෙවැනිව අඩු ලෙසටද, සිවුවන මගෙන් සියළුම කෙලෙස් දුරුකරන තුරු නොනැවතී යෑම ගච්ඡති අනිවත්තන්තං හෙවත් නොනැවතී යයි. තං වියනගුල් ඉසිලීමයි. මෙසේ මෙහි වචන යෙදුණු අයුරු දතයුතුය. මෙසේ ගෙනයනවිටදී ඔබේ වියනගුල් අදාල තැන් කරා නොයයි ද (අදාල පරිදි වියනගුල් ගෙනයා නොහැකි වූ විට) ඔබට එයින් සෝකය ඇතිවිය හැකිය.) යම් ලෙසකින් ගොවියා සෝක රහිතව, දූවිලි රහිත තැනකට ගොස් සිටීද යත්‍ථ ගනත්‍වා න සොචති යයි වදාළහ. සිහිය නැමති කෙවිටෙන්, එම උත්සාහය - වීරිය නැමති වියනගුල් යොදව යොදවා ගෙන ගොස්, මා වැනි ගොවියෙක් සෝක නොවී (කෙලෙස්) දූවිලි නැති, සෝක උල් සියල්ල මුලින්ම උදුරා හළ අමා නිවණ යැයි හඳුන්වන (තැනට) පත්වෙයි.

ඉදානි නිගමනං කරොන‍්තො භගවා ඉමං ගාථමාහ –

මීළඟට එය පහදා දෙමින් භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළහ.

“එවමෙසා කසී කට‍්ඨා, සා හොති අමතප‍්ඵලා; එතං කසිං කසිත්‍වාන, සබ‍්බදුක‍්ඛා පමුච‍්චතී”ති.

එවමෙසා කසී කට්ඨා සා හොති අමතප්ඵලා එතං කසිං කසිත්‍වාන සබ්බ දුක්‍ඛා පමුච්චතී

තස‍්සායං සඞ‍්ඛෙපත්‍ථො – මයා බ්‍රාහ‍්මණ එසා සද‍්ධාබීජා තපොවුට‍්ඨියා අනුග‍්ගහිතා කසි, පඤ‍්ඤාමයං යුගනඞ‍්ගලං, හිරිමයඤ‍්ච ඊසං, මනොමයෙන යොත‍්තෙන, එකාබද‍්ධං කත්‍වා, පඤ‍්ඤානඞ‍්ගලෙ සතිඵාලං ආකොටෙත්‍වා, සතිපාචනං ගහෙත්‍වා, කායවචීආහාරගුත‍්තියා ගොපෙත්‍වා, සච‍්චං නිද‍්දානං කත්‍වා, සොරච‍්චං පමොචනං වීරියං ධුරධොරය‍්හං යොගක‍්ඛෙමාභිමුඛං අනිවත‍්තන‍්තං වාහෙන‍්තෙන කට‍්ඨා, කසිකම‍්මපරියොසානං චතුබ‍්බිධං සාමඤ‍්ඤඵලං පාපිතා, සා හොති අමතප‍්ඵලා, සා එසා කසි අමතප‍්ඵලා හොති. අමතං වුච‍්චති නිබ‍්බානං, නිබ‍්බානානිසංසා හොතීති අත්‍ථො. සා ඛො පනෙසා කසි න මමෙවෙකස‍්ස අමතප‍්ඵලා හොති, අපිච, ඛො, පන යො කොචි ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා වෙස‍්සො වා සුද‍්දො වා ගහට‍්ඨො වා පබ‍්බජිතො වා එතං කසිං කසති, සො සබ‍්බොපි එතං කසිං කසිත්‍වාන, සබ‍්බදුක‍්ඛා පමුච‍්චති, සබ‍්බස‍්මා වට‍්ටදුක‍්ඛදුක‍්ඛදුක‍්ඛසඞ‍්ඛාරදුක‍්ඛවිපරිණාමදුක‍්ඛා පමුච‍්චතීති. එවං භගවා බ්‍රාහ‍්මණස‍්ස අරහත‍්තනිකූටෙන නිබ‍්බානපරියොසානං කත්‍වා දෙසනං නිට‍්ඨාපෙසි.

මේ එහි කෙටි අරුතයි. ‘බමුණ, බලව (වටහාගනුව) එසා ඒ සැදැහැ නැමති බීජ තපස (සීලය) නම් වැස්සෙන් උපකාර ලැබ, කසී කෙත නුවණින් හෙබි විය නගුලෙන් ලජ්ජා බිය නම් නගුලිසින්, සිත් රැහැනින් එකට බැඳ නුවණ නම් හීවැලෙන්, පහරදී සිහිය නම් කෙවිට ගෙන කයින් සිතින් හා ආහාරයෙන් රැකගෙන, මුසා නොකීම නැමති වල්පැළෑටි නෙලීමෙන් නිවනෙහි ඇලුනේ, උත්සාහය නම් වියනගුල් උසුළමින්, නිවන ඉදිරියටම නොනැවතී යමින්, කට්ඨා ගොවිතැන් කටයුතු අවසානයේදී සිවුආකාර වූ මහණකමේ පලය ලදිමි. (සෝවාන් ආදී මගපල අදහස් වේ.) සා හොති අමතප්ඵලා එලෙස සීසා කරන ගොවිතැන අමාපල ලබයි. අමතං යනු නිවනට කියනු ලබයි. නිවන ලබන හේතු සම්පත් ඇතැයි තේරුමයි. මෙබඳු කෙතක් සී සා අස්වනු සේ ලබන අමාපලය මට පමණක් නොවේ. එසේ වුවත් කිසියම් කැත් කුල හෝ බමුණු කුල හෝ වෙළඳ කුල හෝ සුද්ද කුල හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ මේ කෙත සීසාත්ද ඒ සියල්ලෝම එතං කසිං කසිත්‍වාන සබ්බදුක්‍ඛා පමුච්චතී යනුවෙන් සියළුම සසර දුක්, උපත ලද භවයෙහි දුක්, ජීවත්වීමේදී කරන කියන දේ නිසා ඇතිවන දුක්, වෙනස්වීම නිසා ලබන දුකින් මිදෙති. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් නිවන අවසන්කොට දෙසුම නිමා කළහ.

තතො බ්‍රාහ‍්මණො ගම‍්භීරත්‍ථං දෙසනං සුත්‍වා “මම කසිඵලං භුඤ‍්ජිත්‍වා අපරජ‍්ජු එව ඡාතො හොති, ඉමස‍්ස පන කසි අමතප‍්ඵලා, තස‍්සා ඵලං භුඤ‍්ජිත්‍වා සබ‍්බදුක‍්ඛා පමුච‍්චතී”ති ච විදිත්‍වා පසන‍්නො පසන‍්නාකාරං කාතුං පායාසං දාතුමාරද‍්ධො. තෙනාහ “අථ ඛො කසිභාරද‍්වාජො”ති. තත්‍ථ මහතියාති මහතියන‍්ති අත්‍ථො. කංසපාතියාති සුවණ‍්ණපාතියං, සතසහස‍්සග‍්ඝනකෙ අත‍්තනො සුවණ‍්ණථාලෙ. වඩ‍්ඪෙත්‍වාති ඡුපිත්‍වා, ආකිරිත්‍වාති වුත‍්තං හොති. භගවතො උපනාමෙසීති සප‍්පිමධුඵාණිතාදීහි විචිත්‍රං කත්‍වා, දුකූලවිතානෙන පටිච‍්ඡාදෙත්‍වා, උක‍්ඛිපිත්‍වා, සක‍්කච‍්චං තථාගතස‍්ස අභිහරි. කින‍්ති? “භුඤ‍්ජතු භවං ගොතමො පායාසං, කස‍්සකො භව”න‍්ති. තතො කස‍්සකභාවසාධකං කාරණමාහ “යඤ‍්හි…පෙ… කසතී”ති, යස‍්මා භවං…පෙ… කසතීති වුත‍්තං හොති. අථ භගවා “ගාථාභිගීතං මෙ”ති ආහ.

එවිට බමුණා, ගැඹුරු අරුත් සහිත වූ දෙසුම අසා ‘මම ගොවිතැන් බත් අනුභවකොට, පසුදාටත් කුසගිනි ඇත්තේ වෙමි. මෙතුමාට ගොවිතැන් බත් අමා පලයකි. ඒ පල අනුභවකොට සියළු දුකින් මිදේ යැයි දැන, පැහැදී සතුටු වූ අයුරු දක්වන්නට කිරිබත් දීමට පටන් ගති. අථඛො කසීභාරද්වාජො යැයි එසේ හෙයින් කීහ. එහි මහතියා යනු ලොකු කංසපාතියා රත්රන් පාත්‍රයකි. සියදහස් ගණනින් වටිනා තම රන්තලියෙහි, වඩ්ඪෙත්‍වා බහා, අතුරා යැයි කියන ලදී. භගවතො උපනාමෙසි ගිතෙල්, මීපැණි ආදියෙන් විසිතුරුකොට, පටසළුවෙන් වසා (දෝතින්) ඔසවා මනාව තථාගතයන් වහන්සේට පුද පිණිස ගෙනාවේය. කෙසේද? භුඤ්ජතු භවං ගොතමො පායාසං කස්සකො භව යැයි පවසමිනි. එයින් ගොවියකු ලෙසට කරුණු කීය. යං හි භවං -පෙ- කසති, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගාථාභිගීතං මෙ යනුවෙන් කීහ.

තත්‍ථ ගාථාභිගීතන‍්ති ගාථාහි අභිගීතං, ගාථායො භාසිත්‍වා ලද‍්ධන‍්ති වුත‍්තං හොති. මෙති මයා. අභොජනෙය්‍යන‍්ති භුඤ‍්ජනාරහං න හොති. සම‍්පස‍්සතන‍්ති සම‍්මා ආජීවසුද‍්ධිං පස‍්සතං , සමන‍්තා වා පස‍්සතං සම‍්පස‍්සතං, බුද‍්ධානන‍්ති වුත‍්තං හොති. නෙස ධම‍්මොති “ගාථාභිගීතං භුඤ‍්ජිතබ‍්බ”න‍්ති එස ධම‍්මො එතං චාරිත‍්තං න හොති, තස‍්මා ගාථාභිගීතං පනුදන‍්ති බුද‍්ධා පටික‍්ඛිපන‍්ති න භුඤ‍්ජන‍්තීති. කිං පන භගවතා පායාසත්‍ථං ගාථා අභිගීතා, යෙන එවමාහාති? න එතදත්‍ථං අභිගීතා, අපිච, ඛො, පන පාතො පට‍්ඨාය ඛෙත‍්තසමීපෙ ඨත්‍වා කටච‍්ඡුභික‍්ඛම‍්පි අලභිත්‍වා පුන සකලබුද‍්ධගුණෙ පකාසෙත්‍වා ලද‍්ධං තදෙතං නටනච‍්චකාදීහි නච‍්චිත්‍වා ගායිත්‍වා ච ලද‍්ධසදිසං හොති, තෙන “ගාථාභිගීත”න‍්ති වුත‍්තං. තාදිසඤ‍්ච යස‍්මා බුද‍්ධානං න කප‍්පති, තස‍්මා “අභොජනෙය්‍ය”න‍්ති වුත‍්තං. අප‍්පිච‍්ඡතානුරූපඤ‍්චෙතං න හොති, තස‍්මාපි පච‍්ඡිමං ජනතං අනුකම‍්පමානෙන ච එවං වුත‍්තං. යත්‍ර ච නාම පරප‍්පකාසිතෙනාපි අත‍්තනො ගුණෙන උප‍්පන‍්නං ලාභං පටික‍්ඛිපන‍්ති සෙය්‍යථාපි අප‍්පිච‍්ඡො ඝටිකාරො කුම‍්භකාරො, තත්‍ර කථං කොටිප‍්පත‍්තාය අප‍්පිච‍්ඡතාය සමන‍්නාගතො භගවා අත‍්තනාව අත‍්තනො ගුණප‍්පකාසනෙන උප‍්පන‍්නං ලාභං සාදියිස‍්සති, යතො යුත‍්තමෙව එතං භගවතො වත‍්තුන‍්ති.

එහි ගාථාභිගීතං යනු ගාථාහි අභිගීතං, ගාථා කියන ලද දෙයක් යැයි කියන ලදී. මෙ මා විසින්, අභොජනෙය්‍යං අනුභවයට සුදුසු නොවේ. සම්පස්සතං මැනවින් දිවි පැවැත්ම දක්නා වූ, හාත්පසින්ම දක්වා වූ (හැම ලෙසින්ම ඒ බව දක්නා සුළු වූ) සම්පස්සතං බුදුවරුන්ගේ යන (තේරුමෙන්) කියන ලදී. නෙස ධම්මො ගාථා කියා ලද දෙය අනුභව කළ යුතුය යන්න බුදුවරුන් (අනුගමනය කරන) සිරිතක් නොවේ. එහෙයින් ගාථාභිගීතං පණුදන්ති බුද්ධා පිළිකෙව් කරති. අනුභව නොකරති. භාග්‍යවතුන් වහන්සේ කුමක් නිසා ගාථා කියා ලබන කිරිබත ගැන මෙසේ කී සේක්ද? එම අදහසින් කියන ලද්දේ නොවේ. එහෙත්, උදෑසන පටන් කුඹුර අසළ සිට හැන්දක තරම් වත් ආහාරයක් නොලැබ, නැවත සියළු බුදුගුණ පවසා ලබන දෙයක් වේ නම්, එය නළුවන් නැටුම් ආදිය රඟපා, ගී ගයා ලබන ආහාරයක් වැනිය. එහෙයින් ගාථාභිගීතං යැයි කියා ඇත. එබඳු දෙයක් බුදුවරුනට අකැපය. එය අපිස් දිවිපැවැත්මට සුදුසු නොවේ. එබැවින් පොදු ජනතාවට අනුකම්පාවෙන් එසේ කියන ලදී. තමන්ගේ ගුණ පිළිබඳව අනුන් පවසන ලද දෙයින්ද ලාභ සත්කාරද අපිස් දිවි ගෙවූ වළං තනන්නෙකු වූ ඝටීකාර මෙන් පිළිකෙව් කරති. අපිස් දිවියෙහි කෙළවරටම පත් භාග්‍යවතුන් වහන්සේ තමන්ම, තමන්ගේ ගුණ පැවසීමෙන් ලද ලාභ කෙසේ ඉවසන සේක්ද? උන්වහන්සේ ගැනද එසේ කිවයුතු වේ.

එත‍්තාවතා “අප‍්පසන‍්නං අදාතුකාමං බ්‍රාහ‍්මණං ගාථාගායනෙන දාතුකාමං කත්‍වා, සමණො ගොතමො භොජනං පටිග‍්ගහෙසි, ආමිසකාරණා ඉමස‍්ස දෙසනා”ති ඉමම‍්හා ලොකාපවාදා අත‍්තානං මොචෙන‍්තො දෙසනාපාරිසුද‍්ධිං දීපෙත්‍වා, ඉදානි ආජීවපාරිසුද‍්ධිං දීපෙන‍්තො ආහ “ධම‍්මෙ සතී බ්‍රාහ‍්මණ වුත‍්තිරෙසා”ති තස‍්සත්‍ථො – ආජීවපාරිසුද‍්ධිධම‍්මෙ වා දසවිධසුචරිතධම‍්මෙ වා බුද‍්ධානං චාරිත‍්තධම‍්මෙ වා සති සංවිජ‍්ජමානෙ අනුපහතෙ වත‍්තමානෙ වුත‍්තිරෙසා එකන‍්තවොදාතා ආකාසෙ පාණිප‍්පසාරණකප‍්පා එසනා පරියෙසනා ජීවිතවුත‍්ති බුද‍්ධානං බ්‍රාහ‍්මණාති.

මෙපමණකින්, ‘නොපැහැදුණු, දීමට අකමැති බමුණ, ගාථා කීමෙන් දීමට පොළඹවා, කැමති කරවා, සමණ ගෞතමයන් ආහාර පිළිගත්හ. ලාභ වාසි බලාපොරොත්තුවෙන් දේශනා කරන්නාහ’යි ලෝකයාගේ අපවාදයෙන් තමන් නිදහස් වීමට, පිරිසිදු දහම් දේශනා පිළිවෙත පැහැදිලි කරමින්, මීළඟට පිරිසිදු දිවිපැවැත්ම ගැන ධම්මෙ, සති බ්‍රාහ්මණ වුත්ති රෙසා යැයි කීහ. දස ආකාර වූ සුසිරිත් කරුණු හෝ, බුදුවරුන්ගේ පිළිවෙත ධම්මෙ යන්නෙන් අදහස් වේ. සති ඇති කල්හි, ඉවත් නොවූ, පවත්නා කල්හී, වුත්තිරෙසා යනු නිසැකවම, අහසෙහි අත් දිගුකරන අයුරින් - සෙවීම, මැනවින් සොයාබැලීම බුදුවරුන්ගේ දිවිපැවැත්ම වේ. බ්‍රාහ්මණ ඇමතීමයි.

එවං වුත‍්තෙ බ්‍රාහ‍්මණො “පායාසං මෙ පටික‍්ඛිපති, අකප‍්පියං කිරෙතං භොජනං, අධඤ‍්ඤො වතස‍්මිං, දානං දාතුං න ලභාමී”ති දොමනස‍්සං උප‍්පාදෙත්‍වා “අප‍්පෙව නාම අඤ‍්ඤං පටිග‍්ගණ‍්හෙය්‍යා”ති ච චින‍්තෙසි. තං ඤත්‍වා භගවා “අහං භික‍්ඛාචාරවෙලං පරිච‍්ඡින්‍දිත්‍වා ආගතො – ‘එත‍්තකෙන කාලෙන ඉමං බ්‍රාහ‍්මණං පසාදෙස‍්සාමී’ති, බ්‍රාහ‍්මණො ච දොමනස‍්සං අකාසි. ඉදානි තෙන දොමනස‍්සෙන මයි චිත‍්තං පකොපෙත්‍වා අමතවරධම‍්මං පටිවිජ‍්ඣිතුං න සක‍්ඛිස‍්සතී”ති බ්‍රාහ‍්මණස‍්ස පසාදජනනත්‍ථං තෙන පත්‍ථිතමනොරථං පූරෙන‍්තො ආහ “අඤ‍්ඤෙන ච කෙවලින”න‍්ති. තත්‍ථ කෙවලිනන‍්ති සබ‍්බගුණපරිපුණ‍්ණං, සබ‍්බයොගවිසංයුත‍්තං වාති අත්‍ථො. මහන‍්තානං සීලක‍්ඛන්‍ධාදීනං ගුණානං එසනතො මහෙසිං. පරික‍්ඛීණසබ‍්බාසවත‍්තා ඛීණාසවං. හත්‍ථපාදකුක‍්කුච‍්චමාදිං කත්‍වා වූපසන‍්තසබ‍්බකුක‍්කුච‍්චත‍්තා කුක‍්කුච‍්චවූපසන‍්තං. උපට‍්ඨහස‍්සූති පරිවිසස‍්සු පටිමානයස‍්සු. එවං බ්‍රාහ‍්මණෙන චිත‍්තෙ උප‍්පාදිතෙපි පරියායමෙව භණති, න තු භණති “දෙහි, ආහරාහී”ති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

මෙසේ වදාළ කල්හී, බමුණ, ‘මාගේ කිරිබත පිළිකෙව් කරයි. ඒ ආහාරය අකැපය. ඇත්තටම මම දිළින්දෙක් වෙමි. දානය දීමට නොලැබීමි’ යැයි කණගාටුවට පත්විය. ‘වෙනත් කෙනෙකුට පිළිගන්වන්නෙම් නම් මැනවැ’යිද සිතුවේය. ඒ දැන, භාග්‍යවතුන් වහන්සේ ‘මම පිඬු පිණිස කාලය සළකා මෙපමණ වේලාවකින් මේ බමුණා පහදවන්නෙමි’යි පැමිණියෙමි. බමුණාද දොම්නස පළ කළේය. දැන්, ඒ අසතුටින් මා කෙරෙහි සිත කෝපයට පත්ව, උතුම් දහම අවබෝධයට නොහැකිවන්නේ යැ’යි බමුණා පහදවන අයුරින්, ඔහුගේ අදහස ඉටුකරමින්, අඤ්ඤෙන ච කෙවලීනං ගාථාව කීහ. කෙවලී සියළු ගුණයෙන් පිරිපුන් බවයි. සියළු කාමාදි සංයෝගවලින්’ තොරවීම යන තේරුමයි. සීලාදී බොහෝ ගුණ සමූහය සෙවීමෙන් - ඇසුරෙන් මහෙසිං වෙයි. සියළුම කෙලෙස් නැතිකළ බැවින් ඛීණසවං අත් පා හැසිරවීම් ආදීකොට ඇති, සියළු ආකාර වූ සැක - පසුතැවීම් සංසිඳවන ලද බැවින්, කුක්කුච්ච වුපසන්තං වෙයි. උපට්ඨහස්සූ සේවය කරන්න, උවටැන් කරන, මෙසේ බමුණාගේ සිතෙහි පහළ වූ අදහස් අනුවම පවසති. ආහාර දෙන්නැ’යි ඉල්ලීමට නොවේ. ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිය.

අථ බ්‍රාහ‍්මණො “අයං පායාසො භගවතො ආනීතො නාහං අරහාමි තං අත‍්තනො ඡන්‍දෙන කස‍්සචි දාතු”න‍්ති චින‍්තෙත්‍වා ආහ “අථ කස‍්ස චාහ”න‍්ති. තතො භගවා “තං පායාසං ඨපෙත්‍වා තථාගතං තථාගතසාවකඤ‍්ච අඤ‍්ඤස‍්ස අජීරණධම‍්මො”ති ඤත්‍වා ආහ – “න ඛ‍්වාහං ත”න‍්ති. තත්‍ථ සදෙවකවචනෙන පඤ‍්චකාමාවචරදෙවග‍්ගහණං, සමාරකවචනෙන ඡට‍්ඨකාමාවචරදෙවග‍්ගහණං, සබ්‍රහ‍්මකවචනෙන රූපාවචරබ්‍රහ‍්මග‍්ගහණං අරූපාවචරා පන භුඤ‍්ජෙය්‍යුන‍්ති අසම‍්භාවනෙය්‍යා. සස‍්සමණබ්‍රාහ‍්මණිවචනෙන සාසනපච‍්චත්‍ථිකපච‍්චාමිත‍්තසමණබ්‍රාහ‍්මණග‍්ගහණං සමිතපාපබාහිතපාපසමණබ්‍රාහ‍්මණග‍්ගහණඤ‍්ච. පජාවචනෙන සත‍්තලොකග‍්ගහණං, සදෙවමනුස‍්සවචනෙන සම‍්මුතිදෙවඅවසෙසමනුස‍්සග‍්ගහණං. එවමෙත්‍ථ තීහි වචනෙහි ඔකාසලොකො, ද‍්වීහි පජාවසෙන සත‍්තලොකො ගහිතොති වෙදිතබ‍්බො. එස සඞ‍්ඛෙපො, විත්‍ථාරං පන ආළවකසුත‍්තෙ වණ‍්ණයිස‍්සාම.

‘මේ කිරිබත භාග්‍යවතුන් වහන්සේට ගෙනාවෙමි. මගේ කැමැත්තෙන්, එය වෙනත් කිසිවෙකුට දීමට මම සුදුසු නොවෙමි’ යැයි සිතු බමුණා අථ කස්සචාහං යැයි කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ, තථාගතයන් හෝ, තථාගත සව්වකුට හැර හෝ වෙනත් කෙනෙකුට දිරවිය නොහැකි බව දැන, නඛ්ඛාහං යැයි කීහ. එහි සදෙවක වචනයෙන් කම්සැපයෙහි හැසිරෙන (දෙව්ලෝ පහට අයත්) දෙව් පිරිස සැළකේ. සමාරක වචනයෙන් සයවන කාමාවචර (පරනිම්මිත වසවත්ති) දෙව් පිරිස ගැනේ. සබ්හමක වචනයෙන් රූපාවචර බඹ පිරිස අදහස් වේ. අරූපාවචර බ්‍රහ්මයන් අනුභව කරතියි සිදුවිය නොහැක්කකි. සස්සමණ බ්‍රාහ්මණි යන වචනයෙන් සසුනෙහි නොපැහැදුණු, පසමිතුරු (වෙනත් සමයවාදී) මහණ බමුණන් සැළකේ. පව් දුරු නොකළ මහණ බමුණු පිරිසය. පජා යන වදනින් සත්වග ගැනේ. සදෙව මනුස්ස වචනයෙන් දෙවියන් ලෙස පිළිගෙන ඇති හා ඉතිරි මිනිස් සමූහය (අදහස් වේ.) මෙසේ මුල් වචන තුනෙන් දක්නට ලැබෙන ලෝකයත්, දෙවන වර පජා ලෙසින් ඉතිරි සජීවී ලෝකයත් ගන්නා ලදැයි දතයුතුය. මේ කෙටියෙන් සඳහන් කිරිමයි. විස්තර ආලවක සූත්‍රයෙහිදී සඳහන් කරන්නෙමි.

කස‍්මා පන සදෙවකාදීසු කස‍්සචි න සම‍්මා පරිණාමං ගච‍්ඡෙය්‍යාති? ඔළාරිකෙ සුඛුමොජාපක‍්ඛිපනතො. ඉමස‍්මිඤ‍්හි පායාසෙ භගවන‍්තං උද‍්දිස‍්ස ගහිතමත‍්තෙයෙව දෙවතාහි ඔජා පක‍්ඛිත‍්තා යථා සුජාතාය පායාසෙ, චුන්‍දස‍්ස ච සූකරමද‍්දවෙ පච‍්චමානෙ, වෙරඤ‍්ජායඤ‍්ච භගවතා ගහිතගහිතාලොපෙ, භෙසජ‍්ජක‍්ඛන්‍ධකෙ ච කච‍්චානස‍්ස ගුළ‍්හකුම‍්භස‍්මිං අවසිට‍්ඨගුළ‍්හෙ. සො ඔළාරිකෙ සුඛුමොජාපක‍්ඛිපනතො දෙවානං න පරිණමති. දෙවා හි සුඛුමසරීරා, තෙසං ඔළාරිකො මනුස‍්සාහාරො න සම‍්මා පරිණමති. මනුස‍්සානම‍්පි න පරිණමති. මනුස‍්සා හි ඔළාරිකසරීරා, තෙසං සුඛුමා දිබ‍්බොජා න සම‍්මා පරිණමති. තථාගතස‍්ස පන පකතිඅග‍්ගිනාව පරිණමති, සම‍්මා ජීරති. කායබලඤාණබලප‍්පභාවෙනාති එකෙ තථාගතසාවකස‍්ස ඛීණාසවස‍්සෙතං සමාධිබලෙන මත‍්තඤ‍්ඤුතාය ච පරිණමති, ඉතරෙසං ඉද‍්ධිමන‍්තානම‍්පි න පරිණමති. අචින‍්තනීයං වා එත්‍ථ කාරණං, බුද‍්ධවිසයො එසොති.

දෙවියන් ආදී කවරකුට හෝ මැනවින් දිරවිය නොහැක්කේ කුමක් නිසාද? සියුම් දෙව් රසඕජා බහාලන ලද බැවිනි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා මෙම කිරිබත වෙන්කොට ගත් විගසම දෙවියන් විසින් දෙව් රස ඕජා බහාලන ලද බැවිනි. සුජාතාවගේ කිරිබතෙහිද චුන්‍ද සූකරමද්දව පිසිනවිටද වෙරඤ්ජාවෙහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් අතට ගත්, අතට ගත් ආහාර පිඬුවලද, හෙසජ්ජක්‍ඛන්‍ධකයෙහි සඳහන් කච්චාන හිමියන්ගේ හකුරු තිබූ කළයෙහි ඉතිරි වූ හකුරුවලද එසේ සියුම් රස ඕජා බහාලන ලද ඒ ආහාර දෙවියන්ටද දිරවන්නේ නැත. දෙව් සිරුරු සියුමැලිය. දෙවියන්ට මිනිසුන්ගේ දළ ආහාර මැනවින් දිරවිය නොහේ. මිනිසුන්ගේ සිරුරු රළුය. ඔවුන්ට සියුම් දිව රස ඕජා බහාලූ ආහාර මැනවින් දිරවාගත නොහැකිය. තථාගතයන් වහන්සේට (කුස තුළ ඇති) උණුසුමෙන් සොබාවිකවම ආහාර දිරවීමට පත්වෙයි. ඇතැම් කෙනෙක් කාය බලයෙන් හා නුවණ බලයෙන් (දිරවන බව) කියති. තථාගත සව්වන් වූ රහතන් වහන්සේලාට සිත එකඟතා බලයෙන්ද, පමණ දැන වැළඳීම නිසාද දිරවාගත හැකිය. අනෙක් ඉඳුබල ඇත්තවුනටද එසේ ආහාර දිරවාගත නොහැකිය. මේ කරුණ සිතිය නොහැකි තරම් වුවත් බුදුවරුන්ගේ වෙසෙස් බව එයයි.

තෙන හි ත්‍වන‍්ති යස‍්මා අඤ‍්ඤං න පස‍්සාමි, මම න කප‍්පති, මම අකප‍්පන‍්තං සාවකස‍්සාපි මෙ න කප‍්පති, තස‍්මා ත්‍වං බ්‍රාහ‍්මණාති වුත‍්තං හොති. අප‍්පහරිතෙති පරිත‍්තහරිතතිණෙ, අප‍්පරුළ‍්හරිතතිණෙ වා පාසාණපිට‍්ඨිසදිසෙ. අප‍්පාණකෙති නිප‍්පාණකෙ, පායාසජ‍්ඣොත්‍ථරණකාරණෙන මරිතබ‍්බපාණරහිතෙ වා මහාඋදකක‍්ඛන්‍ධෙ. සහ තිණනිස‍්සිතෙහි පාණෙහි තිණානං පාණකානඤ‍්ච අනුරක‍්ඛණත්‍ථාය එතං වුත‍්තං. චිච‍්චිටායති චිටිචිටායතීති එවං සද‍්දං කරොති. සංධූපායතීති සමන‍්තා ධූපායති. සම‍්පධූපායතීති තථෙව අධිමත‍්තං ධූපායති. කස‍්මා එවං අහොසීති? භගවතො ආනුභාවෙන, න උදකස‍්ස, න පායාසස‍්ස, න බ්‍රාහ‍්මණස‍්ස, න අඤ‍්ඤෙසං දෙවයක‍්ඛාදීනං. භගවා හි බ්‍රාහ‍්මණස‍්ස ධම‍්මසංවෙගත්‍ථං තථා අධිට‍්ඨාසි. සෙය්‍යථාපි නාමාති ඔපම‍්මනිදස‍්සනමත‍්තමෙතං, යථා ඵාලොති එත‍්තකමෙව වුත‍්තං හොති. සංවිග‍්ගො චිත‍්තෙන, ලොමහට‍්ඨජාතො සරීරෙන. සරීරෙ කිරස‍්ස නවනවුතිලොමකූපසහස‍්සානි සුවණ‍්ණභිත‍්තියා ආහතමණිනාගදන‍්තා විය උද‍්ධග‍්ගා අහෙසුං. සෙසං පාකටමෙව.

තෙන හි ත්‍වං යම්සේ වෙනත් කෙනෙකුද නොදක්නෙම් නම්, මටද කැප නොවේ නම්, මගේ සව්වන්ටද අකැපය. ‘එහෙයින් බමුණ, ඔබ’ යැයි වදාළහ. අප්පහරිතෙ කොළපැහැ තණකොළ අඩු, තණකොළ නොවැඩුණු තැනක හෝ ගල්තලාවක් බඳු තැනක හෝ අප්පාණකෙ කිරිබත ඉවතලීමෙන්, ඒ නිසා මැරෙන ජීවීන් නැති තැනක හෝ බොහෝ ජලය ඇති තැනක, තණකොළ ඇසුරුකොට වසන ජීවීන්ද තණකොළද රැකෙනු පිණිස එසේ කියන ලදී. චිච්චිටායති චිච්චිටායති එසේ හඬ නැගේ. සන්‍ධුපායති හාත්පස දුම් දමනු ලබයි. සම්පධූපායති එතැනම වඩ වඩාත් දුම් දමනු ලබයි. කුමක් නිසා මෙසේ සිදුවීද? භාග්‍යවතුන් වහන්සේගේ බලමහිමයෙනි. ජලයෙහි, කිරිබතෙහි, බමුණාගේ, වෙනත් දෙවියන්ගේ, යකුන්ගේ බලයෙන් නොවේ. භාග්‍යවතුන් වහන්සේ බමුණාට දහම් සංවේගය (කුතුහලය) පිණිස එසේ අදිටන් කළහ. සෙය්‍යථාපි නාම උපමා නිදසුන් කොට දැක්වීමක් පමණි. යම්සේ ඵාලො (නගුල් තලය) උපමා කොට එපමණකින් කියන ලද පරිදිය. සංවිග්ගො සිතින් ලොම්හට්ඨජාතො සිරුරෙහි ඇති අනූනවදහසක් ලෝමකූප රන් බිත්තියෙහි සවිකළ මැණික් කොකු මෙන් උඩට නැංගේය. ඉතිරි කරුණු පහසුය.

පාදෙසු පන නිපතිත්‍වා භගවතො ධම‍්මදෙසනං අබ‍්භනුමොදමානො භගවන‍්තං එතදවොච “අභික‍්කන‍්තං, භො ගොතම, අභික‍්කන‍්තං, භො ගොතමා”ති. අබ‍්භනුමොදනෙ හි අයමිධ අභික‍්කන‍්ත සද‍්දො. විත්‍ථාරතො පනස‍්ස මඞ‍්ගලසුත‍්තවණ‍්ණනායං අත්‍ථවණ‍්ණනා ආවි භවිස‍්සති. යස‍්මා ච අබ‍්භනුමොදනත්‍ථෙ, තස‍්මා සාධු සාධු භො ගොතමාති වුත‍්තං හොතීති වෙදිතබ‍්බං.

පාදෙසු නිපතිත්‍වා (පා මුල්හි වැතිර) භාග්‍යවතුන් වහන්සේගේ දහම් දෙසුම මැනවින් සතුටුව පිළිගනිමින්, භගවන්තං එතදවොච, අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම යැයි කීය. මෙම අභික්කන්ත වචනය ගැන විස්තර මංගල සූත්‍ර කතාවේදී දැක්වේ. මෙහිදී ඉතා මැනවින් එම කරුණු පිළිගන්නා අයුරු ‘පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, ඉතා අගනේ’ යැයි කියන ලදැයි දතයුතුය.

“භයෙ කොධෙ පසංසායං, තුරිතෙ කොතූහලච‍්ඡරෙ; හාසෙ සොකෙ පසාදෙ ච, කරෙ ආමෙඩිතං බුධො”ති. –

භයෙ කොධෙ පසංසායං තුරිතෙ කොතුහලච්ඡරෙ හාසෙ සොකෙ පසාදෙ ච කරෙ ආමෙණ්ඩිතං බුධො

භය, තරහ, පැසසුම, ඉක්මන් බව, කුතුහලය, පුදුමය, සතුට, දුක, පැහැදීම දැක්වීමට එකම වචනය කිහිප වරක්ම කියන්නේය.

ඉමිනා ච ලක‍්ඛණෙන ඉධ පසාදවසෙන පසංසාවසෙන චායං ද‍්වික‍්ඛත‍්තුං වුත‍්තොති වෙදිතබ‍්බො. අථ වා අභික‍්කන‍්තන‍්ති අභිකන‍්තං අතිඉට‍්ඨං, අතිමනාපං, අතිසුන්‍දරන‍්ති වුත‍්තං හොති.

මේ අනුව මෙහිදී එම වචනය දෙවරක් කියන ලද්දේ පැහැදුනු සතුටින්ද, පැසසුම් ලෙසදැයි දතයුතුය. නැතහොත් අභික්කන්ත යනු බොහෝ සිත් අලවන, වඩාත් සිත්ගත්, මනාප වූ ඉතා සොඳුරු අදහසින් කියන ලදී.

තත්‍ථ එකෙන අභික‍්කන‍්තසද‍්දෙන දෙසනං ථොමෙති, එකෙන අත‍්තනො පසාදං. අයඤ‍්හි එත්‍ථ අධිප‍්පායො – අභික‍්කන‍්තං, භො ගොතම, යදිදං භොතො ගොතමස‍්ස ධම‍්මදෙසනා, අභික‍්කන‍්තං යදිදං භොතො ගොතමස‍්ස ධම‍්මදෙසනං ආගම‍්ම මම පසාදොති. භගවතො එව වා වචනං ද‍්වෙ ද‍්වෙ අත්‍ථෙ සන්‍ධාය ථොමෙති – භොතො ගොතමස‍්ස වචනං අභික‍්කන‍්තං දොසනාසනතො, අභික‍්කන‍්තං ගුණාධිගමනතො, තථා සද‍්ධාජනනතො, පඤ‍්ඤාජනනතො, සාත්‍ථතො, සබ්‍යඤ‍්ජනතො, උත‍්තානපදතො, ගම‍්භීරත්‍ථතො, කණ‍්ණසුඛතො, හදයඞ‍්ගමතො, අනත‍්තුක‍්කංසනතො, අපරවම‍්භනතො, කරුණාසීතලතො, පඤ‍්ඤාවදාතතො, ආපාථරමණීයතො, විමද‍්දක‍්ඛමතො, සුය්‍යමානසුඛතො, වීමංසියමානහිතතොති එවමාදීහි යොජෙතබ‍්බං.

එහි අභික්කන්ත යැයි එක් වචනයකින් දෙසුමට තුති කරයි. නැවත, ඒ වචනයෙන්ම තම පැහැදීම පළ කරයි. මෙහිදී අදහස් කරන්නේ මෙයයි. ‘ඉතා හොඳින් වැටහුණ, පින්වත් ගෞතමයන් වහන්ස, දහම් දෙසුම ! මා පැහැදුණ පින්වත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්ගේ දහම් දෙසුම ඇසීමෙන් ! මෙසේ එක වචනයෙන් අදහස් දෙකක් දැක්වෙන පරිදි භාග්‍යවතුන් වහන්සේට තුති කළ සැටියි. පින්වත් ගෞතමයන් වහන්සේගේ වචනය මැනවින්ම වැරදි නසන සුළුය. මැනවින් යහගුණ වඩන සුළුය. එසේම සැදැහැ වැඩීමෙන්, නුවණ වැඩීමෙන්, අරුත් සහිතව, පැහැදිලිව, වැටහෙන වචනවලින්, ගැඹුරු ලෙසින්, සවනට සුව දෙමින්, ලෙන්ගතු බැවින්, තමන් උසස් යැයි නොදක්වමින්, අනුන් පහත් කොට නොසළකමින්, කරුණා දයා සිහිලසින්, තියුණු නුවණ ලැබීමට යොමු කෙරෙමින්, හමුවීම (හමුවූ මොහොත) සොඳුරු බවද, වැරදි මත දුරු කෙරෙමින්ද, ඇසීමේ මිහිරි බවද තවදුරටත් විමසා බැලීමට හැකිවීමද ආදී ලෙසින් යොදාගත යුතුය.

තතො පරම‍්පි චතූහි උපමාහි දෙසනංයෙව ථොමෙති. තත්‍ථ නික‍්කුජ‍්ජිතන‍්ති අධොමුඛට‍්ඨපිතං, හෙට‍්ඨා මුඛජාතං වා. උක‍්කුජ‍්ජෙය්‍යාති උපරිමුඛං කරෙය්‍ය. පටිච‍්ඡන‍්නන‍්ති තිණපණ‍්ණාදිච‍්ඡාදිතං. විවරෙය්‍යාති උග‍්ඝාටෙය්‍ය. මූළ‍්හස‍්සාති දිසාමූළ‍්හස‍්ස. මග‍්ගං ආචික‍්ඛෙය්‍යාති හත්‍ථෙ ගහෙත්‍වා “එස මග‍්ගො”ති වදෙය්‍ය. අන්‍ධකාරෙති කාළපක‍්ඛචාතුද‍්දසීඅඩ‍්ඪරත‍්තඝනවනසණ‍්ඩමෙඝපටලෙහි චතුරඞ‍්ගෙ තමසි. අයං තාව පදත්‍ථො.

එයින් පසුවද උපමා සතරකින් දේශනයට පසසයි. නික්කුජ්ජිතං යටිකුරු කොට තබන ලද දෙයක්, මුලින් හරවා තිබූ දෙයක්, උක්කුජ්ජෙය්‍ය උඩට හරවන්නේය. පටිච්ඡන්නං තණකොළ ආදියෙන් වසා ඇති දෙයක්, ආවරණය කොට ඇති දෙයක් විවරෙය්‍ය විවර කරන්න, මුළ්හස්ස යා යුතු දිසාව නිවැරදිව නොදැන, මග්ගං ආචික්‍ඛෙය්‍ය අතින් අල්ලාගෙන, මේ මග යැයි කියන්නේය, අන්‍ධකාරෙ අවපස දහහතරවන දින රැයෙහි - රැය අඩක් ගෙවුනු පසු, අතුපතුර ඝනව වැඩුණු කැලෑවක, වැසි වළාකුලෙහි සිවු ආකාර මහ අඳුර, මේ එහි වචනවල තේරුමයි.

අයං පන අධිප‍්පායයොජනා – යථා කොචි නික‍්කුජ‍්ජිතං උක‍්කුජ‍්ජෙය්‍ය, එවං සද‍්ධම‍්මවිමුඛං අසද‍්ධම‍්මපතිතං මං අසද‍්ධම‍්මා වුට‍්ඨාපෙන‍්තෙන, යථා පටිච‍්ඡන‍්නං විවරෙය්‍ය; එවං කස‍්සපස‍්ස භගවතො සාසනන‍්තරධානා පභුති මිච‍්ඡාදිට‍්ඨිගහනපටිච‍්ඡන‍්නං සාසනං විවරන‍්තෙන, යථා මූළ‍්හස‍්ස මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, එවං කුම‍්මග‍්ගමිච‍්ඡාමග‍්ගපටිපන‍්නස‍්ස මෙ සග‍්ගමොක‍්ඛමග‍්ගං ආචික‍්ඛන‍්තෙන, යථා අන්‍ධකාරෙ තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය, එවං මොහන්‍ධකාරනිමුග‍්ගස‍්ස මෙ බුද‍්ධාදිරතනරූපානි අපස‍්සතො තප‍්පටිච‍්ඡාදකමොහන්‍ධකාරවිද‍්ධංසකදෙසනාපජ‍්ජොතධාරණෙන මය‍්හං භොතා ගොතමෙන එතෙහි පරියායෙහි දෙසිතත‍්තා අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො.

අදහස් වන කරුණු මෙසේය. කිසියම් කෙනෙකු යටිකුරු කළ දෙයක් උඩට හරවනු ලබයිද එසේම යහපත් දහමෙන් ඉවත්ව අදහමට යොමුවුණු මා අදහමින් නඟා සිටුවමින්, සැඟවූ දෙයක් විවර කරන්නා සේ කසුප් බුදුසසුන අතුරුදන් වූ කාලයේ පටන් මිසදිටු බවින් වැසුනු සසුන හෙළිදරවු කොට දක්වමින්, මං මුලා වූවෙකුට මග පහදා දෙන්නා සේ වැරදි මිසදිටු මග යමින් සිටි මට සගමොක් මග පහදා දෙමින්, අඳුරෙහි තෙල් පහනක් දරන්නා සේ මෝහය නැමති අඳුරෙහි ගැලී සිටි මට බුදුන් ආදී කොට ඇති රුවන් රූ නොදකිමින් වැසී තිබුණු මොහඳුර දුරු කිරීමට දේශනා පහන දරමින් පින්වත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයට දහම් කරුණු පෙන්වා දෙමින්,

අථ වා එකච‍්චියෙන මත‍්තෙන යස‍්මා අයං ධම‍්මො දුක‍්ඛදස‍්සනෙන අසුභෙ “සුභ”න‍්ති විපල‍්ලාසප‍්පහානෙන ච නික‍්කුජ‍්ජිතුක‍්කුජ‍්ජිතසදිසො, සමුදයදස‍්සනෙන දුක‍්ඛෙ “සුඛ”න‍්ති විපල‍්ලාසප‍්පහානෙන ච පටිච‍්ඡන‍්නවිවරණසදිසො, නිරොධදස‍්සනෙන අනිච‍්චෙ “නිච‍්ච”න‍්ති විපල‍්ලාසප‍්පහානෙන ච මූළ‍්හස‍්ස මග‍්ගාචික‍්ඛණසදිසො, මග‍්ගදස‍්සනෙන අනත‍්තනි “අත‍්තා”ති විපල‍්ලාසප‍්පහානෙන ච අන්‍ධකාරෙ පජ‍්ජොතසදිසො, තස‍්මා සෙය්‍යථාපි නාම නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය…පෙ… පජ‍්ජොතං ධාරෙය්‍ය “චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛන‍්තී”ති, එවං පකාසිතො හොති.

ඒ අසුබ දෙයම (පසුව දහම දැන ගැනීම නිසා) සුබ යැයි, යහපතකැයි වෙනස් අයුරින් වටහා දීම, යටිකුරු කළ දෙයක් උඩුකුරු කොට දැක්වීම වැනිය. එහි ඇතිවීමට හේතු දැක්වීමෙන් දුකෙන් සැපය වේයැයි වෙනස් අයුරින් වටහා දීම සඟවන ලද දෙයක් විවරකොට දැක්වීම වැනිය. එහි හේතුව නැතිකිරීම දැක්වීමෙන් ‘පවත්නා බව’ (අරමුණ වූ නිවන) වෙනස් අයුරින් වටහාදීම මුළා වූ කෙනෙකුට මඟ පෙන්වීම වැනිය. එසේ මග පෙන්වීමෙන් ‘මමය මාගේය’ යනුවෙන් වූ ආත්මීය හැඟීම තමාට ද අයත් නොවන බව වෙනස් අයුරින් වටහාදීම අඳුරෙහි පහනක් දැල්වීම බඳුය. එහෙයින් සෙය්‍යථාපි නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය -පෙ- පජ්ජොතං ධාරෙය්‍ය චක්‍ඛුමන්තො රූපානි දක්‍ඛින්ති යැයි මෙසේ පවසන ලද්දේ වෙයි.

යස‍්මා පනෙත්‍ථ සද‍්ධාතපකායගුත‍්තතාදීහි සීලක‍්ඛන්‍ධො පකාසිතො හොති, පඤ‍්ඤාය පඤ‍්ඤාක‍්ඛන්‍ධො, හිරිමනාදීහි සමාධික‍්ඛන්‍ධො, යොගක‍්ඛෙමෙන නිරොධොති එවං තික‍්ඛන්‍ධො අරියමග‍්ගො නිරොධො චාති සරූපෙනෙව ද‍්වෙ අරියසච‍්චානි පකාසිතානි. තත්‍ථ මග‍්ගො පටිපක‍්ඛො සමුදයස‍්ස, නිරොධො දුක‍්ඛස‍්සාති පටිපක‍්ඛෙන ද‍්වෙ. ඉති ඉමිනා පරියායෙන චත‍්තාරි සච‍්චානි පකාසිතානි. තස‍්මා අනෙකපරියායෙන පකාසිතො හොතීති වෙදිතබ‍්බො .

මෙහි සැදැහැව, තපස හා කාය සංවරයෙහි පිහිටීම මගින් සීල සමූහයම (ඇතුලත් කොට) කියන ලදී. නුවණින් (පඤ්ඤා) එහි සියළුම කොටස් ද ලජ්ජා (බය) හා සිත ආදියෙන් සමාධිය (සියළුම කොටස් ද) හෙවත් සිත එකඟ බවද, කෙලෙසුන් දුරු කිරීමෙන් නිවන ද යනුවෙන් මෙසේ කොටස් (සමූහ) තුනක් ලෙස ද, බුද්ධාදී උතුමන් ගත් ඒ මග නිවන ද යනුවෙන් සමානරූපීව - ගැළපෙන පරිදි (සිවුසස් අතුරෙන්) දෙකක් සඳහන් කරන ලදී. එහි මග හේතුවට (සමුදය) පටහැනි වේ. (නොගැළපේ) නිවන දුකට පටහැනි වේ යැයි මේ ආකාරයෙන් සිවුසස් දහමම පැහැදිලි කරන ලදී. එහෙයින් අනෙක පරියායෙන පකාසිතො හොති යැයි දතයුතුය.

එසාහන‍්තිආදීසු එසො අහන‍්ති එසාහං. සරණං ගච‍්ඡාමීති පාදෙසු නිපතිත්‍වා පණිපාතෙන සරණගමනෙන ගතොපි ඉදානි වාචාය සමාදියන‍්තො ආහ. අථ වා පණිපාතෙන බුද‍්ධංයෙව සරණං ගතොති ඉදානි තං ආදිං කත්‍වා සෙසෙ ධම‍්මසඞ‍්ඝෙපි ගන‍්තුං ආහ. අජ‍්ජතග‍්ගෙති අජ‍්ජතං ආදිං කත්‍වා, අජ‍්ජදග‍්ගෙති වා පාඨො, ද-කාරො පදසන්‍ධිකරො, අජ‍්ජ අග‍්ගං කත්‍වාති වුත‍්තං හොති. පාණෙහි උපෙතං පාණුපෙතං, යාව මෙ ජීවිතං පවත‍්තති, තාව උපෙතං, අනඤ‍්ඤසත්‍ථුකං තීහි සරණගමනෙහි සරණං ගතං මං භවං ගොතමො ධාරෙතු ජානාතූති වුත‍්තං හොති. එත‍්තාවතා අනෙන සුතානුරූපා පටිපත‍්ති දස‍්සිතා හොති. නික‍්කුජ‍්ජිතාදීහි වා සත්‍ථුසම‍්පත‍්තිං දස‍්සෙත්‍වා ඉමිනා “එසාහ”න‍්තිආදිනා සිස‍්සසම‍්පත‍්ති දස‍්සිතා. තෙන වා පඤ‍්ඤාපටිලාභං දස‍්සෙත්‍වා ඉමිනා සද‍්ධාපටිලාභො දස‍්සිතො. ඉදානි එවං පටිලද‍්ධසද‍්ධෙන පඤ‍්ඤවතා යං කත‍්තබ‍්බං, තං කත‍්තුකාමො භගවන‍්තං යාචති “ලභෙය්‍යාහ”න‍්ති. තත්‍ථ භගවතො ඉද‍්ධියාදීහි අභිප‍්පසාදිතචිත‍්තො “භගවාපි චක‍්කවත‍්තිරජ‍්ජං පහාය පබ‍්බජිතො, කිමඞ‍්ගං පනාහ”න‍්ති සද‍්ධාය පබ‍්බජ‍්ජං යාචති, තත්‍ථ පරිපූරකාරිතං පත්‍ථෙන‍්තො පඤ‍්ඤාය උපසම‍්පදං. සෙසං පාකටමෙව.

එසාහං ආදී තැන්වල එසො අහං = එසාහං, සරණං ගච්ඡාමි දෙපා මුල වැතිරී, නමස්කාර කොට බුදුසරණ ගියද, දැන් වචනයෙන්ද සමාදන් වෙමින්, බුදුසරණ මුල්කොට, ඉතිරි දහම් සඟුන්ද සරණ යමි’යි කීය. අජ්ජතග්ගෙ අද පටන් අජ්ජදග්ගෙ යන වචනයෙහි ‘ද’ පද සන්ධි කිරීමට යොදා ඇත. පාණෙහි උපෙතං = පාණුපෙතං යම්තාක් කල් මා ජීවත්වෙම්ද, ඒතාක්ම වෙනත් සමයවාදයකට නොපැමිණ තෙරුවණෙහි සරණ යමි. සරණං ගතං මං භවං ගොතමො ධාරෙතු තිසරණ සමාදන් වූ කෙනෙකු ලෙස සළකා ගන්නා සේක්වා! මෙපමණකින්, ඔහු විසින් අසන ලද කරුණට (අදාලව බුදුරදුන් විසින් පැහැදිලි කරන ලද පරිදි සතුටුව) ඔහුගේ පටිචාරය - පිළිවෙත දක්වන ලදී. ‘යටිකුරු කරන ලද දෙයක්’ ආදී ලෙසින් ගුරුවරයෙකු හෝ නිවැරදි මගපෙන්වන නායකයෙකු සේ අගයමින් ඒ මග අනුව යන සිසුවෙකු බව ද දක්වන ලදී. ඔහු විසින් මැනවින් නුවණ ලදැයි ද දක්වා මෙයින් (කරුණු විමසා බලා අචල වූ) සැදැහැති කෙනෙකු බවද තහවුරු කරන ලදී. දැන් මෙසේ සැදැහැවත් වූ නුවණින් යුතු කෙනෙකු විසින් කළයුතු යම් දෙයක් වෙත්ද, එය සිදුකරනු කැමතිව ලභෙය්‍යාහං යනුවෙන් ඉල්ලීමක් කරනු ලැබීය. එහිදී භාග්‍යවතුන් වහන්සේගේ ඉඳුබල ආදියට වඩාත් පැහැදුණු සිතින් උන්වහන්සේද සක්විති රජකම හැර පැවිදි වූ සේක. (එසේනම්) මා වැනි කෙනෙකු මෙපරිදිම සිටිය යුතුදැ’යි සැදැහෙන්ම පබ්බජ්ජං ඉල්ලයි. එහි පිරිපුන් බව පතන නුවණින් උපසම්පදං ඉතිරි වචන පහසුය.

එකො වූපකට‍්ඨොතිආදීසු පන එකො කායවිවෙකෙන, වූපකට‍්ඨො චිත‍්තවිවෙකෙන, අප‍්පමත‍්තො කම‍්මට‍්ඨානෙ සතිඅවිජහනෙන, ආතාපී කායිකචෙතසිකවීරියසඞ‍්ඛාතෙන ආතාපෙන, පහිතත‍්තො කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛතාය විහරන‍්තො අඤ‍්ඤතරඉරියාපථවිහාරෙන. න චිරස‍්සෙවාති පබ‍්බජ‍්ජං උපාදාය වුච‍්චති. කුලපුත‍්තාති දුවිධා කුලපුත‍්තා, ජාතිකුලපුත‍්තා, ආචාරකුලපුත‍්තා ච. අයං පන උභයථාපි කුලපුත‍්තො. අගාරස‍්මාති ඝරා. අගාරානං හිතං අගාරියං කසිගොරක‍්ඛාදිකුටුම‍්බපොසනකම‍්මං වුච‍්චති. නත්‍ථි එත්‍ථ අගාරියන‍්ති අනගාරියං, පබ‍්බජ‍්ජායෙතං අධිවචනං පබ‍්බජන‍්තීති උපගච‍්ඡන‍්ති උපසඞ‍්කමන‍්ති. තදනුත‍්තරන‍්ති තං අනුත‍්තරං. බ්‍රහ‍්මචරියපරියොසානන‍්ති මග‍්ගබ්‍රහ‍්මචරියස‍්ස පරියොසානං, අරහත‍්තඵලන‍්ති වුත‍්තං හොති. තස‍්ස හි අත්‍ථාය කුලපුත‍්තා පබ‍්බජන‍්ති. දිට‍්ඨෙව ධම‍්මෙති තස‍්මිංයෙව අත‍්තභාවෙ. සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වාති අත‍්තනායෙව පඤ‍්ඤාය පච‍්චක‍්ඛං කත්‍වා, අපරප‍්පච‍්චයං ඤත්‍වාති අත්‍ථො. උපසම‍්පජ‍්ජ විහාසීති පාපුණිත්‍වා සම‍්පාදෙත්‍වා වා විහාසි. එවං විහරන‍්තො ච ඛීණා ජාති…පෙ… අබ‍්භඤ‍්ඤාසි. එතෙනස‍්ස පච‍්චවෙක‍්ඛණභූමිං දස‍්සෙති.

එකො වුපකට්ඨො ආදී සඳහන් තැන්වල එකො කාය විවේකයෙන්, (යැයි තේරුම් ගත යුතු) වූපකට්ඨො සිතෙහි විවේකයෙන්, අප්පමත්තො කමටහනෙහි සිත නොවෙනස්ව, ආතාපී කායිකව, මානසිකව හා උත්සාහයෙන් (කෙලෙස් හට නොගන්නා පරිදි) පහිතත්තො සිරුරෙහිද, ජීවිතයෙහිද බලාපොරොත්තු නැතිව, විහරන්තො එක්තරා ඉරියව් පැවැත්මෙන්, න චිරස්සෙව පැවිද්ද හා සමානකොට කියයි. කුලපුත්තා ඉපදීමෙන් ද යහපත් හැදියාවෙන් යුතු ද යනුවෙන් කුලපුතුන් දෙයාකාරය. මෙහිදී ඒ දෙකොටසම සැළකේ. අගාරසමා ගෙදරින්, ගිහිගෙයට සිත ඇලුනේ, අගාරානං හිතං = අගාරියං ගොවිතැනින්, ගව පාලනය ආදියෙන් පවුල් හදාවඩා රැකගැනීම (අඹුදරු රැක්ම) අදහස් කරයි. එහි නොඇලුනේ ‘අනගාරියං’ වේ. පැවිදිබවට සමාන වචනයකි. පබ්බජන්ති පැමිණෙති. එළඹෙති. තං අනුත්තරං තදනුත්තරං එය උතුම්ය, බ්‍රහ්මචරිය පරියොසානං මගපිළිවෙත් බඹසර අවසානයේ රහත්ඵලය සඳහා කියන ලදී. එය ලබනු පිණිස කුලපුත්තු පැවිදි වෙති. දිට්ඨෙව ධම්මෙ ඒ ජීවිත කාලය තුලදීම, සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා තමා විසින්ම නුවණින් පිරිසිඳ දැන, එයින් ඔබ්බට (සසර ගමන ගැන) කළයුතු දේ නැති බව දැන, උපසම්පජ්ජ විහාසි පැමිණ, කටයුතු සම්පාදනය කොට වසයි. මෙසේ වාසය කරමින්ද, ඛීණ ජාති -පෙ- අබ්භඤ්ඤාසි එයින් (කසී) භාරද්වාජ හිමිගේ නුවණින් විමසා බැලීමේ නියැලි බව පෙන්වයි.

කතමා පනස‍්ස ජාති ඛීණා, කථඤ‍්ච නං අබ‍්භඤ‍්ඤාසීති? වුච‍්චතෙ – න තාවස‍්ස අතීතා ජාති ඛීණා පුබ‍්බෙව ඛීණත‍්තා, න අනාගතා අනාගතෙ වායාමාභාවතො, න පච‍්චුප‍්පන‍්නා විජ‍්ජමානත‍්තා. යා පන මග‍්ගස‍්ස අභාවිතත‍්තා උප‍්පජ‍්ජෙය්‍ය එකචතුපඤ‍්චවොකාරභවෙසු එකචතුපඤ‍්චක‍්ඛන්‍ධප‍්පභෙදා ජාති, සා මග‍්ගස‍්ස භාවිතත‍්තා අනුප‍්පාදධම‍්මතං ආපජ‍්ජනෙන ඛීණා. තං සො මග‍්ගභාවනාය පහීනකිලෙසෙ පච‍්චවෙක‍්ඛිත්‍වා කිලෙසාභාවෙ විජ‍්ජමානම‍්පි කම‍්මං ආයතිං අපටිසන්‍ධිකං හොතීති ජානන‍්තො ජානාති.

කෙසේ ඉපදීම නැති කළේද? භාරද්වාජ තෙරුන් වහන්සේ එය කෙසේ වටහාගත් සේක්ද? එය මෙසේ දක්වනු ලැබේ. පෙර භවයට අදාල කම්ම සිඳලන තෙක් අතීත ඉපදීම් (සබඳතා) නැති වූයේ නොවේ. සෝවාන් ආදී මගපලයකට සිත නොවැසූ විට රූපී, අරූපී කාමාවචර භවයන්හි යම් ඉපදීමක් වන්නේ ද, රූප, වේදනා ආදී පස් ආකාර වූ සමූහයෙන් එක් කොටසක්, එයින් සතර කොටසක් හෝ පස්කොටසම එකතුවෙන් (එකචතු පඤ්චවොකාර භව) උපත වේ. එහෙත් (තමන්) මගපලයට පත්වන අයුරින් වඩන ලද බැවින් (සසරෙහි පුරුදු කරන ලද බැවින්) නැවත හට නොගන්නා ලෙසටම සකස් වූ බැවින් නැතිකර දමන ලදී. භාරද්වාජ තෙරුන් වහන්සේ ඒ මගපල වැඩීමෙන් නැතිකර දැමූ කෙලෙස් ගැන නුවණින් විමසා බලා කෙලෙස් රහිත වුවද, නැවත භවයක පිළිසිඳ නොගන්නා බව දැනගැනීම ජානාති (යන්නෙන් හැඟේ)

වුසිතන‍්ති වුත්‍ථං පරිවුත්‍ථං, කතං චරිතං නිට‍්ඨාපිතන‍්ති අත්‍ථො. බ්‍රහ‍්මචරියන‍්ති මග‍්ගබ්‍රහ‍්මචරියං. කතං කරණීයන‍්ති චතූසු සච‍්චෙසු චතූහි මග‍්ගෙහි පරිඤ‍්ඤාපහානසච‍්ඡිකිරියභාවනාවසෙන සොළසවිධම‍්පි කිච‍්චං නිට‍්ඨාපිතන‍්ති අත්‍ථො. නාපරං ඉත්‍ථත‍්තායාති ඉදානි පුන ඉත්‍ථභාවාය එවං සොළසකිච‍්චභාවාය කිලෙසක‍්ඛයාය වා මග‍්ගභාවනා නත්‍ථීති. අථ වා ඉත්‍ථත‍්තායාති ඉත්‍ථභාවතො, ඉමස‍්මා එවංපකාරා ඉදානි වත‍්තමානක‍්ඛන්‍ධසන‍්තානා අපරං ඛන්‍ධසන‍්තානං නත්‍ථි. ඉමෙ පන පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතා තිට‍්ඨන‍්ති ඡින‍්නමූලකො රුක‍්ඛො වියාති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරොති එකො. අරහතන‍්ති අරහන‍්තානං. මහාසාවකානං අබ‍්භන‍්තරො ආයස‍්මා භාරද‍්වාජො අහොසීති අයං කිරෙත්‍ථ අධිප‍්පායොති.

වුසිතං ආවරණය කරන ලද - වසන ලද, (සිත, කය වචනය) මැනවින් හසුරුවන ලදී. (සසර ගමන) නිමවී යැයි තේරුමයි. බ්‍රහ්මචරියං මගපල සඳහා වූ උතුම් හැසිරීමයි. කතං කරණීයං සිවුසස් දහම සිවු මගින් පිරිපුන්ව දැනීම නැතිකිරීම, අවබෝධය හා වැඩීම යනුවෙන් සොළොස් ආකාර වූ කටයුතු නිමවීය යන තේරුමයි. (ඒ ඒ මගපල අනුව දුරුවන කෙලෙස් පිළිබඳව සිදු ආකාරයට බලන අයුරුය.) නා පරං ඉත්‍ථත්තාය. දැන් මෙම ජීවිත කාලය තුල මෙසේ සොළොස් ආකාර කටයුතු පරිදි කෙලෙස් නැති කිරීම හෝ මග අරමුණු කොට වැඩීමක් නැත. නැතහොත් ඉත්‍ථත්තාය - මෙම ජීවිතයෙන් පසු, දැන් පවත්නා මෙබඳු රූපාදී සමූහයක පැවැත්ම හෝ ඊට පසු එහි පවත්නා බවක්ද නැත. ඒ පිළිබඳව මනා දැනීමෙන් සිටින හෙයින්, මුල සිඳින ලද ගසක් මෙන් (නැවත නූපදිනා බව) මැනවින් දැනගත්තේය. අඤ්ඤතරො එක්තරා අරහතං රහත් බවට පත් උතුමන්, මහ සව්වන් අතරෙහි ගරු කටයුතු භාරද්වාජ තෙරුන් වහන්සේද වූහ යයි මෙහි අදහස් කෙරේ.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය කසිභාරද‍්වාජසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

කසීභාරද්වාජ සූත්‍ර විස්තරය නිමි.