යෙදුමෙන් කියවන්න

3. ඛග‍්ගවිසාණ සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

3. ඛග‍්ගවිසාණ සුත‍්තවණ‍්ණනා

3. ඛග්ගවිසාණ සූත්‍ර වර්ණනාව

සබ‍්බෙසු භූතෙසූති ඛග‍්ගවිසාණසුත‍්තං. කා උප‍්පත‍්ති? සබ‍්බසුත‍්තානං චතුබ‍්බිධා උප‍්පත‍්ති – අත‍්තජ‍්ඣාසයතො, පරජ‍්ඣාසයතො, අට‍්ඨුප‍්පත‍්තිතො, පුච‍්ඡාවසිතො චාති. ද‍්වයතානුපස‍්සනාදීනඤ‍්හි අත‍්තජ‍්ඣාසයතො උප‍්පත‍්ති, මෙත‍්තසුත‍්තාදීනං පරජ‍්ඣාසයතො, උරගසුත‍්තාදීනං අට‍්ඨුප‍්පත‍්තිතො, ධම‍්මිකසුත‍්තාදීනං පුච‍්ඡාවසිතො. තත්‍ථ ඛග‍්ගවිසාණසුත‍්තස‍්ස අවිසෙසෙන පුච‍්ඡාවසිතො උප‍්පත‍්ති. විසෙසෙන පන යස‍්මා එත්‍ථ කාචි ගාථා තෙන තෙන පච‍්චෙකසම‍්බුද‍්ධෙන පුට‍්ඨෙන වුත‍්තා, කාචි අපුට‍්ඨෙන අත‍්තනා අධිගතමග‍්ගනයානුරූපං උදානංයෙව උදානෙන‍්තෙන, තස‍්මා කායචි ගාථාය පුච‍්ඡාවසිතො, කායචි අත‍්තජ‍්ඣාසයතො උප‍්පත‍්ති.

සබ්බෙසු භූතෙසු යනු ඛග්ග විසාණ සූත්‍රයයි. එයට හේතු වූ කරුණු කුමක්ද? සියළුම සූත්‍ර දේශනා කිරීමට හේතු සතරාකාර වේ. ඒ තම අදහස අනුව, අන් තැනැත්තකුගේ අදහස අනුව, සුදුසු වේලාවකදී හා කරුණු විමසූ විටකදී යනුවෙනි. ද්වයතානුපස්සනාදි සූත්‍ර තම අදහස පරිදි ද, මෙත්ත ආදී සූත්‍ර වෙනත් තැනැත්තන්ගේ අදහස් පරිදිද, උරග සූත්‍රාදිය අදාළ අවස්ථා අනුවද, ධම්මික සූත්‍ර ආදිය විමසීම් ලෙසින්ද (දේශනා කොට ඇත) ඛග්ග විසාණ සූත්‍රය කරුණු විමසීමක් ලෙස පොදුවේ දේශනා කළද, එහි ඇතැම් ගාථා ඒ ඒ පසේබුදුවරුන් වහන්සේලා විමසන ලදුව, වදාරා ඇත. ඇතැම් ගාථා, එසේ විමසීම් නොකළ ද තම තමන්ගේ අවබෝධය අනුව උදාන ලෙසින් පළකරන ලදී. එහෙයින් ඇතැම් ගාථා විමසා ඇති නිසාද, ඇතැම් ගාථා තම අදහස් පරිදිද දේශනා කොට ඇත.

තත්‍ථ යා අයං අවිසෙසෙන පුච‍්ඡාවසිතො උප‍්පත‍්ති, සා ආදිතො පභුති එවං වෙදිතබ‍්බා – එකං සමයං භගවා සාවත්‍ථියං විහරති. අථ ඛො ආයස‍්මතො ආනන්‍දස‍්ස රහොගතස‍්ස පටිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි – “බුද‍්ධානං පත්‍ථනා ච අභිනීහාරො ච දිස‍්සති; තථා සාවකානං, පච‍්චෙකබුද‍්ධානං න දිස‍්සති; යංනූනාහං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡෙය්‍ය”න‍්ති. සො පටිසල‍්ලානා වුට‍්ඨිතො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා යථාක‍්කමෙන එතමත්‍ථං පුච‍්ඡි. අථස‍්ස භගවා පුබ‍්බයොගාවචරසුත‍්තං අභාසි –

මෙහි ගාථා පොදුවේ විමසා ඇති පරිදි දේශනා කළද, එය මුල පටන්ම මෙසේ දතයුතුය. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වසති. ඉක්බිති, ගරු කටයුතු ආනන්ද හිමිට හුදකලාවේ විවේකයෙන් සිටිද්දී ‘බුදුවරුන්ගේ (බෝසත් කල) පැතුම් ද, ඉදිරි (අරමුණ) ඉටුකර ගැනීමේ බලාපොරොත්තුද, සව්වන් (පිළිබඳ එබඳු කරුණු පැහැදිලි අතර) පසේබුදුවරුන් වහන්සේලා ගැන එසේ නොඇසූ බැවින් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නෙම් නම් මැනවැයි මෙබඳු අදහසක් ඇති විය. විවේකයෙන් නැගිට, ආනන්ද හිමි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, එම කරුණ විචාළහ. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමිට පුබ්බ යොගාවචර සූත්‍රය වදාළහ.

“පඤ‍්චිමෙ, ආනන්‍ද, ආනිසංසා පුබ‍්බයොගාවචරෙ දිට‍්ඨෙව ධම‍්මෙ පටිකච‍්චෙව අඤ‍්ඤං ආරාධෙති. නො චෙ දිට‍්ඨෙව ධම‍්මෙ පටිකච‍්චෙව අඤ‍්ඤං ආරාධෙති, අථ මරණකාලෙ අඤ‍්ඤං ආරාධෙති. නො චෙ මරණකාලෙ අඤ‍්ඤං ආරාධෙති, අථ දෙවපුත‍්තො සමානො අඤ‍්ඤං ආරාධෙති, අථ බුද‍්ධානං සම‍්මුඛීභාවෙ ඛිප‍්පාභිඤ‍්ඤො හොති, අථ පච‍්ඡිමෙ කාලෙ පච‍්චෙකසම‍්බුද‍්ධො හොතී”ති –

‘ආනන්ද, භාවනාවෙහි යෙදුනු තැනැත්තකු මුලසිටම ලබන අනුසස් පහකි. ජීවිත කාලය තුල, කලින්ම - අන් තැනැත්තන්ගේ සිත දිනා ගනී. එසේ නොමැති නම්, පසුව ජීවිත කාලය තුලදීම එසේ සිත දිනාගනී. මැරෙන මොහොතෙහි අන් තැනැත්තන්ගේ සිත් ගනී. දෙව් පුතකුව අන් තැනැත්තන්ගේ සිත් ගනී. බුදුවරුන් හමුව, ඉක්මනින් පිරිපුන් උසස් නුවණ (අභිඤ්ඤා) උපදවා ගනී. පසුව (සසර ගමන අවසන් භවය) පසේබුදුවරයකු වෙති.’

එවං වත්‍වා පුන ආහ –

මෙසේ වදාරා, නැවත ද,

“පච‍්චෙකබුද‍්ධා නාම, ආනන්‍ද, අභිනීහාරසම‍්පන‍්නා පුබ‍්බයොගාවචරා හොන‍්ති. තස‍්මා බුද‍්ධපච‍්චෙකබුද‍්ධසාවකානං සබ‍්බෙසං පත්‍ථනා ච අභිනීහාරො ච ඉච‍්ඡිතබ‍්බො”ති.

‘ආනන්ද, පසේබුදුවරුන් නම්, දහම් අවබෝධය ලබන හේතුසම්පත් ඇති, මුලසිටම ඒ සඳහා භාවනානුයෝගීව කටයුතු කරන්නෝ වෙති. එහෙයින් බුදුවරුද, පසේබුදුවරුද, සාවක (මහරහත්) සියල්ලෝම පැතුම් ද දහම් අවබෝධයද කැමති වෙති’යි වදාළහ.

සො ආහ – “බුද‍්ධානං, භන‍්තෙ, පත්‍ථනා කීව චිරං වට‍්ටතී”ති? බුද‍්ධානං, ආනන්‍ද, හෙට‍්ඨිමපරිච‍්ඡෙදෙන චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි කප‍්පසතසහස‍්සඤ‍්ච, මජ‍්ඣිමපරිච‍්ඡෙදෙන අට‍්ඨ අසඞ‍්ඛ්‍යෙය්‍යානි කප‍්පසතසහස‍්සඤ‍්ච, උපරිමපරිච‍්ඡෙදෙන සොළස අසඞ‍්ඛ්‍යෙය්‍යානි කප‍්පසතසහස‍්සඤ‍්ච. එතෙ ච භෙදා පඤ‍්ඤාධිකසද‍්ධාධිකවීරියාධිකවසෙන ඤාතබ‍්බා. පඤ‍්ඤාධිකානඤ‍්හි සද‍්ධා මන්‍දා හොති, පඤ‍්ඤා තික‍්ඛා. සද‍්ධාධිකානං පඤ‍්ඤා මජ‍්ඣිමා හොති, සද‍්ධා බලවා. වීරියාධිකානං සද‍්ධාපඤ‍්ඤා මන්‍දා, වීරියං බලවන‍්ති. අප‍්පත්‍වා පන චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි කප‍්පසතසහස‍්සඤ‍්ච දිවසෙ දිවසෙ වෙස‍්සන‍්තරදානසදිසං දානං දෙන‍්තොපි තදනුරූපසීලාදිසබ‍්බපාරමිධම‍්මෙ ආචිනන‍්තොපි අන‍්තරා බුද‍්ධො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. කස‍්මා? ඤාණං ගබ‍්භං න ගණ‍්හාති, වෙපුල‍්ලං නාපජ‍්ජති, පරිපාකං න ගච‍්ඡතීති. යථා නාම තිමාසචතුමාසපඤ‍්චමාසච‍්චයෙන නිප‍්ඵජ‍්ජනකං සස‍්සං තං තං කාලං අප‍්පත්‍වා දිවසෙ දිවසෙ සහස‍්සක‍්ඛත‍්තුං කෙළායන‍්තොපි උදකෙන සිඤ‍්චන‍්තොපි අන‍්තරා පක‍්ඛෙන වා මාසෙන වා නිප‍්ඵාදෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. කස‍්මා? සස‍්සං ගබ‍්භං න ගණ‍්හාති, වෙපුල‍්ලං නාපජ‍්ජති, පරිපාකං න ගච‍්ඡතීති. එවමෙවං අප‍්පත්‍වා චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි…පෙ… නෙතං ඨානං විජ‍්ජතීති. තස‍්මා යථාවුත‍්තමෙව කාලං පාරමිපූරණං කාතබ‍්බං ඤාණපරිපාකත්‍ථාය. එත‍්තකෙනපි ච කාලෙන බුද‍්ධත‍්තං පත්‍ථයතො අභිනීහාරකරණෙ අට‍්ඨ සම‍්පත‍්තියො ඉච‍්ඡිතබ‍්බා. අයඤ‍්හි –

‘හිමියනි, බුදුවරුන්ගේ බලාපොරොත්තු පැතුම කොපමණ කලක සිට තිබිය යුතුද?’ අනඳ හිමියෝ ඇසූහ. ‘ආනන්ද, බුදුවරුන්ට අඩුම වශයෙන් අසංඛෙය්‍ය සතරකුත් කල්ප සියදහසක්ද, අතරමැද අසංඛෙය්‍ය අටකුත් කල්ප සිය දහසක්ද වැඩිම වුවහොත් අසංඛෙය්‍ය දහසයකුත් කල්ප සියදහසක්ද වෙයි. ‘එයද නුවණින් වැඩි, සැදැහැයෙන් වැඩි, උත්සාහය වැඩිවන අයුරින් දතයුතුය. නුවණ වැඩිවූවන්ට සද්ධාව අඩුවේ. නුවණ සියුම්, බලවත්ය. (උත්සාහය අතරමැද ලෙසිනි.) සැදැහැ බව වැඩි වූවන්ට නුවණ මද පමණට වේ. උත්සාහය වැඩි වූවන්ට නුවණ මද වේ. අසංඛෙය්‍ය සතරකුත් කල්ප සියදහස නොපිරුණහොත්, දිනපතා වෙසතුරු දානය හා සමාන දාන පිරිනැමූවත්, එයට අනුරූප සීල ආදී පිරිය යුතු පාරමී දහම් රැස් කළද, ඒ අතර කාලයෙහි බුදුබවට පත්වීම සිදුවන්නේ නැත. කවර හෙයින්ද? මැනවින් නුවණ තහවුරු නොවූ බැවිනි. වැඩි දියුණුවට පත් නොවූ බැවිනි. පිරිපුන් නොවූ බැවිනි. යම්සේ, තෙමසක්, සිවුමසක්, පස්මසක් ගතවූ පසු නෙලාගත යුතු අස්වැන්න, දවසින් දවස පිරික්සමින්, ජලය සපයමින් ඊට කලින් හෝ මාසයකින් හෝ නෙලා ගැනීමට (බලාපොරොත්තු වුවත්) නියමිත කල් නොපැමිණ එය සිදුවන්නේ නැත. මක්නිසාද? අස්වැන්න මනාව සකස් නොවීමයි. සුදුසු පරිදි නොවැඩීමයි. නොපැසුණු, නොමේරු බවයි. එමෙන්ම අසංඛෙය්‍ය සතරකුත් කල්ප... බුදුබවට පත්වීම සිදුවන්නේ නැත. එහෙයින් ඉහත කියන ලද පරිදිම නුවණ මේරීමට සුදුසු කාලයම පෙරුම් පිරිය යුතුය. එපමණ කලක් බුදුබව පතමින් එය ඉටුකර ගැනීමෙහි අවැසි කරුණු අට සපුරාගත යුතුය.

“මනුස‍්සත‍්තං ලිඞ‍්ගසම‍්පත‍්ති, හෙතු සත්‍ථාරදස‍්සනං; පබ‍්බජ‍්ජා ගුණසම‍්පත‍්ති, අධිකාරො ච ඡන්‍දතා; අට‍්ඨධම‍්මසමොධානා, අභිනීහාරො සමිජ‍්ඣතී”ති. (බු· වං· 2.59);

‘මනුස්සත්තං ලිංගසම්පත්ති හෙතු සත්‍ථාරදස්සනං පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරොච ඡන්‍දතා අට්ඨධම්ම සමොධානා අභිනීහාරො සමිජ්ඣතී’

අභිනීහාරොති ච මූලපණිධානස‍්සෙතං අධිවචනං. තත්‍ථ මනුස‍්සත‍්තන‍්ති මනුස‍්සජාති. අඤ‍්ඤත්‍ර හි මනුස‍්සජාතියා අවසෙසජාතීසු දෙවජාතියම‍්පි ඨිතස‍්ස පණිධි න ඉජ‍්ඣති. එත්‍ථ ඨිතෙන පන බුද‍්ධත‍්තං පත්‍ථෙන‍්තෙන දානාදීනි පුඤ‍්ඤකම‍්මානි කත්‍වා මනුස‍්සත‍්තංයෙව පත්‍ථෙතබ‍්බං. තත්‍ථ ඨත්‍වා පණිධි කාතබ‍්බො. එවඤ‍්හි සමිජ‍්ඣති. ලිඞ‍්ගසම‍්පත‍්තීති පුරිසභාවො. මාතුගාමනපුංසකඋභතොබ්‍යඤ‍්ජනකානඤ‍්හි මනුස‍්සජාතියං ඨිතානම‍්පි පණිධි න සමිජ‍්ඣති. තත්‍ථ ඨිතෙන පන බුද‍්ධත‍්තං පත්‍ථෙන‍්තෙන දානාදීනි පුඤ‍්ඤකම‍්මානි කත්‍වා පුරිසභාවොයෙව පත්‍ථෙතබ‍්බො. තත්‍ථ ඨත්‍වා පණිධි කාතබ‍්බො. එවඤ‍්හි සමිජ‍්ඣති. හෙතූති අරහත‍්තස‍්ස උපනිස‍්සයසම‍්පත‍්ති. යො හි තස‍්මිං අත‍්තභාවෙ වායමන‍්තො අරහත‍්තං පාපුණිතුං සමත්‍ථො, තස‍්ස සමිජ‍්ඣති, නො ඉතරස‍්ස, යථා සුමෙධපණ‍්ඩිතස‍්ස. සො හි දීපඞ‍්කරපාදමූලෙ පබ‍්බජිත්‍වා තෙනත‍්තභාවෙන අරහත‍්තං පාපුණිතුං සමත්‍ථො අහොසි . සත්‍ථාරදස‍්සනන‍්ති බුද‍්ධානං සම‍්මුඛාදස‍්සනං. එවඤ‍්හි ඉජ‍්ඣති, නො අඤ‍්ඤථා; යථා සුමෙධපණ‍්ඩිතස‍්ස. සො හි දීපඞ‍්කරං සම‍්මුඛා දිස‍්වා පණිධෙසි. පබ‍්බජ‍්ජාති අනගාරියභාවො. සො ච ඛො සාසනෙ වා කම‍්මවාදිකිරියවාදිතාපසපරිබ‍්බාජකනිකායෙ වා වට‍්ටති යථා සුමෙධපණ‍්ඩිතස‍්ස. සො හි සුමෙධො නාම තාපසො හුත්‍වා පණිධෙසි. ගුණසම‍්පත‍්තීති ඣානාදිගුණපටිලාභො. පබ‍්බජිතස‍්සාපි හි ගුණසම‍්පන‍්නස‍්සෙව ඉජ‍්ඣති, නො ඉතරස‍්ස; යථා සුමෙධපණ‍්ඩිතස‍්ස. සො හි පඤ‍්චාභිඤ‍්ඤො අට‍්ඨසමාපත‍්තිලාභී ච හුත්‍වා පණිධෙසි. අධිකාරොති අධිකකාරො, පරිච‍්චාගොති අත්‍ථො. ජීවිතාදිපරිච‍්චාගඤ‍්හි කත්‍වා පණිදහතොයෙව ඉජ‍්ඣති, නො ඉතරස‍්ස; යථා සුමෙධපණ‍්ඩිතස‍්ස. සො හි –

අභිනීහාරො යනු බුදුවීමේ අදිටන ඉදිරියට ගෙනයෑමට මුලසිටම සිත දරා ගැනීමට සමාන වචනයකි. මනුස්සත්තං මිනිස් භවයක් ලැබීමයි. මිනිසෙකු හැර දෙවියකු වැනි වෙනත් ලෙස ඉපිද සිටියද ඒ අදහස ඉටු නොවේ. එබඳු භවයක ඉපදුන කෙනෙකු විසින් දානාදී පින්කම්කොට මිනිසත් බවම පැතිය යුතුය. එහි සිට අදිටන් කළයුතුය. එසේ ඉටුවේ. ලිංග සම්පත්ති පිරිමියෙකු වීමයි. කාන්තාවක, නපුංසක, ගැහැණු-පිරිමි ලිඟු දෙකින්ම යුතු වූවකුට මිනිසකුව සිටියත් එය ඉටු නොවේ. බුදුබව පතමින් දන් පින් කොට පිරිමි බව පැතිය යුතුය. බලාපොරොත්තු තැබිය යුතුය. එසේ ඉටුවේ. හෙතු යනු අරහත් බව ලැබීමට හේතු සම්පත්ය. යම් කෙනෙකුට (පිරිමියෙකුව) ඒ ඉපිද ඇති භවයේම වෑයම් කරමින්, අරහත් බවට පත්වීමට හැකිවේද, සුමේධ පණ්ඩිතයනට මෙන් ඔහුගේ අදහස ඉටුවේ. සුමේධ පණ්ඩිතට දීපංකර බුදුහිමි හමුවෙහි පැවිදිව ඒ ජීවිත කාලය තුලදීම රහත්පල ලැබීමට හැකියාව තිබුණි. සත්‍ථාර දස්සනං බුදුවරුන්ගේ හමුවීමයි. සුමේධ පණ්ඩිතයනට මෙන් මෙසේ බුදුවරුන් හමුවූ කෙනෙකුගේ එම අදහස ඉටුවේ. දීපංකර බුදුරදුන් හමුව සුමේධ පණ්ඩිත බුදුබව අදිටන් කළේය. පබ්බජ්ජා ගිහිගෙය හැරදැමීමයි. බුදුබව පතන තැනැත්තා (බුදු) සසුනෙහි හෝ කම්පල පිළිගන්නා තවුස් හෝ පිරිවැජියෙකු හෝ වීම සුදුසුය. සුමේධ පණ්ඩිත මෙනි. ඔහු තවුසෙකුව අදිටන් කළේය. ගුණ සම්පත්ති යනු දැහැන් ආදී ගුණ ලබාගැනීමයි. සුමේධ පණ්ඩිතයන්ට මෙන් පැවිදි වූවකුට ඒ උසස් ගුණ ඉටුවනු ඇත. සුමේධ පණ්ඩිත අභිඤ්ඤා පහ, සමාපත්ති ලැබූ කෙනෙකුව සිට බුදුබව අදිටන් කළේය. අධිකාරො ඉතා උසස් ලෙස යහපත් දේ කිරීමයි. ඉතා මාහැඟි වූ දේවල් කැපකිරීමයි. තම ජීවිතය වුව පූජාකොට අදිටන ඉදිරියට ගෙනයෑමෙන් බලාපොරොත්තුව ඉටුවේ. එයින් බාහිර අදහස් ඇතිවුනට නොවේ.

“අක‍්කමිත්‍වාන මං බුද‍්ධො, සහ සිස‍්සෙහි ගච‍්ඡතු; මා නං කලලෙ අක‍්කමිත්‍ථ, හිතාය මෙ භවිස‍්සතී”ති. (බු· වං· 2.53) –

‘අක්කමිත්‍වාන මං බුද්ධො සහ සිස්සෙහි ගච්ඡතු මා නං කලලෙ අක්කමිත්‍ථො සුඛාය මෙ භවිස්සතී’

‘බුදුරජාණන් වහන්සේ (පැවිදි සාවක) සිසු පිරිස සමග මා පාගාගෙන (මා මතින්) මඩ නොපාගමින් වඩිත්වා! (එය) මට හිතසුව පිණිස පවතීවා!

එවං ජීවිතපරිච‍්චාගං කත්‍වා පණිධෙසි. ඡන්‍දතාති කත‍්තුකම්‍යතා. සා යස‍්ස බලවතී හොති, තස‍්ස ඉජ‍්ඣති. සා ච, සචෙ කොචි වදෙය්‍ය “කො චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි සතසහස‍්සඤ‍්ච කප‍්පෙ නිරයෙ පච‍්චිත්‍වා බුද‍්ධත‍්තං ඉච‍්ඡතී”ති, තං සුත්‍වා යො “අහ”න‍්ති වත‍්තුං උස‍්සහති, තස‍්ස බලවතීති වෙදිතබ‍්බා. තථා යදි කොචි වදෙය්‍ය “කො සකලචක‍්කවාළං වීතච‍්චිකානං අඞ‍්ගාරානං පූරං අක‍්කමන‍්තො අතික‍්කමිත්‍වා බුද‍්ධත‍්තං ඉච‍්ඡති, කො සකලචක‍්කවාළං සත‍්තිසූලෙහි ආකිණ‍්ණං අක‍්කමන‍්තො අතික‍්කමිත්‍වා බුද‍්ධත‍්තං ඉච‍්ඡති, කො සකලචක‍්කවාළං සමතිත‍්තිකං උදකපුණ‍්ණං උත‍්තරිත්‍වා බුද‍්ධත‍්තං ඉච‍්ඡති, කො සකලචක‍්කවාළං නිරන‍්තරං වෙළුගුම‍්බසඤ‍්ඡන‍්නං මද‍්දන‍්තො අතික‍්කමිත්‍වා බුද‍්ධත‍්තං ඉච‍්ඡතී”ති තං සුත්‍වා යො “අහ”න‍්ති වත‍්තුං උස‍්සහති, තස‍්ස බලවතීති වෙදිතබ‍්බා. එවරූපෙන ච කත‍්තුකම්‍යතාඡන්‍දෙන සමන‍්නාගතො සුමෙධපණ‍්ඩිතො පණිධෙසීති.

යයි මෙසේ සුමේධ පණ්ඩිතයෝ ජීවිතය කැපකොට අදිටන් කළහ. ඡන්‍දතා කිරිමට කැමති බවය. එම අදිටන බලවත් වූ තරමට ඉටුවේ. ඒ පිළිබඳව යම් කෙනෙකු ‘අසංඛෙය්‍ය සතරකුත් කප් සියදහසක් නිරයේ පැසී බුදුබව කැමති වන්නේ කවුරුදැයි’ කියනවිට ‘මම ඊට උත්සාහ කරමි’යි කිව හැකිනම්, ඔහුගේ (එම) අදහස බලවත් බව කිවයුතුය. ‘මුළු සක්වල පුරා දැල්වෙන ගිනිඅඟුරු පිරි ඇත්නම්, ඒවා මැඩගෙන, බුදුබව කැමති වන්නේ කවුද? කවරෙක් සැත්හුල්වලින් ගැවසුණු මුළු සක්වළම ඒවා පාගමින් බුදුබව කැමති වෙත්ද? මුවවිට දක්වා ජලය පිරුන මුළු සක්වළින් එතරව බුදුබව කැමති වන්නේ කවුද? නිරතුරුවම එකිනෙක වෙළුණු උණපඳුරක් වන් සක්වළ මැඩ - ඉක්මවා බුදුබව පතන්නේ කවුදැ’යි? මේ මේ ආකාරයෙන් ඇතැම් කෙනෙකු කියන්නේ නම්, ඒ අසා යම් තැනැත්තෙක් ‘මම උත්සාහ කරමි’යි කීමට හැකිවේද, ඔහුගේ එම අදහස බලවත් බව දතයුතුය. මෙබඳු අදහස ඉටුකර ගැනීමේ කැමැත්තෙන් යුතු වූ සුමේධ පණ්ඩිත උත්සාහ කළේය. අදිටන් කළේය.

එවං සමිද‍්ධාභිනීහාරො ච බොධිසත‍්තො ඉමානි අට‍්ඨාරස අභබ‍්බට‍්ඨානානි න උපෙති. සො හි තතො පභුති න ජච‍්චන්‍ධො හොති, න ජච‍්චබධිරො, න උම‍්මත‍්තකො, න එළමූගො, න පීඨසප‍්පී, න මිලක‍්ඛූසු උප‍්පජ‍්ජති, න දාසිකුච‍්ඡියා නිබ‍්බත‍්තති, න නියතමිච‍්ඡාදිට‍්ඨිකො හොති, නාස‍්ස ලිඞ‍්ගං පරිවත‍්තති, න පඤ‍්චානන‍්තරියකම‍්මානි කරොති, න කුට‍්ඨී හොති, න තිරච‍්ඡානයොනියං වට‍්ටකතො පච‍්ඡිමත‍්තභාවො හොති, න ඛුප‍්පිපාසිකනිජ‍්ඣාමතණ‍්හිකපෙතෙසු උප‍්පජ‍්ජති, න කාලකඤ‍්චිකාසුරෙසු, න අවීචිනිරයෙ, න ලොකන‍්තරිකෙසු, කාමාවචරෙසු න මාරො හොති, රූපාවචරෙසු න අසඤ‍්ඤීභවෙ, න සුද‍්ධාවාසභවෙසු උප‍්පජ‍්ජති, න අරූපභවෙසු, න අඤ‍්ඤං චක‍්කවාළං සඞ‍්කමති.

මෙසේ එම අදහස පෙරදැරි කොටගත් (සුමේධ) බෝසතාණෝ මෙම නුසුදුසු තැන් දහඅටෙහි නොපවතී. එතැන් පටන් ඔහු උපතින්ම නෙත් අඳ නොවේ. උපතින් බිහිරි නොවේ. උමතු නොවේ. ගොළු-බිහිරෙක්ද නොවේ. කොරකු නොවේ. පහත් වනචාරී පෙදෙසක නූපදී. දාසියක කුස පිළිසිඳ නොගනී. නියත මිසදිටුවකු නොවේ. ලිංග පෙරළියක් ඇති නොවේ. මව් මැරීම ආදී ගෙවා නිම කළ නොහෙන පව්කම් නොකරයි. දද-වණ ඇති නොවේ. කුඩා බවින් වටු කුරුල්ලකු පමණටද මහත් බවින් ඇතකු පමණටද හැර තිරිසන් යෝනියක උපත නොලබයි. සාපිපාසාවෙන් පෙළෙන හා දිය පිපාසාවෙන් දැවිල්ලෙන් පෙළෙන පේතයන් අතර නූපදී. කාලකඤ්ජක අසුර ලොවෙහිද නූපදී. අවීචිය, ලෝකාන්තරික නිරයවලද උපදින්නේ නැත. කාමාවචර ලෝක අතරෙහි මාර දෙව්පුත්ව නූපදී. රූපාවචර ලෝක අතර අසඤ්ඤ භවයෙහිද, සුද්ධාවාසයෙහිද අරූප ලෝකවලද නූපදී. වෙනත් සක් සක්වළකට මාරු නොවේ.

යා චිමා උස‍්සාහො උම‍්මඞ‍්ගො අවත්‍ථානං හිතචරියා චාති චතස‍්සො බුද‍්ධභූමියො, තාහි සමන‍්නාගතො හොති. තත්‍ථ –

උස්සාහ, උම්මග්ග, අවත්‍ථාන, හිතචරියා යන බුදුබවෙහි පිහිටිය යුතු තැන්’ (බුද්ධභූමි) සතරින් යුතුය.

“උස‍්සාහො වීරියං වුත‍්තං, උම‍්මඞ‍්ගො පඤ‍්ඤා පවුච‍්චති; අවත්‍ථානං අධිට‍්ඨානං, හිතචරියා මෙත‍්තාභාවනා”ති. –

‘උස්සාහො විරියං වුත්තං උම්මග්ගො පඤ්ඤා පවුච්චතී අවත්‍ථානං අධිට්ඨානං හිතචරියා මෙත්තභාවනා’

උත්සාහය විරිය ලෙසත්, උම්මග්ග තියුණු නුවණ ලෙසත්, එහි මනා අවැසිතාව (පදනම) දැඩි අදිටන ලෙසත්, මෙත් වැඩීම හිතසුව සැලසීම ලෙසත්

වෙදිතබ‍්බා. යෙ චාපි ඉමෙ නෙක‍්ඛම‍්මජ‍්ඣාසයො, පවිවෙකජ‍්ඣාසයො, අලොභජ‍්ඣාසයො, අදොසජ‍්ඣාසයො, අමොහජ‍්ඣාසයො, නිස‍්සරණජ‍්ඣාසයොති ඡ අජ‍්ඣාසයා බොධිපරිපාකාය සංවත‍්තන‍්ති, යෙහි සමන‍්නාගතත‍්තා නෙක‍්ඛම‍්මජ‍්ඣාසයා ච බොධිසත‍්තා කාමෙ දොසදස‍්සාවිනො, පවිවෙකජ‍්ඣාසයා ච බොධිසත‍්තා සඞ‍්ගණිකාය දොසදස‍්සාවිනො, අලොභජ‍්ඣාසයා ච බොධිසත‍්තා ලොභෙ දොසදස‍්සාවිනො, අදොසජ‍්ඣාසයා ච බොධිසත‍්තා දොසෙ දොසදස‍්සාවිනො, අමොහජ‍්ඣාසයා ච බොධිසත‍්තා මොහෙ දොසදස‍්සාවිනො, නිස‍්සරණජ‍්ඣාසයා ච බොධිසත‍්තා සබ‍්බභවෙසු දොසදස‍්සාවිනොති වුච‍්චන‍්ති, තෙහි ච සමන‍්නාගතො හොති.

දතයුතුය. එමෙන්ම, (ගිහිගෙයින්) නික්ම අනගාරිය ජීවිතයට පත්වීම, විවේකීව සිටීම, ආසාවෙන් (ලෝභ) තොර වීම, තරහ නැති බව, මුළා නොවීම සහ සසරින් මිදීම යන කරුණු හය බුදුබව ලැබීමට උපකාර පිණිස පවතී. බෝසතුන් වහන්සේ ගිහිගෙයින් නික්මීමේ අදහසින් පස්කම් සැපයෙහි වරද දකිති. බොහෝදෙනා හා එක්වීමේදී - බැඳීමේදී ඇතිවන දොස් විවේකීව සිටීමෙන් දකිති. අලෝභ අදහසින් දැඩි ඇලීමෙහි - ආසාවෙහි වැරදි දකිති. තරහ නොමැති අදහසින් කෝපයෙහි දොස් ද, මුළා නොවීමේ අදහසින් මුළාවේ දොස් ද, සසර උපදනා භවයන්හි ඇති වැරදි සසරින් මිදීමේ අදහසින්ද බෝසත්තුමා වටහාගනී. මෙබඳු ගුණවලින් සමන්විත වේ.

පච‍්චෙකබුද‍්ධානං පන කීව චිරං පත්‍ථනා වට‍්ටතීති? පච‍්චෙකබුද‍්ධානං ද‍්වෙ අසඞ‍්ඛ්‍යෙය්‍යානි කප‍්පසතසහස‍්සඤ‍්ච. තතො ඔරං න සක‍්කා. පුබ‍්බෙ වුත‍්තනයෙනෙවෙත්‍ථ කාරණං වෙදිතබ‍්බං. එත‍්තකෙනාපි ච කාලෙන පච‍්චෙකබුද‍්ධත‍්තං පත්‍ථයතො අභිනීහාරකරණෙ පඤ‍්ච සම‍්පත‍්තියො ඉච‍්ඡිතබ‍්බා. තෙසඤ‍්හි –

පසේ බුදුවරුන් වීමට කොපමණ කලක් බලාපොරොත්තු විය යුතුද? අසංඛෙය්‍ය දෙකකුත් කප් සියදහසකි. එම කාලය අඩුවෙන් පසේ බුදුබවට පත්විය නොහැකිය. ඊට අදාළ කරුණු ඉහත කියන ලද පරිදි දතයුතුය. එපමණ කාලයක් පසේ බුදු බව පතමින් කටයුතු කිරීමේදී කරුණු පහක් සපුරා තිබිය යුතුය.

මනුස‍්සත‍්තං ලිඞ‍්ගසම‍්පත‍්ති, විගතාසවදස‍්සනං; අධිකාරො ඡන්‍දතා එතෙ, අභිනීහාරකාරණා.

මනුස්සත්තං ලිංගසම්පත්තිං විගතාසවදස්සනං අධිකාරො ඡන්‍දතා එතෙ අභිනීහාරකාරණා

තත්‍ථ විගතාසවදස‍්සනන‍්ති බුද‍්ධපච‍්චෙකබුද‍්ධසාවකානං යස‍්ස කස‍්සචි දස‍්සනන‍්ති අත්‍ථො. සෙසං වුත‍්තනයමෙව.

විගතාසවදස්සනං බුදු-පසේ බුදු- මහ රහත් වැනි යම්කිසි උතුමෙකුගේ දැකීමයි. ඉතිරි කරුණු කලින් දක්වා ඇති පරිදිය.

අථ සාවකානං පත්‍ථනා කිත‍්තකං වට‍්ටතීති? ද‍්වින‍්නං අග‍්ගසාවකානං එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං කප‍්පසතසහස‍්සඤ‍්ච, අසීතිමහාසාවකානං කප‍්පසතසහස‍්සං, තථා බුද‍්ධස‍්ස මාතාපිතූනං උපට‍්ඨාකස‍්ස පුත‍්තස‍්ස චාති. තතො ඔරං න සක‍්කා. වුත‍්තනයමෙවෙත්‍ථ කාරණං. ඉමෙසං පන සබ‍්බෙසම‍්පි අධිකාරො ඡන්‍දතාති ද‍්වඞ‍්ගසම‍්පන‍්නොයෙව අභිනීහාරො හොති.

සාවකයන් වහන්සේලා වීමට කොපමණ කලක් බලාපොරොත්තු ඇතිව කටයුතු කළ යුතුද? අගසවු දෙදෙනාගෙන් එක් කෙනෙකුට එක් අසංඛෙයකුත් කල්ප සියදහසකි. අසූමහාසාවක බවට කල්ප සියදහසකි. බුදුවරයකුගේ මව්පියන් වීමට, බුදුවරයකුගේ උවටැන් කරන්නා බවට පත්වීමට (ගිහිකල බෝසතුන්ගේ) පුතකු වීමටද එපමණ කලක් පැතුම් සපුරාගත යුතුය. එයින් අඩු කාලයකදී නොහැකිය. මෙහි මේ පිළිබඳව කිවයුතුය. ඒ සියළු බලාපොරොත්තු ඉටුකර ගැනීම සහ කැමැත්ත යන කරුණු දෙක ඉදිරියට ගෙනයා යුතුය.

එවං ඉමාය පත්‍ථනාය ඉමිනා ච අභිනීහාරෙන යථාවුත‍්තප‍්පභෙදං කාලං පාරමියො පූරෙත්‍වා බුද‍්ධා ලොකෙ උප‍්පජ‍්ජන‍්තා ඛත‍්තියකුලෙ වා බ්‍රාහ‍්මණකුලෙ වා උප‍්පජ‍්ජන‍්ති, පච‍්චෙකබුද‍්ධා ඛත‍්තියබ්‍රාහ‍්මණගහපතිකුලානං අඤ‍්ඤතරස‍්මිං, අග‍්ගසාවකා පන ඛත‍්තියබ්‍රාහ‍්මණකුලෙස‍්වෙව බුද‍්ධා ඉව සබ‍්බබුද‍්ධා සංවට‍්ටමානෙ කප‍්පෙ න උප‍්පජ‍්ජන‍්ති, විවට‍්ටමානෙ කප‍්පෙ උප‍්පජ‍්ජන‍්ති. පච‍්චෙකබුද‍්ධා බුද‍්ධෙ අප‍්පත්‍වා බුද‍්ධානං උප‍්පජ‍්ජනකාලෙයෙව උප‍්පජ‍්ජන‍්ති. බුද‍්ධා සයඤ‍්ච බුජ‍්ඣන‍්ති, පරෙ ච බොධෙන‍්ති. පච‍්චෙකබුද‍්ධා සයමෙව බුජ‍්ඣන‍්ති, න පරෙ බොධෙන‍්ති. අත්‍ථරසමෙව පටිවිජ‍්ඣන‍්ති, න ධම‍්මරසං. න හි තෙ ලොකුත‍්තරධම‍්මං පඤ‍්ඤත‍්තිං ආරොපෙත්‍වා දෙසෙතුං සක‍්කොන‍්ති, මූගෙන දිට‍්ඨසුපිනො විය වනචරකෙන නගරෙ සායිතබ්‍යඤ‍්ජනරසො විය ච නෙසං ධම‍්මාභිසමයො හොති. සබ‍්බං ඉද‍්ධිසමාපත‍්තිපටිසම‍්භිදාපභෙදං පාපුණන‍්ති, ගුණවිසිට‍්ඨතාය බුද‍්ධානං හෙට‍්ඨා සාවකානං උපරි හොන‍්ති, අඤ‍්ඤෙ පබ‍්බාජෙත්‍වා ආභිසමාචාරිකං සික‍්ඛාපෙන‍්ති, “චිත‍්තසල‍්ලෙඛො කාතබ‍්බො, වොසානං නාපජ‍්ජිතබ‍්බ”න‍්ති ඉමිනා උද‍්දෙසෙන උපොසථං කරොන‍්ති, ‘අජ‍්ජුපොසථො’ති වචනමත‍්තෙන වා. උපොසථං කරොන‍්තා ච ගන්‍ධමාදනෙ මඤ‍්ජූසකරුක‍්ඛමූලෙ රතනමාළෙ සන‍්නිපතිත්‍වා කරොන‍්තීති. එවං භගවා ආයස‍්මතො ආනන්‍දස‍්ස පච‍්චෙකබුද‍්ධානං සබ‍්බාකාරපරිපූරං පත්‍ථනඤ‍්ච අභිනීහාරඤ‍්ච කථෙත්‍වා, ඉදානි ඉමාය පත්‍ථනාය ඉමිනා ච අභිනීහාරෙන සමුදාගතෙ තෙ තෙ පච‍්චෙකබුද‍්ධෙ කථෙතුං “සබ‍්බෙසු භූතෙසු නිධාය දණ‍්ඩ”න‍්තිආදිනා නයෙන ඉමං ඛග‍්ගවිසාණසුත‍්තං අභාසි. අයං තාව අවිසෙසෙන පුච‍්ඡාවසිතො ඛග‍්ගවිසාණසුත‍්තස‍්ස උප‍්පත‍්ති.

මෙසේ මෙම පැතුම් මේ ආකාරයෙන් ඉටුකර ගැනීමේ අදහස මත, ඉදිරියට කටයුතු මෙහෙයවීමෙන් ඒ කියන ලද කාලය තුල පාරමිතා පුරා, ලොව කැත් කුලයක හෝ බමුණු කුලයක හෝ බුදුවරු (බෝසත්හු) උපදිති. පසේ බුදුවරු කැත්කුල, බමුණු හෝ ගැහැවි කුල හෝ උපදිති. අගසවුවෝ කැත්, බමුණු කුලවලම උපදිති. සියළු බුදුවරුන් නොමැති කල්පයෙහි නූපදිති. අගසවුවෝ බුදුවරු පහළවන කල්පය තුලම උපදිති. පසේ බුදුවරු, බුදුවරුන් පහළ නොවූ, එහෙත් බුදුවරුන් උපදනා කාලයේ උපදිති. බුදුවරු තමන්ම (සිවුසස්) අවබෝධ කරති. අනුන්ටද අවබෝධය ලබාගැනීමට මගපෙන්වති. පසේබුදුවරු තමන්ම අවබෝධ කරති. අනුන්ට අවබෝධ නොකරති. අරුත් රසයම අත්විඳිති. දහම් රස නොවිඳිති. උන්වහන්සේලාට (සිවුසස් ආදී) ලොවුතුරා කරුණු වහරෙහි අනුව ගළපා විස්තර කොට පහදා දෙන්නට නොහැකිය. සිහිනයක් දුටු ගොළුවකු සේ, නගරයෙන් පැතිරෙන එළවළුවක පිසින සුවඳ හඳුනාගත්තකු සේ, පසේ බුදුවරු දහම අවබෝධ කරගනිති. ඉද්ධි, සමවත්, සිවු පිළිසිඹියා ආදියටද පැමිණෙති. ගුණ වෙසෙස් බවින් සම්මා සම්බුදුවරුනට වඩා පහළ මට්ටමේය. සාවක (මහරහත්) වරුනට වඩා ඉහළය. අනුන් පැවිදි කරවා උසස් හැසිරීමෙහි (ආභිසමාචාරික) හික්මවති. ‘සිතෙහි කෙලෙස් දුරුකළ යුතුය, පිරිසිදු කටයුතු ඇතිව, වැරදිවලට නොපැමිණිය යුතුයැ’යි මේ අයුරින් උපදෙස් දෙමින්, ‘අද උපොසථ දිනයැයි’ කීමෙන් පමණක් පොහොය කරති. ගන්‍ධමාදන පව්වෙහි මඤජූසක නම් රුකමුල, රුවන්මය සාලාවක, එසේ පොහොය කරති. මෙසේ භාග්‍යවතුන් වහන්සේ, ගරුකටයුතු ආනන්ද හිමියන්ට, පසේ බුදුවරුන්ගේ පැතුම් බලාපොරොත්තු සහ කටයුතු මුළුමනින්ම දේශනා කොට, ඒ ඒ පසේ බුදුවරුන් ගැන පැවසීමට සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං ආදී මෙම ඛග්ගවිසාණ සූත්‍රය වදාළහ. මේ මෙතෙක් විචාරණ ලද කරුණුවලට බග්ගවිසාණ සූත්‍රයේ නිදානයයි.

1

1

ඉදානි විසෙසෙන වත‍්තබ‍්බා. තත්‍ථ ඉමිස‍්සා තාව ගාථාය එවං උප‍්පත‍්ති වෙදිතබ‍්බා – අයං කිර පච‍්චෙකබුද‍්ධො පච‍්චෙකබොධිසත‍්තභූමිං ඔගාහන‍්තො ද‍්වෙ අසඞ‍්ඛ්‍යෙය්‍යානි කප‍්පසතසහස‍්සඤ‍්ච පාරමියො පූරෙත්‍වා කස‍්සපස‍්ස භගවතො සාසනෙ පබ‍්බජිත්‍වා ආරඤ‍්ඤිකො හුත්‍වා ගතපච‍්චාගතවත‍්තං පූරෙන‍්තො සමණධම‍්මං අකාසි. එතං කිර වත‍්තං අපරිපූරෙත්‍වා පච‍්චෙකබොධිං පාපුණන‍්තා නාම නත්‍ථි. කිං පනෙතං ගතපච‍්චාගතවත‍්තං නාම? හරණපච‍්චාහරණන‍්ති. තං යථා විභූතං හොති, තථා කථෙස‍්සාම.

මෙතැන් සිට වෙසෙස් කරුණු කිව යුතුය. මෙහිදී ඒ මුල් ගාථාවෙහි නිදාන කථාව මෙසේ දතයුතුය. (මෙම ගාථාවට සම්බන්ධ) පසේ බුදුවරයන් වහන්සේ පසේ බෝසතුන් ලෙස අසංඛෙය්‍ය දෙකකුත් කප් සියදහසක් පාරමිතා පුරා, කසුප් බුදුසසුනෙහි පැවිදිව, වනගතව ‘ගතපච්චාගත වත’ පුරමින් මහණදම් කළහ. එබඳු වත් සපුරා නොමැතිව, පසේ බුදුබවට පැමිණෙන්නේ නැත. ගත පච්චාගත වත යනු කුමක්ද? ගෙනයෑම සහ ආපසු ගෙනඒමයි. එය සිදුවූ පරිද්දෙන් කියන්නෙමි.

ඉධෙකච‍්චො භික‍්ඛු හරති, න පච‍්චාහරති; එකච‍්චො පච‍්චාහරති, න හරති; එකච‍්චො පන නෙව හරති, න පච‍්චාහරති; එකච‍්චො හරති ච පච‍්චාහරති ච. තත්‍ථ යො භික‍්ඛු පගෙව වුට‍්ඨාය චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණවත‍්තං කත්‍වා, බොධිරුක‍්ඛෙ උදකං ආසිඤ‍්චිත්‍වා, පානීයඝටං පූරෙත්‍වා පානීයමාළෙ ඨපෙත්‍වා, ආචරියවත‍්තං උපජ‍්ඣායවත‍්තං කත්‍වා, ද‍්වෙඅසීති ඛුද‍්දකවත‍්තානි චුද‍්දස මහාවත‍්තානි ච සමාදාය වත‍්තති, සො සරීරපරිකම‍්මං කත්‍වා, සෙනාසනං පවිසිත්‍වා, යාව භික‍්ඛාචාරවෙලා තාව විවිත‍්තාසනෙ වීතිනාමෙත්‍වා, වෙලං ඤත්‍වා, නිවාසෙත්‍වා, කායබන්‍ධනං බන්‍ධිත්‍වා, උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා, සඞ‍්ඝාටිං ඛන්‍ධෙ කරිත්‍වා, පත‍්තං අංසෙ ආලග‍්ගෙත්‍වා, කම‍්මට‍්ඨානං මනසි කරොන‍්තො චෙතියඞ‍්ගණං පත්‍වා, චෙතියඤ‍්ච බොධිඤ‍්ච වන්‍දිත්‍වා, ගාමසමීපෙ චීවරං පාරුපිත්‍වා, පත‍්තමාදාය ගාමං පිණ‍්ඩාය පවිසති, එවං පවිට‍්ඨො ච ලාභී භික‍්ඛු පුඤ‍්ඤවා උපාසකෙහි සක‍්කතගරුකතො උපට‍්ඨාකකුලෙ වා පටික‍්කමනසාලායං වා පටික‍්කමිත්‍වා උපාසකෙහි තං තං පඤ‍්හං පුච‍්ඡියමානො තෙසං පඤ‍්හවිස‍්සජ‍්ජනෙන ධම‍්මදෙසනාවික‍්ඛෙපෙන ච තං මනසිකාරං ඡඩ‍්ඩෙත්‍වා නික‍්ඛමති, විහාරං ආගතොපි භික‍්ඛූනං පඤ‍්හං පුට‍්ඨො කථෙති, ධම‍්මං භණති, තං තං බ්‍යාපාරමාපජ‍්ජති, පච‍්ඡාභත‍්තම‍්පි පුරිමයාමම‍්පි මජ‍්ඣිමයාමම‍්පි එවං භික‍්ඛූහි සද‍්ධිං පපඤ‍්චිත්‍වා කායදුට‍්ඨුල‍්ලාභිභූතො පච‍්ඡිමයාමෙපි සයති, නෙව කම‍්මට‍්ඨානං මනසි කරොති, අයං වුච‍්චති හරති, න පච‍්චාහරතීති.

ඇතැම් පැවිද්දෙක් ගෙනයති. ආපසු නොගෙනෙති. ඇතැම් පැවිද්දෙක් ගෙන එයි. එහෙත් ගෙන යන්නේ නැත. ඇතැම් පැවිද්දෙක් ගෙන නොයති. ආපසුද නොගෙනෙති. ඇතැම් පැවිද්දෙක් ගෙන යති. ආපසු ගෙන යති. මෙහි ඉහත සඳහන් මහණු කලින්ම පිබිද, සෑමළුවෙහි - බෝමළුවෙහි වතාවත්කොට බෝරුකෙහි පැන් වත්කොට, පැන්කල පුරවා, පැන්හලෙහි තබා, ආචරිය-උපාධ්‍යාය වත් ඉටුකොට, කුඩා වත් අසූ දෙකක්ද, මහවත් දහහතරක්ද සමාදන්ව සිටිති. උන්වහන්සේ සිරුරු කටයුතු කොට, සෙනසුනට පිවිස, පිඬු පිණිස විවේකීව අසුනක හිඳ වේලාව දැන, සිවුරු හැඳ, පටිය බැඳ, සඟල සිවුර උතුරුසළුවක් සේ කරෙහි දමා, පාත්‍රය උරහිසෙහි එල්ලාගෙන, කමටහන් මෙනෙහි කරමින්, සෑමළුවට පැමිණ, සෑයද-බෝධියද වැඳ (පිටත්වී) ගම සමීපයෙහිදී සිවුර පොරවා, පාත්‍රය අතින් ගෙන, පිඬු පිණිස ගමට පිවිසෙති. එසේ පිවිස, ආහාර ලද මහණුන් වහන්සේ පින්වත් උපාසකවරුන් විසින් සත්කාර කරන ලදුව, උවටැන් කරන නිවසකට හෝ සම්භාවනීය සාලාවකට හෝ ආපසු පැමිණ, උපාසකවරුන් සමග ඒ ඒ ගැටළු විමසමින්, ගැටළු විසඳීමෙහිද දහම් දෙසීමෙහි ද අවුල් සහගත සිතින්, ඒ මෙනෙහි කිරීමද හැරදමා නික්මෙති. විහාරයට පැමිණියත්, අනෙක් පැවිදි හිමිවරුන් ගැටළු විමසුවහොත් කියාදෙයති. කරුණු කියති. පසුබත් කලද, පෙරයමෙහි ද ඒ මහණුන් වහන්සේ ඒ ඒ කටයුතුවල යෙදෙති. මෙසේ අනෙක් හිමිවරුන් සමග එක්ව (තම භාවනාදි කටයුතුවල) පමාවී, වැරදි කය වචන ආදියෙන් මඩනා ලදුව, කමටහන් මෙනෙහි නොකොටම පැසුළුයම්හි නිදයි. මෙයට ‘හරති න පච්චාහරති’ යැයි කියනු ලැබේ.

යො පන බ්‍යාධිබහුලො හොති, භුත‍්තාහාරො පච‍්චූසසමයෙ න සම‍්මා පරිණමති, පගෙව වුට‍්ඨාය යථාවුත‍්තං වත‍්තං කාතුං න සක‍්කොති කම‍්මට‍්ඨානං වා මනසි කාතුං, අඤ‍්ඤදත්‍ථු යාගුං වා භෙසජ‍්ජං වා පත්‍ථයමානො කාලස‍්සෙව පත‍්තචීවරමාදාය ගාමං පවිසති. තත්‍ථ යාගුං වා භෙසජ‍්ජං වා භත‍්තං වා ලද‍්ධා භත‍්තකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා, පඤ‍්ඤත‍්තාසනෙ නිසින‍්නො කම‍්මට‍්ඨානං මනසි කත්‍වා, විසෙසං පත්‍වා වා අප‍්පත්‍වා වා, විහාරං ආගන‍්ත්‍වා, තෙනෙව මනසිකාරෙන විහරති. අයං වුච‍්චති පච‍්චාහරති න හරතීති. එදිසා ච භික‍්ඛූ යාගුං පිවිත්‍වා, විපස‍්සනං ආරභිත්‍වා, බුද‍්ධසාසනෙ අරහත‍්තං පත‍්තා ගණනපථං වීතිවත‍්තා. සීහළදීපෙයෙව තෙසු තෙසු ගාමෙසු ආසනසාලාය න තං ආසනං අත්‍ථි, යත්‍ථ යාගුං පිවිත්‍වා අරහත‍්තං පත‍්තො භික‍්ඛු නත්‍ථීති.

යම් මහණකුට බොහෝ ලෙඩරෝගවලින් පෙළෙත්ද, උදය කාලයෙහි අනුභව කරන ලද ආහාරය මනාව දිරවන්නේ නැත. එසේම, පිබිදිවිට, කියන ලද පරිදි වතාවත් ඉටුකිරීමට හෝ කමටහන් මෙනෙහි කිරිමට නොහැකි වේ. හුදෙක්ම කැඳ හෝ බෙහෙත් හෝ ලැබේවි යැයි සිතමින් කලින්ම පිබිද පාසිවුරු ගෙන ගමට පිවිසෙයි. එහිදී කැඳ හෝ බෙහෙත් හෝ බත් හෝ ලැබ, බත් කිස නිමවා, පනවන ලද අසුනෙහි හිඳිමින් කමටහන් මෙනෙහි කොට, සිත උසස් බවකට පමුණුවාගෙන හෝ නැතිව, විහාරයට අවුත්, එයම මෙනෙහි කරමින් වසයි. මෙය ‘පච්චාහරති න හරති’ යනුයි. කැඳ පානය කොට, විදසුන් වැඩීම අරඹා බුදුසසුනෙහි අරහත් බව පසක් කළ මෙබඳු මහණුන් වහන්සේලා මෙපමණයැයි දැක්වීම අපහසුය. සිංහල දිවයිනෙහිම, ඒ ඒ ගම්වල ආසන සාලාවෙහි, (පැනවූ) ආසන නොමැති නම්, එහි යම් යම් තැනක සිට කැඳ පානය කරමින්ම, අරහත් බවට පත් මහණකු නැත.

යො පන පමාදවිහාරී හොති නික‍්ඛිත‍්තධුරො, සබ‍්බවත‍්තානි භින්‍දිත්‍වා පඤ‍්චවිධචෙතොඛිලවිනිබන්‍ධනබද‍්ධචිත‍්තො විහරන‍්තො කම‍්මට‍්ඨානමනසිකාරමනනුයුත‍්තො ගාමං පිණ‍්ඩාය පවිසිත්‍වා ගිහිපපඤ‍්චෙන පපඤ‍්චිතො තුච‍්ඡකො නික‍්ඛමති, අයං වුච‍්චති නෙව හරති න පච‍්චාහරතීති.

යම් මහණකු භාවනාදියෙහි පමාවෙමින්, උත්සාහය අත්හැර, සියළු වත් බිඳ පස්ආකාර වූ කෙලෙස් සිතිවිලිවලින් බැඳුණු සිතින් වසමින් කමටහන් මෙනෙහි නොකරමින්, ගමට පිඬු පිණිස පිවිස, ගිහි පිරිස හා එක්වෙමින් කෙලෙස් බරව හිස් (මනසින්) නික්මෙයි. මෙයට ‘නෙව හරති, න පච්චාහරති’ යැයි කියනු ලැබේ.

යො පන පගෙව වුට‍්ඨාය පුරිමනයෙනෙව සබ‍්බවත‍්තානි පරිපූරෙත්‍වා යාව භික‍්ඛාචාරවෙලා, තාව පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරොති. කම‍්මට‍්ඨානං නාම දුවිධං – සබ‍්බත්‍ථකං, පාරිහාරියඤ‍්ච. සබ‍්බත්‍ථකං නාම මෙත‍්තා ච මරණස‍්සති ච. තං සබ‍්බත්‍ථ ඉච‍්ඡිතබ‍්බතො “සබ‍්බත්‍ථක”න‍්ති වුච‍්චති. මෙත‍්තා නාම ආවාසාදීසු සබ‍්බත්‍ථ ඉච‍්ඡිතබ‍්බා. ආවාසෙසු හි මෙත‍්තාවිහාරී භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං පියො හොති, තෙන ඵාසු අසඞ‍්ඝට‍්ඨො විහරති. දෙවතාසු මෙත‍්තාවිහාරී දෙවතාහි රක‍්ඛිතගොපිතො සුඛං විහරති. රාජරාජමහාමත‍්තාදීසු මෙත‍්තාවිහාරී, තෙහි මමායිතො සුඛං විහරති. ගාමනිගමාදීසු මෙත‍්තාවිහාරී සබ‍්බත්‍ථ භික‍්ඛාචරියාදීසු මනුස‍්සෙහි සක‍්කතගරුකතො සුඛං විහරති. මරණස‍්සතිභාවනාය ජීවිතනිකන‍්තිං පහාය අප‍්පමත‍්තො විහරති.

යම් මහණක් කලින්ම පිබිද, පෙර කී පරිදි සියළු වත් පුරා, පිඬු පිණිස වේලාව එළඹෙන තුරු පලක් බැඳ කමටහන් මෙනෙහි කරයි. සබ්බත්‍ථක, පාරිහාරිය යනුවෙන් කමටහන් දෙආකාරය. සබ්බත්‍ථක යනු මෙත් වැඩීම සහ මරණය සිහි කිරීමයි. එය හැම තැනකදීම වැඩිය හැකි බැවින් ද සබ්බත්‍ථක නම් වේ. මෙත් වැඩීම ආවාස වැනි ඕනෑම තැනක සිට කළ හැකිය. ආවාසවල වැඩ සිට මෙත් වඩන මහණුහට එක්ව බඹසර හැසිරෙන-මහණදම් පුරන අනෙක් හිමිවරු කැමති වෙති. එහෙයින්, වෙනත් තැනැත්තන් හා නොගැටී පහසුවෙන් වාසය කරයි. මෙත් වඩන්නා, දේවතාවුන් විසින්ද රැකවරණ ලදුව සුවෙන් වාසය කරයි. රාජරාජ මහඇමතිවරුන්ද මෙත් විහරණයෙන් යුතු තැනැත්තා තමාගේම කෙනෙක් සේ සළකනු ලබන බැවින් සුවෙන් වෙසෙයි. ගම් නියම් ගම්වල හැමතැනකම අහර සොයා හැසිරෙන විටද, මිනිසුන් විසින් ගරුසත්කාර කරන ලදුව සුවසේ වෙසෙයි. මරණය සිහිකිරීමෙන්ද ජීවිත ඇලීම අත්හැර පමානොවී වසයි.

යං පන සදා පරිහරිතබ‍්බං චරිතානුකූලෙන ගහිතත‍්තා දසාසුභකසිණානුස‍්සතීසු අඤ‍්ඤතරං, චතුධාතුවවත්‍ථානමෙව වා, තං සදා පරිහරිතබ‍්බතො, රක‍්ඛිතබ‍්බතො, භාවෙතබ‍්බතො ච පාරිහාරියන‍්ති වුච‍්චති, මූලකම‍්මට‍්ඨානන‍්තිපි තදෙව. තත්‍ථ යං පඨමං සබ‍්බත්‍ථකකම‍්මට‍්ඨානං මනසි කරිත්‍වා පච‍්ඡා පාරිහාරියකම‍්මට‍්ඨානං මනසි කරොති, තං චතුධාතුවවත්‍ථානමුඛෙන දස‍්සෙස‍්සාම.

දස අසුභ, කසිණ, අනුස්සති හෝ සතරාකාර ධාතු කොටස් හැමවිටම තම චරිතයට ගැලපෙන පරිදි පවත්වා ගතයුතු බැවින්, රැකගත යුතු බැවින් ද, භාවනා ලෙස වැඩිය යුතු බැවින්ද ‘පාරිහාරිය’ යැයි කියනු ලැබේ. මුල් කමටහන ගැන ද එසේමය. මේ අනුව යම් (යෝගාවචරයෙකු හෝ පැවිද්දෙකු) පළමුව සබ්බත්‍ථක කමටහන් මෙනෙහි කොට, පසුව පාරිහාරිය කමටහන් මෙනෙහි කරයිද, ඒ ගැන සතරාකාර ධාතු විභාගයෙන් පැහැදිලි කරන්නෙමු.

අයඤ‍්හි යථාඨිතං යථාපණිහිතං කායං ධාතුසො පච‍්චවෙක‍්ඛති – යං ඉමස‍්මිං සරීරෙ වීසතිකොට‍්ඨාසෙසු කක‍්ඛළං ඛරගතං, සා පථවීධාතු. යං ද‍්වාදසසු ආබන්‍ධනකිච‍්චකරං ස‍්නෙහගතං, සා ආපොධාතු. යං චතූසු පරිපාචනකරං උසුමගතං, සා තෙජොධාතු. යං පන ඡසු විත්‍ථම‍්භනකරං වායොගතං, සා වායොධාතු. යං පනෙත්‍ථ චතූහි මහාභූතෙහි අසම‍්ඵුට‍්ඨං ඡිද‍්දං විවරං, සා ආකාසධාතු. තංවිජානනකං චිත‍්තං විඤ‍්ඤාණධාතු. තතො උත‍්තරි අඤ‍්ඤො සත‍්තො වා පුග‍්ගලො වා නත්‍ථි. කෙවලං සුද‍්ධසඞ‍්ඛාරපුඤ‍්ජොව අයන‍්ති.

මෙහිදී පවත්නා වූ, සකස් වූ (වැඩුණු) කය ධාතු කොටස් ලෙසින් විමසා බලයි. මේ සිරුරෙහි විසි ආකාර වූ කොටස්වල තද රළු බවක් වේද, එය පඨවී ධාතුය. එකට බැඳෙන, වැගිරෙන, තෙල් වැනි දොළොස් ආකාර කොටස් ආපෝ ධාතු නම් වේ. මේරූ බවින්, උණුසුම් බවින් වූ සතරාකාර කොටස් තේජෝ ධාතුය. සයආකාර පිම්බෙන සුළු, පැතිරෙන සුළු බව වායෝ ධාතුය. මෙම සතරමහා භූතවලින් නොගැටුණු, පහස නොලද සිදුරු වූ පැතිරුණු ඉඩකඩ ඇති තැන්) ආකාස ධාතුය. යම් දෙයක් දැන-හඳුනාගන්නා සිත විඤ්ඤාණ ධාතුය. මේ හැරුණුවිට වෙනත් සතෙකු හෝ පුද්ගලයෙකු හෝ නැත. හුදෙක්ම ඒ ඒ ධාතු කොටස් එක්වීමෙන් සකස් වූ මිටියක්-පිඬුවක් ලෙස

එවං ආදිමජ‍්ඣපරියොසානතො කම‍්මට‍්ඨානං මනසි කරිත්‍වා, කාලං ඤත්‍වා, උට‍්ඨායාසනා නිවාසෙත්‍වා, පුබ‍්බෙ වුත‍්තනයෙනෙව ගාමං පිණ‍්ඩාය ගච‍්ඡති. ගච‍්ඡන‍්තො ච යථා අන්‍ධපුථුජ‍්ජනා අභික‍්කමාදීසු “අත‍්තා අභික‍්කමති, අත‍්තනා අභික‍්කමො නිබ‍්බත‍්තිතො”ති වා, “අහං අභික‍්කමාමි, මයා අභික‍්කමො නිබ‍්බත‍්තිතො”ති වා සම‍්මුය‍්හන‍්ති, තථා අසම‍්මුය‍්හන‍්තො “අභික‍්කමාමීති චිත‍්තෙ උප‍්පජ‍්ජමානෙ තෙනෙව චිත‍්තෙන සද‍්ධිං චිත‍්තසමුට‍්ඨානා සන්‍ධාරණවායොධාතු උප‍්පජ‍්ජති. සා ඉමං පථවීධාත්‍වාදිසන‍්නිවෙසභූතං කායසම‍්මතං අට‍්ඨිකසඞ‍්ඝාටං විප‍්ඵරති, තතො චිත‍්තකිරියාවායොධාතුවිප‍්ඵාරවසෙන අයං කායසම‍්මතො අට‍්ඨිකසඞ‍්ඝාටො අභික‍්කමති. තස‍්සෙවං අභික‍්කමතො එකෙකපාදුද‍්ධාරණෙ චතූසු ධාතූසු වායොධාතුඅනුගතා තෙජොධාතු අධිකා උප‍්පජ‍්ජති, මන්‍දා ඉතරා. අතිහරණවීතිහරණාපහරණෙසු පන තෙජොධාතුඅනුගතා වායොධාතු අධිකා උප‍්පජ‍්ජති, මන්‍දා ඉතරා. ඔරොහණෙ පන පථවීධාතුඅනුගතා ආපොධාතු අධිකා උප‍්පජ‍්ජති, මන්‍දා ඉතරා. සන‍්නික‍්ඛෙපනසමුප‍්පීළනෙසු ආපොධාතුඅනුගතා පථවීධාතු අධිකා උප‍්පජ‍්ජති, මන්‍දා ඉතරා. ඉච‍්චෙතා ධාතුයො තෙන තෙන අත‍්තනො උප‍්පාදකචිත‍්තෙන සද‍්ධිං තත්‍ථ තත්‍ථෙව භිජ‍්ජන‍්ති . තත්‍ථ කො එකො අභික‍්කමති, කස‍්ස වා එකස‍්ස අභික‍්කමන”න‍්ති එවං එකෙකපාදුද‍්ධාරණාදිප‍්පකාරෙසු එකෙකස‍්මිං පකාරෙ උප‍්පන‍්නධාතුයො, තදවිනිබ‍්භුත‍්තා ච සෙසා රූපධම‍්මා, තංසමුට‍්ඨාපකං චිත‍්තං, තංසම‍්පයුත‍්තා ච සෙසා අරූපධම‍්මාති එතෙ රූපාරූපධම‍්මා. තතො පරං අතිහරණවීතිහරණාදීසු අඤ‍්ඤං පකාරං න සම‍්පාපුණන‍්ති, තත්‍ථ තත්‍ථෙව භිජ‍්ජන‍්ති. තස‍්මා අනිච‍්චා. යඤ‍්ච අනිච‍්චං, තං දුක‍්ඛං. යං දුක‍්ඛං, තදනත‍්තාති එවං සබ‍්බාකාරපරිපූරං කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තොව ගච‍්ඡති. අත්‍ථකාමා හි කුලපුත‍්තා සාසනෙ පබ‍්බජිත්‍වා දසපි වීසම‍්පි තිංසම‍්පි චත‍්තාලීසම‍්පි පඤ‍්ඤාසම‍්පි සට‍්ඨිපි සත‍්තතිපි සතම‍්පි එකතො වසන‍්තා කතිකවත‍්තං කත්‍වා විහරන‍්ති – “ආවුසො, තුම‍්හෙ න ඉණට‍්ඨා, න භයට‍්ඨා, න ජීවිකාපකතා පබ‍්බජිතා; දුක‍්ඛා මුච‍්චිතුකාමා පනෙත්‍ථ පබ‍්බජිතා. තස‍්මා ගමනෙ උප‍්පන‍්නකිලෙසං ගමනෙයෙව නිග‍්ගණ‍්හථ, ඨානෙ නිසජ‍්ජාය, සයනෙ උප‍්පන‍්නකිලෙසං ගමනෙයෙව නිග‍්ගණ‍්හථා”ති. තෙ එවං කතිකවත‍්තං කත්‍වා භික‍්ඛාචාරං ගච‍්ඡන‍්තා අඩ‍්ඪඋසභඋසභඅඩ‍්ඪගාවුතගාවුතන‍්තරෙසු පාසාණා හොන‍්ති, තාය සඤ‍්ඤාය කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තාව ගච‍්ඡන‍්ති. සචෙ කස‍්සචි ගමනෙ කිලෙසො උප‍්පජ‍්ජති, තත්‍ථෙව නං නිග‍්ගණ‍්හාති. තථා අසක‍්කොන‍්තො තිට‍්ඨති. අථස‍්ස පච‍්ඡතො ආගච‍්ඡන‍්තොපි තිට‍්ඨති. සො – “අයං භික‍්ඛු තුය‍්හං උප‍්පන‍්නවිතක‍්කං ජානාති, අනනුච‍්ඡවිකං තෙ එත”න‍්ති අත‍්තානං පටිචොදෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා තත්‍ථෙව අරියභූමිං ඔක‍්කමති. තථා අසක‍්කොන‍්තො නිසීදති. අථස‍්ස පච‍්ඡතො ආගච‍්ඡන‍්තොපි නිසීදතීති සොයෙව නයො. අරියභූමි ඔක‍්කමිතුං අසක‍්කොන‍්තොපි තං කිලෙසං වික‍්ඛම‍්භෙත්‍වා කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තොව ගච‍්ඡති. න කම‍්මට‍්ඨානවිප‍්පයුත‍්තෙන චිත‍්තෙන පාදං උද‍්ධරති. උද‍්ධරති චෙ, පටිනිවත‍්තිත්‍වා පුරිමප‍්පදෙසංයෙව එති සීහළදීපෙ ආලින්‍දකවාසී මහාඵුස‍්සදෙවත්‍ථෙරො විය .

මෙසේ මුල, මැද, අවසාන ලෙසින් කමටහන් මෙනෙහිකොට, වේලාව දැන, අසුනින් නැගිට සිවුරු හැඳ පෙර කී අයුරින්ම පිඬු පිණිස ගමට යයි. යම්සේ (මේ සිරුරෙහි) ඇති තතු නියමාකාරයෙන් නොදන්නා බැවින්, අන්‍ධ වූ බොහෝ දෙනා (මගපල නොලැබූවෝ) ඉදිරියට ගමන් කිරිමේ ආදියෙහිදී ‘තමා ඉදිරියට යයි, තමන් විසින් උපදවන ලදී’ හෝ ‘මම ඉදිරියට යමි, මා විසින් උපදවන ලදැ’යි බලවත් සේ මුලාවෙති. එසේ මුලාවෙමින් ‘ඉදිරියට යමි’යි සිත ඇතිවන විට, ඒ සිත සමග හටගැනෙන, රඳවාගනු ලබන, දරාගනු ලබන වායෝ ධාතුව උපදී. එය පඨවී ආදී ධාතුන්ගේ එකතුවක් වන කය යයි සම්මත ඇටසැකිල්ලෙහි පැතිරි යයි. එයින් සිත හා බැඳෙන කරනු ලබන දෙයට එක්ව-පැතිරී මෙම කය යැයි සම්මත ඇටසැකිල්ල ඉදිරියට ගෙන යයි. එසේ ඉදිරියට යනවිට, පාද ඔසවනු ලබන එක් එක් පියවරක් පාසා ධාතු කොටස් සතරින් වායෝ ධාතුව අනුව යන තේජෝ (උණුසුම්) ධාතුව වැඩියෙන් උපදී. අනෙත් ධාතු කොටස් අඩු ලෙසිනි. ඔසවා පහළට තැබීමේදී (සිරුරෙන්) ගෙනයන (පාද) එකිනෙක මාරු කරමින් ඉදිරියට ගමන් කිරීමේදී, පහර දීමේ දී තේජෝ ධාතු අනුව යන වායෝ ධාතුව වැඩියෙන් උපදී. අනෙක් ධාතු කොටස් මඳ ලෙසිනි. පහළට බැසීමේදී (පහත හෙළීමේදී) පඨවී ධාතු අනුව යන ආපෝ ධාතුව වැඩියෙන් උපදී. අනෙක් ධාතු කොටස් මඳ ලෙසිනි. (මුලින් කළ දේ) හැර දැමීමේදී හෝ තදින් පීඩාවට පත්වීමේදී වැඩියෙන් උපදින්නේ ආපෝ ධාතු අනුව යන පඨවී ධාතුවයි. අනෙක් ධාතු කොටස් අඩු ලෙසිනි. මේ දැක්වූ ධාතු කොටස්, තම තම සිත් හා ඒ ඒ ආකාරයෙන් හටගන්නා සේම, ඒ ඒ තැන්හිම බිඳෙයි. (ඉවත් වෙයි.) ඒ අනුව කවරනම් තැනැත්තකු ඉදිරියට යයිද? කවරකුගේ ඉදිරි ගමනක්ද? මෙසේ එක් එක් පා ඔසවමින්, පා තබමින් ආදී (ඉරියව්වලදී) එක් එක් ආකාරයට හටගත් ධාතු කොටස් වෙන් කළවිට, ඉතිරි (අවස්ථා) රූප සේ ගැනේ. එය සිත උපදවයි. ඒ හා එක්ව යෙදේ. (ඒ අතරතුර) නොයෙදෙන්නේ ‘අරූප’ සොබාවයි. එම රූප-අරූප ගති (සිරුර) එහා මෙහා ගෙනයාම, ආපසු ඒම ආදියෙහිදී වෙනත් වෙනත් ආකාරයට නොපැමිණේ. එය එහිම ඉවත්වෙයි. එහෙයින් තිර පැවැත්මක් නැත. තිර පැවැත්මක් නොමැති නම්, එය දුකකි. යම් දුකක් වේ නම්, එය (තමාට) අයත් නොවේ. (අනත්තා) මෙසේ කමටහන් මෙනෙහි කරමින්ම යයි. කමටහනින් බැහැර වූ සිතින් පාදය ඔසවන්නේ නැත. යම් ලෙසකින් කමටහනින් බැහැරව පාදය ඔසවන්නේ නම්, සිහල දිවයිනෙහි ආලින්‍දක ගමෙහි වැඩසිටි මහාඵුස්සදෙව තෙරුන් මෙන් ආපසු හැරී කලින් සිටි තැනටම එයි.

සො කිර එකූනවීසති වස‍්සානි ගතපච‍්චාගතවත‍්තං පූරෙන‍්තො එව විහාසි. මනුස‍්සාපි සුදං අන‍්තරාමග‍්ගෙ කසන‍්තා ච වපන‍්තා ච මද‍්දන‍්තා ච කම‍්මානි කරොන‍්තා ථෙරං තථා ගච‍්ඡන‍්තං දිස‍්වා – “අයං ථෙරො පුනප‍්පුනං නිවත‍්තිත්‍වා ගච‍්ඡති, කිං නු ඛො මග‍්ගමූළ‍්හො, උදාහු කිඤ‍්චි පමුට‍්ඨො”ති සමුල‍්ලපන‍්ති. සො තං අනාදියිත්‍වා කම‍්මට‍්ඨානයුත‍්තෙනෙව චිත‍්තෙන සමණධම‍්මං කරොන‍්තො වීසතිවස‍්සබ‍්භන‍්තරෙ අරහත‍්තං පාපුණි. අරහත‍්තප‍්පත‍්තදිවසෙ චස‍්ස චඞ‍්කමනකොටියං අධිවත්‍ථා දෙවතා අඞ‍්ගුලීහි දීපං උජ‍්ජාලෙත්‍වා අට‍්ඨාසි. චත‍්තාරොපි මහාරාජානො සක‍්කො ච දෙවානමින්‍දො, බ්‍රහ‍්මා ච සහම‍්පති උපට‍්ඨානං ආගමංසු. තඤ‍්ච ඔභාසං දිස‍්වා වනවාසී මහාතිස‍්සත්‍ථෙරො තං දුතියදිවසෙ පුච‍්ඡි “රත‍්තිභාගෙ ආයස‍්මතො සන‍්තිකෙ ඔභාසො අහොසි, කිං සො ඔභාසො”ති? ථෙරො වික‍්ඛෙපං කරොන‍්තො “ඔභාසො නාම දීපොභාසොපි හොති, මණිඔභාසොපී”ති එවමාදිං ආහ. සො “පටිච‍්ඡාදෙථ තුම‍්හෙ”ති නිබද‍්ධො “ආමා”ති පටිජානිත්‍වා ආරොචෙසි.

ඵුස්සදෙව තෙරුන් වහන්සේ, වසර දහනවයක් මෙම ‘ගතපච්චාගත’ වත පුරමින් වාසය කළහ. අතරමග, වැපිරීමෙහි බිම් සැකසීමෙහි හා වෙනත් කටයුතුවල නියැලි මිනිස්සුද තෙරුන් වහන්සේ එසේ ආපසු යනු දැක, ‘මේ තෙරුන් නැවත නැවතී යති. මග මුළාවී වත්ද? නැතිනම් කිසියම් අමතක වීමක්දැ’යි කතාබහ කරති. උන්වහන්සේ ඒ නොසළකා කමටහන් වඩනා සිතින්ම මහණදම් පුරා විසිවන වසර ඇතුලත අරහත් බවට පත්වූහ. අරහත් පල ලද දවසෙහිම සක්මන් මළුව කෙළවර අරක්ගත් දේවතාවා උන්වහන්සේට ඇඟිලිවල පහන් දල්වා සිටියේය. සතරවරම් දෙව්මහ රජහුද, සක්දෙවිඳුද, සහම්පතී බ්‍රහ්මයාද උවටැන් කිරීම පිණිස පැමිණියහ. ඒ ආලෝකය දුටු වනවාසී මහාතිස්ස තෙරුන් වහන්සේ පසුදින ඵුස්සදේව තෙරුගෙන්, ‘ඔබවහන්සේ සමීපයෙහි, රෑ කාලයෙහිදී ආලෝකයක් තිබිණ. ඒ ආලෝකය කුමක්දැයි ඇසූහ. තෙරුන් වහන්සේ පැහැදිලි පිළිතුරක් නොදී ‘ආලෝකය පහනින්ද, මැණිකකින්ද ඇතිවිය හැකි’ යැයි කීහ. වනවාසී හිමියන් ‘ඔබවහන්සේ (කරුණු) සඟවන සේක්දැයි නිතර අසනු ලබන බැවින් ‘එසේයැයි’ දන්වා (නිසි තතු) හෙළි කළහ.

කාළවල‍්ලිමණ‍්ඩපවාසී මහානාගත්‍ථෙරො විය ච. සොපි කිර ගතපච‍්චාගතවත‍්තං පූරෙන‍්තො “පඨමං තාව භගවතො මහාපධානං පූජෙමී”ති සත‍්ත වස‍්සානි ඨානචඞ‍්කමමෙව අධිට‍්ඨාසි. පුන සොළස වස‍්සානි ගතපච‍්චාගතවත‍්තං පූරෙත්‍වා අරහත‍්තං පාපුණි. එවං කම‍්මට‍්ඨානයුත‍්තෙනෙව චිත‍්තෙන පාදං උද‍්ධරන‍්තො විප‍්පයුත‍්තෙන චිත‍්තෙන උද‍්ධටෙ පන පටිනිවත‍්තන‍්තො ගාමසමීපං ගන‍්ත්‍වා, “ගාවී නු පබ‍්බජිතො නූ”ති ආසඞ‍්කනීයප‍්පදෙසෙ ඨත්‍වා, සඞ‍්ඝාටිං පාරුපිත්‍වා පත‍්තං ගහෙත්‍වා, ගාමද‍්වාරං පත්‍වා, කච‍්ඡකන‍්තරතො උදකං ගහෙත්‍වා, ගණ‍්ඩූසං කත්‍වා ගාමං පවිසති “භික‍්ඛං දාතුං වා වන්‍දිතුං වා උපගතෙ මනුස‍්සෙ ‘දීඝායුකා හොථා’ති වචනමත‍්තෙනපි මා මෙ කම‍්මට‍්ඨානවික‍්ඛෙපො අහොසී”ති සචෙ පන “අජ‍්ජ, භන‍්තෙ, කිං සත‍්තමී, උදාහු අට‍්ඨමී”ති දිවසං පුච‍්ඡන‍්ති, උදකං ගිලිත්‍වා ආරොචෙති. සචෙ දිවසපුච‍්ඡකා න හොන‍්ති, නික‍්ඛමනවෙලායං ගාමද‍්වාරෙ නිට‍්ඨුභිත්‍වාව යාති.

කාලවල්ලී මණ්ඩපයෙහි විසූ මහානාග තෙරුන් වහන්සේ (ගැනද කිවයුතුය) උන්වහන්සේ ගතපච්චාගත වත පුරමින්, ‘පළමුකොට භාග්‍යවතුන් වහන්සේ බුදු බවට පත්වීමට ගන්නා ලද මහත් උත්සාහයට පූජාවක් කරමි’යි සත් වසරක්ම එකම තැන සක්මනින්ම සිටීම අදිටන් කළහ. නැවතත් ගතපච්චාගත වත දහසය වසරක්ම පුරා රහත්පල ලැබූහ. මෙසේ කමටහන් වඩමින් පා තබද්දී, කමටහන් ගිලිහුණු සිතින් පා ඔසවූයේ නම්, ගම අසළට ගොස්, ‘ගවදෙනෙකු නොවේද, (නැතිනම්) මහණකු නොවේදැයි සැක කෙරෙන පෙදෙසක සිට සඟල සිවුර පොරවා, පාත්‍රය ගෙන ගම්දොරට පැමිණ, ආහාර දීමට හෝ වැඳීමට හෝ පැමිණි මිනිසුන්ට දිගුකලක් ජීවත්වේවා’යි කියන වචනයකින් වුවත් කමටහන වෙනස් නොවනු පිණිස, දිය බඳුනෙන් ගත් වතුරෙන් කට පුරවා ගමට පිවිසෙයි. (කවරකු විසින් හෝ) අද (සඳ උදාවන) හත්වන දවසද? නැතිනම් අටවකදැයි අසන ලද විට (මුව තුල වූ වතුර) ගිල දිනය ගැන කියයි. දවස ගැන විමසන්නන් නොවෙත් නම්, නික්මෙන වේලාවෙහි, ගම්දොර ළගදී මුව තුල තිබූ වතුර ඉවතලා විහාරයට පිවිසෙති.

සීහළදීපෙයෙව කලම‍්බතිත්‍ථවිහාරෙ වස‍්සූපගතා පඤ‍්ඤාසභික‍්ඛූ විය ච. තෙ කිර වස‍්සූපනායිකඋපොසථදිවසෙ කතිකවත‍්තං අකංසු – “අරහත‍්තං අප‍්පත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං නාලපිස‍්සාමා”ති. ගාමඤ‍්ච පිණ‍්ඩාය පවිසන‍්තා ගාමද‍්වාරෙ උදකගණ‍්ඩූසං කත්‍වා පවිසිංසු, දිවසෙ පුච‍්ඡිතෙ උදකං ගිලිත්‍වා ආරොචෙසුං, අපුච‍්ඡිතෙ ගාමද‍්වාරෙ නිට‍්ඨුභිත්‍වා විහාරං ආගමංසු. තත්‍ථ මනුස‍්සා නිට‍්ඨුභනට‍්ඨානං දිස‍්වා ජානිංසු “අජ‍්ජ එකො ආගතො, අජ‍්ජ ද‍්වෙ”ති. එවඤ‍්ච චින‍්තෙසුං “කිං නු ඛො එතෙ අම‍්හෙහෙව සද‍්ධිං න සල‍්ලපන‍්ති, උදාහු අඤ‍්ඤමඤ‍්ඤම‍්පි? යදි අඤ‍්ඤමඤ‍්ඤම‍්පි න සල‍්ලපන‍්ති, අද‍්ධා විවාදජාතා භවිස‍්සන‍්ති, හන්‍ද නෙසං අඤ‍්ඤමඤ‍්ඤං ඛමාපෙස‍්සාමා”ති සබ‍්බෙ විහාරං අගමංසු. තත්‍ථ පඤ‍්ඤාසභික‍්ඛූසු වස‍්සං උපගතෙසු ද‍්වෙ භික‍්ඛූ එකොකාසෙ නාද‍්දසංසු. තතො යො තෙසු චක‍්ඛුමා පුරිසො, සො එවමාහ – “න, භො, කලහකාරකානං වසනොකාසො ඊදිසො හොති, සුසම‍්මට‍්ඨං චෙතියඞ‍්ගණං බොධියඞ‍්ගණං, සුනික‍්ඛිත‍්තා සම‍්මජ‍්ජනියො, සූපට‍්ඨපිතං පානීයපරිභොජනීය”න‍්ති. තෙ තතොව නිවත‍්තා. තෙ භික‍්ඛූ අන‍්තොතෙමාසෙයෙව විපස‍්සනං ආරභිත්‍වා අරහත‍්තං පත්‍වා මහාපවාරණාය විසුද‍්ධිපවාරණං පවාරෙසුං.

සිංහල දිවයිනෙහිම ගලම්බතිත්‍ථ විහාරයෙහි වස් එළඹුණු හිමිවරුන් පනස්දෙනා මෙනි. උන්වහන්සේලා වස් සමාදන් වන පොහෝ දිනයෙහි ‘අරහත් බවට’ නොපැමිණ, එකිනෙකා හා කතාබහ නොකරන්නෙමු’යි එකඟ වූහ. පිඬු පිණිස ගමට පිවිසෙන විට ගම් දොරදී වතුරෙන් කට පුරවා ගත්හ. දවස ඇසූ විට, වතුර ගිල ඒ ගැන කීහ. එසේ නොඇසූ විටකදී (ආපසු එන අතර) ගම්දොර අසළදී වතුර ඉවත දමා විහාරයට ගියහ. ඒ දුටු මිනිස්සු ‘අද එක් පැවිදිනමක් ආවේය. අද දෙනමක් ආවෝය, යැයි’ දත්හ. ‘අප සමග මේ හිමිවරුන් කතා නොකරන්නේ කුමක් නිසාද? නැතිනම්, උන්වහන්සේලා එකිනෙකා අතරද කතා නොකරත් නම්, නිසැකවම මතභේදයට පත්වූවාහුයැ’යි සිතු මිනිස්සු උන්වහන්සේ කමාකරවා ගන්නෙමු’යි සියල්ලෝම විහාරයට ගියහ. එහි පනස්නමක් වස් එළඹ සිටියත්, දෙනමක් එකම තැනක නොදුටුවහ. ඔවුන් අතර සිටි එක් නුවණැති තැනැත්තෙක් ‘පින්වතුනි, කලහකරුවන් වසන තැනක නම් මෙසේ විය නොහැකියි, සෑමළුව, බෝමළුව කසළ ඉවත්කොට මැනවින් අතුගා ඇත. පැන් ආදී පරිහරණය කරන බඳුන් මනාව තබා ඇත, යනුවෙන් ඔවුන්ට පැහැදිලි කළේය. ඔවුහු එතැනින් නැවතුණහ. ඒ හිමිවරු වස් තෙමසදීම විදසුන් වඩා, අරහත් බවට පත්ව මහා පවාරණයෙන් වස් අවසන් කළහ.

එවං කාළවල‍්ලිමණ‍්ඩපවාසී මහානාගත්‍ථෙරො විය කලම‍්බතිත්‍ථවිහාරෙ වස‍්සූපගතභික‍්ඛූ විය ච කම‍්මට‍්ඨානයුත‍්තෙනෙව චිත‍්තෙන පාදං උද‍්ධරන‍්තො ගාමසමීපං පත්‍වා, උදකගණ‍්ඩූසං කත්‍වා, වීථියො සල‍්ලක‍්ඛෙත්‍වා, යත්‍ථ සුරාසොණ‍්ඩධුත‍්තාදයො කලහකාරකා චණ‍්ඩහත්‍ථිඅස‍්සාදයො වා නත්‍ථි, තං වීථිං පටිපජ‍්ජති. තත්‍ථ ච පිණ‍්ඩාය චරමානො න තුරිතතුරිතො විය ජවෙන ගච‍්ඡති, ජවනපිණ‍්ඩපාතිකධුතඞ‍්ගං නාම නත්‍ථි. විසමභූමිභාගප‍්පත‍්තං පන උදකභරිතසකටමිව නිච‍්චලොව හුත්‍වා ගච‍්ඡති. අනුඝරං පවිට‍්ඨො ච දාතුකාමං අදාතුකාමං වා සල‍්ලක‍්ඛෙතුං තදනුරූපං කාලං ආගමෙන‍්තො භික‍්ඛං ගහෙත්‍වා, පතිරූපෙ ඔකාසෙ නිසීදිත්‍වා, කම‍්මට‍්ඨානං මනසි කරොන‍්තො ආහාරෙ පටිකූලසඤ‍්ඤං උපට‍්ඨපෙත්‍වා, අක‍්ඛබ‍්භඤ‍්ජනවණාලෙපනපුත‍්තමංසූපමාවසෙන පච‍්චවෙක‍්ඛන‍්තො අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය…පෙ… භුත‍්තාවී ච උදකකිච‍්චං කත්‍වා, මුහුත‍්තං භත‍්තකිලමථං පටිප‍්පස‍්සම‍්භෙත්‍වා, යථා පුරෙ භත‍්තං, එවං පච‍්ඡා භත‍්තං පුරිමයාමං පච‍්ඡිමයාමඤ‍්ච කම‍්මට‍්ඨානං මනසි කරොති. අයං වුච‍්චති හරති චෙව පච‍්චාහරති චාති. එවමෙතං හරණපච‍්චාහරණං ගතපච‍්චාගතවත‍්තන‍්ති වුච‍්චති.

මෙසේ කාලවල්ලි මණ්ඩප වැසි මහානාග තෙරුන් වහන්සේ මෙන්, ගලම්බතිත්‍ථ විහාරයෙහි වස් එළඹුණු හිමිවරුන් මෙන්, යම් මහණක් කමටහන් වඩනා සිතින් පා නගමින් ගම අසළට පැමිණ, වතුර මුව පුරවාගෙන, සුරා සොඬුන්, සලෙලුන් ආදී කලහකාරීන් හෝ, නපුරු ඇතුන් හෝ අසුන් හෝ නොවෙත්ද, යා යුතු වීදිය සළකා ඒ වීදියට පැමිණේ. එහි පිඬු පිණිස හැසිරෙන විට වහ වහා, වේගයෙන් නොයයි. ජවන පිණ්ඩපාතික හෙවත් දුවගෙන පිඬු පිණිස යාම නමින් ධුතාංගයක් නැත. සමතලා නොවූ බිමක ගියද, ජලය පිරුණු කරත්තයක් මෙන් නිසලව (සන්සුන්ව) යයි. ගෙපිළිවෙලින් පිවිසියද, දෙනු කැමති බව නොදෙනු කැමති බව සලකා ගැනීමට සුදුසු පරිදි සුළු මොහොතක් ඉවසා, ලැබුණු ආහාර, සුදුසු තැනක හිඳ, කමටහන් මෙනෙහි කරමින් ආහාරයෙහි පිළිකුල් හැඟීම්ද සිහිකොට, කඩ ඇණයට තෙල් යෙදීම, තුවාලයකට ආලේප ගැල්වීම සහ පුතුගේ මස් ආහාරයට ගැනීම, අනුව සළකා, එය විමසා-මෙනෙහි කරමින්ද, සෙල්ලම් පිණිස, සවිය පිණිස ආදී ලෙස නොගනිමි’යි ද සිතා කරුණු අටකින් යුතු අහර වළඳයි. වළඳා අවසන් වූ පසුවද අත සෝදා පැන් පානයකොට, මොහොතක් විවේකීව සිට, පෙරබත් කාලයෙහි මෙන්ම, පසුබත් කාලයේද පෙරයම, මැදියම සහ පැසුළු යාමයෙහිද කමටහන් මෙනෙහි කරයි. මෙය ‘හරති පච්වාහරති’ නම් වෙයි. මේ ආකාරයට (ගෙන යන - නැවත ගෙන යන - ගිය නැවත ගිය) හරණ පච්චාහරණ - ගත පච්චාගත වත යැයි කියනු ලැබේ.

එතං පූරෙන‍්තො යදි උපනිස‍්සයසම‍්පන‍්නො හොති, පඨමවයෙ එව අරහත‍්තං පාපුණාති. නො චෙ පඨමවයෙ පාපුණාති, අථ මජ‍්ඣිමවයෙ පාපුණාති. නො චෙ මජ‍්ඣිමවයෙ පාපුණාති, අථ මරණසමයෙ පාපුණාති. නො චෙ මරණසමයෙ පාපුණාති, අථ දෙවපුත‍්තො හුත්‍වා පාපුණාති. නො චෙ දෙවපුත‍්තො හුත්‍වා පාපුණාති, අථ පච‍්චෙකසම‍්බුද‍්ධො හුත්‍වා පරිනිබ‍්බාති. නො චෙ පච‍්චෙකසම‍්බුද‍්ධො හුත්‍වා පරිනිබ‍්බාති, අථ බුද‍්ධානං සන‍්තිකෙ ඛිප‍්පාභිඤ‍්ඤො හොති; සෙය්‍යථාපි – ථෙරො බාහියො, මහාපඤ‍්ඤො වා හොති; සෙය්‍යථාපි ථෙරො සාරිපුත‍්තො.

වත් පිරිමේදී හේතුසම්පත් තිබේනම්, මුල් වයසේදීම අරහත් බවට පැමිණේ. එසේ මුල් වයසේදී නොවේ නම්, මැදි වයසේදී ද, මැදි වයසේ නොවේ නම්, මැරෙන මොහොතෙහිද, එසේ නොවේනම් දෙව් පුතකුවද, එසේත් නොවේනම්, පසේ බුදුවරයෙක්ව පිරිනිවන්පාති. පසේ බුදුවරයකු නොවීනම්, සම්බුදුවරුන් වෙතින් ඉක්මණින්ම මැනවින් (දහම්) අවබෝධය ලබන්නේ බාහිය තෙරුන් වහන්සේ මෙනි. සැරියුත් තෙරුන් වහන්සේ මෙන් මහා නුවණ ඇතියහ.

අයං පන පච‍්චෙකබොධිසත‍්තො කස‍්සපස‍්ස භගවතො සාසනෙ පබ‍්බජිත්‍වා, ආරඤ‍්ඤිකො හුත්‍වා, වීසති වස‍්සසහස‍්සානි එතං ගතපච‍්චාගතවත‍්තං පූරෙත්‍වා, කාලං කත්‍වා, කාමාවචරදෙවලොකෙ උප‍්පජ‍්ජි. තතො චවිත්‍වා බාරාණසිරඤ‍්ඤො අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං අග‍්ගහෙසි. කුසලා ඉත්‍ථියො තදහෙව ගබ‍්භසණ‍්ඨානං ජානන‍්ති, සා ච තාසමඤ‍්ඤතරා , තස‍්මා තං ගබ‍්භපතිට‍්ඨානං රඤ‍්ඤො නිවෙදෙසි. ධම‍්මතා එසා, යං පුඤ‍්ඤවන‍්තෙ සත‍්තෙ ගබ‍්භෙ උප‍්පන‍්නෙ මාතුගාමො ගබ‍්භපරිහාරං ලභති. තස‍්මා රාජා තස‍්සා ගබ‍්භපරිහාරං අදාසි. සා තතො පභුති නාච‍්චුණ‍්හං කිඤ‍්චි අජ‍්ඣොහරිතුං ලභති, නාතිසීතං, නාතිඅම‍්බිලං, නාතිලොණං, නාතිකටුකං, නාතිතිත‍්තකං. අච‍්චුණ‍්හෙ හි මාතරා අජ‍්ඣොහටෙ ගබ‍්භස‍්ස ලොහකුම‍්භිවාසො විය හොති, අතිසීතෙ ලොකන‍්තරිකවාසො විය, අච‍්චම‍්බිලලොණකටුකතිත‍්තකෙසු භුත‍්තෙසු සත්‍ථෙන ඵාලෙත්‍වා අම‍්බිලාදීහි සිත‍්තානි විය ගබ‍්භසෙය්‍යකස‍්ස අඞ‍්ගානි තිබ‍්බවෙදනානි හොන‍්ති. අතිචඞ‍්කමනට‍්ඨානනිසජ‍්ජාසයනතොපි නං නිවාරෙන‍්ති – “කුච‍්ඡිගතස‍්ස සඤ‍්චලනදුක‍්ඛං මා අහොසී”ති. මුදුකත්‍ථරණත්‍ථතාය භූමියං චඞ‍්කමනාදීනි මත‍්තාය කාතුං ලභති, වණ‍්ණගන්‍ධාදිසම‍්පන‍්නං සාදුසප‍්පායං අන‍්නපානං ලභති. පරිග‍්ගහෙත්‍වාව නං චඞ‍්කමාපෙන‍්ති, නිසීදාපෙන‍්ති, වුට‍්ඨාපෙන‍්ති.

(මෙම ගාථාවට අදාල වන) පසේ බෝසතුන් වහන්සේ, කසුප් බුදුසස්නෙහි පැවිදිව, වනගතව අවුරුදු විසිදහසක් එම ‘ගතපච්චාගත’ වත පුරා කළුරිය කොට කාමාවචර දෙව්ලොවෙහි උපන්නේය. එතැනින් චුතව බරණැස් රජුගේ අග මෙහෙසිය කුස පිළිසිඳ ගත්තේය. මේ ගැන දැනුම්-තේරුම් ඇති කාන්තාවෝ එකෙණෙහිම ගැබ් පිහිටි බව දනිති. අග මෙහෙසියද එවන් දැනුම් ඇති තැනැත්තියන්ගෙන් එකියකි. එහෙයින් ඒ බව දැන, රජුට දැන්වූවාය. පින්වත් කෙනෙකු කුස පිළිසිඳ ගත්විට ඒ කාන්තාව ගැබ් පෙරහර - ගැබට හා මවට සියළු පහසුකම් හා රැකවරණය ලැබීම සොබා නියමයකි. එහෙයින් රජු ඇයට ගැබ් පෙරහර දුන්නේය. ඇයට එතැන් පටන් දැඩි උණුසුම් වූ, ඉතා සීතල වූ, තද ඇඹුල් රසැති, ලුණු වැඩි, දැඩි සැර ගතියෙන් යුතු, ඉතා තිත්ත වූ ආහාරපාන කිසිවක් නොලබන්නීය. මව විසින් දැඩි උණුසුම් අහරක් ගතහොත් දරුගැබ ලෝහ සැළියක වාසය කරනු මෙනි. තද සීතල ආහාර ගතහොත් ලෝකාන්තරික (අඳුරු නිරයෙක) වාසය මෙනි. තද ඇඹුල්, ලුණු වැඩි, සැර, තිත්ත ආහාර අනුභව කළවිට, සැතකින් පලා ඇඹුල් ආදිය ඉසින්නාක් මෙන් දරු කලලයෙහි කොටස් දරුණු වේදනාවට පත්වෙයි. සෙලවෙන විට පවා දරුගැබට දුකක් නොවේවා’යි වේගයෙන් සක්මන් කිරීම, හිඳගැනීම හෝ (නුසුදුසු පරිදි) නිදා ගැනීමෙන් ද ඇය වළක්වති. මුදු ඇතිරිලි ඇතිරූ බිමෙහි සක්මන් කිරීමට පමණක් ඉඩ ලබන්නීය. මනාව සැකසුණු, පැහැයෙන් හා සුවඳවත් ආහාරපාන ලබන්නීය. (ආවතේව කරුවෝ) ඇය අල්වාගෙනම සක්මන් කරවති. හිඳුවති. නැගිටුවති.

සා එවං පරිහරියමානා ගබ‍්භපරිපාකකාලෙ සූතිඝරං පවිසිත්‍වා පච‍්චූසසමයෙ පුත‍්තං විජායි පක‍්කතෙලමද‍්දිතමනොසිලාපිණ‍්ඩිසදිසං ධඤ‍්ඤපුඤ‍්ඤලක‍්ඛණූපෙතං. තතො නං පඤ‍්චමදිවසෙ අලඞ‍්කතප‍්පටියත‍්තං රඤ‍්ඤො දස‍්සෙසුං, රාජා තුට‍්ඨො ඡසට‍්ඨියා ධාතීහි උපට‍්ඨාපෙසි. සො සබ‍්බසම‍්පත‍්තීහි වඩ‍්ඪමානො න චිරස‍්සෙව විඤ‍්ඤුතං පාපුණි. තං සොළසවස‍්සුද‍්දෙසිකමෙව සමානං රාජා රජ‍්ජෙ අභිසිඤ‍්චි, විවිධනාටකානි චස‍්ස උපට‍්ඨාපෙසි. අභිසිත‍්තො රාජපුත‍්තො රජ‍්ජං කාරෙසි නාමෙන බ්‍රහ‍්මදත‍්තො සකලජම‍්බුදීපෙ වීසතියා නගරසහස‍්සෙසු. ජම‍්බුදීපෙ හි පුබ‍්බෙ චතුරාසීති නගරසහස‍්සානි අහෙසුං. තානි පරිහායන‍්තානි සට‍්ඨි අහෙසුං, තතො පරිහායන‍්තානි චත‍්තාලීසං, සබ‍්බපරිහායනකාලෙ පන වීසති හොන‍්ති. අයඤ‍්ච බ්‍රහ‍්මදත‍්තො සබ‍්බපරිහායනකාලෙ උප‍්පජ‍්ජි. තෙනස‍්ස වීසති නගරසහස‍්සානි අහෙසුං, වීසති පාසාදසහස‍්සානි, වීසති හත්‍ථිසහස‍්සානි, වීසති අස‍්සසහස‍්සානි, වීසති රථසහස‍්සානි , වීසති පත‍්තිසහස‍්සානි, වීසති ඉත්‍ථිසහස‍්සානි – ඔරොධා ච නාටකිත්‍ථියො ච, වීසති අමච‍්චසහස‍්සානි. සො මහාරජ‍්ජං කාරයමානො එව කසිණපරිකම‍්මං කත්‍වා පඤ‍්ච අභිඤ‍්ඤායො, අට‍්ඨ සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙසි. යස‍්මා පන අභිසිත‍්තරඤ‍්ඤා නාම අවස‍්සං අට‍්ටකරණෙ නිසීදිතබ‍්බං, තස‍්මා එකදිවසං පගෙව පාතරාසං භුඤ‍්ජිත්‍වා විනිච‍්ඡයට‍්ඨානෙ නිසීදි. තත්‍ථ උච‍්චාසද‍්දමහාසද‍්දං අකංසු. සො “අයං සද‍්දො සමාපත‍්තියා උපක‍්කිලෙසො”ති පාසාදතලං අභිරුහිත්‍වා “සමාපත‍්තිං අප‍්පෙමී”ති නිසින‍්නො නාසක‍්ඛි අප‍්පෙතුං, රජ‍්ජවික‍්ඛෙපෙන සමාපත‍්ති පරිහීනා. තතො චින‍්තෙසි “කිං රජ‍්ජං වරං, උදාහු සමණධම‍්මො”ති. තතො “රජ‍්ජසුඛං පරිත‍්තං අනෙකාදීනවං, සමණධම‍්මසුඛං පන විපුලමනෙකානිසංසං උත‍්තමපුරිසසෙවිතඤ‍්චා”ති ඤත්‍වා අඤ‍්ඤතරං අමච‍්චං ආණාපෙසි – “ඉමං රජ‍්ජං ධම‍්මෙන සමෙන අනුසාස, මා ඛො අධම‍්මකාරං අකාසී”ති සබ‍්බං නිය්‍යාතෙත්‍වා පාසාදං අභිරුහිත්‍වා සමාපත‍්තිසුඛෙන විහරති, න කොචි උපසඞ‍්කමිතුං ලභති අඤ‍්ඤත්‍ර මුඛධොවනදන‍්තකට‍්ඨදායකභත‍්තනීහාරකාදීහි.

ඇය මෙසේ රැකවරණ ලබමින්, දරුගැබ මේරූ කල්හි සූතිකාගාරයට පිවිස, අළුයම් කාලයෙහිදී, සපුතෙලින් පිරිමැද හිරියල් පිඩක් වන්, සිරිපින් ලකුණින් හෙබි පුතකු වැදුවාය. එයින් පස්වන දින, අලංකාර ලෙස සැරසූ ළදරුවා රජුට පෙන්වූහ. සතුටු වූ රජු කිරි මවුවරුන් හැටහය දෙනෙකු උවටැන් පිණිස යෙදවීය. සියළු සැප සම්පතින් යුතුව වැඩෙන ඒ ළදරුවා, නොබෝ කලකින්ම නුවණැති බවට පත්විය. පියරජතුමා ඔහුට සොළොස් විය සමවූ කල රජකමෙහි ඔටුනු පැළඳවීය. තුන්ආකාර වූ නළඟනන් ඔහුට ලබාදුනි. මුළු දඹදිව නගර විසිදහසක බඹදත් නමින් (ඒ කුමරු) අබිසෙස් ලැබීය. පෙර දඹදිව නගර අසූහාරදහසක් තිබුණි. එය පිරිහෙමින්, හැටදහසක්ද, හතළිස් දහසක්ද, මුළුමනින්ම පිරිහී ගොස් නගර විසිදහසක් විය. මෙම බඹදත් රජුද සියලු නගර පිරිහෙන කාලයෙහි අබිසෙස් ලැබීය. එයින් ඔහුට නගර විසිදහසක්ද පාසාද විසිදහසක්ද ඇත්, අස්, රිය, පාබල හමුදා, කාන්තාවෝ, ඇතුළු පුර අඟනෝ, නළඟනෝ ද ඇමතිවරු ද විසිදහස බැගින් වූහ. ඔහු රජය විචාරද්දීම, කසිණ පිරියම් කොට අභිඤ්ඤා පහ ද සමාපත්ති අටද උපදවා ගත්තේය. අබිසෙස් ලත් රජු අවැසි තන්හිදී නඩු විසඳීමෙහිද නිරත විය යුතුය. එක් දවසක් උදෑසනින්ම අනුභව කොට, රජු විනිසුරු අසුනෙහි සිටියදී මහත් කලබලකාරී හඬක් ඇසුණි. මෙම මහත් කලබලකාරී හඬ සමවතට බලවත් කෙලෙස් වේ යැයි සිතා පහයෙහි උඩු මහලට නැගී සමවතට සමවැදීමට හිඳගත්තද නොහැකි වූයේය. රජපාලන කටයුතුවල අවුල් බව නිසා සමාපත්ති පිරිහිණ. වඩා උතුම් රජකමද? නැතිනම් මහණ දහම්දැ’යි ඔහු සිතුවේය. රජසැප අල්ප බවත් නොයෙක් (අයහපත්) විපාක ඇති බවත්, මහණදම් පිරීම මහත් ඵලදායී මෙන්ම උසස් තැනැත්තන් ගත් මඟ යැයි දැන, ‘මේ රජකම දැහැමින් සෙමෙන් කරනු, අයහපත් දෙයක් නොකරව’යි කියා එක් ඇමතිවරයකුට සියල්ල පවරා දී පහයට නැගී සමවත් සුවෙන්ම වාසය කරයි. මුව දෝවනයට දැහැටි සපයන, ආහාර ගෙනෙන සේවකයන්ට හැර වෙනත් කිසිවෙකුට රජු හමුවට ඉඩ නොලබයි.

තතො අද‍්ධමාසමත‍්තෙ වීතික‍්කන‍්තෙ මහෙසී පුච‍්ඡි “රාජා උය්‍යානගමනබලදස‍්සනනාටකාදීසු කත්‍ථචි න දිස‍්සති, කුහිං ගතො”ති? තස‍්සා තමත්‍ථං ආරොචෙසුං. සා අමච‍්චස‍්ස පාහෙසි “රජ‍්ජෙ පටිච‍්ඡිතෙ අහම‍්පි පටිච‍්ඡිතා හොමි, එතු මයා සද‍්ධිං සංවාසං කප‍්පෙතූ”ති. සො උභො කණ‍්ණෙ ථකෙත්‍වා “අසවනීයමෙත”න‍්ති පටික‍්ඛිපි. සා පුනපි ද‍්වත‍්තික‍්ඛත‍්තුං පෙසෙත්‍වා අනිච‍්ඡමානං තජ‍්ජාපෙසි – “යදි න කරොසි, ඨානාපි තෙ චාවෙමි, ජීවිතාපි වොරොපෙමී”ති. සො භීතො “මාතුගාමො නාම දළ‍්හනිච‍්ඡයො, කදාචි එවම‍්පි කාරාපෙය්‍යා”ති එකදිවසං රහො ගන‍්ත්‍වා තාය සද‍්ධිං සිරිසයනෙ සංවාසං කප‍්පෙසි. සා පුඤ‍්ඤවතී සුඛසම‍්ඵස‍්සා. සො තස‍්සා සම‍්ඵස‍්සරාගෙන රත‍්තො තත්‍ථ අභික‍්ඛණං සඞ‍්කිතසඞ‍්කිතොව අගමාසි. අනුක‍්කමෙන අත‍්තනො ඝරසාමිකො විය නිබ‍්බිසඞ‍්කො පවිසිතුමාරද‍්ධො.

එයින් අඩමසක් ගත වූ පසු රජු උයනට යාම හෝ බලසෙන් අතර හෝ රඟමඩලෙහි ආදී කිසිතැනක නොදක්නා බැවින් කොහි ගියේ දැයි බිසව විචාළාය. ඒ තොරතුරු එවිට ඇයට සැළවිය. රජකම පිළිගන්නා ලද නම්, මා ද පිළිගනු ලැබුවෙමි. මා හා එක්ව විසීමට පැමිණේවා’යි ඇමති වෙත දන්වා යැවුවාය. ඔහු දෙසවන් වසා, නොඇසිය යුතු දෙයකැයි එය පිළිකෙව් කළේය. ඇය නැවත දෙවරක්ම එම (පණිවුඩය) දැන්වුවද එකඟ නොවනවිට, ‘එසේ නොකරන්නේ නම්, ඔබ සිටින තැනින් ද ඉවත් කරමි. ජීවිතයද තොර කරවමි’යි තැති ගැන්වූවාය. ඔහු බියවී, ‘ගැහැණිය නම් දැඩි තීරණ ගන්නීය, කවදා හෝ එසේ කිසිවකු ලවා හෝ කරනු ඇතැ’යි (සිතා) එක්දවසක් රහසිගතව ඇය සමග සිරියහන් ගතවිය. සුවදායී රසපහස ලබාදීමට ඈ පින්වන්තියකි. ඔහු ඇගේ පහසට ගිජුව, රාගයෙන් රත්ව, සැකයෙන් යුතුවම නිතර නිතර ඇය වෙතට ගියේය. මද කලකින්, තම ගෙහිමියා මෙන් සැක රහිතවම එහි යාමට පටන් ගත්තේය.

තතො රාජමනුස‍්සා තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසුං. රාජා න සද‍්දහති. දුතියම‍්පි තතියම‍්පි ආරොචෙසුං. තතො නිලීනො සයමෙව දිස‍්වා සබ‍්බාමච‍්චෙ සන‍්නිපාතාපෙත්‍වා ආරොචෙසි. තෙ – “අයං රාජාපරාධිකො හත්‍ථච‍්ඡෙදං අරහති, පාදච‍්ඡෙදං අරහතී”ති යාව සූලෙ උත‍්තාසනං, තාව සබ‍්බකම‍්මකාරණානි නිද‍්දිසිංසු. රාජා – “එතස‍්ස වධබන්‍ධනතාළනෙ මය‍්හං විහිංසා උප‍්පජ‍්ජෙය්‍ය, ජීවිතා වොරොපනෙ පාණාතිපාතො භවෙය්‍ය, ධනහරණෙ අදින‍්නාදානං, අලං එවරූපෙහි කතෙහි, ඉමං මම රජ‍්ජා නික‍්කඩ‍්ඪථා”ති ආහ. අමච‍්චා තං නිබ‍්බිසයං අකංසු. සො අත‍්තනො ධනසාරඤ‍්ච පුත‍්තදාරඤ‍්ච ගහෙත්‍වා පරවිසයං අගමාසි. තත්‍ථ රාජා සුත්‍වා “කිං ආගතොසී”ති පුච‍්ඡි. “දෙව, ඉච‍්ඡාමි තං උපට‍්ඨාතු”න‍්ති. සො තං සම‍්පටිච‍්ඡි. අමච‍්චො කතිපාහච‍්චයෙන ලද‍්ධවිස‍්සාසො තං රාජානං එතදවොච – “මහාරාජ, අමක‍්ඛිකමධුං පස‍්සාමි, තං ඛාදන‍්තො නත්‍ථී”ති. රාජා “කිං එතං උප‍්පණ‍්ඩෙතුකාමො භණතී”ති න සුණාති. සො අන‍්තරං ලභිත්‍වා පුනපි සුට‍්ඨුතරං වණ‍්ණෙත්‍වා ආරොචෙසි. රාජා “කිං එත”න‍්ති පුච‍්ඡි. “බාරාණසිරජ‍්ජං, දෙවා”ති. රාජා “මං නෙත්‍වා මාරෙතුකාමොසී”ති ආහ. සො “මා, දෙව, එවං අවච, යදි න සද‍්දහසි, මනුස‍්සෙ පෙසෙහී”ති. සො මනුස‍්සෙ පෙසෙසි. තෙ ගන‍්ත්‍වා ගොපුරං ඛණිත්‍වා රඤ‍්ඤො සයනඝරෙ උට‍්ඨහිංසු.

පසුව රජගෙයි මිනිස්සු ඒ පුවත (බඹදත්) රජුට සැළකළහ. රජු එයට සැළකිලිමත් නොවීය. දෙවන වරටත්, තුන්වන වරටත් එය දැන්වූහ. ඉන්පසු සැගවී සිට තමාම දැක, ඇමතිවරුන් රැස්කරවා සැළ කළේය. ඔවුහු ‘මොහු රාජ අපරාධකරුවෙකි. අතක් කැපීම සුදුසුය. පාදයක් කැපීම සුදුසුය. උල තැබීම දක්වා වූ සියළු (දඬුවම්) පෙන්වා දුන්හ. රජු, ‘එබඳු වද දීම්, කැපීම්, තැලීම් ආදියෙන් මට හිංසා ඇතිවන්නේය. ජීවිතය නැසීමේදී, පරපණ නැසීම වන්නේය. ධනය ගැනීමේදී නුදුන් දේ ගැනීමද වන්නේය. මෙබඳු දේ කිරීම නුසුදුසුය. මොහු මගේ රජයෙන් නෙරපව’යි කීය. ඇමතිවරු ඔහු රජයෙන් ඉවත් කළහ. ඔහු තම ධනය ආදී වටිනා දේද, අඹුදරුවන්ද රැගෙන වෙනත් පෙදෙසකට ගියේය. එම පෙදෙසෙහි රජු ඒ බව අසා, ‘කුමක් නිසා පැමිණියෙහිදැ’යි විචාළේය. දේවයන් වහන්ස, ඔබට උවටැන් කරනු කැමැත්තෙමි’යි කීය. ඔහු එය පිළිගත්තේය. කිහිප දිනකින් විශ්වාසය ඇතිකරගත් ඇමති ‘මහරජ, පිළවුන් නැති මීවදයක් දුටිමි. එය අනුභව කරන්නෙකු නැතැ’යි තමන් පැමිණි පෙදෙසෙහි රජුට සැළකළේය. රජු ‘එය රවටනු කැමතිව කියන දෙයක්දැ’යි සවන් නොදෙයි. ඔහු සුදුසු වේලාවක නැවත ඒ ගැන වඩාත් හොඳින් සවිස්තරව කීය. රජු ඒ කුමක්දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, බරණැස් නුවර රජකම’ යැයි පැවසීය. ‘මා ගෙනගොස් මරවනු කැමැත්තෙහිදැ’යි රජු කීවේය. ‘දේවයන් වහන්ස, එසේ නොකිව මැනවි. පිළිනොගන්නේ නම්, මිනිසුන් යවා ඒ බව තහවුරු කරගන්නැයි කීය. රජු මිනිසුන් යැවීය. ඔවුහු ගොස් දොර කොටුව සාරා රජුගේ නිදන කාමරයෙන් මතුව නැගී සිටියහ.

රාජා දිස‍්වා “කිස‍්ස ආගතාත්‍ථා”ති පුච‍්ඡි. “චොරා මයං, මහාරාජා”ති. රාජා තෙසං ධනං දාපෙත්‍වා “මා පුන එවමකත්‍ථා”ති ඔවදිත්‍වා විස‍්සජ‍්ජෙසි. තෙ ආගන‍්ත්‍වා තස‍්ස රඤ‍්ඤො ආරොචෙසුං. සො පුනපි ද‍්වත‍්තික‍්ඛත‍්තුං තථෙව වීමංසිත්‍වා “සීලවා රාජා”ති චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා සීමන‍්තරෙ එකං නගරං උපගම‍්ම තත්‍ථ අමච‍්චස‍්ස පාහෙසි “නගරං වා මෙ දෙහි යුද‍්ධං වා”ති. සො බ්‍රහ‍්මදත‍්තස‍්ස තමත්‍ථං ආරොචාපෙසි “ආණාපෙතු දෙවො කිං යුජ‍්ඣාමි, උදාහු නගරං දෙමී”ති. රාජා “න යුජ‍්ඣිතබ‍්බං, නගරං දත්‍වා ඉධාගච‍්ඡා”ති පෙසෙසි. සො තථා අකාසි. පටිරාජාපි තං නගරං ගහෙත්‍වා අවසෙසනගරෙසුපි තථෙව දූතං පාහෙසි. තෙපි අමච‍්චා තථෙව බ්‍රහ‍්මදත‍්තස‍්ස ආරොචෙත්‍වා තෙන “න යුජ‍්ඣිතබ‍්බං, ඉධාගන‍්තබ‍්බ”න‍්ති වුත‍්තා බාරාණසිං ආගමංසු.

බඹදත් රජු ඒ දැක ‘කුමක් නිසා ආවාහුදැ’යි ඇසීය. ‘මහරජ අපි සොරු වෙමු’යි කීහ. රජ ඔවුනට ධනය දී ‘නැවත මෙසේ නොකරව’යි අවවාද කොට මුදාහළේය. ඔවුහු ආපසු අවුත් එය ඔවුන්ගේ රජුට දැන්වූහ. ඔහු නැවත දෙතුන් වරක් එසේම විමසා, එහි රජු සිල්වත්ය. බලවත් නොවේ’ යැයි සිවුරඟ සේනා රැස්කරවා මායිමෙහි එක් නගරයකට අවුත් ‘මට නගරය දෙනු. නැතිනම් යුද්ධය වේ’යැයි ඇමතියකු යැවීය. ඔහු බ්‍රහ්මදත්තයනට ‘කුමක් නිසා යුද කරම්ද, නගරය දෙමි. දේවයිනි අණ ලැබේවා’යි එම කරුණ සැළ කරවීය. රජු ‘යුද නොකළ යුතුය, නගරයදී මෙහි එනු’යි දන්වා යැවීය. ඔහු එසේ කළේය. සතුරු රජද ඒ නගරය අයත් කොටගෙන, ඉතිරි නගරවලටද එසේම දූතයකු යැවීය. ඒ ඇමතිවරුද එසේම බ්‍රහ්මදත්තට දන්වා යවා ඔවුන් ‘යුද නොකළ යුතුය, මෙහි පැමිණිය යුතු යැ’යි කියන ලදුව බරණැසට ගියහ.

තතො අමච‍්චා බ්‍රහ‍්මදත‍්තං ආහංසු – “මහාරාජ, තෙන සහ යුජ‍්ඣාමා”ති. රාජා – “මම පාණාතිපාතො භවිස‍්සතී”ති වාරෙසි. අමච‍්චා – “මයං, මහාරාජ, තං ජීවග‍්ගාහං ගහෙත්‍වා ඉධෙව ආනෙස‍්සාමා”ති නානාඋපායෙහි රාජානං සඤ‍්ඤාපෙත්‍වා “එහි මහාරාජා”ති ගන‍්තුං ආරද‍්ධා. රාජා “සචෙ සත‍්තමාරණප‍්පහරණවිලුම‍්පනකම‍්මං න කරොථ, ගච‍්ඡාමී”ති භණති. අමච‍්චා “න, දෙව, කරොම, භයං දස‍්සෙත්‍වා පලාපෙමා”ති චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා ඝටෙසු දීපෙ පක‍්ඛිපිත්‍වා රත‍්තිං ගච‍්ඡිංසු. පටිරාජා තං දිවසං බාරාණසිසමීපෙ නගරං ගහෙත්‍වා ඉදානි කින‍්ති රත‍්තිං සන‍්නාහං මොචාපෙත්‍වා පමත‍්තො නිද‍්දං ඔක‍්කමි සද‍්ධිං බලකායෙන. තතො අමච‍්චා බාරාණසිරාජානං ගහෙත්‍වා පටිරඤ‍්ඤො ඛන්‍ධාවාරං ගන‍්ත්‍වා සබ‍්බඝටෙහි දීපෙ නිහරාපෙත්‍වා එකපජ‍්ජොතාය සෙනාය සද‍්දං අකංසු. පටිරඤ‍්ඤො අමච‍්චො මහාබලං දිස‍්වා භීතො අත‍්තනො රාජානං උපසඞ‍්කමිත්‍වා “උට‍්ඨෙහි අමක‍්ඛිකමධුං ඛාදාහී”ති මහාසද‍්දං අකාසි. තථා දුතියොපි, තතියොපි. පටිරාජා තෙන සද‍්දෙන පටිබුජ‍්ඣිත්‍වා භයං සන‍්තාසං ආපජ‍්ජි. උක‍්කුට‍්ඨිසතානි පවත‍්තිංසු. සො “පරවචනං සද‍්දහිත්‍වා අමිත‍්තහත්‍ථං පත‍්තොම‍්හී”ති සබ‍්බරත‍්තිං තං තං විප‍්පලපිත්‍වා දුතියදිවසෙ “ධම‍්මිකො රාජා, උපරොධං න කරෙය්‍ය, ගන‍්ත්‍වා ඛමාපෙමී”ති චින‍්තෙත්‍වා රාජානං උපසඞ‍්කමිත්‍වා ජණ‍්ණුකෙහි පතිට‍්ඨහිත්‍වා “ඛම, මහාරාජ, මය‍්හං අපරාධ”න‍්ති ආහ. රාජා තං ඔවදිත්‍වා “උට‍්ඨෙහි, ඛමාමි තෙ”ති ආහ. සො රඤ‍්ඤා එවං වුත‍්තමත‍්තෙයෙව පරමස‍්සාසප‍්පත‍්තො අහොසි, බාරාණසිරඤ‍්ඤො සමීපෙයෙව ජනපදෙ රජ‍්ජං ලභි. තෙ අඤ‍්ඤමඤ‍්ඤං සහායකා අහෙසුං.

එහිදී ඇමතිවරු ‘මහරජ, ඔහු හා යුද කරමු’යි බ්‍රහ්මදත්තට කීහ. රජ, ‘මා පරපණ නසන්නෙක් වේ’ යැයි කියා එය වළකාලීය. ඇමතිවරුද ‘මහරජ, අපි ඔහු පණ පිටින්ම අල්ලාගෙන මෙතැනටම ගෙනෙන්නෙමු’යි බොහෝ උපා රජුට හඟවා ‘මහරජ (අප හා) එනු මැනව’යි ගමන් ඇරඹූහ. රජු ‘මිනිසුන් මැරීම-දරුණු පහරදීම්, මංකොල්ලකෑම නොකරන්නෙවු නම් එන්නෙමි’යි කීය. ඇමතිවරු ‘දේවයන් වහන්ස, එසේ නොකරමු, බිය ගන්වා පලවා හරිමු’යි සිවුරඟ සේනා සූදානම් කොට, කළගෙඩිවල පහන් තබා රැයෙහි ගියහ. සතුරු රජු බරණැස සමීපයෙහි නගරයක් අල්ලාගෙන, ‘දැන් කුමක් නිසා (වෙහෙසිය යුතුදැයි) රෑ කාලයේදී යුද සෙනග එයින් නිදහස් කොට බලකාය සමග නිදන්නට විය. එහිදී ඇමතිවරු බරණැස් රජු අල්ලාගෙන සතුරු රජුගේ කඳවුරට ගොස්, කළගෙඩිවල තිබූ සියළු පහන් ඉවතට ගෙන එකවර දල්වමින් සේනාවෙහි මහත් හඬක් නැංවූහ. සතුරු රජුගේ ඇමති මහා බලසේනාව දැක, බය වී, තම රජු වෙත පැමිණ, ‘නැගිටිනු මැනවි, පිළවු නොමැති මීවදය කන්නැ’යි මහත් හඬකින් කීය. දෙවන, තෙවන වරටද එසේ කෑගැසීය. සතුරු රජු ඒ හඬින් වහා පිබිද භයට තැතිගැනීමට පත්විය. සියක් ගුණයෙන් මහා හඬ පැතිරුණි. ඔහු ‘අනුන්ගේ වචන අදහාගෙන සතුරන් අතට පත්වුනෙමි’යි මුළු රැයම විලාප නගා පසුදින ‘දැහැමි රජතුමාට අවහිර නොකරමි, ගොස් කමාකරමී’යි සිතා රජු වෙත එළඹ දනින් වැටී ‘මහරජතුමනි, සමාවුව මැනව, වරද මගේ’ යැයි කීය. රජු ඔහුට අවවාද දී ‘නැගිටුව, සමාව දෙමි’යි කීය. එසේ කීවිටම ඔහු බොහෝ අස්වැසිල්ලක් ලැබීය. බරණැස් රජයටම සමීප වූ ජනපදයක රජ බවට පත්විය. ඔවුහු එකිනෙකා යහළුවන් බවට පත්වූහ.

අථ බ්‍රහ‍්මදත‍්තො ද‍්වෙපි සෙනා සම‍්මොදමානා එකතො ඨිතා දිස‍්වා “මමෙකස‍්ස චිත‍්තානුරක‍්ඛණාය අස‍්මිං ජනකායෙ ඛුද‍්දකමක‍්ඛිකාය පිවනමත‍්තම‍්පි ලොහිතබින්‍දු න උප‍්පන‍්නං. අහො සාධු, අහො සුට‍්ඨු, සබ‍්බෙ සත‍්තා සුඛිතා හොන‍්තු, අවෙරා හොන‍්තු, අබ්‍යාපජ‍්ඣා හොන‍්තූ”ති මෙත‍්තාඣානං උප‍්පාදෙත්‍වා, තදෙව පාදකං කත්‍වා, සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා, පච‍්චෙකබොධිඤාණං සච‍්ඡිකත්‍වා, සයම‍්භුතං පාපුණි. තං මග‍්ගසුඛෙන ඵලසුඛෙන සුඛිතං හත්‍ථික‍්ඛන්‍ධෙ නිසින‍්නං අමච‍්චා පණිපාතං කත්‍වා ආහංසු – “යානකාලො, මහාරාජ, විජිතබලකායස‍්ස සක‍්කාරො කාතබ‍්බො, පරාජිතබලකායස‍්ස භත‍්තපරිබ‍්බයො දාතබ‍්බො”ති. සො ආහ – “නාහං, භණෙ, රාජා, පච‍්චෙකබුද‍්ධො නාමාහ”න‍්ති. කිං දෙවො භණති, න එදිසා පච‍්චෙකබුද‍්ධා හොන‍්තීති? කීදිසා, භණෙ, පච‍්චෙකබුද‍්ධාති? පච‍්චෙකබුද‍්ධා නාම ද‍්වඞ‍්ගුලකෙසමස‍්සු අට‍්ඨපරික‍්ඛාරයුත‍්තා භවන‍්තීති. සො දක‍්ඛිණහත්‍ථෙන සීසං පරාමසි, තාවදෙව ගිහිලිඞ‍්ගං අන‍්තරධායි, පබ‍්බජිතවෙසො පාතුරහොසි, ද‍්වඞ‍්ගුලකෙසමස‍්සු අට‍්ඨපරික‍්ඛාරසමන‍්නාගතො වස‍්සසතිකත්‍ථෙරසදිසො අහොසි. සො චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා හත්‍ථික‍්ඛන්‍ධතො වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා පදුමපුප‍්ඵෙ නිසීදි. අමච‍්චා වන්‍දිත්‍වා “කිං, භන‍්තෙ, කම‍්මට‍්ඨානං, කථං අධිගතොසී”ති පුච‍්ඡිංසු. සො යතො අස‍්ස මෙත‍්තාඣානකම‍්මට‍්ඨානං අහොසි , තඤ‍්ච විපස‍්සනං විපස‍්සිත්‍වා අධිගතො, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො උදානගාථඤ‍්ච බ්‍යාකරණගාථඤ‍්ච ඉමඤ‍්ඤෙව ගාථං අභාසි “සබ‍්බෙසු භූතෙසු නිධාය දණ‍්ඩ”න‍්ති.

ඉක්බිති බඹදත් රජු සේනා දෙකොටසම සතුටින් එක්ව සිටිනු දැක ‘මා වැනි එක් අයෙකුගේ සිත සුරැකි අයුරින් මෙම මහාජන සමූහයෙහි කුඩා මැස්සකු උරාබොන ලේ බිඳකුදු තරමවත් සෙලවීමක් නොවීය. ‘අහා! ඉතා යහපත්ය, ඉතා හොඳය. සියළු ජීවීහු සැපවත් වෙත්වා! තරහ නැත්තෝ වෙත්වා! නපුරු තරහ සිත් නැත්තෝ වෙත්වා!’යි මෙත්දැහැන උපදවා එයම මූලික කොට, ඒවා ඇතිවන අයුරු විමසා නුවණින් මෙනෙහි කොට පසේ බුදුනැණ තමා විසින්ම අවබෝධ කොට ගත්තේය. එසේ මගපල සුවයෙන් සිත සැනසුම ලැබ, ඇතු පිට නැගී සිටි රජුට නමස්කාර කළ ඇමතිවරු ‘මහරජතුමනි, යාමට කාලය පැමිණ ඇත. ජයගත් බල සෙනඟට සත්කාර කළ යුතුය. පැරදුන බල සෙනඟට බත් පිරිවැය දිය යුතුයැයි ද පැවසූහ. ‘පින්වත් දරුවනි, මම රජ නොවෙමි. පසේබුදු වෙමි’යි කීය. ‘දේවයන් වහන්ස, කුමක් කියන්නෙහිද? පසේ බුදුවරුන් ඔය ආකාර නොවෙති’යි කීහ. ‘දරුවනි පසේ බුදුවරුන් කෙබඳුද? පසේ බුදුවරු දෑඟුල් තරම් වූ කෙස් රවුළු ඇති, අටපිරිකර දරන්නෝ වෙති’යි පිළිතුරු දුන්හ. ඔහු දකුණතින් හිස පිරිමැදීය. එකෙණෙහිම ගිහි විලාසය අතුරුදහන් විය. පැවිදි විලාසය පහළ විය. දෑඟුල් කෙස්රවුල් යුත්, අටපිරිකර දරන සියවස් පිරුණු තෙරනමක සේ පෙනිණ. සිවුවන දැහැනට සමවැද ඇතු පිටින්ම අහසට පැන නැගී නෙළුම් මලක් මත සිටියහ. ඇමතිවරු නමස්කාර කොට ‘හිමියනි, කමටහන කුමක්ද? කෙසේ අවබෝධ කරගත්තෙහිදැ’යි ඇසූහ. පසේ බුදුවරයාණෝ ‘මෙත් අදිටන කමටහන වූ අයුරුත්, එය විදසුන් ලෙස මෙනෙහි කොට ලැබූ අයුරුත් පැහැදිලි කරමින් උදානයක් ලෙසත්, විවරණයක් ලෙසත් සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං යන ගාථාව කීහ.

තත්‍ථ සබ‍්බෙසූති අනවසෙසෙසු. භූතෙසූති සත‍්තෙසු. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරං පන රතනසුත‍්තවණ‍්ණනායං වක‍්ඛාම. නිධායාති නික‍්ඛිපිත්‍වා. දණ‍්ඩන‍්ති කායවචීමනොදණ‍්ඩං, කායදුච‍්චරිතාදීනමෙතං අධිවචනං. කායදුච‍්චරිතඤ‍්හි දණ‍්ඩයතීති දණ‍්ඩො, බාධෙති අනයබ්‍යසනං පාපෙතීති වුත‍්තං හොති. එවං වචීදුච‍්චරිතං මනොදුච‍්චරිතං ච. පහරණදණ‍්ඩො එව වා දණ‍්ඩො, තං නිධායාතිපි වුත‍්තං හොති. අවිහෙඨයන‍්ති අවිහෙඨයන‍්තො. අඤ‍්ඤතරම‍්පීති යංකිඤ‍්චි එකම‍්පි. තෙසන‍්ති තෙසං සබ‍්බභූතානං. න පුත‍්තමිච‍්ඡෙය්‍යාති අත්‍රජො, ඛෙත්‍රජො, දින‍්නකො, අන‍්තෙවාසිකොති ඉමෙසු චතූසු පුත‍්තෙසු යං කිඤ‍්චි පුත‍්තං න ඉච‍්ඡෙය්‍ය. කුතො සහායන‍්ති සහායං පන ඉච‍්ඡෙය්‍යාති කුතො එව එතං.

සබ්බෙසු - වෙන්කොට දැක්වීමක් නැතිව භූතෙසු හැම ජීවීන් කෙරෙහි මෙය කෙටියෙන් සඳහන් කිරීමයි. විස්තර රතන සූත්‍ර විවරණයෙහිදී කියමු. නිධාය බැහැරකොට, දණ්ඩං යනු කයෙන් වචනයෙන් සිතින් කරන (වැරදි) දේ කයෙහි දුසිරිත් ආදියට සමාන තේරුමකි. කයෙහි ආදී දුසිරිත් නිසා ලබන දුක්ගැහැටවලින් වන විපාක දඬුවමක් මෙන් සළකා දණ්ඩ යැයි දැක්වේ. හිරිහැර හා නොයෙක් විපත්වලට පැමිණෙන අයුරු කියන ලදී. වචනයෙන් හා සිතින් දුසිරිතට යොමුවීමද මෙසේම දතයුතුය. පහරදීමද මෙහිලා ගැනේ. එය හදවතෙහි නිදන්කොට තබාගත් බඳුය. අවිහෙඨයං හිංසා නොකරන බවයි. අඤ්ඤතරම්පි කිසියම් තැනැත්තෙක් තෙසං ඒ සියළුම දෙනාට න පුත්ත මිච්ඡෙය්‍ය තමන්ට දා වූ පුතු, කැත් කුල කතකගෙන් උපන් පුතු, හදාවඩා ගත් පුතකු, අතවැසි යන සිවු ආකාර වූ පුතුන් අතර, කිසිම පුතකුට කැමති නොවන්නේය. කුතො සහායං ( එසේනම්) තවත් කෙනෙකු සහායකයක් ලෙස කෙසේ කැමති වෙත්ද?

එකොති පබ‍්බජ‍්ජාසඞ‍්ඛාතෙන එකො, අදුතියට‍්ඨෙන එකො, තණ‍්හාපහානෙන එකො, එකන‍්තවිගතකිලෙසොති එකො, එකො පච‍්චෙකසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති එකො. සමණසහස‍්සස‍්සාපි හි මජ‍්ඣෙ වත‍්තමානො ගිහිසඤ‍්ඤොජනස‍්ස ඡින‍්නත‍්තා එකො – එවං පබ‍්බජ‍්ජාසඞ‍්ඛාතෙන එකො. එකො තිට‍්ඨති, එකො ගච‍්ඡති, එකො නිසීදති, එකො සෙය්‍යං කප‍්පෙති, එකො ඉරියති වත‍්තතීති – එවං අදුතියට‍්ඨෙන එකො.

එකො එකම දෙය පැවිදි වීම යැයි කියන ලද පරිදි, තවත් කෙනෙකු (දෙවැන්නකු) නොමැති වීමෙන්, තනිවම තණ්හාව නැති කිරිමෙන්, නිසැකවම කෙලෙස් දුරු කිරිමෙන්, තනිවම පසේ බුදුබවට අවබෝධය ලැබීමෙන්, පැවිදි වූවන් දහසක් මැද වුවද පවත්නා ගිහියන් හා ගිහි ජීවිතයට අදාළ බැඳීම් සිඳ බිඳ දමන ලද බැවින්ද එකො යැයි අදහස් වේ. එයින් පැවිදි වීමෙන් තනිවම සිටින බව දැක්වේ. තනිවම සිටී. තනිවම යයි. තනිවම හිඳී. තනිවම නිදාගනී. තනිවම ඉරියව් පවත්වයි. මේ අනුව දෙවැන්නකු නොමැති බැවින් එකො යනුවෙන් දැක්වේ.

“තණ‍්හාදුතියො පුරිසො, දීඝමද‍්ධානසංසරං; ඉත්‍ථභාවඤ‍්ඤථාභාවං, සංසාරං නාතිවත‍්තති.

‘තණ්හාදුතියො පුරිසො දීඝමද්ධාන සංසරං ඉත්‍ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තතී

“එවමාදීනවං ඤත්‍වා, තණ‍්හං දුක‍්ඛස‍්ස සම‍්භවං; වීතතණ‍්හො අනාදානො, සතො භික‍්ඛු පරිබ‍්බජෙ”ති. (ඉතිවු· 15, 105; මහානි· 191; චූළනි· පාරායනානුගීතිගාථානිද‍්දෙස 107) –

එතමාදීනවං ඤත්‍වා තණ්හං දුක්‍ඛස්ස සම්භවං වීතතණ්හො අනාදානො සතො භික්‍ඛූ පරිබ්බජෙ’

‘තණ්හාව දෙවැනි කොටගත් තැනැත්තා මේ ආකාර වූ මිනිසත් බව හෝ වෙනත් ආකාර උපත් ලබමින් දිගුකලක් සසර සැරිසරමින්, සසර ගමන නොඉක්මවයි.

තණ්හාව, දුකට හේතුවන බැවින්, එහි විපාක දැන කිසිම දෙයක නොඇලෙමින්, තණ්හාව දුරුකරන, සිහියෙන් යුතු වූ පැවිද්දා සසර ද දුරුකරයි’ -

එවං තණ‍්හාපහානට‍්ඨෙන එකො. සබ‍්බකිලෙසාස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවංකතා ආයතිං අනුප‍්පාදධම‍්මාති – එවං එකන‍්තවිගතකිලෙසොති එකො. අනාචරියකො හුත්‍වා සයම‍්භූ සාමඤ‍්ඤෙව පච‍්චෙකසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති – එවං එකො පච‍්චෙකසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති එකො.

මෙසේ තණ්හාව දුරුකරන හෙයින් එකො නම් වේ. මුලින්ම කපා දමන ලද තල් ගසක් මෙන් නැවත හට නොගන්නා සේ සියළු කෙලෙස් සිඳ දමන ලදැයි ‘සබ්බ කිලෙසාස්ස පහීණ උච්ඡින්න මූලා තාලාවත්‍ථුකතා -පෙ- ආයතිං අනුප්පාද ධම්මා’ මෙසේ නිසැකවම කෙලෙසුන් ඉවත හළ බැවින් ‘එකො’ය. ගුරුවරයෙකු නොමැතිව, තමාම තම දැනුම මෙහෙයා නුවණින් පසේබුදුබව අවබෝධ කරන ලද බැවින්ද ‘එකො’ යනුවෙන් ගැනේ.

චරෙති යා ඉමා අට‍්ඨ චරියායො; සෙය්‍යථිදං – පණිධිසම‍්පන‍්නානං චතූසු ඉරියාපථෙසු ඉරියාපථචරියා , ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරානං අජ‍්ඣත‍්තිකායතනෙසු ආයතනචරියා, අප‍්පමාදවිහාරීනං චතූසු සතිපට‍්ඨානෙසු සතිචරියා, අධිචිත‍්තමනුයුත‍්තානං චතූසු ඣානෙසු සමාධිචරියා, බුද‍්ධිසම‍්පන‍්නානං චතූසු අරියසච‍්චෙසු ඤාණචරියා, සම‍්මා පටිපන‍්නානං චතූසු අරියමග‍්ගෙසු මග‍්ගචරියා, අධිගතප‍්ඵලානං චතූසු සාමඤ‍්ඤඵලෙසු පත‍්තිචරියා, තිණ‍්ණං බුද‍්ධානං සබ‍්බසත‍්තෙසු ලොකත්‍ථචරියා, තත්‍ථ පදෙසතො පච‍්චෙකබුද‍්ධසාවකානන‍්ති. යථාහ – “චරියාති අට‍්ඨ චරියායො ඉරියාපථචරියා”ති (පටි· ම· 1.197; 3.28) විත්‍ථාරො. තාහි චරියාහි සමන‍්නාගතො භවෙය්‍යාති අත්‍ථො. අථ වා යා ඉමා “අධිමුච‍්චන‍්තො සද‍්ධාය චරති, පග‍්ගණ‍්හන‍්තො වීරියෙන චරති, උපට‍්ඨහන‍්තො සතියා චරති, අවික‍්ඛිත‍්තො සමාධිනා චරති, පජානන‍්තො පඤ‍්ඤාය චරති, විජානන‍්තො විඤ‍්ඤාණෙන චරති, එවං පටිපන‍්නස‍්ස කුසලා ධම‍්මා ආයතන‍්තීති ආයතනචරියාය චරති, එවං පටිපන‍්නො විසෙසමධිගච‍්ඡතීති විසෙසචරියාය චරතී”ති (පටි· ම· 1.197; 3.29) එවං අපරාපි අට‍්ඨ චරියා වුත‍්තා. තාහිපි සමන‍්නාගතො භවෙය්‍යාති අත්‍ථො. ඛග‍්ගවිසාණකප‍්පොති එත්‍ථ ඛග‍්ගවිසාණං නාම ඛග‍්ගමිගසිඞ‍්ගං. කප‍්පසද‍්දස‍්ස අත්‍ථං විත්‍ථාරතො මඞ‍්ගලසුත‍්තවණ‍්ණනායං පකාසයිස‍්සාම. ඉධ පනායං “සත්‍ථුකප‍්පෙන වත, භො, කිර සාවකෙන සද‍්ධිං මන‍්තයමානා”ති (ම· නි· 1.260) එවමාදීසු විය පටිභාගො වෙදිතබ‍්බො. ඛග‍්ගවිසාණකප‍්පොති ඛග‍්ගවිසාණසදිසොති වුත‍්තං හොති. අයං තාවෙත්‍ථ පදතො අත්‍ථවණ‍්ණනා.

චරෙ මෙම අටවැදෑරුම් හැසිරීමයි. ඒ කෙසේද? කෙලෙස් දුරුකොට බලාපොරොත්තු අරමුණ ඉටුකර ගැනීමේ සිවු ආකාර වූ ඉරියව් පවත්වා ගැනීම නම් වූ ඉරියාපථ චරියාව, තම ඉඳුරන් සංවර කරගැනීම සංවරය නම් වූ ආයතන චරියාව, පමා නොවී හැමවිටම කය මෙනෙහි කිරීම ආදී සිවු වැදෑරුම්ව සිහිය පිහිටුවා ගැනීම වූ සති චරියාව, පවත්නා සිත අභිබවා යන සිවු දැහැන් ලබා එකඟ බවට පත්කරන සමාධි චරියා, බුද්ධි සම්පන්න වූ සිවුසස් මගින් යුතු ඤාණ චරියාව, උතුම් සිවු මගෙහි මනාව පිළිපන් පරිදි වූ මග්ග චරියාව, මහණකමෙහි පල ලැබීම වන සිවුමග පලවලට පත්වීම නම් වූ පත්ති චරියාව, සියළු සත්වග කෙරෙහි තුන් බුදුවරුන්ගේ හිතසුව සැලසීම නම් ලොකත්‍ථ චරියාවයි. එහි කොටස් පසේ බුදුසව්වනටද අදාළ වේ. අටවැදෑරුම් හැසිරීම ගැන කියන ලද්දේය. එය ඉරියාපථ චරියා ඉරියව් හැසිරවීම ආදී ලෙස විස්තර වෙයි. එබඳු හැසිරීම්වලින් යුතු වන්නේය යන අදහසයි. නැතහොත් ඒවා මැනවින් සිත දරා හැසිරෙයි. දැඩි උත්සාහවත්ව හැසිරෙයි. එළඹ සිටි සිහියෙන් යුතුව (මනා සිහියෙන්) හැසිරෙයි. නොසැලෙන එකඟතාවෙන් සිත පිහිටුවා හැසිරෙයි. එය මනාව දන්නා තියුණු නුවණින් හැසිරෙයි. මෙසේ අනුගමනය කරමින් ඉඳුරන් මනා සංවරව රැකගනිමින් ‘ආයතන චරියාවේ’ හැසිරෙයි. මෙසේ පිළිපදින්නා වූ කෙනෙකුගේ සිත උසස් බවක් - වෙසෙස් බවක් ලැබ ගනී. මෙසේ ‘විසෙස චරියා’වෙහි හැසිරෙයි. මෙසේ වෙනත් ලෙසකින්ද හැසිරිම් අට ගැන කියන ලදී. ඒවායින් යුතු වන්නේ යැයි තේරුමයි. ඛග්ග විසාණ කප්පො යනු කඩුවක් බඳු දිගු අඟක් නළලේ ඇති සතෙකි. (කඟවේණාය) කප්ප යන වචනයෙහි විස්තර මංගල සූත්‍ර වැණුමෙහිදී පවසන්නෙමු. තම සව්වන් හා සාකච්ඡා කරමින් මගපෙන්වන ගුරුවරුන්, නායකයන් මෙන් යෙදෙන තන්හි සමාන බවින් සළකා ගතයුතුය. ඛග්ගවිසාණ කප්පො කඟවේණ අඟ හා සමාන යැයි කියන ලදී. මෙය වචනයෙහි තේරුම පමණි.

අධිප‍්පායානුසන්‍ධිතො පන එවං වෙදිතබ‍්බා – ය‍්වායං වුත‍්තප‍්පකාරො දණ‍්ඩො භූතෙසු පවත‍්තියමානො අහිතො හොති, තං තෙසු අප‍්පවත‍්තනෙන තප‍්පටිපක‍්ඛභූතාය මෙත‍්තාය පරහිතූපසංහාරෙන ච සබ‍්බෙසු භූතෙසු නිධාය දණ‍්ඩං, නිහිතදණ‍්ඩත‍්තා එව ච. යථා අනිහිතදණ‍්ඩා සත‍්තා භූතානි දණ‍්ඩෙන වා සත්‍ථෙන වා පාණිනා වා ලෙඩ‍්ඩුනා වා විහෙඨයන‍්ති, තථා අවිහෙඨයං අඤ‍්ඤතරම‍්පි තෙසං. ඉමං මෙත‍්තාකම‍්මට‍්ඨානමාගම‍්ම යදෙව තත්‍ථ වෙදනාගතං සඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණගතං තඤ‍්ච තදනුසාරෙනෙව තදඤ‍්ඤඤ‍්ච සඞ‍්ඛාරගතං විපස‍්සිත්‍වා ඉමං පච‍්චෙකබොධිං අධිගතොම‍්හීති අයං තාව අධිප‍්පායො.

එයින් අදහස් කරන ලද කරුණු මෙසේ දතයුතුය. මෙහි කියන ලද ආකාරයට දුසිරිතෙහි යෙදීම හැමදෙනා කෙරෙහිම අහිත පිණිස පවතීද, ඔවුන් එසේ පැවතුනත් (තමන්) එසේ නොකොට, එයට වෙනස් වන පරිදි මෙන් සිතිවිලි පැතිරවීමෙන්ද, දඬුමුගුරු නොගෙන සිටියද ඔවුන් දඬුවලින් හෝ ආයුධයකින් හෝ අතින් හෝ ගල්කැට කැබලිති ආදියෙන් හෝ හිංසා කරත්ද, එසේ හිංසාවෙන් තොරව ඔවුන් කෙරෙහි මේ මෙත් සහගත කමටහන වඩා එහි වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ලෙසට සළකා, ඒ අනුසාරයෙන් ඒ වෙනත් දේවල්ද සංඛාර බවට (හේතු නිසා හටගත් දේ තිර නැති බව) විදසුන් වඩා මෙම පසේ බුදුබව අවබෝධ කළෙමි. මේ එහි අදහසයි.

අයං පන අනුසන්‍ධි – එවං වුත‍්තෙ තෙ අමච‍්චා ආහංසු – “ඉදානි, භන‍්තෙ, කුහිං ගච‍්ඡථා”ති? තතො තෙන “පුබ‍්බපච‍්චෙකසම‍්බුද‍්ධා කත්‍ථ වසන‍්තී”ති ආවජ‍්ජෙත්‍වා ඤත්‍වා “ගන්‍ධමාදනපබ‍්බතෙ”ති වුත‍්තෙ පුනාහංසු – “අම‍්හෙ දානි, භන‍්තෙ, පජහථ, න ඉච‍්ඡථා”ති. අථ පච‍්චෙකබුද‍්ධො ආහ – “න පුත‍්තමිච‍්ඡෙය්‍යා”ති සබ‍්බං. තත්‍රාධිප‍්පායො – අහං ඉදානි අත්‍රජාදීසු යං කිඤ‍්චි පුත‍්තම‍්පි න ඉච‍්ඡෙය්‍යං, කුතො පන තුම‍්හාදිසං සහායං? තස‍්මා තුම‍්හෙසුපි යො මයා සද‍්ධිං ගන‍්තුං මාදිසො වා හොතුං ඉච‍්ඡති, සො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො. අථ වා තෙහි “අම‍්හෙ දානි, භන‍්තෙ, පජහථ න ඉච‍්ඡථා”ති වුත‍්තෙ සො පච‍්චෙකබුද‍්ධො “න පුත‍්තමිච‍්ඡෙය්‍ය කුතො සහාය”න‍්ති වත්‍වා අත‍්තනො යථාවුත‍්තෙනත්‍ථෙන එකචරියාය ගුණං දිස‍්වා පමුදිතො පීතිසොමනස‍්සජාතො ඉමං උදානං උදානෙසි – “එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති. එවං වත්‍වා පෙක‍්ඛමානස‍්සෙව මහාජනස‍්ස ආකාසෙ උප‍්පතිත්‍වා ගන්‍ධමාදනං අගමාසි.

මීළඟට මෙය (අනෙක් කරුණු හා) ගැළපීමයි. මෙසේ කී විට ඒ ඇමතිවරු ‘හිමියනි, දැන් කොහි යන්නෙහිද?’ ඇසීය. එවිට පෙර පසේ බුදුවරුන් කොතැන වැඩ සිටියාහුදැ’යි මෙනෙහි කොට ගන්‍ධමාදන පව්වෙහි යැයි දැන ඒ බව වදාළ විට, ‘හිමියනි, අපත් (එමු’යි) කීහ. පසේ බුදුන් වහන්සේ ‘ඒ අදහස ඉවත් කරව, එසේ කිරීමට කැමති නොවවු’ කීහ. න පුත්ත මිච්ඡෙය්‍ය සියළු දෙයම - එහි අදහස මෙයයි. ‘මම දැන් මගේම පුතුන් ආදීන් මෙන්ම, පුතකු සේ සැළකෙන කිසිදු දෙයකට (කිසියම් දෙයක හිමිකමට) කැමති නොවෙමි. එසේනම් ඔබලා වැනි සහායකයන් ගැන කුමක් කියන්නද? එහෙයින් මා සමග යාමට හෝ මා වාගේ සිටීමට ඔබලා අතුරෙන් යම් කෙනෙකු කැමති වෙත්නම්, ඔහු තනිව හැසිරෙන කඟවේණකු මෙන් විය යුතුය. නැතහොත්, ඔවුන් විසින් ‘හිමියනි, අප අත්හැර දැමීමට කැමති නොවනු මැනවැ’යි කී විට, ඒ පසේ බුදුන් වහන්සේ ‘පුතුන්ද කැමති නොවෙමි. සහායකයන් ගැන කුමකට කියම්දැ’යි, අසා තමා පෙර කියන ලද පරිදිම තනිව හැසිරිමෙහි යහපත දැක සතුටු සොම්නසින් ප්‍රමුදිතව එකො චරෙ ඛග්ග විසාණකප්පො යන මෙම උදානය පහළ කළහ. මෙසේ කිවූ පසේබුදුන් වහන්සේ මහජනතාව බලා සිටියදීම අහසට නැගී ගන්‍ධමාදන පව්වට වැඩියහ.

ගන්‍ධමාදනො නාම හිමවති චූළකාළපබ‍්බතං, මහාකාළපබ‍්බතං, නාගපලිවෙඨනං, චන්‍දගබ‍්භං, සූරියගබ‍්භං, සුවණ‍්ණපස‍්සං, හිමවන‍්තපබ‍්බතන‍්ති සත‍්ත පබ‍්බතෙ අතික‍්කම‍්ම හොති. තත්‍ථ නන්‍දමූලකං නාම පබ‍්භාරං පච‍්චෙකබුද‍්ධානං වසනොකාසො. තිස‍්සො ච ගුහායො – සුවණ‍්ණගුහා, මණිගුහා, රජතගුහාති. තත්‍ථ මණිගුහාද‍්වාරෙ මඤ‍්ජූසකො නාම රුක‍්ඛො යොජනං උබ‍්බෙධෙන, යොජනං විත්‍ථාරෙන. සො යත‍්තකානි උදකෙ වා ථලෙ වා පුප‍්ඵානි, සබ‍්බානි තානි පුප‍්ඵයති විසෙසෙන පච‍්චෙකබුද‍්ධාගමනදිවසෙ. තස‍්සූපරිතො සබ‍්බරතනමාළො හොති. තත්‍ථ සම‍්මජ‍්ජනකවාතො කචවරං ඡඩ‍්ඩෙති, සමකරණවාතො සබ‍්බරතනමයං වාලිකං සමං කරොති, සිඤ‍්චනකවාතො අනොතත‍්තදහතො ආනෙත්‍වා උදකං සිඤ‍්චති, සුගන්‍ධකරණවාතො හිමවන‍්තතො සබ‍්බෙසං ගන්‍ධරුක‍්ඛානං ගන්‍ධෙ ආනෙති, ඔචිනකවාතො පුප‍්ඵානි ඔචිනිත්‍වා පාතෙති, සන්‍ථරකවාතො සබ‍්බත්‍ථ සන්‍ථරති. සදා පඤ‍්ඤත‍්තානෙව චෙත්‍ථ ආසනානි හොන‍්ති, යෙසු පච‍්චෙකබුද‍්ධුප‍්පාදදිවසෙ උපොසථදිවසෙ ච සබ‍්බපච‍්චෙකබුද‍්ධා සන‍්නිපතිත්‍වා නිසීදන‍්ති. අයං තත්‍ථ පකති. අභිසම‍්බුද‍්ධ-පච‍්චෙකබුද‍්ධො තත්‍ථ ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදති. තතො සචෙ තස‍්මිං කාලෙ අඤ‍්ඤෙපි පච‍්චෙකබුද‍්ධා සංවිජ‍්ජන‍්ති, තෙපි තඞ‍්ඛණං සන‍්නිපතිත්‍වා පඤ‍්ඤත‍්තාසනෙසු නිසීදන‍්ති. නිසීදිත්‍වා ච කිඤ‍්චිදෙව සමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨහන‍්ති, තතො සඞ‍්ඝත්‍ථෙරො අධුනාගතපච‍්චෙකබුද‍්ධං සබ‍්බෙසං අනුමොදනත්‍ථාය “කථමධිගත”න‍්ති කම‍්මට‍්ඨානං පුච‍්ඡති. තදාපි සො තමෙව අත‍්තනො උදානබ්‍යාකරණගාථං භාසති. පුන භගවාපි ආයස‍්මතා ආනන්‍දෙන පුට‍්ඨො තමෙව ගාථං භාසති, ආනන්‍දො ච සඞ‍්ගීතියන‍්ති එවමෙකෙකා ගාථා පච‍්චෙකසම‍්බොධිඅභිසම‍්බුද‍්ධට‍්ඨානෙ, මඤ‍්ජූසකමාළෙ , ආනන්‍දෙන පුච‍්ඡිතකාලෙ, සඞ‍්ගීතියන‍්ති චතුක‍්ඛත‍්තුං භාසිතා හොතීති.

ගන්‍ධමාදන පව්ව, හිමාලයෙහි සුළුකළු පව්ව, මහකළු පව්ව, නාවෙළුම, සඳගැබ, හිරුගැබ, රන් පස, හිමවත යන පව් හතම ඉක්මවා පිහිටියේය. එහි නන්‍දමූලක නම් තැන පසේ බුදුවරයන් වසන තැනයි. රන් ගුහාව, මැණික් ගුහාව, රිදී ගුහාව යැයි ගුහා තුනකි. එහි මැණික් ගුහා දොරටුවෙහි යොදුනක් උස, යොදුනක් පළල ‘මඤ්ජූසක’ නම් ගසක් වේ. එම ගසෙහි දියෙහි හෝ ගොඩබිමෙහි හැමතැනකම මල් පිපේ. පසේ බුදුවරයකු පැමිණෙන දින මල් පිපෙනු වෙසෙසින් පෙනේ. එහි හාත්පස හැමතැන රන්මල් ඇත. පිසදමන සේ හමායන සුළඟින් එහි කසල ඉවත් වෙයි. සමව හමන සුළඟින් සියළු රුවන්මය වැලිගොඩැලි සමතලා කරයි. දියපොද මුසුව හමනා සුළගෙන් අනොතත්ත විලෙන් දිය ගෙනවුත් ඉසියි. සුවඳවත් සුළඟින් හිමාලයෙහි සියළු සුවඳවත් ගස්වලින් සුවඳ ගෙන එයි. එක්රැස් කරන්නා සේ හමන සුළඟින් මල් කඩා බිම හෙළයි. අතුරා යන පරිදි හමන සුළඟින් ඒ මල් හැමතැන විසුරුවයි. හැමවිටම එහි ආසන පනවා ඇත. පසේ බුදුවරයකු පහළවන දවසෙහි සහ උපෝසථ දවසෙහි ද සියළුම පසේ බුදුවරු රැස්ව ඒ ආසනවල හිඳගනිති. ඉක්බිතිව එසේ පැමිණි කල (නව) පසේ බුදුවරයන් වහන්සේ එහි ගොස් පනවන ලද අසුනෙහි හිඳිති. එමෙන්ම ඒ කාලයෙහි තවත් පසේ බුදුවරු පහළ වෙත්ද, උන්වහන්සේලාද රැස්වී පනවන ලද අසුන්වල හිඳිති. කිසියම් සමවතකට සමවැද නැගී සිටිති. එහිදී (දෙටු) සංඝතෙරුන් වහන්සේ නවක පසේ බුදුවරයන් වහන්සේගෙන් සියළු පසේ බුදුවරුනට අනුමෝදන් වනු පිණිස අවබෝධය ලබන ලද්දේ කෙසේදැ’යි කමටහන විචාරති. එවිට උන්වහන්සේ එයම තම උදාන ගාථාව ලෙස කියති. පසුව නැවත, ආනන්ද තෙරුන් වහන්සේ විසින් විමසන ලදුව, භාග්‍යවතුන් වහන්සේද එම ගාථාව කියති. නැවතත් සංගායනාවෙහිදී ආනන්ද තෙරුන් වහන්සේ කීහ. මෙසේ එම ගාථාව පසේ බුදු වූ කලද, මඤ්ජුසක නම් තැනදීද, ආනන්ද තෙරුන් විමසූ විටද, සංගායනාවේදී දැයි සිවු වරක්ම කියා ඇත.

පඨමගාථාවණ‍්ණනා සමත‍්තා.

පළමු ගාථා විස්තරය නිමි.

2

2

සංසග‍්ගජාතස‍්සාති කා උප‍්පත‍්ති? අයම‍්පි පච‍්චෙකබොධිසත‍්තො කස‍්සපස‍්ස භගවතො සාසනෙ වීසති වස‍්සසහස‍්සානි පුරිමනයෙනෙව සමණධම‍්මං කරොන‍්තො කසිණපරිකම‍්මං කත්‍වා, පඨමජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා, නාමරූපං වවත්‍ථපෙත්‍වා, ලක‍්ඛණසම‍්මසනං කත්‍වා, අරියමග‍්ගං අනධිගම‍්ම බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති. සො තතො චුතො බාරාණසිරඤ‍්ඤො අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි උප‍්පජ‍්ජිත්‍වා පුරිමනයෙනෙව වඩ‍්ඪමානො යතො පභුති “අයං ඉත්‍ථී අයං පුරිසො”ති විසෙසං අඤ‍්ඤාසි, තතුපාදාය ඉත්‍ථීනං හත්‍ථෙ න රමති, උච‍්ඡාදනන‍්හාපනමණ‍්ඩනාදිමත‍්තම‍්පි න සහති. තං පුරිසා එව පොසෙන‍්ති, ථඤ‍්ඤපායනකාලෙ ධාතියො කඤ‍්චුකං පටිමුඤ‍්චිත්‍වා පුරිසවෙසෙන ථඤ‍්ඤං පායෙන‍්ති. සො ඉත්‍ථීනං ගන්‍ධං ඝායිත්‍වා සද‍්දං වා සුත්‍වා රොදති, විඤ‍්ඤුතං පත‍්තොපි ඉත්‍ථියො පස‍්සිතුං න ඉච‍්ඡති, තෙන තං අනිත්‍ථිගන්‍ධොත්‍වෙව සඤ‍්ජානිංසු.

සංසග්ග ජාතස්ස යන මෙම ගාථා දේශනාවට හේතුව කුමක්ද? මෙම පසේ බෝසතුන් වහන්සේද කසුප් බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි අවුරුදු විසිදහසක් කල් මහණදම් පුරමින්, මුල් පුවතෙහි දැක්වූ සේ, කසිණ බවුන් වඩා පළමු දැහැන් ලැබ නාමරූප පිළිබඳව නුවණින් මෙනෙහි කොට එහි තතු විමසා, මගපලයක් නොලැබ බඹලොව උපනි. ඔහු එතැනින් චුතව, බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුස පිළිසිඳ, පෙර දැක්වූ පරිදි වැඩෙමින්, ‘මේ ගැහැණියකි, මේ පිරිමියෙකි’ යැයි වෙනස හඳුනාගත් තැන් පටන් කිරිමවුන්ගේ අතෙහි සිටීමට ඇළුම් නොකරයි. කිරිමවුන් ඇඟ ඉලීම්, නෑවීම, අලංකාර කරනු නො ඉවසයි. පිරිමි පමණක් දරුවා ඇතිදැඩි කරති. තනකිරි පොවනවිට, කිරි මව්වරු ආවරණය කරන ලද තැනකට පිවිස පිරිමින් වෙස් ගෙන කිරි පොවත්. දරුවා කාන්තාවන්ගේ සුවඳ දැන, ඔවුන්ගේ කටහඬ අසා හෝ හඬයි. වැඩිවියට පත් වුවද කාන්තාවන් දකින්නට අකමැතිය. එහෙයින් ඔහු ‘අනිත්‍ථිගන්‍ධ’ යැයි හැඳින්වූහ.

තස‍්මිං සොළසවස‍්සුද‍්දෙසිකෙ ජාතෙ රාජා “කුලවංසං සණ‍්ඨපෙස‍්සාමී”ති නානාකුලෙහි තස‍්ස අනුරූපා කඤ‍්ඤායො ආනෙත්‍වා අඤ‍්ඤතරං අමච‍්චං ආණාපෙසි “කුමාරං රමාපෙහී”ති. අමච‍්චො උපායෙන තං රමාපෙතුකාමො තස‍්ස අවිදූරෙ සාණිපාකාරං පරික‍්ඛිපාපෙත්‍වා නාටකානි පයොජාපෙසි. කුමාරො ගීතවාදිතසද‍්දං සුත්‍වා – “කස‍්සෙසො සද‍්දො”ති ආහ. අමච‍්චො “තවෙසො, දෙව, නාටකිත්‍ථීනං සද‍්දො, පුඤ‍්ඤවන‍්තානං ඊදිසානි නාටකානි හොන‍්ති, අභිරම, දෙව, මහාපුඤ‍්ඤොසි ත්‍ව”න‍්ති ආහ. කුමාරො අමච‍්චං දණ‍්ඩෙන තාළාපෙත්‍වා නික‍්කඩ‍්ඪාපෙසි. සො රඤ‍්ඤො ආරොචෙසි. රාජා කුමාරස‍්ස මාතරා සහ ගන‍්ත්‍වා, කුමාරං ඛමාපෙත්‍වා, පුන අමච‍්චං අප‍්පෙසි. කුමාරො තෙහි අතිනිප‍්පීළියමානො සෙට‍්ඨසුවණ‍්ණං දත්‍වා සුවණ‍්ණකාරෙ ආණාපෙසි – “සුන්‍දරං ඉත්‍ථිරූපං කරොථා”ති. තෙ විස‍්සකම‍්මුනා නිම‍්මිතසදිසං සබ‍්බාලඞ‍්කාරවිභූසිතං ඉත්‍ථිරූපං කත්‍වා දස‍්සෙසුං. කුමාරො දිස‍්වා විම‍්හයෙන සීසං චාලෙත්‍වා මාතාපිතූනං පෙසෙසි “යදි ඊදිසිං ඉත්‍ථිං ලභිස‍්සාමි, ගණ‍්හිස‍්සාමී”ති. මාතාපිතරො “අම‍්හාකං පුත‍්තො මහාපුඤ‍්ඤො, අවස‍්සං තෙන සහ කතපුඤ‍්ඤා කාචි දාරිකා ලොකෙ උප‍්පන‍්නා භවිස‍්සතී”ති තං සුවණ‍්ණරූපං රථං ආරොපෙත්‍වා අමච‍්චානං අප‍්පෙසුං “ගච‍්ඡථ, ඊදිසිං දාරිකං ගවෙසථා”ති. තෙ ගහෙත්‍වා සොළස මහාජනපදෙ විචරන‍්තා තං තං ගාමං ගන‍්ත්‍වා උදකතිත්‍ථාදීසු යත්‍ථ යත්‍ථ ජනසමූහං පස‍්සන‍්ති, තත්‍ථ තත්‍ථ දෙවතං විය සුවණ‍්ණරූපං ඨපෙත්‍වා නානාපුප‍්ඵවත්‍ථාලඞ‍්කාරෙහි පූජං කත්‍වා, විතානං බන්‍ධිත්‍වා, එකමන‍්තං තිට‍්ඨන‍්ති – “යදි කෙනචි එවරූපා දිට‍්ඨපුබ‍්බා භවිස‍්සති, සො කථං සමුට‍්ඨාපෙස‍්සතී”ති? එතෙනුපායෙන අඤ‍්ඤත්‍ර මද‍්දරට‍්ඨා සබ‍්බෙ ජනපදෙ ආහිණ‍්ඩිත්‍වා තං “ඛුද‍්දකරට‍්ඨ”න‍්ති අවමඤ‍්ඤමානා තත්‍ථ පඨමං අගන‍්ත්‍වා නිවත‍්තිංසු.

ඔහුට සොළොස්විය පිරුණු විට පිය රජු ‘කුල පරපුර ඉදිරියට පවත්වා ගනිමි’යි නොයෙක් පවුල්වලින් ඔහුට සුදුසු අවිවාහක තරුණියන් ගෙන්වා, කුමරු ‘කම්සුවයට සතුටු කරවන්නැ’යි එක්තරා ඇමතියකුට අණ කළේය. උපායකින් කුමරු ඊට පෙළඹවීමට සිතු ඇමති ඔහු සමීපයෙහි තිරවලින් වට කරවා නළඟනන් එහි යෙදවීය. ගී හඬ, වාදන හඬ ඇසූ කුමරු ඒ හඬ කාගේදැ’යි විචාළේය. ‘දේවයන් වහන්ස, ඒ නළඟනන්ගේ හඬය. එවන් නළඟනෝ පින්වන්තයන්ටම වෙති. ඔබතුමා මහා පින් ඇත්තෙකි. ඔවුන් හා සතුටුවනු මැනව’යි කීය. කුමාරයා ඇමතියාට පොල්ලකින් තලවා බැහැර කළේය. ඇමති ඒ බව රජුට දැන්වීය. රජු කුමරුගේ මව සමග ගොස් කුමරු කමා කරවා වෙනත් ඇමතියකුට ඒ කටයුතු පැවරිය. ඇමතිවරුන් විසින් වඩාත් අපහසුතාවට, පීඩනයට පත් කුමාරයා, රන්කරුවන්ට උසස්ම රත්රන් සපයා දී සොඳුරු කාන්තා රුවක් කරව’යි අණ කළේය. ඔවුහු විස්කම් දෙව්පුතුන් නිමවන ලද්දාක් වැනි සියළු අලංකාරයෙන් හැඩ වූ කාන්තා රුවක් තනා පෙන්වූහ. ඒ දුටු කුමරු පුදුමයෙන් හිස සලා, ‘මෙබඳු කාන්තා රුවක් ලදොත් විවාහ කර ගනිමි’යි මව්පියන්ට දැන්වීය. මව්පියෝ ‘අපගේ පුතු මහා පින් ඇත්තෙකි, ඔහුට ගැලපෙන පරිදි පින් ඇති කිසියම් දැරියක ලොව ඉපදී ඇතැ’යි ඒ රන්රුව රියක නංවා ‘යව, මේ රන් රුව හා සමාන දැරියක සොයව’යි ඇමතිවරුන් පිටත්කර යැවූහ. ඔවුහු එය රැගෙන සොළොස් මහා ජනපදයෙහි සැරිසරමින් ඒ ඒ ගම්වලට පැමිණ, නාන තොටුපල ආදී තැන්වල ගැවසෙන මිනිසුන්ට දැකිය හැකි ලෙස (සුදුසු තැනක) වියනක් බැඳ දේවතාවියක මෙන් ඒ රන්රුව තබා, නොයෙක් මලින් රෙදි පිළියෙන් අලංකාර කොට පූජා පවත්වමින්, ‘කිසිවකු විසින් මෙබඳු තැනැත්තියක් දැක ඇතොත් (ඒ ගැන) කතාබහ කරති’යි පසකට වී සිටියහ. මදුරට කුඩා රටකැයි මුලදීම අවමන් කරමින් එහි නොගොස්, මදුරට හැර මුළු ජනපදයෙහිම දේ ආකාරයෙන් ඇවිද්දාහ.

තතො නෙසං අහොසි “මද‍්දරට‍්ඨම‍්පි තාව ගච‍්ඡාම, මා නො බාරාණසිං පවිට‍්ඨෙපි රාජා පුන පාහෙසී”ති මද‍්දරට‍්ඨෙ සාගලනගරං අගමංසු. සාගලනගරෙ ච මද‍්දවො නාම රාජා. තස‍්ස ධීතා සොළසවස‍්සුද‍්දෙසිකා අභිරූපා හොති. තස‍්සා වණ‍්ණදාසියො න‍්හානොදකත්‍ථාය තිත්‍ථං ගතා. තත්‍ථ අමච‍්චෙහි ඨපිතං තං සුවණ‍්ණරූපං දූරතොව දිස‍්වා “අම‍්හෙ උදකත්‍ථාය පෙසෙත්‍වා රාජපුත‍්තී සයමෙව ආගතා”ති භණන‍්තියො සමීපං ගන‍්ත්‍වා “නායං සාමිනී, අම‍්හාකං සාමිනී ඉතො අභිරූපතරා”ති ආහංසු. අමච‍්චා තං සුත්‍වා රාජානං උපසඞ‍්කමිත්‍වා අනුරූපෙන නයෙන දාරිකං යාචිංසු, සොපි අදාසි. තතො බාරාණසිරඤ‍්ඤො පාහෙසුං “ලද‍්ධා දාරිකා, සාමං ආගච‍්ඡිස‍්සති, උදාහු අම‍්හෙව ආනෙමා”ති? සො ච “මයි ආගච‍්ඡන‍්තෙ ජනපදපීළා භවිස‍්සති, තුම‍්හෙව ආනෙථා”ති පෙසෙසි.

‘මදුරට දක්වාම යමු, අප බරණැසට ගියද, රජු නැවත මෙසේ යවන්නේ යැ’යි ඔවුනට සිතුනි. ඔවුහු මදුරට සාගල නුවරට ගියහ. සාගල නුවර මදු රජුගේ දුවද සොළොස්විය සපිරි රූමතියකි. ඇයගේ (සේවයෙහි නියුතු) සුන්දර දාසීහු දිය නෑමට තොටුපළට ගියවිට, ඇමතිවරුන් එහි තබන ලද ඒ රන්රුව දුරදීම දැක, ‘අප දිය නෑමට එවා, රජ කුමරිය තමන්ම පමණක් ආවා’ යැයි කියමින් ඒ අසළට ගොස් ‘මේ අපේ සාමිදුව නොවේ. අපේ සාමිදුව මීට වඩා ඉතා රූමත් යැයි’ කීහ. ඇමතිවරු ඒ අසා රජු වෙත ගොස්, සුදුසු ආකාරයෙන් දැරිය ඉල්ලූහ. රජු දුන්නේය. ඇමතිවරු (සුදුසු) දැරිය ලැබුණි. තමන්ම පැමිණේද, නැතිනම් අපිම කැඳවාගෙන එන්නෙමුදැ’යි බරණැස රජුට පණිවුඩ යැවූහ. රජුද ‘මා එනවිට ජනපදවාසීන් අපහසුතාවට පත් වන්නේය. තොපම කැටුව එව’යි දැන්වීය. ඇමතිවරු දැරිය කැටුව නගරයෙන් නික්ම, ‘රන් රුව හා සමාන දැරියක ලැබුණි’ යැයි කුමාරයාට දැන්වූහ. කුමාරයා ඒ ඇසූ පමණින්ම කාමරාගයෙන් පෙළී පළමු දැහැනින් පිරිහිණ. ඉක්මණින්ම කැඳවාගෙන එව’යි දූතයන් යැවීය.

අමච‍්චා දාරිකං ගහෙත්‍වා නගරා නික‍්ඛමිත්‍වා කුමාරස‍්ස පාහෙසුං – “ලද‍්ධා සුවණ‍්ණරූපසදිසී දාරිකා”ති. කුමාරො සුත්‍වාව රාගෙන අභිභූතො පඨමජ‍්ඣානා පරිහායි. සො දූතපරම‍්පරං පෙසෙසි “සීඝං ආනෙථ, සීඝං ආනෙථා”ති. තෙ සබ‍්බත්‍ථ එකරත‍්තිවාසෙනෙව බාරාණසිං පත්‍වා බහිනගරෙ ඨිතා රඤ‍්ඤො පාහෙසුං – “අජ‍්ජ පවිසිතබ‍්බං, නො”ති? රාජා “සෙට‍්ඨකුලා ආනීතා දාරිකා, මඞ‍්ගලකිරියං කත්‍වා මහාසක‍්කාරෙන පවෙසෙස‍්සාම, උය්‍යානං තාව නං නෙථා”ති ආණාපෙසි. තෙ තථා අකංසු. සා අච‍්චන‍්තසුඛුමාලා යානුග‍්ඝාතෙන උබ‍්බාළ‍්හා අද‍්ධානපරිස‍්සමෙන උප‍්පන‍්නවාතරොගා මිලාතමාලා විය හුත්‍වා රත‍්තිංයෙව කාලමකාසි. අමච‍්චා “සක‍්කාරා පරිභට‍්ඨම‍්හා”ති පරිදෙවිංසු. රාජා ච නාගරා ච “කුලවංසො විනට‍්ඨො”ති පරිදෙවිංසු. නගරෙ මහාකොලාහලං අහොසි. කුමාරස‍්ස සුතමත‍්තෙයෙව මහාසොකො උදපාදි. තතො කුමාරො සොකස‍්ස මූලං ඛණිතුමාරද‍්ධො. සො චින‍්තෙසි – “අයං සොකො නාම න අජාතස‍්ස හොති, ජාතස‍්ස පන හොති, තස‍්මා ජාතිං පටිච‍්ච සොකො”ති. “ජාති පන කිං පටිච‍්චා”ති? තතො “භවං පටිච‍්ච ජාතී”ති එවං පුබ‍්බභාවනානුභාවෙන යොනිසො මනසිකරොන‍්තො අනුලොමපටිලොමපටිච‍්චසමුප‍්පාදං දිස‍්වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො තත්‍ථෙව නිසින‍්නො පච‍්චෙකබොධිං සච‍්ඡාකාසි. තං මග‍්ගඵලසුඛෙන සුඛිතං සන‍්තින්‍ද්‍රියං සන‍්තමානසං නිසින‍්නං දිස‍්වා, පණිපාතං කත්‍වා, අමච‍්චා ආහංසු – “මා සොචි, දෙව, මහන‍්තො ජම‍්බුදීපො, අඤ‍්ඤං තතො සුන්‍දරතරං ආනෙස‍්සාමා”ති. සො ආහ – “නාහං සොචකො, නිස‍්සොකො පච‍්චෙකබුද‍්ධො අහ”න‍්ති. ඉතො පරං සබ‍්බං පුරිමගාථාසදිසමෙව ඨපෙත්‍වා ගාථාවණ‍්ණනං.

ඇමතිවරු එක රැයකින්ම මුළු දුර ගෙවා බරණැසට පැමිණ, පිට නුවර සිට අද දිනට පැමිණිය යුතුද? නැද්දැ’යි රජු විමසා යැවූහ. රජු. ‘උසස් කුලයෙන් කැඳවා ගෙනෙන ලද දැරියකි, මංගල කටයුතු ඉටුකොට, මහත් හරසරින් (මැදුරට) පිවිසවන්නෙමු, එතෙක් ඇය උයනට ගෙන යව’යි අණ කළේය. ඔවුහු එසේ කළහ. ඇය ඉතා සියුමැලි බැවින්, යානයෙන් පැමිණීමෙන් වූ පීඩාවෙන් හා ගමන් විඩාවෙන් හටගත් වාත රෝගයෙන් මැලවුණු මල්දමක් මෙන්ම රියෙහිම කළුරිය කළාය. ඇමතිවරු (අපිද) සත්කාරයෙන් ගිලිහුණෙමු’ යැයි වැළපුණහ. රජුද නගර වාසීහුද ‘කුලවංසය වැනසුනේ’ යැයි වැළපුණහ. නගරයෙහි මහත් කලබලකාරී විය. කුමාරයාට ඇසූ පමණින්ම මහත් සෝකයක් ඇතිවිය. එවිට කුමාරයා සෝකයට මුල්වන කරුණු ගැඹුරින් විමසන්නට විය. ඔහු මෙසේ සිතුවේය. ‘මෙම සෝකය නම් නූපන් කෙනෙකුට නැත. උපන් කෙනෙකුටම වෙයි. එහෙයින් ඉපදීම නිසා සෝකය ඇතිවේ. ඉපදීම කුමක් නිසා වේද? එයට භවය හෙවත් සසර හේතුවේ’ මෙසේ පෙර (පුරුදු කරන ලද) භාවනා බලයෙන් නුවණින් මෙනෙහි කරමින් අග සිට මුලටත්, මුල සිට අගටත් හේතුඵල දහම දැක සංඛාර ගැන විමසා බලමින් එහිම හිඳිමින් පසේ බුදුබව අවබෝධ කළේය. ඒ මගපල සුවයෙන් සුවපත්ව, සන්හුන් ඉඳුරන් ඇතිව, එකඟ වූ සිතින් හිඳිනු දැක, ඇමතිවරු නමස්කාර කොට, ‘දේවයන් වහන්ස, සෝක නොකරනු මැනව, දඹදිව ඉතා මහත්ය. ඊටත් වඩා සොඳුරු එකියක ගෙනෙන්නෙමු’යි කීහ. ‘මම සෝක කරන්නෙක් නොවෙමි. සෝකය ඉවත හළ පසේබුදුවරයෙක් වෙමි’යි පැවසීය. මෙයින් පසු ගාථා විස්තරය හැර අන් සියල්ල මුල් ගාථාව හා සමානය.

ගාථාවණ‍්ණනායං පන සංසග‍්ගජාතස‍්සාති ජාතසංසග‍්ගස‍්ස. තත්‍ථ දස‍්සන, සවන, කාය, සමුල‍්ලපන, සම‍්භොගසංසග‍්ගවසෙන පඤ‍්චවිධො සංසග‍්ගො. තත්‍ථ අඤ‍්ඤමඤ‍්ඤං දිස‍්වා චක‍්ඛුවිඤ‍්ඤාණවීථිවසෙන උප‍්පන‍්නරාගො දස‍්සනසංසග‍්ගො නාම. තත්‍ථ සීහළදීපෙ කාළදීඝවාපීගාමෙ පිණ‍්ඩාය චරන‍්තං කල්‍යාණවිහාරවාසීදීඝභාණකදහරභික‍්ඛුං දිස‍්වා පටිබද‍්ධචිත‍්තා කෙනචි උපායෙන තං අලභිත්‍වා, කාලකතා කුටුම‍්බියධීතා, තස‍්සා නිවාසනචොළඛණ‍්ඩං දිස‍්වා “එවරූපවත්‍ථධාරිනියා නාම සද‍්ධිං සංවාසං නාලත්‍ථ”න‍්ති හදයං ඵාලෙත්‍වා කාලකතො. සො එව ච දහරො නිදස‍්සනං.

මෙම ගාථා විස්තරයෙහි සංසග්ග ජාතස්ස යනු ජාත සංසග්ග හෙවත් ඇතිකරගන්නා ලද සබඳතාවයි. එය දැකීම, ඇසීම, සිරුරෙන්, කතාබහෙන්, එක්ව කටයුතු කිරීමෙන් පස් ආකාරය. එකිනෙකා දැක, ඇසින් හැඳිනීමේදී ඇතිවන ඇලීම දැකීම නිසා ඇතිවන සබඳතාවයි. සිහල දිවයිනෙහි ‘කළුදිග්’ ගමෙහි පිඬු පිණිස හැසිරෙන කැලණි වෙහෙර වාසී (සඟි ආදිය) කටපාඩමෙන් දත්, තරුණ හිමි නමක දැක, ආදර සිත් ඇතිව කිසියම් මගකින් ඒ හිමියන් නොලැබ, එහි කෙළෙඹි දුවක් කළුරිය කළාය. ඇයගේ ඇඳ සිටි ඇඳුමෙහි රෙදිකඩක් දැක, ‘මෙබඳු වතක් දරා සිටි තැනැත්තිය සමග ඇසුරක්, එක්වීමක් නොලැබුණේ’ යැයි හද පැලී අපවත් වූ ඒ තරුණ හිමිනමම නිදසුනයි.

පරෙහි පන කථියමානං රූපාදිසම‍්පත‍්තිං අත‍්තනා වා හසිතලපිතගීතසද‍්දං සුත්‍වා සොතවිඤ‍්ඤාණවීථිවසෙන උප‍්පන‍්නො රාගො සවනසංසග‍්ගො නාම. තත්‍රාපි ගිරිගාමවාසීකම‍්මාරධීතාය පඤ‍්චහි කුමාරීහි සද‍්ධිං පදුමස‍්සරං ගන‍්ත්‍වා, න‍්හත්‍වා මාලං ආරොපෙත්‍වා, උච‍්චාසද‍්දෙන ගායන‍්තියා ආකාසෙන ගච‍්ඡන‍්තො සද‍්දං සුත්‍වා කාමරාගෙන විසෙසා පරිහායිත්‍වා අනයබ්‍යසනං පත‍්තො පඤ‍්චග‍්ගළලෙණවාසී තිස‍්සදහරො නිදස‍්සනං.

තමන් හෝ අනුන් කියනු ලබන රූපාදී සම්පත් ගැන හෝ සිනාසෙන, කතාබහ කරන, ගී ගයන හඬ හෝ අසා, සවනට දැනීමෙන් ඇතිවන ඇලීම ‘සවණසංසග්ග’ නම් වේ. ගිරි නම් ගමෙහි විසූ ලෝකුරුවකුගේ දියණියක, තරුණියන් පස් දෙනෙකු මග නෙළුම් විලට ගොස් දිය නා, මල් උඩට නංවමින්, උස්හඬින් ගායනා කරනවිට, පස් අගුල්ලෙන වැසි තිස්ස නම් තෙරුන් අහසින් යද්දී, ඒ ගී හඬ ඇසී කාම රාගයෙන් දැවී දැහැනින් පිරිහී බොහෝ විපතට පත්වීම මෙහිලා නිදසුන්ය.

අඤ‍්ඤමඤ‍්ඤං අඞ‍්ගපරාමසනෙන උප‍්පන‍්නරාගො කායසංසග‍්ගො නාම. ධම‍්මගායනදහරභික‍්ඛු චෙත්‍ථ නිදස‍්සනං. මහාවිහාරෙ කිර දහරභික‍්ඛු ධම‍්මං භාසති . තත්‍ථ මහාජනෙ ආගතෙ රාජාපි අගමාසි සද‍්ධිං අන‍්තෙපුරෙන. තතො රාජධීතාය තස‍්ස රූපඤ‍්ච සද‍්දඤ‍්ච ආගම‍්ම බලවරාගො උප‍්පන‍්නො, තස‍්ස ච දහරස‍්සාපි. තං දිස‍්වා රාජා සල‍්ලක‍්ඛෙත්‍වා සාණිපාකාරෙන පරික‍්ඛිපාපෙසි. තෙ අඤ‍්ඤමඤ‍්ඤං පරාමසිත්‍වා ආලිඞ‍්ගිංසු. පුන සාණිපාකාරං අපනෙත්‍වා පස‍්සන‍්තා ද‍්වෙපි කාලකතෙයෙව අද‍්දසංසූති.

එකිනෙකා අතර අඟපසඟ අතපත ගෑමෙන් උපන් රාගය කාය සංසග්ග නම් වේ. දහම් දෙසන තරුණ මහණකගේ කථාව මීට නිදසුන්ය. මහා විහාරයෙහි තරුණ හිමිනමක් දහම් දෙසයි. මහජනයා එහි රැස්වූ විට ඇතුළු නුවර රජමැදුරෙහි ළඳුන් සමග රජතුමාද පැමිණියේය. දහම් දෙසන ඒ තරුණ හිමිගේ රුවට ද කටහඬට ද රජ දියණියට බලවත් රාගයක් උපන. තරුණ පැවිදි හිමිටද එබඳුම හැඟීමක් ඇතිවිය. ඒ බව දුටු රජ, (කරුණු) සළකා බලා තිර රෙදිවලින් වටකරවූයේය. ඔවුහු එකිනෙකා අතපත ගාමින් වැළඳගත්හ. නැවත තිර රෙදි ඉවත්කොට බලනවිට දෙදෙනාම මියගොස් සිටි බව දුටුවාහ.

අඤ‍්ඤමඤ‍්ඤං ආලපනසමුල‍්ලපනෙ උප‍්පන‍්නො රාගො පන සමුල‍්ලපනසංසග‍්ගො නාම. භික‍්ඛුභික‍්ඛුනීහි සද‍්ධිං පරිභොගකරණෙ උප‍්පන‍්නරාගො සම‍්භොගසංසග‍්ගො නාම. ද‍්වීසුපි චෙතෙසු පාරාජිකප‍්පත‍්තො භික‍්ඛු ච භික‍්ඛුනී ච නිදස‍්සනං. මරිචිවට‍්ටිනාමමහාවිහාරමහෙ කිර දුට‍්ඨගාමණි අභයමහාරාජා මහාදානං පටියාදෙත්‍වා උභතොසඞ‍්ඝං පරිවිසති. තත්‍ථ උණ‍්හයාගුයා දින‍්නාය සඞ‍්ඝනවකසාමණෙරී අනාධාරකස‍්ස සඞ‍්ඝනවකසාමණෙරස‍්ස දන‍්තවලයං දත්‍වා සමුල‍්ලාපං අකාසි. තෙ උභොපි උපසම‍්පජ‍්ජිත්‍වා සට‍්ඨිවස‍්සා හුත්‍වා පරතීරං ගතා අඤ‍්ඤමඤ‍්ඤං සමුල‍්ලාපෙන පුබ‍්බසඤ‍්ඤං පටිලභිත්‍වා තාවදෙව ජාතසිනෙහා සික‍්ඛාපදං වීතික‍්කමිත්‍වා පාරාජිකා අහෙසුන‍්ති.

එකිනෙකා ඇමතීමෙන් කතාබහ කිරීමෙන් හටගන්නා රාගය සමුල්ලපන සංසග්ග යයි. මහණ මෙහෙණියන් සමග (යම් යම් සුළු භාණ්ඩ ආදිය) පරිහරණය කිරීමේදී හටගන්නා රාගය සම්භොග සංසග්ග වේ. මෙම දෙආකාර වූ ඇලීම් පිළිබඳව, පාරාජික බවට පත්වූ මහණ මෙහෙණ දෙදෙනාගේ කතාව නිදසුන්ය. මිරිසවැටි මහා විහාරයෙහි උත්සව පවත්නා කල, දුටුගැමුණු අභය මහරජු මහදන් පිළියෙල කොට මහණ -මෙහෙණ දෙකොටසම වළඳවයි. එහිදී ළඟදී පැවිදිවූ මෙහෙණියක් උණු කැඳ දෙනු ලබද්දී, (භාජනය තබා ගැනීමට) ආධාරකයක් නොමැති වූ අළුත පැවිදි වූ සාමණේර හිමිනමකට (ඇත්දතින්) සාදන ලද දරණුවක් දී සතුටු සාමීචියෙහි යෙදුණාය. පසුව, උපසම්පදා ලැබ, සැටවයස්ව වෙනත් රටකට ගියවිට, එකිනෙකා හමුව කතාබහ කිරීමේ පෙර හැඳුනුම්කම් සිහිවී, එකෙණෙහිම හටගත් ආදරයෙන් සිකපදය ඉක්මවා පාරාජිකා වූහ.

එවං පඤ‍්චවිධෙ සංසග‍්ගෙ යෙන කෙනචි සංසග‍්ගෙන ජාතසංසග‍්ගස‍්ස භවති ස‍්නෙහො, පුරිමරාගපච‍්චයා බලවරාගො උප‍්පජ‍්ජති. තතො ස‍්නෙහන්‍වයං දුක‍්ඛමිදං පහොති තමෙව ස‍්නෙහං අනුගච‍්ඡන‍්තං සන්‍දිට‍්ඨිකසම‍්පරායිකසොකපරිදෙවාදිනානප‍්පකාරකං දුක‍්ඛමිදං පහොති, නිබ‍්බත‍්තති, භවති, ජායති. අපරෙ පන “ආරම‍්මණෙ චිත‍්තස‍්ස වොස‍්සග‍්ගො සංසග‍්ගො”ති භණන‍්ති. තතො ස‍්නෙහො, ස‍්නෙහා දුක‍්ඛමිදන‍්ති.

මෙසේ පස් ආකාර වූ සබඳතාවලින් කිසියම් සබඳතාවකින් සෙනෙහස ඇතිවේ. කලින් පැවති රාගය යළි මතුවීමේ හේතුවෙන් බලවත් ලෙසට රාගය පහළ වේ. එහෙයින් සෙනෙහන්‍වයං දුක්‍ඛමිදං පහොති එම සෙනහසට-ආදරයට අනුව යන මෙලොවත්, පරලොවත් සෝක කිරිම්, විලාප නඟමින් හැඬීම ආදී නොයෙක් ආකාර වූ දුක් - පහොති උපදී, ඇතිවෙයි, හටගනී. තවත් කෙනෙක් අරමුණෙහි සිත යොමුවීම සංසග්ග යැයි කියති. ඒ අනුව ඇතිවන ආදරයත්, ආදරයෙන් දුකත් ඇතිවේ -

එවමත්‍ථප‍්පභෙදං ඉමං අඩ‍්ඪගාථං වත්‍වා සො පච‍්චෙකබුද‍්ධො ආහ – “ස‍්වාහං යමිදං ස‍්නෙහන්‍වයං සොකාදිදුක‍්ඛං පහොති, තස‍්ස දුක‍්ඛස‍්ස මූලං ඛනන‍්තො පච‍්චෙකසම‍්බොධිමධිගතො”ති. එවං වුත‍්තෙ තෙ අමච‍්චා ආහංසු – “අම‍්හෙහි දානි, භන‍්තෙ, කිං කාතබ‍්බ”න‍්ති? තතො සො ආහ – “තුම‍්හෙ වා අඤ‍්ඤෙ වා යො ඉමම‍්හා දුක‍්ඛා මුච‍්චිතුකාමො, සො සබ‍්බොපි ආදීනවං ස‍්නෙහජං පෙක‍්ඛමානො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති. එත්‍ථ ච යං “ස‍්නෙහන්‍වයං දුක‍්ඛමිදං පහොතී”ති වුත‍්තං “තදෙව සන්‍ධාය ආදීනවං ස‍්නෙහජං පෙක‍්ඛමානො”ති ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. අථ වා යථාවුත‍්තෙන සංසග‍්ගෙන සංසග‍්ගජාතස‍්ස භවති ස‍්නෙහො, ස‍්නෙහන්‍වයං දුක‍්ඛමිදං පහොති, එතං යථාභූතං ආදීනවං ස‍්නෙහජං පෙක‍්ඛමානො අහං අධිගතොති. එවං අභිසම‍්බන්‍ධිත්‍වා චතුත්‍ථපාදො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව උදානවසෙන වුත‍්තොපි වෙදිතබ‍්බො. තතො පරං සබ‍්බං පුරිමගාථාය වුත‍්තසදිසමෙවාති.

යැයි මේ අරුතින් - මෙම ගාථා පද දෙක කී පසේ බුදුවරයාණෝ ‘මම මෙම ආදරය අනුව යන සෝකය ආදී දුකෙහි මුල සිඳිමින් පසේ බුදුබව අවබෝධ කළෙමි’ යැයි වදාළහ. එවිට ඇමතිවරු ‘අප දැන් කළයුතු කුමක්දැ’යි ඇසූහ. වෙනත් කෙනෙක් හෝ ඔබලා හෝ මෙම දුකින් මිදෙනු කැමැත්තෙහු නම්, ඒ සියල්ලෝම ආදීනවං සෙනහජං පෙක්‍ඛමානො එකො චරෙ ඛග්ගවිසාණ කප්පො යැයි වදාළහ. එම ගාථාවෙහි සෙනෙහන්‍ථයං දුක්‍ඛමිදං පහොති කියන ලද පරිදි ආදරය නිසා හටගන්නා ආදීනව විමසා බලමින් පැහැදිලි කර ඇතැයි දතයුතුය. එමෙන්ම, ඉහත සඳහන් කරන ලද අයුරු සබඳතාවලින් බැඳුණු තැනැත්තාට ආදරය හටගනී. ඒ ආදරය අනුව මෙම දුක බලවත් වේ. එම ආදරයෙහි ආදීනව ඇති සැටියෙන් දැන, ‘මම අවබෝධ කළෙමි’යි තවදුරටත් තහවුරු වන සේ සතර පද (ගාථාව) උදාන ලෙසින් කියන ලදැයි දතයුතුය. ඉතිරි සියළු කරුණු මුල් ගාථාවට අදාලව කියා ඇති පරිදිය.

සංසග‍්ගගාථාවණ‍්ණනා සමත‍්තා.

සංසග්ග ගාථා විස්තරය නිමි.

3

3

මිත‍්තෙ සුහජ‍්ජෙති කා උප‍්පත‍්ති? අයං පච‍්චෙකබොධිසත‍්තො පුරිමගාථාය වුත‍්තනයෙනෙව උප‍්පජ‍්ජිත්‍වා බාරාණසියං රජ‍්ජං කාරෙන‍්තො පඨමං ඣානං නිබ‍්බත‍්තෙත්‍වා “කිං සමණධම‍්මො වරො, රජ‍්ජං වර”න‍්ති වීමංසිත්‍වා චතුන‍්නං අමච‍්චානං හත්‍ථෙ රජ‍්ජං නිය්‍යාතෙත්‍වා සමණධම‍්මං කරොති. අමච‍්චා “ධම‍්මෙන සමෙන කරොථා”ති වුත‍්තාපි ලඤ‍්ජං ගහෙත්‍වා අධම‍්මෙන කරොන‍්ති. තෙ ලඤ‍්ජං ගහෙත්‍වා සාමිකෙ පරාජෙන‍්තා එකදා අඤ‍්ඤතරං රාජවල‍්ලභං පරාජෙසුං. සො රඤ‍්ඤො භත‍්තහාරකෙන සද‍්ධිං පවිසිත්‍වා සබ‍්බං ආරොචෙසි. රාජා දුතියදිවසෙ සයං විනිච‍්ඡයට‍්ඨානං අගමාසි. තතො මහාජනකායා – “අමච‍්චා සාමිකෙ අසාමිකෙ කරොන‍්තී”ති මහාසද‍්දං කරොන‍්තා මහායුද‍්ධං විය අකංසු. අථ රාජා විනිච‍්ඡයට‍්ඨානා වුට‍්ඨාය පාසාදං අභිරුහිත්‍වා සමාපත‍්තිං අප‍්පෙතුං නිසින‍්නො තෙන සද‍්දෙන වික‍්ඛිත‍්තචිත‍්තො න සක‍්කොති අප‍්පෙතුං. සො “කිං මෙ රජ‍්ජෙන, සමණධම‍්මො වරො”ති රජ‍්ජසුඛං පහාය පුන සමාපත‍්තිං නිබ‍්බත‍්තෙත්‍වා පුබ‍්බෙ වුත‍්තනයෙනෙව විපස‍්සන‍්තො පච‍්චෙකසම‍්බොධිං සච‍්ඡාකාසි. කම‍්මට‍්ඨානඤ‍්ච පුච‍්ඡිතො ඉමං ගාථං අභාසි –

මිත්තෙ සුහජ්ජෙ යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? මෙම පසේ බෝසතාණන් වහන්සේ පෙර ගාථාවෙහි කී අයුරින්ම බරණැස රජව, පළමු දැහැන උපදවා ‘කුමක්ද? උතුම් මහණ දම්ද? රජකමදැ’යි විමසා, ඇමතිවරුන් සිවුදෙනෙකු වෙත රජකම පවරා, මහණදම් පුරයි. ‘දැහැමෙන් සෙමෙන් රජකම් කරව’යි උපදෙස් දුන්නත් (ඔවුහු) අල්ලස් ආදිය ගෙන අදැහැමින් පාලනය කරති. අල්ලස් ගෙන හිමිකරුවා (තීරණ දෙමින්) එක් දවසක් රජුට හිතවත් එක්තරා තැනැත්තෙකුද පරාජය කළහ. ඔහු රජුට ආහාර ගෙන එන්නන් සමග (මැදුරට) පිවිස, සියල්ල සැළ කළේය. දෙවන දවසෙහි රජු (නඩුව) විසඳන තැනට ගියේය. එහිදී මහජනයා ‘ඇමතිවරුන් විසින් හිමිකරුවෝ අහිමිකරුවෝ බවට තීරණය කරනු ලබති’යි කෑකෝ ගසමින් මහා යුද්ධයක් සේ (කළබල) කළහ. එවිට රජතුමා එතැනින් නැගිට පහයට නැගී සමවත් උපදවා ගන්නට හිඳගත්තද, කලබල හඬින් හා අවුල් සිතින් එය කළ නොහැකි විය. ඔහු ‘රජකම කුමක්ද? මහණදම් උතුම්’යැයි රජකමෙහි උත්සාහය හැර, නැවත සමවත් උපදවා පෙර කී පරිදි විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කළේය. කමටහන් ගැන විමසන ලදුව, මෙම ගාථාව කීය.

“මිත‍්තෙ සුහජ‍්ජෙ අනුකම‍්පමානො, හාපෙති අත්‍ථං පටිබද‍්ධචිත‍්තො; එතං භයං සන්‍ථවෙ පෙක‍්ඛමානො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ මෙත‍්තායනවසෙන මිත‍්තා. සුහදයභාවෙන සුහජ‍්ජා. කෙචි හි එකන‍්තහිතකාමතාය මිත‍්තාව හොන‍්ති, න සුහජ‍්ජා. කෙචි ගමනාගමනට‍්ඨානනිසජ‍්ජාසමුල‍්ලාපාදීසු හදයසුඛජනනෙන සුහජ‍්ජාව හොන‍්ති, න මිත‍්තා. කෙචි තදුභයවසෙන සුහජ‍්ජා චෙව මිත‍්තා ච. තෙ දුවිධා හොන‍්ති – අගාරියා අනගාරියා ච. තත්‍ථ අගාරියා තිවිධා හොන‍්ති – උපකාරො, සමානසුඛදුක‍්ඛො, අනුකම‍්පකොති. අනගාරියා විසෙසෙන අත්‍ථක‍්ඛායිනො එව. තෙ චතූහි අඞ‍්ගෙහි සමන‍්නාගතා හොන‍්ති. යථාහ –

එහි මෙත් පැතිරවීම හේතුවෙන් මිත්තා නම් වේ. ලෙන්ගතු බව සුභජ්ජා වේ. ඇතැම්හු එක්බඳු හිතවත්කමින් යුතුව මිතුරෝම වෙති. සුහද නොවෙති. ඇතමෙක් පැමිණෙන, යන, හිඳින තැන්හි කතාබහ කරනවිට හදවතට සුව දනවන ගතිය වූ සුභජ්ජා හෙවත් සුහදතාව පෙන්වති. මිතුරෝ නොවෙති. ඇතමෙක් සුහද බවත්, මිතුරු බවත් දෙකක් ලෙස දක්වති. ගිහි ජීවිතයට අදාලව සහ පැවිදි ජීවිතය ලෙසිනි. එය ගිහි දිවියට අදාලව උපකාරක, සමානසුඛදුක්‍ඛ, අනුකම්පක යැයි තුන් ආකාරය. පැවිදි අත්‍ථක්‍ඛායී වැදගත් වේ. ඒ මිතුරෝ කරුණු හතරකින් යුතු වෙති. ඒ අනුව මෙසේ කියා ඇත.

“චතූහි ඛො, ගහපතිපුත‍්ත, ඨානෙහි උපකාරො මිත‍්තො සුහදො වෙදිතබ‍්බො – පමත‍්තං රක‍්ඛති, පමත‍්තස‍්ස සාපතෙය්‍යං රක‍්ඛති, භීතස‍්ස සරණං හොති, උප‍්පන‍්නෙසු කිච‍්චකරණීයෙසු තද‍්දිගුණං භොගං අනුප‍්පදෙති” (දී· නි· 3.261).

‘ගහපති පුතුනි, උපකාරක නම් සුහද මිතුරාද කරුණු හතරකින් දතයුතුය. ඔහු මිතුරාට කරදර-පමාවක් ඇතිවිටකදී රැකවරණ දෙයි. එවැනි විටකදී මිතුරාගේ වස්තුව රැක දෙයි. බියට පත්වූ විට පිහිට වෙයි. කිසියම් අවැසි කටයුත්තක් ඇතිකල දෙගුණයක් සේ ධනය ආදී සම්පත් ලබා දෙයි.

තථා –

එසේම

“චතූහි ඛො, ගහපතිපුත‍්ත, ඨානෙහි සමානසුඛදුක‍්ඛො මිත‍්තො සුහදො වෙදිතබ‍්බො – ගුය‍්හමස‍්ස ආචික‍්ඛති, ගුය‍්හමස‍්ස පරිගූහති, ආපදාසු න විජහති, ජීවිතම‍්පිස‍්ස අත්‍ථාය පරිච‍්චත‍්තං හොති” (දී· නි· 3.262).

ගහපති පුතුනි, සමාන සුඛ දුක්‍ඛ සුහද මිතුරාද කරුණු සතරකින් දත යුතුය. රහසිගත කරුණු ඔහුට කියයි. ඔහුගේ රහස් හෙළි නොකරයි. කරදරවලදී අත් නොහරියි. තම ජීවිතය වුවද මිතුරාගේ හිතසුව පිණිස කැප කරයි. ගහපති පුතුනි,

තථා –

එසේම

“චතූහි ඛො, ගහපතිපුත‍්ත, ඨානෙහි අනුකම‍්පකො මිත‍්තො සුහදො වෙදිතබ‍්බො – අභවෙනස‍්ස න නන්‍දති, භවෙනස‍්ස නන්‍දති, අවණ‍්ණං භණමානං නිවාරෙති, වණ‍්ණං භණමානං පසංසති” (දී· නි· 3.264).

අනුකම්පක සුහද මිතුරාද කරුණු සතරකින් දතයුතුය. ඔහු මිතුරාගේ යම් දෙයක් පාඩුවීමේදී විනාසවීමේදී සතුටු නොවේ. යම් යම් දෙය (මිතුරාගේ දියුණුව) ඇතිවන විටදී සතුටු වෙයි. ඔහුගේ නුගුණ කියනවිට වළක්වයි. ගුණ කියනවිට අගය කරයි.

තථා –

එසේම

“චතූහි ඛො, ගහපතිපුත‍්ත, ඨානෙහි අත්‍ථක‍්ඛායී මිත‍්තො සුහදො වෙදිතබ‍්බො – පාපා නිවාරෙති, කල්‍යාණෙ නිවෙසෙති, අස‍්සුතං සාවෙති, සග‍්ගස‍්ස මග‍්ගං ආචික‍්ඛතී”ති (දී· නි· 3.263).

කරුණු සතරකින් අත්‍ථක්‍ථායී සුහද මිතුරාද දතයුතුයි. ඔහු මිතුරා යහපතෙහි යොදවයි. අයහපත් දෙයින් වළකයි. නොඇසූ (යහපත්) දෙයක් ඇසීමට සලස්වයි. (මරණින් මතු යහපත් තැනකට) දෙව්ලොව මග කියා දෙයි.

තෙස‍්විධ අගාරියා අධිප‍්පෙතා. අත්‍ථතො පන සබ‍්බෙපි යුජ‍්ජන‍්ති. තෙ මිත‍්තෙ සුහජ‍්ජෙ. අනුකම‍්පමානොති අනුදයමානො. තෙසං සුඛං උපසංහරිතුකාමො දුක‍්ඛං අපහරිතුකාමො ච.

මෙම කරුණු ගිහි දිවියට අදාලව අදහස් කරන ලදී. එම කරුණු (පොදුවේ) සුහද -යහපත් මිතුරන්ටද අදාල වේ. අනුකම්පමානො කරුණාසහගත බවයි. එම ගුණය ඔවුන්ට සැප ලඟාකර දීමට, දුක ඈත්කරලීමට යොමු කරයි.

හාපෙති අත්‍ථන‍්ති දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථවසෙන තිවිධං, තථා අත‍්තත්‍ථපරත්‍ථඋභයත්‍ථවසෙනාපි තිවිධං. අත්‍ථං ලද‍්ධවිනාසනෙන අලද‍්ධානුප‍්පාදනෙනාති ද‍්විධාපි හාපෙති විනාසෙති. පටිබද‍්ධචිත‍්තොති “අහං ඉමං විනා න ජීවාමි, එස මෙ ගති, එස මෙ පරායණ”න‍්ති එවං අත‍්තානං නීචෙ ඨානෙ ඨපෙන‍්තොපි පටිබද‍්ධචිත‍්තො හොති. “ඉමෙ මං විනා න ජීවන‍්ති, අහං තෙසං ගති, තෙසං පරායණ”න‍්ති එවං අත‍්තානං උච‍්චෙ ඨානෙ ඨපෙන‍්තොපි පටිබද‍්ධචිත‍්තො හොති. ඉධ පන එවං පටිබද‍්ධචිත‍්තො අධිප‍්පෙතො. එතං භයන‍්ති එතං අත්‍ථහාපනභයං, අත‍්තනො සමාපත‍්තිහානිං සන්‍ධාය වුත‍්තං. සන්‍ථවෙති තිවිධො සන්‍ථවො – තණ‍්හාදිට‍්ඨිමිත‍්තසන්‍ථවවසෙන. තත්‍ථ අට‍්ඨසතප‍්පභෙදාපි තණ‍්හා තණ‍්හාසන්‍ථවො, ද‍්වාසට‍්ඨිභෙදාපි දිට‍්ඨි දිට‍්ඨිසන්‍ථවො, පටිබද‍්ධචිත‍්තතාය මිත‍්තානුකම‍්පනා මිත‍්තසන්‍ථවො. සො ඉධාධිප‍්පෙතො. තෙන හිස‍්ස සමාපත‍්ති පරිහීනා. තෙනාහ – “එතං භයං සන්‍ථවෙ පෙක‍්ඛමානො අහමධිගතො”ති. සෙසං වුත‍්තසදිසමෙවාති වෙදිතබ‍්බන‍්ති.

හාපෙති අත්‍ථං මෙලොව, පරලොව සහ ඉන් එහා ලද හැකි උසස් උත්තරීතර බව යනුවෙන් තුන් ආකාරය. එසේම තමා කෙරෙහි, අනුන් කෙරෙහි, සහ තමාටත්-අනුන්ටත් ලෙස තුන් ආකාරය. ලැබුණු දේ නැතිකර ගැනීමෙන්ද, නොලද දේ උපදවා නොගැනීමෙන්දැයි දෙයාකාරව පිරිහෙයි. නැසෙයි. පටිබද්ධචිත්තො මම මොහු නැතිව ජීවත් නොවෙමි. එය මගේ හැටියි. ඒ තැනැත්තා මට පිහිට වේයැයි මෙසේ පහත් තැනක තබද්දීත්, බැඳුණු සිත් ඇත්තේ වෙයි. මොවුහු මා හැර ජීවත් නොවෙති. මම ඔවුනට අයත් වෙමි. මා පිහිටකොට ඇත්තාහ’යි මෙසේ තමන් උසස් තන්හි තැබීමද ඇළුණු-බැඳුණු සිත ඇති බවට අදහස් වේ. එතම්භයං - මේ ලබන දේ නැතිව යනු ඇතැ’යි බියය. තමාගේ සමවත් හානිය ගැන මෙයින් කියයි. සන්‍ථවෙ තණ්හා, දිට්ඨි, මිත්ත, සන්‍ථව යැයි තුන් ආකාරය. එහි එකසිය අටක් සේ දැක්වෙන තණ්හාවේ කොටස්වල ඇලීම තණ්හා සන්‍ථවයයි. සැටදෙකක් වැරදි දැකීම්වල ඇලීම දිට්ඨි සන්‍ථවයයි. ඇළුණු, බැඳුණු සිතින් වන මිතුරු අනුකම්පාව මිත්ත සන්‍ථවයයි. එය මෙහි අදහස් කෙරේ. ඒ පිළිබඳව ඇතිවන බිය නුවණින් මෙනෙහි කරමින් මම අවබෝධ කළෙමි. ඉතිරි කරුණු මුල් ගාථාවෙහි කියා ඇති පරිදි වේ.

මිත‍්තසුහජ‍්ජගාථාවණ‍්ණනා සමත‍්තා.

මිත්තසුහජ්ජ ගාථා විස්තරය නිමි.

4

4

වංසො විසාලොති කා උප‍්පත‍්ති? පුබ‍්බෙ කිර කස‍්සපස‍්ස භගවතො සාසනෙ තයො පච‍්චෙකබොධිසත‍්තා පබ‍්බජිත්‍වා වීසති වස‍්සසහස‍්සානි ගතපච‍්චාගතවත‍්තං පූරෙත්‍වා දෙවලොකෙ උප‍්පන‍්නා. තතො චවිත්‍වා තෙසං ජෙට‍්ඨකො බාරාණසිරාජකුලෙ නිබ‍්බත‍්තො, ඉතරෙ පච‍්චන‍්තරාජකුලෙසු. තෙ උභොපි කම‍්මට‍්ඨානං උග‍්ගණ‍්හිත්‍වා, රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා, අනුක‍්කමෙන පච‍්චෙකබුද‍්ධා හුත්‍වා, නන්‍දමූලකපබ‍්භාරෙ වසන‍්තා එකදිවසං සමාපත‍්තිතො වුට‍්ඨාය “මයං කිං කම‍්මං කත්‍වා ඉමං ලොකුත‍්තරසුඛං අනුප‍්පත‍්තා”ති ආවජ‍්ජෙත්‍වා පච‍්චවෙක‍්ඛමානා කස‍්සපබුද‍්ධකාලෙ අත‍්තනො චරියං අද‍්දසංසු. තතො “තතියො කුහි”න‍්ති ආවජ‍්ජෙන‍්තා බාරාණසියං රජ‍්ජං කාරෙන‍්තං දිස‍්වා තස‍්ස ගුණෙ සරිත්‍වා “සො පකතියාව අප‍්පිච‍්ඡතාදිගුණසමන‍්නාගතො අහොසි, අම‍්හාකඤ‍්ඤෙව ඔවාදකො වත‍්තා වචනක‍්ඛමො පාපගරහී, හන්‍ද, නං ආරම‍්මණං දස‍්සෙත්‍වා මොචෙස‍්සාමා”ති ඔකාසං ගවෙසන‍්තා තං එකදිවසං සබ‍්බාලඞ‍්කාරවිභූසිතං උය්‍යානං ගච‍්ඡන‍්තං දිස‍්වා ආකාසෙනාගන‍්ත්‍වා උය්‍යානද‍්වාරෙ වෙළුගුම‍්බමූලෙ අට‍්ඨංසු. මහාජනො අතිත‍්තො රාජදස‍්සනෙන රාජානං ඔලොකෙති. තතො රාජා “අත්‍ථි නු ඛො කොචි මම දස‍්සනෙ අබ්‍යාවටො”ති ඔලොකෙන‍්තො පච‍්චෙකබුද‍්ධෙ අද‍්දක‍්ඛි. සහ දස‍්සනෙනෙව චස‍්ස තෙසු සිනෙහො උප‍්පජ‍්ජි.

වංසො විසාලො යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? පෙර කසුප් බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි පසේ බෝසත්හු තුන්දෙනෙක් පැවිදිව, වසර විසිදහසක් ගතපච්චාගත වත පුරා දෙව්ලොව උපන්හ. ඔවුන් අතුරෙන් දෙටු තැනැත්තා, එයින් චුතව, බරණැස රජකුලයෙහි උපන්නේය. අනික් දෙදෙනා ඈත පිටිසර පෙදෙසක රජකුලවල උපන්හ. දෙදෙනාම කමටහන් ඉගෙන, රජකම හැර පැවිදිව අනුපිළිවෙළින් පසේ බුදුවරුව නන්‍දමූලක කඳු ගුහාවෙහි වසද්දී, එක් දවසක් සමවතින් නැගී ‘අපි කිනම් පින්කමක් කොට, මෙම ලොවුතුරු සුවයට පැමිණියෙමු’දැයි විමසා බලනවිට, කසුප් බුදුසස්නෙහි තම හැසිරීම් රටාව දුටුවාහ. ඉක්බිති, ‘තුන්වැන්නා කොහිදැ’යි සිතා, බරණැස රජ බව දැන, ඔහුගේ ගුණ සිහිකොට ‘සැබවින්ම ඔහු අපිස් බව ආදී ගුණයෙන් යුතු විය, අපටද අවවාද දෙමින්, ඔහුගේ වචනය ඉක්මවා නොයන ලෙස (අප මෙහෙයවමින්) සිටියේය. අපි අරමුණක් පෙන්වා (දැන් ගතකරන ජීවිතය සේ, කෙලෙසුන්ගෙන්) මුදාගනිමු’යි සුදුසු වේලාව සළකා, එක් දවසක සියළු අලංකාරයෙන් සැරසී උයනට යනු දැක අහසෙන් අවුත් උයන් දොරටුවෙහි උණපඳුර මුල සිටියහ. මහජනයාද රජු දැකීමෙහි සෑහීමකට පත්නොවී ඒ දෙසම බලයි. එවිට රජු ද ‘මා දෙස නොබලන කිසියම් කෙනෙකු වෙත්දැ’යි බලද්දී පසේ බුදුවරුන් දුටුවේය. උන්වහන්සේලා දැකීමත් සමගම ඔහුට සෙනහස ඇතිවිය.

සො හත්‍ථික‍්ඛන්‍ධා ඔරුය‍්හ සන‍්තෙන උපචාරෙන තෙ උපසඞ‍්කමිත්‍වා “භන‍්තෙ, කිං නාමා තුම‍්හෙ”ති පුච‍්ඡි. තෙ ආහංසු “මයං, මහාරාජ, අසජ‍්ජමානා නාමා”ති. “භන‍්තෙ, ‘අසජ‍්ජමානා’ති එතස‍්ස කො අත්‍ථො”ති? “අලග‍්ගනත්‍ථො, මහාරාජා”ති. තතො තං වෙළුගුම‍්බං දස‍්සෙන‍්තා ආහංසු – “සෙය්‍යථාපි, මහාරාජ, ඉමං වෙළුගුම‍්බං සබ‍්බසො මූලඛන්‍ධසාඛානුසාඛාහි සංසිබ‍්බිත්‍වා ඨිතං අසිහත්‍ථො පුරිසො මූලෙ ඡෙත්‍වා ආවිඤ‍්ඡන‍්තො න සක‍්කුණෙය්‍ය උද‍්ධරිතුං , එවමෙව ත්‍වං අන‍්තො ච බහි ච ජටාය ජටිතො ආසත‍්තවිසත‍්තො තත්‍ථ ලග‍්ගො. සෙය්‍යථාපි වා පනස‍්ස වෙමජ‍්ඣගතොපි අයං වංසකළීරො අසඤ‍්ජාතසාඛත‍්තා කෙනචි අලග‍්ගො ඨිතො, සක‍්කා ච පන අග‍්ගෙ වා මූලෙ වා ඡෙත්‍වා උද‍්ධරිතුං, එවමෙව මයං කත්‍ථචි අසජ‍්ජමානා සබ‍්බදිසා ගච‍්ඡාමා”ති තාවදෙව චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා පස‍්සතො එව රඤ‍්ඤො ආකාසෙන නන්‍දමූලකපබ‍්භාරං අගමංසු. තතො රාජා චින‍්තෙසි – “කදා නු ඛො අහම‍්පි එවං අසජ‍්ජමානො භවෙය්‍ය”න‍්ති තත්‍ථෙව නිසීදිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡාකාසි. පුරිමනයෙනෙව කම‍්මට‍්ඨානං පුච‍්ඡිතො ඉමං ගාථං අභාසි –

රජු ඇතුපිටින් බැස, ගරුසරු ඇතිව උන්වහන්සේලා වෙත එළඹ, හිමිවරුනි, ඔබලාගේ නම් කුමක්දැයි? ඇසීය. මහරජ, අපි ‘නොගැටෙන’ යන නම දරන්නෝ වෙමු’යි කීහ. ‘හිමිවරුනි, එහි තේරුම කුමක්දැ’යි රජු ඇසීය. ‘මහරජ, (කිසිම දෙයකට) නොඇලෙන ගතිය’ යැයි (පිළිතුරු දුන්හ) එහිදී ඒ උණපඳුර පෙන්වමින්, ‘මහරජ, මේ උණපඳුර හැමතැනම මුල්වලින් කඳ, අතු හා කුඩා අතුරිකිලිවලින් එකට වෙලී පැටලී තිබියදී මිනිසෙකු කඩුවක් අතින් ගෙන, මුල කපා පිටතට ඇදීමට (උත්සාහ දරත්ද) ඔසවා ඉවතට ගැනීමට නොහැකි වන්නා සේ, ඔබද ඇතුලත පිටත අවුලෙන් අවුලට පත්ව, හැමදෙයකම තදින් ඇලී, එහිම ගැලී සිටින්නෙහි යැයි කීහ. මෙහි මැද (පැළවී ඇති) මෙම උණ ගොබය (තවම) අතුරිකිලි නොවැඩුණු බැවින්, කිසිතැනක නොබැඳී පවත්නා නිසා, අගින් මුලින් හෝ කපා පිටතට ගතහැකි සේ අපද කිසිම දෙයක් නොඇලී හැමතැනකම යමු’යි කීහ. එකෙණෙහිම සිවුවන දැහැනට සමවැදී රජ බලා සිටියදීම අහසින් නන්‍දමූලක පව්වට වැඩියහ. ‘කවදා මම ද මෙසේ කිසිම දෙයක නොඇලී ඉන්නෙම්දැ’යි රජු සිතුවේය. එහිම හිඳ විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කළේය. පෙර පරිදිම, කමටහන් ගැන විමසන ලදුව මෙම ගාථාව කීය.

“වංසො විසාලොව යථා විසත‍්තො, පුත‍්තෙසු දාරෙසු ච යා අපෙක‍්ඛා; වංසක‍්කළීරොව අසජ‍්ජමානො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ වංසොති වෙළු. විසාලොති විත්‍ථිණ‍්ණො. චකාරො අවධාරණත්‍ථො, එවකාරො වා අයං, සන්‍ධිවසෙනෙත්‍ථ එකාරො නට‍්ඨො. තස‍්ස පරපදෙන සම‍්බන්‍ධො, තං පච‍්ඡා යොජෙස‍්සාම. යථාති පටිභාගෙ. විසත‍්තොති ලග‍්ගො, ජටිතො සංසිබ‍්බිතො. පුත‍්තෙසු දාරෙසු චාති පුත‍්තධීතුභරියාසු. යා අපෙක‍්ඛාති යා තණ‍්හා යො ස‍්නෙහො. වංසක‍්කළීරොව අසජ‍්ජමානොති වංසකළීරො විය අලග‍්ගමානො. කිං වුත‍්තං හොති? යථා වංසො විසාලො විසත‍්තො එව හොති, පුත‍්තෙසු දාරෙසු ච යා අපෙක‍්ඛා, සාපි එවං තානි වත්‍ථූනි සංසිබ‍්බිත්‍වා ඨිතත‍්තා විසත‍්තා එව. ස‍්වාහං තාය අපෙක‍්ඛාය අපෙක‍්ඛවා විසාලො වංසො විය විසත‍්තොති එවං අපෙක‍්ඛාය ආදීනවං දිස‍්වා තං අපෙක‍්ඛං මග‍්ගඤාණෙන ඡින්‍දන‍්තො අයං වංසකළීරොව රූපාදීසු වා ලොභාදීසු වා කාමභවාදීසු වා දිට‍්ඨාදීසු වා තණ‍්හාමානදිට‍්ඨිවසෙන අසජ‍්ජමානො පච‍්චෙකබොධිං අධිගතොති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

එහි වංස උණ ගසය. විසාලො - පුළුල්ව අතුරිකිලි විහිද ගිය තේරුමයි. ‘ව’ අකුර අවධාරණ අරුතිනි. එව පදය මේ යන තේරුමටයි. පද එක්වීමේදී ‘එ’ අකුර ඉවත් විය. පසු පදය හා බැඳුණි. එය පසුව දක්වන්නෙමි. යථා සමාන කොට දක්වයි. විසත්තො ඇළුණු, අවුල් වූ, එකට පැටළුණු යනුයි. පුත්තෙසු දාසෙ ච පුතුන්, දූවරු, බිරිඳ කෙරෙහි, යා අපෙක්‍ඛා යම් ආසාවක්, යම් ආදරයක්, වංස කළීරොව අසජ්ජමානො නොපැටළුණු උණගොබයක් මෙන්, එසේ කියන ලද්දේ කුමක් නිසාද? උණගස මහත්ව වැඩී, අතු රිකිළි පැතිරී යයිද එසේම අඹුදරු ආදීන්ට ඇති බලාපොරොත්තු නිසා ඔවුන්ට ඇති බැඳීමයි. ඇලීමයි. මම මහත් ලෙස පැතිරී ගිය උණගස් මෙන් වූ එම බලාපොරොත්තු තබාගැනීමේ මතු විපාක දැක, සිවුසස් මග නැණින් සිඳිමින් මෙම උණ ගොබය බඳු රූපාදියට හෝ දැකීම්වලට හෝ කාමලෝකවල හෝ ආසා-මාන හා දැකීම් ලෙසට නොඇලෙමින් පසේ බුදු බවට පත්වීමි’ ඉතිරි කරුණු පෙර කී පරිදි දතයුතුය.

වංසකළීරගාථාවණ‍්ණනා සමත‍්තා.

වංසකළීර ගාථා විස්තරය නිමි.

5

5

මිගො අරඤ‍්ඤම‍්හීති කා උප‍්පත‍්ති? එකො කිර භික‍්ඛු කස‍්සපස‍්ස භගවතො සාසනෙ යොගාවචරො කාලං කත්‍වා, බාරාණසියං සෙට‍්ඨිකුලෙ උප‍්පන‍්නො අඩ‍්ඪෙ මහද‍්ධනෙ මහාභොගෙ, සො සුභගො අහොසි. තතො පරදාරිකො හුත්‍වා තත්‍ථ කාලකතො නිරයෙ නිබ‍්බත‍්තො තත්‍ථ පච‍්චිත්‍වා විපාකාවසෙසෙන සෙට‍්ඨිභරියාය කුච‍්ඡිම‍්හි ඉත්‍ථිපටිසන්‍ධිං අග‍්ගහෙසි. නිරයතො ආගතානං ගත‍්තානි උණ‍්හානි හොන‍්ති. තෙන සෙට‍්ඨිභරියා ඩය‍්හමානෙන උදරෙන කිච‍්ඡෙන කසිරෙන තං ගබ‍්භං ධාරෙත්‍වා කාලෙන දාරිකං විජායි. සා ජාතදිවසතො පභුති මාතාපිතූනං සෙසබන්‍ධුපරිජනානඤ‍්ච දෙස‍්සා අහොසි. වයප‍්පත‍්තා ච යම‍්හි කුලෙ දින‍්නා, තත්‍ථාපි සාමිකසස‍්සුසසුරානං දෙස‍්සාව අහොසි අප‍්පියා අමනාපා. අථ නක‍්ඛත‍්තෙ ඝොසිතෙ සෙට‍්ඨිපුත‍්තො තාය සද‍්ධිං කීළිතුං අනිච‍්ඡන‍්තො වෙසිං ආනෙත්‍වා කීළති. සා තං දාසීනං සන‍්තිකා සුත්‍වා සෙට‍්ඨිපුත‍්තං උපසඞ‍්කමිත්‍වා නානප‍්පකාරෙහි අනුනයිත්‍වා ආහ – “අය්‍යපුත‍්ත, ඉත්‍ථී නාම සචෙපි දසන‍්නං රාජූනං කනිට‍්ඨා හොති, චක‍්කවත‍්තිනො වා ධීතා, තථාපි සාමිකස‍්ස පෙසනකරා හොති. සාමිකෙ අනාලපන‍්තෙ සූලෙ ආරොපිතා විය දුක‍්ඛං පටිසංවෙදෙති. සචෙ අහං අනුග‍්ගහාරහා, අනුග‍්ගහෙතබ‍්බා. නො චෙ, විස‍්සජ‍්ජෙතබ‍්බා, අත‍්තනො ඤාතිකුලං ගමිස‍්සාමී”ති. සෙට‍්ඨිපුත‍්තො – “හොතු, භද‍්දෙ, මා සොචි, කීළනසජ‍්ජා හොහි, නක‍්ඛත‍්තං කීළිස‍්සාමා”ති ආහ. සෙට‍්ඨිධීතා තාවතකෙනපි සල‍්ලාපමත‍්තෙන උස‍්සාහජාතා “ස‍්වෙ නක‍්ඛත‍්තං කීළිස‍්සාමී”ති බහුං ඛජ‍්ජභොජ‍්ජං පටියාදෙති. සෙට‍්ඨිපුත‍්තො දුතියදිවසෙ අනාරොචෙත්‍වාව කීළනට‍්ඨානං ගතො. සා “ඉදානි පෙසෙස‍්සති, ඉදානි පෙසෙස‍්සතී”ති මග‍්ගං ඔලොකෙන‍්තී නිසින‍්නා උස‍්සූරං දිස‍්වා මනුස‍්සෙ පෙසෙසි. තෙ පච‍්චාගන‍්ත්‍වා “සෙට‍්ඨිපුත‍්තො ගතො”ති ආරොචෙසුං. සා සබ‍්බං තං පටියාදිතං ආදාය යානං අභිරුහිත්‍වා උය්‍යානං ගන‍්තුං ආරද‍්ධා.

මිගො අරඤ්ඤම්හි යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? කසුප් බුදු සසුනෙහි, එක් භාවනායෝගියෙක් කළුරියකොට, බරණැස, මහත් ධන සම්පත් ඇති සිටු කුලයක උපන්නේය. ඔහු මහත් පින් ඇත්තෙක් විය. එහෙත් ඔහු අන් අඹුවන් ඇසුරු කරන්නෙකු වී ඉන් කළුරිය කොට නිරයෙහි දුක්විඳ ඉතිරි (කම්පල) විපාක ලෙසින් සිටු බිරිඳගේ කුස පිළිසිඳ ගත්තීය. නිරයෙහි සිට (මනුලොව) උපත ලබන්නන්ගේ සිරුරු උණුසුම් වේ. සිටු බිරියද එසේ දැවෙන කුසින් යුතුව ඉතා අපහසුවෙන් ඒ ගැබ දරා, නිසිකල දැරියක වැදුවාය. ඇය බිහිවූ දින පටන්, මවුපියන්ටද අනෙක් නෑදෑ පිරිවර ජනයාටද අසතුටු-නුරුස්නා බවක් පෙන්වූවාය. වැඩිවිය පත්වූ විට, පතිකුලයට ගියද, එහිදී හිමියාට, නැදිමයිලන්ටද නුරුස්සන්නියක වූවාය. අසතුටු අමනාප තැනැත්තියක් වූවාය. ඉක්බිති නැකැත් උළෙල පවත්වන විට, සිටු පුතු ඇය සමග සතුටුවන්නට - විනෝද වන්නට නොකැමතිව, ගණිකාවක ගෙන්වාගෙන කෙළිදෙළින් පසුවෙයි. බිරිඳ දාසීන්ගෙන් ඒ බව අසා සිටුපුතු වෙත ගොස්, නොයෙක් ලෙසින් සුහද කීකරු බව පෙන්වා, ‘උතුම් වූ හිමියනි, කාන්තාව නම්, රජවරුන් දහ දෙනෙකු අතර, කණිටු තැනැත්තිය වුවත් සක්විති රජුගේ දියණියක වුවත් සැමියාගේ මෙහෙකාරිය වන්නීය. සැමියා (බිරියට) කතාබහ නොකරනවිට - උලක හිඳිනා සේ දුකට පත්වන්නීය. මම උපකාර ලබන්නට සුදුසු වන්නෙම් (ඔබතුමා මට) උදව් උපකාර කළ යුතුය. නැතිනම් මා බැහැර කළ යුතුය. මවුපියන් වෙත හෝ යන්නෙමි’යි කීවාය. එවිට සිටුපුතු ‘සොඳුරු කණගාටු නොවන්න, ඔබ කෙළිදෙලෙන්, සතුටින් සිටීමට කැමතිනම්, එසේ, නැකැත් උළෙලෙහි සතුටු වෙමු’යි කීය. සිටු බිරිය ඒ කතාබහ පමණින්ම උත්සාහවත්ව, ‘හෙට නැකැත් කෙළියෙහි විනෝද වන්නෙමි’යි බොහෝ ආහාර පාන, කැවිලි පිළියෙළ කළාය. සිටුපුතු පසුදින (ඇයට) නොදන්වාම නැකැත් කෙළි පවත්වන තැනට ගියේය. ඇය ‘දැන් දැන් පැමිණෙන ලෙස පණිවිඩයක් එවනු ඇතැ’යි මගබලා සිට දහවල් වන බව දැන, (පමාව දැනගැනීමට) මිනිසුන් යැව්වාය. ඔවුහු ආපසු පැමිණ ‘සිටු පුතු (නැකැත් කෙළියට) ගිය බව සැළකළහ. ඇය ඒ පිළියෙල කරන ලද සියළු දේ රැගෙන රියකට නැගී උයනට පිටත් වූවාය.

අථ නන්‍දමූලකපබ‍්භාරෙ පච‍්චෙකසම‍්බුද‍්ධො සත‍්තමෙ දිවසෙ නිරොධා වුට‍්ඨාය අනොතත‍්තෙ මුඛං ධොවිත්‍වා නාගලතාදන‍්තපොණං ඛාදිත්‍වා “කත්‍ථ අජ‍්ජ භික‍්ඛං චරිස‍්සාමී”ති ආවජ‍්ජෙන‍්තො තං සෙට‍්ඨිධීතරං දිස‍්වා “ඉමිස‍්සා මයි සක‍්කාරං කරිත්‍වා තං කම‍්මං පරික‍්ඛයං ගමිස‍්සතී”ති ඤත්‍වා පබ‍්භාරසමීපෙ සට‍්ඨියොජනං මනොසිලාතලං, තත්‍ථ ඨත්‍වා නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය අභිඤ‍්ඤාපාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා ආකාසෙනාගන‍්ත්‍වා තස‍්සා පටිපථෙ ඔරුය‍්හ බාරාණසීභිමුඛො අගමාසි. තං දිස‍්වා දාසියො සෙට‍්ඨිධීතාය ආරොචෙසුං. සා යානා ඔරුය‍්හ සක‍්කච‍්චං වන්‍දිත්‍වා, පත‍්තං ගහෙත්‍වා, සබ‍්බරසසම‍්පන‍්නෙන ඛාදනීයභොජනීයෙන පූරෙත්‍වා, පදුමපුප‍්ඵෙන පටිච‍්ඡාදෙත්‍වා හෙට‍්ඨාපි පදුමපුප‍්ඵං කත්‍වා, පුප‍්ඵකලාපං හත්‍ථෙන ගහෙත්‍වා, පච‍්චෙකබුද‍්ධං උපසඞ‍්කමිත්‍වා, තස‍්ස හත්‍ථෙ පත‍්තං දත්‍වා, වන්‍දිත්‍වා, පුප‍්ඵකලාපහත්‍ථා පත්‍ථෙසි “භන‍්තෙ, යථා ඉදං පුප‍්ඵං, එවාහං යත්‍ථ යත්‍ථ උප‍්පජ‍්ජාමි, තත්‍ථ තත්‍ථ මහාජනස‍්ස පියා භවෙය්‍යං මනාපා”ති. එවං පත්‍ථෙත්‍වා දුතියං පත්‍ථෙසි “භන‍්තෙ, දුක‍්ඛො ගබ‍්භවාසො, තං අනුපගම‍්ම පදුමපුප‍්ඵෙ එවං පටිසන්‍ධි භවෙය්‍යා”ති. තතියම‍්පි පත්‍ථෙසි “භන‍්තෙ, ජිගුච‍්ඡනීයො මාතුගාමො, චක‍්කවත‍්තිධීතාපි පරවසං ගච‍්ඡති, තස‍්මා අහං ඉත්‍ථිභාවං අනුපගම‍්ම පුරිසො භවෙය්‍ය”න‍්ති. චතුත්‍ථම‍්පි පත්‍ථෙසි “භන‍්තෙ, ඉමං සංසාරදුක‍්ඛං අතික‍්කම‍්ම පරියොසානෙ තුම‍්හෙහි පත‍්තං අමතං පාපුණෙය්‍ය”න‍්ති.

මේ අතර, නන්‍දමූලක පව්වෙහි පසේ බුදුවරයන් වහන්සේ, ඒ සත්වන දිනෙහි නිරෝධ සමවතින් නැගිට, අනෝතත්ත විලෙන් මුව දොවා බුලත් දැහැටි වළඳා, ‘අද පිඬු පිණිස කිනම් තැනක හැසිරෙම්දැ’යි විමසා බලනවිට එම සිටු දියණිය දැක, ‘මේ තැනැත්තිය මට සත්කාර කොට, ඒ (පව්) කම්හි විපාකය අවසන් වන්නේ’ යැයි දැන, පාසිවුරු ගෙන අභිඤ්ඤා පාදක දැහැනට සමවැද අහසින් අවුත් බැස ඇය හමුවන පරිදි බරණැස දෙසට වැඩියහ. ඒ දුටු දාසීහු සිටු දුවට දැන්වූහ. ඇය රියෙන් බැස, ගරුසරු ඇතිව වැඳ, සියළු රසයෙන් පිරුණු බොජුනින් පාත්‍රය පුරවා, නෙළුම් මල්වලින් වසා පතුලටද නෙළුම් මලක් තබා, මල් පොකුරක් අතින් ගෙන, පසේ බුදුරදුන් වෙත පැමිණ, උන්වහන්සේ අතට පාත්‍රය දී වැඳ, මල්පොකුර අත තබා ගෙනම ‘හිමියනි, මම යම්තැනක උපදිම්ද, ඒ ඒ තන්හි මේ මල සේ මහජනතාවට පියමනාප වන්නෙමි’යි පැතුවාය. ‘හිමියනි, මව්කුසක ඉපදීම දුකකි. මව්කුසකට නොපැමිණ නෙළුම් මලකම පිළිසිඳ ගනිමි’යි දෙවනුව පැතුවාය. ‘හිමියනි, කාන්තාව පිළිකුල් කටයුතුය. සක්විති රජුගේ දුවක වුවත් අන් කෙනෙකුගේ වසඟයට (පතිකුලයට) යන්නීය. එහෙයින් මම ගැහැණියක නොවී, පිරිමියෙක් වන්නෙමි’යි තුන්වනුව පැතුවාය. ‘හිමියනි, මේ සසර දුක ඉක්මවා, අවසන, ඔබවහන්සේ පැමිණ සිටින උසස් බවටම පැමිණෙන්නෙමි’යි සිවුවන වරට පැතුවාය.

එවං චතුරො පණිධයො කත්‍වා, තං පදුමපුප‍්ඵකලාපං පූජෙත්‍වා, පච‍්චෙකබුද‍්ධස‍්ස පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා “පුප‍්ඵසදිසො එව මෙ ගන්‍ධො චෙව වණ‍්ණො ච හොතූ”ති ඉමං පඤ‍්චමං පණිධිං අකාසි. තතො පච‍්චෙකබුද‍්ධො පත‍්තං පුප‍්ඵකලාපඤ‍්ච ගහෙත්‍වා ආකාසෙ ඨත්‍වා –

මෙසේ පැතුම් සතරක් පතා ඒ නෙළුම් මල් පොකුර පසේ බුදුන් වහන්සේගේ අත්හි තබා, පසඟ පිහිටුවා වැඳ ඒ මල් සමාන වූ සුවඳ ද පැහැයද ලැබේවා’යි පස්වන පැතුමද කළාය. එවිට පසේ බුදුන් වහන්සේ පාත්‍රයද මල් පොකුරද ගෙන අහසෙහි සිට -

“ඉච‍්ඡිතං පත්‍ථිතං තුය‍්හං, ඛිප‍්පමෙව සමිජ‍්ඣතු; සබ‍්බෙ පූරෙන‍්තු සඞ‍්කප‍්පා, චන්‍දො පන‍්නරසො යථා”ති. –

ඉච්ඡිතං පත්‍ථිතං තුය්හං ඛිප්පමෙව සමිජ්ඣතු සබ්බෙ පූරෙන්තු සංකප්පා චන්‍දො පණ්ණරසො යථා

ඉමාය ගාථාය සෙට‍්ඨිධීතාය අනුමොදනං කත්‍වා “සෙට‍්ඨිධීතා මං ගච‍්ඡන‍්තං පස‍්සතූ”ති අධිට‍්ඨහිත්‍වා නන්‍දමූලකපබ‍්භාරං අගමාසි. සෙට‍්ඨිධීතාය තං දිස‍්වා මහතී පීති උප‍්පන‍්නා. භවන‍්තරෙ කතං අකුසලකම‍්මං අනොකාසතාය පරික‍්ඛීණං, චිඤ‍්චම‍්බිලධොතතම‍්බභාජනමිව සුද‍්ධා ජාතා. තාවදෙව චස‍්සා පතිකුලෙ ඤාතිකුලෙ ච සබ‍්බො ජනො තුට‍්ඨො “කිං කරොමා”ති පියවචනානි පණ‍්ණාකාරානි ච පෙසෙසි. සෙට‍්ඨිපුත‍්තො මනුස‍්සෙ පෙසෙසි “සීඝං සීඝං ආනෙථ සෙට‍්ඨිධීතරං, අහං විස‍්සරිත්‍වා උය්‍යානං ආගතො”ති. තතො පභුති ච නං උරෙ විලිත‍්තචන්‍දනං විය ආමුත‍්තමුත‍්තාහාරං විය පුප‍්ඵමාලං විය ච පියායන‍්තො පරිහරි.

යනුවෙන් ‘ඔබ කැමති, පතන ලද දේ ඉක්මණින්ම ඉටු වේවා! පසළොස් කලා පිරි සඳ මෙන් සියළුම අදහස් සපිරේවා’යි මේ ගාථාවෙන් සිටු දුවට අනුමෝදනා කොට, ‘මා යන අයුරු සිටුදුව දකීවා’යි අදිටන් කොට, නන්‍දමූලක පව්වෙහි ගුහාවටම වැඩියහ. සිටුදුව ඒ දැක මහත් සතුටට පත් වූවාය. සසර මෙතෙක් කරන ලද අයහපත් දෙයෙහි විපාක ලැබීමට ඉඩ නොතබාම අවසන් විය. සියඹලා ඇඹුල් යොදා සේදූ තඹ බඳුනක් මෙන් පිරිසිදු බවට පත් වූවාය. එකෙණෙහිම ඇය විවාපත් සැමියාගේ පවුල්වල නෑදෑයෝද සියළු ජනයාද සතුටුව, ‘කුමක් කරමුද?’ ආදී තුටු වදන් තෙපළමින් ඇයට තෑගි-පඬුරු යැවූහ. සිටුපුත් ද, ‘ඉක්මණින්ම සිටු දුව කැඳවාගෙන එව, මා ඇය අමතකව උයනට ආවෙමි’යි මිනිසුන් යැවීය. එතැන් පටන් සිටුපුත් ඇය රැකබලා ගත්තේ ළය තැවරූ සඳුන් මෙනි. මුතුහරක් මෙනි. මල්දමක් ලෙසිනි.

සා තත්‍ථ යාවතායුකං ඉස‍්සරියභොගසුඛං අනුභවිත්‍වා කාලං කත්‍වා පුරිසභාවෙන දෙවලොකෙ පදුමපුප‍්ඵෙ උප‍්පජ‍්ජි. සො දෙවපුත‍්තො ගච‍්ඡන‍්තොපි පදුමපුප‍්ඵගබ‍්භෙයෙව ගච‍්ඡති, තිට‍්ඨන‍්තොපි, නිසීදන‍්තොපි, සයන‍්තොපි පදුමගබ‍්භෙයෙව සයති. මහාපදුමදෙවපුත‍්තොති චස‍්ස නාමං අකංසු. එවං සො තෙන ඉද‍්ධානුභාවෙන අනුලොමපටිලොමං ඡදෙවලොකෙ එව සංසරති.

ඇය එහි ආයු ඇතිතාක් ඉසුරු සැපසම්පත් විඳ, මියගොස්, දෙව්ලොව දෙවියෙක්ව නෙළුම් මලක් තුලම ඉපදුණි. ඒ දෙව්පුතු’ යනවිටද, සිටිනවිටද, හිඳින විටද, නෙළුම තුලම සිටී. නිදන්නේද නෙළුම තුලමය. ‘මහාපදුම දෙව්පුතු’ යැයි නම් කළහ. මෙසේ මහාපදුම දෙවියා උඩ සිට පහළට, පහළ සිට උඩට දෙව්ලෝ සයෙහිම සැරිසරයි.

තෙන ච සමයෙන බාරාණසිරඤ‍්ඤො වීසති ඉත්‍ථිසහස‍්සානි හොන‍්ති. රාජා එකිස‍්සාපි කුච‍්ඡියං පුත‍්තං න ලභති. අමච‍්චා රාජානං විඤ‍්ඤාපෙසුං “දෙව, කුලවංසානුපාලකො පුත‍්තො ඉච‍්ඡිතබ‍්බො, අත්‍රජෙ අවිජ‍්ජමානෙ ඛෙත්‍රජොපි කුලවංසධරො හොතී”ති. රාජා “ඨපෙත්‍වා මහෙසිං අවසෙසා නාටකිත්‍ථියො සත‍්තාහං ධම‍්මනාටකං කරොථා”ති යථාකාමං බහි චරාපෙසි, තථාපි පුත‍්තං නාලත්‍ථ. පුන අමච‍්චා ආහංසු – “මහාරාජ, මහෙසී නාම පුඤ‍්ඤෙන ච පඤ‍්ඤාය ච සබ‍්බිත්‍ථීනං අග‍්ගා, අප‍්පෙව නාම දෙවො මහෙසියාපි කුච‍්ඡිස‍්මිං පුත‍්තං ලභෙය්‍යා”ති. රාජා මහෙසියා එතමත්‍ථං ආරොචෙසි. සා ආහ – “මහාරාජ, යා ඉත්‍ථී සච‍්චවාදිනී සීලවතී, සා පුත‍්තං ලභෙය්‍ය, හිරොත‍්තප‍්පරහිතාය කුතො පුත‍්තො”ති පාසාදං අභිරුහිත්‍වා පඤ‍්ච සීලානි සමාදියිත්‍වා පුනප‍්පුනං අනුමජ‍්ජති. සීලවතියා රාජධීතාය පඤ‍්ච සීලානි අනුමජ‍්ජන‍්තියා පුත‍්තපත්‍ථනාචිත‍්තෙ උප‍්පන‍්නමත‍්තෙ සක‍්කස‍්ස ආසනං සන‍්තප‍්පි.

එසමයෙහි බරණැස් රජුගේ විසිදහසක් කාන්තාවෝ වෙති. ඉන් එක් තැනැත්තියකගේ කුසකවත් පිරිමි දරුවකු නොපිහිටයි. ‘දේවයන් වහන්ස, කුල පරම්පරාව පාලනයට පුතකු ගැන ඔබතුමා කැමතිවිය යුතුය. තමාට දාව පුතකු නොමැතිවිට රජකමට සුදුසු කෙනෙකුද කුල පරම්පරාවේ ඉදිරි පැවැත්මද නැතැ’යි ඇමතිවරු රජුට දැන්වූහ. රජු, අග බිසව හැර, ඉතිරි නළඟනන් සත්දිනක් ‘ධම්මනාටක’ කරව’යි කැමති පරිදි පිටත සංචාරය කරවීය. එහෙත් (ඒ කිසිම තැනැත්තියකට) පුතකු නොලැබුණි. ‘මහරජ, අගබිසව නම් පිනෙන්ද නුවණින්ද සියළු කාන්තාවන්ට වඩා උසස්ය. දේවයන් වහන්ස, බිසවගේ කුස පුතකු ලබන සේ කටයුතු සිදුවන්නේ නම් මැනවැ’යි නැවතද ඇමතිවරු කීහ. රජ අග බිසවට ඒ කරුණ පැවසීය. ‘මහරජතුමනි, යම් තැනැත්තියක් ඇත්ත කියන්නීද, සිල්වත්ද ඇය පුතකු ලබන්නීය. හිරිඔතප් නැති විට පුතකු කොයින්දැයි කියා පහයට නැගී පන්සිල් සමාදන්ව එම අදහස යළි යළිත් අවධාරණයෙන් සිහිකරන්නීය. සිල්වත් රජ දියණියක වූ අගබිසව, පන්සිල් සිහිපත් කරමින්, පුතකු පතන සිත පහළ වූ කෙණෙහිම, සක්දෙව්ගේ අසුන උණුසුම් විය.

අථ සක‍්කො ආසනතාපකාරණං ආවජ‍්ජෙන‍්තො එතමත්‍ථං විදිත්‍වා “සීලවතියා රාජධීතාය පුත‍්තවරං දෙමී”ති ආකාසෙනාගන‍්ත්‍වා දෙවියා සම‍්මුඛෙ ඨත්‍වා “කිං පත්‍ථෙසි දෙවී”ති පුච‍්ඡි. “පුත‍්තං, මහාරාජා”ති. “දම‍්මි තෙ, දෙවි, පුත‍්තං, මා චින‍්තයී”ති වත්‍වා දෙවලොකං ගන‍්ත්‍වා “අත්‍ථි නු ඛො එත්‍ථ ඛීණායුකො”ති ආවජ‍්ජෙන‍්තො “අයං මහාපදුමො උපරිදෙවලොකෙ උප‍්පජ‍්ජිතුං ඉතො චවතී”ති ඤත්‍වා තස‍්ස විමානං ගන‍්ත්‍වා “තාත මහාපදුම, මනුස‍්සලොකං ගච‍්ඡාහී”ති යාචි. සො ආහ – “මහාරාජ, මා එවං භණි, ජෙගුච‍්ඡො මනුස‍්සලොකො”ති. “තාත, ත්‍වං මනුස‍්සලොකෙ පුඤ‍්ඤං කත්‍වා ඉධූපපන‍්නො, තත්‍ථෙව ඨත්‍වා පාරමියො පූරෙතබ‍්බා, ගච‍්ඡ, තාතා”ති. “දුක‍්ඛො, මහාරාජ, ගබ‍්භවාසො, න සක‍්කොමි තත්‍ථ වසිතු”න‍්ති. “කිං තෙ, තාත, ගබ‍්භවාසෙන, තථා හි ත්‍වං කම‍්මමකාසි, යථා පදුමගබ‍්භෙයෙව නිබ‍්බත‍්තිස‍්සසි, ගච‍්ඡ, තාතා”ති පුනප‍්පුනං වුච‍්චමානො අධිවාසෙසි.

ඉක්බිති සක්දෙව් අසුන උණුසුම් වූ කරුණ මෙනෙහි කරනවිට ඒ බව දැන, ‘සිල්වත් රජදුවට පුතකු ලැබීමට වරයක් දෙමි’යි අහසින් අවුත් දේවිය ඉදිරියේ සිට දේවිය, කුමක් බලාපොරොත්තු වෙහිදැ’යි ඇසීය. ‘මහරජ, පුතෙකු’ යැයි කීවාය. ‘ඒ ගැන නොසිතුව මැනව, දේවිය, ඔබට පුතකු දෙමි’යි කියා දෙව්ලොවට ගොස්, ‘මෙහි ආයු පිරිහුණු කෙනෙකු සිටිත්දැ’යි විමසා ‘මේ මහා පදුම ඉහළ දෙව්ලොවක ඉපදීමට මෙතැනින් චුත වේ’යැයි දැන, ඔහුගේ විමනට ගොස්, ‘දරුව, මහාපදුම, මිනිස් ලොවට යන්නැ’යි ඉල්ලීය. ‘මහරජ, එසේ නොකිව මැනවි. මිනිස් ලොව පිළිකුල් යැයි’ කීය. ‘දරුව, ඔබ මිනිස් ලොවෙහිදී පින්කොට මෙහි උපත ලැබුවෙහිය. එහිම සිට පාරමී පිරිය යුතුයි. යව දරුව’යයි සක්දෙවි පැවසීය. ‘මහරජ, මවුකුස විසීම දුකකි. එහි විසීමට නොහැකි වෙමි’යි (මහා පදුම කීය.) ‘දරුව, මවු ගැබකින් ඔබට ඇති ඵලය කුමක්ද? ඔබ යම් දෙයක් කළෙහිද? එසේ පියුම් ගැබකම ඉපදෙන්න, යන්න දරුව’යැයි නැවත නැවතත් සක්දෙවි කියද්දී එය පිළිගත්තේය.

තතො මහාපදුමො දෙවලොකා චවිත්‍වා බාරාණසිරඤ‍්ඤො උය්‍යානෙ සිලාපට‍්ටපොක‍්ඛරණියං පදුමගබ‍්භෙ නිබ‍්බත‍්තො. තඤ‍්ච රත‍්තිං මහෙසී පච‍්චූසසමයෙ සුපිනන‍්තෙන වීසතිඉත්‍ථිසහස‍්සපරිවුතා උය්‍යානං ගන‍්ත්‍වා සිලාපට‍්ටපොක‍්ඛරණියං පදුමස‍්සරෙ පුත‍්තං ලද‍්ධා විය අහොසි. සා පභාතාය රත‍්තියා සීලානි රක‍්ඛමානා තථෙව තත්‍ථ ගන‍්ත්‍වා එකං පදුමපුප‍්ඵං අද‍්දස. තං නෙව තීරෙ හොති න ගම‍්භීරෙ. සහ දස‍්සනෙනෙව චස‍්සා තත්‍ථ පුත‍්තසිනෙහො උප‍්පජ‍්ජි. සා සාමංයෙව පවිසිත්‍වා තං පුප‍්ඵං අග‍්ගහෙසි. පුප‍්ඵෙ ගහිතමත‍්තෙයෙව පත‍්තානි විකසිංසු. තත්‍ථ තට‍්ටකෙ ආසිත‍්තසුවණ‍්ණපටිමං විය දාරකං අද‍්දස. දිස‍්වාව “පුත‍්තො මෙ ලද‍්ධො”ති සද‍්දං නිච‍්ඡාරෙසි. මහාජනො සාධුකාරසහස‍්සානි මුඤ‍්චි, රඤ‍්ඤො ච පෙසෙසි. රාජා සුත්‍වා “කත්‍ථ ලද‍්ධො”ති පුච‍්ඡිත්‍වා ලද‍්ධොකාසඤ‍්ච සුත්‍වා “උය්‍යානඤ‍්ච පොක‍්ඛරණියං පදුමඤ‍්ච අම‍්හාකඤ‍්ඤෙව ඛෙත‍්තං, තස‍්මා අම‍්හාකං ඛෙත‍්තෙ ජාතත‍්තා ඛෙත්‍රජො නාමායං පුත‍්තො”ති වත්‍වා නගරං පවෙසෙත්‍වා වීසතිසහස‍්සඉත්‍ථියො ධාතිකිච‍්චං කාරාපෙසි. යා යා කුමාරස‍්ස රුචිං ඤත්‍වා පත්‍ථිතපත්‍ථිතං ඛාදනීයං ඛාදාපෙති, සා සා සහස‍්සං ලභති. සකලබාරාණසී චලිතා, සබ‍්බො ජනො කුමාරස‍්ස පණ‍්ණාකාරසහස‍්සානි පෙසෙසි. කුමාරො තං තං අතිනෙත්‍වා “ඉමං ඛාද, ඉමං භුඤ‍්ජා”ති වුච‍්චමානො භොජනෙන උබ‍්බාළ‍්හො උක‍්කණ‍්ඨිතො හුත්‍වා, ගොපුරද‍්වාරං ගන‍්ත්‍වා, ලාඛාගුළකෙන කීළති.

මහාපදුම දෙව්ලොවින් චුතව, බරණැස් රජුගේ උයනෙහි ගල්තලා සහිත පොකුණෙහි පියුම් ගැබක උපන්නේය. එදින රැයෙහි රජ මෙහෙසිය අළුයම් වේලෙහි සිහිනයෙන්, විසිදහසක් කතුන් පිරිවරා උයනට ගොස් ගල්තලා යුතු පොකුණෙහි පියුමක පුතකු ලැබුවාක් මෙන් දුටුවාය. ඈ පසුදා උදැසන සිල් රකිමින්, එපරිදිම එහි ගොස්, පොකුණු තෙරටද ළං නොවූ, එහෙත් වැඩි (ඈත) ගැඹුරෙහිද නොවූ එක් නෙළුම් මලක් දැකීමත් සමගම ඇයට පුතු සෙනෙහස ඇතිවිය. ඇය තමාම ගොස් ඒ මල අල්ලා ගත්තීය. එකෙණෙහිම පෙති විහිදිණි. එහි (මැද) තටුවෙහි (කෙමියෙහි) රන් පිළිමයක් වන් දරුවකු දුටුවාය. දුටුවිටම ‘මට පුතෙකු ලැබුණේ’ යැයි හඬ නගා කීවාය. සාදු! සාදු! යැයි දහස් ගණනින් හඬ පැතිරිණ. රජුටද තොරතුරු දැන්වීය. රජු එය අසා කොතැනදී ලැබුණේදැ’යි විමසා, ලැබුණු අයුරුද විමසා උයනත්, පොකුණත්, නෙළුම් මලත් අපගේමය. එහෙයින් අපට අයිති බිමෙහි හටගත් බැවින්, පුතු ‘ඛෙත්තජ’ නම් වේ යැයි කියා නගරයට ගෙන්වා විසිදහසක් කාන්තාවන් කිරිමවුන්ගේ කටයුතු සඳහා යෙදවීය. ඒ ඒ කාන්තාව කුමාරයා කැමති දේ දැන, බලාපොරොත්තුවන අයුරු කෑයුතු දේ කවයි. ඒ ඒ තැනැත්තිය (මසු) දහසක් ලබයි. මුළු බරණැසම කලබලයට පත්විය. සියළු ජනයා කුමාරයාට පඬුරු පිණිස (මසු) දහස බැගින් යැවීය. කුමරු ඒ ඒ දේවල් නොගෙන, ‘මෙය කන්න, මෙය අනුභව කරනු මැනවැ’යි කියනවිට, ආහාර අනුභවයෙහිද කරදර කරනු ලබන්නේ යැයිද කළකිරී ගෙය දොරටුව ළඟ ලාකඩ ගුලියක් (බෝලයක්) ගෙන සෙල්ලම් කරයි.

තදා අඤ‍්ඤතරො පච‍්චෙකබුද‍්ධො බාරාණසිං නිස‍්සාය ඉසිපතනෙ වසති. සො කාලස‍්සෙව වුට‍්ඨාය සෙනාසනවත‍්තසරීරපරිකම‍්මමනසිකාරාදීනි සබ‍්බකිච‍්චානි කත්‍වා, පටිසල‍්ලානා වුට‍්ඨිතො “අජ‍්ජ කත්‍ථ භික‍්ඛං ගහෙස‍්සාමී”ති ආවජ‍්ජෙන‍්තො කුමාරස‍්ස සම‍්පත‍්තිං දිස‍්වා “එස පුබ‍්බෙ කිං කම‍්මං කරී”ති වීමංසන‍්තො “මාදිසස‍්ස පිණ‍්ඩපාතං දත්‍වා, චතස‍්සො පත්‍ථනා පත්‍ථෙසි තත්‍ථ තිස‍්සො සිද‍්ධා, එකා තාව න සිජ‍්ඣති, තස‍්ස උපායෙන ආරම‍්මණං දස‍්සෙමී”ති භික‍්ඛාචරියවසෙන කුමාරස‍්ස සන‍්තිකං අගමාසි. කුමාරො තං දිස‍්වා “සමණ, මා ඉධ ආගච‍්ඡි, ඉමෙ හි තම‍්පි ‘ඉදං ඛාද, ඉදං භුඤ‍්ජා’ති වදෙය්‍යු”න‍්ති ආහ. සො එකවචනෙනෙව තතො නිවත‍්තිත්‍වා අත‍්තනො සෙනාසනං පාවිසි. කුමාරො පරිජනං ආහ – “අයං සමණො මයා වුත‍්තමත‍්තොව නිවත‍්තො, කුද‍්ධො, නු, ඛො මමා”ති. තතො තෙහි “පබ‍්බජිතා නාම, දෙව, න කොධපරායණා හොන‍්ති, පරෙන පසන‍්නමනෙන යං දින‍්නං හොති, තෙන යාපෙන‍්තී”ති වුච‍්චමානොපි “කුද‍්ධො එව මමායං සමණො, ඛමාපෙස‍්සාමි න”න‍්ති මාතාපිතූනං ආරොචෙත්‍වා හත්‍ථිං අභිරුහිත්‍වා, මහතා රාජානුභාවෙන ඉසිපතනං ගන‍්ත්‍වා, මිගයූථං දිස‍්වා, පුච‍්ඡි “කිං නාම එතෙ”ති? “එතෙ, සාමි, මිගා නාමා”ති. එතෙසං “ඉමං ඛාදථ, ඉමං භුඤ‍්ජථ, ඉමං සායථා”ති වත්‍වා පටිජග‍්ගන‍්තා අත්‍ථීති. නත්‍ථි සාමි, යත්‍ථ තිණොදකං සුලභං, තත්‍ථ වසන‍්තීති.

එකල එක්තරා පසේබුදුවරයෙක් බරණැස ඉසිපතනයෙහි වසති. උන්වහන්සේ අළුයම පිබිද සෙනසුන්වත්-සිරුරු කිස (නිමවා) කමටහන් මෙනෙහිකොට, විවේකයෙන් නැගිට, ‘අද කොතැනින් පිණ්ඩපාතය ලබම්දැ’යි (යහපත්) දෙයක් කරන ලදැ’යි සළකා බලද්දී, ‘මා වැනි පසේ බුදුවරයකුට පිණ්ඩපාතය දී පැතුම් හතරක් පතන ලද අතර, ඉන් තුනක් ඉටුවී ඇත. එක් පැතුමක් ඉටු නොවීය, සුදුසු අයුරින් ඔහුට (ඊට) අරමුණක් දක්වන්නෙමි’යි කුමරු අසලින් වැඩියහ. කුමරු ඒ දැක, ‘මහණ, මහණ, මෙහි නොඑනු, මොවුන් (මෙහි සිටින මිනිසුන්) ඔබටද ‘මෙය කන්න, මෙය අනුභව කරන්නැ’යි කියා කරදර කරති’යි කීය. පසේ බුදුන් වහන්සේ එක් වචනයකින්ම එතැන නැවතී (ආපසු) තම සෙනසුනටම වැඩියහ. ‘මේ මහණ මා කියන ලද පරිදිම නැවතුණේය. මා හා කෝප වීදැයි’? තම පිරිවර ජනයාගෙන් ඇසීය. ‘දේවයන් වහන්ස, පැවිද්දන් නම් තරහ සිත රඳවා ගන්නන් නොවෙති. අනුන් සතුටු සිතින් දෙන දෙයකින් යැපෙති’යි ඔවුහු කීහ. එසේ කීවත්, ‘මේ සමණා මා සමග කෝප වන්නට ඇත. ‘කමා කරගන්නෙමි’යි මවුපියන්ටද සැළකොට ඇතු පිට නැග මහත් රාජ තේජසින් යුතුව ඉසිපතනයට ගොස්, මුව රැළක් දැක, ‘අර සතුන්ගේ නම කුමක්ද’යි විචාළේය. හිමියනි, ඒ මුවන් යැයි (ඔවුහු කීහ.) එසේනම් ඒ මුවන් ‘මෙය කව, මෙය අනුභව කරව, මෙය රසවිදුව’යි කියද්දී එය පිළිගන්නේද? නැද්දැ’යි ඇසීය. ‘නැත, හිමියනි, යම්තැනක තණ, ජලය පහසුවෙන් ලැබේද එහි වාසය කරති’යි කීහ.

කුමාරො “යථා ඉමෙ අරක‍්ඛියමානාව යත්‍ථ ඉච‍්ඡන‍්ති, තත්‍ථ වසන‍්ති, කදා නු, ඛො, අහම‍්පි එවං වසෙය්‍ය”න‍්ති එතමාරම‍්මණං අග‍්ගහෙසි. පච‍්චෙකබුද‍්ධොපි තස‍්ස ආගමනං ඤත්‍වා සෙනාසනමග‍්ගඤ‍්ච චඞ‍්කමඤ‍්ච සම‍්මජ‍්ජිත්‍වා, මට‍්ඨං කත්‍වා, එකද‍්වික‍්ඛත‍්තුං චඞ‍්කමිත්‍වා, පදනික‍්ඛෙපං දස‍්සෙත්‍වා, දිවාවිහාරොකාසඤ‍්ච පණ‍්ණසාලඤ‍්ච සම‍්මජ‍්ජිත්‍වා, මට‍්ඨං කත්‍වා, පවිසනපදනික‍්ඛෙපං දස‍්සෙත්‍වා, නික‍්ඛමනපදනික‍්ඛෙපං අදස‍්සෙත්‍වා, අඤ‍්ඤත්‍ර අගමාසි. කුමාරො තත්‍ථ ගන‍්ත්‍වා තං පදෙසං සම‍්මජ‍්ජිත්‍වා මට‍්ඨං කතං දිස‍්වා “වසති මඤ‍්ඤෙ එත්‍ථ සො පච‍්චෙකබුද‍්ධො”ති පරිජනෙන භාසිතං සුත්‍වා ආහ – “පාතොපි සො සමණො කුද‍්ධො, ඉදානි හත්‍ථිඅස‍්සාදීහි අත‍්තනො ඔකාසං අක‍්කන‍්තං දිස‍්වා, සුට‍්ඨුතරං කුජ‍්ඣෙය්‍ය, ඉධෙව තුම‍්හෙ තිට‍්ඨථා”ති හත්‍ථික‍්ඛන්‍ධා ඔරුය‍්හ එකකොව සෙනාසනං පවිට‍්ඨො වත‍්තසීසෙන සුසම‍්මට‍්ඨොකාසෙ පදනික‍්ඛෙපං දිස‍්වා, “අයං සමණො එත්‍ථ චඞ‍්කමන‍්තො න වණිජ‍්ජාදිකම‍්මං චින‍්තෙසි, අද‍්ධා අත‍්තනො හිතමෙව චින‍්තෙසි මඤ‍්ඤෙ”ති පසන‍්නමානසො චඞ‍්කමං ආරුහිත්‍වා, දූරීකතපුථුවිතක‍්කො ගන‍්ත්‍වා, පාසාණඵලකෙ නිසීදිත්‍වා, සඤ‍්ජාතඑකග‍්ගො හුත්‍වා, පණ‍්ණසාලං පවිසිත්‍වා, විපස‍්සන‍්තො පච‍්චෙකබොධිඤාණං අධිගන‍්ත්‍වා, පුරිමනයෙනෙව පුරොහිතෙන කම‍්මට‍්ඨානෙ පුච‍්ඡිතෙ ගගනතලෙ නිසින‍්නො ඉමං ගාථමාහ –

මේ මුවන් රැකවරණයක් නැතිවම කැමති තැනකම වසති. කවදා මමත් එසේ පවතින්නෙම්දැ’යි සිතා කුමාරයා එය අරමුණුකොට ගත්තේය. පසේ බුදුන් වහන්සේ ද ඔහුගේ පැමිණීම දැන, සෙනසුන් මගද, සක්මන්මළුවද ඇමද, සමකොට, වරක් දෙවරක් සක්මන් කොට පා සලකුණු දක්වා, දිවා විහරණ තැන ද පන්සලද ඇමද, පිවිසුම් පා සටහන් තබා, නික්මුණු පා සටහන් නොදක්වා වෙනත් තැනකට වැඩියහ. කුමාරයා එහි ගොස්, ඒ පෙදෙස ඇමද සමකොට ඇති බව දැක, ‘මෙහි ඒ පසේබුදුන් වහන්සේ වැඩසිටිනු ඇතැ’යි පිරිවර ජනයාගේ කීම අසා, උදෑසනද ඒ සමණයන් කිපුණෝය. දැන් ඇතුන් අසුන් සමග තමන්ගේ අඩවියට (බලෙන් මෙන්) පිවිසෙනු දැක තවත් කිපෙන්නේය. ඔබලා මෙතැනම නැවතී සිටිවු’ කියා ඇතු පිටින් බැස, තනිවම සෙනසුනට පිවිසියේ, වත පිළිවෙත අනුව මැනවින් සමව පිරිසිදු කොට ඇති තැන පා සලකුණු දැක, මේ මහණ මෙහි සක්මන් කරනු මිස වෙළඳ කටයුතු ගැන නොසිතුවේය. ඒකාන්තයෙන් තම යහපතම සිතුවේ’ යැයි (තවදුරට) විමසමින් දිවා විහරණය කරන තැනට ගියේය. එහිද පා සලකුණ දැක, එසේ අදහස්කොට, නැවත පයෙන් පය තබමින් දොර විවර කොට පන්සල තුලට පිවිස, පසේබුදුන් වහන්සේ නොදැක, වටපිට බලද්දී උන්වහන්සේගේ ආසනය වන ගල්තලාව දුටුවේය. එයද දුටු කුමරු ‘මේ මහණ මෙහි හිඳිමින් වෙළඳ කටයුතු ආදිය ගැන නොසිතුවේය. ඒකාන්තයෙන් තම යහපතම මහණදම් ගැන සිතුවේ යැයි එහිම හිඳ නුවණින් මෙනෙහි කොට සමථ විදසුන් පුරා පසේබුදුබව අවබෝධ කළේය. [ලොවුතුරු සුව විඳින (මෙහි පැමිණි ඒ කුමරු) බැවින් එතැනින් ඉවත් නොවේ. ඇමතිවරු, රජුගේ අණට ගරු කළ යුතුයි, මගේ පුතු බොහෝ වේලාවක් අරණෙහි පමා කළාහුදැ’යි, අපට දඬුවම් පමණුවන්නේය. කුමාරයා කැඳවාගෙන යමු’යි පන්සලට පිවිස පසේබුදුන් වහන්සේ නොදැක, කුමරු (පමණක්) එසේ හිඳිනු දැක ‘මොහු පසේ බුදුන් වහන්සේ නොදුටු නිසා (ඒ ගැන) සිතමින් සිටී යැයි කතිකා කොට, ‘දේවයන් වහන්ස, පසේබුදුන් වහන්සේ මෙහිම වැඩවසති. වෙනත් කිසිතැනකට ගොස් නැත. හෙට මෙහි අවුත් කමා කරවන්නෙමු. පසේබුදුන් වහන්සේ නොදක්නා ලදැ’යි (ඒ ගැන නොසිතනු මැනවි. එන්න (ආපසු) යමු’යි පැවසූහ. ‘මම නොසිතමි. මම නොසිතන කෙනෙක් බවට පත්වීමි’ යැයි (කුමරු) කීය. ‘හිමියනි, කුමක් කරන ලදදැ’යි ඇසූවිට ‘පසේ බුදු වූයෙමි’යි පිළිතුරු දුන්නේය.] පෙර පරිදිම කමටහන් ගැන විමසන ලදුව මිගො අරඤ්ඤම්හි යන මෙම ගාථාව කීය.

“මිගො අරඤ‍්ඤම‍්හි යථා අබද‍්ධො, යෙනිච‍්ඡකං ගච‍්ඡති ගොචරාය; විඤ‍්ඤූ නරො සෙරිතං පෙක‍්ඛමානො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ මිගොති ද‍්වෙ මිගා එණීමිගො, පසදමිගො චාති. අපිච සබ‍්බෙසං ආරඤ‍්ඤිකානං චතුප‍්පදානමෙතං අධිවචනං. ඉධ පන පසදමිගො අධිප‍්පෙතො. අරඤ‍්ඤම‍්හීති ගාමඤ‍්ච ගාමූපචාරඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං අරඤ‍්ඤං, ඉධං පන උය්‍යානමධිප‍්පෙතං, තස‍්මා උය්‍යානම‍්හීති වුත‍්තං හොති. යථාති පටිභාගෙ. අබද‍්ධොති රජ‍්ජුබන්‍ධනාදීහි අබද‍්ධො, එතෙන විස‍්සත්‍ථචරියං දීපෙති. යෙනිච‍්ඡකං ගච‍්ඡති ගොචරායති යෙන යෙන දිසාභාගෙන ගන‍්තුමිච‍්ඡති, තෙන තෙන දිසාභාගෙන ගොචරාය ගච‍්ඡති. වුත‍්තම‍්පි චෙතං භගවතා –

මිගො තිණමිග හා පසදමිග යනුවෙන් මුවන් ජාති දෙකකි. එසේ වුවත් වනයෙහි වසන සියළුම සිවුපාවුන්ට මෙය සමාන වචනයකි. මෙහි ‘පසද’ මුවා අදහස් වේ. අරඤ්ඤම්හි ගම හා ගම සමීප පෙදෙස හැර ඉතිරි කොටස කැලයයි. මෙහි උයන අදහස් වේ. යථා සමාන කොට දැක්වීමයි. අබද්ධො රැහැනින් ආදී කිසියම් බැඳුම්වලින් නොබැඳුණු මෙයින් නිසැක හැසිරීම් රටාවක් දක්වයි. යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය කැමති දිසාවකින් ගොදුරු පිණිස යයි. එහෙයින් කැමති දුරක් යයි. කැමති දෙයක්ම කයි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී -

“සෙය්‍යථාපි, භික‍්ඛවෙ, ආරඤ‍්ඤකො මිගො අරඤ‍්ඤෙ පවනෙ චරමානො විස‍්සත්‍ථො ගච‍්ඡති, විස‍්සත්‍ථො තිට‍්ඨති, විස‍්සත්‍ථො නිසීදති, විස‍්සත්‍ථො සෙය්‍යං කප‍්පෙති. තං කිස‍්ස හෙතු? අනාපාථගතො, භික‍්ඛවෙ, ලුද‍්දස‍්ස; එවමෙව ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති, භික‍්ඛවෙ, භික‍්ඛු අන්‍ධමකාසි මාරං අපදං, වධිත්‍වා මාරචක‍්ඛුං අදස‍්සනං ගතො පාපිමතො”ති (ම· නි· 1.287; චූළනි· ඛග‍්ගවිසාණසුත‍්තනිද‍්දෙස 125) විත්‍ථාරො.

‘මහණෙනි, කැලයෙහි වසන මුවා එම මහ වනයෙහි සැක රහිතව යයි. සැක රහිතව සිටී. සැක රහිතව හිඳී. සැක රහිතව නිදයි. එයට හේතු කවරේද? මහණෙනි, එහි වැද්දකු හමු නොවන හෙයිනි. එමෙන්ම පැවිද්දා ද කාමයන්ගෙන් දුරුව, පළමු දැහැන ලැබ වාසය කරයි. මහණෙනි, මෙයට පැවිද්දා විසින් මාරයා අඳ බවට පත්කරනු ලදැයි කියනු ලබයි. හේතු රහිතවම පාපී මාරයාට දැකිය නොහැකි ලෙස ගියේ’ යැයි විස්තර කොට ඇත.

විඤ‍්ඤූ නරොති පණ‍්ඩිතපුරිසො. සෙරිතන‍්ති සච‍්ඡන්‍දවුත‍්තිතං අපරායත‍්තතං. පෙක‍්ඛමානොති පඤ‍්ඤාචක‍්ඛුනා ඔලොකයමානො. අථ වා ධම‍්මසෙරිතං පුග‍්ගලසෙරිතඤ‍්ච. ලොකුත‍්තරධම‍්මා හි කිලෙසවසං අගමනතො සෙරිනො තෙහි සමන‍්නාගතා පුග‍්ගලා ච, තෙසං භාවනිද‍්දෙසො සෙරිතා. තං පෙක‍්ඛමානොති. කිං වුත‍්තං හොති? “යථා මිගො අරඤ‍්ඤම‍්හි අබද‍්ධො යෙනිච‍්ඡකං ගච‍්ඡති ගොචරාය, කදා නු ඛො අහම‍්පි එවං ගච‍්ඡෙය්‍ය”න‍්ති ඉති මෙ තුම‍්හෙහි ඉතො චිතො ච පරිවාරෙත්‍වා ඨිතෙහි බද‍්ධස‍්ස යෙනිච‍්ඡකං ගන‍්තුං අලභන‍්තස‍්ස තස‍්මිං යෙනිච‍්ඡකගමනාභාවෙන යෙනිච‍්ඡකගමනෙ චානිසංසං දිස‍්වා අනුක‍්කමෙන සමථවිපස‍්සනා පාරිපූරිං අගමංසු. තතො පච‍්චෙකබොධිං අධිගතොම‍්හි. තස‍්මා අඤ‍්ඤොපි විඤ‍්ඤූ පණ‍්ඩිතො නරො සෙරිතං පෙක‍්ඛමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පොති. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

විඤ්ඤූ නරො දැනුම් තේරුම් ඇති පණ්ඩිත තැනැත්තා සෙරිතං තමා කැමති සේ, නිදහස්ව, අනුන්ට යටත් නොවූ, පෙක්‍ඛමානො නුවණැසින් බලමින්, නැතහොත් දහමෙහි නිදහස් බව හෝ පුද්ගල නිදහස් බවයි. ලොවුතුරු දහම්හි කෙලෙසුන් වසඟයට නොගිය බැවින් නිදහස්ය. එසේ යුතු වූ තැනැත්තෝ, ඔවුන්ගේ සොබාවය දැක්වීම සෙරිතා යැයි කියන ලදී. එය බලාපොරොත්තු වෙමින්, කුමක් හෙයින් කියන ලදද? මුවා කැලයෙහි කිසිදු බැඳීමකින් තොරව, ගොදුරු සොයා කැමති තැනකට යයිද, මමද කවදා එසේ (සසරින්) යන්නෙම්ද? මෙසේ ඔබලා මාගේ පිරිවර ලෙස බැඳ තබා ගැනීමෙන් කැමති තැනක යාමට නොලැබේ. (එහෙත්) කැමති තැනකට යාමට හැකි පරිදි ලැබෙන පහසුව සළකා අනුපිළිවෙලින් සමථ විදසුන් වැඩීමෙන් පසේබුදුබව ලැබුවෙමි. එහෙයින් නිදහස බලාපොරොත්තු වන අනෙක් නුවණැති තැනැත්තා එකො චරෙ ඛග්ගවිසාණකප්පො ඉතිරි කරුණු ඉහත කියා ඇති පරිදි දතයුතුය.

මිගඅරඤ‍්ඤගාථාවණ‍්ණනා සමත‍්තා.

මිග ගාථා විස්තරය නිමි.

6

6

ආමන‍්තනා හොතීති කා උප‍්පත‍්ති? අතීතෙ කිර එකවජ‍්ජිකබ්‍රහ‍්මදත‍්තො නාම රාජා අහොසි මුදුකජාතිකො. යදා අමච‍්චා තෙන සහ යුත‍්තං වා අයුත‍්තං වා මන‍්තෙතුකාමා හොන‍්ති, තදා නං පාටියෙක‍්කං පාටියෙක‍්කං එකමන‍්තං නෙන‍්ති. තං එකදිවසං දිවාසෙය්‍යං උපගතං අඤ‍්ඤතරො අමච‍්චො “දෙව, මම සොතබ‍්බං අත්‍ථී”ති එකමන‍්තං ගමනං යාචි. සො උට‍්ඨාය අගමාසි. පුන එකො මහාඋපට‍්ඨානෙ නිසින‍්නං වරං යාචි, එකො හත්‍ථික‍්ඛන්‍ධෙ, එකො අස‍්සපිට‍්ඨියං , එකො සුවණ‍්ණරථෙ, එකො සිවිකාය නිසීදිත්‍වා උය්‍යානං ගච‍්ඡන‍්තං යාචි. රාජා තතො ඔරොහිත්‍වා එකමන‍්තං අගමාසි. අපරො ජනපදචාරිකං ගච‍්ඡන‍්තං යාචි, තස‍්සාපි වචනං සුත්‍වා හත්‍ථිතො ඔරුය‍්හ එකමන‍්තං අගමාසි. එවං සො තෙහි නිබ‍්බින‍්නො හුත්‍වා පබ‍්බජි. අමච‍්චා ඉස‍්සරියෙන වඩ‍්ඪන‍්ති. තෙසු එකො ගන‍්ත්‍වා රාජානං ආහ – “අමුකං, මහාරාජ, ජනපදං මය‍්හං දෙහී”ති. රාජා “තං ඉත්‍ථන‍්නාමො භුඤ‍්ජතී”ති භණති. සො රඤ‍්ඤො වචනං අනාදියිත්‍වා “ගච‍්ඡාමහං තං ජනපදං ගහෙත්‍වා භුඤ‍්ජාමී”ති තත්‍ථ ගන‍්ත්‍වා, කලහං කත්‍වා, පුන උභොපි රඤ‍්ඤො සන‍්තිකං ආගන‍්ත්‍වා, අඤ‍්ඤමඤ‍්ඤස‍්ස දොසං ආරොචෙන‍්ති. රාජා “න සක‍්කා ඉමෙ තොසෙතු”න‍්ති තෙසං ලොභෙ ආදීනවං දිස‍්වා විපස‍්සන‍්තො පච‍්චෙකසම‍්බොධිං සච‍්ඡාකාසි. සො පුරිමනයෙනෙව ඉමං උදානගාථං අභාසි –

ආමන්තණ යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? පෙර මොළොක් ගතිගුණ ඇති ‘එකවජ්ජික’ බඹදත් නම් රජෙක් විය. රාජ භටයෝ රජු සමග සුදුසු දෙයක් හෝ නුසුදුසු දෙයක් හෝ (යුතු-අයුතු දේ) සාකච්ඡා කිරීමේදී වෙන් වෙන්ව එක් තැනකට (ඒ ඒ තැන්වලට) ඔහු කැඳවාගෙන යති. එක්දිනක් රජු දිවාකල නිදා සිටියදී එක්තරා මිනිසෙක් ‘දේවයන් වහන්ස, මට ඇසිය යුතු දෙයක් ඇතැ’යි එක් තැනකට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය. රජු නැගිට (එතැනට) ගියේය. නැවත එක් අයෙක් (යම් කරුණක් දැන්වීම සඳහා) මහ උවටැන් හලෙහි හිඳින ලෙස ඉල්ලීය. එක් අයෙක් (රජු) ඇතුපිට සිටින විටද, තවත් අයෙක් (රජු) අසුපිටෙහි සිටින විටද, තවත් විටෙක රන්රියෙහි නැගී සිටින විටද, තවත් කෙනෙක් දෝලාවෙහි හිඳ උයනට යද්දීද (එසේ) ඉල්ලා සිටී. රජු දෝලාවෙන් බැස එක් තැනකට (පසෙකට) ගියේය. වෙනත් අයෙක් (රජු) ජනපදයෙහි සැරිසරනවිට (එසේ) ඉල්ලා සිටියේය. ඔහුගේද කීම අසන්නට ඇතුපිටින් බැස එක් තැනකට ගියේය. මෙසේ ඔහු එක වැරදිකරු යැයි පසිඳුව, කලකිරි, පැවිදි විය. ඇමතිවරු යස ඉසුරින් වැඩුණහ. එක් ඇමතියෙක් රජු වෙත ගොස්, ‘මහරජ, අසවල් නම ඇති ජනපදය මට දෙනු මැනවැ’යි ඉල්ලීය. රජු මේ නම් ඇති තැනැත්තා ඒ ජනපදයෙහි (අයබදු ආදිය ලබමින්) පරිහරණය කරන බව කීය. ඇමති රජුගේ වචන නොඅදහා මම ඒ ජනපදයට යමි. එය අල්ලාගෙන එහි (සම්පත්) පරිහරණය කරමි’යි කලහ කොට, නැවත දෙදෙනාම රජු වෙත පැමිණ එකිනෙකාගේ වරද සැළකරති. රජු ‘මොවුන් සතුටු කිරීමට, සෑහීමකට පත් කිරිමට නොහැකි’ යැයි ඔවුන් ලෝභී සිතිවිලිවල දොස් දැක, විදසුන් වඩමින් පසේබුදුබව අවබෝධ කළේය. පෙර සඳහන් අයුරු මෙම උදාන ගාථාව කීය.

“ආමන‍්තනා හොති සහායමජ‍්ඣෙ, වාසෙ ඨානෙ ගමනෙ චාරිකාය; අනභිජ‍්ඣිතං සෙරිතං පෙක‍්ඛමානො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තස‍්සත්‍ථො – සහායමජ‍්ඣෙ ඨිතස‍්ස දිවාසෙය්‍යසඞ‍්ඛාතෙ වාසෙ ච, මහාඋපට‍්ඨානසඞ‍්ඛාතෙ ඨානෙ ච, උය්‍යානගමනසඞ‍්ඛාතෙ ගමනෙ ච, ජනපදචාරිකසඞ‍්ඛාතාය චාරිකාය ච “ඉදං මෙ සුණ, ඉදං මෙ දෙහී”තිආදිනා නයෙන තථා තථා ආමන‍්තනා හොති, තස‍්මා අහං තත්‍ථ නිබ‍්බිජ‍්ජිත්‍වා යායං අරියජනසෙවිතා අනෙකානිසංසා එකන‍්තසුඛා, එවං සන‍්තෙපි ලොභාභිභූතෙහි සබ‍්බකාපුරිසෙහි අනභිජ‍්ඣිතා අනභිපත්‍ථිතා පබ‍්බජ‍්ජා, තං අනභිජ‍්ඣිතං පරෙසං අවසවත‍්තනෙන ධම‍්මපුග‍්ගලවසෙන ච සෙරිතං පෙක‍්ඛමානො විපස‍්සනං ආරභිත්‍වා අනුක‍්කමෙන පච‍්චෙකසම‍්බොධිං අධිගතොම‍්හීති. සෙසං වුත‍්තනයමෙවාති.

එහි තේරුම මෙසේය. ‘සහායකයන් මැද සිටියද, දහවල් සැතපෙන විටද, මහා උවටැනෙහිද, උයනට යන අතරද, ජනපද චාරිකාවේදීද ‘මේ කියන දේ අසනු මැනව, මෙය මට දෙනු මැනව’ ආදී ලෙසින් ඒ ඒ අයුරු ඇමතුම් වෙයි. එහෙයින් මම එහි කලකිරි, ලෝභයෙන් ඉහවහා ගිය සියළු මිනිසුන් මැද ඇලීම්, ආසා රහිතව, උතුම් ජනයා විසින් ඇසුරු කරන ලද, නොයෙක් යහපත් පලවිපාක ඇති, ඒකාන්ත සුව ඇති, අන් වසඟයෙහි නොපවත්නා, බොහෝ පැතුම් නැති පැවිද්ද හඳුනා දහමෙන්ද පුද්ගල ලෙසින්ද නිදහස බලාපොරොත්තුවෙන් විදසුන් වඩා පිළිවෙළින් පසේ බුදුබව අවබෝධ කළෙමි. ඉතිරි කරුණු කලින් කී පරිදිමය.

ආමන‍්තනාගාථාවණ‍්ණනා සමත‍්තා.

ආමන්තණ ගාථා විස්තරය නිමි.

7

7

ඛිඩ‍්ඩා රතීති කා උප‍්පත‍්ති? බාරාණසියං එකපුත‍්තකබ්‍රහ‍්මදත‍්තො නාම රාජා අහොසි. සො චස‍්ස එකපුත‍්තකො පියො අහොසි මනාපො පාණසමො. සො සබ‍්බිරියාපථෙසු පුත‍්තං ගහෙත්‍වාව වත‍්තති. සො එකදිවසං උය්‍යානං ගච‍්ඡන‍්තො තං ඨපෙත්‍වා ගතො. කුමාරොපි තං දිවසංයෙව උප‍්පන‍්නෙන බ්‍යාධිනා මතො. අමච‍්චා “පුත‍්තසිනෙහෙන රඤ‍්ඤො හදයම‍්පි ඵලෙය්‍යා”ති අනාරොචෙත්‍වාව නං ඣාපෙසුං. රාජා උය්‍යානෙ සුරාමදෙන මත‍්තො පුත‍්තං නෙව සරි, තථා දුතියදිවසෙපි න‍්හානභොජනවෙලාසු. අථ භුත‍්තාවී නිසින‍්නො සරිත්‍වා “පුත‍්තං මෙ ආනෙථා”ති ආහ. තස‍්ස අනුරූපෙන විධානෙන තං පවත‍්තිං ආරොචෙසුං. තතො සොකාභිභූතො නිසින‍්නො එවං යොනිසො මනසාකාසි “ඉමස‍්මිං සති ඉදං හොති, ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජතී”ති. සො එවං අනුක‍්කමෙන අනුලොමපටිලොමං පටිච‍්චසමුප‍්පාදං සම‍්මසන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡාකාසි. සෙසං සංසග‍්ගගාථාය වුත‍්තසදිසමෙව ඨපෙත්‍වා ගාථායත්‍ථවණ‍්ණනං.

ඛිඩ්ඩාරතී ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස බඹදත් නම් එකම පුතකු ඇති රජෙක් විය. ඒ එකම පුතුට රජු (තම) පණ හා සමානව පියමනාප විය. ඔහු හැම තැනකටම පුතු රැගෙන යයි. ඔහු දිනක් (මාලිගයෙහි) නවතා උයනට ගියේය. කුමාරයාද එදිනම වැළඳුණු රෝගයකින් මළේය. ‘පුතු සෙනහසින් රජුගේ ළය පැලේවි’ යැයි රජුට නොදන්වාම ඇමතිවරු කුමරු දවාලූහ. රජුද උයනෙහිදී සුරාවෙන් මත්ව, පුතු ගැන සිහි නොකළේය. පසුදින ද දිය නාන විටද, ආහාර අනුභව කරන වේලාවේද (පුතු අමතක වුවත්) අනුභවයෙන් පසු, හිඳගෙන සිටින අතර, ‘පුතු මා වෙතට ගෙන එව’යි කීය. ඔහුගේ අණ පරිදි ඒ පුවත සැළ කළහ. එයින් සෝකයෙන් පෙළී, ‘මේ දේ ඇති කල්හි මෙසේ වෙයි. මේ දෙය හටගත් කල මෙය හටගනී’ යනුවෙන් එහි හිඳිමින්ම නුවණින් මෙනෙහි කළේය. මෙසේ ඔහු මුල සිට අගට - අග සිට මුලට හේතුපල සබඳතාව මෙනෙහි කරමින් පසේබුදු බව අවබෝධ කළේය. මෙහි අදාල ගාථාවේ අරුත හැර ඉතිරි කරුණු සංසග්ග ගාථාවෙහි සඳහන් පරිදිමය.

අත්‍ථවණ‍්ණනායං පන ඛිඩ‍්ඩාති කීළනා. සා දුවිධා හොති – කායිකා, වාචසිකා ච. තත්‍ථ කායිකා නාම හත්‍ථීහිපි කීළන‍්ති, අස‍්සෙහිපි, රථෙහිපි, ධනූහිපි, ථරූහිපීති එවමාදි. වාචසිකා නාම ගීතං, සිලොකභණනං, මුඛභෙරීති එවමාදි. රතීති පඤ‍්චකාමගුණරති. විපුලන‍්ති යාව අට‍්ඨිමිඤ‍්ජං ආහච‍්ච ඨානෙන සකලත‍්තභාවබ්‍යාපකං. සෙසං පාකටමෙව. අනුසන්‍ධියොජනාපි චෙත්‍ථ සංසග‍්ගගාථාය වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා, තතො පරඤ‍්ච සබ‍්බන‍්ති.

පදවල තේරුම් විස්තර අනුව ඛිඩ්ඩා සෙල්ලම් ගතිය, කෙළි බවයි. එය කයින්, වචනයෙන් යැයි දෙයාකාරය. කායික යනු ඇතුන්ගෙන්, අසුන්ගෙන්, දුනුවලින්, කඩු ආදියෙන් කරන සෙල්ලම්ය. ගී සිලෝ කීමෙහිද මුවින් බෙරහඬ වැනි නාද නැවීම වාචසිකය. රතී පස්කම්හි ඇලීමයි. විපුලං තම සිරුරෙහි ඇට මිදුළු දක්වා විනිවිද යන සියළු තැන් මතුකරන ලදී. ඉතිරි කරුණු පැහැදිළිය. ඉන්පසු සියළු විස්තර සංසග්ග..... ගාථාවෙහි සඳහන් පරිදි දතයුතුය. ඉදිරියට ඒ කරුණු එපරිදිම සැළකිය යුතුය.

ඛිඩ‍්ඩාරතිගාථාවණ‍්ණනා සමත‍්තා.

ඛිඩ්ඩා රති ගාථා විස්තරය නිමි.

8

8

චාතුද‍්දිසොති කා උප‍්පත‍්ති? පුබ‍්බෙ කිර කස‍්සපස‍්ස භගවතො සාසනෙ පඤ‍්ච පච‍්චෙකබොධිසත‍්තා පබ‍්බජිත්‍වා වීසති වස‍්සසහස‍්සානි ගතපච‍්චාගතවත‍්තං පූරෙත්‍වා දෙවලොකෙ උප‍්පන‍්නා. තතො චවිත්‍වා තෙසං ජෙට‍්ඨකො බාරාණසියං රාජා අහොසි, සෙසා පාකතිකරාජානො. තෙ චත‍්තාරොපි කම‍්මට‍්ඨානං උග‍්ගණ‍්හිත්‍වා, රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා, අනුක‍්කමෙන පච‍්චෙකබුද‍්ධා හුත්‍වා නන්‍දමූලකපබ‍්භාරෙ වසන‍්තා එකදිවසං සමාපත‍්තිතො වුට‍්ඨාය වංසකළීරගාථායං වුත‍්තනයෙනෙව අත‍්තනො කම‍්මඤ‍්ච සහායඤ‍්ච ආවජ‍්ජෙත්‍වා ඤත්‍වා බාරාණසිරඤ‍්ඤො උපායෙන ආරම‍්මණං දස‍්සෙතුං ඔකාසං ගවෙසන‍්ති. සො ච රාජා තික‍්ඛත‍්තුං රත‍්තියා උබ‍්බිජ‍්ජති, භීතො විස‍්සරං කරොති, මහාතලෙ ධාවති. පුරොහිතෙන කාලස‍්සෙව වුට‍්ඨාය සුඛසෙය්‍යං පුච‍්ඡිතොපි “කුතො මෙ, ආචරිය, සුඛ”න‍්ති සබ‍්බං තං පවත‍්තිං ආරොචෙසි. පුරොහිතොපි “අයං රොගො න සක‍්කා යෙන කෙනචි උද‍්ධංවිරෙචනාදිනා භෙසජ‍්ජකම‍්මෙන විනෙතුං , මය‍්හං පන ඛාදනූපායො උප‍්පන‍්නො”ති චින‍්තෙත්‍වා “රජ‍්ජහානිජීවිතන‍්තරායාදීනං පුබ‍්බනිමිත‍්තං එතං මහාරාජා”ති රාජානං සුට‍්ඨුතරං උබ‍්බෙජෙත්‍වා තස‍්ස වූපසමනත්‍ථං “එත‍්තකෙ ච එත‍්තකෙ ච හත්‍ථිඅස‍්සරථාදයො හිරඤ‍්ඤසුවණ‍්ණඤ‍්ච දක‍්ඛිණං දත්‍වා යඤ‍්ඤො යජිතබ‍්බො”ති තං යඤ‍්ඤයජනෙ සමාදපෙසි.

චාතුද්දිසො ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? පෙර කසුප් බුදු සසුනෙහි පසේ බෝසත්වරු පස්දෙනෙක් පැවිදිව, අවුරුදු විසිදහසක් ‘ගත පච්චාගත’ වත පුරා දෙව්ලොව උපන්හ. ඔවුන්ගේ දෙටු තැනැත්තා (පසුව) බරණැස රජ විය. අනෙක් තැනැත්තෝ රජවරු වූහ. ඒ රජවරු සතරදෙනාම කමටහන් උගෙන, රජකම හැර පැවිදිව පිළිවෙලින් පස්සේ බුදුබවට පත්ව, නන්‍දමූලක පව්වේ ගුහාවෙහි වසමින්, එක්දිනක් සමවතින් නැගී, ‘වංසකළීර’ ගාථාවෙහි කී පරිදි තමන්ගේ (පෙර) කටයුතුද, සහායකයා ගැනද සළකා බලා (දෙටු වූ) බරණැස් රජුට, උපායෙන් අරමුණක් දැක්වීමට සුදුසු මගක් සොයති. ඒ රජුද රෑ යාමයෙහි තෙවරක්ම තැති ගනී. බිය වී දුකින් හඬ නගයි. විසල් උඩුමහලෙහි දුවයි. පුරෝහිත විසින් උදෑසන පිබිද රජුගෙන් ‘සැපසේ නින්ද ලැබුණේදැ’යි විචාළද, ‘ඇදුරුතුමනි, මට සැපක් නම් කොයින්දැ’යි කියා ඒ සියළු පුවත් සැළ කළේය. පුරෝහිතද ‘මේ රෝගය කිසියම් වමන, විරේක ආදී බෙහෙතින් සුවකළ නොහැකියි, මට ‘වවාගෙන කෑ හැකි මගක්’ පහළ වී යැයි සිතා ‘මහරජ, එය රජකමට හානි මෙන්ම ජීවිතයට ද අනතුරුදායක පෙරනිමිති’ යැයි රජු තවත් තැති ගන්වා, එය වළක්වා ගැනීමට මෙපමණ, මෙපමණ ඇත්, අස්, රිය ආදියද, දඹරන්, රත්රන් සහ වෙනත් දියයුතු දෑ දී යාගයක් පවත්වා ආයාචනා කළයුතු යැ’යි රජුට තහවුරු කළේය.

තතො පච‍්චෙකබුද‍්ධා අනෙකානි පාණසහස‍්සානි යඤ‍්ඤත්‍ථාය සම‍්පිණ‍්ඩියමානානි දිස‍්වා “එතස‍්මිං කම‍්මෙ කතෙ දුබ‍්බොධනෙය්‍යො භවිස‍්සති, හන්‍ද නං පටිකච‍්චෙව ගන‍්ත්‍වා පෙක‍්ඛාමා”ති වංසකළීරගාථායං වුත‍්තනයෙනෙව ආගන‍්ත්‍වා පිණ‍්ඩාය චරමානා රාජඞ‍්ගණෙ පටිපාටියා අගමංසු. රාජා සීහපඤ‍්ජරෙ ඨිතො රාජඞ‍්ගණං ඔලොකයමානො තෙ අද‍්දක‍්ඛි , සහ දස‍්සනෙනෙව චස‍්ස සිනෙහො උප‍්පජ‍්ජි. තතො තෙ පක‍්කොසාපෙත්‍වා ආකාසතලෙ පඤ‍්ඤත‍්තාසනෙ නිසීදාපෙත්‍වා සක‍්කච‍්චං භොජෙත්‍වා කතභත‍්තකිච‍්චෙ “කෙ තුම‍්හෙ”ති පුච‍්ඡි. “මයං, මහාරාජ, චාතුද‍්දිසා නාමා”ති. “භන‍්තෙ, චාතුද‍්දිසාති ඉමස‍්ස කො අත්‍ථො”ති? “චතූසු දිසාසු කත්‍ථචි කුතොචි භයං වා චිත‍්තුත්‍රාසො වා අම‍්හාකං නත්‍ථි, මහාරාජා”ති. “භන‍්තෙ, තුම‍්හාකං තං භයං කිං කාරණා න හොතී”ති? “මයඤ‍්හි, මහාරාජ, මෙත‍්තං භාවෙම, කරුණං භාවෙම, මුදිතං භාවෙම, උපෙක‍්ඛං භාවෙම, තෙන නො තං භයං න හොතී”ති වත්‍වා උට‍්ඨායාසනා අත‍්තනො වසතිං අගමංසු.

එහිදී පණ ඇති නොයෙක් සතුන් දහස් ගණනක් යාගය පිණිස සූදානම් කරනු දුටු පසේ බුදුවරු ‘මෙබඳු දේවල් කළොත්, (රජුට) පසේ බුදුබව අවබෝධ කළ නොහැකි වෙයි. එහෙයින් කලින්ම ගොස් ඔහු ගැන බැලීම මැනවැ’යි වංසකළීර ගාථා කථාවෙහි කී අයුරින් අවුත් පිඬු පිණිස රජමිදුලෙහි පේලියකට වැඩියහ. රජු සීමැදුරු කවුළුවෙන් රජමිදුල දෙස බලද්දී පසේ බුදුවරුන් දුටුවේය. දකිනවාත් සමගම ඔහුට සෙනෙහස ඇතිවිය. එහිදී උන්වහන්සේලා කැඳවා, උඩුමහලෙහි පණවන ලද ආසනවල හිඳුවා මනාව වළඳවා අවසානයෙහි ‘ඔබලා කවුරුන්දැ’යි විමසීය. ‘මහරජ, අපි ‘සිවුදිසා’ නම් වෙමු’යි කීහ. ‘හිමියනි සිවුදිසා යන්නෙහි තේරුම කුමක්දැ’යි රජු ඇසීය. ‘මහරජ, සිවුදිසාවෙන් අපට කිසිදු බයක් හෝ සිතෙහි තැතිගැන්මක් හෝ නැතැයි පිළිතුරු දුන්හ. ‘හිමියනි, කුමන කරුණක් නිසා ඔබලාට ඒ බිය නැත්තේදැ’යි රජු විමසීය. ‘මහරජ, මෙත් වඩමු, කරුණාව, මුදුබව, මැදහත් බව වඩමු. ඒ නිසා අපට බියක් නැතැ’යි කියමින්ම අසුනින් නැගිට තමන් වසන තැනට ගියහ.

තතො රාජා චින‍්තෙසි “ඉමෙ සමණා මෙත‍්තාදිභාවනාය භයං න හොතීති භණන‍්ති, බ්‍රාහ‍්මණා පන අනෙකසහස‍්සපාණවධං වණ‍්ණයන‍්ති, කෙසං නු ඛො වචනං සච‍්ච”න‍්ති. අථස‍්ස එතදහොසි – “සමණා සුද‍්ධෙන අසුද‍්ධං ධොවන‍්ති, බ්‍රාහ‍්මණා පන අසුද‍්ධෙන අසුද‍්ධං. න ච සක‍්කා අසුද‍්ධෙන අසුද‍්ධං ධොවිතුං, පබ‍්බජිතානං එව වචනං සච‍්ච”න‍්ති. සො “සබ‍්බෙ සත‍්තා සුඛිතා හොන‍්තූ”තිආදිනා නයෙන මෙත‍්තාදයො චත‍්තාරොපි බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා හිතඵරණචිත‍්තෙන අමච‍්චෙ ආණාපෙසි “සබ‍්බෙ පාණෙ මුඤ‍්චථ, සීතානි පානීයානි පිවන‍්තු, හරිතානි තිණානි ඛාදන‍්තු, සීතො ච නෙසං වාතො උපවායතූ”ති. තෙ තථා අකංසු.

‘මේ මහණහු මෙත් ආදිය වැඩීමෙන් බයක් නැතැයි කියති. බමුණෝ පණ ඇති නොයෙක්, දහස් ගණන් සතුන් මැරීම අගය කොට කතා කරති. කවරකුගේ කීම ඇත්තදැ’යි රජුට සිතුණේය. නැවත රජුට මෙබඳු අදහස් විය. ‘සමණහු පිරිසිදුබවින් අපිරිසිදු බව සෝදා හරිති. බමුණෝ අපිරිසිදු බවෙන් පිරිසිදු බව සෝදති. අපිරිසිදුව අපිරිසිදු බව සේදීමට නොහැකිය. පැවිදි වූවන්ගේ වචනම ඇත්තය. ‘රජු සියළුම ජීවත්වන්නෝ සැපවත් වෙත්වා’යි ආදී ලෙසින් මෙත් ආදී සිවු බඹ විහරණ වඩා, හිතසුව පිරුණු සිතින්, ‘සියළු සතුන් මුදාහරිනු’ යැයි ඇමතියන්ට අණ කළේය. සිහිලැල් දිය බීමට ලැබේවා! කොළ පැහැති තණකොළ කෑමට ලබත්වා! සිහිලැල් සුළඟ උන්ට හමාවා! ඇමතිවරු අණ ඉටුකළහ.

තතො රාජා “කල්‍යාණමිත‍්තානං වචනෙනෙව පාපකම‍්මතො මුත‍්තොම‍්හී”ති තත්‍ථෙව නිසින‍්නො විපස‍්සිත්‍වා පච‍්චෙකසම‍්බොධිං සච‍්ඡාකාසි. අමච‍්චෙහි ච භොජනවෙලායං “භුඤ‍්ජ, මහාරාජ, කාලො”ති වුත‍්තෙ “නාහං රාජා”ති පුරිමනයෙනෙව සබ‍්බං වත්‍වා ඉමං උදානබ්‍යාකරණගාථං අභාසි –

රජු, යහපත් මිතුරු වචනයෙන්, අයහපත් කටයුතුවලින් මිදුණෙම්’ යැයි සිතා එහිම හිඳ විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කළේය. ඇමතිවරුන් විසින් කෑම වේලාවෙහි ‘මහරජ, අනුභව කළ මැනවැ’යි කාලය දැන්වූ විට, ‘මම රජ නොවෙමි’යි පෙර (කතාවල) සඳහන් වූ පරිදි සියල්ල කියා මෙම උදාන විස්තර ගාථාව කීය.

“චාතුද‍්දිසො අප‍්පටිඝො ච හොති, සන‍්තුස‍්සමානො ඉතරීතරෙන; පරිස‍්සයානං සහිතා අඡම‍්භී, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ චාතුද‍්දිසොති චතූසු දිසාසු යථාසුඛවිහාරී, “එකං දිසං ඵරිත්‍වා විහරතී”තිආදිනා (දී· නි· 3.308; අ· නි· 4.125; චූළනි· ඛග‍්ගවිසාණසුත‍්තනිද‍්දෙස 128) වා නයෙන බ්‍රහ‍්මවිහාරභාවනාඵරිතා චතස‍්සො දිසා අස‍්ස සන‍්තීතිපි චාතුද‍්දිසො. තාසු දිසාසු කත්‍ථචි සත‍්තෙ වා සඞ‍්ඛාරෙ වා භයෙන න පටිහඤ‍්ඤතීති අප‍්පටිඝො. සන‍්තුස‍්සමානොති ද‍්වාදසවිධස‍්ස සන‍්තොසස‍්සවසෙන සන‍්තුස‍්සකො, ඉතරීතරෙනාති උච‍්චාවචෙන පච‍්චයෙන. පරිස‍්සයානං සහිතා අඡම‍්භීති එත්‍ථ පරිස‍්සයන‍්ති කායචිත‍්තානි, පරිහාපෙන‍්ති වා තෙසං සම‍්පත‍්තිං, තානි වා පටිච‍්ච සයන‍්තීති පරිස‍්සයා, බාහිරානං සීහබ්‍යග‍්ඝාදීනං අබ‍්භන‍්තරානඤ‍්ච කාමච‍්ඡන්‍දාදීනං කායචිත‍්තුපද‍්දවානං එතං අධිවචනං. තෙ පරිස‍්සයෙ අධිවාසනඛන‍්තියා ච වීරියාදීහි ධම‍්මෙහි ච සහතීති පරිස‍්සයානං සහිතා. ථද‍්ධභාවකරභයාභාවෙන අඡම‍්භී. කිං වුත‍්තං හොති? යථා තෙ චත‍්තාරො සමණා, එවං ඉතරීතරෙන පච‍්චයෙන සන‍්තුස‍්සමානො එත්‍ථ පටිපත‍්තිපදට‍්ඨානෙ සන‍්තොසෙ ඨිතො චතූසු දිසාසු මෙත‍්තාදිභාවනාය චාතුද‍්දිසො, සත‍්තසඞ‍්ඛාරෙසු පටිහනනභයාභාවෙන අප‍්පටිඝො ච හොති. සො චාතුද‍්දිසත‍්තා වුත‍්තප‍්පකාරානං පරිස‍්සයානං සහිතා, අප‍්පටිඝත‍්තා අඡම‍්භී ච හොතීති එවං පටිපත‍්තිගුණං දිස‍්වා යොනිසො පටිපජ‍්ජිත්‍වා පච‍්චෙකබොධිං අධිගතොම‍්හීති. අථ වා තෙ සමණා විය සන‍්තුස‍්සමානො ඉතරීතරෙන වුත‍්තනයෙනෙව චාතුද‍්දිසො හොතීති ඤත්‍වා එවං චාතුද‍්දිසභාවං පත්‍ථයන‍්තො යොනිසො පටිපජ‍්ජිත්‍වා අධිගතොම‍්හි. තස‍්මා අඤ‍්ඤොපි ඊදිසං ඨානං පත්‍ථයමානො චාතුද‍්දිසතාය පරිස‍්සයානං සහිතා අප‍්පටිඝතාය ච අඡම‍්භී හුත්‍වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පොති. සෙසං වුත‍්තනයමෙවාති.

චාතුද්දිසො - සතර දිසාවෙහිම සැප විහරණයෙන් යුතු බවයි. (මෙත් සිත) එක් දිසාවක් පතුරුවා වාසය කරයි’ එකං දිසං ඵරිත්‍වා විහරති’ ආදී ලෙසින් බඹ විහරණ භාවනාව සිවු දිසාවටම වඩන බවද චාතුද්දිසො යන්නෙන් අදහස් වේ. ඒ ඒ දිසාවන්හි කිසියම් ජීවියෙකු හෝ බය ඇතිකරවන ඕනෑම දෙයකින් පීඩා විඳීම - වෙහෙසට පත් නොවීම අප්පටිඝො නම් වේ. සන්තස්සමානො යනු දොළොස් ආකාර වූ සතුටු වීමයි. ඉතිරීතරෙන (ආහාර, ඇඳුම් පැළඳුම්, ආදී ජීවත්වීමට අවැසි දේ) පරිස්සයානං සහිතා අජම්භී - මෙහි පරිස්සය හෙවත් උවදුරු කය සිත ලෙස දැක්වේ. එම සම්පත් අඩුවී යයිද ඒවා හැර දැමීමද පරිස්සයා වේ. සිංහ වගවලස් ආදීන්ගෙන් වන උවදුරු පිටතින් පැමිණෙන ලෙසද, කාමචඡන්‍ද ආදී කයට සිතට වන උවදුරු ඉවසා දරාගෙන, දැඩි උත්සාහයෙන් කටයුතු කිරිම පරිස්සයානං සහිතා දැඩි බිය ඇති නොවන ලෙස සිටීම අජම්භී වෙයි. කුමක් නිසා කියන ලදද? (යමෙක්) එම පැවිදි සතර නම මෙන්, සිවුපසය ලැබෙන අයුරින් සෑහීමට, සතුටට පත්ව, මෙහි දක්වන ලද සතුටින් යුතුව, සිවු දිසාවෙහිම මෙත් ආදී භාවනාවෙන්, සියළු දේවල් කෙරෙන් මතුවන බිය නොමැති බැවින්, කලින් සඳහන් කළ පරිදි සිවු දෙසින්ම උවදුරු නොමැතිව, තැති නොගෙන සිට, ඒ පිළිවෙත් ගුණ දැක-නුවණින් පිළිපැද-අනුගමනය කොට පසේ බුදුබව අවබෝධ කළෙමි. නැතහොත් ඒ පැවිදි වූවන් මෙන් ලැබෙන දෙයින් සතුටුව ‘සිවුදිසා රැකවරණ’ පතමින්, නුවණ මෙහෙයා අවබෝධ කොට ගතිමි. එහෙයින් අනෙක් තැනැත්තන් ද මෙබඳු තැනකට (පැමිණීම) පතමින්, සිවු දෙසින්ම වන උවදුරු ඉවසා - ඒවා දුරුකොට බිය නොවේ. එකො චරෙ ඛග්ග විසාණ කප්පො ඉතිරි කරුණු කලින් දන්වා ඇති පරිදිය.

චාතුද‍්දිසගාථාවණ‍්ණනා සමත‍්තා.

චාතුද්දිස ගාථා විස්තරය නිමි.

9

9

දුස‍්සඞ‍්ගහාති කා උප‍්පත‍්ති? බාරාණසිරඤ‍්ඤො කිර අග‍්ගමහෙසී කාලමකාසි. තතො වීතිවත‍්තෙසු සොකදිවසෙසු එකං දිවසං අමච‍්චා “රාජූනං නාම තෙසු තෙසු කිච‍්චෙසු අග‍්ගමහෙසී අවස‍්සං ඉච‍්ඡිතබ‍්බා, සාධු, දෙවො, අඤ‍්ඤං දෙවිං ආනෙතූ”ති යාචිංසු. රාජා“තෙන හි, භණෙ, ජානාථා”ති ආහ. තෙ පරියෙසන‍්තා සාමන‍්තරජ‍්ජෙ රාජා මතො. තස‍්ස දෙවී රජ‍්ජං අනුසාසති. සා ච ගබ‍්භිනී හොති. අමච‍්චා “අයං රඤ‍්ඤො අනුරූපා”ති ඤත්‍වා තං යාචිංසු. සා “ගබ‍්භිනී නාම මනුස‍්සානං අමනාපා හොති, සචෙ ආගමෙථ, යාව විජායාමි, එවං හොතු, නො චෙ, අඤ‍්ඤං පරියෙසථා”ති ආහ. තෙ රඤ‍්ඤොපි එතමත්‍ථං ආරොචෙසුං. රාජා “ගබ‍්භිනීපි හොතු ආනෙථා”ති. තෙ ආනෙසුං. රාජා තං අභිසිඤ‍්චිත්‍වා සබ‍්බං මහෙසීභොගං අදාසි. තස‍්සා පරිජනඤ‍්ච නානාවිධෙහි පණ‍්ණාකාරෙහි සඞ‍්ගණ‍්හාති. සා කාලෙන පුත‍්තං විජායි. තම‍්පි රාජා අත‍්තනො ජාතපුත‍්තමිව සබ‍්බිරියාපථෙසු අඞ‍්කෙ ච උරෙ ච කත්‍වා විහරති. තතො දෙවියා පරිජනො චින‍්තෙසි “රාජා අතිවිය සඞ‍්ගණ‍්හාති කුමාරං, අතිවිස‍්සාසනියානි රාජහදයානි, හන්‍ද නං පරිභෙදෙමා”ති.

දුස්සංගහා යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස් රජුගේ අග බිසව කළුරිය කළාය. සෝක කාලය ඉකුත් වූ කල එක් දවසක් ඇමතිවරු ‘රජුන්ගේ ඒ ඒ කටයුතුවලදී අග මෙහෙසියකගේ සහාය පැතිය යුතු’ බව සැළකොට ‘රජතුමා වෙනත් දේවියක කැඳවා ගන්නේ නම් මැනව’යි ඉල්ලා සිටියහ. රජු ‘ඇත්තමද?’ (සුදුසු දේවියක ගැන සොයා බලා) දැනගනිමු’ යැයි කීය. එසේ සොයා බැලීමේදී, සමීප වූ (කුඩා) රජයෙක රජු මළබවත්, ඔහුගේ දේවිය පාලනයෙහි උපදෙස් දෙන බවත්, ඇය ද ගැබිනියක වුව රජුට සුදුසු යැයි දැන, ඇයගෙන් (කැමැත්ත) ඉල්ලූහ. ‘ගැබිනියක නම් මිනිසුන් අනුමත නොකරනු ඇත. දරුවා ලැබෙන තෙක් පමා කරන්නේ නම් එසේ වේවා! එසේ නොහැකි නම්, වෙනත් තැනැත්තියක සොයව’යි ඇය කීවාය. ඇමතිවරු ඒ බව රජුට සැළ කළහ. ‘ගැබිනියක වුව කම් නැත, කැඳවාගෙන එව’යි රජු කීය. ඔවුහු කැඳවාගෙන ආහ. රජු ඈ අගමෙහෙසිය බවට පත් කොට, අග බිසවකට හිමි සියළු සම්පත් දුන්නේය. පිරිවර ජනයාද නොයෙක් ආකාර පඬුරු එකතුකොට දුන්නේය. ඇය නිසි කල පුතකු වැදුවාය. රජු තමාගේම පුතකු මෙන්, හැම විටකදීම උකුලෙහි හොවාගෙන වඩාගෙනද සිටී. එවිට දේවියගේ පිරිවර ජනතාව, ‘රජු කුමාරයාට බොහෝසෙයින් ආදරයෙන් උපකාර කරයි. රජකුගේ හදවත නම් එකලෙසම නොපවතී. එහෙයින් ඔහු භේද කරමු’යි සිතුවේය.

තතො කුමාරං – “ත්‍වං, තාත, අම‍්හාකං රඤ‍්ඤො පුත‍්තො, න ඉමස‍්ස රඤ‍්ඤො, මා එත්‍ථ විස‍්සාසං ආපජ‍්ජී”ති ආහංසු. අථ කුමාරො “එහි පුත‍්තා”ති රඤ‍්ඤා වුච‍්චමානොපි හත්‍ථෙ ගහෙත්‍වා ආකඩ‍්ඪියමානොපි පුබ‍්බෙ විය රාජානං න අල‍්ලීයති. රාජා “කිං එත”න‍්ති වීමංසන‍්තො තං පවත‍්තිං ඤත්‍වා “අරෙ, එතෙ මයා එවං සඞ‍්ගහිතාපි පටිකූලවුත‍්තිනො එවා”ති නිබ‍්බිජ‍්ජිත්‍වා රජ‍්ජං පහාය පබ‍්බජිතො. “රාජා පබ‍්බජිතො”ති අමච‍්චපරිජනාපි බහූ පබ‍්බජිතා , “සපරිජනො රාජා පබ‍්බජිතො”ති මනුස‍්සා පණීතෙ පච‍්චයෙ උපනෙන‍්ති. රාජා පණීතෙ පච‍්චයෙ යථාවුඩ‍්ඪං දාපෙති. තත්‍ථ යෙ සුන්‍දරං ලභන‍්ති, තෙ තුස‍්සන‍්ති. ඉතරෙ උජ‍්ඣායන‍්ති “මයං පරිවෙණසම‍්මජ‍්ජනාදීනි සබ‍්බකිච‍්චානි කරොන‍්තා ලූඛභත‍්තං ජිණ‍්ණවත්‍ථඤ‍්ච ලභාමා”ති. සො තම‍්පි ඤත්‍වා “අරෙ, යථාවුඩ‍්ඪං දිය්‍යමානෙපි නාම උජ‍්ඣායන‍්ති, අහො, අයං පරිසා දුස‍්සඞ‍්ගහා”ති පත‍්තචීවරං ආදාය එකො අරඤ‍්ඤං පවිසිත්‍වා විපස‍්සනං ආරභිත්‍වා පච‍්චෙකබොධිං සච‍්ඡාකාසි. තත්‍ථ ආගතෙහි ච කම‍්මට‍්ඨානං පුච‍්ඡිතො ඉමං ගාථං අභාසි –

‘දරුව, ඔබ අපගේ රජතුමාගේ පුතාය, මේ රජුගේ නොවේ, මොහු අදහා නොගන්නැ’යි ඔවුහු කුමරුට කීහ. ‘පුත, මෙහි එන්න’ යැයි රජු කුමරුට අමතන විට, අතින් අල්ලා තමා වෙතට කැඳවන විටත්, පෙර දී මෙන් රජුට ඇල්මක් නොපෙන්වයි. රජු මේ කුමක්දැ’යි විමසා ඒ තොරතුරු දැන, ‘බොල! මොහුට මා මෙසේ සළකතත්, පිළිකුල් කරන්නේම’ යැයි කලකිරි රජකම හැර පැවිදි විය. රජ පැවිදි වූ නිසා බොහෝ ඇමති පිරිවර ජනයාද පැවිදි වූහ. පිරිවර ජනයා සමග රජු පැවිදි වූ බව අසා මිනිස්සු රසවත් ආහාර එහි ගෙන ගොස් දෙති. පැවිදි වූ (රජු) ඒ මිහිරි මිහිරි ආහාර පැවිදිව සිටින වයසින් වැඩි දෙනාට දීමට සලස්වයි. එහිදී හොඳ රසවත් ආහාර ලබන්නෝ සතුටු වෙති. ‘අපි මෙම සිටින තැන්හි මිදුල්, සක්මන් මළු ඇමදීම් ආදී සියළු කටයුතු කරමින්, නීරස, රළු බත්, ආහාර, පරණ රෙදි ලබමු’යි ඉතිරි පිරිස දොස් කීහ. (නායක) පැවිද්දා (රජු) එය දැන ‘වැඩිමහළු වූවන්ට දෙනවිට දොස් කියති. අහෝ! මේ පිරිසට උපකාර කිරීම අපහසු’ යැයි පා සිවුරු ගෙන තනිවම කැලයකට පිවිස විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කළේය. (පසුව) එහි ගිය පිරිස විසින් කමටහන විමසන ලදුව මේ ගාථාව කීය.

“දුස‍්සඞ‍්ගහා පබ‍්බජිතාපි එකෙ, අථො ගහට‍්ඨා ඝරමාවසන‍්තා; අප‍්පොස‍්සුක‍්කො පරපුත‍්තෙසු හුත්‍වා, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

සා අත්‍ථතො පාකටා එව. අයං පන යොජනා – දුස‍්සඞ‍්ගහා පබ‍්බජිතාපි එකෙ, යෙ අසන‍්තොසාභිභූතා, තථාවිධා එව ච අථො ගහට‍්ඨා ඝරමාවසන‍්තා. එතමහං දුස‍්සඞ‍්ගහභාවං ජිගුච‍්ඡන‍්තො විපස‍්සනං ආරභිත්‍වා පච‍්චෙකබොධිං අධිගතොම‍්හීති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

එහි අරුත පැහැදිලිය. මේ එයින් පහදා දෙන කරුණුයි. උපකාර, සත්කාර කළ නොහැකි වූ විට පැවිද්දන් අතරද ඇතැම්හු අසතුටින් පෙළෙති. එමෙන්ම ගෙවල්වල වසන ගිහියෝ ද, එබඳුම වෙති. මම ඒ උපකාර-සත්කාරයෙන් සතුටු නොවන බව පිළිකුල් කරමින් විදසුන් වඩා (ඇති තතු) අවබෝධය ලැබීය. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදි දතයුතුය.

දුස‍්සඞ‍්ගහගාථාවණ‍්ණනා සමත‍්තා.

දුස්සංගහා ගාථා විස්තරය නිමි.

10

10

ඔරොපයිත්‍වාති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර චාතුමාසිකබ්‍රහ‍්මදත‍්තො නාම රාජා ගිම‍්හානං පඨමෙ මාසෙ උය්‍යානං ගතො. තත්‍ථ රමණීයෙ භූමිභාගෙ නීලඝනපත‍්තසඤ‍්ඡන‍්නං කොවිළාරරුක‍්ඛං දිස‍්වා “කොවිළාරමූලෙ මම සයනං පඤ‍්ඤාපෙථා”ති වත්‍වා උය්‍යානෙ කීළිත්‍වා සායන‍්හසමයං තත්‍ථ සෙය්‍යං කප‍්පෙසි. පුන ගිම‍්හානං මජ‍්ඣිමෙ මාසෙ උය්‍යානං ගතො. තදා කොවිළාරො පුප‍්ඵිතො හොති, තදාපි තථෙව අකාසි. පුන ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙ ගතො. තදා කොවිළාරො සඤ‍්ඡින‍්නපත‍්තො සුක‍්ඛරුක‍්ඛො විය හොති. තදාපි සො අදිස‍්වාව තං රුක‍්ඛං පුබ‍්බපරිචයෙන තත්‍ථෙව සෙය්‍යං ආණාපෙසි. අමච‍්චා ජානන‍්තාපි “රඤ‍්ඤා ආණත‍්ත”න‍්ති භයෙන තත්‍ථ සයනං පඤ‍්ඤාපෙසුං. සො උය්‍යානෙ කීළිත්‍වා සායන‍්හසමයං තත්‍ථ සෙය්‍යං කප‍්පෙන‍්තො තං රුක‍්ඛං දිස‍්වා “අරෙ, අයං පුබ‍්බෙ සඤ‍්ඡන‍්නපත‍්තො මණිමයො විය අභිරූපදස‍්සනො අහොසි. තතො මණිවණ‍්ණසාඛන‍්තරෙ ඨපිතපවාළඞ‍්කුරසදිසෙහි පුප‍්ඵෙහි සස‍්සිරිකචාරුදස‍්සනො අහොසි. මුත‍්තාදලසදිසවාලිකාකිණ‍්ණො චස‍්ස හෙට‍්ඨා භූමිභාගො බන්‍ධනා පමුත‍්තපුප‍්ඵසඤ‍්ඡන‍්නො රත‍්තකම‍්බලසන්‍ථතො විය අහොසි. සො නාමජ‍්ජ සුක‍්ඛරුක‍්ඛො විය සාඛාමත‍්තාවසෙසො ඨිතො. ‘අහො, ජරාය උපහතො කොවිළාරො’”ති චින‍්තෙත්‍වා “අනුපාදින‍්නම‍්පි තාව ජරා හඤ‍්ඤති, කිමඞ‍්ග පන උපාදින‍්න”න‍්ති අනිච‍්චසඤ‍්ඤං පටිලභි. තදනුසාරෙනෙව සබ‍්බසඞ‍්ඛාරෙ දුක‍්ඛතො අනත‍්තතො ච විපස‍්සන‍්තො “අහො වතාහම‍්පි සඤ‍්ඡින‍්නපත‍්තො කොවිළාරො විය අපෙතගිහිබ්‍යඤ‍්ජනො භවෙය්‍ය”න‍්ති පත්‍ථයමානො අනුපුබ‍්බෙන තස‍්මිං සයනතලෙ දක‍්ඛිණෙන පස‍්සෙන නිපන‍්නොයෙව පච‍්චෙකබොධිං සච‍්ඡාකාසි. තතො ගමනකාලෙ අමච‍්චෙහි “කාලො ගන‍්තුං, මහාරාජා”ති වුත‍්තෙ “නාහං රාජා”තිආදීනි වත්‍වා පුරිමනයෙනෙව ඉමං ගාථං අභාසි –

ඔරොපයිත්‍වා ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස සිවුමාසික බඹදත් නම් රජ, ග්‍රීෂ්ම සෘතුවේ පළමු මාසයේ උයනට ගියේ, එහි සිත්කළු බිම් පෙදෙසක, තද නිල් පැහැ කොළවලින් ගැවසී ගත් කොබෝලීල ගසක් දැක, ‘කොබෝලීල ගස මුල මගේ යහන පණවව’යි කියා උයනෙහි කෙළිදෙළින් ගතකොට සවස් කාලයෙහි එහි නිදන්ට විය. නැවත, උණුසුම් කාලයේම අතරමැද මාසයේ (දිනක) උයනට ගියවිට කොබෝලීල ගසෙහි මල් පිපී තිබුණි. (රජු) එදිනද පෙර ලෙසම ගත කළේය. නැවතත් උණුසුම් කාලයේ අවසන් මාසයේ උයනට ගියවිට කොබෝලීල ගස කොළ හැලී වියළි ගසක් සේ තිබිණ. රජු එය නොදැකම, පෙර පරිද්දෙන් එහිම නිදා ගැනීමට (පිළියෙල කරන ලෙස) අණ කළේය. ඇමතිවරු ඒ බව දැන සිටියත්, රජ අණ නිසා බියනේ එහිම යහන පැණවූහ. ඔහු උයනෙහි කෙළිදෙළින් ගතකොට, සවස් කාලයෙහි එහි නිදන විට ඒ ගස දැක, ‘මෙය පෙර කොළවලින් පිරි ගැවසී මැණික්වලින් සෑදුවාක් මෙන් ඉතා සොඳුරු දැක්මක් විය. එසේම මැණික් පැහැගත් අතුපතර තැබූ පබළු කැට මෙන් මලින් පිරි, සිරියාවත් බව පෙනිණ. නටුවෙන් ගිලිහුණු මල් වැටී, මුතු දැලක් බඳු වැලිවලින් පිරුණු බිම රත් කම්බිලියක් ඇතිරූ සේ විය. ඒ ගස අද වියළී, අතු පමණක්ම ඉතිරිව පවතී. අහෝ! ඒ සුන්දර කොබෝලීල ගස ජරාවට පත් වූ සැටි!’ යැයි සිතා ඉපදීම ඇතිතාක්ම ජරාවෙන් නැසේ. ඉපදීමෙන් පල කිමැ’යි? කිසිම දෙයක් තිර පැවැත්මක් නොවන බව අවබෝධ විය. ඒ අනුව යම් යම් හේතු නිසා ඇතිවන සියළු දෙයෙහි දුක ද නොතිර බව ද විදසුන් කොට සිතමින්, ‘අහා! මමත් කොළ හැලුණු කොබෝලීල ගස මෙන්, (සසරෙහි) ගිහි බවින් ඉවත් වන්නෙම් නම් මැනවැයි පතමින්, එම නිදා සිටි තැනම දකුණු පසට හැරෙනවිටම පසේ බුදුබව අවබෝධ කළේය. ආපසු (රජ මැදුරට) යන වේලාවේදී ඇමතිවරුන් ‘මහරජ, යාමට කාලය’ යැයි දැන්වූ විට ‘මම රජෙක් නොවෙමි’ ආදී ලෙස කියා පෙර පරිදිම මේ ගාථාව කීය.

“ඔරොපයිත්‍වා ගිහිබ්‍යඤ‍්ජනානි, සඤ‍්ඡින‍්නපත‍්තො යථා කොවිළාරො; ඡෙත්‍වාන වීරො ගිහිබන්‍ධනානි, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ ඔරොපයිත්‍වාති අපනෙත්‍වා. ගිහිබ්‍යඤ‍්ජනානීති කෙසමස‍්සුඔදාතවත්‍ථාලඞ‍්කාරමාලාගන්‍ධවිලෙපනඉත්‍ථිපුත‍්තදාසිදාසාදීනි. එතානි හි ගිහිභාවං බ්‍යඤ‍්ජයන‍්ති, තස‍්මා “ගිහිබ්‍යඤ‍්ජනානී”ති වුච‍්චන‍්ති. සඤ‍්ඡින‍්නපත‍්තොති පතිතපත‍්තො. ඡෙත්‍වානාති මග‍්ගඤාණෙන ඡින්‍දිත්‍වා. වීරොති මග‍්ගවීරියසමන‍්නාගතො. ගිහිබන්‍ධනානීති කාමබන්‍ධනානි. කාමා හි ගිහීනං බන්‍ධනානි. අයං තාව පදත්‍ථො.

ඔරොපයිත්‍වා ඉවත්කොට, ගිහි ව්‍යඤ්ජනානි, කෙස් රවුල්, සුදු ඇඳුම් අලංකාර කෙරෙන මල් සුවඳ විලවුන් කාන්තාවන්, අඹුදරු දාස දාසීන් මේවා ගිහි ජීවිතයෙහි සලකුණුය. එහෙයින් ගිහි ව්‍යඤ්ජන යැයි කියනු ලැබේ. සංසීන පත්තා කොළ හැලුණු, ජෙත්‍වා මගපල නුවණින් සිඳ දමා, වීරො එයට උත්සාහ වූ, ගිහි බන්‍ධන කැමති කැමති දෙයෙහි ඇති බැඳීමයි. කාමය හෙවත් පස්කම් ගිහි ජීවිතයෙහි බැඳුමකි.

අයං පන අධිප‍්පායො – “අහො වතාහම‍්පි ඔරොපයිත්‍වා ගිහිබ්‍යඤ‍්ජනානි සඤ‍්ඡින‍්නපත‍්තො යථා කොවිළාරො භවෙය්‍ය”න‍්ති එවඤ‍්හි චින‍්තයමානො විපස‍්සනං ආරභිත්‍වා පච‍්චෙකබොධිං අධිගතොම‍්හීති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

මෙය වචනයේ තේරුමයි. එයින් අදහස් වන්නේ මෙයයි. ‘මමත් ගිහි ජීවිතයෙහි සියළු බැඳීම් අත්හැර දමා - කොළ හැලුනු කොබෝලීල ගසක් මෙන් වන්නේ නම් මැනවැයි සිතමින් විදසුන් වඩා පසේ බුදු බවට පත්වීමි’ යනුයි. ඉතිරි කරුණු පෙර පරිදිම දතයුතුය.

කොවිළාරගාථාවණ‍්ණනා සමත‍්තා.

කෝවිලාර ගාථා විස්තරය නිමි.

පඨමො වග‍්ගො නිට‍්ඨිතො.

පළමු වග (කොටස) අවසන්.

11

11

සචෙ ලභෙථාති කා උප‍්පත‍්ති? පුබ‍්බෙ කිර කස‍්සපස‍්ස භගවතො සාසනෙ ද‍්වෙ පච‍්චෙකබොධිසත‍්තා පබ‍්බජිත්‍වා වීසති වස‍්සසහස‍්සානි ගතපච‍්චාගතවත‍්තං පූරෙත්‍වා දෙවලොකෙ උප‍්පන‍්නා. තතො චවිත්‍වා තෙසං ජෙට‍්ඨකො බාරාණසිරඤ‍්ඤො පුත‍්තො අහොසි, කනිට‍්ඨො පුරොහිතස‍්ස පුත‍්තො අහොසි. තෙ එකදිවසංයෙව පටිසන්‍ධිං ගහෙත්‍වා එකදිවසමෙව මාතුකුච‍්ඡිතො නික‍්ඛමිත්‍වා සහපංසුකීළිතසහායකා අහෙසුං. පුරොහිතපුත‍්තො පඤ‍්ඤවා අහොසි. සො රාජපුත‍්තං ආහ – “සම‍්ම, ත්‍වං පිතුනො අච‍්චයෙන රජ‍්ජං ලභිස‍්සසි, අහං පුරොහිතට‍්ඨානං, සුසික‍්ඛිතෙන ච සුඛං රජ‍්ජං අනුසාසිතුං සක‍්කා, එහි සිප‍්පං උග‍්ගහෙස‍්සාමා”ති. තතො උභොපි පුබ‍්බොපචිතකම‍්මා හුත්‍වා ගාමනිගමාදීසු භික‍්ඛං චරමානා පච‍්චන‍්තජනපදගාමං ගතා. තඤ‍්ච ගාමං පච‍්චෙකබුද‍්ධා භික‍්ඛාචාරවෙලාය පවිසන‍්ති. අථ මනුස‍්සා පච‍්චෙකබුද‍්ධෙ දිස‍්වා උස‍්සාහජාතා ආසනානි පඤ‍්ඤාපෙන‍්ති, පණීතං ඛාදනීයං භොජනීයං උපනාමෙන‍්ති, මානෙන‍්ති, පූජෙන‍්ති. තෙසං එතදහොසි – “අම‍්හෙහි සදිසා උච‍්චාකුලිකා නාම නත්‍ථි, අථ ච පනිමෙ මනුස‍්සා යදි ඉච‍්ඡන‍්ති, අම‍්හාකං භික‍්ඛං දෙන‍්ති, යදි ච නිච‍්ඡන‍්ති, න දෙන‍්ති, ඉමෙසං පන පබ‍්බජිතානං එවරූපං සක‍්කාරං කරොන‍්ති, අද‍්ධා එතෙ කිඤ‍්චි සිප‍්පං ජානන‍්ති, හන්‍ද නෙසං සන‍්තිකෙ සිප‍්පං උග‍්ගණ‍්හාමා”ති.

සචෙ ලභෙථ යන ගාථාවන්ට හේතු වූ කරුණ කුමක්ද? පෙර කසුප් බුදු සස්නෙහි පසේ බෝසත්වරු දෙදෙනෙක් පැවිදිව අවුරුදු විසිදහසක් ‘ගතපච්චාගත වත’ පුරා දෙව්ලොව උපන්හ. එයින් චුතව, වැඩිමහල් තැනැත්තා බරණැස රජුගේ පුතුව උපන්නේය. බාල තැනැත්තා පුරෝහිතගේ පුතාව ඉපදුණේය. ඔවුහු එකම දිනෙහිම කුස පිළිසිඳ ගෙන, එකම දිනයෙහිම මවුකුසින් බිහිව වැළිකෙළියේ පටන් යහළුවෝ වූහ. පුරෝහිත පුතු නුවණැත්තේ ‘මිතුර, ඔබ පියා ඇවෑමෙන් රජ වෙහි, මම පුරෝහිත තනතුර ලබමි. මනා සංයමයෙන්ද, යහපත් ලෙසද රජය විචාරීමට හැකිය. එම, සිප් උගනිමු’යි යාග පූජා නූලක් ගෙල පැළඳ ගම් නියම්ගම්හි අහර පිණිස හැසිරෙමින්, පිටිසරබද ජනපදයකට ගියහ. එම ගමට සුදුසු කල්හි පසේ බුදුවරු පිඬු පිණිස පැමිණෙති. එවිට මිනිස්සු පසේ බුදුවරුන් දැක, උනන්දුවෙන් ආසන පණවති. රසවත් ආහාරපාන පිළිගන්වති. ගරු බුහුමන් කරති. පූජා පවත්වති. මේ මිනිස්සු අප හා සමාන උසස් කුලයක නොවූවත්, ඒ මිනිසුන් කැමති යම් දෙයක් අපට ආහාරයට දෙති. අකමැති නම් නොදෙති. මේ පැවිද්දන්ටද මෙබඳු සත්කාර කරති. නිසැකවම මොවුහු කිසියම් ශිල්පයක් දනිති. අපි ඔවුන් ළඟ හිඳ සිප් උගනිමු නම් මැනවැ’යි ඔවුන් දෙදෙනාට සිතුණි.

තෙ මනුස‍්සෙසු පටික‍්කන‍්තෙසු ඔකාසං ලභිත්‍වා “යං, භන‍්තෙ, තුම‍්හෙ සිප‍්පං ජානාථ, තං අම‍්හෙපි සික‍්ඛාපෙථා”ති යාචිංසු. පච‍්චෙකබුද‍්ධා “න සක‍්කා අපබ‍්බජිතෙන සික‍්ඛිතු”න‍්ති ආහංසු. තෙ පබ‍්බජ‍්ජං යාචිත්‍වා පබ‍්බජිංසු. තතො නෙසං පච‍්චෙකබුද‍්ධා “එවං වො නිවාසෙතබ‍්බං, එවං පාරුපිතබ‍්බ”න‍්තිආදිනා නයෙන ආභිසමාචාරිකං ආචික‍්ඛිත්‍වා “ඉමස‍්ස සිප‍්පස‍්ස එකීභාවාභිරති නිප‍්ඵත‍්ති, තස‍්මා එකෙනෙව නිසීදිතබ‍්බං, එකෙන චඞ‍්කමිතබ‍්බං, ඨාතබ‍්බං, සයිතබ‍්බ”න‍්ති පාටියෙක‍්කං පණ‍්ණසාලමදංසු. තතො තෙ අත‍්තනො අත‍්තනො පණ‍්ණසාලං පවිසිත්‍වා නිසීදිංසු. පුරොහිතපුත‍්තො නිසින‍්නකාලතො පභුති චිත‍්තසමාධානං ලද‍්ධා ඣානං ලභි. රාජපුත‍්තො මුහුත‍්තෙනෙව උක‍්කණ‍්ඨිතො තස‍්ස සන‍්තිකං ආගතො. සො තං දිස‍්වා “කිං, සම‍්මා”ති පුච‍්ඡි. “උක‍්කණ‍්ඨිතොම‍්හී”ති ආහ. “තෙන හි ඉධ නිසීදා”ති. සො තත්‍ථ මුහුත‍්තං නිසීදිත්‍වා ආහ – “ඉමස‍්ස කිර, සම‍්ම, සිප‍්පස‍්ස එකීභාවාභිරති නිප‍්ඵත‍්තී”ති පුරොහිතපුත‍්තො “එවං, සම‍්ම, තෙන හි ත්‍වං අත‍්තනො නිසින‍්නොකාසං එව ගච‍්ඡ, උග‍්ගහෙස‍්සාමි ඉමස‍්ස සිප‍්පස‍්ස නිප‍්ඵත‍්ති”න‍්ති ආහ. සො ගන‍්ත්‍වා පුනපි මුහුත‍්තෙනෙව උක‍්කණ‍්ඨිතො පුරිමනයෙනෙව තික‍්ඛත‍්තුං ආගතො.

ඔවුහු මිනිසුන් ඉවත් වූ විට, අවසර ලැබ, ‘හිමියනි, ඔබලා දන්නා යම් සිප් සතරෙක අපද හික්මවුව මැනවැ’යි (අපට උගැන්වුව මැනවැ’යි) ඉල්ලූහ. ‘පැවිදි නොවූවන්ට ඉගැන්විය නොහැකි’ යයි පසේ බුදුවරු කීහ. ඔවුහු පැවිදි කරන ලෙස ඉල්ලා සිටියහ. ඉක්බිති පැවිදි වූහ. එහිදී පසේ බුදුවරු එම දෙනමට ඔබලා මෙසේ (සිවුරු) හැඳිය යුතුය. මෙසේ (සිවුරු) පෙරවිය යුතුය ආදී උසස් හැරීම් පිළිබඳ වත් පිළිවෙත් කියා දී ‘මෙම ශිල්පයෙහි පල ලබාගැනීමට නම්, තනිවම හිඳිය යුතුය. තනිවම සක්මන් කළ යුතුය. තනිවම සිටිය යුතුය. නිදිය යුතුයැ’යි වෙන වෙනම පන්සල් (කොළ සෙවිලි කරන ලද කුටි) ලබා දුන්හ. පැවිදි දෙනම තම තමන්ගේ පන්සලට පිවිස හුන්හ. පුරෝහිත පැවිදි හිමි හිඳ ගත් වේලෙහි සිටම සිත එකඟ බවට පත්ව දැහැනක් ලැබීය. අනෙක් හිමිනම (රජ පුතු) මොහොතකට පසුව, කලකිරි තම සහායක හිමි නම වෙත ආවේය. ‘මිතුරු හිමියනි, කිමෙක්දැ’යි විමසීය. කළකිරුණෙමි’යි පිළිතුරු විය. එසේ නම් මෙහි හිඳුවයි කීය. මොහොතක් එතැන හිඳ සිටි ඒ හිමිනම ‘මිතුරු හිමියනි, මේ ඉගෙනීමෙහි එකම තැනකට පත්වන අවසානයක් තිබේදැ’යි ඇසීය. ‘එසේනම් ඔබ සිටි තැනටම යව, මෙම සිප්හි අවසානයක් ලබනතුරු උගනිමු’යි පැවසීය. (රජපුත්) පැවිදි නම, එහි ගොස් මොහොතකට පසු කලකිරි පෙර පරිදිම - තෙවරක්ම පැමිණියේය.

තතො නං පුරොහිතපුත‍්තො තථෙව උය්‍යොජෙත්‍වා තස‍්මිං ගතෙ චින‍්තෙසි “අයං අත‍්තනො ච කම‍්මං හාපෙති, මම ච ඉධාභික‍්ඛණං ආගච‍්ඡන‍්තො”ති. සො පණ‍්ණසාලතො නික‍්ඛම‍්ම අරඤ‍්ඤං පවිට‍්ඨො. ඉතරො අත‍්තනො පණ‍්ණසාලායෙව නිසින‍්නො පුනපි මුහුත‍්තෙනෙව උක‍්කණ‍්ඨිතො හුත්‍වා තස‍්ස පණ‍්ණසාලං ආගන‍්ත්‍වා ඉතො චිතො ච මග‍්ගන‍්තොපි තං අදිස‍්වා චින‍්තෙසි – “යො ගහට‍්ඨකාලෙ පණ‍්ණාකාරම‍්පි ආදාය ආගතො මං දට‍්ඨුං න ලභති, සො නාම මයි ආගතෙ දස‍්සනම‍්පි අදාතුකාමො පක‍්කාමි, අහො, රෙ චිත‍්ත, න ලජ‍්ජසි, යං මං චතුක‍්ඛත‍්තුං ඉධානෙසි, සොදානි තෙ වසෙ න වත‍්තිස‍්සාමි, අඤ‍්ඤදත්‍ථු තංයෙව මම වසෙ වත‍්තාපෙස‍්සාමී”ති අත‍්තනො සෙනාසනං පවිසිත්‍වා විපස‍්සනං ආරභිත්‍වා පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා ආකාසෙන නන්‍දමූලකපබ‍්භාරං අගමාසි. ඉතරොපි අරඤ‍්ඤං පවිසිත්‍වා විපස‍්සනං ආරභිත්‍වා පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා තත්‍ථෙව අගමාසි. තෙ උභොපි මනොසිලාතලෙ නිසීදිත්‍වා පාටියෙක‍්කං පාටියෙක‍්කං ඉමා උදානගාථායො අභාසිංසු –

එහිදී (පුරෝහිත) හිමි පෙර සේම උනන්දු කරවා (රජපුත්) හිමි තමා වෙතින් ඉවත්ව ගියවිට ‘මොහු තමන් ද, වැඩ කටයුතු ද වනසා ගනී. මා වෙතට නිතර පැමිණේ’ යැයි සිතුවේය. ඒ හිමි පන්සලින් නික්ම කැලයට පිවිසියේය. අනෙක් පැවිදි නම තම පන්සලෙහි හිඳ මොහොතකින් කලකිරී, (පුරෝහිත) හිමි නමගේ පන්සලට අවුත්, එහා මෙහා යමින්, ඒ හිමියන් නොදැක, ‘යමෙකු ගිහිකල තෑගි රැගෙන ආවත් මා දැකීමට ඉඩ නොලබයි. (ඔහු) නම් මා පැමිණි විට, දැකීමටවත් ඉඩක් නොදී ඉවත්ව ගියේය. අනේ, පවිටු සිත, ලජ්ජා නැත්තෙහි? දැන් මා සිවු වාරයක්ම මෙහි කැඳවා ආයේය. මම දැන් ඔබේ වසඟයෙහි නොපවතින්නෙමි. ඔබම මා වසඟයෙහි තබාගන්නෙමි’යි සිතා තම සෙනසුනට පිවිස, විදසුන් වඩා පසේ බුදුබව අවබෝධකොට අහසින් නන්දමූලක ගිරි ගුහාවන්ට ගියේය. ආරණ්‍යයට පිවිසි අනෙක් නම ද, විදර්ශනා අරඹා පසේ බුදුබව අවබෝධ කොට එහිම වැඩියහ. ඒ පසේ බුදුවරු දෙදෙනාම රත්හිරියල් ගල්තලාවෙහි හිඳ වෙන වෙනම මෙම උදාන ගාථා කීහ.

“සචෙ ලභෙථ නිපකං සහායං, සද‍්ධිං චරං සාධුවිහාරි ධීරං; අභිභුය්‍ය සබ‍්බානි පරිස‍්සයානි, චරෙය්‍ය තෙනත‍්තමනො සතීමා.

“නො චෙ ලභෙථ නිපකං සහායං, සද‍්ධිං චරං සාධුවිහාරි ධීරං; රාජාව රට‍්ඨං විජිතං පහාය, එකො චරෙ මාතඞ‍්ගරඤ‍්ඤෙව නාගො”ති.

තත්‍ථ නිපකන‍්ති පකතිනිපුණං පණ‍්ඩිතං කසිණපරිකම‍්මාදීසු කුසලං. සාධුවිහාරින‍්ති අප‍්පනාවිහාරෙන වා උපචාරෙන වා සමන‍්නාගතං. ධීරන‍්ති ධිතිසම‍්පන‍්නං. තත්‍ථ නිපකත‍්තෙන ධිතිසම‍්පදා වුත‍්තා. ඉධ පන ධිතිසම‍්පන‍්නමෙවාති අත්‍ථො. ධිති නාම අසිථිලපරක‍්කමතා, “කාමං තචො ච න‍්හාරු චා”ති (ම· නි· 2.184; අ· නි· 2.5; මහානි· 196) එවං පවත‍්තවීරියස‍්සෙතං අධිවචනං. අපිච ධිකතපාපොතිපි ධීරො. රාජාව රට‍්ඨං විජිතං පහායාති යථා පටිරාජා “විජිතං රට‍්ඨං අනත්‍ථාවහ”න‍්ති ඤත්‍වා රජ‍්ජං පහාය එකො චරති, එවං බාලසහායං පහාය එකො චරෙ. අථ වා රාජාව රට‍්ඨන‍්ති යථා සුතසොමො රාජා විජිතං රට‍්ඨං පහාය එකො චරි, යථා ච මහාජනකො, එවං එකො චරෙති අයම‍්පි තස‍්සත්‍ථො. සෙසං වුත‍්තානුසාරෙන සක‍්කා ජානිතුන‍්ති න විත්‍ථාරිතන‍්ති.

එම ගාථාවෙහි නිපකං යනු දැනුම් තේරුම් ඇති, නුවණැති, කසිණ පිරියම් ආදියෙහි හැකියාව ඇති, සාධූවිහාරිං කෙලින්ම සිත සමාධියට යොමු කිරීමෙන් හෝ, ඊට පියවරෙන් පියවර සිත පුරුදු කිරීමෙහි නියැලී, ධීරං උත්සාහයෙන් යුතු, එහි නිපක ලෙසද උත්සාහයෙහි අගය කියන ලදී. මෙහි උත්සාහවත්ව යන අරුතයි. ධිති යනු (සිතෙහි) දැඩි, ලිහිල් නොවූ බලයයි. ‘සම-නහර වියලුණත් උත්සාහය අත් නොහැරිමේ කැමැත්තෙන් කාමං තචො ච නහාරු චා’ති යැයි දක්වා ඇති පරිදි, පවත්නා උත්සාහය, දිරිය ගැන සමාන වචනයකි. එමෙන්ම පවට නින්දා කරන අරුතින්ද ධීර නම් වේ. රාජා ව රට්ඨං විජිතං පහාය ‘සතුරු රජවරුන් (තමන්) පාලනය කරන රටට අයහපත කරති’යි දැන රජකම හැරදමා තනිවම හැසිරෙයි ද එසේම අනුවණයාගේ ඇසුර හැර තනිව හැසිරෙන්නේය. නැතහොත් රාජාව රට්ඨං යනු සුතසෝම රජු, මහාජනක රජු තම පාලන රට හැර දමා තනිව හැසිරුණු සේ තනිව හැසිරෙයි. මෙයද එහි අදහසයි. ඉතිරි කරුණු කියා ඇති බැවින් විස්තර නොකරන ලදී.

සහායගාථාවණ‍්ණනා සමත‍්තා.

සහාය ගාථා විස්තරය නිමි.

12

12

අද‍්ධා පසංසාමාති ඉමිස‍්සා ගාථාය යාව ආකාසතලෙ පඤ‍්ඤත‍්තාසනෙ පච‍්චෙකබුද‍්ධානං නිසජ‍්ජා, තාව චාතුද‍්දිසගාථාය උප‍්පත‍්තිසදිසා එව උප‍්පත‍්ති. අයං පන විසෙසො – යථා සො රාජා රත‍්තියා තික‍්ඛත‍්තුං උබ‍්බිජ‍්ජි, න තථා අයං, නෙවස‍්ස යඤ‍්ඤො පච‍්චුපට‍්ඨිතො අහොසි. සො ආකාසතලෙ පඤ‍්ඤත‍්තෙසු ආසනෙසු පච‍්චෙකබුද‍්ධෙ නිසීදාපෙත්‍වා “කෙ තුම‍්හෙ”ති පුච‍්ඡි. “මයං, මහාරාජ, අනවජ‍්ජභොජිනො නාමා”ති. “භන‍්තෙ, ‘අනවජ‍්ජභොජිනො’ති ඉමස‍්ස කො අත්‍ථො”ති? “සුන්‍දරං වා අසුන්‍දරං වා ලද‍්ධා නිබ‍්බිකාරා භුඤ‍්ජාම, මහාරාජා”ති. තං සුත්‍වා රඤ‍්ඤො එතදහොසි “යංනූනාහං ඉමෙ උපපරික‍්ඛෙය්‍යං එදිසා වා නො වා”ති. තං දිවසං කණාජකෙන බිලඞ‍්ගදුතියෙන පරිවිසි. පච‍්චෙකබුද‍්ධා අමතං භුඤ‍්ජන‍්තා විය නිබ‍්බිකාරා භුඤ‍්ජිංසු. රාජා “හොන‍්ති නාම එකදිවසං පටිඤ‍්ඤාතත‍්තා නිබ‍්බිකාරා, ස‍්වෙ ජානිස‍්සාමී”ති ස‍්වාතනායපි නිමන‍්තෙසි. තතො දුතියදිවසෙපි තථෙවාකාසි. තෙපි තථෙව පරිභුඤ‍්ජිංසු. අථ රාජා “ඉදානි සුන්‍දරං දත්‍වා වීමංසිස‍්සාමී”ති පුනපි නිමන‍්තෙත්‍වා, ද‍්වෙ දිවසෙ මහාසක‍්කාරං කත්‍වා, පණීතෙන අතිවිචිත්‍රෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසි. තෙපි තථෙව නිබ‍්බිකාරා භුඤ‍්ජිත්‍වා රඤ‍්ඤො මඞ‍්ගලං වත්‍වා පක‍්කමිංසු. රාජා අචිරපක‍්කන‍්තෙසු තෙසු “අනවජ‍්ජභොජිනොව එතෙ සමණා, අහො වතාහම‍්පි අනවජ‍්ජභොජී භවෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා මහාරජ‍්ජං පහාය පබ‍්බජ‍්ජං සමාදාය විපස‍්සනං ආරභිත්‍වා, පච‍්චෙකබුද‍්ධො හුත්‍වා, මඤ‍්ජූසකරුක‍්ඛමූලෙ පච‍්චෙකබුද‍්ධානං මජ‍්ඣෙ අත‍්තනො ආරම‍්මණං විභාවෙන‍්තො ඉමං ගාථං අභාසි –

අද්ධා පසංසාම යන මේ ගාථාවට හේතුවද, අහස් තලයෙහි පනවන ලද අසුනෙහි වැඩහිඳ පසේ බුදුවරුන් දේශනා කරන ලද ‘චාතුද්දිස’ ගාථාවේ නිදාන කථාව මෙනි. මෙතැන් සිට දැක්වෙන්නේ අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණුය. එම කතාවෙහි බරණැස් රජු රෑ කල තෙවරක්ම තැතිගත් බව සඳහන් වුවද මෙම කතාවෙහි එසේ නොවේ. මෙහි රජුට යාග කිරිමට සිදු නොවීය. රජු අහස් තලයෙහි පනවන ලද ආසනවල පසේ බුදුවරුන් වැඩහිඳුවා ‘ඔබලා කවරහුදැ’යි ඇසීය. ‘මහරජ, අපි වැරදි ලෙස ආහාර නොගන්නෝ ‘අනවජ්ජභොජි’ නම් වෙමු’යි වදාළහ. ‘මේ කීමෙහි තේරුම කුමක්දැ’යි රජ ඇසීය. ‘මහරජ, රස හෝ කටුක ආහාරයක් හෝ ලැබ, එක ලෙස සළකා නොවෙනස් සිතින් අනුභව කරමු’යි වදාළහ. ඒ කීම නිවැරදි ද, නැද්දැ’යි මොවුන් පිරික්සීම මැනවැ’යි රජුට සිතුණි. එදින ඇඹුල් කාඩි හොදි සමග සුන්සහල් බත් වැළඳවීය. පසේ බුදුවරු අමා බොජුන් සේ නොවෙනස්ව වැළඳූහ. ‘පසේ බුදුවරුන්, පොරොන්දු වූ පරිදි එක් දවසක් කී පරිදි එසේ කරති. හෙට දවසේදී එය දැනගන්නෙමි’යි පසුදිනට ද ආරාධනා කළේය. එදිනද ඇඹුල් කාඩි හොදි ආහාර වැළඳවීය. පසේ බුදුවරු පෙර පරිදිම වැළඳූහ. ඊට පසු රජු ‘දැන් ඉතා රසවත් ආහාර දී විමසන්නෙමි’යි සිතා නැවතද, ආරාධනා කොට, මහත් සත්කාරයෙන් ඉතා මාහැඟි රසවත් ආහාරපානවලින් වැළඳවීය. පසේ බුදුවරු එදිනද වෙනසක් නැතිවම වළඳා රජුට යහපතක් වේවා’යි පතා වැඩියහ. රජු පසේ බුදුවරුන් නික්ම ගොස් මඳ වේලාවකට පසු ‘මෙම මහණුන් ආහාරයෙහි රස නීරස නොසොයති, මමත් ඇත්තෙන්ම එසේ ආහාර ගැන පිළිවෙතක් අනුගමනය කරමි’යි සිතා රජකම හැර, පැවිදි වත් සමාදන්ව, විදසුන් වඩා පසේ බුදුබවට පත්ව, ‘මඤ්ජුසක’ රුක් මුල්හී, අනෙක් පසේ බුදුවරුන් මැද තම අරමුණ දක්වමින් මේ ගාථාව කීහ.

“අද‍්ධා පසංසාම සහායසම‍්පදං, සෙට‍්ඨා සමා සෙවිතබ‍්බා සහායා; එතෙ අලද‍්ධා අනවජ‍්ජභොජී, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

සා පදත්‍ථතො උත‍්තානා එව. කෙවලං පන සහායසම‍්පදන‍්ති එත්‍ථ අසෙඛෙහි සීලාදික‍්ඛන්‍ධෙහි සම‍්පන‍්නා සහායා එව සහායසම‍්පදාති වෙදිතබ‍්බා. අයං පනෙත්‍ථ යොජනා – යායං වුත‍්තා සහායසම‍්පදා, තං සහායසම‍්පදං අද‍්ධා පසංසාම, එකංසෙනෙව ථොමෙමාති වුත‍්තං හොති. කථං? සෙට‍්ඨා සමා සෙවිතබ‍්බා සහායාති. කස‍්මා? අත‍්තනො හි සීලාදීහි සෙට‍්ඨෙ සෙවමානස‍්ස සීලාදයො ධම‍්මා අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං පාපුණන‍්ති. සමෙ සෙවමානස‍්ස අඤ‍්ඤමඤ‍්ඤං සමධාරණෙන කුක‍්කුච‍්චස‍්ස විනොදනෙන ච ලද‍්ධා න පරිහායන‍්ති. එතෙ පන සහායකෙ සෙට‍්ඨෙ ච සමෙ ච අලද‍්ධා කුහනාදිමිච‍්ඡාජීවං වජ‍්ජෙත්‍වා ධම‍්මෙන සමෙන උප‍්පන‍්නං භොජනං භුඤ‍්ජන‍්තො තත්‍ථ ච පටිඝානුනයං අනුප‍්පාදෙන‍්තො අනවජ‍්ජභොජී හුත්‍වා අත්‍ථකාමො කුලපුත‍්තො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො. අහම‍්පි හි එවං චරන‍්තො ඉමං සම‍්පත‍්තිං අධිගතොම‍්හීති.

එහි (ඇතැම්) වචනවල අරුත් (කලින් කියා ඇති බැවින්) පැහැදිලිය. සහායසම්පදං හුදෙක්ම සීලාදී ගුණ සමූහයෙන් යුතු, රහත් ඵලයට පැමිණි උතුමන් සහායම මෙහි ලා දතයුතුය. මෙය එහි විස්තරයි. මේ කියන ලද සසහායකයකු ලැබීම අද්ධා පසංසාම ඒකාන්තයෙන්ම තුති කළයුතු - අගය කළයුතු යැයි කියන ලදී. ඒ කෙසේද? සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා කවර හෙයින්ද? තමන් කෙරෙහි සීලාදී උතුම් ගුණදහම් කලින් නොතිබුණද (දැන්) ඇත. එසේ ඇති කරගත් ගුණදහම් වැඩි දියුණුවට, මහත් බවට පැමිණේද, තමා හා සමාන සහායකයකු ඇසුරු කරනවිට, එකිනෙකා කෙරෙහි කතාකොට සැක දුරුකර ගැනීමෙන් ගුණදහම් නොපිරිහේ. එබඳු උසස් හෝ සමාන සහායකයෙකු ලැබූවද, නොලැබුණද, කුහක, වැරදි දිවිපැවැත්ම හැරදමා - දැහැමින් සෙමින් ලැබෙන ආහාර අනුභව කරමින් එහි නොසතුටක්, තරහක් ඇතිකර නොගනිමින් නිවැරදි ආහාර ලබන්නකු හෙවත් ‘අනවජ්ජභොජි ව, හිතවැඩ කැමති කුලපුතකුව තනිව හැසිරෙන කගවේනකු මෙන් වන්නේය. මමද එසේ හැසිරෙමින් මේ උතුම් බව අවබෝධ කළෙමි යනුයි.

අනවජ‍්ජභොජිගාථාවණ‍්ණනා සමත‍්තා.

අනවජ්ජභොජී ගාථා විස්තරය නිමි.

13

13

දිස‍්වා සුවණ‍්ණස‍්සාති කා උප‍්පත‍්ති? අඤ‍්ඤතරො බාරාණසිරාජා ගිම‍්හසමයෙ දිවාසෙය්‍යං උපගතො. සන‍්තිකෙ චස‍්ස වණ‍්ණදාසී ගොසීතචන්‍දනං පිසති. තස‍්සා එකබාහායං එකං සුවණ‍්ණවලයං, එකබාහායං ද‍්වෙ, තානි සඞ‍්ඝට‍්ටන‍්ති ඉතරං න සඞ‍්ඝට‍්ටති. රාජා තං දිස‍්වා “එවමෙව ගණවාසෙ සඞ‍්ඝට‍්ටනා, එකවාසෙ අසඞ‍්ඝට‍්ටනා”ති පුනප‍්පුනං තං දාසිං ඔලොකයමානො චින‍්තෙසි. තෙන ච සමයෙන සබ‍්බාලඞ‍්කාරභූසිතා දෙවී තං බීජයන‍්තී ඨිතා හොති. සා “වණ‍්ණදාසියා පටිබද‍්ධචිත‍්තො මඤ‍්ඤෙ රාජා”ති චින‍්තෙත්‍වා තං දාසිං උට‍්ඨාපෙත්‍වා සයමෙව පිසිතුමාරද‍්ධා . තස‍්සා උභොසු බාහාසු අනෙකෙ සුවණ‍්ණවලයා, තෙ සඞ‍්ඝට‍්ටන‍්තා මහාසද‍්දං ජනයිංසු. රාජා සුට‍්ඨුතරං නිබ‍්බින‍්නො දක‍්ඛිණෙන පස‍්සෙන නිපන‍්නොයෙව විපස‍්සනං ආරභිත්‍වා පච‍්චෙකබොධිං සච‍්ඡාකාසි. තං අනුත‍්තරෙන සුඛෙන සුඛිතං නිපන‍්නං චන්‍දනහත්‍ථා දෙවී උපසඞ‍්කමිත්‍වා “ආලිම‍්පාමි, මහාරාජා”ති ආහ. රාජා – “අපෙහි, මා ආලිම‍්පාහී”ති ආහ. සා “කිස‍්ස, මහාරාජා”ති ආහ. සො “නාහං රාජා”ති. එවමෙතෙසං තං කථාසල‍්ලාපං සුත්‍වා අමච‍්චා උපසඞ‍්කමිංසු. තෙහිපි මහාරාජවාදෙන ආලපිතො “නාහං, භණෙ, රාජා”ති ආහ. සෙසං පඨමගාථාය වුත‍්තසදිසමෙව.

දිස්වා සුවණ්ණස්ස යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස එක්තරා රජෙක් ග්‍රීෂ්ම කාලයෙහි දහවල් නිදාගැනීමට එළඹියේය. රජු සමීපයෙහි සිටි එක් (ගණිකා) දාසියක් රන්වන්-සඳුන් කුඩු කරන්නීය. ඇගේ එක් අතක රන් වළල්ලකි. අනික් අතෙහි රන්වළලු දෙකකි. එම වළලු (එකට ගැටෙනවිට) හඬ නගයි. තනි වළල්ල හඬ නොනගයි. රජු එය දැක ‘සමූහයක් හා එක්ව විසීම ගැටුමකි. තනිව වාසය කිරිම ගැටුම් ඇති නොවේ’ යැයි නැවත නැවත ඒ දාසිය දෙස බලමින් සිතයි. මේ වෙලාවෙහි දේවිය සියළු අබරණින් සැරසී රජුට පවන් සලමින් සිටියාය. ‘දාසිය කෙරෙහි රජුට ආදර සිතක් ඇතිවී යැයි’ සිතූ දේවිය, දාසිය නැගිටුවා තමන්ම රසඳුන් කුඩු සකස් කිරීමට පටන් ගත්තාය. දේවියගේ දෑතෙහිම නොයෙක් ආකාර වූ රන් වළලුය. ඒවා එකිනෙක ගැටෙමින් මහහඬ නැගීය. රජු වඩාත් කලකිරි. දකුණුපසට හැරි හිඳිමින්ම විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කළේය. ඔහු ලොවුතුරු සුවෙන් සුවසේ වැතිර සිටිනු දැක, සඳුන් සුණු අතැතිව ආ දේවිය ‘මහරජ (සඳුන් සුණු) ආලේප කරමි’යි කීවාය. ‘ආලේප නොකරව, ඉවත් වනු’ යැයි රජු කීය. ‘මහරජ, කුමක් නිසාදැ’යි ඇසුවාය. ‘මම රජ නොවෙමි’ කියන කතාබහ ඇසූ ඇමතිවරු ද පැමිණියහ. ඔවුන්ද ‘මහරජ’ යැයි අමතන ලදුව, ‘දරුවනි, (දැන්) මම රජෙක් නොවෙමි’යි පැවසීය. ඉතිරි විස්තර මුල් ගාථාවෙහි දක්වා ඇති පරිදිය.

අයං පන ගාථාවණ‍්ණනා – දිස‍්වාති ඔලොකෙත්‍වා. සුවණ‍්ණස‍්සාති කඤ‍්චනස‍්ස “වලයානී”ති පාඨසෙසො. සාවසෙසපාඨො හි අයං අත්‍ථො. පභස‍්සරානීති පභාසනසීලානි, ජුතිමන‍්තානීති වුත‍්තං හොති. සෙසං උත‍්තානත්‍ථමෙව. අයං පන යොජනා – දිස‍්වා භුජස‍්මිං සුවණ‍්ණස‍්ස වලයානි “ගණවාසෙ සති සඞ‍්ඝට‍්ටනා, එකවාසෙ අසඞ‍්ඝට‍්ටනා”ති එවං චින‍්තෙන‍්තො විපස‍්සනං ආරභිත්‍වා පච‍්චෙකබොධිං අධිගතොම‍්හීති. සෙසං වුත‍්තනයමෙවාති.

මේ ගාථාවේ (වචනවල) අදහස නම්, දිස්වා බලා, සුවණ්ණස්ස රත්රන්වල වලයානි අතිරේක වචනයකි. පභස්සරානි පැහැපත් වූ, දීප්තිමත් බබළනසුළු (වලය යන්න වළලු හා බැඳේ) ඉතිරි වචන කලින් දක්වා ඇති පරිදිය. මේ ගාථාවේ අදහසයි. අතෙහි රන් වළලු දැක, සමූහයක් ලෙස එක් වූ විට, හඬ නැගීමත්, තනි වළල්ලක් (අතෙහි තිබූ විට) හඬක් නොවීමත් සිතමින්, (සමූහයක් සිටීමේදී ඇතිවන ගැටුමත්) සළකා විදසුන් වඩා (පසේ බුදුබව) අවබෝධ කළෙමි’යි කීහ. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිමය.

සුවණ‍්ණවලයගාථාවණ‍්ණනා සමත‍්තා.

සුවණ්ණාවලය ගාථා විස්තරය නිමි.

14

14

එවං දුතියෙනාති කා උප‍්පත‍්ති? අඤ‍්ඤතරො බාරාණසිරාජා දහරොව පබ‍්බජිතුකාමො අමච‍්චෙ ආණාපෙසි “දෙවිං ගහෙත්‍වා රජ‍්ජං පරිහරථ, අහං පබ‍්බජිස‍්සාමී”ති. අමච‍්චා “න, මහාරාජ, අරාජකං රජ‍්ජං අම‍්හෙහි සක‍්කා රක‍්ඛිතුං, සාමන‍්තරාජානො ආගම‍්ම විලුම‍්පිස‍්සන‍්ති, යාව එකපුත‍්තොපි උප‍්පජ‍්ජති, තාව ආගමෙහී”ති සඤ‍්ඤාපෙසුං. මුදුචිත‍්තො රාජා අධිවාසෙසි. අථ දෙවී ගබ‍්භං ගණ‍්හි. රාජා පුනපි තෙ ආණාපෙසි – “දෙවී ගබ‍්භිනී, පුත‍්තං ජාතං රජ‍්ජෙ අභිසිඤ‍්චිත්‍වා රජ‍්ජං පරිහරථ, අහං පබ‍්බජිස‍්සාමී”ති. අමච‍්චා “දුජ‍්ජානං, මහාරාජ, එතං දෙවී පුත‍්තං වා විජායිස‍්සති ධීතරං වා, විජායනකාලං තාව ආගමෙහී”ති පුනපි සඤ‍්ඤාපෙසුං. අථ සා පුත‍්තං විජායි. තදාපි රාජා තථෙව අමච‍්චෙ ආණාපෙසි. අමච‍්චා පුනපි රාජානං “ආගමෙහි, මහාරාජ, යාව, පටිබලො හොතී”ති බහූහි කාරණෙහි සඤ‍්ඤාපෙසුං. තතො කුමාරෙ පටිබලෙ ජාතෙ අමච‍්චෙ සන‍්නිපාතාපෙත්‍වා “පටිබලො අයං, තං රජ‍්ජෙ අභිසිඤ‍්චිත්‍වා පටිපජ‍්ජථා”ති අමච‍්චානං ඔකාසං අදත්‍වා අන‍්තරාපණා කාසායවත්‍ථාදයො සබ‍්බපරික‍්ඛාරෙ ආහරාපෙත්‍වා අන‍්තෙපුරෙ එව පබ‍්බජිත්‍වා මහාජනකො විය නික‍්ඛමි. සබ‍්බපරිජනො නානප‍්පකාරකං පරිදෙවමානො රාජානං අනුබන්‍ධි.

එවං දුතියෙන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස එක්තරා රජෙක් තරුණ වියෙහිදීම පැවිදිවනු කැමතිව, ‘මම පැවිදි වන්නෙමි, දේවියද ගෙන රජයෙහි අදාල කටයුතු කරව’යි ඇමතිවරුන්ට අණ කළේය. ‘මහරජ, රජ කෙනෙකු නැතිව අපට රජය රැකිය නොහැකිය. අවට රජවරුන් පැමිණ, රජය පැහැර ගන්නාහ. එක පුතකු හෝ උපදින තාක් ඉවසනු මැනවැ’යි ඇමතිවරු රජුට දැන්වූහ. මුදු සිතැති රජ එය පිළිගත්තේය. ඉක්බිති දේවිය ගැබ් ගත්තීය. ‘දේවිය ගැබිනියකි, පුතකු උපන්විට රජකමෙහි ඔටුනු පළඳවා රජය විචාරව, මම පැවිදි වන්නෙමි’යි රජු නැවත ඔවුන්ට කීය. ඇමතිවරු, ‘මහරජ, දේවිය පුතකු හෝ දුවක හෝ ලබාවි’ යැයි දැනගැනීමට නොහැකියි, දරුවා බිහිවනතුරු ඔබතුමා ඉවසනු මැනවැ’යි නැවතද දැන්වූහ. ඇය පුතකු වැදුවාය. එවිට රජු එපරිදිම ඇමතිවරුනට අණ කළේය. ඔවුහු ‘කුමරුගේ සුදුසු කාලය එළඹෙන තෙක් ඉවසනු මැනවැ’යි බොහෝ කරුණු කියාපෑහ. කුමාරයා රජය විචාරීමට සුදුසු වූ විට ඇමතිවරුන් රැස් කරවා, ‘දැන් මොහුට හැකියාව ඇත, කුමරු රජ බවට ඔටුනු පළඳවා ඒ අයුරින් කටයුතු කරව’යි (අණ කොට) ඇමතිවරුනට (තම අදහස කල් දැමීමට) ඉඩක් නොදී, සල්පිලෙන් සියළු පිරිකර ගෙන්වාගෙන ඇතුළු පුරයෙහිදීම පැවිදිව මහාජනක රජු මෙන් නික්මුණේය. සියළු පිරිවර ජනයා නොයෙක් ලෙසින් වැළපෙමින් රජු පසුපස ගියේය.

රාජා යාව අත‍්තනො රජ‍්ජසීමා, තාව ගන‍්ත්‍වා කත‍්තරදණ‍්ඩෙන ලෙඛං කත්‍වා “අයං ලෙඛා නාතික‍්කමිතබ‍්බා”ති ආහ. මහාජනො ලෙඛාය සීසං කත්‍වා, භූමියං නිපන‍්නො පරිදෙවමානො “තුය‍්හං දානි, තාත, රඤ‍්ඤො ආණා, කිං කරිස‍්සතී”ති කුමාරං ලෙඛං අතික‍්කමාපෙසි. කුමාරො “තාත, තාතා”ති ධාවිත්‍වා රාජානං සම‍්පාපුණි. රාජා කුමාරං දිස‍්වා “එතං මහාජනං පරිහරන‍්තො රජ‍්ජං කාරෙසිං, කිං දානි එකං දාරකං පරිහරිතුං න සක‍්ඛිස‍්ස”න‍්ති කුමාරං ගහෙත්‍වා අරඤ‍්ඤං පවිට‍්ඨො, තත්‍ථ පුබ‍්බපච‍්චෙකබුද‍්ධෙහි වසිතපණ‍්ණසාලං දිස‍්වා වාසං කප‍්පෙසි සද‍්ධිං පුත‍්තෙන. තතො කුමාරො වරසයනාදීසු කතපරිචයො තිණසන්‍ථාරකෙ වා රජ‍්ජුමඤ‍්චකෙ වා සයමානො රොදති. සීතවාතාදීහි ඵුට‍්ඨො සමානො “සීතං, තාත, උණ‍්හං, තාත, මක‍්ඛිකා, තාත, ඛාදන‍්ති, ඡාතොම‍්හි, තාත, පිපාසිතොම‍්හි, තාතා”ති වදති. රාජා තං සඤ‍්ඤාපෙන‍්තොයෙව රත‍්තිං වීතිනාමෙති. දිවාපිස‍්ස පිණ‍්ඩාය චරිත්‍වා භත‍්තං උපනාමෙති, තං හොති මිස‍්සකභත‍්තං කඞ‍්ගුවරකමුග‍්ගාදිබහුලං. කුමාරො අච‍්ඡාදෙන‍්තම‍්පි තං ජිඝච‍්ඡාවසෙන භුඤ‍්ජමානො කතිපාහෙනෙව උණ‍්හෙ ඨපිතපදුමං විය මිලායි. පච‍්චෙකබොධිසත‍්තො පන පටිසඞ‍්ඛානබලෙන නිබ‍්බිකාරොයෙව භුඤ‍්ජති.

රජු තම රජයේ පාලන සීමාව තෙක් ගොස්, සැරයටියෙන් ඉරක් ඇඳ ‘මෙම රේඛාව ඉක්මවා නොආයුතු’ යැයි කීය. මහජනයා එම රේඛාවට හිස තබා, බිම වැතිරී, වැළපෙමින් ‘දරුව, දැන් මෙය, ඔබගේම පිය රජුගේ අණයි. කුමක් කරන්නදැ’යි කුමරු ලවා රේඛාව ඉක්මවාලීය. කුමරු ද ‘පියාණනි, පියාණනි’ යැයි කියමින් දිව ගොස් රජු ළඟට පැමිණියේය. රජ කුමරු දැක, ‘මම මෙම මහජනතාව රැක ගනිමින් රජ කළෙමි. දැන් එක දරුවකු රැක ගැනීමට නොහැකි වෙම්දැ’යි (සිතා) කුමාරයාද ගෙන කැලයට පිවිසියේය. පෙර පසේ බුදුවරුන් විසූ පන්සල් දැක, පුතු සමග එහි වාසය කළේය. සුවපහසු උසස් යහන් ආදියට පුරුදුව සිටි කුමරු, තණ ඇතිරියක හෝ ලණු මැස්සක හෝ නිදමින් හඬයි. සීත සුළං හමනවිට ‘සීතලයි පියාණනි’ කියයි. (එමෙන්ම ඒ ඒ වේලාවට) ‘රස්නෙයි, පියාණනි, ‘මදුරුවන් (ඇඟ විදිති) පියාණනි, බඩගිනියි, පියාණනි, පිපාසයි පියාණනි’ යැයිද කියයි. රජු ඔහු සනසවමින්ම මුළු රැයම ගතකරයි. දිවා කාලයේ පිඬු පිණිස හැසිර ආහාර සපයා දෙයි. ඒ ආහාර තණහාල්, කඩල, මුංඇට ආදියෙන් එකට කලවම් වූ බත්ය. කුමාරයා ඊට අකමැති වුවත්, කුසගිනි නිසා අනුභව කරන්නේ, කිහිප දිනකින්ම අව්වෙහි තිබූ පියුමක් මෙන් මිලාන විය. පසේ බෝසත් නුවණින් සළකා බලමින් රසය නොවිමසා, ජීවිතය පවත්වාගෙන යෑමේ අරමුණින් වෙනසක් නොසිතා අනුභව කරයි.

තතො සො කුමාරං සඤ‍්ඤාපෙන‍්තො ආහ – “නගරස‍්මිං, තාත, පණීතාහාරො ලබ‍්භති, තත්‍ථ ගච‍්ඡාමා”ති. කුමාරො “ආම, තාතා”ති ආහ. තතො නං පුරක‍්ඛත්‍වා ආගතමග‍්ගෙනෙව නිවත‍්ති. කුමාරමාතාපි දෙවී “න දානි රාජා කුමාරං ගහෙත්‍වා අරඤ‍්ඤෙ චිරං වසිස‍්සති, කතිපාහෙනෙව නිවත‍්තිස‍්සතී”ති චින‍්තෙත්‍වා රඤ‍්ඤා කත‍්තරදණ‍්ඩෙන ලිඛිතට‍්ඨානෙයෙව වතිං කාරාපෙත්‍වා වාසං කප‍්පෙසි. තතො රාජා තස‍්සා වතියා අවිදූරෙ ඨත්‍වා “එත්‍ථ තෙ, තාත, මාතා නිසින‍්නා, ගච‍්ඡාහී”ති පෙසෙසි. යාව ච සො තං ඨානං පාපුණාති, තාව උදික‍්ඛන‍්තො අට‍්ඨාසි “මා හෙව නං කොචි විහෙඨෙය්‍යා”ති. කුමාරො මාතු සන‍්තිකං ධාවන‍්තො අගමාසි. ආරක‍්ඛකපුරිසා ච නං දිස‍්වා දෙවියා ආරොචෙසුං. දෙවී වීසතිනාටකිත්‍ථිසහස‍්සපරිවුතා ගන‍්ත්‍වා පටිග‍්ගහෙසි, රඤ‍්ඤො ච පවත‍්තිං පුච‍්ඡි. අථ “පච‍්ඡතො ආගච‍්ඡතී”ති සුත්‍වා මනුස‍්සෙ පෙසෙසි. රාජාපි තාවදෙව සකවසතිං අගමාසි. මනුස‍්සා රාජානං අදිස‍්වා නිවත‍්තිංසු. තතො දෙවී නිරාසාව හුත්‍වා, පුත‍්තං ගහෙත්‍වා, නගරං ගන‍්ත්‍වා, තං රජ‍්ජෙ අභිසිඤ‍්චි. රාජාපි අත‍්තනො වසතිං පත්‍වා, තත්‍ථ නිසින‍්නො විපස‍්සිත්‍වා, පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා, මඤ‍්ජූසකරුක‍්ඛමූලෙ පච‍්චෙකබුද‍්ධානං මජ‍්ඣෙ ඉමං උදානගාථං අභාසි –

එතුමා, දරුවා ගැන සළකමින්, ‘දරුව, නගරයෙහි රසැති ආහාර ලැබේ, එහි යමු’යි කීය. ‘එසේය පියාණනි’ කුමරු කීවේය. එහිදී කුමාරයා පෙරටු කොට (කුමරු තමා හා එක්වූ තැනට) ආ මගින්ම ගොස් නැවතුණේය. කුමරුගේ මව් දේවියද ‘රජු කුමාරයා හා වැඩි කාලයක් කැලයේ වසන්නේ නැත. කිහිප දිනකින්ම ආපසු හැරෙන්නේ යැ’යි සිතා, රජු විසින් සැරයටියෙන් ඉරක් සලකුණු කරන ලද තැනම රැකවරණ සලස්ව වාසය කළාය. රජු ඇය වසන තැනට ආසන්නයේ සිට, ‘දරුව, එන්න, ඔබේ මව සිටින තැනට යන්නැ’යි එහි යැවීය. කිසි හිරිහැරයක් නොවේවා’යි එතැනට යනතුරු බලා සිටියේය. කුමාරයා දුවමින් මව ළඟට ගියේය. රැකවල්කරුවෝද කුමරු දැක දේවියට සැළ කළහ. ඇය නළඟනන් විසිදහසක් පිරිවරා ගොස් කුමරු පිළිගත්තාය. රජු ගැනද තොරතුරු විමසුවාය. පසුපසින් පැමිණෙන්නේ යැ’යි අසා මිනිසුන් යැවුවාය. එවිට රජුද තමා වසන තැනටම ගියේය. මිනිස්සු රජ නොදැක නැවතුණහ. දේවියද ඒ ගැන ආසාවක් නැතිව, පුතු සමග නුවරට ගොස්, රජ බවට ඔටුණු පැළඳවීය. රජුද තමා වසන තැනට පැමිණ, එහි හිඳිමින් විදසුන් වඩා පසේ බුදු බව අවබෝධ කොට මඤ්ජූසක රුක්මුලදී පසේ බුදුවරුන්ට මෙම උදාන ගාථාව වදාළහ.

“එවං දුතියෙන සහ මමස‍්ස, වාචාභිලාපො අභිසජ‍්ජනා වා; එතං භයං ආයතිං පෙක‍්ඛමානො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

සා පදත්‍ථතො උත‍්තානා එව. අයං පනෙත්‍ථ අධිප‍්පායො – ය‍්වායං එතෙන දුතියෙන කුමාරෙන සීතුණ‍්හාදීනි නිවෙදෙන‍්තෙන සහවාසෙන තං සඤ‍්ඤාපෙන‍්තස‍්ස මම වාචාභිලාපො, තස‍්මිං සිනෙහවසෙන අභිසජ‍්ජනා ච ජාතා, සචෙ අහං ඉමං න පරිච‍්චජාමි, තතො ආයතිම‍්පි හෙස‍්සති යථෙව ඉදානි; එවං දුතියෙන සහ මමස‍්ස වාචාභිලාපො අභිසජ‍්ජනා වා. උභයම‍්පි චෙතං අන‍්තරායකරං විසෙසාධිගමස‍්සාති එතං භයං ආයතිං පෙක‍්ඛමානො තං ඡඩ‍්ඩෙත්‍වා යොනිසො පටිපජ‍්ජිත්‍වා පච‍්චෙකබොධිං අධිගතොම‍්හීති. සෙසං වුත‍්තනයමෙවාති.

ඊට අදාල වචනවල තේරුම් කලින් සඳහන්ව ඇත. මෙම ගාථාවෙන් අදහස් වන්නේ මෙයයි. යම් ලෙසින් දෙවැන්නකු සේ ඒ කුමාරයා සමග විසීමෙන් සීතල උණුසුම දැනෙන බව කියනවිට, ඒ ගැන හැගවීමේදී මා හා ඇතිවන කතාබහ ඔහු කෙරේ ආදරය ඇතිවී, තද ඇලීමක් ඇති කරයි. මම මොහු අත්හැර නොදමන්නෙම් නම්, නැවතද එසේම වෙයි. මෙසේ තවත් කෙනෙකු සමග කතාබහෙන් ඇල්මක් හෝ වෙයිද, එය දෙදෙනාටම සිතෙහි උසස් බවක් - අවබෝධය ලබාගැනීමට අනතුරුදායක වෙයි. ඒ බය නැවතත් ඇතිවේ යැයි බලාපොරොත්තුවෙන් එය හැරදමා නුවණ මෙහෙයා පසේ බුදුබව අවබෝධ කළෙමි. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිය.

ආයතිභයගාථාවණ‍්ණනා සමත‍්තා.

ආයතිහය ගාථා විස්තරය නිමි.

15

15

කාමා හි චිත්‍රාති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර සෙට‍්ඨිපුත‍්තො දහරොව සෙට‍්ඨිට‍්ඨානං ලභි. තස‍්ස තිණ‍්ණං උතූනං තයො පාසාදා හොන‍්ති . සො තත්‍ථ සබ‍්බසම‍්පත‍්තීහි දෙවකුමාරො විය පරිචාරෙති. සො දහරොව සමානො “පබ‍්බජිස‍්සාමී”ති මාතාපිතරො යාචි. තෙ නං වාරෙන‍්ති. සො තථෙව නිබන්‍ධති. පුනපි නං මාතාපිතරො “ත්‍වං, තාත, සුඛුමාලො, දුක‍්කරා පබ‍්බජ‍්ජා, ඛුරධාරාය උපරි චඞ‍්කමනසදිසා”ති නානප‍්පකාරෙහි වාරෙන‍්ති. සො තථෙව නිබන්‍ධති. තෙ චින‍්තෙසුං “සචායං පබ‍්බජති, අම‍්හාකං දොමනස‍්සං හොති. සචෙ නං නිවාරෙම, එතස‍්ස දොමනස‍්සං හොති. අපිච අම‍්හාකං දොමනස‍්සං හොතු, මා ච එතස‍්සා”ති අනුජානිංසු. තතො සො සබ‍්බපරිජනං පරිදෙවමානං අනාදියිත්‍වා ඉසිපතනං ගන‍්ත්‍වා පච‍්චෙකබුද‍්ධානං සන‍්තිකෙ පබ‍්බජි. තස‍්ස උළාරසෙනාසනං න පාපුණාති, මඤ‍්චකෙ තට‍්ටිකං පත්‍ථරිත්‍වා සයි. සො වරසයනෙ කතපරිචයො සබ‍්බරත‍්තිං අතිදුක‍්ඛිතො අහොසි. පභාතෙපි සරීරපරිකම‍්මං කත්‍වා, පත‍්තචීවරමාදාය පච‍්චෙකබුද‍්ධෙහි සද‍්ධිං පිණ‍්ඩාය පාවිසි. තත්‍ථ වුඩ‍්ඪා අග‍්ගාසනඤ‍්ච අග‍්ගපිණ‍්ඩඤ‍්ච ලභන‍්ති, නවකා යංකිඤ‍්චිදෙව ආසනං ලූඛභොජනඤ‍්ච. සො තෙන ලූඛභොජනෙනාපි අතිදුක‍්ඛිතො අහොසි. සො කතිපාහංයෙව කිසො දුබ‍්බණ‍්ණො හුත්‍වා නිබ‍්බිජ‍්ජි යථා තං අපරිපාකගතෙ සමණධම‍්මෙ. තතො මාතාපිතූනං දූතං පෙසෙත්‍වා උප‍්පබ‍්බජි. සො කතිපාහංයෙව බලං ගහෙත්‍වා පුනපි පබ‍්බජිතුකාමො අහොසි. තතො තෙනෙව කමෙන පබ‍්බජිත්‍වා පුනපි උප‍්පබ‍්බජිත්‍වා තතියවාරෙ පබ‍්බජිත්‍වා සම‍්මා පටිපන‍්නො පච‍්චෙකසම‍්බොධිං සච‍්ඡිකත්‍වා ඉමං උදානගාථං වත්‍වා පුන පච‍්චෙකබුද‍්ධානං මජ‍්ඣෙ ඉමමෙව බ්‍යාකරණගාථං අභාසි –

කාමා හි චිත්‍රා යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස සිටු පුතෙක් බාල කාලයෙහිම සිටු තනතුර ලැබුවේය. ඔහුට සීත, උණුසුම්, වසන්ත යන කාල තුනටම තුන් පහයක් විය. ඔහු එහි සියළු සැපතින් පිරිපුන්ව, දෙව් කුමරෙක් මෙන් සහපිරිවරින් වසයි. ඔහු බාලකල්හිම පැවිදිවන්නෙමි’යි මව්පියන් විචාළේය. ඔවුහු වළක්වයි. ඔහු පැවිදි වීමටම කැමති වෙයි. නැවතද (ඇසූ විට) මව්පියෝ, ‘දරුව, ඔබ සියුමැළිය පැවිද්ද පහසු නැත. දැලි පිහියෙන් (හිසකෙස් බූ ගෑම) පටන් සක්මන් කිරීම් ආදී කරුණු දක්වා නොයෙක් අයුරින් වළක්වති. ඔහු පැවිද්දටම කැමති වෙයි. ‘යම් ලෙසකින් මොහු පැවිදි වේද, එය අපට දොම්නසකි. එය වළක්වන්නේ නම් ඔහුට දොම්නසකි. අපට දොම්නසක් වුවත්, ඔහුට එසේ නොවේවා’යි පැවිදිවීමට කැමැත්ත දුන්හ. ඔහු සියළු පිරිවර හිතමිතුරන් වැළපෙමින් සිටියදී, එය නොසළකා ඉසිපතනයට ගොස් පසේ බුදුවරුන් ළඟ පැවිදි විය. මැනවින් සකස් කරන ලද සෙනසුනක් නොවීය. මැස්සෙහි පත්කඩක් අතුරා නිදාගත්තේය. සැපදායී, වටිනා යහනාවක් පුරුදුව සිටි බැවින් මුළු රැයම බොහෝ දුකට පත්විය. උදය කාලයේම සිරුර කිස කොට පා සිවුරු ගෙන, පසේ බුදුවරුන් සමග පිඬු පිණිස ගියේය. එහිදී වැඩිහිටි පසේ බුදුවරුනට මුල්ම ආසනද, මුලින්ම ආහාරද පිරිනමති. ළඟදී පැවිදි වූවන්ට කිසියම් අසුනක්ද, රළු ආහාරද ලැබේ. අළුත පැවිදි වූ ඒ හිමිද රළු අහරින් බලවත් දුකට පත්විය. කිහිප දිනකින්ම කෙට්ටු වී, සිරුර කළු පැහැගැන්වී මහණදම් පිරීමෙහි පළපුරුද්ද නොමැති බැවින් කලකිරුණේය. මව්පියන්ට පණිවුඩයක් යවා උපැවිදි විය. ඔහු කිහිප දිනකින් සිරුර සවිබල ලද විට පැවිදිව, යළි උපැවිදිව, තෙවන වරටද පැවිදිව මනා පිළිවෙත් සපුරා පසේ බුදුබව අවබෝධ කොට, මෙම උදාන ගාථාව කියා, නැවත පසේ බුදුවරුන් මැද මෙම විස්තර දැක්වෙන ගාථාවද කීහ.

“කාමා හි චිත්‍රා මධුරා මනොරමා, විරූපරූපෙන මථෙන‍්ති චිත‍්තං; ආදීනවං කාමගුණෙසු දිස‍්වා, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ කාමාති ද‍්වෙ කාමා වත්‍ථුකාමා ච කිලෙසකාමා ච. තත්‍ථ වත්‍ථුකාමා මනාපියරූපාදයො ධම‍්මා, කිලෙසකාමා ඡන්‍දාදයො සබ‍්බෙපි රාගප‍්පභෙදා. ඉධ පන වත්‍ථුකාමා අධිප‍්පෙතා. රූපාදිඅනෙකප‍්පකාරවසෙන චිත්‍රා. ලොකස‍්සාදවසෙන මධුරා. බාලපුථුජ‍්ජනානං මනං රමෙන‍්තීති මනොරමා. විරූපරූපෙනාති විරූපෙන රූපෙන, අනෙකවිධෙන සභාවෙනාති වුත‍්තං හොති. තෙ හි රූපාදිවසෙන චිත්‍රා, රූපාදීසුපි නීලාදිවසෙන විවිධරූපා. එවං තෙන විරූපරූපෙන තථා තථා අස‍්සාදං දස‍්සෙත්‍වා මථෙන‍්ති චිත‍්තං පබ‍්බජ‍්ජාය අභිරමිතුං න දෙන‍්තීති. සෙසමෙත්‍ථ පාකටමෙව. නිගමනම‍්පි ද‍්වීහි තීහි වා පදෙහි යොජෙත්‍වා පුරිමගාථාසු වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

කාමා යනු දෙයාකාරය. වත්‍ථුකාමා සහ කිලෙස කාමා යනුවෙනි. වත්‍ථුකාම යනු කැමැත්ත ඇති කරවන, සතුට දනවන රූප ආදියයි. කිලෙසකාම යනු ඡන්‍ද ආදී රාගයද කොටසක් වන කෙලෙස් සහගත දේය. මෙහි අදහස් කරන්නේ වත්‍ථුකාමයයි. රූප ආදී නොයෙක් ආකාර ලෙසින් චිත්‍රා වේ. ලෝකයා අතර රසවිඳිය හැකි යයි සිතන, විඳින - වින්දනය කරනු ලබන අදහසින් මධුරා වේ. නුවණ මඳ තෙලෙස් වසඟවන ජනතාවගේ සිත් ඇලෙනසුළු බැවින් මනොරමා වේ. විරූප රූපෙන විරූප වූ රූපයෙන් නොයෙක් අයුරින්, (සිතට - ඇසට දනවන රූපවල ගතියයි) ඒවා රූප විලාශයෙන් විසිතුරු වේ. රූප ආදියද නිල් ආදී පැහැයෙන් නොයෙක් ආකාරය. එසේ නොයෙක් ආකාරයෙන්, නොයෙක් හැඩතලවලින් ඒ ඒ වින්දන පෙන්වා වසඟ කරගනී. සිත පැවිද්දෙහි නතුවීමට ඉඩ නොදෙයි. ඉතිරි කරුණු පැහැදිලිය. ඒ (කරුණුවලට අදාල) නිගමනයද දෙවන-තුන්වන පදවලට ගලපා මුල් ගාථා අනුව, පෙර කියා ඇති පරිදි දතයුතුය.

කාමගාථාවණ‍්ණනා සමත‍්තා.

කාම ගාථා විස්තරය නිමි.

16

16

ඊතී චාති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර රඤ‍්ඤො ගණ‍්ඩො උදපාදි. බාළ‍්හා වෙදනා වත‍්තන‍්ති. වෙජ‍්ජා “සත්‍ථකම‍්මෙන විනා ඵාසු න හොතී”ති භණන‍්ති. රාජා තෙසං අභයං දත්‍වා සත්‍ථකම‍්මං කාරාපෙසි. තෙ ඵාලෙත්‍වා, පුබ‍්බලොහිතං නීහරිත්‍වා, නිබ‍්බෙදනං කත්‍වා, වණං පට‍්ටෙන බන්‍ධිංසු, ආහාරාචාරෙසු ච නං සම‍්මා ඔවදිංසු. රාජා ලූඛභොජනෙන කිසසරීරො අහොසි, ගණ‍්ඩො චස‍්ස මිලායි. සො ඵාසුකසඤ‍්ඤී හුත්‍වා සිනිද‍්ධාහාරං භුඤ‍්ජි. තෙන ච සඤ‍්ජාතබලො විසයෙ පටිසෙවි. තස‍්ස ගණ‍්ඩො පුන පුරිමසභාවමෙව සම‍්පාපුණි. එවං යාව තික‍්ඛත‍්තුං සත්‍ථකම‍්මං කාරාපෙත්‍වා, වෙජ‍්ජෙහි පරිවජ‍්ජිතො නිබ‍්බිජ‍්ජිත්‍වා, රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා, අරඤ‍්ඤං පවිසිත්‍වා, විපස‍්සනං ආරභිත්‍වා, සත‍්තහි වස‍්සෙහි පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා, ඉමං උදානගාථං භාසිත්‍වා නන්‍දමූලකපබ‍්භාරං අගමාසි.

ඊති ච යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස රජුගේ සිරුරේ ගෙඩියක් හටගත්තේය. දැඩි වේදනා පවතී. වෙදවරු සැත්කමකින් හැර සුව පහසුවක් නොවේ යැයි පවසති. රජ ඔවුන්ට (සුවයක් නොලදහොත් රාජ උදහසට ලක් නොකරන බවට) අභය දී සැත්කම කරවා ගත්තේය. ඔවුහු ගෙඩිය පලා ලේ සැරව ඉවත්කොට වේදනාව සමනය කොට, තුවාලය (රෙදි) පටියෙන් වෙලූහ. ගතයුතු ආහාර පිළිබඳවද මැනවින් අවවාද කළහ. රළු බොජුන් අනුභවයෙන් සිරුර සිහින් විය. ගෙඩියද මැලවී වියැකිණ. රජු සුවපත්ව, සිනිඳු, රස ආහාර අනුභව කළේය. එයින් සවිබල ලැබ තම කටයුතුවල උත්සුක විය. නැවතද ගෙඩිය පෙර පරිදි මතුවිය. මෙසේ තුන්වරක්ම සැත්කම් කරවා, වෙදුන් විසින් අත්හැර දමන ලදුව කලකිරීමට පත් රජු රජකමද ඉවත ලා පැවිදිව කැලයට ගොස් විදසුන් වඩා සත්වන වසරෙහි පසේ බුදුබව අවබෝධ කොට මෙම උදාන ගාථාව කියා නන්දමූලක හිරිගුහාවට ගියහ.

“ඊතී ච ගණ‍්ඩො ච උපද‍්දවො ච, රොගො ච සල‍්ලඤ‍්ච භයඤ‍්ච මෙතං; එතං භයං කාමගුණෙසු දිස‍්වා, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ එතීති ඊති, ආගන‍්තුකානං අකුසලභාගියානං බ්‍යසනහෙතූනං එතං අධිවචනං. තස‍්මා කාමගුණාපි එතෙ අනෙකබ්‍යසනාවහට‍්ඨෙන දළ‍්හසන‍්නිපාතට‍්ඨෙන ච ඊති. ගණ‍්ඩොපි අසුචිං පග‍්ඝරති, උද‍්ධුමාතපරිපක‍්කපරිභින‍්නො හොති. තස‍්මා එතෙ කිලෙසාසුචිපග‍්ඝරණතො උප‍්පාදජරාභඞ‍්ගෙහි උද‍්ධුමාතපරිපක‍්කපරිභින‍්නභාවතො ච ගණ‍්ඩො. උපද‍්දවතීති උපද‍්දවො; අනත්‍ථං ජනෙන‍්තො අභිභවති; අජ‍්ඣොත්‍ථරතීති අත්‍ථො, රාජදණ‍්ඩාදීනමෙතං අධිවචනං. තස‍්මා කාමගුණාපෙතෙ අවිදිතනිබ‍්බානත්‍ථාවහහෙතුතාය සබ‍්බුපද‍්දවවත්‍ථුතාය ච උපද‍්දවො. යස‍්මා පනෙතෙ කිලෙසාතුරභාවං ජනෙන‍්තා සීලසඞ‍්ඛාතමාරොග්‍යං, ලොලුප‍්පං වා උප‍්පාදෙන‍්තා පාකතිකමෙව ආරොග්‍යං විලුම‍්පන‍්ති, තස‍්මා ඉමිනා ආරොග්‍යවිලුම‍්පනට‍්ඨෙනෙව රොගො. අබ‍්භන‍්තරමනුප‍්පවිට‍්ඨට‍්ඨෙන පන අන‍්තොතුදකට‍්ඨෙන දුන‍්නිහරණීයට‍්ඨෙන ච සල‍්ලං. දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකභයාවහනතො භයං. මෙ එතන‍්ති මෙතං. සෙසමෙත්‍ථ පාකටමෙව. නිගමනං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

එම ගාථාවේ ඊති යනු විනාශයට පමුණුවන, පිටතින් (තමාට) පැමිණෙන, අයහපතට හේතුවන දේවලට සමාන වචනයකි. එහෙයින් නොයෙක් ලෙසින් කැමැත්ත ඇතිකරවන, කාමයද එසේ නොයෙක් විපත් ලඟා කරවන, දැඩි සේ එක්රැස්වන අදහසින්ද ඊති නම් වේ. සැරව ආදී අපිරිසිදු දේ ගෙඩියෙන් වැගිරෙයි. ඉදිමුණු ගතියෙන්, මේරු බවට පත්ව (සිරුරේ) බිඳී ගියා සේ වෙයි. එහෙයින් කෙලෙස් නැමති අපිරිසිදු වැගිරෙන දෙයින් හටගත් ජරා නම් වූ කැඩී බිඳී ගිය තැන්වලින් ඉදිමුණු, ඉල්පුණු ගතියෙන්ද, (අඟ පසඟ නියම ලෙසින් නොපවත්නා හෙයින්) ගණ්ඩො වෙයි. උපදවනු, හටගනු ලබන්නේ උපද්දවො අයහපත ගෙනදෙමින්, තදින් පීඩා පමුණුවමින් යන තේරුමයි. රජ අණින් (අධිකරණයෙන්) ලබන දඬුවම් ආදියට සමාන වදනකි. එහෙයින් කැමැත්ත නිසා උදාකරන ලදුව (කලින්) නොවිඳිනා ලද දරුණු විපත්වලට - සියළුම උවදුරුවලට හේතු වන අයුරින් උපද්දවො නම් වේ. එහෙයින් කෙලෙස්වලින් රෝගී බවට පත් කරමින් ‘සීල’ යැයි කියනු ලබන නිරෝගී සුවතාව උදුරා ගනී. මුළුමනින්ම කෙලෙස්වලින් රෝගී බවට පත්කරයි. එහෙයින් නිරෝගී බව පැහැරගන්නා අරුතින් රෝග නම් වේ. ඇතුලතට යාමෙන්, (සම් මස්) පසාරු කරගෙන යාමෙන්, ඇතුළතින් පැටලී, ඉවතට ඇද ගැනීමට නොහැකි අරුතින් සල්ලං නම් වේ. මෙලොව-පරලොව බිය ගෙන දෙන හෙයින් භයං වෙයි. එය මට = මෙතං, ඉතිරි කරුණු පැහැදිලිය. නිගමනයද කලින් කියා ඇති පරිදි දතයුතුය.

ඊතිගාථාවණ‍්ණනා සමත‍්තා.

ඊති ගාථා විස්තරය නිමි.

17

17

සීතඤ‍්චාති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර සීතාලුකබ්‍රහ‍්මදත‍්තො නාම රාජා අහොසි. සො පබ‍්බජිත්‍වා අරඤ‍්ඤකුටිකාය විහරති. තස‍්මිඤ‍්ච පදෙසෙ සීතෙ සීතං, උණ‍්හෙ උණ‍්හමෙව ච හොති අබ‍්භොකාසත‍්තා පදෙසස‍්ස. ගොචරගාමෙ භික‍්ඛා යාවදත්‍ථාය න ලබ‍්භති. පිවනකපානීයම‍්පි දුල‍්ලභං, වාතාතපඩංසසරීසපාපි බාධෙන‍්ති. තස‍්ස එතදහොසි – “ඉතො අඩ‍්ඪයොජනමත‍්තෙ සම‍්පන‍්නො පදෙසො, තත්‍ථ සබ‍්බෙපි එතෙ පරිස‍්සයා නත්‍ථි. යංනූනාහං තත්‍ථ ගච‍්ඡෙය්‍යං; ඵාසුකං විහරන‍්තෙන සක‍්කා විසෙසං අධිගන‍්තු”න‍්ති. තස‍්ස පුන අහොසි – “පබ‍්බජිතා නාම න පච‍්චයවසිකා හොන‍්ති, එවරූපඤ‍්ච චිත‍්තං වසෙ වත‍්තෙන‍්ති, න චිත‍්තස‍්ස වසෙ වත‍්තෙන‍්ති, නාහං ගමිස‍්සාමී”ති පච‍්චවෙක‍්ඛිත්‍වා න අගමාසි. එවං යාවතතියකං උප‍්පන‍්නචිත‍්තං පච‍්චවෙක‍්ඛිත්‍වා නිවත‍්තෙසි. තතො තත්‍ථෙව සත‍්ත වස‍්සානි වසිත්‍වා, සම‍්මා පටිපජ‍්ජමානො පච‍්චෙකසම‍්බොධිං සච‍්ඡිකත්‍වා, ඉමං උදානගාථං භාසිත්‍වා නන්‍දමූලකපබ‍්භාරං අගමාසි.

සීතඤ්ච යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස සීතාලුක බඹදත් නම් රජෙක් විය. ඔහු පැවිදිව කැලයෙහි කුටියක වසයි. ඒ පෙදෙසෙහි සීත කාලයට සීතලත්, උණුසුම් කාලයට උණුසුමත් වෙයි. එළිමහන් පෙදෙසක ගොදුරු ගමෙන් සරිලන පමණට ආහාර නොලැබෙයි. පානය සඳහා පැන් ද දුලබය. සුළඟින්, අව්වෙන්, ලේ උරා බොන මැසි මදුරුවන්ගෙන්, සපුන්ගෙන් ද හිරිහැර පැමිණේ. ‘මෙයින් අඩ යොදුනකට ඈත පෙදෙසෙහි මෙතරම් උවදුරු නැත. පහසු විහරණය එහි ඇත, දැහැන් ආදී වෙසෙස් බවක් ලබාගැනීමට ද හැකි බැවින්, එහි යන්නෙම් නම් මැනවැ’යි සිතුණේය. එමෙන්ම, ‘පැවිද්දෝ නම් සිවුපසයටම වසඟ නොවිය යුතුය. එසේ (තම) වසඟයට සිත පත්කර ගැනීම මිස, සිතට (ඕනෑ පරිදි) වසඟ විය යුතු නොවේ. මම නොයන්නෙමි’යි (සිතා) නොගියේය. මෙසේ තෙවරක්ම සිතට නැගුණු අදහස නුවණින් විමසා බලා, එහිම නැවතුනේය. එහිම සත් වසරක් වාසය කොට, මනා පිළිවෙත් පුරමින්, පසේ බුදුබව අවබෝධ කොට, මෙම උදාන ගාථාව කියා නන්දමූලක නම් ගිරිගුහාවට වැඩියහ.

“සීතඤ‍්ච උණ‍්හඤ‍්ච ඛුදං පිපාසං, වාතාතපෙ ඩංසසරීසපෙ ච; සබ‍්බානිපෙතානි අභිසම‍්භවිත්‍වා, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ සීතඤ‍්චාති සීතං නාම දුවිධං අබ‍්භන‍්තරධාතුක‍්ඛොභපච‍්චයඤ‍්ච, බාහිරධාතුක‍්ඛොභපච‍්චයඤ‍්ච; තථා උණ‍්හං. ඩංසාති පිඞ‍්ගලමක‍්ඛිකා. සරීසපාති යෙ කෙචි දීඝජාතිකා සරිත්‍වා ගච‍්ඡන‍්ති. සෙසං පාකටමෙව. නිගමනම‍්පි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

එම ගාථාවෙහි සීතං යන දෙආකාරය. (සිරුර) ඇතුලත ධාතු සමව නොපැවතීමෙන් (කිපීමෙන්) සහ බාහිර (සොබාදහම හා බැඳුණු) ධාතු කොටස්වල සමතාව බිඳීමෙන්, උණුසුම හේතුකොටගෙනද ආකාරම වෙයි. ඩංසා පිඟුවන් පැහැති මැස්සන් කොටසකි. සිරිංසපා දික්වූ, බඩගා යන ඇතැම් සතුන්, ඉතිරි කරුණු පැහැදිලිය. නිගමනයද මුලින් කී අයුරින් දතයුතුය.

සීතාලුකගාථාවණ‍්ණනා සමත‍්තා.

සීතාලුක ගාථා විස්තරය නිමි.

18

18

නාගොවාති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර අඤ‍්ඤතරො රාජා වීසති වස‍්සානි රජ‍්ජං කාරෙත්‍වා කාලකතො නිරයෙ වීසති එව වස‍්සානි පච‍්චිත්‍වා හිමවන‍්තප‍්පදෙසෙ හත්‍ථියොනියං උප‍්පජ‍්ජිත්‍වා සඤ‍්ජාතක‍්ඛන්‍ධො පදුමවණ‍්ණසකලසරීරො උළාරො යූථපති මහානාගො අහොසි. තස‍්ස ඔභග‍්ගොභග‍්ගං සාඛාභඞ‍්ගං හත්‍ථිඡාපාව ඛාදන‍්ති. ඔගාහෙපි නං හත්‍ථිනියො කද‍්දමෙන ලිම‍්පන‍්ති , සබ‍්බං පාලිලෙය්‍යකනාගස‍්සෙව අහොසි. සො යූථා නිබ‍්බිජ‍්ජිත්‍වා පක‍්කමි. තතො නං පදානුසාරෙන යූථං අනුබන්‍ධි. එවං යාවතතියං පක‍්කන‍්තො අනුබද‍්ධොව. තතො චින‍්තෙසි – “ඉදානි මය‍්හං නත‍්තකො බාරාණසියං රජ‍්ජං කාරෙති, යංනූනාහං අත‍්තනො පුරිමජාතියා උය්‍යානං ගච‍්ඡෙය්‍යං, තත්‍ර මං සො රක‍්ඛිස‍්සතී”ති. තතො රත‍්තිං නිද‍්දාවසං ගතෙ යූථෙ යූථං පහාය තමෙව උය්‍යානං පාවිසි. උය්‍යානපාලො දිස‍්වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා “හත්‍ථිං ගහෙස‍්සාමී”ති සෙනාය පරිවාරෙසි. හත්‍ථී රාජානං එව අභිමුඛො ගච‍්ඡති. රාජා “මං අභිමුඛො එතී”ති ඛුරප‍්පං සන‍්නය‍්හිත්‍වා අට‍්ඨාසි. තතො හත්‍ථී “විජ‍්ඣෙය්‍යාපි මං එසො”ති මානුසිකාය වාචාය “බ්‍රහ‍්මදත‍්ත, මා මං විජ‍්ඣ, අහං තෙ අය්‍යකො”ති ආහ. රාජා “කිං භණසී”ති සබ‍්බං පුච‍්ඡි. හත්‍ථීපි රජ‍්ජෙ ච නරකෙ ච හත්‍ථියොනියඤ‍්ච පවත‍්තිං සබ‍්බං ආරොචෙසි. රාජා “සුන්‍දරං, මා භායි, මා ච කඤ‍්චි භිංසාපෙහී”ති හත්‍ථිනො වට‍්ටඤ‍්ච ආරක‍්ඛකෙ ච හත්‍ථිභණ‍්ඩෙ ච උපට‍්ඨාපෙසි.

නාගොවා යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස එක්තරා රජෙක් විසි වසරක් රජකම් කොට, මරණින් පසු නිරයෙහි ඉපිද, විසිවසරක් දුක් විඳ, පසුව හිමවත් පෙදෙසෙහි, ඇතකුව ඉපදී මනාව වැඩුණු, පියුම් පැහැ යුතු සිරුරින් යුතුව, බොහෝ අලි ඇතුන් රැළකට නායක විය. ඇත් රජු විසින් පහතට නවන ලද අතු ඉති පැටවු කති. දියට බැස්ස විට ඇතින්නියෝ ඇතුගේ සිරුරෙහි මඩ තවරති. සියළුම දේ සිදුවූයේ පාරිලෙය්‍යක ඇතුට මෙනි. නායක ඇතා කලකිරී ඉවත්ව ගියේය. උගේ පා සටහන් අනුව රංචුවම ඌ ලුහුබැඳ ගියහ. මෙසේ තෙවරක්ම කලකිරි ඉවත්ව ගියද, ලුහුබැඳ ඒම නිසා (ඇතාගේ අරමුණ ඉටු නොවීය.) ‘දැන් මගේ මුණුබුරෙක් බරණැස රජකම් කරයි. (පෙර උපතකදී රජව සිටි මට හිමි වූ) උයනට යන්නෙම් නම්, ඔහු මා රැක ගන්නේ යැ’යි සිතා, තම රැළෙහි අලි ඇතුන් නිදාගත් වේලෙහි ඒ උයනටම ඇතා ආවේය. උයන්පල්ලා ඒ දැක රජුට සැළකළේය. රජුද ‘ඇතු අල්ලා ගන්නෙමි’යි සේනාව හැසිරවීය. ඇතා ද රජුගේ ඉදිරියටම යයි. රජ ද ඇතා ‘මා ඉදිරියට එති’යි දුනු හී සකසාගෙන සිටියේය. එවිට ඇතු, ‘මොහු මට හීයක් විද්දොත්’ යැයි සිතා මිනිස් බසින් ‘බඹදත් මට නොවිඳුව, මම ඔබේ වැඩිමහල් නෑයෙක්මි’ (සීයා වෙමි) කීවේය. ‘කුමක් කියහිදැ’යි රජු විමසූ විට ඇතාද රජකමෙහි නිරයෙහි ද තිරිසන් ජාතියෙහි ද තම සියළු පුවත් සැළ කළේය. ‘හොඳයි, භය නොවන්න. කිසිවකු හිංසා නොකරවයි’ ඇතුට රැකවරණයද, උවමනා දේවල්ද ලබාදීමට සැලැස්වීය.

අථෙකදිවසං රාජා හත්‍ථික‍්ඛන්‍ධගතො “අයං වීසති වස‍්සානි රජ‍්ජං කත්‍වා නිරයෙ පක‍්කො, විපාකාවසෙසෙන ච තිරච‍්ඡානයොනියං උප‍්පන‍්නො, තත්‍ථපි ගණවාසසඞ‍්ඝට‍්ටනං අසහන‍්තො ඉධාගතො. අහො දුක‍්ඛො ගණවාසො, එකීභාවො එව ච පන සුඛො”ති චින‍්තෙත්‍වා තත්‍ථෙව විපස‍්සනං ආරභිත්‍වා පච‍්චෙකබොධිං සච‍්ඡාකාසි. තං ලොකුත‍්තරසුඛෙන සුඛිතං අමච‍්චා උපසඞ‍්කමිත්‍වා, පණිපාතං කත්‍වා “යානකාලො මහාරාජා”ති ආහංසු. තතො “නාහං රාජා”ති වත්‍වා පුරිමනයෙනෙව ඉමං ගාථං අභාසි –

එක් දවසක් රජ ඇතුපිට යද්දී ‘මේ ඇතු විසිවසක් රජකම් කොට, නිරයෙහි ද දුක් විඳ, ඉතිරි විපාක අනුව තිරිසන් යෝනියෙහි ඉපදුණේය. එහිදී සමූහයක් සමග ජීවත්වීමේදී වන ගැටුම් නොඉවසමින් මෙහි ආවේය. සමූහ වාසය බොහෝ දුකකි. තනිව සිටීම සැපයෙකැ’යි සිතා එහිම විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කළේය. මෙසේ ලොවුතුරු සුවයෙන් සිටින රජු වෙත ඇමතිවරු පැමිණ ‘මහරජ, යාමට කාලය පැමිණ ඇතැ’යි කීහ. එවිට ‘මම රජ නොවෙමි’ කියා පෙර කතාවලදී දැක්වූ අයුරින්ම මෙහිද නාගොවා...... ගාථාව පවසන ලදී.

“නාගොව යූථානි විවජ‍්ජයිත්‍වා, සඤ‍්ජාතඛන්‍ධො පදුමී උළාරො; යථාභිරන‍්තං විහරං අරඤ‍්ඤෙ, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

සා පදත්‍ථතො පාකටා එව. අයං පනෙත්‍ථ අධිප‍්පායයොජනා. සා ච ඛො යුත‍්තිවසෙනෙව, න අනුස‍්සවවසෙන. යථා අයං හත්‍ථී මනුස‍්සකන‍්තෙසු සීලෙසු දන‍්තත‍්තා අදන‍්තභූමිං නාගච‍්ඡතීති වා, සරීරමහන‍්තතාය වා නාගො, එවං කුදාස‍්සු නාමාහම‍්පි අරියකන‍්තෙසු සීලෙසු දන‍්තත‍්තා අදන‍්තභූමිං නාගමනෙන ආගුං අකරණෙන පුන ඉත්‍ථත‍්තං අනාගමනෙන ච ගුණසරීරමහන‍්තතාය වා නාගො භවෙය්‍යං. යථා චෙස යූථානි විවජ‍්ජෙත්‍වා එකචරියසුඛෙන යථාභිරන‍්තං විහරං අරඤ‍්ඤෙ එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො, කුදාස‍්සු නාමාහම‍්පි එවං ගණං විවජ‍්ජෙත්‍වා එකවිහාරසුඛෙන ඣානසුඛෙන යථාභිරන‍්තං විහරං අරඤ‍්ඤෙ අත‍්තනො යථා යථා සුඛං, තථා තථා යත‍්තකං වා ඉච‍්ඡාමි, තත‍්තකං අරඤ‍්ඤෙ නිවාසං එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො චරෙය්‍යන‍්ති අත්‍ථො. යථා චෙස සුසණ‍්ඨිතක‍්ඛන්‍ධතාය සඤ‍්ජාතක‍්ඛන්‍ධො, කුදාස‍්සු නාමාහම‍්පි එවං අසෙඛසීලක‍්ඛන්‍ධමහන‍්තතාය සඤ‍්ජාතක‍්ඛන්‍ධො භවෙය්‍යං. යථා චෙස පදුමසදිසගත‍්තතාය වා පදුමකුලෙ උප‍්පන‍්නතාය වා පදුමී, කුදාස‍්සු නාමාහම‍්පි එවං පදුමසදිසඋජුගත‍්තතාය වා අරියජාතිපදුමෙ උප‍්පන‍්නතාය වා පදුමී භවෙය්‍යං. යථා චෙස ථාමබලජවාදීහි උළාරො, කුදාස‍්සු නාමාහම‍්පි එවං පරිසුද‍්ධකායසමාචාරතාදීහි සීලසමාධිනිබ‍්බෙධිකපඤ‍්ඤාදීහි වා උළාරො භවෙය්‍යන‍්ති එවං චින‍්තෙන‍්තො විපස‍්සනං ආරභිත්‍වා පච‍්චෙකබොධිං අධිගතොම‍්හීති.

ඒ ගාථාවෙහි වචන අරුත් පැහැදිලිය. මේ එහි අදහස විස්තර කිරීමයි. එය යෙදෙන ආකාරයෙන් මිස, අසා ඇති අයුරින් නොවේ. මේ ඇතා මිනිසුන් කැමති වන හික්මීමෙන්, දැමුණු බවින්, නැවත නොදැමුණු බවට පත් නොවී, එසේ නොවන අරුතින්ද, මහත් සිරුරක් ඇති බැවින්ද නාගො වෙයි. එසේම කවදා මමත්, බුද්ධාදී උතුමන් කැමතිවන සීලයෙහි මැනවින් හික්මී, (සිත) දමනය කොට, නැවත නොදැමුණු කෙනෙක් නොවී, අයහපත්-වැරදි-අපරාධ නොකොට, නැවත ගැහැණියකව නොඉපදීමෙන්ද, ගුණයෙන් මහත් වූ සිරුරකින් යුතු නාගො නමින් හඳුන්වන්නෙක් වන්නෙම්ද? සමූහයෙන් වෙන්ව, තනිව හැසිරීම අගය කොට, කැමති පරිදි කැලයෙහි වෙසෙන කඟවේණකු මෙන්, මම ද මේ පිරිවර හැරදමා ඇළුම් කරන එකම සුවය වූ දැහැන් සුවයෙන් කවදා කැලයෙහි වෙසෙම්ද? යම් තරමකින් කැලයෙහි විසීම සුවදායී නම්, ඒ තරමටම දැහැන්සුවය (අගය කරමි) එසේ කැමතිතාක් කල් තනිව හැසිරෙන කඟවේණකු මෙන් කැලයෙහි වෙසෙමි යන අදහසයි. මනාව පිහිටි කඳක් ඇති බැවින්, සඤ්ජාතක්‍ඛන්‍ධො කවදා මමත් මෙසේ මැනවින් හික්මුණු සිල් සමූහයෙන් වඩනා ලද කඳකින් (සිරුරකින්) යුතු වෙම්ද? යම් ආකාරයෙන් පියුමක් හා සමාන (පැහැ) සිරුරක් ඇති හෝ පියුම් කුලයෙහි උපන් බැවින් හෝ පදුමී වේ. කවදා මම ද පියුමක් බඳු අවබෝධය ලබා ගැනීමෙන් හෝ, උතුම් පියුම් කුල උපන් බැවින් හෝ පදුමී නම් වන්නෙම්ද? එබඳුම මහත් සවි බලයෙන් යුතුවීම උළාරො නම් වෙයි. කවදා නම් මමත්, මෙසේ පිරිසිදු, නිවැරදි කය හැසිරවීම් ආදියෙන් යුතු සීල, සමාධි හා තියුණු නුවණින් යුතුව උළාරො නම් වන්නෙම්දැ’යි සිතමින්ම විදසුන් වඩා පසේ බුදුබව ලැබුවෙමි යනුයි.

නාගගාථාවණ‍්ණනා සමත‍්තා.

නාග ගාථා විස්තරය නිමි.

19

19

අට‍්ඨාන තන‍්ති කා උප‍්පත‍්ති? බාරාණසිරඤ‍්ඤො කිර පුත‍්තො දහරො එව සමානො පබ‍්බජිතුකාමො මාතාපිතරො යාචි. මාතාපිතරො නං වාරෙන‍්ති. සො වාරියමානොපි නිබන්‍ධතියෙව “පබ‍්බජිස‍්සාමී”ති. තතො නං පුබ‍්බෙ වුත‍්තසෙට‍්ඨිපුත‍්තං විය සබ‍්බං වත්‍වා අනුජානිංසු. පබ‍්බජිත්‍වා ච උය්‍යානෙයෙව වසිතබ‍්බන‍්ති පටිජානාපෙසුං, සො තථා අකාසි. තස‍්ස මාතා පාතොව වීසතිසහස‍්සනාටකිත්‍ථිපරිවුතා උය්‍යානං ගන‍්ත්‍වා, පුත‍්තං යාගුං පායෙත්‍වා, අන‍්තරා ඛජ‍්ජකාදීනි ච ඛාදාපෙත්‍වා, යාව මජ‍්ඣන‍්හිකසමයං තෙන සද‍්ධිං සමුල‍්ලපිත්‍වා, නගරං පවිසති. පිතා ච මජ‍්ඣන‍්හිකෙ ආගන‍්ත්‍වා, තං භොජෙත්‍වා අත‍්තනාපි භුඤ‍්ජිත්‍වා, දිවසං තෙන සද‍්ධිං සමුල‍්ලපිත්‍වා, සායන‍්හසමයෙ ජග‍්ගනපුරිසෙ ඨපෙත්‍වා නගරං පවිසති. සො එවං රත‍්තින්‍දිවං අවිවිත‍්තො විහරති. තෙන ඛො පන සමයෙන ආදිච‍්චබන්‍ධු නාම පච‍්චෙකබුද‍්ධො නන්‍දමූලකපබ‍්භාරෙ විහරති. සො ආවජ‍්ජෙන‍්තො තං අද‍්දස – “අයං කුමාරො පබ‍්බජිතුං අසක‍්ඛි, ජටං ඡින්‍දිතුං න සක‍්කොතී”ති. තතො පරං ආවජ‍්ජි “අත‍්තනො ධම‍්මතාය නිබ‍්බිජ‍්ජිස‍්සති, නො”ති. අථ “ධම‍්මතාය නිබ‍්බින්‍දන‍්තො අතිචිරං භවිස‍්සතී”ති ඤත්‍වා “තස‍්ස ආරම‍්මණං දස‍්සෙස‍්සාමී”ති පුබ‍්බෙ වුත‍්තනයෙනෙව මනොසිලාතලතො ආගන‍්ත්‍වා උය්‍යානෙ අට‍්ඨාසි. රාජපුරිසො දිස‍්වා “පච‍්චෙකබුද‍්ධො ආගතො, මහාරාජා”ති රඤ‍්ඤො ආරොචෙසි. රාජා “ඉදානි මෙ පුත‍්තො පච‍්චෙකබුද‍්ධෙන සද‍්ධිං අනුක‍්කණ‍්ඨිතො වසිස‍්සතී”ති පමුදිතමනො හුත්‍වා පච‍්චෙකබුද‍්ධං සක‍්කච‍්චං උපට‍්ඨහිත්‍වා තත්‍ථෙව වාසං යාචිත්‍වා පණ‍්ණසාලාදිවාවිහාරට‍්ඨානචඞ‍්කමාදිසබ‍්බං කාරෙත්‍වා වාසෙසි.

අට්ඨානතං යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස් රජුගේ පුතා ළමා කල්හිම පැවිදිවනු කැමතිව, මව්පියන්ට එය දැන්වීය. මව්පියෝ ඔහු වළකති. එසේ වළකනු ලබද්දීත්, ඔහු පැවිදි වීමටම සිතයි. එවිට ඔහු කලින් කතාවක සඳහන් වූ සිටු පුතු මෙන්, සියලු දෙයම කියා අවසර ලබා ගත්තේය. පැවිදි වූ පසු උයනෙහිම විසිය යුතු බවට එකඟ කරවා ගත්හ. ඔහු එසේ කළේය. ඔහුගේ මව විසිදහසක් නළඟනන් පිරිවරා උයනට ගොස් (පැවිදි) පුතුට කැඳ පොවා අතරතුර කැවිලි ආදිය කවා දහවල වනතුරු සතුටු සාමීචි කතාබහ කොට, නගරයට පිවිසෙන්නීය. පියා ද දහවල අවුත් පුතුට කවා තමාද අනුභවකොට (ඉතිරි) දවස ඔහු හා සතුටු සාමීචි කතාබහ කොට සවස් කාලයෙහි (රැයෙහිද) නොනිදන මිනිසකු නවතා නගරයට යයි. කුමරු මෙසේ දිවා රෑ හුදකලා නොවී වසයි. එකල්හි ආදිච්චබන්‍ධු නම් පසේ බුදුන් වහන්සේ නන්‍දමූලක ගිරි ගුහාවෙහි වසති. ‘මේ කුමරුවාට පැවිදිවීමට නොහැකිය. අවුල විසඳා ගැනීමට ද නොහැකි’ යැයි දිවැසින් දුටහ. කුමරු තම අදහසට අනුකූලව කලකිරෙන්නේද, නැද්දැ’යි තවදුරටත් විමසා බලනවිට, ඔහුට කලකිරිම පිණිස බොහෝ කාලයක් ගතවන්නේ යැයි දැන, ‘අරමුණක් පෙන්වන්නෙමි’යි, කලින් කියන ලද ආකාරයට හිරියල් ගල් තලයෙන් පැමිණ උයනෙහි වැඩ සිටියහ. රාජ සේවකයෙක් ඒ දැක ‘මහරජ, පසේ බුදුවරයකු’ යැයි සැළ කළේය. ‘මගේ පුතා දැන් පසේ බුදුන් සමග කලකිරුණු බවක් නොමැතිව, වසන්නේ යැයි සතුටු වූ රජු පසේ බුදුහිමිට මැනවින් උවටැන් කොට එහිම වැඩසිටින ලෙස ඉල්ලා, පන්සල්, දිවාකාලය ගතකිරිමට සුදුසු තැන්, සක්මන් මළු ආදිය කරවා, වාසය කිරිමට සුදුසු පරිදි සැලැස්වීය.

සො තත්‍ථ වසන‍්තො එකදිවසං ඔකාසං ලභිත්‍වා කුමාරං පුච‍්ඡි “කොසි ත්‍ව”න‍්ති? සො ආහ “අහං පබ‍්බජිතො”ති. “පබ‍්බජිතා නාම න එදිසා හොන‍්තී”ති. “අථ භන‍්තෙ, කීදිසා හොන‍්ති, කිං මය‍්හං අනනුච‍්ඡවික”න‍්ති වුත‍්තෙ “ත්‍වං අත‍්තනො අනනුච‍්ඡවිකං න පෙක‍්ඛසි , නනු තෙ මාතා වීසතිසහස‍්සඉත්‍ථීහි සද‍්ධිං පුබ‍්බණ‍්හසමයෙ ආගච‍්ඡන‍්තී උය්‍යානං අවිවිත‍්තං කරොති, පිතා මහතා බලකායෙන සායන‍්හසමයෙ, ජග‍්ගනපුරිසා සකලරත‍්තිං; පබ‍්බජිතා නාම තව සදිසා න හොන‍්ති, ‘එදිසා පන හොන‍්තී’”ති තත්‍ර ඨිතස‍්සෙව ඉද‍්ධියා හිමවන‍්තෙ අඤ‍්ඤතරං විහාරං දස‍්සෙසි. සො තත්‍ථ පච‍්චෙකබුද‍්ධෙ ආලම‍්බනබාහං නිස‍්සාය ඨිතෙ ච චඞ‍්කමන‍්තෙ ච රජනකම‍්මසූචිකම‍්මාදීනි කරොන‍්තෙ ච දිස‍්වා ආහ – “තුම‍්හෙ ඉධ, නාගච‍්ඡථ, පබ‍්බජ‍්ජා නාම තුම‍්හෙහි අනුඤ‍්ඤාතා”ති. “ආම, පබ‍්බජ‍්ජා අනුඤ‍්ඤාතා, පබ‍්බජිතකාලතො පට‍්ඨාය සමණා නාම අත‍්තනො නිස‍්සරණං කාතුං ඉච‍්ඡිතපත්‍ථිතඤ‍්ච පදෙසං ගන‍්තුං ලභන‍්ති, එත‍්තකංව වට‍්ටතී”ති වත්‍වා ආකාසෙ ඨත්‍වා –

එහි වැඩවසන පසේ බුදුහිමි, පහසු විවේක වේලාවක ‘ඔබ කවුදැ’යි කුමරුගෙන් ඇසූහ. ‘මම පැවිද්දෙක්මි’යි කුමරු කීය. ‘පැවිද්දෝ නම් ඔය ආකාර නොවෙති.’ ‘එසේනම් හිමියනි, කෙබඳු වෙත්ද? මට සුදුසු නොවන්නේදැ’යි කී විට, ඔබ (ඊට) සුදුසු නොවන බව නොසැලකුවෙහිද?’ ඔබේ මව විසිදහසක් නළඟනන් සමග උදෑසන පැමිණෙන අතර, පියා මහත් බලසෙන් පිරිවරා සවසට පැමිණ හුදකලා බව නැති කරයි. රෑ කාලයෙහි මිනිසකු නොනිදා රඳවා තබා හුදකලා බව නැති කරයි. පැවිද්දෝ නම් ඔබ මෙන් නොවෙති. මේ ආකාර වෙති’යි එහි වැඩසිටින අතරම, ඉඳු බලයෙන් හිමාලයෙහි එක්තරා විහාරයක් (වැඩසිටින තැනක්) පෙන්වූහ. එහි පසේ බුදුවරු අත්වාරු රැගෙන සිටගෙනද සක්මන් කරමින්ද සිවුරු (පඬු) පෙවීම්, සිවුරු මැසීම ආදී කටයුතු කරනු දැක, ‘ඔබ (වහන්සේ) මෙහි නො පැමිණියෙහු (නම්) පැවිද්ද ඒ අනුව ඔබලා අනුදන්නා ලද්දෙහුදැ’යි ඇසීය. ‘එසේය, පැවිද්ද අනුදන්නා ලදී. පැවිදි වූ කල පටන්, මහණහු නම්, තමා (සසරින්) නිදහස් වනු පිණිස කැමති වූත්, බලාපොරොත්තු වූත් පෙදෙසකට යති. දැන් මේ කරුණු සෑහේ’ යැයි අහසෙහි සිට -

“අට‍්ඨාන තං සඞ‍්ගණිකාරතස‍්ස, යං ඵස‍්සයෙ සාමයිකං විමුත‍්ති”න‍්ති. –

‘අට්ඨානතං සංගණිකාරතස්ස - යං ඵස්සයෙ සාමයිකං විමුත්තං’ යන

ඉමං උපඩ‍්ඪගාථං වත්‍වා, දිස‍්සමානෙනෙව කායෙන නන්‍දමූලකපබ‍්භාරං අගමාසි. එවං ගතෙ පච‍්චෙකබුද‍්ධෙ සො අත‍්තනො පණ‍්ණසාලං පවිසිත්‍වා නිපජ‍්ජි. ආරක‍්ඛකපුරිසොපි “සයිතො කුමාරො, ඉදානි කුහිං ගමිස‍්සතී”ති පමත‍්තො නිද‍්දං ඔක‍්කමි. සො තස‍්ස පමත‍්තභාවං ඤත්‍වා පත‍්තචීවරං ගහෙත්‍වා අරඤ‍්ඤං පාවිසි. තත්‍ර ච විවිත‍්තො විපස‍්සනං ආරභිත්‍වා, පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා, පච‍්චෙකබුද‍්ධට‍්ඨානං ගතො. තත්‍ර ච “කථමධිගත”න‍්ති පුච‍්ඡිතො ආදිච‍්චබන්‍ධුනා වුත‍්තං උපඩ‍්ඪගාථං පරිපුණ‍්ණං කත්‍වා අභාසි.

මෙම ගාථාවෙන් අඩක් කියා කුමරු බලා සිටියදීම නන්‍දමූලක ගිරිගුහාවට වැඩි සේක. පසේබුදුන් වහන්සේ නික්ම ගියකල්හි, කුමරු තම කුටියට පිවිස වැතිර ගත්තේය. රැකවල්කරුද කුමරු දැන් කොහි යන්නේදැ’යි නොසළකා නිදන්ට වන්නේය. කුමරු ඔහුගේ නොසැළකිලිමත් බව සළකා, පාසිවුරු ගෙන කැලයට පිවිසියේය. එහි හුදකලාව විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කළහ. එහිදී ‘අවබෝධ කළේ කෙසේදැ’යි විචාළ විටදී ආදිච්චබන්‍ධු පසේ බුදුන් වහන්සේ විසින් දෙසන ලද ගාථාවෙහි ඉතිරි කොටස සපුරා කීය.

තස‍්සත්‍ථො – අට‍්ඨාන තන‍්ති. අට‍්ඨානං තං, අකාරණං තන‍්ති වුත‍්තං හොති, අනුනාසිකලොපො කතො “අරියසච‍්චාන දස‍්සන”න‍්තිආදීසු (ඛු· පා· 5.11; සු· නි· 270) විය. සඞ‍්ගණිකාරතස‍්සාති ගණාභිරතස‍්ස. යන‍්ති කරණවචනමෙතං “යං හිරීයති හිරීයිතබ‍්බෙනා”තිආදීසු (ධ· ස· 30) විය. ඵස‍්සයෙති අධිගච‍්ඡෙ. සාමයිකං විමුත‍්තින‍්ති ලොකියසමාපත‍්තිං. සා හි අප‍්පිතප‍්පිතසමයෙ එව පච‍්චනීකෙහි විමුච‍්චනතො “සාමයිකා විමුත‍්තී”ති වුච‍්චති. තං සාමයිකං විමුත‍්තිං. අට‍්ඨානං තං, න තං කාරණං විජ‍්ජති සඞ‍්ගණිකාරතස‍්ස, යෙන කාරණෙන ඵස‍්සයෙති එතං ආදිච‍්චබන්‍ධුස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස වචො නිසම‍්ම සඞ‍්ගණිකාරතිං පහාය යොනිසො පටිපජ‍්ජන‍්තො අධිගතොම‍්හීති ආහ. සෙසං වුත‍්තනයමෙවාති.

එහි අරුත නම්, අට්ඨානකං අදාල කරුණක් නොමැතිව සිදු නොවේය, යනුයි. අරියසච්චාන දස්සන - අරියසච්චානං දස්සනං යන වචනය මෙන් අනුනාසිකය (අට්ඨානං තං) ලොප් කරන ලදී. සංගණිකාරතස්ස සමූහව සිටීමෙහි ඇලුණු, යං (පැහැදිලි කරන දෙයට) අදාලව යම් අරුතින්, යං හිරියති - හිරියිතබ්බෙන - යම් දෙයකින් ලැජ්ජා වේද, ලජ්ජා විය යුතුය වැනි තැන්වල සඳහන් ලෙසිනි. ඵස්සයෙ යනු අවබෝධ කළෙමි. සාමයිකං විමුත්ති මේ ලෝකයට අයත් සමාපත්තිය එය (තමා) වෙතට ළඟාකර ගැනීමේදී මෙන්ම, වෙනස් අයුරින් නිදහස් වීමක් යැයි කියනු ලැබේද, එවැනි දෙයක් ඇති නොවන්නේය. ‘සමූහයා කෙරෙහි ඇලීම නිසා එය නො ලද හැකිය යන ආදිච්චබන්‍ධු පසේ බුදුන් වහන්සේගේ වචනය අසා සමූහය කෙරෙහි ඇලීම් නැතිව නුවණින් පිළිපදිමින් අවබෝධය ලැබුවෙමි’යි කීය. ඉතිරි කරුණු කලින් සඳහන්කොට ඇති පරිදිය.

අට‍්ඨානගාථාවණ‍්ණනා සමත‍්තා.

අට්ඨානගාථා විස්තරය නිමි.

දුතියො වග‍්ගො නිට‍්ඨිතො.

දෙවන වග අවසානය

20

20

දිට‍්ඨීවිසූකානීති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර අඤ‍්ඤතරො රාජා රහොගතො චින‍්තෙසි – “යථා සීතාදීනං පටිඝාතකානි උණ‍්හාදීනි අත්‍ථි, අත්‍ථි නු ඛො එවං වට‍්ටපටිඝාතකං විනට‍්ටං, නො”ති. සො අමච‍්චෙ පුච‍්ඡි – “විවට‍්ටං ජානාථා”ති? තෙ “ජානාම, මහාරාජා”ති ආහංසු. රාජා – “කිං ත”න‍්ති? තතො “අන‍්තවා ලොකො”තිආදිනා නයෙන සස‍්සතුච‍්ඡෙදං කථෙසුං. අථ රාජා “ඉමෙ න ජානන‍්ති, සබ‍්බෙපිමෙ දිට‍්ඨිගතිකා”ති සයමෙව තෙසං විලොමතඤ‍්ච අයුත‍්තතඤ‍්ච දිස‍්වා “වට‍්ටපටිඝාතකං විවට‍්ටං අත්‍ථි, තං ගවෙසිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡාකාසි. ඉමඤ‍්ච උදානගාථං අභාසි පච‍්චෙකබුද‍්ධමජ‍්ඣෙ බ්‍යාකරණගාථඤ‍්ච –

දිට්ඨි විසූකානි යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස එක්තරා රජෙක්, විවේකීව, තනිව සිටින විට, ‘සීතල වැළැක්වීමට යම්සේ උණුසුම ඇත, එසේ සසර ගමන නැවතීමටත්, ඊට වෙනස් දෙයක් තිබේදැ’යි සිතුවේය. ඔහු, සසරට වෙනස්ව යන දෙයක්, (සසර ගමන නවතන මගක්) ගැන ඇමතිවරුන් විචාළේය. ‘දනිමු, මහරජ’ යැයි ඔවුහු කීහ. ‘ඒ කුමක්දැ’යි රජු ඇසූවිට ‘ලෝකය කෙළවරක් ඇත’ ආදී ලෙසින්, හිස් අදහස් පැවසූහ. ඉක්බිති රජු ‘මොවුන් නොදනිති. සියල්ලන්ම නොයෙක් වැරදි දැකීම්වලට හසුව සිටිති’යි තමාම ඔවුන්ගේ අදහස්වල වෙනස සහ නොගැලපෙන බව දැන ‘සසර ගමන වළකන මගක් ඇත. එය සෙවිය යුතු’යැයි සිතා, රජකම හැර පැවිදිව, විදසුන් වඩමින් පසේ බුදුබව අවබෝධ කළේය. පසේ බුදුවරුන් හමුවෙහි පහත විස්තර ඇතුලත් වන ගාථාවද කීහ.

“දිට‍්ඨීවිසූකානි උපාතිවත‍්තො, පත‍්තො නියාමං පටිලද‍්ධමග‍්ගො; උප‍්පන‍්නඤාණොම‍්හි අනඤ‍්ඤනෙය්‍යො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තස‍්සත්‍ථො – දිට‍්ඨීවිසූකානීති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතානි. තානි හි මග‍්ගසම‍්මාදිට‍්ඨියා විසූකට‍්ඨෙන විජ‍්ඣනට‍්ඨෙන විලොමට‍්ඨෙන ච විසූකානි. එවං දිට‍්ඨියා විසූකානි, දිට‍්ඨි එව වා විසූකානි දිට‍්ඨිවිසූකානි. උපාතිවත‍්තොති දස‍්සනමග‍්ගෙන අතික‍්කන‍්තො. පත‍්තො නියාමන‍්ති අවිනිපාතධම‍්මතාය සම‍්බොධිපරායණතාය ච නියතභාවං අධිගතො, සම‍්මත‍්තනියාමසඞ‍්ඛාතං වා පඨමමග‍්ගන‍්ති. එත‍්තාවතා පඨමමග‍්ගකිච‍්චනිප‍්ඵත‍්ති ච තස‍්ස පටිලාභො ච වුත‍්තො. ඉදානි පටිලද‍්ධමග‍්ගොති ඉමිනා සෙසමග‍්ගපටිලාභං දස‍්සෙති. උප‍්පන‍්නඤාණොම‍්හීති උප‍්පන‍්නපච‍්චෙකබොධිඤාණො අම‍්හි. එතෙන ඵලං දස‍්සෙති. අනඤ‍්ඤනෙය්‍යොති අඤ‍්ඤෙහි “ඉදං සච‍්චං, ඉදං සච‍්ච”න‍්ති න නෙතබ‍්බො. එතෙන සයම‍්භුතං දීපෙති, පත‍්තෙ වා පච‍්චෙකබොධිඤාණෙ අනෙය්‍යතාය අභාවා සයංවසිතං. සමථවිපස‍්සනාය වා දිට‍්ඨිවිසූකානි උපාතිවත‍්තො, ආදිමග‍්ගෙන පත‍්තො නියාමං, සෙසෙහි පටිලද‍්ධමග‍්ගො, ඵලඤාණෙන උප‍්පන‍්නඤාණො, තං සබ‍්බං අත‍්තනාව අධිගතොති අනඤ‍්ඤනෙය්‍යො. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

එහි තේරුම නම්, දිට්ඨි විසූකානි සැටදෙකක් වූ තදින් මුල්බැස ගත් මිසදිටු අදහස්, එයින්, මගපල ලදහැකි යහපත් දැකීමට එකඟ නොවන, අනුකූල නොවන, සිත නොසන්සුන් කරන, කලබලයට පත්කරන බැවින්, එසේ යෙදුණි. මෙසේ දැකීම විකාර බවට පත්කරන හෙයින් දිට්ඨි විසූකානි, විසුළු හැඟීම්ම දිට්ඨි විසූකානි, උපාතිවත්තො මගපල දැනීම මගින් ඉක්මවන, පත්තො නියාමං සතර අපාය ආදී දුක්ලබන තැන් වළක්වන, (සිවුසස්) අවබෝධය පිහිටකොට ඇති, නියත බවම ලදිමි. නිවැරදි වූ, යහපත් යැයි කියන ලද පළමු මග (සෝවාන්) හෝ, මෙපමණකින් ඒ පළමු මගට පත්වීමේ කටයුතු නිමාව හෝ, එය ලැබීම දැක්වීය. මීළඟට පටිලද්ධ මග්ගො යන මෙයින් ඉතිරි මගපල ලැබීම පෙන්වයි. උප්පන්න ඤාණෙම්හි යනු පසේ බුදුනුවණ ලබාගත් කෙනෙක් වෙමි. එයින් ලද පලය දක්වයි. අනඤ්ඤානෙය්‍යො වෙනත් මහණ බමුණන් ‘මෙය ඇත්තය. මෙය ඇත්ත යැයි කියන අතර, මෙයින් තමන්ම ඇත්ත යයි පසක් කළ අයුරු පහදයි. පසේ බුදු නුවණ අවබෝධ කරන ලද්දේ වෙනත් කෙනෙකුගේ හඳුන්වා දීමකින් තොරව, තමන්ම පුරුදු වූ වැඩූ විදසුන් මගින් මිසදිටු හැඟුම් මුළුමනින්ම ඉවත් කර දමා, මූලික අරමුණ ඉටුකර ගනිමින් මගපලයෙන් උපන් නුවණයි. ඒ සියල්ලම තමන් විසින් අවබෝධ කරන ලද බැවින්, වෙනත් කෙනෙකුගෙන් ලද දෙය නොවේ. ඉතිරි කරුණු කලින් සඳහන් කර ඇති පරිදි දතයුතුය.

දිට‍්ඨිවිසූකගාථාවණ‍්ණනා සමත‍්තා.

දිට්ඨිවිසුක ගාථා විස්තරය නිමි.

21

21

නිල‍්ලොලුපොති කා උප‍්පත‍්ති? බාරාණසිරඤ‍්ඤො කිර සූදො අන‍්තරභත‍්තං පචිත්‍වා උපනාමෙසි මනුඤ‍්ඤදස‍්සනං සාදුරසං “අප‍්පෙව නාම මෙ රාජා ධනමනුප‍්පදෙය්‍යා”ති. තං රඤ‍්ඤො ගන්‍ධෙනෙව භොත‍්තුකාමතං ජනෙසි මුඛෙ ඛෙළං උප‍්පාදෙන‍්තං. පඨමකබළෙ පන මුඛෙ පක‍්ඛිත‍්තමත‍්තෙ සත‍්තරසහරණිසහස‍්සානි අමතෙනෙව ඵුට‍්ඨානි අහෙසුං. සූදො “ඉදානි මෙ දස‍්සති, ඉදානි මෙ දස‍්සතී”ති චින‍්තෙසි. රාජාපි “සක‍්කාරාරහො සූදො”ති චින‍්තෙසි – “රසං සායිත්‍වා පන සක‍්කරොන‍්තං මං පාපකො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡෙය්‍ය – ‘ලොලො අයං රාජා රසගරුකො’”ති න කිඤ‍්චි අභණි. එවං යාව භොජනපරියොසානං, තාව සූදොපි “ඉදානි දස‍්සති, ඉදානි දස‍්සතී”ති චින‍්තෙසි. රාජාපි අවණ‍්ණභයෙන න කිඤ‍්චි අභණි. තතො සූදො “නත්‍ථි ඉමස‍්ස රඤ‍්ඤො ජිව‍්හාවිඤ‍්ඤාණ”න‍්ති දුතියදිවසෙ අරසභත‍්තං උපනාමෙසි. රාජා භුඤ‍්ජන‍්තො “නිග‍්ගහාරහො අජ‍්ජ සූදො”ති ජානන‍්තොපි පුබ‍්බෙ විය පච‍්චවෙක‍්ඛිත්‍වා අවණ‍්ණභයෙන න කිඤ‍්චි අභණි. තතො සූදො “රාජා නෙව සුන්‍දරං නාසුන්‍දරං ජානාතී”ති චින‍්තෙත්‍වා සබ‍්බං පරිබ‍්බයං අත‍්තනා ගහෙත්‍වා යංකිඤ‍්චිදෙව පචිත්‍වා රඤ‍්ඤො දෙති. රාජා “අහො වත ලොභො, අහං නාම වීසති නගරසහස‍්සානි භුඤ‍්ජන‍්තො ඉමස‍්ස ලොභෙන භත‍්තමත‍්තම‍්පි න ලභාමී”ති නිබ‍්බිජ‍්ජිත්‍වා, රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා, විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡාකාසි, පුරිමනයෙනෙව ච ඉමං ගාථං අභාසි –

නිල්ලොලූපො යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස් රජුගේ අරක්කැමියා මිහිරි රසැති, දුටුවිට කැමැත්ත වඩවන අතුරුබතක් පිස, ‘රජු මට ධනය ලබාදෙන්නේ නම් මැනවයි සිතා රජුට පිළිගැන්වීය. එහි සුවඳින්ම අනුභව කිරීමට කැමතිව, රජුගේ කටට කෙළ ඉනුවේය. මුවෙහි තැබූ මුල් බත් පිඩෙන්ම රස නහර සත්සියයම අමාවෙන් පහස ලද්දාක් මෙන් විය. අරක්කැමියාද ‘දැන් මට ධනය දේ’ යැයි සිතීය. රජුද අරක්කැමියා සත්කාර ලැබීමට සුදුසු යැයි සිතුවේය. රස විඳ, සත්කාරයක් කළහොත් ‘මේ රජු රසයට ගිජුවන කෙනෙකැ’යි තමා ගැන අපහාසාත්මක රාවයක් පැතිරේ’ යැයි සිතූ රජ කිසිත් නොකීවේය. අරක්කැමියාද ‘දැන් මට ධනය දෙයි, දැන් මට ධනය දෙයි’ යනුවෙන් ආහාර අනුභවය අවසන් වනතුරුම සිතුවේය. රජුද තමාට අවගුණයක් වේ යැයි බයෙන් කිසිවක් නොපැවසීය. එවිට අරක්කැමියා ‘මේ රජුට රස විඳගැනීමේ හැකියාවක් නැතැයි’ පසුදින නීරස අහරක් පිළිගැන්වීය. රජු, අනුභව කරමින්, අද අරක්කැමියාට තරවටු කිරීමට හෝ දොස් කීමට සුදුසු යැයි දැනගෙනම, පෙර මෙන් කල්පනාකාරීව, තමාට අවමානයක් වේ යැයි බියෙන් කිසිවක් නොකීවේය. එවිට අරක්කැමියා, ‘රජු යහපත් රසවත් බව හෝ නීරස බව නොදනී’ යැයි සිතා සියළු වියදමට අවැසි දෑ තමන්ම ලබාගෙන, යම්කිසිවක් පිස රජුට අනුභව කිරීමට දෙයි. රජ ‘අනේ ධනයට ඇති තද ආසාවක තරම! මා නගර විසිදහසක (අයබදු ලබාගනිමින් - රජ බොජුන්) වැළඳුවත් මොහුගේ ලෝභකම නිසා, බත් පමණකුදු (දැන්) නොලබමි’යි කලකිරි රජකම හැර පැවිදිව විදසුන් වඩමින් පසේ බුදුබව අවබෝධ කළේය. පෙර දක්වා ඇති පරිදිම මෙම ගාථාව කීය.

“නිල‍්ලොලුපො නික‍්කුහො නිප‍්පිපාසො, නිම‍්මක‍්ඛො නිද‍්ධන‍්තකසාවමොහො; නිරාසයො සබ‍්බලොකෙ භවිත්‍වා, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ නිල‍්ලොලුපොති අලොලුපො. යො හි රසතණ‍්හාභිභූතො හොති, සො භුසං ලුප‍්පති පුනප‍්පුනඤ‍්ච ලුප‍්පති, තෙන ලොලුපොති වුච‍්චති. තස‍්මා එස තං පටික‍්ඛිපන‍්තො ආහ “නිල‍්ලොලුපො”ති. නික‍්කුහොති එත්‍ථ කිඤ‍්චාපි යස‍්ස තිවිධං කුහනවත්‍ථු නත්‍ථි, සො නික‍්කුහොති වුච‍්චති. ඉමිස‍්සා පන ගාථාය මනුඤ‍්ඤභොජනාදීසු විම‍්හයමනාපජ‍්ජනතො නික‍්කුහොති අයමධිප‍්පායො . නිප‍්පිපාසොති එත්‍ථ පාතුමිච‍්ඡා පිපාසා, තස‍්සා අභාවෙන නිප‍්පිපාසො, සාදුරසලොභෙන භොත‍්තුකම්‍යතාවිරහිතොති අත්‍ථො. නිම‍්මක‍්ඛොති එත්‍ථ පරගුණවිනාසනලක‍්ඛණො මක‍්ඛො, තස‍්ස අභාවෙන නිම‍්මක‍්ඛො. අත‍්තනො ගහට‍්ඨකාලෙ සූදස‍්ස ගුණමක‍්ඛනාභාවං සන්‍ධායාහ. නිද‍්ධන‍්තකසාවමොහොති එත්‍ථ රාගාදයො තයො, කායදුච‍්චරිතාදීනි ච තීණීති ඡ ධම‍්මා යථාසම‍්භවං අප‍්පසන‍්නට‍්ඨෙන සකභාවං විජහාපෙත්‍වා පරභාවං ගණ‍්හාපනට‍්ඨෙන කසටට‍්ඨෙන ච කසාවාති වෙදිතබ‍්බා. යථාහ –

එම ගාථාවෙහි නිල්ලොලූපො - ලොල් බවින් තොර වීමයි. යමෙක් රසයෙහි දැඩිව ඇළුණේ වෙත්ද, ඔහු වඩ වඩාත් එහිම ඇලෙයි. එයටම ආසා කරයි. නැවත නැවතත් එයට ඇළුම් කරයි. එහෙයින් ‘ලොලුප’ යැයි කියනු ලැබේ. මෙහිදී එම ඇළුම් කිරීම පිළිකෙව් කරමින්, නිල්ලොලූපො යැයි කීය. නික්කුහො යමෙකුට තුන්ආකාර වූ කුහක ගති නොමැතිනම් එසේ හැඳින්වේ. මෙම ගාථාවෙහි සිත් අලවන ආහාර ආදියෙහි පුදුමසුළු ඒවාට ගිජුවන බවක් ඇතිකර නොගැනීම එයින් අදහස් කෙරේ. නිප්පිපාසා පානය කිරීමට කැමැත්ත පිපාසා ය. එයට නොකැමති බව නිප්පිපාසො නම් වේ. ඉමිහිරි රසයට ගිජුව අනුභවයට කැමති නොවීම තේරුමයි. නිම්මක්‍ඛො අනුන්ගේ යහපත් ගුණ වනසන අදහසින්, එම ගුණ මකා දැමීමයි. එසේ ගුණ යටපත් කොට කතා නොකිරීම මෙහි අදහස් වේ. තමා රජව සිටිකල අරක්කැමියාගේ ගුණ යටපත් කළ ආකාරය ගැන (සිතා) මෙසේ කියන ලදී. නිද්ධන්තකසාවමොහො. කයෙන් වන දුසිරිත් ආදිය තුන් ආකාරවද එය සයආකාර වන හැටිද (ඇස් ආදී ආයතන අනුව) නියම ආකාරයෙන් නොදැක, අනුන් කෙරේ දකින ආකාරය කහට සේ දතයුතුය. එසේ හෙයින් කියන ලදී -

“තත්‍ථ, කතමෙ තයො කසාවා? රාගකසාවො, දොසකසාවො, මොහකසාවො, ඉමෙ තයො කසාවා. තත්‍ථ, කතමෙ අපරෙපි තයො කසාවා? කායකසාවො, වචීකසාවො, මනොකසාවො”ති (විභ· 924).

[missing trans] කවරේද? රාග කහට දෝස කහට සහ මෝහ කහටය. මේ හැර තුන්ආකාර වූ කහට වේ. එය කයෙහි, වචනයෙහි සිතෙහි කහට ගැනය.

තෙසු මොහං ඨපෙත්‍වා පඤ‍්චන‍්නං කසාවානං තෙසඤ‍්ච සබ‍්බෙසං මූලභූතස‍්ස මොහස‍්ස නිද‍්ධන‍්තත‍්තා නිද‍්ධන‍්තකසාවමොහො, තිණ‍්ණං එව වා කායවචීමනොකසාවානං මොහස‍්ස ච නිද‍්ධන‍්තත‍්තා නිද‍්ධන‍්තකසාවමොහො. ඉතරෙසු නිල‍්ලොලුපතාදීහි රාගකසාවස‍්ස, නිම‍්මක‍්ඛතාය දොසකසාවස‍්ස නිද‍්ධන‍්තභාවො සිද‍්ධො එව. නිරාසයොති නිත‍්තණ‍්හො. සබ‍්බලොකෙති සකලලොකෙ, තීසු භවෙසු ද‍්වාදසසු වා ආයතනෙසු භවවිභවතණ‍්හාවිරහිතො හුත්‍වාති අත්‍ථො. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. අථ වා තයොපි පාදෙ වත්‍වා එකො චරෙති එකො චරිතුං සක‍්කුණෙය්‍යාති එවම‍්පි එත්‍ථ සම‍්බන්‍ධො කාතබ‍්බොති.

ඒවා අතරින් මෝහය හැර, අනෙක් පස්ආකාර වූ ‘කහට’ වලටද සියළු ආකාරයෙන් මුල්වන මෝහයම (දුරුකොට) පිරිසිදු කරන ලද බැවින්, මෝහය නමැති කහට දුරුකොට පිරිසිදු කරන ලදැයි කියන ලදී. (වෙනත් අයුරින් කිවහොත්) කයෙහි, වචනයෙහි, සිතෙහි අපිරිසිදු, කහට බව ඇතිකරන, මෝහය හැර, පිරිසිදු කරන ලද බැවින් එසේ කියන ලදී. ලොල් බවින් තොරව, රාග කහට නැතිව, අනුන් හෙළා නොදකින බැවින්, තරහව හෙවත් දෝස කිලුටෙහි පිරිසිදු බවද ඇතිවන්නේමය. නිරාසයො ආසා නොමැති වීමයි. සබ්බලොකෙ කාමාදී තුන් භවයෙහිද, දොළොස් ආයතනවලද යන සියළු තැන්හිම භවවිභව ලෙස පවත්නා ආසා නොමැති යනු තේරුමයි. ඉතිරි කරුණු පෙර කී අයුරු දතයුතුය. නැතහොත් ගාථාවේ පද තුන කියා ‘තනිව හැසිරෙයි’, යනුවෙන් හෝ ‘තනිව හැසිරීමට හැකිවේ’ යැයි ද මෙසේ එහි සම්බන්ධතාව එක් කළ යුතුය.

නිල‍්ලොලුපගාථාවණ‍්ණනා සමත‍්තා.

නිල්ලොලූපො ගාථා විස්තරය නිමි.

22

22

පාපං සහායන‍්ති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර අඤ‍්ඤතරො රාජා මහච‍්චරාජානුභාවෙන නගරං පදක‍්ඛිණං කරොන‍්තො මනුස‍්සෙ කොට‍්ඨාගාරතො පුරාණධඤ‍්ඤානි බහිද‍්ධා නීහරන‍්තෙ දිස‍්වා “කිං, භණෙ, ඉද”න‍්ති අමච‍්චෙ පුච‍්ඡි. “ඉදානි, මහාරාජ, නවධඤ‍්ඤානි උප‍්පජ‍්ජිස‍්සන‍්ති, තෙසං ඔකාසං කාතුං ඉමෙ මනුස‍්සා පුරාණධඤ‍්ඤාදීනි ඡඩ‍්ඩෙන‍්තී”ති. රාජා – “කිං, භණෙ, ඉත්‍ථාගාරබලකායාදීනං වට‍්ටං පරිපුණ‍්ණ”න‍්ති ? “ආම, මහාරාජ, පරිපුණ‍්ණන‍්ති”. “තෙන හි, භණෙ, දානසාලං කාරාපෙථ, දානං දස‍්සාමි, මා ඉමානි ධඤ‍්ඤානි අනුපකාරානි විනස‍්සිංසූ”ති. තතො නං අඤ‍්ඤතරො දිට‍්ඨිගතිකො අමච‍්චො “මහාරාජ, නත්‍ථි දින‍්න”න‍්ති ආරබ‍්භ යාව “බාලා ච පණ‍්ඩිතා ච සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සන‍්තී”ති වත්‍වා නිවාරෙසි. සො දුතියම‍්පි තතියම‍්පි කොට‍්ඨාගාරෙ විලුම‍්පන‍්තෙ දිස‍්වා තථෙව ආණාපෙසි. තතියම‍්පි නං “මහාරාජ, දත‍්තුපඤ‍්ඤත‍්තං යදිදං දාන”න‍්තිආදීනි වත්‍වා නිවාරෙසි. සො “අරෙ, අහං අත‍්තනො සන‍්තකම‍්පි න ලභාමි දාතුං, කිං මෙ ඉමෙහි පාපසහායෙහී”ති නිබ‍්බින‍්නො රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡාකාසි. තඤ‍්ච පාපං සහායං ගරහන‍්තො ඉමං උදානගාථං අභාසි –

පාපං සහායං යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස එක්තරා රජෙක් මහත් රාජ අනුහස පෙන්වමින් නගරය වටා සංචාරය කරද්දී, මිනිසුන් ගබඩාවල රැස්කොට තිබූ අස්වැන්න පිටතට ගෙනයනු දැක, ‘දරුවනි, මේ කුමක්දැ’යි ඇමතිවරුන්ගෙන් විචාළේය. ‘මහරජ, දැන් ලබාගන්නා ලද අළුත් අස්වැන්න ගබඩා කිරීමට ඉඩ ලබාගැනීමට මේ මිනිසුන් කලින් තිබූ අස්වැන්න ඉවත දමති’යි ඔවුහු කීහ. ‘දරුවනි, බිසෝ ගෙවල් සහ බලසේනා වෙනුවෙන් (එයින්) නො අඩුව සපුරා ඇත්දැ’යි රජු විමසීය. ‘එසේය, මහරජ, ඒවා සපුරා ඇතැයි කීහ. ‘එසේනම් දරුවනි, දන්සැලක් පිළියෙල කරව, දන් දෙමි, මේ අස්වන්න නිකරුණේ විනාශ නොකළ යුතු යැ’යි කීය. එහිදී එක් මිසදිටු ඇමතියෙක් ‘මහරජ, දීමෙන් පල නැතැ’යි කියා නුවණැත්තාද, පණ්ඩිතයාද සසරෙහි සැරිසරමින් දුක් කෙළවර කරන්නේ යැයි කියා එය වැළැක්වීය. දෙවන, තෙවන වරටත් ගබඩාවලින් එසේ අස්වැන්න ඉවත ගෙනයනු දුටු රජු පෙර ලෙසම අණ කළේය. ඇමතියාද ‘මහරජ, දීමෙහි ඇත්තේ, දැකිය හැක්කේ දෙනු ලබන දෙය පමණකි. (වෙන කිසිදු පලක් නැත) ආදී ලෙස කියා තෙවන වරටද වැළැක්වීය රජු. ‘බොල, මට අයිති දෙයක්වත් දීමට මම ඉඩක් නොලබමි, මේ පවට උදව් කරන්නන්ගෙන් ඇති පලය කුමක්දැ’යි කලකිරි, රජකම හැර පැවිදිව, විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කළහ. ඒ පවිටු සහායකයන්ගේ දොස් දකිමින් මේ උදාන ගාථාව කීහ.

“පාපං සහායං පරිවජ‍්ජයෙථ, අනත්‍ථදස‍්සිං විසමෙ නිවිට‍්ඨං; සයං න සෙවෙ පසුතං පමත‍්තං, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තස‍්සායං සඞ‍්ඛෙපත්‍ථො – ය‍්වායං දසවත්‍ථුකාය පාපදිට‍්ඨියා සමන‍්නාගතත‍්තා පාපො, පරෙසම‍්පි අනත්‍ථං පස‍්සතීති අනත්‍ථදස‍්සී, කායදුච‍්චරිතාදිම‍්හි ච විසමෙ නිවිට‍්ඨො, තං අත්‍ථකාමො කුලපුත‍්තො පාපං සහායං පරිවජ‍්ජයෙථ අනත්‍ථදස‍්සිං විසමෙ නිවිට‍්ඨං. සයං න සෙවෙති අත‍්තනො වසෙන න සෙවෙ. යදි පන පරවසො හොති, කිං සක‍්කා කාතුන‍්ති වුත‍්තං හොති. පසුතන‍්ති පසටං , දිට‍්ඨිවසෙන තත්‍ථ තත්‍ථ ලග‍්ගන‍්ති අත්‍ථො. පමත‍්තන‍්ති කාමගුණෙසු වොස‍්සට‍්ඨචිත‍්තං, කුසලභාවනාරහිතං වා. තං එවරූපං න සෙවෙ, න භජෙ, න පයිරුපාසෙ, අඤ‍්ඤදත්‍ථු එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පොති.

මේ එහි කෙටි අදහසයි. යමෙකු කරුණු දහයකින් යුතු පවිටු, මිසදිටු, ලාමක අදහස් දැඩිව සිත දරා සිටින බැවින් පාපො නම් වෙයි. අනුන්ටද අයහපතම උදාකරයි. එහෙයින් අනත්‍ථදස්සී නම් වෙයි. කයෙන් කෙරෙන දුසිරිතෙහි තදින්ම යෙදෙයි. හිතවැඩ කැමති කුලපුතෙක් පාපං සහායං පරිවජ්ජයෙථ, අනත්‍ථදස්සිං විසමෙ නිවිට්ඨං, සයං න සෙවෙ යනුවෙන් පවට සහය වන්නකු අත්හැර දමන්නේය. අනුන් කෙරෙහි යම් බලපෑමක් වේද (ඒ ගැන) කළ හැකිදැයි කියන ලද්දේ වෙයි. පසුතං සහිත හෙවත් තදින් එල්බ ගත් හැඟීම් වශයෙන් ඒ ඒ තන්හි ලඟින, රැඳෙන යන තේරුමයි. පමත්තං යනු කාමයන්හි හිරවුණු සිතයි. යහපත් භාවනා ආදිය පුරුදු නොමැතිවීමයි. එබඳු තැනැත්තන් ඇසුරු නොකරන්නේය. සබඳතා නො පවත්වන්නේය. ඉතා ළඟින් සුහද ඇසුරක් නොකරන්නේය. හුදෙක් තනිව හැසිරෙන කඟවේණකු මෙනි.

පාපසහායගාථාවණ‍්ණනා සමත‍්තා.

පාපසහාය ගාථා විස්තරය නිමි.

23

23

බහුස‍්සුතන‍්ති කා උප‍්පත‍්ති? පුබ‍්බෙ කිර කස‍්සපස‍්ස භගවතො සාසනෙ අට‍්ඨ පච‍්චෙකබොධිසත‍්තා පබ‍්බජිත්‍වා ගතපච‍්චාගතවත‍්තං පූරෙත්‍වා දෙවලොකෙ උප‍්පන‍්නාති සබ‍්බං අනවජ‍්ජභොජීගාථාය වුත‍්තසදිසමෙව. අයං පන විසෙසො – පච‍්චෙකබුද‍්ධෙ නිසීදාපෙත්‍වා රාජා ආහ “කෙ තුම‍්හෙ”ති? තෙ ආහංසු – “මයං, මහාරාජ, බහුස‍්සුතා නාමා”ති. රාජා – “අහං සුතබ්‍රහ‍්මදත‍්තො නාම, සුතෙන තිත‍්තිං න ගච‍්ඡාමි, හන්‍ද, නෙසං සන‍්තිකෙ විචිත්‍රනයං සද‍්ධම‍්මදෙසනං සොස‍්සාමී”ති අත‍්තමනො දක‍්ඛිණොදකං දත්‍වා, පරිවිසිත්‍වා, භත‍්තකිච‍්චපරියොසානෙ සඞ‍්ඝත්‍ථෙරස‍්ස පත‍්තං ගහෙත්‍වා, වන්‍දිත්‍වා, පුරතො නිසීදි “ධම‍්මකථං, භන‍්තෙ, කරොථා”ති. සො “සුඛිතො හොතු, මහාරාජ, රාගක‍්ඛයො හොතූ”ති වත්‍වා උට‍්ඨිතො. රාජා “අයං න බහුස‍්සුතො, දුතියො බහුස‍්සුතො භවිස‍්සති, ස‍්වෙ දානි විචිත්‍රධම‍්මදෙසනං සොස‍්සාමී”ති ස‍්වාතනාය නිමන‍්තෙසි. එවං යාව සබ‍්බෙසං පටිපාටි ගච‍්ඡති, තාව නිමන‍්තෙසි. තෙ සබ‍්බෙපි “දොසක‍්ඛයො හොතු, මොහක‍්ඛයො, ගතික‍්ඛයො, වට‍්ටක‍්ඛයො, උපධික‍්ඛයො, තණ‍්හක‍්ඛයො හොතූ”ති එවං එකෙකං පදං විසෙසෙත්‍වා සෙසං පඨමසදිසමෙව වත්‍වා උට‍්ඨහිංසු.

බහුස්සුතං යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? පෙර කස්සප බුදුසසුනෙහි පසේ බෝසත්වරු අටදෙනෙක් පැවිදිව, ගත පච්චාගත වත පුරා දෙව්ලොව උපන්නාහ. ඉතිරි සියල්ල අනවජ්ජභොජි ගාථාවට අදාළ කථාවෙහි කියා ඇති අයුරිනි. මේ දැක්වෙන්නේ වෙනස්වන කරුණුය. පසේ බුදුවරුන් වඩා හිඳුවා ‘ඔබලා කවරහුදැ’යි රජු විමසීය. ‘මහරජ, අපි බහුස්සුත නම් වෙමු’යි කීහ. රජු, ‘මම සුතබ්‍රහ්මදත්ත වෙමි, (එහෙත්) ඇසීමෙන් සෑහීමකට පත් නොවෙමි’යි කීය. ‘මොවුන්ගෙන් මිහිරි, අරුත්බර දහම් දෙසුමක් අසන්නෙමි’යි සතුටුව පැන් පිළිගන්වා, බත් වළඳා අවසානයෙහි (වැඩිහිටි) තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙන, වැඳ ‘හිමියනි, දහම් කතාවක් කරන සේක්වා’යි කියා ඉදිරියෙහි හුන්නේය. උන්වහන්සේ, ‘මහරජ, සුවපත් වේවා! රාගය නසනු පිණිස හේතු වේවා’යි කියා (අසුනින්) නැගිටි සේක. රජු, ‘මොහු බහුස්සුත නොවේ, දෙවැනි තෙරුන් වහන්සේ එසේ විය හැකි යැයි සිතා, ‘හෙට මනහර දහම් දෙසුමක් අසන්නෙමි’යි, පසුදින දානයට ආරාධනා කළේය. මෙසේ සියළුම පසේ බුදුවරුන්ට අවසානය තෙක් පිළිවෙලින් ආරාධනය කළේය. ඒ සියල්ලෝම ‘දෝසය නසනු පිණිස හේතු වේවා! මෝහය නසනු පිණිස හේතු වේවා! ඉපදීම සසර ගමන - කෙලෙස් - තණ්හාව නසනු පිණිස හේතු වේවා’යි එක් එක් වචනයක් වෙන්කොට දක්වා, පෙර පරිදිම කියා අසුනින් නැගිට්ටාහ.

තතො රාජා “ඉමෙ ‘බහුස‍්සුතා මය’න‍්ති භණන‍්ති, න ච තෙසං විචිත්‍රකථා, කිමෙතෙහි වුත‍්ත”න‍්ති තෙසං වචනත්‍ථං උපපරික‍්ඛිතුමාරද‍්ධො. අථ “රාගක‍්ඛයො හොතූ”ති උපපරික‍්ඛන‍්තො “රාගෙ ඛීණෙ දොසොපි මොහොපි අඤ‍්ඤතරඤ‍්ඤතරෙපි කිලෙසා ඛීණා හොන‍්තී”ති ඤත්‍වා අත‍්තමනො අහොසි – “නිප‍්පරියායබහුස‍්සුතා ඉමෙ සමණා. යථා හි පුරිසෙන මහාපථවිං වා ආකාසං වා අඞ‍්ගුලියා නිද‍්දිසන‍්තෙන න අඞ‍්ගුලිමත‍්තොව පදෙසො නිද‍්දිට‍්ඨො හොති, අපිච, ඛො, පන පථවීආකාසා එව නිද‍්දිට‍්ඨා හොන‍්ති, එවං ඉමෙහි එකමෙකං අත්‍ථං නිද‍්දිසන‍්තෙහි අපරිමාණා අත්‍ථා නිද‍්දිට‍්ඨා හොන‍්තී”ති. තතො සො “කුදාස‍්සු නාමාහම‍්පි එවං බහුස‍්සුතො භවිස‍්සාමී”ති තථාරූපං බහුස‍්සුතභාවං පත්‍ථෙන‍්තො රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා, විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා, ඉමං උදානගාථං අභාසි –

එවිට රජු, ‘මොවුන් බහුස්සුත’ යැයි කියති. මේ හිමිවරුන්ගේ විසිතුරු දෙසුම් නැත. එසේ වුවත් කුමක් කියන ලදදැ’යි, වචනවල තේරුම් මෙනෙහි කිරීමට පටන්ගත්තේය. එවිට ‘රාගය නැතිකිරීමට හේතු වේවා’යි නුවණින් මෙනෙහි කරමින් රාගය දුරු වූ කල, තරහවද, මුලාවද, අනෙක් අනෙක් කෙලෙසුන් ද නැතිවේයැයි දැන සතුටු විය. ‘පිළිවෙලකට කරුණු නොකීවත්, මේ මහණුන් බහුස්සුතයහ. යම්සේ මිනිසකු විසින් මහපොළවට හෝ අහසට හෝ ඇඟිල්ලක් දිගුකොට (කුඩා) පෙදෙසක් පෙන්වන ලද්දේද, එයින් පොළවත්, අහසත් (මුළුමනින්ම) පෙන්වාදීම ආවරණය වේ. එසේම මේ මහණුන් එක් එක් අරුත් පෙන්වාදීමේදී, එහි කිව නොහැකි තරම් කරුණු ඇතුලත්ව ඇත. ඒ අනුව මාද කවර ආකාරයකින් ‘බහුස්සුත’ ‘වෙම්දැ’යි පතමින්, රජකම හැරදමා පැවිදිව විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කොට මේ උදාන ගාථාව කීය.

“බහුස‍්සුතං ධම‍්මධරං භජෙථ, මිත‍්තං උළාරං පටිභානවන‍්තං; අඤ‍්ඤාය අත්‍ථානි විනෙය්‍ය කඞ‍්ඛං, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථායං සඞ‍්ඛෙපත්‍ථො – බහුස‍්සුතන‍්ති දුවිධො බහුස‍්සුතො තීසු පිටකෙසු අත්‍ථතො නිඛිලො පරියත‍්තිබහුස‍්සුතො ච, මග‍්ගඵලවිජ‍්ජාභිඤ‍්ඤානං පටිවිද‍්ධත‍්තා පටිවෙධබහුස‍්සුතො ච. ආගතාගමො ධම‍්මධරො. උළාරෙහි පන කායවචීමනොකම‍්මෙහි සමන‍්නාගතො උළාරො. යුත‍්තපටිභානො ච මුත‍්තපටිභානො ච යුත‍්තමුත‍්තපටිභානො ච පටිභානවා. පරියත‍්තිපරිපුච‍්ඡාධිගමවසෙන වා තිධා පටිභානවා වෙදිතබ‍්බො. යස‍්ස හි පරියත‍්ති පටිභාති, සො පරියත‍්තිපටිභානවා. යස‍්ස අත්‍ථඤ‍්ච ඤාණඤ‍්ච ලක‍්ඛණඤ‍්ච ඨානාට‍්ඨානඤ‍්ච පරිපුච‍්ඡන‍්තස‍්ස පරිපුච‍්ඡා පටිභාති, සො පරිපුච‍්ඡාපටිභානවා. යෙන මග‍්ගාදයො පටිවිද‍්ධා හොන‍්ති, සො අධිගමපටිභානවා. තං එවරූපං බහුස‍්සුතං ධම‍්මධරං භජෙථ මිත‍්තං උළාරං පටිභානවන‍්තං. තතො තස‍්සානුභාවෙන අත‍්තත්‍ථපරත්‍ථඋභයත්‍ථභෙදතො වා දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථභෙදතො වා අනෙකප‍්පකාරානි අඤ‍්ඤාය අත්‍ථානි. තතො – “අහොසිං නු ඛො අහං අතීතමද‍්ධාන”න‍්තිආදීසු (ම· නි· 1.18; සං· නි· 2.20) කඞ‍්ඛට‍්ඨානෙසු විනෙය්‍ය කඞ‍්ඛං, විචිකිච‍්ඡං විනෙත්‍වා විනාසෙත්‍වා එවං කතසබ‍්බකිච‍්චො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පොති.

බහුස්සුතං යනු දෙආකාරය. තුන්පිටකයෙහි අරුත් මැනවින් දැන සිටීම පරියත්ති බහුස්සුත යැයි හැඳින්වේ. මගපල, විදුනැණ හා අභිඤ්ඤා අවබෝධය ලැබීම පටිවෙධ බහුස්සුත නමි. ධම්මධර හෙවත් දහම සිත්හි දරාගැනීම අරුතද මීට සමානය. කයෙන්, වචනයෙන්, සිතින් කෙරෙන යහපත් කටයුතු පිළිබඳව වටහාගැනීම හා අයහපත් දෙයක් වේනම් අත්හළ යුතුය යන වැටහීම හා තවදුරටත් පවත්වා ගතයුතු හා හළ යුතු දේ ගැන වැටහීම පටිභාන ලෙස දැක්වේ. දහම් කොටස් ඉගෙනීම හ. විචාරීමෙන්ද අවබෝධයද යනුවෙන් පටිභාන හෙවත් වටහාගැනීම තුන් ආකාරය දතයුතුය. දහම් කොටස් ඉගෙන, එහි මනා වැටහීමක් ලබන තැනැත්තා ‘පරියත්ති පටිභාන’ නම් වේ. විමසූ විටක, එහි අරුතද (තම) දැනීම අනුව විස්තර ලෙස සඳහන්ව ඇති ආකාරය (සඳහන් වන තැන්) පහදා දීමේ වැටහීමක් ඇති තැනැත්තා ‘පරිපුච්ඡා පටිභාන’ නම් වේ. සෝවාන් ආදී මගඵල අවබෝධ කරන තැනැත්තා ‘පටිවේධ පටිභාන’ වේ. එබඳු වූ බහුස්සුතං ධම්මධරං භජෙථ මිත්තං උළාරං පටිභානවන්තං කෙනෙකුගේ ඇසුර මගින් තමාටත් අනුන්ටත් යන දෙකොටසටම හෝ මෙලොව පරලොව නොයෙක් ලෙසින් හිතසුව පිණිස හේතු වේය යනුවෙන් අඤ්ඤාය අත්‍ථානි කියා තිබේ. එහිදී ‘මම අතීතයෙහි සිටියෙම්?’ ද ආදී ලෙස විනෙය්‍ය කංඛං - සැකය, දෙගිඩියාව දුරුකොට, මුළුමනින්ම ඉවත්කොට මෙසේ (සසරෙහි) සියළු කටයුතු අවසන් කරන ලදුව, (නිවන අවබෝධ කොට) තනිව හැසිරෙන කඟවේණකු ලෙස වන්නේය.

බහුස‍්සුතගාථාවණ‍්ණනා සමත‍්තා.

බහුස්සුත ගාථා විස්තරය නිමි.

24

24

ඛිඩ‍්ඩං රතින‍්ති කා උප‍්පත‍්ති? බාරාණසියං විභූසකබ්‍රහ‍්මදත‍්තො නාම රාජා පාතොව යාගුං වා භත‍්තං වා භුඤ‍්ජිත්‍වා නානාවිධවිභූසනෙහි අත‍්තානං විභූසාපෙත්‍වා මහාආදාසෙ සකලසරීරං දිස‍්වා යං න ඉච‍්ඡති තං අපනෙත්‍වා අඤ‍්ඤෙන විභූසනෙන විභූසාපෙති. තස‍්ස එකදිවසං එවං කරොතො භත‍්තවෙලා මජ‍්ඣන‍්හිකසමයො පත‍්තො. අථ අවිභූසිතොව දුස‍්සපට‍්ටෙන සීසං වෙඨෙත්‍වා, භුඤ‍්ජිත්‍වා, දිවාසෙය්‍යං උපගච‍්ඡි. පුනපි උට‍්ඨහිත්‍වා තථෙව කරොතො සූරියො අත්‍ථඞ‍්ගතො. එවං දුතියදිවසෙපි තතියදිවසෙපි. අථස‍්ස එවං මණ‍්ඩනප‍්පසුතස‍්ස පිට‍්ඨිරොගො උදපාදි. තස‍්සෙතදහොසි – “අහො රෙ, අහං සබ‍්බථාමෙන විභූසන‍්තොපි ඉමස‍්මිං කප‍්පකෙ විභූසනෙ අසන‍්තුට‍්ඨො ලොභං උප‍්පාදෙසිං. ලොභො ච නාමෙස අපායගමනීයො ධම‍්මො, හන්‍දාහං, ලොභං නිග‍්ගණ‍්හාමී”ති රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා ඉමං උදානගාථං අභාසි –

ඛිඩ්ඩං රතිං යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස විභූසක බ්‍රහ්මදත්ත නම් රජු උදෑසනම කැඳ හෝ බත් හෝ අනුභවකොට, නොයෙක් අලංකාරයෙන් මනා ලෙස සැරසී විශාල කැඩපතින් තමාගේ මුළු සිරුරම දැක, අකමැති දෙයක් වේ නම් එය ඉවත්කොට, වෙනත් වෙනත් අලංකාරවත් ආභරණාදියෙන් සැරසෙයි. එක්දිනක ඔහු, එසේ අලංකාරවත්ව සැරසෙන අතර දිවා ආහාර වේලාව එළඹිණ. ඉක්බිතිව සිරුර සැරසීම් අවසන් නොකොට, දුහුල් රෙදිපටින් හිස වෙලාගෙන, අනුභවකොට, සැතපෙනු පිණිස ගියේය. පිබිදී, නැවත එසේම අලංකාරවත්ව සැරසෙනවිට හිරු බැසයන වේලාව විය. දෙවන දිනයෙහිද, තෙවන දිනයෙහිද මෙසේම සිදුවූයේය. අලංකාරය ගැනම වෙහෙසී කටයුතු කරන ඔහුට පිටෙහි අපහසුතාවක් හටගත්තේය. ‘අහෝ ලාමක වූ මම හැකි හැම ආකාරයෙන්ම අලංකාරයෙන් සැරසුණද මේ මෝස්තර නිමැවුම්කරුගේ අලංකරණයෙහි නොසතුටුව, (ඊට වැඩි අලංකාර සැරසීම්) වැඩි ඇල්මක් ඇතිකරගතිමි. එබඳු ලෝභයක් අපායට හේතුවන කරුණකි. එබැවින් මම ලෝභය දුරුකරමි’යි රජකම හැර පැවිදිව විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කොට උදාන ගාථාව කීහ.

“ඛිඩ‍්ඩං රතිං කාමසුඛඤ‍්ච ලොකෙ, අනලඞ‍්කරිත්‍වා අනපෙක‍්ඛමානො; විභූසනට‍්ඨානා විරතො සච‍්චවාදී, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ ඛිඩ‍්ඩා ච රති ච පුබ‍්බෙ වුත‍්තාව. කාමසුඛන‍්ති වත්‍ථුකාමසුඛං. වත්‍ථුකාමාපි හි සුඛස‍්ස විසයාදිභාවෙන සුඛන‍්ති වුච‍්චන‍්ති. යථාහ – “අත්‍ථි රූපං සුඛං සුඛානුපතිත”න‍්ති (සං· නි· 3.60). එවමෙතං ඛිඩ‍්ඩං රතිං කාමසුඛඤ‍්ච ඉමස‍්මිං ඔකාසලොකෙ අනලඞ‍්කරිත්‍වා අලන‍්ති අකත්‍වා, එතං තප‍්පකන‍්ති වා සාරභූතන‍්ති වා එවං අග‍්ගහෙත්‍වා. අනපෙක‍්ඛමානොති තෙන අලඞ‍්කරණෙන අනපෙක‍්ඛණසීලො, අපිහාලුකො, නිත‍්තණ‍්හො, විභූසනට‍්ඨානා විරතො සච‍්චවාදී එකො චරෙති. තත්‍ථ විභූසා දුවිධා – අගාරිකවිභූසා, අනගාරිකවිභූසා ච. තත්‍ථ අගාරිකවිභූසා සාටකවෙඨනමාලාගන්‍ධාදි, අනගාරිකවිභූසා පත‍්තමණ‍්ඩනාදි. විභූසා එව විභූසනට‍්ඨානං. තස‍්මා විභූසනට‍්ඨානා තිවිධාය විරතියා විරතො. අවිතථවචනතො සච‍්චවාදීති එවමත්‍ථො දට‍්ඨබ‍්බො.

එම ගාථාවෙහි ඛිඩ්ඩාරති පද ගැන පෙර කියන ලදී. කාමසුඛං තමාට අයත් දේවල්වල ඇලීමෙන් (වත්‍ථුකාම) සැපයක් ඇතැයි සැළකීමයි. ‘රූපය සැපයකි, එහි සැපයම ඇතැ’යි එහෙයින් කියන ලදී. ඛිඩ්ඩං රතිං කාමසුඛඤ්ච එපරිදිමය. මේ අයුරින් පැතිර පවත්නා ලෝකයෙහි හෙවත් (තමන් ඇතුළු වටපිටාවෙහි) ලොකෙ අනලං කරිත්‍වා ඒවා ඉතා මැනව, සෑහේ යැයි නොසළකා, හරවත් යැයි නොගෙන. අනපෙක්‍ඛමානො, එසේ අලංකාරවත් සැරසීම් ගැන නොසළකමින්, ආසා නැතිව, දැඩි ඇලීමක් නොමැති බවයි. විභූසණට්ඨානා විරතො සච්චවාදී එකො චරෙ එහි අලංකරණය ගිහි-පැවිදි යයි දෙආකාරය. සළු (රෙදිපිළි අඳින, පොරවන රෙදි, හිස්වැසුම්, මල් සුවඳ විලවුන් ආදිය ගිහි දිවියටද පාසිවුරු ආදිය පැවිදි දිවියටද අදාළය. මේවායින් සැරසීම විභූසනට්ඨාන නම් වේ. එබැවින් එම අලංකාර සැරසීම්වලින් තුන් ආකාරයෙන්ම වෙන් වී, ඇදහිය යුතු, ඇත්ත කතා කරන තැනැත්තෙකැයි මෙසේ තේරුම දත යුතුය.

විභූසනට‍්ඨානගාථාවණ‍්ණනා සමත‍්තා.

විභූසනට්ඨාන ගාථා විස්තරය නිමි.

25

25

පුත‍්තඤ‍්ච දාරන‍්ති කා උප‍්පත‍්ති? බාරාණසිරඤ‍්ඤො කිර පුත‍්තො දහරකාලෙ එව අභිසිත‍්තො රජ‍්ජං කාරෙසි. සො පඨමගාථාය වුත‍්තපච‍්චෙකබොධිසත‍්තො විය රජ‍්ජසිරිමනුභවන‍්තො එකදිවසං චින‍්තෙසි – “අහං රජ‍්ජං කාරෙන‍්තො බහූනං දුක‍්ඛං කරොමි. කිං මෙ එකභත‍්තත්‍ථාය ඉමිනා පාපෙන, හන්‍ද සුඛමුප‍්පාදෙමී”ති රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා ඉමං උදානගාථං අභාසි –

පුත්තඤ්ච දාරං යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස් රජුගේ පුතා තුරුණු වියෙහිම ඔටුනු පළඳා රජකම් කරයි. ඔහු, මුල් ගාථාවට අදාළ පසේ බෝසතුන් මෙන් රජසිරි විඳින අතර, එක් දවසක් මෙසේ සිතීය. ‘මම රජකම් කරමින් බොහෝ දුක් විඳිමි. එක් අයෙකුගේ යැපීම වෙනුවෙන් මෙම පවිටු බවින් මට ඇති පලය කුමක්ද? එහෙයින් සැප උපදවා ගනිමි’ (එසේ සිතා) රජකම හැර පැවිදිව, විදසුන් වඩමින් පසේ බුදුබව අවබෝධ කොට මෙම උදාන ගාථාව කීහ.

“පුත‍්තඤ‍්ච දාරං පිතරඤ‍්ච මාතරං, ධනානි ධඤ‍්ඤානි ච බන්‍ධවානි; හිත්‍වාන කාමානි යථොධිකානි, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ ධනානීති මුත‍්තාමණිවෙළුරියසඞ‍්ඛසිලාපවාළරජතජාතරූපාදීනි රතනානි. ධඤ‍්ඤානීති සාලිවීහියවගොධුමකඞ‍්කුවරකකුද්‍රූසකපභෙදානි සත‍්ත සෙසාපරණ‍්ණානි ච. බන්‍ධවානීති ඤාතිබන්‍ධුගොත‍්තබන්‍ධුමිත‍්තබන්‍ධුසිප‍්පබන්‍ධුවසෙන චතුබ‍්බිධෙ බන්‍ධවෙ. යථොධිකානීති සකසකඔධිවසෙන ඨිතානෙව. සෙසං වුත‍්තනයමෙවාති.

එහි ධනානි මුතු, මැණික්, වෙරළු, මිණි, සක්, පබළු, රන්, රිදී ආදී වටිනා රුවන් ය. ධඤ්ඤා ඇල් වී, වී, යව, තිරිඟු, තණහාල්, කඩල, කුරහන් වැනි මූලික දේ මෙන්ම එයින් බාහිර ආහාර, ඛන්‍ධවානි නෑකමින්, පරපුරෙන්, යහළුකමෙන්, උගත් හැකියා ලෙසින් ඇතිවන සතරාකාර වූ සබඳතාව, යථොධිකානි තම තම සීමා පමණ ලෙස තිබෙන අයුරුය. ඉතිරි කරුණු කලින් සඳහන්ව ඇත.

පුත‍්තදාරගාථාවණ‍්ණනා සමත‍්තා.

පුත්තදාර ගාථා විස්තරය නිමි.

26

26

සඞ‍්ගො එසොති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර පාදලොලබ්‍රහ‍්මදත‍්තො නාම රාජා අහොසි. සො පාතොව යාගුං වා භත‍්තං වා භුඤ‍්ජිත්‍වා තීසු පාසාදෙසු තිවිධනාටකානි පස‍්සති. තිවිධනාටකානීති කිර පුබ‍්බරාජතො ආගතං, අනන‍්තරරාජතො ආගතං, අත‍්තනො කාලෙ උට‍්ඨිතන‍්ති. සො එකදිවසං පාතොව දහරනාටකපාසාදං ගතො. තා නාටකිත්‍ථියො “රාජානං රමාපෙස‍්සාමා”ති සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස අච‍්ඡරායො විය අතිමනොහරං නච‍්චගීතවාදිතං පයොජෙසුං. රාජා – “අනච‍්ඡරියමෙතං දහරාන”න‍්ති අසන‍්තුට‍්ඨො හුත්‍වා මජ‍්ඣිමනාටකපාසාදං ගතො. තාපි නාටකිත්‍ථියො තථෙව අකංසු. සො තත්‍ථාපි තථෙව අසන‍්තුට‍්ඨො හුත්‍වා මහානාටකපාසාදං ගතො. තාපි නාටකිත්‍ථියො තථෙව අකංසු. රාජා ද‍්වෙ තයො රාජපරිවට‍්ටෙ අතීතානං තාසං මහල‍්ලකභාවෙන අට‍්ඨිකීළනසදිසං නච‍්චං දිස‍්වා ගීතඤ‍්ච අමධුරං සුත්‍වා පුනදෙව දහරනාටකපාසාදං, පුන මජ‍්ඣිමනාටකපාසාදන‍්ති එවං විචරිත්‍වා කත්‍ථචි අසන‍්තුට‍්ඨො චින‍්තෙසි – “ඉමා නාටකිත්‍ථියො සක‍්කං දෙවානමින්‍දං අච‍්ඡරායො විය මං රමාපෙතුකාමා සබ‍්බථාමෙන නච‍්චගීතවාදිතං පයොජෙසුං, ස‍්වාහං කත්‍ථචි අසන‍්තුට‍්ඨො ලොභමෙව වඩ‍්ඪෙමි, ලොභො ච නාමෙස අපායගමනීයො ධම‍්මො, හන්‍දාහං ලොභං නිග‍්ගණ‍්හාමී”ති රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා ඉමං උදානගාථං අභාසි –

සංගො එසො යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස පාදලොල බ්‍රහ්මදත්ත නම් රජෙක් විය. ඔහු උදෑසනම කැඳ හෝ බත් හෝ අනුභව කොට මන්දිර තුනකදී තුන් ආකාර වූ නැටුම් බලයි. මෙයින් අදහස් වන්නේ පෙර රජ පරපුරෙන් පැවතෙන, අතුරු රජ පරපුරෙන් පැවතෙන, තම (පාලන) කාලය තුල සකස්වන නැටුම්ය. රජු එක් දවසක් උදෑසනම තරුණියන් රඟන පහයට ගියේය. ඒ නළඟනෝ ‘රජු සතුටු කරන්නෙමු’යි සක්දෙවිඳුගේ සුරඟනන් මෙන් ඉතා මනහර රැඟුම්, ගැයුම්, වැයුම් දැක්වූහ. රජු ‘තරුණියන්ගේ මේ රැඟුම් අමුතු පුදුම දෙයක් නොවේ යැයි අසතුටුව මැදිවියේ නළඟනන් රඟන පහයට ගියේය. ඒ නළඟනෝද මනහර රැඟුම් ආදිය දැක්වූහ. රජු ඊටද නොසතුටුව, (වැඩිහිටි නළඟනන් රඟන) මහ නළු රඟන පහයටද ගියේය. එහිද නළඟනෝ මනහර රැඟුම් දැක්වූහ. දෙවන, තෙවන රජ පරපුරෙහි පටන් රංගනයෙහි යෙදෙන මහළු වූ නළඟනන් ඇටසැකිළි ගොඩක් නටනු මෙන් දැක ගීත ගායනයෙහි ද අමිහිරි බව අසා, නැවත තරුණියන් රඟන පහයටත්, නැවත මැදිවියේ නළඟනන් රගන පහයටද ගොස් කිසිදු සතුටක් නොලැබ මෙසේ සිතුවේය. ‘මේ නළඟනෝ සක්දෙවිඳුගේ සුරලඳුන් මෙන් හැකි හැම අයුරින්ම නැටුම්, ගැයුම්, වැයුමෙහි නිරත වූයේ මා එහි ඇළුම් කරවනු පිණිසයි. මම ඒ කිසි දෙයකින් නොසතුටු වුව ලෝභයම වඩමි. ලෝභය නම් අපායට මගකි. එහෙයින් මම ලෝභය දුරුකරමි’යි රජකම හැර පැවිදිව විදසුන් වඩා පසේ බුදුබව අවබෝධකොට මේ උදාන ගාථාව කීහ.

“සඞ‍්ගො එසො පරිත‍්තමෙත්‍ථ සොඛ්‍යං, අප‍්පස‍්සාදො දුක‍්ඛමෙත්‍ථ භිය්‍යො; ගළො එසො ඉති ඤත්‍වා මතිමා, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තස‍්සත්‍ථො – සඞ‍්ගො එසොති අත‍්තනො උපභොගං නිද‍්දිසති. සො හි සජ‍්ජන‍්ති තත්‍ථ පාණිනො කද‍්දමෙ පවිට‍්ඨො හත්‍ථී වියාති සඞ‍්ගො. පරිත‍්තමෙත්‍ථ සොඛ්‍යන‍්ති එත්‍ථ පඤ‍්චකාමගුණූපභොගකාලෙ විපරීතසඤ‍්ඤාය උප‍්පාදෙතබ‍්බතො කාමාවචරධම‍්මපරියාපන‍්නතො වා ලාමකට‍්ඨෙන සොඛ්‍යං පරිත‍්තං, විජ‍්ජුප‍්පභාය ඔභාසිතනච‍්චදස‍්සනසුඛං විය ඉත‍්තරං , තාවකාලිකන‍්ති වුත‍්තං හොති. අප‍්පස‍්සාදො දුක‍්ඛමෙත්‍ථ භිය්‍යොති එත්‍ථ ච ය‍්වායං “යං ඛො, භික‍්ඛවෙ, ඉමෙ පඤ‍්ච කාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං කාමානං අස‍්සාදො”ති (ම· නි· 1.166) වුත‍්තො. සො යදිදං “කො ච, භික‍්ඛවෙ, කාමානං ආදීනවො? ඉධ, භික‍්ඛවෙ, කුලපුත‍්තො යෙන සිප‍්පට‍්ඨානෙන ජීවිකං කප‍්පෙති, යදි මුද‍්දාය, යදි ගණනායා”ති එවමාදිනා (ම· නි· 1.167) නයෙනෙත්‍ථ දුක‍්ඛං වුත‍්තං. තං උපනිධාය අප‍්පො උදකබින්‍දුමත‍්තො හොති. අථ ඛො දුක‍්ඛමෙව භිය්‍යො බහු, චතූසු සමුද‍්දෙසු උදකසදිසං හොති. තෙන වුත‍්තං “අප‍්පස‍්සාදො දුක‍්ඛමෙත්‍ථ භිය්‍යො”ති. ගළො එසොති අස‍්සාදං දස‍්සෙත්‍වා ආකඩ‍්ඪනවසෙන බළිසො විය එසො යදිදං පඤ‍්ච කාමගුණා. ඉති ඤත්‍වා මතිමාති එවං ඤත්‍වා බුද‍්ධිමා පණ‍්ඩිතො පුරිසො සබ‍්බම‍්පෙතං පහාය එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පොති.

එහි අරුත නම් සංගො එසො යනුවෙන් තමන් පරිහරණය කරන සම්පත් ගැන සඳහන් කරයි. මඩෙහි ගැලුණු ඇතු මෙන් මිනිස්සු එම සම්පත්වල ඇලෙති. පරිත්තමෙත්‍ථ සොඛ්‍යං පස්කම්හි විඳිනා කල්හි එය සැපයකැයි සිතන, අවුල් වූ හැඟුමෙන් හටගැනෙන කාමයන් හසුරුවන තැනැත්තකු බවට පත්ව, බොළඳව, ලාමකව (කායික මානසික) සුවතාව අඩුවේ. සුළු මොහොතක විදුලි එළියෙන් දකින නැටුමක් මෙන් අල්ප සුවයකි. තාවකාලික යැයි කියන ලද්දේ වෙයි. අප්පසාදො දුක්‍ඛමෙත්‍ථ භීයො. මෙහිදී ‘මහණෙනි, පස්කම් නිසා සුවයක්, සතුටක් හටගනීද, මෙය කාමයෙහි ඇළුම් කරවන, ආස්වාදය වේ’ යනුවෙන් ‘යං ඛො භික්‍ඛවෙ ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං කාමානං අස්සාදො’ ඒ ගැන දැක්වේ. ‘මහණෙනි, කාමයෙහි ආදීනව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි යම් කුල පුතකු (අතෙහි) රේඛා බලා (අනාගතය කීමෙන්) හෝ ගණිත කටයුතු වැනි තම හැකියාවෙන් ජීවිකාව ගෙන යයි. ‘කො ච භික්‍ඛවෙ කාමානං ආදීනවො. ඉධ භික්‍ඛවෙ කුලපුත්තො යෙන සිප්පට්ඨානෙන ජීවිතං කප්පෙති, යලි මුද්දාය, යලි ගණනාය.....’ මේ ආකාරයෙන් එහි දුක ඇතිවන අයුරු කියන ලදී. එය සළකනවිට (සුවය) දියබිඳුවක් මෙන් ඉතා අල්පය. සිවු සමුදුරෙහි දිය මෙන් දුකම වැඩිවෙයි. එහෙයින් අප්පස්සාදො දුක්‍ඛමෙත්‍ථ භීයො යැයි දක්වා ඇත. ගළො එසො - වින්දන ආස්වාදය පෙන්වා පස්කම්වලට ඇදගන්නා ආකාරයෙන් (ඇම සහිත) බිඳී කටුවක් ලෙස පහදයි. ඉති ඤත්‍වා මුතීමා එසේ දැන කරුණු වටහාගත් නුවණැති තැනැත්තා ඒ සියල්ල අත්හැර දමා කඟවේණකු සේ තනිව හැසිරෙන්නේය.

සඞ‍්ගගාථාවණ‍්ණනා සමත‍්තා.

සංග ගාථා විස්තරය නිමි.

27

27

සන්‍දාලයිත්‍වානාති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර අනිවත‍්තබ්‍රහ‍්මදත‍්තො නාම රාජා අහොසි . සො සඞ‍්ගාමං ඔතිණ‍්ණො අජිනිත්‍වා අඤ‍්ඤං වා කිච‍්චං ආරද‍්ධො අනිට‍්ඨපෙත්‍වා න නිවත‍්තති, තස‍්මා නං එවං සඤ‍්ජානිංසු. සො එකදිවසං උය්‍යානං ගච‍්ඡති. තෙන ච සමයෙන වනදාහො උට‍්ඨාසි. සො අග‍්ගි සුක‍්ඛානි ච හරිතානි ච තිණාදීනි දහන‍්තො අනිවත‍්තමානො එව ගච‍්ඡති. රාජා තං දිස‍්වා තප‍්පටිභාගනිමිත‍්තං උප‍්පාදෙසි. “යථායං වනදාහො, එවමෙව එකාදසවිධො අග‍්ගි සබ‍්බසත‍්තෙ දහන‍්තො අනිවත‍්තමානොව ගච‍්ඡති මහාදුක‍්ඛං උප‍්පාදෙන‍්තො, කුදාස‍්සු නාමාහම‍්පි ඉමස‍්ස දුක‍්ඛස‍්ස නිවත‍්තනත්‍ථං අයං අග‍්ගි විය අරියමග‍්ගඤාණග‍්ගිනා කිලෙසෙ දහන‍්තො අනිවත‍්තමානො ගච‍්ඡෙය්‍ය”න‍්ති? තතො මුහුත‍්තං ගන‍්ත්‍වා කෙවට‍්ටෙ අද‍්දස නදියං මච‍්ඡෙ ගණ‍්හන‍්තෙ . තෙසං ජාලන‍්තරං පවිට‍්ඨො එකො මහාමච‍්ඡො ජාලං භෙත්‍වා පලායි. තෙ “මච‍්ඡො ජාලං භෙත්‍වා ගතො”ති සද‍්දමකංසු. රාජා තම‍්පි වචනං සුත්‍වා තප‍්පටිභාගනිමිත‍්තං උප‍්පාදෙසි – “කුදාස‍්සු නාමාහම‍්පි අරියමග‍්ගඤාණෙන තණ‍්හාදිට‍්ඨිජාලං භෙත්‍වා අසජ‍්ජමානො ගච‍්ඡෙය්‍ය”න‍්ති. සො රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සනං ආරභිත්‍වා පච‍්චෙකබොධිං සච‍්ඡාකාසි, ඉමඤ‍්ච උදානගාථං අභාසි –

සන්‍දාලයිත්‍වා යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස අනිවත්ත බ්‍රහ්මදත්ත නම් රජෙක් විය. ඔහු යුද පිණිස ගියේ නම්, ජය ගෙන මිස හෝ, වෙනත් කටයුත්තක් ඇරඹුවහොත් එය අවසන් නොකොට හෝ නොනවතී. එහෙයින් ඔහු පසුනොබසින කෙනෙකු ලෙස හැඳින්වූහ. රජු එක්දිනක් උයනට යන අතර, ලැව් ගින්නක් හටගත්තේය. එම ගින්න වියළි, අමු තණ ආදිය දවමින් නොනැවතීම ඉදිරියට පැතිරෙයි. එය දුටු රජ, සුදුසු අරමුණක් කොට ගත්තේය. ‘මේ ලැගින්න මෙන්, සියළු සතුන්ව එකොළොස් ගින්නකින් නිරතුරුවම මහත් දුකට පමුණුවමින් දවයි. කවදා මමත් මේ දුක් නවතාලනු පිණිස, මෙම ගින්න මෙන්, උතුම් මග නුවණ නමැති ගින්නෙන් කෙලෙස් දවමින් නොනැවතී ඉදිරියටම යන්නෙම්දැ’යි සිතීය. එතැනින් මඳක් ඉදිරියට ගියවිට, ගඟෙහි මසුන් අල්ලන ධීවරයන් දුටුවේය. ‘මසකු දැල කඩාගෙන ගියේ’ යැයි ධීවරයෝ කෑගැසූහ. රජු ඒ වචන ද අසා එය ද අරමුණක් කොට ගත්තේය. ‘කවදා මමත් උතුම් මග නැණින්, තණ්හා-හැඟීම් නැමති දෑල බිඳ, නොගැටී, නිදහස්ව යන්නෙම්දැ’යි සිතීය. ඔහු රජකම හැර පැවිදිව විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කළේය. මෙම උදාන ගාථාව කීය.

“සන්‍දාලයිත්‍වාන සංයොජනානි, ජාලංව භෙත්‍වා සලිලම‍්බුචාරී; අග‍්ගීව දඩ‍්ඪං අනිවත‍්තමානො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තස‍්සා දුතියපාදෙ ජාලන‍්ති සුත‍්තමයං වුච‍්චති. අම‍්බූති උදකං, තත්‍ථ චරතීති අම‍්බුචාරී, මච‍්ඡස‍්සෙතං අධිවචනං. සලිලෙ අම‍්බුචාරී සලිලම‍්බුචාරී, තස‍්මිං නදීසලිලෙ ජාලං භෙත්‍වා අම‍්බුචාරීවාති වුත‍්තං හොති. තතියපාදෙ දඩ‍්ඪන‍්ති දඩ‍්ඪට‍්ඨානං වුච‍්චති. යථා අග‍්ගි දඩ‍්ඪට‍්ඨානං පුන න නිවත‍්තති, න තත්‍ථ භිය්‍යො ආගච‍්ඡති, එවං මග‍්ගඤාණග‍්ගිනා දඩ‍්ඪං කාමගුණට‍්ඨානං අනිවත‍්තමානො තත්‍ථ භිය්‍යො අනාගච‍්ඡන‍්තොති වුත‍්තං හොති. සෙසං වුත‍්තනයමෙවාති.

එහි දෙවන පදයෙහි ජාල යනුවෙන් නූල්වලින් (බැඳුණු) සකස් කරන ලද බව කියන ලදී. අම්බු ජලයයි. එහි හැසිරෙන්නේ අම්බුචාරී ය. මාළුවාට සමාන වචනයකි. සලිලෙ අම්බුචාරී = සලිලම්බුචාරී ඒ ගංගා ජලයෙහි දැල කඩන ලද මාළුවා ගැන කියා ඇත. තුන්වන ගාථා පාදයෙහි දඩ්ඪං යැයි දැවුණු තැන ගැන දක්වයි. ගින්නේ දැවුණු තැනක ගින්න නොනවතින සේ, එතැන ගින්දර වැඩියෙන් නොතිබෙන්නා සේ, මග නුවණ නැමති ගින්නෙන් කාමගුණ දැවුණු තැනක එයට ඉඩ නැත. එහි නැවත වැඩිවීමක්ද නොවේ යැයි කියන ලදී. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.

සන්‍දාලනගාථාවණ‍්ණනා සමත‍්තා.

සන්‍දාලගාථා විස්තරය නිමි.

28

28

ඔක‍්ඛිත‍්තචක‍්ඛූති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර චක‍්ඛුලොලබ්‍රහ‍්මදත‍්තො නාම රාජා පාදලොලබ්‍රහ‍්මදත‍්තො විය නාටකදස‍්සනමනුයුත‍්තො හොති. අයං පන විසෙසො – සො අසන‍්තුට‍්ඨො තත්‍ථ තත්‍ථ ගච‍්ඡති, අයං තං තං නාටකං දිස‍්වා අතිවිය අභිනන්‍දිත්‍වා නාටකපරිවත‍්තදස‍්සනෙන තණ‍්හං වඩ‍්ඪෙන‍්තො විචරති. සො කිර නාටකදස‍්සනාය ආගතං අඤ‍්ඤතරං කුටුම‍්බියභරියං දිස‍්වා රාගං උප‍්පාදෙසි. තතො සංවෙගමාපජ‍්ජිත්‍වා පුන “අහං ඉමං තණ‍්හං වඩ‍්ඪෙන‍්තො අපායපරිපූරකො භවිස‍්සාමි, හන්‍ද නං නිග‍්ගණ‍්හාමී”ති පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා අත‍්තනො පුරිමපටිපත‍්තිං ගරහන‍්තො තප‍්පටිපක‍්ඛගුණදීපිකං ඉමං උදානගාථං අභාසි –

ඔක්‍ඛිත්ත චක්‍ඛු යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස චක්‍ඛුලෝල බ්‍රහ්මදත්ත නම් රජු (කලින් කී) පාදලෝල බ්‍රහ්මදත්ත රජු මෙන් නැටුම් බැලීමට කැමති වූවෙකි. මෙම කතාවෙහි වෙනසක් ඇත. පාදලොල බ්‍රහ්මදත්ත රජු අසතුටුව ඒ ඒ (පහයට) ගියද මේ රජ ඒ ඒ නාටක දැක බොහෝ සතුටුව දැඩිව ආසා කරමින් එහි හැසිරෙයි. ඔහු නාටක නැරඹීමට ආ එක්තරා කෙළෙඹි බිරියක දැක, රාගය ඉපදවීය. එයින්ම සංවේගයට පැමිණ, ‘අහෝ, මම මෙම තණ්හාව වඩමින් අපාගත වන්නෙක් වෙමි. එහෙයින් ඊට අපහාස කරන්නෙම්, නම් මැනවැ’යි පැවිදිව විදසුන් වඩා පසේ බුදු බව අවබෝධ කොට, තමාගේ මුල් පිළිවෙතට ගරහමින්, ඊට වෙනස්වන - යහපත් ගුණ දනවන මෙම උදාන ගාථාව කීහ.

“ඔක‍්ඛිත‍්තචක‍්ඛූ න ච පාදලොලො, ගුත‍්තින්‍ද්‍රියො රක‍්ඛිතමානසානො; අනවස‍්සුතො අපරිඩය‍්හමානො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ ඔක‍්ඛිත‍්තචක‍්ඛූති හෙට‍්ඨාඛිත‍්තචක‍්ඛු, සත‍්ත ගීවට‍්ඨීනි පටිපාටියා ඨපෙත්‍වා පරිවජ‍්ජගහෙතබ‍්බදස‍්සනත්‍ථං යුගමත‍්තං පෙක‍්ඛමානොති වුත‍්තං හොති. න තු හනුකට‍්ඨිනා හදයට‍්ඨිං සඞ‍්ඝට‍්ටෙන‍්තො. එවඤ‍්හි ඔක‍්ඛිත‍්තචක‍්ඛුතා න සමණසාරුප‍්පා හොතී. න ච පාදලොලොති එකස‍්ස දුතියො, ද‍්වින‍්නං තතියොති එවං ගණමජ‍්ඣං පවිසිතුකාමතාය කණ‍්ඩූයමානපාදො විය අභවන‍්තො, දීඝචාරිකඅනවට‍්ඨිතචාරිකවිරතො වා. ගුත‍්තින්‍ද්‍රියොති ඡසු ඉන්‍ද්‍රියෙසු ඉධ විසුංවුත‍්තාවසෙසවසෙන ගොපිතින්‍ද්‍රියො. රක‍්ඛිතමානසානොති මානසං යෙව මානසානං, තං රක‍්ඛිතමස‍්සාති රක‍්ඛිතමානසානො. යථා කිලෙසෙහි න විලුප‍්පති, එවං රක‍්ඛිතචිත‍්තොති වුත‍්තං හොති. අනවස‍්සුතොති ඉමාය පටිපත‍්තියා තෙසු තෙසු ආරම‍්මණෙසු කිලෙසඅන්‍වාස‍්සවවිරහිතො. අපරිඩය‍්හමානොති එවං අන්‍වාස‍්සවවිරහාව කිලෙසග‍්ගීහි අපරිඩය‍්හමානො. බහිද‍්ධා වා අනවස‍්සුතො, අජ‍්ඣත‍්තං අපරිඩය‍්හමානො. සෙසං වුත‍්තනයමෙවාති.

එහි ඔක්‍ඛිත්ත චක්‍ඛු පහත හෙළන ලද (බිමට යොමුවුණු) ඇසින්, ගෙල ඇට අටක් පිළිවෙළට තබා එය මගහැර යන අයුරින්, දුටුවිට ඉවත බලාගන්නා සේ, වියගහක් පමණ දුර බලන බව කියන ලදී. එසේ බලන්නේද හකු ඇටයෙන් හද ඇටය හා ගැටීමක් ඇති නොවන පරිදිය. එසේ ගැටෙන අයුරින් පහතට ඇස් යොමුකිරීමද පැවිද්දකුට සුදුසු නොවේ. න ච පාදලොලො එක් අයෙකුට දෙවැන්නකු ලෙසටද, දෙදෙනෙකු සමග තුන්වැන්නකු ලෙසටද සමූහයා මැදට පිවිසෙනු කැමතිව, පාදයෙහි කැසිල්ලක් හටගත්තා සේ, ඉක්මන් ගමනින් හෝ (එකිනෙකා) පසුබා යාමෙන් තොරවීමයි. ගුත්තින්‍දියො මෙහි වෙන්ව කියන ලද (ඇස ද ඇතුළුව) ඉඳුරන් සයෙහි සංවරව පවත්වාගෙන, රක්‍ඛිත මානසානො අදහස් - හැඟීම් ඇති බැවින් මනසයි. එය රැකගන්නේ යැයි තේරුමයි. කෙලෙස්වලට පැහැරගත නොහැකි පරිදි සිත රැකගත යුතු යැයි ද කියන ලදී. අනවස්සුතො මේ පිළිවෙත් මගින්, ඒ ඒ අරමුණුවල කෙලෙස් මුල්බැස නොගැනීමයි. අපරිඩය්හමානො මෙසේ කෙලෙස් මුල්බැස නොගැනීමෙන් සිත නොතැවෙමින්, නොදැවෙමින්, බාහිරව හෝ කෙලෙස් වසඟ නොවමින් එයින් තැවුලට පත් නොවේ. ඉතිරි කරුණු කලින් සඳහන් කළ පරිදිය.

ඔක‍්ඛිත‍්තචක‍්ඛුගාථාවණ‍්ණනා සමත‍්තා.

ඔක්‍ඛිත්ත චක්‍ඛු ගාථා විස්තරය නිමි.

29

29

ඔහාරයිත්‍වාති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර අයං අඤ‍්ඤොපි චාතුමාසිකබ්‍රහ‍්මදත‍්තො නාම රාජා චතුමාසෙ චතුමාසෙ උය්‍යානකීළං ගච‍්ඡති. සො එකදිවසං ගිම‍්හානං මජ‍්ඣිමෙ මාසෙ උය්‍යානං පවිසන‍්තො උය්‍යානද‍්වාරෙ පත‍්තසඤ‍්ඡන‍්නං පුප‍්ඵාලඞ‍්කතවිටපං පාරිච‍්ඡත‍්තකකොවිළාරං දිස‍්වා එකං පුප‍්ඵං ගහෙත්‍වා උය්‍යානං පාවිසි. තතො “රඤ‍්ඤා අග‍්ගපුප‍්ඵං ගහිත”න‍්ති අඤ‍්ඤතරොපි අමච‍්චො හත්‍ථික‍්ඛන්‍ධෙ ඨිතො එව එකං පුප‍්ඵං අග‍්ගහෙසි. එතෙනෙව උපායෙන සබ‍්බො බලකායො අග‍්ගහෙසි. පුප‍්ඵං අනස‍්සාදෙන‍්තා පත‍්තම‍්පි ගණ‍්හිංසු. සො රුක‍්ඛො නිප‍්පත‍්තපුප‍්ඵො ඛන්‍ධමත‍්තොව අහොසි. තං රාජා සායන‍්හසමයෙ උය්‍යානා නික‍්ඛමන‍්තො දිස‍්වා “කිං කතො අයං රුක‍්ඛො, මම ආගමනවෙලායං මණිවණ‍්ණසාඛන‍්තරෙසු පවාළසදිසපුප‍්ඵාලඞ‍්කතො අහොසි, ඉදානි නිප‍්පත‍්තපුප‍්ඵො ජාතො”ති චින‍්තෙන‍්තො තස‍්සෙවාවිදූරෙ අපුප‍්ඵිතං රුක‍්ඛං සඤ‍්ඡන‍්නපලාසං අද‍්දස. දිස‍්වා චස‍්ස එතදහොසි – “අයං රුක‍්ඛො පුප‍්ඵභරිතසාඛත‍්තා බහුජනස‍්ස ලොභනීයො අහොසි, තෙන මුහුත‍්තෙනෙව බ්‍යසනං පත‍්තො, අයං පනඤ‍්ඤො අලොභනීයත‍්තා තථෙව ඨිතො. ඉදම‍්පි රජ‍්ජං පුප‍්ඵිතරුක‍්ඛො විය ලොභනීයං, භික‍්ඛුභාවො පන අපුප‍්ඵිතරුක‍්ඛො විය අලොභනීයො. තස‍්මා යාව ඉදම‍්පි අයං රුක‍්ඛො විය න විලුප‍්පති, තාව අයමඤ‍්ඤො සඤ‍්ඡන‍්නපත‍්තො යථා පාරිච‍්ඡත‍්තකො, එවං කාසාවෙන පරිසඤ‍්ඡන‍්නෙන හුත්‍වා පබ‍්බජිතබ‍්බ”න‍්ති. සො රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා ඉමං උදානගාථං අභාසි –

ඔහාරයිත්‍වා යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස, චාතුමාසික බ්‍රහ්මදත්ත නම් වෙනත් රජෙක් සිවු මසින් සිවු මස උයන්කෙළි පිණිස යයි. ඔහු එක්දිනක් (ග්‍රීෂ්ම ඍතුව) මැද මාසයේ උයනට පිවිසෙන විට උයන් දොරටුවෙහි කොළවලින් පිරුණු කොබෝලීල මල් ඉත්තක් දැක එක් මලක් රැගෙන උයනට ගියේය. එවිට, ‘රජු වටිනා මලක් රජු ගන්නා ලදැ’යි එක්තරා ඇමතියෙක්ද ඇතු පිට සිටම එක් මලක් ගත්තේය. මේ ආකාරයෙන් මුළු බලකායම මල් ගත්තේය. මල් නොමැති වූ විට කොළද ගත්හ. මුළු ගසම මල්, කොළ නැති කඳ පමණක් ඉතිරි විය. රජු සවස්කල උයනෙන් නික්මෙද්දී, ඒ දැක ‘මේ ගසට කුමක් කළේද? මා උයනට පැමිණෙද්දී (මේ ගස) මිණිවන් අතු ඉති අතර, පබළු මෙන් මලින් අලංකාර විය. දැන් කොළ, මල් නැතැ’යි සිතමින් ඊට නුදුරින් වූ කොළවලින් ගැවසුනු මල් නොපිපුණු ගසක් දුටුවේය. එවිට රජුට මෙසේ සිතුණි. ‘මේ ගස මලින් පිරී අතු පතරින් යුතු වූ බැවින් බොහෝ දෙනාට ආසා ඇතිවිය. එය මොහොතකින් වැනසීමට පත් විය. මේ අනික් ගසට ආසා ඇති නොවන බැවින් එසේ තිබේ. මේ රජකමද මල් පිපුණු ගස මෙන් ආසාවම වඩවයි. පැවිදි බව මල් නොපිපුණු ගස මෙන් ආසා ඇති නොකරයි. එහෙයින් මේ ගස මෙන් ඇළුම් නොවේද, කොළවලින් ගැවසුණු අනෙක් කොබෝලීල ගස මෙන්, කහවතින් (සිරුර) වසා, පැවිදිවිය යුතුය. ‘ඔහු රජකම හැර පැවිදිව විදසුන් වඩමින් පසේ බුදුබව අවබෝධ කොට මෙම උදාන ගාථාව කීය.

“ඔහාරයිත්‍වා ගිහිබ්‍යඤ‍්ජනානි, සඤ‍්ඡන‍්නපත‍්තො යථා පාරිඡත‍්තො; කාසායවත්‍ථො අභිනික‍්ඛමිත්‍වා, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ කාසායවත්‍ථො අභිනික‍්ඛමිත්‍වාති ඉමස‍්ස පාදස‍්ස ගෙහා අභිනික‍්ඛමිත්‍වා කාසායවත්‍ථො හුත්‍වාති එවමත්‍ථො වෙදිතබ‍්බො. සෙසං වුත‍්තනයෙනෙව සක‍්කා ජානිතුන‍්ති න විත්‍ථාරිතන‍්ති.

එහි කාසායවත්‍ථො අභිනික්‍ඛමිත්‍වා මේ (තැබූ) පියවරෙන්ම ගිහි ගෙයින් නික්ම, කහවත් දරන්නෙකු වී යැයි තේරුම දතයුතුය. ඉතිරි කරුණු කලින් සඳහන් වූ බැවින් වටහා ගැනීමට හැකි වේ. එහෙයින් විස්තර නොදක්වන ලදී.

පාරිච‍්ඡත‍්තකගාථාවණ‍්ණනා සමත‍්තා.

පාරිච්ඡත්තක ගාථා විස්තරය නිමි.

තතියො වග‍්ගො නිට‍්ඨිතො.

තුන්වන වග අවසානය

30

30

රසෙසූති කා උප‍්පත‍්ති? අඤ‍්ඤතරො කිර බාරාණසිරාජා උය්‍යානෙ අමච‍්චපුත‍්තෙහි පරිවුතො සිලාපට‍්ටපොක‍්ඛරණියං කීළති. තස‍්ස සූදො සබ‍්බමංසානං රසං ගහෙත්‍වා අතීව සුසඞ‍්ඛතං අමතකප‍්පං අන‍්තරභත‍්තං පචිත්‍වා උපනාමෙසි. සො තත්‍ථ ගෙධමාපන‍්නො කස‍්සචි කිඤ‍්චි අදත්‍වා අත‍්තනාව භුඤ‍්ජි. උදකකීළතො ච අතිවිකාලෙ නික‍්ඛන‍්තො සීඝං සීඝං භුඤ‍්ජි. යෙහි සද‍්ධිං පුබ‍්බෙ භුඤ‍්ජති, න තෙසං කඤ‍්චි සරි. අථ පච‍්ඡා පටිසඞ‍්ඛානං උප‍්පාදෙත්‍වා “අහො, මයා පාපං කතං, ය‍්වාහං රසතණ‍්හාය අභිභූතො සබ‍්බජනං විසරිත්‍වා එකකොව භුඤ‍්ජිං. හන්‍ද රසතණ‍්හං නිග‍්ගණ‍්හාමී”ති රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා අත‍්තනො පුරිමපටිපත‍්තිං ගරහන‍්තො තප‍්පටිපක‍්ඛගුණදීපිකං ඉමං උදානගාථං අභාසි –

රසෙසු යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? එක්තරා බරණැස රජෙක් ඇමති පුතුන් පිරිවරා උයනෙහි ගල්තලා පොකුණෙහි කෙළිදෙළෙන් පසුවෙයි. රජුගේ අරක්කැමියා සියළු මස්වල රස ඇතුළත්, මනාව පිළියෙල කරන ලද, අමාවක් බඳුඅතුරු අහරක් අහරක් පිස රජුට පිළිගැන්වීය. ඔහු එහි ගිජුව ආසාවට පත්ව, කිසිම කෙනෙකුට මදක් හෝ නොදී තමන්ම අනුභව කළේය. ජල කෙළියෙහිද බොහෝ වේලාවක් ගතකළ බැවින්, ඉක්මණින්, ඉක්මණින් අනුභව කළේය. මුලදී ඔහු සමග අනුභව කළවුන් ගැනද කිසිදු සිහිකිරීමක් නොකළේය. පසුව ඒ ගැන ගැඹුරින් සිතනවිට ‘අනේ. මා අයහපත් දෙයක් කරන ලද්දේය. මම රස තණ්හාවෙන් වෙළී, සියළු දෙනා අමතක කොට තනිවම අනුභව කළෙම්ද, ඒ රස තණ්හාවට නින්දා කරමි’යි රජකම හැර පැවිදිව විදසුන් වඩා පසේ බුදු බව අවබෝධ කොට තම මුල් පිළිවෙතට ගරහමින් දැන් ලද වෙනස පහදමින් මෙම උදාන ගාථාව කීය.

“රසෙසු ගෙධං අකරං අලොලො, අනඤ‍්ඤපොසී සපදානචාරී; කුලෙ කුලෙ අප‍්පටිබද‍්ධචිත‍්තො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ රසෙසූති අම‍්බිලමධුරතිත‍්තකකටුකලොණිකඛාරිකකසාවාදිභෙදෙසු සායනීයෙසු. ගෙධං අකරන‍්ති ගිද‍්ධිං අකරොන‍්තො, තණ‍්හං අනුප‍්පාදෙන‍්තොති වුත‍්තං හොති. අලොලොති “ඉදං සායිස‍්සාමි, ඉදං සායිස‍්සාමී”ති එවං රසවිසෙසෙසු අනාකුලො. අනඤ‍්ඤපොසීති පොසෙතබ‍්බකසද‍්ධිවිහාරිකාදිවිරහිතො , කායසන්‍ධාරණමත‍්තෙන සන‍්තුට‍්ඨොති වුත‍්තං හොති. යථා වා පුබ‍්බෙ උය්‍යානෙ රසෙසු ගෙධකරණලොලො හුත්‍වා අඤ‍්ඤපොසී ආසිං, එවං අහුත්‍වා යාය තණ‍්හාය ලොලො හුත්‍වා රසෙසු ගෙධං කරොති. තං තණ‍්හං හිත්‍වා ආයතිං තණ‍්හාමූලකස‍්ස අඤ‍්ඤස‍්ස අත‍්තභාවස‍්ස අනිබ‍්බත‍්තනෙන අනඤ‍්ඤපොසීති දස‍්සෙති. අථ වා අත්‍ථභඤ‍්ජනකට‍්ඨෙන අඤ‍්ඤෙති කිලෙසා වුච‍්චන‍්ති. තෙසං අපොසනෙන අනඤ‍්ඤපොසීති අයම‍්පෙත්‍ථ අත්‍ථො. සපදානචාරීති අවොක‍්කම‍්මචාරී අනුපුබ‍්බචාරී, ඝරපටිපාටිං අඡඩ‍්ඩෙත්‍වා අඩ‍්ඪකුලඤ‍්ච දලිද‍්දකුලඤ‍්ච නිරන‍්තරං පිණ‍්ඩාය පවිසමානොති අත්‍ථො. කුලෙ කුලෙ අප‍්පටිබද‍්ධචිත‍්තොති ඛත‍්තියකුලාදීසු යත්‍ථ කත්‍ථචි කිලෙසවසෙන අලග‍්ගචිත‍්තො, චන්‍දූපමො නිච‍්චනවකො හුත්‍වාති අත්‍ථො. සෙසං වුත‍්තනයමෙවාති.

ගාථාවෙහි රසෙසු යනු ඇඹුල්, මිහිරි, තිත්ත, රළු, ලුණු, කර, කහට ආදී (දිවට) දැනෙන නොයෙක් රසයි. ගෙධං අකරං - ගිජු බවින් තොරවීමයි. තණ්හාව නූපදනා බව කියන ලදී. අලොලො ‘මෙය රස බලන්නෙමි, මෙය රස බලන්නෙමි’යි නොයෙක් රසයෙහිම පැටලී නොසිටීමයි. අනඤ්ඤපොසී ආහාර ආදිය ලබාදෙමින් හදාවඩා ගතයුතු, තමන් හා එක්ව වෙසෙන්නන් නොමැති බවයි. සිරුර පවත්වාගෙන යාමට තරම් වූ දෙයකින් සෑහීමට පත් වේ යැයි කියන ලදී. පෙර උයනෙහිදී යම්සේ රසයෙහි ගිජුව ආසාවෙන් වෙනත් කෙනෙකුට නොදී සිටියෙම්ද, එසේ ආසාවට ලොල්ව රසයෙහි ගිජුවෙයි. ඒ තණ්හාව හැරදමා නැවතත් එය මුල්කොට වෙනත් ආසා නූපදනා බැවින්, වෙනත් කෙනෙකු කවා පොවා ඇතිදැඩි නොකරන බව දක්වයි. නැතහොත් වෙනත් අරුතක් ලෙස කෙලෙස් (ගැන) කියනු ලැබේ. ඒවා (තවදුරටත්) හදාවඩා නොගන්නා ලෙසින් අනඤ්ඤපොසී නම් වෙයි. සපදානචාරී (පෙර බුදුවරුන්ගේ සිරිත නොඉක්මවමින්) අනුපිළිවෙලින් (පිඬු පිණිස) හැසිරෙයි. පොහොසත් පවුල් යැයිද දිළිඳු පවුල් යැයිද අත්නොහැර, ගෙවල් පිළිවෙලින් පිඬු පිණිස පිවිසීම යනු තේරුමයි. කුලෙ කුලෙ අප්පටිබද්ධ චිත්තො කැත් කුල ආදී ලෙසින් යම් කිසිතැනක කෙලෙසින් නොඇළුණු සිතින් සඳ උපමා කොට නිති අළුත (පැවිදි වූවකුව) - නිති නවකයෙකුව යන තේරුමයි. ඉතිරි කරුණු කලින් සඳහන් කර ඇති අයුරිනි.

රසගෙධගාථාවණ‍්ණනා සමත‍්තා.

රසගෙධ ගාථා විස්තරය නිමි.

31

31

පහාය පඤ‍්චාවරණානීති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර අඤ‍්ඤතරො රාජා පඨමජ‍්ඣානලාභී අහොසි. සො ඣානානුරක‍්ඛණත්‍ථං රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා අත‍්තනො පටිපත‍්තිසම‍්පදං දීපෙන‍්තො ඉමං උදානගාථං අභාසි –

පහාය පඤ්චාවරණානි යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස එක්තරා රජෙක් පළමු දැහැන ලැබීය. රජු දැහැන රැකගැනීම පිණිස රජකම හැර පැවිදිව විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කොට පිළිවෙත් සම්පත් මහිමය පහදමින් මම උදාන ගාථාව කීය.

“පහාය පඤ‍්චාවරණානි චෙතසො, උපක‍්කිලෙසෙ බ්‍යපනුජ‍්ජ සබ‍්බෙ; අනිස‍්සිතො ඡෙත්‍ව සිනෙහදොසං, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ ආවරණානීති නීවරණානෙව. තානි අත්‍ථතො උරගසුත‍්තෙ වුත‍්තානි. තානි පන යස‍්මා අබ‍්භාදයො විය චන්‍දසූරියෙ චෙතො ආවරන‍්ති, තස‍්මා “ආවරණානි චෙතසො”ති වුත‍්තානි. තානි උපචාරෙන වා අප‍්පනාය වා පහාය. උපක‍්කිලෙසෙති උපගම‍්ම චිත‍්තං විබාධෙන‍්තෙ අකුසලෙ ධම‍්මෙ, වත්‍ථොපමාදීසු වුත‍්තෙ අභිජ‍්ඣාදයො වා. බ්‍යපනුජ‍්ජාති පනුදිත්‍වා විනාසෙත්‍වා, විපස‍්සනාමග‍්ගෙන පජහිත්‍වාති අත්‍ථො. සබ‍්බෙති අනවසෙසෙ. එවං සමථවිපස‍්සනාසම‍්පන‍්නො පඨමමග‍්ගෙන දිට‍්ඨිනිස‍්සයස‍්ස පහීනත‍්තා අනිස‍්සිතො. සෙසමග‍්ගෙහි ඡෙත්‍වා තෙධාතුකං සිනෙහදොසං, තණ‍්හාරාගන‍්ති වුත‍්තං හොති. සිනෙහො එව හි ගුණපටිපක‍්ඛතො සිනෙහදොසොති වුත‍්තො. සෙසං වුත‍්තනයමෙවාති.

එහි ආවරණානි නීවරණයි. ඒ ගැන උරග සූත්‍ර විස්තරයෙහි සඳහන් විය. වලාකුලින් සඳ හිරු වසන්නා සේ නීවරණ සිත අහුරයි. එහෙයින් ආවරණානි චෙතසො යැයි කියන ලදී. එය සිත එකඟ කිරීමේ මූලික හැඩගැසීමේදී හෝ දැහැන් ලැබීමෙන් හෝ (උපචාර හා අප්පණා ලෙස) පහාය. උපක්කිලෙසෙ සිතට බාධා කරන අයහපත්, අකුසල කරුණුවලින් යුතු, වත්‍ථූපම සූත්‍රයෙහි දක්වා ඇති පරිදි දැඩි ලෝභය ආදී ලෙසිනි. ව්‍යාපනුජ්ජා හටගැනීමට ඉඩ නොදී වනසා, විදසුන් මගින් දුරුකොට ඇතැයි තේරුමයි. සබ්බෙ ඉතිරි නොවී, මෙසේ සමථ හා විදසුන් වඩා සෝවාන් මගින් දැඩිව ගන්නා ලද දිට්ඨි හෙවත් වැරදි හැඟීම් දුරුකරන ලද බැවින් අනිස්සිතො (සකදාගාමී ආදී) ඉතිරි මගපලවලින් ජෙත්‍වා, තුන් ආකාර සෙන්හදොසං තණ්හා රාග යැයි කියන ලදී. ඇලීම ආදරය එයට වෙනස්වන අයුරු සෙන්හදොසො යැයි කියන ලදී. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිය.

ආවරණගාථාවණ‍්ණනා සමත‍්තා.

ආවරණ ගාථා විස්තරය නිමි.

32

32

විපිට‍්ඨිකත්‍වානාති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර අඤ‍්ඤතරො රාජා චතුත්‍ථජ‍්ඣානලාභී අහොසි. සො ඣානානුරක‍්ඛණත්‍ථං රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා අත‍්තනො පටිපත‍්තිසම‍්පදං දීපෙන‍්තො ඉමං උදානගාථං අභාසි –

විපට්ඨි කත්‍වාන යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස එක්තරා රජෙක් සිවුවන දැහැන ලැබුවේය. ඔහු දැහැන රැකගැනීම පිණිස රජකම හැර පැවිදිව විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කොට තම පිළිවෙත් සම්පත් පහදමින් මෙම උදාන ගාථාව කීය.

“විපිට‍්ඨිකත්‍වාන සුඛං දුඛඤ‍්ච, පුබ‍්බෙව ච සොමනස‍්සදොමනස‍්සං; ලද‍්ධානුපෙක‍්ඛං සමථං විසුද‍්ධං, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ විපිට‍්ඨිකත්‍වානාති පිට‍්ඨිතො කත්‍වා, ඡඩ‍්ඩෙත්‍වා ජහිත්‍වාති අත්‍ථො. සුඛං දුඛඤ‍්චාති කායිකං සාතාසාතං. සොමනස‍්සදොමනස‍්සන‍්ති චෙතසිකං සාතාසාතං. උපෙක‍්ඛන‍්ති චතුත්‍ථජ‍්ඣානුපෙක‍්ඛං. සමථන‍්ති චතුත්‍ථජ‍්ඣානසමථමෙව. විසුද‍්ධන‍්ති පඤ‍්චනීවරණවිතක‍්කවිචාරපීතිසුඛසඞ‍්ඛාතෙහි නවහි පච‍්චනීකධම‍්මෙහි විමුත‍්තත‍්තා විසුද‍්ධං, නිද‍්ධන‍්තසුවණ‍්ණමිව විගතූපක‍්කිලෙසන‍්ති අත්‍ථො.

එම ගාථාවෙහි විපිට්ඨි කත්‍වාන නොපිටට හරවා, හැරදමා, අත්හැර යන තේරුමයි. සුඛං දුක්‍ඛඤ්ච කයෙහි සැප-දුකය. සොමනස්ස දොමනස්සං සිතිවිලි නිසා ඇතිවන (සිතෙහි) යහපත හා අයහපතයි. උපෙක්‍ඛං සිදුවන දැහැනෙහි මැදිහත් බවයි. සමථං සිවුවන දැහැනින් ලබන (සිතෙහි) එකඟ බවය. විසුද්ධං නීවරණ පහෙන්ද, විතක්ක, විචාර, පීති, සුඛ යැයි කියන ලද එකිනෙකට වෙනස් කරුණු නවයෙන් මිදුණු හෙයින් ඉතා පිරිසිදුය. පිරිසිදු කරන ලද රත්රන් සේ කෙලෙස් හැරදමන ලදැයි යන තේරුමයි.

අයං පන යොජනා – විපිට‍්ඨිකත්‍වාන සුඛං දුක‍්ඛඤ‍්ච පුබ‍්බෙව පඨමජ‍්ඣානුපචාරභූමියංයෙව දුක‍්ඛං, තතියජ‍්ඣානුපචාරභූමියං සුඛන‍්ති අධිප‍්පායො. පුන ආදිතො වුත‍්තං චකාරං පරතො නෙත්‍වා “සොමනස‍්සං දොමනස‍්සඤ‍්ච විපිට‍්ඨිකත්‍වාන පුබ‍්බෙවා”ති අධිකාරො. තෙන සොමනස‍්සං චතුත්‍ථජ‍්ඣානුපචාරෙ, දොමනස‍්සඤ‍්ච දුතියජ‍්ඣානුපචාරෙයෙවාති දීපෙති. එතානි හි එතෙසං පරියායතො පහානට‍්ඨානානි. නිප‍්පරියායතො පන දුක‍්ඛස‍්ස පඨමජ‍්ඣානං, දොමනස‍්සස‍්ස දුතියජ‍්ඣානං, සුඛස‍්ස තතියජ‍්ඣානං, සොමනස‍්සස‍්ස චතුත්‍ථජ‍්ඣානං පහානට‍්ඨානං. යථාහ – “පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති එත්‍ථුප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣතී”තිආදි (සං· නි· 5.510). තං සබ‍්බං අට‍්ඨසාලිනියා ධම‍්මසඞ‍්ගහට‍්ඨකථායං (ධ· ස· අට‍්ඨ· 165) වුත‍්තං. යතො පුබ‍්බෙව තීසු පඨමජ‍්ඣානාදීසු දුක‍්ඛදොමනස‍්සසුඛානි විපිට‍්ඨිකත්‍වා එත්‍ථෙව චතුත්‍ථජ‍්ඣානෙ සොමනස‍්සං විපිට‍්ඨිකත්‍වා ඉමාය පටිපදාය ලද‍්ධානුපෙක‍්ඛං සමථං විසුද‍්ධං එකො චරෙති. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙවාති.

මෙයින් අදහස් කෙරෙන්නේ, සැප ද දුක ද අතහැර දැමීමේදී, පුබ්බෙව - පළමු දැහැන ලබාගැනීමට මූලික අවදියම දුකය. තුන්වන දැහැන ලැබීමේ මූලික අවදිය සැපය යයි අදහස් වේ. නැවත මුලින්ම කියන ලද ‘ව’ අකුර පසුව යොදා සොම්නසද දොම්නසද හැරදමා පුබ්බෙව යැයි යෙදේ. එයින් සොම්නස සිවුවන දැහැනෙහි මුල් අවදියෙහිද දොම්නස දෙවන දැහැනෙහි මුල් අවදියෙහිද යෙදෙන අයුරු පහදයි. මේවා ඒ ඒ ආකාරයෙන් (ඒ ඒ දැහැන ලැබීමෙන්) ඉවත්වන සැටි (දක්වා ඇත.) පොදුවේ සළකතොත්, පළමු දැහැනෙහිදී දුක ද, දෙවැනි දැහැනෙහි සොම්නස, තුන්වන දැහැනෙහි සැපය, සිවුවන දැහැනෙහි සොම්නස දුරුවන අයුරුය. ‘පළමු දැහැනට පැමිණ වාසය කරයි. එහි මුල දී හටගත් දුකෙහි බලපැවැත්ම මුළුමනින්ම දුරුකරයි. ‘පඨමජ්ඣානං උපම්පජ්ජ විහරති, එත්‍ථුප්පන්නං දුක්‍ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ්ඣති’ යනුවෙන් කියා ඇත්තේ එබැවිනි. ඒ සියළු කරුණු අත්‍ථසාලිනියෙහි ධම්ම සංගහ විස්තරයෙහි සඳහන් වේ. පුබ්බෙව යම් අයුරින්, පළමු, දෙවන, තුන්වන දැහැන්වල දී දුක, දොම්නස, සුවය නැතිකොට - හැරදමා - සතරවැනි දැහැනෙහිදී සොම්නසද හැරදමා, මේ පිළිවෙත් මගින් ලබන ලද (සොබාවය) විමසමින් පිරිසිදු සිත එකඟතාවට පත්ව තනිව හැසිරෙන්නේය. ඉතිරි කරුණු කලින් කියන ලද පරිදිමය.

විපිට‍්ඨිකත්‍වාගාථාවණ‍්ණනා සමත‍්තා.

විපිට්ඨි ගාථා විස්තරය නිමි.

33

33

ආරද‍්ධවීරියොති කා උප‍්පත‍්ති? අඤ‍්ඤතරො කිර පච‍්චන‍්තරාජා සහස‍්සයොධපරිමාණබලකායො රජ‍්ජෙන ඛුද‍්දකො, පඤ‍්ඤාය මහන‍්තො අහොසි. සො එකදිවසං “කිඤ‍්චාපි අහං ඛුද‍්දකො, පඤ‍්ඤවතා ච පන සක‍්කා සකලජම‍්බුදීපං ගහෙතු”න‍්ති චින‍්තෙත්‍වා සාමන‍්තරඤ‍්ඤො දූතං පාහෙසි – “සත‍්තදිවසබ‍්භන‍්තරෙ මෙ රජ‍්ජං වා දෙතු යුද‍්ධං වා”ති. තතො සො අත‍්තනො අමච‍්චෙ සමොධානෙත්‍වා ආහ – “මයා තුම‍්හෙ අනාපුච‍්ඡායෙව සාහසං කතං, අමුකස‍්ස රඤ‍්ඤො එවං පහිතං, කිං කාතබ‍්බ”න‍්ති? තෙ ආහංසු – “සක‍්කා, මහාරාජ, සො දූතො නිවත‍්තෙතු”න‍්ති? “න සක‍්කා, ගතො භවිස‍්සතී”ති. “යදි එවං විනාසිතම‍්හා තයා, තෙන හි දුක‍්ඛං අඤ‍්ඤස‍්ස සත්‍ථෙන මරිතුං. හන්‍ද, මයං අඤ‍්ඤමඤ‍්ඤං පහරිත්‍වා මරාම, අත‍්තානං පහරිත්‍වා මරාම, උබ‍්බන්‍ධාම, විසං ඛාදාමා”ති. එවං තෙසු එකමෙකො මරණමෙව සංවණ‍්ණෙති. තතො රාජා – “කිං මෙ, ඉමෙහි, අත්‍ථි, භණෙ, මය‍්හං යොධා”ති ආහ. අථ “අහං, මහාරාජ, යොධො, අහං, මහාරාජ, යොධො”ති තං යොධසහස‍්සං උට‍්ඨහි.

ආරද්ධ විරියො යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? ඈත කුඩා පෙදෙසක් යෝධයන් දහසක බලකායක් සහිතව පාලනය කරන, බොහෝ නුවණැති එක්තරා රජෙක් විය. ඔහු එක් දවසක් ‘මා කුඩා පෙදෙසක් පාලනය කරතත්, නුවණින් මුළු දඹදිවම යටත් කරගත හැකි’ යැයි සිතා, යාබද පෙදෙසක රජුට ‘සත්දිනක් ඇතුලත මට රජය නොදුනහොත් යුද්ධය වනු ඇතැ’යි දූතයකු යැවීය. පසුව ඇමතිවරුන් රැස්කොට, ‘මා ඔබලා නොවිමසාම අපරාධයක් කරන ලදී. අසවල් රජුට මෙසේ පණිවුඩ යවන ලදී. කුමක් කළ යුතුදැ’යි ඇසීය. ‘මහරජතුමනි, ඒ පණිවුඩකරු නවතාලිය හැකිදැ’යි ඔවුහු ඇසූහ. ‘නොහැකිය, (දැනටමත්) යන්නට ඇතැ’යි රජු කීය. ‘එසේනම්, ඔබ අප වනසා ඇත. එසේනම් වෙනත් කෙනෙකුගේ අවියකින් මැරෙන්නට වීම දුකකි. අපි එකිනෙකාට පහරදී මැරෙමු. තමන් තමන්ම පහර දී හෝ මැරෙමු. ගෙල වැල ලාගෙන මැරෙමු. වස විස කමු’ ආදී ලෙසින් එක් එක්කෙනා මරණයම අගය කරයි. එවිට රජු, ‘මොවුන් කියන්නේ කුමක්ද? දරුවනි, මට යෝධයන් ඇත්දැ’යි ඇසීය. ‘මා යෝධයෙක්මි. මා යෝධයෙක් යැයි කියමින් ඒ යෝධයෝ දහසම නැගී සිටියහ.

රාජා “එතෙ උපපරික‍්ඛිස‍්සාමී”ති මන‍්ත්‍වා චිතකං සජ‍්ජෙත්‍වා ආහ – “මයා, භණෙ, ඉදං නාම සාහසං කතං, තං මෙ අමච‍්චා පටික‍්කොසන‍්ති, සොහං චිතකං පවිසිස‍්සාමි, කො මයා සද‍්ධිං පවිසිස‍්සති, කෙන මය‍්හං ජීවිතං පරිච‍්චත‍්ත”න‍්ති? එවං වුත‍්තෙ පඤ‍්චසතා යොධා උට‍්ඨහිංසු – “මයං, මහාරාජ, පවිසාමා”ති. තතො රාජා අපරෙ පඤ‍්චසතෙ යොධෙ ආහ – “තුම‍්හෙ ඉදානි, තාතා, කිං කරිස‍්සථා”ති? තෙ ආහංසු – “නායං, මහාරාජ, පුරිසකාරො, ඉත්‍ථිකිරියා එසා, අපිච මහාරාජෙන පටිරඤ‍්ඤො දූතො පෙසිතො, තෙන මයං රඤ‍්ඤා සද‍්ධිං යුජ‍්ඣිත්‍වා මරිස‍්සාමා”ති. තතො රාජා “පරිච‍්චත‍්තං තුම‍්හෙහි මම ජීවිත”න‍්ති චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා තෙන යොධසහස‍්සෙන පරිවුතො ගන‍්ත්‍වා රජ‍්ජසීමාය නිසීදි.

රජු. මොවුන් විමසන්නෙමි’යි සිතා දරසෑයක් තනවා ‘දරුවනි, මා මෙවන් අපරාධයක් කරන ලදී. ඒ නිසා මට ඇමතිවරු දොස් කියති. මම දරසෑයට පිවිසින්නෙමි. කවරකු මා සමග එත්ද? කවුරු මට (මා වෙනුවෙන්) ජීවිතය දෙත්දැ’යි ඇසීය. මෙසේ කී කල, යෝධයෝ පන්සියයක් ‘මහරජ, අපි (දර සෑයට) පිවිසෙමු’යි කීහ. එහිදී රජු අනිත් යෝධයන් පන්සියයගෙන් ‘ඔබලා කුමක් කරවුද? දරුවනි’යි ඇසීය. ‘මහරජ, එය පිරිමි ගතියට සුදුසු දෙයක් නොවේ. ගැහැණු ගතියකි. මේ වනවිට මහරජු විසින් සතුරු රජෙකුට දූතයෙකු යවා ඇත. එහෙයින් අපි ඒ රජු සමග යුදකොට මැරෙන්නෙමු’යි ඔවුහු කීහ. එවිට රජු ‘ඔබලා මා වෙනුවෙන් ජීවිතය හැරදමන ලදැ’යි කියා සිවුරඟ සෙනග රැස්කොට ඒ යෝධයන් දහස පිරිවරා ගොස් පාලන සීමාවෙහි හුන්නේය.

සොපි පටිරාජා තං පවත‍්තිං සුත්‍වා “අරෙ, සො ඛුද‍්දකරාජා මම දාසස‍්සාපි නප‍්පහොතී”ති කුජ‍්ඣිත්‍වා සබ‍්බං බලකායං ආදාය යුජ‍්ඣිතුං නික‍්ඛමි. ඛුද‍්දකරාජා තං අබ‍්භුය්‍යාතං දිස‍්වා බලකායං ආහ – “තාතා, තුම‍්හෙ න බහුකා; සබ‍්බෙ සම‍්පිණ‍්ඩිත්‍වා, අසිචම‍්මං ගහෙත්‍වා, සීඝං ඉමස‍්ස රඤ‍්ඤො පුරතො උජුකං එව ගච‍්ඡථා”ති. තෙ තථා අකංසු. අථ සා සෙනා ද‍්විධා භිජ‍්ජිත්‍වා අන‍්තරමදාසි. තෙ තං රාජානං ජීවග‍්ගාහං ගණ‍්හිංසු, අඤ‍්ඤෙ යොධා පලායිංසු. ඛුද‍්දකරාජා “තං මාරෙමී”ති පුරතො ධාවති, පටිරාජා තං අභයං යාචි. තතො තස‍්ස අභයං දත්‍වා, සපථං කාරාපෙත්‍වා, තං අත‍්තනො මනුස‍්සං කත්‍වා, තෙන සහ අඤ‍්ඤං රාජානං අබ‍්භුග‍්ගන‍්ත්‍වා, තස‍්ස රජ‍්ජසීමාය ඨත්‍වා පෙසෙසි – “රජ‍්ජං වා මෙ දෙතු යුද‍්ධං වා”ති. සො “අහං එකයුද‍්ධම‍්පි න සහාමී”ති රජ‍්ජං නිය්‍යාතෙසි. එතෙනෙව උපායෙන සබ‍්බරාජානො ගහෙත්‍වා අන‍්තෙ බාරාණසිරාජානම‍්පි අග‍්ගහෙසි.

සතුරු රජු ද ඒ පුවත අසා ‘බොල, ඒ කුඩා රජු මගේ මෙහෙකරු බවටද නොසෑහේ යැයි කිපී සියළු බල සේනාව සමග යුද පිණිස නික්මියේය. කුඩා රජුද ඒ සේනාව ඉදිරියට එනු දැක, ‘දරුවනි, ඔබලා බොහෝ පිරිසක් නොවේ. සියළු දෙනාම එක්ව කඩු පලිහ ගෙන, ඉක්මණින්ම, එකවරටම ඒ රජු ඉදිරියට යවු’ යැයි (අණ කළේය.) ඔවුහු එසේ කළහ. ඊට පසු ඒ සේනාව දෙකොටසකට බෙදී නොපෙනී ගියේය. ඔවුහු සතුරු රජු පණ පිටින්ම අල්ලා ගත්හ. කුඩා රජුද, ‘සතුරු රජු මරමි’යි කියමින් ඉදිරියට දුවයි. සතුරු රජු තමා නොමරන ලෙස අයැදීය. ඔහුට ජීවිතය දී, තමා හා එකඟතාවයකට පොරොන්දු කරවා ගෙන, අවනතකොට, ඔහු සමග වෙනත් රජකුගේ පාලන සීමාවට ගොස් ‘රජකම දෙව, නැතිනම් යුද්ධය’ යැයි දැන්වීය. එහි රජු ‘මට එක යුද්ධයකට හෝ උත්සාහ නොවෙමි’යි රජකම පැවරිය. මේ උපායෙන් සියළුම රජවරුන් තම යටතට ගෙන, පසුව බරණැස රජුද අල්ලා ගත්තේය.

සො එකසතරාජපරිවුතො සකලජම‍්බුදීපෙ රජ‍්ජං අනුසාසන‍්තො චින‍්තෙසි – “අහං පුබ‍්බෙ ඛුද‍්දකො අහොසිං, සොම‍්හි අත‍්තනො ඤාණසම‍්පත‍්තියා සකලජම‍්බුදීපස‍්ස ඉස‍්සරො ජාතො. තං ඛො පන මෙ ඤාණං ලොකියවීරියසම‍්පයුත‍්තං, නෙව නිබ‍්බිදාය න විරාගාය සංවත‍්තති, සාධු වතස‍්ස ස‍්වාහං ඉමිනා ඤාණෙන ලොකුත‍්තරධම‍්මං ගවෙසෙය්‍ය”න‍්ති. තතො බාරාණසිරඤ‍්ඤො රජ‍්ජං දත්‍වා, පුත‍්තදාරඤ‍්ච සකජනපදමෙව පෙසෙත්‍වා, පබ‍්බජ‍්ජං සමාදාය විපස‍්සනං ආරභිත්‍වා, පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා අත‍්තනො වීරියසම‍්පත‍්තිං දීපෙන‍්තො ඉමං උදානගාථං අභාසි –

ඔහු එක්සියයක් (යටත් වූ) රජවරුන් පිරිවරා මුළු දඹදිවටම අගරජ බවට පත්ව, ‘මම පෙර කුඩා පාලකයෙක් වූයෙමි. මම මගේ නුවණ නමැති සම්පතින් මුළු දඹදිවම අධිපති වෙමි. ඒ නුවණ එදිනෙදා පැවැත්මට - මෙලොවට උත්සාහයක් වුවත් එය සැනසීමට හෝ ඇලීම් නැති කරලීමට හේතු නොවේ. මම නුවණ මෙහෙයා ලොවුතුරා දහම සොයන්නෙමි’යි සිතුවේය. බරණැස රජුට රජකම පවරා දී අඹුදරුවන්ද තම ජනපදයටම යවා පැවිදිවත සමාදන්ව විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කොට, තම උත්සාහයේ අගය පහදා දෙමින් උදාන ගාථාව කීහ.

“ආරද‍්ධවිරියො පරමත්‍ථපත‍්තියා, අලීනචිත‍්තො අකුසීතවුත‍්ති; දළ‍්හනික‍්කමො ථාමබලූපපන‍්නො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ ආරද‍්ධං වීරියමස‍්සාති ආරද‍්ධවිරියො. එතෙන අත‍්තනො වීරියාරම‍්භං ආදිවීරියං දස‍්සෙති. පරමත්‍ථො වුච‍්චති නිබ‍්බානං, තස‍්ස පත‍්තියා පරමත්‍ථපත‍්තියා. එතෙන වීරියාරම‍්භෙන පත‍්තබ‍්බඵලං දස‍්සෙති. අලීනචිත‍්තොති එතෙන බලවීරියූපත්‍ථම‍්භානං චිත‍්තචෙතසිකානං අලීනතං දස‍්සෙති. අකුසීතවුත‍්තීති එතෙන ඨානආසනචඞ‍්කමනාදීසු කායස‍්ස අනවසීදනං. දළ‍්හනික‍්කමොති එතෙන “කාමං තචො ච න‍්හාරු චා”ති (ම· නි· 2.184; අ· නි· 2.5; මහානි· 196) එවං පවත‍්තං පදහනවීරියං දස‍්සෙති, යං තං අනුපුබ‍්බසික‍්ඛාදීසු පදහන‍්තො “කායෙන චෙව පරමසච‍්චං සච‍්ඡිකරොති, පඤ‍්ඤාය ච නං අතිවිජ‍්ඣ පස‍්සතී”ති වුච‍්චති. අථ වා එතෙන මග‍්ගසම‍්පයුත‍්තවීරියං දස‍්සෙති. තඤ‍්හි දළ‍්හඤ‍්ච භාවනාපාරිපූරිං ගතත‍්තා, නික‍්කමො ච සබ‍්බසො පටිපක‍්ඛා නික‍්ඛන‍්තත‍්තා, තස‍්මා තංසමඞ‍්ගීපුග‍්ගලොපි දළ‍්හො නික‍්කමො අස‍්සාති “දළ‍්හනික‍්කමො”ති වුච‍්චති. ථාමබලූපපන‍්නොති මග‍්ගක‍්ඛණෙ කායථාමෙන ඤාණබලෙන ච උපපන‍්නො, අථ වා ථාමභූතෙන බලෙන උපපන‍්නොති ථාමබලූපපන‍්නො, ථිරඤාණබලූපපන‍්නොති වුත‍්තං හොති. එතෙන තස‍්ස වීරියස‍්ස විපස‍්සනාඤාණසම‍්පයොගං දීපෙන‍්තො යොනිසො පදහනභාවං සාධෙති. පුබ‍්බභාගමජ‍්ඣිමඋක‍්කට‍්ඨවීරියවසෙන වා තයොපි පාදා යොජෙතබ‍්බා. සෙසං වුත‍්තනයමෙවාති.

පටන් ගන්නා ලද උත්සාහය වේ නම් එය ආරද්ධවිරියො - එයින් තමාගේ උත්සාහයේ මුල් පටන්ගැන්ම දක්වයි. පරමත්‍ථ යයි නිවනට කියනු ලැබේ. නිවනට පැමිණීම පරමත්‍ථ පත්තියා ඒ අරඹන ලද උත්සාහය උපදවන සිතත්, සිතිවිලිත් නොහැකිළුනු බව දක්වයි. අකුසීත වුත්තී යනුවෙන් සිටින තැන්, සක්මන් ආදියෙහි කයෙහි අලස බව දුරුකර ගැනීමයි, දළ්හනික්කමො - එයින් ‘සම්, නහර (ඉතිරි වුවත්) ‘කාමං තචො නහාරු චා’ති පවත්නා වූ බලවත් උත්සාහය (නිවන අවබෝධය සඳහා) පැහැදිලි කරයි. පවත්නා වූ බලවත් උත්සාහය (නිවන අවබෝධය සඳහා) පැහැදිලි කරයි. අනුපිළිවෙලින් වූ සිකපද අනුගමනය කරමින්, කයින් ද එකම ඇත්ත අවබෝධ කරතියි කියනු ලැබේ. නැතහොත් ඒ මග සඳහා වූ උත්සාහය පෙන්වයි. එය දැඩිසේ තවදුරටත් භාවනා ලෙසින් පිරිපුන් බවට ගිය බැවින්, ඒ ආකාරයෙන් උත්සාහවත්ව, මුළුමනින්ම අයහපත් කරුණු බැහැර කරන ලද බැවින්, දළ්හනික්කමො යයි කියනු ලැබේ. ථාමබලූප්පන්නො පිළිවෙත් මග උත්සාහවත්ව කාය බලයෙන් ද නුවණ බලයෙන් ද නැතහොත් සවි බලයෙන් හා නොසැලෙන නුවණ ලැබී යැයි කියන ලද්දේය. ඒ අයුරින් විරිය වඩා, විදසුන් නුවණ ලබන සැටි පෙන්වා දෙමින් නුවණ මෙහෙයා කෙලෙස් දුරු කරයි. ගාථාවෙහි පද තුනෙහිම ඉතා උසස් උත්සාහය ලෙස මුලදී හෝ මැදදී යොදාගත යුතුය. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිය.

ආරද‍්ධවීරියගාථාවණ‍්ණනා සමත‍්තා.

ආරද්ධවීරිය ගාථා විස්තරය නිමි.

34

34

පටිසල‍්ලානන‍්ති කා උප‍්පත‍්ති? ඉමිස‍්සා ගාථාය ආවරණගාථාය උප‍්පත‍්තිසදිසා එව උප‍්පත‍්ති, නත්‍ථි කොචි විසෙසො. අත්‍ථවණ‍්ණනායං පනස‍්සා පටිසල‍්ලානන‍්ති තෙහි තෙහි සත‍්තසඞ‍්ඛාරෙහි පටිනිවත‍්තිත්‍වා සල‍්ලීනං එකත‍්තසෙවිතා එකීභාවො, කායවිවෙකොති අත්‍ථො. ඣානන‍්ති පච‍්චනීකඣාපනතො ආරම‍්මණලක‍්ඛණූපනිජ‍්ඣානතො ච චිත‍්තවිවෙකො වුච‍්චති. තත්‍ථ අට‍්ඨසමාපත‍්තියො නීවරණාදිපච‍්චනීකඣාපනතො ආරම‍්මණූපනිජ‍්ඣානතො ච ඣානන‍්ති වුච‍්චති, විපස‍්සනාමග‍්ගඵලානි සත‍්තසඤ‍්ඤාදිපච‍්චනීකඣාපනතො, ලක‍්ඛණූපනිජ‍්ඣානතොයෙව චෙත්‍ථ ඵලානි. ඉධ පන ආරම‍්මණූපනිජ‍්ඣානමෙව අධිප‍්පෙතං. එවමෙතං පටිසල‍්ලානඤ‍්ච ඣානඤ‍්ච අරිඤ‍්චමානො, අජහමානො, අනිස‍්සජ‍්ජමානො. ධම‍්මෙසූති විපස‍්සනූපගෙසු පඤ‍්චක‍්ඛන්‍ධාදිධම‍්මෙසු. නිච‍්චන‍්ති සතතං, සමිතං, අබ‍්භොකිණ‍්ණං. අනුධම‍්මචාරීති තෙ ධම‍්මෙ ආරබ‍්භ පවත‍්තමානෙන අනුගතං විපස‍්සනාධම‍්මං චරමානො. අථ වා ධම‍්මාති නව ලොකුත‍්තරධම‍්මා, තෙසං ධම‍්මානං අනුලොමො ධම‍්මොති අනුධම‍්මො, විපස‍්සනායෙතං අධිවචනං. තත්‍ථ “ධම‍්මානං නිච‍්චං අනුධම‍්මචාරී”ති වත‍්තබ‍්බෙ ගාථාබන්‍ධසුඛත්‍ථං විභත‍්තිබ්‍යත‍්තයෙන “ධම‍්මෙසූ”ති වුත‍්තං සියා. ආදීනවං සම‍්මසිතා භවෙසූති තාය අනුධම‍්මචරිතාසඞ‍්ඛාතාය විපස‍්සනාය අනිච‍්චාකාරාදිදොසං තීසු භවෙසු සමනුපස‍්සන‍්තො එවං ඉමං කායවිවෙකචිත‍්තවිවෙකං අරිඤ‍්චමානො සිඛාප‍්පත‍්තවිපස‍්සනාසඞ‍්ඛාතාය පටිපදාය අධිගතොති වත‍්තබ‍්බො එකො චරෙති එවං යොජනා වෙදිතබ‍්බා.

පටිසල්ලානං ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? මෙම ගාථාවට මුල් වූ කරුණු ආවරණ ගාථා (32) කතා පුවත හා සමානය. අමුතුවෙන් දැක්විය යුතු කරුණක් නැත. ගාථාවෙහි අරුත් විවරණය මේය. පටිසල්ලානං ඒ ඒ ජීවින් කෙරෙහි සකස්වන්නා වූ හේතු පිළිබඳ නැවත මෙනෙහි කරමින්, රාගාදි ගති සොබා ගැනද තනිව - පසෙකටව සළකා බැලීම - කයෙහි සන්සුන් බව අදහස් වෙයි. ඣානං පිළිවෙලට නොවඩනා ලද දැහැනින් ද අරමුණු අනුව සිහිපත් කර පිළිවෙලකට දැහැන් වැඩීමෙන්ද, ඇතිවන සිතෙහි විවේකයයි. එහිදී සිතෙහි උසස් බව වළකන නීවරණ ආදිය ඉවතලා ලබන සමාපත්ති අට අරමුණු කොට ගැනීමද ඣාන යැයි කියනු ලබයි. සඤ්ඤා දැහැනින්ද එයින් නොනැවතී නැවත නැවත සිහිපත් කිරීමෙන්ද ඉදිරියට යමින් විදසුන් මගින් ලබන මගපලද මෙහි දැහැන් ලෙස ගැනේ. මෙහිදී අරමුණු අනුව වටහාගැනීම අදහස් වේ. මෙසේ විවේකී බවද - දැහැන් මගද අරිඤ්චමානො අත්හැර නොදමමින්, ධම්මෙසු විදසුන් අනුව සළකා බලන රූප, වේදනා ආදී සමූහ පහේ පැවැත්ම හෙවත් ගතිසොබාවයි. නිච්චං නිතර, නිරතුරුව, ඒ අනුව පැවතෙන, අනුධම්මචාරී ඒ කරුණු අනුව යන විදසුන් වඩමින්, ඒ අනුව හැසිරෙමින්, නැතහොත් ධම්මා නව ලොවුතුරා දහමයි. ඒ කරුණුවලට සුදුසු පරිදි පැවතීම අනුධම්මො. විදසුන් සඳහාම සමාන වචනයකි. එහි ධම්මානං නිච්චං අනුධම්මචාරී යනුවෙන් කිවයුතු නමුදු ගාථා සැකසීමේ පහසුව අනුව විබත් වෙනසකින් ධම්මෙසු යැයි කියා ඇත. ආදීනවං සම්මසිතා භවෙස ඒ දහමෙහි අනුව හැසිරෙතැයි කියන ලද විදසුන් වඩමින් කිසිවක් ඇති පරිද්දෙන් නොපවතී යැයි කාමාදී භව තුනෙහිම මැනවින් දකිමින් මෙම කයෙහි සිතෙහි විවේක බව ලබන පිළිවෙත ලබන ලද්දේ යැයි කිවයුතුය. තනිව හැසිරෙයි යනුවෙන් අදහස් වේ යැයි ද දතයුතුය.

පටිසල‍්ලානගාථාවණ‍්ණනා සමත‍්තා.

පටිසල්ලාන ගාථා විස්තරය නිමි.

35

35

තණ‍්හක‍්ඛයන‍්ති කා උප‍්පත‍්ති? අඤ‍්ඤතරො කිර බාරාණසිරාජා මහච‍්චරාජානුභාවෙන නගරං පදක‍්ඛිණං කරොති. තස‍්ස සරීරසොභාය ආවට‍්ටිතහදයා සත‍්තා පුරතො ගච‍්ඡන‍්තාපි නිවත‍්තිත්‍වා තමෙව උල‍්ලොකෙන‍්ති, පච‍්ඡතො ගච‍්ඡන‍්තාපි, උභොහි පස‍්සෙහි ගච‍්ඡන‍්තාපි. පකතියා එව හි බුද‍්ධදස‍්සනෙ පුණ‍්ණචන්‍දසමුද‍්දරාජදස‍්සනෙ ච අතිත‍්තො ලොකො. අථ අඤ‍්ඤතරා කුටුම‍්බියභරියාපි උපරිපාසාදගතා සීහපඤ‍්ජරං විවරිත්‍වා ඔලොකයමානා අට‍්ඨාසි. රාජා තං දිස‍්වාව පටිබද‍්ධචිත‍්තො හුත්‍වා අමච‍්චං ආණාපෙසි – “ජානාහි තාව, භණෙ, අයං ඉත්‍ථී සසාමිකා වා අසාමිකා වා”ති. සො ගන‍්ත්‍වා “සසාමිකා”ති ආරොචෙසි. අථ රාජා චින‍්තෙසි – “ඉමා වීසතිසහස‍්සනාටකිත්‍ථියො දෙවච‍්ඡරායො විය මංයෙව එකං අභිරමෙන‍්ති, සො දානාහං එතාපි අතුසිත්‍වා පරස‍්ස ඉත්‍ථියා තණ‍්හං උප‍්පාදෙසිං, සා උප‍්පන‍්නා අපායමෙව ආකඩ‍්ඪතී”ති තණ‍්හාය ආදීනවං දිස‍්වා “හන්‍ද නං නිග‍්ගණ‍්හාමී”ති රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා ඉමං උදානගාථං අභාසි –

තණ්හක්‍ඛයං යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? බරණැස එක්තරා රජෙක් මහත් රාජ අනුහසින් යුතුව නගරය වටා සංචාරය කරයි. රජුන්ගේ සිරුරෙහි සොඳුරු බවින් කුල්මත්ව, ඉදිරියෙන් යන්නා වූද, පසුපසින් යන්නා වූද මිනිස්සු නැවතී රජු දෙසම බලා සිටිති. බුදුකෙනෙකු, පුන්සඳ, මුහුද, රජෙකු දැකීමෙන් සෑහීමකට පත්නොවීම මිනිසාගේ පොදු ගතියකි. ඉක්බිති එක් ධනවත් පවුලක බිරියක්ද තම පහයෙහි ඉහළ මාලයට ගොස් සී මැදුරු කවුළුව හැර, (රජු දෙස) බලමින් සිටියාය. රජු ද ඇය දැක, ආදර සිතැතිව, ‘දරුව, මේ කාන්තාව විවාහකද, අවිවාහකදැ’යි දැනගනුව’යි ඇමතියකුට අණ කළේය. ඔහු ඇය විවාහක බව දැන රජුට සැළකළේය. රජු මෙහි විසිදහසක් නළගනන්, සුරඟනන් මෙන් මා සමගම එක්ව සතුටින්- ඇල්මෙන් කල්ගත කරති. එසේ වූ මා දැන් ඊටත් දුරට සිතා අන් ගැහැණියකට ආසා කළෙමි, ඒ ආසාවට මා නිරයටම ඇදගෙන යනු ඇතැ’යි ආසාවෙහි දොස් දැක, ‘අහෝ එය පිළිකුල් කොට පහ කරන්නෙමි’යි, රජකම හැරදමා පැවිදිව විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කොට මෙම උදාන ගාථාව කීය.

“තණ‍්හක‍්ඛයං පත්‍ථයමප‍්පමත‍්තො, අනෙළමූගො සුතවා සතීමා; සඞ‍්ඛාතධම‍්මො නියතො පධානවා, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ තණ‍්හක‍්ඛයන‍්ති නිබ‍්බානං, එවං දිට‍්ඨාදීනවාය තණ‍්හාය එව අප‍්පවත‍්තිං. අප‍්පමත‍්තොති සාතච‍්චකාරී සක‍්කච‍්චකාරී. අනෙළමූගොති අලාලාමුඛො. අථ වා අනෙළො ච අමූගො ච, පණ‍්ඩිතො බ්‍යත‍්තොති වුත‍්තං හොති. හිතසුඛසම‍්පාපකං සුතමස‍්ස අත්‍ථීති සුතවා ආගමසම‍්පන‍්නොති වුත‍්තං හොති. සතීමාති චිරකතාදීනං අනුස‍්සරිතා. සඞ‍්ඛාතධම‍්මොති ධම‍්මුපපරික‍්ඛාය පරිඤ‍්ඤාතධම‍්මො. නියතොති අරියමග‍්ගෙන නියාමං පත‍්තො. පධානවාති සම‍්මප‍්පධානවීරියසම‍්පන‍්නො. උප‍්පටිපාටියා එස පාඨො යොජෙතබ‍්බො. එවමෙතෙහි අප‍්පමාදාදීහි සමන‍්නාගතො නියාමසම‍්පාපකෙන පධානෙන පධානවා, තෙන පධානෙන පත‍්තනියාමත‍්තා නියතො, තතො අරහත‍්තප‍්පත‍්තියා සඞ‍්ඛාතධම‍්මො. අරහා හි පුන සඞ‍්ඛාතබ‍්බාභාවතො “සඞ‍්ඛාතධම‍්මො”ති වුච‍්චති. යථාහ “යෙ ච සඞ‍්ඛාතධම‍්මාසෙ, යෙ ච සෙඛා පුථූ ඉධා”ති (සු· නි· 1044; චූළනි· අජිතමාණවපුච‍්ඡානිද‍්දෙස 7). සෙසං වුත‍්තනයමෙවාති.

එම ගාථාවේ තණ්හක්‍ඛයං නිවනයි. මෙසේ තණ්හා ආසාවෙහි දොස් දැකීම තවදුරටත් එය නොපැවතීමට (හේතු වේ) අප්පමත්තො නොනැවතී මැනවින් කටයුතු කිරීමයි. අනෙළමූගො නිතර නොදොඩනසුළු මුවින් යුතු නැතහොත් කෙළතොළු නොවූයේ, ගොළු නොවූයේ, වියත් (සුදුසු වචන කතා කරන) දැනුම් තේරුම් ඇති, නුවණැති කෙනෙකු ගැන කියා ඇති අයුරුය. හිතසුව සැලසෙන, යහපත් දේ අසා ඇත්තෙකු යයි සුතවා වේ. දහම් කරුණු හෝ තෙවළා දහම දැන පිළිපදින යන තේරුමයි. සතිමා බොහෝ කලක් එසේ සිත දරාගත යුතු දේ සිහිකරන බවයි. සංඛත ධම්මො දහම් විමසා දැන, මැනවින් වටහාගන්නා ලද, නියතො උතුම් මගපලයෙන් නියමිත තැනට පත්වූයේ, පධානවා මුලසිටම මනා අයුරින් පවත්නා වූ උත්සාහය අනුපිළිවෙලකට නැතිව ඒ පදය යෙදිය යුතුය. මෙසේ, (යහපතට) පමා නොවීම් ආදී ගුණයෙන් යුතුව, යහපත් අරමුණු ඉටුකර ගැමෙහි උත්සාහයෙන් යුතුව, (කිසිවක් තිර නැත, නැසෙන සුළු යයි සිතමින්) නියම තැනට පත්වූයේ, එයින් අරහත් බවට පැමිණියේ යන අදහසයි. එසේ හෙයින් (සුත්තනිපාත-පාරායණ වග්ග අජිත පඤ්හයෙහි) ‘යම්දෙයක් තිරව පැවැත්මක් නැතැ’යි හෙවත්, අනිච්චතාවයෙන් සලකා මේ ලෝකයෙහි ඒ අනුව (සික පද සමාදන් වේ) හික්මෙන......... ‘යෙව සංඛාතධම්මාසෙ යෙ ච සෙඛා පුථූ ඉධ’ කියා ඇත. ඉතිරි කරුණු කලින් සඳහන් කර ඇති පරිදිය.

තණ‍්හක‍්ඛයගාථාවණ‍්ණනා සමත‍්තා.

තණ්හක්‍ඛය ගාථා විස්තරය නිමි.

36

36

සීහො වාති කා උප‍්පත‍්ති? අඤ‍්ඤතරස‍්ස කිර බාරාණසිරඤ‍්ඤො දූරෙ උය්‍යානං හොති. සො පගෙව වුට‍්ඨාය උය්‍යානං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ යානා ඔරුය‍්හ උදකට‍්ඨානං උපගතො “මුඛං ධොවිස‍්සාමී”ති. තස‍්මිඤ‍්ච පදෙසෙ සීහී පොතකං ජනෙත්‍වා ගොචරාය ගතා. රාජපුරිසො තං දිස‍්වා “සීහපොතකො දෙවා”ති ආරොචෙසි. රාජා “සීහො කිර න කස‍්සචි භායතී”ති තං උපපරික‍්ඛිතුං භෙරිආදීනි ආකොටාපෙසි. සීහපොතකො තං සද‍්දං සුත්‍වාපි තථෙව සයි. රාජා යාවතතියකං ආකොටාපෙසි, සො තතියවාරෙ සීසං උක‍්ඛිපිත්‍වා සබ‍්බං පරිසං ඔලොකෙත්‍වා තථෙව සයි. අථ රාජා “යාවස‍්ස මාතා නාගච‍්ඡති, තාව ගච‍්ඡාමා”ති වත්‍වා ගච‍්ඡන‍්තො චින‍්තෙසි – “තං දිවසං ජාතොපි සීහපොතකො න සන‍්තසති න භායති, කුදාස‍්සු නාමාහම‍්පි තණ‍්හාදිට‍්ඨිපරිතාසං ඡෙත්‍වා න සන‍්තසෙය්‍යං න භායෙය්‍ය”න‍්ති. සො තං ආරම‍්මණං ගහෙත්‍වා, ගච‍්ඡන‍්තො පුන කෙවට‍්ටෙහි මච‍්ඡෙ ගහෙත්‍වා සාඛාසු බන්‍ධිත්‍වා පසාරිතෙ ජාලෙ වාතං අලග‍්ගංයෙව ගච‍්ඡමානං දිස‍්වා, තම‍්පි නිමිත‍්තං අග‍්ගහෙසි – “කුදාස‍්සු නාමාහම‍්පි තණ‍්හාදිට‍්ඨිජාලං මොහජාලං වා ඵාලෙත්‍වා එවං අසජ‍්ජමානො ගච‍්ඡෙය්‍ය”න‍්ති.

සීහො වා යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? එක්තරා බරණැස රජෙකුට අයත් දුරින් පිහිටි උයනක් විය. ඔහු උදෑසනින්ම පිබිද උයනට යන අතරමගදී ‘මුව දෝවනය කරමි’යි රියෙන් බැස වතුර ඇති තැනකට පැමිණියේය. ඒ පෙදෙසෙහිම සිංහ ධේනුවක් පැටවුන් හැරදමා ගොදුරු පිණිස ගියාය. රජුගේ මිනිසෙක් ඒ දැක ‘දේවයන් වහන්ස, සිංහ පැටවෙකි’යි සැළකළේය. රජු, සිංහයා කිසිවකට බය නොවන බව විමසීමට බෙර ආදිය වාදනයට සැලැස්වීය. සිංහ පැටවා ඒ හඬ අසා එහිම නිදා සිටියේය. රජු තෙවරක්ම බෙර ආදිය වැයීමට සැලැස්වීය. සිංහ පැටවා තුන්වන වරට (ඒ හඬට) හිස එසවා මුළු පිරිස දෙස බලා පෙර පරිදිම නිදා ගත්තේය. එවිට රජු, ‘සිංහ ධේනුව ඒමට කලින් යමු’ යැයි පිටත්ව යන අතර, ‘ඒ දවසෙහිම උපන් සිංහ පැටවාද තැති නොගනී. බිය නොවේ. කවදා නම් මමත් ආසාව, දැඩිව ගත් නොයෙක් හැඟීම්, මතවාද, බිය-තැතිගැනීම නසා, බිය නොවන්නෙක්ව සන්හුන්ව සිටින්නෙම්දැ’යි සිතුවේය. ඔහු එම අරමුණ ගෙන ඉදිරියට යද්දී, ධීවරයන් මසුන් අල්ලා අතුවල බැඳ විසිදැල දිගහළ විට, වාතයෙහි නොගැටී (විහිදී) යන අයුරු දැක එයද නිමිතිකොට ගත්තේය. කවදා නම් මමත් ආසා-දැඩිව ගත් හැගීම් දැල හෝ මෝහ දැල ඉරා, මෙසේ නොගැටී යන්නෙම්දැයි සිතීය.

අථ උය්‍යානං ගන‍්ත්‍වා සිලාපට‍්ටපොක‍්ඛරණිතීරෙ නිසින‍්නො වාතබ‍්භාහතානි පදුමානි ඔනමිත්‍වා උදකං ඵුසිත්‍වා වාතවිගමෙ පුන යථාඨානෙ ඨිතානි උදකෙන අනුපලිත‍්තානි දිස‍්වා තම‍්පි නිමිත‍්තං අග‍්ගහෙසි – “කුදාස‍්සු නාමාහම‍්පි යථා එතානි උදකෙ ජාතානි උදකෙන අනුපලිත‍්තානි තිට‍්ඨන‍්ති, එවමෙවං ලොකෙ ජාතො ලොකෙන අනුපලිත‍්තො තිට‍්ඨෙය්‍ය”න‍්ති. සො පුනප‍්පුනං “යථා සීහවාතපදුමානි, එවං අසන‍්තසන‍්තෙන අසජ‍්ජමානෙන අනුපලිත‍්තෙන භවිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා, රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා, විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා ඉමං උදානගාථං අභාසි –

ඊට පසු උයනට ගොස් පොකුණු තෙර ගල්තලාවෙහි හිඳිමින්, සුළඟින් (ඇලලුණු) නැමුණු නෙළුම්, ජලයෙහි තැවරි, සුළඟ පහවූ පසු නැවත පෙර පරිදි දියෙහි නොතැවරී තිබෙනු දැක, එයද නිමිති සේ ගෙන, ‘කවදා නම් මමත් ජලයෙහි හටගත් නෙළුම් ජලයෙහි නොතැවරී ඇත්තා සේ, ලෝකයෙහි (උපන්) මම ලෝකය හා නොඇලී සිටිම්දැ’යි, සිතුවේය. ඔහු යළි යළිත්, සිංහයා, සුළඟ හා පියුම මෙන් තැති නොගෙන, නොගැටෙමින්, නොඇලෙමින් සිටිය යුතුයැයි සිතා රජකම හැර පැවිදිව විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කොට, මේ උදාන ගාථාව කීය.

“සීහොව සද‍්දෙසු අසන‍්තසන‍්තො, වාතොව ජාලම‍්හි අසජ‍්ජමානො; පදුමංව තොයෙන අලිප‍්පමානො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ සීහොති චත‍්තාරො සීහා – තිණසීහො, පණ‍්ඩුසීහො, කාළසීහො, කෙසරසීහොති. කෙසරසීහො තෙසං අග‍්ගමක‍්ඛායති. සොව ඉධ අධිප‍්පෙතො. වාතො පුරත්‍ථිමාදිවසෙන අනෙකවිධො, පදුමං රත‍්තසෙතාදිවසෙන. තෙසු යො කොචි වාතො යංකිඤ‍්චි පදුමඤ‍්ච වට‍්ටතියෙව. තත්‍ථ යස‍්මා සන‍්තාසො අත‍්තසිනෙහෙන හොති, අත‍්තසිනෙහො ච තණ‍්හාලෙපො, සොපි දිට‍්ඨිසම‍්පයුත‍්තෙන වා දිට‍්ඨිවිප‍්පයුත‍්තෙන වා ලොභෙන හොති, සො ච තණ‍්හායෙව. සජ‍්ජනං පන තත්‍ථ උපපරික‍්ඛාවිරහිතස‍්ස මොහෙන හොති, මොහො ච අවිජ‍්ජා. තත්‍ථ සමථෙන තණ‍්හාය පහානං හොති, විපස‍්සනාය, අවිජ‍්ජාය. තස‍්මා සමථෙන අත‍්තසිනෙහං පහාය සීහොව සද‍්දෙසු අනිච‍්චාදීසු අසන‍්තසන‍්තො, විපස‍්සනාය මොහං පහාය වාතොව ජාලම‍්හි ඛන්‍ධායතනාදීසු අසජ‍්ජමානො, සමථෙනෙව ලොභං ලොභසම‍්පයුත‍්තං එව දිට‍්ඨිඤ‍්ච පහාය, පදුමංව තොයෙන සබ‍්බභවභොගලොභෙන අලිප‍්පමානො. එත්‍ථ ච සමථස‍්ස සීලං පදට‍්ඨානං, සමථො සමාධි, විපස‍්සනා පඤ‍්ඤාති. එවං තෙසු ද‍්වීසු ධම‍්මෙසු සිද‍්ධෙසු තයොපි ඛන්‍ධා සිද‍්ධා හොන‍්ති. තත්‍ථ සීලක‍්ඛන්‍ධෙන සුරතො හොති. සො සීහොව සද‍්දෙසු ආඝාතවත්‍ථූසු කුජ‍්ඣිතුකාමතාය න සන‍්තසති. පඤ‍්ඤාක‍්ඛන්‍ධෙන පටිවිද‍්ධසභාවො වාතොව ජාලම‍්හි ඛන්‍ධාදිධම‍්මභෙදෙ න සජ‍්ජති, සමාධික‍්ඛන්‍ධෙන වීතරාගො පදුමංව තොයෙන රාගෙන න ලිප‍්පති. එවං සමථවිපස‍්සනාහි සීලසමාධිපඤ‍්ඤාක‍්ඛන්‍ධෙහි ච යථාසම‍්භවං අවිජ‍්ජාතණ‍්හානං තිණ‍්ණඤ‍්ච අකුසලමූලානං පහානවසෙන අසන‍්තසන‍්තො අසජ‍්ජමානො අලිප‍්පමානො ච වෙදිතබ‍්බො. සෙසං වුත‍්තනයමෙවාති.

එම ගාථාවෙහි සීහො සතරාකාර සිංහයෝ වෙති) තණ සිංහයා, පඬු සිංහයා, කළු සිංහයා සහ කේසර සිංහයා යනුවෙනි. උන්ගෙන් කේසර සිංහයා උසස් යැයි කියනු ලැබේ. මෙහි අදහස් වන්නේ කේසර සිංහයාය. වාතො නැගෙනහිර දිසාවෙන් ආදී ලෙස නොයෙක් ආකාරය. පදුමං රතු සුදු ආදී පැහැයෙනි. මේ පැහැ ඇති නෙළුම් මලක් අදහස් වේ. එහි යම් තැතිගැන්මක් තම සෙනහසින් හටගනීද, ඒ සෙනහසද තණ්හා ආලේපනයක් වේ. ඒ තණ්හාවෙහි අදහසක් ඇතිව හෝ නැතිව හෝ ලෝභයම බලපවත්නේය. එය ද තණ්හාවමය. විමසා නොබලා ඇලෙන ගතිය මෝහය ලෙස ඇතිවේ. මෝහයද අවිජ්ජා හෙවත් කරුණු ඇතිසැටියෙන් නොදැනීමය. එහිදී සමථ භාවනාවෙන් තණ්හාවද විදසුන් මගින් අවිජ්ජාද නැති කරයි. එහෙයින් සමථ භාවනාවෙන් තමාට ඇති ආදරය හැර සීහොව සද්දෙසු අනිච්ච දුක්‍ඛ ආදියෙහිදී (තැති නොගනී) අසන්සන්තො විදසුන් මගින් මෝහය හැර, වාතොව ජාලම්හි බන්‍ධ (රූප වේදනාදිය) හා ආයතන (ඇස්-කන්) ආදියෙහි අසජ්ජමානො සමථයෙහිදී ලෝභයත්, ලෝභය ඇති බැවින් සිදුවන දැඩිව ගන්නා ලද දැකීම්- මතවාද හැරදමා, පදුමංව තොයෙන සියළුම සැප සම්පතට ඇති ආසාවේ නොගැලෙමින්, මෙහිලා සීලයෙහි පිහිටීම සමථයටත්, සමථ වැඩීම හිත එකඟ බවටත්, විදසුන් වැඩීම සියුම් නුවණටත් (පඤ්ඤා) හේතුවේ. මෙසේ කරුණු දෙකක් ඇතිකල (තවත්) කොටස් තුනක් සිදුවේ. එහි සීල සමූහයෙන් මනාව හික්මීම ලද්දේ වෙයි. ඔහු, හඬට තැති නොගන්නා සිංහයා සේ, තරහ හටගැනෙන කරුණුවලදී කෝපව තැති නොගනී. නුවණින් සිත පිරිසිදු බවට - නිරවුල් බවට පත්කොට, වාතයට නොගැටෙන දැල මෙන් රූප වේදනා සමූහයෙහි නොගැටේ. (සබඳතාවක් නොපවතී) ජලයෙහි නොගැටෙන පියුමක් මෙන්, සමාධියෙන් රාගය ඉවත්කොට, රාගයෙහි නොඇලෙයි. මෙසේ සමථ-විදසුන් මගින් ඇතිවන, සීල, සමාධි, පඤ්ඤාවෙන් අවිජ්ජා ලෝභය හා අකුසල මුල් තුනම නැති කිරිමෙන් තැති නොගනිමින්, නොගැටෙමින්, නොඇලෙමින් (වාසය කරයි.) ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිය.

අසන‍්තසන‍්තගාථාවණ‍්ණනා සමත‍්තා.

අසන්තසන්ත ගාථා විස්තරය නිමි.

37

37

සීහො යථාති කා උප‍්පත‍්ති? අඤ‍්ඤතරො කිර බාරාණසිරාජා පච‍්චන‍්තං කුප‍්පිතං වූපසමෙතුං ගාමානුගාමිමග‍්ගං ඡඩ‍්ඩෙත්‍වා, උජුං අටවිමග‍්ගං ගහෙත්‍වා, මහතියා සෙනාය ගච‍්ඡති. තෙන ච සමයෙන අඤ‍්ඤතරස‍්මිං පබ‍්බතපාදෙ සීහො බාලසූරියාතපං තප‍්පමානො නිපන‍්නො හොති. තං දිස‍්වා රාජපුරිසො රඤ‍්ඤො ආරොචෙසි. රාජා “සීහො කිර සද‍්දෙන න සන‍්තසතී”ති භෙරිසඞ‍්ඛපණවාදීහි සද‍්දං කාරාපෙසි. සීහො තථෙව නිපජ‍්ජි. දුතියම‍්පි කාරාපෙසි. සීහො තථෙව නිපජ‍්ජි. තතියම‍්පි කාරාපෙසි. සීහො “මම පටිසත‍්තු අත්‍ථී”ති චතූහි පාදෙහි සුප‍්පතිට‍්ඨිතං පතිට‍්ඨහිත්‍වා සීහනාදං නදි. තං සුත්‍වාව හත්‍ථාරොහාදයො හත්‍ථිආදීහි ඔරොහිත්‍වා තිණගහනානි පවිට‍්ඨා, හත්‍ථිඅස‍්සගණා දිසාවිදිසා පලාතා. රඤ‍්ඤො හත්‍ථීපි රාජානං ගහෙත්‍වා වනගහනානි පොථයමානො පලායි. සො තං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො රුක‍්ඛසාඛාය ඔලම‍්බිත්‍වා , පථවිං පතිත්‍වා, එකපදිකමග‍්ගෙන ගච‍්ඡන‍්තො පච‍්චෙකබුද‍්ධානං වසනට‍්ඨානං පාපුණිත්‍වා තත්‍ථ පච‍්චෙකබුද‍්ධෙ පුච‍්ඡි – “අපි, භන‍්තෙ, සද‍්දමස‍්සුත්‍ථා”ති? “ආම, මහාරාජා”ති. “කස‍්ස සද‍්දං, භන‍්තෙ”ති? “පඨමං භෙරිසඞ‍්ඛාදීනං, පච‍්ඡා සීහස‍්සා”ති. “න භායිත්‍ථ, භන‍්තෙ”ති? “න මයං, මහාරාජ, කස‍්සචි සද‍්දස‍්ස භායාමා”ති. “සක‍්කා පන, භන‍්තෙ, මය‍්හම‍්පි එදිසං කාතු”න‍්ති? “සක‍්කා, මහාරාජ, සචෙ පබ‍්බජසී”ති. “පබ‍්බජාමි, භන‍්තෙ”ති. තතො නං පබ‍්බාජෙත්‍වා පුබ‍්බෙ වුත‍්තනයෙනෙව ආභිසමාචාරිකං සික‍්ඛාපෙසුං. සොපි පුබ‍්බෙ වුත‍්තනයෙනෙව විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා ඉමං උදානගාථං අභාසි –

සීහො යථා යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? එක්තරා බරණැස් රජෙක් මිනිසුන් කුපිත වීමෙන් දුර පළාතක ඇතිවූ කලබලකාරී බව සංසිඳවීමට ගනියම්ගම් පසුකොට යායුතු වූ නියම මග හැරදමා, කෙළින්ම කැලෑ පාරකින් මහත් සේනාව සමග යයි. ඒ අතර එක් පව්වක් පාමුල සිංහයෙක් ලහිරු රැස් විඳිමින් වැතිර සිටියේය. ඒ දැක රජුගේ සේවකයෙක් රජුට සැළ කළේය. රජු. ‘සිංහයා හඬින් තැති නොගනී’ යැයි බෙරවැයීම් - සක් පිඹීම් ආදියෙන් නාද පැවැත්වීය. සිංහයා එලෙසම වැතිර සිටියේය. දෙවනුවද එසේ නාද කරවීය. සිංහයාද එලෙසම සිටියේය. තෙවන වරද හඬ පැවැත්වීය. එවිට සිංහයාද ‘මටද සතුරකු ඇතැ’යි (සිතා) පා සතරම මනාව පොළවට තබා නැගිට, සිංහ නාද කළේය. ඒ හඬ ඇසු පමණින්ම ඇතුන් පිට සිටියෝ ඇතු පිටින් බැස තණ පඳුරු ආදියෙහි සැඟවුණහ. ඇත් අස් රංචු පිටින් ඒ ඒ දෙසට පලා ගියේය. රජුගේ ඇතා ද, රජු පිට මත හිඳුවාගෙනම කැලය දෙවනත් කරමින් පලාගියේය. රජුට ඉවසා දරාගත නොහැකිව, ගසක අත්තක එල්ලී බිමට පැන, එක් අඩිපාරකින් යන අතර පසේ බුදුවරුන් වසන තැනකට පැමිණියේය. ‘හිමිවරුනි, හඬ ඇසුණේදැ’යි පසේ බුදුවරුන්ගෙන් රජු ඇසීය. ‘එසේය, මහරජ’ යැයි පිළිතුරු දුන්හ. ‘ඒ හඬ කවරකුගේද?’ මුලදී බෙර, සක්හඬත්, පසුව සිංහ නාදයත් ඇසුණි. (උන්වහන්සේලා පැවසූහ.) ‘හිමිවරුනි, භය වූයේ නැද්ද?’ ‘මහරජ, අපි කිසිම හඬකට බය නොවෙමු’, ‘හිමිවරුනි, මටද එසේ විය නොහැකිද?’ (රජු විමසීය) ‘මහරජ, ඔබ පැවිදි වන්නෙහි නම් හැකිවන බව පැවසූ විට ‘පැවිදි වෙමි’යි රජු කීය. රජු පැවිදිකරවා පෙර සඳහන් කළ පරිදි, උසස් සිල්පිලිවෙතෙහි පිහිටවූහ. උන්වහන්සේද (රජු) මුලදී දක්වා ඇති පරිදිම විදසුන් වඩා, පසේ බුදුබව අවබෝධ කොට මෙම උදාන ගාථාව කීහ.

“සීහො යථා දාඨබලී පසය‍්හ, රාජා මිගානං අභිභුය්‍ය චාරී; සෙවෙථ පන‍්තානි සෙනාසනානි, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ සහනා ච හනනා ච සීඝජවත‍්තා ච සීහො. කෙසරසීහොව ඉධ අධිප‍්පෙතො. දාඨා බලමස‍්ස අත්‍ථීති දාඨබලී. පසය‍්හ අභිභුය්‍යාති, උභයං චාරීසද‍්දෙන සහ යොජෙතබ‍්බං පසය‍්හචාරී අභිභුය්‍යචාරීති තත්‍ථ පසය‍්හ නිග‍්ගහෙත්‍වා චරණෙන පසය‍්හචාරී, අභිභවිත්‍වා, සන‍්තාසෙත්‍වා, වසීකත්‍වා, චරණෙන අභිභුය්‍යචාරී. ස‍්වායං කායබලෙන පසය‍්හචාරී, තෙජසා අභිභුය්‍යචාරී. තත්‍ථ සචෙ කොචි වදෙය්‍ය – “කිං පසය‍්හ අභිභුය්‍ය චාරී”ති, තතො මිගානන‍්ති සාමිවචනං උපයොගවචනං කත්‍වා “මිගෙ පසය‍්හ අභිභුය්‍ය චාරී”ති පටිවත‍්තබ‍්බං. පන‍්තානීති දූරානි. සෙනාසනානීති වසනට‍්ඨානානි. සෙසං පුබ‍්බෙ වුත‍්තනයෙනෙව සක‍්කා ජානිතුන‍්ති න විත්‍ථාරිතන‍්ති.

ඉවසා දරා ගැනීමද, නැසීමද වේගයෙන් දුවන බැවින්ද සීහො නම් වේ. කේසර සිංහයා මෙහිදී අදහස් වේ. දත්වල සවිබල ඇත්තේ දාඨාබලී, මැඩපවත්වා-අබිබවා යන වචන දෙකම ‘චාරි’ වචනය සමග යෙදිය යුතුය. පසය්හ චාරි, අභිභුය්‍ය චාරි ලෙසිනි. හැසිරීමෙන් බලය යටකොට දැඩිව ගෙන සිටීම පසය්හ චාරිය. මැඩපවත්වා, තැතිගන්වා, වසඟ කොට හැසිරිම අභිභුය්‍යචාරිය. මේ තැනැත්තා සිරුරේ සවිබලයෙන් දැඩි ගතියෙන් හැසිරෙයි. තෙද බලයෙන් (අන් තැනැත්තන්) මැඩ පවත්වාන්ගෙන සිටී. මෙහිදී යම් කිසිවකු විසින් ‘බලයෙන් මැඩ පවත්වා හැසිරෙන්නේ කුමක්දැයි කියනු ඇත. එහිදී මිගානං ආධාර විබත් අරුතෙහි දුතියා විබත් යොදා ‘මිගෙ පසය්හ අභිභුය්‍යචාරි යනුවෙන් නැවත කිවයුතුය. පන්තානි දුරින් - සෙනාසනානි වාසය කරන, සිටින තැන් ගැනේ. ඉතිරි කරුණු කලින් කියන ලද අයුරින් දැනගැනීමට හැකි බැවින් විස්තර නොකරන ලදී.

දාඨබලීගාථාවණ‍්ණනා සමත‍්තා.

දාඨාබලී ගාථා විස්තරය නිමි.

38

38

මෙත‍්තං උපෙක‍්ඛන‍්ති කා උප‍්පත‍්ති? අඤ‍්ඤතරො කිර රාජා මෙත‍්තාදිඣානලාභී අහොසි. සො “ඣානසුඛන‍්තරායකරං රජ‍්ජ”න‍්ති ඣානානුරක‍්ඛණත්‍ථං රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා, ඉමං උදානගාථං අභාසි –

මෙත්තං උපෙක්‍ඛං යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? එක්තරා රජෙක් මෙත් ආදි කොට ඇති දැහැන ලැබීය. ඔහු ‘රජකම දැහැන් සුවයට අනතුරකැ’යි සිතා එය රැකගනු පිණිස රජකම හැර පැවිදිව විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කොට මේ උදාන ගාථාව කීය.

මෙත‍්තං උපෙක‍්ඛං කරුණං විමුත‍්තිං, ආසෙවමානො මුදිතඤ‍්ච කාලෙ; සබ‍්බෙන ලොකෙන අවිරුජ‍්ඣමානො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ “සබ‍්බෙ සත‍්තා සුඛිතා හොන‍්තූ”තිආදිනා නයෙන හිතසුඛුපනයනකාමතා මෙත‍්තා. “අහො වත ඉමම‍්හා දුක‍්ඛා විමුච‍්චෙය්‍යු”න‍්තිආදිනා නයෙන අහිතදුක‍්ඛාපනයනකාමතා කරුණා. “මොදන‍්ති වත භොන‍්තො සත‍්තා මොදන‍්ති සාධු සුට‍්ඨූ”තිආදිනා නයෙන හිතසුඛාවිප‍්පයොගකාමතා මුදිතා. “පඤ‍්ඤායිස‍්සන‍්ති සකෙන කම‍්මෙනා”ති සුඛදුක‍්ඛෙසු අජ‍්ඣුපෙක‍්ඛනතා උපෙක‍්ඛා. ගාථාබන්‍ධසුඛත්‍ථං පන උප‍්පටිපාටියා මෙත‍්තං වත්‍වා උපෙක‍්ඛා වුත‍්තා, මුදිතා පච‍්ඡා. විමුත‍්තින‍්ති චතස‍්සොපි හි එතා අත‍්තනො පච‍්චනීකධම‍්මෙහි විමුත‍්තත‍්තා විමුත‍්තියො. තෙන වුත‍්තං “මෙත‍්තං උපෙක‍්ඛං කරුණං, විමුත‍්තිං, ආසෙවමානො මුදිතඤ‍්ච කාලෙ”ති.

සියළුම ජීවිහු සැපවත් වෙත්වා’යි හිතසුවයට පත්වනු දැකීම මෙත්තා වේ. ‘අනේ, මේ දුක්වලින් මිදෙන්නේ නම් මැනවැ’යි අහිත වූ දුකට පත්වනු නොදැක්ම කරුණා වේ. මේ පින්වත් සියල්ලෝම හිතසුවයට පත්වීමෙන් සතුටු වෙති. එය ඉතා යහපත් යැයි සිතීම මුදිතා වේ. තමන් කරන කියන දෙයින් හැඟෙයි. පෙනෙන්නේ යැයි සැප දුකෙහි මැදිහත්ව සිටීම උපෙක්‍ඛා වේ. ගාථාව සකස් වීමෙහි පහසුව සළකා, අනුපිළිවෙල හැර මෙත ගැන කියා, උපෙක්‍ඛාවද පසුව මුදිතාවද සඳහන් කරන ලදී. විමුත්ති යනු තමා කෙරෙහි වූ නුසුදුසු කරුණු සතරින් මිදුණු බවයි. මෙත්තං උපෙක්‍ඛං කරුණං විමුත්තිං ආසෙවමානො මුදිතඤ්ච කාලෙ යැයි එහෙයින් කියන ලදී.

තත්‍ථ ආසෙවමානොති තිස‍්සො තිකචතුක‍්කජ‍්ඣානවසෙන, උපෙක‍්ඛං චතුත්‍ථජ‍්ඣානවසෙන භාවයමානො. කාලෙති මෙත‍්තං ආසෙවිත්‍වා තතො වුට‍්ඨාය කරුණං, තතො වුට‍්ඨාය මුදිතං, තතො ඉතරතො වා නිප‍්පීතිකඣානතො වුට‍්ඨාය උපෙක‍්ඛං ආසෙවමානො “කාලෙ ආසෙවමානො”ති වුච‍්චති, ආසෙවිතුං ඵාසුකාලෙ වා. සබ‍්බෙන ලොකෙන අවිරුජ‍්ඣමානොති දසසු දිසාසු සබ‍්බෙන සත‍්තලොකෙන අවිරුජ‍්ඣමානො. මෙත‍්තාදීනඤ‍්හි භාවිතත‍්තා සත‍්තා අප‍්පටිකූලා හොන‍්ති. සත‍්තෙසු ච විරොධභූතො පටිඝො වූපසම‍්මති. තෙන වුත‍්තං – “සබ‍්බෙන ලොකෙන අවිරුජ‍්ඣමානො”ති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරෙන පන මෙත‍්තාදිකථා අට‍්ඨසාලිනියා ධම‍්මසඞ‍්ගහට‍්ඨකථායං (ධ· ස· අට‍්ඨ· 251) වුත‍්තා. සෙසං පුබ‍්බවුත‍්තසදිසමෙවාති.

එහි ආසෙවමානො මෙත්, කරුණා, උපෙක්‍ඛා තෙවැනි, සතරවැනි දැහැන් ලෙස වඩමින්, උපෙක්‍ඛාව සිවුවැනි දැහැන ලෙස වැඩීම කියන ලදී. කාලෙ යනු මෙත ඇසුරුකොට, එයින් ඉදිරියට මුදිතාවත්, ඉන් එහා කරුණු ලෙස පීතිය රහිත දැහැනින් ඈත්ව උපෙක්‍ඛාව ඇසුරු කරමින් (ඊට සමවැද සිටීමෙන්) පසුවන කාලය ආසෙවමාන යැයි කියනු ලැබේ. (නොඑසේ නම්) එසේ සිටීමට පහසු වේලාවයි. සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො දස දිසාවෙහිම ජීවත්වන සියළුම ලෝකවාසීන් කෙරෙහි තරහ නොවී, මෙත් ආදී (ගුණ) වඩන ලද බැවින් ජීවත්වන්නෝ (ඔහුට) පිළිකුල් නොවෙති. සියළු ජීවීන් කෙරෙහි තරහක් නොකැමති බවක් දිගින් දිගටම බැඳී ඇති තරහද සංසිඳේ. සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො යැයි එහෙයින් කියන ලදී. මේ එහි කෙටි සඳහනයි. මෙත ආදී විස්තර ගැන අත්‍ථසාලිනී ධම්මසංගණි අටුවාවෙහි දක්වා ඇත. ඉතිරි සියළු කරුණු මෙහි කලින් කියා ඇති පරිදිය.

අප‍්පමඤ‍්ඤාගාථාවණ‍්ණනා සමත‍්තා.

අප්පමඤ්ඤගාථා විස්තරය නිමි.

39

39

රාගඤ‍්ච දොසඤ‍්චාති කා උප‍්පත‍්ති? රාජගහං කිර උපනිස‍්සාය මාතඞ‍්ගො නාම පච‍්චෙකබුද‍්ධො විහරති සබ‍්බපච‍්ඡිමො පච‍්චෙකබුද‍්ධානං. අථ අම‍්හාකං බොධිසත‍්තෙ උප‍්පන‍්නෙ දෙවතායො බොධිසත‍්තස‍්ස පූජනත්‍ථාය ආගච‍්ඡන‍්තියො තං දිස‍්වා “මාරිසා, මාරිසා, බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො”ති භණිංසු . සො නිරොධා වුට‍්ඨහන‍්තො තං සද‍්දං සුත්‍වා, අත‍්තනො ච ජීවිතක‍්ඛයං දිස‍්වා, හිමවන‍්තෙ මහාපපාතො නාම පබ‍්බතො පච‍්චෙකබුද‍්ධානං පරිනිබ‍්බානට‍්ඨානං, තත්‍ථ ආකාසෙන ගන‍්ත්‍වා පුබ‍්බෙ පරිනිබ‍්බුතපච‍්චෙකබුද‍්ධස‍්ස අට‍්ඨිසඞ‍්ඝාතං පපාතෙ පක‍්ඛිපිත්‍වා, සිලාතලෙ නිසීදිත්‍වා ඉමං උදානගාථං අභාසි –

රාගඤ්ච දොසඤ්ච ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? සියළුම පසේ බුදුවරුන් අතර මාතංග නම් වූ පසේ බුදුන් වහන්සේ රජගහ නුවර ඇසුරු කොට වැඩ වසති. ඉක්බිති අපගේ බෝසතුන් වහන්සේ උපන් කල්හී, දේවතාවෝ බෝසතුන්ට පුද පූජා කිරීමට පැමිණෙන අතර, මාතංග පසේ බුදුන් දැක, ‘නිදුකාණනි, නිදුකාණනි, ‘බුදුවරයකු ලොව උපන් බව පැවසූහ. නිරෝධ සමවතින් නැඟිඒ හඬ අසා තමාගේ ජීවිතයද, අවසානය දැක, හිමාලයෙහි ‘මහා බෑවුම’ නම් පව්වෙහි පසේ බුදුවරුන් පිරිනිවන්පානා තැනට අහසින් වැඩමකොට, පෙර පිරිනිවි පසේ බුදුවරුන්ගේ ඇටසැකිලි පහළට දමා ගල්තලාවෙහි හිඳ මෙම උදාන ගාථාව කීහ.

“රාගඤ‍්ච දොසඤ‍්ච පහාය මොහං, සන්‍දාලයිත්‍වාන සංයොජනානි; අසන‍්තසං ජීවිතසඞ‍්ඛයම‍්හි, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ රාගදොසමොහා උරගසුත‍්තෙ වුත‍්තා. සංයොජනානීති දස සංයොජනානි. තානි ච තෙන තෙන මග‍්ගෙන සන්‍දාලයිත්‍වා. අසන‍්තසං ජීවිතසඞ‍්ඛයම‍්හීති ජීවිතසඞ‍්ඛයො වුච‍්චති චුතිචිත‍්තස‍්ස පරිභෙදො, තස‍්මිඤ‍්ච ජීවිතසඞ‍්ඛයෙ ජීවිතනිකන‍්තියා පහීනත‍්තා අසන‍්තසන‍්ති. එත‍්තාවතා සොපාදිසෙසං නිබ‍්බානධාතුං අත‍්තනො දස‍්සෙත්‍වා ගාථාපරියොසානෙ අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායීති.

එම ගාථාවෙහි රාගදොසමොහා උරග සූත්‍ර විස්තරයෙහිදී සඳහන් කර ඇත. සඤ්ඤොජනා දස සංයෝජනය. ඒවා ඒ ඒ මගපලයෙන් සන්‍දාලයිත්‍වා අසන්තසං ජීවිතසංඛයම්හි ජීවිත සංඛය යනු චුති සිතෙහි බිඳී යාමයි. තවදුරටත් (සසර) ජීවිත පැවැත්ම නැතිකරන ලද බැවින්, තැති නොගනී. මෙපමණකින් සොපාදිසෙස නිවනට තමා (පැමිණි බව) දක්වා ගාථාව අවසන් වත්ම නැවත සසර නූපදනා ලෙසින් පිරිනිවන් පෑ සේක.

ජීවිතසඞ‍්ඛයගාථාවණ‍්ණනා සමත‍්තා.

ජීවිත සංඛය ගාථා විස්තරය නිමි.

40

40

භජන‍්තීති කා උප‍්පත‍්ති? බාරාණසියං කිර අඤ‍්ඤතරො රාජා ආදිගාථාය වුත‍්තප‍්පකාරමෙව ඵීතං රජ‍්ජං සමනුසාසති. තස‍්ස ඛරො ආබාධො උප‍්පජ‍්ජි, දුක‍්ඛා වෙදනා වත‍්තන‍්ති. වීසතිසහස‍්සිත්‍ථියො පරිවාරෙත්‍වා හත්‍ථපාදසම‍්බාහනාදීනි කරොන‍්ති. අමච‍්චා “න දානායං රාජා ජීවිස‍්සති, හන්‍ද මයං අත‍්තනො සරණං ගවෙසාමා”ති චින‍්තෙත්‍වා අඤ‍්ඤස‍්ස රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා උපට‍්ඨානං යාචිංසු. තෙ තත්‍ථ උපට‍්ඨහන‍්තියෙව, න කිඤ‍්චි ලභන‍්ති. රාජාපි ආබාධා වුට‍්ඨහිත්‍වා පුච‍්ඡි “ඉත්‍ථන‍්නාමො ච ඉත්‍ථන‍්නාමො ච කුහි”න‍්ති? තතො තං පවත‍්තිං සුත්‍වා සීසං චාලෙත්‍වා තුණ‍්හී අහොසි. තෙපි අමච‍්චා “රාජා වුට‍්ඨිතො”ති සුත්‍වා තත්‍ථ කිඤ‍්චි අලභමානා පරමෙන පාරිජුඤ‍්ඤෙන සමන‍්නාගතා පුනදෙව ආගන‍්ත්‍වා රාජානං වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. තෙන ච රඤ‍්ඤා “කුහිං, තාතා, තුම‍්හෙ ගතා”ති වුත‍්තා ආහංසු – “දෙවං දුබ‍්බලං දිස‍්වා ආජීවිකභයෙනම‍්හා අසුකං නාම ජනපදං ගතා”ති. රාජා සීසං චාලෙත්‍වා චින‍්තෙසි – “යංනූනාහං ඉමෙ වීමංසෙය්‍යං, කිං පුනපි එවං කරෙය්‍යුං නො”ති? සො පුබ‍්බෙ ආබාධිකරොගෙන ඵුට‍්ඨො විය බාළ‍්හවෙදනං අත‍්තානං දස‍්සෙන‍්තො ගිලානාලයං අකාසි. ඉත්‍ථියො සම‍්පරිවාරෙත්‍වා පුබ‍්බසදිසමෙව සබ‍්බං අකංසු. තෙපි අමච‍්චා තථෙව පුන බහුතරං ජනං ගහෙත්‍වා පක‍්කමිංසු. එවං රාජා යාවතතියං සබ‍්බං පුබ‍්බසදිසං අකාසි. තෙපි තථෙව පක‍්කමිංසු. තතො චතුත්‍ථම‍්පි තෙ ආගතෙ දිස‍්වා “අහො ඉමෙ දුක‍්කරං අකංසු, යෙ මං බ්‍යාධිතං පහාය අනපෙක‍්ඛා පක‍්කමිංසූ”ති නිබ‍්බින‍්නො රජ‍්ජං පහාය පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකත්‍වා ඉමං උදානගාථං අභාසි –

භජන්ති යන ගාථාවට හේතු වූ කරුණ කුමක්ද? කලින් ගාථාවකට අදාලව කියන ලද පරිදිම, බරණැස එක්තරා රජෙක් යස ඉසුරින් පිරුණු එක් පෙදෙසක් පාලනය කරයි. ඔහුට දරුණු ආබාධයක් වැළඳුණේය. බොහෝ දුක් වේදනා ගෙන දුනි. කාන්තාවෝ විසිදහසක් පිරිවරා අත්පා මිරිකීම් ආදිය කරති. ඇමතිවරු ‘දැන් නම් රජු ජීවත් නොවන්නේය. අපි අපට පිහිටක් සොයමු’ යැයි සිතා වෙනත් රජකු වෙත ගොස් සේවය කිරීමට අවසර ඉල්ලූහ. ඔවුහු ඒ රජුට උවටැන් සේවා කළද කිසිවක් නොලබති. සුවපත් වූ රජුද ‘මේ නම් ඇති තැනැත්තා කොහිද? මේ නම් ඇති තැනැත්තා කොහිදැ’යි විමසීය. එවිට ඒ තොරතුරු ඇසූ (රජු) හිස සලා නිහඬ විය. කිසිවක් නොලබන, (ධනයෙන්) පිරිහීමට පත් ඒ ඇමතිවරුද රජු සුව වූ බව අසා නැවත අවුත් රජුට වැඳ එකත්පසක සිටියහ. එවිට රජු ‘දරුවනි, ඔබලා කොහි ගියෙහුදැ’යි ඇසූවිට අපි දේවයන් වහන්සේගේ දුබලතාව දැක, ජීවත්වීමට නොහැකිවේය යන බියෙන් අසවල් ජනපදයට ගියෙමු’යි කීහ. රජු හිස සලා ‘මොවුන් නැවත මෙසේ කරන්නේදැ’යි විමසන්නෙම් නම් මැනවැ’යි සිතුවේය. රජු පෙර මෙන් රෝගී බව අඟවා දැඩි වේදනාවක් පෙන්වමින් ගිලන් බවම දැක්වීය. කාන්තාවෝ පිරිවර (අවුත්) සියළු දේම පෙර පරිදිම කළහ. ඒ ඇමතිවරු ද, එසේම බොහෝ ජනයාද කැටුව ඉවත්ව ගියහ. රජු තෙවරක්ම රෝගී බව පෙන්වීය. ඇමතිවරුද නැවත පැමිණ ආපසු ගියහ. සිවුවන වරටද ඇමතිවරුන් පැමිණෙනු දැක, ‘අනේ මොහු අපහසු දෙයක් කළහ. මා ගිලන් බව දැන බලාපොරොත්තු හැර, මගෙන් ඈත්ව ගියහ’යි කලකිරි රජකම ඉවත ලා පැවිදිව විදසුන් වඩා පසේ බුදුබව අවබෝධ කොට මෙම උදාන ගාථාව කීය.

“භජන‍්ති සෙවන‍්ති ච කාරණත්‍ථා, නික‍්කාරණා දුල‍්ලභා අජ‍්ජ මිත‍්තා; අත‍්තට‍්ඨපඤ‍්ඤා අසුචී මනුස‍්සා, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

තත්‍ථ භජන‍්තීති සරීරෙන අල‍්ලීයිත්‍වා පයිරුපාසන‍්ති. සෙවන‍්තීති අඤ‍්ජලිකම‍්මාදීහි කිං කාරපටිස‍්සාවිතාය ච පරිචරන‍්ති. කාරණං අත්‍ථො එතෙසන‍්ති කාරණත්‍ථා, භජනාය සෙවනාය ච නාඤ‍්ඤං කාරණමත්‍ථි, අත්‍ථො එව නෙසං කාරණං, අත්‍ථහෙතු සෙවන‍්තීති වුත‍්තං හොති. නික‍්කාරණා දුල‍්ලභා අජ‍්ජ මිත‍්තාති “ඉතො කිඤ‍්චි ලච‍්ඡාමා”ති එවං අත‍්තපටිලාභකාරණෙන නික‍්කාරණා, කෙවලං –

එම ගාථාවෙහි භජන්ති සිරුරෙන් ඇලෙති, ඇසුරු කරති. සෙවන්ති ඇඳිලි බැඳ වැඳීම් ආදියෙන් යටහත් පැවතුම් ඇතිව, ගරුකරමින් හැසිරෙති. කරුණක් ඇත්තේ කරණත්‍ථො නම් වේ. සබඳතා පැවැත්වීමෙන්, ඇසුරු කිරීමෙන් වෙනත් හේතුවක් නැත. එහි තේරුම නම්, තමන්ට ඇතිවන උපකාර (වාසී) සළකා ඇසුරු කරති’යි කී අයුරුයි. නික්කාරණා දුල්ලභා අජ්ජ මිත්තා මෙයින් කිසිවක් ලබමු’යි මෙසේ වාසි, ලාභ හේතුවෙන් නිකරුණේ ඇසුරු නොකෙරේ. හුදෙක්ම

“උපකාරො ච යො මිත‍්තො, සුඛෙ දුක‍්ඛෙ ච යො සඛා; අත්‍ථක‍්ඛායී ච යො මිත‍්තො, යො ච මිත‍්තානුකම‍්පකො”ති. (දී· නි· 3.265) –

‘උපකාරක නම් මිතුරෙකු වෙත්ද, සැප දුකෙහි එක්වන යහළුවෙකු වෙත්ද, දියුණුව කැමති යහළුවෙකු වෙත්ද, අනුකම්පා සහගත යහළුවකු වෙත්ද

එවං වුත‍්තෙන අරියෙන මිත‍්තභාවෙන සමන‍්නාගතා දුල‍්ලභා අජ‍්ජ මිත‍්තා. අත‍්තනි ඨිතා එතෙසං පඤ‍්ඤා, අත‍්තානංයෙව ඔලොකෙන‍්ති, න අඤ‍්ඤන‍්ති අත‍්තට‍්ඨපඤ‍්ඤා. දිට‍්ඨත්‍ථපඤ‍්ඤාති අයම‍්පි කිර පොරාණපාඨො, සම‍්පති දිට‍්ඨියෙව අත්‍ථෙ එතෙසං පඤ‍්ඤා, ආයතිං න පෙක‍්ඛන‍්තීති වුත‍්තං හොති. අසුචීති අසුචිනා අනරියෙන කායවචීමනොකම‍්මෙන සමන‍්නාගතා. සෙසං පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

කියා ඇති පරිදි (නියම) මිතුරු බවින් යුතු යහළුවෝ අද දුලබ වෙති. තමන්ට අැති නුවණින් වටහාගෙන තමන්ම (සසඳා) බලති. වෙනත් අයුරකින් නොවේ. අත්තට්ඨ පඤ්ඤා, දිට්ඨට්ඨ පඤ්ඤා යන මෙයද පැරණි සඳහනකි. ලාභයක් ඇතිවිට, එය දැන කටයුතු කිරිම මොවුන්ගේ නුවණයි. ඉදිරියට මොවුන් ගැන බලාපොරොත්තු නොවන බව කියන ලදී. අසූචි යනු අපිරිසිදු, ලාමක වූ, කය, වචන, මනසින් යුතුව කටයුතු කරන්නෝය. ඉතිරි කරුණු කලින් සඳහන්ව ඇති පරිදි දතයුතුය.

කාරණත්‍ථගාථාවණ‍්ණනා සමත‍්තා.

කාරණත්‍ථගාථා විස්තරය අවසානය.

චතුත්‍ථො වග‍්ගො නිට‍්ඨිතො එකාදසහි ගාථාහි.

ගාථා එකොළහකින් යුතු (ඛග්ගවිසාණ සූත්‍ර හතරවන කොටස නිමි.)

එවමෙතං එකචත‍්තාලීසගාථාපරිමාණං ඛග‍්ගවිසාණසුත‍්තං කත්‍ථචිදෙව වුත‍්තෙන යොජනානයෙන සබ‍්බත්‍ථ යථානුරූපං යොජෙත්‍වා අනුසන්‍ධිතො අත්‍ථතො ච වෙදිතබ‍්බං. අතිවිත්‍ථාරභයෙන පන අම‍්හෙහි න සබ‍්බත්‍ථ යොජිතන‍්ති.

මෙසේ ගාථා හතළිස් එකක් වූ ඛග්ගවිසාණ සූත්‍රය, කියන ලද ආකාරයට වචනවල අරුත් වටහා ගනිමින්, සියල්ල සුදුසු පරිදි යොදාගෙන, ගලපා තේරුම් ගත යුතුය. විස්තරය ඉතා දිගුවේයැයි බියෙන් අප විසින් හැම කරුණක්ම වැඩි විස්තර නොදක්වන ලදී.

පරමත්‍ථජොතිකාය ඛුද‍්දක-අට‍්ඨකථාය සුත‍්තනිපාත-අට‍්ඨකථාය ඛග‍්ගවිසාණසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ඛග්ගවිසාණ සූත්‍ර විස්තරය නිමි.