2. ධනියසුත්තවණ්ණනා අට්ඨකථා
2. ධනියසුත්තවණ්ණනා
2. ධනිය සූත්‍ර වර්ණනාව
පක්කොදනොති ධනියසුත්තං. කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති. තෙන සමයෙන ධනියො ගොපො මහීතීරෙ පටිවසති. තස්සායං පුබ්බයොගො – කස්සපස්ස භගවතො පාවචනෙ දිබ්බමානෙ වීසති වස්සසහස්සානි දිවසෙ දිවසෙ සඞ්ඝස්ස වීසති සලාකභත්තානි අදාසි. සො තතො චුතො දෙවෙසු උප්පන්නො. එවං දෙවලොකෙ එකං බුද්ධන්තරං ඛෙපෙත්වා අම්හාකං භගවතො කාලෙ විදෙහරට්ඨමජ්ඣෙ පබ්බතරට්ඨං නාම අත්ථි තත්ථ ධම්මකොරණ්ඩං නාම නගරං, තස්මිං නගරෙ සෙට්ඨිපුත්තො හුත්වා අභිනිබ්බත්තො, ගොයූථං නිස්සාය ජීවති. තස්ස හි තිංසමත්තානි ගොසහස්සානි හොන්ති, සත්තවීසසහස්සා ගාවො ඛීරං දුය්හන්ති. ගොපා නාම නිබද්ධවාසිනො න හොන්ති. වස්සිකෙ චත්තාරොමාසෙ ථලෙ වසන්ති, අවසෙසෙ අට්ඨමාසෙ යත්ථ තිණොදකං සුඛං ලබ්භති, තත්ථ වසන්ති. තඤ්ච නදීතීරං වා ජාතස්සරතීරං වා හොති. අථායම්පි වස්සකාලෙ අත්තනො වසිතගාමතො නික්ඛමිත්වා ගුන්නං ඵාසුවිහාරත්ථාය ඔකාසං ගවෙසන්තො මහාමහී භිජ්ජිත්වා එකතො කාලමහී එකතො මහාමහිච්චෙව සඞ්ඛං ගන්ත්වා සන්දමානා පුන සමුද්දසමීපෙ සමාගන්ත්වා පවත්තා. යං ඔකාසං අන්තරදීපං අකාසි, තං පවිසිත්වා වච්ඡානං සාලං අත්තනො ච නිවෙසනං මාපෙත්වා වාසං කප්පෙසි. තස්ස සත්ත පුත්තා, සත්ත ධීතරො, සත්ත සුණිසා, අනෙකෙ ච කම්මකාරා හොන්ති. ගොපා නාම වස්සනිමිත්තං ජානන්ති. යදා සකුණිකා කුලාවකානි රුක්‍ඛග්ගෙ කරොන්ති, කක්කටකා උදකසමීපෙ ද්වාරං පිදහිත්වා ථලසමීපද්වාරෙන වළඤ්ජෙන්ති, තදා සුවුට්ඨිකා භවිස්සතීති ගණ්හන්ති. යදා පන සකුණිකා කුලාවකානි නීචට්ඨානෙ උදකපිට්ඨෙ කරොන්ති, කක්කටකා ථලසමීපෙ ද්වාරං පිදහිත්වා උදකසමීපද්වාරෙන වළඤ්ජෙන්ති, තදා දුබ්බුට්ඨිකා භවිස්සතීති ගණ්හන්ති.
පක්කොදනො - ධනිය සූත්‍රයයි. එයට හේතු වූ කරුණ කුමක් ද? භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර වැඩවසති. එකල ධනිය නම් ගව පාලකයා මහී ගං තෙර වාසය කරයි. ඔහුගේ පෙර භවයක තතු මෙසේ වෙයි. කස්සප බුදුරදුන්ගේ සසුන බබළන කල්හි, වසර විසිදහසක් දවස් පතා සංඝයා වහන්සේලාට සලාක බත් විස්සක් දුන්නේය. ඔහු එයින් චුතව දෙවියන් අතර ඉපිද දෙව්ලොවම තවත් බුදුවරයකු පහළ වන තෙක් කල්යවා අප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි විදේහ රට මැද පබ්බත රට්ඨ පෙදෙසෙහි ධම්මකොණ්ඩක නම් නගරයෙහි සිටු පුතකුව ඉපිද ගව පාලනයෙන් ජීවත් වෙයි. ඔහුට ගවයෝ තිස්දහසක් පමණ වෙති. විසිහත්දහසක් එළදෙනුන්ගෙන් කිරි දොවති. ගොපල්ලෝ නිතර එක්තැනම නොවසති. වැසි සහිත මාස සතරෙහි ගොඩබිම වසති. ඉතිරි අට මාසයෙහි තණකොළ, ජලය පහසුවෙන් ලබන තැනක වසති. එතැන ගංතෙරක හෝ ස්වභාවික විල්තෙරක් හෝ වෙයි. ඉක්බිති ධනිය ද වැසිකාලයෙහි තමා විසූ ගමෙන් නික්ම ගවයන්ට පහසුවෙන් විසිය හැකි, ඉඩ ඇති තැනක් සොයන්නේ, එක් කලක මහපොළව විවරව (මතු වූ) මහාමහි නමින් හඳුන්වන ලද ගලායන (දිය පහරින් වටවූ) ඉඩ ඇති පරිදි මුහුද ආසන්නයට පැවති අතුරු දූපතක් සේ සකස්ව තිබුණු කිසියම් තැනකට පිවිස ගව හලක්ද, තමන්ට නිවසක්ද තනා වාසය කළේය. ඔහුට පුත්තු හත් දෙනෙක් ද, දූවරු සත්දෙනෙක් ද, ලේලියෝ සත්දෙනෙක් ද, නොයෙක් කම්කරුවෝ ද වෙති. කුරුල්ලන් රුක් මුදුන්හි කූඩු තනත් ද කකුළුවන් ජලයට ළංව තිබූ (බෙණ) සිදුරු වසා, ගොඩබිමට ළංව බෙණ සාදත්ද එවිට වැසිකාලයට පෙරනිමිති බව ගව පාලකයෝ දනිති. එමෙන්ම කුරුල්ලන් දිය මතුපිටට පහත් තැනක කුඩු තනත් ද, කකුළුවන් ගොඩබිම ආසන්න වූ බණ සිදුරු වසා ජලයට ආසන්නව බෙණ සාදත්ද එවිට වැසි නොමැති කාලය බවද දනිති.
අථ සො ධනියො සුවුට්ඨිකනිමිත්තානි උපසල්ලක්ඛෙත්වා උපකට්ඨෙ වස්සකාලෙ අන්තරදීපා නික්ඛමිත්වා මහාමහියා පරතීරෙ සත්තසත්තාහම්පි දෙවෙ වස්සන්තෙ උදකෙන අනජ්ඣොත්ථරණොකාසෙ අත්තනො වසනොකාසං කත්වා සමන්තා පරික්ඛිපිත්වා, වච්ඡසාලායො මාපෙත්වා, තත්ථ නිවාසං කප්පෙසි. අථස්ස දාරුතිණාදිසඞ්ගහෙ කතෙ සබ්බෙසු පුත්තදාරකම්මකරපොරිසෙසු සමානියෙසු ජාතෙසු නානප්පකාරෙ ඛජ්ජභොජ්ජෙ පටියත්තෙ සමන්තා චතුද්දිසා මෙඝමණ්ඩලානි උට්ඨහිංසු. සො ධෙනුයො දුහාපෙත්වා , වච්ඡසාලාසු වච්ඡෙ සණ්ඨාපෙත්වා, ගුන්නං චතුද්දිසා ධූමං කාරාපෙත්වා, සබ්බපරිජනං භොජාපෙත්වා, සබ්බකිච්චානි කාරාපෙත්වා තත්ථ තත්ථ දීපෙ උජ්ජාලාපෙත්වා, සයං ඛීරෙන භත්තං භුඤ්ජිත්වා, මහාසයනෙ සයන්තො අත්තනො සිරිසම්පත්තිං දිස්වා, තුට්ඨචිත්තො හුත්වා, අපරදිසාය මෙඝත්ථනිතසද්දං සුත්වා නිපන්නො ඉමං උදානං උදානෙසි “පක්කොදනො දුද්ධඛීරොහමස්මී”ති.
ඒ ධනිය ගව පාලකයාද වැසි ඇතිවන ලකුණු සළකා, වැසි කාලය ළංවූ විට අතුරු දූපතින් නික්ම මහාමහි ගඟෙන් එතරව, ගංවතුරෙන් යට නොවන තැනක තම වාසයට (සුදුසු තැනක්) හාත්පස අවුරා ගවහල්ද තනා සති හතක්ම වැසි වසිද්දී, එහි වාසය කළේය. දර, තණකොළ ආදිය රැස් කොටගෙන, සියළුම දූපුතුන්, දාසයන්, කම්කරුවන් එක්රැස්ව නොයෙක් අයුරින් කෑම සහ ආහාර පිළියෙල කොට තිබියදී සතරවටින් වැසි වළාකුළු හටගැනිණ. ඔහු දෙනුන් දොවා, ගවහල්හි ගවයන් බන්දවා, ගවයන්ට සිවුදෙසින්ම දුම් ගස්සවා, සියළුම සේවක පිරිස අනුභව කරවා, සියළු කටයුතු නිම කරවා, ඒ ඒ තැන පහන් දල්වවා තමන් කිරි හා බත් අනුභව කොට යහනට පිවිස, තම සිරිසම්පත් දැක සතුටු සිතින් යුතුව, බටහිර දෙසින් අහස ගොරවන හඬ අසා පක්කොදනො දූද්ධඛීරො හමස්මි ආදී ලෙසින් මෙම සතුටු හැඟුම් පළ කළේය.
තත්රායං අත්ථවණ්ණනා – පක්කොදනොති සිද්ධභත්තො. දුද්ධඛීරොති ගාවො දුහිත්වා ගහිතඛීරො. අහන්ති අත්තානං නිදස්සෙති , අස්මීති අත්තනො තථාභාවං. පක්කොදනො දුද්ධඛීරො ච අහමස්මි භවාමීති අත්ථො. ඉතීති එවමාහාති අත්ථො. නිද්දෙසෙ පන “ඉතීති පදසන්ධි, පදසංසග්ගො, පදපාරිපූරි, අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාමෙත”න්ති (චූළනි· අජිතමාණවපුච්ඡානිද්දෙස 1) එවමස්ස අත්ථො වණ්ණිතො. සොපි ඉදමෙව සන්ධායාති වෙදිතබ්බො. යං යං හි පදං පුබ්බපදෙන වුත්තං, තස්ස තස්ස එවමාහාති එතමත්ථං පකාසෙන්තොයෙව ඉතිසද්දො පච්ඡිමෙන පදෙන මෙත්තෙය්යො ඉති වා භගවා ඉති වා එවමාදිනා පදසන්ධි හොති, නාඤ්ඤථා.
මේ එහි තේරුම් හා විස්තරයි. පක්කොදනො බත පිසන ලදී. දූද්ධ ඛීරො, දෙනුන්ගෙන් කිරි දොවා ඇත. අහං යන්නෙන් තමා දක්වන ලදී. අස්මී තමා එසේ කළ බවයි. ‘මම බත් පිස, කිරි දොවා ඇත්තෙමි යන තේරුමයි. ඉති මෙසේ කීය. නිද්දෙසයෙහි ‘ඉති’ යනු වචන සන්ධි කිරිමෙහි, වචන එක් කිරීමෙහි, වචනයෙහි අඩුබවක් පිරවීමේදී අකුරු එකතු කිරීමෙහි සිලුටු බව හා පිළිවෙලකට යෙදීමේදී භාවිත කරන බව සඳහන්ව ඇත. මෙසේ එහි අරුත් පෙන්වන ලදී. එය මෙහි සන්ධි වීමක් ලෙස දතයුතුය. පෙර පදයෙන් යම් දෙයක් කියන ලදද, ඒ ඒ කියන ලද දෙය වෙනුවෙන් ‘මෙසේ කීය යැයි’ (එවං+ආහ+ඉති) යන අදහස දක්වමින් ‘ඉති’ යනුවෙන් පසු පදය සමග ‘මෙත්තෙය්යො ඉති හෝ භගවා ඉති හෝ ආදී ලෙසින් පද සන්ධි වේ. වෙනත් ආකාර නොවේ.
ධනියො ගොපොති තස්ස සෙට්ඨිපුත්තස්ස නාමසමොධානං. සො හි යානිමානි ථාවරාදීනි පඤ්ච ධනානි, තෙසු ඨපෙත්වා දානසීලාදිඅනුගාමිකධනං, ඛෙත්තවත්ථු-ආරාමාදිතො ථාවරධනතොපි, ගවස්සාදිතො ජඞ්ගමධනතොපි හිරඤ්ඤසුවණ්ණාදිතො සංහාරිමධනතොපි, සිප්පායතනාදිතො අඞ්ගසමධනතොපි යං තං ලොකස්ස පඤ්චගොරසානුප්පදානෙන බහූපකාරං තං සන්ධාය “නත්ථි ගොසමිතං ධන”න්ති (සං· නි· 1.13; නෙත්ති· 123) එවං විසෙසිතං ගොධනං, තෙන සමන්නාගතත්තා ධනියො, ගුන්නං පාලනතො ගොපො. යො හි අත්තනො ගාවො පාලෙති, සො “ගොපො”ති වුච්චති. යො පරෙසං වෙතනෙන භටො හුත්වා, සො ගොපාලකො. අයං පන අත්තනොයෙව, තෙන ගොපොති වුත්තො.
ධනියො ගොපො යනු ඒ සිටුපුත් හඳුන්වන නමයි. දාන සීල ආදී (මෙලොව පරලොව) වැඩදායක ධනය හැර, කෙත්වත්, උයන් වත් ආදී නොසෙල්වෙන (ථාවර) ධනයෙන්ද, ගවයන් අසුන් ආදී ජංගම ධනයෙන්ද, අමුරන්, රත්රන් ආදී එක්රැස් කරගන්නා ධනයෙන්ද, සිප් නිපුණතාවෙන් අතපය වෙහෙසා ලබන ධනය වැනි මේ පස් ආකාර වූ ධනයට වඩා පස්ගෝරස ලබා දීමෙන් ලෝකයාට සිදුවන උපකාරය සළකා ‘ගවයා හා සමාන ධනයක් නැතැ’යි කියන ලද පරිදි මෙහි ගව සම්පත උසස්කොට දැක්වේ. එවන් ගව සම්පතක් අයිති ධනිය ගව පාලනය කරන බැවින් ගොපො නම් වෙයි. යමෙක් තමන්ට අයත් ගවයන් පාලනය කරත් ද ඔහු ගොපො යයි හඳුන්වනු ලැබේ. යමෙකු අනුන්ට බැලමෙහෙ කොට ගවයන් රැකබලා ගනීද ඔහු ගොපල්ලාය. මෙහි තමාම එම කටයුතු කරන බැවින් ගොපො යැයි කියන ලදී.
අනුතීරෙති තීරස්ස සමීපෙ. මහියාති මහාමහීනාමිකාය නදියා. සමානෙන අනුකූලවත්තිනා පරිජනෙන සද්ධිං වාසො යස්ස සො සමානවාසො, අයඤ්ච තථාවිධො. තෙනාහ “සමානවාසො”ති. ඡන්නාති තිණපණ්ණච්ඡදනෙහි අනොවස්සකා කතා. කුටීති වසනඝරස්සෙතං අධිවචනං. ආහිතොති ආභතො, ජාලිතො වා. ගිනීති අග්ගි. තෙසු තෙසු ඨානෙසු අග්ගි “ගිනී”ති වොහරීයති. අථ චෙ පත්ථයසීති ඉදානි යදි ඉච්ඡසීති වුත්තං හොති. පවස්සාති සිඤ්ච, පග්ඝර, උදකං මුඤ්චාති අත්ථො. දෙවාති මෙඝං ආලපති. අයං තාවෙත්ථ පදවණ්ණනා.
අනුතීරෙ ඉවුර සමීපයෙහි, මහියා මහාමහී නම් වූ ගඟයි. සමාන වූ තමාට අනුකූලව සිටින පිරිවර ජනයා සමග වාසය කරන තැනැත්තා සමානවාසො මෙහිද ඒ ආකාර බැවින් සමානවාසො යනුවෙන් දක්වා ඇත. ඡන්නා යනු වැසෙන් නොතෙමෙන සේ (ඉළුක්, පිදුරු ආදී) තණකොළ හා කොළ ආදියෙන් සෙවිලි කරන ලද, කුටී වාසය කරන ගෙයට සමාන වචනයකි. ආහිතො බැබලෙන හෝ දල්වන ලද හෝ තේරුමයි. ගිනි ගින්දර, ඒ ඒ තැන්වල ගින්දර ගිනි යනුවෙන් වහරනු ලබයි. අථ චෙ පත්ථයසි දැන් යම් අයුරින්, කැමැත්තෙහි නම් යන අදහසයි. පවසය ජලය ඉසින්න, වගුරුවන්න, ජලය මුදා හරින්න යන අරුතයි. දෙව යනු වලාකුලට ඇමතීමයි.
අයං පන අත්ථවණ්ණනා – එවමයං ධනියො ගොපො අත්තනො සයනඝරෙ මහාසයනෙ නිපන්නො මෙඝත්ථනිතං සුත්වා “පක්කොදනොහමස්මී”ති භණන්තො කායදුක්ඛවූපසමූපායං කායසුඛහෙතුඤ්ච අත්තනො සන්නිහිතං දීපෙති. “දුද්ධඛීරොහමස්මී”ති භණන්තො චිත්තදුක්ඛවූපසමූපායං චිත්තසුඛහෙතුඤ්ච. “අනුතීරෙ මහියා”ති නිවාසට්ඨානසම්පත්තිං, “සමානවාසො”ති තාදිසෙ කාලෙ පියවිප්පයොගපදට්ඨානස්ස සොකස්සාභාවං. “ඡන්නා කුටී”ති කායදුක්ඛාපගමපටිඝාතං. “ආහිතො ගිනී”ති යස්මා ගොපාලකා පරික්ඛෙපධූමදාරුඅග්ගිවසෙන තයො අග්ගී කරොන්ති. තෙ ච තස්ස ගෙහෙ සබ්බෙ කතා, තස්මා සබ්බදිසාසු පරික්ඛෙපග්ගිං සන්ධාය “ආහිතො ගිනී”ති භණන්තො වාළමිගාගමනනිවාරණං දීපෙති, ගුන්නං මජ්ඣෙ ගොමයාදීහි ධූමග්ගිං සන්ධාය ඩංසමකසාදීහි ගුන්නං අනාබාධං, ගොපාලකානං සයනට්ඨානෙ දාරුඅග්ගිං සන්ධාය ගොපාලකානං සීතාබාධපටිඝාතං. සො එවං දීපෙන්තො අත්තනො වා ගුන්නං වා පරිජනස්ස වා වුට්ඨිපච්චයස්ස කස්සචි ආබාධස්ස අභාවතො පීතිසොමනස්සජාතො ආහ – “අථ චෙ පත්ථයසී පවස්ස දෙවා”ති.
මේ එහි වචනවල තේරුමයි. මෙසේ මේ ධනිය ගව පාලකයා තම ඇඳෙහි වැතිර, අහස ගොරවන හඬ අසා පක්කොදනො ‘හමස්මි’ යැයි කියමින් කයෙහි වෙහෙස නැති කරගනු පිණිසත්, කයෙහි සුව පහසුව සලසා ගැනීමටත් තම සිත තැන්පත් බව පෙන්වයි. අනුතීරෙ මහියා යනු වසන තැනින් ලබන සතුටයි. සමානවාසො එබඳු කැමති වූවන් හා වෙන්වීමෙන් ඇතිවන සෝකය නොමැති වීමයි. ජනනා කුටී සිරුරෙහි දුක්පීඩාදිය වැළකීමයි. ආහිතො ගිනී, ගොපල්ලන් යම් ආකාරයෙන් වටකොට, දුමෙන් හා දරවලින් යන තුන් අයුරකින් ගිනි දල්වත්ද, මොහුද එපරිදිම ඔහුගේ ගෙයිද ඒ සියල්ලම කරන ලදී. එහෙයින් සියළු දිසාවම (හැම පැත්තකම) වටකොට ගිනි (දැල්වීම) නිසා. ආහිතො ගිනී වල්සතුන් පැමිණීම වැළැක්වීම අදහස් වේ. ගවයන් මැදිකොට, ගොම ආදියෙන් දුම්ගිනි ගැසීමේදී මැසිමදුරුවන්ගෙන් උන්ට පීඩා ඇති නොවේ. ගොපල්ලන් නිදන තන්හී දරවලින් ගිනි (දැල්වීම) නිසා ඔවුන්ට සීතල උවදුරු වැළකේ. මෙසේ, තමන්ට හෝ ගොණුන්ට හෝ සේවක පිරිසට හෝ වැස්සෙන් කිසිදු උවදුරක් නොවන බැවින්, මහත් සතුටට පත් ධනිය ‘අථ චෙ පත්ථයසි පවස්ස දෙව’ යැයි කීය.
එවං ධනියස්ස ඉමං ගාථං භාසමානස්ස අස්සොසි භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය ජෙතවනමහාවිහාරෙ ගන්ධකුටියං විහරන්තො. සුත්වා ච පන බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො අද්දස ධනියඤ්ච පජාපතිඤ්චස්ස “ඉමෙ උභොපි හෙතුසම්පන්නා. සචෙ අහං ගන්ත්වා ධම්මං දෙසෙස්සාමි, උභොපි පබ්බජිත්වා අරහත්තං පාපුණිස්සන්ති. නො චෙ ගමිස්සාමි, ස්වෙ උදකොඝෙන විනස්සිස්සන්තී”ති තං ඛණෙයෙව සාවත්ථිතො සත්ත යොජනසතානි ධනියස්ස නිවාසට්ඨානං ආකාසෙන ගන්ත්වා තස්ස කුටියා උපරි අට්ඨාසි. ධනියො තං ගාථං පුනප්පුනං භාසතියෙව , න නිට්ඨාපෙති, භගවති ගතෙපි භාසති. භගවා ච තං සුත්වා “න එත්තකෙන සන්තුට්ඨා වා විස්සත්ථා වා හොන්ති, එවං පන හොන්තී”ති දස්සෙතුං –
ධනිය මෙසේ කියන ගාථා, භාග්‍යවතුන් වහන්සේ, ජේතවන මහා විහාරයෙහි සුවඳවත් කුටියෙහි වැඩසිට, මිනිස් ගතිය ඉක්මවා යන ඉතා පිරිසිදු දිව කණින් ඇසූහ. ඒ අසා, බුදු ඇසින් ලොව බලන සේක්, ‘ධනියත් බිරිඳත් දෙදෙනාටම හේතුසම්පත් ඇත. මා ගොස් දහම් දෙසුවහොත් දෙදෙනාම පැවිදිව රහත් පලයට පැමිණෙන්නාහ, මා නොගියහොත් හෙට මහා ජල ගැලීමෙන් වැනසෙන බවදැන, එකෙණෙහිම සැවැත් නුවරින් යොදුන් හත්සියයක් දුර, ධනියගේ නිවසට අහසින් වැඩමකොට ඔහුගේ කුටිය මත්තෙහි සිටියහ. ධනිය ඒ ගාථාව නැවත නැවතත් කියයි. භාග්‍යවතුන් වහන්සේ එහි ගිය කල්හිද නොනැවතීම ගාථාව කියයි. ‘එපමණකින් සතුටක් හෝ තහවුරු බවක් ඇති නොවේ, එය මෙසේ විය යුතු යැයි’ පෙන්වාදීමට බුදුරජාණන් වහන්සේ
“අක්කොධනො විගතඛිලොහමස්මි, අනුතීරෙ මහියෙකරත්තිවාසො; විවටා කුටි නිබ්බුතො ගිනි, අථ චෙ පත්ථයසී පවස්ස දෙවා”ති. –
‘අක්කොධනො විගතඛීලො හමස්මී’ යන පිළිතුරු ගාථාව වදාළහ.
ඉමං පටිගාථං අභාසි බ්යඤ්ජනසභාගං නො අත්ථසභාගං. න හි “පක්කොදනො”ති, “අක්කොධනො”ති ච ආදීනි පදානි අත්ථතො සමෙන්ති මහාසමුද්දස්ස ඔරිමපාරිමතීරානි විය, බ්යඤ්ජනං පනෙත්ථ කිඤ්චි කිඤ්චි සමෙතීති බ්යඤ්ජනසභාගානි හොන්ති. තත්ථ පුරිමගාථාය සදිසපදානං වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො.
එහි අකුරු සමතාවක් ඇතත් අදහස (ධනිය සිතන ලද දෙයට) සමාන නොවේ. පක්කොදන, අක්කොධන ආදී පදවල තේරුම මහ මුහුදෙහි එතෙර මෙතෙර මෙන් සමාන නොවේ. අකුරුවල කිසියම් සමානතාවක් ඇත. එහි මුල් ගාථාවේ සමාන පදවල තේරුම (කලින්) දක්වා ඇති පරිදි දතයුතුය.
විසෙසපදානං පනායං පදතො අත්ථතො ච වණ්ණනා – අක්කොධනොති අකුජ්ඣනසභාවො. යො හි සො පුබ්බෙ වුත්තප්පකාරආඝාතවත්ථුසම්භවො කොධො එකච්චස්ස සුපරිත්තොපි උප්පජ්ජමානො හදයං සන්තාපෙත්වා වූපසම්මති, යෙන ච තතො බලවතරුප්පන්නෙන එකච්චො මුඛවිකුණනමත්තං කරොති, තතො බලවතරෙන එකච්චො ඵරුසං වත්තුකාමො හනුසඤ්චලනමත්තං කරොති, අපරො තතො බලවතරෙන ඵරුසං භණති, අපරො තතො බලවතරෙන දණ්ඩං වා සත්ථං වා ගවෙසන්තො දිසා විලොකෙති, අපරො තතො බලවතරෙන දණ්ඩං වා සත්ථං වා ආමසති, අපරො තතො බලවතරෙන දණ්ඩාදීනි ගහෙත්වා උපධාවති, අපරො තතො බලවතරෙන එකං වා ද්වෙ වා පහාරෙ දෙති, අපරො තතො බලවතරෙන අපි ඤාතිසාලොහිතං ජීවිතා වොරොපෙති, එකච්චො තතො බලවතරෙන පච්ඡා විප්පටිසාරී අත්තානම්පි ජීවිතා වොරොපෙති සීහළදීපෙ කාලගාමවාසී අමච්චො විය. එත්තාවතා ච කොධො පරමවෙපුල්ලප්පත්තො හොති. සො භගවතා බොධිමණ්ඩෙයෙව සබ්බසො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො, තස්මා භගවා “අක්කොධනොහමස්මී”ති ආහ.
වෙසෙසින් දැක්විය යුතු පද ගැනද තේරුම්ද විස්තර කෙරේ. අක්කොධනො නොකිපෙන බවයි. කෝපය ඇතිවූ විට, කලින් කියා ඇති පරිදි, ඇතමෙකුට එය දැඩිවම හටගෙන, හදවත තැවුල් ඇති කරමින් සංසිඳයි. කෝපය ඊට වඩා බලවත් ලෙස හටගත් කල ඇතමෙක් මුහුණ රැවීම් පමණක් කරති. වඩාත් බලවත් වූවිට, නපුරු වචන කියනු කැමතිව, හකු සෙලවීම පමණකුදු කරයි. ඊටත් වඩා බලවත් වූ විට නපුරු වචන කියයි. පසුව තවත් කෝපය බලවත් වීමෙන්, ලී කැබැල්ලක් හෝ ආයුධයක් හෝ සොයමින් වටපිට බලයි. පසුව තවත් බලවත් වූ විට දඬුමුගුරු ආදිය ගෙන එහා මෙහා දුවයි. තවත් බලවත් වූ විට එක් අයකුට හෝ දෙදෙනෙකුට හෝ පහර දෙයි. පසුව තවත් බලවත් වූ විට සහ ලේ නෑයගේ වුවත් ජීවිත තොර කරයි. ඇතැම්විට, තවත් කෝපය බලවත් වූ විට, සිංහල දිවයිනෙහි කාල නම් ගමෙහි විසූ ඇමති මෙන්, තම ජීවිතය වුවද තොර කර ගනී. කෝපය ඉතාම බලවත් වූ විට ඇත්තේ මෙපමණයි. එය භාග්‍යවතුන් වහන්සේ බෝමැඩදීම මුල් සිඳලන ලද තල්ගසක් මෙන් මුළුමනින්ම නැති කළ සේක. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අක්කොධනො ‘හමස්මී’ යැයි කීහ.
විගතඛිලොති අපගතඛිලො. යෙ හි තෙ චිත්තබන්ධභාවෙන පඤ්ච චෙතොඛිලා වුත්තා, යෙ හි ච ඛිලභූතෙ චිත්තෙ සෙය්යථාපි නාම ඛිලෙ භූමිභාගෙ චත්තාරො මාසෙ වස්සන්තෙපි දෙවෙ සස්සානි න රුහන්ති, එවමෙවං සද්ධම්මස්සවනාදිකුසලහෙතුවස්සෙ වස්සන්තෙපි කුසලං න රුහති තෙ ච භගවතා බොධිමණ්ඩෙයෙව සබ්බසො පහීනා, තස්මා භගවා “විගතඛිලොහමස්මී”ති ආහ.
විගතඛීලො - උල් ඉවත් කරන ලද, සිතෙහි තද ගතිය අනුව එය පස් ආකාරයැයි කියන ලදී. සතර මසක් පුරා වැසි වැස්සත් වලගොඩැලි උල් සහිත බිමෙහි ධාන්‍ය නොවැඩේද, එසේම (කොධ ආදී) උල් ඇති සිතෙහි සදහම් ඇසීම වැනි කුසලට හේතුවන වැසි වැස්සත් කුසල් නොවැඩේ. එබඳු උල් භාග්‍යවතුන් වහන්සේ බෝමැඩදීම සහමුලින්ම නැතිකරන ලදහ. එහෙයින් - විගතබීලො හමස්මී යැයි කීහ.
එකරත්තිං වාසො අස්සාති එකරත්තිවාසො . යථා හි ධනියො තත්ථ චත්තාරො වස්සිකෙ මාසෙ නිබද්ධවාසං උපගතො, න තථා භගවා. භගවා හි තංයෙව රත්තිං තස්ස අත්ථකාමතාය තත්ථ වාසං උපගතො. තස්මා “එකරත්තිවාසො”ති ආහ. විවටාති අපනීතච්ඡදනා. කුටීති අත්තභාවො. අත්තභාවො හි තං තං අත්ථවසං පටිච්ච කායොතිපි ගුහාතිපි දෙහොතිපි සන්දෙහොතිපි නාවාතිපි රථොතිපි වණොතිපි ධජොතිපි වම්මිකොතිපි කුටීතිපි කුටිකාතිපි වුච්චති. ඉධ පන කට්ඨාදීනි පටිච්ච ගෙහනාමිකා කුටි විය අට්ඨිආදීනි පටිච්ච සඞ්ඛ්‍යං ගතත්තා “කුටී”ති වුත්තො. යථාහ –
එක් රැයක් වාසය කරන්නේය යන අරුතින් එකරත්තිවාසො වැසි පවත්නා මාස හතර පුරාම ධනිය එහි වාසයට පැමිණි සේ, භාග්‍යවතුන් වහන්සේට එසේ වාසය කිරීම අවැසි නොවේ. ඒ රැයෙහිම ඔහුට යහපත පිණිස එහි වැඩියහ. එහෙයින් එකරත්තිවාසො යැයි කීහ. විවටා සෙවිලි නොකරන ලද, කුටී සිරුරය. ඒ ඒ තේරුම් අනුව කය, ගුහා, දෙහ, සන්දෙහ, නැව, රිය, කොඩිය, තුඹස, පැල, කුඩාගෙය යනුවෙන් කියනු ලැබේ. මෙහිදී ලී දඬු ආදියෙන් (සකස් කරන ලද) ගෙය නමින් හැඳින්වෙන කුටිය මෙන්ම, ඇට ආදිය නිසා (සිරුර) කුටිය යැයි හඳුන්වා ඇත.
“සෙය්යථාපි, ආවුසො, කට්ඨඤ්ච පටිච්ච, වල්ලිඤ්ච පටිච්ච, මත්තිකඤ්ච පටිච්ච, තිණඤ්ච පටිච්ච, ආකාසො පරිවාරිතො අගාරංත්වෙව සඞ්ඛං ගච්ඡති; එවමෙව ඛො, ආවුසො, අට්ඨිඤ්ච පටිච්ච, න්හාරුඤ්ච පටිච්ච, මංසඤ්ච පටිච්ච, චම්මඤ්ච පටිච්ච, ආකාසො පරිවාරිතො රූපන්ත්වෙව සඞ්ඛං ගච්ඡතී”ති (ම· නි· 1.306).
‘ඇවැත්නි, ලී දඬු ද, වැල් ආදියද, මැටිද තණ (පිදුරු ආදිය) කොළද යොදා ගනිමින් ඉඩ ඇති තැනක සකස් කරන ලද දේ ‘ගෙය’ නමින් හඳුන්වනු ලැබේ, එසේම, ඇවැත්නි, ඇට, නහර, මස් හා සම හේතුකොට හිස් පරිසරයෙහි සකස්වන ලද දෙය ‘රූපය’ ලෙස හඳුන්වනු ලබයි. යනුවෙන් වදාරා ඇති පරිදිය.
චිත්තමක්කටස්ස නිවාසතො වා කුටි. යථාහ –
සිත නම් වූ වඳුරාට වාසය වූ බැවින් කුටි නම් වේ. එහෙයින් මෙසේ වදාළහ.
“අට්ඨිකඞ්කලකුටි චෙ සා, මක්කටාවසථො ඉති; මක්කටො පඤ්චද්වාරාය, කුටිකාය පසක්කිය; ද්වාරෙන අනුපරියාති, ඝට්ටයන්තො පුනප්පුන”න්ති. (ථෙරගා· 125);
සිරුර ඇට සැකිලෙන් බැඳුනු කුටියක් ලෙසද එහි වාසය කරන වඳුරා පස් ඉඳුරන් නැමති දොරටුවලින් කුටිය දෙස බලමින්, ඒ දොරටුවල හැපෙමින් නැවත එහා මෙහා යයි.
සා කුටි යෙන තණ්හාමානදිට්ඨිඡදනෙන සත්තානං ඡන්නත්තා පුනප්පුනං රාගාදිකිලෙසවස්සං අතිවස්සති. යථාහ –
ඒ කුටිය, තණ්හා-මාන-දිට්ඨි නැමති වහලෙන් පුද්ගලයන් විසින් සෙවිලි කරන ලදින් නැවත නැවත රාගාදී කෙලෙස් වැස්සෙන් මැනවින් තෙමේ, එහෙයින් මෙසේ වදාරා ඇත.
“ඡන්නමතිවස්සති, විවටං නාතිවස්සති; තස්මා ඡන්නං විවරෙථ, එවං තං නාතිවස්සතී”ති. (උදා· 45; ථෙරගා· 447; පරි· 339);
ඡන්නමතිවස්සති විවටං නාතිවස්සති තස්මා ඡන්නං විවරෙථ එවං තං නාතිවස්සතී’
අයං ගාථා ද්වීසු ඨානෙසු වුත්තා ඛන්ධකෙ ථෙරගාථායඤ්ච. ඛන්ධකෙ හි “යො ආපත්තිං පටිච්ඡාදෙති, තස්ස කිලෙසා ච පුනප්පුනං ආපත්තියො ච අතිවස්සන්ති, යො පන න පටිච්ඡාදෙති, තස්ස නාතිවස්සන්තී”ති ඉමං අත්ථං පටිච්ච වුත්තා. ථෙරගාථායං “යස්ස රාගාදිච්ඡදනං අත්ථි, තස්ස පුන ඉට්ඨාරම්මණාදීසු රාගාදිසම්භවතො ඡන්නමතිවස්සති . යො වා උප්පන්නෙ කිලෙසෙ අධිවාසෙති, තස්සෙව අධිවාසිතකිලෙසච්ඡදනච්ඡන්නා අත්තභාවකුටි පුනප්පුනං කිලෙසවස්සං අතිවස්සති. යස්ස පන අරහත්තමග්ගඤාණවාතෙන කිලෙසච්ඡදනස්ස විද්ධංසිතත්තා විවටා, තස්ස නාතිවස්සතී”ති. අයමත්ථො ඉධ අධිප්පෙතො. භගවතා හි යථාවුත්තං ඡදනං යථාවුත්තෙනෙව නයෙන විද්ධංසිතං, තස්මා “විවටා කුටී”ති ආහ. නිබ්බුතොති උපසන්තො. ගිනීති අග්ගි. යෙන හි එකාදසවිධෙන අග්ගිනා සබ්බමිදං ආදිත්තං. යථාහ – “ආදිත්තං රාගග්ගිනා”ති විත්ථාරො. සො අග්ගි භගවතො බොධිමූලෙයෙව අරියමග්ගසලිලසෙකෙන නිබ්බුතො, තස්මා “නිබ්බුතො ගිනී”ති ආහ.
මේ ගාථා ඛන්‍ධකයෙහිද ථෙරගාථාවෙහිද යන දෙතැනක කියන ලදී. ඛන්ධකයෙහි, ‘යමෙකු ඇවත සඟවත්ද, ඔහු කෙලෙස්වලින්ද නැවත නැවත ඇවැත්වලින්ද වඩාත් තෙමේ යමෙක් ඒවා නොසඟවත්ද (එයින්) නොතෙමේ. ‘යො ආපත්තිං පටිච්ඡාදෙති, තස්ස නාතිවස්සන්ති’ මේ තේරුම සඳහා කියන ලදී. ථෙරගාථාවෙහි, යමෙකු රාගාදියෙන් ‘සෙවිලිකොට තිබේ, නැවත ඇතිවන බලාපොරොත්තු නම් වූ රාගාදියෙන් තෙමේ යැයි කියන ලදී. යමෙක් හටගත් කෙලෙස් ඉවසා සිටිත්ද එසේ ඉවසන ලද (ඈත් නොකරන ලද) කෙලෙස් නම් වූ (ඒ ආවරණයෙන්) සෙවිලි කිරීමෙන් සිරුර නම් වූ කුටිය නැවත නැවත කෙලෙස් වැස්සටම තෙමෙයි. අරහත් මග නුවණ නම් වූ සුළඟින් කෙලෙස් නැමති වහල සිඳ බිඳ දමන ලද තැනැත්තෙකුගේ ‘කුටිය’ විවරව ඇත. ඔහු (රාගාදි) වැස්සෙන් නොතෙමෙයි යනු මෙහි අදහසයි. භාග්‍යවතුන් වහන්සේ, යම්සේ වහලකට සමාන යැයි කියා ඇති දේ (හෙවත් කෙලෙස්) කියන ලද පරිදි සිඳ බිඳ දමන ලදහ. එහෙයින් විවටා කුටී යැයි කීහ. නිබ්බුතො, මැනවින් සන්සුන් - නිවුනු බවයි. ගිනි - ගින්නයි. එකොළොස් ආකාර වූ ගින්නෙන් මේ සියල්ල ඇවිල ගෙන ඇත. රාගාදි ගිනිවලින් ඇවිලීගෙන ඇතැයි එය විස්තර වේ. එම ගිනි භාග්‍යවතුන් වහන්සේ විසින් බෝමුල්හිදීම උතුම් මගපල නැමති සිහිල් දියෙන් නිවාලන ලදී. එහෙයින් නිබ්බුතො ගිනී යැයි වදාළහ.
එවං වදන්තො ච ධනියං අතුට්ඨබ්බෙන තුස්සමානං අඤ්ඤාපදෙසෙනෙව පරිභාසති, ඔවදති, අනුසාසති. කථං? “අක්කොධනො”ති හි වදමානො, ධනිය, ත්වං “පක්කොදනොහමස්මී”ති තුට්ඨො, ඔදනපාකො ච යාවජීවං ධනපරික්ඛයෙන කත්තබ්බො, ධනපරික්ඛයො ච ආරක්ඛාදිදුක්ඛපදට්ඨානො, එවං සන්තෙ දුක්ඛෙනෙව තුට්ඨො හොසි. අහං පන “අක්කොධනොහමස්මී”ති තුස්සන්තො සන්දිට්ඨිකසම්පරායිකදුක්ඛාභාවෙන තුට්ඨො හොමීති දීපෙති. “විගතඛිලො”ති වදමානො ත්වං “දුද්ධඛීරොහමස්මී”ති තුස්සන්තො අකතකිච්චොව “කතකිච්චොහමස්මී”ති මන්ත්වා තුට්ඨො, අහං පන “විගතඛිලොහමස්මී”ති තුස්සන්තො කතකිච්චොව තුට්ඨො හොමීති දීපෙති. “අනුතීරෙ මහියෙකරත්තිවාසො”ති වදමානො ත්වං අනුතීරෙ මහියා සමානවාසොති තුස්සන්තො චතුමාසනිබද්ධවාසෙන තුට්ඨො. නිබද්ධවාසො ච ආවාසසඞ්ගෙන හොති, සො ච දුක්ඛො, එවං සන්තෙ දුක්ඛෙනෙව තුට්ඨො හොසි. අහං පන එකරත්තිවාසොති තුස්සන්තො අනිබද්ධවාසෙන තුට්ඨො, අනිබද්ධවාසො ච ආවාසසඞ්ගාභාවෙන හොති, ආවාසසඞ්ගාභාවො ච සුඛොති සුඛෙනෙව තුට්ඨො හොමීති දීපෙති.
මෙසේ වදාරන අතරම, ධනිය පැහැදෙන අයුරින්, අවමන් නොකරමින් වෙනත් අයුරින් අනුශාසනා කරති. ඒ කෙසේද? ධනිය, ඔබ අක්කොධනො යැයි කියමින්, පක්කොදනො’ හමස්මි යැයි සතුටු වෙහි? ආහාර පිසගැනීමටද දිවි ඇතිතාක් ධනය වැය කළ යුතුය. ධනය වැය කිරීමද, රැකගැනීමද දුකට හේතුවේ. කරුණු මෙසේ හෙයින්, ඔබ දුකින්ම සතුටු වෙහි. මම තරහ නැත්තෙමි’යි සතුටු වෙමින්, මෙලොව පරලොව දුක් නොමැති නිසා සතුටුවන බව පහදති. විගතබීලො යැයි කියන ඔබ දුද්ධ ඛීරොහමස්මී යැයි සතුටුව කටයුතු නොකරම, කටයුතු කරන ලදැයි සතුටු වෙහි, මම විගතඛීලො ‘හමස්මි’ යැයි සතුටුව කටයුතු කරන ලදුව සතුටු වෙමි. අනුතීරෙ මහියෙකරත්තිවාසො යැයි කියන ඔබ අනුතීරෙ මහියා සමානවාසො යනුවෙන් ද සතුටුවෙමින් මාස හතරක් නිබඳ වාසය කරහි. නිබඳ වාසයද වැඩිදෙනා සමග එක්ව-රැස්ව සිටීමයි. එයද දුකකි. කරුණු මෙසේ නම්, දුකින්ම සතුටු වෙයි. මම එකරත්ති වාසො යැයි නිබඳ වාසයෙන් තොරව තුටු වෙමි. වැඩිදෙනා සමග එක්ව, රැස් නොසිටිමි. එය සැපයකැයි සතුටුවෙමි’යි, පහදා දෙති.
“විවටා කුටී”ති වදමානො ත්වං ඡන්නා කුටීති තුස්සන්තො ඡන්නගෙහතාය තුට්ඨො, ගෙහෙ ච තෙ ඡන්නෙපි අත්තභාවකුටිකං කිලෙසවස්සං අතිවස්සති, යෙන සඤ්ජනිතෙහි චතූහි මහොඝෙහි වුය්හමානො අනයබ්යසනං පාපුණෙය්යාසි, එවං සන්තෙ අතුට්ඨබ්බෙනෙව තුට්ඨො හොසි. අහං පන “විවටා කුටී”ති තුස්සන්තො අත්තභාවකුටියා කිලෙසච්ඡදනාභාවෙන තුට්ඨො. එවඤ්ච මෙ විවටාය කුටියා න තං කිලෙසවස්සං අතිවස්සති, යෙන සඤ්ජනිතෙහි චතූහි මහොඝෙහි වුය්හමානො අනයබ්යසනං පාපුණෙය්‍යං, එවං සන්තෙ තුට්ඨබ්බෙනෙව තුට්ඨො හොමීති දීපෙති. “නිබ්බුතො ගිනී”ති වදමානො ත්වං ආහිතො ගිනීති තුස්සන්තො අකතූපද්දවනිවාරණොව කතූපද්දවනිවාරණොස්මීති මන්ත්වා තුට්ඨො. අහං පන නිබ්බුතො ගිනීති තුස්සන්තො එකාදසග්ගිපරිළාහාභාවතො කතූපද්දවනිවාරණතායෙව තුට්ඨොති දීපෙති. “අථ චෙ පත්ථයසී පවස්ස දෙවා”ති වදමානො එවං විගතදුක්ඛානං අනුප්පත්තසුඛානං කතසබ්බකිච්චානං අම්හාදිසානං එතං වචනං සොභති, අථ චෙ පත්ථයසි, පවස්ස දෙව, න නො තයි වස්සන්තෙ වා අවස්සන්තෙ වා වුඩ්ඪි වා හානි වා අත්ථි, ත්වං පන කස්මා එවං වදසීති දීපෙති. තස්මා යං වුත්තං “එවං වදන්තො ච ධනිය අතුට්ඨබ්බෙනෙව තුස්සමානං අඤ්ඤාපදෙසෙනෙව පරිභාසති ඔවදති, අනුසාසතී”ති, තං සම්මදෙව වුත්තන්ති.
ඔබ විවටා කුටී යැයි පවසමින්, ගෙය සෙවිලි කරන ලද නමුත් සිරුර නම් කුටිය (ජීවිතය නමැති කුටිය) කෙලෙස් වැස්සට තදින් තෙමේ. සමහරවිට සතරදිගින් එන (කාම ආදී) මහා ජල පහරින් බොහෝ විපතකට පත්විය හැකිය. කරුණු මෙසේනම්, සතුටු නොවිය යුතු විටක ඔබ සතුටු වෙහි. මම විවටා කුටී යැයි සතුටුව ජීවිත කුටිය කෙලෙස්වලින් සෙවිලි කර නොමැති බැවින් සතුටු වෙමි. මෙසේ, මගේ විවර කර ඇති කුටිය කෙලෙස් වැස්සෙන් නොතෙමේ. සතර දෙසින් එන මහා ජලපහරින් (කාම ආදී) බොහෝ උවදුරුවලට පත් නොවෙමි. ‘කරුණු මෙසේ හෙයින් සතුටු විය යුතු දෙයින් සතුටු වෙමි’යි පහදා දෙයි. නිබ්බුතො ගිනී යැයි (රාගාදී) එකොළොස් ආකාර වූ ගිනිවලින් වන උවදුරු වළකාලීමෙන් සතුටු වෙමි, ‘අථ චෙ පත්ථයසි පවස්ස දෙව’ යැයි ඔබ පවසන වචන, දුක ඉවත හළ, සැපයට පැමිණි, සියළු කටයුතු නිමවූ අප වැන්නවුනට හොබී. අථ චෙ පත්ථයසි පවස්ස දෙව යැයි ‘වැසි වැස්සත්, නොවැස්සත් අපට වෙසෙස් උපකාරයක් හෝ පාඩුවක් නැතැ’යි ඔබ කුමක් නිසා කියහිදැ’යි හඟවයි. මෙසේ ධනියට සතුටු නොවිය යුතු තැනකදී සතුටුවීම වෙනත් අයුරින් වැරදි බව දක්වා (ඒ ගැන) අවවාද දෙයි, කරුණු පහදා දෙයි.
එවමිමං භගවතා වුත්තං ගාථං සුත්වාපි ධනියො ගොපො “කො අයං ගාථං භාසතී”ති අවත්වා තෙන සුභාසිතෙන පරිතුට්ඨො පුනපි තථාරූපං සොතුකාමො අපරම්පි ගාථමාහ “අන්ධකමකසා”ති. තත්ථ අන්ධකාති කාළමක්ඛිකානං අධිවචනං, පිඞ්ගලමක්ඛිකානන්තිපි එකෙ. මකසාති මකසායෙව. න විජ්ජරෙති නත්ථි. කච්ඡෙති ද්වෙ කච්ඡා – නදීකච්ඡො ච පබ්බතකච්ඡො ච. ඉධ නදීකච්ඡො. රුළ්හතිණෙති සඤ්ජාතතිණෙ. චරන්තීති භත්තකිච්චං කරොන්ති. වුට්ඨිම්පීති වාතවුට්ඨිආදිකා අනෙකා වුට්ඨියො, තා ආළවකසුත්තෙ පකාසයිස්සාම. ඉධ පන වස්සවුට්ඨිං සන්ධාය වුත්තං. සහෙය්යුන්ති ඛමෙය්යුං. සෙසං පාකටමෙව. එත්ථ ධනියො යෙ අන්ධකමකසා සන්නිපතිත්වා රුධිරෙ පිවන්තා මුහුත්තෙනෙව ගාවො අනයබ්යසනං පාපෙන්ති, තස්මා වුට්ඨිතමත්තෙයෙව තෙ ගොපාලකා පංසුනා ච සාඛාහි ච මාරෙන්ති, තෙසං අභාවෙන ගුන්නං ඛෙමතං, කච්ඡෙ රුළ්හතිණචරණෙන අද්ධානගමනපරිස්සමාභාවං වත්වා ඛුදාකිලමථාභාවඤ්ච දීපෙන්තො “යථා අඤ්ඤෙසං ගාවො අන්ධකමකසසම්ඵස්සෙහි දිස්සමානා අද්ධානගමනෙන කිලන්තා ඛුදාය මිලායමානා එකවුට්ඨිනිපාතම්පි න සහෙය්යුං, න මෙ තථා ගාවො, මය්හං පන ගාවො වුත්තප්පකාරාභාවා ද්වික්ඛත්තුං වා තික්ඛතුං වා වුට්ඨිම්පි සහෙය්යු”න්ති දීපෙති.
මෙම ගාථා ධනිය ඇසුවත්, ‘කවරෙකු ගාථා කියතිදැ’යි නොවිමසා එය යහපත් දෙකැයි බොහෝ සතුටුවී නැවතද එබඳු දෑ අසනු කැමතිව අන්ධකමකසා යයි තවත් ගාථාවක් කීය. අන්ධකා යනු කණමැස්සන්ට සමාන වචනයකි. පිඟුවන් මැක්කන් යයි ඇතමෙක් කියති. මකසා: මදුරුවෝ, න විජ්ජරෙ - නැත. කච්ඡෙ නදී හා පබ්බත යැයි වගුරු බිම් පෙදෙස් දෙකකි. මෙහි නදී කච්ඡ අදහස් වේ. රූළ්හතිණෙ-වැඩුණු තණකොළ, චරන්ති ඒ තණකොළ කෑමට සැරිසරති. වුට්ඨිමපි කුණාටු වැසි ආදී නොයෙක් ආකාර වැසි, ඒ පිළිබඳව ආලවක සූත්‍රයෙහිදී පවසන්නෙමි. මෙහිදී වහින වැස්ස සළකා කියන ලදී. සහෙය්යුං ඉවසිය හැකි වෙමි. (දරාගත හැකි වෙමි) ඉතිරි වචන අපහසු නොවේ. මැසි මදුරුවෝ රැස්, ලේ උරා බී, මොහොතකින් (වෙනත් ගවපට්ටිවල) ගවයන් බොහෝ විපතට පමුණුවති. එහෙයින් වැස්සෙන් පසු ඒ ගොපල්ලෝ පස්වලින් ද කොළ අතුවලින් ද උන් මරති. මෙසේ වෙනත් ගවයන් මැසි මදුරු පීඩා විඳිමින්, ගමනෙහිදී වෙහෙසට පත්ව, සාගින්නෙන් මැරෙමින්, එක වැස්සක් වුව දරාගත නොහැකි වෙද්දී ධනිය තම ගවරැළට එබඳු මැසි මදුරු උවදුරු නොමැති බැවින් නොබියව නදී වගුරු බිමෙහි හැසිරෙමින්, වැඩුණු තණ කමින් ඉදිරියට යාමේදී සාගිනි වෙහෙසද නොමැති බව පවසයි. මගේ ගවයන් ඉහත කියන ලද උවදුරු නොමැති බැවින් දෙවරක් හෝ තෙවරක් හෝ වැසි වැස්සත් ඉවසා දරාගැනීමේ හැකියාව ඇතැයි පෙන්වා දෙයි.
තතො භගවා යස්මා ධනියො අන්තරදීපෙ වසන්තො භයං දිස්වා, කුල්ලං බන්ධිත්වා, මහාමහිං තරිත්වා, තං කච්ඡං ආගම්ම “අහං සුට්ඨු ආගතො, නිබ්භයෙව ඨානෙ ඨිතො”ති මඤ්ඤමානො එවමාහ, සභයෙ එව ච සො ඨානෙ ඨිතො, තස්මා තස්ස ආගමනට්ඨානා අත්තනො ආගමනට්ඨානං උත්තරිතරඤ්ච පණීතතරඤ්ච වණ්ණෙන්තො “බද්ධාසි භිසී”ති ඉමං ගාථමභාසි, අත්ථසභාගං නො බ්යඤ්ජනසභාගං.
[missing trans] මෙසේ බයෙන් ධනිය එතැන සිටියද, ඔහු පැමිණ සිටින තැනට වඩා තමන් වහන්සේ ‘පැමිණි තැන’ වඩා උසස් බවද, සුන්දර බවද විස්තර කරමින් බද්ධා හි භිසි... යන මෙම ගාථාව වදාළහ. අරුත් පමණක් දක්වමි.
තත්ථ භිසීති පත්ථරිත්වා පුථුලං කත්වා බද්ධකුල්ලො වුච්චති ලොකෙ. අරියස්ස පන ධම්මවිනයෙ අරියමග්ගස්සෙතං අධිවචනං. අරියමග්ගො හි –
භිසි යනු පැතිර, පුළුල් ව (හතරැස් හෝ දිග ව) බැඳි පහුරකට ලෝවාසීන් කියනු ලැබේ. උතුම් දහම් විනයෙහිදී එය අරිඅටඟි මගට සමාන වචනයකි.
“මග්ගො පජ්ජො පථො පන්ථො, අඤ්ජසං වටුමායනං; නාවා උත්තරසෙතු ච, කුල්ලො ච භිසි සඞ්කමො”. (චූළනි· පාරායනත්ථුතිගාථානිද්දෙස 101); “අද්ධානං පභවො චෙව, තත්ථ තත්ථ පකාසිතො”.
මග, පජ්ජ, වටුම, නැව, එතරවන පාලම, පහුර, භිසි, සක්මන, අද්ධාන, මූලය, මග මාවත පාර අරුතින් ඒ ඒ තැන සඳහන්ව ඇත.
ඉමායපි ගාථාය භගවා පුරිමනයෙනෙව තං ඔවදන්තො ඉමං අත්ථං ආහාති වෙදිතබ්බො – ධනිය, ත්වං කුල්ලං බන්ධිත්වා, මහිං තරිත්වා, ඉමං ඨානමාගතො, පුනපි ච තෙ කුල්ලො බන්ධිතබ්බො එව භවිස්සති, නදී ච තරිතබ්බා, න චෙතං ඨානං ඛෙමං. මයා පන එකචිත්තෙ මග්ගඞ්ගානි සමොධානෙත්වා ඤාණබන්ධනෙන බද්ධා අහොසි භිසි. සා ච සත්තතිංසබොධිපක්ඛියධම්මපරිපුණ්ණතාය එකරසභාවූපගතත්තා අඤ්ඤමඤ්ඤං අනතිවත්තනෙන පුන බන්ධිතබ්බප්පයොජනාභාවෙන දෙවමනුස්සෙසු කෙනචි මොචෙතුං අසක්කුණෙය්යතාය ච සුසඞ්ඛතා. තාය චම්හි තිණ්ණො, පුබ්බෙ පත්ථිතං තීරප්පදෙසං ගතො. ගච්ඡන්තොපි ච න සොතාපන්නාදයො විය කඤ්චිදෙව පදෙසං ගතො. අථ ඛො පාරගතො සබ්බාසවක්ඛයං සබ්බධම්මපාරං පරමං ඛෙමං නිබ්බානං ගතො, තිණ්ණොති වා සබ්බඤ්ඤුතං පත්තො, පාරගතොති අරහත්තං පත්තො . කිං විනෙය්ය පාරගතොති චෙ? විනෙය්ය ඔඝං, කාමොඝාදිචතුබ්බිධං ඔඝං තරිත්වා අතික්කම්ම තං පාරං ගතොති. ඉදානි ච පන මෙ පුන තරිතබ්බාභාවතො අත්ථො භිසියා න විජ්ජති, තස්මා මමෙව යුත්තං වත්තුං “අථ චෙ පත්ථයසී පවස්ස දෙවා”ති.
බද්ධාහි භිසි ගාථාවෙන් ද භාග්‍යවතුන් වහන්සේ පෙර පරිදිම ඔහුට ඔවදන් දෙමින් මෙම අරුත වදාළ බව දතයුතුය. ‘ධනිය, ඔබ පහුරක් බැඳ මහී ගඟෙන් එතරව මෙතැනට පැමිණියෙහිය. නැවතද ඔබ විසින් එම පහුර බැඳිය යුතුම වන්නේය. ගඟද තරණය කළ යුතුය. එතැන බිය නැති තැනක් නොවේ. මා විසින් එකඟ සිතින් (අරිඅටඟි) මග පිළිවෙත් එක්කොට නුවණ නැමති බැඳුමෙන් එම පහුර බද්ධා එයද පරම අවබෝධය ලබාගැනීමට හේතුවන කරුණු තිස්හතක් මැනවින් වඩන ලදුව, එක ලෙසටම පැවති බැවින්, එකිනෙක ඉක්මවා නොයමින් නැවත බැඳ තැබීම පල රහිත බැවින් ද දෙවි මිනිසුන් කිසිවෙකු මුදවන්නට නොහැකි බැවින්ද සුසංඛතා. ඔබද මහි ගඟින් එතරව, කලින් බලාපොරොත්තු වූ පෙදෙසට යතොත්, එසේ යන්නේ, සෝවාන් ඵලයට පත්වූවකු මෙන් (ඊට අයත්) ‘පෙදෙසට’ නොවේ. ඉක්බිති, එසේ එතරට ගියේ සියළු කෙලෙස් නසා, සියළු ඇලීම් ගැටීම් (ධම්ම) වලින් දුරුව, ඉතා උසස් වූ බිය රහිත වූ නිවනටය. තිණ්ණො දතයුතු සියළුම දේ මනාව අවබෝධ කොටගත්, දැනගත්, පාරගතො අරහත් බවට පත්, එසේ අරහත් බවට පත්වූයේ නම් කුමක් දුරු කරන්නේ ද? විනෙය්ය ඔඝං කාම ආදී සතරාකාර වූ මහ සැඩපහර තරණයකොට, ඉක්මවා එතරට ගියෙමි. දැන් මා විසින් නැවත තරණය කිරීමේ උවමනාවක් නොමැති බැවින් අත්ථො භිසියා න විජ්ජති එහෙයින් මා සඳහාම අථ චෙ පත්ථයසි පවස්ස දෙව යැයි කීමට වටී.
තම්පි සුත්වා ධනියො පුරිමනයෙනෙව “ගොපී මම අස්සවා”ති ඉමං ගාථං අභාසි. තත්ථ ගොපීති භරියං නිද්දිසති. අස්සවාති වචනකරා කිංකාරපටිසාවිනී. අලොලාති මාතුගාමො හි පඤ්චහි ලොලතාහි ලොලො හොති – ආහාරලොලතාය, අලඞ්කාරලොලතාය, පරපුරිසලොලතාය, ධනලොලතාය, පාදලොලතාය. තථා හි මාතුගාමො භත්තපූවසුරාදිභෙදෙ ආහාරෙ ලොලතාය අන්තමසො පාරිවාසිකභත්තම්පි භුඤ්ජති, හත්ථොතාපකම්පි ඛාදති, දිගුණං ධනමනුප්පදත්වාපි සුරං පිවති. අලඞ්කාරලොලතාය අඤ්ඤං අලඞ්කාරං අලභමානො අන්තමසො උදකතෙලකෙනපි කෙසෙ ඔසණ්ඩෙත්වා මුඛං පරිමජ්ජති. පරපුරිසලොලතාය අන්තමසො පුත්තෙනපි තාදිසෙ පදෙසෙ පක්කොසියමානො පඨමං අසද්ධම්මවසෙන චින්තෙති. ධනලොලතාය “හංසරාජං ගහෙත්වාන සුවණ්ණා පරිහායථ”. පාදලොලතාය ආරාමාදිගමනසීලො හුත්වා සබ්බං ධනං විනාසෙති. තත්ථ ධනියො “එකාපි ලොලතා මය්හං ගොපියා නත්ථී”ති දස්සෙන්තො අලොලාති ආහ.
එය අසා ධනිය පෙර පරිදිම ගොපී මම අස්සවා යන මේ ගාථාව කීය. එහි ගොපී යැයි බිරිඳ ගැන කියයි. අස්සවා කියන දෙයට අනුකූලව, සොයා බලා විමසා කටයුතු කරන, කීකරු තැනැත්තියකි. අලොලා ගැහැණිය ඇළුම් කරන, කැමතිවන කරුණු පහකි. ආහාරයට ලොල් බව, විලාසිතාවනට ලොල්බව, අන් පිරිමින්ට ලොල් බව, මුදලට ලොල් බව සහ ඇවිදීමට ලොල් බව යනුවෙනි. එසේ ගැහැණිය බත්, කැවුම් වැනි පිටි යොදා සෑදු කෑම, සුරා ආදී ලෙසින් ආහාරයෙහි ලොල් බැවින්, යටත් පිරිසෙයින් පිළුණු බත් හෝ අනුභව කරයි. වියළි බත් අහුරක් වුව කයි. දෙගුණයක් මුදල් වැයකොට වුව සුරා බොයි. වෙනත් අලංකාරයක් නොවේ නම්, යටත්පිරිසෙයින් වතුරෙන් හෝ හිසකෙස් පීරා මුහුණ පිරිමදියි. පිරිමින්ට ලොල් බවින් යටත් පිරිසෙයින් පුතකු වුව එබඳු දෙයක් කැඳවීම් කරමින් පළමුව අයහපත් සේවනය ගැන කල්පනා කරයි. මුදලට ලොල් බැවින් ‘හංසරාජයා අල්ලාගෙන රත්රන් ලබාගැනීමට ගොස් පිරිහීමට පත්වෙයි. (නිකරුණේ) ඇවිදීමෙහි ලොල් වූයේ මල්උයන් වැනි තැන් කරා යාමට කැමතිව, සියළු ධනය වනසා ගනී. ධනිය, එබඳු එකඳු ලොල් බවක් මාගේ බිරිය කෙරෙහි නැතැ’යි දක්වමින් අලොලා යැයි කීය.
දීඝරත්තං සංවාසියාති දීඝකාලං සද්ධිං වසමානා කොමාරභාවතො පභුති එකතො වඩ්ඪිතා. තෙන පරපුරිසෙ න ජානාතීති දස්සෙති. මනාපාති එවං පරපුරිසෙ අජානන්තී මමෙව මනං අල්ලීයතීති දස්සෙති. තස්සා න සුණාමි කිඤ්චි පාපන්ති “ඉත්ථන්නාමෙන නාම සද්ධිං ඉමාය හසිතං වා ලපිතං වා”ති එවං තස්සා න සුණාමි, කඤ්චි අතිචාරදොසන්ති දස්සෙති.
දීඝරත්තං සංවාසියා බොහෝ කලක් ඇය හා වසමින්, ළදරු කල පටන් එකට වැඩුණු බැවින්, එහෙයින් ඇය අන් පිරිමින් ගැන නොදන්නීය. මනාපා එසේ අන් පිරිමින් ගැන නොදැන, මා කෙරෙහිම කැමති වන්නී යැයි දක්වයි. තස්සා න සුණාමි කිඤ්චිපාපං මෙබඳු නම් ඇති කෙනෙකු සමඟ කතා කළ බවක් හෝ පිළිසඳරෙහි යෙදුනු බවක් හෝ ඇයගේ කිසිදු අසංවර බවක් හෝ වරදක් හෝ ඇසීමි’ යැයි ද දක්වයි.
අථ භගවා එතෙහි ගුණෙහි ගොපියා තුට්ඨං ධනියං ඔවදන්තො පුරිමනයෙනෙව “චිත්තං මම අස්සව”න්ති ඉමං ගාථමභාසි, අත්ථසභාගං, බ්යඤ්ජනසභාගඤ්ච. තත්ථ උත්තානත්ථානෙව පදානි. අයං පන අධිප්පායො – ධනිය, ත්වං “ගොපී මම අස්සවා”ති තුට්ඨො, සා පන තෙ අස්සවා භවෙය්ය වා න වා; දුජ්ජානං පරචිත්තං, විසෙසතො මාතුගාමස්ස. මාතුගාමඤ්හි කුච්ඡියා පරිහරන්තාපි රක්ඛිතුං න සක්කොන්ති, එවං දුරක්ඛචිත්තත්තා එව න සක්කා තුම්හාදිසෙහි ඉත්ථී අලොලාති වා සංවාසියාති වා මනාපාති වා නිප්පාපාති වා ජානිතුං. මය්හං පන චිත්තං අස්සවං ඔවාදපටිකරං මම වසෙ වත්තති, නාහං තස්ස වසෙ වත්තාමි. සො චස්ස අස්සවභාවො යමකපාටිහාරියෙ ඡන්නං වණ්ණානං අග්ගිධාරාසු ච උදකධාරාසු ච පවත්තමානාසු සබ්බජනස්ස පාකටො අහොසි. අග්ගිනිම්මානෙ හි තෙජොකසිණං සමාපජ්ජිතබ්බං උදකනිම්මානෙ ආපොකසිණං, නීලාදිනිම්මානෙ නීලාදිකසිණානි. බුද්ධානම්පි හි ද්වෙ චිත්තානි එකතො නප්පවත්තන්ති, එකමෙව පන අස්සවභාවෙන එවං වසවත්ති අහොසි. තඤ්ච ඛො පන සබ්බකිලෙසබන්ධනාපගමා විමුත්තං, විමුත්තත්තා තදෙව අලොලං, න තව ගොපී. දීපඞ්කරබුද්ධකාලතො ච පභුති දානසීලාදීහි දීඝරත්තං පරිභාවිතත්තා සංවාසියං, න තව ගොපී. තදෙතං අනුත්තරෙන දමථෙන දමිතත්තා සුදන්තං, සුදන්තත්තා අත්තනො වසෙන ඡද්වාරවිසෙවනං පහාය මමෙව අධිප්පායමනස්ස වසෙනානුවත්තනතො මනාපං, න තව ගොපී.
මීළඟට භාග්‍යවතුන් වහන්සේ, ධනිය බිරිඳගේ එබඳු ගුණවලින් සතුටු වනවිට, ඔහුට ඔවදන් දෙමින් පෙර පරිදිම චිත්තං මම අස්සවං යන අරුත් පිරුණු සැසඳිය හැකි වචනවලින් යුතු මෙම ගාථාව වදාළහ. එහි පද පැහැදිලි කර ඇත. එයින් අදහස් වන්නේ මෙයයි. ‘ධනිය, ඔබ, බිරිඳ මට කීකරුය, ඇළුම් කරන්නේ යැයි සතුටු වෙහි. ඇය ඔබට කීකරු වූවා හෝ, නොවූවා හෝ අනුන්ගේ සිත (ඔබට) දැනගත නොහැකිය. ගැහැණියකගේ සිත පොදුවේ ඔබට දත නොහැකිය. ගැහැණියක නම් කුස තුල තබා පරිහරණය කරතත් රැකීමට නොහැකිය. (කෙලෙස්වලින්) සිත රැක නොගත් බැවින්, ඔබ වැනි තැනැත්තන්ට, ගැහැණිය ඇළුම් කරන බව හෝ, එක්ව වාසය කරන බව හෝ මනාප බව හෝ පාපයට යොමු නොවූ බව හෝ දැනගැනීමට නොහැකිය. මට සිත කීකරුය. අවවාද පිළිගනී. මගේ වසඟයෙහි පවතී. මම සිතට වසඟව නොපවතිමි. එසේ මගේ වසඟයෙහි පවත්නා බව යමාමහ පෙළහර පෑමේදී පාට හයකින් ගිනිදැල් ද ජලධාරා ද විහිදුවන විට හැමදෙනාටම පැහැදිලි විය. ගිනි උපදවීමේදී තේජෝ කසිණයට සමවැදිය යුතුය. ජලය උපදවීමට ආපෝ කසිණයටත්, තේජෝ කසිණයට සමවැදිය යුතුය. ජලය උපදවීමට ආපෝ කසිණයටත්, නිල්පැහැය (දැක්වීමට) නීල කසිණයටත් සමවැදිය යුතුය. බුදුවරුන්ට එකවර සිත් දෙකක් නොපවතී. එකම සිත කීකරු කරන ලදුව (දමනය කරන ලදුව) මෙසේ (මගේ) වසඟයෙහි පවතී. එයද සියළු කෙලෙස් බැඳුවලින් ඉවත් වූ බැවින් නිදහස්ය. නිදහස් වූ බැවින් එහිම ඇලීමක් ඇත. ඔබ බිරිය ගැන සිතන අයුරින් නොවේ. දීපංකර බුදුරදුන් කල පටන්ම දිගුකලක් දාන සීල ආදියෙහි සිත පුරුදු කරන ලද නිසා එක්ව වාසය කොට ඇත. ඔබ බිරිය ගැන සිතන අයුරින් නොවේ. මගේ සිත උතුම් වූ දමනය කිරීමෙන් දැමුනු බවට පත්කරන ලද බැවින් මනාකොට සන්සුන්ය. එසේ මනාකොටම දමනය කරන ලදින්, තම ඉඳුරන් හය (හා ගැටෙන අරමුණු) අත්හැර දමා මාගේ සිතැඟි පරිදි වසඟයෙහි පවත්නා බැවින් මනාපං, ඔබ බිරිය ගැන සිතන අයුරින් නොවේ.
පාපං පන මෙ න විජ්ජතීති ඉමිනා පන භගවා තස්ස අත්තනො චිත්තස්ස පාපාභාවං දස්සෙති, ධනියො විය ගොපියා. සො චස්ස පාපාභාවො න කෙවලං සම්මාසම්බුද්ධකාලෙයෙව, එකූනතිංස වස්සානි සරාගාදිකාලෙ අගාරමජ්ඣෙ වසන්තස්සාපි වෙදිතබ්බො. තදාපි හිස්ස අගාරියභාවානුරූපං විඤ්ඤුපටිකුට්ඨං කායදුච්චරිතං වා වචීදුච්චරිතං වා මනොදුච්චරිතං වා න උප්පන්නපුබ්බං. තතො පරං මාරොපි ඡබ්බස්සානි අනභිසම්බුද්ධං, එකං වස්සං අභිසම්බුද්ධන්ති සත්ත වස්සානි තථාගතං අනුබන්ධි “අප්පෙව නාම වාලග්ගනිතුදනමත්තම්පිස්ස පාපසමාචාරං පස්සෙය්ය”න්ති. සො අදිස්වාව නිබ්බින්නො ඉමං ගාථං අභාසි –
පාපං පන මෙ න විජ්ජතී යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ තම සිතෙහි පාප රහිත බව ලාමක නොවන බව පෙන්වති. ධනිය මෙන්ම බිරිඳ එසේ නොවේ. ඒ පාප රහිත බව සම්මා සම්බුදු වූ කල පමණක් නොවේ. විසිනව වසරක් ගිහිගෙයි රාගීව විසූ කාලයටද අදාල කළ යුතුය. එකල වුවත්, ගිහි දිවියටද නුසුදුසු, පණ්ඩිතයන්ගේ අවමනට ලක්වන පරිදි කයෙන් දුසිරිතය හෝ වචනයෙන් දුසිරිතය හෝ සිතින් දුසිරිත හෝ ඇති නොවූ විරූය. ඒ හැර, සම්බුදු බවට පත් නොවූ සය වසර තිස්සේත්, සම්බුදු බව ලද පසු වසරක් ද ලෙස, සත් වසරක්ම මාරයාද හිසකෙස් අගින් විදින ලද තරම්, සුළු වැරදි දෙයක් සොයමින් තථාගතයන් වහන්සේගේ පසුපස ගියේය. ඔහු වරදක් නොදැක සංවේගයට පත්ව, මෙම ගාථාව කීය.
“සත්ත වස්සානි භගවන්තං, අනුබන්ධිං පදාපදං; ඔතාරං නාධිගච්ඡිස්සං, සම්බුද්ධස්ස සතීමතො”ති. (සු· නි· 448);
සත්ත වස්සානි භගවන්තං අනුබන්ධිං පදා පදං ඔතාරං නාධිගච්ඡිස්සං සම්බුද්ධස්ස සතීමතො
‘සත් වසරක් තිස්සේ පියවරක් පියවරක් පාසා භාග්‍යවතුන් වහන්සේගේ පසුපස ගියෙමි. මනා සිහියෙන් යුතු සම්බුදුන් වහන්සේගේ (කිසිදු දොසක්) සොයාගැනීමට නොහැකි වීමි.
බුද්ධකාලෙපි නං උත්තරමාණවො සත්ත මාසානි අනුබන්ධි ආභිසමාචාරිකං දට්ඨුකාමො. සො කිඤ්චි වජ්ජං අදිස්වාව පරිසුද්ධසමාචාරො භගවාති ගතො. චත්තාරි හි තථාගතස්ස අරක්ඛෙය්යානි. යථාහ –
උත්තර නම් තරුණයෙක්, උසස් පැවිදි හැසිරිමෙහි වැරදි සොයමින්, සත් මසක්ම බුදුරජාණන් වහන්සේ පසුපස ගියේය. කිසිදු වරදක් නොදුටු ඔහු ‘භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු හැසිරීම් ඇත්තාහ’යි (ආපසු) ගියේය. තථාගතයන් වහන්සේ නොරකින කරුණු හතරකි. එය මෙසේ කියා ඇත.
“චත්තාරිමානි , භික්ඛවෙ, තථාගතස්ස අරක්ඛෙය්යානි. කතමානි චත්තාරි? පරිසුද්ධකායසමාචාරො, භික්ඛවෙ, තථාගතො, නත්ථි තථාගතස්ස කායදුච්චරිතං, යං තථාගතො රක්ඛෙය්ය ‘මා මෙ ඉදං පරො අඤ්ඤාසී’ති, පරිසුද්ධවචීසමාචාරො…පෙ… පරිසුද්ධමනොසමාචාරො…පෙ… පරිසුද්ධාජීවො, භික්ඛවෙ, තථාගතො, නත්ථි තථාගතස්ස මිච්ඡාජීවො, යං තථාගතො රක්ඛෙය්ය ‘මා මෙ ඉදං පරො අඤ්ඤාසී’”ති (අ· නි· 7.58).
‘මහණෙනි, තථාගතයන් විසින් රැක නොගන්නා කරුණු සතරකි. ඒ කරුණු සතර කවරේද? මහණෙනි, තථාගතයන්ට කය පිළිබඳ වූ හැසිරිම් සමුදායක් ඇත. ‘වෙනත් තැනැත්තන් මෙය දැන නොගනිත්වා’යි දුසිරිත් රැකගැනීමත් තථාගතයන්ට නැත. පිරිසිදු වචන හැසිරවීමත්, පිරිසිදු සිත් හසරත් ඇත. තථාගතයන්ට පිරිසිදු දිවි පැවතුම් ඇත. වෙනත් තැනැත්තන් මෙය දැන නොගනිත්වා’ යයි වැරදි දිවි පෙවතක් තථාගතයින්ට නැත.
එවං යස්මා තථාගතස්ස චිත්තස්ස න කෙවලං සම්මාසම්බුද්ධකාලෙ, පුබ්බෙපි පාපං නත්ථි එව, තස්මා ආහ – “පාපං පන මෙ න විජ්ජතී”ති. තස්සාධිප්පායො – මමෙව චිත්තස්ස පාපං න සක්කා සුණිතුං, න තව ගොපියා. තස්මා යදි එතෙහි ගුණෙහි තුට්ඨෙන “අථ චෙ පත්ථයසී පවස්ස දෙවා”ති වත්තබ්බං, මයාවෙතං වත්තබ්බන්ති.
මෙසේ තථාගතයන් වහන්සේගේ සිතට යම්බඳු වූ අයහපත් දේ සම්මා සම්බුදු කාලයේ පමණක් නොව, ඊට පෙරද නැත්තේමය. එහෙයින් පාපං පන මෙ න විජ්ජති යැයි වදාළහ. එහි අදහස නම්, මගේ සිතෙහි අයහපත ගැන ඇසිය නොහැකිය. ඔබගේ බිරිය එසේ නොවේ. එහෙයින් එබඳු ගුණයෙන් සතුටුව අථ චෙ පත්ථයසි පවස්ස දෙව යැයි කිවයුතු නම්, කිවයුත්තේ මා විසින්මය.
තම්පි සුත්වා ධනියො තතුත්තරිපි සුභාසිතරසායනං පිවිතුකාමො අත්තනො භුජිස්සභාවං දස්සෙන්තො ආහ “අත්තවෙතනභතොහමස්මී”ති. තත්ථ අත්තවෙතනභතොති අත්තනියෙනෙව ඝාසච්ඡාදනෙන භතො, අත්තනොයෙව කම්මං කත්වා ජීවාමි, න පරස්ස වෙතනං ගහෙත්වා පරස්ස කම්මං කරොමීති දස්සෙති. පුත්තාති ධීතරො ච පුත්තා ච, තෙ සබ්බෙ පුත්තාත්වෙව එකජ්ඣං වුච්චන්ති. සමානියාති සන්නිහිතා අවිප්පවුට්ඨා. අරොගාති නිරාබාධා, සබ්බෙව ඌරුබාහුබලාති දස්සෙති. තෙසං න සුණාමි කිඤ්චි පාපන්ති තෙසං චොරාති වා පරදාරිකාති වා දුස්සීලාති වා කිඤ්චි පාපං න සුණාමීති.
එයද ඇසූ ධනිය තවදුරටත් යහපත්, මිහිරි දෙයක් පානය කරනු කැමතිව, තමන්ගේ නිවහල් බව දක්වමින් අත්තවෙතනභතො හමස්මි යැයි කීය. එහි අත්තවෙතන භතො යනු තමාම කෑම, ඇඳීම උපයාගෙන යැපෙන, තමන්ම අදාල කටයුතුවල යෙදී ජීවත්වෙමි. වැටුපක් ලබාගෙන අනුන්ට වැඩ නොකෙරෙමි’යි දැක්වීය. පුත්තා යනු දූවරු හා පුතු ද වෙති. ඔවුන් සියල්ලන්ටම පුතුන් ලෙස එක වචනයෙන් කියනු ලැබේ. සමානියා, සන්සුන්ව, තැන්පත් වූ ගති ඇති, වෙන්ව-පිටත නොවසන, ආරොගා ආබාධවලින් තොර බව, ඒ සියළුදෙනාම අත් පා වෙර වීරිය ඇත්තාහ. තෙසං න සුණාමි කිඤ්වි පාපං ඔවුන්ට සොරුන් යැයි හෝ, අන් අඹුවන් කරා යන බවක් හෝ අවිනීත යැයි හෝ කිසිදු අයහපත් දෙයක් කියනු නො අසමි.
එවං වුත්තෙ භගවා පුරිමනයෙනෙව ධනියං ඔවදන්තො ඉමං ගාථං අභාසි – “නාහං භතකො”ති. අත්රාපි උත්තානත්ථානෙව පදානි. අයං පන අධිප්පායො – ත්වං “භුජිස්සොහමස්මී”ති මන්ත්වා තුට්ඨො, පරමත්ථතො ච අත්තනො කම්මං කරිත්වා ජීවන්තොපි දාසො එවාසි තණ්හාදාසත්තා, භතකවාදා ච න පරිමුච්චසි. වුත්තඤ්හෙතං “ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො”ති (ම· නි· 2.305). පරමත්ථතො පන නාහං භතකොස්මි කස්සචි. අහඤ්හි කස්සචි පරස්ස වා අත්තනො වා භතකො න හොමි. කිං කාරණා? යස්මා නිබ්බිට්ඨෙන චරාමි සබ්බලොකෙ. අහඤ්හි දීපඞ්කරපාදමූලතො යාව බොධි, තාව සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස භතකො අහොසිං. සබ්බඤ්ඤුතං පත්තො පන නිබ්බිට්ඨො නිබ්බිසො රාජභතො විය. තෙනෙව නිබ්බිට්ඨෙන සබ්බඤ්ඤුභාවෙන ලොකුත්තරසමාධිසුඛෙන ච ජීවාමි. තස්ස මෙ ඉදානි උත්තරිකරණීයස්ස කතපරිචයස්ස වා අභාවතො අප්පහීනපටිසන්ධිකානං තාදිසානං විය පත්තබ්බො කොචි අත්ථො භතියා න විජ්ජති. “භටියා”තිපි පාඨො. තස්මා යදි භුජිස්සතාය තුට්ඨෙන “අථ චෙ පත්ථයසී පවස්ස දෙවා”ති වත්තබ්බං, මයාවෙතං වත්තබ්බන්ති.
ධනිය මෙසේ කීවිට භාග්‍යවතුන් වහන්සේ පෙර පරිදිම ඔහුට ඔවදන් දෙමින් නාහං භතකො මේ ගාථාව වදාළහ. මෙහි පද අරුත් පැහැදිලි කර ඇත. එයින් අදහස් වන්නේ මෙයයි. ඔබ ‘මම නිවහල් වෙමි’ යි කියා සතුටු වෙහි. නියම ලෙස, නිවැරදිව තමන්ගේම කටයුතු සොයා බලා කරමින් ජීවත් වුවත්, තණ්හාවට දාස වූ බැවින් දාසයෙක්ම වෙහි. මෙහෙකරුවකු නොවන්නේ යැයි කීමෙන්ද නොමිදුනේ වෙහි. ‘ලෝකයා හැමවිටම ලැබෙන දේ අඩුයැයි සිතා, තණ්හාවට වසඟව, සෑහීමකට පත් නොවේ. ඌනො ලොකො, අතිත්තො තණ්හාදාසො’ යැයි එහෙයින් කියන ලදී. නාහං භතකො හමස්මි ඇත්තෙන්ම මම කිසිම කෙනෙකුගේ හෝ තමන්ගේ හෝ මෙහෙකරුවකු නොවෙමි. කුමක් හෙයින්ද? නිබ්බිට්ඨෙන චරාමි සබ්බලොකෙ මම දීපංකර බුදුරජාණන් වහන්සේ පාමුල විවරණ ලත් තැන් සිට සම්බුදු බව ලබනතාක් සියල්ල දන්නා වූ නුවණ ලබාගැනීමට කටයුතු කළෙමි. එම නුවණ ලද පසු, අවුල් නිරවුල් කරන රාජ භටයකු මෙන්, අවුල් බේරා, සියල්ල දන්නා නුවණින්, මෙලොව ජීවිතයෙන් එහා වූ, ලොව්තුරු සමාධි සුවයෙන්ද ජීවත් වෙමි. ඒ මට මීට වඩා කළයුතු කිසිවක් නොමැතිව නැවත ඉපදීම නැතිකළ තැනැත්තන්ගේ තත්ත්වයට පත්විය යුතුය. අත්ථො භතියා න විජ්ජති (ඒ අදහසයි) භටියා යනුවෙන් ද සඳහන්ව ඇත. එසේ වහල් බවෙන්, දාස බවෙන් නිදහස් වූ සතුටින් ‘කැමති නම් වැස්ස වසිනු මැනවැ’යි කිවයුතුය. එය කිවයුත්තේ මා විසිනි.
තම්පි සුත්වා ධනියො අතිත්තොව සුභාසිතාමතෙන අත්තනො පඤ්චප්පකාරගොමණ්ඩලපරිපුණ්ණභාවං දස්සෙන්තො ආහ “අත්ථි වසා”ති. තත්ථ වසාති අදමිතවුඩ්ඪවච්ඡකා. ධෙනුපාති ධෙනුං පිවන්තා තරුණවච්ඡකා, ඛීරදායිකා වා ගාවො. ගොධරණියොති ගබ්භිනියො. පවෙණියොති වයප්පත්තා බලීබද්දෙහි සද්ධිං මෙථුනපත්ථනකගාවො. උසභොපි ගවම්පතීති යො ගොපාලකෙහි පාතො එව න්හාපෙත්වා, භොජෙත්වා, පඤ්චඞ්ගුලං දත්වා, මාලං බන්ධිත්වා – “එහි, තාත, ගාවො ගොචරං පාපෙත්වා රක්ඛිත්වා ආනෙහී”ති පෙසීයති, එවං පෙසිතො ච තා ගාවො අගොචරං පරිහරිත්වා, ගොචරෙ චාරෙත්වා, සීහබ්යග්ඝාදිභයා පරිත්තායිත්වා ආනෙති, තථාරූපො උසභොපි ගවම්පති ඉධ මය්හං ගොමණ්ඩලෙ අත්ථීති දස්සෙසි.
ඒ අසා ධනිය, යහපත් වූ කරුණු ඇසීමෙන් සෑහීමකට පත් නොවී, තමාගේ පස් ආකාර වූ ගව පට්ටියේ මනා පිරිපුන් බව දක්වමින් අත්ථි වසා....... ගාථාව කීය. එහි වසා යනු දමනය නොවූ වැඩිවයස් වූ වස්සන්ය. ධෙනුපා දෙනුන්ගෙන් කිරි උරා බොන තරුණ පැටවුන් හෝ කිරි ලබාදෙන එළදෙනුන් හෝ ගවයන් ය. ගොධරණීයො ගැබිණි දෙනුන් ය. පවෙණියො වැඩිවියට පත් ගොනුන් සමග මෙවුන්දම් පතන වැස්සියන්ය. උසභො ගවම්පතී - නායක ගවයා ය. ගොපල්ලන් විසින්, නායක ගවයා උදෑසනින්ම නහවා, කවා, සඳුන් කල්කයෙන් ඇඟිලිපහේ සලකුණු තබා (ගෙල) මල් පළඳවා, ‘එන්න දරුව, ගවයන් තණබිම් කරා කැඳවාගෙන ගොස්, රැක බලාගෙන ආපසු ගෙන එව’යි පිටත් කර යවනු ලබයි. එසේ යවන ලද නායක ගවයා නුසුදුසු තැන් වළකා, ගොදුරු බිම්හි හසුරුවා, සිංහ, වලස් ආදීන්ගෙන් වන බිය වළකා, රැකවරණය සලසා ආපසු සිටි තැනටම ගෙන එයි. එබඳු නායක ගවයෙකු මගේ මේ ගවරැළෙහි සිටී යැයි දක්වයි.
එවං වුත්තෙ භගවා තථෙව ධනියං ඔවදන්තො ඉමං පච්චනීකගාථං ආහ “නත්ථි වසා”ති. එත්ථ චෙස අධිප්පායො – ඉධ අම්හාකං සාසනෙ අදමිතට්ඨෙන වුඩ්ඪට්ඨෙන ච වසාසඞ්ඛාතා පරියුට්ඨානා වා, තරුණවච්ඡකෙ සන්ධාය වසානං මූලට්ඨෙන ඛීරදායිනියො සන්ධාය පග්ඝරණට්ඨෙන ධෙනුපාසඞ්ඛාතා අනුසයා වා, පටිසන්ධිගබ්භධාරණට්ඨෙන ගොධරණිසඞ්ඛාතා පුඤ්ඤාපුඤ්ඤානෙඤ්ජාභිසඞ්ඛාරචෙතනා වා, සංයොගපත්ථනට්ඨෙන පවෙණිසඞ්ඛාතා පත්ථනා තණ්හා වා, ආධිපච්චට්ඨෙන පුබ්බඞ්ගමට්ඨෙන සෙට්ඨට්ඨෙන ච ගවම්පතිඋසභසඞ්ඛාතං අභිසඞ්ඛාරවිඤ්ඤාණං වා නත්ථි, ස්වාහං ඉමාය සබ්බයොගක්ඛෙමභූතාය නත්ථිතාය තුට්ඨො. ත්වං පන සොකාදිවත්ථුභූතාය අත්ථිතාය තුට්ඨො . තස්මා සබ්බයොගක්ඛෙමතාය තුට්ඨස්ස මමෙවෙතං යුත්තං වත්තුං “අථ චෙ පත්ථයසී පවස්ස දෙවා”ති.
එසේ කී කල භාග්‍යවතුන් වහන්සේ ධනියට අවවාද දෙමින් මෙම (පිළිතුරක් බඳු) වෙනත් ආකාර අදහස් ඇති නත්ථි වසා යන ගාථාව වදාළහ. මෙහි අදහස මෙබඳුය. අප සසුනෙහි (කෙලෙසුන් තවමත්) දමනය නොවූ, වැඩිහිටි හා (කෙලෙසුන් මැඩ) නැගී සිටි (සඟ පිරිස) ඇත. තරුණ වස්සන් හා සසඳමින් එහි මුල් අරුත ගැනේ. කෙලෙස් වැගිරෙන ගතිය නිසා (පැවිදි පිරිසෙන් කොටසක්) කිරි එළදෙනුන් වැනිය. සැඟවී ඇති රාගාදි (අනුසය) දෙනුන් මෙනි. නැවත භවයක පිළිසිඳ ගැනීමක් (මවුකුස රැඳීමක්) හෝ එසේ සසර ගමන ඇතිකරවන ගොධරස නම් වූ පුඤ්ඤ, අපුඤ්ඤ, ආනෙඤ්ජ නම් වූ සකස් වූ හේතු (සංඛාර) හෝ පැතුම් රැසකින් යුතු ආසා හෝ අධිපති බවින් මුල්තැන ගනු ලබන උසස් නායකයකු බඳු ගවම්පති උසභ ලෙස සැලකෙන (පසු භවයකට එක්වන) විඤ්ඤාණයක් හෝ මට නැත. මම ම් කාම ආදී සියළු එක්රැස් කිරීම් හා නොබැඳෙන හෙයින් ඒවා නැතැයි සතුටු වෙමි. ඔබ සෝකය ඇතිවන සම්පත් ආදිය ඇතැයි සතුටු වෙහි. එහෙයින් සියළු බැමිවලින් මිදී සතුටුවන මටම ‘කැමති නම් වැස්ස වසිනු මැනවැ’යි කීම සුදුසුය.
තම්පි සුත්වා ධනියො තතුත්තරිපි සුභාසිතං අමතරසං අධිගන්තුකාමො අත්තනො ගොගණස්ස ඛිලබන්ධනසම්පත්තිං දස්සෙන්තො ආහ “ඛිලා නිඛාතා”ති. තත්ථ ඛිලාති ගුන්නං බන්ධනත්ථම්භා. නිඛාතාති ආකොටෙත්වා භූමියං පවෙසිතා ඛුද්දකා මහන්තා ඛණිත්වා ඨපිතා. අසම්පවෙධීති අකම්පකා. දාමාති වච්ඡකානං බන්ධනත්ථාය කතා ගන්ථිතපාසයුත්තා රජ්ජුබන්ධනවිසෙසා. මුඤ්ජමයාති මුඤ්ජතිණමයා. නවාති අචිරකතා. සුසණ්ඨානාති සුට්ඨු සණ්ඨානා, සුවට්ටිතසණ්ඨානා වා. න හි සක්ඛින්තීති නෙව සක්ඛිස්සන්ති. ධෙනුපාපි ඡෙත්තුන්ති තරුණවච්ඡකාපි ඡින්දිතුං.
ඒ අසා ධනිය, තවදුරටත් යහපත් දෙයෙහි වටිනා හරයක් ලබනු කැමතිව, තම ගවරැළ කණුවල බැඳ ඇති අයුරු ඛීලා නිඛාතා ආදී ලෙස කීය. එහි ඛීලා යනු ගවයන් බැඳ ඇති කණු ය. නිඛාතා පොළව සාරා තදට සවිකොට ඇති (ඒ ඒ ගවයන්ට ගැලපෙන පරිදි) කුඩා, මහත් කණු, අසම්පවෙධී නොසෙල්වෙන, දාමා වස්සන් බඳිනු පිණිස ගොතා සකස් කරන ලද ලණු වෙසෙසකි. මුඤ්ජමය (බට වැනි) තණකොළ වර්ගයකින් කරන ලද, නවා අළුත්, සුසණඨානා මනාව පිහිටුවා ඇත. නහි සක්ඛින්ති නොහැකි වන්නේමය. ධෙනුපාපි ඡෙත්තං තරුණ වස්සන්ට වුවද කැඩීමට (නොහැකිය.)
එවං වුත්තෙ භගවා ධනියස්ස ඉන්ද්රිය-පරිපාකකාලං ඤත්වා පුරිමනයෙනෙව තං ඔවදන්තො ඉමං චතුසච්චදීපිකං ගාථං අභාසි “උසභොරිව ඡෙත්වා”ති. තත්ථ උසභොති ගොපිතා ගොපරිණායකො ගොයූථපති බලීබද්දො. කෙචි පන භණන්ති “ගවසතජෙට්ඨො උසභො, සහස්සජෙට්ඨො වසභො, සතසහස්සජෙට්ඨො නිසභො”ති. අපරෙ “එකගාමඛෙත්තෙ ජෙට්ඨො උසභො, ද්වීසු ජෙට්ඨො වසභො, සබ්බත්ථ අප්පටිහතො නිසභො”ති. සබ්බෙපෙතෙ පපඤ්චා, අපිච ඛො පන උසභොති වා වසභොති වා නිසභොති වා සබ්බෙපෙතෙ අප්පටිසමට්ඨෙන වෙදිතබ්බා. යථාහ – “නිසභො වත භො සමණො ගොතමො”ති (සං· නි· 1.38). ර-කාරො පදසන්ධිකරො. බන්ධනානීති රජ්ජුබන්ධනානි කිලෙසබන්ධනානි ච. නාගොති හත්ථී. පූතිලතන්ති ගළොචීලතං. යථා හි සුවණ්ණවණ්ණොපි කායො පූතිකායො, වස්සසතිකොපි සුනඛො කුක්කුරො, තදහුජාතොපි සිඞ්ගාලො “ජරසිඞ්ගාලො”ති වුච්චති, එවං අභිනවාපි ගළොචීලතා අසාරකත්තෙන “පූතිලතා”ති වුච්චති. දාලයිත්වාති ඡින්දිත්වා. ගබ්භඤ්ච සෙය්යඤ්ච ගබ්භසෙය්යං. තත්ථ ගබ්භග්ගහණෙන ජලාබුජයොනි, සෙය්යග්ගහණෙන අවසෙසා. ගබ්භසෙය්යමුඛෙන වා සබ්බාපි තා වුත්තාති වෙදිතබ්බා. සෙසමෙත්ථ පදත්ථතො උත්තානමෙව.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ, (දහම්) කරුණු අවබෝධ කරගැනීමට තරම් ධනියගේ සිත සකස් වූ බව දැන, පෙර පරිදිම ඔහුට ඔවදන් දෙමින් මෙම සිවුසස් දහම ඇතුලත් ‘උසභොරිව ජෙත්වා’ යන ගාථාව වදාළහ. උසභ නම් ගවරැළ රකින, උන් පාලනය කරන, උන්ට නායක වූ ගොනාය. ඇතමෙක්, ගවයන් සියයකට දෙටු වූයේ උසභ යැයි ද, ගවයන් දහසකට දෙටු වූයේ වසභ යැයි ද ගවයන් සියදහසකට දෙටු වූයේ නිසභ යැයි ද කියති. තවත් සමහරෙක් එක් ගම්කෙතකට නායක ගවයා උසභ බවත් ගම් කෙත් දෙකකට නායක ගවයා වසභ බවත් කියති. බොහෝවිට නිසභ යන්න සඳහන් නොවීම අතපසුවීමකි. එසේ වුවත්, උසභ හෝ වසභ හෝ නිසභ යැයි සියළු වචන යෙදෙන අයුරු ගළපා දතයුතුය. ‘පින්වත් සමණ ගොතම ඉතා උසස් ගවයෙකි. ‘නිසභො වත භො සමණෙ ගොතමො’ යැයි කියා ඇති පරිදිය. (උසභොරිව) මෙහි ‘ර’ වචනය සන්ධි කිරීමෙහි යොදා ඇත. ඛන්ධනානි ලණුවෙන්, කඹයෙන් බැඳීමය. කෙලෙස්වලින් බැඳීමද ගැනේ. නාගො ඇතා ය. පූතිලතං රසකිඳ වැනි වැලකි. සිරුර රන්පැහැ වුවත් කුණු කයකි. සියවසක් ගතවුවත් බල්ලාමය. එදවසම උපන් සිවලා වුවත් ජරසිවලාය. මෙසේ අළුතින් හටගත් රසකිඳ වැනි වැලක් වුවත් හරයක් නැති අරුතින් පූතිලතා යැයි කියනු ලැබේ. දාලයිත්වා සිඳ, (කලලය මවුකුසෙහි නිදා සිටින ලෙස සැකසී ඇති පරිදි ගැබ ද නිදාගන්නා ඉරියව්ව හෙවත් සෙය්යාවද) ගබ්භසෙය්යං නම් වේ. එහි ගබ්භ යනුවෙන් වැදැමහෙන් ඉපදීම සැළකේ. සෙය්‍ය යන්නෙන් වෙනත් ඉපදීම් සැළකේ. ගබ්භසෙය්ය යන වචනයෙන් ඒ සියළුම උපත් අදහස් වන බව දතයුතුය. එහි වචනවල තේරුම් දක්වා ඇත.
අයං පනෙත්ථ අධිප්පායො – ධනිය, ත්වං බන්ධනෙන තුට්ඨො, අහං පන බන්ධනෙන අට්ටීයන්තො ථාමවීරියූපෙතො මහාඋසභොරිව බන්ධනානි පඤ්චුද්ධම්භාගියසංයොජනානි චතුත්ථඅරියමග්ගථාමවීරියෙන ඡෙත්වා, නාගො පූතිලතංව පඤ්චොරම්භාගියසංයොජනබන්ධනානි හෙට්ඨාමග්ගත්තයථාමවීරියෙන දාලයිත්වා, අථ වා උසභොරිව බන්ධනානි අනුසයෙ නාගො පූතිලතංව පරියුට්ඨානානි ඡෙත්වා දාලයිත්වාව ඨිතො. තස්මා න පුන ගබ්භසෙය්යං උපෙස්සං. සොහං ජාතිදුක්ඛවත්ථුකෙහි සබ්බදුක්ඛෙහි පරිමුත්තො සොභාමි – “අථ චෙ පත්ථයසී පවස්ස දෙවා”ති වදමානො. තස්මා සචෙ ත්වම්පි අහං විය වත්තුමිච්ඡසි, ඡින්ද තානි බන්ධනානීති. එත්ථ ච බන්ධනානි සමුදයසච්චං, ගබ්භසෙය්යා දුක්ඛසච්චං, “න උපෙස්ස”න්ති එත්ථ අනුපගමො අනුපාදිසෙසවසෙන, “ඡෙත්වා දාලයිත්වා”ති එත්ථ ඡෙදො පදාලනඤ්ච සඋපාදිසෙසවසෙන නිරොධසච්චං, යෙන ඡින්දති පදාලෙති ච, තං මග්ගසච්චන්ති.
මෙසේ විස්තර කළ හැකිය. ‘ධනිය, ඔබ බැඳීමෙන් සතුටු වෙහි, මම බැඳුම් පිළිකුල් කරමින්, බලවත් වෙර වීරියෙන් යුතු මහා උසභයෙකු මෙන් උද්ධම්භාගිය සංයෝජන පහ - සිවුමග (රහත්ඵල) බලාපොරොත්තුව නැමති වෙර යොදා කඩා ඇතෙකු රසකිඳ වැල කඩන්නා සේ එබඳු වැලක් හා සමාන ඔරම්භාගිය සංයෝජන පහ සකදාගාමී නම් වූ තුන්වන මග දක්වා වූ වෙර වඩමින්, කපා-කඩා දමා (සිටිමි) නැතහොත්, කෙලෙස් බැඳීම් ඇති හරකෙකු මෙනි. ඇතා රසකිඳ වැල සිඳ බිඳ දමන්නා සේ කෙලෙස් සිඳ බිඳ දැමූ බැවින් නැවත මවුකුසකට නොපැමිණෙමි. ඒ මම ඉපදිම ආදී කොට ඇති සියළු දුක්වලින් මිදීමෛන්, තුටුව, කැමති නම් වැස්ස වසින්න යයි කියමි. එහෙයින් ඔබද මා පරිදිම එසේ කීමට කැමැත්තෙහි නම්, ඒ බැඳීම් කඩාබිඳ දමව. මෙහි බැඳීම් (සසර ගමනෙහි) හේතු - සමුදය සච්ච වේ. (ඉහත දැක්වූ පරිදි) ගබ්භ සෙය්‍ය - දුක්ඛ සච්චය නොපැමිණෙන්නාහ යනුවෙන් රූපාදි සමූහ පහ (පංචක්ඛන්ධ) සමගම පිරිනිවනට පත්වීම අනුපාදිසෙස වේ. කෙලෙස් සිඳ බිඳ දමා ජීවිතය පවත්වා ගැනීමෙන් පසුව පිරිනිවීම සඋපාදිසෙස නම් වූ නිරෝධයයි. යම් දෙයකින් (කෙලෙස්) සිඳි ද, පලයි ද එය මග්ග සච්චයයි.
එවමෙතං චතුසච්චදීපිකං ගාථං සුත්වා ගාථාපරියොසානෙ ධනියො ච පජාපති චස්ස ද්වෙ ච ධීතරොති චත්තාරො ජනා සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු. අථ ධනියො අවෙච්චප්පසාදයොගෙන තථාගතෙ මූලජාතාය පතිට්ඨිතාය සද්ධාය පඤ්ඤාචක්ඛුනා භගවතො ධම්මකායං දිස්වා ධම්මතාය චොදිතහදයො චින්තෙසි – “බන්ධනානි ඡින්දිං, ගබ්භසෙය්යො ච මෙ නත්ථී”ති අවීචිං පරියන්තං කත්වා යාව භවග්ගා කො අඤ්ඤො එවං සීහනාදං නදිස්සති අඤ්ඤත්ර භගවතා, ආගතො නු ඛො මෙ සත්ථාති. තතො භගවා ඡබ්බණ්ණරස්මිජාලවිචිත්රං සුවණ්ණරසසෙකපිඤ්ජරං විය සරීරාභං ධනියස්ස නිවෙසනෙ මුඤ්චි “පස්ස දානි යථාසුඛ”න්ති.
මේ ආකාර වූ සිවුසස් දැක්වෙන ගාථාව අසා අවසානයෙහි ධනිය ද බිරිය ද දූවරු දෙදෙනා ද යන සතර දෙනාම සෝවාන් පල ලදහ. ඉක්බිති ධනිය, බෙහෙවින් පැහැද තථාගතයන් වහන්සේ කෙරෙහි මුල සිටම පිහිටි සැදැහැවෙන් (ඇති සේ ඇති සැටියෙන් දකින) නුවණැසින් (පඤ්ඤා) භාග්‍යවතුන් වහන්සේගේ දහම් කය (හඳුනා) දැක දහමෙන් පිබිදුනු හදවතින්, ‘බැඳුම් සිදබිඳ දැමීම්, නැවත මවුකුසක පිළිසිඳීමක් මට නැත. ‘අවීචිය කෙළවර කොට ඉහළම බඹලොව තෙක් (භවග්ග) භාග්‍යවතුන් වහන්සේ හැර අන් කවරෙක් මෙබඳු උසස් සිහනදක් පවත්වන සේක්ද? ඒ උතුම් මග පෙන්වන නායකයාණන් වැඩිසේක් නොවෙත්දැ’යි සිතුවේය. මේ අතර, භාග්‍යවතුන් වහන්සේ, රන් රස වගුරුවන්නාක් වැනි සවණක් රැස් මාලාවෙන් විසිතුරු වූ සිරුරෙන් ආලෝකයක් ධනියගේ නිවෙස්නට මුදාහළ සේක් ‘නියම සුවය දකින්නැ’යි කියන්නාක් මෙනි.
අථ ධනියො අන්තො පවිට්ඨචන්දිමසූරියං විය සමන්තා පජ්ජලිතපදීපසහස්සසමුජ්ජලිතමිව ච නිවෙසනං දිස්වා “ආගතො භගවා”ති චිත්තං උප්පාදෙසි. තස්මිංයෙව ච සමයෙ මෙඝොපි පාවස්සි. තෙනාහු සඞ්ගීතිකාරා “නින්නඤ්ච ථලඤ්ච පූරයන්තො”ති. තත්ථ නින්නන්ති පල්ලලං. ථලන්ති උක්කූලං. එවමෙතං උක්කූලවිකූලං සබ්බම්පි සමං කත්වා පූරයන්තො මහාමෙඝො පාවස්සි, වස්සිතුං ආරභීති වුත්තං හොති. තාවදෙවාති යං ඛණං භගවා සරීරාභං මුඤ්චි, ධනියො ච “සත්ථා මෙ ආගතො”ති සද්ධාමයං චිත්තාභං මුඤ්චි, තං ඛණං පාවස්සීති. කෙචි පන “සූරියුග්ගමනම්පි තස්මිංයෙව ඛණෙ”ති වණ්ණයන්ති.
ඉක්බිති ධනිය, සඳහිරු ඇතුලට පිවිසියා සේ, හාත්පස දැල්වෙන පහන් දහසකින් බබලන්නාක් වැනි වූ නිවහන දැක, ‘භාග්‍යවතුන් වහන්සේ පැමිණිසේකැ’යි සිතුවේය. එකෙණෙහිම මහ වැස්සක්ද ඇදහැළුණි. නින්නඤ්ච ථලඤ්ච පූරයන්තො යැයි සංගායනාවට සහභාගි වූ හිමිවරු ඒ ගැන කීහ. නින්නං කුඩා විල් වැනි වතුර රැඳෙන තැන් හෝ මඩ වගුරු, ථලං බෑවුම් තැන්, මෙසේ උස් බෑවුම් හා පහත් ඉවුරු ඇති සියළු තැන් සමකොට පුරවමින් - උතුරා යමින් මහා වැසි වැස්සේය. වසින්නට පටන් ගත් බව කියන ලදී. තාවදෙව යම් මොහොතකදී භාග්‍යවතුන් වහන්සේ රැස් ආලෝකය මුදාහළ සේක්ද, ධනිය ද ‘මාගේ නායකයාණන් වහන්සේ පැමිණිසේකැ’යි තම සිත පිරුණු සැදැහැ ආලෝකය මුදාහළේය. එවේලෙහිම වැසි ඇදහැලිණ. ඇතමෙක් එවිටම හිරු උදාවූයේ යැයි ද පවසති.
එවං තස්මිං ධනියස්ස සද්ධුප්පාදතථාගතොභාසඵරණසූරියුග්ගමනක්ඛණෙ වස්සතො දෙවස්ස සද්දං සුත්වා ධනියො පීතිසොමනස්සජාතො ඉමමත්ථං අභාසථ “ලාභා වත නො අනප්පකා”ති ද්වෙ ගාථා වත්තබ්බා.
මෙසේ ධනිය ඒ සැදැහැ උපදවන බුදුරැස් ආලෝකය නැමති හිරු උදාවන කලක මෙන් වැසි වසින හඬ අසා බොහෝ සතුටුව ලාභො වත නො අනප්පකො යන මෙම අරුත් බර ගාථා දෙක කීය.
තත්ථ යස්මා ධනියො සපුත්තදාරො භගවතො අරියමග්ගපටිවෙධෙන ධම්මකායං දිස්වා, ලොකුත්තරචක්ඛුනා රූපකායං දිස්වා, ලොකියචක්ඛුනා සද්ධාපටිලාභං ලභි. තස්මා ආහ – “ලාභා වත නො අනප්පකා, යෙ මයං භගවන්තං අද්දසාමා”ති. තත්ථ වත ඉති විම්හයත්ථෙ නිපාතො. නො ඉති අම්හාකං. අනප්පකාති විපුලා. සෙසං උත්තානමෙව. සරණං තං උපෙමාති එත්ථ පන කිඤ්චාපි මග්ගපටිවෙධෙනෙවස්ස සිද්ධං සරණගමනං, තත්ථ පන නිච්ඡයගමනමෙව ගතො, ඉදානි වාචාය අත්තසන්නිය්යාතනං කරොති. මග්ගවසෙන වා සන්නිය්යාතනසරණතං අචලසරණතං පත්තො, තං පරෙසං වාචාය පාකටං කරොන්තො පණිපාතසරණගමනං ගච්ඡති. චක්ඛුමාති භගවා පකතිදිබ්බපඤ්ඤාසමන්තබුද්ධචක්ඛූහි පඤ්චහි චක්ඛූහි චක්ඛුමා. තං ආලපන්තො ආහ – “සරණං තං උපෙම චක්ඛුමා”ති. “සත්ථා නො හොහි තුවං මහාමුනී”ති ඉදං පන වචනං සිස්සභාවූපගමනෙනාපි සරණගමනං පූරෙතුං භණති, ගොපී ච අහඤ්ච අස්සවා, බ්රහ්මචරියං සුගතෙ චරාමසෙති ඉදං සමාදානවසෙන.
මෙහිදී ධනිය දූ පුතුන් සමග, මෙලොවදී ලද මසැසින් භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය දැක, සැදැහැ බව ලැබ, ලොවුතුරු ඇසින් ලද උතුම් මගපල අවබෝධයෙන් දහම් කය දැක, ‘ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ අප දුටුවෙමු, එය අප ලැබූ මහත් ලාභයකැයි කීය. එහි වත පුදුමය හඟවන නිපාත පදයකි. නො - අපට - අපගේ, අනප්පකො බොහෝ, ඉතිරි පද කලින් පැහැදිලි කරන ලද පරිදිය. සරණං තං උපෙම - මගපල ලබනු පිණිස සරණගමනය සිදුකරන්නේ නම්, එහි තිර ලෙසම සරණයෙහි පිහිටා, වචනයෙන් කියා තමා කෙරෙහි දරාගෙන, හෝ තමාට අයිති සේ තහවුරු කරගනී. (දහම දකින) මගක් ලෙස හෝ තමා කෙරෙහි පිහිටා ගත් සරණ යෑම වෙනස් නොකොට, එය අනුන්ටද වචනයෙන් තහවුරු කරන නමස්කාර කොට ගරු කිරීමකි. මසැස, දිවැස, පැණැස, හාත්පස පැතිරුණු නුවණ හා බුදු ඇස යන පස්ආකාර වූ ඇස් ඇති චක්ඛුමා, එබඳු වූ බුදුරජාණන් වහන්සේට අමතමින් සරණං තං උපෙම චක්ඛුමා යැයි කීය. සත්ථා නො හොති, තුවං මහාමුනී යන මෙම වචන සිසුවකු බවට පත්ව සරණයාම සපුරාලන්නට කීය. ගොපී ච අහඤ්ච අස්සවා බ්රහ්මචරියං සුගතෙ චරාමසෙ යනු වෙනස් නොවන සමාදන් වීමකි.
තත්ථ බ්රහ්මචරියන්ති මෙථුනවිරතිමග්ගසමණධම්මසාසනසදාරසන්තොසානමෙතං අධිවචනං. “බ්‍රහ්මචාරී”ති එවමාදීසු (ම· නි· 1.83) හි මෙථුනවිරති බ්රහ්මචරියන්ති වුච්චති. “ඉදං ඛො පන මෙ පඤ්චසිඛ, බ්රහ්මචරියං එකන්තනිබ්බිදායා”ති එවමාදීසු (දී· නි· 2.329) මග්ගො. “අභිජානාමි ඛො පනාහං, සාරිපුත්ත, චතුරඞ්ගසමන්නාගතං බ්රහ්මචරියං චරිතා”ති එවමාදීසු (ම· නි· 1.155) සමණධම්මො. “තයිදං බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්චා”ති එවමාදීසු (දී· නි· 3.174) සාසනං.
බ්රහ්මචරියං මෛථුන වැළකීම, මග, සසුන, එකම අඹුසැමි සෑහීමකට පත්වීම යන කරුණුවලට සමානව යෙදේ. ‘බ්‍රහ්මචාරී ආරාචාරී’ යන තන්හි බඹසර හැසිරෙයි. දුරුකොට හැසිරෙයි යනුවෙන් ලිංගික සබඳතාවෙන් වැළකීම අදහස් වේ. ‘ඉදං ඛො පන පඤ්චසිඛ, බ්රහ්මචරියං එකන්ත නිබ්බිදාය’, පඤ්චසිඛය, මේ බඹසර හැසිරීම (සසර දුකෙහි) නියත කලකිරීමට හේතු වේ. මේ ආදී තන්හී (පිළිපැදිය යුතු) මගයි. ‘අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත, චතුරංග සමන්නාගතං බ්රහ්මචරියං චරිතා’ සාරිපුත්ත, මම සිවු ආකාර වූ බඹසර හැසිරුන බව දනිමි යන තැන මහණදම් පිළිවෙතට අදාළ වේ. ‘තයිදං බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච’ මේ බඹසර දියුණුව පිණිස වැඩිදියුණුව යහපත පිණිස පවතී. මේ ආදී තැන සසුන අදහස් වේ.
“මයඤ්ච භරියා නාතික්කමාම, අම්හෙ ච භරියා නාතික්කමන්ති; අඤ්ඤත්ර තාහි බ්රහ්මචරියං චරාම, තස්මා හි අම්හං දහරා න මීයරෙ”ති. (ජා· 1.10.97) –
‘මයඤ්ච භරියා නාකික්කමාම - අම්හෙ ව භරියා නාතික්කමන්ති අඤ්ඤත්ර තාහි බ්රහ්මචරියං චරාම තස්මා හි අම්හං දහරා න මීයරෙ’
‘අපි ද (අපේ) බිරියන් ඉක්මවා නොයමු. බිරින්දෝ ද අප ඉක්මවා නොයති. ඔවුන් හැර අපි බඹසර හැසිරෙමු. එහෙයින් අපගේ (ළමා තරුණ කල) දරුවෝ නොමියෙති.’
එවමාදීසු සදාරසන්තොසො. ඉධ පන සමණධම්මබ්රහ්මචරියපුබ්බඞ්ගමං උපරිමග්ගබ්රහ්මචරියමධිප්පෙතං. සුගතෙති සුගතස්ස සන්තිකෙ. භගවා හි අන්තද්වයමනුපග්ගම්ම සුට්ඨු ගතත්තා, සොභණෙන ච අරියමග්ගගමනෙන සමන්නාගතත්තා, සුන්දරඤ්ච නිබ්බානසඞ්ඛාතං ඨානං ගතත්තා සුගතොති වුච්චති. සමීපත්ථෙ චෙත්ථ භුම්මවචනං, තස්මා සුගතස්ස සන්තිකෙති අත්ථො. චරාමසෙති චරාම. යඤ්හි තං සක්කතෙ චරාමසීති වුච්චති, තං ඉධ චරාමසෙති. අට්ඨකථාචරියා පන “සෙති නිපාතො”ති භණන්ති. තෙනෙව චෙත්ථ ආයාචනත්ථං සන්ධාය “චරෙම සෙ”තිපි පාඨං විකප්පෙන්ති. යං රුච්චති, තං ගහෙතබ්බං.
මෙම ගාථාවෙහි බ්රහ්මචරියං යෙදුනේ අඹුසැමි සෑහීමට පත්වීම ගැනයි. ‘ඉධ පන සමණධම්ම බ්‍රහ්මචරිය පුබ්බංගමං’ ‘මහණ, මෙම මහණදම් සඳහා බඹසර පෙරටු වෙයි. ‘පිළිවෙත් මග හැසිරීම අදහස් කෙරේ. සුගතෙ බුදුරදුන් සමීපයෙහි භාග්‍යවතුන් වහන්සේ දුකසැප දෙමගෙහිම අන්තගාමී නොවී, මැනවින් ගිය බැවින්, මනහර වූ අරිඅටඟි මගෙහි ගමන් කළ බැවින්ද, යහපත් වූ ‘නිවන’ යැයි හඳුන්වන තැනට ගිය බැවින්ද සුගත යැයි කියනු ලැබේ. සමීප අරුතෙහි සත්තමී විබත්ය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සමීපයෙහි යන තේරුමයි. චරාමසෙ හැසිරෙමු. ගරු බව දැක්වෙන අයුරින් ‘චරාමසී’ යැයි කියනු ලබයි. එය මෙහි ‘චරාමසෙ’ යයි කියනු ලබයි. අටුවා ඇදුරෝ ‘සෙ’ නිපාතයකැයි කියති. මෙහි එය ඉල්ලීමක් සඳහා චරෙම සෙ යනුවෙන් යෙදුණැයිද කල්පනා කරති. කැමති පරිදි යොදාගත හැකිය.
එවං ධනියො බ්රහ්මචරියචරණාපදෙසෙන භගවන්තං පබ්බජ්ජං යාචිත්වා පබ්බජ්ජපයොජනං දීපෙන්තො ආහ “ජාතීමරණස්ස පාරගූ, දුක්ඛස්සන්තකරා භවාමසෙ”ති. ජාතිමරණස්ස පාරං නාම නිබ්බානං, තං අරහත්තමග්ගෙන ගච්ඡාම. දුක්ඛස්සාති වට්ටදුක්ඛස්ස. අන්තකරාති අභාවකරා. භවාමසෙති භවාම, අථ වා අහො වත මයං භවෙය්යාමාති. “චරාමසෙ”ති එත්ථ වුත්තනයෙනෙව තං වෙදිතබ්බං. එවං වත්වාපි ච පුන උභොපි කිර භගවන්තං වන්දිත්වා “පබ්බාජෙථ නො භගවා”ති එවං පබ්බජ්ජං යාචිංසූති.
මෙසේ ධනිය බඹසර හැසිරීම සළකමින් භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිදි කරන ලෙස ඉල්ලා පැවිදි වීමේ පලය බලාපොරොත්තුවෙන් ජාතිමරණස්ස පාරගා දුක්ඛස්සන්තකරා භවාමසෙ යැයි කීය. ඉපදීම-මරණයෙහි එතරවීම නම් නිවනය. එය අරහත් මගින් ළඟා කරගනිමු. දුක්ඛස්ස සසර දුක, අන්තකරා අවසන් භවාමසෙ වෙමු. නැතහොත් ඒකාන්තයෙන්ම අපි එසේ වන්නෙමු. චරාමසෙ ගැන කී ලෙසින්ම එය දතයුතුය. මෙසේ කියා, නැවත ඔවුහු දෙදෙනම භාග්‍යවතුන් වහන්සේට වැඳ ‘අප පැවිදි කරන සේක්වා’යි ඉල්ලූහ.
අථ මාරො පාපිමා එවං තෙ උභොපි වන්දිත්වා පබ්බජ්ජං යාචන්තෙ දිස්වා – “ඉමෙ මම විසයං අතික්කමිතුකාමා, හන්ද නෙසං අන්තරායං කරොමී”ති ආගන්ත්වා ඝරාවාසෙ ගුණං දස්සෙන්තො ඉමං ගාථමාහ “නන්දති පුත්තෙහි පුත්තිමා”ති. තත්ථ නන්දතීති තුස්සති මොදති. පුත්තෙහීති පුත්තෙහිපි ධීතරෙහිපි, සහයොගත්ථෙ, කරණත්ථෙ වා කරණවචනං, පුත්තෙහි සහ නන්දති, පුත්තෙහි කරණභූතෙහි නන්දතීති වුත්තං හොති. පුත්තිමාති පුත්තවා පුග්ගලො. ඉතීති එවමාහ. මාරොති වසවත්තිභූමියං අඤ්ඤතරො දාමරිකදෙවපුත්තො. සො හි සට්ඨානාතික්කමිතුකාමං ජනං යං සක්කොති, තං මාරෙති. යං න සක්කොති, තස්සපි මරණං ඉච්ඡති. තෙන “මාරො”ති වුච්චති. පාපිමාති ලාමකපුග්ගලො, පාපසමාචාරො වා. සඞ්ගීතිකාරානමෙතං වචනං, සබ්බගාථාසු ච ඊදිසානි. යථා ච පුත්තෙහි පුත්තිමා, ගොපියො ගොහි තථෙව නන්දති. යස්ස ගාවො අත්ථි, සොපි ගොපියො, ගොහි සහ, ගොහි වා කරණභූතෙහි තථෙව නන්දතීති අත්ථො.
ඉක්බිති පවිටු මාරයා ඒ දෙදෙනා නමස්කාර කරමින් පැවිද්ද ඉල්ලනු දැක, ‘මොවුන් මගේ බලය ඉක්මවනු කැමති වෙති. ඒ නිසා ඔවුන්ට අනතුරක්, බාධාවක් කරමි’යි අවුත් ගිහිගෙයි ගුණ දක්වමින් නන්දති පුත්තෙහි පුත්තිමා යන මේ ගාථාව කීය. නන්දති සතුටු වෙයි. පුත්තෙහි පුතුන්ගෙන්ද දූවරුන්ගෙන්ද, සම සහයෝග අරුතෙහි හෝ කරණ කොටගෙන අරුතෙහි කරණවිබත්ය. දූපුතුන් සමග සතුටු වෙයි. දූ පුතුන් නිසා සතුටු වෙයි. පුත්තිමා දූ පුතුන් ඇති තැනැත්තා, ඉති මෙසේ කීය යන අදහසයි. මාරො වසවත්ති දෙව්ලොවෙහි එක්තරා දාමරික දෙව්පුතෙකි. ඔහු ඔහුගේ බලය ඉක්මවා කටයුතු කරන කෙනෙකු වෙත්ද ඔහු මරයි. එය කළ නොහැකිවිට එබඳු කෙනෙකුගේ මරණය වුව කැමති වෙයි. එහෙයින් මාරයා යැයි කියනු ලැබේ. පාපිමා අයහපත් ගති පැවතුම් ඇති පහත් තැනැත්තෙකි. එම වචන සංගායනාවට සහභාගී වූ හිමිවරුන්ගේය. සියළු ගාථා එබඳුය. දූපුතුන් ඇති තැනැත්තා දූපුතුන් ඇතැයි සතුටුවන්නා සේ ගොමියො හොති, තථෙව නන්දති ගවයන් හිමි තැනැත්තා ද තමාට ගව සම්පත ඇතැයි එසේම සතුටු වේ.
එවං වත්වා ඉදානි තස්සත්ථස්ස සාධකකාරණං නිද්දිසති, “උපධී හි නරස්ස නන්දනා”ති. තත්ථ උපධීති චත්තාරො උපධයො – කාමූපධි, ඛන්ධූපධි, කිලෙසූපධි, අභිසඞ්ඛාරූපධීති. කාමා හි “යං පඤ්චකාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං කාමානං අස්සාදො”ති (ම· නි· 1.166) එවං වුත්තස්ස සුඛස්ස අධිට්ඨානභාවතො උපධීයති එත්ථ සුඛන්ති ඉමිනා වචනත්ථෙන උපධීති වුච්චන්ති. ඛන්ධාපි ඛන්ධමූලකදුක්ඛස්ස අධිට්ඨානභාවතො, කිලෙසාපි අපායදුක්ඛස්ස අධිට්ඨානභාවතො, අභිසඞ්ඛාරාපි භවදුක්ඛස්ස අධිට්ඨානභාවතොති. ඉධ පන කාමූපධි අධිප්පෙතො. සො සත්තසඞ්ඛාරවසෙන දුවිධො. තත්ථ සත්තපටිබද්ධො පධානො, තං දස්සෙන්තො “පුත්තෙහි ගොහී”ති වත්වා කාරණමාහ – “උපධී හි නරස්ස නන්දනා”ති. තස්සත්ථො – යස්මා ඉමෙ කාමූපධී නරස්ස නන්දනා, නන්දයන්ති නරං පීතිසොමනස්සං උපසංහරන්තා, තස්මා වෙදිතබ්බමෙතං “නන්දති පුත්තෙහි පුත්තිමා, ගොපියො ගොහි තථෙව නන්දති, ත්වඤ්ච පුත්තිමා ගොපියො ච, තස්මා එතෙහි, නන්ද, මා පබ්බජ්ජං පාටිකඞ්ඛි. පබ්බජිතස්ස හි එතෙ උපධයො න සන්ති, එවං සන්තෙ ත්වං දුක්ඛස්සන්තං පත්ථෙන්තොපි දුක්ඛිතොව භවිස්සසී”ති.
මෙසේ කියා මීළඟට ඒ අදහස තහවුරු කරනු පිණිස උපධී හි නරස්ස නන්දනා යැයි කරුණු දක්වයි. කාම උපධි, ඛන්ධූපධි, කිලෙස උපධි, අභිසංඛාර උපධි යැයි සිවු ආකාරය. ‘යං පඤ්චකාමගුණෙ පටිචච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං කාමානං අස්සාදො’ - පස්කම්හි සැප ඇතැයි සළකා, එයින් මිහිරක් සතුටක් ලබයිද, මේ කාම වින්දනයයි. මෙසේ සැපයකැයි සළකා ඒ අදහස් (රඳවා ගැනීම) උපධි ලෙස ගැනේ. රූපාදි පස්කඳෙහි දුක පැවතියද එහි සැපයැයි සිතීම ඛන්ධූපධි නම් වේ. කෙලෙස් සහගත බව අපා දුකට හේතුවෙන් කිලෙසූපධි වේ. (කරන, කියන, සිතන කටයුතුවලින්) එකතු වන සංඛාර ආදීකොට සසර දුකට හේතුය. මෙහිදී කාම උපධි හෙවත් පස්කම්හි ආසා අදහස් කරන ලදී. එය පුද්ගල සංඛාර යැයි දෙආකාරය. එහි සසර සැරිසරන පුද්ගලයා අතර ඇති සබඳතාව මූලික වේ. එය දක්වමින් පුතුන් හා ගවහිමියා ගැනද උපධි හි නරස්ස නන්දනා යැයි කීය. එහි තේරුම මෙසේය. මේ ලෙසකින් මෙම කාම ආසා මිනිසා සතුටට පත්කරයි. මිනිසාට සතුට - සොම්නස එක්තැන්කොට ලබාදීමෙන් සතුට දනවනු ලබයි. එපරිදිම දූපුතුන් ඇති තැනැත්තා දූ පුතුන්ගෙන්ද ගව හිමියා ගවයන්ගෙන්ද සතුටු වෙතියි, ඒ ආකාරයෙන් දත යුතුයි. ඔබ ද දූපුතුන් ඇත්තෙකි, ගව හිමියෙකි. එහෙයින් ඒවායින් සතුටුවන්න. පැවිද්ද බලාපොරොත්තු වන්නට එපා. පැවිදි වූ කෙනෙකුට එසේ සතුටුවීමට කරුණු නැත. එසේ හෙයින් ඔබ දුක කෙළවර කිරිම පතමින්ම, දුකට පත්වන්නෙක්ම වන්නෙහි?
ඉදානි තස්සපි අත්ථස්ස සාධකකාරණං නිද්දිසති “න හි සො නන්දති, යො නිරූපධී”ති. තස්සත්ථො – යස්මා යස්සෙතෙ උපධයො නත්ථි, සො පියෙහි ඤාතීහි විප්පයුත්තො නිබ්භොගූපකරණො න නන්දති, තස්මා ත්වං ඉමෙ උපධයො වජ්ජෙත්වා පබ්බජිතො දුක්ඛිතොව භවිස්සසීති.
දැන් ඒ කරුණුවලට හේතු දක්වමින්ම න හි සො නන්දති යො නිරූපධී යනුවෙන් කීය. එහි තේරුම මෙසේය. යම් තැනැත්තකුට එවැනි උපධි නැත්ද ඔහු කැමති නෑදෑයන්ගෙන් වෙන්ව, සැප සම්පත් පල නොලැබ සතුටු වන්නේ නැත. එහෙයින් ඔබ එවැනි දේ අතහැර දමා පැවිදි වේනම්, දුකටම පත්වන්නෙහිය.
අථ භගවා “මාරො අයං පාපිමා ඉමෙසං අන්තරායාය ආගතො”ති විදිත්වා ඵලෙන ඵලං පාතෙන්තො විය තායෙව මාරෙනාභතාය උපමාය මාරවාදං භින්දන්තො තමෙව ගාථං පරිවත්තෙත්වා “උපධි සොකවත්ථූ”ති දස්සෙන්තො ආහ “සොචති පුත්තෙහි පුත්තිමා”ති. තත්ථ සබ්බං පදත්ථතො උත්තානමෙව. අයං පන අධිප්පායො – මා, පාපිම, එවං අවච “නන්දති පුත්තෙහි පුත්තිමා”ති. සබ්බෙහෙව හි පියෙහි, මනාපෙහි නානාභාවො විනාභාවො, අනතික්කමනීයො අයං විධි, තෙසඤ්ච පියමනාපානං පුත්තදාරානං ගවාස්සවළවහිරඤ්ඤසුවණ්ණාදීනං විනාභාවෙන අධිමත්තසොකසල්ලසමප්පිතහදයා සත්තා උම්මත්තකාපි හොන්ති ඛිත්තචිත්තා, මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛං. තස්මා එවං ගණ්හ – සොචති පුත්තෙහි පුත්තිමා. යථා ච පුත්තෙහි පුත්තිමා, ගොපියො ගොහි තථෙව සොචතීති. කිං කාරණා? උපධී හි නරස්ස සොචනා. යස්මා ච උපධී හි නරස්ස සොචනා, තස්මා එව “න හි සො සොචති, යො නිරූපධි”. යො උපධීසු සඞ්ගප්පහානෙන නිරුපධි හොති, සො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන, කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන, යෙන යෙනෙව පක්කමති, සමාදායෙව පක්කමති. සෙය්යථාපි නාම පක්ඛී සකුණො …පෙ… නාපරං ඉත්ථත්තායාති පජානාති. එවං සබ්බසොකසමුග්ඝාතා “න හි සො සොචති, යො නිරුපධී”ති. ඉති භගවා අරහත්තනිකූටෙන දෙසනං වොසාපෙසි. අථ වා යො නිරුපධි, යො නික්කිලෙසො, සො න සොචති. යාවදෙව හි කිලෙසා සන්ති, තාවදෙව සබ්බෙ උපධයො සොකප්ඵලාව හොන්ති. කිලෙසප්පහානා පන නත්ථි සොකොති. එවම්පි අරහත්තනිකූටෙනෙව දෙසනං වොසාපෙසි. දෙසනාපරියොසානෙ ධනියො ච ගොපී ච උභොපි පබ්බජිංසු. භගවා ආකාසෙනෙව ජෙතවනං අගමාසි. තෙ පබ්බජිත්වා අරහත්තං සච්ඡිකරිංසු. වසනට්ඨානෙ ච නෙසං ගොපාලකා විහාරං කාරෙසුං. සො අජ්ජාපි ගොපාලකවිහාරොත්වෙව පඤ්ඤායතීති.
ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ, ‘මේ පාපී මාරයා මොවුන්ට අනතුරු පිණිසම පැමිණියේ යැයි දැන, ගෙඩියකින් (ගසා) ගෙඩියක් (බිම) පතිත කරන්නාක් මෙන් ඒ මාරයා විසින්ම ගෙනහැර දක්වන ලද උපමාවම දක්වා මාරයාගේ මතය බිඳලමින් පෙරළා එම ගාථාවටම උපධි යන්නට අරුත් දක්වමින්, එය සෝකයට හේතුවන අයුරු සොචති පුත්තෙහි යැයි වදාළහ. පද අරුත් ලෙස එහි සියළු කරුණු ඉහත දක්වා ඇත. මේ එහි විස්තරයි. ‘පවිටු මාරය, නන්දති පුත්තෙහි පුත්තිමා යැයි මෙසේ නොකියව. සතුට දනවන, මනාප වූ සියළු දෙයෙහි වෙනස්වීම හා නැතිවන ගතිය ඇත. මෙම නියමය ඉක්මවාලිය නොහැකිය. එබඳු පියමනාප වූ අඹුසැමි, දූ දරුවන්, ගවයන්, අසුන් ආදී සතුන් මෙන්ම, අමුරන්, රත්රන් ආදියද වැනසීමෙන්, නැතිවීමෙන් හටගැනෙන සෝක නමැති උලින් (අනිනු ලැබ) බෙහෙවින් කම්පා වී බොහෝදෙනා අවුල් සිතින් උමතු බවට පත් වෙති. මරණයට හෝ මරණය හා සමාන දුකට පත්වෙති. එහෙයින් දූ පුතුන් ඇති තැනැත්තා දුපුතුන් නිසා සෝක කරයි. එමෙන්ම ගව හිමියා ගවයන් නිසා ශෝක කරයි. කුමක් නිසාද? එබඳු ආසා (කාම උපධි) මිනිසාගේ සෝකයට හේතුවන බැවිනි. එහෙයින් න හි සො සොචති යො නිරූපධි. යම් තැනැත්තෙක් එබඳු ආසා (උපධි) මුළුමනින්ම ඉවත් කරන්නේ නම්, ‘ඔහු සිරුර පරිහරණයෙහිදී සිවුරෙන්ද කුසට සරිලන පරිදි පිඬු සිඟා ලද ආහාරයෙන්ද සෑහීමට පත්ව, කුරුල්ලකු සේ සැහැල්ලුවෙන් පාසිවුරු දරාගෙන කැමති තැනකට යයිද... සො සන්තුට්ඨොහොති කායපරිහාරියෙන චීවරෙන, කුච්ජි පරිහාරියෙන පිණ්ඩපාතෙන, යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති, සෙය්යථාපි නාම පක්ඛීසකුණෙ -පෙ- නාපරං ඉත්ථතතායාති පජානාති’ ‘මෙම භවයෙන් එහාට නැවත ඉදිරි පැවැත්මක් නැතැයි දැනගනී. මෙසේ සෝකයට හේතුවන සියළු කරුණු මුළුමනින්ම උදුරා හළ බැවින් නහි සො සොචති යො නිරූපධි වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහත් මග කුළුගන්වා දේශනය නිමකළහ. නැතහොත් යො නිරූපධි යමෙක් කෙලෙස් රහිතද ඔහු සෝක නොකරයි. යම් තරමක් කෙලෙස් වේද ඒ තාක් සියළුම කාමාදි උපධි සෝකයට මුල් වේ. කෙලෙස් නැතිකළ තැනැත්තෝ සෝක නොකරති. මෙසේ අරහත් මග කුළුගන්වමින් දේශනය නිම කළහ. දේශනය අවසන ධනිය ද බිරියද දෙදෙනාම පැවිදි වූහ. භාග්‍යවතුන් වහන්සේ අහසින්ම ජේතවන විහාරයට වැඩියහ. පැවිදි වූ ඔවුහු අරහත් බව පසක් කළහ. වාසය කරන තැන, ගොපල්ලෝ විහාරයක් කළහ. එය අද ද ‘ගොකුලංක විහාරය’ නමින්ම පතළව ඇත.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය ධනියසුත්තවණ්ණනා නිට්ඨිතා.
ධනිය සූත්‍ර විස්තරය නිමි.