1. උරගසුත්තවණ්ණනා අට්ඨකථා
1. උරගසුත්තවණ්ණනා
1. උරග සූත්‍ර වර්ණනාව
එවං සමධිගතසඞ්ඛො ච යස්මා එස වග්ගතො උරගවග්ගො, චූළවග්ගො, මහාවග්ගො, අට්ඨකවග්ගො, පාරායනවග්ගොති පඤ්ච වග්ගා හොන්ති; තෙසු උරගවග්ගො ආදි. සුත්තතො උරගවග්ගෙ ද්වාදස සුත්තානි, චූළවග්ගෙ චුද්දස, මහාවග්ගෙ ද්වාදස, අට්ඨකවග්ගෙ සොළස, පාරායනවග්ගෙ සොළසාති සත්තති සුත්තානි. තෙසං උරගසුත්තං ආදි. පරියත්තිපමාණතො අට්ඨ භාණවාරා. එවං වග්ගසුත්තපරියත්තිපමාණවතො පනස්ස –
මෙසේ එක්තැන් කරන ලද මෙහි උරග, චූල, මහා, අට්ඨක, පාරායණ යයි වග්ග හෙවත් කොටස් පහකි. එහි උරග වග්ගයෙහි සූත්‍ර දොළහකි. චූලවග්ගයෙහි දහ හතරකි. මහා වග්ගයෙහි දොළහකි. අට්ඨක වග්ගයෙහි දහසයෙකි. පාරායණ වග්ගයෙහි දහසයකැයි මුළු සූත්‍ර හැත්තෑවකි. උරග සූත්‍රයෙහි පටන් උගත යුතු බණවර අටකි.
“යො උප්පතිතං විනෙති කොධං, විසටං සප්පවිසංව ඔසධෙහි; සො භික්ඛු ජහාති ඔරපාරං, උරගො ජිණ්ණමිව තචං පුරාණ”න්ති. –
“සපුන්ගේ විස බෙහෙත්වලින් නසන්නා සේ, පැවිදි වූ යම් තැනැත්තෙක් හටගත් තරහ දුරු කරත් ද, දිරාගිය පරණ හැවය ඉවතලන උරගයකු මෙන් (සසර සයුරෙන්) එතර යයි.”
අයං ගාථා ආදි. තස්මා අස්සා ඉතො පභුති අත්ථවණ්ණනං කාතුං ඉදං වුච්චති –
මේ ආදී ගාථා ඇතුලත් සූත්‍රවල අරුත් විස්තර මෙතැන් සිට මෙසේ පැහැදිලි කරනු ලැබේ.
“යෙන යත්ථ යදා යස්මා, වුත්තා ගාථා අයං ඉමං; විධිං පකාසයිත්වාස්සා, කරිස්සාමත්ථවණ්ණන”න්ති.
මෙම ගාථා, යම් කෙනෙකු විසින් යම් තැනකදී, යම් හේතුවක් නිසා කියන ලද ද, ඒ ආකාරයෙන් කරුණු සඳහන් කොට අරුත් පිළිබඳව විස්තර කරන්නෙමි.
කෙන පනායං ගාථා වුත්තා, කත්ථ, කදා, කස්මා ච වුත්තාති? වුච්චතෙ – යො සො භගවා චතුවීසතිබුද්ධසන්තිකෙ ලද්ධබ්යාකරණො යාව වෙස්සන්තරජාතකං, තාව පාරමියො පූරෙත්වා තුසිතභවනෙ උප්පජ්ජි, තතොපි චවිත්වා සක්යරාජකුලෙ උපපත්තිං ගහෙත්වා, අනුපුබ්බෙන කතමහාභිනික්ඛමනො බොධිරුක්ඛමූලෙ සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිත්වා, ධම්මචක්කං පවත්තෙත්වා දෙව-මනුස්සානං හිතාය ධම්මං දෙසෙසි, තෙන භගවතා සයම්භුනා අනාචරියකෙන සම්මාසම්බුද්ධෙන වුත්තා. සා ච පන ආළවියං. යදා ච භූතගාමසික්ඛාපදං පඤ්ඤත්තං, තදා තත්ථ උපගතානං ධම්මදෙසනත්ථං වුත්තාති. අයමෙත්ථ සඞ්ඛෙපවිස්සජ්ජනා. විත්ථාරතො පන දූරෙනිදානඅවිදූරෙනිදානසන්තිකෙනිදානවසෙන වෙදිතබ්බා. තත්ථ දූරෙනිදානං නාම දීපඞ්කරතො යාව පච්චුප්පන්නවත්ථුකථා , අවිදූරෙනිදානං නාම තුසිතභවනතො යාව පච්චුප්පන්නවත්ථුකථා, සන්තිකෙනිදානං නාම බොධිමණ්ඩතො යාව පච්චුප්පන්නවත්ථුකථාති.
කවරෙකු විසින් මෙම ගාථා කියන ලද්දේ ද? කොතැනදී කවදා, කුමක් නිසා කියන ලද ද? (ඊට අදාල කරුණු) මෙසේ කියනු ලැබේ. ඒ (ගොතම) බුදුරජාණන් වහන්සේ, (බෝසත් කල) බුදුවරුන් විසිහතර නමකගෙන් (අනාගතයේදී) බුදු බව ලබන බවට විවරණ ලැබ, වෙස්සන්තර ජාතකයෙහි දැක්වෙන පරිදි, එතෙක් පාරමිතා පුරා තුසිත දෙව්ලොව ඉපදුණාහ. එයින් ද චුතව, සැකි රජ කුලයෙහි උපත ලැබ, අනුපිළිවෙළින් ගිහිගෙයින් නික්ම, බෝරුක් මුල්හි සම්බුදු බව අවබෝධ කොට, දම්සක් පවත්වා දෙව් මිනිසුනට හිතසුව පිණිස දහම් දෙසූ සේක. ඒ බුදුරදුන් විසින් ගුරුවරයෙකු නොමැතිව තම නුවණින්ම දැන පවසන ලදී. අලව් නුවර දී, (ගස්වැල් තණ ආදියට අදාල වූ) භූතගාම නම් වූ සික පදය පනවන විට එහි පැමිණ සිටි පිරිසට දහම් දෙසනු පිණිස පවසන ලදැයි කෙටියෙන් සඳහන් කළ හැකිය. විස්තර කරන විට (ඊට මුල් වූ) අතීත, ආසන්න හා ඉතා සමීප හේතු ලෙස තුන් ආකාරව දත යුතුය. එහි අතීත හේතුව නම්, දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් වත්මන් කතාව දක්වාය. ආසන්න හේතුව නම් තුසිත දෙව්ලොව සිට වත්මන් කතාව දක්වාය. බෝමැඩ සිට වත්මන් කතාව දැක්වෙන කොටස සමීප හේතුවයි.
තත්ථ යස්මා අවිදූරෙනිදානං සන්තිකෙනිදානඤ්ච දූරෙනිදානෙයෙව සමොධානං ගච්ඡන්ති, තස්මා දූරෙනිදානවසෙනෙවෙත්ථ විත්ථාරතො විස්සජ්ජනා වෙදිතබ්බා. සා පනෙසා ජාතකට්ඨකථායං වුත්තාති ඉධ න විත්ථාරිතා. තතො තත්ථ විත්ථාරිතනයෙනෙව වෙදිතබ්බා. අයං පන විසෙසො – තත්ථ පඨමගාථාය සාවත්ථියං වත්ථු උප්පන්නං, ඉධ ආළවියං. යථාහ –
මේ අයුරින් අතීත, ආසන්න හා සමීප හේතු සම්බන්ධය අතීත හේතු පිළිබඳ විස්තර අනුව දතයුතුය. එය ජාතක අටුවාවෙහි කියන ලද බැවින්, මෙහි විස්තර නොකරන ලදී. එබැවින් එම කරුණු එහි විස්තර අනුව දත යුතුය. එහෙත් මෙහි දී අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණු ඇත. එහි මුල් ගාථාව සම්බන්ධ වන්නේ සැවැත් නුවර මුල් වූ කතාවට වුවත්, මෙහි දැක්වෙන්නේ අලව් නුවර මුල්කොටගෙනය.
“තෙන සමයෙන බුද්ධො භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන ආළවකා භික්ඛූ නවකම්මං කරොන්තා රුක්ඛං ඡින්දන්තිපි ඡෙදාපෙන්තිපි. අඤ්ඤතරොපි ආළවකො භික්ඛු රුක්ඛං ඡින්දති. තස්මිං රුක්ඛෙ අධිවත්ථා දෙවතා තං භික්ඛුං එතදවොච – ‘මා, භන්තෙ, අත්තනො භවනං කත්තුකාමො මය්හං භවනං ඡින්දී’ති. සො භික්ඛු අනාදියන්තො ඡින්දියෙව. තස්සා ච දෙවතාය දාරකස්ස බාහුං ආකොටෙසි. අථ ඛො තස්සා දෙවතාය එතදහොසි – ‘යංනූනාහං ඉමං භික්ඛුං ඉධෙව ජීවිතා වොරොපෙය්ය’න්ති. අථ ඛො තස්සා දෙවතාය එතදහොසි – ‘න ඛො මෙතං පතිරූපං, යාහං ඉමං භික්ඛුං ඉධෙව ජීවිතා වොරොපෙය්යං, යංනූනාහං භගවතො එතමත්ථං ආරොචෙය්ය’න්ති. අථ ඛො සා දෙවතා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙසි. ‘සාධු, සාධු දෙවතෙ, සාධු ඛො ත්වං, දෙවතෙ, තං භික්ඛුං ජීවිතා න වොරොපෙසි. සචජ්ජ ත්වං, දෙවතෙ, තං භික්ඛුං ජීවිතා වොරොපෙය්යාසි, බහුඤ්ච ත්වං, දෙවතෙ, අපුඤ්ඤං පසවෙය්යාසි. ගච්ඡ ත්වං, දෙවතෙ, අමුකස්මිං ඔකාසෙ රුක්ඛො විවිත්තො, තස්මිං උපගච්ඡා’”ති (පාචි· 89).
‘එසමයෙහි භගවත් සම්බුදුරජාණන් වහන්සේ අලව් නුවර අග්ගාලව චෙතිය නම් තන්හි වැඩ වසති. එකල එහි වැඩ වසන හිමිවරු නව (පිළිසකර ආදී) කටයුතු කරද්දී ගස් කපති. (වෙනත් තැනැත්තන් ලවා) කප්පවති. ආලවක නුවර වැසි එක්තරා හිමිනමක් ගසක් කපයි. ඒ ගසෙහි වසන දේවතාවා, ‘හිමියනි, තමන්ට නිවසක් සාදනු කැමතිව, මගේ නිවස නොකඩනු මැනව’යි (අයැදීය) ඒ හිමි එය නොඅසා ගස කැපුවේය. ඒ දේවතාවාගේ දරුවාට ද අතින් පහර දුනි. ‘මෙතැනදීම ඒ හිමිගේ ජීවිතය තොර කරන්නෙමි’යි ඒ දේවතාවාට සිතුණි. (නැවත) ඒ හිමිගේ ජීවිතය මෙහිදීම මම තොර කරන්නෙම් නම්, එය මට සුදුසු නොවේ. භාග්‍යවතුන් වහන්සේට මෙම කරුණ දන්වන්නෙම් නම් මැනවැ’යි දේවතාවාට සිතුණි. දේවතාවා භාග්‍යවතුන් වහන්සේට එය සැළ කළේය. ‘දේවතාවෙනි, ඔබ ඒ හිමිගේ ජීවිතය තොර නොකිරිම ඉතා යහපත්ය. එසේ තොර කරන ලද නම්, ඔබ බොහෝ පව් රැස් කරගන්නෙහිය. දේවතාවනි, අසවල් තැන හිරිහැරයෙන් තොරව විසිය හැකි ගසක් ඇත. එතැනට යව’යි වදාළහ.
එවඤ්ච පන වත්වා පුන භගවා තස්සා දෙවතාය උප්පන්නකොධවිනයනත්ථං –
එසේ පැවසූ භාග්‍යවතුන් වහන්සේ, දේවතාවාගේ තරහ දුරුකරනු පිණිස -
“යො වෙ උප්පතිතං කොධං, රථං භන්තංව වාරයෙ”ති. (ධ· ප· 222) –
‘යම් කෙනෙකු තරහ සිතුවිලි ඇතිකර ගන්නේ නම්, එය පාලනය නොකරන ලද රියක් මෙන්’
ඉමං ගාථං අභාසි. තතො “කථඤ්හි නාම සමණා සක්යපුත්තියා රුක්ඛං ඡින්දිස්සන්තිපි, ඡෙදාපෙස්සන්තිපි, එකින්ද්රියං සමණා සක්යපුත්තියා ජීවං විහෙඨෙන්තී”ති එවං මනුස්සානං උජ්ඣායිතං සුත්වා භික්ඛූහි ආරොචිතො භගවා – “භූතගාමපාතබ්යතාය පාචිත්තිය”න්ති (පාචි· 90) ඉමං සික්ඛාපදං පඤ්ඤාපෙත්වා තත්ථ උපගතානං ධම්මදෙසනත්ථං –
යැයි අදහස් ඇති මේ ගාථාව දේශනා කළහ. ‘කෙසේ නම් සැකි කුල පැවිදි හිමිවරුන් ගස් කපන්නාහුද, කප්පවන්නාහු වෙත්ද? එක් ඉන්ද්‍රියක් ඇති ජීවයකට පීඩා කරතියි, මිනිසුන්ගේ දොස් කීම අසා, භාග්‍යවතුන් වහන්සේට හිමිවරුන් විසින් සැළකළවිටදී ‘පැළෑටි සිඳහෙලීම පාචිත්තියකැයි මෙම සිකපද පනවා එහි රැස් වූ පිරිසට දහම් දෙසන සේක්, -
“යො උප්පතිතං විනෙති කොධං, විසටං සප්පවිසංව ඔසධෙහී”ති. –
යම් තැනැත්තකු, තරහ හටගත් විට, එය බෙහෙතින් සපුන්ගේ විස හරින්නා සේ දුරු කරන්නේ
ඉමං ගාථං අභාසි. එවමිදං එකංයෙව වත්ථු තීසු ඨානෙසු සඞ්ගහං ගතං – විනයෙ, ධම්මපදෙ, සුත්තනිපාතෙති. එත්තාවතා ච යා සා මාතිකා ඨපිතා –
යැයි මෙම ගාථාව වදාළහ. මෙසේ එකම කතාව විනයෙහි, ධම්මපදයෙහි සහ සුත්ත නිපාතයෙහි යන තුන් තැනක ඇත. මෙපමණකින් ඒ මාතිකාව දක්වන ලදී.
“යෙන යත්ථ යදා යස්මා, වුත්තා ගාථා අයං ඉමං; විධි පකාසයිත්වාස්සා, කරිස්සාමත්ථවණ්ණන”න්ති. –
[missing trans]
සා සඞ්ඛෙපතො විත්ථාරතො ච පකාසිතා හොති ඨපෙත්වා අත්ථවණ්ණනං.
එය කෙටියෙන් ද සවිස්තරව ද පදගත විවරණ හැර සඳහන් කරන ලදී.
අයං පනෙත්ථ අත්ථවණ්ණනා. යොති යො යාදිසො ඛත්තියකුලා වා පබ්බජිතො, බ්රාහ්මණකුලා වා පබ්බජිතො, නවො වා මජ්ඣිමො වා ථෙරො වා. උප්පතිතන්ති උද්ධමුද්ධං පතිතං ගතං, පවත්තන්ති අත්ථො, උප්පන්නන්ති වුත්තං හොති. උප්පන්නඤ්ච නාමෙතං වත්තමානභුත්වාපගතොකාසකතභූමිලද්ධවසෙන අනෙකප්පභෙදං. තත්ථ සබ්බම්පි සඞ්ඛතං උප්පාදාදිසමඞ්ගි වත්තමානුප්පන්නං නාම, යං සන්ධාය “උප්පන්නා ධම්මා, අනුප්පන්නා ධම්මා, උප්පාදිනො ධම්මා”ති (ධ· ස· තිකමාතිකා 17) වුත්තං. ආරම්මණරසමනුභවිත්වා නිරුද්ධං අනුභුත්වාපගතසඞ්ඛාතං කුසලාකුසලං, උප්පාදාදිත්තයමනුප්පත්වා නිරුද්ධං භුත්වාපගතසඞ්ඛාතං සෙසසඞ්ඛතඤ්ච භුත්වාපගතුප්පන්නං නාම. තදෙතං “එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොතී”ති (ම· නි· 1.234; පාචි· 417) ච, “යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරී හොතී”ති ච එවමාදීසු සුත්තන්තෙසු දට්ඨබ්බං. “යානිස්ස තානි පුබ්බෙ කතානි කම්මානී”ති එවමාදිනා (ම· නි· 3.248; නෙත්ති· 120) නයෙන වුත්තං කම්මං අතීතම්පි සමානං අඤ්ඤස්ස විපාකං පටිබාහිත්වා අත්තනො විපාකස්සොකාසං කත්වා ඨිතත්තා, තථා කතොකාසඤ්ච විපාකං අනුප්පන්නම්පි එවං කතෙ ඔකාසෙ අවස්සමුප්පත්තිතො ඔකාසකතුප්පන්නං නාම. තාසු තාසු භූමීසු අසමූහතමකුසලං භූමිලද්ධුප්පන්නං නාම.
මෙතැන් සිට පදගත විවරණ කරනු ලැබේ. යො යනු කැත්කුලයෙන් හෝ බමුණු කුලයෙන් හෝ පැවිදි වූවෙකු හෝ - නවක හෝ මැද වියෙහි වූ තෙර කෙනෙකු (අදහස් වේ) උප්පතිතං - උස්ව නැගී පවත්නා සොබාවය, හටගන්නා ලදැයි කියන ලදී. හටගත් (තරහ තවදුරටත්) පවතිමින්, ඉදිරියට වැඩිදියුණු වන පරිදි රඳවා ගැනීමට ඉඩ ලැබෙන අයුරුයි. එසේ සියළු ආකාරයෙන්ම සකස්වීම - පැවතීමට කරුණු වේ. යම් දෙයක් උදෙසා ‘උප්පන්නා ධම්මා - අනුප්පන්නා ධම්මා, උප්පාදිනො ධම්මා’ යැයි කියන ලද්දේ ද, එය අරමුණු කොට ගත්තද (රඳවා) පවත්වා ගනිමින් කුසල අකුසල ලෙසින් හටගැනීමට ඉඩදීමේ ගතිය ‘උප්පන්න’ නම් වේ. ඊට හේතුවන සියළුම කරුණු අනුව, තවත් අතුරු හේතු ඉදිරිපත් වීමට ඇති ‘ඉඩකඩ’ ‘අනුප්පන්න’ නම් වේ. තරහ නිසා බලාපොරොත්තු වන දේ හෙවත් අරමුණ අනුව (එය ඉටු නොවීමෙන්) එහි පල නොවින්දත්, එහි කුසල අකුසල සේ පැමිණීමක් නොලැබුණත්, (මුලදී තරහ ඇතිවීමට ඉවහල් වූ සිතිවිලිවලම බලපෑමක් බැවින්) ‘උප්පන්නං’ යනුවෙන් දැක්වේ. ‘එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති’ මෙවැනි පවිටු හැඟීමක් හටගත්තේ වෙයි. ‘යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣංගස්ස භාවනාපාරිපූරිහොතී’ යම් සේ මැනවින් සිහිය පිළිබඳ වූ අවබෝධයට - වැඩිදියුණු කරන ලද්දේ වේ... යන මේ ආකාරයෙන් සූත්‍රවල සඳහන් වූ ලෙසින් දතයුතුය. ‘යානිස්ස තානි පුබ්බෙකතානි කම්මානි’ යැයි කියන ලද පරිදි කම්ම යන්න අතීතයට ගැනෙන වෙනත් විපාකයක් වළකා තමන් කරන ලද දෙයෙහි විපාක දීමට ඉඩ ලැබෙන බැවින්, එසේ සුදුසු විටක විපාක ලැබීම ‘ඔකාසකත උප්පන්න’ නම් වේ. ඒ ඒ භූමි හෙවත්, ඉපිද ඇති ගතිවලදී ඉවත් නොවූ අයහපත් විපාක ලැබෙන තන්හී ලබන උපතයි.
එත්ථ ච භූමියා භූමිලද්ධස්ස ච නානත්තං වෙදිතබ්බං. සෙය්යථිදං – භූමි නාම විපස්සනාය ආරම්මණභූතා තෙභූමකා පඤ්චක්ඛන්ධා. භූමිලද්ධං නාම තෙසු උප්පත්තාරහං කිලෙසජාතං. තෙන හි සා භූමිලද්ධා නාම හොතීති. තස්මා “භූමිලද්ධ”න්ති වුච්චති. තඤ්ච පන න ආරම්මණවසෙන. ආරම්මණවසෙන හි සබ්බෙපි අතීතාදිභෙදෙ පරිඤ්ඤාතෙපි ච ඛීණාසවානං ඛන්ධෙ ආරබ්භ කිලෙසා උප්පජ්ජන්ති මහාකච්චායනඋප්පලවණ්ණාදීනං ඛන්ධෙ ආරබ්භ සොරෙය්යසෙට්ඨිපුත්තනන්දමාණවකාදීනං විය. යදි චෙතං භූමිලද්ධං නාම සියා, තස්ස අප්පහෙය්යතො න කොචි භවමූලං ජහෙය්ය. වත්ථුවසෙන පන භූමිලද්ධං නාම වෙදිතබ්බං. යත්ථ යත්ථ හි විපස්සනාය අපරිඤ්ඤාතා ඛන්ධා උප්පජ්ජන්ති, තත්ථ තත්ථ උප්පාදතො පභුති තෙසු වට්ටමූලං කිලෙසජාතං අනුසෙති. තං අප්පහීනට්ඨෙන භූමිලද්ධුප්පන්නං නාමාති වෙදිතබ්බං. තත්ථ ච යස්ස ඛන්ධෙසු අප්පහීනානුසයිතා කිලෙසා, තස්ස තෙ එව ඛන්ධා තෙසං කිලෙසානං වත්ථු, න ඉතරෙ ඛන්ධා. අතීතක්ඛන්ධෙසු චස්ස අප්පහීනානුසයිතානං කිලෙසානං අතීතක්ඛන්ධා එව වත්ථු, න ඉතරෙ. එසෙව නයො අනාගතාදීසු. තථා කාමාවචරක්ඛන්ධෙසු අප්පහීනානුසයිතානං කිලෙසානං කාමාවචරක්ඛන්ධා එව වත්ථු, න ඉතරෙ. එස නයො රූපාරූපාවචරෙසු.
එහිදී එසේ (ඉපදුනු තැන්හි) වෙනස් බව පැහැදිලි විය යුතුය. ඒ කෙසේද යත්? භූමිය නම් විදසුන් අරමුණ වූ ‘ත්‍රෛභූමක’ හෙවත් කාමාවචර, රූපාවචර, අරූපාවචර තත්ත්වයෙහි පැවැත්මයි. ‘භූමිලද්ධ’ යනු ඒවායෙහි උපත ලබනට සුදුසු කෙලෙස් හටගැන්මයි. එයද අරමුණු ලෙස නොවේ. අරමුණු ලෙසින් නම්, අතීතය හා බැඳුණු ලෙසින් රහතන් වහන්සේලාගේ සිරුර අරබයා කෙලෙස් උපදී. මහාකච්චාන තෙරුන්ගේත්, උප්පලවණ්ණා තෙරණියගේත් සිරුර කෙරෙහි සොරෙය්‍ය සිටුපුත් හා නන්ද තරුණයා (ඇළුම් කළ අයුරු මෙනි.) එසේ ඇළුම් කිරීමේ පවත්නා තත්ත්වය අනුව, කිසියම් ආකාරයකින් ඒ හටගැනීමේ මූලික අවස්ථාවේම අත්නොහළේ නම්, එය ‘වත්ථු’ හෙවත් ඊට පදනම සේ දතයුතුය. විදසුන් වැඩීමෙහි මනාව නොදන්නා බැවින් (රූපාදී) ඛන්ධ සමූහය හටගනී. ඒ ඒ අයුරින් (ඒවා කෙරෙහි සිත බැඳීමේ දී) සසර ගමනෙහිලා කෙලෙස් අත් නොහැර පවතී. එසේ ඉවත් නොවූ අරුතින් (ඒවා) හටගැනීමට ඉඩ ලද්දේ යැයි දතයුතුය. යම්හෙයකින් රූපාදි සමූහය කෙරෙහි නොනැසුනු කෙලෙස් වේද, එය (තවදුරටත්) පැවතීමට පදනම වේ. අතීත (හැගීම්) ලෙසින් රූපාදී සමූහයෙක නොනැසුනු කෙලෙස් අතීත රූපාදියෙහිම පදනම වේ. අන් දෙයක් නොවේ. අනාගත රූපාදී සමූහයටද මේ ආකාරය. එසේ කාමාවචර රූපාදී සමූහයට අයත් නොනැසුනු කෙලෙස් කාමාවචර රූපාදී සමූහයටම පදනම වේ. රූපාවචර, අරූපාවචර ආදියෙහිද මෙබඳුය.
සොතාපන්නාදීනං පන යස්ස යස්ස අරියපුග්ගලස්ස ඛන්ධෙසු තං තං වට්ටමූලං කිලෙසජාතං තෙන තෙන මග්ගෙන පහීනං, තස්ස තස්ස තෙ තෙ ඛන්ධා පහීනානං තෙසං තෙසං වට්ටමූලකිලෙසානං අවත්ථුතො භූමීති සඞ්ඛං න ලභන්ති. පුථුජ්ජනස්ස පන සබ්බසො වට්ටමූලානං කිලෙසානං අප්පහීනත්තා යං කිඤ්චි කරියමානං කම්මං කුසලං වා අකුසලං වා හොති, ඉච්චස්ස කිලෙසප්පච්චයා වට්ටං වඩ්ඪති. තස්සෙතං වට්ටමූලං රූපක්ඛන්ධෙ එව, න වෙදනාක්ඛන්ධාදීසු…පෙ… විඤ්ඤාණක්ඛන්ධෙ එව වා, න රූපක්ඛන්ධාදීසූති න වත්තබ්බං. කස්මා? අවිසෙසෙන පඤ්චසු ඛන්ධෙසු අනුසයිතත්තා. කථං? පථවීරසාදිමිව රුක්ඛෙ. යථා හි මහාරුක්ඛෙ පථවීතලං අධිට්ඨාය පථවීරසඤ්ච ආපොරසඤ්ච නිස්සාය තප්පච්චයා මූලඛන්ධසාඛපසාඛපත්තපල්ලවපලාසපුප්ඵඵලෙහි වඩ්ඪිත්වා නභං පූරෙත්වා යාවකප්පාවසානං බීජපරම්පරාය රුක්ඛපවෙණීසන්තානෙ ඨිතෙ “තං පථවීරසාදි මූලෙ එව, න ඛන්ධාදීසු, ඵලෙ එව වා, න මූලාදීසූ”ති න වත්තබ්බං. කස්මා? අවිසෙසෙන සබ්බෙස්වෙව මූලාදීසු අනුගතත්තා, එවං. යථා පන තස්සෙව රුක්ඛස්ස පුප්ඵඵලාදීසු නිබ්බින්නො කොචි පුරිසො චතූසු දිසාසු මණ්ඩූකකණ්ටකං නාම රුක්ඛෙ විසං පයොජෙය්ය, අථ සො රුක්ඛො තෙන විසසම්ඵස්සෙන ඵුට්ඨො පථවීරසආපොරසපරියාදින්නෙන අප්පසවනධම්මතං ආගම්ම පුන සන්තානං නිබ්බත්තෙතුං සමත්ථො න භවෙය්ය, එවමෙවං ඛන්ධප්පවත්තියං නිබ්බින්නො කුලපුත්තො තස්ස පුරිසස්ස චතූසු දිසාසු රුක්ඛෙ විසප්පයොජනං විය අත්තනො සන්තානෙ චතුමග්ගභාවනං ආරභති. අථස්ස සො ඛන්ධසන්තානො තෙන චතුමග්ගවිසසම්ඵස්සෙන සබ්බසො වට්ටමූලකිලෙසානං පරියාදින්නත්තා කිරියභාවමත්තමුපගතකායකම්මාදි සබ්බකම්මප්පභෙදො ආයතිං පුනබ්භවාභිනිබ්බත්තධම්මතමාගම්ම භවන්තරසන්තානං නිබ්බත්තෙතුං සමත්ථො න හොති. කෙවලං පන චරිමවිඤ්ඤාණනිරොධෙන නිරින්ධනො විය ජාතවෙදො අනුපාදානො පරිනිබ්බාති. එවං භූමියා භූමිලද්ධස්ස ච නානත්තං වෙදිතබ්බං.
සෝවාන් ආදී මගපල පත් වූ උතුම් තැනැත්තන් සසර ගමනට මුල්වන රූපාදී සමූහය (ඛන්ධ) කෙරෙහි හටගත්තා වූ කෙලෙස්, ඒ ඒ මගපල ලබමින් දුරු කෙරෙන බැවින් (ඒ ඒ මගපල අනුව ‘සංයෝජන’ දුරු කෙරෙන බැවින් ඉහත දැක්වූ පරිදි) භූමි ලෙස මෙහිදී නොසැළකේ. මගපල නොලත් පුද්ගලයන් සසර ගමනට මුන සියළු කෙලෙස් නොනසන ලද බැවින්, කරනු ලබන යහපත් හෝ අයහපත් දේට අනුරූප වූ පරිදි කෙලෙස් ඇතිවීම හේතුකොට සසර දිගු වේ. ඒ පුහුදුන් පුද්ගලයාගේ සසර ගමනට මුල් වූ රූපක්ඛන්ධයමය. වේදනාදී ඛන්ධවල..... විඤ්ඤාණක්ඛන්ධයෙහි නොවේ. රූපක්ඛාන්ධාදියෙහි නොවේම යැයි නොකිව යුතුය. කවර හෙයින්ද? සාමාන්‍යයෙන් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ සමූහයෙහිම පවතින බැවිනි. පොළවෙහි සාරය ගසෙහි තිබෙන්නාක් මෙනි. පොළෝ තලයෙහි පිහිටි මහ ගසක පොළවෙහි සාරය හා තෙතමනය හේතුකොට මුල, කඳ, අතු, කුඩා අතු, කොළ, දළු, මල්පල හටගැනී, උසට වැඩී කල්පය අවසානය තෙක් බීජ පරම්පරාවෙන් ගසේ පැවැත්ම නොනැසේ. එසේ වූ විට, පොළවෙහි රසය කඳෙහි නොව මුලෙහිය. මුල නොව ගෙඩියෙහි යැයි නොකිව යුතුය. කුමක් නිසාද? පොදුවේ ගත්කල (ගසෙහි) සියළුම දේ මුල් ආදියට අනුව යන බැවිනි. මෙසේ එම ගසෙහිම මල් ගෙඩිවලට කලකිරුණු කිසියම් මිනිසෙක් සතර වටටම ‘මණ්ඩුක කණ්ටක’ නම් වූ ගසෙහි විස යොදන්නේ නම්, (මුල්) ගස එම විස පහසින්, පොළවෙහි රසය, තෙතමනය නොලැබීමෙන් (තවදුරටත්) පවත්නා සොබාවට නොපැමිණ, ඉදිරි පැවැත්ම ගෙන යා නොහැකි වේ. එසේම (රූපාදි) සමූහ පැවැත්මෙහි කලකිරුණු තැනැත්තෙක්, සතරවටින් ගසට විස යෙදූ මිනිසා මෙන් තම සිත සිවු ආකාර වූ භාවනා මගට යොමු කරයි. ඉක්බිති ඔහු ඒ රූපාදි සමූහයෙහි සිවුමග භාවනා (නමැති) විස පහසින් සියළුම සසර ගමනට මුල්වන කෙලෙස් හාත්පසින් මඩනා ලද බැවින්, තමා විසින් කරනු ලබන, සසරෙහි පැවතීමට හේතුවන, සියළු කටයුතු නැතිකළ හෙයින් නැවත නූපදීමේ සොබාවට පත්ව, භවරසය (තවදුරටත්) හටගැන්වීමට සමත් නොවේ. හුදෙක්ම විඤ්ඤාණ (පැවැත්ම) ඊළඟ භවයට වැළක්වීමෙන් ගින්න නිවුණ සේ (ගිනි දැල්වීමට අවැසි දර ආදී ඉන්ධන නොලද විට) රූපාදී පස්කඳෙහි රැඳීම් රහිතව පිරිනිවනට පත්වෙයි. මෙසේ ‘භූමියෙහි ද භූමි ලද තැනැත්තාගේ ද වෙනස දත යුතුය.
අපිච අපරම්පි සමුදාචාරාරම්මණාධිග්ගහිතාවික්ඛම්භිතාසමූහතවසෙන චතුබ්බිධමුප්පන්නං. තත්ථ වත්තමානුප්පන්නමෙව සමුදාචාරුප්පන්නං. චක්ඛාදීනං පන ආපාථගතෙ ආරම්මණෙ පුබ්බභාගෙ අනුප්පජ්ජමානම්පි කිලෙසජාතං ආරම්මණස්ස අධිග්ගහිතත්තා එව අපරභාගෙ අවස්සමුප්පත්තිතො ආරම්මණාධිග්ගහිතුප්පන්නන්ති වුච්චති. කල්යාණිගාමෙ පිණ්ඩාය චරතො මහාතිස්සත්ථෙරස්ස විසභාගරූපදස්සනෙන උප්පන්නකිලෙසජාතඤ්චෙත්ථ නිදස්සනං. තස්ස “උප්පන්නං කාමවිතක්ක”න්තිආදීසු (ම· නි· 1.26; අ· නි· 6.58) පයොගො දට්ඨබ්බො. සමථවිපස්සනානං අඤ්ඤතරවසෙන අවික්ඛම්භිතකිලෙසජාතං චිත්තසන්තතිමනාරූළ්හං උප්පත්තිනිවාරකස්ස හෙතුනො අභාවා අවික්ඛම්භිතුප්පන්නං නාම. තං “අයම්පි ඛො, භික්ඛවෙ, ආනාපානස්සතිසමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙතී”තිආදීසු (පාරා· 165) දට්ඨබ්බං. සමථවිපස්සනාවසෙන වික්ඛම්භිතම්පි කිලෙසජාතං අරියමග්ගෙන අසමූහතත්තා උප්පත්තිධම්මතං අනතීතන්ති කත්වා අසමූහතුප්පන්නන්ති වුච්චති. ආකාසෙන ගච්ඡන්තස්ස අට්ඨසමාපත්තිලාභිනො ථෙරස්ස කුසුමිතරුක්ඛෙ උපවනෙ පුප්ඵානි ඔචිනන්තස්ස මධුරස්සරෙන ගායතො මාතුගාමස්ස ගීතස්සරං සුතවතො උප්පන්නකිලෙසජාතඤ්චෙත්ථ නිදස්සනං. තස්ස “අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අන්තරායෙව අන්තරධාපෙතී”තිආදීසු (සං· නි· 5.157) පයොගො දට්ඨබ්බො. තිවිධම්පි චෙතං ආරම්මණාධිග්ගහිතාවික්ඛම්භිතාසමූහතුප්පන්නං භූමිලද්ධෙනෙව සඞ්ගහං ගච්ඡතීති වෙදිතබ්බං. එවමෙතස්මිං යථාවුත්තප්පභෙදෙ උප්පන්නෙ භූමිලද්ධාරම්මණාධිග්ගහිතාවික්ඛම්භිතාසමූහතුප්පන්නවසෙනායං කොධො උප්පන්නොති වෙදිතබ්බො.
තවද, වෙනත් ලෙස දක්වතොත්, නිතර පවත්නා ලෙසට අයත් කරගත් අරමුණු යටපත් කොට (ඒවා) උදුරා දැමීම සතරාකාරය. එහිලා දැනට හටගෙන පවත්නා ඇස ආදී ලෙසින් කියනු ලබන ඉඳුරන්ට මුලදී අරමුණු හමු නොවූවත්, පසුව කෙලෙස් හැඟුම් මුල්කොටගෙන අරමුණු අයත් කරගත් බැවින් ‘උප්පත්තිතො ආරම්මණ උප්පන්නං’ යැයි කියනු ලැබේ. කැළණි ගමෙහි පිඬු පිණිස හැසිරුණු මහාතිස්ස තෙරුන්ට නුසුදුසු රූපයක් දැකීමෙන් කෙලෙස් හටගැනීම මෙහිලා නිදසුන්ය. එහිදී කාම සිතිවිලි ආදිය ඇතිවන අයුරු දතයුතුය. සමථ මගින් හෝ විදසුන් මගින් හෝ වෙන් වෙන්ව නොමඬනා ලද කෙලෙස් සිතෙහි (වැඩිදුරටත්) නොපැවතුනද ඇතිවන විටම වලකාලීමෙන් නැතිකිරීම - කෙලෙස් ඇතිවීමට ඉඩ ලබා නොදීම’ ‘අවික්ඛම්හිත උප්පන්න’ නම් වේ. එය ‘අයම්පි ඛො භික්ඛවෙ, ආනාපානසති සමාධිභාවතො, බහුලීකතො, සත්තො චෙව පණීතොච අසෙවනතොව සුඛොච විහාරො උප්පන්නුප්පපන්නෙ ච පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධායති’ යනුවෙන් ‘මහණෙනි, හුස්ම ගැනීම හා පිටකිරිම සිහියෙන් යුතුව පුරුදුකොට, නිරතුරුවම සිත එකග කිරීමෙන්, සිත සංසුන් බවට - උසස් බවට පත්වේ. (කාමාදීව සිතිවිලිවලින් බැහැරව සුවසේ සිටිමින්, හටගන්නා වූ අයහපත් අකුසල හැඟීම් එකෙණෙහිම නැතිවී යයි. (මේ බුදුවදන අනුව) දතයුතුය. සමථ-විදසුන් ලෙසින් කෙලෙස් මඩනා ලද නමුත්, (සෝවාන් ආදී) උතුම් මගපිළිවෙතින් උදුරා නොහළ බැවින් කෙලෙස් හටගන්නා සොබාවය එසේම පවතී යැයි අසමූහතා උපපනන්නං යැයි කියනු ලැබේ. අහසෙන් යන, සමාපත්ති අටක් ලද තෙර නමකට මල් උයනක මල් නෙලන කාන්තාවක මිහිරි හඬින් ගී ගයනු අසා කෙලෙස් හටගත් අයුරු ද මෙහිලා නිදසුන්ය. ‘අරියං අට්ඨංගිකං මග්ගං -පෙ- බහුලීකරොන්තො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අන්තරායෙව අන්තරාධාපෙති’ – ‘අරි අටඟිමග බොහෝසෙයින් වැඩීමෙන්, පාපී අයහපත් හැඟුම් ඒ අතරතුරම ‘අතුරුදහන්’ වේ යැයි කියා ඇති පරිදි දතයුතුය. මෙසේ අරමුණු දැඩිව ගැනීමත්, යටපත් කිරීමත්, මුළුමනින් යටපත් නොකරන ලදින් හටගැනීමත්, යටපත් කිරීමත්, මුළුමනින් යටපත් නොකරන ලදින් හටගැන්මත් යන තුන් ආකාරයම ‘භූමිලද්ධ’ යන්නෙහි ඇතුලත් වන බව දතයුතුය. එසේම ඉහත දක්වන ලද තුන් ආකාරයට තරහ-කෝපය හටගනී.
කස්මා? එවංවිධස්ස විනෙතබ්බතො. එවංවිධමෙව හි උප්පන්නං යෙන කෙනචි විනයෙන විනෙතුං සක්කා හොති. යං පනෙතං වත්තමානභුත්වාපගතොකාසකතසමුදාචාරසඞ්ඛාතං උප්පන්නං, එත්ථ අඵලො ච අසක්යො ච වායාමො. අඵලො හි භුත්වාපගතෙ වායාමො වායාමන්තරෙනාපි තස්ස නිරුද්ධත්තා. තථා ඔකාසකතෙ. අසක්යො ච වත්තමානසමුදාචාරුප්පන්නෙ කිලෙසවොදානානං එකජ්ඣමනුප්පත්තිතොති.
කවර හෙයින්ද යත්? මෙසේ මෙහිදීම දුරු කළයුතු බැවිනි. මෙසේ, ඇතිවූ (කෝපය) කිසියම් අයුරකින් නැතිකිරීමට හැකිවෙයි. හටගත් කෝපය තවදුරටත් පැවතීමේදී එය ඉවත් කිරීමට උත්සාහ ගැනීමෙන්ම එය සංසිඳවීමට හැකිය. එසේම, ඒ පවත්නා අයුරු කෙලෙස් සහිත යැයි (දැන) එය දුරුකිරිමේ එකම අදහස ද ඇතිවෙයි.
විනෙතීති එත්ථ පන –
විනෙති යනු -
“දුවිධො විනයො නාම, එකමෙකෙත්ථ පඤ්චධා; තෙසු අට්ඨවිධෙනෙස, විනෙතීති පවුච්චති”.
‘දුවිධො විනයො නාම එකමෙකත්ථ පඤ්චධා තෙසු අට්ඨවිධෙනෙස විනෙතීති පවුච්චතී’
විනය දෙආකාරය, එකින් එක සළකනවිට පස්වැදෑරුම්ය. ඒ අතුරෙන් අට ආකාරයෙන් දුරු කරන්නේ යැයි කියනු ලැබේ.
අයඤ්හි සංවරවිනයො, පහානවිනයොති දුවිධො විනයො. එත්ථ ච දුවිධෙ විනයෙ එකමෙකො විනයො පඤ්චධා භිජ්ජති. සංවරවිනයොපි හි සීලසංවරො, සතිසංවරො, ඤාණසංවරො, ඛන්තිසංවරො, වීරියසංවරොති පඤ්චවිධො. පහානවිනයොපි තදඞ්ගප්පහානං, වික්ඛම්භනප්පහානං, සමුච්ඡෙදප්පහානං, පටිප්පස්සද්ධිප්පහානං, නිස්සරණප්පහානන්ති පඤ්චවිධො.
මෙහිදී හික්මීම (සංවරය) සහ දුරුකිරීම යැයි විනය දෙවැදෑරුම්ය. සංවර විනය ද, සීල, සති, ඤාණ, ඛන්ති, විරිය යැයි (ඉහත කී) පස් ආකාරයි. දුරුකරන ආකාරය හෙවත් පහාණ විනයද තදංග, වික්ඛම්භන, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ යැයි පස්වැදෑරුම් වේ.
තත්ථ “ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො”තිආදීසු (විභ· 511) සීලසංවරො, “රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජතී”තිආදීසු (දී· නි· 1.213; ම· නි· 1.295; සං· නි· 4.239; අ· නි· 3.16) සතිසංවරො.
‘මේ අයුරින් පාමොක් සංවරයට පැමිණේද, මැනවින් එහි පිහිටියේද හික්මීමෙන් ලද සංවරය ගැන (දැක්වේ.) ‘ඇස නමැති ඉන්ද්රිය සංවර කරගැනීම සිහියෙන් යුතු හික්මීමයි.
“යානි සොතානි ලොකස්මිං, (අජිතාති භගවා) සති තෙසං නිවාරණං; සොතානං සංවරං බ්රූමි, පඤ්ඤායෙතෙ පිධීයරෙ”ති. (සු· නි· 1041) –
‘යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සොතානං සංවරං බ්‍රෑමී පඤ්ඤායෙතෙ පිථියරෙ’
“අජිත බමුණාට, භාග්‍යවතුන් වහන්සේ විසින්, කනට බැඳෙන හඬ අරමුණු කොට (අයහපත් දෙයකට නම්) සිහිනුවණ පෙරදැරිව කන ආවරණය කරගැනීම සුදුසු යැයි
ආදීසු ඤාණසංවරො, “ඛමො හොති සීතස්ස උණ්හස්සා”තිආදීසු (ම· නි· 1.24; අ· නි· 4.114) ඛන්තිසංවරො, “උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති, පජහති, විනොදෙතී”තිආදීසු (ම· නි· 1.26; අ· නි· 4.114) වීරියසංවරො වෙදිතබ්බො. සබ්බොපි චායං සංවරො යථාසකං සංවරිතබ්බානං විනෙතබ්බානඤ්ච කායවචීදුච්චරිතාදීනං සංවරණතො සංවරො, විනයනතො විනයොති වුච්චති. එවං තාව සංවරවිනයො පඤ්චධා භිජ්ජතීති වෙදිතබ්බො.
වදාළ පරිදි නුවණින් ලබන හික්මීමය. සීතල, උණුසුම විඳ දරාගැනීමේ හැකියාව ඉවසීමේ සංවරයයි. හටගත් රාගික සිතිවිලි සිතට නොගෙන ඉවත් කෙරේද, දුරු කෙරේද එය උත්සාහයේ සංවරයයි. මේ සියළු සංවරතා තම තමාට සරිලන පරිදි, කය වචනය දුසිරිතෙහි යෙදීම වැළකීම ලෙස දතයුතුය. මෙසේ ඒ සංවර විනය පස් ආකාරයකට බෙදා ඇතැයිද දතයුතුය.
තථා යං නාමරූපපරිච්ඡෙදාදීසු විපස්සනඞ්ගෙසු යාව අත්තනො අපරිහානවසෙන පවත්ති, තාව තෙන තෙන ඤාණෙන තස්ස තස්ස අනත්ථසන්තානස්ස පහානං. සෙය්යථිදං – නාමරූපවවත්ථානෙන සක්කායදිට්ඨියා, පච්චයපරිග්ගහෙන අහෙතුවිසමහෙතුදිට්ඨීනං, තස්සෙව අපරභාගෙන කඞ්ඛාවිතරණෙන කථංකථීභාවස්ස, කලාපසම්මසනෙන “අහං මමා”ති ගාහස්ස, මග්ගාමග්ගවවත්ථානෙන අමග්ගෙ මග්ගසඤ්ඤාය, උදයදස්සනෙන උච්ඡෙදදිට්ඨියා, වයදස්සනෙන සස්සතදිට්ඨියා, භයදස්සනෙන සභයෙසු අභයසඤ්ඤාය, ආදීනවදස්සනෙන අස්සාදසඤ්ඤාය, නිබ්බිදානුපස්සනෙන අභිරතිසඤ්ඤාය, මුච්චිතුකම්යතාඤාණෙන අමුච්චිතුකම්යතාය, උපෙක්ඛාඤාණෙන අනුපෙක්ඛාය, අනුලොමෙන ධම්මට්ඨිතියං නිබ්බානෙ ච පටිලොමභාවස්ස, ගොත්රභුනා සඞ්ඛාරනිමිත්තග්ගාහස්ස පහානං, එතං තදඞ්ගප්පහානං නාම. යං පන උපචාරප්පනාභෙදස්ස සමාධිනො යාව අත්තනො අපරිහානිපවත්ති , තාව තෙනාභිහතානං නීවරණානං යථාසකං විතක්කාදිපච්චනීකධම්මානඤ්ච අනුප්පත්තිසඞ්ඛාතං පහානං, එතං වික්ඛම්භනප්පහානං නාම. යං පන චතුන්නං අරියමග්ගානං භාවිතත්තා තංතංමග්ගවතො අත්තනො සන්තානෙ යථාසකං “දිට්ඨිගතානං පහානායා”තිආදිනා (ධ· ස· 277) නයෙන වුත්තස්ස සමුදයපක්ඛිකස්ස කිලෙසගහනස්ස පුන අච්චන්තඅප්පවත්තිභාවෙන සමුච්ඡෙදසඞ්ඛාතං පහානං, ඉදං සමුච්ඡෙදප්පහානං නාම. යං පන ඵලක්ඛණෙ පටිප්පස්සද්ධත්තං කිලෙසානං පහානං, ඉදං පටිප්පස්සද්ධිප්පහානං නාම. යං පන සබ්බසඞ්ඛතනිස්සරණත්තා පහීනසබ්බසඞ්ඛතං නිබ්බානං, එතං නිස්සරණප්පහානං නාම. සබ්බම්පි චෙතං පහානං යස්මා චාගට්ඨෙන පහානං, විනයනට්ඨෙන විනයො, තස්මා “පහානවිනයො”ති වුච්චති, තංතංපහානවතො වා තස්ස තස්ස විනයස්ස සම්භවතොපෙතං “පහානවිනයො”ති වුච්චති. එවං පහානවිනයොපි පඤ්චධා භිජ්ජතීති වෙදිතබ්බො. එවමෙකෙකස්ස පඤ්චධා භින්නත්තා දසෙතෙ විනයා හොන්ති.
එසේම, යම් අයුරින් නාම, රූප ආදී කොටස් විදසුන් මගට යොමුවන තාක් තමා කෙරෙහි නොපිරිහෙන ලෙස පවතීද, එකෙණෙහිම ඒ ඒ නුවණින් ඒ ඒ සිත කිලිටි වන කරුණු ඉවත් කෙරේ. ඒ කෙසේද යත්, මමය, මාගේ ය යන හැඟීම් නාමරූප ලෙස වෙන්කර දැකීමෙන් ඇතිවන වැරදි හැඟීම් හා (ඊට මුල්වන) හේතු සළකා බැලීමෙන්, එහිම ඊට පසුව ඇතිවන සැකය දුරු කිරීමෙන්, මම-මගේය යන හැඟීම සිරුරේ ඒ ඒ කොටස් අනුව විමසා බැලීමෙන්, වැරදි මග නිවැරදි කොටගෙන (අරිය මග අනුව) පවත්වා ගැනීමෙන් වැනසෙන්නේය යන වැරදි හැඟීම (උච්ඡෙද) හටගන්නා අයුරු, ඇතිවන අයුරු විමසා බැලීමෙන්, සදාකල්හිම පවතී යන හැඟීම, (ඝස්සත) හැමදෙයකම වෙනස්වන ගතිය (අනිච්ච) දැකීමෙන්, බයට පත්වූවන් අතර (සසරෙහි) බිය ඇතිකර ගැනීමෙන්, (සැපයෙහි) ආස්වාදය තුලින් එහි (දුක් ආදී) ආදීනව දැකීමෙන්, (සැපයෙකැයි) ඇලී සිටීමෙහි කළකිරීමෙන්, අත්හැරිමට අකැමති දේ අත්හළ යුතු යැයි නුවණින් සිත මෙහෙයවීමෙන්, මැදහත්ව නුවණ මෙහෙයවීමෙන්, මුල සිටම නිවනට යොමු වූ කරුණුවල පිහිටීමෙන්, කුසල අකුසල රැස්කිරීමේ දී සෝවාන් ආදී මගට පැමිණෙන නුවණින්, මෙසේ කෙලෙස් යටපත් කිරීම ‘තදංගප්පහාණ’ නම් වේ. උපචාර-අප්පණ සමාධි අනුව, යම්තාක් තම සිතෙහි එකඟ බවෙහි පිරිහීමක් නොපවතීද, ඒතාක් විතක්ක ආදී නිවනට සතුරුවන කරුණු තමා කෙරෙහි හට නොගන්නා ලෙසට නැතිකිරීම ‘වික්ඛම්භනප්පහාණ’ නම් වේ. සතරාකාර අරියමග වඩනා ලද බැවින්, තම සිතේ පැවති කෙලෙස් හැඟීම් නැතිකරන අදහසින්, ඒ කෙලෙස් ඇතිවීමට හේතු දැන, ඒ ඒ මගපල ලබමින් නැවත හට නොගන්නා පරිදි නැති කිරීම ‘සමුච්ඡෙදප්පහාණ’ යයි. මගපල ලැබීමෙහිදී මුළුමනින්ම කෙලෙස් සංසිඳීම ‘පටිප්පස්සද්ධි පහාණ’ යයි. හැම අයුරින්ම (හේතුඵල සබඳතාවෙන්) සකස්වන දේ - එකතුවන දේ මුළුමනින්ම නැතිකිරිම ‘නිස්සරණ පහාණ’ නම් වේ. මෙම සියළුම කෙලෙස් දුරු කරන්නේ (නැවත හටගැනීමට ඇති ඉඩකඩ) අත්හැර දැමීම යන අදහසිනි. හික්මීම යන අදහස විනය යන්නෙන් හැඟේ. එහෙයින් විනය (යන වචනය යෙදෙන අයුරින්) ‘පහාණ විනය’ යයි ද කියනු ලැබේ. ‘පහාණ විනය’ ද පස් ආකාරයකට බෙදේ යැයි දතයුතුය. එයද හික්මීම හා බැහැර කිරිම යයි දෙගුණව දස ආකාර වේ.
තෙසු පටිප්පස්සද්ධිවිනයං නිස්සරණවිනයඤ්ච ඨපෙත්වා අවසෙසෙන අට්ඨවිධෙන විනයෙනෙස තෙන තෙන පරියායෙන විනෙතීති පවුච්චති. කථං? සීලසංවරෙන කායවචීදුච්චරිතානි විනෙන්තොපි හි තංසම්පයුත්තං කොධං විනෙති, සතිපඤ්ඤාසංවරෙහි අභිජ්ඣාදොමනස්සාදීනි විනෙන්තොපි දොමනස්සසම්පයුත්තං කොධං විනෙති, ඛන්තිසංවරෙන සීතාදීනි ඛමන්තොපි තංතංආඝාතවත්ථුසම්භවං කොධං විනෙති, වීරියසංවරෙන බ්යාපාදවිතක්කං විනෙන්තොපි තංසම්පයුත්තං කොධං විනෙති. යෙහි ධම්මෙහි තදඞ්ගවික්ඛම්භනසමුච්ඡෙදප්පහානානි හොන්ති, තෙසං ධම්මානං අත්තනි නිබ්බත්තනෙන තෙ තෙ ධම්මෙ පජහන්තොපි තදඞ්ගප්පහාතබ්බං වික්ඛම්භෙතබ්බං සමුච්ඡින්දිතබ්බඤ්ච කොධං විනෙති. කාමඤ්චෙත්ථ පහානවිනයෙන විනයො න සම්භවති. යෙහි පන ධම්මෙහි පහානං හොති, තෙහි විනෙන්තොපි පරියායතො “පහානවිනයෙන විනෙතී”ති වුච්චති. පටිප්පස්සද්ධිප්පහානකාලෙ පන විනෙතබ්බාභාවතො නිස්සරණප්පහානස්ස ච අනුප්පාදෙතබ්බතො න තෙහි කිඤ්චි විනෙතීති වුච්චති. එවං තෙසු පටිප්පස්සද්ධිවිනයං නිස්සරණවිනයඤ්ච ඨපෙත්වා අවසෙසෙන අට්ඨවිධෙන විනයෙනෙස තෙන තෙන පරියායෙන විනෙතීති පවුච්චතීති. යෙ වා –
ඒ අතුරින් පටිප්පස්සද්ධි, නිස්සරණ විනය හැර, ඉතිරි අටආකාර වූ විනයට (අදාලව ගැනෙන) කරුණු ඒ ඒ ආකාරයට දුරු කෙරේ යැයි කියනු ලබයි. ඒ කෙසේද යත්, සීල සංවරයෙන් කය, වචනයෙහි දුසිරිත දුරුකිරීමෙහි දී ඒ හා බැඳුනු තරහ ද නැතිවේ. සිහි නුවණින් කටයුතු කිරීමෙන් ලබන සංවරයෙන් දැඩි ලෝභය හා දොම්නස දුරු කෙරෙමින්, දොම්නස හා බැඳුනු තරහද දුරු කෙරේ. ඉවසීමේ සංවරයෙන් සීතල ආදිය නිසා ඇතිවන තරහ දුරුවේ. උත්සාහ සංවරයෙන් (නපුරු අදහස් අනුව කටයුතු නොකිරීමෙන්) ඊට මුල්වන තරහ නැතිවේ. මේ කරුණු අනුව තදංග, වික්ඛම්භන, සමුච්ඡෙද පහාණ පරිදි, එසේ තමා කෙරෙහි වූ ඒ අයහපත් තරහ දුරු කරයි. පහාණ විනය යටතේ මෙහි කාමයෙහි (කැමැත්ත) දුරුකිරීම ගැන සඳහන් නොවූවත්, එයද සංවරයෙහි ඇතුලත් වේ. ඉහත කී පරිදි පටිප්පස්සද්ධ විනය හා නිස්සරණ විනය හැර, ඉතිරි අටවැදෑරුම් වූ හික්මීම පිළිබඳව ඒ ඒ ආකාරයෙන් සංවර වේයැයි කියා ඇත.
“පඤ්චිමෙ, භික්ඛවෙ, ආඝාතපටිවිනයා, යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො. කතමෙ පඤ්ච? යස්මිං, භික්ඛවෙ, පුග්ගලෙ ආඝාතො ජායෙථ, මෙත්තා තස්මිං පුග්ගලෙ භාවෙතබ්බා…පෙ… කරුණා… උපෙක්ඛා… අසති-අමනසිකාරො තස්මිං පුග්ගලෙ ආපජ්ජිතබ්බො, එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො. කම්මස්සකතා එව වා තස්මිං පුග්ගලෙ අධිට්ඨාතබ්බා කම්මස්සකො අයමායස්මා…පෙ… දායාදො භවිස්සතී”ති (අ· නි· 5.161) –
‘මහණෙනි, පැවිද්දකු යම්විටක තදබල නපුරු තරහ ඇතිවූ විට පස් ආකාරයකින් මුළුමනින්ම ඒ තරහ දුරුකළ යුතුයි. ඒ කරුණු පහ කවරේද? මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි තදබල තරහ හටගත්තේද ඔහුට මෙත් වැඩිය යුතුය. (ඔහු) එසේ නොවූවත්, නොසිතුවත් කරුණාව-මුදිතා-මැදිහත් බව ඇතිකරගත යුතුය. කරන දෙයෙහි (කම්ම) පලය ඔහුට උරුම වන්නේ යැයි ඒ පුද්ගලයා කෙරෙහි සැළකිය යුතුය.
එවං පඤ්ච ආඝාතපටිවිනයා වුත්තා. යෙ ච –
මෙසේ පස් ආකාරයට තරහ දුරුකරන සැටි දේශනා කරන ලදි. එමෙන්ම,
“පඤ්චිමෙ, ආවුසො, ආඝාතපටිවිනයා, යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො. කතමෙ පඤ්ච? ඉධාවුසො , එකච්චො පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො හොති, පරිසුද්ධවචීසමාචාරො, එවරූපෙපි, ආවුසො, පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො”ති (අ· නි· 5.162) –
[missing trans] මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු ලෙස, අයහපත් ලෙස කය හසුරුවයිද, අයහපත් ලෙස වචන හසුරුවයිද එබඳු පුද්ගලයා කෙරෙහිද තරහ දුරුකළ යුතුය.
එවමාදිනාපි නයෙන පඤ්ච ආඝාතපටිවිනයා වුත්තා. තෙසු යෙන කෙනචි ආඝාතපටිවිනයෙන විනෙන්තොපෙස විනෙතීති පවුච්චති. අපිච යස්මා –
මෙසේ කිනම් ආකාරයෙන් හෝ තරහ දුරුකිරීම විනෙති යැයි කියනු ලැබේ. තව ද,
“උභතොදණ්ඩකෙන චෙපි, භික්ඛවෙ, කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔක්කන්තෙය්යුං, තත්රාපි යො මනො පදොසෙය්ය, න මෙ සො තෙන සාසනකරො”ති (ම· නි· 1.232) –-
‘මහණෙනි, දෙපසට අඳිනු ලබන කියතකින් පහත් ගති ඇති සොරු අඟපසඟ කපන්නාහු නම්, එවිට ඔවුන් කෙරෙහි සිත කිලිටි කර ගන්නේ නම්, (නපුරු තරහ සිතක් ඇති කරගන්නේ නම්) එබඳු තැනැත්තා මගේ අවවාදය පිළිපදින්නෙක් නොවේ.’
එවං සත්ථු ඔවාදං,
බුදුරජාණන් වහන්සේගේ අවවාදය මෙයයි.
“තස්සෙව තෙන පාපියො, යො කුද්ධං පටිකුජ්ඣති; කුද්ධං අප්පටිකුජ්ඣන්තො, සඞ්ගාමං ජෙති දුජ්ජයං.
‘තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති කුද්ධං අප්පටිකුජ්ඣන්තො සංගාමං ජෙති දුජ්ජයං
“උභින්නමත්ථං චරති, අත්තනො ච පරස්ස ච; පරං සඞ්කුපිතං ඤත්වා, යො සතො උපසම්මති”. (සං· නි· 1.188);
උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති’
‘යම් තැනැත්තෙක්, කිපෙනසුළු පුද්ගලයෙකුට පෙරළා කෝප කෙරෙත්ද, එයින්ම ඔහුද පාපියෙකි වෙයි. කෝප වූ තැනැත්තාට නොකිපේද එය යුද්ධයක් ජයගැනීම මෙන් ඉතා අපහසුය.’
‘අනිත් තැනැත්තා තදින් කෝප වී යැයි දැන, යම් කෙනෙක් සිහියෙන් යුතුව සන්සුන්ව සිටිත්ද, ඔහු තමාටත්, අනුන්ටත් යන දෙදෙනාටම දියුණුවට කටයුතු කරන්නෙකි.’
“සත්තිමෙ, භික්ඛවෙ, ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්ථිං වා පුරිසං වා. කතමෙ සත්ත? ඉධ, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති – ‘අහො, වතායං දුබ්බණ්ණො අස්සා’ති. තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස වණ්ණවතාය නන්දති. කොධනායං, භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො කිඤ්චාපි සො හොති සුන්හාතො සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඔදාතවත්ථවසනො, අථ ඛො සො දුබ්බණ්ණොව හොති කොධාභිභූතො. අයං, භික්ඛවෙ, පඨමො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා (අ· නි· 7.64).
‘මහණෙනි, ගැහැණියකට හෝ මිනිසකුට හෝ තරහ ඇතිවන කරුණු හතකි. ඒ කරුණු හත මොනවාද? මහණෙනි, සතුරා (අනික්) සතුරා ගැන ‘මොහුගේ සිරුර පැහැපත් නොවන්නේ නම් මැනවැයි සිතයි. මහණෙනි, සතුරා අනිකාගේ පැහැපත් බවට සතුටු නොවේ. කෝපයෙන් මඩනා ලද තැනැත්තෙක් මනාව දිය නා, සුවඳ ගල්වා, හිසකෙස් රවුල් කපා සුදුවතින් සැරසුනද පැහැපත් නොවේමය. මහණෙනි, මෙය තරහින් පෙළුණු ගැහැණියකගේ හෝ මිනිසකුගේ හෝ පළමු කරුණයි.
“පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති – ‘අහො, වතායං දුක්ඛං සයෙය්‍යා’ති…පෙ… ‘න පචුරත්ථො අස්සා’ති…පෙ… ‘න භොගවා අස්සා’ති…පෙ… ‘න යසවා අස්සා’ති…පෙ… ‘න මිත්තවා අස්සා’ති…පෙ… ‘කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්යා’ති. තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස සුගතිගමනෙන නන්දති. කොධනායං, භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො කායෙන දුච්චරිතං චරති, වාචාය… මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා…පෙ… වාචාය…පෙ… මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරං මරණා…පෙ… නිරයං උපපජ්ජති කොධාභිභූතො”ති (අ· නි· 7.64).
‘මේ සතුරා දුකටම පත්වේවා! බොහෝ සම්පත් නොලැබේවා! යසසට පත් නොවේවා! මිතුරන් නොසිටීවා! කය බිඳී මරණින් පසු සැප නොමැති තන්හි හෝ නිරයෙහි ඉපිදේවා! යැයි තරහ ඇති තැනැත්තා මෙසේ සිතයි. ඊට හේතු කුමක්ද? සතුරා අනෙක් සතුරාගේ ජීවිතය යහපත් වනු දැකීම නොකැමති වීමයි. මහණෙනි, තරහින් මැඩුණු පුද්ගලයා කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිත්තෙහි හැසිර තරහෙන්ම මියගොස් නිරයෙහි උපදී.’
“කුද්ධො අත්ථං න ජානාති, කුද්ධො ධම්මං න පස්සති…පෙ…. (අ· නි· 7.64; මහානි· 5); “යෙන කොධෙන කුද්ධාසෙ, සත්තා ගච්ඡන්ති දුග්ගතිං; තං කොධං සම්මදඤ්ඤාය, පජහන්ති විපස්සිනො. (ඉතිවු· 4);
කුද්ධො අත්ථං න ජානාති කුද්ධො ධම්මං න පස්සතී -පෙ- යෙන කොධෙන කුද්ධාසෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං කොධං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො
“කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං, සංයොජනං සබ්බමතික්කමෙය්ය. (ධ· ප· 221); “අනත්ථජනනො කොධො, කොධො චිත්තප්පකොපනො. (අ· නි· 7.64; ඉතිවු· 88); “එකාපරාධං ඛම භූරිපඤ්ඤ, න පණ්ඩිතා කොධබලා භවන්තී”ති. (ජා· 1.15.19) –
කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං, සඤ්ඤොජනං සබ්බමතික්කමෙය්ය, අනත්ථජනනො කොධො කොධො චිත්තප්පකොපනො එකාපරාධං ඛම භූරිපඤ්ඤ! පණ්ඩිතා කොධබලා භවන්ති’
කෝප වූ තැනැත්තා යහපත නොදනී. (කෝපය නිසා ඔහුට සිදුවන දේ නොදනී.) නිවැරදිව කරුණු නොදකී. කෝපයෙන් සිටින තැනැත්තෝ දුගතියට යති. කෝපයෙහි වැරදි නුවණින් නිවැරදිව දකින්නෝ කෝපය දුරු කරති.
කෝපය අත්හැර-දුරුකොට (එයින් ඇතිවන) මානයද දුරු කරන්නේය. කෝපය අවැඩදායී ලෙස අයහපත උදා කරයි. තදබල ලෙස සිත තව තවත් කෝපයට පත් කරයි. මහා නුවණැත්තාණනි, එක් වරදකට කමා කරනු මැනවි. නුවණැත්තෝ කෝපයෙන් බලවත් නොවෙති.
එවමාදිනා නයෙන කොධෙ ආදීනවඤ්ච පච්චවෙක්ඛතොපි කොධො විනයං උපෙති. තස්මා එවං පච්චවෙක්ඛිත්වා කොධං විනෙන්තොපි එස විනෙතීති වුච්චති.
මේ ආකාරයෙන් කෝපයෙහි පල විපාකද නුවණින් මෙනෙහි කිරීමෙන් ද කෝපය දුරුකිරිමට කටයුතු කරයි. එහෙයින් මෙසේ නුවණින් විමසා බලා දුරු කෙරේද ‘විනෙති’ යැයි කියනු ලැබේ.
කොධන්ති “අනත්ථං මෙ අචරීති ආඝාතො ජායතී”තිආදිනා (දී· නි· 3.340; අ· නි· 9.29) නයෙන සුත්තෙ වුත්තානං නවන්නං, “අත්ථං මෙ න චරී”ති ආදීනඤ්ච තප්පටිපක්ඛතො සිද්ධානං නවන්නමෙවාති අට්ඨාරසන්නං, ඛාණුකණ්ටකාදිනා අට්ඨානෙන සද්ධිං එකූනවීසතියා ආඝාතවත්ථූනං අඤ්ඤතරාඝාතවත්ථුසම්භවං ආඝාතං. විසටන්ති විත්ථතං. සප්පවිසන්ති සප්පස්ස විසං. ඉවාති ඔපම්මවචනං, ඉ-කාර ලොපං කත්වා ව-ඉච්චෙව වුත්තං. ඔසධෙහීති අගදෙහි. ඉදං වුත්තං හොති – යථා විසතිකිච්ඡකො වෙජ්ජො සප්පෙන දට්ඨං සබ්බං කායං ඵරිත්වා ඨිතං විසටං සප්පවිසං මූලඛන්ධතචපත්තපුප්ඵාදීනං අඤ්ඤතරෙහි නානාභෙසජ්ජෙහි පයොජෙත්වා කතෙහි වා ඔසධෙහි ඛිප්පමෙව විනෙය්ය, එවමෙවං යො යථාවුත්තෙනත්ථෙන උප්පතිතං චිත්තසන්තානං බ්යාපෙත්වා ඨිතං කොධං යථාවුත්තෙසු විනයනූපායෙසු යෙන කෙනචි උපායෙන විනෙති නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොතීති.
‘කොධ’ යනු ‘මට අයහපත කළේ යැයි තදබල තරහක් හටගනී.’ ආදි ලෙසින් සූත්‍රයෙහි කියන ලද පරිදි නව ආකාර වේ. ‘මට යහපතක් නොකළේ යැයි ඊට නැවත විරුද්ධ වීමෙන් නව ආකාර ලෙස දහඅට වැදෑරුම් වේ. කැටකැබලිති ආදියද (කෝපය බලවත් වීම නිසා අඩදබර වීමේදී) යොදාගැනීමත් සමග දහනව ආකාරයට ඇතිවන කෝපය (මුලදී) හටගැනීමට එම හේතු අතරින් එක් හේතුවක් මුල්විය හැකිය. ‘විසට’ පැතිරුණු යන්නයි. ‘සප්ප විසං’ සපුන්ගේ විසය. ‘ඉව’ උපමාව දැක්වීමට යෙදූ වචනයයි. ‘ඉ’ අකුර ලොප්කොට ‘ව’ යනුවෙන් කියන ලදී. ‘ඔසධෙහි’ බෙහෙතින් යන අදහසයි. එය මෙසේ දක්වන ලදී. විස වෙදෙකු සපෙකු ඩසින ලද තැනැත්තකුගේ සිරුර පුරාම පැවති විස, මුල්-කඳ-පොතු කොළ-මල්-ගෙඩි ආදී නොයෙක් දේ යොදා සකස් කරන ලද බෙහෙතින් ඉක්මණින්ම ඉවත් කරන්නා සේ, යම් තැනැත්තෙක් ඉහත කියන ලද පරිදි සිත් සතන්හි වසා පැතිර පැවති කෝපය සඳහන් වූ කිසියම් ආකාරයකින් දුරු කරයි. (කෝපය) නො ඉවසයි, අත්හරියි, ඉවතලයි, විනාස කරයි.
සො භික්ඛු ජහාති ඔරපාරන්ති සො එවං කොධං විනෙන්තො භික්ඛු යස්මා කොධො තතියමග්ගෙන සබ්බසො පහීයති, තස්මා ඔරපාරසඤ්ඤිතානි පඤ්චොරම්භාගියසංයොජනානි ජහාතීති වෙදිතබ්බො. අවිසෙසෙන හි පාරන්ති තීරස්ස නාමං, තස්මා ඔරානි ච තානි සංසාරසාගරස්ස පාරභූතානි චාති කත්වා “ඔරපාර”න්ති වුච්චති. අථ වා “යො උප්පතිතං විනෙති කොධං විසටං සප්පවිසංව ඔසධෙහි”, සො තතියමග්ගෙන සබ්බසො කොධං විනෙත්වා අනාගාමිඵලෙ ඨිතො භික්ඛු ජහාති ඔරපාරං. තත්ථ ඔරන්ති සකත්තභාවො, පාරන්ති පරත්තභාවො. ඔරං වා ඡ අජ්ඣත්තිකානි ආයතනානි, පාරං ඡ බාහිරායතනානි. තථා ඔරං මනුස්සලොකො, පාරං දෙවලොකො. ඔරං කාමධාතු, පාරං රූපාරූපධාතු. ඔරං කාමරූපභවො, පාරං අරූපභවො. ඔරං අත්තභාවො, පාරං අත්තභාවසුඛූපකරණානි. එවමෙතස්මිං ඔරපාරෙ චතුත්ථමග්ගෙන ඡන්දරාගං පජහන්තො “ජහාති ඔරපාර”න්ති වුච්චති. එත්ථ ච කිඤ්චාපි අනාගාමිනො කාමරාගස්ස පහීනත්තා ඉධත්තභාවාදීසු ඡන්දරාගො එව නත්ථි; අපිච ඛො පනස්ස තතියමග්ගාදීනං විය වණ්ණප්පකාසනත්ථං සබ්බමෙතං ඔරපාරභෙදං සඞ්ගහෙත්වා තත්ථ ඡන්දරාගප්පහානෙන “ජහාති ඔරපාර”න්ති වුත්තං.
සො භික්ඛූ ජහාති ඔරපාරං මෙසේ කෝපය දුරුකිරිමෙහි උත්සාහවත්වන පැවිද්දා අනාගාමී මගින් මුළුමනින්ම තරහ ඉවත් කරයි. එහෙයින් සසරින් එතෙරවීමට අවැසි ‘ඔරම්භාගිය සංයොජන පහ අත්හරින්නේ යැයි දතයුතුය. පොදුවේ ගත්කල පාරං යනු තීරයට නමකි. එහෙයින් සසර සයුරෙහි මෙතෙර සිට එතෙරට ගියේ යැයි සළකා ඔරපාරං යැයි කියනු ලබයි. නැතහොත් යම් පැවිද්දෙක්, හටගත් කෝපය, බෙහෙත් බලයෙන් සප් විස ඉවත් කරන්නා සේ අනාගාමී ඵලයට පත්ව මෙතෙර අත්හරීද, එහි ඔර යැයි කියනු ලබන්නේ තමා (දැන් ලබා ඇති) ජීවිතයයි. පාර යනු අනුන්ගේ ජීවිතයයි. ඔරං යනු තම සිරුරෙහි ඇස් ආදී ආයතන හයයි. පාරං බාහිර ආයතන හයයි. එසේම ඔරං යනු මිනිස් ලොවයි. පාරං දෙව්ලොවයි. ඔරං කාම ලෝකයයි. පාරං රූප අරූප ලෝකයයි. ඔරං කාමරූප භවයයි. පාරං අරූප භවයයි. ඔරං (දැනට ලබා ඇති) උපතයි. පාරං එය පවත්වා ගැනීමට අවැසි දේය. අරහත් මගින් සසරෙහි ඡන්දරාගය ඉවත් කිරීම ජහාති ඔරපාරං යැයි කියනු ලැබේ. එහිදී අනාගාමීව කාමරාගය මුළුමනින්ම නසන ලද බැවින් ජීවත්වන තෙක්ම ඡන්දරාගය නැත්තේය. එනමුදු අනාගාමී මඟ මෙන්, එහි අගය ගුණය සඳහන් කරනු වස් මුළුමනින්ම ඔරපාර කොටසට ඇතුලත් කොට එහි ඡන්දරාගය උදුරාදැමීම ජහාති ඔරපාරං යැයි කියන ලදී.
ඉදානි තස්සත්ථස්ස විභාවනත්ථාය උපමං ආහ “උරගො ජිණ්ණමිව තචං පුරාණ”න්ති. තත්ථ උරෙන ගච්ඡතීති උරගො, සප්පස්සෙතං අධිවචනං. සො දුවිධො – කාමරූපී ච අකාමරූපී ච. කාමරූපීපි දුවිධො – ජලජො ථලජො ච. ජලජො ජලෙ එව කාමරූපං ලභති, න ථලෙ, සඞ්ඛපාලජාතකෙ සඞ්ඛපාලනාගරාජා විය. ථලජො ථලෙ එව, න ජලෙ. සො ජජ්ජරභාවෙන ජිණ්ණං, චිරකාලතාය පුරාණඤ්චාති සඞ්ඛං ගතං. තචං ජහන්තො චතුබ්බිධෙන ජහාති – සජාතියං ඨිතො, ජිගුච්ඡන්තො, නිස්සාය, ථාමෙනාති. සජාති නාම සප්පජාති දීඝත්තභාවො. උරගා හි පඤ්චසු ඨානෙසු සජාතිං නාතිවත්තන්ති – උපපත්තියං, චුතියං, විස්සට්ඨනිද්දොක්කමනෙ, සමානජාතියා මෙථුනපටිසෙවනෙ, ජිණ්ණතචාපනයනෙ චාති. සප්පො හි යදා තචං ජහාති, තදා සජාතියංයෙව ඨත්වා ජහාති. සජාතියං ඨිතොපි ච ජිගුච්ඡන්තො ජහාති. ජිගුච්ඡන්තො නාම යදා උපඩ්ඪට්ඨානෙ මුත්තො හොති, උපඩ්ඪට්ඨානෙ අමුත්තො ඔලම්බති, තදා නං අට්ටීයන්තො ජහාති. එවං ජිගුච්ඡන්තොපි ච දණ්ඩන්තරං වා මූලන්තරං වා පාසාණන්තරං වා නිස්සාය ජහාති. නිස්සාය ජහන්තොපි ච ථාමං ජනෙත්වා, උස්සාහං කත්වා, වීරියෙන වඞ්කං නඞ්ගුට්ඨං කත්වා, පස්සසන්තොව ඵණං කරිත්වා ජහාති. එවං ජහිත්වා යෙනකාමං පක්කමති. එවමෙවං අයම්පි භික්ඛු ඔරපාරං ජහිතුකාමො චතුබ්බිධෙන ජහාති – සජාතියං ඨිතො, ජිගුච්ඡන්තො, නිස්සාය, ථාමෙනාති. සජාති නාම භික්ඛුනො “අරියාය ජාතියා ජාතො”ති (ම· නි· 2.351) වචනතො සීලං. තෙනෙවාහ “සීලෙ පතිට්ඨාය නරො සප්පඤ්ඤො”ති (සං· නි· 1.23; පෙටකො· 22). එවමෙතිස්සං සජාතියං ඨිතො භික්ඛු තං සකත්තභාවාදිභෙදං ඔරපාරං ජිණ්ණපුරාණතචමිව දුක්ඛං ජනෙන්තං තත්ථ තත්ථ ආදීනවදස්සනෙන ජිගුච්ඡන්තො කල්යාණමිත්තෙ නිස්සාය අධිමත්තවායාමසඞ්ඛාතං ථාමං ජනෙත්වා “දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙතී”ති (අ· නි· 3.16; විභ· 519) වුත්තනයෙන රත්තින්දිවං ඡධා විභජිත්වා ඝටෙන්තො වායමන්තො උරගො විය, වඞ්කං නඞ්ගුට්ඨං පල්ලඞ්කං ආභුජිත්වා උරගො විය පස්සසන්තො, අයම්පි අසිථිලපරක්කමතාය වායමන්තො උරගො විය ඵණං කරිත්වා, අයම්පි ඤාණවිප්ඵාරං ජනෙත්වා උරගොව තචං ඔරපාරං ජහාති. ජහිත්වා ච උරගො විය ඔහිතතචො යෙනකාමං අයම්පි ඔහිතභාරො අනුපාදිසෙසනිබ්බානධාතුදිසං පක්කමතීති. තෙනාහ භගවා –
මීළඟට එහි අරුත වඩාත් පැහැදිලි කිරිමට උපමාවක් දක්වයි. උරගො ජිණ්ණමිව තචං පුරාණං එහි බඩගා යන තේරුමෙන් උරග නම් වේ. සර්පයාට සමාන වචනයකි. එය කාමරූපී හා කාමරූපී නොවන යනුවෙන් දෙයාකාරය. දියෙහි හා ගොඩබිමෙහි වසන යනුවෙන්ද කාමරූපී දෙයාකාරය. ජලයෙහි උපන්නෝ එහිම, අදාල රූපීබව ලබති. ගොඩබිමෙහි උපන්නෝ අදාල රූපීබව ලබති. ගොඩබිමෙහි උපන්නෝ අදාල රූපී බව ලබන්නේ ගොඩබිමෙහිමය. දියෙහි නොවේ. එබඳු උරගයෙකු මහළුබවට පත්වීම ජිණ්ණං කල්ගතවීම නිසා පුරාණඤ්ච යැයි හැඳින්වේ. සජාතියං, නිස්සාය, ජිගුච්ඡන්තො, ථාමෙන යැයි - තචං හැවය සතරාකාරයකට හැරදමයි. සජාති නම් දිග සපුන් ය. උරගයෝ අවස්ථා පහකදී තම හැඩය-ගතිය ඉක්මවා නොයති. උපතේදී මරණයේදී, සැකරහිත නින්දේදී, තම ජාතිය සමග මෙවුන්දම් සේවනයේදී හා දිරූ හැවය හැර දැමීමේදී ය. සර්පයා හැවය හැර දැමීමේදී තම ස්වභාවය වෙනස් නොකරයි. පිළිකුලෙන් හැවය ඉවත දමයි. යම්විටක එය අඩක් ගැලවී (සිරුරෙන්) එල්ලෙමින් ඇතිවිට පිළිකුල් කරමින් ලී දඬු අතරට හෝ මුලක් අතරට හෝ ගොස් ඒ ආධාර කොටගෙන - වෙර යොදා, උත්සාහකොට, වලිගය නමා, බලා සිටියදීම පෙණය විදහා හැවය හැරදමා කැමති තැනකට යයි. එසේම පැවිද්දා ද (සසරින්) එතරට යනු කැමතිව සතරාකාරයෙන් (කෙලෙස්) හැරදමයි. එයද සජාති, ජිගුච්ඡන්තො, නිස්සාය, ථාමෙන යනුවෙනි. සජාති නම් ‘අරියාය ජාතියා ජාතො.....’ පරිදි උතුම් පැවිදි ජීවිතයට පත්වූ දින පටන්....දක්වා ඇති මෙහි වචනයේ තේරුම සීලයයි. ‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො’ නුවණැති තැනැත්තා සීලයෙහි පිහිටා යයි දක්වා ඇති පරිදි ඊට සුදුසු ලෙස කටයුතු කොට (සජාතියං) තම ජීවිත ස්වභාව සළකා පරණ හැවය හැරලන්නා සේ (සසරින්) එතරට යයි. දුක් උපදවන, ඒ ඒ තැන්හි ඇතිවන දොස් දැක, පිළිකුල් කරමින්, යහපත් මිතුරන් හේතුකොට යහපත් වීරිය බලවත් ලෙස යොදවමින් ‘දවසක් සක්මනෙහි යෙදෙමින්, නිවනට බාධා කරන කරුණුවලින් සිත පිරිසිදු කරයි’ - දිවසං චංකමෙන නිසජ්ජාය ආවරණියෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති’ යනුවෙන් කියන ලද පරිදි දිවා රෑ කොටස් හයකට බෙදා ගනිමින් දැඩි උත්සාහවත්ව උරගයකු වල්ගය නවා හරවන්නා සේ, පලක් බැඳ උරගයා මෙන් හුස්ම පිටකරමින්, දැඩිව වෙර යොදමින්, උරගයා පෙණය කරන්නා සේ නුවණ පැතිරවීමෙන්, උරගයා හැව ඉවතලන්නා සේ සසර ගමන අත්හරියි. හැව ඉවතලූ උරගයා මෙන් ඒ පැවිද්දා ද (කෙලෙස්) බර බහාතබා මතු නූපදනා ලෙස අනුපාදිසේස නිවන වෙත එළඹේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ -
“යො උප්පතිතං විනෙති කොධං, විසටං සප්පවිසංව ඔසධෙහි; සො භික්ඛු ජහාති ඔරපාරං, උරගො ජිණ්ණමිව තචං පුරාණ”න්ති.
යො උප්පතිනං විනෙති කොධං විසටං සප්පවිසංව ඔසධෙහි සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං’
එවමෙසා භගවතා අරහත්තනිකූටෙන පඨමගාථා දෙසිතාති.
යැයි මෙසේ අරහත් බව කුළුගන්වමින් මුල් ගාථාව වදාළහ.
ඉදානි දුතියගාථාය අත්ථවණ්ණනාක්කමො අනුප්පත්තො. තත්රාපි –
මීළඟට දෙවන ගාථාවෙහි තේරුම් විස්තර දැක්වෙයි. එහිද
“යෙන යත්ථ යදා යස්මා, වුත්තා ගාථා අයං ඉමං; විධිං පකාසයිත්වාස්සා, කරිස්සාමත්ථවණ්ණන”න්ති. –
යෙන යත්ථ යදා යස්මා වුත්තා ගාථා අයං ඉමං විධිං පකාසයිත්වාස්සා කරිස්සාමත්ථවණ්ණනං
අයමෙව මාතිකා. තතො පරඤ්ච සබ්බගාථාසු. අතිවිත්ථාරභයෙන පන ඉතො පභුති මාතිකං අනික්ඛිපිත්වා උප්පත්තිදස්සනනයෙනෙව තස්සා තස්සා අත්ථං දස්සෙන්තො අත්ථවණ්ණනං කරිස්සාමි. සෙය්යථිදං යො රාගමුදච්ඡිදා අසෙසන්ති අයං දුතියගාථා.
යනුවෙන් සිරස්තලයයි මේ. මුලින් මෙන් කවදා කොතැනදී කුමක් නිසා දේශනා කරන ලද්දේ දැයි විස්තර දැක්වීමෙන් (අටුවාව) විශාල වේයැයි ඇති බිය නිසා, මින්පසුව සියළුම ගාථාවල සිරස්තලවලට අදාල වන පරිදි නිදාන කතා දක්වන අතරම, එහි අරුත් විස්තර කරන්නෙමි. යො රාගමුදච්ඡිදා අසෙසං මේ දෙවන ගාථාවයි.
තස්සුප්පත්ති – එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො සාරිපුත්තත්ථෙරස්ස උපට්ඨාකො අඤ්ඤතරො සුවණ්ණකාරපුත්තො ථෙරස්ස සන්තිකෙ පබ්බජිතො. ථෙරො තස්ස “දහරානං අසුභං සප්පාය”න්ති මන්ත්වා රාගවිඝාතත්ථං අසුභකම්මට්ඨානං අදාසි. තස්ස තස්මිං ආසෙවනමත්තම්පි චිත්තං න ලභති. සො “අනුපකාරං මමෙත”න්ති ථෙරස්ස ආරොචෙසි. ථෙරො “දහරානමෙතං සප්පාය”න්ති මන්ත්වා පුනපි තදෙවාචික්ඛි. එවං චත්තාරො මාසා අතීතා, සො කිඤ්චිමත්තම්පි විසෙසං න ලභති. තතො නං ථෙරො භගවතො සන්තිකං නෙසි. භගවා “අවිසයො, සාරිපුත්ත, තුය්හෙතස්ස සප්පායං ජානිතුං, බුද්ධවෙනෙය්යො එසො”ති වත්වා පභස්සරවණ්ණං පදුමං ඉද්ධියා නිම්මිනිත්වා තස්ස හත්ථෙ පාදාසි – “හන්ද, භික්ඛු, ඉමං විහාරපච්ඡායායං වාලිකාතලෙ නාළෙන විජ්ඣිත්වා ඨපෙහි, අභිමුඛඤ්චස්ස පල්ලඞ්කෙන නිසීද ‘ලොහිතං ලොහිත’න්ති ආවජ්ජෙන්තො”ති. අයං කිර පඤ්ච ජාතිසතානි සුවණ්ණකාරොව අහොසි. තෙනස්ස “ලොහිතකනිමිත්තං සප්පාය”න්ති ඤත්වා භගවා ලොහිතකකම්මට්ඨානං අදාසි. සො තථා කත්වා මුහුත්තෙනෙව යථාක්කමං තත්ථ චත්තාරිපි ඣානානි අධිගන්ත්වා අනුලොමපටිලොමාදිනා නයෙන ඣානකීළං ආරභි. අථ භගවා ‘තං පදුමං මිලායතූ’ති අධිට්ඨාසි. සො ඣානා වුට්ඨිතො තං මිලාතං කාළවණ්ණං දිස්වා “පභස්සරරූපං ජරාය පරිමද්දිත”න්ති අනිච්චසඤ්ඤං පටිලභි. තතො නං අජ්ඣත්තම්පි උපසංහරි. තතො “යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා”ති තයොපි භවෙ ආදිත්තෙ විය පස්සි. එවං පස්සතො චස්සාවිදූරෙ පදුමස්සරො අත්ථි. තත්ථ දාරකා ඔරොහිත්වා පදුමානි භඤ්ජිත්වා භඤ්ජිත්වා රාසිං කරොන්ති. තස්ස තානි උදකෙ පදුමානි නළවනෙ අග්ගිජාලා විය ඛායිංසු, පත්තානි පතන්තානි පපාතං පවිසන්තානි විය ඛායිංසු, ථලෙ නික්ඛිත්තපදුමානං අග්ගානි මිලාතානි අග්ගිඩඩ්ඪානි විය ඛායිංසු. අථස්ස තදනුසාරෙන සබ්බධම්මෙ උපනිජ්ඣායතො භිය්යොසොමත්තාය තයො භවා ආදිත්තමිව අගාරං අප්පටිසරණා හුත්වා උපට්ඨහිංසු. තතො භගවා ගන්ධකුටියං නිසින්නොව තස්ස භික්ඛුනො උපරි සරීරාභං මුඤ්චි. සා චස්ස මුඛංයෙව අජ්ඣොත්ථරි. තතො සො “කිමෙත”න්ති ආවජ්ජෙන්තො භගවන්තං ආගන්ත්වා සමීපෙ ඨිතමිව දිස්වා උට්ඨායාසනා අඤ්ජලිං පණාමෙසි. අථස්ස භගවා සප්පායං විදිත්වා ධම්මං දෙසෙන්තො ඉමං ඔභාසගාථං අභාසි “යො රාගමුදච්ඡිදා අසෙස”න්ති.
එය දේශනා කිරීමට හේතු වූ කතා පුවත මෙයයි - එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුවරයා විසින් කරවන ලද ජීවන අරමෙහි වැඩවසති. එකල්හි ගරුකටයුතු සැරියුත් තෙරුන් වහන්සේගේ උවටැන්කරුවෙකු වූ එක්තරා රත්රන් වැඩ කරන්නකුගේ පුතෙක් උන්වහන්සේ වෙත පැවිදි විය. තෙරුන් වහන්සේ ඒ තරුණ හිමිට (සිරුරේ) අසුභ බව (මෙනෙහි කරවීම) ගැළපේ යැයි දැන රාගය දුරුකරනු පිණිස (පස්කම්හි ඇලීම් ගැහැට මතුවන) අසුභ කමටහන වැඩීමට උපදෙස් දුන්හ. එය මෙනෙහි කරන තරමටවත් සිත තැන්පත් නොවේ. තරුණ හිමිනම එම කමටහන උපකාර නොවන බව තෙරණුවන්ට සැළ කළේය. තෙරුන් වහන්සේද ‘තරුණ හිමිට එය සුදුසු යැ’යි නැවත ද එම කමටහන වඩන ලෙසම කීහ. මෙසේ සිවු මසක් ඉක්ම ගියද සිතෙහි කිසිදු උසස් වෙසෙස් බවක් නොවීය. එවිට සැරියුත් තෙරුන් වහන්සේ ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන ගියේය. භාග්‍යවතුන් වහන්සේ, ‘සාරිපුත්ත, මේ මහණුන්ට ගැලපෙන කමටහන (තෝරාගැනීමට) ඔබට නොහැකිය. එය බුදුවරයෙකුම දැනසිටිය යුතු’ බව වදාරා, පැහැපත් පියුමක් ඉඳු බලෙන් පෙන්වා ඒ හිමියගේ අතට දුන්හ. ‘මහණ, මේ පියුම නටුව කඩා විහාරය පිටුපස වැලිතලයෙහි තබව, එය ඉදිරියේ රතු පැහැය - රතු පැහැය යනුවෙන් මෙනෙහි කරමින්, එරමිණිය ගොතාගෙන හිඳුව’යි වදාළහ. මේ හිමි පෙර පන්සිය වරක්ම ඉපදුනේ රන්කම් කරන පවුලය. එහෙයින් ඒ හිමිට සුදුසු නිමිත්ත රතු පැහැය දැක්වීම බව දත් භාග්‍යවතුන් වහන්සේ ‘ලොහිත කමටහන’ වඩන ලෙස උපදෙස් දුන්හ. ඒ අනුව කටයුතු කොට ඒ හිමි මොහොතකින් ඊට අනුරූපව සිවුවන දැහැනට පැමිණ අගසිට මුලටත් - මුලසිට අගටත් දැහැන් වැඩීමට පටන් ගත්තේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පියුම මැලවේවා’යි අදිටන් කළහ. තෙරණුවෝ දැහැනින් නැගිට ඒ මැලවුණු පියුමෙහි කළු පැහැය දැක, පැහැපත් වූ රූපයක් ජරාවෙන් මනාව මඩනා ලදැයි අනිස බව වටහාගත්හ. එම හැඟීම තම සිරුර ගැනද සමකොට බැලීය. එහිදී යම්දෙයක් එක් ආකාරයෙන්ම නොපවතී නම්, එය දුක බවත්, යම් දුකක් වේනම් එය තිර නොමැති බවත් දැන තුන්ලොවම ගිනි ඇවිලගත් සේ දුටුවේය. මෙසේ දකින අතරම, ඒ අසල වූ පියුම් විලකට බැස දරුවන් නෙළුම් මල් නෙල නෙලා මිටි බඳින සැටිත්, දියෙහි ඇති නෙළුම් මල් බටකැළයක ගිනිදැල් මෙන්ද වැටහිණ. (දැවී) වැටෙන වැටෙන මල්පියලි දරුණු අගාධයකට පිවිසෙනු සේ පෙනිණ. ගොඩබිමෙහි තිබූ නෙළුම් මල් අගින් මැලවුණු, ගින්නෙන් දැවුණු සේ වැටහිණ. මේ ආකාරයෙන් උන්වහන්සේට හැමදෙයක තතු යළි යළිත් මෙනෙහි කරනවිට පෙරටත් වඩා තුන්ලොවම ඇවිලගත්තා සේ, පිළිසරණක් නොමැති සේ දැනිණ. එහිදී භාග්‍යවතුන් වහන්සේ සුවඳ කුටියෙහි වැඩහිඳිමින්ම ඒ තෙරුන්ගේ සිරුර මත්තෙහි ආලෝකයක් මුදාහළ සේක. එම ආලෝකය ඒ හිමිගේ මුහුණම වසා පැතිරිණි. එවිට ඒ හිමියන් ‘මේ කුමක්දැයි විමසන්නේ’, භාග්‍යවතුන් වහන්සේ තමා අසලටම පැමිණිසේක් වනැ’යි දැක අසුනින් නැගිට ඇඳිලි බැඳ නමස්කාර කළේය. භාග්‍යවතුන් වහන්සේ ඒ හිමියන් දහම් අවබෝධයට සුදුසු බව දැන ‘යො රාගමුදච්ඡිදා අසෙසං’ යන ‘මෙම ආලෝක කිරණ මගින් ගාථාව වදාළහ.
තත්ථ රඤ්ජනවසෙන රාගො, පඤ්චකාමගුණරාගස්සෙතං අධිවචනං. උදච්ඡිදාති උච්ඡින්දති, භඤ්ජති , විනාසෙති. අතීතකාලිකානම්පි හි ඡන්දසි වත්තමානවචනං අක්ඛරචින්තකා ඉච්ඡන්ති. අසෙසන්ති සානුසයං. භිසපුප්ඵංව සරොරුහන්ති සරෙ විරූළ්හං පදුමපුප්ඵං විය. විගය්හාති ඔගය්හ, පවිසිත්වාති අත්ථො. සෙසං පුබ්බසදිසමෙව. කිං වුත්තං හොති? යථා නාම එතෙ දාරකා සරං ඔරුය්හ භිසපුප්ඵං සරොරුහං ඡින්දන්ති, එවමෙවං යො භික්ඛු ඉමං තෙධාතුකලොකසන්නිවාසං ඔගය්හ –
එහි රාගො යනු ඇලීමයි. පස්කම්හි සැපයෙහි ඇලීමට සමාන අදහසයි. උදච්ඡිදා - සිඳ දමයි, කඩා දමයි, වනසයි. ‘සිඳ දැමුවේය යන අතීත කාලය හැඟවීම සඳහා වත්මන් කාලීනව යොදා ඇතැයි අකුරු බස්වහර ගැන සැළකිලිමත් වන්නෝ අදහස් කරති. අසෙස - සිතෙහි නොපෙනී පවත්නා රාගාදී කෙලෙස්, භිසපුප්ඵංව සරොරුහං විලෙහි වැඩුණු නෙළුම් මලක් මෙන්, විගයහ බැස, පිවිස යන අදහසයි. ඉතිරි වචන පෙර සඳහන් වූ පරිදිමය. කුමක් නිසා කියන ලදද? යම්සේ ඒ දරුවෝ විලට බැස, නෙළුඹු දැලි හා නෙළුම් මල් නෙලත් ද, එසේම ඒ මහණ ද මේ තුන්ලොව හා එක්වන සබඳතා ගැඹුරින් විමසමින්ද -
“නත්ථි රාගසමො අග්ගි”; (ධ· ප· 202);
‘රාගය සමාන ගින්නක් නැත.’
“කාමරාගෙන දය්හාමි, චිත්තං මෙ පරිදය්හති”; (සං· නි· 1.212);
‘කාමරාගයෙන් දැවෙමි, මසිත තදින් දවයි’
“යෙ රාගරත්තානුපතන්ති සොතං, සයං කතං මක්කටකොව ජාලං”. (ධ· ප· 347);
තමා විසින්ම කරන ලද දැලට පැටලෙන මකුළුවා සේ, රාගයෙන් රත් වූ තැනැත්තෝ කෙලෙස් සැඩ පහරට ඇද වැටෙති.
“රත්තො ඛො, ආවුසො, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හනතී”ති (අ· නි· 3.56, 72) –
‘ඇවැත්නි, රාගයෙන් සිත දැඩිව මැඩගෙන සිටින තැනැත්තෝ අනුන්ගේ දිවි වුවද තොර කරති.’
එවමාදිනයමනුගන්ත්වා රාගාදීනවපච්චවෙක්ඛණෙන යථාවුත්තප්පකාරෙහි සීලසංවරාදීහි සංවරෙහි සවිඤ්ඤාණකාවිඤ්ඤාණකෙසු වත්ථූසු අසුභසඤ්ඤාය ච ථොකං ථොකං රාගං සමුච්ඡින්දන්තො අනාගාමිමග්ගෙන අවසෙසං අරහත්තමග්ගෙන ච තතො අනවසෙසම්පි උච්ඡින්දති පුබ්බෙ වුත්තප්පකාරෙනෙව සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණන්ති. එවමෙසා භගවතා අරහත්තනිකූටෙන ගාථා දෙසිතා. දෙසනාපරියොසානෙ ච සො භික්ඛු අරහත්තෙ පතිට්ඨිතොති.
මේ ආකාරයෙන් සඳහන් වූ පරිදි රාගාදිය පිළිබඳ විමසමින් ඉහත කී ලෙසට සීල සංවරයෙන් යුතුව පණ ඇති පණ නැති සියළු දේ කෙරෙහි අසුබ ලෙස බලා (අනිස බව හා දුක් බව) මඳින්මද රාගය දුරුකරමින් අනාගාමී මගින් ද ඉතිරි සියළුම කෙලෙස්, අරහත් බවට පත්වීමෙන්ද නැති කරයි. ඉහත කී අයුරින්, ඒ මහණ උරගයා පරණ හැවය ඉවතලන්නා සේ සසරින් එතරට යති’යි අරහත් බව කුළුගන්වමින් ගාථාව දේශනා කරන ලදී. දේශනය අවසන ඒ තරුණ හිමියෝ රහත් පල ලදහ.
යො තණ්හමුදච්ඡිදාති කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති. අඤ්ඤතරො භික්ඛු ගග්ගරාය පොක්ඛරණියා තීරෙ විහරන්තො තණ්හාවසෙන අකුසලවිතක්කං විතක්කෙති. භගවා තස්සජ්ඣාසයං විදිත්වා ඉමං ඔභාසගාථමභාසි.
යො තණ්හමුදච්ඡිදා යන මේ ගාථාව දේශනා කිරීමට මුල්වූයේ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයෙහි එක් හිමිනමක් ගග්ගරා පොකුණු තෙර වසමින් තණ්හා පෙරටුව අකුසල සිතිවිලි මෙනෙහි කරයි. භාග්‍යවතුන් වහන්සේ එම අදහස දැන ආලෝක කිරණ මගින් මෙම ගාථාව වදාළහ.
තත්ථ තස්සතීති තණ්හා. විසයෙහි තිත්තිං න උපෙතීති අත්ථො. කාමභවවිභවතණ්හානමෙතං අධිවචනං. සරිතන්ති ගතං පවත්තං, යාව භවග්ගා අජ්ඣොත්ථරිත්වා ඨිතන්ති වුත්තං හොති. සීඝසරන්ති සීඝගාමිනිං, සන්දිට්ඨිකසම්පරායිකං ආදීනවං අගණෙත්වා මුහුත්තෙනෙව පරචක්කවාළම්පි භවග්ගම්පි සම්පාපුණිතුං සමත්ථන්ති වුත්තං හොති. එවමෙතං සරිතං සීඝසරං සබ්බප්පකාරම්පි තණ්හං –
ආසාව-ආසා පිපාසය තණ්හා නම් වේ. ආසාවෙහි සෑහීමකට පත් නොවීම අදහස් වේ. කාම, භව, විභව තණ්හාවද මෙයට සමාන වචනයි. පවත්නා ස්වභාවය සරිත වේ. සසර සැරිසරන තෙක් භව කෙළවර දක්වා උපත ලබන තැන්වල තදින් මුල්බැස ගෙන සිටින බව කියන ලදී. සීඝසර ඉක්මන් ගමනින්, ජීවත්ව සිටින කාලය හා මරණින් පසුව ලබන විපාක සළකා, මොහොතකින්ම පරසක්වළටද භව කෙළවරටද පැමිණීමට හැකි බව කියා ඇත.
“උපරිවිසාලා දුප්පූරා, ඉච්ඡා විසටගාමිනී; යෙ ච තං අනුගිජ්ඣන්ති, තෙ හොන්ති චක්කධාරිනො”ති.
‘උපරි විසාලං දුප්පූරං ඉච්ඡං විසටගාමිනිං යෙච තං අනුගච්ඡන්ති තෙ හොන්ති චක්කධාරිනො
“තණ්හාදුතියො පුරිසො, දීඝමද්ධානසංසරං; ඉත්ථභාවඤ්ඤථාභාවං, සංසාරං නාතිවත්තතී”ති. (ඉතිවු· 15, 105; මහානි· 191; චූළනි· පාරායනානුගීතිගාථානිද්දෙස 107);
තණ්හාදුතියො පුරිසො දීඝමද්ධාන සංසරං ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තතී’
‘මතුයෙහි (අනාගතයෙහි) බොහෝ ඉටුකර ගත නොහැකි, කැමති වන දේවල් පතුරුවාගෙන-පුරවාගෙන ඒවා අනුව පවතීද, ඔවුහු සසර නැමති රෝදය අනුව යති. (සසර යළි යළිත් ඉපදී මැරි-උපදිති.)
තණ්හාව දෙවැනිකොට ඇති මිනිසා කෙළවරක් නොපෙනෙන දිගු සසර ගමනට පිළිපන්නේ ලද මේ ජීවිතය එක් ආකාරයටත්, මරණින් පසු ඊළග ජීවිතය වෙනස් ආකාරයටත් (පත්වෙමින්) සසර ඉක්මවා නොයති.’
“ඌනො ලොකො අතිත්තො තණ්හාදාසොති ඛො, මහාරාජා”ති (ම· නි· 2.305) ච –
‘මහරජ, ලෝකයා (තමනට තවත් ලැබිය යුතු යැයි) තමාට අඩු දේවල් පිරිමසාගැනීමේ සෑහීමකට පත් නොවී, තණ්හාවට වහලකු වී ඇත.’
එවමාදීනවපච්චවෙක්ඛණෙන වුත්තප්පකාරෙහි සීලසංවරාදීහි ච යො ථොකං ථොකං විසොසයිත්වා අරහත්තමග්ගෙන අසෙසං උච්ඡිජ්ජති, සො භික්ඛු තස්මිංයෙව ඛණෙ සබ්බප්පකාරම්පි ජහාති ඔරපාරන්ති. දෙසනාපරියොසානෙ සො භික්ඛු අරහත්තෙ පතිට්ඨිතොති.
මෙසේ ආදීනව විමසා බලමින්, ඉහත සඳහන් කළ පරිදි සීල සංවරයෙන් යුතුව යම් කෙනෙක් (ගිහි-පැවිදි) තණ්හාව ටිකෙන් ටික, විසොසයිත්වා වියළවා (තණ්හා සෑඩපහර වියලවමින්) අරහත් මගින් ඉතිරි සියළු කෙලෙස් මුලින් සිඳ දමයි. ඒ මහණ එකෙණෙහිම මුළුමනින්මද සසරින් එතර වෙයි. දේශනාව අවසානයේ අකුසල සිතිවිලි මෙනෙහි කළ ඒ හිමි රහත් බව ලැබීය.
යො මානමුදබ්බධීති කා උප්පත්ති? භගවා සාවත්ථියං විහරති. අඤ්ඤතරො භික්ඛු ගඞ්ගාය තීරෙ විහරන්තො ගිම්හකාලෙ අප්පොදකෙ සොතෙ කතං නළසෙතුං පච්ඡා ආගතෙන මහොඝෙන වුය්හමානං දිස්වා “අනිච්චා සඞ්ඛාරා”ති සංවිග්ගො අට්ඨාසි. තස්සජ්ඣාසයං විදිත්වා භගවා ඉමං ඔභාසගාථං අභාසි.
යො මානවබුදබ්බධී - මේ ගාථාව දේශනා කිරීමට මුල්වූයේ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩ වසති. එක් හිමිනමක් ගංතෙර වාසය කරන අතර, ජලය අඩු දියපහර හරහා තනන ලද බට ඒදණ්ඩක් පසුව ගලා ආ මහ සැඩපහරින් ගසාගෙන යනු දැක, ‘සකස්වන හැමදෙයක්ම තිර බවක් නැතැ’යි (අනිච්චා වත සංඛාරා) සංවේගයට පත්විය. එම අදහස භාග්‍යවතුන් වහන්සේ දැක, ආලෝක කිරණ මගින් මෙම ගාථාව වදාළහ.
තත්ථ මානොති ජාතිආදිවත්ථුකො චෙතසො උණ්ණාමො. සො “සෙය්යොහමස්මී”ති මානො, “සදිසොහමස්මී”ති මානො, “හීනොහමස්මී”ති මානොති එවං තිවිධො හොති. පුන “සෙය්යස්ස සෙය්යොහමස්මීති, සෙය්යස්ස සදිසො, සෙය්යස්ස හීනො, සදිසස්ස සෙය්යො, සදිසස්ස සදිසො, සදිසස්ස හීනො, හීනස්ස සෙය්යො, හීනස්ස සදිසො, හීනස්ස හීනොහමස්මී”ති මානොති එවං නවවිධො හොති. තං සබ්බප්පකාරම්පි මානං –
එම ගාථාවේ මානො ඉපදුණු කුලය, පවුල ආදී සම්පත් ගැන උඩඟු සිතිවිලි ඇතිකර ගැනීමයි. ‘මම (වෙනත් කෙනෙකු හා) උසස් වෙමි. සමාන වෙමි. පහත් කෙනෙක් වෙමි’යි මානය තුන් ආකාරය. නැවතද උසස් වෙනත් කෙනෙකු සේ උසස් වෙමි. උසස් වූවකු හා සම වෙමි. උසස් වූවකුට වඩා පහත් කෙනෙකු වෙමි. සමාන තත්ත්වයේ කෙනෙකු හා සම වෙමි. සමාන කෙනෙකු හා පහත් වෙමි. පහත් කෙනෙකුට වඩා උසස් වෙමි. පහත් කෙනෙකු හා සමාන වෙමි. පහත් කෙනෙකු හා පහත් වෙමි’ ලෙසින් මානය නව ආකාරය. ඒ සියළු ආකාර වූ මානයයි.
“යෙන මානෙන මත්තාසෙ, සත්තා ගච්ඡන්ති දුග්ගති”න්ති. (ඉතිවු· 6) –
“යම් ආකාර වූ මානයෙන් මත් වූවෝ දුගතියට යති.”
ආදිනා නයෙන තත්ථ ආදීනවපච්චවෙක්ඛණෙන වුත්තප්පකාරෙහි සීලසංවරාදීහි ච යො ථොකං ථොකං වධෙන්තො කිලෙසානං අබලදුබ්බලත්තා නළසෙතුසදිසං ලොකුත්තරධම්මානං අතිබලත්තා මහොඝසදිසෙන අරහත්තමග්ගෙන අසෙසං උදබ්බධි, අනවසෙසප්පහානවසෙන උච්ඡින්දන්තො වධෙතීති වුත්තං හොති. සො භික්ඛු තස්මිංයෙව ඛණෙ සබ්බප්පකාරම්පි ජහාති ඔරපාරන්ති. දෙසනාපරියොසානෙ සො භික්ඛු අරහත්තෙ පතිට්ඨිතොති.
මේ ආදී ලෙසින් එහි ආදීනව විමසීමෙන්, ඉහත කියන ලද පරිදි සීල සංවරාදියෙන් යුතුව මඳින් මඳ (මාතාධික සිතිවිලිවලට) වද දෙමින් කෙලෙසුන් දුබල බවට පත්කිරීම බට ඒදණ්ඩ වැනිය. නව ලොවුතුරා දහම ඉතා බලවත් බැවින් මහා සැඩපහරක් බඳු අරහත් මගෙන්, අසෙසං උදබ්බධී සහමුලින්ම නැතිකිරිමෙන් සිඳ දැමීම වධෙති යනුවෙන් කියන ලදී. ඒ මහණ එකෙණෙහිම සසර ගමන හැර දමයි. දේශනාව අවසානයෙහි ඒ හිමි අරහත් පලයෙහි පිහිටියේය.
ති කා උප්පත්ති? ඉමිස්සා ගාථාය ඉතො පරානඤ්ච ද්වාදසන්නං එකායෙව උප්පත්ති. එකං සමයං භගවා සාවත්ථියං විහරති. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො බ්රාහ්මණො අත්තනො ධීතුයා වාරෙය්යෙ පච්චුපට්ඨිතෙ චින්තෙසි – “කෙනචි වසලෙන අපරිභුත්තපුබ්බෙහි පුප්ඵෙහි දාරිකං අලඞ්කරිත්වා පතිකුලං පෙසෙස්සාමී”ති. සො සන්තරබාහිරං සාවත්ථිං විචිනන්තො කිඤ්චි තිණපුප්ඵම්පි අපරිභුත්තපුබ්බං නාද්දස. අථ සම්බහුලෙ ධුත්තකජාතිකෙ බ්රාහ්මණදාරකෙ සන්නිපතිතෙ දිස්වා “එතෙ පුච්ඡිස්සාමි, අවස්සං සම්බහුලෙසු කොචි ජානිස්සතී”ති උපසඞ්කමිත්වා පුච්ඡි. තෙ තං බ්රාහ්මණං උප්පණ්ඩෙන්තා ආහංසු – “උදුම්බරපුප්ඵං නාම, බ්‍රාහ්මණ, ලොකෙ න කෙනචි පරිභුත්තපුබ්බං. තෙන ධීතරං අලඞ්කරිත්වා දෙහී”ති. සො දුතියදිවසෙ කාලස්සෙව වුට්ඨාය භත්තවිස්සග්ගං කත්වා අචිරවතියා නදියා තීරෙ උදුම්බරවනං ගන්ත්වා එකමෙකං රුක්ඛං විචිනන්තො පුප්ඵස්ස වණ්ටමත්තම්පි නාද්දස. අථ වීතිවත්තෙ මජ්ඣන්හිකෙ දුතියතීරං අගමාසි. තත්ථ ච අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරස්මිං මනුඤ්ඤෙ රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නො කම්මට්ඨානං මනසි කරොති. සො තත්ථ උපසඞ්කමිත්වා අමනසිකරිත්වා, සකිං නිසීදිත්වා, සකිං උක්කුටිකො හුත්වා, සකිං ඨත්වා, තං රුක්ඛං සබ්බසාඛාවිටපපත්තන්තරෙසු විචිනන්තො කිලමති. තතො නං සො භික්ඛු ආහ – “බ්‍රාහ්මණ, කිං මග්ගසී”ති? “උදුම්බරපුප්ඵං, භො”ති. “උදුම්බරපුප්ඵං නාම, බ්‍රාහ්මණ, ලොකෙ නත්ථි, මුසා එතං වචනං, මා කිලමා”ති. අථ භගවා තස්ස භික්ඛුනො අජ්ඣාසයං විදිත්වා ඔභාසං මුඤ්චිත්වා සමුප්පන්නසමන්නාහාරබහුමානස්ස ඉමා ඔභාසගාථායො අභාසි “යො නාජ්ඣගමා භවෙසු සාර”න්ති සබ්බා වත්තබ්බා.
යො තාජ්ඣගමා මේ ගාථාව දේශනා කිරීමට මුල්වූයේ කුමක්ද? මෙම ගාථාවටද, පසුව දැක්වෙන ගාථා දොළහටද එකම හේතුවකි. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වසති. එකල්හි එක් බමුණෙක්, තම දුවගේ විවාහ මංගල්‍යයේදී ‘පහත් යැයි සැළකෙන කිසියම් කෙනෙකු (වසලයෙකු) මුලසිටම පරිහරණය නොකරන ලද මලින් දැරිය අලංකාර කොට පතිකුලයට යවන්නෙමි’යි සිතීය. ඔහු සැවැත්නුවර ඇතුලතත්, නුවරින් පිටත්, එසේ පරිහරණයට නොගත් කිසිදු මලක්, තණ මලක්වත් නුදුටුවේය. මේ අතර නොමනා ගති පැවතුම් ඇති බමුණු තරුණයන් රැස්ව සිටිනු දැක, ‘උවමනා දේ ඒ බොහෝ දෙනාගෙන් කවුරුන් හෝ දන්නාහ’යි සිතා ‘ඔවුන්ගෙන් විමසන්නෙමි’යි, ඒ පිළිබඳව ඇසුවේය. ඔවුහු බමුණා විහිළුවට ගනිමින්, ‘බමුණානෙනි, දිඹුල් මල ලොව කිසිවකු විසිනිදු පරිහරණයට ගෙන නැත. එම මල්වලින් දුව සරසා දෙව’යි කීහ. බමුණා පසුදා උදෑසනින් පිබිද ආහාර ගෙන, අචිරවතී ගංතෙර, දිඹුල් වනයට ගොස් දිඹුල් ගස් එකින් එක පිරික්සමින්, මලක නටුවක් පමණකුදු නොදුටුවේය. දහවල ඉකුත්වද්දී අනික් ගංතෙරට ගියේය. එහි එක් මහණෙක් එක්තරා සිත්කළු ගසක් මුල දිවා කාලය ගත කරමින් කමටහන් මෙනෙහි කරයි. බමුණ එහි පැමිණ, ඒ හිමියන් ගැන නොසළකා වරෙක හිඳිමින්ද බිම ඇන බා ගනිමින්ද (උක්කුටිකව හිඳිමින්ද) වරෙක නැගී සිටිමින්ද සියළු අතුපතර දෙස විමසා බලමින් වෙහෙසට පත්වෙයි. එහිදී ඒ හිමි ‘බමුණ, වටිනා දෙයක් මෙන් කුමක් සොයන්නේ දැ’යි? ඇසීය. ‘දිඹුල් මල්’ යැයි කීය. ‘බමුණ, ලෝකයෙහි දිඹුල් මල් නැත. ඔවුගේ වචන බොරුය. වෙහෙස නොගනුව’යි හිමි කීය. එහිදී භාග්‍යවතුන් වහන්සේ ඒ හිමියන්ගේ අදහස දැන ආලෝකයක් විහිදුවා, සිත එක් අරමුණක පිහිටවූ පසු ආලෝක කිරණ මගින් මෙම ගාථාව වදාළහ. එහි යො නාජ්ඣගමා භවෙසු සාරං - සියළු කරුණු කිවයුතුව ඇත.
තත්ථ පඨමගාථාය තාව නාජ්ඣගමාති නාධිගච්ඡි, නාධිගච්ඡති වා. භවෙසූති කාමරූපාරූපසඤ්ඤීඅසඤ්ඤීනෙවසඤ්ඤීනාසඤ්ඤීඑකවොකාරචතුවොකාරපඤ්චවොකාරභවෙසු. සාරන්ති නිච්චභාවං අත්තභාවං වා. විචිනන්ති පඤ්ඤාය ගවෙසන්තො. පුප්ඵමිව උදුම්බරෙසූති යථා උදුම්බරරුක්ඛෙසු පුප්ඵං විචිනන්තො එස බ්රාහ්මණො නාජ්ඣගමා, එවං යො යොගාවචරොපි පඤ්ඤාය විචිනන්තො සබ්බභවෙසු කිඤ්චි සාරං නාජ්ඣගමා. සො අසාරකට්ඨෙන තෙ ධම්මෙ අනිච්චතො අනත්තතො ච විපස්සන්තො අනුපුබ්බෙන ලොකුත්තරධම්මෙ අධිගච්ඡන්තො ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණන්ති අයමත්ථො යොජනා ච. අවසෙසගාථාසු පනස්ස යොජනං අවත්වා විසෙසත්ථමත්තමෙව වක්ඛාම.
එහි පළමු ගාථාවෙහි නජඣගමා - එතෙක් අවබෝධ නොකළේය, හෝ නොලැබුවේය යන්නයි. භවෙසු - කාම, රූප, අරූප, සඤ්ඤී, අසඤ්ඤී, නෙවසඤ්ඤා, නාසඤ්ඤා ආදී රූප-වේදනා සමූහයෙහි එකක්, සතරක්, පහම සහිතව උපත ලබන තැන්ය. සාරං තිර බව හෝ ආත්මය ලෙස දැඩිව ගැනීමය. විචිනං නුවණින් සොයා බැලීමය. පුප්ඵමිව උදුම්බරෙසු යම්සේ දිඹුල් ගස්වල මල් සොයන ඒ බමුණාට එය නොලැබුණේද, එසේම භාවනා වඩන්නා ද නුවණින් සොයාබලමින් ඉපදීමට අයත් හැමතන්හිම (භව) කිසිදු හරයක් නොලැබ, ඒ නිසරු බව නිසාම, ඒ සියළුම දේවල් තිරව නොපවත්නා (තමාට) අයත් නොවන්නේ යැයි මැනවින් මෙනෙහි කරමින් අනුපිළිවෙළින් ලොවුතුරු මගෙන් (නිවන) අවබෝධය ලබා, උරගයා පරණ දිරූ හැවය හැරලන්නා සේ සසර ගමන හැරදමයි. මේ එහි අදහසයි. ඉතිරි ගාථා විස්තරවලදී, එම අදහස නැවත) සඳහන් නොකොට, කිවයුතු වෙසෙස් කරුණු ඇතොත් කියමු.
“යස්සන්තරතො න සන්ති කොපා, ඉතිභවාභවතඤ්ච වීතිවත්තො”ති. (උදා· 20) –
‘යස්සන්තරතො න සන්ති කොපා ඉති භවාභවතඤ්ච වීතිවත්තො’
යමෙකුගේ සිත තුල කෝපය හට නොගනීද, එය සසර ගමනද ඉක්මවන තරම් ය.
එත්ථ තාව අයං ‘අන්තරසද්දො’ –
එහි අන්තර යන වචනය යෙදුනු තවත් තැන් කීපයකි.
“නදීතීරෙසු සණ්ඨානෙ, සභාසු රථියාසු ච; ජනා සඞ්ගම්ම මන්තෙන්ති, මඤ්ච තඤ්ච කිමන්තර”න්ති. (සං· නි· 1.228);
‘නදී තීරෙසු පත්ථානෙ සභාසු රථිකාසූ ච ජනා සංගම්ම මන්තෙන්ති මඤ්ච තඤ්ච කිමන්තරං’
ගංතෙරවලදී ද, මහ මගෙහිද, රැස්වීම්වලදී ද, වීදිවලද මිනිස්සු එකතු වූ විට ‘මේ දෙය - ඒ දෙය අතර’ වෙනස කුමක්දැයි සාකච්ඡා කරති.
“අප්පමත්තකෙන විසෙසාධිගමෙන අන්තරා වොසානමාපාදි” (අ· නි· 10.84);
මෙසේ අන්තර යන වචනය - සුළු දෙයකින් බොහෝ දෙයක් දැනගන්නා අතරතුර අවසානයට පැමිණීම ගැනද අදහස් වේ.
“අනත්ථජනනො කොධො, කොධො චිත්තප්පකොපනො; භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣතී”ති. (අ· නි· 7.64; ඉතිවු· 88) –
‘අනත්ථජනනො කොධො කොධො චිත්තප්පකොපනො භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣතී’
කෝපය අයහපත උපදවයි. තව තවත් තදින් කෝපය සිත පීඩා කරයි. (සිත) ඇතුළත බය උපදවා ගත් මිනිස්සු එය අවබෝධ නොකරති.’
එවං කාරණවෙමජ්ඣචිත්තාදීසු සම්බහුලෙසු අත්ථෙසු දිස්සති. ඉධ පන චිත්තෙ. තතො යස්සන්තරතො න සන්ති කොපාති තතියමග්ගෙන සමූහතත්තා යස්ස චිත්තෙ න සන්ති කොපාති අත්ථො. යස්මා පන භවොති සම්පත්ති, විභවොති විපත්ති. තථා භවොති වුද්ධි, විභවොති හානි. භවොති සස්සතො, විභවොති උච්ඡෙදො. භවොති පුඤ්ඤං, විභවොති පාපං. විභවො අභවොති ච අත්ථතො එකමෙව. තස්මා ඉතිභවාභවතඤ්ච වීතිවත්තොති එත්ථ යා එසා සම්පත්තිවිපත්තිවුඩ්ඪිහානිසස්සතුච්ඡෙදපුඤ්ඤපාපවසෙන ඉති අනෙකප්පකාරා භවාභවතා වුච්චති. චතූහිපි මග්ගෙහි යථාසම්භවං තෙන තෙන නයෙන තං ඉතිභවාභවතඤ්ච වීතිවත්තොති එවමත්ථො ඤාතබ්බො.
මෙසේ සිත අතරමැද ආදී සේ බොහෝ තැන්වල මෙය යෙදෙන අරුත් දැක්වේ. මෙහි යෙදී ඇත්තේ සිත යන වචනයට අදාළවය. යස්සන්තරතො න සන්ති කොපා තෙවැනි මගපලයෙන් මුළුමනින්ම නසන ලද බැවින් එබඳු තැනැත්තකුගේ සිතෙහි කෝපය නැතැයි අදහසයි. භවො - සම්පත්, විභවො - විපත්, එසේම භවො - දියුණුවයි. විභවො - පාඩු, භවො හැමකල්හිම පැවැත්ම, විභවො වැනසීම. භවො පිත, විභව පව්, විභව-අභව යනු එකම තේරුමයි. එහෙයින් ඉති භවාභවතඤ්ච වීතිවත්තො, මෙහිලා ඒ සම්පත්, විපත්, දියුණුව, පිරිහීම, සදාකල් පැවැත්ම, වැනසීම, පින, පව ලෙස නොයෙක් ආකාරයෙන් භවයෙන් භවය ගැන කියනු ලබයි. සිවුවන මගපලයෙන් ඇති පරිදිම ඒ ඒ කරුණු දැන භවයෙන් භවය හෙවත් සසර ගමන ඉක්ම වූයේ යැයි මෙසේ අරුත් දතයුතුය.
යස්ස විතක්කාති එත්ථ පන යස්ස භික්ඛුනො තයො කාමබ්යාපාදවිහිංසාවිතක්කා, තයො ඤාතිජනපදාමරවිතක්කා, තයො පරානුද්දයතාපටිසංයුත්තලාභසක්කාරසිලොකඅනවඤ්ඤත්තිපටිසංයුත්තවිතක්කාති එතෙ නව විතක්කා සමන්තභද්දකෙ වුත්තනයෙන තත්ථ තත්ථ ආදීනවං පච්චවෙක්ඛිත්වා පටිපක්ඛවවත්ථානෙන තස්ස තස්ස පහානසමත්ථෙහි තීහි හෙට්ඨිමමග්ගෙහි ච විධූපිතා භුසං ධූපිතා සන්තාපිතා දඩ්ඪාති අත්ථො. එවං විධූපෙත්වා ච අජ්ඣත්තං සුවිකප්පිතා අසෙසා, නියකජ්ඣත්තභූතෙ අත්තනො ඛන්ධසන්තානෙ අජ්ඣත්තජ්ඣත්තභූතෙ චිත්තෙ ච යථා න පුන සම්භවන්ති, එවං අරහත්තමග්ගෙන අසෙසා ඡින්නා. ඡින්නඤ්හි කප්පිතන්ති වුච්චති. යථාහ “කප්පිතකෙසමස්සූ”ති (සං· නි· 1.122; 4.365). එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
යස්ස විතක්කා - මෙහි, යම් පැවිද්දෙකුට තුන් ආකාර වූ කැමැත්ත, නපුරු සහගත හා හිංසාත්මක සිතිවිලි ඇති වේද, නෑදැයින් රටක් හෝ දෙවියන් යන තුන් ආකාර සිතිවිලි වේද, අනුන් කෙරෙහි කරුණ සහගත සිතිවිලි, ලාභ සත්කාර කීර්තිය ගැන, නිවැරදි යැයි දැනෙන පරිදි ඊට අනුව මතුවන සිතිවිලි යැයි නව ආකාරය. (මෙසේ විතක්ක නවයකි.) හැම අයුරින්ම, යහපත් ලෙස කියන ලද පරිදි ඒ ඒ දෙයෙහි පලවිපාක විමසා බලා, එකිනෙකට ගැටුම් ඇතිවන අයුරු-පතුරුවන අයුරු විභාග කිරීමෙන්, ඒ (සිතිවිලි) හටගැනීම නැතිකිරීමට සමත් වූවන් විසින් සෝවාන් ආදී මුල් මගපල තුනෙන් ද විධූපිතා - බොහෝ සෙයින් දුම් ගස්වන ලද්දේ, තවන ලද්දේ, දවන ලද්දේය යන අදහසයි. මෙසේ දුම් ගස්වා, අජ්ඣත්ත සුවිකප්පිතා අසෙසා - තමාට අයත්, තමා පිළිබඳ, තමාගේ (රූපාදී) ඛන්ධ සමූහයට අයත් (සිරුරෙහි) තමා වෙනුවෙන් හටගත් (ඒ සිතිවිලි) නැත ඇති නොවේද, මෙසේ අරහත් මගෙන් ඉතිරි නැතිව සිඳින ලදී. සිඳීම යන්නට කැපීම යයිද කියනු ලැබේ. ‘රවුල් කෙස් කපන ලදි’ යයිද කියා ඇති පරිදි මෙහි අරුතද සුදුසු සේ දතයුතුය.
ඉදානි යො නාච්චසාරීති එත්ථ යො නාච්චසාරීති යො නාතිධාවි. න පච්චසාරීති න ඔහීයි. කිං වුත්තං හොති? අච්චාරද්ධවීරියෙන හි උද්ධච්චෙ පතන්තො අච්චාසරති, අතිසිථිලෙන කොසජ්ජෙ පතන්තො පච්චාසරති. තථා භවතණ්හාය අත්තානං කිලමෙන්තො අච්චාසරති, කාමතණ්හාය කාමසුඛමනුයුඤ්ජන්තො පච්චාසරති. සස්සතදිට්ඨියා අච්චාසරති, උච්ඡෙදදිට්ඨියා පච්චාසරති. අතීතං අනුසොචන්තො අච්චාසරති, අනාගත පටිකඞ්ඛන්තො පච්චාසරති. පුබ්බන්තානුදිට්ඨියා අච්චාසරති, අපරන්තානුදිට්ඨියා පච්චාසරති. තස්මා යො එතෙ උභො අන්තෙ වජ්ජෙත්වා මජ්ඣිමං පටිපදං පටිපජ්ජන්තො නාච්චසාරී න පච්චසාරීති එවං වුත්තං හොති. සබ්බං අච්චගමා ඉමං පපඤ්චන්ති තාය ච පන අරහත්තමග්ගවොසානාය මජ්ඣිමාය පටිපදාය සබ්බං ඉමං වෙදනාසඤ්ඤාවිතක්කප්පභවං තණ්හාමානදිට්ඨිසඞ්ඛාතං තිවිධං පපඤ්චං අච්චගමා අතික්කන්තො, සමතික්කන්තොති අත්ථො.
මීළගට යො නාච්චසාරි යන ගාථාවයි. එහි යො නාච්චසාරි යමෙක් වේගයෙන් නොදුවති. න පච්චසාරි නොනවතී යනුයි. කුමක් නිසා කියන ලද්දේ ද? පටන් ගන්නා ලද දැඩි උත්සාහයෙන් යුතුව එයින් උඩඟු වෙමින් වඩාත් සිතයි. මඳ උත්සාහවත් වූයේ කුසීතව පසුවට තබා කල්පනා කරයි. එසේම භව තණ්හාවෙන් තමන් වෙහෙසට පත්වෙමින් (ඉදිරි ජීවිතය ගැන) වැඩියෙන් සිහිකරයි. කාම තණ්හාවෙන් කම්සුවයෙහි යෙදෙමින් මඳ වශයෙන් සිතයි. හැමදෙයක්ම (තමාම අයත්කොට) තිර පැවැත්මක් ඇතැයි වැඩියෙන් සිතයි. එහි වැනසීම, අහිමිවීම ගැන පසුබටව (දුක්මුසුව) සිතයි. පසුවූ දේ ගැන දුක්වෙමින් නැවත වැඩියෙන් සිහිකරයි. අනාගතය බලාපොරොත්තුවෙන් පසුගාමීව සිතයි. අතීත පටන්ගැන්ම පිළිබඳ (තමාගේ ඉපදීම අතීතය) වැඩියෙන් සිහිකරයි. අවසානය ගැන පසුගාමීව සිතයි. එහෙයින් යම් කෙනෙක් මෙම අනත හෙවත් දෙකෙළවරම අත්හැර, මැදහත් පිළිවෙත පිළිපදිමින්, වැඩියෙන් නොසිතීම හෝ පසුගාමීව නොසිතීම ගැන මෙසේ කියන ලදී. සබ්බං අච්චගමා ඉමං පපඤචං, එහිලා අරහත් මග අවසන්කොට ඇති මැද පිලිවෙතින් සියළු ආකාර වූ වින්දන (වෙදනා) හැඟීම් හා කාමාදී සංකල්පනා මුල් වූ ආසා, දැඩිව එල්බ ගැනීම්, තුන්ආකාර වූ මානය හා (ඒ ඒ පුද්ගලයාට ආවේණික වූ කෙලෙසින් පිරි පුද්ගලිකත්වය (පපඤ්ච) ඉක්මවන්නේ, මැනවින් ඉක්මවන්නේ යන තේරුමයි.
තදනන්තරගාථාය පන සබ්බං විතථමිදන්ති ඤත්වා ලොකෙති අයමෙව විසෙසො. තස්සත්ථො – සබ්බන්ති අනවසෙසං, සකලමනූනන්ති වුත්තං හොති. එවං සන්තෙපි පන විපස්සනුපගං ලොකියඛන්ධායතනධාතුප්පභෙදං සඞ්ඛතමෙව ඉධාධිප්පෙතං. විතථන්ති විගතතථභාවං. නිච්චන්ති වා සුඛන්ති වා සුභන්ති වා අත්තාති වා යථා යථා කිලෙසවසෙන බාලජනෙහි ගය්හති, තථාතථාභාවතො විතථන්ති වුත්තං හොති. ඉදන්ති තමෙව සබ්බං පච්චක්ඛභාවෙන දස්සෙන්තො ආහ. ඤත්වාති මග්ගපඤ්ඤාය ජානිත්වා, තඤ්ච පන අසම්මොහතො, න විසයතො. ලොකෙති ඔකාසලොකෙ සබ්බං ඛන්ධාදිභෙදං ධම්මජාතං “විතථමිද”න්ති ඤත්වාති සම්බන්ධො.
ඒ ගාථා අතරින් සබ්බං විතථමිදන්ති ඤත්වා ලොකෙ - මේ ගාථා සඳහන ගැන වෙසෙසින් දැක්වේ. එහි තේරුම නම්, සබ්බං යනු ඉතිරි නැතිව, කිසිවක් අඩු නැතිව, මෙහිදී මෙලොව ඛන්ධ පහට අයත් (සිරුර හා බැඳුණු දේ හා අන් සියල්ල) - ආපෝ ආදී ධාතු ලෙසින් නුවණින් විමසා බැලීම අදහස් වේ. විතථ - නැති හෝ ඇති බවයි. වෙනස් නොවේ, හෝ සැපයි හෝ යහපතැයි හෝ ආත්ම ලෙස හෝ ඒ මේ ආකාරයට කෙලෙස් ලෙසින් අනුවණ මිනිසුන් සළකනු ලබයි. විතථ යැයි කියන ලද්දේ කුමක් නිසාද? ඉදං ඒ සියළුදේ (ඇස් ආදී ඉඳුරන්ට) දකින අයුරින්, යොමුවන අයුරු කීය. ඤත්වා මගපල නුවණින් දැන, ඒවාට මුලා නොවී, ගොදුරු නොවී ලොකෙ (තමා හා) බැඳුනු ලෝකය, සියළු දේ (ඛන්ධ) සමූහ ලෙස හටගැනීම කෙලෙස් ලෙස නොගැනීම අදහස් වේ.
ඉදානි ඉතො පරාසු චතූසු ගාථාසු වීතලොභො වීතරාගො වීතදොසො වීතමොහොති එතෙ විසෙසා. එත්ථ ලුබ්භනවසෙන ලොභො. සබ්බසඞ්ගාහිකමෙතං පඨමස්ස අකුසලමූලස්ස අධිවචනං, විසමලොභස්ස වා. යො සො “අප්පෙකදා මාතුමත්තීසුපි ලොභධම්මා උප්පජ්ජන්ති, භගිනිමත්තීසුපි ලොභධම්මා උප්පජ්ජන්ති, ධීතුමත්තීසුපි ලොභධම්මා උප්පජ්ජන්තී”ති (සං· නි· 4.127) එවං වුත්තො. රජ්ජනවසෙන රාගො, පඤ්චකාමගුණරාගස්සෙතං අධිවචනං. දුස්සනවසෙන දොසො, පුබ්බෙ වුත්තකොධස්සෙතං අධිවචනං. මුය්හනවසෙන මොහො, චතූසු අරියසච්චෙසු අඤ්ඤාණස්සෙතං අධිවචනං. තත්ථ යස්මා අයං භික්ඛු ලොභං ජිගුච්ඡන්තො විපස්සනං ආරභි “කුදාස්සු නාමාහං ලොභං විනෙත්වා විගතලොභො විහරෙය්ය”න්ති, තස්මා තස්ස ලොභප්පහානූපායං සබ්බසඞ්ඛාරානං විතථභාවදස්සනං ලොභප්පහානානිසංසඤ්ච ඔරපාරප්පහානං දස්සෙන්තො ඉමං ගාථමාහ. එස නයො ඉතො පරාසුපි. කෙචි පනාහු – “යථාවුත්තෙනෙව නයෙන එතෙ ධම්මෙ ජිගුච්ඡිත්වා විපස්සනමාරද්ධස්ස තස්ස තස්ස භික්ඛුනො එකමෙකාව එත්ථ ගාථා වුත්තා”ති. යං රුච්චති, තං ගහෙතබ්බං. එස නයො ඉතො පරාසු චතූසු ගාථාසු.
මීළඟට දැක්වෙන ගාථා හතරෙහි වීතලොභො, වීතරාගො, වීතදොසො, වීතමොහො යන්නෙහි වෙනසක් ඇත. ලොභො - ඇලීම, ආසා කිරීමයි. (කෙලෙස්) සියල්ලටම ඇතුලත් එය මුල්ම අකුසල මූලයට සමාන වචනයකි. දැඩි ලෝභය හෝ ගැනේ. ‘අප්පෙකදා භාරවාජ, මාතිමත්තීසුපි ලොභධම්මො උප්පජ්ජති, භගිනිමත්තීසුපි ධීතුමත්තීසුපි ලොභධම්මො උප්පජ්ජති’ - භාරවාජ, ඇතැම්විටක ඒ ලෝභ ගතිය මව්වරුන්, සොහොයුරියන්, දූවරුන් සම්බන්ධයෙන්ද හටගනී’ යැයි ලෝභයේ එබඳු ගති ගැන කියා ඇත. ඇලෙන සුළු බව රාගො පස්ආකාර වූ කාමයෙහි ඇලීමට සමාන වචනයකි. කිපෙන, සිත නපුරට පත්කෙරෙන බැවින් දොසො වේ. මුලදී සඳහන් කරන ලද කෝපයට සමානය. මුළාවට පත්කරන බැවින් මොහො නම් වේ. සිවුසස් නොදැනීමට එය සමාන වචනයකි. එහෙයින් මේ මහණ ‘කෙසේ නම්, මම ලෝභය දුරුකොට වාසය කරන්නෙම්දැ’යි ලෝභය පිළිකුල් කරමින් විදසුන් වැඩීම අරඹයි. එවිට ඒ මහණ හට ලෝභය නැති කිරීම පිණිස, සියළු සංඛාරවල මුසා බව දක්වමින්, සසර ගමන වළකාලීම පිණිසත් මෙම ගාථා වදාළහ. මීට පසුව ඇති ගාථාද මේ අයුරිනි. කියන ලද පරිදි, ඒ ඒ කරුණු විදසුන් භාවනා ඇරඹූ, ඒ මහණුන්ට මේ ගාථා එකින් එක වදාරන ලද බව ඇතමෙක් කියති. එය කැමති අයුරින් සළකා ගතයුතුය. ඉතිරි ගාථා සතර ගැනද එසේය.
අයං පනෙත්ථ අත්ථවණ්ණනා – අප්පහීනට්ඨෙන සන්තානෙ සයන්තීති අනුසයා කාමරාගපටිඝමානදිට්ඨිවිචිකිච්ඡාභවරාගාවිජ්ජානං එතං අධිවචනං. සම්පයුත්තධම්මානං අත්තනො ආකාරානුවිධානට්ඨෙන මූලා; අඛෙමට්ඨෙන අකුසලා; ධම්මානං පතිට්ඨාභූතාතිපි මූලා; සාවජ්ජදුක්ඛවිපාකට්ඨෙන අකුසලා; උභයම්පෙතං ලොභදොසමොහානං අධිවචනං. තෙ හි “ලොභො, භික්ඛවෙ, අකුසලඤ්ච අකුසලමූලඤ්චා”තිආදිනා නයෙන එවං නිද්දිට්ඨා. එවමෙතෙ අනුසයා තෙන තෙන මග්ගෙන පහීනත්තා යස්ස කෙචි න සන්ති, එතෙ ච අකුසලමූලා තථෙව සමූහතාසෙ, සමූහතා ඉච්චෙව අත්ථො. පච්චත්තබහුවචනස්ස හි සෙ-කාරාගමං ඉච්ඡන්ති සද්දලක්ඛණකොවිදා. අට්ඨකථාචරියා පන “සෙති නිපාතො”ති වණ්ණයන්ති. යං රුච්චති, තං ගහෙතබ්බං. එත්ථ පන “කිඤ්චාපි සො එවංවිධො භික්ඛු ඛීණාසවො හොති, ඛීණාසවො ච නෙව ආදියති, න පජහති, පජහිත්වා ඨිතො”ති වුත්තො. තථාපි වත්තමානසමීපෙ වත්තමානවචනලක්ඛණෙන “ජහාති ඔරපාර”න්ති වුච්චති. අථ වා අනුපාදිසෙසාය ච නිබ්බානධාතුයා පරිනිබ්බායන්තො අත්තනො අජ්ඣත්තිකබාහිරායතනසඞ්ඛාතං ජහාති ඔරපාරන්ති වෙදිතබ්බො.
එහි තේරුම් දැක්වීමයි. ඉවත් නොකරන ලද බැවින්, සිතෙහි ඉතිරිව ඇතැයි යන්නෙන් අනුසයා නමි. කාමරාග, තරහ, මාන, මම මගේය ආදී දැඩිව ගත් හැඟීම්, සැකය, කාමාදී භව ආසාව, මුලාව ආදියට සමාන වචනයකි. මේ දේවල්, තමා කෙරෙහි යෙදෙන අයුරු මූලා නම් වේ. රැකවරණ නොමැති අරුතින් අකුසලා ය. එය ඇතිවීමට පදනම වන හෙයින්ද මූලා වේ. වැරදි සහිත, දුක් විපාක ලැබ දෙන තේරුමෙන් අකුසලා ය. මේ කරුණු දෙකම ලෝභ, දෝස, මෝහයට සමාන වචන වේ. ‘මහණෙනි, ලෝභය අකුසලයකි. අකුසලයට මුල්වේයැයි, ආදී ලෙසින් ‘ලොභො භික්ඛවෙ අකුසලඤ්ච, අකුසල මූලඤ්ච’ මෙය දක්වන ලදී. මෙසේ ඒ කෙලෙස් (සෝවාන් ආදී) ඒ ඒ මගපල මගින් නසන ලද බැවින්, යම් පැවිද්දෙකුට ඒවා හටනොගනීද, එම අකුසල මුල් මුලින්ම උදුරා දමන ලද්දේ යැයි සමූහතාසෙ අදහසයි. වෙන් වෙන් වශයෙන් බහු වචනයට ‘ස’ ආගම වීයැයි වියරණ ඇදුරෝ දක්වති. අටුවාචාරීහු සෙ යන්න නිපාත පදයකැයි විස්තර කරති. කැමති පරිදි තීරණය කළයුතුය. මේ ආකාරයෙන් ඒ මහන කෙලෙසුන් නසන ලදද, කෙලෙස් නසන ලද්දේය යනුවෙන් ද දැඩිව නොගනී. එම අදහස ඉවත් කළේද නොවේ. (කෙසේ වුවත්) කෙලෙස් දුරුකොට සිටියේ යැයි කියන ලදී. එහෙත් දැන් පවත්නා කාලය අනුව ජහාති ඔරපාරං යනුවෙන් කියනු ලබයි. නැතහොත් අනුපාදිසෙස නිවනින් පිරිනිවනට පත්වන්නේ, තම සිරුර හා බාහිරව බැඳුනු ආයතනික දෙයෙහි අත්හැර දැමීම ඔරපාරං යනුවෙන් දතයුතුය.
තත්ථ කිලෙසපටිපාටියා මග්ගපටිපාටියා චාති ද්විධා අනුසයානං අභාවො වෙදිතබ්බො. කිලෙසපටිපාටියා හි කාමරාගානුසයපටිඝානුසයානං තතියමග්ගෙන අභාවො හොති, මානානුසයස්ස චතුත්ථමග්ගෙන, දිට්ඨානුසයවිචිකිච්ඡානුසයානං පඨමමග්ගෙන, භවරාගානුසයාවිජ්ජානුසයානං චතුත්ථමග්ගෙනෙව. මග්ගපටිපාටියා පන පඨමමග්ගෙන දිට්ඨානුසයවිචිකිච්ඡානුසයානං අභාවො හොති. දුතියමග්ගෙන කාමරාගානුසයපටිඝානුසයානං තනුභාවො, තතියමග්ගෙන සබ්බසො අභාවො, චතුත්ථමග්ගෙන මානානුසයභවරාගානුසයාවිජ්ජානුසයානං අභාවො හොති. තත්ථ යස්මා න සබ්බෙ අනුසයා අකුසලමූලා; කාමරාගභවරාගානුසයා එව හි ලොභාකුසලමූලෙන සඞ්ගහං ගච්ඡන්ති. පටිඝානුසයාවිජ්ජානුසයා ච “දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං” ඉච්චෙව සඞ්ඛං ගච්ඡන්ති, දිට්ඨිමානවිචිකිච්ඡානුසයා පන න කිඤ්චි අකුසලමූලං හොන්ති, යස්මා වා අනුසයාභාවවසෙන ච අකුසලමූලසමුග්ඝාතවසෙන ච කිලෙසප්පහානං පට්ඨපෙසි, තස්මා –
එය කෙලෙස් අනුපිලිවෙලින්ද, මගපිලිවෙලින්ද යන දෙයාකාරයෙන් සිතෙහි පවත්නා රාගාදිය නැතිවීම දතයුතුය. කෙලෙස් පිලිවෙල අනුව කාමරාග, පටිඝ යන කෙලෙස් අනාගාමි මගින් ඇතිවේ. මානය අරහත් මගිනි. මගපිලිවෙලින් ගත්විට, සෝවාන් මගින් (මම - මගේය) ආදී හැඟීම් හා සැකය, දුරුවේ. භව ඇල්ම හා නොදැනුවත් බව (අවිජ්ජා) අරහත් මගින් නැති වේ. මග පිළිවෙළින් (නැවත) සඳහන් කළොත්, සෝවාන් බවට පත්වීමෙන් දැකීම් හා සැකය දුරුවේ. සකදාගාමී බවට පත්වීමෙන් කාමරාග, පටිඝ කෙලෙස් සහගත බව අඩු කෙරේ. රහත් පලයට පත්වීමෙන් මාන, භවරාග, නොදැනීම හෙවත් අවිජ්ජා නැති කෙරේ. එහි යම් ආකාරයකින් සියළුම කෙලෙස් අකුසල මුල් සේ නොගත්තද, කාමරාග, භවරාග ආසාව අකුසල මූල යටතට ගැනේ. පටිඝ, අවිජ්ජා සහ දෝස මෝහ යන අකුසල මූලයෙහිම ලා සැළකේ. දිට්ඨි, මාන, විචිකිච්ඡා ආදියෙහි කිසිදු අකුසල මූලයක් සේ නොවූවත්, යම් ආකාරයකින් ඒවා දුරුකිරීමෙන් ද, අකුසල් මුල් සහමුලින්ම නැසීමෙන් කෙලෙස් නැතිකිරීම බලාපොරොත්තු වීද, එහෙයින් -
“යස්සානුසයා න සන්ති කෙචි, මූලා ච අකුසලා සමූහතාසෙ”. –
‘යම් පැවිද්දකු අකුසල් මුල් සහමුලින්ම උදුරා දමන ලද්දේ ද, නසන ලද්දේ ද කාමාදි අනුසය හෙවත් කෙලෙස් කිසිවක් නැතැයි
ඉති භගවා ආහ.
භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
යස්ස දරථජාති එත්ථ පන පඨමුප්පන්නා කිලෙසා පරිළාහට්ඨෙන දරථා නාම, අපරාපරුප්පන්නා පන තෙහි දරථෙහි ජාතත්තා දරථජා නාම. ඔරන්ති සක්කායො වුච්චති. යථාහ – “ඔරිමං තීරන්ති ඛො, භික්ඛු, සක්කායස්සෙතං අධිවචන”න්ති (සං· නි· 4.238). ආගමනායාති උප්පත්තියා. පච්චයාසෙති පච්චයා එව. කිං වුත්තං හොති? යස්ස පන උපාදානක්ඛන්ධග්ගහණාය පච්චයභූතා අරියමග්ගෙන පහීනත්තා, කෙචි දරථජවෙවචනා කිලෙසා න සන්ති, පුබ්බෙ වුත්තනයෙනෙව සො භික්ඛු ජහාති ඔරපාරන්ති.
යස්ස දරථජා යන ගාථාවෙහි - දරථ යන්නෙන් මුලින් මුලින් හටගන්නා කෙලෙස්වලින් දවන ගතිය පහදයි. ඒ දැවීම් ගති තුලින් ඇතිවූ බැවින් දරථජා නම් වේ. ඔර යයි තම සිරුරට කියනු ලැබේ. ‘ඔරීමං තීරන්ති ඛො භික්ඛූ සක්කායස්සෙතං අධිවචනං’ මෙතෙර පැවිද්දකුගේ තම සිරුරට සමාන වචනයකැයි කියන ලදී. ආගමනාය යනු උපතයි. පච්චයාසෙ - හේතුවමය. කුමක් නිසා කියන ලද්දේ ද? යම් පැවිද්දෙකුට දැඩි සේ ඇළුම් කිරීමට ඇති හේතු සෝවාන් ආදී මගපලවලට පත්වීමෙන් නැති කරන ලද හෙයින් දරථජා යැයි දැක්වූ පරිදි කෙලෙස් කිසිවක් හට නොගනී. පෙර කියන ලද පරිදි ඒ පැවිද්දා සසර ගමන අත්හරි.
යස්ස වනථජාති එත්ථපි දරථජා විය වනථජා වෙදිතබ්බා. වචනත්ථෙ පන අයං විසෙසො – වනුතෙ, වනොතීති වා වනං යාචති සෙවති භජතීති අත්ථො. තණ්හායෙතං අධිවචනං. සා හි විසයානං පත්ථනතො සෙවනතො ච “වන”න්ති වුච්චති. තං පරියුට්ඨානවසෙන වනං ථරති තනොතීති වනථො, තණ්හානුසයස්සෙතං අධිවචනං. වනථා ජාතාති වනථජාති. කෙචි පනාහු “සබ්බෙපි කිලෙසා ගහනට්ඨෙන වනථොති වුච්චන්ති, අපරාපරුප්පන්නා පන වනථජා”ති. අයමෙව චෙත්ථ උරගසුත්තෙ අත්ථො අධිප්පෙතො, ඉතරො පන ධම්මපදගාථායං. විනිබන්ධාය භවායාති භවවිනිබන්ධාය. අථ වා චිත්තස්ස විසයෙසු විනිබන්ධාය ආයතිං උප්පත්තියා චාති අත්ථො. හෙතුයෙව හෙතුකප්පා.
යස්ස වනථජා - මෙහිද දරථජ මෙන් වනථජ ගැන ද දතයුතුය. වචනයේ අරුතෙහි වෙනසක් ඇත. වන යනු ඇළුම් කරන්නේ, ආසා බලාපොරොත්තු ඇති කරන්නේය යන අදහසයි. ඉල්ලයි, සේවනය කරයි යන තේරුමයි. තණ්හාව සමාන වචනයකි. එසේ අරමුණු වන යම් දෙයක් පතමින්, ඇසුරු කරන යන තේරුමෙන් වනං යැයි කියනු ලැබේ. වනථො තණ්හා කෙලෙස් හා සමානය. එයින් ඇති වූයේ, හටගත්තේ වනථාජාත = වනථජා නම් වේ. ඇතැමෙක් සියළුම කෙලෙස්වලටම ‘වනථ’ යැයි කියති. පසුව හටගන්නා කෙලෙස්ද වනථජා යැයි උරග සූත්‍රයෙහිදී අදහස් වේ. අනෙක් අදහස ධම්මපද ගාථාවලට අදාලය. විනිබන්ධාය භවාය - සසර එකට බැඳී ඇති බවයි. නැතහොත් සිතෙහි පහළවන කෙලෙස් අරමුණුවල සබඳතාවයි. නැවත උපතකට හේතුවේයැයි අදහසයි. හේතුවම හෙතුකප්ප යයි දැක්වේ.
යො නීවරණෙති එත්ථ නීවරණාති චිත්තං, හිතපටිපත්තිං වා නීවරන්තීති නීවරණා, පටිච්ඡාදෙන්තීති අත්ථො. පහායාති ඡඩ්ඩෙත්වා. පඤ්චාති තෙසං සඞ්ඛ්යාපරිච්ඡෙදො. ඊඝාභාවතො අනීඝො. කථංකථාය තිණ්ණත්තා තිණ්ණකථංකථො. විගතසල්ලත්තා විසල්ලො. කිං වුත්තං හොති? යො භික්ඛු කාමච්ඡන්දාදීනි පඤ්ච නීවරණානි සමන්තභද්දකෙ වුත්තනයෙන සාමඤ්ඤතො විසෙසතො ච නීවරණෙසු ආදීනවං දිස්වා තෙන තෙන මග්ගෙන පහාය තෙසඤ්ච පහීනත්තා එව කිලෙසදුක්ඛසඞ්ඛාතස්ස ඊඝස්සාභාවෙන අනීඝො, “අහොසිං නු ඛො අහං අතීතමද්ධාන”න්තිආදිනා (ම· නි· 1.18; සං· නි· 2.20) නයෙන පවත්තාය කථංකථාය තිණ්ණත්තා තිණ්ණකථංකථො , “තත්ථ කතමෙ පඤ්ච සල්ලා? රාගසල්ලො, දොසසල්ලො, මොහසල්ලො, මානසල්ලො, දිට්ඨිසල්ලො”ති වුත්තානං පඤ්චන්නං සල්ලානං විගතත්තා විසල්ලො. සො භික්ඛු පුබ්බෙ වුත්තනයෙනෙව ජහාති ඔරපාරන්ති.
යො නීවරණෙ - මෙම ගාථාවෙහි නීවරණ යනු සිතට හිතවත් පිළිවෙතක් හෝ වළකාලීමයි. සඟවති, ආවරණය කරති යන තේරුමයි. පහාය - ඉවතලා, පඤ්ච යනු නීවරණ සංඛ්‍යාවයි. දුක්රහිත බව අනීඝො කථාවෙන් කථාව - සැකය ඉක්මවූ බැවින් තිණ්ණකථංකථො, උල් ඉවත්කළ බැවින් විසල්ලො - මෙසේ කියන ලද්දේ කුමක් නිසාද? යම් පැවිද්දෙකු නීවරණයන්හි පලවිපාක දැක, මහණකමෙහි යහපත් වූ උසස් බවක් ලෙසට, ඒ කාමච්ඡන්ද ආදී නීවරණ පහ ඒ ඒ මගපල ලබමින් මුළුමනින්ම හැරදමන ලද බැවින්, කෙලෙස් දුක් රහිත බැවින්, ‘මම අතීත භවයන්හි සිටියෙම්දැ’යි? ආදී ලෙසින් සැකයෙන් තොරවීමෙන් තිණ්ණකථංකථො වෙයි. (ඉහත සඳහන් පරිදි) උල් පහ කවරේද? රාගය නැමති උල, දොස උල, මොහ උල, මාන උල සහ දිට්ඨි උල ය. මෙම උල් පහ උදුරා ඉවත ලූ බැවින් විසල්ල නම් වේ. මෙබඳු පැවිද්දා පෙර කී අයුරු සසර නවතයි.
අත්රාපි ච කිලෙසපටිපාටියා මග්ගපටිපාටියා චාති ද්විධා එව නීවරණප්පහානං වෙදිතබ්බං. කිලෙසපටිපාටියා හි කාමච්ඡන්දනීවරණස්ස බ්යාපාදනීවරණස්ස ච තතියමග්ගෙන පහානං හොති, ථිනමිද්ධනීවරණස්ස උද්ධච්චනීවරණස්ස ච චතුත්ථමග්ගෙන. “අකතං වත මෙ කුසල”න්තිආදිනා (ම· නි· 3.248; නෙත්ති· 120) නයෙන පවත්තස්ස විප්පටිසාරසඞ්ඛාතස්ස කුක්කුච්චනීවරණස්ස විචිකිච්ඡානීවරණස්ස ච පඨමමග්ගෙන. මග්ගපටිපාටියා පන කුක්කුච්චනීවරණස්ස විචිකිච්ඡානීවරණස්ස ච පඨමමග්ගෙන පහානං හොති, කාමච්ඡන්දනීවරණස්ස බ්යාපාදනීවරණස්ස ච දුතියමග්ගෙන තනුභාවො හොති, තතියෙන අනවසෙසප්පහානං. ථිනමිද්ධනීවරණස්ස උද්ධච්චනීවරණස්ස ච චතුත්ථමග්ගෙන පහානං හොතීති. එවං –
තවද නීවරණ නැති කිරීම කෙලෙස් දුරුකරන පිළිවෙළින් ද මගපිළිවෙතින් ද යන දෙ ආකාරයෙන්ම දතයුතුය. කෙලෙස් පිළිවෙළින් වූ කාමච්ඡන්ද, ව්‍යාපාද නීවරණ සකදාගාමී මගින් නැති වෙයි. ථිනමිද්ධ උද්ධච්ව අරහත් මගින් නැසේ. ‘මා විසින් ඒකාන්තයෙන්ම කුසල් නොකරන ලදී’ ආදී ලෙසින් වන විපිළිසර වූ කුකුස් ඇති විචිකිච්ඡා නීවරණය සෝවාන් මගින් නැතිවේ. කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ සකදාගාමී මගින් ලිහිල් වේ. අනාගාමී මගින් ඉතිරි නැතිවම මුළුමනින්ම නසයි. ථීනමිද්ධ හා උද්ධච්ච නීවරණ රහත් මගින් නැති කෙරේ. මෙසේය:
“යො නීවරණෙ පහාය පඤ්ච, අනීඝො තිණ්ණකථංකථො විසල්ලො; සො භික්ඛු ජහාති ඔරපාරං, උරගො ජිණ්ණමිවත්තචං පුරාණ”න්ති. –
‘යො නීවරණෙ පහාය පඤ්ච අනීඝො තිණ්ණ කථං කථො විසල්ලො සො භික්ඛූ ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං’
යනුවෙන් නීවරණ නැතිකොට, දුක් රහිතව, සැක දුරුකොට, රාගාදී උල් උදුරා හළ ඒ මහණ පැරණි හැවය හැර දමන උරගයකු සේ (සසරින්) එතර වේ’
අරහත්තනිකූටෙනෙව භගවා දෙසනං නිට්ඨාපෙසි. දෙසනාපරියොසානෙ සො භික්ඛු අරහත්තෙ පතිට්ඨිතො. “එකච්චෙ යෙන යෙන තෙසං භික්ඛූනං යා යා ගාථා දෙසිතා, තෙන තෙන තස්සා තස්සා ගාථාය පරියොසානෙ සො සො භික්ඛු අරහත්තෙ පතිට්ඨිතො”ති වදන්ති.
යැයි අරහත් මග කුළුගන්වමින් දේශනාව නිම කළහ. දේශනාව අවසන ඒ මහණහු අරහත්පලෙහි පිහිටියහ. [missing trans]
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය උරගසුත්තවණ්ණනා නිට්ඨිතා.
උරග සූත්‍ර විස්තරය නිමි.