යෙදුමෙන් කියවන්න

සූචිලොම සුත‍්තං

2. 5.

2. 5.

සූචිලොම සුත‍්තං

සූචිලෝම සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා ගයායං විහරති ටංකිතමඤ‍්චෙ සූචිලොමස‍්ස යක‍්ඛස‍්ස භවනෙ. තෙන ඛො පන සමයෙන ඛරො ච යක‍්ඛො සූචිලොමො ච යක‍්ඛො භගවතො අවිදූරෙ අතික‍්කමන‍්ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා ගම නොදුරෙහි ටඞ්කිතමඤ්චයෙහි වූ සුචිලෝම යක්‍ෂයාගේ භවනයෙහි වැඩවෙසෙන සේක. එ සමයෙහි ‘ඛර’ නම් යක්‍ෂ ද, සුචිලෝම යක්‍ෂ ද, භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි ඉක්මයෙති.

අථ ඛො ඛරො යක‍්ඛො සූචිලොමං යක‍්ඛං එතදවොච එසො සමණොති: නෙසො සමණො සමණකො එසො. යාව ජානාමි යදි වා සො සමණො යදි වා සමණකොති.

ඉක්බිති ඛර යක්‍ෂයා සුචිලෝම යක්‍ෂයා හට මෙසේ කීය: තෙල ශ්‍රමණයෙක. තෙල ශ්‍රමණයෙක් නො වේ. තෙල (ශ්‍රමණ ප්‍රතිරූපක) ශ්‍රමණකයෙකි. හෙතෙමේ ශ්‍රමණයෙක් ද නැතහොත් ශ්‍රමණකයෙක් දැයි යම්තාක් දනිම් නම් ඒ තාක් නවතුව.

අථ ඛො සූචිලොමො යක‍්ඛො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවතො කායං උපනාමෙසි.

ඉක්බිති සුචිලෝම යක්‍ෂ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේට (සිය) කය නතු කෙළේය.

අථ ඛො භගවා කායං අපනාමෙසි,

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ (සිය) කය පසෙකට නැමූ සේක.

අථ ඛො සූචිලොමො යක‍්ඛො භගවන‍්තං එතදවොච,

ඉක්බිති සුචිලෝම යක්‍ෂ භාග්‍යවතුන් වහන්සේ හට තෙල කීය:

භායසි මං සමණාති.

මහණ මට බානෙහි ද?

නඛ‍්වාහන‍්තං ආවුසො භායාමි, අපි ච තෙ සම‍්ඵස‍්සො පාපකොති.

ඇවත, මම තට නො බානෙම් ම ය, එතෙකුදු වුව තාගේ පහස පවිටු ය.

පඤ‍්හං තං සමණ පුච‍්ඡිස‍්සාමි සචෙ මෙ න ව්‍යාකරිස‍්සසි චිත‍්තං වා තෙ ඛිපිස‍්සාමි හදයං වා තෙ ඵාලෙස‍්සාමි පාදෙසු වා ගහෙත්‍වා පාරගඞ‍්ගාය ඛිපිස‍්සාමීති.

මහණ, තා පැන පුළුවුස්නෙමි. ඉදින් මට (එය) නො පවසන්නෙහි නම් තාගේ සිත හෝ පෙරළන්නෙමි, තා හදවත හෝ පලන්නෙමි දෙපයැ හෝ ගෙණ ගඟින් එතර දමා ගසන්නෙමි.

න ඛ‍්වාහං තං ආවුසො පස‍්සාමි, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය යො මෙ චිත‍්තං වා ඛිපෙය්‍ය හදයං වා ඵාලෙය්‍ය පාදෙසු වා ගහෙත්‍වා පාරගඞ‍්ගාය ඛිපෙය්‍ය, අපි ච ත්‍වං ආවුසො පුච‍්ඡ යදාකඞ‍්ඛසීති.

ඇවැත, යමෙක් මා සිත හෝ පෙරළා නම් හදවත හෝ පලා නම්, දෙපයැ හෝ ගෙණ ගඟිනෙතර දමා ගසා නම්, එබන්දකු මම දෙවියන් සහිත, මරුන් සහිත බඹුන් සහිත, ලොව්හි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව අතර නො ම දක්මි. එතෙකුදු වුවත් ඇවත, තෝ යමක් අසනට රිසියෙහි නම් පුළුවුස්ව.

අථ ඛො සූචිලොමො යක‍්ඛො භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති සුචිලෝම යක්‍ෂ භාග්‍යවතුන් වහන්සේට ගාථවෙකින් සැලකෙළේ ය:

272. රාගො ච දොසො ච කුතොනිදානො අරතී රතී ලොමහංසො කුතොජා, කුතො සමුට‍්ඨාය මනොවිතක‍්කා කුමාරකා ධඞ‍්කමිවොස‍්සජන‍්ති.

272. රාගය හා ද්වේෂය හා කුමක් නිදාන කොට ඇත්තාහු ද? (ප්‍රාන්තශයනාසනයන්හි හා අධිකුශලධර්‍මයන්හි නො ඇලීම වූ) අරතිය හා (පස්කම් ගුණෙහි ඇල්ම වූ) රතිය හා (චිත්තෝ ත්‍රාසය වූ) ලොමුදහගැණීම් හා කොයින් උපදනාහු ද? කාමාදි විතර්‍කයෝ කොයින් ඉපද ලදරුවන් කවුඩුවකු (පා හුයෙකින්) බැඳ මුදා හරින්නාක් මෙන් කුසල චිත්තය බැඳ හරිත් ද?

273. රාගො ච දොසො ච ඉතොනිදානා අරතී රතී ලොමහංසො ඉතොජා, ඉතො සමුට‍්ඨාය මනො විතක‍්කා කුමාරකා ධඞ‍්කමිවොස‍්සජන‍්ති.

273. රාගය හා ද්වේෂය හා (පංචස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මභාවය නිදාන කොට ඇත්තාහ. අරතිය හා රතිය හා ලොමුදහගැණීම හා, මෙයින් (ආත්මභාවයෙන්) උපදනාහු වෙති. මෙයින් ඉපදී විතර්‍කයෝ කුඩා කුමරුන් කවුඩකු මෙන් කුසල් සිත බැඳ හරිත්.

274. ස‍්නෙහජා අත‍්තසම‍්භූතා නිග්‍රොධස‍්සෙව ඛන්‍ධජා, පුථු විසත‍්තා කාමෙසු මාලුවා’ව විතතා වනෙ.

274. නුගරුකෙහි කඳින් උපදනා අරළු (ප්‍රරෝහ) මෙන් ස්නේහයෙන් උපන් රාගාදීහු (පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මභාවයෙන් උපන්නාහු වෙති. වෙනෙහි පැතිර ගිය මාලුව ලිය මෙන් ඔහු නන් අයුරු වූවාහු කාමයන්හි පැතිරගත්තාහු වෙති.

275. යෙ නං පජානන‍්ති යතො නිදානං තෙ නං විනොදෙන‍්ති සුණොහි යක‍්ඛ, තෙ දුත‍්තරං ඔඝමිමං තරන‍්ති අතිණ‍්ණපුබ‍්බං අපුනබ‍්භවායාති.

275. යක්‍ෂය, අසව, යමෙක් තුමූ ඒ රාගාදී ක්ලේශ සමූහය යමක් නිදාන කොට ඇතැයි දනිත් ද, ඔහු එය දුරලති. ඔහු අපුනර්‍භවය පිණිස තරණය නොකළ විරූ, දුකසේ තරණය කළ යුතු, මේ චතුරෝඝය තරණය කෙරෙත් යි.

සූචිලොමසුත‍්තං නිට‍්ඨිතං.

සුචිලෝම සූත්‍රය නිමි.