උට්ඨාන සුත්තං
2. 10.
2. 10.
උට්ඨාන සුත්තං
උට්ඨාන සූත්‍රය
333. උට්ඨහථ නිසීදථ කො අත්ථො සුපිතෙන වො, ආතුරානං භි කා නිද්දා සල්ලවිද්ධාන රුප්පතං.
333. (අලස බැවින්) නැගී සිටිවු, (පළක් බැඳ කර්මස්ථානානුයෝගය සඳහා) හිඳිවු, තොපට නින්දෙන් කවරැ අර්‍ත්‍ථයෙක් ද? හුලින් විදිනා ලදුව පෙළෙන ආතුරයනට කවර නින්දෙක් ද?
334. උට්ඨහථ නිසීදථ දළ්හං සික්ඛථ සන්තියා, මා වො පමත්තෙ විඤ්ඤාය මච්චුරාජා අමොසයිත්ථවසානුහෙ.
334. නැගී සිටිවු, හිඳගණිවු, (නිර්වාණ) ශාන්තිය පිණිස දැඩිව හික්මෙවු. තොප පමාවූවන් දැන වසගයන් කොට මරරද නහමක් මුළාකෙරේවා !
335. යාය දෙවා මනුස්ස ච සිතා තිට්ඨන්ති අත්ථිකා, තරථෙතං’විසත්තිකං ඛණො වො මා උපච්චගා; ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා.
335. යම් තෘෂ්ණාවක් හේතුකොට ගෙණ (රූප ශබ්ද ආදිය) අර්‍ත්‍ථකොට ඇති දෙවියෝ ද, මිනිස්සු ද, (ඒ රූපාදි) අරමුණු ඇසුරු කොට සිටිද්ද, (නන් අරමුණුවල විසිර පවත්නා හෙයින්) විසත්තිකා නම් වූ ඒ තෘෂ්ණාව තරණය කරවු. (මේ මහණ පිරීමේ) මොහොත තොප නහමක් ඉක්ම යේවා! ක්ෂ්ණය ඉක්ම වූවාහු නිරයෙහි පිහිටියාහු ශෝක කෙරෙත් මය.
336. පමාදො රජො පමාදො පමාදානුපතිතො රජො, අප්පමත්තෙන විජ්ජාය අබ්බහෙ සල්ලමත්තනොති.
336. (ස්මෘති විප්‍රවාස සඞ්ඛ්‍යාත) ප්‍රමාදය රජසෙකි. ප්‍රමාදයෙන් යලි යලි උපන් ප්‍රමාදය ද රජසෙකි. අප්‍රමාදයෙන් ද, (ආශ්රවක්ෂයඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාවෙන් ද තමාගේ (රාගාදි පඤ්චවිධ) හුල උදුරා ලන්නේය.
උට්ඨානසුත්තං නිට්ඨිතං.
උට්ඨාන සූත්‍රය නිමි.