පුණ්ණමාසත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
පුණ්ණමාසත්ථෙරගාථාවණ්ණනා
පුණ්ණමාස ස්ථවිරගාථා වර්ණනාව
විහරි අපෙක්ඛන්ති ආයස්මතො පුණ්ණමාසත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර විපස්සිස්ස භගවතො කාලෙ චක්කවාකයොනියං නිබ්බත්තො භගවන්තං ගච්ඡන්තං දිස්වා පසන්නමානසො අත්තනො මුඛතුණ්ඩකෙන සාලපුප්ඵං ගහෙත්වා පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉතො සත්තරසෙ කප්පෙ අට්ඨක්ඛත්තුං චක්කවත්තී රාජා අහොසි. ඉමස්මිං පන කප්පෙ කස්සපස්ස භගවතො සාසනෙ ඔසක්කමානෙ කුටුම්බියකුලෙ නිබ්බත්තිත්වා පබ්බජිත්වා සමණධම්මං කත්වා තතො චුතො දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථිනගරෙ සමිද්ධිස්ස නාම බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති. තස්ස ජාතදිවසෙ තස්මිං ගෙහෙ සබ්බා රිත්තකුම්භියො සුවණ්ණමාසානං පුණ්ණා අහෙසුං. තෙනස්ස පුණ්ණමාසොති නාමං අකංසු. සො වයප්පත්තො බ්රාහ්මණවිජ්ජාසු නිප්ඵත්තිං පත්වා විවාහකම්මං කත්වා එකං පුත්තං ලභිත්වා උපනිස්සයසම්පන්නතාය ඝරාවාසං ජිගුච්ඡන්තො භගවන්තං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා ලද්ධූපසම්පදො පුබ්බකිච්චසම්පන්නො චතුසච්චකම්මට්ඨානෙ යුත්තප්පයුත්තො විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.7.13-19) –
“විහරි අපෙක්ඛං” යන මෙය ආයුෂ්මත් පුණ්ණමාස තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? ඔහු වනාහි විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සමයේ දී සක්වාලිහිණි කුලයෙහි ඉපිද, උන්වහන්සේ වැඩම කරනු දැක, පැහැදුණු සිතින් යුතුව තම මුව තුඩින් සල් මලක් ගෙනවුත් පූජා කළේය. ඔහු එම පින් කමෙන් දෙව් මිනිසුන් අතර සැරි සරා, මෙයින් කල්ප දාහතකට පෙර අට වරක් සක්විති රජය කරවීය. මේ මහා භද්‍රකල්පයෙහි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සසුන පිරිහෙන කාලයේ සිටු කුලයෙහි ඉපිද, පැවිදිව මහණදම් නිසි පරිදි පුරා, නැවත ඉන් චුතව දෙව් මිනිස් දෙගතියෙහි හැසිරෙමින් සිට; අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර, සමිද්ධි නම් බමුණාගේ පුතා වී උපන්නේය. ඔහු උපන් දිනයෙහි එම ගෙදර සියලුම හිස්ව තිබූ සැලි, රන්වන් මෑ ඇට වලින් පිරුණේය. එනිසා ඔහුට “පුණ්ණ මාස” යන නම තබන ලදි. ඔහු වැඩිවියට පැමිණ බ්‍රාහ්මණ විද්‍යාවන්හි පරතෙරට පැමිණ, විවාහ වී එක් පුතෙකු ලැබුවේය. සංසාරික හේතු සම්පත් ඇති බැවින් ගිහිගෙයි විසීම පිළිකුල් කරනුයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, බණ අසා ලබන ලද ශ්‍රද්ධා ඇතිව පැවිදිව, උපසම්පදාව ද ලැබුවේය. උන්වහන්සේ පූර්ව කෘත්‍යයන්ගෙන් යුතුව තච පංචක කමටහනෙහි ම යෙදුණු සේක්, විදර්ශනා වඩා රහත් බවට පත් වූ සේක. එනිසා අපදානයෙහි එය මෙසේ කියැවේ. අපදානයේ එන පාලි ගාථාවන්හි සිංහල අර්ථය මෙසේය. (පච්චාගමනියත්ථෙරාපදානං, අපදාන පාළි I)
“සින්ධුයා නදියා තීරෙ, චක්කවාකො අහං තදා; සුද්ධසෙවාලභක්ඛොහං, පාපෙසු ච සුසඤ්ඤතො.
“මම එකල සින්ධු නදී තීරයෙහි පිරිසිදු දිය සෙවෙල් පමණක් අනුභව කරන, පවින් වැලකුණු සක්වාලිහිණියෙක් වීමි.
“අද්දසං විරජං බුද්ධං, ගච්ඡන්තං අනිලඤ්ජසෙ; තුණ්ඩෙන සාලං පග්ගය්හ, විපස්සිස්සාභිරොපයිං.
එසමයේ කෙලෙස් මල දුරු කළ අහසෙහි ගමන් කරන බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. තුඩින් සල් මලක් ගෙනවුත් ඒ විපස්සි බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.
“යස්ස සද්ධා තථාගතෙ, අචලා සුප්පතිට්ඨිතා; තෙන චිත්තප්පසාදෙන, දුග්ගතිං සො න ගච්ඡති.
එවිට විපස්සි බුදුරජාණන් වහන්සේ, “යමෙකුගේ ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ කෙරෙහි නිශ්චලව පිහිටියේ ද, ඔහු ඒකාන්තයෙන් ම ඒ සිත් පැහැදවීම නිසා දුගතියකට නොයන්නේ ය”යි වදාළ සේක.
“ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ; විහඞ්ගමෙන සන්තෙන, සුබීජං රොපිතං මයා.
ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම ඉතා යහපත් වූවකි. සක්වාලිහිණියෙකු වූ මවිසින් මනාවූ කුශල බීජයක් රෝපණය කරන ලදි.
“එකනවුතිතො කප්පෙ, යං පුප්ඵමභිරොපයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මීට කල්ප අනූ එකකට පෙර යම් මලක් මවිසින් පිදුයෙම් ද එහි පින් බෙලෙන් දුගතියක නූපදුනෙමි. පුෂ්ප පූජාවේ විපාකය මෙයයි.
“සුචාරුදස්සනා නාම, අට්ඨෙතෙ එකනාමකා; කප්පෙ සත්තරසෙ ආසුං, චක්කවත්තී මහබ්බලා.
මෙයින් දාහත්වන කල්පයෙහි දී සුචාරුදස්සන නම් එකම නම ඇති මහා බලවත් වූ සක්විති රජවරු අට දෙනෙක්ව ඉපදුනෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් පිළිසිඹියාවෝද...... සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.” (1361-1367)
අථස්ස පුරාණදුතියිකා තං පලොභෙතුකාමා අලඞ්කතපටියත්තා පුත්තෙන සද්ධිං උපගන්ත්වා පියාලාපභාවාදිකෙහි භාවවිවරණකම්මං නාම කාතුං ආරභි. ථෙරො තස්සා කාරණං දිස්වා අත්තනො කත්ථචිපි අලග්ගභාවං පකාසෙන්තො “විහරි අපෙක්ඛ”න්ති ගාථං අභාසි.
ඉක්බිති උන්වහන්සේගේ ගිහි කළ භාර්යාව අලංකාරව සැරසී පුතා සමඟ පැමිණ ප්‍රිය කථා බහින්, ස්ත්‍රී ලීලා දැක්වීමෙන් උන්වහන්සේගේ සිත් ගැනීමට වෑයම් කළාය. තෙරුන් වහන්සේ ඇගේ උත්සාහය දැක, තමන් වහන්සේ කිසි තැනෙක්හි නො ඇලෙන බව පවසමින් “විහරි අපෙක්ඛං” යන ගාථාව වදාළ සේක.
“විහරි අපෙක්ඛං ඉධවා හුරංවා, යො වෙදගු සමිතො යතත්නො, සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තො, ලොකස්ස ධඤ්ඤා උදයබ්බයඤ්ඤා”
තත්ථ විහරීති විසෙසතො හරි අපහරි අපනෙසි. අපෙක්ඛන්ති තණ්හං. ඉධාති ඉමස්මිං ලොකෙ අත්තභාවෙ වා. හුරන්ති අපරස්මිං අනාගතෙ අත්තභාවෙ වා. ඉධාති වා අජ්ඣත්තිකෙසු ආයතනෙසු. හුරන්ති බාහිරෙසු . වා-සද්දො සමුච්චයත්ථො “අපදා වා ද්විපදා වා”තිආදීසු (ඉතිවු· 90; අ· නි· 4.34; 5.32) විය. යොති අත්තානමෙව පරං විය දස්සෙති. වෙදගූති වෙදෙන ගතො මග්ගඤාණෙන නිබ්බානං ගතො අධිගතො, චත්තාරි වා සච්චානි පරිඤ්ඤාපහානසච්ඡිකිරියාභාවනාභිසමයවසෙන අභිසමෙච්ච ඨිතො. යතත්තොති මග්ගසංවරෙන සංයතසභාවො, සම්මාවායාමෙන වා සංයතසභාවො. සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තොති සබ්බෙසු ආරම්මණෙසු ධම්මෙසු තණ්හාදිට්ඨිලෙපවසෙන න උපලිත්තො, තෙන ලාභාදිලොකධම්මෙ සමතික්කමං දස්සෙති. ලොකස්සාති උපාදානක්ඛන්ධපඤ්චකස්ස. තඤ්හි ලුජ්ජනපලුජ්ජනට්ඨෙන ලොකො. ජඤ්ඤාති ජානිත්වා. උදයබ්බයඤ්චාති උප්පාදඤ්චෙව වයඤ්ච, එතෙන යථාවුත්තගුණානං පුබ්බභාගපටිපදං දස්සෙති. අයං පනෙත්ථ අත්ථො – යො සකලස්ස ඛන්ධාදිලොකස්ස සමපඤ්ඤාසාය ආකාරෙහි උදයබ්බයං ජානිත්වා වෙදගූ යතත්තො කත්ථචි අනුපලිත්තො, සො සබ්බත්ථ අපෙක්ඛං විනෙය්ය සන්තුසිතො තාදිසානං විප්පකාරානං න කිඤ්චි මඤ්ඤති, තස්මා ත්වං අන්ධබාලෙ යථාගතමග්ගෙනෙව ගච්ඡාති. අථ සා ඉත්ථී “අයං සමණො මයි පුත්තෙ ච නිරපෙක්ඛො, න සක්කා ඉමං පලොභෙතු”න්ති පක්කාමි.
මෙහි “විහරි” යනු විශේෂයෙන් ගෙන ගියේය, දුරු කළේය, පහ කළේය. “අපෙක්ඛං” යනු තණ්හාවයි. “ඉධ” යනු මේ ලෝකයෙහි, මේ අත්බවෙහි “හුරං” යනු පරලොව හෝ අනාගත ආත්මභවයන්හි නැතිනම් “ඉධ” යනු ආධ්‍යාත්මික ආයතනයන්හි, “හුරං” යනු බාහිර ආයතනයන්හි “වා” ශබ්දය “අපදා වා ද්විපදා වා” යන තැන මෙන් සමුච්චයාර්ථයෙහි එකතු කර දැක්වීමෙහි යෙදේ. “යො” යනුවෙන් තමන් වහන්සේම වෙනත් අයෙකු මෙන් දක්වයි. “වෙදගු” යනු නුවණින් (වෙද) අවබෝධ කළ, මාර්ග ඤාණයෙන් නිවණට ගිය, චතුරාර්ය සත්‍යය අවබෝධ කළ, විශේෂයෙන් පිරිසිඳ දැනීම - ප්රහාණය - සාක්ෂාත් කිරීම හා වැඩීම යන ක්‍රමයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ, අවබෝධයෙහි පිහිටි “යතත්තො” යනු මාර්ග සංවරයෙන් සංයුත වූ සංවර වූ ස්වභාවයයි. යහපත් වෑයමෙන් (සම්මා වායාම) හෝ සංවර වූ ස්වභාවය “සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තො” සියලුම ආරම්මණ ධර්මයන් හි තණ්හා - දිට්ඨි ආලේප වශයෙන් නොගෑවුණු, ස්පර්ශ නොවූ, එයින් ලැබීම් ආදී ලෞකික ධර්මයන්හි සමතික්‍රමණය, ඉක්මවා යෑම දක්වයි. “ලොකස්ස” යනු උපාදාන (දැඩිවගත්) කරගත් ස්කන්ධ පංචකයේ; ඒවායේ කැඩීම් - බිඳීම් ස්වභාවය නිසා “ලෝක” නම් වේ. “ජඤ්ඤා” යනු දැනගෙන, “උදයබ්බයඤ්ච” යන ඉපදීමත් නැතිවීමත්ය. පහළවීමත් වැය වී යාමත්ය. මෙයින් ඉහත කියන ලද ගුණයන්ගෙන් යුතු පූර්ව භාග ප්‍රතිපදාව දක්වයි. මෙහි අර්ථය වනාහි මෙසේ දත යුතුයි. “යමෙක් සියලු ම ස්කන්ධ ලෝකයේ ඇතිවීම හා නැතිවීම සම ප්‍රඥාවෙන් දැන; උසස්ම ඥානය ලබා සංවර වූයේ වේද කිසි තැනෙක නො ඇලෙන ඔහු, සැම තැන්හිම අපේක්ෂාවක් නැතිව, හික්මුණු සිතින් සතුටින් යුක්තව මෙබඳු ස්ත්රීන්ගේ විප්‍රකාර පිළිබඳව කිසිත් නොසිතා සිටිති. එනිසා අඳ බාල තැනැත්තිය, නුඹ ආවා වූ මගින්ම නැවත හැරී යන්න” යි යනුවෙනි. ඉක්බිති ඒ ස්ත්‍රිය, “මේ ශ්‍රමණයා මා කෙරෙහි ද පුතු කෙරෙහි ද අපේක්ෂා රහිතයෙකි. මොහු පොළඹා ගැනීමට නොහැකි”යි සිතා ගියාය.
පුණ්ණමාසත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
පුණ්ණමාස ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
පරමත්ථදීපනියා ථෙරගාථාසංවණ්ණනාය
පළමු වැනි වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්ත වේ.
පඨමවග්ගවණ්ණනා නිට්ඨිතා.
ප්‍රථම වර්ගය නිමියේය.