චූළවච්ඡත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
චූළවච්ඡත්ථෙරගාථාවණ්ණනා
චූළවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
පාමොජ්ජබහුලොති ආයස්මතො චූළවච්ඡත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ දලිද්දකුලෙ නිබ්බත්තිත්වා පරෙසං භතියා ජීවිකං කප්පෙන්තො භගවතො සාවකං සුජාතං නාම ථෙරං පංසුකූලං පරියෙසන්තං දිස්වා පසන්නමානසො උපසඞ්කමිත්වා වත්ථං දත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දි. සො තෙන පුඤ්ඤකම්මෙන තෙත්තිංසක්ඛත්තුං දෙවරජ්ජං කාරෙසි. සත්තසත්තතික්ඛත්තුං චක්කවත්තී රාජා අහොසි. අනෙකවාරං පදෙසරාජා. එවං දෙවමනුස්සෙසු සංසරන්තො කස්සපස්ස භගවතො සාසනෙ ඔසක්කමානෙ පබ්බජිත්වා සමණධම්මං කත්වා එකං බුද්ධන්තරං දෙවමනුස්සගතීසු අපරාපරං පරිවත්තන්තො අම්හාකං භගවතො කාලෙ කොසම්බියං බ්රාහ්මණකුලෙ නිබ්බත්ති. චූළවච්ඡොතිස්ස නාමං අහොසි. සො වයප්පත්තො බ්රාහ්මණසිප්පෙසු නිප්ඵත්තිං ගතො බුද්ධගුණෙ සුත්වා පසන්නමානසො භගවන්තං උපසඞ්කමි, තස්ස භගවා ධම්මං කථෙසි. සො පටිලද්ධසද්ධො පබ්බජිත්වා ලද්ධූපසම්පදො කතපුබ්බකිච්චො චරිතානුකූලං කම්මට්ඨානං ගහෙත්වා භාවෙන්තො විහරි. තෙන ච සමයෙන කොසම්බිකා භික්ඛූ භණ්ඩනජාතා අහෙසුං. තදා චූළවච්ඡත්ථෙරො උභයෙසං භික්ඛූනං ලද්ධිං අනාදාය භගවතා දින්නොවාදෙ ඨත්වා විපස්සනං බ්රූහෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.50.31-40) –
“පාමොජ්ජ බහුලො” යනු ආයුෂ්මත් චූලගවච්ඡ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? ඔහු වනාහි පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දිළිඳු පවුලක ඉපදුණේය. අනුන්ට බැල මෙහෙකම් කරමින් දිවිගෙවන ඔහු දිනක් භාග්‍යවතුන් වහන්සේගේ සුජාත නම් ශ්රාවකයා පාංශුකූලයක් සොයනු දැක, පැහැදුණු සිතින් උන්වහන්සේ වෙත පැමිණ වස්ත්‍රයක් දී, පසඟ පිහිටුවා වැන්දේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් තිස්තුන් වරක් දෙව් රජව (ශක්‍ර දේවේන්ද්රව) උපන්නේය. සත් සිය වරක් සක්විති රජකම ලැබුවේය. අනේක වාරයක් ප්‍රදේශ රාජ සම්පත් වින්දේය. මෙසේ දෙව් මිනිසුන් අතර සැරිසරා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුන පිරිහීගෙන යන කාලයේ පැවිදිව මහණ දම් පිරුවේය. එක් බුද්ධාන්තරයක් දෙව් මිනිස් දෙගතියෙහි එකිනෙකට යමින් සිට, අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ කල්හි කොසඹෑවේ බමුණු ගෙදරක උපන්නේය. ඔහුගේ නම “චූලගවච්ඡ” නම් විය. ඔහු වැඩිවියට පැමිණ බමුණු සිප් සතරෙහි පරතෙරට ගියේය. පසුව බුදුගුණ අසා පැහැදුණු සිතින් ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට ධර්ම දේශනා කළ සේක. ලබන ලද ශ්‍රද්ධාව ඇතිව පැවිදි වූ ඔහු, නොබෝ දිනකින් උපසපන් වී සිය චරිතයට සුදුසු කමටහන් ගෙන, එම කමටහන් නිතර වඩමින් වාසය කළේය. මෙසමයේ කොසඹෑ නුවර වැසි භික්ෂු කලහ කරන්නෝ වූහ. නමුත් චූලගවච්ඡ තෙරුන් ඒ දෙපිරිසේම වාදය පිළිනොගෙන, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙන ලද අවවාදයෙහිම පිහිටා, විදසුන් වඩා රහත් බවට පත්විය. එනිසා අපදාන පාළියේ මෙම විස්තරය මේ අයුරින් දැක්වේ. (අපදාන පාළි II, උපඩ්ඪදුස්ස දායකත්ථෙරාපදානං)
“පදුමුත්තරභගවතො, සුජාතො නාම සාවකො; පංසුකූලං ගවෙසන්තො, සඞ්කාරෙ චරතී තදා.
“එසමයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සුජාත නම් ශ්රාවකයා, පාංශුකූල සිවුරක් කිරීමට රෙදි කඩක් සොයමින් කසල ඇති තැන්හි සොයනු දුටු හංසවතී නුවර බැල මෙහෙ කරමින් ජීවත්වූ මම, උන්වහන්සේට රෙදි කඩක් පුදා හිසින් වැන්දෙමි.
“නගරෙ හංසවතියා, පරෙසං භතකො අහං; උපඩ්ඪුදුස්සං දත්වාන, සිරසා අභිවාදයිං.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
මැනවින් කරන ලද මේ පුණ්‍ය කර්මය නිසාත් ප්‍රාර්ථනා මහිම නිසාත් මිනිස් සිරුර හැර දමා මම දෙව් ලොව ඉපදුනෙමි.
“තෙත්තිංසක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජමකාරයිං; සත්තසත්තතික්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං.
තිස් තුන් වරක් ශක්රදේවේන්ද්රව දිව්‍ය රාජ්‍යය විචාළෙමි. සැත්තෑ සත් වරක් සක්විති රජව සම්පත් වින්දනය කළෙමි.
“පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං; උපඩ්ඪදුස්සදානෙන, මොදාමි අකුතොභයො.
මා ලැබූ ප්‍රදේශ රාජ සම්පත් පමණ කළ නොහැක. වස්ත්‍ර කැබැල්ලක් පිදීමේ පිනින් අපාය බිය රහිත වූ මම සතුටු වූයෙමි.
“ඉච්ඡමානො චහං අජ්ජ, සකානනං සපබ්බතං; ඛොමදුස්සෙහි ඡාදෙය්යං, අඩ්ඪුදුස්සස්සිදං ඵලං.
ඉදින් මා කැමැත්තේ නම් වන පර්වතාදියෙන් යුක්ත මේ මුළු පෙදෙසම කොමු පිළියෙන් වැසීයාමේ හැකියාවක් මට ඇත. රෙදි කඩක් පිදීමේ පින් කමෙහි විපාකය එබඳුය.
“සතසහස්සිතො කප්පෙ, යං දානමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, අඩ්ඪුදුස්සස්සිදං ඵලං.
මීට කල්ප ලක්ෂයකට පෙර යම් දානයක් දුන්නේ නම්, එහි විපාක වශයෙන් මම දුගතියකට කිසි කලෙක නොගියෙමි. රෙදිකඩ පිදීමේ පිනේ විපාකය එසේය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියළු කෙලෙස් දවන ලදි. සියලු භව නැසුවෙමි. ඇත්රජෙකු මෙන් ආශ්‍රව නම් බැඳුම් සිඳ සුවසේ වෙසෙමි. බුදුරදුන් වෙත මාගේ පැමිණීම යහපත් වූවකි. මම ත්‍රිවිද්‍යාවන් අවබෝධ කළෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි. සිව් පිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලද මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.” (5279-5288)
අථ චූළවච්ඡත්ථෙරො අරහත්තං පත්වා තෙසං භික්ඛූනං කලහාභිරතියා සකත්ථවිනාසං දිස්වා ධම්මසංවෙගප්පත්තො, අත්තනො ච පත්තවිසෙසං පච්චවෙක්ඛිත්වා පීතිසොමනස්සවසෙන “පාමොජ්ජබහුලො”ති ගාථං අභාසි.
ඉක්බිති චූලගවච්ඡ තෙරණුවෝ රහත් බවට පත්ව, ඒ භික්ෂූන්ගේ කලහයෙන් ඔවුනොවුන්ම වැනසෙන බව දැක, ධර්ම සංවේගයට පත්වූහ. තමන් වහන්සේ අවබෝධ කරගත් විශේෂ අධිගමයන් සිහිපත් කිරීමෙන්, උන්වහන්සේට හටගත් ප්‍රීති සොම්නස් බව නිසා, “පාමොජ්ජ බහුලො” යන ගාථාව වදාළ සේක.
තත්ථ පාමොජ්ජබහුලොති සුපරිසුද්ධසීලතාය විප්පටිසාරාභාවතො අධිකුසලෙසු ධම්මෙසු අභිරතිවසෙන පමොදබහුලො. තෙනෙවාහ “ධම්මෙ බුද්ධප්පවෙදිතෙ”ති. තත්ථ ධම්මෙති. සත්තතිංසාය බොධිපක්ඛියධම්මෙ නවවිධෙ වා ලොකුත්තරධම්මෙ. සො හි සබ්බඤ්ඤුබුද්ධෙන සාමුක්කංසිකාය දෙසනාය පකාසිතත්තා සාතිසයං බුද්ධප්පවෙදිතො නාම. තස්ස පන අධිගමූපායභාවතො දෙසනාධම්මොපි ඉධ ලබ්භතෙව. පදං සන්තන්ති නිබ්බානං සන්ධාය වදති. එවරූපො හි භික්ඛු සන්තං පදං සන්තං කොට්ඨාසං සබ්බසඞ්ඛාරානං උපසමභාවතො සඞ්ඛාරූපසමං පරමසුඛතාය සුඛං නිබ්බානං අධිගච්ඡති වින්දතියෙව. පරිසුද්ධසීලො හි භික්ඛු විප්පටිසාරාභාවෙන පාමොජ්ජබහුලො සද්ධම්මෙ යුත්තප්පයුත්තො විමුත්තිපරියොසානා සබ්බසම්පත්තියො පාපුණාති. යථාහ – “අවිප්පටිසාරත්ථානි ඛො , ආනන්ද, කුසලානි සීලානි, අවිප්පටිසාරො පාමොජ්ජත්ථායා”තිආදි (අ· නි· 10.1). අථ වා පාමොජ්ජබහුලොති සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝොති රතනත්තයං සන්ධාය පමොදබහුලො. තත්ථ පන සො පමොදබහුලො කිං වා කරොතීති ආහ “ධම්මෙ බුද්ධප්පවෙදිතෙ”තිආදි. සද්ධාසම්පන්නස්ස හි සප්පුරිසසංසෙවනසද්ධම්මස්සවනයොනිසොමනසිකාරධම්මානුධම්මපටිපත්තීනං සුඛෙනෙව සම්භවතො සම්පත්තියො හත්ථගතා එව හොන්ති, යථාහ – “සද්ධාජාතො උපසඞ්කමති, උපසඞ්කමන්තො පයිරුපාසතී”තිආදි (ම· නි· 2.183).
එහි “පාමොජ්ජ බහුලො” යනු ඉතා පිරිසිදු සිල් ඇති බැවින් විපිළිසර නොවීම් වශයෙන් හා අධිකුසල දහම් හි විශේෂයෙන් ඇලීම් වශයෙන් ප්‍රමෝදය සතුට බහුල වූයේ, එනිසා “ධම්මෙ බුද්ධප්පවෙදිතෙ” යනුවෙන් කියන ලදි. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත “ධම්මෙ” යනු තිස් හතක් වූ බෝධි පාක්ෂික ධර්මයෙහි හෝ නව විධ වූ ලෝකෝත්තර ධර්මයෙහි උන්වහන්සේට වනාහි සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ විසින් සාමුක්කංසික ධර්ම දේශනාව පවත්වන ලදි. එබැවින් ඒ ධර්මය, “බුදුරජාණන් වහන්සේ විසින් දේශිත” නම් වේ. අවබෝධ කිරීම් වශයෙන් උන්වහන්සේගේ දේශනා කරන ලද ධර්මය ද මෙහි අදහස් වේ. “පදං සන්තං” යනු නිර්වාණය අදහස් කිරීමට යෙදුවකි. මෙබඳු වූ භික්ෂුව ශාන්ත පදයට, ශාන්ත වූ කොටසට සියලු සංස්කාර සංසිඳවීම් වශයෙන් පැමිණේ. අයත් වේ. “සඞ්ඛාරූපසමං” යනු උතුම් සුවදායී බවට “සුඛං” යනු නිවණට පැමිණේ. නිවන් සැප විඳියි. පිරිසිදු සිල් ඇති භික්ෂුව විපිළිසර නොවීම් වශයෙන් ප්‍රමෝදය බහුල වූයේ, සත් ධර්මයෙහිම නිරත වූයේ - යෙදුනේ. විමුක්තියේ කෙළවරට පැමිණේ. නිවණට පත්වේ. යම්හෙයකින් ද, “ආනන්දය, කුසල් හා සීලය විපිළිසර නොවීම් පිණිස හේතුවේ. විපිළිසර නොවීම ප්‍රමෝදය - සතුට පිණිස හේතුවේ” යනුවෙන් බුදුහු වදාළ බැවිනි. නැතහොත් “පාමොජ්ජබහුලො” යනු “භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක. ධර්මය ස්වාක්ඛාතය. (මැනවින් දේශිතය) එහි ඒ ප්‍රමාද බහුල පුද්ගලයා කුමක් නම් කරන්නේද?” යන්න හඟවමින් “ධම්මෙ බුද්ධප්පවෙදිතෙ”, “බුදුන් දෙසූ ධර්මයෙහි” ආදී වශයෙනි. ශ්‍රද්ධාවෙන් යුක්ත පුද්ගලයාට, සත් පුරුෂ ඇසුර හා සද්ධර්ම ශ්‍රවණයන් ලැබූ, නුවණින් මෙනෙහි කිරීම් වශයෙන් ධර්මානු ධර්ම ප්‍රතිපත්තීන්ට සුවසේ පැමිණීම් වශයෙන් සමාපත්තීහු අතට පත් වූවාක් මෙන් වැටහෙති. එනිසා “සද්ධාජාතො උපසඞ්කසමති උපසඞ්කමන්තො පයිරුපාසති” (ශ්‍රද්ධාව උපදවා සමීපයට පැමිණෙයි. සමීපයට පැමිණ ඇසුරු කරයි) යනාදිය කියන ලදි.
චූළවච්ඡත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
චූලගවච්ඡ ථේර ගාථා අර්ථ වර්ණනාව නිමියේය.