මහාවච්ඡත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
මහාවච්ඡත්ථෙරගාථාවණ්ණනා
මහාවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
පඤ්ඤාබලීති ආයස්මතො මහාවච්ඡත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර පදුමුත්තරස්ස භගවතො භික්ඛුසඞ්ඝස්ස ච පානීයදානමදාසි. පුන සිඛිස්ස භගවතො කාලෙ උපාසකො හුත්වා විවට්ටූපනිස්සයං බහුං පුඤ්ඤකම්මං අකාසි, සො තෙහි පුඤ්ඤකම්මෙහි තත්ථ තත්ථ සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ මගධරට්ඨෙ නාළකගාමෙ සමිද්ධිස්ස නාම බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති. තස්ස මහාවච්ඡොති නාමං අහොසි. සො වයප්පත්තො ආයස්මතො සාරිපුත්තස්ස භගවතො සාවකභාවං සුත්වා “සොපි නාම මහාපඤ්ඤො. යස්ස සාවකත්තං උපාගතො, සො එව මඤ්ඤෙ ඉමස්මිං ලොකෙ අග්ගපුග්ගලො”ති භගවති සද්ධං උප්පාදෙත්වා සත්ථු සන්තිකෙ පබ්බජිත්වා කම්මට්ඨානං අනුයුඤ්ජන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.50.51-56) –
“පඤ්ඤාබලී” යනු ආයුෂ්මත් මහාගවච්ඡ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? මොහු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ භික්ෂු සංඝයාට පැන් දානයක් දුන්නේය. පසුව සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ද උපාසකයෙක් වී නිවණම අරමුණු කරගෙන බොහෝ පින්කම් කළේය. ඔහු එම පින්කම්වල විපාක වශයෙන් ඒ ඒ කාම සුගති භවයන්හි ම ඉපදෙමින් සසර සැරිසරා, අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මගධ රට, නාළක ගමෙහි සමිද්ධි නම් බමුණාගේ පුත්‍රයෙකු ලෙස උපන්නේය. ඔහුට “මහාගවච්ඡ” යන නම විය. ඔහු වැඩිවියට පැමිණ “ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකි”යි අසා; “ඒ සැරියුත් තෙරණුවෝ මහා ප්‍රඥාවන්තයෙකි. උන්වහන්සේ ශ්‍රාවක බවට පත් වූ යමෙක් වේ ද ඔහු නියතයෙන්ම මේ ලොව අග්‍රම පුද්ගලයා විය යුතුයැ”යි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සැදැහැසිත් උපදවා, උන්වහන්සේ සමීපයේ පැවිදි විය. පැවිදිව කමටහන් ගෙන එහි යෙදුණු මහාගවච්ඡ තෙරණුවෝ නොබෝ දිනකින්ම රහත් බවට පත් වූ සේක. මේ බව අපදාන පාළියේ විස්තර වේ. එහි සිංහලාර්ථ මෙසේය. (අපදාන පාළි, II උදක දායක ත්‍ථෙරාපදානං)
“පදුමුත්තරබුද්ධස්ස, භික්ඛුසඞ්ඝෙ අනුත්තරෙ; පසන්නචිත්තො සුමනො, පානීයඝටමපූරයිං.
“පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අනුත්තර වූ භික්ෂු සංඝයා කෙරෙහි පැහැදුණු සිත් ඇති මම සතුටු සිතින් පැන් කළයක් පිදුවෙමි.
“පබ්බතග්ගෙ දුමග්ගෙ වා, ආකාසෙ වාථ භූමියං; යදා පානීයමිච්ඡාමි, ඛිප්පං නිබ්බත්තතෙ මම.
පර්වත මුදුනක වුවද ගස් මුදුනක හෝ අහසෙහි හෝ පොළොවෙහි හෝ යම් තැනක හිඳ පැන් කැමති වේද වහා මට පැන් පහළ වේ.
“සතසහස්සිතො කප්පෙ, යං දානමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, දකදානස්සිදං ඵලං.
එදා මීට කල්ප ලක්ෂයකට පෙරදී පැන් කලයක් දන් දුන්නෙම්ද ඒ දානයේ විපාක ලෙස මේ දක්වා දුගතියකට නොගියෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… භවා සබ්බෙ සමූහතා; ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් කෙලෙස් දවන ලදි. සියලු භවයන් නැසුවෙමි. බැඳුම් සිඳින ලද ඇත් රජෙකු මෙන් ආශ්‍රව රහිතව සුවසේ වෙසෙමි. බුදුරදුන් වෙත මාගේ පැමිණීම ඉතා යහපත් පැමිණීමකි. ත්‍රිවිද්‍යාවන් ලබන ලද මම බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝද ෂඩ් අභිඥාවෝ ද මවිසින් සාක්ෂාත් කරන ලදහ. බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.” (5298-5303)
එවං පන අරහත්තං පත්වා විමුත්තිසුඛං අනුභවන්තො සාසනස්ස නිය්යානිකභාවවිභාවනෙන සබ්රහ්මචාරීනං උස්සාහජනනත්ථං “පඤ්ඤාබලී”ති ගාථං අභාසි.
උන්වහන්සේ මෙසේ රහත් බවට පත්ව විමුක්ති සුව විඳිමින් සසුනේ නෛර්‍ය්‍යාණිකභාවය ප්‍රකට කිරීමෙන්, සබ්‍රහ්මචාරීන්ගේ උත්සාහය ජනනය කිරීම, වර්ධනය කිරීම පිණිස “පඤ්ඤාබලී” යන ගාථාව වදාළ සේක.
තත්ථ පඤ්ඤාබලීති පාරිහාරියපඤ්ඤාය විපස්සනාපඤ්ඤාය ච වසෙන අභිණ්හසො සාතිසයෙන පඤ්ඤාබලෙන සමන්නාගතො. සීලවතූපපන්නොති උක්කංසගතෙන චතුපාරිසුද්ධිසීලෙන, ධුතධම්මසඞ්ඛාතෙහි වතෙහි ච උපපන්නො සමන්නාගතො. සමාහිතොති උපචාරප්පනාභෙදෙන සමාධිනා සමාහිතො. ඣානරතොති තතො එව ආරම්මණූපනිජ්ඣානෙ ලක්ඛණූපනිජ්ඣානෙ ච රතො සතතාභියුත්තො. සබ්බකාලං සතියා අවිප්පවාසවසෙන සතිමා. යදත්ථියන්ති අත්ථතො අනපෙතං අත්ථියං, යෙන අත්ථියං යදත්ථියං. යථා පච්චයෙ පරිභුඤ්ජන්තස්ස පරිභුඤ්ජනං අත්ථියං හොති, තථා භොජනං භුඤ්ජමානො. සාමිපරිභොගෙන හි තං අත්ථියං හොති දායජ්ජපරිභොගෙන වා, න අඤ්ඤථා භොජනන්ති ච නිදස්සනමත්තං දට්ඨබ්බං. භුඤ්ජියති පරිභුඤ්ජියතීති වා භොජනං, චත්තාරො පච්චයා. “යදත්ථික”න්ති වා පාඨො. යදත්ථං යස්සත්ථාය සත්ථාරා පච්චයා අනුඤ්ඤාතා, තදත්ථං කායස්ස ඨිතිආදිඅත්ථං, තඤ්ච අනුපාදිසෙසනිබ්බානත්ථං. තස්මා අනුපාදාපරිනිබ්බානත්ථං භොජනපච්චයෙ භුඤ්ජමානො තතො එව කඞ්ඛෙථ කාලං අත්තනො අනුපාදාපරිනිබ්බානකාලං ආගමෙය්ය. ඉධ ඉමස්මිං සාසනෙ වීතරාගො. බාහිරකස්ස පන කාමෙසු වීතරාගස්ස ඉදං නත්ථීති අධිප්පායො.
එහි “පඤ්ඤාබලී” යනු පරිහරණය කළ යුතු ප්‍රඥාවෙන් හා විදර්ශනා ප්‍රඥාවෙන් නිතර උත්සාහවත් වී අතිශය වූ ප්‍රඥා බලයෙන් යුක්ත වූ “සිලවතූප්පන්නො” යනු උසස් බවට ගිය මතුපාරිශුද්ධි ශීලයෙන් ද ධූතාංග ධර්ම නම් වත් පිළිවෙතින් ද යුක්ත වූ, බබළන්නා වූ “සමාහිතො” යනු උපචාර හා අර්පණා භේද ඇති සමාධියෙන් සන්සුන් වූ සිත් ඇති “ඣානරතො” යනු එම අරමුණම සිහි කිරීමෙහිම ලක්ෂණ සිහි කිරීමෙහි ම යෙදුණු සිහියෙන් යුක්ත වූයේ සැම කල්හි සිහියෙන් තොරව නොවසන හෙයින් “සතිමා” නම් වූ “යදත්ථියං” යනු අර්ථ වශයෙන් අපේක්ෂා රහිත වූ එහි යමෙකුට යමකින් අර්ථයක් වේ ද ඒ යදත්ථිය නම්වේ. යම් ප්‍රත්‍යයක් පරිභෝග කරන්නාට පරිභෝජනයෙන් වනාහී ඒ අර්ථය ඉටුවේ. දායාද පරිභෝජනයෙන් අන්‍ය වූ වෙනත් භෝජනයක් ද නිදසුන් වශයෙන් දත යුතුයි. අනුභව කරනුයේ පරිභෝජනය කරනුයේ ‘භෝජන’ යි. (භුඤ්ජීයති පරිභුඤ්ජීයතීතිවා භොජනං) මෙහි භෝජන යනු සිවුපසයයි. “යදත්ථිකං” යන පාඨයද මෙහි යෙදේ. “යම් අර්ථයකට, යමක් සඳහා ශාස්තෲන් වහන්සේ විසින් ප්‍රත්‍යය අනුදන්නා ලද සේක් ද, ඒ අර්ථය සඳහා කය පවත්වා ගැනීමේ කැමැත්ත” ආදී වශයෙන් අර්ථ දත යුතුයි. “අර්ථය” යනු අනුපාදිසේස නිර්වාණ ධාතුවට සමවැදීමයි. එනිසා අනුපාදිසේස පිරිනිවණට පත්වීම සඳහා සිවුපසය අනුභව කරන තමාගේ අනුපාදිසේස පරිනිර්වාණ කාලයේ පැමිණීම ම අපේක්ෂා කරමින් සිටියි. මෙහි මේ සම්බුද්ධ ශාසනයේ වීතරාගී වූ උතුමන්ට පමණක් මේ අපේක්ෂාව ඇත. ඉන් බැහැර වූ සසුනක කාමයන්හි නොඇලීමක් ඇත්තහුට “මෙය නැත”, “මෙබඳු සිතක් - අපේක්ෂාවක් නැත” යන අදහසයි.
මහාවච්ඡත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
මහාගවච්ඡ ථේර ගාථා අර්ථ වර්ණනාව නිමියේය.