යෙදුමෙන් කියවන්න

වනවච‍්ඡත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

වනවච‍්ඡත්‍ථෙරගාථාවණ‍්ණනා

වනවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව

නීලබ‍්භවණ‍්ණාති ආයස‍්මතො වනවච‍්ඡත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සො කිර අත්‍ථදස‍්සිනො භගවතො කාලෙ කච‍්ඡපයොනියං නිබ‍්බත‍්තො විනතාය නාම නදියා වසති. තස‍්ස ඛුද‍්දකනාවප‍්පමාණො අත‍්තභාවො අහොසි. සො කිර එකදිවසං භගවන‍්තං නදියා තීරෙ ඨිතං දිස‍්වා, “පාරං ගන‍්තුකාමො මඤ‍්ඤෙ භගවා”ති අත‍්තනො පිට‍්ඨියං ආරොපෙත්‍වා නෙතුකාමො පාදමූලෙ නිපජ‍්ජි. භගවා තස‍්ස අජ‍්ඣාසයං ඤත්‍වා තං අනුකම‍්පන‍්තො ආරුහි. සො පීතිසොමනස‍්සජාතො සොතං ඡින්‍දන‍්තො ජියාය වෙගෙන ඛිත‍්තසරො විය තාවදෙව පරතීරං පාපෙසි. භගවා තස‍්ස පුඤ‍්ඤස‍්ස ඵලං එතරහි නිබ‍්බත‍්තනකසම‍්පත‍්තිඤ‍්ච බ්‍යාකරිත්‍වා පක‍්කාමි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අනෙකසතක‍්ඛත‍්තුං තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අරඤ‍්ඤවාසීයෙව අහොසි. පුන කස‍්සපබුද‍්ධකාලෙ කපොතයොනියං නිබ‍්බත‍්තිත්‍වා අරඤ‍්ඤෙ විහරන‍්තං මෙත‍්තාවිහාරිං එකං භික‍්ඛුං දිස‍්වා චිත‍්තං පසාදෙසි.

“නීලබ්භවණ්ණා” යන මේ ගාථාව ආයුෂ්මත් වනවච්ඡ තෙරුන් වහන්සේ විසින් පැවසූවකි. එහි උපත කවරේද? වනවච්ඡ තෙරුන් පෙර අත්‍ථදස්සි භාග්‍යවතුන් ලොව පහළ වූ සමයේ කැසිබු යෝනියෙහි ඉපිද “විනතාය” නම් නදියේ වාසය කරයි. ඒ කැසුබුවාට ඉතා කුඩා සිරුරක් විය. ඔහු එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ නදී තෙර සිටිනු දුටුවේය. “භාග්‍යවතුන් වහන්සේ එතෙරට යනු කැමැත්තෙන් සිටිති”යි සිතා උන්වහන්සේ තම පිටෙහි හිඳුවාගෙන ගෙන යනු කැමතිව පාමුල හොත්තේය. භාග්‍යවතුන් වහන්සේ, කැසුබුවාගේ අදහස දැන ඔහුට අනුකම්පාවෙන් පිටට නැගි සේක. ඔහු එකෙණෙහිම ප්‍රීති සොම්නසට පැමිණ, ගඟට බැස දුනුදියේ වේගයෙන් විඳි සැරයක් මෙන් බුදුහු පරතෙරට ගෙන ගියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ පින්ඵල ද මෙහිදී උපදින සම්පත් ආදිය ද දේශනා කොට වැඩිසේක. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සරා, නොයෙක් සිය ගණනක් වාරයන්හි තවුස් පැවිද්දෙන් පැවිදිව ආරණ්‍යවාසියෙක් විය. නැවත කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවස පරෙවියෙකුව ඉපිද කැළයේ වෙසෙන මෙත් සහගත විහරණයෙන් සිටින භික්‍ෂුවක් දැක සිත් පැහැදවීය.

තතො පන චුතො බාරාණසියං කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො සංවෙගජාතො පබ‍්බජිත්‍වා විවට‍්ටූපනිස‍්සයං බහුං පුඤ‍්ඤකම‍්මං උපචිනි. එවං තත්‍ථ තත්‍ථ දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුනගරෙ වච‍්ඡගොත‍්තස‍්ස නාම බ්‍රාහ‍්මණස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්ස මාතා පරිපක‍්කගබ‍්භා අරඤ‍්ඤං දස‍්සනත්‍ථාය සඤ‍්ජාතදොහළා අරඤ‍්ඤං පවිසිත්‍වා විචරති, තාවදෙවස‍්සා කම‍්මජවාතා චලිංසු, තිරොකරණිං පරික‍්ඛිපිත්‍වා අදංසු. සා ධඤ‍්ඤපුඤ‍්ඤලක‍්ඛණං පුත‍්තං විජායි. සො බොධිසත‍්තෙන සහ පංසුකීළිකසහායො අහොසි. “වච‍්ඡො”තිස‍්ස නාමඤ‍්ච අහොසි. වනාභිරතියා වසෙන වනවච‍්ඡොති පඤ‍්ඤායිත්‍ථ. අපරභාගෙ මහාසත‍්තෙ මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා මහාපධානං පදහන‍්තෙ, “අහම‍්පි සිද‍්ධත්‍ථකුමාරෙන සහ අරඤ‍්ඤෙ විහරිස‍්සාමී”ති නික‍්ඛමිත්‍වා තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තෙ වසන‍්තො අභිසම‍්බුද‍්ධභාවං සුත්‍වා භගවතො සන‍්තිකං උපගන‍්ත්‍වා පබ‍්බජිත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤෙ වසමානො නචිරස‍්සෙව විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං සච‍්ඡාකාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.49-148-163) –

ඉන් චුත වූ ඔහු; බරණැස් නුවර එක් උසස් පවුලක ඉපිද, වැඩිවියට පැමිණ ගිහිගේ ගැන කළකිරී පැවිදිව නිවන් පතාගෙන බොහෝ පින්කම් කළේය. මෙසේ ඒ ඒ මනුෂ්‍යාත්මයන්හි හැසිර, අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කපිලවත්‍ථු නගරයේ “වච්ඡගොත්ත” නම් බමුණාගේ ගෙදර පිළිසිඳ ගත්තේය. ඔහුගේ මව, පිරිපුන් ගැබ ඇත්තී වනපෙත දැකීමට හටපත් දොළ දුක් ඇත්තී කැළයට පිවිස හැසිරුණාය. එවිට ඇයගේ කර්මජ වාතයෝ සැලුනහ. දැසි දැස්සෝ ඇය තිර වලින් වට කර ගත්හ. ඇය ඉතා පින්වත් පුතෙකු වැදුවාය. එකුමරු බෝසතුන් සමග වැලිකෙළියේ පටන් සිටි යහලුවෙකු විය. ඔහුගේ නම ද ග්‍රෝත්‍ර නාමය ද “වච්ඡ” යනු විය. වනයට ඇළුම් කළ බැවින් ඔහු “වනවච්ඡ” යැයි ප්‍රකට විය. පසු කාලයක මහා බෝසතාණන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කොට, මහත් වූ ප්‍රධාන වීර්යය වඩන අවස්ථාවෙහි, “මම ද සිදුහත් කුමරුන් සමග කැළයෙහිම වෙසෙමි”යි සිතා ගෙදරින් නික්මවුන් තාපස පැවිද්දන් පැවිදිව හිම වතෙහි වාසය කළේය. පසුව “බෝසත්හු බුද්ධත්වයට පත්වූහ”යි අසා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, පැවිදිව කමටහන් රැගෙන ගොස් කැළයෙහි වාසය කළ වනවච්ඡ තෙරණුවෝ නොබෝ දිනකින් ම විදර්ශනාව වඩා රහත් ඵලය සාක්‍ෂාත් කරගත් සේක. ඒ පිළිබඳ විස්තරය අපදාන පාළියේ දැක්වේ. එම පාලි ගාථාවන්හි සිංහල අර්ථය මෙසේය. (අපදාන පාළි II, තරණීය ත්‍ථෙරාපදානං)

“අත්‍ථදස‍්සී තු භගවා, සයම‍්භූ ලොකනායකො; විනතානදියා තීරං, උපගච‍්ඡි තථාගතො.

“ලොව දතයුතු සියල්ල තමන් වහන්සේ ම අවබෝධ කරගත්, ලෝක නායක වූ අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේ විනතා නදී තීරයට වැඩි සේක.

“උදකා අභිනික‍්ඛම‍්ම, කච‍්ඡපො වාරිගොචරො; බුද‍්ධං තාරෙතුකාමොහං, උපෙසිං ලොකනායකං.

එකල මම දියේ හැසිරෙන කැසුබුවෙක් වීමි. බුදුරජාණන් වහන්සේ ගඟින් එතෙර කරවනු කැමැති වූ මම උන්වහන්සේ වෙත ගියෙමි.

“අභිරූහතු මං බුද‍්ධො, අත්‍ථදස‍්සී මහාමුනි; අහං තං තාරයිස‍්සාමි, දුක‍්ඛස‍්සන‍්තකරො තුවං.

“මහාමුනි වූ බුදුරජුනි! මාගේ පිටට නගින්න. ලෝක සත්ත්‍වයා සසර දුකින් එතෙර කරවන ඔබ වහන්සේ, මේ ගඟින් එතෙර කරවන්නෙමි.”යි යන මාගේ අදහස දැනගත් කීර්තිමත් අත්‍ථදස්සි බුදුහු මාගේ පිටට නැගි සේක.

“මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය, අත්‍ථදස‍්සී මහායසො; අභිරූහිත්‍වා මෙ පිට‍්ඨිං, අට‍්ඨාසි ලොකනායකො.

“යතො සරාමි අත‍්තානං, යතො පත‍්තොස‍්මි විඤ‍්ඤුතං; සුඛං මෙ තාදිසං නත්‍ථි, ඵුට‍්ඨෙ පාදතලෙ යථා.

යම් තැනක පටන් මට සිහිපත් කළ හැකි ද යම් භවයක මම ඤාණවන්ත බවට පැමිණියෙම් ද මේ කාලය තුළ ඔබවහන්සේගේ පාදස්පර්ශය ලැබූ මොහොතෙහි මා ලැබූ සුවය බඳු සැපක් නම් නොලැබුවෙමි.

“උත‍්තරිත්‍වාන සම‍්බුද‍්ධො, අත්‍ථදස‍්සී මහායසො; නදිතීරම‍්හි ඨත්‍වාන, ඉමා ගාථා අභාසථ.

මහත් යශස් ඇති අත්‍ථදස්සි බුදුහු ගංතෙර සිට මෙසේ වදාළහ.

“යාවතා වත‍්තතෙ චිත‍්තං, ගඞ‍්ගාසොතං තරාමහං; අයඤ‍්ච කච‍්ඡපො රාජා, තාරෙසි මම පඤ‍්ඤවා.

“මේ ගඟෙහි සැඬ පහර තරණය කරමි”යි පැමිණි මාගේ සිත දත් මෙම කැසිබු රජු මා ඉන් එතෙර කර වූයේය.

“ඉමිනා බුද‍්ධතරණෙන, මෙත‍්තචිත‍්තවතාය ච; අට‍්ඨාරසෙ කප‍්පසතෙ, දෙවලොකෙ රමිස‍්සති.

මොහු බුදුන් එතෙර කරවූ පිනින් ද මෙත් සිත් ඇති බැවින් ද කල්ප දහ අටක් දෙව් සැප විඳින්නේය.

“දෙවලොකා ඉධාගන‍්ත්‍වා, සුක‍්කමූලෙන චොදිතො; එකාසනෙ නිසීදිත්‍වා, කඞ‍්ඛාසොතං තරිස‍්සති.

එම කුසලය නිසා දෙව්ලොවින් චුතව බුදුසස්නක පැවිදිව සැක සංකා නම් සැඬ පහර තරණය කරන්නේය.”

“යථාපි භද‍්දකෙ ඛෙත‍්තෙ, බීජං අප‍්පම‍්පි රොපිතං; සම‍්මාධාරෙ පවෙච‍්ඡන‍්තෙ, ඵලං තොසෙති කස‍්සකං.

මෙසේ වදාළ බුදු වදන් ඇසූ මම; සරු කෙතක රෝපිත ස්වල්ප වූ බිජුවට මැනවින් වැසි වැටී මහත් ශස්‍ය ඵලයක් ලැබීමෙන් සතුටුවන ගොවියකු මෙන් බුදුන්ගේ වදන් නමැති වැසි දිය වැටුණු මාගේ පුණ්‍යඵලය මා සිත තුටු කරන්නේය.

“තථෙවිදං බුද‍්ධඛෙත‍්තං, සම‍්මාසම‍්බුද‍්ධදෙසිතං; සම‍්මාධාරෙ පවෙච‍්ඡන‍්තෙ, ඵලං මං තොසයිස‍්සති.

“පධානපහිතත‍්තොම‍්හි, උපසන‍්තො නිරූපධි; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, විහරාමි අනාසවො.

ඒ මම දැන් ප්‍රධන් වීර්යයෙහිම යොමු කළ සිත් ඇත්තෙමි. උපශාන්ත වූයෙමි. උපධි රහිත වූයෙමි. සියලු ආශ්‍රව මැනවින් දැන ආශ්‍රව රහිතව වෙසෙමි.

“අට‍්ඨාරසෙ කප‍්පසතෙ, යං කම‍්මමකරිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, තරණාය ඉදං ඵලං.

එසේ ඇති මම මීට පෙර කල්ප දහ අටකට පෙර යම් කුසලයක් කළෙම් ද එහි බලයෙන් දුගතියක් නුදුටුවෙමි. බුදුරදුන් ගඟින් එතෙර කිරීමේ පින එබඳුය.”

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

“මවිසින් සියලු කෙලෙස් නසන ලදි. සියලු භවයන් නැසුවෙමි. බැඳුම් සිඳ සුවසේ වෙසෙන ඇත් රජෙකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි. බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීම යහපත් වූවක්ම විය. ත්‍රිවිද්‍යාවන් ලැබූ මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි. සිවුපිළිසිඹියාවන් ද අෂ්ට විමෝක්‍ෂයන් ද ෂඩ් අභිඥාවන් ද මැනවින් සාක්‍ෂාත් කරන ලද්දෙමි. බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.” (5177-5192)

එවං පන අරහත‍්තං පත්‍වා භගවති කපිලවත්‍ථුස‍්මිං විහරන‍්තෙ තත්‍ථ ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා භික‍්ඛූහි සමාගතො පටිසන්‍ථාරවසෙන “කිං, ආවුසො, අරඤ‍්ඤෙ ඵාසුවිහාරො ලද‍්ධො”ති පුට‍්ඨො “රමණීයා, ආවුසො, අරඤ‍්ඤෙ පබ‍්බතා”ති අත‍්තනා වුට‍්ඨපබ‍්බතෙ වණ‍්ණෙන‍්තො “නීලබ‍්භවණ‍්ණා”ති ගාථං අභාසි.

මෙසේ රහත් බවට පත්ව භාග්‍යවතුන් වහන්සේ කපිල වස්තුවෙහි වැඩ වාසය කරන කාලයේදී, එහි ගොස් උන්වහන්සේට වැඳ, භික්‍ෂූන් වහන්සේලා සමග එක් වූ වනවච්ඡ තෙරණුවෝ පිළිසඳර කථාවෙහි යෙදුණු සේක. ඒ භික්‍ෂූන් විසින් “ඇවැත්නි! කිම වන අරණ පහසු විහරණයට යෝග්‍යද?”යි විචාළ විට “ඇවැත්නි! කැලයේ පර්වත ඉතා දැකුම්කලු යැ”යි පවසමින් තමන් වහන්සේ වාසය කළ වන පර්වතය වර්ණනා කරමින් “නීලබ්භවණ්ණා” යන ගාථාව වදාළ සේක.

තත්‍ථ නීලබ‍්භවණ‍්ණාති නීලවලාහකනිභා නීලවලාහකසණ‍්ඨානා ච. රුචිරාති රුචියා සකිරණා පභස‍්සරා ච. සීතවාරීති සීතලසලිලා. සුචින්‍ධරාති සුචිසුද‍්ධභූමිභාගතාය සුද‍්ධචිත‍්තානං වා අරියානං නිවාසනට‍්ඨානතාය සුචින්‍ධරා. ගාථාසුඛත්‍ථඤ‍්හි සානුනාසිකං කත්‍වා නිද‍්දෙසො. “සීතවාරිසුචින්‍ධරා”තිපි පාඨො, සීතසුචිවාරිධරා සීතලවිමලසලිලාසයවන‍්තොති අත්‍ථො. ඉන්‍දගොපකසඤ‍්ඡන‍්නාති ඉන්‍දගොපකනාමකෙහි පවාළවණ‍්ණෙහි රත‍්තකිමීහි සඤ‍්ඡාදිතා පාවුස‍්සකාලවසෙන එවමාහ. කෙචි පන “ඉන්‍දගොපකනාමානි රත‍්තතිණානී”ති වදන‍්ති. අපරෙ “කණිකාරරුක‍්ඛා”ති. සෙලාති සිලාමයා පබ‍්බතා, න පංසුපබ‍්බතාති අත්‍ථො. තෙනාහ – “යථාපි පබ‍්බතො සෙලො”ති (උදා· 24). රමයන‍්ති මන‍්ති මං රමාපෙන‍්ති, මය‍්හං විවෙකාභිරත‍්තිං පරිබ්‍රූහෙන‍්ති. එවං ථෙරො අත‍්තනො චිරකාලපරිභාවිතං අරඤ‍්ඤාභිරතිං පවෙදෙන‍්තො තිවිධං විවෙකාභිරතිමෙව දීපෙති. තත්‍ථ උපධිවිවෙකෙන අඤ‍්ඤාබ්‍යාකරණං දීපිතමෙව හොතීති.

එහි “නීලබ්භවණ්ණා” යනු නිල්වලා බඳු ශෝභාව ඇති, නිල්වලා බඳු පිහිටීම් ඇති; “රුචිරා” යනු මනහර වූ කටයුතුවලට උචිත වූ පැහැපත් වූ; “සිතචාරී” යනු සීතල ජලය ඇති, “සුචින්‍ධරා” යනු ඉතා පිරිසිදු භූමිභාග ඇති බැවින් පිරිසිදු සිත් ඇති ආර්යයන්ට වාසය පිණිස සුදුසු වන බැවින් මනහර වූ ගාථාවේ පහසු උච්ඡාරණය පිණිස අනුනාසික සහිතව (බින්‍දුව සහිතව) මෙසේ ද පාඨයක් ඇත. “සීතං වාරිසුචින්‍දරා” එහි අර්ථය මෙසේය. “සීතල පිරිසිදු ජල දහර සිසිල් නිර්මල නදියට ගලා යයි.” “ඉන්‍දගොපක සඤ්ඡන්නා” යනු ඉන්දගෝපක - උදුගොවුවෝ නම් පබළු බඳු වූ රතුපාට පණුවන්ගෙන් ගැවසුණු එසේ ඔවුන් ඉතා බහුල වූ කාලයක් බැවින් මෙසේ කියන ලදි. ඇතැම්හු ඉන්‍දගෝපක නම් රතු තණ විශේෂයකැයි කියති. තවත් අය කිණිහිරි ගස් යැයි කියති. “සෙලා” යනු ගල්වලින් වැසුණු පර්වතයි. පස් සහිත කඳු නොවේ යන අර්ථයයි. එනිසා “යථාපි පබ්බතො සෙලො” (ශෛලමය පර්වත මෙන්) යැයි කියන ලදි. “රමයන්ති මං” යනු මගේ සිත අලවයි. මා හට විවේකයෙහි ඇල්ම වැඩි දියුණු කරවයි. මෙසේ තෙරුන් වහන්සේ; තමාගේ බොහෝ කාලයක් මුලුල්ලෙහි වඩන ලද “වන වාසයේ ඇල්ම” ප්‍රකාශ කරන සේක් ත්‍රිවිධාකාරයකින් විවේකයේ ඇලීමට දැක්වූ සේක. එහි උපධි විවේකයෙන් රහත් බව ප්‍රකට කරන ලදැයි දත යුතුයි.

වනවච‍්ඡත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වනවච්ඡ ථේර ගාථා අර්ථ වර්ණනාව නිමියේය.