වනවච්ඡත්ථෙරසාමණෙරගාථාවණ්ණනා අට්ඨකථා
වනවච්ඡත්ථෙරසාමණෙරගාථාවණ්ණනා
වනවච්ඡත්‍ථේර සාමණෙරගාථා වර්ණනාව
උපජ්ඣායොති සිවකස්ස සාමණෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර ඉතො එකතිංසෙ කප්පෙ වෙස්සභුස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො එකදිවසං කෙනචිදෙව කරණීයෙන අරඤ්ඤං පවිට්ඨො තත්ථ පබ්බතන්තරෙ නිසින්නං වෙස්සභුං භගවන්තං දිස්වා පසන්නචිත්තො උපසඞ්කමිත්වා වන්දිත්වා අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. පුන තත්ථ මනොහරානි කාසුමාරිකඵලානි දිස්වා තානි ගහෙත්වා භගවතො උපනෙසි, පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො කස්සපස්ස භගවතො සාසනෙ මාතුලෙ පබ්බජන්තෙ තෙන සද්ධිං පබ්බජිත්වා බහුං විවට්ටූපනිස්සයං කුසලං උපචිනිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ වනවච්ඡත්ථෙරස්ස භාගිනෙය්යො හුත්වා නිබ්බත්තො, සිවකොතිස්ස නාමං අහොසි. තස්ස මාතා අත්තනො ජෙට්ඨභාතිකෙ වනවච්ඡෙ සාසනෙ පබ්බජිත්වා පබ්බජිතකිච්චං මත්ථකං පාපෙත්වා අරඤ්ඤෙ විහරන්තෙ තං පවත්තිං සුත්වා පුත්තං ආහ – “තාත සිවක, ථෙරස්ස සන්තිකෙ පබ්බජිත්වා ථෙරං උපට්ඨහ, මහල්ලකො දානි ථෙරො”ති. සො මාතු එකවචනෙනෙව ච පුබ්බෙ කතාධිකාරතාය ච මාතුලත්ථෙරස්ස සන්තිකං ගන්ත්වා පබ්බජිත්වා තං උපට්ඨහන්තො අරඤ්ඤෙ වසති.
එහි පර්වත දෙකක් අතරෙහි වැඩහුන් වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ දැක, පැහැදුණු සිතින් උන්වහන්සේ සමීපයට ගොස් වැඳ, ඇඳිලි බැඳගෙනම සිටියේය. නැවත එම වනයේ තිබූ මනහර ඇත්දෙමට ගෙඩි දැක, එම ගෙඩි කඩා බුදුරදුන්ට පිදුවේය. බුදුපියාණන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් එම ගෙඩි පිළිගත් සේක. ඔහු ඒ පින්කමේ විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සරන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මිනිස් භාවයක් ලබා තම මාමා සමගම පැවිදි වී නිර්වාණය පතාගෙන බොහෝ කුසල් රැස් කළේය. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයෙහි ඔහු වනවච්ඡ තෙරුන්ගේ බෑණා වී උපන්නේය. ඔහුට “සීවක” යන නම තැබීය. ඔහුගේ මව “තම වැඩිමල් සොයුරා වූ වනවච්ඡ, සසුනෙහි පැවිදිව, මහණකමේ කටයුතු නිමවා කැළයේ සුවසේ වසන්නේයැ”යි අසා තම පුතුට මෙසේ කීවාය. “දරුව සීවකය! තෙරුන් සමීපයේ පැවිදි වී උන්වහන්සේට උපස්ථාන කරන්න. දැන් වනවච්ඡ තෙරණුවෝ ඉතා මහලු වූවෙකි.” ඔහු මවගේ එම වදන ඇසූ පමණින්ම පෙර සසරේ කරන ලද පුරුදුතාවය නිසා මාමා වූ තෙරුන් ළඟ පැවිදි විය. උන්වහන්සේට උපස්ථාන කරමින් වනයෙහි ම වාසය කළේය.
තස්ස එකදිවසං කෙනචිදෙව කරණීයෙන ගාමන්තං ගතස්ස ඛරො ආබාධො උප්පජ්ජි. මනුස්සෙසු භෙසජ්ජං කරොන්තෙසුපි න පටිප්පස්සම්භි. තස්මිං චිරායන්තෙ ථෙරො “සාමණෙරො චිරායති, කිං නු ඛො කාරණ”න්ති තත්ථ ගන්ත්වා තං ගිලානං දිස්වා තස්ස තං තං කත්තබ්බයුත්තකං කරොන්තො දිවසභාගං වීතිනාමෙත්වා රත්තිභාගෙ බලවපච්චූසවෙලායං ආහ – “සිවක, න මයා පබ්බජිතකාලතො පට්ඨාය ගාමෙ වසිතපුබ්බං, ඉතො අරඤ්ඤමෙව ගච්ඡාමා”ති. තං සුත්වා සිවකො “යදිපි මෙ, භන්තෙ, ඉදානි කායො ගාමන්තෙ ඨිතො, චිත්තං පන අරඤ්ඤෙ, තස්මා සයානොපි අරඤ්ඤමෙව ගමිස්සාමී”ති, තං සුත්වා ථෙරො තං බාහායං ගහෙත්වා අරඤ්ඤමෙව නෙත්වා ඔවාදං අදාසි. සො ථෙරස්ස ඔවාදෙ ඨත්වා විපස්සිත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.38.53-58) –
එම සාමණේරයෝ කිසියම් කටයුත්තකට ගමට වැඩම වූ කල්හි, උන්වහන්සේට දරුණු ආබාධයක් හට ගත්තේය. ගමේ මිනිස්සු ද බෙහෙත් ආදිය කළ නමුත් එම ආබාධය සුව නොවිණි. සාමණේර නම පමාවනු දුටු තෙරුන් වහන්සේ, “සාමණේරයන් වහන්සේ පමාවනුයේ කවර කරුණකින්ද?” යි සිතා, එම ගමට ගොස්, ඔහුගේ දැඩි ගිලන් බව දැක කළ යුතු යම් යම් කටයුතු කරමින් දිවා කාලය ගත කළ සේක. රාත්‍රී කාලයේදී ඉතා අලුයම් වේලෙහි තෙරණුවෝ, “සීවකය! මම පැවිදි වූ දා සිට මේ දක්වා ගමෙහි රෑ ගත නොකළෙමි. එනිසා දැන් මම කැළයට යන්නෙමි’යි පැවසූහ. එය ඇසූ සීවක සාමණේරයන් ද “ස්වාමීනි! මගේ ද කය පමණක් ගමේ ඇත. සිත වනාහි ඇත්තේ කැළයේමය. එනිසා නිදාගෙනම කැළයට යන්නෙමි”යි පැවසීය. එය ඇසූ තෙරුන් වහන්සේ ඔහුගේ අත අල්ලාගෙන කැළයටම ගෙන ගොස් අවවාද දුන් සේක. සාමණේරයෝ එම තෙරුන්ගේ අවවාදයෙහි ම පිහිටා සිට, විදසුන් වඩා රහත් බවට පත්වූහ. එම විස්තරය අපදාන පාළියේ මෙසේ දැක්වේ. (අපදාන පාළි I, කාසුමාරි ඵලදායක ත්‍ථෙරාපදානං)
“කණිකාරංව ජොතන්තං, නිසින්නං පබ්බතන්තරෙ; අද්දසං විරජං බුද්ධං, ලොකජෙට්ඨං නරාසභං.
“කඳු අතරෙහි කිණිහිරි රුකක් මෙන් බබළමින් වැඩ සිටියා වූ කෙලෙස් දූවිල ඉවත ලූ ලෝකයාටම ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“පසන්නචිත්තො සුමනො, කිරෙ කත්වාන අඤ්ජලිං; කාසුමාරිකමාදාය, බුද්ධසෙට්ඨස්සදාසහං.
උන්වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති මම සොම්නස් වූයෙම්, හිසෙහි ඇඳිළි බැඳගෙන ඇත් දෙමට ඵල කඩාගෙන බුදුරදුන්ට පූජා කළෙමි.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං ඵලං අදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
මීට කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක ලෙස මම දුගතියෙහි නූපදුනෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වෙත පැමිණි මාගේ ගමන යහපත් වූවකි. ත්‍රිවිද්‍යා ලැබූ මම බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි. මවිසින් සියලු කෙලෙස් දවන ලදි. සියලු භව නසන ලදි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි.” (3272-3277)
සො අරහත්තං පත්වා උපජ්ඣායෙන අත්තනා ච වුත්තමත්ථං සංසන්දිත්වා අත්තනො විවෙකාභිරතිකතං කතකිච්චතඤ්ච පවෙදෙන්තො “උපජ්ඣායො මං අවචා”ති ගාථං අභාසි.
උන්වහන්සේ රහත් බවට පත්ව; උපාධ්‍යායන් වහන්සේ විසින් තමාට දේශනා කළ අවවාද සසඳා බලා - තමාගේ විවේකයේ ඇලීම ද කළ කටයුතු ඇති බවද ප්‍රකාශ කරමින් “උපජ්ඣායො මං අවචා” යන ගාථාව වදාළ සේක.
තත්ථ උපජ්ඣායොති වජ්ජාවජ්ජං උපනිජ්ඣායති හිතෙසිතං පච්චුපට්ඨපෙත්වා ඤාණචක්ඛුනා පෙක්ඛතීති උපජ්ඣායො. මන්ති අත්තානං වදති. අවචාති අභාසි. ඉතො ගච්ඡාම සීවකාති වුත්තාකාරදස්සනං, සිවක, ඉතො ගාමන්තතො අරඤ්ඤට්ඨානමෙව එහි ගච්ඡාම, තදෙව අම්හාකං වසනයොග්ගන්ති අධිප්පායො. එවං පන උපජ්ඣායෙන වුත්තො සිවකො භද්රො අස්සාජානීයො විය කසාභිහතො සඤ්ජාතසංවෙගො හුත්වා අරඤ්ඤමෙව ගන්තුකාමතං පවෙදෙන්තො –
එහි “උපජ්ඣායො” යනු හරි වැරදි නැවත නැවත සිහිපත් කරයි. හිතෛශීභාවය උපදවා නැණසින් බලයි යන අරුතින් “උපාධ්‍යාය” නම් වේ. “මං” යනුවෙන් තමන් වහන්සේ දක්වයි. “අවචා” යනු දේශනා කළ සේක. “ඉතො ගච්ඡාම සීවක” යනු කියන ලද ආකාරය දැක්වීමයි. “සීවකය!, එන්න මේ ගමෙන් නික්මී ආරණ්‍යයටම යමු. ඒ කැළයම අපගේ වාසයට යෝග්‍ය වේ” යන අදහසයි. මෙසේ උපාධ්‍යායන් වහන්සේ වදාළ විට සීවක සාමණේරයෝ ඉතා කීකරු වූ යහපත් අජානීය අශ්වයකු මෙන් කශයෙන් පහර ලැබ හටගත් සංවේග ඇති වූයේ ආරණ්‍යයටම - වනයටම යනු කැමැති බව ප්‍රකට කරමින්,
“ගාමෙ මෙ වසති කායො, අරඤ්ඤං මෙ ගතං මනො; සෙමානකොපි ගච්ඡාමි, නත්ථි සඞ්ගො විජානත”න්ති. –ආහ;
“ගාමෙ මෙ වසති කායො, අරඤ්ඤං මෙ ගතං මනො, සෙමනාකො’පි ගච්ඡාමි, නත්ථි සඞ්ගා විජානතං” යනුවෙන් පැවසූහ.
තස්සත්ථො – යස්මා ඉදානි යදිපි මෙ ඉදං සරීරං ගාමන්තෙ ඨිතං, අජ්ඣාසයො පන අරඤ්ඤමෙව ගතො, තස්මා සෙමානකොපි ගච්ඡාමි ගෙලඤ්ඤෙන ඨානනිසජ්ජාගමනෙසු අසමත්ථතාය සයානොපි ඉමිනා සයිතාකාරෙන සරීසපො විය සරීසපන්තො, එථ, භන්තෙ, අරඤ්ඤමෙව ගච්ඡාම, කස්මා? නත්ථි සඞ්ගො විජානතන්ති, යස්මා ධම්මසභාවා කාමෙසු සංසාරෙ ච ආදීනවං, නෙක්ඛම්මෙ නිබ්බානෙ ච ආනිසංසං යාථාවතො ජානන්තස්ස න කත්ථචි සඞ්ගො, තස්මා එකපදෙනෙව උපජ්ඣායස්ස ආණා අනුඨිතාති, තදපදෙසෙන අඤ්ඤං බ්යාකාසි.
එහි අර්ථ මෙසේය. “යම් හෙයකින් දැන් මගේ සිරුර පමණක් ගමෙහි පවතී, සිත වනාහි වනයට ම ගියේ වේද එහෙයින් සයනය කරන්නෙම් නමුදු වනයට ම යමි. ගිලන් බව නිසා සයනය කරමින් සිටි සාමණේරයෝ; හිඳගෙන හෝ සිටගෙන යාමෙහි අසමත් වෙති. “සයනය කරමින් ම, මේ නිදා සිටින ඉරියවුවෙන්ම සර්පයකු මෙන් ඇදෙමින්, ස්වාමීනි! එන්න වනයට ම යමු.” කුමක් නිසාද? “නත්ථි සඞ්ගො විජානතං” යනු කාමයන්හි ද සංසාරයෙහි ද ආදීනව මෙන්ම යථාස්වභාව ධර්මය ද නික්මීමෙහි හා නිර්වාණයෙහි අනුසස් ද තත්වූ පරිදිම දන්නා බැවින් මා හට කිසිදු තැනක ඇලීමක් නැත. එනිසා උපාධ්‍යායන් වහන්සේගේ ප්‍රකාශය ඇසූ වනම, එය පිළිගෙන සිටියේ, එම උපදේශයේ පිහිටා රහත් බව ප්‍රකාශ කරන ලදි.
සිවකසාමණෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සීවක සාමණේර ථේර ගාථා අර්ථ වර්ණනාව නිමියේය.