කුණ්ඩධානත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
කුණ්ඩධානත්ථෙරගාථාවණ්ණනා
කුණ්ඩධාන ස්ථවිරගාථා වර්ණනාව
පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙති ආයස්මතො කුණ්ඩධානත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ උප්පන්නො වයප්පත්තො හෙට්ඨා වුත්තනයෙනෙව භගවන්තං උපසඞ්කමිත්වා ධම්මං සුණන්තො සත්ථාරා එකං භික්ඛුං පඨමං සලාකං ගණ්හන්තානං අග්ගට්ඨානෙ ඨපියමානං දිස්වා තං ඨානන්තරං පත්ථෙත්වා තදනුරූපං පුඤ්ඤං කරොන්තො විචරි. සො එකදිවසං පදුමුත්තරස්ස භගවතො නිරොධසමාපත්තිතො වුට්ඨාය නිසින්නස්ස මනොසිලාචුණ්ණපිඤ්ජරං මහන්තං කදලිඵලකණ්ණිකං උපනෙසි, තං භගවා පටිග්ගහෙත්වා පරිභුඤ්ජි. සො තෙන පුඤ්ඤකම්මෙන එකාදසක්ඛත්තුං දෙවෙසු දෙවරජ්ජං කාරෙසි. චතුවීසතිවාරෙ රාජා අහොසි චක්කවත්තී. එවං සො පුනප්පුනං පුඤ්ඤානි කත්වා අපරාපරං දෙවමනුස්සෙසු සංසරන්තො කස්සපබුද්ධකාලෙ භුම්මදෙවතා හුත්වා නිබ්බත්ති. දීඝායුකබුද්ධානඤ්ච නාම න අන්වද්ධමාසිකො උපොසථො හොති. තථා හි විපස්සිස්ස භගවතො ඡබ්බස්සන්තරෙ ඡබ්බස්සන්තරෙ උපොසථො අහොසි. කස්සපදසබලො පන ඡට්ඨෙ ඡට්ඨෙ මාසෙ පාතිමොක්ඛං ඔසාරෙසි. තස්ස පාතිමොක්ඛස්ස ඔසාරණකාලෙ දිසාවාසිකා ද්වෙ සහායකා භික්ඛූ “උපොසථං කරිස්සාමා”ති ගච්ඡන්ති.
“පඤ්ච ඡින්දෙ පඤ්හ ජහෙ” යනු ආයුෂ්මත් කුණ්ඩධාන තෙරුන් වහන්සේගේ ගාථාවකි. එහි උපත කෙසේද? එම තෙරුන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමයෙහි හංසවතී නුවර කුල ගෙදරක ඉපිද වැඩිවියට පැමිණියේය. එම තරුණයා ද භාග්‍යවතුන් වහන්සේ වෙත පෙර පැවසූ පරිදිම අවුත් ධර්ම දේශනාවක් අසන්නේ, ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුව පළමුව සළාක ගන්නවුන් අතුරින් අග්‍රස්ථානයෙහි තබනු දුටුවේය. ඔහු එම තනතුරම ප්‍රාර්ථනා කරමින් ඊට අනුරූප වූ පින් දහම් සිදු කරමින් ජීවත් විය. ඔහු එක් දිනක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ, නිරෝධ සමාපත්තියෙන් නැගිට සිටි කල්හි; රත් සිරියල් කුඩු ඉසින ලද මෙන් රතුපාට වූ මහත් වූ කෙසෙල් කැනක් ගෙන උන්වහන්සේට පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන පරිභෝග කළ සේක. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් එකොළොස් වරක් ශක්‍ර දේවේන්ද්රයාව උපන්නේය. විසිහතර වාරයක් සක්විති රජකම ලැබුවේය. මෙලෙස ඔහු නැවත නැවතත් පින් දහම් කරමින් දෙව් මිනිස් දෙගතියෙහිම සැරිසරනුයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි භූමිගත දෙවියෙක්ව උපන්නේය. දීර්ඝායුෂ්ක බුදුවරුන්ගේ කාලවලදී අඩමසක් පාසා පොහොය කිරීමක් සිදු නොවේ. එසේමැයි. විපස්සි බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි වර්ෂ හයකට වරක් පොහොය කිරීම සිදුවිය. කස්සප බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි වර්ෂ හයකට වරක් පොහොය කිරීම සිදුවිය. කස්සප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි මාස හයකට වරක් ප්රාතිමෝක්ෂය උදෙසීමට රැස්වීම සිදුවිය. එලෙස පාමොක් උදෙසීමට රැස්වන කාලයේදී පිටිසර වැසි යහළු භික්ෂූහු දෙනමක් එක්ව “පොහොය කරන්නෙමු”යි නගරය බලා පිටත් වූහ.
අයං භුම්මදෙවතා චින්තෙසි – “ඉමෙසං ද්වින්නං භික්ඛූනං මෙත්ති අතිවිය දළ්හා, කිං නු ඛො, භෙදකෙ සති භිජ්ජෙය්ය, න භිජ්ජෙය්යා”ති, සා තෙසං ඔකාසං ඔලොකයමානා තෙසං අවිදූරෙනෙව ගච්ඡති. අථෙකො ථෙරො එකස්ස හත්ථෙ පත්තචීවරං දත්වා සරීරවළඤ්ජනත්ථං උදකඵාසුකට්ඨානං ගන්ත්වා ධොතහත්ථපාදො හුත්වා ගුම්බසමීපතො නික්ඛමති භුම්මදෙවතා තස්ස ථෙරස්ස පච්ඡතො උත්තමරූපා ඉත්ථී හුත්වා කෙසෙ විධුනිත්වා සංවිධාය සම්බන්ධන්තී විය පිට්ඨියං පංසුං පුඤ්ඡමානා විය සාටකං සංවිධාය නිවාසයමානා විය ච හුත්වා ථෙරස්ස පදානුපදිකා හුත්වා ගුම්බතො නික්ඛන්තා. එකමන්තෙ ඨිතො සහායකත්ථෙරො තං කාරණං දිස්වාව දොමනස්සජාතො “නට්ඨො දානි මෙ ඉමිනා භික්ඛුනා සද්ධිං දීඝරත්තානුගතො සිනෙහො, සචාහං එවංවිධභාවං ජානෙය්යං, එත්තකං අද්ධානං ඉමිනා සද්ධිං විස්සාසං න කරෙය්ය”න්ති චින්තෙත්වා ආගච්ඡන්තස්සෙවස්ස, “හන්දාවුසො, තුය්හං පත්තචීවරං, තාදිසෙන පාපෙන සද්ධිං එකමග්ගං නාගච්ඡාමී”ති ආහ. තං කථං සුත්වා තස්ස ලජ්ජිභික්ඛුනො හදයං තිඛිණසත්තිං ගහෙත්වා විද්ධං විය අහොසි. තතො නං ආහ – “ආවුසො, කිං නාමෙතං වදසි, අහං එත්තකං කාලං දුක්කටමත්තම්පි ආපත්තිං න ජානාමි. ත්වං පන මං අජ්ජ ‘පාපො’ති වදසි, කිං තෙ දිට්ඨ”න්ති. “කිං අඤ්ඤෙන දිට්ඨෙන, කිං ත්වං එවංවිධෙන අලඞ්කතපටියත්තෙන මාතුගාමෙන සද්ධිං එකට්ඨානෙ හුත්වා නික්ඛන්තො”ති. “නත්ථෙතං, ආවුසො, මය්හං, නාහං එවරූපං මාතුගාමං පස්සාමී”ති. තස්ස යාවතතියං කථෙන්තස්සාපි ඉතරො ථෙරො කථං අසද්දහිත්වා අත්තනා දිට්ඨකාරණංයෙව භූතත්තං කත්වා ගණ්හන්තො තෙන සද්ධිං එකමග්ගෙන අගන්ත්වා අඤ්ඤෙන මග්ගෙන සත්ථු සන්තිකං ගතො. ඉතරොපි භික්ඛු අඤ්ඤෙන මග්ගෙන සත්ථු සන්තිකංයෙව ගතො.
මේ භූමිගත දෙවියා මෙසේ සිතීය.” මේ භික්ෂූන් වහන්සේලා දෙනමගේ මිත්‍රත්වය ඉතා දැඩි වූවකි. මේ දෙදෙන ඔවුනොවුන් බිඳවිය හැකිද? නොහැකිද? යි සිතමින්, ඒ භික්ෂූන්ගේ අවසරයක් අපේක්ෂා කරමින් ඔවුන් සමගම ගියේය. ඉක්බිති එක් තෙර නමක්, තම සිවුර යහළුවාගේ අතෙහි තබා ශරීර කෘත්‍ය කිරීමට දිය ඇති තැනකට ගොස්, සේදූ අත් පා ඇතිව වන ලැහැබින් නික්මී පැමිණියේය. බිම් වැසි දෙවියා ද එම තෙරුන්ගේ පසු පසින් ඉතා දැකුම්කළු ස්ත්‍රී රුවක් මවාගෙන, කේශ කලාපය කඩා විසුරුවාගෙන, කථා බස් කරගෙන සම්බන්ධ වූ බවක් පෙන්වමින්, පිටෙහි පස් පිස දමමින්, හැඳි සළුව නැවත නැවත සකසමින් තෙරුන්ගේ පසුපසින් ම වන ලැහැබින් නික්මුණේය. එකත් පසෙක සිටි යහළු තෙරුන් වහන්සේ මෙම සිදුවීම දැක, දොම්නසට පැමිණියේ “මේ භික්ෂුව සමග බොහෝ කාලයක් තිස්සේ පැවති විශ්වාසය දැන් නැසුණේය. ඉදින් මොහු මෙබඳු පවිටෙකැයි දන්නේ නම් මේ සා දිගු මාවතෙහි මොහු සමග නොඑන්නෙමි”යි සිතා, ළඟට පැමිණි එම තෙරුන්ට, “ඇවැත්නි! නුඹගේ පා සිවුරු වහා ගන්න. නුඹ වැනි පාපියෙකු සමග එක මාවතක නොයමි”යි පැවසූහ. එම කතාව ඇසූ, ඒ පාපයට ලැජ්ජා ඇති භික්ෂුවගේ හදවත තියුණු සැනකින් විඳින්නාක් මෙන් විය. ඉක්බිති උන්වහන්සේ තම යහළු තෙරුන්ට, “ඇවැත්නි! නුඹ වහන්සේ පවසනුයේ කුමක්ද? මම මෙපමණ කාලයක් දුක්කටාපත්තියකට පත් වූ බවක්වත් නොදනිමි. නුඹ මට අද “පාපියෙකි” යි කියන්නේය. නුඹ වහන්සේ දුටුවේ කුමක්ද?” යි පැවසීය. එබස් ඇසූ අනික් තෙර නම “අනිකක් කුමට දකින්නේද? නුඹ මෙවැනි අලංකාර වූ ස්ත්‍රියක් සමග එකතැනක හිඳ මෙහි පැමිණියේ නොවේද?” යි ප්‍රශ්න විචාළේය. එවිට නිර්දෝෂී භික්ෂූන් වහන්සේ, “ඇවැත්නි! එබඳු දෙයක් ම විසින් නොකරන ලදි. මෙබඳු වූ ස්ත්‍රියක් මා නම් නුදුටුවෙමි”යි තෙවැනිවර දක්වා ම සිය නිදොස් බව ප්‍රකාශ කළත්, අනික් තෙරනම එය නොපිළිගත්තේය. තමන් වහන්සේ දුටු කරුණ ම සත්‍ය ලෙස පිළිගත් උන්වහන්සේ යහළු තෙරුන් සමගින් එක මඟක නොයා, වෙනත් මඟකින් උන්වහන්සේ ශාස්තෲන් වහන්සේ වෙත ගියහ. අනික් භික්ෂුව ද වෙනත් මඟකින් ශාස්තෲන් වහන්සේ වෙතටම පැමිණියේය.
තතො භික්ඛුසඞ්ඝස්ස උපොසථාගාරං පවිසනවෙලාය සො භික්ඛු තං භික්ඛුං උපොසථග්ගෙ සඤ්ජානිත්වා, “ඉමස්මිං උපොසථග්ගෙ එවරූපො නාම පාපභික්ඛු අත්ථි, නාහං තෙන සද්ධිං උපොසථං කරිස්සාමී”ති නික්ඛමිත්වා බහි අට්ඨාසි. අථ භුම්මදෙවතා “භාරියං මයා කම්මං කත”න්ති මහල්ලකඋපාසකවණ්ණෙන තස්ස සන්තිකං ගන්ත්වා “කස්මා, භන්තෙ, අය්යො ඉමස්මිං ඨානෙ ඨිතො”ති ආහ. “උපාසක, ඉමං උපොසථග්ගං එකො පාපභික්ඛු පවිට්ඨො, ‘නාහං තෙන සද්ධිං උපොසථං කරොමී’ති බහි ඨිතොම්හී”ති. “භන්තෙ, මා එවං ගණ්හථ, පරිසුද්ධසීලො එස භික්ඛු. තුම්හෙහි දිට්ඨමාතුගාමො නාම අහං, මයා තුම්හාකං වීමංසනත්ථාය ‘දළ්හා නු ඛො ඉමෙසං ථෙරානං මෙත්ති, නො දළ්හා’ති භිජ්ජනාභිජ්ජනභාවං ඔලොකෙන්තෙන තං කම්මං කත”න්ති. “කො පන, ත්වං සප්පුරිසා”ති? “අහං එකා භුම්මදෙවතා, භන්තෙ”ති දෙවපුත්තො කථෙන්තො දිබ්බානුභාවෙන ඨත්වා ථෙරස්ස පාදෙසු නිපතිත්වා “මය්හං, භන්තෙ, ඛමථ, එතං දොසං ථෙරො න ජානාති, උපොසථං කරොථා”ති ථෙරං යාචිත්වා උපොසථග්ගං පවෙසෙසි. සො ථෙරො උපොසථං තාව එකට්ඨානෙ අකාසි, මිත්තසන්ථවවසෙන පන පුන තෙන සද්ධිං න එකට්ඨානෙ අහොසීති. ඉමස්ස ථෙරස්ස කම්මං න කථීයති, චුදිතකත්ථෙරො පන අපරාපරං විපස්සනාය කම්මං කරොන්තො අරහත්තං පාපුණි.
ඉක්බිති භික්ෂු සංඝයා පොහෝ කරන සීමා ගෙයට (පොහෝ ගෙයට) පිවිසෙන වේලාවෙහි එම භික්ෂුව, ස්ත්‍රිය සමග පැමිණි භික්ෂුව ද එම සඟ පිරිසෙහි සිටිනු දැක, “මේ පොහෝ සීමාවේ මෙබඳු පාපී භික්ෂුවක් සිටියි. මම ඔහු සමග පොහොය නොකරමි”යි කියා සීමාවෙන් පිටතට ගියේය. එවිට භූමි වැසි දෙවියා, “ම විසින් කළ දේ ඉතා බැරෑරුම් වූවකි”යි දැන මහලු උපාසකයකුගේ වේශයක් මවාගෙන උන්වහන්සේ වෙත පැමිණියේය. “ස්වාමීනි! ඔබ වහන්සේ කුමක් නිසා මෙතැන සිටින්නේද?”යි ඇසූ එම දෙවියාට තෙරුන් වහන්සේ, “උපාසකය! මේ පොහොය ගෙට එක් පාපී භික්ෂුවක් ඇතුළු විය. “මම ඔහු සමග පොහොය නොකරමි”යි කියා ඉන් නික්ම පිටත සිටියෙමි.” යි වදාළහ. එවිට දෙවියා, “ස්වාමීනි! මෙසේ එය පිළිනොගනු මැනවි. ඒ භික්ෂුව ඉතා පිරිසිදු සිල් ඇත්තෙකි. නුඹ වහන්සේ දුටු ස්ත්‍රිය වෙනත් අයෙකු නොව මම ම වෙමි. මවිසින් නුඹ වහන්සේලා විමසීම සඳහා ‘මේ දෙදෙනා වහන්සේගේ මිත්‍රත්වය ඉතා දැඩි වූවක් ද? එසේ නොවූවක්?” යි ලජ්ජි, අලජ්ජි භාවයන් බලා ගැනීම පිණිස එම ක්‍රියාව කළෙමි.”යි සියලු කරුණු හෙළි කළේය. එවිට එම තෙරුන්, “සත්පුරුෂය! නුඹ කවරෙක්ද?”යි ඇසීය. එවිට දෙවියා, “ස්වාමීනි, මම එක් භූමි වැසි දෙවියෙක්මි”යි කියමින්ම දිව්‍යාත්ම භාවයෙහි සිටගෙන තෙරුන්ගේ පා මුල වැටී, “ස්වාමීනි! මට සමාවන්න. මේ වරද එම තෙරුන් නොදනියි. උන්වහන්සේ සමග එක්ව පොහොය කරන්න”යි ඉල්ලීය. ඒ ඉල්ලීම අනුව එම තෙරුන් වහන්සේ පොහොය ගෙට පිවිස, යහළු තෙරුන් සමග එකතැන හිඳ පොහොය කළ සේක. නමුත් මිත්‍රත්ව වශයෙන් නැවත උන්වහන්සේ සමග එක තැන නොවිසීය. එම තෙරුන්ට සිදු වූ පුවත ද නොදැන්වීය. පාරාජිකාපත්තියෙන් චෝදනා ලද භික්ෂුව විදසුන් වඩනුයේ නොබෝ දිනකින් ම රහත් ඵලයෙහි පිහිටියේය.
භුම්මදෙවතා තස්ස කම්මස්ස නිස්සන්දෙන එකං බුද්ධන්තරං අපායභයතො න මුච්චිත්ථ. සචෙ පන කිස්මිඤ්චි කාලෙ මනුස්සත්තං ආගච්ඡති, අඤ්ඤෙන යෙන කෙනචි කතො දොසො තස්සෙව උපරි පතති. සො අම්හාකං භගවතො කාලෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්ති. “ධානමාණවො”තිස්ස නාමං අකංසු. සො වයප්පත්තො තයො වෙදෙ උග්ගණ්හිත්වා මහල්ලකකාලෙ සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජි, තස්ස උපසම්පන්නදිවසතො පට්ඨාය එකා අලඞ්කතපටියත්තා ඉත්ථී තස්මිං ගාමං පවිසන්තෙ සද්ධිංයෙව ගාමං පවිසති, නික්ඛමන්තෙ නික්ඛමති. විහාරං පවිසන්තෙපි සද්ධිං පවිසති, තිට්ඨන්තෙපි තිට්ඨතීති එවං නිච්චානුබන්ධා පඤ්ඤායති. ථෙරො තං න පස්සති. තස්ස පුන පුරිමකම්මනිස්සන්දෙන සා අඤ්ඤෙසං උපට්ඨාති. ගාමෙ යාගුං භික්ඛඤ්ච දදමානා ඉත්ථියො “භන්තෙ, අයං එකො යාගුඋළුඞ්කො තුම්හාකං, එකො ඉමිස්සා අම්හාකං සහායිකායා”ති පරිහාසං කරොන්ති. ථෙරස්ස මහතී විහෙසා හොති. විහාරගතම්පි නං සාමණෙරා චෙව දහරා භික්ඛූ ච පරිවාරෙත්වා “ධානො කොණ්ඩො ජාතො”ති පරිහාසං කරොන්ති. අථස්ස තෙනෙව කාරණෙන කුණ්ඩධානත්ථෙරොති නාමං ජාතං. සො උට්ඨාය සමුට්ඨාය තෙහි කරියමානං කෙළිං සහිතුං අසක්කොන්තො උම්මාදං ගහෙත්වා “තුම්හෙ කොණ්ඩා, තුම්හාකං උපජ්ඣායො කොණ්ඩො, ආචරියො කොණ්ඩො”ති වදති. අථ නං සත්ථු ආරොචෙසුං “කුණ්ඩධානො, භන්තෙ, දහරසාමණෙරෙහි සද්ධිං එවං ඵරුසවාචං වදතී”ති. සත්ථා තං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං, ධාන, සාමණෙරෙහි සද්ධිං ඵරුසවාචං වදසී”ති වත්වා තෙන “සච්චං භගවා”ති වුත්තෙ “කස්මා එවං වදෙසී”ති ආහ. “භන්තෙ, නිබද්ධං විහෙසං අසහන්තො එවං කථෙමී”ති. “ත්වං පුබ්බෙ කතකම්මං යාවජ්ජදිවසා ජීරාපෙතුං න සක්කොසි, පුන එවරූපං ඵරුසං මාවදී භික්ඛූ”ති වත්වා ආහ –
ඒ භූමිවැසි දෙවියා ඒ පාප කර්මයේ විපාක වශයෙන් එක් බුද්ධාන්තරයක්ම අපායෙහි දුක් වින්දේය. යම්කිසි කලෙක මනුෂ්යාත්මයකට පත්වේද, එවිට අන් පුද්ගලයන් කරන වැරදි ඔහු මතම වැටේ. එම වැරදිවලට ඔහු ම හසුවේ. අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත් නුවර බ්‍රාහ්මණ පවුලක උපන්න ඔහු “ධාන මාණව” නමින් ප්‍රකට විය. ඔහු වැඩිවියට පත්ව ත්‍රිවේද පාර ප්‍රාප්තව තරුණු විය ගෙවා මහලු වූ කාලයේදී ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා, තබන ලද ශ්‍රද්ධාව ඇතිව සසුනෙහි පැවිදි වී උපසම්පදාව ලැබීය. උන්වහන්සේ උපසම්පදාව ලැබූ දවසේ සිටම ගමට පිවිසෙන කල්හිද, ගමින් බැහැරවන කල්හිද අලංකාරව සැරසුණු ස්ත්‍රියක් උන්වහන්සේගේ පසුපසින් එන්නීය. විහාරයට පිවිසෙන කල්හි ද ඇය, උන්වහන්සේ සමගම පිවිසේ. සිටින කල්හි සිටී. මෙසේ නිතරම ස්ත්‍රිය හා එක්ව වසන බවක් සෙසු මිනිසුන්ට පෙනේ. ඒ ස්ත්‍රිය තෙරුන්ට නොපෙනේ. උන්වහන්සේ පෙර අත්බවේ කල පාප විපාක වශයෙන් අනුන්ට පමණක් ඇය පෙනේ. ගමෙහි කැඳ බත් පිරිනමන ස්ත්‍රීහු, “ස්වාමීනි, මේ කැඳ හැන්ද නුඹ වහන්සේටය. මේ කැඳ හැන්ද අපගේ යෙහෙළියන්ටය”යි අපහාස කරමින් උන්වහන්සේට කැඳ බෙදති. ඉන් තෙරුන් වහන්සේ මහත් වූ වෙහෙසට, ලැජ්ජාවට පත්වෙති. විහාරයට ගිය විට සාමණේරවරු ද තරුණ පැවිද්දෝ ද උන්වහන්සේ පිරිවරාගෙන “ධාන කොණ්ඩයෙක් වීය” යනුවෙන් අපහාස කරති. මෙනිසා උන්වහන්සේ කුණ්ඩධාන තෙරුන් යැයි ප්‍රකට විය. උන්වහන්සේ නැගිට යනවිට ද සිටින විටද කරනු ලබන මේ විහිළු තහළු ඉවසීමට නොහැකිව, උමතුවක් ගෙන, “නුඹලා කොණ්ඩයෝය. නුඹලාගේ උපාධ්‍යායවරු කොණ්ඩයෝය. නුඹලාගේ ආචාර්යවරු කොණ්ඩයෝය.”යි බාල පැවිද්දන්ට අක්‍රෝශ පරිභව කළහ. එවිට ඔවුහු ශාස්තෲන් වහන්සේට මෙසේ දැන්වූහ. “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, මේ කුණ්ඩධාන තෙරුන් ළදරු සාමණේරවරු සමග මෙබඳු පරුෂ වචනය කියන්නේය.” ශාස්තෲන් වහන්සේ එය අසා, “එසේනම් ඔහු කැඳවන්න”යි එම තෙරුන් කැඳවා, “ධානය! නුඹ සාමණේරවරුන් සමග මෙවැනි පරුෂ වදන් කථා කරනවා යැයි පැවසීම ඇත්තක්ද?”යි ඇසූ සේක. උන්වහන්සේ, “ස්වාමීනි, එය ඇත්ත” යැයි පිළිගත් කල්හි; “එසේ පරුෂ වදන් කියන්නේ ඇයි?” දැයි විචාළ සේක. කුණ්ඩධාන තෙරුන්, “ස්වාමීනි! නිතර මා වෙහෙසට පත් කිරීම ඉවසිය නොහැකිව මෙසේ පරුෂ වදන් කීවෙමි”යි පැවසීය. එවිට බුදුපියාණන් වහන්සේ, “නුඹ පෙර කරන ලද පාප කර්මය අද දක්වාම ක්ෂය කරගත නොහැකිව සිටින්නෙහිය. නැවත පරුෂ වදන් කියමින් භික්ෂූන් නිසා තවත් පවු රැස් කරගන්නෙහිද?”යි අසා, “මින් පසුව පරුෂ වදන් නොකියා නිහඬව සිටින්න”යි වදාළ සේක.
“මාවොච ඵරුසං කඤ්චි, වුත්තා පටිවදෙය්‍යු තං; දුක්ඛා හි සාරම්භකථා, පටිදණ්ඩා ඵුසෙය්‍යු තං.
“කිසිවකුට රළු පරළු බසක් නොකියන්න. නුඹ රළු බස් කී විට එම තැනැත්තා නැවතත් නුඹට රළු බස් කියයි. මෙසේ එකට එක කියා ගැනීම දුක පිණිසම පවතී. විරුද්ධකාරයෝ තරහකාරයෝ මෙනිසා ඔබ හා ගැටෙති.”
“සචෙ නෙරෙසි අත්තානං, කංසො උපහතො යථා; එස පත්තොසි නිබ්බානං, සාරම්භො තෙ න විජ්ජතී”ති. (ධ· ප· 133-134);
“ඉදින් වටින් කඩා දැමූ ලෝහ තලියක් නිශ්ශබ්දව තිබෙන්නාක් මෙන් නුඹ ද කෙලෙස් ගිනි නිවා නිශ්ශබ්ද වී නිර්වාණයට පැමිණ නිශ්චල වූයේ නම් නුඹට එකට එක කියා ගැනීමක් හෝ කිරීමක් නොපවතී.” (ධම්මපද - දණ්ඩවග්ග)
ඉමඤ්ච පන තස්ස ථෙරස්ස මාතුගාමෙන සද්ධිං විචරණභාවං කොසලරඤ්ඤොපි කථයිංසු. රාජා “ගච්ඡථ, භණෙ, වීමංසථා”ති පෙසෙත්වා සයම්පි මන්දෙනෙව පරිවාරෙන ථෙරස්ස වසනට්ඨානං ගන්ත්වා එකමන්තෙ ඔලොකෙන්තො අට්ඨාසි. තස්මිං ඛණෙ ථෙරො සූචිකම්මං කරොන්තො නිසින්නො හොති, සාපි ඉත්ථී අවිදූරෙ ඨානෙ ඨිතා විය පඤ්ඤායති. රාජා දිස්වා “අත්ථිදං කාරණ”න්ති තස්සා ඨිතට්ඨානං අගමාසි. සා තස්මිං ආගච්ඡන්තෙ ථෙරස්ස වසනපණ්ණසාලං පවිට්ඨා විය අහොසි. රාජාපි තාය සද්ධිං තමෙව පණ්ණසාලං පවිසිත්වා සබ්බත්ථ ඔලොකෙන්තො අදිස්වා “නායං මාතුගාමො, ථෙරස්ස එකො කම්මවිපාකො”ති සඤ්ඤං කත්වා පඨමං ථෙරස්ස සමීපෙන ගච්ඡන්තොපි ථෙරං අවන්දිත්වා තස්ස කාරණස්ස අභූතභාවං ඤත්වා ආගම්ම ථෙරං වන්දිත්වා එකමන්තං නිසින්නො “කච්චි, භන්තෙ, පිණ්ඩකෙන න කිලමථා”ති පුච්ඡි. ථෙරො “වට්ටති, මහාරාජා”ති ආහ. “ජානාමහං, භන්තෙ, අය්යස්ස කථං, එවරූපෙන පරික්කිලෙසෙන සද්ධිං චරන්තානං තුම්හාකං කෙ නාම පසීදිස්සන්ති, ඉතො පට්ඨාය වො කත්ථචි ගමනකිච්චං නත්ථි, අහං චතූහි පච්චයෙහි තුම්හෙ උපට්ඨහිස්සාමි, තුම්හෙ යොනිසො මනසිකාරෙ මා පමජ්ජිත්ථා”ති නිබද්ධභික්ඛං පට්ඨපෙසි. ථෙරො රාජානං උපත්ථම්භකං ලභිත්වා භොජනසප්පායෙන එකග්ගචිත්තො හුත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තතො පට්ඨාය සා ඉත්ථී අන්තරධායි.
මේ තෙරුන් වහන්සේ ස්ත්‍රියක් සමග හැසිරෙන බව කොසොල් රජුට ද ආරංචි විය. රජු “යවු කොල්ලනි! විමසා බලවු” යි ජනයා යවා, තමාද මද පිරිවර ඇතිව තෙරුන් වසන තැනට ගොස් එක් පසෙක බලාගෙන සිටියේය. ඒ මොහොතෙහි තෙරුන් වහන්සේ සිවුරක් මසමින් සිටිසේක. ඒ ස්ත්‍රිය ඒ අසලින්ම සිටින බව පෙනුනේය. රජු ඒ දැක, “මේ කරුණ ඇත්තක්ද?”යි බැලීමට ඈ සිටින තැනට ගියේය. රජු ඉදිරියට එනවිට ඇය තෙරුන් වසන ඇතුළු කුටියට යන ආකාරයක් දැක්වූවාය. රජු ද ඈ ගිය කුටියට ම ඇතුළු වී සෑම තැනම සෙවූ නමුත් ස්ත්‍රියක් නොලැබුණි. මේ පිළිබඳ විමසූ රජතුමා, “මැය ස්ත්‍රියක් නොවේ. මේ තෙරුන්ගේම එක් කර්ම විපාකයකි”යි දැන; මුලින් පැමිණෙද්දී තෙරුන්ට නොවැඳ ඇතුළට පිවිසි හෙයින් ද දැන් උන්වහන්සේම කළ චෝදනාව අසත්‍ය බව වැටහුණු හෙයින් ද ඉදිරියට අවුත් තෙරුන්ට වැඳ එකත්පසෙක සිටියේය. “ස්වාමීනි! නුඹ වහන්සේ ආහාර පාන ලැබීමෙනි වෙහෙසට පත්වනුයේ නොවේද?”යි රජු ඇසීය. එවිට තෙරුන් “එසේය, මහරජතුමනි!”යි පිළිතුරු දුන්නේය. “ස්වාමීනි! මම මෙබඳු කිලුටක් සහිතව වෙසෙන ආර්යයන් වහන්සේලාගේ දුක දනිමි. මෙසේ ස්ත්‍රියක් සමග හැසිරෙන නුඹ වහන්සේ දැක කවරෙක් නම් පැහැදී දන් දෙයිද? මෙතැන් පටන් නුඹ වහන්සේ කිසි තැනක නොයනු මැනවි. මම සිවුපසයෙන් ම නුඹ වහන්සේට උපස්ථාන කරමි. නුඹ වහන්සේ නොපමාව යෝනිසෝ මනසිකාරයෙහි යෙදෙමින් වීර්ය වඩනු මැනවි” යි පැවසූ රජු නිති දන් වැට පිහිටුවා මාළිගාවට ගියේය. තෙරුන් වහන්සේ මෙසේ රජුගේ උපස්ථාන ලැබ, සිවුපසය මැනවින් ලැබුණු බැවින් එකඟ වූ සිත් ඇතිව, විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටියහ. රහත් වූ තැන් පටන් එම ස්ත්‍රිය ද අතුරුදහන් වූවාය.
තදා මහාසුභද්දා උග්ගනගරෙ මිච්ඡාදිට්ඨිකකුලෙ වසමානා “සත්ථා මං අනුකම්පතූ”ති උපොසථං අධිට්ඨාය නිරාමගන්ධා හුත්වා උපරිපාසාදතලෙ ඨිතා “ඉමානි පුප්ඵානි අන්තරෙ අට්ඨත්වා දසබලස්ස මත්ථකෙ විතානං හුත්වා තිට්ඨන්තු, දසබලො ඉමාය සඤ්ඤාය ස්වෙ පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං මය්හං භික්ඛං ගණ්හතූ”ති සච්චකිරියං කත්වා අට්ඨ සුමනපුප්ඵමුට්ඨියො විස්සජ්ජෙසි. පුප්ඵානි ගන්ත්වා ධම්මදෙසනාවෙලාය සත්ථු මත්ථකෙ විතානං හුත්වා අට්ඨංසු. සත්ථා තං සුමනපුප්ඵවිතානං දිස්වා චිත්තෙනෙව සුභද්දාය භික්ඛං අධිවාසෙත්වා පුනදිවසෙ අරුණෙ උට්ඨිතෙ ආනන්දත්ථෙරං ආහ – “ආනන්ද, මයං අජ්ජ දූරං භික්ඛාචාරං ගමිස්සාම, පුථුජ්ජනානං අදත්වා අරියානංයෙව සලාකං දෙහී”ති. ථෙරො භික්ඛූනං ආරොචෙසි – “ආවුසො, සත්ථා අජ්ජ දූරං භික්ඛාචාරං ගමිස්සති, පුථුජ්ජනා මා ගණ්හන්තු, අරියාව සලාකං ගණ්හන්තූ”ති. කුණ්ඩධානත්ථෙරො “ආහර, ආවුසො සලාක”න්ති පඨමංයෙව හත්ථං පසාරෙසි. ආනන්දො “සත්ථා තාදිසානං භික්ඛූනං සලාකං න දාපෙති, අරියානංයෙව දාපෙතී”ති විතක්කං උප්පාදෙත්වා ගන්ත්වා සත්ථු ආරොචෙසි. සත්ථා “ආහරාපෙන්තස්ස සලාකං දෙහී”ති ආහ. ථෙරො චින්තෙසි – “සචෙ කුණ්ඩධානස්ස සලාකා දාතුං න යුත්තා, අථ සත්ථා පටිබාහෙය්ය, භවිස්සති එත්ථ කාරණ”න්ති “කුණ්ඩධානස්ස සලාකං දස්සාමී”ති ගමනං අභිනීහරි. කුණ්ඩධානො තස්ස පුරෙ ආගමනා එව අභිඤ්ඤාපාදකං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා ඉද්ධියා ආකාසෙ ඨත්වා “ආහරාවුසො, ආනන්ද, සත්ථා මං ජානාති, මාදිසං භික්ඛුං පඨමං සලාකං ගණ්හන්තං න සත්ථා නිවාරෙතී”ති හත්ථං පසාරෙත්වා සලාකං ගණ්හි. සත්ථා තං අට්ඨුප්පත්තිං කත්වා ථෙරං ඉමස්මිං සාසනෙ පඨමං සලාකං ගණ්හන්තානං අග්ගට්ඨානෙ ඨපෙසි. යස්මා අයං ථෙරො රාජානං උපත්ථම්භකං ලභිත්වා සප්පායාහාරලාභෙන සමාහිතචිත්තො විපස්සනාය කම්මං කරොන්තො උපනිස්සයසම්පන්නතාය ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.4.1-16) –
එකල්හි මහා සුභද්‍රාව උග්ග නුවර මිසදිටු පවුලක වසන්නී. “ශාස්තෲන් වහන්සේ මට අනුකම්පා කරන සේක්වා!”යි පොහොය අටසිල් සමාදන් වූවා, මස්මාංශයන්ගෙන් වැළකී මතු මහල් තලයෙහි සිටියාය. “මේ මල් සමූහය අතරක නොරැඳී, ගොස් බුදුරදුන්ගේ මස්තකයෙහි වියනක් වී සිටීවා. දසබලයන් වහන්සේ එම සංඥාවෙන් හෙට පන්සීයක් භික්ෂූන් වහන්සේලා සමග මගේ දානය පිළිගනිත්වා”යි සත්‍යක්‍රියා කොට, දෑසමන් මල් අට මිටක් විසි කළාය. එම මල් අහසින් ගොස් බුදුපියාණන් වහන්සේ දම් දෙසන ස්ථානයේ උඩුවියනක්ව සිටියේය. ශාස්තෲන් වහන්සේ එම දෑසමන් මල් වියන දුටු සේක්; සුභද්රාවගෙ ආරාධනාව ඉවසා, දෙවැනි දින අරුණ නැගුණු කල්හි ආනන්ද තෙරුන් ඇමතූ සේක. “ආනන්දය! අද අපි ඉතා දුර ප්‍රදේශයකට දානය සඳහා යන්නෙමු. පුහුදුන් භික්ෂූන්ට නොව රහතන් වහන්සේලාට ම සලාක දෙන්න”යි වදාළහ. තෙරුන් වහන්සේ භික්ෂූන්ට මේ බව දැන්වූ සේක. “ඇවැත්නි!, ශාස්තෲන් වහන්සේ අද දුර ප්‍රදේශයකට දාවළ දානය සඳහා වඩිති. පුහුදුන් භික්ෂූහු නොඒවා, ආර්යයෝ ම සලාක ගනිත්වා!”යි පැවසූ කල්හි කුණ්ඩධාන තෙරණුවෝ, “ඇවැත්නි! මට සලාකයක් දෙන්න”යි පළමුවෙන්ම අද දිගු කළහ. එවිට ආනන්ද තෙරුන්, “ඇවැත්නි! ශාස්තෲන් වහන්සේ නුඹ වැනි භික්ෂූන්ට සලාක නොදෙන සේක, රහතුන්ට ම දෙන සේක”යි විතර්කයක් උපදවා ශාස්තෲන් වහන්සේ වෙත ගොස් මෙකරුණ දැනුම් දුන්නේය. ශාස්තෲන් වහන්සේ, ආනන්ද හිමියන්ට “ගන්නවුන්ට සළාක දෙන්න”යි වදාළහ. තෙරුන්ට මෙසේ සිතුණි. “කුණ්ඩධාන තෙරුන්ට සළාක දීම නුසුදුසුය. නමුත් ශාස්තෲන් වහන්සේ එය වළකන්නේය. (උන්වහන්සේට සළාක දීමට වදාරන්නේය). මෙහි කුමක් හෝ කරුණක් තිබිය යුතුයි” යනුවෙනි. තෙරුන් “කුණ්ඩදාන තෙරුන්ට සළාකයක් දෙන්නෙමි”යි සිතා ගෙන නැවත භික්ෂූන් වෙත පැමිණියේය. කුණ්ඩධාන තෙරුන් වහන්සේ ආනන්ද හිමියන් පැමිණීමට පෙර ම, අභිඥාපාදක චතුර්ථධ්යානයට සමවැද සෘද්ධියෙන් අහසෙහි වැඩහිඳිමින්, “ආනන්දයනි! මට සලාකයක් දෙන්න. ශාස්තෲන් වහන්සේ මා පිළිබඳව දන්නා සේක. මා වැනි භික්ෂුවක් පළමුවෙන් ම සළාකය ගැනීම කිසි කලෙකත් ශාස්තෲන් වහන්සේ නො වළක්වන සේක”යි පවසා අත දිගුකර සළාකයක් ගත් සේක. ශාස්තෲන් වහන්සේ මෙම සිදුවීම අරමුණු කරගෙන කුණ්ඩධාන තෙරුන් මේ සසුනේ පළමුව සළාක ගන්නා තෙරවරුන් අතුරින් අග තනතුරෙහි තැබූ සේක. මේ තෙරුන් වහන්සේ රජුගෙන් උපස්ථාන ලැබ සුදුසු ආහාර පාන ලැබීම නිසා සන්සුන් සිතැතිව, විදසුන් වඩා ලබන ලද හේතු සම්පත් ඇති සේක්; ෂඩ් අභිඥාලාභී වූහ. එනිසා අපදාන පාළියේ එම විස්තරය මෙසේ දැක්වේ. (අපදාන පාළි I, කුණ්ඩධාන ත්‍ථෙරාපදානං)
“සත්තාහං පටිසල්ලීනං, සයම්භුං අග්ගපුග්ගලං; පසන්නචිත්තො සුමනො, බුද්ධසෙට්ඨං උපට්ඨහිං.
“සතියක් නිරෝධ සමවතින් වැඩ සිටි, ලොව සියල්ල තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්, අග්‍ර පුද්ගල වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත මම පැමිණියෙමි. උන්වහන්සේට සමාපත්තියෙන් නැගී සිටි විට මම, කෙසෙල් කැනක් පූජා කළෙමි.
“වුට්ඨිතං කාලමඤ්ඤාය, පදුමුත්තරං මහාමුනිං; මහන්තිං කදලීකණ්ණිං, ගහෙත්වා උපගච්ඡහං.
“පටිග්ගහෙත්වා භගවා, සබ්බඤ්ඤූ ලොකනායකො; මම චිත්තං පසාදෙන්තො, පරිභුඤ්ජි මහාමුනි.
ලෝක නායකයන් වහන්සේ එය පිළිගෙන මාගේ සිත පහදවමින් වැළඳූ සේක.
“පරිභුඤ්ජිත්වා සම්බුද්ධො, සත්ථවාහො අනුත්තරො; සකාසනෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
අනුත්තර වූ සත්ත්වයන් සසරින් එතෙර කරවන්නා වූ බුදුරජාණන් වහන්සේ එය වළඳා තම අසුනෙහි වැඩ හිඳ මෙසේ වදාළ සේක.
“යෙ ච සන්ති සමිතාරො, යක්ඛා ඉමම්හි පබ්බතෙ; අරඤ්ඤෙ භූතභබ්යානි, සුණන්තු වචනං මම.
“මෙම පර්වතයෙහි රැස් වූ යම් සත්ත්ව කෙනෙක් වේ නම් ඔවුහු ද ආරණ්‍යයේ මේ ධර්මය ඇසීමට සුදුසු භූතයෝ ද මාගේ වචනය අසත්වා.
“යො සො බුද්ධං උපට්ඨාසි, මිගරාජංව කෙසරිං; තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
යමෙක් කේශර සිංහයෙකු මෙන් සර්වඥ වූ මා හට උපස්ථාන කළේ ද මම ඔහුට කවරෙක් දැයි ප්‍රකාශ කරන්නෙමි. මාගේ එම වදන් අසවු.
“එකාදසඤ්චක්ඛත්තුං සො, දෙවරාජා භවිස්සති; චතුවීසතික්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති.
මෙතෙමේ මින් පසුව එකොළොස් වරක් ශක්රදේවේන්ද්රව උපදින්නේය. තිස් හතර වාරයක් සක්විති රජුව විඳින්නේය.
“කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් කල්ප ලක්ෂයකට පසුව ඔක්කාක කුලයේ උපදින ග්රෝත්රයෙන් ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සේක.
“අක්කොසිත්වාන සමණෙ, සීලවන්තෙ අනාසවෙ; පාපකම්මවිපාකෙන, නාමධෙය්යං ලභිස්සති.
එකල්හි මෙතෙම සිල්වත් රහතන් වහන්සේලාට ආක්‍රෝෂ කිරීමේ පාපයෙන් “කුණ්ඩධාන” යන නමක් ලබන්නේය.
“තස්ස ධම්මෙ සුදායාදො, ඔරසො ධම්මනිම්මිතො; කුණ්ඩධානොති නාමෙන, සාවකො සො භවිස්සති.
මොහු ඒ ගෞතම බුදුරදුන්ගේ ධර්මයට දායාද වූ ධර්මයෙන් නිර්මිත වූවාක් වැනි වූ “කුණ්ඩධාන” නම් ඖරස පුත්‍ර බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.”
“පවිවෙකමනුයුත්තො, ඣායී ඣානරතො අහං; තොසයිත්වාන සත්ථාරං, විහරාමි අනාසවො.
“මම ප්රකර්ෂ විවේකයෙහි යෙදුනෙම්, ධ්‍යාන කරන සුලු වූයෙම් ධ්‍යානයෙහි ඇලුනෙම් ශාස්තෲන් වහන්සේ සතුටු කොට ආශ්‍රව රහිතව වෙසෙමි.
“සාවකෙහි පරිවුතො, භික්ඛුසඞ්ඝපුරක්ඛතො; භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, සලාකං ගාහයී ජිනො.
අග්‍ර ශ්‍රාවක දෙනම පිරිවරා ගත් භික්ෂු සංඝයා මැද සිටි බුදුරජාණන් වහන්සේ සළාක ගැන් වූ සේක.
“එකංසං චීවරං කත්වා, වන්දිත්වා ලොකනායකං; වදතං වරස්ස පුරතො, පඨමං අග්ගහෙසහං.
සිවුර ඒකාංශ කරගෙන ලෝක නායක වූ තථාගතයන් වහන්සේ ඉදිරියේ නැගී සිටි මම පළමු සළාකය ගත්තෙමි.
“තෙන කම්මෙන භගවා, දසසහස්සිකම්පකො; භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, අග්ගට්ඨානෙ ඨපෙසි මං.
ඒ ක්‍රියාව නිමිති කරගෙන දස දහසක් සක්වල කම්පිත කරන්නාවූ බුදුරජාණන් වහන්සේ මා අග්‍ර ස්ථානයෙහි තැබූ සේක.
“වීරියං මෙ ධුරධොරය්හං, යොගක්ඛෙමාධිවාහනං; ධාරෙමි අන්තිමං දෙහං, සම්මාසම්බුද්ධසාසනෙ.
නිර්වාණය නම් යෝග ක්ෂේමභූමියට ගෙන යන ධුරවාහකයා නම් මාගේ වීර්යයි. මම මේ බුදු සසුනෙහි අවසන් සිරුර දරමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
සිවු පිළිසිඹියාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි. (1003-1018)
එවංභූතස්සපි ඉමස්ස ථෙරස්ස ගුණෙ අජානන්තා යෙ පුථුජ්ජනා භික්ඛූ තදා පඨමං සලාකග්ගහණෙ “කිං නු ඛො එත”න්ති සමචින්තෙසුං. තෙසං විමතිවිධමනත්ථං ථෙරො ආකාසං අබ්භුග්ගන්ත්වා ඉද්ධිපාටිහාරියං දස්සෙත්වා අඤ්ඤාපදෙසෙන අඤ්ඤං බ්යාකරොන්තො “පඤ්ච ඡින්දෙ”ති ගාථං අභාසි.
මෙසේ මහානුභාව සම්පන්න වූ මේ තෙරුන් වහන්සේගේ ගුණ නොදත් පුහුදුන් භික්ෂූහු එදා පළමු සළාකය ගන්නා විට “මේ කිම්ද?”යි යන අවඥා සහගත එකම සිතක් දැරූහ. ඔවුන්ගේ සැක සංකා දුරු කරනු සඳහා තෙරුන් වහන්සේ අහසට පැන නැගී, සෘද්ධිමත් පෙළහර දක්වා රහත් මාර්ග ඥානයෙන් ම තමා ලැබූ රහත් බව ප්‍රකාශ කරන සේක. “පඤ්ච ඡින්දෙ” යන ගාථාව වදාළහ.
තත්ථ පඤ්ච ඡින්දෙති අපායූපපත්තිනිබ්බත්තනකානි පඤ්චොරම්භාගියානි සංයොජනානි පාදෙ බන්ධනරජ්ජුකං විය පුරිසො සත්ථෙන හෙට්ඨිමමග්ගත්තයෙන ඡින්දෙය්ය පජහෙය්ය. පඤ්ච ජහෙති උපරිදෙවලොකූපපත්තිහෙතුභූතානි පඤ්චුද්ධම්භාගියසංයොජනානි පුරිසො ගීවාය බන්ධනරජ්ජුකං විය අරහත්තමග්ගෙන ජහෙය්ය, ඡින්දෙය්ය වාති අත්ථො. පඤ්ච චුත්තරි භාවයෙති තෙසංයෙව උද්ධම්භාගියසංයොජනානං පහානාය සද්ධාදීනි පඤ්චින්ද්රියානි උත්තරි අනාගාමිමග්ගාධිගමතො උපරි භාවෙය්ය අග්ගමග්ගාධිගමවසෙන වඩ්ඪෙය්ය. පඤ්චසඞ්ගාතිගොති එවංභූතො පන පඤ්චන්නං රාගදොසමොහමානදිට්ඨිසඞ්ගානං අතික්කමනෙන පහානෙන පඤ්චසඞ්ගාතිගො හුත්වා. භික්ඛු ඔඝතිණ්ණොති වුච්චතීති සබ්බථා භින්නකිලෙසතාය භික්ඛූති, කාමභවදිට්ඨිඅවිජ්ජොඝෙ තරිත්වා තෙසං පාරභූතෙ නිබ්බානෙ ඨිතොති ච වුච්චතීති අත්ථො.
එහි “පඤ්ච ඡින්දෙ” යනු අපායෙහි ඉපදීම ඇති කරන පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්, පයේ බැඳි රැහැනක් ඇති පුරුෂයෙක් එය සැනකින් කපා දමන්නාක් මෙන් වීර්යවන්ත භික්ෂුව සෝවාන් ආදී මාර්ග තුනින් එම සංයෝජන පස සිඳින්නේය. දුරුකරන්නේය. “පඤ්ච ජහෙ” යනු ඉහළ දිව්‍ය ලෝකෝත්පත්තිය ගෙන දෙන පඤ්ච උද්ධම්භාගිය සංයෝජන, පුරුෂයෙකුගේ බෙල්ලේ බැඳි රැහැනක් මෙනි. එය අර්හත් මාර්ගයෙන්ම දුරු කරන්නේය. සිඳ දමන්නේය යන අර්ථයයි. “පඤ්ච වුත්තරිභාවයෙ” යනු එම උද්ධම්භාගිය සංයෝජන දුරු කිරීමෙන් ශ්‍රද්ධාදී පස් ඉන්ද්‍රියන්ට වඩා ඉහළ අනාගාමී මාර්ගාවබෝධය ද ඊට ඉහළ වූ අග්රමාර්ග නම් වූ අර්හත් ඵලය ද වඩන්නේය. “පඤ්ච සඞ්ගාතිගො” යනු මෙබඳු වූ පසක් වූ රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි යන සංඝයන්ගේ අතික්රමණයෙන් හෙවත් ඉක්මවීමෙන්, ප්‍රහාණයෙන් පංච සංගයන් ඉක්මවා “භික්ඛු ඔඝතිණ්ණොති වුච්චති” යනු “සර්ව ප්‍රකාරයෙන්ම කෙලෙස් සිඳ බිඳ දමන ලද බැවින් “භික්ඛු” නම් ලද භික්ෂුව (රහතන් වහන්සේ) කාම, භව, දිට්ඨි, අවිද්‍යා යන සතර ඕඝයන් (සැඩ ප්රහාරයන්) තරණය කොට, ඒවායේ එතෙර පිහිටි නිර්වාණයෙහි පිහිටියේ යැයි කියනු ලැබේ.” යන අර්ථයයි.
කුණ්ඩධානත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
කුණ්ඩධාන ථේර ගාථා අර්ථ වර්ණනාව නිමියේය.