යෙදුමෙන් කියවන්න

බෙල‍්ලට‍්ඨිසීසත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

බෙල‍්ලට‍්ඨිසීසත්‍ථෙරගාථාවණ‍්ණනා

බෙල්ලට්ඨිසීස ස්ථවිරගාථා වර්ණනාව

යථාපි භද‍්දො ආජඤ‍්ඤොති ආයස‍්මතො බෙලට‍්ඨසීසත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සො කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරොන‍්තො උපනිස‍්සයසම‍්පත‍්තියා අභාවෙන විසෙසං නිබ‍්බත‍්තෙතුං නාසක‍්ඛි. විවට‍්ටූපනිස‍්සයං පන බහුං කුසලං උපචිනිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉතො එකතිංසෙ කප‍්පෙ වෙස‍්සභුං භගවන‍්තං පස‍්සිත්‍වා පසන‍්නචිත‍්තො මාතුලුඞ‍්ගඵලං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවෙසු නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා සුගතිතො සුගතිං උපගච‍්ඡන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො භගවතො අභිසම‍්බොධියා පුරෙතරමෙව උරුවෙලකස‍්සපස‍්ස සන‍්තිකෙ තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අග‍්ගිං පරිචරන‍්තො උරුවෙලකස‍්සපදමනෙ ආදිත‍්තපරියායදෙසනාය (මහාව· 54; සං· නි· 4.28) පුරාණජටිලසහස‍්සෙන සද‍්ධිං අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.51.68-73) –

“යථාපි භද්දො ආජඤ්ඤො” යනු ආයුෂ්මත් බේලට්ඨ සීස තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ උසස් කුළයක ඉපදී, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා, ලබන ලද ශ්‍රද්ධාව ඇතිව පැවිදි වී මහණදම් පිරූ නමුත් උපනිශ්‍රය සම්පත් නැති බැවින් ආර්ය ගුණ විශේෂයක් උපදවා ගැනීමට නොහැකි වූහ. නමුත් නිවන අරමුණු කරගෙන බොහෝ පින්දහම් සිදු කරගත් බැවින් දෙව් මිනිස් දෙගතියෙහි හැසිරෙන කල්හි; මෙයින් කල්ප තිස් එකකට පෙර දී වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ දැක - පැහැදී උන්වහන්සේට නාරන් ගෙඩියක් පූජා කළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් ලොව ඉපිද, තව තවත් පින් දහම් රැස්කර සුගතියෙන් සුගතියට පත් වෙමින් සිට, අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර එක් බමුණු ගෙදරක උපන්නේය. ඉපිද භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට පෙර කාලයේදී උරුවේල කාශ්‍යප තාපසතුමා ළඟ තවුස් පැවිද්දෙන් පැවිදිව ගිනි පුදමින් සිටියේය. බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යප දමනය කරමින් ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව පැවැත්වූ කල්හි පැරණි ජටිලයන් දහස සමගම රහත් බවට පත්විය. මෙම විස්තරය අපදාන පාළියේ ගාථාවලින් ද දැක්වේ. එහි සිංහලාර්ථය මෙසේය. (අපදාන පාළි II - මාතුලුඞ්ගඵලදායක ත්‍ථෙරාපදානං) -

“කණිකාරංව ජොතන‍්තං, පුණ‍්ණමායෙව චන්‍දිමං; ජලන‍්තං දීපරුක‍්ඛංව, අද‍්දසං ලොකනායකං.

“පණ්ණරසි දිනයේ (පසළොස්වක දා) සඳ මෙන් බබළන, කිණිහිරි රුකක් වැනි වූ පහන් ගසක් මෙන් දිලිසෙන ලෝක නායක වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“මාතුලුඞ‍්ගඵලං ගය‍්හ, අදාසිං සත්‍ථුනො අහං; දක‍්ඛිණෙය්‍යස‍්ස වීරස‍්ස, පසන‍්නො සෙහි පාණිභි.

උන්වහන්සේ කෙරෙහි පහන් සිත් උපදවා දක්‍ෂිණාර්හ වූ ප්‍රාඥ වූ ශාස්තෲන් වහන්සේට මම නාරන් ගෙඩියක් පිදුවෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං ඵලං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

එදා සිට, මෙයින් කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නො ඉපදුනෙමි. ඵලදානයේ විපාකය එබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

ම විසින් කෙලෙස් දවන ලදි. සියලු භවයෝ නැසුවෙමි -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කළෙමි. (5425-5430)

එවං අධිගතාරහත‍්තො ආයස‍්මතො ධම‍්මභණ‍්ඩාගාරිකස‍්ස උපජ‍්ඣායො අයං ථෙරො එකදිවසං ඵලසමාපත‍්තිතො උට‍්ඨාය තං සන‍්තං පණීතං නිරාමිසං සුඛං අත‍්තනො පුබ‍්බයොගඤ‍්ච පච‍්චවෙක‍්ඛිත්‍වා පීතිවෙගවසෙන “යථාපි භද‍්දො ආජඤ‍්ඤො”ති ගාථං අභාසි.

මෙලෙස ලබන ලද රහත් බව ඇති, ආයුෂ්මත් ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහතෙරුන් වහන්සේගේ උපාධ්‍යාය වූ මේ බෙලට්ඨසීස තෙරණුවෝ; එක් දිනක් ඵල සමවතින් නැගී සිට, ශාන්ත වූ ප්‍රණීත වූ නිරාමිස සුවය ද තමාගේ පූර්ව යෝගයෙන් ද සිහිපත් කර බලා හටගත් ප්‍රීති සොම්නස් බව නිසා “යථාපි භද්දො ආජඤ්ඤො” යන ගාථාව වදාළ සේක.

තත්‍ථ යථාපීති ඔපම‍්මපටිපාදනත්‍ථෙ නිපාතො. භද‍්දොති සුන්‍දරො ථාමබලසමත්‍ථජවපරක‍්කමාදිසම‍්පන‍්නො. ආජඤ‍්ඤොති ආජානීයො ජාතිමා කාරණාකාරණානං ආජානනකො. සො තිවිධො උසභාජඤ‍්ඤො අස‍්සාජඤ‍්ඤො හත්‍ථාජඤ‍්ඤොති. තෙසු උසභාජඤ‍්ඤො ඉධාධිප‍්පෙතො. සො ච ඛො ඡෙකකසනකිච‍්චෙ නියුත‍්තො, තෙනාහ “නඞ‍්ගලාවත‍්තනී”ති. නඞ‍්ගලස‍්ස ඵාලස‍්ස ආවත‍්තනකො, නඞ‍්ගලං ඉතො චිතො ච ආවත‍්තෙත්‍වා ඛෙත‍්තෙ කසනකොති අත්‍ථො. නඞ‍්ගලං වා ආවත‍්තයති එත්‍ථාති නඞ‍්ගලාවත‍්තං , ඛෙත‍්තෙ නඞ‍්ගලපථො, තස‍්මිං නඞ‍්ගලාවත‍්තනි. ගාථාසුඛත්‍ථඤ‍්හෙත්‍ථ “වත‍්තනී”ති දීඝං කත්‍වා වුත‍්තං. සිඛීති මත්‍ථකෙ අවට‍්ඨානතො සිඛාසදිසතාය සිඛා, සිඞ‍්ගං. තදස‍්ස අත්‍ථීති සිඛී. අපරෙ පන “කකුධං ඉධ ‘සිඛා’ති අධිප‍්පෙත”න‍්ති වදන‍්ති, උභයථාපි පධානඞ‍්ගකිත‍්තනමෙතං “සිඛී”ති. අප‍්පකසිරෙනාති අප‍්පකිලමථෙන. රත‍්තින්‍දිවාති රත‍්තියො දිවා ච, එවං මමං අප‍්පකසිරෙන ගච‍්ඡන‍්තීති යොජනා. ඉදං වුත‍්තං හොති – යථා “භද‍්දො උසභාජානීයො කසනෙ නියුත‍්තො ඝනතිණමූලාදිකෙපි නඞ‍්ගලපථෙ තං අගණෙන‍්තො අප‍්පකසිරෙන ඉතො චිතො ච පරිවත‍්තෙන‍්තො ගච‍්ඡති, යාව කසනතිණානං පරිස‍්සමං දස‍්සෙති, එවං මමං රත‍්තින්‍දිවාපි අප‍්පකසිරෙනෙව ගච‍්ඡන‍්ති අතික‍්කමන‍්තී”ති. තත්‍ථ කාරණමාහ “සුඛෙ ලද‍්ධෙ නිරාමිසෙ”ති. යස‍්මා කාමාමිසලොකාමිසවට‍්ටාමිසෙහි අසම‍්මිස‍්සං සන‍්තං පණීතං ඵලසමාපත‍්තිසුඛං ලද‍්ධං, තස‍්මාති අත්‍ථො. පච‍්චත‍්තෙ චෙතං භුම‍්මවචනං යථා “වනප‍්පගුම‍්බෙ” (ඛු· පා· 6.13; සු· නි· 236) “තෙන වත රෙ වත‍්තබ‍්බෙ”ති (කථා· 1) ච. අථ වා තතො පභුති රත‍්තින්‍දිවා අප‍්පකසිරෙන ගච‍්ඡන‍්තීති විචාරණාය ආහ – “සුඛෙ ලද‍්ධෙ නිරාමිසෙ”ති, නිරාමිසෙ සුඛෙ ලද‍්ධෙ සති තස‍්ස ලද‍්ධකාලතො පට‍්ඨායාති අත්‍ථො.

එහි “යථාපි” යනු උපමාවක් දක්වන අරුතෙහි යෙදුණු නිපායකි. “භද්දො” යනු යහපත් වූ, සුන්දර වූ, වීර්ය බලයෙහි සමර්ථ වූ, ජව - පරාක්‍රමාදියෙන් යුක්ත වූ “ආජඤ්ඤො” යනු ආජානීය වූ, උසස් වර්ගයේ වූ, ජාතියේ හා කාරණා කාරණා නිවැරදිව දැනීම් වශයෙන් උසස් පැවතුම් ඇති, එබඳු සත්ත්වයෝ තිදෙනෙකි. ඔවුන් අතුරින් ආජානීය වෘෂභයා මෙහිදී අදහස් විය. ඔහු සී සෑමෙහි දක්‍ෂ ලෙස යොදා ඇත්තෙකි. එනිසා කියන ලදි. – “නඞ්ගලා වත්තනී” යනුවෙන්, හී වැටෙහි යොදන ලද, නගුලේ ද නගුල් තලයේ ද පෙරලීම් වශයෙන් “නඞ්ගලං” හි වැටෙති. නඞ්ගල පථයෙහි ඔබිනොබ පෙරලී කුඹුරෙහි සී සායි යන අර්ථයයි. නගුල පෙරලී යයි. එය මෙහි සිදුවේ යන අරුතින් “නඞ්ගලාවත්ත” නම් වේ. කෙතෙහි, නඟුල් පථයෙහි යන අරුතින්, එහි “නඞ්ගලාවත්තනි” නම් වේ. ගාථාවෙහි සුඛෝච්ඡාරණය සඳහා මෙහි “වත්තනී” යනුවෙන් දීර්ඝ කරන ලදි. “සිඛී” හිස මත වසාගෙන සිළු මෙන් සිටින බැවින් “සිඛා” නම් වූ අං එය ඇත්තේ “සිඛී” නම් වේ. ඇතැම්හු මෙහි “සිඛා” යනුවෙන් මොල්ලිය අදහස් කළ බව කියති. අර්ථ දෙකම ගත්තත්, මෙහිදී නඟුලම ඉස්මතු කර දක්වයි. “අප්පකසිරෙන” යනු අල්ප වෙහෙසකින්, නිදුකින්, “රත්තින්‍දිවා” යනු දවල් ද රාත්‍රියේ ද “මෙසේ මා හට නිදුකින් දිවා රෑ ගත වේ” යන අරුතයි. මෙය කියන ලදි. යම් සේ යහපත් වූ අජානීය වෘෂභයෙක් නොසළකමින් නිදුකින් ඔබිනොබ පෙරලමින් යන්නේද, යම්තාක් සී සෑමෙහි පරිශ්‍රමයක් උත්සාහයක් දක්වයිද, එලෙසින්ම මගේ දිවා රාත්‍රී කාලය නිදුකින්ම ගතවේ. ඉක්මවා යයි. එම හේතුවෙන් කියන ලදි. “සුඛෙ ලද්ධෙ නිරාමිසෙ” යනු “කාමුක ආමිෂ, ලෞකික ආමිෂ හා සසර පැවැත්මට හේතුවන ආමිෂාදියෙන් මිශ්‍ර නොවූ එනිසාම ශාන්ත වූ ප්‍රණීත වූ ඵලසමවත් සුව ලද බැවින්” යන අරුතයි. මෙය පඨමා විභක්ති අර්ථයේ තැබූ සත්තමී වචනයකි. “වනප්පගුම්බෙ” යන්න මෙනි. “එලෙසින්ම සෙසු අය ද පැවතිය යුතුයි” යන අරුතයි. නැතහොත් එතැන් පටන් රෑ දවල් නිදුකින්ම ගතවේ යැයි විමසීම සඳහා කියන ලදි. “සුඛො ලද්ධෙ නිරාමිසෙ” යනු නිරාමිස සුවය ලැබූ කල්හි “එය ලද අවස්ථාවෙහි සිට” යන අර්ථයයි.

බෙලට‍්ඨසීසත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

බෙලට්ඨ සීස ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේ ය.