දාසකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
දාසකත්ථෙරගාථාවණ්ණනා
දාසක ස්ථවිරගාථා වර්ණනාව
මිද්ධී යදාති ආයස්මතො දාසකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර ඉතො එකනවුතෙ කප්පෙ අනුප්පන්නෙ තථාගතෙ අජිතස්ස නාම පච්චෙකබුද්ධස්ස ගන්ධමාදනතො මනුස්සපථං ඔතරිත්වා අඤ්ඤතරස්මිං ගාමෙ පිණ්ඩාය චරන්තස්ස මනොරමානි අම්බඵලානි අදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො කස්සපස්ස භගවතො කාලෙ සාසනෙ පබ්බජිත්වා විවට්ටූපනිස්සයං බහුං පුඤ්ඤං අකාසි. එවං කුසලකම්මප්පසුතො හුත්වා සුගතිතො සුගතිං උපගච්ඡන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කුලගෙහෙ නිබ්බත්ති. දාසකොතිස්ස නාමං අහොසි. සො අනාථපිණ්ඩිකෙන ගහපතිනා විහාරපටිජග්ගනකම්මෙ ඨපිතො සක්කච්චං විහාරං පටිජග්ගන්තො අභිණ්හං බුද්ධදස්සනෙන ධම්මස්සවනෙන ච පටිලද්ධසද්ධො පබ්බජි. කෙචි පන භණන්ති – “අයං කස්සපස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා වයප්පත්තො අඤ්ඤතරං ඛීණාසවත්ථෙරං උපට්ඨහන්තො කිඤ්චි කම්මං කාරාපෙතුකාමො ථෙරං ආණාපෙසි. සො තෙන කම්මෙන අම්හාකං භගවතො කාලෙ සාවත්ථියං අනාථපිණ්ඩිකස්ස දාසියා කුච්ඡිම්හි නිබ්බත්තො වයප්පත්තො සෙට්ඨිනා විහාරපටිජග්ගනෙ ඨපිතො වුත්තනයෙනෙව පටිලද්ධසද්ධො අහොසි. මහාසෙට්ඨි තස්ස සීලාචාරං අජ්ඣාසයඤ්ච ඤත්වා භුජිස්සං කත්වා ‘යථාසුඛං පබ්බජා’ති ආහ. තං භික්ඛූ පබ්බාජෙසු”න්ති. සො පබ්බජිතකාලතො පට්ඨාය කුසීතො හීනවීරියො හුත්වා න කිඤ්චි වත්තපටිවත්තං කරොති, කුතො සමණධම්මං, කෙවලං යාවදත්ථං භුඤ්ජිත්වා නිද්දාබහුලො විහරති. ධම්මස්සවනකාලෙපි එකං කොණං පවිසිත්වා පරිසපරියන්තෙ නිසින්නො ඝුරුඝුරුපස්සාසී නිද්දායතෙව. අථස්ස භගවා පුබ්බූපනිස්සයං ඔලොකෙත්වා සංවෙගජනනත්ථං “මිද්ධී යදා හොති මහග්ඝසො චා”ති ගාථං අභාසි.
“මිද්ධි යදා” යනු ආයුෂ්මත් දාසක තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ මෙයින් කල්ප අනූ එකකට පෙර බුදුවරු නූපන් කාලයක මනුෂ්‍යයෙක්ම උපන්හ. ගන්ධ මාදන පර්වතයෙන් බැස මිනිස් පථයෙහි එක් ගමක පිඬු පිණිස හැසිරෙන අජිත නම් පසේ බුදුරජාණන් වහන්සේ දුටු ඔහු ඉතා රසවත් අඹ ගෙඩියක් උන්වහන්සේට පූජා කළේය. ඔහු ඒ පින් බෙලෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා කාශ්‍යප බුදුන්ගේ සසුනෙහි පැවිදිභාවයට පත්ව නිර්වාණය පතාගෙන බොහෝ පින් දහම් කළේය. මෙසේ රැස් කරන ලද කුසල ධර්ම ඇති ඔහු, සුගතියෙන් සුගතියට යමින් අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ කාලයේ සැවැත් නුවර උසස් පවුලක ඉපිද “දාසක” නමින් ප්‍රකට විය. ඔහු අනේ පිඬු සිටුතුමා විසින් විහාරය ආරක්ෂා කිරීමෙහි යොදන ලදුව මැනවින් එම කටයුත්තෙහි යෙදුණි. එනිසා නිතරම බුදුන් දැකීමෙහි ද ධර්ම ශ්‍රවණයෙහි ද යෙදීමෙන් ලබන ලද ශ්‍රද්ධා ඇති ඔහු සසුනේ පැවිදි විය. ඇතැම්හු මෙසේ කියති. “මොහු කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ උසස් කුලයක ඉපිද, වැඩිවියට පත්ව එක්තරා රහතන් වහන්සේ නමකට උපස්ථාන කරනුයේ, දික් කිසියම් වැඩක් කරගනු කැමතිව උන්වහන්සේට අණ කරන ලදි. ඔහු එම පාප කර්මය නිසා අප භාග්‍යවතුන් ලොව පහළ වූ සමයේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දාසියෙකුගේ කුසෙහි උපන්නේය.” යනුවෙනි. වැඩිවියට පත් වූ ඔහු, සිටුතුමා විසින් විහාරය ආරක්ෂා කිරීමෙහි යොදන ලදුව පෙරකී ලෙසම ලබන ලද ශ්‍රද්ධා ඇති විය. මහ සිටුතුමා ඔහුගේ යහපත් අදහස දැන දාස භාවයෙන් මුදවා “කැමති පරිදි පැවිදිවන්න”යි පැවසීය. පසුව ඔහු පැවිදිවිය. පැවිදි වූ දින සිටම උන්වහන්සේ, කුසීතව කම්මැලිව කිසිදු වත් පිළිවෙතක් නොකරති. ශ්රමණධර්ම කිරීමක් - මගඵල ලැබීමක් කොයින්ද? හුදෙක් ලැබෙනතාක් වළඳා නිදා ගැනීමෙන් ම කල් ගෙවීය. ධර්ම ශ්‍රවණය කරන කාලයෙහි ද ධර්මශාලාවෙහි එක් කොණක පිරිස කෙළවරම හිඳගෙන සුරු සුරු හඬින් ප්රාශ්වාස කරමින් නිදිකිරා වැටේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ හිමිගේ පෙර උපනිශ්‍රය සම්පත් විමසා බලා, උන්වහන්සේට සංවේග ඉපදවීම පිණිස “මිද්ධි යදාහොති මහග්ඝසොච” යන ගාථාව වදාළ සේක.
තත්ථ මිද්ධීති ථිනමිද්ධාභිභූතො, යඤ්හි මිද්ධං අභිභවති, තං ථිනම්පි අභිභවතෙව. යදාති යස්මිං කාලෙ. මහග්ඝසොති මහාභොජනො, ආහරහත්ථකඅලංසාටකතත්ථවට්ටකකාකමාසකභුත්තවමිතකානං අඤ්ඤතරො විය. නිද්දායිතාති සුපනසීලො. සම්පරිවත්තසායීති සම්පරිවත්තකං සම්පරිවත්තකං නිපජ්ජිත්වා උභයෙනපි සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තොති දස්සෙති. නිවාපපුට්ඨොති කුණ්ඩකාදිනා සූකරභත්තෙන පුට්ඨො භරිතො. ඝරසූකරො හි බාලකාලතො පට්ඨාය පොසියමානො ථූලසරීරකාලෙ ගෙහා බහි නික්ඛමිතුං අලභන්තො හෙට්ඨාමඤ්චාදීසු සම්පරිවත්තෙත්වා සම්පරිවත්තෙත්වා සයතෙව. ඉදං වුත්තං හොති – යදා පුරිසො මිද්ධී ච හොති මහග්ඝසො ච නිවාපපුට්ඨො මහාවරාහො විය අඤ්ඤෙන ඉරියාපථෙන යාපෙතුං අසක්කොන්තො නිද්දායනසීලො සම්පරිවත්තසායී, තදා සො “අනිච්චං දුක්ඛං අනත්තා”ති තීණි ලක්ඛණානි මනසිකාතුං න සක්කොති. තෙසං අමනසිකාරා මන්දපඤ්ඤො පුනප්පුනං ගබ්භං උපෙති, ගබ්භාවාසතො න පරිමුච්චතෙවාති. තං සුත්වා දාසකත්ථෙරො සංවෙගජාතො විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව අරහත්තං සච්ඡාකාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.51.74, 80-84) –
එහි “මිද්ධි” යනු ථීන මිද්ධ දෙකින් මඩනා ලද, යමෙක් කායික මැලි බවින් යුතුවේද (මිද්ධ) ඔහුගේ සිත ද දුර්වල වේම (ථීන) ය. “යදා” යනු යම් කාලයක “මහාග්ඝසො” යනු මහත් වූ භෝජන අනුභව කරන්නෙක් වේ. පමණ ඉක්මවා අශීලාචාරව ආහාර ගන්නා හත්ථක, අලංසාටක, තත්‍රවට්ටක, කාකමාසක, භුත්තවමික යන බමුණන් පස්දෙන මෙන් ආහාර ගනී. “නිද්දායිතා” යනු නිදා ගන්නා වූ “සම්පරිවත්ත සායී” යනු පෙරැළී පෙරැළී නිදන්නේ වේ. මෙ වචන දෙකින්ම “නිදීමේ සුවය, ස්පර්ශ සුවය, කායික මැළි බවින් යුතු සැපය විඳිමින් කල් ගෙවයි” යන අරුතින් “නිවාපපුට්ඨෙ” යනු සහල් කුඩු ආදී ඌරු ආහාරදී පෝෂණය කළ ගෘහවැසි ඌරෝ, බාල කාලයේ පටන් පෝෂිත ශරීරය ඉතා මහත් වුවත්, ගෙයින් පිටව යාමක් නොසිතා ඇඳ පුටු ආදියේ යට පෙරැළෙමින් පෙරැළෙමින් ම නිදන්නේ මය. මෙම ගාථාවේ අදහස මෙසේය. – “යම් පුරුෂයකු කායික මැළි බවින් යුතුවේද ඔහු මහත් වූ ආහාර පානාදියෙන් පෝෂිත මහා ඌරෙකු මෙන්, වෙනත් ඉරියවුවකින් සිටීමට නොහැකිව පෙරැළෙමින් නිදාගැනීම ම කරයි. මෙසේ වූ පුද්ගලයා අනිත්‍යය දැක අනාත්ම යන ත්රිලක්ෂණය මෙනෙහි කිරීමට නොහැකිව වෙසේ. එය සිහිපත් නොකරන හෙයින් මඳ වූ ප්‍රඥා ඇති ඔහු නැවත නැවත මවුකුසට පැමිණේ. (සසර සැරි සරයි). ගැබෙහි වාසයෙන් නොමිදෙයි. මෙම ගාථාව ඇසූ දාසක තෙරණුවෝ සංවේග උපදවා විදසුන් වඩා නොබෝ දිනකින්ම රහත් බව සාක්ෂාත් කරගත්හ. මෙම සිදුවීම අපදාන පාළියේ මෙලෙස විස්තර වේ -
“අජිතො නාම සම්බුද්ධො, හිමවන්තෙ වසී තදා; චරණෙන ච සම්පන්නො, සමාධිකුසලො මුනි.
“එකල්හි මුනි ගුණ ඇති පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ සමාධියෙහි දක්ෂ වූ “අජිත” නම් පසේ බුදුරජාණන් වහන්සේ හිමවතෙහි වැඩ විසූහ.
“සුවණ්ණවණ්ණෙ සම්බුද්ධෙ, ආහුතීනං පටිග්ගහෙ; රථියං පටිපජ්ජන්තෙ, අම්බඵලමදාසහං.
ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ රන්වන් සිරුරැති බුදුරජාණන් වහන්සේ වීථියට පිළිපන් කල්හි මම එක් අඹ ඵලයක් පිදුවෙමි.
“එකනවුතෙ ඉතො කප්පෙ, යං ඵලං අදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතිය නොඉපදුනෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් කෙළෙස් දවන ලදි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.”
අරහත්තං පන පත්වා ථෙරො ඉමාය ගාථාය මං භගවා ඔවදි, “අයං ගාථා මය්හං අඞ්කුසභූතා”ති තමෙව ගාථං පච්චුදාහාසි. තයිදං ථෙරස්ස පරිවත්තාහාරනයෙන අඤ්ඤාබ්යාකරණං ජාතං.
රහත් බවට පත් වූ එම දාසක තෙරණුවෝ මේ ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ මට අවවාද දුන්සේකැයි පවසා, “මේ ගාථාව මා හට හෙණ්ඩුවක් වී යැ”යි එම ගාථාව නැවත දේශනා කළ සේක. මෙලෙස මේ තෙරුන් වහන්සේ පෙරළා දැක්වීම් වශයෙන් (පරිවත්තාහාරනයෙන) තම රහත් බව ප්‍රකාශ කරන ලද්දේ වේ.
දාසකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
දාසක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.