සිගාලපිතුත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සිගාලපිතුත්ථෙරගාථාවණ්ණනා
සිගාලපීතෘ ස්ථවිරගාථා වර්ණනාව
අහු බුද්ධස්ස දායාදොති සිඞ්ගාලකපිතුත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර ඉතො චතුනවුතෙ කප්පෙ සතරංසිං නාම පච්චෙකසම්බුද්ධං පිණ්ඩාය චරන්තං දිස්වා පසන්නමානසො වන්දිත්වා අත්තනො හත්ථගතං තාලඵලං අදාසි. තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තො අපරාපරං පුඤ්ඤානි කත්වා සුගතීසුයෙව සංසරන්තො කස්සපස්ස භගවතො කාලෙ මනුස්සයොනියං නිබ්බත්තො සාසනෙ පටිලද්ධසද්ධො හුත්වා පබ්බජිත්වා අට්ඨිකසඤ්ඤං භාවෙසි. පුන ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කුලගෙහෙ නිබ්බත්තිත්වා වයප්පත්තො දාරපරිග්ගහං කත්වා එකං පුත්තං ලභිත්වා තස්ස “සිඞ්ගාලකො”ති නාමං අකාසි. තෙන නං සිඞ්ගාලකපිතාති වොහරන්ති. සො අපරභාගෙ ඝරබන්ධනං පහාය සාසනෙ පබ්බජි. තස්ස භගවා අජ්ඣාසයං ඔලොකෙන්තො අට්ඨිකසඤ්ඤාකම්මට්ඨානං අදාසි. සො තං ගහෙත්වා භග්ගෙසු විහරති සුසුමාරගිරෙ භෙසකළාවනෙ, අථස්ස තස්මිං වනෙ අධිවත්ථා දෙවතා උස්සාහජනනත්ථං “භාවනාඵලං නචිරස්සෙව හත්ථගතං කරිස්සතී”ති ඉමමත්ථං අඤ්ඤාපදෙසෙන විභාවෙන්තී “අහු බුද්ධස්ස දායාදො”ති ගාථං අභාසි.
“අහූ බුද්ධස්ස දායාදො” යනු සිඟාලක පිතු තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? ඔහු මෙයින් කල්ප අනූ හතරකට පෙර සතරංසි නම් පසේ බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක, පැහැදුණු සිත් ඇතිව උන්වහන්සේට වැඳ, තම අතේ තිබූ තල් ගෙඩියක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද, තව තවත් භවයන්හි පින්දහම් කරමින් සුගතීන්හි ම සැරිසරා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ මනුෂ්‍යයෙක්ව උපන්නේය. සසුනේ ලබන ලද ශ්‍රද්ධා ඇතිව පැවිදි භාවයට පත් වූ ඔහු අට්ඨි සඤ්ඤාව වැඩුවේය. නැවත අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර උසස් කුලයක ඉපිද වැඩිවියට පැමිණ විවාහ වී එක් පුතෙක් ලැබ, “සිඟාලක” යන නම එම පුතාට තබන ලදි. එනිසා ඔහුට “සිඟාලක පිතා” යැයි වහරන ලදි. “සිඟාලකගේ පියා” යන අරුතයි. පසුව හෙතෙම ගිහිගේ කළකිරී සසුනෙහි පැවිදි විය. භාග්‍යවතුන් වහන්සේ, සිඟාලක පිතු තෙරුන්ගේ අදහස් බලා, අට්ඨික සඤ්ඤාව කමටහනක් ලෙස දුන් සේක. උන්වහන්සේ එම කමටහන වඩමින් භග්ග ජනපදයේ සුංසුමාර ගිරි භේසකලාවනයෙහි සිටි සේක. ඉක්බිති එම වනයෙහි අධිගෘහිත දේවතාවා “මම හිමියන්ගේ උත්සාහය වඩවා භාවනා බලයෙන් නොබෝ කලකින්ම රහත් බව අතට පත් වූවක් කරන්නෙමි”යි සිතා එම අදහසම වෙනත් අයුරකින් දක්වමින් “අහු බුද්ධස්ස දායාදො” යන ගාථාව පැවසීය.
තත්ථ අහූති හොති, වත්තමානත්ථෙ හි ඉදං අතීතකාලවචනං. බුද්ධස්සාති සබ්බඤ්ඤුබුද්ධස්ස. දායාදොති ධම්මදායාදො නවවිධස්ස ලොකුත්තරධම්මදායස්ස අත්තනො සම්මාපටිපත්තියා ආදායකො ගණ්හනකො. අථ වා අහූති අහොසි. එවංනාමස්ස බුද්ධස්ස දායාදභාවෙ කොචි විබන්ධො ඉදානෙව භවිස්සතීති අධිප්පායො. තෙනාහ “මඤ්ඤෙහං කාමරාගං සො, ඛිප්පමෙව වහිස්සතී”ති. භෙසකළාවනෙති භෙසකෙන නාම යක්ඛෙන ලභිතත්තා පරිග්ගහිතත්තා, භෙසකළානං වා කට්ඨාදීනං බහුලතාය “භෙසකළාවන”න්ති ලද්ධනාමෙ අරඤ්ඤෙ. තස්ස භික්ඛුනො බුද්ධස්ස දායාදභාවෙ කාරණං වදන්තො “කෙවලං අට්ඨිසඤ්ඤාය, අඵරී පථවිං ඉම”න්ති ආහ. තත්ථ කෙවලන්ති සකලං අනවසෙසං. අට්ඨිසඤ්ඤායාති අට්ඨිකභාවනාය. අඵරීති “අට්ඨී”ති අධිමුච්චනවසෙන පත්ථරි. පථවින්ති අත්තභාවපථවිං. අත්තභාවො හි ඉධ “පථවී”ති වුත්තො “කො ඉමං පථවිං විච්චෙස්සතී”තිආදීසු විය. මඤ්ඤෙහන්ති මඤ්ඤෙ අහං. “මඤ්ඤාහ”න්තිපි පාඨො. සොති සො භික්ඛු. ඛිප්පමෙව නචිරස්සෙව කාමරාගං පහිස්සති පජහිස්සතීති මඤ්ඤෙ. කස්මා? අට්ඨිකසඤ්ඤාය කාමරාගස්ස උජුපටිපක්ඛභාවතො. ඉදං වුත්තං හොති – යො එකස්මිං පදෙසෙ ලද්ධාය අත්ථිකසඤ්ඤාය සකලං අත්තනො සබ්බෙසං වා අත්තභාවං “අට්ඨී”ත්වෙව ඵරිත්වා ඨිතො, සො භික්ඛු තං අට්ඨිකඣානං පාදකං කත්වා විපස්සන්තො නචිරෙනෙව අනාගාමිමග්ගෙන කාමරාගං , සබ්බං වා කාමනට්ඨෙන “කාමො”, රඤ්ජනට්ඨෙන “රාගො”ති ච ලද්ධනාමං තණ්හං අග්ගමග්ගෙන පජහිස්සතීති. ඉමං ගාථං සුත්වා සො ථෙරො “අයං දෙවතා මය්හං උස්සාහජනනත්ථං එවමාහා”ති අප්පටිවානවීරියං අධිට්ඨාය විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.51.85-90) –
එහි “අහු” යනු වේ. මෙය වර්තමාන කාල අර්ථයේ යෙදුණු අතීත කාල වචනයකි. “බුද්ධස්ස” යනු සර්වඥ බුදුරජාණන් වහන්සේගේ “දායාදො” ධර්ම දායාද කරගත්, නව ලෝකෝත්තර ධර්මයට දායාද වූ තමාගේ සම්‍යක් ප්රතිපත්තියෙහි පිහිටා එය පිළිගන්නා වූ නැතහොත් “අහු” යනු විය. “මෙනම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාද වූ කිසියම් බැඳුණු පුද්ගලයෙක් මෙහිම සිටී” යන අර්ථයයි. එනිසා “කාමරාගය වහාම ප්‍රහීණ කරුණු ඇතැයි මම සිතමි” යනුවෙන් කියන ලදි. “භෙසකලාවනෙ” යන “භේසක” නම් යක්ෂයා විසින් තබන ලද, පිළිගන්නා ලද බැවින් “භේසකලාවන” නම් වූ දර ආදිය බහුල වූ බැවින් “භේසකලාවන” යැයි ලබන ලද නම් ඇති අරණ්‍යයෙහි කැළයෙහි ඒ භික්ෂුව බුදුරදුන්ගේ දායාද ලබාගත් බැවින්, හුදෙක් අට්ඨි සඤ්ඤාවම වඩන බැවින් “මේ මුළු පෘථිවියම” යැයි කියන ලදි. එහි “කෙවලං” යනු සියලු සමස්ත “අට්ඨික සඤ්ඤාය” යනු අට්ඨික භාවනාවෙන් සියලු දෙයම “ඇට” ලෙස සිතන භාවනා කමටහනින් “අඵරී” යනු “ඇට” යැයි ස්ථිර ලෙස පිහිටීම් වශයෙන් පැතුරුණා වූ “පඨවිං” යනු ආත්මභාවය නම් පොළොවෙහි. මෙහි ආත්ම භාවය “පඨවි” යනුවෙන් අදහස් කරන ලදි. “කවරෙක් නම් මේ පොළොව අත්හරින්නේද?” (ඛො ඉමං පඨවිං විජෙස්සතී) යනාදියෙහි මෙනි. “මඤ්ඤෙහං” යනු මම සිතමි. මෙහිදී “මඤ්ඤාහං” යන පාඨයද සුදුසුය. “සො” යනු ඒ භික්ෂුව වහාම - නොපමාව ම කාමරාගය දුරු කරයි. දුරු කරන්නේ යැයි මම සිතමි. කුමක් හෙයින්ද? අට්ඨික සඤ්ඤාවෙන් කාම රාගයේ සෘජු පටිපන්න භාවයට පත් වූ හෙයිනි. මෙය කියන ලදි. “යමෙක් එක් ප්‍රදේශයක ලබන ලද අට්ඨික සංඥාව, තම සියලුම ආත්මභාවය පුරාම පතුරුවා හැරියේද, ඒ භික්ෂුව ඒ අට්ඨික සංඥාව ම පාදක කරගෙන විදර්ශනාව වඩා නොබෝ දිනකින් ම අනාගාමී මාර්ගයන් උපදවා ගැනීමෙන් සියලුම ආකාරයෙන් කැමතිවීම් අරුතින් “කාම” නම් වූ ද ඇලීම් අර්ථයෙන් “රාග” යැයි ද ලබන ලද නම් ඇති කාමරාගය ද, අර්හත් මාර්ගයෙන් තණ්හාව ද දුරුකරන්නේය.” මේ ගාථාව ඇසූ ඒ තෙරුන් වහන්සේ “මේ දේවතාවා මා හට උත්සාහ ඉපදවීමට මෙසේ කියන්නේයැ”යි දැන අප්‍රතිහත ධෛර්යය උපදවා විදසුන් වඩා රහත් බවට පත් වූ සේක. එනිසා අපදාන පාළියේ එම තොරතුරු මෙසේ දක්වා ඇත. (අපදාන පාළි II - තාලඵලදායක ත්‍ථෙරාපදානං) -
“සතරංසී නාම භගවා, සයම්භූ අපරාජිතො; විවෙකා උට්ඨහිත්වාන, ගොචරායාභිනික්ඛමි.
“සියල්ල තමන් වහන්සේම අවබෝධ කරගත් සතරංසි පසේ බුදුරජාණන් වහන්සේ, අපරාජිත වූ සමාධියෙන් නැගිට පිඬු පිණිස වැඩම කළ සේක.
“ඵලහත්ථො අහං දිස්වා, උපගච්ඡිං නරාසභං; පසන්නචිත්තො සුමනො, තාලඵලමදාසහං.
උන්වහන්සේ වෙත පැමිණි මා, පහන් සිත් ඇත්තෙම් මා අත වූ තල් ගෙඩියක් නරාසභයන් වහන්සේට පිදුවෙමි.
“චතුන්නවුතිතො කප්පෙ, යං ඵලං අදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක ලෙස මේ දක්වා දුගතියක නූපදුනෙමි. ඵල දානයේ විපාකය එබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුපියාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.” (5442-5447)
අරහත්තං පන පත්වා තාය දෙවතාය වුත්තවචනං පතිමානෙන්තො තමෙව ගාථං උදානවසෙන අභාසි. තදෙවස්ස ථෙරස්ස අඤ්ඤාබ්යාකරණං අහොසීති.
රහත් බවට පත් වූ උන්වහන්සේ ඒ දේවතාවා විසින් කියූ වචන සිහිපත් කරමින්, එම ගාථාවම උදාන වශයෙන් - ප්‍රීති වාක්‍යයක් ලෙස වදාළ සේක. එයම එම තෙරුන් වහන්සේගේ රහත් බව ප්‍රකාශ කිරීම විය.
සිඞ්ගාලපිතුත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සිඟාලක පිතු ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.