කුණ්ඩලත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
කුණ්ඩලත්ථෙරගාථාවණ්ණනා
කුණ්ඩල ස්ථවිරගාථා වර්ණනාව
උදකඤ්හි නයන්තීති ආයස්මතො කුලත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර ථෙරො පුබ්බෙපි විවට්ටූපනිස්සයං බහුං කුසලං උපචිනිත්වා අධිකාරසම්පන්නො විපස්සිං භගවන්තං ආකාසෙ ගච්ඡන්තං දිස්වා පසන්නමානසො නාළිකෙරඵලං දාතුකාමො අට්ඨාසි. සත්ථා තස්ස චිත්තං ඤත්වා ඔතරිත්වා පටිග්ගණ්හි. සො අතිවිය පසන්නචිත්තො හුත්වා තෙනෙව සද්ධාපටිලාභෙන සත්ථාරං උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි, සත්ථා අඤ්ඤතරං භික්ඛුං ආණාපෙසි – “ඉමං පුරිසං පබ්බාජෙහී”ති. සො පබ්බජිත්වා ලද්ධූපසම්පදො සමණධම්මං කත්වා තතො චුතො ඡපි බුද්ධන්තරානි දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්ති. කුලොතිස්ස නාමං අහොසි. සො වයප්පත්තො සාසනෙ ලද්ධප්පසාදො භගවතො සන්තිකෙ පබ්බජිත්වා වික්ඛෙපබහුලතාය විසෙසං නිබ්බත්තෙතුං නාසක්ඛි. අථෙකදිවසං ගාමං පිණ්ඩාය පවිසන්තො අන්තරාමග්ගෙ භූමිං ඛණිත්වා උදකවාහකං කත්වා ඉච්ඡිතිච්ඡිතට්ඨානෙ උදකං නෙන්තෙ පුරිසෙ දිස්වා තං සල්ලක්ඛෙත්වා ගාමං පවිට්ඨො අඤ්ඤතරං උසුකාරං උසුදණ්ඩකං උසුයන්තෙ පක්ඛිපිත්වා අක්ඛිකොටියා ඔලොකෙත්වා උජුං කරොන්තං දිස්වා තම්පි සල්ලක්ඛෙත්වා ගච්ඡන්තො පුරතො ගන්ත්වා අරනෙමිනාභිආදිකෙ රථචක්කාවයවෙ තච්ඡන්තෙ තච්ඡකෙ දිස්වා තම්පි සල්ලක්ඛෙත්වා විහාරං පවිසිත්වා කතභත්තකිච්චො පත්තචීවරං පටිසාමෙත්වා දිවාවිහාරෙ නිසින්නො අත්තනා දිට්ඨනිමිත්තානි උපමාභාවෙන ගහෙත්වා අත්තනො චිත්තදමනෙ උපනෙන්තො “අචෙතනං උදකම්පි මනුස්සා ඉච්ඡිකිච්ඡිතට්ඨානං නයන්ති තථා අචෙතනං වඞ්කම්පි සරදණ්ඩං උපායෙන නමෙන්තො උජුං කරොන්ති , තථා අචෙතනං කට්ඨකළිඞ්ගරාදිං තච්ඡකා නෙමිආදිවසෙන වඞ්කං උජුඤ්ච කරොන්ති. අථ කස්මා අහං සකචිත්තං උජුං න කරිස්සාමී”ති චින්තෙත්වා විපස්සනං පට්ඨපෙත්වා ඝටෙන්තො වායමන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.51.91-99) –
“උදකං හි නයන්ති” යනු ආයුෂ්මත් කුණ්ඩල තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මේ තෙරුන් වහන්සේ ද නිවණ අරමුණු කරගෙන බොහෝ කුසල දහම් රැස් කොට, කළ ප්‍රාර්ථනා ඇතිව සිටියදී, විපස්සි භාග්‍යවතුන් වහන්සේ අහසින් යනු දැක පැහැදුණු සිත් ඇත්තේ එක් පොල් ගෙඩියක් පූජා කරනු කැමති වූහ. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අදහස දැනගත් සේක්, අදහසින් බැස එය පිළිගත්හ. ඔහු අතිශයින් පැහැදී, එනිසාම ලබන ලද ශ්‍රද්ධාව ඇතිව සසුනේ පැවිද්ද ඉල්වීය. ශාස්තෲන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවා, “මේ පුරුෂයා පැවිදි කරන්න”යි පැවසූ සේක. ඔහු පැවිදිව, ලැබූ උපසපන් බව ඇති වූයේ මහණදම් පුරා, එම ආත්ම භාවයෙන් චුතව බුද්ධාන්තර සයක් දෙව් මිනිස් දෙගතියෙහි සැප වින්දේය. අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි, සැවැත් නුවර බමුණු කුලයේ උපන් ඔහු “කුණ්ඩල” නමින් ප්‍රකට විය. ඔහු වැඩිවියට පැමිණ - සසුනෙහි ලබන ලද ශ්‍රද්ධා ඇති වූයේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි විය. උන්වහන්සේගේ සිත වික්ෂේප (අවුල් සහගත බව) බහුල වූ බැවින් ගුණ විශේෂයක් උපදවා ගැනීමට නොහැකි විය. එක් දිනක් පිඬු පිණිස ගමට වැඩි උන්වහන්සේ අතරමගදී, බිම සාරා දිය පහරවල් තනා තමා කැමති තැනට දිය ගෙන යන්නාවූ පුරුෂයන් දැක එකරුණ සිත තබාගත් සේක. ගමේදී එක්තරා හී වඩුවෙක් දී හී දඬුවක් ගෙන හැර - ඇස් කෙළවරින් බලා සෘජු කරනු දැක එයද සිත තබා ගත් සේක. ඉදිරියට වැඩි උන්වහන්සේ නිම් වළලු, නැබ ආදී රිය සකට අවශ්‍ය උපකරණ තුනී කරන, සසිත ලී වඩුවන් දැක එය ද සිත තබාගෙන විහාරයට නැවත වැඩි සේක. කරන ලද බත් කිස ඇති උන්වහන්සේ පා සිවුරු තබා, දිවා විහරණයෙහි යෙදුණු සේක් තමා විසින් දකින ලද නිමිති උපමා වශයෙන් ගෙන තම සිත දමනය කර ගැනීමට උත්සාහ ගත් සේක. “සිත් පිත් නැති ජලය පවා මිනිස්සු තමා රිසි තැනට ගෙන යති. එසේම අචේතනික වූ වක් වූ මේ හී දඬුව උපක්‍රමයෙන් සෘජු කරති. එසේම ලී වඩුවෝ මේ අචේතනික ලී දඬු, ලී කොට ආදිය නිම්වළලු ආදී වශයෙන් වක්රාකාරවද සෘජු බවට ද පමුණුවති. එනිසා කුමක් නිසා මා හට මාගේ සිත දමනය කරගත නොහැක්කේද?”යි දැඩිව සිතා විදර්ශනාව වෑයමින් වඩන්නේ නොබෝ කලකින් ම රහත් බවට පත් වූහ. මෙම විස්තර අපදාන පාළියේ මෙලෙස දැක්වේ. (අපදාන II - නාළිකෙරඵලදායක ත්‍ථෙරාපදානං) -
“නගරෙ බන්ධුමතියා, ආරාමිකො අහං තදා; අද්දසං විරජං බුද්ධං, ගච්ඡන්තං අනිලඤ්ජසෙ.
“එකල මම බන්ධුමතී නුවර ආරාමයේ වතාවත් ඉටු කරන්නෙක් වීමි. අහසින් වැඩම කරන කෙලෙස් දූවිලි ඉවත ලූ බුදුරදුන් දුටුවෙමි.
“නාළිකෙරඵලං ගය්හ, බුද්ධසෙට්ඨස්සදාසහං; ආකාසෙ ඨිතකො සන්තො, පටිග්ගණ්හි මහායසො.
මම පොල් ගෙඩියක් භාග්‍යවතුන් වහන්සේට පිදුවෙමි. මහත් යස ඇති උන්වහන්සේ අහසේ සිටිමින් ම එය පිළිගත් සේක.
“විත්තිසඤ්ජනනො මය්හං, දිට්ඨධම්මසුඛාවහො; ඵලං බුද්ධස්ස දත්වාන, විප්පසන්නෙන චෙතසා.
මා හට ප්‍රීතිය ගෙන දෙන්නා වූ මෙලොවදී ම සුව එළවන්නා වූ එම ඵලය බුදුරදුන් පුදා, මම මහත් වූ ප්‍රීතියට ද උතුම් සැපයට ද පැමිණියෙමි. ඒ ඒ අත්භවයෙහි උපන් මට රුවන් පහළ විය.
“අධිගච්ඡිං තදා පීතිං, විපුලඤ්ච සුඛුත්තමං; උප්පජ්ජතෙව රතනං, නිබ්බත්තස්ස තහිං තහිං.
“එකනවුතිතො කප්පෙ, යං ඵලං අදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් නම් එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නො ඉපදුනෙමි.
“දිබ්බචක්ඛු විසුද්ධං මෙ, සමාධිකුසලො අහං; අභිඤ්ඤාපාරමිප්පත්තො, ඵලදානස්සිදං ඵලං.
මගේ දිවැස පිරිසිදු විය. සමාධියෙහි මාසිත පිහිටියේය. අභිඥාවන්හි කෙළවරට පැමිණියෙමි. ඵල දානයේ විපාකය එබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් කෙලෙස් දවන ලදි. සියලු භවයෝ නැසුවෙමි. බැඳුම් සිඳි ඇත් රජෙකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි. බුදුරදුන් වෙත මාගේ පැමිණීම ඉතා යහපත් වූවකි. ත්‍රිවිද්‍යාවන් ලැබුවෙමි. සිවු පිළිසිඹියාවන් ද අෂ්ට විමෝක්ෂයන් ද ෂඩ් අභිඥාවන් ද සාක්ෂාත් කළ මම බුදුරදුන්ගේ අනුශාසනාවට ඉටු කළෙමි. (5448-5456)
එවං යානි නිමිත්තානි අඞ්කුසෙ කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි, තෙහි සද්ධිං අත්තනො චිත්තදමනං සංසන්දිත්වා අඤ්ඤං බ්යාකරොන්තො “උදකඤ්හි නයන්ති නෙත්තිකා”ති ගාථං අභාසි.
මෙසේ යම් නිමිති උපකාර කරගෙන විදසුන් වඩා රහත් බවට පත් වූයේද එම නිමිති සමග තමාගේ සිත දමනය කිරීම සසඳමින්, තමා ලැබූ රහත් බව ප්‍රකාශ කරන සේක්; “උදකං හි නයන්ති නෙත්තිකා” යන ගාථාව වදාළ සේක.
තත්ථ උදකං හීති හි-සද්දො නිපාතමත්තං. නයන්තීති පථවියා තං තං ථලට්ඨානං ඛණිත්වා නින්නට්ඨානං පූරෙත්වා මාතිකං වා කත්වා රුක්ඛදොණිං වා ඨපෙත්වා අත්තනො ඉච්ඡිතිච්ඡිතට්ඨානං නෙන්ති. තථා තෙ නෙන්තීති නෙත්තිකා. තෙජනන්ති කණ්ඩං. ඉදං වුත්තං හොති – නෙත්තිකා අත්තනො රුචියා ඉච්ඡිතිච්ඡිතට්ඨානං උදකං නයන්ති, උසුකාරාපි තාපෙත්වා තෙජනං නමයන්ති උජුං කරොන්ති. නමනවසෙන තච්ඡකා නෙමිආදීනං අත්ථාය තච්ඡන්තා දාරුං නමයන්ති අත්තනො රුචියා උජුං වා වඞ්කං වා කරොන්ති. එවං එත්තකං ආරම්මණං කත්වා සුබ්බතා යථාසමාදින්නෙන සීලාදිනා සුන්දරවතා ධීරා සොතාපත්තිමග්ගාදීනං උප්පාදෙන්තා අත්තානං දමෙන්ති, අරහත්තං පන පත්තෙසු එකන්තදන්තා නාම හොන්තීති.
එහි “උදකං හි” යන්නෙහි “හි” ශබ්දය නිපාතයක් පමණි. “නයන්ති” යනු පොළොවේ ඒ ඒ තැන් කණිමින් පහත් තැන් පුරවමින්, ඇල මාර්ගයක් සාදා හෝ ගස් ඔරු තබා හෝ ජලය තමා කැමති තැනකට ගෙන යෑමයි. එසේ කරන්නෝ “නෙත්තිකා” නම් වේ. “තෙජනං” යනු ඊතලයයි. මෙය කියන ලදි. “දියාළුවෝ තමා රිසි තැනට දිය ගෙන යති. හී වඩුවෝ ද තවා - රත් කර ඊතල සෘජු කෙරෙති. රිසි සේ නවති. නැමීම් වශයෙන් ලී වඩුවෝ නිම්වළලු ආදිය සෑදීම සඳහා ලී සසිමින් දැව නමති. තමා කැමති සේ සෘජු හෝ වක් කරති. මෙසේ මෙපමණක් ම අරමුණු වශයෙන් ගෙන පඬිවරු පිළිගත්, සමාදන් වූ පරිදි ශීලාදී ගුණදම් වලින් සුන්දර වූවාහු; ධෛර්යවන්තව සෝවාන් ආදි මඟඵල උපදවමින් තමා දමනය කරගනිති. අර්හත්භාවයට පත් වූවහු ඒකාන්තයෙන් දැමුණෝ නම් වෙති.
කුලත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
කුණ්ඩල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.