අජිතත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
අජිතත්ථෙරගාථාවණ්ණනා
අජිත ස්ථවිරගාථා වර්ණනාව
මරණෙ මෙ භයං නත්ථීති ආයස්මතො අජිතත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර එකනවුතෙ කප්පෙ විපස්සිං භගවන්තං පස්සිත්වා පසන්නචිත්තො කපිත්ථඵලං අදාසි. තතො පරම්පි තං තං පුඤ්ඤං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං කප්පෙ අනුප්පන්නෙ එව අම්හාකං සත්ථරි සාවත්ථියං මහාකොසලරඤ්ඤො අග්ගාසනියස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති. තස්ස අජිතොති නාමං අහොසි. තස්මිඤ්ච සමයෙ සාවත්ථිවාසී බාවරී නාම බ්රාහ්මණො තීහි මහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො තිණ්ණං වෙදානං පාරගූ සාවත්ථිතො නික්ඛමිත්වා තාපසපබ්බජ්ජං පබ්බජිත්වා ගොධාවරීතීරෙ කපිත්ථාරාමෙ වසති. අථ අජිතො තස්ස සන්තිකෙ පබ්බජිතො අත්ථකාමාය දෙවතාය චොදිතෙන බාවරිනා සත්ථු සන්තිකං පෙසිතො තිස්සමෙත්තෙය්යාදීහි සද්ධිං භගවන්තං උපසඞ්කමිත්වා මනසාව පඤ්හෙ පුච්ඡිත්වා තෙසු විස්සජ්ජිතෙසු පසන්නචිත්තො සත්ථු සන්තිකෙ පබ්බජිත්වා කම්මට්ඨානං ගහෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.52.7-11) –
“මරණෙ මෙ භයං නත්ථි” යනු ආයුෂ්මත් අජිත තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? එම තෙරුන්, මීට කල්ප අනූ එකකට පෙර විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදී උන්වහන්සේට දිවුල් ගෙඩියක් පිදුවේය. එතැන් පටන් ඒ ඒ අත්බවෙහි පින් දහම් කරමින් දෙව් මිනිසුන් අතර සැරිසරා මේ මහා භද්‍ර කල්පයෙහි, අපගේ තථාගතයන් වහන්සේ ලොව පහළවීමට පෙර කාලයේදී සැවැත් නුවර කොසොල් මහ රජුගේ අග්රාසනිය බමුණාගේ පුතු වී උපන්නේය. එකුමරු අජිත නමින් ප්‍රසිද්ධ විය. මේ කාලයේදී සැවැත් නුවර විසූ ත්‍රිවිධ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබියා වූ ත්‍රිවිධ වේදයන්හි පරතෙරට පත් බාවාරි නම් බ්‍රාහ්මණයා, සැවැත් නුවරින් නික්ම ගොස් තවුස් පැවිද්දෙන් පැවිදි වූයේ, ගෝධාවරී ගංතෙර වූ කපිත්ථ තිත්ථරාමයේ වාසය කරයි. ඉක්බිති අජිත එම තාපසයා සමීපයේ පැවිදි වූයේ වැඩ කැමති දෙවියකු විසින් මෙහෙය වන ලද බාවාරි තවුසා විසින් ශාස්තෲන් වහන්සේ වෙත යවන ලද මෙත්තෙය්යාදී සිසුන් සමග භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, සිතින්ම ප්‍රශ්න නඟා ඒවා විසඳූ කල්හි උන්වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදුණේය. පැහැදී සසුනේ පැවිදි වී කමටහන් ගෙන විදසුන් වඩා රහත් බවට පත්විය. එය අපදාන පාළියේ මෙසේ විස්තර වේ. (අපදාන පාළි II - කපිත්ථ ඵලදායකත්ථෙරාපදානං)
“සුවණ්ණවණ්ණං සම්බුද්ධං, ආහුතීනං පටිග්ගහං; රථියං පටිපජ්ජන්තං, කපිත්ථං අදදිං ඵලං.
“ලෝකවාසීන්ගේ පූජාවන් පිළිගන්නා වූ රන්වන් ශරීර ශෝභාවෙන් යුතු වූ බුදුරජාණන් වහන්සේ වීථියට පිළිපන් කල්හි, මම උන්වහන්සේට දිවුල් ගෙඩියක් පිදුවෙමි.
“එකනවුතිතො කප්පෙ, යං ඵලං අදදිං දදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
එදා මෙයින් කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම්ද එහි විපාක වශයෙන් මම දුගතියක නො ඉපදුනෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
ම විසින් කෙලෙස් දවන ලදි. සියලු භව නසන ලදි. ඇත් රජෙකු මෙන් ආශ්‍රව නම් බැඳුම් සිඳ සුවසේ වෙසෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.” (5463-5467)
අරහත්තං පන පත්තො සීහනාදං නදන්තො “මරණෙ මෙ භයං නත්ථී”ති ගාථං අභාසි.
රහත් බවට පත් වූ උන්වහන්සේ සිංහනාද කරන සේක් “මරණේ මෙ භයං නත්ථි” යන ගාථාව වදාළ සේක.
තත්ථ මරණෙති මරණනිමිත්තං මරණහෙතු. මෙති මය්හං, භයං නත්ථි උච්ඡින්නභවමූලතාය පරික්ඛීණජාතිකත්තා . අනුච්ඡින්නභවමූලානඤ්හි “කීදිසී නු ඛො මය්හං ආයතිං උප්පත්තී”ති මරණතො භයං භවෙය්ය. නිකන්තීති අපෙක්ඛා තණ්හා, සා නත්ථි ජීවිතෙ සුපරිමද්දිතසඞ්ඛාරතාය උපාදානක්ඛන්ධානං දුක්ඛාසාරකාදිභාවෙන සුට්ඨු උපට්ඨහනතො. එවංභූතො චාහං සන්දෙහං සරීරං, සකං වා දෙහං දෙහසඞ්ඛාතං දුක්ඛභාරං නික්ඛිපිස්සාමි ඡඩ්ඩෙස්සාමි, නික්ඛිපන්තො ච “‘ඉමිනා සරීරකෙන සාධෙතබ්බං සාධිතං, ඉදානි තං එකංසෙන ඡඩ්ඩනීයමෙවා’ති පඤ්ඤාවෙපුල්ලප්පත්තියා සම්පජානො සතිවෙපුල්ලප්පත්තියා පටිස්සතො නික්ඛිපිස්සාමී”ති. ඉමං පන ගාථං වත්වා ථෙරො ඣානං සමාපජ්ජිත්වා තදනන්තරං පරිනිබ්බායීති.
එහි “මරණෙ” යනු මරණ නිමිත්තෙහි, මරණ හේතුවෙනි. “මෙ” යනු මා හට, “භයං නත්ථි” යනු භවයේ උපදින මුල් සිඳ දැමූ බැවින් ද ජාතිය (උපත) ක්ෂය කළ බැවින් ද නැවතත් ඉපදීමේ භයක් නැත. නොසිඳන ලද භව මුල් ඇති පුද්ගලයන්ට, “මට කවරාකාරයක නැවත උපතක් හිමිවේද?”යන මරණ භය ඇති වන්නේය. “නිකන්ති” යනු අපේක්ෂාවක්, තණ්හාවක් නැත. ජීවිතයෙහි මනාව ම මඩින ලද සංස්කාර (රැස්කිරීම්) නම් වූ උපාදාන ස්කන්ධයන්ගේ වශයෙන් ඇතිවන දුක් ආදිය නැති බැවින්, මනාව එළඹ සිටි සිහි ඇතිව ශරීරය පිළිබඳ සැකය පිළිබඳ සැකය හෝ සිය සිරුර, දේහය නැමති දුක් රැස බහා තබමි. අත්හැර දමමි. බහා තබනුයේ ද මේ සිරුරින් කරගත යුතු දේ ඉටු කරගත් බැවිනි. එනිසා දැන් එය ඒකාන්තයෙන්ම අත්හැර දමන්නෙමි. ප්‍රඥාවේ විපුලත්වයට පත් වූ බැවින්, සිහි ඇතිව වසනුයේ, සිහියේ විපුලත්වයට පත්වීමෙන්, සිහියෙන් යුතුව මේ කය අත් හරින්නෙමි”යි යන මේ ගාථාව පැවසූ තෙරුන් වහන්සේ ධ්‍යානයට සමවැද ඉන් පසුව පිරිනිවියහ.
අජිතත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
අජිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
දුතියවග්ගවණ්ණනා නිට්ඨිතා.
දෙවැනි වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.