නිග්රොධත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
නිග්රොධත්ථෙරගාථාවණ්ණනා
නිග්‍රෝධ ස්ථවිරගාථා වර්ණනාව
නාහං භයස්ස භායාමීති ආයස්මතො නිග්රොධත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර ඉතො අට්ඨාරසෙ කප්පසතෙ බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො කාමෙසු ආදීනවං නෙක්ඛම්මෙ ච ආනිසංසං දිස්වා ඝරබන්ධනං පහාය අරඤ්ඤායතනං පවිසිත්වා අඤ්ඤතරස්මිං සාලවනෙ පණ්ණසාලං කත්වා තාපසපබ්බජං පබ්බජිත්වා වනමූලඵලාහාරො වසති. තෙන සමයෙන පියදස්සී නාම සම්මාසම්බුද්ධො ලොකෙ උප්පජ්ජිත්වා සදෙවකස්ස ලොකස්ස ධම්මාමතවස්සෙන කිලෙසසන්තාපං නිබ්බාපෙන්තො එකදිවසං තාපසෙ අනුකම්පාය තං සාලවනං පවිසිත්වා නිරොධසමාපත්තිං සමාපන්නො. තාපසො වනමූලඵලත්ථාය ගච්ඡන්තො භගවන්තං දිස්වා පසන්නමානසො පුප්ඵිතසාලදණ්ඩසාඛායො ගහෙත්වා සාලමණ්ඩපං කත්වා තං සබ්බත්ථකමෙව සාලපුප්ඵෙහි සඤ්ඡාදෙත්වා භගවන්තං වන්දිත්වා පීතිසොමනස්සවසෙනෙව ආහාරත්ථායපි අගන්ත්වා නමස්සමානො අට්ඨාසි. සත්ථා නිරොධතො වුට්ඨාය තස්ස අනුකම්පාය “භික්ඛුසඞ්ඝො ආගච්ඡතූ”ති චින්තෙසි, “භික්ඛුසඞ්ඝෙපි චිත්තං පසාදෙස්සතී”ති. තාවදෙව භික්ඛුසඞ්ඝො ආගතො. සො භික්ඛුසඞ්ඝම්පි දිස්වා පසන්නමානසො වන්දිත්වා අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි. සත්ථා සිතස්ස පාතුකරණාපදෙසෙන තස්ස භාවිනිං සම්පත්තිං පකාසෙන්තො ධම්මං කථෙත්වා පක්කාමි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසුයෙව සංසරන්තො විවට්ටූපනිස්සයං බහුං කුසලං උපචිනිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්ති, නිග්රොධොතිස්ස නාමං අහොසි. සො ජෙතවනපටිග්ගහණදිවසෙ බුද්ධානුභාවදස්සනෙන සඤ්ජාතප්පසාදො පබ්බජිත්වා විපස්සනං ආරභිත්වා නචිරස්සෙව ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.49.190-220) –
“නාහං භයස්ස භායාමී” යනු ආයුෂ්මත් නිග්‍රෝධ තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? මෙයින් කල්ප එක් දහස් අටසීයකට පෙර බමුණු මහසල් කුලයක උපන් මෙම තෙරුන්, වැඩිවියට පත්ව කාමයේ ආදීනව හා පැවිද්දෙහි අනුසස් දැක ගෘහ බන්ධනාදිය අත්හැර ආරණ්‍යයකට පිවිසියේය. කැළයේ එක්තරා සල් වන පෙදෙසක පන්සලක් තනාගෙන තවුස් පැවිද්දෙන් පැවිදි වී වන-මුල්-ඵලාදිය අහරට ගෙන ජීවත් විය. මෙම කාලයේ පියදස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක්, දෙවියන් සහිත ලෝකයාට දහම් අමා වැසි වස්වමින්, කෙලෙස් සන්තාපයන් නිවා දමමින් ලොව හිත වැඩ සැලසූ සේක. එක් දිනක් උන්වහන්සේ තාපසතුමා කෙරෙහි හටගත් අනුකම්පාවෙන් එම සල් වනයට පිවිස නිරෝධ සමාපත්තියට සමවැදුනහ. තවුසා වන මුල් ඵල ගෙන පන්සල පැමිණි මොහොතේ භාග්‍යවතුන් වහන්සේ දැක, පැහැදුණු සිත් ඇතිව පිපුණු සල් අතු ගෙන කොළ අතු මණ්ඩපයක් සාදා එහි සැම තැනම සල් මල්වලින් වසා බුදුරදුන්ට වැන්දේය. පසුව ආහාර සඳහාවත් පිටත නොයා, හටගත් ප්‍රීති සොම්නස් සහගත සිතින් ම තථාගතයන් වහන්සේට නමස්කාර කරගෙන ම සිටියේය. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි ශාස්තෲන් වහන්සේ මේ තවුසාට අනුකම්පා පිණිස “භික්ෂු සංඝයා එත්වා” යි සිතූ සේක. “මොහුගේ සිත භික්ෂු මහා සංඝ රත්නය කෙරෙහි ද පහදිත්වා”යි පැතූ සේක. එකෙණෙහිම භික්ෂු සංඝයා වැඩිසේක. තාපසතුමා එම භික්ෂු මහා සංඝරත්නය දැක, පැහැදුණු සිත් ඇතිව, උන්වහන්සේලාට වැඳ ඇඳිලි බැඳගෙනම සිටියේය. භාග්‍යවතුන් වහන්සේ සිනහ පහළ කිරීම වශයෙන් ඔහුට ලැබෙන සම්පත් පිළිබඳව පැවසෙන ධර්ම දේශනාවක් පවත්වා, භික්ෂු සංඝයා සමගම එම වනයෙන් නික්මුණු සේක. එම තාපසතුමා ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස්සුන් අතරම සැරිසරමින්, සසර නැවැත්ම වූ නිවන පතාගෙන බොහෝ පින්දහම් රැස්කර ගත්තේය. අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුළයක උපන් ඔහු, “නිග්‍රෝධ” නාමයෙන් ප්‍රකට විය. ඔහු අනේපිඬු සිටුතුමා විසින් පූජා කරන ලද “ජේතවනාරාමය පිළිගන්නා දවසෙහි පැවති බුද්ධානුභාවය දැක, උපදවා ගත් ශ්‍රද්ධාව ඇතිව පැවිදි වී, විදසුන් වඩා නොබෝ කලකින්ම ෂඩ් අභිඥා ලාභියෙකු බවට පත්විය. මෙම තොරතුරු අපදාන පාළියේ සවිස්තරව දැක්වේ. (අපදාන පාළි II - සාලමණ්ඩ පියත්ථෙරාපදානං)
“අජ්ඣොගාහෙත්වා සාලවනං, සුකතො අස්සමො මම; සාලපුප්ඵෙහි සඤ්ඡන්නො, වසාමි විපිනෙ තදා.
“සල්වනයට පිවිසි මම එහි අසපුවක් මැනවින් සෑදුවෙමි. සල් මල් ගැවසී එම වනයෙහි සුවසේ විසුවෙමි.
“පියදස්සී ච භගවා, සයම්භූ අග්ගපුග්ගලො; විවෙකකාමො සම්බුද්ධො, සාලවනමුපාගමි.
සියල්ල තමන් වහන්සේ ම අවබෝධ කරගත්තා වූ භාග්‍යවත් පියදස්සී සම්බුදුරජාණන් වහන්සේ විවේක සැප කැමතිව සල් වනයට වැඩම කළ සේක.
“අස්සමා අභිනික්ඛම්ම, පවනං අගමාසහං; මූලඵලං ගවෙසන්තො, ආහින්දාමි වනෙ තදා.
එකල්හි මම අසපුවෙන් නික්ම වනයට ගොස් සිටියෙහි. මුල් හා ඵල සොයමින් වනයෙහි ඇවිද්දෙමි. ඒ මහා වනයෙහි මනාසේ වැඩහුන්නා වූ, සමාධියට සමවැදී බබළන්නා වූ, මහත් යශස් ඇති පියදස්සි සම්බුදුරජුන් පසුව දුටුවෙමි.
“තත්ථද්දසාසිං සම්බුද්ධං, පියදස්සිං මහායසං; සුනිසින්නං සමාපන්නං, විරොචන්තං මහාවනෙ.
“චතුදණ්ඩෙ ඨපෙත්වාන, බුද්ධස්ස උපරී අහං; මණ්ඩපං සුකතං කත්වා, සාලපුප්ඵෙහි ඡාදයිං.
උන්වහන්සේ මතුයෙහි එකට බැඳි දඬු සතරක් තබා, මනා මඩුවක් සැදු මම, එය සල්මල්වලින් වැසුවෙමි.
“සත්තාහං ධාරයිත්වාන, මණ්ඩපං සාලඡාදිතං; තත්ථ චිත්තං පසාදෙත්වා, බුද්ධසෙට්ඨමවන්දහං.
මම සල්මලින් වැසූ මණ්ඩපය සතියක් දරා සිටිමින්, ඒ පිළිබඳ සිත පහදවා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට වැන්දෙමි.
“භගවා තම්හි සමයෙ, වුට්ඨහිත්වා සමාධිතො; යුගමත්තං පෙක්ඛමානො, නිසීදි පුරිසුත්තමො.
පුරුෂෝත්තම බුදුරජාණන් වහන්සේ සමාධියෙන් නැගිට වියදඬු දුර බලමින් වැඩහුන් සේක.”
“සාවකො වරුණො නාම, පියදස්සිස්ස සත්ථුනො; වසීසතසහස්සෙහි, උපගච්ඡි විනායකං.
“එකල්හි පියදස්සී බුදුරජාණන් වහන්සේගේ වරුණ නම් ශ්‍රාවකයන් වහන්සේ ලක්ෂයක් රහතුන් සමග බුදුරදුන් වෙත පැමිණි සේක.
“පියදස්සී ච භගවා, ලොකජෙට්ඨො නරාසභො; භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, සිතං පාතුකරී ජිනො.
පස්මරුන් දිනූ ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ පියදස්සී භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා මැද වැඩ හිඳිමින් සිනා පහළ කළ සේක.
“අනුරුද්ධො උපට්ඨාකො, පියදස්සිස්ස සත්ථුනො; එකංසං චීවරං කත්වා, අපුච්ඡිත්ථ මහාමුනිං.
එම බුදුරදුන්ගේ අනුරුද්ධ නම් වූ උපස්ථායක භික්ෂුව නැගිට සිවුර ඒකාංශ කර බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විචාළේය.
“කො නු ඛො භගවා හෙතු, සිතකම්මස්ස සත්ථුනො; කාරණෙ විජ්ජමානම්හි, සත්ථා පාතුකරෙ සිතං.
“භාග්‍යවතුන් වහන්සේ; ශාස්තෲන් වහන්සේ සිනා පහළ කිරීමට හේතු කිම? ශාස්තෲන් වහන්සේ කරුණක් ඇති කල්හිම සිනා පහළ කරන සේක.”
“සත්තාහං සාලච්ඡදනං, යො මෙ ධාරෙසි මාණවො; තස්ස කම්මං සරිත්වාන, සිතං පාතුකරිං අහං.
එවිට බුදුපියාණෝ මෙසේ වදාළහ. “යම් මාණවකයෙක් සතියක් පුරා ම මා හට මල් සෙවණක් දැරුවේද ඔහුගේ ඒ ක්‍රියාව සිහිපත් කර මම සිනා පහළ කෙළෙමි.
“අනොකාසං න පස්සාමි, යත්ථ පුඤ්ඤං විපච්චති; දෙවලොකෙ මනුස්සෙ වා, ඔකාසොව න සම්මති.
යම් තැනක එම පිනෙහි විපාකය දේ නම් එබඳු තැනක් මම නොදකිමි. දෙව්ලොව හෝ මිනිස් ලොව ඇති සැප ඊට නොසෑහේ.
“දෙවලොකෙ වසන්තස්ස, පුඤ්ඤකම්මසමඞ්ගිනො; යාවතා පරිසා තස්ස, සාලච්ඡන්නා භවිස්සති.
මේ පින්කම හේතුවෙන් දෙව්ලොව වසන ඔහුගේ සියලු පිරිස සල් සෙවණවලින් වැසුනෝ වෙති.
“තත්ථ දිබ්බෙහි නච්චෙහි, ගීතෙහි වාදිතෙහි ච; රමිස්සති සදා සන්තො, පුඤ්ඤකම්මසමාහිතො.
ඔහු එසේ පින්කමේ විපාකය සමග එක් වී එම දෙව්ලොව, දිව්‍යමය වූ නෘත්‍ය-වාදිත ගීතයන් හි හැමදා සිත අලවමින් වසන්නේය.
“යාවතා පරිසා තස්ස, ගන්ධගන්ධී භවිස්සති; සාලස්ස පුප්ඵවස්සො ච, පවස්සිස්සති තාවදෙ.
ඔහුගේ සියලු පිරිස මල් සුවඳින් සුවඳවත් වූයේ වේ. එකෙණෙහි සල්මල් වැසි ද වසන්නේය.
“තතො චුතොයං මනුජො, මානුසං ආගමිස්සති; ඉධාපි සාලච්ඡදනං, සබ්බකාලං ධරිස්සති.
මේ මිනිස් තෙම දෙව්ලොවින් චුතව මිනිසකු ලෙස උපදී නම්, මේ මිනිස් ලොවේද හැමදා සල්මල් සෙවණක් ම දරන්නේය.
“ඉධ නච්චඤ්ච ගීතඤ්ච, සම්මතාළසමාහිතං; පරිවාරෙස්සන්ති මං නිච්චං, බුද්ධපූජායිදං ඵලං.
සමාන වූ තාල ඇති නෘත්‍ය - ගීතාදියෙන් යුතු පිරිවර නිතර ඔහු පිරිවරාගෙන සිටින්නේය. බුද්ධ පූජාවෙහි විපාකය මෙබඳුය.” (5219-5336)
“උග්ගච්ඡන්තෙ ච සූරියෙ, සාලවස්සං පවස්සතෙ; පුඤ්ඤකම්මෙන සංයුත්තං, වස්සතෙ සබ්බකාලිකං.
“හිරු උදාවන කල්හි සල්මල් වැසි වසී. පින් කමෙන් යුක්ත වූ මොහුට හැමකල්හිම සල්මල් වැසි වසී.
“අට්ඨාරසෙ කප්පසතෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම නාමෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් එක් දහස් අටසිය වන කල්පයේදී ඔක්කාක කුලයේ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළවන සේක.
“තස්ස ධම්මෙ සුදායාදො, ඔරසො ධම්මනිම්මිතො; සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො.
මේ තාපස තෙම උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ, ධර්මයෙන්ම නිර්මිත වූ ඖරස බුද්ධ පුත්‍ර වූයේ සියලු ආශ්‍රව මනාව දැන ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
“ධම්මං අභිසමෙන්තස්ස, සාලච්ඡන්නං භවිස්සති; චිතකෙ ඣායමානස්ස, ඡදනං තත්ථ හෙස්සති.
ධර්මය අවබෝධ කළා වූ මොහුට සල්මල් සෙවනක් ඇතිවේ. පිරිනිවීමෙන් පසු සෑය දැවෙන කල්හි ද එහි සල්මල් සෙවනක් පවතින්නේය.”
“විපාකං කිත්තයිත්වාන, පියදස්සී මහාමුනි; පරිසාය ධම්මං දෙසෙසි, තප්පෙන්තො ධම්මවුට්ඨියා.
“මහාමුනි වූ පියදස්සී බුදුරජාණෝ මෙලෙස පින්කමේ විපාකය වදාරා, දහම් වැස්සෙන් සැම දෙන සනහමින් දහම් දෙසූ සේක.
“තිංසකප්පානි දෙවෙසු, දෙවරජ්ජමකාරයිං; සට්ඨි ච සත්තක්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං.
ඒ මම දෙවියන් අතර කල්ප තිහක් දිව්‍ය රාජ්‍යය විචාළෙමි. හැට හත් වරක් සක්විති රජ වීමි.
“දෙවලොකා ඉධාගන්ත්වා, ලභාමි විපුලං සුඛං; ඉධාපි සාලච්ඡදනං, මණ්ඩපස්ස ඉදං ඵලං.
දෙව්ලොවින් මෙහි පැමිණ මහත් වූ සැප ලැබුවෙමි. මෙම මිනිස් ලොවේදී ද මහත් වූ සදාකාලික සල්මල් සෙවණක් මා හට වේ.
“අයං පච්ඡිමකො මය්හං, චරිමො වත්තතෙ භවො; ඉධාපි සාලච්ඡදනං, හෙස්සති සබ්බකාලිකං.
“මහාමුනිං තොසයිත්වා, ගොතමං සක්යපුඞ්ගවං; පත්තොම්හි අචලං ඨානං, හිත්වා ජයපරාජයං.
ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සතුටු කොට, ජය පරාජය හැරදමා අචල ස්ථාන වූ නිවනට පැමිණියෙමි.
“අට්ඨාරසෙ කප්පසතෙ, යං බුද්ධමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මෙයින් එක්දහස් අටසීයක් කල්පයන්ට පෙර යම් බුද්ධ පූජාවක් කළෙම්ද එහි විපාක වශයෙන් දුගතියක නො ඉපදුනෙමි. බුද්ධ පූජාවේ විපාකය එබඳුය.”
“කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා; නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
“මවිසින් කෙළෙස් දවන ලදි. සියලුම භව නැසුවෙමි. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වෙසෙමි.
“ස්වාගතං වත මෙ ආසි, බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ; තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මාගේ ගමන යහපත් පැමිණීමක් ම වේ. මම ත්‍රිවිද්‍යා අවබෝධ කළෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
“පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ; ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.” (5237-5248)
එවං පන ඡළභිඤ්ඤො හුත්වා ඵලසුඛෙන වීතිනාමෙන්තො සාසනස්ස නිය්යානිකභාවවිභාවනත්ථං අඤ්ඤාබ්යාකරණවසෙන “නාහං භයස්ස භායාමී”ති ගාථං අභාසි.
මෙසේ ෂඩ් අභිඥා ලැබ, මාර්ග ඵල සුවයෙන් කල් යවන උන්වහන්සේ, බුදු සසුනේ නෛර්‍ය්‍යාණික බව ප්‍රකට කිරීම සඳහා; තමන් වහන්සේ ලැබූ රහත් ඵලය ප්‍රකාශ කිරීම් වශයෙන් “නාහං භයස්ස භායාමී” යන ගාථාව වදාළ සේක.
තත්ථ භායන්ති එතස්මාති භයං, ජාතිජරාදි. භයස්සාති නිස්සක්කෙ සාමිවචනං, භයතො භායිතබ්බනිමිත්තං ජාතිජරාමරණාදිනා හෙතුනා නාහං භායාමීති අත්ථො. තත්ථ කාරණමාහ “සත්ථා නො අමතස්ස කොවිදො”ති. අම්හාකං සත්ථා අමතෙ කුසලො වෙනෙය්යානං අමතදානෙ ඡෙකො. යත්ථ භයං නාවතිට්ඨතීති යස්මිං නිබ්බානෙ යථාවුත්තං භයං න තිට්ඨති ඔකාසං න ලභති. තෙනාති තතො නිබ්බානතො. වජන්තීති අභයට්ඨානමෙව ගච්ඡන්ති. නිබ්බානඤ්හි අභයට්ඨානං නාම. කෙන පන වජන්තීති ආහ “මග්ගෙන වජන්ති භික්ඛවො”ති, අට්ඨඞ්ගිකෙන අරියමග්ගෙන සත්ථු ඔවාදකරණා භික්ඛූ සංසාරෙ භයස්ස ඉක්ඛනකාති අත්ථො. යත්ථාති වා යං නිමිත්තං යස්ස අරියමග්ගස්ස අධිගමහෙතු අත්තානුවාදාදිකං පඤ්චවීසතිවිධම්පි භයං නාවතිට්ඨති පතිට්ඨං න ලභති, තෙන අරියෙන මග්ගෙන වජන්ති අභයට්ඨානං සත්ථු සාසනෙ භික්ඛූ, තෙන මග්ගෙන අහම්පි ගතො, තස්මා නාහං භයස්ස භායාමීති ථෙරො අඤ්ඤං බ්යාකාසි.
එහි “භය වේ” යනු “භයං” ජාති ජරා මරණාදී භය හේතුවෙන් “භයස්ස”, පංචමී අර්ථයේ යෙදුණු ඡට්ඨි විභක්ති වචනයකි. භයක් හෝ භයවීමට නිමිත්තක්, ජාති, ජරා මරණාදී හේතුවකින් මම භය නොවෙමි. ඊට හේතු මෙසේ දක්වයි. “සත්ථා තෙ අමතස්ස කොවිදො” යනු දක්ෂ වූ, “යත්ථ භයං නාවතිට්ඨති” යනු යම් නිවණක ඉහත පැවසූ පරිදි භයක් නොසිටියි ද ඊට අවසරයක් නොලබයි ද “තෙන” යනු ඒ නිවණින් ම “වජන්ති” යනු අභයස්ථානයටම යති, නිර්වාණය ම අභයස්ථානයකි. එයට යති. “මග්ගෙන වජන්ති භික්ඛවො” යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන්, “ශාස්තෲන් වහන්සේ විසින් අවවාද කරනු ලබන භික්ෂූහු සසර පවතින භයෙන් මිදෙන්නෝ වෙති.” යන අර්ථයයි. යම් තැනක පවතින, යම් නිමිත්තක්, යම් ආර්ය මාර්ගයක අවබෝධ වීම හේතුවෙන් අත්තානුවාදාදී පස් විසි ආකාර වූ (25) භයක් නොම පිහිටයි ද පිහිටක් නොලබයි ද ඒ ආර්‍ය්‍ය මාර්ගයෙන්, අභයස්ථානය වෙතට ශාස්තෲ අනුශාසනයෙහි යෙදෙන භික්ෂූහු යති. ඒ මගින් ම මම ද ගියෙමි. එනිසා මා හට ජාති ජරා මරණාදී භයෙන් භයට පත්වීමක් නැත. මෙලෙස තෙරුන් වහන්සේ රහත් බව ප්‍රකාශ කළ සේක.
නිග්රොධත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
නිග්‍රෝධ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.