චිත්තකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
චිත්තකත්ථෙරගාථාවණ්ණනා
චිත්තක ස්ථවිරගාථා වර්ණනාව
නීලාසුගීවාති ආයස්මතො චිත්තකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පදුමුත්තරබුද්ධකාලතො පට්ඨාය විවට්ටූපනිස්සයං කුසලං ආචිනන්තො ඉතො එකනවුතෙ කප්පෙ මනුස්සයොනියං නිබ්බත්තිත්වා විඤ්ඤුත්තං පත්තො විපස්සිං භගවන්තං පස්සිත්වා පසන්නමානසො පුප්ඵෙහි පූජං කත්වා වන්දිත්වා “සන්තධම්මෙන නාම එත්ථ භවිතබ්බ”න්ති සත්ථරි නිබ්බානෙ ච අධිමුච්චි. සො තෙන පුඤ්ඤකම්මෙන තතො චුතො තාවතිංසභවනෙ නිබ්බත්තො අපරාපරං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ විභවසම්පන්නස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති චිත්තකො නාම නාමෙන. සො භගවති රාජගහං ගන්ත්වා වෙළුවනෙ විහරන්තෙ සත්ථාරං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා චරියානුකූලං කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤායතනං පවිසිත්වා භාවනානුයුත්තො ඣානං නිබ්බත්තෙත්වා ඣානපාදකං විපස්සනං වඩ්ඪෙත්වා නචිරෙනෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.50.1-7) –
“නීලා සුගීවා” යනු ආයුෂ්මත් චිත්තක තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? ඒ තෙරුන් පදුමුත්තර භාග්‍යවතුන්ගේ කාලයේ පටන් නිවන පතාගෙන කුසල් රැස් කරමින් සසර සැරිසරනුයේ මෙයින් කල්ප අනූඑකකට පෙර, මනුෂ්‍යයෙක්ව ඉපදුනේය. නුවණැති බවට පත් වූ ඔහු විපස්සී භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් මල් පූජා කොට වැඳ, “මේ පින්කමෙන් ද ශාන්ත වූ ධර්මාවබෝධය ම ලැබේවා!” යි උන්වහන්සේ වෙතින් ද නිර්වාණයම පැතුවේය. ඔහු ඉන් චුතව එම පින්කමේ විපාක වශයෙන් තාවතිංසයෙහි ඉපදුනේය. භවයෙන් භවයට යමින් පින් දහම් කළ ඔහු දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවර මහ සම්පත් ඇති බමුණු ගෙදරක උපන්නේය. චිත්තක නාමයෙන් ඔහු ප්‍රකට විය. චිත්තක බමුණු තරුණයා අප භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවසන සමයෙහි උන්වහන්සේ වෙත පැමිණ, ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන ලද ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි විය. චිත්තක හිමියෝ තම චරිතයට ගැලපෙන කමටහන් රැගෙන කැළයකට පිවිස, භාවනාවෙහිම නිරත වූ සේක්, ධ්‍යාන උපදවා ගත්හ. එම ධ්‍යානයම පාදක කරගෙන විදසුන් වඩා නොබෝ කලකින් ම රහත් බවට පත්වූ උන්වහන්සේ පිළිබඳව අපදාන පාළියේ මෙසේ විස්තර වේ. (අපදාන පාළි II - තිකිඞ්කණිපුප්ඵියත්ථෙරාපදානං)
“කණිකාරංව ජොතන්තං, නිසින්නං පබ්බතන්තරෙ; අද්දසං විරජං බුද්ධං, විපස්සිං ලොකනායකං.
“කිණිහිරු රුකක් මෙන් බබලන්නා වූ, කඳු අතරෙහි වැඩ සිටියා වූ ලෝක නායක වූ කෙලෙස් දූවිලි වලින් තොරවූ විපස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“තීණි කිඞ්කණිපුප්ඵානි, පග්ගය්හ අභිරොපයිං; සම්බුද්ධං අභිපූජෙත්වා, ගච්ඡාමි දක්ඛිණාමුඛො.
මම කිංකිණි මල් තුනක් ගෙන උන්වහන්සේට පිදුවෙමි. උන්වහන්සේට ගෞරව පිණිස දකුණු දිගට මුහුණලා ගියෙමි.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසං අගච්ඡහං.
මවිසින් මැනවින් කරන ලද එම පින්කමේ බලයෙන් හා ප්‍රාර්ථනාවේ බලයෙන් මිනිස් සිරුර හැර දමා, තව්තිසා දෙව්ලොවට ගියෙමි. ඉපදුනෙමි.
“එකනවුතෙ ඉතො කප්පෙ, යං බුද්ධමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මීට කල්ප අනූ එකකට පෙර යම් බුද්ධ පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නොදුටිමු. ඒ බුද්ධ පූජාවේ විපාකයයි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් කෙලෙස් දවන ලදි. සියලු භව නැසුවෙමි. බැඳුම් සිඳගත් ඇති රජෙකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි. බුදුරදුන් වෙත පැමිණීමෙන් මට යහපත් ම විය. ත්‍රිවිද්‍යා ලබන ලදි. බුදුරදුන්ගේ අනුශාසනය ඉටු කළෙමි. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද මවිසින් සාක්ෂාත් කරන ලදහ. බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.” (5249-5255)
අරහත්තං පන පත්වා සත්ථාරං වන්දිතුං රාජගහං උපගතො තත්ථ භික්ඛූහි “කිං, ආවුසො, අරඤ්ඤෙ අප්පමත්තො විහාසී”ති පුට්ඨො අත්තනො අප්පමාදවිහාරනිවෙදනෙන අඤ්ඤං බ්යාකරොන්තො “නීලාසුගීවා”ති ගාථං අභාසි.
රහත් බවට පැමිණි උන්වහන්සේ, ශාස්තෲන් වහන්සේට වැඳීමට රජගහ නුවරට වැඩිසේක. එහි වැසි භික්ෂූන් විසින්, “ඇවැත්නි! කිම ආරණ්‍යයෙහි අප්‍රමාදීව විසුවෙහිද?” යි විචාරන ලද්දේ, තමන් වහන්සේගේ අප්රමාදී විහරණය දැනුම් දීමෙන් රහත්බව ප්‍රකාශ කරන සේක්, “නීලා සුගීවා” යන ගාථාව වදාළ සේක.
තත්ථ නීලාසුගීවාති නීලසුගීවා, ගාථාසුඛත්ථඤ්හෙත්ථ දීඝො කතො, රාජිවන්තතාය සුන්දරාය ගීවාය සමන්නාගතොති අත්ථො. තෙ යෙභුය්යෙන ච නීලවණ්ණතාය නීලා. සොභනකණ්ඨතාය සුගීවා. සිඛිනොති මත්ථකෙ ජාතාය සිඛාය සස්සිරිකභාවෙන සිඛිනො. මොරාති මයූරා. කාරම්භියන්ති කාරම්බරුක්ඛෙ. කාරම්භියන්ති වා තස්ස වනස්ස නාමං. තස්මා කාරම්භියන්ති කාරම්භනාමකෙ වනෙති අත්ථො. අභිනදන්තීති පාවුස්සකාලෙ මෙඝගජ්ජිතං සුත්වා කෙකාසද්දං කරොන්තා උතුසම්පදාසිද්ධෙන සරෙන හංසාදිකෙ අභිභවන්තා විය නදන්ති. තෙති තෙ මොරා. සීතවාතකීළිතාති සීතෙන මෙඝවාතෙන සඤ්ජාතකීළිතා මධුරවස්සිතං වස්සන්තා. සුත්තන්ති භත්තසම්මදවිනොදනත්ථං සයිතං, කායකිලමථපටිපස්සම්භනාය වා අනුඤ්ඤාතවෙලායං සුපන්තං. ඣායන්ති සමථවිපස්සනාඣානෙහි ඣායනසීලං භාවනානුයුත්තං. නිබොධෙන්තීති පබොධෙන්ති. “ඉමෙපි නාම නිද්දං අනුපගන්ත්වා ජාගරන්තා අත්තනා කත්තබ්බං කරොන්ති, කිමඞ්ගං පනාහ”න්ති එවං සම්පජඤ්ඤුප්පාදනෙන සයනතො වුට්ඨාපෙන්තීති අධිප්පායො.
එහි “නීලා සුගීවා” යනු නිල්වන් මනා ගෙල ඇති” ගාථාව සුඛෝච්චාරණය සඳහා මෙහි දීර්ඝය යොදන ලදි. රෝම රාජියෙන් සුන්දර වූ ගෙලකින් සමන්විත වූ යන අරුතයි. එය බොහෝ සෙයින්ම නිල්වන් වූ බැවින් “නීලා” වේ. බබල හා ප්‍රිය උපදවන බැවින් “සුගීවා” නම් වේ. “සිඛිනො” යනු මස්තකයේ හටගත් සිළුවෙන් සශ්‍රීක වූ බැවින් “සිඛිනො” සිළු ඇති “මොරා” යනු මොණරු, මයුරෝ, “කාරංවිය” යනු කර ගසක් මෙන් නැතහොත් ඒ වනයේ නම “කාරංවී” යනුයි. එනිසා “එම වනයේ වසන” අරුතින් “කාරංවිය” යැයි යෙදුණි. “කාරාවි” නම් වනයෙහි යන අරුතයි. “අභිනදන්ති” යනු වර්ෂා කාලයේ මේඝ ගර්ජනාව අසා කෙකාරව ශබ්දය කරමින්, සෘතු සම්පත්තියෙන් ජනිත වූ ස්වරය නිසා හංසාදීන්ගේ නද පරදවන්නාක් මෙන් නද දෙති. “තෙ” යනු ඒ මොනරු “සීතවාතකද්දත කලිතා” යනු ශීතල මේඝ වාතයෙන් හටගත් “කලි” යන මිහිරි හඬ ඇති වැසි වස්වමින් “සුත්තං” යනු අහර ගැනීමෙන් පසු ඇතිවන ක්ලාන්ත ගති දුරු කිරීමට නිදාගත්, කයේ වෙහෙස දුරු කිරීම සඳහා හෝ අතදුන් වේලාවෙහි (සුපුරුදු වේලාවේ) නිදා ගන්නා “ඣායං” යනු සමථ, විදර්ශනා යන ධ්‍යානයන්හි ධ්‍යාන සීල භාවනාවෙන් යුක්තව වෙසෙන, “නිබොධෙන්ති” යනු ප්‍රබෝධ කරති. මොවුහු නින්දට නොගොස්, නිදිවරමින් තමා විසින් කළ යුතු දේ සිදු කරති. “මම කවර දෙයක් සිදු කරන්නෙම්ද?” යි යන සිහිකල්පනාව උපදවාගෙන සයනයෙන් නැගිටිති” යන අර්ථයයි.
චිත්තකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
චිත්තක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.