ගොසාලත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
ගොසාලත්ථෙරගාථාවණ්ණනා
ගෝසාල ස්ථවිරගාථා වර්ණනාව
අහං ඛො වෙළුගුම්බස්මින්ති ආයස්මතො ගොසාලත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සොපි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ විවට්ටූපනිස්සයං කුසලං ආචිනන්තො ඉතො එකනවුතෙ කප්පෙ අඤ්ඤතරස්මිං පබ්බතෙ රුක්ඛසාඛායං ඔලම්බමානං පච්චෙකබුද්ධස්ස පංසුකූලචීවරං දිස්වා “අරහද්ධජො වතාය”න්ති පසන්නචිත්තො පුප්ඵෙහි පූජෙහි. සො තෙන පුඤ්ඤකම්මෙන තාවතිංසභවනෙ නිබ්බත්තො . තතො පට්ඨාය දෙවමනුස්සෙසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ මගධරට්ඨෙ ඉබ්භකුලෙ නිබ්බත්තො ගොසාලො නාම නාමෙන. සොණෙන පන කොටිකණ්ණෙන කතපරිචයත්තා තස්ස පබ්බජිතභාවං සුත්වා “සොපි නාම මහාවිභවො පබ්බජිස්සති , කිමඞ්ගං පනාහ”න්ති සඤ්ජාතසංවෙගො භගවතො සන්තිකෙ පබ්බජිත්වා චරියානුකූලං කම්මට්ඨානං ගහෙත්වා සප්පායං වසනට්ඨානං ගවෙසන්තො අත්තනො ජාතගාමස්ස අවිදූරෙ එකස්මිං සානුපබ්බතෙ විහාසි. තස්ස මාතා දිවසෙ දිවසෙ භික්ඛං දෙති. අථෙකදිවසං ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස මාතා මධුසක්ඛරාභිසඞ්ඛතං පායාසං අදාසි. සො තං ගහෙත්වා තස්ස පබ්බතස්ස ඡායායං අඤ්ඤතරස්ස වෙළුගුම්බස්ස මූලෙ නිසීදිත්වා පරිභුඤ්ජිත්වා ධොවිතපත්තපාණී විපස්සනං ආරභි. භොජනසප්පායලාභෙන කායචිත්තානං කල්ලතාය සමාහිතො උදයබ්බයඤාණාදිකෙ තික්ඛෙ සූරෙ වහන්තෙ අප්පකසිරෙනෙව විපස්සනං උස්සුක්කාපෙත්වා මග්ගපටිපාටියා භාවනං මත්ථකං පාපෙන්තො සහ පටිසම්භිදාහි අරහත්තං සච්ඡාකාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.50.8-14) –
“අහං ඛො වෙළුගුම්බස්මිං” යනු ආයුෂ්මත් ගෝසාල තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? එම තෙරුන් පූර්ව බුදුවරුන් වෙත කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන පතාගෙන කුසල් රැස් කරමින් සසර සැරිසරන සමයේදී, මෙයින් කල්ප අනූ එකකට පෙර, එක්තරා පර්වතයක ගස් අත්තක එල්ලෙන පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුන්ගේ පාංශුකූල සිවුරක් දැක, “මෙය අනිවාර්යයෙන්ම අර්හත් ධ්වජයකි”යි පැහැදුණු සිතැතිව මලින් පූජා කළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් තව්තිසා භවනයෙහි උපන්නේය. එතැන් පටන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, අප බුදුරජාණන් වහන්සේ පහළවන සමයේ මගධ රට ධනවත් පවුලක ඉපිද ‘ගෝසාල’ නාමයෙන් ප්‍රකට විය. ඔහු සෝණ කුටිකණ්ණ සමග කළ හැඳිනීම් ඇති බැවින් (මිතුරකු වූ හෙයින්) කුටිකණ්ණගේ පැවිදි වීම අසා, “ඔහු මහා සම්පත් ඇත්තෙකි. එබඳු පුද්ගලයන් පැවිදි වන විට මම කුමක් කරම්ද?” යි හටගත් සංවේග ඇතිව අප භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිදි විය. ගෝසාල හිමියෝ තම චරිතයට අනුකූල කමටහන් ගෙන, සුදුසු සෙනසුනක් සොයමින් ගොස්, තම උපන් ගමට නුදුරෙහි එක් පර්වත සමබිමක (සානුවක) වාසය කළහ. එක් දිනක් තම ගමට පිඬු සිඟා වැඩි තෙරුන්ට, මෑණියෝ මිහිරි හකුරු සහිත කිරිබතක් බෙදුවාය. උන්වහන්සේ එය රැගෙන තමා වෙසෙන පර්වත සෙවණෙහි හිඳ, එම දානය වැළඳූ සේක. වළඳා පාත්‍රය හා දෙ අත් සෝදාගෙන, විදසුන් භාවනාව වැඩීමට පටන්ගත් සේක. එක්තරා උණ ලැහැබක් මුල හිඳි උන්වහන්සේ, සුදුසු භෝජන ලැබීමෙන් කයේ හා සිතේ යෝග්‍ය බව නිසා එක්තැන් වූ සිතැතිව, උදයව්‍යය ඤාණාදී තියුණු ශූරවූ ඤාණයන්හි, අල්ප යෝග්‍ය බව නිසා එක්තැන් වූ සිතැතිව, උදයව්‍යය ඤාණාදී තියුණු ශූරවූ ඤාණයන්හි, අල්ප වෙහෙසකින් විදර්ශනාව ඔසවා තබා, මාර්ග පිළිවෙලින් භාවනාව මස්තක ප්‍රාප්ත කරගෙන සිවුපිළිසිඹියාපත් අර්හත් බව සාක්ෂාත් කරගත් සේක. අපදාන පාළියේ ද එය මෙලෙස විස්තර වේ. (අපදාන පාළි II, පංසුකූල පූජක ත්‍ථෙරාපදානං)
“හිමවන්තස්ස අවිදූරෙ, උදඞ්ගණො නාම පබ්බතො; තත්ථද්දසං පංසුකූලං, දුමග්ගම්හි විලම්බිතං.
“හිමවතට නුදුරෙහි උරග නම් පර්වතයක් විය. එහි ගස් මුදුනක එල්ලන ලද පංසුකූල චීවරය දුටුවෙමි.
“තීණි කිඞ්කණිපුප්ඵානි, ඔචිනිත්වානහං තදා; හෙට්ඨා පහට්ඨෙන චිත්තෙන, පංසුකූලං අපූජයිං.
එකල්හි මම කිංකිණි මල් තුනක් නෙලාගෙන සතුටු සිතින් ම ඒ පාංශු කුල සිවුරට පිදුවෙමි.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසං අගච්ඡහං.
මැනවින් කරන ලද එම කර්මය සහ චිත්ත ප්‍රණිධිය (ප්‍රාර්ථනාව) නිසා මිනිස් සිරුර හැර දැමූ මම තව්තිසා දෙව්ලොව ඉපදුනෙමි.
“එකනවුතෙ ඉතො කප්පෙ, යං කම්මමකරිං තදා; දුග්ගතිං නාභිජානාමි, පූජිත්වා අරහද්ධජං.
මීට කල්ප අනූ එකකට පෙර යම් පිනක් කළෙම් ද අර්හත් ධ්වජය පිදීමේ එම පින්කම හේතුවෙන් දුගතියක නූපදුනෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් කෙලෙස් දවන ලදි. සියලුම භව නැසුයෙමි. බැඳුම් සිඳි ඇත් රජෙකු මෙන් කෙලෙසුන් සිඳ ආශ්‍රව රහිතව සුවයෙන් වෙසෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි. (5256-5262)
අරහත්තං පන අධිගන්ත්වා දිට්ඨධම්මසුඛවිහාරත්ථං පබ්බතසානුමෙව ගන්තුකාමො අත්තනො පටිපත්තිං පවෙදෙන්තො “අහං ඛො වෙළුගුම්බස්මි”න්ති ගාථං අභාසි.
රහත් බවට පත්ව මෙලොව සැප විහරණය සඳහා පෙර සිටි පර්වත සම බිමට ම යනු කැමති තෙරුන් වහන්සේ තමාගේ පිළිවෙත සෙසු අයට දන්වමින් “අහං ඛො වෙළුගුම්බ ස්මිං” යන ගාථාව දේශනා කළ සේක.
තත්ථ වෙළුගුම්බස්මින්ති වෙළුගච්ඡස්ස සමීපෙ, තස්ස ඡායායං. භුත්වාන මධුපායසන්ති මධුපසිත්තපායාසං භුඤ්ජිත්වා. පදක්ඛිණන්ති පදක්ඛිණග්ගාහෙන, සත්ථු ඔවාදස්ස සම්මා සම්පටිච්ඡනෙනාති අත්ථො. සම්මසන්තො ඛන්ධානං උදයබ්බයන්ති පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උදයබ්බයඤ්ච විපස්සන්තො, යදිපි ඉදානි කතකිච්චො, ඵලසමාපත්තිං පන සමාපජ්ජිතුං විපස්සනං පට්ඨපෙන්තොති අධිප්පායො. සානුං පටිගමිස්සාමීති පුබ්බෙ මයා වුත්ථපබ්බතසානුමෙව උද්දිස්ස ගච්ඡිස්සාමි. විවෙකමනුබ්රූහයන්ති පටිපස්සද්ධිවිවෙකං ඵලසමාපත්තිකායවිවෙකඤ්ච පරිබ්රූහයන්තො, තස්ස වා පරිබ්රූහනහෙතු ගමිස්සාමීති. එවං පන වත්වා ථෙරො තත්ථෙව ගතො, අයමෙව ච ඉමස්ස ථෙරස්ස අඤ්ඤාබ්යාකරණගාථා අහොසි.
එහි “වෙළුගුම්බස්මිං” යනු උණ පඳුර සමීපයේ එහි සෙවණෙහි, “භුත්වාන මධුපායාසං” යනු මී පැණි මිශ්‍ර කිරිබත වළඳා “පදක්ඛිණං” යනු ප්රදක්ෂිණා කිරීමෙන් ශාස්තෲන් වහන්සේගේ අවවාදය මැනවින් පිළිගෙන යන අර්ථයයි. “සම්මසන්තො ඛන්ධානං උදයබ්බයං” යනු පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම සිහිපත් කරමින්, මැනවින් බලමින්, දැන් කරන ලද කටයුතු ඇති බැවින් ඵල සමවතට සමවැදීම සඳහා විදසුන් භාවනාවෙහි සිත පිහිටුවමින් යන අර්ථයයි. “සානු පටිගමිස්සාමී” යනු පෙර මම විසූ පර්වතයේ සමබිමට ම යන්නෙමි. “විවෙකමනුබ්රෑහයං” යනු සංසිඳුණු විවේකය ද ඵල සමවතින් හටගත් කාය විවේකය ද වඩමින්, නැතිනම් එසේ වැඩීම සඳහා යන්නෙමි. මෙසේ වදාළ තෙරුන් වහන්සේ එම ස්ථානයට ම වැඩි සේක. මෙම ගාථාව ම මේ ගෝසාල තෙරුන් වහන්සේගේ රහත් බව ප්‍රකාශ කරන ගාථාව විය.
ගොසාලත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ගෝසාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.