සුගන්ධත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සුගන්ධත්ථෙරගාථාවණ්ණනා
සුගන්ධ ස්ථවිරගාථා වර්ණනාව
අනුවස්සිකො පබ්බජිතොති ආයස්මතො සුගන්ධත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර ඉතො ද්වානවුතෙ කප්පෙ තිස්සස්ස නාම සම්මාසම්බුද්ධස්ස කාලෙ මනුස්සයොනියං නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො මිගබ්යධනෙන අරඤ්ඤෙ විචරති. සත්ථා තස්ස අනුකම්පාය පදවළඤ්ජං දස්සෙත්වා ගතො. සො සත්ථු පදචෙතියානි දිස්වා පුරිමබුද්ධෙසු කතාධිකාරතාය “සදෙවකෙ ලොකෙ අග්ගපුග්ගලස්ස ඉමානි පදානී”ති පීතිසොමනස්සජාතො කොරණ්ඩකපුප්ඵානි ගහෙත්වා පූජං කත්වා චිත්තං පසාදෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා තතො චුතො අපරාපරං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො කස්සපස්ස භගවතො කාලෙ කුටුම්බිකො හුත්වා සත්ථු භික්ඛුසඞ්ඝස්ස ච මහාදානං පවත්තෙත්වා ගන්ධකුටිං මහග්ඝගොසිතචන්දනං පිසිත්වා තෙන පරිභණ්ඩං කත්වා පත්ථනං පට්ඨපෙසි – “නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ මය්හං සරීරං එවංසුගන්ධං හොතූ”ති. එවං අඤ්ඤානිපි තත්ථ තත්ථ භවෙ බහූනි පුඤ්ඤකම්මානි කත්වා සුගතීසු එව පරිවත්තමානො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං විභවසම්පන්නස්ස බ්රාහ්මණස්ස ගෙහෙ නිබ්බත්ති. නිබ්බත්තස්ස ච තස්ස මාතුකුච්ඡිගතකාලතො පට්ඨාය මාතු සරීරං සකලම්පි ගෙහං සුරභිගන්ධං වායති. ජාතදිවසෙ පන විසෙසතො පරමසුගන්ධං සාමන්තගෙහෙසුපි වායතෙව. තස්ස මාතාපිතරො “අම්හාකං පුත්තො අත්තනාව අත්තනො නාමං ගහෙත්වා ආගතො”ති සුගන්ධොත්වෙව නාමං අකංසු. සො අනුපුබ්බෙන වයප්පත්තො මහාසෙලත්ථෙරං දිස්වා තස්ස සන්තිකෙ ධම්මං සුත්වා පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො සත්තාහබ්භන්තරෙ එව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.50.15-24) –
“අනුවස්සිකො පබ්බජිතො” යනු ආයුෂ්මත් සුගන්ධ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? එම තෙරුන් වහන්සේ මීට කල්ප අනූ දෙකකට පෙර පහළ වූ තිස්ස නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ වසන සමයේ මනුෂ්‍යයෙක්ව උපන්හ. වැඩිවියට පත් වූ ඔහු මුව දඩයමින් කැලයෙහි ම දිවි ගෙවීය. ශාස්තෲන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් පා සළකුණක් තබමින් වැඩි සේක. ඔහු එම පා සටහන දැක, පෙර බුදුවරු හමුවේදී කළ ප්‍රාර්ථනා ඇති බැවින්, “මේ පියවර නියතයෙන්ම දෙවියන් සහිත ලෝකයේ සිටින අග්‍ර, උතුම් පුද්ගලයාගේම ය”යි දැඩි සතුටට පත්ව කටු කරඬු මල් ගෙන ඉන් පා සළකුණු පුදා සිත පහදවා ගත්තේය. ඔහු එම පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපදුණි. පසුව ඉන් චුත වූ ඔහු ඒ ඒ භවයන්හි පින් දහම් රැස් කරමින් දෙව් - මිනිස් දෙගතියෙහි සැරි සරමින් සිට, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි කෙළෙඹි පුත්‍රයෙක් වී උපන්නේය. බුදුරජාණන් වහන්සේට ද භික්ෂු මහා සංඝරත්නයට ද මහා දානයක් පූජා කළ එම සිටුතුමා තථාගතයන් වෙසෙන ගඳ කිළිය, ඉතා වටිනා රන්වන් සඳුන් අඹරා බඳුම ලෙස ගාමින් සුවඳවත් කරවා මෙසේ ප්‍රාර්ථනාවක් කළේය. “උප නූපන් සැම භවයකදීම මාගේ ශරීරය මෙම සුවඳින් යුක්ත වේවා!” මෙසේ වෙනත් භවයන්හි ද ඉපිද බොහෝ පින්කම් කළ ඔහු කාම සුගති ලෝකවලට අපමණ සැප විඳ; අපගේ බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත් නුවර මහත් වූ සම්පත් ඇති බමුණු ගෙදරක උපන්නේය. උපන් එ කුමරු මවුකුස පිළිසිඳ ගත් දින පටන් මවගේ සිරුර සහ මුළු ගෙයම දිව්‍යමය සුවඳින් යුක්ත විය. උපන් දිනයේ දී විශේෂයෙන් ම අතිශය සුවඳක් මුළු ගේ පුරාම හැමුවේය. ඔහුගේ “සුගන්ධ” යන නම තැබූහ. එකුමරු අනුපිළිවෙලින් වැඩී, මහාසේල තෙරුන් දැක, පැහැදී උන්වහන්සේගෙන් බණ අසා, උන්වහන්සේ ළඟම පැවිදි විය. පැවිදි වූ දින සිට විදසුන් භාවනාව වැඩූ එම තෙරුන් වහන්සේ සත් දිනක් ඇතුළතදී ම රහත් බවට පත්වූහ. මෙම තොරතුරු අපදාන පාළියේ ද මෙලෙසින් දැක්වේ. (අපදාන පාළි II - කෝරණ්ඩපුප්ඵිය ත්‍ථෙරාපදානං)
“වනකම්මිකො පුරෙ ආසිං, පිතුමාතුමතෙනහං; පසුමාරෙන ජීවාමි, කුසලං මෙ න විජ්ජති.
“මම පෙර පිය පුතු පරපුරින් උරුම වූ වනයේ දඩයම් කිරීමෙන් ජීවත් වූයෙමි. සිවුපා සතුන් මරා ජීවත් වූයෙමි. මා හට කුසලයක් නම් නැත.
“මම ආසයසාමන්තා, තිස්සො ලොකග්ගනායකො; පදානි තීණි දස්සෙසි, අනුකම්පාය චක්ඛුමා.
මගේ අසපුව ඉදිරියෙහි පසැස් ඇති ලෝක නායක වූ තිස්ස බුදුරජාණන් වහන්සේ මට අනුකම්පාවෙන් පියවර තුනක් දැක්වූ සේක.
“අක්කන්තෙ ච පදෙ දිස්වා, තිස්සනාමස්ස සත්ථුනො; හට්ඨො හට්ඨෙන චිත්තෙන, පදෙ චිත්තං පසාදයිං.
එම පියවර දැක සතුටු වූ මම පැහැදුණු සිතින් පියවර සටහනෙහි සිත පැහැදවීමි.
“කොරණ්ඩං පුප්ඵිතං දිස්වා, පාදපං ධරණීරුහං; සකොසකං ගහෙත්වාන, පදසෙට්ඨං අපූජයිං.
පිපී ගිය කරඬුගසක් දුටු මම කොපු සහිත මල්ගෙන ශ්‍රේෂ්ඨ පාද ලාඤ්ඡනයට පූජා කළෙමි.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
මැනවින් කළ එම පින්කම නිසාත් චිත්ත ප්‍රණිධිය නිසාත් මිනිස් සිරුර හැරදැමූ මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි.
“යං යං යොනුපපජ්ජාමි, දෙවත්තං අථ මානුසං; කොරණ්ඩකඡවී හොමි, සුප්පභාසො භවාමහං.
මම යම් දිව්‍යමය හෝ මනුෂ්‍ය ආත්මභාවයක උපදින්නේ ද එහිදී ප්රභාසහිතව කෝරණ්ඩ පුෂ්ප වර්ණ වූ සමක් ලබාගෙන ජීවත් වෙමි.
“ද්වෙනවුතෙ ඉතො කප්පෙ, යං කම්මමකරිං තදා; දුග්ගතිං නාභිජානාමි, පදපූජායිදං ඵලං.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර යම් කර්මයක් මවිසින් කරන ලද්දේ ද ඒ හේතුවෙන් දුගතියක නො ඉපදුනෙමි. පා සටහන් පිදීමේ විපාකය මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේ අනුශාසනාව ඉටු කළෙමි.” (5263-5272)
අරහත්තං පන පත්වා අඤ්ඤං බ්යාකරොන්තො “අනුවස්සිකො පබ්බජිතො”ති ඉමං ගාථං අභාසි.
රහත් බවට පත්වූ උන්වහන්සේ එම කාරණය ප්‍රකට කරන සේක, “අනුවස්සිකො පබ්බජිතො” යන ගාථාව වදාළ සේක.
තත්ථ අනුවස්සිකොති අනුගතො උපගතො වස්සං අනුවස්සො, අනුවස්සොව අනුවස්සිකො. පබ්බජිතොති පබ්බජ්ජං උපගතො, පබ්බජිතො හුත්වා උපගතවස්සමත්තො එකවස්සිකොති අත්ථො. අථ වා අනුගතං පච්ඡාගතං අපගතං වස්සං අනුවස්සං, තං අස්ස අත්ථීති අනුවස්සිකො. යස්ස පබ්බජිතස්ස වස්සං අපරිපුණ්ණතාය න ගණනූපගතං, සො එවං වුත්තො, තස්මා අවස්සිකොති වුත්තං හොති. පස්ස ධම්මසුධම්මතන්ති තව සත්ථු ධම්මස්ස සුධම්මභාවං ස්වාක්ඛාතතං එකන්තනිය්යානිකතං පස්ස, යත්ථ අනුවස්සිකො තුවං පබ්බජිතො. පුබ්බෙනිවාසඤාණං දිබ්බචක්ඛුඤාණං ආසවක්ඛයඤාණන්ති තිස්සො විජ්ජා තයා අනුප්පත්තා සච්ඡිකතා, තතො එව කතං බුද්ධස්ස සාසනං සම්මාසම්බුද්ධස්ස සාසනං අනුසිට්ඨි ඔවාදො අනුසික්ඛිතොති කතකිච්චතං නිස්සාය පීතිසොමනස්සජාතො ථෙරො අත්තානං පරං විය කත්වා වදතීති.
එහි “අනුවස්සිකො” යනු අනුව ගිය, එළඹුණු එක් වර්ෂයක් ඇති “අනුවස්ස” නම් වේ. අනුව ගිය වර්ෂයක් ඇති යන අරුතින් “අනුවස්සික” නම් වේ. “පබ්බජිතො” යනු පැවිද්දයි. පැවිදිවීමයි. පැවිදි වී ගෙවී ගිය වසරක් ඇති, පැවිදි වී එක් වසරක් වන යන අරුත් දෙයි. නැතිනම් අනුව පසුපසින් යන ලද වසර අනූවසරකි. “එය ඔහුට ඇත” යැයි “ අනුවස්සික” නම් වේ. යම් පැවිද්දෙකුට වස් පරිපූර්ණ නොවූයේ ද එම වස ගණන් නොගැනේ. එනිසා මේ තෙරුන්ට ද වස් පිරිපුන් නොවූ බව පැවසීමට “අවස්සික” යන්න යොදන්නට ඇත. “පස්ස ධම්මසුධම්මතං” යනු ශාස්තෲන් වහන්සේ දෙසූ දහමෙහි ඇති ස්වාක්ඛාතාදී වශයෙන් මැනවින් දෙසූ බව, සුධර්මතාවය, ඒකාන්තයෙන් නිවණම ගෙන දෙන බව යන ගුණාංග දෙස බලව. “යම් තැනක වසරක් පැවිදී විසූ නුඹ පෙරකඳ පිළිවෙල දන්නා නුවණ, දිව කන් ලබන නුවණ, ආශ්‍රවයන් ක්ෂය කරන්නා වූ නුවණ යන ත්‍රිවිද්‍යාවන්ට එළඹියෙහි. එම ඤාණ අවබෝධ කළෙහි සාක්ෂාත් කළෙහි. මෙසේ බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළේ වෙහි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ලැබූ, අවවාද ලැබූ නුඹ; ඒ අනුව හික්මුණෙහි.” මෙසේ මහණකමේ කළ යුතු කටයුතු නිම කිරීමෙන් හටගත් ප්‍රීති සොම්නස විඳින තෙරුන් වහන්සේ තමා, අන්‍යයකු කර (තමා ඉදිරිපිට සිටින්නෙකු කර) මෙසේ ගාථාව වදාළේ යැයි දත යුතුයි.
සුගන්ධත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සුගන්ධ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.