යෙදුමෙන් කියවන්න

නන්‍දියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

නන්‍දියත්‍ථෙරගාථාවණ‍්ණනා

නන්‍දිය ස්ථවිරගාථා වර්ණනාව

ඔභාසජාතන‍්ති ආයස‍්මතො නන්‍දියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සො කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ සත්‍ථරි පරිනිබ‍්බුතෙ චෙතියෙ චන්‍දනසාරෙන වෙදිකං කාරෙත්‍වා උළාරං පූජාසක‍්කාරං පවත‍්තෙසි. තතො පට‍්ඨාය අජ‍්ඣාසයසම‍්පන‍්නො හුත්‍වා තත්‍ථ තත්‍ථ විවට‍්ටූපනිස‍්සයං බහුං පුඤ‍්ඤකම‍්මං ආචිනිත්‍වා දෙවෙසු ච මනුස‍්සෙසු ච සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුස‍්මිං සක්‍යරාජකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස මාතාපිතරො නන්‍දිං ජනෙන‍්තො ජාතොති නන්‍දියොති නාමං අකංසු. සො වයප‍්පත‍්තො අනුරුද‍්ධාදීසු සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජන‍්තෙසු සයම‍්පි පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො කතාධිකාරතාය නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.15.15-20) –

“ඔභාසජාතං” යන ගාථාව ආයුෂ්මත් නන්දිය තෙරුන් පැවසූවකි. එහි උපත කෙසේ ද? එම තෙරණුවෝ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දවස මිනිස් කුලයේ උපන්හ. එම ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතු නිධන් කර තැනූ මහසෑයට සඳුන් හර වලින් වේදිකාවක් කරවා මහත් පූජා සත්කාර පැවැත්වූ ඔහු; එතැන් පටන් මහත් ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී නිර්වාණය පතාගෙන බොහෝ පින්දහම් රැස්කර ගත්තේය. දේව-මනුෂ්‍ය දෙගතියේම සැප විඳිමින් සසර සැරි සරා, අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි කපිලවස්තු නුවර ශාක්‍ය කුල ගෙදරක උපන් ඔහුට නන්දිය යන නම තබන ලදි. වැඩිවියට පත් එකුමරු, තමා ද පැවිදිව විදසුන් වඩා කළ ප්‍රාර්ථනා ඇති බැවින් නොබෝ කලකින්ම රහත් ඵලය ලබාගත්තේය. නන්‍දිය මහ රහතන් වහන්සේගේ චරිත විස්තරය මෙසේ අපදාන පාළියේ දැක්වේ. (අපදාන පාළි I, සපරිවාරිය ත්‍ථෙරාපදානය)

“පදුමුත‍්තරො නාම ජිනො, ලොකජෙට‍්ඨො නරාසභො; ජලිත්‍වා අග‍්ගිඛන්‍ධොව, සම‍්බුද‍්ධො පරිනිබ‍්බුතො.

“ලෝක ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර නම් බුදුරජහු ගිනි කඳක් මෙන් බබල බබලා පිරිනිවන් පෑ සේක.

“නිබ‍්බුතෙ ච මහාවීරෙ, ථූපො විත්‍ථාරිකො අහු; දූරතොව උපට‍්ඨෙන‍්ති, ධාතුගෙහවරුත‍්තමෙ.

මහාවීර වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි, උන්වහන්සේගේ ධාතු නිධන් කළ මහසෑයක් කරන ලදි. ඒ අති උතුම් වූ සෑරජුට සැදැහැජනයා දිවා රෑ උවටැන් කළහ.

“පසන‍්නචිත‍්තො සුමනො, අකං චන්‍දනවෙදිකං; දිස‍්සති ථූපඛන්‍ධො ච, ථූපානුච‍්ඡවිකො තදා.

පහන් සිත් ඇති මම, සතුටු සිතින් එම සෑරජුට සඳුන් වේදිකාවක් කළෙමි. සෑරජුට යෝග්‍ය වූ පරිදි සඳුන් දුමින් ද පිදුවේය.

“භවෙ නිබ‍්බත‍්තමානම‍්හි, දෙවත‍්තෙ අථ මානුසෙ. ඔමත‍්තං මෙ න පස‍්සාමි, පුබ‍්බකම‍්මස‍්සිදං ඵලං.

එම පූර්‍ව කර්මයේ විපාක වශයෙන් සසර දෙවි-මිනිස් දෙගතියේ උපන් මම ලාමකයෙක් නොවුනෙමි. පහත් සිත් ඇත්තෙක් නොවීමි.

“පඤ‍්චදසකප‍්පසතෙ, ඉතො අට‍්ඨ ජනා අහුං; සබ‍්බෙ සමත‍්තනාමා තෙ චක‍්කවත‍්තී මහබ‍්බලා.

මීට කල්ප එක්දහස් පන්සීයකට පෙර මහත් බල ඇති සමන්ත නම් සක්විති රජවරු අටදෙනෙක්ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලද්දේය. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.” (1955-1960)

අරහත‍්තං පන පත්‍වා අනුරුද‍්ධත්‍ථෙරාදීහි සද‍්ධිං පාචීනවංසමිගදායෙ විහරන‍්තෙ ඉමස‍්මිං ථෙරෙ එකදිවසං මාරො පාපිමා භිංසාපෙතුකාමො තස‍්ස භෙරවරූපං දස‍්සෙති. ථෙරො තං “මාරො අය”න‍්ති ඤත්‍වා “පාපිම, යෙ මාරධෙය්‍යං වීතිවත‍්තා, තෙසං තව කිරියා කිං කරිස‍්සති, තතොනිදානං පන ත්‍වං එව විඝාතං අනත්‍ථං පාපුණිස‍්සසී”ති දස‍්සෙන‍්තො “ඔභාසජාතං ඵලග”න‍්ති ගාථං අභාසි.

රහත් බවට පත්වූ නන්දිය තෙරුන්, අනුරුද්ධාදී තෙරවරු සමග නැගෙනහිර දිසාවේ වූ මිගදායෙහි (මුවන්ට අභයදුන් බිම) වාසය කළ සේක. එසමයේ පාපී මාරයා මේ තෙරුන් භය කරනු කැමතිව පැමිණියේය. උන්වහන්සේ ඉදිරියේ මහත් බියජනක රූපයක් මැවූ විට තෙරුන් “මේ පාපී මාරයා ම යැ”යි දැන; “පාපී මාරය! නුඹගේ විෂය ඉක්මවූවන්ට නුඹගේ කාර්යයන්ගෙන් කුමක්නම් කළ හැකිද? ඒ උතුමන්ට අවහිර කිරීමෙන් නුඹම ඉතා දරුණු වූ අනර්ථයන්ට පැමිණෙන්නෙහියැ”යි දක්වමින් “ඔභාස ජාතං ඵලගං” යන ගාථාව දේශනා කළේය.

තත්‍ථ ඔභාසජාතන‍්ති ඤාණොභාසෙන ජාතොභාසං අග‍්ගමග‍්ගඤාණස‍්ස අධිගතත‍්තා. තෙන අනවසෙසතො කිලෙසන්‍ධකාරස‍්ස විහතවිද‍්ධංසිතභාවතො අතිවිය පභස‍්සරන‍්ති අත්‍ථො. ඵලගන‍්ති ඵලං ගතං උපගතං, අග‍්ගඵලඤාණසහිතන‍්ති අධිප‍්පායො. චිත‍්තන‍්ති ඛීණාසවස‍්ස චිත‍්තං සාමඤ‍්ඤෙන වදති. තෙනාහ “අභිණ‍්හසො”ති. තඤ‍්හි නිරොධනින‍්නතාය ඛීණාසවානං නිච‍්චකප‍්පං අරහත‍්තඵලසමාපත‍්තිසමාපජ‍්ජනතො “ඵලෙන සහිත”න‍්ති වත‍්තබ‍්බතං අරහති. තාදිසන‍්ති තථාරූපං, අරහන‍්තන‍්ති අත්‍ථො. ආසජ‍්ජාති විසොධෙත්‍වා පරිභුය්‍ය. කණ‍්හාති මාරං ආලපති, සො හි කණ‍්හකම‍්මත‍්තා කණ‍්හාභිජාතිතාය ච “කණ‍්හො”ති වුච‍්චති. දුක‍්ඛං නිගච‍්ඡසීති ඉධ කුච‍්ඡිඅනුප‍්පවෙසාදිනා නිරත්‍ථකං කායපරිස‍්සමං දුක‍්ඛං, සම‍්පරායෙ ච අප‍්පතිකාරං අපායදුක‍්ඛං උපගමිස‍්සසි පාපුණිස‍්සසි. තං සුත්‍වා මාරො “ජානාති මං සමණො”ති තත්‍ථෙවන‍්තරධායීති.

එහි “ඔභාසජාතං” යනු යම් මහණෙකුගේ සිත, “ඤාණය” – “ප්‍රඥාව” නම් ආලෝකයෙන් හටගත් ආලෝක ඇත්තේ ද; අග්‍ර මාර්ග ඥානය අවබෝධ කරන ලද්දේ ද; එනිසා එමගින් ඉතිරි නොකර සියලුම කෙලෙස් නමැති අන්‍ධකාරයන් නසා - වනසා දැමූ බැවින්, “සිත ඉතා ප්‍රභාස්වර (බබලන) බවට පත්වූයේය” යන අර්ථයයි. “ඵලගං” යනු ඵලයට පත්වූ. අග්‍රඵල ඤාණයෙන් හෙවත් අර්හත් මාර්ග, අර්හත් ඵල සිත් ඇති යන අදහසයි. “චිත්තං” යනු රහතන් වහන්සේගේ සිතයි. සමාන බැවින් කියයි. එනිසා “අභිණ්හසො” යැයි කියන ලදි. තණ්හාව නිරුද්ධ වූ බැවින්. දුරුකළ බැවින් රහතන් වහන්සේලාට, “නිරන්තරව අර්හත් ඵල සමවතින් සමවැදීම් වශයෙන් අර්හත් ඵලයෙන් යුක්තවූවෝ” යැයි කීම සුදුසුය. “තාදිසං” යනු “එබඳු වූ ඉහතින් කියූ ගුණාංගයන්ගෙන් යුක්ත වූ රහතන් වහන්සේට” යන අර්ථයයි. “ආසජ්ජා” යනු හිරිහැර කොට, විරුද්ධකම් කොට. “කණ්හ” යනුවෙන් මාරයාට ආමන්ත්‍රණය කරයි. ඒ මාරයා, පවිටු ක්‍රියා කරන බැවින් ද පවිටු - කළු - නපුරු අය හා උපතින් සමවන බැවින් ද “කණ්හ” නම් වේ. “දුක්ඛං නිගච්ඡසි” යනු මෙලොවදී කුසට පැමිණි දෙය නොදිරවීම් වශයෙන් නිරර්ථක වූ කාය පරිහරණයේ අනේක දුක් ද පරලොව දී ප්‍රතිකාරයක් - පිළියමක් කළ නොහැකි අනේක අපා දුක්වලට ද පැමිණෙන්නෙහිය. දුක් විඳින්නෙහිය. එය ඇසූ මාරයා “මේ ශ්‍රමණයන් වහන්සේ මා හඳුනාගත්හ” යි ලැජ්ජිතව වහාම එහිදී අතුරුදහන් විය.

නන්‍දියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

නන්දිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.