උභයත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
උභයත්ථෙරගාථාවණ්ණනා
අභය ස්ථවිරගාථා වර්ණනාව
සුත්වා සුභාසිතං වාචන්ති ආයස්මතො අභයත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පදුමුත්තරස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා ධම්මකථිකො හුත්වා ධම්මකථනකාලෙ පඨමං චතූහි ගාථාහි භගවන්තං අභිත්ථවිත්වා පච්ඡා ධම්මං කථෙසි. තෙනස්ස පුඤ්ඤකම්මබලෙන කප්පානං සතසහස්සං අපායපටිසන්ධි නාම නාහොසි. තථා හි වුත්තං –
“සුත්වා සුභාසිත වාචං” යන ගාථාව ආයුෂ්මත් අභය තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සසුනේ පැවිදි බව ලැබූ ප්‍රසිද්ධ ධර්ම කථිකයෙක් වූහ. උන්වහන්සේ ධර්ම දේශනා කරන විට පළමුවෙන්ම ගාථා සතරකින් භාග්‍යවතුන් වහන්සේට ස්තූති කොට, පසුව ධර්මය දේශනා කළහ. මේ පින්කමේ විපාක වශයෙන් කල්ප ලක්ෂයක් පුරාම දිගු සසරෙහි අපායේ ඉපදීමක් නම් සිදුනොවුණි. ඒ බව මෙසේ ගාථාවකින් කියන ලදි.
“අභිත්ථවිත්වා පදුමුත්තරං ජිනං, පසන්නචිත්තො අභයො සයම්භුං; න ගච්ඡි කප්පානි අපායභූමිං, සතසහස්සානි උළාරසද්ධො”ති. (අප· ථෙර 2.55.221)
“අභිත්ථවිත්වා පදුමුත්තරං ජිනං, පසන්න චිත්තො අභයො සයම්භුං, නාගච්ඡි කප්පානි අපාය භූමිං, සතං සහස්සානි උළාර සද්ධො”
“පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ස්තූති ප්‍රශංසා කොට, අභය සලසන්නා වූ තමා විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කළ තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් උපදවා ගත් මහත් වූ ශ්‍රද්ධාව නිසා (මම) කල්ප ලක්ෂයක් පුරාම අපාය භූමියට නොගියෙමි.
ඛෙත්තසම්පත්තියාදීහි තස්ස ච පුබ්බපච්ඡිමසන්නිට්ඨානචෙතනානං අතිවිය උළාරභාවෙන සො අපරිමෙය්යො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො තාදිසො අහොසි. “අචින්තියෙ පසන්නානං, විපාකො හොති අචින්තියො”ති (අප· ථෙර 1.1.82) හි වුත්තං. තත්ථ තත්ථ හි භවෙ උපචිතං පුඤ්ඤං තස්ස උපත්ථම්භකමහොසි. තථා හි සො විපස්සිස්ස භගවතො කෙතකපුප්ඵෙහි පූජමකාසි. එවං උළාරෙහි පුඤ්ඤවිසෙසෙහි සුගතීසු එව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ රඤ්ඤො බිම්බිසාරස්ස පුත්තො හුත්වා නිබ්බත්ති. අභයොතිස්ස නාමං අහොසි. තස්ස උප්පත්ති පරතො ආවි භවිස්සති. සො නිගණ්ඨෙන නාටපුත්තෙන උභතොකොටිකං පඤ්හං සික්ඛාපෙත්වා “ඉමං පඤ්හං පුච්ඡිත්වා සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙහී”ති විස්සජ්ජිතො භගවන්තං උපසඞ්කමිත්වා තං පඤ්හං පුච්ඡිත්වා තස්ස පඤ්හස්ස අනෙකංසබ්යාකරණභාවෙ භගවතා කථිතෙ නිගණ්ඨානං පරාජයං, සත්ථු ච සම්මාසම්බුද්ධභාවං විදිත්වා උපාසකත්තං පටිවෙදෙසි. තතො රඤ්ඤෙ බිම්බිසාරෙ කාලඞ්කතෙ සඤ්ජාතසංවෙගො සාසනෙ පබ්බජිත්වා තාලච්ඡිග්ගළූපමසුත්තදෙසනාය සොතාපන්නො හුත්වා පුන විපස්සනං ආරභිත්වා අරහත්තං සච්ඡාකාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.52.17-22) –
කෙත්වතු සම්පත් ආදිය ලබා, පූර්ව - මධ්‍යම හා අවසාන චේතනා වශයෙන් ඉතා මහත් වූ සිත ඇතිව කරන ලද දානාදී අප්‍රමාණ පුණ්‍ය මහිමය නිසා උන්වහන්සේ සසර විඳි සැපද අප්‍රමාණය. “අචින්ත්‍යය වූ මහා පුරුෂයන් කෙරෙහි පැහැදුණු සිත් ඇත්තන්ගේ විපාකය ද අචින්තය්යම වේ” යැයි කියන ලදි. ඒ ඒ භවයන්හිදී රැස්කරන ලද පුණ්‍ය මහිමය ද උන්වහන්සේට උපස්ථම්භක (ආධාර) විය. එසේම විපස්සී බුදුරජාණන් වහන්සේ උදෙසා ඔහු වැටකේ මලින් පූජාවක් පැවැත්වීය. මෙවැනි මහත් වූ සුවිසල් පින්කම් කිරීමෙන් ලද විපාක නිසා කාම සුගතීන්හිම ඉපදුණු මේ සුපින්වත් පුරුෂයාණෝ අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බිම්බිසාර රජුගේ පුතෙකු වී ඉපදුණි. “අභය” නාමයෙන් ඔහු ප්‍රකට විය. ඔහුගේ උපත පිළිබඳව අන්‍ය සමයන්හිද කියැවේ. ඔහුට නිගණ්ඨනාථ පුත්ත ශාස්තෲතුමා උභතෝකොටික ප්‍රශ්නයක් ඉගැන්වීය. “මේ පැනය අසා ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපණය කරව”යි පැවසූ නිගණ්ඨනාථ පුත්ත අභය කුමරු අප භාග්‍යවතුන් වහන්සේ කරා එවීය. භාග්‍යවතුන් වහන්සේ කරා එළඹි ඔහු එම ප්රශ්නය උන්වහන්සේගෙන් විමසීය. එම ප්රශ්නයේ නානාවිධ ව්‍යාකරණයන් විස්තරාත්මකව පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී ඔහු, “නිගණ්ඨයන් පැරදුණි. ශ්‍රමණ භවත් ගෞතමයෝම “සම්මා සම්බුද්ධයහ”යි දැන බුදුසසුනේ උපාසකයෙක් බවට පත්විය. ඉන්පසු කාලයක බිම්බිසාර රජු කළුරිය කළ කල්හි හටගත් සංවේග ඇතිව ඔහු සසුනේ පැවිදි විය. පසුව “තාලච්ඡිග්ගලූපම” සූත්‍ර දේශනාව අසා සෝවාන් ඵලය ලබාගත් අභය තෙරණුවෝ, විදසුන් වඩා රහත්බවට පත්වූ සේක. අර්හත්වය සාක්ෂාත් කරගත්හ. එය අපදාන පාළියේ මෙලෙසින් විස්තර වේ. (අපදාන පාළි II. කේතක පුප්ඵිය ත්‍ථෙරාපදානං)
“විනතානදියා තීරෙ, විහාසි පුරිසුත්තමො; අද්දසං විරජං බුද්ධං, එකග්ගං සුසමාහිතං.
“පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ විනතා නදී තෙර වැඩසිටි සේක. මනාව සන්සිඳුණු සිතැති, එකඟ වූ සිතැති, කෙලෙසුන් දුරලූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මම සිත පහදවා ගතිමි.
“මධුගන්ධස්ස පුප්ඵෙන, කෙතකස්ස අහං තදා; පසන්නචිත්තො සුමනො, බුද්ධසෙට්ඨමපූජයිං.
එකල මම ප්‍රසන්න සිත් ඇතිව, සතුටුවූයෙම් අතිශය සුවඳවත් වැටකේ මලින් උන්වහන්සේට පූජා කළෙමි.
“එකනවුතෙ ඉතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මීට කල්ප අනූඑකකට පෙර කරන ලද පුණ්‍ය පූජාවේ අනුසස් ලෙස මේ දක්වා දුගතියක නො ඉපදුනෙමි. බුද්ධ පූජාවෙහි විපාකය මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව මැනවින් ඉටුකළෙමි.” (5473-5478)
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිකිත්තනෙන අඤ්ඤං බ්යාකරොන්තො “සුත්වා සුභාසිතං වාච”න්ති ගාථං අභාසි.
රහත් බවට පත්වූ අභය තෙරණුවෝ තම පිළිවෙත් ප්‍රකට කිරීම් වශයෙන් ස්වකීය රහත් බව පෙන්වමින්, “සුත්වා සුභාසිතං වාචං” යන ගාථාව වදාළහ.
තත්ථ සුත්වාති සොතං ඔදහිත්වා, සොතද්වාරානුසාරෙන උපධාරෙත්වා. සුභාසිතන්ති සුට්ඨු භාසිතං, සම්මදෙව භාසිතං, සම්මාසම්බුද්ධභාවතො මහාකාරුණිකතාය ච කිඤ්චි අවිසංවාදෙත්වා යථාධිප්පෙතස්ස අත්ථස්ස එකන්තතො සාධනවසෙන භාසිතං චතුසච්චවිභාවනීයධම්මකථං. න හි සච්චවිනිමුත්තා භගවතො ධම්මදෙසනා අත්ථි. බුද්ධස්සාති සබ්බඤ්ඤුබුද්ධස්ස. ආදිච්චබන්ධුනොති ආදිච්චවංසෙ සම්භූතත්තා ආදිච්චො බන්ධු එතස්සාති ආදිච්චබන්ධු, භගවා. තස්ස ආදිච්චබන්ධුනො. ආදිච්චස්ස වා බන්ධූති ආදිච්චබන්ධු, භගවා. තස්ස භගවතො ඔරසපුත්තභාවතො. තෙනාහ භගවා –
එහි “සුත්වා” යනු කන් යොමුකර, ශ්‍රෝතද්වාරයෙන් (කනින්) මැනවින් විමසා බලා, “සුභාසිතං” යනු මැනවින් කියන ලද, යහපත් වූ දේව භාෂිතයෙක් වූ, සම්මා සම්බුදුවරයන් වහන්සේ මහා කාරුණික බැවින් කිසිදු හිංසාත්මක දෙයක් නොපවසති. ඒකාන්තයෙන්ම උන්වහන්සේලා චතුරාර්ය සත්‍යයට පුද්ගලයා යොමුකරන වචනයක් ම පිටකරති. දේශනා කරති. චතුරාර්ය සත්‍යයෙන් පරිබාහිර වූ ධර්ම දේශනාවක් නම් භාග්‍යවතුන් වහන්සේලා කිසිසේත් නොපවත්වති. “බුද්ධස්ස” යනු සර්වඥ වූ බුදුවරුන්ගේ. “ආදිච්චබන්ධුතො” යනු සූර්ය වංශයේ උපන් බැවින් භාග්‍යවතුන් වහන්සේ ආදිත්‍යයන් ගේ ඥාතියා යන අරුතින් “ආදිච්ච බන්ධු” නම් වලින් හැඳින්වේ. ඒ ආදිත්‍ය බන්ධු වූ භාග්‍යවතුන් වහන්සේගේ. භාග්‍යවතුන් වහන්සේ සූර්ය්යයාගේ ඥාති වන බැවින් “ආදිත්‍ය බන්ධු” නාමය යෙදේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“යො අන්ධකාරෙ තමසී පභඞ්කරො, වෙරොචනො මණ්ඩලී උග්ගතෙජො; මා රාහු ගිලී චරමන්තලික්ඛෙ, පජං මමං රාහු පමුඤ්ච සූරිය”න්ති. (සං· නි· 1.91);
“යො අන්ධකාරෙ තමසී පභංකරො, වෙරොචනො මණ්ඩලී උග්ගතෙජො, මා රහු ගිලී චරං අන්තලික්ඛෙ, පජං මම රාහු පමුඤ්චසූරියන්තී”
“යම් ඉරක්, තද ඝන අඳුර පළවා හැර ආලෝකය පතුරවයි ද බබළනුයේ වේද මණ්ඩලාකාර සටහන් ඇත්තේ ද උග්‍ර වූ තේජස් සහිත ද එම්බල රාහු අසුරය! අන්තරීක්ෂයෙහි (අභ්‍යවකාශයෙහි) ඇවිදිනා මගේ පුතු වූ හිරු නොගිලුව. එම්බා රාහු අසුරය! හිරු අත්හරුව.”
පච්චබ්යධින්ති පටිවිජ්ඣිං. හී-ති නිපාතමත්තං. නිපුණන්ති සණ්හං පරමසුඛුමං, නිරොධසච්චං, චතුසච්චමෙව වා. හී-ති වා හෙතුඅත්ථෙ නිපාතො. යස්මා පච්චබ්යධිං නිපුණං චතුසච්චං, තස්මා න දානි කිඤ්චි පටිවිජ්ඣිතබ්බං අත්ථීති අත්ථො. යථා කිං පටිවිජ්ඣීති ආහ “වාලග්ගං උසුනා යථා”ති. යථා සත්තධා භින්නස්ස වාලස්ස කොටිං සුසික්ඛිතො කුසලො ඉස්සාසො උසුනා කණ්ඩෙන අවිරජ්ඣන්තො විජ්ඣෙය්ය, එවං පච්චබ්යධිං නිපුණං අරියසච්චන්ති යොජනා.
“පච්චව්යධි” යනු අවබෝධ කළෙමි. “හි” යනු නිපාතයක් පමණි. “නිපුණං” යනු තේරුම් ගැනීමට අමාරු, අතිශයින් සියුම් වූ නිරෝධ සත්‍යයයි. නැතහොත් චතුරාර්ය සත්‍යයයි. “හී” යනු හේතු අර්ථයේ නිපාතයකි. “ඒ අභය තෙරුන් වහන්සේ චතුරාර්ය සත්‍යය මැනවින් අවබෝධ කරගත් සේක් එහි නිපුණ වූයේ ද එනිසා දැන් උන්වහන්සේට තවත් අවබෝධ කරගත යුතු දෙයක් නැත” යන අර්ථයයි. කෙසේ අවබෝධ කරගත් සේක්ද? යන්න දැක්වීමට “වාළග්ගං උසූනා යථා” යම් සේ සත් කොටසකට බිඳින ලද වල්ගා කෙළවරෙහි හීයෙහි විදීමට පුහුණු වූ දක්ෂ වූ දුනුවායකු හීය නොවැරදී විදින්නාක් මෙන් “චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළෙමි” යන අදහසයි.
අභයත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
අභය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.