යෙදුමෙන් කියවන්න

ලොමසකඞ‍්ගියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ලොමසකඞ‍්ගියත්‍ථෙරගාථාවණ‍්ණනා

ලෝමසකඞ්ගිය ස්ථවිරගාථා වර්ණනාව

දබ‍්බං කුසන‍්ති ආයස‍්මතො ලොමසකඞ‍්ගියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සො කිර ඉතො එකනවුතෙ කප‍්පෙ විපස‍්සිං භගවන‍්තං පස‍්සිත්‍වා පසන‍්නමානසො නානාපුප‍්ඵෙහි පූජෙත්‍වා තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තො පුන අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො සාසනෙ පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරොති. තෙන ච සමයෙන සත්‍ථාරා භද‍්දෙකරත‍්තපටිපදාය කථිතාය අඤ‍්ඤතරො භික‍්ඛු භද‍්දෙකරත‍්තසුත‍්තවසෙන තෙන සාකච‍්ඡං කරොති. සො තං න සම‍්පායාසි. අසම‍්පායන‍්තො “අහං අනාගතෙ තුය‍්හං භද‍්දෙකරත‍්තං කථෙතුං සමත්‍ථො භවෙය්‍ය”න‍්ති පණිධානං අකාසි, ඉතරො “පුච‍්ඡෙය්‍ය”න‍්ති. එතෙසු පඨමො එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා අම‍්හාකං භගවතො කාලෙ කපිලවත්‍ථුස‍්මිං සාකියරාජකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස සුඛුමාලභාවෙන සොණස‍්ස විය පාදතලෙසු ලොමානි ජාතානි, තෙනස‍්ස ලොමසකඞ‍්ගියොති නාමං අහොසි. ඉතරො දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා චන්‍දනොති පඤ‍්ඤායිත්‍ථ. ලොමසකඞ‍්ගියො අනුරුද‍්ධාදීසු සක්‍යකුමාරෙසු පබ‍්බජන‍්තෙසු පබ‍්බජිතුං න ඉච‍්ඡි. අථ නං සංවෙජෙතුං චන්‍දනො දෙවපුත‍්තො උපසඞ‍්කමිත්‍වා භද‍්දෙකරත‍්තං පුච‍්ඡි. ඉතරො “න ජානාමී”ති. පුන දෙවපුත‍්තො “අථ කස‍්මා තයා ‘භද‍්දෙකරත‍්තං කථෙය්‍ය’න‍්ති සඞ‍්ගරො කතො, ඉදානි පන නාමමත‍්තම‍්පි න ජානාසී”ති චොදෙසි. ඉතරො තෙන සද‍්ධිං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා, “මයා කිර, භන‍්තෙ, පුබ‍්බෙ ‘ඉමස‍්ස භද‍්දෙකරත‍්තං කථෙස‍්සාමී’ති සඞ‍්ගරො කතො”ති පුච‍්ඡි. භගවා “ආම, කුලපුත‍්ත, කස‍්සපස‍්ස භගවතො කාලෙ තයා එවං කත”න‍්ති ආහ. ස‍්වායමත්‍ථො උපරිපණ‍්ණාසකෙ ආගතනයෙන විත්‍ථාරතො වෙදිතබ‍්බො. අථ ලොමසකඞ‍්ගියො “තෙන හි, භන‍්තෙ, පබ‍්බාජෙථ ම”න‍්ති ආහ. භගවා “න, ඛො, තථාගතා මාතාපිතූහි අනනුඤ‍්ඤාතං පුත‍්තං පබ‍්බාජෙන‍්තී”ති පටික‍්ඛිපි. සො මාතු සන‍්තිකං ගන‍්ත්‍වා “අනුජානාහි මං, අම‍්ම, පබ‍්බජිතුං, පබ‍්බජිස‍්සාමහ”න‍්ති වත්‍වා, මාතරා “තාත, සුඛුමාලො ත්‍වං කථං පබ‍්බජිස‍්සසී”ති වුත‍්තෙ, “අත‍්තනො පරිස‍්සයසහනභාවං පකාසෙන‍්තො “දබ‍්බං කුසං පොටකිල”න‍්ති ගාථං අභාසි.

“දබ්බං කුසං” යනු ආයුෂ්මත් ලෝමසකංගිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ මීට කල්ප අනූ එකකට පෙර විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක, පැහැදුනු සිතින් නාමලින් උන්වහන්සේට පිදූහ. ඒ පින්කම නිසා දෙව්ලොව ඉපිද, නැවත නැවත පින්දහම් සිදුකර කාම සුගතීන්හිම සැරිසැරූ උන්වහන්සේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සසුනේ පැවිදිව මහණදම් පිරූහ. එසමයෙහි ශාස්තෲන් වහන්සේ භද්දේකරත්ත ප්‍රතිපදාව දේශනා කළ බැවින් එක්තරා භික්‍ෂුවක් භද්දේකරත්ත සූත්‍රය රැගෙන ලෝමසකංගිය තෙරුන් සමග සාකච්ඡා කළේය. නමුත් උන්වහන්සේට එකරුණු නොවැටහේ. නොවැටහෙන කල්හි “මම අනාගතයේදී නුඹ වහන්සේට භද්දේකරත්ත සූත්‍රය වටහා දීමට සමත් වන්නෙමි”යි ප්‍රාර්ථනාවක් කළේය. අනික් භික්‍ෂුව “විචාරන්නේ නම් මැනවි”යි කීවේය. ඔවුන් අතුරින් පළමු තෙරුන් වහන්සේ බුද්ධාන්තරයක් දෙව්මිනිසුන් අතර සැරිසරා, අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේදී කපිලවස්තුවේ ශාක්‍ය රාජකුලයෙහි උපන්හ. ඔහු ඉතා සියුමැලි බැවින් බල්ලකුගේ මෙන් පා තලයෙහි ලෝම ඇති විය. එනිසා ඔහුට “ලෝමසකංගිය” යන නම තබන ලදි. අනික් තෙරුන් දෙව්ලොව ඉපිද චන්දන දෙව්පුත් නමින් ප්‍රකට විය. “ලෝමසකංගිය කුමරු, සෙසු අනුරුද්ධාදී ශාක්‍ය කුමාරවරු සමග ගොස් පැවිදිවීමට අකමැති විය. එනිසා ඔහු සංවේගයට පත් කිරීම සඳහා චන්දන දෙව්පුත් පැමිණ භද්දේකරත්තය පිළිබඳව විමසීය. කුමරු එය නොදත්තේය. චන්දන දෙව්පුත් “නුඹ කුමක් නිසා ‘මොහුට භද්දේකරත්තය කියන්නෙමි”යි පොරොන්දු වූයෙහි? දැන් නුඹ එහි නමවත් නොදන්නෙහි යැ”යි චෝදනා කළේය. ලෝමසකංගිය කුමරු දෙව්පුත් සමග භාග්‍යවතුන් වහන්සේ හමුවීමට ගොස්, “ස්වාමීනි, මවිසින් පෙර මොහුට භද්දේකරත්තය ප්‍රකාශ කරන බවට පොරොන්දුවක් වූයේද?”යි විචාළේය. භාග්‍යවතුන් වහන්සේ, “එසේය, කුල පුත්‍රය! කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ දී නුඹ එබඳු පොරොන්දුවක් වූයෙහිය”යි වදාළ සේක. ඒ මේ අර්ථ මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සඳහන් වන අයුරින්ම විස්තර දත යුතුයි. ඉක්බිති ලෝමසකංගිය කුමරු, “ස්වාමීනි! එසේ නම් මා පැවිදි කළ මැනවි”යි කීවේය. භාග්‍යවතුන් වහන්සේ, “තථාගතවරු මවුපියන් විසින් නොඅනුදත් පුතුන් පැවිදි නොකරන්නාහ”යි එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ සේක. එකුමරු තම මවු සමීපයට ගොස් “මෑණියනි! මට පැවිදිවීමට අවසර දෙනු ලැබේවා”යි කීවේය. මව, “දරුව! නුඹ ඉතා සියුමැලිය. එනිසා නුඹ කෙසේ නම් පැවිදි වන්නෙහිද?”යි ඇසූ කල්හි තමාට උවදුරු ඉවසීමට හැකි බව පවසන ලෝමසකංගිය කුමරු “දබ්බං කුසං පොටකිලං” යන ගාථාව ප්‍රකාශ කළේය.

තත්‍ථ දබ‍්බන‍්ති දබ‍්බතිණමාහ, යං “සද‍්දුලො”තිපි වුච‍්චති. කුසන‍්ති කුසතිණං, යො “කාසො”ති වුච‍්චති. පොටකිලන‍්ති සකණ‍්ටකං අකණ‍්ටකඤ‍්ච ගච‍්ඡං. ඉධ පන සකණ‍්ටකමෙව අධිප‍්පෙතං. උසීරාදීනි සුවිඤ‍්ඤෙය්‍යානි. දබ‍්බාදීනි තිණානි බීරණතිණානි පාදෙහි අක‍්කන‍්තස‍්සාපි දුක‍්ඛජනකානි ගමනන‍්තරායකරානි ච, තානි ච පනාහං උරසා පනුදිස‍්සාමි උරසාපි අපනෙස‍්සාමි. එවං අපනෙන‍්තො තං නිමිත‍්තං දුක‍්ඛං සහන‍්තො අරඤ‍්ඤායතනෙ ගුම‍්බන‍්තරං පවිසිත්‍වා සමණධම‍්මං කාතුං සක‍්ඛිස‍්සාමි. කො පන වාදො පාදෙහි අක‍්කමනෙති දස‍්සෙති. විවෙකමනුබ්‍රූහයන‍්ති කායවිවෙකං චිත‍්තවිවෙකං උපධිවිවෙකඤ‍්ච අනුබ්‍රූහයන‍්තො. ගණසඞ‍්ගණිකඤ‍්හි පහාය කායවිවෙකං අනුබ්‍රූහයන‍්තස‍්සෙව අට‍්ඨතිංසාය ආරම‍්මණෙසු යත්‍ථ කත්‍ථචි චිත‍්තං සමාදහන‍්තස‍්ස චිත‍්තවිවෙකො, න සඞ‍්ගණිකාරතස‍්ස. සමාහිතස‍්සෙව විපස‍්සනාය කම‍්මං කරොන‍්තස‍්ස සමථවිපස‍්සනඤ‍්ච යුගනද‍්ධං කරොන‍්තස‍්ස කිලෙසානං ඛෙපනෙන උපධිවිවෙකාධිගමො, න අසමාහිතස‍්ස. තෙන වුත‍්තං “විවෙකමනුබ්‍රූහයන‍්ති කායවිවෙකං චිත‍්තවිවෙකං උපධිවිවෙකඤ‍්ච අනුබ්‍රූහයන‍්තො”ති. එවං පන පුත‍්තෙන වුත‍්තෙ මාතා “තෙන හි, තාත, පබ‍්බජා”ති අනුජානි. සො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පබ‍්බජ‍්ජං යාචි. තං සත්‍ථා පබ‍්බාජෙසි. තං පබ‍්බජිත්‍වා කතපුබ‍්බකිච‍්චං කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤං පවිසන‍්තං භික‍්ඛූ ආහංසු – “ආවුසො, ත්‍වං සුඛුමාලො කිං සක‍්ඛිස‍්සසි අරඤ‍්ඤෙ වසිතු”න‍්ති. සො තෙසම‍්පි තමෙව ගාථං වත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා භාවනං අනුයුඤ‍්ජන‍්තො නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.52.23-27) –

එහි “දබ්බං” යනු දබ්බ නම් තණකොළ වර්ගයයි. “සද්දූල්” “හී තණ” යනු ද එයට ම පැවසෙන නමකි. “කුසං” යනු කුස තණයි. බට ගස් වර්ගයකි. “පොට කිලං” කටු සහිත හා කටු රහිත වැලුක් පැලෑටිය. මෙහිදී කටු සහිත වැලුක්ම අදහස් කරන ලදි. සැවැන්න මුල් ආදිය මැනවින් දැනගත හැකිය. දබ්බාදී තෘණ වර්ග ද සැවැන්න ආදී තණ ද පයින් පාගන ලද්දේ දුක් ඇති කරයි. ගමනට අනතුරක් කරයි. එම තණවර්ග උරයෙන්ම ඉවත් කරන්නෙමි. උරයෙන් බැහැර ලමි. මෙසේ ඉවත් කරද්දී ඇතිවන කටුක දුක ඉවසිය හැක්කෙමි. එනිසා කැළයේ රුක් ගොමු අතරට පිවිස මහණදම් පිරීමට මා හට හැකිවන්නෙමි. එනිසා පයින් ඒවා පෑගීමෙහි කවර කථාවක්ද?”යි අසයි. “විවේකමනුබ්‍රෑහයං” යනු කාය විවේකය, චිත්ත විවේකය හා උපධි විවේකය වඩමින්. සමූහ වාසය අත්හැර හුදකලාව කාය විවේකය වඩන්නේම තිස් අටක් වූ අරමුණු අතරින් යම්කිසි අරමුණක සිත සමාධිගත කිරීමෙන් චිත්ත විවේකය ද වඩන්නේ ය. සමූහවාස නොමැති සන්සුන් සිතැත්තාට ම විදර්ශනාවට සිත යොමු කිරීමෙන් සමථය ද විදර්ශනාව ද වැඩිය හැකි වේ. මෙම භාවනා දෙකෙහි සිත මාරුවෙන් මාරුවට යොදවන්නාගේ කෙලෙස් ක්‍ෂයවීමෙන් උපධි විවේකය ඇති වේ. නොසන්සුන් සිත් ඇත්තාට මෙය නො ලැබේ. එනිසා “විවේකසුව වඩමින්” යනුවෙන් කියන ලදි. කාය, චිත්ත හා උපධි විවේකය වඩමින් යන අර්ථයයි. මෙසේ පැවසූ කල්හි එකුමරුගේ මව “එසේ නම් දරුව නුඹ පැවිදි වන්න” යි අවසර දුන්නාය. ඔහු නැවත භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පැවිද්ද ඉල්වීය. ශාස්තෲන් වහන්සේ ඔහු පැවිදි කළ සේක. ඔහු පැවිදි වී කරන ලද පූර්ව කටයුතු ඇතිව, කමටහන් ගෙන අරණ්‍යයට පිවිසි කල්හි භික්‍ෂූහු මෙසේ පැවසූහ. “ඇවැත්නි! නුඹ ඉතා සියුමැලිය. ආරණ්‍යයෙහි වාසය කිරීමට සමත්වන්නෙහිද?” යි විමසූ එම තෙරවරුන්ට ද ලෝමසකංගිය තෙරුන් එම ගාථාවෙන්ම පිළිතුරු දුන්නේය. අරණ්‍යයට පිවිසි උන්වහන්සේ භාවනාවෙහි සිත් යොමුකළ සේක්, නොබෝ දිනකින් ම ෂඩ් අභිඥා ලබාගත් සේක. එම විස්තරය අපදාන පාළියේ මෙලෙස දැක්වේ.

“සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං, ආහුතීනං පටිග‍්ගහං; රථියං පටිපජ‍්ජන‍්තං, නානාපුප‍්ඵෙහි පූජයිං.

“රන්වන් ශරීර ශෝභාවෙන් යුක්ත වූ ලෝවැසියාගේ පූජාවන් පිළිගන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වීථියට වැඩම වූ අවස්ථාවෙහි මම නා මලින් උන්වහන්සේ පිදුවෙමි.

“එකනවුතිතො කප‍්පෙ, යං පුප‍්ඵමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මීට කල්ප අනූ එකකට පෙර යම් පූජාවක් කළෙම්ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නම් නූපන්නෙමි. ඒ පුෂ්ප පූජාවේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා ථෙරො අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො තංයෙව ගාථං අභාසීති.

රහත් ඵලයට පත් වූ තෙරුන් වහන්සේ නැවතත් තම රහත් බව ප්‍රකාශ කිරීම සඳහා එම ගාථාව වදාළ සේක.

ලොමසකඞ‍්ගියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ලෝමසකංගිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.