යෙදුමෙන් කියවන්න

ජම‍්බුගාමිකත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ජම‍්බුගාමිකත්‍ථෙරගාථාවණ‍්ණනා

ජම්බුගාමිය ස්ථවිරගාථා වර්ණනාව

කච‍්චි නො වත්‍ථපසුතොති ආයස‍්මතො ජම‍්බුගාමියපුත‍්තත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සො කිර පුරිමබුද‍්ධෙසු කතාධිකාරො හුත්‍වා තත්‍ථ තත්‍ථ විවට‍්ටූපනිස‍්සයං කුසලං ආචිනන‍්තො ඉතො එකතිංසෙ කප‍්පෙ වෙස‍්සභුස‍්ස භගවතො කාලෙ එකදිවසං කිංසුකානි පුප‍්ඵානි දිස‍්වා තානි පුප‍්ඵානි ගහෙත්‍වා බුද‍්ධගුණෙ අනුස‍්සරන‍්තො භගවන‍්තං උද‍්දිස‍්ස ආකාසෙ ඛිපන‍්තො පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන තාවතිංසෙසු නිබ‍්බත‍්තො. තතො පරං පුඤ‍්ඤානි කත්‍වා අපරාපරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ චම‍්පායං ජම‍්බුගාමියස‍්ස නාම උපාසකස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. තෙන පුඤ‍්ඤකම‍්මෙන තාවතිංසෙසු නිබ‍්බත‍්තො. තතො පරං පුඤ‍්ඤානි කත්‍වා අපරාපරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ චම‍්පායං ජම‍්බුගාමියස‍්ස නාම උපාසකස‍්ස පුත්‍වා නිබ‍්බත‍්ති. තෙනස‍්ස ජම‍්බුගාමියපුත‍්තොත්‍වෙව සමඤ‍්ඤා අහොසි. සො වයප‍්පත‍්තො භගවතො සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසංවෙගො පබ‍්බජිත්‍වා කතපුබ‍්බකිච‍්චො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා සාකෙතෙ අඤ‍්ජනවනෙ වසති. අථස‍්ස පිතා “කිං නු ඛො මම පුත‍්තො සාසනෙ අභිරතො විහරති, උදාහු නො”ති වීමංසනත්‍ථං “කච‍්චි නො වත්‍ථපසුතො”ති ගාථං ලිඛිත්‍වා පෙසෙසි. සො තං වාචෙත්‍වා, “පිතා මෙ පමාදවිහාරං ආසඞ‍්කති, අහඤ‍්ච අජ‍්ජාපි පුථුජ‍්ජනභූමිං නාතිවත‍්තො”ති සංවෙගජාතො ඝටෙන‍්තො වායමන‍්තො නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.50.25-30) –

“කච්චි නො වත්‍ථ පසුතො” යනු ආයුෂ්මත් ජම්බුගාමිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? එහිමියෝ පෙර බුදුවරුන් ඉදිරියෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී නිවන පතාගෙන බොහෝ කුසල් රැස්කර, මෙයින් කල්ප තිස් එකකට පෙර වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී මනුෂ්‍යයෙක් ව උපන්හ. දිනක් ඔහු එරබදු මල් දැක, ඒ මල් නෙලා ගෙන බුදුගුණ සිහිකරමින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජාකරමින් අහසට විසි කළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් තව්තිසා දෙව්ලොව ඉපදුණි. ඉන් පසුවද තව තවත් පින්දහම් කරමින් දේව මනුෂ්‍යාත්මභාවයන්හි ඉපිද අපගේ බුදුරදුන් ලොව පහළ වූ සමයේ චම්පාවේ ජම්බුගාමිය නම් උපාසකයාගේ පුතු වී උපන්නේය. එනිසා එකුමරුට ජම්බුගාමිය පුත්ත යන නම භාවිත විය. ඔහු වැඩිවියට පත්ව භාග්‍යවතුන් වහන්සේ සමීපයේදී ධර්‍මය ශ්‍රවණය කොට, ලබන ලද සංවේග ඇතිව සසුනේ පැවිදි විය. කරන ලද පූර්ව කටයුතු ඇති උන්වහන්සේ කමටහන් ගෙන සාකේත නුවර අඳුන් වනයෙහි වෙසෙති. ඉක්බිති උන්වහන්සේගේ පියතුමා, “කිම මාගේ පුතා සසුනේ පැවිදිව කැමැත්තෙන් වෙසේ ද? නැතිනම් අකමැතිව වෙසේ ද?”යි විමසා දැන ගැනීමට “කච්චි නො වත්‍ථ පසුතො” යන ගාථාව ලියා උන්වහන්සේ වෙත එව්වේය. උන්වහන්සේ එය කියවා, “මගේ පියා ප්‍රමාදව වාසය කිරීම සැකකරයි. මම අදම පුහුදුන් බවින් මිදෙන්නෙමි”යි අද දක්වාම මා හට පුහුදුන් බවින් මිදීමට නොහැකි වීය”යි සංවේග උපදවා වහ වහා උත්සාහ කර, වෑයම්කර නොබෝ කලකින්ම ෂඩ් අභිඥා ලබාගත් සේක. එනිසා අපදාන පාළියේ එම තොරතුරු මෙසේ දැක්වේ.

“කිංසුකං පුප‍්ඵිතං දිස‍්වා, පග‍්ගහෙත්‍වාන අඤ‍්ජලිං; බුද‍්ධසෙට‍්ඨං සරිත්‍වාන, ආකාසෙ අභිපූජයිං.

“එරබදු ගසක පිපුණු මල් දුටු මම, ඒවා කඩාගෙන ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ සිහිපත් කර, ඇදිලි බැඳගෙන අහසෙහි එම මල් පූජා කළෙමි.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

මැනවින් කරන ලද ඒ කර්මයේ බලයෙන් ද චිත්ත ප්‍රණිධිය හේතුවෙන් ද මම මනුෂ්‍ය ශරීරය හැරදමා තව්තිසා දෙව්ලොව ඉපදුනෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං කම‍්මමකරිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මෙයින් කල්ප තිස් එකකට පෙර යම් කුසල කර්මයක් සිදු කළෙම් ද එතැන් සිට දුගතියක් නම් නුදුටුවෙමි. මල් පූජාවෙහි විපාකය මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.

අරහත‍්තං පන පත්‍වා ඤාතීනං වසනනගරං ගන‍්ත්‍වා සාසනස‍්ස නිය්‍යානිකභාවං පකාසෙන‍්තො ඉද‍්ධිපාටිහාරියං දස‍්සෙසි. තං දිස‍්වා ඤාතකා පසන‍්නමානසා බහූ සඞ‍්ඝාරාමෙ කාරෙසුං. ථෙරොපි සකපිතරා පෙසිතං ගාථං අඞ‍්කුසං කත්‍වා ඝටෙන‍්තො වායමන‍්තො අරහත‍්තං සච‍්ඡාකාසි. අඤ‍්ඤං බ්‍යාකරොන‍්තොපි පිතුපූජනත්‍ථං “කච‍්චි නො වත්‍ථපසුතො”ති තමෙව ගාථං අභාසි.

රහත් බවට පත්වී නෑයන් වසන නුවරට වැඩි උන්වහන්සේ බුදුසසුනේ නෛර්යානික බව ප්‍රකාශ කරමින් සෘද්ධිමය පෙළහරක් දැක්වූහ. එය දුටු ඤාතීහු පැහැදුණු සිතැතිව බොහෝ සංඝාරාම කරවූහ. තෙරුන් වහන්සේද තම පියා විසින් එවූ ගාථාව හෙන්ඩුවක් මෙන් ගෙන උත්සාහ කර, වෑයම් කර රහත් බවට පත්වූහ. රහත් බව ප්‍රකාශ කරන උන්වහන්සේ සිය පියාට ගෞරවයක් ලෙස ඔහු එවූ “කච්චි නො වත්‍ථපසුතො” යන ගාථාව ම වදාළ සේක.

තත්‍ථ කච‍්චීති පුච‍්ඡායං නිපාතො. නොති පටිසෙධෙ. වත්‍ථපසුතොති වත්‍ථෙ පසුතො වත්‍ථපසුතො, චීවරමණ‍්ඩනාභිරතො. නිදස‍්සනමත‍්තඤ‍්චෙතං පත‍්තමණ‍්ඩනාදිචාපල‍්ලපටික‍්ඛෙපස‍්සාපි අධිප‍්පෙතත‍්තා. “කච‍්චි න වත්‍ථපසුතො”තිපි පාඨො, සො එවත්‍ථො. භූසනාරතොති අත‍්තභාවවිභූසනාය රතො අභිරතො, යථෙකච‍්චෙ පබ‍්බජිත්‍වාපි චපලා කායදළ‍්හිබහුලා චීවරාදිපරික‍්ඛාරස‍්ස අත‍්තනො සරීරස‍්ස ච මණ‍්ඩනවිභූසනට‍්ඨානාය යුත‍්තා හොන‍්ති. කිමෙව පරික‍්ඛාරපසුතො භූසනාරතො ච නාහොසීති අයමෙත්‍ථ පදද‍්වයස‍්සාපි අත්‍ථො. සීලමයං ගන්‍ධන‍්ති අඛණ‍්ඩාදිභාවාපාදනෙන සුපරිසුද‍්ධස‍්ස චතුබ‍්බිධස‍්සපි සීලස‍්ස වසෙන ය‍්වායං “යො ච සීලවතං පජාති න ඉතරා දුස‍්සීලපජා, දුස‍්සීලත‍්තායෙව දුස‍්සිල්‍යමයං දුග‍්ගන්‍ධං වායති, එවං ත්‍වං දුග‍්ගන්‍ධං අවායිත්‍වා කච‍්චි සීලමයං ගන්‍ධං වායසීති අත්‍ථො. අථ වා නෙතරා පජාති න ඉතරා දුස‍්සීලපජා, තං කච‍්චි න හොති, යතො සීලමයං ගන්‍ධං වායසීති බ්‍යතිරෙකෙන සීලගන්‍ධවායනමෙව විභාවෙති.

එහි “කච්චි” යනු ප්‍රශ්නාර්ථයේ නිපාතයකි. “නො” යනු ප්‍රතිශේෂාධාර්ථ නිපාතයකි. “වත්‍ථ පසුතො” යනු වස්ත්‍ර සැකසීමෙහි නිරත වූ. සිවුරෙන් සැරසීමට අතිශයින් කැමති වූ. එහි ඇලුණු. මෙය නිදසුන් වශයෙන් දැක්වීමක් පමණි. පාත්‍රා සැරසීම් ආදි චපල, අස්ථිර ගති ස්වභාවයන් ද මෙහිදී අදහස් කරන ලදි. “කච්චි න වත්‍ථ පසුතො” යන පාඨය ද සුදුසුය එහි ද මුලින් පැවසූ අරුතම ඇත. “භූසනාරතො” යනු ශරීරය සැරසීමෙහි කැමති වූ, අතිශයින් ඇලුණු. ඇතැම්හු සසුනේ පැවිදිකය පිළිබඳ දැඩි බැඳීම නිසා සිවුරු ආදි පිරිකර සෙවීම ද ශරීරය අලංකාරය කිරීම, සැරසීමෙහි යෙදුනාහු වෙති. “කිම නුඹ වහන්සේ පිරිකර සෙවීමෙහි ද ශරීරය සැරසීමෙහි ද නිරත නොවූවාහු ද?” යනු මේ මුල් ගාථා පද දෙකේ අර්ථයයි. “සීලමයං ගන්‍ධං” යනු නොකැඩීම් වශයෙන් ඉතා පිරිසිදු වූ සතර විධ සංවර ශීලයෙන් මනාව උපලක්‍ෂිත වූ. “යමෙකු වෙත ඇති උතුම් සිල් සුවඳ දෙවියන් කෙරෙහි ද හමායන්නේය” යනුවෙන් පැවසූ ලෙ සීලය සුවඳකි. කිම නුඹගේද සිල් සුවඳ හමන්නේද? සීල සම්පත්තිය හා යහපත් වූ කිතු ගොස පැතිරවීමෙන් නුඹ සැම දිසාවක්ම අලංකාර කරන්නෙහි ද?” “නෙතරා පජා” යනු සෙසු දුසිල් පුද්ගලයෙක් නොවේ. දුසිල් බව නිසා දුසිල් පුද්ගලයන්ගෙන් දුගඳ හමයි. මෙසේ නුඹගෙන් දුගඳ නොහමා, කිම සීලමය වූ සුවඳක්ම හමන්නේ ද?” යන අර්ථයයි. නැතහොත් “නෙතරා පජා” යනු සෙසු දුසිල් ජනයාගෙන් කෙනෙකු නොවේ. “යම් සේ සිල් සුවඳම හමන්නේය” යන විවරණය අනුව මෙහිදී සිල් සුවඳ හැමීම ම ප්‍රකටව දක්වයි.

ජම‍්බුගාමියපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ජම්බුගාමිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.