හාරිතත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
හාරිතත්ථෙරගාථාවණ්ණනා
හාරිත ස්ථවිරගාථා වර්ණනාව
සමුන්නමයමත්තානන්ති ආයස්මතො හාරිතත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො හුත්වා තත්ථ තත්ථ විවට්ටූපනිස්සයං පුඤ්ඤසම්භාරං උපචිනන්තො ඉතො එකතිංසෙ කප්පෙ සුදස්සනං නාම පච්චෙකසම්බුද්ධං දිස්වා පසන්නමානසො කුටජපුප්ඵෙහි පූජං කත්වා තෙන පුඤ්ඤකම්මෙන සුගතීසුයෙව පරිවත්තෙන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථිනගරෙ බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්ති. හාරිතොතිස්ස නාමං අහොසි. තස්ස වයප්පත්තස්ස මාතාපිතරො කුලරූපාදීහි අනුච්ඡවිකං කුමාරිකං බ්රාහ්මණධීතරං ආනෙසුං. සො තාය සද්ධිං භොගසුඛං අනුභවන්තො එකදිවසං අත්තනො තස්සා ච රූපසම්පත්තිං ඔලොකෙත්වා ධම්මතාය චොදියමානො “ඊදිසං නාම රූපං නචිරස්සෙව ජරාය මච්චුනා ච අභිප්පමද්දීයතී”ති සංවෙගං පටිලභි. කතිපයදිවසාතික්කමෙනෙව චස්ස භරියං කණ්හසප්පො ඩංසිත්වා මාරෙසි. සො තෙන භිය්යොසොමත්තාය සඤ්ජාතසංවෙගො සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා ඝරබන්ධනෙ ඡින්දිත්වා පබ්බජි. තස්ස ච චරියානුකූලං කම්මට්ඨානං ගහෙත්වා විහරන්තස්ස කම්මට්ඨානං න සම්පජ්ජති, චිත්තං උජුගතං න හොති. සො ගාමං පිණ්ඩාය පවිට්ඨො අඤ්ඤතරං උසුකාරං උසුදණ්ඩං යන්තෙ පක්ඛිපිත්වා උජුං කරොන්තං දිස්වා “ඉමෙ අචෙතනම්පි නාම උජුං කරොන්ති, කස්මා අහං චිත්තං උජුං න කරිස්සාමී”ති චින්තෙත්වා තතොව පටිනිවත්තිත්වා දිවාට්ඨානෙ නිසින්නො විපස්සනං ආරභි. අථස්ස භගවා උපරි ආකාසෙ නිසීදිත්වා ඔවාදං දෙන්තො “සමුන්නමයමත්තාන”න්ති ගාථං අභාසි. අයමෙව ථෙරො අත්තානං පරං විය ඔවදන්තො අභාසීති ච වදන්ති.
“සමුන්නමයමත්තානං” යන මේ ගාථාව ආයුෂ්මත් හාරිත තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇති එම තෙරුන්, ඒ ඒ භවයන්හි ඉපදෙමින් නිර්වාණාවබෝධය පිණිස අනේකවිධ පුණ්‍ය සම්භාර ධර්මයන් රැස්කර ගත්තේය. මෙයින් කල්ප තිස් එකකට පෙර පහළ වූ සුදස්සන නම් පසේ බුදුරජාණන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇති හෙතෙම, කෙළින්ද මලින් උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ විපාක ලෙස කාම සුගතීන්හිම ඉපදෙමින් අවුත්, අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද “හාරිත” නමින් ප්‍රකට විය. හාරිත වැඩිවියට පත් වූ කල්හි මාපියෝ, ඔහුට සුදුසු කුලයකින් තරුණ බැමිණියක් විවාහ කර දුන්හ. එහු ඇය සමග කම්සුව විඳිමින් පසුවන කල්හි, දිනක් තමාගේත් ඇයගේත් රූපසම්පත්තිය නුවණින් විමසා බැලූ හාරිත කුමරුට පෙර පින් බලයෙන් මෙහෙයවනු ලබන්නේ, “මෙබඳු වූ රූප සම්පත්තිය පවා නොබෝ දිනකින්ම ජරාවට මරණයට පත්වන්නේය”යි කල්පනා විය. එසේ සිතා දින කිහිපයක් ගත වූ විට ඔහුගේ තරුණ භාර්යාව කළු සර්පයෙක් දෂ්ට කිරීමෙන් මිය ගියාය. ඉන් බොහෝ සේ කළකිරුණු හාරිත, ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්මශ්රවණය කොට ලැබූ ශ්‍රද්ධා ඇත්තේ, සියලු ගිහි බැඳීම් සිඳ සසුනේ පැවිදි විය. හාරිත හිමියෝ සිය චරිතයට ගැලපෙන කමටහන ගෙන, වාසය කළ නමුත් කමටහන සම්පූර්ණ නොවේ. සිත සෘජු කරගැනීම අපහසු වේ. එක අරමුණක සිත නො පිහිටයි. උන්වහන්සේ පිඬු පිණිස ගමට වැඩි මොහොතේ එක්තරා හී වඩුවෙක් හී දඬු යන්ත්‍රයෙහි දමා සෘජු කරනු දැක, “මොවුහු අචේතනි දෙය ද සෘජු කරති, කුමක් හෙයින් මම සිත සෘජු නොකරන්නෙම්ද?”යි සිතා වහා එතැනින් හැරී අවුත්, දිවා කාලයේ වසන තැන හිඳ විදසුන් භාවනාව වැඩීමට පටන් ගත්හ. එවිටම භාග්‍යවතුන් වහන්සේ අහසෙහි හිඳිමින් අවවාද දෙන සේක්, “සමුන්නමයමත්තා නං” යන ගාථාව වදාළ සේක. ඇතැමෙක් මෙම ගාථාව හාරිත තෙරුන්ම තමා වෙනත් අයකු ලෙස සලකාගෙන තමාටම අවවාද පිණිස වදාළ බව කියති.
තත්ථ සමුන්නමයන්ති සම්මා උන්නමෙන්තො, සමාපත්තිවසෙන කොසජ්ජපක්ඛෙ පතිතුං අදත්වා තතො උද්ධරන්තො වීරියසමතං යොජෙන්තොති අත්ථො. අත්තානන්ති චිත්තං, අථ වා සමුන්නමයාති කොසජ්ජපක්ඛතො සමුන්නමෙහි. ම-කාරො පදසන්ධිකරො. හීනවීරියතාය තව චිත්තං කම්මට්ඨානවීථිං නප්පටිපජ්ජති චෙ, තං වීරියාරම්භවසෙන සම්මා උන්නමෙහි, අනොනතං අනපනතං කරොහීති අධිප්පායො. එවං පන කරොන්තො උසුකාරොව තෙජනං. චිත්තං උජුං කරිත්වාන, අවිජ්ජං භින්ද හාරිතාති. යථා නාම උසුකාරො කණ්ඩං ඊසකම්පි ඔනතං අපනතඤ්ච විජ්ඣන්තො ලක්ඛං භින්දනත්ථං උජුං කරොති, එවං කොසජ්ජපාතතො අරක්ඛණෙන ඔනතං උද්ධච්චපාතතො අරක්ඛණෙන අපනතං විජ්ඣන්තො අප්පනාපත්තියා චිත්තං උජුං කරිත්වාන සමාහිතචිත්තො විපස්සනං උස්සුක්කාපෙත්වා සීඝං අග්ගමග්ගඤාණෙන අවිජ්ජං භින්ද පදාලෙහීති. තං සුත්වා ථෙරො විපස්සනං වඩ්ඪෙත්වා නචිරෙනෙව අරහා අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.35.39-43) –
මෙසේ එම ගාථාවේ “සමුන්නමයං” යනු මැනවින් උත්සාහ ගෙන නැගී සිටින්න. “සමාපත්ති වශයෙන් කුසීත බවට පත්වීමට නොදී, සිත ඉන් නඟා සිටුවමින් වීර්ය සමථයෙහි සිත යොදවන්නේ ය” යන අර්ථයයි. “අත්තානං” යනු සිතයි. නැතිනම් “සමුන්නමයා” යනු කුසීත භාවයෙන් සිත ඔසවා තබයි. මකාරය පද සන්ධි කිරීමෙන් පැමිණියකි. නිග්ගහීතයට “ම” ආදේශ වී ඇත. (සමුන්නමයං+අත්තානං) “හීන වූ වීර්ය ඇති බැවින් නුඹගේ සිත කමටහනෙහි මැනවින් නොපිහිටයි. එනිසා වීර්ය ඇරඹීම් වශයෙන් මනාව සිත කමටහනෙහි ඔසවා තබව. පහත්බවට, දීන බවට නොයා උත්සාහ කරව.” යන අදහසයි. මෙසේ උත්සාහ කරමින් “උසුකාරොව තෙජනං චිත්තං උජුං කරිත්වාන අවිජ්ජං හින්ද හාරිත!” යනු යම් සේ හී වඩුවා ඊතලයක් මඳක් ඉහළට නංවා, පහතට නංවා, විදිනු ලැබූ කල්හි ඉලක්කය බිඳලීමට සමත් වනසේ සෘජු කරන්නේ ද එලෙසින්ම කුසීත බවින් පහතට වැටීමෙන් ආරක්ෂාවීම් වශයෙන්ද උඩඟුබවින් ඉහළට යෑමෙන් වැලකීම් වශයෙන් ද; අර්පණා සම්පත් ලැබීම් වශයෙන් සිත සෘජුකරවා, සන්සුන් සිත් ඇතිව, විදසුන් වඩා වහාම අග්‍ර වූ මාර්ග ඤාණයෙන් අවිද්‍යාව බිඳ වනසා දමන්නෙහි. මෙය ඇසූ තෙරුන් වහන්සේ නොබෝ වේලාවකින්ම රහත් බව ලබාගත් සේක. මෙම චරිත විස්තරය අපදාන පාළියේ මෙලෙස සඳහන් වේ. (කුටජ පුප්ඵිය ත්‍ථෙරාපදානං අපදාන පාළි II)
“හිමවන්තස්සාවිදූරෙ, වසලො නාම පබ්බතො; බුද්ධො සුදස්සනො නාම, වසතෙ පබ්බතන්තරෙ.
“හිමවතට නුදුරෙහි වස්සල නම් පර්වතයක් විය. එහි කඳු අතරෙහි සුදස්සන නම් (පසේ) බුදුරජාණන් වහන්සේ වාසය කරන සේක.
“පුප්ඵං හෙමවන්තං ගය්හ, වෙහාසං අගමාසහං; තත්ථද්දසාසිං සම්බුද්ධං, ඔඝතිණ්ණමනාසවං.
මම හිමවතෙහි හටගත් මල් රැගෙන අහසින් යන්නේ සිවුඕඝ තරණය කළ ආශ්‍රව රහිතව වෙසෙන බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“පුප්ඵං කුටජමාදාය, සීසෙ කත්වානහං තදා; බුද්ධස්ස අභිරොපෙසිං, සයම්භුස්ස මහෙසිනො.
කෙළිද මල් හිසින් දරාගෙන, ඇඳිලි බැඳ, දතයුතු සියල්ල තමන් වහන්සේම අවබෝධ කරගත් මහර්ෂී වූ බුදුපියාණන් වහන්සේට පූජා කළෙමි.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, පුප්ඵපූජායිදං ඵලං.
මෙයින් කල්ප තිස් එකකට පෙර කරන ලද පුෂ්ප පූජාවේ ආනිසංස වශයෙන් මේ දක්වා දුගතියක නො ඉපදුනෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙසේය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි”
අරහත්තං පන පත්වා අඤ්ඤං බ්යාකරොන්තොපි තමෙව ගාථං අභාසි.
රහත් බවට පත්ව, තමන් වහන්සේගේ කටයුතු නිමාකළ බව දැන්වීම් වශයෙන් එම ගාථාවම නැවත වදාළ සේක්.
හාරිතත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
හාරිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.